රුසියාව විසින් සිය කොවිඩ් -19 එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කරමින් සිටින අතර, මොස්කව් අගනුවර සායන මගින් වෛරසයෙන් වැඩි අවදානමක් ඇති අයට එන්නත් කරනු ලැබේ.
අගෝස්තු මාසයේදී ලියාපදිංචි කරන ලද ස්වට්නික් V ( Sputnik V) නම් එන්නත භාවිතා කරනු ලැබේ.
සංවර්ධකයින් පවසන්නේ එය 95% ක් ඵලදායී වන අතර විශාල අතුරු ආබාධ ඇති නොවන නමුත් එය තවමත් විශාල පරීක්ෂණයකට භාජනය වෙමින් පවතින බවයි.
සති අන්තයේ දී එන්නත් දෙකෙන් පළමුවැන්න ලබා ගැනීම සඳහා දහස් ගණනක් දැනටමත් ලියාපදිංචි වී ඇති නමුත් රුසියාවට කොපමණ එන්නත් මාත්‍රා ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිද යන්න පැහැදිලි නැත.
නිෂ්පාදකයින් අපේක්ෂා කරන්නේ වසර අවසාන වන විට එන්නත මාත්‍රාව මිලියන 2 ක් පමණ නිෂ්පාදනය කළ හැකි වනු ඇති බවයි.
සතිය මුලදී මෙම වැඩසටහන නිවේදනය කළ මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පැවසුවේ පාසල් හා සෞඛ්‍ය සේවයේ නියුතු මිලියන 13 ක ජනතාවට සහ සමාජ සේවකයින්ට මෙය පිරිනමන බවයි.
එන්නත වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමත් සමඟ ලැයිස්තුව වර්ධනය වන බව ඔහු පැවසීය.
වයස අවුරුදු 18-60 අතර ඉහත වෘත්තීන්හි සිටින නගරවාසීන්ට නගරය පුරා ස්ථාන 70 ක නොමිලේ හමුවීම් වෙන්කරවා ගැනීමට මාර්ගගත ලියාපදිංචි සේවාවක් මගින් අවස්ථාව සලසා ඇත. ඒවා දේශීය වේලාවෙන් 08:00 සිට 20:00 දක්වා ක්‍රියාත්මක වේ.

පසුගිය දින 30 තුළ එන්නත් ලබා ගත් හෝ පසුගිය සති දෙක තුළ ශ්වසන රෝග ඇති පුද්ගලයින් බැහැර කරනු ලබන අතර ඇතැම් නිදන්ගත රෝග ඇති අය මෙන්ම ගැබිනි සහ මව්කිරි දෙන කාන්තාවන් ද බැහැර කරනු ඇත.
සෑම පුද්ගලයෙකුටම එන්නත් දෙකක් ලැබෙනු ඇති අතර පළමු එන්නත ලබා ගත් පසුව දින 21කින් දෙවැනි එන්නත ලබා දෙනු ඇත.
කෙසේ වෙතත්, එන්නත සම්බන්ධයෙන් මහජනතාව අතර මිශ්‍ර ප්‍රතික්‍රියා දැකිය හැකිය.
“මම එයට කැමතියි‘ මොස්කව් හි පදිංචිකරුවෙකු වන ඊගෝර් ක්රිවොබොකොව් රොයිටර් පුවත් සේවයට පැවසීය.
නමුත් තවත් අයෙකු වන සර්ජි ග්රිෂින් පැවසුවේ ඔහු එන්නත ලබා ගැනීමට අදහස් නොකරන බවයි.
“මෙම ක්‍රියාවලිය සඳහා බොහෝ කාලයක් ගතවනු ඇත. එන්නත ලබාගෙන ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි … අනෙක් සියල්ලන්ටම එන්නත ලබා ගැනීමට ඉඩ දෙන්න. ඔවුන් කැමති නම් – මම බේරෙනු ඇත,” ඔහු පැවසීය.
මේ දක්වා රුසියාවේ වෛරස් රෝගීන් 2,431,731 ක් වාර්තා වී ඇති අතර මරණ 42,684 කි. අද (05) දින රෝගීන් 28,782 ක් වාර්තා කළේය.
රට පුරා රෝහල් වල ධාරිතාව ඉක්මවා ගොස් ඇත.
මොස්කව් යනු රුසියාවේ වසංගතයේ කේන්ද්‍රස්ථානය වන අතර දිනපතා රෝගීන් දහස් ගණනක් සහ මරණ දුසිම් ගණනක් වාර්තා කරයි. පසුගිය පැය 24 තුළ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 7,993 කි.
රුසියාවේ රජය අගුලු දැමීම ප්‍රතික්ෂේප කර ඇති නමුත් නොවැම්බර් මාසයේදී මොස්කව්හි බාර් සහ සමාජ ශාලා සඳහා විවෘත වේලාවන් සඳහා සීමාවන් හඳුන්වා දුන් අතර උසස් අධ්‍යාපන සිසුන් දුරස්ථ ඉගෙනීම් සඳහා යොමු කළ අතර සංස්කෘතික හා ක්‍රීඩා ඉසව් අඩු කළේය.
බී.බී.සී. වාර්තාවකි. සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