මේ වසරේදී එම්ටීවී වීඩියෝ මියුසික් සම්මාන උළෙල පෙර වසරවලට වඩා වෙනස් ය. මෙම උත්සවය නිව්යෝර්ක් නගරයෙන් පිටත COVID ආරක්ෂිත එළිමහන් පිටියක පැවැත්වූ බැවින් නිසි මාර්ගෝපදේශ මනසේ තබාගෙන සීමිත පිරිසක් අභියස ඇතැම් රංගනයන් ඉදිරිපත් කරන ලදි.
කෙකේ පාමර් (Keke Palmer) විසින් අනුග්රහය දක්වන ලද මෙම සම්මාන උළෙල සදහා ලෝකයේ ජනප්රියතම සංගීත තරු සහභාගී වූ අතර ඔවුන්ගේ විලාසිතා ලෝකයේ හොදම සහ නවීනතම ඒවා විය.
කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට සිදු වූ පළමු ප්රධාන සිදුවීම්වලින් එකක් ලෙස මෙම සම්මාන උළෙල සලකුණු කරයි.
මෙම සම්මාන ප්රදානෝත්සවය අතිශයෝක්තියෙන් යුත් සුපිරි විලාසිතා සඳහා ප්රසිද්ධ වී ඇත අතර එම විලාසිතා මොහොතකින් ගෝලීය උම්මාදයක් බවට පත් වෙයි.
අකුණු සැර වැදීමට වඩා වේගයෙන් ඇඳුම් මාරු කළ හැකි සුපිරි තරුව ලේඩි ගගා ඇතුළු සංගීත ලෝකයේ සුපිරි තරු වර්ණවත් කළ ඒ විලාසිතා සියල්ල දැන් ඔබට දැකගත හැකිය.


ඇය ප්රසිද්ධ වැලන්ටිනෝ පිහාටු කබාය සමඟ බොඩිෂූට් එකක් පැළඳ සිටි අතර ඇය රැජිනක් මෙන් දිස් වූවාය.

ඇය මේ කැන්ඩිස් කියුකෝ ජැකට් (Candice Cuoco jacket) එකෙන් සහ මැනුවෙල් අල්බරාන් බ්රා (Manuel Albarran Bra) සමඟ වැලන්ටිනෝ බොඩිෂූට් (Valentino bodysuit) එකෙන් මුළු විලාසිතා ලෝකය මුසපත් කළාය.

ක්රිස්ටෝපර් ජෝන් රොජර්ස් විසින් නිර්මාණය කරන ලද voluminous green ball gown අනිවාර්යයෙන්ම ප්රබල ප්රකාශයක් කළේය.

සම්මාන උළෙල වර්ණවත් කළ සුවිශේෂ ඇදුම වූයේ අයිරිස් වැන් හර්පන් විසින් නිර්මාණය කරන ලද මෙම බහු වර්ණ ඇදුමයි. ලේඩි ගගා එය ඇඟලා සිටියාය.


සුපර් මොඩල් බෙලා හැඩිඩ් (Bella Hadid) සම්මාන උළෙලේ ඉදිරිපත් කරන්නියක් වූ නමුත් ඇය ඊට වඩා වැඩි යමක් කළාය.

සුපිරි ගායිකා මැඩිසන් විසින් පැළද සිටින (මෝස්තර නිර්මාණ ශිල්පී මුග්ලර් විසින් නිර්මාණය කරන ලද) නවීන The modern-day LBD ගමුව කාගෙත් සිත් වසඟ කෙළ්ය.

ඩෝජා කැට්ගේ (Doja Cat) නිවර්තන කලාපයෙන් ආනුභාව ලත් වර්සස් ඇඳුම වෙන කවරදාටත් වඩා දීප්තිමත් පෙනුමක් ඇයට ලබා දුන්නේය.



අරියානා ග්රෑන්ඩ්ගේ (Ariana Grande) මේ මිනි ගවුම සහ පිග්ටේල්ස් කොණ්ඩා මෝස්තරය (mini dresses and pigtails hairstyle) ඇයට ළදරු පෙනුමක් ලබා දුන්නාය. ඇගේ රතු කාපට් පෙනුම අවම හා චාම් වුවත්, ඇගේ වේදිකා ඇඳුම විචිත්රවත් හා නිර්භීත විය. ගැලපෙන මුහුණු ආවරණය සඳහා ද ඇය ප්ලස් ලකුණු ලබා ගත්තාය.

සැකසුම – තුෂාධවි – උපුටා ගැනීම – ෆෙමිනා