Category: සුපිරි Talks & Jokes

  • පෙබරවාරි 14 සිට අධිවේගයේ අධිවේගයෙන් ගියොත් මාට්ටු

    පෙබරවාරි 14 සිට අධිවේගයේ අධිවේගයෙන් ගියොත් මාට්ටු

    අධිවේගී මාර්ගයේ නියමිත වේග සීමාව ඉක්මවා ධාවනය කරන රථවාහන රියදුරන්ට එරෙහිව ලබන 14 වනදා සිට නව වේග මාපක පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ වේග සීමාව උල්ලංඝනය කරන වාහනවල ඡායාරූප ලබා ගනිමින් අදාල වාහනය අධිවේගී මාර්ගයෙන් පිටවන අවස්ථාවේදී ලබා දීමට හැකියාව පවතී.
    පොලීසිය හා අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය එක්ව මෙම ව්‍යාපෘතිය සිදුකිිරීමට නියමිත අතර එහිදී නිරීක්ෂණ වේලාව, වේගය සහ අදාළ වාහනයේ අංකයද පැහැදිලිව නිකුත් කිරීමට හැකියාව ඇත.මෙමගින් අධිවේගී මාර්ගය තුළ සිදුවන රිය අනතුරු  අවම කර ගැනීමට පොලීසිය හා අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය බලාපොරොත්තු වේ.
  • නිළවරණ කඹ ඇඳිල්ල නිසා ලංකාවේ අංක එකේ ජිම්නාස්ටික් ක්‍රීඩකයා කැපිලා

    නිළවරණ කඹ ඇඳිල්ල නිසා ලංකාවේ අංක එකේ ජිම්නාස්ටික් ක්‍රීඩකයා කැපිලා

    ” ඩිල්ෂාන් කවීන් කියන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් කරා යන්න පුලූවන් කී‍්‍රඩකයෙක්. මෙවර කී‍්‍රඩිකාවන් 3 දෙනෙකුට පමණයි අවස්ථාව දීලා තියෙන්න. එතන පිරිමි ජිම්නාස්ටික් ක‍්‍රීඩකයින් නැහැ. අමෙරිකාවේ වසර 3ක් මගේ පුතා පුහුණුවීම් කළා. එයා ලංකාවේ ඉන්න අංක එකේ ජිම්නාස්ටික් කී‍්‍රඩකයා. මම මෙවර සහයෝගය දෙන්නේ රොහාන් ප‍්‍රනාන්දුට ඒක නිසා තමයි මැක්ස්වෙල් සිල්වා මගේ පුතාට කැපිල්ල දාන්නේ. මගේ පුතා අමෙරිකාවේ අධ්‍යාපනය හදාරණමින් සිටින්නේ. එයා අධ්‍යාපන කටයුතු තාවකාලිකව නවතා දමා ඉකුත්දා ශී‍්‍ර ලංකාවට පැමිණ ජිම්නාස්ටික් තේරීම් තරග සඳහා සහභාගි වූයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට එක්වීමේ අපේක්ෂාවෙන්. කී‍්‍රඩාව වෙනුවෙන් දිරියක් වන සෑම දෙමාපියෙකුටම බලධාරීන් දෙන ආදර්ශය මේකද ? අපි සල්ලි වියදම් කරලා රටවල්වල යවලා පුහුණුවීම් කරවලා දරුවන් පුහුණු කරන්නේ රට දිනවන්න මිසක් සාක්කු පුරව ගන්න නෙමේ ” යනුවෙන් ඔලිම්පික් නිලවරණයට දෙපාර්ශ්වයක තිබෙන කඹ ඇදිල්ලක් හේතුවෙන් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තේරීමේදී අසාධාරණයක් සිදුව ඇති බව ජිම්නාස්ටික් සංගමයේ හිටපු සභාපති අරුණ ප‍්‍රසාද් මහතා පවසා ඇත. 

    වර්තමානයේ ශී‍්‍ර ලංකාවේ සිටින අංක එකේ ජම්නාස්ටික් කී‍්‍රඩකයා වන තම පුත‍්‍ර ඩිල්ෂාන් කවීන් කී‍්‍රඩකයාටද එවැනි ඉරණමකට මුහුණදීමට සිදුව ඇති බවයි ඔහු මාද්‍ය වෙත කියා සිටි අතර තමන් මෙවර ඔලිම්පික් නිලවරණයේදී රොහාන් ප‍්‍රනාන්දුගේ පාර්ශ්වයට සහයෝගය දැක්වීම හේතුවෙන් වත්මන් ඔලිම්පික් කමිටුවේ බලය හිමි එහි මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා ප‍්‍රමුඛ පාර්ශ්වය මෙම කී‍්‍රඩකයා ජිම්නාස්ටික් කණ්ඩායමෙන් ඉවත කර ඇති බවත් ඔහු කියා සිටී.
     
