Category: සුපිරි World

  • පාලනයෙන් ගිලිහුණ ‘චීන රොකට්ටුව’ පෘථිවියට කඩා වැටීමට යයි

    පාලනයෙන් ගිලිහුණ ‘චීන රොකට්ටුව’ පෘථිවියට කඩා වැටීමට යයි

    මේ වන විට පාලනයකින් තොරව පෘථිවිය වටා කක්ෂයේ ඇදී යන චීන රොකට්ටුව පෘථිවි වායුගෝලයට පාලනයකින් තොර යළි ඇතුළු වීමකට සූදානම් වන අතර එය ගොඩ බසින්නේ කොතැනටදැයි විද්‍යාඥයෝ නොදනිති.

    1990 පසු ටොන් දහයකට වඩා බර කිසිවක් හිතාමතාම කක්ෂයේ ඉතිරි කර පාලනයකින් තොරව නැවත පෘථිවියට වැටීමට ඉඩ හැර නොමැත. නමුත් ටොන් 21ක් බරැති ‘ලෝන්ග් මාර්ච් 5බී’ ඉදිරි දින කීපය තුළ, මෙතෙක් එලෙස ගොඩබැසීමට හරින විශාලතම රොකට්ටුව බවට පත්වනු ඇත.

    මීටර් 5ක් (අඩි 16ක්) පළල සහ දිග මීටර් 30කින් (අඩි 98ක්) යුතු එම රොකට්ටුව, චීනයේ නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටසක් (මොඩියුලයක්) අප්‍රේල් මස අවසානයේදී කක්ෂයට ගෙන යාම සඳහා භාවිත කර තිබේ. එය දැන් පෘථිවිය දෙසට කක්ෂගතව පැයට කිලෝමීටර 27,600 ක වේගයෙන් ඇදී යයි.

    රොකට්ටුව පතිත විය හැකි කලාපය

    බීබීසී විද්‍යා වාර්තාකරු ජොනතන් ඒමොස් පවසන්නේ එය ඇදී යන කලාපය සමකයට අංශක 41ක් උතුරට හා දකුණට විහිදෙන බවය. උතුරින් නිව්යෝර්ක්, ඉස්තාන්බුල් සහ බෙයිජිං ද, දකුණින් වෙලිංටන් සහ චිලී දක්වා එම කලාපය විහිදේ.

    “ඔබ මෙම කලාපයට උතුරින් හෝ දකුණින් ජීවත් වන්නේ නම් මෙය ඔබ මතට වැටෙන්නේ නැහැ. ඔබ ජීවත් වන්නේ සමකයට ආසන්නව එම කලාපය තුළ නම්, ඔබ මතට මොනයම් හෝ දෙයක් වැටීමට ඇති ඉඩකඩ ඉතා අල්පයි. පෘථිවියෙන් 70%ක් සාගරයෙන් වැසී තිබෙනවා. එබැවින් නැවත ගමනේ දේ ගිනිගෙන විනාශ වුණේ නැත්නම් එය ජලයට පතිත වෙන්න ඉඩ තිබෙනවා,” ඔහු පැවසීය.

    The Long March 5B rocket carrying the core module of China's space station in the launching area of the Wenchang Spacecraft Launch Site on April 23rd 2021
    මෙම රොකට්ටුව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලික කොටස වන ‘ටියැන්හේ’ මොඩියුලය රැගෙන ගියේය

    2020 මැයි මාසයේ චීනයෙන් ලෝන්ග් මාර්ච් 5බී රොකට්ටුවක් දියත් කළ අවසාන අවස්ථාවේ දී බටහිර අප්‍රිකානු අයිවරි කෝස්ට් රාජ්‍යයේ ගම්මානවලට එහි සුන්බුන් වැටී තිබිණි. එහි දී කිසිවෙකුට හානියක් නොවූවත්, මීටර් 12ක් (අඩි 39) ක් දිග ලෝහ පයිප්පයක් ද එසේ වැටුණු සුන්බුන් අතර තිබිණි.

    ලෝන්ග් මාච් 5 බී රොකට්ටුව

    මැයි 10 වෙනි දින පමණ වන විට රොකට්ටුව කඩා වැටෙනු ඇතැයි විද්‍යාඥයින් බලාපොරොත්තු වේ. ඒ, එම දිනට එක් දිනක් හෝ දෙකක් පෙර හෝ පසු විය හැකි බවට ගණන් බලා ඇති ප්‍රමාද දෝෂයකට ඉඩ හරිමිනි. නමුත් එය පෘථිවියට වැටීමට පැයක පමණ ආසන්න වන තෙක් එසේ පතිතවන්නේ කොතැනදැයි ඔවුන් නිසැකවම දැන නොසිටිනු ඇත.

    චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ චිත්‍රණයක්

    ‘ඇස්ට්‍රියාග්‍රාෆ්’ ලෙස නම් කළ සිතියමක් සඳහා එක්සත් ජනපද රජය අරමුදල් සපයා ඇති අතර එයින් අභ්‍යවකාශයේ ඇති, මිනිසුන් විසින් නිපදවන ලද සියලුම වස්තූන් සොයා ගැනීමට ඉඩ සලසයි. එවැනි වස්තූන් 26,000ක් පමණ ඇත.

    මෙම ව්‍යාපෘතියට සම්බන්ධ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ ඉංජිනේරු මහාචාර්ය මොරිබා ජා පැවසුවේ “එම වස්තූන් ස්මාර්ට් ජංගම දුරකතනයේ සිට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් දක්වා විශාලත්වයෙන් යුක්ත වෙනවා. ඒ අතර ක්‍රියාකාරී චන්ද්‍රිකා 3,500 ක් තියෙනවා. අනෙක් සියල්ල කැලි කසළ,” යනුවෙනි.

    20 වන සියවසේ දෙවෙනි භාගයේදී අභ්‍යවකාශ ගවේෂණය ඉහළ යාමත් සමඟ අභ්‍යවකාශ සුන්බුන් ප්‍රමාණය වැඩි වෙමින් පවතින අතර එය ක්‍රියාකාරී චන්ද්‍රිකාවලට තර්ජනයක් විය හැකිය. පැරණි රොකට් කැබලි ඇතුළු විශාල වස්තූන් 200ක් පමණ තිබෙන අතර, ඒවා “කාල බෝම්බ” ලෙස හැඳින්විය හැකි බව මහාචාර්ය මොරිබා ජා පැවසීය.

    “පිහිටීම, යාත්‍රණය සහ වේලාව, මූල්‍ය ගනුදෙනු, කාලගුණ අනතුරු ඇඟවීම් වැනි සේවාවන් සපයන චන්ද්‍රිකාව ඕනෑම අවස්ථාවක දී මෙම සුන්බුන් සමග ගැටී අක්‍රිය විය හැකිය. එබැවින් අභ්‍යවකාශය පදනම් කරගත් සම්පත්වලින් සැලකිය යුතු කොටසක් අහිමි වී මානව වර්ගයාට දැඩි බලපෑමක් එල්ල වනු ඇත.

    චීන රොකට්ටුව ඇස්ට්‍රියාග්‍රාෆ් සිතියමේ සොයාගත හැකි අතර එය CZ-5B ලෙස නම් කර තිබේ.

    එය සෑම මිනිත්තු 90 කට වරක් පෘථිවිය වටා ගමන් කරන නමුත් බොහෝ විචල්‍යයන් සහ ගණනය කිරීම් සිදු කළ යුතු බැවින් රොකට්ටුව වැටෙන ගමන් මාර්ගය සැලසුම් කිරීම දුෂ්කර වී තිබේ.

    එබැවින් මේ වන විට විද්‍යාඥයන් එහි බැස්ම නිරීක්ෂණය කරමින් සිටින්නේ එහි, ඉතා ආසන්න පෘථිවියට නැවත පිවිසීම අපේක්‍ෂා කරමිනි.

    Text by bbc sandesaya

  • මාලි ජාතික කාන්තාවක් ‘දරුවන් 09දෙනෙකු’ බිහි කරයි

    මාලි ජාතික කාන්තාවක් ‘දරුවන් 09දෙනෙකු’ බිහි කරයි

    මාලි ජාතික 25 හැවිරිදි කාන්තාවක් දරුවන් නව දෙනෙකු බිහි කර තිබේ. ස්කෑන් පරීක්ෂණවලදී වෛද්‍යවරුන් සොයාගත් ප්‍රමාණයට වඩා දරුවන් දෙදෙනකු ඇය බිහිකර ඇත.

    හලීමා සිසේ මෙම දරුවන් නව දෙනා බිහි කර ඇත්තේ මොරොක්කෝවේදීය. ඇයට අවශ්‍ය විශේෂ ප්‍රතිකාර සඳහා මාලි රජය මැදිහත් වී හලීමාව මොරොක්කෝවට යවා තිබිණි.

    සිසේරියන් සැත්කමකින් උපත ලැබූ ගැහැණු දරුවන් පස්දෙනා සහ පිරිමි දරුවන් සිව්දෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව මාලි සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

    නව දරු උපතක් යනු අතිශය දුර්ලභ සිද්ධියකි. එවන් අවස්ථාවක උපතේදී හා ඉන් පසු ඇතිවන සංකූලතා හේතුවෙන් බොහෝ විට සමහර දරුවෝ මිය යති.

    මාලි සෞඛ්‍ය ඇමතිනි ෆැන්ටා සිබි දෙරටේම වෛද්‍ය කණ්ඩායම්වලට “ප්‍රීතිමත් ප්‍රතිඵලය” ලබා දීම පිළිබඳ සුබ පැතුම් එක් කළාය.

    ඇය කුස දරා සිටින්නේ දරුවන් හත්දෙනෙකු පමණක් යැයි හෙළි වූ අවස්ථාවේ දී පවා හලීමා සිසේගේ ගැබ් ගැනීම මාලි හි සිත් ඇදගන්නා සුළු මාතෘකාවක් බවට පත් වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි හි වෛද්‍යවරු ඇයගේ සුභසාධනය සහ ළදරුවන් ජීවත් කරවීමට ඇති ඉඩකඩ ගැන සැලකිලිමත් වීම හේතුවෙන් මෙයට රජයේ අවධානය යොමු විය.

    මාලි අගනුවර වන බමාකෝ හි රෝහලක සති දෙකක කාලයක් රැඳී සිටීමෙන් පසු මාර්තු 30 වෙනිදා හලීමා සිසේ මොරොක්කෝවට ගෙන යාමට තීරණය කළ බව වෛද්‍ය සිබි පැවසුවාය.

    මොරොක්කෝ සායනයේ සති පහක කාලයක් සිටීමෙන් පසු ඇය අඟහරුවාදා (මැයි 4) දින දරුවන් ප්‍රසූත කළ බව අමාත්‍යවරිය පැවසීය.

    මව සහ ඇයගේ දරු පැටවුන් සති කීපයකින් පසු සියරට එනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    Text by – bbc

  • කොවිඩ් සුනාමිය අස්සේ ‘අගමැති මෝදිට’ ප්‍රාන්ත මැතිවරණවලිනුත් රතුඑළි !

    කොවිඩ් සුනාමිය අස්සේ ‘අගමැති මෝදිට’ ප්‍රාන්ත මැතිවරණවලිනුත් රතුඑළි !

    ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට තීරණාත්මක බටහිර බෙංගාල ප්‍රාන්තය අහිමි විය. මැතිවරණ ව්‍යාපාරයේදී භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලය ඉලක්ක කර දැඩි බරක් යොදවා තිබිණි.

    එහෙත් මෝදිගේ දැඩි විවේචකයෙකු ලෙස සැලකෙන දැනට එම ප්‍රාන්තයේ බලය හිමි මමතා බෙනර්ජි විසින් පහසුවෙන්ම යළි එම ප්‍රාන්තයේ බලය තහවුරු කරගනු ලැබීය.

    භාරතීය ජනතා පක්ෂය (බීජේපී) අසාමයේ බලය රැක ගත්ත ද සෙසු ප්‍රාන්ත තුළ කැපී පෙනෙන ජයක් ලබා ගැනීමට අපොහොසත් විය.

    ඉන්දියාවේ පවතින කොරෝනා අර්බුදය මැද අගමැති මෝදිගේ පසුබෑමක් ප්‍රදර්ශනය කෙරෙන සංඥා ලබා දෙන්නේදැයි සොයා මෙම ප්‍රාන්ත මැතිවරණය සමීපව නිරීක්ෂයට ලක්ව තිබිණි.

    නොවනවත්වා 10 වෙනි දිනටත් ඉන්දියාවේ දෛනික රෝගීන් සංඛ්‍යාව 300,000 ඉක්මවනු ලැබීය. ඉන්දියාවෙන්, ඉරිදා (මැයි 02) වාර්තා වූ මරණ සංඛ්‍යාව 3,689 කි. එය මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. රෝහල් දරුණු ලෙස ඇඳන් සහ ඔක්සිජන් හිඟයකට මුහුණ දී සිටින අතර ඉන්දියානුවෝ බොහෝ දෙනෙකු සමාජ ජාල ඔස්සේ උපකාර අයදින අයුරු දැකිය හැක.

    මැතිවරණ රැළි සහ ඡන්දය, කොරෝනා වෛරස් රෝගීන්ගේ ඉහළ යාමට බලපා ඇති බව විශ්ලේෂකයෝ පවසති.

    බෙංගාලයේ සිදු වූයේ කුමක්ද?

    බොහෝ දුරට ඡන්ද ගණන් කිරීම අවසන් වී තිබියදී, ප්‍රාන්ත සභාවේ ආසන 294 න් 200 කට අධික සංඛ්‍යාවක් තහවුරු කර ගැනීමට මමතා බෙනර්ජිගේ ට්‍රිනමූල් කොන්ග්‍රස් (ටීඑම්සී) පක්ෂයට හැකිව ඇත.

    ප්‍රතිඵල අනුව බෙනර්ජි තෙවන වරටත් බටහිර බෙංගාලයේ නායිකාව වීමට නියමිතය. ඇය ඉන්දියාවේ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ධුරයක් දරන එකම කාන්තාව ද වෙයි.

    ලක්ෂ නවසීයක් වෙසෙන බටහිර බෙංගාලය වෙත මැතිවරණ නිරීක්ෂකයන්ගේ විශේෂ අවධානයක් යොමුව තිබිණි. එම ප්‍රාන්තය, අගමැති මෝදි බහුතර පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවකට හිමිකම් නොකියන ප්‍රාන්ත කීපයෙන් එකකි. එමෙන්ම බටහිර බෙංගාලය, මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය විසින් කිසිදා පාලනය කරනු ලැබ නොමැත.

