Category: සුපිරි World

  • Covid-19 World Update: ඉන්දියාව සහ සෞදිය අවදානම් කලාපයට ළං වෙයි

    Covid-19 World Update: ඉන්දියාව සහ සෞදිය අවදානම් කලාපයට ළං වෙයි

    අද දිනය (27) අවසන් වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,002,303ක් සහ මරණ සංඛ්‍යාව 208,131ක් බව ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිලවෙබ් අඩවියේ සදහන් වෙනවා.

    අද දිනය වන විට ඇමෙරිකාවේ ආසාදිතයින් සංඛ්‍යාව 972,969ක් දක්වා වර්ධනය වී ඇති අතර මරණ සංඛ්‍යාව 55,118ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එම මරණ අතරින් 17,280ක් වාර්තා වන්නේ නිව්යෝර්ක් නුවරින් වීම විශේෂත්වයක්.

    ගෝලීය වශයෙන් සලකා බලන විට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇති රටවල් පහත දැක්වෙනවා.

    එක්සත් ජනපදය – රෝගීන් 968,203 ක්, මරණ 54,938 ක් 
    ස්පාඤ්ඤය – රෝගීන් 296,422 ක්, මරණ 23,521 ක්
    ඉතාලිය – රෝගීන් 197,675 ක්, මරණ 26,644 ක්
    ප්‍රංශය – රෝගීන් 162,220 ක්, මරණ 22,890 ක්
    ජර්මනිය – රෝගීන් 158,142 ක්, මරණ 5,985 ක්
    එක්සත් රාජධානිය – රෝගීන් 154,038 ක්, මරණ 20,797 ක්
    තුර්කිය –   රෝගීන් 110,130 ක් ,   මරණ 2,805 ක්
    ඉරානය – රෝගීන් 91,472 ක්, මරණ 5,806 ක් 
    රුසියාව – රෝගීන් 87,147 ක්, මරණ 794 ක් 
    චීනය – රෝගීන් 83,912 ක්, මරණ 4,637 ක්
    බ්‍රසීලය – රෝගීන් 63,328 ක්, මරණ 4,298 ක්
    කැනඩාව – රෝගීන් 47,182 ක්, මරණ 2,663 ක්
    බෙල්ජියම – රෝගීන් 46,687 ක්, මරණ 7,207 ක්
    නෙදර්ලන්තය – රෝගීන් 38.440, මරණ 4.534
    ස්විට්සර්ලන්තය – රෝගීන් 29,164 ක්, මරණ 1,640 ක්
    ඉන්දියාව – රෝගීන් 28,380 ක්, මරණ 886 ක්
    පේරු – රෝගීන් 27,517 ක්, මරණ 728 ක්
    පෘතුගාලය – රෝගීන් 24,027 ක්, මරණ 928 ක්
    ඉක්වදෝරය – රෝගීන් 22,719 ක්, මරණ 576 ක්
    අයර්ලන්තය – රෝගීන් 19,262 ක්, මරණ 1,087 ක්
    ස්වීඩනය – රෝගීන් 18,926 ක්, මරණ 2,274 ක්
    සෞදි අරාබිය – රෝගීන් 18,811 ක්, මරණ 144 ක්
    ඊස්රායලය – රෝගීන් 15,466 ක්, මරණ 202 ක්
    ඔස්ට්‍රියාව – රෝගීන් 15,274 ක්, මරණ 549 ක්
    මෙක්සිකෝව – රෝගීන් 14,677 ක්, මරණ 1,351 ක්
    සිංගප්පූරුව – රෝගීන් 14,423 ක්, මරණ 14 ක්
    පකිස්ථානය – රෝගීන් 13,909 ක්, මරණ 292 ක් 
    චිලී – රෝගීන් 13,813 ක්, මරණ 189 ක්
    ජපානය – රෝගීන් 13,441 ක්, මරණ 372 ක්
    පෝලන්තය – රෝගීන් 11,761 ක්, මරණ 562 ක් 
    රුමේනියාව – රෝගීන් 11,339 ක්, මරණ 631 ක්
    බෙලාරුස් – රෝගීන් 11,289 ක්, මරණ 75 ක්
    කටාර් – රෝගීන් 11,244 ක්, මරණ 10 ක්
    දකුණු කොරියාව – රෝගීන් 10,738 ක්, මරණ 243 ක්
    එක්සත් අරාබි එමීර් රාජ්යය – රෝගීන් 10,349 ක්, මරණ 76 ක්
    ඉන්දුනීසියාව – රෝගීන් 9,096 ක්, මරණ 765 ක්
    යුක්රේනය – රෝගීන් 9,009 ක්, මරණ 220 ක්
    ඩෙන්මාර්කය – රෝගීන් 8,896 ක්, මරණ 427 ක්
    පිලිපීනය – රෝගීන් 7,777 ක්, මරණ 511 ක්
    නෝර්වේ – රෝගීන් 7,554 ක්, මරණ 205 ක්
    චෙක් ජනරජය – රෝගීන් 7,408 ක්, මරණ 222 ක් 
    ඕස්ට්‍රේලියාව – රෝගීන් 6,714 ක්, මරණ 83 ක්
    සර්බියාව – රෝගීන් 6,630 ක්, මරණ 125 ක්
    ඩොමිනිකන් ජනරජය – රෝගීන් 6,293 ක්, මරණ 282 ක්
    බංග්ලාදේශය – රෝගීන් 5,913 ක්, මරණ 152 ක්
    මැලේසියාව – රෝගීන් 5,820 ක්, මරණ 99 ක්
    පැනමාව – රෝගීන් 5,779 ක්, මරණ 165 ක්
    කොලොම්බියාව – රෝගීන් 5,379 ක්, මරණ 244 ක්
    ඊජිප්තුව – රෝගීන් 4,782 ක්, මරණ 337 ක්
    ෆින්ලන්තය – රෝගීන් 4,695 ක්, මරණ 193 ක්
    දකුණු අප්‍රිකාව – රෝගීන් 4,546 ක්, මරණ 87 ක්
    ලිතුවේනියාව – රෝගීන් 1,449 ක්, මරණ 41 ක්
    ස්ලොවේනියාව – රෝගීන් 1,402 ක්, මරණ 83 ක්
    උතුරු මැසිඩෝනියාව – රෝගීන් 1,399 ක්, මරණ 65 ක්
    ස්ලොවැකියාව – රෝගීන් 1,381 ක්, මරණ 18 ක්
    කියුබාව – රෝගීන් 1,369 ක්, මරණ 56 ක්
    බල්ගේරියාව – රෝගීන් 1,363 ක්, මරණ 58 ක්
    නයිජීරියාව – රෝගීන් 1,273 ක්, මරණ 40 ක්
    අයිවරි කෝස්ට් – රෝගීන් 1,150 ක්, මරණ 14 ක් 
    ජිබුටි – රෝගීන් 1,023 ක්, මරණ 2 ක්

    මූලාශ්‍රය – අල් ජෂීරා සහ ජෝන්ස් හොප්ස්කින් විශ්වවිද්‍යාලය

  • ‘කිම් උන්ට අසාධ්‍ය බවට’ පළ වූ මාධ්‍ය වාර්තා දකුණු කොරියාව ප්‍රතිෂේප කරයි

    ‘කිම් උන්ට අසාධ්‍ය බවට’ පළ වූ මාධ්‍ය වාර්තා දකුණු කොරියාව ප්‍රතිෂේප කරයි

    උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් අසනීප විය හැකි බවට වාර්තා පළවීමත් සමඟ දකුණු කොරියාවේ නිලධාරීන් පරිස්සම් සහගතව ඉල්ලා සිටින්නේ උතුරේ දේශ සීමාව හරහා අසාමාන්‍ය සිදුවීම් සිදු වී නොමැති බව අවධාරණය කරමිනි.

    ඊයේ (ඉරිදා) පැවති සංවෘත සංසදයකදී, උතුර සමඟ කටයුතු අධීක්ෂණය කරන දකුණු කොරියාවේ එක්සත් ඇමති කිම් යෙොන්-චුල්  South Korea’s Unification Minister Kim Yeon-chul කියා සිටියේ ‘අසාමාන්‍ය දෙයක් සිදු නොවන බවට විශ්වාසයෙන් යුතුව පැවසීමට‘ සිය රජයට බුද්ධි අංශ ඇති බවයි.

    දකුණු කොරියාවේ මාධ්‍ය පසුගිය සතියේ වාර්තා කළේ කිම් හෘද සැත්කම්වලට භාජනය වී හෝ කොවිඩ්-19 වෛරසයට නිරාවරණය වීම වළක්වා ගැනීම සඳහා හුදෙකලා වී ඇති බවයි.

    උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වොන්සන්-කල්මා වෙරළබඩ සංචාරක ප්‍රදේශයේ ඉදිකිරීම් භූමියේදී – අප්‍රේල් 5 වන දින රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය විසින් නිකුත් කරන ලද ඡායාරූපයකි

    කෙසේ වෙතත්, කිම් නැවතී සිටින බව දකුණු කොරියාවේ ඇතැම් මාධ්‍ය වාර්තා පවසන ප්‍රදේශයක් වන වොන්සාන් Wonsan හි සංචාරක නිකේතනයක් ඉදිකරන කම්කරුවන්ට ඔහු කෘතඥතාවයේ පණිවිඩයක් යවා ඇති බවට ඔවුන් වාර්තා පළ කළහ.

    “අපගේ රජයේ ස්ථාවරය ස්ථීරයි,” දකුණු කොරියාවේ ජනාධිපති විදේශ ප්‍රතිපත්ති උපදේශක මූන් ජේ-ඉන්, එක්සත් ජනපදයේ ප්‍රවෘත්ති ආයතන වෙත අදහස් දක්වමින් පැවසීය.

    “කිම් ජොන් උන් ජීවතුන් අතර හොඳින් සිටී. ඔහු අප්‍රේල් 13 සිට වොන්සන් ප්‍රදේශයේ නැවතී සිටී. සැක සහිත කිසිවක් මෙතෙක් අනාවරණය වී නොමැත.”

    පුද්ගලික දුම්රිය

    Satellite images show what may be the train belonging to the leader of North Korea, Kim Jong Un.

    වොෂිංටන්හි උතුරු කොරියාවේ අධීක්ෂණ ව්‍යාපෘතියක් වන ‘නෝර්ත් 38‘ (38 North, a Washington-based North Korea monitoring project)ට අනුව, පසුගිය සතියේ චන්ද්‍රිකා ඡායාරූප මගින් වොන්සාන් හි විශේෂ දුම්රියක් පෙන්විය හැකි විය. එය බොහෝ විට උතුරු කොරියානු නායකයාගේ  පුද්ගලික දුම්රිය බව කණ්ඩායම පැවසුවද, රොයිටර් පුවත් ඒජන්සියට එය ස්වාධීනව හෝ ඔහු වොන්සන් හි සිටියේද යන්න තහවුරු කිරීමට නොහැකි වී තිබේ.

    කිම් වොන්සාන් හි සිටින බවට පළ වූ වාර්තා ගැන විමසූ විට එක්සත් අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක් පැවසුවේ තහවුරු කිරීමට කිසිවක් නොමැති බවයි‘

    මෙම තත්වය පිළිබඳව අත්දැකීම් බහුල විශේෂඥයින් තිදෙනකුට අනුව පසුගිය සතියේ චීනය වෛද්‍ය විශේෂඥයින් ඇතුළු කණ්ඩායමක් උතුරු කොරියාවට පිටත් කර හැරියේය.

    කිම්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් චීන කණ්ඩායම කළ සංඥාව කුමක්දැයි වහාම නිශ්චය කිරීමට රොයිටර්ස්ට නොහැකි විය. මීට පෙර කිම් රාජ්‍ය මාධ්‍ය ආවරණයෙන් අතුරුදහන් වී ඇති බවත්, උතුරු කොරියාවේ නිවැරදි තොරතුරු රැස් කිරීම දුෂ්කර බවත් විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

    උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය අවසන් වරට සිය නායකයා ගැන වාර්තා කළේ පසුගිය අප්‍රේල් 11 වන දින රැස්වීමක ඔහු මුලසුන හොබවමින් සිටින අවස්ථාවයි.

    2020 අප්‍රේල් 27 දින අල් ජසීරා වාර්තාවක් ඇසුරින් සකස් කළේ තුෂාධවි

  • Covid-19 Hot World: මරණ  203,670යි – ආසාදිතයින් මිලියන 3යි

    Covid-19 Hot World: මරණ 203,670යි – ආසාදිතයින් මිලියන 3යි

    ගෝලීය වශයෙන් Covid-19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව අද (26) දිනය අවසාන වන විට දක්වා 2,920,660 ඉහළ ගොස් මරණ සංඛ්‍යාව දක්වා 203,670වර්ධනය වූ බව ජෝන්ස් හොප්ස්කින් විශ්වවිද්‍යාලයේ කොරොනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි.

    එහි දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 941,628 ක් වන විට මරණ සංඛ්‍යාව 54,024ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එම මරණ සංඛ්‍යාෙවන් 17,126ක් නිව්යෝර්ක් නුවරින් වාර්තා වේ.

    ආසාදිතයින් සංඛ්‍යාව 20,000ට වැඩි රටවල්

    223,759 Spain, 195,351 Italy, 161,665 France, 157,026 Germany, 149,569 United Kingdom, 107,773 Turkey, 90,481 Iran, 83,909 China, 80,949 Russia, 59,479 Brazil, 46,134 Belgium, 45,521 Canada, 38,039 Netherlands, 29,061 Switzerland, 26,917 India, 25,331 Peru, 23,864 Portugal, 22,719 Ecuador

    මරණ සංඛ්‍යාව ඉහළම රටවල්

    26,384  Italy, 22,902 Spain, 22,614  France, 20,319  United Kingdom, 7,094  Belgium, 5,880 Germany, 5,710 Iran, 4,512 Hubei China, 4,475 Netherlands, 4,062, Brazil 2,706 Turkey, 2,194 Sweden, 1,607 Switzerland

    ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 826ක් බව ජෝන්ස් හොප්ස්කින් නිල වෙබ් අඩවියේ දැක්වේ.

  • Covid-19 චීනයෙන් ගෙන්වූ පරීක්ෂණ කට්ටල භාවිතය ඉන්දියාව නතර කරයි

    Covid-19 චීනයෙන් ගෙන්වූ පරීක්ෂණ කට්ටල භාවිතය ඉන්දියාව නතර කරයි

    කොරෝනාවෛරසයට එරෙහිව ප්‍රතිදේහ පවතීදැයි හඳුනා ගැනීම සඳහා චීනයෙන් ගෙන්වා ඇති පරීක්ෂණ කට්ටල භාවිත කිරීම නතර කරන ලෙස ඉන්දියාවේ ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ සංවිධානය එරට බලධාරීන්ට දැනුම් දී ඇත.

    එම සංවිධානය මෙම පියවර ගෙන ඇත්තේ චීන පරීක්ෂණ කට්ටල දෝෂ සහිත බවට ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් ය.

    ඉන්දියාව පුරා කොරෝනාවෛරස් පරීක්ෂණ ශීඝ්‍රයෙන් සිදු කිරීම සඳහා පරීක්ෂණ කට්ටල මිලියනයකට ආසන්න තොගයක් චීනයෙන් ආනයනය කර ඇත.

    එම පරීක්ෂණ කට්ටල හරියාකාරව ක්‍රියා නොකරන බවට ඉන්දීය ප්‍රාන්ත කිහිපයකින් ම පැමිණිලි ලැබී තිබේ.

    මෙම පරීක්ෂණ කට්ටල පිළිබඳව තවත් රටවල් කිහිපයකින් ම පැමිණිලි ඉදිරිපත් වූ නමුත් එම පරීක්ෂණ කට්ටලවල ප්‍රමිතිය පිළිබඳව නැගෙන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි.

    ඉන්දියාවේ සිදුවන්නේ කුමක්ද?

    යටත් පිරිසෙයින් ඉන්දීය ප්‍රාන්ත තුනක් මෙම පරීක්ෂණ කට්ටල පිළිබඳව සිය අසතුට ප්‍රකාශ කර තිබේ.

    ඉන්දියාවේ උතුරු කලාපයේ පිහිටි රාජස්තාන් ප්‍රාන්තය මෙම කට්ටල භාවිත කිරීම සපුරා ප්‍රතික්ෂේප කර ඇත.

    එම ප්‍රාන්තයේ බලධාරීන් පවසන්නේ මෙම පරීක්ෂණ කට්ටලවල නිරවද්‍යභාවය 5%කට පමණක් සීමා වී පැවතුණු බවය.

    කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ රෝගීන් ද මෙම කට්ටල යොදා ගනිමින් පරීක්ෂා කළ බවත් එහිදී ඔවුනට කොරෝනාවෛරසය ආසාදනය වී නොමැති බවට ප්‍රතිඵල ලැබුණු බවත් ඔවුහු තවදුරටත් පැවසුහ.

    මෙම හේතුව නිසා, චීනයෙන් ගෙන්වා ඇති පරීක්ෂණ කට්ටල හොඳින් පරීක්ෂා කර බලන තුරු ඒවා භාවිත කිරීම දින දෙකකට නවතා දමන ලෙස දැනුම් දීමට ඉන්දීය වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (ICMR) පෙළඹී තිබේ.

    කෙසේ නමුත්, කොරෝනාවෛරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා මූලික සහ ප්‍රධාන ක්‍රමවේදය ලෙස මෙවැනි ඉක්මනින් ප්‍රතිඵල ලබා දෙන පරීක්ෂණ කට්ටල භාවිතා කිරීම පිළිබඳව තමන් කල්තියා අනතුරු ඇඟවීම් කර තිබුණු බව ද එම කවුන්සිලය පැවසීය.

    මෙම පරීක්ෂණ කට්ටල ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?

    මෙහි පවතින්නේ ඉතා සරල ක්‍රමවේදයකි. මෙම පරීක්ෂණය පදනම් වී ඇත්තේ කොරෝනාවෛරසයට එරෙහිව සිරුර තුළ තැනුණු ප්‍රතිදේහ, රුධිර සාම්පලයක පවතීදැයි හඳුනා ගැනීම මතය.

    කාන්තාවක් ගැබ් ගෙන ඇත්දැයි නිශ්චය කිරීම සඳහා භාවිත කෙරෙන “ඔව්/නැත” (“yes/no”) යන ප්‍රතිඵලය සඳහන් කෙරෙන සරල පරීක්ෂාවකට මෙය බොහෝ දුරට සමානය.

    මෙම පරීක්ෂාවෙන් අදහස් වන්නේ අදාළ පුද්ගලයාට නව කොරෝනාවෛරසය ආසාදනය වී ඊට එරෙහිව සිය සිරුර තුළ ප්‍රතිශක්තිය වාර්ධනය වී ඇත්දැයි හඳුනා ගැනීමය.

    මෙම පරීක්ෂණ කට්ටලය නිසා ලෝකය නැවත යතා තත්වයට පත් කර ගැනීමට හැකිවනු ඇතැයි බොහෝ රටවල් අපේක්ෂා කළහ.

    එහෙයින්, මෙවැනි පරීක්ෂණ කට්ටල තම රට තුළ නිෂ්පාදනය කිරීමට උත්සාහ කරන අතරතුර චීනයෙන් ඒවා විශාල ප්‍රමාණයක් ඇනවුම් කිරීමට ලොව පුරා රටවල් බොහොමයක් පියවර ගත්තේය.

    කෙසේ නමුත් ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයකම මේ වනවිට එම පරීක්ෂණ කට්ටල පිළිබඳව ප්‍රශ්න මතුවී තිබේ.

    අනෙක් රටවල් මුහුණ දුන් ප්‍රශ්න මොනවාද?

    ඇමරිකා එක්සත් ජනපදයේ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබුණේ “සැක සහිත ප්‍රමිතියකින්” යුත් පරීක්ෂණ කට්ටල ඇමරිකානු වෙළඳපොළ වෙත ගලා විත් ඇති බවය.

    එම පරීක්ෂණ කට්ටල භාවිත කරමින්, අදාල ප්‍රතිදේහ නොමැති පුද්ගලයන් මත කෙරුණු පරීක්ෂණ වලදී පවා ඔවුන් සතුව ප්‍රතිදේහය පවතින බවට ප්‍රතිඵල ලැබී ඇති බව එම පුවත්පත වාර්තා කර තිබුණි.

    මෙම පරීක්ෂන කට්ටල සතු සංවේදීතාවය පහල මට්ටමක පවතින බව එක්සත් රාජධානියේ විද්‍යාඥයෝ පැවසුහ.

    බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් මාධ්‍යයට ප්‍රකාශ කළේ එම කට්ටල “එතරම් හොඳ මට්ටමක නොමැති” බවය.

    මේ අනුව පෙනී යන්නේ, සංකීර්ණ සහ වැඩි කාලයක් ගතවන නමුදු දැනට පවතින එකම විශ්වාසනීය ක්‍රමය වන්නේ රසායනාගාර පරීක්ෂාව බවය.

    Full text by bbc sandesaya

  • ලෝකය පුරා Covid-19 ආසාදිතයින් 2,603,147ක් සහ මරණ 180,784ක්

    ලෝකය පුරා Covid-19 ආසාදිතයින් 2,603,147ක් සහ මරණ 180,784ක්

    අද දිනය (22) වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 2,603,147ක් සහ මරණ 180,784ක් වාර්තා වූ බව ජෝන්ස් හොල්කිනිස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානය කියයි.

    එහි සදහන් වන්නේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 830,789ක් සහ මරණ 45,318ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ බවයි. එක්සත් ජනපදයේ මරණවලින් 14,887ක් නිව්යෝර්ක් වලින් වාර්තා වීම විශේෂත්වයකි.

    ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 208,389ක් සහ මරණ 21,717ක් ද, ඉතාලියෙන් ආසාදිතයින් 187,327ක් සහ මරණ 25,085ක් ද, ප්‍රංශයෙන් ආසාදිතයින් 159,315ක් සහ මරණ 20,796ක් ද ජර්මනියෙන් ආසාදිතයින් 149,044 ක් සහ මරණ 5127ක් ද වාර්තා වී ඇත.

    මහා බ්‍රිතාන්‍යෙයන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 134,635 වන අතර මරණ සංඛ්‍යාව 18,100කි. ඉන්දියාවෙන් ආසාදිතයින් 20,471 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 652කි.

  • උතුරු කොරියානු තරුණ නායකයා ගැන ‘බියකරු කතාවක්’

    උතුරු කොරියානු තරුණ නායකයා ගැන ‘බියකරු කතාවක්’

    උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ‘අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට‘ ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් සී.එන්.එන් වෙත පැවසීම සමග ලෝකයේම අවධානය උතුරු කොරියාව වෙත යොමුව තිබෙනවා.

    කිම් උන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලෝක අවධානය යොමු වුණේ  උතුරු කොරියාවේ ආබාධිතයින් මෙහෙයවනු ලබන විශේෂ වෙබ් අඩවියක් වන Daily NK ප්‍රධාන සංවත්සර උත්සවයකට කිම් උන් නොපැමිණි නිසයි. කිම් උන් පසුගිය 12 වන දින ශල්‍යකර්මයකට මුහුණ දුන් බව වාර්තා වූ අතර ඔහු කුම්ගාං කන්ද නිවාඩු නිකේතනයේ විවේක සුවයෙන් සිටින බව ද වාර්තා වුණා.

    කිම් උන් බරපතළ ලෙස අසනීපව සිටින බවට වන පුවතට තටු ලැබීමට තවත් හේතුවක් වූයේ උතුරු කොරියාවේ නිර්මාතෘ  සහ කිම්ගේ සීයා වන කිම් ඉල් සුංගේ උපන්දිනය (එය ජාතික නිවාඩු දිනයකි) වන අප්‍රේල් 15 වන දින රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය විසින් බෙදාගන්නා ලද ඡායාරූපවල කිම් උන්ගේ කිසිදු ලකුණක් නොවීමයි.

    කිම්ගේ තත්ත්වය පිළිබඳ දැනුමක් ඇති එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් සීඑන්එන් පසුගිය දා වාර්තා කළේ 36 හැවිරිදි උතුරු කොරියානු නායකයා “බරපතල අනතුරක” සිටින බවයි.

    මේ අතර උතුරු කොරියාවේ පසමිතුරා වන දකුණු කොරියානු රජයේ ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට පැවසුවේ කිම් “බරපතල අනතුරකට grave danger” ලක්ව ඇති බවට වාර්තා සත්‍ය නොවන බවයි. මේ අතර දකුණු කොරියානු ජනාධිපති මන්දිරය කියා සිටියේ උතුරෙන් අසාමාන්‍ය සලකුණු නොමැති බවයි. 

    චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ජෙන් ෂුවාං අද දින පැවැති දෛනික සාකච්ඡාවකදී කියා සිටියේ කිම්ගේ සෞඛ්‍යය පිළිබඳ වාර්තා තමන් දන්නා නමුත් එහි මූලාශ්‍ර ගැන කිසිවක් නොදන්නා බවයි.

    ජෙන් ෂුවාං ඊට වැඩිපුර යමක් විස්තර කළේ නැත.

    මේ අතර උතුරු කොරියාව සමඟ කටයුතු කරන චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසුවේ කිම් බරපතල ලෙස රෝගාතුර වූ බව තමා විශ්වාස නොකරන බවයි.

    කිම් ජොන් උන් දෙසැම්බර් මස මුලදී පෙක්ටු කන්දෙහි යුධ ප්‍රදේශයන්හි සංචාරයකදී 

    මේ අතර මධ්‍යස්ථ වාර්තා සදහන් කරන්නේ උතුරු කොරියාවෙන් ලැබෙන ‘අවම‘ වාර්තා ගැන පවා වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බවයි.  විශේෂයෙන් රටේ නායකත්වය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් මෙය වඩාත් අදාළ බව ඔවුන් කියයි.

    උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බටහිර මාධ්‍ය පුනපුනා වාර්තා කරද්දී උතුරු කොරියාවේ ඒකාධිපති ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක  Korea Risk Group හි ප්‍රධාන විධායක චැඩ් ඕ කැරොල් Chad O’Carroll, ප්‍රවේශම්කාරී සටහනක් තැබීය.

    “පසුගිය සතියේ 15 වැනිදා උතුරු කොරියානු ජනතාවට නිවාඩු ලබා දී ඇති අතර, කිම් ජොන් උන් පසුගිය සතියේ අතුරුදහන් වීම නියත වශයෙන්ම සැලකිය යුතු කරුණකි. නමුත් මේ වන විට ඔහුගේ සෞඛ්‍යය පිළිබඳ බොහෝ කටකතා පවතින බව පිළිගත යුතුය. 2014 දී කේ.ජේ.යූ අතුරුදහන් වූ විට අප අසා ඇති දේවල් නැවත යථා තත්ත්වයට පත් කරයි.”

    කිම් ජනවාරි සහ පෙබරවාරි මාසවල තුන් වතාවක් සහ මාර්තු මාසයේදී හය වතාවක් ප්‍රසිද්ධියේ පෙනී සිටි බව ඔහු සඳහන් කළේය. මේ දක්වා අප්‍රේල් මාසයේදී ඔහු තුන් වතාවක් පෙනී සිට ඇත.

    අධික බර, දුම් පානය කරන්නා

    කිම් අධික බරින් යුක්ත වන අතර අධික දුම්පානය සහ අධික වැඩ කිරීම හේතුවෙන් මෑත මාසවලදී ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහී ඇති බව  Daily NK පවසයි.

    “මගේ අවබෝධය නම්, ඔහු පසුගිය අගෝස්තු මාසයේ සිට අඝාතය සමඟ පොරබදමින් සිටි නමුත් නැවත වරක් පෙක්ටු කන්ද Mount Paektu,නැරඹීමෙන් පසුව එය නරක අතට හැරුණි” යනුවෙන් Daily NK වැඩි දුරටත් වාර්තා කළේය.

    උතුරු කොරියානු නායකයා අප්‍රේල් 11 වන දින පැවති පාලක කම්කරු පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක මුලසුන හෙබවූ අතර පසුවරෝහල් ගත විය.

    පසුගිය සතියේ උතුරු කොරියාව විසින් කෙටි දුර මිසයිල කිහිපයක් එල්ල කළ අතර එය කිම් ඉල් සුංගේ Kim Il Sung උපන්දින සැමරුමේ කොටසක් බව සෝල් බලධාරීහු පැවසූහ. එවැනි මිලිටරි සිදුවීම් සාමාන්‍යයෙන් කිම් විසින් නිරීක්ෂණය කරන නමුත් මෙවර එම පරීක්ෂණය පිළිබඳ KCNA වාර්තාවක් කිසිසේත් නොතිබුණි.

    උතුරු කොරියාවේ වත්මන් නායක කිව් උන් යනු පරම්පරාගත නායකයෙකි (ඔහුගේ සීයා සහ පියා රට පාලනය කළේය- එය පවුල් පාලනයක් ඇති රටකි) ඔහු උතුරු කොරියාව යකඩ හස්තයකින් පාලනය කරයි. ඔහු 2011 අග භාගයේ සිට රාජ්‍ය නායකයා සහ හමුදාපති ලෙස කටයුතු කරයි.

    මෑත වසරවලදී කිම් තමන් ලෝක නායකයෙකු ලෙස මවා පෑම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් දියත් කර ඇති අතර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ රැස්වීම් තුනක් ද, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් සමඟ සාකච්ඡා 4 ක් ද, චීනයේ ජනාධිපති ෂී ජින් පිං සමඟ සාකච්ඡා 5 ක් ද පවත්වා තිබේ.

    දකුණු කොරියානු දේශ සීමාව පසු කළ පළමු උතුරු කොරියානු නායකයා ඔහු විය. එය 2018දී සිදු වූ අතර කිම් උන් සිය දේශසීමාව පසුකර දකුණු කොරියාවට පැමිණ එරට ජනපතිවරයා හමුවිය.

    1950 -53 කොරියානු යුද්ධය  සාම ගිවිසුමක් නොව අවි බලයෙන් අවසන් වූ බැවින් උතුරු සහ දකුණු කොරියානු රාජ්‍ය දෙක අතර අඛණ්ඩව මත ගැටුම් හා එදිරිවාදිකම් පවතී.

    කිම් තම රටට එරෙහි ජාත්‍යන්තර සම්බාධක ලිහිල් කිරීමට උත්සාහ කර ඇති නමුත් එක්සත් ජනපදයේ ස්ථිර ඉල්ලීමක් වන ඔහුගේ න්‍යෂ්ටික අවි වැඩසටහන අහෝසි කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. 

    යම් ආකාරයකින් කිම් මිය ගියහොත් ඔහුගේ සොහොයුරිය බලයට පත්වනු ඇතැයි විශ්වා කෙරේ.

    අල් ජසීරා වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • කොරෝනා ලෝක පුවත් විමසුම – ඇමෙරිකාවේ මරණ සංඛ්‍යාව 40,000 පනී

    කොරෝනා ලෝක පුවත් විමසුම – ඇමෙරිකාවේ මරණ සංඛ්‍යාව 40,000 පනී

    20 වන දින ශ‍්‍ර‍්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 33 දෙනකු වාර්තා වීම සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 304 දක්වා වර්ධනය වෙද්දී ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2,435,876ක් වූ බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය පවසයි. එහි දැක්වෙන්නේ අද දිනය අවසාන වන විට ලෝකය පුරා කොවිඩ්-19 මරණ 167,369ක් වාර්තා වී ඇති බවයි.

