Tag: සුපිරි Talks

  • උදයංග වීරතුංග ගැන සාගර කළ හෙළිදරව්ව – උදයංගගේ පටි රෝල්

    උදයංග වීරතුංග ගැන සාගර කළ හෙළිදරව්ව – උදයංගගේ පටි රෝල්

    රුසියාවේ හිටපු  ශ්‍රී ලංකා ලංකා තානාපති උදයංග වීරතුංග මහතා  ශ‍්‍රී ලංකා ලංකා පොදු ජන පෙරමුණට කිසිදු සම්බන්ධයක් නැතැයි ද, එම නිසා ඔහු පක්ෂය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ වල කිසිදු වැදගත්කමක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.

    ‘ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බවත් අග්‍රාමාත්‍ය අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවත්‘ කියමින් උදයංග වීරතුංග මහතා කළ ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු වශයෙන් කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

    මේ වනතෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා තීරණය කර නැති බවත්, අනිවාර්යෙන්ම එම අපේක්ෂකයා පොදු ජන පෙරමුණේ ‘පොහොට්ටුව‘ ලකුණ යටතේ තරග කරනු ඇති බව ද කාරියවසම් මහතා මෙහිදී කියා සිටියේය.

  • මම ඊළඟට මිලට ගන්නේ පුද්ගලික ජෙට් යානාවක්

    මම ඊළඟට මිලට ගන්නේ පුද්ගලික ජෙට් යානාවක්

    නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද දිනයේ (01) තමාගෙන් ප්‍රකාශයක් ලබා නොගත් බවත් වෙනත් දිනයක් ලබා දෙන බව ඔවුන් දැනුම් දුන් බවත් පියුමි හංසමාලි පැවසුවාය.

    නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ඇය මේ බව සඳහන් කළාය.

    තමන් සියලු මුදල් උපයන්නේ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවියෙන් බවත් තමාට වෙනත් කිසිදු ව්‍යාපාරයක් නොමැති බවත් ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය බැංකු ප‍්‍රකාශන ඇතුළු ලදුපත් 25,000ක් සමග නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි බව ද ඇය පැවසුවාය.

    ‘‘මම ඊළඟට මිලට ගන්නේ පුද්ගලික ජෙට් යානාවක්‘ ඇය වැඩිදුරටත් පැවසුවාය.

  • ශ්‍රී ලංකාව තවත් කෙන්යාවක් නොවුණේ කොහොමද ? ජනපති හෙළිකළ හේතුව

    ශ්‍රී ලංකාව තවත් කෙන්යාවක් නොවුණේ කොහොමද ? ජනපති හෙළිකළ හේතුව

    • දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි.
    • ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය තිබෙනවා.
    • දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ දී කලාපීය නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් – ජනපති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමින් පවසයි.

    ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් කෙන්යාව අද විශාල අර්බුදයකට මුහුණ දී සිටින අතර මිනිස් ඝාතන ද සිදු වන බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටක ආර්ථිකය සකස් කිරීම අත්‍යාවශ්‍ය බවත්, රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට ශ්‍රී ලංකාව සමත් නොවුවා නම් අද ශ්‍රී ලංකාවේ තත්ත්වය ද එය බවත් පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (28) පැවති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවට ගෝලීය හඬක් නැඟීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ කොටසක් වන බවයි.

    ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය ඇති බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

    එසේම දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී කලාපීය නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව පැවසූ ජනාධිපතිවරයා මේ වන විට ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පුළුල් වැඩකොටසක් ඉටු කරමින් සිටින බවද සඳහන් කළේය.

    පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් සිදු කළ කර්මාන්ත, ව්‍යාපාර ආයතන හා පුද්ගලයන් අගයමින් රාජ්‍ය ගෞරව ලබාදීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජනාධිපති පරිසර සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති ආයතන, ජනමාධ්‍ය ආයතන සහ සමාජ යන ප්‍රධාන අංශ යටතේ 124 දෙනෙකු වෙනුවෙන් රන්, රිදී සහ ලෝකට පදක්කම් හා සම්මාන ප්‍රදානය කිරීම මෙවර සිදු කෙරිණි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රන් සම්මාන ප්‍රදානය කිරිමට එක් වූ අතර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.
    සම්මාන ප්‍රදානයෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මානලාභීන් සමඟ සමුහ ඡායාරුපයකට ද එක් විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    මධ්‍යම පරිසර අධිකාරිය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති පරිසර සම්මාන උළෙල මෙම වසරේදී ද උත්කර්ෂවත් ලෙස සංවිධානය කිරීම මම ඉතා අගය කරනවා. පසුගිය වසරේදී පරිසරය වෙනුවෙන් විශාල සේවාවක් කළ අය අද මෙහිදී සම්මානයට පාත්‍ර වුණා.

