Category: සුපිරි Talks & Jokes

  • අයියාගේ TNL වෙනුවෙන් රනිල් මල්ලීගේ අනුශාසක පන්සල TRCට කඩා පනී… සංදේශයෙන් හොර එලිවෙයි…

    අයියාගේ TNL වෙනුවෙන් රනිල් මල්ලීගේ අනුශාසක පන්සල TRCට කඩා පනී… සංදේශයෙන් හොර එලිවෙයි…

    ටීඑන්එල් නාලිකාවේ පොල්ගහවෙල ප‍්‍රතිවිකාශනාගාරය අත්හිටුවීම සම්බන්දයෙන් විරෝධය පළකරමින් භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සංදේශයක් භාර දී ඇත.

    ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයටද සංදේශයක් භාර දී ඇත.

    මෙසේ සංදේශයක් බාර දී ඇත්තේ කොලොන්නාව සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹන්වෙල පඤ්ඤාලෝක හිමියන් ඇතුළු පිරිසකි.

    එම විහාරස්ථානයේ ප‍්‍රධාන ගිහි අනුශාසක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් දායක සභාවේ සෙසු ප‍්‍රධාන නිලයන් දරන්නේද අගමැතිවරයාගේ පවුලේ ඥාතීන් විසින් බවත් එම භික්‍ෂූන් හන්සේලා පිරිස විසින් බාර දුන් සංදේශයේම දක්නට ලැබීව විශේෂත්වයකි.

  • ශ්‍රියන්ත මෙන්ඩිස් මහණ දිවියට

    ශ්‍රියන්ත මෙන්ඩිස් මහණ දිවියට

    ශ්‍රියන්ත මෙන්ඩිස් කියන මේ නම ඇහුවත් කට හඩ හෝ රූපය දුටුවත් ඒ කවුද කියලා නොදන්නා කෙනෙක් නැති බවත් විවිධ චරිත ඔස්සේ ඔහුගේ රංගන දක්ෂතා පෙන්වමින් ජනතා ආකර්ෂණය දිනා ගන්නත් ජනතා නළුවෙක් වෙන්නත් ඒ ප්‍රතිභා පුර්ණ රන්ගධරයාට හැකියාව ලැබී තිබිණි.
    රංගන ශිල්පියෙක් විදිහට සාර්ථක හතලිස් වසරක් ගත කළ මොහු හදිස්සියේම පැවදි දිවියට ඇතුලත් වෙලා කියලා රාවයක් පැතිරෙන අතර ඔහුගේ පැවැදි ඡායාරූප අන්තර්ජාලය පුරාම පැතිරෙමින් ඇත.
    නමුත් ඔහු ඇත්තටම පැවදි දිවියට ඇතුළත් නොවුණු බවත් ඒ තම රංගන ජිවිතයේ මහණ වූ ප්‍රථම අවස්ථාව බවත් ඔහු කිටී.
  • TNL මාධ්‍ය ජාලයේ අයිතින් ‌උදෙසා වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය සටනට… මාධ්‍ය නිවේදනය ‌ම‌ෙන්න…

    TNL මාධ්‍ය ජාලයේ අයිතින් ‌උදෙසා වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය සටනට… මාධ්‍ය නිවේදනය ‌ම‌ෙන්න…

    ටී.එන්.එල් රූපවාහිනි නාලිකාවේ පොල්ගහවෙල විකාශනාගාරය TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිසම් සභාව විසින් අත්හිටුවීමට ගත් තීරණයට හේතුව කුමක් වුවත් ඒම මාධ්‍ය ආයතනය‌ේ ජනමාධ්‍ය අයිතින් ‌ව‌ෙනුව‌ෙන් තම සංවිධානය සටන් වදින බව වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී..

    එම නිවේදනයි පහතින්,

    TNL රූපවාහිනි නාලිකාවට එරෙහි අසාධාරණ තහනම ඉවත්කරනු!

    TNL රූපවාහිනී ආයතනයට අයත් ‍පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRC) නිලධාරින් විසින් අත්තනෝමතික ලෙස සීල් තබා එම සම්ප්‍රේෂණ උපකරන ගලවා ඉවත් කරගෙන යෑම සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සිය දැඩි විරෝධය පලකර සිටිමු.

    ටි.එන්. එල් රූපවාහිනි සේවය විසින් TRCවෙත ගෙවිය යුතු ගාස්තු නිසි පරිදි ගෙවා තිබියදිත් කිසිදු දැනුම් දිමකින් තොරව ටි.එන්. එල් රූපවාහිනි සේවයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණාගාරයට ගිය TRC නිළධාරින් විකාශනය අත්හිටුවා එම උපකරණ ගලවාගෙන ගොස් ඇති අතර ඒ සදහා අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබේ.

    අප මේ සම්බන්ධයෙන් ටි.එන්. එල් (TNL) රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතාගෙන්ද විමසිමේදී ඔහු තහවුරු කරමින් කියා සිටියේ තම නාලිකාව TRCවෙත සියලු ගෙවිම් කර ඇති බවයි. ඒ සියල්ලටත් වඩා විකාශනය අත් හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර අදාළ ආයතනය ඒ පිළිබඳව දැනුවත් කිරිමේ වගකීමක් සහ යුතුකමක් මෙරටේ මාධ්‍ය පාලනයට පත් කර ඇති රජයේ වගකිව යුතු ආයතනය වන TRC සතු විය යුතු බව අපි අමුතුවෙන් කිව යුතු නෙවේ.

    TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව එම කොමිෂන් සභාව සaජුවම ජනාධිපතිවරයා යටතේ පවතින අතර ජනාධිපති ලේකම්වරයා එම සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. එවන් තත්ත්වයක් තුළ පසුගිය දිනකිහිපය තුල TNL නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයන් හිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදුකරන ප්‍රකාශයන්හි විශ්වසනීයභාවය පිළිබඳව විවේචනාත්මක පුවත් කිහිපයක් ප්‍රචාරය වීමත් එම නාලිකාවේ සම්ප්‍රේෂණයට TRC හරහා බලපෑම් එල්ල විමත් අතර සමීප සබඳතාවයක් ඇති බව බැලු බැල්මටම පෙනී යන බව මෙහිදි සඳහන් කරමු.

    පසුගිය කාලසිමාව පුරාම මාධ්‍යයට විවිධ අකාරයේ බලපෑම් එල්ල වු අතර කප්පම්,විවිධ් වරප්‍රසාද ලබාදිමෙන් මාධ්‍ය තමන්ට රිසී සේ පාලනය කිරිමට උත්සහ කිරීම, ආණ්ඩුවට හිසරදයක් බවට පත්ව ඇති ඇත්ත කියන වෙබ් සහ සමාජ ජාලා තහනම් කිරිමට කටයුතු කිරීම, සිරස නාලිකාව ඉදිරිපිට රතිඤ්ඤා දල්වා එහි සේවකයන් භීතියට පත්කිරිම, යාපනයේ මාධ්‍යවේදී සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පහරදිම වැනි නිර්ලජ්ජිත ක්‍රියාවන් පෙළක්ම දක්නට ලැබුණි. එම ක්‍රියාවලියේ වර්ධනාත්මක ප්‍රවේශයක් පෙන්වා දෙමින් TNLනාලිකාවේ සම්ප්‍රේෂණයට බාධාකිරිම මේ රටේ මාධ්‍යයේ අනාගතය එතරම් සුභවාදි නොවන බව සාක්ෂාත් කිරීමට හොඳම නිදර්ශනය සපයනු ලබයි.

