Category: සුපිරි Talks & Jokes

  • දියතලාවේදී පිපිරුණ බෝම්බය ගෙනාවේ ඇයි? සාජන් මේජර්වරයා සියල්ල හෙළිකරයි..!

    දියතලාවේදී පිපිරුණ බෝම්බය ගෙනාවේ ඇයි? සාජන් මේජර්වරයා සියල්ල හෙළිකරයි..!

    යුධ හමුදා සහ නාවික හමුදා රණවිරුවන් පිරිසක්ද ගමන් ගත් බස් රථයක්  තුල පසුගියදා සිදුවුන පිපිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුනා.  අනතුරෙන් පසු බොම්මය රැගෙන ආ බවට සැක කල සාජන් මේජර්වරයා බරපතල ලෙස තුවාල ලැබීම නිසා ඔහුගෙන් ප්‍රශ්න කිරීම අසාර්ථක වී තිබුනා.

    කෙසේ වෙතත්  පසුගිය 28 වනදා සිද්ධියට සම්බන්ධයෙන් ඉතා දීර්ඝ ලෙස මේජර්වරයාගෙන් කල ප්‍රශ්න කිරීම් හමුවේ තොරතුරු රැසක් පොලීසිය ඉදිරියේ පාපෝච්චාරණය කර තිබුණා.

    අදාල සාජන් මේජර්වරයා සිදුකල පාපෝච්චාරණයට අනුව ඔහු  රුපියල් ලක්‍ෂ 20ක පමණ ණය බරකින් සිටීම නිසා ඇතිව තිබූ සිත්තැවුලක් හේතුවෙන් නිවෙසේ සඟවා තිබූ අත්බෝම්බය තමා රාජකාරිය කරන කහගොල්ල යුද හමුදා කඳවුරට රැගෙන විත් පුපුරුවා ගෙන සියදිවි හානිකර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

    මෙලෙස බෝම්බය බෑගයේ දමා කහගොල්ල හමුදා කඳවුරට රැගෙන එමින් සිටියදී බස් රියෙන් බැසීමට සූදානම් වන අවස්ථාවේ බසයෙන් බිමට වැටී බෝම්බය පුපුරා ගිය බවද සාජන් මේජර්වරයා පාපෝච්චාරනය කර තිබනෙවා.

    එසේම මෙම බෝම්බය 2015 වසරේදී  මුලතිව් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ.ය භාවිත කළ වාහන කිහිපයක් ගාල් කර තිබූ ස්ථානයක තිබී සොයා ගත් බවත්, පසුව බෝම්බය එම ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක සඟවා 2017 වසරේදී මාතලේ ඔහුගේ නිවෙසට රැගෙන ආ බවත් පොලීසිය ඉදිරියේ ඔහු කියා තිබෙනවා.

    නිවස ඉදිකිරීමට සහ වෑන් රථයක් ගැනීම සඳහා ඔහු විවිධ පුද්ගලයන් හට ණය වූ බවත් මේ වන විට රුපියල් ලක්‍ෂ 20ක පමණ මුදලක් එම පිරිස් වෙත ගෙවීමට ඇති බවත් ප්‍රකාශ කර ඇති ඔහු සියදිවි හානිකර ගැනීමෙන් පසු තමා එම ණය බරින් නිදහස් වන බවත්, ඔහුගේ වැටුපද සිය බිරියට ලැබෙන නිසා මෙම තීරණය ගත් බවත් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙලිකර ඇති බව සඳහන්

    තිදරු පියෙකු වන සාජන් මේජර්වරයා මේ වන විට දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂ පොලිස් ආරක්‍ෂාවක් යටතේ ප්‍රතිකාර ලබමින් සිටින අතර බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සී.ඒ. ප්‍රේමශාන්ත,බණ්ඩාරවෙල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහගේ  අධීක්‍ෂණය මත දියතලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක හරිත් හල්පිටගේ උපදෙස් හා මෙහෙයවීම මත ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

  • තුරුලට ආ දියණිය බලන්න නිවසට ගිය ජනපති මුහුණ දුන් නොසිතූ අත්දැකීම මෙන්න….

    තුරුලට ආ දියණිය බලන්න නිවසට ගිය ජනපති මුහුණ දුන් නොසිතූ අත්දැකීම මෙන්න….

    පසුගියදා කවුඩුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තුරුළට වී සුරතල් බස් දොඩමින් සිටි දිනුල්‍යා චනාදි දි්‍යණියගේ සුවදුක් විමසා බැලීම සඳහා ජනධිපතිවරයා (01) පස්වරුවේ ගොස් තිබුණා

    මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහන් රැසකට සහභාගී වූ ජනාධිපතිතුමා  ඉතා කාර්යබහුල දෛනික කාලසටහනක් අතර වෙහෙස වී සිටියද, මහත් සෙනෙහසින් යුතුව දැරිය සමග කථා බහක නිරත වන ආකාරය දකින්නට ලැබුණා. 

    දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමලා වූ දිනුල්‍යා චනාදි දැරිය බහ තෝරන වයසේ පටන් ජනාධිපතිතුමා රූපවාහිනියේ දකින හැම මොහොතකම සිනාසෙමින් සහ නොයෙකුත් දේ කියමින් එම වැඩසටහන් නරඹන බව ඇගේ දෙමව්පියන් පවසනවා.

    පසුගියදා ජනාධිපතිතුමා මැදිරිගිරිය, කවුඩුල්ල ප්‍රදේශයට පැමිණෙන බව දැන ගැනීමත් සමග ජනාධිපතිතුමා බැලීමට යමු යැයි සිය පියාට ඇවිටිලි කළ දැරිය පියා සමග එම ස්ථානයට ගිය ද වේදිකාව අසලට යාමට උත්සාහ කල අවස්තාවේදී ආරක්ෂක නිළධාරීන් විසින් එය නතර කර තිබෙනවා. නමත්  එකවර සෙනග අතරින්  දිව ආ දැරිය දුටු ජනාධිපතිතුමා විසින් එය වළක්වා එම සුරතල් දියණියට තමා වෙත ඒමට ඉඩ සළස්වා තිබෙනවා.

    එම මතකයත් සමග ඊයේ දින දිනුල්‍යා චනාදි දැරියගේ නිවසට ගොඩවැදුණු ජනාධිපතිතුමාට මෙම පුංචි දියණියගේ හමුවීම පිළිබද පළකෙරුණු පුවත් පත් වාර්තා කිහිපයක්ද  දැකගැනීමේ හැකියාව ලැබුණා.

    එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

     

     

  • අම්පාරේ පුද්ගලයාට කෑම දුන් කාසිම් හෝටලයේ සිංහල වේටර් තරුණයා කියන කතාව මෙන්න..

    අම්පාරේ පුද්ගලයාට කෑම දුන් කාසිම් හෝටලයේ සිංහල වේටර් තරුණයා කියන කතාව මෙන්න..

    මේ දිනවල සමාජයේ වඩාත් කතාබහට ලක්ව ඇති අම්පාර, කාසිම් හෝටලයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වුණා.
    ඒ හෝටල් හෝටලය තුළ සේවකයකු සමග අතිවන කතාබහක් සහ පොලිසිය සමග ඇතිවන බහින්බස් වීමකි.

    එම හෝටලයේ සේවය කරන ලද සිංහල තරුණයකුගේ යැයි පවසන වීඩියෝවක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වනවා.

    තමා හෙට්ටිගේ දිමුත් චතුරංග බවත්, කාසිම් හෝටලයේ වේටර් වරයකු ලෙස වසරක් පමණ සේවය කළ බවත් ඔහු පවසනවා.

    තමන් සිද්ධියට අදාල පුද්ගලයාය මස්හොදි රැගෙන ඒමට කුස්සියට ගොස් පැමිණි අවස්ථාවේ ඔහුගේ පිඟානෙන් කසියම් දෙයක් රැගෙන පෙන්වූ බවයි ඔහු පවසන්නේ.

    කෙසේ වෙතත් මෙම තරුණයා එම හෝටලයේ සේවය කරන ලද පුද්ගලයකුමදැයි නිල වශයෙන් තහවුරුව නැත. අදාල පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ මුහුණ අපැහැදිළිවනසේ මෙම වීඩියෝව සංස්කරණය කර ඇත.

  • අපේ එවුන් අම්පාරේ වද පෙති හොයද්දි ගෙදර කොල්ලා වද කරන බජාර් එකේ ඇපල් ගැන ඔබ දන්නවාද?

    අපේ එවුන් අම්පාරේ වද පෙති හොයද්දි ගෙදර කොල්ලා වද කරන බජාර් එකේ ඇපල් ගැන ඔබ දන්නවාද?

    වඳ පෙති, මත් පෙති, හෙරොයින් කේ ජී, අරක්කු එකී නොකී දේවල් අතර සිංහල තරුණ පරපුරේ අළුත්ම මාරයා “Tramadol Hydrochloride” නොහොත් බජාර් එකේ හැමෝම කටින් කට කතා කරන “ඇපල්” එම අති භයානක වඳ පෙත්ත වේ.

    මේ වන විට ශ්‍රීලංකාවේ පොඩි කොල්ලො (වයස අවු:16,17,18,19,20,21,22,23) අතර ශීඝ්‍රයෙන් පැතිරී යන එහෙත් කවුරුත් නොදන්නා “අන්තරායකාරී මත්ද්‍රව්‍යයක්” ලෙස ඇපල් හැඳින්වූවාට වරදක් නැත.

    මත් කරන(Narcotic-like) ඖෂධයක් ලෙස වර්ගීකරනය කර ඇති “ඇපල්” වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන්නේ අධික වේදනා නාශකයක්(severe painkiller) ලෙසටය.

    උදාහරණයක් ලෙස යුද්ධයේදී බෝම්බයකට හසුවී ශරීරයේ ඉනෙන් පහල කොටස වෙන්වූ සොල්දාදුවෙක්ගේ අධික වේදනාව නැසීම සඳහා Tramadol නිර්දේශිත මාත්‍රාවක් කඩිනමින් ලබාදෙනු ලබයි.

    එය ලබා ගැනීමෙන් සුලු වේලාවකට පසු තුවාලයට පත් සොල්දාදුවාගේ ශරීර අභ්‍යන්තරයේ Tramadol ක්‍රියාත්මක වී ඔහුගේ මුලු ශරීරයම ක්ශනික හිරි වැට්ටවීමකට පත් කරයි.

    එකී හිරි වැටීම හේතුවෙන් ඔහුට තම ශරීරයේ ඇති අධික වේදනාව නොදැනී යයි.

    “අඩෝ ඇපලක් නැද්ද?”
    “මං ඇපල් එකහමාරක් දාල ඉන්නේ…ඊයෙ මං ඇපල් 3ක් දැම්ම නිසා අද එකහමාරට වදින්නෙත් නෑ බන්”

    “අඩෝ අරූට මොකද වෙලා තියෙන්නෙ ඇස් හීනිවෙලා බෙල්ල පාත් වෙලා? –ඌ ඇපල් 5ක් දාලා ඉන්නේ බන් ඒකයි ඔය!” 

    “අඩෝ ඇපලක් දාන්නම ඕනෙ බන් නැත්තම් අද රෑට මට නින්ද යන්නෑ..මං නෙ දන්නේ ඒකෙ වේදනාවා..ඒ කොහෙන් හරි එක ඇපලක් හරි හොයාගෙන දාන්න ඕනෙ බන්..”

    “අඩෝ ඇපල් දාලා ඉන්නේ ඕන එකෙක් මරන්න පුලුවන් මටනම් දැන් කිසිම දෙයක් දැනෙන්නෙ නෑ..” 

    “අඩෝ හයියෙන් ටිකක් කොනිත්තපන්කෝ මාවා…….අඩෝ දැන්නෙන් නෑ බන් හී හී හී..”

    “මේ කේජී පාරක් නම් ඕනෙමයි ඇපල් වදින්නෑ නැත්තම්”

    “මේ ඇපල් පැක් එකක්ම පහකට ගන්න පුලුවන් ලු බන් සල්ලි දාල ගමුද?” 

    “අඩෝ 75න් නම් වදින්නෑ බන් 150න් නැද්ද?” 

    “අඩෝ කබරය යන්න වගේ එනවා…”

    එසේනම් මොහොතක් සිතන්න ඉහෙන් බහින ලෙඩක් නැති,හොඳට කන්න බොන්න දීලා හදපු සිංහල අම්මල තාත්තලගේ බොදු හෙළ පුත්‍රයෝ “ඇපල්” පෙති දහය දොලහ අහුරු පිටින් කටේ දමාගෙන ලබාගන්නා හිරිවැටීම කෙබඳු එකක් විය හැකිද?

