Category: සුපිරි Talks & Jokes

  • ඡන්දේ වෙලාවේ කොහෙද මිනිහෝ ගියේ? ඇමති දෙපලක් ජනපති මැදුරේදි ගැටුණු හැටි මෙන්න..

    ඡන්දේ වෙලාවේ කොහෙද මිනිහෝ ගියේ? ඇමති දෙපලක් ජනපති මැදුරේදි ගැටුණු හැටි මෙන්න..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලොබියේ දී සුසිල් සහ සුසන්ත පුංචිනිලමේ මුණගැසුණේය.

    “දැන් ඉතින් ආණ්ඩුවේ හිටියා ඇති. දැන්වත් ඇවිත් ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙන්න” මහින්ද සුසිල්ට කීවේය.

    “ඒක තමයි සර්. අපි හෙට ජනාධිපතිතුමත් මුණගැහෙනවා. පක්ෂයක් විදියට එකතු වෙලා ගත්තු තීන්දුව එක කට්ටියක් එකතු වෙලා වෙනස් කළේ කොහොමද කියලා අපි එතුමාගෙන් අහනවා” සුසිල් පිළිතුරු දුන්නේය.

    විවාදය නිමවා පාර්ලිමේන්තුවෙන් පිටතට එමින් සිටි පියල් නිශාන්තට ආනන්ද අලුත්ගමගේ මුණගැසුණේය.

    ආනන්ද පසුගිය දිනවල සිටියේ රනිල් විවේචනය කරමින් විශ්වාසභංග යෝජනාවට සහාය දිය යුතුය යන මතයේය.

    එහෙත් ඔහු අවසාන මොහොතේ රනිල්ට පක්ෂව ඡන්දය පාව්චිච කළේය.

    සාක්කුවෙන් පන්දහසේ කොළයක් අතට ගත් පියල් “මන්ත්‍රිතුමා මේවටද ඡන්දෙ දුන්නේ?” ඇසුවද ආනන්ද කිසිවක් කීවේ නැත.

    විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස මහින්දානන්දගේ නිවසෙහි රැස් ව ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.

    විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වූවත් ආණ්ඩුවට මෙතෙක් කලක් පාර්ලිමේන්තුවේ තිබුනු තුනෙන් දෙකක බලය අහිමි වීමේ වාසිය සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් අදහස් දැක්විණි.

    බ්‍රහස්පතින්දා උදෑසන සුසිල්, එස්බී, සුසන්ත, ඩිලාන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා මුණගැසීමට ගියහ.

    එහිදී ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක සන්ධානයේ සහ නිදහස් පක්ෂයේ ලේකම් තනතුරුවලින් ඉවත් කරන ලෙසය.

    විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවට පක්ෂය විසින් තීන්දුවක් ගෙන තිබිය දී ඡන්දය භාවිත කිරීමෙන් වැලකීමට පිරිසක් ගත් තීන්දුව සම්බන්ධයෙන් මෙහිදී ඔවුන් ජනාධිපතිවරයා හමුවේ අප්‍රසාදය පළ කර තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන්තමින් හෝ රැකුණේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ තමන් 16 දෙනා නිසා බවත් ඡන්දය දීමෙන් වැලකුණු පිරිස එසේ කළේ මුදල්වලට කියා ජනතාව විශ්වාස කරන බවත් ඔවුහූ පෙන්වා දුන්හ.

    එහිදී ජනාධිපතිවරයා කීවේ විශ්වාසභංගට පක්ෂව ඡන්දය දීමට ගත් තීන්දුව හොඳ බවය.

    ජනාධිපතිවරයා මුණගැසී එන ඇමැතිවරුන් පිරිසට මහින්ද සමරසිංහ මුණගැසුණි.

    “ඇමැතිතුමා කෝ අපිට නැද්ද හම්බ වෙච්ච එවාගෙන් ගාණක්?” සුසන්ත ඇසුවේය.