    මධ්‍යම පරිසර අධිකාරිය ආරම්භ කරනු ලැබුවේ 1981 වසරේදී. එය සකස් කළේ රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාගේ ලේකම් ලෙස කටයුතු කළ විජේදාස මැතිතුමා. ඒ කාලයේ සිදුවූයේ පරිසරය පිළිබඳ අවධානය ඇතිවීම පමණයි. ඊට පෙර දශකයේ පරිසරය පිළිබඳ අවධානයක් යොමුව තිබුණේ නැහැ. නමුත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මෙම සංකල්පය ඉදිරියට ගෙන ආ අවස්ථාවේ මෙම අධිකාරිය ඇති කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වුණා. එදා අවධානය යොමු වුණේ පරිසරයට හානි වන කරුණු පිළිබඳව පමණයි. ඒ අනුව එම වැඩකටයුතු ඒ වෙනුවෙන් සීමා වුණා.

    අද වන විට පරිසරය කියන විෂය ඊට වඩා ඉදිරියට පැමිණ තිබෙනවා. පරිසරයෙන් ආරම්භ වී දේශගුණික විපර්යාස දක්වා එය පුළුල් වී තිබෙනවා. ඒ වගේම දේශගුණික විපර්යාස අද ගෝලීය ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම එය ආර්ථික ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා අද සෑම ක්ෂේත්‍රයකටම පරිසරයත්, දේශගුණික විපර්යාසත් බලපෑම් එල්ල කරනවා.

    1981 සකස් කළ නීතිය පිළිබඳ අපට අලුතින් සිතීමට සිදුව තිබෙනවා. ඒ පිළිබඳ සංශෝධන ඉදිරිපත් කරන ලෙස මම ලේකම්තුමාට දැනුම් දුන්නා. ලෝකයේ සෑම පරිසර අධිකාරියක්ම තමන්ගේ නීති සංශෝධන සිදු කර තිබෙනවා. ඒ නිසා ලංකාව ද එය සිදු කළ යුතුයි. එහිදී තවත් ඉදිරියට යමින් දේශගුණික විපර්යාස පිළිබඳ නීතියක් ඇති කිරීමට ද අප කටයුතු කරනවා. ඒ වගේම දේශගුණික විපර්යාස මධ්‍යස්ථානය ඇති කර ඒ සඳහා උපදේශකවරයෙකු පත් කිරීමට අප කටයුතු කළා.

    ඒ වගේම දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී අප ජාත්‍යන්තරයේ ද යම් වැඩකොටසක් භාරගෙන තිබෙනවා. ඒ අනුව දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන අතර ඊට අදාළ නීති සකස් කර තිබෙනවා. අප මෙම කටයුතුවලට පමණක් සීමා වන්නේ නැහැ. අප තවත් ඉදිරියට පැමිණ තිබෙනවා. ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනය කරා ළගා වීම රටේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියට ඇතුළත් කර තිබෙනවා.

    ඒ වගේම ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් වෙනුවෙන් අප කැපවී සිටිනවා. ඒ සමඟ කෘෂි නවීකරණ වැඩසටහන ද අප ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩපිළිවෙළ දැන් සිටම ආරම්භ කර 2048 වන විට ඉලක්කය සපුරාගත යුතුයි. සාමාන්‍ය ලෝකය පිළිගෙන තිබෙන්නේ 2050 වන විට මෙම ඉලක්ක සපුරාගත යුතු බවයි. නමුත් 2050 වසරට පෙර අපට මෙම ඉලක්කයට ගමන් කළ හැකි බව දැනුම් දී තිබෙනවා.

    ඒ වගේම මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී හරිත මූල්‍යකරණය සහ හරිත බැදුම්කර අවශ්‍යයි. එසේනම් මෙය ආර්ථිය වැඩපිළිවෙළට ඇතුළත් වෙනවා. අප මෙම ඉලක්ක සපුරාගත යුතුයි. අද අප මුළු ලෝකය දෙසම අවධානය යොමු කරමින් මෙම වැඩකටයුතු සිදු කරගෙන යනවා.

    දේශගුණික විපර්යාසවලට මුහුණදීම රටකට තනිව සිදු කළ නොහැකියි. එහිදී සියලු රටවල් එක්ව කටයුතු කළයුතුයි. නමුත් අප මෙම වැඩපිළිවෙළ ආරම්භ කළත් මේ වන විට බටහිර ලෝකයේ ඇතැම් රටවල් එයින් ඈත් වෙලා. එදා එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් මහතා ග්ලාස්ගෝ ප්‍රකාශය ඇති කර ගත්තා. නමුත් අද බිතාන්‍ය ආණ්ඩුව ඉන් ඉවත්වීමට උත්සාහ කිරීම ඊට හොඳම නිදසුන ලෙස පෙන්වා දිය හැකියි. කෙසේ නමුත් ඇමරිකාව මේ සම්බන්ධව ගනු ලබන තීරණය අපට දැන ගන්න ලැබෙන්නේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයෙන් පසුවයි.

    නමුත් අප මෙම ඉලක්කය කරා ගමන් කළයුත්තේ කෙසේද කියා අවධානය යොමු කළයුතුයි. මේ සඳහා විශාල මුදලක් අවශ්‍යයි.

    අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල් ගණනාවක් ණය වී සිටිනවා. ඔවුන් ණය සහන ඉල්ලා තිබෙනවා. අසියාවේ ණය සහන ඉල්ලීමට මම සහාය ලබා දුන්නේ නැහැ. ලංකාවේ ණය ප්‍රශ්නය අපට විසදාගත හැකි බව මම පෙන්වා දුන්නා. නමුත් අප්‍රිකාවේ අඩු ආදායම්ලාභී රටවල ණය සහන සම්පුර්ණයෙන් අහෝසි කරන ලෙස ඉල්ලා සිටියා.

    ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ලංකාව මේ වන විට පළමු පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අප බංකොලොත්භාවයෙන් ඉවත් වී තිබෙනවා. දැන් ආර්ථික පරිවර්තන නීතිය සම්මත කර ගනිමින් අප එම ගමන යා යුතුයි. නමුත් අප්‍රිකාව වැනි රටවලට එම වැඩකටයුතු කිරීම අසීරුයි. ඒ නිසා ඒ අයට සහන ලබා දිය යුතුයි. විශේෂයෙන්ම අප්‍රිකානු රටවලට තිබෙන එම ණය සම්පුර්යෙන් අහෝසි කරන ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස සමුළුවේදී යෝජනා කළා.

    දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ප්‍රතිපාදන අවශ්‍යයි. එම අවශ්‍ය මුදල් මේ වන තෙක් ලැබී නැහැ. නමුත් යුක්‍රේන යුද්ධයට සහ ගාසා තීරයේ යුද්ධයට බටහිර රටවල් මේ වන විට ඩොලර් බිලියන 100ක් පමණ වියදම් කර තිබෙනවා. රුසියාව ඒ සඳහා වියදම් කළ මුදල අප දන්නේ නැහැ. මෙම මුදල් අප්‍රිකානු රටවලට සහ අනෙකුත් රටවලට ලබා දුන්නා නම් විශේෂ පරිවර්තනයක් සිදු කළ හැකියි.
    යුද්ධ කර වැඩක් නැහැ. අප ඉල්ලා සිටින්නේ යුක්‍රේන යුද්ධය නවත්වන්න ලෙසයි. ගාසා තීරයේ යුද ගැටුම් නවතා දමන්න. එම යුද්ධය නවතා වසර 05කින් පලස්තීන රාජ්‍ය ඇති කරන්න. ඒ වගේම ඊශ්‍රාලයේ ආරක්ෂාව පිළිබදවත් පියවර ගන්න.

    නමුත් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වන්නේ මේ පිළිබඳ ගෝලීය දකුණ තුළ හඬ නැගීමයි. මෙම යුද්ධය නවත්වා අප්‍රිකානු රටවලට උදව් කරන ලෙස අප ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ දිනවල කෙන්යාවේ තිබෙන කෝලහාල අප දුටුවා. දැනට 20 දෙනෙකු පමණ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. රටක ආර්ථිකය සකස් කළේ නැත්නම් මතුවන තත්ත්වය මෙයයි. ලංකාවේ මෙම ආර්ථික ස්ථාවරත්වය ඇති කළේ නැත්නම් අපටත් ඒ තත්ත්වයට මුහුණ දීමට සිදු වෙනවා.

    ඒ නිසා මේ මුදල් එම රටවලට ලබා දිය යුතුයි. ශ්‍රී ලංකාව ඊට සම්පුර්ණ සහාය ලබා දෙනවා. ලංකාව එවන් උපකාරයක් බලාපොරොත්තු වන්නේ නැහැ. ලංකාව ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය සහ ඥානය අප සතුව තිබෙනවා. අප එම මාර්ගයේ ඉදිරියට යා යුතුයි. එහිදී අප තරගකාරි, ඩිජිටල් සහ හරිත ආර්ථිකයකට පරිවර්තනය විය යුතුයි. අපේ ශක්තියෙන් අපි එම ගමන යමු.

    පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,

    මේ රටේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය ආයතනය සහ පුරවැසියන් ලබාදෙන දායකත්වය අගය කිරීමට වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබනවා. කර්මාන්තවලින් පරිසරයට සිදු වන හානිය අවම කර ගැනීමට ඔබ දක්වන උනන්දුවත්, උත්සාහයත් මෙලෙස ඇගයීමට ලක් කරන්නේ තවත් පිරිසකට ඒ වෙනුවෙන් උත්තේජනයක් ලබා දෙමින් බව කිවයුතුයි.

    හෙට උපදින දරුවා වෙනුවෙන් යහපත් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා කැපවීමෙන් කටයුතු කරනවා. වසර 2032 වන විට වන ඝනත්වය ඉහළ නංවා ගැනීම ඉලක්ක කර ගනිමින් පසුගිය පරිසර දිනයට සමගාමීව පැල දස ලක්ෂයක් සිටුවීමේ වැඩසටහන අප දියත් කරනු ලැබුවා.

    අභියෝග රැසක් හමුවේ රට බාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩා වැටී තිබු කර්මාන්ත යළි නගා සිටුවීමට විශාල වෙහෙසක් දැරූ බව අමුතුවෙන් කිවයුතු නැහැ. අපේ රට නැවතත් ලෝකයේ පිළිගත් රටක් බවට පත් වුණේ ඒ නිසයි. කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදුවන මෙම දියුණුවත් සමඟ පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීම අපේ වගකීමක් වෙනවා.

    ඒ නිසා 2025 වසරේ ජනාධිපති පරිසර සම්මාන සඳහා මෙවරට වඩා වැඩි ඉල්ලුම්පත් සංඛ්‍යාවක් ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා. එවිට මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කර්මාන්ත නගා සිටුවමින් ඔබ ලබා දෙන දායකත්වය මෙන්ම පරිසරය රැක ගැනීම සඳහා ද ඔබ දුන් දායකත්වය අගය කිරීමට අපට හැකි වෙනවා.

    පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් සහ තානාපතිවරුන්, පරිසර ක්ෂේත්‍රයේ විද්වතුන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • ජනපතිගේ ‘සුභ ආරංචිය‘ ගැන ‘මනූෂ‘ කළ සුපිරි හෙළිදරව්ව

    ජනපතිගේ ‘සුභ ආරංචිය‘ ගැන ‘මනූෂ‘ කළ සුපිරි හෙළිදරව්ව

    ‘රටට සුබ ආරංචියක් එනවය කියන්නේ ජනතාවට සුබකළ දසාවක් උදාවනවයි කියන එකයි. රටේ මිනිස්සුන්ට සුබ කාලයක් උදාවනවාට අකමැති අය කවුද කියල මේ දවස් දෙක තුනේ තහවුරු වුණා’ යයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.

    රටට සුබ ආරංචියක් ලැබෙන පණිවිඩය දැක්ක ගමන් ස.ජ.බ ය හා මාලිමාව භූමිතෙල් වැඳුණු ගැරඬි වගේ කලබල වෙලා. හතර පෝයටම සිල්ගන්නව වගේ පෙන්වන දේශපාලකයන් විපක්ෂය හැමදාමත් කළේ කුහක දේශපාලනයේ යෙදෙන එකයි. රටට සුබ ආරංචියක් එනවාය කියන පණිවිඩයට ඔවුන් එතරම් කළබල වුණේ ඒකයි.

    රටට සුබ ආරංචියක් එනවය කියන්නේ ජනතාවට සුබකළ දසාවක් උදාවනවයි කියන එකයි.රටේ මිනිස්සුන්ට සුබ කාලයක් උදාවනවාට අකමැති අය කවුද කියල මේ දවස් දෙක තුනේ තහවුරු වුණා.

    කොරියාව මේ වගේ ආර්ථික අර්බුදයයකට මුහුණ දීපු වෙලාවෙදි ඒ රටේ මිනිස්සු රට ගොඩගන්න රජයට සහය දුන්නා. ඊශ්‍රායලයේ ජනතාව ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගන්න නෙදන්යාහුට සහය දුන්නා.වර්තමානයේදී රුසියාව,යුක්රේනය වගේ රටවල ජනතාව අර්බුධයෙන් ගොඩ එන්න පවතින රජයට සහය දෙනවා. ලෝකයේ තවත් රටවලින් එහෙම උදාහරණ රාශියක් තියෙනවා. නමුත් අපේ රට අමාරුවේ වැටුණු හැම වෙලාවකදි විපක්ෂය ඒ අර්බුදය තවත් වැඩි කරන්න කටයුතු කළා.

    තනි මන්ත්‍රීධූරයක් තියාගෙන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය භාර ගත්තා. පසුව ඔහු ජනාධිපති තනතුර භාර ගත්තා. ඒ වෙලාවේ පාර්ලිමේන්තුව ගිණි තියන්න සමහරු උත්සාහ ගත්තා.ඒ රටේ ස්ථාවරත්වයක් ඇතිවීම වළක්වන්නයි.

    88/89 දි ගුරුවරුන්ට පණිවිඩය යවල පාසල් වහල,ළමයි පාරට බැස්සුව ඉතිහාසය අපිට මතකයි.හරි පැත්තට යන රට අපසු හරවන්නයි විපක්ෂය අදත් ගුරුවරුන් පාරට බැස්සුවේ. රටේ දරුවන්ට කිරිපිටි, රෝහල්වලට බේත්ටික නැති වෙලාවෙදි රටට ඩොලර් එවන්න එපා කියල කිව්වෙත් මේ අයම තමයි. සුනිල් හඳුන්නෙත්ති, ටිල්වින් සිල්වා පිටරට ඉන්න අපේ අයට කිව්වා රටට ‍ඩොලර් එවන්න එපා කියලා. ජනධිපතිතුමා රට භාර ගත්තු වෙලාවේ ඉඳල මේ කණ්ඩායම් උත්සාහ ගත්තේ රට වට්ටවන්නමයි. ඔවුන් අදත් මේ උත්සාහ ගන්නේ ඒක කරන්නයි.

    2023 මාර්තු 15 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ හා ස.ජ.ය එකට එකතු වෙලා වෘත්තිය සමිති 40ක් පාරට බැස්සුවා. ඒ මාසේ 22 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය සහනය ලබාදෙනන ගිවිසුම අත්සන්කළාම අර උද්ඝෝෂණ, වැඩ වර්ජන නතර වුණා. මිනිස්සු අලුත් හුස්මක් අරගෙන නැගිට්ටොත් තමන්ට අමාරුයි කියල විපක්ෂය දන්නවා. ඒ නිසා බො‍රු තොරතුරු, බොරු ප්‍රවෘත්ති සමාජගත කරලා රට වට්ටවන්න රට වට්ටවන්න විපක්ෂය හරි ට්‍රයි කරනවා. මේ රටට සාපය කුහක විපක්ෂයයි.

    ලෝකයේ ඉන්න ඉතා ධනවත් පුද්ගලයන්, ව්‍යවසායකන් ආර්ථික ඝාතකයන් විදියට තමයි මාලිමාව හඳුන්වන්නේ. ඒ නිසා තමයි හඳුන්නෙත්ති ඊලෝන් මාස්ක්ව ආර්ථික ඝාතකයෙක් විදියට හඳුන්වන්නේ.

    මේ කණ්ඩායමට අවශ්‍ය නැවත මේ රට පෝලිම් යුගයට දක්වන්නයි. අපි අර්බුධයෙන් දේශපාලනය කරන එක නවත්තමු. අපි දියුණු රටක, දියුණු ආර්ථිකයකය අලුත් දේශපාලනය කරමු. ඒ සඳහා එකතු වෙන්න කියල මම විපක්ෂයට ආරාධනා කරනවා.

    – Media unit