ප්‍රවීන ගායක වික්ටර් රත්නායකගේ නව බිරිඳ වූ හශිනි අමේන්ද්‍රා විසින් ඇය කලින් සේවය කළ බැංකු ආයතනයේ උකස් කොට තිබූ රන් ආභරණ තොගයක් සම්බන්ධයෙන් විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි අතර ඇයගේ නීතිඥයින් කල කරුණු දැක්වීම මත දැඩි ඇප කොන්දේසි පනවා ඇයව ඇපමත මුදාහැරීමට තංගල්ල මහෙස්‌ත්‍රාත් මහිල් විඡේවීර මහතා පෙරේදා (12 ) පස්‌වරුවේ නියෝග කළේය.
තංගල්ල මහාධිකරණය විසින් කරන ලද නියෝගයක් අනුව රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප බැඳුම්කර මත මුදාහළ සැකකාරියට විදේශ ගමන් වළක්‌වන නියෝගයක් ද මහෙස්‌ත්‍රාත්වරයා එහිදී පනවනු ලැබීය. එම ඇපකරුවන් දෙදෙනා සැකකාරියගේ පවුලේ සමීප ඥාතීන් වියයුතු බවටද එහිදී කොන්දේසියක් පැනවූ මහෙස්‌ත්‍රාත්වරයා ලබන 16 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකාරියට නියෝග කළේය.
එම සැකකාරිය වෙනුවෙන් ප්‍රතිශෝධන අයෑදුම්පතක් ඉදිරිපත් කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා කළ කරුණු දැක්‌වීම් සලකා බැලූ තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය සැකකාරියව ඇපමත මුදාහරින ලෙසට තංගල්ල මහෙස්‌ත්‍රාත්වරයාට නියෝග කොට තිබුණි. නීතිඥ නිරංජන් ඊරිගොල්ල මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාළ මහතා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ අධිනීතිඥ ඔස්‌වල්ඩ් ගෝමස් පෙරේරා මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
Category: සුපිරි Talks & Jokes
-

වික්ටර්ගේ තරුණ බිරිඳට දැඩි කොන්දේසි මත ඇප
-

ටොංගා පාර්ලිමේන්තුව කුඩු පට්ටම් කල ගීටා
දූපත් 170ක එකතුවක් ලෙස සැකසුණු ටොංගා රාජ්‍යය පැසිෆික් මුහුදේ ෆීජි දූපත්වලට නැගෙනහිරින් සහ නවසීලන්තයට උතුරු දෙසින් පිහිටා ඇත.
සිවුවැනි ප්‍රභේදයේ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ටොංගා රාජ්‍යට ඇතුළු වූ ගීටා නම් සුළි කුණාටුව පෙරේදා රාත්‍රිය පුරා දූපත් රාජ්‍ය වෙත දැඩි බලපෑමක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.දශක 06කට පසුව පැසිෆික් කලාපයේ ටොංගා රාජ්‍ය වෙත බලපෑ මෙම ප්‍රබල සුළි කුණාටුව එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.වසර 100කට වඩා පැරණි ටොංගා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මෙසේ විනාශ වීම හේතුවෙන්, එය පිළිසකර කරන තුරු එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රැස්වීම සඳහා ස්ථානයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව කියැවේ.
දැඩි සුළං තත්ත්වය හේතුවෙන් බොහෝ පළාත්වල විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම් වර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් විදුලිය ඇණහිට තිබුණි. එමෙන්ම, නිවාස රැසක වහළ සුළඟේ ගසාගෙන ගොස් ඇති බවද සඳහන් වේ.කෙසේ වෙතත්, මෙම සුළි කුණාටුව රට තුළට ඇතුළු වීමට පෙර ටොංගා රජය විසින් රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් දහස් ගණන් ජනතාවට රාත්‍රිය ගත කිරීම සඳහා රැඳවුම් මධ්‍යස්ථාන ඇති කර තිබූ බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
-

මෙවර අයවැයෙන් පළාත් පාලන සභිකයින්ට වැටුප් සහ දීමනා ගෙවීමට මුදල් වෙන් වී නෑ
පළාත් පාලන ආයතන සඳහා පත් වූ සභිකයන්ට වැටුප් හා දීමනා ගෙවීමට මෙතෙක් මුදලක් වෙන් වීනැතැයිවාර්තා වේ.අයවැය තුළින් අදාළ මුදල් වෙන්කිරීම සිදුකළ යුතු වුවද, පසුගිය අයවැය තුළින් මේ සඳහා මුදල් වෙන්කර නැතැයිද දේශපාලන පක්ෂ හා නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.මෙම මුදල්සහ පළාත් පාලන ආයතන සඳහා පහසුකම් ඇති කිරීමට අවශ්‍ය මුදල් මධ්‍යම රජය විසින් වෙන් කළ යුතු වන අතර පළාත් පාලන ආයතනවලට පැවරී තිබෙන බලතල අනුව සභිකයන්ට ලබාදෙන දීමනා ප්‍රමාණය පිළිබඳ සභාවට තීරණයක් ගැනීමට හැකියාව තිබේ.
වතිමන් ක්‍රමවේදයට අනුව ප්‍රාදේශිය සභාවක සභාපතිවරයෙකුට මාසිකව රුපියල් 25,000කට අධික මුදලක් සහ නගරාධිපතිවරයෙකුට මාසිකව රුපියල් 25000 – 30,000අතර වැටුපක් ගෙවිය යුතුය.උප සභාපතිවරයෙකු හෝ උප නගරාධිපතිවරයෙකුට මාසිකව රුපියල් 20,000ක් වැටුප ලෙස ලබාදීමට සිදුවේ.මීට අමතරව මන්ත්‍රීවරයෙකුට රුපියල් 15,000ක මුදලක් ලබාදීමට සිදුවන අතර, මෙම සියලුම දෙනාට දුරකථන හා පැමිණීම හෝ වෙනත් දීමනා වශයෙන් එක් අයෙකුට රුපියල් 3000කට වැඩි මුදලක් ගෙවිය යුතුය.
පොදුවේ ජනතාවගේ ජන්දයෙන් හා ලැයිස්තුවෙන් තේරී පත් වී සිටින මන්ත්‍රීවරුන් 8325ක ප්‍රමාණයට හා ප්‍රසාද ආසන ලෙස අලුතින් එකතු වීමට නියමිත මන්ත්‍රී ධුර 200 සඳහා වැටුප් හා දීමනා ලබාදීමට මාසිකව රුපියල් මිලියන 182.8ක මුදලක් අවශ්‍ය වන බවට ගණන් බලා තිබේ.
-

