Category: සුපිරි Talks & Jokes

  • රට පැන්න පාතාල ලොක්කා මධූෂ් ගිය සතියෙත් ලාබාල පෙම්වතිය බලන්න ලංකාවට ඇවිත්….

    රට පැන්න පාතාල ලොක්කා මධූෂ් ගිය සතියෙත් ලාබාල පෙම්වතිය බලන්න ලංකාවට ඇවිත්….

    ලංකාවට හෙරොයින් ගෙන එන ප‍්‍රධාන මාර්ගයක් වන්නේ ඇෆ්ගනිස්ථානය හා ඉන්දියාව හරහා මුහුදු මාර්ගයෙන් ලංකාවේ බටහිර වෙරළ තීරයට පැමිණෙන බෝට්ටුය.

    මධූෂ් ද මෙවැනි බෝට්ටු මගින් ලංකාවට හෙරොයින් එවීම බොහොම නිදහසේ කරගෙන යන බවක් වාර්තාවන තොරතුරු අනුව පෙනෙන්නට තිබේ.

    ඔහු අද ලංකාවේ පමණක් නොව ඩුබායිවලද හෙරොයින් ජාවාරම පවත්වාගෙන යන අතර ඒ සියල්ල සිදුකරන්නේ ඉන්දීයාවේ ත‍්‍රස්තවාදියෙකුගේ සහයෙන් බවත් එම ත‍්‍රස්තවාදියා ඇෆ්ඝනිස්ථානයේ සිට අවට රටවල් ගණනාවකට හෙරොයින් බෙදාහරින්නෙකු බවත් මෙරට බුද්ධි අංශ සොයාගෙන තිබේ.

    හොරොයින් පමණක් නොව මධූෂ් ද ආරක්ෂක අංශ ඇස වසා මේ බෝට්ටු මගින් විටින් විට ලංකාවට පැමිණෙන බවටද මධූෂ් පිළිබඳව පරීක්ෂණ පවත්වන අංශ වෙත වාර්තා වී තිබේ. එහෙත් කොතැනක හෝ පවතින වරදක් නිසා ඒ කිසිවක් හෝ කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට තවමත් අපේ ආරක්ෂක අංශ අසමත්ව ඇත. මධූෂ් ලංකාවෙන් පැන ගියේද දකුණේ ප‍්‍රබල දේශපාලනඥයෙකුගේ උදව් ඇතිව බව ප‍්‍රසිද්ධ රහසකි. එසේම එම දේශපාලනඥයාගේ පුතාගේ මංගල උත්සවයට ද මධූෂ් පැමිණ ඇති බවටද විවිධ තොරතුරු වාර්තා වෙමින් පවතී. ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ලාබාල දැරියක සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන යමින් මධූෂ් ඇය හමුවීමට මෙරටට අවස්ථා කීපයකදී පැමිණ ඇති බවට පවතින තොරතුරු ඔස්සේ ද ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    මධූෂ් මුලින්ම හිරගෙදර ගියේ කුමන වරදක් මතද යන්න විවාද සම්පන්නය. මධූෂ්ගේ ගමේ ඇතැමෙක් පවසන්නේ ඔහු නොකළ වරදකට හිරේ ගිය බවය. තවත් කෙනෙක් පවසන්නේ ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් හිරේ ගිය බවය. කෙසේ වෙතත් එක් අවස්ථාවකදී අධිකරණයෙන් ඇප ලබාදී තිබියදීත් ඔහු වෙනුවෙන් ඇප තැබීමට කිසිවෙක් නොසිටීම නිසා තවත් මාස ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ කාලය ගෙවන්නට මධූෂ්ට සිදුවිය. ඒ 2003 – 2004 කාල වකවානුවේදීය. ගමේ චණ්ඩියෙකු ලෙසද, බස්වලින් කප්පම් ගන්නෙකු ලෙස ද ප‍්‍රදේශයේ නමක් දරා සිටි මධූෂ් කුඩුකාරයකු කරන්නට සමත් වෙන්නේ මේ කාල වකවානුවේ ඔහුට හමුවූ බන්ධනාගාරගත රැඳවියන්ය.

    බස් රථ හිමියන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත් මධූෂ්ට හෙරොයින් ජාවාරම අලුත් අත්දැකීමක් එකතු කරනු ලැබිණ. සුළු මුදලක් ආයෝජනය කර එකවර විශාල මුදලක් ඉපයීමට හැකි මේ ජාවාරම ඔහුගේ හිතට අල්ලන්නට ඇත. එතැන් සිට තමන්ගේ ජාවාරම කරගෙන යා හැකි ජාලයක් හදාගන්නට ඔහු කටයුතු කළේය.

    මධූෂ් කුඩු පාතාලය හරහා වඩාත් වේගයෙන් කරළියට එන්නේ 2013න් පසුවය. ඒ ඔහු ඩැනී හිත්තැටිය ඝාතනය, මීගමුවේ ලීසිං සමාගම් දෙකක් කොල්ලකෑම ඇතුළු චෝදනා රැසකට විටින් විට බන්ධනාගාරගතව සිට 2013දී ඇප මත මුදාහැරීමෙන් පසුවය. එලෙස ඇප මත මුදාහැරුණු මධූෂ් ඉන්දියාවට පළාගියේය. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඇති කරගත් එකඟතා ඇතිව ඩුබායිවලට පැන ගත් ඔහු එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගියේය. හෙරොයින් පමණක් නොව ඔහු කේරළ ගංජා ජාවාරම ද කරගෙන ගොස් ඇතැයි මෙරට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත.

    ඔහු මාකඳුරේ මධූෂ් ලෙස කරළියට එන විටත් දකුණේ බලය තිබුණේ කොස්ගොඩ සුජී අතේය. ඒ නිසා තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා කොස්ගොඩ සුජී සමග ගැටෙන්නට මධූෂ්ට සිදුවිය. ඒ ගැටුමේදී ද එකිනෙකා මරාගැනීම නිසා දෙපාර්ශ්වයේ බොහෝ දෙනෙකුට ජීවිත අහිමි විය. මධූෂ් මෙන්ම සුජී ද සිටින්නේ ඩුබායිවල සැඟවීලාය. එකම රටේ දෙපැත්තක සැඟවී සිටිමින් ඔවුහු තම ජාවාරම් සියල්ල නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙරටදී ක‍්‍රියාත්මක කරති. ඒ සඳහා තමන් වෙනුවෙන්ම ජීවිතය පුදන්නට වුව සූදානම් පාතාල සාමාජිකයන් නිර්මාණය කරගනිති.

    එය ආරම්භ කරන්නේද බන්ධනාගාරයෙනි. බන්ධනාගාර ගතව සිටින තවත් පාතාල සාමාජිකයෙකු හිතවත් කරගන්නා ඔවුන් ඒ අය මගින් තෝරාගත් පිරිසක් මුදල් ඇප දී බේරාගනු ලබයි. ඒ සඳහා ඔවුන් යොදාගන්නේද හෙරොයින් ජාවාරම් මගින් උපයන මුදල්ය. ඉන්පසු ඒ පිරිස තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමට මධූෂ් මෙන්ම සුජීද සමත් වෙති.

    කොස්ගොඩ සුජී සිය මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාමට යොදාගන්නා එක ප‍්‍රධාන සාධකයක් බවට පත්වන්නේ සමයංය. එසේම පොඩි ලැසීද කලක් ඔහුගේ ගෝලයෙක් විය. එසේම පොඩි ලැසී විටෙක මධූෂ් සමගද ගනුදෙනු පවත්වා ඇත. කොස්ගොඩ සුජි සමග එක්ව දකුණෙ මත්ද්‍රව්‍ය ජාවාරම ආක‍්‍රමණය කළ සමයං, මධූෂ්ගේ ප‍්‍රබල හතුරකු බවට පත්විය. මධූෂ්ගේ හිතවතෙක් වන හර්ෂ යසස් සමයං විසින් ඝාතනය කිරීම තමන්ට එල්ල කළ මරු පහරක් ලෙස මධූෂ් දැක්කේය. ඒ හර්ෂ යසස් යනු ඩැනී හිත්තැටිය ඝාතනයේ දෙවැනි සැකකරු වන නිසා මෙන්ම තමන්ගේ හොඳම ගෝලයෙකු වන නිසාය. මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව එකතුවූ මේ ඝාතනය නිසාද සමයං මධූෂ්ගේ ප‍්‍රධාන හතුරකු බවට පත්විය. එහි අවසානය වූයේ සමයං සමගම කලක් එක්ව සිට පසුව ඔහුගේ හතුරෙකු බවට පත්වූ අංගොඩ ලොක්කා ලවා සමයං ඝාතනය කිරීමට කටයුතු කිරීමය.

    අංගොඩ ලොක්කාට ද සමයංගෙන් පළිගැනීමට එමට කාරණා තිබිණ. ඒවා එකින් එක කතා කිරීමට මෙය වෙලාව නොවන්නේ මධූෂ්ගේ හෙරොයින් ජාවාරමේ දිග පළල හඳුනාගැනීමට එයින් බාධා ඇති වෙන බැවිනි. අංගොඩ ලොක්කලා මධූෂ් සමග ගහපු ගේම අනුව සමයං ඇතුළු රැඳවියන් පිරිසක් බන්ධනාගාර රථයකින් කඩුවෙල අධිකරණය කරා ගෙන යමින් සිටියදී කලුතර එතනමඩලේදී එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්විය.

    මේ සමූහ ඝාතනයේ සැකකරුවන් බවට අංගොඩ ලොක්කා පත්වුවද ඔහු තම ළගම සගයා වන ලඩියා සමග කාටත් රහසේ ඉන්දියාවට පලාගොස් ඇති බව පොලිස් පරීක්ෂණලදී හෙළි විය. ඔවුන් එලෙස පලාගොස් තිබෙන්නේ මධූෂ්ගේ උදව් ඇතිව බොට්ටු මගින් බවටද පොලිසිය සැක පළ කරයි. කෙසේ වුවද ඉන්දියාවේදී අංගොඩ ලොක්කා හා ලඩියා ආගමන විගමන නීතී උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට පත්වූහ. මාස කීපයක් එරටදී හිරබත් කෑ ඔවුහු මේ වන විට නිදහස්ව ඇති නමුත් ඔවුන්ට එතැනින් පසු සිදුවූයේ කුමක්දැයි කිසිවෙක් දන්නේ නැත.

    එහෙත් දැනට වාර්තා වන පරිදි මධූෂ් තම හෙරොයින් මුදල් යොදවා අල්ලා ගන්නා ජාලයන්ගේ සහය ඇතිව තවදුරටත් අංගොඩ ලොක්කාට හා ලඩියාට ඉන්දියාවේම සැඟවී සිටින්නට මග හෙළි කර දී තිබේ. එසේ සිදුකරන ඔහු ඔවුන් හරහා සිය මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාමට සමත්ව ඇත. ඩුබායිවල සිට ඇෆ්ඝනිස්ථානය හරහා මධූෂ් එවන හොරොයින් ලංකාවට එවනු ලබන්නේ ලොක්කලාය. ඒ හොරොයින් දකුණේදී බෙදාහරින්නේ ඩිලයිට්ලාය. උතුරේදී බෙදාහරින්නේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ය. මධූෂ් විනීතා ගුණසේකර මගින් ඇගේ සැමියා වූ කොටි පොලිස්පති ලෙස හැඳින්වූ නඩේසන් හඳුනාගන්නා අතර එමගින් හඳුනාගන්නා කොටි සාමාජිකයන් සමග ගනුදෙනු කරනු ලබයි. යුද්ධ සමයේදී මධූෂ් උතුරට ගොස් ඔවුන්​ගෙන් යුද පුහුණුවද ලබාගෙන ඇතැයි ආරක්ෂක අංශ වෙත යම් යම් තොරතුරු වාර්තා වී තිබෙන අතර මේ වන විට මධූෂ්ගේ කල්ලියේ හිටපු කොටි සාමාජිකයින් මෙන්ම යුද හමුදාවෙන් පලාගිය අයද සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඔහු බොහෝ ඝාතන සැලසුම් කරන්නේ ඔවුන්ගේ සහය ඇතිව බවද ආරක්ෂක අංශ පවසති.

    මොවුහු මත්ද්‍රව්‍ය බෙදාහැරීමේදී අද වන විට ජීපීඑස් තාක්ෂණය පවා යොදාගන්නා බවටද ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ. එමගින් ගනුදෙනුකරුවා පැමිණ සිටින ස්ථානය තහවුරු කරගන්නා ජාවාරම්කරු අවශ්‍ය ද්‍රව්‍ය එම ස්ථානයට සපයා ඊසිකෑෂ් ක‍්‍රමයට මුදල් ලබාගැනීම සිදුකරනු ලබති. අංගොඩ ලොක්කා ලංකාවට එවන කුඩුවලට අදාළ මුදල් මෙරට සිටින මධූෂ්ගේ ගෝලයන් එකතු කරගනු ලබන්නේ ඊසිකෑෂ් ක‍්‍රමයට වන අතර ඒ මුදල් මධූෂ්ට යවන්නේ උණ්ඩියල් ක‍්‍රමයටය. ඒ සඳහා මැදිහත්ව තිබෙන්නේ පසුගිය මාර්තු 16 වැනිදා අලුත්කඩේ නුරානියා වීදියේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්වූ මොහොමඩ් රිස්වාන් විසින් බවටද මේ වන විට තොරතුරු හෙළි වෙමින් පවතී.

    උණ්ඩියල් ක‍්‍රමය යනු මුදල් එහා මෙහා ගෙන යන ක‍්‍රමයක් නොවන අතර ජාවාරමට සම්බන්ධ වන පාර්ශ්වයෙන් මුදල් ටික එකතු කරගැනීම මෙරට සිටින එක් පුද්ගලයකු විසින් සිදුකරන අතර එයට සමාන මුදලක් විදේශ ගතව සිටින ඔහුගේ සගයෙක් අනෙක් පාර්ශ්වයට ගෙවීමය. එහෙත් දැනට හොරොයින් ජාවාරමේදී එහා මෙහා යන කෝටි ගණනාවක මුදලක් මේ ක‍්‍රමයට ගෙවීම අපහසු වන බැවින් අදාළ මුදලම පන්දාහේ නෝට්ටුවලින් සකස් කර ගුවන් යානා කාර්ය මණ්ඩලවල සේවය කරන්නෙකු භාවිත කර යැවීමේ ක‍්‍රමයක්ද ක‍්‍රියාත්මක වෙමින් පවතින බවටද ආරක්ෂක අංශ වෙත වාර්තා වී තිබේ. රිස්වාන්ට ව්‍යාපාරිකයෙකු වීම නිසාම පළමු ක‍්‍රමයට ඔහු ලවා මුදල් ගෙන්වා ගැනීම මධූෂ්ට පහසු වෙන්නට ඇත.

    රිස්වාන් ඝාතනයට ලක්වෙන්නේ මෙවැනි ගනුදෙනුවක නිරත වෙමින් සිටියදීය. රිස්වාන් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් පමණක්ම නොවේ. වසර දහයකට පමණ පෙර පටන් මාලිගාවත්ත ප‍්‍රදේශයේ ජීවත්ව ඇත. එහි පාතාල කල්ලියක් සමග කටයුතු කර තිබෙන අතර එකල වූ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ද පත්ව ඇති බවට පොලිස් වාර්තා ද පවතී. එසේම ඔහු කඹුරුගමුවේ මධූෂ් සමග මිය යන තෙක්ම දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට රිස්වාන්ගේ ජංගම දුරකථනයේ දත්ත මගින් හෙළි වී තිබේ. එපමණක් නොව අපරාධ රැසකට පොලිසියට අවශ්‍යව ඇති දැනට විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙකු වන කෙසෙල්වත්තේ දිනුක සමගද රිස්වාන් දුරකථනයෙන් සම්බන්ධතා පවත්වා ඇති බවට කරුණු හෙළි වී ඇත. රිස්වාන් මධූෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේදී නැතිවම බැරි පුරුකකි. රිස්වාන් ඝාතනය සම්බන්ධයෙන් මධූෂ් කලබල වෙන්නේත් ඒ වෙනුවෙන් කොස් මල්ලීගේ හිස ඉල්ලා සිටින්නේත් ඒ පාඩුව එතරම්ම බලවත් වන නිසා විය යුතුය.

    මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම පාතාලයන්ට තමන්ගේ අනෙකුත් ජාවාරම් පවත්වාගෙන යාමේදී වඩාත් ආරක්ෂාකාරී වෙන්නේ බන්ධනාගාර ගතව සිටීම හෝ විදේශගතව සිටීමය. බොහෝ දෙනා මුදල් ලබාගැනීම මෙන්ම ගනුදෙනුකරුවන් හඳුනාගැනීමත් නවීන ජංගම දුරකථනවල පහසුකම් භාවිත කරමින් සිදුකරනු ලබති. ඒ සඳහා ඔවුන් බන්ධනාගාර නිලධාරීන් බිය වද්දා අවශ්‍ය ඉඩකඩ සකස් කර ගනිති. එයට අවනත නොවන්නන් කෙරෙහි වෙනම අවධානය යොමු කර තම දේශපාලන හිතවත්කම් භාවිතා කරමින් සේවා ස්ථාන මාරු කිරීම් හෝ වෙනත් වැරදි පටවා විනය පරීක්ෂණවලට මුහුණ දෙන්නට සිදුවන තත්ත්වයන් ඇති කරති. මේ නිසා අද වන විට බන්ධනාගාරය හෙරොයින් ජාවාරම පවත්වාගෙන යාමේ ප‍්‍රධාන තිප්පළක් බවට පත්ව තිබෙනවාදැයි සිතෙන තරම් තත්ත්වයක් මතුව තිබේ.

    උපුටා ගැනීමකි.

  • ජනතා සහ පාක්ෂික විරෝධය හේතුවෙන් අගමැතිවරයා සිය ධූරයෙන් සමුගැනීමේ තීරණයක….

    ජනතා සහ පාක්ෂික විරෝධය හේතුවෙන් අගමැතිවරයා සිය ධූරයෙන් සමුගැනීමේ තීරණයක….

    ජනතාවගෙන් එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන් ආර්මේනියාවේ අගමැතිවරයා ඉල්ලා අස්වී තිබේ.
    ඒ සමඟ වැඩ බලන අගමැති ලෙස හිටපු අගමැතිවරයා පත් කර ඇති බව සඳහන් වෙයි.
    2008 වසරේ සිට ආර්මේනියාවේ ජනපතිධුරයේ කටයුතු කල සර්ෂ් සාග්සයන් එරට අගමැති ධුරයේ වැඩ භාරගත්තේ පසුගිය 17 වනදායි.
    වසර පහ බැගින් ධුර කාල දෙකක් ඔහු ජනපති ධුරයේ කටයුතු කර තිබේ.
    අගමැති ධුරයට පත්වීමත් සමඟ බලයට දැඩි ලෝභීත්වයක් දක්වන්නෙකු බවට විරුද්ධ පාක්ෂිකයින් ඔහුට චෝදනා එල්ල කළේය.
    දින ගණනාවක් සිට සාග්සයන්ට එරෙහිව දැවැන්ත විරෝධතා පැවැත්වුණු අතර ඒ සඳහා දහස් සංඛ්‍යාත පිරිස් සහභාගිවී සිටි ආකාරයද දක්නට ලැබුණි.
    මෙවන් පසුබිමක් යටතේ අගමැතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කළේ තමා විරෝධතාකරුවන්ගේ ඉල්ලීම ඉටු කළ බව පවසමින් ය.
  • රාජපක්ෂලා අපේ  සහෝදරකම නැති කරන්න උත්සාහ කරනවා – රණතුංග පවුල හරිවෙලාවට එකතැන!

    රාජපක්ෂලා අපේ සහෝදරකම නැති කරන්න උත්සාහ කරනවා – රණතුංග පවුල හරිවෙලාවට එකතැන!

    ප්‍ර‍සන්න මල්ලිගේ දේශපාලන ක්‍ර‍මය වෙනස් ක්‍ර‍මයක්. රුවන් මල්ලි ඉන්නේ බණ්ඩාරනායක ප්‍ර‍තිපත්ති එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. හැබැයි අපේ සහෝදරකම නැති වෙලා නැහැ. හරිවෙලාවල් වෙනකොට අපි කට්ටිය හිදගනී එකතැන…

    තම පියාණන් වන හිටපු අමාත්‍ය රෙජී රණතුංග මැතිතුමා තමන්ගේ ජීවිතයටත් වඩා සිය පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය උදෙසා කැප වූ විශිෂ්ට ජනතා නායකයෙකු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රෙජී රණතුංග මැතිතුමාගේ 81වැනි ජන්ම දින සැමරුම සඳහා උඩුගම්පොළ පිහිටි රෙජී රණතුංග ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමිනි. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිය පියාගේ ජන්මදින සැමරුව තම දේශපාලන වාසි සඳහා යොදා ගැනීම තරයේ හෙළා දකින බවයි.

    “මහින්ද රාපක්ෂ මැතිතුමා ජීවත්ව සිටිනතාක් කල් අපේ තාත්තා ගැන බැලුවේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැරෙන්න දුන්නේ. එහෙම තත්ත්වයක අපේ තාත්තාගේ මිනී වලටවත් ගරු කිරීම ගැන මම සතුටුවනවා. නමුත් පක්ෂය ගැන විශාල කැපකිරීමක් කළ මිනිස්සු අගය කරන්න ඕන මැරුණට පස්සේ නෙමෙයි. දේශපාලන වාසි තකා මැරුණු මිනිස්සු විකුණගෙන කන්න හොද නැහැ. එය මම හෙළා දකිනවා. නමුත් එකපැත්තකින් එතුමාට දැන් හරි ඇස් ඇරිලා තියෙන එක ගැන මම සතුටු වෙනවා….. ” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එහිදී මාධ්‍යවේදීවකු විමසා සිටියේ රණතුංග පවුල කඩන්න හදන්නේ රාජපක්ෂලාද යනුවෙනි. ඊට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග මහතා පැවසුවේ එය අද ඊයෙක සිදු වුණු දෙයක් නොවන බවයි.

    “ අපේ තාත්තා ජීවත්වෙන කොට පවුල කඩන්න කාටවත් දුන්නේ නැහැ. තාත්තා නැතිවුණාට පස්සේ සමහර දේශපාලනඥයන් එය සිදු කරනවා.

    එක එක පවුල් මරවලා කොටවලා හරි තමන්ට දේශපාලන වාසි ලබා ගන්න මේ අය උත්සාහ කරනවා. කාවහරි විකුණගෙන දේශපාලනය කරනවා. එය එදත් කළා. අදත් කරනවා. හෙටත් කරනවා. ඒ අය අපේ සහෝදරකම නැති කරන්න හරියට උත්සාහ කරනවා.

    රණතුංග පවුල කියන්නේ බණ්ඩාරනායකවරුන්ට පස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනික වශයෙන් ශක්තිමත්ම පවුල. ඒ පවුල කඩන කොට තමයි ඔවුනට වාසි. ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙමයි. එක් අතකින් අද අපේ තාත්තා නැති වුණු එක හොදයි. නැතිනම් මේවා දැකලා තමයි තාත්තට නැති වෙන්න වෙන්නේ.

    අපේ තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරක්ෂා කරගනිමින් බණ්ඩාරනායක ප්‍ර‍තිපත්ති ඉදිරියට ගෙන ගිය කෙනෙක්. කවදාවත් පක්ෂය දාලා ගියෙත් නැහැ. පක්ෂය කඩන්න කුඩු කරන්න හැදුවෙත් නැහැ. ප්‍ර‍ශ්න ඇතිවන හැම වෙලාවකම පක්ෂය ආරක්ෂා කරන්න කටයුතු කළ කෙනෙක්.

