Tag: featured

  • දින 20ක් තුළ අමතර මරණ 1200ක් වළක්වා ගත හැකි ක්‍රමය කියයි

    දින 20ක් තුළ අමතර මරණ 1200ක් වළක්වා ගත හැකි ක්‍රමය කියයි

    වහා රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි දින 20 තුළ අමතර මරණ 1,200 ක් වත් වළක්වා ගත හැකි බව ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පුරෝකථනය කළ හැකි දත්ත ඒ බව පෙන්නුම් කරන බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

    මිනිස් ජීවිත බේරා ගැනීමේදී කඩිනම් තීන්දු තීරණ ගැනීම අතිශය තීරණාත්මක බව ඔහු පෙන්වා දෙයි.

    “තීරණ ගැනීමේදී දින 5 ක ප්‍රමාදයක්, අවම වශයෙන් 700 දෙනෙකුවත් නොසිතා ඝාතනයට ලක් කිරීමක් වනු ඇති,” බව ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු වශයෙන් ද කටයුතු කරන මහාචාර්ය අගම්පොඩි නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

    Prof. suneth agampodi

    සති දෙකක් තුළ ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යා හැකි බවට මහාචාර්යවරයා සෙනසුරාදා (අගෝස්තු 07) අනතුරු ඇඟවීය. අඟහරුවාදා (අගෝස්තු 10) තවත් කොවිඩ් මරණ 118 ක් වාර්තා වූ අතර ඇඳිරි නීතිය දැමීම අවසාන විකල්පය බව රජයේ ස්ථාවරය වී තිබේ.

    රජයේ ප්‍රතිචාරය: “ඉතිරිය දෙවියන්ට භාරයි…”

    අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ” කොවිඩ් ව්‍යසනයට තිබෙන හොදම සහ ආසන්නම වශයෙන් අංග සම්පූර්ණ විසදුම” ලෙස ලොව පිළිගන්නේ එන්නත්කරණය බවය.

    වයස අවුරුදු 18 ට අඩු සියලුම දෙනාට එන්නත ලබා දීම ආණ්ඩුවේ ඉලක්කය බවත් ඇමතිවරයා සඳහන් කළේය.

    “අවුරුදු 18 ට වැඩි සියලුම දෙනාට එන්නත ලබා ගන්න හැකි තත්ත්වයට රට පත් කරනවා. මේක තමයි අපිට තිබුණු ලොකුම අභියෝගය. ඉන්දියාවේ ඇති වුණු විප්ලවීය තත්ත්වය තුළ ඔවුන්ට එන්නත් පනස් දාහක්වත් පිටට දෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ.”

    “අපේ ඉලක්කය තමයි අන්න ඒ පහසුකම ලබලා දීලා ඉතිරි ටික දෙවියන්ට බාර දීම,” යනුවෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් පැවසීය.

    ‘එන්නත්කරණය පමණක් ප්‍රමාණවත් නැහැ’ – විශේෂඥ වෛද්‍යවරු

    ආණ්ඩුවේ ස්ථාවරය එය වුවත් එන්නත්කරණයෙන් පමණක් වසංගතයක් පාලනය කළ නොහැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ දිගින් දිගටම අවධාරණය කරති.

    රෝහල් ධාරිතාව උපරිමයක් කරා ළඟා වීම නිසා කොවිඩ් රෝගීන් පමණක් නොව අනෙකුත් රෝගීන් ද මරණයට පත්වීම නොවැලැක්විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

    එබැවින් කල් නොමරා හැකි ඉක්මනින් දැඩි සංචරණ සීමා පනවන ලෙස විශේෂඥ  වෛද්‍යවරුන්ගේ සංගමය ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

    එන්නත්කරණය සම්පූර්ණ කිරීමට තවත් මාස 2-3 ත් අතර කාලයක් ගත වන බව පෙන්වා දෙන එම සංගමය, තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීමට ඇති ප්‍රධානම අවිය දැඩි සංචරණ සීමා පැනවීම බව අවධාරණය කරයි.

    “තව දින කිහිපයකින් රට ඉතාමත් විශාල අර්බුදයකට යෑමට ඇති හැකියාව සක් සුදක් සේ පැහැදිලිය,” යනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

    එමගින් දැඩි පීඩනයකට හසුව සිටින සෞඛ්‍ය සේවයට “හුස්ම ගැනීමට යම් ඉඩක්” ලැබෙන බවත් එහි වැඩිදුරටත් සඳහන් විය.

