Category: සුපිරි World

  • ඉන්දියාවේ බටහිර බෙංගාලය විනාශයි !

    ඉන්දියාවේ බටහිර බෙංගාලය විනාශයි !

    ඇම්ෆාන් සුළි කුණාටුවෙන් නැගෙනහිර ඉන්දියාවේ කොල්කටා නගරය බලවත් විනාශයක් සිදු වුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඊයේ (20) දිනයේ දී සුළි කුණාටුව නැගෙනහිර ඉන්දියාවට සහ බංග්ලාදේශයට කඩා වැටුණු අතර සුළි කුණාටුවෙන් සහ අධික වර්ෂාවෙන් සහ වෙරළබඩ ප්‍රදේශවල අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    කොල්කටා හි මිලියන 14 ක ජනතාවගෙන් බොහෝ දෙනෙක් විදුලිය නොමැති අතර සන්නිවේදනය කඩාකප්පල් වී ඇති බවයි මාධ්‍ය වාර්තා කියන්නේ.

    බටහිර බෙංගාල මහ ඇමති මමාටා බැනර්ජි කියා සිටියේ මෙම විනාශය කොවිඩ් -19 ට වඩා විශාල ව්‍යසනයක් බවයි.

    කොල්කටා යනු බටහිර බෙංගාල ප්‍රාන්තයේ අගනුවර වන අතර එහි කොවිඩ්-19 ආසාදිතයින් 3,103 ක් තහවුරු වී තිබෙනවා.

    “නගරයේ ප්‍රදේශ බොහොමයක් විනාශ වී ගිහින්. මම අද යුද්ධයට සමාන තත්වයක් දැක්කා” යැයි බැනර්ජි මහත්මිය සඳහන් කළාය.

    කුණාටුව හේතුවෙන් බටහිර බෙංගාලයේ පුද්ගලයින් 10-12 ක් මිය ගොස් ඇති බව ඇය පැවසුවාය. දකුණු හා උතුරු දිස්ත්‍රික්ක තුන වන පර්ගනා සහ නැගෙනහිර මිඩ්නාපූර් යන දිස්ත්‍රික්ක තුනට වඩාත්ම පීඩාවට පත්ව ඇත.

    සිතියම

    කොල්කටා හි වෙසෙන බීබීසී බෙංගාලි සේවයේ වාර්තාකාරිනී අමිතාබා භට්ටසාලි පැවසුවේ නගරයේ සහ එහි අසල්වැසි දිස්ත්‍රික්ක බොහොමයකට පැය 17ක් පුරා විදුලිය නොමැති බවත් සුළි කුණාටුවේ දැඩි ප්‍රහාරයට ලක් වූ සමහර ප්‍රදේශවල ජංගම දුරකථන ජාල ද අක්‍රිය වී ඇති බව ඇය වැඩි දුරටත් සදහන් කරයි.

    “දෙවියන්ට ස්තූතියි, අපි ආරක්ෂිතයි,” තවත් නිවැසියෙක් ටයිල් කළ වහලවල් පුපුරවා හරින ආකාරය පිළිබඳ දර්ශන බෙදාහදා ගනිමින් පැවසුවේය.

    බස්රථ ගාලක් මත ගස් කඩා වැටීමෙන් සිදුව ඇති විනාශය

    ප්‍රාදේශීය පුවත් ජාලයන් විසින් උදුරා වැටුණු ගස්, විනාශ වූ වාහන සහ නිසා වල දර්ශන පෙන්වන ලදී.

    කුණාටුව ආරම්භ වීමෙන් පසු ෆේස්බුක් හි කාජල් බාසු මෙසේ ලිවීය.

    නගරයේ උස් ගොඩනැගිල්ලක 12 වන මහලේ ජීවත් වන කාජල් බාසු මහතා මුහුණු පොත හරහා කියා සිටියේ තම ගොඩනැගිල්ල භූමිකම්පාවක් අනුකරණය කරමින් දෙපැත්තට තල්ලු වී ඇති බවයි.

    කුණාටුව ඇති වන විට බොහෝ දෙනා නිවාසවල සිටියහ. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් නගරය අගුලු දමා ඇති අතර නිලධාරීන් ද දින ගණනාවක් සුළි සුළඟට සූදානම් වෙමින් සිටියහ.

    “මහා විනාශයක් සිදුවන ආකාරය අපි ඇස්වලින්ම දැක්වා. හිතා ගන්න බැහැ ඒවැනි විනාශයක් සිදුවිය හැකියි කියලා. මේ විනාශය සැබැහින් දැක්ක අපේ ළමයින් කෑගැසුවා” යැයි පදිංචිකරුවෙකු වන ෂමික් බෑග් බීබීසීයට පැවසුවාය.

    “සියලු දොරවල් සහ ජනෙල් තදින් වසා තිබියදීත්, පිටතින් හමා එන සුළඟේ පීඩනය යටතේ මගේ නිවස කෙඳිරිගාන්න පටන් ගත්තා. මිනිත්තු 45 ක් ඇතුළත පිටත වීදි ජලයෙන් යටවුණා.

    ටෙලිග්‍රාෆ් පුවත්පත පැවසුවේ කල්කටාවේ ජලයෙන් යට වූ මාර්ග “බදාදා රාත්‍රියේ අඳුරු හා ලිස්සන උරගයක් මෙන් දිස් වූ නිසා හමායන සුළං දිගින් දිගටම නගරයේ පාළු වූ ඇම්ෆාන් විනාශ වූ කොරිඩෝවෙහි හොල්මන් කරයි”.

    මේ අතර බලධාරීන් සදහන් කරන්නේ කොරෝනා වෛරස් සීමා කිරීම් හදිසි සහ සහන කටයුතුවලට බාධා පමුණුවන බවයි.

    කොවිඩ් -19 සහ සමාජ-දුරස්ථ ක්‍රියාමාර්ග නිසා බලධාරීන්ට විශාල වශයෙන් ජනතාව ඉවත් කිරීම වඩාත් දුෂ්කර වී ඇති අතර, සම්පූර්ණ ධාරිතාවයට නවාතැන් භාවිතා කළ නොහැකිය.

    මෙම කුණාටුව 1999 සිට බෙංගාල බොක්කෙහි ඇති වූ පළමු සුපිරි සුළි කුණාටුවයි. එහි ශක්තිය මේ වන විට දුර්වල වී ඇතත් එය තවමත් දරුණු සුළි සුළඟක් ලෙස වර්ගීකරණය කර ඇත.

    බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • Covid-19 World Review: රුසියාව සහ බ්‍රසීලය පාලනයෙන් තොරවෙයි !

    Covid-19 World Review: රුසියාව සහ බ්‍රසීලය පාලනයෙන් තොරවෙයි !

    අද (20) දින පස්වරු 09.22ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම් අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4,931,057ක් සහ මරණ සංඛ්‍යාව 324,240ක් වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩියේ සදහන් වෙනවා. ඒ අනුව අද දිනය තුළ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 94,728ක් සහ මරණ 5027ක් වාර්තා වී තිබෙනවා.

    ගෝලීය වශයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ 8764ක් රුසියාවෙන් වාර්තා වී ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් 5424ක් සහ බ්‍රසීලයෙන් 3202ක් වාර්තා වී තිබෙනවා.

    අද දින වැඩිම මරණ සංඛ්‍යාව වූ 314ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති අතර රුසියාවෙන් මරණ 138ක් සහ බ්‍රසීලයෙන් මරණ 135ක් වාර්තා වී තිබෙනවා.

    ආසාදිතයින් 100,000ට වඩා වාර්තා වන රටවල්

    මේ වන විට 100,000කට වඩා කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වන රටවල් ලෙස 1,532,212 US, 308,705 Russia, 271,885 Brazil, 250,141 United Kingdom, 232,555 Spain, 226,699 Italy, 180,934 France, 178,150 Germany, 151,615 Turkey, 126,949 Iran, 107,819 India වාර්තා වෙනවා.

    මරණ 1000ට වඩා වැඩියෙන් වාර්තාවන රටවල්

    වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර, 92,128  US, 35,422 United Kingdom, 32,169 Italy, 28,025  France, 27,888  Spain, 17,983  Brazil, 9,150  Belgium, 8,136 Germany, 7,183  Iran, 6,029  Canada, 5,767  Netherlands, 5,666 Mexico, 4,638 China, 4,199  Turkey, 3,831 Sweden, 3,317 India, 2,972 , Russia, 2,914  Peru, 2,839 Ecuador, 1,892  Switzerland, 1,561  Ireland, 1,263 Portugal, 1,242 Indonesia, 1,144 Romania

  • Covid-19 Global Hot: බ්‍රසීලයෙන් වාර්තාගත මරණ සංඛ්‍යාවක්

    Covid-19 Global Hot: බ්‍රසීලයෙන් වාර්තාගත මරණ සංඛ්‍යාවක්

    අද (19) දින පෙ.ව 07.32 ( ඇමෙරිකා එක්සත් ජනපදයේ වේලාවෙන්) වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 4,836,329ක් සහ මරණ 319,213ක් වාර්තා වූ බව ජෝන්ස් හොප්කිසින් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා.

    එම වාර්තාව අනුව අද දිනය තුළ 9263ක් වූ ආසාදිතයින් පිරිස රුසියාවෙන් වාර්තා වී ඇති අතර ඇමෙරිකාවෙන් ආසාදිතයින් 7476ක් බ්‍රසීලයෙන් ආසාදිතයින් 6199ක් වාර්තා වී තිබෙනවා.

    වැඩිම දෛනික මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වී ඇති අතර එය 522ක්. ඇමෙරිකාවෙන් 497ක් සහ රුසියාවෙන් මරණ 115ක් වාර්තා වී තිබෙනවා.

    රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාෙව් වේගවත් වර්ධනයක් සිදු වුවත් මරණ අනුපාතය සාපේක්ෂව අඩුව පවතිනවා
  • කොරෝනා වෛරස එන්නත: වඳුරන් මත සිදුකළ අත්හදාබැලීම්වලින් බලාපොරොත්තුවක්

    කොරෝනා වෛරස එන්නත: වඳුරන් මත සිදුකළ අත්හදාබැලීම්වලින් බලාපොරොත්තුවක්

    පරීක්ෂණාත්මක කොරෝනාවෛරස් එන්නත් සියයකට වැඩි ප්‍රමාණයක් දැනට නිපදවා තිබේ

    rhesus macaque වර්ගයේ වඳුරන් හය දෙනෙකුට අත්හදා බැලූ කොරෝනාවෛරසයට එරෙහි එන්නතෙන් යම් සාර්ථක ප්‍රතිඵල නිරීක්ෂණය වී තිබේ.

    මේ හේතුවෙන්, පෙර සිතුවාට වඩා අඩු කාලයකින් සාර්ථක එන්නතක් සොයාගැනීම සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති වී තිබෙන අතර මෙම එන්නත මිනිසුන් මත අත්හදා බැලීම් ද සිදු කරමින් පවතී.

    කෙසේ නමුත්, සතුන්ගෙන් ලැබුණු ප්‍රතිඵල මිනිසුන් තුළ ද දක්නට ලැබෙනු ඇති බවට තවමත් කිසිදු සහතිකයක් නොමැත.

    එන්නත ලබා දීමෙන් පසුව මෙම සතුන් SARS-CoV-2 වෛරසයට නිරාවරණය කර ඇති අතර, ඔවුන්ගේ පෙනහලු සහ ශ්වසන මාර්ගවල වෛරසය අවම මට්ටමක පවතින බව නිරීක්ෂණය වී ඇත.

    ඔවුන් එන්නත ලබා නොදුන් වඳුරන් කණ්ඩායමක් සමග සසඳා බලා තිබේ.

    එක්සත් ජනපදයේ සිදු කරනු ලබන මෙම සායනික අත්හදාබැලීම් සඳහා එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනවල (එන්අයිඑච්) සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සම්බන්ධ වී තිබේ.

    සතුන්ට නියුමෝනියාව වැළඳීමෙන් ආරක්ෂා කිරීම ද මෙම එන්නත මඟින් සිදු වන බව නිරීක්ෂණය වී ඇත.

    rhesus macaque වඳුරන්ට ඇත්තේ මිනිසුන්ට සමාන ප්‍රතිශක්තිකරණ පද්ධතියකි.

    Coronavirus vaccine

    බීබීසී සෞඛ්‍ය වාර්තාකරු ෆර්ගස් වොල්ෂ් විස්තර කරන පරිදි මෙම සතුන් තුළ “ප්‍රතිශක්තිකරණය වැඩි වීමේ රෝගය” දක්නට නොමැති අතර “න්‍යායාත්මක ලෙස එහි අවදානමක්” ඇත. මෙයින් සිදුවන්නේ එන්නත මඟින් අදාළ රෝගයකට අහිතකර ප්‍රතිචාරයක් දැක්වීමය.

    තවත් කොරෝනාවෛරසයක් වන සාර්ස්වලට එරෙහිව මුල් අවධියේදී සතුන් මත එන්නත් අත්හදා බැලීම් සිදු කරන විට ද මේ හා සමාන ප්‍රතිචාරයක් දක්නට ලැබුණු අතර, එය එම රෝගය සඳහා එන්නතක් නිපදවීමේ ක්‍රියාවලියට බාධාවක් විය.

    මෙම අධ්‍යයනය තවමත් වෙනත් විද්‍යාඥයන් විසින් සමාලෝචනය කර විධිමත් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති නමුත්, සනීපාරක්ෂක හා නිවර්තන ඖෂධ පිළිබඳ ලන්ඩන් විද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් එවන්ස් පවසන්නේ මෙය “උසස් තත්ත්වයේ” සහ “ඉතා දිරිගන්වනසුලු” එන්නතක් ලෙසය.

    මේ අතර, එක්සත් රාජධානියේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ දහසකට වැඩි පිරිසකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය හරහා මෙම එන්නත අත්හදා බැලීම් සිදුවෙමින් පවතී.

    පරීක්ෂණාත්මක කොරෝනාවෛරස් එන්නත් සියයකට වැඩි ප්‍රමාණයක් දැනට නිපදවා තිබේ.

    මෙම එන්නත වඳුරන් තුළ රෝගයට දරුණු ප්‍රතිචාරයක් නොදක්වන අතර, එය ලබා දීමෙන් පසු ඔවුන්ට නියුමෝනියාව වැළඳී නොමැති බව දැකීම “ප්‍රයෝජනවත්” ලක්ෂණයක් බව ලන්ඩන් කිංග්ස් කොලේජ්හි ඖෂධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ බාහිර මහාචාර්යවරයකු වන වෛද්‍ය පෙනි වෝඩ් පැවසීය.

    වෛරසයේ සුවිශේෂී කුඩා කොටසක් මත පදනම්ව මෙම එන්නත නිපදවා ඇත. වෛරසයේ සුවිශේෂී කොටසක් හඳුනා ගැනීමට ශරීරයට ඉඩ ලබා දීම තුළින්, එය සමස්තයක් ලෙස නිරාවරණය වන අවධිය වන විට, ප්‍රතික්‍රියා කරන ආකාරය දැනගෙන වෛරසය සමඟ සටන් කිරීමට අවශ්‍ය ප්‍රතිදේහ නිපදවීම මෙහි අදහස වේ.

    එන්නත් කළ rhesus macaque වඳුරන් තුළ මෙම ක්‍රියාවලිය සිදු වන බවක් පෙනෙන්නට තිබෙන අතර එමඟින් ඔවුන්ගේ ශරීරයේ වෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ නිපදවීමට ඉඩ ඇත.

    මෙම පුවත 2020 මැයි 18 වැනි දින බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ පළ වූ ලිපියකි. ප්‍රධාන සංස්කාරක

  • වෙළෙද යුද්ධයට බියෙන් දැවැන්ත සමාගම් 1000ක් චීනයෙන් පැන යයි ?

    වෙළෙද යුද්ධයට බියෙන් දැවැන්ත සමාගම් 1000ක් චීනයෙන් පැන යයි ?

    Covid -19 ,  චීනයේ වුහාන් විද්‍යාගාරයක නිර්මාණය කළ වෛරසයක් බවත්,  එය ලොව පුරා පැතිරීම වැලැක්වීමට චීනය පියවර නොගත් බවත්, චීනය තුළ පවා වෛරසයෙන් වූ හානිය පිළිබඳ තොරතුරු වසං කිරීමට චීනය පියවර ගත් බවත්, ඇමරිකාවේ මතය ය.

    මෙම මතය ප්‍රංශය ප්‍රමුඛ යුරෝපා හවුලේ රටවල් තුළ ද අඩු වැඩි වශයෙන් පවතී.
    ඊට අමතරව ඔස්ට්‍රේලියාව සහ ජපානය වැනි රටවල් ද පසුවන්නේ එවැනිම අදහසක ය.

    ඇමරිකාවේ චෝදනවාට පිළිතුරු දුන් චීනය පසුගිය මාර්තු මාසයේ දී පැවසුවේ, චීනයේ වුහාන් වෙත කොරෝනා වෛරසය රැගෙන  ගෙන ආවේ ඇමරිකානු සොල්දාදුවන් විසින් බවය.
    කෙසේ වෙතත්, එය සනාථ කිරීමට කිසිදු සාධකයක් චීනයට නොතිබුණි.

    දෙපාර්ශවය අතර ඇති වූ මෙම බහින් බස් වීම මේ වන විට වෙළඳ යුද්ධයකින් පටන් ගෙන අති නවීන තාක්ෂණයෙන් යුක්ත ආයුධ සන්නද්ධ යුද්ධයක් ඇතිවීම දක්වා ගමන් කරමින් තිබෙන බවට වූ පෙර නිමිති පහළ වෙමින් ඇත.

    ඇමරිකාව පසුගිය මැයි 01 දා කියා සිටියේ චීනය සඳහා තීරු බදු ඉහළ නැංවීම නිසැකවම විකල්පයයක් බවය. චීනයට දඬුවම් කිරීම සඳහා තීරුබදු තර්ජනය ක්‍රියාවට නැගීමට ට්‍රම්ප් තීරණය කර ඇත.

    ඔස්ට්‍රේලියාව යනු ශක්තිමත් එක්සත් ජනපද සගයෙකි ය. ඔස්ට්‍රේලියාවේ සිටින චීන තානාපති චෙං ජින්ගි, ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ තම රට වර්ජනය කරන බවට තර්ජනය කළේය.

    ඊට හේතුව වූයේ වෛරසයේ මූලාරම්භය සහ එහි මුල් ප්‍රතිචාරය පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතු බවට ඕස්ට්‍රේලියාව යෝජනා කිරීමය.

    මේ අතර පසු ගිය ජනවාරියේ දී එකඟ වූ වොෂින්ටන් සහ බීජිං අතර වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක නොවීමේ අවදානමක් මේ වන විට මතු වී ඇත.

    මෙම ගිවිසුමට අනුව බීජිනය, බොර තෙල්, ද්‍රව ස්වභාවික වායු, සහ එක්සත් ජනපද බලශක්ති ආනයනය, 2020 ට වඩා 2021 දී ඇමරිකානු ඩොලර් බිලියන 52.4 කින් ඉහළ නැංවිය යුතුය.
    චීනය මෙම වගකීම ඉටු කිරීමට ක්‍රියා කර නොමැත. මර්තු සහ අප්‍රේල් මාස වලදී කිසිදු බොර තෙල් ආනයනක් චීනය සිදු කර නැත. සාමාන්‍යයෙන් චීනය දිනකට එක්සත් ජනපදයේ බොර තෙල් බැරල් මිලියන 2.74 ක් ආනයනය කරයි.

    චීනය සමඟ එකඟ වූ වෙළඳ ගිවිසුම ඵලදායී නොවන අයුරින් මිය ගොස් ඇති බව ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනයට මේ වන විට පැහැදිලි වී ඇත. ඒ සම්බන්ධයෙන් ඇමරිකාව කුමක් කරණු ඇති දැයි යන ප්‍රශ්නය මේ වන විට මතු වී ඇත.

    2018 මැද භාගය වන විට ට්‍රම්ප් වෙළඳ යුද්ධයක් දියත් කළ අතර,  ඒ වන විට ඇමරිකාවේ ආර්ථිකය ශක්තිමත්ව සහ වර්ධනය වෙමින් පැවැති අතර, ඒ අවස්ථාවේ චීනය සිටියේ  දැඩි අවදානමකය.  1930 ගණන්වල ඇති වූ  මහා අවපාතයෙන් පසුව සිදු වූ දරුණුම  පසුබෑමට මේ වන විට ඇමරිකාව මුහුණ දෙමින් සිටින නමුත්,  චීනය සිටින්නේ එතරම් නරක ස්ථානයක නොවේ.

    චීනය වෙත ඇමරිකානු වෙළඳ භාණ්ඩ අපනයනය පහත මට්ටමක පවතින අතර,  චීනය , ඔවුන්ගේ මිලදී ගැනීම් සඳහා බල කිරීමට මැලිකමක් දක්වන බව පෙනෙන්නට තිබේ.

    නොවැම්බරයේ පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර මෙම නව වෙළඳ යුද්ධයේ ප්‍රතිඵල සමතුලිත කිරීමට ට්‍රම්ප් ට සිදු වනු ඇත.

    ඇමරිකානු රාජ්‍ය කවුන්සිලයේ රේගු  තීරු බදු කොමිෂන් සභාව, අන්තර්ජාලය හරහා භාණ්ඩ ලැයිස්තුවක් පළ කර ඇති අතර, මැයි 19 සිට වසරක කාලයක් සඳහා පළිගැනීමක් ලෙස බදු ක්‍රමයේ වෙනසක් සිදු කොට ඇත.

    එසේම චීනය සමඟ එකඟ වූ ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීම ද ඇමරිකාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණ.

    සාකච්ඡාව ප්‍රතික්ෂේප කිරීමෙන් දිනකට පසුව , තීරු බදු වලින් නිදහස් කරන  එක්සත් ජනපද වෙළඳ භාණ්ඩ  79 ක ලැස්තුවක් චීනය එළිදැක්වීය.

    ඇමරිකා – චීන වෙළඳ ගිවිසුම පිළිබඳව දෙපාර්ශවය විසින්  පසුගිය සිකුරාදා දුරකථන සාකච්ඡාවක් සිදුකොට ඇත. එහිදී එක්සත් ජනපද වෙළඳ නියෝජිත රොබට් ලයිට්සයිසර් සහ භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චින් , චීන නියෝජිතයා වු,  උප අගමැති ලියූ හී ට පවසා ඇත්තේ ගිවිසුමේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට තමන් එකඟ බවය. එහෙත් දෙවැනි අදියර ගැන කිසිදු වචනයක් සඳහන් කර නැත.

    මේ අතර, චීනය තුළ ක්‍රියාත්ම දැවැන්ත නිෂ්පාදන සමාගම් 1000 කට අධික ප්‍රමාණයක් චීනයෙන් ඉවත්වීමට අපේක්ෂා කර ඇත. චීනයෙන් ඉවත්වීමට සුදානම් වන මෙම සමාගම්, තම රටට ගෙන්වා ගැනීමේ දැවැන්ත උත්සාහයක  මේ වන විට ඉන්දියාව යෙදී සිටී.

    මෙම සමාගම් අතරින් වෛද්‍ය උපකරණ නිෂ්පාදන, ආහාර සැකසුම් ඒකක නිෂ්පාදන, රෙදිපිළි, සම් හා වාහන කොටස් නිෂ්පාදන සමාගම් ඇතුළු සමාගම් 550 කට අධික ප්‍රමාණයක් සමඟ මේ වන විට සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වී තිබේ.

    අදාල නිෂ්පාදන සමාගම් සඳහා අවශ්‍ය දිරී දීම් ඇති කිරීම සඳහා අවශ්‍ය වන නීති වෙනස් කිරීමට පවා ඉන්දියාව එකඟත්වය පළ කර ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. මෙඩිට්‍රොනික්, පී.  එල්.  සී. සහ ඇබට් රසායනාගරය වැනි සමාගම් සමඟ මේ වන විට සිදු කර ඇති සාකච්ඡා ධනාත්මක බව ඉන්දීය නිලධාරින් ප්‍රකාශ කොට ඇත.

    මේ අතර, ජපානය ද , චීනය තුළ ක්‍රියාත්මක තම සමාගම් ඉන් පිටත වෙනත් රට වලට මාරු කිරීම සඳහා ඩොලර් බිලියන 2.2 ක් වෙන් කර ඇත.

    ට්‍රම්ප් චීනය සමඟ වෙළඳ යුද්ධය ආරම්භ කරන විට , බොහෝ ඇමරිකානු සමාගම් තමන්ගේ විකල්ප ගමනාන්තය ලෙස වියට්නාමය වැනි රටවල් තෝරා ගැනීමෙන් පසුව , ඉන්දියාව තමන්ට අහිමිවෙමින් පවතින භූමිය නැවත ලබා ගැනීමට දැවැන්ත උත්සාහයක යෙදී ඇත.

    එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ පසුගිය මාසයේ දී කියා සිටියේ , තම රට , ඉන්දියාව ,ඔස්ටේුලියාව, ජපානය නවසීලන්තය, දකුණු කොරියාව සහ වියට්නාමය සමඟ එක්ව සැපයුම් දාම ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව සොයා බලමින් සිටින බවය. 
    මෙය , ගෝලීය සැපයුම් දාමයෙන් චීනය ඉවත් කිරීමට මුල පිරීමක් බව පැහැදිළිය.

    ඉන්දියාව සහ වියට්නාමය ,අවම වශයෙන් චීන ධාරිතාවදක්වා වේගයෙන් වර්ධනය වනු ඇති බවට ඇමරිකාවට විශාල වූ  බලාපොරොත්තුවක් ඇති බව ඔවුන් ප්‍රකාශ කොට ඇත.
    එසේම යුරෝපීය සංගමයේ සාමාජිකයන් ද චීන සැපයුම්කරුවන් මත යැපීම අඩු කිරීමේ සඳහා සැලසුමක් සකස් කර ඇත.

    මේ අතර , ශීතල යුද්ධයේ ආයුධ පාලන ගිවිසුමේ අවහිරතා ඉවත් කොට, ආසියා පැසිපික් කලාපයේ දිග දුර කෘෂ් මිසයිල ගොඩ බෑමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු ආරම්භ කොට ඇත.
    වසර ගණනාවකට පසුව,  නෞකාවන් විනාශ කළ හැකි නව දිගු දුර මිසයිල බෙදා හැරීමද ඇමරිකාව වේගවත් කර ඇත.

    සෙනට් සන්නද්ධ සේවා කමිටුවේ හිටපු මාණ්ඩලික අධ්‍යක්ෂවරයෙකු සේම දිවංගත සෙනෙට් සභික ජෝන් මැකෙන්ගේ සමීප උපදේශකයෙකු වන ක්‍රිස්ටියන් බ්‍රෝස් විසින් ” The kill Chain  ” නමින් පොතක් එළිදක්වා ඇති අතර,  එමගින් චීනය විසින් ඇමරිකාවට එරෙහිව සිදු කිරීමට සැලසුම් කරමින් සිටින ප්‍රහාරයන් පිළිබඳව විස්තර කොට ඇත.

    ඇමරිකාව ඉතාමත් අවදානමකට ලක් වී ඇති බවත්, මිලිටරි බලයේ අවශ්‍යතාවය පිළිබඳව ඇමරිකාවට පෙනීම නැතිවී ගොස් ඇති බවත්  ”  ඝාතන දාමය ” පොතේ කතුවරයා වූ ක්‍රිස්ටියන් බ්‍රෝස් පවසයි. චීනයේ මෙම තර්ජනය දැකීමටත්, එය පරාජය කිරීමට ඉක්මන් හා තීරණාත්මක පියවරක් අැමරිකාව විසින් ගත යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ.

    ” ලෝකය වසා දමා ඇති විට සහ නැවත තක්සේරු කිරීමට අවස්ථාවක් ලැබී ඇති විට , අපි දැන් ඇමරිකාවේ අවදානම ගැන මෙනෙහි කළ යුතුයි ” යැයි ඔහු තව දුරටත්, එම පොත මගින් පෙන්වා දී තිබේ.

    කොරෝනා වෛරස් වසංගතයෙන් පසුව ,ගෝලීය බලයක් ලෙස එක්සත් ජනපදයට අභියෝග කිරීමට චීනය පැහැදිලිව අධිෂ්ඨාන කරගෙන සිටින බව ද ඔහු පවසා තිබේ. 

    පෙන්ටගනයට චීන අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය නමුත්, අවදානමකට ලක්විය හැකි අධික මිල සහිත ස්ථාන එක්සත් ජනපදයේ මිල්ටරි බලයේ කේන්ද්‍රයේ තබා ගැනීමට වගබලාගත යුතු බවත්, කොන්ග්‍රසය මෙම ක්‍රියාදාමයන් පිළිපැදිය යුතු බවත්, ඔහු වැඩි දුරටත් ඉල්ලා සිටී.

    කොරෝනා වසංගතය හමුවේ  තිරය පිටු පස චීනය සිදු කරමින් සිටින ආර්ථික හා යුධමය කුමන්ත්‍රණය හේතුවෙන් ඉදිරියේ දී ලෝක මට්ටමින් සිදු විය හැකි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට  , චීන ලැදි ප්‍රතිපත්තියක කටයුතු කරමින් සිටින හා චීන ණය උගුලක පැටලී සිටින ශ්‍රී ලංකාවට ද සිදුවනු ඇත.

    සුනිල් ගාමිණී

  • Covid-19 World Hot: ගෝලීය මරණ ලක්ෂ තුනට ළංවෙද්දී ඉන්දියාව සහ මැදපෙරදිග අවධානමේ ඉහළටම

    Covid-19 World Hot: ගෝලීය මරණ ලක්ෂ තුනට ළංවෙද්දී ඉන්දියාව සහ මැදපෙරදිග අවධානමේ ඉහළටම

    ගෝලීය වශයෙන් අද දින (14) පෙ.ව 09.32 (ඇමෙරිකාවේ වේලාවෙන්) වන විට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4,387,438ක් සහ මරණ සංඛ්‍යාව 299,333ක් වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි.

    එහි නවතම යාවත්කාලීන කිරීම් අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 1,398,393 ක් සහ මරණ සංඛ්‍යාව 84,575ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ගෝලීය වශයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල්

    252,245 රුසියාව, 234,431 එක්සත් රාජධානිය, 228,691 ස්පාඤ්ඤය, 223,096 ඉතාලිය, 196,158 බ්‍රසීලය, 178,184 ප්‍රංශය, 174,284 ජර්මනිය, 143,114 තුර්කිය, 114,533 ඉරානය, 84,025 චීනය, 81,705 ඉන්දියාව, 76,306 පේරු, 73,653 කැනඩාව, 54,288 බෙල්ජියම, 46,869 සෞදි අරාබිය, 43,680  නෙදර්ලන්තය, 40,186 මෙක්ෂිකෝව, 37,040 චිලී, 35,788 පාකිස්ථානය, 30,486 ඉක්වදොර්, 30,463 ස්විස්ටර්ලන්තය, 28,582 ස්වීඩනය, 28,319 පෘතුගාලය, 28,272 ක්ටාර්, 26,772  බෙලරූස්, 26,098 සිංගප්පූරුව, 23,401 අයර්ලන්තය, 21,084 එක්සත් අරාබි ඒමීර්, 18,863 බංග්ලාදේශ්.

    වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල්

    84,575 එක්සත් ජනපදය, 33,692 එක්සත් රාජධානිය, 31,368 ඉතාලිය, 27,104 ස්පාඤ්ඤය, 27,077  ප්‍රංශය, 13,551 බ්‍රසීලය, 8,903 බෙල්ජියම, 7,868  ජර්මනිය , 6,854  ඉරානය, 5,609 නෙදර්ලන්තය, 5,431 කැනඩා, 4,637 චීනය, 4,220  මෙක්ෂිකෝ, 3,952 තුර්කි, 3,529  ස්වීඩන්, 2,644  ඉන්දියාව 2,334  ඉක්වදෝරය, 2,305  රුසියාව, 2,169 පේරු, 1,872 ස්විස්ටර්ලන්තය, 1,497 අයර්ලන්තය, 1,184 පෘතුගාලය, 1,046 රුමේනියාව, 1,043 ඉන්දුනීසියාව.

  • Covid-19 World Update: මැදපෙරදිග හා ඉන්දියාවේ අවදානම ඉහළට

    Covid-19 World Update: මැදපෙරදිග හා ඉන්දියාවේ අවදානම ඉහළට

    අද (12) දින පෙ.ව 08.32 වන විට (ඇමෙරිකාවේ වේලාවෙන්) ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 4,210,074ක් සහ මරණ 287,158ක් වාර්තා වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වෙයි.

    සුපුරුදු ලෙස වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 1,351,200ක් සහ මරණ 80,897  ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ. එහි නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වැඩිම මරණ ප්‍රමාණයක් 26,988 ද වාර්තා වේ.

    ගෝලීය වශයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කරන රාජ්‍ය වන්නේ,

    32,141 United Kingdom, 30,739  Italy, 26,744 Spain, 26,646 France, 11,701  Brazil, 8,761 Belgium, 7,667 Germany, 6,733 Iran, 5,529 Netherlands, 5,115 Canada, 4,637 China, 3,841 Turkey, 3,573 Mexico, 3,313  Sweden, 2,331 India, 2,145 Ecuador, 2,116  Russia, 1,961 Peru, 1,857 Switzerland, 1,467 Ireland, 1,163 Portugal, 1,007 Indonesia

    මැදපෙරදිග හා ද. කොරියාවේ තත්ත්වය

    ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් ප්‍රමුඛ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රමිකයින් පිරිසක් ජීවත් වන මැද පෙරදිග රටවල ද ක්‍රමිකව කොවිඩ්-19 ආසාදිතයින් සහ මරණ වර්ධනයක් දැකිය හැකිය. ඒ අනුව,

    සෞදි ආරාබියේ ආසාදිතයින් 42,925ක් සහ මරණ 264ක්, ක්ටාර්හි ආසාදිතයින් 25,149ක් සහ මරණ 14ක්, එක්සත් ආරාබි එමීර් හි ආසාදිතයින් 19,661ක් සහ මරණ 203ක්, බංග්ලාදේශයේ ආසාදිතයින් 16,660ක් සහ මරණ 250ක්, දකුණු කොරියාවේ ආසාදිතයින් 10,936ක් සහ මරණ 258ක්, ක්වේට් හි ආසාදිතයින් 10,277ක් සහ මරණ 75ක්, බහරේන්හි ආසාදිතයින් 5,409ක් සහ මරණ 09ක් අද දිනය වන විට වාර්තා වී ඇත.

  • හිටපු ජනපති ඔබාමා ‘ජනපති ට්‍රම්ප්ව පතුරු ගසයි’

    හිටපු ජනපති ඔබාමා ‘ජනපති ට්‍රම්ප්ව පතුරු ගසයි’

    Covid-19 වසංගතයට එරෙහිව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැක්වූ ප්‍රතිචාරය ‘අවුල් සහගත ව්‍යසනයක්‘ යැයි හිටපු ජනාධිපති බැරක් ඔබාමා චෝදනා කරන බව අල් ජසීරා වාර්තාවක දැක්වෙයි.

    ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් 3,000ක් සහ තම පාලන සමයේ පරිපාලන සේවයේ කටයුතු කළ පුද්ගලයින් සමඟ පසුගිය සිකුරාදා ඔබාමා පැවැත් වූ සාකච්ඡාවකදී සිය ආධාරකරුවන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ නොවැම්බර් මැතිවරණයෙන් ට්‍රම්ප් නෙරපා හැරීමට උත්සාහ කරන ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බිඩෙන්ට සහයෝගය ලබා දෙන ලෙසයි.

    “සෑම මට්ටමකින්ම එළඹෙන මැතිවරණය ඉතා වැදගත් වන්නේ අප සටන් කිරීමට යන්නේ විශේෂිත පුද්ගලයකු හෝ දේශපාලන පක්ෂයක් පමණක් නොවන නිසායි. අප සටන් කරන්නේ මෙම දිගු කාලීන ප්‍රවණතාවන්ට ආත්මාර්ථකාමී වීම, බෙදී යාම සහ අන් අය සතුරෙකු ලෙස දැකීම (එය ඇමරිකානු ජීවිතයේ ප්‍රබල ආවේගයක් බවට පත්ව ඇත) නිරන්තයෙන් සිදුකරන පුද්ගලයෙක් සමගයි. එසේම, ජාත්‍යන්තර වශයෙන් ද අපි එය දකිමු‘

    “ජෝ බිඩෙන් වෙනුවෙන් මට හැකි තරම් කාලයක් ගත කර, හැකි තරම් වෙහෙස මහන්සි වී වැඩ කරන්නෙමි” යනුවෙන් ඔබාමා පැවසීය.

    මිලියන 1.3 කට ආසන්න සංඛ්‍යාවක් වන කොවිඩ්-19 ආසාදනට ලක්ව ඇති අතර මරණ 78,000 කට වඩා එක්සත් ජනපදය තුළ සිදුව ඇත. එය තව දුරටත් අඛණ්ඩව ඉහළ යමින් පවතී.

    ශතවර්ෂයක් තුළ එක්සත් ජනපදය තුළ ඇති වූ දරුණුතම අර්බුදයන්ගෙන් එකක් වන කොවිඩ්-19 වසංගතය හමුවේ‍ෙ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කරන ආකාරය දැඩි විවේචනයට ලක්ව ඇත.

    විචාරකයින් පවසන්නේ ට්‍රම්ප්, වෛරසය නිසා ඇති වූ තර්ජනය මුලින් අවතක්සේරු කිරීමෙන් පසු, පෙබරවාරි මාසයේ දී ඇමරිකාවේ රෝග කාරකය ව්‍යාප්ත වීම සමග ඔහුගේ පරිපාලනය විවිධ අර්බුදය හා නොසලකා හැරීම් සිදුකරමින් කාලය නාස්ති කළ බවයි.

    නැවත තේරී පත්වීම කෙරෙහි අවධානය යොමු කරමින්, ජනාධිපතිවරයා තම දේශපාලන අවශ්‍යතා මිනිස් ජීවිතවලට ඉදිරියෙන් තබන බවට චෝදනා කර ඇති අතර, වසංගතය හේතුවෙන් දුර්වල වූ ආර්ථිකය ආරක්ෂිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි සැලැස්මක් නොමැතිව ආර්ථිකය නැවත විවෘත කිරීමට ට්‍රම්ප් දක්වන බලහත්කාරී උනන්දුව ද දැඩි විවේචනයට ලක්ව ඇත.

    ධවල මන්දිර ප්‍රකාශක කයිලි මැක්නනි පැවසුවේ කොවිඩ්-19 වෛරසයට ට්‍රම්ප් දැක්වූ ප්‍රතිචාරය “පෙර නොවූ විරූ එකක්” බවත් ඔහු සිය සැලසුම් මගින් ඇමෙරිකානු ජීවිත බේරාගෙන ඇති බවත්ය.

    නීතියේ ආධිපත්‍යය පිළිබඳ අනතුරු ඇඟවීම

    ධවල මන්දිරයේ හිටපු ජාතික ආරක්ෂක උපදේශකයෙකු වන මයිකල් ෆ්ලින්ට එරෙහි නඩුව ඉවත් කරන බව අධිකරණ දෙපාර්තමේන්තුව පැවසීමෙන් පසු එක්සත් ජනපදය තුළ “නීතියේ ආධිපත්‍යය අවදානමට ලක්ව ඇති” බවට ද ඔබාමා ද අනතුරු ඇඟවීය.

    රුසියාව 2016 වසරේ පැවැති එක්සත් ජනපද මැතිවරණයට මැදිහත් වූ බවට චෝදනා කෙරෙන විමර්ශනයේ ප්‍රධාන ඉලක්කයක් වන ෆ්ලින් 2017 දී වරද පිළිගත්තේය.

    ෆ්ලින් ලුහුබැඳීමට කිසි විටෙකත් පදනමක් නොමැති බවත්, එෆ්බීඅයි සිය බලතල අනිසි ලෙස භාවිතා කළ බවත් නීතිපති විලියම් බාර්ගේ ප්‍රකාශය නීති විශාරදයින්ගේ සහ සිවිල් සමාජ කණ්ඩායම්වල දැඩි විවේචනයට ලක් විය.

    උප ජනාධිපති මයික් පෙන්ස්ට බොරු කීම නිසා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලින්ට චෝදනා කළේය. ඒ අතර ට්‍රම්ප් හිටපු ජෙනරාල්ගේ නඩුව ගැන නිතර නිතර ට්වීට් කළ අතර එය එෆ්බීඅයි විමර්ශනයට එරෙහිව ඔහුගේ ආධාරකරුවන් වෙනුවෙන් හඩ නැගීය. ට්‍රම්ප් මෑතකදී ෆ්ලින්ව නිදොස් කොට ප්‍රකාශයට පත් කළේය.

    “පසුගිය පැය 24 පුරා මා සිතූ පුවත තරමක් පහත් කොට සලකනු ලැබුවා. අධිකරණ දෙපාර්තමේන්තුව මයිකල් ෆ්ලින්ට එරෙහි චෝදනා ඉවත් කිරීම ගැන මම පුදුම වෙනවා” ඔබාමා පැවසීය.

    “වැරදිසහගත චෝදනාවට ලක්ව ඇති අයෙකු සඳහා කිසිවෙකුට සොයාගත හැකි පූර්වාදර්ශයක් නොමැති වීම අපකීර්තියෙන් මිදීමයි. එය ඔබ කනස්සල්ලට පත්වීමට පටන් ගන්නා ආකාරයේ කාරණයක්. ආයතනික සම්මතයන් පමණක් නොව අපගේ මූලික නීතියේ ආධිපත්‍යය පිළිබඳ අවබෝධය අවදානමට ලක්ව ඇති අතර ඔබ එම දිශාවන් කරා ගමන් කිරීමට පටන් ගත් විට, අප වෙනත් ස්ථානවල දැක ඇති පරිදි එය ඉතා ඉක්මණින් වේගවත් කළ හැකිය, ” ඔබාමා ෆ්ලින්ට එරෙහි චෝදනා වැරදි ලෙස සඳහන් කරමින් පැවසීය.

    ගණනය කිරීම: ඔබාමාගේ සිට ට්‍රම්ප් දක්වා

    අල් ජසීරා වාර්තාවක් ඇසුරිණි

  • ජනපති මදුරෝ පැහැර ගැනීමට ‘ඇමෙරිකානු කුලී හේවායින් ගත් තැත හෙළි වෙයි’

    ජනපති මදුරෝ පැහැර ගැනීමට ‘ඇමෙරිකානු කුලී හේවායින් ගත් තැත හෙළි වෙයි’

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝගේ ආණ්ඩුව පෙරළා දමා ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙන ඒමට කුමන්ත්‍රණය කළ බව පවසන ඇමෙරිකානු වැසියෙකුගේ පාපෝච්චාරණයක් වෙනිසුවෙලා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරිණි.

    එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේ දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. එම කණ්ඩායම “කුලී හේවායන්” බවත් ඔවුන්ගේ සන්නද්ධ ආක්‍රමණය ව්‍යවර්ථ කළ බවත් වෙනිසුවෙලා ආණ්ඩුව පවසයි.

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසුවෙලාව ආක්‍රමණය කොට තමා බලයෙන් පහ කිරීමේ ප්‍රයත්නයක නිරත වෙන බවට ජනාධිපති මදුරෝ බොහෝ වරක් චෝදනා කර ඇත.

    මේ අතර මේ සතිය මුලදී ප්‍රකාශයක් කළ ජනාධිපති ට්‍රම්ප්, වෙනිසුවෙලා ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණයට ඇමෙරිකා එක්සත් ජනපදයේ සම්බන්ධයක් නැති බව සඳහන් කළේය.

    ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ අදහස් දක්වමින්, වෙනිසුවෙලා ආණ්ඩුවේ අත්අඩංගුවේ පසුවෙන ඇමෙරිකානුවන් ආපසු සියරට පැමිණීම සහතික කර ගැනීම සඳහා පාවිච්චි කළ හැකි ‘සියලු පියවර’ (“every tool”) එක්සත් ජනපද ආණ්ඩුව ගනු ඇතැයි කියා සිටියේය.

    වෙනිසුවෙලා රූපවාහිනී ප්‍රකාශය

    පසුගිය බදාදා (මැයි 06) වීඩියෝ පටයක ‘මිස්ටර් ඩෙන්මන්’ (Mr Denman) ලෙස පෙනී සිටිමින් අදහස් දැක්වූ 34 හැවිරිදි තැනැත්තෙක් ‘කරකාස්’ අගනුවරට පැමිණීමට පෙර තමා මුදල් ලබා ගනිමින් කුලී පදනම මත කොලොම්බියාවේ සිටින වෙනිසුවෙලා ජාතිකයන් පුහුණු කිරීමේ නිරත වූ බවත්, ඔවුන්ගේ ඉලක්කය වුණේ “ජනාධිපති මදුරෝ රටින් ගෙන යාම සඳහා ‘කරකාස්’ ගුවන් තොටුපොළ අල්ලා ගැනීම” බවත් විස්තර කළේය.

    “වෙනිසුවෙලා ජාතිකයන්ට නැවත රටේ පාලනය අල්ලා ගැනීම සඳහා මම උදව් කරමින් සිටියා” ‘ඩෙන්මන්’ (Mr Denman) ප්‍රකාශ කළේය.

    ‘ඩෙන්මන්’ (Mr Denman) ප්‍රකාශ කළ ආකාරයට ඔහු කලින් ”විශේෂ මෙහෙයුම් බළකායක සාමාජිකයෙකු” ලෙස කටයුතු කර ඇත.

    “කුමන්ත්‍රණය සඳහා හතළිස් එක් හැවිරිදි එරාන් බේරි (Airan Berry) නම් පුද්ගලයා හවුල් කර ගනු ලැබ තිබෙන්නේ ජෝඩන් ගෞඩ්රෝ (Jordan Goudreau) විසිනි. ජෝඩන් ෆ්ලොරිඩා මූලස්ථානය කර ගත් ‘Silvercorp’ නම් ඇමෙරිකානු සමාගම මෙහෙයවන ඇමෙරිකානු හිටපු යුද්ධ නායකයෙකි.

    එම කුමන්ත්‍රණ ප්‍රයත්නයට තමා හවුල් බව පිළිගන්නා ජෝඩන් ගෞඩ්රෝ, තම රටට භාර දෙනු ඇතැයි වෙනිසුවෙලා බලධාරීහු පවසති.

    ජනාධිපති මදුරෝ පවසන පරිදි ‘Silvercorp’ ව්‍යාපාරය වෙනිසුවෙලා විපක්ෂ නායක හුවාන් ගුඅයිඩෝ (Juan Guaidó) සමග ගිවිසුමක් අත්සන් කරනු ලැබ ඇත.

    හුවාන් ගුඅයිඩෝ වෙනිසුලාවේ විපක්ෂ නායකයා මෙන් ම, ඇමරිකා එක්සත් ජනපදය සහ බොහෝ යුරෝපා රාජ්‍යයන් විසින් එරට නීත්‍යනුකූල නායකයා හැටියට පිළිගනු ලැබ ඇති දේශපාලනඥයෙකි.

    රඳවා ගෙන ඇති ඇමෙරිකානුවන්

    ‘ඩෙන්මන්’ සහ ‘බෙරී’ හැරුණ විට කුමන්ත්‍රණයට හවුල් වූ වෙනත් පුද්ගලයන් සම්බන්ධයෙන් වැඩිමනත් තොරතුරු දැන ගැනීමට නොමැත.

    ඉහත නම් සඳහන් පුද්ගලයන් දෙදෙනා එක්සත් ජනපද ආරක්ෂක හමුදාවන්හි සාමාජිකයන් බව වෙනිසුවෙලා යුද්ධ හමුදාවේ ඉහළ ම නායකත්වය පවසා ඇත. එහෙත් එම ස්ථාවරය තවමත් තහවුරු කෙරී නැත.

    එකී පුද්ගලයන් දෙදෙනාට අමතරව තවත් එකොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වෙනිසුවෙලා ආණ්ඩුව පවසයි.

    එසේ ම සිදු විණැයි පැවසෙන කුමන්ත්‍රණ ප්‍රයත්නයේදී සන්නද්ධ පුද්ගලයන් අට දෙනෙක් මරා දමන ලද බවත් ‘කරකාස්’ බලධාරීහු පවසති.

    කුමන්ත්‍රණයේ පසුබිම

    වෙනිසුවෙලා විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ සමග පවත්වන ලද අතීත සම්බන්ධකම් පිළිබඳව ජෝඩන් ගෞඩ්රෝ දිගින් දිගට ම අදහස් පළකොට ඇත.

    එහෙත් සඳුදා ප්‍රකාශයක් කළ වෙනිසුවෙලා විපක්ෂ නායකයා කියා සිටියේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘Green Beret’ විශේෂ යුද්ධ සේනාංකයට අයත් විශ්‍රාමික නිලධාරියෙකු වන ජෝඩන් ගෞඩ්රෝ සමග තමා කිසිදු ගනුදෙනුවක් කර නැති බවය.

    තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ, වෙනිසුවෙලාවෙහි මෑතදී ආරම්භ වූ ප්‍රචණ්ඩ ප්‍රහාර රැල්ල කෙරෙන් මහජන අවධානය වෙනත් දිශාවකට හැරවීමට ජනාධිපති මදුරෝ කටයුතු කරන බවට චෝදනා කළේය.

    එහිදී ඔහු පසුගිය සතියේ සිකුරාදා සිදු වූ කීප දෙනෙකුට මරු කැඳවන ලද බන්ධනාගර කැරැල්ල සහ සෙනසුරාදා රාත්‍රියේ ‘කරකාස්’ අගනුවරින් වාර්තා වූ මැරයන්ගේ කල්ලි අතර ගැටුමක් ගැනත් සඳහන් කර තිබිණි.

    ජෝර්ඩන් ගෞඩ්රෝ කාගේ කවුද?

    කැනඩාවේ උපත ලද, එක්සත් ජනපද හමුදාවේ හිටපු යුද නිලධාරියෙකු වන ජෝර්ඩන් ගෞඩ්රෝ ‘Silvercorp’ නම් ඇමෙරිකානු සමාගම මෙහෙයවන අතර ”වීර යුද පදක්කම්” ලාභියෙකි.

    ‘වොෂිංටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කරන පරිදි, ඔහු එක්සත් ජනපද හමුදාවේ වසර පහළොවක් නිරතව සිටි අතර, පළමුව පාබළ හමුදාවේ මෝටාර් විශේෂඥයෙකු විය. පසුව ඔහු විශේෂ කාර්යසාධක බලකායක වෛද්‍ය අංශයෙහි කටයුතු කර ඇත.

    යුද නිලධාරීන් උපුටා දක්වන ‘වොෂිංටන් පෝස්ට්’ පුවත්පත 2006 සහ 2014 වසරවල ඔහු ඉරාකයේ සහ ඇෆ්ඝනිස්ථානයේ නිරත කරනු ලැබ ඇත.

    ජෝර්ඩන් 2018 වසරේ ෆ්ලොරිඩා වහි සිය ‘Silvercorp USA’ පෞද්ගලික සමාගම ආරම්භ කරයි.

    පැහැර ගැනීමට හෝ මුදල් ආදිය බලහත්කාරයෙන් ලබා ගැනීම වැනි අවස්ථාවන්හි දී පිහිටවීම ඇතුළු සේවාවන් කීපයක් ගැන එම සමාගම සම්බන්ධයෙන් පළ කරනු ලැබ ඇති වෙළෙඳ දැන්වීමවල ඇතුළත්ය.

    එපමණක් නොව, ඇමෙරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් ”ජාත්‍යන්තර ආරක්ෂක කණ්ඩායම්වලට” නායකත්වය දීමේ නිරත බවත් ‘Silvercorp USA’ ව්‍යාපාරය පවසයි.

    ‘Silvercorp USA’ සමාගමේ වෙළෙඳ දැන්වීම් මෙහෙයුම පනහකට අධික රටවල ක්‍රියාත්මක කෙරෙයි.

    හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, බහුජාතික සමාගම්වල ආරක්ෂක අංශවල හිටපු ප්‍රධානීන්, විශාල අත්දැකීම් සහිත අවදානම් මෙහෙයුම්වල නිරතව ඇති යුද නිලධාරීන් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ බුද්ධි අංශවල නිලධාරීන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් තමන් සමඟ කටයුතු කරන බවත් එම ව්‍යාපාරය කියා සිටියි.

    එහෙත් එම පුද්ගලයන් කවුරුන් ද? යන්න නමින් සඳහන් කරන්නේ නැත.

    මෙම මෙහෙයුම පිටුපස වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ගයිඩෝ සිටින බව සාබ් 
    කියා සිටියේය 

    වෙනිසුවෙලා අර්බුදය

    වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මදුරෝ ගේ පාලනය අවසන් කිරීමේ “අවසන් අදියර” කරා තමන් පැමිණ ඇති බව විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ 2019 වසරේ අප්‍රියෙල් මාසයේ ප්‍රකාශ කළ අතර, ඊට ප්‍රතිචාරය දැක්වූ එරට බලධාරීහු “කුඩා ප්‍රමාණයේ කුමන්ත්‍රණ ප්‍රයත්නයක් බිඳ හෙලමින් සිටින බවක්” එම අවස්ථාවේත් ප්‍රකාශ කර ඇත.

    නිල ඇඳුම් ලා ගත් පිරිසක් සමග වීඩියෝ දර්ශනයක පෙනී සිටි ගුඅයිඩෝ, තමන්ට හමුදා සහය ඇති බව එම අවස්ථාවේ සඳහන් කළේය.

    2019 ජනවාරියේදී තමන් අන්තර්කාලීන ජනාධිපතිවරයා බව ප්‍රකාශයට පත් කළ ගුඅයිඩෝ, මදුරෝ විසින් බලය “පැහැර ගනු ලැබීම” අවසන් කිරීම සඳහා සහය දෙන ලෙස හමුදාවේ සාමාජිකයින් වැඩි දෙනාගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

    එහෙත් ගුඅයිඩෝ සමග පැවති අර්බුදය අතරතුර යුද හමුදාවේ සහයෝගය ජනාධිපති මදුරෝට ලැබිණි.

    Text by BBC

  • Covid-19: අමෙරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් චීනයට හා ඉරානයට අලුත් චෝදනාවක්

    Covid-19: අමෙරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් චීනයට හා ඉරානයට අලුත් චෝදනාවක්

    කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමට ගන්නා උත්සාහයන් පිළිබඳ වටිනා තොරතුරු සොරකම් කිරීමේ උත්සාහයක් ලෙස රජ්‍ය පිටුබලය ලබන හැකර්වරු (Government-backed hackers) සෞඛ්‍ය සේවා හා පර්යේෂණ ආයතනවලට පහර දෙන බව බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය ඒකාබද්ධ අනතුරු ඇඟවීමක් කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යයේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය සහ එක්සත් ජනපද සයිබර් ආරක්ෂණ හා යටිතල පහසුකම් ආරක්ෂක ඒජන්සිය (Britain’s National Cyber Security Centre (NCSC) and the US Cybersecurity and Infrastructure Security Agency (CISA) කියා සිටියේ හැකර්වරුන් ඉලක්ක කර ඇත්තේ ඖෂධ සමාගම්, පර්යේෂණ ආයතන සහ පළාත් පාලන ආයතන බවයි.

    එන්.සී.එස්.සී. සහ සීඅයිඑස්ඒ ප්‍රහාරයන්ට වගකිව යුත්තේ කුමන රටවල්දැයි කියා නැත. එහෙත් එක් එක්සත් ජනපද නිලධාරියෙකු සහ එක් එක්සත් රාජධානියේ නිලධාරියෙකු පැවසුවේ චීන හා ඉරාන හැකර්වරුන්ගේ ආක්‍රමණශීලී උත්සාහයන්ට මෙන්ම රුසියානු සම්බන්ධිත ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාරයක් ලෙස මෙම අනතුරු ඇඟවීම කළ බවයි.

    අනතුරු ඇඟවීමේ පොදු නොවන තොරතුරු සාකච්ඡා කිරීම සඳහා නිලධාරීන් දෙදෙනා නිර්නාමික කොන්දේසියක් මත කතා කළහ.

    ටෙහෙරානය, බෙයිජිං සහ මොස්කව් යන රටවල් සියල්ලම ආක්‍රමණශීලී සයිබර් මෙහෙයුම් සිදු කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර තමන්ද එවැනි ප්‍රහාරයන්ට ගොදුරු වූ බව පවසති.

  • ‘වසංගතය කොවිඩ් 19 ලොව සසල කරයි’ කෘතියේ 03 වන කොටස

    ‘වසංගතය කොවිඩ් 19 ලොව සසල කරයි’ කෘතියේ 03 වන කොටස

    ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් -03 වන කොටස

    ශිෂෙක් තම කෘතියේ දෙවන පරිච්ජේදය අරඹන්නේ ඉතාම සරල ප්‍රශ්නයක් විමසමිනි. “අපට මෙතරම් වෙහෙසක් දැනෙමින් තිබෙන්නේ ඇයි?”

    අප මේ ගත කරන දීර්ඝ නිරෝධායන කාල පරිච්ජේදය තුළ සිරුරට ඔරොත්තු නොදෙන තරමට ඉතාම පීඩාකාරී කොන්දේසි යටතේ වැඩ කරන වෛද්‍යවරුන් ඇතුළු සහන සේවකයන්ගේ වෙහෙස අපට වටහාගත හැකිය. නමුත්, දැන් කිසිවක් නොකර නිවෙස්වලට වී සිටින්නට බල කෙරුණු බහුතරයක් වන අපද මෙතෙක් ගත කරමින් සිටියේ වෙහෙසට පත් ජීවිත  නොවේද?

    ශිෂෙක් වෙහෙස පිළිබඳ මෙම ප්‍රශ්නය මතු කරන්නේ එය දාර්ශනික කිරීම පිණිස නොවේ. මෑතකදී පැවති සම්මුඛ සාකච්ජා කිහිපයකදීම ඔහු නැවත නැවතත් අවධාරණය කළේ මේ කොරෝනා වසංගතය ඇසුරින් අපගේ පැවැත්ම පිළිබඳ කිසියම් ගැඹුරු ආධ්‍යාත්මික අවබෝධයක් ලැබීමට කෙරෙන යෝජනා තමන් පිළිකෙව් කරන බවයි.

    සිදුව ඇත්තේ ඉමහත් ව්‍යසනයකි. මිනිසුන් දරුණු ලෙස පීඩා විඳිමින් සිටී. ඉදිරියේදී එන සමාජ ආර්ථික සහ දේශපාලනික අර්බුද තුළ අප මීටත් වඩා පීඩා විඳිනු ඇත. මෙහි ඇති ආධ්‍යාත්මික හෝ දාර්ශනික අටමගලයක් නැත. දැන් මහජන බුද්ධිමතුන් විසින් කළ යුතුව ඇත්තේ මේ මහා අර්බුදය වටහා ගැනීමේත් එයට මුහුණ දීමේත් මාර්ග සෙවීමට තම බුද්ධිමය ශ්‍රමය මුළුමනින්ම කැප කිරීමයි. අප ඒ වෙනුවෙන් වෙහෙස නොබලා වැඩ කළ යුතුය. 

    ශිෂෙක්ගේ කෘතියද එවන් අවෙහෙසකර මහජන බුද්ධිමතෙකුගේ මැදිහත් වීමකි. ඔහු අපගේ ජීවිත අරක් ගත් නිමක් නැති වෙහෙස තේරුම් කරන්නේ වියුක්ත දාර්ශනික සංකල්පනා අතර සැරිසරමින් නොවේ. ඒ වෙනුවට දේශපාලන ආර්ථිකය නමැති විෂය ක්ෂේත්‍රයේ හැදෑරීම් ඇසුරු කරමින්ය. කොටින්ම, නව-ලිබරල්වාදය තුළ මිනිසුන්ගේ ශ්‍රමය සංවිධානය කෙරෙන ආකාරය පිළිබඳ විශ්ලේෂණයක් ඇසුරිනි. ඔහු ඒ සමගම සුඛනම්‍ය ලෙස එම තේරුම් කිරීම කොරෝනා යුගයේ සමාජ ජීවිතය සමග ගලපයි.       

               කොරෝනා වසංගතය සමයේ අපගේ දෛනික ජීවිතය තුළ අප සමග රැඳී සිටින, අපට අභිමුඛ වන චරිත දෙවර්ගයක් ඇත. එක් චරිත කාණ්ඩයක් වන්නේ වෙහෙසින් පරිපීඩිත වන තරමට අධික ලෙස වැඩ කරන වෛද්‍ය කාර්ය මණ්ඩල සහ රෝගීන් බලා කියා ගන්නන්ය. අනෙක් කාණ්ඩය වන්නේ ස්ව-කැමැත්තෙන් හෝ බලෙන් නිවෙස්වලට කොටු කරනු ලැබීම නිසා කරන්නට කිසිවක් නොමැති අයවළුන්ය. 

    දෙවන පරිච්ජේදය 

    අප මෙතරම් වෙහෙසට පත්ව සිටින්නේ ඇයි?  

    කොරෝනා වසංගතය සමයේ අපගේ දෛනික ජීවිතය තුළ අප සමග රැඳී සිටින, අපට අභිමුඛ වන චරිත දෙවර්ගයක් ඇත. එක් චරිත කාණ්ඩයක් වන්නේ වෙහෙසින් පරිපීඩිත වන තරමට අධික ලෙස වැඩ කරන වෛද්‍ය කාර්ය මණ්ඩල සහ රෝගීන් බලා කියා ගන්නන්ය. අනෙක් කාණ්ඩය වන්නේ ස්ව-කැමැත්තෙන් හෝ බලෙන් නිවෙස්වලට කොටු කරනු ලැබීම නිසා කරන්නට කිසිවක් නොමැති අයවළුන්ය. 

    ශිෂෙක් පවසන්නේ දෙවන කාණ්ඩයට අයත් වූවෙකු වන ඔහු මේ දුර්දසාව භාවිත කරන්නේ මිනිසුන් වෙහෙසට පත් වන වෙනස් ආකාරයන් ගැන ආපසු හැරී බැලීම සඳහා බවයි. බලෙන් අප මත පැණ වූ අක්‍රියතාව යනු එකකි. අප වෙහෙස වීම යනු තව එකකි. ඒ දෙක අතරැති ප්‍රකට පරස්පරතාව තමන් දැනට නොතකා හරින බව ඔහු පවසයි. 

    වෙහෙස වීම හුදෙකලාව නොගන්නා ඔහු එය තේරුම් කිරීම සඳහා දේශපාලන ආර්ථිකය වෙත හැරේ. ඔහු මෙහිදී ප්‍රථමයෙන් බ්යුන්ග් චුල් හාන් නැමැත්තා කළ විශ්ලේෂණයක් උපුටා දක්වයි.

    හාන් අප විඩාවට පත් සමාජයක් තුළ ජීවත් වන්නේ කෙසේද සහ මන්ද යන කාරණය විධිමත්ව සලකා බලයි. හාන් පවසන්නේ නව-ලිබරල් ක්‍රමය තුළ අප එක්වරම කැප වන්නන් සේම පූජා කරන්නන්ද බවට පත් වන බවය; මන්ද යත්, මේ ආර්ථික ක්‍රමය තුළ අපව මෙහෙයවනු ලබන්නේ අසමත් නොවී දිගටම පැවතීම සඳහා කෙරෙන ඉල්ලුමෙනි; එසේම කාර්යක්ෂමතාව සඳහා වූ විජිගීෂාවේ ඉල්ලුමෙනි.

    එසේම අප එහිදී සීමා මායිම් ලකුණු කිරීමේ, ස්වයං-සූරාකෑමට ලක් වීමේ සහ විනාශ මුඛයට ඇද වැටීමේ දිය සුළියකට ඇතුල් වේ. නිෂ්පාදනය ඇතැම් විට ද්‍රව්‍යාත්මක නොවන්නක් වේ; එවන් විටෙක සෑම අයෙකුම සතුව නිෂ්පාදන උපකරණ තිබේ (කාල් මාක්ස් පැවසුවේ ධනවාදය තුළ නිෂ්පාදන උපකරණ හිමිව ඇත්තේ ධනපති පංතියට පමණක් බවය. නමුත් වත්මනෙහි විශේෂයෙන්ම ද්‍රව්‍යාත්මක නොවන නිෂ්පාදනවලට අදාළව ගත හොත් එම තත්ත්වය වෙනස්ව ඇතැයි ඇතැමුන් පවසති. නිදසුනක් ලෙස, ඔබ මුහුණු පොතේ යම් පෝස්ටුවක් දමන විට එය මුහුණු පොත් සමාගමේ හිමිකරුවා වන මාක් සකර්බග්ගේ ලාභ ඉපැයීමට දායක වීමකි. ඔබ දමන පෝස්ටුව ද්‍රව්‍යාත්මක නොවන නිෂ්පාදනයකි. එය නිපදවීමේ උපකරණ ඔබ සතුය. නමුත්, එයින් ප්‍රාග්ධනය සමුච්චනය කරගන්නේ වෙනෙකෙකි. ශිෂෙක් ඔහුගේ වෙනත් කෘතිවලදී මෙය දීර්ඝව පැහැදිලි කොට තිබේ – පරිවර්තකගේ පැහැදිලි කිරීම). 

    හාන්ට අනුව, නව-ලිබරල් ක්‍රමය තවදුරටත් නියම අරුතින් පංති ක්‍රමයක් නොවේ. එය අන්‍යොන්‍යව පසමිතුරුතාවක් ප්‍රකට කරන පංතීන්ගෙන් සැදුම් ලද්දක් නොවේ. මෙය ක්‍රමයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් වූ වාර්තාවකි.” 

    හාන්ගේ තර්කය වන්නේ මිනිසුන් දැන් ස්වයං-සූරා කන්නන් බවට පරිවර්තනය වී ඇති බවයි.

    “අද දිනයේ සෑම අයෙක්ම ඔහුගේ හෝ ඇයගේ ව්‍යවසායෙහි ස්වයං-සූරාකෑමට ලක් වන කම්කරුවෙකු වේ. දැන් මිනිසුන් එක්විටම වහලුන් සහ වහල් හිමියන් වේ. පංති අරගලය පවා තමන් සමගම කරන ඇතුළාන්ත අරගලයක් බවට පරිවර්තනය වී තිබේ.”

    පුද්ගලයා හාන් පවසන ආකාරයේ ඉලක්ක ජය ගන්නා විෂයක් බවට පත්ව තිබේ. පුද්ගලයන් තමන් යටත් භාවයට පත් කරන ලද විෂයන් බව විශ්වාස නොකරයි.

    ” ඔවුන් දැන් ව්‍යාපෘතීන් වී ඇත. අප අපවම නිතරම නැවත හැඩ ගසා ගන්නෙමු; අපව නැවත සොයා ගන්නෙමු. එහි යම් බල කිරීමක් සහ බාධා කිරීමක් අන්තර්ගතය. සැබවින්ම, එය වඩා කාර්යක්ෂම ආකාරයේ විෂයීකරණයක් සහ යටත් කිරීමක් කරා ගමන් කිරීමකි. ව්‍යාපෘතියක් පරිබාහිර සහ පිටස්තර සීමාවලින් නිදහස් යැයි සැලකේ. එලෙසම (ව්‍යාපෘතියක් වන) මමද දැන් මාව අභ්‍යන්තර සීමාවලට සහ ස්වයං-බාධාකිරීම් වලට යටත් කර ගන්නෙමි. මා විසින් මටම පණවාගත් එම සීමාවන් සහ බාධාවන් යම් යම් ඉලක්ක සැපිරීමට කෙරෙන බල කිරීම්වල ස්වරූපය ගනී; ප්‍රශස්ත ප්‍රතිපල අත්පත් කරගැනීමට කෙරෙන බල කිරීම්වල ස්වරූපය ගනී. 

    හාන් මෙලෙස විෂයීකරණයේ නව මාදිලීන් පිළිබඳව නිරවුල් නිරීක්ෂණ කිහිපයක් ගෙන හැර දක්වයි; අපට එයින් උගත හැකි බොහෝ දේ ඇතැයි ශිෂෙක් පවසයි. ශිෂෙක්ට අනුව, හාන් මේ හෙළිදරව් කරන්නේ සුපිරි අහමේ වත්මන් ආකාරයයි. කෙසේ වුවත් ඔහු හාන් සමග මුළුමනින්ම එකඟ වන්නේද නැත. එබැවින් ඔහු ඉන්පසුව හාන්ගේ විශ්ලේෂණය පිළිබඳව විවේචනාත්මක තර්ක කිහිපයක් ඉදිරිපත් කරයි. 

    ශිෂෙක් පළමුව පෙන්වා දෙන්නේ සීමාවන් සහ බාධා කිරීම් එන්නේ නිශ්චිතවම ඇතුළාන්තයෙන් පමණක් නොවන බවයි. චර්යාව පිළිබඳ නව දැඩි නීති පැණවීම් තිබේ; විශේෂයෙන්ම “බුද්ධිමය” පංතියේ සාමාජිකයන් සම්බන්ධයෙන් ගත් කල එය එසේය. ඔහු මෙහිදී “දේශපාලන නිවැරදිභාවය” පිළිබඳ චර්යාමය නීතීන් ගැන නිදසුනක් ලෙස ගෙන හැර දක්වයි. (ශිෂෙක් “දේශපාලන නිවැරදිභාවය” පිළිබඳ ලිබරල්-වාම සම්මුතීන් තියුණු ලෙස විවේචනය කරන්නෙකු බව නොරහසකි). ඔහු මෙහිදී පෙන්වා දෙන්නේ මහජන අවකාශවලදී දේශපාලනමය නිවැරදිභාවයේ රීතින් අනුගමනය කරන්නට සිදු වීම “තමන් සමගම අරගල කිරීමක්” බවයි; ඒ “වැරදි” පෙළඹවීම්වලට එරෙහිව තමන් සමගම කරන අරගලයකි.                                         

    ඉන්පසුව ඔහු බාහිර බාධාවන් පිළිබඳව කදිම නිදසුනක් ඉදිරිපත් කරයි. වසර කිහිපයකට පෙර උදි අලෝනි නම් සිනමාකරුවා “Jenin Freedom Theatre” නමැති පලස්තීන කණ්ඩායම වෙනුවෙන් නිව් යෝර්ක් වෙත සංචාරයක් සංවිධානය කළේය. එම සංචාරය පිළිබඳ වාර්තාවක් “නිව් යෝර්ක් ටයිම්ස්” සඟරාවේ පළ විය. නමුත්, ඉතාම කුඩා කාරණයක් නිසා එය පළ නොවන ගානටම ගියේය. එකරුණ මෙයයි; ඔහුගේ කැමතිම ප්‍රකාශනය කුමක්දැයි විමසූ විට ඔහු තමන් සංස්කරණය කළ පොතක  වෙළුමක් සඳහන් කළේය. නමුත්, ගැටළුව වූයේ එම පොතේ අනු මාතෘකාව තුළ “ද්විත්ව-ජාතික” යන යෙදුම සඳහන්ව තිබීමයි (මෙය ඊශ්‍රායලය සහ පලස්තීනය අතරැති ගැටුමට අදාළව සංවේදී යෙදුමකි – පරිවර්තක). ඊශ්‍රායල් ආණ්ඩුව අමනාප කර ගන්නට බිය වූ “ටයිම්ස්” සඟරාව ඔහුගෙන් ඉල්ලා සිටියේ එම වචනය මකා දමන ලෙසය. නොඑසේනම්, අදාළ වාර්තාව පළ කළ නොහැකි වෙතැයි දන්වන ලදී.

    පීටර් හැන්කේ බොස්නියාව තුළ සර්බ් මිලිටරි මෙහෙයුම්වලට විවෘතවම එකඟ වන විටදීත් ඔහුට 2019 දී සාහිත්‍ය පිළිබඳ නෝබල් ත්‍යාගය හිමි විය; නමුත්, ඊශ්‍රායලය පලස්තීනයේ බටහිර ඉවුර ප්‍රදේශයේ සිදු කරන දේශපාලන කටයුතුවලට එරෙහි සාමකාමී විරෝධයකට සහයෝගය දැක්වීම නිසා කැමිලා ශම්සී හට ජයග්‍රහණය අහිමි කෙරිණ. 

    බ්‍රිතාන්‍ය පාකිස්තාන ජාතික ලේඛිකාවක වන කැමිලා ශම්සී “Home Fire” නමින් නවකතාවක් ලියුවාය. එය ඇන්ටිගනී කතාවෙහි ඉතාම සාර්ථක ලෙස නූතනකරණය කරන ලද අනුවාදයකි. එයට ජාත්‍යන්තර සම්මාන කිහිපයක්ම හිමි විය. ඩෝර්ට්මුන්ඩ් නමැති ජර්මානු නගරය විසින් පිරිණමනු ලබන නෙලී සැච්ස් ත්‍යාගයද ඒ අතර විය

    ශිෂෙක් ඉන්පසුව ඔහුට සුපුරුදු ශෛලියෙන් තවත් නිදසුනක් වෙත හැරේ. එය වඩාත් මෑතකාලීන නිදසුනකි. බ්‍රිතාන්‍ය පාකිස්තාන ජාතික ලේඛිකාවක වන කැමිලා ශම්සී “Home Fire” නමින් නවකතාවක් ලියුවාය. එය ඇන්ටිගනී කතාවෙහි ඉතාම සාර්ථක ලෙස නූතනකරණය කරන ලද අනුවාදයකි. එයට ජාත්‍යන්තර සම්මාන කිහිපයක්ම හිමි විය. ඩෝර්ට්මුන්ඩ් නමැති ජර්මානු නගරය විසින් පිරිණමනු ලබන නෙලී සැච්ස් ත්‍යාගයද ඒ අතර විය.

    කෙසේ වුවද, ශම්සී පලස්තීන හිතවාදී BDS (Boycott, Divestment and Sanctions: BDS) ව්‍යාපාරයට සහාය දැක්වූ බව දැනගත් වහාම ඇයගේ ත්‍යාගය ඇයට අහිමි කරන ලදී. ඒ සඳහා දක්වන ලද හේතු දැක්වීම වූයේ ඇයට එම ත්‍යාගය පිරිනමණ විට ඇය 2014 වසරේ සිටම ඊශ්‍රායල් ආණ්ඩුවේ පලස්තීන ප්‍රතිපත්තියට එරෙහිව වර්ජන ක්‍රියාමාර්ගයකට සහභාගී වෙමින් සිටි බව ජූරි මණ්ඩලය දැන නොසිටි බවයි. අද අප සිටින්නේ මෙවන් තැනකය; ශිෂෙක් පවසයි.

    පීටර් හැන්කේ බොස්නියාව තුළ සර්බ් මිලිටරි මෙහෙයුම්වලට විවෘතවම එකඟ වන විටදීත් ඔහුට 2019 දී සාහිත්‍ය පිළිබඳ නෝබල් ත්‍යාගය හිමි විය; නමුත්, ඊශ්‍රායලය පලස්තීනයේ බටහිර ඉවුර ප්‍රදේශයේ සිදු කරන දේශපාලන කටයුතුවලට එරෙහි සාමකාමී විරෝධයකට සහයෝගය දැක්වීම නිසා කැමිලා ශම්සී හට ජයග්‍රහණය අහිමි කෙරිණ. 

    ශිෂෙක් හාන්ට කරන දෙවන විවේචනය වන්නේ හාන් විස්තර කරන නව ආකාරයේ විෂයීකරණය ගෝලීය ධනවාදයේ නව අදියර මගින් හැඩ ගැසීමට ලක් වූවක්ය යන්නයි. එකී ගෝලීය ධනවාදය වනාහී වැඩෙන අසමානතාවක් සහිත පංති ක්‍රමයකි. ඒ තුළ ඇති අරගල සහ පසමිතුරුතා කිසිසේත්ම පුද්ගලයෙකුගේ ඇතුළාන්තයේ ඇති අරගලයකට නොහොත් “තමන් සමගම කරන අරගලයකට ” ඌනනය කළ නොහැක.

    තවමත් තුන්වන ලෝකයේ රටවල කය වෙහෙසා වැඩ කරන මිලියන් ගණනක කම්කරුවන් සිටී. වෙනස් ආකාරයේ ද්‍රව්‍යමය නොවන නිපැයුම් කරන කම්කරුවන් අතරද ඉතාම විශාල වෙනස්කම් තිබේ. (මහළු පුද්ගලයන් බලා ගැනීම වැනි “මානව සේවාවන්”හි සේවයේ නිරත පිරිසගේ වර්ධනය ගැන සඳහන් කිරීම පමණක් මෙහිදී සෑහේ). සමාගමක් හිමි හෝ සමාගමක් පවත්වාගෙන යන ඉහළ මට්ටමේ කළමණාකරුවෙකු සහ තමන්ගේ පුද්ගලික පරිගණකය සමග දින ගණනාවක් නිවසේ සිට වැඩ කරන තාවකාලික කම්කරුවෙකු අතර ඇත්තේ විශාල පරතරයකි.

    ඔවුන් එකම අරුතකින් එක් විටම වහලා සහ වහල් හිමියා වන්නේ නැත; නිශ්චිතවම නැත. ශිෂෙක් මෙහිදී ෆෝඩ්වාදී කර්මාන්ත විසින් හඳුන්වා දෙන ලද භාණ්ඩ එකලස් කිරීම සඳහා කම්කරුවන් පෙළ ගැස්වීමේ ක්‍රමය වෙනුවට නව ස්වරූපයේ සමාගමික වැඩ ආදේශ වීම ගැන බොහෝ දේ ලියැවී ඇති බව සිහිපත් කරයි. වත්මන් ක්‍රමය පුද්ගලික නිර්මාණශීලීත්වයට විශාල අවකාශයක් ලබා දෙයි. කෙසේ වුවත්, ඔහු අවධාරණය කරන්නේ මෙහිදී සැබවින්ම කාර්යක්ෂම ආකාරයෙන් සිදුවෙමින් තිබෙන්නේ පැරණි ක්‍රමය නව ක්‍රමයෙන් විතැන් වීමකට වඩා එය පිටතට පැවරීමක් බවයි. නිදසුනක් ලෙස මයික්‍රොසොෆ්ට් සහ ඇපල් කර්මාන්ත වඩාත් සමාගමික ආකාරයකට සංවිධානය කොට තිබෙනවා විය හැකිය. නමුත්, චීනය තුළ හෝ ඉන්දුනීසියාව තුළ ඒවායෙහි අවසන් නිෂ්පාදන එකලස් කෙරෙනුයේ පැරණි ෆෝඩ්වාදී ක්‍රමයටමය. මෙහිදී සිදුව ඇත්තේ සරලව එකලස් පේළි ක්‍රමය පිටතට පැවරීමය.           

    ඒ අනුව, අපට දැන් නව ශ්‍රම විභජනයක් තිබේ. හාන් පැහැදිලි කරන ස්වයං-රැකියාමය සහ ස්වයං-සූරා කෑමේ ක්‍රමය පවතින්නේ සංවර්ධිත බටහිර ලෝකයේය. තුන්වන ලෝකයේ පවතින්නේ කම්කරුවන් බෙලහීනත්වයට පත් කරන එකලස් පේළි ක්‍රමයයි. මෙයට එකතු කළ යුත්තක් නම් සෑම ආකාරයකම මානව උවැටන් සේවය වර්ධනය වෙමින් තිබීමයි.

    චාලි චැප්ලින්ගේ “මොඩර්න් ටයිම්ස්” චිත්‍රපටයේ සිටින මුළු දවස පුරාම එකම යකඩ ඇණය තද කරන කම්කරුවා සිහියට නගා ගන්න

    මේ යටතට උවැටන් සේවකයන් සහ උපස්ථායකයන් වැනි අය ගැනේ. එහිද සූරා කෑම අධිකය. හාන්ගේ පැහැදිලි කිරීම යටතට වැටෙන්නේ පළමු කාණ්ඩය පමණි; එනම්, ස්වයං-රැකියා කරන අස්ථිර සේවකයන්ය. මේ ශ්‍රමික කාණ්ඩ තුනම සුවිශේෂී ආකාරයේ වෙහෙස වීම් සහ අධිකතර ලෙස වැඩ කිරීම් හඟවයි. එකලස් පේළි ක්‍රමය තුළ ඇති ඒකාකාරී ස්වභාවය කම්කරුවන්ව බෙලහීන කරයි (චාලි චැප්ලින්ගේ “මොඩර්න් ටයිම්ස්” චිත්‍රපටයේ සිටින මුළු දවස පුරාම එකම යකඩ ඇණය තද කරන කම්කරුවා සිහියට නගා ගන්න – පරිවර්තක). ෂැන්හයි පෙදෙසේ කුඩා නගරයක ඇති ෆොක්ස්කොන් කම්හලක් තුළ මේසයක් පිටුපසට වී නැවත නැවතත් එකම අයිෆෝන් එක එකලස් කරන කම්කරුවන් දරා ගත නොහැකි තරම් වෙහෙසට පත් වේ.                
    ඉහත කී වෙහෙසට වෙනස් ලෙස, මානව-උවැටන් සේවකයන් වඩාත් හෙම්බත් වන්නේ ඔවුන් සහකම්පනයකින් යුතුව වැඩ කළ යුතු යැයි අපේක්ෂා කෙරෙන බැවිනි. ඔවුන්ගේ වැඩයට අදාළ විෂය වස්තූන් ගැන ඔවුන් සැලකිලිමත් වන බව පෙන්විය යුතුය. නිදසුනක් ලෙස මොන්ටිසෝරි පාසැලක සේවකයෙකුට ගෙවනු ලබන්නේ හුදෙක් දරුවන් බලා කියා ගන්නවාට පමණක් නොවේ; ඔවුනට ආදරය පෙන්වීමටත් සමගය. මහල්ලන් හෝ රෝගීන් බලා ගන්නා අය හටද මෙය වලංගු වේ.

    “සෑම විටම කරුණාවන්ත වීම” කොතරම් පීඩාකාරී දෙයක්දැයි යමෙකුට සිතා ගත හැකිය. මේ පළමු සහ දෙවන ක්ෂේත්‍රවලදී අඩු තරමින් අපට අප නිරත වන වැඩය සමග යම් ආකාරයක අභ්‍යන්තරික දුරස්ථභාවයක් පවත්වා ගත හැකිය. දරුවෙකුට දයාබර ලෙස සැලකිය යුතු යැයි අපෙන් අපේක්ෂා කෙරෙන විටදී අප එසේ කරන බැව් හැඟවිය හැකිය. 

    නමුත්, තෙවන ක්ෂේත්‍රය අපට බල කරන්නේ ඊට වඩා ඉමහත් වෙහෙසකට පත් වීමටය. (ශිෂෙක් මේ අවධානය යොමු කරන්නේ වෙළඳ දැන්වීම් කර්මාන්තය වෙතය). යම් භාණ්ඩයක් මිළදී ගැනීමට මිනිසුන්ව පෙළඹවීම සඳහා එයට ප්‍රචාරයක් දීමට හෝ එය ඇසුරුම් කිරීමට යමෙකු සේවයට ගැනීම ගැන මදක් සිතා බලන්න. එම පුද්ගලයා අදාළ භාණ්ඩය ගණන් නොගන්නා විටදී පවා, ඔහු ඒ ගැන සිතීම පිළිකෙව් කරන විටදී පවා ඔහුට එය කරන්නට සිදුවේ. ඔහුට වඩාත් අධිකතර ලෙස නිර්මාණශීලීත්වයේ ගැලෙන්නට සිදු වේ; නව්‍යතම විසඳුම් හඳුනා ගන්නට ප්‍රයත්න දරන්නට සිදු වේ. එවන් ප්‍රයත්නයක් ඒකාකාරී එකලස් පේළියක වැඩ කිරීමට වඩා හෙම්බත් වන වැඩක් විය හැකිය. හාන් කතා කරන්නේ මේ සුවිශේෂී වෙහෙස ගැනය. 

    නමුත්, ස්වයං-සූරාකෑමට ලක් වීම මගින් වෙහෙසට පත් වන්නේ  තම නිවසේ සිට තම පරිගණක තිරය ඉදිරිපිටට වී වැඩ කරන අස්ථිර කම්කරුවන් පමණක් නොවේ. මෙහිදී සඳහන් කළ යුතු තවත් කණ්ඩායමක් සිටී. එනම්, සාමාන්‍යයෙන් “නිර්මාණාත්මක කණ්ඩායම් වැඩ කරන්නන් ” නමැති රැවටිලිකාරී යෙදුමෙන් හඳුන්වන අයවළුන්ය. මෙයින් අදහස් වන්නේ තම ඉහළ කළමනාකරුවන් හෝ සමාගම් හිමිකරුවන් වෙනුවෙන් ව්‍යවසායක කටයුතුවල නිරත වීමට සිදුව තිබෙන කම්කරුවන්ය. ඔවුහු නිෂ්පාදනය සමාජයීයව සංවිධානය කිරීමට අදාළව සහ ඒවා බෙදා හැරීමට අදාළව “නිර්මාණාත්මක” කාර්යයන්හි නිරත වෙති. එවන් සමාජ කණ්ඩායම්වල භූමිකාව ද්විත්වාකාරය. 

    Eva Bockenheimer

    (මෙහිදී ශිෂෙක් Eva Bockenheimer නමැති හේගලියානු ලේඛිකාවගේ ප්‍රකාශයක් උපුටා දක්වයි) “එක් අතකින්, කම්කරුවන් ව්‍යවසායක කාර්යයන් භාර ගැනීම මගින් ඔවුන් කරන වැඩවල සමාජමය ගති සොබාවය සහ ඒවායෙහි අර්ථවත් භාවය සමග ගණුදෙණු කරයි; ඒ ලාභ දායකත්වයේ සීමිත රාමුවක් තුළය.” (යළිත් එම උපුටනය) “ශ්‍රමය සහ ඒකාබද්ධ සමාගම් වඩා කාර්යක්ෂම ලෙසත් ලාභදායී ලෙසත් සංවිධානය කිරීමට ඇති හැකියාව සහ සමාජයීයව ප්‍රයෝජනවත් වන ශ්‍රමයේ ගති සොබාවයන් ගැන කල්පනා කිරීම මිනිස් වර්ගයාට ප්‍රයෝජනවත් වේ; ඉදිරියේදීත් ප්‍රයෝජනවත් වනු ඇත.”                       

    ඉන්පසුව ශිෂෙක් පෙන්වා දෙන්නේ ඔවුන් මේ දෙය කරන්නේ අඛණ්ඩවම ප්‍රාග්ධනයට යටහත්ව සිටිමින් බවය. ඔවුනගේ අරමුණ වන්නේ තමන් වැඩ කරන සමාගම වඩා කාර්යක්ෂම සහ ලාභදායී එකක් බවට පත් කිරීමය. ඒ ආකාරයේ “නිර්මාණශීලී කණ්ඩායම් වැඩ” ඉතාම වෙහෙසකර වන්නේ මෙම ආතතිය කරණ කොටගෙනය. ඔවුන් සමාගමේ සාර්ථකත්වය සඳහා වගකීමට බැඳී සිටී.

    ඒ අතරම ඔවුනගේ කණ්ඩායම් වැඩද එකිනෙකා අතරත් අනෙක් කණ්ඩායම් සමගත් තරඟකාරී වූ ඒවාය. ශ්‍රම ක්‍රියාවලියේ සංවිධායකයින් ලෙස ඔවුන් වැටුප් ලබන්නේ සාම්ප්‍රදායිකව ධනපතීන්ට අයත් වූ භූමිකාවක් ඉටු කිරීම වෙනුවෙනි. ඔවුන් එක් අතකින් කළමණාකරණයට අදාළ සියලුම අපහසුතා සහ වගකීම් උසුලයි; අනෙක් අතින්, වැටුප් ලබන සේවකයන් ලෙස ඔවුනගේ අනාගතයද ආරක්‍ෂිත නැත; මේ දෙලොවෙන්ම ඔවුනට හිමි වන්නේ නරකම දේය. 

    ඔහු පවසන්නේ ඉහත කී පංති විභේදනය කොරෝනා භීතිකාව තුළදී නව ගතිකත්වයක් අත් පත් කරගන්නා බවයි. දැන් අපට ආරක්ෂිතව හුදෙකලාවේ සිටිමින් නිවසේ සිට වැඩ කරන්නැයි කෙරෙන ඉල්ලීම්වල නිමක් නැත.

    දෙවන පරිච්ජේදය අවසානයේදී ශිෂෙක් ඔහුගේ ඉහත දේශපාලන ආර්ථික විශ්ලේෂණය කොරෝනා අර්බුදය යුගයේ සමාජ ජීවිතය සමග ගලපයි. ඔහු පවසන්නේ ඉහත කී පංති විභේදනය කොරෝනා භීතිකාව තුළදී නව ගතිකත්වයක් අත් පත් කරගන්නා බවයි. දැන් අපට ආරක්ෂිතව හුදෙකලාවේ සිටිමින් නිවසේ සිට වැඩ කරන්නැයි කෙරෙන ඉල්ලීම්වල නිමක් නැත.

    නමුත්, එසේ කළ හැක්කේ කුමන කණ්ඩායම්වලටද? අස්ථිර බුද්ධිමය කම්කරුවන්ට එසේ කළ හැකිය; ඊමේල් සහ ටෙලි කොන්ෆරන්ස් මගින් සබඳතා පැවැත්විය හැකි කළමණාකරුවන්ට එසේ කළ හැකිය. ඒ අනුව, ඔවුන් නිරෝධානය වෙමින් සිටියදීද ඔවුනගේ කාර්යයන් අඩු වැඩි වශයෙන් මෘදුව ඉදිරියට ගලා යයි. ඇතැම්විට, ඔවුනට දැන් “තමන්වම සූරා කන්නට” වඩා වැඩි කාලයක් පවා හිමි වේ. 

    නමුත්, පිටත ලෝකයේ (එනම් කම්හල් තුළ, මහ පොළොව මත, වෙළඳසැල් තුළ, රෝහල් තුළ සහ පොදු ප්‍රවාහන සේවා වල යනාදී වශයෙන්…) වැඩ කළ යුතු අය පිළිබඳව කිව හැක්කේ කුමක්ද? සෙසු මිනිසුන්ට තම පුද්ගලික නිවෙස් තුළ නිරෝධානය වෙමින් සිටීම සඳහා අනාරක්ෂිත පිටත ලෝකයේ බොහෝ දේවල් සිදු විය යුතුව තිබේ…

    අවසන් වශයෙන් ශිෂෙක් පවසන්නේ ඉතා දැඩි ස්වයං-විනයක් සහිතව වැඩ කිරීම සඳහා ඇති කැප වීම හෙළා දැක “ඒක ලේසියට ගන්න!” යැයි පැවසීමට අපට ඇති පෙළඹවීම අප බැහැර කළ යුතු බවයි. “වැඩ කිරීම ඔබට නිදහස උදා කරයි” යන කියමන නාසිවාදීන් විසින් මෘග ලෙස අවභාවිතයේ යෙදුවද, එය තවමත් නිවැරදි ආදර්ශ පාඨයකි. 

    නමුත්, ශිෂෙක් මේ කතා කරන්නේ කවර ආකාරයේ වැඩ ගැනද? ඒ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර මේ අවසන් වාක්‍ය කිහිපය තුළ ගොණුව තිබේ. ඔව්, වසංගතයේ ප්‍රති විපාක සමග හැපෙන බොහෝ දෙනෙකු හට ඉතාම අසීරු වෙහෙසකර වැඩවල නිරත වන්නට සිදුව ඇත. නමුත් ඒ ජන ප්‍රජාවේ යහපත වෙනුවෙන් කරන අර්ථවත් වැඩය. ඒවායින් ලැබෙන තෘප්තිය ඒවායෙහි නිරත වීමමය.

    ඒවා වෙළඳපල තුළ සාර්ථකත්වයක් අත්පත් කරගැනීම සඳහා දරන මෝඩ ප්‍රයත්නයන් නොවේ. වෛද්‍ය සේවකයෙකු අමතර පැය ගණනාවක් වැඩ කොට මාරාන්තික වෙහෙසකට පත් වන විට, උවැටන් සපයන්නෙකු දිගින් දිගටම සේවයේ යෙදෙන්නට සිදුවීමෙන් අධික ලෙස මහන්සි වන විට, ඔවුන් සැබවින්ම වෙහෙසට පත් වන්නේ තම කරදරකාරී වෘත්තීය අරමුණු මගින් මෙහෙයවෙන අයෙකුගේ හෙම්බත්වීමට වඩා වෙනස් ආකාරයකටය. ඔවුනගේ වෙහෙස අනර්ඝය!  

    ඉතිරි කොටස පසුවට

    පරිවර්තනය: සුමිත් චාමින්ද

  • උතුරු කොරියානු නායකයා ජනතාව හමුවට පැමිණෙයි – සියලු තොරතුරු මෙන්න

    උතුරු කොරියානු නායකයා ජනතාව හමුවට පැමිණෙයි – සියලු තොරතුරු මෙන්න

    තුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලෝකය උණුසුම් කළ පුවත් ‘බොරු‘ කරමින් අද ඔහු ජනමාධ්‍ය හමුවේ පෙනී සිටියා. ඒ අනුව කොරියානු නායක කිම් ජොන් උන් දින 20කට පසු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඔහුගේ සෞඛ්‍යය පිළිබඳ ගෝලීය අනාවැකි සියල්ල බොරු කරමිනුයි.

    ඔබට අවශ්‍ය නම් අදාළ වීඩියෝ දර්ශන පහත යොමුව තුළින් නැරඹිය හැකියි. https://www.aljazeera.com/news/2020/05/north-korea-leader-kim-jong-resuming-public-activity-kcna-200501214558371.html

    කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (කේසීඑන්ඒ) අද (2) වාර්තා කළේ තම අසාහාය නායකයා ප්යොංයැං අගනුවර සන්චියොන් හි පොහොර කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේෙ උත්සවයකට සහභාගී වූ බවත්, ඔහුගේ සහෝදරිය වන කිම් යෝ ජොං ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඒ සදහා සහභාගී වූ බවත් ය.

    KCNA පැවසුවේ ඊයේ (සිකුරාදා) පැවති උත්සවයේදී  කිම්  පීත්ත පටියක් කපා ඇති අතර එයට සහභාගී වූවන් සමෘද්ධිය උදෙසා විශාල අරමුණක් ඉටු කිරීම සඳහා සර්ව ජනතා මහා ගමනට අණ දෙන උත්තරීතර නායකයා වෙනුවෙන් “ඉක්මන් කරන්න!” යනුවෙන් හඩ නැගූ බවයි.

    උත්සවයේදී සහායකයින් සමඟ සිනහවෙන් හා කතා කරමින් කිම් සිටින අයුරු ඡායාරූපවල දැක්වුණා.  

    උතුරු කොරියානු රජයේ නිල රොඩොං සින්මන් පුවත්පතේ වෙබ් අඩවියේ පළ කරන ලද ඡායාරූපවල සත්‍යතාව තහවුරු කර ගත නොහැකි වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

    රජය විසින් මෙහෙයවන ලද රූපවාහිනී දර්ශනවලින් කිම්ගේ කකුල් වල අසාමාන්‍ය චලනයන් දිස් වූ බවයි විශේෂඥයින් සදහන් කළේ.

    දකුණු කොරියාවේ සෙජොං ආයතනයේ විශ්ලේෂකයෙකු වන චියොන්ග් ෂියොන්ග්-චැං පැවසුවේ කිම්ගේ වීඩියෝ දර්ශන මගින් ඔහුගේ ඇවිදීමට බලපාන යම් ආකාරයක වෛද්‍යමය පසුබෑමකින් සුවය ලබන බවත් ඔහුගේ වළලුකර හා සම්බන්ධ විය හැකි බවයි.

    “එළිමහන් අවස්ථාවක් සඳහා වේදිකාවේ මේස සහ පුටු සකස් කිරීම තරමක් දුර්ලභ බවක් පෙනෙන්නට තිබුණි,” කොරියාවේ විශ්ව විද්‍යාලයේ උතුරු කොරියානු අධ්‍යයන මහාචාර්යවරයකු වන නැම් සියොන්ග් වූක් උත්සවය ගැන පැවසීය.

    “කිම්ට වැඩි කාලයක් සිටගෙන සිටීම වළක්වන යම් යම් ශාරීරික තත්වයන් ඇති විය හැකි අතර ඔහු ටික වේලාවක් සිටගෙන වාඩි වී සිටිය යුතුයි”

    2011 දී බලයට පත්වීමෙන් පසු ප්‍රථම වතාවට රටේ වැදගත්ම නිවාඩු දිනය වන සිය අභාවප්‍රාප්ත සීයා වන කිම් ඉල් සුං වෙනුවෙන් අප්‍රේල් 15 වන දින උපන්දිනය සැමරීමෙන් පසු උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ කටකතා පැතිර ගියේය. 

    කිම්ට දීර්ඝ කාලයක් රැඳී සිටීමට නොහැකි නම්, අප්‍රේල් මාසයේ සූර්යයාගේ කුම්සුසාන් මාළිගාවේ පැවති සංවත්සර උත්සවයට ඔහු නොපැමිණීමට හේතුව, අවම වශයෙන් පැයක් පමණ රැඳී සිටීමට සිදුවනු ඇතැයි නැම් පැවසීය.

    ප්‍රවෘත්ති වාර්තා පිළිබඳව විමසූ විට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ “මම තවම ඒ ගැන අදහස් දක්වන්නේ නැහැ” යනුවෙනි. 

    කොරෝනා වෛරස් ?

    පියොංයැං සමඟ ගනුදෙනු කිරීම අධීක්‍ෂණය කරන දකුණු කොරියානු එක්සත් ඇමති කිම් යෙොන්-චුල් කියා සිටියේ කොරෝනා වෛරස් වසංගතය පිළිබඳ පූර්වාරක්ෂාවක් ලෙස කිම් නොපැමිණීම පිළිගත හැකි බවයි.

    ගෝලීය කොරෝනා වසංගතයේදී මීට පෙර ප්‍රසිද්ධියේ පෙනී සිටි ආකාරයටම, කිම් සහ ඔහුගේ පිරිවර මුහුණු ආයරණ පැළඳ සිටියේ නැත.

    උතුරු කොරියාව අවධාරණය කර ඇත්තේ කොරෝනා වෛරස් ආසාදිතයින් කිසිවෙක් තම රට තුළ නැති බවයි.

    විශ්ලේෂකයින් පැවසුවේ කිම්ට මුහුණු ආවරණයක් පැළඳ ප්‍රසිද්ධියේ පෙනී සිටිය නොහැකි බැවින් එම බොරුවට උතුරු කොරියානු ජනතාවට ගොදුරු විය හැකි බවයි.

    “කිම් නොපැමිණීම සඳහා බොහෝ දුරට පැහැදිලි කිරීම වන්නේ උතුරු කොරියාව කොරොන වෛරස් වසංගතය පැවැත්මේ තර්ජනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමයි … ඔහු බොහෝ විට ඔහුගේ සෞඛ්‍යය සහතික කිරීමට පියවර ගනිමින් සිටි අතර හෝ වෛරසයෙන් පුද්ගලිකව යම් ආකාරයකින් බලපෑමට ලක්විය හැකිය, ” හැරී කසියානිස් පැවසීය.

    සිරියාවේ, කියුබාවේ සහ දකුණු අප්‍රිකාවේ නායකයින්ට සුබ පැතුම් යැවීම සහ වෙරළබඩ නගරයක් වන වොන්සාන් හි සංචාරක පහසුකම් ඉදිකරන කම්කරුවන්ට කෘතඥතාව පළ කිරීම වැනි මහජන දෘෂ්ටියෙන් බැහැරව කිම් කටයුතු කරන බව රාජ්‍ය මාධ්‍ය මීට පෙර වාර්තා කළේය. .

    ‘අසාමාන්‍ය සංඥ නැත’

    සෙනසුරාදා වාර්තාවට සෝල්හි එක්සත් අමාත්‍යංශය ප්‍රතිචාර දක්වමින් කිම් පිළිබඳ “පදනම් විරහිත” සමපේක්ෂණය “අනවශ්‍ය ව්‍යාකූලත්වයක්” ඇති කර ඇති අතර අනාගතයේ දී වඩාත් ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු යැයි කියා සිටියේය. 

    පියොංයැං හි පාලක ප්‍රභූව සොයා ගැනීම පිළිබඳ මිශ්‍ර වාර්තාවක් ඇති දකුණු කොරියාවේ රජය, ශල්‍යකර්මයෙන් පසු 36 හැවිරිදි වියේ පසුවන කිම්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල යැයි අනුමාන කරයි. 

    දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ-ඉන් කාර්යාලය කියා සිටියේ උතුරු කොරියාවේ අසාමාන්‍ය සලකුණු හෝ රටේ පාලක පක්ෂය, මිලිටරි හා කැබිනට් මණ්ඩලයේ හදිසි ප්‍රතිචාරයක් නොමැති බවයි. කිම් තවමත් රාජ්‍ය කටයුතු කළමනාකරණය කරන නමුත් පියොංයැං නගරයෙන් පිටත නිශ්චිත ස්ථානයක නැවතී සිටින බව විශ්වාස කරන බව එහි සඳහන් ය. 

    විශ්ලේෂකයින් පවසන්නේ කිම්ගේ සෞඛ්‍යය ඉදිරි වසර කිහිපය තුළ වැඩිවන සාධකයක් බවට පත්විය හැකි බවයි: ඔහු අධික බර, දුම් හා බීම සහ හෘදයාබාධ පිළිබඳ පවුල් ඉතිහාසයක් ඇත.

    සමහර විශ්ලේෂකයින් පවසා ඇත්තේ ඔහුට හදිසියේම පාලනය කිරීමට නොහැකි නම් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇරඹි පියොංයැංගේ පරම්පරාගත රාජවංශය දිගටම කරගෙන යාම සඳහා ඔහුගේ සහෝදරිය (ඇගේ සහෝදරයාට වඩා අවුරුදු හතරක් පමණ බාල බව විශ්වාස කෙරේ) සූදානම් වනු ඇති බවයි.

    එහෙත් තවත් සමහරු ප්‍රශ්න කරන්නේ උතුරු කොරියාවේ ප්‍රභූ පැලැන්තියේ ප්‍රධාන සාමාජිකයින්ට, වැඩි වශයෙන් 60 හෝ 70 දශකවල පිරිමින්ට, හමුදා අක්තපත්‍ර නොමැති තරුණ හා පරීක්‍ෂා නොකළ කාන්තා නායිකාවක් පිළිගැනීමට හැකි වේද යන්නයි. සමහරු සාමූහික නායකත්වය හෝ ප්‍රචණ්ඩ බල අරගලයන් පුරෝකථනය කරති.

    2017 දී අසාමාන්‍ය ලෙස ප්‍රකෝපකාරී මිසයිල හා න්‍යෂ්ටික අත්හදා බැලීම්වලින් පසුව, කිම් දකුණු කොරියාවේ 2018 ශීතඍතු ඔලිම්පික් උළෙල භාවිතා කරමින් එම වසර අගදී වොෂිංටන් සහ සෝල් සමඟ සාකච්ඡා ආරම්භ කළේය. එය පුදුම සහගත සමුළු මාලාවකට තුඩු දුන් අතර කිම් සහ ට්‍රම්ප් තුන් වතාවක් හමුවිය

    සම්බාධක සහන සහ නිරායුධකරණ පියවර හුවමාරු කර ගැනීමේදී ඇති වූ මතභේද සම්බන්ධයෙන් මෑත මාසවලදී සාකච්ඡා අඩාල වී ඇති අතර, කිම් සිය පැවැත්ම පිළිබඳ ප්‍රබලම සහතිකය ලෙස ඔහු දකින අවි ගබඩාවක් කවදා හෝ සම්පූර්ණයෙන් ඉවත් කරාවිද යන්න පිළිබඳ සැක මතු කරයි.

    ඒපී - කිම් ජොන් උන්

    උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ ගොනු රූපයක් පෙන්වන රූපවාහිනියක් ජනතාව නරඹයි [අහ් යන්ග්-ජූන් / ඒපී]

    පසුගිය සතිවල කිම් නොපැමිණීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත. 2014 දී කිම් සති හයකට ආසන්න කාලයක් මහජන අවධානයෙන් අතුරුදහන් වූ අතර පසුව නැවත පෙනී සිටියේය. දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය පැවසුවේ ඔහුගේ වළලුකරෙන් ගෙඩියක් ඉවත් කර ඇති බවයි.

    නැගෙනහිර ආසියාවේ හිටපු එක්සත් ජනපද තානාපති ඩැනියෙල් රසල් පැවසුවේ  කිම්ගේ අතුරුදහන් වීමේ ප්‍රහේලිකාව එක්රැස් වීමට කාලයක් ගතවනු ඇති බවයි.

    ඔහුගේ නැවත පෙනී සිටීමෙන් පෙනී ගියේ උතුරු කොරියානු නායකයෙකුගේ යහපැවැත්ම සහ කොහේද යන්න පිළිබඳ බලයලත් තොරතුරු සමීපව ආරක්‍ෂා කර ඇති බවත්, ඔහු පිළිබඳ කටකතා සැලකිය යුතු සැක සහිත ලෙස සලකා බැලිය යුතු බවත් රසල් පැවසීය.

    කෙසේවෙතත්, මෙම කටකතා උතුරු කොරියාවේ අනුප්‍රාප්තික සැලැස්ම කෙරෙහි අවධානය යොමු කිරීමට ඉවහල් වූ අතර, එය “රාජාණ්ඩු හා ඇදහිලි වැනි ආඥාදායකත්වයක් අවදානමකින් පිරී ඇති අතර, බොහෝ වාර ගණනක් අවදානමට ලක්වන වැඩිහිටි උරුමක්කාර සංයෝග නොමැති වීම” ඔහු තවදුරටත් පැවසීය.

    විශ්ලේෂකයින් පවසන්නේ කිම් ඉදිරි දිනවලදී තවත් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට ඉඩ ඇති බවයි. 

    සයොල්හි ඊවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ මහාචාර්යවරයකු වන ලීෆ්-එරික් ඊස්ලි පැවසුවේ පියොංයැං “නායකයාගේ සෞඛ්‍යය හා කාලසටහන පිළිබඳ රහස්‍යභාවය සැලකිල්ලට ගෙන කිම් මෑතදී නොපැමිණීම පැහැදිලි නොකරනු ඇත” යනුවෙනි.

    උතුරු කොරියාවේ ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රික සගයා සහ වෙළඳ හා ආධාර සපයන ප්‍රධාන සැපයුම්කරු වන චීනය තම අසල්වැසියාගේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් සරණාගතයින් ගලා ඒම වළක්වා ගැනීමටත් උනන්දු වෙයි.

    “මිලියන ගණනකගේ ජීවිත අවදානමට ලක්ව ඇති න්‍යෂ්ටික ගැටුමකට සම්බන්ධ උතුරු කොරියාව“ අතිශය දැඩි ආරක්ෂක අර්බුදයක කේන්ද්‍රස්ථානය ”බව එක්සත් ජනපද ජාත්‍යන්තර ප්‍රතිපත්ති පිළිබඳ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජික හෙන්රි ෆෙරොන් ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

    “මෙය ඔහුගේ මරණයට හේතු විය හැකි දේශීය හා ජාත්‍යන්තර අස්ථාවරත්වය පිළිබඳ නීත්‍යානුකූල උත්සුකයන් මතු කරයි.”

    2020 මැයි 02 වැනි දින අල් ජසීරා වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • Untitled post 28993

    ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නවතම යාවත්කාලීන කිරීම් අනුව අද දිනය අවසන් වන විට ගෝලීය වශයෙන් ආසාදිතයින් 3,303,296ක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාව 235,290ක් ලෙස වාර්තා වෙනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව තව දුරටත් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 1,082,411ක්. වැඩිම මරණ සංඛ්‍යාව ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර අද දිනය අවසන් වන විට එය 63,127ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

    ස්පාඤ්ඤය – රෝගීන් 215,216 ක්, මරණ 24,824 ක්
    ඉතාලිය – රෝගීන් 205,463 ක්, මරණ 27,967 ක්
    එක්සත් රාජධානිය – රෝගීන් 172,481 ක්, මරණ 26,842 ක්
    ප්‍රංශය – රෝගීන් 167,303 ක්, මරණ 24,410 ක්
    ජර්මනිය – රෝගීන් 163,009 ක්, මරණ 6,623 ක්
    තුර්කිය –   රෝගීන් 120,204 ක් ,  මරණ 3 , 174 ක්
    රුසියාව – රෝගීන් 114,431 ක්, මරණ 1,169 ක් 
    ඉරානය – රෝගීන් 95,646 ක්, මරණ 6,091 ක් 
    බ්රසීලය – රෝගීන් 87,187 ක්, මරණ 6,006 ක්
    චීනය – රෝගීන් 83,958 ක්, මරණ 4,637 ක්
    කැනඩාව – රෝගීන් 54,457 ක්, මරණ 3,310 ක්
    බෙල්ජියම – රෝගීන් 49,032 ක්, මරණ 7,703 ක්
    නෙදර්ලන්තය – රෝගීන්  39.988   මරණ 4.909
    පේරු – රෝගීන් 36,976 ක්, මරණ 1,051 ක්
    ඉන්දියාව – රෝගීන් 35,043 ක්, මරණ 1,154 ක්
    ස්විට්සර්ලන්තය – රෝගීන් 29,705 ක්, මරණ 1,737 ක්
    පෘතුගාලය – රෝගීන් 25,351 ක්, මරණ 1,007 ක්
    ඉක්වදෝරය – රෝගීන් 24,934 ක්, මරණ 900 ක්
    සෞදි අරාබිය – රෝගීන් 22,753 ක්, මරණ 162 ක්
    ස්වීඩනය – රෝගීන් 21,520 ක්, මරණ 2,653 ක්
    අයර්ලන්තය – රෝගීන් 20,612 ක්, මරණ 1,232 ක්
    මෙක්සිකෝව – රෝගීන් 19,224 ක්, මරණ 1,859 ක්
    පකිස්ථානය – රෝගීන් 17,439 ක්, මරණ 391 ක් 
    සිංගප්පූරුව – රෝගීන් 17,101 ක්, මරණ 15 ක්
    චිලී – රෝගීන් 16,023 ක්, මරණ 227 ක්
    ඊස්රායලය – රෝගීන් 16,004 ක්, මරණ 223 ක්
    ඔස්ට්‍රියාව – රෝගීන් 15,531 ක්, මරණ 589 ක්
    බෙලාරුස් – රෝගීන් 14,917 ක්, මරණ 93 ක්
    ජපානය – රෝගීන් 14,088 ක්, මරණ 430 ක්
    කටාර් – රෝගීන් 14,096 ක්, මරණ 12 ක්
    පෝලන්තය – රෝගීන් 13,105 ක්, මරණ 651 ක් 
    එක්සත් අරාබි එමීර් ර – රෝගීන් 13,038 ක්, මරණ 111 ක්
    රුමේනියාව – රෝගීන් 12,567 ක්, මරණ 726 ක්
    දකුණු කොරියාව – රෝගීන් 10,774 ක්, මරණ 248 ක්
    යුක්රේනය – රෝගීන් 10,861 ක්, මරණ 272 ක්
    ඉන්දුනීසියාව – රෝගීන් 10,551 ක්, මරණ 800 ක්
    ඩෙන්මාර්කය – රෝගීන් 9,509 ක්, මරණ 460 ක්
    පිලිපීනය – රෝගීන් 8,772 ක්, මරණ 579 ක්
    නෝර්වේ – රෝගීන් 7,759 ක්, මරණ 210 ක්
    අන්තර් ක්‍රියාකාරී: කොවිඩ් -19 සමාජ දුරස්ථභාවය
    බංග්ලාදේශය – රෝගීන් 8,238 ක්, මරණ 170 ක්
    චෙක් ජනරජය – රෝගීන් 7,689 ක්, මරණ 237 ක් 
    ඩොමිනිකන් ජනරජය – රෝගීන් 6,972 ක්, මරණ 301 ක්
    ඕස්ට්‍රේලියාව – රෝගීන් 6,765 ක්, මරණ 93 ක්
    සර්බියාව – රෝගීන් 9,009 ක්, මරණ 179 ක්
    පැනමාව – රෝගීන් 6,532 ක්, මරණ 188 ක්
    කොලොම්බියාව – රෝගීන් 6,507 ක්, මරණ 293 ක්
    මැලේසියාව – රෝගීන් 6,071 ක්, මරණ 103 ක්
    දකුණු අප්‍රිකාව – රෝගීන් 5,647 ක්, මරණ 103 ක්
    ඊජිප්තුව – රෝගීන් 5,537 ක්, මරණ 392 ක්
    ෆින්ලන්තය – රෝගීන් 5,051 ක්, මරණ 218 ක්
    අන්තර්ක්‍රියාකාරී: කොවිඩ් -19 වක්‍රය සමතලා කිරීම
    මොරොක්කෝව – රෝගීන් 4,529 ක්, මරණ 171 ක්
    ආර්ජන්ටිනාව – රෝගීන් 4,428 ක්, මරණ 218 ක් 
    කුවේට් – රෝගීන් 4,377 ක්, මරණ 30 ක්
    ඇල්ජීරියාව – රෝගීන් 4,006 ක්, මරණ 450 ක් 
    මෝල්ඩෝවා – රෝගීන් 3,897 ක්, මරණ 122 ක්
    ලක්සම්බර්ග් – රෝගීන් 3,784 ක්, මරණ 90 ක්
    කසකස්තානය – රෝගීන් 3,551 ක්, මරණ 25 ක්
    බහරේනය – රෝගීන් 3,040 ක්, මරණ 8 ක් 
    තායිලන්තය – රෝගීන් 2,960 ක්, මරණ 54 ක්
    හංගේරියාව – රෝගීන් 2,863 ක්, මරණ 323 ක්
    ග්‍රීසිය – රෝගීන් 2,591 ක්, මරණ 140 ක්
    ඕමානය – රෝගීන් 2,447 ක්, මරණ 11 ක්
    ඇෆ්ගනිස්ථානය – රෝගීන් 2,335 ක්, මරණ 68 ක්
    ඉරාකය – රෝගීන් 2,085 ක්, මරණ 93 ක්
    ක්‍රොඒෂියාව – රෝගීන් 2,085 ක්, මරණ 75 ක්
    ඝනාව – රෝගීන් 2,074 ක්, මරණ 17 ක් 
    ආර්මේනියාව – රෝගීන් 2,148 ක්, මරණ 33 ක්
    උස්බෙකිස්තානය – රෝගීන් 2,075 ක්, මරණ 9 ක්
    කැමරූන් – රෝගීන් 1,832 ක්, මරණ 61 ක්
    අසර්බයිජානය – රෝගීන් 1,804 ක්, මරණ 24 ක්
    අයිස්ලන්තය – රෝගීන් 1,797 ක්, මරණ 10 ක්
    බොස්නියාව සහ හර්සගොවිනා – රෝගීන් 1,757 ක්, මරණ 69 ක්
    නයිජීරියාව – රෝගීන් 1,932 ක්, මරණ 58 ක්
    එස්තෝනියාව – රෝගීන් 1,694 ක්, මරණ 52 ක්
    කොරෝනාවයිරස රෝග ලක්ෂණ
    බල්ගේරියාව – රෝගීන් 1,541 ක්, මරණ 66 ක්
    කියුබාව – රෝගීන් 1,501 ක්, මරණ 61 ක්
    ගිනියාව – රෝගීන් 1,495 ක්, මරණ 7 ක්
    නවසීලන්තය – රෝගීන් 1,479 ක්, මරණ 19 ක්
    උතුරු මැසිඩෝනියාව – රෝගීන් 1,494 ක්, මරණ 81 ක්
    ස්ලොවේනියාව – රෝගීන් 1,434 ක්, මරණ 92 ක්
    ස්ලොවැකියාව – රෝගීන් 1,403 ක්, මරණ 23 ක්
    ලිතුවේනියාව – රෝගීන් 1,399 ක්, මරණ 45 ක්
    අයිවරි කෝස්ට් – රෝගීන් 1,275 ක්, මරණ 14 ක් 
    බොලිවියාව – රෝගීන් 1,167 ක්, මරණ 62 ක්
    ජිබුටි – රෝගීන් 1,097 ක්, මරණ 2 ක්
    ටියුනීසියාව – රෝගීන් 994 ක්, මරණ 41 ක්
    සෙනෙගල් – රෝගීන් 1,024 ක්, මරණ 9 ක්
    ලැට්වියාව – රෝගීන් 870 ක්, මරණ 16 ක්
    සයිප්‍රසය – රෝගීන් 850 ක්, මරණ 15 ක්
    ඇල්බේනියාව – රෝගීන් 773 ක්, මරණ 31 ක්
    හොන්ඩුරාස් – රෝගීන් 804 ක්, මරණ 75 ක්
    කිර්ගිස්තානය – රෝගීන් 756 ක්, මරණ 8 ක්
    ඇන්ඩෝරා – රෝගීන් 745 ක්, මරණ 42 ක්
    ලෙබනනය – රෝගීන් 729 ක්, මරණ 24 ක්
    කොස්ටාරිකාව – රෝගීන් 719 ක්, මරණ 6 ක්
    නයිජර් – රෝගීන් 719 ක්, මරණ 32 ක්
    ශ්‍රී ලංකාව – රෝගීන් 671 ක්, මරණ 7 ක්
    බුර්කිනා ෆාසෝ – රෝගීන් 645 ක්, මරණ 43 ක්
    උරුගුවේ – රෝගීන් 643 ක්, මරණ 17 ක්
    සෝමාලියාව – රෝගීන් 601 ක්, මරණ 28 ක්
    ග්වාතමාලාව – රෝගීන් 599 ක්, මරණ 16 ක්
    සැන් මරිනෝ – රෝගීන් 580 ක්, මරණ 41 ක්
    ජෝර්ජියාව – රෝගීන් 566 ක්, මරණ 6 ක්
    කොසෝවෝ – රෝගීන් 799 ක්, මරණ 12 ක්
    කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය – නඩු 572 ක්, මරණ 31 ක්
    මාලි – නඩු 490 ක්, මරණ 26 ක් 
    ටැන්සානියාව – රෝගීන් 480 ක්, මරණ 16 ක්
    මෝල්ටාව – රෝගීන් 467 ක්, මරණ 4 ක්
    ජෝර්දානය – රෝගීන් 453 ක්, මරණ 8 ක්
    සුඩානය – රෝගීන් 442 ක්, මරණ 31 ක්
    තායිවානය – ‍රෝගීන් 429 ක්, මරණ 6 ක්
    ජැමෙයිකාව – රෝගීන් 422 ක්, මරණ 8 ක්
    කෙන්යාව – රෝගීන් 396 ක්, මරණ 21 ක්
    මාලදිවයින – රෝගීන් 475, 1 මරණය
    එල් සැල්වදෝරය – රෝගීන් 424 ක්, මරණ 10 ක්
    වාඩිලාගෙන සිටින පලස්තීන ප්‍රදේශ – රෝගීන් 344 ක්, මරණ 2 ක්
    මොරිෂස් – රෝගීන් 332 ක්, මරණ 10 ක්
    වෙනිසියුලාව – රෝගීන් 333 ක්, මරණ 10 ක්
    මොන්ටිනිග්‍රෝ – රෝගීන් 322 ක්, මරණ 10 ක්
    සමක ගිනියාව – රෝගීන් 315 ක්, 1 මරණය
    ගැබොන් – රෝගීන් 276 ක්, මරණ 3 ක් 
    වියට්නාමය – රෝගීන් 270 ක්
    පැරගුවේ – රෝගීන් 266 ක්, මරණ 10 ක්
    රුවන්ඩාව – රෝගීන් 243 ක්
    කොංගෝ ජනරජය – රෝගීන් 220 ක්, මරණ 9 ක්
    ගිනියා-බිස්සව් – රෝගීන් 205 ක්, 1 මරණය
    මියන්මාරය – රෝගීන් 151 ක්, මරණ 6 ක්
    ලයිබීරියාව – රෝගීන් 141 ක්, මරණ 18 ක්
    බ une නායි – නඩු 138, 1 මරණය
    ඉතියෝපියාව – රෝගීන් 133 ක්, මරණ 3 ක්
    මැඩගස්කරය – රෝගීන් 132 ක්
    සියරා ලියොන් – රෝගීන් 136 ක්, මරණ 7 ක්
    කාම්බෝජය – රෝගීන් 122 ක්
    කේප් වර්ඩ් – රෝගීන් 122, 1 මරණය
    ටෝගෝ – රෝගීන් 116 ක්, මරණ 9 ක්
    ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ – රෝගීන් 116 ක්, මරණ 8 ක්
    සැම්බියාව – රෝගීන් 106 ක්, මරණ 3 ක් 
    එස්වාටිනි – රෝගීන් 100 ක්, 1 මරණය
    මොනාකෝ – රෝගීන් 95 ක්, මරණ 4 ක්
    ලිච්ටෙන්ස්ටයින් – ‍රෝගීන් 82 ක්, 1 මරණය
    උගන්ඩාව – රෝගීන් 83 යි
    බහමාස් – රෝගීන් 81 ක්, මරණ 11 ක්
    බාබඩෝස් – ‍රෝගීන් 81 ක්, මරණ 7 ක්
    ගයනා – 82 ක්, මරණ 9 ක්
    හයිටි – 81 ක්, මරණ 8 ක්
    මොසැම්බික් – රෝගීන් 76 යි
    බෙනින් – රෝගීන් 64 ක්, 1 මරණය
    ලිබියාව – රෝගීන් 61 ක්, මරණ 3 ක්
    නේපාලය – රෝගීන් 59 ක්
    චැඩ් – රෝගීන් 73 ක්, මරණ 5 ක්
    මධ්‍යම අප්‍රිකානු ජනරජය – රෝගීන් 64 ක්
    සිරියාව – රෝගීන් 43 ක්, මරණ 3 ක්
    සිම්බාබ්වේ – ‍රෝගීන් 40 ක්, මරණ 4 ක්
    එරිත්‍රියාව – රෝගීන් 39 යි
    මොන්ගෝලියාව – රෝගීන් 38 ක්
    මලාවි – රෝගීන් 37 ක්, මරණ 3 ක්
    දකුණු සුඩානය – රෝගීන් 35 ක්
    ඇන්ගෝලා – රෝගීන් 27 ක්, මරණ 2 ක්
    ඇන්ටිගුවා සහ බාබුඩා – රෝගීන් 24 ක්, මරණ 3 ක්
    නැගෙනහිර ටිමෝරය – ‍රෝගීන් 42 යි
    බොට්ස්වානා – රෝගීන් 23 ක්, 1 මරණය
    ග්‍රෙනාඩා – රෝගීන් 20 ක්
    ලාඕසය – රෝගීන් 19 ක්
    බෙලීස් – රෝගීන් 18 ක්, මරණ 2 ක්
    ෆීජි – රෝගීන් 18 යි
    ශාන්ත ලුසියා – ‍රෝගීන් 17ක්
    ඩොමිනිකා – රෝගීන් 16 යි
    නැමීබියාව – රෝගීන් 16 ක්

    අල් ජසීරා වාර්තාවක් ඇසුරිණි

  • බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට පුතෙක්

    බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට පුතෙක්

    55 හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකු වුවත් බ්‍රිතාන්‍ය අගමැති බොරෝස් ජොන්සන් අද පියෙකු බවට පත් වුණා. ඒ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ සහකාරිය වන කැරී සිමොන්ඩ්ස් අද දින බොරිස් ජෝන්ස්ටන්ට දාව දරුවෙකු බිහි කිරීම සමගයි.

    තම පුත්‍රයා උපත ලද බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ ඔහුගේ සහකාරිය වන කැරී සිමොන්ඩ්ස් නිවේදනය කළහ.

    මව සහ දරුවා “ඉතා යහපත්” සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව අගමැතිවරයා සහ ඔහුගේ සහකාරිය වෙනුවෙන් ඉදිරිපත් වූ ප්‍රකාශකයා පැවසීය.

    ලන්ඩනයේ ජාතික සෞඛ්‍ය සේවයට අයත් (NHS) රෝහලක දරුවා උපත ලබා ඇති අතර ඒ මොහොතේ අගමැතිවරයා ද එම ස්ථානයේ සිටි බව වාර්තා වේ.

    නව කොරෝනාවෛරසය ආසාදනය වූ අගමැති බොරිස් ජොන්සන් සම්පුර්ණ සුවය ලැබුවේ මීට දින කිහිපයකට පෙරය.

    “අගමැතිවරයා සහ සිමන්ඩ් මහත්මිය, ජාතික සෞඛ්‍ය සේවයේ අති දක්ෂ මාතෘ හෙද කණ්ඩායමට සිය කෘතඥතාවය පිරිනමනවා.” ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.

    55 හැවිරිදි අගමැති ජොන්සන් සහ 32 හැවිරිදි කැරී සිමොන්ඩ්ස් ගේ විවාහ වීමට නියමිත බව නිවේදනය කෙරුණේ පසුගිය වසර අවසානයේදී ය.

    වසන්ත සමයේ මුල් භාගයේ දී දරු උපතක් සිදු වීමට නියමිත බව පසුගිය මාර්තු මාසයේ දී නිවේදනය කෙරින.

    “අගනා ප්‍රවෘත්තියක්”

    බ්‍රිතාන්‍ය අගමැති නිල නිවාසයේ පදිංචිය සඳහා පැමිණි ප්‍රථම අවිවාහක යුවල ලෙස බොරිස් ජොන්සන් සහ කැරී සිමොන්ඩ්ස් ඉතිහාසගත වේ.

    අගමැති ජෝන්සන්ට කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් අනතුරුව දින තුනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය. සුවය ලැබීමෙන් අනතුරුව ඔහු නිල රාජකාරි කටයුතු ආරම්භ කළේ සඳුදාය. (අප්‍රේල් 27)

    අගමැතිවරයාගේ සහකාරිය ද කොරෝනාවෛරස රෝග ලක්ෂණවලින් පෙළුණු බව වාර්තා විය.

    තමන්ට මුනුබුරෙකු ලැබීම ගැන අතිශය සතුටට සහ උද්දාමයට පත් වී සිටින බව අගමැතිවරයාගේ පියා වන ස්ටැන්ලි ජොන්සන් PA පුවත් සේවයට පවසා ඇත.

    අගමැතිවරයාගේ කොන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රීවරු සහ විරුද්ධ පක්ෂය ඇතුළු බොහෝ දෙනෙකු සුබ පැතුම් එක්කර තිබේ.

    විරුද්ධ පක්ෂය වන කම්කරු පක්ෂයේ නායක ශ්‍රීමත් Keir Starmer “අගනා ප්‍රවෘතියක්” ලැබුණු බව පවසමින් ශුභාශිංසන එක් කළේය.

  • ඇමරිකාව හදන නව කොරෝනා එන්නතට ඉන්දියාවේ සහාය අවශ්‍ය වුණේ ඇයි?

    ඇමරිකාව හදන නව කොරෝනා එන්නතට ඉන්දියාවේ සහාය අවශ්‍ය වුණේ ඇයි?

    නව කොරෝනාවෛරසයට එරෙහිව එන්නතක් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව ඒකාබද්ධ වී කටයුතු කරමින් සිටින බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මීට දෙසතියකට පමණ පෙර ප්‍රකාශ කර තිබිණි.

    ඔහුගේ ප්‍රකාශය කිසිවෙකුට මවිතය දනවන්නක් නොවිණි.

    දශක තුනක් තිස්සේ මෙම රාජ්‍යයන් දෙක ඒකාබද්ධව ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ එන්නත් සංවර්ධනය කිරීමේ වැඩසටහන් දියත් කර තිබේ.

    ඩෙංගු රෝගය, උණ සන්නිපාතය, ඉන්ෆ්ලුවෙන්සා සහ ක්‍ෂය රෝගය මැඬලීම සඳහා දෙරට එක්වී එන්නත් සොයා ගැනීමට කටයුතු කිරීම ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය.

    ඩෙංගු රෝගයට එරෙහි එන්නතක් අත්හදා බැලීම, ඉක්මනින් ආරම්භ කිරීම සඳහා සැලසුම් කර තිබේ.

    එන්නත් සහ සාමාන්‍ය ඖෂධ වර්ග මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන රටවල් අතර ඉන්දියාව ද සිටී.

    මහා පරිමාණයෙන් එන්නත් නිපදවන සමාගම් හයක් පමණ ඉන්දියාව තුළ ඇත. එමෙන් ම සුළු හා මධ්‍යම පරිමාණයෙන් එන්නත් නිපදවන සමාගම් රාශියක් ඉන්දියාවේ ක්‍රියාත්මක වන අතර ඔවුහු පෝලියෝ, මෙනින්ජයිටීස්, නියුමෝනියා, බීසීජී, සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා වැනි එන්නත් නිෂ්පාදනය කරති.

    මේ වන විට ඉන්දීය සමාගම් හයක් පමණ නව කොරෝනවෛරසයට එරෙහිව එන්නත් සංවර්ධනය කරමින් සිටී.

    Serum Institute of India ඉන් එක් සමාගමකි. මේ වන විට ඔවුන් විසින් නිපදවනු ලබන විවිධ එන්නත් මාත්‍රා ගණන සහ ලොව පුරා අලෙවි වන ඔවුන්ගේ එන්නත් ප්‍රමාණය ගත් කල එය ලොව විශාලතම නිෂ්පාදනාගාරයයි.

    Serum Institute of India: ලොව විශාලතම එන්නත් නිෂ්පාදනාගාරය
    Serum Institute of India: ලොව විශාලතම එන්නත් නිෂ්පාදනාගාරය

    වසර 53ක් තිස්සේ පවත්වාගෙන යන මෙම සමාගම වසරකට එන්නත් මාත්‍රා බිලියන 1.5ක් නිෂ්පාදනය කරයි. ඉන් වැඩි ප්‍රමාණයක් නිපදවෙන්නේ ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ, පූනේ නගරයේ පවතින නිෂ්පාදනාගාර දෙක තුළදීය.

    මෙම සමාගමට අයත් තවත් කුඩා නිෂ්පාදනාගාර නෙදර්ලන්තයේ සහ චෙක් රිපබ්ලික්හි පිහිටුවා තිබේ. මෙම සමාගමට අයත් සමස්ත සේවක සංඛ්‍යාව 7,000ක් පමණ වේ.

    මෙම සමාගම විසින් එන්නත් වර්ග 20ක් පමණ රටවල් 165කට සපයනු ලැබේ. සිය සමස්ත නිෂ්පාදනයෙන් 80%ක් පමණ අපනයනය කෙරේ. ලෝකයේ අඩු ම මිලකට අලෙවි වන එන්නත් අතරට ඔවුන්ගේ නිෂ්පාදන ද එක් වන අතර දළ වශයෙන් එක් එන්නතක් අලෙවි වන්නේ ශත 50කට පමණය.

    නව කොරෝනවෛරසයට එරෙහිව එන්නතක් සංවර්ධනය කිරීම සඳහා ලොව පුරා විද්‍යාඥ කණ්ඩායම් 80ක් පමණ වෙහෙසෙමින් සිටින බව වාර්තා විය.

    ඒ අතරින් එක් එන්නතක් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ජීව තාක්ෂණික සමාගමක් වන Codagenix සමග Serum Institute of India ද අත්වැල් බැඳගෙන සිටී.

    මෙම එන්නත සජීවී රෝගකාරක බීජවලින් සමන්විත වන නමුදු එහි හානිකර කොටස් ඉවත් කොට රසායනාගාරය තුළ අඩපණ කරන ලද්දකි. එබැවින් ඒ හරහා කොවිඩ්-19 රෝගය ඇති නොවේ. විටෙක ඉතා සුළු රෝග ලක්ෂණ පමණක් ඇති විය හැක.

    “මේ එන්නත අපි අප්‍රේල් මාසයේදී සතුන් මත (මීයන් සහ වඳුරන් මත) අත්හදා බැලීමට සැලසුම් කරලා තියෙනවා. සැප්තැම්බරය වන විට එය මිනිස් සිරුර මත අත්හදා බැලීම ආරම්භ කරන්න පුළුවන් වේවි.” Serum Institute of India ආයතනයේ ප්‍රධාන විධායක අදාර් පූනවල්ලා දුරකතනය ඔස්සේ සම්බන්ධවෙමින් පැවසීය.

    එක්සත් රාජධානියේ ආණ්ඩුවේ සහයෝගය ඇතිව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් සංවර්ධනය කෙරෙමින් පවතින කොරෝනාවෛරස් එන්නත මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා ද ඔහුගේ සමග ම දායක වනු ඇත.

    මෙම එන්නත සංවර්ධනය වන්නේ ජානමය වශයෙන් වෙනස් කරන ලද, චිම්පන්සින්ගෙන් ලබා වෛරසයක් යොදා ගනිමිනි. එය මිනිසා මත අත්හදා බැලීම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී පසුගිය සතියේ ආරම්භ විය.

    මෙම එන්නත සාර්ථක වුවහොත් සැප්තැම්බරය වන විට අඩු තරමින් ඉන් මාත්‍රා මිලියනයක් නිෂ්පාදනය කිරීමට විද්‍යාඥයෝ අපේක්ෂා කරති.

    මේ වසංගතය නිමා කොට රටවල් නැවත යථාතත්ත්වයට පත් කර ගැනීමට නම් මේ වසර අවසානය වන විට එන්නත් මාත්‍රා මිලියන සිය ගණනක් ලෝකෙට අවශ්‍ය වන බව ඉතා පැහැදිලියි.” ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ Jenner ආයතනයේ මහාචාර්ය ඒඩ්රියන් හිල් බීබීසීයේ විද්‍යා හා සෞඛ්‍ය වාර්තාකරු ජේම්ස් ගැලහර්ට පැවසීය.

    ඉන්දීය එන්නත් නිෂ්පාදනාගාර ඉදිරියෙන් සිටින්නේ මෙවැනි වාතාවරණයක් යටතේය. අදාර් පූනවල්ලාගේ Serum Institute of India ආයතනය සතු නිෂ්පාදනාගාර තුළ පමණක් එන්නත් මාත්‍රා මිලියන 400ක් හෝ 500ක් නිපදවීම සඳහා අමතර ධාරිතා ශක්තියක් පවතී.

    එපමණක් නොව. හයිදර්බාද් නුවර පිහිටි Bharat Biotech තවත් ඉන්දීය ඖෂධ සමාගමකි. කොරෝනාවෛරසයට එරෙහි එන්නතක මාත්‍රා 300ක් පමණ නිපදවා ලොව පුරා බෙදා හැරීම සඳහා එක්සත් ජනපදයේ FluGen ඖෂධ සමාගම සහ Wisconsin Madison විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධ වූ බව Bharat Biotech ද නිවේදනය කළේය.

    ඊටත් අමතරව ඉන්දියාවේ Zydus Cadilla ඖෂධ සමාගම තවත් එන්නත් දෙකක වැඩකටයුතු සඳහා අතගසා ඇත. එමෙන් ම, Biological E, Indian Immunologicals, සහ Mynvax යන ඉන්දීය සමාගම් ද කොරෝනාවෛරසයට එරෙහි එන්නතක් බැගින් සංවර්ධනය කරමින් සිටිති.

    මේ සියල්ලට අමතරව කොරෝනාවෛරසයට එරෙහි එන්නත් හතරක් හෝ පහක් මේ වන විට ඉන්දියාව තුළ සංවර්ධනය වෙමින් පවතින අතර ඒවා මුලික අදියරේ පවතී.

    මෙම එන්නත් තොග වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා ආයෝජනය කළ ව්‍යවසායකයන්ට සහ ඖෂධ සමාගම්වලට ඒ සම්මානය හිමි විය යුතුයි. ලෝකය වෙනුවෙන් යහපතක් කිරීමත් එම සමාගම්වල අයිතිකරුවන්ගේ එක් අරමුණක්. එමෙන් ම සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමත් එමගින් සිදුවන අතර මෙය දෙපාර්ශවයට ම ජයග්‍රහණයක් ගෙන දෙන ආකෘතියක්,” ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් පැවසීය.

    කෙසේ වී නමුදු, කොරෝනාවෛරසයට එරහිව සාර්ථක එන්නතක් ඉතා ඉක්මනින් වෙළඳපොළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා නොකරන ලෙසට විශේෂඥයෝ අනතුරු අඟවති.

    ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි, ගෝලීය සෞඛ්‍යය පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් නබාරෝ පවසන්නේ එන්නතක් සාර්ථකව සංවර්ධනය වනු ඇති බවට කිසිදු සහතිකයක් නොමැති හෙයින් මිනිසාට කොරෝනාවෛරස් තර්ජනය සමඟ “සැලකිය යුතු කාලයක්” ජීවත් වීමට සිදුවනු ඇති බවය.

    කොරෝනවෛරසයට එරෙහිව තැනෙන එන්නතකින් ප්‍රතිශක්තියට හානිකර දෙයක් සිදුවන්නට ඇති ඉඩකඩ පිළිබඳවත් සිතා බැලීම යහපත් බව Vermont Medical Centre විශ්වවිද්‍යලයේ එන්නත් පිළිබඳ පර්යේෂක ටිම් ලාහේ අනතුරු අඟවයි.

    ලොව පුරා කොරෝනාවෛරසය ආසාදනය වුවන්ගේ සංඛ්‍යව මිලියන 2.5 ඉක්මවා තිබේ. මරණයට පත් ගණන 177,000කට අධිකය.

    මෙම වෛරසයට එරෙහිව එන්නතක් බිහි කිරීමේ ක්‍රියාවලියට සැලකිය යුතු කාලයක් ගත වේ. සෑම එන්නතක් ම නිකුත් කිරීමට පෙර අත්හදා බැලීම් කළ යුතුය.

    “නමුත් අපි බලාපොරොත්තු සහගතයි, ඉතාමත් ම බලාපොරොත්තු සහගතයි වසර දෙකකින් හෝ ඊට අඩු කාලයකින් ප්‍රත්‍යක්ෂ එන්නතක් බිහිකළ හැකි බවට,” Serum Institute of India ආයතනයේ ප්‍රධාන විධායක අදාර් පූනවල්ලා පැවසීය.

    මෙම සම්පූර්ණ ලිපියම බි.බී.සී සන්දේශය වෙබ්අඩවියෙන් උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • මිෂෙල් ඔබාමාගේ ‘ලෝ ප්‍රකට ගෙවතු වගාව’

    මිෂෙල් ඔබාමාගේ ‘ලෝ ප්‍රකට ගෙවතු වගාව’

    පසුගිය යහපාලන ආණ්ඩු සමයේ මේ රටේ ‘සිතමු‘ නම් දැවැන්ත රාජ්‍ය ව්‍යාපෘතිය යටතේ ගෙවතු 25,000,000ක් වවන්න සැලසුම් දියත් වුණ බවත්, ඒ ගැන රාජ්‍ය මුදල් කෝටි ගණනක් වැය කළ බවත් අපි කවුරුත් දන්නා කරුණක්. එදා සැලසුම් කළ සිතමු ගෙවතු 25,000,000 මේ භූමිය මත රෝපණය වී තිබුණා නම් අද ඒ නිලධාරීන්ම ලවා ‘සෞභාග්‍ය ගෙවතු‘ ලක්ෂ 10ක් වවන්න සිදු නොවන බව අපේ අදහසයි.

    කොරෝනා වසංගතයත් එක්ක ‘ආහාර සුරක්ෂිතභාවය‘ ගැන දැන් වැඩි වැඩියෙන් කතා කරනවා. ආණ්ඩුව පාර්ශ්වයෙන් ඒකට ඉදිරිපත් කළ එක් විසදුමක් වන්නේ ‘සෞභාග්‍ය ගෙවත්ත‘ වැඩසටහන. ඒකව භාරව සිටින රාජ්‍ය ආයතන සදහන් කරන ආකාරයට ලංකාව පුරා ගෙවතු ලක්ෂ 10ක් වවන්නයි සැලසුම. රාජ්‍ය සේවකයින්, පාසල් ළමුන් ඇතුළු බොහෝ දෙනෙක් ගෙදර ඉන්න නිසා මේ සැලසුම පහසුවෙන් ජයගත හැකි බවයි අදාළ අංශවල අදහස.

    අපේ අදහසක් ඒකම තමයි. කොතරම් අඩුපාඩු තිබුණත් ගෙවතු වගාව කියන්නේ ‘හරිම තෘප්තිමත්‘ කටයුත්තක් බව පසුගිය දිනවල ජීවිතේ ප්‍රථම වරට ගෙවතු වගාවේ යෙදුණු බොහෝ දෙනෙක්ගේ අත්දැකීම වී තිබුණා. ඒ නිසා ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීම සදහා අපි ප්‍රතිපත්තිමය වශයෙන් සන්නිවේදනයේ යෙදෙනවා. ඒක මේ මොහොතට පමණක් සීමා නොවුණ ‘ජාතික වගකීමක්‘ බවයි අපේ අදහස.

    මේ සමග අපි ගෙවතු වගාවේ වටිනාකම ගැන ඔබට වඩාත් පැහැදිලි කරදිය හැකි කරුණු සොයා පසුගිය දින කිහිපය පුරා අන්තර්ජාලය පීරුවා. ඒ අතර කෘෂි සන්නිවේදකයෙක් වන සනත් එම් බණ්ඩාර මහතාගේ තොරතුරු මූලාශ්‍රයක් අනුව අපි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ බිරිද මිෂෙල් ඔබාමාව සොයා ගත්තා. ඒ මුළු ලෝකයේම අවධානය දිනා ගත් ඇයගේ ගෙවත්ත ගැන කරුණු ඔබ හමුවේ තැබීමට.

    මිෂෙල්ගේ ලෝ ප්‍රකට ගෙවතු වගාව

    මිෂෙල්ගේ ගෙවත්ත කාටුන් ශිල්පීන් දුටු හැටි

    ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ බිරිද මිෂෙල්ගේ අවධානය ගෙවතු වගාවට යොමු වුණේ ඇය ධවල මන්දිරයේ සිටි 2009 වසරේදී. එවකට ඔබාමා ජනාධිපති වූ නිසා අතිෂය කාර්යබහුල ජීවිතයක් ගත කළ මිෂෙල් ගෙවතු වගාවට යොමු වුණා. ( ඒ කාලේ ආහාර අර්බුදයක් තිබුණේ නැහැ)

    මිෂෙල් පාසල් සිසුන් සමග ධවල මන්දිරයේ ගෙවතු වගාව ආරම්භ කරමින්.

    මිෂෙල් ගෙවතු වගාවට යොමු වෙමින් සදහන් කළේ එය නීරෝගීමත් දිවිපෙවතකට හේතු වන බව සදහන් කරමින්. ඇගේ මේ ප්‍රාරම්භක ප්‍රවේශය ජාත්‍යන්තර මාධ්‍යවල පවා දැඩි අගයීමකට ලක් වුණා. විශේෂයෙන් ‘ද ගාර්ඩියන් ‘ වැනි ජාත්‍යන්තර මාධ්‍ය මිෂෙල්ගේ උත්හාසය අගය කළා. ඊට හොද උදාහරණයක් වන්නේ 2009  ජූලි 2 දින ද ගාර්ඩියන් පළ කළ වාර්තාව. එහි සදහන් වුණේ මිෂෙල් අසල්වැයි පාසලක ළමුන් පිරිසක් ද සහභාගීකර ගෙන ධවල මන්දිරයේ ගෙවත්ත යළි වගා කිරීම ආරම්භ කළ බවයි.

    මිෂෙල් මේ ආකාරයේ ධවල මන්දිරයේ තම සැමියා සමග ජීවත් වූ සම්පූර්ණ කාලය තුළම ගෙවතු වගාවට අවංකව කැප වුණා. (ඒක අපේ දේශපාලනඥයෝ වාගේ ප්‍රදර්ශනකාමී එකක් වුණේ නැහැ) ඒ බව මනාව සනාථ වන්නේ 2016 ඔක්තෝබර් 05 වැනිදා CookingLight වෙබ්අඩවියේ පළ වූ වාර්තාවක් මගිනි.

    මිෂෙල් පාසල් සිසුවියන් සමග ධවල මන්දිර ගෙවත්තේ කැරට් ඵලදාව නෙළමින්

    එහි සදහන් වුණේ ‘2009 දී ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා ධවල මන්දිරයේ ගෙවත්තක් ආරම්භ කළාය. ඔබාමා ධවල මන්දිරයේ පදිංචිව සිටි වසර අටක් තුළ එම ගෙවත්ත වර්ධනය වී තිබේ. මුලින් වර්ග අඩි 1,100 ක් වූ එය අවසානයේ වර්ග අඩි 2,800 දක්වා පුළුල් විය. එහි එළවළු සහ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ධවල මන්දිර සූපවේදීන් විසින් එදිනෙදා ආහාර සහ රාත්‍රී භෝජන සංග්‍රහ සඳහා යොදා ගනී. ළමා තරබාරුකම වසංගතය විශේෂයෙන් අවසන් කරමින් ආහාර ගැටළු සඳහා ඔබාමාගේ කැපවීමට මෙම උද්‍යානය නිදසුනකි‘ https://www.cookinglight.com/healthy-living/green-living/michelle-obama-honors-white-house-garden

    මිෂෙල්ගේ ගෙවත්ත ගැන වැදගත් සදහන් ඇමෙරිකාවේ ‘ජාතික උද්‍යාන සේවය‘ විසින් 2017දී පළ කළා.

    ධවල මන්දිර ගෙවත්ත, 2017.

    ‘ධවල මන්දිරයේ ගෙවත්ත White House Kitchen Garden 2009 දී ජනාධිපති ආර්යාව වන මිෂෙල් ඔබාමා විසින් දකුණු උද්‍යානය මත රෝපණය කරන ලදී. වර්ග අඩි 2,800 කින් යුත් මෙම උද්‍යානය පළමු පවුල සහ ධවල මන්දිර අමුත්තන් සඳහා දේශීයව වගා කරන ආහාර සපයයි. එපමණක්ද නොව, ඔබ වැනි අයට නිවසේදී පෝෂ්‍යදායී ආහාර වගා කළ හැකි ආකාරය පිළිබඳ උද්‍යානය ආදර්ශයකි.

    ධවල මන්දිරයේ මුළුතැන්ගෙය මෑත කාලීන එකතු කිරීමක් වුවද, ධවල මන්දිරයේ නිෂ්පාදන වැඩීමේ දිගු සම්ප්‍රදායක් ඇත. ජනාධිපති ජෝන් ඇඩම්ස් 1797 දී ධවල මන්දිර භූමියේ පළමු එළවළු උද්‍යානය සැලසුම් කළේය. බොහෝ ජනාධිපතිවරු පලතුරු ගස්, පළතුරු වතු සිටුවීම සහ හරිතාගාර පිහිටුවීම මෙම ක්‍රියාව දිගටම කරගෙන ගියහ. දෙවන ලෝක සංග්‍රාමයේදී ජනාධිපති ආර්යාව වූ එලිනෝර් රූස්වෙල්ට් ධවල මන්දිරයේ වික්ටරි උද්‍යානයක් රෝපණය කළ අතර, යුද්ධයේදී සැපයුම් හිඟය මඟහරවා ගැනීම සඳහා සියළුම ඇමරිකානුවන්ට තමන්ගේම ආහාර වගා කර ගැනීමට දිරිගැන්වීය.

    මුළුතැන්ගෙයි උද්‍යානය ආරම්භයේ සිටම, බෝග වගා කිරීමට හා නැඹුරු කිරීමට උපකාර කිරීමෙන් ආහාර වගා කරන ආකාරය ඉගෙන ගැනීමට දරුවන්ට ආරාධනා කර ඇත. ඉගෙන ගත් පාඩම් ළමයින්ට ඔවුන් ගන්නා ආහාර ගැන හොඳ තේරීමක් කිරීමට උපකාරී වේ.

    මුළුතැන්ගෙයි උද්‍යානයේ විවිධ පලතුරු, එළවළු සහ ඖෂධ පැළෑටි අඩංගු වේ. අද ධවල මන්දිරය සඳහා සෑම වසරකම රාත්තල් 2,000 ක් පමණ ආහාර සපයයි. ධවල මන්දිරයේ භාවිතා නොකරන ඕනෑම ආහාරයක් වොෂිංටන් ඩී.සී. හි පුණ්‍යායතනයකට පරිත්‍යාග කරනු ලැබේ.

    මේ සමග අපි මිෂෙල්ගේ ධවල මන්දිර ගෙවතු වගාවේ ඡායාරූප කිහිපයක් එක්කර තිබෙනවා. අපි මෙහිදී කියන්නේ ‘හුදු ප්‍රදර්ශනකාමය‘ සදහා නොව හදවතින්ම ගෙවතු වගාවට කැපවන අයට මිෂෙල්ව හොදම උදාහරණයක් බවයි.

    එසේ නැතිව ‘වදුරෝ ගෙවල් හදන තාලේ ගෙවතු වගා වැඩසටහන් මගින් රටට ලැබෙන දෙයක් නැති බව අපේ අදහසයි. එය මේ දිනවල ඊනියා ගෙවතු වවන ක්‍රිකට් ක්‍රීඩකයින්ට වාගේම දේශපාලන ලොක්කන්ටත් අදාළයි. ඒ වගේම අපි මේ වගකීම දරන අදාළ බලධාරීන්ගෙන් හා නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ ‘සැලසුම්වලට‘ පමණක් සීමා නොවී මේ වැඩේ ‘හදවතින්ම‘ කරන ලෙසයි.

    මොකද අවම වශයෙන් පසුගිය යහපාලන ආණ්ඩු සමයේ පවා මේ රටේ ගෙවතු 25,000,000ක් වවන්න සැලසුම් දියත් වුණ බවත්, ඒ ගැන රාජ්‍ය මුදල් කෝටි ගණනක් වැය කළ බවත් අපි කවුරුත් දන්නා නිසයි. උදාහරණයක් ලෙස‘ සිතමු‘ නම් දැවැන්ත රාජ්‍ය ව්‍යාපෘතියට යටතේ බිහිකරනවා යැයි සදහන් කළ ගෙවතු විසිපන් ලක්ෂය පමණක් ගත හැකියි. එදා සැලසුම් කළ සිතමු ගෙවතු 25,000,000 මේ භූමිය මත රෝපණය වී තිබුණා නම් අද ඒ නිලධාරීන්ම ලවා ‘සෞභාග්‍ය ගෙවතු‘ ලක්ෂ 10ක් වවන්න සිදු නොවන බව අපේ අදහසයි.

    සැකසුම – තුෂාධවි