    එය මුලුමහත් ජාතියම හිරිවැට්ටවීමට තරම් භයානකය.

    කෙතරම් භයානකද කිවහොත් පවතින තත්වය යටතේ සිංහල බෞද්ධ පොඩි පොඩි කොල්ලො දහයක් වටින් පිටින් අහුලගත්තොත් එතනින් අඩුම තුන් හතර දෙනෙක්ම “ඇපල්” අධි මාත්‍රාවෙන්(overdose) පාවිච්චි කරන උන්‍ ය.

    එයිනුත් දෙදෙනෙකු හෝ “ඇපල්” වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇත.මේවා නිල සංඛ්‍යාලේඛන නොවන මුත් නිරීක්ශණයෙන් ලද මා හට පුද්ගල සාක්ශි ඇතුව ඔප්පු කළ හැකි තොරතුරුය.

    යම් කිසි පිළිගත් ආයතනයක් මගින් මේවා ගැන නියමානූකූලව සමීක්ශනයක් කළ බැලුවහොත් එයින් ලැබෙන සංඛ්‍යා,ප්‍රස්තාර දැකීමෙන් තුන් හෙළයේ අම්මාවරුන්ට අප්පච්චිලාට ඔටෝමැටිකලි ‘හික්!’ ගෑවෙනු ඇත. “ඇපල්” කේස් එක ඒ තරමටම ටෙරිබල් ය.

    ලංකාවේ ඕනෑම පාමසියකින් හොර බෙහෙත් චිට්(cheat prescription) එකකට කුඩා ළමයෙකුට වුවද මිලදී ගත හැකි මුලු මහත් ජාතිය නොව සම්පූර්ණ ශිශ්ඨාචාරයම සදාකාලිකවම “වඳ” භාවයට පත් කල හැකි Tramadol X , Pregablin,Vallium Diazepalm,Coezipalm,Sudol වැනි නිහඬ “වඳ පෙති” වලින් රටේ අහිංසක පොඩි කොල්ලො ටික ගලවගන්න උත්සහයක නිරත වුවහොත් රටත් ජාතියත් සමයත් තව සියවස් ගණනාවකට රැකගත හැකිය.

    නැතිනම ඔබටත් මටත් සැමදෙනාටම සිදුවන්නේ නිර්වින්දනය වූ සමාජයක සදාකාලික නින්දකට යාමටය 

  • දෙවෙනි ඉනිමේ පුංචි කෙල්ල දෙව්මි කොල්ලෙක්ට ලියුමක් දෙන්න ගිහින් මාට්ටු වෙලා…

    දෙවෙනි ඉනිමේ පුංචි කෙල්ල දෙව්මි කොල්ලෙක්ට ලියුමක් දෙන්න ගිහින් මාට්ටු වෙලා…

    දෙවෙනි ඉණිමේ දෙව්මි ලෙස ඉමහත් ජනප්‍රසාදයට පත්වූ ඇය කාගේත් ආදරය දිනා ගත්ත දක්ෂ රංගන ශිල්පිණියක්.

    ඇය විසින් ජනප්‍රිය රංගන ශිල්පියෙකුට ලියූ ‍පෙම් හසුනක් ගැන සමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක් වෙනවා.

    නමුත් මේ ඇගේ සැබෑ ජීවිතයේ සිදු වූ දෙයක් නම් නෙමෙයි. මේ සිදු වීම සිදුවෙන්නේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය ජවනිකාවක් තුළයි.

    කෙහොම වුණත් මේ සිදු වීම් එක්ක නයනතාරාව සහ අවන්තගේ චරිතයට පණ පොවන ජනප්‍රිය නළු කේෂාන් ශෂීන්ද්‍රව බොහෝ දෙනා හඳුන්වන්නේ මේ දිනවල පුංච තිරයේ සිටින ආදරණීයම යුවළ ලෙසයි..

    එහි ඡායාරූප පහතින්…

  • සිංහල ජාතිය වඳ වෙනවනම් කරන්න ඕන දේවල් ගැන සමන්තබද්‍ර හිමිගෙන් ප්‍රකාශයක්..!

    සිංහල ජාතිය වඳ වෙනවනම් කරන්න ඕන දේවල් ගැන සමන්තබද්‍ර හිමිගෙන් ප්‍රකාශයක්..!

    සිංහල ජාතිය වඳ වන්නේ නම් ජෛන චින්තනයට තිත තබා සංස්කෘති සම්ප්‍රදායවල් වලට නොබැඳුණු මහා බෞද්ධ චින්‍තනයක් ගොඩනැංවිය යුතු බව අරහත් ශ්‍රී සමන්තබද්‍ර ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කර තිබේ. 

    “සිංහල ජාතිය දුර්වල වෙනවා කියලා අන්‍ය ජාතීන්ට දොස් කියලා, ඊර්ෂියා කරලා වැඩක් නෑ. සිංහල ජාතිය ශක්තිමත් කිරීමට නම් කල හැක්කේ ක්‍රම දෙකක් තුලින්. ඒ ජාතිය ඥානවන්ත කිරීම සහ ධනවත් කිරීම.

    ජාතිය ඥානවන්ත කරන්න හාමුදුරුවරු ජන්දේ ඉල්ලලා හරියන්නේ නෑ.  මිනිසුන්ට අලුත් විදිහට නිදහසේ හිතන්න පුරුදු කරන්න ඕන. හැමදාමත් ඔලිගෙඩි වල තියන් ඉන්න සාම්ප්‍රදායික චින්තනය බිමින් තියලා අලුතින් ලෝකය දකින්න පුරුදු කරන්න.

    අනිත්‍යයි අනිත්‍යයි කියලා කඬා වැටෙන්න නෙමෙයි. අනිත්‍ය නිසාම සතුටින් ලස්සනට  ඉන්න ඕන. 

    අලුතින් හිතන ජාතියයි ධනවත් වෙන්නේ. 

    එහෙම නැත්නම් මේ ජෛන සංකල්ප වලටම ගෙවිලා ගිහින් අවුරුදු 100ක් යන්න කලින් ජාතිය වඳ වෙලා යනවා”  යනුවෙන් උන් වහන්සේ දේශනා කර තිබේ. 