    “මගේ මතේ වැඩක් නෑ…” – අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

    මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නොසතුට පළ කරන ආකාරයක් පෙනෙන්නට තිබේ.

    රටේ පවතින සෞඛ්‍ය සම්බන්ධයෙන්න් සිය අදහස කුමක්දැයි රාජ්‍ය අමාත්‍යවරියගෙන් මාධ්‍යවේදියෙකු විමසන අවස්ථාවේ, “මගේ මතේ වැඩක් නැහැනේ. මගේ මතේ වැඩක් නැහැ… තීන්දු ගන්න අය තීන්දු ගනියි. නමුත් අවදානමක ඉන්නේ,” යනුවෙන් ඇය ප්‍රතිචාර දක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් ‘Headline News’ වාර්තා කර තිබිණි.

    “ඒ නිසා රටේ ජනතාවට මම කියන්නේ රජය කරයි, සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බල බල ඉන්න එපා. මේ ජීවිතයේ වටිනාකම තිබෙන්නේ ඔබට. තමුන්ගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා නීති දානකම් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැන ගන්න. සෞඛ්‍ය උපදෙස් ටික පිළිපදින්න. අනවශ්‍ය ගමන්, අනවශ්‍ය සාද ටික නවත්වන්න,” යනුවෙන් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

    ශ්‍රී ලංකාවේ කොවිඩ් පුනරාකථන වෙබ් අඩවියට https://slcovidmodel.com හරහා පිවිසෙන්න.

  • කොවිඩ් ආසාදිත මරණ 124ක් තහවුරු කරයි

    කොවිඩ් ආසාදිත මරණ 124ක් තහවුරු කරයි

    ඊයේ (10) දින කොවිඩ් ආසාදිත මරණ 124ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    මියගිය පුද්ගලයින්ගෙන් 95 දෙනකු වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වන අතර එක් අයෙක් වයස අවුරුදු 30ට අඩු අයෙකි. මියගිය පුද්ගලයින් අතර පිරිමින් 75 දෙනකු සහ කාන්තාවන් 49 දෙනකු සිටී

  • PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ මිල නියාමන ගැසට්ටුව හෙට

    PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ මිල නියාමන ගැසට්ටුව හෙට

    කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් කොවිඩ් වෛරසය ආසාදිතයින් හදුනා ගැනීම සදහා පෞද්ගලික අංශයේ රෝහල් වලින් සිදු කරනු ලබන පී.සී.ආර් සහ ඇන්ටිජන් පරික්ෂණ සදහා අය කරනු ලබන මිල ගණන් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය  පියවර ගනීී.

    මෙම මිල ගණන් නියාමනය කිරීමට අදාල ගැසට් පත්‍රය හෙට දින (12) නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (11) ප්‍රකාශ කරන ලද්දේ සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

    ‍මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “මහජන නියෝජිතයින් සහ රජයක් විදිහට අප මේ රටේ මහජනතාවට සාධාරණයක් ඉෂ්ඨ කළ යුතුයි. ඒ් අනුව පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් සාකච්ඡා ගණනාවක් පවත්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරනු ලැබුවා පී.සී.ආර් පරීක්ෂණයක් සදහා පෞද්ගලික අංශයට අය කළ හැකි උපරිම මිල රුපියල් 6,500 ක් සහ ඇන්ටිජන් පරීක්ෂණයක් සදහා උපරිම මිල රුපියල් 2,000 ක් ලෙස. ඒ් අනුව හෙට දිනයේ දී පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය එය ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්කරනු ලබනවා. එතැන් සිට එම මිල ගණන් මේ රටේ බලපැවැත්වෙනවා. ඒ් අනුව පාරිභෝගිකයාට අපට කරන්නට පුළුවන් සාධාරණය අප සිදු කර තිබෙනවා.”

    සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී අවධාරණය කර සිටියේ මෙි දිනවල කොවිඩ් වෛරසය හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණ හා ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලබන බවත්,  පාරිභෝගිකයින් මෙහි මිල සහ ගුණාත්මකභාවය පිළිබද පැමිණිලි රාශියක් ඉදිරිපත් කළ බැවින් ඒ් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පාරිභෝගික අධිකාරිය දිවයින පුරාම විමර්ශණ කටයුතු සිදු කළ බවත් ය.