    පරාජයට පත් වුව ද මැතිවරණයෙන් ආසන 80 ක් පමණ දිනා ගනිමින් බරහිර බෙංගාලයේ ප්‍රධාන විපක්ෂය බවට පත්වීමට බීජේපිය සමත්ව තිබේ. 2016 වසරේ මැතිවරණයෙන් එම පක්ෂයට දිනා ගත හැකි වුණේ ආසන 03 ක් පමණි.

    Text by – bbc

  • ඉන්දීය කොවිඩ් සුනාමිය: ආණ්ඩුව ගැන විවේචනාත්මක අදහස් ඉවත් කරනු – මෝදි ‘ට්විටර් වෙත නියෝග කරයි’

    ඉන්දීය කොවිඩ් සුනාමිය: ආණ්ඩුව ගැන විවේචනාත්මක අදහස් ඉවත් කරනු – මෝදි ‘ට්විටර් වෙත නියෝග කරයි’

    කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් සිය ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබඳ විවේචනාත්මක අදහස් ඉවත් කරන ලෙස ඉන්දීය ආණ්ඩුව ට්විටර් සමාජ ජාලය වෙත නියෝග කර තිබේ.

    ආණ්ඩුවේ එම පියවර සම්බන්ධයෙන් ඉන්දියාව පුරා කෝපය පළ වේ.

    එවැනි ඇතැම් ප්‍රකාශන ඉන්දියාව තුළ අවහිර කරන ලද බව ට්විටර් හි ප්‍රකාශකයෙක් තහවුරු කළේය.

    මේ වන විට ඉන්දියාවේ කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබේ. එරට රෝහල් බොහොමයක් ඔක්සිජන් හිඟයකට මුහුණ දී ඇත.

    “ඔක්සිජන් සැපයුම සහතික කිරීමට වඩා ට්විටර් පණිවුඩ ගලවා දැමීම පහසුයි,” යනුවෙන් එම සමාජ ජාල පරිශීලකයෙක් ආණ්ඩුවට චෝදනා කර තිබිණි.

    Family members of a Covid-19 patient talks on a mobile phone inside a government hospital
    ඉන්දියාව කොරෝනා වෛරස් ‘සුනාමියකට’ මුහුණ දී සිටී

    සඳුදා (අප්‍රේල් 26) ඉන්දියාවෙන් අලුතින් රෝගීන් 352,991 හඳුනා ගෙන ඇති අතර මරණ 2,812 ක් වාර්තා විය.

    එය මේ දක්වා දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.

    දිල්ලිය සහ තවත් බොහෝ නගරයන්හි රෝහල්වල ඇඳන් සම්පූර්ණයෙන් පිරී පවතී. රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ගැනීමේ මාර්ග සොයා ගැනීමට සිදුවී ඇත. අත්‍යවශ්‍ය ඖෂධ, ඔක්සිජන් සිලින්ඩර සහ උපකරණවල මිල අහස උසට ඉහළ ගොස් ඇති කළු කඩ වෙත බොහෝ දෙනෙක් යොමු වී තිබේ. එමෙන්ම නිසි සහතික කිරීමකින් තොර මතභේදයට තුඩු දී ඇති ඖෂධ වලට ඇති ඉල්ලුම ද ඉහළ යමින් පවතී.

    අන්ෂු ප්‍රියා දිල්ලි වාසියෙකි. සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින සිය මාමණ්ඩියට දිල්ලිය හෝ ඒ තදාසන්න රෝහලක ඇඳක් සොයා ගැනීමට ඇය අපොහොසත් විය. ඔක්සිජන් සිලින්ඩරයක් සොයා ගැනීමට ඇය ඉරිදා වැඩි කාලයක් ගත කළ ද එය නිරර්ථක කාර්යයක් විය.

    Grieving relatives and family members of Covid victims wait outside Maulana Azad Medical College mortuary to collect their bodies, on April 25, 2021 in New Delhi, India
    සඳුදා (අප්‍රේල් 26) ඉන්දියාවෙන් අලුතින් රෝගීන් 352,991 හඳුනා ගෙන ඇති අතර මරණ 2,812 ක් වාර්තා විය

    අවසානයේ ඇය කළු කඩ වෙත තල්ලු විය. ඔක්සිජන් සිලින්ඩරයක් සපයා ගැනීමට ඇයට රුපියල් 50,000 ගෙවීමට සිදු විය. එය ශ්‍රී ලංකාවේ මුදලින් 130,000 ආසන්න මුදලකි. සාමාන්‍යයෙන් ඒ සඳහා වැය වන්නේ රුපියල් 6,000 ක මුදලක් පමණි (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 15,000 පමණ).

    සිය නැන්දණිය ද හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙලෙන බැවින් කළු කඩ වෙතින් තවත් ඔක්සිජන් සිලින්ඩරයක් සොයා ගැනීමට හෝ ඒ සඳහා පිරිවැයක් දැරීමට තමන්ට නොහැකි බව අන්ෂු දැන සිටියාය.

    මෙම තත්ත්වය සිය නිවාස තුළම ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු සූදානම් කර ගැනීමට සිදුව ඇති දිල්ලියේ පමණක් නොව නොයිඩා, ලක්නව්, අලහාබාද්, ඉන්ඩෝර් වැනි බොහෝ නගරවල දක්නට ලැබේ.

    එහෙත් ඉන්දියාවේ බහුතරයකට මෙවැනි මුදලක් දැරීමේ හැකියාවක් නොමැත. කළු කඩ වෙතින් හෝ අත්‍යවශ්‍ය ඖෂධ සහ ඔක්සිජන් මිලට ගැනීමට හැකියාවක් නොමැතිකමින් රෝහල් ඉදිරිපිට මිනිසුන් මරණයට පත්ව ඇති බවට වාර්තා පළ වී තිබේ.

    Text by bbc

  • Covid-19: ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය විසාලාවක් !

    Covid-19: ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය විසාලාවක් !

    මම දැක්ක මිනිස්සු ගොඩක් ගිලන් රථ තුළ මැරෙනවා. ඇඳන් නැහැ කියල රෝහල්වලින් භාර නොගෙන ඔවුන්ව හරවල යවනවා. ඖෂධ වෙළෙඳසල් තුළ අවශ්‍ය බෙහෙත් ඉවරයි. ඔක්සිජන් සිලින්ඩර් හොයා ගන්න නැහැ

    සුෂිල් කුමාර් ස්රිවාස්තාවා, මෝටර් රථයක් තුළ හිඳගෙන ඔක්සිජන් සිලින්ඩරයක ආධාරයෙන් හුස්ම ගන්නා ආකාරය ඡායාරූපයකට හසු විය
    – සුෂිල් කුමාර් ශ්‍රීවාස්තාවා, මෝටර් රථයක් තුළ හිඳගෙන ඔක්සිජන් සිලින්ඩරයක ආධාරයෙන් හුස්ම ගන්නා ආකාරය ඡායාරූපයකට හසු විය

    කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගෙන සිටී. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට මෙය දරා ගත නොහැකි තත්ත්වයක් බවට පත්වී තිබේ. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය ද දැඩිම පීඩාවකට ලක්වී ඇති ප්‍රාන්ත අතර වේ. ඒ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයයි.

    සියල්ල නිසි පාලනයේ පවතින බව ඉන්දීය බලධාරීන් අවධාරණය කරන නමුත් ජනතාව කොවිඩ් 19 දෙවැනි රැල්ලට හසුවී අතිශය දුෂ්කර තත්ත්වයකට පත්වී සිටින බව බීබීසී වර්තාකාරිනි ගීතා පාන්ඩේ පවසන්නීය.

    කන්වාල් ජීත් ගේ පියාට කොවිඩ් 19 වැළඳුනි. ඔහු 58 හැවිරිදි නිරන්ජන් පාල් සිං ය. ඔහු රෝහලකට ගෙනයාම සඳහා ගිලන් රථයක ආධාරය ලැබිණ. ළඟම ඇති රෝහලට ගෙන ගිය විට එහි එහි ඇඳන් නොමැති බව පැවසීය. එබැවින් තවත් රෝහලක් බලා ගිලන් රථය ධාවනය විය. මෙසේ රෝහල් හතරකට ගිය නමුත් ඒ එකම රෝහලකවත් ඔහුට ඉඩක් නොමැති විය. අවාසනාවක මහත; කන්වාල් ජීත් ගේ පියා ගිලන් රථය තුළම මිය ගියේය.

    ඔහු ගේ නිවස පිහිටියේ කාන්පූර් නගරයේ ය. නිවසේ සිට දුරකතනයෙන් කතා කරමින් ඔහු කියා සිටියේ එය තම “හදවත කඩා හැලුණු දිනයක්” වූ බවය.

    “වෙලාවට ප්‍රතිකාර ලැබුණානම් තාත්තා අදත් ජීවත් වෙනවා. ඒත් අපට පිහිට වන්න කවුරුවත් හිටියේ නැහැ. සෞඛ්‍ය බලධාරීන්, පොලිසිය, ආණ්ඩුව… මේ කිසි කෙනෙකුගෙන් පිහිට ලැබුණේ නැහැ.” ඔහු පැවසීය.

    SUMIT KUMAR
    ආදාහනාගාර තුළ දිවා රාත්‍රී නොකඩවා මළසිරුරු දැවෙති.

    කොරෝනා පළමු රැල්ලේදී බොහෝ ප්‍රාන්ත දැඩි පීඩාවකට ලක්වෙමින් තිබියදී උත්තර් ප්‍රදේශ් හි තත්ත්වය එතරම් ම අයහපත් නොවීය. එවක ආසාදිතයන් 851,620ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වුව ද මරණයට පත්වූයේ 9830 දෙනෙකු පමණි. නමුත් දෙවැනි රැල්ල මෙම ප්‍රාන්තය යටකරගෙන ගලා ගියේය.

    බලධාරීන් පවසන්නේ තත්ත්වය පාලනයේ පවතින බවකි. නමුත් බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ හද සසල කරවන දසුන් ය. කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන ජනයාගෙන් උතුරා ගොස් ය. රෝහල් කරා පැමිණෙන රෝගීන් අතෝරක් නොමැතිව ආපසු හරවා යවති. ආදාහනාගාර තුළ දිවා රාත්‍රී නොකඩවා මළසිරුරු දැවෙති. ජාතික පුවත්වලට ශීර්ෂ පාඨ සැපයෙන්නේ මෙම ප්‍රාන්තයේ ප්‍රධාන නගර වන ලක්නව්, වරනාසි (පුරාණ බරණැස), කාන්පූර් සහ අලහබාද් යන නගරවල පවතින මෙම තත්ත්වය යි.

    උත්තර් ප්‍රදේශ්, ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සිටින ප්‍රාන්තය යි. එහි මිනිසුන් මිලියන 240ක් වසති. එය ඉන්දීය සමස්ත ජනගහනයෙන් හයෙන් පංගුවකි. මෙම ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් වූවානම්, ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත පස්වැනි රට බවට ලැයිස්තුගත වනු ඇත. මෙය දෙවැනි වන්නේ චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය සහ ඉන්දුනීසියාවට පමණි. කෙසේ නමුත් මෙය පකිස්තානයට සහ බ්‍රසීලයට වඩා විශාල ය.

    ඉන්දීය දේශපාලනය පැත්තෙන් ගත්තත් මෙම ප්‍රාන්තය ඉතා වැදගත් ය. ඉන්දීය පාර්ලිමේන්තුවට වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් යැවෙන්නේ මෙම උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙනි. එම මන්ත්‍රී සංඛ්‍යාව 80කි. අගමැති නරේන්ද්‍ර මෝදි ද තරග වැදුනේ මෙම ප්‍රාන්තයෙනි. මෙම දේශපාලන ශක්තියෙන් ප්‍රාන්තයට ලැබී ඇත්තේ අල්ප සංවර්ධනයකි.

    BBC

    මේ වන විට මෙම ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයන් 191,000ක් සිටිති. ඊට අමතරව දහස් ගණනක් අලුත් ආසාදිතයන් දිනපතා වාර්තා වෙමින් පවතී. නමුත් සත්‍ය ගණන් මිනුම් මීට වඩා ඉතා ඉහළ බව විශ්වාස කෙරේ. මෙවැනි තත්ත්වයක් යටතේ කඩා වැටීමට ආසන්න වෙමින් පවතින ප්‍රාන්තය සතු සෞඛ්‍ය සේවය කාගේත් අවධානයට ලක්වී තිබේ.

    රෝගාතුර වූවන් අතර ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ද සිටී. එපමණක් නොව, ඔහුගේ කැබිනට් ඇමතිවරුන් කීපදෙනෙකු, රජයේ නිලධාරීන් විශාල පිරිසක් මෙන්ම සිය ගණනක් වෛද්‍යවරුන් සහ හෙද සේවක සේවිකාවන් මේ වන විට රෝගාතුර ය.

    පසුගිය දින කීපය තුළ ජනතාවගෙන් අසන්නට ලැබුනේ ඉතා සංවේදී කතාන්තර ය.

    උත්තර් ප්‍රදේශ් හි මාධ්‍යවේදියෙකු හුවමාරුකරගෙන තිබූ වීඩියෝවක දැක්වෙන්නේ රජයේ රෝහලක රථගාල මත වැතිරී සිටින මිනිසෙකි. ඊට අඩි කීපයක් ඔබ්බෙන් මහළු මිනිසෙකු බැංකුවක වාඩි ලා සිටින ආකාරය දැක්වේ. මේ දෙදෙනාටම කොවිඩ් වැළඳී තිබේ. නමුත් රෝහල තුළ ඔවුනට ඉඩක් නොමැත.

    තවත් රජයේ රෝහලක් ඉදිරිපිට කාන්තාවක් වැලපෙමින් සිටින්නීය. ඇයගේ මව රෝගාතුර ය. රෝහල් දෙකකින් ඇය ප්‍රතික්ෂේප වී තිබේ.

    “ඒගොල්ලෝ කියන්නේ ඉස්පිරිතාලේ ඇඳන් නැහැ කියල. ඇඳක් නැත්නම් බිම හරි තියාගන්න බැරිද? මොකක් හරි බෙහෙතක් දෙන්න බැරිද? මගේ අම්මව විතරක් නෙවෙයි, තව ගොඩාක් අයව මේ විදියට හරවල යවනව මම දැක්ක.” ඇය හැඬු කඳුලින් පැවසුවාය.

