බැදුම්කර වංචාව පිලිබදව කරුණු සොයා බලමින් ජනපති මෛත්‍රී ගෙන යන වැඩපිළිවෙලට ද්වේශ සහගතව අදහස් පලකල කොලොන්නාවේ මරික්කාර් නමැති මන්ත්‍රීවරයාට එරෙහිව කඩිනමින් විනය පරීක්ෂණයක් පවත්වන බවට අගමැතිවරයා විසින් ජනපති මෛත්‍රී හට පොරොන්දු වී ඇති බව අපට වාර්තා වේ. බැදුම්කර වංචාව සම්බන්ධයෙන් මරික්කාර් මෙච්චර කුලප්පු වන්නේ ඇයි ද යන්න කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් ප්‍රශ්න නගද්දී නිහඩව සිටි රනිල් ජනපති මෛත්‍රීගේ දරුණු ප්‍රකාශයෙන් පසුව මරික්කාර්ට විරුද්ධව මම විනය පරීක්ෂණයක් කරනවා යනුවෙන් පවසා ඇත.. එහිදී අදහස් දක්වමින් ශ්‍රීලනිප ප්‍රබල අමාත්‍යවරයෙක් පවසා ඇත්තේ පරීක්ෂණ තියලා මදි බැදුම්කරේ කළු සල්ලි සුදු කරන මැෂිමක් බවට මරික්කාර් පත්ව ඇත්දැයි කරුණු සොයා බැලිය යුතු බවයි…
Category: සුපිරි Talks & Jokes
-

තමුසේ මොනවද ඕයි කියවන්නේ? පිස්සු තද වෙලාද? රනිල්ගෙන් මරික්කාර්ට කුණු බැණුම්…
පසුගිය දිනෙක එජාපයේ මරික්කාර් විසින් ජනපති මෛත්‍රී පිලිබදව පලකරන ලද අදහස් නිසා සමස්ත සමාජයම උණුසුම් වී ඇති මොහොතක අගමැති රනිල් විසින් මරික්කාර් තමන් වෙත කැදවා ඉතා තදබල ලෙස දෝශාරෝපනය කර ඇති බව අපට ලැබුණු විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත. මේ පිලිබදව පක්ෂ ප්රබලයෙකුගෙන් අපි විමසු විට ඔහු පැවසුවේ රනිල් වික්‍රමසිංහ මරික්කාර්ගේ ප්‍රකාශය පිලිබදව කෝපයට පත්ව සිටින බවත් ඔහු පැමිණි විගස තමුසේ යනාදී වචන භාවිතා කරමින් බැන වැදුණු බවත්ය… තමන් පරාජය වූ කාල සමයක ජනපති මෛත්‍රී තමන්ට සිදුකල උපකාර පිලිබදව ආවර්ජනය කල අගමැතිවරයා කට පරිස්සම් කරගන්නා ලෙස මරික්කාර්ට තදබල ලෙස අවවාද කර ඇති බව සදහන්…
-

බැඳුම්කර වංඡාවේ චූදිතයින්ට නඩු ගොනු කිරීමට විශේෂඥ කණ්ඩායමක්
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ පිටපතක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා පිළිබඳ විමර්ශන කොමිසමට යවා ඇති තිබේ.පිටු 1500 කට අධික ප්‍රමාණයක් ඇති අතර බැඳුම්කර ගනුදෙනු වලදී හා එයට අදාළ සිද්ධීන් වලදී අල්ලස් චෝදනාවන් ඉදිරිපත් කළ හැකි සිදුවීම් වී ඇති බවට අල්ලස් කොමිසම සිය වාර්තාවේ සඳහන් කර ඇත.
අල්ලස් කොමිසමේ නීතී විශාරදයින් මෙන්ම අල්ලස් නීතීය පිළිබඳව විශේඥ දැනුමක් ඇති විශේෂඥ කණ්ඩායමක් විසින් ඒ අනුව ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කළ යුතු චෝදනා, එම චෝදනා ඉදිරිපත් කළ යුත්තේ අල්ලස් පනතේ කුමන නීතීය යටතේද යන්න සහ ඒ සඳහා ඇති සාක්කි ආදිය පිළිබඳව අධ්‍යනය කරමින් සිටින බවට ආරංචි ලැබී ඇත.
බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් අල්ලස් කොමිසමේ ඉහළ නිලධාරීයෙක් පැවසීය.
-

මන්චි බ්‍රෑන් ක්‍රැකර් බිස්කට් වල රබර් කෑලි…. ප්‍රමිති ආයතනය මර නින්දේ
බොරැල්ල ලාෆ් සුපර් සෙන්ටර් එකෙන් ගත්ත බ්‍රෑන් ක්‍රැකර් බිස්කට් වල රබර් කෑලි හමුවී ඇති අතර ඒ පිළිබඳව මේ වන තුරු ප්‍රමිති ආයතනයේ අවධානය යොමුවී නැති බව වාර්ථා වේ.
https://www.facebook.com/supirigossip1/videos/1559607377408196/
-

රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම වාහන අනතුරකින් රෝහල් ගත කෙරේ
අම්පාර ප්‍රදේශයේ සිට කොළඹ දක්වා සිය රථයෙන් ගමන් කරමින් සිටියදී අද(15) අලුයම තුනට පමණ කඩුගන්නාව ප්‍රාදේශීය රෝහල අසල දී වාහනය මාර්ගයෙන් ඉවතට පැන අසල වූ නුග ගසක ගැටී රාජ්‍ය අමාත්‍යවරිය, ආරක්ෂක නිලධාරියා සහ රියදුරු තුවාල ලබා ප්‍රතිකාර සදහා පේරාදෙණය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.
-