    කෙටි කාලයක් තුලදි දිගින් දිගටම සිදු වූ මේ සියළු මර්දනකාරි ක්‍රියාවන් පිටුපස සැඟවුණු තර්ජනයක් මාධ්‍යයට එල්ල කරන බව පැහැදිළි වන අතරම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ඉලක්කකර එල්ල වන ප්‍රහාරයන් පසුපස සැබැවටම ඇත්තේ කාගේ හෝ බසකට අවනත නොවන්නේ නම් ඔවුන්ද මර්දනය කිරීමට පසුබට නොවන බවට වන පණිවිඩය නොවේද? ඒ හරහා මාධ්‍යය රූකඩ බවට පත් කොට ගනිමින් වන්දිභට්ට ප්‍රශස්ති ගායනට පමණක් යොදා ගැනීමට දරන මේ වෑයම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට කිසිසේත්ම සුභවාදී නොවේ.

    ඒ නිසා මේ රටේ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන වලට එරෙහිව ක්‍රියාත්මක වන මේ සaජු හා වක්‍ර මර්දනය අවසන් කිරීමට කටයුතු කොට රටේ මාධ්‍ය නිදහස ඇති කිරීමට වහාම ක්‍රියාත්මක වන ලෙස අපි ඒ වෙනුවෙන් වගකියන නිලධාරින්ට හා ආයතන වලට තරයේ බල කර සිටිමු.

    කැදවුම්කරු
    දුමිදු දිසානායක
    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය -ශ්‍රි ලංකා
    இணையத்தள ஊடகவியலாளர்களின் தேசிய இயக்கம் – இலங்கை
    National Moment of WEB Journalist- Sri Lanka

  • මහින්ද ඉදිරියේ ලණුවක් කා දිවුරුම් දුන් කාන්ති කොඩිකාරට මහරගම සභාවට එන්න බෑ.. නීති විශාරදයෝ කියයි..

    මහින්ද ඉදිරියේ ලණුවක් කා දිවුරුම් දුන් කාන්ති කොඩිකාරට මහරගම සභාවට එන්න බෑ.. නීති විශාරදයෝ කියයි..

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ශේප වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු කණ්ඩායම සහයෝගය ලබාදීමෙන් පසුව එහි ප්‍රතිඵලයක් ලෙස මහරගම මහ නගර සභාව ජයග්‍රහණය කළ බඩල්බගම යිසිකල් ස්වාධින කණ්ඩා‍යමේ සභිකයන් 06 දෙනෙකු අද දින ඉල්ලා අස්වී ඇති අතර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂයන්ගේ සුරතලියක් වන හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර ඇතුළු 06ක් අද දින මහින්ද රාජපක්ෂ ඉදිරියේ මහරගම නාගරික මන්ත්‍රිවරුන් ලෙස දිවුරුම් දී ඇති බව අපට වාර්තා වේ.

    කෙසේ වෙතත් මේ පිළිබදව අප සිදුකල විමසුමකදී නීති ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක් අප සමග පැවසුවේ මෙම දිවුරුම් දීම නීති විරෝධි දිවුරුම් දීමක් වන බවයි. ස්වාධින කණ්ඩායමක් කොළඹ මහ නගර සභාව ජයග්‍රහණය කළ මොහොතේ සිදුවු ආකාරයෙන්ම මෙවරද සිදුවී ඇති නිසා එහිදී බලාත්මක වු නීතියම මෙහිදීද ක්‍රියාත්මක වන බවයි එම නීති විශාරදවරයා අපට පැවසුවේ..

    මෙම දිවුරුම් දීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් අධිකරණයේ නඩු පැවරීමටද සුදානමින් සිටින බව අපට වාර්තා වන අතර මේ පිළිබදව අදහසක් දැනගැනීමට මැතිවරණ කොමසාරිස්වරයා සම්බන්ධ කරගැනීමට අප උත්සහ කළද එය ව්‍යාර්ථ විය..

  • පුවත් මවන ටීනා ෂනේල් අමුතු ඇදුමකින් නැවතත් කරලියට…..(Photos)

    පුවත් මවන ටීනා ෂනේල් අමුතු ඇදුමකින් නැවතත් කරලියට…..(Photos)


  • 2015 ජනවාරි 07 අර්ජුන් ඇලෝසියස්  හිටියේ මහින්ද රාජපක්ෂගේ ගෙදර…  සියලු තොරතුරු කරලියට…

    2015 ජනවාරි 07 අර්ජුන් ඇලෝසියස් හිටියේ මහින්ද රාජපක්ෂගේ ගෙදර… සියලු තොරතුරු කරලියට…

    බැදුම්කර වංචාකරුවන්ගෙන් මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 118 දෙනෙකුගේ තොරතුරු ඉදිරි දින කිහිපය තුලදී හෙලිදරුව් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීමත් සමග ඒ 118 දෙනා කවුරුන්ද යන්න අදටත් නොවිසිදුණු ප්‍රශ්නයක් වී ඇත.

    මෙම තොරතුරු ලබා දෙන්නැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවද ඔහු සදහන් කර තිබුණි.

    මෙම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 118 දෙනා ඇතුළු පිරිසට අර්ජුන් ඇලෝසියස් විසින් රුපියල් බිලියන 1.3ක මුදලක් ලබා දී ඇතැයිද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් සදහන් කරයි.

    මෙලෙස මුදල් ලබාගත් පිරිස අතර මහින්ද රාජපක්ෂ මහතාද සිටින බවද මේ වන විට වාර්තා වී ඇත.ඔහු විසින් රුපියල් කෝටි 10 කැ පමණ මුදලක් අර්ජුන ඇලෝසියස්ගෙන් ලබාගෙන තිබෙන බවද වාර්තා වේ.තවද 2015 ජනවාරි 9 වනදා අලුයම මහින්ද රාජපක්ෂ මහතා අරලිගහ මන්දිරයෙන් පිටව යෑමට පෙර අර්ජුන ඇලෝසියස් අරලිගහමන්දිරයේ සිටි බවටද මේ වන විට හෙළිවී ඇත.

  • තුන් කාලක් එළියේ දාගෙන ඇග පෙන්නලා කොල්ලෝ ෆෝම් කරන කෙල්ලෝ මැරුණට පස්සේ යන තැන මෙන්න…

    තුන් කාලක් එළියේ දාගෙන ඇග පෙන්නලා කොල්ලෝ ෆෝම් කරන කෙල්ලෝ මැරුණට පස්සේ යන තැන මෙන්න…

    දවසක් අනුරැද්ධ මහරහතන් වහන්සේ දිවැසින් දැක්කා මරණින් පස්සේ කාන්තාවෙෝබොහෝ දෙනා අපායට යනවා..
    උන් වහන්සේ බුදු රජාණන් වහන්සේගෙන් ඇවිත් අහනවා “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස නිරයේ බහුල ලෙස ස්ත්‍රීන් උපදින්නේ ඇයි” කියලා….
    බුදු රජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා..ගැහැණුන් ලග තියෙන අඩුපාඩු 3ක් නිසා ඒ අය නිරයට යනවා කියලා…
    1 ස්ත්‍රිය උදැසන ලොභ සහගත සිතින් වාසය කරනවා 
    2 දහවල් ඊර්ෂියාවෙන් කල් ගත කරනවා..
    3 රාත්‍රියේ කාමරාගයෙන් යට වු සිතින් කල් ගත කරණවා…
    ඔන්න එය හේතුව නිසා කාන්තාවෝ නිරයේ උපදිනවා කියලා බුදු නෙතින් දැක්කා…

