Category: සුපිරි Talks & Jokes

  • ඖෂධ මිලේ ඇත්ත තත්වය මේකයි.. ඉතින් කලබල වෙන්නේ ඇයි ?

    ඖෂධ මිලේ ඇත්ත තත්වය මේකයි.. ඉතින් කලබල වෙන්නේ ඇයි ?

    1958 දී ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවියෙන් ප්‍රථම වරට පිදුම් ලද සේනක බිබිලේ ගැන ලංකාව හඳුනාගත්තේ ශ්‍රී ලංකාවට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ඇතිකිරීම සම්බන්ධයෙනි. අඩු ආදායම්ලාභී රෝගීන් හට සහන මිලට ඖෂධ ලබා දීමෙන් ඖෂධ වල වෙළෙඳ නාම වෙනුවට ඖෂධීය වෙළෙඳ නාම භාවිතා කිරීම සඳහා දැඩි උත්සාහයක් ගත්තේ මේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හරහාය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය ද මේ සඳහා යොමුවූ අතර එහි පැසසුමටද ඔහු පාත්‍ර විය. ඖෂධ ප්‍රතිපත්තිය හරහා පහර වැදුන වෙළෙඳපොල ක්‍රියාකාරීන් ඖෂධ මාෆියාවෙන් සේනක බිබිලේට නිර්භය ලෙස පහර දෙන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ 1977 සැප්තැම්බර් 26 වෙනිදා ගයනාවේදී අභිරහස් ලෙස ඝාතනයට ලක්වීමයි.

    සේනක බිබිලේ ප්‍රතිපත්තිය වසර 40 කට අධික කාලයක් හමස් පෙට්ටියකට ගොස් තිබියදී එය ගොඩ ගෙන නැවත කරලියට ගෙන එන්නේ සෞඛ්‍ය ඇමති රාජිතය. රාජිත ඖෂධ 48 ක මිල අඩු කලේ බටහිර රටවලින් එන බාධක මැද්දේය. මිල අඩු කරන්නට සැරසෙන විට හැම තැනින්ම දෝෂාරෝපණ ගලා එන්නට විය. තර්ජන එල්ල විය. ඖෂධ මාෆියාකරුවන් විවිධ උපක්‍රම එල්ල කරඖෂධ මිල නතර කිරීමට නොයෙකුත් ගැට දැමීය. නමුත් යහපාලනය හෝ රාජිත එයට හිස නැමුවේ නැත. ඖෂධ මිල අඩු කලේය. දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වලින් පීඩා වින්ද රෝගීහු සැනසුම් සුසුම් හෙලීය. හොම්බෙන් යන බැහැල තිබුණු ආණ්ඩුව කෙලින් කලේ ඖෂධ මිල අඩු කිරීමෙනි.

    ලෝක ආර්ථිකය කඩා ඇති මොහොතක ලංකාවේද ආර්ථිකයට පහර වැදී තිබිණි. ඩොලරය සීඝ්‍ර ලෙස ඉහල යන්නට විය. ඩොලරය වැඩි වීම ඖෂධ මාෆියාකරුවන්ට ලොතරැයියක් ඇදුනාක් මෙන් විය. රාජිත හමුවීමට ඔවුන් ආවේ දුන්නෙන් විදුනු හීයක් වාගේය. ඖෂධ මිල වැඩි කරන්න ඕනේ. නැත්නම් මේක කරන්න බෑ. ලොකු වැඩිවීමක් දෙන්න. ඖෂධකරුවන්ගේ ඉල්ලීම එය විය. බෑ එහෙම වැඩි කරන්න. මේ ගැන අධ්‍යයනයක් කරන්න ඕනේ. මෙය රාජිතගේ පිලිතුරය. වෙළෙඳපොල අධ්‍යයනයක් කිරීමෙන් පසු 5% ක් මිල වැඩි කිරීමට අවසරයක් දුන්නේය.

    මාධ්‍ය වෙත මේ මාෆියාකරුවන් ගෙන ගියේ වැරදි මතයකි. ඔන්න ඖෂධ මිල වැඩි කරලා. නමුත් ඔවුන් එම මිල ගණන් වැඩි කලප්‍රතිශතය ගැන කිව්වේ නැත. ඇත්තටම පැරසිටමෝල් පෙත්ත මිල අඩු කල පසු තිබුණේ රුපියල් 1.30 කටය. මිල වැඩි කලාට පසුව එය රුපියල් 1.37 කි.ශත 7 කට ලෝක විනාශය වගේ කට්ටිය කෑගසන්නට පටන් ගත්තේය. දෙල් ගෙඩිය කොලයක් උඩට වැටිල ඒ සද්දේ ඇහිලා දුවපු හාවා කැලයම අවුල් කලා වගේ මේ ඖෂධ මාෆියාකරුවන් ජනතාව අවුස්සන්නට විවිධ සංවිධාන හරහා කටයුතු කලේය.

    විවෘත ආර්ථිකයක් ඇති රටක ඩොලරය ඉහල යන විට ඊට සාපේක්ෂව මිල වැඩි වීම අතිශය සාමාන්‍ය දෙයකි. නමුත් මේ කාරණා ලොකු කරගෙන කතා ගොතමින් ජනතාව ඇන්දවීම නම් අතිශය පිළිකුල් සහගතය. අවුරුද්දක් මිල අඩු කර තිබූ ඖෂධ ගැන කතා නොකරපු අය 5% ලොකු කරගෙන කෑගැහුවේය. ඇත්තෙන්ම කල යුත්තේ කොරහේ කිඹුලෙක් දැකීම නොවේ. හොඳ දේට හොඳයි කීමය. ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ට ඖෂධ මාෆියාකරුවන්ට හිස එසවීමට ඉඩ නොදී අපේ එවුන් බේරා ගැනීමය.

    උපුටා ගැනීමකි

  • සමාජ ජාලා මාධ්‍ය ගැන ඔබාමාගෙන් අනතුරු හැඟවීමක්….

    සමාජ ජාලා මාධ්‍ය ගැන ඔබාමාගෙන් අනතුරු හැඟවීමක්….

    පසුගිය ජනවාරි මාසයේදී ජනාධිපතිධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ” වගකීම් විරහිත ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීම අනතුරුදායක බවත් එමගින් වැරැදි තොරතුරු ජනතාව අතරට යන බවත් සංකීර්ණ කරුණු කාරණා තේරුම් ගැනීමට ජනාතවට තිබෙන හැකියාව දුර්වල වී යන බවත්”  ප්‍රකාශ කර තිබේ. බී.බී.සී පුවත් සේවය සමඟ මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවා ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ පස්වැනියට කිරුළට උරුමකම් කියන හැරි කුමරුය. 
     

     “ඇතැම් කරුණු සම්බන්ධයෙන් ජනතාවට වෙනස්ම දෙයක් අවබෝධ වීමේ හැකියාව අන්තර්ජාලයේ තිබෙන බියකරුම දෙයක්. අන්තර්ජාලයේදී එකිනෙකාට තිබෙන පක්ෂපාතීත්වය අනුව තොරතුරු නිර්මාණය විය හැකි” යැයි ඔබාමා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇති අතර ඇමරිකාවේ වත්මන් ජනාධිපති ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය හැසුරුවීම ගැනද ට්‍රම්ප් යන නම නොපවසා ඉඟියෙන් දක්වා ඇත. 

