Category: සුපිරි Walks

  • උදිත ලොකු බණ්ඩාර මහින්දගේ නම විකුණා කෝටි ගාණක් තනියම කාලා මාට්ටු..! ඇත්ත මෙන්න..

    උදිත ලොකු බණ්ඩාර මහින්දගේ නම විකුණා කෝටි ගාණක් තනියම කාලා මාට්ටු..! ඇත්ත මෙන්න..

    හිටපු ජනාධිපති වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර නමැත්තා මහින්ද රාජපක්ෂගේ නම විකුණමින් මහින්ද රාජපක්ෂට සතයක් හෝ ලබා නොදී විවිධ පුද්ගලයන්ගෙන් විවිධ අවස්ථාවලදී රුපියල් කෝටි ගණනක මුදල් අල්ලස් ලෙස ලබා ගෙන ඇතැයි හෙළිදරව් වීම නිසා ඔහුව මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    උදිත ලොකු බණ්ඩාර මහින්ද සමග හමුවීමක් යොදා ගැනීම සඳහා පවා ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන තිබේ.

    මේ නිසා උදිතව මහින්දගේ පෞද්ගලික ලේකම් ධූරයෙන් ඉවත් කර හපුතලේ පොහොට්ටුවේ ආසන සංවිධායක ලෙස පත් කර මහින්දගේ ආසන්නයෙන් ඉවත් කර ඇත.

    පසුගිය මැතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මධූෂා රාමසිංහ නමැති නිළියට පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා ලබා දීම සඳහා ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා යැයි නම සඳහන් වූයේ ද උදිත ලොකු බණ්ඩාරගේ නම ය.

    මහින්ද රාජපක්ෂ යනු තමන්ව විකුණා යමෙක් මුදලක් ලබා ගත්තද ඉන් කොටසක් තමන්ටත් ලැබෙනවා නම් ඒ ගැන ගැටළුවක් ඇති කර නොගන්නා ජාතියේ චරිතයකි. සජින් වාස් ගුණවර්ධන දිගු කාලයක් මහින්ද රාජපක්ෂගේ සමීපතමයෙකු ලෙස කටයුතු කෙළේ ඒ ධර්මතාවය අනුදැන සිටි නිසාය. මහින්දගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු වූ චමල්ගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මෙන් උදිත ලොකු බණ්ඩාර ද තනියම කෑමට ගොස් වැඩේ අනාගෙන තිබේ. ශෂීන්ද්‍ර ද මහින්දගේ පුද්ගලික ලේකම් ධූරය දරා ඊට කෙළවා ගත්තේ තනියම කෑමට යෑමෙන් සහ නිසි ලෙස මහින්දට කුට්ටිය බෙදමින් සිටි සජින් වාස්ට කැපිල්ල දැමීමට යෑමෙන් අනතුරුව ය.

    මහින්ද ඈත් කිරීමත් සමග උදිත, ගෝඨාභය රාජපක්ෂ වෙත කිට්ටු වී ඇතැයිද දැන ගන්නට තිබේ. මෙහි දැක්වෙන සේයාරුව ඊට සාක්ෂි සපයයි.

    (ලංකා ඊ නිව්ස්)

  • HIV බියක් එක්ක පුවත් මැවු කුලියාපිටියෙන් ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්වූ පුංචි පුතාගේ අද තත්වය මෙන්න

    HIV බියක් එක්ක පුවත් මැවු කුලියාපිටියෙන් ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්වූ පුංචි පුතාගේ අද තත්වය මෙන්න

    “HIV බියක්” හේතුවෙන් පසුගිය වකවානුවේ සමාජය තුළ වැඩි අවධානය  හිමිකර ගත් කුලියාපිටියේ දරුවා දැනට පදිංචිව සිටින කුලී නිවසේ කුලී මුදල වාර්ෂිකව ලබාදීමට අබාන්ස් පෞද්ගලික ආයතනය මේ වසරේදීත් කටයුතු කරනු ලැබුවා.

    මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය හදාරන කුලියාපිටියේ දරුවා දැනට පදිංචිව සිටින කුලී නිවසේ කුලී මුදල 2016 වසරේ මාර්තු මාසයේ සිට වාර්ෂිකව ලබාදීමට එම ආයතනය ඉදිරිපත් වුණා.

    ඒ අනුව 2018 වසර සඳහා වන කුලී මුදලට අදාළ චෙක්පත  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.

    සමාජ සංවේදී සිදුවීම්වලදී මානුෂීයව මැදිහත්වීම පිළිබඳ පුද්ගලිකවම එම ආයතනයට තමා ස්තූතිවන්ත වන බව මෙහි දී  අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    “HIV බියක්” හේතුවෙන් පසුගිය වකවානුවේ සමාජය තුළ වැඩි අවධානය  හිමි කර ගත් කුලියාපිටිය දරුවාගේ  ඉදිරි අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සිදු කර ගෙන යාම සඳහා ඔහු දැනට ඉගෙනුම ලබන මහනුවර ප‍්‍රදේශයේ පාසල ආසන්නයෙන්ම නිවසක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ සෘජු උපදෙස් මතයි.

    (මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා ද එක්ව සිටියා.)

  • බලධාරීන් නිහඬ කළ ලසිත් මාලිංග දේශපාලණයට???? මාධ්‍යයට හොරෙන් කරපු දේ මෙන්න..

    බලධාරීන් නිහඬ කළ ලසිත් මාලිංග දේශපාලණයට???? මාධ්‍යයට හොරෙන් කරපු දේ මෙන්න..

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් පසුගියදා රත්තපුර කුරුවිට ප්‍රදේශයේ පිහිටි මෙත්තාරාම විහාරස්ථානයේ සිටින 325කට වාර්ෂයක් සඳහා අවශ්‍ය පාසැල් පොත් හා උපකරණ බෙදා දෙනු ලැබුවා.

    එම විහාරස්ථානයේ වාර්ෂික ශිෂ්‍යනායක නායිකා නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු මෙම පරිත්‍යාගය සිදුකල අතර මෙම දහම් පාසැලේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් වැඩි පිරිසක් සමෘද්ධිලාභී පවුල්වල සිටින ආර්ථික අපහසුතාවන් මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරතවන සිසුන් පිරිසක්.

    ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා මාලිංග විසින් මෙම පරිත්‍යාගය සිදුකළ අතර ඊට අමතරව මේ වන විට මාලිංගේ පෞද්ගලික මුදලින් නව දහම්පාසැලක්ද ඉදිකිරීමේ කටයුතු හොරණ ප්‍රදේශයේ ආරම්භ වී තිබෙනවා.

    ඒ සඳහා ඔහු ලක්ෂ 100ක මුදලක් මේ වන විටත් වෙන්කර ඇති අතර අංග සම්පූර්ණ ගොඩනැගිලි වලින් සමන්විත මෙම දහම්පාසැල නුදුරේදීම සිසුන් වෙනුවෙන් ලබාදෙන්නට සූදානම් බවයි දැනගන්නට ලැබෙන්නේ.




    Facebook Comments

  • ගාල්ලත් ජනපති මෛත්‍රි – කුපාම මහින්ද එකගතාවයක…. තනතුරු බෙදුනු හැටි මෙන්න…

    ගාල්ලත් ජනපති මෛත්‍රි – කුපාම මහින්ද එකගතාවයක…. තනතුරු බෙදුනු හැටි මෙන්න…

    ගාල්ල මහ නගර සභාව සදහා නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට සභාවේ මන්ත‍්‍රීවරුන් අතර පැවති ඡන්දයෙන් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අපේක්‍ෂකයා ජය ගනු ලැබීය.

    ඒ අනුව ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරී පත් විය.

    එහිදී පැවති රහස් ඡන්දයෙන් පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා ඡන්ද 20ක් ගත් අතර එජාපයෙන් ඉදිරි්පත් කල අපේක්‍ෂක ජිලිත් නිශාන්ත ලබා ගත්තේ ඡන්ද 11ක් පමණි.

    ජවිපෙ මන්ත්‍රීවරු තිදෙනා ඡන්දය දුන්නේ නැත.

    පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී එජාපය මන්ත්‍රී ආසන 14ක්, පොහොට්ටුව මන්ත්‍රී ආසන 13ක්, ශ්‍රීලනිපය 03ක්, ජවිපෙ 03ක් හා සෙසු පක්‍ෂ මන්ත‍්‍රී ආසන 02ක් ලෙස ආසන බෙදී ගියේය.

  • රනිල්ගේ විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂ මතය විමසුවාම ඇමති දුමින්ද මාධ්‍යයට දාපු සද්දේ මෙන්න…

    රනිල්ගේ විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂ මතය විමසුවාම ඇමති දුමින්ද මාධ්‍යයට දාපු සද්දේ මෙන්න…

    අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව අත්සන් කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර නොමැති බව පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක පවසනවා.

    ඊයේ (22) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහලේකම්වරයා මේ බව පවසා සිටියා.

    පාර්ලිමේන්තුවේ විවාදය ලබන 4 වෙනිදා කියලා පක්ෂනායක රැස්වීමේදි කියලා තියනවා. ඇයි තවමත් ඔබතුමාගේ පක්ෂයේ මතය ඉදිරිපත් වුණේ නැත්තේ?

    “ඇයි අපි අපේ මතය වේලාසන කියන්න ඕන. ඇයි ඔබතුමාට ටීවී එකේ දාගන්න ඕන නිසාද?”

    නිදහස් පක්ෂයේ 4 දෙනෙක් අත්සන් කරලා තියෙද්දි ඇයි ඔබතුමා ප්‍රකාශයක් නිකුත් කරන්නේ නැත්තේ පක්ෂයේ මහලේකම් විදියට මේ හතරදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා ද කියලා?

    “මට එහෙම තනි ප්‍රකාශයක් නිකුත් කරන්න බෑ. මේක පක්ෂයක්නේ.”

    දැන් ඔබතුමාලා මේ හැම පාරම විනය කඩපු අයට එරෙහිව පියවරක් ගත්තේ නෑ?

    “අපිට ඕන විදියට, පක්ෂයට ඕන විදියට හැසිරෙනවා මිසක්. මාධ්‍යයට ඕන විදියට අපි හැසිරෙන්නේ නෑ.”

    විශ්වාසභංග යෝජ්නාව කොච්චර සාර්ථකයි කියලා හිතනවා ද?

    “ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විදියට ඒ තීරණාත්මක මොහොතේ ගන්න තීන්දුව මේ රටට බලපානවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා පක්ෂේ එක්ක සාකච්ඡා කරලා මේ රට වෙනුවෙන් ගන්න පුළුවන් හොදම තීන්දුව ගන්න.”

  • සංවිධායක තාත්තාගෙන් ආදරණීය පාසල් දියණියට මන්ත්‍රි පදවියක්…. එජාපයෙන් ඇසෙන පුවත්…

    සංවිධායක තාත්තාගෙන් ආදරණීය පාසල් දියණියට මන්ත්‍රි පදවියක්…. එජාපයෙන් ඇසෙන පුවත්…

    වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ පාසල් සිසුවියක නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව සඳහා ලැයිස්තුගත මන්ත්‍රීවරියක සේ කටයුතු කිරිමට තෝරාපත් කරගෙන තිබේ.

    එක්සත් ඡාතික පක්ෂය යටතේ ලැයිස්තුවට ඇතුළත්ව සිටි ඇය නාත්තන්ඩිය කුඩාවැව පදිංචි චන්දි සුහා තෙන්නකෝන් මෙනෙවියයි. මේ වන විට දහඅට වන පසුවන ඇය නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙහි විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබයි. මෙම වසරේ අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයටමුහුණ දීමට ද ඇය මේ වන විට සූදානමින් සිටී.

    පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ දී තෙන්නකෝන් මෙනෙවිය කුඩාවැව කොට්ඨාසයට තරග කළ නමුත් ඇයට සිය ජයග්‍රහණය පිණිස අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබාගත නොහැකි විය.

    එහෙත් ඇය විසින් ලබාගෙන තිබු ඡන්දවල ප්‍රතිශතය මත ඇය ලැයිස්තුවෙන් තෝරා ගත් මන්ත්‍රීවරියක ලෙස පත් කිරිමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කිරීම නිසා ඇයට මන්ත්‍රීධුරයක් හිමි වී ඇත. 

    කුඩාවැව එක්සත් ජාතික පක්ෂ සංවිධායක පාලිත තෙන්නකෝන් හා මාරාවිල බාලිකා මහ විදුහලේ ගුරුවරියක සේ කටයුතු කරන නිලම්බිකා තෙන්නකෝන් ඇගේ දෙමාපියන්ය.මන්ත්‍රී සිසුවිය මෙසේ පවසා තිබේ.

    ‘තාත්තාගේ දේශපාලන කටයුතු අනුව මමත් දේශපාලනය කරනවා. මගේ දේශපාලන කටයුතු මගේ පාසලේ අධ්‍යාපන කටයුතුවලට කිසිදු ආකාරයකින් බාධාවක් කර ගන්න මම ඉඩ තිබීබේ නැහැ. මාගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීමටයි.

    මගේ අරමුණ මා උපන් දේශයට යම් සේවයක් කරන්නයි. විශේෂයෙන්ම මෙම මැතිවරණ සමයේ දී ගෙයින් ගෙට ගොස් ජනතාව මුණ ගැසුණු අවස්ථාවේ දී අපේ ගමේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න හඳුනා ගත්තා. දැන් පක්ෂය මාවත් මන්ත්‍රීවරියක සේ පත් කර ඇති නිසා මගේ අරමුණ අර මම හඳුනා ගත් ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට පියවර ගැනීමයි. ගමේ ජනතාවගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් දිය යුතුයි.අපේ ගමේ වැඩි දෙනකු පදිංචිච සිටිනුයේ පුත්තලම් ඇළත් ඉල් පාරත් අතර රක්ෂිතයේ කුඩා පැල්පන්වලයි. ඔවුන්ට පදිoචියට ස්ථිර තැනක් ලබා දිය යුතුයි. මෙහිදී මා නිතර දිරීමත් කරණ මගේ ගමේ හා අවට ජනතාවට මම ස්තුතිය පුද කරනවා‘

  • පාතාලේ මධූෂ් සමඟ ලිංගිකව හැසිරුණු පාසල් සිසුවියව නාවික භටයින් දෙදෙනෙකුත් දූෂණය කරළා..!

    පාතාලේ මධූෂ් සමඟ ලිංගිකව හැසිරුණු පාසල් සිසුවියව නාවික භටයින් දෙදෙනෙකුත් දූෂණය කරළා..!

    පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග සම්බන්ධකම් පවත්වමින් අඹුසැමියන් ලෙස හැසිරුණු ලාබාල දැරියක් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසත්, ඇය මධුෂ් සමග අඹුසැමියන් ලෙස සිටි ස්ථානය වෙත රැගෙන ගොස් එම ස්ථානය හඳුනාගන්නා ලෙසත්, මධුෂ් සමග දුරකතන සංවාද පැවැත්වූ ජංගම දුරකතය පොලිස් භාරයට ගන්නා ලෙසත් කොටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ  නියෝග කර තිබෙනවා.

    කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ දැනට පරිවාස ගතකර සිටින 14 හැවිරිදි දැරියක් පිළිබඳවයි මෙලෙස පරීක්ෂණ කිරීමට නියෝග කර තිබුණේ.

    නාවික හමුදා භටයින් දෙදෙනෙකු විසින් ඇයව බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක් තුළදී දූෂණය කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත ඇයව අත්අඩංගුවට ගෙන පරිවාස භාරයට පත්කර නාවික හමුදා භටයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හැර තිබෙනවා.

    පසුව මෙම දැරියව දෙමව්පියන් විසින් භාර නොගැනීම හේතුවෙන් පරිවාසගත කර ළමා නිවාසයක් කරා යොමුකර සිටියදි සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම හේතුවෙන් මානසික වෛද්‍ය අංශය වෙත යොමුකර තිබුණා.

    එහිදි ඇය විසින් මානසික වෛද්‍යවරයෙකු ඉදිරිපිට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ ෆේස්බුක් හරහා ඩුබායි සිටින මධුෂ්ව හඳුනාගත් බවත් පසුගිය අප්‍රේල් මාසයේ ඔහු ලංකාවට පැමිණ තමන්ව හමුවී කොල්ලුපිටියේ හෝටලයක දින කිහිපයක් අඹුසැමියන් ලෙස ගත කළ බවත්ය.

    ඔහු විසින් තමන්ට මිල අධික සුවඳවිලවුන් සහ තවත් වටිනා තෑගි රැසක් ලබා දුන් බවත් ඇය පවසා තිබෙනවා.

    තමන් මැයි මාසයේ පරිවාසගතවීමෙන් පසුවත් ඔහු සමග ජංගම දුරකතනයෙන් කතා බහ කළ බවත් බන්ධනාගාරගතව සිටින ඉරාක ජාතික හෙරෝයින් ජාවාරම්කරුවන්ගේ ජංගම දුරකතනවලින් තමන්ට කිහිප වතාවක් ඔහු කතා කර ඇති බවත් තවදුරටත් පවසා තිබෙනවා.

    මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් කොල්ලුපිටිය පොලිසියට සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පිටපත් ලබා දී ඇති අතර ඒවා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය දී තිබුණා.

  • ෆෝන් එක OICට දීපං යකෝ – රටම බියවද්දන මධූෂ් පොලීසියට දුන් භයානක දුරකතන ඇමතුම

    ෆෝන් එක OICට දීපං යකෝ – රටම බියවද්දන මධූෂ් පොලීසියට දුන් භයානක දුරකතන ඇමතුම

    පාතාල නායක ඩුබායි මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවසේ සැඟවී සිටියදී මධුෂ්ගේ ගෝලයන් සිව් දෙනකු කොටු කළ ‍පොලිස් මෙහෙයුමට ඔත්තුව දුන් බවට සැකකොට කඹුරුපිටිය ගතාර ප්‍රදේශයේ පිහිටි එම නිවෙසට යාබද නිවසේ පදිංචි ‍පොලිස් සැරයන්වරයකු පවුල් පිටින් මරාදමන බවට මාකඳුරේ මධුෂ් දුරකථන මගින් ඩුබායි සිට කළ මරණ තර්ජනයක් පිළිබඳව ‍පොලිස් පරීක්ෂණ ඇරඹී තිබේ.

    මෙම සිද්ධියට මුහුණ පෑ කටුවන ‍පොලිසියේ සේවයේ නිරත ‍පොලිස් සැරයන් සිල්වාගේ පවු‍ලේ සාමාජිකයන් ආරක්ෂාව පතා ඔවුන් පදිංචි නිවසින් තාවකාලිකව ඉවත් කිරීමට ද මේ වන විට කටයතු යොදා ඇතැයි ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් නිලධාරියකු අනාවරණය කළේය.

    “උඹ තමයි මගේ එවුන් අල්ලන්න ඉන්ෆොමේෂන් දීලා තියෙන්නේ. මම උඹවත් මරනවා. උඹේ පවු‍ලේ ඔක්කොම මරනවා. වයසට ගියත් උඹ ඉන්න තැනකට හොයාගෙන ඇවිල්ලා මරනවා.” යැයි මාකඳුරේ මධුෂ් ඩුබායි සිට ලබාදුන් දුරකථන ඇමතුම් කිහිපයකින් ‍පොලිස් සැරයන්වරයාට තර්ජනය කර ඇත.

    මාකඳුරේ මධුෂ් අවස්ථා කීපයකදීම ‍පොලිස් සැරයන්වරයාගේ ජංගම දුරකථනයට හා කටුවන ‍පොලිසියේ දුරකථනයට ඩුබායි සිට කතා කර මෙසේ තර්ජනය කර තිබේ.

    කඹුරුපිටියේ ගතාර ප්‍රදේශයේ පිහිටි මාකඳුරේ මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවසේ සිටියදී පාතාල සාමාජිකයන් සිව් දෙනකු ඉකුත් 17 දා අත්අඩංගුවට ගත්තේ කඹුරුපිටිය ‍පොලිසියේ ස්ථානාධිපති ඕ.යූ. ජයශාන්ත මහතාට ලද තොරතුරක් මතය.

    මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඉකුත් 07 දා අලුත්කඩේ උසාවිය අසලදී සොයාගත් සමයංගේ පාතාල කල්ලියට අයත් කොස් මල්ලී හෙවත් ශාන්ත කුමාරගේ ගෙල කොටසට අයත් කඳ කොටස අඟුණකොළපැලැස්සේ කෙසෙල් ඉඩමක වළදමා තිබියදී පසු දිනම (18) සොයා ගැනීමට හැකි විය.

    පදලංගල, කුට්ටිගල, සියඹලාණ්ඩුව, බුද්දම හා ගතාර ප්‍රදේශයේ පදිංචි මෙම පාතාලයින් සතුව තිබි ඔවුන් පැමිණි වාහනයට සවිකිරීමට ගෙනැවිත් තිබූ ව්‍යාජ අංක තහඩු දෙකක් ද සොයාගෙන තිබිණි.

    මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණු දිනයේම මාකඳුරේ මධුෂ් විසින් ‍පොලිස් සැරයන් සුනිල්ට කතා කර සිව් වතාවක් තර්ජනය කර තිබේ. ‍පොලිස් සැරයන්වරයා කටුවන ‍පොලිසියේ සිට කඹුරුපිටිය ‍පොලිසිය බලා රාජකාරියකට පිටත් කර යැවූ අවස්ථාවේත් කඹුරුපිටිය ‍පොලිසියේ සිටියදීම මාකඳුරේ මධුෂ් විසින් කතාකර ඇත.

    “මම දන්නවා උඹ දැන් ඉන්නේ කඹුරුපිටිය ‍පොලිසියේ කියලා. දීපන් ඔය ෆෝන් එක කඹුරුපිටිය ඕඅයිසිට” කියමින් මාකඳුරේ මධුෂ් යළිත් තර්ජනය කර ඇත.

    “තමුසේ බයික් එකෙන්නේ වැඩට එන්නේ. මම එන පාරත් දන්නවා” යැයි ද මාකඳුරේ මධුෂ් තර්ජනාත්මක දුරකථන ඇමතුම්වලින් දන්වා ඇතැයි ‍පොලිස් ‍පොත්වල මේ සම්බන්ධව සටහන් යොදා ඇත.

    මෙම තර්ජනය හේතුවෙන් ‍පොලිස් සැරයන්වරයාගේ පවු‍ලේ අය ආරක්ෂාව පතා ආරක්ෂිත තැනක රැඳවීමට තංගල්ල ‍පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ නියෝග මත කටයුතු යොදා ඇත.

    මේ සම්බන්ධව ‍පොලිස් දෙපාර්තමේන්තුවේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ භාර නියෝජ්‍ය ‍පොලිස්පති කමල් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ද විමර්ශන ඇරඹී ඇත.

    මාකඳුරේ මධුෂ් මෙම ‍පොලිස් නිලධාරියා යන එන තැන් හා කඹුරුපිටිය ‍පොලිසියට පැමිණි මොහොත පවා සොයාගෙන දුරකථන ඇමතුම් දී ඇති බවත්, මධුෂ්ගේ ඔත්තුකරුවන් යොදවා එම කටයුතු කරගෙන යන බවත් අනාවරණය වී ඇත.

    මාකඳුරේ මධුෂ් විසින් මීට පෙර තම කණ්ඩායම්වලට එරෙහිව විමර්ශන කළ ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ‍පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට පිළියන්දලදී වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කළ අතර මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ ‍පොලිස් කොස්තාපල් දාස් ගුප්තාට මරණ තර්ජනය කිරීම සම්බන්ධව ද විමර්ශන සිදු කෙරිණි.

    කළුතර එතනමඩලදී පාතාල නායක සමයං ඇතුළු කණ්ඩායමක් රැගත් බන්ධනාගාර බස් රථයට පහරදී පාතාලයින් හා බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීම ඇතුළු ඝාතන රැසකට චෝදනා එල්ල වූ මාකඳුරේ මධුෂ්ට දැනට ජාත්‍යන්තර ‍පොලිසියේ නිල් නිවේදනය නිකුත් කර තිබේ.

  • රට කැළඹූ ලංකාවේ සමලිංගික ක්‍රීඩා උළෙලේ ඔබ නොදුටු ඡායාරූප මෙන්න

    රට කැළඹූ ලංකාවේ සමලිංගික ක්‍රීඩා උළෙලේ ඔබ නොදුටු ඡායාරූප මෙන්න

    ලංකාවේ වෙනස්ම ආකාරයකට පැවැත්වූ ක්‍රීඩා උළෙලක් පිළිබඳව සමාජ මාධ්‍ය පුරාවටම  කතාබහක් ඇතිවී තිබෙනවා. එනම් මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වී ඇත්තේ සමලිංගිකයන්. කෙසේ නමුත් මොවුන්ගේ මෙම ඡායාරූප පෙළට සමාජ මාධ්‍ය තුළින් ලැබී තිබුණේ උණුසුම් ප්‍රතිචාරයක්.

    එමඡායාරූප පහතින්…

      

  • මීගමුවේ ජනපති මෛත්‍රි – කුපාම මහින්ද එකගතාවයක්.. තනතුරු බෙදුනු හැටි මෙන්න…

    මීගමුවේ ජනපති මෛත්‍රි – කුපාම මහින්ද එකගතාවයක්.. තනතුරු බෙදුනු හැටි මෙන්න…

    මීගමුව නගර සභාව සදහා නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා අද සභාවේ මන්ත‍්‍රීවරුන් අතර පැවති ඡන්ද විමසීමේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එහි නගරාධිපති ධුරය හිමිවිය.

    ඒ අනුව ඡුන්ද 25ක් ලබා ගනිමින් දයාන් ලංසා මහතා නගරාධිපති ලෙස තේරී පත් වූ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් උප නගරාධිපති පත් කරනු ලැබීය.

    එක්සත් ජාතික පක්‍ෂය රොයිස් විජිත ප්‍රනාන්දු ලබාගත් ඡන්ද ප‍්‍රමාණය 19කි.

    මන්ත‍්‍රී ධුර 03ක් හිමි ජවිපෙ ඡන්දය දීමෙන් වැලකී සිටියදී මන්ත‍්‍රී ධුර 04ක් තිබූ ශ‍්‍රීලනිපයේ ඡුන්ද තුනක් පොදුජන පෙරමුණටත් එකක් එජාපයටත් ලෙස ලබා දෙන ලදී.

  • රනිල්ට කුණු හරුපෙන් ජාතිය ඇමතු එජාප සන්නිවේදන ප්‍රධානි කුරුදු පොලු සුදත් තනතුරුවලින් දොට්ට…

    රනිල්ට කුණු හරුපෙන් ජාතිය ඇමතු එජාප සන්නිවේදන ප්‍රධානි කුරුදු පොලු සුදත් තනතුරුවලින් දොට්ට…

    සිරිකොත ගිලගත් රනිල්ගේ භූතයා සුදත් චන්ද්‍රසේකර තනතුරු වලින් දොට්ට

    “මේවා මොනවාද, මෙයාට මම කරපු දේවල් වල හැටියට ඕවා මොනාද, මෙයා කවදාවත් පාරට මිනිස්සු ගේන වැඩ වලට කැමති මිනිහෙක් නෙවෙයි. මෙයාගේ කොහොමත් මිනිස්සුත් එක්ක ගැවසෙන්න අකමැත්තක් තියෙනවා.

     

    “මේ පොන්නයාව බේරගන්න අපි ට්‍රයි කලාට එ ගැන කිසි වගක් නෑ” යනුවෙන් පසුගියදා රනිල් විවේචනය කරමින් සිරිකොතේ ඩෙගා නැටු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහකාර හා එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ සුදත් චන්ද්‍රසේකර මහතා අදාළ තනතුරු දෙකෙන්ම ඉවත් කර තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු සදහන් කළා.

    සුදත් චන්ද්‍රසේකරලා වැනි සිරිකොත වහල්ලු පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරිමට ජනාධිපතිවරයා කටයුතු කලහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉලක්ක කර දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කිරිම සදහා මෙහෙයුමක් දියත් කර තිබු අතර පසුව එම මෙහෙයුම සම්බන්ධයෙන් දැනගත් රනිල් වික්‍රමසිංහ සුදත් ඇතුලු කණ්ඩායමකටම් කතා කරලා ඒ සියළු දෙනාටම බැන වැදි අදාළ මෙහෙයුම නතර කල බව අප එදින අනාවරණය කළා.

    රනිල්ගේ බැනවැදිමෙන් පසුව මෙහෙයුම නතර කර දැමු සිරිකොත වහල්ලු “මේ පොන්නයාව බේරගන්න අපි ට්‍රයි කලාට එ ගැන කිසි වගක් නෑ” යැයි කියමින් බැනවැදි තිබේ.

    පසුව ඔහුන් සියලුම දෙනා කැදවා සුදත් පවසා ඇත්තේ….

    “මේවා මොනවාද, මෙයාට මම කරපු දේවල් වල හැටියට ඕවා මොනාද, මෙයා කවදාවත් පාරට මිනිස්සු ගේන වැඩ වලට කැමති මිනිහෙක් නෙවෙයි. මෙයාගේ කොහොමත් මිනිස්සුත් එක්ක ගැවසෙන්න අකමැත්තක් තියෙනවා.” යනුවෙනි…

    එවෙලේ එතන හිටපු TT දන්සලේ සිට පැමිණි මන්ත්‍රීවරයෙක් සුදත්ගෙන් ප්‍රශ්ණ කර ඇත්තේ,….

    සුදත් අයියා ඔයා ඔය රෙද්දවල් දැනගෙන මොන බම්බුවටද අපිට මේ දේවල් සංවිධානය කරන්න කතා කළේ, ඕකාට පුක දෙන්න අපිට කොහෙත්ම වුවමනාවක් නෑ යනුවෙනි……

    කෙසේවෙතත් සුදත් චන්ද්‍රසේකර ඉවත් කිරිමට ආසන්නතම හේතුව එක්සත් ජාතික පක්ෂය යලි සංවිධානය විමටත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් පක්ෂ නායකත්වයෙ රැදි සිටිමට අවශ්‍යනම් වහාම එජාපයට හෙනයක් වි ඇති විශේෂයෙන්ම සිරිකොත වැනි පක්ෂ මුලස්ථානය වනසන සුදත් වැනි අය ඉවත් කලයුතු බවට රනිල් විරෝධි කණ්ඩායම් කාලයක සිට කර තිබු ඉල්ලිම් ඉටුකිරිමට සුදත් ඉවත් කල කරඅ එති බවයි වාර්තාකරු සදහන් කළේ.

    එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකව සිටි සමයේ ඔහුට එජාප නායක ධුරයෙන් ඉවත්වන්නැයි බල කරමින් එජාපයේ පාක්ෂිකයන් පිරිසක් සංවිධානය කළ විරෝධතා පාගමනකට 2013 වසරේ දී කුරුදු පොලු වලින් පහර දී තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් සුදත් චන්ද්‍රසේකර මහතා නඩුවේ විත්තිකරුවෙකුද වනවා.

  • පාකිස්ථානයේ ඉස්ලාම්බාද් නුවර ගුවන්තොටුපළේදී මෛත්‍රී ජනපතිව මහත් හරසරින් පිළිගැනේ..!

    පාකිස්ථානයේ ඉස්ලාම්බාද් නුවර ගුවන්තොටුපළේදී මෛත්‍රී ජනපතිව මහත් හරසරින් පිළිගැනේ..!

    පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමාගෙන් ලද විශේෂ නිල ආරාධනය පරිදි පාකිස්ථානය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (22) රාති‍්‍ර 8.00 ට පමණ ඉස්ලාම්බාද් නුවර නූර් ඛාන් ගුවන් තොටුපොළ වෙත ළගාවිය.

    පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමා විසින් එහිදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

    ආචාර වෙඩිමුර 21 සහිත හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් සහ ගෞරවණීය අන්දමින් එම පිළිගැනීම සිදුවිය.

    පාකිස්ථාන ජන රජ දින සැමරුම් උළෙල හෙට පෙරවරුවේ පැවැත්වෙන අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වන ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමා ඉහළම ගෞරවයෙන් යුතුව පිළිගැනීමට පාකිස්ථාන රජය සියලූ කටයුතු සූදානම් කර තිබේ.

    පැය 03 කට ආසන්න කාලයක් පැවැත්වෙන මෙම උළෙල පාකිස්ථානයේ මෙන්ම විවිධ රටවල හමුදාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ගුවන් සංදර්ශන ඇතුලු සංස්කෘතිකාංගවලින් වර්ණවත් කෙරේ.

    මේ අතර ප‍්‍රතිසංස්කරණය කෙරුණු ඉස්ලාම්බාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නැවත විවෘත කිරීම ද හෙට පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවෙයි. නේපාලය, ඉන්දියාව, මියන්මාරය, කොරියාව, ජපානය, තායිලන්තය, ඉන්දුනිසියාව, චීනය සහ මැලේසියාව යන බෞද්ධාගම සහිත රටවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.

    ජනාධිපතිතුමා සහ පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා අතර නිල හමුව ද හෙට පස්වරුවේ පැවැත්වෙන අතර නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡුාවලින් අනතුරුව දෙරට අතර අධ්‍යාපන, තරුණ කටයුතු සහ සංචාරක ක්ෂේත‍්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් 04 කට අත්සන් තැබෙනු ඇත.





  • මගේ ජිවිතයේ පවුල 02… කලාව තමයි 01.. කවදාවත් හොදවෙන්නේ නැති පිස්සුවක් ඕෂධී ඇත්ත කියයි…

    මගේ ජිවිතයේ පවුල 02… කලාව තමයි 01.. කවදාවත් හොදවෙන්නේ නැති පිස්සුවක් ඕෂධී ඇත්ත කියයි…

    ”සමහර අය අපිව විහිළුවට අරගෙන”

    ”ඒ පිස්සුව නම් නැති වෙන්නේ නැහැ‍‍”

    ”රූප රචනා 150කට වඩා කරලා තියෙනවා”

    “ඒවාට මට මාසෙකට ලොකු වියදමක් යනවා..”

    ඕෂධී හිමාෂා නමට වඩා රූපය බොහෝ අයට සමීපයි. ඕෂධී කියන චරිතය නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දකින්න ලැබෙනවා. ඒ ගීත රූප රචනාවලින්. නිරූපණ ශිල්පිණියක් විදිහට දකින්න ලැබෙන ඕෂධී ළඟදීම සිනමාව තුළිනුත් දකින්න ලැබෙනවා. ඇය පසුගිය දිනෙක සිය ජීවිතයේ අලුත් තොරතුරු මාධ්‍යට කියලා තිබෙනවා. ඒ මෙන්න මේ විදිහට….

    නිරූපනයෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිසා ඕෂධී දැන් කාර්ය බහුල චරිතයක් වෙලා ඇති..?
    මේ දවස්වල නම් මම ගොඩක් කාර්ය බහුලයි. නිරූපනයෙන් වගේම මගේ ව්‍යාපාර කටයුතු එක්ක.

    සිනමාවෙන් ඔබව ළඟදීම දකින්න ලැබෙනවා. ඒ ගැන කිව්වොත්..?
    මම සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වුණා. උදය කාන්ත වර්ණකුලසුරියගේ ”වස්සානයේ සඳ” චිත්‍රපටයට හා ”ෆේස් ටු ෆේස්” චිත්‍රපටයට. මේ නිර්මාණ දෙකම ළඟදීම තිරගත වෙයි. තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒක මැයි මාසේ රූපගත කරනවා.

    සිනමාවට ප්‍රවිෂ්ඨවීමත් එක්ක ඕෂධීව රූප රචනාවලින් දකින්න නොලැබෙයි ද..?
    සිනමාව කියන්නේ රංගනයට හොඳ ආරම්භයක්. මම කැමතියි සිනමාවට වැඩියෙන් එකතු වෙන්න. ඒ නිසා මේ කාල සීමාව සිනමා රංගනය සඳහා යොදවන්න මම හිතුවා. ඒ නිසා ගීත සඳහා නිර්මාණය වෙන රූප රචනාවලට සම්බන්ධ වෙන එක සිමා කළා. නමුත් සම්බන්ධ නොවී ඉන්නේ නැහැ. හොඳ නිර්මාණවලට රූප රචනාවෙන් සම්බන්ධ වෙනවා.

    ඕෂධීව බොහෝදෙනා දැන හඳුනා ගත්තේ ආදරේ කළේ රූප රචනා නිසා නේද..?
    ඔව්. මාව වාඩාත් සමීප වුණේ රූප රචනාවලින්. මේ වෙනකොට මම රූප රචනා 150ට වඩා සම්බන්ධ වෙලා තියෙනවා. දැන් නම් හිතෙනවා මාව දැකලම එපා වෙලා ඇති කියලා.

    ඇතැම් වීඩියෝ නිසා ඕෂධී කතාබහට ලක් වුණා. ආන්දෝලනාත්මක චරිතයකට සිනමා නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත්..?
    හොඳ පිටපතක් හා නිර්මාණාත්මක අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න ලැබුණොත් එවැනි අවස්ථාවක් ගැන හිතලා බලලා තීරණයක් ගන්නවා. නමුත් අපේ රටේ සදාචාරයක් තියෙනවා. ලංකාවේ ඉන්න නිසා ඒ ගැනත් හිතන්න ඕන. එහෙම බලලා මට ගැලපෙනවා නම් ඒ ගැන හිතලා බලනවා. ඒ වගේම ඇතැම් වීඩියෝ නිසා ජනතාව මට බැනලා තියෙනවා. ඔය කියන විදිහට මම ඒ වීඩියෝවල ලොකු දෙයක් කරලා නැහැ කියලයි මම නම් හිතන්නේ. මෝඩ මිනිස්සු කියන කතා විතරයි. මට බැනලා තියෙනවා මිනිස්සු, නමුත් මට ඒ නිර්මාණවලින් නරකක් වෙලා නැහැ. ඒ නිසා මට ගැටලුවක් නැහැ.

    Social Media නිසා ඔබ අපහසුතාවයට පත් වෙලා කට කතාවලට ලක් වෙලා නැහැ කිව්වොත් ඒක බොරුවක් නේද..?
    ඕන තරම් කට කතාවලට ලක් වෙලා තියෙනවා. සමහරක් මිනිස්සු මට ෆේස්බුක් එකෙන් බැනලා මැසේජ් කරනවා. නමුත් මුහුණට එහෙම වෙලා නැහැ හොඳ කියලා තියෙනවා මිසක්. බනින වෙලාවට මම ගොඩක් දුක් වෙලා තියෙනවා. කලකිරිලා තියෙනවා. මොකද මම මේ ගමන ආවේ උඩින් පාත් වෙලා නෙමෙයි නිසා. මම මගේ නම හදා ගන්න ගොඩක් දුක් විඳලා තියෙනවා. ඕන තරම් කටු කාලා තියෙනවා. එහෙම හදා ගත්ත නමටයි ප්‍රතිරූපයටයි හානියක් වෙනකොට දුකක් දැනෙනවා. සමහර අය අපිව විහිළුවට අරගෙන.

    ඕෂධී කියන්නේ වැඩිපුර විලාසිතා භාවිතා කරන කෙනෙක් නේද.. බ්‍රෑන්ඩ් එකට ද විලාසිතා කරන්නේ..?
    ෆැෂන් කරද්දී මම මුලින්ම බලන්නේ බ්‍රෑන්ඩ් එක. හෑන්ඩ් බැග්, ඔරලෝසු, සුවඳ විලවුන්, අව්කන්නාඩී. මේ හැම දෙයක්ම මම ගන්නේ බ්‍රෑන්ඩ් එක බලලා. මට ෆැෂන් පිස්සුවක් නම් තියෙනවා. ඒ පිස්සුව නම් නැති වෙන්නේ නැහැ. ඒ සඳහා මම මාසිකව ලොකු වියදමකුත් දරනවා. මට ගැලපෙන ඕනෑම විලාසිතාවක් මම කරනවා.

    ඔබ තවම ජිවත් වෙන්නේ අවිවාහක කාන්තාවක් විදිහට සරලව නේද..?
    මම කොහොමත් සරල ජිවිතයක් ගත කරන කෙනෙක්. එහෙම කියලා පවුල ගැන නොබලා ඉන්නේ නැහැ. මම මගේ වෘත්තිය ජිවිතයට තමයි මුලින්ම මුලිකත්වය දෙන්නේ. දෙවනුව පවුල. විවේකයක් තියෙන හැම වෙලාවකම මම පවුල ගැන බලනවා. සැමියාගේ වැඩ කරනවා.

    ඔහු කිව්වොත් රැකියාවෙන් ඉවත් වෙන්න කියලා..?
    අපි දෙන්නා ජිවත් වෙන්නේ අවබෝධයක් ඇතුව. කරන්නේ මොනාද කියලා අපි දැනුවත්. මට ලැබෙන හැම නිර්මාණයක්ම එයත් එක්ක කතා කරලා තමයි මම භාර ගන්නේ. අකමැත්තෙන් මම කිසි දෙයක් කරන්නේ නැහැ. මේ රැකියාව ලස්සන තියෙනකල් විතරයි තියෙන්නේ. කවදා හරි අපිට මේ දේවල්වලින් ඉවත් වෙන්න වෙනවා. ඊට කලින් ඔහු කිව්වොත් ඉවත් වෙන්න කියලා මට ඉවත් වෙන්න පුළුවන්. මොකද මම ඒ දේ මත ඇලිලා නැහැ.

  • මුතුරාජවෙල පරිසර විනාශ කරන්නවුන්ට වැඩ වරදී. ජනපති මෛත්‍රී නියමයෙන් සියලු ක්‍රියාකාරකම් තහනම්..!

    මුතුරාජවෙල පරිසර විනාශ කරන්නවුන්ට වැඩ වරදී. ජනපති මෛත්‍රී නියමයෙන් සියලු ක්‍රියාකාරකම් තහනම්..!

    මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ සිදුකෙරෙන ඉදිකිරීම්, ගොඩකිරීම් ඇතුළුපරිසර විනාශයට හේතුවන සියලූ කි‍්‍රයාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

    එහි යම් ඉඩම් කොටස් ගොඩකිරීම සඳහා යම් රාජ්‍ය ආයතනයක් මගින් දැනට කුමන හෝ අවසරයක් ලබාදී ඇත්නම් ඒ සියල්ල අහෝසි කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දී තිබේ.

    එමෙන්ම මෙවැනි පරිසර විනාශයන්ට අනුග‍්‍රහය දක්වන හෝ දැක්වූ රාජ්‍ය නිලධාරින් සිටීනම් ඔවුන්ට එරෙහිව ද විනය කි‍්‍රයාමාර්ග ගැනීමට ජනාධිපතිතුමා අදාළ අංශ දැනුවත් කොට ඇත.

    මෙරට වැදගත් තෙත්බිම් පද්ධතියක් වන මුතුරාජවෙල අභය භූමිය ආශි‍්‍රතව සිදුකෙරෙන පරිසර විනාශයන් පිළිබඳව පසුගියදා දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළ කෙරුණු අතර ඒ පිළිබඳඅවධානය යොමු කළ ජනාධිපතිතුමා  (22) අළුයම එම ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    අනතුරුව ප‍්‍රදේශයේ මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශ ප‍්‍රධානින් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉහත තීරණවලට එළැඹිණි.

