Category: සුපිරි Talks & Jokes

  • සිරසෙ නිව්ස් හිට් කරන්න ගිය මරික්කාර් පාර්මේන්තුවේදී ලොකුගේගෙන් කන පලාගනී… ලොකුගේගෙ ඇඟිලි 4ක් මරික්කාර්ගෙ මූනේ

    සිරසෙ නිව්ස් හිට් කරන්න ගිය මරික්කාර් පාර්මේන්තුවේදී ලොකුගේගෙන් කන පලාගනී… ලොකුගේගෙ ඇඟිලි 4ක් මරික්කාර්ගෙ මූනේ

    අද (10) පාර්ලිමේන්තුවේ බැඳුම්කර ප්‍රශ්නය ගැන අගමැති රනිල් විශේෂ ප්‍රකාශයක් කරමින් සිටින අතරතුරදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරුන් එම කතාවට භාදා කරමින් විරෝධය පා ඇත.

    මේ ජර මර අස්සෙ මේක තමයි නියම වෙලාව සිරස ටීවී එකේ නිවුස් එක හිට් කරගන්න කියල හිතපු මරික්කාර් අද සිරසට පට්ට නිව්ස් එකක් දෙන්නම් කියල හිතාගෙන වටපිට බලද්දි ලඟින්ම හිටපු ගාමිණී ලොකුගේ මන්ත්‍රී තුමන්ව දැක්කා.ලොකුගේ මන්ත්‍රී තුමා ටිකක් වයස පහේ නිසා මෙයා තාමා වැඩේට කියාපු මනුස්සය කියල හිතන් මරික්කාර් නැගිටල අතේ පයේ හිරි එහෙම ඇරල ලොකුගේ ලඟට ගිහින් වයසෙ තරමට වැඩ කරපං මිනිහො කියල ලොකුගේගෙ අතේ තිබ්බ කොලය උදුරගෙන ලොකුගේව තල්ලු කරල.වයස උනත් තාම ඇගේ ජොහොර් එක අඩු වෙලා නැති ලොකුගේ හැරුන ගමන් මරික්කාර්ගෙ කන හරහා මූණ පිරෙන්න පාරක් දීල.අච්චර වයස ලොකුගේගෙ කනේ පාරට මරික්කාර් කැරකිල බිම පතබෑවිල තියෙන්නෙ කම්බුලේ ඇඟිලි හතරක පච්චෙකුත් තියාගෙනයි.

    එයින් නොනැවතුන ලොකුගේ මරික්කාර් ලඟට ආයි එනව දැක්ක ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රී වරය සුටුස් ගාල එතෙන්ට ඇවිත් දෙන්න මැද්දට ඇවිත් ලොකුගේව පැත්තකට කරල මරික්කාර්ටත් ආපහු යන්න කියල කියද්දි ඒව කොහෙද කියල ආයි ලොකුගේ ඉස්සරහට ගිය මරික්කාර් ලොකුගේව ආයි තල්ලු කරපු වෙලේ ඒ ලඟ හිටපු ප්‍රසන්න රණවීර මරික්කාර්ට මදී නොකියන්න ආයි වැටෙනකල්ම සම්බුව දීල .මේ වෙලාවෙ දෙපක්ෂයේම මන්ත්‍රී වරු මෙතෙන්ට ඇවිත් යන්තම් මරික්කාරගෙ බෙල්ලෙන් ඇදල එතනින් එළියට අරගෙන තියෙනවා.ඔන්න ඔහොමයි පිංවතුනෙ තොරණෙ විස්තරේ.

    කිලී මහරාජාගේ දඩයම් බල්ලෙක් වෙන මරික්කාර් නිසා සිරස ආයතනයේ හිටි උගත් අත්දැකීම් පිරි කීප දෙනෙක්ම පසුගිය දින වල සිරස අතහැර ගියේද මරික්කාර්ගේ නොමනා වැඩ නිසා බව සියල්ලෝම දන්නා කරුණකි.

  • රැකියා ඇබෑර්තු පන්ලක්ෂයක්

    රැකියා ඇබෑර්තු පන්ලක්ෂයක්

    මෙරට විවිධ ක්ෂේත්‍රයන්හි මේ වන විට ලක්ෂ 5 කට ආසන්න රැකියා ඇබෑර්තු සංඛ්‍යාවක් පවතින බව ජන‍ලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.ජන‍ලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව මුළු රටම ආවරණය වන පරිදි ප්‍රථම වරට මෙම ආයතනික සමීක්ෂණය කර ඇති අතර සේවයේ නියුතු පුද්ගලයන් සංඛ්‍යාව තුනකට වැඩි ව්‍යාපාර ආයතන 3500 ක නියැදියක් මේ සඳහා භාවිත කර ඇත.
    මේ වනවිට පෞද්ගලික අංශයේ රැකියාවල මිලියන 5 ට ආසන්න සේවක සංඛ්‍යාවක් සේවයේ නියුතුව සිටින බවත්, ඉකුත් වසරේ වැඩි පිරිසක් සේවයේ නියුතුව ඇත්තේ සේවා අංශය තුළ බවත් මෙම සමීක්ෂණයේදී හෙළිවූ බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජේ. සතරසිංහ මහතා ප්‍රකාශ කළේය.
    ඉහළම සේවක ඉල්ලුමක් පවතින්නේ මහන මැෂින් ක්‍රියාකරුවන් සඳහා වන අතර එම සංඛ්‍යාව 77189 ක් වේ. දෙවනුව ආරක්ෂක නියාමකයන් සඳහා (57008) ඉහළ ඉල්ලුමක් පවතින බවද ඉන් අනාවරණය වී ඇත. මෙවැනි රැකියා සඳහා ඉදිරිපත් කරන ඇබෑර්තු සංඛ්‍යාවට සරිලන පරිදි අයැදුම් කරන්නන් නොමැති වීමෙන් මෙම ඉල්ලුම වැඩිවී ඇති අතර ඒ නිසාම එවැනි රැකියා වැඩි සංඛ්‍යාවක් පුරප්පාඩු පවතින බව සතරසිංහ මහතා පැවැසීය.
  • ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටයි රූපවාහිණීසංස්ථාවටයි ඇඟිලි සලකුණු පොලීසියෙන් පොලිස්පාට්

    ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටයි රූපවාහිණීසංස්ථාවටයි ඇඟිලි සලකුණු පොලීසියෙන් පොලිස්පාට්

     ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවට හා ජාතිකරූපවාහිණියට වසර 2ක් තිස්සේ ධාවනයේ යෙදවූ ලංගම බස්රථයට අනවසරයෙන් කඩාවැදුන පොලිස් ඇඟිලිසලකුණු අංශයේ පොලිස් උපපරීක්ෂකවරු සහ කොස්තාපල්වරු පොලිස්පාට් දමා බස් රථය නවතා ඇතැයි වාර්තා වේ.

    අවුරුදුදෙකක් ගුවන්විදුලිසංස්ථාව ඉදිරිපිටින් ආරම්භ උන මෙම බස් රථය රූපවාහිණී කාර්යමණ්ඩලය සමඟ 4.30ට ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිටින් අවිස්සාවේල්ල දක්වා ධාවනය වී තිබේ. රූපවාහිණී කාර්යමණ්ඩලය බස්රථයට නැගීමටපෙර ඇඟිලිසළකුණු අංශයේ පිරිස කඩාවැදීම දිගින් දිගටම සිදුවන නිසා රූපවාහිණී කාර්ය මණ්ඩලයට ආසන අහිමිව හිටගෙන යාමට පවා සිදුව ඇත. මේ බව පොලිස් ඇඟිලිසලකුණු අංශයේ නිලධාරීන්ට සහ අනෙක් පිරිසට දැන්වූවද ඒ ගැන නොතකා ඇඟිලි සලකුණු අංශයේ පිරිස පොලිස් බලතල ක‍්‍රියාත්මක කිරීමට ගොස් තිබේ.

    අවසානයේ හෝමාගම ඩිපෝවට පෙත්සමක් භාරදිමෙන් මේ වන විට බස් රථය නතරකර ඇත. හෝමාගම ඩිපෝවට මේ පිළිබඳව කථා කිරීමේදී පවසා ඇත්තේ පොලිස්සිය සමඟහැප්පීමට බැරි නිසා තවදුරටත් ගුවන්විදුලිට සහ රූපවාහිණියට මෙම බස් රථය යෙදවිය නොහැකි බවයි.

    අපි සී අයි ඞී යනුවෙන් බස් රථයට කඩා වැදී අසුන් ගැනීම පිළිබඳව ගුවන්විදුලියේ සහරූපවාහිණියේ කාර්යමණ්ඩලය තුළ ඇත්තේ බලවත් අප‍්‍රසාදයකි. ඔවුන්ට යෙදවූ බස් රථයේ කිසිදු අවසරයකින්තොරව බලහත්කාරයෙන් වාඩිවී අපි සී අයි ඞී යයි පැවසිම පොලිස් නිලධාරීන්ට සහ ඔවුන්ගේ රහස්‍යභාවයට කෙතෙක් දුරට යුක්තියුක්තදැයි විමසීම වටීයි.

    පොලිසීය ජනතාහිතවාදිව සිටිය යුතු මොහොතක වසර දෙකක් ධාවනය වු බසය අත්හිටවූයේ හෝමාගම ඩිපෝවට පෙත්සමක් ගොස් බාරදීමෙනි. අනතුරුව පවසා ඇත්තේ බස් රථය ධාවනය වුවහොත් හන්දියක් හන්දියක්ගානේ බස්රථයේ රියදුරු නොකළ වැරදිවලට පොලිස් රථවාහන ඒකකයෙන් නවත්වන බවයි. ඇඟිලි සලකුණු අංශයේ කාන්තා උපපොලිස්පරීක්ෂකවරියක්ද මෙම බස් රථයේ ගොස් ඇති අතර ඇය අපේ මිනිස්සු හරිවැරදී යනුවෙන් පවසා ඇත. ඇයට තේරෙන සත්‍යය පිරිමි උපපොල්ස්පරීක්ෂකවරුන් සහ කොස්තාපල්වරුන් ඇතුලූ ඇඟිලි සලකුණු අංශයේ කාර්ය මණ්ඩලයට නොතේරුණේ මන්දැයි විමතියකි.

