Category: සුපිරි Walks
-

කොල්ලෝ ආසාවෙන් යන “ස්පා” ලෝකෙයේ ඇතුලාන්තය ගැන අක්කා කෙනෙක් කියන අමුතු කතාව මෙන්න…
ආයුර්වේද වෙදකමේදි සම්භාහනය ඉතා වැදගත් ක්‍රමවේදයක් බව මේ වනවිට ලෝකයේ වෛද්‍ය විද්‍යාව ප්‍රබලම රටවල් පිළිගෙන තිබේ.ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩි වශයෙන් පවතින නගර ආශ්‍රිතව ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු දකින්නට ලැබෙයි.තෙල් වෙදකම පත්තු ආදිය ඇතුළත්ව තිබෙන මෙම ස්ථානවලට වාර්ෂිකව පැමිණෙන විදේශීය සංචාරකයින් පිළිබඳව අප අසා ඇත්තෙමු.ඒත් අපට දැන් කියන්නට වන්නේ ඊට එහා ගිය සම්පූර්ණ වෙනස් කතාවකි. මෙම ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානවලට ද තර්ජනයක් වී ඇති හතු පිපෙන්නාවාගේ කොළඹ නගරය සහ ලංකාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව ඉතා වේගයෙන් ව්‍යාප්ත වන සම්භාහන මධ්‍යස්ථාන පිළිබඳවයි.ඒවායින් බොහොමයක කිසිදු ආයුර්වේද වෙදකමකට සම්බන්ධ සම්භාහන ක්‍රියාවලින් සිදු නොවන අතර ගණිකා වෘත්තිය සහ වෙනත් කාම ආශාවන් සංසිඳවන මධ්‍යස්ථාන බවට පත්ව තිබේ. කොළඹ සහ තදාසන්න නගර ආසන්නව දිනෙන් දින දැඩි ලෙස මෙය වර්ධනය වන අතර ඒ පිළිබඳව සොයා බැලූ අපට එයින් මතුකරගත් කරුණු රැසක් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.කොළඹ දිස්ත්‍රික්කය තුළ ඇති මෙම සම්භාහන මධ්‍යස්ථානයකින් කිසිදු ගැටලුවක් නොමැතිව දිනකට ලොකු ලාභයක් ලබා ගැනීමට හැකිව තිබේ.තලවතුගොඩ, නුගේගොඩ, පිළියන්දල, කඩවත, මහරගම, හෝමාගම, අතුරුගිරිය ඇතුළු තවත් ප්‍රදේශ ආශ්‍රිතව බහුල වශයෙන් මෙම මධ්‍යස්ථාන විවෘතවෙමින් තිබේ. මෙම ව්‍යාපාරය හුදෙක් ලිංගික ආස්වාදය සඳහා පමණක්ම වෙන්වූවක් බව අප ලද තොරතුරුවලින් අනාවරණය විය.මෙම ස්ථානවලට ඉංග්‍රීසි භාෂාවෙන් ‘ස්පා’ සහ චීන නාමය සඳහන් කරමින් සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි.වයස අවුරුදු 16-80 පමණ දක්වා කාණ්ඩවල පුද්ගලයින් මෙම ස්ථානවලට පැමිණෙන අතර ලිංගික අවශ්‍යතාවන් මත මෙහි ගනුදෙනු වෙනස්වේ.මෙම මධ්‍යස්ථානවලට ප්‍රථම වතාවට හෝ දෙවන වතාවට ඇතුළුවන පුද්ගලයින්ට තරුණියන් ලැබෙන්නේ ගණිකාවන් හැටියට නොවෙයි. එම තරුණියන්ගේ ඇඟපත අතගෑම සහ තරුණියන් ලවා වෙනත් විවිධාකාර වින්දනයන් කර ගැනීමේ අවස්ථාව පමණක් ලබා ගනී. එහිදී ඇතැම් පුද්ගලයින් එම තරුණියන්ගේ ඇඳුම් ඉල්ලාගෙන යෑම හා ඒවා ස්පර්ශ කිරීම, පුරුද්දක් වී තිබේ.මේ අවස්ථාව ලබා ගැනීම සඳහා පැයකට රුපියල් 1500-2500 දක්වා ගෙවීමක් සිදුකළ යුතුය. කාමරයට කාන්තාව සමග ඇතුළුවන හිමිකරු පවසන්නේ පැයක කාලයක් බොඩි මසාජ් (සම්භාහනය) කර ගතහැකි බවයි.එහෙත් කාමරය තුළට යාමෙන් පසුව තරුණිය හෝ කාන්තාව ප්‍රකාශ කර සිටින්නේ ‘සර්’ වොෂ් එකක්දාගෙන මේ තුවාය ඇඳගෙන එන ලෙසය.පසුව තරුණිය ඇඟපත ස්පර්ශ කිරීම ආරම්භ කරන අතර ශරීරය සිප ගැනීමද ආරම්භ කරයි. ඒ අතර තරුණයාගේ හෝ පැමිණි පුද්ගලයාගේ හැඟීම් උද්දීපනය වීමෙන් පසු ඇය කියා සිටින්නේ, ‘සර්’ වෙන මොනවහරි ඕනනම් ‘ටිප්’ එකක් දෙන ලෙසයි. ‘ටිප්’ එක බොහෝ විට රුපියල් 500 සිට 5000 හෝ වෙනත් මුදලක් දක්වා වැඩිවේ.මෙම ස්ථානයට දිගින් දිගටම අවස්ථා කිහිපයකදී එන පුද්ගලයකුට එහි සිටින තරුණියක් ගණිකාවක් ලෙස ලබා ගත හැකිය. එහිදී මුදල රුපියල් 5000 සිට 10000 දක්වා හෝ ඊට ඉහළ මුදලක් දක්වා වැඩි වෙයි.මෙම ආයතන මෙලෙස පවත්වාගෙන ගියද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නියමිත නීතිරීති අනුව සම්භාහන මධ්‍යස්ථානයක් ඇරඹීමට සහතිකයක් ලත් ආයුර්වේදවරයකු සිටිය යුතු අතර ඒ සඳහා ප්‍රමිතියෙන් යුතු උපකරණ තිබිය යුතුය. එහෙත් මෙම ස්ථානවල එවැනි කිසිවක් දැකගත නොහැකිය. එහි ඇත්තේ ඇතුළුවෙන ස්ථානයේ මොනයම් හෝ ආගමික ප්‍රතිමාවක් තබා මල් පූජාකර නොයෙක් තෙල්වර්ග සහිත බෝතල් රඳවා කුරුඳු තෙල් සුවඳ හමන ලෙස සකස් කර ඇති පහන් කිහිපයකි.මෙහි පැමිණෙන තවත් පිරිසක් පිළිබඳව පුදුම සහගත කරුණු රාශියක් අප හට සොයා ගැනීමට හැකිවූයේ මෙම ස්ථාන කිහිපයකටම ගොස් තරුණියන් සමග කතාබස් කිරීමෙන් පසුවය.මට අවුරුදු 22යි. මම කුරුණෑගල පදිංචිකාරියක් දැන් අවුරුදු එකහමාරක් තිස්සේ මේ රැකියාව කරනවා. මට නොයෙක් කරදර හිරිහැර සිදුවෙනවා. මා ඒවා ගණන් ගන්නේ නැහැ.කිසි ගැටලුවක් නැතිව මාසයකට රුපියල් අසූදහසයි ලක්ෂයයි අතර මුදලක් හොයාගන්නවා. සෙව්වන්දි නමැති තරුණිය අප සමග කීවාය.මෙතනට බෝඩින් ගාස්තු නැහැ. අප ඉන්නේ මේක ඇතුළෙමයි. වියදම් අඩුයි. හැබැයි දවස් හයේම වැඩමා ළඟට ගොඩක් වයසක අය එනවා. ඔවුන් ඇත්තටම කරදර කරන්නේ නැහැ. සමහර අය වැඩි දෙනෙක්ම සල්ලි දීලා මාව බදාගෙන ඉන්නවා. ඊට පස්සේ මට ආදරෙයි කියලා යන්න යනවා. සමහර අය ආපසු එන්නේ නැහැ.