වික්ටර් සහ පුතුන්ගේ අරගලය නැවතත් කරලියට… රහසිගත ගිවිසුමක් ගැන තොරතුරක්…
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් පසුගියදා ලිපියක් යවා තිබුනා. නමුත් එම ලිපි නිකුත් කිරීමෙන් පසු විකාශය වුනු රූපවාහිණී වැඩසටහනකදී වික්ටර් රත්නායගේ පුතුනුවන් වන ජයන්ත රත්නායක සහ ලෙලුම් රත්නායක විසින් තම පියාගේ ගීත ගායනා කිරීමත් සමඟ වික්ටර් රත්නායකගේ ගීත ගායනා කළොත් ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් වේවිද යන ප්රශ්නය බොහෝ දෙනාට ඇති වූ බවට කිසිඳු සැකයක් නැහැ.
තමන්ගේ ගීත ගායනා කිරීම තහනම් කරමින් නීතිඥයකු මාර්ගයෙන් ලිපියක් නිකුත් කර තිබියදීත් මෙලෙස පියාගේ ගීත ගායනා කිරීම නීතිමය ගැටළුවක් නොවන්නේ්දැයි ජයන්ත රත්නායකගෙන් විමසූ අවස්ථාවේදී මෙතෙක් හෙලිනොවූ රහසක් හෙලි කරමින් ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබුණා.
එවැනි කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බව දන්නා නිසයි මම බය නැතුව තාත්තාගේ ගීත ගායනා කරන්නේ. ඒ කිසිම හේතුවක් නිසා නෙවෙයි. නීතිඥයකුගේ මාර්ගයෙන් එවලා තිබුණු ලිපියේ සඳහන් කරලා තිබුණේ මින් ඉදිරියට තාත්තාගේ ගීත ගායනා කරන්න එපා කියලා විතරයි. එහෙම ලිපියක් එව්වා කියලා තාත්තාගේ ගීත ගායනා කිරීම අපට තහනම් කරන්න ඔහුට අයිතියක් නැහැ. ඒ නිසා අපට විරුද්ධව තාත්තා නඩු දානතුරු තමයි මමත් මේ බලාගෙන ඉන්නේ.
2013 වසරේදී තාත්තා ඔහුගේ ගීතවල කර්තෘ භාගය ලබාගැනීම ගීත පැවැරීම ඇතුළු සියලු අයිතීන් නීතිඥයෙක් ඉදිරියේ මට ලියා දුන්නා. ඒ නිසා අපට එවපු ලිපිය සම්බන්ධයෙන් මට බයවෙන්න කිසිම හේතුවක් නැහැ. ජීවිත භුක්තිය තියාගෙන නෙවෙයි තාත්තා ඔහුගේ ගීතවල අයිතිය මා වෙත පැවැරුවේ. ඒ නිසා මින් ඉදිරියට ඔහු ගායනා කරන ගීතවල අයිතිය විතරක් නෙවෙයි ඒවායේ කර්තෘ භාග පවා හරිනම් අයිති මටයි.
තාත්තා හොඳටම දන්නවා නඩු දැම්මොත් මොනවාද වෙන්නේ කියලා. ඔහු සමග දැන් සිටින කාන්තාවගේ බලපෑම නිසා තමයි තාත්තා අපට ඒ වගේ ලිපියක් එවලා තියෙන්නේ. මෙතෙක් කාලයක් මම තාත්තාගේ ගීත විතරක් වේදිකාවේ ගායනා කළේ නැහැ වෙනත් ප්‍රවීණ ගායකයන්ගේ පුත්තු තාත්තලාගේ ගීත ගායනා කරද්දී බොහෝ දෙනා අපෙන් විමසලා තියෙනවා ඇයි අපි තාත්තාගේ ගීත ගායනා කරන්නේ නැත්තේ කියලා. අනික මෙච්චර කාලයක් වෙනත් සමහරු තාත්තාගේ ගීත ගායනා කරද්දිත් මම නිහඬව හිටියා. තාත්තාගේ ගීත ඉදිරියට ගෙනියන්න මමයි මල්ලියි ඉන්න නිසා බයවෙන්න එපා කියලා තමයි මට දැන් රසිකයන්ට කියන්න තියෙන්නේ.
පැවරීමේ ගිවිසුම
වර්ෂ දෙදහස් දහතුනක් (2013) වූ අගෝස්තු මස 17 වන දින කොළඹදී. මෙහි මින් මතු, පළමු පාර්ශ්වය) යනුවෙන් හඳුන්වනු ලබන අතුරුගිරිය ඔරුවල එගොඩවත්ත අංක 25/ඛි2 හි පදිංචි රත්නායක ආරච්චිලාගේ දොන් වික්ටර් හෙවත් වික්ටර් රත්නායක (ජා.හැ. අංක 420492243ම) එක් පක්ෂයකටද, මෙහි මින් මතු (දෙවන පාර්ශ්වය) යනුවෙන් හඳුන්වනු ලබන මාලඹේ මිහිඳු මාවතේ අංක 32/5 හි පදිංචි ජයන්ත රත්නායක (ජා.හැ. අංක 682210931ම) එක් පක්ෂයකටද බැඳී එම දෙපක්ෂය අතර හට ගන්නා ලද ගිවිසුමේ වගනම්.
එසේ හෙයින් සියලු දෙනාම මෙයින් දත යුතුයි
ඉහත කී පළමු පාර්ශ්වය තමා විසින් තනු නිර්මාණය කරන ලද සහ ගායනය කරන ලද සියලුම ගීත ඕනෑම මාධ්‍යයක භාවිත කිරීම කර්තෘ භාගය එක්රැස් කිරීම සහ එකී නිර්මාණයන්හි නීත්‍යානුකූලව පැවැරුම් කිරීම සහ පාරිශ්‍රමිකයන් ලබා ගැනීම සම්බන්ධයෙන් පළමු පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමට හා සියලුම කටයුතු කිරීමේ බලය ඉහත කී දෙවන පාර්ශ්වය වෙත පැවැරීම සම්බන්ධයෙන් මෙම ගිවිසුම හට ගනී.
ගිවිසුමේ නියමයන් හා කොන්දේසි
මෙම ගිවිසුමට එළඹීමට ප්‍රථම ඉහත සඳහන් කරන ලද ගී නිර්මාණ වල සම්පූර්ණ හිමිකාරත්වය තමා සතු බවට පළමු පක්ෂය සහතික වේ.
මෙම ගී නිර්මාණ වල අයිතිවාසිකම් බාහිර කිසිදු පුද්ගලයෙකුට පළමු පක්ෂය විසින් මෙම ගිවිසුමට පෙර පවරා නොමැති අතර මෙම ගිවිසුමෙන් අනතුරුව ඉදිරියේදී එසේ වෙනත් පුද්ගලයෙකුට එම කිසිදු අයිතිවාසිකමක් පැවැරීමට
පළමු පක්ෂය කටයුතු නොකරන බවට එකී පක්ෂය එකඟ වේ.
මෙම ගිවිසුම එළඹීමෙන් අනතුරුව, ඉහත සඳහන් කරන ලද පළමු පක්ෂයේ ගී නිර්මාණ සියලුම ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍යයෙන් ගුවන් විදුලිය, රූපවාහිනිය, සංයුක්ත තැටි (CD) වීඩියෝ තැටි (DVD) අන්තර්ජාලය දුරකථන ජාලයන්හි සෑම භාවිතයක්ම නාද මාලා (Ring tone) යනාදිය සඳහා පළමු පක්ෂය වෙනුවෙන් පැවැරීමට හා එකී පාරිශ්‍රමිකයන් එක්රැස් කරගැනීමට පළමු පක්ෂය වෙනුවෙන් සියලු කටයුතු කිරීමේ බලය දෙවන පක්ෂය වෙත පැවැරීමට පළමු පක්ෂය එකඟවේ.
තවද ඉහත සඳහන් ගිවිසුමේ නියම හා කොන්දේසි නිසි පරිදි කියවා තේරුම් ගැනීමෙන් අනතුරුව, ඒ සඳහා දෙපක්ෂය ඒ දෙපක්ෂය වෙනුවට සහ ඒ දෙපක්ෂයේ උරුමක්කාර, පොල්මංකාර අද්මිනිස්ත්‍රාසිකාර, බලකාර, ලැබුම්කාරයන් වෙනුවටත් එකිනෙක පක්ෂය සමග මෙයින් වැඩිදුරටත් පොරොන්දුව බැඳුනෝය.
ඊට සාක්ෂි පිණිස ඉහත කී පළමු පක්ෂය හා දෙවන පක්ෂය යන දෙපක්ෂය මෙයින් මෙම වාසගම සහ දිනත් දරන තවත් ලියවිල්ලකටත් වර්ෂ 2013 ක් වූ අගෝස්තු මස 17 වන දින කොළඹදී අත්සන් තැබුවෝය.
සාක්ෂි :
මීට සාක්ෂිකාරයන් වන අප මෙහි අත්සන් කළ දෙපක්ෂය හොඳාකාර අඳුනන බවද ඒ දෙපක්ෂයේ නියම නම්, රක්ෂාවල් සහ පදිංචි ස්ථානත් නිසියාකාර දන්නා බවද මෙයින් සහතික කොට ප්‍රකාශ කරමු.
නීතිඥ අකලංක තරින්ද සේරසිංහ
අංක 30, පාසල් මාවත,
කළුබෝවිල,
දෙහිවල
(ලක්බිම පුවත්පත ඇසුරින්)

-

ලංගමෙන් කොළඹට විදුලි බස් රථ 18ක්
ලංකාවට විදුලි බස් රථ හඳුන්වාදීමේ පළමු අදියර ලෙස කොළඔ නගරයේ මගි ප්‍රවාහනය සඳහා විදුලි බස් රථ 18ක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම්කර තිබේ.විදුලි බස් රථ වල අඩංගු විය යුතු ප්රමිතීන් ඇතුලත් ව්‍යාපෘති වාර්ථාවක් මණ්ඩලය විසින් සකස් කොට ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට ඇත. ඒ අනුව ටෙන්ඩර් කැඳවා මෙම බස් රථ මිලදී ගන්නා බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංගමයට අලුතෙන් විදුලි බස් රථ 50ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් රුපියල් මිලියන 500ක මුදලක් භාණ්ඩාගාරයෙන් ලබා ගෙන ඇති අතර එම මුදලෙන් පලමු අදියර යටතේ විදුලි බස් රථ 18 ක් මිලදී ගන්නා අතර ඒවා මේ වසර ඇතුලත කොළඔ නගරයේ මගී ප්‍රවාහනයට යොදවන අතර ඉතිරි බස් රථ තදාසන්න ප්‍රදේශ වල ධාවනය සඳහා යෙදවීමට සැලසුම් කොට ඇති බවද සභාපතිවරයා පැවසීය.
-

