මේ ලෝකේ බාරගන්න ඉන්න අපේ අනාගතය ඒ කියන්නේ ඔබෙත් මගෙත් අපෙත් පුංචි මල් වගේ ඉන්න අපේ පන කිවොත් මං නිවැරදි.
දෙමාපියන් සිය දුදරුවන්ට කොච්චර නම් ආදරේද කියල කෙනෙක්ට වටහලා දෙන්න නම් අවශ්‍යම නැහැ. නැතිබැරි කම් දුක් කොපමණ තිබුනත් දරුවන් ගැන ඕනෑම දෙමාපියෙක් දෙවතාවක් නොහිතා කටයුතු කරනවා. ඒ දරුවන්ගේ සතුට වෙනුවෙන්, යහපත වෙනුවෙන්.
මෙය දකින ඔබ ඔබේ දරුවන්ගේ අහාර පාන පිළිබඳව අනිවාර්යෙන්ම සිය දහස් වාරයක් සිතියයුතු බව ඔබටම වැටහේවි.
“ළමයෙක් පැනි රස කෑම ඉල්ලල අඩන කොට ගොඩක් අම්මල තාත්තල ළමයින්ට හොද දෙයක් අරන් දෙන්න ගොඩක් උත්සහ කරනව මම දැකල තියෙනව. මමත් ඒ මතයෙම ඉන්න තාත්ත කෙනෙක් විදියට අරගෙන දුන්න යෝගට් එකක මෙවැනි දෙයක් දිස් වුවහොත් ඔබ මා සිටිනා තැන සිට කුමක් කරන්නේද?

අදාල ආයතනයට ඒ බව දැනුම් දුන් අවස්ථාවේ ඔවුන් මගෙන් විමසුවේ “මේකෙ පියන ගැලෙව්වාද කියාය.” පියන ගලවන්නෙ නැතිව යෝගට් කන රටක් තියෙනවද? මේක ඕනම කෙනෙක්ට තේරෙනව මේ සතා ඇතුලෙම හිරවෙලා කියල. තවද “අපි කාවහරි එවන්නම් ඕක පොඩ්ඩක් චෙක් කරන්න අරන් යන්න” එම ආයතනයේ ඉහල නිලධාරීයෙකුගේ තවත් අදහසක් විය.
යෝගට් එක ඔවුන් අතට ගැනීමේ තවත් ළදරු උත්සහයක් විය. මා හට අවශ්‍ය වූයේ මේ පිළිබඳ එම ආයතන දැනුවත් කිරීමත් එම ආයතනය ඒ සම්බන්ධව ගන්නා වූ පියවර පිලිබද දැනුවත් වීමත් පමණි. නමුත් ඔවුන් වැරැද්ද නිවැරදි කිරීමේ උත්සහයක නියැලෙමින් මාගේ මෙම පැමිණිල්ල යට ගැසීමේ උත්සහයක නිරතවෙයි.
1919 රාජ්‍ය තොරතුරු ඒකකය හරහා ලබාගත් 1977 පාරිභෝගික කටයුතු සම්බන්ධ ආයතනය ඔස්සේ මා දැනුවත් වු ආකාරයට අදාල ප්‍රදේශයේ PHI මහතා හරහා මේ සම්බන්ධව පැමිණිල්ලක් මා යොමු කිරීමට සියලු කටයුතු යොදා ඇත.
මා ඔවුන් වෙත යොමු කල ඊමේල් තොරතුරු හා එම අදාල ජායාරූප දැකීමෙන් පසු සිදු වී ඇති වරද පිලිගන්නා ලද හඩපට ද මා ඒ සමග ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
ආහාර සම්බන්ධව අප රටේ ඇති නිති ඉතාමත් දුර්වල තත්වයක පවතින නිසා හා සමහර ආයතනවල පුද්ගලයින් මුදලටද යට වීම නිසා මෙම සිදුවීම හා පැමිණිල්ල යටපත් වීමටද ඉඩ ඇත. නමුත් මාගේ මේ ප්‍රයත්නය අඩුම තරමේ තවත් මෙවැනි ප්‍රමිතියෙන් තොර ආහාරවලින් කිහිප දෙනෙකු හෝ බේරා ගැනීමටයි. ඔබගේ හා ඔබ ආදරණීයන්ගේ සෞඛ්‍ය පිලිබද මොහොතක් සිතන්න”


ඔබේ දරුවාගේත් ආහාර සුරක්ෂිත තාවය පිලිබඳ සිතු මෙම පියා සැබවින්ම අප අගය කල යුතුය…
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙය share කරන්න…
ජිවිත සියදහස් ගණන් ජිවිත අනතුරේ හෙලන මොවුන්ට එරෙහිව මෙය share කරන්න…
මෙම පියාගේ වෑයම සාර්ථක වන්න සුභ පතන්න මෙය share කරන්න…