    “අනේ නිකා ඉන්න. ඔයා විතරයි ඔහොමවත් කතා කළේ. අනෙක් අය අපේ මූණවත් බලන්නේ නැහැ” සමරසිංහ පිළිතුරු දුන්නේය.

     

     
  • ජනපති මෛත්‍රි නියමයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ගොවින්ට රු.500ට පොහොර….

    ජනපති මෛත්‍රි නියමයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ගොවින්ට රු.500ට පොහොර….

    ජනපති මෛත්‍රි නියමයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වී ගොවීන්ට රුපියල් 500 කට සහ අතිරේක භෝග වගාකරුවන්ට රුපියල් 1500කට පොහොර ලබාදීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා..

  • මාධ්‍යවේදී කීත් නෙයාර් පැහැරගෙන ගිය මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට..!

    මාධ්‍යවේදී කීත් නෙයාර් පැහැරගෙන ගිය මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට..!

    ප්‍රවීන මාධ්‍යවේදී කීත් නෙයාර් මහතා 2008.05.22 දෙහිවලදී පැහැරගෙන යාමේ සිද්ධයට ඇදාළව ඒ සඳහා ආධාර අනුබල දීමේ වරද මත එවකට හමුදා බුද්ධි අධ්‍යක්ෂකව සිටි විශ්‍රමික මේජර් ජෙනරාල්, ආරක්ෂක විද්‍යා පිටයේ සේනා විධායක අමල් කරුණාසේකර අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු යුධ හමුදා රෝහලට ඇතුළත්ව සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ අතර මේවන විට අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ නිලධාරීන් බාරයේ යුධ හමුදා රෝහලේ නෙවාසිකව සිටින බව පොලීසිය පවසයි.

    මේ පිළිබඳව ගල්කිස්ස මහේසුත්‍රාත් වෙත දැනුම්දීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

    Facebook Comments
  • අගමැති සිහින දැක අවසන කලකිරුණු ඇමති නිමල් හදිසි විදෙස් සංචාරයකට රට හැර ගිහින්……

    අගමැති සිහින දැක අවසන කලකිරුණු ඇමති නිමල් හදිසි විදෙස් සංචාරයකට රට හැර ගිහින්……

    ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා විදෙස්ගත වී ඇති බව වාර්තා වෙයි.
    විශ්වාස භංගයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ක‍්‍රියා පටිපාටිය හා ගන්නා ලද ස්ථාවරය සම්බන්දයෙන් ඔහු දැඩි කලකිරීමකින් සිටින බවද සදහන්ය.
    විශ්වාස භංගයෙන් පසු නව අගමැතිවරයා ලෙස නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කරන බවට මාධ්‍ය වාර්තාද බොහෝමයක් පල විය.
    මේ අතර වාර්තා වන්නේ ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රීලනිප තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුම විදෙස් ගතවනු ඇති බවයි. පුද්ගලික සංචාරයන් සදහා මෙසේ විදෙස් ගතවන ඔවුන් සියළු දෙනාම විශ්වාස බංගයට පක්‍ෂ වූ ආණ්ඩුවේ ශ‍්‍රිලනිප ඇමතිවරුන් වෙති.
  • මන්ත්‍රිධුරයක් ලක්ෂ 50යි…. එජාපය දිනු සීතාවකපුර නගරාධිපතිධුරය කළු සල්ලි මතින් තීරණය වන ලකුණු…

    මන්ත්‍රිධුරයක් ලක්ෂ 50යි…. එජාපය දිනු සීතාවකපුර නගරාධිපතිධුරය කළු සල්ලි මතින් තීරණය වන ලකුණු…

    මෙවර එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කල සීතාවකපුර නගර සභාවේ නගරාධිපතිධුරය පිළිබදව අවසන් තීරණයක් ගැනිමට රවි-කබීර් දෙපළගේ මැදිහත්වීම නිසා එජාප නායක රනිල් වික්‍රමසිංහයන් හට නොහැකි වී අැති බව අපට වාර්තා වේ…