    එතුමා ගැන අපිට පුත්තු විදියට ආඩම්බර වෙන්න පුළුවන්. අපේ තාත්තා හොකරම් කළ දේශපාලනඥයෙක් නෙමෙයි. එතුමා ඔය කියන දේශපාලනඥයින්ට ආදර්ශයක්. ඔය දේශපානඥයින් අපේ පවුල කඩන්න හැදුවට දේශපාලනය නිසා අපේ පවුලේ අසමගියක් නැහැ. එක එක්කෙනාගේ දේශපාලන ක්‍ර‍මවේදයේ වෙනසක් තියෙන්නේ. මම රට වෙනුවෙන් දේශපාලනය කරන කෙනෙක්. ප්‍ර‍සන්න මල්ලිගේ දේශපාලන ක්‍ර‍මය වෙනස් ක්‍ර‍මයක්. රුවන් මල්ලි ඉන්නේ බණ්ඩාරනායක ප්‍ර‍තිපත්ති එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. හැබැයි අපේ සහෝදරකම නැති වෙලා නැහැ. හරිවෙලාවල් වෙනකොට අපි කට්ටිය හිදගනී එකතැන….”

  • ලසන්ත, රතුපස්වල, වැලිකඩ, කීත් නොයාර්, එක්නැලිගොඩ සිද්ධි මෙහෙයවීම එකම හස්තයකින්…!

    ලසන්ත, රතුපස්වල, වැලිකඩ, කීත් නොයාර්, එක්නැලිගොඩ සිද්ධි මෙහෙයවීම එකම හස්තයකින්…!

    එම අභිරහස් ඝාතනවලට සම්බන්ධ යැයි සැක කරන ප්‍රධාන පුද්ගලයාට නිදැල්ලේ සිටීමට ඉඩ නොහැර එම පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ උපදෙස් මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කියයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වනු ලබන සහ මේ වන විට අධිකරණ කිහිපයක් ඉදිරියේ විභාග වෙමින් පවතින බරපතළ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති ප්‍රබල හස්තය එකම පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් අනාවරණය වෙයි.

    ද සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී එක්නැලිගොඩ, බන්ධනාගාර ඝාතන 27, කීත් නොයාර්ට පහර දීම සහ රතුපස්වල ප්‍රහාරය එම අභිරහස් සිද්ධීන් වෙයි. මේ අපරාධ සියල්ලම ඉතාමත් සැලසුම් සහගතව සිදු කළ ඒවා බව එම පරීක්ෂණ තව දුරටත් හෙළිකර ගෙන තිබේ.

    මේ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය, ආරක්ෂක බුද්ධි අංශ සහ තවත් ඔත්තු සේවාවන්වල යැයි සැක කරන පිරිස් අත්අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇතත් එම අපරාධ පිටුපස සිටින පුද්ගලයා එම අපරාධ සිදු කිරීමට සම්බන්ධ වී ඇති ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන ඇති තොරතුරු ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කර ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණ අවසරය ලබා ගැනීමටත් බලාපොරොත්තුව සිටියි.

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය, බන්ධනාගාර ඝාතන ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් සහ සෙසු ආරක්ෂක නිලධාරීන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇතත් ඔවුන්ගෙන් සහ විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් එම ඝාතන සිදු කිරීමටත් අදාළ පරීක්ෂණ අකර්මන්‍ය කිරීමටත් උපදෙස් ලබාදුන් පුද්ගලයා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත‍.

    එම අභිරහස් ඝාතනවලට සම්බන්ධ යැයි සැක කරන ප්‍රධාන පුද්ගලයාට නිදැල්ලේ සිටීමට ඉඩ නොහැර එම පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ උපදෙස් මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කියයි.

    මීට වසර නවයකට පෙර අභිරහස් ලෙස මිලේච්ඡ ප්‍රහාරයකට ලක්ව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්විය. එම පරීක්ෂණ සැකකරුවකු හරි හැටි නොමැතිව යට ගැසී තිබිය දී මීට වසර දෙකකට පමණ පෙර යළි එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාර ගෙන කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි එම අපරාධයේ සුලමුල සොයා ගනිමින් එම ඝාතකයන් යැයි සැක කරන පුද්ගලයන් එම අපරාධයේ පරීක්ෂණ වාර්ත යට ගැසු පොලිස් නිලධාරීන් ද අත්අඩංගුවට ගනු ලැබුණි. මේ වන විට එම ඝාතනයට අදාළ නඩු විභාගය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

    මාධ්‍යවේදී එක්නැලිගොඩ මහතා අභිරහස් ලෙස අතරුදන් වූයේ ඒ ආකාරයෙන්මය එදින ඔහු බොරැල්ල ප්‍රදේශයේ පැවැති සාදයකට ගොස් අපසු යමින් සිටියදී ඔහු පැහැර ගැනීමකට ලක්වී තිබුණි. ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව ද හෙළි වී ඇත.

    බන්ධනාගාර අපරාධ සිද්ධිය සිදු වූයේ 2012 වසරේදීය. එම සිද්ධිය වූ දින බන්ධනාගාර ප්‍රහාරයෙන් අමු අමුවේ මිලේච්ඡ ලෙස රැඳවියන් 27 දෙනකු ඝාතනය කර තිබුණි. එහිදී පුද්ගලයන් 11 දෙනකු ඝාතනය කළේ යැයි පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි ප්‍රබල සැකකරුවකු වූ බන්ධනාගාර නිලධාරියා රටින් පළා ගොස් තිබේ.

    නේෂන් පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ කීත් ලෙරෝයි නෙයාර් පැහැර ගැනීමට ලක් වූයේ 2008 මැයි මස 22 වැනිදාය. එදින වැල්ලවත්තේ නිවස අසලට යන අතරතුර දී අසල නවතා තිබූ සුදු පහැති වැන් රථයක සිටි පිරිසක් කඩා පැන කීත් නෙයාර් මහතාට අමානුෂික ලෙස පහර දී පැහැර ගෙන තිබුණි. මේ අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යුද්ධ හමුදාවේ බුද්ධි අංශය බාරව සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු මීට සති දෙකකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. මේ සිද්ධියට අදාළ නඩු විභාගය ගල්කිස්ස අධිකරණය ඉදිරියේ විභාග වන අතර, පෙරේදා නඩුව කැඳවූ අවස්ථාවේදී මේජර් ජෙනරාල්වරයාගේ ඇප ප්‍රතික්ෂේප විය.

  • නාන බද්දකුත් ගේමු.. පොහොට්ටුවේ අමුතු බද්දක් නිසා ප්‍රාදේශීය සභා සැසි වාරය උණුසුම් වෙයි..!

    නාන බද්දකුත් ගේමු.. පොහොට්ටුවේ අමුතු බද්දක් නිසා ප්‍රාදේශීය සභා සැසි වාරය උණුසුම් වෙයි..!

    බදු කියන මාතෘකාව ටිකක් වැඩිපුර අපේ රටේ කතාබහට ලක්වන මාතෘකාවක්. ඒ වගේම නවක ප්‍රාදේශිය සභා මනත්‍රීවරයෙක් යෝජනා කල අපූරු බදු ක්‍රමයක් නිසා ඊයේ (23) පැවති කොළොන්න ප්‍රාදේශිය සභා සැසිවාරයේදී උණුසුම් තත්වයක් ඇති වූ බව වාර්තා වනවා.

    කොළොන්න ප්‍රාදේශීය සභාවේ සභාපති ටී. රූපසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසිවාරයේදී හිටපු සභාපති මෙන්ම විපක්‌ෂ නායක (එ.ජා.ප) බී.ආරියවංශ විසින් සභාපතිවරයාට බහුතරයක්‌ සභාව තුළ නොමැති බවත් එබැවින් බෙදීමක්‌ වුවමනා බවත් ඒ අනුව රහස්‌ ඡන්දයක්‌ පවත්වා සභාපතිවරයාගේ බලය සම්බන්ධයෙන් විමසීමක්‌ කළ යුතු බවද ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් සභාපතිවරයාගේ බලය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක්‌ නොමැති බව පවසමින් සභාපති ටී.රූපසිංහ  විසින් සභාව පවත්වාගෙන ගොස් තිබුණා.