“නරියා රජා වෙන්නෙ තීන්ත බාල්දියට වැටුණමයි” – ගයාන් වික්‍රමතිලකගෙන් ප්‍රකාශයක්
ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් ජනප්‍රිය රංගන ශිල්පී යුවළ පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇති වූයේ ඔවුන් දෙදෙනාට එල්ල වූ චෝදනාවක් නිසාය. පුවත්පතක් සමග සංවාදයකට එක් වූ ගයාන් වික්‍රමතිලක එම චෝදනා වලට පිළිතුරු දී තිබුණා. එම සංවාදය පහතින් ,
ගයානුයි, චතුරිකයි අලුත් නිවහනක පදිංචි වුණා කියලා ආරංචියි?
ඔව්. අවුරුදු ගාණක් තිස්සේ එකතුවෙලා හදපු නිවහනට අපි ගිය මාසේ පදිංචියට ගියා. ගේ හැදුවේ තලවතුගොඩ. ගෙදර තව පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා. අපි ඒ වැඩවලටත් මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.
කාලෙන් කාලෙට චතුරිකාගෙයි, ගයාන්ගෙයි නම මොකක් හෝ සිද්ධියක් එක්ක අෑදිලා එළියට එනවා. මේ දවස්වලත් ඔය දෙන්නගේ නම් ආයෙත් සිද්ධියකට ගැළපිලා එළියට ඇවිත්?
ඔය අහපු දේ ගැන මම දන්නේ ඊයේ හවස. එතකල් මම ඔය පිළිබඳව විමසිලිමත් වුණේ නැහැ. අපිට තියෙන වැඩ කටයුතුත් එක්ක ඔය වගේ චීත්ත ප්‍රශ්න පස්සේ පන්නන්න විදියක් තිබුණේ නැහැ. නමුත් ඔය කියන දේවල් මම දැක්කා. එතකොට ඇත්තටම මට මතක් වුණේ බුදු බණ. වැපිරුවොත් දෙයක් ඒ තරමට තමයි නෙළා ගන්න වෙන්නේ. ඇත්තටම තිබ්බ ප්‍රශ්නවලින් අපි නිදහස් වෙලා ඉන්නේ. අපිට ප්‍රශ්න ඇති කරපු මිනිස්සු ප්රශ්නවල පැටලිලා ඒවත් එක්ක ඉන්නේ.
ඒ පාර්ශ්වය සමාජ මාධ්‍යවලට ප්‍රකාශ කරලා තිබුණා ගයාන් බාල දරුවාට සලකන්නේ නැති නිසා ඔවුන් බාල දරුවාට උදවු කළා කියලා?
ඒවා දෙකයි පනහේ කතා. එල්ලෙන්න පැත්තක් නැති වුණාම සමහරු ඔය වගේ දෙකයි පනහේ කතා කියනවා. ඔය වගේ ප්‍රකාශ නිකුත් කරන මනුස්සයා ගැන අපේ රටේ ප්‍රේක්ෂකයන්ට ඉස්සරහට හොඳ දේවල් ටිකක් දැක බලාගන්න පුළුවන් වෙයි. තව අවුරුදු තුනක් හතරක් විතර යද්දි මගේ දරුවාට සැලකුවා කියලා කියාගන්න පුද්ගලයාගේ රෙදි ගැලවෙයි. ඒ රෙදි ගැලවෙද්දි දැන් ළඟට එකතු වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ අයත් අෑත් වෙයි. නරියට තීන්ත බාල්දිය හැලුණු කාලේ විතරයි රජා විදියට සලකන්නේ. ටික ටික තීන්ත ටික හේදිලා යද්දි සැබෑ තත්ත්වයට එනවා. මම මේ හැම දෙයක්ම කාලයට භාරදීලා බලාගෙන ඉන්නවා.
ඒ පුද්ගලයා ඇත්තටම එහෙම මුදල් බැංකු ගිණුම්වලට යොදවලා තියෙනවද?
මට මගේ පුතාලා දෙන්නට උපරිමයෙන් සලකන්න පුළුවන්. චතුරිකා එයාට කරන්න පුළුවන් උපරිම තත්ත්වයෙන් පුතාලට සලකනවා. ඒ ඇරෙන්න අම්මෙකුටයි, තාත්තෙකුටයි නැති දරු කැක්කුමක් මේ කොහෙවත් ඉන්න මනුස්සයකුට එන්න විදියක් නෑනේ. එහෙම කැක්කුමක් එනවා නම් එන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි ආර්ථික වාසියක් නිසා. සල්ලි බැංකු ගිණුම්වලට දාලා කරන්න උත්සාහ කරලා තියෙන්නේ මට මඩගහන එක. දැන් ඔය ප්‍රශ්නවලට අවුරුදු පහක් විතර ගෙවිලා. ඇත්තටම අපිට මේ වගේ ප්‍රශ්නත් එක්ක එල්ලෙන්න විදිහක් නැහැ. 2013 දාපු මොකක්ද දෙයක් ගැන තමයි ඒ පුද්ගලයා 2017දීත් කියන්නේ. මේවා හරි ලැජ්ජාවට කාරණා. තව අවුරුදු දෙකක් විතර යද්දි ඔය දේවල් කියන පුද්ගලයා ලංකාවේ ජීවත් වෙන්න ඕන. නැත්නම් මේ ලංකාව අතහැරලා ඒ පුද්ගලයාට යන්න සිද්ධ වෙනවා.
ඇයි ඒ?
ඒ පුද්ගලයා ඔය පටලවාගෙන තිබෙන ප්‍රශ්න ටික ඒ අයම පටලවාගෙන තියෙන ප්‍රශ්න. ගයාන් වික්රමතිලකවත්, චතුරිකා පීරිස්වත් කාගෙන්වත් සල්ලි හිඟා කාලා නැහැ. රට ඉන්න ගෑනුන්ගෙන්වත්, ලංකාවේ ඉන්න ගෑනුන්ගෙන්වත් අපි සල්ලි හිඟා කාලා නැහැ. දුක් මහන්සියෙන් හොයපු සල්ලිවලින් අපි කාලා බීලා ජීවත් වෙනවා. හැබැයි කවුරුහරි කාටහරි රුපියලක් හරි දෙයක් හරි වංචා කරලා තියෙනවා නම්, කාටහරි ගින්දරක් දීලා තියෙනවා නම් මේ ආත්මේ පඩිසන් දෙනවා.
ඔබ කියන්නේ ඒ පුද්ගලයන්ගේ පැටිකිරිය තවත් එළියට එයි කියලද?
අනිවාර්යයෙන්ම. මට 2012, 2013 ඉඳන් තවම මඩ ගහනවා. මම ඒ දේවල් වෙනුවෙන් වචනයක් කියන්න ගියේ නැහැ. මුළු ලංකාවම හිතුවා ගයානුයි චතුරිකයි කියන්නේ සෑහෙන වැරැදි කරපු දෙන්නෙක් කියලා. අපිට ෆේස්බුක් එකේ ෆොටෝ එකක් දාන්න බෑ. අපිට පරුෂ වචනයෙන් බනිනවා. දරුවෝ අමතක කරලා ගිය මිනිහා කියලා බනිනවා. ඔය වගේ ජරා කමෙන්ට්ස් ආවේ. හැබැයි මම සියල්ල කාලයට භාරදීලා මොකක්ද වෙන්නේ කියලා බලන් හිටියා. ඒ ඔක්කොම ප්ලෑන් කරපු අය දැන් එකිනෙකාට මඩ ගහ ගන්නවා.
පහුගිය කාලේ ගයාන්ටයි චතුරිකාටයි මඩ ගැහුවේ ඒ පුද්ගලයා කියලද ඔය කියන්නේ?
මීඩියාවලට කතා කරලා, සල්ලි දීලා, සමහර අයට ඩිනර් අරන්දීලා ප්ලෑන් කරලා අපිට මඩ ගහලා තිබ්බේ. දැන් දිට්ඨධම්මවේදනීය කර්මය ඒ අයට පඩිසන් දෙනවා.
අවුරුදු ගාණක් ගිහිල්ලත් මේ විදියට මඩ ගහද්දි චතුරිකා මොනවද කියන්නේ?
අපිට දැන් කාලයක් ඉඳන් මඩ ගැහුවාණේ. අපි අපේ පාඩුවේ අපේ වැඩ කරගෙන ගියා. ඔය ඔක්කොම අතරේ තමයි මමයි චතුරිකායි අහම්බෙන් යූ ටියුබ් එකේ තිබ්බ වීඩියෝව දැක්කේ. ඒ දේවල් දකිද්දි අපි දෙන්නටම හිනා ගියා. අපි ඇත්තටම ඔය දේවල් හොයන්න යන්නේ නෑ අවශ්‍ය නැති නිසා. හැබැයි දැන් මුළු ලංකාවම, සමාජයම ඉස්සරහ ඒගොල්ලෝ ඒගොල්ලො පැටිකිරිය හෙළි කරගෙන තියෙනවා.
ලොකු පුතානේ ගයාන් ගාව ඉන්නේ. ඇත්තටම පොඩි පුතා ගැනත් ගයාන් හොයලා බලනවද?
ඔව්. පොඩි පුතා ගැනත් බලනවා. එයාවත් පාසල්වලට දාලා ඒ වැඩකටයුතු කරගෙන ගියා. නමුත් පොඩි පුතාට වුවමනාවක් තිබුණා එයාගේ මව ළඟට යන්න. එයා ඉතා පැහැදිලිව කිව්වා එයාගේ අම්මා ළඟට යන්න ඕන කියලා. ලොකු පුතා කිව්වා අප්පච්චිත් එක්ක ඉන්න ඕන කියලා. දැන් පොඩි පුතා එයාගේ පාඩුවේ හොඳින් ඉන්නවා. ලොකු පුතා එයාගේ පාඩුවේ ඉන්නවා. ඒ දෙන්නට කිසිම ප්‍රශ්නයක් නැහැ. කොහෙවත් ඉන්න මිනිස්සුන්ට තමයි මේක ප්රශ්නය වෙලා තියෙන්නේ. මටයි දරුවන්ටයි ප්‍රශ්නයක් නැත්නම් මේක වෙනඅයට ප්‍රශ්නයක් වෙන්නේ ඇයි?
ලොකු පුතයි පොඩි පුතයි මුණගස්වනවද?
ඔව්. එයාලා මුණගැහෙනවා.
නිර්මාණ කටයුතු ගැනත් කතා කරමුකෝ. මේ දවස්වල චිත්‍රපටයක් කරන්නත් ලැහැස්ති වෙනවලු නේද?
මේ දවස්වල අපේ ප්‍රඩක්ෂන් එකක් කරන්න ලැහැස්ති වෙලා ඉන්නවා. මේ සැරේ චිත්‍රපටයක් කිරීමේ වෑයමක තමයි ඉන්නේ. එහි වැඩ කටයුතුවලට මේ දවස්වල ලැහැස්ති වෙනවා. මම තමයි එහි අධ්යක්ෂණ වැඩ කටයුත්තත් කරන්නේ. එය ආදර කතාවක් පදනම් කරගත් විනෝදාත්මක පැත්තට බර චිත්‍රපටයක්.
ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයෙන් අපි ගයාන්ව දැකලා තියෙනවා. හැබැයි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් තවම දැකලා නැහැ. චිත්‍රපට අධ්‍යක්ෂණය තුළ සාර්ථක වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවද?
මම හරි ආසාවෙන් ඉන්නේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. ඒක ලොකු කාලයක ඉඳන් තිබ්බ බලාපොරොත්තුවක්. එය තමයි මේ ඉෂ්ට කරගන්න හදන්නේ. ඒ කාර්යයත් සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
ඔබයි චතුරිකයි දෙන්නම එහි රඟපායිද?
චතුරිකාත් එහි රඟපානවා. බොහෝදුරට මමත් එහි රඟපානවා. මම ආසයි රඟපාන්නේ නැතුව එහි අධ්යක්ෂණ කටයුතු පමණක් කරන්න. නමුත් චතුරිකාගේ ඉල්ලීමක් තියෙනවා රඟපාන එක නවත්තන්න එපා කියලා.
පහුගිය කාලේ ගයානුයි චතුරිකායි එකතු වෙලා කරපු නිර්මාණවල දෙන්නම රඟපෑවා. මේ සැරෙත් තමන්ගේ නිර්මාණයට මුහුණ දාගන්න හදනවා කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්?
රංගන ශිල්පීන් අධ්‍යක්ෂණය කරන හැම නිර්මාණයකම ඔවුන් පෙනී ඉන්නවා. ලෝකයේ වෙන රටවලත් එය සිද්ධ වෙනවා. අමිර් ඛාන් අවුරුද්දකට එක චිත්‍රපටයක් හෝ දෙකක් කරනවා. ඔහු ඒ නිර්මාණවල රඟපානවා. අද වෙනකොට අපිට අවශ්‍ය නිර්මාණ බිහි වෙන්නේ නැහැ. බිහිවෙන නිර්මාණවල අපිට අවශ්‍ය මුදල හම්බෙන්නේ නැහැ. ඒ වගේ දේවල්වලින් අපිට අයින් වෙන්න සිද්ධ වෙද්දී රංගන ශිල්පීන් විදියට මෙහි පැවැත්මක් හදාගන්න අපි පිටපත් හදාගෙන අපි අධ්‍යක්ෂණය කරගෙන අපිට රඟපාන්න සිද්ධ වෙනවා.
අධ්යක්ෂණ කාර්යයයි රංගන කාර්යයයි දෙකම කරද්දී අධ්යක්ෂණයටයි, රංගනයටයි සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවද?
මම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරලා රඟපාලා තියෙනවා. මම රඟපාන ගමන් අධ්‍යක්ෂණය කරද්දී යම් කාලයක් ගත වෙනවා. ඒ ඇරෙන්න එය මහා භාරදුර කාර්යයක් නෙමෙයි. මුලින් කළාටත් වඩා හොඳ නිරවුල් මානසිකත්වයකින් සහ වෘත්තීය දැනුමකින් තමයි මම චිත්‍රපටය කරන්න යන්නේ. ඒ නිසා ගැටලුවක් වෙන එකක් නැහැ.
අලුත් වසරේ සැලසුම් කරගත් තව දේවල් ඇති?
ඉතාම සන්තෝෂයෙන් ගෙවන්න බලාපොරොත්තු වෙන අවුරුද්දක් තමයි 2018. මට, චතුරිකාට වැඩ ගොඩක් කරන්න තියෙන අවුරුද්දක් මේ අවුරුද්ද. අපි හැම දෙයින්ම ස්ථාවර මට්ටමකට එමින් ඉන්නේ. අපි හදපු අලුත් ගෙදර, අම්මලා, තාත්තලා, අපි දෙන්නා පුතා එක්ක හොඳින් ජීවත් වෙන්න වගේම, චතුරිකායි මමයි හොඳ නිර්මාණ කරන්නත් බලාපොරොත්තු වෙනවා. කාගෙවත් කුණු හොයන්නේ නැතුව, එකිනෙකාට මඩ ගහගන්නේ නැතිව අපේ දෙයක් කරගෙන ලස්සනට ජීවත් වෙනවා ඉදිරියටත්.
-

