Category: සුපිරි Talks & Jokes

  • කට්ටිය සද්දෙට රඟන අස්සේ තිලංග සද්ද නැතිව වැඩකරන බුවෙක් වෙයි

    කට්ටිය සද්දෙට රඟන අස්සේ තිලංග සද්ද නැතිව වැඩකරන බුවෙක් වෙයි

    “වැඩ කරන රටක්” යන තේමාවෙන් යුතුව බලයට පැමිණි වත්මන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරුන්ගෙන් ඇත්තටම වැඩ කරන ඇමතිවරුන් කීයෙන් කීදෙනෙක් සිටිවාදැ’යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා .. එකට කඩා පැන සෙව්වාක් මෙන් සෙවිය යුතුයැ’යි අපි සිතමු. ජනාධිපතිවරයාට රට වෙනුවෙන් වැඩ කිරීමට අවශ්‍ය වුවද ඔහු පත් කළ, ඔහු අතින් පත්වීම පනස් ගානක ඇමති මණ්ඩලයෙන් කීයෙන් කීදෙනෙකුට එය අවශ්‍යදැ’යි ඔහුම සොයා බැලිය යුතු කාලය එළෙඹ ඇත. අගමැති මහින්ද සහ කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හැරුනුකොට අනෙක් කිසිඳු කැබිනට් අමාත්‍යවරයෙකු තමා යටතේ ඇති බලතල, වගකීම් සහ ආයතනවල නිසි පරිදි රාජ්‍ය අමාත්‍යවරුන්ට බෙදා දීඉ නොමැත.

    එවැනි තත්වයක් තුළ රජයේම ඇමතිවරුන් කන්කෙදිරිගාමින් කල් මරද්දී, තාක්ෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පසුගිය සෙනසුරාදා තම ආයතන ප්‍රධානීන් සමඟ එක්ව සිය අමාත්‍යංශයේ වැඩ කටයුතු සිදුකළ ඇතිබවට තොරතුරු වාර්තාවේ.

    ජනාධිපතිවරයා අනුව යමින් වත්මන් රජයේ ඇමතිවරුන්ගෙන් අතලොස්සක් මෙසේ වැඩ කරද්දී බහුතරයක් සිදුකරන්නේ වැඩ වෙනුවට මඩ ගැසීමට තම කාලය විඩඟු කිරීම බව රජයේ සහ රජයට අනුබද්ධ පෞද්ගලික මාධ්‍යවල ප්‍රවෘත්ති විකාශයන් බලද්දී පෙනීයයි.

  • හැංඟි හොරා වැඩ නැති රන්ජන් ප්‍රතිඵල ලේඛනය ෆේස්බුක් දමයි

    හැංඟි හොරා වැඩ නැති රන්ජන් ප්‍රතිඵල ලේඛනය ෆේස්බුක් දමයි

    හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියා.

    ඒ නීතිඥවරයෙක් වීමේ බලාපොරොත්තුවෙන් උසස් පෙළ විභාගයේ විෂයන් තුනක් සමත් වීමේ අභිප්‍රායෙන්.

    මේ වන විට උසස් පෙළ විභාග ප්‍රතිපල නිකුත් වී ඇති අතර ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සිය ප්‍රතිපල ලේඛණය සඳහන් කර තිබෙනවා.

    එම ප්‍රතිපල ලේඛණය පහත දැක්වේ

  • බුදු ස’ ඇති ඔය.. උදා වූ වසන්තේ සදාකල් රැඳේවා!!

    බුදු ස’ ඇති ඔය.. උදා වූ වසන්තේ සදාකල් රැඳේවා!!

    අමු ගොබ්බ වැඩ.බුදු ස’ ඇති ඔය..?

    සිස්ටම් හදන්නලු.
    එන අයට නම්බර් එකක් දෙන්නලු.
    වෙලාවක් දෙන්නලු. වෙලාව එනකම් ඒ මිනිස්සු කොලඹ ඇවිදල වටයක් ගහල එයිලු.
    හුම්…

    ස,

    ඇයි ඔයා ඔහොම? කෘතීම බුද්ධියෙන්, ඔඅරක්ල් ඩේටා බේස් එකෙන් රට කරනව කියල නේ ආවෙ.

    ඕක කරන්න ඕන ස මෙහෙමයි,

    හැම ප්‍රා.ලේ එකකම තියෙනවා රථවාහන අංශයක්.
    ආන්න ඒක දියුනු කරන්න.

    යාපනේ කන්දප්පන්,කරුපයියගෙ ඉදල දකුනෙ කිරින්දෙ අප්පුහාමිත්,උඩටට මැනිකෙල,නිලමෙල හැම එකාම ඔතනට එන්න ඕන වැඩක් කරගන්න ඕන උනාම.

    යාපනේ මිනිස්සු ඊට කලින් දවසෙ ඇවිල්ල කොලඹ කාමරයක් අරන් නැවතිල,පහුදා ඔය කාර්‍යාලයට එන්නෙ වැඩක් කරගන්න. උන් යුද්ධ ප්‍රකාශ නොකර හිටීද?

    හැම ප්‍රාලේ එකකම තියෙන රථවාහන අංශ network කරන්න. VPN එකක් හදල සේර්ම data ශනිකව HO එකේ තියෙන ස ඉගෙන ගත්ත oracle database එකක store වෙන විදියට system එක හදන්න.
    එතකොට මිනිස්සු ඔතනට ඇව්ල්ල රස්තියයාදු ගහන්නෙ නෑ. ප්‍රා.ලේ එකෙන් වැඩ ටික කරන් ගෙදර යන්න පුලුවන්.

    වියත් මගේ උන්ට බැරිනම් අපිට කියන්න. අපි වැඩේ කරල දෙන්නම්.
    මේ වගේ ගොබ්බ වැඩ කරන්න එපා. ස’ ට අවුලක් නැති උනාට වියත්අග ගැන ,ස ගේ පරිඝනක හැකියාව ගැන පාරම් බාබු අපේ පොහොට්ටු මිතුරන්ට අවුල්.
    -චතුර නිලංගගේ ෆේස්බුක් පිටුවෙන්-

    ඉස්මාට් ගව රන්ස් 🧠🧠🧠

    හාල් ගණන් ගියාම ගබඩාවලට නොයා මාකට් යනවා. ලයිසන් පරක්කුවට සිස්ටම් එක හදන්න කොමසාරිස්ට කතා නොකර ලයිසන් ඉෂු කරන කවුන්ටරේට කියනවා..!

    උදා වූ වසන්තේ සදාකල් රැඳේවා!!

    -සඳුන් ප්‍රියංකරගේ ෆේස්බුක් පිටුවෙන්-

    https://youtu.be/nRRBJomjl1Y?t=5
  • එළවළුත් ගණන් කාලේ කන බොන එක අමතක වෙන්නත් එක්ක රාජිත සමඟ අපි හැංඟි මුත්තන් සෙල්ලම් කරමු ද..?(ස්මාට් ගව රන්ස් වීඩියෝ)

    එළවළුත් ගණන් කාලේ කන බොන එක අමතක වෙන්නත් එක්ක රාජිත සමඟ අපි හැංඟි මුත්තන් සෙල්ලම් කරමු ද..?(ස්මාට් ගව රන්ස් වීඩියෝ)

    ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස හාල්, එළවළු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර සහ භාණ්ඩ මිල අහස උසට නැඟ ඇති සමයක ජනතාවගේ මේ දිනවල මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට පත්කර ඇත්තේ හිටපු සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න සෙවීමේ සහ අත් අඩංගුවට ගැනීම සඳහා වන නාටකයයි.

    දින දෙකක් පුරා රාජිතව සෙවූ ආරක්ෂක අංශවලට ඊයේ (26) රාත්‍රියේ යාන්තම් කොළඹ අර්ධ රාජ්‍ය රෝහලකදී රාජිතව සොයා ගැනීමට හැකිව තිබේ.

    පැවති රජය පසුගියද අප්‍රේල් 21වනදා සිදු වූ පාස්කු ප්‍රහාරය වළකා ගැනීමට අසමත් වුවත්, ප්‍රහාරය සිදුකළ කණ්ඩායම් පැය 12ක් යෑමටත් මත්තෙන් සොයා ගැනීමට සමත් වූහ.

  • තාත්තාගේ ඇප ඇපීල් එක පිට රිජෙට් වෙද්දී ලෝක-නාථ-අනාථ උපදේශක රාජිතගේම පුත් චතුරට මාධ්‍යවේදීන් කෝචොක් කරයි.. මල පැන්න පාර ඉඟිලයයි.. (වීඩියෝ)

    තාත්තාගේ ඇප ඇපීල් එක පිට රිජෙට් වෙද්දී ලෝක-නාථ-අනාථ උපදේශක රාජිතගේම පුත් චතුරට මාධ්‍යවේදීන් කෝචොක් කරයි.. මල පැන්න පාර ඉඟිලයයි.. (වීඩියෝ)

    ශ්‍රී ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර පහළ වූ දැවැන්ත නායකයින්ට උපදෙස් දුන්නා යැයි කියා ගන්නා ලෝක-නාථ-අනාථ උපදේශක රාජිත සේනාරත්නගේම පුත් චතුර සේනාරත්නගෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අසලදී ඊයේ(23) අපූරු ප්‍රශ්නයක් ඇසීය.

    එනම් ඔහුගේම පියා වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අපේක්ෂිත ඇප අයදුම්පත් ඔහුගේ නීතිඥයින්ගේ වරදින් ප්‍රතික්ෂේප වෙද්දී, එදා මෙදා තුරා රටේ විශාල නායකයින් ප්‍රමාණයකට උපදෙස් දුන්නා යැයි කියන චතුර සේනාරත්න තම පියාට හරියට පූර්ව ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය උපදේශ ලබානොදුන්නේ දැ’යි යන ප්‍රශ්නය මාධ්‍යවේදීයෙකු ඔහුගෙන් විමසා සිටියේය.

    ඉන් කිපුණු මන්ත‍්‍රීවරයා පිලිතුරු දීම පසෙකලා වාහනයේ නැගී ඉඟිල ගියේය.චතුර සේනාරත්න මහතා සමාජ ජාලවල නිරන්තරයෙන් උපහාසයට ලක්වන්නේ ලෝකය ආරම්බයේ පටන් සිදුව ඇති වැදගත් සංසිද්ධීන්වලට උපදෙස් දුන්නෙක් ලෙසයි.

  • System change, Smart governance දෙන්න ආ ගෝඨා අවසානයේ සතියක් ගානේ පොලේ ගාටයි… (Photos)

    System change, Smart governance දෙන්න ආ ගෝඨා අවසානයේ සතියක් ගානේ පොලේ ගාටයි… (Photos)

    System change, Smart governance තුළින් විප්ලවීය සංවර්ධිත රටක් කරන බවට පවසමින් බලයට පැමිණි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සතියක් ගානේ රට රටේ පොළවල් වල ඇවිදිමින් සිටින බව නම් පෙනීයයි.

    මේ අතර ඔහුව ජනාධිපති කිරීමට ඡන්දය දුන් කෝඩුකාර නව යොවුන් තරුණයින් පිරිසක් රට වටේ තාප්ප පුරා චිත්‍ර කතා අඳිමින් සිටිති.

    ගිය සතියේ (18th Dec) පොලේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

    මේ සතියේ (23rd Dec) පොලේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

  • ‘ඕයි, තමුසේ’ කියා සජිත්ගෙට කිලීගෙන් බැණුම් වැස්සක්!

    ‘ඕයි, තමුසේ’ කියා සජිත්ගෙට කිලීගෙන් බැණුම් වැස්සක්!

    එක්සත් ජාතික පක්ෂයෙහි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් විසින් ඊයේ (24) සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරිපත් කර ඇති කොන්දේසි ඇසූ සැණින් සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු වන කිලී මහාරාජා මහතා දැඩි කෝපයට පත්ව ඇති බව වාර්තා වේ.

    ඊයේ රාත්‍රී 10.00 පමණ වනවිට සියලුම ප්‍රධාන මාධ්‍ය ආයතන සජිත්ට අපේක්ෂකත්වය ලැබුණු බවට අර්ධ සත්‍යයෙන් යුත් පුවතක් විකාශය කළ නමුත් සජිත් වෙනුවෙන් සිය ප්‍රධාන පුවත් විකාශයෙන් අඩක් වෙන් කරන සිරස මාධ්‍ය ආයතනය ඒ ගැන කිසිවක් වාර්තා කර නොතිබුණේ ද කිලී මහාරාජාගේ මෙම කේන්තිය නිසා බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

    සජිත් පාර්ශ්වය වෙත දුරකථන ඇමතුම් ගණනාවක් ලබාදෙමින් කිලී මහාරාජා උපදෙස් දී ඇත්තේ කිසිදු කොන්දේසියකට කිසිම විටක එකඟ වන්නට සජිත්ට ඉඩ නොතබන ලෙසය. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම, පක්ෂ නායකකම තබා පක්ෂ සාමාජිකත්වයවත් ඉතිරි නොවිය යුතු බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. ඉන් මෙපිට කිසිදු කොන්දේසියකට එකඟ නොවන ලෙස ඔහු ඉතාම තරයේ බලපෑම් කර ඇති බව සඳහන්.

    මේ අතර කිලී මහාරාජාගෙන් තම පුත්‍රයාට වන හිරිහැර පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතාගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මහත්මිය පසුවන්නේ ද දැඩි කණස්සල්ලෙන් බව ආරංචිමාර්ග සඳහන් කළේය.

    සජිත්ගේ තීරණවලට වැඩියෙන්ම බලපෑම් කළ හැක්කේ මවට වන බව දන්නා නිසා විවිධ පාර්ශ්ව මේ වනවිට ඇයට බලපෑම් කරමින් සිටිති. ඇය මහත් කම්පාවෙන් යුතුව පසුගිය දිනක ප්‍රකාශ කර ඇත්තේ කිලී මහාරාජා තම පුතුගේ අනාගතය විනාශ කරමින් සිටින බවයි.

    සජිත්ට පක්ෂ නායකයා සහ රාජ්‍ය නායකයා වීමේ සිහිනයක් සැමදා තිබුණු නමුත් මේ මෑතක් වනතුරුම ඔහුට ඒ ගැන හදිසියක් නොතිබුණු බව සිහිපත් කර ඇති හේමා ප්‍රේමදාස මහත්මිය ප්‍රශ්න ගණනාවක් පටළවමින් සජිත්ට මේ හදිසිය ඇති කළේ කිලී මහාරාජා විසින් බව ද ප්‍රකාශ කර තිබේ.

    කිලී මහාරාජා තම පුතුව ඔහුව හමුවීමට කැඳවා පැය ගණන් රස්තියාදු කරන බවත් “ඕයි” “තමුසේ” වැනි වචන පවා භාවිතා කරමින් අමතන බවත් ඇය පවසා ඇත්තේ කම්පා වෙමිනි.

    කෙසේවෙතත් මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා වටා රොක්ව සිටින පුද්ගලයින් සහ නිර්මාණය වී ඇති තත්වය විග්‍රහ කරමින් එජාපයේ ජ්‍යේෂ්ඨතම අමාත්‍යවරයකු අප වෙත පැවසුවේ “ඉස්සර නම් සජිත්ට හිටියේ එක කිලී මහාරාජායි, දැන් කිලී මහාරාජලා ගොඩයි” යනුවෙනි.

  • ආවා..ආවා..!! සජියාගේ කසියා බඩුවේ අලුත්ම ලීක් එක ආවා.. (වීඩියෝ)

    ආවා..ආවා..!! සජියාගේ කසියා බඩුවේ අලුත්ම ලීක් එක ආවා.. (වීඩියෝ)

    ගම්මට්ටමින්, බිම්මට්ටමින්, ළිංමට්ටමින් තම්මැට්ටම් ගසමින් යමින් මෙරට කීර්තිමත් දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය යදිමින් යන ආර්.ප්‍රේමදාසගේ අතිජාත පුත් සජිත් ප්‍රේමදාසගේ කුප්ප නියෝජිතවරියක් වන දිල් රුක්ෂි ප්‍රනාන්දු නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් විසින් පසුගියදා පොලිසියට කුණු හරුපයෙන් බැන වැදිමින් රාජකාරියට බාධාකරමින් තර්ජනය කළ අතර ඇයගේ සුපුරුදු ප්‍රේමදාස ශෛලයේ වාග් විලාශය රැගත් අලුත්ම වීඩියෝව දැන් නිකුත් වී තිබේ.

    ගම්මට්ටමින්, බිම්මට්ටමින්, ළිංමට්ටමින් කසියා පෙරීමට සජියාට සවියක් වන්නේ මැය වැනි අයවලියන්ද යන්න මේ වන විට ජනතාව ප්‍රශ්න කරමින් සිටී.

  • සුරූපි තෙරපිවරියන් බෙදා ගන්න බැරිව ගිය සුපිරි වලියක්..

    සුරූපි තෙරපිවරියන් බෙදා ගන්න බැරිව ගිය සුපිරි වලියක්..

    මීගමුව ඒත්තුකාල සංචාරක පුරයේ පිහිටි සම්භාහන මධ්‍යස්‌ථානයක සේවය කරන සුරූපි තරුණියන් (තෙරපිවරියන්) බෙදා ගැනීම සඳහා එම මධ්‍යස්‌ථාන හිමියා සහ එහි කළමනාකරු අතර වූ ගැටුමක ප්‍රතිඵලයක්‌ වශයෙන් කොන්ත්‍රාත්තුවක්‌ මත එම මධ්‍යස්‌ථාන හිමියා කපා කොටා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක්‌ මීගමුව සංචාරකපුරයෙන් වාර්තා වේ.

    මෙම සිද්ධිය පිළිබඳව මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උදය කුමාර වුඩ්ලර් මහතාගේ අධීක්‌ෂණය මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක ජයනන්ද මහතා සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ තොරතුරු අනුව එම ස්‌ථානයේ සේවය කරන තරුණියන් (තෙරපිවරියන්) පිළිබඳ ප්‍රශ්නය එහි හිමිකරු සහ එහි කළමනාකරු අතර කලක පටන් තිබී ඇති බවයි.

    එම සම්භාහන ආයතනය වෙත පසුගියදා ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක්‌ එම ආයතනයට අලුයම තුනට පමණ ඇතුළු වී එහි හිමිකරුට යකඩ පොලුවලින් පහරදී තියුණු අවිවලින් කපා කොටා පළාගොස්‌ ඇත. පසුව වහා පැමිණි මීගමුව පොලිසිය ඒ අසල තිබූ සී.සී.ටී.වී දර්ශන වලින් මෙම සාහසික ක්‍රියාවේ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර තුවාලකරු වහා රෝහල්ගත කර ඇත.

    එම සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශන පවත්වා පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් වන ත්‍රිරෝද රථ රියෑදුරු බටහිර දුම්මලදෙණිය පදිංචි 48 හැවිරිදි තැනැත්තා, වෙන්නප්පුව උල්හිටියාව පදිංචි තැනැත්තා, සහ බටහිර දුම්මලදෙණිය පදිංචි තැනැත්තා, මීගමුව වැඩ බලන මහෙස්‌ත්‍රාත් කේ.ජී. ගුණදාස මහතා හමුවට පැමිණවීමෙන් පසු ඔවුන් මේ මස 5 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    මෙම කොන්ත්‍රාත්තුව ලබාදුන් බව කියන එම ආයතනයේ කළමනාකරු පලාගොස්‌ සැඟවී ඇත. ඔහු සහ තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්‌ෂණ පැවැත්වේ.

    මෙම වැටලීම මීගමුව අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක ජයනන්ද, උප පොලිස්‌ පරීක්‌ෂක චාමර ප්‍රදීප්, කොස්‌තාපල්වරුන් වන (45148) පෙරේරා, (88256) සඳුන් සහ (5883) නවරත්න බණ්‌ඩාර යන මහත්වරු සහභාගිවූහ.

  • චීවරදාරියෙකු සහ බුද්ධි අංශ නිලධාරියෙකු එක්ව 14 හැවිරිදි දැරියක් සමූහ දූෂණය කොට ගැබිණියක් කරලා; මේක රට ජාතිය වෙනුවෙන් කළ දෙයක් දැයි ගෝඨාගේ බයියෝ කියාවිද..?

    චීවරදාරියෙකු සහ බුද්ධි අංශ නිලධාරියෙකු එක්ව 14 හැවිරිදි දැරියක් සමූහ දූෂණය කොට ගැබිණියක් කරලා; මේක රට ජාතිය වෙනුවෙන් කළ දෙයක් දැයි ගෝඨාගේ බයියෝ කියාවිද..?

    වයස අවුරුදු 14 ක සිසුවියක්‌ සමුහ දූෂණයට ලක්‌ වී ඇය ගැබිනියක්‌ වීම සම්බන්ධයෙන් චීවරධාරියකු, යුද හමුදා බුද්ධි අංශයේ සෙබළකු සහ සිසුවියගේ පවුලේ ඥති සොහොයුරකු කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පසුගිය 29 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

    සිසුවියගේ සමූහ දූෂණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුවියගේ ඥති සොහොයුරාගේ මවට සිසුවියගේ පියා පසුගිය 29 වැනිදා පහරදීම නිසා ඇය කුරුණෑගල ශික්‌ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පහරදුන් සිසුවියගේ පියා පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

    ලිංගික අපයෝජනයට ලක්‌ වූ මෙම පාසල් සිසුවිය පොලිස්‌ පරීක්‌ෂණවලින් අනතුරුව පසුගිය 23 වැනිදා කුරුණෑගල ශික්‌ෂණ රෝහලේදී වෛද්‍ය පරීක්‌ෂණයට ලක්‌ කිරීමෙන් පසු ඇය ගැබිනියක්‌ බව තහවුරු වී ඇති බවත් ඇය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ළමා හා කාන්තා කාර්යාංශය පැවසීය.

    ගැබිනියන් වී සිටින සිසුවියට ලිංගික අපයෝජන කළේ යෑයි පැවසෙන සැකපිට පොලිස්‌ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පසුගියදා (30 දා) කුරුණෑගල ශික්‌ෂණ රෝහලේදී අදාළ වෛද්‍ය පරීක්‌ෂණයකට යොමු කළ බවත් වෛද්‍ය පරීක්‌ෂණ ප්‍රතිඵල මත සැකකරුවන් කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට යොමු කළ බවත් පොලිසිය පැවසීය.

  • අරලිය ගහ මන්දිරයට කැඳවූ සජිත් යළි රනිල් ඉදිරියේ දණ ගසමින් පරාජය භාර ගනී.. ටොමී, බනානා සුජී ඇතුළු කඩේ ගිය උන් බිලිපූජාවට භාරදෙයි

    අරලිය ගහ මන්දිරයට කැඳවූ සජිත් යළි රනිල් ඉදිරියේ දණ ගසමින් පරාජය භාර ගනී.. ටොමී, බනානා සුජී ඇතුළු කඩේ ගිය උන් බිලිපූජාවට භාරදෙයි

    මිලඟ ජනාධිපති තමා බවත්, ජනාධිපති ආර්යාව තමා බවත් පවසමින් ගම්මට්ටමින්, බිම්මට්ටමින්, ළිංමට්ටමින් තම්මැට්ටන් ගසමින් ගිය සජිත් ප්‍රේමදාස සහ සජිත්ගේ වෙන්ට ආර්යාව තමා වෙනුවෙන් කඩේ ගිය උන් බිලිදෙමින් එජාප නායක රනිල් ඉදිරියේ දණගසා සමාව ගෙන ඇති බවට එජාපයේ සජිත්ගේම අභ්‍යන්තර තොරතුරු සේවා වාර්තා කරයි.

    මේ වන විට හන්දි, බෝක්කු ගානේ සජිත් පවත්වන රැස්වීම් විශාල ලෙස අවලංගු කරමින් සිටින අතර “තමා මීලඟ ජනාධිපති අපේක්ෂකයා යැයි” කටමැත දොඩවමින් ගිය ප්‍රකාශයද ඉවත් කරගෙන ඇත.

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සහ රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා අරලියගහ මන්දිරයට පෙරේදා පස්වරුවේ කැඳවා තිබිණි.

    එදින පස්වරුවේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඇබිලිපිටිය ප‍්‍රදේශයේ උත්සවයක සිටියදී අරලියගහ මැදුරට ඔහු වහාම කැඳවන්නට අගමැතිවරයා කටයුතු කරන ලදී.

    මෙම අවස්ථාවට ඇමති රාජිත සේනානායක මහතාද එක්ව සිට ඇත. එලියේ රණ්ඩු කරන එක නවතා පක්ෂය ඇතුළේ ප්‍රශ්නය විසඳාගන්නැයි අගමැති විසින් ඇමැති සජිත් ප්‍රේමදාසට එහිදී දැනුම් දී තිබේ.

    රණ්ඩු වෙලා අපේක්ෂකයා වුවද ජයගත නොහැකි බවත් එවිට එක් කොටසක් කකුලෙන් අදින බවත් එහිදී ඇමති රාජිත සඳහන් කර ඇත. තමන් කකුලින් නොඅදින බවත් මන්ත්‍රී කණ්ඩායම එකට තබා ගැනීම සඳහා තමන්ට ඔවුන් සමග සිටින්නට වන බවත් ඇමති සජිත් පේ‍්‍රමදාස ඊට පිලිතුරු ලෙස පවසා තිබේ.

    එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ මැතිවරණය ගැසට් කලාට පසු නාමයෝජනා කමිටු කැඳවා එමගින් බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත. වැඩිදුර ප්‍රශ්න ඇතොත් ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා කරන ලෙස පවසා අගමැතිවරයා සාකච්ඡාවක් අවසන් කර තිබේ.

    ආශ්‍රිත පුවත්: තම කල්ලියටත් හොරෙන් සජිත් තම වෙන්ට ආර්යාව සමඟ කරු හමුවෙන්න මහ රෑට රෑට යති

  • සෙල්ලම්ද? සෙල්ලම්..? චාලී ඔස්ටින්ගේ ක්‍රිකට් මගඩියේ අලුත්ම සෙල්ලම.. අසංක, විල් කුයීන්, සංගා සහ මහේලගේ බිස්නස් ඩීල්..

    සෙල්ලම්ද? සෙල්ලම්..? චාලී ඔස්ටින්ගේ ක්‍රිකට් මගඩියේ අලුත්ම සෙල්ලම.. අසංක, විල් කුයීන්, සංගා සහ මහේලගේ බිස්නස් ඩීල්..

    ක්‍රිකට් සහ මුදල් අතර තියෙන්නේ හරි අපූර්ව සෙල්ලමක්…මේ සෙල්ලම ලෙල්ලම් වන අවස්ථාව ද ඕනැතරම් දකින්න තියෙනවා. ක්‍රිකට් ක්‍රිඩාකයන්ට හිමි වන සල්ලී එක්ක කරලියට එන කථාව තමයි පූද්ගලික කළමනාකරුවන්.

    විටින් විට මේ කළමනාකරු ගේ අදුරු සෙවනැලී නිසා මෙරට ක්‍රිකට් වන ඉදිරියේ නම් තියෙන්නේ කලු පැල්ලම්. ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය පවා වරේක පවසා සිටියේ පුද්ගලික කළමනාකරුන්ගේ සේවය පිලිනොගන්නා බවයි.

    කෙසේවෙතත් ක්‍රිඩයන්ට හිමිවන මුදලින් 10% මුදලට කැදරව මෙවර ක්‍රිකට් වලපල්ලට යවන ගමන් තමන්ගේ ක්‍රිඩායන් කණ්ඩායම ඇතුලට රින්ගවා ගැනිමයි මේ අයගේ එකම උත්සහය.

    එහිදි කණ්ඩායම තුල තමන්ගේ ක්‍රිඩකයන් පිරිස වැඩි කරගනිමින් බල අල්ලන්නට උත්සහ කරන්නේ සෙසු කළමනාකරුගේ ක්‍රිඩායන්ට ද බලපෑම් එල්ල කරමින්.එ අතරින් ප්‍රමුඛ කළමනාකරුන් ලෙස සැලකෙන චාලී ඔස්ටින් ඇතුලු ඔහුට ගැතිකම් කරන පිරිසයි.

    දැන් චාලී ඔස්ටින්, අසන්ක විජේවර්ධන සහ විල් කුයින් උපයෝගි කරමින් මේ වැඩේ රිසිසේ කරගෙන යන අතර ඉන් ලැබෙන ලාභය මේ අය අතරේ බෙදා ගැනීමයි සිදුවන්නේ. චාලීගේ නම එවිට කරලියට නොපැමිණන අතර ඔහු කරන්නේ බලලුන් ලබා කොස් ඇට භාගැනීමයි.

    Field power sports ආයතනය හරහා මේ වැඩේ කරගෙන යන අතර එහි ලිපිනය ලෙස දක්වා ඇත්තේ No 228, Kew Road, Richmond, Surrey. TW9 3JX ලෙස එංගලන්තයේ ලිපියක්.

    නමුත් මෙම ආයතනයේ ක්‍රිඩාකයන් පුහුණු කිරිම සදහා පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනබවට සදහන් කර තිබුනද එහි ඇත්තේ පුද්ගලික නිවසකි. එම නිවස අමරිකානු ව්‍යාපාරිකයකුට අයත් එකක්.

    එමෙන්ම මෙම ආයතනය මගින් දැනට ශ්‍රිලංකා ක්‍රිඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වෑන්ඩසේ, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු ,ශම්මු අශාන්,භානුක රාජපක්ෂ සහ පැතුම් නිශ්ශංකනට කළමනාකරු සපයනු ලබයි. ඊට අමතරව චාලි ඔස්ටින් තවත් ශ්‍රිලංකා ප්‍රමුඛ පෙලේ ක්‍රිඩකයන්ගේ කළමනාකරු ලෙස කටයුතු කරන අතර මෙ අනුව ශ්‍රිලංකා කණ්ඩායමේ සිටින බහුතරයක් දෙනා මොහුන්ගේ බිල්ලට ගොදුරු වී හමාරයි.

    පසුගිය ලෝක කුසලානයට ද එක්වූ තුන් ඉරියව්ව ක්‍රිඩකයකුගේ ද කළමනාකරු ලෙස චාලි ඕස්ටින්ට අයත් ඔස්ටින් management කටයුතු කල අතර මේ ක්‍රිඩකයා ගෙවුණු වසරේදී දකුණු අප්‍රිකාවේ දි පැවැති T20 තරගාවලියකට ද එක්වූනා.

    එම තරගාවලියේ ගිවිසුමට ක්‍රිඩකයාගේ අත්සන වෙනුවට වෙනත් අත්සනක් යොදන්නට කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ. ඊට මුල්වී ඇත්තේ චාලි ඔස්ටින් සහ විල් කූයින්.

    තවද ක්‍රිඩකයන්ගේ මුදල් වලට කෑදර වී ක්‍රිඩකයන් බිලී බා ගන්නට උත්සහ කරන්නේ අද ඊයේ සිට නොවේ නමුත් ක්‍රිකට් ආයතනයට ද බලපෑම් කරන්න්ට ඇතැම් කළමනාකරු කටයුතු කරන අතර ඔවුන් ඒ සදහා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයන් භාවිත කරනවා.

    එහිදි ක්‍රිකට් ආයතනය Email යොමු කරන්නට මෙ හිටපූ ක්‍රිඩකයන්ගේ Email යොදා ගන්නා බවටයී ක්‍රිකට් ආරංචි මාර්ග මගින් වාර්තා වන්නේ. මහේල ජයවර්ධන සහ කුමාර් සංගාක්කාර පවත්වාගෙන යන ව්‍යාපාර හී එක් පාර්ශවකරුවකු ලෙස අසංක විජේවර්ධන කටයුතු කරන බව ද වාර්තා වනවා.

    නමුත් අසංක පසුගියදා එක්තරා web අඩවියක් හරහා ඔහුගෙ නිර්දෝෂිභාවය ගෙන ප්‍රකාශ ද නිකුත් කර තිබුනා. පුලුල් හොරා කරේන් දැනේ යන්න අපට සිහි කරමින් චෝදනාවන් එල්ල වන්නටත් මත්තේ නිර්දෝෂිභාව ගැන ප්‍රකාශන් නිකුත් කිරිම ප්‍රශ්නාර්ථයක් ?…..

    අපට කියන්නට ඇත්තේ ඉඩෝරයට පොද වැස්සක් සේ ක්‍රිඩකයන් ජය ගෙන්න එද්දී එයින් තම මඩිය තර කරගන්නා කළමනාකරුගේ කාර්යභාරය ගැන විදිමත් වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිම දැන් කාලය උදාවී ඇත.

  • සජිත් කල්ලියටම බාර් ලයිෂන්! පළමු වාසනාවන්තයන් – හේෂා , අප්පුහාමි , නිරෝෂන් !!

    සජිත් කල්ලියටම බාර් ලයිෂන්! පළමු වාසනාවන්තයන් – හේෂා , අප්පුහාමි , නිරෝෂන් !!

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය බිහිකිරීම අල කරමින් මිනීමෝර පවුල් පාලනයක් වෙනුවෙන් රටම මරු කටට ඇදලා දාන තුරු නින්දක් නැතුව සිටින සජිත් කල්ලියේ නියම ස්වභාවය මේ වන විට හෙළිදරව් වෙමින් තිබෙනවා.

    ඊයේ දිනයේ (27) පැවැත්වූ කැබිනට් හමුව උනුසුම් කලේ ඒ සජිත්ගේ කුහක කල්ලියේ නියම ස්වභාවය නැවතත් තහවුරු කරමින්.

    ඒ තමයි”සජිත් කල්ලියට එක්වන සෑම එජාප පසුපෙළ මන්ත්‍රීවරයකුටම බාර් ලයිෂන් දීමේ වැඩ පිළිවෙළ”.

    සජිත් කල්ලියේ පිරිස වැඩිකර ගැනීමට යොදා ගෙන තිබෙන අලුත් අල්ලස් දීමේ ක්‍රමය තමයි ඒ.

    යහපාලන ආණ්ඩුවට නිගාදෙන මේ තකතීරු වැඩේ කැබිනට් එකේදී ඇදලා ගත්තේ රවී කරුණානායක. ඒ නිකං නෙවෙයි. සජිත් කල්ලිය මේ වෙනකොට ඩීල් දාගෙන ඉන්න මෛත්‍රීපාල ජනාධිපතිගේ මූනටම ප්‍රශ්නය ඇදලා දාමින්.

    “වැඩ සිද්ධ වෙන්නේ මේ විදිහට නම් ඔබතුමා ආරම්භ කරලා තියන මතින් තොර ශ්‍රී ලංකා වැඩපිළිවෙළට මොකද වෙන්නේ ? කාටද පුලුවන් මේවා අනුමත කරන්න”

    වක්කඩ ඇරියාම වගේ රාජිත දුන්න දීමට රිදුනේ සුරාබදු දෙපාර්තමේන්තුව විෂය භාර මුදල් ඇමැති මංගල ට. ඒ වගේම ඇමතිවරුන් කිහිපදෙනකුම මේ කුජීත වැඩේ විවේචනය කරන්න ගත්තා.

    මංගලගෙන් ජනාධිපති මෛත්‍රීපාලත් ඒ ගැන ඇහුවා.ඒකට උත්තර දෙමින් මංගල කිව්වෙ “කිහිපදෙනකු ඉල්ලා තියනවා. ඒත් තවම දෙන්න අවසන් තීන්දුවක් අරගෙන නෑ ” කියලා.

    කොහොම උනත් දිගටම ඇමතිවරුන් මේ ගැන විවේචනය කළා. කැබිනට් එක එකම කාලගෝට්ටියකින් ඉවර වුනා. කැබිනට් එක කාලගෝට්ටියකින් ඉවරයි කියලා මඩකිං අනාවරණය ඉවර වෙන්නේ නෑ. වෙබ් සයිට් කිහිපයක් බැරි බැරි ගාණේ මේ නිව්ස් එක ගැහුවට ඒවායේ වැඩි විස්තර මොකුත් නෑ.

    දැනට සූදානම් කරලා තියන ආකාරයට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් තුන් දෙනෙකුට බාර් ලයිෂන් දෙන්න නියමිතයි. ඒ මන්ත්‍රීවරුන් තුන්දෙනා වෙන්නේ හේෂා විතානගේ , හෙක්ටර් අප්පුහාමි සහ නිරෝෂන් පෙරේරා.

    සජිත්ගේ කල්ලියට මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට මේ බාර් ලයිෂන් අල්ලස දීමේ යෝජනාව මලික්ගේ. “ඊලඟ මහ මැතිවරණය සඳහා සල්ලි ඕන නේද ? යන්න මතක් කළොත් ඒකට බාර් ලයිෂන් දෙන්න සූදානම් කිව්වොත් වැඩේ ගොඩ ” කියලා තමයි මලික් මේ යෝජනාව දෙන්නේ.

    ඒ වගේම සජිත් කල්ලියේ උපදේශකයන් ඒ යෝජනාව ඉහළින් අනුමත කරලා තියෙනවා. මුල් අවස්ථාවේ හේෂා විතානගේ , හෙක්ටර් අප්පුහාමි , නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරුන් ට දීලා ඉතුරුවා සජිත් ජනාධිපති අපේක්ෂකත්වය ගත්තාම දෙන්න තමයි සැලසුම. ඒ වෙනකල් එජාප මන්ත්‍රීවරුන් සජිත් ජනාධිපති අපේක්ෂකයා කිරීමේ සටන එළිපිට කරන්න ඕන. අන්න ඒකයි සජිත් කල්ලිය මන්ත්‍රීවරුන්ට දාපු කොන්දේසිය.

    මේ යෝජනාව මුලින්ම ලැබුන නිසා තමයි හේෂා විතානගේ මහ සද්දෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරන්න ඕන කියලා මුලින්ම මාධ්‍ය හමුව තියෙන්නේ. ඒ වගේම චමින්ද විජේසිරිවත් ළඟට ගන්නේ.

    දැන් පැහැදිලියි නේද ? සජිත් ඕන , සජිත් නැතුව බෑ, එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් බහුතරය ඉල්ලන්නේ සජිත් කියන සටන් පාඨ වල තියන රහස.

    හේෂා විතානගේ මහ පොරක් වගේ පහුගියදා අධීක්ෂණ මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුනේ මේ රස ඉල්ලම ඔඩොක්කුවට වැටෙන නිසා.

    මේ තමයි අපි දිගින් දිගටම හෙළිදරව් කරපු සත්‍යය.

    සජිත් ප්‍රේමදාස කියන්නේ ආයෙත් ඉස්කෝලේ යවලා උගන්වන්න ඕන අකලට වයසට ගිය හාදයෙක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ බව ඔප්පු කරන්න සජිත්ගේ එක කතාවක් හොඳටම ඇති. සජිත් ඕන කියලා ඇවිත් වැල්ලේ ජරා කරන සෙට් එකම ඒ ඇත්ත දන්නවා.

    දැන් එතකොට කිසිම නූතන දියුණු දැක්මක් නැති කට ඇරියොත් යම් හෝ දැනුවත්කමක් ඇති ඕන කෙනෙකුට අප්‍රිය හිතෙන , සජිත් වගේ මිනිහෙක් ජනාධිපති අපේක්ෂකයා කරන්න මැරීගෙන කට්ට කන්නෙ මොකටද කියන ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් තියනවා.

    මේ සේරම පිටුපස තියෙන්නේ පෞද්ගලික ලාභ අපේක්ෂා. එහෙමත් නැත්නම් සජිත් වටා ඉන්න කල්ලියේ අගමැති සිහින , ඇමැති සිහින නිසා තමයි මේ සේරම විජ්ජා .

    දැනටමත් මුන් සජිත්ව ඕන කියන්න බාර් ලයිෂන් අරගෙන අවසන්. දැන් එතකොට ,

    • එජාප නායකත්වය සජිත්ට දෙන්න ඕන මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට බාර් ලයිෂන් ලැබෙන නිසා.
    • සජිත් ජනාධිපති අපේක්ෂකයා කරන්න ඕන මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට බාර් ලයිෂන් ලැබෙන නිසා.
    • එජාප ප්‍රමුඛ සන්ධානය අල කරන්න ඕන මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට බාර් ලයිෂන් ලැබෙන නිසා.
    • එජාප නායකත්වය දැඩි විවේචනයක් ලබන්නේ , පක්ෂය රැකගෙන ආණ්ඩුවක් හදන්න වෙහෙසෙන පක්ෂයේ ජේෂ්ඨයින්ට කුඩු වෙන්න මඩ වදින්නේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට බාර් ලයිෂන් ලැබෙන නිසා.

    දැන් එජාප පාක්ෂිකයන් වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය , මානව හිමිකම් , ලිබරල් නිදහස අනුමත කරන රාජපක්ෂ පවුල් වාදය සහ මිනීමෝර පාලනයක් ප්‍රතික්ෂේප කරන ජනතාවට හිතන්න දෙයක් තියනවා .

    ඒ තමයි කැහිගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ අපි මොකටද මෛත්‍රීපාල යවලා සජිත් ගේන්නේ යන කරුණ ගැන අවංකව සිතීම.

    උපුටනය: මඩ කිං

  • නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජනපතිගේ වෙන්න ට බෑනා ද..?

    නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජනපතිගේ වෙන්න ට බෑනා ද..?

    ශ්‍රී ලංකාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ.

    ඒ මහතා ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

    කැඩෙට් නිලධාරියෙකු ලෙස 1984 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුනු ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත්වීමට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කර ඇත.

    ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර නව හමුදාපති මේජල් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපතිවරයාගේ බෑනා කෙනෙකු වීමට යන බවට වන කට කතාවක්ද සමාජජාල මාධ්‍ය ඔස්සේ කලක සිට සංසරණය වෙමින් පවතී.

  • ගිලෙන්න ගිය විදේශිකයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගත් අපේ වීරයෝ

    ගිලෙන්න ගිය විදේශිකයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගත් අපේ වීරයෝ

    නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) විසින් ඊයේ (12) දෙවුන්දර, තලල්ල මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

    විනෝද චාරිකාවක් සඳහා පැමිණි සිටි ‍විදේශිය ජාතිකයින් පිරිසක් දෙවුන්දර, තලල්ල මුහුදේ දිය නාමින් සිටියදී එම පිරිස අතර සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සැඩ පහරට හසුවී දියේ ගසාගෙන ගොස් ඇත.

    එහිදී දෙවුන්දර දෙවාලයේ මංගල්‍යට සහභාගිවන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදවා සිටි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය විසින් කඩිනමින් ක්‍රියාත්මකවී එම පුද්ගලයින් නිරුපද්‍රිත ලෙස බේරා ගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

    මෙසේ ‍බේරා ගනු ලැබු පුද්ගලයින් වයස අවුරුදු 28 සහ 47 වන වියෙහි පසුවන රුසියානු ජාතික පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.

    එමෙන්ම, දිවයින වටා වූ වෙරළ තීරය සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් හා ගංඟාවල සුන්දරත්වය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදා ජිවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවිමට කටයුතු යොදා ඇති අතර, ඒ අනුව සංචාරකයින්ගේ ජිවිතාරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.

  • එදා තග්ලගෙන් ගණන් පිට තඟ දැමූ ගණන් සර් අද මාධ්‍ය ඉදිරියේ සමීකරණ විසඳු හැටි

    එදා තග්ලගෙන් ගණන් පිට තඟ දැමූ ගණන් සර් අද මාධ්‍ය ඉදිරියේ සමීකරණ විසඳු හැටි

    කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට තමන් වැරදියැයි පිළිගන්නා බව ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ප්‍රකාශ කරයි.

    අද (05) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ ගුරුවරයා ඇතුළු 8 දෙනාට ඇප ලබා දීමට තීරණය කළ අතර එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ අදාළ සිදුවීම අහඹු සිදුවීමක් බවත් මාධ්‍ය විසින් ඒ සඳහා වැඩි ප්‍රචාරණයක් ලබා දුන් බවයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඔහුට විවිධ පාර්ශව විසින් ඉල්ලීම් සිදු කළ බවත් කෙසේ වෙතත් තමන්ට ඒ සඳහා බලාපොරොත්තුවක් නොතිබු බවත් ඔහු ප්‍රකාශ කළේය. දැනට ඒ පිළිබඳ තමන්ට සූදානමක් නැති බවත් ඉදිරියේ දී එවන් අදහසක් ඇතිවේදැයි කිව නොහැකි බවත් ඔහු පැවසීය.

    තමන් ජාත්‍යන්තර දේශන පවත්වන අයෙකු බවත් දෙස් විදෙස් උපාධි හදාරා ඇති බවත් පැවසූ ඔහු තම දේශන සඳහා මෙම සිදුවීමෙන් බාධාවක් එල්ල නොවන බවත් කියා සිටියේය. තමන්ට ඇතිවිය හැකි තර්ජන සඳහා තම ගෝලයන් ලෙස පිරිසක් සිටි බවත් එම පිරිස ප්‍රභූ ආරක්ෂකයින් ලෙස හැඳින්විය නොහැකි බවත් අදාළ දේශකයා කියා සිටියේය.

    මෙම සැකකරුවන් පසුගිය මස 29 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා යළි රක්ෂිත බන්ධනගාරගත කරනු ලැබීය. කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ගණිත ආචාර්ය දිනේෂ් අමරතුංග ඇතුළු 8දෙනා පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

    පසුගියදා කොළඹ – නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථයකින් සහ ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණි පිරිසක් විසින් වෑන් රථයක් නවතා එම රථයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.