    “දිස්ත්‍රික්ක 21 ක පාරිභෝගික නිලධාරීන් රෝහල් 45 ක පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ මිල ගණන් පිළිබදව විමර්ශණයක් කළා. එ් අනුව රුපියල් 5,500 – 9,750 දක්වා පී.සී.ආර් පරීක්ෂණ සදහා මුදල් අය කර තිබුනා. ඇන්ටිජන් පරීක්ෂණ සදහා රුපියල් 2,000 සිට 5,550 දක්වා අයකර තිබුනා. මෙය පාරිභෝගික ජනතාවට සිදු කළ අසාධාරණයක්. ඒ් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ පිළිබදව දීර්ඝ ගණනයකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් මා වෙත එම මිල ගණන් කොපමණ ද යන්න පිළිබදව නිර්දේශය ලබාදීමට කටයුතු කළා.  ඉතාම කෙටි කාලයක් තුල මේ වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දී මිල ගණන් නිර්දේශ කිරීමට කටයුතු කිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයට විශේෂ ස්තූතිය පුද කරනවා” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

  • අය-වැය 2022 සඳහා පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබාගැනීම අගමැතිගේ ප්‍රධානත්වයෙන්

    අය-වැය 2022 සඳහා පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබාගැනීම අගමැතිගේ ප්‍රධානත්වයෙන්

    අය-වැය 2022 සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් වන පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සංවිධානය කළ මෙම හමුවේ දී ග්‍රාමීය, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් ඉටුකළ යුතු කාර්යයන්, ජාතික මට්ටමින් අවධානය යොමුකළ යුතු කාර්යයන් සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම යන අංශ සඳහා පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබා ගැනීම සිදුවිය.

    දේශීය කාබනික කෘෂිකර්මාන්තය නගා සිටුවීම, අපනයන නිෂ්පාදනය ඉහළ දැමීම, කර්මාන්ත සහ සේවා අංශය වෙත ග්‍රාමීය ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම සහ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් නගාසිටුවීම, සංචාරක ක්ෂේත්‍රය නගාසීටුවීම, ධීවර ක්ෂේත්‍රය පුළුල් සංවර්ධනයකට ලක් කිරීම, මල් සහ විසිතුරු පත්‍ර වගාකරුවන් නගාසිටුවීම,  සත්ත්ව නිෂ්පාදන අංශය වර්ධනය කිරීම ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි පසුපෙළ මන්ත්‍රීවරු මෙහි දී යෝජනා ඉදිරිපත් කළහ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස එවකට රටේ විවිධ අංශ නියෝජනය වන පරිදි ඊට අදාළ පිරිස් වෙතින් අය-වැය යෝජනා සකස් කිරීමේ දී අදහස් ලබා ගැනීමට කටයුතු කළ බවත් එය ඉතා සාර්ථක ප්‍රගතියක් පෙන් වූ බැවින් මෙවර අයවැය සම්පාදනයේදීත් හැකි උපරිමයෙන් විවිධ අංශ නියෝජනය වන පරිදි යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී අවධාරණය කළේය.

  • ‘රට විරුවන්ගේ PCR පරීක්ෂණ සහ රැපිඩ් PCR පරීක්ෂණ නොමිලේ සිදුකළ යුතුයි‘

    ‘රට විරුවන්ගේ PCR පරීක්ෂණ සහ රැපිඩ් PCR පරීක්ෂණ නොමිලේ සිදුකළ යුතුයි‘

    රට විරුවන්ගේ PCR පරීක්ෂණ සහ රැපිඩ් PCR පරීක්ෂණ ජාත්‍යන්තර ගුවන්තොටුපළ රසායනාගාර තුළ නොමිලේ සිදු කිරීමට තීරණය කළ යුතු යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

    එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා විසින් අද (11) මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සදහන් වේ.

    මැදපෙරදිග රටවල් සදහා ශ්‍රමිකයන් යැවීමේදී සාමාන්‍ය PCR පරීක්ෂණයට අමතරව රැපිඩ් PCR පරීක්ෂණයක් අවශ්‍ය බව කියමින්, කොමිස් සදහා තමන්ට හිතෛෂී පෞද්ගලික  රසායනාගාරයක ට යොමු කිරීමට තීරණය කර ඇත. මෑතකදී වැරදි වාර්තා ලබා දෙන බැවින් චීනය විසින් තහනම් කළ මෙම රසායනාගාරයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින විශේශ ඇලම හේතුවෙන් ඩෙලටා ප්‍රභේදය රටතුළට  කාන්දුවීම පවා සොයා ගත නොහැකිවිය.