    මෙහිදී හිටපු සභාපති වන පිංතු පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ සරණ ගිය අයෙකු වන අතර මෙම මැතිවරණයේදී ඔහු තම අාසනය ජයග්‍රහණය කලේ වැඩි ඡන්ද 18 පමණක් වන අතර අවිස්සාවේල්ල අාසනයේ හිටපු එජාප සංවිධායකවරයා වන උපුල් විරසිංහ මහතා වැඩි ඡන්ද 450කින් පමණ තම කොට්ඨාශය ජයග්‍රහනය කිරීමත් සමගින් අාසන සංවිධායකධුරය තමන්ට අහිමි වේ යැයි බීරන්ත වු ලෙනාඩ් කරුණාරත්න රවි-කබීර් දෙපල සමගින් එක්වෙමින් කළු සල්ලි විසිකරමින් පිංතු නැවත නගරාධිපති පුටුවේ ඉන්දවීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර අැති බව අපට වාර්තා වේ…

    පිංතු යනු තම ගම් ප්‍රදේශයේ දැඩි ලෙස අපවාදයට ලක්වු පුද්ගලයෙක් වන අතර ඔහුට එරෙහිව කැලෑ පත්තර පවා පසුගිය සමයේ ගම පුරා දක්නට ලැබී අැත. වංචා දුෂණ මෙන්ම කන්තාවන් කෙරහි අැලෙන පැණියෙකු වන මොහුගේ මෙම ක්‍රියාවන් නිසා සමස්ත ගම්වාසින් මොහුට එරෙහිව උද්ඝෝෂණ වල නිරතවනු දක්නට ලැබිණි. ඡන්ද 450කින් ජයගත් උපුල් පසෙකට දමා ඡන්ද 18කින් ජයගත් ප්‍රතිපත්තියක් නැති ගෙම්බෙකු නගරාධිපතිධුරයට ඔසවා තැබීමට එජාපය දරන අත්සහය හේතුවෙන් නගර සභාවේ බලය පොහොට්ටුව ඩැහැගැනීමේ තැතක්ද ක්‍රියාත්මක වන බව විශ්වාසකටයුතු අාරංචි මාර්ග තහවුරු කර අැත..

    පසුගිය දිනෙක එජාප මන්ත්‍රිවරයෙකුගේ නිවසට ගොඩවු පිංතු උඹට ලක්ෂ 50ක් දෙන්නම් ඡන්දෙදි මට උදවු කරපං.. උපුල් කියන්නේ බලයට එන්නේ නැති එකෙක්.. යනුවෙන් පවසා අැති අතර මේ මුල්‍ය ගණුදෙනු පසුපස ලෙනාඩ්-කබීර්-රවී යන තිදෙනා සිටින බව අපට වාර්තා වේ..

    ජනතා පරමාධිපත්‍යය බල්ලට දමා කළු සල්ලි මතින් තම බලු කුක්කන් ලොකු පුටුවලට දැක්කීමේ කාලකණ්නි මෙහයුම පරාජය කිරිමට ජනතාව සමගින් සියළු බලවේග එක්විය යුතු බව අප තරයේ විශ්වාස කරමු..

     

  • තලාක්.. තලාක්.. තලාක්… ශරියා නීතිය අපිට හොඳයි..! මුස්ලිම් කාන්තාවෝ ශරියා රැකගන්න පෙරට

    තලාක්.. තලාක්.. තලාක්… ශරියා නීතිය අපිට හොඳයි..! මුස්ලිම් කාන්තාවෝ ශරියා රැකගන්න පෙරට

    මුස්ලිම් ජාතික කාන්තාවෝ දහස් ගණනක් වීදි බැස තමන්ට සිදුවන අසාධාරණයකට එරෙහිව විරෝධාවයන්හි නිරතවන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා. ඒ මුස්ලිම් කාන්තාවන්ගේ දික්කසාද නීතියක් පිළිබඳව රජය ගත් තීරණයකට විරුද්ධ වෙමින්.

    මුස්ලිම් ජනතාවට ශරියා නීතියට අනුව ‘තලාක්’ යන වචනය තෙවරක් පවසා ක්ෂණිකව දික්කසාද විය හැකි අතර මෙය ඉන්දියාවේ පමණක් නොව බොහෝ මුස්ලිම් ජනතාව ජීවත්වන රටවල්වල පවතින ප්‍රකට දික්කසාද ක්‍රමයක් වනවා.

    කෙසේ වෙතත් මෙම ක්‍රමයට කාන්තාවන් දික්කසාද කිරීම තහණම් කරමින් එලෙස කාන්තාවන් දික්කසාද කරන මුස්ලිම් ජාතිකයින්හට දඬුවම් කිරීමට ඉන්දියානු රජය යෝජනා කිරීමත් සමඟ මෙම තත්වය ඇතිවී තිබෙනවා.

    ඒ අනුව මෙම යෝජනාවට එරෙහිවූ ඉන්දියානු මුස්ලිම් කාන්තාවන් ෂරියා නීතිය යටතේ තමන් ආරක්ෂිත බවත්, ඒ සඳහා කිසිවෙකු මැදිහත්විය යුතු නොමැති බවත් ප්‍රකාශ කරනවා.

     

  • ඔනර බල්ලා පිස්සු නැටු රනිල්ගේ විශ්වාසභංගයෙන් පසු බුකිය උණුසුම් වුනේ මෙහෙමයි..!

    ඔනර බල්ලා පිස්සු නැටු රනිල්ගේ විශ්වාසභංගයෙන් පසු බුකිය උණුසුම් වුනේ මෙහෙමයි..!

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46  කින් පරාජය වුනා. පසුගිය දින කිහිපයේම මෙරට ජනතාවගේ කතාබහට ලක්වුණු විශ්වාස භංගය පරාජය වීමත් සමඟ ඒ ගැන විවිධ අදහස් සමාජ ජාලා හරහාත් ඉතා සීඝ්‍රයෙන් පැතිර ගියා. මේ දවස්වල සමාජ ජාලා වල වැඩියෙන්ම හුවමාරුවන පෝස්ට් එකතුව පහතින්

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

  • පාර්ලිමේන්තුව ගිනියම් කරමින් මිනීමරු ගෝඨා ඇතුළු බත් ගොට්ටන් කුපිත වූ ෆීල්ඩ් මාෂල්ගේ කතාව

    පාර්ලිමේන්තුව ගිනියම් කරමින් මිනීමරු ගෝඨා ඇතුළු බත් ගොට්ටන් කුපිත වූ ෆීල්ඩ් මාෂල්ගේ කතාව

    අර කෑගහන කෙනාගේ ගෙදර පහුගිය දවස්වල කොල්ලෙක් මැරුණා. දැන් එයා භූතයෛක් වෙලා. ඉල්ලන්නෙම ව්‍යාඝ්‍රලු. සාමාන්‍යෙයන් භූතයො ඉල්ලන්නේ කරවල නේ. නිකං කෑගහලා මගෙන් අහගන්න එපා.” යැයි අද පාර්ලිමේන්තුවේ විස්වාසභංග විවාදයට එක්වෙමින් අමාත්‍ය සරත් ෆොන්සේකා සිය කතාව කරමින් සිටියදි එයට බාදා කල විමල් විරවංශට දැඩි ලෙස චොදනා කර සිටියා.

    අප පසුගිය මාර්තු 22 වැනිදා විමල්ගේ ගෙදර හොල්මන ගැන අනාවරණය කර සිටියා…….

    විමල්ගේ නිවසේ මරණයට පත්වු ජනිත් මිනිස් බිල්ලක් ඉල්ලා හොල්මන් කරයි… යකදුරු සහය ඇමති සාගලගෙන් … ආත්මයක් නිකන් කාගෙන්වත් පලිගන්න නෑ … ජනිත්ගේ මව….

    ~~අමාත්‍ය සරත් ෆොන්සේකා ~~

    අර කෑගහන කෙනාගේ ගෙදර පහුගිය දවස්වල කොල්ලෙක් මැරුණා. දැන් එයා භූතයෛක් වෙලා. ඉල්ලන්නෙම ව්‍යාඝ්‍රලු. සාමාන්‍යෙයන් භූතයො ඉල්ලන්නේ කරවල නේ. නිකං කෑගහලා මගෙන් අහගන්න එපා. අතීතය සිද්ධවෙච්ච දේවල් එක්ක සන්සන්දනය කරෝතින් මහේන්ද්‍රන්ව උපදේශ කෙනෙක් කරපු එකේ කිසිම වරදක් නෑ. ඒකාලේ ආර්ථිකේ මෙහෙයවූයේ පි.බී. එයාට විරුද්ධන නඩුවක් තිබුණ.

    ඒකෙන් එයාව අයින් කලා. පස්සේ මහින්ද එයාව උපදේශක කෙනෙක් කියලා පත් කළා. ඒනිසා අගමැතිතුමා මහේන්ද්‍රන්ව එහෙම පත්කරපු එකේ කිසි වැරැද්දක් නෑ. මේ විශ්වාසභංගයෙන් අපි තවත් ශක්තිමත් වුණා. අපි දිනුවත් දිනුම්. පැරදුණත් දිනුම්. මේක ගිහින් අර භූතයට කියන්න. ඒකාලේ මුදල් අවභාවිතා කරපු හැටි මං ගාව

    ලැයිස්තුවක් තියෙනවා. ඒවා තියාගෙන මේ බිලියන 10ක් ගැන කතාකරන එක මට තේරෙන්නෑ. ගෝඨාභය බිලියන 11ක් හොරකම් කලා ඇවන්ගාඩ් එකෙන්. ඒකාලේ ඒ පාලකයාට විරුද්ධව දෝෂාභියෝග ගෙනාවේ නෑ. එහෙනම් කද තියෙයි නිල්වලා ගගේ. ග්‍රීඩ බොන්ඩ් කියලා එකක් තිබුණා. ලෝකේ කිසි කෙනෙක් ගිහින් ඒකේ සල්ලි දැම්මේ නෑ. කබ්රාල්ලා ඒකේ මිලියන 7ක් දැම්මා. ඒ සල්ලි ජනතාවට නැතිවුණා. අර බෙල්ල වටේ රතුපාට මාලේ දාගෙන ඉන්න කෙනා නෑ මෙතන.

    උපුටනය: ලංකා ලීක්ස්.නෙට්

  • තවත් විශ්වාසභංගයකට සියල්ල සූදානම්! මෙවර එජාපයෙන්!

    තවත් විශ්වාසභංගයකට සියල්ල සූදානම්! මෙවර එජාපයෙන්!

    නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලට එරෙහිව වහාම විශ්වාසභංගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

    පාර්ලිමේන්තුව තුලදී ස්වාධීනව කටයුතු කිරීම නියෝජ්‍ය කතානායකගේ වගකීම වුවත් ඔහු අගමැතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ ගෙන ආ විශ්වාසභංගයේදී මුළුමනින්ම පක්ෂග්‍රාහීව කටයුතු කල බවයි එජාපය පවසන්නේ.

    එහෙයින් නියෝජ්‍ය කතානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව එජාප මන්ත්‍රීවරුන් අවධාරණය කරනවා.

    කෙසේ වෙතත් ඊයේ පැවති විශ්වාසභංග විවාදයේදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පැවසුවේ, තම කණ්ඩායම විශ්වාසභංගයට පක්ෂවීමට තීරණය කලේ ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් අනුව බවයි.

    මේ අතර තිලංග සුමතිපාල සහ නවීන් දිසානායක යන දෙදෙනා ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තුවේ දී ගැටුණු බව අප මීට පෙර වාර්තා කළා.

    මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල විසින් පොලිසියට පැමිණිල්ලක් ද කර ඇති බවයි අද දිනයේ වාර්තා වන්නේ.