    මේ සම්බන්ධයෙන් එම මාධ්‍ය ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් සිල්වාගෙන් විමසීමක් කර ඇති අතර එහිදී ඔහු කියා සිටියේ තමන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමේදී කිසිඳු අසාධාරණයක් සිදුකර නොමැති බවත්ය. කෙසේ වෙතත් තම පුත‍්‍රයාට සිදුව ඇති අසාධාරණය පිළිබඳව කී‍්‍රඩා අමාත්‍යවරයා දැනුවත් කරන බවයි අරුණ ප‍්‍රසාද් මහතා අදාල මාධ්‍ය වෙත වැඩිදුරටත් කියා සිටියේ.

  • ඇලෝසියස්‌ හා පලිසේනගේ සිර මැදිරි අසලට ගොස්‌ ඔවුන් සමඟ කතාබස්‌ කිරීමට බන්ධනාගාර නිළධාරීන්ට තහංචි

    ඇලෝසියස්‌ හා පලිසේනගේ සිර මැදිරි අසලට ගොස්‌ ඔවුන් සමඟ කතාබස්‌ කිරීමට බන්ධනාගාර නිළධාරීන්ට තහංචි

    මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව රිමාන්ඩ් භාරයේ පසුවෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන සැකකරුවන් දෙදෙනාට බන්ධනාගාරයෙන් විශේෂ සැලකිලි, පහසුකම් ලැබෙනවා යෑයි කියමින් ඇතැම් පිරිස්‌ හා මාධ්‍ය මගින් කරන විවිධ ප්‍රකාශ නතර කිරීම සඳහා ඔවුන්  රඳවා සිටින සිර මැදිරිය අසලට ගොස්‌ එම සැකකරුවන් සමග සුහදව කතාබස්‌ කිරීමෙන් වළකින ලෙස බන්ධනාගාර අධිකාරිය අදාළ බන්ධනාගාර නියාමකයන්ට උපදෙස්‌ දී ඇත.

    බන්ධනාගාගත වන ලොකු පොඩි ඕනෑම සැකකරුවකු එක හා සමාන බවත් බන්ධනාගාර සැකකරුවන් සහ සිරකරුවන් විශාල පිරිසක්‌ සිටියදී යමිකිසි පුද්ගලයකු හෝ කිහිප දෙනෙකු ගැන පමණක්‌ බන්ධනාගාරය අවධානය යොමු නොකරන බව කී බන්ධනාගාර ප්‍රකාශකයා මෙම සැකකරුවන් දෙදෙනාගේ අවශ්‍යතා මත ඔවුන්ට නිවෙස්‌වලින් කෑම බීම බන්ධනාගාරයට සැපයිය හැකි බවද වැඩිදුරටත් පැවසීය.

  • උදයංග රැගෙන ඒමට හත්දෙනෙකුගේ කණ්ඩායමක් අද දිවයිනෙන් පිටත් වේ

    උදයංග රැගෙන ඒමට හත්දෙනෙකුගේ කණ්ඩායමක් අද දිවයිනෙන් පිටත් වේ

    පසුගිය දිනකදී ඩුබායිහිදී අත්අඩංගුවට පත්  හිටපු රුසියානු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒම සඳහා නිලධාරීන් 7 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අද (7) දිවයිනෙන් පිටත්ව යන බවත් එම නිලධාරීන් කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 3 ක්, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙක්. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙක් ඇතුළත් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.
  • පුංදි ඡන්දය වෙනුවෙන් වැසෙන පාසල් හා විද්‍යාපීඨ

    පුංදි ඡන්දය වෙනුවෙන් වැසෙන පාසල් හා විද්‍යාපීඨ

    පෙබරවාරි 10දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් මේ මස 9වැනි සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    මීට අමතරව මැතිවරණ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා මතු දැක්වෙන පාසල් 19 සහ අධ්‍යාපන විද්‍යාපීඨ දෙක හෙට (7) සිට සිකුරාදා (9) දක්වා වසා තැබෙන බවද එමඅමාත්‍යාංශය නිවේදනය කරයි.

    එම පාසල් සහ විද්‍යාපීඨ මෙසේය.

    පාසල් – කොළඹ ඩී.එස්.සේනානායක, රාජකීය,කළුතර ඥානෝදය , ශාන්ත ජෝන්, මහනුවර ධර්මරාජ, මාතලේ සංඝමිත්තා, නුවරඑළිය ගාමිණි, ගාල්ල සවුත්ලන්ඩ්, හම්බන්තොට සුචී, යාපනය මධ්‍ය විද්‍යාලය, මඩකලපුව හින්දු විදුහල, ත්‍රිකුණාමලය විපුලානන්ද, කුරුණෑගල මලියදේව, ශාන්ත ජෝන් පුත්තලම හින්දු, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවී, මොණරාගලරාජකීය, කෑගල්ල ස්වර්ණ ජයන්ති

    අධ්‍යාපන විද්‍යාපීඨ

    පත්තලගෙදර අධ්‍යාපන විද්‍යාපීඨය සහ පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය.

  • ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලට නොවැනුවොත් අපි අපේ කඩු වනන්න පටං ගන්නවා

    ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලට නොවැනුවොත් අපි අපේ කඩු වනන්න පටං ගන්නවා

    ඇලෝසියස්ලා අත්අඩංගුවට ගෙන ඇත්තේ බිලියන 12ක චෝදනාවකට බවත් ගෝටාභය රාජපක්‍ෂටද ඇවන්ගාඩ් නඩුවෙන් බිලියන 12ක චෝදනාවක් ඇති බවත් ,එබැවින් අර්ජුන් ඇලෝසියස්ලාට ක‍්‍රියාත්මක කල නීතිය ගෝටාභය රාජපක්‍ෂටද ක‍්‍රියාත්මක කල යුතු යයි හෝමාගමදී පැවති ජනහමුවකදී ඇමති චම්පික රණවක මහතා පවසයි.

    ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලටද ක‍්‍රියාත්මක කරන ලෙසත් නැතොත් අපි කඩුව වනන බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. 

     

  • චීන ජනපති ෂී ජින්පින් මහතාගෙන් ජනපති මෛත්‍රීට ලිපියක්

    චීන ජනපති ෂී ජින්පින් මහතාගෙන් ජනපති මෛත්‍රීට ලිපියක්

    චීන ජනාධිපති ෂී ජින්පින් විසින් මෙරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනය පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ සුබපැතුම් පළ  කර ඇති බව චීන මාධ්‍ය වාර්ථා කර ඇත.
    ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට පූර්ණ සහය ලබාදීමට චීන රජය ගෙන ඇති තීන්දුව පිළිබඳව සඳහන් තීරණයන් ඉදිරියේදී කිසිදු වෙහෙසකින් තොරව ක්‍රියාත්මක වනු ඇති බවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළට ඔසවා තැබිමට චීන රජය පූර්ණ දායකත්වය ඉදිරියටද ලබාදෙන බවත් චීනය හා ශ්‍රී ලංකාව අතර සබඳතාවන් මේ වනවිට වඩාත් ශක්තිමත් මට්ටමක පවතින නිසා දෙරටෙහිම ජනතාවට මෙම සබඳතා හරහා ප්‍රතිලාභ ලබාදීම චීන රජයේ අපේක්ෂාව වන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත  යොමු කරන ලද ලිපියේ වැඩි දුරටත් දැක්වෙන බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.
     
  • විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් හෙට(7) වැඩවරයි

    විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් හෙට(7) වැඩවරයි

    මෙරට රජයේ විකිරණ තාක්ෂණවේදී සේවාව තුළ 1200කට ආසන්න පිරිසක් සේවය කළ යුතු වුවත් මේ වනවිට සේවය කරන්නේ නිලධාරීන් 550ක් වැනි ප්‍රමාණයක් බැවින් සේවාව පවත්වාගෙන යෑමේදී බරපතළ ගැටලු ප්‍රමාණයක් ඇතිවී තිබෙන බවත් මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නොමැති බවත්  මීට අමතරව ස්ථාන මාරු ක්‍රමවේදයේ හා අමතර දීමනා ගෙවීමේදීත් ගැටලු ගණනාවක් නිර්මාණයවී තිබෙන බවත්, එම ගැටලු විසඳීමටවත් බලධාරීන් වැඩපිළිවෙළක් සකස් කර නොමැති බැවින්ද ඊට එරෙහිව හෙට (07දා) උදෑසන 8.00 සිට පැය 24 එක්දින වර්ජනයක් සිදුකරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවධාරණය කරයි.  