ඒත් මාසයකට වරක් මාව බලන්න එන පුද්ගලයන් ඉන්නවා. ඒ අය මට යනකොට රුපියල් 2000-3000 දීලා යනවාමයි සෙව්වන්දි අප සමග කීවාය. ඇය තවදුරටත් ඇගේ අත්දැකීම් කිහිපයක්ම සඳහන් කළාය.තව සමහර අය මට උඩ ඇඳුම් ගලවන්න කියලා මුළු පැයම මගේ දිහා බලාගෙන ඉඳලා යන්න යනවා.තවත් සමහරු මාව බදාගෙන ගෙදර නෝනාගේ ප්‍රශ්න ළමයින්ගේ දුක්ගැනවිලි කියලා අඬනවා. ඔයා හොයාගෙන ආවේ මගේ දුක කියන්න කියලත් ඇතැමුන් කියනවා.ඇතැම් අවස්ථාවල තරුණ පිරිස් ඇවිල්ලා මට එයාලගේ ශරීරය ස්පර්ශ කරන්න කියලා වෙන කාන්තාවන්ට දුරකථන ඇමතුමක් අරන් කතා කරනවා. ඔයවගේ එකකට එකක් විරුද්ධ නොයෙක් අත්දැකීම් තියනවා.සමහර අය හොඳටම බිලා එනවා. අපිට නොයෙක් කරදර කරනවා. එතකොට අපි එළියට දුවනවා. අපේ ආරක්ෂක අංශ විසින් ඒ අයව එළියට ඇදලා දානවාමෙවැනි සිද්ධීන් රාශියක් අප සතුව ඇතත් සමහර සිද්ධීන් පුවත්පතක පළකිරීමට පවා නීරසය. මෙම ස්ථානවලට පැමිණෙන තවත්් පුද්ගලයින් එහි සිටින සුරූපී තරුණියන්ගේ යට ඇඳුම් මිලට ගෙන රැගෙන යන බවද එක්තරුණියක් අප සමග කීවාය.බොහෝ මානසික ආතතින්ගෙන් පෙළෙන පිරිස් මෙම ස්ථානවලට පැමිණ තමන්ගේ මානසික ආතතිය අඩු කරගැනීමට හෝ මානසික සහනයක් ලබාගැනීමට කටයුතු කරන ආකාරයක් පෙනීයන්නේය.එලෙසම බත්තරමුල්ල, කඩුවෙල ආශ්‍රිතව තිබෙන ‘ස්පා’ වෙත ප්‍රබල දේශපාලනඥයින්, ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් පැමිණෙන බව කියවේ. ඉන්බොහෝ දෙනකු සම්භාහන කර ගැනීමට පමණක් පැමිණෙන බව අපට අනාවරණය කර ගැනීමට හැකිවිය.මෙම මධ්‍යස්ථානවලට ගණිකා වෘත්තිය සඳහා නොවන තරුණියන්ද මව්වරුන්ද සේවයට පැමිණෙන බව අපට තහවුරු විය.විශේෂයෙන්ම එක් දරු මව්වරු, තරුණ මව්වරු මෙම ස්ථානවල සේවයට පැමිණෙන අතර ඔවුන්ගේ දූ දරුවන් ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපන කටයුතු හදාරන බවද පැවසේ.එම මව්වරු මේ තත්ත්වයට පත්ව ඇත්තේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ඔවුන් හැර යාම සහ දික්කසාද වීම බව එවැනි තරුණ මව්වරු කිහිපදෙනෙකු සමග කතා බහ කිරීමෙන් පසු අපට සොයා ගැනීමට හැකිවිය.මෙම සම්භාහන ආයතන උදෑසන 9 සිට රාත්‍රී 12 දක්වා විවෘතව තබන අතර තවත් ප්‍රමාණයක් පැය විසිහතරේම විවෘතව තබන ඒවා ද ඇත.ජාතික පුවත්පත්වල වෙළෙඳ දැන්වීම් පළකිරීමෙන් සහ ජංගම දුරකථන මගින් මුහුණු පොත මගින් මේ සඳහා තරුණියන් බඳවා ගැනේ.මෙම රැකියාව සඳහා අත්දැකීම් ඇති තරුණියන් පැමිණෙන විට තවත් තරුණියක් රවටා ගෙන පැමිණීමට පුරුදුව සිටිති. එහිදී අත්දැකීම් ඇති තරුණියන්ට සම්භාහන හිමිකරු විසින් විශේෂ තෑගි මුදලක් ලබා දෙනු ලබයි. මේ ආකාරයෙන්ම මේ ස්ථානවලට පැමිනෙන නව තරුණියන් සිය නිවෙස් වෙත දෙමව්පියන්, ඥාතීන් වෙත වෙනත් රැකියාවල නිරතවන බව පැවසීමට වගබලා ගනී.මෙහි භයානක තත්ත්වයන් රැසක් පිළිබඳව අපට හැඟී යයි විශේෂයෙන්ම තරුණ කාන්තාවන් සම්භාහන රක්ෂාව ආරම්භ කර සල්ලි රසය දැනීමත් සමග ගණිකා වෘත්තියට පිවිසීමයි. එයින් පසුව ඔවුන් මත්ද්‍රව්‍ය, මත් පෙතිවලට පුරුදු වෙති. තවත් සමහරුන්ට සමාජ රෝගවලට මුහුණදීමට සිදුවෙයි. එහිදී මුළු ජීවිතයම විනාශ වන බව පෙන්වා දිය හැකියි.මෙහිදී අපට පෙනීගිය කරුණක් වන්නේ යම් යම් මානසික ආතතින්ගෙන් පෙලෙන පුද්ගලයින් වැඩිවීම සමාජයේ දකින්නට ලැබෙන අතර අදාළ ආයතන මේ පිළිබඳව සොයා බලා ඒවාට ප්‍රතිකර්ම සෙවිය යුතු බවයි. එසේ නොවන්නේ නම් සමාජගත මෙම ගැටලු වැඩි වශයෙන් වර්ධනය වී සමාජයට මහත් පිළිලයක් වන බවයි.විශේෂයෙන්ම බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි විදේශ කාන්තාවන් (තායි, පිලිපීන්) යොදා ගනිමින් පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයක් වැටලූ අවස්ථාවේ පොලිසියට සොයා ගැනීමට හැකිවූයේ එහි ගණිකා වෘත්තිය සිදු කෙරෙන බවයි.තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේදී අනාවරණය වූයේ එම තරුණියන්ට (ඩ්) ඒඩ්ස් රෝගය වැලඳී තිබූ බවත් ඔවුන් සමග සංවාසයේ යෙදුණු කිහිප දෙනකුටම මෙම රෝග පැතිරී යන්නට ඇති බවයි.මේ කාරණා පිළිබඳව අප විශේෂයෙන්ම සොයා බැලිය යුතු අතර වැඩි අවධානයක් යොමු කළ යුතුය. මෙවැනි සිද්ධීන් එකක් අනාවරණය වන නමුත් සිද්ධීන් කොතරම් සැඟවී යනු ඇත්දැයි අපි නොදනිමු. එලෙස සිද්ධීන් සැඟවී යාමේදී සැඟවෙන්නේ ඉතාමත් සමාජ ගත ප්‍රශ්නයකි. ගැටලුවකි. එයට විසඳුම් සෙවීමද පහසු කාරණයක් නොවනු ඇත.උපුටාගැනීම – භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් -

