Category: සුපිරි Talks & Jokes

  • බණනා සුජීවට ඇල‌ෝසියස් චෙක්‌ 03ම දුන්නේ ඡන්දෙට පසුව – CIDය යලිත් සුජීවගේ රෙදි ගලවයි.

    බණනා සුජීවට ඇල‌ෝසියස් චෙක්‌ 03ම දුන්නේ ඡන්දෙට පසුව – CIDය යලිත් සුජීවගේ රෙදි ගලවයි.

    ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ අරක්කු සමාගමෙන් ලැබී රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් මාරු කර ගෙන ඇති බවට පසුගියදා අධිකරණයේදී හෙළිදරව් වූ රු. මිලියනය බැගින් වූ චෙක්‌පත් තුනම නිකුත් කර ඇත්තේ 2015 මහ මැතිවරණයට පසුව බව අධිකරණයට වාර්තා කර ඇති රහස්‌ පොලිසියේ වැඩිදුර විමර්ශන වාර්තාව අනුව පැහැදිලි වේ.

    2015 වසරේ මහ මැතිවරණය පවත්වා ඇත්තේ 2015 අගෝස්‌තු 17 වැනිදා වුවත් අදාළ චෙක්‌පත් තුනම නිකුත් කර ඇත්තේ ඊට පසුවය.

    එනම් එක්‌ චෙක්‌පතක්‌ 2015.08.24 දිනද, තවත් චෙක්‌පතක්‌ 2016.03.31 දින සහ තවත් චෙක්‌පතක්‌ 2015.11.12 දින ද නිකුත් කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇත.

    මින් 2015.08.24 දිනැතිව නිකුත් කරන ලද රුපියල් මිලියනයේ චෙක්‌පත 2015 මහ මැතිවරණය පැවැති 2015.08.17 දිනට ආසන්න දිනයක ලියවී තිබුණත් එහි ද චෙක්‌පත නිකුත් කර ඇති දිනය ලෙස සටහන් වන්නේ 2015 මහ මැතිවරණයට සතියකට පමණ පසු දිනයකි.

    අදාළ චෙක්‌පත් මාරු කර මුදල් ලබා ගෙන ඇති ආරක්‍ෂක අංශ නිලධාරීන් සියල්ලන්ගෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ සටහන් කරගෙන එම ප්‍රකාශවල සාරාංශයන් ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

    මෙම මුදල් ගැනීමේ සිද්ධිය මාධ්‍යය වල පළවීමත් සමග අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කියා සිටියේ මැතිවරණ කටයුතු සදහා සිය ප්‍රචාරක කටයුතු මෙහෙයවූවන් විසින් එම මුදල් ගෙන ඇති බවයි.

  • ගෝඨාද? බැසිල්ද? ජනපති සටන හත්ගව්වක් දුර තිය‌ෙද්දී දැන් සිටම රාජපක්ෂලා ප්‍රසිද්ධිය‌ේ මරාගැනීම අරඹයි….

    ගෝඨාද? බැසිල්ද? ජනපති සටන හත්ගව්වක් දුර තිය‌ෙද්දී දැන් සිටම රාජපක්ෂලා ප්‍රසිද්ධිය‌ේ මරාගැනීම අරඹයි….

    හැට දෙලක්ෂයක් ජනතාව ජන්දය දුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහොසී කිරිමට.එම නිසා වර්තමාන ජනාධිපතිවරයා ජනතාවට දුන් එම පොරොන්දුව ඉෂ්ට කළ යුතුයි. වර්තමාන යහපාලන රජයත් රට තුල පවතින විවස්ථාවට අනුකූලව කෙටි මාර්ග වලින් නොයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළයුතු බවත් එසේ සිදු කරන්නේ නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ සහ පොහොට්ටුවේ සහයත් විවාදයකින් තොරව ලබා දෙන බව පැවසා ඇත.

    පොහොට්ටුවේ මත ගොඩයි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහොසී කළ යුතු බවත් එසේ විධායක ජනාධිපති ක්‍රමය අහොසි කරන්නේ නම් තමන්ගේ සහයත් ලබාදෙන බව පවසා සිටියත් පොහොට්ටුව පක්ෂය ඇතුලේ විශාල ව්‍යාකූලත්වයක් පවතින බව මතුවී පෙනේ.

    පොහ්ට්ටුවේ සිටින ප්‍රධානියකු ලෙස පෙනි සිටින විමල් වීරවංශ සහ පොහොට්ටුව සමග අත්වැල් බැදගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කල්ලියේද මතය වී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහොසි නොකළ යුතු බවයි.

    එමෙන්ම විමල් වීරවංශ ඇතුළු 16 දෙනාගේ කල්ලිය මේ වන විට විධායක ජනාධිපති ක්‍රමය අහොසී කිරිමට එරෙහිව රට වටේ රැස්වීම් පවත්වමින් ඇති බවද වාර්තාවේ.

    මහින්ද රාජපක්ෂ මහතාගේ මතය සහ එකාබද්ද යේ තම ගොලයන් අතර විශාල ගැටුමක් ඇති බවත් ඔවුන් එකිනෙකාට විරුද්ද මත දරන බවත් පොහොට්ටුව ඇතුලේ අර්බුදය උඩු දුවා ඇති බවත් මනාව පිළිබිඹුවේ.

    මෙහිදි පෙනි යන ප්‍රධාන කරුන නම් රාජපක්ෂ පවුල තුලද ප්‍රශ්න ජාලාවක් මේ වන විට ඇති බවය.බල තන්හාව කොපමනද කීවොත් සහොදරයන් අතර ද මේ වන විට බල තන්හාව නිසාවෙන් සහොදර කම් පවා අමතකව ගොස් ඇති බවක් බැලූ බැල්මට පෙනේ.