  • ජවිපෙන් පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන නියෝජිතයන් 96 ක් පොහොට්ටුව සමග ඩීල් එකක

    ජවිපෙන් පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන නියෝජිතයන් 96 ක් පොහොට්ටුව සමග ඩීල් එකක

    දේශපාලන කරලියේ එහාට මෙහාට පැනීම් ආරම්භ වී ඇත. එයට බලවතුන් සේම ප්‍රාදේශීය නායකයන්ද අයත්වේ. විවිධ වරදාන බලාපොරොත්තුවෙන් වාසි තැනට පැනීමට මෙම කාලය හොඳම කාලයයි. අතමිට සරු කරගත හැකි එකම ක්‍රමය වාසි තානකට පැන ගැනීමයි. මේ එවන් කතාවකි.
     
     
    2017.12.23 දින හරියටම රාත්‍රී 8.45 ට කොළඹ 07 රේස්කෝස් පිටිය අසලදී පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ජවිපෙ පලාත් පාලන නියෝජිතයින් 04 දෙනෙකු මුණ ගැසුණි. ඒ තවත් ජවිපෙ තවත් 92 දෙනෙකුගේ පණිවුඩයද රැගෙනය. ඩීල් එක කතා කෙරුණි. මුදල් හුවමාරු වුනි. ඒ කළු පැහැති බෑග් එකකය. කෙතරම් මුදලක් හුවමාරු වූවාදැයි හෙලිවූයේ නැත. මුදල් ලබාදීමට ප්‍රථම කොන්දේසිය පැනවුනි. පොදුජන පෙරමුණ ජයගන්නා පලාත් පාලන ආයතනයන් වල තනතුරු පැමිණෙන ජවිපෙ සාමාජිකයන් හට ලබා දිය යුතුය. ජවිපෙ සාමාජිකයන් පරාජය වන්නේ නම් බෝනස් අසුනෙන් අනිවාර්යෙන් තනතුරක් ලබාදිය යුතුය.
     
     
    මෙම කාර්ය සඳහා මාතර ප්‍රදේශයේ ජවිපෙ පලාත් පාලන අපේක්ෂකයින් දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය සභාවට තරඟ කරන ජවිපෙ නියෝජිතයින් දෙනෙකු සහභාගී වී ඇති අතර, ඔවුන් හරහා අනෙකුත් 92දෙදෙනා සම්බන්ධීකරණය වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබුනි. මෙම කටයුත්ත සාර්ථක බැව් නෙළුම් මාවත කාර්යාලය තුලින් කසුකුසුවක් පැමිණ ඇති අතර, ගිවිසුම අනුව පොදුජන පෙරමුණ ජයගන්නා පලාත් පාලන ආයතන වල තනතුරු සඳහා ඔවුන් පත්කරන බැව් දැනගන්නට ඇත.
  • මේ අවුරුද්දෙ මේ වෙනකල් ලංකාවෙ FACEBOOK ගිණුම් 3000 ක් අයින් කරලා…

    මේ අවුරුද්දෙ මේ වෙනකල් ලංකාවෙ FACEBOOK ගිණුම් 3000 ක් අයින් කරලා…

    ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, ෆේස් බුක් ගිණුම් යොදා ගනිමින් මුදල් වංචා කිරීම ඇතුළු සිද්ධීන් මුල් කරගෙන වසරේ මේ දක්වා කාළය තුල මෙරට ෆේස් බුක් ගිණුම් 3000කට ආසන්න සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් කිරීමට ෆේස් බුක් ආයතනය පියවර ගෙන ඇත.

    මේ වසරේදී ෆේස් බුක් සම්බන්ධ පැමිණිලි 3400ක් පමණ තම ආයතනයට ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ෆේස් බුක් ආයතනයට කරන ලද දැනුම් දීම මත  ෆේස් බුක් සමාගම මෙම පියවර ගෙන ඇති බවත්  පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ප‍්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

     

     

  • ඒලියන්ස් යුවතියක් සමග ලිංගික ඇසුරෙන් දරුවන් 100ක් බිහි කළ අයෙකු ගැන තොරතුරු මෙන්න

    තමා ඒලියන්ස් යුවතියක් සමග විවාහ වු බවත් එම විවාහකයෙන් තමන්ට දරුවන් සිය දෙනෙකු බිහි වූ බවත් අමෙරිකාවේ නිව් ජෙසි ප්‍රාන්තයේ ජීවත් වන පුද්ගලයෙකු පවසා තිබෙනවා.

    නමින් ඩේවිඩ් හුවින් වන ඔහුට දැනට වයස අවුරුදු 79ක් වන බවයි ඩෙයිල් මේල් පුවත්පත සඳහන් කරන්නේ.

    ඩෙයිල් මේල් පුවත්පතත් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව පවසා තිබෙන්නේ.

    තමන් ජොර්ජීයාවේ ජීවත් වූ බවත් එම අවස්ථාවේ දී තමන්ට වයස අවුරුදු 8ක් වූ බවත් ඔහු කියා සිටියා.

    එම අවස්ථාවේ දී ඔහුට ඒලියන්ස් යුවතියක් සමග සම්බන්ධයක් ඇති වූ බවත් වයස අවුරුදු 17 දී ඇය සමග තමා ලිංගික සම්බන්ධතාවයක් පැවතු බවත් ඔහු ඩෙයිල් මේල් පුවත්පතට පවසා තිබෙනවා.

    ඒ අනුව තමන්ට දරුවන් සිය දෙනෙකු බිහි වූ බවත් එම දරුවන් අදටත් එම ඒලියන්ස් යුවතියගේ රැකවරණයේ ජීවත් වන බවත් ඩේවිඩ් හුවින් පවසනවා.

    ක්‍රිසන්ට් යනුවෙන් තමා එම ඒලියන්ස් කාන්තාව අමතන බවත් ඇය තමාව අභ්‍යවකාශයට අවස්ථා කිහිපයකදී රැගෙන ගිය බවත් ඔහු සඳහන් කළා.

    එම කානත්ව හා තමන් ආ ගිය ස්ථාන මෙම පුද්ගලයා විසින් සිතුවම් කොට ඇති අතර එම සිතුවම් සියල්ල තමාගේ නිවසේ බිත්තිවල සවිකර ඇති බව ඩේවිඩ් හුවින් කියා සිටියා.

    තමා පවසන සියල්ල සත්‍ය බවත් තමන් අතර සිදුවුයේ කුමක්ද කියා තමාගේ හෘද සාක්ෂිය දන්නා බවත් එය තවත් කෙනෙකුට ඔප්පු කර පෙන්වීමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත් ඩේවිඩ් හුවින් ඩෙයිල් මේල් පුවත්පතත් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේ දී කියා සිටියා.

    මොහු විසින් කියන ලද තොරතුරු එක්රැස් කරමින් ඉදිරියේ දී චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිමට අමෙරිකාවේ සමාගමක් ඉදිරිපත් වී ඇති බවද ඩෙයිල් මේල් පුවත්පතේ වාර්තාවේ සඳහන්.