කැලි කසලින් වැනසී යන පැරකුම් සමුදුර සුරකින්න පුලතිසිපුර ජනතා නායකයාගෙන් කඩිනම් පියවර රැසක්….
ඓතිහාසික පොළොන්නරුව පුරවරයේ දිදුලන ආභරණය පරාක‍්‍රම සමුද්‍රයයි.
වෙහෙසකර ගමනාගමනයක් අතරතුර ජනතාව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසලට පැමිණෙන්නේ රටාවට දියරැළි නංවන එම මනරම් දසුන නැරඹීමට මෙන්ම එම දියරැළි සමග හමා එන සිසිල් මඳනලෙන් ගතේ මෙන්ම සිතේ විඩාව ද නිවා ගන්නටය.
එහෙත් පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසල කළක සිට පවතින කැළි කසළ ගැටලුව එහි සුන්දරත්වය වනසා දමමින් තිබේ.
අවිධිමත් ලෙස මෙම ස්ථානයට කසළ බැහැර කිරීම හේතුවෙන් කැළි කසළ ගොඩගැසී ඇති අන්දම දක්නට ලැබේ.
ඊයේ පොළොන්නරුවේ පැවති උත්සව සහ වැඩසටහන් කිහිපයකට සහභාගීවීමට එහි ගිය ජනාධිපතිතුමා අද (25) උදෑසන සිය ශාරිරික සුවතාවල යෙදෙන අතරතුර පරාක‍්‍රම සමුද්‍රය අසල මෙම කනගාටුදායක තත්ත්වය සියැසින් දැක බලා ගත්තේ ය.
අනතුරුව වහාම එම ස්ථානයට අදාළ සියලු නිලධාරින් කැඳවූ ජනාධිපතිතුමා නිලධාරින්ට දැඩි ලෙස උපදෙස් දුන්නේ මෙම කැළිකසළ ගැටලුව විසඳිම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.
එම ස්ථානය තුළ සුදුසු පරිදි කසළ බඳුන් සවි කිරීමට සහ අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ද ජනාධිපතිතුමා නිලධාරින්ට නියෝග කළේය.
එම කටයුතු පිළිබඳ නිරන්තර පසුවිපරමක් සිදුකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ඓතිහාසික උරුමයක් වූ පරාක‍්‍රම සමුද්‍රයේ වටිනාකම ආරක්ෂා කර ගැනීම මෙන්ම ජනතාවට නිදහසේ සහ සුවදායක පරිසරයක් තුළ එහි අසිරිය විඳ ගැනීමට අවස්ථාව සලසාදීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් නිලධාරින්ට පෙන්වා දුන්නේය.
එමෙන්ම මෙම පොසොන් උදාව නිමිත්තෙන්, දිවයිනේ නන් දෙසින් ඓතිහාසික පොළොන්නරුව පුරවරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ නෙත් සිත් පහන්වන අයුරින් එහි පරිසරය පවත්වාගෙන යාම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදීම පිළිබඳව ද ජනාධිපතිතුමා නිලධාරින් දැනුවත් කළේය.
-

රට හදන ග්‍රාම ශක්තියට දේශපාලන භේදයක් නෑ… ජනපති මෛත්‍රිගෙන් පුලතිසිපුරයේදී ප්‍රකාශයක්…
ග්‍රාම ශක්ති ව්‍යාපෘතිය සඳහා තෝරාගත්තේ කිසිඳු දේශපාලන භේදයකින් තොරව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
අද (24) පොළොන්නරුවේදී පැවති ජන හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ග්‍රාම ශක්ති ව්‍යාපෘතිය සඳහා තොරාගත්තේ ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් ලබාගත් වාර්තා අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ඳිළිඳුකම වැඩිම ග්‍රාම සේවාවසම් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
-