2020 දී කරූ නමට ජනපති වී මහින්ද විධායක අගමැති කිරීමේ මහා කුමන්ත්‍රනණය එළිවෙයි
එක්සත් ජාතික පක්ෂය තුල රනිල් වික්‍රමසිංහ යන නාමය දිය කර කරූ ජයසූරියව නායකත්වයට ගෙන අගමැති ධූරය ලබාදීමත් , 2020 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් කරූ නම් කිරීමත් යන කරුණු ඉතා සූක්ෂමව සලකා බැලූ විට, 2020 දී කරූ ජයසූරියට ජයග්‍රහණය කිරීමට පොදුජන පෙරමුණ සහයෝගය ලබාදී අගමැති ධූරය මහින්ද රාජපක්ෂ වෙත ලබාගැනීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇති බව දේශපාලනය ගැන යම් තරමක හෝ අදහසක් ඇති ඕනෑම අත දරුවකුට සක්සුදක් සේ පැහිදිළි වනු නොඅනුමානය.
ඒ අනුව ජනාධිපති පුටුවේ නමට පමණක් කරූ ජයසූරිය හිඳුවා විධායක අගමැති නම් අලුත් තණතුරේ මහින්ද රාජපක්ෂට ඔටුනු පැළඳා නැවතත් පෙර පරිදිම රාජපක්ෂ බඹරය වැල්ලේ කැරකැවීමට බැසිල් රාජපක්ෂ මේ වන විට සිය කූට මොලය වෙහසවමින් සැලසුම් අඳින බවට නෙළුම් මාවතේ අප විශේෂ ඔත්තු කරු සඳහන් කරයි.
-

ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ ගින්නක්
කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ ගින්නක් ඇති වී ඇති වී ඇති අතර ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වර්ග අඩි 200ක ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පවසයි.
වායු සමන යන්ත්‍රයක ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න ඇති වී ඇති අතර ගිනි නිවන ඒකකය මේ වන විට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.
-

තමුසෙට බැරිනම් ඇමරිකාවටම වෙලා ඉන්නවා,තමුසෙ විතරක් නෙමේනෙ රාජපක්ෂලා ඉන්නෙ… මං හරි නාමල් හරි ඒ වැඩේ කරන්නම්
පසුගිය මැතිවරණ කාලය තුල ඇමරිකාවට ගොස් සිට ඊයේ උදෑසන මෙරටට පැමණි හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා විසින් මාධ්‍යට පවසා ඇති “මම ඇමරිකානු පුරවැසියෙක්. මට ශ්‍රී ලංකාවේ අගමැති වෙන්න බෑ“ යන ප්‍රකාශය නිසා මේ වන විට පොහොට්ටුව ඇතුලත විශාල ප්‍රශ්න රාශියක් ඇතිවී ඇති බව නෙළුම් මාවත කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වල සඳහන් වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශයට උරණ වූ බැසිල් රාජපක්ෂ මහතා මේ හේතුවෙන් ගොඨාභය වෙත දැඩි දොස් මුරයක් දමා ඇති බවට ආරංචි ලැබී ඇති අතර බැසිල් විසින් “තමුසෙට බැරිනම් ඇමරිකාවටම වෙලා ඉන්නවා,තමුසෙ විතරක් නෙමේනෙ රාජපක්ෂලා ඉන්නෙ… මං හරි නාමල් හරි ඒ වැඩේ කරන්නම්.. මේ අමාරුවෙන් පාදගත්තු වාසනාව නැතිවෙන විදිහෙ මෝඩ කතා කියන්න එපා ” යයි පවසා ඇති බව නෙළුම් මාවතේ විශ්ෂ ඔත්තු කරු සඳහන් කරයි.
-

පරාජයෙන් කුලප්පු වූ පොහොට්ටු අපේක්ෂකයා ගමේ ක්‍රීඩාපිටිය තමාට ඡන්දෙ නොදුන් අයට තහනම් කරයි
මෙවර පළාත් පාලන මැතිවර්ණයට පොදුජන පෙරමුණින් පුත්තලම ප්‍රාදේශීය සභාවට මනතිව් කොට්ඨාශයෙන් තරග කළ අපේක්ෂකයා පරාජයට පත්වීමත් සමඟ කෝපයට පත්ව ඔහුට ඡන්දය නොදුන් ගම්වාසීන්ට ප්‍රදේශයේ ක්‍රීඩා පිටිය භාවිතා නොකරන ලෙස ඊයේ ( 12 ) තර්ජනය කර ඇත.
මෙම පරාජිත අපේක්ෂකයා මානතිව් ක්‍රිඩා පිටිය තමන් ප්‍රතිපාදන යොදා ඉදිකර ඇති බවත් තමාට ඡන්දෙ නොදුන් කිසිම කෙනෙක් එහි ක්‍රීඩා නොකරන ලෙසටත් ගම්මානයට කඩා වැදි තර්ජනය කිරීමත් සමඟ ගම්වාසින් එයට විරෝධය පා තිබේ.
වනාතවිල්ලුව පුත්තලම මාර්ගය මානතිව් මංසන්දියෙන් වසා දැමිමට කටයුතු කිරීමත් සමඟ පුත්තලම මුලස්ථාන පොලිසයේ නිලධාරින් එම ස්ථානයට පැමිණ ඇතිවීමට ගිය තත්ත්වය පාලනය කර වලක්වා අදාල පරාජීත අපේක්ෂකයා සහ ගම්වාසින් පොලිසියට කැඳවා එය විසදන බවට පොරොන්දු විමත් සමඟ තත්වය පාලනය කිරිමට හැකි වු බව පොලිසිය පවසයි. -