    පසුගියදා කුමාර වෙල්ගම මහතා තර්ජනාත්මකව “මහින්ද ඉන්නකන් අපි මහින්ද එක්ක ඉන්නවා” කියා කළ ප්‍රකාශයෙන්ද පෙනි යන්නේ එකාබද්දය තුල ගැටුම ඉතා උණුසුම් බවක්‍ ය.තවද අපට හැගෙන්නේ නම් එම ප්‍රකාශ තුලින් එකාබද්දයේ 2020 අපෙක්ෂකයා තොරා ගැනිමත් මේ වන විට අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බවක්‍ ය.වෙල්ගම මහතා දැඩිව පවසා සිටියත් ඔව්න් සතුව සුපිරු බඩු ඉන්නවා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නට කියා,උපහාසයට කරුණ නම් කුමාර වෙල්ගම මහතාට අලි බබාගේ සහ හොරු 40ගේ බල දැන් බිදි ගොස් අවසන්‍ බව තවමත් නොතේරීමයි.

    රාජපක්ෂලාගේ බඩේ බිත්තර

    රාජපක්ෂලාගේ බලය දැන් බිදි ගොස් ඇති නමුත්,ඔවුන් අවතාර මෙන් තවමත් සක්මන් කරමින් ඇත.සියයට සීයක්ම මේ සමාජයෙන් රාජපක්ෂ බිය දුරුම වී ගොස් නැති බව ගොඨාගේ හැසිරිම ගැන කියන්නේ ඔහුගේම න්‍යායාචාර්ය ලෙස කටයුතු කළ ආචාර්ය දයාන් ජයතිලක විසිනි ඔහු වැඩිදුරටත් මව්බිම පුවත්පතට කියා ඇත්තේ “ගොඨා ආවොත් රටම ආපසු රතු පස් වලක් වන බවයි”.

    තවද මහින්ද මාධ්‍යවේදීන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දීමේදි මාධ්‍යවේදීන්ට දක්වන තර්ජන අනුවය.කවදා හෝ යළි බලයට පැමිණියහොත් පළිගැනිම චෙතනාව රාජපක්ෂලාගේ පපු කැහුත්තේ නිදන්ව ඇති බව දැන් දැන් මතු වෙමින් පවතී.ජනතාව ඉදිරියේ රාජපක්ෂලා කරන්නේ අපුරු රංගනයකී,රටේ ජනතාව ගොනාට ඇන්දවීමකි.රාජපක්ෂලා වැඩ කරන්නෙ බඩේ බිත්තර තබාගෙන ය.

  • කර්නල් රන්නප්‍රිය මාරුවෙලා යන දවසේ එල්ටීටීඊ හිටපු සාමාජිකයන් අඩපු හැටි ම‌ෙන්න (Photos)

    කර්නල් රන්නප්‍රිය මාරුවෙලා යන දවසේ එල්ටීටීඊ හිටපු සාමාජිකයන් අඩපු හැටි ම‌ෙන්න (Photos)

    අද කර්නල් රන්නප්‍රිය බන්දු විශ්වමඩු වලින් මාරුවෙලා අබේපුස්ස කදවුරට යන දවස.
    මේ ඉන්නේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු උදවිය. සිවිල් ආරක්ෂක බලකායට බදවාගත්ත පුනරුත්ථාපනය වූ උදවිය. ඒ විතරක් නොවෙයි, ගමේ මිනිස්සු.
    ආරක්ෂක හමුදාවල උතුරේ මිනිස්සු හදවතින්ම ආදරය කරන, තමන්ට ආදරය කරන මිනිස්සු, කාකි ඇදුම් කදුළුවලින් තෙත් වෙනකල් අඩන නිලධාරීන් ද සිටිති.
    ඒ බව බොහෝ දෙනා නොදන්න නිසාත්, රටම දැනගත යුතු නිසාත් දඹුල්ලේ කාංචන එවපු මේ ඡායාරූප ටික මෙහි ඇතුලත් කළා.
    මොන විලේ පිපුනත් මානෙල් සුවදමය!
    – කීර්ති තෙන්නකෝන්

     

     

     

     

     

     

  • රොෂාන් පිලපිටිය එක්ක ගෙවන අලුත් ජිවීතේ ගැන රිද්මා කියපු අමුතු කතාව ම‌ෙන්න….

    රොෂාන් පිලපිටිය එක්ක ගෙවන අලුත් ජිවීතේ ගැන රිද්මා කියපු අමුතු කතාව ම‌ෙන්න….

    කොහොමද ජීවිතේ…? සුන්දරව ගෙවීගන යනවද..?

    ඔව්.. ඉතාමත් සුන්දරව ගෙවීගන යනවා.

    රොෂාන් පිලපිටිය කියන්නේ දක්ෂ ප්‍රවීන රංගන ශිල්පියෙක්.. ඔහුගේ අත ගත්ත රිද්මා පිලපිටිය කියන්නේ කවුද..?

    මම සාමාන්‍ය විදිහට හැදුනු ලංකාවේ තරුණියක්..

    ඒ වගේමයි ආදරණීය දියණියක්.. දැන් ආදරණීය භාර්යාවක්.. ඉස්සරහට තව දේවල් වෙනවා කියන්න පුළුවන්.. මම හරිම සරලයි.. පොලවේ පය ගහලා ඉන්න කෙනෙක්. හැමෝම එක්ක ආදරෙන් සතුටෙන් හිනාවෙලා ඉන්න කෙනෙක් තමයි රිද්මා පිලපිටිය කියන්නේ.

    කතාවක් පැතිරෙනවා දැන් ඔබත් රඟපෑම වගේම නිෂ්පාදන කටයුතුවලටත් සම්බන්ධ වෙලා කියලා.. මොකක්ද මේ කතාව..

    ඔයාලට ලැබුණු ඒ ආරංචිය හරියටම හරි…

    ඇයි එක පාරම රඟපෑම තෝරගත්තේ..?

    එක පාරම නෙවෙයි.. මම ඉස්කෝලේ යන කාලේ ඉදන් හැම පැත්තම ඉගෙන ගත්තා.

    භාහිර කටයුතු අධ්‍යාපන කටයුතු බැලන්ස් කරගෙන කළා..

    මගේ ආසාව තිබ්බෙනම් ලෝයර් කෙනෙක් වෙන්න.. මම උසස් පෙල කළේ වානිජ අංශයෙන්.. මම ප්‍රයිවට් ලෝ කරන්න බලාපොරොත්තු වෙනවා.

    විවිධ කටයුතුවලට මට කතා කළා.. විෂුවල්වලට වගේ..

    මහා ලොකු කැමැත්තක් තිබුණේ නෑ. මම රොෂාන් අයියව මැරි කළාට පස්සේ ගොඩක් ආරාධනා ලැබුණා..

    නාට්‍යවලට කතා කළා. මම ඒ එක්කම රංගන පාඨමාලාවක් හැදෑරුවා. රොෂාන් අයියා කිව්වා ඉගෙනගන තියෙන එක හොදයි..

    ගොඩක් ආරාධනා ලැබුණා.. හොද නිර්මාණ බලලා ස්ක්‍රිප්ට් එක බලලා හොදයිනම් ආසා කරන චරිතයක් තියෙනවානම් කරන්න කියලා රොෂාන් අයියා නිදහස දුන්නා.. කලින් ගොඩක් ආරාධනා ලැබුණ හින්දා හොද දෙයක් ඒ අතර තිබුණොත් මිස් වෙයි කියලත් හිතුනා. කොහොම හරි අන්තිමට රංගනය වගේම නිෂ්පාදන වැඩත් කරන්න පටන් ගත්තා.

    රොෂාන් එක පාරම කැමැත්ත දුන්නද..?

    එයාගේ අකමැත්තක් නෑ.. මට එයා කැමැති දෙයක් කරන්න නිදහස දීලා තියෙනවා.

    හැබැයි එයා කියනවා යුතු දේ කිරීම මිස අයුතු දේ කිරීම නෙවෙයි නිදහස කියන්නේ කියලා.

    එයා නීති දාන්නේ නෑ.. මම කවුද කියලා එයා දන්නවා.. මොකද එයා ඉන්නවා මට යෝධ හෙවනැල්ලක් වගේ.

    මේ ක්ෂේත්‍රෙය්දී රොෂාන් කියන්නේ ප්‍රවීණයෙක්.. මම ආධුනිකයෙක්.. එයා පොඩි කාලෙ ඉදන් රගපෑවා.. ඒ වගේ කෙනෙක් යටතේ ඉන්න එක බයක් නෑ..

    මේ ක්ෂේත්‍රය තෝරගන්න හුඟක් අයට හොඳ නමක් ඇති කරගන්නනම් අමාරුයි නේද..?

    ඒක මෙහෙමයි… හැම ක්ෂේත්‍රයකම හොද නරක තියෙනවා.. නමුත් කලා ක්ෂේත්‍රය ප්‍රසිද්ධ වැඩියිනේ… වැරදි දේවල් කරන එක හයිලයිට් වෙනවා වැඩියි.

    හැම වෘත්තියකම අඩුලුහුඩුකම් තියෙනවා. කොහේ හිටියත් මොන දේ කළත් හරි දේ තෝරගන්න ඕනේ.. හරි වැරැද්ද අපි දැනගන ජීවත්වුණාම හරි..

    හිතනවද ඉදිරියේදී හොඳ නමක් තියාගෙන සම්මානයක් ලබාගන්න තැනට යන්න පුළුවන් වෙයි කියලා..?

    මෙහෙමයි සම්මාන කියන දේ ගැන මම හිතන්නේ නෑ.. හොද නිර්මාණයක් කළොත් සම්මානයෙක් ලැබෙයිද කියලා දන්නේ නෑ..එහෙම බලාපොරොත්තුවක් නෑ.. නමුත් මම ආස සාමාන්‍ය විදිහට ඉන්න.. අපි කරන නිර්මාණය සාර්ථකයිනම් ඒ දේට දවසක නිසි වටිනාකමක් ලැබේවි..

    SHARE
  • කරුණු රැසක් ගැන වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ට ලියපු ලිපිය ම‌ෙන්න…

    කරුණු රැසක් ගැන වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ට ලියපු ලිපිය ම‌ෙන්න…

    ඊ නිව්ස් ගිනි තැබීම, එක්නැලිගොඩට වු දේ ගැන පරීක්ෂන ප්‍රමාද ඇයි? ඊ නිවුස් කතුවරයා ලංකාවට ‌ග‌ේන්න හදන බවටද රජයට ච‌ෝදනාවක්….

    රාජපක්ෂ ර‌ෙජිම පාලන සමය තුල ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තැබූ අපරාධය පිළිබඳ පරික්ෂණ ප්‍රමාදවී සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ අපරාධය පිළිබඳ පරීක්ෂන අවසන් නොවීම පිළිබදව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරයා වෙත ලිපියක් යවන වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඒ් පිළිබදව බ්‍රිතාන්‍ය රජය දැනුවත් කර ඇත…

    ලංකා ඊ නිව්ස් කතුවරයා ලංකාවට පිටත් කිරිමට කර ඇති ඉල්ලිමක් පිලිබදව පැතිර යන ප්‍රචාරයක් පිළිබදවද වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඒම ලිපිය‌ෙහි කරුණු දක්වා ඇත…

  • ගෝඨාභය තම සහචරයින් එක්ක ලංකාවට කරන්න යන ද‌ේ ගැන දයාන් ජයතිලක කියපු කතාව ම‌ෙන්න…

    ගෝඨාභය තම සහචරයින් එක්ක ලංකාවට කරන්න යන ද‌ේ ගැන දයාන් ජයතිලක කියපු කතාව ම‌ෙන්න…

    හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන්නේ වැරදි පාරේ බවත් ඔහු වටා සිටින්නේ මහා ධන කුවේරයින් සහ අන්තවාදී හමුදාකාරයින් බවත් ප්‍රවීණ දේශපාලන විචාරකයකු සහ හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කර තිබේ.

    ඒ මහතා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ‘ලක්බිම ඉරිදා සංග්‍රහය’ පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමිනි.

    ආචාර්ය දයාන් ජයතිලක යනු ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය වෙනුවෙන් මුලින්ම ගොඩ නැඟූ ‘එළිය’ සංවිධානයේ ප්‍රධානියෙකි. ඔහු එම සංවිධානය වෙනුවෙන් විශාල වැඩකොටසක් ද ඉටු කළ අයෙකි.

