Category: සුපිරි Talks & Jokes

  • සිරිසේන කියන්නේ ස්ථිර ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් – ඇමති ප්‍රසන්න

    සිරිසේන කියන්නේ ස්ථිර ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් – ඇමති ප්‍රසන්න

    ‘මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා අපෙන් පළි ගත්තා. අපි අලුත් පක්ෂයක් හදන්න යනකොට අලුත් පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා කිව්වා. අපි පාරක් ගාණේ ඇවිද්දවනවා කිව්ව මෛත්‍රී අද අපේ පක්ෂයේ නාම යෝජනා හිගා කනවා. ඕකට කියන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මය කියලා’ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කියයි.

    පක්ෂය සමගි කර ගත නොහැකිව සමගි සංධාන බිහි කිරීම තරම් විහිළුවක් තවත් නැතැයි කී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ලකුණක් තෝරා ගත නොහැකි පිරිසක් රට ගොඩ නගන්නේ කෙසේ දැ‘යි ප්‍රශ්න කළේය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කරපු තරමක් කළේ කුඩුකේඩු වැඩ යැයි කී ඔහු එදා අලුත් පක්ෂයක් පිහිටෙව්වොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා යැයි කිවු මෛත්‍රී අද පොහොට්ටුවෙන් අපේක්ෂකත්වය ලබා ගැනීම සදහා හිගමනේ යන බව ද කීවේය.

    උඩුගම්පල රෙජී රණතුංග ශ්‍රවණාගාරයේ දී ඊයේ (08) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයේ දී ඇමතිවරයා මෙම අදහස් පළ කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රණතුංග මහතා මෙසේ ද කීවේය.

    ” රනිල් මෛත්‍රී සුසංයෝගය මේ රට විනාශ කළා. ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වු සජිත් ප්‍රේමදාස මහතා අද හැසිරෙන්නේ මැරිලා ඉපදිලා වගේ. රනිල් මෛත්‍රී සජිත් කියන්නේ එකම අච්චුවේ බඩු තුනක්. මේ තුන්දෙනා වගේ ම ඒ ආණ්ඩුවේ හිටපු. ඒ ආණ්ඩුවට කත් ඇද්ද අයත් අද මේ රට පත්වෙලා තියෙන තත්ත්වයට වග කිව යුතුයි. කාටවත් ඒ වගකීමෙන් මිදෙන්න බෑ. ඒ අවුරුදු හතර හමාර තුළ මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. ව්‍යාපාර වැහුණා. කොම්පැණි වහලා ආයෝජකයෝ ආයේ ගියා. ජාතික ආරක්ෂාව බල්ලට දැම්මා රටේ ආර්ථිකය කඩන් වැටුනා. අපි හදපු වරායවල්, ගුවන් තොටුපළවල් කුණු කොල්ලෙට වික්කා. රටක් හදපු, රට ගොඩ නගපු ජනතාවට ජීවිත දානය දුන් නායකයාව ගෙදර යවලා 2015 දි පත් කර ගත්තේ තක්කඩි රැළක්. 

    මේ තක්කඩි රැළට එරෙහිව අපි සටන් කරද්දි රනිල් මෛත්‍රී හවුල අපෙන් පළි ගත්තා. අපි අලුත් පක්ෂයක් හදන්න යනකොට අලුත් පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා කිව්වා. අපි පාරක් ගාණේ ඇවිද්දවනවා කිව්ව මෛත්‍රී අද අපේ පක්ෂයේ නාම යෝජනා හිගා කනවා. ඕකට කියන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මය කියලා. මෛත්‍රී තනිකරම රටට කළේ කුඩුකේඩුකම්. පක්ෂයට කළේ කුඩුකේඩුකම්. මමනම් සතපහකට ඔය මනුස්සයව විශ්වාස කරන්නේ නෑ. විශ්වාස කරන්න බෑ. කියන්නේ එකක්. කරන්නේ තව එකක්. උදේට කියන දේ දවල්ට වෙනස් කරනවා .රෑට ආපහු වෙනස් කරනවා. ඒ වගේ අයව අපි කොහොමද විශ්වාස කරන්නේ. දැන් මහින්ද මහත්තයා ළග අඩා වැටිලා ආපහු තනතුරු වරප්‍රසාද වෙනුවෙන් කඩා ගෙන නොයයි කියලා විශ්වාසය තියෙන අපිත් එක්ක නිවැරිදි ලෙස හිටගන්න අපිව දාලා යන්නේ නැති මිනිස්සුයි අපි පාර්ලිමේන්තුවට යවන්න ඔනේ.

    එක්සත් ජාතික පක්ෂය අද සී සී කඩ වෙලා ඉවරයි. සජිත් එක පැතත්ක රනිල් එක පැත්තක කරු එක පැත්තක මේ අය තවත් ලකුණක් හොයා ගන්න බැරිව රණ්ඩු වෙනවා. පක්ෂය එකට තියාගන්න බැරුව රට ගොඩ නගන්නේ කොහොමද? එක වෙලාවකට කියනවා හදවතින් එනවාලු. තව වෙලාවක කියනවා ටෙලිෆෝනයෙන් එනවලු. ආයෙත් හංසයා ගැනත් කියනවා. අලියාගෙන් එනවා කියලත් කථා වෙනවා. මැතිවරණ කොමසාරිස්ටත් ලියුම් යවනවා. මම නම් ඕකට හොද ලකුණක් කිව්වා ( සභාවෙන් – බුරුවා බූරුවා ලකුණ බුරුවා) නෑ නෑ බුරුවා ලකුණ හොද වැඩීයි. සීනුව අලියාගේ වලිගේ ගැට ගහන්න ඕනේ. ටෙලිෆෝන් එක බෙල්ලේ එල්ලලා හංසයාව මූණට දාගෙන හදවත පිටුපසට දාලා එකතු කරලා ලකුණක් හදාගත්ත නම් තමයි හොද.

    19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොදයි කියපු උදවිය අද ඒක නරකයි කියනවා. මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ අතපය බැදලා. අගමැතිටත් වැඩ කරන්න විදිහක් නෑ. අපි නම් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනකොට විරුද්ධ වුණා. අත් බැදලා ජනාධිපතිටයි, අගමැතිටයි වැඩ කරන්න බෑ ඒ නිසායි අපි කියන්නේ තුනෙන් දෙකේ බහුතර බලයක් අපිට දෙන්න කියලා.

    මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභවේ සභාපති කුමාර අරංගල්ල, නගරාධිපති නීල් ජයසේකර වන මහත්වරුද කථා කළහ.

  • ආණ්ඩුවේ රෙදි ගැළවූ බිමල් රත්නායකගේ සුපිරි කතාව මෙන්න

    ආණ්ඩුවේ රෙදි ගැළවූ බිමල් රත්නායකගේ සුපිරි කතාව මෙන්න

    මේ ආණ්ඩුව පොරොන්දු වුණු රැුකියා ලක්‍ෂයේ වැඩපිළිවෙළත් උපාධිධාරීන්ට රැුකියා ලබාදීමේ වැඩසටහනත් විශාල අර්බුදයකට ලක්වෙලා. වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ මෙම රැුකියා ලබාදීමේ වැටසටහන ගැටලූ ගණනාවක් මතුකර තිබෙනවා. රනිල් මෛතී‍්‍ර ආණ්ඩුව උපාධිධාරීන්ට රැුකියා ලබානොදුන් නිසා විශාල ප‍්‍රමාණයක් රැුකියා විරහිතවත් ඌණ රැුකියාලාභීන් ලෙසත් සිටිනවා.

    උපාධියට ගැලපෙන රැුකියාවක් ලබාදෙන්න ආණ්ඩුවලට වැඩපිළිවෙළක් නැති නිසා උපාධිධාරීන් දැඩි පීඩාවකට ලක්වෙලා. ඇතැම් උපාධිධාරීන් රැුකියාවක් ලබාගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡුන්දය ලබාදුන්්නා. ආණ්ඩුවේ කළමනාකරණයේ දුප්පත්කමත් ආණ්ඩුකරණය නොදන්නා නිසාත් උපාධිධාරීන්ට රැුකියාව ලබාදෙන්න අසමත් වෙලා. උපාධිධාරීන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කරලා ඔවුන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි කරලා තිබෙන නිසා ඔවුන්ගේ තොරතුරු ආණ්ඩුව සතුව තිබුණා. ජනාධිපති පත්වෙලා මාස 04ක කාලයක් පසුවෙමින් තිබියදී එම පොරොන්දුව ඉටුකරගන්න බැරිවෙලා තිබෙනවා.

    මේ ආණ්ඩුම මුලින්ම උපාධිධාරින්ට රැුකියා ලබාදීම දේශපාලන වැඩක් බවට පත්කරගත්තා. උපාධිධාරීන් මැතිවරණයේදී කැන්වසින්වලට යොදාගන්නා දේශපාලන හෙංචයියන් බවට පත්කරගන්න උපාධිධාරීන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ගෙවල්වලට ගෙන්වලා ලියාපදිංචි කරන්න උත්සාහ කළා. නමුත් එම කටයුතුවලට එල්ල වූ විරෝධය නිසා උපාධිධාරීන් ආණ්ඩුවේ දේශපාලන අතකොලූවක් කරගැනීම වැළකුණා. ආණ්ඩුව ජනවාරි මාසයේ පත්වීම් දෙන බව කිව්වා. පසුව පෙබරවාරිවලට කල් දැම්මා. ආණ්ඩුව කිව්වේ මාර්තු 02 පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් පත්වීම් දෙනවා කියලා. අවසානයේදී ලිපි යැව්වේ පෙබ.28වැනිදා. ඇතැම් අයට ලිපි ලැබිලා නැහැ. ඇතැම් අයට ලැබුණු ලිපිවල විශාල අඩුපාඩු තිබෙනවා. ඉතාම පහසුවෙන් ලබාදිය හැකි උපාධිධාරීන්ගේ පත්වීම් ටිකවත් ආණ්ඩුවට දෙන්න බැරිවුණා. අන්තිමේදී මැතිවරණ සමය නිසා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මෙම පත්වීම් අත්හිටවනු ලැබුවා.

    ඕනෑම කෙනෙක් දන්නවා, මැතිවරණ සමයකදී පත්වීම් ලබාදීම මාරුකිරීම් සහ උසස්වීම් දේශපාලන අල්ලස් බවට පත්වන නිසා ඒවා නවත්වන බව. මේ නිසාම දැන් උපාධිධාරින් විශාල අපහසුතාවයකට පත්වෙලා තිබෙනවා. අනෙක් පැත්තෙන් මුදල් කෝටි ගණන් වියදම් කරලා රජයේ ආයතන විශාල ගණනක් මැදිහත් වෙලා ගෙනගිය වැඩසටහන අසාර්ථක වෙලා. උපාධිධාරීන්ට රැුකියා ලබාදෙන්න බැරිවෙලා තිබෙනවා. මේ ආණ්ඩුව උපාධිධාරීන් රැුවටීමකට ලක්කළා. හෙම්බත් කළා. ආණ්ඩුවට ඇත්ත වුවමනාවක් තිබුණනම් පාර්ලිමේන්තුව මාර්තු 02වැනිදා විසුරුවනවා වෙනුවට තව සතියක් පහුකරලා පත්වීම් ටික දීලා විසුරුවන්න තිබුණා. මේ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව ඔප්පුකර තිබෙනවා.

    මෙවැනි තත්වයක් තිබියදී ජනාධිපතිවරයා තමන්ගේ මඩ බලකාය යොදාගෙන උපාධිධාරී පත්වීම් දෙන්න ජවිපෙ විරුද්ධ වුණා කියලා සමාජ ජාලා තුළ මඩ ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. අපි ඉතාම වගකීමෙන් කියනවා උපාධිධාරීන්ට රැුකියා ලබාදීම වෙනුවෙන් වැඩිම හඬ නැගීමක් කළේ ජනතා විමුක්ති පෙරමුණත් අප පක්‍ෂයට අනුබද්ධ තරුණ සහ ශිෂ්‍ය සංවිධානත් වෘත්තීය සමිතිත් උපාධිධාරී සංවිධානත් බව. අපේ පක්‍ෂයේ අනුර දිසානායක සහෝදරයා ජනවාරි මාසය අගදී පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් මේ පිළිබඳව ප‍්‍රශ්න කළා.

    මා, පෙබරවාරි මාසයේදී අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් උපාධිධාරීන්ට රැුකියා ලබාදීමේ ගැටලූව පිළිබඳව විමසීමක් කළා. ඒ වගේම පෙබරවාරි මාසයේදීම පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප‍්‍රශ්න කළා. ඒ වගේම මා සහභාගී වන ව්‍යවස්ථාදායක සභාවේ රැුස්වීමකට පෙර එතැනට සහභාගී වූ අගැමැතිවරයාගෙන් මෙම රැුකියා ලබාදීමේ වැඩසටහන පිළිබඳවත් ඔවුන්ගේ වයස සීමාව පිළිබඳවත් ඌණ සේවා වියුක්තිය පිළිබඳවත් කතා කළා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ තරුණ සහ ශිෂ්‍ය ව්‍යාපාරත් රුකියා විරහිත උපාධිධාරී සංවිධාන එක්ව රැුකියා ලබාදීමේ අඩුපාඩු පිළිබඳව විරෝධතා පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කළා. ජවිපෙ මන්තී‍්‍රවරු විවිධ අවස්ථාවලදී ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් මේ පිළිබඳව විමසලා තිබෙනවා. රනිල්-මෛතී‍්‍ර ආණ්ඩුවට වැඩ බැරි නිසා තමයි වැඩ කරන්න මේ ආණ්ඩුව ආවේ. දැන් මේ ආණ්ඩුවත් වැඩ බැරිකම නිසා ජවිපෙට එරෙහිව මඩ අවලාද ගහනවා. දින 100ක් ඇතුළත මේ තරම් අසාර්ථක වුණු බංකොළොත් ජනාධිපතිවරයෙක් අපි දැකලා නැහැ. උපාධිධාරීන්ට රැුකියා ලබාදීම වැනි ඉතාම සරල වැඩක් කරගන්න බැරි ආණ්ඩුවක් ගැන වෙන මොන කතාද? ආණ්ඩුවේම ඇමතිවරු කියනවා, රැුකියා ලබාදීමේ වැඩසටහන අනාගත්තා කියලා.