    ඊයේ පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනා විවාදය අවසන්වී තමා පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටව එද්දී ඇමති නවීන් දිසානායක තමාට බැණවැදී තර්ජනය කළ බවත් පසුව පහරදෙන්නට ආ බවත් දක්වමින් ඔහු මෙම පැමිණිල්ල කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කරුණු දැක්වීමට බලාපොරොත්තුවන බවත් එය කතානායකවරයාටද දන්වා ඇති බවත් ඔහු පවසනවා.

  • අළු යට ගිනි ඇවිලි එජාප ඇමති නවීන් සහ ශ්‍රිලනිප තිලංග අතර ගැටුමක්….

    අළු යට ගිනි ඇවිලි එජාප ඇමති නවීන් සහ ශ්‍රිලනිප තිලංග අතර ගැටුමක්….

    අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසීමෙන් පසු අමාත්‍ය නවීන් දිසානායක සමග ඊයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අද (05) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ද කරුණු දක්වන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පවසයි. තමන් මේ සම්බන්ධයෙන් කතානායකවරයාට ද පැමිණිලි කළ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල කියා සිටී.

    අමාත්‍ය නවීන් දිසානායක හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල අතර මෙම ගැටුම ඇතිවී තිබෙන්නේ පාර්ලිමේන්තු පුස්තකාල පරිශ‍්‍රය අසලදී ය.

  • විමල්, ගම්මන්පිල, ඩලස් Bite වෙයි… විස්වාසභංග විවාදය අස්සේ බැසිල් පෙරමුණෙන් “Bite Call”

    විමල්, ගම්මන්පිල, ඩලස් Bite වෙයි… විස්වාසභංග විවාදය අස්සේ බැසිල් පෙරමුණෙන් “Bite Call”

    රනිල්ට එරෙහි විස්වාසභංග විවාදය අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ මහතා නියෝජනය කරන පාර්ශවය එම කණ්ඩායමේම තවත් මන්ත්‍රීවරුන් පිරිසකට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඒ අය දේශපාලන වශයෙන් හාස්‍යට ලක් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ “ලොබිය” උණුසුම් වී එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබු බව පාර්ලිමේන්තුවේ විශේෂ වාර්තාකරුවෙකු සදහන් කළා.

    මේ “Bite Call” ලැබි ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල,මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ටය.

    බැසිල් රාජපක්ෂ පාර්ශවයේ මන්ත්‍රීවරුන් මේ අයට දුරකථන ඇමතුම් ලබා දී අසන්නේ “ආ…මන්ත්‍රීතුමා,ඔයාට දැන් සතුටියි ද ? කෝ..විශ්වාස භංගය දිනන්න Numbers තියෙනවා ද ? එකනේ අපි කිව්වේ.දැන් ඉතිං සනීපයි නේ..” යනුවෙනි.

    මේ තත්ත්වයට හේතුවී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ සංයුතිය ද බල තුලනයේ ස්වභාවය ද එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර තත්ත්වයන් ද ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු සුළු දේශපාලන පක්ෂ ක්‍රියා කළ හැකි ආකාරය ද අනුව මේ මොහොතේ මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් නොකළ යුතු බවට බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධාන කණ්ඩායම තරයේ කියා සිටිද්දී ඊට එරෙහිව විමල් වීරවංශලා මේ විශ්වාස භංග යෝජනාව කෙසේ හෝ ඉදිරිපත් කිරීමට ක්‍රියා කිරීමත් එම විශ්වාස භංගයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජය ගත හැකි තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී තිබීමත් මතය.

    මුල සිටම බැසිල් රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ කණ්ඩායමේ ස්ථාවරය වූයේ මේ විශ්වාස භංග යෝජනාව මගින් සිදු වන්නේ පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය ලබා ගත් ජයග්‍රහණය යට යන අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියත ලෙස පරාජයට පත් කිරීමට නොහැකි වුණොත් ඔහුත් එක්සත් ජාතික පක්ෂයත් තව තවත් ශක්තිමත් වන බවය.

  • සම්මුතිවාදය සහ ඇමති කට්ට බේරගන්න රනිල් වෙනුවෙන් ශ්‍රිලනිපෙන් සහාය දුන් කණ්ඩායම මෙන්න

    සම්මුතිවාදය සහ ඇමති කට්ට බේරගන්න රනිල් වෙනුවෙන් ශ්‍රිලනිපෙන් සහාය දුන් කණ්ඩායම මෙන්න

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවැති විශ්වාසභංග ඡන්ද විමසීම ජයග්‍රහණය කිරිමට හේතූ වූයේ ශ්‍රිලනිපයෙ මෛත්‍රී පිළ ඡන්දය දීමෙන් වැලකීමට ගත් තීරණය නිසාවෙනි.

    කොටසක් ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙනු ලැබූ අතර තවත් කොටසක් ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැලකී සිටිම මගින් මෙලෙස අග්‍රාමාත්‍යවරයාට සහාය පල කරේ රනිල් වික්‍රමසිංහ සමග තවදුරටත් ආණ්ඩුව ගෙන යාමට ජනාධිපතිවරයාගේ ඇති කැමැත්ත අනූව බව දේශපාලන ආරංචි මාර්ග පවසා සිටී.

    ඡන්දය දිමෙන් වැලකී සිටිමෙන් අග්‍රාමාත්‍යවරයාට සහාය පල කර කණ්ඩායම පහතින්

    1 මහින්ද අමරවීර, 02 නිමල් සිරිපාල ද සිල්වා, 03 දුමින්ද දිසානායක, 04 මහින්ද සමරසිංහ , 05 විජයමුණි සොයිසා 06 සරත් අමුණුගම 07 රංජිත් සියබලපිටිය 08 පියසේන ගමගේ, 09 නිශාන්ත මුතුහෙට්ටිගම 10 , ඒ. එච්. එම් ෆවුසි, 11 මොහාන් ලාල් ග්‍රේරු, 12 ශ්‍රියානි විජේවික්‍රම 13 මනුෂ නානායක්කාර, 14 ලසන්ත අලගියවන්න, 15 සාරතී දුෂ්මන්ත, 16එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා, 17 ආරුමුගම් තොණ්ඩමන්, 18 වීරකුමාර දිසානායක 19 මලිත් ජයතිලක 20 ලක්ෂ්මන් සෙනෙවිරත්න, 21 ඉන්දික බණ්ඩාරනායක, 22 මුත්තු සිවලිංගම් 23 අංගජන් රාමනාදන් 24 කාදර් මස්තාන් 25 අතුරුලියේ රතන හිමි

  • අලුත් ආණ්ඩුවක් ගැන රාජිත කියද්දි ඇමති මාරුවක් හෝ ඉවත් කිරිමක් නැති බව ශ්‍රිලනිපය කියයි…

    අලුත් ආණ්ඩුවක් ගැන රාජිත කියද්දි ඇමති මාරුවක් හෝ ඉවත් කිරිමක් නැති බව ශ්‍රිලනිපය කියයි…

    යහපාලන ආණ්‌ඩුවේ අලුත්ම කැබිනට්‌ මණ්‌ඩලය ලබන සඳුදා (09 වැනිදා) දිවුරුම් දෙන බව සම කැබිනට්‌ ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ආණ්‌ඩු පක්‌ෂයේ මැති ඇමැතිවරුන් අතරින් විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය නොදුන් කිසිවකුට තවදුරටත් ආණ්‌ඩු පක්‌ෂයේ කටයුතු කළ නොහැකි බව ඇමැතිවරයා සඳහන් කළේය.

    විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ඇමැතිවරුන්ට මෙන්ම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මැති ඇමැතිවරුන්ට ද තවදුරටත් සදාචාරාත්මකව ආණ්‌ඩුවේ සිටිය නොහැකි බව ඇමැතිවරයා පැවසීය.

