Category: සුපිරි Talks & Jokes
-

මහබැංකුවේ විශ්වාසනීයත්වය බරපතල අන්දමින් බිඳ වැටිලා
ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසනීයත්වය ඉතා බරපතල අන්දමින් බිඳවැටී ඇති බවත් අද ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර කළු බැඳුම්කර ලෙස ජාත්‍යන්තරය හඳුන්වන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ (02) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කලේය.ලබන 06 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බැඳුම්කර විවාදයේදී තමන්ට වැඩි කාල වේලාවක් ලබාදිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් ලබන සඳුදා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය. -

ප්‍රජා අයිතිය නැති කරල මදි ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයා සිදු කර ඇති මහා පරිමාන වංඡා හා අපරාධ හේතුවෙන් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම කිසිසේත්ම ප්‍රමානවත් නොමැති අතර මහින්ද මහතාව , ඔහුගේ සහෝදර සමාගම හා පුත්‍රරත්නයන්ව එම වංචා හා අපරාධ සඳහා නීතිය ඉදිරියට පමුණුවා දිවි ඇති තෙක් හිර ගෙදර උරුම කරවිය යුතු යැයි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මාධ්‍යට ප්‍රකාශ කර ඇත.
-

කිරිඇල්ලට හා ෆයිසර්ට එරෙහිව පරීක්ෂණ
පළාත් පාලන මැතිවරණ කාලයේ හෝ පසුව පළාත් පාලන ආයතන වලට මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමේ දී එජාප පාලනයක් තිබෙන ආයතනවලට පමණක් මුදල් ලබාදෙන බවට ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත් පාළාත් පාලන විෂයභාර ඇමතිවරයා ලෙස මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේදී සිය පක්ෂයට සැලකිල්ලක් ලබා දෙන බවට ෆයිසර් මුස්තාෆා ඇමතිවරයාත් ප්‍රකාශ කර ඇති බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ඊට අදාල පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
-

වෙනස්ම විදිහේ මැතිවරණ අල්ලසක් මාට්ටු වෙයි… ඡන්දෙ වෙනුවට ලයිට් බිලයි වතුර බිලයි ගෙවනවළු
එළැබෙන 10 වෙනිදාට යෙදී ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින ඡන්ද අපේක්ෂකයින් ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බව පැෆරල් සංවිධානය පවසයි.
මැතිවරණ අල්ලස් ලෙස ඇතැම් අපේක්ෂකයින් ඡන්දදායකයින්ගේ ජල සහ විදුලි බිල්පත් ගාස්තු ද ගෙවා දමා ඇති බව තමන්ට වාර්ථා වී ඇති බව එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
-

පක්‍ෂය පාට කුමක් වුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් හෝ එහි නියෝජිතයෙක් නොවන අපේක්‍ෂකයකුට ඡන්දය ප්‍රකාශ කරන්න
මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්‌ථානය ශ්‍රී ලංකාව තුළ මධ්‍යසාර, දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා විද්‍යාත්මක පදනමකින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින ආයතනයකි. ඒ අතර පසුගිය වසර කිහිපය තුළම පළාත් පාලන ආයතන පළාත් සභා, පාර්ලිමේන්තු සහ ජනාධිපති මැතිවරණය ඉලක්‌ක කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
මධ්‍යසාර, දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයෙන් ජනතාව නිදහස් කර ගැනීමේ වැඩසටහන සඳහා රටට අවශ්‍ය ඵලදායී ප්‍රතිපත්තිමය තීරණ හා ක්‍රියාකාරකම් පළාත් පාලන ආයතන හරහා සිදුකර ගැනීමට නම් එම පළාත් පාලන ආයතනවලට සුදුසු මහජන නියෝජිතයන් පත්විය යුතු බව ද එම ආයතනය කියා සිටින අතර ඒ සඳහා පක්‍ෂය පාට කුමක් වුවත් අරක්‌කු, බියර්, සිගරට්, කසිප්පු, කුඩු ගංජා ජාවාරම්කාරයෙක් හෝ එහි නියෝජිතයෙක් නොවන කෙනෙකුට ඡන්දය ලබාදෙන ලෙසට ආයතනය මගින් දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහනක් මේ දිනවල ආරම්භ කර ඇත.
-