    මෙි දිනවල ලංකාවෙි නිලියෝ කීප දෙනෙක් සියයට අනූවක් පමණ තමන්ගේ ඇග නිරාවරණය කරමින් ඉන්නා හැටි දකින්න ලැබෙනවා…සංවරකම කියන්නේ ගැහැණියකට ආභරණයක් කියලයි අහල තියෙන්නේ…ලෝකෙන් සගවාගත යුතු තැන් ලෝකයට පෙන්වීම නම් තිරිසන් ගතියයි…
    මමත් උසස්පෙළ කරන කේල්ලන් කීප දෙනෙක්ගෙන් ඇහුවා ඇයි මෙි ගැහැණු අය ඇග පේන්න ඇදුම් අදින්නේ කියලා..බලන්නකෝ පිරිමි අත් දිගට අදිනවා කකුල් දෙක වැහෙන්න අදිනවා..ඇයි ඔයාගොල්ලෝ මෙහෙම අදින්නේ කියලා?? ඒ ළමයි ටික බිම බලා ගත්තා…
    ඒ කාලෙත් ගැහැණු ඇග පේන්න අදුම් ඇදලා තියෙනවා…ඒ ගැන ඇත්තම විස්තරේ රහත් තෙරණියක් ලස්සනට කියනවා..උන් වහන්සේලා බොරැව අත් ඇරියා…ඒ නිසා මෙ චවන සත්‍ය වචනමයි…බුදු රජාණන් වහන්සේ කාලේ හිටිය විමලා කියලා ගනිකාවක්…ඇය ඇදුම් අදින්නෙත් ඔය වදියට රහස් තැන් පේන්නයි.
    “මම මෝඩ ජනතාවගේ වර්ණනාවන්ට ගැලෙපන විදිහට ඇඳගෙන ”වේසා ගෙයි” දොරකඩට වෙලා ඉන්නවා. මුවන් අල්ලන්ට උගුල් අටවන වැද්දෙක් වගේ…
    “මං ඒ කාලෙ ඇඳුම් ඇන්දෙ රහස් තැන් පිටට පෙනෙන විදිහට. මෝඩ ජනතාව මගේ ළ`ගට නිකම්ම ඇදිල ආවා. මං උස් හඬින් හිනා වෙවී විවිධ මායාවල් කළා.”.
    අවසානයේ ඇය පැවිදි වුනා…රහත් තෙරණියක් වුනා….
    එත් අද මෙි යුවතියන්ට හරි මග පෙනෙන්නට තිබුනත් හරි වැරද්ද තොරා ගන්නට නුවණක් නැති කමයි පෙනෙන්නේ..මෙි විලාසිතාවල භයානකකම නම් මෙි නිසාම ඔවුන් නිරයට ඇදගෙන වැටීමයි…ෆැෂන් කල යුතුය..එහි විවාදයක් නැත..70-80 දශකයේ ඇදුම් දැන් ගැලපෙන්‌නේ නැත..නමුත් සිරි ලංකාව මෙි යන විදියටනම් එය ඉක්මනින් බ්‍රසීලයක් වනවා නොඅනුමානය…
    මෙි අඩ නිරැවතින් රගන ස්ත්‍රින්ගෙේ වීඩියෝ ඔවු්ගෙේ දරැවන්ට පසු කලෙක දකින්නට ලැබෙනු ඇත…එදාට ඔවුන් උතුම් මාතෘත්තවයට නින්දා කරනු ඇත…ඔවුන් සියලු ගැහැණුන්ට වෛර කරනු ඇත…
    ඊට කලින් අසංවරකමෙි සැඩ සුලගට හසු නොවී ඉතිරි වී සිටනා මව්වරැන්වත් තම ගැහැණු දරැවන්ට ගුණ ධර්ම පුරැදු කල යුතුය…ගැහැණු දරැවන් දණහිසින් ඉහලට ඇදුම් ඇන්දොත් වෙිවැල් පහර දෙන තාත්තලානම් මට මුණු ගැසී ඇත..
    කාන්තාවෝ ගැන අපගේ බුදු සමිදුන් වදාල සංයුක්තයක්ම ඇත්තේය.. සංයුක්ත නිකායේ මාතුගාම සංයුක්තය කියවන්නට හැකි නම් කාන්තාව ගැන බුදු සමිදුන්ගේ අවබෝධය ගැන පුදුම සිතෙන්නේය…අපේ බුදු සමිදුන් ඇර කාන්තාවන් ගැන අනුකම්පා කල වෙනත් ශාස්තෘවරයෙක් නැති තරම්ය..උන් වහන්සේ නිසා අදටත් ගැහැණුන් නිරයෙන් බෙිරෙන්නේ..ගැහැණිය දුවනකොට කැතයි කියලත් දේශනා කලෙත් උන් වහන්සේය..මහ වැස්සේ විශාඛා හිමින් ඇවිද ගියේ ඒ නිසාය… අසංවර වී නිරයට යන්නට ප්‍රථම උතුම් සමිබුදු දේශනා අසා හරි මග යන්නට සියලු ස්ත්‍රීන්ට වාසනාව උදා වෙිවා!!!!!

     

  • ඒකාබද්ද විපක්‍ෂය දෙකඩ වේ –  පළිගැනීමක් ල‌ෙසින් දිනේෂ්,වාසු,විමල්,උදය ඒකාබද්ද නායක හමුවත් අතහරිති..

    ඒකාබද්ද විපක්‍ෂය දෙකඩ වේ – පළිගැනීමක් ල‌ෙසින් දිනේෂ්,වාසු,විමල්,උදය ඒකාබද්ද නායක හමුවත් අතහරිති..

    තිලංග සුමතිපාල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී තිබූ නියෝජ්‍ය කතානායක ධුරය සදහා නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී ඒකාබද්ද විපක්‍ෂයේ පැහැදිලි දෙකඩ වීමක් දක්නට ලැබුනු අතර උත්සාහයක් දැරුවේ නම් ජයග‍්‍රහණය කර ගත හැකිව තිබූ අවස්ථාවක් උවමනාවෙන්ම මග හැරියේ යයි චෝදනා කරන අනෙක් පාර්ශවය ඒකාබද්ද විපක්‍ෂය විසින් ගන්නා ලද තීරණයක් ක‍්‍රියාත්මක නොකරන ලද පලමු අවස්ථාව මෙය යයිද චෝදනා කරති.

    මීට විරෝදය පල කිරිමක් ලෙස අද පස්වරුවේ පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීම දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන පක්‍ෂ නායකයන් විසින් වර්ජනය කර තිබේ.

  • රටම කතාව‌ෙන චන්දිමාල්ගේ රෝයල් පාටියට ආ ලිංගික සංක්‍රාන්තික තරුණීය කියන කතාව ම‌ෙන්න…

    රටම කතාව‌ෙන චන්දිමාල්ගේ රෝයල් පාටියට ආ ලිංගික සංක්‍රාන්තික තරුණීය කියන කතාව ම‌ෙන්න…

    රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පිළිබඳ පසුගිය දිනවල බොහෝ දෙනා කතා කළා.මෙම උපන්දින සාදයට නළු නිළියන් ඇතුළු කලා ලොවේ රැසක් එක්වෙලා හිටියා.මෙම ඡායාරූප ප්‍රසිද්ධියට වීමත් සමග කාගෙත් අවධානයට යොමූවූ කෙනෙක් හිටියා.