    හෝමාගම ඩිපෝවේ සාමාජික පිරිස පවසා ඇත්තේ නොකළවැරදිවලට පොලීසිය දඩුවම්දෙන ඉතිහාසයක් ඇති නිසා තවදුරටත් ගුවන් විදුලිසංස්ථාව ඉදිරිපිට පේ‍්‍රමකීර්ති ද අල්විස් මාවතෙන් බස් රථය ආරම්භ කළ නොහැකිබවයි. ”කුඩු පැකට් එකක්වත් ගෙනත්දාලා අපිව වැරදිකාරයෝ කළොත් මහත්තයෝ අපි අසරණයිනේ. නඩුයි බඩුයි උන්ගෙනේ”යයි ඩිපෝවේ සාමාජිකයන් මෙන්ම කොන්දොස්තරමහතා සහ රියදුරුමහතාද භීතියෙන් වෙලී ඇතැයි පැවසේ. මහජන සුභසිද්ධිය සඳහා කි‍්‍රයා කළයුතු පොලිසිය පොලිස්පාට් දැමීම නිසා නතරවූ බස්රථය නැවත ලබා දෙන්නේ කවදාදැයි ඇසියයුත්තේ කාගෙන්ද? මෙවන් නොහොඹිනා වැඩපොලීසිය අත්හරින්නේ කවදාද?

  • රටට ජනතාවට හා ජනපතිට සෙත් පතා දළදා මාලිගාවේ දානමය පිංකමක්

    රටට ජනතාවට හා ජනපතිට සෙත් පතා දළදා මාලිගාවේ දානමය පිංකමක්

    රටට ජනතාවට හා ජනපතිට සෙත් පතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේදී ඊයේ(08) දහවල් දානමය පිංකමක් ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ප්‍රමුඛ සිරිසේන මහතාගේ ඥාතීන් හා හිතමිතුරන් විසින් සංවිධානය කර තිබිණි.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව තෙවසරක් සපිරීම නිමිත්තෙන් මෙම විශේෂ දානමය පිංකම පැවැත්විණි.
     
    චතුරිකා සිරිසේන මහත්මිය එහි ඡායාරූප සිය ෆෙස්බුක් ගිණුමට එක්කර තිබිණි.
  • සත්‍යයේ හඬ “රැස” ජනවාරි 8 සිට ඔබ අතට

    සත්‍යයේ හඬ “රැස” ජනවාරි 8 සිට ඔබ අතට

    අවිද්‍යාව, අශිෂ්ඨත්වය, මිත්‍යාව, ජාතිවාදය, ආගම්වාදය යනු පටු දෘෂ්ඨීන්ට එරෙහිව සැබෑ නවීන පුවත්පතක් ලෙස ලේක් හවුස් ආයතනයෙන් එළඹෙන බ්‍රහස්පතින්දා (11) දින සිට නිකුත් කිරීමට නියමිත නව දිනපතා ජාතික පුවත්පත ලෙස “රැස” හැඳින්විය හැක.
    එහි
    ප්‍රධාන කතුවරයා – චාමර ලක්ෂාන් කුමාර මහතා
    නියෝජ්‍ය කතුවරයා –  කසුන් පුස්සෙවෙල මහතා
    විශේෂාංග කතෘවරයා – රංජිත් කුමාර සමරකෝන් මහතා
    ප්‍රවෘත්ති කතෘවරයා – ශාලික විමලසේන මහතා
    වශයෙන් සිටින අතර
    තිඹිරියාගම බණ්ඩාර, ජයසිරි ජයසේකර, රවීන්ද්‍ර විජේවර්ධන, නිලන්ත ගමගේ, මංජුල සමරසේකර, කසුන් ඉරුගල්බණ්ඩාර, පබදු සපුතන්ත්‍රි,  ශිවන්ති ප්‍රනාන්දු ඇතුළු තරුණ මාධ්‍යවේදීන් කණ්ඩායමක් රැස ඔබ වෙත ගෙන ඒමට දායකත්වය දක්වයි.
     
    මෙම පුවත්පත් නව සන්නිවේදන තාක්ෂණයන් සමග අත්වැල් බැඳ ගන්නේ මධුක ප්‍රනාන්දු සහ විමුක්ති දුෂාන්තගේ සහයෙනි. මො.ල. සෙනෙවිරත්න ප්‍රමුඛ දක්ෂ තරුණ පිටු සැකසුම් ශිල්පීන් පිරිසක් ‘රැස’ නිර්මාණයෙහි ලා දායක වෙති.
  • මහින්දගේ සමාජ ජාලා ක්‍රියාකාරීන් කලකිරේ

    මහින්දගේ සමාජ ජාලා ක්‍රියාකාරීන් කලකිරේ

    මහින්ද වෙනුවෙන් හිරබත් කාපු අයට බලය නැති කාලෙ මේ විදියටනම් සලකන්නෙ. බලය ලැබුන පසු කුණු කූඩයේ නොවේද?

     

     

  • නිලුක්ෂි අමන්දා විවාහ වෙයි …

    නිලුක්ෂි අමන්දා විවාහ වෙයි …

    අපේ රටේ තවත් තරුණ නිරූපිකාවක් තමයි අමන්දා සිල්වා කියන්නේ. එහෙමත් නැත්නම් නිලුක්ෂි අමන්දා. 2017 අවුරුද්ද නිමාවුණේ අමන්දාට මංගල සීනු හඬවමින්. අවුරුද්ද අවසන් වෙන්න දවස් තුනකට කලින් ඒ කියන්නේ 2017.12.28 වැනිදා ජනප්‍රිය නිළියක හා නිරූපිකාවක් වූ අමන්දා ද සිල්වාගේ විවාහය ලියාපදිංචි කිරීමේ උත්සවය සිදුකෙරුණා. පසුගිය සතියේ අපි ඔබට ඒ සුබ ආරංචිය දැනුම් දුන්නා. අද අපි සූදානම් වෙන්නේ මේ දෙන්නාගේ කවුරුත් නොදන්නා ආදර කතාව ගැන ඔබට කියන්නයි.
    අමන්දාට සුබ මංගලම් කියලම මේ කතාබහ ආරම්භ කරනවා
    බොහොම ස්තූතියි
    අමන්දා-දිමුතු විවාහ ලියාපදිංචි කිරීමේ උත්සවය ගැන දැනගන්නත් රසික පිරිස කැමති වේවි?
    28 වැනිදා කොළඹ ගලධාරි හෝටලයේ තමයි උත්සවය පැවැත්වුණේ. මම බෞද්ධ. දිමුතු කතෝලික. බෞද්ධ චාරිත්‍ර අනුව වගේම කතෝලික චාරිත්‍ර අනුවත් උත්සවය සිදු කෙරුණා. අපි දෙන්නගේ ඥාතීන් හැරුණම සමීපතම හිතවතුන් තමයි උත්සවයට සහභාගි වුණේ. මගේ පැත්තෙන් අත්සන් කළේ කැලුම් විජේසූරිය. දිමුතුගේ පැත්තෙන් එයගේ මාමා අත්සන් කළා.
    කලා ලොවෙ හිතවතුන් සහභාගි වුණේ නැද්ද?
    ගොඩක් අය මංගල උත්සවවලදී සාක්ෂිකරුවන්ව, දෙවැනි මනාල මනාලියන්ව යොදා ගන්නේ ජනප්‍රිය චරිත. ඒත් මට එහෙම හිතුණේ නැහැ. හේෂාන් මංජුල, අරුණ හා ඉරේෂා විතරයි කලා ලෝකයේ අයගෙන් උත්සවයට සහභාගි වුණේ. ඒ තුන්දෙනා මගේ හොඳම යාළුවෝ.
    කොහොමද අමන්දාට දිමුතුව හමුවුණේ?
    දිමුතු පදිංචිවෙලා ඉන්නේ ඇමෙරිකාවේ. ඒත් එයා මගේ මාමා (ප්‍රියන්ත විජේකෝන්)ගේ යාළුවෙක්. මම ගැන අදහසක් තියෙනවා කියලා දිමුතු තමයි මාමට කියලා තියෙන්නේ. හැබැයි ඒ වෙද්දී එයා මාව දැකලා තිබුණේ ෆොටෝවලින් විතරයි. මාමා මට ඒ ගැන කිව්වා. ආශ්‍රය කරලා තීරණයක් ගන්න කියලා මාමා මට කිව්වා. මුලදී දිමුතුයි මමයි Video Call වලින් තමයි කතාබහ කළේ. යාළුවෝ විදියට ආශ්‍රය කරද්දී මට එයා ගැන පැහැදීමක් ඇතිවුණා. ඊට පස්සේ තමයි කැමති වුණේ. අපි අවුරුදු 2 1/2ක් විතර ආශ්‍රය කරලා තමයි විවාහ වුණේ.
    ඇයි අමන්දා දිමුතුට කැමති වුණේ?
    එයා හරිම හොඳ අවංක කෙනෙක්. මං ගැන ගොඩක් උනන්දුයි. මම වගේම අපේ පවු‍ලේ අයටත් ආදරෙයි. ඒ හින්දා මම කැමති වුණා.
    විවාහය ලියාපදිංචි කෙරුණා. දැන් කවදද විවාහ උත්සවය?
    මේ අවුරුද්දේ විතර
    ඊට පස්සේ ඔබ කලාවයි. ලංකාවයි අතහැරලා ඇමෙරිකාවට යනවද?
    මේ දවස්වල මම සම්බන්ධ වෙලා ඉන්නේ පැරීසියට යන පාර ටෙලි නාට්‍යයට විතරයි. තවම ඒකේ ෂූටිං ඉවර වෙලා නැහැ. දිමුත් එක්ක මටත් ඇමෙරිකා යන්න වෙනවා. හැබැයි ඉතින් කලාව තුළ හෝ නිරූපණය තුළ හොඳ දෙයක් කරන්න අවස්ථාවක් ලැබුණොත් ආයෙමත් ලංකාවට ඇවිල්ලා හරි ඊට සම්බන්ධ වෙනවා.
    අපි අපේ කතාබහට දිමුතුවත් එකතු කරගත්තා. අමන්දාගේ ආදරය දිනූ දිමුතු ගැන වැඩි විස්තර දැනගන්න හැමෝම කැමතියිනේ. ඒ හින්දා අපි මුලින්ම ඔහුගෙන් සාමාන්‍ය තොරතුරු ගැන විමසා සිටියා.
    මගේ ගම කිරිබත්ගොඩ. ශාන්ත අන්තෝනි විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. මම වයස 14දී ඇමෙරිකාවට ගියා. පවු‍ලේ හැමෝම දැන් ඉන්නේ ඇමෙරිකාවේ. මම ව්‍යාපාරිකයෙක්.
    ව්‍යාපාරිකයෙක් වුණාට ඔබට හොඳ ගායන හැකියාවක් තියෙන බව ආරංචියි. ගීතයක් කරන්න එහෙම අදහසක් නැද්ද?
    මම සංගීතයට ආසයි. ක්ලැරන්ස් විජේවර්ධන, මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතවලට ගොඩක් කැමතියි. යම් යම් උත්සවවල ගී ගයන්න වුණොත් ගයන්නේ ඒ දෙන්නාගේ ගීත. ඒත් ගීතයක් කරන්න කලාවට එකතු වන්න නම් ආශාවක් නැහැ. මගේ ක්‍ෂේත්‍රය ව්‍යාපාර ක්‍ෂේත්‍රය.
    ඇමෙරිකාව ලංකාවට වඩා ගොඩක් ලොකු රටක්. ලස්සන සුද්දියොත් එහෙදි දකින්න ලැබෙන්න ඇති. එහෙම තියෙද්දී ඇයි ෆොටෝවලින් දැකපු ගෑනු ළමයෙකු ගැන හිත බැඳුණේ
    එකට හේතුව මටත් තේරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ අමන්දා මවන්න ඇත්තේ මම වෙනුවෙන් වෙන්න ඇති.
    ෆොටෝවලින් හිත බැඳිලා දුරකථනයෙන් කාලයක් අසුරු කරද්දී මොකද හිතුණේ?
    අමන්දාට ලස්සන හිතක් තියෙන්නේ කියලා හිතුනා.
    ඉස්සරවෙලාම එයාව සජීවීව දැක්කේ කවදාද?
    මීට අවුරුද්දකට විතර කලින්
    ඒ වෙලාවේ මොකද හිතුණේ?
    (හිනැහී) ෆොටෝවලයි වීඩියෝ කෝල්වලයි දකිනවට වඩා කොච්චර ලස්සනද කියලා හිතුණා.
    දිමුතු අමන්දාව ඇමෙරිකාවට එකතු කරගෙන යන්නේ කලාවෙන් අයින් කරලාද?
    එයා කැමති දේවලවලින් මම කවදාවත් එයාව ඈත් කරන්නේ නැහැ. ඉඳහිට ලංකාවට ඇවිත් කලා කටයුතුවල නිරත වෙන්න ඉඩදෙනවා. ඇමෙරිකාවේදී එයාට නිරූපණ ක්‍ෂේත්‍රය තුළ වැඩිදුර හදාරන්න, ඒ තුළ යමක් කරන්න ඉඩ හදලා දෙනවා.
  • සැමියාගේ උපන්දිනය දා විවාහ වූ ශ්‍රියන්ත-කුසුම් ගේ දියණිය… උපන්දිනයට බෙන්ස් කාර් එකක් තෑගි

