Covid-19: අමෙරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් චීනයට හා ඉරානයට අලුත් චෝදනාවක්

Covid-19: අමෙරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් චීනයට හා ඉරානයට අලුත් චෝදනාවක්
Spread the love

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමට ගන්නා උත්සාහයන් පිළිබඳ වටිනා තොරතුරු සොරකම් කිරීමේ උත්සාහයක් ලෙස රජ්‍ය පිටුබලය ලබන හැකර්වරු (Government-backed hackers) සෞඛ්‍ය සේවා හා පර්යේෂණ ආයතනවලට පහර දෙන බව බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය ඒකාබද්ධ අනතුරු ඇඟවීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යයේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය සහ එක්සත් ජනපද සයිබර් ආරක්ෂණ හා යටිතල පහසුකම් ආරක්ෂක ඒජන්සිය (Britain’s National Cyber Security Centre (NCSC) and the US Cybersecurity and Infrastructure Security Agency (CISA) කියා සිටියේ හැකර්වරුන් ඉලක්ක කර ඇත්තේ ඖෂධ සමාගම්, පර්යේෂණ ආයතන සහ පළාත් පාලන ආයතන බවයි.

එන්.සී.එස්.සී. සහ සීඅයිඑස්ඒ ප්‍රහාරයන්ට වගකිව යුත්තේ කුමන රටවල්දැයි කියා නැත. එහෙත් එක් එක්සත් ජනපද නිලධාරියෙකු සහ එක් එක්සත් රාජධානියේ නිලධාරියෙකු පැවසුවේ චීන හා ඉරාන හැකර්වරුන්ගේ ආක්‍රමණශීලී උත්සාහයන්ට මෙන්ම රුසියානු සම්බන්ධිත ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාරයක් ලෙස මෙම අනතුරු ඇඟවීම කළ බවයි.

අනතුරු ඇඟවීමේ පොදු නොවන තොරතුරු සාකච්ඡා කිරීම සඳහා නිලධාරීන් දෙදෙනා නිර්නාමික කොන්දේසියක් මත කතා කළහ.

ටෙහෙරානය, බෙයිජිං සහ මොස්කව් යන රටවල් සියල්ලම ආක්‍රමණශීලී සයිබර් මෙහෙයුම් සිදු කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර තමන්ද එවැනි ප්‍රහාරයන්ට ගොදුරු වූ බව පවසති.