2020 ජනාධිපතිවරනයට ශ්‍රීලනිපයෙන් නියත ජයක් ලබන වර්තමාන ජනපති මෛත්‍රි තරගබිමට….!
2020 අවුරුද්දේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපේ ජනාධිපති අපේක්ෂකයා වර්තමාන ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා 2025 වන තෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරයෙක් යටතේ රට පාලනය සිදු කරගෙන යන්න පක්ෂ මෙ වන විට කටයුතු සිදු කර අවසන් යැයි අධිකරණ, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත‍්‍රපාල මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කරන්නේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.
අමාත්‍යවරයා ඊයේ (24) පස්වරුවේ අරණායක හබලක්කාව ප‍්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළා.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා…
අපේ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අද බොහෝ දෙනෙක් චෝදනා කරනවා විවේචන කරනවා නමුත් අපි කියන්න කැමැතියි එතුමා ලබා දි තිබෙන නිදහස දිහා ටිකක් හැරිලා බලන්න කියලා. ඒ කාලයේ කාව හරි විවේචනය කරා නම් යන්න වෙන්නේ කොයිබටද කියලා ඔබතුමාලාගේ හෘද සාක්සියෙන් අහලා බලන්න. අද රටේ ජනාධිපතිවරයා වුනත් ඔනෑම කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. මතවාද දක්වන්න පවා පුළුවන්. එහෙම නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් රට තුල සකස් කරලා තිබෙනවා.
අප මැතිවරණයකට ගිහින් අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය පළාත් පාලන මැතිවරණයෙන් අහවර කිරිමට නොවෙයි මිනිස්සු ජන්දය ලබා දුන්නේ නොයෙකුත් වතාවරණයන් රට තුල පවතින විටදි ලක්ෂ 17 ආසන්න ප‍්‍රමාණයක් අපේ රටේ බුලත් කොළයට ජන්දය ලබා දුන්නා. ඒ මිනිසුන්ගේ ගෞරවය ආරක්ෂා කරමින් බණ්ඩාරණායක මහත්මා හදපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳ, වෙද, ගුරු, ගොවි , කම්කරු බලවේගය ආරක්ෂා කරගනිමින් අපි වෙනුවෙන් මෙපමණ තීන්දු තීරණ ගත්තු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය අපිට කොයි මොහොතකවත් විනාශ කර දමන්න හැකියාවක් නැහැ. මෙ වන විට අපේ පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු පවා ආරම්භ කරලා තිබෙනවා.
මෙ වන විට දේශපාන වශයෙන් නොයෙකුත් කැලබිම් තිබෙන්න පුළුවන් පසුගිය මැතිවරණයේ ජන්ද ඉල්ලූ අපේ අපෙක්ෂකයින්ට ජාති දෝහින් සහ දේශදෝහින් ලෙස පවා හන්වඩු ගැසුවා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මතවාදය ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය අරන් ගියපු අපි එදා මහින්ද රාජපක්ෂ මහත්මා ජයග‍්‍රහණය කරන්නට උර දුන්න අපි මාස කිහිපයක් ඇතුලතදි දේශදෝහින්, ජාතිදෝහින් හැටියට හන්වඩු ගැසුවා අපේ දිස්ත‍්‍රික්කය ඇතුලේ සමහර පාර්ලිමේන්තුවේ හිටපු මහත්වරුන්.
හැබැයි ඒ පිරිසට අමතක වේලා තියෙනවා එදා අපි දිවි හිමියෙන් මහින්ද රාජපක්ෂ මහත්මා ජයග‍්‍රහණය කරවන්න අපි සහයෝගය ලබා දුන්නා. එතනින් පැරදුනාට පස්සේ එතුමා අගමැති කරන්නත් අපි සහයෝගය ලබා දුන්නා.
එහෙමනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ තනි නායකයකුගේ පක්ෂයක් නොවෙයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සැබැවින්ම පොඩි මිනිහා නිරූපනය කරන පක්ෂයක් විය යුතුයි. සම්පුර්ණයෙන්ම බණ්ඩාරනායක මහත්මාගේ ප‍්‍රතිපත්ති තීරණ වල ජිවත් වෙන පක්ෂයක් විය යුතුයි. ඒ නිසා මම කණගාටු වෙනවා පසුගිය මැතිවරණයෙදි අපිට සමහර වේලාවට බොහෝම අන්තවාදි විදිහට සමහර වේලාවට බෞද්ධාගම පවා මූලික කරගෙන මඩ ගැසිල්ලක සමහර අපෙක්ෂකයන් නිරත වුනා ඒ නිසා අපි ඒ ගැන කණගාටු වෙනවා.
සමහර අය කිවා බෞද්ධාගම අපේ රටින් නැති වේලා යනවා ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවා. සමහර අය කිවා තුපාරාමය අපි විකුණන්න ඉන්නේ කියලා. රුවන්වැලිසෑය විකුණන්න ඉන්නේ කියලා. ඒ නිසා සමහර ගමේ අපේ ජනතාව මෙවාට රැුවටුනා. මම සතුටු වෙනවා ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් අපේ වැඩ පිළිවෙල ඉදිරියට යනවා. බොහෝම පහසුවෙන් දිනන්න තිබුණු රැුලි තිබුණා. ඒ රැුළි උඩ නගින්නේ නැතිව සැබෑ ශ‍්‍රි ලාකීකයන් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න තමුන්වහන්සේලා එකතු විම සම්බන්ධයෙන් මාගේ ගෞරවය ප‍්‍රණාමය පුද කර සිටිනවා.පසුගිය කාලයේ අපි ජාතික ආණුඩවක් සමගින් ඉදිරියට යද්දි ගැටලූ ප‍්‍රශ්න තිබුණා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට පක්ෂ දෙකක් එකතු වුනාම ප‍්‍රශ්න නැතිව මෙක ඉස්සරහාට යයිද ? යන්නේ නැහැ. එජාපයේ සමහර ක‍්‍රියාකාරකම් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අපිට ගැලපෙන්නේ නැහැ. ඒ පිළිබඳව විවිධ මතවාද ගැටලූ තිබෙනවා. ජාතික ආණ්ඩුව හදලා අවුරුදු 3 තමයි මෙ ගත වෙන්නේ එහෙම වේලාවක ප‍්‍රශ්න නැතිව මෙ ගම ඉස්සරහාට යන්න ඉන්නවා නම් එක විහිළුවන් ඒ නිසා ඒ නිසා මෙ මතවාද එක තැනකට ගන්නට රට තුල ඉන්න සියලූ පක්ෂ එක තැනකට එම වරදක්ද ?
දැන් අපි කියනවා සමගිය බලය වේ කියලා. පක්ෂ දේශපාලනය නිසා රටේ වෙච්ච සමහර දේවල් එක්ක බලද්දි දේශපාන පක්ෂ එකතු වේලා ගමේ ඉන්න ජනතාවත් එකාවන්ව මෙ දේශපාලන ගමන යනවා දකින්න සමහර අය අකමැතියි එයඅපේ රටේ ආවසානක්.
අපි පෙබරවාරි 10 වැනිදා ජන්දයකට ගියා අපිට ප‍්‍රතිඵලයක් ලැබුණා. අපේ අරමුණ වෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ලක්ෂ 17 තව කිහිප ගුණයකින් වැඩි කරලා. නැවත වතාවක් අපේ රටේ පාලනය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අනිවාර්යෙන්ම භාර කර යුතුයි කියන කාරණාව මෙ අවස්ථාවේ මතක් කර යුතුව පවතිනවා. ඔබතුමල්ලාට ජනතාව වශයෙන් යම් ප‍්‍රශ්නයක් වුනොත් එය විසදා දෙන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ඉන්නවා. ඒ නිසා කොයිම වේලාවකවත් හිතන්න හපා මෙක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කියලා. විධායකය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව තියෙනවා. ඒ නිසා තමන්ට ආසාධාරණයක් වනවා කියලා හැගෙනවා නම් ඔබ තමුන්වහන්සේලා සමග අපි වෙනත් සටනක් ආරම්භ කර යුතුයි.මිලග මැතිවරණය මොන මැතිවරණය වුනත් මම නම් කැමැති ජනාධිපතිවරණයටයි. සියලූ ජාතින් වලට රටේ නිදහස අගයන සියලූ දෙනා එකතු වේලා ජන්දය පාවිචිචි කරන්න අවස්ථාවක් තියෙනවා ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට අරන් නැවත වතාවක් අපේ ජනාධිපතිතුමා 2025 තෙක් ජනාධිපතිකරවන්න අපි සියලූ දෙනාගේ වගකිමක් තිබෙනවා. අවුරුදු ගණනාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක ජනාධිපතිවරුන් රට පාලනය කරා. තාමත් නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් රට පාලනය කරන්නේ ඒ නිසා ඉදිරි අවුරුදු කිහිපයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් රට පාලනය කරනවා දකින්න තමයි අපේ කැමැත්ත.
-

ඇඟ බේරගන්න මහින්ද කියපු කතාවත් එක්ක ජනාධිපතිවරණයට කලින්ම පොහොට්ටුවේ පෙති ගිලිහෙන ලකුණු…
බැසිල් සහ ගෝඨා ජනපති අපේක්කෂත්වයට පොරකමින් සිටියදී මහින්ද රාජපක්ෂ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් සිදු කළ ප්‍රකාශය පිළිබදව දැක්වු ප්‍රකාශය කරලියේ සංවාදයට ලක්ව ඇත…
එනම් ඇතැම් දේශපාලඥයින් පටු අරමුණු වෙනුවෙන් විවේචනය කරමින් සිටින බව මහින්ද පැවසීම තුලින් මහින්දගෙන් බැසිල්ට ප්‍රහාරයක් එල්ල වුනාද යන්න ගැන කරලියේ සංවාදයක් ඇරඹී ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ මේ පැහැදිළි කිරීම හුදු ඇඟ බේරාගෙන යාමේ ප්‍රකාශයක් මිස හිට්ලර් කෙනෙකු වීම ප්‍රතික්ෂේප කිරීමක් නොවන බව විචාරක මතය වී ඇත
වෙඬරුවේ උපාලි හිමිගේ අනුශාසනාවට වෙල්ගමගේ විරෝධය
මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉහත සඳහන් ආකාරයේ ‘ඇඟ බේරාගැනීමේ’ ප්‍රකාශයක් කල ද ඒකාබද්ධයේ ප්‍රධානියකු වන ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දින සැමරුම් පිංකම් උත්සවය අතරතුරදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් සිදුකළ ප්‍රකාශය තරයේ හෙලා දකින බවයි.
අස්ගිරි අනුනායත පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් සදහන් කල ආකාරයේ මිලිටරි ආණ්ඩුවකට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ද යයි ඔහු පවසයි.
යම් හෙයනික් එවන් තත්වයක් උද්ගත වුවහොත් පක්‍ෂයෙන්ද ඉවත් වී ජීවිතයද පරදුවට තබා සටන් කරන බව ඔහු අවධාරණය කරඇත.
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තමන් බලාපොරොත්තු වන බවත් රට තුල මිලිටරි පාලනයක් ඇති වුවහොත් ඊට තමන් දැඩි විරෝධය පල කරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත. -

වයස 18 චීන තරුණියන් 03ක් සමග කාමරයක් 27000…! කොළඹ රාත්‍රි සමාජ ශාලාවේ ඇත්ත කතාව මෙන්න…
කොළඹ ප්‍රධාන බාලිකා පාසලක් අසල පවත්වාගෙන යන රාත්‍රී සමාජ ශාලාවකින් පොලිසියේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට මාසිකව ලක්ෂ ගණනින් අල්ලස් ලබාදෙමින් නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන බවට තොරතුරු වාර්තා වනවා.
මෙම තරු පන්තියේ රාත්‍රී සමාජ ශාලාව ප්‍රභල දේශපාලන රැකවරණයද සහිතව චීන ජාතිකයින් පිරිසක් විසින් පවත්වාගෙන යන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අදාල රාත්‍රී සමාජ ශාලාව තුල චීන තරුණියන් පවා මුදලට අලෙවි වන අතර එක් පුද්ගලයෙකුට තරුණියන් තිදෙනෙකු සමඟ කාමරයක් රුපියල් 27,000ක මුදලකට ලබා දෙ බවයි ආරංචි මාර්ග වල සඳහන් වන්නේ. එස්ම නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සිගරට් සහ මත්පැන් අළෙවි කරන බවටද තොරතුරු වාර්තා වනවා.
ප්‍රධාන බාලිකා පාසලක් අසල පිහිටා ඇති මෙම සමාජ ශාලාව අදාල බාලිකා විද්‍යාලයේ දෙමාපියන් සහ පාසලේ පරිපාලනය විරෝධය මත ටික කලක් වසා දැමුනද ප්‍රභල දේශපාලඥයෙකුගේ රැකවරණය යටතේ යළි විවෘත කර ඇති බවයි සඳහන් වන්නේ.එසේම පසුගිය දිනක කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අදාළ ස්ථානය වටලා නීති විරෝධී සිගරට් සහ බිර සමග තිදෙනෙක්ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණද ඒ සම්බන්ධයෙන් උදහසට ලක් වුණු ඉහළ පොලිස් නිලධාරියෙකු විසින් එම සමාජ ශාලාව පැත්ත පළාතේ නොයන ලෙසට වාචික නියෝගයක් ලබා දී තිබෙන බවද වාර්තා වනවා.
මේ අතර එම උසස් පොලිස් නිළධාරියාට එම රාත්‍රී සමාජ ශාලාවෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් මාසිකව ලැබෙන බවට තොරතුරු ලැබී ඇති බවද පාසලේ දෙමාපියෝ චෝදනා කරන අතර මෙම රාත්‍රී සමාජ ශාලාවට එරෙහිව දෙමාපියන් අභියාචනාධිකරණයට නඩුවක්ද ගොනු කර තිබෙනවා.එහිදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2018 වසර සඳහා බලපත්‍ර නිකුත් නොකරන බවය අධිකරණයට දැනුම් දීම නිසා දෙමාපියන් විසින් නඩුව ඉවත් කරගෙන තිබුණා. ඉන් අනතුරුවයි නැවතත් මෙලෙස රාත්‍රී සමාජ ශාලාව ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වන්නේ.
-

ආගමන විගමන කාර්යාලය ඇතුලේ රහසේ කාන්තාවන්ගේ නිරුවත වීඩියෝ කරලා.! එලියට ආපු VIDEO මෙන්න
ආගමන විගමන කාර්‍යාලය තුල ඇති ජංගම දුරකතන සේවා සපයන ප්‍රදර්ශනාගාර කුටියක සේවය කරන අයෙකු විසින් එම ස්ථානයෙන් සේවය ලබා ගන්නට පැමිණෙන කාන්තාවන්ගේ නිරුවත ඉතා සූක්ෂම ලෙස වීඩියෝ කරන ආකාරය දැක්වෙන බව කියන වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාලා හරහා හුවමාරු වෙමින් පවතිනවා.
මෙම ප්‍රදර්ශනාගාර සේවකයා විසින් තම පාදයේ දුරකතනයක් රදවා එහි වීඩියෝ කැමරා ක්‍රියාත්මක කර තම සේවය ලබා ගැනීමට පැමිණෙන කාන්තාවන්ගේ නිරුවත ඉතා රහසිගත ලෙස පටිගත කරන ආකාරය අදාල වීඩියෝ පටයේ දැක්වෙන අතර රජයේ ආයතනය් තුල සිදුවන මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා මෙවැනි ක්‍රියාවන් සිදු නොවීමට වග බලා ගැනීම බළධාරීන්ගේ වගකීමක් වනවා.
අදාල වීඩියෝව පහතින්.
-

පාතාලයන් සමග තනිවම හැප්පී ජිවීතය පූජා කළ වීර පොලිස් විරුවාගේ බිරිඳගේ සංවේදී කතාව! (VIDEO)
මාතර ප්‍රදේශයේ ඊයේ දින (22) සිදුවූ මංකොල්ලයක් මැඩ පැවැත්වීමට ගිය පොලිස් නිලධාරියෙක් පාතාල සාමාජිකයන්ගේ වෙඩි පහරින් මිය ගියා. එම වෙඩි පහරින් මිය ගියේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සුරංග ප්‍රදීප් වීරසිංහ නම් නිලධාරීයායි. ඔහු දෙදරු පියෙක්.
මේ අතර මිය ගිය සුරංග ප්‍රදීප් විරසිංහගේ දේහය ඔහුගේ නිවසට ගෙන ගොස් තිබෙනවා, එහිදි ඔහුගේ බිරිඳගේ ශෝක විලාපය සැවොම සංවේදී කරවීමට සමත් වුනා.
එම අවස්තාවේ වීඩියෝව පහතින්,
-

බෑගයෙන් යට ඇදුමක් ගන්න ගමන් පොලීසියට බෝම්බයක් ගහන්න හදලා – මාතර පාතාල සාමාජිකයා මරුට…
මාතර ප්‍රදේශයේදී ඊයේ දින (22) සිදුවු මංකොල්ලයක් ආන්දෝලනයට තුඩු දුන්නා. මෙහිදි එම මංකොල්ලකරුවන්ගේ වෙඩි පහරින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වීම සංවේදී සිදුවීමක් වුනා.
මේ අතර පොලිස් නිළධාරියෙකු ඝාතනය කිරීමට සහ මංකොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් සැකකරු අද (23) උදැසන පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වී තිබෙනවා. ඒ පොලිස් නිළධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් වීමේදියි.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම පාතාල සාමාජිකයා එම අපරාධය කිරීමට පෙර සිය ඇදුම් බෑගය සඟවා තැබූ ස්ථානය පෙන්වීම සඳහා පොලිසිය සමග මාතර, කිරල කැලේ ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී ඔහු සිය බෑගයේ තිබු අත්බෝම්බයක් රැගෙන පොලිසිය වෙතට එල්ල කිරීමට උත්සාහ කර තිබෙනවා.
එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙක් සැකකරුට වෙඩි තබා ඇති අතර ඔහු මාතර රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.
මියගිය සැකකරු අපරාධ රැසකට සම්බන්ධ අයෙක් බව සදහන්.
-

