Covid-19 World Update: මැදපෙරදිග හා ඉන්දියාවේ අවදානම ඉහළට

Covid-19 World Update: මැදපෙරදිග හා ඉන්දියාවේ අවදානම ඉහළට
Spread the love

අද (12) දින පෙ.ව 08.32 වන විට (ඇමෙරිකාවේ වේලාවෙන්) ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 4,210,074ක් සහ මරණ 287,158ක් වාර්තා වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වෙයි.

සුපුරුදු ලෙස වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 1,351,200ක් සහ මරණ 80,897  ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ. එහි නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වැඩිම මරණ ප්‍රමාණයක් 26,988 ද වාර්තා වේ.

ගෝලීය වශයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කරන රාජ්‍ය වන්නේ,

32,141 United Kingdom, 30,739  Italy, 26,744 Spain, 26,646 France, 11,701  Brazil, 8,761 Belgium, 7,667 Germany, 6,733 Iran, 5,529 Netherlands, 5,115 Canada, 4,637 China, 3,841 Turkey, 3,573 Mexico, 3,313  Sweden, 2,331 India, 2,145 Ecuador, 2,116  Russia, 1,961 Peru, 1,857 Switzerland, 1,467 Ireland, 1,163 Portugal, 1,007 Indonesia

මැදපෙරදිග හා ද. කොරියාවේ තත්ත්වය

ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් ප්‍රමුඛ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රමිකයින් පිරිසක් ජීවත් වන මැද පෙරදිග රටවල ද ක්‍රමිකව කොවිඩ්-19 ආසාදිතයින් සහ මරණ වර්ධනයක් දැකිය හැකිය. ඒ අනුව,

සෞදි ආරාබියේ ආසාදිතයින් 42,925ක් සහ මරණ 264ක්, ක්ටාර්හි ආසාදිතයින් 25,149ක් සහ මරණ 14ක්, එක්සත් ආරාබි එමීර් හි ආසාදිතයින් 19,661ක් සහ මරණ 203ක්, බංග්ලාදේශයේ ආසාදිතයින් 16,660ක් සහ මරණ 250ක්, දකුණු කොරියාවේ ආසාදිතයින් 10,936ක් සහ මරණ 258ක්, ක්වේට් හි ආසාදිතයින් 10,277ක් සහ මරණ 75ක්, බහරේන්හි ආසාදිතයින් 5,409ක් සහ මරණ 09ක් අද දිනය වන විට වාර්තා වී ඇත.