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් වර්ජනයකට ලෑස්ති වෙයි
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් අතර ඇති වැටුප් විෂමතාවයන් හා තවත් ගැටළු කිහිපයක් විසඳීමට කටයුතු නොකරන නිසා පෙබරවාරි 05 වැනිදායින් පසු ඕනෑම මොහොතක ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනයක් ආරම්භ විය හැකි බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සමස්ත ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ටම දැඩි අසාධාරණයක් සිදුවී තිබෙන බවද එම සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසා සිටියේය.
මූලික වැටුපට අනුව දීමනා ලබාදීම නවතා දමා තිබෙන බවත්, බදුසහන යටතේ ලබාදුන් වාහන බලපත්‍රය කප්පාදු කිරීම, පොදුවේ රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහිමි කිරීම යන කාරණා මූලික කරගනිමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළ අතර වර්ජනය දියත් කිරීම සඳහා පළාත් මට්ටමින් දැනුවත් කිරීම් ආරම්භ කර තිබෙන බවත්, දින 05ක් තුළ මෙම ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් වැඩවර්ජනය සිදුකරන බවත් ඔහු අවධාරණය කළේය.ඇතිවී තිබෙන ගැටලු විසඳාගැනීම සඳහා බලධාරීන් සමග අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කළද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
-

චිචී බබා චිකේ බබා වෙයි … විවෘත වේදිකාවක ගීත වෙනස් කරමින් ජනපති මෛත්‍රීට මඩ ගසයි
පසුගිය දිනක පොහොට්ටුවේ අපේක්ෂකයින් දිනවීමේ පුංචි මීටිමක මහින්දගේ හිච්චි කොළුවා වන රෝහිත රාජපක්ෂ විසින් පිං මාළුවලේ ගීතය වෙනස් කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ප්‍රහිරයක් එල්ල කරන ලදී.එම ගීතය පොහොට්ටු පාක්ෂිකයන් විසින් හෙන ලොකු වැඩක් යැයි උලුප්වා දක්වමින් තමන්ගේ මුහුණු පොත් ගිණුම් වලට එක් කරමින් සිටින අතර එයින්ම පොහොට්ටු පාක්ෂිකයින්ගේ මානසිකත්වය මනාවට පැහිදිලි වේ.චිචී බබා වැනි සූකිරි බඩිල්ලන් දේශපාලන වේදිකාවට ගෙන ඒමෙන්ම පොහොට්ටුවේ තත්වය හිතාගත හැකිය.
ශ්‍රීලනිපය නැවත එක්වුවහොත් නාමල්ගේ ජනාධිපති සිහිනය දවල් දැකපු එකක් වන නිසාත් දැන් දැන් චිචීවත් දේශපාලන වේදිකාවට නැංවීමෙනුත් මහින්ද රාජපක්ෂට අවශ්‍ය රාජපක්ෂ සනුහරය උස්සා තැබීම මිස රටේ ජනතාව උස්සා තැබීම නොවන බව සක්සුදක් සේ පැහැදිලි වෙමින් පවති.
අහෝ පොහොට්ටු පාක්ෂිකයිනි ඔබලාට අබ සරණයි!!
https://www.facebook.com/supirigossip1/videos/1574382285930705/
-

වෙලාවට දෙන්න කලින් බැලුවෙ මුදල් ඇමතියි මහබැංකු අධිපතියි දෙන්නම අත්සන් කරලා…
මුදල් නොට්ටු විකෘති කිරීම නැවැත්වීමේ අදහසින් පසුගියදා මුදල් ඇමති වරයා ගෙන එන නව නීතිය සම්බන්ධයෙන් ලකයි සිකයි දෙන්න එකතු වෙලා පට්ට වීඩියෝ එකක් කරල තිබුණා.
https://www.facebook.com/supirigossip1/videos/1574359732599627/
-

සෞඛ්‍ය අමාත්‍යවරයාත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් නටන නාඩගම්වලට 30 වෙනිදට උත්තර දෙනවා
සෞඛ්‍ය අමාත්‍යවරයා තමන්ගේ පවුලේ ප්‍රශ්න පවුල තුළ බේරා නොගෙන වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවාවම බිල්ලට ලබාදෙමින් සිටින බවත් සයිටම් අහෝසි නොකර සෞඛ්‍ය අමාත්‍යවරයාත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් නටන නාඩගම්වලට 30 වෙනිදා උත්තර ලබාදෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කරයි.
සයිටම් අහෝසි නොකිරීම ඇතුළු ගැටලු 10ක් මුල් කරගනිමින් මෙම වර්ජනය පවත්වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
-

රාජපක්ෂ කාලයේ රාජ්‍ය නායකයින් ලංකාවට ආවේ අමු හෙළුවෙන් … කටුනායකදි රෙදි කෑල්ලක් ඔතලයි රට ඇතුලට ගත්තේ
පසුගිය රාජපක්‍ෂ ආණ්ඩු කාලයේ ගෝත‍්‍රික රටවල නායකයන් මෙරටට ආවේ නිරුවතින් බවත් කටුනායක ගුවන් තොටුපලේදී රෙදි කෑල්ලක් පටලවා රට තුලට ගෙන්වූ බවත් පූජ්‍ය දඹර අමිල හිමියෝ එක්සත් ජාතික පක්‍ෂ ජනහමුවක් අමතමින් පවසති.
අද වන විට ඇමරිකාව, රුසියාව, චීනය ඇතුළු ලොව සියළු බලවත් රටවල් මෙරට සමග ඉතාමත් හොද මිතුරන් වී සිටින බවත් මේ දිනවල මෙරටට පැමිණ සිටින සිංගප්පුරු අගමැතිවරයාද පැමිණ සිටින්නේ තෑගි බෝග ගොඩාක් රැගන බවත් සදහන් කරති.
ජනවරි 08 ට කලින් පැවති තත්වයට රට ගෙනයන පොහොට්ටු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බවත් එය වැළැක්වීම සදහාඉදිරි මැතිවරණයෙන්ද යහපාලනය දිනවිය යුතු බවත් උන් වහන්සේ වැඩි දුරටත් පවසති.
-

IPL පළමු වටයේ වෙන්දේසියෙන් කිසිම කණ්ඩායමක් මාලිංගව මිලදී ගෙන නෑ
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් පළමුවරට ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ වෙන්දේසිය සඳහා නිදහස් කළ ශ්‍රි ලංකාවේ ලසිත් මාලිංගට ඉන්දීය රුපියල් කොටියක මූලික මිලක් නියමව තිබුණත් කිසිඳු කණ්ඩායමක් එම මුදල ගෙවා මාලිංග මිලදී ගැනීමට ඉදිරිපත් නොවීය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් නිදහස් කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් හටද ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික මිලක් නියමව තිබුණු අතර ඔහුව මිලදී ගැනීමටද කිසිවෙක් ඉදිරිපත් නොවීය.
.එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටෝක්ස් ඉන්දීය රුපියල් කොටි 12.5කට අද රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම මිලට ගත් අතර එය මෙවර වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙක් අලෙවි වූ වැඩිම වටිනාකම වෙයි.
-

චීන පෙට්ටි වල මෙච්චර කල් තිබ්බ බ්රේක් එකපාරට නෑ කියන්නෙ දේශපාලන හේතුවකටයි…
චීන මැදිරි සහිත දුම්රිය වල තිරිංග ක්‍රියාකාරීත්වයේ ඇති අනතුරුදායක බව නිසා ඒවායේ සේවයෙන් ඉවත්වන බව දුම්රිය රියැදුරන් හා නියාමකවරුන් දැන් කියා සිටියද මීට වසර කිහිපයකට පෙර දකුණු දුම්රිය මාර්ගයේ ගමන් කළ රුහුණු කුමාරි සහ සාගරිකා දුම්රිය සඳහා එම මැදිරි යොදවා තිබූ සමයේ රියැදුරන් ඒවා පැයට කිලෝමීටර් 100 කටත් වැඩි වේගයකින් ධාවනය කළ අවස්ථා බොහෝ තිබූ බව එම දුම්රිය වලින් අගනුවර කාර්යාල සේවයට පැමිණෙන දකුණු පළාතේ දුම්රිය මගීන් පිරිසක් පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ ඉන්දියාවෙන් ගෙන්වූ එස් 11 බලවේග කට්ටල එම දුම්රිය සඳහා යොදවන තුරු එම දුම්රිය වලට යොදවා තිබුණේ තිරිංග ක්‍රියාකාරීත්වයේ දෝෂ පවතින බවට දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් චෝදනා කරන චීන දුම්රිය මැදිරි බවය.
එහෙත් එවකට මෙම මැදිරිවල සම්බන්ධ එවන් අවදානමක් තිබූ බව එම දුම්රිය වලින් නිතිපතා අගනුවර පැමිණෙන දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙකු වත් නොකී බවත් එවන් දෝෂයක් මේ දිනවල ඉස්මතු කොට දක්වනුයේ කිසියම් දේශපාලනික අරමුණක් මුල් කොට මහජන පීඩාවක් ඇතිකිරීමට බවටත් තමන් තුළ සාධාරණ සැකයක් පහල වී ඇතැයි ඔවුහු මේ පිළිබඳව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති අතර කෙසේ හෝ දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් හදිසියේ ඉස්මතු කළ මෙම තිරිංග දෝෂය පිළිබචඳව වැඩිදුරටත් විමසීම පිණිස පසුගිය දිනයක මෙම මැදිරි යෙදූ විශේෂ දුම්රියක් අනුරාධපුරය දක්වා නිරීක්ෂණ චාරිකාවක යෙදුණු බවත් රියැදුරන් සහ නියාමකවරුන්ගේ ප්‍රකාශ තුළ ඇති කරුනු වල සත්‍යතාව එම නිරීක්ෂණ වාර්තාවෙන් ඉදිරි දින කිහිපය තුළ හෙළි වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් එම පුවත්පතටම පවසා ඇත.
ඒ කෙසේ හෝ මෙහි කිසියම් සත්‍යතාවයක් තිබුණහොත් රුපියල් කෝටි ගණනක් වටිනා දුම්රිය මැදිරිවල කුමක් සිදුවේ දැයි ඔහුගෙන් ඇසූ පැනයට එම ප්‍රකාශකයා කියා සිටියේ එසේ වුවහොත් චීන තාක්ෂණික උපදෙස් මත එම දෝෂ යථා තත්ත්වයට පත් කළ හැකි බවයි. ඒ කෙසේ හෝ එවැන්නක් අවශ්‍ය නොවනු ඇතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව ඔහු වැඩි දුරටත් පවසා ඇත.
-

GMOA දොස්තරලා දීප ව්‍යාප්ත වර්ජනයකට සැරසෙයි
සයිටම් ආයතනය අහෝසි නොකිරීම, වැඩි වූ මුලික වැටුපට අනුව දීමනා ඉහළ නොදැමීම ඇතුළු ගැටලු ගණනාවක් මුල්කර ගනිමින් ජනවාරි 30 වන දින උදේ 8.00 සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් සිදුකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර තිබෙන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.
මෙම දිනට පෙර ගැටලු විසඳීමට නොහැකි වුවහොත් වැඩවර්ජනය සිදුකිරීම වළක්වා ගැනීමට නොහැකි වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.
-

මංගලගෙන් රවීට පත්තරයක්! (Exclusive)
මංගල සමරවීරගේ පිහිටෙන් සහ විවිධ පුද්ගලයින් බ්ලැක්මේල් කිරීමෙන් ජීවිකාව සරිකරගත් අයෙකු ලෙස නම්දරා සිටින මංගල සමරවීර අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් රුවන් ෆර්ඩිනන්ඩස් අද වන විට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙනුවෙන් මාධ්‍ය බර කරට ගැනීමට සියලු වෙර යොදමින් සිටින බව වාර්තා වෙයි.
මෙතෙක් දවසක් රවී කරුණානායක මන්ත්‍රීවරයාට පට්ට පතුරු යනතුරු අසත්‍යය පතුරුවාහරිමින් සිටි රුවන්ට මේ කොන්තරාත්තුව බාරදී ඇත්තේ මංගල සමරවීර මහතාගේ ද අනුදැනුම මතබවත් දැනගන්නට තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සීතල යුද්ධය රාජ්‍ය බලය හෙබවීමත් සමගම යම් පමණකට සමහන් වී ඇති බවක් දිස් වුවද, අලුයට ගිනි පුපුරු සිහින් සළගටත් දැල්වෙමින් තිබේ. එහි කුප්‍රකට ගොදුර බවට පත්කර ඇත්තේ රවී කරුණානායක මන්ත්‍රීවරයා ය. කෙසේ වෙතත් කපන්න බැරි අත සිඹින්නා සේ දැන් දැන් රවී කරුණානායකගේ අසරණබවෙන් ප්‍රයෝජන ගනිමින් වෙනත් වටයකින් රවී කරුණානායක බිලීබා ගැනීමට හෝ නිහඩ කරවීමට හෝ එක්සත් ජාතික පක්ෂය තුල හුදෙකලා කිරීමට හෝ මේ වනවිට මෙහෙයුම් කිහිපයක්ම ක්‍රියාත්මක වෙමින් පවතී.
කෙසේ වෙතත් අවසානයේ රවී කරුණානායක හුදෙකලා කොට නිහඩකරවීමේ අදිසි හස්තයක් ලෙස නිහඩ චරිතයක් ලෙස කටයුතු කිරීමට මංගල සමරවීර ඇමතිවරයා කැමැත්ත පලකර තිබේ. ඒ අනුව ඔහුගේ සමීපතමයෙක් වන රුවන් ඉතිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් යොදවා ගැනීමට ද මංගලට දැන් අවස්ථාව උදාවී ඇත. ඒ අනුව රුවන්ට ද තම සුපුරුදු කප්පම් සහ ඩීල් යාන්ත්‍රණය ක්‍රියාවට යෙදවීමට සුදුසු ම පුද්ගලයා හමු වී ඇති සෙයකි.
ඕපාදූප වෙබ් අඩවි සහ කිඩාරම් මල් වැනි පුවත්පත් අටවමින් ඊට තම සහචරයන් යොදවමින් සහ මුදල් යටිමඩි ගසමින් ගෙනගිය ව්‍යාපාර කිහිපයක්ම යටයාමෙන් අනතුරුව රුවන් මේ දිනවල ගත කරන්නනේ මාධ්‍ය අමාත්‍යාංශයේ වුවත් සුපුරුදු කාර්යයන්ට ඔහු නිරායාසයෙන්ම පෙළඹෙන බවක් පෙන්වයි. ඒ අනුව රුවන්ගේ අලුත්ම ගේම වී ඇත්තේ, රවී කරුණානායක අන්දවා පුවත් පතක් වෙත යොමුකරවීමයි.
මේ වනවිට තමන් විසින් ඇටවූ ආයතන කිහිපයකටම මුදල් යෙදවීම ඒ ඒ අය විසින් ප්‍රතික්ෂේපකිරීම හේතුවෙන් රුවන් සහ ගෝලපිරිස දැඩි අසීරුතාවන්ට පත්ව සිටිති. සත් හඩ පුවත්පතද පසගිය සති කිහිපයේ සිට වසා දැමීමට තීරණය වී තිබේ. එහි සේවය කළ ඇතැමෙක්ට මංගලගේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල රැකියා සදහා යොමුකර ඇති අතර මේ අයද තවත් ඉතිරි අයද යොදවාගෙන රවී කරුණානායක වෙනුවෙන් අලුත් පුවත් පතක් මුදුණය කරවා ඩීල් දැමීම දැන් පෙරට විත් තිබේ.
මේ තත්ත්වය රවී කරුණානායක මන්ත්‍රීවරයා කෙසේ ග්‍රහණය කරගෙන ඇද්ද යන්න තවම පැහැදිලි නැතිනමුත්, රුවන් විසින් කරවන පුවත්පත් අලෙවිය අතින් අවම මට්ටමක පැවැතීමත් වැඩිකල් නොපැවැතීමත් යන කරුණු මෙහිදී සැලකිල්ලට ගැනීම වටී. කෙසේ වෙතත් පුදපුගමන් කාපි යකා යැයි කීවා සේ පුවත්පත එළියට ඒමට පෙරම එය කාගේ වුවමනාවක් දැයි කරලියට පැමිණ ඇත. ඒ අනුව පුවත්පතේ ආයුෂද, ආකර්ෂණය ද දැන්මම බිදවැටෙනවාට සැක නැත.
කෙසේ වෙතත් මංගල සමරවීර ඇමතිවරයා සහ රවී කරුණානායක යන දෙදෙනාගේම අගේ සිට කණකන්නන් මේ මගින් හෙළිදරව්වීම පාඨක ජනයාට වාසිදායක වනු ඇත.
-

සල්ලි එකතු කරල දීලත් ගෙන්න ගන්න බැරිව හිටපු පෙට් ස්කෑනර් එක ගෙන එයි
අපේ රටේ කාරුණික ජනතාවගේ ධන පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහල තුළ ස්ථාපිත කිරීමට නියමිත පෙට් ස්කෑනර් යන්ත්‍රය ගුවන් මගින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසන අතර මෙම යන්ත්‍රය අප්‍රේල් මාසයට ප්‍රථම මහරගම අපේක්ෂා රෝහලේ සවිකර ස්කෑන් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
රුපියල් මිලියන 202ක් වැය කරමින් ජර්මනියේ ‘සීමන්ස්’ වෙළෙඳ සමාගමෙන් මෙම යන්ත්‍රය මිලදී ගෙන ඇති මෙම යන්ත්‍රයෙන් පිළිකා රෝගය සියුම්ව හඳුනාගත හැකි අතර, මසකට ස්කෑන් 100 කට වැඩි සංඛ්‍යාවක් සිදුකළ හැකිය.
-

දුම්රිය වර්ජනය තව දුරටත්
දුම්රිය සේවකයින් විසින් ඊයේ (23) මධ්‍යම රාත්‍රීයෙන් ආරම්භ කරන ලද මෙම තිරිංග දෝෂ සහිත චීන මැදිරි වලින් යුත් දුම්රිය ධාවනය කිරිමෙන් වැළකී සිටිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ලෙකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.
සෙසු දුම්රියෙන් සාමාන්‍ය පරිදි ධාවනය වන අතර මේ හේතුවෙන් යාල්දේවි දුම්රිය ඇතුළු දුම්රිය 8 ක් අද (21) උදේ වරුවේ අවලංගු කළ බවත් ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරි මහානාම අබේවික්‍රම මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවත් දුම්රියේ ආරංචි මාර්ග වල සඳහන් වේ.