    සැමියාගේ උපන්දිනය දා විවාහ වූ ශ්‍රියන්ත-කුසුම් ගේ දියණිය… උපන්දිනයට බෙන්ස් කාර් එකක් තෑගි

    ප්‍රවීන රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් හා රංගන ශිල්පිණි කුසුම් රේණුගේ දියණියගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා.  ඇය හා අතිනත ගත් ෂෙහාන් පෙරේරාගේ ජන්ම දිනයද විවාහ දිනට යෙදී තිබීම විශේෂ සිදුවීමක් වුණා. විවාහ මංගල්‍ය උත්සවයට කලාකරුවන් , දේශපාලකයන් ඇතුලු ප්‍රභුවරු රැසක් පැමිණ සිටියා.

    ව්‍යාපාරිකයෙක් වන ෂෙහාන් පෙරේරාගේ පියා ඔහුට උපන් දින තෑග්ග ලෙස බෙන්ස් මෝටර් රථයක් තිළිණ කරමින් සියල්ලෝම පුදුමයට පත් කළ අතර මධු සමය සඳහා නව සියල්ලන්ගේම ප්‍රීතිඝෝෂා මධ්‍යයේ නව යුවල එම රථයෙන් පිටත්ව ගොස් ඇත.

  • නෑනාට යටවූ පොලීසිය මහ සෙනගක් ඉදිරියේ අත් පා බැද  මස්සිනාගේ දත් කඩයි

    නෑනාට යටවූ පොලීසිය මහ සෙනගක් ඉදිරියේ අත් පා බැද මස්සිනාගේ දත් කඩයි

    විමර්ශනයක් සඳහා ගිය මහනුවර – අලවතුගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිදුවීමක් නෙත් ගොසිප් අපට වාර්තා වෙනවා. පසුගිය දෙසැම්බර් මස 6 වෙනිදා මෙලෙස පහර කෑමට ලක්ව තිබෙන්නේ මහනුවර අකුරණ තලගහකන්ද ප්‍රදේශයේ පදිංචි චන්දන රූපසිංහ නැමැති තරුණයෙක්.

    සිදුවීම පිළිබදව නෙත් ගොසිප් වෙත අදහස් දක්වන චන්දන රූපසිංහ ප්‍රකාශ කළේ සිය අසල්වාසීන් බලා සිටියදි අලවතුගොඩ පොලිසීයේ නිලධාරීන් තමන්ට අත් පා ගැටගසා අමානුෂික ලෙස පහර දුන් බවයි. සිය සහෝදරයාගේ බිරිද , ඔහු හැරගොස් නිවසින්ජ් බැහැරව ගොස් බවත් , ඉන්පසුව සිය සහෝදරයා වස පානය කොට රෝහල් ගත කර සිටියදි ඇය සිය බඩු බඩුබාහිරාදිය රැගෙන යාමට පොලීසිය සමග පැමිණි අවස්ථාවේ ඊට විරුද්ධ වීම හේතුවෙන් පොලිසිය තමන්ට පහර දුන් බව එම තරුණයා  ප්‍රකාශ කළා

    පෞද්ගලික ආරවුලක් මත නිවසින් බැහැරව සිටි තම සහෝදරයාගේ බිරිඳ පොලීසිය සමග පැමිණ ඇයගේ බඩුබාහිරාදිය රැගෙන යාමට උත්සාහ කළ.පහරකෑමට ලක්වූ තරුණයා සිදුවීම විස්තර කළේ මෙලෙසින්

    ” චන්දන රූපසිංහ දැක් වූ අදහස් – එතන එස් අයි මහත්තයෙක් ආවා. ඒ.එස්.අයි මහත්තයා මට පිස්ටල් එක නළලට තියලා.මට ගැහුවා.එතකොටම පොලීසියේ ඔක්කෝම එතනට ආවා. ඇව්ලා මට දඩ බඩ ගාලා ගහන්න පටන් ගත්තා.ලණු වගයක් තිබ්බා ඒ ලණුවලින්ම අත්දෙකයි කකුල් දෙකයි බැදලා එස් අයි මහත්තයා කකුළෙන් පයින් ගැහුවා. මගේ ඉස්සරහා දත් 4 ක් කැඩුණා.ලණුවක් දාලා බෙල්ල හිර කළා..එතන හිටපු එක රාළහාමි කෙනෙක් පොල්ලක් කඩාගෙන ගැහුවා. ගහපු පාර දත් කැඩිච්චි ඒවා තමයි මේ. මහලා තියෙන්නේ ඉස්පිරිතාලෙන්”

    කෙසේ වෙතත් සිදුවීම පිළිබදව එම තරුණයා විසින් පොලිස්පති සහන මැදිරියට පැමිණිලි කර තිබෙන බවත් සදහන්. මේ පිළිබදව අප අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයතිලකගෙන් විමසූ අතර ඔහු පැවසුවේ සිදුවීම පිළිබදව සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ පරීක්ෂණයක් මෙහෙයවන බවත් , එම විමර්ෂනය හේතුවෙන් තමන්ට කිසිවක් කිව නොහැකි බවයි. කෙසේ වෙතත් මෙම පහර දීම සිදුවන අවස්තාවේ එම ස්ථානයේ සිටි අසල්වාසීන් පවසන්නේ සිදුවීම සිදුවී දින ගණනක් ගතව ඇතත් පොලිස්පතිවරයා හෝ වෙනත් කිසිදු ඉහල නිළධාරියෙකු විසින් තවමත් මෙම පහරදීම සිදුකළ නිළධාරීන්ට ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට හෝ පහරදීමට පොලීසියට කිසිදු බලයක් හෝ අයිතියක් නොමැති අතර එය මූලීක මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමකි. එම නිසා මෙම පහර දීම සිදු කළ පොලිස් නිළධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ දැයි නෙත් ගොසිප් අප විමසිල්ලෙන්.,

    සිදුවීමේ විඩීයෝව පහතින් ,

     

  • භූමි හරේන්ද්‍රන්ගේ ලිංග මාරුව ගැන ඔහුගේ අම්මා ඇඩූ කඳුළින් කියන කතාව….

    භූමි හරේන්ද්‍රන්ගේ ලිංග මාරුව ගැන ඔහුගේ අම්මා ඇඩූ කඳුළින් කියන කතාව….

    අපේ ජීවිතයේ අපි වැඩියෙන්ම ආදරය කරන අපිට වැඩියෙන්ම ආදරය කරන කෙනෙක් තමයි අම්මා කියන්නේ. අපේ දේවල්වල සාර්ථකත්වයේදී ඇත්තටම සතුටු වෙන්නෙත් අසාර්ථකත්වයේදී වැඩියෙන්ම දුක් වෙන්නෙත් අම්මා. ඉතින් අපි මේ කියන්න යන්නේ තවත් අම්මා කෙනෙක්ගේ කතාවක් ගැනයි. භූමි හරේන්ද්‍රන් ගැන ඔබ සැවොම දන්නවා ඇති.  ඇය දර්ශිලා රත්නායක ආරච්චිලාගේ අනෝමා ය. ඇය කුමුදු හරේන්ද්‍රන් නම් ලත් පුතෙකු වැදුවාය. එහෙත් වර්තමානයේ ඇය අප හදුනන්නේ භූමි හරේන්ද්‍රන් නමැති ලිංගික සංක්‍රාන්තියට පත් තරුණයාගේ මව ලෙසය. මේ ඇය ගැන පුවත්පතක් සමග කළ සාකච්ඡාවක්.