වයස 14 දැරියක් සමුහ දුෂණය කල නරුමයන් තිදෙනෙක් අත්අඩංගුවට.. දැරිය රෝහලට…
වයස අවුරුදු 14ක පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක්වූ සංවෙදී පුවතක් තිස්සමහාරාම, ගෝනගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. අදාල සමූහ දූෂණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ ඇගේ 23 හැවිරිදි පෙම්වතාට සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකුටයි. පසුගිය 9 වැනිදා රාත්‍රියේ දැරිය සමූහ දූෂණයට ලක්වන්නට ඇති බවයි පොලිසිය සැකකරන්නේ. ඔවුන් සැක පලකරන්නේ අදාළ තරුණයින් දැරියගේ නිවස ආසන්න ස්ථානයක මත්පැන් පානය කර, ඉන් පසුව දැරිය දූෂණයට ලක් කරන්නට ඇති බවටයි.
දැරිය දූෂණය වූ දිනට පසු දින ඇය සියදිවි නසා ගැනීමට උත්සාහ දරා තිබෙනවා. ඒ ඇය පදිංචි නිවස පිටුපස පිහිටි කොහොඹ ගසක ගෙළ වැළාගෙනයි. කෙසේ වෙතත් ඇයගේ සොහොයුරා විසින් සිදුවීම දැක ඇයව මුදාගෙන හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිය දිවි හානි කර ගැනීමට ප්‍රථම දැරිය විසින් ලියූ ලිපියක් ද හමුවී ඇති අතර, තරුණයන් තුන්දෙනා සම්බන්ධයෙන් කරුණු සඳහන් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුව මෙම තරුණයන් තුන්දෙනා යාල රක්ෂිත ප්‍රදේශයේ සැඟව සිටියදී ප්‍රදේශවාසීන් විසින් 11 වනදා අලුයම අල්ලා ගෙන පොලිසියට භාර දී තිබෙන අතර , ඔවුන් තිදෙනාට ප්‍රදේශවාසීන් විසින් පහර දී තිබෙන බවද සදහන්.
ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්වූ මෙම තරුණයින් තිදෙනා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ දෙබරවැව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. සැකකාර පෙම්වතා 23 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් තරුණයන් 18 හැවිරිදි සහ 20 හැවිරිදි වියේ පසුවනවා. මෙලෙසින් සමූහ දූෂණයට ලක්වූ දැරිය මේවන විට හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
සියදිවි හානිකර ගැනීමට ප්‍රථම දැරිය විසින් ලියූ ලිපියහි මෙලෙස සඳහන් වේ.
“ මම හිටියේ හොඳින් ඉගෙනගෙන ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාවක් වන්න. මට ඒ හීනේ නැතිවුණා. මම මගේ පවුලේ ඔක්කොටොමත් මගේ නෑදෑයින්ටත් ආදරෙයි. මම හිච්චා එක්ක යාළුවෙලා හිටියේ. ඌ මට බොරුවක් කළේ. ඌ තමයි අරුන් දෙන්නට කියලා මාව විනාශ කළේ. මට ගොඩක් දුකයි. මට මගේ පවුලේ අයට ලැජ්ජා කරලා ජීවත්වෙන්න බෑ.“
-

රැකියාව අතරතුර ඡන්ද වැඩ කරපු තැපැල් සහයිකාවගේ වැඩ තහනම් කරයි
රැකියාව කරන අතරතුර, තම ප්‍රධානියා වන උප තැපැල් ස්ථානාධිපතිවරයාට ඡන්දය දෙන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත මැතිවරණ කොමිෂන් සභාවෙන් කළ නියෝගයක් අනුව ඉඳුරුව ගෝනගල්පුර තැපැල් ස්ථානයේ සේවය කරන තැපැල් සහායිකාවගේ වැඩ තහනමට ලක් කළ බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය. තැපැල් කාර්යාලයේ කටයුතු පවත්වා ගෙන යාම සඳහා බෙන්තොට ප්‍රධාන කාර්යාලයෙන් නිලධාරියෙක් යැවූ බව ත් මැතිවරණයෙන් පසු මේ පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුව මඟින් විධිමත් පරික්ෂණයක් පවත්වන බවත් පසුව විනයානුකූල පියවර ගන්නා බවත් එම නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.
-