    ඇය තමයි නොඑල් ටොකුහිසා. 28 හැවිරිදි ටොකුහිසා සංක්‍රාන්තික ලිංගිකයෙක්.ටොකුහිසා මේ වන විට නර්තන ශිල්පියෙකු ලෙස කටයුතු කරනවා.ඒ වගේම ඇය 2018 වසරේදී සංක්‍රාන්තික ලිංගිකයන්ටම වෙන්වුනු Miss International Queen තරඟයටත් සහභාගි වෙලා තිබෙනවා.

    ඒ තරඟය සඳහා කළ සාකච්ඡාවකදි ඇය කියලා තිබුණේ මෙවැනි දෙයක්..

    ‘‘පිරිමි දරුවෙකු ලෙස හැදී වැඩෙන විට මට දැනුනා මම මගේ වයසේ අනෙක් පිරිමි දරුවන්ගෙන් වෙනස් කියලා.ටිකෙන් ටික මම ගෑනු ළමයෙක් වගේ අදින්න පුරුදු වුණා.පිරිමි ළමුන් එක්ක වඩා ගෑනු ළමුන් එක්ක කතා කරන්න පුරුදු වුණා.ඉන් පස්සේ මම නර්තනයට වඩාත් ඇලුම් කළා.පිරිමියෙකු ලෙස විතරක් නෙමෙයි කාන්තාවක ලෙසත් නටන්න පුලුවන් වුනා.නර්තනට තිබූ ආසාව මා වඩාත් සැහැල්ලු කලා.

    රූ රැජිණ තරඟයකට සහභාගි වෙලා ජයග්‍රහණයක් ලබද්දි මට වයස අවුරුදු 18යි.ඒ අවස්ථාවේ මා ඇත්තටම කාන්තාවක ලෙස දැනුනා.ඉන්පසුව මා වෙනස් වෙන්න, මට අවශ්‍ය කෙනා ලෙස ජීවත් වෙන්න තීරණය කළා.ලිංගික සංක්‍රාන්තිකයන්ට ආදර්ශයක් වෙන්න මම කැමතියි‘‘ යනුවෙනුයි.

     

    SHARE
  • බුකි වලි අස්ස‌ේ කාලයක් බජාර් ඒක‌ේ බර කිරපු පියුමිග‌ේ රහස් තැන්වල උපන් ලපත් කරලියට..

    බුකි වලි අස්ස‌ේ කාලයක් බජාර් ඒක‌ේ බර කිරපු පියුමිග‌ේ රහස් තැන්වල උපන් ලපත් කරලියට..

    මේ දවස්වල බුකියේ වලි පිට වලි . මේ ඇති වුනු ගැටුම් තාමත් ඉවර නැති පාටයි අපිට පෙන්නේ .ඉතින් හැමෝම දන්නවනේ චන්දිමාල්ගේ රාජකීය උපන්දින ගැන රටේ ලොකු කතා බහක් ඇති වුණා කියලා . Royal Theme එකට තමයි මේ සාදය සංවිධානය කරලා තිබ්බේ. හැබැයි ඉතිං ඒකට ආපු සමහර නිළියන්ගේ ඇඳුම් දැක්කම නම් පෙනුනේ ගල් යුගයේ theme එකට ඇඳුම් ඇඳලා කියලා.

    පහුගිය දා තිබ්බ හැරී – මේගන් රාජකීය විවාහයට නම් කවුරුවත් ඒ විදියේ ඇඳුම් අන්දා කියලා පෙන්න තිබුණේ නෑ. රාජකීය විවාහයට ආපු හැමෝම ඉතා චාම් සංවර ඇඳුම් අන්දලා හිටියා. ඒ නිසා චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදයට සමහර නිළියන් අන්දලා තිබ්බේ ස්වාසිලන්තයේ Royal Theme එකට කියලා තමයි හිතන්න වෙන්නේ.

    කොහොම වුනත් ඔවුන්ගේ ඒ ඇඳුම් ගැන හැමෝම වගේ විවේචනය කරා. ඒ වගේම බුකියේත් විවිධ Post පලවුණා. ඒ විදියේ බුකියේ පළවුන Post එකක් මාධ්‍යවේදී විශ්ව ලංකා ඔහුගේ Facebook ගිණුමේ Share කරලා තිබ්බා. හැරී – මේගන් රාජකීය විවාහයට ආපු කාන්තාවන් සහ චන්දිමාල්ගේ උපන්දියට ගිය පියුමි හංසමාලි සහ ටීනා ෂනෙල් ඉන්න Photo එකක් තමයි ඒ Post සංසන්දනය කරලා තිබ්බේ.

    මේක දැකපු පියුමි හංසමාලිට කේන්ති ගිහිල්ලා. විශ්වට බැනලා Facebook එකේ සටහනක් තියලා තිබ්බා. පියුමේ ඒ Status එකේ විශ්වගේ බිරිඳටත් චෝදනා කරලා තිබ්බා. විශ්වට කණේ පාරක් දෙන්න කියලා හිතාගෙන පියුමි දාපු Post එකට බුකියේ අය නම් පියුමිට රිදෙන්න Comment කරලා තිබ්බා. විශ්වට ගහපු ගල පියුමිටම වැදිලා කියලා තමයි පේන්න තිබ්බේ.

    මේ තියෙන්නේ විශ්වට බැනලා පියුමි දාපු Status එකට බුකියේ අය රිදෙන්න දාලා තිබ්බ

  • කිහිප දෙනෙක් එජාප අපේක්ෂකයාට ඡන්දෙ දුන්නා – ඇතුළේ  ඉන්න සමනළ‌ෙයෝ ගැන SB සියල්ල හෙළිකරයි

    කිහිප දෙනෙක් එජාප අපේක්ෂකයාට ඡන්දෙ දුන්නා – ඇතුළේ ඉන්න සමනළ‌ෙයෝ ගැන SB සියල්ල හෙළිකරයි

    නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේගේ නම යෝජනා කිරීම අසංවිධානාත්මකව සිදුවූ කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා.

    මේ පිළිබඳ අපි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායකගෙන් කරුණු විමසීමක් කළා.

    ඔහු සඳහන් කළේ “ඡන්දය දීමේදී පොඩි පොඩි ප්‍රශ්න නිසා ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරු ආවේ නෑ. ඡන්දේ වැටිලා තියෙන විදිහ අනුව බැලුවාම.. ශ්‍රීලනිප, එජනිස ආණ්ඩුවේ හිටපු මන්ත්‍රිවරු කිහිපදෙනෙක් ඇරෙන්න අනික් අය අපිට ඡන්දය දීලා තියෙනවා. ඒ වගේම සමණල‌ෙයෝ කිහිපදෙනෙක් එජාප අපේක්ෂකයාට ඡන්දය දීලා තියෙනවා.” යනුවෙනි. 

    “කණ්ඩායම් රැස්වීමේදී ප්‍රසන්න රණතුංග මන්ත්‍රිතුමා මෙතුමියගේ නම පිළිබඳ ප්‍රශ්නයක් මතු කරලා තිබ්බා. ඊට පස්සේ හිටපු ජනාධිපතිතුමාගේ උපදේශය වෙලා තිබුණේ එතුමට එළියෙන් ඉන්න..අනික් අය ඡන්දෙ දෙන්න කියන එක. නමුත් කිහිපදෙනෙක්ම ඡන්දෙන් වැළකිලා හිටියා.. මම හිතන්නේ ප්‍රසන්න වගේ අය බලපෑම් කරලා වෙන්න ඇති ඒ අය එළියට ගන්න ඇත්තේ.” යනුවෙන්ද සඳහන් කළා.