    Rapid  PCR යණු කෙටිකාලීන ක්‍රමවේදයක් (Short Protocol) යටතේ සිදු කරන PCR වන ඇතර, ස්ථානීය PCR ලෙස අප වසරක් තිස්සේ ඉල්ලමින් සිටින්නේ ද ක්‍රමවේදයයි.   මේ වන විටත් රජයේ රසායනාගාර 16ක පමණ Rapid PCR පරීක්ෂණ සිදු කරමින් පවතින අතර, සෞඛ්‍ය අමාත්‍යවරිය ගේ චන්ද දායකයින් සිටින ඇඹිලිපිටිය එම ක්‍රමය ක්‍රියත්මක වන නමුත්, එම යන්ත්‍ර සියල්ල ලබාගෙන ඇත්තේ, පරිත්‍යාගශීලීන්ගේ ධන පරිත්‍යාගයෙන් ය.

    ඊට අමතරව ජනාධිපතිවරයාගේ නියෝගයකට අනූව මෙම යන්ත්‍ර 30ක් මිලදී ගැනීම සදහා ප්‍රතිපාදන අනුමත වූ අතර, යන්ත්‍ර 14ක් සදහා ජුනි මාසයේ අවසන් කළ ටෙන්ඩරයට මාස දෙකක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය අවහිර කර ඇත. තමන්ට හිතෛෂී සමාගම සදහා අවස්ථාව සැලසීම සදහා උපක්‍රමිකව මෙම ප්‍රමාදය සිදු වන අතර රජයේ රෝහල් වල Rapid PCR නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය  නිවේදනය කරන්නේ ඒ අතර වාරයේය.

    තමන්ට කොමිස් ලැබෙන පෞද්ගලික රෝහලකට රටවිරුවන් යොමුකරමින් ඔවුන්ව ගසා කෑමකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ඇති  රසායනාගාරයේ එම පරීක්ෂණ සිදු කිරීමට උපරිම හැකියාවක් තිබිය දී ය.

    පෞද්ගලික රසායනාගාර පොහොසත් කර කොමිස් ලබා ගැනීම සදහා එක් පසෙකිනුත්, වෙන්කර ඇති ප්‍රතිපාදන මගින් මිලදී ගත හැකි Rapid PCR   ගජමිතුරන්ගේ වාසිය සඳහා මාස ගනන් ටෙන්ඩර මණ්ඩල සදහා තීරණ ලබා නොදෙමින් තවත් පසෙකිනුත් කටයුතු කරමින් සිටින ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රතිපත්ති තීරණ හේතුවෙන්, තවදුරටත් කොවිඩ් පරීක්ෂණ ක්‍රියාවලිය ඉතා බැරෑරුම් ගැටලුවකට ලක් වී ඇත.

    මෙම ගැටලු විසදා ගැනීම සදහා අප විසින් පහත සදහන් යෝජනා ඉදිරිපත් කරමු.

    • ️රට විරුවන්ගේ පරීක්ෂණ ජාත්‍යන්තර ගුවන්තොටුපළ රසායනාගාර තුළ නොමිලේ සිදු කිරීමට තීරණය කළ යුතුය.
    • අවම වශයෙන් වියදම පමණක් ලබා ගනිමින් ඔවුන්ට ඒ කාර්යය සිදු කර  දෙනවා වෙනුවට, පෞද්ගලික රෝහල් රසායනාගාර වලට මුදල් කන්දරාවක් වැය කිරීමට වහා නතර කළ යුතුය.
    •  එසේම වෙන්කර ඇති  ප්‍රතිපාදන වලින් Rapid OCR යන්ත්‍ර ලබා නොදෙමින් රට තුළ මරණ අනුපාත ඉහළ දමමින් හා රැකියා ලාභීන්ට තිබෙන අවස්ථා ලබා නොදෙමින් තම තමන්ගේ පෞද්ගලික හිතෛෂීන්ගේ කොම්පැනි වලට ලබාදීම සඳහා ප්‍රතිපත්ති තීරණ අයථා හා අනීතිකව භාවිත කිරීමේ ක්‍රමය වහා නිවැරදි කළ යුතුය.
  • ගෑස් අර්බුදයේ ඉදිරි දවස් පහ තීරණාත්මකයි

    ගෑස් අර්බුදයේ ඉදිරි දවස් පහ තීරණාත්මකයි

    ගෑස් අර්බුදයට විසඳුම් සෙවීම ‘අද නොවෙයි හෙට‘ ට කල් දැමීම හේතුවෙන් රට තුල දැවැන්ත ගෑස් අර්බුදයක් මතුව ඇත. ඉදිරි දින 4 ගෑස් හිඟය උපරිම මට්ටමට පැමිණෙනු ඇති අතර, සෑම දින 2 ½ කට වරක්ම රටට ගෑස් නැවක් ගෙන්වා ගැනීමට අසමත් වන්නේ නම් රටේ දෛනික ජන ජීවිතය බිඳ වැටෙත තත්වයක් නිර්මාණය විය හැකි බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

    ලිට්රෝ සමාගමේ ගෑස් වෙළෙදපොල පංගුව 71% ක් වු අතර ඉතිරි 29% ලාෆස් සතු විය.  රටේ ගෑස් සිලින්ඩර      ලක්ෂ 101 ඇත. එයින් ලාෆස් සමාගම සතු සිලින්ඩර ලක්ෂ 29 කි. බෙහෝ නිවේස්වල ගෑස් සිලින්ඩර දෙක බැගින් ඇත. දෙකම පිරී ඇත්තේ ඉදහිටය.

    ගෑස් හිඟයත් සමඟම ලක්ෂ 29 ක් සිලින්ඩර හිස් විය. දෙවන සිලින්ඩරය ලෙස නිල් ගෑස් ලබාගත් පිරිස වහා ගෑස් ලබාගැනීමට පොරකන්නට විය. දැන් කහ පාට ගෑස් ද නිල් පාට ගෑස් ද දෙකම නැත.

    ලාෆ්ස් කි.ග්. 12.5 සිලින්ඩරය භාවිතා කරන ලක්ෂ 9 කට ද, ක්.ග්. 5 සිලින්ඩරය භාවිත කරන ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණය ද දැන් අන්ත අසරණය. ඉදිරි දින 4 තුල අර්බුදය පුපුරා යන්නේ  ලිට්රෝ සමාගමේ කි.ග්. 12.5 සිලින්ඩරය ලක්ෂ 60 න් ආසන්න වශයෙන් ලක්ෂ 38 තනි සිලින්ඩර හිමිකරුවන් වන නිසාය.  දැන් ගෑස් සොයා තැන තැන යන පිරිසට තව දින 4 ක් තුල තවත් ලක්ෂ 12 ක් එක් වන්නේය.  

    ලිට්රෝ සමාගම සතු එකම සක්‍රීය ගෑස් සිලින්ඩර් පිරවුම් අංගනය කෙරවලපිටියේ පිහිටා ඇත.  එහි සම්පූර්ණ ගෑස් ධාරිතාවය මෙ.ටො. 8000 කි. සාමාන්‍ය  තත්වය යටතේ ගෑස් ටැංකියක 10% – 15% ක ඇත්තේ වායුව යි. දියර ගෑස් 85% ක් ආසන්න ප්‍රමාණයකි. ඒ අනුව, ලිට්රෝ දියර ගෑස් ධාරිතාව මෙ.ටො. 7000 කි.

    ගෑස් මෙ.ටො. 3000 ක් පමණ ඉතිරිව තිබිය දී රටට ගෑස් නැවක් රැගෙන ඒම ලෙට්රෝ සමාගමේ ව්‍යවහාරයයි. ලිට්රෝ සැපයුම්කාර ඕමාන් ට්‍රෙිඩින් සමාගම සතුව නැව් දෙකක් ඇති අතර ඒවා මෙ.ටො. 3500 ට ආසන්න ධරිතාවයෙන් යුතුය. ඕමානයේ සිට ලංකාවට ගෑස් නැවක් පැමිණීමට දින 5 ½ ක් ගත වන අතර මෙහෙයුම් කටයුතු සඳහා අතිරේක දිනක් ගත වේ.

    කහපාට ලාෆස් ගෑස් වෙළෙඳපොලට නිකුත් වූ අවධියේ ලෙට්රෝ දිනකට ගෑස් මෙ.ටො. 1150 ක් පුරවා බෙදාහරිනු ලැබීය. දැන් එය මෙ.ටො. 1350 දක්වා ඉහළ ගොස් ඇත. ඉදිරි දින 2 තුල පොලිම්වල ගෑස් සැපයීමට නම් දින 2 ½ වරක් ගෑස් නැවක් (මෙ.ටො. 3500) ක් කෙරවලපිටියට පැමිණිය යුතුය.