    “මහ ඇමති කියනවා ඇති වෙන්න ඇඳන් තියෙනව කියල. කරුණාකරලා මට පෙන්වන්න ඒ ඇඳන් කොහෙද තියෙන්නේ කියල. කරුණාකරලා මගේ අම්මට ප්‍රතිකාරයක් දෙන්න.” ඇය ඉකි ගසමින් තෙපලන්නීය.

    ‘කවුරුවත් ආවෙ නැහැ’

    ලක්නව්, ප්‍රාන්තයේ අග නුවරයි. එහි තත්ත්වය ද ඉතා දරුණුය.

    සුෂිල් කුමාර් ශ්‍රීවාස්තාවා, මෝටර් රථයක් තුළ හිඳගෙන ඔක්සිජන් සිලින්ඩරයක ආධාරයෙන් හුස්ම ගන්නා ආකාරය ඡායාරූපයකට හසු විය. ඔහුගේ පවුලේ ඥාතින් රෝහලෙන් රෝහලට මෝටර් රථය ධාවනය කරමින් සිටියේ ප්‍රතිකාරයක් බලාපොරොත්තුවෙනි. රෝහලක ඉඩක් ලැබෙන විට ප්‍රමාද වී වැඩිය.

    සුෂිල් ගේ පුත්‍රයා වන අශිෂ් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හැකිවිය. ඔහු පැවසුවේ තමන් දැඩි හිතේ වේදනාවකින් පසුවන බවය.

    “ඔබ දන්නවනේ මොනවද වෙලා තියෙන්නේ කියල. මට මේ වෙලාවේ කතා කරගන්නවත් බැහැ.” ඔහුගේ හඬ බිඳෙන්නට විය.

    මේ තවත් සිද්ධියකි. රමේෂ් චන්ද්‍රා විශ්‍රාමික අධිකරණ විනිසුරුවරයෙකි. ඔහුගේ අත්අකුරින් ලියැවුණු කුඩා සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එම සටහනෙන් ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මිය ගිය තම බිරිඳගේ දේහය නිවසින් පිටතට රැගෙන යාමට තමන්ට උදව් කරන ලෙසය.

    “මටයි මගේ බිරිඳටයි කොරෝනා වැළඳුනා. ඊයේ උදේ ඉඳල මම රජයේ සහන අංකයට පනස් වතාවක් විතර කතා කරලා කිව්වත් බෙහෙත් ටිකක් දෙන්න කවුරුවත් ආවේ නැහැ. රෝහලකට ගෙනියන්න ආවෙත් නැහැ.”

    “පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් මගේ බිරිඳ අද උදේ මිය ගියාය.” ඔහුගේ අත් අකුරින් ලියවුණු කෙටි සටහනේ කුරුටු ගා තිබුණි.

    වරනාසි නුවර වෙසෙන විමල් කපූර් ගේ මව නිර්මලා රෝගාතුර වුවාය. ඇයට රෝහලක ඉඩ ලැබුණු නමුත් 70 හැවිරිදි නිර්මලා පසුගියදා රෝහලේ දී මිය ගියාය.

    රෝහලේ තත්ත්වය ගැන නිර්මලාගේ පුත් විමල් විස්තර කළේ මෙසේය.

    “මම දැක්ක මිනිස්සු ගොඩක් ගිලන් රථ තුළ මැරෙනවා. ඇඳන් නැහැ කියල රෝහල්වලින් භාර නොගෙන ඔවුන්ව හරවල යවනවා. ඖෂධ වෙළෙඳසල් තුළ අවශ්‍ය බෙහෙත් ඉවරයි. ඔක්සිජන් සිලින්ඩර් හොයා ගන්න නැහැ .”

    තමන්ගේ මවගේ දේහය ආදාහනාගාරයට රැගෙන ගිය විට එහි “මළ සිරුරු කන්දක්” තිබෙන අයුරු දුටු බව විමල් පැවසීය. සෑයට අවැසි දර මිටියක මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් ආදාහනය සඳහා පැය පහක් හයක් පමණ පෝලිමේ බලා සිටිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

    “මම මේ වගේ දෙයක් කවදාවත් දැකල නැහැ. බලන බලන අත පේන්නේ මල සිරුරු සහ ගිලන් රථ.”

    Text by – bbc

  • මිනී කදු පිටින් ගොඩගැසෙයි – දිල්ලි අගනුවර ‘ලොක්ඩවුන්’ කරයි

    මිනී කදු පිටින් ගොඩගැසෙයි – දිල්ලි අගනුවර ‘ලොක්ඩවුන්’ කරයි

    ඉන්දියාවේ දිල්ලි අගනුවර සෞඛ්‍ය සේවා පද්ධතියට දැරිය නොහැකි මට්ටමින් වාර්තාගත ලෙස කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ නැගීම හේතුවෙන් එම ප්‍රදේශය සතියක කාලයක් සඳහා අගුලු ලෑමට (lockdown) පියවර ගෙන තිබේ.

    සඳුදා සිට ඇරඹුණු ලොක්ඩවුන් කාලය තුළ රජයේ කාර්යාල මෙන්ම රෝහල්, ඖෂධ හල් සහ සිල්ලර අලෙවිසල් වැනි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ඉඩ ලැබෙනු ඇත.

    සති අගදී නගරය තුළ ඇඳිරි නීතිය පනවා තිබුණද මේ දක්වා එහි දිනක වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වූයේ ද එම කාලය තුළ ය. ඉරිදා දිනයේ එසේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 24, 462 කි.

    අප්‍රේල් මස ආරම්භයේ සිට ඇරඹුණු දෙවෙනි රැල්ලෙන් ඉන්දියාව මේ වනවිට පීඩා විඳිමින් සිටී.

    “අගුලු ලෑමට මා හැමවිට ම විරුද්ධ වුණා. ඒත් මෙවර පියවරින් රෝහල්වල ඇඳන් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට අපට සහයක් ලැබේවි” යැයි සඳුදා (අප්‍රේල් 19) ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇමතූ දිල්ලි මහ ඇමති අරවින්ද් කේජ්රිවාල් පැවසීය.

    නගරයෙන් බැහැර නොයන ලෙස, එහි සිටින සංක්‍රමණික සේවකයින්ගෙන් මහ ආම්තිවරයා ඉල්ලා සිටියේය. පසුගිය වසරේ රටපුරා බලපැවැත්වූ අගුලු ලෑම හමුවේ සිය රැකියා අහිමිවන බව මෙන්ම අතමිට හිඟවන බව වටහාගත් මිලියන ගණනක සංක්‍රමණික සේවකයින් සිය ගම්බිම් කරා ඇදෙන ආකාරය දක්නට ලැබුණි.

    “මේක අසීරු තීරණයක් වුණත් අපට වෙන විකල්පයක් නැහැ” යැයි කේජ්රිවාල් පැවසීය. “අගුලු ලෑම් නිවේදනය කළ විට, දෛනික ආදායම් උපයන සේවකයින් පීඩාවට පත්වන අතරේ ඔවුන් රැකියා අහිමිවීමටත් මුහුණ දෙනවා. නමුත් දිල්ලිය හැර නොයන ලෙස මම ඔවුන්ට ආයාචනය කරනවා. මෙය කෙටි අගුලු ලෑමක්. ඒ වගේම අප ඔබ ගැන බලාගන්නවා.” යැයි ද ඔහු සඳහන් කළේය.

    ලොක්ඩවුන් නීති:

    • ආගමික ස්ථාන විවෘතව තැබීමට ඉඩ දුන ද අමුත්තන් ට එහි පැමිණීමට ඉඩ නොදේ.
    • විවාහ සඳහා සහභාගී විය හැක්කේ 50 දෙනකුට පමණි. අවමංගල්‍යයකට සහභාගී විය හැකි ගණන 20 කි.
    • සාප්පු සංකීර්ණ, සිනමාහල්, පොදු උද්‍යාන, ශාරීරික ව්‍යායාම් මධ්‍යස්ථාන සහ සම්බාහන ස්ථාන ලොක්ඩවුන් සාමය තුළ තවදුරටත් වසා තැබේ.
    • සියලු ආකාරයේ සාමාජීය, දේශපාල සහ ආගමික එක්රැස්වීම් තහනම් කර ඇත.
    • නරඹන්නන්ගෙන් තොර ක්‍රීඩා අවස්ථා සඳහා ඉඩ සැලසේ.
    • බස් සහ මෙට්‍රෝ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කෙරෙන්නේ 50% ක ආසන ධාරිතාවකිනි.
    • වලංගු ලේඛන සහිතව විභාග සඳහා පෙනීසිටින ශිෂ්‍යයන් හට ගමනාගමනයට ඉඩ සැලසේ.
    • ආපනශාලා වෙතින් නිවසට ආහාර ගෙන්වා ගැනීම සහ ආහාර බැහැර ගෙන යාමට ඉඩ සැලසේ.
    • කොවිඩ් 19 එන්නත්කරණය සඳහා හෝ පරීක්ෂණ සඳහා යන්නන් හට එසේ යා හැකිවන්නේ වලංගු ලේඛන ඇත්නම් පමණි.

    අප්‍රේල් 15 වෙනිදා සිට ඉන්දියාවේ රෝගීන් වාර්තාවීම දිනකට රෝගීන් ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ. එය පසුගිය වසරේ ඉහළම අගය බෙහෙවින් ම ඉක්මවා යාමකි. එවක රෝගීන් වාර්තාවීමේ දෛනික සාමාන්‍ය අගය දිනකට රෝගීන් 93,000ක් පමණ විණි.

    මරණ සංඛ්‍යාව ද ඉහළ නගිමින් පවතී. ඉරිදා (අප්‍රේල් 18) ඉන්දියාවේ තහවුරු වූ මරණ ගණන 1,620 ක් විය.

    පවතින තත්ත්වය සැලකිල්ලට ගත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිය සැලසුම්ගත ඉන්දීය සංචාරය අවලංගු කිරීමට සඳුදා පියවර ගත්තේය.

    රෝහල් අසළ රෝගීන්

    ඉන්දියාවේ වාණිජ කේන්ද්‍රස්ථානය අගනුවර කරගත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය, කෝවිඩ් 19 රෝගයෙන් බරපතල ලෙස ම බැට කන ප්‍රාන්තය ලෙස තවමත් රැදී සිටී. මිලියන 1.9 ට වැඩි ඉන්දියාවේ සක්‍රීය රෝගීන්ගෙන් තුනෙන් එකක් ම වාර්තා වන්නේ එම ප්‍රාන්තයෙනි.

    මෑත දිනවලදී මුම්බායි නගරය ඉක්මවා යමින් දෛනික වැඩි රෝගීන් ප්‍රමාණය වාර්තාවීම අතින් දිල්ලි අගනුවර වඩාත්ම බලපෑමට ලක්වූ නගරය බවට පත්ව තිබේ.

    දිල්ලි නගරය මෙන්ම මුම්බායි, ලක්නව් සහ අහ්මෙදාබාද් වැනි නගරවල කෝවිඩ් රෝගීන්ට සත්කාර කිරීම සඳහා රෝහල් බලවත් අරගලයක යෙදී සිටී. ඇතැම් ප්‍රාන්තවල රෝහල්වල කෝවිඩ් වාට්ටු හා දැඩි සත්කාර ඒකකවල ඇඳන් හිඟයෙන් නිරන්තරයෙන්ම පීඩා විදී.

    ඉහළ ගොස් ඇති ඉල්ලුම හේතුවෙන් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීම ද පමා වී ඇති අතර රෝගීන් හඳුනා ගැනීම හා ප්‍රතිකාර කිරීම නිසි වේලාවට ඉටු නොවීමට එය හේතුවී ඇති බව වෛද්‍යවරු පවසති.

    කෝවිඩ් දෙවෙනි රැල්ලක් ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීම ඉන්දීය ආණ්ඩුව විසින් නොසළකා හරින ලද අතර එය වැළක්වීමට හෝ පාලනය කිරීමට කිසිවක් නොකළ තරම් යැයි විශේෂඥයෝ පවසති. මුව ආවරණ නොපලන් ජනකායක් සහභාගී වූ ක්‍රිකට් තරග, මූලික කෝවිඩ් ආරක්‍ෂිත නීති අවඥාවට ලක් කරන තරම් වූ විශාල මැතිවරණ රැළි මෙන්ම මේ මස මුලදී ගංගා නදියේ ශුද්ධ දියේ ගිලීම සඳහා එහි ඉවුරු වෙත මිලියන ගණනක ජනයා කැඳවූ විශාල හින්දු උත්සවය වැනි අවස්ථා දෙස ඔවුහු අවධානය යොමු කළහ.

    රෝගීන් සංඛ්‍යාවේ පහළ යාමත් ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල ඇරඹීමත් හේතුවෙන් ඉන්දියාව තුළ දක්නට ලැබුණේ මෙම වසර සාමාන්‍ය තත්ත්වයෙහි ලා අරඹන සෙයකි. නමුත් එය වෙනස් කරමින් නරක අතට හැරෙන්නට වූයේ සිය නිවෙස්වලින් ජනතාව නිතර බැහැර වීම, මුව ආවරණ නොපැළඳීම හා විශාල කණ්ඩායම් වශයෙන් එක්රැස්වීමට පටන්ගත් තැන සිට ය.

    සති කිහිපයක් තුළදී ඉන්දියාව ලෝක කෝවිඩ් සටහනේ ඉහළට ම නැගුණේ අන් කවර රටකට වඩා දෛනික වැඩි රෝගීන් ප්‍රමාණ වාර්තා කරමිනි.

    Healthcare workers are worried about what experts say could be a deadlier second wave
    කෝවිඩ් දෙවෙනි රැල්ල වඩා මාරාන්තික වනු ඇති බවට විශේෂඥයින් කළ ප්‍රකාශ ගැන සෞඛ්‍ය සේවකයෝ කණස්සල්ල පළකරති

    බී.බී.සී ඇසුරිණි

  • ඉන්දියාවේ කොවිඩ් දෙවැනි රැල්ල බිහිසුණු ලෙස පුපුරයි රෝහල් පිරී යයි – ජනයා ඖෂධ සොයා කළු කඩ පීරති

    ඉන්දියාවේ කොවිඩ් දෙවැනි රැල්ල බිහිසුණු ලෙස පුපුරයි රෝහල් පිරී යයි – ජනයා ඖෂධ සොයා කළු කඩ පීරති

    කොරෝනා වෛරස් දෙවෙනි රැල්ලෙන් පීඩා විඳිමින් සිටින අතරේ ඉන්දියානු ජනතාව ඖෂධ සහ ඔක්සිජන් සපයා ගැනීමට වෙහෙසෙමින් සිටිති. ලොව වැඩි වශයෙන්ම කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වන රටවල් අතර දෙවෙනි ස්ථානයේ සිටින ඉන්දියාවේ රෝහල් ඇඳන් හිඟයක් ද පවතී.

    එසේම දිල්ලිය ඇතුළු බොහෝ නගරයන්හි වැසියන්ට කෝවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගැනීමට පැය ගණනාවක් බලා සිටීමට සිදුව ඇත. ඔවුන් අතට ප්‍රතිඵල ලැබෙන්නේ පැය 48-72 ත් අතර කාලයකට පසුවය.

    ඖෂධ සොයා කළු කඩ දෙසට

    A patient suffering from the coronavirus disease (COVID-19) gets treatment at the casualty ward in Lok Nayak Jai Prakash (LNJP) hospital, amidst the spread of the disease in New Delhi, India April 15, 2021. REUTERS/Danish Siddiqui
    ඉන්දියාවේ රෝහල් ඇඳන් හිඟයක් ද පවතී

    ‘Remdesivir’ සහ ‘Tocilizumab’ යන ඖෂධ සොයා ගැනීමට උපකාර කරන්නැයි ඉල්ලා සමාජ ජාල ඔස්සේ බැගෑපත් වන අයුරු මේ දිනවල ඉන්දියාවේ දැකිය හැක.

    ඉහත කී ඖෂධද්වයේ ක්‍රියාකාරීත්වය කෙතරම් ඵලදායි ද යන්න ලොව පුරා විවාදයට තුඩු දී ඇතත් එම ඖෂධ හදිසි අවස්ථාවකදී භාවිත කිරීමට ඉන්දියාව ඇතුළු ඇතැම් රටවල් අනුමැතිය ලබා දී තිබේ.

    ‘Remdesivir’ නමැති වෛරස් මර්දන ඖෂධය ඉන්දියාව පුරා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන අතර ඒ සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. ඉන්දියාව එම ඖෂධය අපනයනය කිරීම තහනම් කර ඇතත් රට තුළ පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම ඖෂධ නිෂ්පාදකයන්ට දුෂ්කර කටයුත්තක් වී තිබේ. පසුගිය සති තුන තුළ ඉන්දියාවෙන් දිනකට 150,000 ඉක්මවා කොරෝනා වෛරස් රෝගීන් වාර්තා විය.

    සැපයුමේ පවතින හිඟය, දිල්ලිය සහ තවත් නගර ගණනාවක අදාළ ඖෂධ කළු කඩ අලෙවියට මග පාදා ඇති බව බීබීසි විසින් සොයා ගනු ලැබීය. දිල්ලි නගරයේ කළු කඩ වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයන් තිදෙනෙකුවත් සම්බන්ධ කර ගැනීමට බීබීසියට හැකි වූ අතර ‘Remdesivir’ මිලිග්‍රෑම් 100 ක කුප්පියක් ඉන්දීය රුපියල් 24,000 (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 62,000 පමණ) බැගින් අලෙවි කිරීමට ඔවුහු එකඟ වූහ. එය වෙළෙඳපොළේ සාමාන්‍ය මිල මෙන් පස් ගුණයකි. එක් රෝගියෙකුට මිලිග්‍රෑම් 100 මාත්‍රා 6 ක් ලබා දිය යුතු බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශයයි. එහෙත් ඇතැම් අවස්ථාවල රෝගීන්ට මාත්‍රා 8 ක් දක්වා ප්‍රමාණයක් දීමට සිදු වෙතැයි වෛද්‍යවරු පවසති.

    මධ්‍යම පාන්තික පවුලකට පවා එය විශාල මුදලකි.

    Travellers at Chhatrapati Shivaji Maharaj Terminus (CSMT) railway station being screened for Covid-19, on April 14, 2021 in Mumbai, India
    මුම්බායි නගරයේ දුම්රිය මගීන් අහඹු ලෙස පරීක්ෂාවට

    සාමාන්‍යයෙන් ‘ආතරයිටීස්’ (සන්ධි ඉදිමීම) සඳහා ප්‍රතිකාර වශයෙන් භාවිත කෙරෙන ‘Tocilizumab’ ජීවිත බේරා ගැනීමට යොදා ගත හැකි බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී ඇතත් ඉන්දියාවේ වෙළෙඳපොළවලින් ඒවා සම්පූර්ණයෙන්ම පාහේ අතුරුදහන් වී ඇත.

    සමස්ත ඉන්දීය රසායන සහ ඖෂධ සංගමයේ මහා ලේකම් රජීව් සිංගල් කියා සිටියේ ඖෂධ සොයා දෙන්නැයි ඉල්ලා තමා වෙත දිවා රෑ දුරකථන ඇමතුම් ලැබෙන බවය.

    “තත්ත්වය ඉතාම නරකයි. මට, මගේම පවුලේ අයටවත් බෙහෙත් හොයා ගන්න බැහැ,”

    “කළු කඩ ජාවාරම්කාරයින්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න අපි උත්සාහ කරනවා. ඒත් මේ ‘සිස්ටම්’ එකේ සිදුරු ඇති බව මම පිළිගන්නවා,” යනුවෙන් ඔහු පැවසීය.

    ඔක්සිජන්, එක්ස්-රේ සහ කෝවිඩ් පරීක්ෂණ

    People waiting to be screened and tested outside a government-run hospital in Noida.
    පරීක්ෂා කරගැනීමට රජයේ රෝහලක් ඉදිරිපිට පෙළ ගැසී සිටින ජනයා

    ප්‍රතිකාර වශයෙන් ලබා දෙන ඔක්සිජන්වලට ඇති ඉල්ලුම ද ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකම ඉහළ ගොස් තිබේ. සැපයුම් හිඟය හේතුවෙන් බොහෝ රෝහල්, ඒ වෙත පැමිණෙන රෝගීන් යළි හරවා යවනු ලබයි.

    කුඩා නගරවල තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබේ. රෝහල් ඇඳක් සොයා ගත නොහැකි වූ විට තම නිවෙස් තුළදීම ඔක්සිජන් සිලින්ඩර් සපයා ගන්නා ලෙස වෛද්‍යවරු රෝගීන්ට උපදෙස් ලබා දෙති.

    කොරෝනා වෛරසය ආසාදනය වූ සිය පියාට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වූ නමුත් ඔක්සිජන් සිලින්ඩරයක් සොයා ගැනීමට පැය අටක් ගත වූ බව උතුරු ඉන්දියාවේ කුඩා නගරයක පදිංචිකරුවෙකු බීබීසියට පැවසීය. ඒ සඳහා ඔහුට පැය හතරක ගමනක යෙදී වෙනත් නගරයකට යෑමට සිදු වූ බව ද ඔහු කියා සිටියේය.

    පුද්ගලික පරීක්ෂණාගාර විසින් පපුවේ එක්ස්-රේ සහ සීටී ස්කෑන් පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබීම කුඩා නගරවල වෙසෙන රෝගීන් මුහුණ පා සිටින තවත් ප්‍රධානතම ගැටලුවකි. රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රගතියක් තිබේ දැයි පරීක්ෂා කිරීමට වෛද්‍යවරු බොහෝවිට මෙවැනි පරීක්ෂණ නිර්දේශ කරති.

    සිරුරු ආදාහනය දිවා රෑ

    A woman is consoled by her children after her husband died due to the coronavirus disease (COVID-19) outside a mortuary of a COVID-19 hospital in New Delhi, India, April 15, 2021. REUTERS/Danish Siddiqui
    ඡායාරූප ශීර්ෂ වැකිය,කොරෝනා වෛරසයට ගොදුරු වී මරණයට පත් සැමියා වෙනුවෙන් හඬා වැලපෙන බිරිඳක් දරුවන් විසින් අස්වසාලනු ලබන අයුරු

    කොරෝනා වෛරසයෙන් දැඩි පීඩාවට පත් නගරවල ආදාහනාගාර දිවා රෑ විවෘතව පවතී. ඇතැම් අවස්ථාවල මළ සිරුරු ආදාහනය කිරීම සඳහා ඥාතීන්ට පැය ගණනාවක් රැඳී සිටීමට සිදු වේ. නොනැවතී, දිවා රෑ සිරුරු පිළිස්සීම නිසා බටහිර ඉන්දියාවේ සුරාත් නගරයේ ආදාහනාගාරයක උඳුන අභ්‍යන්තරයේ ලෝහමය සැකිල්ල දියවීමට පටන් ගෙන තිබුණු බව මෑත වාර්තා විය.

    මැදියම් රැයේදී ලක්නව් නගරය තුළ චිතක දැල්වෙමින් තිබෙන අයුරු දැක්වෙන කෙටි වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු විය.

    ආදාහනාගාර සේවකයින් බොහෝ දෙනෙක් විවේකයක් නොලබා වැඩ කරති. මේ වන විට ඔවුන් ද විඩාවට පත්ව සිටිති.

    මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළකාගත හැකිව තිබුණා නේදැයි යන්න ඉන්දියාවේ බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති.

    “පළමු රැල්ලෙන් අපි පාඩමක් ඉගෙන ගත්තේ නෑ. දෙවෙනි රැල්ලක් එමින් තිබෙන බව අපි දැන සිටියා. බෙහෙත්, ඇඳන් සහ ඔක්සිජන් හිඟය වගේ අවාසනාවන්ත දේවල් වළක්වා ගැනීමට අපි සැලසුම් කළේ නෑ. යනුවෙන් වසංගත රෝග පිළිබඳ වෛද්‍ය ලලිත් කාන්ට් පැවසීය.

    “ඒ තබා මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීපු අනෙක් රටවලින්වත් අපි පාඩම් ඉගෙන ගත්තේ නැහැ,”

    (බීබීසී නිවුස්හි විකාස් පාන්ඩේ දිල්ලි සිට ගෙන ආ වාර්තාවක් ඇසුරෙනි)

  • Covid-19: ජනපති පුටින් ආරක්ෂා කරගන්න රැසියාව ගන්නා සුපිරි වෑයම ගැන හෙළිදරව්ව

    Covid-19: ජනපති පුටින් ආරක්ෂා කරගන්න රැසියාව ගන්නා සුපිරි වෑයම ගැන හෙළිදරව්ව

    ජනාධිපති පූටින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙතරම් අසාමාන්‍ය සහ අති විශාල මට්ටමේ ආරක්‍ෂිත ක්‍රියාදාමයන් දියත් කිරීම පිළිබඳව සහ එවැනි ක්‍රියාදාමයන් වෙනත් රටක සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ක්‍රෙම්ලින් ප්‍රකාශකගෙන් බීබීසීය විමසූ නමුත් ඊට පිළිතුරු දීමෙන් ඔහු වැළකී සිටියේය.

    වසංගතය ආරම්භ වූ සමයේ පටන්, ජනාධිපති පූටින් කොරෝනාවෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රුසියානු බලධාරීන් අසාමාන්‍ය මට්ටමින් ක්‍රියා කර තිබේ. ක්‍රෙම්ලින් මාදිලියේ නිරෝධායනය සංවිධානය කෙරුණේ කෙසේද? තම ජනාධිපතිවරයා කොරෝනා ආසාදනයෙන් රැක ගැනීමට කෙතරම් මුදල් සම්භාරයක් වැය කර තිබේද?

    පසුගිය වසර පුරාවට ම, ජනාධිපති පූටින්ට සමීපව කටයුතු කරන පුද්ගලයන් සිය ගණනක් නිරෝධායනයට ලක් කිරීමට රුසියානු බලධාරීහු ක්‍රියා කළහ.

    ජනාධිපතිවරයා ගැවසෙන තැනකට සමීප නොවන ඇතැමුන්ට ද ස්වයං නිරෝධායනය වීමට සිදු විය. ඊට හේතුව, පූටින් සමඟ මුහුණට මුහුණ හමුවන පිරිස ඉහත කී පුද්ගලයන් හා සබඳතා පවත්වන බැවිනි.

    2020 වසරේ මාර්තු 25වැනිදා ජනාධිපති පූටින් ජාතිය ඇමතුවේය. අප්‍රේල් පළමු වැනිදායින් ඇරඹෙන සතිය “වැඩ නොකරන සතියක්” ලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ වනවිට රුසියාව පුරා කොරෝනාවෛරසය වේගයෙන් පැතිර යමින් පැවතුණි.

    තවත් දින කීපයක් ගතවීමෙන් අනතුරුව රුසියාව ලොක්ඩවුන් කෙරිණ. අත්‍යවශ්‍ය නොවන කඩ සාප්පු වසා දැමුණි. ජන ඒකරාශී වීම් තහනම් කෙරුණි. ජනගහනයෙන් වැඩි පිරිසක් තම නිවෙස්වල සිට රාජකාරි කිරීමට පටන් ගත්හ.

    EPA

    මේ අතරතුර, ජනාධිපති පූටින් ට සේවය කරන ගුවන් යානා සේවක පිරිසෙන් 60 දෙනෙකු සහ තවත් රජයේ ඉහළම නිලධාරීන් පිරිසක් 2020 මාර්තු 26දා නිරෝධායනයට ලක් කෙරුණේ ප්‍රථම වතාවටය. ඔවුන් රඳවා තැබුවේ මොස්කව් අගනුවරට නුදුරින් පිහිටි හෝටලයක ය.

    එවක් පටන්, සිය ගණනක් ගුවන් යානා නියමුවන්, වෛද්‍ය සේවකයන්, රියදුරන් සහ වෙනත් සහකාර සේවකයන් රුසියාවේ හොටල් තුළ කාලය ගත කළේ නිරෝධායනය වීමටය.

    මේ සියල්ල සිදුවූයේ ජනාධිපති පූටින් ට කොවිඩ් 19 වැළඳීම වළක්වා ගැනීම සඳහාය.

    පූටින් ට දුන් එන්නත

    රුසියාවේ සංවර්ධිත කොවිඩ් එන්නතක් ජනාධිපති පූටින් ට ලබා දුන් බව මෑතකදී වාර්තා විය. නමුත් එය කුමන එන්නත ද යන්න සඳහන් කර නොතිබුණි. ඒ කෙසේ නමුත්, “නිරෝධායන” හෝටල් සමඟ පවතින ගිවිසුම් ඊළඟ වසරට ද දීර්ඝ වී ඇති බවක් නම් පෙනෙන්නට තිබේ.

    රුසියානු ජනාධිපතිවරයාගේ රාජකාරි කටයුතු නිසි පරිදි සුමටව පවත්වාගෙන යාම සඳහා පවතින අවශ්‍යතා සැපයීමේ වගකීම පැවරී ඇති අධ්‍යක්ෂ මණ්ඩලයට ඇමරිකානු ඩොලර් මිලියන 84ක් රජයේ අයවැයෙන් ලැබී ඇති බව බීබීසී රුසියානු අංශය ගණන් බලා තිබේ.

    Vladimir Putin on a screen in front of an audience

    ක්‍රෙම්ලිනයේ නිරෝධායන සඳහා පමණක් අවම වශයෙන් හෝටල් 12ක් වත් භාවිත කෙරෙන බව බීබීසී රුසියානු අංශය සොයාගෙන තිබේ.

    පූටින් ගේ විනෝදාංශය

    මෙම හෝටල් මොස්කව් නුවර සහ යාබද ක්‍රිමියා පළාතේ පිහිටි ඒවාය. එමෙන්ම දකුණු පළාතේ පිහිටි සෝචි නගරයට නුදුරින් ද හෝටල් වෙන්කර තිබේ. සෝචි යනු 2014 දී හිම ඔලිම්පික් තරඟාවලිය පැවති නගරයයි. එම නගරය හිම ක්‍රීඩා සඳහා ප්‍රසිද්ධය. හිම ක්‍රීඩාව ජනාධිපති පූටින් ගේ ප්‍රියතම විනෝදාංශයකි.

    නිරෝධායන ලැයිස්තුවේ පෞද්ගලික හෝටල් නොමැත. අමුත්තන් සහ කාර්යමණ්ඩල සේවකයන් රැඳී සිටින මෙම සියලු හෝටල් ජනාධිපති අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් වේ. 2022 වසරේ මාර්තු මාසය දක්වාම ඇතැමුන් කාමර වෙන්කර ගෙන ඇත.

    මෙම හෝටල්වල ප්‍රධාන වශයෙන් රැඳී සිටින්නේ ගුවන්යානා කාර්ය මණ්ඩලයට අයත් පිරිසයි.

    එම ගුවන් යානා කාර්යමණ්ඩලය ජනාධිපති ව්දිලැමීර් පූටින් ට පමණක් නොව, අගමැති මිඛායිල් මිශුස්ටින් ට සහ තවත් කැබිනට් ඇමතිවරු අට දෙනෙකුට සේවය සපයති.

    ජනාධිපති පූටින් පසුගිය වසරෙන් වැඩි කාලයක් රාජකාරි කටයුතු සිදු කර ඇත්තේ සෝචි හි පිහිටි තම නිවසේ සිට බව බීබීසී රුසියානු අංශයට දැනගන්නට ලැබුණි.

    ක්‍රෙම්ලිනයේ නිරෝධායන කටයුතුවලට සමීප ආරංචි මාර්ග පැවසුවේ ගුවන්යානා නියමුවන් සහ ගුවන් කාර්ය මණ්ඩලයට අයත් සැලකිය යුතු පිරිසක් සෝචි පළාතට නුදුරු හෝටල්වල නිරෝධායනය වෙමින් රැඳී සිටින බවය. ඔවුන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, විදේශ ඇමතිවරයාට සහ තවත් බොහෝ පිරිසකට ගමනාගමනය සපයන බවය.

    එහි නිරෝධායනය වන පිරිස අතර ගුවන්යානා නියමුවන්ට අමතරව හෙලිකොප්ටර් යානා නියමුවෝ ද සිටිති.

    Vladimir Putin on a stage

    පූටින් ගේ දේශප්‍රේමය

    දෙවන ලෝක සංග්‍රාමයේ ජය සමරන 75වැනි සංවත්සරය රුසියාවේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන ප්‍රධානතම උත්සවයක් වීමට නියමිතව තිබුණි. යුද්ධයේ අවසාන අදියරේ මතකයන් සිහිපත් කිරීම සහ නාසි හමුදාව පරාජය කිරීමෙහි ලා රුසියාවේ දායකත්වය සැමරීම පූටින් ගේ ආණ්ඩුවේ දේශප්‍රේමය විදහා පාන ප්‍රධාන අංගයකි.

    මෙම උත්කර්ෂවත් සැමරුම පසුගිය මැයි 9වැනිදා, රතු චතුරශ්‍රයේ දී මහ ඉහළින් පැවැත්වීමට නියමිතව තිබුණි. එය රුසියාවේ විජයග්‍රාහී දිනයයි.

    නමුත් එය පැවැත්වුණේ 2020 ජුනි 24වැනිදාය. එම සැමරීම සරලව සිදු කෙරුණු නමුදු හමුදා පෙළපාලියක් ද ඊට ඇතුළත්ව තිබුණි. එහිදී ජනාධිපතිවරයා යුද විරුවන්ට සහ ජනප්‍රිය පුද්ගලයන්ට අතට අත දුන්නේය. ජනාධිපතිවරයා ඔවුනට පදක්කම් පිරිනැමුවේය.

    මෙහිදී ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවූ 200කට අධික අමුත්තන් පිරිසක්, උත්සව දිනයට දෙසතියකට පෙර සිට නිරෝධායනයට ලක් වී ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය.

    එම අමුත්තන් අතර වයස අවුරුදු 80ට වැඩි සහ 90ට වැඩි විශ්‍රාමික යුද විරුවන් ද සිටි බව ඔවුන් වාර්තාකර තිබුණි.

    “විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් ඉතා උසස් තත්ත්වයන් යටතේ” නිරෝධායනය වෙමින් සිටින බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ්, ජුනි මාසයේ පැවති මෙම උත්සවයට පෙර සනාථ කළේය.

    නමුත් ඔහු අවධාරණය කළේ එය ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සිදු කෙරෙන්නක් බවය.

    President Putin laying flowers on a grave

    රුසියානු රාජ්‍ය පුවත් සේවාවන් වන TASS සහ RIA-Novosti ද මීට සමාන වාර්තා පළකර තිබුණි. ඒවාහි විස්තර කර තිබුණේ මාධ්‍යවේදීන් විසි දෙනෙකු නිරෝධායනය කිරීම සඳහා “මොස්කව් නුවර පිහිටි හෝටල්” සුදානම් කර තිබුණු අයුරුයි.

    මත්පැන් හෝ දුම් පානය තහනම්

    ඔවුන්ට වෙන්කර තිබුණේ තනි පුද්ගල කාමරය. ඔවුන් ඉන් පිටතට පැමිණෙන්නේ කාමරය පිරිසිදු කරන අවස්ථාවේදී පමණි. මුහුණට මුහුණ හමුවී එකිනෙකා සමඟ කතාබස් කිරීමට ඔවුනට අවසර නොමැත. ඔවුන් තොරතුරු හුවමාරු කර ගෙන ඇත්තේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික මාර්ගවලින් පමණි.

    ඔවුනට මත්පැන් හෝ දුම් පානය තහනම් ය. පිටතින් පැමිණෙන පාර්සලයක් වේනම් එය භාරගනු ලබන්නේ හෝටල් කාර්ය මණ්ඩලය විසිනි. ඒවා අදාල අමුත්තාට භාර දෙනු ලබන්නේ පරීක්ෂාවට සහ විෂබීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුවය.

    හුදෙකලා කර ඇති මෙම මාධ්‍යවේදීන්ට තුන් වේලක් ආහාර සපයා ඇත. එම ආහාර පාන කාමරයේ දොර අබියස තබනු ලැබේ. පාවිච්චියෙන් පසු ඉවත ලන හැඳි ගෑරුප්පු කට්ටලයක් ද ඒ සමඟ ලැබේ.

    මොවුන් හමුවීමට යම් කෙනෙකු පැමිණියේ නම් එම පුද්ගලයා පූර්ණ ආරක්‍ෂිත ඇඳුම් පැළඳුම් සහිතව සිටියේය.

    ජනාධිපතිවරයාගේ සංචාරයන් සිදුවන විට කලාපීය බලධාරීන් ද කල්තියා නිරෝධායනය වී සිටිය යුතු බවට පුවත් වාර්තා වී තිබුණි.

    උදාහරණයක් ලෙස, Nizhny Novgorod කලාපයේ Sarov නගරයට ජනාධිපතිවරයා පැමිණීමට පෙර පළාත් පාලන අධිකාරීන් විසින් ඩොලර් 13,000ක් වෙන්කර තිබුණේ “රුසියාවේ ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර කොරෝනාවෛරස් ආසාදනයන් ව්‍යාප්ත වීම වලක්වා ගැනීමේ අරමුණ” ඇතිවය.

    එම අවස්ථාවේ දී කලාපීය පරිපාලකයන් විසි දෙනෙකු පමණ හුදෙකලාකොට තැබුණු බව බීබීසී රුසියානු සේවයට දැනගන්නට ලැබුණි.

    ජනාධිපති පූටින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙතරම් අසාමාන්‍ය සහ අති විශාල මට්ටමේ ආරක්‍ෂිත ක්‍රියාදාමයන් දියත් කිරීම පිළිබඳව සහ එවැනි ක්‍රියාදාමයන් වෙනත් රටක සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ක්‍රෙම්ලින් ප්‍රකාශකගෙන් බීබීසීය විමසූ නමුත් ඊට පිළිතුරු දීමෙන් ඔහු වැළකී සිටියේය.

    බී.බී.සී ඇසුරිණි – ඇනා පුෂ්කාර්ස්කායියා, පවෙල් අක්සේනොෆ් සහ පිට්‍රේ කොස්ලෝෆ් – BBC රුසියානු අංශය

  • බ්‍රිතාන්‍ය මහ රැජිණගේ වල්ලභවයා එඩින්බරා හි ආදිපාදවරයා අභාවප්‍රාප්ත වෙයි

    බ්‍රිතාන්‍ය මහ රැජිණගේ වල්ලභවයා එඩින්බරා හි ආදිපාදවරයා අභාවප්‍රාප්ත වෙයි

    එලිසබත් රැජිනගේ සැමියා වන ෆිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය අද (09) නිවේදනය කළේය. මිය යන විට ඔහු 99 වෙනි වියේ පසු විය.

    ෆිලිප් කුමරු එලිසබත් කුමරිය හා විවාහ දිවියට පිවිසුණේ 1947 වසරේදීය. ඒ ඇය බ්‍රිතාන්‍ය රැජින වීමට පස් වසරකට පෙරදීය. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රාජකීය වල්ලභයා ලෙස දීර්ඝතම කාලයක් කටයුතු කළ පුද්ගලයා ෆිලිප් කුමරුය.

    “සිය ආදරණීය ස්වාමිපුරුෂයා වන එඩින්බරා හි ආදිපාදවරයා වන ෆිලිප් කුමරුගේ මරණය ගැන මහ රැජින නිවේදනය කරන ලද්දේ දැඩි ශෝකයෙනි,” යනුවෙන් බකිංහැම් මාලිගය පැවසීය.

    “රාජකීය උතුමන් අද උදෑසන වින්ඩ්සර් කාසල්හිදී සාමකාමීව අභාවප්‍රාප්ත විය.”

    මාර්තු මාසයේදී එඩින්බරා හි ආදිපාදවරයා රෝහලින් පිටව ගියේ මසක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවය.

    ඔහු කලින් පැවති හෘද රෝගී තත්ත්වයක් සඳහා මීට පෙර ලන්ඩනයේ වෙනත් රෝහලක් වූ ශාන්ත බර්තොලමෙව් හි ප්‍රතිකාර ලබාගැනිණි.ෆිලිප් කුමරුට සහ රැජිනට දරුවන් හතර දෙනෙකි. මුනුබුරු මිනිබිරියන් අට දෙනෙක් සහ මී මුනුබුරු මිනිබිරියන් 10 දෙනෙක් වෙති.ඔවුන්ගේ පළමු පුත් වේල්ස් හි කුමරා වන චාල්ස් කුමරු 1948 වසරේදී උපත ලැබූ අතර ඉන් පසු ඔහුගේ සහෝදරිය, රාජකීය කුමරිය, ඈන් කුමරිය, 1950 වසරේ දී ත් යෝර්ක් ආදිපාදවරයා වන, ඇන්ඩෘ කුමරු 1960 වසරේදී සහ වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු 1964 වරේදීත් උපත ලැබීය.ෆිලිප් කුමරු 1921 ජුනි 10 වන දින ග්‍රීක දූපතක් වන කෝර්ෆු හි උපත ලැබීය.ඔහුගේ පියා ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු, හෙලීනස් හි පළමුවන ජෝර්ජ් රජුගේ බාල පුත්‍රයා ය.ඔහුගේ මව ඇලිස් කුමරිය ලුවීස් මවුන්ට්බැටන් සාමිවරයාගේ දියණියක වූ අතර වික්ටෝරියා රැජිනගේ මී මිණිබිරියකි.

  • ඉන්දියාවේ දිනක Covid-19 ආසාදිතයන් 100,000 ඉක්මවයි

    ඉන්දියාවේ දිනක Covid-19 ආසාදිතයන් 100,000 ඉක්මවයි

    රට තුළ පැතිරයමින් පවතින මාරක කොරෝනා වෛරස් දෙවන රැල්ල හමුවේ එය මැඩලීමට ගෙනයන එන්නත් කිරීම් තවත් වේගවත් කිරීමට අසල්වැසි ඉන්දියාව පියවර ගෙන තිබේ.

    ඉරිදා (අප්‍රේල් 04), ඉන්දියාවෙන් ලක්ෂය ඉක්මවා ආසාදිතයන් වාර්තා විය.

    වසංගතය ආරම්භ වීමෙන් පසු ඉන්දියාව එම සීමාවට ලඟා වූ පළමු අවස්ථාව මෙයයි.

    වයස අවුරුදු 45 ඉක්මවූ එරට ඕනෑම අයෙකුට කොරෝනා එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටී. ඇතැම් ප්‍රාන්ත විසින් බැංකු සේවකයන් සහ නීතීඥයන් වැනි විශේෂ කණ්ඩායම් ද ඉලක්ක කර ගනිමින් එන්නත් ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

    මේ දක්වා එන්නත් මිලියන 80 ක් පමණ ලබා දී ඇති අතර ඉන් වැඩි දෙනෙකු අත්‍යවශ්‍ය සේවාවලට අයත් සහ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන්ය.

    Senior citizens waits to get their first dose of a Covid-19 vaccine shot, manufactured by Serum Institute of India, inside a Vaccination Centre at Shatabdi Hospital in Mumbai, India, 12 March 2021.
    වයස අවුරුදු 45 ඉක්මවූ ඕනෑම අයෙකුට අප්‍රේල් 01 වෙනිදා සිට එන්නත ලබා ගැනීමේ හැකියාව පවතී

    මාධ්‍යවේදීන්, බැංකු සේවකයන් සහ නීතීඥයන් සඳහා විශේෂ එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය නිවේදනය කර තිබේ. අසල්වැසි උත්තර්කාන්ද් ප්‍රාන්තය ද ඒ හා සමාන වැඩසටහන් දියත් කිරීමට සැලසුම් කරමින් සිටී.

    ලොව විශාලතම එන්නත්කරණය බවට පත්ව ඇති මෙම වැඩසටහනේ ඉලක්කය, ජුලි මස වන විට එන්නත් මිලියන 250ක් ලබා දීමය. එහෙත් එම ඉලක්කය සපුරා ගැනීමට දැනට පවතින වේගය තවත් ඉහළ නංවා ගත යුතු බව විශේෂඥයෝ පවසති.

    අප්‍රේල් 01 වෙනිදා එන්නත් ලබා දීමේ තෙවෙන අදියර ආරම්භ වූයේ කොවිඩ්-19 රෝගීන්ගේ තියුණු වර්ධනයක් පෙන්නුම් කෙරෙමින් තිබියදීය. ඇමරිකා එක්සත් ජනපදයෙන් පසු, එක් දිනකදී කොරෝනා වෛරස් ආසාදිතයන් ලක්ෂය ඉක්මවූ දෙවෙනි රට බවට ඉන්දියාව පත් විය. ඉන් අඩකට වැඩි පිරිසක් හඳුනා ගෙන ඇත්තේ ඉන්දියාවේ විශාලතම නගරය වන ‘මුබ්බායි’ අයත් මහාරාෂ්ට්‍ර ප්‍රන්තයෙනි.

    මේ වසර මුලදී එන්නත් ලබා දීම ආරම්භ කිරීමත් සමග ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් පහළ වැටිණි. ඉන්දියාවෙන් දිනකට වාර්තා වූ ආසාදන සංඛ්‍යාව 15,000 ට අඩු මට්ටමක විය. එහෙත් මාර්තු මස යළිත් ආසාදිතයන්ගේ වැඩි වීමක් පෙන්නුම් කෙරිණි. පරීක්ෂා කිරීමේ සහ හඳුනා ගැනීමේ ක්‍රමවේද අඩු වීම සහ ආරක්‍ෂිත පියවර පිළිබඳ අඩු සැලකිල්ලක් දැක්වීම ඊට විශාල වශයෙන් හේතු වී තිබේ.

    ජනතාවගේ නොසැලකිලිමත් භාවය සහ ආණ්ඩුව වෙතින් ලැබෙන ව්‍යාකූල පණිවුඩ ඉන්දියාවේ දෙවෙනි රැල්ල තවත් ඉහල නැංවීමට හේතු වී ඇති බව විශේෂඥයන්ගේ අදහසයි.

    වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් මිලියන 12 වාර්තා වී ඇති අතර 165,000 අධික සංඛ්‍යාවක් ඉන් මරණයට පත්ව තිබේ. එක්සත් ජනපදය සහ බ්‍රසීලයෙන් පසු කොරෝනා වෛරස් රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වන රට ඉන්දියාවයි.

    Text by – bbc

  • ඇමේසන් ඇතුළු නිවර්තන වැසි වනාන්තර බිහි වූ සුපිරි රහස හෙළි වෙයි !

    ඇමේසන් ඇතුළු නිවර්තන වැසි වනාන්තර බිහි වූ සුපිරි රහස හෙළි වෙයි !

    ඩයිනෝසෝරයන් විනාශ කළ ග‍්‍රහක බලපෑම අපේ පෘථිවියේ නිවර්තන වැසි වනාන්තර බිහි කළ බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. දකුණු ඇමරිකානු නිවර්තන වනාන්තරවල බලපෑම වෙනස් වූයේ කෙසේදැයි සොයා බැලීමට පර්යේෂකයෝ කොලොම්බියාවේ පොසිල පරාග සහ කොළ භාවිතා කළහ.

    මීට වසර මිලියන 66 කට පෙර කිලෝමීටර් 12 ක් පළල උල්කාපාතය පෘථිවියට පහර දීමෙන් පසුව, මෙම වනාන්තරවල වූ වෘක්ෂලතාදිය විශාල වශයෙන් වෙනස් විය.

    පර්යේෂණ කණ්ඩායම සිය සොයාගැනීම් කීර්තිමත් සඟරාවක් වන සයන්ස් හි journal Science ප්‍රකාශයට පත්කර ඇත.

    පැනමාවේ ස්මිත්සෝනියානු නිවර්තන පර්යේෂණ ආයතනයේ සම කර්තෘ ආචාර්ය මැනිකා කාර්වාල්හෝ (Co-author Dr Mónica Carvalho, from the Smithsonian Tropical Research Institution in Panama) පැවසුවේ “අපගේ කණ්ඩායම පොසිල පරාග වාර්තා 50,000 කට අධික ප්‍රමාණයක් සහ බලපෑමට පෙර සහ පසු කොළ ෆොසිල 6,000 කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කළා.”

    මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්වීපයේ දැවැන්ත ග්‍රහකයක් ගැටීමට පෙර කේතුධර ශාක හා පර්ණාංග ශාක පොදු බව ඔවුන් සොයා ගත්හ. නමුත් විනාශකාරී බලපෑමෙන් පසුව, ශාක විවිධත්වය දළ වශයෙන් 45% කින් පහත වැටුණු අතර, විශේෂයෙන් බීජ දරණ ශාක අතර වඳ වී යාම පුළුල් විය. ඊළඟ අවුරුදු මිලියන හය තුළ වනාන්තර යථා තත්ත්වයට පත් වූ අතර ඇන්ජියෝස්පර්ම් (angiosperms) නොහොත් සපුෂ්ප ශාක (flowering plants) ඒවා අතර ආධිපත්‍යය දැරීය.

    නිවර්තන වැසි වනාන්තර, ඉක්වදෝරය
    නූතන නිවර්තන වැසි වනාන්තර ඝන වියන් සහිත වනාන්තර වේ.

    මෙම සංක්‍රාන්තියේ ප්‍රතිඵලයක් ලෙස නිවර්තන වනාන්තරවල ව්‍යුහය ද වෙනස් විය. ක්‍රිටේසියස් යුගයේ අගභාගයේදී ඩයිනෝසෝරයන් ජීවතුන් අතර සිටියදී වනාන්තර සෑදූ ගස් විශාල පරතරයකින් යුක්ත විය. ඉහළ කොටස් අතිච්ඡාදනය නොවූ අතර විවෘත හිරු එළිය සහිත වනාන්තර භූමියේ ඉතිරි විය. නමුත් පශ්චාත් බලපෑමෙන් වනාන්තරවල ඝන වියනක් වර්ධනය වූ අතර එමඟින් අඩු ආලෝකයක් පොළොවට ළඟා විය.

    එසේ නම්, ඩයිනොසෝර යුගයේ විරල, කේතුධර පොහොසත් නිවර්තන වනාන්තර අද වැසි වනාන්තර බවට පරිවර්තනය කළේ කෙසේද? පරාග සහ කොළ පිළිබඳ ඔවුන්ගේ විශ්ලේෂණය මත පදනම්ව, පර්යේෂකයන් වෙනස් පැහැදිලි කිරීම් තුනක් යෝජනා කරයි.

    1. ඩයිනෝසෝරයන්ට වනාන්තරයේ පහළ මට්ටම්වල වැඩෙන පැලෑටි පෝෂණය කිරීමෙන් හා පාගා දැමීමෙන් වනාන්තරය වැඩියෙන් වැඩීමෙන් වළක්වා ගත හැකිය.
    2. නිවර්තන කලාපය පුරා පස පොහොසත් කළ අළු වලින් වැටීම වේගයෙන් වර්ධනය වන සපුෂ්ප ශාකවලට වාසියක් ලබා දෙන බවයි.
    3. කේතුධර විශේෂවල වරණීය වඳ වී යාම සපුෂ්ප ශාක අත්පත් කර ගැනීමට අවස්ථාවක් නිර්මාණය කළ බවයි.

    මෙම අදහස්, කණ්ඩායම පවසන පරිදි, අන්‍යෝන්‍ය වශයෙන් වෙනස් නොවන අතර, අද අප දකින ප්‍රතිඵල සඳහා මේ සියල්ල දායක විය හැකිය.

    “මෙහි ඉගෙන ගත් පාඩම නම්, වේගවත් කැළඹීම් යටතේ … නිවර්තන පරිසර පද්ධති පසුපසට නොයනු ඇත; ඒවා ප්‍රතිස්ථාපනය වන අතර ක්‍රියාවලියට බොහෝ කාලයක් ගතවනු ඇත,” ආචාර්ය කාර්වාල්හෝ පැවසීය.

    බී.බී.සී. ඇසුරිණි

  • දේශගුණ විපර්යාස අවම කිරීමේ සැලසුම්වලට ඉන්දියාවෙන් සහ චීනයෙන් දිගින් දිගටම බාධා

    දේශගුණ විපර්යාස අවම කිරීමේ සැලසුම්වලට ඉන්දියාවෙන් සහ චීනයෙන් දිගින් දිගටම බාධා

    දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රගතියක් ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද රැස්වීම් මාලාවකදී ප්‍රධාන ගෝලීය කාබන් විමෝචකයන් අතර තියුණු බෙදීම් මතු වී තිබෙන අතර ඉන්දියාව පොහොසත් ලෝකයේ කාබන් කැපීමේ සැලසුම් හෑල්ලුවට ලක් කරමින් දිගු කාලීන ශුද්ධ ශුන්‍ය ඉලක්ක long term net zero targets “අහසේ මාළිගා තැනීමක්” ලෙස නම් කළේය.

    ඉන්දීය බලශක්ති ඇමතිවරයා කියා සිටියේ දුප්පත් ජාතීන්ට පොසිල ඉන්ධන දිගටම භාවිතා කිරීමට අවශ්‍ය බවත් ධනවත් රටවලට එය නතර කළ නොහැකි බවත්ය.

    මේ අතර චීනය එක්සත් රාජධානිය විසින් සංවිධානය කරන ලද දේශගුණික වැඩසටහකට සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇත.

    මේ වසරේ තීරණාත්මක දේශගුණික රැස්වීම නොවැම්බර් මාසයේ එක්සත් රාජධානියේ ග්ලාස්ගෝහිදී පැවැත්වීමට නියමිත අතර, ලෝක නායකයින්ගේ සහ ඔවුන්ගේ සාකච්ඡාකරුවන්ගේ සාර්ථක සමුළුවක් සහතික කිරීම සම්බන්ධයෙන් සභාපතිවරයා වන බ්‍රිතාන්‍යයට චෝදනා එල්ල වී තිබේ.

    භයානක උෂ්ණත්වය ඉහළ යාමේ දොරටුව ලෙස දැන් සලකනු ලබන ගෝලීය උෂ්ණත්වය 1.5C යටතේ ඉහළ මට්ටමක තබා ගැනීමට හොඳ අවස්ථාවක් ලබා ගැනීම සඳහා කාබන් විමෝචනය 2050 වන විට ශුද්ධ ශුන්‍යයට/ Net zero ළඟා විය යුතුය.

    ශුද්ධ ශුන්‍යයෙන් අදහස් වන්නේ කර්මාන්ත, ප්‍රවාහන හෝ වෙනත් ප්‍රභවයන් විසින් නිපදවන ඕනෑම හරිතාගාර වායු විමෝචනයක් වායුගෝලයෙන් සමාන ප්‍රමාණයක් ඉවත් කර සමතුලිත කිරීමයි.

    එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය සහ යුරෝපා සංගමය ඇතුළු ප්‍රධාන කාබන් නිපදවන රටවල් ගණනාවක් මෙම අදහසට අත්සන් තබා ඇත. පසුගිය සැප්තැම්බරයේදී චීනය කියා සිටියේ 2060දී තමන් ඊට අත්සන් තබන බවයි.  

    ලොව සිව්වන විශාලතම විමෝචකයා වන ඉන්දියාව Net zero කණ්ඩායමට බැඳීමට උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (අයිඊඒ) විසින් සංවිධානය කරන ලද රැස්වීමකදී ඉන්දියාවේ විදුලිබල ඇමති රාජ් කුමාර් සිං පැවසුවේ “2060 හොඳයි. නමුත් එය ක්‍රියාත්මක කිරීම අසීරුයි” කියා ය.

    “මම එය අමතන්න කැමතියි. නමුත් මට මෙය කීමට සිදුවීම ගැන කණගාටුයි. 2060දී කාබන් ශූන්‍ය කිරීම යනු අහස් මාළිකාවක් තැනීම පමණයි‘‘

    මෙහිදී ඉන්දීය බලශක්ති ඇමතිවරයා ධනවත් රටවලට ඍජුව චෝදනා කිරීමට ද අමතක නොකළේය.

    “ඒක පුද්ගල කාබන් විමෝචනය ලෝක සාමාන්‍ය මෙන් හතර පස් ගුණයක් හෝ 12 ගුණයක් වන රටවල් ධනවත් රටවල් අතර තිබේ. ප්‍රශ්නය වන්නේ ඒවා පහතට එන්නේ කවදාද යන්නයි. අපට අසන්නට ලැබෙන්නේ 2050 හෝ 2060 වන විට අපි කාබන් උදාසීන බවට පත්වනු ඇති බවයි. ඒත් 2060 යනු බොහෝ දුරින් පිහිටා ඇති කාලයක්. අද මිනිසුන් කාබන් විමෝචනය කරන වේගයෙන් කාබන් විමෝචනය වුවහොත් ලෝකය නොනැසී පවතිනු ඇත. එබැවින් ඉදිරි පස් වසර තුළ ඔබ කුමක් කරන්නද? ලෝකයට දැනගැනීමට අවශ්‍ය වන්නේ එයයි‘‘ ඉන්දීය බලශක්ති ඇමතිවරයා ධනවත් රටවලින් ප්‍රශ්න කළේය.

    ඉන්දියානු ඇමති
    රාජ් කුමාර් සිං මහතා ඉන්දියාවේ බලශක්ති අමාත්‍යවරයා වේ

    සිසිං මහතා පෙන්වා දුන්නේ, ‘‘පොසිල ඉන්ධන බොහොමයක් දහනය කර ඇත්තේ ධනවත් රටවල් විසිනුයි. ඔවුන්ට දැන් අවශ්‍ය වී ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල් නැවැත්වීමයි – එය අසාධාරණයි‘‘

    “සංවර්ධිත ලෝකය මේ වන විටත් කාබන් අවකාශයෙන් 80% ක් පමණ මුදාහැර තිබෙනවා. නමුත් අපි මිලියන 800ක ජනතාවකට විදුලිය ලබාදිය යුතුයි. ඒ නිසා ශුද්ධ ශුන්‍යයට යා යුතු යැයි අපට පැවසීම අසාධාරණයි. අපට ද සංවර්ධනය වීමේ අයිතිය තිබෙන අතර, අපට ද අවශ්‍ය වන්නේ උසස් ජීවන තත්වයක් ඇති කර ගැනීමටයි. එනිසා ඔබට එය නතර කළ නොහැකියි‘‘ ඉන්දිය බලශක්ති ඇමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

    දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් “අන්‍යෝන්‍ය අවබෝධය සහ අන්‍යෝන්‍ය විශ්වාසය මත එකෙකු ලෙස වැඩ කිරීමට” තම රටට අවශ්‍ය බව චීනයේ අමාත්‍ය ෂැං ජියැන්හුවා පැවසීය.

    කෙසේ වෙතත්, එක් අයෙකු ලෙස වැඩ කිරීමේ එම ආශාව එක්සත් රාජධානිය තරම් දුරට නොපැමිණි අතර, අවදානමට ලක්විය හැකි රටවල් සඳහා වන ප්‍රධාන දේශගුණික හා සංවර්ධන අමාත්‍ය රැස්වීමකට සහභාගී වන ලෙස එක්සත් රාජධානිය කළ ආරාධනය චීනය ප්‍රතික්ෂේප කළේය.

    සූර්ය
    ඉන්දියාව සූර්ය හා සුළං බලශක්ති ස්ථාපනයන්හි සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත

    මානව හිමිකම් සම්බන්ධයෙන් චීනය සමඟ නිරන්තරයෙන් ඇති වන රාජ්‍ය තාන්ත්‍රික තර්ක දේශගුණික ක්ෂේත්‍රයට පැතිර යන බවට නිලධාරීන් අතර හැඟීමක් ඇති විය.

    ඉන්දියාව සහ චීනය යන රටවල් දෙකම තමන් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් ලෙස දකින අතර ධනවත් බටහිර ජාතීන්ට දේශගුණය සඳහා මූලිකත්වය ගත යුතු බවට යම් හැඟීමක් රඳවා ගැනීමට අවශ්‍යය.

    සෑම රටකටම එකම කාබන් කැපීමේ සැලැස්මක් නොතිබෙනු ඇතැයි හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසීය, නමුත් සෑම කෙනෙකුටම තවත් බොහෝ දේ කිරීමට සිදුවනු ඇත.

    “ඉදිරි වසර 10 තුළ අපට දේශගුණ විපර්යාස නොසලකා හැරිය නොහැකිය. විද්‍යාඥයන් පවසන පරිදි ඉදිරි වසර 10 තුළ අපට ප්‍රමාණවත් තරම් ක්‍රියා නොකළහොත් පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 මට්ටමේ තබා ගත නොහැකිය”ඔහු පැවසීය.

    “එබැවින් මගේ ආයාචනය වන්නේ තනි තනි වශයෙන් පුද්ගලික න්‍යාය පත්‍රමත කල්පනා නොකර එකම ගෝලීය මිනිස් ප්‍රජාවක් ලෙස සලකා මෙම අභියෝගයට මුහුණ දෙන ලෙසයි‘ ජෝන් කේරී පැවසීය.

    බී.බී.සී වාර්තාවකි

  • Covid-19 ‘තුන්වෙනි රැල්ල’ ලෝකය පුරා පැතිර යන්නේ කෙසේද ? සම්පූර්ණ කතාව

    Covid-19 ‘තුන්වෙනි රැල්ල’ ලෝකය පුරා පැතිර යන්නේ කෙසේද ? සම්පූර්ණ කතාව

    කොරෝනාවෛරස තුන්වෙනි රැල්ල පැතිරී යාමත් සමග ප්‍රංශයේ පාසල් අවම වශයෙන් සති තුනක් හෝ වසා දමන බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නිවේදනය කළේය. වෛරසය පාලනය කිරීම සඳහා එරට ජන ජීවිතයට නැවතත් සීමා පනවා තිබේ.

    ලබන සතියේ සිට පාසල් දුරස්ථ අධ්‍යාපනය සඳහා යොමු වන බව එමානුවෙල් මැක්‍රොන් පැවසීය.

    සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසල් සෙනසුරාදා (මාර්තු 27) දින සිට වසා දමා ඇති අතර, අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසේ සිට කිලෝමීටර 10කට වැඩි දුරක් ගමන් කිරීම තහනම් කෙරෙනු ඇත.

    මේ වන විට ප්‍රංශයේ දැඩි සත්කාර ඒකකවල 5,000 කට අධික පිරිසක් ප්‍රතිකාර ලබති.

    ප්‍රංශයේ මේ වන විට කොරෝනාවෛරස රෝගීන් මිලියන 4.6 කට වැඩි සංඛ්‍යාවක් සහ කෝවිඩ් ආශ්‍රිත මරණ 95,495 ක් වාර්තා වී තිබේ.

    Coronavirus third wave

    ඉන්දියාව

    මෙම වසර මුලදී පුද්ගලයන්ට එන්නත ලබා දීම ආරම්භ කිරීමත් සමග ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයන්ගේ ගණන තියුණු ලෙස පහත වැටී තිබිණි. එය දිනකට ආසාදිතයන් 15,000 ට අඩු ප්‍රමාණයක් දක්වා පහත වැටිණි.

    එහෙත් පරීක්ෂණ සිදු කිරීමේ දුර්වලතා සහ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රියාමාර්ග පිළිනොපැදීම හේතුවෙන් මාර්තු මාසයේදී රෝගීන් ගණන යළිත් ඉහළ යාමට පටන් ගත්තේය.

    බදාදා දිනයේදී (මාර්තු 31) ඉන්දියාව තුළ නව රෝගීන් 72,019 ක් සහ මරණ 457 ක් වාර්තා වී තිබේ.

    වසංගතය ආරම්භ වූ දා සිට ඉන්දියාවේ රෝගීන් මිලියන 11.7 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 160,000 කට අධික ප්‍රමාණයක් වාර්තා වේ තිබේ. එය එක්සත් ජනපදයෙන් පසු ලොව තුන්වෙනි වැඩිම කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රටයි.

    ඉතාලිය

    රෝමය සහ මිලාන් ඇතුළු ඉතාලියේ අඩකට වඩා ප්‍රදේශයක වෙළෙඳසල්, ආපනශාලා සහ පාසල් නැවත වරක් වසා දැමේ.

    රැකියාව, සෞඛ්‍ය හෝ වෙනත් අත්‍යවශ්‍ය හේතු හැරෙන්නට සියලුදෙනා නිවසේ රැඳී සිටිය යුතුය.

    Coronavirus third wave

    පාස්කු කාලය ඇතුළත (අප්‍රේල් 3-5) දින තුනක් පුරා මුළු රටම වසා දැමෙනු ඇත.

    යුරෝපා සංගම් රටවලින් පැමිණෙන පිරිස හෝ එම කලාපය තුළ සංචාරවලින් පසු ආපසු පැමිණෙන පුද්ගලයින් සඳහා අනිවාර්ය දින පහක නිරෝධායන ක්‍රියාවලිය අප්‍රේල් 6 දක්වා ක්‍රියාත්මක වේ

    ඔස්ට්‍රේලියාව

    ඔස්ට්‍රේලියානු නගරයක් වන බ්‍රිස්බේන්හි කොරෝනාවෛරස රෝගියෙක් වාර්තා වීමත් සමග දින තුනක කාලයක් වසා දමා බ්‍රහස්පතින්දා (අප්‍රේල් 1) දින නැවතත් විවෘත කර තිබේ.

    මිලියන දෙකක් පදිංචිකරුවන් සිටින ක්වීන්ස්ලන්තයේ අගනුවරින් මේ වන විට ආසාදිතයන් 16 ක් වාර්තා වී තිබේ.

    නව ආසාදන අඩුවීමෙන් හැඟවෙන්නේ පාස්කු නිවාඩු සති අන්තය සඳහා නියමිත වේලාවට අගුලු ලෑම (lockdown ) ඉවත් කිරීමට ඉඩ තිබීම යැයි ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඇනස්ටේෂියා පලස්චුක් පැවසීය.

    Coronavirus third wave

    කෙසේනමුත්, ගොඩනැගිලි තුළ මුහුණු ආවරණ පැළඳීම ඇතුළු සමහර සීමාවන් තවමත් ක්‍රියාත්මක වේ.

    නිවසක රැස් විය හැකි පුද්ගලයන් ගණන 30 දෙනෙකුට සීමා කර ඇති අතර, සියලුදෙනා සිය ටිකට් පත් ද සමග අසුන් ගෙන සිටින්නේ නම් දේවස්ථානයේ ආගමික කටයුතු සම්පූර්ණයෙන් සිදු කළ හැකිය.

    ජර්මනිය

    ජර්මනිය තුළ වර්තමානයේ ක්‍රියාත්මක වන සීමාවන් අප්‍රේල් 18 දක්වා දීර්ඝ කර තිබේ.

    කෙසේ වෙතත්, අප්‍රේල් මස ආරම්භයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ රට පුරා ව්‍යාප්ත අගුලු ලෑමේ (lockdown) සැලසුමට පුළුල් ලෙස විවේචනය එල්ල වීමත් සමග, එය අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

    ජර්මානු චාන්සලර්වරිය ඇන්ජෙලා මර්කල් කියා සිටියේ එවැනි කෙටි දැනුම්දීමකින් අතිරේක සීමා හඳුන්වා දීමට උත්සාහ කිරීම “වැරදීමක්” බවය.

    කෙසේනමුත්, දින හතක කාලයක් තුළ 100,000 කට නව රෝගීන් 100 ක් ඉක්මවා ආසාදිතයන් සිටින ප්‍රදේශවල සීමාවන් තවදුරටත් ලිහිල් කිරීම නතර කර තිබේ.

    වෙළෙඳසල් සහ පොදු ප්‍රවාහනයේදී එක් වතාවක් පමණක් භාවිත කළ හැකි ශල්‍ය මුහුණු ආවරණ හෝ FFP2 වර්ගයේ විශේෂ මුහුණු ආවරණයක් පැළඳිය යුතුය.

    Coronavirus third wave

    ඩෙන්මාර්කය

    ඩෙන්මාර්ක රජය වයස අවුරුදු 15 ට වැඩි සෑම කෙනෙකුටම “කොරෝනා බලපත්‍රයක්” ලබා දීමට යෝජනා කර තිබේ.

    ජංගම දුරකථනයෙන් සහ කඩදාසිවලින් ලබා ගත හැකි මෙම බලපත්‍රයේ පසුගිය පැය 72 තුළ කොරෝනාවෛරස පරීක්ෂණයෙන් ‘නෙගටිව්’ ප්‍රතිඵල ලැබී ඇත්ද, කලින් ආසාදනය වී ඇත්ද යන්න හෝ එන්නත ලබා ගෙන ඇත්තේ ද යන්න සඳහන් වේ.

    එරට සීමාවන් ක්‍රමයෙන් ඉවත් කරන බැවින්, කොණ්ඩා මෝස්තර දමන ස්ථානයට, අවන්හලකට හෝ වෙනත් ස්ථානයකට යෑමේ දී මෙම බලපත්‍රයේ සඳහන් දත්ත අවශ්‍ය වේ.

    තත්ත්වය හොඳ අතට හැරෙන්නේ නම්, කුඩා සාප්පු අප්‍රේල් 13 සිට විවෘත කරන අතර අප්‍රේල් 21 සිට විශාල සාප්පු මධ්‍යස්ථාන, කැෆේ සහ ආපනශාලාවල එළිමහනේ ආහාර ගැනීමට අවසර දෙනු ලැබේ. සිනමා ශාලා මෙන්ම ආපනශාලා ඇතුළත සිට ආහාර ගැනීම මැයි 6 වෙනි දින නැවත ආරම්භ කළ හැකිය.

    චෙක් ජනරජය

    යුරෝපා සංගමයට අයත් චෙක් ජනරජය කොරෝනාවෛරසයෙන් දැඩි ලෙස පීඩාවට පත් රටකි. ඒ හේතුවෙන් එරට ජන ජීවිතයට පැනවූ සීමා තවදුරටත් දැඩි කර තිබේ.

    නව ක්‍රියාමාර්ග අතරට කුඩා ළමුන් හා ආබාධිත පුද්ගලයින් සඳහා වූ පාසල් වැසීම, දිස්ත්‍රික්ක අතර ගමන් කිරීම තහනම් කිරීම සහ විවෘතව පවතින කර්මාන්තශාලා සහ සමාගම්වල සේවකයින් සඳහා අනිවාර්ය කොරෝනාවෛරස පරීක්ෂණ පැවැත්වීම ඇතුළත් වේ.

    Coronavirus third wave

    ස්පාඤ්ඤය

    පළාත් අතර ගමන් කිරීම අප්‍රේල් 9 දක්වා තහනම්ය.

    රාත්‍රී 11 සිට උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, අවශ්‍ය නම් අදාළ ප්‍රදේශවල රාත්‍රී 10 සිට එය බලපැවැත්විය හැකිය.

    විවෘත ස්ථානවල උපරිම වශයෙන් හය දෙනෙකු සහ සංවෘත ප්‍රදේශවල සිව් දෙනෙකුට හමු විය හැකි අතර, පෞද්ගලික නිවාසවල හමුවීමට අවසර නොමැත.

    වයස අවුරුදු 6 ට වැඩි ඕනෑම පුද්ගලයෙක් ගෘහස්ථ හා එළිමහන් පොදු ස්ථානවල මුහුණු ආවරණයක් පැළඳිය යුතුය.

    බෙල්ජියම

    පාස්කු සමය ඇතුළත බෙල්ජියම සති හතරක කාලයක් වසා දමා තිබේ.

    ප්‍රාථමික හා ද්විතීයික පාසල් මෙන්ම විශ්ව විද්‍යාල ද අප්‍රේල් 19 දක්වා වසා ඇත.

    අත්‍යවශ්‍ය නොවන සාප්පු විවෘතව ඇති නමුත් පෙර වෙන් කරවා ගත් වෙලාවක දී පමණක් අදාළ සේවාවන් ලබා ගත හැකිය. කොණ්ඩා මෝස්තර දමන ස්ථාන, රූපලාවණ්‍යාගාර සහ සම්බාහන මධ්‍යස්ථාන වසා ඇත.

    අත්‍යවශ්‍ය නොවන සියලුම සංචාර තහනම් කර ඇත.

    Coronavirus third wave

    පෘතුගාලය

    පෘතුගාලයේ නගර අතර ගමන් කිරීම අප්‍රේල් 5 දක්වා තහනම් කර තිබේ.

    ඇතැම් ව්‍යාපාර සහ ප්‍රාථමික පාසල් නැවත විවෘත කරමින් මාර්තු 15 සිට පෘතුගාලය ඇතැම් සීමා කිරීම් ලිහිල් කිරීමට පටන් ගත්තේය.

    නෙදර්ලන්තය

    අගුලු ලෑමේ (ලොක්ඩවුන් -lockdown) නීති අප්‍රේල් 20 දක්වා දීර්ඝ කර ඇත.

    ඇඳිරි නීතිය ද දීර්ඝ කර තිබෙන නමුත් මාර්තු 31 සිට එය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට උදෑසන 4.30 දක්වාය.

    මැයි මස මැද වන තුරු විදේශයන්හි නිවාඩු වෙන් නොකරන ලෙස රජය එරට ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Text by – bbc

  • මාධ්‍යවේදිනියට ලිංගික අපහාස කළ බ්‍රසීල ජනපති බොල්සොනාරෝට දඩ

    මාධ්‍යවේදිනියට ලිංගික අපහාස කළ බ්‍රසීල ජනපති බොල්සොනාරෝට දඩ

    දේශපාලන බලවතුන්ගේ වැරදි සමාජයට හෙළිකරන මාධ්‍යවේදීන්ට හිරිහැර සහ තාඩන පීඩන එල්ල වීම බොහෝ රටවලින් නිරන්තරයෙන් වාර්තා වෙයි. එවැනි අවස්ථාවක යුක්තිය සර්ව සාධාරණව ඉෂ්ඨ වූ බව වාර්තා වූයේ නම් ඒ කලාතුරකිනි.

    නමුත් මාධ්‍යවේදිනියකට ලිංගික අපහාසයක් කරන ලද ජනාධිපතිවරයෙකුට අධිකරණයෙන් දඬුවම් නියම කළ පුවතක් පසුගියදා බ්‍රසීලයෙන් වාර්තා විය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම ජනාධිපතිවරයාගේ පුත්‍රයා ද මීට පෙර එම වරදට ම දඬුවම් ලබා තිබීමය. මෙම ජනපති පුතු ද මන්ත්‍රීවරයෙකි.

    එම පුවත දිග හැරෙන්නේ මෙසේය. මාධ්‍යවේදිනියකට වන්දි ගෙවන ලෙස බ්‍රසීලයේ අධිකරණයකින් නියෝග කර ඇත්තේ එරට ජනාධිපති ජායිර් බොල්සොනාරෝ වෙතය.

    ඔහුට එම නියෝගය නිකුත් වූයේ, අදාළ මාධ්‍යවේදිනියගේ ආත්ම ගෞරවය කෙලෙසෙන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමේ වරදට ය.

    තමන් පිළිබඳ සෘණාත්මක තොරතුරු ලබා ගැනීම සඳහා පැට්‍රිෂියා කැම්පෝස් මෙලෝ නමැති මාධ්‍යවේදිනිය එක්තරා සම්පත්දායකයෙකු සමඟ ලිංගිකව එක්වී ඇති බව අඟවමින් ජනාධිපතිවරයා පසුගිය වසරේ ප්‍රකාශයක් කර තිබුණි.

    අධිකරණ විනිසුරුවරයා පවසා ඇත්තේ ජනාධිපති බොල්සොනාරෝ ගේ ප්‍රකාශය මගින් මාධ්‍යවේදිනියගේ ගෞරවයට හානිවී ඇති බවය.

    “අගනා දිනයක්”

    ඊට වන්දි වශයෙන් බ්‍රසීල මුදලින් (රියල්) 20,000ක් (ඇමරිකානු ඩොලර් 3,500ක්) මාධ්‍යවේදිනියට ගෙවන ලෙස ජනාධිපතිවරයාට නියෝග කර තිබේ. මෙම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතුව පවතී.

    බ්‍රසීලයේ සම්මානලාභී මාධ්‍යවේදිනියක වන පැට්‍රිෂියා මෙලෝ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ විනිසුරුවරයා ලබා දී ඇති තීන්දුව “ස්ත්‍රීන් වන අප සියලු දෙනාගේම ජයග්‍රහණයක්” බවය.

    මෙය මාධ්‍යවේදිනියන්ට මෙන්ම බ්‍රසීලයේ වෘත්තීමය මාධ්‍යකරණයට “අගනා දිනයක්” බව The Journalists Against Harassment කණ්ඩායම පැවසීය.

    2019 ජනවාරි මාසයේදී බලයට පත් වූ බොල්සොනාරෝ, දක්ෂිණාංශික ජනාධිපතිවරයෙකි. තමන්ගේ පාලනය විවේචනයට ලක් කරන මාධ්‍යවේදීන් වෙත එදිරිවාදිකම් සිදු කරන ඉතිහාසයක් ඔහු සතුය.

    ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව ඉහත කී මාධ්‍යවේදිනිය නීතිය ඉදිරියට ගියේ 2020 වසරේ පෙබරවාරියේදී ය.

    එම නඩු වාර්තාවේ සඳහන් වන්නේ ජනාධිපති බොල්නාසොනාරෝ විසින් “ලිංගික ඇනුම්පද” කියමින් මෙම මාධ්‍යවේදිනියට අපහාස කරනු ලැබ ඇති බවය.

    2018 වසරේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් බොල්සොනාරෝ ට සහයෝගය දැක්වූ එක්තරා වට්ස්ඇප් කණ්ඩායමක් පිළිබඳව මෙම මාධ්‍යවේදිනිය පර්යේෂණාත්මක ලිපි පෙළක් ලිව්වාය.

    ජනපති පුතු

    පසුගිය ජනවාරියේ දී මෙම මාධ්‍යවේදිනිය මෙවැනිම වූ තවත් නඩු විභාගයකින් ජය ලැබුවාය. එම නඩුව ගොනු කර තිබුණේ ජනාධිපති බොල්සොනාරෝ ගේ පුත්‍රයාට එරෙහිවය. ඔහු බ්‍රසීලයේ පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

    පසුගිය වසරේ මැයි මාසයේ යූටියුබ් ඔස්සේ පළ කර තිබුණු වීඩියෝවක ඔහු අඟවා තිබුණේ, තම පියාට එරෙහිව තොරතුරු ලබා ගැනීම සඳහා මෙම මාධ්‍යවේදිනිය විසින් එක්තරා පුද්ගලයෙකු ලිංගිකව ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරනු ලැබ ඇති බවය.

    එම ප්‍රකාශය මාධ්‍යවේදීන්ගේ ගෞරවයට කරන ලද ප්‍රහාරයක් බව විනිසුරුවරයා පැවසීය.

    ඊට වන්දි වශයෙන් රියල් 30,000ක් එම මාධ්‍යවේදිනියට ගෙවන ලෙස ජනපති පුතුට අධිකරණය නියෝග කළේය.

    Text by – bbc

  • බ්‍රසීල ජනපති බොල්සොනාරෝ දැවැන්ත අර්බුදයක

    බ්‍රසීල ජනපති බොල්සොනාරෝ දැවැන්ත අර්බුදයක

    ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් තිදෙනාම ඉවත්වීමෙන් පසු බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සිය ජනාධිපති ධුරයේ විශාලතම අර්බුදයට මුහුණ දී සිටී. ආරක්ෂක ප්‍රධානීන්ගේ පෙර නොවූ විරූ ඉල්ලා අස්වීම ජනාධිපති බොල්සොනාරෝ හමුදාව මත අනවශ්‍ය පාලනයක් ඇති කිරීමට ගත් උත්සාහයට විරෝධයක් ලෙස සැලකේ.

    කොවිඩ් -19 ට දැක්වූ ඍණාත්මක ප්‍රතිචාරය නිසා ජනාධිපති බොල්සොනාරෝගේ ජනප්‍රියත්වය විශාල ලෙස අඩුවී තිබේ.

    මේ වන විට බ්‍රසීලයේ පුද්ගලයින් 314,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති අතර තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව මිලියන 12.5 කට වඩා වැඩිය. ඊයේ (29) දිනයේදී පුද්ගලයින් 3250ක් පමණ කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් තිබේ.

    මීට වසර දෙකකට පෙර බලයට පැමිණි බ්‍රසීලයේ අන්ත දක්ෂිනාංශික ජනාධිපති නිරෝධායන ක්‍රියාමාර්ගවලට නිරන්තරයෙන් විරුද්ධ වී ඇති අතර, ආර්ථිකයට සිදුවන හානිය කොරොන වයිරසයේ බලපෑමට වඩා දරුණු වනු ඇතැයි තර්ක කරයි.

    ඔහුගේ විදේශ හා ආරක්ෂක ඇමතිවරුන් දෙදෙනාම ඉවත් වීමෙන් පසු සඳුදා ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය නැවත සකස් කිරීමට සිදුවිය.

    බොල්සොනාරෝට මෙය කෙතරම් බරපතලද?

    ජනාධිපතිවරයා සමඟ ඇති වූ මතභේදයක් සම්බන්ධයෙන් හමුදා, නාවික සහ ගුවන් හමුදාවේ ප්‍රධානීන් එකට නැගී සිටි පළමු අවස්ථාව බ්‍රසීල ඉතිහාසයේ වාර්තා වේ.

    ජෙනරාල් එඩ්සන් ලීල් පුජොල්, ඇඩ්ම් ඉල්ක්ස් බාබෝසා සහ ලුතිනන් බ්‍රිගේට් ඇන්ටෝනියෝ කාලෝස් බර්මියුඩෙස් යන තිදෙනා අඟහරුවාදා ඉල්ලා අස්විය.

    ආරක්ෂක අමාත්‍ය ප්‍රනාන්දු අසිවෙඩෝ ඊ සිල්වා කැබිනට් සංශෝධනයක් සඳහා ඉක්මන් පියවරක් අනුගමනය කළේය. ත්‍රිවිධ හමුදාවට පක්ෂපාතී වීම සම්බන්ධයෙන් ආරක්ෂක ඇමති බොල්සොනාරෝ මහතා සමඟ ගැටුමක් ඇති කර ගත් අතර ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාට පෞද්ගලිකව සහාය දෙනවාට වඩා ව්‍යවස්ථාව තහවුරු කිරීම සඳහා යොමු කළ යුතු බවයි.

    බීබීසීයේ ලතින් ඇමරිකානු වාර්තාකරු විල් ග්‍රාන්ට් පවසන්නේ බොල්සැනාරෝ මහතා 2019 ජනවාරි මාසයේ බලයට පත්වීමෙන් පසු ඔහුගේ විශාලතම දේශපාලන අර්බුදයට මුහුණ දී සිටින බවයි.

    කොරෝනා වයිරස් වසංගතය පිළිබඳ ඔහුගේ වැරදි කළමනාකරණය සමඟ එක්ව, අපගේ වාර්තාකරු තවදුරටත් පවසන්නේ, නායකයා මත පීඩනය මෑත සතිවල දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

    බ්‍රසීලය විශාල වශයෙන් රට පුරා සිය එන්නත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සමඟ පොරබදමින් සිටී. මෙතෙක් එය භාවිතා කර ඇත්තේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ චීනයේ කොරෝනාවැක් යන දෙකටම ජබ් දෙකක් අවශ්‍ය වේ.

    ෆයිසර් / බයෝ එන්ටෙක් එන්නත භාවිතය බ්‍රසීලය විසින් අනුමත කර ඇති අතර ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත සහ රුසියානු නිෂ්පාදිත ස්පුට්නික් වී ජබ් යන තනි මාත්‍රාව සඳහා ඇණවුම් ලබා දී ඇත.

    මේ මස මුලදී බ්‍රසීලයේ දිනපතා කෝවිඩ් -19 මරණ සංඛ්‍යාව 3,000 ක් පසු කළ අතර රෝහල් කඩා වැටීමට ආසන්නව තල්ලු වූ අතර රට ගෝලීය මහජන සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි බවට බියක් ඇති කළේය.

  • Evergreen නැව මුදා ගනී

    Evergreen නැව මුදා ගනී

    සතියකට ආසන්න කාලයක් සූවස් ඇළ අවහිර කරමින් සිරවී තිබූ බහාලුම් නෞකාව යළි ගමන් මාර්ගයට යොමු කළ බව නැවතත් යළිත් ගමන් කරමින් සිටී.

    එවර්ග්‍රීන් මැරීන් කෝප් විසින් මෙහෙයවනු ලබන එවර් ගිවන් පසුගිය අඟහරුවාදා වැලි කුණාටුවකදී හිරවී ඇත.

    දින ගණනාවක් තිස්සේ එය ලෝකයේ ප්‍රධාන නැව් මංතීරුවක විකර්ණ ලෙස නවාතැන් ගෙන ඇති අතර එමඟින් ගමනාගමනය වැඩි වන අතර අනෙක් නැව් නැවත හරවා යවනු ලැබේ.

    නමුත් දැන්, කඹ ඇදීමේ බෝට්ටු හා කැණීම් සම්බන්ධ මෙහෙයුමකින් පසු, යාත්‍රාව සම්පූර්ණයෙන්ම ප්‍රත්‍යාවර්ත වී උතුරු දෙසට ගමන් කරයි.

    එවර් ලබා දී ඇති කම්කරුවන්.  24 මාර්තු 2021
    රූප ශීර්ෂයදැවැන්ත බහාලුම් නෞකාව පාපන්දු පිටි හතරකි
    සූවර්ස් ඇළ අවහිර කර ඇත්තේ විශාල බහාලුම් නෞකාව විසින් එවර් ලබා දී ඇත
    අතරමං වූ නැව බැලීමට සූවස් ඇල අධිකාරියේ නිලධාරීන් පැමිණේ
    කඹ ඇදීම සදාකාලිකවම ගෙනයාමට උත්සාහ කරයි
    නැවක් හාරනවා
    කඹයක් සූවස් ඇළ ඉවුරෙන් (2021 මාර්තු 25) එවර් ලබා දී ඇත.
    සූවස් ඇළෙන් ඉවත් කිරීමෙන් පසු එවර් ගයිවර්න් නෞකාව දැකගත හැකිය
    සූවස් ඇළේ දින ගණනාවක් සිරවී ඇති බහාලුම් නෞකාවක් සිය ගමන් නැවත ආරම්භ කරන ආකාරය නරඹන්නන් බලා සිටියි
    භාණ්ඩ නැව්වල ගොනු රූපය ඊජිප්තුවේ ඉස්මයිලියා අසල සූවස් ඇළ හරහා ගමන් කරයි
    2017 දී සූවස් ඇළේ පාලමක් යටින් නැව් ගමන් කරයි

    TEXT BBC