    මේ අතරේදී නවක මන්ත්‍රීවරයෙකු විසින් නාන බද්දක්‌ පිළිබඳව සභාවට යෝජනාවක්‌ කිරීමත් සමඟ  සභාවේ උණුසුම් තත්ත්වයක්  ඇතිවී තිබුණා.එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ටී.එල්. තුසිත ප්‍රකාශකර තිබුණෙ කොළොන්නේ නාන තොටුපළවල් බොහෝ ප්‍රමාණයක්‌ ඇති බවත් මෙහි දිය නෑම සඳහා 500ක්‌ පමණ පැමිණෙන බවත් මේ අයගෙන් බදු මුදලක්‌ ලබාගතයුතු බවත්ය.

    කෙසේ වෙතත් එම අවස්ථාවේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්න ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉඳුනිල් රාජපක්‌ෂ  කියා සිටියේ ඹබතුමාට ඕනනම් නාන අයගෙන් බදු ගන්න අපි ආවේ මිනිස්‌සුන්ගේ ඡන්දය අරගෙන ඔබතුමාගේ ගමේ නාන අයගෙන් නාන බද්ද ගන්න. අපිට නම් බැහැ. අපිට නාන එකෙනුත් බදු අරගෙන ගමට යන්න බැහැ. යනුවෙනි.

  • සුපස්ටාර්ස් ලා කැලේ….ගමේ අප්පච්චිගෙයි, රට ඉන්න පොඩි දුවගෙයි ගායනය කොහොමද?..

    සුපස්ටාර්ස් ලා කැලේ….ගමේ අප්පච්චිගෙයි, රට ඉන්න පොඩි දුවගෙයි ගායනය කොහොමද?..

    ජංගම දුරකථනය මගින් තැන දෙකක සිට වීඩියෝ තාක්ෂණයෙන් සජීවී ගීත ගායනය (කැරෝකේ) ලොව පුරා ඉතා ජනප්‍රියය.

    අන්තර්ජාලයේ එවැනි බොහෝ ගීත තිබුනත්, විදේශ රටක සිටින තම දියණිය සමගින් ගමේ සිටින අප්පච්චි ලස්සනට ගීතයක් ගායනා කරන්න වීඩියෝවක් හමු වුනා. බලන්නකෝ දුවගෙයි අප්පච්චිගෙයි ගීත හැකියාව කොහොමද කියලා. මේ  දෙදෙනාගේ ගීතය හොඳයිනම් තවත් කෙනෙකුට බලන්න share කරන්න.

    Posted on
  • තලවාකැලේ අවුරුදු උත්සවය උනුසුම්කල බුදු රුව ඇදපු සාරියේ ඇත්ත කතාව මෙන්න….

    තලවාකැලේ අවුරුදු උත්සවය උනුසුම්කල බුදු රුව ඇදපු සාරියේ ඇත්ත කතාව මෙන්න….

    උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් දිවයින පුරා බොහෝ බක්මහ උළෙල සංවිධානය වී තිබුණා.

    ඒ අතර තවත් එක් බක්මහ උළෙලක් සංවිධානය කළේ, තලවකැලේ ලිදුල සමෘද්ධි කලාපය විසින්.

    ඒ අනුව පසුගිය (22) දවස පුරා ආගරපතන පොලිස් වසමට අයත් මෙම බක්මහ උළෙල පැවැත්වුනා.

    බක් මහ උළෙලට බුදු රුවට සමාන රුවක් සහිත මුද්‍රණයක් සහිත සාරියක් හැද පැමිණ සිටි සිටි කාන්තාවකට එම අවුරුදු උත්සවයට සහභාගි වු විශාල පිරිසකගේ දැඩි විරෝධතාවයක් එල්ල වූ බව පැවසෙනවා.

    එම බක් මහ උළෙලට සහභාගි වි සිටි ප්‍රදේශවාසින් කියා සිටියේ, අවුරුදු උත්සවය සංවිධානය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියගේ නැගණිය විසින් එලෙස බුදු රුවට සමාන මුද්‍රණයක් සහිත සාරිය හැද සිටි බවයි.

    මේ සම්බන්ධයෙන් ඇයගෙන් සිදු කළ විමසීමේදී ඇය සඳහන් කර ඇත්තේ, අදාළ සාරිය ඉන්දියාවෙන් ගෙන්වා ගත් එකක් වන බවයි.

    මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

  • මට නැවුනට වැඩක් නෑ.. මහින්දග‍ේ දෝස්මුරයත් සමගින් පවිත්‍රා රත්නපුරෙන් දොට්ට විසිවෙන ලකුණු..

    මට නැවුනට වැඩක් නෑ.. මහින්දග‍ේ දෝස්මුරයත් සමගින් පවිත්‍රා රත්නපුරෙන් දොට්ට විසිවෙන ලකුණු..

    ඒකාබද්ද විපක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ නායකත්වය වෙනත් ප්‍රභලයෙකුට ලබා දීමට සූදානමක් ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි.

    රත්නපුර මහ නරග සභාවට නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේදී මූලික එකගතා කඩ කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහයෝගය ලබාගෙන තම නියෝජිතයෙක් නගරාධිපතිවරයා ලෙස පත් කර ගත්තේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට එල්ල වී ඇති විරෝධතාවක් හේතුවෙන් මෙම තීන්දුව ගනු ඇතැයි සදහන්ය.

    දිස්ත‍්‍රික්කයේ තවත් පළාත් පාලන ආයතන කිහිපයකම මේ ආකාරයේ කටයුතු සිදුව ඇති බව එම දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන නියෝජිතයන් හිටපු ජනාධිපතිවරයාට දන්වා ඇත.

    මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වන්නිආරච්චි මහත්මිය කැදවා අවවාද කර ඇති බවත් වාර්තා වෙයි..

  • මීටියාගොඩ ෆේස්බුක් සාදය පොලිසිය හා ගම්මුන් වටලයි. මෙන්න කටියගේ කෙරුවාව. – වීඩියෝ.

    මීටියාගොඩ ෆේස්බුක් සාදය පොලිසිය හා ගම්මුන් වටලයි. මෙන්න කටියගේ කෙරුවාව. – වීඩියෝ.

    මීටියාගොඩ ප්‍රදේශයේ සංවිධානය කල එවැනි සාදයක් පොලිසිය විසින් වටලනු ලැබුවා.

    උත්සවශාලාවක පැවති සාදයක් අතරතුර මීටියාගොඩ පොලීසිය සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි පුද්ගලයින් 11 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මීටියාගොඩ – ගොඩගම ප්‍රදේශයේ උත්සවශාලාවක මෙම සාදය ඊයේ (22) පවත්වා ඇත්තේ ෆේස්බුක් හරහා හඳුනාගත් තරුණ තරුණියන් පිරිසක් විසින්.

    පොලීසියට ලැබුණු තොරතුරක් මත බුද්ධි අංශ නිලධාරීන් යොදවා මෙම ස්ථානයේ මත්ද්‍රව්‍ය ඇති බවට තහවුරු කරගැනීමෙන් පසුව මීටියාගොඩ පොලීසිය ඇතුලු පොලිස් ස්ථාන 04 ක නිලධාරීන් මෙම වැටලීමට එක්ව තිබෙනවා.

    එම වැටලීම පහතින්.

    Posted on
  • ඇමති පට්ටම් ඉල්ලා දේශපාලුතුමෝ පෝලිමේ කතරගම දේවාලෙට… හෙලිදරවුව මෙන්න…

    ඇමති පට්ටම් ඉල්ලා දේශපාලුතුමෝ පෝලිමේ කතරගම දේවාලෙට… හෙලිදරවුව මෙන්න…

    මේ දවස්වල කතරගම දේවාලෙ පුදපූජා බහුල කාලයක්.

    පසුගිය දවස්වල ඇමැති මණ්ඩල සංශෝධනයක් ගැන කතාවක් පැතිරෙන්න ගත්තම අවුරුදු නිවාඩුව අස්සෙම දේශපාලුතුමන්ලා ගණනාවක් කතරගම ගිහිල්ලා.

    දැනට අත පාටියෙ ඇමැති පට්ටම් නැතුව ඉන්න දෙතුන් දෙනෙක් මහ දේවාලෙ පිටිපස්සෙ දොරෙන් ලොකු පූජා වට්ටිත් අරන් ඇවිල්ලා හිටියෙ බාරහාර වීමටලු.