    [rns_reactions]

  • අයවැය විවේචනයට ඒකාබද්ධයේ කිසිම දැණුමක් හෝ හැකියාවක් ඇති කවුරුත් නෑ…- මොහාන් සමරනායක

    මුදල් අමාත්‍යවරයා මෙම අයවැය නීල හරිත අයවැයක් බවට ප්‍රකාශ කලද මෙම ධනවාදී නිශ්පාදන  පරිභෝජන සහ ආයෝජන රටාව කිසිසේත් පරිසර  මිතුරු එකක් නොවන බවත් 2018 අයවැය යෝජනාවළියේ  ආර්ථික දෘෂ්ටිය  මතු කරගැනීමට හෝ විවේචනය කිරීමේ හැකියාවක් ඒකාබද්ධ විපක්ෂයට නොතිබූ බවත් අයවැය යෝජනාවළිය සම්බන්ධයෙන්   ඔවුන්ගේ  දැනුමේ දුගී කම හෝ විකල්පයක්  නොමැති කම මෙයට හේතුවිය හැකි බවත් ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා  ඊයේ(19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

  • තැපෑල වර්ජනයකට ලෑස්ති වෙයි…

     


    සෞඛ්‍ය, අධ්‍යාපන සහ දුම්රිය දෙපාර්තමේන්තු සංවෘත්ත දෙපාර්තමේන්තු බවට පත්කිරීමට රජය ගෙන ඇති තීන්දුව තැපැල් සේවාව සඳහාද ක්‍රියාත්මක කළ යුතුව ඇති බවද එසේ තැපැල් දෙපාර්තමේන්තුවත් සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට රජය පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රිමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා තැපැල් සේවා සංගමය අවධාරනය කරයි.
      
     තැපැල් දෙපාර්තමේන්තුව සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත්කර තම ගැටලූ වලට විසදුම් ලබා දෙන ලෙසට විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගෙන  ඇති බවද ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පැවසීය 

  • කෝටි 44ක් වැඩිහිටි ලේකම් කාර්යාලයේ පුස්කයි…

    අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ලබා දෙන මුදලින් රුපියල් 100ක මුදලක් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ ගිණුමට බැර වන අතර එමගින් වැඩිහිටි ලේකම් කාර්යාලය ලබා ගත් කෝටි 44ක මුදලක් සුබසාධන වැඩවලට යොදවා නැතැයි රාජ්‍ය ගිනුම්කාරක සභාව පාර්ලිමේන්තුවට දන්වා ඇත.එම මුදල හරියටම රුපියල් 443,445,900ක් ලෙස ගිණුම් කාරක සභා වාර්තවේ දැක්වේ.

  • රොෂාන් පිලපිටිය කියන්නේ ද්විත්ව ලිංගිකයෙක් / වංචාකාරයෙක්

    කාලයක් ටෙලි නාට්‍ය නිලි චතුරිකා පීරිස් සමග විවාහ වී සිටි, හඟුරන්කෙතින් පැමිණි ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය, චතුරිකා සමග අවුරුදු 7ක් පවුල් කා, ඇගෙන් දික් කසාද වුණා.

    ඒ දවස්වල ඒ සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වූයේ චතුරිකාටයි.

    එසේ වූයේ රොෂාන්, ඔහුට සුපුරුදු අහිංසක පෙම්වතාගේ බොරු ප්‍රතිරූපය මාධ්‍ය ඉදිරියේ දිග හරිමින් අහිංසක පාට් එක රඟපෑම නිසා බව දැනටමත් සනාථ වී හමාරයි.

    වැරදි කරමින්, ගෑණුන්ට පහර දෙමින්, හැමදාම ඔහු දිනුවේ මාධ්‍ය ඉදිරියේ බබා පාර්ට් රඟපාමිනි.

    ලංකාවේ බොහෝ පොලිසි වල සහ වෙනත් ආයතන වල රොෂාන් ට විරුද්ධව ගොනුවූ පැමිණිලි බොහෝ තිබෙන බවට දැන් ආරංචි ලැබෙමින් පවතී. මේවා බොහොමයක් ඔහු අමාරුවේ දැමූ කාන්තාවන්ගෙන් එල්ල වූ ඒවා බවයි පැවසෙන්නේ.

    • දිය යටින් ගින්දර ගෙනයාමේ හපනෙක් වන රොෂාන්, ඉන් අනතුරුව ඔහුගේ ඥාති සහෝදරියක් වන ඇමරිකාවේ පදිංචිව සිටි, සන්ඩේ ලීඩර් හිටපු ජනමාධ්‍යවෙදිනී සුනාලී රත්නායක සමග වසර පහක ප්‍රේම සම්බන්දතාවයක් පවත්වාගෙන ගියේ, ඇයව විවාහ කරගන්න පොරොන්දු දීය.

    රොෂාන් ගේ සහ සුනාලී ගේ පවුල් වලින්ද මෙම සම්බන්ධයට ආශීර්වාද ලැබී තිබුණ නමුදු, රොෂාන් දවසින් දවස විවාහය කල් යවමින්, සුනාලී ගෙන් යැපෙමින්, ආර්ථික වාසි ලබමින්, සුනාලී ගේ වියදමින් විදෙස් සංචාර ගණනාවකට සහභාගී වෙමින්, ඇමරිකාවේ ලාස් වෙගාස් නුවර සුපිරි සංගීත සංදර්ශන පවා සුනාලී ගේ වියදමින් නරඹමින්, මැලේසියාව, තායිලන්තය වැනි රටවල පවා ඇය ගානේ විනෝද සංචාර යමින්, ඇගේ පෙම්වතා ලෙස වසර පහක් පුරාවටම ඇගෙන් දැඩි ලාභ ප්‍රයෝජන ලබමින් ඇයව රවටමින් ජොලියේ ජීවත් වුණා.

    • සුනාලී රත්නායකගෙන් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් ද රොෂාන් ලබාගෙන තිබෙන බවට හෙළි වී ඇත. ඒ, විටින් විට ඔහුගේ ආර්ථික අපහසුතා ඇයට පවසමිනි. ඇයද ඔහු සමග අනාගතයක් පතමින්, ඔහුට ප්‍රිය බිරිඳක් වීමේ අපේක්ෂාවෙන්, ඔහුව විශ්වාස කරමින්, ඔහුට අවංකව ආදරේ කළ බැවින්, රොෂාන් ට අත දිගහැර වියදම් කිරීමට සුනාලී කිසිවිටෙකවත් පැකිලුනේ නැත. නමුත් රොෂාන් අයටද දිගින් දිගටම කළේ වංචාවකි. සුනාලී මේ දිනවල මේ දුක් ගැනවිල්ල ඇගේ facebook පිටුව හරහා කෙලින් සහ ව්‍යංගාර්ථයෙන් පවසමින් සිටිනු පෙනේ.