    ඒ අනුව පෙනී යන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයින් පවා දැන් ඔහුට දැඩි විවේචන එල්ල කිරීමට පටන් ගෙන ඇති බවයි. ගෝඨාභය රාජපක්ෂ කුමන සමක් පෙරවාගෙන දේශපාලනයට පිවිසෙන්නට උත්සාහ කළ ද ඔහුගේ සැබෑ ස්වරූපය මතුවනු අයුරු මුලින්ම පෙනෙන්නේ ඔහුගේ සමීපතමයින්ටය. එහෙයින් මුලදී මහත් උනන්දුවෙන් ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් පවා දැන් දැන් ඔහුගේ ක්‍රියාකලාපයට එරෙහි වෙමින් සිටී.

  • බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ට ලිපි යවන වෙබ් සංගමයක ‌ච‌ෝදනා වලට ශිරාල් ලක්තිලක දීපු පිළිතුර ම‌ෙන්න..

    බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ට ලිපි යවන වෙබ් සංගමයක ‌ච‌ෝදනා වලට ශිරාල් ලක්තිලක දීපු පිළිතුර ම‌ෙන්න..

    වෙබ් සංගමයේ අවධානය පිනිසයි!!!!!!!

    සඳරැවන් සේනාධිර වෙනුවෙන් පෙනිසිටින වෙබ් සංවිධානයක් බ්රිතාන්ය මහකොමසාරිස්වරයාට ලිපියක් යොමුකරමින් සිටින්නේ සඳරැවන් බ්රිතාන්ය රජය මගින් අත්අඩංගුවට ගෙන ශ්රිලංකාවට පිටුවහල් කිරිමට ඉල්ලා ඇතිබවත් එයට තමන් විරැද්දවන බවයි.

    මිට අදාල ප්රවුර්තියක් ඉරිදා ටයිම්ස් පුවත් පතේ පලවි තිබුනද එය දැවැන්ත කෙප්පයකි. අදාල පාර්ශවයන් හමුවිම සැබැවක් මුත් කිසිදා මෙම පුද්ගලයාගේ අත්අඩංගුවට ගැනිමක් හෝ රටින්පිටුවහල් කිරිමක් ගැන කිසිදු යෝජනාවක් හෝ සිදුනොවුන බව වගකිමකින් යුතුව ප්රකාෂ කරමි.

    කෙසේ නමුත් මෙම වෙබ් සංගමය තමන් නොදන්නා බොහෝ කරැනු පිලිබඳව සත්යවාදි ලෙස දක්වන කරැනු අසත්ය බව කියා සිටිමි.

    මාගේ මතය සඳරැවන් රට පැනිම සඳහා තමන් ගේම ආයතනයට මිගමුවේ සිට ක්රියාතමකවු මැර කන්ඩායමක් ලවා ගිනි තියා ගත් බවයි.

    අදාල ගිනි තැබිමට අදාල පොලිස් පරික්ෂනයේ දි ඒ වෙනවිට මාගේ රාජගිරිය කාර්යාලයේ රැඳිසිටි බෙනට් රැපසිංහ ඇතුලු ලංකා ඊ නිවුස් කාර්ය මන්ඩලය වෙනුවෙන් පෙනි සිටියේ මම,‌ම‌ෛත්‍රි ඇතුලු නිතිඤ කන්ඩායමකි.

    අසරනව,භිතියට පත්ව සිටි ඊ නිවුස් කාරය මන්ඩලයට කිසිදු රැකවරනයක් හෝ හව්හරනයක් නැතිව සිටි අවස්තාවක මාහට පුද්ගලිකව මුහුනදිය හැකිව තිබු අනතුරු නොතකා මගේ කාර්යලය තුලම නවාතැන් ගනිමින් වෙබ් අඩවිය පවත්වා ගැනිමට පහසුකම් සලසාදෙන ලදි.

    මෙම තත්වය සඳරැවන් ගේ සරනාගත භාවය ලබාගැනිමට ඇති හැකියාවට බලපැමක් එල්ල කල හැකි බැවින් සඳරැවන් ඊ නිවුස් වෙබ් අඩවිය ලංකාව තුල ක්රියාත්මක විම වැරයොදා වැලැක්විමට කටයුතු කලේය. බෙනට් රුුපසිංහ සහ තවත් මාධ්යවේදියකු කඩුවෙල අධිකරනය මගින් රිමාන්ඩ් කිරිමත් සමගම ඊ නිවුස් ලංකාවේ ක්රියාත්මක විම නැවතුනේය.

    එසේම දැනගත යුතු තවත් කරැනක් පවති. එනම් සඳරැවන් එංගලන්තයේ සරනාගත බාවය ලබා ගන්නේ අමරිකාවේ සිට පැමිනි පසුවය. ඔහුට විශේෂ වරප්රසාද කට්ටලයක් ඇම්නස්ටි ඉන්ටනැශනල් මැදිහත්විමෙන් ලබාදුන්නේය. එම වරප්රසාද ඔහුට,භාර්යාවට,දරැවන්ට හා නිවසට අදාලව වුයේය. දැනට අප අතර නැති එවකට ඇම්නස්ටි හි සේවය කල ප්රසන්න රත්නායක මා සමග මෙකි විශේෂ වරප්රසාද පැකේජය ලබා ගැනිමට විෂේශ උත්සාහයක් ගත්තේය. ඒ සඳහා මා හොඳින් අඳුනන ඇම්නස්ටි හි අධ්යක්ෂක වරයකු අමතන්නට සිදුවුයේය. එදා තවත් එක් වෙබ් ජනමාධ්යවේදියකු වු සඳරැවන්ට ලැබුනේ ලොතරැයියකි.

    මා දන්නා තරමට ප්රගිත් එක්නැලිගොඩ කිසිදා ලංකා ඊනිව්ස් හි වෙබ් කාටුන් ශිල්පියා ලෙස කටයුතු කලේ නැත. ඔහු එම කාර්යාලයට ආවගියේය. සඳරැවන් ඔහුට සැලකුතරම දන්නේ එදා එම කාර්යාලයට ආගිය අය පමනකි. අවසානයේදි ප්රගිත් හා ලංකා ඊනිව්ස් අතර කිසිදු සම්බන්දයක් නැතයි කිවේ එදාය.