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට තව දඬුවම්… බරපතල වැඩ සහිතව වසර 5ක් හිරේට
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට බැණ වැදී මරණීය තර්ජනය කිරීමේ අධි චෝදනාවට වරදකරු කරනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (12 දා) බරපතළ වැඩ සහිත වසර පහක සිරදඬුවම් නියම කළේය.
එයට අමතරව රුපියල් 25,000 ක දඩයක්‌ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් අමතර එක් වසරක සිරදඬුවම් ලබාදීමටද නියම කළේය.
පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස රාජකාරි කරමින් සිටියදී තම තනතුරට පහළ නිලධාරියකුට තර්ජනය කිරීම සුළුකොට තැකිය නොහැකි බව පෙන්වා දුන් විනිසුරුවරයා එම දඬුවම් නියම කළේය.
කෙසේ නමුත් විත්තිකරුට එරෙහිව ඇති සෙසු අධිචෝදනා පහ පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකොට නොමැති බවට නිගමනය කළ විනිසුරුවරයා එම චෝදනාවලින් විත්තිකාර වාස් ගුණවර්ධන මහතා නිදොස්‌කොට නිදහස් කිරීමටද නියෝග කළේය.
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කර අත්අඩංගුවට ගත් අවස්‌ථාවේදී එනම් 2013.06.10 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළදී එවකට සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස කටයුතු කළ ශානි අබේසේකර, එවකට පොලිස් පරීක්‍ෂකවරුන් ලෙස කටයුතු කළ රංජිත් මුණසිංහ, පොලිස් පරීක්‍ෂක දිසානායක යන නිලධාරීන්ට විත්තිකාර වාස් ගුණවර්ධන මහතා විසින් මරණීය තර්ජනය කළ බව එම පැමිණිල්ලේ සඳහන් විය.
“ශානි මට තේරුණා උඹලා මට මේ දේ කරනවා කියලා. හැබැයි උඹලාට මාව හැමදාම ඇතුළේ තියාගන්න බෑ. මම මිනීමරුවෙක්. එළියට ගියදාට බලාපල්ලා උඹලාට කරන දේ” යෑයි තර්ජනය කිරීම, රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු අධි චෝදනා හයක් යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.
විත්තිකරුට එරෙහිව එල්ල වී ඇත්තේ මහෙස්‌ත්‍රාත් අධිකරණයක් හමුවේ නඩු විභාගයක් පැවැත්වීමකින් තොරව සමථ මණ්‌ඩලයකට යොමුකර සමථයට පත්කළ හැකි චෝදනා බැවින් ඔහු සියලු අධි චෝදනාවලින් නිදොස්‌කොට නිදහස් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අනුර සෙනවිරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
රජයේ නිලධාරියකුට තර්ජනය කිරීම සුළුකොට තැකිය හැකි වරදක් නොවන බැවින් ලබාදිය හැකි උපරිම දඬුවම් නියම කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිsඥ වසන්ත පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා කිහිපයකට වරදකරු කර 2016 වසරේ දී මහාධිකරණය විසින් මරණීය දණ්‌ඩනය නියම කර සිටින වාස් ගුණවර්ධන මහතා ඊයේ දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය අමතා ප්‍රකාශයක් කිරීමට සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර අධිකරණය එම අවසරය ලබාදීම ප්‍රතික්‌ෂේප කළේය.-ඒ. ඡේ. ඒ. අබේනායක
-

මම ජනාධිපති වුනොත් හැම වැඩකරන පුද්ගලයෙකුටම ජීවන වියදමට සරිලන ගෙවීමක් ලැබෙන්න සලස්වනවා
ඔන්න අපි අද, මේ දවස් වල පුංචි තිරයෙ සහ රිදී තිරයෙ ඒත් එක්කම බොලිවුඩ් සිනමාවෙත් කැපී පෙනුන ලාංකික කලාකාරිණියක් එක්ක එයා ගැන කතා කරන්න හිතුවා.තවත් කියනවනම් කලාකාරිණියක් කිව්වාම මෙයා රංගන ශිල්පිණියක් විතරක්ම නෙමෙයි ලාංකීය කලා පරපුරට නව සංගීත පරපුරක් බිහිකරන ආචාර්ය්‍ය වරියක් කියලත් හදුන්වන්න පුළුවං.. ඉතිං වැඩි වර්ණනා ඕන නෑනෙ ඒ වෙන කවුරුත් නෙමේ ඒ තමයි ගයා ක්‍රිෂානි… ගයා ක්‍රිෂානි අපිට එයා ගැන කිව්වෙ මෙන්න මෙහෙමයි…

