Category: සුපිරි Talks & Jokes

  • ජනපති සිහිනය දකින පච රණවක ජනතා මුදලින් ලාස් වෙගාස් නගරයේ සූදු සවාරියක….

    ජනපති සිහිනය දකින පච රණවක ජනතා මුදලින් ලාස් වෙගාස් නගරයේ සූදු සවාරියක….

    අප්‍රියේල් 3වන සතියේ ලොස් ඇන්ජිලස් නගරයට පැමිණ එහි ශ්‍රී ලංකා කොන්සුලර් කාර්යාලයට අයත් රථයකින් කිලෝමිටර 430 අතින් පිහිටි සුදු කෙලින්නන් අතර ප්‍රසිද්ද ලාස් වෙගාස් නගරයේ දින කීපයක් ගතකොට ලොස් ඇන්ජිලස් නගරයට සැපත් වී තිබේ.

    තමාට මෙම ගමනට ගිය වියදම රජයේ බිලට දැමීමට ඉදිරිපත් වී ඇත්තේ හිරුනිකගේ නැන්දනිය වන දේශපාලන පත්විමකින් ශ්‍රී ලංකා කොන්සුලර් තනතුර ලබාගත් ස්වර්ණා ගුණරත්නය. මැය පසු ගිය වසර තුන තුල සිදු කර ඇත්තේ නිවසේ සාද පැවැත්වීම පමණි.

    චම්පික උස ඇමතිට තම වියදම් රජය වෙත යොමු කිරීමට ඇය උපක්‍රම දෙකක් යොදා ගෙන ඇත. එම නගරයේ තිබෙන සෑම පන්සල් වලට කතා කොට ශ්‍රී ලාංකිකයන් හමු වීමට පාසල් වල පුජාවක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත. ලොස් ඇන්ජිලස් නගරයේ කිසිම පිළිගැනීමක් නැති කෝසල් වරියගේ ඉල්ලීම ඉවත දැමු පන්සල් වල නායක වරු කියා ඇත්තේ තමන්ට එම පන්සල් වල දායකයන් ගෙවා ගැනීමට ප්‍රශ්නයක් වී ඇති බවය.

    අවසානයේ එක් පන්සලක පුජාව ලබා දීමට එම පන්සල භාර හිමියන් ඉදිරි පත් වී ඇත. කොන්සුලර් වරියගේ මුළු පවුල සමග එම උත්සවයට සහභාගී වී ඇත්තේ 12 දෙනෙක් පමණි. පසුගිය රජයෙන් ඉමහත් උදවු උපකාර ලබාගත් මෙම සුමනතිස්ස හිමිගේ අවස්ථාවාදී ක්‍රියාව ගැන එම පන්සලේ දායක සභාව මේ වනවිත් විරෝදය පල කර ඇත.

    තම පැමිණියේ රජයේ කටයුත්තක් ලෙසට බව පෙන්වීමට කොන්සල් වරිය පිළියෙළ කල අනෙක් උපක්‍රමය වුයේ එම නගරයේ ඇති වෙළද මණ්ඩලයේ (Chamber of Commerce) හි සාමාජිකයන් සමග හමුවීමක් පිළියෙළ කිරීමය.

    දැනට ශ්‍රී ලංකා කොන්සුලර් කාර්යාලයේ වසර 10 කට අධික කාලයක් සේවය කරන , මේ වනතුරු කිසිම ආයෝජනයක් ශ්‍රී ලංකාව ගෙවීමට අපොහසු වී සිටින අසෝක ගොඩවිට නැමැති වෙළෙද ඇටාචි විසින් මෙම හමුව පිළියෙළ කිරීමට මුලිකව ක්‍රියා කර රජයේ වියදමින් නිකරුනේ උදේ කෑම වේලක් පැමිනි අයට ලබා දී ඇත. එම කාර්යාලයේ සිටි අය පවසන්නේ අසෝක ගොඩවිට හරියට සිදු කරන එකම කාර්ය වන්නේ බොරු රිසිට් දමා ආයෝජන දිරිගැන්වීමට දෙන දීමනාව සාක්කුවට දමා ගැනීම බව පමණක් බවය.

    ඇමරිකාවේ ට්‍රම්ප් රජය යටතේ පිටරට ආයෝජන අධෛර්යමත් කරන වකවානුවක මෙම බොරු හමුව ගැන සමහරු විමසන්නේ සුදු කෙලිමට සහ අන් අංශ වලට ප්‍රසිද්ද චම්පික රණවකගේ සංචාරයෙන් එක් ආයෝජනයක්වත් ශ්‍රී ලංකාවට ගෙනවේද යන්නය.

    දුෂණය නැති කිරීමට කියා බලයට පැමිණි චම්පික රණවක දැන් සිදු කරන්නේ ඉතිරිව ඇති ඉදිරි මාස 18 තුල ලබා ගත හැකි සෑම සැපයක්ම ජනතා මුදලින් ලබා ගැනීම බවත් රටට සිදු වූ හෙනය ගැනත් දුක් වෙමින් සිටින ලොස් ඇන්ජිලස් නගරයහි සිටින දේශප්‍රේමී ජනතාව මෙම සාපය කවදා අවසන් වේද යන්න විමසිල්ලෙන් බලා සිටිති .

    Source – LNW

     

  • සිග්නල් එක වැරදී පාසල් වේදිකාවෙන් මරු සමග නික්ම තරුණියකගේ කදුළු කතාව මෙන්න….

    සිග්නල් එක වැරදී පාසල් වේදිකාවෙන් මරු සමග නික්ම තරුණියකගේ කදුළු කතාව මෙන්න….

    බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ නාට්‍ය පුහුණුවීමක් අතර වේදිකාවෙන් බිමට ඇද වැටී අවාසනාවන්ත ලෙස තරුණියක මියයාමේ සිද්ධියක් පසුගිය සතියේ වාර්තාවී තිබේ.
     
    තිළිණි නිරාෂා ප්‍රනාන්දු නමැති 26 වියැති මෙම මියගිය තරුණිය එම නාට්‍යයේ ඇඳුම් නිර්මාණයටද දායකව සිටි අතර ඇය එම කණ්ඩායම සමග එකට වැඩ කරමින් ව්‍යායාම පුහුණු කටයුතු සඳහාද එක්ව ඇත්තේ ආදි සිසුන්ගේ ආරාධනයෙනි.

