Category: සුපිරි Talks & Jokes

  • සැර කතාවකින් පසු අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි…

    සැර කතාවකින් පසු අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි…

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බව අමෙරිකාව ප‍්‍රකාශ කර තිබෙනවා. ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ මානව හිමිකම් කවුන්සිලය පක්ෂග‍්‍රාහීව කටයුතු කරන බවයි. 

    කුහක සහ ආත්මාර්තකාමීව කටයුතු කිරීම හේතුවෙන් අද වනවිට මානව හිමිකම් විහිළුවකට ලක්ව ඇති බවයි අමෙරිකාව චෝදනා කළේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකී හේලී සිය රටේ තීරණය නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් සංඛ්‍යාව 47ක්.

  • ඇපල් දාන උන් කියවපන්… අනිත් අයට දකින්න SHARE කරලා රටට වෙන මේ විනාශය නවත්තන්න……

    ඇපල් දාන උන් කියවපන්… අනිත් අයට දකින්න SHARE කරලා රටට වෙන මේ විනාශය නවත්තන්න……

    “වඳ පෙත්තක්”
    මම මෙසේ පෙන්වා දෙමි.

    “FANTASY Pills”

    “Tramadol Hydrochloride” නොහොත් බජාර් එකේ හැමෝම කටින් කට කතා කරන “ඇපල්” එම අති භයානක වඳ පෙත්ත වේ. මේ වන විට ශ්‍රීලංකාවේ පොඩි කොල්ලො (වයස අවු:16,17,18,19,20,21,22,23) අතර ශීඝ්‍රයෙන් පැතිරී යන එහෙත් කවුරුත් නොදන්නා “අන්තරායකාරී මත්ද්‍රව්‍යයක්” ලෙස ඇපල් හැඳින්වූවාට වරදක් නැත.

    මත් කරන(Narcotic-like) ඖෂධයක් ලෙස වර්ගීකරනය කර ඇති “ඇපල්” වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන්නේ අධික වේදනා නාශකයක්(severe pain killer) ලෙසටය. උදාහරණයක් ලෙස යුද්ධයේදී බෝම්බයකට හසුවී ශරීරයේ ඉනෙන් පහල කොටස වෙන්වූ සොල්දාදුවෙක්ගේ අධික වේදනාව නැසීම සඳහා Tramadol නිර්දේශිත මාත්‍රාවක් කඩිනමින් ලබාදෙනු ලබයි.

    එය ලබා ගැනීමෙන් සුලු වේලාවකට පසු තුවාලයට පත් සොල්දාදුවාගේ ශරීර අභ්‍යන්තරයේ Tramadol ක්‍රියාත්මක වී ඔහුගේ මුලු ශරීරයම ක්ශනික හිරි වැට්ටවීමකට පත් කරයි. එකී හිරි වැටීම හේතුවෙන් ඔහුට තම ශරීරයේ ඇති අධික වේදනාව නොදැනී යයි.

    “අඩෝ ඇපලක් නැද්ද?”

    “මං ඇපල් එකහමාරක් දාල ඉන්නේ…ඊයෙ මං ඇපල් 3ක් දැම්ම නිසා අද එකහමාරට වදින්නෙත් නෑ බන්”

    “අඩෝ අරූට මොකද වෙලා තියෙන්නෙ ඇස් හීනිවෙලා බෙල්ල පාත් වෙලා? –ඌ ඇපල් 5ක් දාලා ඉන්නේ බන් ඒකයි ඔය!”

    “අඩෝ ඇපලක් දාන්නම ඕනෙ බන් නැත්තම් අද රෑට මට නින්ද යන්නෑ..
    මං නෙ දන්නේ ඒකෙ වේදනාවා..
    ඒ කොහෙන් හරි එක ඇපලක් හරි හොයාගෙන දාන්න ඕනෙ බන්..”

    “අඩෝ ඇපල් දාලා ඉන්නේ ඕන එකෙක් මරන්න පුලුවන් මටනම් දැන් කිසිම දෙයක් දැනෙන්නෙ නෑ..”

    “අඩෝ හයියෙන් ටිකක් කොනිත්තපන්කෝ මාව…….අඩෝ දැන්නෙන් නෑ බන් හී හී හී..”

    “මේ කේජී පාරක් නම් ඕනෙමයි ඇපල් වදින්නෑ නැත්තම්”

    “මේ ඇපල් පැක් එකක්ම පහකට ගන්න පුලුවන් ලු බන් සල්ලි දාල ගමුද?”

    “අඩෝ 75න් නම් වදින්නෑ බන් 150න්/225 නැද්ද?”

    “අඩෝ කබරය යන්න වගේ එනවා…”

    එසේනම් මොහොතක් සිතන්න ඉහෙන් බහින ලෙඩක් නැති,හොඳට කන්න බොන්න දීලා හදපු සිංහල අම්මල තාත්තලගේ බොදු හෙළ පුත්‍රයෝ “ඇපල්” පෙති දහය දොලහ අහුරු පිටින් කටේ දමාගෙන ලබාගන්නා හිරිවැටීම කෙබඳු එකක් විය හැකිද?

    එය මුලුමහත් ජාතියම හිරිවැට්ටවීමට තරම් භයානකය.

    කෙතරම් භයානකද කිවහොත් පවතින තත්වය යටතේ සිංහල බෞද්ධ පොඩි පොඩි කොල්ලො දහයක් වටින් පිටින් අහුලගත්තොත් එතනින් අඩුම තුන් හතර දෙනෙක්ම “ඇපල්” අධි මාත්‍රාවෙන්(overdose) පාවිච්චි කරන උන්‍ ය.

    එයිනුත් දෙදෙනෙකු හෝ “ඇපල්” වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇත.

    මේවා නිල සංඛ්‍යාලේඛන නොවන මුත් නිරීක්ශණයෙන් ලද මා හට පුද්ගල සාක්ශි ඇතුව ඔප්පු කළ හැකි තොරතුරුය.