    ඒ වගේම මේ ආණ්ඩුව පොරොන්දු වුණු රැුකියා ලක්‍ෂයේ වැඩසටහන අසාර්ථකයි. ආණ්ඩුව පොරොන්දු වුණේ සා.පෙළ අසමතුන් ලක්‍ෂයකට ආණ්ඩුවේ රැුකියා ලබාදෙනවා කියලා. එහි සම්මුඛ පරීක්‍ෂණය මහා ජංජාලයක් බවට පත්වෙලා. සම්මුඛ පරීක්‍ෂණවලට සාපෙළ සමතුන්, උපෙළ සමතුන් වගේම ඌණ සේවා වියුක්ති උපාධිධාරීන් පවා එනවා. ඇතැම් සාපෙළ අසමතුන්ට සම්මුඛ පරීක්‍ෂණවලදී විවිධ සීමාකම් පනවනවා. උදාහරණයක් ලෙස මව සනීපාරක්‍ෂක කම්කරුවෙකු නම් පුතාට රුකියාව නැහැ. සම්මුඛ පරීක්‍ෂණ සඳහා හමුදා නිලධාරීන් යොදා ගන්නවා. රැුකියා ලක්‍ෂයේ වැඩසටහන හමුදා ඒජන්සියක් බවට පත්කරන්නයි ආණ්ඩුව කටයුතු කරන්නේ. හමුදාව සිවිල් කටයුතුවලට යොදා ගැනීම රටේ පරිපාලනය බිඳ වැටීමක්. ලෝකයේ කිසිදු රටක් තමන්ගේ හමුදාව සිවිල් පරිපාලන කටයුතුවලට යොදා ගන්නේ නැහැ. ඒ වගේම මොවුන් මෑන් පවර් ඒජන්සියකට අනුයුක්ත කරන තත්වයක් ඇතිකරලා තිබෙනවා. අපි ආණ්ඩුවට කියනවා, තරුණ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා කියලා.

    ජනාධිපති ධූරයට පත්්වීමෙන් පසු ගතවූ දින 100 සෑහීමකට පත් නොවන බවත් අසාර්ථක බවත් ජනාධිපතිවරයාම පිළිගෙන තිබෙනවා. එයට හේතුවක් ලෙස ජනාධිපතිවරයා සඳහන් කරන්නේ 19වැනි සංශෝධනයයි. 19වැනි සංශෝධනය කියන්නේ මොකක්ද? ජනාධිපතිවරයා සතුව තිබූ බලතල අගමැතිවරයා යටතටත්, ස්වාධීන කොමිෂන් සභා යටතටත් යම් ප‍්‍රමාණයක් ජනාධිපතිවරයා යටතටත් පත්කරමින් ගෙනාපු සංශෝධනයක්. අපි අහනවා, ගෝඨාභය රාජපක්‍ෂ මේ කියන්නේ තමන්ගේ අයියත් එක්ක වැඩ කරන්න බැහැ කියලද? වෙන වෙන කතා නොකියා ඒක කෙලින් කියන්න. ජනාධිපතිවරයාට කොමිෂන් සභා එක්ක වැඩ කරන්න බැරිද? මීට පෙර හිටපු ජනාධිපතිවරු කොමිෂන් සභා එක්ක වැඩ කළා. අපි පැහැදිළිව අහනවා, මහින්ද එක්ක වැඩ කරන්න බැහැ කියලද මේ කියන්නේ? ඒ වගේම 2/3 ගැනත් කතා කරනවා. අපි ජනාධිපතිවරයාගෙන් අහනවා,

    රැුකියා ලක්‍ෂය ලබාදෙන්න බැරිවුුණේ උපාධිධාරී රැුකියා ලබාදීමේ වැඩසටහන අනාගත්තේ, පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න බැරිවුණේ, මහ කන්නයේ ගොවීන්ට පොහොර ටික දෙන්න බැරිවුණේ, වතු කම්කරු දෛනික වැටුප රු.1000ක් කරන්න බැරි වුණේ 2/3 නැති නිසාද කියලා. ඒ වගේම විල්පත්තුව ආසන්නයේ කැලෑ කපන එක වළක්වන්න බැරිවුණේ, කිසිදු පරිසර වාර්තාවක් නැතිව විවිධ ව්‍යාපෘති සඳහා කැලය විනාශ කරන එක වළක්වන්න බැරි වුණේ 2/3 නැති නිසාද? මේ වනවිට බැංකු සේවකයින් වැඩ වර්ජනයක් දියත් කොට තිබෙනවා, බැංකුවේ ඉහළ තනතුරුවලට ¥ෂිතයින් එපා කියලා. අපි අහනවා, ¥ෂිතයින් පත්කරන එක නවත්වන්න බැරි වුණේ 2/3 නැති නිසාද? එයාර් බස් ගනුදෙනුවට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්න බැරිවුණේ 2/3 නැති නිසාද? ඒ වගේම අපි ජනාධිපතිරයාගෙන් අහනවා, 2/3 නැති නිසා කරගන්න බැරිවුණු ජනතාවාදී කි‍්‍රයාමාර්ග මොනවාද කියලා.

    අපි පැහැදිළිවම කියනවා ජනාධිපතිවරයා මේ ආරම්භ කරන්නේ ඒකාධිපති ගමනක්. ඔහු කියා තිබුණා, උසාවියත් පාර්ලිමේන්තුවත් ඔහුගේ කටයුතුවලට බාධා කරන්න එපා කියලා. පාර්ලිමේන්තුව තමයි රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීම ආයතනය. ජනතාවගේ ඡුන්දයෙන් පත්වන නියෝජිතයින් ඉන්නේ පාර්ලිමේන්තුවේ. ජනාධිපතිවරයා කියන්නේ තනි පුද්ගලයෙක්. ජනාධිපතිවරයා එක ඡුන්දයක් දිනලා ඇවිත් කියනවා, උසාවියත්, පාර්ලිමේන්තුවත්, නීතිපතිත් තමන්ගේ වැඩවලට බාධා කරන්න එපා කියලා. ඔහු මේ ප‍්‍රකාශය කරන්නේ නොදන්නාකමටද? තමන්ට වැඩ කරන්න බැරිකමටද කියලා අපි දන්නේ නැහැ. ඔහු 19 ගැනත් නීතිය ගැනත් අවබෝධයක් තිබෙනවා කියලා අපි හිතනවා. ඒනිසා තමන්ගේ බැරිකමට 19 බිලිබාන්න උත්සාහ කරන්න එපා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුලන කිසිදු කි‍්‍රයාමාර්ගයකට අපි ඉඩ තබන්නේ නැහැ.

    2/3 බලය නොමැතිව පහසුවෙන්ම කරන්න පුළුවන් තව එක දෙයක් ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන්න කැමතියි. 2/3 නොමැතිව ජනාධිපතිවරයාට එම්.සී.සී. ගිවිසුම අහෝසි කරන්න පුළුවන්. අපි ජනාධිපතිවරාගෙන් අහනවා, එම්.සී.සී. ව්‍යාපෘතියට සම්බන්ධ ඇමරිකන් නියෝජිතයෝ තවමත් ලංකාවේ ඉන්නවා නේද? ඔවුන්ට එම්.සී.සී. ගිවිසුම අහෝසි කරන බව ලිඛිතව දැනුම් දුන්නේ නැහැ නේද? සෝෆා, ඇක්සා ගිවිසුම් අහෝසි කරන්න 2/3 බලය අවශ්‍ය නැහැ නේද? නටන්න බැරි මිනිහා පොළොව ඇදයි කියනවා. ජනාධිපතිවරයාත් තමන්ගේ බැරිකම වහගන්න විවිධ කතා කියනවා.

    ඒ වගේම මේ ආණ්ඩුව ජනාධිපතිවරණයේදී පොරොන්දු වුණා වතු කම්කරු දෛනික වැටුප රු.1000ක් කරනවා කියලා. එම වැටුප මාර්තු 02වැනිදා සිට ලබාදෙන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. නමුත් අද මාර්තු 08වැනිදා. තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ. වතු කම්කරුවන් කියන්නේ අපේ රටේ ඉතාම දුප්පත් කම්කරුවන් පිරිසක්. ඔවුන්ට පොරොන්දු ලබාදීලා ඔවුන්ගෙන් ඡුන්දය ලබාගෙන පොරොන්දු ඉටු නොකිරීම ඔවුන්ට කරන බරපතල නිග‍්‍රහයක්.

    මේ වනවිට මුලූ ලෝකය පුරා කොරෝනා වෛරසය පැතිර යමින් තිබෙනවා. විශේෂයෙන් ලංකාවේ වැඩි පිරිසක් සිටින ඉතාලිය, දකුණු කොරියාව වැනි රටවල ව්‍යාප්තිය වැඩි වෙමින් තිබෙනවා. උතුරු ඉතාලියේ ලොම්බාඩියා ප‍්‍රාන්තයට පිටතින් ඇතුල්වීම සහ ප‍්‍රාන්තයෙන් එළියට යාම නවත්වා තිබෙනවා. එක් ශී‍්‍ර ලංකා කාන්තාවකට රෝගය වැළඳුණු බවට වාර්තා වෙනවා. මිලානෝ සහ ලොම්බාඩියා ප‍්‍රාන්ත ප‍්‍රදේශයේ ශී‍්‍ර ලාංකිකයින් 20,000-30,000ක් ජීවත්වන බව වාර්තා වෙනවා. ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් අත්‍යාවශ්‍ය වෙලා තිබෙනවා. මෙහි ප‍්‍රධාන ගැටලූව වෙලා තිබෙන්නේ එම ප‍්‍රාන්තයේ සියලූම නිවේදන නිකුත් කරන්නේ ඉතාලි භාෂාවෙන්. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා, එම ප‍්‍රාන්තයේ තිබෙන කොන්සියුලර් ජෙනරල් කාර්යාලය එම සියලූ නිවේදන හැකි ඉක්මනින් සිංහල භාෂාවෙන් නිකුත් කිරීමට මැදිහත් වෙන්න කියලා. මොකද, එම නිවේදනවල තිබෙන උපදෙස් ශී‍්‍ර ලාංකේය ජනතාවට හැකි ඉක්මනින් සම්පේ‍්‍රෂණය කිරීම වැදගත් වන නිසා. අනෙක් පැත්තෙන් එම කොන්සියුලර් ජෙනරල් කාලර්යාලට ස්ථිර ජෙනරල්වරයෙක් නැති නිසා කටයුතු කරගැනීම බාධාවක් වෙලා තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයා පත්වෙලා මාස හතරකට ආසන්න කාලයක් ගතවෙමින් තිබියදී එම තනතුරුවලට පත් නොකිරීම ගැටලූසහගත තත්වයක්.

    ඉදිරි මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන ගණනාවක් නියෝජනය කරන ජාතික ජන බවේගය මාලිමාව ලකුණින් මැතිවරණයට ඉදිපත් වෙනවා. මේ වනවිට සියලූම දිස්ති‍්‍රක්කවල නාමයෝජනා 99%ක්ම අවසන් වෙලා තිබෙනවා. ලබන 17,18, 19 යන දින තුනේම සියලූම දිස්ති‍්‍රක්කවලට නාම යෝජනා බාර දීමට කටයතු කරනවා. ලබන 10වැනිනාද වනවිට ජාතික ලැයිස්තුව නම් කිරීමට කටයුතු කරනවා.

    මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්

    රවී කරුණානායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව කරන්නේ නාටකයක්. අපි පැහැදිළිව කියනවා, හොරු විසින් හොරු අල්ලන්නේ නැහැ කියලා. මෙය ඡුන්දය ඉලක්ක කරගෙන කරන නාටකයක් පමණයි. ඒ වගේම මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප‍්‍රධාන චූදිතයා බවට චෝදනා එල්ල වන්නේ රනිල් වික‍්‍රමසිංහටයි. නමුත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කිසිදු නියෝගයක් නිකුත්කර නැහැ. රවී කරුණානායක අත්අඩංගුවට ගන්න කියලා දැන් පැය 48කට වැඩියි. එජාප ආණ්ඩුව කාලයේ වර්තමාන ආණ්ඩුවේ හොරු හැංගිලා හිටියේ එජාප ආණඩුවේ ඇමතිලාගේ ගෙවල්වල. ඒ නිසා අපට දැඩි විශ්වාසයක් තියෙනවා, රවී කරුනානායකත් හැංගිලා ඉන්නේ මේ ආණඩුවේ ප‍්‍රබලයෙක්ගේ ගෙදර කියලා. ඒ වගේම මේ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ වෝහාරික විගණන වාර්තාව මහින්ද කණ්ඩායමේ මන්තී‍්‍රවරුන්ට ගැර`ඩියන්ට භූමිතෙල් වගෙයි. විගණන පාර්තාව පිළිබඳ දින දෙකේ විවාදයේදී රාජපක්‍ෂ කණ්ඩායමේ මන්තී‍්‍රවරුන්ගේ කළබලය අපි හොඳටම දැක්කා. ඒ වගේම මේ බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවේ මහින්දගේ හොරු කණ්ඩායම රනිල්ගේ හොරු කණ්ඩායමත් දෙගොල්ලම ඉන්නවා. ඒ නිසා මේ මැතිවරණ සමයේ රවී සහ රාජපක්‍ෂ නාට්‍යය බලාගන්න ජනතාවට පුළුවන්.

    එජාපයේ බල පොරයත් තනතුරු පොරයත් දිගටම තිබෙන එකක්. මේ නිසාම ඔවුන්ගේ පාලන කාලයත් අසාර්ථක එකක් බවට පත්වුණා. දැනුත් ඔවුන්ගේ එම අසාර්ථකභාවයන් පෙන්වමින් තිබෙනවා. ඒ නිසා එජාපය දැන් රට ගැනවත් ඔවුන්ගේ පාක්‍ෂිකයින් ගැනවත් හිතන්නේ නැහැ. ඒ නිසා එජාපය දියවෙලා යන තත්වයක් ඇතිවෙලා තිබෙනවා. මේ බවට එජාප පාක්‍ෂිකයින් තේරුම් ගත යුතුව තිබෙනවා. අපේ රටේ තිබෙන්නේ ප‍්‍රධාන පක්‍ෂ දෙක පමණක් නෙවෙයි. එජාපයේ බල පොරය නිසා ආණ්ඩුවට වාසියක් වෙනවා කියලා කල්පනා කරන්න ඕන නැහැ. සංවිධාන ගණනාවකින් සමන්විත ජාතික ජන බලවේගය වටා ජනතාවට ඒකරාශී වෙන්න අවස්ථාවක් දැන් උදාවෙලා තිබෙනවා.