රාජපක්ෂ කල්ලි වාදය නිසා ඒකාබද්ධ විපක්ෂයේ මතගැටුම් උග්‍රවෙයි…! තිරය පිටුපස වෙච්ච සිදුවීම් මෙන්න….!
ඒකාබද්ධ විපක්ෂයේ මතගැටුම් උග්‍රවීම දැන් එළිපිටම පෙනෙන්නට තිබෙනවා. එහි පක්ෂ හා නායක කාරකාදීන් දැන් ප්‍රසිද්ධියේ එකිනෙකාට චෝදනා, ඇනුම්පද කියන්නේ ගෙදර කුණු රෙදි ප්‍රසිද්ධියේ සෝදන ආකාරයෙන්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ තර්ජනය කළේ ශ්‍රීලනිපයේ 16 දෙනාගේ කණ්ඩායමටයි. ඔහු කීවේ දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න ඉඩ නැති බවත්, පළමුවෙන් පහර දෙන්නේ එබඳු උදවියට බවත්ය. බැසිල් රාජපක්ෂ මහතා කියන්නේ කණ්ඩායම් පිළිගන්න තමන් සූදානම් නැති බවයි. එන කෙනෙක් පැමිණ තම පක්ෂයට බැඳිය යුතු බව ද ඔහු කීවා.
බැසිල් රාජපක්ෂ මහතා තවත් ප්‍රකාශයක් කරමින් කීවේ තම පාලන කාලයේ වැරදි සිදුවූ බවයි. රතුපස්වල දී හලාවත දී හා නිදහස් වෙළෙඳ කලාපයේ දී උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම වැනි දෑ තමන්ගේ ඉදිරි පාලනයක දී සිදු නොවන බවට සහතිකයක් ජනතාවට ලබාදිය යුතු බව බැසිල් කීවා. සමාජ මාධ්‍ය මෙය හැඳින්වූයේ එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට අනියමින් කළ පහරදීමක් වශයෙනුයි.
උදය ගම්මන්පිල මහතා සඳුදා පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් කීවේ ශ්‍රීලනිපයෙන් එන දහසය දෙනාට දොස් පවරා ඒකාබද්ධ විපක්ෂයේ උදවිය දේශපාලනය හරියට තෝරාගෙන නැති බවයි. වෙන රටක දී නම් එලෙස එන අය මල්මාලා දමා පිළිගන්නා බව ද ගම්මන්පිල මහතා කීවා. මෙය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට එල්ල කර කරන ලද ප්‍රහාරයක් ලෙස සමාජ මාධ්‍යවල අවධානයට ලක් වුණා.
එක්සත් වාමාංශික පෙරමුණේ පුවත්පත් සාකච්ඡාවකට එක්වූ වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රහාරය එල්ල වූයේ ‘වියත්මඟ’ වැඩපිළිවෙළටයි. ‘වියත්මඟ’ ලෙස ඉදිරිපත් කරන ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙළ ලෙස ඉදිරිපත් කිරීම ගැන වාසුදේව මහතා විරුද්ධත්වය පළ කළා. මෙබඳු තත්ත්වයක් ඇතිව තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය තම දේශපාලන වැඩපිළිවෙළක් සකසා ඉදිරිපත් නොකිරීම නිසා බව කී වාසුදේව නානායක්කාර මහතා එවැන්නක් ඉක්මනින් ඉදිරිපත් කළ යුතු බව කීවා. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වියත්මඟ’ ඉදිරිපත් කරන වැඩපිළිවෙළ නොපිළිගන්නා බව ද නානායක්කාර මහතා වැඩිදුරටත් කීවා.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන හිමියකුට බැසිල් රාජපක්ෂ මහතා දැඩිලෙස බැණ වැදී ඇති බව වාර්තා වුණා. තමන්ට එරෙහිව ප්‍රවෘත්ති පළ කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පිම්බීමට මෙම මාධ්‍ය ආයතනය කටයුතු කිරීම නිසා බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස එම ආයතන ප්‍රධානියාට බැණ වැදී තිබෙනවා.
- පුවත් මුලාශ්‍රය – දිනමිණ පුවත්පත.
-

අවුරුදු පහක් තිස්සේ කුවේට්හි දුක් විඳ නැඟණිය ඉපයු ලක්ෂ විස්ස අනියම් සැමියාට දීපු අමුතු අක්කා මෙන්න…..
වසර පහක් මැදපෙරදිග සේවයේ නිරත වී ලංකාවේ පදිංචිව සිටින වැඩිමහල් සහෝදරියට එවූ රුපියල් විසි ලක්ෂයක පමණ මුදලක් ඇය අනියම් සැමියාට ලබාදීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් මත වංචනිකව මුදල් ලබාගත් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 37ක් පමණ වන අවිවාහක මුස්ලිම් ජාතික කාත්තාව වසර පහක් තිස් කුවේටයේ දුක් විදිමින් උපයාගත් මුදල අනුරාධපුර කඩ තිහ ප්‍රදේශයේ පදිංචිව සිටින සහෝදරීගේ ගිණුමට බැර කර තිබේ. ඇය එම මුදල් අවශ්‍ය පරිදි වියදම් කිරීමට අනියම් සැමියාට ලබාදී තිබෙන බව පොලිසිය පැවසුවේය.පැමිණිලිකාරීය මීට සති කිහිපයකට පමණ ඉහතදී විදේශයේ සිට ලංකාවට පැමිණ ඇත. සිය සහෝදරියට එවූ මුදල් කොපමණ ඇත්දැයි විමසු එම අවස්ථාවේ කිසිදු මුදලක් ඇය සත්තකයේ නැති බව පැවැසීම නිසා මුදල්වලට වූයේ කුමක්දැයි විමසා තිබේ.
එම මුදල් වියදම් වූ බව පැවැසීම නිසා ඇය එතරම් මුදලක් වියදම් කරනු ලැබුවේ කුමකටද යන්න අනාවරණය කර ගැනීමට අනුරාධපුර පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණාය. විමර්ශනවලදි පැමිණිලිකාරියගේ අක්කාගේ බැංකු ගිණුමට අයත් ස්වයංක්‍රිය හර කාඩ්පත ඇය අනියම් සැමියාට ලබාදී ඇත. ඔහු රිසිසේ රුපියල් ලක්ෂ විස්ස වියදම් කර තිබෙන බව පොලිසිය පැවැසුවේය. ඔහු සිය අනියම් බිරිය සමඟ විනෝද චාරිකා යාමට, ඔහුගේ මිතුරන් සමඟ විනෝද වීමට, මත්පැන් පානය කිරීමට මුදල් වියදම් කර ඇති බවත් එම මුදලින් මෝටර් රථයක්ද ලබාගෙන ඇති බව පොලිසිය පැවැසුවේය.
සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එම මුදල් ස්වයංක්‍රිය හරපත යොදාගෙන ලබාගත් බව පොලිසියට දන්වා තිබූ ඔහු මුදල් ලබාගන්නා ආකාරය බැංකු ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබෙන බවත් පොලිසිය පැවැසුවේය. සිය බාල සහෝදරිය අනියම් සැමියාට එරෙහිව අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරීමේන් උරණ වූ සහෝදරිය ඇය නිවෙසින්ද පන්නා දමා ඇත. නැවතත් විදේශ ගතවනතුරු එහි රැදී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් ඇය නැවතත් 20 වැනිදා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
පැමිණිලිකාර අවිවාහක මුස්ලිම් ජාතික තරුණිය වසර පහක් තිස්සේ කුවේට්ටයේ ස්ථිර රැකියාවක් නොමැතිව විවිධ ස්ථානවල පිහිටි නිවෙස්වල වැඩ කරමින් මෙම මුදල උපයා ලංකාවට එවා තිබෙන බව පොලිසිය පැවසුවේය. පැමිණිලිකාරියගේ සහෝදරියගේ සැමියා ඇවිදීමට නොහැකිව එක්තැන්ව සිටින නිසා ඇය අනියම් පුරුෂයා සමඟ කල්ගත කරන බව පොලීසිය අනාවරණය කරගෙන තිබිණි.
-

මාතර නගරයම වෙඩි හඬින් ගිගුම් දෙයි – පොලීසිය හා කොල්ලකරුවන් පිරිසක් ගැටෙයි – පොලීසියේ තිදෙනෙක්ට වෙඩි
මාතර නගරයේ නිලේකා ස්වාර්ණභරණ ආයතනය කොල්ලකෑමට පැමිණි පිරිසක් හා පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
එහිදී පොලීසියේ තිදෙනෙකු හා එක් සිවිල් වැසියෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තාවන්නේ.තුවාල ලැබූ පොලිස් නිළධාරීන් අතුරින් එක් අයකුගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
වෙඩි තැබීමෙන් එක් කොල්ලකරුවෙකුටද තුවාල සිදුව ඇති අතර, පොලිස් වෙඩි තැබීම් හමුවේ අනෙක් කොල්ලකරුවන් පලාගොස් තිබෙනවා.
ඔවුන් අත් අඩංගුවට ගැනීමට මේ වන විට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලීසිය සඳහන් කළා.
-

ඒකාධිපතිවාදයට අර අදින Local හිට්ලර්ලට ලංකාවේ කිසිදු ඉඩක් නෑ.. ජනපති මෛත්‍රිගෙන් සැර ප්‍රකාශයක්…
2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව රටේ පාලනයේ වෙනසකට දායකවූයේ එදා රට තුළ මතුවෙමින් තිබූ ඒකාධිපති පාලනයක ස්වරූපයට එරෙහිව බව ජනාධිපතිවරයා පවසයි.
එම අත්දැකීම් අමතක වී ගිය උදවිය අද නැවතත් රටට ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටිය ද 2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තැබූ අපේක්ෂාවන් බිඳ වැටීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (21)පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
ඒකාධිපති පාලනයක යුගය නිමා කරමින් ජනතාව ඉල්ලා සිටි නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සියයට සියයකින් නොව සියයට දෙසීයකින් අද රට තුළ තහවුරු කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඒ තුළ පන නැති පාලනයක් ලෙස වත්මන් පාලනය හඳුුන්වාදීමට ඇතැමුන් කටයුතු කළ ද එය නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවදය සමඟ යන ගමනක් බව ඔවුන් සියලූදෙනා අවබෝධ කරගතයුතු බව කියා සිටියේය.
ලැබී ඇති නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැරදි අන්දමින් භාවිතා කරමින් රජයට පහරදීමට ඇතැමුන් කටයුතු කළ ද රටේ උගතුන්, බුද්ධිමතුන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියලූදෙනා එක්කර ගනිමින් රටට අවශ්‍ය නිවැරදි දේශපාලන සහ සංවර්ධන ගමන තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
පසුගිය වසර තුන හමාර තුළ රට තුළ තහවුරු කළ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමගින් දුරස්වී සිටි ජාත්‍යන්තරය යළි මාතෘභූමියට සමීප කරවීමට මෙන්ම රටට ජයග‍්‍රහණ රැුසක් අත්කරදීමට හැකි වූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා රට දිනාගත් ගමන ආපසු හැරවීමට කිසිවෙකු දායක නොවිය යුතු බව ද අවධාරණය කළේය.
නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 81 වැනි උදා ගම්මානය වන කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ නිකවැරටිය, කොටවෙහෙර ,වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.
අක්කර 6.67 ක් භූමි භාගයක ඉදිකර තිබෙන මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 32 කින් සමන්විත වන අතර විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමක් සහ විධිමත්ව සකස් කළ ප්රවේශ සහ අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විත අංග සම්පූර්ණ ආදර්ශ ගම්මානයක් ලෙස එය ඉදිකර තිබේ.
නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
ආදර්ශ ගම්මානයේ ඔසු උයන ද ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක්වූ අතර නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් නා පැළයක් ද රෝපණය කෙරිණි.
නිවාසලාභීන් වෙත සංකේතාත්මකව යතුරු ප්රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.
-

උදේ පාන්දර බියුටි සැලෝන් එකට ගිය නිලි උදාරි මේකප් පිටින්ම දොට්ට…. රටම හිනාවෙන හේතුව මෙන්න…
ජනප්‍රිය නිළි උදාරි පෙරේරා අද (21 දා) උදෑසන නාවල පිහිටි ගයාන් සැලෝන්හි nails Spa අංශය වෙත ගොස් තිබේ .එහි සිටි කාන්තාවක් උදාරි කලක සිට හඳුනන ඇයට බොහෝ උදව්කර තිබූ ඇගේ හිතවතියකි. එමෙන්ම මෙම කාන්තාව ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක්ද වේ. අද උදෑසන මෙම රූපලාවන්‍යාගාරයට ගිය උදාරි සහ එම කාන්තාව අතර බහින් බස් වීමක් සිදුව ඇත .මෙහිදී එම රූපලාවන්‍යාගාරයේ සේවකයින් මෙම ගැටුම මැඩපැවැත්වීමට බොහෝ උත්සහ දරා ඇති අතර අවසානයේදී මෙම ගැටුම කෙතරම් දුරදිග ගියේද යත් උදාරිව එම රූපලාන්‍යාගාරයෙන් එළියට ඇද දමා ඇත. -

සාමකාමී ලොවක් උදෙසා අපි කොන්දේසි විරහිතව ආදරය කරමු.. කැරලිකාර සිතිවිල්ලක පළමු දිගහැරුම…
යුද්ධය සෑම අතින්ම මානව සමාජයට ගෙන එනුයේ පරාජයන් ය.
කිසිවිටෙක යුද්ධයෙන් ජයග්‍රහණයක් කුමන හෝ පාර්ශවයකට අත්වීමක් සිදුවන්නේ නැත. යුද්ධයේ අවසානයක් දැකිය හැකි වුවද ජයග්‍රහණයක් දැකිය නොහැකි යයි කියන්නේ එනිසාය.
කෙතරම් අශිෂ්ඨ වුවද යුද්ධය මානව ඉතිහාසය තුළම නොවැලැක්විය හැකි සංසිද්ධියක් නිසා ලෝක මානුෂවදීන් යම් තරමකට හෝ යුද්ධය ශිෂ්ඨ රාමුවකට අන්තර්ගත කිරීමේ අභිලාෂයෙන් ක්‍රීඩාවට මෙන්ම යුද්ධයටත් නීති පනවා ගෙන තිබේ. ජිනීවා සම්මුති යනු එකී නීති ය. එහෙත් අවියෙන් සහ ප්‍රග්ධනයෙන් බලවත් වූ කිසිවෙකුට එකී නීති අදාළ වන බවක් නොපෙනේ. මේ මොහොතේ මානව විමුක්තිය උදෙසා අරගල කරන මානුෂවදීන් මුහුණ දෙන ඛේදවාචකයන්ගෙන් එකක් වන්නේ එයයි. ඒ බැව් තහවුරු කරමින් ඊශ්‍රායල් – පලස්තීන යුධ ගැටුම් ඉතිහාසයට තවත් ඛේදනීය මතකයක් පසුගිය දා එක් කෙරින. ගාසා තීරයේ යුධ ගැටුම් මැද තුවාල කරුවන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සහන සේවා කටයුතු වල නිරත වූ රසාන් අල් නජාර් නම් පලස්තීන ජාතික තරුණිය ඊශ්‍රායල් හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණ. මේ බැව් ලෝක ජනමාධ්‍ය වාර්තා කිරීමත් සමඟ තාක්ෂණයේ දියුණුව සහ ශිෂ්ඨාචාරයේ දිශානතිය පිළිබඳව නැවත වටයකින් ලෝක ප්‍රජාවගේ අවධානය යොමු වී ඇති බවක් පෙනෙන්නට ඇත.
ගාසා තීරයේදී තුවාලකරුවන් වෙත ප්‍රතිකාර සේවා කටයුතු වල නිරතව සිටියදී ඊශ්‍රායල් ප්‍රහාරයෙන් මියගිය රසාන් අල් නජාර්
එහෙත් මීට පෙර සෑම යුද්ධයකදී මෙන්ම අනාගතයේ ඇතිවන සෑම යුද්ධයකදීම මෙලස තව තවත් මානව අයිතීන් අමු අමුවේ උල්ලංඝනය වනු ඇත. ලෝක මානුෂවාදී ප්‍රජාව පෙර පරිදිම හඬ නගනු ඇත. එහෙත් ප්‍රතිඵලයෙහි වෙනසක් වනු ඇතැයි කිසිවෙකුට විශ්වාස කල හැකිද? අප ද යුද්ධය පිළිබඳව අඳුරු ඉතිහාසයක් ඇති රටකි. යුද්ධයේ ප්‍රතිපලයන් පිළිබඳව අප ජාතියක් ලෙස විග්‍රහ කරන්නේ පුදුම සහගත ආකාරයකටය. 71 භීෂණ සමයේ කතරගම රූමතිය නමින් ප්‍රචලිත වූ ප්‍රේමවතී මනම්පේරී ඝාතනය දකුණේ සිංහල සමාජය මහා ඛේදවාචකයක් ලෙස පිළිගන්නා අතරම උතුරේ ඊළාම් යුධ භීෂණයෙන් ඝාතනය වූ ඉසිප්‍රියා නම් තරුණ ගායිකාව සහ නිවේදිකාව පිළිබඳව කිසිඳු සංවේදීතාවයකින් තොරව එකී ඝාතනය සාධාරණීකරණය කිරීමට කරුණු ගෙනහැර දක්වයි. එකී ඝාතනය තුළ මානව ධර්මතා උල්ලංඝනය වී ඇති බවක් වත් නොපිළිගනී. එමෙන්ම 88/89 භීෂණ සමයේ ඇඹිලිපිටියේ සිදු වූ සිසු ඝාතනය සම්බන්ධව මහා සංවේදීතාවක් දක්වන දකුණේ සමාජය 2007 ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ සිදු වූ සිසු ඝාතනයන් පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනවාට පවා මහා පරිමාණ ප්‍රතිරෝධයක් දක්වයි. මේ පරස්පරතාවයන් ගෙන් ගම්‍යවන්නේ කුමක් ද? අප සමාජයක් ලෙස මානව ධර්මතා දේශපාලනික වුවමනා වෙනුවෙන් හිලව් කරන අවස්ථාවාදී අසංස්කෘතික සමාජයක් බැව් නොවේද?
1983 දී ජාතිවාදී ගිනි අවුළුවන මැරයින් පිරිසක්
සිරියානු සරණාගත ප්‍රජාව රටින් පලා යද්දී මහ මුහුදට බිලිවූ කුඩා දරුවකු ගේ හැඩ සසල කරවන ඡායාරූපය මෙන්ම ඊළාම් යුද්ධයේ ගොදුරක් බවට පත්වූ දහස් ගණන් සිංහල මායිම් ගම්මාන දරුවන් ද උතුරේ යුධ ගම්මාන වල දරුවන් ද අවසානයේ වැඩිහිටියන්ගේ යුද්ධයේ ගොදුරක් වූ බාලචන්ද්‍රන් දරුවා ද ලෝකය වෙලාගෙන ඇති එකම අමානුෂික ඛේදවාචකයක ගොදුරුය. මේ ඝාතනයන් එකක්වත් කිසිවෙකුට කිසිඳු හේතුවක් නිසා සාධාරණීකරණය කල නොහැක. කිසිවෙකුට යුද්ධයක් මානුෂීය යුද්ධයක් ලෙස නාමකරණය කල නොහැක. එසේ කරනවා නම් එය බල දේශපාලනික තක්කඩිකමට සිදුකරන්නක්ම පමණි. බටහිර වුවද, පෙරදිග වුවද සංවර්ධිත වුවද එසේ නොවුන ද රටක දේශපාලන තක්කඩිකම් වල පවතින රුදුරු බව නිසා එකී සෑම සමාජයකම පීඩා විඳින්නෝ අහිංසක පුරවැසි ප්‍රජවෝය. බල දේශපාලනයේ ගොදුරු බවට පත්වන්නෝ සෑම විටම හඬක් නැති මිනිසුන්මය. මානව ඉතිහාසය පුරාම එවැනි බහුතරයක් පුරවැසියෝ අසාධාරණ බල කාමයට සහ ප්‍රාග්ධන වුවමනාවන්ට ගොදුරක්ව හඬක් නොනගාම පොළොවට පස් වී ගියහ. මේ පවතින ලෝක දේශපාලනික යථාර්ථය තුළ ඉදිරියටත් එසේම වනු ඇත. ලොව බොහෝ සමාජයන් තමාට වෙන අසාධාරණ කෙරෙහි සංවේදී වුවද ශ්‍රි ලංකාවේ සමාජය මෙන්ම අනෙකා ගේ පීඩාව සාධාරණීකරණය කරමින් මෙකී චක්‍රාකාර ලෝක පැවැත්ම පවත්වාගෙන යනු ඇත.
ආදරය අයදින මැදපෙරදිග දරුවන්
එකී බලදේශපාලනික තක්කඩිකම් මානව විමුක්තියේ නාමයෙන් පරාජය කිරීමට ඇති එකම විකල්පය ආදරයම පමණි. ඒ ආදරය කොන්දේසි විරහිත කැරලිකාර ආදරයක් විය යුතුය. ලංකාවේ සමාජයට ද පලස්තීන සමාජයට ද ඊශ්‍රායල් සමාජය ට ද ලොව අන් කොතැනක සමාජයකට ද එය පොදු සාධකයකි. යුද්ධය තුළ අත්දකින තාවකාලික වීරත්වය මිත්‍යාවක් බවත් සැබෑ වීරත්වය ඇත්තේ කොන්දේසි විරහිතව ජාතීන් අතර පතුරුවන ආදරයම තුළ පමණක් බවත් තේරුම් ගන්නා සංස්කෘතික සමාජයන් ලොව සෑම තැනකම බිහිවීමට අවශ්‍ය මුළු මහත් සමස්ත සමාජ දේහයම වසා ගන්නා උත්තුංග ආදරයක් වෙනුවෙන් ආදරණීය සමාජ අරගලකරුවන් එක පෙළට පෙළ ගැසී කැරලි ගැසිය යුත්තේ එබැවිනි. එය මානව ප්‍රේමයේ නාමයෙන් අවංකව කැපවූ අනවරත අරගලයක් විය යුතුය.
-

නිකවැරටිය, කොටවෙහෙර, වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය ජනපති මෛත්‍රි අතින් අද ජනතා අයිතියට….
නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 81 වැනි උදා ගම්මානය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, කොටවෙහෙර, වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය අද (21) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.අක්කර 6.67 ක් භූමි භාගයක ඉදිකර තිඛෙන මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 32 කින් සමන්විත වන අතර විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමක් සහ විධිමත්ව සකස් කළ ප්රවේශ සහ අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විත අංග සම්පූර්ණ ආදර්ශ ගම්මානයක් ලෙස ඉදිකර තිබේ.නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.ආදර්ශ ගම්මානයේ ඔසු උයන ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්වූ අතර නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් නා පැළයක් ද රෝපණය කෙරිණි.නිවාසලාභීන් වෙත සංකේතාත්මකව යතුරු ප්රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ගාමිණි ජයවික්‍රම පෙරේරා, එස්.බී. නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුථ පලාතේ දේශපාලන නියෝජිතයින් රැසක් ද නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.