කොහොමද මේ දවස් වල – ම් … හෙඳින් ඉන්නවා.අලුත් ටෙලිනාට්‍යකට සමබන්ධ වෙලා ඉන්නවා දන්කුඩ බන්ඩා කයල ඒකෙ ෂූටිං වලට යනවා තවත් ටෙලි නාට්‍යකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.
ගයා ක්‍රිශානිව අපි දැකල තියෙන්නෙ සහය නිළියගේ චරිතයෙන් – ඔව් තාම ප්‍රධාන චරියක් නම් ලැබුනෙ නෑ … ඒත් උප ප්‍රධාන නළියගෙ චරිත නම් ලැබිල තියෙනව.
ඒකට හේතුව ගයා ක්‍රිශානිට ක්ෂේත්‍රය තුල කැපිලි හින්ද කිව්වොත් – මම දන්න තරමින් මට එහෙම කැපිලි මොකුත් නෑ…ඒකෙ මෙහෙම දෙයක් තියෙනවා ප්‍රධාන චරිතයක් ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕන. සාමාන්‍යයෙන් මුලින් එක ඩ්‍රාම එකක ප්‍රධාන චරිතෙට හිටපු කෙනාව තමයි අනිත් ඩ්‍රාම වලත් ප්‍රධාන චරියට ගන්නෙ.මොකක් නිසාද දන්නෙ නෑ මට ලැබුනෙ සෙසු චරිත ඒත් ඒ හැම චරිතයක්ම කතාවෙ හොඳින් ඉස්මතු වෙලා පෙනෙන චරිත ඒ නිසා මං සෑහීමකට පත්වෙනවා.
අපි දන්නවා ඔබ දක්ෂ රංගන ශිල්පිනියක්.ඒත් ඔබ කියන්නෙෙ දක්ෂතාවය විතරක් මදි වාසනාවත් තියෙන්න ඕන කියලද? අනිවාර්යෙන්ම දක්ෂතාවය විතරක් තිබුනට මදි වාසනාවත් තියෙන්න ඕන.දක්ෂතා තියෙන කීයෙන් කී දෙනාටද අවස්ථා හම්බවෙන්නෙ.මම ගැන කියනවනම් මට හිතෙන්නෙ මටත් ඒ වගේ මගෙ දක්සෂතා පෙන්වන්න තාම හරිහමන් අවස්ථාවක් ලැබුනෙ නෑ කියලයි.
ගයා ක්‍රිෂානි කලාවට අවතීරණය වෙලා දැන් කොච්චර කල්ද? වසර 15ක් විතර වෙනවා මට එක දිගටම රංගන කටයුතු වලට සම්බන්ධ වෙන්න බැරි වුනා ඒ මම සංගීත කටයුතු වලටත් සම්බන්ධ වෙලා හිටපු නිසා.
ඒ කියන්නෙ රංගන ශිල්පිණියකට අමතරව ගයා ක්‍රිශානි කියන්නෙ හොඳ සංගීත වේදිනියක් – ඔව් ඇත්තටම එහෙම කිව්වොත් හරි මොකද මම වැඩිපුරම මහන්සි වුනේ සංගීත් නිපුන් විභාගයටයි. ඒ විභාගය ඉහලන්ම සමත් වෙලා තමයි මම ගිය ජනවාරි වල ලංකාවට ආවෙ.මම හිතන විදිහට සංගීත් නිපුුන් විභාගය ජයගත්තු ක්ෂේත්‍රයේ ඉන්න එකම රංගන ශිල්පිණිය මම වෙන්න ඕන.
සිනමාව ගැන මොකද කියන්නේ – මම සිනමා නිර්මාන පහකට වගේ දැනට සම්බන්ධ වෙලා තියෙනවා ඊට අමතරව බොලිවුඩ් නිර්මානයකටත් දායක වුනා රන්වීර් කපූර් එක්ක බොම්බේ වෙල්වට් කියල ඒ වගේම මේ අවුරුද්දෙ රිලීස් වෙන්න තියෙන හිතුවක්කාර කියල ෆිල්ම් එකටත් දායක වුණා.
ඉතිං කියන්න ගයාගෙ පවුල් ජීවිතේ ගැන විස්තර ටිකක් – මට බබාල දෙන්නෙක් ඉන්නවා. මට මගෙ මහත්තයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනව මගෙ කලා කටයුතු වලට සමහර වෙලාවට වැඩ ගොඩක් තියෙද්දි ඒ තියෙන පීඩනය නිසා මට කම්මැලි හිතුනම එයා තමයි මාව උනන්දු කරන්නෙ නෑ ඔයා කරන්න ඔයාට පුළුවං කියල.