    විලි ඇවිස්සෙන කොළඹ අහස යට ෆ්ලැට් අයිනේ පුංචි එවුන් සෙල්ලම් ගෙවල් හදති, ක්‍රිකට් ගසති, කෑ ගසති, හූ කියති, එකම කෙළිදෙලකින් පෙළෙති. අම්මා ඒ ලෝකය දෙස බලා සිටියාය. ජීවිතයේ බර ඇය දැන සිටියාය. එසේම ලෝකය ඒ තරම්ම සුන්දර නැත. ඇය එය ද දැන සිටියාය. දිනය එළඹිණ. ඇය කොළඹ කාසල් රෝහලේදී පුංචි කොලු පැටියෙකු ලොවට බිහි කළාය. අද ඒ කොලු පැටියා සොබාදහමට යටත්ව දියණියක්ව සිටී. ඒ අම්මා තමන් වැදූ ඒ දරු පැටියාට සෙනෙහසින් පවුලක බර කරට ගෙන ඇදක් මත වැතිරී අතීත මතක සමග පමණක්ම ගනුදෙනු කරන රෝගී වූ තම සැමියා ද රැකබලා ගන්නීය. ඒ දෙමටගොඩ මහල් නිවාස සංකීර්ණයකය.

    භූමි ගැන ලංකාවම දනී. එහෙත් ඒ ජීවිතයට පණ දුන් අම්මා කොහිද? ඇය කුමක් කරනු ඇත්ද? කප්පරක් බලාපොරොත්තු තබාගෙන කුසින් වැදු පිරිමි දරුවා ගැහැනියක් වීම අම්මා නම් වූ සෙනෙහෙබර සංවේදී හදවතට කෙසේ දැනෙන්නට ඇද්ද? ඒ අම්මා සොයා ගත යුතුය. ලෝකයක් වපර ඇසින් බලන මිනිස් ජීවිත දෙස ආදරෙන් සෙනෙහසින් අත්වැල් බැඳගන්නට නම් ඒ හෘද සාක්ෂිය අප සොයාගත යුතුය.

    මම හැදුණේ කොන්වන්ට් එකේ ත්‍රීකුණාමලේ. ගෙවල් කොළඹ. ඉතින් නත්තලට ටිකක් ලෑස්ති වුණා. ඇය අප අපහසුතාවයට පත් වේ යැයි සිතුවා විය හැකිය. ඒ අම්මලාගේ හැටිය. අම්මලාට තමන්ට කලින් අනෙකාය. හුරුබුහුටි නිවසේ කැබිනෙට්ටුව මත භූමි කුඩා කල ගත් ඡයාරූප පෙළකි. ඒ අම්මගේ වස්තුවයි.

    ඇය තම භූමි නම් වූ දියණියට වඩා කුමුදු නම් වූ ආදරණිය පුතාට ආදරේය. ඇගේ හිතට එකලාසයක් නැත. එහෙත් මේ මං වැදූ දරුවා. මට අහක දාන්න බෑ.. මේ මගේ පුතා…” සියල්ල නිහඩය… ඇගේ දෙනෙතින් කදුළු කැට කඩා හැලෙද්දී අපේ පපුව සිර විණි… ඇය අසලම භූමි ඉඳගෙන සිටින්නීය. අම්මා.. ඇය සෙමෙන් ඇගේ හිස පිරිමදින්නීය…. බබා… කදුළු තුළින් ඇය තමන් වැදු පුතුගේ මුහුණ භූමි තුළ සොයන්නීය.

    මිනිසුන්ට ඇත්තේ තමන් ළඟ නැති දේවලට වඩා තමන් ළඟ තිබී නැති වූ දේ පිළිබඳ වේදනාවකි. ඒ අම්මාය. ඇය වැදූ පුතා ඇය තවම සොයන්නීය. භූමිගේ හිත හයියය. ඇය පිරිමි භාවය පසෙකලන්නේ ඒ හිතේ හයියටය.

    මට මෙයා හම්බෙලා මාස තුනෙන් මම රට යනවා… අපි එතකොට හිටියේ බොරැල්ලේ. මම අවුරුදු 17න් කොන්වන්ට් එකේ ඉදලා කොළඹ අවා. මගේ අක්කා ඉන්නවා.. ඉතින් ටික කාලයක් ගිහින් මට මෙයාගේ තාත්තව මුණගස්වනවා මගේ අක්කා.. ඒක යෝජනා විවාහයක්… ඉතින් අපි බැඳලා අවුරුද්දකින් තමයි මට භූමි ලැබෙන්නේ. මෙයාගේ තාත්තගේ ගෙදර බොරැල්ලේ. එහෙ තමයි හිටියේ. ඉතින් මට වඩා තාත්තයි, නැන්දයි, ආච්චියි තමයි පුංචි කාලේ ළඟින්ම හිටියේ. මම එන්නේ අවුරුදු දෙකකට සැරයක්. අපිට ගොඩක් අමාරුකම් තිබුණා. එක නිසා මට රට යන්න වුණේ… මගේ එකම බලාපොරොත්තුව තිබුණේ මෙයාට හොදට උගන්නගන්න එක.” අම්මලාගේ හීන එහෙමය. තමන් විඳි දුක දරුවන්ට දෙන්නට අම්මලා තුන් හිතකින්වත් කැමති නැත. ඒ වෙනුවෙන් තම ලේ ඇට මස් නහර දියකර හරින්නට ඇය සුදානම්ය. ඒ අම්මාය.

    මම අවුරුදු දහයකින් ලංකාවට එනකොට මෙයා ටිකක් ලොකුයි. තාත්තයි, නැන්දයි තමයි සේරම කළේ. තාත්තා හරි ආදරෙයි. අපිට ඉන්න එකම දරුවනේ.. තාත්තා ඩ‍්‍රයිවින් රස්සාව කළේ. ඉතින් අපි කොහොම හරි වියදම් කරලා මෙයාට උගන්නන්න ඕන වුණේ. මහන්සි වෙලා ඞී.එස්. එකට දාගත්තා.. මෙයා හොදට ඉගෙනත් ගත්තා… ඒත්…ඇයට ඉකිගැසෙන්නේය. එය අත්විඳිය හැක්කේ කාටද? ඒ අම්මාය. සියලුම දරාගැනීම් ඈ සතුය.

    අම්මා පුංචි කාලේ ඉඳන් භූමිගේ වෙනස්කම් දැක්කද?
    අවුරුදු පහළවේදී තමයි කටහඬ වෙනස් වෙනවා මට දැනුණේ.. මං තාත්තට කිව්වා. එයා ඉතින් ඒක ගණන් ගත්තේ නැහැ. ඒ ගෙදර තට්ටු තුනක් තිබුණා. මෙයා උඩම තට්ටුවේ තනියම. මම ඔය කාමරේ පිහදාන්න දවසක් යනකොට තමයි ඇඳුම් අහුවුණේ… එතකොට මෙයා අනිත් පැත්තට ගිහින් ඉවරයි…
    ගෙදර ගොඩක් ප්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ මෙයා යන්න ගියා ගෙදරින්.” ඇගේ පැහැපත් මුහුණ රැලි වැටෙයි. දෑස් මිරිකෙයි… හදවතේ මව් සෙනෙහස රූරා වැටෙයි. අම්මලාට දරුවන්ගෙන් ඈතට යන්නට හිත් දෙන්නේ නැත. දරුවන් අම්මලා හැරදා පියා යද්දී ඒ වේදනාවේ තරම දන්නේ අම්මා කෙනෙකුමය. අම්මලා අසමසමය. ඇයට දරුවා සොයන්නට මඟක් නැත.

    දිනක් සන්ක්‍රාන්තික ලිංගිකයන් පිළිබඳ රුපවාහිනී වැඩසටහනක තමන් වැදූ ආදරණිය පුත් රුවන කාන්තා ඇඳුම් පැලඳුම් හැඳ පැලඳ සිටිනවා ඇය දකින්නීය. ඒ මොහොතේ ඇයගේ හැගීම් විස්තර කිරීමට තරම් හැකියාවක් අපට නැත. ඒ අම්මාය. ඇය දරාගන්නීය. ඇගේ ඇසින් කඳුළු කඩා හැලෙන්නට ඇත. ඉකිගැසෙන්නට ඇත. පපුව සිරවී ගල් ගැසෙන්නට ඇත. කොයි මොහොතේ හෝ තමන්ගේ දරුවා තමන්ගේ උණුහුම හොයා නැවත එන බව ඇගේ සිත දැන සිටියාය. අම්මලා දරුවන් එනතුරු කල්ප ගණන් බලා සිටින්නේය. අම්මලා එහෙමය.

    දෙමටගොඩට පිනිබර යාමය උදා වෙද්දී සැවුලන් හැඬලූවේ නැති වුණ ද, කොළඹ රේල්ලූව රජ ගමනින් ආවේය. ඒ එනකොට මේ අම්මා ද ලිප ගිනි මෙළවුයේය. ඇය පින්න මැකෙන්නට කලින් කඩයප්පන් සාදන්නිය. ඒවා තම සහෝදරියගේ කඩයට දී විකුණා ලැබෙන මුදලින් ජීවිතය සරි කරගන්නීය. එතෙකින් නොනැවතී අවුරුදු 27ක් ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන්නීය. ”මං වැඩ කරන ගෙදර මගේ වගේ.. මට හරි ආදරෙයි ඒ නෝනලා… මෙයාට උගන්නන්න එයාලත් උදවු කළා. මෙයාගේ ගැන දැනගත්තම හැමෝම අපිව අතෑරියා… එයාල එහෙම කළේ නැත්නම් අදටත් මං එතැන වැඩ… ගෙදර බර තවමත් අම්මාගේ කර පිටය. ඇය වෙහෙසක් නොපෙන්වන්නිය. සිනහව පරිත්‍යාග කරන්නීය. දුක හංගා ආදරේ කරන්නීය. ඒ අම්මාය.

    අම්මා භූමිට දුව කියන්නේ නැද්ද…?
    කවදාවත් බෑ. මේ මගේ පුතා, මට දෙයියෝ දුන්න දරුවා.. මගේ කුසින් වැදුවේ පුතෙක්. ඒක හැමදාම එහෙමයි. මේ මගේ පුතා.. ඒ උතුරන කදුළු දෙස බලා සිටිය නොහැකිය. මෙයා කලබල වුණා වැඩියි. අපි නැති වුණාම මෙයා ගැන බලාගන්නේ කවුද…?” අප නිහ`ඩ වීමු… මව් පපුතුරේ ගලන වේදනාව වචන කළ නොහැකිය.
    ඇය භූමිට ආදරේය. මම දැන් ලෝකෙට මුණදෙන්න සුදානම්. ඉස්සර මං බය වුණා. ලැජ්ජාවක් දැනුණා… මේ මගේ දරුවා. මට ඉන්නේ මෙච්චරයි… කවුරු මොනවා කිව්වත් මට මගේ දරුවා වටිනවා.” අම්මලාට දරුවන්ගේ සුවඳ අමෘතය මෙනි. ඔවුන් ඒ සුවඳින් ස්නේහයේ පිපාසය සන්සිඳුවා ගන්නීය.