    රාජපක්‍ෂලාට වැඩ බැරි නිසා අධිකරණයට ගහන්න පටන් අරගෙන තිබෙනවා. අධිකරණයට සිදුකරන මෙම බලපෑම අපි හෙළා දකිනවා. අධිකරණයට සිදුකරන මෙම බලපෑම ජාත්‍යන්තර වශයෙන් ලංකාව වටලෑමකට හේතුවක් වෙන්න ඉඩ තිබෙනවා. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ජිනීවාවලට ගිහින් ඔහුගේ ප‍්‍රකාශයේදී කිව්වේ 31 වගන්තියෙන් ඉවත් වෙනවා කියලා පමණක් නොවෙයි. මානව හිමිකම් පිළිබඳ කි‍්‍රයාමාර්ග ලංකාවේදී ආරම්භ කරන බව ඔහු ප‍්‍රකාශ කළා. ඒවා කළ යුත්තේ ලංකාවේ අධිකරණ මගින්. ඒ නිසා ලංකාවේ අධිකරණවලට කරන බලපෑම ජාත්‍යන්තර වශයෙන් අභියෝගයක් බවට පත්වෙන්න ඉඩ තිබෙනවා.

  • මං කැබිනට් ඇමති වුණත් ගෙදර කැබිනට් ඇමති මගේ නෝනා – ඇමති ප්‍රසන්න

    මං කැබිනට් ඇමති වුණත් ගෙදර කැබිනට් ඇමති මගේ නෝනා – ඇමති ප්‍රසන්න

    වසර 05ක් තිස්සේ අපායක් බවට පත් කළ රටක් මාස 03 කින් දිව්‍ය ලෝකයක් කල නොහැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ වැටී  තිබෙන රට ගොඩ නැගීම සදහා මෙරට කාන්තාවන්ගේ දායකත්වය අත්‍යවශ්‍යය බවයි. ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටු ආණ්ඩුවක් බිහි කර ගෙන රට ආරක්ෂා කර ගැනීමට එක්වන්නැ‘යි තමන් මෙරට කාන්තා පරපුරෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කීවේය.

    ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමි ව මිනුවන්ගොඩ උඩුගම්පළ දී පැවති කාන්තා දින සැමරුමේ දී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේය. අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහභාගිත්වයෙන් රැස්වීම පැවැත්විණ.

    මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “කිසියම් සිද්ධියක් රටේ වෙනකොට ඒ පිළිබද රටේ මුලින් ම සංවේදී වෙන්නේ කාන්තාවන්. 88,89 භිෂණ කාලේ රටේ හැමතැනම ටයර් සැයවල් ඉදි වෙනකොට ඒකට මුලින් ම බය වුණේ ගම්වල අම්මලා. UNP ආණ්ඩුව තරුණයන් ව අමානුෂික ලෙස ඝාතනය කරලා ටයර් සෑයවල් වල දවන අමානුෂික කාලයක් තිබුණා. ඒ කාලයේ මමයි තාත්තායි තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ අතුරුදහන් වෙච්ච අයව හොයන්න ගියේ. තමන්ගේ දරුවෝ. ස්වාමිපුරුෂයෝ අතුරුදහන් වෙච්ච කාන්තාවෝ ආණ්ඩුවට ශාප කරපු හැටි අපි දැක්කා. 88,89 කාලයේ ඝාතනයට ලක් වෙච්ච තරුණ තරුණියන්ගේ ශාපය තමයි අද එක්සත් ජාතික පක්ෂය දියවෙලා යන්න හේතුව. කොටි යුද්ධය වෙලාවෙත් මේ රටේ කාන්තාවෝ ජීවත් වුණේ බයෙන්. යුද්ධය අවසන් කරපු නිසා තමයි මේ රටේ කාන්තාවන් අද බයක් සැකක් නැතුව ජීවත් වෙන්නේ.

    වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය විශේෂ තැනක් කාන්තාව වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන් ම කාන්තා හිංසනය ළමා අපචාර නැති කරන්න විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවා. ග්‍රාමිය කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලකුත් යෝජනා කර කිබුණා. පහුගිය මාස තුනේ විපක්ෂය කළේ අපේ කකුලෙන් අදින එක. නිසා අපි ඉදිරියේ දී පිහිටුවන ආණ්ඩුවක දී කාන්තාවක් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වැඩ පිළිවෙල ක්‍රියාවට නංවනවා. පහුගිය ආණ්ඩුව වසර 05 ක් තිස්සේ මේ රට අපායක් බවට පත් කළා. අවුරුදු 05ක් අපායක් බවට පත් කළ රටක් මාස තුනෙන් ගොඩ ගන්න බෑ..

    මහින්ද මහත්තයා පැරදුණාම ලග හිටපු අය මහින්ද මහත්තයව දාලා ගියා. එතුමාව පාවා දුන්නාත ඒත් කළගුණ දන්න මහින්ද මහත්තය එක්ක කතාවත් කරලා නැති මිනිස්සු එතුමාව නැවත රටේ බලයට ගේන්න කථා කළේ, වැඩ කළේ. 2015 ජනවාරි 08 වන දා පැරදුණාට පස්සේ අපි නොයෙකුත් අභියෝග වලට මුහුණ දුන්නා. ඒත් අද අපි ඒ සටන ජයග්‍රහණයේ අභිමුවට ගෙනවිත් තියෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ මහින්ද මහත්තයා අගමැති වුණා. එකක් දින 56 කට අනික දැන්. හැබැයි මේ දෙකම පත් වෙලා තියෙන්නේ ජනාධිපතිවරයා එතුමාව අගමැති ලෙස නම් කරපු නිසා. මහින්ද මහත්තයා කියන්නේ රටට අභය දානය දුන් නායකයෙක්. රටේ ජනතාවට ජීවත් වෙන්න පරිසරය හැදු නායකයෙක්. එතුමාට තුනෙන් දෙකක බහුතර බලයක් සහික ආණ්ඩුවක් පිහිටුවන්න අපි කටයුතු කරන්න ඕනේ. මේක තමයි ජනතා ඡන්දයෙන් මහින්ද මහත්තයව බලයට ගේන්න පුළුවන් අවස්ථාව. බඩ ගැන හිතන මිනිස්සුන්ට වඩා රට ගැන හිතන මිනිස්සුන්ට නැවත අවස්ථාවක් ලැබිලා තියෙනවා.

    මම මහඇමති වෙච්ච කාලෙත් කියපු දෙයක් තමයි බස්නාහිරට මහඇමති මම වුණාට ගෙදරට මහඇමති මගේ නෝනා කියලා. දැන් මං කැබිනට් ඇමති වුණත් ගෙදර කැබිනට් ඇමති මගේ නෝනා. ඕක මට විතරක් නෙමෙයි මහින්ද මහත්තයටත් එකයි, චමල් මහත්තයටත් එකයි. ඒ නිසා මේ රටේ කාන්තාවන්ට තිබෙන අයිතිය පාවිච්චි කරලා එළඹෙන මහා මැතිවරණයේ දී රට ජයග්‍රහණය කරන්න කැප වෙන්නැ‘යි ඉල්ලා සිටිනවා.

    හිටපු පළාත් සභා මන්ත්‍රී කෝකිලා හර්ෂණි ගුණවර්ධන, අශෝකා ලංකාතිලක යන මහත්මීන් ද මෙහි දී කථා කලහ.

  • සජිත් ප්‍රේමදාසට ගැළපෙන ‘නියම ලකුණ’  ප්‍රසන්න යෝජනා කරයි

    සජිත් ප්‍රේමදාසට ගැළපෙන ‘නියම ලකුණ’ ප්‍රසන්න යෝජනා කරයි

    ලකුණක් සොයා ගත නොහැකිව අසරණ වී සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලකුණක් යෝජනා කළේය.

    අද (08) මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මධ්‍යම බල මණ්ඩල රැස්වීමේ දි ඇමතිවරයා කීවේ එක්සත් ජාතික පක්ෂය අද ලකුණවලට රණ්ඩු වන බවයි. එක් පාර්ශවයක් අලියා ඉල්ලද්දි අනෙක් පාර්ශවය හදවත ඉල්ලන බව තවත් පාර්ශවය දුරකතනය ඉල්ලන බවත් ඇමතිවරයා කීවේය. රැස්ව සිටි ජනතාව එවිට කීවේ ලකුණ ලෙස බූරුවා යොදා ගැනීම වඩාත් හොද බවයි. ඊට ප්‍රතිචාර දැක් වු රණතුංග මහතා සජිත්ට බූරුවා හොද වැඩි යැයි කීවේය.

    ඒ වෙනුවට හිස හංසයෙකු වැනි බෙල්ලේ දුරකතනයක් ගැට ගැසු හදවත පශ්චාත් භාගයේ ගසා ගත් අලියෙකුගේ ලකුණ එක්සත් ජාතික පක්ෂයට වඩාත් ගැලපෙන බවත් වලිගයේ සීනුව ගැට ගැසුවොත් එය තවත් සුදුසු බවත් ඇමතිවරයා කීවේය.

  • Hot Plate: සිරිසේන 2015 දී කළ ජඩවැඩ  ප්‍රසන්න හෙළි කරයි

    Hot Plate: සිරිසේන 2015 දී කළ ජඩවැඩ ප්‍රසන්න හෙළි කරයි

    මේ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂකයෝ ලහි ලහියේ සුදානම් වෙන්නේ ඉදිරි මැතිවරණටය. හිටපු මැති ඇමතිවරු මෙන්ම අලුත් අපේක්ෂකයෝ ද ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් දැනටමත් ප්‍රචාරක කටයුතු ද අරඹා ඇත්තේ මැතිවරණ දින නියම වීමත් සමග මැතිවරණ ප්‍රචාරක කටයුතු සීමා වන නිසාය.

    ඇමති ප්‍රසන්න රණතුංග පසුගිය බදාදා සිය මැතිවරණ ඡායාරූප ගන්නට ගියේ ප්‍රවීණ ඡායාරූප ශිල්පි ප්‍රසන්න හෙන්නායක ලගටය. ප්‍රසන්නගේ පියා වන රෙජීගේත් මැතිවරණ වලට පිංතූර ගත්තේ හෙන්නායකගෙනි.

    ඡායාරූප ගැනීමට පෙර කථා කරමින් සිටිය දී ප්‍රසන්නගේ අතේ තිබු ඔරලෝසුව දුටු හෙන්නායක ඇහුවේ ‘ආ ඔය වගේ ඔරලෝසුවක් තාත්තාටත් තිබුණා නේදැ‘යි’ කියාය.

    ‘ඔව්… මේක තාත්තාගේ ඔරලෝසුව තමයි අයියේ ‘ ප්‍රසන්න කීවේය.

    ‘තාත්තා අන්තිමට මෙයාට කථා කරලා තියෙන්නේත් ඔය ඔරලෝසුව නිසානේ’. ප්‍රසන්නගේ බිරිද මොරීන් කීවාය.

    ‘ඒ මොකක්ද ඒ කථාව ‘ හෙන්නායක ඇසුවේය.

    ‘නෑ අයියේ තාත්තා මේ ඔරලෝසුවට හරි ආසයි. දවසක් මම මැලේසියා යද්දි තාත්තා මට මේ ඔරලෝසුව දුන්නා සර්විස් කරන් එන්න කියලා ‘. ප්‍රසන්න කිවේය.

    ‘ඉතිං ඉතිං…. ‘ හෙන්නායක ඇසුවේ ප්‍රසන්නව තවත් උනන්දු කරමිනි.

    ‘ මැලේසියාවේ දී මේ ඔරලෝසුව සර්විස් කරන්න හෙණ ගාණක් ඉල්ලුවා. පස්සේ මම ඕක තාත්තාට කියන්න තමයි කථා කළේ. එතකොට තාත්තා ඉස්පිරිතාලේ. තාත්තා කිවුවා ඔරලෝසුව ආපහු ගේන්න කියලා’ . ප්‍රසන්න කීවේය.

    ‘ හැබැයි තාත්තා මට තව දෙයක් කිව්වා…ඉක්මණට ඇවිත් මේ මිනිසුස් ගැන බලන්න. මොකද ඒ අය අපි ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ කියලා’. ඒක තමයි තාත්තා මා එක්ක කරපු අන්තිම කථාව.  ප්‍රසන්න කීවේය.

    ‘මම මේ ඔරලෝසුව බදින්නේ ඉතාම විශේෂ අවස්ථාවක. මම හොද වැඩක් කරන්න පටන් ගන්න හැමවෙලාවකම මම බදින්නේ තාත්තාගේ ඔරලෝසුව. තාත්තා මා එක්ක ඉන්නවා වගේ හැගීමක් මට එතකොට තියෙනවා ‘. ප්‍රසන්න කීවේ හැගීම්බරවය.

    මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ උකුස්සා කථාව ද පසුගිය සතියේ දේශපාලන ලෝකය කළඹන්නට සමත් වූයේ ය. මේ ගැන ප්‍රසන්න කට ඇරියේ මහර සහන් ප්‍රදීපගේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේදී ය. ඒ පසුගිය බ්‍රහස්පතින්දා ය.

    ‘ මෛත්‍රී කියලා තියෙනවා එයා දියකාවගේ කටේ තිබුණ මාළුවා ඩැහැ ගන්න උකුස්සා වගේ කියලා. මෛත්‍රී ඔය ජඩ වැඩේ තමයි 2015 දීත් කළේ. මහින්ද මහත්තයාගේ ජයග්‍රහණය උදුර ගත්තා. මොන සන්ධාන ගැහුවත් කමක් නෑ. පොහොට්ටුවෙන් එන මෛත්‍රීගේ නම ගෑවුණු එකෙකුටවත් ඡන්දේ දෙන්න එපා ‘. ප්‍රසන්න මෙහි දී දැඩි ව කීවේය.                                                                                                                                                                                            

  • මහ මැතිවරණයෙන් පසු අලුත් ව්‍යවස්ථාවක් සහ පළාත් ඡන්දය එනවාලු

    මහ මැතිවරණයෙන් පසු අලුත් ව්‍යවස්ථාවක් සහ පළාත් ඡන්දය එනවාලු

    මහ මැතිවරණයෙන් පසුව රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (6) අරලියගහ මන්දිරයේදී ජනමාධ්‍යවේදීන් සමග පැවැති හමුවකදී පැවසුවා.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ පසුගිය ආණ්ඩුව විසින් කඩිමුඩියේ සම්මත කරගත් දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අවුල් ජාලයක් බවට පත් වූ බවයි. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයද 19 වන සංශෝධනයෙන්ම ප්‍රතිඵලයක් බව පැවසුූ අගමැතිවරයා පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසුව හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණයට යාමට බලාපොරොත්තු වන බවද සදහන් කළා.