රංගනය විතරද එතකොට වෘත්තියක් විදිහට කරන්නෙ – නෑ මගෙ සංගීත ඇකඩමියක් තියෙනවා ඒකෙදි මම විශාරද විභාගය වෙනකල් ළමයින්ට සංගීතය උගන්වනව.ඒ අතර රඟපෑමේ කටයුතු වලත් යෙදිල ඉන්නවා ඉතිං.
අද ලංකාවෙ කලා ක්ෂේත්‍රයේ සාධාරණියත්වය ගැන ඔබ සතුටුයිද ? – ඇත්තම කියනවනම් ක්ෂේත්‍රය ගැන කලකිරීමක් තියෙනවා.මම හිතන විදිහට ලංකාවෙ දක්ෂයාට වඩා තැන තියෙන්නෙ ඇඳුනුම් කම් මත හා වෙන වෙන දේවල් මත ඊටත් වඩා ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ මුදල් මත තීරණය වෙන එක.ඒ කිව්වෙ ලොකු මුදලක් දීල දක්ෂයෙක් අරගෙන වැඩ කරනවට වඩා පොඩි මුදලකට ඉන්න කෙනෙක්ව අරගෙන මොකක් හරි නිර්මාණයක් එළියට දාන ප්‍රවනතාව වැඩි වෙලා තියෙනව.ඒකෙන් වෙන්නෙ ක්ෂේත්‍රය පරිහානියට පත්වෙන එකයි.
ඒ කියෙන්නෙ ගයා ක්‍රිශානිට තක්සේරුවක් තියෙනවා – ඔව් මම වැඩ කරන ගානක් තියෙනවා ඒ ගානට ආවොත් විතරයි මම භාරගන්නෙ
ටෙලි නාටයක් හෝ චිත්‍රපටියක් භාරගද්දි තොරා බේරාගෙනද භාරගන්නෙ – අනිවාර්යෙන්ම ඔව් සිනමාවෙදි නම් මුළු පිටපතම බලල තමයි භාර ගන්නෙ.ඒත් ටෙලිනාට්‍ය වල විශේෂයෙන්ම දැන් තියෙන මොගා නාට්‍ය වල අපිට පිටපත හම්බෙන්නෙ සෙට් එකට ගියහමයි.ඒත් චරිතය භාර ගන්න කලින් ඒ චරිතයේ ස්භාවය මොන වගේ එකක්ද කියල හරියට දැනගෙන තමයි භාරගන්නෙ
ගායා ක්‍රිෂානාගෙ ගම කොහෙද? මගෙ උපන් ගම රත්තපුරේ ඒත් රත්නපුරේ ඉඳල නෑ පෙඩි කාලෙ ඉඳන්ම අවිස්සාවේල්ලෙ තමයි හිටියේ.
නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට මොනාද කරන්නෙ – වැඩිපුරම කරන්නෙ සිංදු අහන එක තමයි… ඊට අමතරව ඔය මොකක් හරි සංගීත භාණ්ඩයක් වාදනය කරනවා.. ඒ වගේ මොකක් හරි සංගීත වැඩක් තමයි ඉතිං
ගිය අවුරුද්ද කොහොමද? මට පුද්ගලිකව ඉතාම සුභ විදිහට ගෙවුන අවුරුද්දක් කියල හිතන්න පුළුවං මොකද මම සංගීත් නිපුන් විභාගයෙන් ඉතාමත් විශිෂ්ඨ ලෙස සමත් වුනා ඒක මං දැකපු හීනයක් සැබෑ වුනා කියල කියන්න පුළුවං… හැබැයි ඒ නිසා මට ලංකාවෙ වැඩිය ඉන්න හම්බුනේ නැති නිසා වැඩිය රංගන කටයුතු වල යෙදෙන්න වුනේ නෑ

2018 මොනවද කරන්න හිතන් ඉන්නෙ? මේ අවුරුද්දෙ වැඩිපුරම බර දෙන්නෙ මගෙ සංගීත ඇකඩමිය දියණු කරන්න තමයි ඊට අමතරව හොඳ නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා
ගයා ක්‍රිශානි දේශාලනය දකින්නෙ කොයි විදිහටද? මම දේශපාලනට කිසිම කැමැත්තක් නෑ..
එතකොට දැන් මේ පවතින ආර්ථිකමය සමාජීය තත්වයන් ඔබට ගැටළුවක් නැද්ද? තියෙනව ඒත් ඒක මේ ආණ්ඩුව හෝ පහුගිය ආණ්ඩුව කියල වෙනසක් නෑනෙ කොයි ආණ්ඩුව ආවත් ඒ පොදු ප්‍රශ්න ටික වෙනස් වෙන්නෙ නෑනෙ
පසුගිය දිනවල අපි දැක්කා කලාකරුවන් දේශපාලන වේදිකාවල නොයෙක් අදහස් දරනවා ඔබ ඒ සම්බන්ධයෙන් කොතනද ඉන්නෙ – ඔව් මටත් ලොකු ලොකු ආරාධනා ගෙඩක් ආව ඒත් මම ඒ කිසිම දේකට සම්බන්ධ වුනේ නෑ
හරි අපි හිතමු අහම්බෙන් හරි ගයා ක්‍රිෂානි මේ ජනාධිපති වෙනවා … එතකොට – ම් … එහෙම උනොත් මම කරන්නෙ අපේ රටේ තියෙන මූලිකම ප්‍රශ්නය වන ජීවන වියදම අඩු කරන එක.. එතෙන්දි භාණ්ඩ හා සේවා වලට අපි ගෙවන මුදලට සරිලන වැටුපක් එහෙමත් නැත්නම් ගෙවීමක් සෑම වැඩ කරන පුද්ගලයෙකුටම ලැබෙන්න සැලැස්වීම තමයි මගෙ මූලිකම අභිප්‍රාය වෙන්නෙ.
ගයා ක්‍රිෂානිට ගයා ක්‍රිෂානිගෙ ප්‍රේක්ෂයින්ට මොවෙද කියන්න තියෙන්නෙ? මගෙ අලුත් ටෙලි ඩ්‍රාම දෙකක් එන්න තියෙනවා තව චිත්‍රපටියකුත් එන්න තියෙනවා ඉතිං ඒව බලල මගෙ අඩුපාඩු තියෙනවද මගෙ රඟපෑම හොදඳ කියල මට කියන්න කියල තමයි කියන්න තියෙන්නෙ ඊට වඩා විශේෂයෙන්ම කියන්න ඕන මගෙ රසිකයින්ට මම ගොඩක් ආදරෙයි ඒ හැමෝටම සුභ අනාගතයක් වේවා කියල පතනවා…


