Category: සුපිරි Walks

  • චිත්‍රපටියකට එහා ගිය මහනාම පාසලේ මද කිපුණු දරුවෝ..(video)

    මහානාම විදුහල හා ඞී.එස්. සේනානායක විදුහල අතර පැවැත්වීමට නියමිත මහා ක‍්‍රිකට් තරගයට සමගාමීව විදුහල්පතිතුමාගේ අවසරයකින් තොරව පවත්වන ලද රිය පෙරහරක් අතරතුරු  සිසුන් පිරිස යශෝදරා බාලිකා විදුහලට කඩා පැන ඇති අතර  මේ නිසා  එහි ඉතා උණුසුම් තත්වයක් හට ගත්තේය.

    අදාල සිසුන් පිරිස මත් ගතියකින් සිටිනු දුටු බවයි එම විදුහලේ ගුරුවරුන් හා දෙමාපියන් පවසන්නේ.

    සිදුවීම සම්බන්ධයෙන් මහානාම විදුහලේ එක් සිසුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

     

     

  • පොලිසියෙන් ගැසූ රු.30000ක ලොකු දඩයට ප්‍රයිවට් බස් නොසන්සුන්

    පුත්තලම අනුරාධපුර මාර්ගයේ ගමන් කළ යාපනය කොළඹ , මන්නාරම කොළඹ , අනුරාධපුර කොළඹ යන දුර ගමන් සේවා බස් රථ වලට  ආසන ගණනට වඩා සෙනග පැටවූ බස් රථ සඳහා දඩ කොළ නිකුත් කර තිබුණා. එයට විරුද්ධව  බස් රියදුරන් හා කොන්දස්තරවරුන් උද්ගෝෂණයක නිරත වූ නිසා එම මාර්ගය තුල පැය 4ක පමණ මාර්ග අවහිටර්හාවක් සිදු උනා..

    අද (21) උදේ 8.30 ට පමන ආරම්භ වු මෙම විරෝධතාවය දහවල් 10 .30 දක්වා පැවතුන අතර මෙහිදි දුර ගමන් සේවා බස් රථවල රියදුරන් පවසා සිටියේ මෙසේ වැඩි පුර බස් රථවල රැගෙන එම සිදුවුයේ කළාඔය සිට පුත්තලම දක්වා පමනක් ගමන් කරන මගින් බවත් වෙනත් ප්‍රවාහන සේවයක් නොමැති නිසා දෛනිකව මෙසේ මෙම මගින් රැගෙන එම සිදුකරන බවයි.

    එසේම රියදුරන් වැඩිදුරටත් පවසා සිටියේ මෙම මගින් රැගෙන එම නවතා දැමුවහොත් තම බස් රථ එම ප්‍රදේශ පසු කරමින් ගමන් කරන විටදි විවිධ ගැටළු කාරි තත්වයන්ට මුහුණ දිමට සිදුව ඇති නිසා ඉතා අඩු මුදලකට මෙම මගින් රැගෙන එම සිදුවන බවයි.

    එසේ තිබියදි රථවාහන පොලිස් නිළධාරින් මේ ආකාරයට අසාධාරණ ලෙස රුපියල් 20000, 30000 , අධික දඩ මුදලක් සහිත දඩ කොළ නිකුත් කිරිමේන් තම රැකියා කරගෙන යාමට නොහැකි වි තිබේන බවයි. එම නිසා මෙයට විරෝධය පා අද උදෑසන වු සිද්දියට මෙසේ විරෝධය පෑමට සිදුවු බවද ඔවුන් පවසයි.

    මෙහිදි බස්රථ වල ගමන් කල මගින් දැඩි හඩින් පවසා සිටියේ තමන්ට මෙම මාර්ගයේ ගමන් කිරිමට වෙනත් පොදු ප්‍රවාහන ක්‍රමයක් නොතිබිම නිසා මෙම බස්රථවල ගමන් කිරිමට සිදුව තිබියදි ඒ කිසිවක් සොයා නොබලා රථවාහන පොලිස් නිළධාරින් දඩ නිකුත් කිරිම අසාධාරණ බවයි.

    කෙසේ නමුත් පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුනවර්ධන මහතා ඇතුළු 30 කට ආසන්න නිළධාරින් පිරිසක් පැමින සිද්දිය සමතයකට පත් කිරිමට විශාල උත්සහයක් ගන්නා අයුරු දැක ගත හැකි විනි.

    එහිදි රියදුරන් හා මගින් එක හඩින් පවසා සිටියේ අද දවසේ නිකුත් කල දඩ මුදල් අවලංගු කර රියදුරු බලපත්‍ර නැවත ලබා දෙන්නේනම් විරෝධතාවයෙන් ඉවත් වන බවයි.

    ඒ සදහා යම් එකගතාවයක් දැක්වු පුත්තලම ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සියලුම රියදුරන්ට පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයට පැමිනෙන ලෙස ට දැන්වු අතර ඉන් පසුව විරෝධතාවයෙන් ඉවත් විමට සියලු දෙනා එකගතාවය පල කර තිබුණි.

  • තවත් මිනිස් ජිවිතයක් කිඹුලෙක්ට ගොදුරු වෙයි.

    හබරාදුව, වැලිකන්ද පාලම අසලදී කිඹුලකු විසින් 20දා පුද්ගලයකු ඩැහැගෙන ගොස් තිබේ.

    කාලයක් තිස්සේ හබරාදුව කොග්ගල ඔයේ සිටින කිඹුලන් ජනතාවට තර්ජනයක් වී තිබෙන අතර මෙසේ කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇත්තේ හබරාදුව, හරුමල්ගොඩ බටහිර හමෝගේවත්තේ පදිංචි හැත්තෑපස් හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

    ඉකුත්දා (20දා) පෙරවරුවේ බෝගහගොඩ මහජන පොළට ගොස් එළවළු රැගෙන විත් එහි තිබූ කැරට් සේදීම සඳහා ඔයට බැස ඇති මේ පුද්ගලයා දහවල් 12.30ට පමණ කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි පැවැසේ.