  • නිතිය හා සාමය ඇමතිකම දෙන්න යන කරලියට ආපු අලුත්ම චරිතය මෙන්න…

    නිතිය හා සාමය ඇමතිකම දෙන්න යන කරලියට ආපු අලුත්ම චරිතය මෙන්න…

    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, සරත් ෆොන්සේකාට ලබා දීම පිළිබඳව මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද විරෝධය පළකිරිම නිසා  එය වෙනත් කෙනෙකුට ලබා දීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි වාර්ථා වෙයි. මෙම තත්වයට හේතුව මෛත්‍රීපාල සිරිසේන හට විවිධ පාර්ශ්‍යවයන්ගෙන් එල්ලවන බලපෑම් බවද වාර්තාවේ.

    නීතිය හා සාමය අමාත්‍යංශය සරත් ෆොන්සේකා මහතාට පැවරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මහින්ද පාර්ශ්වය දැඩි සේ කලබලයට පත්ව ඇති අතර එම තීරණය කණපිට හැරවීම සඳහා ඔවුන් දැඩි උත්සාහයක් ගනිමින් සිටී. නීතිය හා සාමය අමාත්‍යංශය ෆොන්සේකා මහතාට පැවරීමට යනබව දැනගත් මොහොතේ සිට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ හිවතුන් මෙන්ම ප්‍රධාන සංඝයාවහන්සේලා ජනාධිපතිතුමාට දුරකථන ඇමතුම් මගින් සහ විවිධ පාර්ශ්‍යවයන් හරහා බලපෑම් කරමින් සිටී.
     
    මහින්ද පාර්ශ්වයේ අනෙක් තර්කය වන්නේ ෆොන්සේකා මහතා පෞද්ගලික තරහ පිරිමසා ගැනීමට කටයුතු කරනු ඇති බවයි. 2010 ජනාධිපතිවරණයෙන් පසු රාජපක්ෂ මහතා සිය ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලැබීය. මෙම තත්වය තුල මහින්ද ප්‍රමුඛ කණ්ඩායම දැඩි භීතියකට පත්ව ඇති අතර මෛත්‍රෟපාල සිරිසේන ජනාධිපතිවරයාද ගැටළුවකට මැදිවසිටී. ශ්‍රිලනිපයේ සමහර ඇමතිවරුද ජනාධිපතිවරයාට මේ සම්බන්දයෙන් කරුණු වාර්තාකර ඇති අතර මේවනතෙක් අවසන් තීරනයක් ගැනීමට ජනාධිපතිවරයාට නොහැකිවී තිබේ.

    මුලින් එජාපයේ ඇමතිවර‍යෙක් දැරූ මෙම අමාත්‍යාංශය  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා ගැනීමට උත්සහ කළද එයට එජාපය විරුද්ධවීම නිසා  වෙනත් අයෙකුට ලබා දීම සුදුසු බැවින් ඒ සඳහා රාජිත සේනාරත්න ඇමතිවරයාගේ  නම යෝජනා වී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන  නොමැති බවත් පැවසේ. 

     

  • කේලම් කියා පවුල කඩපු පන්තියේ කෙල්ලට පාඩමක් උගන්වන්න ගියපු කොල්ලට වෙච්ච දේ මෙන්න…

    කේලම් කියා පවුල කඩපු පන්තියේ කෙල්ලට පාඩමක් උගන්වන්න ගියපු කොල්ලට වෙච්ච දේ මෙන්න…

    කේළම් කියා තම ප්‍රේම සම්බන්ධය කඩා බිඳ දැමූ බව කියන තරුණියගේ හැඩ හුරුකම් ඇති වෙනත් තරුණියක්‌ දුටු 19 හැවිරිදි තරුණයකු බස්‌ රථයක්‌ තුළදී කතුරකින් ඇයගේ කොණ්‌ඩයෙන් අඟල් 19 ක කොටසක්‌ කපා දමා ඇත.

    පයාගල පොලිසිය මගින් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. නමුත් මෙසේ කොණ්‌ඩය කපා ඇත්තේ මොහු සිතා සිටි තැනැත්තියගේ නොවන බවද හෙළිවී ඇත.

    සිද්ධිය වී ඇත්තේ 28 දා දහවල් 12.30 ට පමණ පයාගල ප්‍රදේශයේදීය.

     පයාගල පොලිසියේ රථවාහන අංශයේ සැරයන්වරුන්ට උතුරු පයාගල ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටින විට කොළඹ සිට ඇල්පිටිය බලා ධාවනය වෙමින් තිබූ බස්‌ රථයක්‌ නතර කළ අතර එහි රියෑදුරු කියා සිටියේ බස්‌ රියේ සිටි 21 හැවිරිදි තරුණියකගේ කොණ්‌ඩය කතුරකින් කැපූ තරුණයකු බස්‌ රියෙන් බැස දිව ගිය බවයි.

     වහා ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහුගේ කලිසම් සාක්‌කුවක තිබී කතුරේ ප්ලාස්‌ටික්‌ කවරයද, බස්‌ රථය තුළ තිබූ අඟල් 19 ක්‌ දිගැති වරලස කොටස හා කතුරද අත්අඩංගුවට ගෙන ඇත.

     මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී මොහු පවසා ඇත්තේ තමා බළපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලකින් උසස්‌ පෙළද සමත් වූ අයෙකු බවත් තම පාසලේ සිසුවියක සමඟ ඇති කරගෙන තිබූ ප්‍රේම සම්බන්ධය බිඳී ගියේ එක්‌තරා තරුණියක පෙම්වතියගේ මවට කී කේළම් බස්‌ නිසා බවත්ය.

     මෙසේ කේළම් කී තරුණියගේ හැඩරුව පෙම්වතිය තමා සමඟ පවසා ඇති බවත් එහෙත් තමා ඇයව මින් පෙර දැක නැති බවත් ඔහු පවසා තිබේ.

     සිද්ධිය වූ 28 වැනිදා තමා ත්‍රිරෝද රියක්‌ බැලීම සඳහා මොරටුවට ගොස්‌ ආපසු එමින් සිටියදී පෙම්වතිය කී හැඩරුව සහිත තරුණියක්‌ කටුකුරුන්ද හන්දියේ සිටිනු දැක ඇයට දඬුවමක්‌ ලබාදීමට සිතා එතැනින් බැස ඒ අසල වෙළෙඳසලකින් රුපියල් 60/} කට කතුරක්‌ මිලට ගත් බවද ඔහු පවසා ඇත.

     ඉන්පසු ඇය ඇල්පිටිය බලා යන බසයට ගොඩවූ බවත් තමාද බසයට නැග ඇය සිටි අසුනට පිටුපස අසුනේ වාඩිවී සිට ඇයගේ කොණ්‌ඩය කැපූ බවත් ඔහු ප්‍රකාශ කොට තිබේ.

     මොහු මෙසේ දඬුවම් ලබාදී ඇත්තේ තමා මින් පෙර කිසිදු දිනක නොදුටු අයෙකුට බවත්, තම මනසේ ඇඳී තිබූ රුවකට සමාන රුවක්‌ ඇති අයකුට බවත් පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත. මෙම තරුණිය ඔහු සිතා සිටි තරුණිය නොවන බවද හෙළිවී තිබේ.

     මෙම සැකකරු ඊයේ (01දා) කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

  • පේජ් වල අගය බස්සපු “Explore Feed” ගැන ෆේස්බුක් සමාගමේ අවසාන තීරණය මෙන්න…!

    පේජ් වල අගය බස්සපු “Explore Feed” ගැන ෆේස්බුක් සමාගමේ අවසාන තීරණය මෙන්න…!

    පසුගිය කාලයේම ෆේස්බුක් සමාජ ජාලයේ විවිධ වූ වෙනස්කම් රැසක් සිදු වූ අතර ඒවා පේජ් ඇඩ්මින්වරුන්ට නම් සුබදායි වුනේ නෑ..විශේෂයෙන්ම එක්ස්ප්ලෝරා ෆීඩ් එක නිසා නිව්ස් ෆීඩ් හී පේජ් වල පෝස්ට් දිස්වූයේ නොමැති බැවින් පේජ්වල වටිනාකම අඩු උනා..

    කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එක් ෆීඩ් එකක් ග්‍රාහකයන්ට ප්‍රමාණවත් බවට ෆේස්බුක් සමාගම තීරණය කර ඇති බවයි.

    ෆේස්බුක් සමාජ ජාලය පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ එය මාස දෙකක දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව අදාල තීරණයට තම සමාගම එළඹුන බවයි.

    විශේෂයෙන්ම ෆේස්බුක් මිතුරු ජාලය පවුල් සහ මිතුරන්ෆේ තොරතුරු පෙන්වීමට වැඩි අවධානය යොමු කිරීමටයි එමගින් තීරණය කර තිබුනේ.

    බොලිවියාව, කාම්බෝජය, ග්වාටමාලා, ස්යිබීරියාව, ස්ලෝවැකියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල් වල මෙම වෙන වෙනම පුවත් ෆීඩ් දෙකක් පෙන්වන එක්ස්ප්ලෝරා ෆීඩ් පරීක්ෂා කර ඇත.

    ෆේස්බුක් හි ප්‍රවෘත්ති සැපයුම් ප්‍රධානී ඇඩම් මොසෙරී පැවසුවේ, සිය පරිශීලකයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර නිසා සමාගමේ පරීක්ෂණ අවසන් වීමට වඩාත් බලපෑ හේතුව බවයි සඳහන් කර සිටියේ.

    “ඔබ අපේ පිළිතුර අපට දුන්නා.මිනිසුන්ට වෙනම ආහාර දෙකක් අවශ්‍ය නැත. සමීක්ෂණවලින් පෙනී යන්නේ ඔවුන් තමන් දැක ඇති පෝස්ටර්වල අඩුවෙන් සෑහීමකට පත්වන බවත්, මිතුරන් හා පවුල සමඟ වැඩි දුරක් සම්බන්ධ කිරීම සඳහා වෙනමම ආහාර දෙකක් ඔවුන්ට උපකාර නොකළ බවත්ය.”

    ඔවුන්ගේ ප්‍රවෘත්ති සංග්‍රහවල (ෆීඩ් වල) ඔවුන්ගේ පවුලේ හා මිතුරන්ගෙන් වැඩි අන්තර්ගතයන් බැලීමට අවශ්‍ය බව පෙන්නුම් කරන පරිශීලකයන්ගෙන්ති ප්‍රතිචාර මත පදනම්ව සෙවීම් සංග්‍රහය (ෆීඩ් වල) ලෙස නම් කරන ලදී. ෆේස්බුක් පිටු වෙතින් මිනිසුන්ගේ පෞද්ගලික ෆේස්බුක් පැතිකඩක් වන සමාගම්වලට, ජනප්රියත්වයට හා වෙළඳ නාම සඳහා ප්‍රසිද්ධ පැතිකඩ පෙන්වීමයි.

    පුවත්පත් සංග්‍රහ දෙකකට බෙදා වෙන් නොකිරීමට තීරණය කිරීම මෑත වෙනස්කමක් වූ ෆේස්බුක් විසින් ඔවුන්ගේ ප්‍රවෘත්ති සංග්‍රහයේ පරිශීලකයන් පෙන්වන ආකාරයේ අන්තර්ගතයන් වෙත ය. ජනවාරියේදී ෆේස්බුක් පැවසුවේ ප්‍රධාන පුවත් ප්‍රවෘත්ති මගින් මිතුරන්ගේ  පින්තූර මෙන්ම අඩු අලෙවිකරණ අන්තර්ගතයන් සහ ප්‍රවෘත්ති ලිපි වැනි තවත් පවුල්වලට හිතකාමී පෝස්ට් පෙන්වනු ඇත.

    මෙහි ඉලක්කය වූයේ ෆේස්බුක් හි අනෙක් පුද්ගලයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා මිනිසුන්ව පොලඹවා ගැනීමට බවයි මාක් සර්ක්බර්ග් ප්‍රධාන විධායක නිලධාරිවරයා විස්තර කරන්නේ. එය “අර්ථවත් සමාජ අන්තර්ක්‍රියා” ලෙස ඔහු විස්තර කරදී ඇත.

     

  • කොළඹ රැකගත් බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන ගැන ඔත්තු දිලා ගෝඨා රණවිරුවන් පාවාදුන් හැටි මෙන්න….

    කොළඹ රැකගත් බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන ගැන ඔත්තු දිලා ගෝඨා රණවිරුවන් පාවාදුන් හැටි මෙන්න….