දෙවෙනි ඉනිමෙන් පසු මා මෙගා ටෙලි වලට එන්නේ නෑ – යොවුන් නිලි නයනතාරා
කලා ලොවට පිවිස වසර දෙකක් වැනි කෙටි කාල පාරාශයකදී මෙරට ප්‍රධානතම සම්මාන උළෙලයන් දෙකකදීම එකම වසරකදී (2017) ජනප්‍රියතම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබමින් ප්‍රේක්ෂක ආදරය සහ ගෞරවය දිනා ගැනීමට ඇය වාසනාවන්ත වූවාය. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබ හමුවට එන ඇය නයනතාරා වික්රමආරච්චිය.
“රඟපෑම” ඔබේ සිතේ කුඩා කළ සිට පැවැති බලාපොරොත්තුවක්…
ඇත්තෙන්ම ඔව්. මගේ ආශාව සහ දක්ෂතාව එළි දැක්වීමට අම්මා උපකාර කළා. ආරම්භයේදී වගේම හැම මොහොතේම ඇය තමයි මගේ සෙවනැල්ල වගේ ළඟින්ම ඉන්නේ. මම කලාව තෝරා ගන්නවාට මගේ පියා කැමති වුණේ නැහැ. නමුත් සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයේ සහ වැලිවේරිය මද්දුම බණ්ඩාර මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ සිටම මම කලාවට ඇති දක්ෂතාවන් සහ හැකියාවන් එළිදැක්වූවා.
ඔබ කලාව පිළිබඳව ප්‍රවීණයන් යටතේ හදාරා ඒ ආභාසයන් රැගෙන රංගනයට පිවිසෙනවා…
ඔව්. මම වසර කිහිපයක්ම නාට්‍ය හා රංග කලාව පිළිබඳව හැදැරීම් සිදුකළා. “මායා ශක්ති රංග ශිල්ප ශාලිකාවේදී” කළ හැදැරීම් විශේෂිතව සිහිපත් කළ යුතුයි. ප්‍රවීණ කලා ශිල්පීන් වන ධර්මජීත් පුනර්ජීව සහ අනෝමා ජනාදරී මහත්ම මහත්මීන් මට කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව නාට්‍ය හා රංග කලාව පිළිබඳව ගුරු හරුකම් ලබා දුන්නා. මේ රංග පාසලේදී එළිදැක්වූ “රැගෙන අවි මමද එමි” වේදිකා නාටකය වෙනුවෙන් තමයි මම මුල්වරට රංග ගත වෙන්නේ.
රඟපෑම කියන විෂය සමඟ යම්තාක් දුරකට “සන්නද්ධ” වූ ඔබ, මුල්වරට ටෙලි කැමරාවට මුහුණ දෙනවා…2015 දී තමයි මට ඒ අවස්ථාව උදාවෙන්නේ. ප්‍රවීණ කලා ශිල්පී, ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කළ “හංස පිහාටු” ටෙලි සිත්තමේ “විහංගී” චරිතයට පණ පොවමින් තමයි මම පුංචි තිරයට ප්රවිෂ්ටය ලබා ගන්නේ. මෙය මට විශාල අත්දැකීමක් වුණා. මම මගේ මුල්ම චරිතයට සාධාණය ඉටු කළා. සද්දාමංගල සූරියබණ්ඩාර මහතා ඇතුළු පිරිසගෙන් ලැබුණු සහායත් ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි.
“දෙවැනි ඉනිම” තව කොච්චර දුර ඇදී යයි කියලද ඔබ සිතන්නේ….?
මම හිතන්නේ හොඳ අවසානයක් දක්වා ඇදී යයි. සමහර විට එය අද හෙට හෝ නුදුරේදී විය හැකියි.
ඔබ මින් මතුවට “මෙගා” සමඟ එකතු නොවන බව පැවැසුවා…
ඔව්. දෙවැනි ඉනිම තමයි මම රඟපාන අවසාන මෙගා ගණයේ ටෙලි සිත්තම. ඊට පසුව මම රඟපාන්නේ කොටස් ගණනකට සීමාවූ නිශ්විත පිටපතකට අනුගත වූ හොඳ නිර්මාණ වෙනුවෙන්.ඉකුත් වසරේ පැවැති සම්මාන උළෙලයන් දෙකෙහිම ජනප්‍රියතම රංගන ශිල්පිනිය ලෙස සම්මානිත වීමට ඔබ වාසනාවන්ත වුණා. .. ඒ ගැන…
ඔව්. 2017 වසරේ පැවැති “රයිගම්” සහ “සුමති” සම්මාන උළෙලයන් දෙකෙහිම ජනප්‍රිය රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබන්නට මට හැකියාව ලැබුණේ “දෙවැනි ඉනිමේ” සහ “ප්‍රාණ” ටෙලි සිත්තම් වෙනුවෙන් මා නිරූපිත රංගන දක්ෂතා නිසා කියා සිතනවා. ඒ ඇගයීම සහ සම්මාන මගේ රංගන ජීවිතයට ලොකු වටිනාකමක් එකතු කළා. මේ සම්මාන දෙකම ලැබුවේ මම කලාවට ප්‍රවිෂ්aටවී ඉතාමත් කෙටි කලකින්. හැබැයි හොඳම නිළිය වීමේ බලාපොරොත්තුවත් සපුරා ගත යුත්තක්ව තිබෙනවා. මම ඒ වෙනුවෙනුත් ගමනක් යනවා. මට මගේ රටේ ප්‍රේක්ෂකයන් ගොඩක්ම ආදරය කරන්නේ හදවතින්ම. එය හරිම සංවේදී අවස්ථාවක්. මම ඒ ප්‍රේක්ෂක ආදරයට නිබඳවම ගෞරව කරනවා වගේම පෙරළා ආදරය කරනවා.ඔබ වේදිකාවෙන් රඟපෑම ආරම්භ කළාට කල් යත්ම එය අමතක කළා යෑයි මා චෝදනා කළොත්…
ඔබේ චෝදනාව සමඟ සම්පූර්ණයෙන්ම එකඟවීමට මා සූදානම් නැහැ. ඔව්. වේදිකාව වෙනුවෙන් මට බොහෝ ආරාධනා ලැබුණා. නුමත් මම ඒවා භාර නොගත්තේ මට මේ අවස්ථාවේ ඒ වෙනුවෙන් කළ යුතුව තිබෙන සුවිශාල කැප කිරීම කරන්නට අපහසු තත්ත්වයක් තිබෙන නිසා. විශේෂයෙන්ම කාලය. නමුත් වේදිකාව කියන්නේ රංගනයේ තාත්විකත්වය විද්‍යාමාන කළ හැකි සහ ඒ පිළිබඳව උගත හැකි අපූරු ස්ථානයකට. ඔව්. මම ඒ තැන පසුකර මේ ගමන යන්නේ නැහැ. ඉදිරියේදී කෙසේ හෝ කාලය කළමනාකරණය කර ගනිමින් දායකත්වය ලබා දෙන්නට මා උත්සුක වෙනවා.
රඟපානවා සහ පෙනී සිටිනවා කියන්නේ දෙකකට නේද…?
ඔව්. නමුත් මම මෙතෙක් කළේ රඟපෑම. ඒත් රඟපෑම කියන්නෙත් රඟපෑමකටම නොවිය යුතුයි. අපි කළ යුතුව ඇත්තේ ලැබෙන චරිතය තුළ ජීවත්වීම. මම ඒ වෙනුවෙන් ලැබුණු සෑම අවස්ථාවකදීම යහපත් උත්සාහයක නියෑළුණා. මම මුලින් කීවා වගේ ඒක ප්‍රේක්ෂක ඇසින් බැලිය යුතුයි. අපි නිර්මාණ වෙනුවෙන් දක්වන රංගන දායකත්වයට ගල් සහ මල් වගේම විචාර, අවිචාරත් ලැබෙනවා. ඒවා භාර ගැනීමට සහ ශක්තියක් කර ගනිමින් ඉදිරියට යැම තමයි කළ යුතුව තිබෙන්නේ.
ඔබ රඟපෑමේදී සීමා මායිම් සලකුණු කර ගත් ශිල්පිනියක්ද…?
ඔව්. එය එසේ සිදුවිය යුතුයි. මට ලැබෙන පිටපතට අනුව චරිතය ගොඩනඟා ගන්නවා වගේම මගේ වටපිටාවේ රඟපාන පිරිස සහ අධ්යක්ෂවරයා පිළිබඳවත් මට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. චරිතය ගොඩනඟා ගැනීමට මානසික නිදහසක් ඉතාමත් වැදගත්. එසේ නොමැතිව ‘සිනමා හොරු’ සමග සිට ගන්නට මම සූදානම් නැහැ. මම සිනමාව වෙනුවෙන් දක්වන දායකත්වයේදී නිෂ්පාදකවරයා ආරක්ෂා කර ගැනීම ගැනත් කල්පනා කරනවා. මම මේ ක්ෂේත්රයට නවකයකු වුණත් මේ කලාව සහ එහි සැරි සරන ප්‍රවීණයන් පිළිබඳවත් මට හොඳ අවබෝධයක් තියෙනවා. මම ඔවුන්ව හොඳින් ආශ්‍රය කර තිබෙනවා. අද හුඟක් අය ඉන්නේ කලාව ගැන කල කිරිලා. කලාකාරයා කියන්නේ කොහොමටත් සංවේදී චරිතයකට. ඇත්තටම අපේ රටේ තිබුණු කලාවේ ස්වර්ණමය යුගය අහිමිවීම ලොකු අපරාධයක්.
දැන් රඟපෑම කියන්නේ ඔබේ රැකියාවටද…?
නැහැ. කොහෙත්මනැහැ. ඔළුව කෙළින් තියාගෙන නිදහස් වටාපිටාවක කලාව කරන්න තමයි මගේ කැමැත්ත. නමුත් මේක මගේ රැකියාව කර ගන්නේ නැහැ. සමහර විට ඉදිරියේදී මම ව්‍යාපාරයක් පටන් ගනිවී. කලාවේ දිගටම රැඳී සිටියොත් ඒ සිනමාවට මුල්තැන ලබා දෙමින් තමයි.
ආදරය සහ විවාහය ගැන මොන විදිහටද හිතන්නේ…
මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ සහ දෙමාපියන්ගේ ආදරය මට නොඅඩුව ලැබෙන නිසා වෙනත් විශේෂිත වූ ආදරයක් මේ මොහොතේ මට නැහැ. මට එහෙම අඩුවක් දැනිලත් නැහැ. නමුත් බැඳීම් නැතිව කිසිවකුට ජීවත්වෙන්aනත් බැහැ. ඉතිං… කවදාහරි දවසක ජීවිතයේ සිදුවිය යුතුම දේවල් මටත් ඒ ආකාරයෙන්ම අත්විඳින්නට සිදුවෙයි. -

