ඇමෙරිකාවේ ජොන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් ගෝලීය වශයෙන් වාර්තා වන කොවිඩ් 19 රෝගීන් හා මරණයට පත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් පවත්වාගෙන යන අතර ඒ සදහා ලෝකයේ සියලුම මාධ්‍යයන් මෙම දත්ත පදනම් කර ගනිමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කරයි.
එම වාර්තාවට අනුව ඊයේ (23* දිනය අවසන් වන විට ගෝලීය වශයෙන් කොවිඩ් 19 අසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 378, 601 ක් වූ අතර තව දුරටත් එහි ඉහළම ස්ථානය චීනය වේ. ඒ නව කොරෝනා ආසාදිතයින් 81,498ක් වාර්තා කරමිනි. දෙවැනි ස්ථානයේ පසුවන ඉතාලියේ 63,927ක්, ඇමෙරිකාව 43901ක්, ස්පාඤ්ඤය 35136ක්, ජර්මනිය 29056ක්, ඉරානය 23049ක්, ප්‍රංශය 20123ක්, දකුණු කොරියාව 8961ක්, ස්විට්සර්ලන්තය 8795ක්, එංගලන්තය 6726ක් වාර්තා කර ඇත.
කොරෝනා වෛරස ආසාදනයෙන් ගෝලීය වශයෙන් (23දා අවසන් වන විට* සමස්ත මරණ 16,505ක් වාර්තා වී ඇති අතර එහි ඉහළින්ම සිිටින්නේ ඉතාලියයි. එහි සමස්ත මරණ සංඛ්‍යාව 6077ක් වන අතර චීනය 3153ක්, ස්පාඤ්ඤය 2311ක්, ඉරානය 1812ක්, ප්‍රංශය 860ක්, එංගලන්තය 335ක්, නෙදර්ලන්තය 213ක්, ජර්මනිය 123ක් සහ ස්විට්සර්ලන්තය 111ක් වශයෙන් ගෝලීය වශයෙන් ඉදිරියෙන්ම සිටිනවා.
ජොන්ස් හෝප්කින්ස් වාර්තාවන අනුව කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන් 100,982ක් ගෝලීය වශයෙන් වාර්තා වන අතර චීනය හුබෙයි 59882ක් ඉරානය 8376ක්, ඉතාලිය 7432ක්, ස්පාඤ්ඤය 3355ක්, දකුණු කොරියාව 3166ක් සහ ප්‍රංශය 2200ක් වශයෙන් සුවය ලබා තිබෙනවා.
වුහාන් නගරයෙන් දින හයකට පසුව කොවිඩ් 19 ආසාදිතයෙක්
නව කොරෝන වසංගතයේ ආරම්භක ස්ථානය වන වුහාන් නගරයෙන් දින හයකට පසුව කොවිඩ් 19 ආසාදිතයෙක් හමුවූ බව හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිෂම උපුටා දක්වමින් චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.
හුබෙයි පළාතෙන් වාර්තා වූ එකම කොවිඩ් ආසාදිතයා මොහු බවත් හුබෙයි පළාතෙන් නව මරණ හතක් වාර්තා වූ අතර ඒ සියල්ලම වුහාන් නුවරින් වාර්තා වූ බව චීන මාධ්‍ය වාර්තාවල සදහන්.
සඳුදා දිනයේදී සුවය ලැබීමෙන් පසු රෝගීන් 444 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් 4200 දෙනාගෙන් 1203 දෙනෙකු තවමත් බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තා කියන්නේ.
හුබෙයි පළාතෙන් කොරෝනා 19 තහවුරු වූ රෝගින් සංඛ්‍යාව 67,801 ක් වන අතර එයින් 50,006 ක්ම වූහාන් නුවරින් වාර්තා වුණා.
මියන්මාරයෙන් පළමු කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වෙයි
අග්නිදිග ආසියානු රාජ්‍යයක් වන මියන්මරයෙන් පළමු වරට නව කොරෝන වෛරස් රොගීන් දෙදෙනකු වාර්තා වී තිබෙන අතර ඔවුන් දෙදෙනාම මෑතකදී එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට සංචාරය කළ මියන්මාර ජාතිකයන් දෙදෙනෙක් බවයි මියන්මාර මාධ්‍ය වාර්තා කියන්නේ.
මිලියන 50 ජනගහණයක් සහිත මියන්මාරය පසුගිය සතියේ තම දේශ සීමා වසා දැමූ අතර එළඹෙන බෞද්ධ අලුත් අවුරුද්ද ඇතුළු මහජන රැස්වීම් තහනම් කිරීමට පියවර ගත්තා.
කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් සිටියදී මේ මස මුලදී විශේෂ ප‍්‍රකාශයක් කළ මියන්මාර රජයේ ප්‍රකාශක සැව් හ්ටේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ‘මියන්මාර පුරවැසියන්ගේ ජීවන රටාව සහ ආහාර රටාව’ වෛරසයෙන් රට ආරක්ෂා කර ඇති බවයි.