    “වෙනත් කරුණක් සඳහා වරක් රහස් පොලීසිය මගෙන් ප්‍රශ්ණ කල අවස්ථාවක ලසන්ත ඝාතනය සිදුවූ අවධියේ කොළඹ ප්‍රදේශයේ මෙහෙයුම් බාරව සිටි 112 බල සේනාධිපති බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන යන නිලධාරියා යටතේ සිටි හමුදා ඛන්ඩ වල ක්‍රියාවන් ගැන සොයා බලන ලෙස මම රහස් පොලීසියට පැවසුවද දේශපාලන බලපෑම් මත එය සිදු නොවූ බව පෙනීයයි.”

     

    Excusive: විමල් රහසේම රනිල් හමුවෙයි… 2020දි විමල්,නානසාර,ගම්මන්පිල,ඩිලන්ත හරහා හමන රනිල්ගේ “ගෝඨ සුළඟ”

    ගෝඨාභයට විමල්ට,ගම්මන්පිලට මෙන්ම රාජපක්ෂලාටද ෆොන්සේකා පොලිස් ඇමතිවිම නතර කර ගත යුතුය.ඒපමණක් නොව මහේන්ද්‍රන්,ඇලෝසියස් ඇතුලු බැංකු හොරු ආරක්ෂා කර ගැනිමට රනිල්ට අවශ්‍ය වි හමාරය.එසේනම් ෆොන්සේකා පොලිස් ඇමති විම වැලැක්වීමට මේ දෙපාර්ශ්වයටම අවශ්‍ය වි හමාරය.

    දැන් කතාව පැහැදිලිය…. රනිල්-ගෝඨා ඩිල් හරහා දෙදෙනා දෙදෙනාටම අවශ්‍ය දෙ කිරිමට ගේම් එක Play කරමින් සිටි.නමුත් ගෝඨා එම් නිවේදනය නිකුත් කරන්නට වු හදිසීය නිසා හත්පොලේ ගාගෙන හමාරය.

    රණවිරුවන් බිල්ලට දෙනවා යැයි අණ බෙර ගසමින් රට වටේ යන ගෝඨා,විමල්,ගම්මන්පිල,මහින්ද සහ මරාගෙන් මැරෙන සංඝ සෙට් එක ගෝඨාභය රණවිරුවන් පාවාදීම ගැන කියන්නේ කුමක්ද ?

    උපුටා ගැන්ම

    හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනය

    “වෙනත් කරුණක් සඳහා වරක් රහස් පොලීසිය මගෙන් ප්‍රශ්ණ කල අවස්ථාවක ලසන්ත ඝාතනය සිදුවූ අවධියේ කොළඹ ප්‍රදේශයේ මෙහෙයුම් බාරව සිටි 112 බල සේනාධිපති බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන යන නිලධාරියා යටතේ සිටි හමුදා ඛන්ඩ වල ක්‍රියාවන් ගැන සොයා බලන ලෙස මම රහස් පොලීසියට පැවසුවද දේශපාලන බලපෑම් මත එය සිදු නොවූ බව පෙනීයයි.”

    උපුටා ගැන්ම අවසන්….

    බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන පාවාදුන් ගෝඨා….

    බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන යනු කොටි ත්‍රස්තවාදීන් කොළඹ මරමස්ථාන ඉලක්ක කර පහරදිමට ගත් උත්සහයන් රැසක් ව්‍යාර්ථ කල අතී දක්ෂ නිළධාරියෙකි.එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකාගේ සaජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වු බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන ගෝඨාභයගේ හතුරෙකු බවට පත්වුයේ 2010 වසරේදි ෆොන්සේකා මැතිවරණයට ඉදිරිපත් විමත් සමගය.ඒ සමගම ක්‍රියාත්මක වු එවකට ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන ඉලක්ක කර දිගින් දිගටම පලිගත් අතර ඔහු විසින් මෙහෙයුම් සදහා යොදවාගත් හමුදා කණ්ඩායම රටේ නීතියට අනාවරණය කිරිමටද කටයුතු කරනු ලැබුවා.

    බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන පාවාදුන් ගෝඨාභය කුමන්ත්‍රණය බලාපොරොත්තු වන්න

    (අදාල සම්පූර්ණ කට උත්තරය අප සතුව ඇති බව ගෝඨා මෙන්ම සරණ යන එවුන්ද දැන සිටිම නුවණට හුරුය… )

    දැන් රණවිරුවන් ගැන කිබුල් කදුලු හෙලන  හැතීකර විමල්,ගම්මන්පිල,මහින්ද සහ මරාගෙන් මැරෙන සංඝ සෙට් එක මෙන්ම රෙද්ද උස්සන් ගොස් කතීරය ගහපු ජනතාව දැන් කියන්නේ කුමක්ද? ගෝඨා රණවිරුවන් පාවාදුන්නාට කමක් නෑ කියාද?

    උපුටා ගැනීම ලංකා ලීක්ස් 

  • සැමියා බව දැන දැනත් පුතාද කියා ඇසු කාන්තාවට දුලීකා හිනාවෙලා දීපු අමුතු උත්තරේ මෙන්න…

    සැමියා බව දැන දැනත් පුතාද කියා ඇසු කාන්තාවට දුලීකා හිනාවෙලා දීපු අමුතු උත්තරේ මෙන්න…

    දූලිකා මාරපන කියන්නේ කුවුරුත් දන්න අපේ රටේ ඉන්න දක්ෂ නිළියක්.පසුගිය දවසක සිද්ධ වෙච්ච වැඩක් නිසා ඇයට හුඟක් තරහා ගිහින්.මේ ඒ ගැන ඇය කියලා තිබුණු කතාව…

    ටික කාලයකට ටෙලි නාට්‍ය රංගනයෙන් ඈත් වෙන්න හේතුවක් තිබුණද?
    ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ පවත්නා වූ ක්‍රමවේදය මට එතරම් ප්‍රිය නෑ. සමහරු මේ කලාව තෝරගන්නේ කරන්න වෙන කිසිම දෙයක් නැති වුණාමයි. පාරේ යන මිනිසුන්ට වැස්සට ගොඩවෙන්න තියෙන අම්බලමක් නෙවෙයි මේ. විෂය පිළිබඳ හොඳ හැදෑරීමකින්, නිවැරැදි අවබෝධයකින් පැමිණිය යුතු ගමනක් මෙය. මට ක්‍ෂේත්‍රය ගැන කලකිරුණා. වේදිකා නාට්‍යයක් කරගෙන ඉන්න එක හොඳයි කියලා හිතලා ටික කාලයකට නාට්‍යවලින් සමුගත්තා.