    මෙයාට ගෙදර ඉදන් සාරි ඇඳගෙන යන්න බැහැ. මෙහෙ හරි වෙනස් සමාජයක් තියෙන්නේ.. කුණු කන්ද නිසා තමයි අපිට ෆ්ලැට්වලට එන්න හම්බුණේ. අපි දොර වහගෙන ඉන්නේ හැම වෙලේම. මෙයා ගෙදර කලිසම් ඇඳගෙන ඉන්නේ. මං එළියට යවන්නේ නැහැ. තම දරුවාට නිග්‍රහ වන බැල්මක්වත් අම්මලා අනුමත කරන්නේ නැත. අම්මලා දරුවන් රකින්නේ එහෙමය.

    ඇගේ මුවට සිනහවක් නැගිණි. දවසක් හරි වැඩක් වුණා. මම බොරැල්ලෙන් බස් එකේ නැගලා වැඩට යන ගමන්. එතකොට මෙයා ගෙදර එන්නේ නැති කාලේ.. කතාවක් නෑ අපි එක්ක. මම බස් එකේ ජනේලේ අයිනේ වාඩි වෙලා යද්දී සාරියක් ඇඳගත්ත කෙනෙක් ඇවිත් මගේ ළඟින් වාඩි වුණා.. ඒ මගේ පුතා…

    එතකොට අම්මා මොකද කළේ…?
    මට කර කියාගන්න දෙයක් නැහැ.. පොළොව පලාගෙන යන්න හිතුණා… කොහොම හරි මෙයා මව මුලින් අදුනගත්තේ නෑ.. එක පාරටම මගේ දිහා බැලුවා… දඩිබිඩි ගාලා රාජගිරියෙන් බැස්සා… දැන් මට ඒවා ගාණක් නැහැ… මට දැන් තේරෙනවා මේ ලෝකේ හැටි මෙහෙමයි. එහෙම දේවල් සිද්ධ වෙනවා.. ඒක මගේ දරුවට විතරක් වුණ දෙයක් නෙමෙයි. මම ඉන්න ඕන එයාගේ ළඟින්ම කියලා…

    හදිස්සියේම ඇය හිඳගෙන සිටි පුටුවෙන් නැඟිට කාමරයට ගොස් ගෙන ආවේ තම පුතු ලිංගික සංක්‍රාන්තියට පෙර ඇයත් සමඟ ගත් අවසන් ඡයාරූපයයි. මෙතැනින් පස්සේ තමයි මගේ දරුවා වෙනස් වෙන්න ගත්තේ… දෑසේ කදුළු පුරවාගෙන ඇය ඡායාරූපය ස්නේහයෙන් අතගෑවාය.

    මට ඕන මගේ දරුවා තනි වෙන්නේ නැතුව ජීවත් වෙනවා බලන්න… ඒ අම්මාය… ඇය කිසිදා තම දරුවන් තනි නොකරන්නීය.

    අපි සියල්ලෝම ස්වභාවධර්මයට යටත් වුවෝය. ඉන් ගැලවෙන්නට හැකි කිසිවෙකු නැත. එහෙත් ඒ සොබදහමේම වූ මව් සෙනෙහස සොබාදහමට ඉහළින් කිරි සුවඳ පතුරුවමින් සිටී. එවැනි සෙනෙහසක අම්මාවරුන් ගැන ලියූ තවත් කතාවක් මෙලෙස අවසන් කළෙමු… ජීවිතය නම් නවාතැනේ එකම නොසැලෙන ශක්තිය අම්මාය.

    උපුටා ගැනීමකි

  • පෙර භවයේ ලංකාවේ සිටි බව කියන භූතාන් රජ පවුලේ සාමනේර හිමි….

    පෙර භවයේ ලංකාවේ සිටි බව කියන භූතාන් රජ පවුලේ සාමනේර හිමි….

    බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව පවසමින් නිරන්තරයෙන් ඇවිටිලි කළ වයස අවුරුදු දෙකේදී පැවිදි බිමටපත් භූතානයේ රැජිනගේ මුණුපුරු සාමනේර හිමියන් ඇතුළු දූතපිරිසක් නිලනොවන සංචාරයකට පැමිණ පසුගිය දා මිහින්තලය රජමහා විහාරය වැදපුදා ගත්හ.

    සිව්වන වියේ පසුවන රැජිනියගේ මුණුපුරා වන සාමනේර හිමියන් වයස අවුරුදු දෙකේදී පැවිදි වී තිබෙන බවත් සාමනේර හිමියන්ට ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසය පිළිබඳ ඇති දැනීම සම්බන්ධයෙන් මහ රැජිණිය මෙන්ම තමන් වහන්සේද මවිතයට පත්වූ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියයෝ පැවසූහ.

    සාමනේර හිමියන්, භූතාන රැජිනිය සමඟ ඇගේ දියණිය වන සාමනේර හිමියන්ගේ මව සහ පැවිදි වී සිටින මුණුපුරා ගේ විහාරයේ නායක හිමිපාණන්,  හා සාමනේර හිමියන්ගේ සහෝදරයා මෙන්ම ශ්‍රී ලංකාවේ භූතාන තානාපතිවරයා ඇතුළු දූත පිරිස පෙරේදා (31) මිහින්තලය පූජා භූමිය වැදපුදා ගැනීමට පැමිණ සිටියහ.

    දැනට සිව්වන වියේ පසුවන සාමනේර හිමියන් වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවට පැමිණිය යුතුබවට ඇවිටිලිකරමින් හඬා වැටීම නිසා නිලනොවන අන්දමින් ශ්‍රී ලංකාවට පැමිණි බව රැජිනිය විහාරාධිපති ධම්මරතන හිමියන්ට පැවසුවාය.

    සාමනේර හිමියන්ට ශ්‍රී ලංකාවේ ශාසනික ඉතිහාස සම්බන්ධයෙන් ඇති දැනීම පිළිබඳව මවිතයට පත්වූ විහාරාධිපති හිමියෝ මෙසේ කීය.

    සාමනේර හිමියන් ලංකාවේ සෑම බෞද්ධ සිද්ධස්තානයක් පිළිබඳවම හොඳින් දන්නවා. කැලණිය විහාරයට වැඩම කළ අවස්ථාවේ එම විහාරයට බුදුන් වැඩිය බවත් පවසා තිබුණා. අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ වැදපුදා ගැනීමට ගිය අවස්ථාවෙත් ශ්‍රී මහ බෝධින්වහන්සේ බුදුන්ට බුදුවීමට පිටදුන් බෝධියේ ශාඛාවක් බව පවසා තිබුණා. රැජිනය හා ඇගේ දියණියත් සාමනේර හිමියන්ගේ මේ ප්‍රකාශයන්ට මවිතවී සිටියා.

    උන්වහන්සේ මීටපෙර ලංකාවට වැඩමකර නෑ. උන්වහන්සේට  මෙම දැනුම ලැබුණු ආකාරය පිළිබඳව මටත් හිතා ගන්න බැරුව හිටියේ. මිහින්තලයට වැඩම කිරීමෙන් පසුව මේ විහාරය මිහිඳු මාහිමිපාණන් ලංකාවට බුද්ධාගම රැගෙනා ආ ස්ථානය යනුවෙන් උන්වහන්සේ හඳුනාගත්තා. මිහින්තලා මහා සෑයේ බුදුන්වහන්සේගේ ඌරණ රෝම ධාතුව  තැන්පත්කර තිබෙන බවත් පැවසුවා.

    ඉන්පසුව ධාතුන් වහන්සේලා නැරඹීමට අවශ්‍ය බව පවසා ඒ පිළිබඳව විස්තර පැවසුවා.

    මිහිදු හිමියන් ආදාහනය කිරීමට යොදාගත් දැවයන්හි අඟුරු පෙන්වූ අවස්ථාවේ ඒවා සඳුන් දැව බව උන්වහන්සේ පැවසුවා. ධාතු මන්දිරයට ගොස් සියළුම ගාථා හොඳින් සජ්ජායනා කරමින් වැදුම් පිදුම් කළා.

    රැජිනිය ඇතුළු සියළුම දෙනා මවිතයට පත්වී සිටියේ. මාත් මවිතයට පත්වුණා; සාමනේර හිමියන්ගේ දැනුම පිළිබදව. රැජිනිය පවසනවා සාමනේර හිමියන් පෙර භවයන් වල ශ්‍රී ලංකාවේ හරි ඉන්දියාවේ හරි ඉපදිලා උසස් ආධ්‍යාත්මික ජීවිතයක් ගතකරන්න ඇති කියලා. බුදු දහම සම්බන්ධයෙන්ද සාමනේර හිමියන් බොහෝ දේවල් දන්නවා. උන්වහන්සේ ලංකාවට වැඩම කළ පසුව පෙර භවයන් මතකයට එන්න ඇති කියලා මාත් විශ්වාස කරනවා යනුවෙන් නායක හිමිපාණන් පැවසූහ.




    බුද්ධික මහේෂ් විජේසූරිය

  • කිරි සහ කැ#රි මාරුකරගත් සී.බී. පජාත වුණු හැටි… (Video)

    කිරි සහ කැ#රි මාරුකරගත් සී.බී. පජාත වුණු හැටි… (Video)

    මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී සීබී රත්නායක හිටපු අමාත්‍ය තුමන් කිරි සහ කැ#රි යන වචන පැටලී මහත් අකරතැබ්බයකට පසුගිය දිනකදී පත්ව ඇත.එම වීඩියෝව නැරඹීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න…

    <iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/iZv2W_Yjz9U” frameborder=”0″ gesture=”media” allow=”encrypted-media” allowfullscreen></iframe>

  • මට මෙහෙම කරන මුන් මිනිස්සු නෙමෙයි තිරිසන්නු… නාමල්ගේ රෙදි ගලවමින් ක්‍රිශාන්ත සියල්ල හෙළිකරයි..

    මට මෙහෙම කරන මුන් මිනිස්සු නෙමෙයි තිරිසන්නු… නාමල්ගේ රෙදි ගලවමින් ක්‍රිශාන්ත සියල්ල හෙළිකරයි..

