Tag: featured

  • හාල්මැස්සන් සහ කරවල කිලෝවකට රු. 100ක නව බද්දක්

    හාල්මැස්සන් සහ කරවල කිලෝවකට රු. 100ක නව බද්දක්

    හල්මැස්සන් කිලෝවක් සදහා රුපියල් 100ක බද්දක් සහ කරවල කිලෝවක් සදහා රුපියල් 100ක් සහ කුරක්කන් පිටි කිලෝවක් සදහා රුපියල් 150ක් වශයෙන් වෙඬරු, කිරිවලින් නිපදවූ තැවරුම්, උළුහාල් ඇට, අබ ඇට, මේස ලුණු ආදිය සදහා විශේෂ වෙළෙද භාණ්ඩ බද්දක් පැනවීමට රජය පියවර ගෙන තිබෙනවා.

    අගෝස්තු මස 12 වනදා සිට වසරක කාලයක් සඳහා මෙම බදු නියෝග ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා.

    විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් සහ මීට පෙර නිකුත්කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය 11 වැනි දා නව අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.

  • හාල්මැස්සන් – කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු තවත් වසරකින් දීර්ඝ කරයි

    හාල්මැස්සන් – කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු තවත් වසරකින් දීර්ඝ කරයි

    ඇතැම් මාධ්‍ය වාර්තා කරන ලද ආකාරයට කරවල සහ ආනයනික හාල්මැස්සන් මත නව බදු වැඩිකිරීමක් සිදුකර නොමැති බවත් සිදුකරනු ලද්දේ 2020 සැප්තැම්බර් මස 30 වැනි දින පනවන ලද බදුවල කාලය තවත් වසරකින් දීර්ඝ කිරීම බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

    එම ගැසට් නිවේදනය සහ දේශීය ලුණු කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා සියළුම භාවිතයන් සඳහා ගන්නා ආනයනික ලුණු සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 40ක බද්දක් පැනවීම සිදු කළ බවද ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

    [googlepdf url=”http://supirigossip.com/wp-content/uploads/2021/08/Finance_1.pdf” ]

  • කොවිඩ් සහ ඔක්සිජන්: හුස්ම ගැනීමේ අපහසුතා ගැන ඔබේ ගැටලුවලට පිළිතුරු

    කොවිඩ් සහ ඔක්සිජන්: හුස්ම ගැනීමේ අපහසුතා ගැන ඔබේ ගැටලුවලට පිළිතුරු

    කොවිඩ් වසංගතය හමුවේ හුස්ම ගැනීමේ අපහසුවක් දැනෙන්නේ නම් රෝහල් ප්‍රතිකාර ලබා ගත යුතු බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥයෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

    එබැවින් රෝග ලක්ෂණ උත්සන්න වීමට පෙර කල් තියා හඳුනා ගැනීම අතිශය වැදගත් බව රත්නපුර ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක පෙන්වා දෙයි.

    හුස්ම ගැනීමේ අපහසුව කොවිඩ් වෛරසයේ මූලික රෝග ලක්ෂණයක් ද? එකවරම හුස්ම ගැනීමට බැරි වේද? සුව වූ පසුත් සංකූලතා පැවතිය හැකිද? වැනි කොවිඩ් සම්බන්ධයෙන් ඔබට පැවතිය හැකි සරල ප්‍රශ්න කිහිපයකට විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක BBC සිංහල සේවය වෙත ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

    හුස්ම ගැනීමේ අපහසුව කොවිඩ්-19 මූලික රෝග ලක්ෂණයක් ද?

    සාමාන්‍යයෙන් හුස්ම ගැනීමේ අපහසුතා හට ගන්නේ වෛරසය ආසාදනය වී දින 2-3 අතර කාලයකට පසුවයි.

    පෙනහළුවල වෙනස් කම් ඇති වූ පසු පහත දැක්වෙන රෝග ලක්ෂණ දැකිය හැකියි.

    1. තෙහෙට්ටු ගතිය ක්‍රමයෙන් වැඩි වීම.
    2. වෙනදාට නැති මහන්සියක් දැනෙන්න පටන් ගැනීම.
    3. හුස්ම ගැනීමේ වේගය ක්‍රමයෙන් වැඩිවීම.

    වැසිකිලි ගිහින් එන්න වෙලා යන්න පුළුවන්. ඒ ආවම හාන්සි වෙලා ටිකක් ඉන්නකම් පොඩි කැරකිලි ගතියක් දැනෙන්න පුළුවන්.

    කොවිඩ් වෛරසය නිසා රුධිරය කැටි ගැසීමේ හැකියාව ඉහළ යන්න පුළුවන්. හුස්ම ගැනීම අපහසු වෙන්න මේ තත්ත්වයත් බලපෑ හැකියි.

    ඒ නිසා දවස් දෙක තුනක් හොඳට හිටපු කෙනෙකුට එක පාරටම හුස්ම ගැනීමේ අපහසුවක් එන්න පුළුවන්.

    ඒ වගේ වෙලාවකට ක්ලාන්ත ගතියක් එක්ක පපුව ගැහෙන්න පටන් අරගෙන හුස්ම ගැනීමේ අපහසුවක් ඇති විය හැකියි.

    ඊට අමතරව පපුවේ කැක්කුමත් එක්ක හෘද රෝගයක් වුණත් එන්න පුළුවන්.

    නිවසේදී ශ්වසන අපහසුතා ඇති වුණොත්, ඔක්සිජන් ලබා ගන්න ක්‍රමයක් තිබේද?

    අවාසනාවකට නැහැ. වහා රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.

    කොවිඩ් නිසා පෙනහළුවලට සිදුවන බලපෑම?

    කොවිඩ් ආසාදනය වී සති තුනක පමණක කාලයක් පෙනහළුවල වෙනස්කම් පැවතිය හැකියි.

    ඒ වෙනස්කම්වලට නිසි ප්‍රතිකාර නොකළොත් පෙනහළුවල කැළැල් (Scars) ඇති විය හැකියි.

    වෙන අවයව වගේ නෙමෙයි පෙනහැල්ලේ කැළැල් ආවොත් ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න බැරි විදිහට හානි වෙන්න පුළුවන්.

    ඒ නිසා සුව වීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවුණොත් සමහර වෙලාවට දීර්ඝ කාලීනව අපේ පෙනහැල්ලේ පරිමාවේ අඩුවීම් සිදු වෙන්න පුළුවන්.

    සමහර විට පෙනහැල්ලේ කැළැල් නැතිව වුණත් පෝස්ට් කොවිඩ් සින්ඩ්‍රෝම් (කොවිඩ්වලින් පසු ඇති වෙන තත්ත්වයන්) තුළ තමන්ට කලින් තිබුණු ඇදුම ගතිය, හති ගතිය වැඩි වෙන්න පුළුවන්.

    හේතුවක් නැතුව පවා ඇඟට මහන්සි ගතිය, තෙහෙට්ටු ගතිය මාස දෙක තුනක් ඇතැම් රටවල අවුරුද්දක් පවා පවතින්න පුළුවන්.

    Dr Neranjan Dissanayake
    ඡායාරූප ශීර්ෂ වැකිය,රත්නපුර ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක

    කොවිඩ් රෝගීන්ට ඇතිවන ශ්වසන අපහසුතාව සහ මානසික පීඩනය අතර සම්බන්ධයක් තිබේද?

    අනිවාර්යෙන්ම ඔව්.

    මනුෂ්‍යයෙකුට වෙන්න පුළුවන් බය හිතෙනම දේ තමයි හුස්ම ගන්න බැරි වෙන එක.

    දවස තිස්සෙම හුස්ම ගැනීමේ අපහසුවත් එක්ක ඇති වෙන මානසික ආතතිය නිසා සෑහෙන බලපෑමක් සිදු වෙනවා.

    හුස්ම ගැනීමේ තත්ත්වය තරමක් හොඳ අතට පත් වුණත් ජීවිතය ගැන ඇතිවෙන අවිනිශ්චිතතාවය, තමන් වටේ ඉන්න රෝගීන් හුස්ම ගන්න දඟලන හැටි දැකීම නිසා විශාල මානසික ආතතියක් දැනෙන්න පුළුවන්.

    ICU එකක ප්‍රතිකාර ලැබූ රෝගියෙක් සුවය ලබා ගෙදර ගියත්, ඒ මානසික කැළැල් සහ බලපෑම් ඇතැම් විට තියෙන්න පුළුවන්.

    ඒ නිසා සාංකාව (Anxiety) සහ විශාදය (Depression) තත්ත්වයන් ඇති විය හැකියි.

    දියවැඩියාව රෝගීන්ට බලපෑමක්?

    රත්නපුර ශික්ෂණ රෝහලට පැමිණි ආසාදිතයන් අතර බරපතල තත්ත්වයේ පසු වූවන්ගෙන් 80% ක් පමණ දියවැඩියා රෝගීන් බව පෙනෙන්න තිබෙනවා.

    පාලනය නොවූ දියවැඩියාව කොවිඩ් රෝගය දරුණු වීමට බලපාන එක හේතුවෙක් බව දැනට පෙනෙන්න තිබෙනවා.

    සුවය ලැබූ පසු පෙනහළු ‘හොඳින්’ ද? රැකියාවට යා හැකිද?

    සුව වුණාට පස්සේ එක්ස් රේ (X-ray) එක හොඳටම හොඳයි ද බලනවා.

    ඊට පස්සේ පෙනහළුවල පරිමාවන් සාමාන්‍ය මට්ටමේ තිබෙනවා ද බලන්න, පෙනහළු පරීක්ෂණයක් කරනවා.

    ඇවිද්දවලා බලනවා ඔක්සිජන් මට්ටමේ අඩුවක් තිබෙනවද කියලා.

    වෛරසය නිසා පෙනහළු විතරක් නෙමෙයි හෘදය වස්තුවත් දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා හෘදය දුර්වල වෙලාද කියලා බලනවා.

    මස්පිඩු දුර්වල වෙලාද කියලා බලනවා. ඇදුම වගේ කලින් පැවති රෝගී තත්ත්වයන් පරීක්ෂා කර බලනවා.

    මේ සියල්ල පරීක්ෂා කරලා හොඳයි නම් සරල මට්ටමින් වැඩ පටන් ගන්න කියලා උපදෙස් ලබා දෙනවා.

    හැබැයි තාමත් පෙනහළුවල කැළැල් තිබෙන බවට සාධක තිබෙනවා නම්, ඇවිදින කොට ඔක්සිජන් ප්‍රමාණයේ අඩුවක් තිබෙනවා නම් ඒ දේවල් යථා තත්ත්වයට පත් වෙන තෙක් ලෙඩ නිවාඩු අනුමත කිරීම සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා.

    රටේ ඔක්සිජන් සැපයුම

    මේ අතර කොවිඩ් ආසාදිතයින් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ධාරිතාව රෝහල් ඇතුළු ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ උපරිමයෙන් භාවිතයට ගනිමින් සිටින බැවින් ඔක්සිජන් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

    Text by – bbc sandesaya

  • වහාම දැඩි සංචාරණ සීමා නොපණවන්නේ නම් ‘ජනවාරි වන විට මරණ 30,000’ – ලෝක සෞඛ්‍ය සංවිධානය

    මේ වසරේ මැයි මාසයේදී සිදු කළ ආකාරයට සති හතරක දැඩි තදබල මට්ටමේ සංචරණ සීමා ඉතාමත් ඉක්මනින් ඉහළ නැංවුවහොත් මිස 2022 ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකාවාසීන් 30,000 ක් පමණ පිරිසක් මරණයට පත්වීම වළක්වා ගත නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කමිටුවක් පවසයි.

    ඔවුන් මෙම තීරණයට එළඹී තිබෙන්නේ, “ශ්‍රී ලංකාවේ වර්තමාන COVID-19 තත්ත්වය සහ ඉදිරි ගමන” යන මැයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් 2021 අගෝස්තු 10 දින කැඳවන ලද 5 වන ස්වාධීන විශේෂඥ කණ්ඩායම් රැස්වීමේදීය.

    ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ SERA සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ කාර්යාලය සමඟ එක්ව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත උපයෝගී කරගනිමින් එම විශේෂඥ මඩුල්ල විසින් වාර්තා වූ රෝගීන් සහ මරණ පිළිබඳව අනාවැකි පළ කොට තිබේ.

    2021 අගෝස්තු අවසානය වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50% ක් මුළුමනින්ම එන්නත් කරනු ඇතැයි එම වාර්තාව සැකසීමේ දී පුරෝකථනය කර ඇත.

    ‘මේ රෝගය හදා ගන්න නම් එපා. අපිත් දැන් හොඳටම මහන්සි වෙලා ඉන්නේ’ – හෙදියකගෙන් ඉල්ලීමක්

    ඒ අනුව ඔවුන් පවසන්නේ, වර්තමානයේ පවතින සංචරණ සීමා යටතේ, රෝගීන් සංඛ්‍යාව සැප්තැම්බර් මැද භාගය දක්වා දිනකට 6000 ක් දක්වා ඉහළ යන අතර ඔක්තෝබර් මස මුල දක්වා මරණ සංඛ්‍යාව දිනකට 220 ක් දක්වා ඉහළ යනු ඇති බවය. (මෙම වාර්තාව සකස්කර තිබෙන්නේ අගෝස්තු 13 දින සීමිත සංචරණ සීමා පැණවීමට පෙරාතුවය)

    දැනට පවතින තත්වය යටතේ ඔක්තෝබර් මස මුල වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ගැනීම 275 ක් පමණ දක්වා ඉහළ යනු ඇති අතර 2022 ජනවාරි වන විට සමස්ත මරණ සංඛ්‍යාව 30,000 ක් පමණ වේ.

    ඔවුන් පවසන්නේ මෙම ආකෘතියේ උපකල්පනය කර ඇති එන්නත් ආවරණය ඔවුන් තවමත් ලබාගෙන නැති හෙයින්, ප්‍රක්ෂේපනය අවතක්සේරු මට්ටමක ඇති බවයි.

    එහෙත් 2021 මැයි-ජූනි මාස වලට සමාන දැඩි මට්ටමින් සති 4 ක් සඳහා දැඩි සීමා කිරීම් තුළින් 2021 ඔක්තෝම්බර් මාසය වන විට දිනකට 1000 ක් පමණ වන අඩු ආසාදිතයින් සංඛ්‍යාවක්, දිනකට 25 ට අඩු මරණ සහ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රමාණය දිනකට 25 කට අඩු මට්ටමකට දැක ගත හැකිවනු ඇති බව විශේෂඥ මතය වී තිබේ.

    එසේ කළහොත් 2022 ජනවාරි වන විට පුරෝකතනය කර ඇති මරණ 18,000 ද වළක්වා ගත හැකි බව විශේෂඥයින්ගේ අදහසය.

    එම කමිටුවේ සාමාජිකයෙකු වූ මහාචාර්ය ඉන්දික කරුණාතිලක බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ, දැඩි සංචරණ සීමා පණවනු ලැබුව ද, 2022 ජනවාරි මාසය වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,000 ක් දක්වා ඉහළ යනු ඇතැයි කමිටුව පුරෝකතනය කරන බවය.

    අගෝස්තු 12 වන දින වනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරසය ආසාදිත රෝගීන් 5620 දෙනෙකු මරුමුවට පත් වී තිබුණි.

    වර්තමාන තත්ත්වය

    • විශේෂඥයින් අවධාරණය කරන්නේ වර්තමාන COVID-19 හි වැඩිවීම මත ජනතාවට අවශ්‍ය ප්‍රමාණවත් සනීපාරක්‍ෂාව සැපයීම සඳහා සෞඛ්‍ය පද්ධතිවල ධාරිතාවය ආසන්න වශයෙන් ඉක්මවයමින් පවතින තත්වයක් තුළ පෙර නොවූ විරූ අනුපාතයකින් යුත් සෞඛ්‍ය අර්බුදයකට ශ්‍රී ලංකාව ඉක්මනින් මුහුණ දිය හැකි බවයි.

    • දෛනිකව වාර්තා වන සිද්ධීන් හා මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් ශ්‍රී ලංකාව පෙන්නුම් කරමින් සිටී. 2021 අගෝස්තු 09 දින මරණ 111 ක් වාර්තා වීම තුළ පෙන්නුම් කරන්නේ කෙටි කාලයකදී සිදු වූ මරණ දෙගුණයක් වෙමින් පවතී.

    • සියළුම මට්ටම් වල සත්කාර පහසුකම් (85%ට වැඩි) සහ දැඩි සත්කාර ඒකකයේ (90%ට වැඩි) ඇඳන් භාවිත වීමේ අනුපාතය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර දැන් එය පූර්ණ ධාරිතාවයෙන් යුක්තයි. ඔක්සිජන් මත යැපෙන රෝගීන් පසුගිය සතියේ 528 සිට අගෝස්තු 9 වනදා රෝගීන් 646 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවනතාවය දිගටම පැවතුනහොත්, ඔක්සිජන් සැපයුමේ බරපතල හිඟයක් සහ ඔවුන් රැකබලා ගැනීමේ බාධාවක් ඇති වීම නොවැළැක්විය හැකිය.

    • රටේ බොහෝ ප්‍රදේශ වල ඉහළ PCR පරීක්‍ෂණ ධනාත්මකතා අනුපාතය 20%ට වඩා ඉහළ අගයක් පෙන්නුම් කරයි.

    • 2021 ජූලි 31 දින වන විට, සිදුකරන ලද අනුක්‍රමික සාම්පල වලින් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් වන අතර එය කෙටි බීජෞෂණ කාලය තුළදී බෙහෙවින් සම්ප්‍රේෂණය වේ. එය දැන් බස්නාහිර පළාතේ ප්‍රමුඛතම ප්‍රභේදය වන අතර ඉක්මනින් අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වනු ඇත. රටවල් කිහිපයක පෙන්වා ඇති පරිදි ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වේ.

    • බහුලව භාවිත වන එන්නත් මගින් දැඩි රෝගාබාධ හා මරණයෙන් ප්‍රමාණවත් ආරක්‍ෂාව ලබා දීම සඳහා දෙවන එන්නත් මාත්‍රාවෙන් සති 2-3 කට පසුව ගත වේ. අගෝස්තු 09 දා වන විට, සම්පූර්ණයෙන් එන්නත ලබා ඇත්තේ ජනගහනයෙන් 15% කටත් අඩු පිරිසකි. අලුතින් එන්නත් කළ, එන්නත් තනි මාත්‍රාවක් ලබා ගත් හෝ එන්නත් නොකළ කණ්ඩායම් දැඩි අසනීප වීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින අතර විශේෂයෙන් ජනාකීර්ණ ප්‍රදේශවල රෝගීන් සහ මරණ තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇත.

    • සියලුම ඇඟවීම් පෙන්නුම් කරන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙහෙසට පත්ව පොරබදින බවයි. සැලකිය යුතු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාවක් ආසාදනය වීම මත සෞඛ්‍ය සේවකයින් කප්පාදු කිරීමට සහ සේවා ස්ථාන වසා දැමීමේ පීඩනයට පත් වෙමින් සිටිති.

    • මෙම තත්වය මධ්‍යයේ, රට පුරා සීමාවන් තිබියදීත් ජනගහනය අතර ඉහළ සංචරණයක් සහ සමාජ මිශ්‍රණයක් පවතී. (ඔක්ස්ෆර්ඩ් ‘දැඩි දර්ශකය’ පෙන්වන පරිදි මැයි මාසයේදී 85% ක සංචාරණ සිමාවන් පැවතියත්, එනම් සංචරණයන්හි ඉතා ඵලදායී සීමා කිරීමේ මට්ටමේ සිට, ජූලි මාසයේදී එය 49% ක් දක්වාත් මේ සතිය වන විට 29% ක් වාත් එනම් අනතුරුදායක ලෙස අඩු සංචරණ සීමා කිරීම දක්වාත් අඩුවී ඇත).

    රෝහලක ගොඩ ගැසුණු මළ සිරුරු

    නිර්දේශ

    එම විශේෂඥ කමිටුව පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරයි:

    • ශ්‍රී ලංකාව වහාම ක්‍රියාත්මක විය යුතුයි.

    • අපගේ හදිසි ප්‍රමුඛතාවය ජීවිතය රැක ගැනීමයි. 2021 මැයි මාසයේදී සිදු වූ ආකාරයට සති 4 ක දැඩි තදබල මට්ටම සංචාරණ සීමා ඉහළ නැංවුවහොත් මිස 2022 ජනවාරි මාසය වන විට මරණ 18,000 ක් පමණ ශ්‍රී ලංකාව තුළ ඇතිවීම වළක්වා ගත නොහැකිය.

    • එන්නත් ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ දෙවන එන්නත් මාත්‍රාවෙන් පසුව ආරක්‍ෂක මට්ටම ලබා ගැනීමට මෙන්ම සෞඛ්‍ය පද්ධතියට අධික බර පැටවීමෙන් ඇතිවී ඇති තත්ත්වයෙන් යථා තත්ත්වයට පත් වීම සඳහා මෙය අවශ්‍ය කාලය ලබා දෙනු ඇත.

    • ක්‍ෂණික ක්‍රියාමාර්ග ගැනීම ඉතාමත් තීරණාත්මක වන්නේ ආසාදන සංඛ්‍යාවට සහ රෝහල් ගත කිරීම්වලට එමගින් සාධනීය බලපෑමක් ඇති කිරීම පිණිස සති කිහිපයක් ගත වන බැවිනි. ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම මරණ වැඩි වීමට හේතු වන අතර පාලනය නැවත ලබා ගැනීම සඳහා දිගු කාලසීමාවක් සමඟ අද ගන්නා වූ ක්‍රියාමාර්ගයන්ටත් වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වේ.https://bbc.com/ws/av-embeds/cps/sinhala/sri-lanka-58184368/p09rtg67/siවීඩියෝ ශීර්ෂ වැකිය,

    ශ්‍රී ලංකාවේ කොවිඩ්: ඔක්සිජන් මට්ටම අඩුවෙන බව නිවසේදීම හඳුනා ගන්නේ කෙසේද ?

    වඩාත් සවිස්තරාත්මක නිර්දේශ නම්, ශ්‍රී ලංකාව කළ යුත්තේ:

    • අත්‍යාවශ්‍ය සේවා හැර අන් සියලුම කරණා සඳහා අන්තර් දිස්ත්‍රික් සංචාර ඇතුළුව සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම.

    – මෙම පියවරයන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා කෙටි කාලයක් සඳහා ඇඳිරි නීතිය මුළු දිවයිනටම හෝ විශාල ප්‍රදේශයකට ක්‍රියාත්මක කිරීම අවශ්‍ය ය.

    • සියලුම පොදු ක්‍රියාකාරකම් සති 3 ක් සඳහා සීමා කිරීම හෝ අවලංගු කිරීම.

    • අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්හි බාධා අවම කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින්ගේ සහ රෝහල්වල කාර්ය මණ්ඩල වල රැකවරණය සහ ආරක්‍ෂාව සැපයීම වැඩි කිරීම.

    • මහජනයා සම්බන්ධ කර ගැනීම සහ පාලන පියවරයන් පිළිබඳව යාවත්කාලීන කිරීම සඳහා ඵලදායි සන්නිවේදන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.

    • භූමියේ පවතින තත්ත්වය පිළිබඳ මනා චිත්‍රයක් ලබා ගැනීම සඳහා සිද්ධීන් හා මරණ යන දෙකම නිවැරදිව වාර්තා කිරීම.

    • නිරීක්ෂණය කරන ලද පරීක්‍ෂණ ධනාත්මකතා අනුපාතය (Test Positivity Rate (TPR), සතිපතා චලනය වන සාමාන්‍යයන් සහ කාල ශ්‍රේණි විශ්ලේෂණයන්, සංචලතා දත්ත යනාදියෙන් මනිනු ලබන ප්‍රවනතා වැනි නියෝජිත (ප්‍රොක්සි) දර්ශක ද භාවිතා කළ හැකිය.

    • වයස අවුරුදු 60 ට වැඩි සහ නිදන්ගත රෝගී වූවන් සඳහා වඩාත් සුදුසු වන්නේ ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රාසෙනෙකා බැවින් ඔවුන්ට එම එන්නත් ලබාදීමට ප්‍රමුඛතාවය දෙන්න. ඔවුන් පවසන්නේ දෙවන එන්නත ලබා දෙන තුරු මෙම එන්නත් වල එක් මාත්‍රාවක් වුවද යම් තරමක ආරක්‍ෂාවක් ඔවුනට ලබා දෙන බැවින් එසේ නිර්දේශ කරන බවයි.

    එම වාර්තාව තවදුරටත් පවසන්නේ ඉහතින් දක්වා ඇති ප්‍රධාන නිරීක්ෂණ සහ නිර්දේශයන්හිදී ජාතික විශේෂඥයින් විසින් මෙම රැස්වීමේදී සාක්‍ෂාත් කර ගත් එකඟතාවයන් නියෝජනය කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය අනිවාර්යයෙන්ම පිළිබිඹු නොවන බවය. අවශ්‍ය නම් නිසි ක්‍රියාමාර්ග පිණිස ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම ලබා ගත හැකි බවත් එහි දැක්වේ.https://bbc.com/ws/av-embeds/cps/sinhala/sri-lanka-58184368/p09r8q1s/siවීඩියෝ ශීර්ෂ වැකිය,

    කොවිඩ්: සුනාමියේ දී මතු වූ මනුෂ්‍යයා යළි පණ ගන්වමු – බුදු දහමෙන් උපදෙසක්

    2021 අගෝස්තු 10 දා පැවති රැස්වීමට සහභාගි වූ විශේෂඥයින්:

    1. ආචාර්ය පාලිත අබේකෝන් – ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ COVID-19 සඳහා සහ SEAR සඳහා සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා වූ විශේෂ නියෝජිත

    2. ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපදේශක, ආචාර්ය නිහාල් අබේසිංහ – ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සහ ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති

    3. වෛද්‍ය වින්‍යා ආරියරත්න – මහජන සෞඛ්‍ය විශේෂඥ, සභාපති – සර්වෝදය (සීඑස්ඕ)

    4. මහාචාර්ය අසිතා ද සිල්වා – කැලණිය විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ සභාපති, ශ්‍රී ලංකා, සායනික ඖෂධවේදී හා චිකිත්සක සංගමය

    5. ආචාර්ය රජීව ද සිල්වා – ප්‍රතිශක්තිවේදී උපදේශක සහ ප්‍රතිශක්ති විද්‍යා අංශයේ ප්‍රධානී-එම්ආර්අයි

    6. ආචාර්ය ලක්කුමාර් ප්‍රනාන්දු – ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ පිළිබඳ සායනික කළමනාකරණ මධ්‍යස්ථානයේ සායනික ප්‍රධානී; ළමා රෝග විශේෂඥ උපදේශක; සභාපති, වෛද්‍ය විශේෂඥ සංගමය

    7. වෛද්‍ය පද්මා ගුණරත්න – ස්නායු විශේෂඥ උපදේශක සහ සභාපති, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

    8. මහාචාර්ය සරෝජ් ජයසිංහ – උපදේශක වෛද්‍යවරයෙක් සහ මහාචාර්ය වෛද්‍ය විද්‍යාවේ මහාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලය

    9. මහාචාර්ය ඉන්දික කරුණාතිලක – මහාචාර්ය වෛද්‍ය අධ්‍යාපනය, වෛද්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පීඨය වෛද්‍ය විද්‍යාව සහ හිටපු සභාපති, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

    10. මහාචාර්ය නීලිකා මලවිගේ – මහාචාර්යවරිය සහ ප්‍රතිශක්ති හා අණුක වෛද්‍ය අංශයේ ප්‍රධානී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

    11. මහාචාර්ය කාමිනි මෙන්ඩිස් – මහාචාර්ය එමරිටස්, කොළඹ විශ්ව විද්‍යාලය; මහජන සෞඛ්‍ය විශේෂඥ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු මැලේරියා විශේෂඥ

    12. මහාචාර්ය මලික් පීරිස් සභාපති/මහාචාර්ය – මහජන සෞඛ්‍ය පාසල, හොංකොං විශ්ව විද්‍යාලය,හොංකොං හි වෛද්‍ය පීඨය

    13. මහාචාර්ය මනුජ් වීරසිංහ – ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වෛද්‍ය පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය

    14. ආචාර්ය ආනන්ද විජේවික්‍රමගේ – ජාතික බෝවන රෝග ආයතනයේ උපදේශක වෛද්‍ය සහ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ හිටපු සභාපති

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය නියෝජනය කරමින් සහභාගි වූවන්:

    1. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආචාර්ය ඇලකා සිං (සභාපති)

    2. ආචාර්ය පබා පලිහවඩන – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්දුනීසියාවේ වෛද්‍ය නිලධාරී

    3. ආචාර්ය ඔලිවියා නීවෙරාස් – මහජන සෞඛ්‍ය පරිපාලක, ලෝක සෞඛ්‍ය සංවිධානය

    4. ආචාර්ය සපුමල් ධනපාල – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    5. ආචාර්ය පද්මල් ද සිල්වා – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    6. මහාචාර්ය නාලිකා ගුණවර්ධන – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    7. ආචාර්ය වර්ජිනී මල්ලවාආරච්චි – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    8. ටී සුවීන්ද්‍රන් – ලෝක සෞඛ්‍ය සංවිධානය

    9. ආචාර්ය ප්‍රෙෂිලා සමරවීර – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    10. සහනි චන්ද්‍රරත්න – ලෝක සෞඛ්‍ය සංවිධානය

    11. ආචාර්ය මිසායා කාදර් – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    12. සධානි රාජපක්ෂ – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    13. ආචාර්ය ප්‍රියංග සේනානායක – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    14. ආචාර්ය රොෂාන් සම්පත් – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    15. ආචාර්ය චතුර විජේසුන්දර – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    16. ආචාර්ය අංජලී ද සිල්වා – ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව

    සම්පූර්ණ උපුටා ගැනීම බී.බී.සී සන්දේශය ඇසුරිණි

  • රට නොවසා ‘කොවිඩ් මර්දනයට‘ ආණ්ඩුව ගත් සුපිරි තීන්දු

    රට නොවසා ‘කොවිඩ් මර්දනයට‘ ආණ්ඩුව ගත් සුපිරි තීන්දු

    කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස පළාත් අතර සංචරණ සීමා අද (13) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (13) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

  • ලේ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

    ලේ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

    කොවිඩ් රෝගයට සමාන රෝග ලක්ෂණ ඇත්නම් හෝ කොවිඩ් ආසාදිතයෙක් ළඟින්ම ඇසුරු කර ඇත්නම් හෝ මාස 03ක් ඇතුළත විදෙස් සංචාරයන්හි නිරතවී ඇත්නම් රුධිර පාරවිලයන මාධ්‍යස්ථාන වෙත පැමිණිමෙන් වළකින ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    රුධිරය හෝ රුධිර සංඝටක මගින් කොවිඩ් රෝගය සම්ප්‍රේෂණය වන බවට මෙතෙක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු නොවුණ ද කොවිඩ් රෝගියෙකුගෙන් රෝහල් කාර්ය මණ්ඩලයට වෛරසය සම්ප්‍රේෂණයවීමේ හැකියාව පවතින බැවින් එය වළක්වා ගැනීම සඳහා මේ ඉල්ලීම කරන බව වෛද්‍යවරයා පැවසීය.

    ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා මේ බව කියා සිටියේ කොවිඩ් 19 වසංගත හමුවේ රුධිර පාරවිලයන මාධ්‍යස්ථානයේ කාර්යභාරය පැහැදිලි කිරීම පිණිස රජයේ ප්‍රවෘත්ති දොපර්තමේන්තුව සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවට අද (13) එක්වෙමිණි.

    රුධිරය ලබාගැනීමේදී බෝවන රෝග 05ක් පිළිබඳව පරීක්ෂණයක් කරනු ලැබේ. පරීක්ෂයේ ප්‍රතිපලයට කොව්ඩ් එන්නත මගින් බලපෑමක් සිදුවීමට ඉඩ ඇති බැවින් කොව්ඩ් 19 වළක්වා ගැනීම සඳහා කවර හෝ එන්නතක් (පළමු හෝ දෙවන මාත්‍රාව) ලබාගෙන සතියක් ඉක්මනොවූ පුද්ගලයන්ගෙන් රුධිරය ලබා නොගන්නා බව ද ලක්ෂමන් එදිරිසිංහ මහතා පැවසුවේය.

    කොවිඩ් වසංගතය තත්ත්වය හමුවේ වුවද ජාතික රුධිර පාරවිලයන සේවාව අඩාල නොවී පවත්වා ගැනීමට හැකිවූ බවත් රුධිර පාරවිලයන මධ්‍යස්ථානවල කාර්යමණ්ඩලයේ කැපවීම සහ රුධිරයදීමට ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීම ඊට ඉවහල්. කොව්ඩ් තත්ත්වය හමුවේ බාධා මැද වුවද ආරක්ෂිත රුධිර සංචිත පවත්වාගෙන යාමට හැකියාව ඇති බව පෙන්වාදුන් වෛද්‍යවරයා පිළිකා, වකුගඩු තැලසීමියා, ලියුකේමියා වැනි රෝගීන්ට අවශ්‍ය රුධිරය සැපයීම මෙන්ම දරු ප්‍රසූතියේදී සිදුවන මාතෘ මරණ අනුපාතය අඩු රටක් බවට පත්කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ද ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය නිසා බවද කීවේය.

    ශ්‍රී ලංකාවේ වාර්ෂික ජාතික රුධිර අවශ්‍යතාවය ඒකක 450,000කි. (ඒකක 1ක් යනු මි.ලී. 450කි). ශ්‍රී ලංකාව පුරා රෝහල්වල පිහිටි මධ්‍යස්ථාන 107කි. රුධිර පාරවිලයනය සිදුකරනු ලැබේ. ජාතික රුධිර අවශ්‍යතාවයෙන් සියයට 85ක් දායක කඳවුරු සංවිධානයෙන් ලැබෙන අතර, සියයට 15 ක් මධ්‍යස්ථාන වෙත පැමිණ ලේ පරිත්‍යාග කරන පුද්ගලයින් ලැබේ. රුධිරය දීමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ට 0115332153/54 යන දුරකථන අංක අමතා වේලාවක් වෙන් කරවා ගත හැකි බව ද අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

  • කොවිඩ් මර්දනයේදී සෞඛ්‍ය බලධාරීන්ට ජනපති දුන් අලුත්ම නියෝගය

    කොවිඩ් මර්දනයේදී සෞඛ්‍ය බලධාරීන්ට ජනපති දුන් අලුත්ම නියෝගය

    වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝ කාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙයි.

    ගත වූ දින කිහිපය තුළ සිදුව ඇති මරණ පිළිබඳ කළ විමර්ශනයන්ට අනුව ඉන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතට අයත් වෙති. මේ පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි, එන්නත ලබා නොගත් සහ බෝ නොවන රෝගවලින් පෙළෙන අය බව හඳුනාගෙන තිබේ. එම නිසා වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පෙළෙන අය කෙරෙහි අවධානය යොමු කර විශේෂ වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේ දී  60ට වැඩි සහ විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන අයට ප්‍රමුඛතාව දිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය. වකුගඩු බද්ධ කිරීමට හෝ රුධිර කාන්දුකරණයට ලක්කර ඇති රෝගීන් හුදකලා (Isolate) කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් සායනවල ලියාපදිංචි වී ඇති රෝගින්ගේ විස්තර ගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ අවධානයට යොමු කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් කෙරිණ.

    බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි එහෙත් විවිධ රෝග හේතුවෙන් මෙතෙක් එන්නත ගැනීමට නොපැමිණි පිරිස හඳුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනාට ඉදිරි දින කිහිපය තුළ එන්නත ලබාදීමට පියවර ගෙන ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    එක් එන්නතක් ලබා තිබීම, රෝගයෙන් ආරක්ෂාවීමට ප්‍රමාණවත් නොවේ. එම නිසා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ප්‍රතිශක්තීකරණ වර්ධන කාලසීමාවට පැමිණෙන තෙක් වගකීමෙන් ක්‍රියා කළ යුතු බව කොවිඩ් කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ.

    ජනතා ඒකරාශීවීම් වලක්වා ගැනීම, විශේෂ අවශ්‍යතාවක් සහ රාජකාරී සඳහා කැඳවා නැති සියලු දෙනා නිවෙස්වල රැඳී සිටීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් රෝගය පැතිරයෑම වැළැක්වීමට සහායවීම ජනතාවගේ යුතුකම හා වගකීම බව වෛද්‍යවරු අවධාරණය කළහ.

  • ‘එන්නත් මාත්‍රා දෙකම ගත්තා නම් තෙවන මාත්‍රාවක් අවශ්‍ය නෑ‘

    ‘එන්නත් මාත්‍රා දෙකම ගත්තා නම් තෙවන මාත්‍රාවක් අවශ්‍ය නෑ‘

    මේ වන විටත් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති පුද්ගලයින්ට ප්‍රමාණවත් ලෙස ආරක්‍ෂාව ලබා දී ඇති අතර අතිරේක කොවිඩ් -19 එන්නත මාත්‍රාවක් අවශ්‍ය නොවන බව ශ්‍රී ජයවර්ධනපුර ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

    ඊශ්‍රායලය, ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය සහ මැද පෙරදිග රටවල් කිහිපයක් මේ වන විටත් සක්‍රීය වැඩසටහන් ආරම්භ කර තිබේ. සිය ජනගහනයෙන් 57% ක් සඳහා ෆයිසර්/බයෝඑන්ටෙක් එන්නත භාවිතා කර ඇති ඊශ්‍රායලය, අවදානමට ලක් වූවන් සහ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා වැඩි දියුණු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ පළමු රට බවට පත්විය.

    දුර්වල ප්‍රතිශක්ති පද්ධතියක් ඇති සමහර පුද්ගලයින් සඳහා ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩර්නා කොරෝනා වයිරස් එන්නත් වල තුන්වන මාත්‍රාවලට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනාධිකාරිය විසින් ඊයේ (බ්‍රහස්පතින්දා) අනුමැතිය ලබා දුන් අතර මූලික එන්නත්කරණ මාලාවකට ප්‍රමාණවත් ප්‍රතිචාර නොදක්වන අය ආරක්ෂා කිරීමට වෛද්‍යවරුන්ට වැඩි ඉඩක් ලබා දුන්නේය.

    මේ අතර, ධනවත් හා දුප්පත් ජාතීන් අතර පරතරය පියවීම සඳහා කොවිඩ් -19 එන්නතේ තෙවන මාත්‍රාව ලබා දීම ප්‍රමාද කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා රටවලින් ඉල්ලා සිටී.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ප්‍රධානී වෛද්‍ය කැතරින් ඕ බ්‍රයන් පැවසුවේ තුන්වන එන්නත්කරණ අවශ්‍යතාවය පිළිබඳ සාක්ෂි තවමත් ප්‍රමාණවත් නොවන බවයි.

    “එය වෙනස් වෙමින් පවතී. මෙය අවශ්‍යද නැද්ද යන්න පිළිබඳ සම්පූර්ණ සාක්ෂි සමූහයක් අප සතුව නොමැත‘ ඔහු පැවසීය.

  • ‘රට වසා දමන්නේ නැහැ‘ – ජනපති අවධාරණය කරයි

    ‘රට වසා දමන්නේ නැහැ‘ – ජනපති අවධාරණය කරයි

    රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) දහවල් පැවැති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී අවධාරණය කර ඇතැයි වාර්තා වේ.

    රට වසා දැමීම වෙනුවට එන්නත්කරණ වැඩ පිළිවෙළ කඩිනම් කරන ලෙසත්  සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමට ජනතාව පොළඹවන ලෙසත් ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට එහිදී උපදෙස් දි ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු සංවිධාන රැසක් තත්ත්වය පාලනය කර ගැනීම සහ රෝහල් පද්ධතියට සහනයක් ලබා ගැනීම සදහා කඩිනමින් රට වසා දමන ලෙස දැඩි ඉල්ලීමක් කර තිබුණි.

  • ඉදිරි මාස 4 තුළ මරණ 18,000ක් වළක්වා ගන්න වහාම රට වසා දමන්න – WHO

    ඉදිරි මාස 4 තුළ මරණ 18,000ක් වළක්වා ගන්න වහාම රට වසා දමන්න – WHO

    ශී‍්‍ර ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය කඩිනමින් පාලනය කර ගැනීමට අපොහොසත් වුවහොත් 2022 ජනවාරි මාසය වන විට මරණ 18,000 ක් පමණ වාර්තා විය හැකි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පිරිසක් අද (13) වාර්තා කර තිබෙනවා.

    එම විශේෂඥයින් ප්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාව තුළ දිනපතා වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත් එම නැඹුරුවලින් පෙන්නුම් කරන්නේ ශී‍්‍ර ලංකාව පෙර නොවූ විරූ තරම් සෞඛ්‍ය අර්බුදයකට ගමන් කරමින් සිටින බවයි.

    වත්මන් රෝහල් පද්ධතියේ ධාරිතාවය සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළ කළ විශේෂඥයින් කියා සිටියේ වඩාත් හදිසි ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ ජනතාවගේ දිවි රැක ගැනීමට බවයි.

    2022 මැයි මාසයේදී සිදු වූ ආකාරයට ඉදිරි සති හතරක කාලය තුළ තත්ත්වය පාලනයකින් තොරව පැවතියහොත් 2022 ජනවාරි මාසය වන විට මරණ 18,000ක් පමණ වාර්තා විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    එන්නත්කරණය වේගවත් කිරීමට සහ දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව ආරක්‍ෂක මට්ටම ලබා ගැනීමට කාලය අවශ්‍ය බවත් එමෙන්ම අධික බර පැටවීමෙන් සෞඛ්‍ය පද්ධතිය යථා තත්ත්වයට පත් වීම සඳහා ද කාලය අවශ්‍ය බවත් එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

    වර්තමාන කොවිඩ් -19 තත්ත්වය සහ ඉදිරි පියවර පිළිබඳව 5 වන ස්වාධීන විශේෂඥ කණ්ඩායම් රැස්වීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, ශ්‍රී ලංකාවේ සියලු මට්ටම් වල සත්කාර පහසුකම් (85%ට වැඩි) සහ දැඩි සත්කාර ඒකකයේ (90%ට වැඩි) ඇඳන් අනුපාතය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවයි.

    ඔක්සිජන් මත යැපෙන රෝගීන් පසුගිය සතියේ 528 සිට ඊයේ රෝගීන් 646 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුනහොත්, ඔක්සිජන් සැපයුමේ බරපතල හිඟයක් සහ රැකබලා ගැනීමේ බාධා ඇතිවීමේ නොවැළැක්විය හැකි බවයි එම වාර්තාව පෙන්වා දී තිබෙන්නේ.

    දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඉහළ PCR පරීක්ෂණ ධනාත්මකතා අනුපාතය 20%ට වඩා ඉහළ අගයක් පෙන්නුම් කරන බවත් සැලකිය යුතු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාවක් පීඩනයට පත් වෙමින් සිටින බවත් වාර්තාවේ සදහන් වේ.

    ‘බරපතළ තත්ත්වය නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙහෙසට පත ඇති බවයි‘

    සති 4 ක් සඳහා දැඩි මට්ටමක ක්‍රියාමාර්ග වෙත ගමන් කිරීම මගින් (2021 මැයි-ජූනි මාස වලට සමානව) රට තුළ දිනකට ආසාදිතයින් 1,000ක් පමණ සහ දිනකට 25 කට අඩු මරණ සංඛ්‍යාවක් වෙත ප්‍රවේශ විය හැකි බවයි එම වාර්තාව පෙන්වා දී තිබෙන්නේ. එමෙන්ම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 25 දක්වා අඩු වනු ඇති බවත් (2021 ඔක්තෝබර් වන විට) 2022 ජනවාරි වන විට මරණ 18,000 ක් වළක්වා ගත හැකි වනු ඇති බවත් එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානමේ අනාගත පුරෝකථන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වඩාත් සවිස්තරාත්මක නිර්දේශ අතර,

    1. අත්‍යාවශ්‍ය සේවා හැර අන්තර් දිස්ත්‍රික් ගමන් ඇතුළුව සංචලන සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතුය.
    2. මෙම පියවරයන් සාර්‍ථකව ක්‍රියාත්මක කිරීම සඳහා කෙටි කාලයක් තුළ පළාත් මට්ටමින් හෝ ජාතික වශයෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය විය හැකිය.
    3. සියලුම පොදු උත්සව හා ජන ඒකරාශීවීම් සති 3 කට සීමා කරන්න /අවලංගු කරන්න.
    4. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්හි බාධා අවම කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින්ගේ රැකවරණය සහ ආරක්‍ෂාව සැපයීම සහ රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩි කිරීම.
    5. මහජනතාව සම්බන්ධ කර ගැනීම සහ පාලන පියවරයන් පිළිබඳව යාවත්කාලීන කිරීම සඳහා ඵලදායි සන්නිවේදන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කරන්න.
    6. වසංගතයේ තත්ත්වය පිළිබඳ මනා චිත්‍රයක් ලබා ගැනීම සඳහා ආසාදිතයින් සහ මරණ යන දෙකම නිවැරදිව වාර්තා කිරීම. (නිරීක්ෂණය කරන ලද පරීක්‍ෂණ ධනාත්මකතා අනුපාතය (ටීපීආර්), සතිපතා චලනය වන සාමාන්‍යයන් සහ කාල ශ්‍රේණි විශ්ලේෂණයන්, සංචලතා දත්ත යනාදියෙන් මනිනු ලබන ප්‍රවනතා වැනි ප්‍රොක්සි දර්ශක ද භාවිතා කළ හැකිය)
    7. දෙවන එන්නත ලබා දෙන තුරු මෙම එන්නත් වල එක් මාත්‍රාවක් වුවද යම් තරමක ආරක්‍ෂාවක් ලබා දෙන බැවින් වයස අවුරුදු 60 ට වැඩි සහ නිදන්ගත රෝගීන් සඳහා වඩාත් සුදුසු වන්නේ ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රා සෙන්කා යන එන්නත් ලබා ගැනීමට ප්‍රමුඛතාවය දීමයි.
  • වැඩිහිටියන්ට එන්නත් ප්‍රමුඛතාව නොදීම කොවිඩ් මරණ ඉහළ යාමට බලපෑවා – සුනිල් හඳුන්නෙත්ති

    වැඩිහිටියන්ට එන්නත් ප්‍රමුඛතාව නොදීම කොවිඩ් මරණ ඉහළ යාමට බලපෑවා – සුනිල් හඳුන්නෙත්ති

    කොවිඩ් එන්නත් ලබාදීමේදී වැඩිහටියන්ට ප්‍රමුඛතාවය ලබානොදීම කොවිඩ් මරණ ඉහළයාමට බලපා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

    ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හිදී අද (12) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී ඔහු වැඩිදුරටත් දැක්අවූ දහස්…

    “අද වනවිට ඩෙල්ටා ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමත් සමග ආණ්ඩුව දක්වන ප්‍රතිචාරවල පරස්පතරතා නිසා රටේ ඇති වී තිබෙන අවිනිශ්චිතභාවය සම්බන්ධයෙන් අපේ ස්ථාවරය රටට හෙළි කළ යුතුව තිබෙනවා. ඊයේ(11) වනවිට වැඩිම මරණ සංඛ්‍යාව වූ 124ක් මියගොස් ඇති අතර මේ වනවිට 5,424ක් වසංගතයෙන් මියගොස් තිබෙනවා. තුන් ලක්‍ෂ ගණනක් ආසාදිතයන් වී සිටිනවා. සමාජයක් හැටියට, රටක් හැටියට අතිශය වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දෙන්න වී තිබෙනවා. අද වනවිට ආසාදනය වී නැත්තේ කාටද කියලා අහන්න සිදුවෙන මට්ටමකට වසංගතය පැතිරිලා. මෙවැනි මොහොතක රටේ ජනතාව ඇත්ත දත්ත දැනගැනීම ඉතාම වැදගත්. අවදානම සම්බන්ධයෙන් වගේම තීන්දු-තීරණ ගැනීමේදී මේ සත්‍ය තොරතුරු ලබාගැනීම අතිශය වැදගත්.

    නමුත් ඊයේ වනවිට මේ ඉදිරිපත් කරන දත්තවල බරපතළ පරස්පරතාවයන් තිබෙන බව තහවුරු වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ වසංගත රෝග විද්‍යා අංශයත් දිස්ත්‍රික් ලේකම්වරයාගේ සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිවුණු කරුණුත් බරපතළ පරස්පරයි. අගෝස්තු මාසයේ මුල් දින 08ක ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 12,555ක් බව දිස්ත්‍රික් ලේකම්වරයාගේ සම්බන්ධීකරණ කමිටුවෙන් හෙළි වෙනවා. ඒ දින 08 සම්බන්ධයෙන් කොවිඩ් මර්දන බලකායෙන් වාර්තා කර තිබෙන්නේ 3,729ක්. මේ අනුව 8,826කගේ දත්තවලට සිදුවූ දෙයක් නැහැ. මේ නිසාම ඊයේ දිනයේ මගහැරුණු සංඛ්‍යා හැටියට 3,223ක් එකතු කර තිබෙනවා. නැගෙනහිර පළාතේ මඩකලපුවේ 45ක් සිටින බව කොවිඩ් මර්දන බලකායෙන් කියනකොට දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය 342ක් බව කියනවා. ත්‍රිකුණාමලයේ 71ක් බව බලකායෙන් කියනකොට සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා 163ක් ඉන්න බව කියා තිබෙනවා. අම්පාරෙත් තත්වය මේ වගෙයි. ඇත්ත කියන්නේ කවුද කියන්නේ කියන ගැටලුව තියෙනවා. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය මේ තොරතුරු ලබාගන්නවා. එක්කො සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. එහෙම නැත්නම් හමුදාපතිවරයා ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානියා වශයෙන් වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.

    නිවැරදි තොරතුරු ඉදිරිපත් කළේ නැත්නම් ජනතාවට බරපතළ සැකයක් ඇති වෙනවා. මේ තත්වය දිගටම තිබුණා.

    වසංගත රෝග මර්දන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්තයා ඒ තනතුරෙන් ඉවත් කළේ තොරතුරු සම්බන්ධ ප්‍රශ්නයකට. ඊයේ මාධ්‍ය වාර්තා කළ කරුණු අනුව තොරතුරු ලොකු කරන්නේ හෝ පුංචි කරන්නේ කවුද කියලා හෙළි කළ යුතුයි. මෙය බරපතළ ප්‍රශ්නයක්. ආණ්ඩුවක් මේ සෙල්ලම් කරන්නේ ජනතාවගේ ජීවිතත් සමගයි. මේ වසංගතයේ ගොදුරු බවට පත් කළේ වරදක් කළ අය නෙවෙයි. ආණ්ඩුවේ අමනෝඥ තක්කඩි තීන්දුවල ප්‍රතිඵලයක් හැටියට වසංගතයේ ගොදුරු බවට ජනතාව පත්කරනවා. මිය යන අය සම්බන්ධයෙන් තත්වයත් මේකද කියන සැකය බරපතළ ලෙස ඇතිවී තිබෙනවා. රෝහල්වල වාර්තා අනුව සමාජයේ හැම කෙනෙකුටම දරාගන්න බැරි ඛේදනීය තත්වයක් ඇතිවී තිබෙනවා. ජනතාවගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තීන්දු ගැනීමේදී සහ තොරතුරු ඉදිරිපත් කිරීමේදී ඇත්ත දැන ගැනීමේ අයිතිය ජනතාවට තියෙනවා. ආණ්ඩුව මේ තොරතුරු විකෘති කිරීම ගැන වගකීමෙන් ප්‍රකාශ කරන්න කියලා අපි බල කරනවා.

    ආසන්න දින 3ක් ඇතුළත මිය ගිය 354න් වැඩි ප්‍රමාණයක් මිය ගියේ වයස අවුරුදු 60ට වැඩි අය. ඔවුන් නිසි පරිදි එන්නත් ලබා නොගත් නිසා මියගිය බව ආණ්ඩුව කියනවා. අපි ආණ්ඩුවෙන් අහන්නේ 60ය වැඩි එන්නත් ප්‍රතික්‍ෂේප කළ අය ඉන්නවාද කියලා. එන්නත් පටන් ගන්නත් කලින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ ඉදිරිපත් කළා. 2020 නොවැම්බර් 13වැනිදා ඉදිරිපත් කළ වාර්තාව අනුව ප්‍රමුඛතාවය සෞඛ්‍ය කාර්යාංශවලට දෙන්න ඕනෑ බව කීවා. ජනගහනයෙන් 10%කට එන්නත් ලැබෙන පළමු අදියරේදී සෞඛ්‍ය කාර්යාංශවලට මූලිකත්වය දීමෙන් පසු ඊළඟට වයස අවුරුදු 60ට වඩා වැඩි අයට ප්‍රමුඛත්වය දීම ඔවුන්ගේ නිර්දේශයයි. සෞඛ්‍ය අංශ ආරක්‍ෂා කිරීම මුලින්ම සිදුකර ඊළගට වැඩිහිටියන් ආරක්‍ෂා කිරීමයි. දෙවැනි අදියරේදී ජනගහනයෙන් 20%කට ලැබෙන එන්නත්වලින් ප්‍රමුඛම තැන වැඩිහිටියන්ට දිය යුතු බව නිර්දේශ කළා. හැබැයි අපේ රටේ ඇස්ට්‍රසෙනිකා පළවැනි තොගය ලැබුණු වෙලාවේ ආණ්ඩුව දේශපාලනඥයින්ට, ඔවුන්ගේ පවුල්වල අයට, වගේම ශ්‍රම බලකායට ලබාදෙන්න කටයුතු කළා. ආණ්ඩුවේ ඇතැම් අය එන්නත් මංකොල්ලයක් පටන් ගත්තා. අනෙක් පැත්තෙන් තක්කඩි තීන්දුවක් අරගෙන අවුරුදු 30-60 අතර ශ්‍රම බලකායට එන්නත් ලබාදී මුදල් ඉපයීම පැත්තෙන් විතරක් බැලුවා. අද ප්‍රචාරය කරන්නේ අවුරුදු 60ට වැඩි අය එන්නත් ලබානොගෙන සියදිවි නසා ගත්තා වගේ කතාවක්. ඒක ඇත්ත නෙවෙයි. කිසි කෙනෙක් එන්නත් ප්‍රතික්‍ෂේප කළේ නැහැ. මේ නිසා අවුරුදු 60ට වඩා වැඩි අය 95%ක් පමණ මියයාමේ තත්වයක් තිබෙනවා. අපි විශ්වාස කරන්නේ මේවා කොරෝනාවලින් මිය යාමට වඩා ඝාතනය කිරීම් ලෙසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ප්‍රතික්‍ෂේප කිරීමේ අවසන් වන්දිය ගෙවන්න සිදුවී තිබෙන්නේ අපේ රටේ අහිංසක ජනතාවටයි. මෙතරම් ව්‍යසනකාරී තත්වයකට රට පත්ව තිබියදීත් වසංගත රෝග විශේෂඥයින්ගේ අදහස් ආණ්ඩුව පැත්තකට දාලා. සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සහ විශේෂඥයින් අනතුරු  අඟවන්නේ ඉදිරි දින 20 ඇතුළත 1200ක පමණ පිරිසක් මිය යා හැකි බවට. සුරේෂ් අංගම්පොඩි රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමා මේ වගේ ප්‍රක්‍ෂේපණයක් ඉදිරිපත් කර තිබෙනවා. දින 05ක් ප්‍රමාද නොවී සංචරණ සීමා දැඩි කිරීම හෝ ඊට වඩා වැඩි තීරණ ගත යුතු බව විශේෂඥයන් ප්‍රකාශ කරන අතර සමහර ඇමතිවරුන් ජනතාව දෙවියන්ට භාර දෙන්න හදනවා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය ප්‍රකාශ කර තියෙන්නේ තීන්දු-තීරණ ගන්න අය තමන්ගේ මතය ප්‍රයෝජන නොගන්නා බවයි. රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන හමුවට සෞඛ්‍ය ඇමතිවරිය කැඳවන්නේ නැහැ. විශේෂඥයින්ගේ මතය කුණු කූඩයට දාලා. ආණ්ඩුවේ බොහෝ දෙනා තීරණ ගනිමින් ඉන්නේ මොළේ උඩ වාඩි වෙලා. විශේෂයෙන් ජනාධිපතිවරයා තීරණ ගන්නේ සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුවද නැත්නම් හමුදාපතිවරයා හෝ බුද්ධි අංශවල තොරතුරු අනුවද කියලා ගැටලුවක් තිබෙනවා. ආණ්ඩුවේ උද්දච්ඡ හිතුවක්කාර තීන්දු-තීරණ විසින් වසංගතයේ බරපතළකම බිහිසුණු වී තිබෙනවා. රටේ ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව අපි හිතනවා. ආණ්ඩුව සොයමින් ඉන්නේ වසංගතයට මුහුණ දීම ගැන නෙවෙයි, මිය යන අයට ආදාහනය කිරීම ගැනයි. ඒ නිසා ජනතාව මේ පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුයි. ඊට අමතරව අද බඩු මිල වැඩිවන විට ආදායම වැඩි නොවන මිනිස්සුන්ට ජීවත් වීම සඳහා පාරට බහින්න සිදුවෙලා තිබෙනවා. පොලිම්වල ලගින්න සිදුවී තිබෙනවා. ආණ්ඩුව මිනිස් ජීවිත ගැන වගකීමක් නොකියන නිසා ජනතාවට වගකීම ගන්න සිද්ධවෙලා තියෙනවා. ජනතාව හැටියට ජීවත් වෙන්න අරගල කරන අතරෙම මේ රෝගයෙන් ගැලවීමේ ක්‍රමෝපායන් අනුව කටයුතු කරන්න කියලත් ඉල්ලා සිටිනවා. දරුවන්ගේ ජීවිතත් බේරා ගැනීමේ වගකීම අපිම දරාගත යුතු වෙනවා. මියයන ජීවිතවල වගකීම ඒ මිනිස්සු පිටම පටවන තත්වයක් ආණ්ඩුවේ තියෙන්නේ. ආණ්ඩුව කැබිනට් මණ්ඩලය රැස් කරන්නේ ජනතාව වෙනුවෙන් තීන්දු-තීරණ ගන්න නෙවෙයි. ඒ වගේම රටේ ජනතාව ගෑස් පෝලිම්වල යවා දැන් වෙළඳ මාෆියාවට කප්පම් දී උත්තර හොයා තිබෙනවා. ලාෆ් ගෑස් ආයතනය තමන්ගේ පාඩුව ආණ්ඩුවට බාරගන්න කොන්දේසි ඉදිරිපත් කර ඔවුන්ගේ හම්බන්තොට ගෑස් ටර්මිනල් එක ලිට්‍රෝ සමාගමට පවරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. පෞද්ගලික සමාගමේ පාඩුව ආණ්ඩුව බාර ගන්නවා නම් රු. 1493 මිලට දිගටම ගෑස් ලබාදෙන්න සූදානම් බව කියා තිබුණා. නමුත් අද වෙනකොට රු. 363කින් ගෑස් මිල වැඩිකර තිබෙනවා. මීට ඉස්සර කිව්වේ ද්‍රවශීලතා ප්‍රශ්න තියෙන බවයි. නමුත් ගෑස් මිල වැඩිකිරීමෙන් කප්පම් දුන්නාට පස්සේ වෙන කිසිම ප්‍රශ්නයක් ගැන කියන්නේ නැහැ. පෞද්ගලික සමාගමේ පාඩු රජය බාර ගත්තත් ඒක ආපහු පටවන්නේ ජනතාව මතට. එහෙම නොකර මිල වැඩි කිරීමෙනුත් සෘජුවම පටවන්නේ ජනතාව මතට. දැන් මේ වනවිට රජයේ ලිට්‍රෝ ගෑස් කම්පැනියත් පාරිභෝගික අධිකාරියෙන් මිල වැඩි කරන්න අවසර ඉල්ලා තිබෙනවා. ආණ්ඩුව කියන්නේ රජයේ සමාගමට මිල වැඩි කරන්න නොදෙන බවයි. ආණ්ඩුව කියන්නේ අවසානයේ දී කණගාටුවෙන් වුණත් ලිට්‍රො සමාගමෙන් මිල වැඩිකරන්න සිදුවන බවයි. එහෙම නැත්නම් ලිට්‍රො සමාගමත් එකතු කරලා අලුත් සමාගමක් පිහිටුවන්න යාමයි. මෙතන තියෙන්නේ ස්වභාවිකව ගෑස් හිඟවීමක් නෙවෙයි. කප්පම් ගනිමින් ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙළක්. මේ වසංගත තත්වයේදී, බඩුමිල වැඩිවීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවී තිබියදී ආණ්ඩුව කිසිම ප්‍රශ්නයකට උත්තර හොයන්නේ නැහැ. හැම පැත්තෙන්ම ජනතාව පීඩාවට පත්කරමින් ඉන්නේ. මේ තත්වයෙන් අපේ රටත් ජනතාවත් මුදවා ගැනීමේ වගකීම බාර ගැනීමට අපි සූදානම් ඒ වෙනුවෙන් වගකීමෙන් කටයුතු කරමු. එහි පළවැනි පියවර හැටියට අපි ආණ්ඩුවට බල කරමින් කියන්නේ වහාම සෞඛ්‍ය විශේෂඥයින්ගේ මතයට ඇහුම්කන් දී කටයුතු කරන්න කියලා. ඒ වගේම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුව වගකීම අත්හරින නිසා ජනතාව හැටියට ඒකරාශී වී අපේ දරු පරම්පරාවේ ආරක්‍ෂාව වෙනුවෙන් එකට එකතු වී කටයුතු කරමු කියලා. අපි ආරක්‍ෂා වෙමු. ආරක්‍ෂා වී කටයුතු කරමු. ඒ සඳහා පෙරට එන්න කියලා අපි ආරාධනා කරනවා.”

  • ලංකාවේ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව තහවුරු කරයි

    ලංකාවේ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව තහවුරු කරයි

    ඊයේ (11) දින කොවිඩ් ආසාදිත මරණ 156ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (12) තහවුරු කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    මියගිය පුද්ගලයින් 121 දෙනකු වයස අවුරුදු 60 සහ 60ට වැඩි පුද්ගලයින් වන අතර 35 දෙනකු වයස අවුරුදු 30-59 අතර පුද්ගලයින් වේ. පිරිමින් 87 දෙනකු සහ කාන්තාවන් 69 දෙනකු මියගිය පුද්ගලයින් අතර වේ

  • මහාචාර්ය අර්ජුන ද සිල්වා රජයට අවධාරණය කරන සුපිරි යෝජනාව

    මහාචාර්ය අර්ජුන ද සිල්වා රජයට අවධාරණය කරන සුපිරි යෝජනාව

    වත්මන් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක හෙයින් රට සම්පූර්ණයෙන්ම වසා දැමීම කළ නොහැකි නම් “ලොකප්” හෙවත් පුද්ගල සංචරණය පාලනය කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

    වත්මන් කොවිඩ් ව්‍යාප්තිය හා එය පාලනයට ගත හැකි මග පිළිබදව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අවධාරණයෙන් කියා සිටියේ පුද්ගල සංචරණ ඉදිරි සති දෙකේදී හැකිතාක් සීමා කළ යුතු බවත් සංචරණ සීමා නොකර මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම අසීරු බවත්ය.

    ‘‘වයිරසය බෝවිය හැකි සියලුම ස්ථාන වසා දැමිය යුතුයි. විශේෂයෙන්ම විවාහ මංගල්‍ය උත්සව, අවමංගල්‍ය උත්සව කායවර්ධන මධ්‍යස්ථානවල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට පියවර ගත යුතුයි. පුද්ගල සංචරණ මේ ආකාරයට සිදු වන්නේ නම් කොරෝනා පැතිරීම කිසිසේත් පාලනය කළ නොහැකියි. පළාත් සංචරණ සීමා පණවා ඇතත් පළාත් හැරෙන්නට මිනිසුන් සියලු දෙනා හිතුමතේ සංචරණය කරනවා. ඒ නිසා රජය සහ අදාළ ආයතන එකතුවී ඉදිරි සති දෙක තුළ දැඩි ක්‍රියාමාර්ගවලට යා යුතුයි. තම ආයතනවලට සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් රාජ්‍ය හා පුද්ගලික අංශයේ ප්‍රධානීන් දැඩි අවධානය යොමු කර එම කැදවීම් සැලකිය යුතු ලෙස අඩු කළ යුතුයි.

    සංචරණ සීමා නොකර මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම අමාරු යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

  • ‘රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට ඇවිත්‘

    ‘රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට ඇවිත්‘

    මෙරට ඔක්සිජන් සමාගම් කර්මාන්ත සඳහා සපයන ඔක්සිජන්වලින් කොටසක් රෝහල්වල ප්‍රයෝජනය සඳහා ලබාගැනීමටද එම සමාගම් සමග සාකච්ඡා කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

    රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු ගැන මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රෝහල්වල ඔක්සිජන්වලින් සියයට 25ක් පමණ අපතේ යන බව සොයා ගෙන ඇති බවයි.

    රෝහල්වල ඔක්සිජන් අපතේ යෑම වැළැක්වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට රෝහල් ප්‍රධානීන්ට දැනටමත් උපදෙස් ලබාදී ඇතැයිද රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගෙන ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

    ‘ඔක්සිජන් සමාගම්වල ගබඩාවල ඔක්සිජන්වලින් ප්‍රමාණයක් ගැනීමට අපි කටයුතු කරනවා. එසේම ඔක්සිජන් ටැංකි 12ක් ඉන්දියාවෙන් හා සිංගප්පුරුවෙන් මිලදී ගැනීමටද ඇනවුම් කර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

    මේ අතර සෞඛ්‍යය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට පැමිණ ඇති බවයි.

  • තාම ඩෙල්ටා වයිරසයේ බලපෑම ආරම්භ වුණා පමණයි – ඉදිරි සති දෙක තීරණාත්මකයි

    තාම ඩෙල්ටා වයිරසයේ බලපෑම ආරම්භ වුණා පමණයි – ඉදිරි සති දෙක තීරණාත්මකයි

    ‘යම් පුද්ගලයකුට කෑම නැති වුණහොත් කවුරුන් හෝ එය ලබා දෙනු ඇති බවත් ඔක්සිජන් නැති වුවහොත් සිදුවෙන දේ සිතාගැනීමට තමා ජනතාවට යෝජනා කරන බවත් නව වයිරස ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    වත්මන් වසංගත තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරමින් ආචාර්ය ජීවන්දර කියා සිටියේ ජනතාව තමන්ම ” ලොක්ඩවුන් විය යුතු බවට තමා යෝජනා කරන බවයි.

    ඩෙල්ටා වයිරසය ඉදිරි සති දෙකේදී ප්‍රබලව ක්‍රියාත්මක වනු ඇති බවත් මේ තත්වය තේරුම් ගෙන සංචරණ හැකිතාක් සීමා කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආචාර්ය ජීවන්දර සඳහන් කළේය.

    ‘‘තාම ඩෙල්ටා වයිරසයේ බලපෑම ආරම්භ වුණා පමණයි. එහි භයානක බව හොඳින් දැනෙන්නේ ඉදිරියේදීයි. මේ නිසා ඉදිරි සති දෙක තුන ඉතාම තීරණාත්මකයි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. චීනයේ වුහාන් ප්‍රාන්තයේ පැතිර ගිය වයිරස ප්‍රභේදයට වඩා දෙගුණයක පමණ වේගයෙන් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පැතිරෙනවා. මුව ආවරණය තප්පර පහක් ගලවාගෙන සිටියහොත් ආසාදිතයකු බවට පත්වීමට එම කාලය හොඳටම ප්‍රමාණවත්. මෙම වයිරස ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට නම් මේ අවස්ථාවේදී දැඩි ක්‍රියාමාර්ගවලට යා යුතු‘ යැයි ද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අවධාරණය කළේය.

  • ‘මේ විනාශය මුල සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය‘ – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

    ‘මේ විනාශය මුල සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය‘ – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් තීරණ නොගැනීමත්, තීරණ ප්‍රමාද කිරීමත්, ගජ මිතුරු සමාගම් වලට අවැසි පරිදි තීරණ ගැනීමත්, හේතුවෙන් රටට අත්වී ඇති විනාශය පිළිබඳව විමර්ශනය කර දඬුවම් ලබා දිය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි.

    අද (11) පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළ එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ කොව්ඩ් පිළිබඳ පරීක්ෂණ අඩාල කරමින් ගිය ගමන හේතුවෙන් රට විශාල ව්‍යසනයක පාමුලට පැමිණ ඇති බවයි.

    මෙම මාධ්‍ය හමුවේදී කුමුදේශ් මහතා මෙසේද පැවසුවේය.

    ‘‘කොව්ඩ් පිළිබඳ පරීක්ෂණ අඩාල කරමින් ගිය ගමන හේතුවෙන් රට විශාල ව්‍යසනයක පාමුලට ඇවිල්ලා. පරීක්ෂණ කරල හොයාගන්න රෝගීන් මෙන් පස් ගුණයකටත් වඩා ප්‍රමාණයක් රට තුළ ඉන්නවා. අපි පරීක්ෂණ කරන්නේ රෝගය තමන් විසින්ම සොයා ඕන කියල හිතෙන කිහිප දෙනෙකුගේ පමණයි. හඹා යාම්, ආශ්‍රිතයන් සේවීම්, අහඹු පරීක්ෂණ කිසිවක් නොමැතිව හෙට දවසේ රටට අත්වන ඉරණම පිළිබදව කිසිවක් කිව නොහැකියි.

    රෝගය පුරෝකථනය කරල කළ යුතු දේ, අනාගතයේ සිදුවිය හැකි දේ, පිළිබඳ වාර්තා සැපයීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් ඒ වගකීම ඉටු කරවා ගනිමින් විද්‍යානුකූලව රටේ ප්‍රතිපත්ති තීරණ ගැනීම ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ වගකීමක්. ️ජනාධිපති වරයාට සහ රජයට ඉදිරි මාසය තුළ වසංගතයේ හැඩය පිළිබඳව නිල වාර්තා දිනපතා යැවීම අනිවාර්ය කොට ඊට දැනට පඩි ලබමින් නිකං සිටින විශේෂඥයෙකුට වගකීම පැවරිය යුතුයි.

    ️අද වන විට රට පරීක්ෂණ නොකර රටම අඳුරේ අතපත ගාන තත්ත්වයට පත්වෙලා.️ රැපිඩ් පීසීආර්/ ස්ථානීය පීසීආර් අවශ්‍යයි කියන බව අපි කියල අවුරුද්දක් වෙනවා. විවිධ පරිත්‍යාගශීලීන්ට පින් සිද්ද වෙන්න ලංකාවේ තැන් 16ක ඒවා ක්‍රියාත්මක වෙනවා. පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමියගේ ඡන්ද බලප්‍රදේශය තුළ ඇති ඇඹිලිපිටිය රෝහලටත් රැපිඩ් පීසීආර් පරික්ෂණ යන්ත්‍රයක් දුන්නේ පරිත්‍යාගශීලියෙක්. නමුත් එමිරේට්ස් ගුවන් සමාගම රැපිඩ් පරීක්ෂණ ඉල්ලන කොට පවිත්‍රා ඇමතිතුමිය ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර වල කරනව කියල දන්නේ නැහැලු. ඒයාට හිතවත් පෞද්ගලික රෝහලකින් කරගන්න කියල තමයි උපදෙස් දීල තියෙන්නේ.

    ️රැපිඩ් පීසීආර් යන්ත්‍ර 14ක් ගෙන්වන්න සෞඛ්‍ය අමාත්‍යාංශය හිදිසි ටෙන්ඩරයක් කැඳෙව්වේ ජුනි මාසේ මුල් සතියේ. මාස දෙකක් ගිහිල්ලත් සෞඛ්‍ය ලේකම්ට ඒ ගැන තීරණයක් ගන්න බැරිවෙලා. රටේ ඕනෑ තරම් රැපිඩ් පීසීආර් යන්ත්‍ර තියෙද්දි ගජ මිතුරු කල්ලියේ අය ටෙන්ඩරය බලල, රට රටවල් වල ගිහිල්ල, යන්ත්‍ර හොයා ගෙන, ඒවා ලියාපදිංචි කරල, ලයිසන් අරගෙන විකුණගන්නකං සෞඛ්‍ය ලේකම්ගේ තීරණය එහාට මෙහාට ඇදෙනවා.

    ️ඒ හින්දම මැරිච්ච ගාන, පමා වුණු මෘතදේහ පරීක්ෂණ ගාන, ශල්‍යකර්ම නැතිව මිය ගිය ගාන, පරීක්ෂණ කරගන්න බැරිව අපහසුතාවයට පත්වෙන ගර්භනී මව්වරු, හදිසි අනතුරු ප්‍රමාණය, හෘද සැත්කම් ප්‍රමාදවීම නිසා මිය ගිය ගණන තීරණ නොගැනීම හේතුවෙන් ඉහල යන බව අපි අවධාරණය කරනවා. ඒවාගේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත යුතු වෙනවා.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් තීරණ නොගැනීමත්, තීරණ ප්‍රමාද කිරීමත්, ගජ මිතුරු සමාගම් වලට අවැසි පරිදි තීරණ ගැනීමත්, හේතුවෙන් රටට අත්වී ඇති විනාශය පිළිබඳව විමර්ශනය කර දඬුවම් ලබා දිය යුතුයි.