  • රාජපක්ෂ පවුල‌ේ කඹ ඇදිල්ල‌ෙන් ඒ්කාබද්ධයත් දෙකෙට බෙදෙයි – මන්ත්‍රීවරු 18ක් මහින්දට පස්ස ප‌ෙන්නලා..

    රාජපක්ෂ පවුල‌ේ කඹ ඇදිල්ල‌ෙන් ඒ්කාබද්ධයත් දෙකෙට බෙදෙයි – මන්ත්‍රීවරු 18ක් මහින්දට පස්ස ප‌ෙන්නලා..

    පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) වැඩි ඡන්ද 44 කින් තේරී පත්විය. එහිදී එක් ඡන්දයක් අවලංගු වූ බව කථානායක කරු ජයසූරිය මහතා සභාවට නිවේදනය කළේය.

    නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මහත්මිය ඡන්ද 53 ක්ද, ආනන්ද කුමාරසිරි මහතා ඡන්ද 97 ක්ද ලබා ගෙන වැඩි ඡන්ද 44 කින් තේරී පත් විය.ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය නොදී සභාවෙන් පිටව ගියහ.නම් දෙකක් යෝජනා වූ බැවින් නියෝජ්‍ය කථානායකවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විණි.

    මේ අවස්ථාව‍ෙ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම ශ්‍රීලනිප මන්ත්‍රීවරුද කිහිප දෙනෙක් සභාවේ නොසිටියහ. එසේම ඒකාබද්ධ විපක්ෂයේ හා 16 කණ්ඩායමේද මන්ත්‍රීවරු පිරිසක්ද සභාවේ සිටියේ නැත.

    කෙසේ වෙතත්,නියෝජ්‍ය කථානායකවරයකු තෝරා ගැනීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති රහස් ඡන්දයෙදි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙකට බෙදී ඇති බව දේශපාලන ආරංචිමාර්ග ඔස්සේ වාර්තාවෙයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නියෝජ්‍ය කථානායක ධුරයට ශ්‍රී ලනිපයෙන් ඉදිරිපත් කරන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට සහාය දක්වන ලෙසට එම පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී පැහැදිලිවම දැනුම් දී තිබියදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රින් පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීම ගැන එහි පක්ෂ නායකයන් දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කොට තිබේ.

    ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනා මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නියෝජ්‍ය කථානායක ධුරයට යෝජනා කරන බව දැනුම් දී තිබූ අතර ඒකාබද්ධ විපක්ෂය ඇයට සහාය දෙන බවටද ප්‍රකාශ කෙරිණි.

    ඒ අනුව පසුගියදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට පසුව, ඊයේ (05) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදීද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට සහාය පළ කරන ලෙස දැනුම් දී ඇත.

    ඒ අවස්ථාවේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා එයට විරෝධය ප්‍රකාශ කර ඇත. මහින්ද රාජපක්ෂ මහතා එයට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ ප්‍රසන්නත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් දෙදෙනාත් විරුද්ධ නම් ඡන්ද නොදී ඉන්න. අනෙක් අය සුදර්ශනීට ඡන්දය දෙන්න යනුවෙනි.

    මේ අතර නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා පැවැති රහස් ඡන්දයේ අවසාන මොහොතේ බාහිර බලපෑමක් මත ඡන්ද දීමෙන් වැළකී සිටි ඒකාබද්ධයේ කීප දෙනකු ඡන්දය දීමට පැමිණ සිටි ඒකාබද්ධයේ මන්ත්‍රිවරුන් දුරකථනය ඔස්සේ පාර්ලිමේන්තු කැන්ටිමට කැඳවා ගෙන ගොස් කැන්ටිමේ වාඩි කරවා ගෙන ඡන්දය දීමෙන් වළක්වා ගෙන ඇති බවද වාර්තා වේ.එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය කථානායක ධුරයට ඉදිරිපත් කළ මන්ත්‍රිවරයා ජයග්‍රහණය කරවීමේ අරමුණින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 18 දෙනකු ඡන්දය දෙන අවස්ථාව මඟ හැර ඇති බවද සඳහන්ය.

    මේ සම්බන්ධයෙන් අදහස්  පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පවසන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පිළිනොපදින කොටසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, ඒකාබද්ධ විපක්ෂයේත් සිටිනවාද යන සැකය මතුවන බවයි.

    මැතිසබය තුළ රැඳී සිටිමින් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඡන්දය විමසන අවස්ථාවේදී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ නොකර සභාවේ නොසිටි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 18 දෙනකු පමණ ඉටුකළේ කාගේ වුවමනාවක්ද කියා බරපතළ සැකයක් මතුවන බවද ඔහු සඳහන් කරයි

    සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයට පත්කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඒකාබද්ධ විපක්ෂය ඒකමතික තීරණයක් ගෙන තිබූ බවද ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙයි.

    එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජාතික ආණ්ඩුවේ සිටින ඇතැමෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණීමද බරපතළ ප්‍රශ්නයක් බව ඒ මහතා පෙන්වා දෙයි.සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නියෝජ්‍ය කථානායක ධුරයට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඒකමතික තීරණයක් ගත් බවද ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
     

  • අවසන් ගමනත් අවදානම් – දුෂ්කර ගම්මානයක කදුළු කතාව ‌‌ම‌ෙන්න..

    අවසන් ගමනත් අවදානම් – දුෂ්කර ගම්මානයක කදුළු කතාව ‌‌ම‌ෙන්න..

    ජීවිතයේ අවසන් ගමන යන ගමනේ අවදානමක් පවතින ජනතාවක් වෙසෙන ගම්මානයක් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබේ.

    ඒ ගලේවෙල රන්වැඩියාව එම ගම්මානයයි.ගම්මානේ කොස්පොත ඇල මගේ පාලම කැඩී යෑමත් සමඟ වසර ගණනාවක සිට රන්වැඩියාව ප්‍රදේශයේ පවුල් හත්සියයක් පමණ දෙනා මෙහි එගොඩ-මෙගොඩ වනුයේ ඇළට බැසීමෙනි.

    රන්වැඩියාව ගම්මානයේ පුද්ගලයකු මරණයට පත්වුහොත් ඔහුගේ මිනිය රැගෙන යාමට ඇත්තේද මේ අයුරින්මය.
    එවැනි ඛේදජනක අවස්ථාවක් රන්වැඩිය ගම්මානයේදී ඊයේ (04) පස්වරුවේදී දකින්නට ලැබිණි.මිය අයකුගේ දේහයක් කොස්පොත පොදු සුසාන භූමියට ගෙන යාමට ගමිවාසීන්ට ගෙන යාමට සිදු වුයේ ඇලට බැසිමෙනි.

    ඇතැම් වැසි දිනවලදී මේ මළගෙයක් සිදු වූ විට භූමදානය පවා කල් දමන බව ප්‍රදේශවාසීහු පවසති. දැනටමත් ගමේ මිනිස් ජිවිත දෙකක් මේ ඇලේ ගසාගෙන ගොස් අහිමි වී තිබෙන බව ගම්මු කියති .

    ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම ස්ථානයට නැවත වරක් පාලමක් ඉදිකර දෙන ලෙසයි.
    ජනතා මුදල් වියදම් කරමින් මෙම ස්ථානයේ ඉදි කරනු ලැබූ පාලම මාස හයක් ඇතුළත කඩාගෙන ගිය බවත් කිසිම ප්‍රමිතියකින් තොරව අඩුම තරමේ යකඩ කැබැල්ලක් හෝ නොයොදා කොන්ත්‍රාත්කරුවන් විසින් පහළම ඉදිකළ බව ගම්මුන් පවසති.