    ගායන ශිල්පී නාමල් උඩුගම පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇති වූයේ ඔහු හා සම්බන්ධ කතා පුවතක් නිසයි. ඒ නාමල් උඩුගම අසනීපව සිටි සමයේ , නාමල් සුවපත් කර ගැනීමට සිය අක්මාවෙන් 68%ක් පරිත්‍යාග කළ ක්‍රිෂාන්ත නම් තරුණයෙකු සිය කතාව මුද්‍රිත මාධ්‍යයට හෙළිකිරීමත් සමගයි.

    ක්‍රිෂාන්ත සම්පත් සිංහලගේ විසින් සිය අත්දැකීම මුද්‍රිත මාධ්‍යයට හෙළිකර තිබු අතර එහිදි ඔහු දැක්වු අදහස් පහතින්,

    “මම රුවන්ති මංගලාට දුරකතනයෙන් කතා කළ වෙලාවෙ කිව්වා මට මේකෙන් හානියක් නැහැ කියලා කවුරුහරි තහවුරු කරල කියනව නම් මම ඔයාලට උදවු කරන්න කැමතියි කියලා. තව මම කිව්ව මම සේවය අත්හිටුවල ඉන්න ග්‍රාම නිලධාරි කෙනෙක් කියල. එතකොට රුවන්ති කිව්ව පත්වීම ලබාගන්න ඔයාට උදවු කරන්න අපිට පුළුවන්, සර්ජරි එක කළාට පස්සෙ අපි ජනාධිපතිතුමාට හරි කියල ඔයාගෙ රක්ෂාවෙ ප්‍රශ්නෙ විසඳල දෙන්නම් කීවා. ඊට පස්සෙ මට කිව්ව එයාව මුණගැහෙන්න මාබෝලෙ සිංගර් මෙගා එක ගාවට එන්න කියලා.

    මම දවසක් කතා කරගෙන එතනට ගියා. රුවන්තිත් දුවත් කාරෙකේ ආවා. අපි හමු වුණාට පස්සෙ මාව එක්කගෙන ගියා නවලෝක මෙට්‍රොපෙලිටින් කියල ලැබ් එකකට. එතෙන්දි මගෙන් ‘ලේ’ සාම්පල් හත අටක් ගත්තා. එයාල ඉන්දියාවෙන් ගෙනත් තිබූ රිසිට් වගයක් එතන නර්ස්ට පෙන්නලා තමයි ඒ අනුව සාම්පල් ගත්තෙ. ඩොක්ටර් කෙනෙක් හිටියෙ නැහැ.
    මේ සිදුවීමෙන් පස්සෙ මාසයක් විතර ගත වුණා. මමත් එච්චර හිතුවෙත් නැහැ. මොකද මගේ ලේ ගැළපුණාද දන්නෙත් නැහැනෙ. ඊට පස්සෙ දවසක් හදිසියෙම රුවන්ති මංගලා මට කතා කළා.

    “ක්‍රිෂාන්ත ඔයාගෙ බ්ලඩ් ලෙඩාට ගැළපෙනවා. ඔයා ලයිෆ් ටයිම් එකේ අරක්කු එහෙම බීල නැහැ නේද” කියල ඇහුවා.
    “මම මත්පැන් බොන කෙනෙක් නෙමෙයි කීවම අපි මේක කරනව නම් කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නෙ කියල මම දැනගන්න ඕන” කීවා.
    “හරි, ක්‍රිෂාන්ත ඔයා අපේ ගෙදර එන්න ඔයාට උපදේශයක් දෙන්න ඩොක්ටර් කෙනෙකුත් එනවා” කියල දිනයක් යොදා ගත්තා.

    ඒ අනුව මම ගියා. මම යනකොට නාමල් හිටියා. හුඟක් අසාධ්‍ය තත්ත්වයෙන් හිටියේ. රුවන්ති මට ඩොක්ටර් රියාස් කියල කෙනෙක් හඳුන්වා දුන්නා. පස්සෙ මම දැනගත්තෙ එයා ඩොක්ටර් කෙනෙක් නොවෙයි. දකුණු ඉන්දියාවෙ ග්ලෝබල් කියන හොස්පිටල් එකේ ලංකාවෙ ඉන්න නියෝජිතයා. එයා මට පැහැදිලි කළා,

    “මේක සුළු ශල්‍යකර්මයක්. බිය විය යුතු නැහැ. අපි ඔයාගෙ අක්මාවෙන් 10%ක කෑල්ලක් තමයි ඉවත් කරගන්නේ. ඒක ඉක්මනින් නැවත වැඩෙනවා. ඔයාගෙ ජීවිතයට කිසිම බලපෑමක් මේකෙන් වෙන්නෙ නෑ. ඔයාට අවශ්‍ය නම් ඉන්දියාවට ගිහින් හරියට තීරණය කරගන්න පුළුවන්” කිව්වා.
    අපි පළමු වතාවෙ ඉන්දියාවට ගියා. මා සමඟ මගේ බිරියත් ගමනට සම්බන්ධ වුණා.

    අපි චෙන්නායිවල ‘ග්ලෝබල් හෙල්ත් සිටි’ එකට ගියා. එතැනදි නැවත පරීක්ෂණ කළා.

    “සැත්කම සිදු වුණේ 2015 මාර්තු 27. නාමල්ගෙ ඔපරේෂන් එක කළේ මොහොමඩ් කියල ඩොක්ටර් කෙනෙක්. මගේ ඔපරේෂන් එක කළේ ගෝමතී කියල ලේඩි ඩොක්ටර් කෙනෙක්. අපි හොස්පිටල් එක කිට්ටුව අපාට්මන්ට් එකක ගෙයක් කුලියට අරන් හිටියේ. රුවන්ති නාමල් එක්ක එක රූම් එකක හිටියා. මම අනෙක් රූම් එකේ හිටියා. මම පරීක්ෂණ ගණනාවකට මුහුණ දුන්නා. රෝහලේදී මම දැන ගත්තා මගේ අක්මාවෙන් 10%ක් නොවෙයි 75%ක්ම ගන්න බව. එවිට මට බය හිතුණා. මගේ මෙඩිකල් ෆයිල් එකේ එහෙම ලියල තිබෙනවත් මම දුටුවා. ඒ අතරම මට කිව්වා, “ඔයා ගනුදෙනු ගැන මොනවත් කතා කරන්න එපා අපි ඔයා ගැන බලනවා” කියලා.

    ශල්‍යකර්මයට දින 4ක් විතර තියෙද්දි නාමල් රෝහලේ ඇඩ්මිට් කළා. මම කාමරේ හිටියේ. රුවන්ති එළියට යනවිට මාව ඇතුළට දාල ලොක් කරල යන්න ගියා.
    මම ‍ෙදාර ඇරපු ගමන් එළියට ගියා. කිට්ටුව පල්ලියක් තිබුණා. මම බෞද්ධයෙක්. ඒ වුණාට මම පල්ලියට ගිහින් ෆාදර්ට කතා කරලා එතනින් ඇමතුමක් අරන් බිරියට කිව්වා මම වැටිල ඉන්න අසීරු තත්ත්වය. මට බයයි නෝනෙ කියල. එතකොට රුවන්තිත් කතා කරල නෝනට කියල තිබුණා ක්‍රිෂාන්ත නෑ, එයාට එන්න කියන්න, තව දවස් දෙකයි තියෙන්නෙ කියලා. කියන ඕනම දෙයක් දෙන්නම් කියල පස්සෙ නෝන මට කිව්වා

    “ඔයා ඕක දෙන්න. තව දවස් දෙක තුනකින් ඔය මනුස්සය මැරිල ගියොත් ඔයා පිටින් තමයි යන්නෙ. 10%ක් නොවේ. 68ක් ඉල්ලනව නම් ඒකත් දීලා එන්න” කියල වයිෆ් මා එක්ක අමනාපෙන් කීව.

    ඊට පස්සෙ මම කාමරේට ගියා. මෙයාල අපේ වයිෆ්ගෙ වියදමට මුදලකුත් දාල තිබුණ. ශල්‍යකර්මය කරන්න ඉස්සර මට හොඳට කතා කළා. සැලකුවා. ශල්‍යකර්මයෙන් පස්සෙ දින දෙකක් යනකන් මගෙ අක්මාව ලෙඩාගෙ ශරීරයට භාර ගත්තෙ නැහැ. එතකොට බනින්න ගත්තා.

    දවස් තුනක් යද්දි නාමල්ට අක්මා බද්ධය සාර්ථක වුණා. නමුත් මම හොඳටම කලකිරුණා. මම අප්‍රේල් 27 වෙනකන් රෝහලේ හිටියා. මෙයාල මාව සම්පූර්ණයෙන්ම අතහැර දැම්මා. උදව්වට කවුරුත් නෑ. ලේ පැකට් එක අතේ තියන් තනි අතින් රෙදි සෝදනවා. ඩොක්ටර්ලා 10ක් දිනපතා බලනවා. එයාල මට බැන්නා මොනවද කරන්නේ, ලෙඩා මැරුණත් අපි ඔයාව සනීප කරල යවන්න ඕන කිව්වා. ලංකාවට ඇවිත් මැරුණත් කමක් නෑ කියන තැනට මම වැටුණ.
    මම රෝහල ගානෙම චෙන්නායි එයාර් පෝට් එකට ආවෙ. මට අමාරුයි ඒත් තනියම එන්න වුණේ.

    ගමට ඇවිත් මම ගොඩක් දුක් වින්දා. නැඟිට ගන්න බැරිව හිටියා. පවුලෙ ආර්ථික ප්‍රශ්න විසඳගන්න බැරි තැන මගෙ බිරිය විදේශ රැකියාවකට ගියා. මම දරු දෙන්නත් එක්ක රුපියල් 2000කට කුලී ගෙයක ඉන්නෙ. කුඹුරු වැඩ කරන්නත් බැහැ. පපුවෙ මහන්සිය. බේත් වලින් ජීවත් වෙන්නෙ. වෙන කරන්න දෙයක් නැති නිසා මම රන්ජන් රාමනායක මැතිතුමා හමුවුණා. එතුමා මට කන්දුන්නා. මගෙ ග්‍රාමසේවා පත්වීම හදාදෙන්න පොරොන්දු වුණා. මට රුපියල් පනසදාහක් දීලා දරුවන් සමඟ ගෙදරටම ගෙනත් ඇරලුවා. මගෙ බිරියත් ගෙනැවිත් දෙන බව කීවා. අපේ අනාගතය ගැන වගකීම භාරගත්තා. එතුමගෙ මිනිසත්කමට මා නමස්කාර කරනවා. මට සිදුවූ දේ හැම දෙනාටම පාඩමක්. මේ වගෙ උදවු කරන්න තමන්ගෙම කෙනෙකුට විතරක්. මට කියන්න තියෙන්නෙ එපමණයි.”