    වැඩිම මරණ හා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කරන රටවල්

    එක්සත් ජනපදය – රෝගීන් 759,696 ක්, මරණ 40,683 ක් 
    ස්පාඤ්ඤය – රෝගීන් 200,210 ක්, මරණ 20,852 ක්
    ඉතාලිය – 178,972 ක්, මරණ 23,660 ක්
    ප්‍රංශය – රෝගීන් 154,098 ක්, මරණ 19,744 ක්
    ජර්මනිය – රෝගීන් 145,742 ක්, මරණ 4,642 ක්
    එක්සත් රාජධානිය – රෝගීන් 121,173 ක්, මරණ 16,095 ක්
    තුර්කිය – රෝගීන් 86,306 ක්, මරණ 2,017 ක්
    චීනය – රෝගීන් 83,817 ක්, මරණ 4,636 ක්
    ඉරානය – රෝගීන් 83,505 ක්, මරණ 5,209 ක්
    බෙල්ජියම – රෝගීන් 39,983 ක්, මරණ 5,828 ක්
    බ්‍රසීලය – රෝගීන් 39,144 ක්, මරණ 2,484 ක්
    කැනඩාව – රෝගීන් 36,039 ක්, මරණ 1,625 ක්
    නෙදර්ලන්තය – රෝගීන් 32,838 ක්, මරණ 3,697 ක්

    ඉන්දියාව – රෝගීන් 17,615 ක්, මරණ 559 ක් 

  • ඉන්දියාව වසා දැමීමෙන් පසු යනඑන මං නැති වුණ ‘ගණිකාවන්’ ගැන කතාව

    ඉන්දියාව වසා දැමීමෙන් පසු යනඑන මං නැති වුණ ‘ගණිකාවන්’ ගැන කතාව

    කොවිඩ්-19 ආසාදිතයින්ගේ ගෝලීය සංඛ්‍යාව අද (20) දිනය අවසන් වන විට 2,355,676ක් වන අතර මරණ සංඛ්‍යාව 162,032ක් බවයි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය කියන්නේ. ඇමෙරිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ මහා බ්‍රිතාන්‍ය වැඩිම මරණ හා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කරලා තිබෙනවා.

    මේ වන විට කොවිඩ් වසංගතයේ කේන්ද්‍රය අප්‍රිකාවට විතැන් විය හැකි බවට විශේෂඥයෝ අනතුරු අගවනවා. ඒ අතර ජපානයේ සහ ඉන්දියාවේ තත්ත්වය ගැන තවම තිබෙන්නේ ‘රතු එළියක්‘ විශේෂයෙන් සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් අවම, සාක්ෂරතාව දුර්වල ඉන්දියාව ගැන තිබෙන බිය තව දුරටත් පහව ගිහින් නැහැ. ඊට හේතුව ඉන්දියාව කොරෝනා ආසාදිතයින් 16,365ක් සහ මරණ 400කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කිරීමයි.

    මේ අතර ලෝකයේ බොහෝ පිරිසක් ඉන්දියාවේ මුඩුක්කු ජනතාව, දිළිදු ජනතාව ගැනත් දැඩි අවධානයක් යොමු කරනවා. ඔවුන් බිය පළ කරන්නේ කෝටි සංඛ්‍යාත පිරිසක් ජීවත් වන මුඩුක්කු තුළ කොරෝනා වසංගතය පැතිර ගියහොත් උද්ගත විය හැකි බිහිසුණු තත්ත්වය ගැනයි.

    මේ අතර තවත් පිරිසක් ඉන්දියාවේ මිලියන ගණනක් වන, කිසිදු ආකාරයක සමාජ පිළිගැනීමක් හා රැකවරණයක් අහිමි ලිංගික ශ්‍රමිකයින් ගැනත් අවධානය යොමු කරනවා.

    ඉන්දියාවේ ලිංගික ශ්‍රමිකයින්ගේ තත්ත්වය

    කොරෝනා ආසාදනය පාලනය කිරීම සදහා ඉන්දියාව වසා දැමීම සමග නගරවල සේවය කළ කෝටි සංඛ්‍යාත ශ්‍රමිකයින් පිරිසක් තම ග්‍රාමීය ගම්බිම්වලට සංක්‍රමණය වුණා. ඒත් ඒ ආකාරයෙන් ගම්බිම්වලට සංක්‍රමණය විය නොහැකි තවත් මිලියන සංඛ්‍යාත පිරිසක් ඉන්දියාවේ මහා නගරවල සේම ලොකු කුඩා නගරවල ජීවත් වෙනවා. ඒ ලිංගික ශ්‍රමිකයින්. ඉන්දියාව වසා දැමීම නිසා වඩාත් ඛේදනීය තත්ත්වයකට ඍජුව මුහුණ දීලා තිබෙන්නේ ඔවුන් බවයි සහන සේවා ආයතන කියන්නේ.

    ‘නමුත් ඉන්දියාව පුරා නගරවල වෙසෙන ලිංගික ශ්‍රමිකයින් දහස් ගණනකට යන්නට තැනක් නැහැ. ඔවුන්ගේ සියලුම ආදායම් මාර්ග අහිමි වී තිබෙනවා. ඔවුන් ළග කිසිවක්ම නැහැ. ඔවුන් අන්ත දුක්ඛිත තත්ත්වයට පත්ව සිටිනවා‘ ඉන්දියාවේ ලිංගික ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන ‘ක්‍රාන්ති‘ Kranti නම් රාජ්‍ය නොවන සංවිධානයේ බානි දාස් පැවසුවා.

    පසුගිය දා බානි දාස් පොලිසියෙන් අවසර පත්‍රයක් ලබා ගෙන ඉන්දියාවේ පැරණිතම හා විශාලතම ලිංගික ශ්‍රමිකයින් ජීවත් වන ප්‍රදේශයක් වන දකුණු මුම්බායිහි කමතිපුරය වෙත ගියාය.

    ඇය කුලී රථයෙන් බැස යන විට කාන්තාවන් තම නිවෙස්වලින් එළියට පැමිණ ඇය වටා රොක් වූවාය. 

    “මගේ හදවත දැවී ගියා. මා සතුව තිබුණේ සලාක පැකට් 100 ක් පමණයි. නමුත් කාන්තාවන් දහස් ගණනක් මා වෙත ආවා‘ ඇය අල් ජසීරාට පැවසුවාය.

    පොලිසිය දිගින් දිගටම නිවේදන නිකුත් කරමින් ලිංගික ශ්‍රමිකයින්ගෙන් දුරස්ථව සිටින ලෙස ඉල්ලා සිටියද ඇයට එය කළ නොහැකි විය. මිනිත්තු කිහිපයකට පසුව ඇය සතු සලාකය අවසන් විය.

    පසුගිය අප්‍රියෙල් 8 වන දින ගෝලීය ලිංගික වැඩ ව්‍යාපෘති ජාලය The Global Network of Sex Work Projects  සහ UNAIDS විසින් ලිංගික ශ්‍රමිකයින් මුහුණ දෙන දුෂ්කරතා සහ වෙනස් කොට සැලකීම් ඉස්මතු කරමින් ප්‍රකාශයක් නිකුත් කළ අතර, ඔවුන්ගේ මානව හිමිකම්වලට ගරු කිරීම හා ඒවා ඉටු කිරීම සහතික කරන ලෙස රටවල්වලින් ඉල්ලා සිටියේය.

    එම ප්‍රකාශයේ මෙසේ සඳහන් විය: “… හැකි සෑම අවස්ථාවකදීම, ලිංගික ශ්‍රමිකයන් ආණ්ඩු වල ඇමතුම්වලට ප්‍රතිචාර වශයෙන් වගකීමෙන් ස්වයං-හුදෙකලා වේ. කෙසේ වෙතත්, ඔවුන් COVID-19 සමාජ ආරක්ෂණ ප්‍රතිචාර වලින් බැහැර කරන විට, ලිංගික ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ආරක්ෂාව සැපයීමට මුහුණ දීමට සිදුවේ. දිවි ගලවා ගැනීම සඳහා ඔවුන්ගේ සෞඛ්‍යය සහ ඔවුන්ගේ ජීවිත වැඩි අවදානමක් ඇත …

    ‘අවිධිමත් ආර්ථිකය අවිධිමත්’

    ඉන්දීය දුප්පතුන් සඳහා ඩොලර් බිලියන 22.5 ක සහන පැකේජයක් ප්‍රකාශයට පත් කළ නමුත් එය ලිංගික ශ්‍රමිකයින්ට ප්‍රයෝජනවත් වේද යන්න පැහැදිලි නැත.

    දැනට, පිසින ලද ආහාර සහ සලාක ස්වරූපයෙන් ආධාර බොහෝ දුරට සපයනු ලබන්නේ පළාත් පාලන ආයතනවල සහ පොලිසියේ සහාය ඇතිව ප්‍රාදේශීය ලාභ නොලබන සංවිධාන සහ පුද්ගලයින් විසිනි.

    “ලිංගික ශ්‍රමය සැපයීම අවිධිමත් ආර්ථිකයේ අවිධිමත් අංශයක්. ඔවුන්ට කිසිම ආකාරයක පිළිගැනීමක් හෝ ගරුත්වයක් නැහැ. මේ වන විට ඔවුන් සඳහා කිසිවක් නැහැ. ඔවුන්ගේ යහපත උදෙසා රජය තවත් බොහෝ දේ කළ යුතුව තිබේ” යැයි ක්‍රාන්ති සම නිර්මාතෘ ට්‍රිනා තලූක්ඩාර් Trina Talukdar පැවසුවාය..

    ඉන්දියාවේ ලිංගික ශ්‍රමිකයින් පාලනය කරනු ලබන්නේ 1956 දුරාචාර ගමනාගමන (වැළැක්වීමේ) පනත මගිනි. ප්‍රසිද්ධියේ ලිංගික සේවා අලෙවිය, ඉල්ලා සිටීම සහ වාණිජ ලිංගිකත්වය සංවිධානය කිරීම එම පනත අනුව නීති විරෝධී ය.

    ලොව අන් සෑම තැනක සේම ඉන්දියාවේද ලිංගික ශ්‍රමිකයින් සම්බන්ධ නිල සංඛ්‍යා ලේඛන නැති අතර නිල නොවන ගණනය කිරීම් අනුව ඉන්දියාව තුළ ලිංගික ශ්‍රමය සපයන කාන්තාවන් / පිරිමින් සංඛ්‍යාව ලක්ෂ 12-30 අතර විය හැකිය. එහෙත් සමාජ ක්‍රියාකාරීන් විශ්වාස කරන්නේ මෙය ගතානුගතික තක්සේරුවක් බවයි.

    මේ අතර ලිංගික ශ්‍රමිකයින්ගේ ඉපවීම් සම්බන්ධයෙන් ද නිල දත්ත හෝ වැටහීමක් නැත. ඔවුන් සමග කටයුතු කරන සහන සංවිධාන ක්‍රියාකාරීන් පවසන්නේ ලිංගික ශ්‍රමිකයින් සෑම සේවාදායකයෙකුගෙන්ම රුපියල් 100 ත් 800 ත් අතර මුදලක් (ඩොලර් 1.3-10.5) උපයන බවයි.

    ඔවුන්ගේ මූලික සේවාදායකයින් වන්නේ සම්ප්‍රදායිකව සංක්‍රමණික සේවකයින්, ට්‍රක් රථ රියදුරන් සහ ඔවුන්ගේ පවුල් වලින් ඈත්ව සිටින අනෙකුත් පිරිමින් ය. මෙම කණ්ඩායම ද අගුලු දැමීමේ භයානක ආර්ථික බලපෑම සමඟ පොරබදමින් සිටින හෙයින්, ලිංගික ශ්‍රමිකයන් (දෛනික වැටුප් උපයන්නන්) ව්‍යාපාර නොමැතිව මාස ගණනක් බලා සිටිති.

    ඉන්දියාවේ මුම්බායි හි මූල්‍ය කේන්ද්‍රස්ථානයට උතුරින් පිහිටා ඇත්තේ ගාර්ස්ටින් බැස්ටියන් Garstin Bastion Road, පාරයි. එය ජනප්‍රිය ජීබී පාර ලෙස හැඳින්වේ. ගණිකා නිවාස 78 ක් මෙහි ඇති අතර කාන්තාවන් 2,225 ක් නවාතැන් ගෙන සිටින බව ලිංගික ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ දරුවන් සමඟ කටයුතු කරන කැට්-කත නම් රාජ්‍ය නොවන සංවිධානය පවසයි.

    රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන් පවසන්නේ කාන්තාවන් 1200 ක් පමණ තවමත් ගණිකා නිවාසවල සිටින අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම නිවෙස් බලා පිටත්ව ගියේ ව්‍යාපාර කටයුතු වසා දැමීමෙන් පසුව බවයි. නිවාස නොමැති පුද්ගලයින් නවාතැන් ගෙන සිටින නමුත් ලිංගික ශ්‍රමිකයින්ගේ පැවැත්ම කිසිවෙකු පිළිගන්නේ නැති බව ඔවුන් පවසයි.

    සාමාන්‍ය සවස් වරුවේ සුනීතා (45) (පෞද්ගලිකත්වය සඳහා නම වෙනස් කර ඇත) ඉතා කාර්යබහුලයි. නමුත් දැන් තත්ත්වය වෙනස්ය. ඇය දැන සවසට නවාතැනෙන් එළියට පවා යන්නේ නැත.

    ඇය අල් ජසීරාට පැවසුවේ “මම කවදාවත් මේ වගේ දෙයක් දැකලා නැහැ. දැන් හවස් වරුවේ අපි රූපවාහිනිය නරඹනවා, ලූඩෝ සෙල්ලම් කරනවා‘

    කොරෝනා වෛරස් වසංගතය වැළැක්වීමේ යතුර වන සමාජීය හෝ භෞතික දුරස්ථභාවය පවත්වා ගැනීම සුනීතා වැනි කතුන්ට සුඛෝපභෝගී කටයුත්තක් වන අතර ඇය වෙනත් ගණිකා නිවාසයක් තවත් කාන්තාවන් 15 දෙනෙකු හා දරුවන් 10 දෙනෙකු සමඟ බෙදා ගනී.

    “මගේ ප්‍රමුඛතාවය වන්නේ ආරක්ෂිතව සිටීමයි. අපට ලැබෙන ඕනෑම ආහාරයක් සමඟ අපි ආහාරයට ගන්නවා. මට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් මෙම තත්වයෙන් මිදීමටයි. මගේ දියණියගේ අධ්‍යාපනයට මුදල් සොයා ගෙන ඇයව විවාහ කර ගැනීමට මට අවශ්‍යයි. ඇයට සිහින තිබෙනවා ”ඇය කීවාය.

    බොහෝ විට ලිංගික ශ්‍රමිකයින්ට ඉතිරිකිරීමක් නොමැති නිසා මූල්‍ය තත්වය වඩාත් නරක අතට හැරේ. දැන් කිසිම ආදායමක් නොපැමිණීම නිසා, ඔවුන්ට නිවාස කුලිය ගෙවීමට නොහැකි වේ යැයි බියක් ද තිබේ. එසේ වුවහොත් ඔවුන්ට පාරට බැසීමට සිදුවේ.

    ඔවුන්ගෙන් සමහරක් දෙනා ගණිකා නිවාස හිමිකරුවන්ට දිනපතා කුලිය ගෙවන අතර තවත් සමහරු ගනුදෙනුකරුවෙකු මගින් අදාළ ස්ථානය ලබා ගනී.

    නැගෙනහිර කොල්කටාහි, රටේ වෙනත් තැන්වල මෙන්, අවම වශයෙන් මාස තුනක්වත් ලිංගික ශ්‍රමිකයින් සඳහා වන කුලිය ලිහිල් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී.

    “මෙම තත්වයන් යටතේ ඔවුන්ට ගෙවීමට හැකියාවක් නැහැ. නමුත් ලිංගික ශ්‍රමිකයින්ගේ පැවැත්ම කිසිවෙකු පිළිගන්නේ නැත” යනුවෙන් නිව් ලයිට් කොල්කටා New Light Kolkata හි නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ උර්මි බාසු Urmi Basu, පැවසුවාය.

    කොල්කටා යනු සොනගාචි සහ කාලිගාට් ඇතුළු රටේ විශාලතම ලිංගික ශ්‍රමික කලාපයකි.

    කාන්තාවන්ට බලපාන ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් රජයට උපදෙස් දීම සම්බන්ධ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් වන ජාතික කාන්තා කොමිසම The National Commission for Women ලිංගික ශ්‍රමිකයින්ගේ ප්‍රශ්නය පිළිබඳව සොයා බැලීමට තීරණය කර තිබේ.

    “අගුලු දැමීම නිසා ඔවුන්ට සලාක නොලැබෙන බව අපි අසා ඇත්තෙමු. අපි අදාළ නිලධාරීන් සමඟ ප්‍රශ්නය මතු කර උපාය මාර්ගයක් සකස් කරන්නෙමු. මෙයට සංවේදීතාව ද ඇතුළත් වනු ඇත” යනුවෙන් එන්සීඩබ්ලිව් සභාපති රේඛා ෂර්මා NCW chairperson Rekha Sharma අල් ජසීරාට පැවසුවාය.

    සනීපාරක්ෂාව සහ මානසික සෞඛ්‍යය

    නාගරික මධ්‍යස්ථානවල පිහිටි බොහෝ රතු ප්‍රදේශවල (ලිංගික ශ්‍රමය සපයන කාන්තාවන් බහුලව ජීවත් වන හෝ ගැවසෙන ප්‍රදේශ ‘රතු කලාප ලෙස පොදුවේ සැලකේ) කාන්තාවන් මීටර් 3×3.7 (අඩි 10×12) කුඩා කාමරවල එකට වාසය කරති. අබලන් වූ ගණිකා නිවාස, සමාජ දුරස්ථභාවය අනුගමනය කළ නොහැකි පටු වීදිවලින් යුක්තය.

    කමතිපුරයේ හැදී වැඩුණු ලිංගික ශ්‍රමිකයෙකුගේ දියණිය වන 23 හැවිරිදි සන්ධ්‍යා නයාර් පැවසුවේ “එක් පොදු නාන කාමරයක් 50 ක් භාවිතා කරන බව ඔබට සිතාගත හැකිද? ඒත් බොහෝ විට ජලය නැහැ. ඔබ අවකාශය තබාගෙන අවශ්‍ය සනීපාරක්ෂාව පවත්වා ගන්නේ කෙසේද?” නවදිල්ලියේ අධ්‍යාපනය ලබන නමුත් දැනට මුම්බායි හි නවාතැන්පලක පදිංචිව සිටින නයාර් පැවසුවාය.

    සංක්‍රාන්ති ලිංගික ශ්‍රමිකයින්

    සමාජයේ ඊටත් වඩා ආන්තික වූ කොටසක් වන සංක්‍රාන්ති ලිංගික ශ්‍රමිකයන් ගැන කිසිවෙකු කරදර වන්නේ දැයි ඇය කල්පනා කළාය. “ලිංගික ශ්‍රමිකයන් මූලික අවශ්‍යතා සපුරාලිය යුතු මනුෂ්‍යයන් ලෙස දකින්නේ කවදාද?” නයාර් ඇසුවාය.

    කොරෝනා වෛරස් බිය නිසා සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය වඩ වඩාත් දුෂ්කර වී ඇත. බොහෝ ලිංගික ශ්‍රමිකයින්ට රෝග තිබේ. එච්.අයි.වී ආසාදිත හා ක්ෂය රෝගයෙන් පෙළෙන අය විශේෂයෙන් ඉහළ ය.

    “පසුගිය සතියේ, කමතිපුරයේ එක් කාන්තාවක් රුධිර ගැලීමකට ලක් වුණා. කිසිදු රෝහලක් ඇය බැලීමට කැමති වුණේ නැහැ. අවසානයේදී ප්‍රාදේශීය වෛද්‍යවරියක් ඇයට ඖෂධ ලබා දුන්නා. නමුත් ඇයට තවත් පරීක්ෂණ සිදු කළ යුතුයි” යනුවෙන් නයාර් පැවසුවාය.

    කොල්කටා හි එන්ජීඕ සංවිධානය කොල්කටා හි පවුල් 500 කට සලාක හා ආහාර බෙදා දෙයි.  [අනුග්‍රහය නිව් ලයිට් කොල්කටා]
    නිව් ලයිට් කොල්කටා රාජ්‍ය නොවන සංවිධානය කොල්කටා හි පවුල් 500 කට සලාක හා ආහාර බෙදා දෙයි [නිව් ලයිට් කොල්කටා අනුග්‍රහයෙන්] 

    අල් ජසීරා මුම්බායි හි ක්ෂය රෝග නිලධාරී වෛද්‍ය දක්ෂා ෂා Dr Daksha Shah,සහ මුම්බායි දිස්ත්‍රික් ඒඩ්ස් මර්දන සංගමයේ අතිරේක ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීකාල ආචාර්යා Dr Shrikala Acharya සමඟ කතා කළේය.

    දෙදෙනාම කියා සිටියේ වෙනස් කොට සැලකීම නොඉවසන බවයි. “රෝගියෙක් කියන්නේ රෝගියෙක්. බෙහෙත්ශාලා සහ ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන සෑම කෙනෙකුටම විවෘතයි” ෂා පැවසීය.

    ආචාර්යා පැවසුවේ MDACS විසින් ප්‍රති-වයිරස ප්‍රතිකාර අවශ්‍ය සියලු දෙනාටම ලබා ගත නොහැකි නම් ඒවා ලබා ගැනීමට වගබලා ගන්නා බවයි. 

    “එච්.අයි.වී ආසාදිත රෝගීන්ට ඖෂධ ලබා ගැනීම පහසු කිරීම සඳහා අපි උපකාරක සේවාවක් ද දියත් කර තිබෙනවා” යැයි ආචාර්යා පැවසීය.

    මෙම ගණිකා නිවාසවල සීමිත අවකාශයන් තුළ විශාල ආතතියක් හා සටනක් පවතින බව ‘කට්-කත‘ නිර්මාතෘ ගීතාංජලී බබ්බාර් පැවසුවාය.

    “ඊට ඉහළින්, ආහාර හිඟකම හා රැකියා විරහිතභාවය පිළිබඳ හැඟීමක් පවතී. ඉදිරි සතිවලදී අපට ඔවුන්ගේ මානසික ගැටලු විසඳීමට සිදුවනු ඇත.” ඇය වැඩි දුරටත් පැවසුවාය.

    අල් ජසීරා වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • Covid-19 Global Review:චීන භූමිකාව ගැන ප්‍රංශයේ දැඩි විවේචනයක්

    Covid-19 Global Review:චීන භූමිකාව ගැන ප්‍රංශයේ දැඩි විවේචනයක්

    ගෝලීය වශයෙන් තහවුරු වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (18) දින අවසන් වන විට 2,274,800ක් බව ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය සදහන් කරයි. එහි දැක්වෙන්නේ අද දින වන විට කොවිඩ්-19 ආසාදනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 156,140ක් වූ බවයි.

    වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 706,856කි. ස්පාඤ්ඤයෙන් 191,726ක්, ඉතාලියෙන් 172,434ක්, ප්‍රංශයෙන් 149,146ක්, පර්මනියෙන් 142,325ක් සහ මහා බ්‍රිතාන්‍යෙයන් 115,299 දෙනකු වාර්තා වී ඇත.

    රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 36,793ක් වන අතර ඉන්දියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 14,792කි. ජපානයේ ද වාර්තාගත ලෙස කොවිඩ් ආසාදිතයින් වාර්තා වන අතර අද දිනය අවසන් වන විට 9,787 දෙනකු වාර්තා වී ඇත.

    කොවිඩ්-19 ආසාදනය වීමෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් 34,614l එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති අතර ඉතාලි‍යෙන් මරණ 22,745ක් ස්පාඤ්ඤයෙන් මරණ 20,043ක් ප්‍රංශයෙන් මරණ 18,681ක් සහ එක්සත් රාජධානියෙන් මරණ 15,464 ක් වාර්තා වී ඇති අතර ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 488කි.

    ගෝලීය ප්‍රවණතා

    ප්‍රංශ ජනාධිපති  එම්මානුඑල් මැක්‍රොන්

    කොරෝනා වෛරස් අර්බුදයේ  චීන භූමිකාව ගැන ප්‍රංශයේ දැඩි විවේචනයක්

    කොරෝනා වසංගතය පාළනය කිරීමේ දී පීකිං පාලනය කිසිදු විනිවිද භාවයකින් යුතුව කටයුතු කර නොමැති බවත්, මෙම අර්බුදය සම්බන්ධයෙන් චීනය කටයුතු කරන පිළිවෙළ අනෙක් රටවලට වඩා යහපත් යැයි කීම ” බොළඳ ” කියමනක් බවත් ප්‍රංශ ජනාධිපති  එම්මානුඑල් මැක්‍රොන් පවසනවා.

    ප්‍රංශ ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ  “ෆිනෑන්ස් ටයිම් ” සඟරාව  විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    ” ෆිනෑන්ස් ටයිම් ” සඟරාව අසන ලද ප්‍රශ්නය වූයේ  ” කොරෝනා වෛරසය මතු කර ඇති අර්බුදයට මුහුණ දීමට ඒකාධිපති පාළන තන්ත්‍රයට හැකි වූයේ ද ? ” යන්නය.

    මෙම පැණයට වැඩි දුරටත් පිළිතුරු සැපයූ මැක්‍රොන්  ” පැහැදිලිව අප නොදන්නා බොහෝ දේවල් සිදු වි තිබෙනවා ” යනුවෙන් තම පිළිතුර සාරාංශ කොට ඇත.

    ප්‍රංශ ජනාධිපතිවරයා චීනය පිළිබඳව මෙවැනි දැඩි විවේචනයක් සිදු කරනු ලැබුවේ , මීට පෙර වොෂින්ටනය හා ලන්ඩනය චීනය සම්බන්ධව  අනුගමනය කළ ප්‍රතිපතිය මත පිහිටා ය.

    ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙම දැඩි විවේචනයත් සමඟම, චීනය කොරෝනා වෛරසයට එරෙහි ජාත්‍යන්තර සමගියක් ඉල්ලා සිටීමට (අප්‍රේල් 17 ) දින ක්‍රියා කොට ඇත. කෝවිඩ් -19 වෛරස් වසංගතයට එරෙහිව සටන් කොට යුද්ධය ජය ගැනීම සඳහා සියලු රටවල් එක් විය යුතු බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ප්‍රකාශක ෂාඕ ලිජිඅන් ( Zhao Lijian ) ප්‍රකාශ කළේය.

    විවිධ දේශපාලන පද්ධති වල වාසි සහ අවාසි ගැන තර්ක කිරීම නිෂ්ඵල බව ෂාඕ තවදුරටත් කියා ඇත. කෝවිඩ් -19 වෛරසය නිසා වාර්තා වූ මරණ සංඛ්‍යාව හදිසියේ වැඩිවීමෙන් පසුව, ඒ පිළිබඳව කිසිදු සැඟවීමක් චීන රජය විසින් කර නොමැති බවත්, එවැනි සැඟවීමක් කළ බවට යමෙකු පවසන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන බවත් ෂාඕ කියා ඇත.

    කිසි විටෙකත් වසන් කිරීමක් සිදු නොවුනු අතර, කිසිදු වසන් කිරීමකට තම පාලනය කිසි විටෙකත් ඉඩ නොදෙන බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පවසා ඇත. රෝහල් වල තදබදය හේතුවෙන් වසංගතය ආරම්භයෙදීම මරණ වාර්තා කිරීමේ දී ප්‍රමාදයන්, අතපසුවීම් සහ සාවද්‍යතාවයන් සිදු වූ බව පමණක් ෂාඕ පිළිගන්නා අතර, වසංගතය වෙනුවෙන් චීනයට දක්වන ප්‍රතිචාර දෝෂ සහිත යැයි ඔහු කියා සිටී.

    කෙසේ වෙතත් වසංගතයේ කේන්ද්‍රස්ථානය වන වුහාන් මහ නගර සභාවේ මරණ සංඛ්‍යාවත්, ලෝකයේ වැඩිම ජනගහණයක් සිටින රටේ මිය ගිය සංඛ්‍යාවත් සැලකිල්ලට ගැනීමේ දී  ප්‍රංශ ජනාධිපතිවරයා පැවසූ ” පැහැදිලිවම අප නොදන්නා බොහේ දේවල් සිදු වී තිබෙනවා ”  යන ප්‍රකාශයත්, ”  කොරෝනා වෛරස් වසංගතයට එරෙහිව චීනය කටයුතු කරන පිළිවෙල  අනෙක් රටවලට වඩා යහපත් යැයි කීම බොලඳයි ”  යන ප්‍රකාශයත්  බෙහෙවින්ම සාධාරණ බවට යුරෝපය තුළ පොදු පිළිගැනීමකට ලක් වී තිබේ.

    මේ අතර ළමා රැකවරණ සේවයේහි නියතුව සිට කොරෝනා වෛරසයට ගොදුරුවීමේ අවදානම හේතුවෙන් නිවෙස් වල රැඳී සිටින අය සහ අසනීප නිවාඩු මත සිටින අය අර්ධ වශයෙන් රැකියා විරහිතයන් ලෙස සලකනු ලබන බව  ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යංශය හා කම්කරු අමාත්‍යංශය අද නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

    රැකියාවේ නිරත වසර ප්‍රමානය නොතකා අප්‍රේල් මස අවසානය දක්වා ළමා රැකවරණ රැකියාවේ නිරත වූවන්ට වැටුපෙන් 90% ක් ගෙවන බව එම නිවේදනයේ දක්වා ඇත.

    අර්ධ ක්‍රියාකාරකම් වලදී එය අර්ධ විරැකියාව ලෙස  මැයි මස 01 වැනිදා සිට හඳුන්වන ලබන අතර, දැනටමත් ප්‍රංශය තුළ මිලියන 9 කට ආසන්න සංඛ්‍යාවක් එම ඝණයට  අයත්වන බවත්, මෙම තීරණය හේතුවෙන් මැයි මාසයේදි එම සංඛ්‍යාව තවත් ඉහළ යෑමට නියමිත බවත් කියැවේ.
    සාමාන්‍යයෙන් අර්ධ විරැකියාවේ යෙදෙන්නන් ලෙස සලකනු ලබන පිරිස් සඳාහා වැටුපෙන්  84% ගෙවනු ලබන බවත්, අවම වැටුප ලබා ගන්නා සේවකයන් සඳහා ( Smic) එම ප්‍රමාණය 100% දක්වා ඉහළ නංවන බවත් රජය ප්‍රකාශ කොට තිබේ.

    එසේ වුවත්, ඔවුන් අර්ධ ක්‍රියාකාරකම් සඳහා නොයෙදුන හොත් ඔවුන්ට ගෙවන මුදල 60% ක් වැනි ප්‍රමාණයක් වනු ඇති බව කම්කරු අමාත්‍යංශය නිවේදනය කර තිබේ. එසේම සේවා කාලය නොතකා අප්‍රේල් 30 වැනිදා දක්වා වැටුපෙන් 90%’ක් ගෙවීමට නියමිත බවද අමාත්‍යංශය පවසනවා.

    මේ අතර ප්‍රංශයේ සිටි ප්‍රසිද්ධ ගායකයෙකු වන ක්‍රිස්ටෝෆ් (Christophe ) (16 ) රාත්‍රියේ දී මිය ගොස් තිබෙනවා.පසුගිය මාර්තු 26 වැනිදා පැරීසියේ බ්‍රෙස්ට් (Brest ) රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි ක්‍රිස්ටෝෆ් , බ්‍රිතාන්‍ය යට මාරු කර යැවීමට සැලසුම් කර තිබුණ ද ඊට පෙර දැඩි සත්කාර ඒකකයේදීම ඔහු මිය ගොස් තිබෙනවා.

    වයස අවුරුදු 74 ක් වූ මොහු දිගු කලක් තිස්සේ පෙනහළු රෝගයකින් පීඩා විඳි බව ඔහුගේ බිරිඳ වෙරොනික් බෙව්ලැක්වා සහ දියණිය වූ ලුසී විසින් නිකුත් කර ඇති පුවත් පත් නිවේදනයක සඳහන් වෙනවා.

    කෙසේ නමුත් ”  ල පැරීසියන් ” නමැති පුවත් පත ප්‍රකාශ කර ඇත්තේ මොහු මිය ගොස් ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් බවයි. රෝහල්ගත කරන අවස්ථාවේදි සිදු කළ පරීක්ෂණයකදී මොහුට කොරෝනා වෛරසය ධනත්මක වී තිබුණු බවට සොයා ගෙන ඇති බව පවසන ල පැරීසියන් පුවත්පත , පවුලේ අය එය වසන් කර ඇති බව  ද කියා සිටී.

    ක්‍රිස්ටෝෆ් පෙනහළු රෝගයකින් මිය ගිය බව පවුලේ අය ප්‍රකාශ කළ ද , ඔහු මිය යන තුරු පවුලේ අය කිසි විටකවත් එවැනි රෝගයක් මොහුට තිබුණ බවට තහවුරු  කර නොමැති බවද  පුවත්පත කියා තිබේ.මේ අනුව මෙම ගායකයාගේ මරණය පිළිබඳව ප්‍රංශයේ සමාජ ජාලා වල විවිධ ප්‍රශ්න නැගීම් සිදු කර තිබේ.

    සුනිල් ගමණී – ප්‍රංශ ජනමාධ්‍ය ඇසුරෙන්

  • Covid-19 ගැන චීන කතා ගැන බටහිර ලෝකයේ සැකය උග්‍ර වෙයි

    Covid-19 ගැන චීන කතා ගැන බටහිර ලෝකයේ සැකය උග්‍ර වෙයි

    කොරෝනාවෛරස් (කොවිඩ්-19) වසංගතය චීනයෙන් පැතිරයාම ආරම්භ වූ මුල් අවස්ථාවේ බීජිං බලධාරීන් විසින් එදා පැවැති තත්ත්වය පාලනය කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) ප්‍රශ්න කරයි.

    වෛරසය ආරම්භ වූ විගස, එම අර්බුදකාරී මොහොතේ චීනය තත්ත්වය පාලනය කරනු ලැබීම සඳහා උපරිම මට්ටමින් ක්‍රියාත්මක වී ඇතැයි පැවසීම ව්‍යාජ බොළඳ ක්‍රියාවක් යයි ප්‍රංශ ජනාධිපතිවරයා ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත්පතට ප්‍රකාශ කර ඇත.

    ප්‍රංශ ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම සිදු කෙරුණේ බටහිර රටවල්, සිය මහලු ජනයා වැඩහිටි නිවාසවල මියැදෙන්නට දමා ඇති බවක් චීන තානාපති කාර්යාලයේ අන්තර්ජාල වෙබ් අඩවියේ ලිපියක් මගින් ප්‍රකාශවීමත් සමඟය.

    එම ප්‍රකාශය දැන් ආරවුලක් බවට පත්ව ඇත.

    ඒ සමඟ ක්‍රියාත්මක වූ ප්‍රංශ විදේශ අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් “බලවත් අප්‍රසාදය” පළ කිරීම සඳහා එරට සිටින චීන තානාපතිවරයා කැඳවීමට පියවර ගත්තේය.

    උද්ගත වූ ආරාවුල “වැරදි වටහාගැනීමක්” යයි පවසමින් චීනය තමන්ට එල්ලවෙමින් පවතින දෝෂාරෝපණ ප්‍රතික්ෂේප කරයි.

    A man wearing a protective suit checks a woman's temperature next to a residential area in Wuhan, in China"s central Hubei province on April 7, 2020.

    “ප්‍රංශය කොරෝනාවෛරස් වසංගතය හමුවේ එය මැඩලීමට පොර බදමින් සිටින ආකාරය සම්බන්ධයෙන් කිසිදු නාස්තික ප්‍රකාශයක් තමන් සිදුකර නැතැයි” පවසන චීන ආණ්ඩුවේ ප්‍රකාශක ෂාඕ ලියෑන් (Zhao Lijian) “එවැන්නක් කිරීමේ කිසිදු අභිප්‍රායක් නොමැති” බවත් කියා සිටියේය.

    චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයාගේ එම අදහස් දැක්වීම සිදු කෙරුණේ, කොවිඩ්-19 වෛරසය පැතිරයාම ආරම්භ වූ වූහාන් නගරයේ මරණ සංඛ්‍යාව චීනය විසින් නැවත සංශෝධනය කරනු ලැබීමත් සමඟය.

    බීජිං බලධාරීන්ගේ අලුත් ප්‍රකාශන අනුව වෛරසයට ගොදුරුවීමෙන් වූහාන් හි තවත් 1,290 ක් මරණයට පත්ව ඇත.

    කොරෝනා මරණ සංඛ්‍යාවේ එම සංශෝධනය සිදු කෙරුණේ, සංඛ්‍යාන විද්‍යාත්මක අධීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් යයි සඳහන් කළ චීන ආණ්ඩුවේ ප්‍රකාශක ෂාඕ ලියෑන්, එවැනි යළි අධීක්ෂණය කිරීම් සුලභ ජාත්‍යන්තර භාවිතයක් යයි කියා සිටි බව ‘රොයිටර්’ පුවත් සේවය වාර්තා කළේය.

    චීනයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව, වාර්තා කරනු ලැබ ඇති ආකාරයට 4,632 ක් පමණි. එහෙත් වූහාන් නගරයේ සිදුවී ඇතැයි චීන බලධාරීන් විසින් පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත්කරන ලද තවත් මරණ 1,290 ද දැන් ඊට එකතු වෙයි.

    කොවිඩ්-19 වෛරසයේ තිඹිරි ගෙය ලෙස සැලකෙන වූහාන් නගරය දැඩි පාලනයකට යටත් කරනු ලැබ තිබුණ අතර, එහි කලින් බල පැවැත්වුන තහංචි දැන් ළිහිල් කරනු ලැබ ඇත.

    Medical staff from Jilin Province (in red) hug nurses from Wuhan after the Covid-19 lockdown was lifted, 8 April 2020
    වූහාන්හි කලින් බල පැවැත්වුන තහංචි දැන් ළිහිල් කරනු ලැබ ඇත

    කොරෝනාවෛරස් උවදුරේ දී චීන බලධාරීන් ක්‍රියා කරනු ලැබ ඇති ආකාරයේ විනිවිදභාවය (transparency) පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවක් ප්‍රශ්න කරති.

    ප්‍රංශ ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම සිදු කෙරුණේ බටහිර රටවල්, සිය මහලු ජනයා වැඩහිටි නිවාසවල මියැදෙන්නට දමා ඇති බවක් චීන තානාපති කාර්යාලයේ අන්තර්ජාල වෙබ් අඩවියේ ලිපියක් මගින් ප්‍රකාශවීමත් සමඟය

    ප්‍රංශ ජනාධිපතිගේ පිළිතුර

    මේ වනවිට කොරෝනාවෛරස් ආසාදිතයන් 141,000 ක් සහ 18,000 කට ආසන්න මරණ සංඛ්‍යාවක් ප්‍රංශයෙන් වාර්තා වී ඇත.

    වෛරසයේ ආරම්භය සහ පැතිරයාම පාලනය කිරීම සඳහා පුද්ගල නිදහස නොතකා හරිමින් චීනය අනුගමනය කළ “අධිකාරීවාදී ක්‍රියාමාර්ග” බටහිර රටවල ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුවල දුර්වලතාවය අනාවරණය වීමට හේතු වීදැයි ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත්පත ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් ජනාධිපති මැක්‍රෝන්, “විවෘත සමාජ සහ සත්‍යය යටපත් කෙරෙන රටවල් එකිනෙකට සංසන්දනය කළ නොහැකි” බව පෙන්වා දුන්නේය.

    “එම වෙනස සැලකිල්ලට ගනිමින්, චීනය මුලින් කරන ලද දෙය අනුව, මගේත් ගරු කිරීමට ලක්වෙන අද ඔවුන් සිදු කරන දෙය එදාට වඩා හොඳින් දැන් කෙරෙනවාය කියා කීමට තරම් අපි බොළඳ නොවිය යුතුයි”

    ”අපි දන්නේ නැහැ. අපි නොදන්නා දේවල් එතැන සිද්ධවෙන බව පැහැදිලියි ” යනුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා පවසයි.

    කොරෝනාවෛරස් වසංගතයට එරෙහි සටනේ දී නිදහස් විවෘතභාවය අත්හැර දමනු ලැබීම බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයට අනතුරක් වියහැකි බවත් ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    “අපට එය පිළිගන්න බැහැ. සෞඛ්‍ය අර්බුදයක් තියෙන අවස්ථාවක කිසිවෙකුට ඔහුගේ හෝ ඇයගේ ජානගත මූලික අයිතිය අහිමිකර ගන්න බැහැ”

    වෙනත් ප්‍රතිචාර

    President Donald Trump speaks during the daily briefing of the White House Coronavirus Task Force in the Rose Garden at the White House April 14, 2020
    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ද චීනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබ ඇත

    කොවිඩ්-19 වෛරසය ආරම්භ වුණේ කෙසේද? එය ආරම්භයේදීම මර්දනය කරගත නොහැකි වුණේ කුමක් නිසාද? යන අභියෝගාත්මක ප්‍රශ්න මතු කරනු ලැබිය යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් (Dominic Raab) පසුගිය බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

    වෛරසය චීනයෙන් පිටතට ව්‍යාප්ත වීමට මඟ හෙළිවුණේ කෙසේද? යන්න සම්බන්ධයෙන් ගැඹුරු විමසීමක් සිදු කළ යුතුයි සඳහන් කළ බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා මෙම වසංගතයෙන් පසු චීනයත් සමඟ පැරණි මට්ටමින් දිගටම කටයුතු කළ නොහැකි වනු ඇතැයි ද කියා සිටියේය.

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ද චීනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබ ඇත.

    සමස්ත ලෝකයේ කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව 137,000 ක් මට්ටමේ පවතින අතරවාරයේ ,එක්සත් ජනපදයෙන් මෙතරම් අධික මරණ සංඛ්‍යාවක් වාර්තාවීමට හේතුව කුමක්දැයි ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් ජනාධිපති ට්‍රම්ප්, වෙනත් රටවල් ඔවුන්ගේ භූමියේ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් බොරු කියන බවට චෝදනා කළේය.

    චීනය නමින්ම සඳහන් කරමින් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා “ඇතැම් රටවල් ඉදිරිපත් කරන මරණ සංඛ්‍යාවන් කිසිවකු විසින් විශ්වාස කරනු ලබන්නේදැයි” ප්‍රශ්න කළේය

    කොවිඩ්-19 වෛරසය වූහාන් නගරයේ වෙළෙඳපොළකින් නොව එහි විද්‍යාගාරයකින් මතුවීද? යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නැති වාර්තා දෙස එක්සත් ජනපදය අවධානයෙන් පසුවෙන බවත් ජනාධිපති ට්‍රම්ප් පවසයි.

    “මම මේ කතන්දරයට අදාලව අපට ලැබෙන තවත් බොහෝ තොරතුරු ඉදිරිකාලයේ දී හෙළිදරව් කරනවා. බලමු!අපි ඇහැ ගහගෙනයි ඉන්නේ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

    වවුලාගෙන්ද ? විද්‍යාගාර කාන්දුවකින්ද?

    කොරෝනා වෛරසය

    සුරක්ෂිතභාවයට අදාළ වැඩ පිළිවෙළේ ඌනතා හේතුවෙන් වූහාන් මධ්‍යස්ථානයක සිදු වූ හදිසි කාන්දුවකින් කොවිඩ්-19 වෛරසය පිටවී ඇති බවක් තොරතුරු ලබාගත් මූලාශ්‍රය හෙළිදරව් නොකරමින් ෆොක්ස් නිව්ස් (Fox News) වාර්තා කරයි.

    මෑත වසරවල වූහාන් විද්‍යාගාර දෙකක සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් බීජිං නගරයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය මැසිවිලි මතුකොට ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය මින් පෙරත් වාර්තා කරනු ලැබ ඇත.

    කෙසේවුවද, කොවිඩ්-19 වෛරසයට මුල්වූ ‘Sars-CoV-2’ වෛරසය විද්‍යාගාර දෝෂයකින් කාන්දු වූ බවට සාක්ෂි නොමැත.

    කොවිඩ්-19 වෛරසය බොහෝ දුරට වවුලන් විය හැකි සතෙකුගෙන් ආරම්භ වුණා විය හැකිය යන්න විද්‍යාඥයන්ගේ අනුමානයි.

    කාලීන අවශ්‍යතාව සලකා මෙම සම්පූර්ණ ලිපියම 2020 අප්‍රේල් 17 වැනි දින බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් උපුටා ගෙන මෙහි පළ කරන ලදි – ප්‍රධාන ඡායාරූපය පමණක් වෙනස් කර ඇත – ප්‍රධාන සංස්කාරක

  • නීති ලිහිල් කළ හොත් ප්‍රංශය තුළ ‘Covid-19 රැල්ලක්’ ගැන බිය

    නීති ලිහිල් කළ හොත් ප්‍රංශය තුළ ‘Covid-19 රැල්ලක්’ ගැන බිය

    ප්‍රංශය තුළ සිදුවෙමින් පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සලකා බැලූවිට , එය පාලනය කිරීම වෙනුවෙන් පනවා ඇති, ජනතාව නිවෙස් තුළ රඳවා තැබීම ඇතුළු නීති රීති ඉවත් කළ හොත් හෝ ලිහිල් කළ හොත් හෝ ප්‍රංශය තුළ කොරෝනා ව්‍යප්තියේ නව රැල්ලක් ඇතිවිය හැකි බවට , ප්‍රංශයේ විද්‍යාත්මක කවුන්සිලයේ සභාපති ජෝ ප්‍රංශුවා දෙල්ෆරෙයිසි ( Jean – Francois Delfraissy ) අනතුරු හඟවා තිබෙනවා.

    ඔහු මෙම අනතුරු හැඟවීම සහිත පුරෝකථනය කරනු ලැබුවේ සෙනෙට් සභාවේ දී ඇසූ පැණයකට පිළිතුරු දෙමිනි.

    වැඩි දුරටත් අදහස් දැක් වූ ප්‍රංශ විද්‍යාත්මක කවුන්සිලයේ සභාපතිවරයා පැවසුවේ, එවැනි නීති ලිහිල් කිරීමක් සිදු කළ හොත් දිනකට කොරෝනා ආසාදිතයන් 10, 000 ත් 15, 000 ත් අතර සංඛ්‍යාවක් බිහි විය හැකි බවයි.

    අප්‍රේල් 16 වැනිදායින් අවසන් වූ පැය 24 තුළ ප්‍රංශය තුළ සිදු වී ඇති කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධව ප්‍රංශ සෞඛ්‍ය අමාත‍යංශ විසින් නිකුත් කළ සංඛ්‍යා දත්ත ඊයේ දිනයේත් ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලොමොන් ය.

    ප්‍රංශය තුළ කොරෝනා වෛරස වසංගතය ආරම්භ වීමෙන් පසු පළමු වතාවට , පැය 24 ක් තුළ සිදු වූ රෝහල්ගත කිරීමේ සංඛ්‍යාවේ අඩුවක් ඊයේ (16) දැක ගතහැකි වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා පැවසීය.

    කෙසේ වෙතත් අප්‍රේල් 16 න් ගෙවී ගිය පැය 24 තුළ ප්‍රංශය තුළ සිදු වී ඇති කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 1, 438 බවට අනාවරණය විය.

    රෝහල් තුළ සිදු වී ඇති මරණ අසංඛ්‍යාව 514 ක් වන අතර, යැපෙන වැඩිහිටියන් සඳහා නවාතැන් පහසුකම් සපයන නිවාසවල සිදු වී ඇති මරණ සංඛ්‍යාව 924 ක් ය.

    දැනට රෝහල්ගතව සිටින රෝගීන් ගණන 31, 779 කි. පැය 24 ක් තුළ රෝහල්ගත කර ඇති රෝගීන් ප්‍රමාණය 4, 560 කි.

    දැඩි සත්කාර ඒකකයේ 6, 457 ක් සිටින අතර පැය 24 ක් තුළ ඊට ඇතුළත් කර ඇති රෝගීන් ගණන 273 ක් ය.

    රෝගය සුව වීමෙන් පසු රෝහල් වලින් පිට්වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 31, 000 කි. 16 වැනිදායින් ගෙවුණු පැය 24 තුළ පමණක් රෝහල් වලින් පිටවූ සුව වූවන් ගණන 2, 195 කි.

    තම කලාපය තුළ දැඩි සත්කාර ඒකක වල සිටින රෝගීන් සංඛ්‍යාව අඩු වුව ද , තත්ත්වය තවමත් අතිශයින් බරපතල යැයි ඉල් ද ෆ්‍රොන්ස් ( Ils – de – France ) කලාපයේ ප්‍රාදේශීය සෞඛ්‍ය ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් ඔරෙලිඔන් රූසෝ ( Aurelien Rousseau ) ඊයේ (අප්‍රේල් 16 ) BFM රූපවාහිනිය සමඟ පැවැති සාකච්ඡාවක දී පැවසීය.

    ” අපට දැඩි සත්කාර ඒකක වල කොරෝනා ආසාදිත රෝගීන් 2, 500 ක් ඉන්නවා. වෙනත් හේතුන් මත දැඩි සත්කාර ඒකක වල සිටින රෝගීන් ප්‍රමාණය 500 ක්. මේ දෙක එකතු කළ විට 3, 000 යි. නමුත් අපිට දැඩි සත්කාර සඳහා තියෙන්නෙ ඇඳන් 1, 200 යි. මේ අනුව කොහොම තත්ත්වයක් ද පවතින්නෙ කියලා වටහා ගන්න පුලුවන් නේ ද? “

    BFM රූපවාහිනිය සමඟ පැවැති සාකච්ඡාවෙදී රූසෝ තව දුරටත් කියා සිටියේ එලෙසය.

    මේ අතර ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන් විසින් සන්නිවේදනය කර ඇති දත්ත මගින් පැහැදිවම අවධාරණය කර ඇත්තේ , වයස අවුරුදු 75 ට වැඩි පුද්ගලයන් අනෙක් අයට වඩා සැලකිය යුතු ලෙස කොරෝනා වෛරසයට නිරාවරණය වී ඇති බවයි.

    විශ්‍රාමික නිවාස වල සිටි විශාල සංඛ්‍යාවක් මිය යෑමත්, අති විශාල සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සලාකා බලන විට මෙහි ඇති අතිශය කණගාටුදායක තත්ත්වය හොඳින් පැහැදිලියි.

    පුද්ගලයන් ලක්ෂය ඉක්මවා රසායනාගාර මගින් සිදු කොට ඇති කෝවිඩ් – 19 පරීක්ෂණයෙන් 24, 962 කට කොරෝනා වෛරසය ධනාත්මක වී ඇති බවට හෙළි වී ඇති බව පවසන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් , පරීක්ෂණ හැකියාව ක්‍රමක්‍රමයෙන් තවත් වැඩි කරන බව කියා සිටිනවා.

    ප්‍රංශයේ වඩාත්ම බලපෑමට ලක්වූ දෙපාර්තමේන්තුවල , සේවයේ නියුතු සෞඛ්‍ය සේවකයන්ට අතිරේක දීමනාවක් ගෙවන බවට රජය නිවේදනය කර තිබෙනවා.

    එම දීමනාව රෝහල් පරිපාලන කාර්‍ය මණ්ඩල සඳහා යුරෝ 500 ක් ලෙසත්, රෝගීන්ට නිරාවරණය වෙමින් ඉදිරි පෙල කටයුතු කරන සේවාවන් හී නියැලෙන අය සඳහා යුරෝ 1, 500 ගෙවීමට නියමිත වෙනවා.

    මේ අතර කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිකාර සොයා ගැනීම සඳහා යුරෝපීය සායනික අත් හදා බැලීම් වල පළමු ප්‍රතිඵලය අප්‍රේල් මස අවසානයේ දී දැක ගත හැකි බවත්, මෙම අත්හදා බැලීම් සඳහා රෝගීන් 3, 200 ක් යොදා ගෙන ඇති බවත්, බෝවන රෝග විශේෂඥ ෆ්ලොරොන්ස් අදෙර් ( Florence Ader ) ප්‍රකාශ කර තිබෙනවා.

    ( සුනිල් ගාමිණී – ප්‍රංශ ජන මාධ්‍ය ඇසුරෙන් )


  • Covid-19: ගෝලීය ප්‍රවණතා සහ උණුසුම් පුවත් විමසුම

    Covid-19: ගෝලීය ප්‍රවණතා සහ උණුසුම් පුවත් විමසුම

    • ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව ලෝකයේ මුළු කිරීටක වෛරස් රෝගීන් සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ඇත.
    • එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරෝන වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විවේචනය කිරීම සහ එයට ලබා දෙන අරමුදල් කපා හැරීම අරමුදල් කපා හැරීම, ලොව පුරා නායකයින්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අයවැයට විශාලතම දායකත්වය සපයන්නේ එක්සත් ජනපදයයි.
    • එක්සත් ජනපදයේ කොරෝන වෛරසයෙන් මිය යන සංඛ්‍යාව අවම වශයෙන් 2,228 කින් ඉහළ ගොස් ඇත ( එය එක් දිනකදී වැඩිම අගය ) අඟහරුවාදා 28,300 ඉක්මවා ඇත. වාර්තා වී ඇති රෝගීන් 600,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් රට තුළ තිබේ
    • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) පවසන්නේ ගෝලීය ආර්ථිකය මේ වසරේදී සියයට 03කින් හැකිලෙනු ඇති බවයි. එය 1930 ගනන්වල මහා අවපාතයෙන් පසු විශාලතම සංකෝචනයයි.

    ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය විසින් අද (15) දින නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛන අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම් සංඛ්‍යාව ගෝලීය වශයෙන් 2,016,020ක් දක්වා වර්ධනය වී තිබෙන අතර මරණ සංඛ්‍යාව 130,528ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති අතර එය 613,187ක් වශයෙන් සටහන් වී තිබෙන අතර මරණ සංඛ්‍යාව 26,950ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ගෝලීය ප්‍රවණතා

    ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් නොදීම “අනතුරුදායකයි”- එ.ජ මහ ලේකම්

    ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ප්‍රදානය කරනු ලබන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කළේය.

    ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය මේ වන විට විශාල වශයෙන් හෙළා දැකීමකට ලක්වෙමින් පවතී.

    ‘මයික්‍රොසොෆ්ට්’ (Microsoft) නිර්මාතෘ බිල් ගේට්ස් ( Bill Gates) විසින් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණය විග්‍රහ කරන ලද්දේ “අනතුරුදායක පණිවුඩයක්” වශයෙනි.

    එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් (António Guterres) විසින් ද ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය දෝෂ දර්ශනයට ලක් කරමින්, “ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්පත් මූලයන් කපා හැරීමට මෙය කාලය නොවන” බව පෙන්වා දුන්නේය.

    ඇමෙරිකානු අරමුදල් නතර කරන බව ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ “ලෝක සෞඛ්‍ය සංවිධානය පවතින කොරෝනාවෛරස් වසංගතය හමුවෙහි ඔවුන්ගේ වගකීම් ඉටු කිරීමට අසමත් වූ” බවය.

    චීනයෙන් ආරම්භ වී පැතිර යමින් පවතින කොවිඩ්-19 වෛරසය පිළිබඳ කරුණු වසං කළ බවට සහ නොමග යැවීම් සිදු කළ බවට ඇමෙරිකානු නායකයා ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරයි.

    එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අදහස් දැක්වීම සිදු කෙරුණේ ඊට ප්‍රතිචාරයක් වශයෙනි.

    සිය රට තුළ කොරෝනාවෛරසය පැතිර යාම වළක්වාලීමට ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකානු සමාජය තුළ දැඩි අපවාදයකට මුහුණ දී සිටියි.

    ඔහුට එරෙහි ප්‍රධාන චෝදනාව වන්නේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා “නිසි මොහොතේ කඩිනම් තීරණ සහ ක්‍රියාමාර්ග නොගැනීමය”.

    චීනය සමඟ සිදු කෙරෙන සංචාර නතර කිරීම සඳහා ජනවාරි අග භාගයේ දී තීරණය කරනු නොලැබීම ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව එල්ල කෙරෙන එක් විවේචනයක් වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරමින් එම චෝදනාවෙන් පළා යාමට ඔහු උත්සාහ කරයි.

    ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතීව කටයුතු කරන බවය.

    “කොරෝනාවෛරසය පැතිරීම වසං කරනු ලැබීම සහ බරපතල මට්ටමේ දුර්කලමනාකරණයට අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානයේ භූමිකාව තක්සේරු කෙරෙන අධීක්ෂණයක් සඳහා පියවර ගනු ලබන අතරවාරයේ, ඊට අරමුදල් සැපයීම අත්හිටුවන ලෙස මම, මගේ පරිපාලනයට නියෝග කරනවා” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේය.

    ගෝලීය වශයෙන් වැඩිම ආසාදිතයින් සහ මරණ

    එක්සත් ජනපදය – රෝගීන් 613,187 ක්, මරණ 26,950 ක් 
    ස්පාඤ්ඤ – රෝගීන් 177,633 ක්, මරණ 18,579 ක්
    ඉතාලිය – රෝගීන් 165,155 ක්, මරණ 21,645 ක්
    ජර්මනිය – රෝගීන් 132,718 ක්, මරණ 3,592 ක්
    ප්‍රංශය – රෝගීන් 131,365 ක්, මරණ 15,750 ක්
    එක්සත් රාජධානිය – රෝගීන් 99,455 ක්, මරණ 12,892 ක්
    චීනය – රෝගීන් 83,356 ක්, මරණ 3,346 ක්
    ඉරානය – රෝගීන් 76,389 ක්, මරණ 4,777 ක් 
    තුර්කිය – රෝගීන් 65,111 ක්, මරණ 1,403 ක්
    බෙල්ජියම – රෝගීන් 33,573 ක්, මරණ 4,440 ක්
    නෙදර්ලන්තය – රෝගීන් 28,314 ක්, මරණ 3,144 ක්
    කැනඩාව – රෝගීන් 27,063 ක්, මරණ 903 ක්
    ස්විට්සර්ලන්තය – රෝගීන් 26,336 ක්, මරණ 1,221 ක්
    බ්‍රසීලය – රෝගීන් 25,758 ක්, මරණ 1,557 ක්
    රුසියාව – රෝගීන් 24,490 ක්, මරණ 198 ක්
    පෘතුගාලය – රෝගීන් 18,091 ක්, මරණ 599 ක් 
    ඔස්ට්‍රියාව – රෝගීන් 14,321 ක්, මරණ 393 ක්
    ඊශ්‍රායලය – රෝගීන් 12,200 ක්, මරණ 126 ක්
    ස්වීඩනය – රෝගීන් 11,927 ක්, මරණ 1,203 ක්
    ඉන්දියාව – රෝගීන් 11,555 ක්, මරණ 396 ක්
    අයර්ලන්තය – රෝගීන් 11,479 ක්, මරණ 406 ක්
    දකුණු කොරියාව – රෝගීන් 10,591 ක්, මරණ 225 ක්
    පේරු – රෝගීන් 10,303 ක්, මරණ 230 ක්
    ජපානය – රෝගීන් 8,100 ක්, මරණ 146 ක්

    ඕස්ට්‍රේලියාව – රෝගීන් 6,440 ක්, මරණ 63 ක්

    සෞදි අරාබිය – රෝගීන් 5,862 ක්, මරණ 79 ක්

    එක්සත් අරාබි එමීර් – රෝගීන් 4,933 ක්, මරණ 28 ක්

    කටාර් – රෝගීන් 3,711 ක්, මරණ 7 ක්

    බහරේනය – රෝගීන් 1,671 ක්, මරණ 7 ක්
    කුවේට් – රෝගීන් 1,405 ක්, මරණ 3 ක්

    ඕමානය – ආසාදිතයින් 910 ක්, මරණ 4 ක්

    අල් ජසීරා වාර්තා ඇසුරිණි

  • මෝදි ජනතාවට ආචාර කරද්දී කොරෝනා ආසාදිතයින් 10,000ක් වෙයි

    මෝදි ජනතාවට ආචාර කරද්දී කොරෝනා ආසාදිතයින් 10,000ක් වෙයි

    ඉන්දියාවේ වෛරස් රෝගීන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති නමුත් නගරවල පරීක්ෂණ ඉතා සීමිත බැවින් සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව ඉතා ඉහළ බව විශේෂඥයෝ පවසති

    ඉන්දියාව Covid-19 වසංගතයේ තීරණාත්මක කඩඉමක් කරා කරමින් සිටින අතරතුර වර්ධනය වෙමින් පවතින ආර්ථික හා සමාජයීය අර්බුදය සමනය කර ගැනීම සදහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) ජාතිය අමතමින්වි ඉන්දිය ජනතාවට සිය කෘතඥතාවය පළ කළ අතර අර්බුදයේ බලපෑම ගැන තමා දැන සිටින බව ද ප්‍රකාශ කළේය. ඒ සමග කොරෝන වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මැයි 3 වනදා දක්වා රට පුරා අගුළු දැමීම දීර්ඝ කරන බව ද නිවේදනය කළේය.

    ඉන්දියාව මේ වන විට සක්‍රීය රෝගීන් 8,988 ක් සහ මරණ 339 ක් වාර්තා කර තිබේ.

    ඉන්දීය අගමැතිවරයා දැඩි තීන්දුවක් ගනිමින් පසුගිය මාර්තු මස 25 වැනිදා ඉන්දියාව ‘වසා දැමීමට‘ පියවර ගත් අතර එම තීරණය ඉන්දියාව පමණක් නොව ලෝකයම කම්පනයට පත් කළේය. කෝටි 130ක දැවැන්ත ජනගහණයකින් යුතු සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් අවම ඉන්දියාව ‘කෙසේ හෝ ආරක්ෂා කරගත යුතු බව‘ බොහෝ දෙනකුගේ මතය විය.

    “ඔබ සියලු පුරවැසියන්ට මම ආචාර කරමි,” මෝඩි රූපවාහිනිය මගින් ජාතිය අමතමින් කියා සිටියේ වෛරසයට එරෙහි සටනට ඉන්දියානුවන් දැක්වූ සහයෝගයට ස්තූතිවන්ත වන බවයි.

    වසා දැමීම යටතේ, සිල්ලර බඩු සහ ෆාමසි වැනි අත්‍යවශ්‍ය ව්‍යාපාරවලට පමණක් විවෘතව සිටීමට අවසර ඇත. නගර ප්‍රවාහන සේවා හදිසි කාර්ය මණ්ඩලයට සහ විශේෂ ගමන් බලපත්‍ර ඇති අයට පමණක් සීමා වේ. සියලුම දුම්රිය හා ගුවන් ගමන් අත්හිටුවා ඇත.

    ඉදිරි සතිය තුළදී නීති රීති තවදුරටත් දැඩි කළ හැකි බව මෝඩි සදහන් කළ නමුත් ඔහු වැඩි විස්තර ලබා දුන්නේ නැත. රජය කඩිනමින් “මාර්ගෝපදේශ” නිකුත් කරන බව ඔහු පැවසීය.

    “මේවා අපගේ දුප්පත් හා සංක්‍රමණික කම්කරුවන්, දෛනික වැටුප් කම්කරුවන් සහ ගොවීන් ගැන සිතමින්”යැයි ඔහු පැවසීය.

    ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන් විභව උණුසුම් ස්ථාන දෙස සමීපව බලා සිටින බවත්, ඕනෑම දිස්ත්‍රික්කයක සීමාවන් ලිහිල් කළ හැකිද යන්න තීරණය කිරීම සඳහා සතියකින් සෑම දිස්ත්‍රික්කයක්ම ඇගයීමට ලක් කරන බවත් ඔහු පැවසීය.

    රේඛාව

    ඉන්දියාවේ අගුලු දැමීමේ අධික ආර්ථික හා සමාජ පිරිවැය

    විශ්ලේෂණ පෙට්ටිය ඉන්දියාවේ මාර්ගගත වාර්තාකරු සෞතික් බිස්වාස් විසිනි

    ඉන්දියාව ඇගුළු දැමීම දැනටමත් ආර්ථිකය කඩාකප්පල් කිරීමට හා සමාජ පීඩාවන්ට හේතු වී තිබෙන අතර එය ආර්ථිකයට ඉමහත් හානියක් කර තිබේ. ස්වාධීන තක්සේරුවකට අනුව රැකියා විරහිතභාවය තියුණු ලෙස ඉහළ ගොස් තිබේ. 

    ලෝක බැංකුවට අනුව ඉන්දියාවේ දැනටමත් වේගයෙන් වර්ධනය වන ආර්ථිකය 2020-21 වන විට 1.5-2.8%ක් දක්වා තියුණු පසුබැසීමකට ලක්වනු ඇති බව අපේක්ෂා කෙරේ. ප්‍රධාන සේවා කර්මාන්තවල කොඳු නාරටිය වන සංක්‍රමණික කම්කරුවන් වසා දැමූ සේවා ස්ථානවලින් පලා ගොස් හෝ නගරවල අතරමං වී සිටිති. සමෘද්ධිමත් අවිධිමත් ආර්ථිකය ව්‍යාකූල වී ඇත.

    කොවිඩ් -19 නොවන දුප්පත් රෝගීන් සඳහා ආහාර, ඖෂධ සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම දුෂ්කර වී තිබේ. අගුළු දැමීම ධනවත් පන්තියට වරප්‍රසාදයක් වී ඇති අතර එය දුප්පතුන්ට ශාපයක් වී තිබේ.

    ඉන්දියාව ආසාදන වැඩිවීමක් දක්නට ලැබෙන මොහොතක අගුලු දැමීම ඉවත් කිරීම සහ පරීක්ෂාවට ලක් කිරීමට උත්සාහ කිරීම අවදානම් විය හැකි බවට සැකයක් නැත. ඒ අතරම, ජනතාවගේ ආර්ථිකය සහ ජීවනෝපායන් සුරැකීම සඳහා ඉන්දියාවට අගුලු දැමීම ලිහිල් කිරීමට සිදුවනු ඇති බව ද පැහැදිලිය.

    සමහර ආර්ථික ක්‍රියාකාරකම් (ගොවිතැන, භාණ්ඩ ප්‍රවාහනය, තොග වෙළඳපොල, ප්‍රධාන ආර්ථික සේවා) සමාජ දුරස්ථභාවය සහ සනීපාරක්ෂක ප්‍රොටෝකෝල සමඟ නැවත විවෘත කළ යුතුය. මෙය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න තනිකරම රඳා පවතින්නේ ප්‍රාන්තවල දක්ෂතාවය මත ය.

    ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    ප්‍රාන්ත හතක් සහ ෆෙඩරල් පරිපාලනය කරන ලද එක් ප්‍රදේශයක් දැනටමත් අගුලු දැමීම දීර්ඝ කර ඇත. විරැකියාව ඉහළ යාමත්, සීමාවන් මධ්‍යයේ ව්‍යාපාර ක්‍රියාත්මක වීමට අරගල කිරීමත් සමඟ මෙම තීරණය විශාල ආර්ථික පිරිවැයක් දරයි.

    ඉන්දියාවේ ශ්‍රම බලකායෙන් අඩකට වඩා සේවය කරන ගොවිතැනට එය බලපානු ඇතැයි විශේෂඥයෝ බිය පළ කරති.

    මෙම සීමාවන් දැනටමත් ඉන්දියාවේ දුප්පතුන්ට හා නිවාස නොමැති අයට විනාශකාරී බලපෑමක් ඇති කර ඇති අතර නගර හරහා සංක්‍රමණික ශ්‍රමිකයන් සිය දහස් ගණනක් අතරමං වී ඇත.

    බිලියන 1.3 ක ජනගහනයක් සිටින ඉන්දියාවේ වෛරසය පැතිරීම ලොව පුරා සිටින විශේෂඥයෝ හොඳින් නිරීක්ෂණය කරති. ජනාකීර්ණ නගර සහ දුර්වල මහජන සෞඛ්‍ය පද්ධතියක් සහිත රට වසංගතයේ දරුණුතම බලපෑම් වලට විශේෂයෙන් ගොදුරු විය හැකි යැයි ඔවුහු බිය වෙති.

  • Covid-19 ලෝක පුවත් විමසුම – ලෝකය පුරා උණුසුම් තත්ත්වයන් මෙන්න

    Covid-19 ලෝක පුවත් විමසුම – ලෝකය පුරා උණුසුම් තත්ත්වයන් මෙන්න

    අද දිනය (12) වන විට ගෝලීය වශයෙන් තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 17,93,224ක් බව ජෝන් හොප්කින් විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාව කියයි.

    එහි සදහන් වන්නේ අද දිනය තුළ නව ආසාදිතයින් 80,961ක් සහ මරණ 110,051ක් වාර්තා වූ බවයි. ගෝලීය වශයෙන් සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 373,570ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වේ.

    එක්සත් රාජධානියේ කොරෝනා මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවයි

    එක්සත් රාජධානියේ කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇති අතර අද දිනය අවසන් වන විට නිල වාර්තාවල දැක්වෙන මරණ සංඛ්‍යාව 10,612 කි. 

    ඉතාලියේ හා ස්පාඤ්ඤයේ වෛරස් මරණ සංඛ්‍යාව පහත වැටීමත් සමඟ, එක්සත් රාජධානිය යුරෝපයේ වැඩිම වෛරස් මරණ ඇති රට බවට පත්වනු ඇතැයි යන බිය වැඩිවෙමින් පවතී. මේ අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඔහු COVID-19 යථා තත්ත්වයට පත්ව ඇති බව ඔහුගේ කාර්යාලය පවසයි.

    “ඔහුගේ වෛද්‍ය කණ්ඩායමේ උපදෙස් පරිදි අගමැතිවරයා වහාම සේවයට නොඑනු ඇත. ශාන්ත තෝමස් රෝහලේ සියලුම දෙනාටම තමාට දුන් අති විශිෂ්ඨ සත්කාරය පිළිබඳව ස්තූති කිරීමට ඔහු කැමතියි” යනුවෙන් ප්‍රකාශකයෙක් පැවසීය. 

     ‘මම ඔවුන්ට මගේ ජීවිතයට ණයගැතියි’: එක්සත් රාජධානියේ අගමැති ජොන්සන් වෛද්‍යවරුන්ට ප්‍රශංසා කරයි

    COVID-19 ආසාදනය වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බොරිස් ජොන්සන් එයින් පිටවීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලයට තම ගෞරයට හා ප්‍රණාමය පුද කළේය. ඔහු සදහන් කළේ තම ජීවිතය බේරාදීම පිළිබදව තමා ඔවුන්ට ණයගැති බවයි.

    “මට ඔවුන්ට ප්‍රමාණවත් තරම් ස්තූති කළ නොහැකිය. මගේ ජීවිතයට මම ඔවුන්ට ණයගැතියි” යැයි ජොන්සන් රෝහල් කාර්ය මණ්ඩලය ගැන පැවසීය. 

    මෙම අදහස් මාධ්‍යවේදීන්ට නිකුත් කළ අතර ඉරිදා ඔහුගේ කාර්යාලය විසින් ඒ බව තහවුරු කළේය.

    ජොන්සන්ගේ තත්ත්වය පිළිබඳ නවතම නිල යාවත්කාලීන කිරීම් වලදී ඩව්නිං වීදිය පැවසුවේ “ඔහු ඉතා හොඳ ප්‍රගතියක් ලබා ඇති” බවයි.

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් 2020 මාර්තු 17 වන අඟහරුවාදා ලන්ඩනයේ ඩව්නිං වීදිය 10 තුළ COVID-19 කිරීටක වෛරසය පැතිරීමත් සමඟ පවතින තත්වය පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වයි.

    ආසාදිතයන් වෙනුවෙන් පාප්තුමා පාස්කු යාඥා කරයි

    කොරෝනා වෛරසය ආසාදනයෙන් ලොව පුරා මිය ගිය ලක්ෂයකට අධික පිරිස වෙනුවෙන් සහ ලක්ෂ 17ක් පමණ වන ආසාදිතයින් වෙනුවෙන් ශුද්ධ වූ පාප් වහන්සේ අද (12) ඉරිදා යාඥා මෙහෙය අතරතුර විශේෂ යාඥාවක් පැවැත් වූහ.

    “අද මගේ සිතුවිලි කොරොන වෛරසයට සෘජුවම ගොදුරු වූ බොහෝ දෙනා වෙත හැරී යයි: රෝගීන්, මියගිය අය සහ තම ආදරණීයයන් අහිමි වීම ගැන වැලපෙන පවුලේ සාමාජිකයන් වෙනුවෙන් මම යාඥා කරමි”පාප්තුමා බැතිමතුන්ගෙන් තොර ශාන්ත පීතර බැසිලිකාව වෙතින් සජීවී පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය. 

    වතිකානුවේ කිරීටක වෛරසය (COVID-19) පුපුරා යාම හේතුවෙන් මහජන සහභාගීත්වයක් නොමැතිව පාස්කු උත්සවයක් සඳහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නායකත්වය දෙයි.

    කොරෝනා එන්නතක් නැති නම් යළි අවදානම ඉහළට

    ලක්ෂයකට අධික පිරිසක් මරණයට පත් කළ කොවිඩ්-19 සදහා එන්නතක් සොයා ගැනීම සදහා ලොව පුරා විද්‍යාඥයෝ දැවැන්ත වෙහෙසක් ගනමින් සිටිති. එහෙත් එය තව දුරටත් ඈත බවයි විශේෂඥයින්ගේ අදහස වන්නේ.

    කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීම ප්‍රමාද වීම හමුවේ චීනය සහ ඉතාලිය වැනි දරුණුතම බලපෑමට ලක් වූ සමහර රටවල මෑත දිනවල ආසාදන හා මරණ සමතලා වී ඇති නමුත් එන්නතක් නොමැති තත්ත්වය තුළ නව පිපිරුම් රැල්ලක අවදානම ආසන්න බව විශේෂඥයින් අනතුරු අගවා ඇත.

    නූතන එන්නත

    ජපන් අගමැතිට දැඩි විවේචන

    කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තියෙන් දැඩි සේ කම්පනයට පත්ව සිටින ජපානය මේ වන විට එය පාලනය කිරීමට දැඩි පියවර ගෙන තිබෙනවා. ඒ අතර සමාජ දුරස්ථභාවය සහ නිවසේ රැදී සිටීම ප්‍රධානයි.

    මේ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කිරීම සදහා ජපන් අගමැති ෂින්සෝ අබේ ට්විටර් පණිඩුවයක් සමග වීඩියෝවත් නිකුත් කර තිබෙනවා. මෙම වීඩියෝවේදී ජපන් අගමැති ජනතාවගෙන් ඉල්ලා සිටින්නේෙ “මට මගේ මිතුරන් හමුවිය නොහැකියි. මට බීම සාදයක් පැවැත්විය නොහැකයි. නමුත් මෙම ක්‍රියාවන් නිසැකවම බොහෝ ජීවිත බේරා ගැනීමට හැකියාවව ලැබෙනවා. ඒ නිසා ඔබ ඔබේ සුරතල් සුඛනයා සුරතල් කරන්න …. පොතක් කියවන්න” යැයි ෂින්සෝ අබේ පවසයි.

    ජපන් අගමැතිවරයාගේ ප්‍රකාශය කෙසේ වෙතත් වීඩියෝවේ ඔහු සිටින ආකාරය මේ වන විට ජපන් ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. සුවපහසු සෝපාවක ඉතා පහසුවෙන් වාඩි වී කලු පැහැති සිය සුරතල් සුඛනයා සුරතල් කරමින් සිටින ජපන් අගමැතිවරයාගේ ක්‍රියාව ජපන් ජනතාව දකින්නේ අවස්ථාවාදී හා වගකීම් විරහිත ක්‍රියාවක් ලෙසයි.

    “මිනිසුන්ගේ පැවැත්ම සඳහා සටන් වදින මොහොතක, එවැනි සුඛෝපභෝගී වීඩියෝවක් පෙන්වීමට … කෙනෙකුට උදව් කිරීමට නොහැකි අතර, ‘ඔබ කවුදැයි ඔබ සිතන්නේද?’ යනුවෙන් එක් ට්විටර් පරිශීලකයෙක් අගමැතිවරයාගෙන් ප්‍රශ්න කර තිබුණා.

    බොහෝ ජපන් ජාතිකයින් කියා සිටියේ අගමැතිවරයාගේ ප්‍රකාශය හා වීඩියෝව කොරෝනා වෛරසය පැතිරීම මධ්‍යයේ ජීවත්වීමට අරගල කරන අයගේ දුක්ඛිත තත්වය නොසලකා හැර ඇති බවයි.

    ජනප්‍රිය ගායක හොෂිනෝ ද වීඩියෝ පටයේ භේදකාරී තිරයක දර්ශනය වන අතර සමාජ දුරස්ථභාවය වෙනුවෙන් පෙනී සිටින ගීතයක් රඟ දක්වයි. එය මෙසේ ය: “අපි බේරී නටමු, අපි එකිනෙකා, අපි කොහේ සිටියත්, අපි සියල්ලෝම එක ලෙස, අපි නිවසේදී ගායනා කරමු.

    安倍晋三@AbeShinzo

    友達と会えない。飲み会もできない。
    ただ、皆さんのこうした行動によって、多くの命が確実に救われています。そして、今この瞬間も、過酷を極める現場で奮闘して下さっている、医療従事者の皆さんの負担の軽減につながります。お一人お一人のご協力に、心より感謝申し上げます。

    Embedded video

    උතුරු කොරියාව දැඩි ප්‍රති-වෛරස් ක්‍රියාමාර්ග ඉල්ලා සිටී

    වේගයෙන් ව්‍යාප්ත වන කොරෝන වෛරසයේ “ආක්‍රමණය පරීක්ෂා කිරීම” සඳහා දැඩි පියවර ගන්නා ලෙස උතුරු කොරියාව ඉල්ලා සිටින බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

    කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ ශ්‍රේෂ්ඨ නායක කිම් ජොන් උන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ඉහළ නිලධාරීන් “ලෝක ව්‍යාප්ත වසංගත රෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා, අපගේ ජනතාවගේ ජීවිතය හා ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා වඩාත් ජාතික පියවරයන් ගැනීම” පිළිබඳ ඒකාබද්ධ යෝජනාවක් සම්මත කළ බවයි. 

    කොරියාවේ කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමකට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහභාගී වේ
    උතුරු කොරියානු නායක කිම් ජොන් උන් කොරියාවේ කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමකදී

    කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් හා මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා කර ඇති රටවල්

    එක්සත් ජනපදය – රෝගීන් 530,830 ක්, මරණ 20,646 ක් 
    ස්පාඤ්ඤය – 166,019 ක් , මරණ 16,972  ක්
    ඉතාලිය – රෝගීන් 152,271 ක්, මරණ 19,468 ක්
    ප්‍රංශය – රෝගීන් 130,730 ක්, මරණ 13,832 ක්
    ජර්මනිය – රෝගීන් 125,452 ක්, මරණ 2,871 ක්
    චීනය –  රෝගීන් 83,134 ක් , මරණ 3,343 ක්
    එක්සත් රාජධානිය – රෝගීන් 79,885 ක්, මරණ 10,612 ක්
    ඉරානය – රෝගීන් 71,686 ක්, මරණ 4,474 ක් 
    තුර්කිය – රෝගීන් 52,167 ක්, මරණ 1,101 ක්
    බෙල්ජියම – රෝගීන් 29,647 ක්, මරණ 3,600 ක්
    නෙදර්ලන්තය – රෝගීන් 25,746 ක්, මරණ 2,747 ක්
    ස්විට්සර්ලන්තය –  රෝගීන් 25,300 ක් , මරණ 1,081 ක්
    කැනඩාව – රෝගීන් 23,717 ක්, මරණ 654 ක්
    බ්‍රසීලය – රෝගීන් 21,042 ක්, මරණ 1,141 ක්
    පෘතුගාලය – රෝගීන් 16,585 ක්, මරණ 504 ක් 
    රුසියාව – රෝගීන් 15,770 ක්, මරණ 130 ක්
    ඔස්ට්‍රියාව – රෝගීන් 13,945 ක්, මරණ 350 ක්
    ඊස්රායලය – රෝගීන් 10,878 ක්, මරණ 101 ක්
    දකුණු කොරියාව – රෝගීන් 10,512 ක්, මරණ 214 ක්
    ස්වීඩනය – රෝගීන් 10,483 ක්, මරණ 899 ක්
    අයර්ලන්තය – රෝගීන් 8,928 ක්, මරණ 320 ක්
    ඉන්දියාව – රෝගීන් 8,504 ක්, මරණ 288 ක්
    ඉක්වදෝරය – රෝගීන් 7,257 ක්, මරණ 315 ක්
    චිලී – රෝගීන් 7,213 ක්, මරණ 73 ක්
    පේරු – රෝගීන් 6,848 ක්, මරණ 181 ක්
    ජපානය – රෝගීන් 6,748 ක්, මරණ 108 ක්
    නෝර්වේ – රෝගීන් 6,485 ක්, මරණ 124 ක්
    ඕස්ට්‍රේලියාව – රෝගීන් 6,315 ක්, මරණ 57 ක්
    ඩෙන්මාර්කය – රෝගීන් 6,369 ක්, මරණ 273 ක්
    පෝලන්තය – රෝගීන් 6,674 ක්, මරණ 232 ක්
    රුමේනියාව – රෝගීන් 6,300 ක්, මරණ 306 ක්
    චෙක් ජනරජය – රෝගීන් 5,905 ක්, මරණ 129 ක්
    පකිස්ථානය – රෝගීන් 5,170 ක්, මරණ 88 ක්
    මැලේසියාව – රෝගීන් 4,683 ක්, මරණ 76 ක්
    පිලිපීනය – රෝගීන් 4,648 ක්, මරණ 297 ක්
    මෙක්සිකෝව – රෝගීන් 4,219 ක්, මරණ 273 ක්
    ඉන්දුනීසියාව – රෝගීන් 4,241 ක්, මරණ 373 ක්
    සෞදි අරාබිය – රෝගීන් 4,033 ක්, මරණ 52 ක්
    එක්සත් අරාබි එමීර් – රෝගීන් 3,736 ක්, මරණ 20 ක්
    ලක්සම්බර්ග් – රෝගීන් 3,270 ක්, මරණ 62 ක්
    සර්බියාව – රෝගීන් 3,380 ක්, මරණ 74 ක්
    ෆින්ලන්තය – රෝගීන් 2,905 ක්, මරණ 49 ක්
    පැනමාව – රෝගීන් 3,234 ක්, මරණ 79 ක්
    ඩොමිනිකන් ජනරජය – රෝගීන් 2,759 ක්, මරණ 126 ක්
    කටාර් – රෝගීන් 2,728 ක්, මරණ 6 ක්
    කොලොම්බියාව – රෝගීන් 2,709 ක්, මරණ 100 ක්
    තායිලන්තය – රෝගීන් 2,551 ක්, මරණ 35 ක්
    යුක්රේනය – රෝගීන් 2,511 ක්, මරණ 73 ක්
    සිංගප්පූරුව – රෝගීන් 2,299 ක්, මරණ 8 ක්
    ග්‍රීසිය – රෝගීන් 2,081 ක්, මරණ 93 ක්
    දකුණු අප්‍රිකාව – රෝගීන් 2,028 ක්, මරණ 25 ක්
    බෙලාරුස් – රෝගීන් 2,226 ක්, මරණ 23 ක්
    ආර්ජන්ටිනාව – රෝගීන් 2,142 ක්, මරණ 89 ක්
    ඊජිප්තුව – රෝගීන් 1,939 ක්, මරණ 146 ක්
    ඇල්ජීරියාව – රෝගීන් 1,825 ක්, මරණ 275 ක්
    අයිස්ලන්තය – රෝගීන් 1,689 ක්, මරණ 7 ක්
    ක්‍රොඒෂියාව – රෝගීන් 1,534 ක්, මරණ 21 ක්
    මොරොක්කෝව – රෝගීන් 1,545 ක්, මරණ 111 ක්
    මෝල්ඩෝවා – රෝගීන් 1,560 ක්, මරණ 30 ක්
    නවසීලන්තය – රෝගීන් 1,330 ක්, මරණ 4 ක්
    ඉරාකය – රෝගීන් 1,318 ක්, මරණ 72 ක්
    එස්තෝනියාව – රෝගීන් 1,304 ක්, මරණ 24 ක්
    හංගේරියාව – රෝගීන් 1,410 ක්, මරණ 85 ක්
    ස්ලොවේනියාව – රෝගීන් 1,188 ක්, මරණ 50 ක්
    ලිතුවේනියාව – රෝගීන් 1,053 ක්, මරණ 23 ක්
    බහරේනය – රෝගීන් 1,040 ක්, මරණ 6 ක්
    කුවේට් -රෝගීන් 1,154, 1 මරණය
    අසර්බයිජානය – රෝගීන් 1,058 ක්, මරණ 11 ක්
    ආර්මේනියාව – රෝගීන් 977 ක්, මරණ 13 ක් 
    බොස්නියාව සහ හර්සගොවිනා – රෝගීන් 946 ක්, මරණ 37 ක්

    ජෝන් හොප්කින් විශ්වවිද්‍යාලයේ සහ අල් ජසීරා වාර්තා ඇසුරිණි

  • Covid-19 Today Update: – ලංකාවේ අද දින ආසාදිතයින් නෑ – ලෝකයෙන් 85,568ක්

    Covid-19 Today Update: – ලංකාවේ අද දින ආසාදිතයින් නෑ – ලෝකයෙන් 85,568ක්

    එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය ගණන් බලා තිබේ. 

    රටවල් කිහිපයක ප්‍රගතියේ සලකුණු තිබියදීත්, වසංගතය ආර්ථිකය කෙරෙහි දිගින් දිගටම හානි කරයි. 

    ගෝලීය වශයෙන් අද (10) දින කොවිඩ්-19 ආසාදිතයින් 85,568 දෙනකු වාර්තා වෙද්දී ශ‍්‍රී ලංකාවෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවිය පස්වරු 18.04ට කළ යාවත්කාලීන කිරීම්වල සදහන් වෙනවා.

    ඒ අනුව ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 190ක ස්ථාවර තත්ත්වයේ පවතිනවා. සුවය ලබා පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 54 දෙනකු වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 224ක් බවයි වාර්තා වන්නේ.

    ගෝලීය තත්ත්වය

    අද දිනය තුළ (පස්වරු 18.00ට සිදුකළ යාවත්කාලීන කිරීම් අනුව) ගෝලීය වශයෙන් තහවුරු කළ ආසාදිතයින් සංඛ්‍යාව 1,605,712ක් වන අතර අද දිනය තුළ හදුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 85,568ක් වන අතර මරණ සංඛ්‍යාව 95,766ක් වන අතර සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 356,986ක් බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරන්නේ.

    ඉතාලිය – රෝගීන් 143,626 ක්, මරණ 18,279 ක්

    එක්සත් ජනපදය – රෝගීන් 467,184 ක්, මරණ 16,736 ක් 
    ස්පාඤ්ඤය – රෝගීන් 157,022 ක් , මරණ 15,843  ක්
    ජර්මනිය – රෝගීන් 119,401 ක්, මරණ 2,607 ක්
    ප්‍රංශය – රෝගීන් 118,790 ක්, මරණ 12,228 ක් 
    චීනය –  රෝගීන් 82,940 ක් ,  මරණ 3,340 ක් 

    මැකාවු හි රෝගීන් 44 ක් සහ හොංකොං හි මරණ 765 ක් – මරණ හතරක් ඇතුළත් වේ.

    ඉරානය – රෝගීන් 68,192 ක්, මරණ 4,232 ක් 
    එක්සත් රාජධානිය – රෝගීන් 65 , 872 , මරණ 7,993
    රුසියාව – නඩු 11,917 ක්, මරණ 94 ක්
    දකුණු කොරියාව – රෝගීන් 10,450 ක්, මරණ 208 ක්

    ඕස්ට්‍රේලියාව – රෝගීන් 6,204 ක්, මරණ 54 ක්

    ඉන්දියාවේ රෝගීන් 6,725 ක්, මරණ 229 ක්

    ජපානය – රෝගීන් 5,530 ක්, මරණ 99 ක්

    සෞදි අරාබිය – රෝගීන් 3,651 ක්, මරණ 47 ක්

    එක්සත් අරාබි එමීර් – රෝගීන් 2,990 ක්, මරණ 14 ක්

    කටාර් – රෝගීන් 2,512 ක්, මරණ 6 ක්

    සිංගප්පූරුව – රෝගීන් 1,910 ක්, මරණ 6 ක්

    කුවේට් – රෝගීන් 993, 1 මරණය

    බහරේනය – රෝගීන් 913 ක්, මරණ 6 ක්

    දත්ත සටහන – අල් ජසීරා ඇසුරිණි

  • Covid-19 World Hot Review: ලංකාවේ ආසාදිතයින් 190යි – ලෝකයේ මරණ 88,550ක්

    Covid-19 World Hot Review: ලංකාවේ ආසාදිතයින් 190යි – ලෝකයේ මරණ 88,550ක්

    කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙක් පමණක් අද (9) දින වාර්තා වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කාර්යංශයේ වෙබ් අඩවියේ අද දින පස්වරු 18.04 සිදු කළ යාවත්කාලීන කිරීම සදහන් කරයි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 190ක් වන අතර මරණ සංඛ්‍යාව 07කි. ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 134ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 242කි. සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 49 දෙනෙකි.

    ගෝලීය තත්ත්වය

    සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ අද දින (9) යාවත්කාලීන කිරීම්් අනුව (ප.ව 18.04) ගෝලීය වශයෙන්තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව 1,519,571 දෙනෙක් වන අතර මරණ සංඛ්‍යාව 88,550කි. අද දින නව ආසාදිතයින් 84,385ක් වාර්තා වී ඇති අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 331,311කි.

    එක්සත් ජනපදය – රෝගීන් 432,438 ක්, මරණ 14,808 ක් 
    ස්පාඤ්ඤය – රෝගීන් 148,220 ක් ,  මරණ 14,792 ක්
    ඉතාලිය – රෝගීන් 139,422 ක්, මරණ 17,669 ක්
    ප්‍රංශය – රෝගීන් 83,080 ක්, මරණ 10,887 ක් 
    ජර්මනිය – රෝගීන් 113,296 ක්, මරණ 2,349 ක්
    චීනය –   රෝගීන්  82,883 ක්,  මරණ 3,339 ක් 
    මැකාවු හි රෝගීන් 44 ක් සහ හොංකොං හි මරණ 765 ක් – මරණ හතරක් ඇතුළත් වේ.
    ඉරානය – රෝගීන් 64,586 ක්, මරණ 3,993 ක් 
    එක්සත් රාජධානිය –  නඩු 61 , 487 , මරණ 7,111
    තුර්කිය – රෝගීන් 38,226 ක්, මරණ 812 ක්
    ස්විට්සර්ලන්තය –  රෝගීන් 23,404 ක්  , මරණ 909 ක්
    බෙල්ජියම – රෝගීන් 24,983 ක්, මරණ 2,523 ක්
    නෙදර්ලන්තය – රෝගීන් 20,682 ක්, මරණ 2,255 ක්
    කැනඩාව – රෝගීන් 19,290 ක්, මරණ 436 ක්
    බ්‍රසීලය – රෝගීන් 16,118 ක්, මරණ 820 ක්
    පෘතුගාලය – රෝගීන් 13,141 ක්, මරණ 380 ක් 
    ඔස්ට්‍රියාව – රෝගීන් 12,942 ක්, මරණ 273 ක්
    දකුණු කොරියාව – රෝගීන් 10,423 ක්, මරණ 204 ක්
    ඊශ්‍රායලය – රෝගීන් 9,404 ක්, මරණ 73 ක්
    රුසියාව – රෝගීන් 8,672 ක්, මරණ 63 ක් 
    ස්වීඩනය – රෝගීන් 8,419 ක්, මරණ 687 ක්
    නෝර්වේ – රෝගීන් 6,042 ක්, මරණ 101 ක්
    ඕස්ට්‍රේලියාව – රෝගීන් 6,010 ක්, මරණ 50 ක්
    අයර්ලන්තය – රෝගීන් 6,074 ක්, මරණ 235 ක්
    ඩෙන්මාර්කය – රෝගීන් 5,581 ක්, මරණ 203 ක්
    ඉන්දියාවේ රෝගීන් 5,916 ක්, මරණ 178 ක් 
    ජපානය – රෝගීන් 4,667 ක්, මරණ 95 ක්
    මැලේසියාව – රෝගීන් 4,119 ක්, මරණ 65 ක්
    පකිස්ථානය – රෝගීන් 4,263 ක්, මරණ 61 ක්
    සෞදි අරාබිය – රෝගීන් 2,932 ක්, මරණ 41 ක්
    එක්සත් අරාබි එමීර් – රෝගීන් 2,659 ක්, මරණ 12 ක්
    පැනමාව – රෝගීන් 2,249 ක්, මරණ 59 ක්
    කටාර් – රෝගීන් 2,210 ක්, මරණ 6 ක්
    කුවේට් – රෝගීන් 855, 1 මරණය 
    බහරේනය – රෝගීන් 821 ක්, මරණ 5 ක්

    අල් ජසීරා ඇසුරිණි