    • රොෂාන් ව සුනාලි විසින් මේ වසර මැදදී අතහැර දැමුවේ, දිගින් දිගටම ඔහු ඇයට බොරු කරමින්, බොරු කියමින්, ඇගෙන් ලාභ ලබමින්, වෙනත් ගෑණුන් සමග හොර රහසේ සම්බන්ධතා පැවැත්වීම නිසා බව ව්ශ්වාසවන්ත ආරංචි මාර්ග හෙළි කරයි. ඒත් සමගම, රොෂාන් පිරිමින් සමගද සම්බන්ධතා පවත්වන ද්විත්ව ලිංගිකයෙක් (bisexual) බව වරින් වර කලා ක්ෂේත්‍රය හරහාම ආරංචි පැතිරුණි.

    මේ බව රොෂාන් ගේ කලින් බිරිඳ වූ චතුරිකා ද මාධ්‍ය වෙත පවසා තිබුණා. ඒ බව, රොෂාන් ගේ ලිංගික අභිරුචියන් මැනවින් දන්නා, ඔහු ඇසුරු කළ බොහෝ කාන්තාවෝ ද පවසති.

    • මේ සියල්ල මෙසේ සිදුවෙද්දී, රොෂාන් පිලපිටිය මීට දින කීපයකට පෙර අළුත්ම පිම්මක් පැන්නේය. ඒ, රඟපෑමේ අවස්ථාව ලබා දෙන බව පවසා, පොළොන්නරුවේ යුවතියක් වන රිද්මා දිසානායක නමැත්තියක් කොළඹට කැදවාගෙන, ඇයගේ ද පවුල කඩාකප්පල් කර, ඇයව විවාහ කරගනිමිනි.

    රොෂාන් රිද්මා සමග සම්බන්ධතාවය ආරම්භ කර ඇත්තේ facebook හරහාය. රඟපෑමේ සහ ඕනෑම දෙයක් කර ප්‍රසිද්ධ වීමේ දැඩි උණෙන් පෙළුණු රිද්මා, ඇය වසර තුනක් පුරාවට ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය තිලිණ චතුරංග සුභසිංහ නමැති ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිටින ඇගේ පෙම්වතාටද, කිසිඳු හේතුවක් නැතුව බූට් එක දී, රොෂාන් ගේ කරේ එල්ලුනේ ඇසුරු සැනින්ය.

    චතුරංග සමග රිද්මා විවාහ වීමට සිටියේ ලබන වසරේය. ඇයව කොළඹට එක්කගෙන නවාතැනක් ද සොයා දී, ඇගේ සියලු අවශ්‍යතා ද මැනවින් ඉටු කර දී, නිළියක් වීමේ ඇගේ ආශාව ඉටුකරදීමට ඉදිරිපත්වෙමින්, චතුරංග ඉල්ලගෙන කෑවේ පරිප්පුවකි. ඒ, ඔහු රිද්මාට සැබවින්ම ආදරය කළ නිසා විය යුතුයි.

    • ඒ වනවිටත් රිද්මා, චතුරංගව වසර තුනක් පුරාවට හොඳින් සුද්ද කර තිබුණි. මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළත රොෂාන් ව විවාහය සඳහා ඇය පොළඹවා ගත් අතරම, රොෂාන්ට ද අවශ්‍ය වූයේ, දිනෙන් දින හෙළි වෙමින් තිබූ, සුනාලී ට ඔහු කළ අසික්කිත වැඩේ මෙන්ම, ඔහු ද්විත්ව ලිංගිකයෙකු බවට පැනනැගී තිබුණු චෝදනා වලින් පැන යාමටය. ඊට හොඳම මාර්ගය, ඔහුට පැනල දුන් රිද්මාව විවාහ කරගැනීම බව ඔහු සිතන්නට ඇත.

    • රිද්මා ද නැති දේ පෙන්නන්නට කැමති, පුහු ආකල්ප වලින් පෙලෙන්නියක බව ඇයව දන්නා කියන උදවිය පවසයි. ඇගේ facebook ගිණුම් වල ඈ පවසන්නේ ඇය ඉතාලියේ වාසය කරන, නුවර ප්‍රදේශයේ තැනැත්තියක බවයි. නමුත්, ගුවන් බලපත්‍රයක්වත් නොමැති, ඉතාලිය දැකලාවත් නැති රිද්මා, තෝපාවැව ප්‍රදේශයේ පාසල් ගිය, පොළොන්නරුවේ ගැමි කාන්තාවක් බව දැනගන්නට ලැබී ඇත.

    හම සුදු වුවද, ඇගේ පෙනුම පොෂ් වී ඇත්තේ මෑතකදීය. ඇය කොතරම් පොෂ් වීද යත්, අම්මා සහ තාත්තාට, මමී පප්පා කීමට ඈ පටන් ගෙන තිබේ. ඇගේ දෙමාපියන් වෙන්වී ජීවත් වෙති. රිද්මා ඇගේ අම්මා ඉන්දියානු බව පැවසුවද, සැබවින්ම ඇය දමිල උරුමයක් හොබවන, පිටරටක සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවකි.

    • රොෂාන් සහ රිද්මා දෙදෙනාම බොරුවෙන් ජීවත් වන දෙදෙනෙක් නිසා ඔවුන්ගේ වයසද අසත්‍ය අවුරුදු ගණන් පවසා මාධ්‍ය වෙත ලබා දී ඇත. රිද්මා 1993 ඉපදුනු අවුරුදු 24ක යුවතියක් වන අතර, රොෂාන් 1972 හඟුරන්කෙත ඉපදී 46 වන වියේ පසුවෙයි. එනම්, ඔවුන්ගේ වයස් පරතරය අවුරුදු 22කි.

    තවද රිද්මා, ඇගේ පෙම්වතා වන චතුරංග සමග වසර තුනක් පෙම්වතුන් ලෙස එක්ව සිටීමට ප්‍රථම, කොරියාවේ සේවය කළ වෙනින් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සමග ඇය වසර දෙකක් විවාහ වී සිට දික්කසාද වූ තැනැත්තියකි. මේ අතීත තොරතුරු සියල්ල රොෂාන් ගෙන් වසන් කොට, ඈ රොෂාන් සමග විවාහ වී ඇත්තේ මීට දින කීපයකට ප්‍රථමය.

    • මේ අනුව රිද්මා සහ රොෂාන් යන දෙදෙනාම එකිනෙකාගෙන් හා ලෝකයාගෙන් සත්‍ය වසන් කොට, මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රතිරූප මවා, ප්‍රේක්ෂකයින් ද රවටමින්, තමන්ට තමාවද රවටාගනිමින් අපූරු රංගනයක යෙදෙන්නට සමත් තොත්ත බබාලා දෙදෙනෙක් බව නම් පෙනී යයි.

     

    රිද්මා දිසානායකගේ පළමු විවාහයේ සැමියා

    උපුටාගැනීම – අද දෙරණ වෙබ් අඩවියෙන්

  • රංගන ශිල්පී රොෂාන් පිලපිටිය 22 හැවිරිදි නිරූපන ශිල්පී රිද්මා සමග යුග දිවියට..

    රංගන ශිල්පී රොෂාන් පිලපිටිය පසුගිය දා විවාහ දිවියට පිවිස තිබුනා. ඒ ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක් වන රිද්මා දිසානායක සමගින්.