මත්පැන් පිළිබඳ කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම ගැන කාන්තා සංවිධාන කියන කතාව
මත්පැන් නිෂ්පාදනයට, අලෙවි කිරීමට හා මිලදී ගැනීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම කාන්තාවන්ට යුක්තිය ඉටු කිරීමක් බව ශී‍්‍ර ලංකා නිදහස් කාන්තා පෙරමුණ පවසනවා.
මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ මත්පැන් නිෂ්පාදනයට, අලෙවි කිරීමට හා මිලදී ගැනීමට කාන්තාවන්ට මෙතෙක් තිබූ තහනම ඉවත් කිිරීම සඳහා අමාත්‍ය මංගල සමරවීර ඊයේ (10) ගැසට් නිවේදනයකට අත්සන් තැබූ බවයි.
නෙත් නිවුස් ඒ පිළිබඳව කළ විමසීමකදී ශී‍්‍ර ලංකා නිදහස් කාන්තා පෙරමුණ ඉහත අදහස් පළ කළා.
එහි උප සභාපති රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු වැඩි දුරටත් පෙන්වා දුන්නේ “අපේ රටේ සංස්කෘතිය තුළ කාන්තාවන් කොහොමත් මත්පැන් භාවිතයට ගොදුරු වෙලා නෑ. නමුත් සුළු පිරිසක් හිටියා මත්පැන් පානය කරපු…මේ නීතිය කාන්තාවන්ට වෙනත් විදිහකටත් පිරිමින්ට වෙනත් විදිහකටත් බලපාලා තිබුණු එකට අපි විරුද්ධ වුණා. මේක කාන්තාවන්ට පමණක් තහනම් කර තිබීම තුළ කාන්තාවන්ට වෙනත් සැලකීමක් තමයි තිබුණේ. නීතිය තියෙන්නට ඕනේ දෙපාර්ශවයටම සමානවයි. “ යනුවෙනි.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් එක්සත් ලක් වනිතා පෙරමුණෙන්ද විමසීමක් කළා. එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ සඳහන් කළේ කාන්තාවන් මත්පැන් පානය කිරීම කෙසේවෙතත් නිෂ්පාදන කියන අංශයට යොමුවීම පිළිබඳව තමා වරදක් නොදකින බවයි.
මත්පැන් නිෂ්පාදනයට, අලෙවි කිරීමට හා මිලදී ගැනීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම නිසා මත්පැන් භාවිතය වැඩිවිය හැකි බවටද මතයක් පවතිනවා.
-