-

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුලදී පසුගියදා තමාට සිදු වූ පහරදීම පිළිබඳ රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය, නීතීඥ ෆාතිමා හෆ්සා මාධ්‍යට හෙළිකරයි (audio)
පසුගිය 9 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී තමාට පහරදී තර්ජනය කළ බවට රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය වන නීතීඥ ෆාතිමා හෆ්සා විසින් දැනටමත් අැප මත නිදහස්ව සිටින ඇගේ හිටපු ස්වාමිපුරුෂය වන මොහොමඩ් ශසිල්ට විරුද්ධව පැමිණිලි තුනක් සටහන් කර ඇත.
මොහොමඩ් ශසිල් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී තම බඩට පහරදී නැවත සාක්ෂි දීමට නොපැමිණෙන ලෙස මරණිය තර්ජනය සිදුකල බවට ඇය විසින් අධිකරණ පොලිසියේ, කාන්තා හා ළමා කාර්යාංශයේ සහ සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරිමේ ජාතික අධිකාරියේ මෙලෙස පැමිණිලි සටහන් කර ඇති අතර මෙම සිදුවීම වහා මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට ගෙන ඒමටද කටයුතු කර ඇත.
ඇයට මෙම සිද්ධියට මුහුණ පෑමට සිදුවූයේ ඇයගේ සේවාදායකයා වන වසීර් අහමඩ් නැමැත්තාගේ නඩු කටයුත්තකදීය. එම සිද්ධි දාමය ගැන පසුගිය දිනවලදී මාධ්‍ය වලින් හා සමාජ ජාලා වල ඉතා දැඩි කතාබහකට ලක්වී තිබූ අතර ඒ ගැන සමාජ ජාලා වෙබ් අඩවි කිහිපයකම පලවූ පුවත් ඇසුරින් එම සිද්ධි දාමය ගැන පලවූ ලිපියක කොටසක් පහතින් උපුටා දක්වන අතර පසුගිය 9 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී හෆ්සා මහත්මියට සිදුවූ පහර දීම හා තරජණය කිරීම ගැන ඇයගෙන් දුරකථනයෙන් විමසූ විට ඇය ලබා දුන් පළිතුරේ හඩපටය මේ සමග ඉදිරිපත් කර ඇත.
“යහපාලන රජයේ කාලසිමාවෙන් තුන් වසරක් ගෙවී යන මේ කාලසීමාවේදී, යහපාලන රජයේ රාජ්‍ය ඇමතිවරයෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ A. H. M. ෆව්සි ඇමති තුමාට අයත් ව්‍යාපාරයක අධ්‍යක්ෂක වරයෙකු වන වසීර් අහමඩ් මහතා විසින් ඇමති තුමාගේ පව්ලේ උදවිය විසින් තමන් වෙත අපහස කර මරණිය තර්ජන සිදුකළ බවටත්, මේ සම්බන්දව පැමිණිල්ල විභාග කළ පොලිස් නිලධාරීන් හට ඔවුන්ගේ රාජකාරි සිදුකිරීමට බධා සිදුකර ඇති බවට ප්‍රකාශ කර සිටි.
අහමඩ් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, යහපාලනයේ ගුණත්මකබාවය සහ නිතිය අවතක්සේරුවට ලක්වෙමින් කැළැ නිතිය රජයන සමයක පොලිසියේ ක්‍රියාකාරිත්වය ගැන ඔහුට සෑහීමකට පත්විය නොහැකි බවත්, මෙම සංසිද්දියේදී නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා මුහුණපෑ අසරණබාවය ඇසින් දුටුවයින් පසු පොලිසියෙන් මිට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිබවයි.
ඔහුගේ නීතීඥවරයා ෆාතිම හෆ්සා (ෆව්සි ඇමතිවරයාගේම මිණිබිරිය) නැවත නැවත සිදුවන අසාධාරණයන් සහ තර්ජනය කිරීම් සම්බන්දව වසර දෙකක් තිස්සේ කිහිපවරක්ම පැමිණිලි කළද, එම පැමිණිලි යහපාලන ඇමති A. H. M. ෆව්සි ඇමති වරයාගේ පුතාට සහ දියණියට විරුද්දව පවරා ඇති බැවින් පොලිස් නිලදරින්ට නිතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.
ෆාතිම හෆ්සා ඇයගේ මාමා වන නමාස් ෆව්සි විසින් පොලිස් නිළදාරින් හට තමන්ට හා අහමඩ් වෙත සාධාරණය ඉෂ්ට ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී තර්ජනය කර බලපෑම් සිදුකල බවට 2017 ජනවාරි 12 වන දින නාරාහේන්පිට පොලිසියේ පැමිණිලි අංක CIB 179/64 යටතේ පැමිණිල්ලක් සිදුකර ඇත.
ඇයට අනුව OHS හෝල්ඩිංස් පුද්ගලික සමාගමේ කොටස්කරුවෙක් සහ අධ්‍යක්ෂක වරයෙක් වන අගේ හිටපු ස්වාමිපුරුෂය දොස්තර මොහොමඩ් ශසිල් මව්ජූඩ් ඔවුන්ගේ පුතාව රැගෙනයාමට සවස 1.00 ට පමණ අගේ නිවසට පැමිණ ඇත. (උසාවියෙන් නියම කර ඇති වෙලාවට පැය 2ක් පමණ පසුව) එසේ පැමිණ නිවාස ඉදිරියෙන් වහනය ඉවත් කරගත නොහැකි බව පවසමින් OHS හෝල්ඩිංස්හී සම අධ්‍යක්ෂක වසීර් අහමඩ් සමග කලහයක් ඇතිකරගන්න ලදී. අහමඩ්ට වාචිකව නින්දා කිරීමෙන් අනතුරුව ඔහු නිවසට පැමිණ බඩු පොලේ ගසා අනතුරුව ඇයට (ෆාතිමාට) පහර දී ඇත.
මෙහි විශේෂතම සිදුවීම වන්නේ පසුව එම ස්ථානයට පැමිණි පොලිසිය නිවසේ සිදුවී තිබුණු දෙය සහ ෆාතිමාගේ මුහුණේ සහ ඇගේ තිබුණු තුවාල දුටු නමුත් ෆව්සි ඇමතිවරයාගේ පුතාගේ හා ෆාතිමාගේ මාමා – නාමාස් ෆව්සිගේ බලපෑම් හමුවේ නාරාහේන්පිට පොලිසිය ඒ සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉදිරිපත් නොවීමයි.
අහමඩ් පවසා සිටියේ පොලිස්පති පුජිත ජයසුන්දර මැදිහත් වන තෙක් පොලිසිය මෙම සිදුවීම සම්බන්දව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටි බවයි. පසුව අවසානයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක MC 75737/03/17 යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබී ඇත. එසේ තිබියදීත් ඇමතිවරයාගේ පව්ලෙන් වන බලපෑම්වල අඩුවක් නම් සිදුවී නොමැති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.”
උපුටා ගැනීම අවසානයි… අදාල සිද්ධිය සම්බන්ධව නීතීඥ හෆ්සා සමග සිදුවූ දුරකතන සංවාදය පහතින්
https://www.facebook.com/supirigossip1/videos/1587397237962543/
-