    22 වියේ පසුවන රිද්මා සමඟ රොෂාන් පිලපිටය මාස කිහිපයක ආදර සම්බන්ධතාවයක් පවත්වා ඇති බවද සමාජ ජාලාවල වාර්තා කර තිබුනා. එසේම ජනප්‍රිය නිලි චතුරිකා පීරිස් සමගින්ද මීට රොෂාන් පිලපිටිය මීට පෙර පෙමින් බැඳී සිටියා.

    [rns_reactions]

  • මාස 11ක් ඇතුලත මඩකලපුවෙන් ඒඩ්ස් රෝගීන් 31ක්

    ගතවූ මාස 11ක කාලය තුළ  මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එච්.අයි.වී වෛරසය ආසාදනය වූ ඒඩ්ස් රෝගීන් 31 දෙනෙකු හදුනාගෙන ඇතැයි මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
     
    මෙම 31 දෙනා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල 14ට අයත් ප්‍රදේශවල පුද්ගලයින් 24000ක් අතර සිදුකල පරීක්ෂණ වලින් හදුනාගෙන තිබේ‍ෙඒඩ්ස් රෝගීන් යැයි හදුනාගෙන ඇති මෙම ආසාධිතයින් 31දෙනා අතරින් 26 දෙනෙකු කොලඹ සමාජ ,ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකයේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකු මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රතිකාර ලබති.
     
    මෙම රෝගී තත්වයෙන් සමාජය  ආරක්ෂා කර ගැනීම සදහා මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල 14 තුළ ප්‍රාදේශීය මට්ටමින්  ඒඩ්ස්  මර්ධන  වැඩපිළිවෙලක් ආරම්බ කර තිබෙන බව මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකය පවසයි.මෙම වැඩසටහනට අනුව මෙම සීමාවන්ට අයත් ප්‍රදේශවල පුද්ගලයින් එච්.අයි.වී වෛරසය ආසාදනය වී ඇතිදැයි හදුනාගැනීම සඳහා වෛද්‍ය හා රුධිර  පරීක්ෂාවන්ට ලක් කරන බවත් මෙම ඒකකය කියා සිටීයි.
     
    ගතවූ මාස 11ක කාලයේ  මඩකලපුව දිස්ත්‍රික්කයේ ගැබිනි මව්වරුන් 12000කුත් , මඩකලපුව බන්ධනාගාරයේ රැදවියන් 2400කුත්, මඩකලපුව රෝහලට පැමිණ  3600කුත්, ග්‍රාමීය මට්ටමෙන් පුද්ගලයින් 6000කුත්  එච්.අයි.වී පරීක්ෂාවන්ට ලක්කල බවත් රෝගය වැළදුනු 31දෙනෙකු මේ අනුව හදුනාගත් බවත් එම ඒකකය පවසයි.එච්.අයි.වී ආසාධිතයෙකුට ප්‍රතිකාර ලබාදීම තුළින් තවත් අයෙකුට මෙම රෝගය වැළදීමෙන් බේරාගත හැකි බවද පවසයි.

  • අවුරුදු 15 පොඩි ගෑනු ළමයෙකුටවත් ඉන්න දෙන්නැති වෙන්න ජනපති නාමල්….(Video)

    ඔන්න අපේ නාමල් බේබි අවුරුදු 15ක වයස බාලවයස්කාර දැරිවියක්ව අරං යන්න හදන වීඩියෝ එකක් ලීක් වෙලා..

    ශමිල්කා එදිරිසිංහ කියන්නෙ HYBRID HUB , EDIRISINGHE BROTHERS(PVT)LTD එකේ Managing Director වන ගාමිනී එදිරිසිංහ මහතාගේ මිණිපිරියයි.ශම්මිකාට අවුුරුදු 15යි.ඉතිං ඔන්න ශම්මිකා ඊයෙ(10)දවල් instagram එකේ ලයිව් ආව වෙලාවක තමයි මේ වැඩේ මාට්ටු වුනේ… නාමල් මුලින් කමෙන්ට් කර කර ඉදල පස්සෙ ඒ ලයිව් එකට join වුණා… ඒ වෙලාවෙ වුන දෙබස තමයි මේ පහලින් තියෙන්නේ… ඔන්න ඔහොමයි නාමල් අවුරුදු 15 පොඩි ගෑනු ලළමයින්ට ටෝක් කරන්නේ…  

    ශමිල්කා –“හලෝ, ඔයා මොනාද කරන්නේ? කොහෙද යන්නෙ?”

    නාමල් –  “මම වැඩ කරන ගමන් ඉන්නෙ…. අනිත් අයට මාව පේනවද දන්නෙ නෑ”

    ශමිල්කා –“ඒක ඔයා හොයගන්න. ඔයා මට මාස පහකටත් කලින් කිව්වා ලබන සතියේ කොහේ හරි යමු කියලා”

    නාමල් –“හරි අපි ලබන සිකුරාදා යමු. ඒක නෙවෙයි. මම හිතන්නේ මගේ followersලා ටත් ඔයාව පේනවා”

    ශමිල්කා –“ඔව් මමත් හිතන්නේ. ඒත් ඔයාට මට තරම් followersලා නෑ. හහහා විහිලුවට කිව්වේ”

    නාමල් – “හරි හරි මම පස්සේ ඔයාට කතා කරන්නම් මම හිතන්නේ හැමෝටම අපිව පේනවා වගේ”

    ශමිල්කා –“ඔව් ඉතින් හැමෝටම පේනවා හරි එහෙනම් ඔයා ආයෙත් වැඩ කරන්න යන්න. මම ඔයාට මැසේජ් එකක් දාන්නම්. බායි”

  • එක්සත් ජාතීන්ගේ සාම නියෝජිතයින් 14ක් කොංගෝවේදී මරුට… 53කට තුවාලයි

    කොංගෝ සමූහාණ්ඩුවේ උතුරුදිග කිවූ පළාතේ කැරළි කණ්ඩායම් සිදුකළ ප්‍රහාරයකදී එක්සත් ජාතින්ගේ සාම නියෝජිතයන් 14දෙනකු මියගොස් 53දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.ප්‍රහාරයෙන් කොංගෝ හමුදා සාමාජිකයන් පස් දෙනකුද මියගොස් ඇත. 

    මෑත ඉතිහාසයේ දී තම නියෝජිතයන්ට සිදුවූ බරපතලම ප්‍රහාරය මෙය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ මෙය යුධ අපරාධයක් බවයි. 

  • මට අගමැතිතුමා එක්ක කතා කරන්න ඕනේ – විමල්ගෙන් එජාප ප්‍රබලයෙකුට පණිවිඩයක්..