    ඔබයි සුජීවයි නිර්මාණය කළ ‘සුපර්ණා’ මේ වසරේදී ප්‍රේක්‍ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයිද?
    ඔව්. දැන් යන්නේ අවසන් අදියර. මේ දිනවල එහි සංගීතය පිළිබඳ වැඩ ටිකක් කෙරෙනවා. ‘සුපර්ණා’ තුළින් අපි කතා කරන්නේ ලංකාවේ මෙතෙක් කතා නොකළ මාතෘකාවක්. අපේ රටට ආවේණික සියලු ශාකයන් අපිට අහිමි වෙමින් යනවා. පරිසරය රැක ගැනීම, අපේ රටේ සංස්කෘතික දායාද, මනුස්සකම් ආරක්‍ෂා කරගැනීම, මෙමඟින් කතා කරනවා. අද අපි කන්නේ ඇට නැති මිදි. ඇට නැති ‍ෙදාඩම්, ඇට නැති පැපොල්. ගම් මට්ටමින් අපේ දේ විනාශ කරලා. විදේශිකයෝ මේ රට ආක්‍රමණය කරලා. අපේ දේට ඉඩක් නෑ. අද අපි කන්නේ කිලෝ පේර. අල්පෝන්සු අඹ. එසේ විය යුතු ජාතියක් නෙවෙයි අපි. මේ ඛේදවාචකය ‘සුපර්ණා’ හරහා කතා කරනවා.

    ඔබ කවදත් කෙළින් කතා කරන කෙනෙක්. මේ කතාව හරහට හිටි අවස්ථාත් ඕන තරම් ඇති නේද?
    මගේ කට වැඩියි කියලා සමහරු ඒ අයගේ නිර්මාණවලට මාව නොගන්නවාත් ඇති. නමුත් එහෙම නැතිව මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න බෑ. මට ඒ විදියට ඉන්න ඉගැන්නුවේ මගේ අත්තා. (අම්මාගේ තාත්තා.) මට මතකයි මම මොන්ටිසෝරි යන කාලේ කොල්ලෙක් මට ගැහුවා. මම ගෙදර ඇවිත් හොඳටම ඇඬුවා. අත්තා මට කිව්වේ ගුටි කාලා නම් ගෙදර එන්න එපා. කවුරු හරි ගැහුවොත් ඒ කෙනාට දහ පාරක් ගහන්න කියලා. ඒ වගේම තමයි ගාමිණි ෆොන්සේකා මහත්තයා. ඔහු කිව්වෙත් ඒ දේමයි. කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන්න කිව්වා. ඒ දේ තමයි අදටත් මම පිළිපදින්නේ.

    ඔබයි සුජීවයි බොහොම ආදරණීය යුවළක්. නමුත් සුජීව ඔබේ පුතා නේද කියලා අහලා ඔබව අපහසුතාවට ලක් කරන්න හදන අයත් ඉන්නවලු නේද?
    සමහරු ඔහු මගේ සැමියා බව දැන දැනම පුතාද කියලා අහද්දී නම් මට තරහා යනවා. එතකොට මම කියනවා ඔව් ලොකු පුතා. හැබැයි මට වඩා අවුරුදු 3කට කලින් ඉපදුණේ කියලා. දැන දැන බොරු අහනවා. සුජීවගේ පෙනුම ඔහුගේ වාසනාවට හිමිවූ දෙයක්. හැමදාම ඔහු එක වගේ. වියපත් වන පෙනුමක් ඔහුට නෑ. නමුත් මම ඊටත් වඩා වාසනාවන්තයි.

    ඒ කිව්වේ?
    මට මගේ හැකියාව ගැන ආඩම්බරයි. මගේ වයසට කොහෙත්ම නොගැළපෙන අවුරුදු 80, 85 වයසක චරිත පවා මට රඟපාන්න ලැබිලා තියෙනවා.

    විදේශීය කාන්තාවකුත් සුජීව ඔබේ පුතාද කියලා ඇහුවාලු නේද?
    ඔව්. ගුවන්තොටුපොළකදී ගුවන් ගමන් බලපත්‍ර දෙකත් අතේ තියාගෙනම එහෙම ඇහුවේ. ඇයට අයිතියක් නෑ එහෙම අහන්න. මට හිතුණා ඇයි ‘පොට්ටද’ කියලා අහන්නත්. ඒ කාන්තාවත් හොඳටම බය වුණා. ඒ මම යම් නීතිමය පියවරක් ගනීවි කියලා. ශ්‍රී ලාංකික අපි ඒතරම් පහත් මට්ටමට වැටිලා නෑ. නමුත් අපේ රටේ අයගේ පුරුද්දක් තියෙනවානේ, නානවා කියලා දැක දැක අහනවා නානවද කියලා. කනවා කියලා දැක දැක අහනවා කනවද කියලා. ඒ වගේ සැමියා බව දැන දැන අහනවා පුතාද කියලා. ඔන්න ඕවට තමයි කුණුහරුප කියන්නේ.

  • රටම උණුසුම් කල නන්දිකඩාල් කලපුවේ රතු කොඩියේ ඇත්ත කතාව මෙන්න….

    රටම උණුසුම් කල නන්දිකඩාල් කලපුවේ රතු කොඩියේ ඇත්ත කතාව මෙන්න….

    මුලතිව්, වට්ටුවාකල් පාලස ආසන්නයේ නන්දිකඩාල් කලපුවේ අඩි 22 ක උසින් යුතු රතු පැහැති කොඩියක් ඊයේ (01) ඔසවා ඇති බව මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ජනතාව පවසනවා.

    ජනතාව පැවසූවේ නන්දිකඩාල් කලපුව හරහා වන වට්ටුවාකල් පාලම අබලන්ව ඇති බැවින් අදාළ රතු කොඩිය කිසියම් පිරිසක් ඔසවා ඇති බවයි.

    යුද්ධය පැවති සමයේ ඉන් අනතුරුව මීටර 200 ක් පමණ දිගැති වට්ටුවාකල් පාලම නිසි පරිදි සකස් කොට නොතිබීම හේතුවෙන් මාර්ගය හරහා ගමන් කිරීම අවදානම් බව ජනතාව පැවසුවා.

    කඩිනම්න් කලපුව හරහා සුදුසු පරිදි පාලමක් සකස් කොට දෙන ලෙසට ජනතාව ඉල්ලා සිටින බවයි සඳහන් වන්නේ.

  • එදා නෑ කියා ප්‍රසිද්ධියක් ලැබූ ඔහුම අද තියෙනවා කියනවා – වඳ බෙහෙත් ගැන කරලිය ගිනි ගනී…

    එදා නෑ කියා ප්‍රසිද්ධියක් ලැබූ ඔහුම අද තියෙනවා කියනවා – වඳ බෙහෙත් ගැන කරලිය ගිනි ගනී…

    කෙනෙකු වඳභාවයට පත් කළ හැකි කිසිම රසායනිකයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙතෙක් සොයාගෙන නැහැ. ආහාරවලට දමා හෝ ඇඳුම්වල තවරා හෝ වඳ භාවය ඇති කරන බවට ප්‍රචාර ගෙන යන්නේ ජාතිවාදී පදනමෙන් පමණයි. යනුවෙන් පවසමින් දැවැන්ත ප්‍රසිද්ධියක් ලැබූ විශේෂඥ  වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා පුවත්පතකට දැක්වූ අදහසක් මේ දිනවල සමාජජාල වල හුවමාරු වනවා..ඒ අම්පාරේ ආපනශාලාවක වඳ බෙහෙත් සම්බන්ධයෙන්  ඇතිවූ ගැටුමත් සමගයි.

    ඒ අතරේම ලැබූ ප්‍රසිද්ධියත් සමගින් පුවත්පතේ පළවූ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම විශේෂඥ  වෛද්‍යවරයා තවත්  ප්‍රකාශයක් නිකුත් කොට තිබෙනවා.

     

  • බල තන්හාවෙන් සිටින රාජපක්ෂවරුන්ගෙන් සීතාවක දිනේෂ් ගුණවර්ධනට කැපිල්ලක්….

    බල තන්හාවෙන් සිටින රාජපක්ෂවරුන්ගෙන් සීතාවක දිනේෂ් ගුණවර්ධනට කැපිල්ලක්….

    තිස්ස මහාරාම ප්‍රාදේශීය සභාව සදහා පොහොට්ටුව ලකුණින් තරග වැද වැඩිම මනාප ප්‍රතිශතයක් වාර්තා කරමින් ජයග්‍රහණය කල හර්ෂ ජයවීර හිටපු සභාපතිවරයාට නැවතත් සභාපතිධූරය ලබා නොදී චමල් රාජපක්ෂගේ සමීපතමයෙකු වන ඩබ්.ඩී.උපුල් නැමැති හිටපු උප සභාපතිවරයාට ලබාදීමට චමල් ගන්නා උත්සාහයත් සමග පොදුජන පෙරමුණ නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන දැඩි කලකිරීමකට ලක්ව සිටින බව වාර්තාවේ.

    මැතිවරණයට පෙර ඇතිකරගත් එකගතාවයන් මත දිනේෂ් නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ හා සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිධූරයන් ලබාදීමට එකගතාවක් පැවැතියද ඒකාබද්ධ විපක්ෂය තුල වෙනම මතවාදයක් ගෙන යාමට රාජපක්ෂවරුන් දරන ප්‍රයත්නය නිසා පක්ෂය අර්බුදයකට ලක්ව ඇති බවත් වාර්තාවේ.

    මේ ගැටළුව සමථයකට පත් කිරීමට අද දිනයේ මහින්ද රාජපක්ෂද සෘජුව මැදිහත් වී ඇතත් චමල් මහින්දගේ බසට පවා නතු නොවෙන තත්වයක් කාල්ටන් නිවසේදී දකින්නට ලැබිණ. තත්වය මේ ආකාරයෙන්ම පැවතියහොත් ඉදිරි දින කිහිපයේදී තමන් බරපතල දේශපාලන තීන්දුවකට යන බවද දිනේෂ් ගුණවර්ධන පාර්ශවය පවසයි. මැතිවරණයෙන් පසු උදය ගම්මන්පිලටද බැසිල් රාජපක්ෂ සිදුකල බැන වැදීමක් සම්බන්ධයෙන්ද වාර්තා විය.

  • ”Living Together ඉන්න මම හරි ආසයි… එක හරි ෆනි ඇන්ඩ් ෆ්‍රී අප්පා ” – ඕෂධී හිමාෂා

    ”Living Together ඉන්න මම හරි ආසයි… එක හරි ෆනි ඇන්ඩ් ෆ්‍රී අප්පා ” – ඕෂධී හිමාෂා

    ජනප්‍රිය තාරකාවක්වන ඕෂධී හිමාෂා පසුගිය දා පුවත්පතකට ‘Living Together’ සංකල්පය පිළිබඳ යම් අදහසක් දක්වා තිබේ. එහි දී ඇය සඳහන් කර තිබෙන්නේ එය යහපත් දෙයක් බවයි.

    ඇය ඒ සම්බන්ධයෙන් දැක් වූ අදහස් පහතින් :

    Living Together සංකල්පය ගැන මොකද්ද අදහස?
    ”මට ඇත්තටම කියන්න තියෙන්නේ ඒක හොඳ දෙයක් කියල. මොකද දෙන්නෙකුට එකිනෙකා අවබෝධ කරගන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි එකට ජිවත් උනහම”

    විවාහවෙලා එකට ජීවත් වෙනකොට තේරුම් ගන්න බැරි ද?
    ”මෙහෙමයි අද ලංකාවේ විතරක් නෙවෙයි ලොව පුරා දික්කසාද වැඩි වෙලා තියෙනවා. ඇත්තටම එහෙම විවාහ වෙලා පස්සේ ගැලපෙන්නේ නෑ කියලා දික්කසාද වෙනවට වැඩිය එකට ජීවත් වෙලා නොගැළපෙන බව තේරුම් අරගන වෙන්වෙන එක හොඳයි.”

    මේ කියන කාරණය අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියන අදහස බරපතල විදිහට තියෙනවා නේද?
    ”මම නම් ඒ සංකල්පයට ආසයි සහ කැමති. අපේ රටේ සංස්කෘතිය අතින් අරගෙන බලද්දී මේක නොගැළපෙනවා වෙන්න පුළුවන්. ඒත් මම මෙහෙම කියන්නේ ඒ දිහා බලල නෙවෙයි. දෙන්නෙක් අතර අවබෝධයක් ඇති කරගන්න එකට ජීවත් වෙන්න හැකි ද කියන දේ තේරුම් ගන්න Living Together ඉතාමත් හොඳ අවස්ථාවක්”