    ඉදිකිරීම් පිළිබඳව සහ පාලම කඩා ගෙන ගිය බව බලධාරීන්ට අවස්ථා ගණනාවකදී දැනුවත් කළ ද ඉන් කිසිදු පලක් නොවූ බවත් අඩුම තරමේ එම කොන්ත්‍රාත් කරුවාගෙන් හෝ විමසීමක් නොකොට පාලම කඩා ගෙන ගිය පසු කොන්ත්‍රාත්කරුගේ මුදල් ගෙවූ බවද ප්‍රදේශවාසීහූ පවසති.

    පවුල් 700ක පමණ ජනතාව ඉතා ඉක්මනින් ගලේවෙල නගරයට පාසලට පන්සලට ආදී සියලු අවශ්‍යතා සඳහා මෙන්ම මරණයට මඟුලට දරු උපත් තියට සියලුම දේ සඳහා මෙම මාර්ගය භාවිතා කළ බව ඔවුහු පවසති.

    ඒ සියලු දේ මේ වන විට අවධානම් ගමනක ඇල මගෙන් බැස ජලයේ ගමන් කළ යුතු බව ඔවුහු හඬා වැටෙමින් අප සමඟ පැවසූහ.

  • 12 වියැති දැරියක් වන ලැහැබකට අරන් ගිහින් පැය ගණනක් ලිංගිකව හැසිරුණු තරුණයෙකු අත්අඩංගුවට…

    12 වියැති දැරියක් වන ලැහැබකට අරන් ගිහින් පැය ගණනක් ලිංගිකව හැසිරුණු තරුණයෙකු අත්අඩංගුවට…

    වයස අවුරුදු 12ක් වන පාසල් සිසුවියක් සමග ලිංගිකව හැසිරුණු 20 හැවිරිදි තරුණයෙකුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස ලිංගික සබඳතාවකට පෙළඹී ඇත්තේ පුත්තලම – මානාවේරිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් වන අතර දැරිය සහ සැකකරු අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති බව සඳහන්.

    පසුගිය මස 29 වැනිදා දැරියගේ නිවසට සැකකරු පැමිණ කථා බහ කරමින් සිට පසුව දෙදෙනාම නිවස ආසන්නයේ ඇති සෙල්ලන්කන්දල් රක්ෂිතයට ගොස් ඇති බවත් එහිදී ඔවුන් අඹු සැමි ඇසුරක් පවත්වා ඇති බවත් මූලික විමර්ශනවලදී හෙලිවී තිබෙනවා.

    තමන් මුහුණ දුන් අත්දැකීම දැරිය විසින් ගමේ තවත් අයෙකු හා පවසා ඇති බවත් ඉන් පසුව මේ බව ගම්වාසීන් අතර පැතිරී ගොස් ඇති බවත් ඒ හරහා දැරියගේ මව ද මේ පිළිබඳව දැනුවත් කිරීමට ගම්වාසීන් ක්‍රියා කර ඇති බවත් වාර්තා වෙනවා.

    කෙසේ වෙතත් ඇගේ මව මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට කටයුතු කර නැති අතර පසුව ගම්වාසීන් විසින් මේ බව පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීනිය වෙත දැණුම් දීමට කටයුතු කර තිබෙනවා.

    ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීනිය විසින් මව සහ දැරිය සිය කාර්යාලයට කැඳවා තොරතුරු ලබා ගැනීමෙන් පසුව සිද්ධිය පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

    ඒ අනුව විමර්ශන කටයුතු සිදු කර ඇති පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

  • පුවත් මැවු TNL විකාශනාගාරය සිල් තැබු හේතුව අධිකරණ නියෝගයක්… හේතු රැසක් කරලියට…

    පුවත් මැවු TNL විකාශනාගාරය සිල් තැබු හේතුව අධිකරණ නියෝගයක්… හේතු රැසක් කරලියට…

    ටෙලිශාන් නෙට්වර්ක් (පුද්ගලික) සමාගමට අයත් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය අද (05)දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වටලා එම විකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගත් බවත් එසේ සිදු කරනු ලැබුවේ අධිකරණයෙන් ලබා ගත් අවසරයක් මත බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

    පොල්ගහවෙලින් සිදු කරන ලද විකාශනයන් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා ගත යුතු වාර්ෂික විකාශන බලපත්‍රය මෙතෙක් ලබා ගෙන නොතිබීම මෙයට මුලික හේතුව වන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

    එවැනි නිසි බලපත්‍රයක් නොමැතිව සංඛ්‍යාත විමෝචක උපකරණ භාවිතා කිරීම 1991අංක 25 දරණ විදුලි සංදේශ පනත හා සංශෝධිත 1996 අංක 27 දරණ පනත යටතේ දඬුයම් ලැබිය හැකි වරදක් වන බව ද ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.

    මේ හේතුවෙන් TNL මාධ්‍ය ජාලයට අයත් පොල්ගහවෙල ප්‍රතිවිකාශන මධ්‍යස්ථානයේ මේ වන විට විකාශන කටයුතු ඇණහිට තිබේ.

    ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් අධිකරණ නියෝගයකට අනුව, එම විකාශන මධ්‍යස්ථානයේ තිබු විකාශන උපකරණ පොලිස් බාරයට ගැනීමෙන් පසුවයි.

    එම මධ්‍යස්ථානයේ කටයුතු අක්‍රිය වීමත් සමඟ සබරගමුව, වයඹ හා බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක විකාශන කටයුතුවලට අවහිරතා මතුව ඇති බව ද TNL රූපවාහිනි සේවය සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ, විදුලි සංන්දේශ නියාමන් කොමිෂන් සභාව විසින් ඊයේ(04) දිනයේ දී අවසරයකින් තොරව විදුලි සංදේශ කුළුණක් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බවයි.

    එම පැමිණිල්ල අනුව පොලීසිය විසින් අධිකරණය හමුවේ මෙම කරුණු ඉදිරිපත් කිරීම සිදු කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේය.

    ඒ පිළිබඳව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අදාළව විමර්ශනයක් සිදු කරන ලෙසට හා එහි ඇති විකාශන උපකරණ, පොලිස් බාරයට ගන්නා ලෙසට නියෝග කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

    මේ වන විට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහයෝගයෙන් පොල්ගහවෙල පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ටී එන් එල් පෞද්ගලික රූපවාහිනි නාලිකාවේ හිමිකරු වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩිමල් සොහොයුරා වන අතර ඔහු බලයේ සිටියදී පවා මෙවැනි නීතියට පටහැනි දේවල් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ යහපාලනය පිළිබඳව ජනතාවට උදාහරණ සපයමිනි.

  • න්‍යෂ්ටික අපද්‍රව්‍යවලින් රට පුරවන්න කිරිඇල්ල-කබීර් ඇමති දෙබෑයෝ දුම්බර අක්කර 21,000ක් අල්ලයි..

    න්‍යෂ්ටික අපද්‍රව්‍යවලින් රට පුරවන්න කිරිඇල්ල-කබීර් ඇමති දෙබෑයෝ දුම්බර අක්කර 21,000ක් අල්ලයි..