     

    ඇය මියගොස් ඇත්තේ නාට්‍ය පුහුණුවට පෙර සූදානම් ලෙස කණ්ඩායම් හැඟීම වැඩවීම වෙනුවෙන් එම පුහුණුකරු ලබාදුන් අවදානම් ක්‍රියාකාරකමක් වැරදී යාමෙනි.
    නායකත්ව පුහුණු වැඩමුළුවලදීද බොහෝ අවස්ථාවල මෙම අවදානම් ක්‍රියාව සිදු කරන අතර එහිදී එක්වරම වේදිකාවෙන් හිතාමතා පසුපසට පනින්නට එක් එක් අයට අවස්ථාව ලබාදෙන අතර එසේ පනින වෙලාවේ අන් අය සූදානම්ව සිට එක්වී වැටෙන්නට නොදී අල්ලාගෙන බේරාගැනීම මගින් කණ්ඩායම් හැඟීම සහ කණ්ඩායමේ අනෙක් පිරිස කෙරෙහි විශ්වාසය තහවුරු කිරීම සිදුකෙරෙයි.
    මෙම ක්‍රියාකාරකමට කැමැත්තෙන් දායකවූ මියගිය තරුණිය සිද්ධිය වූ අවස්ථාවේ පුහුණුකරු විධානය දෙන්නට පෙරම වේදිකාවෙන් පැන තිබේ. උස් ස්ථානයක සිට පිටුපසට වැටුණ ඇය අනපේක්ෂිත ලෙස සංඥාවට පෙර එය සිදු කළ නිසා අල්ලාගන්නට සූදානමින් වෙමින් සිටි සිසුන් තිදෙනෙකු සහ නාට්‍ය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට ඇයව අල්ලාගන්නට බැරිව තිබේ.
    ‘සිග්නල් එක දුන්නාම තමා හැමෝම පැන්නේ.
    එයා ඊට කලින් පැන්නා. කවුරුවත් හිතුවෙ නෑ එහෙම කරාවි කියල.ඒ නිසා අල්ලගන්න බැරිව ගියා.‘ පුහුණුකරු පොලිසියට පවසා තිබේ. මෙම අවස්ථාවේ වේදිකාවේ පසුපසට වැටුණ ඇයට අපහසුතා ඇතිවූ අතර අභ්‍යන්තර තුවාල සිදුවීම නිසා අසාධ්‍ය තත්වයට පත්ව ඇත. කොළඹ ජාතික රෝහලට ඇයව යොමු කළද ඇය පසුව මියගොස් තිබේ.
    මෙලෙස මියගියේ වෙන්නප්පුව හලාවත පාරේ පදිංචිව සිටි තිළිණි නිරාෂා ප්‍රනාන්දු නමැති 26 වියැති තරුණියයි. ඇයගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා සිදුකෙරිණි.
  • මේ මොහොතේ රටම කතාවෙන විෂය බොහොමයක් මාරු වු අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙන්න….

    මේ මොහොතේ රටම කතාවෙන විෂය බොහොමයක් මාරු වු අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙන්න….

    සරත් ෆොන්සේකා – තිරසර සංවර්ධන, වන ජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

    රවීන්ද්‍ර සමරවීර – කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය

    විජේදාස රාජපක්ෂ – උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

    දයා ගමගේ – සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය

    මනෝ ගනේෂන් – ජාතික සහජීවනය , සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය

    සාගල රත්නායක – ව්‍යාපෘති කලමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

    ඩී.එම් ස්වාමිනාදන් – පනුරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, උතුර සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

    විජිත් විජිතමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික අමාත්‍ය

    ෆයිසර් මුස්තාපා – ක්‍රීඩා, පාළත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

    තලතා අතුකෝරල – අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

    රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන කලමණාකරණ සහ නිතිය හා සාමය අමාත්‍ය

    පී. හැරිසන් – සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය

    කබීර් හෂීම් – මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය

    දුමින්ද දිසානායක – වාරි මාර්ග ජලකලමනාකරණ සහ ආපදා කලමනාකරණ අමාත්‍ය

    එස්. බී නාවින්න – අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය

    මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය

    සරත් අමුණුගම – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය අමාත්‍ය

    ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සහ කඳුරට සංවර්ධන අමාත්‍ය

     

  • මල්ලවාරච්චිලට සිංදු කියන්න විතරක් නෙමේ උඩු ගුවනේ වැඩ දාන්නත් පුළුවං

    මල්ලවාරච්චිලට සිංදු කියන්න විතරක් නෙමේ උඩු ගුවනේ වැඩ දාන්නත් පුළුවං

    අපේ රටේ හිටපු දක්ෂ ගායකයෙක් තමයි මිල්ටන් මල්ලවාරච්චි කියන්නෙ. ප්‍රේමණීය ගීතයෙන් රසික හදවත් අමනාදානන්දයට පත් කරපු ඔහුගේ පුතා වන රනිල් මල්ලවාරච්චි ඉන්නෙ දැන් ඕස්ට්‍රේලියාවෙ. ඉතින් මේ රනිල් – නිරාශා යුවලගේ පුතා දැන් තරුණයෙක්. ඒ වගේම ඔහු මිල්ටන්ගේ කටහඬ ඒ ආකාරයටම ඇති බවත් අපිට අසන්නට ලැබුනා. ඉතින් මේ හිරිමල් වියේ ඉන්න මේ තරුණයා තමයි පවන් මල්ලවාරච්චි. අධික කාර්ය බහුලත්වය මැද වුවත් ඔහු අපි සමග ටිකක් කතා කලා…

    කොහොමද පවන් මේ දවස්වල වැඩ කටයුතු ?

    මේ දවස්වල යුනිවර්සිටි යනවා. ඒ අතරේ ෂෝ වගයක් ඇවිත් ඒවට ඩේට්ස් දාන්න අමාරුයි. ඉතින් ඔක්කොම බැලන්ස් කරගෙන ස්ටඩි කරනවා

    දැන් ගුවන් නියමුවෙක් වෙන්න නේද හීනය ?

    ඔව්. අනිවාර්යෙන්ම

    ඒ කියන්නේ මල්ලවාරච්චි පරම්පරාව උඩු ගුවනේ වැඩ පෙන්වන්න සූදානම් ?

    ඔව්. මල්ලවාරච්චි පරම්පරාවෙ කවුරුත් නෑ. මම තමයි. මගේ සීයා ප්ලේන්වල ගිහින් නෑ කවදාවත්.එයා පුදුම බයක් තිබ්බලු. යාලුවෝ කිව්වලු සිහි නැති කරල හරි ගෙනියන්නම්, යමු එකපාරක්වත් කියල. ඒත් එයා ගිහින් නෑ. වෙන රටවල ආපු ෂෝ වලට මගේ පුතාව ගන්න කියල, මගේ තාත්තව යවලා. අද වගේ කාලෙක හිටිය නම් මම එක්කගෙන යනවමයි.

    සීයා ප්ලේන්වල යන්න බය උනාට ඔබගේ පියා රනිල් යන්න බලයවෙලා නැත්ද ?

    (සිනාසෙමින්) නැහැ. එහෙම බයක් තිබිල නැහැ.

    පවන්, ඔයාගේ අධ්‍යාපන වැඩ කටයුතු කොහොමද ?

    මම දැන් යුනිවර්සිටි ෆ්‍රස්ට් ඉයර් එකේ ඉන්නෙ. මගේ ඩිග්‍රි එකට Bachelor of Piloting. දැන් මම CESSNA 172 ප්ලේන් එක තනියෙම ගෙනියනවා. තව ඉස්සරහට අනිත් ඒවා කරනවා.

    ඔබ දැන් හිරිමල් වියේ පසුවන තරුණයෙක්, මිල්ටන් මල්ලවාරච්චිගෙ මුණුබුරාට තරුණියො ගොඩාක් ආකර්ෂණය වෙනවා ඇති නේ ?