    හබරාදුව පොලිසිය සහ කිමිඳුම්කරුවන් විසින් මේ පුද්ගලයාගේ සිරුර සෙවීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව හබරාදුව පොලිසිය පවසයි.

  • යෝශිතගේ හිටපු පෙම්වතිය මව් පදවියට

    csn නාළිකාව නිසා මෙන්ම යෝෂිත රාජපක්ෂගේ හිටපු පෙම්වතිය වූ නිසාවෙන් යසාරා අබේනායක පිළිබඳව පහුගිය කාලය පුරාම කතාබහක් ඇතිවුණා.

    කෙසේ නමුත් ඇය යෝෂිත සමඟින් තිබූ සම්බන්ධය අවසන් කර ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයෙකු වූ ෆසීල් මරීජා සමඟින් යුගදිවියට එළැඹුණා.

    ෆසීල්ද යෝෂිත රාපක්ෂගේ හොඳම මිතුරෙක් වන අතර මේ වන විට යසාරා මව්පදවියට ලබන්නට සුදානමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.

  • සමයං මරන්න ඔත්තු බලා රැකවරණය දුන්නේ කවුද?

    සමයං ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීම සඳහා ඔත්තු බැලූ තරුණයා, ප්‍රහාරය එල්ල කළ පසු පලාගිය පාතාල කල්ලියට රැකවරණය දුන් කාන්තාව සහ එම පාතාල කල්ලිය සමග සමීප සබඳතා පැවැත්වූ හිටපු නාගරික මන්ත්‍රීවරයකු කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් 17 දා අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

    මෙහිදී අත්අඩංගුවට ගත් කඩුවෙල නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයා එම ප්‍රහාරය එල්ල කළ අංගොඩ ලොක්‌කා සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකි. එහෙත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එම නාගරික මන්ත්‍රීවරයාගේ සම්බන්ධතාවක්‌ නොමැති බව පසුව කළ පරීක්‌ෂණවලින් හෙළිව ඇති අතර ඔහු පොලිස්‌ ඇපමත මුදාහැරීමට කොළඹ අපරාධ කොට්‌ඨාසය කටයුතු කර ඇත.

    මෙම ප්‍රහාරය සඳහා ඔත්තු බැලූ බව කියන තරුණයා පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියෑදුරෙකි. ඝාතනයට ලක්‌වූ සමයං ඇතුළු පිරිස බන්ධනාගාර බස්‌ රථයෙන් රැගෙන යන වේලාවන් පිළිබඳ ඔත්තු බලා අංගොඩ ලොක්‌කාගේ කල්ලියට තොරතුරු ලබාදී ඇත්තේ මොහු බව පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇත.

    මෙම ප්‍රහාරයෙන් පසු අංගොඩ ලොක්‌කා ඇතුළු පාතාල කල්ලිය ගාල්ල, වලහන්දුව ප්‍රදේශයේ තම ඥති නිවසක්‌ වෙත ආරක්‌ෂිතව රැගෙන ගොස්‌ ඇත්තේ ද සැකකාර තරුණයා විසින් බව අනාවරණය වී තිබේ.

    එම නිවෙස්‌ හිමි කාන්තාව ප්‍රහාරය එල්ල කළ පාතාල කල්ලියේ සාමාජිකයන් පිරිසට දින කිහිපයක්‌ රැකවරණය ලබාදී ඇති බව හෙළිවී ඇත.

    මේ වන විට එම කාන්තාව ද අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්‌ඨාසය සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය දින කිහිපයක්‌ තිස්‌සේ කළ මෙහෙයුමකින් පසු මෙම සැකකරුවන් කොටුවී ඇත්තේ 17 දා අලුයම් කාලයේදීය.

    අත්අඩංගුවට ගෙන සිටින සැකකරු සහ සැකකාරියගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරගෙන යයි.

  • එදා රෑ මොකද උනේ..පියුමි හංසමාලි කියූ කථාව….

    පියුමි හංසමාලි, ඇයගේ හිතවතුන් සහ වෙනත් පිරිසක් සමග ඇතිකරගත් ගැටුම මේ දිනවල කාගේත් කතා බහට ලක් වි තිබෙනවා. මේ වන විටත්  cctv දර්ශණ මාධ්‍යට මුදා හැර තිබෙන්නේ.

    ඇය කියා සිටියේ ” ඊයේ රෑ මං යාලුවෝ පස් දෙනෙක් එක්ක කිරිබත්ගොඩ හෝටලට ගියා.එතන පිරිසක් ගීත ගයමින් සාදයක් පවත්වමින් සිටියා. එක මේසයක හිටපු කෙනෙක් මගේ දිහා බලලා නරක වචනයක් කිව්වා. ඒක අපට ඇහුනා. මගේ හොදම යාළුවා වෙනුරට හොදටම තරහා ගියා.  ගැටුම  ඇතිවුනේ එකයි. මම ගහන්න ගියේ නෑ. මම එහෙ මෙහෙ දුව දුව ගැටුම බේරන්නයි මහන්සි උනේ. පොලිසිය අපට සාධාරණයක් කරයි”  යනුවෙනි.

  • හර්ෂණ – වොල්ගා කැදැල්ලේ ෆේස්බුක් අවනඩුව

     

    හර්ෂණ මොකක්ද මේ ෆේස්බුක් අවනඩුව?

    මම ෆේස්බුක් එකේ නැහැ. මගේ බිරිඳ වොල්ගත් නැහැ. නමුත් අපේ පිංතූර දාගෙන කවුදෝ පෙනී සිටිනවා. මගෙ යාළුවො එහෙම හමුවුනාම ආ ඔයා ඊයේ චැට් කළානෙ අපි එක්ක. ඇයි අර වගේ පිංතූර එහෙම දාන්නෙ කියලා ඇහුවාම තමයි අපි ඒ සිදුවීම දැනගත්තෙ. කොහොම හරි මම යාළුවන් හරහා අපේ ආදරණීය පේ‍්‍රක්‍ෂකයින්ව දැනුම්වත් කළා. කවුරු නමුත් මායි වොල්ගයි ජීවත්වන විදියට ඊර්ෂ්‍යා කරන මානසික අසහනකාරී කෙනෙක් තමයි එහෙම කරනවා ඇත්තෙ. මොකද යහපත් මිනිසෙක් කවදාවත් අනෙක් කෙනෙකුගේ ජීවිතයට අගෞරවයක් වන විදියට කටයුතු කරන්නෙ නැහැ.

    තරහකාරයින් ඔබට ඉන්නවද?

    මම දන්නා තරමින් නම් එහෙම නැහැ. මම හිතන්නෙ එහෙමයි. ඒත් තරහකාරයින් ඉන්නවා නම්? ඒ අපි දෙන්නගෙ හැකියාවට, ඉන්න විදියට ඊර්ෂ්‍යා කරන නිසා වෙන්න ඇති.

    වොල්ගා ඔබට තරහකාරයින් ඉන්නවද?

    මට පුද්ගලිකව තරහාකාරයෝ කියලා හිටියෙ නැහැ. ඒත් අපි දෙන්නගෙ විවාහයෙන් පසුව, කසාදයක් කරගන්න බැරි, හරිහමන් බිරිඳක් නැති, රස්තියාදුකාර චරිත තමයි ඔය විදියට කරනවා ඇත්ත. ලස්සන පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් නම් කවදාවත් ඔය වගේ පහත් වැඩ කරන්නෙ නැහැ. තමන්ට දෙයක් කර ගන්න බැරි මිනිස්සු තමයි ඔහොම කරන්නෙ.

    වොල්ගා’’ ඔබ හර්ෂණ එක්ක විවාහයට පෙර ඒ කාලයේ ජීවිතය ගත කළ හැටි සිහිපත් කළොත්?

    පාසල් කාලයේදි මම ටිකක් දඟකාර චරිතයක් වුණා. ඒත් වැරදි වැඩ මොනවත් කළේ නැහැ. මගේ මිතුරියකට පෙම්වතෙක් සිටියා නම්? අනේ මටත් පෙම්වතෙක් හිටියොත් හොඳයි කියලා හිතිච්ච අවස්ථා තිබුණා. ඒත් මගේ ජීවිතයේ මට මගේ තාත්තා වගේ රැකවරණය, සෙනෙහස ඇතිව මට ආදරය හිමිවුණේ හර්ෂණගෙන්. ඒක මගේ ප‍්‍රථම පේ‍්‍රමය වගේම විවාහයෙන් කෙළවර වුණා. ඒ ගැන ඇත්තටම හරිම සතුටුයි. මගේ තාත්තාගෙන් පසුව ඒ ගුණාංග ඇති මා දුටු එකම පිරිමියා හර්ෂණයි. මට දැඩි ලෙස ආදරය කරනවා.

    ‘‘හර්ෂණ’’ ඇයි දැඩි ලෙස ආදරය කරන්නෙ?

    විවාහ ජීවිතයට එළැඹුනාම දෙදෙනාට දෙන්නාම විතරයි. අම්මා – තාත්තා වගේම වටපිටාවේ සිටි ඥාතීන් පවා අපෙන් දුරස් වෙනවා. නමුත් ජීවිතේ වැටීම්, නැගිටීම්, දුක – සැප, පරාජයන් මේ සියල්ල වගේම අසනීපයක් වුණත් අන්තිමට ළඟ ඉන්නෙ බිරිඳ විතරයි. වොල්ගා කවදාවත් වෙනස්වන කෙනෙක් නෙවෙයි. එයාටත් ආදරය ගොඩාක් අවශ්‍යයි. කවදාවත් එයා එහෙම වෙනස් වන කෙනෙක් නෙවෙයි. එයා මට පුදුම විදියට ආදරෙයි. අපි දෙන්නට දෙන්නා නොසෑහෙන්න ආදරය කරමින් තමයි ජීවත් න්නෙ. මැරෙන මොහොතෙන් අපි දෙන්නට දෙන්නා ඒ විදියට බැඳී සිටිය යුතුයි කියලයි අපි දෙන්නා හිතන්නෙ.

    දැන් ඔබ දෙපෙළගෙ විවාහයේ පළමු සංවත්සරය සමරන්න නේද සූදානම් වන්නෙ?

    මේ මැයි මාසෙට අපි විවාහ වෙලා අවුරුද්දයි. ඒක ඇත්තටම අපි සමරන්න තමයි හදන්නෙ.

    ‘වොල්ගා’’ මොන විදියට එය සමරන්නද හදන්නෙ?

    සමහර වෙලාවට අපේ යාළුවො විහිළුවට අහනවනෙ ‘‘ආයෙ බඳින්නෙ නැද්ද?’’ කියලා. ඉතින් අපි මොකක්ද කරන්න හදන්නෙ කියලා දැන්ම කියන්නෙ නැහැ. මැයි මාසයේදි ඒ ගැන කියන්නම්.

    වොල්ගා, සැමියා ගැන අද ඔබට හැ‍ඟෙන්නෙ මොන විදියටද?