    නකල්ස් කඳුකරයේ දුම්බර අඩවියේ අක්කර 21,000 කබීර් හෂීම් හා ලක්ෂ්මන් කිරිඇල්ල යන අමාත්‍යවරුන්ගේ හිතවතුන්ට ලබාදීම වෙනුවෙන් සිදු වන මහා පාරිසරික විනාශයක් සහ ලෝකයේ තිබෙන න්‍යෂ්ටික අපද්‍රව්‍යවලින් රට පිරවීමට අවසර ලබාදෙන සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම අගමැතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමතිවරයා විසින් හොර රහසේම අත්සන් කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් අපට මෙවර පරිසර දිනය සැමරීමට සිදුව ඇති බව අපට වාර්තා වේ.

    පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කපිල ගමගේ මහතා මෙසේ ද සඳහන් කළේය.

    දුම්බර වන විනාශය

    ජාතික පාරිසරික පනත ආදී රටේ පවතින නීති රීති උල්ලංඝනය කරමින් සිදුකරන මේ සංවේදී පරිසර පද්ධති විනාශය නිසා ඇතිවිය හැකි විනාශය ඉතා බරපතල යි. නකල්ස් නැතහොත් දුම්බර කඳුකරයේ වැදගත්කම සලකා බලමු. මේ මහවැලි ගඟේ ප්‍රධානතම ජල පෝෂක ප්‍රදේශයයි. මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ, උඩුදුම්බර, පාතදුම්බර, පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශත් මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, ලග්ගල, පල්ලේගම, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශත් ආවරණය වන පරිදි මෙම තර්ජිත භූමිය පිහිටා තිබෙනවා.

    1873 දී දේශගුණික රක්ෂිතයක් ලෙසත් 2000 දී වන සංරක්ෂණ පනත යටතේ සංරක්ෂණ වනාන්තරයක් ලෙසත් ප්‍රකාශයට පත්කර සංරක්ෂණය කළයුතු බව තහවුරුකර ඇති මෙම දුම්බර කඳුකරය 2010 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම්කර තිබෙනවා. මීටර 760 සිට 1900 දක්වා උස් කලාපයක විහිදෙන දුම්බර අඩවිය, තෙත් කඳුකර හෙවත් වළාකුළු වනාන්තර, කුරු වනාන්තර, තෙත් උප කඳුකර වනාන්තර, අතරමැදි කලාපීය කඳුකර වනාන්තර, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, ගංගාශ්‍රිත වනාන්තර,තෙත් පතන හා තෘණ බිම්, වියළි පතන හා තෘණ බිම් ළඳු කැලෑ ආදී වශයෙන් වූ විවිධත්වයෙන් පොහොසත්.

    මෙහි ඇති ශාක විශේෂ 1033න් 160ක් ලංකාවට ආවේණික ඒවා යි. ලොව වෙනත් කිසි තැනක දැකිය නොහැකි මෙම අඩවියටම ආවේණික වූ ශාක විශේෂ 6ක් මේ අතර තිබෙනවා. මීවන ශාක විශේෂ 42ක් මෙහිදී හමුවන අතර ඉන් 6ක් ලංකාවට ආවේණික යි. ලංකාවේ වාර්තා වන පෘෂ්ඨවංශී සත්ව විශේෂ 813 අතරින් 272ක් දුම්බර අඩවියේ දී හමු වෙනවා. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ව විශේෂ 310න් 16ක්ම දුම්බර අඩවියට ආවේණික යි. ලංකාවට ආවේණික කුරුලු විශේෂ 33න් 30ක්ම දුම්බර අඩවියෙන් වාර්තා වෙනවා.

    ‘රජයේ ඉඩම් බැංකු පනත’

    මේ කිසිවක් බලලෝභී දේශපාලකයින්ටත් ඔවුන්ගේ බත් බැලයන්ටත් වටිනා දේ නොවෙයි. මේ ජාතික සම්පත් හිතවතුන්ට කැබලි කඩා ලබාදීමට අමතරව මහා පරිමාණ විදේශ සමාගම්වලට මෙම සම්පත් විකුණා දැමීම සඳහා වගන්ති 33කින් සමන්විත නව පනතක් සම්මත කිරීමටත් නියමිතයි. ඒ ‘රජයේ ඉඩම් බැංකු පනත’ නමින්. මේ පනතේ ඉලක්කය වන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් විදේශ වෙළදපොළට හඳුන්වා දීමයි. මේ අන්කිසිවක් නොවෙයි සම්පත් විකුණා දැමීමේම තවත් ආකාරයක්. වික්කම – සිංහයකු වන බව විශ්වාස කරන නායකයින්ගේ දැක්මේ දුර මේකයි. ඔවුන් සංවර්ධනය යනුවෙන් හඳුන්වන්නේ, ස්වාභාවික සත්ව ගහනය විනාශ කර සත්ව ගොවිපළ ආරම්භ කිරීමයි, භූ විෂමතාවන්ට එරෙහිව යමින් මහා පරිමාණ ඛනිජ කැණිම්වලට අවසරය ලබා දීමයි. ඡන්දයට උදව් කළ තම හිතවතුනට අල්ලස් හා කප්පම් ලෙස රටේ ස්වාභාවික සම්පත්වල ඇති ගස් ටික කපා ගැනීමට ඉඩ හැරීම ආදියයි.

    නගරයේ අපි මැදපෙරදිග රටවල මෙන් බෝතල් වතුර බොන තත්වයට පත්ව සිටිනවා. රජරට ගොවි ජනතාව පෙරන ලද ජලය පානය කිරීමේ තත්වයට පත්ව තිබෙනවා. තමන්ගේ ළිදෙන් ඇළ දොළෙන් ජලය පානය කිරීමේ වරදට තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුව ඇති ජනතාවක් කාල සටහනකට අනුව දින ගණිමින් මියයන දිනය එනතුරු රුධිර කාන්දුකරණය කරමින් ගේදොර විකුණා මරණයට සූදානම් වන තත්වයට පත් වෙලා. ඒ, මේ එක් එක් සමාගම්වල අරමුණු වෙනුවෙන් මෙරට පසට, ජලයට සහ වායුගෝලයට එක් කරන ලද උග්‍ර විෂ සහ අපද්‍රව්‍ය හේතුවෙන්. ඒ සමහර ව්‍යසනයන් වැළැක්වීමට යම් තරමකට හෝ නීති රීති සකස්කර තිබුණත් ඒ නීතිරීතිවලින් රිංගා තම ලාභය කරා යා හැකි වන ආකාරයට කටයුතු සම්පාදනය කරදෙන පාවාදෙන්නන්ගෙන් සමන්විත නිලධාරි පැලැන්තියකත් ඒ සමග හවුලේ කටයුතු කරන දේශපාලක පැලැන්තියකත් අත්අඩංගුවට රට පත්ව තිබෙනවා. පසුගියදා එවැනි එක් නිලධාරියෙකුගෙන් (ඔහු විල්පත්තුවට අදාළ විනාශයට වගකිවයුතු පුද්ගලයකු වන අතර එවකට අදාළ අමාත්‍යාංශයක ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයෙක්) කරන ලද ප්‍රශ්න කිරීමක දී සඳහන් කර තිබුණේ ‘දැන් මම පෙන්ෂන් – දැන් මට ඕවා අදාළ නෑ’ යන පිළිතුරයි. එවැනි නිලධාරීන්ටත් එවැනි ප්‍රකාශ ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන නිලධාරීන්ටත්, තමන් විශ්‍රාම ගිය පසු හෝ රටින් පැන ගිය පසු සියල්ල අවසන් වේ යයි සිතා සිටින නිලධාරීන්ටත් අපි සිහිපත් කළ යුත්තේ ජාතියේ දරුවන්ගේ සාපයෙන්, තම අපරාධ නිසා වැනසී යන අනාගත පරම්පරාවන්ගේ සාපයෙන් මේ අයටත් ඔවුනගේ දරුපවුල්වලටත් ගැලවීමක් නොමැති බවයි. ඔවුන්ගේ දරු මුනුපුරන් පවා අනාගතයේදී හඳුනාගනු ඇත්තේ ඔවුන්ගේ පාවාදීම සිහිපත් කරමින් බවයි.