දෙවෙනි ඉනිමේ දෙව්මිගේ අම්මා චරිතයට පණ දෙන අංජලී ලියනගේ ගැන ඇය කිව්වෙ මෙහෙමයි…
අංජලී ලියනගේ
එහෙම කියනවට වඩා දෙවෙනි ඉනිමෙ දෙවුමිගෙ අම්ම එහෙමත් නැත්තම් ආනන්දගෙ ප්‍රිය බිරින්ඳෑ කිව්වම තමා හැමෝටම එක පාරටම මතක් වෙන්නෙ.ඉතිං සුපිරි ගොසිප් අපි හිතුවා අද අංජලීට කතා කරන්න.
මේ දවස් වල අංජලී මොනවද කරන්නෙ කියල බලන්න අපි මුලින්ම අංජලීගෙ මුහුණු පොතට එබිල බලද්දි,
මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුනළු නැඟිලා…
අත්තෙන් අත්තට මල් හිනැහෙනවා
ඉර මඬලට හැරිලා…
කියල හරි අපූරු පද පළක් අංජලී එයාගෙ මුහුණු පොතේ සටහන් කර තිබුණා.සුජීව ප්රසනආරච්චිගේ ජනප්‍රියම නවකතාවක් වූ බොඳ මීදුම් නව කතා පොතේ මුල් කවරය හැඩ ගන්වපු සුන්දර තරුණියක් වුණු ඇය අද ජනකාන්ත රංගන ශිල්පිනයක්, ඉතිං අපි ඇය ගැන තවත් විස්තර ගැන අහන්නත් එක්ක අංජලීගෙ ෆෝන් එකට ඇමතුමක් ගත්තා …
සුභ උදෑසනක් වේවා අංජලී, අපි සුපිරි ගොසිප් සයිට් එකෙන් කතා කරන්නෙ කියල අපි කතාව පටං ගනිද්දි අංජලීත් බොහොම සුහදව අපි එක්ක කතා කලා…. මුලින්ම අපි ඇහුවෙ අංජලී ලියල තිබ්බ පද පෙල ගැන ඒකට අංජලී දුන්නෙ මෙහෙම උත්තරයක් ” මං අද උදේම නැගිටල ජනේලෙන් එළිය බලද්දි හරි ලස්සනට පෙනුනා ඉතිං ඒ වෙලාවෙ හිතට ආපු එක ඔහේ ෆේස් බුක් එකේ ලියල දැම්මා” කියලයි.එතනින් එහාට අපි අංජලී ගැන තව විස්තර ගොඩක් අහගත්තා.
අංජලී මොනවද මේ දවස් වල කරන්නෙ –
ම්.. මේ දවස් වල නම් දෙවෙනි ඉනිමත් එක්ක තමයි දිගටම වැඩ කරන්නෙ.ඊට අමතරව ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයගෙ රන් බැඳි මිනිස්සු ටෙලි නාට්‍යය මේ අවුරුද්දෙ පටං ගන්නවා.
අපි සිනමාව තුල අංජලීව දැක්කෙ නෑ –
ඇත්තටම මට සිනමාවට ගොඩක් ආරාධනා ලැබිල නෑ මම ඇඩ්රස් නෑ චිත්රපටියෙයි ආදරණීය කතාවක් චිත්රපටියෙයි රඟපෑමෙන් දායක උනා ඒත් ඒව ප්‍රධාන චරිත නම් නෙමේ ඒ වුනත් වැඩක් කරන්න පුළුවං චරිත.ආ තව ඉස්සරහට එන්න තියෙන ගෝත්‍රා කියන චිත්රපටියේත් ලංකාවෙ ඉන්න ප්රවීනයො බොහෙමයක් එක්ක වැඩ කරා. ඒක ගෝත්‍රික කතාවක් ඉංදියාවෙන් ආපු අධ්‍යක්ෂක වරයෙක් තමයි ඒක අධ්‍යක්ෂණය කරන්නෙ.ඒකටත් මම දායක උනා ..ලොකූ දායකත්වයක් දෙන්න ලැබුනෙ නෑ මට සිනමාව වෙනුවෙන්.මොකද මං දන්නෙ නෑ මට ආරාධනා ලැබුනෙ නෑ
ඉදිරියට සිනමා නිර්මාණ වලට ආරාධනා ලැබුනොත් චරිත තෝරා බේරා ගෙනද භාරගන්නෙ –
අනිවාර්යයයෙන්ම ඕව්.
සාමාන්‍යයෙන් කතාවක් තියෙනව ක්ෂේත්රයට එනකොට හා රැදී ඉන්න නම් අධ්‍යක්ෂක වරුන්ගෙ නිශ්පාදක වරුන්ගෙ නොයෙක් බලපෑම් වලට යටත් වෙන්න ඕන කියල ඒක ඇත්තද?
මම නම් හිතන්නෙ නෑ කවුරුත් අපිව බලෙන් එහෙම දේකට පොළඹවා ගනී කියල.එක එක්කෙනාගෙ හැසිරීම හා කැමැත්ත මත තමයි ඒ දේවල් වෙන්නෙ කියලයි මට හිතෙන්නෙ.බලපෑම් කියන ඒව එන්නැති විදිහට ජීවත් වුනොත් අපිට කවුරුත් වචනෙකින් වත් ඒ විදිහෙ දේවල් කරන්නෙ නෑ.මං හිතන්නෙ අපේ අකමැත්තෙන් කවුරුත් එහෙම බලපෑමක් හෝ අයුතු යොජනාවක් කරන්නෙ නෑ.
අංජලී ලියනගේ කලා ක්ෂේත්රයේ ඉතා හොඳ නමක් තියාගෙන ඉන්නවා අනිත් බොහෝ දෙනෙක් වගේ ගොසිප් මවල නෑ –
අපි හොඳ බුද්ධිමත් භාවයකින් ඉන්නවනම් මේ කලා ලෝකය ඇතුලෙ කොහොමද ඉන්නෝන කියල මං හිතන්නෙ අපිට එහෙම කරදර වලට මූන පාන්න වෙන්නෙ නෑ.මුලින්ම අපි කලාවට ගරු කරන්න ඕන.සමහරු තමන්ගෙ ජනප්‍රියත්වය වැඩි කරගන්න කියල තමන්ගෙ කැමැත්තෙන්ම ගොසිප් හදාගන්නවා ඒත් එකෙන් එහෙම වෙන්නෙ නෑ, වෙන්නෙ ක්ෂේත්රය ගැන බාහිරින් බලන අයට නරක හැඟීමක් එන එක විතරයි.ඇත්තටම මම නම් ජනප්‍රියත්වයට ආස කෙනෙක් නෙමේ මට තියෙන එකම සතුට ප්‍රේක්ෂකයින් මගෙ නිර්මාන බලල සතුටු වෙනවනම් ඒක විතරයි.කලාවට ගෞරව කරල අපිත් එක්ක එකට වැඩ කරන අධ්යක්ෂල නිශ්පාදකල ඇතුළු කාර්ය මණ්ඩලයට හා සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන්ට හරියාකාරව ගරු කරල ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්න පුළුවං.
පහුගිය දවස් වල අපේ නිළියො තමන්ගෙ උපන්දින වලට ලොකු ප්‍රසිද්ධියක් දීල පාටි දාන රැල්ලක් තිබුනා.. ඔබ ඒ රැල්ලට නැද්ද එහෙම නැත්තම් ඔබට උපන් දිනයක් නැද්ද?
අපොයි මට උපන්දිනයක් තියෙනවා ඒක මම මගෙ පාසල් කාලෙ යාළුවො ළඟම හිත මිතුරො හා පවුලේ අය එක්ක සමරනවා.සාමාන්‍ය ගැහැනියෙක්ට තියෙන ආසාවල් මටත් තියෙනවා ඒත් ඒක රැල්ලට කරන එකක් විදිහට මං කරන්නෙ නෑ…මම සමරන දේ ලොකෙටම කියන්න මට ඕන නෑ… මම එහෙම කරද්දි එහෙම කරගන්න බැරි අයට දුක හිතෙනවා ඒ නිසා මම මගෙ නැදෑ හිත මිතුරො එක්ක ඒ දවස බෙදා ගන්නවා. කොටින්ම කාලෙන් කාලෙට එන ඇඳුම් විලාසිතාවක් වුනත් මට ගැලපෙනවනම් මං ඒ ෆැෂන් එක එන කාලෙට ඒක කරන්නෙ නෑ.පස්සෙ ඒක හොඳයි කියල හිතුනොත් කරනවා.
අංජලී ලියනගේ බෞද්ධ දර්ශණය අනුව හැඩගැහුන කෙනෙක් බෞද්ධ දර්ශනයේ මගෙ පෙන්වීමෙන් ඔබේ ජීවිතය හදාගත්තෙ මොන විදිහටද?
මම ලබන ආත්මෙ ගැන විශ්වාස කරනවා … ඒ වගේම පෙර ආත්මයත් තව කර්ම පඩිසන් දෙනව කියන එකත් විශ්වාස කරනවා… මම අපායෙ යන්න බයයි.මේ ආත්මෙ මට මොනව හරි නොලැබුනානම් ඒ ගිය ආත්ම බව වල මං එකතු කරපු පවු පිං නිසා තමයි මට මේ ලැබුණු ජීවිතේ හොදයි.ඒත් ඊලඟ ආත්මෙ මීටත් වඩා හොඳ වෙන්න කියල හිතාගෙන මගෙ අතින් පවක් නොවෙන විදිහට වැඩ කරනවා.දැන් ඉදලම යන තැනකට හොඳ දේවල් කරගන්න තමයි මම කැමති.මම ජීවත් වෙන්නෙ මම හෙට මැරෙයිද දන්නෙ නෑ කියල හිතාගෙනයි.මම හිතන්නෙ අපි එහෙම ජීවත් වෙනකොට අපි අතින් කිසි වැරැද්දක් වෙන්නෙ නෑ.
අංජලී 2017 අවුරුද්ද ඔබට කොහොමද?
එහෙම විශේෂයක් නෑ කලාකටයුතු එක්ක ගෙවුනා.ඊට අමතරව මම මගේ ව්‍යාපාර කටයුතු ගැන අලුතින් හිතන්න පටං ගත්තා… ඒ විදිහටම 2018ත් කාටවත් කරදරයක් නැති වේවා කියල ප්‍රාර්ථනා කරනවා.
ඒ කියන්නෙ 2018ටත් ඉලක්කයක් නෑ .. එන විදිහට මූන දෙනව කියන එකද?
ම්… ඉලක්ක කියන ඒව තියෙන්න ඕන ඒත් මං එහෙම ලොකුවට බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි කියල මං හෙට මැරෙයිද දන්නෙ නෑ කියල හිතාගෙන ජීවත් වෙන කෙනෙක් කියල කලිනුත් කිව්වෙ ඒකයි.ඒ නිසා ලොකු බලාපොරොත්තු තියගෙන ඉන්නෙ නෑ එහෙම උනොත් අපි කවදහරි මැරෙන වෙලාවට අපිට ඒ දේට මූන දෙන්න වෙන්නෙ දුකෙන්.
අවසාන වශයෙන් ඔයාගෙ රසික රසිකාවියන්ට මොනවද කියන්න තියෙන්නෙ ?
මගෙ රසික රසිකාවියන්ට මම ගොඩක් ආදරෙයි.මම අද යම් තැනක ඉන්නවනම් ඒ ඔවුන් නිසයි.මග තොටදී හමුවෙලා හරි ෆේස් බුක් එකේ හරි ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හරි ඉහලයි.මං කරපු චරියක් ගැන මං ඒක හොදට කරල තියෙනව කියල කියද්දි ඇත්තටම හරි ආසාවක් දැනෙනවා.ප්‍රේක්ශකයො නිසා තමයි අද අපි මෙතන ඉන්නෙ ඇත්තටම ඔවුන් නැත්තම් ඔයා වුනත් අද මට මෙහෙම කෝල් එකක් දෙන්නෙ වත් නෑ නේද?ඒ නිසා මං හිතනවා රසික රසිකාවියො තමයි අපිට ගොඩක් වැදගත් ඒ නිසා ඒ ගොල්ලන්ට ගොඩක් ආදරෙයි.මං ඒ ගොල්ලන්ට හදවතින්ම ස්තූති කරනවා.
මෙච්චර කාලෙකට ගොසිප් සයිට් එකකට කියල අංජලී දුන්න පළවෙනි සාකච්ඡාව සුපිරි ගොසිප් අපි එක්ක කියල අපි ඔබට ඉතා සතුටින් දන්වන්න කැමතියි….
ඔන්න ඔය විදිහටයි අංජලී සුපිරි ගොසිප් අපිත් එක්ක එයාගෙ විස්තර බෙදා ගත්තෙ… අංජලීට කැමති ඇගේ රසික රසිකාවියන් වන ඔබට බලන්න ඇගේ ලස්සන පිංතූර ටිකක් පහතින්