    අපි දෙන්නගෙ හමුවට වසර ගණනාවක් වෙනවා. කුඩා කාලයේදිම අපි දැන ගෙන හිටියා. පසු කාලයක යාළුවෝ වුණා. ඉන්පසුව පෙම්වතුන් වුණා. දැන් විවාහකයි. අමුත්තක් නැහැ.

    එදා ඉඳලා දැකලා – දැකලා එපා වෙලා නැද්ද කියලා කවුරුහරි ඇහුවොත්?

    ඒක තමයි ප‍්‍රශ්නෙ. හර්ෂණ කියන්නෙ හරියට ඊයේ හමුවුණා වගේ කියලයි. ඒක ඇත්තටම හරි පුදුම දෙයක්. හර්ෂණ හරි නිර්මාණශීලීි චරිතයක්. ඉතින් අපි දෙන්නගෙ ආදරය පවා අර්ථාන්විත කරන්න එයාට පුළුවනි. අනෙක අපි දෙන්නා යාළුවොත් වගේනෙ. ඒ නිසා හරි ප‍්‍රීතිමත්.

    හර්ෂණ එය ඔබට හැගෙන්නෙ මොන විදිහටද?

    ජීවිතයේ නිතරම දකින කෙනා එපාවෙනවා. කරන දේ එපා වෙනවා. ඔන්න එතකොට තමයි වෙන වෙන දේ කෙරෙහි හිත ගිහින් ජීවිතය විනාශ වන්නෙ. ඒ නිසා එක දිගට අපට ෂූටිං ගිහින් ඉඳලා මහන්සි නම් ඒක ඒකාකාරි වගේ නම් එක පාරටම අපි දෙන්නා කොහේ හරි සංචාරයක යෙදෙනවා. ඒක කලින් ප්ලෑන් කරලා කරන දෙයක් නෙවෙයි. ජීවිතය ඒ විදියට ගත නොකළොත් තමයි ඒකාකාරී වෙන්නෙ. ඒකාකාරී නොවීමට අපිට සැළැස්මක් අවශ්‍ය නැහැ. නමුත් යම්කිසි ක‍්‍රමවේදයක් අවශ්‍යයි.

    දවස සැළසුම් කරගෙනද ජීවිතය ගත කරන්නෙ?

    අනිවාර්යයෙන්ම අපි දෙන්නා හෙට දවස අද ප්ලෑන් කරනවා. ඒ කාල සටහනට අනුව ගියාම හරි ලෙහෙසියි.

    හර්ෂණ කැමතිම කෑම වේල වොල්ගා හදනවා වගේම වොල්ගා කැමති කෑම වේලත් හර්ෂණ හදලා දෙනවා කියන්නෙ?

    ඔව්. ඒක අපි දෙන්නා කැමැත්තෙන් කරන අවස්ථා තියෙනවා. ඕක නිතරම සිද්ද වෙන්නෙ නැහැ. මාසයකට සැරයක් වගේ වෙන්නෙ. නැත්නම් බොහෝ දවස්වලට අපි එක්කෝ අපේ අක්කලගෙ ගෙදරින් කන්නෙ. මොකද කාර්ය බහුල නිසා. පිටතින් අවන්හලකට ගිහින් කෑම කන්නෙ නැහැ කියලා කොච්චර ප්ලෑන් කළත් අපි දෙන්න කාර්ය බහුල වුණොත් එළියට ගිහින් කෑම කාලා එනවා.

    ඒ වගේ අවස්ථාවලදි දෙන්නගෙ රුචි – අරුචිකම් මොන වගේද?

    මම කැමතිදේට වඩා වොල්ගා කැමති දේ වෙනස්. ඉතින් එයා කැමති වට්ටෝරුව ඕඩර් කළාම අන්තිමට මගේ කෑම එකත් එයා කනවා. දෙන්නාම ඔහොම තමයි ඉතින්. අන්තිමට වෙලාවකට එයා ඕඩර් කළ එක මම කනවා. දෙන්ටම හිනා ඉතින්.

    දෙන්නා ළඟ පැරණි ගීත එකතුවකුත් තියෙනව නේද?

    ඔව්. දෙන්නගෙම තේරීම් බොහෝ වෙලාවට එක වගේ වෙනවා.

    සටහන සඳුන් ගමගේ

  • මං තාමත් උමාලිට ආදරෙයි..දෙදරා ගියආදර කතාවේ සාරංග කී කථාව..

    වික්ටර් රත්නායක ට පසුව මේ දින වල නිතරම කතා වන්නේ සාරංග උමාලි ආදර කතාන්දරයේ  තැන තැන ඇහෙන එක එක කතායි… මේ පිළිබඳව සාරංග ප්‍රථම වතාවට තම අදහස් දක්වා තිබෙනවා. හැබැයි ඔහු නම් කියන්නේ ඔහුගේ  පෞද්ගලිකත්වය සොයනවාට වඩා ඔහුගේ  නිර්මාණ රසවිදින්න කියලයි..

    මේ ඒ සාකච්ඡාවයි….

    සාරංග මොනවද මේ දවස්වල මෙල්බන්වල කරන්නේ?

    මෙල්බන්වල ‘ටෙලිතරු රැයක්’ නමින් ප්‍රසංගයක් තිබුණා. ටෙලිනාට්‍ය රංගන ශිල්පි ශිල්පිනියන් සහභාගි වී ඔවුන්ගේ දක්ෂතා සහ මිත්‍රත්වය මෙල්බන් රසික රසිකාවියන් සමග බෙදාහදා ගත් ප්‍රසංගයක් ඒක. මමත් එම ප්‍රසංගයට සහභාගී වුණා.

    මේ දිනවල ඔබ සහ ඔබගේ බිරිඳ උමාලි සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ පැතිරී යන පුවත් අප්‍රමාණයි. ඒ ගැන මොනවද ඔබට කියන්න තියෙන්නේ?

    මම ඒ සම්බන්ධයෙන් දැනට කිසිම දෙයක් කියන්න සූදානමක් නැහැ. මොකද, නිසි කාලය ඉදිරියේදී එනවා මම එදාට කතා කරන්නම්.

    ඔබත් උමාලිත් වෙන්වන්නට සියල්ල සූදානම් බවට කතාවක් පැතිරෙනවා. සුන්දර විවාහයක් ගතකරන අහිංසක පවුලක් විදිහටයි මුළු රටම ඔබ දෙපළ හඳුනාගෙන සිටියේ. මේවා පිටුපස තිබෙන බාහිර බලවේග මොනවාද?

    ඒ බලවේග මොනවද කියලා නිවැරදිව හඳුනා නොගෙන කාටවත් චෝදනා කිරීම සාධාරණ නැහැ. නිසි කාලය පැමිණියාට පසු මගේ රසික රසිකාවියන්ට සහ මාධ්‍යයට සියල්ල හෙළිකරන්න පුළුවන් වෙයි. මේක ඊට සුදසු කාලය නොවෙයි.

    ඔබගේ බිරිඳ උමාලිට තවමත් ඔබ ආදරෙයිද?

    ඔව්. මම එයාට ආදරෙයි.

    උමාලිත් ඔබට ආදරෙයිද පෙර වාගේම?

    උමාලිත් ආදරෙයි.

    ඔබගේත් උමාලිගේ පවුල් ජීවිතය විනාශ කරන්න කාටවත් බැහැ නේද?

    එහෙම කරන්න කාටවත් බැහැ. නමුත් කොයිකාගේ වුණත් පවුල් ජීවිත තුළ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවනි. ඒවා දෙන්නා දෙමහල්ලෝ සාකච්ඡා කරලා විසඳාගන්න ඕන දේවල්නේ. මමත් උමාලිත් අනිත් අය වගේම සාමාන්‍ය පවුලක්. අපි අසාමාන්‍ය මිනිස්සු නොවෙයි. ඉතින් යම්, යම් ප්‍රශ්න පවුල්වල හටගත්තම ඔවුන්ගේ වැඩිහිටියන්වත් සම්බන්ධ කරගෙන ප්‍රශ්න විසඳාගන්න ඕනේ කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ.

    මෙවැනි තත්ත්වයක් තුළ ඔබගේ සසලවීමක් දකින්න නැති බවයි මට පෙනෙන්නේ.

    ඇයි මම සසල වෙන්නේ. මම බෞද්ධ දර්ශනය අනුව බුදු දහම අදහන පුද්ගලයෙක්. අටලෝ දහම ගැන මට යම් දැනීමක් තිබෙනවා. කොයිම දෙයකින්වත් මම හිස උදුම්වා ගන්නේ නැහැ. මම වැටෙන්නෙත් නැහැ. මාව වට්ටන්නත් බැහැ. අපිට කීර්ති, ප්‍රශංසා ලැබෙනකොට අනිත් පැත්තෙන් විසිවෙන ගල්, මුල් ගැනත් අවබෝධයෙන් ඉන්න ඕනේ. අපහාස, චෝදනා මොනතරම් මිනිසුන් පසුපස ලුහුබඳිනවද? මට ඒ ගැන නිසි අවබෝධයක් තිබෙනවා. කිසි වෙලාවක මම කලබල වෙන්නේ නැහැ. කාලයට ඉඩදී ඉතා පැහැදිලි තීරණ ගන්නවා.

    ලංකාවේ ‘ඕපදූප කලාවක්’ බිහිවෙලා ප්‍රසිද්ධ චරිත ඝාතන කරනවා යැයි සමහරු කියනවා. ඔබට ඒ ගැන තිබෙන අත්දැකීම් මොනවාද?

    අපි ප්‍රතිචාර දක්වන විදිහට තමයි ‘ඕපදූප කලාවට’ අත්තටු ලැබෙන්නේ. ඒවා රසවිඳින පිරිසකුත් ඉන්නවනේ. ඒ රසඥතාව අපට වෙනස් කරන්න බැහැ.

    ඒ ඒ පුද්ගලයන්ගේ සමාජ තත්ත්වයන් අපට වෙනස් කරන්නත් බැහැ. මේ තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඉතා සාර්ථක ආකාරයට ‘ඕපදූප කලාවෙන්’ මුදල් හම්බ කරගන්න පිරිසකුත් බිහිවෙලා ඇති. මට ඒ කිසිවක් අදාළ නැහැ. මම අවධානය යොමුකරන්නේ මගේ රාජකාරිය ගැනයි. මගේ වෘත්තීය කටයුතුවලට කිසිම බාධාවක් නොකර ගෙන ජීවිතය ඉදිරියට ගෙන යාමයි මගේ අරමුණ.

    ඔබ කලකිරීමෙන්ද කතා කරන්නේ?

    නැහැ. ඕනෑම ඕපදූපයකට ආයුෂ තියෙන්නේ සතියයි. නැත්නම් සති දෙකයි. ඕපදූප හදන සහ රසවිඳින සියලු දෙනාට අලුත් ඕපදූපයක් සති දෙක අවසානයේදී ලැබෙනවා. පරණ කතා අමතක වෙනවා. නමුත් ඒ කිසිම කෙනෙක් අපේ ජීවිත සමග ගැටගැසී නැහැ. ඒ අනුව බලනවිට බොහෝම සරල, සුන්‍ය අර්ථයක් නේද ‘ඕපදූප කලාවට’ තිබෙන්නේ.

    ඔබගේත් උමාලිගේත් වෙන්වීම සම්බන්ධයෙන් ඔබ දෙපළට ඇලුම්කරන රසික රසිකාවියන් බොහෝ කලකිරීමෙන් පසුවන අවස්ථාවක් මේක. මොනවද ඔබට ඔවුන් වෙනුවෙන් පැවසීමට තිබෙන්නේ?

    ඔබලාගේ පවුල්වල වාගේම දෙන්නා දෙමහල්ලෝ අතරේ හටගත් ප්‍රශ්නයක් විතරයි මේක. මේ ප්‍රශ්නය ඔබලාගේ ප්‍රශ්නයක් කරගන්න එපා කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. මගේ පෞද්ගලිකත්වය සොයනවාට වඩා මගේ නිර්මාණ රසවිඳින, ඒවා විවේචනය කරන පිරිසක් බලන්න තමයි මම කැමැති. මගේ පෞද්ගලිකත්වය ගැන සොයනවාට වඩා මගේ නිර්මාණ සම්බන්ධයෙන් වද විඳින ප්‍රේක්ෂක පිරිසක් මට අවශ්‍යයි.

     

  • දෙමසකට කලින් ඇතුලට ගිය 75000 අගර දගර සුරතලිය වෙනුවෙන් කොළඹ ප්‍රබලයෙක් කරලියට…

    දෙමසකට පමණ පෙර අගර දගර සුරතලිය ලෙසින් ප්‍රසිද්ධියක් ලබා ඇති ලංකාවේ සුප්‍රසිද්ධ යොවුන් ජනප්‍රිය නිලියක් කොල්ලුපිටියේ සුපිරි නවාතැන් පොළක ලිංගික කටයුත්තක නිරතවෙමින් සිටියදීම අත්අඩංගුවට ගෙන ඇති බව ඔබ දන්නවා ඇති. පැයකට 75000 පමණ ඉහල මුදල් අගයන් වලට ලිංගික කටයුතු වල නිරත වූ වර්තමානයේ චිත්‍රපට නිලියන් අතරින් ඉදිරියෙන්ම සිටින මෙම නිළිය වර්තමානයේ අවිස්සාවේල්ල ආසනයේ පළාත් සභාව නියෝජනය කරන සන්ධාන ප්‍රබලයෙක් සමගින් වෙසෙන අතර ඇයව දේශපාලණ කටයුතු වලටද සම්බන්ධ කරගැනිමේ සුදානමක් ඇති බව අපට වාර්තා වේ..

  • මුහුදු කොල්ලකරුවන්ට හසු වූ අයෙකු කි කථාව…

    සෝමාලියාවේ ‘ෆෝස් ‘ එකෙන් ‘ඇටෑක්‌’ කළ විට
    මුහුදු කොල්ලකරුවන් අපිව එළියට දැම්මා
    උඹලා ඔක්‌කොම මරනවා කියා තර්ජනය කළා

    ඒරිස්‌ 13 නැවේ සිටි ප්‍රධාන නිලධාරි රුවන්

    සෝමාලියාවේ  ෆෝස්  එකෙන් ඇටෑක්‌ කළ හැම මොහොතකම මුහුදු කොල්ලකරුවෝ අපව එළියට දැම්මා. ඒ හැම වෙලාවකම මුහුදු කොල්ලකරුවෝ “උඹලා ඔක්‌කොම මරනවා” කියා තර්ජනය කළා යෑයි පැහැරගත් ඒරිස්‌ 13 නැවේ සිටි ප්‍රධාන නිලධාරී රුවන් සම්පත් මහතා මාධ්‍ය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පැවැසීය.

    තමන් මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රුවන් සම්පත් මහතා මෙසේද පැවැසීය.

    අපව මුදා ගැනීමට මැදිහත්ව සහයෝගය දුන් ජනාධිපතිවරයාටත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් ඇතුළු සියලුදෙනාට බෙහෙවින් ස්‌තුතියි.

    මුලින්ම 13 හවස තමයි ඒ ගොල්ලෝ ඇටෑක්‌ කරලා අපිව අල්ල ගත්තේ. ඒ ගොල්ලන්ගේ ලෑන්ඩ් එක පැත්තට අරන් ගියා අපේ නැව. ඒ අය අතේ ආයුධ තිබ්බා ගොඩක්‌. ඊට පස්‌සෙ එතැනට වෙන ටීම් එකක්‌ ආවා. ඒ ටීම් එකට ඒ ගොල්ලෝ භාරදුන්නා. මේ ගොල්ලෝ දැන ගත්තා මෙහෙ ආමි එක ඇටෑක්‌ කරනවා. ඒ කියන්නේ බෝට්‌ටු වටේ කරකැවෙනවා කියලා. ඊට පස්‌සේ වෙන තැනකට අපේ නැව අරන් ගියා රෑම, ලයිට්‌ ඔක්‌කොම ඕෆ් කරලා. නැවේ නැවිගේෂන් ඕෆ් කළා. ඊට පස්‌සේ ඒත් අපේ නැවේ තියෙන ඒ අයි එක එහෙම ඕෆ් කළේ නැහැ. හොරෙන් කවර් කරලා තිබුණේ.

    ටික වේලාවකින් වෙනම ටීම් එකක්‌ ආවා ෆලූලා කියලා. ඒ අය ඇන්කර් එකට නැග්ගා. එතැනින් තව ටීම් එකක්‌ ඇවිල්ලා ඒ ගොල්ලෝ බාර අරගෙන ඇන්කර් කළාම තමයි ෆෝස්  එකෙන් ඇටෑක්‌ කළේ. ඇටෑක්‌ කරන හැම වෙලාවෙම අපිව එළියට දැම්මා. ඒ ගොල්ලෝ ඇටෑක්‌ කරන වෙලාවට “උඹලා ඔක්‌කොම මරනවා” කිව්වා. මානසික අතින් තමයි හුඟක්‌ වැට්‌ටුවෙ. එක පාරක්‌වත් ගැහුවේ නැහැ. කෑම බීම එහෙම නම් එච්චර ලොකුවට ලැබුණේ නම් නැහැ. අපේ කෑමත් තිබ්බා. ඒවත් ඒ ගොල්ලෝ අරගෙන ගියා. කිසිම දෙයක්‌ ඉතුරු කරලා ගියේ නැහැ. අපිට නම් ඉතින් ඩැමේඡ් එකක්‌ වුණේ නැහැ. නැවට පොඩි පොඩි ඩැමේජස්‌ තිබ්බා.

    මේ මුහුදු කොල්ලකරුවන්ටම ඇටෑක්‌ කරන්නට සෝමාලියාවේ ස්‌පෙෂල් ෆෝස්  එකක්‌ තියෙනවා. ඒක සෝමාලියන් ෆෝස්  එකක්‌. ඒ ගොල්ලො තමයි අපිව බේර ගන්න ඇටෑක්‌ කළේ. ඊට පස්‌සෙ කොල්ලකරුවො බැහැලා ගියාට පස්‌සේ අපි නැව එළියට ගත්තා. ගන්නකොට මේ ගොල්ලෝ අපේ නැවට ඇවිල්ලා නැව බාර අරගෙන අපිත් එක්‌ක මේ එන ගමන් තමයි ඉන්නේ.

    විශේෂ කොමාන්ඩෝ ඒකකය වට කරලා ගහද්දී මුහුදු කොල්ලකරුවන්ට කරකියා ගන්න දෙයක්‌ නැති වුණා. ඒ හැම මොහොතකම උන් අපව පලිහක්‌ විදිහට පාවිච්චි කළා. රාත්‍රි 9.00 ට පමණ වෙද්දී ඔවුන් නැවේ තිබුණු දේවල් අරන් පැනලා ගියා.

  • ගැටුමට හේතුව ලපයක් ගැන කතාවක් – ගැටුමින් පසු පියුමිගේ රහසක් කරලියට

    කිරිබත්ගොඩ හෝටලයකදී ඊයේ රාත්‍රීයේ මාධ්‍ය ආයතන කිහිපයක සේවක පිරිසකට පහර දීමට මූලිකත්වය ගත් පුද්ගලයාගෙ හැඩ රුව හඳුනාගත් පහර කෑමට ලක්වූවකු Facebook හි පලකොට ඇති ඔහුගේ ඡායාරූප කිහිපයකින් අදාල පුද්ගලයා හඳුනාගෙන අප වෙත ලබා දුන්නා.මෙම තැනැත්තා පියුමි හංසමාලිගේ වත්මන් පෙම්වතා බවයි පසුගිය දිනවල පලවූ පුවත් සහ ඡායාරූපයන්ට අනුව තහවුරු වන්නේ. මේ වසර තුළ ඔහු හා විවාහ වන බවට, ඔහුගේ උපන්දිනය සමරමින් පියුමි හංසමාලි පවසා තිබුණා.

    මේ අතරම පියුමිගේ සිද්ධියට හේතුව ලපයක් පිළිබදව කතාවක් බවත් එහිදි ඇතිවු ගැටුම සමථවකට පත්කිරිමට නොහැකිවුයේ පියිමිගේ ලප කතාව ඇසු සැනින් ඇයගේ පෙම්වතා යැයි කියාගන්නා මර්වින්ගේ ගෝලයාට ‍තරහව පාලනය කරගැනිමට නොහැකිවිම නිසා බන තතුදත්තෝ පවසති. කෙසේවෙතත් තාජුඩින්ටද මරණය කැදවිමට හේතුවුයේ ලපයක් පිළිබදව කතාවක් බවද මෙහිදි සදහන් කල යුතුය…

  • හොරා පැති කන්නාඩි ගැලවූ හැටි..(VIDEO)

    කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල පැති කන්නාඩි සොරකම් බහුල වශයෙන් සිදුවෙනවා..මේ කොළඹ අලුත් කඩේ උසාවියේ නවතා තිබු මෝටර් රථයක පැති කන්නාඩි සොරකම් කරන ආකාරය ජංගම දුරකතනයකින් video කල අවස්තාවක්…

    මහ මග තමන්ගේ මෝටර් රථය දමා යන විට හොරුන්ගෙන් ප්‍රව්සම් වන්න…

  • බොරු පොරොන්දු දී නරුමයෙකු 14 හැවිරිදි දැරියක් රඳවාගෙන දූෂණය කර ඇති හැටි

    හැටන් වටවල රොසැල්ල මාණික්කවත්ත ප්‍රදේශයේ අවුරුදු දාහතරක් වයසැති පාසල් දැරියක් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී එම දැරිය පැහැරගෙන ගොස් මාසයකට අධික කාලයක් රඳවාගෙන ලිංගික අතවර කළ තරුණයා සහ එයට අනුබල දුන් ඔහුගේ මිතුරකු සැකපිට හැටන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    අවුරුදු 14ක මෙම කුඩා දැරිය දුරකථන සම්බන්දතාවකින් මෙම තරුණය සමග කතා බහ කොට ඇති අතර පසුව එය ප්‍රේම සම්බන්දතාවක්අ දක්වා දුර දිග ගොස්ත ඇත.  ඉකුත්දා (23දා) සිට එම පාසල් දැරිය අතුරුදන්ව ඇති බවට ඇයගේ මවුපියන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ල මත පරීක්ෂණ පැවැත්වූ පොලිසිය එම පාසල් දැරිය ඔහුගේ මිතුරකුගේ නිවෙසක නවත්වා සැකකාර තරුණයා කොටගල ප්‍රදේශයේ සැඟව සිටියදී ලද තොරතුරක් මත ඊයේ (13දා) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පාසල් දැරියව ඉකුත්දා (7දා) එම තරුණයාගේ මිතුරකුගේ නිවෙසක සිටියදී එම මිතුරා සමඟ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම පාසල් දැරියව නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක්ද ලබාගෙන ඇත. ප්‍රධාන සැකකරු සන්තකයේ තිබූ යතුරුපැදියද සොයාගෙන ඇත. පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂන් මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක මල්දෙණිය, පො.කො. නිශ්ශංක (62174), පො.කො. අප්සරා (2247), පො.සැ. විජේසිංහ (32163) යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

    කුඩා දරුවන් හා තරුණවියට පා තබන නව යොවුන් දරු දැරියන්  අන්තර්ජාල ජංගම දුරකථන  හා අනෙකුත් සමාජ මාධ්‍ය  හාවිතා කිරීමේදී දෙමාපියන් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. දරුවන් නිසි මගට යොමුකර ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සෑම දෙමව්පියන්ගේම කර මත පැටවුණු අනිවාර්ය වගකීමක් හා යුතුකමකි.

  • ජනපති සමගින් රට වෙනුවෙන් – පුලතිසි යෞවනය පිබිදෙයි!

    ”අපි සූදානම්, ඔබ සූදානම් ද” තේමාව යටතේ තෙදිනක් පුරා පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ,රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය වුන් කදවුරේ, සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ පැවැත්විණි.

    දේශයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස දායක විය හැකි නායකත්ව ගුණාංග වලින් සහ පෞරුෂත්වයෙන් සපිරි තරුණ පරපුරක් බිහි කිරීම උදෙසා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන තරුණ කදවුරු මාලාවේ පළමුවැන්න ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් තුන්දහසකගේ පමණ සහභාගිත්වයෙන් මෙම තරුණ කදවුර පැවැත්විණි.

    තරුණ කදවුරට සමගාමීව එහි සිට ජනාධිපති මාධ්‍ය අංශය මගින් විසුරුවා හරින ලද ”සරු” ගුවන් විදුලියේ ද ජනාධිපතිතුමා නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    දින තුනක් පුරාවට ජනාධිපතිතුමන් පැමිණ සිටි තරුණ තරුණියන් සමඟ එක්ව සිටි අයුරු දැක්වෙන විශේෂ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

  • නැන්දා බලාසිටියදී මාමා රිසිසේ දාහත් වියැති ලේලිය දූෂණය කරලා

    දාහත් වියැති යුවතියක වන ඇය මීට මඳ කලකට ඉහත ඇගේ මව විසින් මිත්තනිය භාරයට පමුණුවන ලදී. ඒ එම දැරියගේ පියා අකාලයේ මිය ගොස් ඇගේ මවට ඇය රැකබලා ගැනීමට නොහැකි වූ ‍බැවිනි. දැරියගේ නැන්දා මාමා සහ ඔවුන්ගේ දරු දෙදෙනා ජීවත් වූයේ ද එම මිත්තනිය සමඟය.

    මේ අතර පසුගිය දිනයෙක අධික රුධිර වහනයක් මුල් කොට එම යුවතිය රෝහල් ගත කරන ලදී. එහිදී එම තත්වය පිළිබඳව විමසා සිටි වෛද්‍යවරුන්ට ඇය කීවේ මෙබඳු කතාවකි.

    “මම ඒ ගෙදර නතර වෙන්න ආවට පස්සේ මාමාට මාව ඕනේ වුණා. මාමා හොරෙන් ම‍ගේ ළඟට එන්න උත්සාහ කළත් මම ඒකට කැමති නොවී ඒ බව නැන්දාට කිව්වා; මම හිතුවා එතැනින් ඒ කරදරය ඉවර වෙලා මට ඒ ගෙදර නිදහසේ ඉන්න ලැබේවි කියලා; ඒත් මාමා තාමත් මට එහෙම කරදරයක් කරන බව නැන්දා ඉස්සරහ පිළි අරගෙන නැන්දාගේ දැනුවත් කම උඩම මාව බලහත්කාරයෙන් එයාගේ කාමරේට ගත්තා; ඒකට විරුද්ධ වුණාම නැන්දාට ගහන්න පටන් ගත්තා; පස්සේ නැන්දාත් මාමාට ඉඩදීලා බයටම නිකම් හිටියා. ඊට පස්සේ මාමා මට දිගින් දිගටම හිතේ හැටියට අතවර කළා.

    දැරියගේ ප්‍රකාශයට අනුව තම මාමා විසින් වරින් වර දූෂණය කරනු ලැබීම නිසා ඇය ගැබ් ගෙන ඇත. එවිට එම මාමා නැන්දාගේ ද දැනුවත්කම යටතේම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියැදුරකුගේ මඟ පෙන්වීම මත පානදුර ප්‍රදේශයේ ගබ්සා මධ්‍යස්ථානයක දී ඇයට ගබ්සාවක් සිදු කර තිබේ. යුවතිය මෙලෙස අධික රුධිර වහනයකට ලක්ව ඇත්තේ ඉන්පසුවය.

    කෙසේ හෝ රෝහල මගින් මෙම පුවත පොලිසියට සැලකිරීමත් සමඟ එම මාමා – නැන්දා දරු දෙදෙනාද සමඟ තමන් පදිංචි නිවසින් අතුරුදන්ව සිටිති. එහෙත් එම දැරියගේ මිත්තනිය, එම ගබ්සාව සිදුකල පුද්ගලයා සහ ඔවුන් ගබ්සාවට යොමු කළ ත්‍රිරෝද රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ දියත් කිරීමට උතුරු කළුතර පොලිසිය කටයුතු කරමින් සිටියි.

    දමයන්ති ගම‍ගේ