    වැඩිය සමාජයට නොදැනෙන්න උන්නැහේලා කරපු පූජාවලදි කපු මහත්තුරුන්ට පඬුරු පුදලා ඉල්ලා සිටියෙ කැබිනට් තනතුරුලු.

     

  • ගිහානි සහ මොහාන්ට CHOGM සෙට් වුනේ කොහොමද? මඩ මෙහෙයුමේ ඇත්ත කතාව මෙන්න

    ගිහානි සහ මොහාන්ට CHOGM සෙට් වුනේ කොහොමද? මඩ මෙහෙයුමේ ඇත්ත කතාව මෙන්න

    මේ දිනවල සමාජ මාධ්‍ය වලට තවත් හොඳ කටගැස්මක් හසු වී තිබේ. ඒ ජනාධිපතිවරයා සමඟ බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින ගිහානි වීරසිංහ නමැත්තියක් අල්ලාගෙන ජනාධිපතිවරයාට පහර ගසන්නට පටන්ගෙන තිබීමයි.

    පොදුරාජ්‍ය මණ්ඩළ සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා සමඟ සහභාගී වූ සංඛ්‍යාව 32 ක් වන අතර එයට ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්ත කළ සාමාජිකයන්ද ඇතුලත් වී තිබේ.

    මේ දිනවල අන්තර්ජාලය කළඹවමින් සාකච්ඡාවට බඳුන්වන මොහාන් පෙරේරා සහ ගිහානි කිසිසේත්ම ජනාධිපතිවරයාගේ නිළ රාජ්‍යතාන්ත්‍රික ඇතුලත් නොවන අතර, ඔවුන්ගේ ආසියානු – යුරෝපීය වෙළඳ එකමුතුව නම් සංවිධානයද කිසිඳු රාජ්‍ය මැදිහත්වීමකින් තොරව පාලනය වන්නක් බවත් ඔවුන්ගේ සංචාරයට අවශ්‍ය සියලු වියදම් පෞද්ගලිකවම දරා ඇත්තේ ඔවුන් විසින් බවත් වාර්තා වේ.

    ගිහානි මොහාන් සමඟ පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සමුළුවට එක්ව ඇත්තේ රජය සමඟ නොවන අතර මොහාන් පෙරේරා සභාපතිත්වය දරන රාජ්‍ය නොවන ව්‍යාපාරික ප්‍රවර්ධන ආයතනයකට ලැබුන ඇරයුමකට අනුව බව සාක්ෂි සහිතව ඔප්පු වන්නේ මෙම හැඳුනුම්පතේ ඇති විස්තර සමඟිනි.

    එමෙන්ම ගිහානි වීරසිංහ නැමති කාන්තාව සම්භන්ධ කරගනිමින් ජනාධිපතිවරයාට නිර්දය ලෙස මඩ ගහන අන්තර්ජාලයේ ඕපදූප කාරයින්ට මතක් කර දිය යුතු වන්නේ ගිහානි වීරසිංහගේ සැමියා වන මොහාන් පෙරේරා ප්‍රධානීත්වය දරන ආයතනාදිය සම්භන්ධයෙන් සොයා බැලීම හා ඒවා සිදු කෙරුනේ කාගේ උවමනාව හා අනුදැනුම මතද යන්න පිළිබඳව සොයා බැලීම සහ ඒවා හෙළි කිරීම වඩා වැදගත් බවයි.

    එයට උපකාරයක් ලෙස පහත වීඩියෝව උපයෝගී වේ යයි සිතමු. ජාතික මට්ටමේ ආයතන වලට සමාන නම් යොදා ගනිමින් මොහාන් පෙරේරා නටන්නේ කාගේ උවමනාවටද යන්න ඉදිරියේදී හෙළි දරව් වනු ඇත. ඔහු කොමිස් කාක්කන්ගේ කුට උපක්‍රම වල ඉත්තකු වී ඇති බව මෙම වීඩියෝවේ මනාව කියවේ…


    ඉහත වීඩියෝවේ කියනා ආකාරයට මෙම කූට සංගම් වල සභාපති ලෙස මොහාන් සහ ඔහුගේ බිරිඳ උප සභාපති ලෙස සම්බන්ධ වෙමින් රට සහ ලෝකය රවටන හැටි පිළිබඳව රජය හා ඊට අදාළ පාර්ශව මිට වඩා සැලකිලිමත් විය යුතු අතර ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවය දරන පක්ෂයේ ගජ මිතුරු හවුලේ කොමිස් ගැසීමේ වුවමනාවට අටවා ගත මෙවන් කුට ආයතන පිහිටුවා රටට ලැබිය යුතු ප්‍රතිලාභ කිහිප දෙනෙකුගේ සාක්කුවට දමා ගැනීම පිළිබඳව රටේ ආර්තිඅකය පාලනය කිරීමට අදාළ පාර්ශව වග කිව යුතු බවත් මතක් කර දිය යුතුය.

     

    කිසිදු අවබෝධයක් හෝ දැනුමක් හෝ උඩක් බිමක් නොදැන සමහරු සමාජ ජාල තුල අසත්‍ය ප්‍රචාරයට බොහෝ ඇලුම් කරන අතර තවත් සමහරක් මඩ කාක්කන් පලවන සියල්ල ගැන කිසිවක් නොසිතා ප්‍රචාරයට පෙළඹෙයි. මේ පිළිබඳව හොඳින් දන්නා තවත් සමහරු සමාජ ජාල තුල පවතින මේ අඩු පාඩුව යොදාගන්නේ තමන්ගේ පෞද්ගලික හෝ දේශපාලන කෝන්තර හා වෙනත් අවශ්‍යතා සඳහා යොදා ගැනීමටයි.

    ජනතාවට තොරතුරු දැන ගැනීමට හා ජන සන්නිවේදනය සඳහා ඉහල මට්ටමේ දායකත්වයක් ලබා ගත හැකි සමාජ මාධ්‍ය හෙවත් පුරවැසි මාධ්‍ය අපේම සමහරු අවභාවිතා කිරීම හරහා එම තොරතුරු වලට ඇති වටිනාකම ක්‍රමයෙන් අඩුවෙමින් යන්නේ ලැබුණු අදහස් ප්‍රකාශනයේ අයිතිය සහ මාධ්‍ය නිදහස වල්බුරු නිදහසක් කර ගැනීම නිසාය.

     

  • මේපාර හිතූමනාපෙට දන්සල් බෑ – දන්සැල් දෙනවනම් පිළිපැදිය යුතු නීති මෙන්න..!

    මේපාර හිතූමනාපෙට දන්සල් බෑ – දන්සැල් දෙනවනම් පිළිපැදිය යුතු නීති මෙන්න..!

    එලබෙන වෙසක් සමය වෙනුවෙන් දන්සැල් පැවැත්වීම සදහා බුද්ධසාසන අමාත්‍යංශය විසින් නිර්ණායක 6ක් ඉදිරිපත් කර තිබෙනවා. ඇතැම් පුද්ගලයින් දන්සැල් පැවැත්වීමේ මුවාවෙන් වංචනිකව මුදල් එක්රැස් කරන බවටද තොරතුරු වාර්තාවන අතර ඒ අනුව මෙම පියවර ගත් බවයි බුද්ධසාසන අමාත්‍යංශය පැවසුවේ.

    මේ ඒ පිළිබදව  කරුණු දක්වන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර සඳහන් කර සිටියේ පහත සඳහන් නිර්ණායක 06 පිළිබඳව සියලු දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු වෙත දැනුම් දී තිබෙන බවයි.

    එම නිර්ණායක නම්,

    01. දන්සල් පැවැත්වීමේ දී අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හා අදාළ ග්‍රාම නිලධාරී ගේ දැනුවත් වීම මත සිදුවීම.

    02.දන්සල්වලට ආධාර එකතුකිරීම සඳහා අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ සහ අදාළ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය ලබා ගැනීම සිදුකළ යුතු අතර දන්සල පැවැත්වීමේ දී මහජනතාව පීඩාවට පත් නොවන ලෙස සිදු කිරීම හා ඝෝෂාකාරී සංගීතය යොදා නොගැනීම.