ඇවන්ට්ගාර්ඩ් නඩුව ලබන 14 දා කැඳවීමට දින නියම වේ
ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට එරෙහිව අධි චොදනා 47 ක් යටතේ අල්ලස් කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව ලබන 14 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (09) නියෝග කර ඇත.
මෙම විත්තිකරුවනට අල්ලස් පනතේ 17, 19, 21 සහ 25 යන වගන්ති යටතේ අධි චෝදනා ගොනු කර ඇති අතර 2012 සහ 2014 අතර කාලය තුළ මොවුන් මෙම ඡෝදනා වලට වගකිව යුතුව ඇත.
-

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනියට එරෙහිව සේවක විරෝධයක්
ළමා අපයෝජන චෝදනා එල්ලවී සිටින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරියෙකු ආරක්ෂා කිරීම, පසුගිය ආණ්ඩුව පැවැති සමයේ පත්කරන ලද නුසුදුසු නිලධාරීන් ආරක්ෂා කිරීම, සිය හිතවතුන් සුදුසුකම් රහිතව මාණ්ඩලික තනතුරු සඳහා පත් කිරීම මෙන්ම මහජන මුදල් අවභාවිතය යන අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනියට එරෙහිව එළඹෙන සතියේදී වැඩවර්ජනයක් සහිත වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට කටයුතු යොදා ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවක සංගමයේ ලේකම් එච්.ඒ. ඉන්දික ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.
මෙම සභාපතිනිය සම්බන්ධ සිදුවීම් පිළිබඳ කාන්තා හා ළමා කටයුතු විෂය භාර අමාත්‍යවරිය මෙන්ම ජනාධිපතිවරයාද විවිධ අවස්ථාවල දැනුවත් කළද, මේ වනතෙක් කිසිදු සාධනීය මැදිහත්වීමක් එම පාර්ශ්ව විසින් සිදු කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
-

මේ වසරේ සිට ලංකාවේ ප්‍රීමියර් ලීග් 20 යි 20 තරඟාවලියක් ආරම්භ කරනවා
පන්දුවාර විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියක් නොපවත්වන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව පැවසූ ක්‍රිකට් සභාපතිවරයා දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් මේ වසරේ එයද අරඹන බව ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
2019 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සුරක්ෂිත ගමනක් යන බවත් එබැවින් දක්ෂතා දැක්වීමේ වේගය ගැන දැන්ම කිසිවෙකු කලබල නොවිය යුතු බවත් ලෝකයේ සෑම ක්‍රිකට් කණ්ඩායමක් ම විවිධ අවස්ථාවල යම් යම් පසුබෑම් වලට ලක්වීම සාමාන්‍ය තත්ත්වයක් මිස අපට පමණක් බල නොපාන බවත් එහෙත් කණ්ඩායම ප්‍රතිසංවිධානය කිරීමෙන් එම පසුබැසීම් වලක්වා ගත හැකි බව පැවසූ සුමතිපාල මහතා මේ වසර අවසානයේ එංගලන්තය සමඟ පැවැත්වෙන තරඟාවලියේ දී එම ප්‍රතිසංවිධානය වීම් තුළින් අපට පැහැදිලි ඉලක්කයක් වෙත යෙමු විය හැකි බවද වැඩිදුරටත් කියා සිටියේය.
-

Breaking News
Breaking News
මහින්ද රාජපක්ෂ මහතා 11 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වන බැවින් බුලත් කොළයට ඡන්දය ලබා දී එක්සත් ජනතා නිදහස් සංධානය ශක්තිමත් කරන මෙන් විමල් වීරවංශ මහතා ඔබෙන් ඉල්ලා සිටී….https://www.facebook.com/supirigossip1/videos/1583547911680809/
-

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් ජයවර්ධන මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට
බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයා ලෙස බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් ජයවර්ධන මහතා ඊයේ(7) පත්වීම් ලැබූ අතර එම පත් කිරීමෙන් පසු දෙදින නිල සංචාරයක් සඳහා ලබන 15 වැනි දා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන බි‍්‍රතාන්‍ය සර්ව පාක්ෂික පාර්ලමේන්තු කණ්ඩායම් සභාපතිත්වයද උසුලන ජයවර්ධන මහතා ලංකාව සහ බි‍්‍රතාන්‍යය අතර වෙළඳාම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙරට රජයේ ඉහළ පෙළේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය. ජයවර්ධන මහතා ලබන 17 වැනි දා තෙක් දිවයිනේ රැඳී සිටීමට නියමිත වේ .
-