     

    https://www.facebook.com/shiral.lakthilaka.7/posts/10212652815940735

  • සුපිරි ඉන්දීය නිලි ප්‍රියංකා රඟපාන අමෙරිකානු නාට්‍යයක් නිසා ඉන්දියාව ගිනි ගනියි

    සුපිරි ඉන්දීය නිලි ප්‍රියංකා රඟපාන අමෙරිකානු නාට්‍යයක් නිසා ඉන්දියාව ගිනි ගනියි

    සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රාට එරෙහිව ඉන්දියාවේ මේවන විට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ මේ දිනවල අමෙරිකාව ඇතුළු යුරෝපයේ ප්‍රචාරය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවක් වන “Quantico” කතාංග මාලාවේ සිදුවීමක් අරඹයා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    මෙම කතා මාලාවේ ප්‍රධාන චරිතය රඟ දක්වන ප්‍රියංකා චොප්රා එෆ්බිඅයි නිලධාරිනියක් ලෙස කතා මාලාවේ සිය භූමිකාව රඟ දක්වනවා. ජුනි මස 01 වනදා විකාශය වූ කතා මාලාවේදී කාශ්මීරයේ සිදුවන ත්‍රස්ත ප්‍රහාරයක් වැළැක්වීමේ ජවනිකාවක් සම්බන්ධයෙන් විකාශනය වී ඇති අතර ඒ හරහා සිය මවු රටට අපකීර්තියක් ගෙන දුන් බව කියමිනුයි ඉන්දීය වැසියන් ඇයට එරෙහිව විරෝධතා මාලාවක් දියත් කර ඇත.
    කෙසේ නමුත් තමන් නියම ඉන්දියානුවෙක් බවත් පසුගිය කතා මාලාවේ විකාශනය වූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් ඉන්දීය ජනතාවගේ හැඟීම් සහ සිතුවිලි වලට ඇතිවූ වේදනාව ගැන තමා කනගාටුවට සහ වේදනවාට පත්වන බවත් එය හිතාමතා කළ දෙයක් නොවන බව දන්වමින් ඇය ට්ව්ටර් පණිවිඩයක් පළකර ඇති අතර මේ වන විට බහුතර ඉන්දීය ප්‍රේක්ෂකයින් අන්තර්ජාලය ඔස්සේද ඇයට සිය අප්‍රසාධය පළකර ඇති බවයි වාර්තා වන්නේ.
    මේ අතර මෙම කතා මාලාව විකාශනය කරනු ලබන සහ නිෂ්පාදනය කරනු ලබන අමෙරිකාවේ ABC නාලිකාවද ඉන්දීය ජනතාවගෙන් සමාව අයැද ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එහි වැඩි දුරටත් සඳහන් වන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රියංකා චොප්රාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් අඩුම වශයෙන් මෙම කතාවේ තිර පිටපත ඇය නොලියු බව සහතික කර ඇත.
    ඉන්දියාව සහ පාකිස්ථානය 1947 වසරේදී දෙකඩ වීමෙන් අනතුරුව කාශ්මීරයේ යුද්දයන් දෙකක් පැවතුනා. මේ දක්වාද කාශ්මීරයේ අයිතිය තමන් සතු බව කියමින් දෙපාර්ශයම තම අයිතිය තහවුරු කර ගැනීමට ප්‍රයත්න දරමින් සිටී.
  • දර්වන් 19ක් වැදූ මුණුබුරු මිණිබිරියන් 118 කටත් වඩා වැඩි වීරමාතා’ රාජ්‍ය සම්මානලාභී මාතාව දිවියෙන් සමුගනී

    දර්වන් 19ක් වැදූ මුණුබුරු මිණිබිරියන් 118 කටත් වඩා වැඩි වීරමාතා’ රාජ්‍ය සම්මානලාභී මාතාව දිවියෙන් සමුගනී

    රංචමඩමට අවමංගල්‍ය සංස්‌කෘතිය හඳුන්වා දුන්නේ ඇගේ සැමියායි

    රටට වැඩදායක දරුවන් 19 දෙනකු ලක්‌මවට දායාද කර “වීරමාතා” රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද මාතාවක්‌ දසදහස්‌ සංඛ්‍යාත ජනකායක්‌ අතිමහත් ගරු බුහුමන් සහ සෝසුසුම් මධ්‍යයේ පසුගිය සෙනසුරාදා (9 දා) පස්‌වරුවේ දැයෙන් සමුගෙන ගියාය. ඇය කොළඹගේආර රංචමඩම මානෙල් පෙදෙසේ විසූ කේ. එච්. එන්සිනා නමැති 92 හැවිරිදි මාතාවකි. වලස්‌මුල්ල කිරම නාගස්‌රුප්ප ප්‍රදේශයේ උපත ලද ඇය හක්‌මන නරවැල්පිට හේමාලංකාරගේ සව්නේරිස්‌ යන අය සමඟ විවාහ වී කොළඹගේආර රංචමඩම ගමට පැමිණ හේන් ගොවිතැන් කරමින් ජීවිතය ආරම්භ කර ඇත. එවකට ඝණ වනාන්තරයක්‌ව පැවැති රංචමඩම ප්‍රදේශයට ඔවුන් පදිංචියට පැමිණෙන විට සිටියේ තවත් එවැනිම වූ ගොවි පවුල් කිහිපයක්‌ පමණකි. ස්‌ථිර නිවාස කිසිවක්‌ එහි නොතිබුණ අතර ලී දඬු යොදා ඉලුක්‌සෙවිලි කර තැනූ වාඩිවල ඔවුහු පදිංචිව සිටියහ. ඔවුහු ලී වලින් තැනූ මැස්‌සක්‌ නිදාගැනීම සඳහා භාවිත කළහ. පවුලක සාමාජිකයකු මියගිය පසු කළයුතු අවමංගල්‍ය කටයුතු ගැන අවබෝධයක්‌ නොතිබුණු එම පිරිස්‌ යම් අයකු මියගිය විට මිනිය එතැනම තබා එම වාඩිය අත්හැර වෙනත් වාඩියක්‌ හදාගෙන එහි පදිංචියට යාම සිදුකර ඇත.