     

    හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (04) පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 01 හි දී පැවති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

    මේ අතර විශ්වාස භංගයේදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිත කළ ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත්  කිරිමේ කිසිදු සුදානමක් නොමැති බව ශ්‍රිලනිප ප්‍රබලයෙක් අප කළ විමසීමකදි පැවසීය…. 

     

  • සිරස මුලස්ථානයට මල පැනපු සමනල වංශික එජාප ආධාරකරුවන්ගෙන් දරුණු ප්‍රහාරයක්…

    සිරස මුලස්ථානයට මල පැනපු සමනල වංශික එජාප ආධාරකරුවන්ගෙන් දරුණු ප්‍රහාරයක්…

    විශ්වාසභංගයෙන් රනිල් ජය ලබා පැය කිහිපයක් ඉක්මයද්දී  සිරස මුලස්ථානයට මිට සුළු මොහොතකට පෙර ප්‍රහාරයක් එල්ල වී ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත..

    මෙහිදී ගැහැනුන් මෙන් හැසිරෙන පිරිමින් කොට්ටාශයක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට අපට ලැබෙන තොරතුරු සනාථ කර ඇත…

  • අපිට කුණු බිත්තර ගහලා පොලු පාරවල් කාලා ඔළු පලාගන්න හදාගන්න එපා – මහින්දානන්ද කියයි

    අපිට කුණු බිත්තර ගහලා පොලු පාරවල් කාලා ඔළු පලාගන්න හදාගන්න එපා – මහින්දානන්ද කියයි

    විශ්වාසභංගය ජයගතහොත් කොළඹ නගරය පුරා ඇලවීමට එක්සත් ජාතික පක්ෂය විසින් පෝස්ටරයක් සකස් කර ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සඳහන් කළා.

    විශ්වාසභංග විවාදයට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විශ්වාසභංග ජයග්‍රහණය වෙනුවෙන් මාධ්‍ය ඔස්සේ පළ කිරීමට ගීතයක් ද නිර්මාණය කර ඇති බවයි.

    එමෙන්ම අද රාත්‍රියේ විශ්වාසභංග ඡන්ද විමසීම නිම වී පිටව යන අතරතුරේ දී එජාපය විසින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට ද සියළු කටයුතු සූදානම් කර ඇති බව තමන්ට තොරතුරු ලැබි අැති බවත් යම් හෙයකින් එසේ වුවහොත් ඔවුනට පොලු පහර දෙන්නට තම කණ්ඩායම සුදානම් ඔහු සඳහන් කළා.

  • රංගේ බංඩාර හා වසන්ත ගිය මග යමින් රතන හිමිත් තිරණය වෙනස් කරයි… අැත්ත මෙන්න…

    රංගේ බංඩාර හා වසන්ත ගිය මග යමින් රතන හිමිත් තිරණය වෙනස් කරයි… අැත්ත මෙන්න…

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මේ වන විට පාර්ලිමේන්තුවේ විවාද වෙමින් පවතින විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමෙන් වැලකී සිටීමට තමන් තීරණය කළ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

    පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රතන හිමියන් මේ බව ප්‍රකාශ කළා.

    මීට පෙර උන්වහන්සේ සඳහන් කළේ විශ්වාසභංගයට පක්ෂව සිය ඡන්දය භාවිත කරන බවයි.

    “යම්කිසි භික්ෂුවකට හොරකමක් කිරීමට හෝ හොරකමකට උදවු කිරීමට හෝ හොරකම අනුමත කිරීම හෝ පාරාජිකාව (සිල්වත් භික්‌ෂුන් සමග සමාන වාසයට සුදුසු නැති) වීමට හේතුවක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් මට ස්ථාවර නිගමනයකට ඇවිල්ලා ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ නොහැකියාවක් තියෙන බව මම ස්ථීරවම කියන්න ඕනේ. ඊළඟට මම කල්පනා කළේ විශ්වාසභංගය වැරදියි කියලා ඡන්දෙ දෙන්න මට පුළුවන්කමක් නෑ”