ලෝකය පුරා බිලියනයක පිරිසක් නිවාසවල කොටුවෙලා

නව කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමට ගෝලීයව ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් අද (21) දින වන විට ශ‍්‍රී ලංකාව ද ඇතුළුව ලොව පුරා බිලියනයක පමණ ජනතාව නිවෙස්වල සිරවී සිටින බව ප‍්‍රංශ පුවත් සේවය කියනවා. එම වාර්තාව අනුව රටවල් 35ක මිලියන 600ක පමණ පිරිසක් රජයේ නියෝග මත නිවෙස්වල රැුදී සිටියි. හෙට සිට ඉන්දියාවේ ක‍්‍රියාත්මක වන ‘ජනතා ඇදිරි නීතිය’ ද ගත් විට නිවාසවලට කොටුවන ලෝක ජනගහනය බිලියන 2.2ක් පමණ වනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නේ.

ඉන්දියාව ‘ජනතා ඇදිරි නීතියට සූදානම්’
ඉන්දියාව තුළ කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින් නිවෙස්වලින් පිටතට යාමෙන් වැළකී ආරක්ෂා වන්නැයි ඉන්දීය අගමැති මෝදි ජනතාවගෙන් නැවතත් ඉල්ලීමක් කර තිබෙනවා.
මෙහිදී ඉන්දීය අගමැතිවරයා කියා ඇත්තේ ‘ජනතා ඇඳිරි නීතියක්’ හෙවත් ජනතාව විසින්ම පනවා ගන්නා ස්වයං ඇඳිරි නීතියක් අනුව ඔවුන් කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.
හෙට (22) උදෑසන 7 සිට රාත්‍රී 9 දක්වා ඉන්දියාවේ ජනතා ඇදිරි නීතිය ක‍්‍රියාත්මක වන අතර එය වඩාත් හොදින් ක‍්‍රියාත්මක කිරීමට ජනතාව පියවර ගනු ඇතැයි තමා විශ්වාස කරන බවයි අගමැති මෝදි පවසා තිබෙන්නේ.
ජනතා ඇදිරි නීතිය අනුව සෑම පුද්ගලයෙකුම තවත් පුද්ගලයින් 10 දෙනකු මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් ඔවුන්ව ද නිවෙස්වල සිටීමට පොළඹවන්නැයි අගමැති මෝදි ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.
මේ සමග දුම්රිය ආදි පොදු ප‍්‍රවාහන සේවා භාවිතයේ අවදානම ගැන ද තම රටවැසියන් දැනුවත් කළ ඉන්දිය අගමැතිවරයා දුම්රිය ගමන් අතරතුර අාසාදිත පුද්ගලයින් සොයා ගෙන ඇති බැවින් දුම්රිය චාරිකාවල නිරත වීම ද අවදානම් බව ද එබැවින් සියලු දුම්රිය චාරිකා කල්දමා තමන්ගේ සහ තම ආදරණීයයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
ආර්ජන්ටිනාවත් වසා දමයි
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අර්ජන්ටිනාව වසා දැමීමට එරට ජනාධිපති ඇල්බටෝ ෆර්නෑන්ඩස් තීරණය කළ බව විදෙස් මාධ්‍ය කියනවා.
නව තීරණය ක‍්‍රියාත්මක වීමත් සමග මිලියන 45 ක් පමණ වන සිය පුරවැසි ජනතාවට නිවෙස්වෙලින් බැහැරව නොයන ලෙස ජනාධිපතිවරයා නියෝග කළා.
අර්ජන්ටිනාවෙන් මේ වන විට කොරෝනා වයිරසය ආසාදිතයින් 128 දෙනෙකු සහ මරණ 3 වාර්තා වී ඇති අතර වයිරසය ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින් තම රජය මේ දැඩි පියවර ගත් බවයි ජනපතිවරයා පවසා ඇත්තේ.
මොරිෂස් ප‍්‍රථම කොරෝනා මරණය වාර්තා කරයි
පැසිපික් දූපත් රාජ්‍යයක් වන මොරිෂස් සමූහාණ්ඩුවේ ප්‍රථම කොරෝනා වෛරස ආසාදිත මරණය අද දින (21) වාර්තා වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.
මේ වන විට එරට 13දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අතර ඔවුන් බරපතල තත්ත්වයේ පසු නොවන බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.null