-

අහිංසක මුව පොව්වාගේ චරිතය රඟපාන මනෝ ගනේෂන්ගේ පැටිකිරිය
මේ කතාව ටිකක් අමුතුම ආකාරයේ පුද්ගලයෙක් ගැන. ඒ තමයි තමන්ගේ වාසියට ජාතිවාදය විකුණා කමින් ඡන්ද එක්රැස් කරමින්, භීෂණය පතුරවමින්, දමිල ජනතාව මුලාවේ දමමින්, පාතාලය සමග ගනුදෙනු කරමින්, තහනම් මත්ද්‍රව්‍ය කොළඹ පුරා පතුරවමින් අද වන විට තමන්ට පාතාල තර්ජන ඇතැයි කිඹුල් කඳුළු හෙලනා ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුනේ නායක යැයි කියාගන්නා මනෝ ගනේෂන්ගේ පැටිකිය ගැනයි.
මනෝ ගනේෂන් යනු එදා සිටම පාතාලය සමග ගනුදෙනු කල පුද්ගලයෙකි. එපමණක් නොව කුඩු සහ ගංජා කොළඹ පුරා ව්‍යාප්ත කරනා ජාවාරම්කරුවන් හා සමීප ඇසුරක් පවත්වන අයෙක්. 2006 වසරේදී මනෝ ගනේෂන්ගේ පක්ෂය තුලින් නගර සභාව සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු ලබනවා. ඔහු තමයි කොටහේන නිවාස සංකීර්ණයේ සිටි කුඩු ෆාරුක්ගේ පුත්‍රයා වන සියාම්. පාතාලයේ උදව්වෙන් සියාම් නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස පත්වනවා. ඔහු පත් වී මාස 06 ක් ඇවෑමෙන් තහනම් මත්කුඩු චෝදනාවකට ඔහු සිරගත වනවා සේම ඔහුගේ මන්ත්‍රී ධූරයද අහෝසි වනවා. ඒ වන විට කොළඹ පාතාල කෙරුවාවන් ජයටම සිදුකලේ මනෝ ගනේෂන්ගේ මෙම හෙංචයියන්. මෙවැනි චෝදනාවකට වරදකරුවෙක් වෙලා මන්ත්‍රි ධූරය අහෝසි වූයේද ඉතිහාසයේ පළමු වතාවට මනෝ ගනේෂන්ගේ ගෝලබාලයෙක් වීම විශේෂයි.
එසේම, මනෝ ගනේෂන්ගේ තවත් හිතවතෙක් වනුයේ කසිප්පු ලුවිස්. ඔහු මනෝ ගනේෂන්ගේ පක්ෂයෙන් අපේක්ෂකත්වය අරගෙන දේශපාලනයේ නියැලෙනවා. මනෝ ගනේෂන් ඔහුට අපේක්ෂකත්වය ලබාදීමට හේතුව කසිප්පු ලුවිස්ගේ ජාවාරම වටා බොහෝ පිරිසක් එකතු වී සිටීම. ඒ හරහා මනෝ ගනේෂන් ඡන්ද 500 ක් පමණ එකතු කරගන්නවා. සාමාන්‍ය ජනතාව බියවද්දා, මේ මැරවරයන් ඡන්ද ලබාගන්නේ ඉතාමත් ගුජුප්සායජනක අන්දමට. ඒ අනුව එම ප්‍රදේශයන්තුල මනෝ ගනේෂන්ගේ පාතාල හයිය ව්‍යාප්ත කරනු ලබනවා.
මේවර පලාත් පාලන මැතිවරණය සඳහා තවත් ජාවාරම්කාර කාන්තාවක් මනෝ ගනේෂන්ගේ පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබාගෙන තිබෙනවා. ඇය අන් කවුරුත් නොව කොච්චිකඩේ ප්‍රදේශයේ නමගිය ජාවාරම්කාරිනියක් වන බංකර් හිල්ඩා නොහොත් හිල්ඩා අබේරත්න. ඇයට බංකර් හිල්ඩා වශයෙන් නම්පට බඳින්නට හේතුවක් තිබෙනවා. ඇය ඉන්දියාවේ සිට මත්කුඩු සහ රත්රන් යෝනිය තුල සඟවාගෙන පැමිණෙන ජාවාරම්කාර කාන්තාවක් නිසාය. මේ සඳහා ඇයට සහය දෙනු ලබන්නේද මනෝ ගනේෂන්ගේ අතිශය හිතවන්තයෙකු වන කොච්චිකඩේ ප්‍රදේශයේ පූකුඩි ඛන්නා නම් ජාවාරම්කරුවා විසිනි. පූකුඩි ඛන්නා යනු කුඩු සහ කේරළ ගංජා ජාවාරම් සඳහා නමගිය තැනැත්තෙකි. එසේම බාබුල් පුවක් මෙරටට ගෙන්වා බෙදාහැරීමට ඔහු සිදුකරගෙන යනු ලබනවා. ප්‍රදේශයේ පාසල දරුවන්ට පාසල් අසලට ගොස් බාබුල් පුවක් අලෙවි කරන ජාවාරමක්ද ඔහු සිදුකරනු ලබන බව අප හිතවතෙකු පැවසීය.
එසේම මනෝ ගනේෂන්ගේ පක්ෂයෙන් මෙවර මැතිවරණයට තරඟ කරන තවත් නම ගිය මැරයෙක්ගේ ඥාතිවරයෙකුද සිටී. එනම් පාතල නායකයෙකු වන වැල්ලේ සුරංගගේ මාමාය. ඔහුද සාමාන්‍ය ජනතාව අතර සැරිසරමින් නොයෙකු ජාවාරම් වල නියැලෙන පුද්ගලයෙකි. මේ ආකාරයට මනෝ ගනේෂන්ගේ පක්ෂය තුලින් රටට කොඩිවිනයක්ව ඇති නම ගිය අපරාධකරුවන් සහ ජාවාරම් කරුවන් මහජන නියෝජිතයන් ලෙස ඉදිරිපත් කර ඇත. මේ හරහා ඔවු සිදුකරන්නේ ජනතා සේවයක් නොව, මන්ත්‍රි වරප්‍රසාද භුක්ති විඳිමින් තමන්ගේ ජාවාරම් වඩාත් හොඳින් සිදුකිරීමටයි.
පසුගිය යුධ සමයේ මනෝ ගනේෂන් විසින් යුද්ධයට එරෙහිව කොළඹ ප්‍රදේශයේ ජීවත්වන දමිල ජනතාව අතර ජාතිවාදී අදහස් ගෙනගිය අයෙකු විය. ඔහු එල්ටීටීඊය අවසන් කරනවාට බෙහෙවින් අකමැති පුද්ගලයෙකු විය. එයට හේතුව 2006 වර්ෂයට ප්‍රථම සහ පසු මනෝ ගනේෂන්ගේ පාතාලය සහ ජාවාරම්කරුවන් එල්ටීටීඊය සමග සම්බන්ධතා පැවැත්වූ නිසා බව අනාවරණය වේ. ඉන්දියාවේ සිට රැගෙන එනු ලබන තහනම් මත්දුව්‍ය කොටි සංවිධානය හා සම්බන්ධතාවයෙන් කොළඹ කරා රැගෙන ඒමට මොවුන් කටයුතු කර ඇති බව සනාත වන කරුණු රාශියක් ඇත. යුධ සමයේ බුද්ධි අංශ මගහැර සැඟව සිටි පූකුඩි ඛන්නා ඉඳුරාම කොටි සංවිධානය හා සම්බන්ධතා පැවැත්වූ අයෙකු වන අතර, ඔහු මනෝ ගනේෂන්ගේ රැකවරණය මත කලුබෝවිල ප්‍රදේශයේ සැඟව සිට ඇත.
එසේම මනෝ ගනේෂන්ගේ නාගරික මන්ත්‍රීවරු තවත් ජාවාරමක් සිදුකර ඇත. එනම් නාගරික මන්ත්‍රීවරුන් හට වාර්ෂික ප්‍රථිපාදන මත ස්වයං රැකියා සඳහා බෙදාදීමට ලබාදෙනු ලබන මහන මැෂින් බෙදා නොදී වංචා කිරීමයි. එක් මන්ත්‍රිවරයෙකු හට මහන මැෂින් 50 ක් ලැබෙන අතර, මනෝ ගනේෂන්ගේ පක්ෂයේ මන්ත්‍රිවරු 6 ක් සිට ඇත. ඒ අනුව ඔවුනට ලැබුණු මහන මැෂින් 300 ට සිදු වූයේ කුමක්ද?
ඒ කිසිඳු මන්ත්‍රිවරයෙකු හෝ එම මැෂින් දමිල ජනතාව වෙනුවෙන් හෝ බෙදා දී නොමැති බව අප වෙත තොරතුරු ලබාදුන් දමිල හිතවතෙකු පැවසීය. සමහර මන්ත්‍රිවරුන් මුදලට එම මැෂින් විකුණු බවද ඇසින් දුටු සාක්ෂි ඇත.මේ ආකාරයට ජනතා මුදල් වංචා කරමින්, රාජ්‍ය ද්‍රෝහී ක්‍රියා සිදුකරමින්, කොටි හිතවාදීන්ට උදව් සපයමින්, ජාතිය වාදය අවුස්සමින්, දමිල ජනතාව මුලාකරමින්, දූෂණය සහ භීෂණය පතුරවමින්, මත්කුඩු සහ පාතාලය සමග ගනුදෙනු කරමින් ගෙන යන මනෝ ගනේෂන්ගේ දේශපාලනයට නැවතීමේ තිත තැබිය යුතු නොවේද?. නිදහස් ලංකාවක් වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කරනා විශේෂයෙන්ම දමිල ජනතාව ඔබලාගේ නියෝජිතයා වශයෙන් මනෝ ගනේෂන් සහ ඔහුගේ පාතාල ගෝලබාලයන් පත්කරනවාද ? ඔවුන් ඔබ රවටා ඡන්දය ඩැහැගෙන නුඹලාගේම මිනිසුන්ට තහනම් මත්ද්‍රව්‍ය බෙදාහරිනවා නොවේද? නුඹලාටම භීෂනය පතුරවනවා නොවේද ?
සිතන්නට කාලය හරි. පෙබරවාරි 10 වෙනිදාට නුඹලාගේ අවිය වන ඡන්දයෙන් තමන්ගේ බලය පෙන්වන්න. දූෂණයෙන්, භීෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔබලාගේ පිරිසිදු ඡන්දය පාවිච්චි කරන්න. මනෝ ගනේෂන් වැනි අවස්තාවාදී දේශපාලුවන් දේශපාලනයෙන් අතුගා දමන්නට දැන් කාලය එළඹ ඇත. මොහොතක් සිතන්න නිවැරදි තීන්දුව ගන්න. මේ ඔබගේ වාරයයි.
-

කාන්තාවන් සඳහා මතට තිබූ නීති ලිහිල් වෙයි
මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට,මත්පැන් අලෙවිකිරීමට හා නිෂ්පාදනය කරන ස්ථානවල සේවයට කිරීම වලක්වමින් මෙතෙක් පැවති තහනම ඉවත් කර ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