    ලොව පුරා තහනම් කරන ලද, වසවිස පිරි ආහාර වැඩි මිලක් දී භාවිතා කරන තත්වයට අපගේ පාරිභෝගික මනස කුරුවල් කර තිබෙනවා. පසුගියදා දකුණු පළාතේ හිස එසවූ උණ රෝගය උපයෝගී කරගනිමින් ඇමරිකාවේ තහනම් කළ, ප්‍රතිඵල සම්බන්ධයෙන් සියයට තිහක පමණ විශ්වාසයක් පමණක් ඇති බවට තහවුරු වූ එන්නතක් ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු විසින් වැඩි මිලට විකුණා විශාල ලාභයක් ලැබූ බවට ගාල්ල ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා. ඒ මේ ආර්ථික රටාවේ ප්‍රතිඵලයයි. අපට පරිසරය ගැන සාකච්ඡා කිරීමට සිදුව ඇත්තේ මේ තත්වය තුළයි.

    ‘න්‍යෂ්ටික අපද්‍රව්‍ය සඳහා පාවාඩ එළන සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම’

    මේ සියලු දේ අතර අපි කවුරුත් නොදැන සිදුවන තවත් අනතුරක් ක්‍රමයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ මෑතදී අත්සන් කළ සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම යටතේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය ඇතුළුව ලෝකය පුරා ඇති වෙනත් අපද්‍රව්‍ය ඉතා පහසුවෙන් මෙරටට බැහැර කිරීමට අවස්ථාව සැලසී තිබීමයි. මේ අපට සෘජුව නොපෙනෙන පාරිසරික විනාශයක්. මීට හේතු වී ඇත්තේ මෙතෙක් චීනය විසින් ව්‍යාපාරික වශයෙන් ලබාගත් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය තවදුරටත් භාරගැනීම නව චීන අගමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමයි. මේ ප්‍රතික්ෂේප කිරීමත් සමගම අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථාන සඳහා අතිවිශාල ඉල්ලුමක් ක්ෂණිකව ඇතිව තිබේ. අපේ අගමැතිවරයාත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාත් ඉතා හදිසියේ සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළද ගිවිසුම අත්සන් කර මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බවට රේගුවට හදිසියේ දැනුම් දෙන්නේ මෙවන් තත්වයක් යටතේ යි. දැනටමත් කොළඹ අවට තිබෙන බහාලුම් නවාතැන් හෙවත් කන්ටේනර් යාඞ්වල දීර්ඝ කාලයක් තිස්සේ ගොඩගසා තිබෙන බහාලුම් යනු එක් ආකාරයක අපද්‍රව්‍ය බැහැර කරන ක්‍රමයක් බව පරිසරවේදීන්ගේ විශ්වාසයයි. එසේම අප රටට ආනයනය කරන යූරියා පොහොරවල ප්‍රමිතිය පසුගියදා කෘෂිකර්ම ඇමතිවරයා විසින් වෙනස් කරන ලදුව අවශ්‍ය ප්‍රමාණය මෙන් දසගුණයක් අඩු ප්‍රමිතියේ යූරියා මෙරටට ගෙන්වීම පසුපස ඇත්තේ ද මෙවැනිම අපද්‍රව්‍ය පිළිබද කාරණයක් බව පරිසරවේදීන් සැක කරනවා. යූරියා පොහොර සමග මිශ්‍ර කර න්‍යෂ්ටික අපද්‍රව්‍ය අප වැනි රටවලට පටවා අපද්‍රව්‍ය ගැටලුවෙන් නිදහස් වීමට යම් යම් සමාගම් ගත් උත්සාහයන් නිසා මේ සැකය ඇතිව තිබෙනවා.

    සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ ඇමුණුම 2 ඒ 1 යටතේ මෙම කාරණය දක්වා තිබෙනවා. එහි දැක්වෙන එච් එස් සංකේතය 28444000 වන අතර ඒ යටතේ ඇත්තේ රේඩියෝ ඇක්ටිව් එලිමන්ට්ස් යනුවෙන් හඳුන්වන න්‍යෂ්ටික අපද්‍රව්‍ය බව රේගුවේ වෙබ් අඩවිය පරීක්ෂා කරන ඕනෑම කෙනෙකුට සරලව තහවුරු කරගත හැකියි. මීට අමතරව තවත් පිළිකා කාරක සහ උග්‍ර විෂ සහිත සංයෝග බොහෝමයක් සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුමට ඇතුළත් කර තිබෙනවා. ඒ අතර ක්රෝමියම්, බෙරිලියම්, මැන්ගනීස්, තැලියුම්, ඉන්ඩියුම්, ගැලියුම්, නියෝබියුම් , රේනියුම්, වැනේඩියුම්, ජර්මේනියුම් ආදී පිළිකාකාරක ලෙස හඳුනාගත් මුලදුව්‍ය සහ සංයෝග විශාල ප්‍රමාණයක් ඇතුළත් කර තිබෙනවා. අප රටක් ලෙස ඒ සියලු අපද්‍රව්‍ය ‘බද්දෙන් ද නිදහස් කොට’ භාර ගැනීමට මේ ගිවිසුම යටතේ එකග වී තිබෙනවා.

    අපට තිබෙන පරිසර සම්පත විනාශ කරගන්නා ගමන් පරිසරයට අදාළ සංවේදීම ඒකකයක් වන පසත්, ජලයත් විනාශ කිරීමට අදාළ පියවරයන් අත වනා ගෙන්නා ගන්නා මෙවැනි පාලකයින් සමග පරිසර දිනය සමරන්නට සිදුවීමම අවාසනාවක්. ලෝක පරිසර දිනයේදී දුම්බර අඩවිය රැක ගැනීමට ස්වේච්ඡාවෙන් පෙරට පැමිණිමට අද මේ රටේ තරුණ පරම්පරාවට සිදුව තිබෙනවා. මේ රටට න්‍යෂ්ටික අපද්‍රව්‍ය සහ බැර ලෝහ ඇතුළු වෙනත් පිළිකා කාරක දහස් ගණනක් ගෙන්වා ගැනීමට රජය අත්සන් කරන ගිවිසුම්වලට එරෙහිව නඩු මගට බැසීමට වෘත්තිකයන්ට සිදුව තිබෙනවා. මෙවැනි තත්වයක් යටතේ පරිසර දිනය සමරන අපි පරිසරයට ගරු කරන මිනිසුන් බවට පත්විය යුතුයි. ඒ වර්ගයේම රජයක් අප පත්කරගත යුතුයි. ඒ සඳහා තව තවත් ස්වේච්ඡා බල සේනා රැස් කළ යුතුයි. දැනටමත් ඒ වෙනුවෙන් කැපවී සිටින අවංක ස්වේච්ඡා බල සේනාවලට අපගේ ගෞරවය පුද කළ යුතුයි.”

    අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
    මාධ්‍ය ලේකම්
    ජාතික නිදහස් පෙරමුණ