Category: සුපිරි Talks & Jokes

  • හමුදාවෙන් පඩි අරං මහින්දට කඩේ ගිය හම්පඩ කලාකාරයෝ…

    ආරක්ෂක ලේකම් ගෝඪභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත සේනක විජේසිංහ,අර්ජුන කමලනාත් සහ ක්‍රිෂාන් එරන්ද යන කලාකරුවන් තිදෙනා සිවිල් පදනම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලකා මුලස්ථානය වෙත බදවා ගැනීමට කටයුතු කරන්නැයි මේජර් ජනරාල් ඩබ්ලියු ජී ජී ප්‍රනාන්දු මහතා එවකට රාජ්‍ය ආරක්ෂක,මහජන ආරක්ෂාව,නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරියා ලෙස ආරක්ෂක ලේකම්වරයා වෙනුවට අත්සන් කරමින් යුද හමුදාපතිවරයාට දැනුම් දී තිබේ.( BOX අංක 572 සහ “එම්එල්ඩී/එම්ඕඩී/2/1 (බ/ගැ)” යන “මගේ අංකය”යටතේ මේජර් ජනරාල් ඩබ්ලියු ජී ජී ප්‍රනාන්දු මහතා 2008 නොවැම්බර් මාසයේදී යුද හමුදාපතිවරයාට යැවූලිපියේ පැහැදිලිව සඳහන් වේ.)

    සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ මුල්‍ය අපරාධ කොට්ඪශය විසින් සිදු කරනු ලබන විශේෂ පරීක්ෂණයකදී  හෙලිවූයේ මොවුන් තිදෙනා හරුණු කොට තවත්  ප්‍රවීණ කලාකරුවන්  පිරිසක් ආරක්ෂක අමාත්‍යංශයෙන් මාසික වැටුප් ඇතුළු වරප්‍රසාද රැසක් අයථා ලෙස ලබා ගෙන ඇති බවයි. ඒ අතර 2008 සිට 2015 දක්වාම යුද හමුදාවෙන් මේ මාසික වැටුප් ඇතුළු වරප්‍රසාද ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රවීණ කලාකරුවන් වන සේනානායක වේරලියද්ද,රොජර් සෙනෙවිරත්න,ඕෂදී හේවාමද්දුම,රජිත හිරාන්(පිං පොං),ප්‍රියංකර පෙරේරා සහ ගයේෂා පෙරේරා ඇතුළු කලාකරුවන් පිරිසකට ද චෝදනා එලල වී තිබේ.අර්ජුන කමලනාත් මහතා සිය බිරිය වන අමීෂා පෙරේරාගේ නමින් මීට සති කිහිපයකට පෙර කොළඹ රාජගිරිය ප්‍රදේශයෙන් රුපියල් කෝටි පහකට පමණ අති සුඛෝපභෝගී දෙමහල් නිවසක් මිලදී ගැනීම සහ රුපියල් කෝටි 20ක් පමණ වැය කර රජ ඝෝෂ,කුසල් සහ කිඩ්නැප් ඇතුළු චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කිරීම පිළිබඳවද FCIDයේ  උකුසු ඇස ඇරී ඇත.

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ කෝප්‍රල් ඇතුළු විවිධ නිලතලවලට අනුයුක්ත වෙමින් මේ කලාකරුවන් මසකට රුපියල් 60,000ක මූලික වැටුපක්,රියදුරු සමග වාහනයක් සහ ඉන්ධන ඇතුළු වරප්‍රසාද රැසක් ලබාගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවෙන් පෙනී සිටීමේ එකඟතාවය මතය.මේ සම්බන්ධයෙන් මේ කලාකරුවන් හෙට අනිද්දාම FCIDය වෙත කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත වන අතර මේ කලාකරුවන්ගේ බැංකු ගිණුම්වල තිබෙන මුදල් ඇතුළු දේපොළ සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.

     

  • සිරකරුවෝද මනුෂ්‍යයෝය ඒත් බන්ධනාගාර නිලධාරීන් අමනුෂ්‍යයෝය….

    බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී විවාහයක් මැගසින් බන්ධනාගාරයේ දී අද(7) සිදුවිය.

    30 අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි පුද්ගලයකු සමඟ එහි දී විවාහ දිවියට පිවිසියේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කි‍්‍රයාකාරී සාමාජිකාවකි.

    නමින් ස්වීටි ෂෙලින් චමිලා බක් නම් වූ ඇය 41 හැවිරිදිය. මැගසින් බන්ධනාගාරය  තුළ දී සිදුවූ ඇයගේ විවාහය අවස්ථාවේ මාධ්‍යයට එය ආවරණය කරන්නට අවස්ථාව හිමි නොවු අතර මනාලිය හමුවන්නට මාධ්‍යයට අවස්ථාව ලැබුණේ බන්ධනාගාරයෙන් පිටතදීය.

    මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු වන සෙනරත් බන්දුල ලියනාරච්චි වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවක බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු ඇයට පවසා ඇත්තේ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට ඇයට හේතුවක් නැති බවකි. ඇය ඔහුගේ බිරිඳ නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට හැකි යැයි ඉහළ නිලධරයා පවසා ඇත්තේ චමිලා අපහසුතාවයට පත් කරන්නටය. 

    එම අභියෝගය භාර ගත් චමිලා අවිවාහකයකු වන බන්දුල සමඟ විවාහ වෙන්නට තීරණය කළාය. ඒ අනුව බන්ධනාගාර අධිකාරීගෙන් ද, තවත් නිලධාරින් බොහෝ දෙනකුගෙන්ද ඇය සෙනරත් හා විවාහ වන්නට අවසර ඉල්ලා සිටියාය. නමුත් එවැනි අවස්ථාවක් ලැබුණේ නැත. වසර තුනක් තිස්සේ මේ වෙනුවෙන් ඇවිද ගිය ඇය අවසානයේදී බන්ධනාගාර ඇමැති ඩී.එම් ස්වාමිනාදන් මහතා හමුවන්නට ගියාය.

    අමාත්‍යවරයා සහ ඔහුගේ නිලධාරින්ගෙන් ද සහාය මත මෙම විවාහයට අවශ්‍ය සියලූ පහසුකම් සලස්වන ලෙස නියෝග කරමින් අමාත්‍යංශයෙන්  ලිපියක් ද නිකුත් කෙරිණි. මංගල්‍යයට දින නියම වූයේ මේ අනුවය.

    බන්ධනාගාර බලධාරින් බන්ධනාගාරය තුළට මනාලිය ගෙන්වා ගත්තේ පවුලේ ඥාතින් මෙන්ම ඇයගේ ආබරණ ඇතුළු ආයිත්තම් රැගෙන ආ කාන්තාවට ද එහි ඇතුළු වීම තහනම් කරමිනි. තම මනාලයාට මේ විශේෂ අවස්ථාවේ පවා අඳින්නට ලබා දී තිබුණේ උසාවි ගෙන යන විට අඳින සරම හා බැනියම පමණක් බව විවාහයෙන් පසු බන්ධනාගාරයෙන් පිටත දී මාධ්‍ය ඇමතූ චමිලා පැවැසුවාය.

    විවාහයට අවසර ඉල්ලමින් වසර තුනක් තිස්සේ නිලධාරින් හමුවීමට ගිය බව ද ඇය පැවැසුවාය. 

    ‘‘මට මගේ විවාහය අවස්ථාවේ ඡායාරූපයක් ගන්න දුන්නේ නැහැ. මගේ විවාහ ඡායාරූපය මගේ අයිතියක්. විවාහය රෙජිස්ටර් කළ රෙජිස්ට‍්‍රාර් මහත්තයා එතුමාගෙ දුරකථනයෙන් ඡායාරූපයක් ගත්තා. බන්ධනාගාර නිලධාරින් ඒකත් මකන්න කිව්වා. කිසිම ඥාතියකුට ඇතුළට එන්න දුන්නෙත් නැහැ. මේ වැඬේ අවුල් කරන්න සෙනරත් ගේ විවාහය නොකෙරෙන තැනට ගෙනෙන්නට මේ අය කරන්න පුළුවන් හැම දෙයක් ම කළා. මාධ්‍යයට එන්න නොදුන්නා විතරක් නොවෙයි, හැම පැත්තෙන්ම අවුල් කරන්න හැදුවා.

    මේ බන්ධනාගාරය ඉස්සරහ බෝඩ් එකක් තියෙනවා සිරකරුවන් ද මනුෂ්‍යයෝය කියලා. ඒකට යටින් ගහන්න  ඕන නිලධාරින් අමනුෂ්‍යයෝය කියලා. 

    ‘‘මගේ ස්වාමි පුරුෂයා වැලිකඩ සිදුවූ මහා ඝාතනය පිළිබඳ ඇසින් දුටු සාක්කි සපයන සාක්කිකාරයෙක්. මේ නිසාම ඔහුට බැන වැදීම්, තර්ජන වගේම පහරදීම් ද සිදුවෙනවා. මේ විවාහය කඩාකප්පල් කරන්න හදන්නෙත් මේකෙන් ඔහුට ශක්තියක් එන නිසයි. මම ඔහු විවාහ කරගන්නවා විතරක් නොවෙයි ඔහු වෙනුවෙන් පෙනී හිටිනවා. මේ නඩුවේ සාක්කිකාරයෙක් වුණ දවසෙ ඉඳලා ඔහු අනුරාධපුරයට, කුරුවිටට මාරු කරනවා. අනුරාධපුර සිට මැගසින් බන්ධනාගාරයට ගේන්නේ බන්ධනාගාර බස් එකේ හිටගෙන. 

    ‘‘අද සිට ඔහු මගේ ස්වාමි පුරුෂයා. අදින් පසු ඔහුට ඇඟිල්ලක් හෝ උස්සල තිබුණොත් බලාගන්නම්. කොහොම වුණත් මම වාසනාවන්ත බිරිඳක්. මට හොඳ නිර්භීත සිංහලයකුගේ බිරිඳ වෙන්න වාසනාව ලැබුණා.’’ යැයි ද ඇය කීවාය.

    -වාර්ථා කලේ විනීතා එම්. ගමගේ

     

  • තාම බබා හම්බෙලා නෑනේ… ආණ්ඩුවට හේත්තු වෙලා ඉන්නවනම් මොකාට උනත් බනිනවා… (Video)

    තාම බබා හම්බෙලා නෑනේ… ආණ්ඩුවට හේත්තු වෙලා ඉන්නවනම් මොකාට උනත් බනිනවා… 

     

  • දුම්රිය එන්ජින් රියදුරන් මේ වන විට වැඩවර්ජනයේ

    දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් මේ වනවිට වැඩවර්ජනයක යෙදී සිටිනවා.

    මෙම වැඩවර්ජනය ආරම්භ කෙරුණේ ඊයේ (06) මධ්‍යම රාත‍්‍රියේ සිටයි. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය විසින් වැඩවර්ජනය කැඳවා තිබෙනවා.

    නිසි පටිපාටියෙන් බැහැරව සිදු කෙරෙන බව කියන නව බඳවා ගැනීම් සඳහා විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය කැඳවූ බවයි එහි ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ.

    දුම්රිය එන්ජින් රියදුරන්ගේ මෙම වැඩවර්ජනය නිසා දුම්රිය ධාවනයට අද (07) බාධා සිදුවිය හැකියි. 

    අප මේ සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරියෙන් ද විමසීමක් කළා. ඔවුන් පැවසුවේ සේවයට වාර්තා කරන එන්ජින් රියදුරන් සමග සාකච්ඡා කර දුම්රිය කිහිපයක් හෝ ධාවනය කිරීමට කටයුතු කරන බවයි.

    කෙසේ වෙතත් එලෙස ධාවනය කෙරෙන්නේ කුමන දුම්රියදැයි දැන්ම කිව නොහැකි බවද දුම්රිය පාලක මැදිරිය පැවසුවා.

    [rns_reactions]

  • නවදිල්ලි නුවර භූ කම්පාවක් – ශ‍්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නෑ

    ඉන්දියාවේ නවදිල්ලි නුවර රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පනයක් සිදුව තිබෙනවා.

    මෙම භූ කම්පනයෙන් ශ‍්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරන්නේ.

    භූ කම්පනය පිළිබඳ වාර්තාවීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ ඇතැම් වෙරළාශ‍්‍රිත ප‍්‍රදේශවල පිරිස් කලබලයට පත්වූ බවයි අප  වාර්තාකරුවන් පවසන්නේ.

    මුහුදු රළ උස්ව නැගී ඒම, මුහුද අවපැහැ ගැනීම සහ මසුන් විශාල වශයෙන් ගොඩගැසීම වැනි පසුගිය දින කිහිපයේ ඇති වූ මුහුදේ ඇතැම් වෙනස්කම් සමග මෙම  භූ කම්පනය ගළපා ගැනීමට ද ඇතැම් අය උත්සහ දරා තිබෙනවා.

    ඉන්දියාවේ නවදිල්ලි නුවර සිදු වූ භූ කම්පනය මෑතක දී ඇතිවිය හැකි සුනාමියක තවත් පෙරනිමිත්තක් බවටයි සමාජජාල වෙබ් අඩවිවල අදහස් පළ කරන සමහරෙකු පෙන්වා දෙන්නේ. 

    ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය පවසා තිබුණේ ඊයේ (06) රාත‍්‍රී 8.49ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි. උත්තරාඛාන්ත් ප‍්‍රාන්තයට සහ හිමාලයන්හි ඇතැම් ප‍්‍රදේශවලට එහි වැඩිම බලපෑම දැනී ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය කියා සිටියා.

    හර්යානා සහ හිමාචල් යන ප‍්‍රාන්තවලට ද මෙම භූ කම්පනයේ බලපෑම දැනී තිබෙනවා. කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් ජීවිතහානි හෝ වෙනත් හානි සිදුව ඇත්දැයි තවමත් තහවුරු වී නැහැ. 

    නවදිල්ලි නුවර ඊයේ සිදු වූ භූ කම්පනයෙන් එහි වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ට බලපෑමක් සිදු වූයේ දැයි නිරන්තර අවධානයෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය ද පැවසුවා. එහෙත් එවැනි බලපෑමක් පිළිබඳ මේ දක්වා වාර්තා වී නොමැති බවයි  විමසීමක දී එහි ප‍්‍රකාශිකාවක් කියා සිටියේ.  

    [rns_reactions]

  • ක්‍රීඩා ඇමති හා ක්‍රිකට් ආයතනය කෙහෙවළු පටලගනී…. ක්‍රීඩකයින් ගුවන් යානයෙන් බස්සවයි.. ක්‍රීඩකයින් අනාත වේ

    එළැඹෙන ශ්‍රී ලංකා – ඉන්දියා එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට අදාළව තෝරා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් නව දෙනකු (තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් හා අකිල ධනන්ජය)පෙරේදා (4දා) මධ්‍යම රාත්‍රියේ ඉන්දියාව බලා ගුවන් ගත වීමට ආසන්නව සිටියදී ඔවුන්ගේ ගමන අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හදිසියේම තීරණය කලේය. ඕනෑම ජාතික ක්‍රීඩා කණ්ඩායමක් විදෙස් තරගාවලියකට සහභාගි වීමට පෙර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතු වුවත් එසේ නොකොට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යෑමට කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර ක්‍රිකට් සංචාරයකට සහභාගි වීමට නියමිතව සිටි කණ්ඩායමක් ගුවන්ගත වීමට මොහොතකට පෙර අවලංගු කොට ඇත.

    ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සමඟ ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් හා ඊයේ සවස විශේෂ සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන්  පැවැත්වීය.එහිදී මෙම සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

    මින් පසුව නියමිත වේලාවට පසුව එවන කිසිදු ක්‍රිකට් කණ්ඩායමකට අනුමැතිය ලබා නොදෙන බවත් පෙරේදා රාත්‍රියේ ක්‍රීඩකයන්ගේ ගුවන් ගමන් නතර කිරීමෙන් ගෙවීමට සිදුවන මුදල ක්‍රිකට් ආයතනයේ වගකිවයුතු නිලධාරියකුගෙන් අයකර ගන්නා ලෙසත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියහ.එම  තීරණය ගැනීම සම්බන්ධව වගකීම හා චෝදනාව ප්‍රධාන විධායක නිලධාරි අෑෂ්ලි ද සිල්වා මහතාට එල්ල වී ඇති බවද දැනගන්නට ඇත.

    මේ පිළිබඳව කළ විමසීමකදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ඉන්දියාව බලා යෑමට තෝරාගත් ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුව අනුමැතිය සඳහා තමන් වෙත ලැබුණේ පෙරේදා (4දා) සවස බවයි. ක්‍රීඩකයන්ට අදාළ යෝග්‍යතාවන් පිළිබඳව වෛද්‍යවරුන්ගෙන් කරුණු නොවිමසා රටින් පිටත් වීමට පැය තුන හතරකට පෙර තමන් වෙත ලැබෙන කණ්ඩායමකට තම අනුමැතිය ලබා දෙන්නේ කෙසේ දැයි පෙරළා විමසා සිටි අමාත්‍යවරයා ‘ගුවන් තොටුපොළට යන තෙක් කණ්ඩායම කවුද? යන්නෙ කවුද? කියලා මම දැනගෙන හිටියෙ නැහැ. මම ක්‍රීඩා 62ක පරිපාලනය භාරව ඉන්න කෙනෙක්. මට ක්‍රිකට් ආයතනය විතරක් හුරතල් කරන්න අවශ්‍යතාවක් නැහැ. තිසර පෙරේරා පෙරේදා රෑ කටුනායක ගුවන්තොටුපොළේ සිට කතා කළා. සර් අපි දැන් ගුවන් යානයට ගොඩවෙලා අවසන්. එහෙත් මම කීවේ කරන්න දෙයක් නැහැ. එන්න කියලා මම දැනුම් දුන්නා.’ යනුවෙන්ද කීය.එසේම එසේ හොර රහසේම ඉන්දියාව බලා යෑමට තෝරා ගත් එක් දින ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් සමහර ක්‍රීඩකයන් සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යවරයාගේ දැඩි නොසතුට පළකර ඇත.

    ‘මම පැහැදිලිවම කිව්වා ඔයාලා නිසා අපට බැනුම් අහන්න බැහැ හැමදාම. මේකෙ වගකීම කවුරු හරි භාරගන්න ඕන. සමහර ක්‍රීඩකයන් තෝරා ගත්ත ආකාරය ගැනත් මගේ පැහැදීමක් නැහැ. කුසල් ජනිත් තෝරා ගත්තෙ නැත්තෙ පුහුණුවීම්වලට ආවෙ නැති නිසාලු. මම කියන්නෙ ඒක විනය කඩකිරීමක් නම් ඒ හේතුව එළියට දාන්න. නැත්නම් එයා කපලා කියලයි මිනිස්සු හිතන්නෙ. කොහොම වුණත් කණ්ඩායම රාත්‍රියේදී පිටත් වෙනවා’ යනුවෙන්ද පැවැසීය. යනුවෙන් ඊයේ පැවැති රැස්වීම ගැන අදහස් දක්වමින් ඇමැතිවරයා කියා සිටියේය.

    SHARE

    Facebook
    Twitter
  • කරන්ට් එක නැතිව සංගක්කාරට කේන්ති ගිහින්…

    පහුගිය දවස් වල ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් ලංකාවේ බොහෝ ප්‍රදේශ වල විදුලිය බිඳ වැටුනා .ඔය අතරෙ සංගක්කාරටත් කරන්ට් එක නැතිවෙලා.ඉතිං සංගක්කාර විදුලිබල මණ්ඩලේට කොල් කරල.සෑහෙන උත්සාහ කරත් සම්බන්ධ කර ගන්න බැරි වෙලා තියෙනවා

    ඉතින් සංගක්කාර 30 වෙනිද තමන්ගේ ට්විටර් ගිණුමේ මෙන්න මෙහෙම පණිවිඩයක් තියල.

    මේ පණිවිඩයට ගොඩක් කට්ටිය ප්‍රතිචාර දක්වලා තියෙනවා..අන්තිමේ කොහොම හරි 4 වෙනිද කරන්ට් එක ලැබිල තියනවා.ඊට පස්සෙ මෙන්න මේ විදිහට විදුලිබල මණ්ඩලයට ස්තූති කරන්නත් සංගක්කාර අමතක කරල නෑ…

  • මුහුණු පොතේ රුව ගිය; ව්‍යාජ මුදු දමා රන්මුදු සොරකම් කරන හෙර මාට්‌ටු

    විවිධ නගරවල ස්‌වර්ණභරණ වෙළෙඳසල්වලට ගොස්‌ රන්භාණ්‌ඩ මිලදී ගන්නා මුවාවෙන් රන්භාණ්‌ඩ සොරා ගන්නා කාන්තාවකගේ ඡායාරූපයක්‌ මුහුණු පොතට එක්‌කර තිබියදී ගම්පොළ පුස්‌සැල්ලාව නගරයේ රණ්‌භාණ්‌ඩ වෙළෙඳසල්වල ගැවසුණු එම කාන්තාව හඳුනාගෙන පුස්‌සැල්ලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    22 හැවිරිදි එක්‌ දරු මවක්‌ වන ඇය මාවනැල්ල උස්‌සාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ වන අතර ඇගේ සැමියා හා ඇය තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහි වී ඒ සඳහා මුදල් සොයා ගැනීමට මේ ආකාරයට සොරකම් කිරීමට පුරුදු වී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

    රන්භාණ්‌ඩ වෙළෙඳසැල් වලින් මුදු පමණක්‌ සොරා ගැනීමට පුරුදු වී ඇති මෙම කාන්තාව පළමුව තනියම එම වෙළෙඳසල්වලට ගොස්‌ ඒවාට ඇති නිර්මාණ බලා (ඩිසයින්) පසුව ඒ ලෙස ඇති ඉමිටේෂන් මුදු (ව්‍යාජ) රැගෙන තම අත දරුවාද වඩාගෙන ගොස්‌ අත දරුවාගේ මුවාවෙන් රන්මුදු පැළඳ ව්‍යාජ මුදු එහි දමා මෙම සොරකම ඉතා සූක්‍ෂම අයුරින් සිදු කරන බව අනාවරණය වී ඇත.

    මේ ලෙස ගම්පොළ වෙළෙඳසලකින් සොරා ගන්නා රන් මුදු දෙකක්‌ මෙම කාන්තාව අත පළදා ව්‍යාජ මුදු තබා යන අයුරු වෙළෙඳසලේ රහස්‌ කැමරාවල සටහන්ව තිබී එම වෙළෙඳසල් හිමියන් මෙම කාන්තාවගේ ඡායාරූප මුහුණ පොතට එක්‌කර තිබේ.

    මෙම සොරකම් පිළිබඳව ගම්පොළ පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබිණි.

    අත්අඩංගුවට ගත් කාන්තාව ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඇය හඳුනාගැනීමේ පෙරට්‌ටුවක ඉදිරිපත් කරන තුරු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්‌ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කළාය.

    මෙම කාන්තාව විසින් සොරකම් කරන ලද රන් මුදු වැලිමඩ නගරයට උකස්‌කර ඇති බවට ලද තොරතුරකට අනුව පරීක්‍ෂණ පැවැත්වීමටද නියමිතය.

    ගම්පොළ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී නුවන් මෙන්ඩිස්‌, සහකාර පොලිස්‌ අධිකාරී චන්ද්‍රසේන බණ්‌ඩාර, පුස්‌සැල්ලාව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සරත් බණ්‌ඩාර පලිපාන, ගම්පොල මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උපාලි සෙනරත් යාපා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත පො. ප. කපිල බණ්‌ඩාර මහතා ප්‍රමුඛ පොලිස්‌ කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

    [rns_reactions]

  • ලෝකේ පළවෙනිම SMS එකේ තිබ්බේ මොනවාද?

    අද කාලේ ගොඩක් අයට නැතුවම බැරි දෙයක්නේ SMS. එහෙමත් නැත්නම් කෙටි පණිවුඩ. ඒ තරම්ම SMS මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරලා තියෙනවා.

    ඉතින් අපි මේ කියන්න යන්නේ SMS ගැන කතාවක්.

    කෙසේවෙතත් SMS දෙසැම්බර් 03 වෙනිදා 25 වෙනි සංවත්සරය සැමරුවා.

    මුල්ම SMS එක විදියට යවලා තියෙන්නේ ” Merry Christmas ” කියලා. ඉංජිනේරුවක වුන නීල් පැප්වෝර්ත් 1992 දී අත්හදා බැලීමක් විදියට තමයි පළවෙනි SMS එක යවලා තියෙන්නේ. නීල්ගේ මිත්‍රයෙක්ට තමයි පරිගණකය හරහා ඔහු මේ SMS එක යවලා තියෙන්නේ.

    කොහොමවුනත් නීල්ගේ ඒවෙනකොට වයස 22 ක්.

    නීල් ආඩම්බරයෙන් කියලා තියෙන්නේ “මම ඒ වෙලාවේ හිතුවේ නෑ මම මේ කරන්නේ ලෝකයටම වැදගත් ලොකු දෙයක් කියලා”.

    ඒ දවස්වල දුරකථනයෙන් යවන්න පුළුවන් වුනේ ශබ්දය විතරයි. ඒ නිසා දුරකථනයෙන් කෙටි අක්ෂර පණ්විඩ යවන්න පුළුවන් වීම දුරකථනයේ ලොකු පිම්මක් වුණා. ස්මාර්ට් ෆෝන් සදහා පළවෙනි පියවර විදියට සැලකෙන්නෙත් SMS. දත්ත වලට අනුව අවුරුද්දකදී ලෝකය පුරා SMS පණිවිඩ ට්‍රිලියන 8.9 විතර යවනවාලු.

    ඉතින් මින් පස්සේ තමන්ගේ පෙම්වතාට පෙම්වතියට SMS යවද්දී නීල් පැප්වෝර්ත්ට ස්තූති කරන්න අමතක කරන්න එපා.

    [rns_reactions]

  • අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව පොල්, පරිප්පු, ආනයනික අර්තාපල් සඳහා මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවයි සඳහන් කෙරුණේ.

    අදාළ නියමයන් අනුව පොල් ගෙඩියක මිල රුපියල් 75ක් ලෙසත් පරිප්පු කිලෝ එකක මිල රුපියල් 130ක් ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අතර ආනයනික අර්තාපල් කිලෝ එකක මිල වන්නේ රුපියල් 76ක්.

    මෙම ආහාර ද්‍රව්‍යවල උපරිම සිල්ලර මිල ඇතුලත් ගැසට් නිවේදනය අද (06) නිකුත් කෙරෙන බවද සඳහන් .

    [rns_reactions]

  • පොහොට්ටු රැස්වීමකට නැග්ගොත් මන්ත්‍රීකම් නැතිකරනවා… – මහින්ද සමරසිංහ

    පක්‌ෂ ව්‍යවස්‌ථාව අනුව කිසිදු සාමාජිකයකුට වෙනත් පක්‌ෂයක්‌ දිනවීමට අනුබල දිය නොහැකියි බවත් නීති විරෝධී ක්‍රියාවක්.එසේ කරන ඕනෑම කෙනෙක්ව පක්ෂයෙන් නීත්‍යානුකූලව ඉවත් කරන්න පුළුවන් බව  බව වරාය හා නාවුක ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.ඒ අනුව ඒකාබද්ධ විපක්‌ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මන්ත්‍රීවරුන් වෙනත් පක්‌ෂයක්‌ ජයග්‍රහණය කරවීමට ක්‍රියා කරන්නේ දැයි ගම් මට්‌ටමට ගොස්‌ සොයා බලන බවද ඇමතිවරයා වැඩිදුරටත් පවසන ලදී. 

    “මේ මැතිවරණයේදී අපි නිකං ඉන්නෙ නැහැ. ඡන්දෙ පටන් ගත්තම පොහොට්‌ටු පක්‌ෂයේ ප්‍රධාන රැලි වගේම ගමේ රැස්‌වීම්වලදී මොවුන් කතා කරන දේ නවීන තාක්‌ෂණය යොදා ගෙන අපි සොයා බලනවා. එමගින් අපට අවශ්‍ය සියලු සාක්‌ෂි සපුරා ගෙන පසුව නීත්‍යානුකූලව ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගේම පළාත් සභා මන්ත්‍රීවරු ගැනත් සොයා බලනවා. පක්‌ෂයේ ඉහළ මට්‌ටමේ සිට පහළ මට්‌ටම දක්‌වා ශ්‍රීලනිප අය ගැන සොයනවා” යෑයිද ඊයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

  • ගෝඨාභය සිරගත කිරීම ලබන 15 දක්වා කල් යයි

    පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වලක්වාලමින්  ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණයේ සභාපති එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් නියෝග කළ අතුරු තහනම් නියෝගය ලබන 15 දක්වා දීර්ඝ කර තිබේ.
     අදාළ පෙත්සම අද යළි කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය විරෝධතා ඇත්නම් අද දිනයේ ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දී ඇත.
  • අද රෑ 12 ඉඳන් යකඩ යක්කු වර්ජනයක

    දුම්රිය රියදුරු සහායකයින් බඳවා ගැනීමට දුම්රිය බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් ලොකෝමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමය අද(5) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹීමට තීරණය කර ඇතැයි එම සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි..

  • රජය දැන්වීම් දැම්මට බුකියේ අපරාධ දැමීම වළක්වන්න නීතියක් නෑ – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

     

    ගලින් ගල ගටා ගින්දර සාදාගත් යුගයේදී මිනිසුන් එකිනෙකා හා අදහස් හුවමාරු කරගත්තේ විවිධ ශබ්ද නැඟීමෙනි. ඉන්පසුව භාෂාවක් ගොඩනැගී එය පසුව සංදේශ යැවීමේ සිට තැපෑල දක්වා සන්නිවේදනය දියුණු විය. කාර්මික යුගයේදී ටෙලිෆෝනය බිහිවීම සන්නිවේදනයේ තවත් විශාල පිම්මක් විය. එසේ සැතපුම් දහස් ගණනක් දුර සිටින දෙදෙනෙකු අතර පවා ක්ෂණයකින් සන්නිවේදන කටයුතු කරගැනීමේ හැකියාව උදා වූ අතර පසුකාලීනය අන්තර්ජාලයේ, චන්ද්‍රිකා තාක්ෂණයේ දියුණුවත් සමඟ එය අතිශය සරල සාමාන්‍ය දෙයක් බවට හැරිණි.

    අවුරුදු දස දහස් ගණනක සන්නිවේදනයේ කතාන්දරය තුළ අපි මේ පසුකරමින් සිටිනුයේ සමාජ ජාල සන්නිවේදන අවධිය යැයි කීමෙහි වරදක් නැත. දුරකථන ඇමතුමකින් එකිනෙකා හා සන්නිවේදනය කරගනු වෙනුවට ෆේස්බුක්, ට්විටර්, වට්ස්ඇප්, වයිබර් වැනි සමාජ මාධ්‍ය රැසක්ම අද ජනතාවට විවෘතව පවතී. මෙම සමාජ ජාලවල අරමුණ වන්නේම සන්නිවේදනයකි. එහිදී ඊට එක්කෙරෙන යම් පෝස්ටුවකින්, පින්තූරයකින් එසේත් නැතිනම් ඉමෝජීවලින් පවා සිදුවන්නේ සන්නිවේදන කාර්යයකි.

    මේ පසුබිම තුළ සන්නිවේදනය අද ලෝකය තුළ අතිශය සරල කාරණයකි. පරිගණකයත් ජංගම දුරකථනයත් මේ සන්නිවේදන කාරියේ අත්‍යවශ්‍යම මෙවලම් දෙක වී හමාරය. එහෙත් මේ සන්නිවේදන දියුණුවෙන් වාසි අත්කරගනු වෙනුවට එය අනිසි අයුරින් භාවිත කිරීම් ගැනද නිරන්තරයෙන්ම තොරතුරු වාර්තා වේ.

    විශේෂයෙන්ම ෆේස්බුක් වැනි සමාජ ජාල ඔස්සේ අන් පුද්ගලයන්ව අපහසුතාවට පත්කරවන අන්දමේ භාවිතාවන් වාර්තා වන්නේ මේ හේතුවෙනි. පසුගියදා තම මිතුරාගේ නිරුවත් ඡායාරෑප ෆේස්බුක් වෙත එක්කළ ඔහුගේම මිතුරන් යැයි කියාගන්නා නරුමයන් අයත් වන්නේද එසේ සමාජ ජාල සාවද්‍ය අයුරින් පරිහරණය කරන්නවුන්ගේ ගොඩටය.

    පසුගියදා පෙට්‍රල් හිඟයක් රට තුළ සැබෑවටම මතුවූ මොහොතට දින කිහිපයකට පසු නැවතත් පෙට්‍රල් හිඟයක් ඇතිවන බවට කටකතාවක් පැතිර ගියේද මෙවැනි සන්නිවේදන අවභාවිතයක් නිසාවෙනි. ඉකුත් සතියේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන්ද සමාජ ජාල ඔස්සේ විවිධ පුවත් ප්‍රචාරය වන්නට විය. ඉන් එකක දැක්වුණේ එක දිගට සුළි කුණාටු තුනක් ලංකාව ආක්‍රමණය කිරීමට නියමිත බවය. තවද දෙසැම්බර් මස දෙවැනි සතියේ ලංකාව, ඉන්දියාව, නේපාලය, ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් රැසක් යටකළ හැකි දැවැන්ත සුනාමියක් ඇතිවන බවට ඉන්දියානු නක්ෂත්‍රකරුවකු කළ ප්‍රකාශයක් ද පැතිර ගියේ සමාජ ජාලවල බලපෑමෙනි.

    සමාජ ජාල හෙවත් සමාජ මාධ්‍ය යනු අද වනවිට ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් පළ කළ හැකි වේදිකාවක් වී හමාරය. එමෙන්ම ඒ තුළ ව්‍යාජ අනන්‍යතාවයන් ගොඩනඟා ගෙන ඒ හරහා ඕනෑම දෙයක් කළ හැකි ප්‍රායෝගික තත්ත්වයක්ද පවතී. එනිසා සමාජ ජාල පරිශීලනය කිරීම අද වනවිට වඩාත් ප්‍රවේසම්කාරී විය යුතු තැනකට පිවිස තිබේ.

    පුවත්පත් හෝ රූපවාහිනිය ඔස්සේ ජනතාව හමුවේ තබන පුවත්වල වටිනාකම වන්නේද එයම ය. සමාජ මාධ්‍ය හෝ වෙබ් අඩවි හරහා කිසිදු වගකීමකින් තොරව විවිධ පුද්ගලයන් පිළිබඳ විවිධ තොරතුරු පළවුවද වගකිවයුතු මාධ්‍යයකදී එවැන්නක් සිදුවන්නේ කලාතුරකිනි.

    අනෙක් අතට ලිංගික ක්‍රියාකාරකම් අරභයා ද සමාජ මාධ්‍ය පහත් අයුරින් භාවිතා කරන ආකාරය හොඳින් දක්නට ලැබෙන්නකි. ව්‍යාජ අනන්‍යතා ඔස්සේ පෙනී සිටිමින් ලිංගික යෝජනා පිරිනමන, ලිංගිකත්වය ඉස්මතු වන ඡායාරූප වැනි දෑ පළ කරන අය බොහෝමයකට ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ක්ෂේමභූමියක් වී තිබේ. එවැන්නවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින අබල දුබල බවද එවැනි ක්‍රියාකාරකම් වර්ධනය වීමට හේතුවකි. 

    කෙසේ වෙතත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පසුගිය දා පුවත්පත් දැන්වීම් පළකරමින් ජනතාව වෙත දැනුවත් කර තිබුණේ සමාජ මාධ්‍ය මෙන්ම දුරකථන සංවාද හරහා වුව අනෙක් පුද්ගලයන්ට අගතියක් සිදුවන ආකාරයෙන් ක්‍රියාකරන අය වෙනුවෙන් 1991 අංක 25 දරන විදුලි සංදේශ පනතේ 58 හා 59 වගන්ති ප්‍රකාරව දඬුවම් පමුණුවීමට ක්‍රියාකරන බවය. ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සම්බන්ධ කරගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

    අදාළ පනතේ අංක 58 හා 59 වගන්ති වලින් කියැවෙන්නේ, විදුලි සංදේශ සන්නිවේදන කාර්යයකදී නොමනා ක්‍රියාවක් සිදුකරන තැනැත්තෙකුට රුපියල් පන්දහසකට නොවැඩි දඩයක් හෝ මාස හයකට නොවැඩි සිර දඬුවමක් හෝ ඒ දෙකම හෝ පැනවීමේ හැකියාව ඇති බවය.

    මෙහිදී සලකා බැලිය යුතු වැදගත්ම කරුණ වන්නේ එහි කිසිදු තැනක සමාජ මාධ්‍ය යන වචනය සඳහන් නොවීමය. ඇත්තෙන්ම 1991දී මේ පනත සම්පාදනය වන අවස්ථාවේදී සමාජ මාධ්‍ය යන වචනය භාවිතයේ පවා නොතිබූ බවට සැකයක් නැත. එනිසා විදුලි සංදේශ නියාමන කොමිසම සමාජ මාධ්‍ය අපරාධවලට මැඬලන්න උත්සාහ ගන්නේ අලින්ටත් රිංගිය හැකි තරමේ දැලකින් බව පෙනෙන්නට තිබේ.