  • තාත්තා වගේම පුතත් තරුණ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හදනවා – ඉන්දික අනුරුද්ධ

    තාත්තා වගේම පුතත් තරුණ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හදනවා – ඉන්දික අනුරුද්ධ

    රජය තරුණ තරුණියන් රවටන වැඩපිළිවෙලක නියැලෙන බව විපක්ෂ නායක ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ප්‍රකාශ කර තිබෙන බවත්, බලයේ සිටියදී උස නම් සිකියුරිටි මිටිනම් කම්කර ලෙස උපාධිධාරි තරුණ තරුණයින් පොලිම් ගස්සවමින් තරුණ ජිවිත පාරට ඇද දැමීමට කටයුතු කළ මෙවැනි නායකයින් රටේ සිටීම ගැන කණගාටු වන බවත්, තරුණ ජීවිත තව තවත් අදුරු කරන්නට කටයුතු නොකරන ලෙස තමන් එතුමාගෙන් ඉල්ලා සිටින බවත්, හිටපු නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

    රජය තරුණයින්ගේ රැකියා ගැටළු විසදීමේ වැඩපිළිවෙල ආරම්භ කරනු ලැබුවේ මැතිවරණය ඉලක්ක කරගෙන නොවන බව පෙන්වා දුන් ඉන්දික අනුරුද්ධ මහතා, මාධ්‍ය ඉදිරියේ අසත්‍ය ප්‍රකාශ නොකර හැකිනම් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස තමන් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බවද එතුමා පැවසීය.  

    ඉන්දික අනුරුද්ධ මහතා මෙම අදහස් පළකලේ දිවුලපිටිය, මරදගහමුල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවට අද (06) දින සහභාගී වෙමිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා “ රජය තරුණයින් රවටන වැඩ පිළිවෙලක නියැලෙන බවත්, පෙබරවාරි මාසය වන තුරු රජය තරුණ ගැටලු වලට විසදුම් ලබා දීමට සමත් වි නැති බවත් සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ප්‍රකාශ කරලා තියෙනවා. ජනතාවත්, තරුණ පරපුරත් රවටමින් මෙවැනි ප්‍රකාශ නිතුත් කරන නායකයින් රටේ සිටීම ගැන මා කණගාටු වෙනවා.

    තරුණයින් බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් තරුණ තරුණයින්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කළා. දේශපාලන භේදයකින් තොරව උගත්කමට, හැකියාවට අනුව සුදුස්සාට සුදුසු තැන ලබා දෙන වැඩ පිළිවලක් ආරම්භ කළා. උපාධිධාරින්ගේ පත්වීම් ලිපි තැපැල් මගින් නිවසට ලබා දීමට කටයුතු කළා. දැන් පත්විම් ලබා දී අවසන්. එම වැඩපිළිවෙල කඩා කප්පල් කිරීමේ අරමුණින් එතුමා මැතිවරණ කොමසාරිස්ට, මාධ්‍යයට හා ජනතාවට පිණිවිඩයක් දෙනවා මැතිවරණය ඉලක්ක කරගෙන රැකියා ලබා දෙනවා කියා. ආණ්ඩුව බලයට ආ දින සිට ක්‍රමානුකූලව රැකියා ලබා දිමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කළා. මෙය මැතිවරණය ඉලක්ක කරගෙන ආරම්භ කළ එකක් නොවෙයි.

    සජිත් සියඹලා ගස් යට සිටි උපාධිධාරින්ව හෑල්ලුවට ලක් කළා. දේශපාලන සම්බන්ධකම් මත උපාධිධාරීන්ව පොලිම් ගැස්සුවා. උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු ලෙස තරුණයින්ව අපහාසයට ලක් කලා. එහෙම කරපු තැනැත්තා අද කියනවා තමන් අගමැති වී සතියෙන් රැකියා ලබා දෙනවා කියා. පසුගිය කාලයේ එතුමා අමාත්‍යවරයෙක් ලෙස සිටියදී දී දින 180 ක් යන්නට මත්තෙන් පත්වීම් අහෝසිවෙන ලෙස තරුණයින්ට පත්වීම් ලබා දී තරුණ පරපුර රවටා විශාල පිරිසක් පාරට ඇද දමා ඔවුන්ව අසරණ කළා. රටේ තරුණ තරුණියන් සාප කරන නායකයෙක් බවට එතුමා අද පත්වී සිටිනවා. එතුමාගෙන් රැකියා ලබා ගත් තරුණයින්, එතුමාට ගමට එන්න එපා කියා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තියෙනවා. 23% අඩු ඡන්ද ලබා ගත් සජිත්ට තම දිස්ත්‍රික්කය පවා වෙනස් කිරීමට සිදුවිම නිසා දැන් මානසික ආතතියෙන් මෙන් කටයුතු කරනවා.

    එතුමාගේ පියාණන් වන රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා 88 – 89 කාලයේදී තරුණ කැරළි දරුණු ලෙස මැඩ පවත්වා ඔහුගේ බලය තහවුරු කර ගැනීම සදහා තරුණ ජිවිත දහස් ගණනක් විනාශ කලා. එදා පියා සිදු කළ එම වැඩපිළිවෙල අනුගමනය කරමින්  අද සජිත් ප්‍රේමදාස මහතා තරුණ ජිවිත සමග සෙල්ලම් කරනවා. පසුගිය කාලයේ සිටි අසාර්ථකම අමාත්‍යවරයා ලෙස තරුණ තරුණියන් අසරණ කළේ සජිත් ප්‍රේමදාස මහතා. රාජ්‍ය ආයතන වල සම්පත් විනාශ කළා. තම ප්‍රතිරූපය ඉහළ දමා ගැනීම සදහා රුපියල් බිලියන ගණන් මුදල් වියදම් කර රට පුරා පෝස්ටර් ගසා තිබෙනවා. රූපවාහිනී මාධ්‍ය ආයතන වලට රුපියල් කෝටි ගණන් ණය වී තිබෙනවා. රාජ්‍ය ආයතන විනාශ කිරීමට එතුමා කටයුතු කරලා. එහෙම කරපු එතුමා අද රජයට බොරු චෝදනා කරනවා.

    2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්විමත් සමග රටේ තරුණ තරුණියන් පිබිදුනා. තරුණයින්ගේ ශක්තිය එතුමාට ලැබුණා. තරුණයින් පාරට බැහැල චිත්‍ර අදින්න, පරිසරය පිරිසිදුව තබා ගන්න, පුරන් කුඹුරු අස්වද්දන්න වැනි යහපත් වැඩසටහන් ආරම්භ කළා. එතුමාගේ දැක්ම ප්‍රතිපත්තිය තරුණයින් හදුනා ගත්තා. ඒ නිසා තමයි කිසිදු දේශපාලනඥයෙක් ලග පෝලිම් ගසන්නේ නැති රැකියා සංකල්පය තරුණ පරපුර වෙනුවෙන් එතුමා ආරම්භ කළේ. සුදුස්සාට සුදුසු තැන ලබා දෙමින් රැකියා ලබා දී තිබෙනවා. උපාධිධාරීන්ට පත්විම් ලබා දී අවසන්. දැන් තිබෙන්නේ ඔවුන්ගේ රැකියා පුහුණුව ලබා දීම පමණයි.

    යූ.එන්.පී ය තරුණ ජීවිත පෝලිම් ගැස්සුවා. තරුණයින් දේශපාලනඥයින්ට කඩේ යන සංස්කෘතිය වෙනස් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා.  සුදුස්සාට සුදුසු තැන ලබා දුන්නේ එතුමා. එම වැඩ පිළිවෙලට බාධා කර තරුණ ජිවිත තව තවත් අදුරට ඇද දමන්න එපා කියා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිනවා. එතුමාට ගැටළුවක් තියෙනවා නම් ඕනෑම මාධ්‍යයක මුහුණට මුහුණ වාද විවාද කරන්නට මා සූදානම්. මම එතුමාට අභියෝග කරනවා තමන් සමග ප්‍රසිද්ධ විවාදයට පැමිණෙන්න කියා. එතුමා පසුගිය කාලයේ කරපු දේවල් රටට හෙළි කරන්න අපි සූදානම්. දේශපාලන වශයෙන් අසරණ වී සිටන එතුමාගෙන් ඉල්ලා සිටින්නේ විදුරු ගෙවල් වල සිට ගල් ගසන්න එපා කියා. තම ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සදහා අසාර්ථක ලෙස අමාත්‍යාංශය මෙහයවීම නිසා රටට යහපතක් සිදුවූයේ නැහැ. එහෙම කෙනෙකුට පක්ෂ නායකත්වය දෙන්නේ කෙසේද ?

    හිතක් පපුවක් ඇති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද ජනතාව පෙළ ගැසී සිටිනවා. එතුමාගේ වැඩපිළිවෙලට අභියෝගයක් වෙන්න සජිත්ට හැකියාවක් නැහැ. අප දිගින් දිගටම එතුමා සිදු කළ නීති විරෝධී ක්‍රියා රටට හෙළි කරනවා. තව තවත් සමාජයේ දෝශ දර්ශනයට, උපහාසයට ලක් වෙන්න එපා කියා මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. මම පාර්ලිමේන්තුවේදී එතුමාට විවාදයට පැමිණෙන ලෙස අභියෝග කළා. එදා එතුමා පැනලා ගියා. මම නැවත එතුමාට අභියෝග කරනවා තමන් සමග ප්‍රසිද්ධ විවාදයට පැමිණෙන්න කියා.

    එක්සත් ජාතික පක්ෂයේ දැන් තිබෙන අර්බුදය හමුවේ අපේ රජය 2/3 ක බලය ලබා ගැනීම වලක්වන්න බැහැ. සමගි ජනබලවේගයේ  නායකයින්ට අද ගමට යන්න බැහැ. ඉතින් කොහොමද මැතිවරණය මෙහෙයවන්නෙ. යූ.එම්.පී. ය විනාශ කරල, ජනතාවත් විනාශ කරල ඔවුන් මරාගෙන මැරිල අවසන්. නැවත ප්‍රකෘති තත්වයට ගේන්න කිසිම බලවේගයකට හැකි යැයි මා විශ්වාස කරන්නේ නැහැ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තුවට යා හැකි අතලොස්සක් දෙනා අපි සමග රහසිගතව සාකච්චා කරමින් සිටින්නේ 2/3 ක බලයෙන් රජය පිහිටුවන්නට දායක වෙන්න. ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්නෙ සූදානමින් සිටිනවා”  යනුවෙන්ද වැඩිදුරටත් පැවසීය.

  • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු

    ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු

    ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලොව පුරා දිනකට මිලියනයකට අධික පිරිසක් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග / ආසාදනවලට sexually transmitted diseases/ infections  ගොදුරු වේ. ගොනෝරියා, ක්ලැමීඩියා සහ සිෆිලිස් වැනි රෝග බහුලව දක්නට ලැබේ. ප්‍රතිකාර නොකල හොත්, මෙම ආසාදන අභ්‍යන්තරව දැඩි හානියක් විය හැකි අතර එබැවින් දැනුවත් වීමේ අවශ්‍යතාවය පැන නගී.

    ලිංගාශ්‍රිත රෝග / ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් අපි ලැයිස්තුගත කරමු:

    සැමවිටම ආරක්ෂා වන්න

    කණගාටු වෙනවාට වඩා ආරක්ෂිතව සිටීම හොඳය. ලිංගික කාරණා සම්බන්ධයෙන් ගත් කල, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් වැළකී සිටීමට සෑම විටම ආරක්ෂිත ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ප්‍රධාන දෙයකි. ආසාදිත පුද්ගලයා සමඟ ශාරීරික සම්බන්ධතා මගින් මුඛ, යෝනි හෝ ගුද සංසර්ගය මගින් ආසාදන සම්ප්‍රේෂණය කළ හැකිය. එබැවින්, ආරක්ෂා වීමෙන් ඔබට ඒවා හැකිලීමේ 97% (කොන්ඩම් කාර්යක්ෂමතාව) අඩු කර ගත හැකිය.

    ඔබම සහ ඔබේ සහකරු පරීක්ෂා කර බැලීම හොඳ අදහසකි!

    ඔබ කිසියම් ආසාදනයක් ඇතිවීමේ අවදානමක් තිබේද, නැතහොත් ඔබට දැනටමත් තිබේදැයි දැන ගැනීමට ඔබ නිතරම පරීක්ෂා කර බැලීම හොඳ අදහසකි! මූලික අවධියේදී අනාවරණය කරගත් මෙම ආසාදන වලට ප්‍රතිජීවක ඖෂධ සමඟ ප්‍රතිකාර කළ හැකිය. කෙසේ වෙතත්, සමහර විට දෘශ්‍යමාන රෝග ලක්ෂණ නොමැති අතර ඒ නිසා ඔබ සහ ඔබේ සහකරු නිරන්තරයෙන් පරීක්‍ෂා කර බැලීමට අවශ්‍ය වේ.

    ජීවිතයට තර්ජනයක් වන සමහර ආසාදන / රෝග

    සමහර ආසාදන / රෝග වලට ප්‍රතිකාර කළ හැකිය. සමහර ආසාදන හඳුනා නොගෙන හෝ ප්‍රතිකාර නොකළහොත් දරුණු අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි සිදුවිය හැකිය. නිදසුනක් වශයෙන්, ක්ලැමීඩියා Chlamydia දැනටමත් ආසාදිත පුද්ගලයෙකුගෙන් ඔහුගේ / ඇයගේ සහකරුට යෝනි, ගුද හෝ මුඛ ලිංගිකත්වය හරහා සම්ප්‍රේෂණය කළ හැකිය. රෝග විනිශ්චය නොකලහොත් ක්ලැමීඩියා මගින් දරුණු ශ්‍රෝණි හෝ උදරයේ පහළ වේදනාවක් ඇති විය හැකි අතර එය කාන්තාවන්ගේ වඳභාවයට පවා හේතු වේ.

    ඔබේ සෞඛ්‍යය ගැන ඔබ වැඩි වැඩියෙන් දන්නා තරමට, ඔබේ ආරක්ෂාව පිළිබඳ වගකීම ඔබ භාර ගන්නා තරමට මෙම ආසාදන සඳහා ඔබව පරීක්ෂාවට ලක් කිරීමෙහි කිසිදු වැරැද්දක් හෝ ලැජ්ජාවක් නොමැත. ඔබට සිදු විය හැකි ආසාදන සඳහා පරීක්ෂණ කිහිපයක් තිබේ.

    ආසාදන:

    නව සම්බන්ධතාවයක් ආරම්භ කිරීමට පෙර හෝ ඇතැම් විට ඔබේ දිගුකාලීන සම්බන්ධතාවය හරහා, විවිධ පොදු ආසාදනවලට ඔබ ගොදුරු විය හැකි හෙයින් ඔබව පරීක්ෂා කර බැලීම වඩාත් සුදුසුය:

    ඔබව පහසුවෙන් ගොදුරු විය හැකි ලිංගිකාශ‍්‍රිත රෝග

    1. ක්ලැමීඩියා Chlamydia
    2. ගොනෝරියා Gonorrhoea
    3. මානව ප්‍රතිශක්ති fic නතා වෛරසය (HIV) Human Immunodeficiency Virus
    4. සිෆිලිස් Syphilis
    5. හෙපටයිටිස් බී Hepatitis B
    6. හෙපටයිටිස් සී Hepatitis C
    7. හෙපටයිටිස් ඒ Hepatitis A
    8. හර්පීස් වර්ගය 1  Herpes Type 1
    9. හර්පීස් වර්ගය 2 Herpes Type 2
    10. එච්.අයි.වී 1 සහ දෙවන වර්ගය  HIV Type 1 and Type 2

    ඔබට විශේෂයෙන් පරීක්‍ෂා කිරීමට අවශ්‍ය යැයි ඔබට හැඟේ නම්, ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයාට කතා කරන්න. අවදානම් සාධක සාකච්ඡා කර අනාගතයේදී එය වළක්වා ගත හැකි ආකාරය තේරුම් ගන්න. වැඩිපුරම දක්නට ලැබෙන රෝග ලක්ෂණ අතරට යෝනි මාර්ගයෙන් සුද පිටවීම  excessive vaginal discharge, ලිංගික අවයව වටා ඇති වණ, මුත්‍රා කිරීමේදී හෝ සංසර්ගය අතරතුර වේදනාව ඇති ආදිය ප‍්‍රධාන වේ.

    Text by Femina.in – Text by Thushadhavi

  • 3/2ක බලය අවශ්‍ය ජනතා පැතුම් ඉටුකරන්න – ජනපති කර්තෘවරුන්ට කියයි

    3/2ක බලය අවශ්‍ය ජනතා පැතුම් ඉටුකරන්න – ජනපති කර්තෘවරුන්ට කියයි

    තමා ගෙනයන වැඩපිළිවෙළට රට ගැන සිතා සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. එම වැඩපිළිවෙළ රටේ අනාගතය වෙනුවෙන්ම බව එතුමා සඳහන් කළේය. මැතිවරණ ව්‍යාපාරයේ දී ප්‍රධාන ප්‍රතිවාදියාගේ නම කිසිදු විටක සඳහන් නොකළ තමා විරුද්ධ මතවාද විවේචනය නොකළ බව පැවසීය. එය ඇතැම් විට ගිනස් වාර්තාවක් විය හැකි බව ද එතුමා කීය. තමාට වැදගත් වන්නේ පුද්ගලයා නොව ප්‍රතිපත්ති බව ද ජනාධිපතිතුමා පැවසීය.

    මාධ්‍ය ආයතන කර්තෘවරුන්, ප්‍රවෘත්ති සංස්කාරකවරු සහ අධ්‍යක්ෂවරු සමඟ අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    මාධ්‍යවේදීහු විවිධ පැතිකඩ සහ ක්ෂේත්‍ර අලලා ජනාධිපතිතුමාගේ ප්‍රශ්න විමසූහ. ජනාධිපතිතුමා ඒවාට සරල, ඝෘජු සහ පැහැදිළි පිළිතුරු ලබා දුන්නේය.

    • ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගය නූතන තාක්ෂණයයි…

    කඩිනම් ආර්ථික සංවර්ධනයක් අත්කරගැනීම සඳහා විශේෂයෙන් සන්නිවේදන තාක්ෂණය ඇතුළු නූතන තාක්ෂණික ශිල්ප ක්‍රම ආර්ථිකයට හඳුන්වා දීමට ඉහළ ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය. සංවර්ධන ක්‍රියාදාමයේ ගාමක බලවේගය තාක්ෂණය බව එතුමා කීය. ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකටම අවශ්‍ය පරිදි තාක්ෂණය හඳුන්වා දීම සිය ඉලක්කය බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    “සන්නිවේදන තාක්ෂණ ක්ෂ්ත්‍රයේ වත්මන් ආර්ථික වටිනාකම ඩොලර් බිලියනයක් එය ඉදිරි වසර දෙක තුන ඇතුලත ඩොලර් බිලියන 3 දක්වා වැඩිකරන්න පිළිවන්. උත්පාදනය කළහැකි රැකියා සංඛ්‍යාව තුන්ලක්ෂයක් පමණ අප කළ යුත්තේ අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණු කිරීම” ජනාධිපතිතුමා කීය.

    • තුනෙන් දෙකක බලය අවශ්‍ය ජනතා පැතුම් ඉටුකරන්න

    ළග එන මහ මැතිවරණයේදී ඔබතුමාගේ පාර්ශ්වය තුනෙන් දෙකක ජනවරමක් ඉල්ලන්නේ කුමක් සඳහා දැයි මාධ්‍යවේදියෙක් විමසීය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිතුමා තමා බලයට පත්කළ ජනතාව අපේක්ෂා රැසක් සපුරා ගැනීමට බලා සිටින බව කීය. ඔවුන්ගේ ප්‍රාර්ථනා සපුරාලීමට නම් ජනාධිපතිවරයාට බාධාවලින් තොරව වැඩ කිරීමේ අවකාශය තිබිය යුතුයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ අවකාශය පැහැරගෙන ඇත. ජනතාවගේ ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරායට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බාධා පනවා තිබෙන්නේ නම් එවැනි ව්‍යවස්ථාවක තේරුම කුමක්දැයි ප්‍රශ්න කළ රාජපක්ෂ ජනාධිපතිතුමා තුනෙන් දෙකක ජනවරමක් අවශ්‍ය මේ බාධකය ඉවත් කිරීමට බව පෙන්වා දුන්නේය. ස්වාධීන කොමිෂන් සභා පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා ʽස්වාධීනʼ කොමිෂන් සභා ස්වාධීන විය යුතුයයි කියා සිටියේය. 19 වැනි සංශෝධනය හඳුන්වා දුන් ස්වාධීන කොමිෂන් සභා එසේ නොවන බව එතුමා කීය.

    • උපාධීධාරීන්ගේ රැකියා පුහුණුව ගැන මැතිවරණ කොමිසම සමග කතාකරනවා.

    මැතිවරණ කොමිසමේ සභාපති විසින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා පුහුණුව අත්හිටුවීම ගැන කුමක් කරන්නේ දැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය. “රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දීම මගේ ජනාධිපතිවරණ ප්‍රතිඥාවක් එතැන දේශපාලනයක් නැහැ. සුදුසුකම් ඇති සියලුදෙනා රැකියාලාභීන් ලෙස තෝරාගත්තා. දැනට සැලසුම් කර ඇත්තේ ඔවුන් පුහුණු කිරීම. රැකියාවක් කරන්න පුහුණුවක් අවශ්‍යයි. එබැවින් මේ ගැටලුව නිරාකරණය සඳහා මැතිවරණ කොමිසම සමග සාකච්ජා කරනවා”, ජනාධිපතිතුමා පැවසීය.

    • ජීනිවා යෝජනා ජාතියේ ස්වාධීනත්වයට අභියෝගයක්

    ජීනීවා යෝජනාව හෙවත් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිල යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වීම නිසා ඇතිවිය හැකි ප්‍රතිවිපාක වලට මුහුණු දෙන්නේ කෙසේදැයි මාධ්‍යවේදියෙක් විමසීය. “ ජීනිවා යෝජනාව ජාතියේ ස්වාධීනත්වයට සහ අභිමානයට අභියෝගයක්. තමන්ගේ ආරක්ෂක හමුදා යුද අපරාධ කළ බව පිළිගත් ඉතිහාසයේ එකම අවස්ථාව මෙයයි. සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීම අවශ්‍ය වුයේ ඒ නිසා. අපි මේ ප්‍රශ්නයේ මුලට යන්න ඕනෑ. උමා මහේෂ්වරන් තම දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළේ ආර්ථික දුක්ගැනවිලි ගැන කියමින්. පසුව මේ සත්‍යය වසන් කොට බෙදුම්වාදය ඉස්මතු කළා. අප ඇත්ත ප්‍රශ්නයට විසඳුම් දිය යුතුයි”, ජනාධිපතිතුමා කීය. 

    අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නයට දෙන විසඳුම කුමක්දැයි තවත් ප්‍රශ්නයක් අසනු ලැබීය. අතුරුදන් වූ පිරිස් දෙපාර්ශ්වයේම සිටින බව පෙන්වා දුන් රාජපක්ෂ මැතිතුමා සිදුවීමක් දෙකක් මුල්කරගෙන දේශපාලන අරමුණු ඇතිව එය සමස්තය බවට ආරෝපණය කර ඇතැයි සඳහන් කළේය. අතුරුදන් වූ පිරිස් හඳුනාගැනීමෙන් පසු ඔවුනට මරණ සහතික නිකුත් කළ හැකි බව එතුමා පැවසීය. අතුරුදන්වූවන් ගැන යුනිසෙෆ් කළ සමීක්ෂණයකදී හෙළි වූයේ  ආයතනය අතුරුදන් බව කියන විශාල පිරිසක් එල්ටිටීඊ විසින් යුද්ධයට බඳවා ගනුලැබීමෙන් පසු සටනේදී මිය ගොස් ඇති බවයි , ජනාධිපතිතුමා සඳහන් කළේය.

    • වාර්ගික හා ආගමික අන්තාවදයට ඉඩ තබන්නේ නැහැ.

    “ පසුගිය ජනාධිපතිවරණයේදී ඔබතුමාගේ පාර්ශ්වය පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන බොහෝ සෙයින් කතාකළා. ඊට වගකිව යුතු අයට දඬුවම් කිරීමට තවමත් හැකිවී නැත්තේ ඇයි? මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය. ”

    පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවීමට ජනාධිපති පරීක්ෂණ කොමිසක් පත්කර තිබේ. එහි අතුරු වාර්තා දෙකක් මා වෙත ලැබී ඇත. අවසන් වාර්තාව ලැබුණු පසු එහි ඇතුළත් නිර්දේශ අනුව අවශ්‍ය පියවර ගැනීමට පිළිවන. ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තවේ ද වැදගත් නිර්දේශ ඇතුළත් විය. ඒ සියල්ල සැලකිල්ලට ගන්නා බව සඳහන් කළ ජනාධිපතිතුමා දැනට සිදුවන පරීක්ෂණ පිළිබඳව කාදිනල් හිමිපාණන් ද සෑහීමට පත්ව සිටිතියි කීය.

    • බදු අඩුකිරීමෙන් ව්‍යාපාර රැසක් ආරක්ෂා වුණා.

    වැට් ඇතුළු ඇතැම් බදු අඩුකිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය ලැබී නැතැයි මාධ්‍යවේදියෙක් සඳහන් කලේය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිතුමා අසීරු තත්වයක සිටි ව්‍යාපාර රැසක් බදු කපාහැරීම නිසා ආරක්ෂා කරගැනීමට හැකිවිණැයි පෙන්වා දුන්නේය.

    • රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස කළ පත්වීම් බහුතරය සතුටුදායකයි.

    රාජ්‍ය සංස්ථා සහ වෙනත් ආයතනවල ඉහළ තනතුරු සඳහා තේරීම් කමිටුවකින් නිර්දේශ ලබාගැනීමට ජනාධිපතිතුමා හඳුන්වා දුන් ක්‍රමය සාධනීය එකක් බව කී මාධ්‍යකරුවෙක් මෙතෙක් කර ඇති පත්වීම් ගැන සෑහීමකට පත්වන්නේ දැයි ප්‍රශ්නයක් ඇසීය.

    ආයතන රැසක ඉහළ තනතුරු සඳහා කළ පත්වීම් ගැන සෑහීමට පත්විය හැකි බව කී ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඇතැම් පත්කීරීම් ගැන ගැටලු තිබෙන බව පැවසීය. ඉහළ තනතුරුවලට පත්වූවන් නිශ්චිත කාලයක් තුළ සාර්ථක ප්‍රතිඵල පෙන්විය යුතුය. එසේ නොකළහොත් ඔවුන් ගැන තීරණයක් ගැනීමට සිදුවන බව එතුමා කීය.

    අයහපත් චර්යාවක් ඇති මන්ත්‍රීවරුන් සමග ඔබතුමා අපේක්ෂා කරන ගමන යා හැකි දැයි විමසීමක් කෙරිණ. “මන්ත්‍රීවරුන් තෝරාගන්නේ ජනාධිපති නොවේ. එහි වගකීම තනිකරම ඇත්තේ ජනාතවට. ඔවුන් වඩාත් ම යෝග්‍ය නියෝජිතයා තෝරාගත යුතුයි” එතුමා පිළිතුරු දුන්නේය.

    • කලින් ආණ්ඩුව අපටත් වැඩියෙන් හමුදා නිලධාරීන් තනතුරුවලට පත්කළා.

    රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස හිටපු හමුදා නිලධාරීන් පත්කිරීමේ යෝග්‍යාතව ගැනද ප්‍රශ්නයක් මතුවිය. පසුගිය රජය විශ්වවිද්‍යාල බලධාරියෙකු ලෙස හමුදා නිලධාරියෙකු පත්කළ බව කී ජනාධිපතිතුමා එදා නිහඬව සිටි විපක්ෂය දැන් කලබල වී ඇතැයි සඳහන් කළේය. පසුගිය ආණ්ඩුව වත්මන් රජය පත්කලාට වැඩි හමුදා නිලධාරීන් පිරිසක් විවිධ තනතුරුවලට පත්කර තිබූ බව කී ජනාධිපතිතුමා ඉහළ ශ්‍රේණිවලට අයත් හමුදා නිලධාරීන් පරිපාලනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක මනා දේශීය විදේශීය පුහුණුවක් ලැබූ අය බව එතුමා පෙන්වා දුන්නේය.

    කෘෂිකාර්මික ක්ෂේත්‍රය ගැන නගනු ලැබූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා අතරමැදියන්ගේ සූරාකෑම තුරන් කොට ගොවියාටත් පාරිභෝගිකයාටත් යුක්තිය ඉටුකිරීම සිය අරමුණ බව ප්‍රකාශ කළේය.

  • පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා  – ඇමති ප්‍රසන්න

    පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා – ඇමති ප්‍රසන්න

    ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය වෙනුවෙන් පෙනී සිටින මහින්ද මහතා අත්හැර නොගිය අපේක්ෂකයන්ට ඡන්දය භාවිතා කොට ඔවුන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි.

    මහර ආසනයෙන් පොහොට්ටුව ලකුණින් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින හිටපු පළාත් සභා මන්ත්‍රි සහන් ප්‍රදීප් විතාන මහතාගේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    මම කියපු කාරණා 03ක්ම මේ වෙන කොට ඉටු වෙලා තියෙනවා. එය ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණු සන්ධානය ද මොකක්ද එක හදන කොට කිව්වා අපි තරග කරන්නේ පොහොට්ටුවෙන් විතරයි කියලා. මෛත්‍රිපාල සිරිසේන ඒ සන්ධානයේ සම නායකකම ඉල්ලන කොට  කිවුවා අපිට සම නායකයෝ නෑ. අපිට ඉන්නේ එකම එක අසමසම නායකයා තමයි මහින්ද රාජපක්ෂ මහතා පමණයි කියලා. ඒ වගේ ම මම කිවුවා අපි මේ පාර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඔය එක එක සන්ධාන වලින් නෙමෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කියලා. මම ඒ කියපු හැම දෙයක්ම අද හරිගිහින් තියෙනවා. එදා  2015 මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුණාට පස්සේ මම කිවුවා මහින්ද මහත්තයාව මේ රටේ නැවත අගමැති කරලා මේ රටේ නායකත්වයට ගේන්න තමයි මගේ අපේක්ෂාව කියලා.පහුගිය ආණ්ඩුව යටතේ අවස්ථා 2ක දි මහින්ද මහත්තයා මේ රටේ අගමැති කෙරුවා. එකක් මෛත්‍රීපාල සිරිසේන දින 52 ආණ්ඩුව යටතේ මහින්ද මහත්තයව අගමැති කළා. ඊළගට ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරාට පස්සේ මහින්ද මහත්තයව නැවත අගමැති කලා. හැබැයි මේ දෙකටම මම කැමති නෑ. මොකද මහින්ද මහත්තයා මේ රටේ අගමැති කරන්න ඕනේ මේ රටේ මහජනතාවගේ බහුතර ඡන්ද ප්‍රතිඵලයෙන්. මේ රටේ ජනතාවගේ වැඩි ඡන්දයෙන් මහින්ද මහත්තයව රටේ අගමැතිධූරයට පත් කරන එක තමයි අපේ මෙවර මහා මැතිවරණයේ දී අපේක්ෂාව වෙන්නේ. ඒ වෙනුවෙන් මේ වෙනකොටත්  ජනතාව පෙළ ගැහිලා ඉවරයි.

    කළ ගුණ දන්න ජනාතාව හැමදාම හිටියේ පොහොට්ටුවත් එක්කයි. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ ලගදී කියලා තිබුණා ඔහු උකුස්සා වගේ දියකාවගේ කටේ තියෙන මාළුවා ඩැහැගන්න දක්ෂයි කියලා. 2015 දීත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ ජඩ වැඩේ කළා. මේ මැතිවරණය ජයග්‍රහණය කරලත් ඒ අය ඒ සෙල්ලමම දාන්න උත්සාහ කරනවාදැ‘යි අපිට සැකයක් තියෙනවා. අපි කිසිසේත් ඒකට ඉඩ තියන්නේ නෑ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ පොහොට්ටුවෙන් තරග කරත් මෙවර මහා මැතිවරණයේ දී මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා. දැන් මං මේක කිවුවාම හෙට ඉදලා මඩ ගහන්න පටන් ගනියි. හෙට පක්ෂ නායක රැස්වීමේ දී මාව ඉවර කරයි. හැබැයි මම දන්නවා  කවුරු නැතත් ජනතාව මාව රකිනවා. කවුරු නැතත් ජනතාව මං වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ නිසා මගේ ස්ථාවරය කියන්න මම බය නෑ.

    අපි කණ්ඩායමක් විදිහට මෙවර මහා මැතිවරණයට ගම්පහින් තරග කරන්නේ. මනාප වලට රණ්ඩු වෙන්නේ නෑ. ජනතාව ජයග්‍රහණය කරන්න නම් තුනෙන් දෙකක බලයක් ඕනේ. මේ තුනෙන් දෙකක බහුතර බලය ගත්තාම තමයි අපිට පුළුවන් දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් අන්තවාදී සංවිධාන අපිව යට කරගන්න හදන එක වළක්වන්න. අපි අන්තවාදී සහයෝගය නැතිවයි මෙවර ආණ්ඩුව පිහිටවන්න කටයුතු කරන්නේ. අනතවාදීන් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් පිහිටවලා අපිට වැඩක් නෑ. මොකද අපි රටට ආදරේ නිසා. පහුගිය දවසේ අපි පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුව දැම්මේ මේ රටේ නතර වෙලා තිබුණු සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනියන්න. 2019 වෙනකම් කෙරිලා තිබිච්ච දේවල් වල මුදල් පහුගිය ආණ්ඩුව ගෙවලා තිබුණේ නෑ. ඒ හින්දා ඒ මුදල් ගෙවලා රට වැඩ කරන රටක් බවට පත් කරන්නයි අපි පරිපූරක ඇස්තමේන්තුව දැම්මේ.

    නමුත් එක්සත් ජාතික පක්ෂයේ කුහකකම එළියට ආවා. ඔවුන් පරිපූරකයට විරුද්ධ වෙලා මේ රටේ ජනතාවට මුදල් ලැබෙන එක වැළැක්වුවා. උපාධිධාරීන්ට රැකියා ලබා දීම මේ මැතිවරණය ඉලක්ක කරගත්ත වැඩපිළිවෙලක් නෙමේ. ඒක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති පහුගිය අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දුවක්. ජනාධිපතිවරණ පොරොන්දුව ඉටු කීරිම සදහා මේ උපාධිධාරී පත්වීම් ලබා දෙන්න කටයුතු කරේ. උපාධිධාරින්ට අපි මේ දුන්නු රැකියා නැතිව පාරේ බැහැලා ඉන්න තත්ත්වයට පත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය නැවතත් උත්සාහ කරන්නේ. අපි ඒකට ඉඩ තියන්නේ නෑ.

    මහර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක සහන් ප්‍රදීප් මහතා ද මෙම රැස්වීමේ දී කථා කළේය.

  • පක්ෂයේ නායකත්වය ගන්න බැරි සජිත් අගමැතිවන බව කීම තරම් විහිළුවක් තවත් නෑ

    පක්ෂයේ නායකත්වය ගන්න බැරි සජිත් අගමැතිවන බව කීම තරම් විහිළුවක් තවත් නෑ

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාම සදහා ඉදිරි මහා මැතිවරණයෙන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි මහා මැතිවරණයෙන් පොහොට්ටුවට තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගත යුතු බවයි. ජනතා ප්‍රශ්න විසදීමට නම් එවැනි ශක්තිමත් රජයක් බිහි කර ගැනීම අතවශ්‍ය බව ද රණතුංග මහතා අවධාරණ කරයි.

    වත්තල ආසනයේ පමුණුගම ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමක දී රණතුංග මහතා මේ බව සදහන් කළේය. රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මහතා මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.

    මෙහි දී තව දුරටත් අදහස් දැක් වු ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේය.

    ‘යහපාලනය කියන බොරුව ගෙනෙල්ලා, රටේ මිනිසුන් ව රවට්ටලා බලයට ඇවිල්ලා මේ රටේ සෑම ක්ෂේත්‍රයක් ම විනාශ කළා. 2009 වන විට මේ රටේ ජාතික ආරක්ෂාව ස්ථාපිත කළා. යුද්ධය අවසන් කරලා සාමය ගෙනාවා. හැබැයි යහපාලන ආණ්ඩුව තුළින් නැවත බෝම්බ පත්තුවෙන්න ගත්තා. තමන්ගේ ආගම අදහන්න ආපු අහිංසක මිනිස්සු අමු අමුවේ මරලා දාන කොට ආණ්ඩුව ඇහැ කණ පියාගෙන හිටියා. ජාතික ආරක්ෂාව විනාශ වුණා. මහපාරවල්වල බල්ලෝ බළල්ලු වගේ වෙඩි තියලා මරන්න පටන් ගත්තා. රටේ කෘෂි කර්මාන්තය විනාශ කළා. පරිසරය විනාශ කළා. අද මුළු රටටම ප්‍රශ්නයක් වෙලා තියෙන පානීය ජල ප්‍රශ්නය උග්‍ර වුණේ මේ පරිසර විනාශයත් එක්කයි. රටේ ආර්ථිකය කඩන් වැටුණා. ජනතාවට ලැබුණ සහානාධාර නැති වුණා. ජනතාව යහපාලන බොරුව තේරුම් ගත්තා.

    පළාත් පාලන මැතිවරණයේ දී බොහෝ දෙනෙක් කිවුවා එකතු වෙලා තරග කරොත් අපිට හොදයි කියලා. මම ඒකට විරුද්ධ වුණා. අපි පළාත් පාලන මැතිවරණය පොහොට්ටුවෙන් තනිවම ඉල්ලුවා. අපිට බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ පක්ෂය ස්ථාපිත කරලා අපට දේශපාලනය කරන්න අවශ්‍ය පසුබිම හදලා දුන්නා. එදා පළාත් පාලන මැතිවරණයෙන් එකතු වෙලා ඉල්ලුවා නම් මෙච්චර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් අපිට ලැබෙන්නේ නෑ. අපි තනිවම ඉල්ලලා ලංකාවේ වැඩිම මන්ත්‍රීවරුන් දිනා ගත්තා. ඒක අපේ පළමු ජයග්‍රහණයයි.

    ජනාධිපතිවරණයේ දී අපිට විවිධ ප්‍රශ්න ආවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මහින්ද මහත්තයව ඉල්ලන්න බැරි තැනට පත් කළා. හැබැයි අපි පක්ෂයක් විදිහට ස්ථාපිත වෙලා තිබුණ නිසා අපිට පොහොට්ටුවෙන් ඉල්ලලා අපේ අපේක්ෂකයා දිනවන්න හැකි වුණා. අපි පළාත් පාලන මැතිවරණයත්, ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කළ බව ඇත්ත. ඒත් රට ඉදිරියට ගෙන යන්න මේක ප්‍රමාණවත් නෑ. ඒක අපිට තේරුණේ පරිපූරකය ඉදිරිපත් කරපුවාම. පරිපූරකය ඉදිරිත් කරපුවාම එක්සත් ජාතික පක්ෂය කකුලෙන් ඇද්දා. 2019 දෙසැම්බර් 31 වන විට වැඩ කරපු මිනිසුන්ගේ බිල් ආණ්ඩුව ගෙවලා  තිබුණේ නෑ. ඒ  නිසයි අපි පරිපූරකයක් දැම්මේ. ඉදිකිරිම්වල ගෙවීම් හා විශ්‍රාමිකයන්ට ගෙවන්න තියෙන හිග මුදල් ගෙවන්නයි අපි පරිපූරකය දැම්මේ. නමුත් එක්සත් ජාතික පක්ෂය ඒකට ඉඩ දුන්නේ නෑ. මේ විදිහට කකුලෙන් ඇද්දම රටක් ඉදිරියට ගෙනියන්නේ කෙහොමද ? ඒකයි ගෝඨාභය මහත්තයයි, මහින්ද මහත්තයයි කියන්නේ ශක්තිමත් ආණ්ඩුවක් හදන්න සහාය දෙන්න කියලා.

    සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වේ ජනාධිපති වුණොත් වාහන ගන්නේ නෑ. ගෙවල් ගන්නේ නෑ. හැබැයි විපක්ෂ නායක වුණු ගමන් සජිත් වාහන ටිකත් ගත්තා. නිළ නිවාසයත් ගත්තා. ජනාධිපතිවරණ කාලෙ නම් කිව්වා රෑට රෑට හොරෙන් එනවා කියලා සතුටින් ද කියලා බලන්න. දැන්නම් එනවාද මම දන්නේ නෑ. කියන තරමක් බොරු කියලයි සජිත් බලයට එන්න හදන්නේ. දෙමළ ඩයස්පෝරාව එක්ක එකතු වෙලා බලය ගන්න දගලපු සජිත්ලට ආපහු බලය දෙන්න මේ රටේ ජනතාව සුදානම් නෑ. පක්ෂයේ ලකුණවත් දාගන්න බැරි සජිත් කොහොමද ආණ්ඩු බලය ගන්නේ. පක්ෂයේ නායකත්වය ගන්න බැරි සජිත් අගමැතිවන බව කීම තරම් විහිළුවක් තවත් නෑ. සජිත්ලා සමගි ආණ්ඩු ගහන්න හදන්නේ ර්ෂාඩිලා එක්ක, TNA එකත් එක්ක. ඒවට මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නෑ.

    මේ රටේ අනන්‍යතාවය අභිමානය රැකෙන්නේ ඉදිරි මහා මැතිවරණයෙන් පොහොට්ටුව දිනෙව්වොත් විතරයි. අද ජනතාව මුහුණ දෙන ගැටළු වලට විසදුම් ලැබෙන්නේ ශක්තිමක් ආණ්ඩුවක් පිහිටෙවුවොත් විතරයි. හැමෝම අහනවා අපි කොහොමද තරග කරන්නේ කියලා. අපි තරග කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහෙට්ටුව ලකුණින්. මේක හරි තීරණත්මකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වෙලා ඉන්නවා. ඒක හොදයි ද නරකයි ද කියලා තීරණය කරන එක ඔබට බාරයි.

    ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මහතා ද මෙහි දී කථා කළේය.

  • කට නිසා නහින ‘පුළතිසි කුස්සා’

    කට නිසා නහින ‘පුළතිසි කුස්සා’

    ‘මාළුවා නහින්නේ උගේ කට නිසා’ කියලා බොහොම ප‍්‍රසිද්ධ කතාවක් අපි අතරේ තියෙනවා. මේ මාළු කතාව දේශපාලනඥයින්ට තරම් වෙන කිසිවෙකුට අදාළ නැති බවයි බොහෝ දෙනා කියන්නේ.

    කොහොම වුණත් මේ ‘කට නිසා නහින මාළු කතාව’ මතක් වුණේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය 01 වැනිදා පොළොන්නරුවේදී කළ ‘දියකා – උකුසු කතාව’ නිසයි.

    පිනට / අහම්බෙන් ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඇමැතිකම් දරද්දීත් සිරිසේන ඇමැතිවරයා ‘කට’ බොහෝ විට ‘ඇනගත්තා.

    ඔහු ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරය දරන සමයේ මර්වින් සිල්වාගේ මැරකම් නිසා ඇති වුණ අවුලේදී ‘මම බම්බු ගහන්නද?’ කියලා ඇසුවා අපි කාටත් මතකයි. එදා සිට බොහෝ මාධ්‍යකරුවන් ඔහුව හැඳින්වූයේ ‘බම්බු සිරිසේන’ කියලයි.

    බම්බු සිරිසේන ජනාධිපති වුණට පස්සෙත් ‘කට’ පරිස්සම් කරගත්තෙම නැහැ. ‘මඩුවළිඟ කතාව’ ‘තනපට කතාව’ ‘කජු කතාව’ වගේම ‘සමනල කතාව’ත් ඔහුට ලබා දුන්නේ නිමක් නැති අපකීර්තියක්.

    ඒ හැම අවස්ථාවකදී ඔහු පුද්ගලිකව අගතියට පත් වුණත් පසුගිය දා පොළොන්නරුවේදී කළ ‘දියකා – උකුසු කතාව’ පොදුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට යනඑන මං නැති කරන බවයි මේ වන විට දේශපාලන කරළිය තුළ දැඩිව අවධාරණය වෙන්නේ.

    විශේෂයෙන් ලංකාවේ දේශපාලනයේ ජනමතය නිර්මාණය කිරීමේ ප‍්‍රමුඛ චරිතයක් වන විමල් වීරවංශ සිරිසේනගේ උකුසු කතාවට එරෙහිව ‘අවි අමෝරා ගැනීම’ කිසිසේම යහපත් තත්ත්වයක් නෙමෙයි.

    මේ තත්ත්වය තුළ බොහෝ දෙනෙක් කියන්නේ ‘සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හිඟාකන තැනට/ යනඑන මං නැති තැනට’ පත් කළා කියයි.

    ‘මේ මනුස්සයා අපක්ෂය නන්නත්තාර කළා’ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් කිව්වා.
    සිරිසේනගේ දියකා – උකුසු කතාව බොහොම පහසුවෙන් වටහා ගත හැකි බව මේ අතර පොහොට්ටුවේ ප‍්‍රබලයින් කියනවා. ඔවුන් කියන්නේ 2014 දී ‘මහා පාවාදීම කළ’ පුද්ගලයා 2020 දී පාර්ලිමේන්තුවට කැඳවා ගැනීම ‘කොරෝනාවලට’ වඩා වසංගත තත්ත්වයක් විය හැකි බවයි.

    ‘ඔහු ජනාධිපතිවරයාව සිටිදී කළ කිසිවක් නැහැ. එවැනි පුද්ගලයෙක් යළිත් පාර්ලිමේන්තුවට ඇවිත් මොනවා කරන්නද ?’ ඔහු ප‍්‍රශ්න කළා.

    මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර ඊයේ (3) මාධ්‍ය හමුවකදී කිව්වේ සිරිසේන ජනාධිපතිවරයාගේ උකුසු ගැහිලා නිසා මුළු යහපාලන ආණ්ඩුවම විනාශ වූ බවයි. අවසානයේ එජාපවටත් (කා සමග සන්ධානගත වීද කියලා නැති වුණත්) උකුසු ගැහිල්ලක් ගහන්න සිරිසේන මහතා උත්සාහ කළ බවට රංගේ බණ්ඩාර චෝදනා කළා.

    ‘සජිත් පේ‍්‍රමදාසව කාර් එකේ දාගෙන මුරුංගා අත්තේ තිබ්බේ මේ උකුසු ගැහැල්ලට තමයි’ එජාප ජ්‍යේෂ්ඨයෙක් කිව්වා.

    කොහොම වුණත් සිරිසේන සමීප ආරංචි මාර්ග කියන්නේ ඔහුට පොළොන්නරුවෙන් මනාප ලබා ගැනීම හිතන තරම් පහසු නැති බවයි. ඔහු ‘පරාජය කළ යුතු’ අපේක්ෂකයෙක් ලෙස පොළොන්නරුවේ ගොවි ජනතාව සිතන බව ද ඔහු සඳහන් කළා.

    ‘කට නිසා නහින මාළුවා’ කතාව යළි සංශෝධනය කිරීමට කාලය ඇවිත් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

  • වත්මන් ආණ්ඩුව ජනපතිවරණ සමයේ කී කතා අද පුස්සක් වෙලා – සජිත්

    වත්මන් ආණ්ඩුව ජනපතිවරණ සමයේ කී කතා අද පුස්සක් වෙලා – සජිත්

    පසුගිය ජනාධිපතිවරණයේදී  වේදිකාවක් වේදිකාවක් පාසා සතුටුද, සනීපද, සන්තෝසද  කියා වත්මන් ආණ්ඩුවේ පිරිස් ජනතාවගෙන් විමසුවත් ඔවුන් ඉදිරිපත් කළ වැඩපිළිවලින් රටටත් ජනතාවටත්  සැපක් සන්තෝසයක්  ලැබී නැතැයි සජිත් ප්‍රේමදාස මහතා අද (3) කොළඹ, මාර්ක්ස් ප‍්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ප්‍රකාශ කළා.

    ජනතාවට බොරු පොරොන්දු දී අකාර්යක්ෂම පාලනයක් ගෙන ගිය රාජපක්ෂ රජය පෙරලා දමා සැබෑ ජනතාවවාදි පාලනයක් පත්කර ගැනීමට මෙවර මහමැතිවරණයෙන් ජනතාවට අවස්තාව ලැබී ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස  මහතා මෙසේද කීය.

    ‘‘අද දවසේ අපි විපක්ෂනායක වගකීමෙන් බැහැර වුනත් මේ කෙටි කාළය තුලදී යම් වගකිවයුතු කාර්යභාර්යයක් ඉටුකිරීමට අපට හැකිවුණා.

    දැන් මේ ආණ්ඩු බලය ලබා සිටින පිරිස පහුගිය ජනාධිපතිවරණයේ දී ඉතාම ඉහළින් දේශීයත්වය, අපේකම, ස්වදේශීකත්වය,  රටටත් ජනතාවටත් මුල්තැන දිම ගැන ඉතාම ඉහලින් කතා කළා. අද මේ වනවිට ඒ කතා පුස්සක් බවට පත්ව තිබෙනවා.

    අද අපේ රටේ ජනතාව  බරපතල අර්බුදයකට මුහුණ පා තිබෙනවා. විශේෂයෙන්ම  අපේ ධීවරයින් ගැටලූ රැසකට මුහුණ දී තිබෙනවා. ජාත්‍යන්තර මුහුදේ මත්සය කර්මාන්තයේ නියැලෙන විදේශීය යාත‍්‍රා රාශියක් මේ වනවිට  අපේ රටේ වරායන් උපයෝගී කරගැනීම හේතුවෙන් දේශීය  ධීවර කාර්මිකයාට විශාල ප‍්‍රශ්ණයකට මුහුන දෙන්න සිද්ධ වෙලා තියෙනවා.

    අපේ රටේ  බහුදින යාත‍්‍රා 6000ක් පමණ තිබෙනවා. 40000 කට ආසන්න පිරිසක් සෘජුව ධීවර කර්මාන්තයේ යෙදෙනවා. වක‍්‍රව ගත්තොතේ අපේ රටේ ලක්ෂ දෙකකට පමණ මේ තත්වය බලපානවා.

    දීර්ඝ කාලයක්  අක‍්‍රමවත් ලෙස මත්ස්‍ය කර්මාන්තයේ  නියැලූණු නිසා යුරෝපා සංගමය අපේ රටේ අපනයන වලටත් තහංචි දැම්මා.  විදේශීය යාත‍්‍රා අපේ මුහුදු සීමාවේ ධීවර කර්මාන්තයේ නැයැලිලා අපේ  ධීවර වරායන් පාවිච්චි කිරීම හේතුවෙන් අපේ ධීවර කර්මාන්තය  බරපතල කඩා වැටීමකට ලක්වෙමින් තිබෙනවා.

    බහුතර ධීවර  ජනතාවකගේ ආශිර්වාදයකින් බිහිවුන මේ  වර්ථමාන රජය බලයට පත්ව දින 100 ඉක්මවලා යනවිට  අපේ  රටේ ධීවර පවුල මේ තරම් ඉක්මණට අමතක වුණාද කියලා මම අහන්න කැමතියි.

    වත්මන් රජය දේශීය ධීවර කර්මාන්තය මුළුමනින්ම අමතක කරලා ධීවර පවුල් සම්පූර්ණයෙන්ම පැත්තකට දාලා දේශීයත්වය වෙනුවට විදේශීය යාත‍්‍රා වලට  මේ විශේෂ  සැළකිල්ල ලබාදෙන්නේ තමන්ට දේශාභිමානය අමතක වෙලාද කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා.

    විපක්ෂනායකවරයා ලෙස කටයුතු කළ මේ කෙටි කාළය තුළ පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතදීත්  මම නිතරම ජනතා ගැටලූ මතුකලා.  විපක්ෂනායකවරයා ලෙස ප‍්‍රශ්න නැගීමට මට  ලැබෙන සෑම අවස්ථාවක්ම ප‍්‍රයෝජනයට ගෙන මම ක්ෂේත‍්‍ර අටක ගැටලූ මතුකළා.

    බලයට පත්වුන ගමන් එම්. සී. සී ගිවිසුම ඉරා විසිකරනවා කියලා බලයට ආපු ගමන් ඒ ගැන සලකා බලන්න කමිටුවක් දැම්මා. පස්සේ සියට 70ක් ඒ ගිවිසුම හොඳවුණා. ඉදිරි මහමැතිවරණයෙන් පස්සේ මේ ගිවිසුම 100% හොදවෙලා අත්සන් කරන්නත් මේ අය සැලසුම් කරලා තියෙනවා.

    එදා වේදාකාවක් වේදිකාවක් පාසා සතුටුද, සනීපද, සන්තෝස ද  වගේ වචන මාලාවක් මේ අය ඉදිරිපත් කලා. මේ ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ දිහා බලපුවහම රටටත් ජනතාවටත්  කිසිම සැපක් නැහැ, කිසිම සන්තෝසයක් නැහැ හැම තැනකම පේන්න තියෙන්නේ අකාර්යක්ෂම රාජ්‍ය පාලනයක්’’යැයිද සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසුවා.

  • සජිත් පිලේ කිහිප දෙනෙක් මහ මැතිවරණයේදී සජිත්ට පොලු තියන හැඩ

    සජිත් පිලේ කිහිප දෙනෙක් මහ මැතිවරණයේදී සජිත්ට පොලු තියන හැඩ

    එක්සත් ජාතික පක්ෂය අතහැර සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමඟ එක්වීමට එජාප සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් පිරිසක් අකමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි. ඔවුන් කිහිප දෙනෙකු තම ආසනවල පලාත් පාලන මන්ත‍්‍රිවරුන් වෙත මේ වන විටත් දැනුම් දි ඇත්තේ පක්‍ෂය දෙකඩ වන්නේ නම් මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට අපේක්ෂා කරන බවයි.

    පාරම්පරික එක්සත් ජාතික පක්ෂ ඡන්ද අහිමිවීම සහ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්ව ගුණාංග තහවුරු වී නොතිබීම හේතුවෙන් ඔහුට විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට හැකියාවක් ඇතැයි විශ්වාස කල නොහැකි බවද ඔවුනගේ අදහසයි.

    සජිත් ප්‍රේමදාස මහතාට සමීප පාර්ශවය කටයුතු කළ කොළඹ, මහනුවර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මේ බව තම දේශපාලන ආධාරකරුවන් වෙත දන්වා ඇත.

  • Hot Plate: සජිත් කොළඹින් එන බව පක්ෂයට කියලා නෑ – රනිල්

    Hot Plate: සජිත් කොළඹින් එන බව පක්ෂයට කියලා නෑ – රනිල්

    සටහන – ගජබා නාගහවත්ත

    ඉන්දියාවේ හින්දු පුවත් පත එරට ජාත්‍යන්තර භූමිකාව සම්බන්ධයෙන් සංවිධානය කරන සමුළුවට ආරාධනා ලැබු එ.ජා.ප නායකයා එහි දෙවන දිනයේ ප්‍රධාන දේශනය පැවැත්වීය. සමුළුව විවෘත කළේ ඉන්දියානු ජනපති විසිනි.

    දින හතරක අවකාශයක් ඒ හරහා සජිත් පිළට ලබාදුන් එ.ජා.ප නායකයා තමා සිය රට පැමිණෙන විට සන්ධානය හා ලකුණ මෙන්ම ව්‍යවස්ථාවට අදාළ කරුණු නිම කොට තබන ලෙස ඉල්ලා තිබින. නැතහොත් පැමිණි පසු නායකත්ව බලතල යටතේ සියළු තීන්දු ගන්නා බවද අගවා තිබින. එහෙත් අවශ්‍ය කරුණු නායකයා සිය රට පැමිණෙන විටද සපුරා නොතිබුන බවට ආරංචි පළවිය.

    විපක්ෂ නායක සජිත් හා සන්ධාන මහාලේකම් මද්දුම බණ්ඩාර බදාදා එ.ජා.ප නායකයාගේ නිවසට පැමිණියේ ඒ අතරතුරය.

    “සමගි ජන බලවේගයේ සමාරම්භක උළෙල මාර්තු 02 දා නෙළුම් පොකුණේ දි පවත්වනවා. ඔබතුමාටත් ආරාධනයක් කරන්නයි ආවේ.” විපක්ෂ නායකයා කීවේය.

    ” මම එන්නම්. ඒත් හැමදේම නිල වශයෙන් සිදු වෙන්න ඕනේ. සන්ධානය එහි ලකුණ හා එම ව්‍යවස්ථාව සුදානම්ද? ඒවාට කෘත්‍යධිකාරියේ අනුමැතිය ගන්න ඕනේ.” නායකයා කීවේය.

    “ඒ කටයුතු වේගයෙන් සිදුවෙනවා.” විපක්ෂ නායක හා මද්දුම බණ්ඩර පිළිතුරු දුන්නේය.

    “එහෙනම් මම වහාම කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කරන්නම්. එතනදි අනුමත කර ගනිමු.” නායකයා කීවේය.

    වෙනත් ආරංචි මාර්ග කියා පාන්නේ සන්ධානයේ ලකුණ ගැන විපක්ෂ නායක හා රවි කරුණානායක අතර සාකච්ඡා තවමත් නිම වී නොමැති බවය. එමෙන්ම එ.ජා.ප නයකයා හා විපක්ෂ නායක දෙදෙනා එකමුතුව පත් කළ ව්‍යවස්ථාව තැනිමේ නීතිඥ මණ්ඩලයේ කටයුතුද නිමවී නැති බවය. එම කටයුතු සීග්‍රයෙන් නිමවෙමින් තිබෙන බවද එම ආරංචි මාර්ග කියාපායි.

    බ්‍රහස්පතින්දා පෙරවරුවේ එ.ජා.ප නායකයා සිරිකොත ගියේ රාජකාරි ඉටු කිරිමටය. පැමිණ සිටි බොහෝ දෙනෙකු සමග ද නායකයා කතා බහ කළහ.

    ” මේ වැඩ දැන් අත ගා ගා ඉන්න වෙලාවක් නැහැ. පාර්ලිමේන්තුව ලබන සතියේ විසුරුවාවි.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ දැඩි ස්වරයෙනි.

    “ඇත්ත එයාලගේ වගකීම් කඩිනම් කරන්න ඕනේ. රවි හංසයා දෙන්න පක්ෂයේ නම මාරු කරන්නත් කැමතියිලු. මෙයාලා ඒ පක්ෂයට බැදිලා හරි මේක ඉවර කර ගන්න ඕනේ.” නායකයා කීවේය.

    “විපක්ෂ නායකගේ කණ්ඩායම නොනිල විදියට යමක් කරන්න උත්සාහ කරන එක හරි නෑ. ජනමාධ්‍යවලින් විතරක් මේක කරන්නත් බෑ.” එ.ජා.ප නීති නිලධාරියෙක් කීවේය.

    “දැන් අගමැතිතුමා කොළඹින් ඡන්දය ඉල්ලනවද? විපක්ෂ නායකතුමාත් කොළඹින් එනවා කියලා තමයි ආරංචි.” චම්පිකා ප්‍රේමදාස ඇසුවේය.

    “මම ඉල්ලනවා. අවසන් තීන්දුවක් තාම නෑ. සජිත් කොළඹින් එන බව අපිට කියලා නෑ. ජනමාධ්‍ය හරහා විතරක් එහෙම කරන එක එයාටත් හොද මදි. නොමිනේෂන් බෝඩ් එක තමයි සජිත් ගැන අවසන් තීන්දුව ගන්න ඕනෑ.” නායකයා කීවේ සැහැල්ලුවෙනි.

    “කථානායක කරු ජාතික ලැයිස්තුවත් ඉල්ලුවේ නැහැ කියලා කියන්නේ ඇයි.” දයා ගමගේ ඇසුවේ නායකයාගෙනි.

    “ඒක ඇත්ත. කරුත් තරග කරන්න හිතාගෙන ඉන්න හැඩයි. මම මීට පෙර කොළඹට එන්න කියලා සජිත්ට කිව්වා. ඒ වෙලාවේ අදට වඩා එයාට කොළඹ ගැම්මක් තිබුණ නිසයි ආරාධනා කළේ. ඒත් ආවේ නැහැ.” එ.ජා.ප නායකයා පිළිතුරු දුන්නේය.

    “ආණ්ඩුව ලග ලග නානවා. වර්ජන රැල්ලක් රට පුරා යනවා. ඒවා වැඩ කරන ජනතාවගෙන්ම ආපුවා මිසක් අපි ආණ්ඩුවේ ඉන්න කොට පොහොට්ටුවෙන් කරපුවා වගේ තිරෙන් පිටුපස ඉදන් කරන ඒවා නොවෙයි. රණවිරුවොයි, ගුරුවරුයි රැකියාවෙන් දොට්ට දාපු දහස් ගණනකුයි මහ පාරේ.” දයා ගමගේ කීවේය.

    “ගුවන් විදුලියේ වැටුප් ගෙවලාත් නැහැ. ඒ අතරේ සා.පෙල අසමත් ලක්ෂයකටයි. උපාධිධාරින් 50,000 කටයි රැකියා දෙන බව කියමින් මහ ඡන්දයට මිනිස්සු අන්දනවා. ණය වාරිකත් ගෙවා ගන්න බැරි රටක් බවට ලංකාව ඇද වැටිලා.” චම්පිකා ප්‍රේමදාස කී දේ සියළු දෙනා අනුමත කළහ.

    “ජිනිවාවල අත්සන් කළාට පස්සේ වසර දෙකක් යනකම් ඉවත් වෙන්න බෑ. අපි කළේ මහින්ද රාජපක්ෂ බෑන් කී මූන් සමග එකග වූ දේ ඉදිරියට ගෙනිහින් එයයි රණවිරුවොයි බේරපු එකයි. ඒත් මේ ආණ්ඩුව ජිනිවාවල ආපහු නානවා. අතුරුදහන් වූ අය හා ඝාතනය වූ මාධ්‍යවේදින් ගැන හෙයන එක ඕනෑම ආණ්ඩුවක වගකීමක්. ලංකාවෙදි සිංහල බෞද්ධ රටක් කියලා මර හඩ දීපු දිනේෂ් ආණ්ඩුවේ ස්ථාවරය හැටියට ජිනිවාවලදි කිව්වේ ලංකාව බහුවාර්ගික, බහුආගමික, බහුසංස්කෘතික, බහු භාෂාමය රටක් කියලායි.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

    “ඔබතුමාට විරුද්ධව ප්‍රචාරය වෙච්ච මඩ වීඩියෝව මොකක්ද? චම්පිකා ප්‍රේමදාස ඇසුවේ නවීන් දිසානායකගෙනි.

    ” ඒ තරුණ ව්‍යාපාරිකයා ආණ්ඩුවට ලක්ෂ එකහාමාරකට වඩා ගෙවනවා. මාස තුනක දැනුම් දීමක්වත් උසාවි නියෝගයක්වත් නැතුවයි එයාගේ අනාගතය විනාශ කළේ. මම දිගටම එවැනි අසාධාරනකම්වලට විරුද්ධව පෙනී ඉන්නවා.” නවීන් දිසානායක කීවේ හැගීම් බරවය.

  • Hot Plate: සභාපති පස්සෙන් එද්දී ‘ගම්පහ ලොක්කා’ ඉස්සරහින් ගිහින්

    Hot Plate: සභාපති පස්සෙන් එද්දී ‘ගම්පහ ලොක්කා’ ඉස්සරහින් ගිහින්

    ප්‍රසන්න පසුගිය බදාදා බේරුවල ගියේ පියල්ගේ ඉල්ලීමක් අනුවය. පියල් ප්‍රසන්නට එන්න කියා තිබුණේ බේරුවල සංචාරක ව්‍යාපාරයේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඒ අනුව ප්‍රසන්න එදින උදේ වරුව බේරුවල ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලුවලට විසැඳුම් දුන්නේය. පහුගිය ආණ්ඩුව සිටි සංචාරක ඇමැතිවරුන් සම්බන්ධයෙන් මෙහිදී කතාබහක් ඇති විණි.

    “පහුගිය ආණ්ඩුවලත් සංචාරක ඇමැතිවරුන් හිටියා. ඒ අයට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවට වඩා තිබුණේ වෙන වැඩ. වෙන වෙන දේවල් තමයි ඒ අය ප්‍රවර්ධනය කළේ“ පියල් කීවේ පසුගිය කාලයේ හිටපු සංචාරක ඇමැතිවරයා ගැනය.

    “ඒක නම් ඇත්ත. පාස්කු ප්‍රහාරය හින්දා සංචාරක කර්මාන්තය බින්දුවටම වැටුණත් ඒ ඇමැතිට ගාණක්වත් තිබ්බේ නැහැ. හැමතිස්සෙම මොකක් හරි විහිලු කතාවක් කිය කියා හිටියා   ඇර වෙන කිසිම දෙයක් එයා කළේ නැහැ“ ප්‍රසන්න පැවසීය.

    “ඒක නෙමේ ඇමැතිතුමා මම අහන්නමයි හිටියේ පහුගිය දවසක අලුත් සභාපතිතුමාත් හමුවුණාලු නේද? පියල් ඇසුවේ පසුගිය දා පැවැති ශ්‍රි ලංකා පොදුජන නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීම ගැනය. එම සන්ධානයේ සභාපතිවරයා වන මෛත්‍රි සහ ප්‍රසන්න අතර ඇත්තේ එතරම් හොඳ සබඳතාවක් නොවේ. පියල් ඇසුවේ ඒ ගැනය.

    “මෙහෙමයි, මහින්ද මහත්තයලා තීන්දුවක් අරගෙන තියෙනවා එතුමට සභාපති ධුරය දෙන්න. මගේ විරෝධය කිසිම වෙනසක් නැහැ. එදා වගේම මම අදත් අකැමැතියි හෙටත් අකමැතියි. මාවත් විධායක සභාවට දාලා තියෙන නිසා යන්නම වෙනවනේ“ ප්‍රසන්න පැවසීය.

    “ඒ කතාව නම් හරි. ඒත් තිබ්බ විරෝධයේ හැටියට මම කල්පනා කළේ කොහොමද ඔබතුමා එතුමත් එක්ක එකට වැඩ කරන්නේ කියලයි“ පියල් කීවේය.

    “මම කිව්වනේ විරෝධයේ අඩුවක් නැහැ. එයත් එක්ක මට කිසි වැඩක් නැහැ නේ. මම වැඩ කරන්නේ මහින්ද මහත්තයා එක්ක. මුලින් නං මම හිතුවා විධායක සභාවට නොගිහින් ඉන්න. පස්සේ මට හිතුනා මම එහෙම ඉන්න එකත් හොඳයි කියලා. මොකද මේ වෙලාවේ තමයි පෙරේතයෝ, කුම්භාණ්ඩයේ පොහොට්ටුවට කිට්ටු කරන වෙලාව. මම හිටියොත් තමයි ඔය පෙරේතයෝ, කුම්භාණ්ඩයන්ගෙන් පක්ෂය බේර ගන්න පුළුවන් වෙන්නේ“ ප්‍රසන්න පැවසීය.

    හිටපු ජනපති මෛත්‍රිපාලගේ උපන් ගම වන ගම්පහ පහල යාගොඩ ප්‍රදේශයේ ඉදිකරන ලද වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පසුගිය බ්‍රහස්පතින්දා අගමැති මහින්දගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. මෙම මධ්‍යස්ථානයට මුල්ගල් තබා තිබුණේ මෛත්‍රිය. ඒ ඔහු ජනපති ධුරය දැරූ සමයේය. එබැවින් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඔහු ද සහභාගී වීමට නියමිතව තිබුණේය.

    විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රසන්න කල්තියා පැමිණ සිටියත් මෛත්‍රි පැමිණ සිටියේ නැත. මෛත්‍රි මහින්ද එනතුරු අතරමඟට වී බලා සිටියේය. වේලාසනම උත්සව භූමියට ආ ප්‍රසන්න එතැන සිටි සිසිර ජයකොඩි, සුදර්ශනී, සහන් ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා කරමින් සිටියේය. මේ අතර අගමැති මහින්ද එම ස්ථානයට ආවේය. හිටපු ජනපති මෛත්‍රි උත්සව සභාවට ආවේද මහින්ද එන විටම වාගේය. ප්‍රසන්න ඇතුළු ගම්පහ මැති ඇමතිවරුන් මහින්ද පිරිවරාගෙන මධ්‍යස්ථානය තුලට ගියහ. හිටපු ජනපති මෛත්‍රී ඒ පිටුපසින් ගියේය. මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා පීත්ත පටිය කැපීමට මහින්ද සූදානම් වන විට ප්‍රසන්න ද ඒ අසළ සිටියේය. එහෙත් ටිකකින් මෛත්‍රි එතැනට ආ බැවින් ප්‍රසන්න හෙමින් සැරේ පසුපසට විය. මෛත්‍රි පීත්ත පටිය අසළ සිටිනු දුටු මහින්ද විපරම් කළේ ප්‍රසන්න කෝ කියාය.

    “කෝ මේ ප්‍රසන්න? මහින්ද ඇසුවේය.

    පිටුපසට වී සිටි ප්‍රසන්න “ඉන්නවා සර්“ කීවේය.

    “ඔයානේ ගම්පහ ලොක්කා. මොකද මේ පස්සට වෙලා. එන්නකෝ ඉස්සරහට“ කියමින් මහින්ද ප්‍රසන්න ඉදිරියට ගත්තේය.

    උත්සවය නිමා වී තේ බීමෙන් පසුව මහින්ද කටුනායක බලා යාමට නියමිතව තිබුණේ තවත් උත්සවයකට සහභාගී වීමටය. මහින්ද කටුනායක යාමට පෙර ප්‍රසන්න ගැන සොයා බැලුවේය. “එන්න කෝ ප්‍රසන්න මා එක්ක යන්න“ කියමින් සිය රථයට ප්‍රසන්න නංවා ගත් මහින්ද මෛත්‍රීටද යන්නන් කියා කටුනායක බලා පිටත්ව ගියේය.