    සව්නේරිස්‌ මහතා මෙහි පදිංචියට පැමිණීමත් සමඟ(සව්නේරිස්‌ මහතා දැන් ජීවතුන් අතර නැත) මෙම සංස්‌කෘතිය වෙනස්‌ කිරීමට ඔහුට හැකිවිය. ඉන් පසුව රංචමඩමේ පළමුවෙන්ම මියගිය තැනැත්තාගේ දේහය මිනී පෙට්‌ටියක තැන්පත් කර අවමංගල්‍ය චාරිත්‍රානුකූලව භූමදාන කිරීමට ඔහු පියවර ගත්තේය. සමාජ සේවයට දැඩි ඇල්මක්‌ දැක්‌වූ මෙම යුවළ අසල්වැසියන් සමඟ එක්‌ව එම යුගයේ අවශ්‍යතා පරිදි ගැමියන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීමට පියවර ගත්හ.

    සව්නේරිස්‌ මහතාට දාව එන්සිනා මාතාව බිහිකළ දරුවන් 19 දෙනා අතරින් 15 දෙනෙක්‌ දැනට ජීවත්ව සිටිති. ඔවුන්ගෙන් කිහිපදෙනෙක්‌ කොළඹ, දෙනියාය, පස්‌ගොඩ, වලස්‌මුල්ල, මිනුවන්ගොඩ වරාපිටිය යන ප්‍රදේශවලත් සෙසු අය රංචමඩම කොළඹගේආර ප්‍රදේශවලත් පදිංචිව සිටිති. මෙම මාතාවගේ එක්‌ දියණියක්‌ දරුවන් දස දෙනකු බිහිකර ඇත. තුන් මුණුබුරන් දැක ගැනීමේ වාසනාව හිමිකර ගැනීමටද ඇයට භාග්‍යය තිබී ඇත. ඇයගේ දරු මුණුබුරු පරම්පරාව 118 ද ඉක්‌මවන බව දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබන ඇයගේ මිනිබිරියක වන එච්. කේ. ඒ. කාංචනමාලා මෙනවිය පැවැසුවාය. ප්‍රදේශයේ ජනප්‍රිය කවියකුවූ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරි විමල්මාදන මහතා කියා සිටියේ ඇය මියයන තුරුම ඉතාම නීරෝගීව ජීවත්වූ බවය. අඩුවශයෙන් වේදනානාශක පෙත්තක්‌වත් බීමට තරම් රෝගයක්‌ ඇයට වැළඳී නැති බවද ඔහු පැවැසීය. ඇය මියගිය අවස්‌ථාවේ සිට පසුගිය සෙනසුරාදා (09දා) පවුලේ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකරන අවස්‌ථාව දක්‌වා දසදහස්‌ සංඛ්‍යාත ජනතාවක්‌ වැලනොකැඩී ඇයට ගරු බුහුමන් දැක්‌වීම සඳහා පැමිණියහ.

  • කාන්තාවන් පිරිසක් නිරුවතින් මුහුදේ පීනා ලෝක වාර්ථාවක් තියයි

    කාන්තාවන් පිරිසක් නිරුවතින් මුහුදේ පීනා ලෝක වාර්ථාවක් තියයි

    අයර්ලන්තයේ ඩබ්ලින් නුවරට ආසන්න මුහුදේ දී කාන්තාවන් පිරිසක් නව ගිනස් ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා. ඒ, නිරුවතින් අධික ශීතල සහිත මුහුදු ජලයේ වැඩිම වේලාවක් රැඳි  සිටි අවස්ථාව බවට ඉතිහාසගත කරමින්. 
    ඔවුන් ලෝක වාර්තාව බිහි කිරීම සඳහා පිහිනා යනවිට මුහුදු ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12ක්. ලොව පුරා වෙසෙන කාන්තාවක් 2505 දෙනෙකු සහභාගී වී මෙලෙස බිඳ දැමුයේ 2015 වසරේ කාන්තාවන් 786 දෙනෙකු  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවරදී පිහිට වූ ලෝක වාර්තාවයි. 
    මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ ලොව පුරා පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට මූල්‍යාධාර පිරිනැමීමයි.
  • අසභ්‍ය වචන දාලා එඩිට් කරළා – විවාහයක මනමාලිය ඔසවා ගෙන සිටි වෙනස් කළ මේ පුවරුවට ඔබත් රැවටුනාද ?

    අසභ්‍ය වචන දාලා එඩිට් කරළා – විවාහයක මනමාලිය ඔසවා ගෙන සිටි වෙනස් කළ මේ පුවරුවට ඔබත් රැවටුනාද ?

    ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පසුගිය දිනවල පැතිරුණු එක්තරා ඡායාපයක් පසුගිය දිනවල කතාබහට ලක්වුනා. විවාහයක මනමාලියක විසින් ඔසවා ගෙන සිටින පුවරුවක් රැගත් ඡායාරූපයක් මෙලෙසින් ෆේස්බුක් සමාජජාලයේ හුවමාරු වෙමින් තිබුනා.

    කෙසේ වෙතත් මේ පිළිබදව සොයා බැලු අප වෙත අනාවරනය වූයේ එම ඡායාරූපය අසභ්‍ය අර්ථයක් දනවන සේ කවුරුන් හෝ සංස්කරණය කළ ඡායාරූපයක් වන බවය. මෙහි සැබෑ ඡායාරූපය සංස්කරණය කළ කිසිවෙකු විසින් මෙය සමාජජාලා වෙබ් අඩවි වලට එක්කර තිබුනා.

    එලෙසින් හුවමාරූ වූ ව්‍යාජ ඡායාරූපය පහතින්,

    සෑබෑ පුවරූවේ ඡායාරූප,



  • මගේ පුතා බෝධිසත්වයෙක්… අජාසත්ත පුතා වෙනුවෙන් පුත්තලමේ ඇමති තාත්තාගෙන් රටේ මාධ්‍යයට දොස්..

    මගේ පුතා බෝධිසත්වයෙක්… අජාසත්ත පුතා වෙනුවෙන් පුත්තලමේ ඇමති තාත්තාගෙන් රටේ මාධ්‍යයට දොස්..

    රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සිය පුත‍්‍රයා පිළිබදව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අද (09) අදහස් පළ කළා. ඒ, ආණමඩුව ප‍්‍රදේශයේදී පැවති උත්සවයකට එක්වෙමින්. 

    ව්‍යාපාරික හමුවක් සඳහා තමා විසින් පුත්‍රයාව පිටත් කර යැවු බවත් ඔහු එයට සහභාගිවී යලි නිවස කරා එමින් සිටියදී හදිසි රිය අනතුරකට ලක්වූ බව ඇමතිවරයා කියා සිටියා. එමෙන්ම ඔහුගේ රිය තුල තිබී විදේශීය මත්පැන් බෝතලයක් හමුවූ බවත් එය මාධ්‍ය විසින් ප්‍රචාරය කළ අතර නමුත් එම බෝතලය තුල තිබුනේ මත්පැන් නොව ඔහු වතුර බවත් අවසානයේදී සිදුවුයේ තමන්ට බැනුම් ඇසීමට බව ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.

    මෙම අනතුර ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මංසන්ධියේදී සිදුවූ අතර අදාළ කැබ් රථය පදවා ඇත්තේද රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා විසින්. ඔහු බීමතින් සිට ඇති බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. අත්අඩංගුවට ගැණුනු ඔහුගේ පුත‍්‍රයා ලබන 12 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔහු මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් රැකවල් මධ්‍යයේ ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.

  • සිසුවියන්ගෙන් ලිංගික අල්ලස් අරගෙන දැන් මැතිසභයේ බබා වගේ ඉන්න හිටපු ආචාර්යවරයා මෙන්න….

    සිසුවියන්ගෙන් ලිංගික අල්ලස් අරගෙන දැන් මැතිසභයේ බබා වගේ ඉන්න හිටපු ආචාර්යවරයා මෙන්න….

    උසස්‌ අධ්‍යාපන හා සංස්‌කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂ සිදු කළ ප්‍රකාශයක් ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

    එනම් ඔළුවිල් විශ්වවිද්‍යාලයේ මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට යොදා ගැනීමේ චෝදනාවට ලක්‌ වූ ආචාර්යවරයකු එක්‌සත් ජාතික පක්‍ෂයේ නවක මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සම්බන්ධව තමන් මවිත වන බව විජයදාස රාජපක්‍ෂ අමාත්‍යවරයා ඊයේ (08 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවසීමයි.

    විශ්වවිද්‍යාලයේ මුදලින් නිවාස නඩත්තු කිරීම, විදුලි බිල් ගෙවීම ආදී චෝදනා මෙම ආචාර්යවරයාට එල්ල වී ඇති බවත් ඒ ගැන කෝප් කමිටුව විසින් ද පරීක්‍ෂණ පවත්වන බවත් කී අමාත්‍යවරයා ඔහුට එරෙහි විශාල චෝදනා පත්‍රයක්‌ නිකුත් කර තිබෙන බව ද කීවේය.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ද මෙම පුද්ගලයාට එරෙහිව පරීක්‍ෂණයක්‌ පවත්වන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළ ඇමැතිවරයා එවන් අයකු නවක මන්ත්‍රීවරයකු ලෙස එජාපයෙන් දිවුරුම් දීම එජාපයේම ඇමැතිවරයකු ලෙස තමන් පුදුම වන බව කීවේය.

    ඔළුවිල් විශ්වවිද්‍යාලයේ මහා මාෆියාවක්‌ ක්‍රියාත්මක වන බවද පාර්ලීමේන්තුවේ ප්‍රකාශ කළ ඇමැතිවරයා විභාග සමත් කිරීම සඳහා ඇතැම් ආචාර්යවරුන් සිසුවියන්ගෙන් දිගින් දිගටම ලිංගික අල්ලස්‌ ඉල්ලා සිටින බව ද කීවේය.

    තමන් පසුගියදා ඔළුවිල් විශ්වවිද්‍යාලයේ කළ සංචාරයකදී මේ බව හෙළිදරව් වූ බව අමාත්‍යවරයා පාර්ලීමේන්තුවේ ප්‍රකාශ කළ අතර ඇමතිවරයාගේ ප්‍රකාශය සමාජජාලාවන්හි බොහෝ සෙයින් කතාබහට ලක්ව තිබෙන අයුරු දැකගත හැකි වුනා.

  • ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති මන්දිරයේදී (PHOTOS)

    ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති මන්දිරයේදී (PHOTOS)

    ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

    ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර රටේ සාමය, සමගිය මෙන්ම ජාතික සංහිදියාව වෙනුවෙන් ආශිර්වාද පළ කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

    මෙම උත්සව සභාව ඇමතු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ ජාතින් අතර සංහිදියාව සහ සහජීවනය ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළේ සුවිශේෂි අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව පෙන්වා දිය හැකි බවයි.

    ස්ථීර සාර සාමය, සියලූ ජන කොටස් අතර ඇතිවන අන්‍යොන්‍ය විශ්වාසය සමග ගොඩනැගෙන සංහිදියාව සහ සහජීවනය රටේ ජනතාවගේ මෙන්ම වත්මන් රජයේ ද අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කළයුතු සියලූ කැපකිරීම් රජයක් ලෙස සිදුකරන බව ද අවධාරණය කළේය.

    ජාතික සංහිදියාව වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී ඉස්ලාමීය ආගමික නායකයින්ගේ ඇගයීමට ලක්විය.

    අල්කුරානයේ සිංහල භාෂා කෘතියේ පළමු පිටපත ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    අමාත්‍යවරුන් වන ෆයිසර් මුස්තාෆා, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි ඇතුළු මැති ඇමැතිවරුන් ද, විදේශීය තානාපතිවරුන් ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • 2.50ට විකිණෙන ගණිකාවන්ව නිලි වෘත්තියෙන් පන්නන්න ඕනේ.. විශ්වගෙන් පියුමි හංසමාලිට කණේ පහරක්…

    2.50ට විකිණෙන ගණිකාවන්ව නිලි වෘත්තියෙන් පන්නන්න ඕනේ.. විශ්වගෙන් පියුමි හංසමාලිට කණේ පහරක්…

    විශ්ව ලංකා කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්… ඒ වගේම තමයි කවුරුත් ආදරය කරන නිවේදකයෙක්.

    ඉතින් මේ දිනවල විශ්ව ගැන අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

    ඒ විශ්ව දාපු Fb Post එකකට පියුමි හංසමාලි යොමු කළ සටහනක් නිසායි.

    කෙසේවෙතත් මේ ගැටුම මේ වෙද්දි ගොඩක් දෙනෙක් අතරට ගිහින්.

    ඒ නිසා අපි මේ කතාව ගැන අහන්න විශ්ව ලංකා සම්බන්ධ කරගත්තා.

    ඔහු කිව්වේ මෙවන් කතාවක්.

    මම ඒක කිසිම කෙනෙක් ඉලක්ක කරගෙන දාපු post එකක් නෙවෙයි. ඒක fb එකේ share වුණා. මම එහෙමම ඒක share කළා. හැබැයි කෙනෙක් ඒක අදාළ නැති විදියට තොප්පිය දාගෙන තියෙනවා. නමුත් මට ඒක අදාළ නැති නිසා මම ඒක ගණන් ගත්තේ නැහැ. ඒත් මගේ බිරිඳට යම් චෝදනාවක් කරලා තිබ්බා. මගේ බිරිඳ කවුද කියන්න මේ ලංකාවේ ඉන්න සියලු දෙනා දන්නවා. මාත් එක්ක වැඩ කරන අයත් එයාව දන්නවා. අද මම යම් තැනක ඉන්නවානම් ඒ ඉන්නෙත් මගේ බිරිඳට පිං සිද්ධ වෙන්න. මම ඒක ඕන තැනක කියනවා. මගේ බිරිඳට විවිධ දේවල් කිව්ව එක තමයි මට ගොඩක්ම ඉවසගන්න බැරිව ගියේ. ඒ හින්දා තමයි මම fb එකේ දැම්මේ “අපේ රටේ නිළියෝ දිහා හැමෝම බලන්නේ අද ගණිකාවෝ දිහා බලනවා වගේ. ඒකට හේතුව තමයි මේ වගේ 3rd class අය… මේ අය මේ කලාවෙන් එලවලා දාන්න ඕන” කියලා.

    හැබැයි ඉතින් මම මේක මෙහෙම දැම්මේ පොදුවේ. මේ වෙද්දි අදාළ අය ඒ තොප්පිය දාගෙන තියෙනවා. නැවතත් මට මේ ගැන කියන්න තියෙන්නේ මම කිසිම දෙයක් කාවවත් ඉලක්ක කරගෙන කිව්වේ නෑ.

    කොහොමවුනත් මම දැනුත් මම කිව්ව මතයේ ඉන්නවා. අපේ රටේ කලාවට අගෞරවයක් එකතු කරන්න යන මේ වගේ නූගත් , සමාජය විසින් කොන් කරපු, සමාජය විසින් අයින් කරලා දාලා තියෙන මේ වගේ නිළිකම විකුණගෙන කන ගෑණූ පයින් ගහලා එළවලා දාන්න ඕන. ඒ මතයේ මම දැනුත් ඉන්නවා.

    ඒවගේම තමයි අපේ රටේ දේශපාලඥයා කියන චරිතය සම්පූර්ණයෙන්ම මේ වෙද්දි ප්‍රතික්ෂේප වෙලා තියෙන චරිතයක්. ඉතින් එහෙම දේශපාලඥයෝ ගාව දෙකට තුනට නැවෙන කලාකරුවෝ ඉන්නවා. ඒ අයත් මේකෙන් එළවන්න ඕන. එතකොට තමයි අපේ රටේ කලාවට ගරුත්වයක් හැදෙන්නේ. මේක ඇත්තටම ගෞරවනීය විෂයක්. මිනිස්සු ගොඩක් ආදරෙයි මේ කලාවට. හැබැයි කලාකරුවන්ම විසින් මේ ගෞරවනීයත්වය නැති කරගෙන තියෙනවා. 
    ඉතින් කලාව වෙනුවෙන් කලාව ගොඩගන්න ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕනම වෙලාවක මං බය නෑ. ඒකට හේතුව ලංකාවේ සියලුම සහෝදර සහෝදරියෝ, ප්‍රේක්ෂකයෝ මේ වෙලාවේ මගෙත් එක්ක එකට හිටගෙන ඉන්නවා. ඒ හින්දා මං කිසිකෙනෙකුට බය නෑ. ඒ ශක්තිය මට තියෙනවා.

    ඒ නිසා ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ වගේ දෙයක් වෙනුවෙන් කාලය වෙන් කරන එකත් වැඩක් නෑ කියලා.

  • හැමෝටම අමතකවූ දසුන්ගේ උපන්දිනය වෙනුවෙන් පෙම්වතිය වන ශලනි මුහුණු පොතේ තැබූ සටහන මෙන්න.

    හැමෝටම අමතකවූ දසුන්ගේ උපන්දිනය වෙනුවෙන් පෙම්වතිය වන ශලනි මුහුණු පොතේ තැබූ සටහන මෙන්න.

    පසුගිය වසරේ කළා ක්ෂේත්‍රයේ සිදුවූ අවාසනාවන්තම සිදුවීම් වලින් එකක් ලෙස දසුන්ගේ සියදිවි නසා ගැනීම සලකන්න පුළුවන්. දසුන්ගේ මරණය සම්බන්ධයෙන් විවිධ කටකතා පාතිරුනා. ඇතැමුන් මේ පිළිඹඳව දෝශාරෝපනය සිදුකලේ දසුන්ගේ පෙම්වතියවූ ශලනි තාරකාටයි. දසුන්ගේ මවත් පසුගිය දිනවල මුහුණු පොතේ විවිධ සටහන් තබා තිබුනා

    මියගිය දසුන් නිෂාන් ගේ උපන්දිනය අද දවසේ යෙදී තිබෙනවා.

    ඉතින් දසුන් ලඟින් හිටපු කට්ටියටනම් ඔහුගේ උපන්දිනය අමතක වෙලා නෑ.

    ඒ අතරින් දසුන්ගේ මරණය සම්බන්ධයෙන් බොහෝ ලෙස කතාබහට ලක්වූ ශලිනි තාරකා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් යොදා තිබුණා.

    ඒ, “මේක තමයි මං සතුටින්ම හිටපු උපන්දිනේ…. ඒ තමයි ඔයා මට හිනාවෙලා කියපු අන්තිම වචන ටික…. සුභ උපන්දිනයක් කොල්ලා….” කියලා.

    එමෙන්ම දිනක්ෂි ප්‍රියසාද් සිය ෆේස්බුක් ගිණුමට දසුන්ගේ ඡායාරූපයක් යොදා තිබුණා.