    ඒක නම් ඉතින් අහන්න ඕන තරුණියන්ගෙන්ම තමයි (සිනාසෙයි). මම ලංකාවෙ නෙමෙයිනෙ ඉන්නෙ. ඉතින් ලංකාවෙ තරුණියො ගැන කියන්න දන්නෙ නෑ. මෙහේ නම් ඉතින් අඩුවක් නෑ.

    පවන්ගේ අනාගතය ගැන අම්මා, තාත්තාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

    මගේ අම්මයි තාත්තයි මාව මේ තැනට ගෙන්න ලොකූ කැපවීමක් කරල තියෙන්නෙ. තාම ඒකෙ අඩුවක් නෑ. එයාලගෙ හීනය හැබෑ කරල මගේ හීනයට යන්න තමයි මම ට්‍රයි කරන්නෙ. තව පොඩි කාලයයි ඒකට යන්නෙ.

    ඇත්තටම පවන්ට පෙම්වතියක් නැත්ද ?

    පෙම්වතියක් නෑ. ආදරය කරනව නම්, ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. නැත්නම් ආදරයෙන් වැඩක් නැහැනෙ. ඒ නිසා ආදරයට වැඩි බරක් යොදන්න පුලුවන් කාලෙක ඒ ගැන හිතනවා. දැනට මූලික අධ්‍යාපන වැඩ ටික කරනවා.

    ඔබගේ කටහඬ මිල්ටන්ට සමානයි, ඔබගේ ගීතයක් නිර්මාණය කරල නැත්ද ?

    මම වැඩියෙන් කැමති මගේ අම්ම ලියපු”සිහින ලෝකෙක”කියන ගීතයට. ඒකෙ ලෙලුම් අංකල් මියුසික් කලේ.

    පවන්, ඔයාගේ සංගීත කටයුතු අධ්‍යාපනයට බාදාවක් නැත්ද ?

    මම සිංදු කියන්නෙ හොබි එකට. මට අමතර වෙලාවක් තිබුනොත් විතරයි ෂෝ ගන්නෙ. ඒක මගේ මේන් ජොබ් එක නෙමෙයි. මම අවුරුදු 15 ඉඳලා පාට් ටයිම් ජොබ් එකක් කරන කෙනෙක්. අදත් ඒ ජොබ් එක කරනවා. මේ ඔක්කොම බැලන්ස් කරගෙන තමයි මගේ ඉගනීමෙ වැඩටික කරගෙන යන්නෙ.

    ඒ සඳහා අම්මගෙන්, තාත්තගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

    අම්ම තමයි පොඩිකාලෙ ඉඳලා මගේ,නංගිගේ පස්සෙන් ඉඳලා ස්කූල් වැඩ ගෙදර වැඩ ඔක්කොම බලන්නෙ. අපි දෙන්න ගෙදර බෙඩ් රූම් එකවත් අපි අස්කරන්න ඉඩ තියල නෑ. උදෙන්ම නැගිටලා බෙඩ් එක හදලා වොෂ් රූම් යන්නෙ. ඒ හැමදේම අම්ම අපිට පුරුදු කරපු ඒවා. තාත්තා අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. එයාගෙ පිලිවෙල මම ගොඩාක් පුරුදු උනා. ඉතින් ඒ දෙන්නගෙම සහයෙන් තමයි අපි අදත් දේවල් කරන්නෙ.

    පවන්ට හොඳට රසට උයන්න පුලුවන්ලු නේද ?

    කවුද කියන්නෙ (සිනාසෙමින්) මට රසට උයන්න නම් බෑ. හැබැයි රසට කන්න ඕන. කොහෙන් කෑවත් වැඩක් නෑ අම්මා උයන කෑම තමයි ඕනම. මම එග් බූඩ්ල්ස් වගේ දේවල් තනියෙම හදාගන්නවා. දැනට පුලුවන් එච්චරයි.

    ඕස්ට්‍රේලියාවෙ ජීවත්වෙන ඔබ ගොඩාක් කාලෙකින් ලංකාවට ආවෙ නෑ නේද? එන්න බලාපොරොත්තුවක් නැත්ද ?

    මම 2016 සහ 2017 මගේ අම්ම කරන Tribute to Milton ෂෝ එකට ආවා. ගිය අවුරුද්දේ අපි දෙන්න ඒ ෂෝ එක ඇමෙරිකා සහ ලන්ඩන් අරං ගියා. බලමු ලබන අවුරුද්දේ එන්න ඉන්නවා.

    පවන් නිවාඩු ගත කරන්න යන්න කැමති කොහෙද ?

    ලංකාවෙ නම් ඕෆ් රෝඩ්ස් යනවා. තාත්තගෙ හොබි එක ඒක. නමුත් මෙහේ ඇවිත් නම් යන්න බැරි උනා. මේ ලගදි මෙහේ තාත්තා ගියා යාලුවො එක්ක. මම ගොඩක් බිසී නිසා මට ටයිම් නෑ මොනවත් කරන්න. ෆ්‍රී ටයිම් එකේ සින්දුවක් අහගෙන නිදාගන්න තමයි කැමති.

    ඔබගේ පියා ක්‍රිකට් ක්‍රීඩාවට කැමති කෙනෙක්, ඔබ කැමති මොනවගේ ක්‍රීඩා වලටද ?

    මම ක්‍රිකට් ගැහුවා. ක්ලබ් එකෙත් සෙල්ලම් කලා. පස්සෙ ටයිම් නැති නිසා අත්ඇරල දැම්මා. අම්මි සීසන් එකේ ලංකාවට යන්න දාගන්නවා. ටයිම් ප්‍රශ්ණ නිසා අතඇරල දැම්මා. මැච් නම් මිස් කරන්නෙ නෑ යනවා බලන්න.

    ඔබ ගුවන් නියමුවෙක් වීමට ඉගන ගන්නවා. එසේ නොවුනා නම් මොනවගේ ක්ෂේත්‍රයක් ගෝරාගනීවිද ?

    පයිලට් කෙනෙක් නොවුනා නම්, මේ යන විදියට සින්දුම කියයි මගේ හිතේ. අම්ම කැමති නෑ මම සින්දු කියන්න යනවට. එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. (සිනාසෙයි)

    ඔබගේ සීයා. ඒ කියන්නෙ මිල්ටන් මල්ලවාරච්චි සහ ඔබගේ පියා ඇරුනම කවුද වැඩියෙන් ප්‍රියකරන ගායකයා ?

    මම සීයාගෙ සමකාලීන හැම ගායකයෙක්ටම ආසයි. ජෝති අංකල්, මිල්ටන් පෙරේරා, මර්වින් පෙරේරා, වික්ටර් අංකල්, මේ හැමෝගෙම සින්දු මම අහනවා.

    අවසාන වශයෙන් ඔබගෙන් මෙහෙම දෙයක් අහන්නම්, ඔබ විවාහ වෙනව නම් මොනවගේ ගතිගුණ තියෙන කෙනෙක්වද තෝරාගන්නෙ ?