    වැඩවර්ජනය සිදුකරන කාලය තුළදී Xකිරණ පරීක්ෂා කිරීම්,CT ස්කෑන් පරීක්ෂණ හා MRI පරීක්ෂණ ඇතුළු විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සිදුකරන කිසිදු විකිරණ පරීක්ෂාවක් සිදුනොකරන බවත් නමුත් මානුෂීය හේතූන් මත පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කටයුතු සිදුකරන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේය.

    මෙම ක්‍රියාමාර්ගයටත් නිසිලෙස විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

  • පුංචි ඡන්දය නිරීක්ෂණයට විදෙස් නියෝජිතයින් 10 ක්

    පුංචි ඡන්දය නිරීක්ෂණයට විදෙස් නියෝජිතයින් 10 ක්

    පළාත් පාලන ආයතන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයින් දස දෙනෙකු ගෙන්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    ඒ අනුව ඉන්දියාවෙන් නිරීක්ෂකයන් හතර දෙනෙක්, කොරියාවෙන්, මාලදිවයිනෙන් හා ඉන්දුනීසියාවෙන් නිරීක්ෂකයන් දෙදෙනා බැගින් කැඳවීමට නියමිතය. මෙම පිරිස් ඡන්ද විමසීම් සිදුවන ලබන 10 වැනිදා නිරීක්ෂණ කටයුතුවල යෙදවීමට සැලසුම් කර තිබේ.

  • අප්‍රෙල් සිට පාසල් වලට නොමිලේ WiFi

    අප්‍රෙල් සිට පාසල් වලට නොමිලේ WiFi

    පසුගිය වසරේ සිට ක්‍රියාත්මක කිරීහට තිබූ පාසල් වෙත වයිෆයි පහසුකම නොමිලේ ලබාදීම ලබන අප්‍රේල් මාසයේ දී  ආරම්භ කිරීමට කටයුතු සලසා ඇති බවත් එසේ පසුගිය වසරේ එම ක්‍රියාවලිය ඉටු කිරීමට නොහැකි උනේ ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් නිසා බවත් ග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.
  • ඇලෝසියස් හා පලිසේන ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

    ඇලෝසියස් හා පලිසේන ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

    ඊයේ (4) අත්අඩංගුවට ගත් ප්‍රිපැචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා ඒහි විධායක නිළධාරී කසුන් පලිසේන යන අයවලුන් මෙම මස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොලඹ කොටුව මහේස්ත්‍රාත් වරයා විසින් නියෝග කර ඇත.

  • අපේක්ෂිකාවට අතවර කල ආධාරකරුවා පලායයි

    අපේක්ෂිකාවට අතවර කල ආධාරකරුවා පලායයි

    එළැබෙන 10 වෙනි දිනට යෙදී ඇති මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවකට ලිංගික අතවර කළ වැලිකන්ද පොලිස් වසමේ දී ඡන්ද ආධාරකරුවෙකු ප්‍රදේශයෙන්  පළා ගොස් අති අතර  සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

    මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් ඉකුත් 02 වැනිදා පොලිසියට ඉදිරිපත් වී ඇති අතර පැමිණිළිකාරිය රෝහල් ගත කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

  • බෙල්ලන්විල විමලරතන හිමිගේ ආදාහන පූජෝත්සවය 08 වන බ්‍රහස්පතින්දා

    බෙල්ලන්විල විමලරතන හිමිගේ ආදාහන පූජෝත්සවය 08 වන බ්‍රහස්පතින්දා

    අපවත්වී වදාළ මහාචාර්ය, බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේදී එළැඹෙන 08දා පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය. 

  • අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිහේන අත්අඩංගුවට

    අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිහේන අත්අඩංගුවට

    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පළිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස්, කසුන් පළිසේන හා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සැකකරුවන් ලෙස නම්කර තිබූ අද උදෑසන අර්ජුන් අලෝසියස් මහතා කොළඹ පිහිටි නිවසේ සිටියදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවට ගොස් ඇත බැවින් ලබන 15 දාට පෙර රහස් පොලීසියේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

  • 70 වන නිදහස ‍වෙනුවෙන් ගූගල් මුල් පිටුවට සිංහ කොඩිය

    70 වන නිදහස ‍වෙනුවෙන් ගූගල් මුල් පිටුවට සිංහ කොඩිය

    ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස වෙනුවෙන් ගූගල් සේවය සිය මුල් පිටුවට ශ්‍රී ලංකා ජාතික කොඩිය එක්කර ශ්‍රී ලංකිකයින් සමග නිසදහසේ ප්‍රීතිය විදීමට කටයුතු කර ඇත.

    Capture

  • බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙයි

    බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙයි

    බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ අද (03) අපවත් වූහ.

    ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබුණු අතර විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණි.