තේ කුරුමිණියා ගැන පරීක්ෂණ කරන්න රුසියානු කණ්ඩායමක් ලංකාවට
පසුගිය මාසයේ  ශ්‍රී ලංකාවේ තේ තොගයක් සමග කෘමියෙක් සිටීමේ සිද්ධිය පිළිබඳ පරික්ෂණ සඳහා රුසියානු රජයේ නිරෝධායන නිලධාරින් සිව්දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් පෙබරවාරි 3 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර මෙම කණ්ඩායම මෙරට නිරෝධායන නිලධාරින් සමඟ සාකච්ඡා කොට ඉදිරි පරික්ෂණ කටයුතු සැලසුම් කරනු ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අද (24) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් වැවිලි කර්මාන්ත…

මම මේ අවුරුද්දෙ විවාහ වෙනවා…. – නෙතූ ප්‍රියංගිකා
ජනප්‍රිය රංගන ශිල්පිණියක් , නිවේදිකාවක් වුනු නෙතූ ප්‍රියංගිකා ලඟදි එයාගෙ ජීවිතේ ලොකුම කඩඉමකට ලංවෙලා කියල අපිට අපිට ආරංචියක් ආව.ඒ නෙතූ ලගදි විවාහ වෙන්න ඉන්නවා කියලයි.ඉතිං සුපිරි ගොසිප් අපි ඒ ගැන අහන්න නෙතූට කොල් එකක් ගත්තා ඉතිං නෙතූ කොහොමද මේ ලබපු 2018 අවුරුද්ද ? ම්… 2018 හොඳයි ලොකූ වැඩ ගෙඩක් කරන්න තියෙන අවුරුදදක් ඉතිං කියන්නකො අපිට…

උසාවි භූමියේ කතකට බරපතල ලිංගික අතවර කල පුද්ගලයෙකුට වැඩ වරදී
නඩු කටයුත්තක් සඳහා කළුතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි කාන්තාවකට මෙසේ අතවරයට ලක්විමට සිදුවූයේ මග්ගොන පදිංචිකරුවකු වූ වයස අවුරුදු පනස් හයක පුද්ගලයෙකුගෙනි.   ඉඩකඩ නොමැති බැවින් අධිකරණයේ  දොරටුව අසල රැදී සිටියදී සැකකරු මෙම අතවරය සිදු කර ඇති බවත්, ඉන්පසු ඇය ඒ බව අධිකරණ ‍පොලිස් නිලධාරී (26166) ලියනගේ මහතාට දන්වා ඇති බවත් ‍පොලිස් නිලධාරියා සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු…

ඉදිරි දෙසතිය ඇතුලත ප්‍රමිතිගත ලන්ච් ශිට් හා ෂොපින් බෑග් වල මිල පහතට
ලන්ච්ෂීට්  සහ ෂොපින් බෑග්  නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය කන්ටේනර් 40 කට අධික ප්‍රමාණයක් මේ සතිය තුළ දී කොළඹ වරායට පැමිණීම මත ඒවායේ නිෂ්පාදන පිරිවැය බොහෝදුරට අඩුවන නිසා දැනට වැඩි මිලක් යටතේ අළෙවි කෙරෙන නියමිත ප්‍රමිතීන් වලට අනුව සැකැසුණු ලන්ච්ෂීට්  සහ ෂොපින් බෑග් මිල ඉදිරි දෙසතිය තුළ හැකිතාක් පහළ හෙළීමට කටයුතු කරන බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ…

වාහන සිහිනය දකින ඔබේ අවධානය පිණිසයි
ඔබත් වාහනයක් ගැනීමේ සිහිනයකින් පසුවෙනවාද? එහෙනම් මෙන්න මේ පහත දක්වන වාහන sale වලින් වාහන ගැනිමේදීපරිස්සම් වෙන්න. කොහුවල දුටුගැමුණු විදියේ A A Auto mart, VTL Auto mobile රාගම, සෙවන හෝල්ඩින්ග්ස් නුගේගොඩ. මෙම වාහන සේල් වල ඔවුන්තවත් අතැරමැදියන් සමග සම්බන්ධ වි කූඨ ලෙස මුදල් වංචාවන් සිදු කරයි. අතැරමැදියා ( බ්‍රොකර් ) ලෙසකටයතු කරන්නේඅංක225/3A , සොමාලංකාරමාවත, මාගම්මන ,හෝමාගමපදිංචි…

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හඟුරන්කෙත පැවති රැස්වීමට 500ක් වත් සෙනග නොසිටි බවත්  ඉන් දැඩි සේ අපහසුතාවයට පත් මහින්ද රාජපක්ෂ මහතාට පැය දෙකක් මාදන්වල පංසලට වෙලා ඉඳල විනාඩි 5ක් රැස්වීම අමතල…

ට්‍රම්ප්ගේ හිස ගිනිගත් “ගින්දර සහ කෝපය”
 ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපති ලෙස දිවුරුම්දී අදට හරියටම වසරකි. ජනපති ධුරයේ වැඩ භාරගත් දින සිට විවිධ ආන්දෝලනයන්ට මැදිවූ ට්‍රම්ප්ගේ ධුරකාලයට වසරක් සපිරුණද ඔහු ගැන කතා කිරීමට ඇති දේවල අඩුවක් වී නැත. ජනපති පදවි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණයට සමගාමීව ඇමරිකානු ජාතික මාධ්‍යවේදියකු වන මයිකල් වුල්ෆ් ලියා පළකළ කෘතියක් නිසා ට්‍රම්ප් මේ දිනවල සිටින්නේ ගිනිගොඩක ය. ‘ෆයර් ඇන්ඩ්…