  • මට කිවුවා නම් මාත් එනවා Drama එකට- නාමල් … යකෝ ඔය මිනිහා නැත්නම් උබ අද වෙද්දී මැරිලා..

    මට කිවුවා නම් මාත් එනවා Drama එකට- නාමල් … යකෝ ඔය මිනිහා නැත්නම් උබ අද වෙද්දී මැරිලා..

    නාමල් උඩුගම ගායන ශිල්පියා සහ ඔහු රෝගාතුරව සිටි සමයේ ඔහුට සිය අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කළ ක්‍රිෂාන් සම්පත් පිළිබඳව බුකියේ සජීවී වීඩියෝවට සිත් පිත් නැති නාමල් උඩුගම දක්වා ඇති අදහස බුකිය ගිනි තැබීමට සමත් වී ඇත.

    එම ප්‍රකාශයට රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙසින් පිළිතුරු දී තිබුණා.
     

  • මුහුණු පොතේ ගංගා මෑණියෝ කියල ඉන්නෙ මම නෙමෙයි මම ගංගා සුදර්ශණී සොයියා…

    මුහුණු පොතේ ගංගා මෑණියෝ කියල ඉන්නෙ මම නෙමෙයි මම ගංගා සුදර්ශණී සොයියා…

    මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ කතාබහට ලක්වන චරිතයක් වී ඇත්තේ ගංඟා සුදර්ශනීයි. ඇය කියූ බවට පැවසෙන අනාවැකි විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළද ප්‍රචාරය වෙයි. ඇත්තටම ඇය කවුද? ඇය ඇත්තටම ගංඟා මෑණියෝ වශයෙන් හඳුන්වන කෙනාමද? ක්‍රීඩාවේ අනාගතය කොහොමද යන්න පිළිබඳව ඈ සමඟ දේශය පුවත්පත සිදුකළ සාකච්ඡාවකි මෙය.

    ඔබගේ සම්පූර්ණ නම?

    අගම්පොඩි ගංඟා සුදර්ශනී ද සොයිසා.

    ගම කොහේද?

    අකුරල ග්‍රාමයේ

    පවුලේ විස්තර?

    මගේ තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. සහෝදරයන් සතරදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් ඉන්න පවුලක හයවැනියා විදිහට උපත ලබපු කෙනෙක්. මම දරුවන් හතර දෙනකුගේ අම්මා කෙනෙක්.

    පාසල් ගියේ?

    මම අකුරල පාසලේ අධ්‍යාපනය හැදෑරුවා.

    ඔබගේ රැකියාව මොකක්ද?

    මම රැකියාවක් වශයෙන් කිසිම දෙයක් කළේ නෑ. කුඩා කාලයේ ඉඳලම වෙනස් විදිහට හැදිච්චි කෙනෙක්. මට සවසට වැඳුම් පිඳුම් කරන්න ඕන. එය අපේ ගෙදර හැමෝම කරන දෙයක්. හැබැයි මගේ විශේෂත්වයක් තිබ්බා. මම පොඩි කාලයේ ඉඳලම සමහර අනාවැකි කියලා තිබ්බා.

    කවුද එතකොට මේ ගංඟා මෑණියෝ?

    ගංඟා මෑණියෝ කියන්නේ මම නෙමෙයි. ඔය මුහුණු පොතේ මම වගේ හදාගෙන ගංඟා මෑණියෝ කියලා පෙනී ඉන්නවා. ඒක තුළින් අසත්‍ය අනාවැකි කියනවා. ඒකට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මම මුහුණු පොතේ ඉන්නේ ගංඟා සුදර්ශනී සොයිසා කියන නමින්. මේ ගැන මම කොස්වත්ත පොලීසියට පැමිණිලි කළා. ඉදිරියේදී කවුද කියලා හෙළිවෙයි. මේ වෙනකොට මම දන්නවා කරන කෙනා.

    ඔබ ජ්‍යොතිෂ්‍යවේදිනියක් ද? අනාවැකි කියන්නියක් ද?

    මම ජ්‍යොතිෂය හදාරපු කෙනෙක් නෙමෙයි. මම ඒ ගැන දන්නේ නෑ. ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒක දන්නේ නැති දෙයක්. මම අනාවැකි පළකරන්නියක්.

    මේ අනාවැකි කියන්නේ හැමෝම කියන විදිහේ දේව වරමකින්ද?

    නැහැ. වරමකින් නෙවෙයි. මම කුඩා අවධියේ ඉඳන්ම යම් යම් දේවල් කියලා තියෙනවා. ඒ කියපු දේවල් සත්‍ය වෙලා තියෙනවා. ඒත් ඒ දවස්වල අපේ අම්මා තාත්තා ඒවා සමාජ ගතකළේ නැහැ. ඒත් පසුකාලීනව මම වෘත්තිමය වශයෙන් අනාවැකි කියන්නියක් වුණා.

    ඔබ අනාවැකි කියන්න අරගෙන කොච්චර කල් ද?

    අවුරුදු 35කට එහා දිවයනවා. දැන් මගේ වයස 55ක්.

    ඔබ කිව්ව අනාවැකි වැරදිලා නැද්ද?

    එතෙක් මෙතෙක් කිව්ව කිසිදෙයක් වැරදිලා නෑ.

    ඔබ කිව්ව ලොකුම අනාවැකිය මොකක්ද?

    කුඩා අවදියේදී මම කියලා තියෙනවා ඔය සප්ත කන්‍යා ගුවන් අනතුර. කොහේදෝ රටක ඉඳලා එන අහස් යාත්‍රාවක් මහා කන්දක හැපිලා ඒ ඔක්කොම මැරෙනවා කියලා. ඒ වගේම මගේ සහෝදරයන්ට පවසලා තියෙනවා මේ මහා මුහුද විශාල වෙලා ගොඩ ගලලා ගොඩාක් දෙනෙක් මියයනවා කියලා.

    ඔබට සමාජය ඇතුළේ විශාල කතා බහක් ඇති වෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ සිදුකරන අනාවැකිත් එක්ක. මොකක් ද මේ සම්බන්ධය?

    එකපාරට නෙමෙයි. 2011 ඉඳලම කිව්වා. මගේ වෙබ් අඩවිය බැලුවොත් ඕන කෙනෙකුට දකින්න පුළුවන්. මම එදා ඉඳලා කිව්වා ලංකාවේ ක්‍රීඩාව බලාපොරොත්තු නැති විදිහට පහතට වැටෙනවා. ඒ වගේම ක්‍රීඩකයන් අතර ප්‍රශ්න ඇති වෙනවා. ක්‍රීඩාව අපහාසයට ලක්වෙනවා. ක්‍රීඩකයන්ට නින්දාවන් විඳින්න වෙනවා කියලා. මට 2011 ඉඳලම කිව්වා මෑතක ඉඳලා තමයි ඒත් අවධානය යොමු වුණේ.

    එදා ඔබ කාටද කිව්වේ මේ අනතුරු?

    මම මේක කිව්වා ජයන්ත ධර්මදාස මහත්තයට. මට පස්සේ කතා කරන්නම් කිව්වා. ඊට පස්සේ සංජීව රණතුංග කියලා කෙනෙක්ට කතා කරලා මම කිව්වා.

    මොනවද කිව්වේ?

    මම කිව්වා අපේ රට ක්‍රිකට්වලින් ඉහළට යන නිසා වෙනත් රටවලින් යම් යම් කොඩිවින වගේ දේවල් සිදුකරලා තියෙනවා කියලා අපේ ක්‍රීඩකයන්ට. ඒක මගේ විශ්ව ශක්තියට පේන බව තමයි මම ඒ කාලේ ඉඳලම කියන්න උත්සාහ කළේ. ඒත් ඒ ගැන අවධානය යොමු කළේ නෑ.

    ඔබ කියන්නේ ක්‍රීඩකයන්ට අයහපතක් සිද්ධවෙන්න කියලා මොනවාහරි දෙයක් කරලා කියලද?

    ඔව්. අනිවාර් යෙන්ම. හිටපු දක්ෂ ක්‍රීඩකයන් එකපාර පැකිළුණේ මේ දේවල් නිසා. එහෙම නැතුව ඒ අයගේ දක්ෂකම් අඩුවීමක් නෙමෙයි. පුහුණුවේ අඩුවීමකුත් නෙවෙයි. නොසැලිකිලිමත් බවකුත් නෙමෙයි. අර කරපු දේවල් නිසයි එහෙම වුණේ. අදටත් ඒ දේ එහෙමයි.

    ඒ කියන්නේ මේක කාලාන්තරයක් තිස්සේ වෙච්ච දෙයක් ද?

    2011 ඉඳලම පෙනුණා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අපලයි. පහතට හෙළනවා කියලා. තව කාරණයකුත් තියෙනවා. රටට වාසනාව ගේන්න නායකයන්ගේ වාසනාවත් බලපානවා. හිතන්න ක්‍රීඩා ඇමැතිගේ අපල තියෙනවා නම් ක්‍රීඩකයන්ගේ අපල තියෙනවා නම් ඒ දේවලුත් ක්‍රීඩාවට බලපානවා.

    මේ මෑතක ඉඳලා ක්‍රීඩා බලධාරීන් ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ මේක දැනගෙන ද?

    ඔව් ඒක නෑ කියන්න බෑ. මම බොරු කියන කෙනෙක් නෙමෙයි. එහෙම සහසම්බන්ධයක් ඇති වුණා. ඒක කියන්න පුළුවන්.

    ඔවුන් සම්බන්ධ වුණේ මොකටද?

    මම ඒ අයට කිව්වා, මේ ප්‍රශ්න තියෙනවා. අන්න ඒ ප්‍රශ්නවලට උදව් කරන්න පුළුවන් කියලා. අවම කරන්න හරි පුළුවන් කිව්වා. දිනන්න බැරි නම් සම තත්ත්වයට හරි ගේන්න පුළුවන් කිව්වා.

    මේ ගැන දැනුම් දුන්න අය නම් වශයෙන් කියන්න?

    මම කලින් හිටිය ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කිව්වා. හැබැයි මම කියන දේ ගැන පොඩි හරි අවධානයක් යොමු කළේ වර්තමාන ක්‍රීඩා ඇමති දයාසිරි ඇමැතිතුමා විතරයි.