මහ දවාලේ ලොකුම හොරකම කරන්න යන්නේ මහින්ද මහත්තයයි
අනුරාධපුර, ඉපලෝගම – රණජයපුර ගම්මානයේ පැවති ජනහමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මෙසේ පැවසීය,
“පෙබරවාරි මාසේ 10 වැනිදා උදේම ජන්ද මධ්‍යස්ථානයට ගිහින් ගම දියුණු කරන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණ ඉදිරියේ කතිරය ගහලා ගම හදන ගම දියුණු කරන ශක්තිය ලබාගන්නා දවස බවට පත් කර ගන්න.
මේ මැතිවරණයට ප්‍රධාන පක්ෂ 04ක් තරග කරනවා. අත, අලියා, පොහොට්ටුව, සීනුව ලකුණින් මේ පක්ෂ 04 තරග කරනවා. මේ ලාංඡන අතරින් එක ලාංඡනයකට විතරයි ගම හදන්න පුළුවන්කම තියෙන්නේ. ගමට සංවර්ධනය ගේන්න පුළුවන්කම තියෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට පමණයි.
සීනුවට ගහන කතිරයට ගමට හයිය ගේන්න බෑ සීනුවට ජනාධිපතිවරයාගේ හයිය නෑ. ආණ්ඩුවේ බලයක් නෑ. පළාත් සභාවක හයියක් නෑ. එහෙම නම් ජනාධිපතිවරයා, ආණ්ඩුව, පළාත් සභාව නැතිව ප්‍රාදේශීය සභාවට විතරක් ගමට හයියක් ගේන්න බැරි වෙනවා. එහෙම නම් ජනතා විමුක්ති පෙරමුණට ගහන කතිරය ගම හදන, ගමට හයිය ගේන කතිරයක් බවට පත් වෙන්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ අලියට ගහන කතිරයෙන් ජනාධිපතිවරයාගේ ශක්තිය ගමට ගේන්න බෑ.
අපි මහින්ද මහත්තයාව බලයෙන් පහකරලා මෛත්‍රී මහත්තයා ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ මහින්ද මහත්තයාගේ රූපය හොඳ නැති නිසා නෙමෙයි. ඔහුගේ ක්‍රමය හොඳ නැති නිසයි. මහින්ද මහත්තයාගේ කාලයේ එකෙක් හොරකම් කළාම ඒකාව රැක්කා. දෙවැනියත් හොරකම් කරන්න පටන් ගත්තා. ඒකාවත් රැක්කා. තුන්වැනියත් හොරකම් කරන්න පටන් ගත්තා. ඒකාවත් රැක්කා. ඊළඟට ප්‍රාදේශීය සභා මන්ත්‍රීලත් හොරකම් කරන්න පටන් ගත්තා. පහුගිය කාළයේ අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කී දෙනෙක් පගා අරන් හිරේ ගියාද?. මුල සවුත්තු වුණාම අගත් සවුත්තු වුණා. පළමුවැනි වතාවෙම තීන්දුවක් ගත්තා නම් මෙවැනි වින්නැහියක් වෙන්නේ නැහැ.
මහින්ද රාජපක්ෂ මහත්තයා රට බේරාගත්ත නායකයා නිසා, අවුරුදු 10 ක් අපි එතුමා එක්ක හිටිය නිසා මේ වෙලාවේ එතුමාට පිටුපෑවොත් හොඳ නෑ කියලා සමහරු හිතනවා. මේ රටේ වෙච්ච, මේ රටේ වුණ ලොකුම හොරකම බැඳුම්කර වංචාව නෙමෙයි. බැඳුම්කර වංචාවත් වංචාවක් හැබැයි ඒ හොරකමේ ගාන දන්නවා. අයකර ගත යුතු මුදල දන්නවා. හොරු ටික හිරේ දාගන්න පුළුවන්. මහ දවාලේ ලොකුම හොරකම කරන්න යන්නේ මහින්ද මහත්තයා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ අවංකකම, තමන්ගේකම, ළෙංගතුකම, අපේකම මහින්ද මහත්තයා මහදවාලේ හොරකම් කරන්න යනවා.
මහ බැංකු මංකොල්ලයේ ගාන අපිට අය කර ගන්න හරි පුළුවන්, හැබැයි මේ මනුස්සකම හොරකම් කරන එකේ වටිනාකම කීයද?. මේ අපේකම නැති කරන එකේ වටිනාකම කීයද?. ඒ නිසා මේ මහා දවාලේ හොරකම, මහ දවාලේ වංචාව කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා.
යුද්ධය අවසන් කළා කියලා අද කියනවා පක්ෂය දාලා පලයන් කියලා. අද කියනවා ගමට සංවර්ධනය ගෙන්න ගන්න එපා රැවටිලා අපි ගාවට එන්න කියලා. හෙට තමන්ගේ දෙයක් ඉල්ලුවොත් මොකද කරන්නේ.? තමන් පණ වගේ රකින කෙනෙක් ඉල්ලුවොත් දෙනවාද?. ඒ නිසා මේ විහිළුව දැන් ඇති. රට බේරලා දුන්නා කියලා ගමේ සංවර්ධනයට, දියුණුවට පයින් ගහන්න බෑ. දැන් සීනුවට, අලියට හා පොහොට්ටුවට ගම හදන්න බැරි වුණාට, අපි ආඩම්බරයෙන් කියනවා මෙච්චර කාලයක් ලයිට්, වතුර දීලා, පාර හදලා ගමේ සංවර්ධනයක් කළේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයයි. ඉදිරියට ඒ සංවර්ධනය කරන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ගම බාර දෙන ලෙස ඉල්ලා සිටිනවා”