    මගේ ජොබ් එකේ හැටියට ෆැමිලි එකත් එක්ක ස්පෙන්ට් කරන්න තියෙන කාලය අඩුයි. ඒ දේ තේරුම් ගන්න පුලුවන් වුන කෙනෙක් තමයි මම තෝරගන්නෙ. ඒ කොහොම උනත්, ලස්සන නම් අනිවාර්යයි. ඔක්කොමක් Ok උනත් අම්ම Ok වෙන්නම ඕනි. මොකද එයාට පෙන්නන හැම දෙයක්ම එපා එපා එපා විතරයි කියන්නෙ. (සිනාසෙයි) තාත්ත නම් ඉතින් ඔක්කොම Ok. කොහොම උනත් තව කල් තියෙනවා ඉස්සෙල්ලා මගේ ඩ්‍රීම් එකට යන්න ඕනෙ. කෙල්ලො නම් මොනාද (සිනාසෙයි). අම්ම මේ ලඟදිත් එකක් කැඩුවා.

    පවන් පහුගිය 27 වෙනිදා ඔබ උපන්දිනය සැමරුවා. ඒකටත් සුබ පතන ගමන් අපි නතර වෙන්නම්. ඔබට ජය පතනවා

    ස්තූතියි ඔයාලටත්

    ඔහුගේ ඡායාරූප පෙලක් පහතින්……

  • මිරිස් කරලකින් බිරිඳගේ තහනම් පෙම ඇල්ලු සැමියා තම බිරිඳව අනියම් පෙම්වතාටම දන්දෙයි….

    මිරිස් කරලකින් බිරිඳගේ තහනම් පෙම ඇල්ලු සැමියා තම බිරිඳව අනියම් පෙම්වතාටම දන්දෙයි….

    වියළි මිරිස් කරළක උපායකින් සිය බිරිඳගේ අනියම් සැමියා අතටම අල්ලාගෙන බිරිය සමග සොර සැමියා ද බිරිඳගේ මව්පියන්ට භාර දුන් පුද්ගලයෙකු පිළිබඳව කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වේ.

    මෙම පුද්ගලයා මැදිවියේ පසුවන පෙදරේරුවෙකුවන අතර තවමත් දරුමල්ලන් නොමැති ඔහුගේ බිරිඳ ද මැදිවියේ පසුවූවත් ඇයට ඇත්තේ තරුණ පෙනුමක් බව කියැවේ.

    සිය වෘත්තියේ දක්ෂතාව නිසාම ඔහුට දුරබැහැර ප්‍රදේශවල පවා වැඩ ලැබෙන අතර එවන් අවස්ථාවල දින 3ක් වැඩ කොට යළි පැමිණීම අනිවාර්ය කොටගෙන සිටියේ ය.

    මේ අතර ඔහුගේ බිරිඳ නිවස ආසන්නයේ සිටි තරුණයෙකු සමග අනියම් ඇසුරක් අරඹා ඇත්තේ සැමියාගේ දින තුනක නිවාඩුව ද ප්‍රයෝජනයට ගනිමිනි.

    මේ පිළිබඳ ඇසුණු ආරංචි පිළිබඳ සොයා බැලූ සැමියා එම ආරංචි සත්‍යයක් බව පසක් කරගත් පසු දුරබැහැර වැඩකට යන මුවාවෙන් නිවසෙන් පිට වී ගොස් ඇත්තේ සිය බිරිඳට ද කිසිදු සැකයක් ඇති නොවන පරිද්දෙනි.

    එසේ ගිය ඔහු හදිසියේම දෙවැනි දින රාත්‍රියේ නිවසට පැමිණ ඇත්තේ බිරිඳගේ මව්පියන් සහ සොයුරන්ද සමගිනි.

    එසේ පැමිණි ඔහු බිරිඳව නිවසෙන් එළියට කැඳවාගෙන තම අතෙහි වූ වියළි මිරිස් කරල් කිහිපයක් නිවසේ සාලයේ ගිනි තබා නැවත එළියට පැමිණ ඔවුන් සමග සුහද කතාබහක ද නිරත වී ඇත.

    සුළු මොහොතකින් මිරිස් දුම වැදී කහිමින්, කිවිසුම් අරිමින් නිවස තුළ සැඟව සිටි අනියම් පුරුෂයාට එළියට පැමිණීමට සිදුව ඇති අතර කිසිදු ආරවුලක් ඇති කර නොගත් ඔහු තවදුරටත් ඇය සමග දීග කෑමට නොහැකි බව පවසා එම තරුණයා සමග ඇය ඇගේ දෙමාපියන්ට භාර කර තිබේ.

    ඉන් ද නොනැවතුණු ඔහු මේ පිළිබඳව පොලීසියේ පැමිණිල්ලක් කිරීමට තමා සමග පසු දින පැමිණෙන ලෙස ඇගේ දෙමාපියන්ට සුහද ඉල්ලීමක් කිරීමට ද අමතක කර නැත.

     
  • ආදරය – කාමය – වෙසක් සහ සිදුහත් – යශෝධරා.. ඔබ කියවිය යුතුම කතාව මෙන්න….

    ආදරය – කාමය – වෙසක් සහ සිදුහත් – යශෝධරා.. ඔබ කියවිය යුතුම කතාව මෙන්න….

