අපේ තරුණියන් ඩෙනිම්, ලෙගින්වලට කොපමණ ප්‍රියකළත් මනාළියක් වනදාට සාරියකින් හෝ ඔසරියකින් සැරසෙන්න පමණයි කැමැති වෙන්නේ. වෙනත් විකල්පයක් ගැන ඔවුන්ට සිතා ගන්නවත් බැහැ. අපේ එහෙම නම් දැඩි සම්ප්‍රදායික හා සංස්කෘති බැදීම් ඇති ඉන්දියාවේ කොහොම වෙයිද ? ඒ ගැන හිතා ගන්නවත් බැහැ නේද?
ඒත් ලෝකය වෙනස් වෙනවා. තරුණ පරපුර රැඩිකල් තීන්දු ගන්නවා. ඉන්දියාවෙන් පසුගිය දා වාර්තා වුණ මේ කතාව එවැනි කතාවක්.
සංජානා රිෂී නම වගේම සුරූපිනියක්. ඒ වගේම ඇය රැඩකල් යුවතියක්. ඇය තමා මනාළියක් වන ඒ සුන්දර දිනයේ වසර දහස් ගණනක් පැරණි ඉන්දීය සංස්කෘතියට අභියෝග කළා. ඒ සාම්ප්‍රදායික සාරිය වෙනුවට කලිසමක් සහ බ්ලෙසර් එකකින් (pantsuit) සැරසීම මගින්.
ඇය තෝරාගත් මංගල ඇඳුම සමඟ, ඇය නිර්භීත විලාසිතා ප්‍රකාශයක් ද ඉදිරිපත් කළාය.
මනාලියක් වන දින සාම්ප්‍රදායික ඇදුම් වෙනුවට කලිසම් සහ බ්ලෙසර්වලින් සැරීම මේ වන විට බටහිර රටවල ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. විලාසිතා නිර්මාණකරුවන් ඔවුන්ගේ විවාහා මංගල්‍ය විලාසිතා එකතුව තුළ කලිසම් ද ප්‍රවර්ධනය කරන අතර ඔවුන්ට ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ අනුමැතිය ද ලැබී තිබෙනවා. ගේම් ඔෆ් ත්‍රෝන්ස් නිළි සොෆී ටර්නර් Game of Thrones actress Sophie Turnerඊට මනා උදාහරණයක්. ඇය පසුගිය වසරේ සංගීතඥ ජෝ ජොනාස් සමඟ විවාහ වන විට සුදු කලිසමකින් සැරසී සිටියා.
එහෙත්, රිෂිගේ ඇඳුම ඉන්දියාවට අතිශයින්ම අසාමාන්‍ය අත්දැකීමක් වුණා. මන්ද ඉන්දීය මනාලියන් සාමාන්‍යයෙන් සිල්ක් සාරි හෝ ලෙහෙන්ග වලින් සැරසීමයි සිදුවන්නේ. ඔවුන් කැමතිම වර්ණය රතු වන අතර බොහෝ ඒවා මිල අධික රන් හෝ රිදී නූල් වලින් සරසා තිබෙනවා.
මනාළියන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ සගරාවක හිටපු කර්තෘ නුපූර් මේතා පවසන්නේ “මම කවදාවත් ඉන්දියානු මනාලියක් මේ වගේ ඇඳුමින් සැරසී සිටිනු දැක නැහැ. මනාලියන් සාමාන්‍යයෙන් ඉන්දියානු ඇඳුමින් සැරසී සාම්ප්‍රදායික ආභරණ පැළදීමයි සිදුවන්නේ. එය ඔවුන්ගේ පාරම්පරික චාරිත්‍රයක්. මෙය ඉතා අලුත් දෙයක්. ඇය සැබවින්ම කැපී පෙනුණා.”
ඉන්දීය-ඇමරිකානු ව්‍යවසායිකාවක (Indian-American entrepreneur) වන රිෂි (29), දිල්ලි ව්‍යාපාරික 33 හැවිරිදි ධරව් මහජාන් (33) සමඟ සැප්තැම්බර් 20 වන දින දිල්ලියේ අගනුවරදී විවාහ විය.