කවුද මේ සේනානි සමරනායක ?
සේනානි සමරනායක කියන්නෙ සරලවම කිව්වොත් මූල්‍ය වංචා කරල හිරේ ගිය කෙනෙක්. වැඩි විස්තර කියනවනම්,සේනානි කියන්නෙ නාමල් බේබි නීතීඥයෙක් විදිහට දිව්රුම් දීල මාසෙකින් පටන් ගත්තු NR කන්සල්ටන්ස් පෞද්ගලික සමාගමේ පළමු අධ්‍යක්ෂක වරියක්.නාමල් විසින් හෙලෝ කොප් සමාගම මිලදී ගැනීමට  NR කන්සල්ටන්ස් පෞද්ගලික සමාගම හරහා අවුරුද්දක් තුල ඉපයූ මුදල්  රුපියල් කෝටි එකහමාරක්ද ඔහුට අයත් ගවර්ස් කෝපරේට් සර්විස් සමාගමෙන් කෝටි…

මාව දණ ගැස්සුවෙ නෑ කියල කිව්වෙ අධ්‍යාපන බලධාරීන්ගෙන් පැමිණි බලපෑම් නිසයි
පසුගිය දිනක ළමයකු පාසලට ඇතුළත් කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් ඌව මහ ඇමැතිවරයා හමුවේ විදුහල්පති තුමියකට වැඳ සමාව ගැනීමට සිදුවූ පුවතක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් ඊට පසු දිනක එම විදුහල්ලතිනිය මාධ්‍ය ඉදිරියට ඇවිත් එවැනි සිද්ධියක් නොවූ බවට ප්‍රකාශ කලාය. කෙසේ වෙතත් නැවත එම විදුහල්පතිනිය තමාට මහ ඇමති වරයාගෙන් වැඳ සමාව ගැනීමට සිදු වූවා යයි අද හඬා වැටෙමින්…

මත්පැන් සඳහා කාන්තාවක්ට තිබූ නීති ලිහිල් කල චක්‍රලේකය අවලංගු කරන්න එපා කියා කාන්තාවෝ උසාවි යයි
මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය 10 වනදා නිකුත් කල මත්පැන් අලෙවි සල්වල සේවය කිරීමට හා මත්පැන් අලෙවි සල්වලින් මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ට අවසර ලබාදෙන ගැසට් පත්‍රය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා කාන්තාවෝ පිරිසක් ඊයේ (17) පස්වරුවේ ශේ්‍රෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ගෙන ඇතැයි කියන කැබිනට්…

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ වැඩිමහල් දියණිය වන රංජලා ගම්ලත් ඉලේපෙරුම  (16) අළුයම හදිසියේ මියගොස්  තිබෙනවා. ඩෙංගු රෝගය වැළඳීමෙන් පසු   කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර…

‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි බාරගන්නැයි අගමැතිගෙන් උපදෙස්…ඉදිරි දින කිහිපය තුලදී නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
     ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි බාරගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වාචිකව දැනුම් දුන් බවත් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉදිරි දින කිහිපය ඇතුළත දී පත්වනු ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද(17) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ  පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.  “ ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉදිරි දින…

පාර්ලිමේන්තු / පළාත් සභා මන්ත්‍රීන්ගේ තැපැල් පහසුකම ඩබල් වේ
 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිදහස් තැපැල් පහසුකම 100% කින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වසරකට රුපියල් 175000ක නිදහස් තැපැල් පහසුකමක් ලබාදෙන අතර එය මින් ඉදිරියට රුපියල් 350000ක් දක්වාත් පළාත් සභා මන්ත්‍රීවරයකුට වසරකට ලැබෙන රුපියල් 24000ක නිදහස් තැපැල් පහසුකම රුපියල් 48000 දක්වා ඉහළ නංවා තිබේ.

පොලීසියෙන් ගුටි දුන්නැයි කියා ලංකාවෙම විදුලි සේවකයෝ වර්ජනයක
ඊයේ(17) විදුලි බල මණඩල මූලස්ථානය ඉදිරිපිට දී  වැටුප් විෂමතා  ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහපයක් මුල් කරගනිමින් පැවති විරෝධය අතරේ විදුලි සේවකයන්ට පොලීසිය කළ පහර දීමට විරෝධය පළ කර අද(18) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ  ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය. ලංකා විදුලි බල මණ්ඩලයේ…

ඡන්දය ඉවර වෙනකල් විතරක් කසිප්පු වඩියක් පෙරා ගන්න ඉඩ දෙන ලෙස අපේක්ෂකයෝ පොලීසියෙන් ඉල්ලයි
  පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන නීත්‍යනුකූල මැතිවරණ අපේක්ෂක කාර්යාලයක් පිටුපස නීතිවිරෝධී මත්පැන් පෙරීමක් වන බවට ‍පොලීසියට ලැබුණු තොරතුරක් මත ‍පොලිසිය අදාළ කාර්යාලයට ගොස් පරීක්ෂා කරන අවස්ථාවේදී තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින දෙක තුනකට වරක් කසිප්පු වඩියක් දමා ගැනීමට අවසරයක් දෙන්නේ නම් එය තම මැතිවරණ කටයුතුවලට…

ශ්‍රී ලංකා සහ ඉන්දියානු තානාපති සබඳතා වල හැත්තෑවෙනි වසර සපුරාලීම නිමිත්තෙන් විශේෂ සැමරුම් ප්‍රසංගයක්
ශ්‍රී ලංකා සහ ඉන්දියානු තානාපති සබඳතා වල හැත්තෑවෙනි වසර සපුරාලීම නිමිත්තෙන් පැවැත්වෙන  විශේෂ සැමරුම් ප්‍රසංගයක් අද (17) ප:ව 6.30 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.