    පරිසර සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙස මෙහි පවතින සියලූ ඉඩම් වනජීවි සහ පරිසර සංරක්ෂණ කලාප ලෙස ගැසට් කිරීමේ හැකියාව පිළිබඳනීති උපදෙස් ලබාගැනීමට ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

    සින්නක්කර ඔප්පු සහිත ඉඩමක වුව ද පාරිසරික බලපෑම් ඇතිකරන්නේ නම් එහි ගොඩකිරීම් සහ ඉදිකිරීම් සඳහා ඉඩදිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිතුමා මෙම කි‍්‍රයා පිටුපස දේශපාලන බලවේග තිබේනම් ඒවාට එරෙහිව ද නොපැකිළිව කටයුතු කරන බව කියා සිටියේය.

    මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ සිදුකෙරෙන පරිසර විනාශයන් මැඩලීම සඳහා එම ප‍්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහ ප‍්‍රවේශ මාර්ගවලට මාර්ග බාධක යෙදවීමට ද ජනාධිපතිතුමා මෙහිදී පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේය.

    මෙම ප‍්‍රදේශය තුළ සිදුකෙරෙන ගොඩකිරීම් සඳහා පස් ලබාදෙන ස්ථානවලට භූ විද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශය මගින් බලපත‍්‍ර නිකුත්කර තිබේනම් ඒවා ද වහාම අවලංගු කිරීමට ජනාධිපතිතුමා මෙහිදී නියෝග කරන ලදී.

    පර්චසය රුපියල් 500/- ඉඩම් ගණුදෙනුව සොයන්න ජනපති මුතුරාජවෙල යයි..!

    මුතුරාජවෙල අභයභුමියට අයත් පර්චස් 65102 ක ප්‍රමාණයක් පර්චසය රුපියල් 500/- ගණනේ පෞද්ගලික ආයතනයකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියේ අද (22) පෙරවරුවේ ජා ඇල, දැලතුර, තාරකුලිය ප්‍රදේශයට පැමිණ ඇත.

    ඉන්පසු ජනාධිපතිවරයා රාජ්‍ය අංශ නිලධාරීන් සහ පරිසරවේදීන් සමඟ කෙටි සාකච්ඡාවක ද නිරතවී ඇතැයි පැවසේ.

    මුතුරාජවෙල මෙම භුමි පැවරුම සිදුකොට ඇත්තේ සපුරාම නීතිවිරෝධී ආකාරයට බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් පෙන්වා‍දෙන ලදුව ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය ඒ පිළිබඳව යොමුව තිබේ. නමුත් තතු දත් ආරංචි මාර්ග පවසනුයේ මෙම ඉඩම් පැවරීමට ආණ්ඩුවේ ප්‍රබලතමයන් කිහිප දෙනෙකුගේ සෘජු සම්බන්ධතාවයක් ඇති බවය.

    ප්‍රසංග පෙරේරා – ජා ඇල

     


  • දිනෙන් දින සමාජයේ විශ්වාසය දිනාගනිමින් ශක්තිමත් වෙන අපේ රටේ නීතිය..! විග්‍රහය මෙන්න….

    දිනෙන් දින සමාජයේ විශ්වාසය දිනාගනිමින් ශක්තිමත් වෙන අපේ රටේ නීතිය..! විග්‍රහය මෙන්න….

    පුද්ගලයෙකුට පහරදී අධිකරණයෙන් කට්ටි පැන්න ප්‍රසන්නට ඇප..!

    පුද්ගලයකුට පහරදීමේ සිද්ධියකට අදාළව අධිකරණය මගහරිමින් සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරමහතා ඇප මත මුදාහරින ලෙස මහර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කර තිබේ.

    මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කැලණිය ප්‍රාදේශීය සභාවට නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 20 වැනිදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

    රුපියල් මිලියන 12ක් අවභාවිත කළ සරත් කුමාර ගුණරත්නට රට යන්න අවසර..!

    මීගමු කළපු සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන්කළ රුපියල් මිලියන 12කට ආසන්න මුදලක් පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා යොදාගැනීමේ සිද්ධියේ චූදිතයෙකු වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාට විදෙස් ගත වීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) අවසර ලබාදී තිබේ.

    අදාළ නඩුවේ පස්වෙනි සැකකරු වන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මේ මස 23 වැනිදා සිට ලබන මස 25 වැනිදා දක්වා විදේශ ගතවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා මෙසේ අවසර ලබාදී ඇත.

    සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනාට එරෙහිව මේ වනවිට කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවර ඇති බව නඩුව අද කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාවරණය කර තිබේ.

    ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, මහාධිකරණයෙන් නොතීසි ලද විගස මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට අවවාද කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව අවසන් කිරීමටෙද තීරණය කර ඇත.

  • පැත්ත පලාතක එන්න එපා –  නාමල් බේබිට ඇමරිකා තහනමක්…. ඇත්ත කතාව මෙන්න….

    පැත්ත පලාතක එන්න එපා – නාමල් බේබිට ඇමරිකා තහනමක්…. ඇත්ත කතාව මෙන්න….

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුසියාවේ සිට ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට සූදානම් වන විට ඔහුට ඇමරිකාවට ඇතුල්වීමට තහනම් බව එක්සත් ජනපද නිලධාරීන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුසියාවට ගොස් සිටියේ එරට පැවති ජනාධිපතිවරණයේ ස්වාධීන නිරීක්ෂකයකු ලෙසින් වන අතර එම කටයුතු අවසන් කර ඇමරිකාවේ හුස්ටන් බලා පිටත්ව යන යානයකින් ගමන් පහසුකම් සලසා ගන්නට යන අතරවාරයේ එක්සත් ජනපද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ දැනුම්දීම සිදුකොට ඇත.

    නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කාර්යාලය උපුටා දක්වමින් මේ සම්බන්ධව වාර්තා කරන වෙබ් අඩවියක් සඳහන් කර සිටින්නේ එක්සත් ජනපද නිලධාරීන් කිසිඳු දැනුම්දීමකින් තොරව මෙම තීරණය ගෙන ඇති බව සහ නාමල් රාජපක්ෂ සතුව වලංගු වීසා බලපත්‍රද තිබූ බවය.

    මේ සම්බන්ධව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය twitter ගිනුමේ ද සටහනක් තබා ඇත.