    දේශපාලනය යනු අමුතුම තැනකි. කලකදී පසමිතුරන් වූ දේශපාලකයන් කලකදී මිතුරන් බවට පත්වේ. මුදල් බලය යන සාධක මත කට නමැති ආයුධය තමනට හිතෙන හිතෙන ආකාරයට වෙනස් කරන දේශපාලකයන් අතර විමල් වීරවංශ නමැති චරිතය ඉතා ඉහලින්ම ඇත. කලකදී සිරිසේන යනුවෙන් වේදිකාවල කෑමොර දුන් විමල් අවසානයේ අපේ ජනාධිපති සිරිසේන කියන තැනට ආවත් ජනාධිපතිතුමා ඔහුව ගණන් ගත්තේ නැත. අවසාන ප්‍රතිපලය ඔහු යලිත් තම සුපුරුදු ක්‍රියාන්විතයට එක්විය. එනම් ජනපති මෛත්‍රිව පතුරු ගැසීමටය. ජනපති මෛත්‍රී නිහඩව මේ සියල්ල බලාගෙන සිටියේය.. ඒ අතරවාරයේ විමල්ට ඒකාබද්ධය ඇතුළෙන්ම කචල් ආවේය.. ඒ අන්කිසිවෙක්ගෙන් නොව බැසිල්ගේන්ය. පොදුජන පක්ශයේ බලය අල්ලාගන්න බැසිල්ට තිබුණු එකම බාධකය විමල්ය.. විමල්ට පහර පිට පහර ලැබෙද්දී නඩු පිට නඩු පැටලෙන්නට විය. බිරිද රිමාන්ඩ් කල විගස විමල් රනිල් සරණ ගියේය.. අනේ සර් මට අරුන් එලව එලව ගහනවා.. මෙහෙන් මගේ බිරිදව රිමාන්ඩ් කරලා.. සියල්ල සාවධානව කන්දුන් රනිල් විමල්ට පැවසුවේ මෙවැන්නකි. මම ඔයාගේ නඩු වල බර අඩුකරන්නම්. හැබැයි ඔයා මම කියන දවසක එජාපයට එන්න ඕනේ.විමල් එයට හිස වනා එකග වුයේ අන් විකල්පයක් ඔහු සතු නොවූ බැවිනි. විමල්ගේ බිරිද එලියට ආවේය. විමල් කිසිම දෙයක් නෝන්ඩි නොවන පරිදි එජාපය පතුරු ගසමින් සිටියදී විමලේගේ කරුමයට එක වචනයක් කටින් පැන්නේය. පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනේ. විමල්ගේ අවසානයේ ආරම්භය එය විය. පියසිරි විජේනායක විමල්ව ප්‍රසිද්ධියේ පතුරු හැරියේය. වහා ක්‍රියාත්මක වූ විමල් පියසිරිව ඉවත්කළ අතර ඒත් සමගම විමල්ගේ පක්ෂය බලාගෙන ඉද්දි දියවන්නට පටන් ගත්තේ විමල් තනිකරගෙනය. අද වෙද්දී රොජර් වීරකුමාර වැනි ප්‍රබලයන් විමල්ගේ රෙදි ගලවමින් සිටියි. විමල්ට එකාබද්ධයෙන් සහයක් නොලැබෙන බව දැනගෙන විමල් ජනපති මෛත්‍රී සමගින් කතිකාවකට අවසර පැතුවද ජනපති මෛත්‍රී විමලව සත පහකට මායිම් කලේ නැත. අවසාන ප්‍රතිපලය යන එන මං නැතිවූ විමල් එජාප නායකත්වය සමග රහස් සාකච්චාවක් ඉල්ලීමය.. විමල් ඉල්ලුවේ රහසින් උනාට එය මේ වනවිට රටම දන්නා සුප්‍රසිද්ධ රහසක් බවට පත්වී අවසානය. රනිල්ගේ ප්‍රබල හිතවාදියෙක් මේ පුවත මහින්දගේ කනේ තිබීමත් සමග මහින්ද විමල් නයාට අදුකොල මෙන් වී ඇත. විමල් එකාබද්ධයට සම්බන්ධ කර නොගන්නා ලෙස බැසිල් මහින්ද එකමුතුව පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති බවට අපගේ ලියුම්කරුට තොරතුරු ලැබී ඇත. එහෙත් ඔවුන් ප්‍රචාරය යවන්නේ විමල් එන්නේ නෑ කියාය.. ගම් මට්ටමේ සිටින විමල් පාක්ෂික අපේක්ෂකයන් මේ වන විට නන්නන්තාර වී ඇත. විමල්ව සෙන්පතියෙක් ලෙස පෙන්වූ ඔවුනට දැන් ඔවුනගේම වචන නිසා නිවසින් එලියට ඒමට පවා නොහැකි සේයාවක් පෙනේ. එලියට ආව ගමන් අහවලා ගියා නේද? මොකද උනේ යන ප්‍රශ්න වලට ඔවුනට පිළිතුරු නැත. ඒ අතර අමාරුවෙන් කඩේ ගිහින් දුක් විදලා ලබාගත්ත චිට් එකට කෙළින්නට බැසිල්ගේ නායකත්වයෙන් සහචරයන් පෙරට එද්දී විමල්ගේ පාක්ෂික අපේක්ෂකයන් වන්නට බලාපොරොත්තු වූ අයට සිදුවී තිබෙන්නේ වෙන දෙයක් වෙච්චාවී කියා බලාසිටින්නටය..

    [rns_reactions]

  • මගේ දණහිස් දෙකම කුඩුවෙන්න වැදුනා මල්ලි ( රණවිරුවෙකුගේ කඳුළු කතාව )

    A/L කාලේ ගාල්ලේ කරක් ගැහුවා වගේම කරාපිටියේ වල බහින්නත් අමතක කලේ නෑ! ඒ දවස්වල මගේ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා කරාපිටිය රෝහලේ නැවැත්තුවා. දවස් දෙක තුනක් ඔහුව බලන්න අපි රෝහලට ගියා. තුන් වෙනි දවසේ මම තමයි ඔහු ලඟ හිටියේ..

    කරාපිටිය රෝහල කියන්නේ නුහුරු තැනක් නෙවෙයි. ඒ නිසා යාළුවා එක්ක ෆන් එකේ හිටියා. උගේ තුවාලේ පොඩ්ඩක් උද්දන්නත් අමතක කලේ නෑ..

    යාළුවට එහා ඇඳවල් දෙකේම හිටියේ ආමි ස්කිනිය ගහපු අයියලා දෙන්නෙක්. මම හිතුවා ආමි එකේ වෙන්න ඇති කියලා. ඇත්තටම ආමි එකේ තමයි. යාළුවගේ ඇඳ ලඟම හිටපු කෙනාගේ කකුල් දෙකම නෑ. වම් අතත් බැන්ඩේජ් කරලා..

    එදා රාත්‍රිය ගෙවිලා ගියා. හිස් ඇඳක් තිබුණ නිසා මටත් හොඳට නිදාගන්න ලැබුණා.

    උදේම මම තේ එකක් බීලා එනකොට යාළුවා කිව්වා දැන් ටිකට් කපනවා කියලා. ඒ එක්කම එයා මුහුණ සෝදන් එන්න ගියා.

    ඒකෙන් මට අර කකුල් නැති ආමි එකේ අයියා එක්ක ටිකක් කතා කරන්න ලැබුණා.වල් පල් දෙඩුවා.. ගොඩක් සමීප වුණා. ගොඩක් හොඳ කෙනෙක්.
    මම ඇහුවා මොකක් වෙලාද කකුල් නැති වුණේ කියලා..

    ඔහු මට සම්පූර්ණ කතාවම කිව්වා!

    මල්ලි මම මුලින්ම ආමි එකට ආවේ අවුරුදු 22දි. ඒ කාලේ යුද්දෙ ලොකුවටම තිබුණ කාලේ.. අපේ උන් එකා දෙන්නා මැරෙනකොට මට බලන් ඉන්න බැරි වුණා.. අපේ ගෙදර හිටියේ මම විතරයි.මට සහෝදරයෝ නෑ. ඉතින් මම අම්මගෙන් ඇහුවා මමත් ආමි එකට යන්නද කියලා..අම්මා එපා කිව්වා.. කෙල්ලත් එපා කිව්වා.. කවුද මල්ලි යුද්ධ වලට යනවට කැමති.

    පස්සේ මම දෙන්නම කැමති කරගෙන ආමි එකට බැඳුනා. මට කිලිනොච්චියේ වැඩ සෙට් වුණේ.. යුද්දේ දරුණුම හරිය.

    ඒ දවස් වල ගෙදර එන්නෙත් කලාතුරකින්.ආවම මගේ කෙල්ල මට තුවක්කුව උස්සගන්න බැරි තරම් බරට අතේ පිරිත් නූල් බඳිනවා.. අම්මා කහ වතුරෙන් මාව නාවනවා.. මිරිස් පුච්චනවා.. මාව ඉඹිනවා.. ගෙදර ආවම එක යුද්දයයි!! මතක් වුනත් සතුටුයි මල්ලි..

    මම එක පාරක් ආවම මගේ කෙල්ල කිව්වා ඊලඟ පාර ආවම බඳිමු කියලා.. එයා මට පණ වගේ ආදරෙයි මල්ලි. මගෙත් පණ.

    අපි සති දෙකකින් විතර බස් එකේ කිලිනොච්චියේ අළුත් බංකරයකට ගියා.

    එදා තමයි කාලකන්නිම දවස මල්ලි. මගදි බෝම්බයක් ගැහුවා අපිට. ඒකෙන් ලොකු හානියක් වුණේ නෑ. ඒත් උන් ඇවිත් අපට වෙඩි තිබ්බා. මගේ යාළුවෝ ඇස් ඉස්සරහම මැරුණා. මගේ උරහිසටයි, බඩටයි දෙකක් වැදුනා.

    උන් ඇවිත් අපේ බොඩීස් ඔක්කොම එලියට ඇදලා ගත්තා. බොඩීස් ටික පෝලිම් කලා. එතන ලොක්කා වගේ හිටියේ ගෑණියෙක්. දෙමලෙන් මොනවද කියලා තුවක්කුවක් අරගෙන අපේ කකුල් වලට වෙඩි තියාගෙන ගියා. පණ තියෙන උන් ඉන්නවද බලන්න එහෙම කරන්නේ.

    මගේ දණහිස් දෙකම කුඩු වෙන්න වැදුනා. කකුල් දෙකම නෑ වගේ දැනුණා. අස්ථි ඔක්කොම කුඩු වෙලා.. මාර ඉවසීමක් ඉවසුවේ මල්ලි. කනක් හරි හෙල්ලුනානම් ඊලඟ උණ්ඩේ බහින්නේ මගේ පපුවට..ඒත් දැන්නම් හිතෙනවා එහෙම උනානම් හොඳයි කියලා. මම ඉවසුවේ මගේ රත්තරං අම්මයි කෙල්ලයි මතක් වෙලා.මට තාත්තා නෑ.

    පස්සේ උන් අපේ බොඩීස් දාලා ගියා. උදේට ගන්න වෙන්න ඇති.මේක වුණේ හවස. මම ටිකක් රෑ වෙන්න ඇරලා අපේ පණ තියෙන උන් ඉන්නවද බැලුවා. මම හිටියේ කෙලවරේම. මගේ දකුණු අත විතරයි වැඩ කලේ.. වම් උරහිසටත් වෙඩි වැදුනා..

    බඩෙන් ලේ යනවා ගොඩක්. කකුල් වලිනුත් ඒ වගේ.මම අමාරුවෙන් බඩේ රෙදි කෑල්ලක් ගැට ගහගෙන කකුල් වලත් ඔතාගත්තා. කකුල් තියෙනවද කියලාවත් මට දැනුනේ නෑ.පස්සේ දකුණු අතින් ඇදි ඇදි ගියා. තණකොල තිබුණ නිසා පාර හිටින්නේ නෑ. ලේ පාරවල් මමම පිහදැම්මා..

    මට මතකයි රෑ අට නවය වගේ වෙනකම්ම මම බඩගෑවා.. ඇස් බොඳවෙනවත් මතකයි.තවත් මට යා ගන්න බැරි වුණා.. මට මතක් වුනේම අම්මයි මගේ කෙල්ලයි. මට අන්තිමට මතක එච්චරයි. එතනදි මට සිහිය නැතිවෙලා..

    අපේ කෑම්ප් එකේ අය අපිව හොයන් ඇවිත්.ආරංචිය ගිහින් අපි නැති නිසා. එවෙලෙම වගේ ඔවුන් මාව දැකලා මාව රෝහලට අරන් ගිහින්. ගොඩක් ලේ ගිහින් නිසා මැරෙයිම කිව්වලු. ඒත් බේරිලා. මට හරියට සිහියක් තිබිලා නෑ මාස තුනක් විතර. මනස විකෘති වෙලා.මම එතකොට හිටියේ කොළඹ රෝහලේ.

    මට සිහිය ආව ගමන් හොයලා තියෙන්නේ අම්මයි කෙල්ලයි. මම ගාල්ලෙමයි මල්ලි. එයාලා මාව අම්මා පෙන්වන්න එක්ක ආවා.

    අනේ දෙයියනේ මගේ අම්මා නැති වෙලා!
    මම දන්නෙත් නෑ දෙවියනේ.. මම ඔළුව ඇඳේ ගහගෙන මැරෙන්න හැදුවා.ඒත් යාළුවෝ මගේ කෙල්ල ගැන කියලා මාව නැවත්තුවා.

    මට ඒකි ගැන හිතන්නවත් වෙලාවක් තිබුණේ නෑ. මගේ කකුල් දෙකම කපලා.මම ඒක දන්නෙත් පස්සේ..

    ටිකක් සනීප වුනාම අපේ මේජර් මාව මගේ කෙල්ල බලන්න එක්ක ගියා.. මට එයා දිහා බලන්න බෑ.මගේ කකුල් දෙකම නෑ.. එයා අඬාවි. එයා හරි ලාමකයි. චූටි දේටත් අඬනවා.ඒත් මට බලන්න ආස හිතුනා.

    වෑන් එකෙන් අපි ගෙදරටම ගියා. ගෙවල් වහදාලා. මේජර් අල්ලපු ගෙදර සිරිපාල මාමගෙන් ඇහුවා මේ ගෙදර පියුමි කොහෙද කියලා.. ඒ මගේ කෙල්ලගේ නම..

    අනේ මල්ලියෝ..
    ඒ මාමා කිව්වා ඒ දුව කසාද බැඳලා පවුල් පිටින්ම කොළඹ ගියා කියලා..

    දෙවෙනි වතාවටත් මම මැරුණා මල්ලියෝ..