    සමාජ මාධ්‍ය දිනෙන් දින ගමන් කරමින් සිටිනුයේ දියුණු සන්නිවේදන භාවිතාවක් වෙනුවට මුළු මහත් සමාජයම පරිහානිය කරා ඇද දමන ගමනකය. කිසිදු වගකීමක් නොමැතිව සිදුවන සමාජ මාධ්‍ය කටයුතු යම් ආකාරයකට නියාමනය කිරීමට මෙන්ම එහිදී වැරදි කරන අයවලුන් එරෙහිව නිසි දඬුවම් පමුණුවාලීම යහපත් ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකිරීමේලා අත්‍යවශ්‍යතාවක් බව නිසැකය.

     රජිත ජාගොඩ ආරච්චි

    කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ ඉදිරිපත් කරන පනත අපරාධ පනතක් නෙමෙයි. විදුලි සංදේශ නියාමන කොමිසමෙන් මේ සම්බන්ධව එක නඩුවක් වත් ඉදිරිපත් කරලාත් නැහැ. මේ මොහොතේ රටට අලුත් නීතියක් අලුත් පනතක් අවශ්‍යයි. සමාජ ජාල හරහා සිදුවන වැරැදි පිළිබඳ දක්වමින් හා ඒවාට දඬුවම් නම් කරමින් අලුත් පනතක් අපට අවශ්‍යයි. උදාහරණයකට ඉන්දියාව එයාලගෙ තොරතුරු තාක්ෂණ පනත 2008දී සංශෝධනයකට ලක්කරමින් එහි 60 සිට 65 බී වගන්ති දක්වා සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු පළකිරීම, ලිංගික හැඟීම් දනවන දෑ පළකිරීම, ජනතාවට හිරිහැර පීඩා සිදුවන දෑ පළකිරීම ආදිය ගැන සඳහන් කරමින් හා ඒවාට දැඩි දඬුවම් පමුණුවමින් තමන්ගේ නීතිය යාවත්කාලීන කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිසමේ 1991 නීතිය සමාජ මාධ්‍ය අපරාධ මඬින්න ප්‍රබල මදි. අනෙක් අතට ඒ වැරදි සම්බන්ධව විමර්ශනය කළ හැකි විමර්ශන නිලධාරීන් විදුලි සංදේශ කොමිසමේ ඉන්නවද කියන එකත් ප්‍රශ්න කළ යුතුයි. මේ නීතියේ ලිහිල් බව නිසා තවතවත් සමාජ මාධ්‍ය හරහා අපරාධ සිද්ධ වෙනවා. දණ්ඩ නීති සංග්‍රහය යටතට සමාජ මාධ්‍ය වැරදි ගෙන ආ යුතුයි.

    [rns_reactions]

  • රට යන ඇත්තන් අනතුරේ- මිනිසුන් රවටා හොර වීසා හා ගුවන් ටිකට් දෙන මහා පරිමාන ජාවාරාමක් හෙළි වේ

    විදේශයන් හී නිවාඩු ගත කිරීමට හා වෙනත් සංචාර සදහා ඒජන්සිකරුවන් විසින් ලබාදෙන වීසා හා ගුවන් ගමන් බලපත්‍ර සම්බන්දයෙන් දැඩි අවධානය යොමු කරණ ලෙස යාපනය පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කොට තිබේ.

    යාපනය පුරා සිටින විශාල පිරිසකට නිවාඩු ගත කිරීමට හා කොවිල් වන්දනා කිරීමට ලබාදී ඇති වීසා හා ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ඒවා බව යාපනය පොලීසිය කළ පරීක්ෂණයකදී හෙළි වී තිබේ.

    ඒජන්සි කරුවන්ගේ මෙම වංචාවලට හසුවුණු කීප දෙනෙකුම යාපනයේ විවිධ ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථාන වලට පැමිණිලි කර ඇත.

    යාපනය පොලීසියට ඊයේ (3) දා ලැබුණු එක් පැමිණිල්ලක සදහන්ව ඇත්තේ ඉන්දියාවේ සංචාරයක් සදහා පවුලේ තුන්දෙනෙකු වෙණුවෙන් රුපියල් එක්ලක්ෂ විසි අට දහසක් අය කළ ඒජන්සිකරුවෙකු එම පවුල සදහා ලබා දී ඇති වීසා,හෝටල් වෙන්කිරීම් හා ගුවන් ගමන් බලපත්‍ර යන සියල්ලම ව්‍යාජ ඒවා බවයි.

    එම මුදල් වෙණුවෙන් ලබාදී ඇති රිසිට් පත් සියල්ලද ව්‍යාජ ඒවා වන අතර එහි සදහන් ලිපිනයට අනුව එවැනි ඒජන්සියක් නොමැති බවද පොලිසිය සඳහාන් කරයි.

    යාපනය පොලීසිය සිද්ධිය පිළිබද පරීක්ෂණ පවත්වන අතර පොලීසිය ඉල්ලා සිටින්නේ නිවාඩු සමයේ අඩු මුදලට ලබාදෙන මෙවැනි විදෙස් සංචාර ගැන දැඩි අවධානයෙන් සිටින ලෙසයි.

    [rns_reactions]