Category: සුපිරි World

  • චීනයේ ‘ලෙෂන්’ යෝධ බුදුරුව දශක හතකට පසු පළමු වරට ගං දියෙන් තෙත් වෙයි

    චීනයේ ‘ලෙෂන්’ යෝධ බුදුරුව දශක හතකට පසු පළමු වරට ගං දියෙන් තෙත් වෙයි

    චීනයේ පිහිටි යෝධ බුදු රුවේ පා යුගල දශක හතකට පසු පළමු වරට පිටාර ගං දියෙන් තෙත් වී තිබේ. සිචුආන් පළාතේ චෙන්ග්ඩු ප්‍රදේශය ආසන්නයේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ‘ලෙෂන්’ බුදු පිළිමයේ උස මීටර 71 කි.

    ශෛලමය බුදු පිළිමය ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේදී පමණ නිමවන ලද්දකි.

    පිළිමය දිය පහරට ඉහළින් පිහිටා ඇතත් එම ප්‍රදේශය1940 ගණන්වලින් පසු හටගත් දරුණුතම ගංවතුර තත්ත්වයට මුහුණ දී තිබේ.

    ඒ හේතුවෙන් 100,000 ට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යනු ලැබිණි.

    බුද්ධ ප්‍රතිමාව විශාල ආකර්ෂණයක් දිනා ගෙන ඇති අතර අසල පිහිටි ‘යැන්ග්ට්සේ’ නදිය සහ ‘ත්‍රී ගෝර්ජස්’ වේල්ල අවට බෝට්ටු සවාරි ද සංචාරකයන් අතර ජනප්‍රිය වී තිබේ.

    ජල මට්ටම ඉහළ යාමත් සමග ප්‍රතිමාව පිහිටි භූමියේ සිටි සංචාරකයන් 180 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන කරා ගෙන ගිය බව චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේය.

    Tourist boats next to the Leshan Buddha in February
    ,පසුගිය පෙබරවාරි මස ගනු ලැබූ මෙම ඡායාරූපයේ දක්නට ඇති පරිදී බුදු පිළිමය ජල මට්ටමට ඉහළින් පිහිටා තිබේ
    Tourists burn offerings at the feet of the Giant Buddha in 2016
    ,බුදු රුව අභියස හිඳ ආශීර්වාද ලබා ගැනීම සඳහා සංචාරකයෝ සහ වන්දනාකරුවෝ බෝට්ටු ඔස්සේ එහි පැමිණෙති
    The feet of the Giant Buddha
    ඡායාරූප ශීර්ෂ වැකිය,ප්‍රමාණයෙන් මිනිසෙකුට වඩා විශාල බුදු රුවේ පා ඇඟිලි අවසන් වරට ජලයෙන් යට වී ඇත්තේ 1949 වසරේදීය
    Waters reach the platform of the statue (12 Aug)
    නමුත් පසුගිය සතියේදී බුදු පිළිමයේ පදනම දක්වා ජල මට්ටම ඉහළ ගිය අතර එය තවදුරටත් වර්ධනය විය

    බුදු පිළිමයේ පා ඇඟිලි ගං දියෙන් තෙමෙන්නේ නම් මිලියන 16 කට නිවහන වූ චෙන්ග්ඩු ප්‍රදේශයත් ජලයෙන් යටවන බවට එහි ජනයා අතර විශ්වාසයක් පවතින්නේ යයි ‘ෂීන්හුවා’ රජයේ පුවත් ඒජන්සිය වාර්තා කර තිබිණි.

    සති ගණනාවක් පැවති ධාරානිපාත වැසි හමුවේ ජල මට්ටම වාර්තා ගත ලෙස ඉහළ යාමත් සමග සිචුආන් පළාත හදිසි ප්‍රතිචාර දැක්වීම සඳහා ඇති ඉහළම මට්ටම ක්‍රියාත්මක කර ඇත. වැසි නවතින බවක් ද දක්නට නොමැත.

    Rescuers help evacuated villagers get off boats onto land in Sichuan (18 August)
    අනතුරුදායක ප්‍රදේශවලින් ජනයා ඉවත් කරවා ගැනීම සඳහා බේරා ගැනීමේ කණ්ඩායම් යොදවනු ලැබ තිබේ
    Flooding in Chongqing (14 Aug)
    චොන්ග්කුයින්ග් නගරය වෙත මෙවර ග්‍රීෂ්ම සෘතුවේ අවස්ථා කිහිපයකදීම ගංවතුරෙන් බලපෑම් එල්ල විය

    ‘යැන්ග්ට්සේ’, ‘යෙලෝ’ (කහ නදිය – හොවන්ග් හෝ නදිය),’හායි’, ‘සොන්ගුවා’ සහ ‘ලයාඕ’ යන ගංගා අවට පිහිටි පළාත් වෙත නාය යාම් ඇතුළු අනතුරු පිළිබඳ දැනුවත් කර තිබේ.

    ‘යැන්ග්ට්සේ’ නදිය ආශ්‍රිතව ක්‍රියාත්මක මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘතියක් වන ‘ත්‍රී ගෝර්ජස්’ වේල්ල ඉහළ කොටසට ජලය විශාල වශයෙන් එක්රැස් වෙමින් පවතින බවට බලධාරීන් අනතුරු අඟවා ඇත.

    ඒ හේතුවෙන් ප්‍රධාන නගරයක් වන චොන්ග්කුයින්ග් ඇතුළු වේල්ලට ඉහළින් ඇති ප්‍රදේශ ජලයෙන් යටවීමට ඉඩ ඇති බවට ජල සම්පත් අමාත්‍යංශය අනතුරු අඟවා තිබේ.

    by bbc sandesaya

  • Covid-19: එන්නත ලැබුණත් ජයගත යුතු අභියෝග දහස් ගණනක්

    Covid-19: එන්නත ලැබුණත් ජයගත යුතු අභියෝග දහස් ගණනක්

    කෝවිඩ්-19 ට එරෙහිව වඩාත් හොඳින් ක්‍රියාත්මක විය හැකි එන්නතක් වැඩිදියුණු කිරීම සඳහා ලොව වටා පර්යේෂණ කණ්ඩායම් වෙහෙසෙමින් සිටිති.

    බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් එය හඳුන්වනු ලැබුවේ “අප ජීවිත කාලයේ හදිසිම සාමූහික ප්‍රයත්නය” ලෙසය.

    ජයග්‍රාහී රසායනික වට්ටෝරුව සොයා ගැනීමේ විද්‍යාත්මක අධි තාක්ෂණය හැරුණු කොට ලොව බිලියන හතක ජනගහනයක් වෙත එවැනි එන්නතක් බෙදා හැරීම සඳහා ඇති සැලසුම කුමක්ද?

    එක්සත් රාජධානිය තුළ ඒ සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන ප්‍රධාන මධ්‍යස්ථානය හාවෙල් සයන්ස් කැම්පස් ආයතනයයි. එය පිහිටා ඇත්තේ ඔක්ස්ෆර්ඩ්ෂයර් හි පිහිටි රාජකීය ගුවන් හමුදාවට අයත්ව තිබූ කඳවුරකය. එය එක්සත් රාජධානියේ එන්නත් නිෂ්පාදන සහ නොවෝත්පාදන මධ්‍යස්ථානය බවට පත් වනු ඇත.

    “සැලසුම් ගත කාලය අඩකට ආසන්න ප්‍රමාණයකින් අඩු කර තිබෙනවා. කෙසේ වෙතත් එය 2022 අග වන විට සූදානම් වේවි යයි බලාපොරොත්තු වෙනවා. 2021 වන විට අන්තර්ජාලයට එක් කර ගත හැකි වෙතයි අපි අපේක්ෂා කරනවා,” යනුවෙන් එන්නත් නිෂ්පාදන සහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී මැතිව් ඩුචර්ස් පැවසීය.

    ‘කේක් පුළුස්සනවා හා සමානයි’

    ඔක්ස්ෆර්ඩ් විද්‍යාලය විසින් වැඩිදියුණු කරනු ලබන එන්නත සිය මධ්‍යස්ථානයේදී නිෂ්පාදනය විය හැකි බව ඔහුගේ විශ්වාසයයි. ඔක්ස්ෆර්ඩ් හි ජෙනර් ආයතනය සමග ඔහු ඒ සම්බන්ධයෙන් නිරතුරුව අදහස් හුවමාරු කර ගනියි.

    එය දැවැන්ත වගකීමක් බව මැතිව් ඩුචර්ස් පවසයි.

    “රටක් වශයෙන් පමණක් නොවෙයි ජාත්‍යන්තර වශයෙනුත් මේ ආකාරයේ එන්නත් ඉතාමත් ඉක්මනින් සහ කාර්යක්ෂමව නිෂ්පාදනය කිරීමට හැකි වීම සම්බන්ධයෙන් එය අතිශය වැදගත්.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

    “මේක හරියට නිවසේදීම කේක් ගෙඩියක් පුළුස්ස ගන්නවා හා සමාන වැඩක්. පරිපූර්ණ කේක් ගෙඩියකක් පුළුස්ස ගන්න පැය ගණනක් වැය විය හැකියි. ඊට පසු බැහැර ගිහින් ඒ වගේ කේක් මිලියන හැත්තෑවක් පිලිස්සිය යුතුයි. ඒ සියල්ල අංගසම්පූර්ණ විය යුතුයි. ඒ නිසා මේක තරමක අභියෝගයක්.”

    ගෝලීය මට්ටමින් සිදු කරන අත්හදා බැලීම්වල ප්‍රතිඵල දැන ගැනීමටත් පෙරම, එන්නත් නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් තාවකාලික විද්‍යාගාර පහසුකම් සොයා ගැනීමට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට සිදු විය.

    අවසානයේදී වර්ග කිහිපයක කෝවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන ගණනක් මනුෂ්‍ය වර්ගයාට අවශ්‍ය වනු ඇත. ඒ සියල්ල මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ පරිහරණය කිරීම ගෝලීය මට්ටමින් සිදු කළ යුතුය.

    එන්නත බෙදා හරින ආකාරය පිළිබඳ දැන් පටන් සිතා බලන ලෙස දුගී රටවල ප්‍රතිශක්තීකරණය සම්බන්ධයෙන් කටයුතු කරන ගැවී (Gavi) ආයතනය රටවලින් ඉල්ලා සිටී.

    නමුත් ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමින් සහය ලබා ගැනීම පහසු නොවිය හැක. මක්නිසාද යත් කොරෝනා වෛරසය සඳහා නිශ්චිත එන්නතක් සොයා ගනු ලැබුවහොත් ප්‍රමාණවත් මට්ටමින් සැපයුම් ලබා ගැනීම සඳහා ලොව ධනවත් රටවල් මේ වන විටත් ඖෂධ නිෂ්පාදන සමාගම් සමග ගිවිසුම්වලට එළඹෙමින් සිටින බැවිනි.

    “එන්නත් ජාතිකවාදය”

    A trial of the Oxford vaccine in South Africa
    ,ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වැඩිදියුණු කළ එන්නත දකුණු අප්‍රිකාවේ රෝගීන්ට ලබා දෙයි

    ඊනියා “එන්නත් ජාතිකවාදය” තමා මුහුණ දෙන විශාලතම අභියෝගවලින් එකක් බව ගැවී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සෙත් බර්ක්ලි පවසයි.

    “මම හිතනවා ලොව සියලුම රටවල් මෙය ගෝලීය මට්ටමින් සිතා බැලිය යුතු බව. විශේෂයෙන් කළ යුතු නිවැරදි දේ එයයි. ඒ වගේම එය ආත්මාර්ථකමීත්වය පිළිබඳ කාරණයක්,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

    “අවට රටවල විශාල වශයෙන් වෛරසය පැතිර යනවා නම් සාමාන්‍ය ලෙස ව්‍යාපාර, ප්‍රවාහනය සහ මිනිසුන් එහෙ මෙහෙ යාම කරගෙන යාමට නොහැකියි. ‘සියලු දෙනාම ආරක්‍ෂිත නොවන්නේ නම්, අප කිසිවෙකුත් ආරක්‍ෂිත නැහැ’ කියන මානසිකත්වයෙන් ඒ දෙස බැලීම වැදගත්.”

    සංවර්ධිත රටවලට ද නිසි එන්නත් ලබා ගැනීමේ අවස්ථාව හිමි කර දීමට කටයුතු කරන අතරේ ලොව පුරා එන්නත් ගබඩා කිරීමට අවශ්‍ය කුඩා කුප්පි ප්‍රමාණවත් මට්ටමින් පවතීදැයි යන්න ඇතුළු ඒවා බෙදාහැරීම සම්බන්ධයෙන් ද සෙත් බර්ක්ලි සිතා බැලිය යුතුය.

    “අපි ඒ පිළිබඳ කනස්සල්ලෙන් හිටියේ,” ඔහු පවසයි. ” අපි ඉදිරියට අඩියක් තබා මාත්‍රා බිලියන දොළහකට ප්‍රමාණවත් කුඩා කුප්පි මිලට ගත්තා. 2021 අග වන විට එපමණ මාත්‍රා සංඛ්‍යාවක් සූදානම් කළ හැකි වෙතැයි අපි අපේක්ෂා කරනවා.”

    වීදුරු කුප්පි ගැටළුවක් බවට පත්වුවහොත් ශීතකරණ සම්බන්ධයෙන් ද ගැටළු මතු විය හැක. මක්නිසාද යත් බොහෝ එන්නත් අඩු උෂ්ණත්වයක් යටතේ ගබඩා කර තබා ගත යුතුය.

    සිසිල්ව තබා ගැනීම

    Vaccine in glass vial
    වීදුරු කුප්පි මෙන්ම ශීතකරණ ද විශාල වශයෙන් අවශ්‍ය වනු ඇත

    නිෂ්පාදන නිශ්චිත ශීතලක් යටතේ ගබඩා කර තබා ගැනීම සහ බෙදාහැරීම පිළිබඳ විශේෂඥයෙකු වන බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටෝබී පීටර්ස් ගැවී වැනි ආයතනවලට සිය සහාය ලබා දෙයි. සංවර්ධනය වෙමින් පවතින රටවල දැනට පවතින ශීතකරණ උපරිම මට්ටමකින් ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ඔහුගේ අවධානය යොමුව ඇත.

    “එය එන්නත් ගබඩා කරන ශීතකරණ පිළිබඳ කාරණයක් පමණක් නොවෙයි. අනෙක් පියවරත් ඊට අදාලයි. ගුවන් යානා වෙත ඒවා ගෙන යන පැලට්, ප්‍රාදේශීය ඖෂධසල් වෙත ඒවා රැගෙන යන රථ, ඉන් පසු ඒවා ජනතාව වෙත ගෙන යන යතුරුපැදි සහ පුද්ගලයන් ඊට ඇතුළත්. මේ සියල්ල හරිහැටි සිදුවිය යුතුයි.”

    මේ යෝධ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශීත ගබඩා තාවකාලිකව ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මහාචාර්ය පීටර්ස් ජාත්‍යන්තර මට්ටමේ ආහාර සහ බීම සමාගම් සමග සාකච්ඡා කර තිබේ.

    එන්නත වඩාත් පහසුවෙන් බෙදා හැරීම සඳහා සිය ප්‍රජාවන් අතරින් ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කාටදැයි යන්න රටවල් විසින් හඳුනා ලැබ ගත යුතුව ඇත.

    නිෂ්පාදන නිශ්චිත ශීතලක් යටතේ ගබඩා කර තබා ගැනීම සහ බෙදාහැරීම පිළිබඳ විශේෂඥයෙකු වන බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටෝබී පීටර්ස් ගැවී වැනි ආයතනවලට සිය සහාය ලබා දෙයි. සංවර්ධනය වෙමින් පවතින රටවල දැනට පවතින ශීතකරණ උපරිම මට්ටමකින් ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ඔහුගේ අවධානය යොමුව ඇත.

    “එය එන්නත් ගබඩා කරන ශීතකරණ පිළිබඳ කාරණයක් පමණක් නොවෙයි. අනෙක් පියවරත් ඊට අදාලයි. ගුවන් යානා වෙත ඒවා ගෙන යන පැලට්, ප්‍රාදේශීය ඖෂධසල් වෙත ඒවා රැගෙන යන රථ, ඉන් පසු ඒවා ජනතාව වෙත ගෙන යන යතුරුපැදි සහ පුද්ගලයන් ඊට ඇතුළත්. මේ සියල්ල හරිහැටි සිදුවිය යුතුයි.”

    මේ යෝධ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශීත ගබඩා තාවකාලිකව ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මහාචාර්ය පීටර්ස් ජාත්‍යන්තර මට්ටමේ ආහාර සහ බීම සමාගම් සමග සාකච්ඡා කර තිබේ.

    එන්නත වඩාත් පහසුවෙන් බෙදා හැරීම සඳහා සිය ප්‍රජාවන් අතරින් ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කාටදැයි යන්න රටවල් විසින් හඳුනා ලැබ ගත යුතුව ඇත.

    ඉදිරියෙන්ම සිටින්නේ කවුරුන්ද?

    Glass vials

    ලොව රටවල් ඒ සම්බන්ධයෙන් සෘජු ප්‍රශ්න අසනු ඇති බව එක්සත් රාජධානියේ පර්යේෂණ සම්බන්ධ සුබ සාධන ආයතනයක් වන ‘වෙල්කම් ට්‍රස්ට්’ හි එන්නත් පිළිබඳ ප්‍රධානී ආචාර්ය චාලි වෙලර් පවසයි.

    “මේ එන්නත අවශ්‍ය කාටද? වැඩිම අනතුරක් සහිත කණ්ඩායම් මොනවාද? ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කාටද?, මොකද ඕනෑම මුල්ම එන්නතක් අවසන් වීමට ඉඩ ඇති බව අපට පැහැදිලියි. ඒ නිසා අප තෝරා ගැනීම් සිදු කළ යුතු වෙනවා.”

    එමෙන්ම එන්නත් ලබා දීම ද අභියෝගයක් වනු ඇත.

    උදාහරණයක් වශයෙන් එක්සත් රාජධානිය සිය ජනයා එම ක්‍රියාවලියට යොදා ගැනීම සඳහා තම ඡන්ද මධ්‍යස්ථාන ජාලය භාවිත කිරීමට ඇති හැකියාව දෙස අවධානය යොමු කර තිබේ. නමුත් සංවර්ධනය වෙමින් පවතින ඇතැම් රටවලට එය අභියෝගයක් විය හැක.

    ඉලක්කගත කණ්ඩායම් ප්‍රතිශක්තීකරණය කිරීම සඳහා නිසි පුහුණුවක් සහිත සෞඛ්‍ය සේවකයන් ඇතුළුව ශක්තිමත් සෞඛ්‍ය සේවාවක් තිබීමේ වැදගත්කම ආචාර්ය වෙලර් පෙන්වා දෙයි.

    යම් ආකාරයක එන්නතක් සොයා ගැනීමට හැකි වනු ඇතැයි යන්න සියලුම විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවයි. නමුත් බිලියන ගණනකට අවශ්‍ය තරම් එන්නත් ලබා දීම සඳහා කළ යුතු වැඩකොටස පිළිබඳ සිතන විට නොනිදා රැය පහන් වන බව ඉන් බොහෝ දෙනෙක් පවසති.

    ගෝලීය සබඳතා පිළිබඳ වාර්තාකාරිනිය නඕමි ග්‍රිම්ලි විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි

    Text by – bbc

  • Covid-19 Today World Hot:යෙල් සරසවියේ වෛරස් පරීක්ෂණය ‘එක්සත් ජනපදය’ අනුමත කරයි

    Covid-19 Today World Hot:යෙල් සරසවියේ වෛරස් පරීක්ෂණය ‘එක්සත් ජනපදය’ අනුමත කරයි

    සාරාංශය

    1. පැය 24 ක් තුළ රෝගීන් 294,237 ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
    2. නවසීලන්තයේ නියෝජ්‍ය අගමැති කොවිඩ් -19 නැවත රට තුළ හිස ඔසවන බැවින් මැතිවරණ කල් දමන මෙන් ඉල්ලයි.
    3. මාස පහක් තුළ දකුණු කොරියාවේ විශාලතම නව රෝගීන් වාර්තා වී තිබේ
    4. එක්සත් රාජධානියේ විභාග නියාමකයා මහජන විභාග අවලංගු කිරීමෙන් පසු නිකුත් කරන ලද විභාග ශ්‍රේණිවලට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ මග පෙන්වීම සමාලෝචනය කරයි
    5. දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා පවසන්නේ රට තුළ ආසාදන ඉහළ ගොස් ඇති බවයි
    6. මිලියන 21.4 කට වැඩි ආසාදන සංඛ්‍යාවක් සහ මරණ 771,000 කට අධික සංඛ්‍යාවක් ගෝලීය වශයෙන් වාර්තා වී ඇත – නවතම ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය

    එක්සත් ජනපදයේ ළමුන් කොවිඩ්වලට ගොදුරුවීමේ අනුපාතය ඉහළ යයි

    එක්සත් ජනපදයේ ළමුන් තුළ කොරෝනා වයිරස් ආසාදන අනුපාතය ඉහළ ගොස් ඇති බව රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.

    “එක්සත් ජනපදයේ කොවිඩ් ආසාදනය වන ළමුන්ගේ සංඛ්‍යාව හා අනුපාතය 2020 මාර්තු සිට ජූලි දක්වා ක්‍රමයෙන් ඉහළ යමින් පවතී” යනුවෙන් සීඩීසී හි යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශ තුළ සදහන් වේ.

    “පුළුල් පරීක්ෂණයක් නොමැතිකම, වැඩිහිටියන්ට සහ දරුණු රෝගාබාධවලින් පෙළෙන අයට පරීක්ෂණ සඳහා ප්‍රමුඛතාවය දීම” නිසා වෛරසය ආසාදනය වූ දරුවන්ගේ සංඛ්‍යාව නොදන්නා බව එම වාර්තාවේ දැක්වේ.

    සීඩීසීයට අනුව වෛරසය ළමයින්ට වඩා බෙහෙවින් අඩු වුවද, ඔවුන් තවමත් බරපතල රෝග ලක්ෂණ ඇතිවීමේ අවදානමට ලක්ව ඇත.

    එහි මෙසේ සඳහන් වේ: “වැඩිහිටියන් (ජනගහනය 100,000 කට 164.5) හා සසඳන විට ළමුන් අතර රෝහල්ගත වීමේ වේගය අඩුය (ජනගහනය 100,000 කට 8.0), නමුත් ළමුන් තුළ රෝහල්ගත වීමේ අනුපාතය ඉහළ යමින් පවතී.”

    හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක චෙතන් චෞහාන් කොවිඩ් -19 ආසාදනයෙන් මිය යයි

    ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක චෙතන් චෞහාන් (73) කොවිඩ් -19 ආසාදනය වීමෙන් මියගොස් තිබේ.

    ධනාත්මක පරීක්‍ෂණයකින් පසු ජූලි 12 වන දින චෞහාන් රෝහල් ගත කරනු ලැබීය. වකුගඩු ආශ්‍රිත රෝග හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය පසුව පිරිහී ගිය අතර සිකුරාදා ඔහුගේ තත්ත්වය අසාධ්‍ය විය.

    වසර 12 ක ක්‍රිකට් දිවිය තුළ ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 40 කට ක්‍රීඩා කර තිබේ. චෞහාන් පසුව දේශපාලනයට අවතීර්ණ වූ අතර ඔහුගේ උපන් ප්‍රාන්තය වන උතත්ර ප්‍රදේශ්හි කැබිනට් අමාත්‍යවරයෙකි.

    ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු බොහෝ අය සමාජ මාධ්‍ය ඔස්සේ චෞහාන් මහතාට සිය ගෞරව දැක්වීය.

    කොවිඩ් ආසාදනයෙන් මියගිය උත්තර් ප්‍රදේශ්හි දෙවන ඇමතිවරයා වන්නේ චෞහාන් ය. මේ මස මුලදී ප්‍රාන්තයේ කාර්මික අධ්‍යාපන ඇමති කමලා රාණි වරුන් (62) මිය ගියාය.

    යෙල් සරසවියේ වෛරස් පරීක්ෂණය එක්සත් ජනපදය අනුමත කරයි

    යේල් විශ්ව විද්‍යාලයේ සංවර්ධනය කරන ලද නව ලවණ රෝග විනිශ්චය පරීක්ෂණයකට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය හදිසි භාවිත අවසරයක් ලබා දී ඇත.

    විශේෂ ප්‍රකාශයක් කරමින් FDA පවසා ඇත්තේ නව පරීක්ෂණයට SalivaDirect නමින් විශේෂ වර්ගයේ ස්වබ් හෝ එකතු කිරීමේ උපකරණයක් අවශ්‍ය නොවන අතර ඕනෑම විෂබීජහරණය කළ බහාලුමක් තුළ ලවණ සාම්පලයක් ලබා ගත හැකි බවයි.

    මිනිසුන්ගේ ප්‍රධාන ජානමය තොරතුරු අඩංගු න්‍යෂ්ටික අම්ලය නිස්සාරණය කිරීමට වෙනම පියවරක් අවශ්‍ය නොවන නිසා ලවණ ඩිරෙක්ට් ද අද්විතීය වේ. වෙනත් පරීක්ෂණ වලදී මෙම පියවර සඳහා භාවිතා කරන නිස්සාරණ කට්ටල අතීතයේ හිඟයන්ට ගොදුරු වී ඇති බව FDA පවසයි, එබැවින් මෙම කට්ටල නොමැතිව පරීක්ෂණයක් කිරීමට හැකිවීම වැඩි පරීක්ෂණ සඳහා ධාරිතාව වැඩි කරයි.

    එය FDA විසින් බලය පවරන ලද පස්වන පරීක්ෂණය වන අතර එය පරීක්ෂණ සඳහා නියැදියක් ලෙස ලවණ භාවිතා කරයි. මෙම ක්‍රමය මඟින් ආක්‍රමණශීලී, අපහසුතාවයට පත් නාසෝෆරින්ජියල් ස්පුබ් සඳහා ඇති අවශ්‍යතාවය ඉවත් කරන අතර, ලවණ සාම්පල ස්වයං-එකතු කර ගත හැකි නිසා එය සෞඛ්‍ය සේවකයින්ට ඇති අවදානම ද අඩු කරයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය කොරෝනා වයිරස් පර්යේෂණ සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට යයි

    කොවිඩ්-19 වෛරස් පර්යේෂණ සඳහා සහයෝගය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය එකඟ වී ඇති බව එමිරාටි රාජ්‍ය පුවත් ඒජන්සිය පවසයි.

    පසුගිය සතියේ දෙරට අතර සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සදහා වූ එකඟතාවකින් පසුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

    එමිරාටි සමාගම වන ඇපෙක්ස් නැෂනල් ඉන්වෙස්ට්මන්ට් සහ ඊස්රායලයේ ටෙරා ගෘෘප් වෙනත් අධ්‍යයන අතර ඉහළ නිරවද්‍යතාවයකින් පරීක්ෂණ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා පරීක්ෂණ උපකරණයක් සංවර්ධනය කිරීමට උත්සාහ කරයි.

    දැන් දෙරට අතර දුරකථන සන්නිවේදනය ද විවෘත කර ඇත. 

    කොවිඩ් -19 සමඟ කටයුතු කිරීමට අප්‍රිකානු නවෝත්පාදන දහයක්

    තහවුරු කරන ලද කොවිඩ් -19 රෝගීන් මිලියනයකට වඩා අප්‍රිකාව පසුකර යද්දී, මහාද්වීපයේ ජනතාව වසංගතය එහි මාවතෙහි නැවැත්වීම සඳහා නිර්මාණාත්මක නව නිපැයුම් ඉදිරිපත් කරමින් සිටී.

    කෙන්යාවේ, අවුරුදු නවයක් වයසැති පාසල් සිසුවෙකු විසින් ලී අත් සේදීමේ යන්ත්‍රයක් නිපදවා ඇති අතර එමඟින් පරිශීලකයන්ට මතුපිට ස්පර්ශ කිරීමෙන් වළක්වා ගත හැකිය.

    නයිජීරියාවේ 20 හැවිරිදි ඉංජිනේරු ශිෂ්‍යයෙක් රටේ හිඟයකට මුහුණ දීම සඳහා අතේ ගෙන යා හැකි ශ්වසන යන්ත‍්‍රයක් නිපදවා තිබේ.

    බී.බී.සී. වාර්තා අසුරිණි – සකස් කළේ – තුෂාල් විතානගේ

  • කොරෝනා වෛරසයට එරෙහි සටනින් ‘මිනිසාට’ ජය ලැබේවි ද? නැති නම් වැනසෙවිද ?

    කොරෝනා වෛරසයට එරෙහි සටනින් ‘මිනිසාට’ ජය ලැබේවි ද? නැති නම් වැනසෙවිද ?

    මේක මේ ග්‍රහලෝකය පුරාම පැතිර යන වෛරසයක්. අපි සෑම කෙනෙකුටම ඉන් බලපෑමක් ඇති වෙනවා. මේක මිනිසාගෙන් මිනිසාට පැතිරෙනවා. අපි හැමෝම එකිනෙකාට බැඳී ඇති බවයි ඉන් ඉස්මතු වෙන්නේ,” ලන්ඩන් නුවර St George’s විශ්වවිද්‍යාලයේ වෛද්‍ය එලිසබෙටා ග්රොපෙලි පැවසුවාය.

    කොරෝනාවෛරසයේ ආගමනය ගෝලීය හදිසි තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබීමෙන් පසු ගතවී ඇත්තේ හය මසකුත් දින කීපයක් පමණි. පසුගිය ජනවාරියේ අග භාගයේ දී එම නිවේදනය නිකුත් වූ දිනය වන විට කොරෝනාවෛරස් රෝගීන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණු අතර පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් මරණයට පත් වී තිබුණි.

    ඒ සියලු රෝගීන් සහ මරණ වාර්තා වී තිබුනේ චීනයෙන් මිස වෙනත් කිසිදු රටකින් නොවේ.

    එවක් පටන් ලෝකය සහ අපගේ ජීවිත විශාල වෙනසකට භාජනය විය. එසේ නම් අප සියළු දෙනා එක්වී සිටින්නේ මානව වර්ගයා සහ කොරෝනාවෛරසය අතර ඇරඹි යුද්ධයකට ය.

    මුළු පෘථිවි තලය දෙස පුළුල්ව නිරීක්ෂණය කළහොත් දිස් වන්නේ රළු චිත්‍රයකි.

    ලොව පුරා දැනට තහවුරුකර ගෙන ඇති කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ ගණන මිලියන 19කට අධිකය. ඊට ගොදුරු වී හත් ලක්‍ෂයක් මිය ගොස් ඇත.

    වසංගතය ආරම්භයේ දී රෝගීන් ගණන ලක්ෂයකින් ඉහළ යාමට සති කීපයක් ගතවිය. දැන්, ලක්‍ෂයේ සන්ධිස්ථාන පැය කීපයකින් සලකුණු වෙයි.

    “තීව්‍ර සහ ඉතා බරපතළ වසංගතයක් වේගවත් වන අවස්ථාවක අතරමැද අපි තවමත් සිටින්නේ. මේක ලෝකයේ හැම ජන කොට්ඨාශයක් වෙත ම ගිහින් තියෙන්නේ,” ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මාගරට් හැරිස් මා සමඟ පැවසුවාය.

    මෙය එක් වසංගතයක් වුවත් එය තුළ ඇත්තේ එක් කතාවක් නොවේ. කොවිඩ් 19 යේ බලපෑම ලොව තැනින් තැනට වෙනස් ය. ඔබ වෙසෙන රටින් එපිට පවතින යතාර්ථය ඔබට නොපෙනී යාම ඉතා පහසුය.

    නමුත් සියලු ලෝක වාසීන්ටම පොදු වූ එක් කරුණක් තිබේ. ඔබේ නිවහන ඇමසන් වනාන්තරයේ තනා තිබුනත්, සිංගප්පුරුවේ අහස උසට තැනූ මහල් ගොඩනැගිල්ලක මුදුනේ හෝ එක්සත් රාජධානියේ ගිම්හාන සැණකෙළියක් පැවැත්වෙන වීදියක ඔබ ජීවත් වුවත් මෙම වෛරසය පැතිර යන්නේ සමීප මානව ඇසුර මතය. අප එකිනෙකා සමීප වන තරමට එහි ව්‍යාප්තිය පහසු වනු ඇත.

    මෙම වෛරසය චීනයේ ආරම්භ වූ දා පටන් අද දක්වාම මෙය සත්‍යයක් ලෙස පවතී.

    ඔබ ලෝකයේ කොතැනක සිටියත් එතැන පවතින තත්වය මෙම පොදු ධර්මතාවයෙන් පැහැදිලි කෙරෙනු ඇත. අනාගතය කෙබඳු වේදැයි තීරණය කෙරෙන්නේ ද එමගිනි.

    Mask-wearing on the streets of India
    ඉන්දියාවේ වසංගත තත්වය බරපතළ වෙමින් පවතී

    මේ වන විට ලතින් ඇමරිකානු කලාපයේ තත්වය නරක ය. ඉන්දියාවේ වසංගත තත්වය බරපතළ වෙමින් පවතී. හොංකොං හි නිරෝධායන මධ්‍යස්ථාන තුළ මිනිසුන් රඳවා ඇත්තේ ඇයි දැයි මින් පැහැදිලි වනු ඇත. දකුණු කොරියාව තම වැසියන්ගේ ජංගම දුරකථන සහ බැංකු ගිණුම් දෙස පවා ගසාගෙන සිටින්නේ ඇයි දැයි මින් පැහැදිලි වෙයි. යුරෝපයේ සහ ඔස්ට්‍රේලියාවේ ලොක්ඩවුන් නීති ලිහිල් වෙද්දී වසංගතය පාලනය කර ගැනීමට දුෂ්කර වී ඇත්තේ මන්දැයි ඉන් කියාපායි. එක්සත් රාජධානිය සාමාන්‍ය ජන ජීවිතය “නව සාමාන්‍යයක්” කරා ගෙනයාමට උත්සාහ කිරීමට හේතුව ද එයින් මොනවට පැහැදිලි වෙයි.

    “මේක මේ ග්‍රහලෝකය පුරාම පැතිර යන වෛරසයක්. අපි සෑම කෙනෙකුටම ඉන් බලපෑමක් ඇති වෙනවා. මේක මිනිසාගෙන් මිනිසාට පැතිරෙනවා. අපි හැමෝම එකිනෙකාට බැඳී ඇති බවයි ඉන් ඉස්මතු වෙන්නේ,” ලන්ඩන් නුවර St George’s විශ්වවිද්‍යාලයේ වෛද්‍ය එලිසබෙටා ග්රොපෙලි පැවසුවාය.

    “මෙය සංචාරය කිරීම ගැන විතරක් නෙවෙයි. කතා කිරීම සහ එකට එක් වී කාලය ගතකිරීමත් මීට අදාලයි. මානවයින් හැටියට අපි කවුරුත් කරන්නේ මේවා තමයි.” ඇය තවදුරටත් පැවසුවාය.

    එකට එක්වී ගීතයක් ගායනය කිරීම වැනි ඉතාම සරල ක්‍රියාකාරකමකින් පවා වෛරසය ව්‍යාප්ත වනු ඇත.

    Ulaanbaatar, Mongolia
    ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක් තිබියදී මොන්ගෝලියාව වැඩේ හොඳට කරල තියෙනවා”

    ඇතැමුන්ට ඉතා සුළු රෝග ලක්ෂණ මතු කරමින් හෝ කිසිදු රෝග ලක්ෂණයක් මතු නොකරමින්, එහි ව්‍යාප්තිය හොර රහසේ සිදු කිරීමට තරම් මෙම වෛරසය සමත් ය. එමෙන්ම ඇතැමුන්ට මාරාන්තික වී, අසාධ්‍ය රෝගීන්ගෙන් රෝහල් පුරවා දමන්නට තරම් සාහසික වීමටත් මෙම වෛරසය සමත් ය.

    “මේක තමයි අපේ කාලයේ පැමිණි පරිපුර්ණ ම වසංගත වෛරසය. අපි දැන් ජීවත් වෙන්නේ කොරෝනාවෛරස් යුගයේ.” වෛද්‍ය හැරිස් පැවසුවාය.

    කෙනෙකුගෙන් තවත් අයෙකුට මෙම වෛරසය සංසරණය වීමට ඇති හැකියාව බිඳ දැමීම සාර්ථක වූ අවස්තාවක් ගැන කල්පනා කළහොත් වැඩි අවධානයක් යොමු වන්නේ නවසීලන්තය දෙසටය.

    ඔවුහු කල්තියා ක්‍රියා කළහ. එවකට රට තුළ සිටියේ ආසාදිතයන් කීප දෙනෙකු පමණි: රට වසා දැමූහ. දේශ සීමාවට මුද්‍රා තැබූහ. දැන් ආසාදිතයෙකු වාර්තා නොවන තරම් ය. ජන ජීවිතය බොහෝ සෙයින් නැවත යථා තත්වයට පැමිණ ඇත.

    මොන්ගෝලියාව “වැඩේ හොඳට කරල”

    මූලික කර්තව්‍යයන් නිවැරදිව ඉටු කිරීම මගින් සහනයක් ලැබූ දිළිඳු රටවල් ද නැත්තේ නොවේ.

    චීනයේ දේශ සීමාවෙන් දීර්ඝතම කොටස යාවී ඇත්තේ මොන්ගෝලියාවට ය. වෛරසයේ ආරම්භය චීනයෙන් සිදු වූ බව අපි දනිමු. එහෙයින් මොන්ලිගෝයාවට මෙම වෛරසය සාහසික වන්නට ඉඩ තිබුණි. නමුත් ජුලි මාසය වනතුරු කිසිදු ආසාදිතයෙකුට අධිසත්කාර ඒකකයේ පිහිට අවශ්‍ය වූ බව වාර්තා නොවිණි. අද වන විට එරටින් වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 293 දෙනෙකු පමණි. එකදු මරණයක් හෝ සිදු නොවිණි.

    “ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක් තිබියදී මොන්ගෝලියාව වැඩේ හොඳට කරල තියෙනවා. ඔවුන් ආසාදිතයන් වෙන් කළා. සමීප සබඳතා හඳුනාගත්තා. එම සමීපතයන් හුදෙකලා කළා.” London School of Hygiene and Tropical Medicine හි මහාචාර්ය ඩේවිඩ් හේමාන් පැවසීය.

    ඔවුහු වහාම පාසල් වසා දැමුහ. විදෙස් සංචාර සඳහා සීමා පැනවූහ. මුහුණු ආවරණ පැළඳීම සහ නිතර අත් සේදීම කල්තියා ප්‍රවර්ධනය කළෝ ඔවුහු ය.

    Gravedigger in Brazil
    බ්‍රසීලයෙන් පමණක් ආසාදිතයන් විසි අට ලක්‍ෂයක් වාර්තා විය. ලක්‍ෂයක් පමණ මරණයට පත් විය

    තවත් පැත්තකින් සිතතොත්, “මහජන සෞඛ්‍ය නායකයන් සහ දේශපාලන නායකයන් එකට හිඳ කතිකා කිරීම” සඳහා අවශ්‍ය “දේශපාලන නායකත්වය හීන වීම” හේතුවෙන් බොහෝ රටවලට අවහිරයක් වූ බවට මහාචාර්ය හේමාන් තර්ක කරයි. එවැනි වාතාවරණයක් යටතේ වෛරසය වැජඹුණේ ය.

    එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වසංගත රෝග පිළිබඳව එරට සිටින ඉහළම වෛද්‍යවරයා වන ඇන්තනි ෆවුචි පැහැදිලිව ම සිටියේ පොතේ වෙනස් පිටු දෙකක ය. එසේ නැතහොත්, වසංගත සමය තුළ නම් වෙනස් ම පොත් දෙකකය.

    බ්‍රසීලයේ ජනපති ජායිර් බොල්සොනාරෝ, රට වසා දැමීමට එරෙහිව වීදි බට ‘ලොක්ඩවුන් විරෝධීන්ගේ’ පෙළපාලිවලට එක් විය. ඔහු මෙම වසංගතය “පුංචි හෙම්බිරිස්සා උණක්” ලෙස හැඳින් වූ අතර එය මාර්තු වන විට නිමාවන බව පැවසීය. ඒ වෙනුවට, බ්‍රසීලයෙන් පමණක් ආසාදිතයන් විසි අට ලක්‍ෂයක් වාර්තා විය. ලක්‍ෂයක් පමණ මරණයට පත් විය.

    වෛරසය සමඟ ජීවත් වෙන්නේ කොහොමද?

    නමුත් ජන ජීවිතය අවුල් කරවන, වේදනාකාරී ලොක්ඩවුන් ක්‍රමවේද තුළින් වෛරසය පාලනය කළ රටවල් බොහොමයක් වටහා ගෙන ඇත්තේ එසේ කිරීමෙන් වෛරසය සදහටම තුරන් වී නොමැති බවය. නීති ලිහිල් කළහොත් නැවත පැතිරෙන බවය.

    “ලොක්ඩවුන් කරනවට වඩා එයින් එලියට එන එක අපහසු කාර්යයක් බව ඔවුන්ට දැන් වැටහිලා තියෙනවා. වෛරසය සමඟ ජීවත් වෙන්නේ කොහොමද කියල ඔවුන් හිතල නැහැ.” වෛද්‍ය ග්රොපෙලි ප්‍රකාශ කළේය.

    ඔස්ට්‍රේලියාව, ලොක්ඩවුන් තත්වයෙන් බැහැර වීම සඳහා මංපෙත් සකස් කරන රටකි. නමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට මහත් ව්‍යසනයකි. ජූලියේ මුල් භාගය ගෙවී යන්නට පෙර මෙල්බර්න් නුවර නැවත වසා දැමුණි. පෙරට වඩා දැඩි වූ නීති රීති පැනවූ නමුත් වසංගතය නොනවත්වා ඉදිරියට ඇදුණි. දැන් රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක ය.

    යුරෝපය ද විවෘත වෙමින් පවතී. නමුත් ස්පාඤ්ඤය, ප්‍රංශය සහ ග්‍රීසිය තවමත් ආසාදිතයන් ඉහළ ගණනක් වාර්තා කරති. පසුගිය තුන් මාසය ඇතුළත ප්‍රථම වතාවට ජර්මනියෙන් දිනකට ආසාදිතයන් 1000කට අධික සංඛ්‍යාවක් වාර්තා විය.

    මුහුණු ආවරණ පැළඳීම විකාරයක් ලෙස වරෙක සිතූ යුරෝපයට දැන් එය සාමාන්‍ය දෙයකි. ඇතැම් ස්ථානවලදී එය පැළඳීම අනිවාර්ය කර තිබේ.

    ඒක ‘අලුත් සාමාන්‍යයක්’

    කොරෝනාවෛරසයේ පළමු රැල්ල සාර්ථකව පාලනය කළ හොංකොං, පැසසුමට ලක් විය. අනතුරුව විවෘත කළ ඩිස්නිලන්තය පවත්වාගෙන යා හැකි වූයේ මාසයකටත් අඩු කාලයකි. දැන්, නැවතත් අවන්හල් සහ කායවර්ධන මධ්‍යස්ථාන වසා දමා තිබේ.

    “ලොක්ඩවුන් තත්වයෙන් බැහැර වූ පමණින් සියල්ල පැරණි මට්ටමට එන්නේ නැහැ. ඒක ‘අලුත් සාමාන්‍යයක්.’ මිනිස්සුන්ට ඒ පණිවිඩය ගිහින් නැහැ.” වෛද්‍ය හැරිස් පැවසුවාය.

    කොරෝනාවෛරසයට එරෙහිව අප්‍රිකාවේ තත්වය තවමත් ප්‍රශ්නාර්ථයකි. සාර්ථක ආරම්භයකින් පසුව මුළු මහද්වීපයෙන් ම ආසාදිතයන් දස ලක්ෂයක් වාර්තා විය. ඉන් බහුතරයක් සිටින්නේ දකුණු අප්‍රිකාවේ ය. නමුත් ආසාදිතයන් සඳහා පරීක්ෂණ සිදු කෙරෙන්නේ සාපේක්ෂව අඩු මට්ටමකිනි. එබැවින් අප්‍රිකානු කලාපය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීම දුෂ්කරවේ.

    ලොව වෙනත් රටවල් හා සසඳන කල අප්‍රිකාවේ කොරෝනා මරණ අනුපාතිකය පහළ මට්ටමකින් පෙන්නුම් කිරීම ද ප්‍රහේලිකාවකි. ඊට හේතු වශයෙන් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කළ හැකිය.

    • අප්‍රිකානු මහාද්වීපයේ වෙසෙන්නේ තරුණ ජනගහනයකි. කොවිඩ් 19 වැඩිපුරම මාරාන්තික වී තිබෙන්නේ වයස්ගත පුද්ගලයන්ට ය.
    • වෙනත් වර්ගයේ කොරෝනාවෛරස අප්‍රිකාවේ බහුල විය හැකිය. එමගින් යම් ප්‍රමාණයක ආරක්ෂාවක් හෝ ඔරොත්තු දීමේ ශක්තියක් පැවතිය හැකිය.
    • පොහොසත් රටවල ශරීර සෞඛ්‍ය පිලිබද ප්‍රශ්න වැඩිය. උදාහරණ ලෙස ශරීර ස්ථුලභාවය සහ දෙවන කාණ්ඩයේ දියවැඩියාව දැක්විය හැකිය. ඉන් කොවිඩ් 19 අවදානම වැඩි කරවයි. අප්‍රිකාවේ එවැනි සෞඛ්‍ය ප්‍රශ්න බහුල නොවේ.

    ඇතැම් රටවල් අලුත් ක්‍රමවේද සොයා ගනිති. රුවන්ඩාව, රෝහල්වලට අවශ්‍ය දෑ ගෙනයාමටත් කොරෝනාවෛරස් නීති රීති ජනතාව අතර බෙදා හැරීමටත් ඩ්රෝන යානා භාවිතා කළහ. නීති කඩ කරන්නන් අල්ලා ගැනීමට ද ඩ්රෝන යොදා ගත්හ. නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ කතෝලික දේවස්ථානයක පුජකවරයෙකු ද එමගින් නීතියේ රැහැනට හසු කර ගැනුණි.

    මෙම වසංගතය පාලනය කිරීම සඳහා ලබා දී ඇති සරලම උපදේශය නිතර අත සේදීම යි. නමුත් පිරිසිදු ජලය ලබා ගැනීම දෛනික අභියෝගයක් වී ඇති ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට මෙය එතරම් සරල නොවේ.

    “සමහර මිනිස්සුන්ට අත සෝදාගන්න වතුර තියෙනවා. එහෙම නැති අයත් ඉන්නවා. මේක ලොකු වෙනසක්. මේ අනුව ලෝකය කොටස් දෙකකට බෙදෙනවා. මෙතැනදී ලොකු ප්‍රශ්නයක් මතු වෙනවා, එන්නතක් නොමැතිව මෙම වසංගතය පාලනය කරන්නේ කොහොමද කියල.” වෛද්‍ය එලිසබෙටා ග්රොපෙලි පැවසුවාය.

    එසේනම් මෙම වසංගතය නිමා වන්නේ කවදාද?

    Map

    දැනටමත් ඖෂධීය ප්‍රතිකාර පවතී. ඩෙක්සමෙතසෝන් (Dexamethasone), ස්ටෙරොයිඩ ගණයට අයත් මිලෙන් අඩු ඖෂධයකි. ඇතැම් අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත එමගින් ආරක්ෂා වූ බව පෙනී ගොස් තිබේ. නමුත් කෝවිඩ් රෝගීන් සියලු දෙනාම මරණයෙන් ගලවා ගැනීමට හෝ සියලු නීති රීති ඉවත් කිරීමට මෙම ඖෂධය පමණක් ප්‍රමාණවත් නොවේ.

    ස්වීඩනය ගත් ක්‍රියාමාර්ගය දීර්ඝකාලීනව සාර්ථක වේදැයි බොහෝ දෙනා විමසිල්ලෙන් නිරීක්ෂණය කරති. ඔවුන් රට ලොක්ඩවුන් කළේ නැත. නමුත් වැඩිහිටි නිවාස තුළ සිටි පිරිස ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වීම තුළ අසල්වැසි රටවලට වඩා ඉතා ඉහළ මරණ අනුපාතිකයක් ස්වීඩනයෙන් වාර්තා විය.

    “බ්‍රැඩ් පිට් ලා (Brad Pitt) නොවෙයි.”

    සරලව ම කිවහොත්, සාමාන්‍ය ජීවන රටාවට ලෝකය යළි පැමිණීමේ අපේක්ෂාව අමුණා ඇත්තේ එන්නතක් මතය. මිනිසාට ප්‍රතිශක්තිය ලබා දීම මගින් වෛරසයේ පැතිරීමට ඇති හැකියාව බිඳ දැමිය හැකිය.

    මේ වන විට, සායනික අත්හදා බැලීමේ ක්‍රියාදාමයේ තුන්වැනි අදියරට පැමිණි එන්නත් හයක් තිබේ. ඉන් එක් එන්නතක් හෝ සත්‍යවශයෙන් ම වෛරසයට එරෙහිව ක්‍රියාශීලී වන බවට සනාථ කර ගැනීම සඳහා පවතින තීරණාත්මක අදියර මෙයයි.

    බොහෝ ඖෂධ ඇණහිට ඇත්තේ ද අවසාන කඩුල්ල අසල ය. එම නිසා “එන්නතක් සොයාගත් විට” යන යෙදුමට වඩා “එන්නතක් සොයා ගතහොත්” යන යෙදුම සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති.

    “මිනිස්සු විශ්වාස කරන්නේ එන්නතක් කියන්නේ හොලිවුඩ් චිත්‍රපටයක් වගේ කියල. විද්‍යාඥයෝ එන්නතක් සොයා ගැනීමට වෙහෙසෙනවා. පැය දෙකක චිත්‍රපටයක නම් ඉතා ඉක්මනින් අවසානයට ළඟා වෙනවා. නමුත් විද්‍යාඥයෝ කියන අය, තමන්ටම එන්නත විදගෙන ‘දැන් අපි ඔක්කොම ආරක්ෂිතයි’ කියල ප්‍රකාශ කරන බ්‍රැඩ් පිට් ලා (Brad Pitt) නොවෙයි.” ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මාගරට් හැරිස් ප්‍රකාශ කළාය.

    Text by bbc

  • ඇමෙරිකාවේ මීළඟ උප ජනපතිනිය ‘අපේම කෙනෙක්’ වෙන හැඩ

    ඇමෙරිකාවේ මීළඟ උප ජනපතිනිය ‘අපේම කෙනෙක්’ වෙන හැඩ

    ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් නම් කරනු ලැබ තිබේ. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි පළමු දකුණු ආසියානු ඇමරිකානුවා සහ කළු ජාතික කාන්තාව ලෙස කමලා ඉතිහාස ගත වෙයි.

    ඉන්දීය-ජැමෙයිකන් සම්භවයක් සහිත 55 හැවිරිදි කමලා හැරිසන් පළමුව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළාය. උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඇයගේ නම ඉදිරි පත් වූයේ ඉන් අනතුරුවයි.

    කමලා හැරිසන් කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු නීතිපතිවරියකි. ඇමරිකාව පුරා ජාතිවාදයට එරෙහි විරෝධතා පැවැත්වෙන අතර එහිදී දැඩි ලෙස චෝදනාවට ලක් වන ඇමරිකානු පොලිසිය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව ඇය දැඩිව අවධාරණය කරයි.

    කවුද මේ කමලා හැරිස්?

    Kamala Harris and Joe Biden at a Biden campaign event
    ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළ කමලා හැරිසන් ජනවාරි මස ඉන් ඉවත් වූ අතර පසුව ජෝයි බයිඩන් වෙත සිය සහාල පළ කළාය

    ඇය උපත ලැබුවේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හිදීය. ඇමරිකාවට සංක්‍රමණය වූ ඇයගේ මව ඉන්දියාවේ උපත ලබා ඇති අතර පියා ජැමෙයිකාවේ උපත ලැබූවෙකි.

    දෙමව්පියන් දික්කසාද වීමෙන් පසු කමලා හැදී වැඩී ඇත්තේ හින්දු භක්තික සිය මව ශ්‍යාමලා ගෝපාලන් හැරිසන් සමගය. ඇය පිළිකා පිළිබඳ පර්යේෂිකාවක් මෙන්ම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිනියකි.

    ඉන්දීය උරුමය සමග හැදී වැඩුණු කමලා සිය මව ඉන්දියාවේ සංචාරය කරන විට ඇය සමග එම ගමන් සඳහා එක් විය. නමුත් සිය මව ඕක්ලන්ඩ් හි කළු ජාතිකයන්ට අනන්‍ය වූ සංස්කෘතියට අනුගත වූ බව කමලා පවසයි. තමන් සහ සිය නැගෙණිය ද එම සංස්කෘතියට හුරු කළ බව ඇය වැඩිදුරටත් කියා සිටී.

    “තමන් කළු ජාතික දියණියන් දෙදෙනෙකු ඇතිදැඩි කරන බව මගේ මව හොඳින් වටහාගෙන සිටියා,” යනුවෙන් කමලා ‘he Truths We Hold’ නැමති සිය ස්වයං චරිතාපදානයේ සටහන් කර තිබේ.

    ස්ථීර පදිංචිය සඳහා පැමිණි දෙවන මව්රට තම දියණියන් දෙදෙනා කළු කෙල්ලන් වශයෙන් දකිනු ඇති බව සිය මව දැන සිටි බව කමලා එහි පවසා තිබේ. එමෙන්ම තමා සහ නැගෙණිය ආත්ම විශ්වාසයක් සහිත අභිමානවත් කළු ජාතික කාන්තාවන් ලෙස උස්මහත් කිරීමේ අධිෂ්ඨානයෙන් සිය මව පසු වූ බවත් ඇය පවසයි.

    කැලිෆෝනියා සෙනෙට් සභික කමලා හැරිස් මුල් වසරවලදී කෙටි කලක් කැනඩාවේ ද වාසය කර තිබේ. එවක ඇයගේ මව මැක්ගිල් විශ්වවිද්‍යාලයේ ගුරු රැකියාවක් ලබා ගත් අතර කමලා සහ නැගෙණිය මායා ද සිය මව සමග එහි ගියහ. වසර පහක කාලයක් ඔවුන් මොන්ට්‍රියල් හි පාසලක අධ්‍යාපනය ලැබූහ.

    උසස් අධ්‍යාපනය ඇමරිකාවේ නිම කළ ඇය හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ගත කළ කාලය වසර හතරකි. සිය ජීවිතය හැඩගැස්වීමට එම කාලය මහෝපකාරී වූ බව කමලා පවසයි.

    සිය අනන්‍යතාව ගැටළුවක් නොවූ බව සඳහන් කරන ඇය තමන් හඳුන්වා ගනු ලබන්නේ “ඇමරිකානුවෙක්” වශයෙනි.

    සමේ පැහැය හෝ පසුබිම මත දේශපාලනඥයන් යම් ස්ථානයකට ලඝු නොකළ යුතු බව කමලා 2019 වසරේදී ‘වොෂිංටන් පෝස්ට්’ වෙත පවසා තිබිණි.

    නීති ක්ෂේත්‍රය ඔස්සේ ඉහළට

    US Senator Kamala Harris
    ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු බ්‍රෙට් කැවනෝ (Brett Kavanaugh) ගබ්සාව පිළිබඳව දැරූ අදහස් සහ 2016 වසරේ පැවති ජනාධිපතිවරණයේදී රුසියානු අත පෙවීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් දැඩිව ප්‍රශ්න කිරීම හේතුවෙන් ඇය ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ දැඩි අවධානයට පාත්‍ර විය

    වසර හතරක් හාවර්ඩ් හි ගත කළ කමලා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය හිමි කර ගත් අතර ඇලමෙඩා දිස්ත්‍රීක් නීතිපති කාර්යාලයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළාය.

    2003 වසරේදී ඇය ෆ්‍රැන්සිස්කෝ හි දිස්ත්‍රික් නීතිපති ධුරයට පත් විය. ඒ ඇය කැලිෆෝනියාවේ නීතිපති ධුරයට පත් පළමු කාන්තාව සහ කළු ජාතිකයා වීමට පෙරය. කැලිෆෝනියාව ඇමරිකාවේ ජනහගනය වැඩිම ප්‍රාන්තය වන අතර නීතිපති ධුරය එම ක්ෂේත්‍රයේ පවතින ඉහළම පදවියයි.

    නීතිපති ධුරයේ සිටි කාලය අතරතුර ඩිමොක්‍රටික් පක්ෂයේ නැගී එන තරුවක් වශයෙන් ඇය නමක් දිනා ගත්තාය. 2017 වසරේදී කමලා හැරිස්, කැලිෆෝනියාවේ කනිෂ්ඨ සෙනෙට් සභිකයෙකු ලෙස දිවුරුම් දුන්නාය.

    නොවැම්බර් 03 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජෝ බයිඩන් ප්‍රතිවාදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තරග කරනු ඇත.

    Text by – bbc

  • හොංකොං හි අන්ධකාර කතාව “මිනීපෙට්ටි නිවාස”

    හොංකොං හි අන්ධකාර කතාව “මිනීපෙට්ටි නිවාස”

    “මිනී පෙට්ටියක පණපිටින් ජීවත් වෙන්න ලැබුණොත් මොන වගේ දැනේවිද..? ඒක මරණයට වැඩිය නරක අත්දැකීමක්.. ඒ අත්දැකීම මම වින්දේ නැති වුණත් ඒ අත්දැකීම විදින මිනිස්සු දැකපු පළවෙනි දවසේ මට ඒක ලොකු කම්පනයක් වුණා.. එදා මම ආපහු ගෙදර එනකොටත් මගේ ඇස් වලින් ගලන කදුළු නවත්තගන්න බැරි තරම්..

    හොංකොං හි “මිනී පෙට්ටි නිවාස“ ගැන “නැෂනල් ජියෝග්‍රැෆික්“ සගරාව හරහා ලොවට පෙන්වූ ඡායාරූප ශිල්පී බෙනී ලැම් තම අත්දැකීම ගැන එම සගරාවට ලියන්නට පටන් ගත්තේ ඒ අයුරිනි.
    හොංකොං ලෝකයේ ධනවත්ම ආර්ථික කලාපයකි. අහස උසට ගොඩනැංවුණු සුඛෝපභෝගී පහසුකම් සහිත ගොඩනැගිලි, නියෝන් එළියෙන් රාත්‍රියටත් දහවලක් මෙන් එළිය වුණු වීදි, දිවාරෑ විවෘතව ඇති වෙලද සැල්, ඒවායේ නිරන්තරව ගැවසෙන ධනවත් පාරිභෝගික ජනතාව ඇති හොංකොං ලෝකයේ වැදගත්ම වෙලද මධ්‍යස්ථානයකි.

    එහෙත් මේ ධනවත් නගරයේ දීප්තියට පසුපසින් සැගවී ඇතිි අන්ධකාර කතාව ගැන දන්නේ කීයෙන් කී දෙනාද.?

    හොංකොං හි ජනගහනය මිලියන 7.5 කට අධිකය. එහෙත් එහි ඉතිරිව ඇති ඉඩම් ප්‍රමාණය සීමා සහිතය. ඒ නිසා එහි ඉඩම් වල මිල ඉතා ඉහලය. නිවාස වල මිල සාමාන්‍ය වැසියන්ට දරන්නට බැරි තරම්ය. ලෝකයේ රටවල් වලින් නිවාස මිල අධිකම හොංකොං වල යැයි කියවෙයි. එබැවින් නිවාස අහිමි මිනිසුන් එහි බොහෝ ඇත. එවන් මිනිසුන්ට බොහෝ විට පිහිටට ඇත්තේ කුඩා කොටස් වලට බෙදුණු මහල් නිවාසයක කොටසක් පමණකි. මේ මහල් නිවාස කොටස් කොතරම් කුඩාද කිවහොත් ඒවා සාමාන්‍ය මිනී පෙට්ටියකට වඩා විශාල වනුයේ අගල් කිහිපයකින් පමණකි. මේ කුඩා කුටීර නිවාස හදුන්වනුයේ “මිනී පෙට්ටි නිවාස“ යනුවෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ කූඩු නිවාස හදුන්වනුයේ “මනුෂ්‍යත්වයට කරන බරපතල නිගාවක්“ වශයෙනි. එහෙත් නිවාස ගැටලුවට වෙනත් විකල්පයක් නැති කම හේතුවෙන්ම හොංකොං හි වැසියෝ 200,000 ක් පමණම මේ මිනීපෙට්ටි නිවාස වල ජීවත් වෙති. මේ 200,000 ක් වූ ජනගහනය අතර කුඩා දරුවන්ද හතලිස් දහසක් පමණ සිටින බව වාර්තා වෙයි.

    මේ මිනී පෙට්ටි නිවාස නිර්මාණය වෙන්නේ මහල් නිවාස කොටස් වලට බෙදීමෙනි. මහල් නිවාස කුඩා කොටස් වලට බෙදා කුලියට දීම එරට නීතියෙන් තහනම් වුවද මහල්නිවාස හිමියෝ තම නිවාස කොටස් වලට බෙදා අඩු ආදායම්ලාභී, නිවාස නැති මිනිසුන්ට බදුදීම තවමත් සිදු කෙරෙන කාර්යයකි. වර්ග අඩි 400 ක මහල් නිවාසයක් එහි හිමිකරුවන් විසින් අඩුම තරමේ කොටස් විස්සකටවත් බෙදනු ලබයි. හැකියාවක් ඇති නම් ඊටත් වඩා වැඩි කොටස් ප්‍රමාණයකට බෙදෙයි. මේ එක් කොටසක මාසික කුලිය හොංකොං ඩොලර් දෙදහසක් පමණ (ඇමරිකානු ඩොලර් 250ක් පමණ) වෙයි.
    එතරම් අධික මාසික කුලියක් ගෙවා ලබා ගන්නා නිවාසයක කාමරයක් බොහෝ විට දිගින් අඩි හයක් හා පළලින් අඩි දෙකහමාරක් පමණ වෙයි. හරියටම කිවහොත් මිනී පෙට්ටියකට වඩා අගල් කිහිපයක් විශාලය. මෙම නිවාසයකට ඇත්තේ අඩි දෙකහමාරේ අඩි හයේ කාමර දෙකකි. කුස්සියත් වැසිකිලියත් එක කාමරයකය. අනෙක් කාමරය ඉතිරි සියලු කටයුතු සදහාය.

    “නිදා ගැනීමේ පටන් උයා පිහා ගැනීම දක්වාම හැම දේම කරන්න ඒ මිනිස්සුන්ට තියෙන්නේ හැරෙන්නවත් ප්‍රමාණවත් නොවෙන ඉඩකඩක්.. හොංකොං වල තියෙන සෞභාග්‍යයෙන් එක දශමයක්වත් මේ මිනිස්සු අත් විදින්නෙ නෑ.. ඒ මිනිස්සු ගත කරන්නෙ සිරගත වුණ ජීවිතයක්..“ බෙනී ලැම් පවසයි.

    ලැම් නැෂනල් ජියෝග්‍රැෆික් සගරාවට ඉදිරිපත් කළ මේ එක් මිනීපෙට්ටි නිවාසයක ඡායාරූපයක් මේ සියලු කතාන්දර එකට පවසන කැඩපතක් බදු යැයි ඔහු පවසයි. එහි එක් මිනිසෙකු ඔහුගේ ඇදේ වැතිරී විවේක ගනියි. ඔහුට ඔහුගේ දෙපා දිගහැරගන්නට ඉඩ නැත. ඔහු සිටින්නේ දෙපා නවාගෙනය. එහෙත් දෙපා නවාගත් කළ ඔහුගේ දණහිස් දෙපස වූ බිත්ති වල වැදෙයි. සිටගත් විට ඔලුව හැපෙන තරමට පහත් සිවිලිමෙහි ඇදුම් එල්ලා ඇත. ලැම් කියන්නේ එරට රජයත් බලධාරිනුත් නිවාස ගැටලුවට වහ වහා විසදුම් සෙවිය යුත්තේ ඇයිදැයි තේරුම් ගන්නට මෙම ඡායාරූපයම කරුණු සපයන බවයි.

    “ඇයි අපි ඒ අය ගැන හිතන්නේ..? කෙනෙක් එහෙම අහන්න පුලුවන්.. ඒ අය අපේ ජීවිතයේ හැමදාම වගේ අපිට මුණ ගැහෙන අය.. අපට සමීප අය.. අපි කෑම කන අවන්හල් වලදි අපට සේවය කරන වේටර් වරු, අපි සතුටින් බඩු මිලදී ගන්න සාප්පු සංකීර්ණ මුරකරන ආරක්ෂක නිලධාරීන්, කාර්යාල රෝහල් පිරිසිදු කරන පිරිසිදු කිරීම් සේවකයින්, අපිට එදිනෙදා මුණ ගැහෙන කම්කරුවන්.. මේ වගේ අය තමයි මේ මිනී පෙට්ටි වල ජීවත් වෙන්නෙ.. ඔවුන්ගෙයි අපෙයි වෙනස මොකක්ද..? අපි ජීවත් වෙනවා.. ඔවුන් මැරි මැරී ජීවත්‍ වෙනවා.. මේක මනුෂ්‍යත්වයට කෙරෙන නිග්‍රහයක්..“ බෙනී ලැම් පවසයි.

    -උපුටා ගැනීමකි-

  • රුසියාවේ කොවිඩ් එන්නත ජනපති පුටින්ගේ දියණියටත් ලබාදීලා

    රුසියාවේ කොවිඩ් එන්නත ජනපති පුටින්ගේ දියණියටත් ලබාදීලා

    මේ වන විට ලොව පුරා කෝවිඩ් -19 රෝගීන් මිලියන විස්සකට වඩා වාර්තා වී ඇති අතර, මරණ 736,766 ක් සිදු වී තිබේ. එම රෝගීන්ගෙන් මිලියන පහකට වඩා එක්සත් ජනපදයෙන් ද බ්‍රසීලයේ මිලියන තුනක් සහ මිලියන දෙකකට වැඩි පිරිසක් ඉන්දියාවෙන් ද වාර්තා වේ.

    ඇමරිකාව තුළ සඳුදා (අගෝස්තු 10) වන විට රෝගීන් මිලියන පහ ඉක්මවා ගියද, වසංගතයේ වේගය මන්දගාමී විය හැකි බවට ලකුණු දක්නට ලැබේ. පසුගිය සතිය තුළ ඊට පෙර සතියට සාපේක්ෂව නව රෝගීන් ගණන 11.5% කින් අවම වී මරණ 7% කින් පහත වැටී ඇතැයි ෆෙඩරල් හදිසි කළමනාකරණ කාර්යාංශය නිකුත් කළ සංදේශයක දැක්වෙන බව ඒබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

    රුසියාවෙන් එන්නතක්

    අසාමාන්‍ය වේගයකින් රුසියාව සිය කෝවිඩ් -19 එන්නත සොයාගෙන තිබේ.

    චීනය, එක්සත් ජනපදය සහ යුරෝපයේ පරීක්ෂණ කණ්ඩායම්වලට මාස කීපයකට පසු රුසියාව සිය පළමු සායනික අත්හදා බැලීම් සිදු කිරීම ආරම්භ කළේ ජුනි 1 වන දිනය.

    වෙනත් කණ්ඩායම් මෙන් නොව, මොස්කව්හි ගමාලියා ආයතනය සිය අධ්‍යයනවල ආරක්ෂිත හෝ ප්‍රතිශක්තීකරණ දත්ත කිසිවක් නිකුත් කර නොමැත. මේ හේතුවෙන් ස්වාධීන විද්‍යාඥයන්ට එන්නත සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කිරීමට නොහැකි වී ඇත.

    මේ දක්වා රුසියානු එන්නත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් කීදෙනෙකුට ලැබී ඇත්ද යන්න පැහැදිලි නැත. එන්නත් පර්යේෂණ සඳහා මුදල් සපයන රුසියානු සෘජු ආයෝජන අරමුදලේ ප්‍රධානී කිරිල් දිමිත්‍රිව් පවසන පරිදි ඔහුගේ දෙමව්පියන්ට ද මෙම එන්නත මගින් ප්‍රතිශක්තිකරණය ලබා දී ඇත.

    පසුගිය මාසයේ දී ඔහු මෙය විස්තර කළේ “ස්පුත්නික් මොහොතක්” ලෙසය. ස්පුත්නික්, සෝවියට් සමූහාණ්ඩුව 1957 දී අභ්‍යවකාශයට යැවූ පළමු චන්ද්‍රිකාව වන අතර එය ඇමරිකාව ‘පැරදවීමක්’ ලෙස සටහන් විණි.

    රුසියාව සිය එන්නත ‘ස්පුත්නික් වී’ ලෙස නම් කර තිබේ.

    තම දියණියක් කොරෝනාවෛරස එන්නත ලබාගෙන ඇති බවත් එය හොඳින් ක්‍රියාත්මක වන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූතින් පවසා තිබේ.

    පූතින් තම දියණියන් ගැන සඳහන් කරන්නේ කලාතුරකිනි. ජනාධිපතිවරයා තම පවුලේ පෞද්ගලිකත්වය නිතර ආරක්ෂා කරන අතර සෑම විටම තම දියණියන්ගේ ජීවිත පිළිබඳ විස්තර ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන්ගේ නම් පමණක් මාධ්‍ය වාර්තා කර ඇත.

    කෙසේවෙතත්, ඔහුගේම දියණිය ගැන සඳහන් කිරීම මගින් අවධාරණය කරනුයේ, එන්නත ආරක්ෂිත හා ඵලදායී බවට සැක සහිත ලෝකයකට ඒත්තු ගැන්වීමට රුසියාව කෙතරම් උනන්දුවක් දක්වන්නේ ද යන්නය.

    එන්නත ලියාපදිංචි කර ඇති බව නිවේදනය කරමින් රූපවාහිනිය ඔස්සේ අදහස් දැක්වමින් ඔහු පැවසුවේ, “මේ එන්නත ස්ථාවර ප්‍රතිදේහයක් ලෙස සෛලීය ප්‍රතිශක්තියක් ඇති කරනවා. මගේ දියණියකට එවැනි එන්නතක් ලබා දී ඇති නිසා මම මෙය හොඳින් දන්නවා,” යනුවෙනි.

    පළමු එන්නතෙන් පසු ඔහුගේ දියණියගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 දක්වා පහත වැටීමට පෙර, සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ ගිය බව ඔහු පැවසීය. “එපමණයි. දෙවන එන්නතෙන් පසු ඇයගේ උෂ්ණත්වය තරමක් ඉහළ ගිය නමුත් පසුව පහව ගියා. දැන් ඇයට සුවයක් දැනෙනවා,” ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේය.

    රුසියානු විද්‍යාවේ දක්ෂතාවය පිළිබඳව පැහැදිලි පණිවිඩයක් ලොවට යැවීමට ජනාධිපති පූතින් උනන්දු වී ඇත.

    නමුත් පළමු තැන සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. කෝවිඩ් එන්නතක් තවමත් නිපදවා නොමැති අතර, ඒ කිසිවක් කොරෝනාවෛරසයට එරෙහිව ආරක්ෂාව සපයන බව මෙතෙක් තහවුරු වී නොමැත.

    එම කේන්ද්‍රීය ප්‍රශ්නයට තවමත් පිළිතුරු නොමැත.

    Text by – bbc sandesaya

  • බෙලරුසියාවේ මැතිවරණය: විපක්ෂ නායිකව රටින් පලා යයි

    බෙලරුසියාවේ මැතිවරණය: විපක්ෂ නායිකව රටින් පලා යයි

    බෙලරුසියාවේ විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා සිය රට තුළ “ආරක්ෂිතව” සිටින බව ලිතුවේනියාවේ විදේශ ඇමතිවරයා පවසයි.

    විපක්ෂ නායිකාව රටින් පලා ගොස් තිබෙන්නේ ඉරිදා පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් දෙවෙනි දිනයේත් විරෝධතා පැවැත්වෙමින් තිබියදීය.

    මැතිවරණයේ දී ජනාධිපති අලෙක්සන්දර් ලුකාසෙන්කා 80% ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇතැයි ප්‍රතිඵලවලින් දැක්වෙන නමුත් විපක්ෂනායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා එම ප්‍රතිඵලය භාරගැනීම ප්‍රතික්ෂේප කරයි.

    විපක්ෂ නායිකාව 10% කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ඇතැයි යයි ප්‍රකාශ කෙරුණත්, සිය නායිකාව ඇතැම් පළාත්වල 70% – 80%ත් අතර ඡන්ද ප්‍රමාණයක් ලද බව ඇයගේ ආධාරකරුවෝ පවසති.

    නිරීක්ෂකයින්ගෙන් තොරව පැවති මැතිවරණයේ දී ඡන්ද කොල්ල කෑ බවට චෝදනා එල්ලවන අතර, යුරෝපා සංගමය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එය හෙලා දැක තිබේ.

    1994 සිට බෙලරුසියාවේ බලය හොබවන ලුකාසෙන්කා විරෝධතාවාදීන් හඳුන්වන්නේ විදේශයන්හි සිට මෙහෙයවන “බැටළුවන්” ලෙසිනි.

    විරෝධතා රැල්ලක්

    මැතිවරණයෙන් ජනාධිපති අලෙක්සන්දර් ලුකාසෙන්කා යළිත් තේරී පත්වූ බව රාජ්‍ය රූපවාහිනිය මගින් නිවේදනය කරනු ලැබීමෙන් පසු මින්ස්ක් අගනුවර දී විරෝධතාවාදීන් සහ කැරලි මර්දක පොලිසිය අතර ගැටුම් හටගත්තේය.

    විරෝධතාවාදීන් මැඩලීමට පොලිසිය ජනතාව බියගන්වන කම්පන බෝම්බ ගසමින්, රබර් උණ්ඩවලින් වෙඩිතබන අතරවාරයේ ජල කාලතුවක්කු ප්‍රහාර ද එල්ල කළේය.

    එහිදී එක් විරෝධතාවාදියෙක් මරණයට පත්ව ඇති අතර 120 ක් පමණ අත්අඩංගුවට ගනු ලැබිණ. බලධාරීන් පවසන්නේ විරෝධතාවාදියා අත තිබූ බෝබ්මයක් පුපුරා යාමෙන් ඔහු මියගිය බවය.

    රටින් පලා යාමට පෙර ප්‍රකාශයක් කළ විපක්ෂ නායිකාව, තමන් දැනටමත් ජයග්‍රහණය කර තිබෙන බැවින් බිය පහවී ගොස් ඇති බව කියා සිටියාය.

    විපක්ෂනායිකාව ‘අතුරුදහන්’

    ඉන් අනතුරුව ඇය අතුරුදහන්ව ඇති බවට දූෂමාන ආරංචි පැතිර යාමත් සමග ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ලිතුවේනියාවේ විදේශ ඇමතිවරයා, ඇය ලිතුවේනියාවට පැමිණ සිටින බව සඳහන් කර තිබුණි.

    සඳුදා ඇයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය පළ වූ නමුත්, ඇය “ආරක්ෂිතව” සිටින බව සඳහන් කළ විපක්ෂ නායිකාවගේ ප්‍රචාරක කණ්ඩායම ඇය සිටින ස්ථානය සඳහන් නොකළහ.

    ලිතුවේනියාවේ ගුවන් විදුලිය ඔස්සේ අදහස් දක්වමින් විදේශ අමාත්‍යවරයා කියා සිටියේ බෙලරුසියාවේ විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා පැය හතක් රඳවාගනු ලැබ තිබෙන බවය.

    එහෙත් එසේ රඳවාගනු ලැබුවේ මන්ද යන්න හෝ කවුරුන් විසින් ද යන්න ඔහු හෙළි කළේ නැත.

    Text by bbc sandesaya

  • ජනපතිටත් – ජනතාවටත් වගේ වගක් නෑ – බ්‍රසීලයේ කොරෝනා මරණ 100,000 ඉක්මවයි

    ජනපතිටත් – ජනතාවටත් වගේ වගක් නෑ – බ්‍රසීලයේ කොරෝනා මරණ 100,000 ඉක්මවයි

    බ්‍රසීලය කොවිඩ් මරණ 100,000 පසුකළ දෙවන රට බවට අද (09) පත් වුණා. බ්‍රසීල සෞඛ්‍ය අංශ වාර්තා කරන පරිදි වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ දින සිට මාස තුනක් ඇතුළත 50,000කට අධික පිරිසක් මියගිය අතර එම සංඛ්‍යාව පසුගිය දින 50 තුළ දෙගුණ වී තිබෙනවා.

    ‘බ්‍රසීලය තුළ වසංගතය තවමත් එහි උපරිමයට පැමිණ නැහැ. ඒත් රට තුළ දැඩි අගුළු දැමීමක් ද සිදුවන්නේ නැහැ. කඩ සාප්පු විවෘතව ඇති අතර ජනතාව ද සාමාන්‍ය ජීවිත ගත කිරීමට උත්සාහ කරමින් සිටිනවා‘ බ්‍රසීලයේ බී.බී.සී වාර්තාකරු පැවසුවා.

    අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ වෛරසයේ බලපෑම අවතක්සේරු කරන අතර ආර්ථිකයට බලපෑම් සිදුවන ක්‍රියාමාර්ග ගැනීමට දැඩිව විරෝධය දක්වමින් සිටී. කොවිඩ් -19 මර්දනය කිරීම සඳහා ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් විසින් පනවා තිබූ සීමාවන්ට එරෙහිව සටන් කරමින් සිටින ජනපතිවරයා පසුගිය දා ඔහු කොවිඩ්-19 සදහා ධනාත්මක ලක්ෂණ පළ කළ ද ඇතැම් විට මුහුණු ආවරණයක් නොමැතිව ආධාරකරුවන්ගේ හමුවට යාම සිරිතක් කරගෙන සිටී.

    අර්බුදයට බ්‍රසීලය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

    සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවනු ලබන්නේ මහජන සෞඛ්‍ය පිළිබඳ අත්දැකීම් නොමැති හමුදා ජෙනරාල්වරයෙකු විසිනි. මීට පෙර අමාත්‍යවරුන් දෙදෙනෙකු, ( ඔවුන් දෙදෙනාම වෛද්‍ය වෘත්තිකයින්ය) අමාත්‍යධුරවලින් ඉවත් වූයේ සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග සහ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් ප්‍රතිකාරයක් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ එකඟ නොවීම හේතුවෙන් ඇති වූ මත භේද නිසාය.

    කොවිඩ් -19 “කුඩා උණ” ලෙස හැඳින්වූ ජනාධිපති බොල්සොනාරෝ, පුපුරා යෑමට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් දේශීය හා විදේශීය විවේචනවලට ලක්ව ඇත.

    පසුගිය දා කොවිඩ් -19 සදහා ධනාත්මක ලක්ෂණ පළ කළ ජනාධිපතිවරයා පසුව කියා සිටියේ මැලේරියාවට ප්‍රතිකාර කිරීමට ගන්නා ඖෂධයට ස්තූතිවන්ත වෙමින් තමා ආසාදනයෙන් සුවය ලබා ඇති බවයි.

    “ලෝක යුද්ධයක් වැනි ඛේදවාචකයක් නිසා අපෙි බලාපොරොත්තු සුන් විය යුතුයි. නමුත් බ්‍රසීලය සාමූහික නිර්වින්දනයකට ලක්ව තිබෙනවා” යැයි බෝවන රෝග සංගමයේ ජ්‍යෙෂ්ඨ සමාජික වෛද්‍ය හොසේ ඩේවි උර්බාස් රොයිටර් පුවත් සේවයට පැවසීය.

    “අද රජයේ පණිවුඩය නම්: ඔබ බරපතළ ලෙස ආසාදනය වී නොමැති නම් කරුණාකර කලබල නොවී සුපුරුදු ලෙස කටයුතු කරන්න. එය බරපතල නම් දැඩි සත්කාර ඇත‘යන්නයි. එය අපට ගැටලුකාරී‘ ඔහු වැඩි දුරටත් පැවසීය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මේ වන විට බ්‍රසීලයෙන් කොවිඩ් වෛරස් ආශ්‍රිත මරණ 100,477 ක් හා රෝගීන් 3,012,412 ක් වාර්තා වී ඇත. එය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි.

    යබ්‍රසීලයේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා

    උණුසුම් ස්ථාන කොහිද?

    මෑත සතිවල ගම්බද ප්‍රදේශවල, විශේෂයෙන් දකුණු හා බටහිර ප්‍රාන්තවල ආසාදනයේ ව්‍යාප්තිය වේගවත් වී ඇති අතර, වැඩිම ජනගහනයක් සිටින සාඕ පවුලෝ හි තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව පෙනේ.

    මේ අතර, ආසාදිතයින්ගේ සංඛ්‍යාව අඩු වී ඇත. වෛරසය මුලින්ම ව්‍යාප්ත වූ ඇමසොනාස් ඇතුළු රියෝ ද ජැනෙයිරෝහි ජනතාව යළි මුහුදු වෙරළට සහ මත්පැන් හල් වෙත ගමන් කරමින් සිටින අතර එය බරපතළ විවේචනයට ලක්ව ඇත.

    පසුගිය සෙනසුරාදා වින්දිතයින්ට උපහාරයක් වශයෙන්,‘ රියෝ ද පාස්‘ නම් රාජ්‍ය නොවන කණ්ඩායම රියෝ හි සුප්‍රසිද්ධ කොපකබානා වෙරළ තීරයේ වැලි මත කුරුස තබා රතු බැලූන් 1,000 ක් අහසට මුදා හැරියේය.

    “අපි ව්‍යවසනය කරා ළගා වෙමින් සිටියත් රජය සහ අපේ ජනතාව අතර ඒ ගැන එතරම් තැකීමක් නැති බව පෙනෙනවා. මරණය සාමාන්‍ය තත්වයට පත්වෙලා” 56 හැවිරිදි මාර්සියෝ ඩූ නැසිමෙන්ටෝ සිල්වා පැවසීය.

    ඔහු කුලී රථ රියදුරෙකු වන අතර වසංගතයෙන් දරුවන් අහිමි විය.

    වෛරසය බ්‍රසීලයේ කළු ජනතාවට පහර දී ඇති අතර දුගී දුප්පත් ජනතාව වසංගතයට බහුලව ගොදුරු වේ. එය තවමත් ආදිවාසී ප්‍රජාවන් අතර ව්‍යාප්ත වෙමින් පවතී. අවම වශයෙන් ආදිවාසීන් 22,300 ක් ආසාදනයට ලක් වී ඇති අතර 633 දෙනෙකු මියගොස් ඇති බව බ්‍රසීලයේ ප්‍රධාන ආදිවාසී සම්මේලනය වන අබිබ් පවසයි.

    සෙනෙට් කථානායක ඩේවි ඇල්කොලුම්බ්‍රේ දින හතරක ශෝක කාලයක් ප්‍රකාශ කළ නමුත් ජනාධිපති බොල්සොනාරෝ තවමත් අදහස් දක්වා නැත. මෙම සතිය මුලදී ඔහු සියලු මරණ ගැන කණගාටු වන බව පැවසූ නමුත් “අපි අපේ ජීවිත ඉදිරියට ගෙන යා යුතුයි” යනුවෙන් යෝජනා කළේය.

    සාඕ රයිමුන්ඩෝ නොනාටෝ නගරයට ගිය සංචාරයකදී සිය ගණනක් දෙනා විසින් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ පිළිගන්නා බ්‍රසීල ජනාධිපති ධුරය මගින් ලබා දුන් අත් පත්‍රිකාවක්
    ජනාධිපති බොල්සොනාරෝ පසුගිය මාසයේ කොවිඩ් -19 වෙතින් සුවය ලැබීමෙන් පසු සිය පළමු සංචාරයේදී ආධාරකරුවන්ට ආචාර කළේය

    නායකත්වය නොදුන් නායකයා

    විශ්ලේෂණ පෙට්ටිය දකුණු ඇමරිකානු වාර්තාකරු කැතී වොට්සන් විසිනි

    බ්‍රසීලය මරණ 100,000 ඉක්මවා ඇති බවට ප්‍රවෘත්ති ලැබෙන අතර සාඕ පවුලෝ හරහා ප්‍රීති ඝෝෂ සහ ගිනිකෙළි සංදර්ශන පැවැත්විණි. නැත, මෙය කොවිඩ් -19 හි කිසියම් අශෝභන සැමරුමක් නොවේ. පාපන්දු කණ්ඩායම වන පල්මෙයිරාස් දැඩි දඩුවම් පහරකින් පසුව ප්‍රතිවාදී කොරින්තිවරුන්ට එරෙහිව රාජ්‍ය ශූරතාවය දිනා ගෙන තිබුණි.

    බ්‍රසීලයේ ජනප්‍රියම ක්‍රීඩාව කෙරෙහි ඇති ආශාව යටපත් කළ යුතු නැත. (විශේෂයෙන් මේ මොහොතේ මිනිසුන්ව සතුටු කිරීමට තවත් දෙයක් නොමැති විට) නමුත් ජෙයාර් බොල්සොනාරෝ සිය සුබ පැතුම් පිරිනැමීමෙන් ජයග්‍රහණය සනිටුහන් කළද, දුක්ඛිත සංඛ්‍යා ගැන නිහඩය. මේ නිහඩ බව වසංගතය ගැන බොහෝ දේ පවසයි. වසංගතය දෙස ජනාධිපතිවරයා දක්වන ප්‍රතිචාරයේ කිසිම වෙනසක් මේ දුක්ඛිත සංඛ්‍යා ලේඛන සමග වුව ද ප්‍රකාශ නොවීය.

    ඉරිදා පුවත්පත්වල කතුවැකි ජනාධිපතිවරයා පිළිබද විවේචනවලින් පිරී තිබේ. ඔහුගේ උදාසීනත්වය සහ සංවේදනය නොමැතිකම දැඩිව විවේචනයට ලක් වේ. වසංගතය ජය ගැනීම සදහා ඔහුගේ නායකත්වය නොමැතිකම දැඩි කනස්සල්ලට හේතු වී ඇත. විශේෂයෙන් රට නැවත විවෘත වීම සහ වෛරසය තවමත් පාලනය කර නොමැති බව පෙනේ.

    ලතින් ඇමරිකාවේ වෙනත් තැනක සිදුවන්නේ කුමක්ද?

    ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් දූපත් වල වාර්තා වී ඇති කොරොන වයිරස් ආශ්‍රිත මරණ වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් බ්‍රසීලයට ඇති බව වාර්තා වේ. ලෝකයේ තුන්වන වැඩිම මරණ සංඛ්‍යාව වන 52,000 පේරු වෙතින් වාර්තාවන අතර කොලොම්බියාව සහ චිලී යන රටවල්වලින් ආසාදිතයින් 476,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

    විශේෂඥයන් පවසන්නේ ජනාකීර්ණ නගර, දරිද්‍රතාවය සහ සෞඛ්‍ය සේවාවල දුර්වලතා වෛරසයේ දැඩි ව්‍යාප්තිය සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඍජුව බලපාන බවයි.

    බී.බී.සී. වාර්තා ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • බේරූට් පිපිරීම: ‘ලෙබනනයේ මානුෂීය අර්බුදය’ පුපුරා යයි

    බේරූට් පිපිරීම: ‘ලෙබනනයේ මානුෂීය අර්බුදය’ පුපුරා යයි

    පසුගිය අඟහරුවාදා බ්රූට්හි සිදු වූ විනාශකාරී පිපිරීමෙන් පසු එක්සත් ජාතීන් ලෙබනනයේ මානුෂීය අර්බුදයක් ගැන අනතුරු අඟවා තිබේ. පිපිරීමට පෙරත් ලෙබනනය විශාල ආර්ථික පසුබෑමකට ලක්ව සිටියේය.

    බේරූට් වරාය පරිශ්‍රෙය් සිදු වූ දැවැන්ත පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 154 ක් මියගොස් 5,000 ක් තුවාල ලබා 300,000 ක් නිවාස අහිමි විය.

    ලෝක ආහාර වැඩසටහන පැවසුවේ බේරූට් වරායට සිදු වූ හානිය ආහාර සැපයුමට බාධාවක් වන අතර ඒ සමග ආහාර මිල ඉහළ යනු ඇති බවයි.

    මේ අතර, ලෙබනනයේ ජනාධිපතිවරයා පිපිරීම පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් ප්‍රතික්ෂේප කළ අතර, එය බෝම්බයක් මගින් අවුලුවනු ලැබුවේ දැයි නිලධාරීන් සොයා බලන බව පැවසීය.

    “හේතුව තවමත් නිශ්චය කර නොමැත. රොකට්ටුවක් හෝ බෝම්බයක් හෝ වෙනත් ක්‍රියාවක් හරහා බාහිර මැදිහත්වීමේ හැකියාවක් පවතී,” මයිකල් අවුන් පැවසීය.

    වරාය ගබඩාවක අනාරක්ෂිතව ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750 ක් පුපුරා යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පිපිරීම සිදුව ඇති බව අවුන් මහතා මීට පෙර පවසා තිබේ.

    බේරූට් හි පිපිරුම් ස්ථානය පෙන්වන සිතියම

    අඟහරුවාදා පිපිරීමට පෙර ලෙබනනයේ ජනගහනයෙන් 75% කට ආධාර අවශ්‍ය වූ අතර 33%කට රැකියා අහිමි විය. මිලියනයක ජනතාවක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වූහ.

    ඩබ්ලිව්එෆ්පී ප්‍රකාශක එලිසබෙත් බයර්ස් සිකුරාදා ජිනීවා නුවරදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ බේරූට් වරායට දැඩි හානියක් සිදුවීම පිළිබඳව තම සංවිධානය සැලකිලිමත් වන බවයි.

    පස් දෙනෙකුගෙන් යුත් පවුලකට මසකට ප්‍රමාණවත් වන ආහාර පාර්සල් 5,000 ක් WFP විසින් බෙදා හැර ඇති අතර තිරිඟු පිටි සහ ධාන්‍ය ආනයනය කිරීමට සැලසුම් කරමින් සිටින බව ඇය පැවසුවාය.

    මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රිස්ටියන් ලින්ඩ්මියර් අනතුරු ඇඟවූයේ ලෙබනනයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් අඩංගු හදිසි ශල්‍ය සැපයුම් කට්ටල ලබා දී ඇති අතර, ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා සහ කෝවිඩ් -19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ අඛණ්ඩතාව සහතික කිරීම සඳහා ඩොලර් මිලියන 15ක් ඉල්ලා සිටී.

    ලෙබනනයේ කොරෝන වෛරස් රෝගයේ වැඩිවීමක් දක්නට ලැබුණද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බේරූට් වෙත නැව්ගත කරන ලද මුහුණු ආවරණ සහ අත්වැසුම් බහාලුම් 17ක් පිපිරීමේදී මුළුමනින්ම විනාශ වී ඇති බව ලින්ඩ්මියර් මහතා පැවසීය.

    ලෙබනනයේ රැකවරණය යටතේ සිටින මිලියන 1.5 ක සිරියානු සරණාගතයින්ට සහය දක්වන එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය කියා සිටියේ අවශ්‍ය සියලු දෙනා සඳහා හදිසි නවාතැන් ද්‍රව්‍ය මුදා හරින බවයි.

    ඇමරිකානු ඩොලර් මිලියන 15ක් වටිනා ආහාර හා ඖෂධ වහාම යැවීමට සැලසුම් කර ඇති බව එක්සත් ජනපදය අද (07) නිවේදනය කිරීමත් සමඟ බොහෝ රටවල් ලෙබනනයට උදව් කිරීමට ආධාර ලබා දී තිබේ.

    බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ලෙබනන්හි බේරූට් වරාය සුනේ සුන් කළ මහා පිපුරුම – ත්‍රස්ත ප්‍රහාරයක් ද ? අතපසුවීමක් ද ?

    ලෙබනන්හි බේරූට් වරාය සුනේ සුන් කළ මහා පිපුරුම – ත්‍රස්ත ප්‍රහාරයක් ද ? අතපසුවීමක් ද ?

    දැන් වරායේ ගබඩා කර තිබූ ධාන්‍ය සියල්ලම විනාශ වී ඇත. ඇත්ත වශයෙන්ම, ‘බේරූට් වරාය තවදුරටත් නැත” යැයි එක් නිලධාරියෙක් පැවසීය. කම්පනය පහව ගිය පසු පවා එහි බලපෑම තේරුම් ගැනීමට අපහසු වනු ඇත.

    ලෙබනන්හි බේරූට් අගනුවර වරාය පරිශ්‍රයේ ගබඩාවක සිදු වූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගොස් තවත් 4,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව බී.බී.සීය වාර්තා කරයි.

    මෙම පිපිරීමෙන් දැවැන්ත ගිනි ජාලා අහස දෙසට විසිරී ගිය අතර මුළු නගරයම දැඩි කම්පනයට ලක්විය.

    පිපිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලෙබනන් ජනාධිපති මයිකල් අවුන් පැවසුවේ වසර හයක් තිස්සේ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් අනාරක්ෂිත ලෙස ගබඩාවක ගබඩා කර ඇති බවයි.

    ජනපති අවුන් හදිසි කැබිනට් රැස්වීමක් පැවැත්වීමට පියවර ගෙන ඇති අතර රට තුළ සති දෙකක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව බදාදා සිට දින තුනක් නිල වශයෙන් ශෝක කාලයක් ක්‍රියාත්මක වනු ඇත.

    පිපිරීමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ලීරා බිලියන 100ක් හෙවත් ඩොලර් මිලියන 50.5ක හදිසි අරමුදල් රජය විසින් නිදහස් කරන බව ද ජනාධිපති අවුන් නිවේදනය කළේය.

    “අපි මේ දකිමින් සිටින්නේ අති විශාල ව්‍යසනයක්” යැයි ලෙබනනයේ රතු කුරුස සංවිධානයේ ප්‍රධානී ජෝර්ජ් කෙටානි ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසීය. “සෑම තැනකම වින්දිතයින් හා තුවාලකරුවන් සිටිනවා”

    ගලවා ගැනීමේ සේවකයින් සුන්බුන් අතර දිගින් දිගටම සෝදිසි කරමින් සිටින අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ලෙබනන් බලධාරීන් කියා සිටියේ පිපිරීමට හේතුව කුමක්දැයි සොයා බැලීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. ලෙබනනයේ ශ්‍රේෂ්ඨ ආරක්ෂක කවුන්සිලය කියා සිටියේ වගකිවයුත්තන්ට හැකි උපරිම දඩුවමට මුහුණ දීමට සිදුවන බවයි.

    2013දී නෞකාවකින් ඇමෝනියම් නයිට්රේට් රැගෙන විත් ඇති අතර ඒවා වරායේ ගබඩාවක ගබඩා කර තිබී ඇත. ඒවා අනාරක්ෂිතව තිබූ බව බලධාරීන් පසුව පිළිගෙන ඇත.

    මෙම පිපිරීම ලෙබනනයට ඉතා සංවේදී කාලයකදී සිදුවී ඇති අතර, ආර්ථික අර්බුදයක් සමඟ රට කොරොන වයිරස් අර්බුදය සමඟ පොරබදමින් සිටී. මේ අතර 2005 දී හිටපු අගමැති රෆික් හරිරි ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විභාගයක ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතව තිබේ. මේ සියලු තත්ත්වයන් තුළ ලෙබනයේ ආර්ථි, දේශපාලන හා ආරක්ෂක තත්ත්වය දැඩි ආතතියකට ලක්ව ඇත. පිපිරීම සමග එය තව දුරටත් තීව්‍රර වන බව පැහැදිලිය.

    සිදුවුයේ කුමක් ද?

    මෙම පිපිරීම අඟහරුවාදා (04) 18:00 (GMT 15:00) ට පසුව සිදුවිය. එම ස්ථානයේ සිටි බීබීසී මාධ්‍යවේදියෙකු වාර්තා කළේ මළ සිරුරු සහ දැඩි හානි, බේරූට් වරාය ක්‍රියා විරහිත කිරීමට ප්‍රමාණවත් බවයි.

    සුන්බුන් යට සිරවී සිටින පුද්ගලයින් ප්‍රාදේශීය මාධ්‍යවලින් පෙන්නුම් කෙරිණි. සිද්ධිය ඇසුන් දුටු පුද්ගලයෙක් ‘පිපිරීම බිහිරි කිරීමක්‘ ලෙස විස්තර කළ අතර වීඩියෝ දර්ශන මගින් සුන්බුන් සහිත කාර් සහ හානිවූ ගොඩනැගිලි පෙන්වන ලදී.

    හෝටලයක ජනේල සුනුවිසුනු විය
    පිපිරීමෙන් සැතපුම් ගණනක් ඈතින් පිහිටි හෝටලයක ජනේල පුපුරා ගියේය

    “මෙහි ඇති සියලුම ගොඩනැගිලි කඩා වැටිලා. සෑම තැනකම වීදුරු සහ සුන්බුන් විසිරිලා. විදුලිය ඇනහිටිලා. සියල්ල අන්ධකාරයේ ගිලී ගිහින්. මම ඇවිදිමින් සිටිමි” යැයි වරාය අසල එක් පුද්ගලයෙක් ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

    තුවාලකරුවන්ගෙන් රෝහල් පිරී ඇති අතර ඒවා තුළ දැඩි තදබදයක් පවතී. මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යාමට එය හේතු වී ඇත.

    නැගෙනහිර මධ්‍යධරණි මුහුදේ සයිප්‍රස් දූපතේ සිට කිලෝමීටර් 240 ක් (සැතපුම් 150 ක්) ඈතින් මෙම පිපිරීම දැනී ඇති අතර, එය භූමිකම්පාවක් යැයි සිතූ අය එහි සිටියහ.

    රේඛාව

    ‘මෙය සිදුවීමට වඩා නරක කාලයක් ගැන සිතීම දුෂ්කර ය’ – රමි රුහයිම්, බීබීසී ප්‍රවෘත්ති, බේරූට්

    සයිරන් හඩ දසතින් ඇසේ. ගිලන්රථ විශාල සංඛ්‍යාවක් වරාය දෙසට ගමන් කරමින් තිබේ. ඒ සමග විශාල වාහන තදබදයක් ඇති වී ඇත. ට්‍රැක්ටර් මගින් ​​සුන්බුන් ඉවත් කරද්දී උතුරේ සිට බේරූට් දක්වා දිවෙන අධිවේගී මාර්ගය වීදුරු කැබලි වලින් වැසී ඇත.

    බීරුට් මේ පසුකරමින් සිටින්නේ කිසිසේත් යහපත් කාලයක් නොවේ. සියල්ල සිදුවන්නේ අයහපත් ලෙසය. කෝවිඩ් -19 ආසාදන වැඩිවීමත් සමඟ රෝහල්වල දැඩි තදබලයක් පවතී.ඒ සමග, දැන් දහස් ගණනක තුවාලකරුවන් ද භර ගැනීමට රෝහල්වලට සිදුවී තිබේ. මෙය කිසිසේත් දරාගත හැකි තත්ත්වක් නොවේ.

    සිය ගණනක් දැන් අවතැන් වී ඇත. ඔවුන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන සුන්බුන් බවට පත්ව ඇත. වාහන ගැන කතා කිරීමට තරම් දෙයක් නැත. සියල්ල සුන්බුන් බවට පත්ව ඇත. කිලෝමීටර් ගණනාවක් තුළ දැකගත හැක්කේ වීදුරු කැබිලි සහ සුන්බුන් පමණකි.

    දීර්ඝ කාලීන ගැටුම් නිසා ලෙබනනයේ කෘෂි ආර්ථිකය සම්පූර්ණයෙන් බිද වැටීී ඇති නිසා ඔවුන් ආහාරවලින් වැඩි කොටස ආනයනය කරයි. ආහාර සදහා වන සුරක්ෂිතභාවය මෙහි දැඩි අභියෝගයකි. එහි ආර්ථිකය වසරකට ආසන්න කාලයක් තිස්සේ බිඳ වැටී ඇත.

    ‘ගොඩනැගිල්ල පුරාම වීදුරු පහළට යනවා’

    හදී නස්රල්ලා, ඇසින් දුටු සාක්ෂිකරු බීබීසීයට කතා කළේය

    ‘‘මම ගින්න දුටුවෙමි, නමුත් පිපිරීමක් සිදුවන බව මම දැන සිටියේ නැත. අපි ඇතුළට ගියා. හදිසියේම මට ශ්‍රවණය අහිමි විය. තත්පර කිහිපයක් මට මගේ ශ්‍රවණය නැති විය, යමක් වැරදී ඇති බව මම දැන සිටියෙමි. එවිට හදිසියේම අප අවට ඇති කාර්, සාප්පු, වෙළඳසැල්, ගොඩනැගිලි සියල්ලම සුනුවිසුනු විය. ගොඩනැගිල්ල පුරාම වීදුරු පහළට යනවා දුටුවෙමි.

    බේරූට් පුරා, කිලෝමීටර් ගණනක් ඈතින් විවිධ ප්‍රදේශවලින් මිනිසුන් එකිනෙකාට කතා කරමින් සිටි අතර ඔවුන් එකම දේ අත්විඳිමින් සිටියහ: කැඩුණු වීදුරු, ගොඩනැගිලි සෙලවීම, මහා පිපිරීමක්.

    සාමාන්‍යයෙන් මෙවැනි පිපිරීමකදී කම්පනයට, දැඩි හානියට ලක්වන්නේ අදාළ ප්‍ර දේශය පමණකි. නමුත් මෙවර බේරූට් වලින් පිටත ප්‍රදේශ පවා දැඩිසේ කම්පනයට පත්විය.

    බේරූට් හි පිපිරුම් ස්ථානය පෙන්වන සිතියම

    සුන්නිවා රෝස්, මාධ්‍යවේදී

    “සවස් වන විට බේරූට් වෙත රිය පැදවීම අසීරු නොවි. එය අවුල් සහගතය. වීදි වීදුරුවලින් වැසී තිබුණි. ගිලන්රථවලට ඒ හරහා යෑම දුෂ්කර ය. නිවාස කඩා වැටී ඇත.

    “මම වරායට යන විට එය හමුදාව විසින් වසා දමා තිබුණි. ඒ දෙවන පිපිරීමක් සිදුවුවහොත් එය වළක්වා ගැනීම සදහා යැයි මා විමසූ විට හමුදාව පැවසීය.

    “සවස් වන තුරුම අහස දෙසට දුමාර පිටවිය. මුළු නගරයම කළු විය. එහි ඇවිදීමට ඉතා අපහසු විය, මිනිසුන් රුධිරයෙන් වැසී තිබුණි. 86 හැවිරිදි කාන්තාවකට වෛද්‍යවරයකු විසින් ප්‍රතිකාර කරනු මම දුටුවෙමි. ඔහු තම ප්‍රථමාධාර කට්ටලයක් සමඟ තම නිවසින් පිටව ගොස් ඇත. කාර් මුළුමනින්ම කුඩුපට්ටම් වී ඇත.

    ‘‘ මගේ මහල් නිවාසයේ ද විශාල කැළඹීමකි. එහි වීදුරු සියල්ලම සුනුවිසුනු වී ඇත. හානියේ තරම අන්තය. කිලෝමීටර් 2 ක් ඈතින් පිහිටි වෙළඳ සංකීර්ණයක පවා වීදුරු සම්පූර්ණයෙන්ම සුනුවිසුනු වී ඇත”

    රේඛාව

    ඇමෝනියම් නයිට්රේට් යනු කුමක්ද?

    ඇමෝනියම් නයිට්රේට (ammonium nitrate) මගින් ඉටුකර ගත හැකි විවිධ භාවිතයන් ගණනාවක් ඇත. නමුත් ඒවා වඩාත් සුලභ ලෙස භාවිත වන්නේ කෘෂිකාර්මික පොහොර ලෙස සහ පුපුරන ද්‍රව්‍ය ලෙස ය.

    ගින්න සමඟ ස්පර්ශ වන විට එය අධික ලෙස පුපුරන සුලු ය. එය පුපුරා ගිය විට ඇමෝනියම් නයිට්රේට, නයිට්‍රජන් ඔක්සයිඩ් සහ ඇමෝනියා වායුව ඇතුළු විෂ වායූන් මුදා හැරිය හැකිය.

    බේරූට් හි පිපිරීමෙන් පසු
    ඇමෝනියම් නයිට්රේට් පිපිරීමක් මගින් විෂ වායූන් මුදා හැරිය හැක

    එය ක්ෂණික ගිනි අවුලුවන නිසා ඇමෝනියම් නයිට්රේට් ආරක්ෂිතව ගබඩා කරන්නේ කෙසේද යන්න පිළිබඳ දැඩි නීති රීති ඇත. එම අවශ්‍යතා අතර ගබඩා භූමිය මුළුමනින්ම ගිනි නිවාරණය කළ යුතු අතර ඇමෝනියම් නයිට්රේට් කාන්දු විය හැකි කාණු, පයිප්ප හෝ වෙනත් නාලිකා තිබිය නොහැක.

    ලෙබනනයේ තත්වය කුමක්ද?

    1975-1990 සිවිල් යුද්ධයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයක ලෙබනන් ගිලී සිටින අතර අඛණ්ඩව දේශපාලන උද්ඝෝෂණ හා වීදි සටන් සිදුවේ. රට අරාජිකත්වය කරා ළගාවෙමින් තිබේ.

    වසර ගණනාවක් තිස්සේ දේශපාලනයේ ආධිපත්‍යය දැරූ සහ තමන්ගේම ධනය රැස් කරගත් පාලක ප්‍රභූ කල්ලිය රටේ ගැටලු විසඳීමට අවශ්‍ය පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපොහොසත් වී ඇත. ජනතාවට දෛනික විදුලි කප්පාදුව, ආරක්ෂිත පානීය ජලය නොමැතිකම සහ සීමිත මහජන සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් අඛණ්ඩ ගැටලුවලට මුහුණ දී සිටී.

    බේරූට්හි විනාශ වූ වරාය දුමාරය සමඟ
    පිපිරීමෙන් වරාය බොහෝ දුරට විනාශ වී ඇත

    ඊස්රායලයේ දේශ සීමාව තුළ ද ආතතියක් ඇති වී ඇති අතර, පසුගිය සතියේ කියා සිටියේ හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායල භූමිය තුළට රිංගා ගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ කළ බවයි. එහෙත් ඊශ්‍රායලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසීයට පවසා ඇත්තේ බේරූට් පිපිරුමට “ඊශ්‍රායලයට කිසිදු සම්බන්ධයක් නැති” බවයි.

    හිටපු අගමැති හරීරි ඝාතනය කළ දැවැන්ත මෝටර් රථ බෝම්බ ප්‍රහාරය සිදුවූ ස්ථානයට ආසන්නව මෙම පිපිරීම සිදුවිය. අඟහරුවාදා පිපිරීම සිදුවූයේ නෙදර්ලන්තයේ විශේෂ උසාවියක දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි නඩු තීන්දුවට දින කිහිපයකට පෙරය.

    බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ලොව පුරා කොරෝනා උණුසුම් පුවත් විමසුම – WHO වෙතින් යළි අනතුරු ඇඟයීමක්

    ලොව පුරා කොරෝනා උණුසුම් පුවත් විමසුම – WHO වෙතින් යළි අනතුරු ඇඟයීමක්

    Covid-19 හදුනා ගැනීමට මිනිත්තු 90කින් පුළුවන් – පරීක්ෂණ ලබන සතියේ එංගලන්තයේදී

    සාරාංශය

    1. මිනිත්තු 90 කින් ප්‍රතිඵල ලබා දිය හැකි කොවිඩ් -19 සහ උණ සඳහා නව පරීක්ෂණ ලබන සතියේ එක්සත් රාජධානියේදී සිදු කිරීමට නියමිතය
    2. එන්නතක් ලබා ගැනීමේ බලාපොරොත්තුව ශක්තිමත් වුවත්, කොවිඩ්-19 වෛරසය සඳහා කිසි විටෙකත් “රිදී උණ්ඩයක් silver bullet” සොයා ගත නොහැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි
    3. වසංගතය “දිගු (lengthy) විය හැකි බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පවසයි
    4. ඕස්ට්‍රේලියානු වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාදන ඉහළ යමින් පවතී – බොහෝ ව්‍යාපාර නව අගුලු දැමීම යටතේ වසා දැමිය යුතුය
    5. එක්සත් රාජධානියේ සමාගමක් වන හේස් ට්‍රැවල් Hays Travel පවසා ඇත්තේ වසංගතය හේතුවෙන් සේවකයින් 4,500 න් 878 ක් දක්වා රැකියා අහිමිවිය හැකි බවයි
    6. “ඊට් අවුට් ටු හෙල්ප් අවුට් – Eat Out to Help Out” යෝජනා ක්‍රමය දියත් කරන විට එක්සත් රාජධානියේ අවන්හල්වල රාත්‍රී භෝජන 50% ක වට්ටමක් ලබා ගනී
    7. උතුරු එංගලන්තයේ මැන්චෙස්ටර්, ආසාදන අනුපාතය ඉහළ යාමෙන් පසු ප්‍රධාන සිදුවීමක් ප්‍රකාශ කරයි
    8. ගෝලීය වශයෙන්, ආසාදන මිලියන 18 කට වැඩි ප්‍රමාණයක් සහ මරණ 689,000 ක් වාර්තා වී ඇත – ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය

    එක්සත් රාජධානියේ පොදු ප්‍රවාහන සේවාවල දී මුහුණු ආවරණ ගැටලුවක්

    බ්‍රිතාන්‍යයේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකු අනිවාර්යයෙන්ම මුහුණු ආවරණ පැළඳ නොසිටින බව එක්සත් රාජධානියේ ප්‍රවාහන ලේකම් පවසයි.

    ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් ට්වීට් කළේ කොරෝන වෛරස් වසංගතය අතරතුර “එකිනෙකා ආරක්ෂාකාරීව තබා ගැනීමට උදව් කළ යුතු බවයි.

    වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා ජුනි 15 වන දින එංගලන්තයේ පොදු ප්‍රවාහනය සඳහා මුහුණු ආවරණ අනිවාර්ය විය. දින හතකට පසු ස්කොට්ලන්තය ද එම නීතිය අනුගමනය කළ අතර උතුරු අයර්ලන්තය සහ වේල්සය පිළිවෙලින් ජූලි 16 සහ 27 යන දිනවල නීතිය හඳුන්වා දුන්නේය.

    පොදු ප්‍රවාහන සේවාවලදී මුහුණු ආවරණ නොපළදින පුද්ගලයින්ට ඩොලර් 100ක දඩයක් නියම කර ඇත.

    මේ අතර පොදු ප්‍රවාහන සේවා වලදී මුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන්

    • මගීන් 285 දෙනෙකුට අනුකූල නොවීම සම්බන්ධයෙන් දඩ නිවේදන නිකුත් කර ඇත
    • 6,275 ක් ප්‍රවාහන ජාලයෙන් ඉවත් වන ලෙස ඉල්ලා ඇත
    • 80,294 කට නීති රීති මතක් කර ඇත

    එක්සත් රාජධානියේ නීතිය අනුව මුහුණු ආවරණ ස්කාෆ්, රෙදි කැබැල්ලක් හෝ මුහුණු ආවරණයක් විය හැකිය.

    වසංගතය ආරම්භයේදීම සත්කාර අංශය ආරක්ෂා නොවූ බව අහමඩ් මහත්මිය පැවසුවාය

    මිනිත්තු 90 ක නව පරීක්ෂණය ‘ඩිමෙන්ශියාවෙන් පෙළෙන නිවැසියන්ට පහසු වනු ඇත’

    අද එක්සත් රාජධානියේ ප්‍රධාන ප්‍රවෘත්ති වලින් එකක් වන්නේ ලබන සතියේ රෝහල්වල සහ රැකවරණ නිවාසවල නව ආකාරයේ කොරෝනා වයිරස් පරීක්ෂණයක් සිදු කිරීමට ය. නව පරීක්ෂණය ප්‍රතිඵල ලබා ගැනීමට මිනිත්තු 90 ක් ගතවේ. එය වර්තමාන පරීක්ෂණවලට වඩා වේගවත්ය.

    රැකවරණ නිවාස ක්‍රියාකරුවන් නියෝජනය කරන ජාතික සත්කාර සංගමයේ සභාපති නද්‍රා අහමඩ් පවසා ඇත්තේ මෙම පරීක්ෂණ “න්‍යායේ විශිෂ්ටයි” සහ “බොහෝ විට අපගේ සියලු යාඥාවලට පිළිතුර” බවයි.

    එහෙත් ඇය “පරිස්සමින් සුභවාදී” වූවා පමණක් නොව, ඇය පැවසූ දෙයින් පසුව මෙම රජයෙන් ලැබුණු “බිඳුණු පොරොන්දු මාලාවක්” විය. වසංගතය තුළ රැකවරණ නිවාසවල අර්බුදය විශේෂයෙන් උග්‍ර වී තිබේ.

    පුපුරා යාමේ ආරම්භයේ සිට එංගලන්තයේ සහ වේල්සයේ රැකවරණ නිවාසවල කොරෝන වෛරස් රෝගයෙන් 20,000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව සනාථ වේ.

    රැකවරණ නිවාස පදිංචිකරුවන් සහ කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් පරීක්ෂා කිරීම ජූලි 6 වන දින ආරම්භ කිරීමට අදහස් කළ නමුත් දැන් එය පසුපසට තල්ලු කර ඇත.

    “පරීක්ෂාව සමඟ, එය ආරම්භයේදීම තිබුණේ නම්, අපට හැකි ප්‍රමාණයට වඩා ජීවිත බේරා ගැනීමට අපට හැකිවනු ඇත,” අහමඩ් මහත්මිය පැවසුවාය.

    ඇය කියා සිටියේ මිනිත්තු 90 ක පරීක්ෂණය (වර්තමාන ස්පුබ් පරීක්ෂණවලට වඩා) වඩාත් පහසු වනු ඇති බවයි.

    “ඩිමෙන්ශියාවෙන් පෙළෙන රෝගීන් සහ ඇඳේ සිටින පුද්ගලයින් සමඟ භාවිතා කිරීම අපට පහසු වනු ඇත,” ඇය පැවසුවාය.

    “මම ඇත්තටම මේ ගැන සුභවාදී වෙනවා. මට නැවත අවශ්‍ය වන්නේ රජය නැවත කලකිරීමට පත් නොවීමටයි.” ඇය පැවසුවාය.

    සිම්බාබ්වේ හි ‘රෝහල් රථගාලේ මිය යන රෝගීන්’

    වසංගතය ආරම්භ වීමට පෙර සිටම සිම්බාබ්වේ සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක යෙදී සිටිය

    අප මුලින් සඳහන් කළ පරිදි සිම්බාබ්වේ සෞඛ්‍ය සේවකයින්ගේ හිඟයක් සමඟ පොරබදමින් සිටී. වසංගතය ආරම්භ වීමට පෙර සිටම වෛද්‍ය කාර්ය මණ්ඩල ගණනාවක් ඔවුන්ගේ වැටුප් සම්බන්ධයෙන් වැඩ වර්ජනයක යෙදී සිටිති.

    හිඟය ඇති වන්නේ කොවිඩ් -19 ආසාදන සංඛ්‍යාව ඉහළ යාමට පටන් ගැනීමත් සමඟ ය. සිම්බාබ්වේ හි තහවුරු වූ රෝගීන් 4,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 70 ක් වාර්තා වී තිබේ. කෙසේ වෙතත් වෛද්‍යවරු පවසන්නේ එම සංඛ්‍යාව ඊට වඩා වැඩි බවයි.

    සිම්බාබ්වේ අගනුවර හරාරේ රජයේ රෝහලක වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය රෂීඩා ෆෙරන්ඩ් බීබීසීයේ නිව්ස්ඩේ වැඩසටහනට මෙසේ පැවසීය:

    “අපට ධාරිතාව තිබියදීත්, අපි දැනට ස්වේච්ඡා වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ හෙදියන් කුඩා කණ්ඩායමක් මත රඳා සිටිමු.”

    කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් ඔවුන්ට උපරිම වශයෙන් රෝගීන් 30 ක් පමණක් ගත හැකි බව ඇය පැවසුවාය.

    “අපට තිබෙන්නේ ඇදන් 30ක් පමණයි. එම සීමාව ඉක්මවා ගිය වහාම රෝගීන් භාර ගැනීමට නොහැකි වෙනවා. ඔවුන් රෝහල් රථ ගාලේ අවාසනාවන්ත ලෙස මිය යනවා‘ ඇය පැවසුවාය.

    බී.බී.සී වාර්තා ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • Covid-19 Global Hot: එංගලන්තයේ විවාහ උත්සවවලට නව නීති

    Covid-19 Global Hot: එංගලන්තයේ විවාහ උත්සවවලට නව නීති

    කොවිඩ්-19 මරණ 46,688ක් වාර්තා වීමත් සමග මෙක්ෂිකෝව කොවිඩ් මරණ වැඩිම සංඛ්‍යාවක් ඇති තෙවැනි රට බවට අද (01) පත් වුණා.

    සාරාංශය

    1. ඉන්දියාවේ නව කොරෝනා වෛරස් රෝගීන් 57,000 ක් වාර්තා වී ඇත
    2. මුම්බායි හි මූල්‍ය අගනුවර වන මහාරාෂ්ට්‍ර තවමත් දරුණුතම බලපෑමට ලක්වූ ප්‍රාන්තයයි
    3. එංගලන්තයේ තවදුරටත් සීමාවන් ලිහිල් කිරීම නවතා දමා ඇත
    4. ලබන මාසයේ පාසල් නැවත විවෘත කිරීමට ඉඩ දීම සඳහා එංගලන්තයේ මත්පැන්හල් හෝ වෙනත් ක්‍රියාකාරකම් වසා දැමිය යුතු බව ප්‍රමුඛ විද්‍යාඥයෙක් පවසයි
    5. මෙක්සිකෝවේ කොරෝනා මරණ සංඛ්‍යාව දැන් ලෝකයේ තුන්වන ඉහළම අගය වන අතර එක්සත් ජනපදය හා බ්‍රසීලය පමණක් වැඩි සංඛ්‍යාවක් වාර්තා කරයි
    6. එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග විශේෂඥයෙකු පවසා ඇත්තේ 2020 අවසන් වන විට එක්සත් ජනපදය විසින් නිපදවන ලද එන්නතක් ලබා ගත හැකි බවයි
    7. එක්සත් ජනපද දේශපාලනඥයින් එහි දීර්ඝ කිරීම පිළිබඳ ගනුදෙනුවකට එකඟ වීමට අපොහොසත් වීම නිසා මිලියන ගණනක් ඇමරිකානුවන්ට ඩොලර් 600 ක ප්‍රතිලාභයක් අහිමි වනු ඇත

    මෙක්සිකෝවේ අඳුරු තත්වයක්

    කොවිඩ්-19 මරණ 46,688ක් වාර්තා වීමත් සමග මෙක්ෂිකෝව කොවිඩ් මරණ වැඩිම සංඛ්‍යාවක් ඇති තෙවැනි රට බවට අද (01) පත් වුණා.

    මෙක්සිකෝවේ තත්වය විවිධාකාරයෙන් අඳුරු ය. පළමුවෙන්ම, රජය එහි වැදගත්කම පිළිබඳව එකඟ නොවීමත් සමඟ පරීක්ෂණ අඩු මට්ටමක පවතී. වඩාත්ම දරුණු අවස්ථා පමණක් පරීක්ෂා කරනු ලබන අතර සම්බන්ධතා සොයා ගැනීම ද දුර්වල ය.

    තවද, මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් Andrés Manuel López Obrador වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා මුහුණු ආවරණ භාවිතා කිරීම පිළිබඳව දිගින් දිගටම නින්දා අපහාස කරන බව පෙනේ.

    මෙක්සිකානු සමාජයේ දීර්ඝ කාලනීන සෞඛ්‍ය ගැටලු වන ඉහළ මට්ටමේ දියවැඩියාව සහ තරබාරුකම වැනි කාරණා මරණ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුව වූ බව රජය පවසයි.

    වියට්නාමයේ ඩා නන්ග් ‘මුළු ජනගහනයම පරීක්ෂා කිරීමට’

    වියට්නාමයේ බීච් රිසෝට් නගරය වන ඩැන් නන්ග් Da Nang එහි මුළු ජනගහනයම කොරෝන වෛරස් සඳහා පරීක්ෂා කිරීමට සැලසුම් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. නගරයට සම්බන්ධ නව ආසාදිතයින් 40 ක් රට පුරා වාර්තා වීම නිසා පළාත් පාලන ආයතන විසින් මෙම නිවේදනය නිකුත් කරන ලදී. ඩා නන්ග් හි ජනගහනය මිලියන 1.1 ක් පමණ වේ.

    මේ වන විට වියට්නාමයේ මුළු රෝගීන් සංඛ්‍යාව 586 ක් වන අතර සිකුරාදා සිට මරණ තුනක් වාර්තා වී තිබේ.

    දේශීය සංචාරකයින් අතර ජනප්‍රිය වූ නගරයේ නව පිපිරීමක් අනාවරණය වූ දා සිට ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂණ 8,000 කට වඩා සිදු කර ඇත. පරීක්ෂණ ධාරිතාව දිනකට 8,000 සිට 10,000 දක්වා වැඩි කරන බව බලධාරීහු පැවසූහ.

    ආසියාවේ නවතම වර්ධනයන්

    • පිලිපීනය විසින් නව කොරෝන වෛරස් රෝගීන් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර එය දිනපතා වාර්තාගත වැඩි වීමකි. මෑතකදී ලිහිල් කරන ලද අගුලු දැමීමේ පියවරයන් දැඩි කරන ලෙස ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගෙන් ඉල්ලා සිටිමින් වෛද්‍ය සංගම් දුසිම් ගණනක් ලිපියට අත්සන් තැබීය
    • වියට්නාමයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව කොරෝන වෛරස් රෝගීන් 40 ක් වාර්තා කර ඇති අතර, මුළු ආසාදන සංඛ්‍යාව 586 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
    • ජපානයේ ඔකිනාවා ප්‍රාන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ආසාදන ඉහළ යාම මධ්‍යයේ සති දෙකක් නිවසේ රැඳී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
    • ඉන්දියාව පැය 24 ක් තුළ නව කොරෝන වෛරස් රෝගීන් 57,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර එය දෛනික වාර්තාගත එකතුවකි
    • දකුණු කොරියාවේ මුල් කොරෝන වෛරසය පැතිරීමේ කේන්ද්‍රයේ නිකායක නායකයා අත්අඩංගුවට ගෙන තිබේ.
    • කොරොන වයිරස් රෝගීන් වැඩිවීම මධ්‍යයේ හොංකොං සිය ඒෂියා වර්ල්ඩ්-එක්ස්පෝ ප්‍රදර්ශන මධ්‍යස්ථානය AsiaWorld-Expo exhibition ඇඳන් 500 කින් යුත් තාවකාලික රෝහලක් බවට පත් කර තිබේ.

    එංගලන්තයේ මංගල උත්සව පිළිබඳ නීති මොනවාද?

    එංගලන්තයේ විවාහ වන පුද්ගලයින්ට ඔවුන්ගේ උත්සවයේදී පුද්ගලයින් 30 දෙනෙකු දක්වා සිටිය හැකිය. (නමුත් පිළිගැනීමේ උත්සවයේදී නොවේ) බොහෝ දෙනෙක් මෙම සති අන්තයේ නීති රීති වෙනස් කිරීමක් අපේක්ෂා කළ නමුත් 30 දෙනෙකුට විවාහ මංගල්‍ය උත්සවවලට සහභාගී වීමට අවසර දීම සීමා කිරීම ලිහිල් කිරීමකි.

    මෙයින් අදහස් කරන්නේ පිළිගැනීම්වලට සහභාගී විය හැක්කේ පිටත පුද්ගලයින් හය දෙනෙකු හෝ ඇතුළත කුටුම්භ දෙකක් පමණි.

    “කොවිඩ්-ආරක්ෂිත – “Covid-secure” විවාහ මංගල්‍යයක් පැවැත්වීම සඳහා රජය විසින් මාර්ගෝපදේශය ප්‍රකාශයට පත් කර ඇත.

    • උත්සව හැකි තරම් කෙටි විය යුතුය
    • අත්‍යවශ්‍ය නම් මිස ආහාර හෝ බීම පානය නොකළ යුතුය
    • කණ්ඩායම් ගායනය සහ උපකරණ වාදනය කිරීමෙන් වැළකී සිටිය යුතුය
    • සම්බන්ධතා සොයා ගැනීම සඳහා ස්ථානය දින 21 ක් සඳහා අමුත්තන්ගේ තාවකාලික වාර්තාවක් තබා ගත යුතුය
    • සමාජ දුරස්ථභාවය සෑම විටම නිරීක්ෂණය කළ යුතුය

    උතුරු අයර්ලන්තය ජූනි මස මුල සිට පුද්ගලයින් 10 දෙනෙකු සමඟ එළිමහන් මංගල උත්සව සඳහා අවසර දී තිබේ .

    වේල්සය සහ ස්කොට්ලන්තය ද දැන් විවාහ උත්සව පැවැත්වීමට ඉඩ දී ඇත, නමුත් සමාජ දුරස්ථභාවය නිරීක්ෂණය කළ යුතු අතර විශාල රැස්වීම්වලට ඉඩ නොදේ.COVID 19

  • ඇමෙරිකානු ආර්ථිකය ඉතිහාසයේ දරුණුතම හැකිලීමට ලක් වෙයි

    ඇමෙරිකානු ආර්ථිකය ඉතිහාසයේ දරුණුතම හැකිලීමට ලක් වෙයි

    කොවිඩ්-19 වසංගත සමයේ අගුළු දැමීම් සහ වියදම් කප්පාදු හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය පසුගිය අප්‍රේල් සහ ජුනි අතර වාර්ෂික අනුපාතයෙන් 32.9% කින් හැකිලී ගියේය.ෙ 1947 දී රජය වාර්තා තබා ගැනීමට පටන් ගත් දා සිට එය ගැඹුරුම පරිහානිය වූ අතර 1958 දී වාර්තා වූ 10% ක හැකිලීමට වඩා තුන් ගුණයකින් තත්ත්වය දරුණු වී තිබේ.

    සෞඛ්‍ය සේවා වැනි සේවාවන් සඳහා වන වියදම් අඩුවීම පහත වැටීමට හේතු විය.

    ආර්ථික විද්‍යාඥයින් පවසා ඇත්තේ දෙවන කාර්තුවේ තියුණු ම පහත වැටීමක් සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

    නමුත් එක්සත් ජනපදයේ වෛරස් ආසාදනයන් සහ සමහර ප්‍රදේශවල ක්‍රියාකාරිත්වය සඳහා නැවත තහංචි පැනවීමත් සමඟම, නැවත නැගිටීම ඇණහිටීමේ සලකුණු පෙන්නුම් කරයි.

    එක්සත් ජනපද දළ දේශීය නිෂ්පාදිත සටහන

    මිලියන 1.4 කට වැඩි පිරිසක් පසුගිය සතියේ විරැකියාව සඳහා නව හිමිකම් ගොනු කළ අතර එය පෙර සතියේ සිට දෙවන සතිය දක්වා මඳක් ඉහළ ගොස් තිබේ. අනෙකුත් දත්ත වියදම් කප්පාදුවට යොමු වන අතර ජූලි මාසයේදී විශ්වාසය බිඳ වැටේ.

    රැකියා අහිමිවීම්

    ඇමරිකාවේ මහ බැංකුවේ ප්‍රධානී ජෙරොම් පවෙල් ඊයේ (29) ආර්ථිකය යළිත් මන්දගාමී වීම ගැන අනතුරු ඇඟවූ අතර පසුබෑම “අපගේ ජීවිත කාලය තුළ වඩාත් දරුණු සිදුවීමක්” ලෙස විස්තර කළේය.

    අර්බුදය සමනය කිරීම සඳහා ඇමරිකානු කුටුම්භ හා ව්‍යාපාරවලට උපකාර කිරීම සඳහා තවදුරටත් රජයේ වියදම් ඉල්ලා සිටියේය.

    රට මුහුණ දෙන ආර්ථික අර්බුදයේ පරිමාව මෙම සංඛ්‍යාලේඛන මගින් අවධානයට ලක් කිරීමත් සමඟ අද (30) එම ඉල්ලීම අනෙකුත් ව්‍යාපාරික නායකයින් විසින් අවධානයට ගන්නා ලදි.

    “දෙවන කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයේ ඓතිහාසික පරිහානිය පිළිබඳ පුදුමාකාර පුවත අප සැවොම කම්පනයට පත් කළ යුතුයි” යැයි එක්සත් ජනපද වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ප්‍රතිපත්ති නිලධාරි නීල් බ්‍රැඩ්ලි පැවසීය. “මෙම ජරා ප්‍රවෘත්තිය කොන්ග්‍රසයට වේගයෙන් ගමන් කිරීමට බල කළ යුතුයි.” ඔහු වැඩි දුරටත් කීවේය.

    මේ වසරේ ගෝලීය වර්ධනය 4.9% කින් පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබේ. අද (30) ජර්මනිය වාර්තාගත කාර්තුමය වශයෙන් 10.1% ක අඩුවීමක් වාර්තා කළ අතර මෙක්සිකෝවේ ආර්ථිකය ද ඉලක්කම් දෙකක හැකිලීමක් වාර්තා කළේය.

    වසරකට පෙර එම කාර්තුව හා සසඳන විට එක්සත් ජනපද ආර්ථිකය 9.5% කින් හැකිලී ගියේය. අපනයන හා ආනයන යන දෙකම වසරකට පෙර සිට 20% කට වඩා පහත වැටී ඇති අතර එක්සත් ජනපද ආර්ථිකයේ ප්‍රධාන ධාවකයා වන පාරිභෝගික වියදම් වසරින් වසර 10.7% කින් පහත වැටී ඇත.

    ‘යථා තත්ත්වයට පත්වීමේ සලකුණු නොමැත’

    ඇන්තනි ලොපෝටෝ, හිමිකරු බීන් පෝස්ට් පබ්

    නිව්යෝර්ක් නගරයේ මත්පැන් අලෙවි සැලක හිමිකරු ඇන්තනි ලොපෝටෝ

    මැයි සහ ජුනි මාසවල දැඩි බඳවා ගැනීම් තිබියදීත්, එක්සත් ජනපදයට පෙබරවාරි මාසයේ සිට රැකියා මිලියන 15 කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වී තිබේ. එක්සත් ජනපද සංගණනයෙන් ඇස්තමේන්තු කර ඇත්තේ ඇමරිකානු වැඩිහිටියන්ගෙන් අඩකට වඩා ජීවත් වන්නේ වසංගතයෙන් පසු ආදායම කපා හැර ඇති නිවාසවල බවයි.

    එක්සත් ජනපදයට මෙම ව්‍යසනයෙන් ගොඩ ඒමට වසර ගණනාවක් ගතවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් අනතුරු ඇඟවීය.

    “මැයි සහ ජුනි මාසවලදී ආර්ථිකය වේගයෙන් පසුබෑමකට ලක් වූ විට පවා, කොවිඩ් -19 ආර්ථික කම්පනය මීට පෙර මාසවල දී විශාල හානියක් සිදු කළ අතර ශුද්ධ ප්‍රතිඵලය දෙවන කාර්තුව සඳහා ආර්ථික ව්‍යසනයක් විය” යනුවෙන් පර්යේෂණ අධ්‍යක්ෂ ජොෂ් බිවන්ස් ලිවීය.

    “ආරම්භක රැකියා විරහිත ඉල්ලීම් දෙවන සතිය දක්වා ඉහළ ගොස් තිබීම කනස්සල්ලට කරුණක් වන අතර නව පරිභෝජන ප්‍රකෘතිමත් වීමේ අවදානමක් ඇති බව අවධාරනය කරයි” යනුවෙන් මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් හි උප සභාපති මාධවි බොකිල් පැවසීය.

    බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • දකුණු ආසියාවේ පරීක්ෂණ ප්‍රමාණවත් නොවීමක් නිසා කොරෝනා වසංගතයේ තත්ත්වය සඟවනවාද?

    දකුණු ආසියාවේ පරීක්ෂණ ප්‍රමාණවත් නොවීමක් නිසා කොරෝනා වසංගතයේ තත්ත්වය සඟවනවාද?

    කොරෝනාවෛරස ආසාදිත සංඛ්‍යාව අතින් ඉන්දියාව මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබෙන්නේ ඇමෙරිකාව හා බ්‍රසීලයට පසු ලොව තුන්වෙනි විශාලතම ආසාදිතයින් සංඛ්‍යාව සහිත රට බවට පත්වෙමිනි.

    එහි අති විශාල ජනගහනය සැලකීමේදී මෙය පුදුමයට කරුණක් නොවුව ද ඉන්දියාවේ අසල්වැසි රටවල් ද වෛරසයේ දැඩි බලපෑමට ලක්ව ඇත.

    පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය තුළ වසංගතය බලපෑ ප්‍රමාණය විමසා බලමු.

    ලෝකයේ වඩා සක්‍රීය ස්ථානයක්

    සෑම දින 20 කදීම රෝගීන් ප්‍රමාණය දෙගුණයක් වෙමින් ඉන්දියාව දැන් කොරෝනාවෛරසයේ මධ්‍ය ලක්ෂ්‍යයක් බවට පත්ව තිබේ. රෝගීන් ප්‍රමාණය තවමත් වේගයෙන් ඉහළ යමින් තිබේ.

    කෙසේවෙතත්, දෛනිකව වාර්තාවන රෝගීන් සම්බන්ධයෙන් කළාපයේ අනෙකුත් ප්‍රදේශ වෙනස් ගමන් මගකට පිවිස තිබෙන්නේ, මැයි – ජුනි මාසවලදී දුටු අධික ඉහළ යාමෙන් අනතුරුව තහවුරු කරන ලද ආසාදිතයන් ප්‍රමාණය පහළ යාමක් පෙන්නුම් කරන හෙයිනි.

    වැඩිම රෝගීන් සංඛ්‍යාව අතින් කළාපයේ දෙවෙනි ස්ථානයේ ඇති පාකිස්තානය තුළ ආසාදිත වක්‍රය පහළට දිශාගත වීම සම්බන්ධයෙන් සුභවාදී බවක් පළවී ඇත.

    ජුනි මැද වනවිට දෛනික ආසාදිත සංඛ්‍යාව 6,000ක් වූ තැන සිට ජූලි මැද වනවිට 2,000 ට වඩා අඩු තත්ත්වයකට පහළ වැටී තිබේ.

    කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් තවමත් සැලකිල්ල පවතින අතර ඇතැමුන්ට අනුව, වෛරසය පාලනය කර ඇතැයි නිගමනය කිරීමට කල්වේලා වැඩි ය.

    මේ හා සමානව, ජූලි 16 වනවිට 196,323ක් ලෙස බංග්ලාදේශ් හි සමස්ත රෝගීන් ප්‍රමාණය වාර්තා විය. ජුනි මැද සහ ජූලි මස ආරම්භයේදී එරට වැඩිම දෛනික රෝගීන් ප්‍රමාණය වාර්තා විණි.

    ඉන් අනතුරුව, ආසාදිත වක්‍රයේ පහළ යාමක් පෙන්නුම් කළේ මේ වනවිට සෑම දින 28 දී ආසාදිතයින් සංඛ්‍යාව දෙගුණ වෙමිනි.

    Boy in Afghanistan gets his temperature check

    ඇෆ්ඝනිස්තානය තුළ ආසාදිතයින් දෙගුණවීමේ වේගය අසල්වැසි රටවලට වඩා අඩුවී තිබෙන්නේ සෑම දින 41 දී එය වාර්තා වීමක් ලෙසය. එහෙත් එරට නිල සංඛ්‍යා දත්තවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න පැන නැගී ඇත.

    නේපාලය හා ශ්‍රී ලංකාවේ සමස්තයක් ලෙස ආසාදිත ප්‍රමාණයේ පෙන්නුම් කරන්නේ පහළ මට්ටමකි. නේපාල ආණ්ඩුව විසින් පනවන ලද ලොක්ඩවුන් වැඩපිළිවෙල දින 100ක් ක්‍රියාත්මක විණි. එම කාලය තුළදී වැඩිම රෝගීන් ප්‍රමාණය හඳුනාගනු ලැබුණේ ඉන්දියාවට මායිම්වන ප්‍රදේශ වලිනි.

    මෑත ප්‍රවණතාව පෙන්වන්නේ දෛනික රෝගීන් සංඛ්‍යාව පහත වැටෙන බවකි. එහෙත්, ප්‍රජාව අතරේ රෝගීන් හඳුනා නොගැනීම මීට එක් හේතුවක් විය හැකි බව විශේෂඥයෝ පවසති.

    අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කළ ද එම සංඛ්‍යා පහළ මට්ටමක රඳවා ගැනීමට සමත්වී ඇත. දැඩි ‘ලොක්ඩවුන්’ පියවර ක්‍රියාවට නැගූ අතර තහවුරු කරන ලද රෝගීන්ගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම හා ආසාදිතයින් සඳහා දැඩි නිරෝධායන රීති පැනවිණි.

    “මහජන සෞඛ්‍ය නිලධාරීන්, පොලිසිය, බුද්ධි තොරතුරු නිලධාරීන් හා ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන්ගේ දායකත්වය සහිතව, දැඩිව ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ ක්‍රමයක් ක්‍රියාවට නැගුණා,” යැයි බීබීසී සිංහල සේවයේ සරෝජ් පතිරණ පැවසීය.

    ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණය හමුවේ ශ්‍රී ලංකාව ‘ලොක්ඩවුන්’ පියවර ඉවත් කළේය.

    Temperature check at a railway station in Sri Lanka

    අඩු මට්ටමේ පරීක්ෂාව

    ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ සිටින්නේ දකුණු ආසියාවේ ය. එහෙත් සමස්ත වාර්තාගත ආසාදිතයින් අතරින් මෙම කළාපයෙන් වාර්තාවූයේ 11% ක් පමණි.

    “ඉන්දියාවේ වගේම දකුණු ආසියාවේ රටවල පුද්ගලයින් මිලියනයකට සමස්ත රෝගීන් සංඛ්‍යාව සිටින්නේ අඩු මට්ටමක. පුද්ගලයින් මිලියනයකට කෙරෙන මුලු පරීක්ෂණ සංඛ්‍යාවත් ඒ වගේමයි,” වෛරසවේදියෙකු වන වෛද්‍ය ෂහීඩ් ජමීල් පැවසීය.

    මෙම රටවල මුලු පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නවා වගේ පෙනුන ද, ජනගහනය සමග සසඳන විට “උසස් තත්ත්වයක නැති” බව ඔහු කියා සිටියේය.

    උදාහරණයක් ලෙස, කල් යද්දී ඉන්දියාව පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවූ අතර මේ දක්වා මිලියන 10.3 ක පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ. පාකිස්තානයේ එය මිලියන 1.6 ට අධිකය.

    එහෙත් ඒක පුද්ගල පරීක්ෂණ ප්‍රමාණය අනෙකුත් බොහෝ රටවලට වඩා අඩු මට්ටමක පවතී.

    මීටත් වඩා, පාකිස්තානයේ හා බංග්ලාදේශ් හි පරීක්ෂණ මට්ටම පහළ වැටී ඇති අතර එය වාර්තා වූ තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාවට බලපෑමක් එල්ල කෙරෙනු ඇත.

    රෝගීන් වැඩිවශයෙන් වාර්තා වූ කාලය තුළදී පාකිස්තානය දිනකට පරීක්ෂණ 31,000 ට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කළේය. එහෙත් ජුනි මස අග සතියේ සිට එම ප්‍රමාණය අඩු කර ඇති අතර රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂණ නොපවත්වයි.

    පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර හා ඒ අවට ආණ්ඩුව විසින් මෑතදී කරන ලද සමීක්ෂණයකදී පෙන්නුම් කළේ එම ප්‍රදේශයේ පමණක් ආසන්න වශයෙන් පුද්ගලයින් ලක්ෂ තුනකට වෛරසය ආසාදනය වී ඇති බවයි. ඉන් බහුතරය රෝග ලක්ෂණ නොපෙන්වති.

    බංග්ලාදේශ් හි පරීක්ෂණවල ප්‍රමාණයද පහළ යාමක් පෙන්වන අතර ආසාදනය වී නැති බව දැක්වෙන ව්‍යාජ සහතික අලෙවි කිරීමේ ජාවාරමක් හේතුවෙන් පරීක්ෂණවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න පැන නැගිණි.

    නේපාලය ජූලි 16 වනවිට ලක්ෂ තුනට මඳක් වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබිණි. ජූලි මාසයේ සිට දෛනිකව පරීක්ෂණ 10,000 ක් පවත්වන බව ආණ්ඩුව මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද මෙතෙක් එය පවතින්නේ 4,000 ක පමණ ප්‍රමාණයක ය.

    ඇෆ්ඝනිස්තානයේ පරීක්ෂණ දත්ත දැනගන්නට නැති අතර ඒ පිළිබඳ අවධානය යොමු කරන රතු අඩසද සංවිධාන පවසන්නේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රමාණයට වඩා සත්‍ය රෝගීන් ප්‍රමාණය මීට වැඩි විය හැකි බවකි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය සකස් කරන ලද නිර්ණායකයට අනුව රටක හෝ කළාපයක පරීක්ෂණ 10 ත් 30 අතර ප්‍රමාණයකට තහවුරු වූ රෝගියෙකු හඳුනාගැනීම සිදුවේ.

    මේ ගණනය සැලකීමේදී දකුණු ආසියානු රටවල තිබෙන්නේ දුර්වල තත්ත්වයකි. බංග්ලාදේශ් හි ජනගහනයට සමාන ජනගහණයකින් හෙබි රුසියාව හා ජපානය තුළ වඩා පුළුල්ව පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ. එම රටවල පිළිවෙලින් පරීක්ෂණ 32 ට හා 26 ට තහවුරු වූ රෝගියෙකු සොයා ගැනේ. එහෙත් බංග්ලාදේශ් තුළ සෑම පරීක්ෂණ පහකදී එක් රෝගියෙකු හමුවේ.

    නේපාලය තුළ ජුනි 14 වෙනිදා තෙක් සෑම පරීක්ෂණ 25 ට රෝගියෙකු සොයා ගැනිණි. ඉන් පසු දත්ත දැනගන්නට නැත.

    විශ්වසනීය නොවන සංඛ්‍යාලේඛන

    නිශ්චිත අංක හෝ ජනගහනය අතරින් සලකන ප්‍රමාණය දෙස අප විමසීම යොමු කළද, මෙම රටවල මරණ සංඛ්‍යාව වාර්තා වී තිබෙන්නේ බටහිර රටවලට වඩා බෙහෙවින් අඩු මට්ටමකිනි.

    මෙය දිරිගන්වන සුලු සංඥාවක් වුව ද, අසතුටුදායක සෞඛ්‍ය යටිතල පහසුකම් පිළිබද වාර්තාවක් ඇති කළාපයකින් ලැබෙන මෙම දත්තවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න නැගී ඇත.

    “බොහෝ මරණ, අතිශයින් වැදගත් ලියාපදිංචි කිරීමේ ක්‍රමය තුළ වාර්තා වී නැහැ. ඒ වගේම මරණවලට හේතුව වැරදි ගොන්නට ඇතුළු කරලා,” යැයි යෝක් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය විශේෂඥ මහාචාර්ය කම්රන් සිද්දිකි පැවසීය.

    එහෙත් වෛද්‍ය ෂහිඩ් ජමීල් පවසන පරිදි මරණ සංඛ්‍යාව අඩුවෙන් වාර්තා වුවද ඒ වෙනස “සැලකිය යුතු තරම්.”

    “බොහෝවිට දිය හැකි පැහැදිලි කිරීම වන්නේ යුරෝපයට හා ඇමෙරිකාවට වඩා බොහෝ තරුණ පිරිසකින් දකුණු ආසියානු ජනගහනය සමන්විත වන බවයි,” යැයි ද මහාචාර්ය සිද්දිකි පැවසීය.

    බී.බී.සී සංදේශය වාර්තාවක් ඇසුරිණි –

  • මැලේසියානු හිටපු අගමැති නජිබ් රසාක් දූෂණ චෝදනාවලට වැරදිකරු වෙයි

    මැලේසියානු හිටපු අගමැති නජිබ් රසාක් දූෂණ චෝදනාවලට වැරදිකරු වෙයි

    මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක්, ඔහුට එරෙහිව එල්ලවූ දූෂණ චෝදනාවලට වැරදිකරු වී තිබේ. මේ බව තීරණය කෙරුණේ ඩොලර් මිලියන ගණනක දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ක්‍රියාත්මත වන නඩු විභාග කිහිපයෙන් එකකදී ය.

    සාපරාධී විශ්වාසය කඩකිරීම, මුදල් විශුද්ධිකරණය හා බලය අයුතු ලෙස යෙදීම යන චෝදනාවලට තමන් වැරදිකරු නොවන බව රසාක් කීය.

    2009 සිට 2018 දක්වා බලයේ සිටි නජීබ් රසාක්ට එරෙහි මෙම නඩුව සැලකුණේ මැලේසියාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල පරීක්ෂාවකට ලක් කිරීමක් ලෙසිනි.

    මැලේසියාවේ 1MDB ධන අරමුදල සම්බන්ධ අපචාරය තුළින් ගෝලීය වංචා හා දූෂණ ජාලයක් හෙළිවිය.

    “නඩුවේ සියලු සාක්ෂි සැලකිල්ලට ගැනීමෙන් පසු මට පෙනීගියේ, සාධාරණ සැකයෙන් ඔබ්බට සාර්ථකව නඩුව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්වී ඇති බවයි,” යැයි විනිසුරු මොහොමඩ් නස්ලාන් මොහමඩ් ඝසාලි ක්වාලාලම්පූර් මහාධිකරණයේදී පැවසීය.

    චෝදනා මොනවාද?

    අරමුදලෙන් රිංගිට් මිලියන 42 ක් (ඩොලර් මිලියන 10) එවක අගමැතිවරයාගේ පුද්ගලික ගිණුම්වලට මාරු කිරීම අඟහරුවාදා (ජූලි 28) දුන් තීන්දුවට පදනම් විය.

    තමන් කිසිදු වරදක් නොකළේ යැයි පවසන නජිබ් රසාක් සඳහන් කළේ විශේෂයෙන් දැනට නීතියට වසන්වී සිටින මුදල් සම්පාදකයකු වන ජෝ ලෝව් ඇතුළු මුල්‍ය උපදේශකයින් තමන් නොමග යැවූ බවකි.

    ඇමෙරිකාව හා මැලේසියාව යන දෙරටේ ම චෝදනාවලට ලක්ව සිටින ජෝ ලෝව් ද තමන් නිවැරදි බව කියා සිටී.

    නජීබ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ තර්කය වූයේ ඔහුගේ ගිණුම්වල ඇති මුදල් රාජ්‍ය අරමුදලෙන් කළ අවභාවිතයක් නොව සෞදි රාජකීය පවුලෙන් ලද ප්‍රදාන බවට ඔහුට ඒත්තු ගන්වා ඇති බවකි.

    එම චෝදනා සම්බන්ධයෙන්, එකකට වසර 15 සිට 20 දක්වා වූ සිර දඬුවම්වලට යටත් කෙරිය හැක. නඩු තීන්දුව ලැබීමට පෙර නජිබ් සඳහන් කළේ තමන් වැරදිකරු වුවහොත් ඊට එරෙහිව අභියාචනය කරන බවය.

    1MDB අපචාරය යනු කුමක්ද?

    මැලේසියානු ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම සඳහා මැලේසියා සංවර්ධන අරමුදල (1 Malaysia Development Berhad – 1MDB) 2009 වසරේදී ස්ථාපනය කරනු ලැබුවේ නජිබ් රසාක් අගමැති ධුරය දරන අවධියේය.

    බැංකු හා බැඳුම්කර හිමියන්ට කළ යුතු ගෙවීම් මගහැරීම හේතුවෙන් 2015 දී අදාළ අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැටලු පැන නැගිණි.

    ඩොලර් බිලියන 4.5 ක මුදලක් අනීතිකව අරමුදලෙන් ඉවත්කොට පුද්ගලික සාක්කුවලට හරවා ඇතැයි මැලේසියානු හා ඇමෙරිකානු බලධාරීහු චෝදනා නැගූහ.

    එසේ අතුරුදන් වූ මුදල් සුඛෝපභෝගී ඉඩකඩම් දේපොළ, පුද්ගලික ගුවන් යානයක්, වැන් ගෝ හා මොනෙට් යන ලෝ ප්‍රකට චිත්‍රශිල්පීන්ගේ නිර්මාණ පමණක් නොව ඇති සාර්ථක හොලිවුඩ් චිත්‍රපටයක් වන ද වුල්ෆ් ඔෆ් ද වෝල් ස්ට්‍රීට් (Wolf of Wall Street) සඳහා ද යෙදවී ඇති බව පැවසේ.

    2018 නජිබ් ගේ මැතිවරණ පරාජයට දූෂණ චෝදනා බෙහෙවින් ඉවහල් විය.
    2018 නජිබ් ගේ මැතිවරණ පරාජයට දූෂණ චෝදනා බෙහෙවින් ඉවහල් විය

    ඩොලර් බිලියන ගණනක දූෂණ සිද්ධිය තුළ තමන්ට ඇති සම්බන්ධය සමථයකට ගෙන ඒම සඳහා ඇමෙරිකානු බැංකුවක් වන ගොල්ඩ්මන් සැක්ස් (Goldman Sachs) පසුගිය සතියේදී මැලේසියානු ආණ්ඩුවට ඩොලර් බිලියන 3.9ක් ගෙවීමට එකඟ විය.

    අරමුදල සඳහා ඩොලර් බිලියන 6.5ක අරමුදල් රැස් කිරීමට සහය වීමේදී ආයෝජකයින් නොමග යවන ලද බවට මැලේසියාවේදී නැගෙන චෝදනා විසඳාගැනීම එම එකඟත්වයේ අරමුණ විය.

    නජිබ් රසාක්ට ඇති වෙනත් චෝදනා මොනවාද?

    හිටපු අගමැතිවරයා ධුරය දරන අවධියේදී මැලේසියානු බලධාරීහු සියලු චෝදනාවලින් ඔහු නිදහස් කළහ.

    එහෙත් 2018 වසරේ නජිබ් රසාක් ලද මැතිවරණ පරාජයට, අදාළ චෝදනා වැඩි වශයෙන් ඉවහල් වූ අතර බලයට පත් නව ආණ්ඩුව 1MDB අරමුදලට අදාළ පරීක්ෂණ වහා යළි ආරම්භ කළේය.

    අඟහරුවාදා (ජූලි 28) තීන්දුව දෙනු ලැබුවේ ඔහුට එරෙහි නඩු විභාගවලින් එකක් සඳහා වන අතර එය වඩා සුවිශේෂී නඩුව නොවේ.

    පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඇරඹුණු වෙනත් නඩුවකින් විමසා බැලෙන්නේ 2011 සහ 2014 අතර කාලය තුළදී හිටපු අගමැතිවරයා නීති විරෝධී අයුරින් රිංගිට් බිලියන 2.28ක් (ඩොලර් මිලියන 550) 1MDB අරමුදලින් ලබාගැනීම පිලිබඳවය.

    මුදල් විශුද්ධිකරණයට අදාළ චෝදනා 21 ක් හා බලය අයුතු ලෙස භාවිතයට අදාළ චෝදනා හතරකට මුහුණ දී සිටින නජිබ් රසාක් එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

    ඔහුගේ බිරිඳ රෝස්මාහ් මන්සෝර් ද මුදල් විශුද්ධිකරණය හා බදු නොගෙවීමට අදාළ චෝදනාවලට ලක්වී සිටින අතර තමන් වැරදිකාරියක් නොවන බව ඇය පවසයි.

    Text by bbc sandesaya