    සාමාන්‍යයෙන් මේ ලෝකයට ඇලිලා ගැලිලා ඉන්න තියෙන ලොකුම බැඳීම තමයි කාම බැඳීම. ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයන් හෝ සම ලිංගිකයන් අතර තියෙන ඕනෑම විදියක ලිංගික සම්බන්ධතාවයක් කාමුක බැඳීමක් විදියට හඳුන්වන්න පුළුවන්.
    මේ ලෝකයේ ඉන්න සියයට 99.99ක් ම මොන විදියකින් හරි කාමුක බැඳීමකට ඇලිලා ගැලිලා ඉන්නවා කිව්වොත් අපි නිවැරදියි මොකද, කායිකව බැරි නම් මානසිකව හරි ලිංගික පහස විඳින්නට මානවයා කියන ජීවියා හැඩ ගැහිලා තියෙනවා.
    මේ ලිංගිකත්වය එහෙමත් නැත්නම් sex කියන දේ දැන් වල් කමක් විතරක් වෙලා. ඒ තරමටම sex කියන දේ සාමාන්‍ය සමාජය මතුපිට අප්‍රසන්න දෙයක් එහෙමත් නැත්නම් අසම්මත දෙයක් විදියට ලේබල් ගහලා තිබුනත් හැමෝගෙම හිත ඇතුලේ sex ජීවත් වෙනවා. හැබැයි sex කියන්නේ එහෙම ජරා ජීරණ වෙන්න ඕන දෙයක් නෙමෙයි. ළමා හා කාන්තා දූෂණ, online sex, ලිංගික අපරාධ, නිල් චිත්‍රපට නෙමෙයි sex කියන්නේ. sex කියන දේ සම්පුර්ණ වෙන්නේ එකිනෙකාට තියෙන ආදරය, ප්‍රේමය වගේ හැඟීම් සමුදායක් එක්ක.
    sex කියන්නේ ධර්මයක් වගේ සුන්දර දෙයක්. sex කියන්නේ වෙනස් විදියේ ආගමක්, sex කියන්නේ වෙනමම විද්‍යාවක්, sex කියන්නේ වෙනමම දේශපාලනයක්, sex කියන්නේ වෙනමම කතාන්දරයක්. හැබැයි මේ හැම දෙයක්ම අත්දකින්න පුළුවන් වෙන්නේ ආත්මාර්ථකාමී කාමුකත්වය මත පදනම් වෙලා නෙමෙයි. මේ අපි කියන්න හදන කතාවට හොඳම උදාහරණය තමයි සිදුහත් සහ යශෝධරා.
    බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන විදියට සිදුහත් සහ යශෝධරා ආත්ම ගණනාවක ආදරයක් සමඟින් සිදුහත් බුද්ධත්වය ලබන ආත්මය තෙක් පෙරුම් පුරාගෙන පැමිණි ආදරණීය යුවලක්. මේ ආත්ම ගණනාව පුරාම ඔවුන් ලිංගිකව, කාමුක බැඳීමෙන් බැඳිලා උන්නා. ඒ ලිංගික බැඳීමට ඔවුන්ගේ ආදරය විශාල වටිනාකමක් එකතු කළා.
    අවසන් ආත්ම භවයේදීත් සිදුහත්ගේ සෙවනැල්ල වූ යශෝධරා සිදුහත් සමඟ රාගික, කාමුක ලිංගික ජීවිතයක් ගත කළා. ඔවුන් උත්තරීතර ආදරයකින් වෙලී සිටියා. නමුත් විවාහ ජීවිතය ගැන සිදුහත්ගේ වැඩි ඇල්මක් නොවූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වුනත් ඔවුන්ගේ ප්‍රේමය සුන්දර සුන්දර වූ බව සඳහන් වෙනවා. සිදුහත් තමන්ව අත්හැර තපසට යන බව දැන දැනත් යශෝධරා සිදුහත්ට ආදරය කළා. නමුත් සිදුහත්ව නැවත්වීමට යශෝධරාගේ ආදරය හෝ ඔවුන්ගේ කාමුක බැඳීම ප්‍රමාණවත් වුනේ නැහැ. මොකද සිදුහත්ට ලෝක සත්ත්වයා වෙනුවෙන් ඊටත් වඩා ප්‍රභල ප්‍රේමයක් තම හදවතේ තිබුනා.
    සිදුහත් යශෝධරා හැර යන මොහොතේ සහ ඉන් පසුවටත් සිදුහත් යශෝධරා ආදර කතාව නිමා වුනේ නැහැ. සිදුහත් බුද්ධත්වය ලැබුවාට පසු යශෝධරාවන් සසරින් එතෙර කිරීම දක්වාම ඔවුන්ගේ ආදරය පැවතුනා. හැර යාමම ආදරයක් වුනේ, සසරින් එතෙර කිරීමම ආදරයක් වුනේ ඒ විදියටයි.
    ලිංගිකත්වය කියන්නේ ආදරයේ කොටසක් වුනාට ආදරය කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි. ආදරය කියන්නේ ප්‍රේමයේ කොටසක් වුනත්, ප්‍රේමය කියන්නේ ආදරයම නෙමෙයි. ප්‍රේමය ඊටත් එහා ගිය උත්තරීතර දෙයක් කියලා සිදුහත් සහ යශෝධරාගේ සම්බන්ධතාවය ඔප්පු කරලා තියෙනවා. ඒ ආදර කතාව ප්‍රේම පාරමිතාවක් විදියට අද වගේ(වෙසක්) දවසක බුදු වීම තුලින් සදාතනික වුනේ අන්න ඒ විදියටයි. එතකොට sex කියන්නේ ආදරයේ තියෙන උතුම් බවේ සංඛේතයක් වගේම ආදරයට එපිටින් තියෙන උත්තරීතර ප්‍රේමයට අත්හැරීම තුලින් ගමන් කරන ආකාරය කියා දෙන එක කොටසක්.
    ප්‍රේමය,
    ඉවසිලිවන්තය, කරුණාවන්තය.
    ප්‍රේමය,
    ඊර්ෂ්‍යා වන්නේ නැත.
    පාරට්ටු කරගන්නේ නැත.
    උඬඟු වන්නේ නැත.
    ප්‍රේමය,
    අවිනීත නොවේ.
    ආත්මාර්ථාකාමී ‍නොවේ.
    හනික නොකිපේ.
    නපුර සිතේ ධාරණය කර නොගනියි.
    ප්‍රේමය,
    අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී,
    හරි දේ ගැන ප්‍රීති වෙයි.
    ප්‍රේමය,
    සියල්ල උසුලයි.
    ප්‍රේමයෙහි,
    විශ්වාසයට ඉමක් නැත,
    බලාපොරොත්තුවට නිමක් නැත,
    ඉවසීමට අගක් නැත.
    ප්‍රේමය සදාතනිකය….
  • මට බලතල දුන්නට වැඩක් නෑ – මට අවශ්‍ය වන්නේ නායකත්වය – සජිත් ප්‍රේමදාස අවසානයේ සටනට..

    මට බලතල දුන්නට වැඩක් නෑ – මට අවශ්‍ය වන්නේ නායකත්වය – සජිත් ප්‍රේමදාස අවසානයේ සටනට..

    තමන් නියෝජ්‍ය නායක ධුරයෙන් හො වැඩි බලතල ලබා දීම තුලින් සෑහීමකට පත් නොවන බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

    තමන් සැනසීමට නම් ජනතා පැතුම ඉෂ්ඨ කල යුතු යයිද ඔහු සදහන් කරයි.

    තමනට ලැබෙන තනතුරු තානාත්තර වලින් තමන් තෘප්තියක් නොලබන බවත් එම නම්බු නාම තනතුරු සියල්ල ජනතාව විසින් එක පෑන් පහරින් අවසන් කරනු ඇති බවත් ඔහු කියා සිටී.

    ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා මෙම අදහස් පල කරන ලද්දේ නියෝජ්‍ය නායතකයාට වැඩි බලතල දෙන්නේ යයි එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකින් පසුව වීම විශේෂත්වයකි.

  • ජනපති මෛත්‍රිගේ විශේෂ නියෝගයෙන් බුදු පිළිම වහන්සේලාට පැනවූ ලක්ෂ 32 ක බද්ද ඉවතට……..

    ජනපති මෛත්‍රිගේ විශේෂ නියෝගයෙන් බුදු පිළිම වහන්සේලාට පැනවූ ලක්ෂ 32 ක බද්ද ඉවතට……..

    විදේශයෙන් මෙරටට ගෙන්වනු ලැබූ බුදු පිළිම වහන්සේලා 1000 ක් රේගු ගාස්තුවලින් තොරව නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට නියෝගකර තිබේ.

    රජයේ විධි විධාන හා චක්‍ර ලේඛනයන්ට අනුකුලව රේගු දෙපාර්තමේන්තුව විසින් මෙම පිළිම වහන්සේලා නිදහස් කිරීම වෙනුවෙන් ලක්ෂ 32 ක බද්දක් පනවා තිබිණ.

    ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල් වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වෙසක් පොහොය යෙදුණු ඊයේ (29 ) චීන බෞද්ධ දූත පිරිසක්  විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහන්සේලාට රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක) බදු මුදලක් නියම කිරීම නිසා එම පිලිම බෙදා දිමට නොහැකි වීම සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් (30) රාත්‍රී අතිගරු ජනාධිපතිතුමාව දැනුවත් කර තිබිණ.

    එම අවස්ථාවේදීම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතිගරු ජනාධිපතිතුමා එම පිළිම වහන්සේලා රේගු ගාස්තුවකින් තොරව නිදහස් කිරීමට අදාල පියවර වහාම ගන්නා ලෙස උපදෙස් දී ඇති අතර මෙම කාරණය සම්බන්ධයෙන් තමාව දැනුවත් කිරීම පිළිබඳව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ස්තුතියද පළකර ඇත.

    මෙම පිළිම වහන්සේලා රේගු ගාස්තුවකින් තොරව නිදහස් කර ගැනීම සඳහා එම පිළිම වහන්සේලා ගෙන්වූ බව කියන මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් හෝ වෙනත් කිසිඳු වගකිව යුතු පාර්ශවයක් රේගු දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් කිසිඳු ලිඛිත ඉල්ලීමක් කර නොමැති වාර්තාවේ.

    කෙසේවුවද මේ සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් මෙසේ පැවසුහ.

    ”අද වෙසක් පෝය දවසේ චීන දේශයෙන් මගේ ඉල්ලීමකට අනුව දහසක් මහා සංඝරත්නය පිරිසක් හට දානය පූජා කරන්න සැලසුම් කරලා තිබෙන වෙලාවක, ඒ අයගෙන් මං ඉල්ලීමක් කළා අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා ලංකාව පුරා විසිරිලා ඉන්න වැඩ වෙසෙන  මහා සංඝරත්නය උදෙසා බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලබා දෙන්න කියා,  ඔවුන්  එය ලබා දෙන්නට කැමති වුණා ඉන්පසු මා එවන්න කියා සිටියා. 

    ඒවාගේම මෙරට තිබෙන පිරිත් සූත්‍ර එරටට රැගෙන ගොස් නව තාක්ෂණය ඔස්සේ පටිගත කර කැසට් යන්ත්‍ර  අද මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට බෙදා දෙන්න සූදානම් කර තිබුණා. 

    ඉතින් මේ ලිපි ලේඛන ඔක්කොම අරගෙන ගිහින් කතාබහ කරලා බැලුවට පස්සේ චක්‍රලේඛයක් කියලා එකක් ඉදිරිපත් කළා, ඉතින් මේ  චක්‍රලේඛයෙන් කියන්නේ බුදු පිළිම නිදහස් කරන්න බෑ කියලා.

    මේවාට ලක්ෂ තිස් දෙකක්, මිලියන තුනක් ඉල්ලුවා බදු, ඉතින් මේ චීනෙන් ආපු දූත පිරිසත් බොහොම කණගාටුවට පත් වුණා මේ වගේ අවාසනාවන්ත තත්වයක් මේ ලංකාවෙ තියෙන්නෙ කියලා. 

    ඒ අය මේ රටේ විතරක් නෙවේ ඉන්දියාව, භූතානය, නේපාලය  මෙවැනි ප්‍රතිමා පූජා කර තිබෙනවා. ඒ රටවල මෙවැනි භයානක තත්වයකට මුහුණ දී නොමැති බවයි එම දූත පිරිස පැවසුවේ. ඒ අයගේ හදවත් කම්පා වුණා මේ පුවත ඇහුවට පස්සේ. ”

  • උස ජෙහාන් පොදු අපේක්ෂක සිහිනයක… පක්ෂයේ සහයවත් ඔහුට නෑ – පක්ෂයෙන් ප්‍රකාශයක්…

    උස ජෙහාන් පොදු අපේක්ෂක සිහිනයක… පක්ෂයේ සහයවත් ඔහුට නෑ – පක්ෂයෙන් ප්‍රකාශයක්…

    2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස උස ජෙහාන් නමින් ප්‍රචලිත සුළු ජාතිවාදි පක්ෂයක සාමාජිකයෙක් ඉදිරිපත්වීමේ සුදානමක් තිබෙන බව අපට වාර්තා වේ.
    කෙසේ වෙතත් අප එම පක්ෂයෙන් සිදුකළ විමසුමකදි පක්ෂ ප්‍රබලයෙක් පැවසුවේ පිස්සුද? ඔය කියන කෙනාට පක්ෂයේ බහුතරයවත් නෑ.. එයා හීනේ දකිනවා ඇති. ඒ උනාට එයාගේ ඉතිහාසයත් එක්ක එයාට දිනන්න බෑ කියලා එයා වගේම අපිත් දන්නවා යනුවෙනි… 

     

  • මම තවත් තවත් සටන් කරන්නේ නැහැ – රනිල් හැරදා ඇමති සුජීව සේනසිංහ ශ්‍රිලනිපයට…?

    මම තවත් තවත් සටන් කරන්නේ නැහැ – රනිල් හැරදා ඇමති සුජීව සේනසිංහ ශ්‍රිලනිපයට…?

    පක්‍ෂ ප‍්‍රතිසංවිධානයට තමන් විරෝධය පලකරන බව නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.මෙම තත්වය ඇති වන බව තමන් මුලින්ද කියා සිටි බවත් කමිටු පත් කිරීම ඔළු මාරු කිරීම හැර වෙනත් යමක් සිදුව නැති බවත් ඒ මහතා කියා සිටී.

    ඇමෙරිකාවේ සිට අද (27දා) දිවයිනට පැමිණි අවස්ථාවේදී ආමාත්‍යවරයා මෙම අදහස් දැක්වූ අතර, ඔහු පක්ෂයේ නව නිලධාරී මණ්ලයට විරුද්ධ බවද ප්‍රකාශ කළේය.

    රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතු බවත් පෙරේතකමට එය අල්ලාගෙන සිටිය යුතු නැති බවත් සදහන් කරන ඔහු මෙගින් සිදුවන්නේ පක්‍ෂයත් විනාශ වී රටත් විනාශ වීම යයිද කියා සිටී.එසේම පක්ෂය තුළ තවදුරටත් තමා සටන් නොකරන බවදඒ මහතා කීය.

    “අගමැතිතුමත් සමග ඒක මම සාකච්ඡා කළා. මම කිව්වා විශ්වාස කරන්නේ නෑ පැහැදිලි වෙනසක් කියලා. එක්සත් ජාතික පක්ෂයේ අපි තීන්දුවක් ගන්න ඕන තනි පුද්ගලයෙක් ආරක්ෂා කරන්නද? සුළු පිරිසක්  ආරක්ෂා කරන්නද කියලා. මේ අන්තිම අවස්ථාව. මේ අවස්ථාවේදී බොරු කරලා ඔළු ගෙඩි මාරුකරලා මේක කරගෙන යන්න ගියොත් විශාල විනාශයක්. මම හිතන්නේ දැනටමත්  පක්ෂයේ විශාල ප්‍රමාණයක් විනාශ වෙලා තියෙන්නේ  .

    මේක නායකතුමත් එක්ක මම අවුරුදු හතක් කතා කළා. අපටත් වෙහෙසයි. මොකද විරුද්ධව කතා කරන්න කරන්න අපට පක්ෂය තුළ ඉන්න බැරි වාතාවරණයක් බිහිවෙනවා.

    හැබැයි පක්ෂය තවදුරටත් කරගෙන යන්න බැරි තරමටම අපි හෙම්බත් වෙලා ඉන්නේ පක්ෂයේ තියෙන අඩුපාඩු නිසා.අපේ සටන් කිරීමේ ශක්තිය හීන වෙලා තියෙන්නේ. පක්ෂය තුළ සටන් කරන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද නොයෙකුත් දුක්ගැහැටවලට, පළිගැනීම්වලට මුහුණදෙන්න වෙලා තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ.මම වැඩිදුරටත් සටන් කරන්නේ නෑ. බලාගෙන ඉන්නවා.

    මම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මෙකද මට විශ්වාසයක් තිබුණා මේ වෙනස සිදුවෙන්නේ නෑ කියලා. පොරොන්දු ගොඩක් අවුරුදු ගාණක් දීලා තියෙනවා. කමිටු පත්කරන එකයි ඔළු මාරු කරන එකයි තමයි ගොඩක් වෙලාවට ඉවර වෙලා තියෙන්නේ. පිළිකාව හොයාගන්නේ නැතිව උණටයි හෙම්බරිස්සාවටයි බෙහෙත් කරලා හරි යන්නේ නෑ. පක්ෂයේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තීන්දුවක් ගත යුතු බවයි අපේ අදහස. මේවා අල්ලගෙන පෙරේතකමට හිටියොත් රටත් පක්ෂයත් විනාශ වෙනවා.”

  • දෙරණට ඇවිත් යොවුන් නිලි උදාරි කරපු කොල්ලෝ අවුස්සන සුපිරි නැටුම මෙන්න…

    දෙරණට ඇවිත් යොවුන් නිලි උදාරි කරපු කොල්ලෝ අවුස්සන සුපිරි නැටුම මෙන්න…

    උදාරි වර්ණකුලසූරිය කියන්නේ අපේ රටේ ඉතා ජනප්‍රිය චිත්‍රපට මෙන්ම, ටෙලි නාට්‍ය නිළියක්.

    ඒ වගේම උදාරි කාලෙන් කාලෙට එක එක විදියේ කතාමවන්නියක්.

    පහුගිය සෙනසුරාදා TV දෙරණ නාළිකාවේ ස්ටාර් සිටි ටුවෙන්ටි ටුවෙන්ටි වැඩසටහන සහභාගි වෙමින් අපූරු නර්ථනයක් ඉදිරිපත් කළා.

    වෙනසකට එහි සිද්ධ වුනේ උදාරි නාගත්ත එකයි….

     

  • ප්‍රේමදාස හිටපු ජනපතිවරයා ප්‍රබල දේව ආත්මයක උපත ලබලා –  මහාචාර්යවරයෙක් කියු කතාව .!

    ප්‍රේමදාස හිටපු ජනපතිවරයා ප්‍රබල දේව ආත්මයක උපත ලබලා – මහාචාර්යවරයෙක් කියු කතාව .!

    දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිවරයා මේ වන විට ප්‍රබල දේව ආත්මයකට පත්ව සිටින බව මනාව තහවුරු කර ගැනීමට තමන්ට අවකාශ ලැබී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර පවසනවා. 

    ඔහු පවසන අන්දමට විද්‍යාත්මක දත්ත අනුසාරයෙන් සනාථ කළ නොහැකි ආධ්‍යාත්මික ගුප්ත සන්නිවේදන ක්‍රම පවතියි. එබඳු ක්‍රමයකට රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් දිවංගත වීමෙන් පසු ප්‍රබල දේවත්වයකට පත්ව ඇති බව තමන්ට මනා සේ තහවුරු වී ඇතැයි ඔහු කියයි. 

    මේ බව කියූ  මහාචාර්යවරයා පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අදහස් දක්වා තිබුනා. 
    එම සංවාදය පහතින් ,

    “වැඩි ප්‍රසිද්ධියක් නැතත් මගේ මව අපේ ජන සමාජයේ ජීවත් වූ පරමාදර්ශී කාන්තාවක්. ගුරුවරියක සහ විදුහල්පතිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය ගත කළ ඇය දුෂ්කර පාසලක් වෙනුවෙන් වසර 30 කට ආසන්න කාලයක් කැප කොට බණ මඩුවක් මහ විදුහලක් දක්වා දියුණු කළ, දිළිඳු දරුවන්ගේ ජීවිත සෞභාග්‍යමත් කිරීමට විශාල මෙහෙවරක් කළ කාන්තාවක්. අද එතුමියගේ එම සේවය අගය කිරීම සඳහා වයඹ අධ්‍යාපන අමාත්‍යාංශය එම පාසල පැන්තැනිගොඩ ‘අයිරා අමරසේකර මහා විද්‍යාලය’ නමින් එතුමියට ගෞරවයක් ලෙස නම් කොට තිබෙනවා.සත්කෝරලයේ මහිලා සමිති ව්‍යාපාරයත් ළදරු පාසල් ව්‍යාපාරයත් 60 දශකයේ ආරම්භ කළ එතුමිය ගැමියන් අතර ජීවත් වූ ගැමි දරුවන්ගේ ජිවිත උසස් කොට ඉහළ තැනකට යොමු කිරීමට තමාගේ මුළු මහත් ජීවිතයම කැප කළ විශිෂ්ට චරිතයක්. එතුමිය 2000 වසරේ මාර්තු 11 දින මිය ගිය අතර එතැන් සිට අද දක්වා මා එතුමිය වෙනුවෙන් දිනපතා ආගමානුකූල කටයුතු වල නියළී සිටිනවා. විශේෂයෙන් භාවනාමය පිංකම් බුද්ධානුස්සතිය සහ මෛත්‍රී භාවනාව ආශ්‍රය කර ගෙන එතුමිය සිහිපත් කරනවා. එහිදී මට එතුමිය සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාවක් ක්‍රමානුකූලව ලැබුණා. එම හැකියාව ආරූඪයක් නොවන සිරුරට අපහසු නොවන නිශ්චිත සරල කෙටි සන්නිවේදන ලබා දෙන ලේඛණ ක්‍රමයක්.”

    “ඊට අමතරව එතුමියගේ සේවය ඉදිරියට ගෙන යෑම සඳහා 2000 වසරේ සිට මේ දක්වා මා විසින් එම පාසලේ සියළුම දරුවන්ට පොත පත සහ අධ්‍යාපන උපකරණ ලබා දෙන වැඩ පිළිවෙලක් පවත්වාගෙන යනවා,
    මා විසින් ආරම්භ කොට ඇති අයිරා අමරසේකර අනුස්මරණ පදනම මඟින් නිහඬව කිසිවකුගේ ආධාර උපකාර මත නොරැඳී විශාල දරු පිරිසකට සේවය කිරීමට මට හැකියාව ලැබී ඇත්තේ එතුමියගෙන් ලැබෙන මෙම අනුග්‍රහය නිසා බව මා තරයේ විශ්වාස කරනවා.”

    “මෙලෙස ඉහළ දේව ස්ථරයක සිටින තවත් බොහෝ ආත්මයන් සිටින්න පුළුවන්. එහෙත් ඔවුන් ජීවත්ව සිටි කාලයේ ඔවුන් ඇසුරු කළ අය දූදරුවන්, හිතවතුන් ඔවුන් වෙනුවෙන් මුළු මහත් ජීවිත කාලය පුරාවට නැත්නම් දිනපතාම සිහි කිරිමක් භාවනාමය පිං කිරීමක් සිදු කරන්නේ නැහැ. එනිසා ඒ ආත්මයන් මේ සංසාරයේ දී ඥාතීන්ගෙන් මඟහැරී යනවා.

    එහෙත් මගේ මවට එවැනි තත්වයක් ඇති නොවීමට මා දිනපතා අඛණ්ඩව පුරා 18 වසරක් තිස්සේ කරනු ලබන මෙම භාවනාමය ක්‍රියාදාමය විධික්‍රමයක් ලෙස බලපෑ බවත් ඒ හේතුවෙන් එතුමිය සහ මා අතර ක්‍රමානුකූල සන්නිවේදනයක් ගොඩනගා ගත හැකි වූ බවත් මට විශ්වාස කළ හැකියි. ඒ සම්බන්ධයෙන් ඊට වඩා යමක් කීමට එය ආනුභාවික දත්ත ආශ්‍රයෙන් අප සමාජ විද්‍යාවේ ඉගෙන ගනු ලබන කාරණා ආශ්‍රයෙන් පැහැදිලි කිරීමට මට බැහැ. එසේ කිරීමට, එසේ විග්‍රහ කර පෙන්වීමට මා තුළ උනන්දුවක් සහ ආශාවක්ද නැහැ.”


     

  • ජනපති නියෝගයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්…..

    ජනපති නියෝගයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්…..

    අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමාවේදී, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට ජනපතිගෙන් උපදෙස් ලබාදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ජනාධිපති ලේකම්වරයා  වෙත ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

    හෙළ සිනමා වංශකතාවේ පියා ලෙස සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා අභාවප්ප්‍රාප්තවී තිබෙනවා. මිය යන විට එතුමා අවුරුදු 99 ක් වුනා.

    1919 වර්ෂයේ අප්‍රේල් මස 05 වෙනිදා කොළඹදී උපත ලැබූ ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා සිය අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත පිතර් විදුහලෙන්. අවුරුදු 17 දී ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා මාධ්‍යවේදියෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනු ලබනවා.

    පසුව 1947 වසරේදී සිය මවගේ උපදෙස් මත එංගලන්තය බලා යන ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා එහිදී සිනමාව පිළිබඳව ඉගෙන ගන්නා අතර එහිදී මුණගැසෙන තවත් ශ්‍රී ලාංකිකයෙක් වන හර්වුඩ් ජෑන්ස් සමග එක්ව සිය පළමු කෙටි සිනමා චිත්‍රපටය 1949 වසරේදී නිපදවන අතර එයට සම්මානයක්ද හිමිවුවා.

    පසුව 1952 වසරේදී යලි සිය රට බලා  පැමිණෙන ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා, 1956 වසරේදී සිය පළමු චිත්‍රපටය ලෙස “රේඛාව” නිර්මාණය කරමින් හෙළ සිනමාවට පාතබනවා. එම චිත්‍රපටය දේශීය මෙන්ම විදේශීයවද ගෞරවයට පාත්‍රවනවා. මෙරට සිනමාවේ චිත්‍රාගාරයකින් පිට රූගත කල පළමු චිත්‍රපටය ලෙස හදුන්වන්නේ ” රේඛාව” චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය 1957 වසරේදී අන්තර්ජාතික කෑන්ස් සිනමා උළෙලේ  Palme d’Or සම්මානය සඳහා නිර්දේශ වුවා. 

    1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා අධ්‍යක්ෂණය කරනු ලබන මාර්ටින් වික්‍රමසිංහ ශුරින් විසින් රචිත “ගම්පෙරළිය” චිත්‍රපටයට සරසවි සිනමා උළලේ හොදම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය හිමිවන අතර එම චිත්‍රපටය 3 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලද නියෝජනය කරනු ලබනවා.

    මෙරට සිනමාවට දයාද රැසක් තිලින කර දුන් අචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා අධ්‍යක්ෂණය කරණ ලද චිත්‍රපට හා කෙටි චිත්‍රපටි සංඛ්‍යාව 25 කට අධිකයි.

    හෙළයේ මහා සිනමාවේදියාණනි ඔබට අප නිවන් සුව පතන්නෙමු….!!!

    (මුලාශ්‍රයන් විකිපීඩියා ඇසුරෙන්)

  • පිරිමි ඔබට ලිංගිකත්වයේදී වඩාත් වැදගත්වන කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප මෙන්න….

    පිරිමි ඔබට ලිංගිකත්වයේදී වඩාත් වැදගත්වන කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප මෙන්න….

    කාන්තාවක් ගත්තම ඇයගේ මුලු ශරීරයම ශෘංගාත්මක කලාපයක් කියලා හඳුන්වන්න පුලුවන්… එමඟින් හුදෙක් කාන්තාවට පමණක් නෙමෙයි ඇයගේ ශරීරය ස්පර්ශ කරනු ලබන පුද්ගලයාටද තෘප්තියක් ලැබෙන අයුරින් නිර්මාණය වීම විශේෂයි…

    මුලු ශරීරයම පොදුවේ ශෘංගාත්මක කලාපයක් උනත් කාන්තාවකගේ ලිංගික හැඟීම වඩ වඩාත් උද්දීපනය කරවන්න පුලුවන් විශේෂ කලාප වගයක් තියනවා..

    අන්න ඒ ප්‍රදේශ වලට තමයි අපි අධි ශෘංගාත්මක කලාප කියලා කියන්නේ….

    ප්‍රධාන වශයෙන් ප්‍රදේශ 5ක් හඳුන්වන්න පුලුවන්..මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝ එකෙන් බලන්නකෝ..ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා..

  • ලිංගිකත්වය ගැන ඔබ මෙතෙක් නොඇසු අමුතුම කරුණු 16ක් ගැන ඇත්ත මෙන්න…..

    ලිංගිකත්වය ගැන ඔබ මෙතෙක් නොඇසු අමුතුම කරුණු 16ක් ගැන ඇත්ත මෙන්න…..

    සෙක්ස් ගැන ඔබ මෙතෙක් නොහැසු අමුතුම කරුණු 16ක් මෙන්න…….මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝ එකෙන් බලන්නකෝ..ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා..

  • ලිංගිකව එක් වීමෙන් පසු ඔබත් මුත්‍රා කරනවාද?  එමගින් ඔබට සිදු වෙනදේ මෙන්න….

    ලිංගිකව එක් වීමෙන් පසු ඔබත් මුත්‍රා කරනවාද? එමගින් ඔබට සිදු වෙනදේ මෙන්න….

    ලිංගිකව එක් වීමෙන් පසු ඔබත් මුත්‍රා කරනවාද එමගින් ඔබට සිදු වෙනදේ ඇසුවොත් ඔබ පුදුම වේවි……….මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝ එකෙන් බලන්නකෝ..ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා..