Category: සුපිරි World

  • ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ අළුයට ගිනි !

    ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ අළුයට ගිනි !

    ඇමරිකා එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ල අසල කැරලි කෝලාහල ඇතිකිරීම සඳහා පෙළඹවීම් කළ බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඔහු පිළිබඳව විනිශ්චයක් දීමට එරට නීති සම්පාදකයෝ කටයුතු කරමින් සිටිති.

    ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුට දෙවරක් දෝෂාභියෝගයකට මුහුණ දෙන්නට සිදුවූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තාගත වේ.

    රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරු මෙම දෝෂාභියෝගය ගෙන ඒම සඳහා සිය ඡන්දය භාවිත කර ඇත.

    ඒ සඳහා ඉදිරිපත් කළ ලියවිල්ලේ සඳහන් වන්නේ, පසුගියදා පැවති ජනාධිපතිවරණයේ දී වංචා හා දුෂණ සිදුවූ බවට සාවද්‍ය චෝදනා ඉදිරිපත් කරමින්, කොංග්‍රස් සභාවට කඩාවැදීම සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් ජනවාරි 6වැනිදා තම ආධාරකරුවන් පොළඹවනු ලැබූ බවය.

    එම චෝදනාවට හිටපු ජනාධිපතිවරයා වැරදිකරු ද නැතහොත් එම චෝදනාවලින් ඔහු නිදහස් කරන්නේද යන්න තීරණය කිරීම සඳහා ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාව දැන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    මෙය ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ දෙයකි; ජනාධිපතිවරයෙකු තම ධූර කාලය නිමා කිරීමෙන් පසුව ඔවුන් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටය.

    ඉතින්, කුමක් සිදු වේවිද?

    President Donald Trump listens as the Emir of Kuwait Sheikh Sabah Al Ahmad Al Sabah speaks during a news conference in the East Room of the White House, Thursday, Sept. 7, 2017, in Washington. (AP Photo/Evan Vucci)

    පරීක්ෂණය සිදුවන්නේ කෙසේද?

    සෙනෙට් සභාව තුළ සිදුකෙරෙන පරීක්ෂණය දේශපාලනික ය.

    ඉදිරිපත් වී ඇති චෝදනාවට ට්‍රම්ප් වැරදිකරු ද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණයෙන් අනතුරුව සෙනෙට් සභිකයන් අතර ඡන්ද විමසීමක් පැවැත්වේ.

    ට්‍රම්ප් වැරදිකරු කිරීමට නම් සෙනෙට් සභාවේ තුනෙන් දෙකක බහුතරය අවශ්‍යවේ. සෙනෙට් සභාව සභිකයන් 100 දෙනෙකුගෙන් සමන්විතය.

    ට්‍රම්ප් වැරදිකරු බවට පත්වුනහොත් ඔහුට ජීවිතාන්තය දක්වා දේශපාලනයේ යෙදීම තහනම් කිරීමට සෙනෙට් සභාවට බලය තිබේ.

    Getty Images

    සිදුවන්නේ කුමක්ද? කවදා ද?

    ට්‍රම්ප් මේවනවිට පදවියේ නොමැති හෙයින් මෙම පරීක්ෂණය ව්‍යවස්ථාවට අනුකූලදැයි තීරණය කිරීම සඳහා අඟහරුවාදා විවාදයක් පැවැත්වුණි. එම විවාදයෙන් අනතුරුව පැවැත්වුණු ඡන්ද විමසීමෙන් තීරණය වූයේ එය ව්‍යවස්ථා විරෝධී නොවන අතර පරීක්ෂණය පැවැත්විය යුතු බවය.

    මෙම පරීක්ෂණය සඳහා සාක්ෂිකරුවන් කැඳවිය හැකිද යන්න තීරණය කිරීමට ද සෙනෙට් සභිකයන් අතර ඡන්දයක් විමසනු ඇත.

    කෙසේ වෙතත් මෙම පරීක්ෂණය සඳහා කෙතරම් කාලයක් ගතවේද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් නොමැත. හැකි ඉක්මණින් පරීක්ෂණය නිමා කිරීම සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ අවශ්‍යතාවයයි.

    ඊට හේතුව, නව ජනාධිපති ජෝ බයිඩන් විසින් ඉදිරිපත් කරනු ලබන කොවිඩ් 19 සහන සැලැස්ම නීතිගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු කෙරෙහි අවධානය කඩිනමින් යොමු කිරීමට අවශ්‍ය බැවිනි.

    පැමිණිල්ලේ තර්කය කුමක්ද?

    ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ සිදු වූ කෝලාහලවලට හිටපු ජනාධිපති ට්‍රම්ප් “පෞද්ගලිකව වගකිව යුතු” අතර ඔහු වරදකරු කළ යුතු බවය.

    ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දිගින් දිගටම පිළිනොගැනීම මගින්, “තමන් විසින් ආරක්ෂා කරනු ලබන බවට කලින් දිවුරා පොරොන්දු වී ඇති ජනරජයට එරෙහිව, කෝලාහල ඇතිකිරීමට මග පාදා” ඇති බව ඔවුහු පවසති.

    ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශයන් මගින් ජනවාරි 6වැනිදා පැවති “අනවසර රැළිය, කලහකාරී කැරැල්ලක්” බවට පත් කෙරුණු බවට ඔවුහු තර්ක කරති.

    මෙම රැලිය “ට්‍රම්ප් ගේ ගිනි පුපුරකින් ප්‍රචණ්ඩකාරී වීම සඳහා කල්තියා සංවිධානය කර තිබූ දෙයක්” බව තහවුරු කිරීමට, “රැලියේ වීඩියෝ පට සහ ට්‍රම්ප් ගේ මුවින් පිටවූ වදන් ඔවුහු යොදා ගනිති.

    “සාක්ෂි ඉතා පැහැදිලියි. ජනාධිපතිවරණයේ තීන්දුව වෙනස් කරන්නට දැරූ අනෙකුත් සියලු උත්සාහයන් අසාර්ථක වූ විට කැපිටල් ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා උල්පන්දම් දී” ඇතැයි පැමිණිලිකරුවන් ලියා ඇත.

    ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ තර්කය වී ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේවනවිට ජනාධිපති තනතුරේ නොසිටින නමුත් “ඔහු තනතුරට පත්වූ පළමු දිනයේ පටන් අවසාන දිනය දක්වා පැවති තම කල්ක්‍රියාව පිළිබඳව ඔහු විස්තරාත්මකව පිළිතුරු සැපයිය යුතු” බවය.

    ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට එරෙහිව ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ වීදි බැස සිටියහ
    ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට එරෙහිව ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ වීදි බැස සිටියහ

    ට්‍රම්ප්, මින් ඉදිරියට දේශපාලනය කිරීම සඳහා නුසුදුස්සෙකු ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස පැමිණිලිකරුවෝ ඉල්ලා සිටිති.

    ට්‍රම්ප්ගේ විත්තිවාචකය කුමක්ද?

    පරීක්ෂණය ආරම්භවීමට ප්‍රථම ට්‍රම්ප්ගේ නීතිවේදීන් ප්‍රකාශ කළේ දෝෂාභියෝගය සඳහා ගෙන ආ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවය. තම ආධාරකරුවන් කොංග්‍රස් සභාවට කඩා වැදුණේ ඔවුන්ගේ ම අභිමතය පරිදි බව විත්තියේ නීතිවේදීහු පැවසුහ.

    කෝලාහලයට පෙර ට්‍රම්ප් කළ ප්‍රකාශයන් පෙළඹවීමක් බවට පත්නොවූ බව ඔවුන්ගේ තර්කයයි.

    “සටන් කරන්න” (fight) යන වචනය භාවිත කරමින් හිටපු ජනාධිපතිවරයා කළ ඉල්ලීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අදහස් නොකළ බව ට්‍රම්ප්ගේ නීතිවේදීහු පැවසූහ.

    ඔවුන් තවදුරටත් පවසන්නේ “කොලාහලයකට පෙළඹවීමක්” ලෙස මෙම ප්‍රකාශය පමණක් මතුකර දක්වන්නේ සමස්තයක් වශයෙන් ට්‍රම්ප්ගේ කතාවේ ඇති අනෙකුත් ප්‍රකාශයන් නොසලකා හැරීමට බවය. ට්‍රම්ප් සිය ආධාරකරුවන් අමතමින් සිදු කළ කතාවේ දී “සාමකාමීව ඔබේ හඬ ඇසෙන්නට සලස්වන්න” යනුවෙන් ඉල්ලීම් කළ බව ද ඔවුහු පෙන්වා දුන්හ.

    මෙම නීතිවේදීහු තවදුරටත් කියා සිටියේ මෙම කෝලාහලය දින ගණනකට කලින් සැලසුම් කළ දෙයක් බව FBI වාර්තාවල සඳහන් වන බවය.

    ට්‍රම්ප්ට එරෙහිව ගෙන එන මෙම පරීක්ෂණය ව්‍යවස්ථාවට එකඟ නොවන බව ද, ඔවුහු තවත් නීතිමය කරුණක් ලෙස ගෙන හැර දක්වති.

    ඔවුන් තර්ක කරන්නේ, ට්‍රම්ප් මේවන විටත් සාමාන්‍ය පුරවැසියෙක් පමණක් වන හෙයින් තවදුරටත් ඔහු තනතුරින් පහකිරීමක් සිදු කළ නොහැකි බවය.

    මෙය “දේශපාලන විරුද්ධවාදීන් නිහඬ කරවීම සඳහා රඟ දැක්වෙන දේශපාලන නාටකයක් සහ නිර්ලජ්ජිත දේශපාලන ක්‍රියාවක්” ලෙසට ට්‍රම්ප්ගේ නීතිවේදීහු හඳුන්වති.

    Trump supporters outside the Capitol

    ට්‍රම්ප් ගිය පසු මෙය කළ හැකිද?

    මීට පෙර කිසිදා මෙවැන්නක් සිදුවී නොමැත. එම නිසා මෙය මීට පෙර අත්හදා බැලූ දෙයක් නොවේ. ඇමරිකානු ව්‍යවස්ථාවේ ද එවැන්නක් සඳහන් වී නැත.

    රිචර්ඩ් නික්සන් 1974 දී ජනාධිපති තනතුර අතහැර දැමීමෙන් පසුව ඔහුට එරෙහිව පැවැත්වුණු දෝෂාභියෝග ක්‍රියාදාමය නතර විය.

    එම නිසා මෙය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ට්‍රම්ප්ට හැකියාවක් තිබේ.

    පහළ තනතුරු දැරූ ඇතැම් නිලධාරීන් කීපදෙනෙකු නම් ඔවුන් තනතුරින් ඉවත්වීමෙන් අනතුරුව දෝෂාභියෝග ගෙනැවිත් වරදකරුවන් කළ අවස්ථා තිබේ.

    සාක්ෂි දීමට ට්‍රම්ප් පැමිණේවි ද?

    ඇත්ත වශයෙන් ම පැමිණිලිකරුවන්ට අවශ්‍ය වී ඇත්තේ ද එයයි. තමන් කැමති ස්ථානයක දී දෙපාර්ශවයම එකඟ වන දිනයක හා වේලාවක සාක්ෂි ලබාදීම සඳහා ඉදිරිපත්වන ලෙස ආරාධනා කරමින් පසුගිය සතියේ දී ලිපියක් යවා ඇත.

    ට්‍රම්ප් නිශ්ශබ්ද වන්නේ නම්, චෝදනා සත්‍ය බවට ඔප්පු කිරීමට එයද සාධකයක් වනු ඇති බවට අභිචෝදකයන් ඇඟවීමක් කර තිබේ.

    කෙසේ නමුත්, මෙම ඉල්ලීම සිදුකර පැය කිහිපයක් ඇතුළත ට්‍රම්ප්ගේ නීතිඥවරු එය ප්‍රතික්ෂේප කර තිබුණි.

    සාක්ෂි ලබා දීම සඳහා ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් නොවන බව ට්‍රම්ප්ගේ නීතිවේදීන් පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. ට්‍රම්ප් ට සිතාසි යැවීමට අභිචෝදකයන්ට බලය තිබේ. නමුත් එය බොහෝ විට සිදු නොවනු ඇති දෙයක් ලෙස සැලකේ.

    මෙම පරීක්ෂණයට හවුල්වන්නේ කවුරුන් ද?

    President Trump
    ඩොනල්ඩ් ට්‍රම්ප්: කැපිටල් ගොඩනැගිල්ලට ආධාරකරුවන් කඩා වැදීමෙන් අනතුරුව ජාතිය අමතමින්

    ට්‍රම්ප් ට එරෙහිව ගෙන ආ පළමු දෝෂාභියෝගයට අදාළ පරීක්ෂණය සිදුකෙරුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබර්ට්ස් ගේ ප්‍රධානත්වයෙනි. නමුත් නැවතත් ඔහු එසේ නොකරනු ඇත.

    සෙනෙට් සභික පැට්‍රික් ලීහයි මෙවර මූලාසනය දරනු ඇත.

    තවත් සෙනෙට් සභිකයන් නව දෙනෙකු පරීක්ෂකවරු වශයෙන් කටයුතු කරනු ඇත.

    ට්‍රම්ප් වෙනුවෙන් බලයලත් නියෝජිතයන් දෙදෙනෙකු ඉදිරිපත් වනු ඇත.

    තම නීතිඥ කණ්ඩායමට තවත් කීපදෙනෙකු ට්‍රම්ප් විසින් පත් කරනු ලැබේවිදැයි තවමත් පැහැදිලි නැත.

    සෙනෙට් සභිකයන් සිය දෙනාම ජූරි සභිකයන් ලෙස කටයුතු කිරීම සඳහා දිවුරුම් දී තිබේ.

    සෙනෙට් සභාව තුළ ට්‍රම්ප් වැරදිකරු කළ හැකිද?

    සෙනෙට් සභාවේ ආසන සියය අතරින් ඩිමොක්‍රටික් සභිකයන් සිටින්නේ අඩක් පමණි. එම නිසා තමන්ගේම පක්ෂයේ කෙනෙකුට එරෙහිව ඡන්දය පාවිච්චි කරන රිපබ්ලිකන් පාක්ෂික සභිකයන් 17 දෙනෙකු ද සිටිය යුතුය.

    ප්‍රසිද්ධියේ ට්‍රම්ප් ට හිතවාදී ලෙස කටයුතු කරන පක්ෂයක එවැන්නක් සිදුවීම අසීරු දෙයකි.

    නමුත් මෙම දෝෂාභියෝගය පරීක්ෂාවට ලක් කළ යුතු බවට රිපබ්ලිකන් සභිකයන් 10 දෙනෙකු සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණි. එමෙන්ම තමන් විවෘතව සිටින බවට රිපබ්ලිකන් සභිකයන් අතලොස්සක් ඉඟි කර තිබේ.

    කෙසේ නමුත්, මෙම පරීක්ෂණය අත්හිටවිය යුතු බවට රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභිකයන් 50 දෙනාගෙන් 45 දෙනෙකු පසුගිය සතියේ ඡන්දය පාවිච්චි කර තිබුණි.

    වැරදිකරු වුවහොත් යළිත් ජනාධිපතිකමට තරග කළ හැකිද?

    ට්‍රම්ප් වැරදිකරු වුවහොත් ඔහු නැවත තරඟ කිරීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කිරීමට නම් සෙනෙට් සභාව තුළ තවත් ඡන්ද විමසීමක් කළ යුතුය. 2024 දී තමන් නැවතත් ජනාධිපතිධුරයට තරඟ කරන බව ට්‍රම්ප් ඉඟිකර ඇත.

    මෙම දෝෂාභියෝගයේ විශාලතම ප්‍රතිවිපාකය මෙය විය හැකිය.

    එක්සත් ජනපදය තුළ කිසිදු ආකාරයක “ගරුකටයුතු කාර්යාලයක්, භාරකාර මණ්ඩලයක් හෝ ලාභ ලබන කාර්යාලයක්” පවත්වාගෙන යාම තහනම් කිරීම සඳහා අවශ්‍ය වන්නේ සෙනෙට් සභාවේ සරල බහුතරයක් පමණි.

    එබැවින්, ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නැවත දේශපාලන බලයක් ලබා ගැනීමේ සිහිනය කඩා බිඳ දැමීමට සෙනෙට් සභිකයන් 50 දෙනෙකුට අමතරව උප ජනාධිපතිනි කමලා හැරිස්ගේ ඡන්දය පමණක් ප්‍රමාණවත් වනු ඇත.

    ට්‍රම්ප් පක්ෂයෙන් ඉවත්කර ගැනීමට පවතින මෙම අවස්ථාවට, මීළඟට තරග කිරීමේ අපේක්ෂාව පවතින රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ ද හිත ඇදී යා හැකිය.

    ට්‍රම්ප්ට හිමි දීමනාවලට සිදුවන්නේ කුමක්ද?

    හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබෙන දීමනා ට්‍රම්ප් ට අහිමි වීම පිළිබඳව ද කතාබහක් ඇතිවී තිබේ. හිටපු ජනාධිපතිවරුන් පිළිබඳව 1958 දී සම්මත වූ පනත ප්‍රකාරව ඔවුනට විශ්‍රාම වැටුපක්, සෞඛ්‍ය රක්ෂණාවරණයක් සහ බදු ගෙවන්නන්ගේ මුදලින් ජීවිතාන්තය දක්වා ආරක්ෂකයන් සැපයීම වැනි සහන හිමිවේ.

    නමුත් ට්‍රම්ප් තනතුරින් ඉවත්වීමෙන් අනතුරුව මෙම පරීක්ෂණය පැවැත්වෙන බැවින් එම දීමනා එලෙසම පැවතීමට ඉඩ තිබේ.

    ඔහුට එරෙහි පළමු දෝෂාභියෝගය කුමක්ද?

    පළමු දෝෂාභියෝගය ඉදිරිපත් වූයේ යුක්රේනය සමඟ කෙරුණු බව කියන ගනුදෙනුවක් අරභයා ය. තමන් කිසිදු වරදක් නොකළ බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

    ජෝ බයිඩන්ට (වත්මන් ජනපති) සහ ඔහුගේ පුත්‍රයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස යුක්රේනයේ නායකයාට බලපෑම් කළ බවට එවක ජනපති පදවියේ සිටි ට්‍රම්ප් ට චෝදනා එල්ල විය.

    පහළ මන්ත්‍රී මණ්ඩලයෙන් දෝෂාභියෝගය සම්මත වී ට්‍රම්ප් වැරදිකරු බවට සම්මත වුවත් එවක රිපබ්ලිකන් පක්ෂය සතුව බලය පැවති සෙනෙට් සභාවෙන් ට්‍රම්ප් නිදොස් කෙරුණි.

    Text by bbc sandesaya

  • ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ඉදිරියට

    ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ඉදිරියට

    හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය ව්‍යවස්ථානුකූල බව එක්සත් ජනපද සෙනෙට් සභාව පිළිගෙන ඇති අතර එමඟින් සම්පූර්ණ කටයුතු ආරම්භ කිරීමට ඉඩ ලබා දී තිබෙනවා.

    මේ අතර ට්‍රම්ප්ගේ ආරක්ෂක කණ්ඩායම තර්ක කළේ ධවල මන්දිරයෙන් ඉවත්වීමෙන් පසු ඔහුට නඩු විභාගයකට මුහුණ දිය නොහැකි බවයි.

    එහෙත් 56-44 ක බහුතරයක් දෝෂාභියෝගය ඉදිරියට යාමට පක්ෂව ඡන්දය දුන් අතර රිපබ්ලිකානුවන් හය දෙනෙක් මෙම පියවරට සහාය දැක්වූවා.

    පසුගිය මාසයේදී කොන්ග්‍රසය කඩාකප්පල් කළ අවස්ථාවේදී “කැරැල්ලට පොළඹවන” බවට ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබෙනවා.

    මෙම නඩුව විභාග කරන ඩිමොක්‍රටිකයින් පසුගිය අඟහරුවාදා නඩු විභාගය ආරම්භ කළේ ට්‍රම්ප් මහතාගේ ජනවාරි 6 වන දින කථාවේ වීඩියෝ පටයක් සහ ඔහුගේ ආධාරකරුවන් කිහිප දෙනෙකුගේ මාරාන්තික කෝලාහල පෙන්වීමෙන් පසුවයි.

    “එය ඉහළ අපරාධයක් සහ වැරදි ක්‍රියාවක්” යැයි මේරිලන්ඩ් හි නියෝජිත ජේමි රස්කින් පැවසුවා.

     “එය දෝෂාරෝපණය කළ නොහැකි වරදක් නම්, එවැනි දෙයක් තවත් නැත‘ ඔහු අවධාරණය කළා.

    හිටපු ජනාධිපතිවරයකුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරියට ගෙන යාම ව්‍යවස්ථා විරෝධී යැයි හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයින් තර්ක කළ අතර ඩිමොක්‍රටිකයින් දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූ බවට චෝදනා කළා.

    56-44 භේදය යනු නඩු විභාගය ඉදිරියට ගෙන යාම සඳහා රිපබ්ලිකානුවන් හය දෙනෙකු ඩිමොක්‍රටිකයින් සමඟ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක්වීමයි.

    මෙය කිසියම් ද්වි පාර්ශවීයත්වයක් පෙන්නුම් කළද, මෙම ප්‍රතිඵලයෙන් ඇඟවෙන්නේ ඔහුගේ පක්ෂයේ හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාතී වීම වරදකරුවෙකු වීම වළක්වා ගැනීමට තරම් ඉහළ මට්ටමක පවතින බවයි.

    ආසන 100 කින් යුත් සෙනෙට් සභාවේදී ට්‍රම්ප් වරදකරු කිරීම සඳහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍යයි.

    වරදකරු වුවහොත් ට්‍රම්ප් මහතාට නැවත ධුරය දැරීම තහනම් කළ හැකියි.

    ට්‍රම්ප් ගැති විරෝධතාකරුවන් 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය සහතික කිරීම සඳහා තරඟ කිරීම සඳහා රැලියක් අතරතුරදී පොලීසිය සමඟ ඇති වූ ගැටුම් අතරතුර එක්සත් ජනපද කැපිටල් වෙත කඩා වැදුණි.
    කැරලි කරුවන්ගෙන් තම කාර්යාලයේ මේසයක් යට සැඟවීමට පවුලේ සාමාජිකයින්ට බල කළ ආකාරය නීති සම්පාදකයා විස්තර කළේය

    බී.බී.සී. ඇසුරිණි – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ‘ලෝකයේ වයස්ගතම කාන්තාව’ Covid ආසාදනය වී සුවය ලබයි !

    ‘ලෝකයේ වයස්ගතම කාන්තාව’ Covid ආසාදනය වී සුවය ලබයි !

    කොවිඩ්-19 වසංගතය වැඩිහිටියන්ට, විශේෂයෙන් ජීවිතයේ සැදෑ සමය ගතකරන අයට මාරාන්තික බව අපි කවුරුත් දන්නවා. මේ දක්වා ලංකාව ද ඇතුළත්ව කොවිඩ්-19 ආසාදනය වීමෙන් මියගිය බහුතරය ඉතාම වැඩිමහළු පුද්ගලයින්.

    මෙවැනි තත්ත්වයක් තිබියදී අද (10) ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන අවධානයක් දිනාගත් පුවතක් බවට ප්‍රංශ ජාතික කන්‍යා සොයුරියක් පත් වුණා. යුරෝපයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන, 117 වැනි වියේ පසුවන ලුසීල් රැන්ඩන් කන්‍යා සොයුරිය කොවිඩ් 19 ආසාදනය වීමෙන් පසු දිවි ගළවා ගෙන තිබෙනවා. එය ඇයගේ 117ක් වැනි උපන් දිනයට දින කිහිපයකට පෙර වීම තවත් විශේෂත්වයක්.

    1944 දී සහෝදරී ඇන්ඩ්‍රේගේ නම ගත් ලුසීල් රැන්ඩන් කන්‍යා සොයුරියට ජනවාරි 16 වන දින කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ නමුත් කිසිදු රෝග ලක්ෂණයක් දක්නට ලැබුණේ නැහැ.

    ඇය ප්‍රාදේශීය මාධ්‍යයට පැවසුවේ “ මා හට කොවිඩ් ආසාදනය වී ඇති බව මා දැන සිටියේ නැහැ” කියයි.

    ඇය දකුණු ප්‍රංශයේ ටූලෝන් හි පිහිටි සිය විශ්‍රාමික නිවසේ වෙනත් පදිංචිකරුවන්ගෙන් වෙන්ව හුදෙකලා වූ නමුත් දැන් එය සම්පූර්ණ සුවය ලබා සිටිනවා.

    අන්ධව රෝද පුටුවක් භාවිතා කරන සහෝදරී ඇන්ඩ්‍රේ ලබන බ්‍රහස්පතින්දා සිය 117 වැනි උපන්දිනය සැමරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

    “ඇය ඉතා වාසනාවන්තයි,” සාන්ත කැතරින් ලේබර් විශ්‍රාමික නිවාසයේ ප්‍රකාශක ඩේවිඩ් ටවෙලා පැවසුවා.

    ඔහු වර් මැටින් පුවත්පතට මෙසේ පැවසුවා: “ඇය මගෙන් ඇසුවේ ඇගේ සෞඛ්‍යය ගැන නොව ඇගේ පුරුදු ගැන යි. නිදසුනක් වශයෙන්, ඇය ආහාර ගන්නා හෝ නින්දට යන කාලසටහන් වෙනස් වේ දැයි දැන ගැනීමට ඇයට අවශ්‍ය වුණා. ඇය රෝගයට බියක් දැක්වූයේ නැහැ. අනෙක් අතට ඇය අනෙක් නිවැසියන් ගැන බෙහෙවින් සැලකිලිමත් වුණා”

    සහෝදරී ඇන්ඩ්‍රේ 1904 පෙබරවාරි 11 වන දින උපත ලැබුවා. යුරෝපයේ වයස්ගතම තැනැත්තිය මෙන්ම ඇය ලෝකයේ දෙවන වයස්ගතම තැනැත්තියද බව (ප්‍රවේණි විද්‍යා පර්යේෂණ කණ්ඩායමේ (ජීආර්ජී) ලෝක සුපර්සෙන්ටේරියන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට අනුව) සදහන් වෙනවා.

    ප්‍රංශ ගුවන් විදුලිය ‘ඔබට කෝවිඩ් වලට බය දැයි ? ඇසූ විට සහෝදරී ඇන්ඩ්‍රේ පැවසුවේ “නෑ, මම බය වුණේ නැහැ, මොකද මම මැරෙන්න බය වුණේ නැහැ‘ කියලයි.

    “ඔබ සමඟ සිටීම ගැන මම සතුටු වෙනවා. නමුත් මම වෙනත් තැනක සිටීමට කැමැතියි. ඒ මගේ ලොකු සහෝදරයා හා මගේ සීයා සහ මගේ ආච්චි සමඟ එක්වීමටයි”

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ඉන්දියාවේ ජනමාධ්‍ය දඩයම ජයටම – මාධ්‍ය කුක්කෝ මෝදිගේ ඔඩොක්කුවේ !

    ඉන්දියාවේ ජනමාධ්‍ය දඩයම ජයටම – මාධ්‍ය කුක්කෝ මෝදිගේ ඔඩොක්කුවේ !

    ඉන්දියාව මාධ්‍යවේදීන්ට අනාරක්‍ෂිත බව බොහෝ දෙනා ගේ විශ්වාසයයි. භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ගීතා සෙස්හූ සංවිධානය පවසන පරිදි 2020 වසර තුළ මාධ්‍යවේදීන් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 200කට අධික පිරිසක් පහරකෑමට ලක්වී තිබේ.

    මාධ්‍යවේදීන්ට අපායක් බවට පත් රටවල් අතරට ඉන්දියාවත්

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි 2014 දී දිව්රුම් දීමෙන් මාසයකට පසුව පැවසුවේ “අදහස් ප්‍රකාශ කිරීමේ හෝ භාෂණයේ නිදහස සහතික කිරීමට නොහැකි වුවහොත්” ප්‍රජාතන්ත්‍රවාදය නොපවතින බවය.

    වසර හයක් ඇවෑමෙන්, ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය හීන වී ඇති බවක් පෙනෙන්නට ඇත්තේ මාධ්‍ය නිදහසට නිරන්තර ප්‍රහාරයන් දියත් වීම හේතුවෙන් බව බොහෝ දෙනා පවසති.

    පසුගිය වසරේදී, මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකයේ පියවර දෙකක් පහළට ඉන්දියාව වැටුණි. රටවල් 180ක් අතරින් ඉන්දියාවට ලැබුණේ 142වැනි ස්ථානයයි. මෙම දර්ශකය වාර්ෂිකව සකස් කරනු ලබන්නේ Reporters Without Borders නමැති සංවිධානය විසිනි.

    ආසන්නතම මාධ්‍ය ප්‍රහාරය දියත් වූයේ ඉන්දියාවේ ගොවීන් වීදි බැසීමෙන් අනතුරුව ඇතිවූ ප්‍රචණ්ඩකාරී වාතාවරණයත් සමඟය. එක් උද්ඝෝෂකයෙකු මරණයට පත් විය. පොලිස් භටයන් 500කට අධික පිරිසක් තුවාල ලැබූහ.

    දැන්, මාධ්‍යවේදීන් අට දෙනෙකුට එරෙහිව ඉන්දීය පොලිසිය චෝදනා ගොනුකර ඇත. ඔවුන් දිල්ලියේ පැවති ගොවි උද්ඝෝෂණය වාර්තා කළ මාධ්‍යවේදීන්ය. රාජද්‍රෝහී වීම සහ ජාතික එකාග්‍රතාවයට සතුරු වෙමින් ප්‍රකාශන නිකුත්කිරීම එකී චෝදනා අතර වේ.

    ජනවාරි 26 වැනිදා පැවති විරෝධතාවයේ දී මරණය සිදුවූයේ කෙසේද යන්න විවාදාපන්න ය. පොලිසිය පවසන්නේ එම පුද්ගලයා පදවාගෙන පැමිණි ට්‍රැක්ටරය පෙරැළීමෙන් ඔහු මරණයට පත්වී ඇති බවය. නමුත් මිය ගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් පවසා ඇත්තේ ඔහුට වෙඩි තබා ඇති බවය.

    මරණයට පත්වූ පුද්ගලයාගේ පවුලේ උදවිය පවසන දේ මාධ්‍ය කීපයක වාර්තා කිරීමෙන් අනතුරුව ඉහත කී චෝදනා ගොනුකර ඇති බව පෙනෙන්නට තිබේ.

    AFP

    ඇතැම් මාධ්‍යවේදීන් මෙය වාර්තාකිරීමේ යෙදී සිටියදී තවත් පිරිසක් සිදු කළේ එම වාර්තා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීම පමණි.

    ඔවුන්ගෙන් හය දෙනෙකු ම විරුද්ධ පක්ෂය වන කොන්ග්‍රස් පක්‍ෂයේ ප්‍රධාන පෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය. සිදු වූ මරණය පිළිබඳව “සාවද්‍ය තොරතුරු වාර්තා කිරීම” යන චෝදනාව යටතේ – පාලක පක්ෂය බලය අත්පත් කරගෙන සිටින ප්‍රාන්ත හතරක – ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.

    “පශ්චාත් මරණ පරීක්ෂණය හෝ මියයාමට හේතුව පිළිබඳව පවුලේ ඥාතීන් ප්‍රශ්න කරන අවස්ථාවක දී ඔවුන්ගේ ප්‍රකාශයක් වාර්තා කිරීම අපරාධයක් බවට පත්වෙලා.” The Wire මාධ්‍ය ආයතනයේ ප්‍රධාන සංස්කාරක සිද්ධාර්ත් වරදරාජන් පැවසීය. ඔහුට එරෙහිව ද චෝදනා ගොනු වී තිබේ.

    මාධ්‍ය සගයන් මෙන්ම හිමිකම් සංවිධාන ද මේ පිළිබඳව කෝප වී සිටිති.

    “මෙම විරෝධතාවයට ආණ්ඩුවේ අධිකාරීන් ගේ ප්‍රතිචාරය ඉලක්කගත වෙලා තියෙන්නේ සාමකාමී විරෝධතාකරුවන්ට අවමන් කිරීම, රජය විවේචනය කරන්නන්ට හිරිහැර කිරීම සහ අදාළ සිදුවීම් මාධ්‍යයට වාර්තා කරන්නන්ට එරෙහිව නඩු දැමීම යන කරුණුවලට.” හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ දකුණු ආසියාව භාර අධ්‍යක්ෂිකා, මීනක්‍ෂි ගංගුලි මා සමඟ පැවසුවාය.

    පොලිසිය විසින් නඩු පවරනු ලැබීම ඉන්දීය සංස්කාරකවරුන්ගේ සංගමය හඳුන්වනු ලැබුවේ “මාධ්‍යය බියගැන්වීමට, හිරිහැර කිරීමට, අයුතු බලපෑම් කිරීමට සහ මැඩපැවැත්වීමට උත්සාහ කිරීමක්” වශයෙනි.

    Getty Images

    මෝදි ගේ ආණ්ඩුව විවේචනයට ලක් කළ Caravan මාධ්‍ය ආයතනයේ කිහිප දෙනෙකුට එරෙහිව ද නඩු පවරා ඇත.

    එහි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් තිදෙනෙකු වන ප්‍රකාශක, සංස්කාරක සහ විධායක සංස්කාරකවරයාට එරෙහිව දේශද්‍රෝහී චෝදනා දහයක් ගොනු කර තිබේ. ඊට මූලික වී ඇත්තේ උද්ඝෝෂණයේ දී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පළවූ ලිපියක් සහ ඊට අදාලව නිකුත් කළ ට්විටර් පණිවිඩ කීපයකි. මෙම මාධ්‍ය ආයතනයට වාර්තා සපයන නිදහස් මාධ්‍යවේදියෙකු උද්ඝෝෂණය වාර්තා කරමින් සිටියදී අත්අඩංගුවට ගත්තේ “අවහිර කිරීමේ” චෝදනාව යටතේය. ඔහු ඇපපිට නිදහස් කෙරුණේ දින දෙකකට පසුවය. මෙම මාධ්‍ය ආයතනයේ ට්විටර් ගිණුම පැය කීපයක් පුරා අත්හිටුවා තිබුණි.

    පසුගිය වසරේ, දැරියක දුෂණය කොට මරා දැමීමේ සිද්ධිය අරඹයා පැතිර ගිය ආගමික ගැටුම්වලින් පසුව ඒ පිළිබඳව වාර්තා කළ Caravan මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් හතර දෙනෙකුට ප්‍රහාරයක් එල්ල විය.

    “මෙහි තිබෙන්නේ ඉතා භයානක තත්වයක්. ආණ්ඩුව විවේචනය කරන්නන් ජාති ද්‍රෝහීන් ලෙස නම් කෙරෙන කාලයකයි අපි ජීවත් වෙන්නේ. බලයේ සිටින මිනිසුන් ප්‍රශ්න කිරීම අපේ රාජකාරිය.” Caravan මාධ්‍ය ආයතනයේ විධායක සංස්කාරක විනෝද් ජොසේ මා සමඟ පැවසීය.

    මාධ්‍යවේදීන්ට එරෙහිව කටයුතු කරන බවට එල්ලවන චෝදනා ඉන්දියාවේ පාලන බලය හිමි භාරතීය ජනතා පක්ෂය ප්‍රතික්‍ෂේප කරයි. ඔවුන් පවසන්නේ රජයට එරෙහිව “ප්‍රචාරාත්මක හඬක්” දියත් කෙරෙමින් පවතින බවය.

    Getty Images

    පුවත්පත්, රූපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්සේ ඕනෑම මාධ්‍යවේදියෙකුට රජය විවේචනය කරමින් නිදහසේ කතා කිරීමටත් ලිවීමටත් කිසිදු බාධාවක් නොමැති බව භාරතීය ජනතා පක්ෂයේ උප සභාපති බායිජයන්ත් පාන්ඩා මා සමඟ පැවසීය.

    ඔහු කියා සිටියේ, “මෑතකදී ඇතිවූ සිදුවීම් කීපයක්” සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට එරෙහිව පැමිණිලි කර ඇත්තේ “ප්‍රචණ්ඩත්වය ඇවිලවීමේ අරමුණින් ව්‍යාජ පුවත් බෙදා හැරීමේ යෙදුණු බවට බරපතල අපරාධ චෝදනා එල්ල වී ඇති නිසා” බවය.

    ඊට උදාහරණයක් වශයෙන් ඔහු ගෙනහැර පෑවේ, විරෝධතාකරුවන්ගේ මරණය පිළිබඳව “සාවද්‍ය ට්විටර් පණිවිඩයක්” නිකුත් කළ, ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති ජාලයක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු රාජකාරියෙන් ඉවත්කොට වැටුප අත්හිටුවා ඇති සිද්ධියකි.

    “මේක සාවද්‍ය කතාවක් බෙදාහැරීමක් පමණක් නොවෙයි, මහා පරිමාණයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලවීමට ආසන්න හැකියාවක් තිබුණු දෙයක්. මාධ්‍යවේදීන් ලෙස හැඳින්වෙන මේ අය මීට කලිනුත් සාවද්‍ය කතා ප්‍රවර්ධනය කරලා, එයින් අගතියට පත් පාර්ශව විසින් උසාවියට ගෙන යාමෙන් පසුව සමාව ඉල්ලා සිටි බවට වාර්තා තිබෙනවා.” උප සභාපති බායිජයන්ත් පාන්ඩා ප්‍රකාශ කළේය.

    රාජද්‍රෝහී නීතිය

    කෙසේ නමුත් ඇතැම් විවේචකයන් පවසන්නේ මෝදිගේ ආණ්ඩුවට හිතෛෂී ලෙස කටයුතු කරන මාධ්‍යවේදීන්, ඉන්දියාවේ සුළුතර ප්‍රජාව ඉලක්ක කොට කුපිතකරවන සුළු දේ නිතර දෙවේලේ ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවත් ඔවුනට නීතිය ක්‍රියාත්මක නොවන බවයි.

    එමෙන්ම, යටත් විජිත යුගයේ සිට පැවත එන රාජද්‍රෝහී නීතිය යොදා ගනිමින් රජයට එරෙහි පිරිස් දඩයම් කිරීම පිළිබඳව ද බොහෝ දෙනා ප්‍රශ්න කරති.

    මෝදි බලයට පැමිණීමෙන් අනතුරුව, 2014 වසරේ පටන් මේ දක්වා ආණ්ඩුව සහ දේශපාලනඥයන් විවේචනය කළ 405 දෙනෙකුට එරෙහිව රාජද්‍රෝහී නීතිය යටතේ නඩු පවරා තිබෙන බව article14 වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

    මෙම මර්දනකාරී නීතියේ හිංසනයට ලක්වූවන් අතර විපක්ෂ දේශපාලනඥයන්, ශිෂ්‍යයන්, මාධ්‍යවේදීන්, ලේඛකයන් සහ විද්වතුන් සිටිති.

    ඉන්දියාවේ මාධ්‍යවේදීන් වෙන කවරදාටත් වඩා බෙදී වෙන්වී ඇත. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන බොහොමයක් අගමැති මෝදිගේ ආණ්ඩුව විවේචනය නොකරති.

    ඉන්දියාව මාධ්‍යවේදීන්ට අනාරක්‍ෂිත බව බොහෝ දෙනා ගේ විශ්වාසයයි. භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ගීතා සෙස්හූ සංවිධානය පවසන පරිදි 2020 වසර තුළ මාධ්‍යවේදීන් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 200කට අධික පිරිසක් පහරකෑමට ලක්වී තිබේ. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැහැණු ළමයෙකු සමූහ දුෂණයකට ලක්වීමේ සිද්ධිය වාර්තා කිරීම සඳහා යමින් සිටි මාධ්‍යවේදියෙකු මාස පහකට සිරගත කෙරුණි.

    ආණ්ඩුව විවේචනය කරන මාධ්‍යවේදීන්ට – විශේෂයෙන්ම මාධ්‍යවේදිනියන්ට – අන්තර්ජාලය ඔස්සේ බිහිසුණු තර්ජනයන් එල්ල වේ. දිල්ලියේ සිටින මාධ්‍යවේදිනියක වන නේහා ඩික්සිත් කියා සිටියේ තමන්ට ප්‍රසිද්ධියේ “හිංසා කරමින්, ලිංගික අතවර (rape) කර මරා දමන බවට තර්ජනය” කළ බවය. එමෙන්ම තමන් ජීවත්වන මහල් නිවාසයට කඩා වැදීමට පිරිසක් උත්සාහ කළ බවද ඇය පැවසුවාය.

    තවත් මාධ්‍යවේදිනියක වන රෝහිනී සිං ට තර්ජනය කරමින්, ලිංගික අතවර කොට මරා දමන බවට පණිවිඩ යැවූ නීති ශිෂ්‍යයෙකු මෙම සතියේ අත්අඩංගුවට පත් විය.

    භාෂණයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා මෙතරම් නීති ශක්තිමත් වුණු කාලයක් මීට පෙර නොතිබුණු බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ නීති පීඨාධිපති ටරුනාබ් ඛායිටන් පවසයි.

    ඒ නිදහස ලබා දීමට කෙතරම් සහතික වී තිබුණත්, 1951 දී ජවහල්ලාර් නේරු අගමැතිවරයා ගෙන ආ පළමු ව්‍යවස්ථා සංශෝධනය මගින් එම අවකාශයට දැඩි සීමා පැමිණුනි.

    එමෙන්ම, යටත්විජිත යුගයෙන් දායාද වූ පොලිස් සහ අපරාධ යුක්ති පද්ධතිය මගින් “මානව හිමිකම් යනු අවහිරයක් මිස එය ආරක්ෂා කිරීම පාලකයාගේ ප්‍රමුඛ වගකීමක් ලෙස නොදකින” බව මහාචාර්ය ටරුනාබ් ඛායිටන් පවසයි. ඔහු තවදුරටත් කියා සිටියේ වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් හා සංසන්දනය කොට බලන කල ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ද සිවිල් අයිතිවාසිකම් රැකීම සම්බන්ධයෙන් එතරම් යහපත් මට්ටමක නොපවතින බව ය.

    බී.බී.සී ඇසුරිණි – ශීර්ෂපාඨය වෙනස්කර ඇත.

  • රටේ ස්ථාවරභාවය’ වෙනුවෙන් බුරුම හමුදාව ෆේස්බුක් අවහිර කරයි

    රටේ ස්ථාවරභාවය’ වෙනුවෙන් බුරුම හමුදාව ෆේස්බුක් අවහිර කරයි

    ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරලා දමා දින කිහිපයකට පසු මුහුණුපොත වෙත පිවිසීමට ඇති හැකියාවන් අවහිර කළ මියන්මාරයේ හමුදා පාලකයෝ අවුං සාන් සූ චී නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ (NLD) තවත් නායකයෙකු ද අත්ඩංගුවට ගත්හ.

    පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයෙකු වන වින් හ්ටේන් (Win Htein) සිකුරාදා උදෑසන සිය නිවසේදී අත්අඩංගුවට ගනු ලැබිණ.

    ෆේස්බුක් අවහිර කිරීම ගැන බලධාරීන් පැවසුවේ – මියන්මාරයේ බොහෝ දෙනෙකුට මාර්ගගත තොරතුරු සපයන ප්‍රධාන මූලාශ්‍රය වන මෙම සමාජ මාධ්‍ය වේදිකාව “රටේ ස්ථාවරභාවය” සඳහා අවහිර කරන බවයි.

    මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සඳුදා සිදුවූ කුමන්ත්‍රණයට ප්‍රබල විරෝධයක් පළවෙමින් තිබිණ.

    මහජනතාව රටේ යම් යම් නීතින් නොපිළිපැදීම වැනි විරෝධතාවන්හි තවදුරටත් යෙදී සිටියදී නීති සම්පාදකයින් අගනුවර ඔවුන් රැඳී සිටින ස්ථානයන්ගෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන අතර, හමුදා පාලනයට එරෙහි විරෝධතාවයන්ගේ වැඩිවීමක් යන්ගොන්හි දක්නට ලැබුණි.

    කෙටි කාලීන බහුතර සිවිල් පාලනය අවසන් කළ, ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානී මින් අවුන්ග් හේලින්ග්ගේ නායකත්වයෙන් ඇතිවූ, කුමන්ත්‍රණය 11 දෙනෙකුගෙන් යුත් ජුන්ටාවක් හෙවත් රාජ්‍ය යාන්ත්‍රණයක් ස්ථාපනය කළේය.

    හමුදාව කියා සිටියේ නොවැම්බරයේ පැවති මැතිවරණයක් වංචනික බවය – එහෙත් එවැනි ප්‍රකාශයන්ට සහාය දැක්වීමට කිසිදු සාක්ෂියක් නොමැති බව එරට මැතිවරණ කොමිසම පැවසීය.

    Yangon University Teachers Association protest
    විශ්විද්‍යාල ආචාර්යවරු ද විරෝධතාවලට එක්ව සිටියහ

    ජන්දයෙන් තේරී පත් වූ සිවිල් නායක අවුං සාන් සූ චී සහ ජනාධිපති වින් මයින්ට් යන දෙදෙනා රඳවාගෙන සිටි අතර බදාදා පොලිසිය ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කළේය.

    නීති විරෝධී සන්නිවේදන උපකරණ – ඇගේ ආරක්ෂක කාර්ය මණ්ඩලය භාවිත කරන වෝකි ටෝකි යන්ත්‍ර- ළඟ තබා ගැනීම ඇයට එරෙහි චෝදනාවලට ඇතුළත් වේ.

    ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්එල්ඩී) විසින් තීරණාත්මක ලෙස ජයග්‍රහණය කරන ලද පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණය සඳහා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී කෝවිඩ් නීති උල්ලංඝනය කළ බවට ජනාධිපති මයින්ට්ට චෝදනා එල්ල වී ඇත.

    මුහුණුපොතෙහි කාර්යභාරය කුමක්ද?

    පෙබරවාරි 7 වනදා දක්වා මුහුණුපොත වෙත පිවිසීම අවහිර කරන බව සන්නිවේදන හා තොරතුරු අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත්, එයට වරින් වර ප්‍රවේශ විය හැකි බව වාර්තා විය.

    යැන්ගොන් නුවර සංචාරක ඒජන්සියක් පවත්වාගෙන යන ඇන්තනි අවුං එක් අවස්ථාවක බීබීසීයට පැවසුවේ තමාට තවමත් වයිෆයි තාක්ෂනය හරහා වෙබ් අඩවියට පිවිසිය හැකි නමුත් ජංගම දුරකථන ඔස්සේ පිවිසිය නොහැකි බවය.

    “මා අවට සිටින සියල්ලන්ම විකල්ප යෙදුම් සහ වීපීඑන් බාගත කිරීමට යුහුසුළු වෙමින් ඉන්නවා,” ඔහු පැවසීය. අතථ්‍ය පෞද්ගලික ජාල (virtual private networks), පරිශීලකයින්ට අන්තර්ජාල සීමාවන් මගහැර අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට ඉඩ සලසයි.

    පැය කිහිපයකට පසු අවුං සාන් සූ චී පැවසුවේ මුහුණුපොතට ඇති සම්බන්ධකතාව සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවයි.

    යැන්ගොන් හි වෙසෙන සිසුවියක වන මින් හෙටෙට් පැවසුවේ කෝවිඩ් වසංගතය හේතුවෙන් ඇගේ අධ්‍යාපනය දැනටමත් අත්හිටුවා ඇති බවයි. “අද මුහුණුපොත අවහිර කිරීම කියන්නේ යෞවනයන්ගේ නිදහස මෙතැන් සිට සීමා කරල කියන එක,” ඇය රොයිටර් පුවත් සේවයට පැවසුවාය.

    මියන්මාරයේ මිලියන 54 ක ජනතාවගෙන් අඩක් ෆේස්බුක් භාවිත කරන අතර ක්‍රියාකාරීන් හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධය සම්බන්ධීකරණය කිරීම සඳහා මුහුණුපොතේ පිටුවක් සකසා ඇත.

    බුරුමය ලෙසද හැඳින්වෙන මියන්මාරයේ මුහුණුපොත ජනප්‍රිය විය. සමාගම මුලින් සිය යෙදුම දත්ත පිරිවැයකින් තොරව භාවිත කිරීමට ඉඩ දුන් බැවින් පාරිභෝගිකයින්ට මිල අධික දුරකථන ගාස්තු ගෙවීමෙන් වැළකියා හැකි විය.

    “මියන්මාරයේ ජනතාවට ඔවුන්ගේ පවුල් හා මිතුරන් සමඟ සන්නිවේදනය කිරීමට සහ වැදගත් තොරතුරු ලබා ගැනීමට හැකි වන පරිදි සම්බන්ධතාවය යථා තත්වයට පත් කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු,” යනුවෙන් ෆේස්බුක් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

    නෝර්වීජියානු ටෙලිනර් සමූහයේ කොටසක් වන ටෙලිනෝර් මියන්මාර දුරකථන සමාගම මුහුණුපොත අවහිර කිරීමේ නියෝගයට අනුකූල වන බව ප්‍රකාශ කළ නමුත් ඔවුන්ගේ ප්‍රකාශයක් මගින් ඉඟි කරන්නේ මෙය මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.

    වීථිවල සිදුවන්නේ කුමක්ද?

    මියන්මාරයේ දෙවන නගරය වන මැන්ඩලේහි විශ්ව විද්‍යාලයක් ඉදිරිපිට කුඩා විරෝධතාවක් පවත්වා තිබේ. එහිදී සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    විරෝධතාකරුවන් යැන්ගොන්වල වීදි බැස
    විරෝධතාකරුවන් යැන්ගොන් නුවර වීථි බැස

    යැන්ගොන් නගරයේ වැසියන් භාජන වලට පහර දෙමින් දෙවන දිනයටත් රාත්‍රියේ විරෝධතාවයේ යෙදින.

    නගරයේ කාන්තාවක් බීබීසීයට පැවසුවේ “මෙම මිලිටරි කුමන්ත්‍රණයට අප එකඟ නොවන බව හමුදා රජයට සහ ලෝකයට දැන ගැනීමට අවශ්‍ය වන නිසා අපි බෙර වාදනය කරන්නේමු … මට අපේ නායක අවුං සාන් සූ චී ට නැවත බලය ලබාදීමට අවශ්‍යයි.”

    අවම වශයෙන් එන්එල්ඩී පක්ෂයේ නීති සම්පාදකයින් 70 දෙනෙකු වත් අගනුවර වන නයි පයි තව් හි රජයේ සංචාරක නිවාසයක් අතහැර යාම ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් නව පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවන බව ප්‍රකාශ කර ඇති බව බීබීසී බුරුම සේවය වාර්තා කරයි.

    ඔවුන්ට පිටව යාමට නිදහස ඇති බව හමුදාව විසින් පැවසීමට පෙර අමුත්තන්ගේ නිවාසවලට කොටු කරන ලද සිය ගණනක් දෙනා අතර නීති සම්පාදකයින් ද සිටියහ.

    ප්‍රධාන විරෝධතාවයක කිසිදු සලකුණක් නොතිබීමත් රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවීමත් නිසා වීදි බොහෝ දුරට සන්සුන් ය.

    කෙසේ වෙතත්, බොහෝ වෛද්‍යවරුන් එක්කෝ වැඩ නතර කර ඇත, නැතහොත් විරෝධතා සංකේත පැළඳ සේවය කිරීම නිසා රෝහල් වල විරෝධතා දැක ගත හැකිය.

    එහෙත් ‘ටට්මඩෝ’ නමින් හැඳින්වෙන හමුදාවට සහාය දක්වමින් දහස් ගණනකගෙන් යුත් රැළියක් නයි පයි තව් හි දී සිදු විය. සමහරු “මිනිසුන්ට ආදරය කරන ටට්මඩෝ” යැයි කියමින් බැනර් ඉහලට වැනීය. (‘ටට්මඩෝ’ යනු මියන්මාරයේ ත්‍රිවිධ හමුදාවේ නිල නාමයයි)

    අගනුවර හමුදා තන්ත්‍රයට සහාය දැක්වීම සඳහා රැළියක් පැවැත්විණි
    හමුදා තන්ත්‍රයට සහාය දැක්වීම සඳහා අගනුවර රැළියක් පැවැත්විණි

    ‘නියත වශයෙන්ම පිළිගත නොහැකිය’

    මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මියන්මාරයේ ව්‍යවස්ථාපිත පාලනය නැවත ස්ථාපිත කරන ලෙස ඉල්ලා තිබේ.

    “මැතිවරණයේ ප්‍රථිපල සහ ජනතාවගේ කැමැත්ත ආපසු හැරවීම කිසිසේත්ම පිළිගත නොහැකිය,” යනුවෙන් ඔහු පැවසීය.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඔවුන්ගේ “දැඩි අවධානය” ප්‍රකාශ කරමින් යෝජනාවක් සම්මත කළ අතර අවුං සාන් සූ චී වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.

    “මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියට අඛණ්ඩව සහයෝගය දැක්වීමේ අවශ්‍යතාව ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් අවධාරණය කළහ,” කවුන්සිලයේ සාමාජිකයන් 15 දෙනා එකඟ වූ නිවේදනයක සඳහන් වේ.

    කුමන්ත්‍රණය හෙළා දකිමින් ප්‍රකාශයක් කිරීමට බදාදා කවුන්සිලය අපොහොසත් විය. ඒ ස්ථිර සාමාජිකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු වන චීනය නිෂේධ බලය භාවිතා කරමින් එය අවහිර කිරීම නිසාවෙනි.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊට විරෝධය පළ කරමින් රතු රිබන් පැළඳ සිටී
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවක, සේවිකාවෝ කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් රතු රිබන් පැළඳ සිටියහ

    චීනය දිගු කලක් තිස්සේ මියන්මාරයට ජාත්‍යන්තර අතපෙවීමෙන් ආරක්ෂා කිරීමේ කාර්යභාරයක් ඉටු කර ඇති අතර, කුමන්ත්‍රණයෙන් පසුව අනතුරු ඇඟවූයේ සම්බාධක හෝ ජාත්‍යන්තර බලපෑම් නිසා තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බවය.

    සුළුතර මුස්ලිම් රෝහින්ග්‍යා ජනතාවට එරෙහි හමුදා මර්දනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විවේචන වලින් නැවත නැවතත් රුසියාව සමඟ එක්ව චීනය විසින් මියන්මාරය ආරක්ෂා කර තිබේ.

    මියන්මාරය පිළිබඳ වැදගත් කරුණු

    මියන්මාරය යනු ගිනිකොනදිග ආසියාවේ මිලියන 54 ක ජනතාවක් සිටින රටක් වන අතර එය බංග්ලාදේශය, ඉන්දියාව, චීනය, තායිලන්තය සහ ලාඕසය සමඟ දේශසීමාවන හි පිහිටා ඇත.

    එය 1962 සිට 2011 දක්වා පීඩාකාරී හමුදා රජයක් විසින් පාලනය කරන ලද අතර එය ජාත්‍යන්තර හෙලාදැකීමට හා සම්බාධකවලට තුඩු දුන්නේය.

    ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා අවුං සාන් සූ චී වසර ගණනාවක් තිස්සේ උද්ඝෝෂණය කළේය. හමුදාව තවමත් සැලකිය යුතු බලපෑමක් රඳවාගෙන සිටියද, ක්‍රමයෙන් ලිබරල්කරණය 2010 දී ආරම්භ විය.

    2015 දී නිදහස් මැතිවරණයෙන් පසු සූ චී ගේ නායකත්වයෙන් යුත් රජයක් බලයට පත්විය. එහෙත් වසර දෙකකට පසු රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එල්ල වූ මාරාන්තික මිලිටරි මර්දනයක් සිය දහස් ගණනක් බංග්ලාදේශයට පලා ගොස් සූ චී සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර මතභේදයක් ඇති කළේය.

    ඇය රට තුළ තවමත් ජනප්‍රිය අතර 2020 නොවැම්බරයේ පැවති මැතිවරණයෙන් ඇගේ පක්ෂය යළිත් ජයග්‍රහණය ලැබීය. එහෙත් හමුදාව දැන් යළිත් වරක් පාලනය අතට ගැනීමට පියවර ගෙන තිබේ.

    Text by – bbc sandesaya

  • ‘මියන්මාරය’ මෙතැනින් කොතැනටද ?

    ‘මියන්මාරය’ මෙතැනින් කොතැනටද ?

    සිවිල් රජයකට බලය පැවරීමට එකඟ වී දශකයකට පසු මියන්මාරයේ හමුදාව යළි රටේ පාලනය අත් පත් කර ගත බව නිවේදනය කර තිබේ.

    2011 දී ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කරා යාමට පෙර පීඩාකාරී මිලිටරි පාලන තන්ත්‍රයන් යටතේ වසර 50 ට ආසන්න කාලයක් පාලනය විඳදරාගත් ජනතාවට නැවත කුමන්ත්‍රණයක් තුළින් රට පුරා භීතියේ කම්පනයක් ඇති කර තිබේ. අවුං සාන් සූ චී සහ අනෙකුත් දේශපාලනඥයන් අද (පෙබ. 01) අලුයම අත්අඩංගුවට ගැනීම, අමතක කර දැමීමට උත්සහ කළ අතීතය නැවතත් රටේ ජනයාට සිහි ගන්වා ඇත.

    සූ චී සහ වරක් තහනම් කරන ලද, ඇය නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්එල්ඩී) පක්ෂය 2015 දී තේරී පත්වීමෙන් පසු, වසර 25 ක් තුළ දුටු වඩා නිදහස් හා අපක්ෂපාති මැතිවරණයක් රට තුළ මෙහෙයවීය. සඳුදා උදෑසන එම පක්ෂය සිය දෙවන ධුර කාලය ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

    එහෙත් බුරුමය ලෙස ද හැඳින්වෙන මියන්මාරයේ ව්‍යවස්ථාවට ස්තුති වන්නටරාජ්‍ය බලය තම ග්‍රහණයේ තබා ගැනීමේ හැකියාව මෙන්ම පාර්ලිමේන්තුවේ ආසනවලින් හතරෙන් එකක් සහ රටේ බලවත්ම අමාත්‍යාංශ පාලනය කිරීමේ හැකියාව ද හමුදාවට ලැබී ඇත.

    දැන් මතුවන ප්‍රශ්නය වන්නේ හමුදාව මේ අවස්ථාවේ බලය අල්ලාගත්තේ ඇයි යන්නයි – එමෙන්ම තවදුරටත් කෙරෙන විමසීමට අනුව ඊළඟට කුමක් ද?

    ‘රැව්දෙන’ වංචා චෝදනා

    බීබීසී අග්නිදිග ආසියාවේ වාර්තාකරු ජොනතන් හෙඩ් පෙන්වා දෙන පරිදි නිශ්චිත වේලාව පහසුවෙන් පැහැදිලි කළ හැකිය: සඳුදා (පෙබ. 01) උදෑසන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ වීමට නියමිතව තිබුණද දැන් එය සිදු නොවේ.

    රටේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහි ජන සංහාර පිළිබඳ චෝදනා මධ්‍යයේ වුවද විශාල ජනප්‍රියත්වයක් අත්කර ගත් සූ චී ගේ එන්එල්ඩී පක්ෂය නොවැම්බරයේ පැවති මැතිවරණයෙන් 80% ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබිණි.

    හමුදා සහය හිමි විපක්ෂය ඡන්දයෙන් පසු වංචා පිළිබඳ චෝදනා කිරීමට වහාම පටන් ගත්තේය. අලුතින් පිහිටුවන ලද වැඩබලන ජනාධිපතිවරයා විසින් අත්සන් කරන ලද ප්‍රකාශයකින් මෙම චෝදනාව නැවත නැවතත් මතුකරන ලද අතර වසරක් පුරා හදිසි නීතිය පැනවීම ඉන් සාධාරණීකරණය කෙරිණි.

    “2020 නොවැම්බර් 8 වන දින පැවති බහු-පක්ෂ මහ මැතිවරණයේ ඡන්දදායක ලැයිස්තුවේ පැවති විශාල අක්‍රමිකතා විසඳීමට මැතිවරණ කොමිසම (යුඊසී) අපොහොසත් වුණා” යැයි එහි උප සභාපති ලෙස කටයුතු කළ හිටපු ජෙනරාල් මයින්ට් ස්වේ පැවසීය.

    යාන්ගොන් හි නගර ශාලාව තුළ සෙබළුන් දැක ගත හැක
    යැන්ගොන් හි නගර ශාලාව තුළ සෙබළුන් දැක ගත හැක

    එහෙත් චෝදනාවන්ට සහාය දැක්වීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැත.

    “නිසැකවම අවුං සාන් සූ චී අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් ලබා ගත්තා” යැයි හියුමන් රයිට්ස් වොච් (එච්ආර්ඩබ්ලිව්) හි ආසියාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබට්සන් බීබීසී සමග පැවසීය. “මැතිවරණ වංචා පිළිබඳ චෝදනා එල්ල වී තිබෙනවා. එය තරමක් උලප්පා පෙන්වීමක්. නමුත් මේවා සාක්ෂි නොමැතිව ඉදිරිපත් වී ඇති වංචා චෝදනා.”

    එසේ වුවද රොබට්සන් පවසන්නේ බලය උදුරාගැනීම “විස්තර කළ නොහැකි” බවය.

    “[ඡන්දය] බලය අහිමි වීමක් අදහස් කළාද? පිළිතුර නැත.”

    ‘ජාතියේ පියා’ අපහසුතාවට පත් කිරීම

    නොවැම්බරයේ පැවති ඡන්ද විමසීමේදී හමුදා සහාය ලත් එක්සත් සහයෝගීතා සහ සංවර්ධන පක්ෂය (යූඑස්ඩීපී) සුළු ආසන සංඛ්‍යාවක් දිනා ගත් බවක් පෙනෙන්නට තිබුණද 2008 පැවති හමුදා ජුන්ටා පාලන සමයේදී නිර්මාණය වූ මතභේදාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ස්තූතිවන්ත වන්නට, රජයට බලපෑම් කිරීමේ සැලකිය යුතු බලයක් තවමත් හමුදාව සතුව ඇත.

    එමගින් හමුදාවට පාර්ලිමේන්තු ආසනවලින් හතරෙන් එකක් නිරායාසයෙන් ලබා දෙනවා පමණක් නොව ස්වදේශ කටයුතු, ආරක්ෂක සහ දේශසීමා කටයුතු යන ප්‍රධාන අමාත්‍යාංශ තුනෙහි පාලනය ද හිමි වෙයි.

    එබැවින්, ව්‍යවස්ථාව එලෙසම පවතින තාක් හමුදාවට යම් පාලනයක් හිමිවේ. එහෙත් බහුතරය ඇති එන්එල්ඩි පක්ෂයට ව්‍යවස්ථාව සංශෝධනය කළ හැකිද?

    ජොනතන් හෙඩ් පවසන පරිදි, එය කළ නොහැකි කාර්යයකි. එය කිරීමට පාර්ලිමේන්තුවෙන් 75% කගේ සහාය අවශ්‍ය වේ. හමුදාවට අවම වශයෙන් 25% ක පාලනක් ඇති විට එය කළ නොහැකි කාර්යයකි.

    ජපානයේ සිටින මියන්මාර පුරවැසියන් හමුදාවට විරෝධය දැක්වීම සඳහා දැනටමත් පාරට බැස ඇත
    ජපානයේ සිටින මියන්මාර පුරවැසියන් හමුදාවට විරෝධය දැක්වීම සඳහා දැනටමත් පාරට බැස ඇත

    හිටපු මාධ්‍යවේදියෙකු හා තාක්ෂණික අධ්‍යාපනඥයෙකු වන අයේ මින් තන්ට් යෝජනා කරන්නේ සඳුදා සිදුවූ ක්‍රියාව සඳහා තවත් හේතුවක් තිබිය හැකි බවය: හමුදාව පාර්ශ්වයෙන් එය අපහසුතාවට ලක්වන කරුණකි.

    “ඔවුන් පරාජයක් අපේක්ෂා කළේ නැහැ,” ඇය යැන්ගොන් (රංගූන්) හි සිට බීබීසී සමග පැවසීය. “හමුදාවේ පවුල්වල අය ඔවුන්ට විරුද්ධව ඡන්දය පාවිච්චි කර තිබෙනවා විය යුතුයි.”

    ඇත්ත වශයෙන්ම, එය ඊට වඩා බොහෝ සෙයින් වැඩි ය.

    “හමුදාව රට තුළ සිය තත්ත්වය දෙස බලන ආකාරය ඔබ තේරුම් ගත යුතුයි,” අයේ මින් තන්ට් තවදුරටත් පැවසුවාය. “ජාත්‍යන්තර මාධ්‍යයන් අවුං සාන් සූ චී ‘මව’ ලෙස හැඳින්වීමට පුරුදුව සිටිනවා. හමුදාව තමන් හඳුන්වාගන්නේ ජාතියේ පියා ලෙස ලෙසයි.”

    එහි ප්‍රතිඵලයක් වශයෙන්, පාලනය සම්බන්ධයෙන් සැළකීමේදී එය “බැඳීමක් සහ හිමිකමක්” වැනි හැඟීමක් දැනේ. මෑත වසරවලදී, රට ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වඩාත් විවෘත වී ඇති හෙයින්, එම සිදුවීම එතරම් ප්‍රියජනක සිදුවීමක් නොවේ.

    “ඔවුන් පිටස්තරයින් දෙස බලන්නේ අනතුරක් ලෙසයි.”

    නොවැම්බරයේ පැවති ඡන්ද විමසීමේදී රෝහින්ග්‍යා වැසියන්ට ඡන්ද බලය අහිමි කිරීම සම්බන්ධයෙන් මතුවූ ජාත්‍යන්තරයේ කනස්සල්ල මෙන්ම වසංගත තත්ත්වයද, මේ අවස්ථාවේදී මේ අයුරින් ක්‍රියාකිරීම සඳහා හමුදාවට ධෛර්යයක් දී තිබෙනවා විය හැකි යැයි අයේ මින් තන්ට් පැවසීය. ඒ සියල්ලම, තවමත් ඇයව පුදුමයට පත් කරයි.

    අනාගතය කෙබඳු වේද?

    ඇත්ත වශයෙන්ම, එතරම් වාසි සහගත නොවන මෙවන් අවස්ථාවක හමුදාව මෙසේ ක්‍රියා කළේ මන්දැයි විශේෂඥයින් හට ද නිශ්චිතව කිව නොහැකිය.

    “වර්තමාන ක්‍රමය හමුදාවට ඉමහත් වාසිදායක බව මතක තබා ගැනීම වටිනවා. හමුදාවට පුර්ණ අණසකක්, සිය වානිජමය අරමුණු වෙනුවෙන් අත්පත් කරගත හැකි ජාත්‍යන්තර ආයෝජනයක් මෙන්ම යුද අපරාධ සඳහා සිවිල් වැසියන්ගෙන් දේශපාලන ආවරණයක් ද ලැබී තිබෙනවා” යනුවෙන් සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ, ආසියා පර්යේෂණ ආයතනයේ පශ්චාත් ආචාර්ය උපාධිධාරී ජෙරාඩ් මැකාති බීබීසී සමග පැවසීය.

    “නිවේදනය කර ඇති පරිදි වසරක් සඳහා බලය අත්පත් කර ගැනීම තුළින් චීන නොවන ජාත්‍යන්තර හවුල්කරුවන් හුදෙකලා කරාවි. හමුදාවේ වාණිජමය අවශ්‍යතාවන්ට හානි කෙරෙන අතරම සූ චී සහ එන්එල්ඩී පක්ෂය තවත් ධුර කාලයක් සඳහා බලයට පත් කළ මිලියන සංඛ්‍යාත ජනතාවගේ ප්‍රතිරෝධය තවත් උත්සන්න කරාවි.”

    අනාගත මැතිවරණවලදී යූඑස්ඩීපීයේ ස්ථාවරය වැඩිදියුණු කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා විය හැකි වුව ද එවැනි පියවරක අවදානම “සැලකිය යුතු” බව ඔහු ජෙරාඩ් මැකාති පවසයි.

    හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ෆිල් රොබට්සන් පෙන්වා දෙන්නේ මෙම පියවර මියන්මාරය නැවත වරක් “පාරියා රාජ්‍යයක්” (ජාත්‍යන්තරයෙන් කොන්වූ රාජ්‍යක්) බවට පත්වීමේ අවදානමට ලක්ව ඇති අතර රට තුළ පුද්ගලයින් කෝපයට පත් කරනු ඇති බවය.

    “මියන්මාරයේ ජනතාව ඇස් පියාගෙන සිටිනු ඇතැයි මම සිතන්නේ නැහැ,” ඔහු තවදුරටත් පැවසීය. “ඔවුන්ට නැවත හමුදාව සමඟ අනාගතය කරා යාමට අවශ්‍ය නැහැ. ඔවුන් සූ චී දකින්නේ හමුදා බලය නැවත පැමිණීමට එරෙහි බලකොටුවක් ලෙස යි.”

    සාකච්ඡා මාර්ගයෙන් මෙය විසඳා ගත හැකිය යන බලාපොරොත්තුව තවමත් පවතින නමුත් ඔහු පෙන්වා දෙන්නේ “විශාල විරෝධතා ආරම්භ වනු අපට පෙනෙන්නට පටන් ගන්නේ නම්, ඒ විශාල අර්බුදයක මුලයි.”

    Text copied by bbc sandesaya

  • ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති සමයේ කළ ‘සුපිරි පිස්සු වැඩ 15ක්’

    ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති සමයේ කළ ‘සුපිරි පිස්සු වැඩ 15ක්’

    වසර හතරක් ලෝකයම පාලනය කළ හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයෙන් සමුගෙන ගියත් ඔහු ගැන ලෝක මාධ්‍යවල අවධානයේ අඩුවක් නැහැ. ඒ ඔහු සිවු වසරක පාලන කාලය කළ කී දෑ නිසයි. සාමාන්‍යයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරු කරන ඒවාට වඩා ඒවා ‘ටිකක්‘ නෙමෙයි ‘ගොඩක් වෙනස් නිසයි‘

    ‘ ඔහු සිය ව්‍යාපාරික උත්සාහයන් හා හාස්‍යජනක ට්විටර් සටහන් සඳහා පමණක් නොව, වෙනත් ඕනෑම ලෝක නායකයෙකුට වඩා බොහෝ විට තමා සොයා ගන්නා සියලු වාණිජමය වටිනාම අවස්ථාවන්ට ද ප්‍රසිද්ධයි‘ ඇමෙරිකානු ජනමාධ්‍යවේදියක් කියනවා.

    මේ අතර තවත් ඇමෙරිකානු වෙබ්අඩවියක් මෙසේ කියනවා. ‘මේ මොහොතේ, ට්‍රම්ප් පසුගිය සිව් වසර තුළ කළ හාස්‍යජනක දේවල් කිහිපයක් සොයා බලමු! ට්විටර් හි ජූල්ස් සුස්ඩාල්ට්සෙව්ට ස්තූතිවන්ත වන්නට, අප සැමට මතක මංතීරුව දිගේ ගමන් කළ හැකි අතර, ලෝකයේ බලවත්ම පුද්ගලයා බවට තර්ක විතර්ක කරමින් ට්‍රම්ප් කර ඇති අමුතුම හා අශෝභන දේවල් දැක ගත හැකියි.

    1. පුවර්ටෝ රිකෝ සුළි කුණාටුවෙන් පසු මිනිසුන් වෙත කඩදාසි තුවා කිහිපයක් විසි කිරීම

    # 1 | 15 ජනාධිපති ධුරය දැරූ කාලය තුළ ට්‍රම්ප් කළ මෝඩ දේවල් |  සෙස්ට්‍රඩාර්

    2. ට්‍රම්ප් අතට අත දීම සඳහා පැහැදිලිවම ළඟා වන උතුරු කොරියානු ජෙනරාල්වරයෙකුට හමුදා ආචාර කිරීම.

    # 2 |  ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරූ කාලය තුළ කළ මෝඩ දේවල් 15 |  සෙස්ට්‍රඩාර්

    3. අතට අතට දීමේදී ඔහුට අපූරු පුරුද්දක් තිබේ. එහිදී ඔහු තත්පර 20 ක් වැනි කාලයක් එය දිගටම කරගෙන යයි.

    # 3 | ට්‍රම්ප් සිය ජනාධිපති ධුර කාලය තුළ කළ මෝඩම දේවල් 15 |  සෙස්ට්‍රඩාර්

    4. ඔහු ඇමරිකානු ධජය සිපගත් ආකාරය ටිකක් නොව ගොඩක් අමුතුයි – පිස්සු වගෙයි

    # 4 | ට්‍රම්ප් සිය ජනාධිපති ධුර කාලය තුළ කළ මෝඩම දේවල් 15 |  සෙස්ට්‍රඩාර්

    5. මතකද ටීපී කෑල්ලක් ඔහුගේ සපත්තුවේ සිරවී ඇති බව? අන්තර්ජාලය කිසි විටෙකත් අමතක නොකරයි.

    # 5 | ට්‍රම්ප් සිය ජනාධිපති ධුර කාලය තුළ කළ මෝඩම දේවල් 15 |  සෙස්ට්‍රඩාර්

    6. ඔහු නත්තල් සමයේදී අවුරුදු 7 ක ළමයෙකුට පැවසුවේ සැන්ටා සැබෑ නොවන බවයි !

    # 6 |  ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරූ කාලය තුළ කළ මෝඩ දේවල් 15 |  සෙස්ට්‍රඩාර්

    7. ටයි ක්ලිප් නම් කවදා හෝ අසා තිබේද? නැහැ, අපි එය එකට පටිගත කරමු.

    # 7 | ට්‍රම්ප් ජනාධිපති ධුර කාලය තුළ කළ මෝඩම දේවල් 15 |  සෙස්ට්‍රඩාර්

    8. ඔහු බයිබලයට අත්සන් කරමින් සිටියේය. මන්ද? ඔහු එය ලියා ඇතැයි සිතුවාද? නරකම දෙය නම්, එය ඔහු අත්සන් කළ නරකම දෙය නොවේ.

    # 8 | ට්‍රම්ප් සිය ජනාධිපති ධුර කාලය තුළ කළ මෝඩම දේවල් 15 |  සෙස්ට්‍රඩාර්

    9. ඔහු සිටගෙන සිටින ආකාරය පවා මිනිසුන් නොසන්සුන් කරයි.

    # 9 | ට්‍රම්ප් සිය ජනාධිපති ධුර කාලය තුළ කළ මෝඩම දේවල් 15 |  සෙස්ට්‍රඩාර්

    10. මෙම “ඩේසි දාමය – daisy chain” ” ආරම්භ වූයේ සරල අතට අත දීමකි.

    # 10 | ට්‍රම්ප් සිය ජනාධිපති ධුර කාලය තුළ කළ මෝඩම දේවල් 15 |  සෙස්ට්‍රඩාර්

    11. COVID-19 පහසුවෙන් සම්ප්‍රේෂණය වන නමුත් ඔහු සෑම විටම මුහුණු ආවරණයට අවඥා කළේය.

    # 11 | ට්‍රම්ප් ජනාධිපති ධුර කාලය තුළ කළ මෝඩම දේවල් 15 |  සෙස්ට්‍රඩාර්

    12. ඔහු සිය කතාවෙන් “COVID වෛරසය” යන වචන ඉවත් කර CHINESE virus වෙනුවට ආදේශ කළේය.

    # 12 | ට්‍රම්ප් ජනාධිපති ධුර කාලය තුළ කළ මෝඩම දේවල් 15 |  සෙස්ට්‍රඩාර්

    13. ආ, ඔහු ඇමරිකානු ධජය මොන වගේද කියා දන්නේ නැහැ.

    # 13 | ට්‍රම්ප් සිය ජනාධිපති ධුර කාලය තුළ කළ මෝඩම දේවල් 15 |  සෙස්ට්‍රඩාර්

    14. සම්ප්‍රදායක් අනුව කිසිම රාජ්‍ය නායකයෙකු බ්‍රිතාන්‍ය රැජිණ ඉදිරියෙන් ගමන් කරන්නේ නැත. එහෙත් ඔහු රැජින ඉදිරිපිට වේගයෙන් ගමන් කළ අතර, ඔහු නතර වූ විට ඇය ඔහු වටා ඇවිදිමින්, අවකාශීය දැනුමක් නැති කුඩා දරුවෙකු මෙන් අපහසුතාවට පත් වුණාය.

    # 14 | ට්‍රම්ප් ජනාධිපති ධුර කාලය තුළ කළ මෝඩම දේවල් 15 |  සෙස්ට්‍රඩාර්

    15. අවසාන වශයෙන්, ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් විසින් ඝාතනය කරන ලද පුද්ගලයින්ගේ ඡායාරූපවලට ඔහු සිය ඔටෝග්‍රැෆික් autographs  තැබූ බව කිසිදා අමතක නොකරමු.

    උපුටා ගැනීම -Zestradar.com සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ද. ආසියානුවන් පිස්සු කෙළියි – බි‍්‍රතාන්‍යයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අවුලක

    ද. ආසියානුවන් පිස්සු කෙළියි – බි‍්‍රතාන්‍යයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අවුලක

    මුස්ලිම් සහ හින්දු අය අතර සත්ත්ව මස් සම්බන්ධ වැරදි තොරතුරු ගිහින් තියෙනවා. ඒ වගේම මට ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙක් හමුවුණා එන්නත ලබා ගන්නේ නැහැ හැබැයි ලංකාවෙන් ධම්මික පැණිය ගෙන්න ගන්නවා කියන අය. පුළුවන් තරම් දැනුවත් කරද්දී පවා මෙහෙම දේවල් කියන එක මහ පුදුමයක්

    ව්‍යාජ පුවත් පැතිර යාම හේතුවෙන් එක්සත් රාජධානියේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවට අයත් ඇතැම් පුද්ගලයන් කොරෝනාවෛරස එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බවට වෛද්‍යවරයෙක් අනතුරු අඟවා තිබේ.

    එක්සත් රාජධානි සෞඛ්‍ය අංශයේ ව්‍යාජ තොරතුරු විරෝධී මෙහෙයුමකට නායකත්වය දෙන වෛද්‍ය හර්ප්‍රීත් සූඩ් පැවසුවේ මෙය ගැන “දැඩි අවධානයක් යොමු කළ යුතු අතර, ව්‍යාජ පුවත් විශාල ප්‍රමාණයක් නිවැරදි කිරීමට” නිලධාරීන් කටයුතු කරන බවය. .

    අසත්‍ය තොරතුරු පැතිරීමට භාෂාව හා සංස්කෘතික බාධක හේතු වන බව ඔහු පැවසීය.

    වෙස්ට් මිඩ්ලන්ඩ්ස්හි වෛද්‍යවරයෙකු බීබීසී සේවයට කියා සිටියේ ඇයගේ ප්‍රදේශයේ සිටින ඇතැම් දකුණු ආසියානු ප්‍රජාවට අයත් පුද්ගලයන් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බවය.

    ශ්‍රී ලාංකිකයන්ගේ අත්දැකීම්

    ලන්ඩන් නුවර රෝහලක මනෝ විද්‍යා උපදේශකවරියක් ලෙස සේවය කරන ලුම්බිණි විතාණ කොරෝනාවෛරස එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් සිය අත්දැකීම් බෙදා ගත්තාය.

    “මට මුලින්ම කියන්න තියෙන්නේ, කොවිඩ් 19 වෛරසය ගැන පහසුවෙන් සිතන්න එපා කියන එක. දෙවෙනි රැල්ල තුළ දී මම රැකියාව කරන රෝහලේ සිටින කොරෝනාවෛරස රෝගීන්ගේ මානසික තත්ත්වයේ වෙනස්කම් පවා දැකගන්න ලැබුණා. ඒ වගේම දීර්ඝ කාලයක් රෝගයෙන් පීඩා විඳින තත්ත්වයක් තිබෙනවා,” ඇය පැවසුවාය.

    “සෞඛ්‍ය සේවකයෙක් හැටියට මට එන්නත මුලින්ම ලැබුණා. මා එක්ක සේවය කරන සුදු ජාතිකයන් සම්පූර්ණයෙන් වාගේ එන්නත ලබා ගත්තත්, සමහර ආසියානු අය එන්නත ලබා ගන්නේ නැහැ කියනවා. ආගම වගේම වෙනත් මිත්‍යා මත විශ්වාස කිරීම මත එන්නත ගැන අවිශ්වාසයක් ගොඩනඟා ගෙන තිබෙනවා.”

    එන්නත ලබා ගත් පසුව ඇතැම් පුද්ගලයන්ට උණ තත්ත්වයක් හෝ කටුව ශරීරයට ඇතුළු කර ස්ථානය ඉදිමීම සාමාන්‍යය තත්ත්වයක් බව ලුම්බිණි පැවසීය.

    Covid vaccine
    ලුම්බිණි විතාණ

    “එන්නත ලබා ගත් මම ඇතුළු දන්නා කියන කිසි කෙනෙකුට තවමත් ආසාත්මිකතා ඇති වෙලා නැහැ. නමුත් එන්නත ලබා ගන්න කළින් තමන්ට යම් ආසාත්මිකතා තියෙනවනම් අනිවාර්යයෙන්ම ඒවා අදාළ වෛද්‍යවරයාට කියන්න. ඒ වගේම එන්නත තිබෙන ඇසුරුමේ දිනය සහ විස්තරය කියවා බලන්න ඉල්ලා ගන්න පුළුවන්. එය තමන්ගේ අයිතියක්.”

    “එන්නත ලබා ගත්තට පස්සේ සහතිකයක් ලබා දෙනවා. ඉදිරියේ දී රටවල් අතර සංචාරය කරන්න පවා මෙය වැදගත් වෙයි,” ඇය තවදුරටත් පැහැදිළි කළාය.

    “මුළු සමාජයටම කරන සේවයක්”

    එක්සත් රාජධානියේ දිවිගෙවන ශ්‍රී ලාංකික වෛද්‍යවරියක පැවසුවේ, තමන්ට ද කොරෝනාවෛරසය වැළඳුණු අතර එයින් ශරීරයට විය හැකි හානි පිළිබඳ අත්දැකීමෙන් දන්නා බවය. ඇය නම හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කළාය.

    “පළමු රැල්ලෙන් මට කොරෝනාවෛරසය හැදුණා. එහි බරපතලකම අත්දැකීමෙන් මම දන්නවා. එන්නත ලබා ගන්න කියලා මම හැකි තරම් දෙනා දිරිමත් කරනවා. හැබැයි සමහරු මිත්‍යා මතවල, ව්‍යාජ තොරතුරුවල ගිලිලා ඉන්නේ.”

    “මුස්ලිම් සහ හින්දු අය අතර සත්ත්ව මස් සම්බන්ධ වැරදි තොරතුරු ගිහින් තියෙනවා. ඒ වගේම මට ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙක් හමුවුණා එන්නත ලබා ගන්නේ නැහැ හැබැයි ලංකාවෙන් ධම්මික පැණිය ගෙන්න ගන්නවා කියන අය. පුළුවන් තරම් දැනුවත් කරද්දී පවා මෙහෙම දේවල් කියන එක මහ පුදුමයක්.”

    “විද්‍යාව මත නිපද වූ එන්නත ලබා ගන්න. ව්‍යාජ තොරතුරු පස්සේ යන්න එපා. එය ඔබේ ජීවිතයට විතරක් නෙමෙයි පවුලට, මුළු සමාජයටම සිදු කරන සේවයක්,” ඇය තවදුරටත් පැවසුවාය.

    බලපෑම් කරන්නන්

    එන්නත පිළිබඳ මිථ්‍යාවන් දුරු කිරීමට දකුණු ආසියානු ආදර්ශවත් පුද්ගලයන්, බලපෑම් කරන්නන්, ප්‍රජා නායකයින් සහ ආගමික නායකයින් සමඟ නිලධාරීන් කටයුතු කරන බව වෛද්‍ය හර්ප්‍රීත් සූඩ් පැවසීය.

    බොහෝ වැරදි තොරතුරු ගොඩ නැගී ඇත්තේ එන්නතෙහි අන්තර්ගතය සම්බන්ධයෙනි.

    “අපි පැහැදිලි කර ජනතාවට අවබෝධ කර දෙන්න ඕනේ, එන්නතෙහි මස් අඩංගු වී නැති බවත්, එන්නතෙහි ඌරු මස් නැති බවත්. එය සියලු ආගමික නායකයින්, ආගමික සභා සහ ප්‍රජාවන් විසින් පිළිගෙන තිබෙනවා,” ඔහු පැවසුවේය.

    “ආදර්ශවත් චරිත සහ බලපෑම් කරන්නන් සොයා ගැනීමට අපි උත්සාහ කරනවා. ඒ වගේම මේ තොරතුරු ඉක්මණින් යා යුතු සාමාන්‍ය පුරවැසියන් ගැනත් සිතා බලනවා. මේ ආකාරයෙන් ඔවුන් සියල්ලන්ටම එකිනෙකාට සහයෝගය දැක්විය හැකියි. අවසානයේ සෑම කෙනෙකුම සෑම කෙනෙකුටම ආදර්ශයක් වෙන්න පුළුවන්” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

    “මේ වන විට විශාල වැඩ කොටසක් සිදුවෙමින් පවතිනවා. තොරතුරු පරිවර්තනය කිරීමෙන් පසු එහි නිසි පෙනුම හා හැඟීම අදාළ ජනතාව වෙතට යැවීමට අප වග බලා ගන්නවා.”

    Covid vaccine

    සමාජ මාධ්‍යවල සහ වට්ස්ඇප්හි සමහර වැරදි තොරතුරු ආගම ඉලක්ක කර සංසරණය වන බව බීබීසී සේවයට දැකගත හැකි විය.

    එන්නතෙහි සත්ත්ව නිෂ්පාදන හෝ මධ්‍යසාර අඩංගු බව ව්‍යාජ තොරතුරු දැකගත හැකිය.

    උදාහරණයක් ලෙස මුස්ලිම්වරුන් සහ හින්දු භක්තිකයින් ඌරු මස් වැනි මස් වර්ග අනුභව කිරීම ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට පටහැනිය.

    “අපි සියලුම රෝගීන් අමතා එන්නත් ලබා ගැනීම සඳහා ඔවුන්ට කාලය වෙන් කර දෙනවා. නමුත් පරිපාලන කාර්ය මණ්ඩලය පවසන්නේ ඔවුන් දකුණු ආසියානු රෝගීන් බොහෝ දෙනෙකු ඇමතූ විට ඔවුන් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බවයි,” වෙස්ට් මිඩ්ලන්ඩ්ස්හි ඩඩ්ලි නගරයේ එන්නත් ලබා දෙන වෛද්‍ය සමාරා අෆ්සාල් පැවසුවාය.

    “යාළුවෝ වගේම පවුලේ අය එක්ක කතා කලත් අහන්න ලැබෙන්නේ මේ දේමයි. මගේ සමහර යාළුවෝ කතා කරලා ඉල්ලනවා එන්නත් ලබා ගන්න කියලා ඔවුන්ගේ දෙමව්පියන්ට නැත්නම් ආච්චිලා සීයලාට ඒත්තු ගන්වන්න කියලා. මොකද එන්නත ලබා ගන්න එපා කියලා ඒ පවුල්වල අනෙක් අය කියනවලු.”

    ව්‍යාජ තොරතුරු ‘වැහි වැහැලා’

    රීනා පුජාරා හැම්ප්ෂයර් ප්‍රදේශයේ රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරන අතර ඇය හින්දු භක්තිකයෙකි. ඇයට ව්‍යාජ තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබුණු බව පැවසුවාය.

    “සමහර වීඩියෝ දර්ශන දුටුවහම ඇත්තටම කැළඹෙනවා. විශේෂයෙන්ම වාර්තා කරන පුද්ගලයා වෛද්‍ය වෘත්තිකයෙක් වෙලා එන්නත ඔබේ ඩීඑන්ඒ වෙනස් කරන බව පවසන විට,” ඇය පැවසුවාය.

    “සාමන්‍ය මනුස්සයෙකුට මේ දේවල් ඉතා අවුල් සහගතයි. ඒ වගේම එන්නතේ අඩංගු අමුද්‍රව්‍යවල ගවයන්ගෙන් ලබා ගත් දේ තිබෙන බව කියවන විට එය අප කළඹනවා. හින්දු භක්තිකයන් ලෙස ගවයා අපට පාරිශුද්ධයි.”

    එන්නත් පිළිබඳ ව්‍යාජ පුවත් වැළැක්වීමට සහ ඔවුන්ගේ ප්‍රජාවට එන්නත ලබා ගැනීමට පෙළඹවීම සඳහා මුස්ලිම් පල්ලි සියයක් පමණ එක් වී තිබේ.

    තම සිකුරාදා ආගමික දේශනවල දී එන්නත ගැන කරුණු පහදා එය ලබා ගන්නා ලෙස මිනිසුන්ගෙන් ඉල්ලා සිටින බව ඔවුහු පැවසූහ.

    “සදාචාරාත්මක දෘෂ්ටි කෝණයකින් බලා එන්නත ලබා ගැනීමට කිසිදු පැකිලීමක් නොතිබිය යුතුයි,” මෙම ව්‍යාපාරය සංවිධානය කළ මුස්ලිම් පල්ලි සහ ඉමාම්වරුන්ගේ ජාතික උපදේශක මණ්ඩලයේ (MINAB) සභාපති ඛාරි අසීම් පැවසීය.

    “අප මෙන්ම අන් අයව ද හානිවලින් ආරක්ෂා කිරීම අපගේ සදාචාරාත්මක යුතුකමයි.”

    Covid vaccine

    මහජන සෞඛ්‍ය පිළිබඳ රාජකීය සංගමය මෑතකදී පවත්වන ලද මත විමසුමකට අනුව එක්සත් රාජධානියේ කළු, ආසියානු සහ සුළු ජනවාර්ගික (BAME) ජනතාවගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් කොරෝනාවෛරස එන්නත ලබා ගැනීමට කැමැත්ත පළ කර තිබේ.

    කෙසේනමුත්, සුදු ජාතිකයින්ගෙන් 79% ක් එන්නත ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇත. මේ අතර, සුළු ජාතීන්ගෙන් එන්නත ලබා ගන්න කැමැත්ත පළ කර ඇත්තේ 57% ක් පමණි.

    “හිතන්න”

    “එන්නත ලබා ගන්න බල කරන්න බැහැ. නමුත් යම් කෙනෙක් මේ වගකීම පැහැර හරිනවානම්, ඒ අය සහතික වෙන්න ඕනේ වෛරසයෙන් ප්‍රවේසම් වෙලා ඉන්නවා කියන එක. නැත්නම් බොහෝ දෙනෙක් අමාරුවේ වැටෙනවා. මේ තත්ත්වයේ අවසානයක් නැතුව යනවා.” යැයි ලුම්බිණි විතාණ පැවසුවාය.

    “වෛරසය හැදිලා අමාරු වුණාට පස්සේ රෝහලට ගෙනත් ICU එකට ඇතුළු කළාම ඔය මත වැඩක් නැති වෙනවා. වෛද්‍යවරුන් දෙන බෙහෙත් ලබා ගන්න වෙනවා ජීවිතය බේරා ගන්න.”

    “සමහර විට එහෙම වෙලාවක ඔබ සිටින්නේ වෙනත් ලෙඩකින් අමාරු වුණ රෝගියෙක්ට දෙන්න තිබුණ ඇඳක වෙන්න පුළුවන්. ඒ වගේම දිවා රෑ නොබලා වෙහෙසෙන සෞඛ්‍ය සේවකයන් ගැනත් ටිකක් හිතන්න. ආත්මාර්ථකාමී මතවලින් බැහැර වෙලා, එන්නත ලබා ගෙන තමන්ගේ වගකීම ඉටු කරන්න,” ලුම්බිණි තවදුරටත් විස්තර කරමින් පැවසුවාය.

    Text copied by – bbc sandesaya

  • Covid-19 එන්නත් ධනවත් රටවලට පමණක් සීමා වෙලා – WHO ප්‍රධානී

    Covid-19 එන්නත් ධනවත් රටවලට පමණක් සීමා වෙලා – WHO ප්‍රධානී

    අවම වශයෙන් ඉහළම ආදායම් ලබන රටවල් 49ක් විසින් එන්නත් මාත්‍රාව මිලියන 39කට වඩා දැන් ලබාදී තිබෙනවා. අඩු ආදායම්ලාභී රටක තවමත් ලබාදී ඇත්තේ මාත්‍රාවන් 25ක් පමණයි ! මිලියන 25ක් නෙවෙයි. 25,000ක් ද නෙමෙයි. නිකම්ම නිකං 25ක් පමණයි !

    කොවිඩ්-19 වෛරයට එරෙහිව ගතහැකි එකම පිළිතුර වූ ‘එන්නත්‘ ගැන මුළු මහත් ලෝකයම බලාපොරොත්තු තබා ගෙන සිටිනවා. ලංකාවත් ඒ අතර සිටිනවා. ඒත් මේ වන විට එන්නත් ගැන ධනවත් ලෝකයට කෙසේ වෙතත් ලංකාව ද ඇතුළු අඩු ආදායම්ලාභී රටවලට නම් වැඩි විශ්වාසයක් තබාගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

    ඒ එන්නතේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ ගැටලු නිසා නොවෙයි. එන්නත ලබා ගැනීමට ඇති ‘නොහැකියාව‘ නිසා බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්වතුන් පවසන්නේ.

    මේ ගැන අපි අදහස් ඉදිරිපත් කරනවාට වඩා ලෝක සෞඛ්‍ය සංවිධානයම උපුටා දැක්වීම වැදගත්.

    Tedros Adhanom Ghebreyesus, Director General of the World Health Organization (WHO),

    ‘කොවිඩ්-19 එන්නත් බෙදා හැරීමේදී ලෝකය ව්‍යවසනකාරී සදාචාරාත්මක අසාර්ථකත්වයේ අද්දරට පැමිණ ඇති බව‘ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා Tedros Adhanom Ghebreyesus, Director General of the World Health Organization (WHO),පසුගිය දා කණස්සල්ල පළ කරමින් කියා සිටියා.

    ‘සාධාරණ ප්‍රවේශයක් පිළිබද පොරොන්දුව බරපතළ අවදානමකට පත්ව තිබෙනවා‘ යැයි ඔහු කියා සිටියා.

    ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇතැම් විශේෂඥයින් කොවිඩ්-19 සදහා එන්නතක් නිෂ්පාදනය කළ හොත් ඊටපසු ඇතිවිය හැකි අවදානම් ගැන පසුගිය කාලය පුරාම අනාවැකි පළ කළා පමණක් නොව එයට මුහුණ දීම සදහා විවිධාකාර සැලසුම් ද සකස් කළා.

    මෙහිදී ඔවුන් වැඩිපුරම අවධානය යොමු කළේ ලෝකයේ බරපතළ ලෙස පවතින ‘ඇති – නැති පරතරය‘ නිසා සිදුවිය හැකි ගැටලු ගැනයි.

    ‘ධනවත් රටවල් සියලු අවස්ථා හිමිකර ගනිද්දි දුප්පත් රටවලට කිසිවක්ම හිමි නොවිය හැකියි‘ මීට මාස කිහිපයකට පෙර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

    අද ඒ අනාවැකි ඒ ආකාරයෙන්ම සිදු වෙමින් තිබෙනවා. ධනවත් රටවල් අසීමිත ලෙස එන්නත් මිලදී ගැනීම සිදුකරන විට දුප්පත් රටවලට ‘අනුන්ට අතපෑමට හෝ සිගාකෑමට‘ සිදුව තිබෙනවා.

    පසුගිය දා පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇත්ත තත්ත්වය පැහැදිලි කරමින් මෙසේ ප්‍රකාශ කළා.

    ‘අවම වශයෙන් ඉහළම ආදායම් ලබන රටවල් 49ක් විසින් එන්නත් මාත්‍රාව මිලියන 39කට වඩා දැන් ලබාදී තිබෙනවා. අඩු ආදායම්ලාභී රටක තවමත් ලබාදී ඇත්තේ මාත්‍රාවන් 25ක් පමණයි ! මිලියන 25ක් නෙවෙයි. 25,000ක් ද නෙමෙයි. නිකම්ම නිකං 25ක් පමණයි !‘‘

    ඔහු ඊළගට මේ දැවැන්ත ඇති-නැති පරතරය හෝ ධනවත් රටවල ආත්මාර්ථකාමීකම විසින් ලෝකයට උරුම කරන කරුමය ගැනත් අනතුරු ඇගයීමක් කළා.

    ‘මම මේ අවස්ථාවේදී අවංකව අදහස් ප්‍රකාශ කළ යුතුයි. මේ අසාර්ථකත්වයේ මිල ලෝකයේ දුප්පත්ම රටවල ජීවිත හා ජීවනෝපායන් විසින් ගෙවනු ඇති. අවසානයේදී මෙම ක්‍රියාවන් මගින් වසංගතය එය පාලනය කිරීමට අවශ්‍ය සීමාවන් සහ මානව සහ ආර්ථික දුක්වේදනා තවදුරටත් දීර්ඝ කරාවි ‘ ඔහු කියා සිටියා.

    මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බලවතුන්ගෙන් හා ධනවතුන්ගෙන් කාරුණික ඉල්ලීමක් ද කළා.

    ‘එන්නත් සමානාත්මතාවය සදාචාරාත්මක අවශ්‍යතාවක් පමණක් නොවෙයි. එය උපායමාර්ගික හා ආර්ථික වශයෙන් අත්‍යවශ්‍ය කරුණක්. එනිසා ලොව පුරා වඩා හොද එන්නත් බෙදාහැරීමක් සදහා අවංකව සහාය දක්වන්න‘ ඔහු බලාපොරොත්තු සහගත ඉල්ලීමක් කළා.

    අපි මෙහිදී ලංකාවේ තත්ත්වය ගැන කිසිවක් කියන්න යන්නේ නැහැ. ඒත් අපි දන්නවා දැන් ලංකාව කොවිඩ්-19 ආසාදිතයින් 50,000කට ආසන්න පිරිසක් වාර්තා කර ඇති බව. දෛනිකව මරණත් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තාවන අතර දෛනිකව ආසාදිතයින් 600-700 අතර හෝ ඊට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙනවා. අහඹු ලෙස කරන පර්යේෂණවලින් ලැබෙන ප්‍රතිඵල අප තුළ භීතියක් ඇති කරවන සුළුයි.

    මේ තත්ත්වය තුළ ආණ්ඩුව කොවිඩ්-19 එන්නත් ලබා ගැනීමක් ගැන කියනවා. ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව ලබන පෙබරවාරි වන විට ලංකාවත් එන්නත්කරණය ආරම්භ කරනවාලු. ඒත් ඒ ගැන අපට විශ්වාසයක් තැබිය හැකිද ? ලංකාවටත් එන්නත් ලබා ගැනීමට තරග කිරීම කෙසේ වෙතත් සිගාකෑමට සිදුවනු ඇති බව අපේ වත්මන් ආර්ථික තත්ත්වය අනුව පැහැදිලියි.

    අපේ පාලකයින් හා බලධාරීන් ධම්මික පැණිය ආදි මිත්‍ය පිටුපස දුවන එකට හේතුව අප දැන් වටහා ගත යුතුයි. ඒ වගේම වසංගතයේ යථාර්තයත් මනාව වටහාගත යුතුයි.

    උදාහරණයක් ලෙස කොවිඩ්-19 රැල්ල ආරම්භ වූ විට ජනපතිවරයා ප්‍රමුඛ බලධාරීන් සාමාන්‍ය ජනතාවට දෙස්දෙවොල් තිබ්බ ආකාරයත, හෙදියන් ගැන වර්ණනා කළ ආකාරයත් අපට මතකයි. ඒත් දැන් ඇත්තම තත්ත්වය යටහා ගත හැකියි. මැති ඇමැතිවරුන් පමණක් නොව ඊටත් වඩා ප්‍රබලයින්, පාර්ලිමේන්තුව පවා අද මෙහි ගොදුරු බවට පත්වෙලා තිබෙනවා.

    මේ තත්ත්වය තුළ ඔබ වඩාත් ප්‍ර වේශම් වෙන්න ! වාහකයෙක් හෝ ආසාදිතයෙක් නොවීමට වගබලා ගන්න. මොකද මේ වන තෙක් ලෝකය පුරා කොවිඩ්-19 එන්නත ලබා දුන්නේ වඩාත් වැඩි අවධානමක් ඇති වැඩිහිටියන්ට සහ කොවිඩ්-19 සමග ඍජුව ගනුදෙනුකරන පාර්ශ්වයන්ට පමණයි.

    රැකියාවට යන, ව්‍යාපාරික කටයුතුවලට යන, ඉගෙන ගන්න යන ඔබ ප්‍ර වේශම් විය යුත්තේ ඒ නිසයි.

    සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • කමලා හැරිස් සෙනට් සභික ධුරයෙන් ඉල්ලා අස් වෙයි

    කමලා හැරිස් සෙනට් සභික ධුරයෙන් ඉල්ලා අස් වෙයි

    ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරිය ලෙස තේරී පත්වූ කමලා හැරිස්  මහත්මිය අද (18) ඇයගේ සෙනට් සභික ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව රොයිටර් පුවත් වාර්තාවක දැක්වේ.

    ඇය ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය නියෝජනය කරමින් සෙනට් සභික ධුරය හොබවයි.

    කමලා හැරිස්ගේ ධුර කාලයේ ඉතිරි කාලය සම්පූර්ණ කිරීම සඳහා මේ වනවිට කැලිෆෝනියා ජනපදයේ රාජ්‍ය ලේකම් ධුරය හොබවන ඇලෙක්ස් පැඩිලා නම් කිරීමට එම ජනපදයේ ආණ්ඩුකාර ගවින් නිව්සම් විසින් තීරණය කර තිබෙන අතර ඒ අනුව ඇලෙක්ස් පැඩිලාට වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දෝෂාභියෝග විභාගයට සම්බන්ධ වීමට අවස්ථාව උදා වන බව ද රොයිටර් වාර්තාව කියයි.

    ජෝ බයිඩන් මහතා  ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙසත්, කමලා හැරිස්  මහත්මිය ඇමෙරිකාවේ 49 වැනි උප ජනාධිපතිවරිය ලෙසත් කැපිටල් ගොඩනැගිල්ලේ දී අනිද්දා (20) දිවුරුම් දීමට නියමිත ය.

  • උතුරු කොරියාව ‘ලොව බලවත්ම ආයුධය’ ප්‍රදර්ශනය කරයි

    උතුරු කොරියාව ‘ලොව බලවත්ම ආයුධය’ ප්‍රදර්ශනය කරයි

    උතුරු කොරියාවේ හමුදා ශක්තිය විදහා දැක්වීම සඳහා පවත්වනු ලැබූ පෙළපාළියකදී ‘ලොව බලවත්ම ආයුධය’ ලෙස නම් කරනු ලැබූ, සබ්මැරිනයක සිට දියත් කරන බැලස්ටික් මිසයිල හතරක් ප්‍රදර්ශනය කළ බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් බී.බී.සී වාර්තාවල සදහන් වේ.

    නායක කිම් ජොන් උන් විසින් පෙළපාලිය අධික්ෂණය කළ බවයි එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    උතුරු කොරියානු නිල පුවත් ඒජන්සිය එම අවස්ථාව විස්තර කරමින් මෙසේ සදහන් කර තිබෙනවා. “ලෝකයේ බලවත්ම ආයුධය වන සබ්මැරීනයක සිට දියත් කරන බැලස්ටික් මිසයිල එකින් එක චතුරස්‍රයට ඇතුළු වී විප්ලවවාදී සන්නද්ධ හමුදාවන්ගේ ශක්තිය පෙන්නුම් කරයි”

    පසුගිය සතියේ සිය පක්ෂයේ සාමාජිකයින් අමතමින්, උතුරු කොරියානු නායකයා උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි සහ මිලිටරි ශක්තිය වැඩි කරන බවට ප්‍රතිඥා දෙමින් මෙසේ සදහන් කළා.

    “ඇමරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවේ විප්ලවයට ඇති ලොකුම බාධකයයි, බලයේ සිටින්නේ කවුරුන් වුවත් උතුරු කොරියාවේ ප්‍රතිපත්ති කිසිවිටකත් වෙනස් නොවනු ඇත.” යනුවෙන් උතුරු කොරියානු නායකයා අවධාරණය කළා.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ ඇමරිකාවේ නව ජනාධිපතිවරයා වන බයිඩන්ගේ පාලනයට උතුරු කොරියාවේ වර්ධනය වන යුධ ශක්තිය පෙන්නුම් කිරීම සඳහා මෙම පෙළපාලිය පැවැත්වූ බවයි.

  • ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සම්මතයි

    ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සම්මතයි

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව එරට කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී 232/197ක් ලෙස සම්මත වුණා.

    ජනපති ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් 10දෙනකු ද ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම මෙවර විශේෂත්වයක්.

    ජනපති ට්‍රම්ප්ට එරෙහිව ඇති චෝදනාව වන්නේ පසුගිය 6 වැනිදා කැපිටල් මන්දිරය ආක්‍රමණය කිරීමට පාක්ෂිකයින් උසිගැන්වීමයි. ජෝ බිඩෙන් විසින් මෙම තත්ත්වය ‘කැරැල්ලක්‘ ලෙස හදුන්වා දුන්නා.

    ඇමෙරිකානු ජනාධිපතිවරයකු එරෙහිව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී දෝෂාභියෝග යෝජනාවක් අවස්ථා දෙකකදී සම්මත වූ ඇමෙරිකානු ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර 2019 දී ද යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ජනපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත කළ නමුත් සෙනෙට් සභාව විසින් ඔහු නිදොස් කොට නිදහස් කළා.

    සෙනට් මණ්ඩලයේදී දෝෂාභියෝග චෝදනාව සම්බන්ධයෙන් විභාගයක් සහ ඡන්ද විමසීමක් පැවැත් වීමට නියමිතව තිබෙන අතර එය ජෝ බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව සිදුවනු ඇති බවයි ඇමෙරිකානු මාධ්‍ය පවසන්නේ.

    ඊට හේතුව වශයෙන් ඇතැම් ඇමෙරිකානු මාධ්‍ය දක්වන්නේ දැනට ඇති තත්ත්වය මත සෙනට් මණ්ඩලයේ පැවැති ඡන්ද විමසීමේදී දෝෂාභියෝගය සම්මත වීමට නම් රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයන් 17 දෙනකු ඊට පක්ෂව ඡන්ද දිය යුතු වීමයි.

    ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 100ක් වන අතර සෙනට් මණ්ඩලයේ දී දෝෂාභියෝගය සම්මත වීමට නම් තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් අවශ්‍ය වන අතර එම ඡන්ද ගණන 67ක්.

    පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයට සමගාමීව සෙනෙට් මණ්ඩලයට සාමාජිකයන් තෝරා පත් කරගැනීම ද සිදුකෙරුණු අතර එහිදි සෙනට් මණ්ඩලයේ ආසන සංඛ්‍යාව පක්ෂ දෙක අතර සමසේ බෙදී තිබෙනවා. ඒ අනුව සෙනෙට් සභාවේ තීරණාත්මක ඡන්දය හිමි සෙනට් මණ්ඩලයේ මීළඟ ප්‍රධානියා ලෙස පත්වීමට නියමිතව ඇත්තේ, එරට මීළඟ උප ජනාධිපතිවරයා ද වන කමලා හැරිස්.

    මේ අතර ඇමෙරිකානු දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ ජෝ බිඩෙන් දිවුරුම් දීමෙන් පසුව වුවද ට්‍රම්ප්ට එරෙහිව සෙනෙට් සභාවේදී දෝෂාභියෝගය 3/2ක ඡන්දයෙන් සම්මත නොවනු ඇති බවයි. ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වන්නේ පසුගිය ජනාධිපතිවරණයට සමගාමීව සිදු වූ සෙනෙට් සභාවට නියෝජිතයින් තෝරා ගැනීමේදී රිපබ්ලිකන් පක්ෂයට සෙනෙට් නියෝජිතයින් 50ක් හිමීමයි.

    ඊට අමතරව මෙතෙක් කාලයක් තුළ ඇමෙරිකානු ඉතිහාසයේ දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයෙකු ධුරයෙන් ඉවත්කර නැති බව ද ඔවුන් පෙන්වා දෙනවා.

    ‘‘ මීට පෙර ඇමෙරිකාවේ කිසිදු ජනාධිපතිවරයකු දෝෂාභියෝග ඡන්ද විමසීමකින් බලයෙන් පහ කර නැහැ“ රොයිටර් පුවත්සේවය පැවසුවා.

    ‘මීට පෙරත් වත්මන් ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව 2019 වසරේදීත් බිල් ක්ලින්ටන්ට එරෙහිව 1998 වසරේදීත් ඇන්ඩෘෘ ජොන්සන්ට එරෙහිව 1868 වසරේදීත් දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් වුණා. ඒ තුනම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වූ නමුත් එම දෝෂාභියෝග යෝජනා තුනම සෙනට් මණ්ඩලයේ දී පරාජයට පත්වුණා. ඒ අනුව එම අවස්ථා තුනේදීම එකී ජනාධිපතිවරුන් තිදෙනා දෝෂාභියෝග චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා“ යැයි රොයිටර් වාර්තාවක සදහන් වෙනවා.

    මේ සම්බන්ධයෙන් බී.බී.සී. වාර්තාවක මෙසේ සදහන් වෙනවා.

    ඊළඟට කුමක් සිදුවේද?

    එක්සත් ජනපද කොන්ග්‍රසයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාව ජනාධිපතිවරයාගේ වරද තීරණය කිරීම සඳහා නඩු විභාගයක් පවත්වනු ඇති නමුත් ට්‍රම්ප් මහතා බලයේ ඉතිරිව සිටින සතිය තුළ මෙය සිදු නොවේ.

    රිපබ්ලිකන් සෙනෙට් නායක මිච් මැක්කොනෙල් කියා සිටියේ ජනාධිපතිවරුන් සම්බන්ධ නඩු විභාග පාලනය කරන “නීති, ක්‍රියා පටිපාටි සහ සෙනෙට් පූර්වාදර්ශයන්” අනුව “සාධාරණ හෝ බැරෑරුම් නඩු විභාගයක්” නිගමනය කළ හැකි අවස්ථාවක් නොමැති බවයි.

    ට්‍රම්ප් මහතා වරදකරු කිරීම සඳහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වනු ඇත. එයින් අදහස් වන්නේ ආසන 100 ක ඒකාකාරව බෙදී ඇති රිපබ්ලිකානුවන් 17 දෙනෙකුට ඩිමොක්‍රටිකයින් සමඟ ඡන්දය දීමට සිදුවනු ඇති බවයි.

    රිපබ්ලිකානුවන් 20 ක් පමණ ජනාධිපතිවරයා වරදකරු කිරීමට සූදානම් බව නිව්යෝක් ටයිම්ස් අඟහරුවාදා වාර්තා කළේය. සගයන් වෙත කළ සටහනක මැක්කොනෙල් මහතා කියා සිටියේ තමා ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

    ට්‍රම්ප් මහතා වැරදිකරු වුවහොත්, ඔහුට නැවත තේරී පත්වූ ධුරය සඳහා තරඟ කිරීම වළක්වාලීමට සෙනෙට් සභිකයින්ට තවත් ඡන්දයක් පැවැත්විය හැකි අතර, එයින් ඇඟවෙන්නේ ඔහු 2024 දී එය කිරීමට සැලසුම් කර ඇති බවයි.

    දෝෂාභියෝගය: මූලික කරුණු

    • දෝෂාභියෝගය යනු කුමක්ද? දෝෂාභියෝගය යනු බලයේ සිටින ජනාධිපතිවරයෙකුට අපරාධ චෝදනා එල්ල කිරීමයි. මෙම නඩුවේදී, ජනාධිපති ට්‍රම්ප්ට කැපිටල් ප්‍රහාරයට තම ආධාරකරුවන් දිරිගැන්වීම මගින් කැරැල්ල උසිගැන්වීමේ චෝදනාව එල්ල වුණා.
    • ට්‍රම්ප් ධුරයෙන් ඉවත් කළ හැකිද? නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඔහුට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඇති අතර, නඩුව නඩු විභාගයක් සඳහා සෙනෙට් සභාව වෙත ගෙන ගොස් ඇත. එහෙත් ජනවාරි 20 වන දින ට්‍රම්ප් මහතා ධුරයෙන් ඉවත්වීමට පෙර නඩු විභාගයක් සිදු නොකෙරේ
    • ඉතින් එහි තේරුම කුමක්ද? ඔහුගේ ධුර කාලය අවසන් වීමෙන් පසු නඩු විභාගයක් සිදුවිය හැකි අතර, ඔහුට නැවත ජනාධිපති ධුරය දැරීම වළක්වාලීමට සෙනෙට් සභිකයින්ට ඡන්දය දිය හැකිය

    සභා ඡන්ද විමසීමේදී සිදු වූයේ කුමක්ද?

    පැය දෙකක් තිස්සේ ඩිමොක්‍රටික් පාලිත සභාවේ සාමාජිකයන් දෝෂාභියෝගය පිළිබඳ ඡන්ද විමසීමට පක්ෂව සහ විපක්ෂව ප්‍රකාශ කළ අතර ජාතික ආරක්ෂක භටයන් කැපිටල් ඇතුළත හා පිටත සෝදිසියෙන් සිටියහ.

    ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන සභා කථානායක නැන්සි පෙලෝසි පැවසුවේ, “එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා මෙම කැරැල්ල, අපේ පොදු රටට එරෙහි සන්නද්ධ කැරැල්ල උසිගැන්වීය. ඔහු යා යුතුය. ඔහු අප සැමට ආදරය කරන ජාතියට පැහැදිලි හා වර්තමාන අනතුරකි.”

    බොහෝ රිපබ්ලිකානුවන් ට්‍රම්ප්ගේ වාචාලකම ආරක්ෂා කිරීමට උත්සාහ නොකළ අතර, දෝෂාභියෝගය චාරිත්‍රානුකූල නඩු විභාගයන් මග හැර ඇති බවට තර්ක කරමින් ජාතික සමගිය වෙනුවෙන් එය අත්හරින ලෙස ඩිමොක්‍රටිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

    “මෙතරම් කෙටි කාලයක් තුළ ජනාධිපතිට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම වැරැද්දක් වනු ඇත” යැයි සභාවේ ඉහළම රිපබ්ලිකන් ජාතික කෙවින් මැකාති පැවසීය. “එයින් අදහස් කරන්නේ ජනාධිපතිවරයා වරදින් නිදහස් නොවන බවයි. බදාදා කොන්ග්‍රසයට එරෙහි මැර කැරලිකරුවන්ගේ ප්‍රහාරයේ වගකීම ජනාධිපතිවරයා සතුය.”

    232-197 වන විට ට්‍රම්ප් මහතා දෝෂාභියෝගයට ලක් වූ අතර රිපබ්ලිකානුවන් දස දෙනෙකු ඩිමොක්‍රටිකයින් සමඟ සිටියහ. ඔවුන් අතර රිපබ්ලිකන් පක්ෂයේ හිටපු උප ජනාධිපති ඩික් චෙනීගේ දියණිය වන ලිස් චෙනී ද වූවාය.

    ට්‍රම්ප් සිය ඡන්ද විමසීමෙන් පසු සිය වීඩියෝ පටයේ මෙසේ පැවසීය: “ප්‍රචණ්ඩත්වයට හා විනාශකාරී ක්‍රියාවන්ට අපේ රටේ තැනක් නැත … මගේ සැබෑ ආධාරකරුවෙකු කිසි විටෙකත් දේශපාලන ප්‍රචණ්ඩත්වය අනුමත නොකරනු ඇත.”

    තම කැබිනට් නාමයෝජනා අනුමත කිරීම, කොරොන වයිරස් සහන සහ රටපුරා එන්නත් කිරීමේ වැඩසටහන වැනි “මේ ජාතියේ හදිසි ව්‍යාපාරයක්” සෙනෙට් සභිකයින් විසින් නොසලකා හරිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව බිඩෙන් මහතා පැවසීය.

    බී.බී.සී සහ රොයිටර් වාර්තා ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නිරුවත් කළ ‘ට්‍රම්ප්ගේ කැරැල්ල’

    ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නිරුවත් කළ ‘ට්‍රම්ප්ගේ කැරැල්ල’

    වොෂින්ටන් DC හි හටගත් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් නගරයේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟම කලහකාරීන් ඉවත්කරමින් පොලිසිය කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට ඇතුළු විය.

    ප්‍රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ් ප්‍රාන්තවලින් ඉල්ලීමක් කර තිබේ.

    කොංග්‍රස් ගොඩනැගිල්ල තුළ තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ජනපතිවරණයේ ප්‍රතිඵල සනාථ කිරීමේ රැස්වීම නැවත ආරම්භ කෙරිණ. රැස්වීම යළි ආරම්භ කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභික Ben Sasse, ප්‍රචණ්ඩ ක්‍රියාවලට අනුබල දීම ගැන ජනාධිපති ට්‍රම්ප් ට කෙලින්ම චෝදනා කළේය.

    කාන්තාවක් මිය යයි

    කැපිටල් ගොඩනැගිල්ල

    මේ අතර ප්‍රචණ්ඩ ක්‍රියා අතරවාරයේ වෙඩි පහරකට ලක්ව තුවාල ලැබූ කාන්තාවක් මියගිය බව පොලිසිය තහවුරු කළේය.

    විදේශ නායකයෝ හෙලා දකිති

    මේ අතර අමෙරිකානු මැතිවරණ ක්‍රියාදාමයට බාධා කරමින් කොංග්‍රස් ගොඩනැගිල්ලේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා බ්‍රිතාන්‍ය අගමති බොරිස් ජොන්සන් ඇතුළු ලෝක නායකයන්ගේ හෙලා දැකීමට ලක්විය.

    ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කැනඩාව “දැඩි කම්පනයට පත් වූ” බව කැනඩාවේ විදේශ ඇමතිවරයා සඳහන් කළ අතර, ප්‍රංශයේ විදේශ අමාත්‍යාංශය කියා සිටියේ එය “ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ බරපතල පහරක්” බවය.

    ජෝ බයිඩන්

    ප්‍රචණ්ඩක්‍රියා හටගත් අවස්ථාවේ ප්‍රකාශයක් කළ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත්ව සිටින ජෝ බයිඩන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් “පසුපසට ගොස් ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයට ඉදිරියට යාමට ඉඩ සැලසිය යුතු,” බව පැවසීය.

    ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විල්මින්ග්ටන් හි සිට ජාතිය අමතමින් බයිඩන් කියා සිටියේ, “මෙය විරෝධතාවක් නොවෙයි, කැරැල්ලක්” බවය. රූපවාහිනිය හමුවට ගොස් “මේ වටලෑම අවසන් කරන ලෙස ඉල්ලන්න” යැයි ඔහු ජනාධිපති ට්‍රම්ප් ට කියා සිටියේය.

    “ඔබ දැන් ගෙදර යා යුතුයි”

    ජෝ බයිඩන් ගේ ප්‍රකාශයෙන් මිනිත්තු කිහිපයක් ගතවෙද්දී වීඩියෝවක් මුදා හළ ඩොනල්ඩ් ට්‍රම්ප්, “මා දන්නවා, ඔබ ඉන්නේ වේදනාවෙන්. ඔබට රිදිලා,” යැයි විරෝධතාකරුවන්ට පැවසුවේ මැතිවරණය “සොරකම් කරලා” යැයි යළිත් වැරදි සහගත ලෙස කියා සිටිමිනි.

    “හැම දෙනාම ඒක දන්නවා. විශේෂයෙන්ම අනෙක් පැත්තේ අය. නමුත් ඔබ දැන් ගෙදර යා යුතුයි.” යනුවෙන් කී ට්‍රම්ප් “මේක වංචා සහගත මැතිවරණයක් වුණත් අපිට මේ මිනිස්සුන්ගේ අල්ලේ නැටවෙන්න බැහැ. අපට සාමය තිබිය යුතුයි” ද කියා සිටියේය.

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට සහය දක්වන පිරිස් එරට උභය මන්ත්‍රී මණ්ඩලය පිහිටි කොංග්‍රස් ගොඩනැගිල්ලට (කැපිටල් ගොඩනැගිල්ල) කඩා වැදුණේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය යන උභය මණ්ඩලය ම විශේෂ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී ය.

    ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් සිදුවූ ජෝ බයිඩන් ගේ පත්වීම තහවුරු කිරීම සම්බන්ධයෙන් අදාළ විශේෂ රැස්වීම කැඳවා තිබිණි.

    විරෝධතාකරුවෝ
    විරෝධතාකරුවෝ

    ඇතැම් විරෝධතාකරුවන් ආයුධ සන්නද්ධව සිටින අයුරු ඡායාරූපවල දැක්විණි.

    කැපිටල් ගොඩනැගිල්ලට කඩාවදිමින් සිටි පිරිසෙන් ඇතැමෙකු පොලිසිය විසින් රඳවා ගනු ලැබූ අතර ඉන් ඇතැම් පිරිස් බිත්ති දිගේ නගිමින් සෙනෙට් මන්ත්‍රී ශාලාවට කඩා වැදුණහ. ඉන් ඇතැමුන් පොලිසියේ ග්‍රහණයට හසුවිණි.

    අත්අඩංගුවට පත්වීම

    “අපට ඕනෑ ට්‍රම්ප්” යනුවෙන් විරෝධතාකරුවන් හඬ නගද්දී මාධ්‍යවේදීන් හා මහජන නියෝජිතයින් ආරක්ෂාව පතා, හෙළි නොකළ ස්ථානයකට ගෙන ගියහ.

    කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් ආරක්‍ෂිත ස්ථාන කරා දිව යමින්
    ඡායාරූප ශීර්ෂ වැකිය,කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් ආරක්‍ෂිත ස්ථාන කරා දිව යමින්
    විරෝධතාකරුවෝ

    ප්‍රචණ්ඩ ස්වභාවය ඉහළ යමින් තිබියදී පොලිසිය විසින් අතිරේක ආරක්ෂක පිරිස් කැඳවීය.

    විරෝධතාකරුවෝ
    විරෝධතාකරුවෙක්
    විරෝධතාකරුවෙක්

    සිය අධාරකරුවන් කඩාවදිමින්, උද්ඝෝෂණ උග්‍ර අතට හැරෙද්දී සිය නිහඬතාව බිඳිමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ජනාධිපති විරෝධතා කරුවන්ගෙන් ඉල්ලා සිටියේ “පොලිසියට හා නීතිය ක්‍රියාත්මක කරන පිරිස්වලට සහය දෙන්න” යනුවෙනි.

    “ඔවුන් සැබවින්ම ඉන්නේ රට පැත්තේයි,” යැයි ලියූ ට්‍රම්ප් “සාමකාමී වන්න” යැයි කියා සිටියේය.

    ඉන් අනතුරුව සාමකාමීව විසිර යන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමින් ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ නමුත්, මැතිවරණය “කොල්ල කෑ” බවට ජනාධිපතිවරයා යළිත් වරක් කරන ප්‍රකාශය හේතුවෙන් එය බෙදා ගැනීම සහ ප්‍රතිචාර දැක්වීම ට්විටර් ආයතනය මගින් අවහිර කොට තිබේ.

    ට්විටර් සමාගම පවසන්නේ ජනාධිපතිවරයාගේ පණිවුඩය මගින් “ප්‍රචණ්ඩත්වය පිළිබඳ අවදානමක් පවතින” බවය.

    බෙදා හැරීම අවහිර කෙරුණු ට්විටර් පණිවුඩය

    කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවන පිරිස ඉහළ යන තත්ත්වය මත එතුළ කඳුළු ගෑස් ප්‍රහාර ප්‍රහාර එල්ල කරන ලද බව මාධ්‍ය වාර්තාවල දැක්විණි.

    ධවල මන්දිර ප්‍රකාශිකා කයිලී මැක්එනානි පැවසුවේ ජනාධිපති ට්‍රම්ප් ගේ ඉල්ලීම මත ජාතික ආරක්ෂක බලමුළුව කැඳවා ඇති බවකි.

    බී.බී.සී සන්දේශයෙන් උපුටා ගන්නා ලදි. – ශීර්ඝ පාඨය වෙනස් කර ඇත.

  • 2020 දී ආසියාව හෙල්ලූ සුපිරි ප්‍රවෘත්ති ඡායාරූප

    2020 දී ආසියාව හෙල්ලූ සුපිරි ප්‍රවෘත්ති ඡායාරූප

    ලෝකයේ සෙසු සියළු සිදුවීම් කොරෝනා වසංගත භීතියෙන් වැසීගොස් ඇති නමුත් ගෙවීයමින් පවතින වසරක කාලය ඇතුළත බොහෝ දෙනාගේ ඇස යොමුනොවෙන අනන්ත සිදුවීම් ලෝකය පුරා වාර්තාවෙමින් තිබුණි.

    ආසියාවේ සිදුවූ වඩාත් සිත්කාවැදුන අවස්ථා දහයක් කෙරෙහි නෙත් යොමුකරමු. මෙම අවස්ථා සහ කොරෝනා වසංගතය අතර කිසිදු සම්බන්ධයක් නොමැති තරම්ය.

    2020 පෙබරවාරි 24: දශක කීපයක් තුළ නවදිල්ලියෙන් වාර්තා වූ දරුණුතම වර්ගවාදී කරලිගැසීම්

    ගෙවී යන වසරේ ලෝකය

    මෙම පින්තූරයෙන් දැක්වෙන්නේ හින්දු ප්‍රහාරක කල්ලියක් මුස්ලිම් ජාතිකයකුට අතිශය දුෂ්ට ආකාරයට පහරදෙන අවස්ථාවකි. 2020 පෙබරවාරි මාසයේ නවදිල්ලියේ පැතිරගිය ආගම්වාදී කැරලිගැසීම් සහ ප්‍රහාරයන්හි ස්වභාවය එමගින් පෙන්නුම් කෙරෙයි.

    “මේ පින්තූර දැකපු කිසිම කෙනෙක් හිතුවේ නැහැ මම තවදුරටත් ජීවතුන් අතර ඇති කියල,” එම රුදුරු ප්‍රහාරයට ගොදුරු වූ මොහමඩ් සුබයිර් (Mohammad Zubair) රෝහලෙන් පැමිණි පසු BBCයට ප්‍රකාශ කළේය.

    ඔහුගේ හිස ඒවනවිටත් වෙළුම්පටවලින් ඔතා තිබුණි.

    එම ප්‍රහාරය එල්ලකරන ලද්දේ ඉන්දීය ආණ්ඩුව විසින් හඳුන්වා දෙන ලද නව පුරවැසි නීතියට එරෙහි විරෝධතා ව්‍යාපාර දියත් කෙරෙමින් පවතින අතරය.

    දරුණු තුවාල ලද නමුත් 37 හැවිරිදි මොහොමඩ් ජීවිතය රැක ගැනීමට තරම් වාසනාවන්ත විය.

    එහෙත් එවැනි ප්‍රහාරවලින් පනහකට අධික ජීවිත විනාශ වූ අතර දහස් ගණනක් ජනතාව ඔවුන්ගේ නිවාසවලින් නෙරපා හරින ලදහ. එය දශක කීපයක් ඇතුළත නවදිල්ලි අගනුවරින් වාර්තා වූ දරුණුතම වාර්ගික ප්‍රහාරයයි.

    එහෙත් මොහොමඩ් කියාසිටින්නේ තමා තවදුරටත් මනුෂ්‍යත්වය කෙරෙහි විශ්වාසය තබන බවය.

    “එවැනි බිහිසුණු ක්‍රියාවන් කිසිම ආගමික සංස්ථාවක් කෙරෙන් එල්ල කෙරෙන්න බැහැ,” මොහොමඩ් පවසයි.

    2020 ජූනි 16: කොරියානු රාජ්‍යයන් දෙක අතර සාමය ගිනිගෙන දුමාරයෙහි දියව ගිය ආකාරය

    korea
    ඡායාරූප ශීර්ෂ වැකිය,දෙරටේ දේශසීමාවේ පිහිටුවා තිබුණ සාකච්ඡා මණ්ඩපය උතුරු කොරියාව විසින් ගිනිබත් කරනු ලැබීමෙන් පසු ඉහළ නගිමින් තිබුණ දුමාරය සෝල් අගනුවරවාසීන් නරඹන ලද ආකාරය

    එම කාර්යාලය සාමය සඳහා නව යුගයක දැල්වුන බලාපොරොත්තුවේ සංකේතය වී තිබුණි.

    කොරියානු යුද්ධය නිමවීමෙන් පසු දෙරටේ නියෝජිතයන්ට සෘජු සාකච්ඡා පැවැත්වීම සඳහා පහසුකම් සලසන ලද ස්ථානය දෙරටේ දේශසීමාවේ පිහිටි එම සාම කාර්යාලය විය.

    එහෙත් 2020 ජූනි මාසයේ එම ගොඩනැගිල්ල දැවී දුමාරයේ දියවී ගියේය.

    2020 අගෝස්තු 10: හොංකොං කැරලිකාර කෝටිපතියා අත්අඩංගුවට ගැනීම

    hongkong
    පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මාධ්‍ය කුවේරයා ඔහුගේ ‘ඇපල් ඩේලි’ පුවත්පත් කාර්යාලයේ සිට ගෙනගිය අවස්ථාව

    බොහෝ හොංකොංවාසීන්ට ජිමී ලායි (Jimmy Lai) විරුවෙකි. එම දුලබ මාධ්‍ය කුවේරයා සිය දූපත කෙරෙහි බේජිං පාලනය කෙරෙන් වේගයෙන් වැඩිවෙමින් පවතින බලපෑමට එරෙහිවා නැගී සිටීමට නිර්භීත විය.

    එයින් කුපිත වූ දූපත් බලධාරීහු හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ සිටින එසේම වැඩිම අලෙවිය සහිත ‘ඇපල් ඩේලි’ පුවත්පත පලකෙරෙන කාර්යාලයට කඩාපැනීම නගරය සසල කිරීමට හේතුවිය.

    එම ක්‍රියාවලිය ආරම්භ වුනේ අගෝස්තු 10 දින ජිමී ලායි (Jimmy Lai) අත්අඩංගුවට ගැනීමත් සමඟය.

    නොවලහා සිය මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශකරන මාධ්‍ය කුවේරයා අත්අඩංගුවට ගනුලැබීම ආගන්තුක සිද්ධියක් නොවුනත්, එම අත්අඩංගුවට ගැනීම සිදුවුනේ චීනය විසින් මෑතදී පනවන ලද මතභේදයට ලක්වූ නව ජාතික ආරක්ෂක නීතිය උපයෝගීකර ගනිමිනි. චීනය මාධ්‍ය කුවේරයා ද්‍රෝහියකු ලෙස හඳුන්වන අතර ඔහු ජීවිතාන්තය තෙක් සිර දඬුවමකට යටත්කරනු ලැබීමේ ඉඩකඩක් පවතී.

    ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීම සම්බන්ධයෙන් මෙම දෙසැම්බර් මාසය මුලදී ජිමීට එරෙහිව නිල මට්ටමින් චෝදනා කෙරුණ අතර ඔහුට මාංචු දමා උසාවියට ගෙනයනු ලැබුණි.

    2020 අගෝස්තු 10: තායිලන්තයේ ලොකුම තහංචිය දෙදරුම් කෑමට හේතුවූ ප්‍රකාශනය

    ගෙවී යන වසරේ ලෝකය
    කවුරුවත් අනිත් අයට වඩා උපතින් උසස්වන්නේ නැහැ” 21 හැවිරිදි, පනසයා සිතිජිරාවත්තනකුල් රාජ්‍යත්වයට අභියෝග කළාය.

    ඇය වේදිකාව මතට පියවර මැන්නේ දහස් සංඛ්‍යාත තායිලන්ත සරසවි සිසු සිසුවියන්ගේ ඔල්වරසන් හඬ මැදය.

    වේදිකාව මත පෙනී සිටි පනසයා සිතිජිරාවත්තනකුල් (Panusaya Sithijirawattanakul) තායිලන්ත රාජ්‍යත්වයට විවෘත අභියෝගයක් කළාය.

    විවේචනය කරනු ලැබීම තහනම් “ශුද්ධ” ආයතනයක් ලෙස පිදුම්ලබන චාරිත්‍රයක් සහිත තායිලන්ත රාජ්‍යත්වය සංශෝධනයකට ලක්විය යුතුය යන්න ඇය දුන් පණිවුඩය විය.

    “මේ ලෝකයේ කිසිවෙක් නිල් පැහැති රුධිරය සහිතව උපත ලබා නැහැ.වෙන්න පුළුවන්-ඇතැමුන් සෙස්සන්ට වඩා වාසනාවන්ත වෙන්න පුළුවන්. එහෙත් කවුරුවත් අනිත් අයට වඩා උපතින් උසස්වන්නේ නැහැ,” 21 හැවිරිදි තරුණිය රාජ්‍යත්වයට අභියෝග කළාය.

    2020 අගෝස්තු 15: ලෝකය පුදුමකළ දිය කෙළියක්

    ගෙවී යන වසරේ ලෝකය
    ඔවුන් මුඛ ආවරණ පැළඳ නොමැත. සමාජ දුරස්ථභාවය අමතකව ගොසිනි

    නාන තටාකයක පැවැත්වූ මෙවැනි මහා උත්සවයක් දැකීමට නොලැබෙන තරම්ය.

    එය පැවැත්වුනේ චීනයේ ‘වුහාන්’ ජල උයනෙහිය.ප්‍රීතිඝෝෂා නගමින් දහස් ගණනක් එම දියකෙළියට සහභාගී වූහ. පාවෙන රබර් නිමැවුම් මත දියමත රැඳී සිටි විනෝදකාමීහු තටාකයේ පැද්දෙමින් සරන ලද්දේ විද්‍යුත් සංගීතය අනුවය.

    මෙය මාස කීපයකට පෙර කොරෝනාවෛරසය මතුවූ ‘වුහාන්’ ප්‍රදේශය වූ නමුත් ඔවුන් මුඛ ආවරණ පැළඳ නොමැත. සමාජ දුරස්ථභාවය අමතකව ගොසිනි.

    2020 ඔක්තෝබර් 16: මවකගේ කඳුළු පිලිපීනය කැළඹීමට ලක්කරයි

    ගෙවී යන වසරේ ලෝකය
    දෑතට විලංගු දමනු ලැබ ඇති මව හිසේ සිට පාදාන්තය තෙක් පෞද්ගලික ආරක්ෂක ලෝගුවකින් සැරසී සිටින්නීය

    අතට විලංගු වැටුන පිලිපීන මවක් මියගිය සිය බිළිඳාගේ දේහය ඉදිරිපිට දණ නමා සමුගත් ආකාරය දැක්වෙන අවස්ථාව පිලිපීන ජනතාව අතර බලවත් සංවේගයක් පැතිරයාමට හේතුවිය.

    දෑතට විලංගු දමනු ලැබ ඇති මව හිසේ සිට පාදාන්තය තෙක් පෞද්ගලික ආරක්ෂක ලෝගුවකින් සැරසී සිටින්නීය.

    දේශපාලන හේතුමත රඳවාගෙන සිටින රීනා මේ නසිනෝ (Reina Mae Nasino)නම් එම කාන්තාවට ඇයගේ අළුත උපන් බිළිඳාගේ අවමඟුලට සහභාගීවීමට බලධාරීන්ගෙන් අවසරයක් ලැබුණි. සිරමැදිරියේ සිට ඇය කැඳවාගෙන එන ලද්දේ සන්නද්ධ බලකායක් යටතේය. ඇය අවමඟුලට සහභාගි වූ අවස්ථාව පිලිපීන වැසියන් සසල කළ මොහොතක් විය.

    23 හැවිරිදි සිරකාරිය සිය බිළිඳු දියණිය සමඟ එක්වීමට ගෙනයමින් සිටි අසාර්ථක අරගලයේ නිමාව සටහන්වුනේ එපරිද්දෙනි.

    බිළිඳු දැරිය වන ‘රිවර්’ උපතලද්දේ සිය මව අත්අඩංගුවේ සිටියදීය. දැරිය මවගෙන් වෙන්කරනවිට ඇයට මාසයක් පමණි. මව සහ දියණිය එකට තබන ලෙස ඉල්ලා සිටිමින් ගෙනගිය අනේකවිධ ඉල්ලීම් සහ නෛතික ප්‍රයත්නයන් කෙළවර වුනේ ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබීමෙනි.

    මවගෙන් වෙන්කරන ලද දැරියගේ සෞඛ්‍යය පිරිහෙන්නට විය. බිළිඳු දැරිය රෝහල්ගත කරන ලද නමුත් මවට දරුවා දැකීමට අවසර නොලැබුණි.

    නියුමෝනියාවෙන් පීඩා විඳි තෙමස් වියැති දැරිය පසුගිය ඔක්තෝබර් මාසයේ සිය අවසන් හුස්මපොද අවකාශයට මුසුකළාය.

    එම ඛේදවාචකය අත්අඩංගුවේ පසුවෙන පිලිපීන මව්වරුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැවෙන ප්‍රශ්නය මතුකිරීමට හේතුවක් විය. සමාජය පුරා පැතිරයමින් තිබුනේ දැවෙන කෝපයකි. පවතින ක්‍රමය ‘නසිනෝ’ සහ අයගේ බිළිඳු දියණිය ‘රිවර්’ගේ අයිතිය පැහැරගැනීමට හේතුව බව බොහෝදෙනෙක් කියා සිටියහ.

    2020 ඔක්තෝබර් 23: ට්‍රක් රථයකට අභියෝග කරන ‘කොමොඩෝ’ දැවැන්තයා

    ගෙවී යන වසරේ ලෝකය
    ‘කොමොඩෝ’දැවැන්තයා ට්‍රක් රථයට මුහුණ දී සිටි විලාසය

    ඉදිකිරීම් අංශයේ නිරත මෙම ට්‍රක් රථය සහ ‘කොමොඩෝ’දැවැන්තයා අතර අහඹු හමුව පසුගිය ඔක්තෝබර් මාසයේ ලෝකය පුරා ජනප්‍රියව හුවමාරු වූ ඡායාරූපයක් විය.

    ස්ථානය ඉන්දුනීසියාවේ දූපතකි.එම දූපතට සංචාරකයන් ආකර්ෂණය කරගැනීම ඉලක්ක කරගනිමින් ඉදිකෙරෙමින් පවතින ”ජුරාසික් පාක්” උයනක් කෙරෙහි මැසිවිලි පළවීමට එම ඡායාරූපය හේතුවක් විය.

    එය ලෝකයේ දැවැන්තම උරගයන් ජීවත්වෙන බව පැවසෙන එක් ඉන්දුනීසියානු දූපතකි. එම ජීවීන් එහි වසර දශලක්ෂ ගණනක් කාලයක් පවත එන්නේයැයි මතයක් පවතී.

    “කොමොඩෝ දැවැන්තයකු වාහනයක එංජිමක හඬ සහ ඉන්ධන දුමාරය ආඝ්‍රාණය කරනලද පළමු අවස්ථාව මෙය” යයි ඉහත කී පින්තූරය හුවමාරු කරගත් එක් ක්‍රියාකාරිකයෙක් සඳහන් කළේය.

    2020 ඔක්තෝබර් 30: තායිවානයේ සමූහ යුද විවාහ උළෙලකට එක්වූ පළමු සමලිංගික යුවල

    ගෙවී යන වසරේ ලෝකය
    සමූහ විවාහ උළෙලට ජෝඩු 188ක් එක්වූ අතර,ඔවුන් අතර කාන්තා සමරිසි ජෝඩුදෙකක් ද ඇතුළත් විය

    එම ඓතිහාසික අවස්ථාව උදාවුනේ තායිවාන් දිවයින එරට සමලිංගික විවාහය නීතිගතකරනු ලැබීමෙන් අවුරුද්දකට පසුවය. සමලිංගික විවාහය නීතිගත කරන ලද පළමු ආසියානු රට තායිවානයයි.

    “යුදහමුදාවේ සේවයකරන තවත් සමරිසි පුද්ගලයන් නිර්භීතව ඉදිරිපත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මොකද? අපේ යුදහමුදාව විවෘත මනසින් කටයුතු කරන ආයතනයක්. වැදගත් කරුණ වන්නේ ආදරය. හැමකෙනෙකුටම අපි සලකන්නේ සමානත්වයේ දර්ශනයෙන්,” තායිවානයේ පළමු සමලිංගික විවාහය මගින් ඉතිහාසයට එක්වූ ලුතිනන් චෙන් යින්ග් හ්සෝන් (Chen Ying-hsuan) ඇසෝසියේටඩ් නිව්ස් පුවත්සේවයට පැවසීය. ඇය විවාහවුනේ ලි ලි-චෙන්(Li Li-chen) සමඟය.

    ඉහත කී සමූහ විවාහ උළෙලට ජෝඩු 188ක් එක්වූ අතර, ඔවුන් අතර කාන්තා සමරිසි ජෝඩුදෙකක් ද ඇතුළත් විය.

    2020 නොවැම්බර් 17: බැංකොක් අගනුවර වීදි විරෝධතාවාදීන්ට ආරක්‍ෂිත පවුරක් වූ ගිනිනොගන්නා රබර් තාරාවන්

    ගෙවී යන වසරේ ලෝකය
    ජල ප්‍රහාරයෙන් ආරක්ෂාවීම අතින් තාරා අනුරූ කුඩවලටත් වඩා සුදුසුබව එක් නිරීක්ෂකයකුගේ අදහස විය.

    ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලමින් වීදිබැස සිටින උද්ඝෝෂකයන් ජල කාලතුවක්කු ප්‍රහාරවලින් බේරීමට යොදාගන්නා ලද්දේ ගිනිනොගන්නා රබර් තාරාවුන්ය.

    තායිලන්ත තරුණයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද ප්‍රසිද්ධියක් දිනාගත්තේය.

    එවැනි කහපැහැති රබර් තාරාවුන් බැංකොක් අගනුවර වීදි විරෝධතා ව්‍යාපාරයන්හි දක්නට ලැබුනේ පළමු වතාවටය.

    උද්ඝෝෂකයන් එම රබර් තාරාවුන් ගෙනත් තිබුනේ විනෝදය සඳහා යයි සිතන බව එක් ක්‍රියාකාරිකයෙක් රොයිටර් පුවත්සේවයට ප්‍රකාශකර තිබුණි.

    ඒ අතරවාරයේ නොවැම්බර් 17 දා තායිලන්ත පොලිසිය විරෝධතාවාදීන්ට ජල කාලතුවක්කු ප්‍රහාර එල්ලකරන ලද අවස්ථාවේ ඉන් බේරීමේ ආරක්‍ෂිත ආවරණයක් හැටියට එම රබර් තාරාවුන් යොදාගත්හ.

    ජල ප්‍රහාරයෙන් ආරක්ෂාවීම අතින් තාරා අනුරූ කුඩවලටත් වඩා සුදුසු බව එක් නිරීක්ෂකයකුගේ අදහස විය.

    2020 නොවැම්බර් 27: ඉන්දියාවේ ගොවි විරෝධතා ව්‍යාපාරයේ හඬ

    india
    සුක්දේව් සිං නම් ගොවියා මාධ්‍යවේදීන්ට කියාසිටියේ තමාගේ අත්වලට ,සිරුටේ පිටුපසට සහ කලවා ප්‍රදේශයට පහර කීපයක් එල්ල වූ බවය

    ඉන්දියාවේ අතිරේක පොලිස් භටයෙක් නිරායුධ සීක් ජාතික වෘද්ධ ගොවියකු ඉලක්කකර ගනිමින් බැටන් පොල්ලක් ලෙළවමින් සිටි ආකාරය දැක්වෙන මෙම පින්තූරය රට තුළ උණුසුම් විවාදයකට මුල්විය.

    ඉන්දීය ආණ්ඩුව කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පනවන ලද අළුත් නීතියට එරෙහිව දහස් ගණනක් ගොවි ජනතාව දිල්ලි අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් ගෙනයමින් සිටින අතරවාරයේ එම පින්තූරය සමාජ මාධ්‍ය ජාලයෙහි වේගයෙන් හුවමාරුවෙමින් තිබුණි.

    ඒ සමඟ එය ඉන්දීය ඉහළම දේශපාලන යන්ත්‍රය තුළත් එක්තරා අරගලයකට හේතුවිය.

    ආණ්ඩුව ගොවි ජනයාට සලකන ආකාරය ප්‍රදර්ශනය කිරීම සඳහා ඉන්දීය විපක්ෂය එම පින්තූරය යොදාගත් අතර, පාලක භාරතීය ජනතා පක්ෂය යතාර්ථය විකෘති කරමින් කියාසිටියේ පින්තූරයේ දැක්වෙන ගොවියාට පහරදීමක් සිදුව නැති බවය.

    ඉන්දියානු මාධ්‍ය ඉතා ඉක්මණින් ඉහත පින්තූරයේ දැක්වෙන සුක්දේව් සිං නම් ගොවියා සොයාගත් අතර, ඔහු මාධ්‍යවේදීන්ට කියාසිටියේ තමාගේ අත්වලට, සිරුරේ පිටුපසට සහ කලවා ප්‍රදේශයට පහර කීපයක් එල්ල වූ බවය.

    Text by – bbc

  • කොරෝනා නිසා චීනයට සුපිරි වාසියක් – ජාත්‍යන්තර සමීක්ෂණයක සුපිරි හෙළිදරව්ව

    කොරෝනා නිසා චීනයට සුපිරි වාසියක් – ජාත්‍යන්තර සමීක්ෂණයක සුපිරි හෙළිදරව්ව

    කොවිඩ් වෛරස් වසංගතය සාමාන්‍ය ජනජීවිතය පමණක් නොව ගෝලීය ආර්ථික ආධිපත්‍ය පවා වෙනස්කරනු ලබනු ඇති බව ලොව ප්‍රකට සමීක්ෂණ ආයතනයක අලුත්ම වාර්තාවක සදහන් වෙනවා.

    ලෝකයේම අවධානය දිනාගත් මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍යයේ පවත්වාගෙන යන ආර්ථික සහ ව්‍යාපාර සමීක්ෂණ මධ්‍යස්ථානය – Centre for Economics and Business Research CEBR) විසිනුයි. එහි සදහන් වන ආකාරයට 2028 වන විට ලෝකයේ දැවැන්තම ආර්ථිකය බවට චීනය පත්වනු ඇති අතර වසර 2030 වන විට ඉන්දියාව, ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වෙනවා.

    මෙම වාර්තාව මගින් සිදුකර ඇති විශ්ලේෂණයේ විශේෂත්වයක් වන්නේ මීට පෙර ප්‍රක්ෂේපනය කර තිබූ කාලයට වඩා වසර පහකට කලින් චීනය ලොව දැවැන්තම ආර්ථිකය බවට පවත්වන බවට අනාවැකි පළ කිරීමයි.

    මෙම වාර්තාවේ සඳහන් වන්නේ කොවිඩ් 19 “දක්ෂ ලෙස” කළමනාකරණය කිරීම මගින් චීන ආර්ථිකයේ සාපේක්ෂ වර්ධනය ඉදිරි වසර කීපය තුළ එක්සත් ජනපදය සහ යුරෝපය සමඟ සංසන්දනය කිරීමේදී ඉහළ යනු ඇති බවයි.

    මේ අතරතුර, වසර 2030 වන විට ඉන්දියාව, ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත් වනු ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

    ආර්ථික සහ ව්‍යාපාර සමීක්ෂණ මධ්‍යස්ථානය (CEBR) විසින් ලෝක ආර්ථික ලීග් ලැයිස්තුව සෑම වසරකම නිකුත් කරනු ලබන්නේ දෙසැම්බර් 26 වැනිදා ය.

    කොරෝනා වසංගතයෙන් මුලින් ම බැට කෑවේ චීනය වුවද අතිශයෙන් ම දැඩි වූ නීති පනවමින් ඉන් මිදෙන්නට හැකි වූ හෙයින් යුරෝපා රටවලට මෙන් ආර්ථිකය එක්තැන් කරවන ලොක්ඩවුන් කරා නැවත නැවතත් යාමට ඔවුනට අවශ්‍ය නොවුණි.

    BBC

    එහි ප්‍රතිඵලයක් වශයෙන්, දැවැන්ත ආර්ථිකයක් සහිත වෙනත් රටවලට මුහුණ දීමට සිදුවූ ආකාරයේ ආර්ථික අවපාතයකට 2020දී චීනය ලක් නොවීය. ඒ වෙනුවට 2%ක ආර්ථික වර්ධනයක් 2020දී චීනයේ සිදුවනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

    කොරෝනා වසංගතය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකයට මරු පහරක් එල්ල විණි.

    වසංගතයට ගොදුරු වී එරට 330,000කට අධික පිරිසක් මිය ගිය අතර ලේඛන ගතවී තහවුරු වූ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 18.5 ඉක්මවා ගියේය. එක්සත් ජනපදයට සිදු වූ ආර්ථික හානිය මූල්‍ය ප්‍රතිපාදන සහ මහා පරිමානයේ මූල්‍ය උත්තේජක ඔස්සේ වසා ගැනුණු බව සැබවි; නමුත් ලබන වසර තුළ රැකියා විරහිත ජනතාවගෙන් මිලියන 14කට සහන දීමනා නොමැති වන තත්වයක් එක්සත් ජනපදයේ ඇති විය හැකි බවට දේශපාලන මත ඉදිරිපත් වී තිබේ.

    කෙසේ නමුත්, කොවිඩ් 19 වසංගතය සහ ඊට අනුරූපව සිදුවූ ආර්ථික බිඳ වැටීම් චීනයට වාසිදායක තත්වයක් උදා කර ඇති බව ඉහත කී සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

    BBC

    එහි තවදුරටත් සඳහන් වන්නේ, “වසංගතය නිමා වීමෙන් අනතුරුව 2021 දී ශක්තිමත් ආර්ථික පොලාපැනීමක්” හේතුකොට ගෙන එක්සත් ජනපද ආර්ථිකයේ වාර්ෂික වර්ධනය, 2022 සිට 2024 දක්වා 1.9%ක් වන අතර ඉන් පසු වසර වලදී එය 1.6ක වර්ධනයකින් පවතිනු ඇති බවය.

    නමුත් චීන ආර්ථිකය 2025 වනතෙක් 5.7%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරන බවත් 2026 සිට 2030 දක්වා එය 4.5%ක වර්ධනයකින් පවතිනු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

    වසර 2000දී ලෝකයේ සමස්ත ආර්ථිකයෙන් 3.6%ක් චීනය සතුව පැවතුණි. මේ වන විට 17.8ක් දක්වා තම පංගුව වැඩි කර ගැනීමට චීනය සමත් වී සිටී. වසර 2023 වන විට චීනය “ඉහළ ආදායම් ලාභී ආර්ථිකයක්” බවට පත්වනු ඇති බවට ද ඉහත සමීක්ෂණ වාර්තාව අනාවැකි පල කරයි.

    චීන ආර්ථිකයට වාසිසහගත වී ඇත්තේ කොවිඩ් වසංගතය කල්තියා පාලනය කර ගැනීම පමණක් නොවේ. ආර්ථික සහ ව්‍යාපාර සමීක්ෂණ මධ්‍යස්ථානයේ (CEBR) උප සභාපති ඩග්ලස් මැක්විලියම්ස් පවසන පරිදි නවීන නිෂ්පාදන ආදී කර්මාන්ත සඳහා කඩිනම් ප්‍රතිපත්ති සම්පාදනයන් ඇතිකිරීම හේතුවෙන් ද චීන ආර්ථිකය වේගවත් වී ඇත.

    Getty Images
    චීනය ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත් වුවද එක්සත් ජනපද වැසියෙකුට වඩා චීන වැසියෙකුගේ ආර්ථික මට්ටම ඉතා දුප්පත් වනු ඇත

    “එක් මට්ටමකින් මධ්‍යගත පාලනයක් පවත්වාගෙන යන ගමන් අනෙකුත් ක්ෂේත්‍ර තුළ නිදහස් වෙළඳ ආර්ථිකයක් පවත්වාගෙන යාමට ඔවුන් උත්සාහ කරන බවක් තමයි නෙනෙන්නට තියෙන්නේ. විශේෂයෙන් ම තාක්ෂණික නිමැවුම් ක්ෂේත්‍රය ඉදිරියට තල්ලු කර ගැනීම සඳහා ඔවුන්ට උදව් වෙන්නේ ඒ නිදහස් වෙළඳ ආර්ථික කොටස තමයි.” ඔහු බීබීසීයට පැවසීය.

    කෙසේ නමුත්, එක්සත් ජනපදය අභිභවා චීනය ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත් වුවද එක් පුද්ගලයෙකු සතු දල වත්කම ගත් කල එක්සත් ජනපද වැසියෙකුට වඩා චීන වැසියෙකුගේ ආර්ථික මට්ටම ඉතා දුප්පත් වනු ඇත. එක්සත් ජනපදයේ මෙන් හතර ගුණයක ජනගහනයක් චීනය සතු ය.

    වෙනත් අනාවැකි:

    • එක්සත් රාජධානිය යුරෝපා හවුලෙන් ඉවත් වීමෙන් අනතුරුව 2021 සිට 2025 දක්වා එක්සත් රාජධානියේ වාර්ෂික ආර්ථික වර්ධනය 4%ක් විය හැක. එය 2026 සිට 2030 දක්වා 1.8%ක වාර්ෂික වර්ධනයකින් පවත්වාගෙන යනු ඇත. එක්සත් රාජධානියේ ආර්ථිකය ද 2020 දී හැකිළීමට ලක් විය.
    • වසර 2019 දී ඉන්දියාව ලෝකයේ පස්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වෙමින් එක්සත් රාජධානිය අබිභවා ගියේය. නමුත් කෝවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය කඩා වැටීම නිසා ඉන්දියාව යළිත් එක්සත් රාජධානියට පසුපසින් සිට ගත්තේය. වසර 2024 වන තුරු ඉන්දියාව නැවත පස්වැනි ස්ථානයට නොපැමිණෙන බව CEBR වාර්තාව සඳහන් කරයි.
    • වසර 2027 දී ඉන්දියාවේ ආර්ථිකය ජර්මනිය අබිභවා යන අතර 2030 වන විට ජපානය පසු කර යනු ඇත.

    Text by – bbc

  • වූහාන් කොරෝනා ආරම්භය ලොවට කීමේ ‘වරදට’ සිව් වසරක සිර දඬුවමක්

    වූහාන් කොරෝනා ආරම්භය ලොවට කීමේ ‘වරදට’ සිව් වසරක සිර දඬුවමක්

    37 හැවිරිදි මාධ්‍යවේදිනිය පසුගිය මැයි මාසයේ දී රඳවා තබන ලද අතර ඇය මාස කීපයක් ආහාර වර්ජනය කිරීමක ද නිරතව සිටියාය

    වූහාන් නගරයෙන් කොරෝනාවෛරසය ආරම්භවීම සම්බන්ධයෙන් වාර්තාකළ චීන මාධ්‍යවේදිනිය වසර හතරක කාලයකට බන්ධනාගාර ගතකරනු ලැබුණි.

    ෂාන්ග් ෂාන් (Zhang Zhan) නම් එම මාධ්‍යවේදිනිය වැරදිකාරිය බවට පත්කරනු ලැබ තිබෙන්නේ “කුපිතකාරී තත්වයක් ඇතිකරනු ලැබීම සහ ආරාවුල් අඬදබර ඇතිකරනු ලැබීම” සම්බන්ධයෙනි. එය චීන ආණ්ඩුවට එරෙහි බොහෝ ක්‍රියාධරයන්ට එරෙහිව එල්ලකරනු ලබන පොදු චෝදනාවයි.

    “කුපිතකාරී තත්වයක් ඇතිකරනු ලැබීම සහ ආරාවුල් අඬදබර ඇතිකරනු ලැබීම” (picking quarrels and provoking trouble) 1997 පටන් මහජන චීන සමූහාණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන නෛතික විධිවිධානයකි.

    කලින් නීතිඥවරියක ලෙසත් කටයුතුකර ඇති 37 හැවිරිදි මාධ්‍යවේදිනිය පසුගිය මැයි මාසයේ දී රඳවා තබන ලද අතර ඇය මාස කීපයක් ආහාර වර්ජනය කිරීමක ද නිරතව සිටියාය.

    ෂාන්ග් ෂාන් චීනයේ මහජන අයිතිවාසිකම් සහ නිදහස වෙනුවෙන් වාර්තාකරණයේ නිරතවෙන මාධ්‍යවේදිනියක් (citizen journalist) ලෙස සැලකෙයි.

    වූහාන් තොරතුරු වාර්තාකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කීපදෙනකු හිරිහැර ආදියට ගොදුරු වූ අතර, ෂාන්ග් ෂාන් ඔවුන් අතර එක් තැනැත්තියකි.

    චීනයේ නිදහස් මාධ්‍යකරණයට අවසරයක් නොමැත. සමාජ ක්‍රියාධරයන් එසේත් නැත්නම්, අනතුරක් සම්බන්ධයෙන් කල්තබා දැනුවත් කරන්නන් විසින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග යටපත් කරන ලද බවට චෝදනා කරමින් බලධාරීන් විසින් ඔවුන් මර්දනය කරන ලද බවක් දැනගන්නට ඇත.

    “නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරත්ම ෂාන්ග් ෂාන් දැඩි කම්පාවකට පත්වූ ආකාරයක් දකින්න ලැබුනා,” ඇය වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනීසිටි එක් නීතිවේදියකු වන රෙන් කොනියු (Ren Quanniu) AFP පුවත්සේවයට ප්‍රකාශ කළේය.

    විනිසකරු සිය තීන්දුව කියවද්දී මාධ්‍යවේදිනියගේ මව මහත් හඬින් හඬා වැළපුන බවත් විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී රෙන් සඳහන් කළේය.

    ‘විප්ලවීය ආත්මයක්’

    ඇය අත්අඩංගුවට ගනු ලැබීමට පෙර නිදහස් චිත්‍රපට නිෂ්පාදකයකු සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දැක්වූ ෂාන්ග් ෂාන් කොරෝනා වසංගතය ‘වුහාන්’ නගරයේ පැතිරයාම ආරම්භ වූ මොහොතේ එම නගරවාසියකු විසින් එහි පවතින තත්වය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළකරන ලද පෝස්ටුවක් කියැවීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි මාසයේ එම නගරයට යාමට තීන්දුකළ බව කියා සිටියාය.

    ෂාන්ග් ෂාන් ‘වුහාන්’ නගරයට ලඟා වීමෙන් අනතුරුව නගරයේ වීදිවල,රෝහල්වල පවතින සැබෑ තත්වය දැකගත් අතර, ඒ සමඟ ඇය බලධාරීන්ගේ තර්ජන පවා නොතකා හරිමින් වාර්තාමය චිත්‍රපට සහ රචනා ප්‍රකාශයට පත්කරන්නට පියවරගත් අතර ඒවා සමාජ මාධ්‍ය ජාලයෙහි විශාල මට්ටමින් හුවමාරුවන්නට විය.

    ෂාන්ගේ වාර්තා මගින් රඳවා තබනු ලැබ සිටි නිදහස් මාධ්‍යවේදීන් සහ කොරෝනාවෛරසයට ගොදුරු වූ පුද්ගලයන් වෙනුවෙන් වගවීමක් ඉල්ලා සිටි පවුල්වල සාමාජිකයන් හිරිහැර ආදියට භාජනය කරනු ලැබීමත් ලෝකයට අනාවරණය වූ බව චීනයේ මානව හිමිකම් ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටින්නන්ගේ ජාලය(CHRD) නම් මානව හිමිකම් සංවිධානය පවසයි.

    “වෙන්න පුළුවන්-මට විප්ලවීය ආත්මයක් තියෙන්න පුළුවන්! මම කරන්නේ සත්‍යය වාර්තාකරනු ලැබීම. ඇයි, මට සත්‍යය හෙළිදරව් කරන්න බැරි? බීබීසීය ලබාගත් ඇයගේ අදහස් රැගත් හඬපටයක් මගින් ෂාන් ප්‍රශ්න කරයි.

    “මම ඉටුකරමින් සිටින කාර්යභාරය නතර කරන්නේ නැහැ. මොකද? මේ රට (චීනය) ආපස්සට යන්න දෙන්න බැහැ.”

    china,covid-19
    කෝවිඩ්-19 වෛරස් වසංගතය ‘වුහාන්’ නගරවාසීන්ගේ ජන ජීවිතය සහමුළින්ම කණපිට හරවමින් දුෂ්කර තත්වයක් ඇති කළේය

    චීනයේ මානව හිමිකම් ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටින්නන්ගේ ජාලය (CHRD) පවසන පරිදි, ෂාන් පසුගිය මැයි 14 වෙනිදා පටන් අතුරුදහන්ව ඇත. ෂාන් අතුරුදහන්වීමෙන් දවසකට පසු දැනගන්නට ලැබී තිබෙන්නේ, වූහාන් නගරයේ සිට කිලෝමීටර් 640කටත් ඈතින් පිහිටි ෂැන්හයි නගරයේ පොලිසියක ඇය රඳවාගෙන සිටින බවය.

    මාධ්‍යවේදිනියට එරෙහිව පළමුවරට නිලමට්ටමින් චෝදනා ගොණුකරන ලද්දේ පසුගිය නොවැම්බර් මාසයේය.

    ‘වීචැට්’ (WeChat) ‘ට්විටර්’ (Twitter) සහ ‘යූ ටියුබ්’ (YouTube) වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළකරන ලද පණිවුඩ, වීඩියෝ සහ වෙනත් ප්‍රකාශන මගින් “සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම” ෂාන්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා පත්‍රයට ඇතුළත් කරුණු විය.

    ඇයට එරෙහි තවත් චෝදනාවක් වුනේ විදේශීය මාධ්‍ය සඳහා සාකච්ඡා පිළිගැනීමය. එම චෝදනාව මගින් කියැවුණේ ‘වුහාන්’ නගරයේ කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් “ද්වේශ සහගත තොරතුරු පතුරුවා හැරීමය.”

    ‘අනතුරු ඇඟවීමේ දඬුවමක්’

    තමා පොලිස් අත්අඩංගුවට ගනු ලැබීමට එරෙහිව ෂාන් ආහාර වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළාය. ඒ සමඟ ඇයගේ ශරීර සෞඛ්‍යය පිරිහීමට පත් විනැයි පැවසෙයි.

    මෙම දෙසැම්බර් මාසය මුලදී සිය සේවාදායිකාව හමුවූ අවස්ථාවේ කරුණු දැක්වූ ඇය “බටයක් මගින් බලහත්කාරයෙන් තමාට ආහාර ශරීරගත කරන ලද” බව කියාසිටියේ යයි ෂාන් ප්‍රකාශකළ බව ඇය වෙනුවෙන් පෙනීසිටි එක් නීතිවේදියෙක් පැවසීය.

    සිය සේවාදායිකව හිසරදය, ක්ලාන්තය සහ බඩරුදාවෙන් පෙළුන බවත් එම නීතිවේදියා පවසයි.

    “දවසේ පැය 24 පුරාම සිරකර තබනු ලැබීම නිසා ඇයට නාන කාමරයට යාමටත් උදව්වක් අවශ්‍ය කරනවා. ඇය නින්දේදීත් එහාමෙහා පෙරළෙනවා,” නීතිවේදී ෂාන් කෙකේ (Zhang Keke) පවසයි.

    “ඇය ඉන්නේ දැඩි මානසික පීඩාවක. හැම දවසකම ඇය පසුවන්නේ මහත් වධ වේදනාවකින්.”

    එම පිරිහුණ සෞඛ්‍ය තත්වය ඉදරිපත් කරමින් සිය සේවාදායිකාවට එරෙහි නඩු විභාගය කල්තබන ලෙස නීතිවේදියා ඉල්ලීමක් ද කර තිබුණි.

    ෂාන් 2019 වසරේත් චීන පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබ ඇත. එම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙන්නේ ඇය හොංකොං ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහයෝගය පළකිරීමය.

    ෂාන් නිදහස් මාධ්‍යවේදිනියට සිරදඬුවම් නියමකරනු ලැබීම CHRD සංවිධානයේ උපදේශක සහ පර්යේෂක ලියෝ ලෑන් (Leo Lan) විසින් විග්‍රහකරන ලද්දේ “අනතුරු ඇඟවීමක්” හැටියටය.

    “ඇයට නියමකරන ලද දඬුවම ඉතාම බරපතල එකක්. චීන ආණ්ඩුව ඇය නිහඬ කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළා. මෙය ‘වුහාන්’ නගරයේ සිද්ධවුණේ කුමක්ද? කියන කාරණය අනාවරණය කිරීමට උත්සාහ දරන සෙසු ජනයාත් බියගැන්වීමක් !” ලියෝ ලෑන් (Leo Lan) බීබීසියට අදහස් දක්වමින් සඳහන් කළේය.

    “වසංගතය සම්බන්ධයෙන් වාර්තාකරණයේ නිරතවීම නිසා අත්අඩංගුවට ගෙන සිටින අනිත් පුරවැසියන්ගේ ඉරණම ගැනත් මම ඉන්නේ කණස්සල්ලකින්.”

    ‘වුහාන්’ නගරයේ සිට වාර්තාකරණයේ නිරතවෙමින් සිටි ලී ෂේහුආ (Li Zehua), චෙන් ක්විෂි (Chen Qiushi) සහ ෆෑන්ග් බින් (Fang Bin) යන මිනිස් අයිතිය වෙනුවෙන් පෙනීසිටින නිදහස් මාධ්‍යවේදීන් ද මේ වසර ආරම්භයේ පටන් අතුරුදහන්වීමට ලක්වූහ.

    පසුව නිදහස් ලෝකයට පැමිණි ලී ෂේහුආ (Li Zehua) කියාසිටියේ තමා බලහත්කාරයෙන් නිරෝධායනය කළ බවය. මේ අතර චෙන් ක්විෂි (Chen Qiushi) ආණ්ඩුවේ අධීක්ෂණය යටතේ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ රැඳී සිටින බවක් වාර්තා වෙයි.

    එහෙත් ෆෑන්ග් බින්ට (Fang Bin ) සිදු වූ දෙයක් තවමත් දැනගන්නට නැත.

    චීනය තුළ පැතිරුණ ආකාරය

    Text by bbc sandesaya