කොවිඩ්-19 ආසාදනය වූ නව ආසාදිතයන් 683 දෙනෙකු අද (15) දින හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද දින පස්වරු 8.49 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
අද දින හදුනාගත් ආසාදිතයින් පිරිස සමග අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 47,810 දක්වා ඉහළ ගිය බවයි එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ.
මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තවත් මාධ්‍ය නිවේදනයක සදහන් වන්නේ කොවිඩ්-19 ආසාදනය වීමෙන් අද (15) දින පුද්ගලයින් සිවු දෙනකු මිය ගිය බවයි.
ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී මියගිය මුළු මරණ සංඛ්‍යාව 255ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිබත්ගොඩ, කොළඹ 10 , නාවලපිටිය සහ කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් වයස අවුරුදු 90, 60,78, සහ 75 යන වයස්වල පස්වන්න පුද්ගලයින් බවයි අදාළ නිවේදනයේ සදහන් වන්නේ.
![](http://static.lankadeepa.lk/assets/uploads/image_27a3b45bf6.jpg)
![](http://static.lankadeepa.lk/assets/uploads/image_a712d55418.jpg)