    03. සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාරපාන පිළියෙළ කිරීමට කටයුතු කිරීම.

    04. දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේ දී බෞද්ධ කොඩිය භාවිත නොකොට ඒ වෙනුවට කහ පැහැති කොඩියක් භාවිත කිරීම.

    05. මත්වතුර, මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතයෙන් වැළකී කටයුතු කිරීම.

    06. සැදැහැ සිතින් හා  ආචාරශීලිව කටයුතු කිරීම.

    ජනතාවට හිංසාකාරී නොවන අයුරින් දන්සැල් සංවිධානය කළයුතු බවයි මෙහිදී වැඩිදුරටත් සදහන් කෙරුණේ.

  • “ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ.” ඔබ නොදත් කතාව මෙන්න…..

    “ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ.” ඔබ නොදත් කතාව මෙන්න…..

    ඉන්දියාවේ පැරණිතම වෘත්තිය ලෙස මෙය හඳුන්වන අතර බුදුරදුන් සමයෙහිද අම්බපාලි,අඞ්ඩකාසි වැනි ප්‍රසිද්ධ ගණිකාවන් හිඳ තිබේ.

    එහිදී රාජ මහාමාත්‍ය ආදීහු මොවුන්ගේ සේවය ලබාගෙන තිබේ.එහෙත් කුමන ලෙසකින් හැඳින්වූවද ඔබ අප ඇතුලු සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙක් ඇයව දකිනුයේ සමාජ පිළිලයක් ලෙසටයි.

    ඇත්තෙන්ම මේ සමාජය තුළ ඇය කවුරුන්ද?

    ඇයට හිමි තත්වය කුමක්ද යැයි නිවැරදි දෘෂ්ටි කෝණයකින් යුතුව මඳක් සිතා බැලීමට කාලය අපට අවසර දී තිබේ.
    දුහුල් ඇඳුමකින් ගත වසාගෙන ගොම්මන් වේලාවන්හිඳී වීදි කෙළවරට වී සිටින්නේ ඇයයි.
    බොහෝ දෙනෙක් ඇයව දුටුවිට පිළිකුල් කරති.බැණ වදිති.මූණ හකුලා ගනිති.එහෙත් ඔබ අපි සියල්ලන්ම සිතිය යුතු යමක් ඇත.
    එනම් ඇයද මෙම නරුම සමාජ ක්‍රමයේම නිෂ්පාදනයක් බවයි.එලෙස ඇයව පිළිකුල් කරන,ඇයට බැණ වඳින උගත් බුද්ධිමත් යැයි සමාජයේ නම් දරන බොහෝ පිරිස් ඇය සමඟ රාත්‍රියේ දී කාලය ගතකර ඇගේ ගත මත සැතපී ඇගේ ගත මොණර කොළ වලින් වසා දමන්නේ තම පවිත්‍ර නාමය තවදුරටත් රඳවා ගැනීමේ චේතනාවෙන් යුතුවයි.
    කාන්තාවක් මෙබඳු ඉරණමකට ගොදුරුවීමට බොහෝ විට ඇය අයත් පවුල් පරිසරය හේතුවූවා විය හැකිය.
    එහිදී ඇගේ ස්වාමියා විසින් ඇයව නොසලකා හැරීම හේතුවෙන් ඇගේ දරුවන්ගේ කුස පිරවීමට මෙම සමාජ ක්‍රමය තුළ ඇයට වෙනත් රැකියාවක් නොමැති වූවා විය හැකිය.තවද ගමේ සිට නගරයට පැමිණෙන බොහෝ තරුණියන්ට රැකියාවක් සපයාදෙන මුවාවෙන් ඇතැමුන් ඔවුන්ව මෙම තත්වයට ඇද දැමිය හැකිය.
    තවද නිවසට හිතුවක්කාර වී නගරයට පැමිණෙන තරුණියන්ටද මෙම ඉරණම ඇතැම් විට හිමිවිය හැකි අතර තවද කුඩා කල විවිධ අතවර වලට භාජනය වන්නන්ටද මෙම තත්වය උරුම වෙයි. සමාජයේ නූතන ප්‍රවණතාවය වන්නේ මවුපියන්ගේ අකමැත්තෙන් විවාහ වන ඇයව තම ස්වාමියා විසින්ම විවිධ පුද්ගලයන්ට විකුණා මුදල් ලබා ගැනීමත් අවසන ඇය ගණිකාවගේ තත්වයට පත්වීමත්ය.
    මේ ආදී ලෙසට ඇය ගණිකාවක් බවට පත්වීමට කුමන සමාජ තත්වයක් බලපෑවද කිසිවෙකුගේ දියණියකි.
    මවකි,බිරිඳකි.බොහෝවිට ඇය මෙම වෘත්තියේ නිරත වනුයේ තම කුඩාවුන් පෝෂණය කිරීමට විය හැකිය.
    ඒ සඳහා ඇයට අන් මඟක් නොමැති විය හැකිය.ලංකාවේ මෙම වෘත්තියට පත්වූවන් අතරින් සියයට අනූනමයක්ම තමාට ජීවත්වීමට වෙනත් ස්ථීර රැකියාවක් ලැබේ නම් මෙම ක්‍රියාව අත් හැරීමට කැමැත්තක් දක්වයි.
    කෙසේ වුවද අප සැවොම සිතිය යුතු යම් කරුණක් ඇත.එනම් යම් කාන්තාවක් මෙම තත්වයට පත්වීමට පවතින සමාජ ක්‍රමය ද ආර්ථික විෂමතාවද හේතුවන බවයි.වෛශ්‍යාවන් පිළිබඳව පැවසෙන ප්‍රසිද්ධ ගීතයක මෙසේ කියැවෙයි.
    “ළඳුනේ…… ළදුනේ
    ඔබේ දෑස් දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ළඳුනේ …
    දෙනෝ දහක් අතගත්තද
    සැමියෙකු නැති ළඳුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ……”
    මේ ගීතය ගණිකාවන් පිළිබඳව බොහොම උපේක්ෂාවෙන් යුතුව දකින ගීතයක්.ඇත්තෙන්ම සමාජයේ ජීවත්වෙන විට අපට ඇ පිළිබඳව මේ ලෙසට සිතන්නට නොහැකිද?
    ඇය තමන්ගේ මුළු ජීවිත කාලයම සමාජයෙන් පැමිණෙන අපවාද ගැරහුම් ආදිය සමඟින් ජීවත් විය යුතුද?
    ඇය දෙස කවියා විලසින් යම් උපේක්ෂාවකින් බැලිය නොහැකිද?මෙහිදී අප සිතිය යුතු වැදගත් කරුණක් තිබේ.
    එනම් බොහෝවිට ඇයට බැණවදින අපහාස කරනා උන් ඇගේ පහස විඳින්නට පෙළගැසෙන බවයි.
    එහෙත් ඔවුන් බොහෝ දුරට සමාජයට තම හොඳ මුහුණ පෙන්වන අතර සියලු අපවාද ගැරහුම් පැමිණෙන්නේ එකී කාන්තාවටයි.මේ ලෙස බලන කල ගණිකා වෘත්තියේ යෙදෙන්නේ වරදකරුවන් නම් ඇගේ සේවය ලබාගන්නා උත්තමයන්ද ඒ ලෙසම වරදකරුවන් නොවේ යැයි කිවහැක්කේ කාහටද?
    කාන්තාවක් මෙම වෘත්තියේ නිරත වුවද බොහෝ පිරිස් මෙයට නැඹුරු වනුයේ තම කැමැත්තෙන් නොවේ.
    එහෙත් ඇයට ජීවත් වීමට මෙම ක්‍රියාවේ දිගින් දිගටම නිරත වීමට සිදුවී තිබේ.
    ඉහත කවියේ පැවසෙන ආකාරයට ඇගේ ලැමෙහි තම සිරුර සතපවා ගන්නා උගත් පිරිස් ඇගේ ළයෙහි පවත්නා දුක් ගින්දර නොදකිති.
    මෙය වත්මන් සමාජ විෂමතාවයයි.ඇය වක්‍රාකාරයෙන් හෙළිදරව් කරනුයේ අප සමාජ ක්‍රමයේ දුබලතාවය නොවේද?ඇය කරන වෘත්තිය යහපත් හෝ උසස් ලෙස දැකීමට යැයි මම නොපවසමි.ඇය මෙම තත්වයට පත්වීමට හේතුවන්නේ බොහෝ විට පවත්නා සමාජ විශමතාවයන් නිසාය.
    ඇය පිළිබඳව යම් අනුකම්පාවකින් හෝ උපේක්ෂාවකින් හෝ දැකීමට හැකිනම් සමාජයේ යහපත් ලෙස අපට යම් තරමකට හෝ සතුටු විය හැකි නොවේද?මඳක් සිතන්න?දැන් සිතා බැලීමට කාලයයි.

