Category: සුපිරි Talks & Jokes

  • අගමැති රනිල් යටතේ ඉන්න බෑ කියපු ශ්‍රිලනිප මන්ත්‍රීලා මෙන්න…

    අගමැති රනිල් යටතේ ඉන්න බෑ කියපු ශ්‍රිලනිප මන්ත්‍රීලා මෙන්න…

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තවදුරටත් කටයුතු කළ නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ලිපියක් අත්සන් කර ජනාධිපතිවරයාට භාරදී ඇතැයි දේශපාලන ආරංචි පවසයි.

    අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව සඳහා ද එක්සත් ජාතික පක‍්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ අත්සන් කරනු ඇති බව වාර්තා වේ.

    එක්සත් ජාතික පක‍්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකර එහෙත් ඒ පිළිබඳ ඡන්ද විමසීමකදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට එකඟ වී ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

    ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමේ සිටින මන්ත්‍රීවරුන් 42 ගෙන් 35 දෙනෙකු ද මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමට සූදානමින් සිටින බව දැනගන්නට ලැබේ.

    දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, විජිත් විජිතමුණි ද සොයිසා, ආචාර්ය සරත් අමුණුගම ඇතුලූ අමාත්‍යවරුන් 07 දෙනෙකු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට අපේක්ෂාවෙන් සිටී.

  • පරාජය ඉවසා ගත නොහැකිව බංග්ලාදේශ ප්‍රේක්ෂකයින් රූපවාහිනි පොලොවේ ගැසූ හැටි මෙන්න..

    පරාජය ඉවසා ගත නොහැකිව බංග්ලාදේශ ප්‍රේක්ෂකයින් රූපවාහිනි පොලොවේ ගැසූ හැටි මෙන්න..

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (18 වැනිදා) පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් විය.

    තරගයේ අවසන් පන්දුවට හයේ පහරක් ගැසූ දිනේෂ් කාර්තික් ශ්‍රී ලංකාවේ නිදහස සැමරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති විස්සයි-20 තරගාවලියේ කුසලානය ඉන්දියාවට දිනා දුන්නේය.

    බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 166 යි.
    ඉන්දියාව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 168 යි

    තරගය දෙපිලටම දෝලනය වූ අතර අවසානයේදී බංග්ලාදේශය කරා තරගයේ ජය පැමිණියත් අවසාන පන්දු ඕවර 2 ක තුල පිටියට පැමිණි දිනේෂ් කාර්තික් තරගය මුළුමනින්ම වෙනස් කලේ සියල්ලන් පුදුම කරවමින්ය.

    තම කණ්ඩායම ලද පාරජයත් සමග බංග්ලාදේශ ක්‍රීඩා ලෝලීන්ට එය ඉවසා දරා ගැනීමට නොහැකි වී තිබෙනවා.ලැබූ පරාජයත් සමග ඇතැම් ක්‍රීඩා ලෝලීන් ඔවුන්ගේ ටීවී යන්ත්‍ර පොලවේ ගසා කුඩු කරන අකාරය දැක්වෙන වීඩියෝවක් පහතින්

  • ක්‍රිකට් ගැන මල පොතේ අකුරක්වත් නොදත් විමල් කියන රට්ටු හිනස්සන කතාව මෙන්න…

    ක්‍රිකට් ගැන මල පොතේ අකුරක්වත් නොදත් විමල් කියන රට්ටු හිනස්සන කතාව මෙන්න…

    ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති නිදහස් කුසලාන අවසන් තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන් ඉන්දීය පිල වෙනුවෙන් ජය පැන් පෙවීම සම්බන්ධයෙන් විමල් වීරවංශ දරන්නේ විවේචනාත්මක අදහසකි.

    බංග්ලාදේශ කණ්ඩායමේ කිහිප දෙනෙකු නොමනා ලෙස කටයුතු කලත් එටත් ලෙස ඔවුන් ශ‍්‍රි ලංකාවට දේශපාලන හෝ ආර්ථික මැදිහත්වීම් නොකරන බව ඔහු පෙන්වා දෙයි.

    https://www.facebook.com/supirigossip1/videos/1626762197359380/

  • ජාත්‍යන්තර ශ්‍රී ලාංකිකයින්ගේ ජාලය ජනපති මෛත්‍රීට ලියු ලිපියේ ඇතුලාන්තය මෙන්න…!

    ජාත්‍යන්තර ශ්‍රී ලාංකිකයින්ගේ ජාලය ජනපති මෛත්‍රීට ලියු ලිපියේ ඇතුලාන්තය මෙන්න…!

    මර්දනකාරි රාජපක්ෂ රෙජිමය පරාද කොට යහපාලන රජය බලයට ගෙන ආවේ තවත් මර්දනකාරි රජය දැකීමට නොවන බවත් වර්ථමාන ආණ්ඩුවේ ජනතා විරෝධී සහ මර්දනකාරී ක්‍රියාවන් එකහෙළා හෙලා දකින බවත් විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය සඳහන් කරනවා.

    එම සංවිධානය වෙනුවෙන් එහි ක්‍රියාකාරි කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම යනු හුදෙක් මූල්ය ආධාර ලබාදීම නොව අදාළ මානව හිමිකම් කෙළෙසීම් එල්ල කළ සහ ඒවාට මගපෙන්වූ එමෙන්ම ඒවා උසිගැන්වූ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒම බවයි.

    එම නිවේදනය පහතින්,

    මාධ්‍ය නිවේදනය / ස්ටුට්ග්‍රාඩ්, ජර්මනිය. 18 මාර්තු 2018.

    වර්ගවාදී ප්‍රහාරයන්හි වින්දිතයන්ට සංක්‍රමණීය යුක්තිය ඉටුකරනු!

    ශ්‍රී ලංකාවෙහි මෑත සිදුවූ මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්හි වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම යනු හුදෙක් මූල්‍ය ආධාර ලබාදීම නොව අදාළ මානව හිමිකම් කෙළෙසීම් එල්ල කළ සහ ඒවාට මගපෙන්වූ එමෙන්ම ඒවා උසිගැන්වූ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමයි.

    එවැනි ප්‍රහාරයන් නැවත එල්ලවීම වැළැක්විය හැක්කේ එවැනි සමස්ත ක්‍රියාමාර්ගයකින් පමණක් බවද ජාත්‍යන්තර ශ්‍රී ලාංකික ජාලය අවධාරණය කරයි. එවැනි ක්‍රියාමාර්ගයක් යනු මෙකී ප්‍රහාරයන් අරභයා ද සංක්‍රමණීය යුක්ති වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමයි. එවැනි සමස්ත ක්‍රියාවළියක් දියත් කරන ලෙස අන්තර්ජාතික ශ්‍රී ලාංකික ජාලය ආණ්ඩුවට බල කරයි.

    ඉතිහාසය පුරාම මානව හිමිකම් කෙළසීම්වලට ලක් වූ සියළුම ජනවර්ගයන්ට අයත් වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා ශ්‍රී ලංකා ආණ්ඩුව දක්වා ඇති අසමත්කම සම්බන්දයෙන් අන්තර් ජාතික ශ්‍රී ලංකික ජාලය සිය අවධානය යොමුකරයි. ඒ අතර වඩාම කැපි පෙනෙන්නේ සිංහල -බෞද්ධ ස්වෝත්තමවාදීන්ගෙන් ප්‍රහාරයන්ට ලක්වූ සුළුතර ජනකොටස් වලට යුක්තිය ඉටුකිරීමෙහිලා ශ්‍රී ලංකා ආණ්ඩු සහ එහි යුක්ති පසිදලීමේ යාන්ත්‍රණයන් දක්වා ඇති විශමාකාර සහ මන්දගාමී ස්වභාවයයි.

    තවද ජනාධිපති සිරිසේනගේ මෑත කාලීන දේශපලන භාවිතය මෙරට සුළුතර ජනයාට එරෙහි වෛරය වැපිරීම් සධාරණ කරන බවද ජාත්‍යන්තර ශ්‍රී ලාංකික ජාලය සටහන් කරයි. ඊට උදාහරණ නම් පසුගිය කාලය පුරාම ලංකාවේ සුළුතර ජන කණ්ඩායම් ඉලක්ක කරගනිමින් වෛරී ක්‍රියාවලට මූලිකත්වය ගත්තාවූ ගලබඩඅත්තේ ඥානසාර වැනි අන්තවාදී භීක්ෂූන්ද, පසුගිය කාලයපුරාම ජාතිවාදය සිය දේශපාලනය කරගත් පියසිරි විජේනායක වැනි අන්තවාදී දේශපාලඥයන්ද ජනාධිපති සිරිසේනගේ විදෙස් සංචාරයන්හි කොටස්කරුවන් බවට පත්ව සිටීමය. එමෙන්ම බෞද්ධාගමට නිගා දෙමින් අශිෂ්ඨ සහ ජාතිවාදී හැසිරීම් වලට කුප්‍රසිද්ධියක් උසුළන අම්පිටියේ සුමන භික්ෂුව සමඟ ආලාප සල්ලාපයේ යෙදීමයි. දිගන වර්ගවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට කෙලින්ම සම්බන්ධ වූ අම්පිටියේ සුමන මෙන්ම තවත් චීවරධාරීන් ගණනාවක්ම වෙතත් ඒ කිසිවකු මේ තාක් අත්අඩංඟුවට ගෙනද නැත.

    එසේම පසුගියදා මහනුවර දිසාවෙහි මුස්ලිම් ජනයාට එරෙහිව එල්ලකල ජාතිවාදී ප්‍රහාරයන්ට සම්බන්ධ බවට ප්‍රදේශයේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයකුට මෙන්ම තවත් ආරක්ෂ අංශවලට පිරිස්වෙත සාක්ෂි සහිතව වෝදනා එල්වී තිබේ. එවැනි කිසිවකු තවම අත් අඩංඟුවට ගෙන ද නැත.කවර ජනවාර්ගයකට හො එරෙහිව වර්ගවාදී ප්‍රචණ්ඩත්වයන් දියත් කරන හෝ ඒවාට අනුබල දෙන පිරිස් තරාතිරම සහ වාර්ගිකත්වය නොසළකා නීතිය හමුවට පමුණූවන ලෙස අන්තර්ජාතික ශ්‍රී ලාංකික ජාලය බල කර සිටී.

    අන්තර් ජාතික ශ්‍රී ලාංකික ජාලය ලෙස අප මර්දනකාරී රාජපක්ෂ රිජීමය පැරදවීමට කටයුතු කළේ තවත් මර්දනකාරී පාලනයක් ගොන ඒමට නොවේ. එබැවින් වර්ථමාන ආණ්ඩුවේ ජනතා විරෝධී සහ මර්දනකාරී ක්‍රියාවන්ට අන්තර්ජාතික ශ්‍රී ලාංකික ජාලය එකහෙළා විරුද්ධ වෙයි. එමෙන්ම එම අරමුණින් ශ්‍රී ලංකාව තුළ මෙන්ම අන්තර් ජාතික වශයෙන්ද පුළුල්තම සහයෝගිතාවයක් ගොඩ නැගීමට අන්තර්ජාතික ශ්‍රී ලාංකික ජාලය කැපවෙයි.

    විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය

    ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන්

    සුනන්ද දේශප්‍රිය / පද්මි ලියනගේ / ක්‍රිශාන් රාජපක්ෂ

  • ගාල්ල බිරාන්ත කල ටොනේඩෝ වීඩියෝව මෙන්න… අද හෙට කාලගුණය දරුණු බවට අනාවැකියක්…

    ගාල්ල බිරාන්ත කල ටොනේඩෝ වීඩියෝව මෙන්න… අද හෙට කාලගුණය දරුණු බවට අනාවැකියක්…

    ගාල්ල, දොඩන්දුව ප්‍රදේශයට ආසන්න මුහුදේ  (19) විශාල ටොනේඩෝ තත්වයක් ඇතිවුනා. අප වාර්තාකරු සදහන් කර සිටියේ සවස 5:45 ට පමණ ඇතිවු මෙම ටොනේඩෝව විනාඩි 15 ක් පමණ පැවති බවයි.

    මෙම ටොනේඩෝ තත්වය ඇතිවිමත් සමග මුහුදින් විශාල ජල කඳක් ඉහලට යන ආකාරය ඔවුන් සියැසින් දැක තිබෙන අතර ප්‍රදේශයේ මද සුළං තත්වයක්ද පැවති බව ඔවුන් කියා සිටිනවා.

    අප වාර්තාකරු සදහන් කර සිටියේ මිට පෙර මෙවැනි ආකාරයේ විශාල ටොනේඩෝවක් ගාල්ල ප්‍රදේශවාසින් දැක නොමැති බවයි.

    දිවයිනට නිරිත දෙසින් පවතින වළාකුළු පද්ධතිය සක්‍රීය විම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව ධිවරයින් හට අනතුරු ඇගවිමක් නිකුත් කර සිටිනවා.

    මෙලෙස වළාකුළු පද්ධතියේ හදිසි සක්‍රීයත්වය හේතුවෙන් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් වලට ඉදිරි පැය කිහිපයේදී තද වැසි බලාපොරොත්තු වන අතර  සුළං වේගය පැයට කිලෝමිටර් 70-80 ත්  ගන්නා බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සදහන් කර සිටින්නේ.

    මෙම කාලගුණ තත්වය නිසා නොගැඹුරු හා ගැඹුරු මුහුදේ ධිවර හා නාවික කටයුතුවල යෙදි සිටින පුද්ගලයින් දැඩ් අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමණාකාරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යකෂක ප්‍රදීප් කොඩ්ප්පිලි සදහන් කර සිටිනවා.

  • විමල්ගේ කලිසම ඔලුවෙන් ගලවා රනිල් නලවන මහින්දගේ විශ්වාසභංගය යලිත් කරලියේ…

    විමල්ගේ කලිසම ඔලුවෙන් ගලවා රනිල් නලවන මහින්දගේ විශ්වාසභංගය යලිත් කරලියේ…

    විමල් විරවංශ වටා එක්වෙමින් අගමැතිවරයාට එරෙහිව ගෙන එමට හැදු විශ්වාසභංගය හමස් පෙට්ටියේ දැමු මහින්ද රනිල් ආරක්ෂා කිරිමේ විශ්වාසභංගය මෙහෙයුමක් දියත් කිරිමට කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධයේ විමල්-ගම්මන්පිල කණ්ඩායම මහින්දට චොදනා කරමින් සිටි.

    විමල් නායකත්වය දෙමින් අත්සන කරමින් තිබු රනිල්ට එරෙහි විශ්වාසභංගය වහාම ඉවත් කල මහින්ද එය තමන්ගේ නායකත්වය යටතේ තබ ගනිමින් අත්සහන් කිරිමට කටයුතු ආරම්භ කල අතර ඒ සම්බන්ධයෙන් විමල් සහ ඔහුගේ අපාය සහය මිත්‍රයා වන ගම්මන්පිල මේ වනවිට මහින්ද සහ ඒකාබද්ධයේ කිහිප දෙනෙකු සමග ගෙමක් ඉල්ලමින් සිටින බවද දැන ගන්නට තිබේ.

    විමල් සිය නිවසට කැදව ඇති මහින්ද රනිල්ට එරෙහිව විශ්වාසභංගය අත්සන් කිරිමට විමල් මැදිහත් විම සම්බන්ධයෙන් ඒකාබද්ධයේ ඇතැම් මන්ත්‍රීවරුන් සිය අකමැත්ත පලකල බවත් ඒ හේතුවෙන් විමල්-ගම්මන්පිල සටන අතහැර දමන ලෙසට නියෝග දුන් මහින්ද එම සටන් සියතට ගැනිමට කටයුතු කර තිබේ.

    මහින්ද – රනිල් හමුව..

    සාමාන්‍යයෙන් මහින්ද සහ රනිල් අතර හමුවිම් එතරම් විශේෂ හමුවිම් නොවුනත් විශ්වාසභංගය සම්බන්ධයෙන් මහින්ද සහ රනිල් අතර විශේෂ හමුවක් පසුගියිදා පැවති අතර එහිදි රනිල් තමන්ට එරෙහිව ඒකාබද්ධය ගෙන එමට යන විශ්වාසභංගය සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

    මහින්ද ගහන්න හදන ඩබල් ගේම් එක….

    රනිල්ට එරෙහිව විශ්වාසභංගය ගෙන ආවාද එය ජයග්‍රහණය කරවිමට තමන් කටයුතු නොකර බවට මේ වනවිටත් මහින්ද රනිල්ට දහ අතේ පොරොන්දු දි ඇති අතර පරාජය වන විශ්වාසභංගය හරහා මහින්ද ගහන්න හදන් අලුත්ම් ගේම් එක මේ වනවිට අනාවරණය වි තිබේ.

    මහින්දගේ විශ්වාසභංගයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ කණ්ඩායමෙන් උපරිම අත්සන් ප්‍රමාණයට ලබා ගැනිමට කටයුතු කර පසුව විශ්වාසභංගය පරාජය කිරිමට කටයුතු කිරිම හරහා යහපාලන ආණ්ඩුවේ ශ්‍රිලනිප මෛත්‍රී පිළේ මන්ත්‍රීවරුන්ට යන එන මං නැති කර දමන මහින්ද ඔහුන් සියලුම දෙනා ඒකාබද්ධයේ මහින්ද පිළට එකතු කර ගැනිම වන ඒ හරහා එක්සත් ජාතික පක්ෂයට තනී ආණ්ඩුවක් සාදා ගැනිමට අවශ්‍ය මාර්ගය සකස් කර දිමත්‍ ය.

    මහින්ද මෛත්‍රී හමුව…

    මේ අතර ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජී.එල්. පීරිස්ගේ පක්ෂය අතර මේ වනවිට පවත්වාගෙන යන සාකච්ඡා සාර්ථක වෙමින් තිබෙන බව අනාවරණය වන අතර පොහොට්ටු පක්ෂය සහ ජනාධිපතිවරයා නායකත්වය දෙන සංවිධාන අතර මූලික එකඟතා හතරක් යටතේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග දියත් කිරිමට එකඟ වී ඇත.

    පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී දෙපිරිස එක්ව කටයුතු කිරීම, මැයි දිනය ඒකාබද්ධව පැවැත්වීම, ඉදිරි පළාත් සභා මැතිවරණයට දෙපිරිස එක්ව තරඟ කිරීම සහ ඉදිරි ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකු තෝරා ඉදිරිපත් කිරීම යන කරුණුවලට එකඟව ඊට අදාළ සැළසුම් සකස් කිරීමට තීරණය කර තිබේ.

    උපුටා ගැනීම ලංකා ලීක්ස් 

     

  • පුතේ මං පළවෙනි ටෙස්ට් තරගෙ ගැහුවේ උඹ කලිසමේ ජරා කර ගන්න කාලේ – බංගලියන්ට කනේ පහරක්

    පුතේ මං පළවෙනි ටෙස්ට් තරගෙ ගැහුවේ උඹ කලිසමේ ජරා කර ගන්න කාලේ – බංගලියන්ට කනේ පහරක්

    “ක්‍රීඩාව යනු ඇදහිය යුතු ධර්මතාවක් මිස, පැළඳිය යුතු පදක්කමක් නොවේ…’ කියා ප්‍රකට කියමනක් තිබේ. ක්‍රීඩාව යනු, ජය, පරාජය, සතුට, කඳුළ මුසු වූ සුන්දර අත්දැකීමකි.

    ඉවසීම, කැපවීම, අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය, චිත්ත ධෙර්යය කැටි වූ සාර්ථක පුද්ගලයෙක් නිර්මාණය කරන්නට ක්‍රීඩාවෙන් ලැබෙන අනුබලය අතිවිශාලය. එකිනෙකා කෙරෙහි වියරුව යුද වදින දෙරටක් පවා ක්‍රීඩාවේ නාමයෙන් එකට එක්ව ඒ සහෝදරත්වය බෙදා හදා ගනිති.

    ක්‍රීඩා කරන්නේ දිනන්නම නොවන බවත් වඩා වටින්නේ සහභාගීත්වය බවත් ඔප්පු කොට ලෝකයෙන් පැසසුම් ලැබූ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව තිබේ. ඒ හා සමානවම ක්‍රිකට් ලෝක කුසලානයද සමඟ තවත් කුසලාන රැසක්ම දිනූ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව තිබේ. එහෙත් ඉතා සුළු සිදුවීමක් දෙකක් හැරුණුකොට කිසිම විටෙක ශ්‍රී ලංකාව ක්‍රීඩාවේ ජීව ගුණය ‘කානු පල්ලට’ දමා ඇති ඉතිහාසයක් වාර්තා වන්නේ නැත. ශ්‍රී ලංකාවට සාපේක්ෂව, තාමත් ක්‍රිකට් ක්‍රීඩාවට ආධුනික බංගලාදේශයේ හැසිරීම වඩාත් ප්‍රාථමික මට්ටමෙහි ලා සලකන්නට සිදුවන්නේ ඔහුන්ගේ හැසිරීමෙහි ‘කැත’ පිළිකුල් සහගතව හෙළා දකින ගමන්මය.

    මේ දිනවල පැවැත්වෙන්නේ නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියයි. ඉන්දියාව හැරුණුකොට ඊට එක්ව සිටින බංගලාදේශය තරඟාවලියට එන්නේම ‘අරියාදුවක්’ පිරිමසා ගන්නට වගේමය. වසර ගණනක් පුහුණුකරු ලෙස කටයුතු කොට බින්දුවේ සිටි බංගලාදේශය ‘සැලකිය යුතු මට්ටමට’ ඔසවා තැබූ චන්දික හතුරුසිංහව ශ්‍රීලංකාවේ පුහුණුකරු ලෙස ගලවා ගැනීම සම්බන්ධව බංගලාදේශය සිටිනුයේ කිසියම් උරණ වීමකය. එකී උරණ වීම ඔවුන් පිට කරන්නේ වියරු ස්වරූපයකින්ය. උපහාසය ඉක්මවා ගිය අපහාස ස්වරූපයකුත්, සීමාව ඉක්මවා ගිය අශ්ශීල පැවැත්මකුත් ඔවුහු පිටියේත් ඉන් පිටතත් පෙන්නුම් කරමින් සිටිති.

    කණ්ඩායම මෙහෙයවන නායකයාගේ සිටම ඔවුන් ප්‍රදර්ශනය කළේ තවදුරටත් ඔවුන් ක්‍රීඩාව සම්බන්ධව පුනරුත්ථාපනය අවධියේ සිටින බවය. එය එසේනම් ඔවුනට අනුකම්පා කීරීමෙහි වරදක් නැත.

    නමුත් මෙවැනි විකාරරූපී හැසිරීම් රටා ක්‍රීඩාව රැගෙන යන මානය සම්බන්ධව ඉතාමත් ‘නරක’ පූර්වාදර්ශ සපයයි. අවසන් පූර්ව තරඟය උණුසුම් මුහුණුවරක් ගත් බව සැබවි. එහෙත් එකී උණුසුම අතර බංගලියන්ගේ හැසිරීම පෙන්නුම් කළේ නොමනා ස්වරූපයකි. විනිසුරු තීරණවලින් උරණව ටී ෂර්ට් ගලවා, අත් ලෙළවමින් පෙන්නුම් කළ හැසිරීම් රටා ‘තග්’ කණ්ඩායමක නොමනා බව විදහා පායි.

    ක්‍රීඩාවේ ජය මෙන්ම පරාජයද විඳ ගැනීමට සිදුවෙයි. ජය පරාජය උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට ක්‍රීඩාවෙන් විශාල පිටිවහලක් ලැබෙයි. ජයග්‍රහණයේදී උද්දාම වීමත්, පරාජයේදී කම්පා වීමත් සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි. ක්‍රීඩාවේදී පමණක් නොව ජීවිතයේ විවිධ අවස්ථාහිදීත් ජය පරාජය දෙකටම මුහුණ දෙන්නට අපට සිදු වේ. ඇතැම්හු පරාජය දරාගත නොහැකිව ජීවිතයෙන් සමුගනිති. ජය පරාජය දෙකම සතුටින් බාර ගැනීමට පුරුදු වූ පුද්ගලයා තමන්ට අද ලැබුණු පරාජය හෙට ජයග්‍රහණයක් කර ගනියි. ක්‍රීඩකයෝ කිසි විටෙකත් පරාජයේදී පසු නොබසිති. තමන්ට ලැබුණු පරාජයද ජයග්‍රහණයක් කර ගැනීමට උත්සාහ දරති. එහෙත් මේ ධර්මතා වෙනුවට ‘මුඩුක්කු’ පන්නයේ හැසිරීම් රටා පිටියට රැගෙන ඒමෙන් සිදුවන්නේ අගතියක් විනා සුගතියක් නොවේ.

    ජයග්‍රහණයෙන් උද්දාම වූ බංගලාදේශ් කණ්ඩායම ක්‍රීඩක විවේකාගාරයේ ‘යකා නටා’ තිබිණි. එහි වීදුරු ආවරණ කඩා බිඳ දමමින් ජයග්‍රහණයේ ‘අසිරිය සමරා තිබිණි.

    අසීමාන්තික ගැරහිලි මැද, අපහාස උපහාස මැද අනන්ත පරාජයන්ගෙන් පීඩා විඳ, එහෙත් උත්සාහය, කැපවීම මත නොනවතින ජයග්‍රහණ ලද බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් ඉතිහාසය කියැවීම බංගලිදේශය කළ යුතුම එකකි. නයි නැටුම හමාරකොට විවේකයක් ලද විගස ‘ෆයර් විත් බැබිලෝනියන්’ නැරඹුවා නම් එය බංගලිදේශයට අනාගත හිත සුව පිණිස වනවාට සැක නැත.

    වීරයන් බිහිවන්නේ තක්කඩිකම්වලින් නොව උදාරත්වයෙන් බව ඔවන් වටහාගත යුතුය.

    2001 වසරේදී ඉන්දියානු ටෙස්ට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු සංචාරයක නිරත විය. එහි අවසන් තරගය විශේෂ තරගයක් වූයේ ස්ටීව් වෝ සිය ටෙස්ට් දිවියෙන් සමු ගැනීමේ තරගය ලෙස එය නම් කිරීම නිසා මෙන්ම, තරගාවලිය 1-1ක් ලෙස සම තත්වයේ පැවතීම නිසායි. ඉන්දියාවට හිසරදයක් වෙමින් පිතිකරණයේ යෙදී සිටි ස්ටීව් වෝට, වයස අවුරුදු 16 ක දරුවකු වශයෙන් ඉන්දියානු කඩුලු රැකීමේ නිරත වූ පාර්තිව් පටෙල් මෙසේ කීවේ ඔහුව රවටන අයුරිනි.

    “ස්ටීව්, විශ්‍රාම යන්න කලින් අර ඔයා ගහන විදිහේ ලස්සන ලොකු ස්වීප් පාරක් ගහනවද?”

    එවන් චාටු කතා පිළිබඳ වසර ගණනක පළපුරුද්ද සහිත වෝ, මෙසේ ඔහුව නිරුත්තර කළේය.

    “පුතේ, ටිකක් ගරු කරලා කතා කරොත් හොඳයි. මං පළවෙනි ටෙස්ට් තරගෙ ගැහුවේ උඹ කලිසමේ ජරා කර ගන්න කාලේ.”

    අපටත් බංගලාදේශයට කියන්නට තිබෙන්නේ ඒකමය.

  • වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය හමුවේදී ‘පෙරටුගාමීන්ට’ පා පහර දෙමින් පන්නා දමයි – VIDEO

    වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය හමුවේදී ‘පෙරටුගාමීන්ට’ පා පහර දෙමින් පන්නා දමයි – VIDEO

    පසුගියදා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයට නව නිලධාරි මණ්ඩලයක් පත් කරගැනීමට කටයුතු කර තිබේ. එහිදී එතෙක් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයේ සභාපති ධුරය හෙබවූ වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා ඉන් ඉවත් කර ඇත.

    සයිටම් අහෝසි කිරීමේ සටන අවස්ථාවේ වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් දිගින් දිගටම සයිටම් සටන ඇදි ඇදී ගිය බවත් එය විසඳුමක් කරා ගමන්කරනවා වෙනුවට පටු දේශපාන න්‍යාපත්‍රයක් මත ඔහු කටයුතු කළ බවත් එහිදී දෙමව්පියන්ගෙ දැඩි දෝෂදර්ෂනයටද ලක් වී තිබේ.

    නව නිලධාරී මණ්ඩලය පත් කරගැනීමෙන් පසු එම නිලධාරී මණ්ඩලය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ දෙමාපිය හමුවක් කැඳවා ඇති අතර එම අවස්ථාවටද තමන්ව නැවත රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සභාපති ලෙස පත්කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා පැමිණ තිබේ.

    කෙසේ නමුත් එහිදී ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් උරණ වූ දෙමව්පියන් ඔහුව දැඩි සේ දෝෂදර්ශනයට ලක් කර තිබේ. ඔහු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ න්‍යාපත්‍රයට අනුව දෙමාපිය සංගමය මෙහෙයවමින් සයිටම් විරෝධී සටන විනාශ කර දැමූ බවට දෙමවුපියන් සෘජුවම ඔහුට ප්‍රකාශ කර තිබේ.

    එදින රත්නපුර දිස්ත්‍රික් දෙමාපියන් කැඳවනු ලැබූවේ සයිටම් ප්‍රශ්නය අවසන්ව නැති බැවිනුත් වෛද්‍ය සිසුන්ගේ මහ පොළ ශිෂ්‍යත්වය කපාදැමීමට එරෙහිව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත්ය.

    වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා මෙම අවස්ථාවට සහභාගී වී එදින සාකච්ඡා කඩාකපල් කරන බව පවසමින් වහාම ඉන් පිටව යන ලෙස දන්වා තිබේ.

    එහිදී දෙමව්පියන් විසින් වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතාට බැනවදින වීඩියෝපටයක්ද අප වෙත ලැබි ඇත.

  • ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදුන් මන්ත්‍රි සනත් නිශාන්ත සහ සොහොයුරා ඇතුලට…

    ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදුන් මන්ත්‍රි සනත් නිශාන්ත සහ සොහොයුරා ඇතුලට…

    පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා යන දෙදෙනාව මැයි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණ විනිසුරුවරයා අද (19) නියෝග කළා.

    ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට සහ ඔහුගේ සහෝදරයාට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර එම නඩුවේදී ඇප ලබා දීමේදී සෑම සතියකම ඉරිදා හලාවත පොලීසියට පැමිණ අත්සන් කළ යුතු බවට කොන්දේසියක් පනවා තිබුණා.

    2017අගෝස්තු මාසයේ සිට පොලීසියට පැමිණ අත්සන් නොකිරීම ඔවුන් දෙදෙනාට එල්ල වූ චෝදනාවයි.

  • ශ්‍රීලනිප හා සන්ධාන පළාත් පාලන නියෝජිත හමුවේදී ජනපති මෛත්‍රිගෙන් අමුතු කතාවක් කරලියට…

    ශ්‍රීලනිප හා සන්ධාන පළාත් පාලන නියෝජිත හමුවේදී ජනපති මෛත්‍රිගෙන් අමුතු කතාවක් කරලියට…

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මෙවර පැවති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් අතර හමුවක් (18) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවත්විණි.

    ජනාධිපතිතුමා ඇතුඑ පක්ෂ නායකයින් ඉදිරියේ පළාත් පාලන නියෝජිතයින් විසින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සදහා අවංකව සහ කැපවීමෙන් කටයුතු කරන බවට වන පක්ෂයේ ප්‍රතිඥාව ද මෙහිදී ලබා දුන්හ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ෆයිිසර් මුස්තාෆා, දුමින්ද දිසානායක යන අමාත්‍යවරු ද මෙහිදී අදහස් දැක්වූහ.

    ආණ්ඩුකාරවරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මැති ඇමතිවරු, පළාත් ප්‍රධාන අමාත්‍යවරු, දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරු ඇතුඑ මහජන නියෝජිතයින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • මයෝපති රෝගය නිසා ඔත්පලව සිටියද අධ්‍යාපනයෙන් ජීවිතය ජයගන්න වෙරදරන චාමිනිගේ කතාව මෙන්න..

    මයෝපති රෝගය නිසා ඔත්පලව සිටියද අධ්‍යාපනයෙන් ජීවිතය ජයගන්න වෙරදරන චාමිනිගේ කතාව මෙන්න..

    Chamini Rathgamage පලවෙනි වතාවට මට කතා කලේ බුකියේ මම ලියන සටහන් බලලා. ඇයට මයෝපති රෝග තත්ත්වය නිසා ඇවිද යාමේ හැකියාව අහිමි වූ තරුණියක්. 1993 වසරේ ජූලි මාසේ 10 වැනිදා උපත ලබන ඇය කුඩා කාලේ ඉදන්ම ඇවිද ගියේ යම් යම් අපහසුතා සහිතව. අවුරුදු 12 වෙද්දි ඈ රෝද පුටුවට වැටෙනවා. ආයේ ඇවිද්දවන්න බැරිවෙයි. වෛද්‍යවරු කිව්වේ එහෙම. 

    පාසල් අධ්‍යාපනය විටින් විට මඟහැරුනත් චාමිණි රත්ගම දේවපතිරාජයේ දී දක්ෂතා දක්වපු සිසුවියක්. දෑවුරුද්දක් තමන්ට වඩා බාල තමන්ගේ සොහොයුරියගේ උදව්වත්, පාසලේ අනෙකුත් සිසු සිසුවියන්ගේ උදව්වත්, ගුරුවරුන්ගේ ආශීර්වාදයත් මැද ඈ සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දෙන්නේ 2011 අවුරුද්දේ. “නංගි ඉස්කෝලේ ගේට්ටුව ගාව ඉදන් මාව වඩාගෙන පන්තියට ගියේ. හැමෝම උදව් කලා සර්. මම සාමාන්‍ය පෙල විභාගයට A සාමාර්ථ 09 ක් එක්ක පාස් වුණා. නංගිටත් A 9 ක් තිබුණා. මුළු පාසලේම එහෙම දක්ෂතාවක් පෙන්නුවේ ඒ අවුරුද්දේ අපි දෙන්නා විතරයි.”


    චාමිනී එතැන් සිට සිය මුළු ධෛර්යම යොදවන්නේ වෛද්‍යවරියක් වීමටය. උපකාරක පන්තිවල ලෑලි බංකුවේ වාඩි වී සිට නිවසට පැමිණි පසු මුළු ගතම රිදුම් දුන්නද ඈ අත්හලේ නැත. අම්මාගේ තෙල් සාත්තුවෙන් ගතේ වේදනා නිවාගත් ඈ කෙසේ හෝ උසස් පෙළට මුහුණ දුන්නාය. ඈ 2015 වසරේ දී උසස් පෙල ප්‍රතිඵල ලෙස A සාමාර්ථයක් හා C සාමාර්ථ දෙකක් සමගින් සමත් වන්නීය. වෛද්‍ය විද්‍යාලයට පිවිසීමට එය ප්‍රමාණවත් නොවූවත් ආයුර්වේදය හැදෑරීමට ඈ සුදුසුකම් ලබන්නීය.

    කොළඹ සරසවිය‍ට අනුබද්ධිත දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයට චාමිණී ප්‍රවේශ වන්නේ දහසක් බලාපොරොත්තු ඇතිවය. නමුත් ඇගේ වචනවලට අනුව සිහින දෙදරා යන්නට පටන් ගන්නේ එතැන් සිටය.“මුල ඉදලම ගොඩක් දෙනෙක්ට මාව කරදරයක් වුණා. සීනියර්ස්ලා දවසක් අපිව කැන්ටිමේ රදවගෙන දේශන ශාලාවට එන්න මිනිත්තු කීපයක් පමා වුණා කියලා මා ඇතුළු ලමයි කණ්ඩායමක් දේශන ශාලාවෙන් එලියට තල්ලු කලා. සීනියර්ස්ලා ඇවිල්ලා කෑ ගැහුවා මේ ළමයවවත් ඇතුලට ගන්න කියලා. නමුත් ඒ තීරණය ගත්ත මැඩම් කිව්වේ මෙයාට විශේෂයක් කරන්න බෑ කියලා. පාලනාධිකාරිය වුණත් මා දිහා බැලුවේ උඹ කොහොම ඕවා කරගන්න ද කියනවා වගේ හැගීමකින්. මාස 03 ක් යද්දි ඩිරෙක්ටර් කතා කරලා කෙලින්ම තාත්තට කියලා තිබුණා මෙයාව අරගෙන යන්න, මෙයාට පහසුකම් දෙන්න අපිට බෑ කියලා. මම අසනීප වුණු වෙලාවක විභාගේ පටන් ගත්තා. තාත්තා ඇවිත් ඉල්ලුවා විභාග දවස් ටිකේවත් අම්මව පොඩ්ඩක් හොස්ටල් එකේ තියන්න ඉඩ දෙන්න කියලා. ඒත් එයාලා කිව්වෙම මට විශේෂයක් කරන්න බෑ කියලා. මම විභාගෙට අමාරුවෙන් වාඩි වුණා. ඒ රාගම ඉදන් මගේ ඥාතියෙක්ගේ නිවසේ ඉදන් ඇවිල්ලා. එක දවසට ත්‍රීවීල් එකට යන්න එන්න රුපියල් 2000 ක්. ලිව්වේ එක පේපර් එකයි. ඒකටත් A මයිනස් පාස් එකක් තිබ්බා.ඒත් මට එපා වුණා සර්. එපා උනා නෙවෙයි එපා කලා. සමහර ලෙක්චරස්ලා පන්තිය මැද්දේ මාව ඉලක්ක කරගෙන කතා කිව්වා. සමහරු හිතාගෙන ඉන්නේ හැමෝටම මේවා කරන්න පුළුවන් කියලා. බලමුකෝ කරගන්න හැටි කියලා. මට ඉන්න පුළුවන් ද සර්. මම දමලා ගහලා එන්න ආවා.”

    විල්මා රුඩොල්ෆ් 1960 වසරේ ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ඇතුළුව ධාවන ඉසව් තුනක රන් පදක්කම්ලාභිනියයි. නමුත් ඈ උපත ලබන්නේ පෝලියෝ රෝගියෙකු ලෙසිනි. පාසලේ දී ඇයට හමුවන එඩ්වඩ් එස්.ටෙම්පල් නම් ගුරුවරයා විල්මාගේ දෙපා සමග නොව ධෛර්ය සමග ගනුදෙනු කිරීමේ ප්‍රතිඵලය ඈ තත්. 11 කින් මීටර් 100 තරගය අවසන් කල ලොව පලමු ක්‍රීඩිකාව බවට පත්වීමය. කරුමයට මේ ඇමරිකාව නොවේ. ඊටත් වඩා කරුමය නම්, ඒ සිදුවීමෙන් පසුව පවා ඇමරිකාව වසර 60 ක් පසුකර ඇතත්, ශ්‍රී ලංකාවේ අපි ගල් යුගයේ ජීවත් වීමය. චාමිනීලාගේ විශේෂ අවශ්‍යතා සහිත බව කරදරයක් වන්නේ එනිසා නොවේද?

    “මම මානව හිමිකම් කොමිෂන් සභාවට ලිව්වා සර්. ඒගොල්ල කැම්පස් එකේ අයව කැදෙව්වා. බලධාරීන් එතැනදිත් කියන්න උත්සාහ කලා මට මේ කෝස් එක කරන්න අමාරුයි කියලා. ආබාධිත මම කොහොමද එග්සෑම් පාස් වෙන්නේ කියලා එතැනදි ඔවුන් තර්ක කලා. ඒත් මානව හිමිකම් කොමිෂන් සභාවේ තර්කය වුණේ සරසවි ප්‍රවේශයට කලින් සියලු වෛද්‍ය වාර්තා පරීක්ෂා කර බලලා නේද මාව ඇතුලත් කර ගත්තේ කියන එක. මං වගේ අයට පහසුකම් කැම්පස් ඇතුලේ නැති නම් ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි කැම්පස් එකේ ප්‍රශ්නයක් කියලයි කොමිෂන් එක කිව්වේ. මං වගේ ලමයි කැම්පස් යන්න එපා ද සර්? අපි ආබාධිතයි කියලා මැරෙන්ඩ ද? අඩුම තරමේ මං ගැන මේ මතුවෙච්ච තත්ත්වයෙන් වත්, අනාගතේ මං වගේ දරුවෙක්ට කැම්පස් එකක් ඇතුලේ මං මුහුණ දුන්න සිදුවීම් ඇති නොවී තියෙන්න ඕනේ. සර් එක්ක මං මේ ටික කිව්වේ ඒකයි.”

    නැවතත් ආයුර්වේද ආයතනයේ උපාධිය හැදෑරීම චාමිනී ප්‍රතික්ෂේප කරන්නීය. ඇය කියන්නේ තමන්ට ඒ පරිසරයේ නැවත ගොස් ඉගෙනීම කල නොහැකි බවය. එබැවින් ඇය රුහුණු විශ්ව විද්‍යාලයේ වෙනත් පාඨමාලාවක් හැදෑරීමට ඉල්ලා ඇත. කොමිසම පසුගිය සතියේ දන්වා ඇත්තේ ඇයගේ ඉල්ලීම ඉටුවනු ඇති බවය. ඇගේ පාඨමාලාව රුහුණේ දැන් ආරම්භ වී ඇතත් ඇයට තවමත් කැදවීමක් නැත. විශේෂ අවශ්‍යතා ඇති චාමිනීට විශේෂ වේගයකින් සාධාරණය ඉටුවිය යුතු බව මගේ හැගීමය.

    ඈ සිටියේ ඇද වැටුනු තැනකය. ඒ පිලිබද නැවත නැවතත් ස්මරණය කිරීමෙන් වැලකී ඵලදායී යමක නිරත වන ලෙස මා ඇගෙන් ඉල්ලීමක් කලෙමි. දැන් ඈ ලියන්නට පටන් ගෙන තිබේ. පලමු ලියවිල්ල ඈ මට පසුගිය දිනෙක එව්වාය. මා ඇගෙන් හොද ලියන්නියකගේ ලකුණු දකිමි. ජීවිතය බදුනක් බැවින් නිරන්තරයෙන් පුරවන්නැයි මා ඉල්ලීමක් කලෙමි. හිස් කිරීමට ඇතැමුන්ට අවශ්‍ය වූ දේ තමන්ගේ දිරියෙන් පිරවීමට ඈ තව තවත් උත්සාහ කරනු ඇත. ඈ බ්ලොග් ලිවීම ආරම්භ කර තිබේ. https://believeinyourselfcr.wordpress.com/ලින්ක් එකෙන් එයට යන්නැයි ද ඇය දිරිමත් කරන්නැයි ද ඉල්ලමි. මට චාමිණී දිනෙක වේදිකාවක් මත හිදිමින් මිනිසුන් දිරිමත් කරන අයුරු දැකීමට අවශ්‍යය. ඇය වැන්නියන් සිටිය යුත්තේ එවැනි වේදිකාවන් වල බව මම තරයේ විශ්වාස කරමි.

    උපුටා ගැනීම Motivation.lk

  • ” මහසොහොන් බළකායේ කාර්යාලයේ තිබුනේ මොනවද?” අමිත්ගේ අංගනාව කියන කතාව මෙන්න .!

    ” මහසොහොන් බළකායේ කාර්යාලයේ තිබුනේ මොනවද?” අමිත්ගේ අංගනාව කියන කතාව මෙන්න .!

    මහසොහොන් බළකාය සංවිධානයේ නිර්මාතෘ අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනා පසුගියදා නැවතත් (17 වැනිදා) රක්‌ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අමිත් වීරසිංහගේ බිරිඳ මාධ්‍යයට අදහස් දක්වා සිටියා. 

    එහිදි ඇය කියා සිටියේ , 

    “මගේ මහත්තයා බෝධිසත්වයෙක්… මහත්තයා හරි ආදරෙයි මුස්ලිම් අයට.. කවදාවත් මුස්ලිම් අයට මගේ මහත්තයා වෛර කලේ නෑ..  කාර්යාලයේ තිබිලා පොලිසිය හොයාගත්තේ භුමිතෙල් බෝතල් ටිකකුයි ‍ඇද රෙදි ටිකකුයි විතරයි. මෙන්න මේවාට තමයි පොලිසිය පෙට්‍රල් බෝම්බ හොයා ගත්තා කියලා මහලොකු ප්‍රචාරයක්‌ ඇරියේ දැන් මගේ මහත්තයා රිමාන්ඩ් කළා. “

    මේ බොරුව ගැනත් මම පොලිසියට එරෙහිව මානවහිමිකම් සභාවේ පැමිණිලි කළා. ඉදිරියේදී මම නීතිඥවරුන් හරහා මේ පොලිසියේ බොරුව ගැන අධිකරණයට දැනුම් දෙන්න කටයුතු කරනවා. 

    මගේ මහත්තයා සිංහල මුස්‌ලිම් මිනිස්‌සු අවුලවන කිසි දෙයක්‌ කරලා නැහැ. සමාජ මෙහෙවරක නිරතවෙලා හිටපු කෙනෙක්‌ තමයි මගේ මහත්තයා” යනුවෙනි.

  • හිස පමණක් හමු වූ කොස් මල්ලීගේ සිරුරේ කඳ කොටස අද ගොඩ ගනී

    හිස පමණක් හමු වූ කොස් මල්ලීගේ සිරුරේ කඳ කොටස අද ගොඩ ගනී

    කොළඹ 12, කෙසෙල්වත්ත, අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී හිස කොටස හමු වූ පාතාල සාමාජික කොස් මල්ලීගේ කඳ කොටස අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද (19) ගොඩ ගැනිමට නියමිතයි.

    ඔහුගේ කඳ කොටස අගුණුකොළපැලැස්ස, මුරවැඩිහේන, ගෝඨාභයගම ප්‍රදේශයේ වෙල් යායක වළ දමා ඇති බවට ඊයේ (18) අනාවරණය කර ගනු ලැබී ය.

    කෙසෙල්වත්ත අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලී නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ හිස සොයාගනු ලැබුවේ පසුගිය 07 වැනි දා උදෑසන ය.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 05 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව අගුණකොලපැලැස්ස, ගෝඨාභයගම ප්‍රදේශයේ වළ දමා ඇති කොස් මල්ලිගේ කඳ කොටස සොයා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (18) පෙරවරුවේ එම ප්‍රදේශයට ගොස් තිබිණ.

    මීට දින කිහිපයකට පෙර පාතාල කල්ලි නායකයෙකුවන මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකුවන මොහොමඩ් රිස්ඛාන් නමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඝාතනයට ලක් වූ කොස් මල්ලී නැමැත්තා, පාතාල කල්ලි නායකයෙකු වූ සමයංගේ ගෝලයෙකු ද වේ.

  • අම්මගේ අවමගුලට ආපු මරණ දඩුවම නියමවු තාත්තා එක්ක බන්ධනාගාර බස් එකට නැගපු දුවගේ කතාව

    අම්මගේ අවමගුලට ආපු මරණ දඩුවම නියමවු තාත්තා එක්ක බන්ධනාගාර බස් එකට නැගපු දුවගේ කතාව

    ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුද්ගලයෙක් තම මිය ගිය බිරිඳගේ අවමංගල උත්සවය සඳහා රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ දියණිය ද බන්ධනාගාර බස් රථයට ගොඩ වූ සංවේදී පුවතක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

    2008 වසරේ දී අත්අඩංගුවට පත් ව ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කරන ලද පුද්ගලයෙකු මියගිය සිය බිරිඳගේ අවසන් කටයුතු සඳහා ඊයේ (18) එලෙස රැගෙනවිත් තිබේ.

    කෙසේ වෙතත් අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ ස්වාමියා නැවත බන්ධනාගාර රථයට ගොඩවන අවස්ථාවේ දී ඔහුගේ දියණිය ද එම රථයට ගොඩ වී ඇත.

    මියගිය කාන්තාවට සහ බන්ධනාගාරව සිටින පුද්ගලයාට දරුවන් දෙදෙනෙක් සිටින අතර මේ වනවිට දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඥාතීන් ඉදිරිපත් ව සිටින බව වාර්තා වේ.

  • ජනිපෙ විමල්ව සහ ජයන්තව දුටු තැන අල්ලනු… අධිකරණයෙන් වරෙන්තු

    ජනිපෙ විමල්ව සහ ජයන්තව දුටු තැන අල්ලනු… අධිකරණයෙන් වරෙන්තු

    අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යනඅයට අද(19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර රණසිංහ විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරුගේ පැමිණීම මුල් කොට 2016 පෙබරවාරි හයවන දින මහජන පීඩාවක් ඇතිවන පරිදි උද්ඝෝෂණයක් පැවැත්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අද පැවැති නඩුවකට එම සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම ඊට හේතුවී ඇත.

  • පසුගියදා විනිසුරුවන්ට බැන වැදෙමින් පිටියේ යකා නැටු බංගලියන්ට වසර දෙකක ක්‍රිකට් තහනමක්…

    පසුගියදා විනිසුරුවන්ට බැන වැදෙමින් පිටියේ යකා නැටු බංගලියන්ට වසර දෙකක ක්‍රිකට් තහනමක්…

    මහත්වරුන්ගේ ක්‍රීඩාවක්‌ද? යන්න ඉකුත් සිකුරාදා රාත්‍රියේදී සිතා බැලීමට සිදුවිය. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තීරණාත්මක විස්‌සයි විස්‌ස තරගයේ අවසන් පන්දුවාරයේදී නීතිය ක්‍රීඩකයන්ගේ අතට ගැනීමට උත්සාහ කිරීමෙන් ක්‍රිකට්‌ විනය කුඩු පට්‌ටම් වී යන අයුරු දිස්‌විය. අනතුරුව ක්‍රීඩා විවේකාගාරයද කුඩු පට්‌ටම් වී වීදුරු කැලී තැනින් තැන වැටී තිබුණේය.

    අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය දෙපසට දෝලනය විය. පන්දු තුනකදී ලකුණු 12 ක්‌ බංග්ලාදේශය ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍යව තිබුණි. අවසන් ඕවරය යෑවූ ඉසුරු උදාන පිතිකරුවාගේ හුර හිසට ආසන්නයෙන් පිට පිටම පන්දු දෙකක්‌ යෑවීමෙන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ නිපන්දුවක්‌ ඉල්ලා සිටියේය. නමුත් එය නීතිය අනුව නිපන්දුවක්‌ ලෙස සංඥා කිරීමට නොහැකිය.

    පිටිය මැද විනිසුරුවරුන් දෙදෙනා වූයේ රුචිර පල්ලියගුරු සහ රවීන්ද්‍ර විමලසිරිය. 

    කෙසේ වෙතත් ලක්‍ෂ සංඛ්‍යාවක්‌ නරඹන මෙම තරගයේදී සියුම් වැරැද්දක්‌ හෝ සැණෙකින් ලොව පුරා විකාශනය වේ. එවැනි තත්ත්වයක්‌ තිබියදී ෂකීබ් අල් හසන් සහ ඔවුන්ගේ අතිරේක ක්‍රීඩක නුරුල් හසන් ‘ගොන් පාට්‌’ දමා තරගයේ ජීවගුණය බිඳ දැමුවේය. මේ මෝඩ ක්‍රියාවට මාස කිහිපයක්‌ ඔවුන්ට ක්‍රිකට්‌ තහනම් කළද සාධාරණය.

    නමුත් එසේ කරන්නට අයි.සී.සී. නීති සකස්‌ව නැතිවීමෙන් ඔවුන්ට ලැබුණ උපරිම දඬුවම වූයේ තරග ගාස්‌තුවෙන් 25% ක දඩයක්‌ සහ විනය කැඩීම හේතුවෙන් ක්‍රීඩකයන්ට වෙන්ව ඇති ලකුණු පහෙන් ලකුණ බැගින් අඩුවීමය.

    අයි.සී.සී.ය විසින් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ජීවගුණය රැක ගැනීම සඳහා ලබාදුන් මෙම දඬුවම් නීතිය අනුව තවත් වරක්‌ එවැනි චෝදනාවකට ඔවුන් කුමන ආකාරයෙන් හෝ අගති ලකුණ අහිමි කළ ගතහොත් තරග තහනමක්‌ පැනවේ. තරග තීරකයා වූයේ ක්‍රිස්‌ බ්‍රොaඩ් මහතාය. ඔහු පවසන්නේ මෙවැන්නකි, ‘

    ඒ වගේ නරක හැසිරීමක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවේදී සිදුවෙන්න බැහැ. තරගය උණුසුම් වීම ඇත්ත. ඒ වෙලාවට ස්‌වාභාවිකව ඔය වගේ දේ ඇති වෙන්න පුළුවන්. නමුත් බංග්ලාදේශ ක්‍රීඩකයන් දෙදෙනාගේ ක්‍රියා කලාපය කොහොමටවත් අනුමත කරන්න බැහැ.’

    අතිරේක විනිසුරු සහ පිටිය මැද විනිසුරු ප්‍රශ්නයට මැදිහත් නොවූනේනම් තත්ත්වය මීට වඩා බරපතළ වන්නට තිබුණා යෑයි තරග තීරක ක්‍රිස්‌ බ්‍රොaඩ් මහතා වැඩිදුරටත් නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර තිබේ. කෝපයට පත් බංග්ලාදේශ ක්‍රීඩකයන් සිය ක්‍රීඩාගාරයේ වීදුරු කුඩු පට්‌ටම් කළ ‘චණ්‌ඩි’ ජවනිකාවක්‌ රඟපෑවේය.

    නමුත් ඒ සම්බන්ධයෙන් සී.සී.ටී.වී. කැමරා නිරීක්‍ෂණය කළ වාර්තාවක්‌ ලබාදෙන ලෙසට තරග තීරකවරයා ප්‍රේමදාස පිටියේ කළමනාකාරීත්වයට දන්වා තිබේ. නමුත් සී.සී.ටී.වී. දර්ශන අපැහැදිලි යෑයි ඔවුන් පවසා තිබේ. ශ්‍රී ලංකාවේ සී.සී.ටී.වී. දර්ශන කොහොමත් අපහැදිලිය. එබැවින් වීදුරු කුඩු කළ චණ්‌ඩින්ව සොයා ගැනීමට තවත් මෙහෙයුමක්‌ අවශ්‍යද? බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කළේය. නමුත් ඔවුන් තම ක්‍රීඩකයන් වෙනුවෙන් මීට වඩා දෙයක්‌ කරනු ඇතැයි ක්‍රිකට්‌ විචාරකයන්ද බලා සිටිති.

    දැන් වීදුරු කුඩු කළේ කවුරුන්ද යන්න සොයා ගැනීමට නොහැකිය. ඇසින් දුටු සක්‍ෂි ඇතත් ඒවා පිළිගැනීමට පරීක්‍ෂණ මෙහෙයවන්නෝ අකමැතිය. කෙසේ වෙතත් බංග්ලාදේශය අවසානයේ අපිට යළිත් පෙනය පිප්පුවේය. පොඩි පොඩි අතපසුවීම්වලින් නිදහස්‌ කුසලානය වෙනුවෙන් පිටස්‌තරයන් දෙදෙනකු තරග කරන හැටි බලා සිටීමට ශ්‍රී ලංකාවට සිදුවිය. හතුරුටත් වැදුරනාද…? අපි තවදුරටත් බලා සිටිමු.