    මම දන්නේ නෑ එයා කැමැත්තෙන් බැන්දද, ගෙදරින් බන්දලා දුන්නද කියලා..

    ඒත් එයා තමයි මල්ලි මේ ලෝකේ ඉන්න හොඳම කෙල්ල..

    මට තාම මතකයි මගේ අතේ පිරිත් නූල් ගැට ගහන හැටි.. ඒ කාලේ යාළුවෝ මට හිනාවෙනවා සිරීපාදේ ඉඳිකටු පානෙවත් ඔච්චර නූල් නෑ කියලා..

    කාලය ගොඩක් දේ වෙනස් කලා මල්ලි.

    ***********
    මම ගොළුයි.. අසරණයි!
    මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ!

    මම කිව්වා ජීවිතේ ඔහොම තමයි අයියේ. සතුට කියන දේ අපට හරි අඩුවෙන් ලැබෙන්නේ කියලා..

    ඔහු කිව්වා 
    “ඒක ඇත්ත මල්ලි”..

    ඒ එක්කම ඔහු ඇහුවා,

    උඹ දන්නවද මල්ලි දැන් මගේ අන්තිම බලාපොරොත්තුව..

    මොකක්ද අයියේ?

    මගේ දකුණු අත දෙයියන්ගේ පිහිටෙන් තාම වැඩ කරනවා මල්ලි. මේ ලෝකෙට මම ගොඩක් දේවල් දුන්නා.. ඉතින් මේ ඉතිරි ටිකත් දැන් අරන් ගිහින් තේරුමක් නෑ. කොහොමහරි තව ටිකක් සනීප වුනාම අපේ මේජර්ව ෂේප් කරගෙන මැරුණම මගේ ඇස් දෙකයි, වකුගඩුයි, අනිත් දන් දෙන්න පුළුවන් දේවලුයි පිනට දෙන්න කොලයක අත්සන් කරගන්න ඕන.මගේ දකුණු අත ඒක කරාවි.

    ඒ කිව්වේ අයියේ..

    වසනම් බොන්නේ නෑ කොල්ලෝ වකුගඩු දෙන නිසා.. ඒත් අත්සන් කරලා පස්සේ දවසෙම මම මැරෙනවා..

    “පිස්සුද අයියේ.. හීනෙකින්වත් හිතන්න එපා.”
    ඒ මම.

    මට මෙහෙම ඉඳන් මගේ අම්මට ගිය තැනකට දෙයක් කරන්නවත් බෑ මල්ලි. මගේ ඇස් දෙක දන් දෙනවා මගේ අම්මට නිවන් දකින්න ලැබෙන්න කියලා.. වකුගඩු දෙක දෙනවා මගේ තාත්තයි කෙල්ලයි වෙනුවෙන්..

    එපා කියන්නද හා කියන්නද තියා හුස්මගන්නවත් සිහිය නැති මා එවෙලෙම වගේ යාළුවගේ ටිකට් කපන්න තිබුණ නිසා ඒ වැඩ ටික කරන්නට යන්න සිදු වුණා..
    පසුව,
    මම මාසයක් සතියට දෙවතාවක් බැගින් ඔහු බලන්න ගියා..

    එක දවසක මම යනවිට ඔහු සිටියේ නෑ.ඔහු මාස තුන හතරක් පමණ එහි සිටි නිසා ගොඩක් අය අඳුරනවා.මම ලඟ හිටපු ඇටෙන්ඩන්ස් කෙනෙක්ගෙන් ඇහුවා ඔහු කෝ කියලා..

    ඔහු කියපු දේ මට තාම දෝන්කාර දෙනවා.

    “එයා සනීප වෙලා අම්මා හිටපු ගෙදර බලන්න යන්න ඕන කියලා ගියා. අම්මගේ ෆොටෝ එකත් තුරුල් කරන් රෝදපුටුවත් එක්කම බැල්කනි එකෙන් වැටිලා මිනිහා මැරිලා”..

    කරාපිටියටමයි මිනිය ගෙනත් තියෙන්නේ..

    පස්සේ ආරංචි වුණා ඔහුගේ ඇස් දෙකයි, වකුගඩුයි දන් දීලා කියලා..

    ඔහු ඔහුගේ අරමුණ ජයගත්තා..
    ඒ තරම් කටුක ජීවිතයක් ලස්සනට නිමා කලා..

    මහා වෙස්සන්තරයාණනි,
    ලේ, මස්, ඇට, මිදුළු සියල්ල මෙන්ම තම පෙම්වතියද ආදරයෙන් අන් අය වෙනුවෙන් දන් දී ගිය නුඹ,

    “ඔච්චර ලස්සන හිත ඇයි මට දන් දීලා නොගියේ..?”

    අමුතුවෙන් පින් දෙන්න දෙයක් නෑ!
    ඔබට කොහොමත් නිවන උරුමයි!!!
    – උන්මාදකරු –
    සටහන –
    Sunindu Shirantha Wickramarachchige 
    (කරුණාකර සටහනේ අයිතිය සුරකින්න)

    [rns_reactions]

  • ආපදා අරමුදලට ඒකාබද්දයේ කිසිවෙක් වැටුප පරිත්‍යාග කරන්නෙ නැද්ද ?

    පසුගියදා ඇති වූ ආපදාවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආණ්ඩු පක‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන බවට ප්‍රකාශ වුවද මේ දක්වා සිය මාසික වැටුප පරිත්‍යාග කිරීමට එකගතාව පළ කර ඇත්තේ දහතුන්දෙනෙකු පමණක් බව වාර්තා වුණා.එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙක් මේ වනතුරුත් තම මන්ත්‍රී වැටුප ලබා දීමට කැමැත්ත පලකර නෑ..

    ඒ අතරින් කතානායක කරූ ජයසූරිය මහතා සිය මැයි මස වැටුප රුපියල් දෙලක‍ෂ හැත්තෑ දෙදහස් හත්සිය අසූ දෙකයි ශත විස්සක්  සහ දීමනා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ අරමුදල වෙත බැරකර තිබෙනවා.

     

    මීට අමතරව එස් එම් මරික්කාර් සහ ලකි ජයවර්ධන යන මන්තී්‍රවරුන් දෙදෙනා රුපියල් පනස් හතර දහස් දෙසිය අසූ පහක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනාව පරිත්‍යාග කිරීමට එකග වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් ද මෙල් රුපියල් ලක‍ෂයක් වන කාර්යාල දීමනාව පරිත්‍යාග කිරීමට එකගතාව පළ කර තිබෙනවා.

    ලක‍ෂ්මන් සෙනෙවිරත්න, ලක‍ෂ්මන් වසන්ත පෙරේරා, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, ටි.බී. ඒකනායක, ඉන්දික බණ්ඩාරනායක, දුලිප් විෙජ්සේකර, ලසන්ත අලගියවන්න සහ නිමල් ලන්සා යන අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ද ලිපි මගින් දන්වා ඇත්තේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී දිමනාව ජුනි මස වැටුපෙන් අඩුකර ගන්නා ලෙසයි.

     

    ඒකාබද්ද විපක්ෂයේ කිසිවකු මේ වන විට වැටුප් පරිත්‍යාග කරන බවට දන්වා නැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.