  • “ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. පෝස්ට් සාදා වැය කළ කාලයට ස්තුතියි”

    “ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. පෝස්ට් සාදා වැය කළ කාලයට ස්තුතියි”

    පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී වූ ශ්‍රී ලාංකික පිරිස ගැන මුහුණුපොත පුරාම කතා වෙනවා.
    ඒ අතරින් එක් තරුණියක් ගැන විවිධ අදහස් දක්වමින් පුවත් හුවමාරු වෙන්න පටන් අරන්.
    කොහොම වුණත් එහි සඳහන් වුණේ රජයේ වියදමින් ඔවුන් මෙම සංචාරයට එක්වූ බවයි.
    ඒ සියලු තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.
    ගිහානි වීරසිංහ නම් මෙම තරුණිය , සමුලුවට සහභාගී වී සිටින සහ දේශපාලකයන් ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සමග ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් සමගයි ඇය ගැන කතාබහක් ඇතිවුණේ.
    දිගට හරහට ඇයට එල්ලවූ චෝදනාවලට සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
    ඇය කියා තිබුනේ ” ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. රෑ දාවල නොතකා මා වෙනුවෙන් පෝස්ට් සාදා වැය කළ කාලයට ස්තුතියි.
    මෙයට …..ගේ ආයෝජන දූතිකාව ” යනුවෙනි.

     

  • පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු ක්‍රිස් ගේල්ගේ සංවේදී ජීවිත කතාව මෙන්න…

    පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු ක්‍රිස් ගේල්ගේ සංවේදී ජීවිත කතාව මෙන්න…

    පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු පුංචි කොල්ලා ක්‍රිස් ගේල්ගේ සංවේදී කතාව..

    “මන්දපෝෂණය හැදිලා තිබ්බත් ඔහු හොදින් පිත්ත හැසිරුවා”

    ඒ 1989 වසර.ජැමෙයිකාව.ලොව අවම ආර්ථික වර්ධනයක් සහිත රටක් වන ජැමෙයිකාවේ එවකට පාන් කෑල්ලක්,බනිස් ගෙඩියක් වෙනුවෙන් සිගමන් යදින පුංචි පිරිමි ළමුන් බොහොම සුලබ දර්ශනයක්.

    අදට වුනත් මේ තත්වයේ ලොකු වෙනසක් නෑ.ජැමෙයිකාව පුරාම මේ දුප්පත්කමට අමතරව තවත් බොහොම සුලබ දර්ශනයක් තිබුනා.ඒ තමයි ක්‍රිකට්.කෝටු කැබලි ටිකක් සිටුවලා,ලෑලි කැබැල්ලකින් රබර් බෝලයකට ගසමින් සෙල්ලම් කරන ජමෙයිකා පිරිමි ළමුන් වීදියක් වීදියක් ගානේ සොයාගන්න පුළුවන්.

    මෙන්න මෙහෙම ළමයින්ට ආධාර ලබාදෙන ආයතනයකින් පැමිණි කණ්ඩායමක් කුඩා ළමුන් ටිකක් සෙල්ලම් කරන අයුරු බලාගෙන සිටියා.ඔන්න විකට් එකක්.දැවී ගියපු පුංචි දරුවා සිමෙන්ති බංකුවක් මත නිදා උන් ඒ වයසේම පිරිමි ළමයෙකු ඇහැරවාගෙන පිටියට ගෙන ආවා.

    ඔයාගේ නම මොකද්ද?
    ක්‍රිස්

    සම්පුර්ණ නම?
    ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල්
    ක්‍රිස් කැමතිද ක්‍රිකට් ගහන්න?
    කැමති..හැබැයි හැමදාම පාන් දුන්නොත් විතරයි.

    අන්න එහෙම පාන් කෑල්ලට ක්‍රිකට් ගහන්න පැමිණි ක්‍රිස්ටෝපර් තමයි අද ඔබේ ක්‍රිකට් ලොව අසහාය වීරයා ක්‍රිස් ගේල්.අද ඔහුගේ ක්‍රීඩා විලාශයේ පොහොසත්කම නිසාම ගේල්ගේ බලය,ගේල් කුණාටුව,ලෝක බලවතා,විශ්ව බලවතා,හයේ මැෂිම,ස්පාර්ටන් වැනි විවිධ අන්වර්ථ නාම වලින් ඔහුව පිටියේ හැඳින්වෙනවා.ඔහුගේ සුන්දර,ප්‍රීතිමත් සිනහව පිටුපස එවන් කතාවක් තිබේවි යයි ඔබ මොහොතකටවත් සිතුවද?එහෙත් සත්‍ය එයයි.

    ගේල් උපදින්නේ ජැමෙයිකාවේ.ඔහුගේ පවුලේ සාමාජිකයන් 8 දෙනෙක්.පියා පමණක් රැකියාව කල මේ නිවසේ තිබුනේම අඟහිගකම් විතරයි.යන්තම් අවුරුදු 10 වෙනකොට ගේල්ට මන්ද පෝෂණය.සමහර දිනවල ගේල් හාමතේම ගිහින් පාන් කැබැල්ලකට ක්‍රිකට් සෙල්ලම් කරනවා.

    කන්න දෙයක් සොයාගත්තේ එහෙමයි.ක්‍රිකට් හැමදාම නැහැ.එවන් දිනවල ආහාර සොරකම් කිරීමට පවා ගේල් පෙළඹී තිබෙනවා.කුමක් කරන්නද?දුප්පත්කම නිසානේ.

    මෙහෙම උන්නු ගේල්ට සිම්සන් අන්ඩිරියාස් නම් මහත්මයා තමයි ක්‍රිකට් සෙල්ලම් කිරීමට අවස්තාවක් ලබාදෙන්නේ.එතැන් පටන් ජැමෙයිකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ලීගයක පිතිකරුවකු වන ගේල් ජාත්‍යන්තර ක්‍රීඩකයකු ලෙස කරලියට එන්නේ බටහිර ඉන්දීය කොදෙවු පිලට එක්වීමත් සමගයි.

    ලෝකය හමුවේ පොහොසත්ම හා දක්ෂතම ක්‍රිකට් තරුවක් වන ගේල් තම ළමා කාලය ගැන සිහිපත් කරන සෑම විටකම බොහොම සංවේදී වෙනවා’

    ගේල්ගේ දුප්පත්කම නිසා ක්‍රිකට් කවුන්සිලයෙන් කොන් කරනු ලැබූ අවස්ථා අප්‍රමාණ බව ගේල් පවසන්නේ දැඩි සිත් වේදනාවෙන්.ඒ වගේම තම වැටුප නියමිත පරිදි ලබා නොදුන් අවස්ථා ගැනිය නොහැකි තරම් බවත් ගේල් පවසන්නේ කලකිරීමෙන්.

    ඒ සියල්ල තමා නතර කිරීමට කරන ලද දේවල් බව ගේල් දැනගෙන සිටියා.ජීවිතයේ එන හැම ගැටළුවකටම සිනහවෙන් පිළිතුරු දුන් ගේල් අවසානයේ තම සටන ජයගෙන තිබෙනවා.අද ඔහු ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට පත් වී හමාරයි.

    තමන් ගැන කිසි විටක උඩඟු නොවන ගේල් පවසන පරිදි සෑම අපහාසයකටම,කෙනෙහිලිකමකටම හොදම පිළිතුර තමයි උපේක්ෂාව සහ අත් නොහැරීම.ඔහුගේ සාර්ථකත්වයේ රහස එයයි.

    උපුටා ගැනීමකි