    යම් කිසි පිළිගත් ආයතනයක් මගින් මේවා ගැන නියමානූකූලව සමීක්ශනයක් කළ බැලුවහොත් එයින් ලැබෙන සංඛ්‍යා,ප්‍රස්තාර දැකීමෙන් තුන් හෙළයේ අම්මාවරුන්ට අප්පච්චිලාට ඔටෝමැටිකලි ‘හික්!’ ගෑවෙනු ඇත.

    “ඇපල්” කේස් එක ඒ තරමටම ටෙරිබල් ය.

    කවුරුත් මේ පිළිබඳව කතාවක් නැත.

    කතාව කොහෙදෝ යන තම්බියෙක් කෑම එකට දාපු පැනඩෝල් පෙත්තක් ගැනය.

    එක රොත්තට එකතු වී කසු කුසුව මුස්ලිම් වඳ පෙත්තක් ගැනය.මෙය පැහැදිලි “මෝඩකම” නොවේද?

    රටේ සිටින උගත් යැයි කියාගන්නා, කටපාඩමින්, පොත් පත් වලින් දාර්ශනය(philosophy) ඉගෙනගත්තු අධිරැඩිකල්,අධිදේශමාපක,අධිජාතිවාදි,අධිසමාජවාදී,අධිලිබරල්වාදී අති පණ්ඩිත ෆේස්බුක් මගින් තම දර්ශනය ව්‍යාප්ත කිරීමට සෑහෙන වෙර දරන සෝශල් නැති සෝශල් මීඩියා පිලෝසොෆර්ස් ලා මෑකරල් හේනට පැනපු ගිරවු වගේ ඔහේ කෑ ගසන්නේ කිසිදු පදනමක් හරයක් නැති තුට්ටු දෙකේ සිදුවීම් අල්ලාගෙනය.

    උන් එසේ බයිලා කැලිප්සෝ ගසන විට මෙහෙ සිංහල ජාතියේ අනාගත වංශයම කෙමෙන් කෙමෙන් පණ නැතිවී අකර්මණ්‍ය වී යන්නේය.

    උන් උන් එසේ නොදැකපු වඳ පෙත්තක් ගැන දැක්කා සේ පොර ටෝක්ස් ඉසූ කරන වේලාව තුල ලංකාවේ ඕනෑම පාමසියකින් හොර බෙහෙත් චිට්(cheat prescription) එකකට කුඩා ළමයෙකුට වුවද මිලදී ගත හැකි මුලු මහත් ජාතිය නොව සම්පූර්ණ ශිශ්ඨාචාරයම සදාකාලිකවම “වඳ” භාවයට පත් කල හැකි Tramadol X , Pregablin,Vallium Diazepalm,Coezipalm,Sudol වැනි නිහඬ “වඳ පෙති” වලින් රටේ අහිංසක පොඩි කොල්ලො ටික ගලවගන්න කෑගැහුවනම් රටත් ජාතියත් සමයත් තව සියවස් ගණනාවකට රැකගත හැකිය.

    නැතිනම ඔබටත් මටත් සැමදෙනාටම සිදුවන්නේ නිර්වින්දනය වූ සමාජයක සදාකාලික නින්දකට යාමටය…
    මේ එකක් විතරයි.

    අයිතිය මුල් අයිතිකරුට👌💓

    බොන එව්න්ට දැනුවත් වෙන්න අනිවාර්යයෙන් ශෙයා කරන්න 👌👊

  • තැපැල් සේවකයින් පසු නොබසියි අඛන්ඩව වර්ජනය අදත්

    තැපැල් සේවකයින් පසු නොබසියි අඛන්ඩව වර්ජනය අදත්

    ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය අද(20) දිනත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

    එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසන්නේ සිය ගැටලු වලට විසදුම් ලැබෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. 

  • දිළිදු කම නිසා පැතුම් නිහඩවෙයි… විදුලි සැර වැදි මියගිය කැලණිය සරසවියේ සිසුවාගේ සංවේදී කඳුළු කතාව….

    දිළිදු කම නිසා පැතුම් නිහඩවෙයි… විදුලි සැර වැදි මියගිය කැලණිය සරසවියේ සිසුවාගේ සංවේදී කඳුළු කතාව….

    කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ කැබිතිගොල්ලෑව ඉහළ උස්‌ගොල්ලෑව ග්‍රාමයේ පදිංචි, විසිතුන් හැවිරිදි වියේ පසුවන, පැතුම් මධුෂාන් ජයසිංහ සිසුවා 18 දා උදැසන ජීවිත ගමනින් සමුගෙන ගියේ මවට, පියාට, සොහොයුරන් හට මිතුරන් සහ ගම්වැසියනට නෙතට කඳුළක්‌ නොදැනීම වැටීමට සලස්‌වමිනි.
    සැදුණු පවුල් පසුබිම, ගමේ ජීවිතය සුන්දර ලෙස ගෙවා නෑදැ හිතමිතුරන්ගේ ආදර ප්‍රසාදය නිරන්තරයෙන්ම දිනා සිටි පැතුම් පවුලට ද සම්පතකි. ජයසිංහ පියාට සහ කාන්ති රූපලතා මවට දරුවන් තුන්දෙනෙකි. පැතුම් පවුලේ දෙවැනියාය.
    18 දා පැතුම් සිසුවා විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ සොකරි නාට්‍ය පෙන්වීමට අවශ්‍ය මුදල් රැස්‌කර ගැනීම සඳහා අඹරැල්ල අච්චාරු සාදා විකිණීමට අඹරැල්ලා කැඩීමට ගිය අවස්‌ථාවේ විදුලිසර වැදී මිය ගොස්‌ ඇත. පැතුම් සිසුවා අඹරැල්ල ගසට නැග ඇත්තේ ඇලුමිනියම් පටියක්‌ රැගෙනය. එම පටිය උපයෝගී කරගෙන මෙම අඹරැල්ල ගෙඩි කැඩීමට ගත් උත්සාහයේදී අසල තිබූ අධිබලැති විදුලි රැහැනක පටිය පැටලී විදුලිසර වැදීමෙන් මෙම ශෝචනීය ඉරණමට මුහුණ දී තිබේ.
    එයින් මහත් කම්පනයට පත් පැතුම්ගේ මව අද වන තුරුත් පියවි සිහියට පැමිණ නොමැත. විටින් විට “මගේ රත්තරං පැටියා” කියා ශබ්ද නගමින් පපුවට පහරවල් කිහිපයක්‌ ගසා ගනිමින් මව සිහිසුන්ව ඇදවැටෙනුයේ අසල සිටින සියලු දෙනාම බලා සිටීමට නොහැකි ලෙස කම්පනයට පත් කරමිනි. ජයසිංහ පියා විටින් විට පැමිණ නෙතට කඳුළු පුරවන් තම මියගිය දරුවාගේ මුහුණ අතගා “මගේම වෙලා මතු සසරෙත් ඉපදේවායි” ප්‍රාර්ථනා කරන්නේ හැඬූ කඳුළින්ය.
    පැතුම් ගෙනා ආයුෂ අවසන් යෑයි අසල්වැසියෙක්‌ පැමිණ මෙම දෙමවුපියන්ගේ සිත් සෑදීමට වෙහෙස වනු එහි යන කාටත් පෙනෙන්නට ඇත. සියල්ල හඬවමින් ආලෝකය පරදවා ඉහළ උස්‌ගොල්ලෑව ගම්මානයට පැතුම්ගේ මරණය අඳුර ගෙනවිත් හමාරය. ගම් වැසියෝ සියල්ලෝම පැතුම්ගේ නිවසට පැමිණ දුක බෙදාගනිමින් මේවන විට කාලය ගත කරමින් සිටිති. සියල්ලන් හඬවා පැතුම් තම අවසන් හුස්‌ම හලමින් රටට පාඩමක්‌ ඉගැන්වීය. තම අධ්‍යාපනය පමණක්‌ සිතමින් තම ඉලක්‌කය සපුරා ගැනීම ඔහුගේ අරමුණ වී තිබිණි. ජීවිතය ගැන ඔහු නොසිතුවේ ඒ නිසාවෙනි. අද වනවිට පැතුම්ගේ හිතමිතුරෝ පැතුම්ට අවසන් ගෞරව කිරීමට නිවසට දහස්‌ ගණනින් පැමිණෙති. නෑදැ හිතමිතුරෝ ද තැන තැන පැතුම් ගැන ගුණ වර්ණනා කරති. පැතුම් සියල්ල අතහැර අද (20 දා) අවසන් ගමන් යැමට නියමිතය.

  • අධිකරණයේ සදාචාරයට අභියෝග කළ ගම්මන්පිළට මහාධිකරණ විනිසුරුගෙන් දැඩි අවවාද සමග පාඩමක්…!

    අධිකරණයේ සදාචාරයට අභියෝග කළ ගම්මන්පිළට මහාධිකරණ විනිසුරුගෙන් දැඩි අවවාද සමග පාඩමක්…!

    නඩු විභාගය අතරතුර අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීමට උත්සහ කළ  පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාගේ ක‍්‍රියාව සදාචාර සම්පන්න ක‍්‍රියාවක් නොවන බව පවසමින් එය තරයේ හෙළා දුටු කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා යළි මෙවැනි ක‍්‍රියාවන් නොකරන ලෙස දැනුම් දෙමින් උදය ගම්මන්පිල මහතා ඇතුළු විත්තිකරුවන්ට තරයේ අවවාද කර ඇති බව වාර්තා වෙයි.

    වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙසේ අධිකරණයට ලබාදීමට උත්සාහ කර ඇත්තේ  අගවිනිසුරුවරයාට යොමු කළ ලිපියක පිටපතක්ය.

    ඒ අදාළ නඩුවේ වින්දිත පාර්ශවය පසුගිය නඩු දිනයෙන් අනතුරුව  ජැනට් සැඩික් හා ලසිත පෙරේරා නමැති අය  මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම මඟින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව සඳහන් කරමින් ලියන ලද්දකි.

    ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් මීට වසර 19කට පෙර  ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කල බවට චෝදනා ලබා සිටින   පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.

    මෙම නඩුව කැඳවනු ලැබු අවසථාවේදී මෙහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී වැඩිදුරටත් විනිසුරුවරයා පෙන්වා දී ඇත්තේ  තමන්ට  එරෙහිව නඩු විභාගයක් පවතින අතර තුර කුමන කරුණක් සම්බන්ධයෙන් වුවද අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීම විත්ති පාර්ශවය විසින් සිදු නොකළ යුතු බවත් එය සදාචාරාත්මක නොවන බවත්ය.

    යළි මෙවැනි ක‍්‍රියා සිදුනොකරන ලෙස විත්තිකරුවන්ට තරයේ අවවාද කළ විනිසුරුවරයා ඉදිරියේදී මෙවැනි ක‍්‍රියාවක් යළි සිදුකළ හොත් දැඩි පියවර ගන්නා බවටද අවවාද කර තිබෙන බවද වාර්තා වෙයි.

    මෙම  නඩුවේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 2 වැනි දා යළි කැඳවීමටද විනිසුරුවරයා නියම කළේය.

  • 16 කණ්ඩායමේ ආගමනයත් සමගින් පොහොට්ටුවේ උග්‍ර ගැටුම්.. මහින්ද බැසිල් ගෝඨා ප්‍රසිද්ධියේ ගැටෙති..

    16 කණ්ඩායමේ ආගමනයත් සමගින් පොහොට්ටුවේ උග්‍ර ගැටුම්.. මහින්ද බැසිල් ගෝඨා ප්‍රසිද්ධියේ ගැටෙති..

    * ජනාධිපති අපේක්ෂක වීමට රාජපක්ෂ සොයුරන් තිදෙනෙක් සටනේ
    * බැසිල්ගෙන් 16 කණ්ඩායමට අවවාද
    * මහින්දගේ මනාපය කාටදැයි ගැටලුවක්
    * මාධ්‍ය ආයතන හිමිකරුට බැසිල්ගෙන් දොස්​; මහින්ද විශ්මයට

    මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳ මතුව ඇති ගැටුම හමුවේ හිටපු ජනාධිපති මහින් ද රාජපක්ෂගේ පාර්ශ්වය තුළ දෙදරා යාමක් ඇතිව තිබේ.

    පැවැති රාජපක්ෂ පාලනයෙහි වැදගත් තනතුරු හෙබවූ චමල්, බැසිල් සහ ගෝඨාභය යන රාජපක්ෂ සහෝදරයින් තිදෙනාම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ බලාපොරොත්තු තබා සිටීමෙන් මෙම තත්ත්වය උදා වී ඇත​. මේ අතර, පසුගියදා පැවැති නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්දයේ දී, ඡන්දය වර්ජනය කළ යුතු යයි බැසිල් රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් වෙත නිර්දේශ කිරීම පිළිබඳ මහින්ද රාජපක්ෂ දැඩි සේ කෝපයට පත්ව ඇතැයි වාර්තා වේ.

    මෙම ඡන්දයේ දී ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමේ අපේක්ෂිකාව වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය දරුණු පරාජයකට පත් වූවා ය​. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් දොලහකට වැඩි පිරිසක් පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් ව ගිය අතර එම අවස්ථාවේම ඔව්හු පාර්ලිමේන්තු ආපනශාලාවේ දී අනෙක් මන්ත්‍රීන් හා සතුටු සාමීචියේ යෙදෙමින් සිටියහ​. මෙසේ ඡන්දය වර්ජනය කරන ලද්දේ බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත බව වාරතා වේ.

    ඉන් අනතුරුව, මහින්ද රාජපක්ෂ, සිය බාල සහෝදරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ තමාගේ දේශපාලන තීරණවලට විරුද්ධව කටයුතු සිදු වන්නේ නම් තමා වෙනමම පක්ෂයක් නිර්මාණය කරන බවට තර්ජනය කළ බවත් තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

    තවද මෑත දී රජයෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමට පහර වදින ආකාරයේ ප්‍රකාශයන් බැසිල් රාජපක්ෂ විසින් සිදු කර තිබීම පිළිබඳ ද හිටපු ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කොට ඇත​. සිය Òසැලුන් දොර​Ó ඕනෑම අයකු වෙනුවෙන් විවෘතව තිබිය යුතු බව හිටපු ජනාධිපතිවරයාගේ විශ්වාසය වන බවත්, බැසිල් රාජපක්ෂ එයට වඩා සුපරික්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන බවත් ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ඒකාබද්ධ විපක්ෂයට එක් වීමට අවශ්‍ය පිරිස් එක පයක් එක පැත්තකත්, අනෙක් පය අනෙක් පැත්තෙත් තබාගෙන ක්‍රියා නොකළ යුතු බව බැසිල් රාජපක්ෂ මෑතක දී ප්‍රකාශ කළේ ය​. පසුගියදා රජයෙන් ඉවත් වූ මන්ත්‍රීන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන තෙක් ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත නොපිළිගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය​. ඔවුන් එයින් ඉවත්ව පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත යුතු යයි බැසිල් රාජපක්ෂ අවධාරණය කළේ ය​.

    මෙම ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමේ උදහසට හේතු වූ අතර ඔව්හු ද​ බැසිල් රාජපක්ෂව​ ප්‍රසිද්ධියේ විවේචනය කළ හ​.

    මේ අතර මෑතක දී පවත්වන ලද උත්සවයක දී, ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍ය සහ වෙළෙඳ ප්‍රචාරණ ආයතන සමූහයක ප්‍රධානියකු, බැසිල් රාජපක්ෂගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. ඔහුගේ රූපවාහිනී නාලිකාව යොදාගනිමින් තමාට දිගින් දිගටම පහර දෙන්නේ නම් අයහපත් ප්‍රතිඵල අත් විඳීමට සිදු වනු ඇතැයි හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහි දී ප්‍රකාශ කර ඇත​. හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් ඉදිරියේ සිදු වූ මෙම බැණවැදීම එය දුටු බොහෝ දෙනා පුදුමයෙන් ගල් ගැස්සවීමට සමත් වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු බවට මතුවන හඬ ඉහළ යන නමුත් මහින්ද රාජපක්ෂ ඒ පිළිබඳ එතරම් පැහැදීමකින් පසු නොවන බව සඳහන් ය​. හිටපු ඇමරිකානු තානාපති අතුල් කේශප් සහ හිටපු ජනාධිපතිවරයා අතර මෑතක දී සිදු වූ හමුවේ දී මතුව ඇති කරුණු කාරණාවලට ද එක් හේතුවක් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ආකල්පය බව කියවේ. මෙම හමුව පිළිබඳ තොරතුරු මුලින්ම වාර්තා කළ කාලයික්කතීර් දමිළ පුවත්පතට එය ලැබී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට සමීප මූලාශ්‍රයකින් බව වාර්තා වේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්තිවලට​ සංශෝධනයක් සිදු නොවුණහොත් හිටපු ජනාධිපතිවරයාට 2019 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට අවස්ථාවක් නොලැබෙන පසුබිමක, ඔහුගේ සහය කිනම් සහෝදරයා වෙත ලැබේදැයි පැහැදිලි නැත​. සිය කැමැත්ත හිමි වන්නේ මහින්ද රාජපක්ෂගේ ද වැඩිමහළු සහෝදරයා මෙන්ම හිටපු කතානායකවරයකු සහ වරාය ඇමැතිවරයකු වූ චමල් රාජපක්ෂ වෙත​ බව ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින පැරණි වම​ මේ වනවිට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල සාමාජිකයකු මෙන්ම හිටපු ජනාධිපතිවරයාට සමීප අයකු ලෙස සැලකෙන වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මෑතක දී සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය විසින් නිර්මාණය කිරීමට බලාපොරොත්ත් වන ආකාරයේ මධ්‍ය වාමාංශික​ රජයක් මනාව ප්‍රතිමූර්තිමත් කළ හැකි තැනැත්තා චමල් රාජපක්ෂ බැවින් තම මනාපය ඔහු වෙත හිමි වන බව ය​. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ වඩා යුධකාමී කඳවුර නියෝජනය කරන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැන්නවුන් සෘජුවම සිය කැමැත්ත ගෝඨාභය රාජපක්ෂ වෙත පළ කොට තිබේ.

    කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග කියා සිටින්නේ මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇත්තේ අන් කවරකුත් නොව මහින් ද රාජපක්ෂ විසින්ම බවයි. නම සඳහන් කිරීමට අකමැති වූ එක් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයකු සඳහන් කළේ මෙම තීරණය ගැනීමේ දී ඔහු සිය පවුලෙහි අභිවෘද්ධිය සහ අනාගත බල අපේක්ෂාවන් පිළිබඳ නිසැකවම සළකා බලනු ඇති බව ය.

    තුන් වසරකට පෙර​, එවකට පැවැති රාජපක්ෂ පාලනය බිඳ වැටීමට පවුල් වාදය ප්‍රධාන හේතුවක් වී තිබියදීත්, මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයින් ලෙස ඒකාබද්ධ විපක්ෂය තුලින් මතුව ඇති තිදෙනාම රාජපක්ෂ සොයුරන් වීම එක්තරා ආකාරයකින් පුදුමයට කරුණකි. මේ අතර ‘අතීතය ද රාජපක්ෂවරුන්ගේ විය​. අනාගතයත් සෙස්සන්ට ඉඩ නොදී ඔවුන්ගේ පවුලටම නතු කරගැනීමට උත්සාහ කරන බවක් පෙනේ’ යනුවෙන් එක් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයකු සඳහන් කළේ තරමක් නොරිස්සුම් සහගතව ය​. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සහ ඒකාබද්ධ විපක්ෂයෙහි ප්‍රධානියා ලෙස හිටපු ජනාධිපතිවරයා සිටින තාක් කල් වෙනත් රාජපක්ෂවරයකුට අවස්ථාවක් නොලැබෙනු ඇති බව එම මන්ත්‍රීවරයා කියා සිටියේ ය

  • ජැක්ලින් රිය අනතුරකට ලක්වේ

    ජැක්ලින් රිය අනතුරකට ලක්වේ

    ජැකලින් ෆර්නැන්ඩස් රංගනයෙන් දායක වන රේස් තෙවැන්න මෙම මස 15 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති අතර මෙම චිත්‍රපටය හේතුවෙන් පැවැත්වූ සාදය අවසානයේදී ජැකලින් තමන්ගේ රියදුරු සමග තම මෝටර් රථයේ නිවස බලා පිටත්ව යාමේදී මාර්ගයේ ගමන් කළ ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම  අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ.
    මෙම අනතුරු අලුයම 2.45 පමණ සිදුවී ඇති අතර පොලීසිය එම ස්ථානයට පැමිණ නීතිමය කටයුතු සිදුකර තිබූ අතර, එම ත්‍රීරෝද රථ රියදුරු බීමත්ව සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • වලවේ ග‍ඟෙන් මහ මුහුදට ගිය යෝධ කිඹුලෙක් මිරිජ්ජවිල වෙරළින් අල්ලයි

    වලවේ ග‍ඟෙන් මහ මුහුදට ගිය යෝධ කිඹුලෙක් මිරිජ්ජවිල වෙරළින් අල්ලයි

    අම්බලන්තොට වලවේ ග‍ඟෙන් මහ මුහුදට ගිය යෝධ කිඹුලෙක් මිරිජ්ජවිල ආසන්න වෙරළේදී අල්ලා ගෙන ඇති අතර එලෙස අල්ලාගත් දැවැන්තයා බුන්දල ජාතික උද්‍යානය මුදාහැරීමට පියවර ගෙන ඇත.
    වලවේ ගගේ කිඹුල් ගහනය වැඩිවිම නිසා ගඟ දෙපස ජීවත්වන අය මෙන්ම ග‍ඟෙන්  ජලය ප්‍රයෝජනයට ගන්නා ජනතාව දැඩි බියකින්ද පසුවන බවත් පසුගිය දිනවල ග‍ඟේ  ජලය වැඩියෙන් ගලා යෑම හේතුවෙන් මෙම කිඹුලා සැඩ පහරට හසු වි මහ මුහුදට ගසාගෙන ගොස් ඇති බවත් වනජිවී නිළධාරීහු සැකකරන බව සඳහන් වේ.

    මිරිජ්ජවිල ආසන්න වෙරළේ කිඹුලා සිටිනු දැක පසුව වනජීවී නිළධාරින්ට දැනුම් දීමෙන් පසු වෙරළ ආසන්න මුහුදේ සිටි කිඹුලා දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩට ගෙන බුන්දල  ජාතික උද්‍යානයට මුදාහැරීමට  පියවර ගෙන තිබූ බව වාර්ථා වේ.

    ඡායාරූපය හිරු ගොසිප් වෙතින්

  • කුප්‍රකට මරික්කාර්ගේ වංචා වලට ඉඩනොදුන් කොලොන්නාව ප්‍රාදේශිය ලේකම්ට එජාපයෙන් දඩුවම් මාරුවක්…

    කුප්‍රකට මරික්කාර්ගේ වංචා වලට ඉඩනොදුන් කොලොන්නාව ප්‍රාදේශිය ලේකම්ට එජාපයෙන් දඩුවම් මාරුවක්…

    තමාට අවැසි ආකාරයට තම එහෙයියන්ගේ පදනමක් නැති ව්‍යාජ ව්‍යාපෘති වලට මුදල් නිදහස් නොකළ කොලොන්නාව ප්‍රාදේශිය ලේකම්වරයාව කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර්ගේ ඉල්ලීම පරිදි එජාප ඇමතිවරුන් කිහිපපොළක් එක්ව දඩුවම් මාරුවක් ලබාදී ඇති බව අපට වාර්තා වේ.. මරික්කාර් යනු කොලොන්නාව ගැන කිසිම දැනුමක් නැති මෝඩයෙක් බව අප සිදුකළ විමසීමකදී අදහස් දැක්වු කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු අප සමග පැවසීය…..

    https://www.youtube.com/watch?v=cBs9N29gz3E&feature=share

  • මහාචාර්ය චන්න ජයසුමනගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි…

    මහාචාර්ය චන්න ජයසුමනගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි…

    මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ආදරණීය පියාණන් වූ ලේඛන ශුරී විමලසිරි ජයසුමන මහතා අභාවප්‍රාප්ත වී ඇත.

    අභාවප්‍රාප්ත වන විට අසූ වන වියෙහි පසු වූ ඒ මහතා දරුවන් පස් දෙනකුගේ පියෙකු වේ. ජයසුමන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිම සාමාජිකයකු ද වේ.

    අසූව දශකයේ කලක් ඒ මහතා පක්ෂයේ නිල පුවත්පත වූ “දිනකර” හි කතුවරයකු ලෙස ද කටයුතු කළේය.

    දේහය මතුගම නවුත්තුඩුවේ ඒ මහතාගේ මුල් නිවසේ තැන්පත් කර ඇති අතර 21 බ්‍රහස්පතින්දා සවස මතුගම පාන්තිය ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදු කරයි.

  • ගෝඨාගේ සුරතලියක බව කියවෙන කතරගම කපුවාගේ සුරූපි අනියම් බිරිඳ සොයා විශේෂ මෙහෙයුමක්

    ගෝඨාගේ සුරතලියක බව කියවෙන කතරගම කපුවාගේ සුරූපි අනියම් බිරිඳ සොයා විශේෂ මෙහෙයුමක්

    කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ගෝඨාගේ සුරතලියක බව කියවෙන කතරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

    මෙම වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන මහාසේන දේවාලයේ හිටපු ප්‍රධාන කපු මහතා වූ අසේල ලක්‌මාල් බණ්‌ඩාර නමැත්තාගේ අනියම් බිරිඳ බව කියන දීපිකා නමැති කාන්තාව මේ වනවිට කතරගම ප්‍රදේශය අතහැර වෙනත් ප්‍රදේශයකට පලා ගොස්‌ ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

    කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කර කිරිවෙහෙරේ මහාසේන දේවාලයේ අයිතිය ලබාගැනීම සඳහා ප්‍රධාන සැකකරු සැලසුම් සකස්‌ කර ඇත්තේ මෙම කාන්තාව සමඟ එක්‌ව බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

    කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහාසේන දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා ඇතුළු පස්‌ දෙනකු පොලිසිය මඟින් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබිණි.

    මෙම වෙඩිතැබීම සිදුකළ දහ අට හැවිරිදි වියේ පසුවන තරුණයෝ දෙදෙනා ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වෙති. දේවාලයේ ප්‍රධාන කපුවා ලබාදුන් රුපියල් තිස්‌ ලක්‍ෂයක කොන්ත්‍රාත් මුදලකට අනුව වෙඩිතැබීම සිදු වී ඇති බව ද හෙළි වී තිබේ.

    තංගල්ල නියෝජ්‍ය පොලිස්‌පති විජිත ගුණරත්න පොලිස්‌ අධිකාරි ලක්‌සිරි ගීතාල් මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මේ සම්බන්ධව විමර්ශන පවත්වාගෙන යයි.

  • නගින්නේ නැති මංගලගේ එක නග්ගන්න EAP මාධ්‍යජාලය සුදීරන් නම් ත්‍රස්තවාදීයෙකු අතට! (විශේෂ වීඩියෝ)

    නගින්නේ නැති මංගලගේ එක නග්ගන්න EAP මාධ්‍යජාලය සුදීරන් නම් ත්‍රස්තවාදීයෙකු අතට! (විශේෂ වීඩියෝ)

    වත්මන් රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සිදුකිරීමට යන කුප්‍රකට ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ සුවිශේෂී අනාවරණයක් SLVlog විසින් සිදුකොට ඇත.

    උපුටනය: SlVlog

  • කුපාම මහින්ද සහ ප්‍රසන්න රණතුංග අතර ප්‍රබල ගැටුමක්.. පොහොට්ටුවේ දෙකඩවීම මල ගෙදරකින් ඇරඹෙයි…

    කුපාම මහින්ද සහ ප්‍රසන්න රණතුංග අතර ප්‍රබල ගැටුමක්.. පොහොට්ටුවේ දෙකඩවීම මල ගෙදරකින් ඇරඹෙයි…

    පසුගිය දවසක හිටපු ජනපති ගම්පහ පැත්තෙ මඟුල් ගෙදරකට සහභාගි වුණාලු…

    ඒක තිබුණේ බස්නාහිර පළාත් සභාවෙ මන්ත්‍රී උන්නැහේ කෙනෙක්ගෙ නිවසෙ බවයි ආරංචි…සාමාන්‍යයෙන් හිටපු ලොකු තැන මොන පළාතට ගියත් එහේ පක්ෂ සංවිධායකයත් කැඳවගෙන තමයි උත්සවවලට යන්නෙ. ඒ අනුව පළාතෙ දේශපාලන වැඩ බලන සරණත් හිටපු ලොකු තැන සමඟ මඟුල් ගෙදරට සහභාගි වෙලා. ඔන්න ඔය ගමන ගියපු එක ගැන ගම්පහ පොහොට්ටුවෙ ලොක්ක උන ප්‍රසන්නට පුවල් ගිහිල්ලලු…

    උන්නැහේට තරහ ගිහින් තියෙන්නෙ තමන් නොදැන අහවලත් එක්ක මඟුල් ගෙදර ගිය එක ගැනලු… ඒකට හිත නරක් කරගත්ත ප්‍රසන්න උන්නැහේ හිටපු ලොකු තැන එක්ක දැන් කතා කරන්නෙ නැහැ කියලයි ආරංචි. මහින්දත් ඒකට කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැතිලු.

    උපුටා ගැනීමකි

  • රාජපක්ෂලා එක්ක මම යහන් ගතවෙන්නේ නෑ.. ගෝඨාට බෑ.. බැසිල් හොරෙක්.. –  කලකට පසු විමල් කට අරියි..

    රාජපක්ෂලා එක්ක මම යහන් ගතවෙන්නේ නෑ.. ගෝඨාට බෑ.. බැසිල් හොරෙක්.. – කලකට පසු විමල් කට අරියි..

    රටේ මොනවද වෙන්නේ. ඉදිරි ක්‍රියා මාර්ග මොනවාද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

    ප්‍රශ්නය- ජවිපෙ ඉන්න කාලේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී හිටපු ඔබ ඇයි දැන් විධායක ජනාධිපති ධුරයට පක්ෂව ඉන්නේ?

    පිළිතුර- ජනතා විමුක්ති පෙරමුණ තුළ අපි ඉගෙන ගත්තු දර්ශනයට අනුව ඕනෑම කාරණයක් තීරණය වෙන්නේ ඓතිහාසිකවත් විෂය මූලිකවත්. දැන් පවත්නා තත්ත්වය පිළිබඳව අපට හරියාකාර මැනීමක් තියෙන්න ඕනෑ. අද තියෙන්නේ 1978 දී ගෙනාව ව්‍යවස්ථාව නොවෙයි. 13 වැනි සංශෝධනයෙන් වෙනස් වෙච්ච 17 වැනි සංශෝධනයෙන් වෙනස් වෙච්ච, 18 වැනි සංශෝධනයෙන් වෙනස් වෙච්ච 19 වැනි සංශෝධනයෙනුත් වෙනස් වෙච්ච ව්‍යවස්ථාවක් තියෙන්නේ. එතකොට 78දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනකොට 13 තිබ්බෙත් නෑ.

    මම කියලා නෑ ගෝඨාභය රාජපක්ෂ අනාගත ජනාධිපති අපේක්ෂකයා කියලා. ජනතාවට අවශ්‍ය අපේ අවුරුදු 10ක ආණ්ඩුවේ තිබිච්ච දුර්ගුණ නැති වෙච්ච යහගුණ වර්ධනය වෙච්ච ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ තිබිච්ච දුර්ගුණ නැවත බලාපොරොත්තු වෙන්නේ නෑ. 

    ප්‍රශ්නය- මහා පරිමාණ යුද්ධයක් තියෙන කාලේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කතා කරලා දැන් යුද්ධයක් නැති කාලේ ඒක ආරක්ෂා කරන්න කතා කිරීම දෙබිඩි නැද්ද?

    පිළිතුර- ඒ කාලෙත් ඒක යෝජනා කරන්නේ මම නොවෙයිනේ. ජනතා විමුක්ති පෙරමුණයි.

    ප්‍රශ්නය- මම කියන්නේ ඔබ ජවිපෙ ඉන්න කාලය ගැනයි.

    පිළිතුර- ඔව් ජනතා විමුක්ති පෙරමුණයි ඒක යෝජනා කරන්නේ. මම ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් හැටියට ජනතා විමුක්ති පෙරමුණේ මතයයි මම ඒ ඉදිරිපත් කළේ.

    ප්‍රශ්නය- ඒ කියන්නේ එදා ඒ ගැන රටට කිව්වේ හදවතින්ම නොවෙයි?

    පිළිතුර- ඒ මතය මගේ පෞද්ගලික මතයට එකඟද නැද්ද කියන කාරණය වැදගත් නෑ. ඒ කාරණය පසෙක තබලා ජනතා විමුක්ති පෙරමුණේ මතය මම රටට කිව්වා. ඔව් එදා ඒ මතය මම නියෝජනය කළා. 

    ප්‍රශ්නය- ඔබ කියන විදියට එහෙමනම් කවදාවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න වෙන්නේ නෑ!

    පිළිතුර- නෑ පුළුවන්. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හා 13 වැනි සංශෝධනය ඉවත් කිරීම, ඒ වගේම මැතිවරණ ක්‍රමය පූර්ණ කොට්ඨාස ක්‍රමයට පරිවර්තනයවීම මෙන්න මේ වගේ ගොඩාක් දේවල් එකට​ වෙනකොට ඒක කරන්න පුළුවන්.

    ප්‍රශ්නය- පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකය සම්බන්ධයෙන් බරපතළ මතභේද තියෙනවා?

    පිළිතුර-  මතභේදයක් නෑ කියලා මම කියන්නේ නෑ. අපේ අපේක්ෂකයා තව නොබෝ කාලයකින් රටට ප්‍රකාශ කරයි.

    ප්‍රශ්නය- ඒකාබද්ධයේම සමහරු කියනවා ඔබ ගෝඨාභයගේ නම කිව්වා කල් වැඩියි කියලා?

    පිළිතුර- නෑ ඒක මම කියන දෙයක් නොවෙයි. 

    ප්‍රශ්නය- ඔබ කොහොමටවත් බැසිල් රාජපක්ෂට කැමැති නෑ?

    පිළිතුර- බැසිල් රාජපක්ෂ එක්කවත් වෙනත් කා එක්කවත් මට පෞද්ගලික ප්‍රශ්න නෑ. දේශපාලන වශයෙන් මතභේද තියෙන්න පුළුවන්. විවාද තියෙන්න පුළුවන්. නමුත් මට පෞද්ගලික ප්‍රශ්න නෑ.

    ප්‍රශ්නය- මොනවද ඒ කාරණා!

    පිළිතුර- ඒවා අතීතය. ඒ අතීතය නැවත හාරා ඇවිස්සිය යුතු නැහැ කියලයි මම කියන්නේ.

    ප්‍රශ්නය- නමුත් ඔබව හැඳින්වුණේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන ලොකු පුතා හැටියටයි?

    පිළිතුර- ඒකත් වෙනම කාරණයක්. ඒ නිසා මට පෞද්ගලික ප්‍රශ්න මුකුත්ම නෑ. ඒත් දේශපාලන ප්‍රශ්න තියෙනවා නම් මම ඒවා ගැන කතා කරන්න පැකිළෙන්නෙත් නෑ.

     16 දෙනාට ගැරහීම කාට කරන උදව්වක්ද?

    ප්‍රශ්නය- මම ඔබට බාධා කරනවා. නියෝජ්‍ය කතානායක තෝරන ඡන්දෙදි ඒකාබද්ධ විපක්ෂයෙ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් ඡන්දය නොදී මඟ ඇරියා. ඒකත් ඔය ව්‍යාපෘතියේම කොටසක්ද?

    පිළිතුර- ඒක මෙහෙමයි තේරුම් ගන්න ඕනෑ. නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්දයේදී ජවිපෙ මඟ ඇරලා ගියා රනිල්ට අවශ්‍ය කෙනා දිනවන්න. දෙමළ ජාතික සංධානයෙ අය මග ඇරලා ගියා රනිල්ට ඕනෑ කරන කෙනා දිනවන්න. ඒකාබද්ධයෙ කට්ටියකුත් මග අැරලා ගියා.

    ප්‍රශ්නය- ඒත් රනිල්ට ඕනෑ කරන කෙනා දිනවන්න?

    පිළිතුර- ඔබට පිළිතුර පැහැදිලයිනේ. අරගොල්ලෝ මග ඇරලා ගියේ මොකටද? සිතා මතා නොවුණත් ප්‍රතිඵලය ඔය ඔබ කියපු එක තමයි. දේශපාලනයෙදි සමහරුන්ට තීන්දු තීරණ ගැනීමේදී සමහර විට වරදින්න පුළුවන්. සිතාමතාද නැද්ද කියන එක නොවෙයි. ප්‍රතිඵලය මොකද්ද? 

    ප්‍රශ්නය- ඔබ හිතන විදියට කාටද ඒ අවශ්‍යතාවය තියෙන්නේ?

    පිළිතුර- ඒක ඉතින් දේශපාලනය දිහා විවෘතව බලන කෙනෙකුට එහෙම ඉන්නවා නම් පෙනෙයි. නැත්නම් නොපෙනෙයි.

  • තත්පරයක් ඉවසන්න බැරි කමින් ජීවිතය අහිමි කර ගත් හැටි – කඳානම හැඬවූ යතුරුපැදි අනතුර (Video)

    තත්පරයක් ඉවසන්න බැරි කමින් ජීවිතය අහිමි කර ගත් හැටි – කඳානම හැඬවූ යතුරුපැදි අනතුර (Video)

    කඳාන පේරලන්ද දුම්රිය හරස් මාර්ගයෙන් අනාරක්ෂිතව ගමන් කළ යතුරුපැදියක් දුම්රියක ගැටි යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. එම අනතුර අසල කැමරාවක සටහන් වී තිබුනා.

    මෙහිදි දුම්රිය හරස් මාර්ගය වසා තිබියදි ත්‍රීරෝද රියක් ආරක්ෂිත ගේට්ටු අතරින් ගමන් කළ අතර, අනෙකුත් වාහන සමග නතර වී සිටි මෙම යතුරුපැදියද එම ත්‍රීරෝද රථය අනුගනය කරමින් දුම්රිය හරස් මාර්ගය හරහා යෑමට උත්සාහ කරනවා. මෙම අවාසනාවන්ත අනතුර සිදු වන්නේ ඒ මොහොතේයි.

    එම දර්ශන පහතින්,

  • පැරදුනාම රට පැනපු එකා දැන් එනවා මට උගන්වන්න – කුපාම මහින්දගෙන් සහෝදර බැසිල්ට දැඩි ප්‍රහාරයක්..!

    පැරදුනාම රට පැනපු එකා දැන් එනවා මට උගන්වන්න – කුපාම මහින්දගෙන් සහෝදර බැසිල්ට දැඩි ප්‍රහාරයක්..!

    ඒකාබද්ධ විපක්ෂය ගන්නා පොදු තීන්දු උල්ලංඝනය නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි ස්වරූපයෙන් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ලැබේ.

    ඔහු මේ බව පවසා ඇත්තේ නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමේ ඡන්දයේදී සිය කණ්ඩායමේ ඇතැමුන් පක්ෂ මතයට අනුව ඡන්දය නොදීම සාධාරණීකරණය කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කරුණු දැක්වූ අවස්ථාවේදීය.

    මෙහිදී අදහස් දක්වා ඇති මහින්ද රාජපක්ෂ මහතා තම නායකත්වය නොපිළිගන්නා අය වෙත්නම් ඒ බව තමන්ට දන්වන ලෙසද ,එසේත් නොමැතිව වෙනත් කල්ලි කණ්ඩායම් හදන්නට ගියහොත් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බවද, ඇතැම් විට එය අලුත් දේශපාලන පක්ෂයක් විය හැකි බවද එහි මන්ත්‍රීවරුන්ට අවධාරණය කර ඇති බව වාර්තා වේ.

    ආණ්ඩුව සතු බහුතර තුනෙන් දෙක් බලය අහිමි කළ යුතු බවත්, එසේ කිරීමට නම් ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ සහාය ලබාගත යුතුම යැයිද ඔහු එහිදී පවසා ඇත.