ඇය පසුගිය වසරේ ඉන්දියාවට යාමට පෙර එක්සත් ජනපදයේ ආයතනික නීතිඥවරියක් ලෙස සේවය කර ඇති අතර මෙම යුවළ වසරකට ආසන්න කාලයක් එකට ජීවත් වූහ -living together)
ඔවුන් සැප්තැම්බර් මාසයේ එක්සත් ජනපදයේ විවාහ මංගල්‍යයක් සැලසුම් කර තිබුණි. ඊට හේතුව වූයේ මනාලියගේ සහෝදරයා සහ ඇගේ මිතුරන් බොහෝ දෙනෙක් එහි වාසය කිරීමයි. දෙවන සාම්ප්‍රදායික ඉන්දියානු විවාහ මංගල්‍යය නොවැම්බර් මාසයේ දිල්ලියේදී සිදු කිරීමට සැලසුම් සකස් කර තිබුණි. නමුත් පසුව කෝවිඩ් වසංගතය ව්‍යාප්ත වීම සමග ඔවුන්ගේ සැලසුම් “සම්පූර්ණයෙන්ම පීලි පැන ඇත”.

ඇමරිකාව මෙන් නොව ඉන්දියාවේ විවාහා නොවී එකට ජීවත් වීම living together පිළිබඳ එතරම් පිළිගැනීමක් නොමැත.
රිෂි මහත්මිය පවසන්නේ ඇගේ දෙමාපියන් “ඇදහිය නොහැකි තරම් ප්‍රගතිශීලී වුවත්, මිතුරන්, අසල්වාසීන් සහ පවුලේ අයගෙන් බාහිර බලපෑම් රාශියක් ඇති වූ බවයි.
ඉතින්, අගෝස්තු අග “එක් සුන්දර උදෑසනක ‘අපි දැන් විවාහ වෙමු’ යැයි මම ඔහුට යෝජනා කළා.
රිෂි මහත්මිය පවසන්නේ විවාහ වීමට සිතූ මොහොතේම ඇයගේ ඇඳුම කුමක් විය යුතු දැයි තමා හරියටම දැන සිටි බවයි.
“මම දැනගෙන හිටියා මම කලිසම් ඇඳීමට යන බව” ඇය කීවාය.
පාරිසරික වශයෙන් තිරසාර විලාසිතාවන් (environmentally sustainable fashion) කෙරෙහි විශ්වාසය තබන සහ සාමාන්‍යයෙන් වරක් පාවිච්චි කළ (second-hand clothes) ඇඳුම් මිලදී ගන්නා රිෂි මහත්මිය පවසන්නේ මෙම ඇඳුම බොහෝ කලකට පෙර ඉතාලියේ සාප්පුවකදී දුටු බවයි.
“එය 1990 දශකයේ ඉතාලි නිර්මාණකරුවෙකු වන ජියැන්ෆ්‍රැන්කෝ ෆෙරේ විසින් නිර්මාණය කරන ලද pre-loved vintage ඇඳුමක්. මා විවාහ වීමට තීරණය කළ විට එය තවමත් පවතින බව දැනගැනීමෙන් මම පුදුමයට පත් වුණා‘
“මම නිතරම සිතුවේ කලිසම් අදින කාන්තාවන් තුළ බලවත් ශක්තියක් ඇති බවයි. මම කළිසම්වලට ආදරය කළ අතර මම ඒවා නිතරම පැළඳ සිටියෙමි.”
විවාහ මංගල්‍ය ඉතා සමීප සම්බන්ධතාවයක් වූ බැවින් මනාලිය හා මනාලයා සහ පූජකවරයා ඇතුළු 11 දෙනෙකු පමණක් සහභාගී වූ බව ඇය පවසයි.
“එයට සහභාගී වුණේ අපේ දෙමව්පියන් සහ ආච්චිලා සීයලා පමණයි. විවාහ මංගල්‍යය පැවැත්වූයේ ධරව්ගේ නිවසේදීයි. සෑම කෙනෙකුම සම්ප්‍රදායික ලෙස ඇඳ පැළඳ සිටියා. මා පමණක් විචිත්‍රවත් මංගල ඇඳුමකින් සැරසී සිටියා නම් එය ඇත්තෙන්ම අමුතු දෙයක් වේවි‘

මහජාන් පවසන්නේ තම මනාළිය කලිසමකින් සැරසී සිටිනු ඇතැයි තමන් අපේක්ෂා නොකළ බවයි.