    දයාසිරි අමාත්‍යවරයා ඔබව හම්බවෙන්න ආවාද?

    ඔව් ඉතින් ආවා. මගේ පැලවත්තේ නිවසට.

    ඔබ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල හම්බවුණාද?

    නෑ… නෑ… හම්බවුණේ නෑ… එක්තරා ආගමික උත්සවයකදී හම්බවුණා. ඊට පස්සේ හම්බවුණේ නෑ.

    ඇත්තද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරා පත්කර ගන්නේ ඔබගේ උපදෙස් මත කියන්නේ?

    නෑ… ඒක බොරු කතාවක්.

    ක්‍රීඩා ඇමැතිවරයා කිව්වා මේ ක්‍රීඩකයන්ගේ බඩ වැඩියි. ෆිට්නස් අඩුයි කියලා ඔබ කියන්නේ ඒවා නෙමෙයිද මේ කඩා වැටීමට ප්‍රශ්න?

    නෑ… ඒවා නෙමෙයි. මට මෑතකදී දැක්කා අනුර කුමාර දිසානායක මහත්තය කියලා තිබ්බා මේ හැමෝම ගංඟා මෑණියෝ ළඟට යනවා. ඊට පස්සෙයි ක්‍රීඩකයෝ පුහුණුකරු වෙත යන්නේ කියලා. මම කියනවා මෙච්චර කල් පුහුණුකරුවෝ පුහුණු කළා නේද? එහෙමනම් දිනන්න එපැයි. මගේ ආශිර්වාදය ගත්තේ පාකිස්ථාන මැච් එකට කලින්.

    ඔබව හම්බෙන්න ආපු ක්‍රිකට් ක්‍රීඩකයෝ කවුද?

    බෑ එහෙම කියන්න බෑ.

    වර්තමාන ක්‍රීඩකයෝ විතරද එන්නේ?

    අනේ අම්මේ ඉස්සර හිටිය ක්‍රීඩකයෝ තමයි වැඩියෙන්ම ආවේ.

    ඔබට හිතෙන්නේ නැද්ද අවිනිශ්චිත ක්‍රීඩාවක් ගැන අනාවැකි කියන්න ගිහින් සමාජයෙන් ගැරහුම් ලබන්නට වෙයි කියලා?

    නෑ… ඉතින් හිතන්න දෙයක් නෑ. දැනටම පේනවනේ ගොඩාක් අය අපේ ක්‍රීඩකයන්ට ඊර්ෂ්‍යයි. දරාගන්න බෑ. ඒ නිසා මට චෝදනා කරනවා. කරන්න දෙයක් නෑ මට පේනදේ මම කියන්නේ. බුදුහාමුදුරුවන්ට, ජේසුස් වහන්සේටත් අපහාස කළානේ. ඒ නිසා මම සැලෙන්නේ නෑ.

    ඔබ යෝජනා කළාද දිනේෂ් චන්දිමාල් නායකයා හැටියට ටීම් එකට පත්කරන්න?

    අනිවාර්යයෙන්ම කරොත් හොඳයි කියලා මට පෙන්නුම් කරනවා.

    දිනේෂ්ට වාසනාව තියෙනවාද?

    නෑ මෙහෙමයි. ක්‍රීඩකයෙන් තමන් කරන ක්‍රීඩාවට ආදරේ කරන්න ඕන. වෘත්තියට නෙමෙයි රටට ආදරේ කරන්න ඕන. ඒ නිසා මට හම්බවුණ ක්‍රීඩකයන් එක්ක බලද්දී දිනේෂ් චන්දිමාල් ඒකට සුදුසුයි. මගේ පුතාගේ යාළුවෙක්. තමන්ගේ වාසියට නෙමෙයි ඔහු ක්‍රීඩා කරන්නේ.

    කවදා ගොඩ යයිද මේ ක්‍රිකට්?

    කවදා ගොඩයයිද කියලා බලන් ඉන්න බෑනේ. අපි කොහොම හරි ගොඩවෙන්න ඕන. හැබැයි දැන් නම් ගොඩඑන්න ඕන කාලය හරි.

    ඒ කියන්නේ ඔබ මොනවා හරි දෙයක් කළාද?

    නෑ… නෑ… මට කරපු දෙයක් නෙමෙයි. හොඳ පුහුණුකරුවෙක් ආවා. ඔහුට වාසනා ගුණය තියෙනවා. ඔතන නුසුදුසු කීපදෙනෙක් ඉන්නවා ඒ අය ඉදිරියේදී යයි. ඒ අයගේ නම් කියන්න බෑ.

    ඔය නුසුදුසු අය ක්‍රීඩකයෝ ද? බලධාරින් ද?

    දෙගොල්ලොම ඉන්නවා.

    පසුගිය කාලයේ වැඩිම චෝදනාව එල්ල වුණේ ක්‍රිකට් පාලක මණ්ඩලයට. එතන නුසුදුසු අය ඉන්නවා කියලා පෙන්නේ නැද්ද?

    අනිවාර් යෙන්ම මම කියන්නේ ඔය මණ්ඩලවලින් අයින් කරලා ක්‍රීඩකයන් තේරීම ක්‍රිකට් නායකයාට ලබාදෙන්න ඕන.

    දැන් ඔය කරලා තියෙනවා කියන බන්ධනවලින් ක්‍රීඩකයෝ බේරගන්න මොනවාද කරන්න ඕන?

    මේ මිත්‍යාවක් නෙමෙයි. බන්ධන තියෙනවා බුදුන්ගේ කාලයේ ඉඳලා. ඉන්දියාව වගේ රටවල්වල විශාල වශයෙන් තියෙනවා. කෝලිලා ක්‍රීඩා කරන්න කලින් ආශිර්වාද කරනවා පූජකවරු ගෙන්නවලා.

    ක්‍රිකට් අතඇරලා දේශපාලනයට ආවොත් කොහොමද දේශපාලනඥයන් අතර සම්බන්ධය?

    මෙහෙමයි හරි දෙයක් කරනකොට කටින් කට යනවා. මම ලංකාවේ විතරක් නෙමෙයි දෙස් විදෙස්වල පවා ජනප්‍රිය කෙනෙක්. ඒ නිසා දේශපාලනඥයෝ එනවා. පක්ෂ විපක්ෂයෙන් තොරව එනවා.

    රාජ්‍ය නායකයොත් සම්බන්ධ වුණාද?

    බොහෝ නායකයන්ට ආශිර්වාද කරලා තියෙනවා.

    මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?

    එතුමා බොහෝම හිතවත්. මට ගොඩාක් හිතවත් වුණේ පරාජයෙන් පස්සේ. හැබැයි ඒ පරාජයත් 2013දී මම කිව්වා.

    ඔබ මීට කලින් දැක්ක ද වර්තමාන ජනාධිපති ජනාධිපතිවරයෙක් වෙනවා කියලා?

    අනිවාර් යෙන්ම මම කිව්වා. මතකද පිළියන්දල පැත්තේ බෝම්බයක් තියලා එතුමා බේරුණා. ඒ වෙලාවේදි මම කිව්වා එතුමා කවදා හරි නායකයා වෙනවා කියලා.

    මෛත්‍රීපාල මහත්තයට දැනුම් දුන්නාද?

    නෑ… නෑ… මම පස්සෙන් යන කෙනෙක් නෙමෙයි.

    වර්තමාන ජනාධිපතිව හම්බවුණේ නැද්ද?

    එතුමාව හම්බවෙන්න මම ගිහින් තියෙනවා එක දවසක්.

    ඔබට හිතන හැටියට මේ ආණ්ඩුවේ අනාගතය කොහොමද?

    ඒකට දැන් උත්තර දෙන්න බෑ.

    රටට මොන වගේද?

    දැන් තියෙන්නේ අර්බුදකාරී තත්ත්වයක් ඉදිරියේදී මට කියන්න බැරි තරම් දේවල් සිද්ධ වෙනවා. මම මේ අවස්ථාවේදී දෙයක් කියන්න නරකයි.

    2018 වසරේදී යම් දේශපාලන පෙරළියක් වෙනවලු. ඇත්තද ඒක?

    ඔව් පෙරළිකාර තත්ත්වයක් වෙන්න පුළුවන්.

    ඔය දේශපාලන අනාවැකි කියන්න ගිහින් ගොඩාක් දෙනෙක් නම් කැත කරගත්තා. ඔබට හිතෙන්නේ නැද්ද එහෙම වෙයි කියලා?

    අනාවැකි වාසියට කියන අය වැඩියි. සමහර අය තවත් කෙනෙක්ට වාසි වෙන්න කියනවා. තවත් අය මුදලට කියනවා.

    2020 කවුද මේ අය අතරින් නායකයා වෙන්නේ?

    2020 දී මේ ඔක්කොම ගැන ජනතාව කලකිරෙනවා. ඔය ඉන්නම කෙනෙක් බලාපොරොත්තු නැති ආකාරයෙන් ඉස්මතු වෙනවා.

    – Deshaya

  • ආණ්ඩුකාර බිරිඳ කෝවිලේදී ආවේස වෙයි…(VIDEO)

    ආණ්ඩුකාර බිරිඳ කෝවිලේදී ආවේස වෙයි…(VIDEO)

     

    ආණ්ඩුකාරයාගේ බිරිද වන දීප්ති බෝගොල්ලාගම ගිය සතියේ දිනකසාම්පුර් සූඩෙයිකුඩාහි පිහිටා ඇති තිරුක්කුමරන් කෝවිලේ පුජාවකට සහභාගී වීමට පැමිණ සිටි පිරිසකට නැගෙනහිර ආණ්ඩුකාරවර රෝහිත බෝගොල්ලාගමගේ බිරිද විිසින් පොලිසිය ඉදිරිපටදීම බැන වදිමින් තර්ජනය කරන වීඩියෝවන් සමාජ ජාලාවන්හි පලව ඇත.

    පුජා භාණ්ඩ වලටද පහර දෙමින් මේක බෞද්ධ විහාරයක්.. තමුසෙලා ඔක්කොටම වැඩේ දෙනවා යයි පවසමින් බැතිමතුන් විසින් පොළොවේ ඇඳ තිබූ කෝලම් නම් සහල් පිටියෙන් අඳින ලද දෙමළ සාම්ප්‍රදායානුකූල සැරසිල්ලක් ආණ්ඩුකාර බිරිද විසින් පාවහන් සහිතව පෑගීම නිසා තත්වය උණුසුම් වී ඇත.

    වීඩියොව පහතතින් බලන්න