“මම ඇයව දකින තුරු, ඇය අඳින්නේ කුමක් දැයි මා දැන සිටියේ නැහැ. නමුත් එය ඇත්තෙන්ම ගැටලුවක් නෑ. මන්ද සංජ් අඳින ඕනෑම දෙයක් ඇයට සුන්දර බව මම දන්නවා‘
ඇත්ත වශයෙන්ම, ඔහු ඇයව මුලින්ම දුටු විට, “ඇය කලිසම් ඇඳගෙන සිටින බව මා මුලදී දුටුවේ නැත. මා සිතුවේ ඇය කෙතරම් ආකර්ෂණීය ද කියායි. මට තවත් නාම විශේෂණ සමඟ ඉදිරියට යා හැකියි” ඔහු සිනාසෙයි.
රිෂි මහත්මියගේ මංගල ඇඳුම සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.
ඇය ඉන්ස්ටග්‍රෑම් හි පින්තූර කිහිපයක් පළ කිරීමෙන් පසු, මිතුරන් සහ අනුගාමිකයන් ඇයගේ පෙනුම ගැන ප්‍රශංසා කළහ – ඔවුන් ඇයව හැඳින්වූයේ සිත් ඇදගන්නාසුළු, ලස්සන, නියමයි සහ “සිසිල් මනාලිය – the coolest bride” ලෙසිනි.
විලාසිතා නිර්මාණකරුවන් සහ විලාසිතා ශිල්පීන් ද ඇයගේ තේරීම අනුමත කළහ.
“OMG, ඔයා කොච්චර ලස්සනද !!!” නිර්මාණකරු මසබා ගුප්තා ලිවීය;
බොලිවුඩ් නිළි සෝනම් කපූර්ගේ සහෝදරිය වන රියා කපූර් ඇගේ පෙනුම විස්තර කළේ “නියමයි” යනුවෙනි.
ඉන්දියාවේ සුප්‍රසිද්ධ සමකාලීන කාන්තා ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු වන ආනන්ද් භූෂාන් බීබීසීයට පැවසුවේ තමා රිෂි මහත්මියගේ ඇඳුමට ආදරය කරන බවත් “මනාලියකගේ පෙනුමට එය සුන්දර ක්‍රමයක්” බවත්ය.
“මම ඇගේ ඡායාරූපය දුටු විට, මගේ මනස හරහා ගිය පළමු දෙය නම්,” කැරී බ්‍රැඩ්ෂෝ [ Sex and the City ප්‍රධාන චරිතවලින් එකක් ] ඉන්දියානුවෙක් නම්, ඇය ඇගේ විවාහ මංගල්‍යය සඳහා හරියටම මේ ආකාරයට ඇඳ පැළඳ සිටිනු ඇති බවයි “

සමහර මනාලියන්ගේ ගිණුම් bridal accounts ඇගේ පින්තූර බෙදාගත් අතර trolls ඇයව කුණු කූඩයට දැමීමට පටන් ගත්තේය.
අදහස් දැක්වීමේදී trolls පවසා ඇත්තේ, ඇය ඉන්දියානු සංස්කෘතියට නරක නමක් ගෙනැවිත් ඇති බවත්, ස්ත්‍රීවාදයේ නාමයෙන් ඕනෑම දෙයක් කරන්නෙකු සමඟ ඔහු හිර වී සිටින බවත් ඇගේ සැමියාට අනතුරු ඇඟවූ බවයි.
ඇගේ මනසට බටහිර සංස්කෘතිය බලපෑම් කර ඇති නිසා ඇය කිසි විටෙකත් ඉන්දියානු සම්ප්‍රදායන් තේරුම් නොගනු ඇතැයි සමහරු පැවසූහ.
සමහරු “මාව මරන්න කිව්වා” රිෂී පැවසුවාය.
රිෂි මහත්මිය පවසන්නේ “ඉන්දියානු පිරිමින් නිතරම මංගල උත්සවවලදී කලිසම් ඇඳගෙන සිටිනවා. නමුත් ඒ ගැන කිසිවෙකු ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. නමුත් කාන්තාවක් pantsuit එකකින් සැරසුනොත් ඔවුන් ඇයව විනාශ කරනවා” යනුවෙනි.
“නමුත් මම හිතන්නේ කාන්තාවන් සෑම විටම දැඩි ප්‍රමිතීන්ට අනුකූලව සිටිය යුතු බව ඔවුන් තව දුරටත් විශ්වාස කරනවා. එය තව දුරටත් වලංගු නැහැ” යැයි ඇය පවසයි.
එය ඉන්දියාවේ පමණක් නොවේ. බොහෝ ආසියානු හා මැදපෙරදිග රටවල දැකිය හැකි සුලභ තත්ත්වයකි. තහනම දශක ගණනාවක් තිස්සේ නොසලකා හැර තිබුණද 2013 වන තෙක් ප්‍රංශයේ කාන්තාවන් කලිසම් ඇඳීම නීති විරෝධී විය.
දකුණු කොරියාවේදී, කාන්තා සිසුවියන්ට මෑතකදී පවසා තිබුණේ ඔවුන්ගේ නිල ඇඳුම් සමඟ ප්‍රමිතියෙන් යුත් සායක් වෙනුවට කලිසම් කට්ටලයක් මිලදී ගත හැකි බවයි.
එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාවේ සිසුවියන්ට උසාවි යාමට සිදු වූයේ ශීත ඍතුවේෙදී හෝ පාසල් කාලය තුළ කලිසම් ඇඳීමට අවසර ගැනීම සඳහා ය.
කලිසම් ඇඳ සිටින කාන්තාවන්ට ප්‍රතිරෝධයක් ඉන්දියාවේ ද පවතී.
“ඉන්දියාවේ කාන්තාවන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ යම් ආකාරයක කලිසම් හෝ පිජාමා ඇදීම සිදුකළ ද ඒවා බොහෝ විට දැකගත හැකි වුණේ නාගරික කාන්තාවන් අතර පමණයි. විශාල නගර වලින් පිටත, බොහෝ ගතානුගතික පවුල්වල කාන්තාවන්ට කලිසම් හෝ ජීන්ස් පැළඳීමට ඉඩක් ලැබෙන්නේ නැහැ” යැයි භූෂාන් මහතා පවසයි.
“පුරුෂාධිපත්‍යයෙන් අනූන සමාජයක් වන ඉන්දියාවේ පිරිමින් කාන්තාවන් පිළිබඳව ඉතා දැඩි පිළිවෙතක් අනුගමනය කරනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ කාන්තාවන්ගේ සිරුර සහ ප්‍රජනන අයිතිය පමණයි. ඔවුන් කතා කරන හා සිනාසෙන ආකාරය සහ ඔවුන් අඳින දේ ඔවුන්ට වැදගත් නැහැ. ඒවා ද සිදුවිය යුත්තේ පිරිමියාට වාසිදායක ලෙස පමණයි”

“අවම වශයෙන් ඉන්දියාවේ සිටින සෑම කාන්තාවකටම තමන් කැමති දේ ඇඳීමට නිදහස නැති බව මට වැටහී තිබෙනවා. වරක් මම මගේ ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ පළ කළ විට, බොහෝ කාන්තාවන් නැවත ලියා සිටියේ මගේ පින්තූර දෙස බැලීමෙන් ඔවුන්ට ධෛර්යය ලැබී ඇති බවයි‘‘
“එක් මට්ටමකින් මම මෙය ඇසීම ගැන බෙහෙවින් සතුටු වුණා. නමුත් තවත් මට්ටමක මමත් ටිකක් සැලකිලිමත් වුණා. මම හිතුවා, ‘අනේ නෑ, මම අනිත් අයගේ ජීවිතවල හෝ වෙනත් අයගේ නිවෙස්වල ප්‍රශ්න ඇති කරනවා කියලා”
pantsuit ඇඳුමකින් සැරසී සිටින මනාලියකට අන් අයද එසේ කිරීමට පෙළඹවිය හැකිද?
ඇයගේ අසාමාන්‍ය තේරීම “ගිනි පුපුරක් බවට පත්විය හැකිය … එය ගිනි ජාලාවක් බවට පත්විය හැකිය, නැතහොත් එය මිය යා හැකිය,” භූෂාන් මහතා පවසයි.
2020 නොවැම්බර් 24 වැනි දින බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