    එවැනි අඛණ්ඩ සැපයීමක් සිදු කිරීමේ හැකියාව ලිට්රෝ සමාගමට දැනට නැත.  ලාෆස් ආයතනය මෙන් ගෑස් ගබඩා කිරීමේ පර්යන්ත පහසුකම් ද, තම සමාගම සතු ඔවුනගේම නැව් ද (ලාෆස් සමාගමට නැව් 3 ක් හා කුලියට ගත් නැවක් ඇත) ද නැත.

    ගෑස් අර්බුදය පිළිබඳ මම දැන් සති දෙකක සිට සවිස්තර අනතුරු ඇඟවීම් සිදු කර ඇත. මාගේ පූර්ව කථනය වූවේ අගෝස්තු තෙවන සතියේ දී ගෑස් අර්බුදයේ උපරිමයට ලගා වනු ඇති බවය. දින 13 කට කලින් එම අවස්ථාව උදාවී ඇති අතර දින 2 ½ කට වරක් කෙරවලපිටිය ගෑස් පර්යන්තය වෙත සැපයුම් ගෙන්වා ගැනීම ලිට්රෝ සමාගම හා රජය සතු වගකීමකි.

  • රට ඉතාමත් විශාල අර්බුදයකට යෑමට ඇති හැකියාව සක් සුදක් සේ පැහැදිලියි

    රට ඉතාමත් විශාල අර්බුදයකට යෑමට ඇති හැකියාව සක් සුදක් සේ පැහැදිලියි

    රෝහාල් ධාරිතාව උපරිමයක් කරා ළඟා වීම නිසා කොවිඩ් රෝගීන් පමණක් නොව අනෙකුත් රෝගීන් ද මරණයට පත්වීම නොවැලක්විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

    එබැවින් කල් නොමරා හැකි ඉක්මනින් දැඩි සංචරණ සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

    එන්නත්කරණය සම්පූර්ණ කිරීමට තවත් මාස 2-3 ත් අතර කාලයක් ගත වෙන බව එම සංගමය පෙන්වා දෙයි.

    තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීමට ඇති ප්‍රධානම අවිය දැඩි සංචරණ සීමා පැනවීම බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    පවතින තත්ත්වය තුළ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අනෙකුත් රෝගීන්ට ලබා දෙන පහසුකම් සීමා කිරීමට සිදුව ඇති බව එම සංගමය පවසයි.

    රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමග ඔවුන්ට අවශ්‍ය ඇඳන් සහ ඔක්සිජන් මෙන්ම වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු අනිකුත් පුහුණු කාර්ය මණ්ඩලය සීමාසහිත වෙමින් පවතින බව ඔවුන් පෙන්වා දෙයි.

    “තව දින කිහිපයකින් රට ඉතාමත් විශාල අර්බුදයකට යෑමට ඇති හැකියාව සක් සුදක් සේ පැහැදිලිය.”

    ‘සෞඛ්‍ය සේවයට හුස්ම ගැනීමට ඉඩක්’

    ඉතා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමෙන් දැනට උච්ඡතම අවස්ථාවට පැමිණ ඇති ප්‍රතිකාර කිරීමේ හැකියාව (රෝගීන් ප්‍රමාණයේ සුළු හෝ අඩුවකින්) යම් තරමක හොඳ තත්ත්වයකට පත් වනු ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියා සිටී.

    එමගින් ප්‍රතිකාර කිරීමේ කටයුතුවල නියැලී සිටින සියලුම කාර්ය මණ්ඩලවලට යම්කිසි තාවකාලික හෝ සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

    වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය හෝ ලොක්ඩවුන් සීමා පනවන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය කණ්ඩායම් ගණනාවක් ආණ්ඩුවෙන් ඉල්ලීම් කර ඇත.

    එහෙත් පවතින ආර්ථික අර්බුදය ඉදිරියේ එවැනි පියවරකට යාමෙන් වක්‍ර රැකියාවල නිරත ජනතාව පීඩාවට යන බව ආණ්ඩුවේ ස්ථාවරය වී තිබේ.

    රෝහල්වල පහසුකම් ඉහළ නංවන අතරේ එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබා දෙන බව ආණ්ඩුව කියා සිටී.

    මේ අතර මීට පෙර ලිහිල් කෙරුණු සංචාරණ සීමා සහ සෞඛ්‍ය රෙගුලාසි අගෝස්තු 06 සංශෝධනය කෙරුණු නමුත් එම සීමා ප්‍රමාණවත් නොමැති බව වසංගත රෝග පිළිබඳ විශේෂඥයෝ පෙන්වා දෙති.

    එන්නත්කරණ වැඩසටහන “ප්‍රශස්ත” මට්ටමක පැවතියත් ඉන් වසංගතය පැතිර යාම පාලනය කළ නොහැකි බව ඔවුහු පවසති.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යාව අංශ ප්‍රධානී, ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවේ ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ඇදහිය නොහැකි වේගයකින් සිදු වුවද, සම්පුර්ණයෙන්ම එන්නත් කරන ලද අනුපාතය රටේ සංචරණ සීමා ඉවත් කිරීමට ප්‍රමාණවත් නොවන බවත් එම නිසා ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන් එන්නත් කරන තුරු යම් යම් සීමා කිරීම් ක්‍රියාත්මක කළ යුතු බවයි.

    එසේ නොකිරීම තුළින් රටේ මරණ අනුපාතය ඉතා ඉහළ මට්ටමකට යාමට තුඩු දෙනු ඇති බවට ඇය පැවසීය.

    “ආර්ථිකය ද? ජීවිතය ද?”

    සති දෙකක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යා හැකි බවට බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙක් අනතුරු අඟවති.

    එවැනි තත්ත්වයක් ඇති වීමට 90% ක පමණ ඉඩක් ඇතැයි දත්ත මගින් පෙන්නුම් කරන බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි.

    එහෙත් එම මරණ සංඛ්‍යාව 200-300 දක්වා ඉහළ යාම වළකා ගැනීමට අප තවමත් ප්‍රමාද නැති බව යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු වශයෙන් ද කටයුතු කරන මහාචාර්ය අගම්පොඩි පෙන්වා දෙයි.

    “රටකට මේක කරන්න පුලුවන්ද බැරිද කියන දේ සිතන්නේ නැතුව මම මේ දේ කියන්නේ. මේ වෙලාවේ අපිට තව මරණ එන එක නවත්ත ගන්න කරන්න පුළුවන් දේ තමයි 100% ඇඳිරි නීතිය දාලා මිනිස්සුන්ව සති දෙකක් ගෙදර තියන එක. අපිට අඩුම තරමේ රෝහල්වලට හුස්මක් ගන්න, සූදානමක් ඇති කර ගන්න ඉන් අවස්ථාවක් ලැබෙනවා.”

    ආර්ථික ගැටළු දෙස බැලීමේදී එය කළ නොහැකි දෙයක් විය හැකිමුත් එවැනි පියවරකට නොගියොත් මරණ අඩු කර ගැනීම අතිශය දුෂ්කර වනු ඇති බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි පෙන්වා දෙයි.

    කෙසේ වුවත් යම් කිසි අවස්ථාවක “ආර්ථිකය ද ජීවිතය ද” යන්න තෝරා ගැනීමට බල කෙරෙනු ඇති බව ද මහාචාර්යවරයා පවසයි.

    “ඒක, ආර්ථිකය ද ජීවිතය ද කියන තෝරා ගැනීම අපි තව ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙන්න ඇරලා ගන්නවද? දැන් ඒ තීන්දුව අරගෙන ජීවිත බේරා ගන්නවද කියන තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්.” යනුවෙන් ඔහු පැවසීය.

    Text by bbc

  • පූර්ණ එන්නත්කරණය සිදුකරන තුරු රට ආරක්‍ෂිත නෑ – මහාචාර්ය නීලිකා මලවිගේගෙන් අනතුරු ඇඟවීමක්

    පූර්ණ එන්නත්කරණය සිදුකරන තුරු රට ආරක්‍ෂිත නෑ – මහාචාර්ය නීලිකා මලවිගේගෙන් අනතුරු ඇඟවීමක්

    ශ්‍රී ලංකාවේ මේ වන විට දිනකට රෝගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා රෝගය නිසා මරුමුවට පත්වන අතර ආසාදිතයන් සඛ්‍යාව 3000කට ආසන්න මට්ටමකට පත්වීමත් සමඟ වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ සංචරණ සීමා නොපැනවුවහොත් පවතින තත්ත්වය මෙයට වඩා භයානක විය හැකි බවයි.

    ගුරුවරුන්ට හා අදාල පුද්ගලයින්ට එන්නත්කරනය අවසන්කර අගෝස්තු මස අග හෝ සැප්තැම්බර් මස මුල සතියේ සිට ක්‍රම ක්‍රමයෙන් පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වූවත් මේ වන විට රටේ පැනනැගී ඇති තත්ත්වය හමුවේ පාසල් නැවත ආරම්භ කිරීම අවිනිශ්චිත බව මේ අතර අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් පැවසීය.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යාව අංශ ප්‍රධානී සහ ඩෙංගු පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මලවිගේ බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ කොරෝනා ආසාදනය වන පුද්ගලයින්ගෙන් 90% කටත් වඩා ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් සිදුවෙමින් තිබියදීත්, යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි බොහෝ රටවල් සම්පූර්ණයෙන්ම විවෘතව ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාවල සීඝ්‍ර වර්ධනයක් ඔවුන් දකින නමුත්, සාර්ථක එන්නත ලබා දීම නිසා, එම රටවල මරණ පෙර රැලි වලට වඩා සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතින බවයි.

    ඇය වැඩිදුරටත් සඳහන් කලේ ශ්‍රී ලංකාවේ තත්ත්වය එවැනි රටවලට තවමත් සම කළ නොහැකි බවයි.

    කෙසේ වෙතත්, එතරම් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කර නොමැති රටවල ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් නියත විනාශයක් සිදු කරනු ඇති බවට ඇය පැවසීය.

    Covid deaths
    “අපි දැන්වත් හරි දේ නොකර, වසංගතය පාලනය කරන්න යන්නේ මේ විදිහටම නම් දෛනික මරණ සංඛ්‍යාව 200, 300 දක්වා ඉහළ යන්න පුළුවන්”

    “ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ඇදහිය නොහැකි වේගයකින් සිදු වුවද, සම්පුර්ණයෙන්ම එන්නත් කරන ලද අනුපාතය රට සම්පූර්ණයෙන් ලිහිල් කිරීමට (සංචරණ සීමා ඉවත් කිරීමට) අපට ප්‍රමාණවත් නොවේ,” යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ පැවසීය.

    “එම නිසා අපේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන් එන්නත් කරන තුරු යම් යම් සීමා කිරීම් ක්‍රියාත්මක කළ යුතුයි. නිසි කලට පෙර ලිහිල් කිරීම ඉතා ඉහළ මරණ අනුපාතයකට තුඩු දෙනු ඇත.”

    ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය

    ඇය වැඩිදුරටත් පැවසුවේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට බරපතල තත්වයකට මුහුණ දී සිටින බවයි.

    ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් කොවිඩ් -19 වසංගතයට ගොදුරු වෙමින් සිටින බොහෝ රටවල් විසින් වර්තමානයේ අත්විඳ ඇති තත්ත්වයට මේ වන විට ශ්‍රී ලංකාවද මුහුණ දෙමින් සිටින බවට ඇය පැවසීය.

    2020/03/30: Health workers wearing a face mask in Atulugama, after the town, was sealed off by health authorities following fears that it could be a cluster for COVID-19 infection after two positive cases. Sri Lanka is currently under an indefinite curfew to prevent the spread of a virus which has already infected 122 people. (

    “පෙර පැවති ප්‍රභේදයන්ට වඩා දළ වශයෙන් 50% ක් වැඩි සම්ප්‍රේෂණයක් ඩෙල්ටා ප්‍රභේදයට සිදු කළ හැකි අතර එයින් අදහස් වෙන්නේ ආසාදනය වේගයෙන් ව්‍යාප්ත වී විශාල පිරිසකට ආසාදනය වන බවයි.”

    “ඩෙල්ටා ප්‍රභේදය සමග වුවද, බහුතර පුද්ගලයින්ට මෘදු හෝ රෝග ලක්‍ෂණ නොවන ආසාදනයක් තිබුණද, විශාල සංඛ්‍යාවක් ආසාදනය වීම හේතුවෙන්, ඕනෑම අවස්ථාවක දරුණු රෝගාබාධයන්ට ගොදුරු වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව තරමක් විශාල ප්‍රමාණයක් දැක ගත හැකි වෙයි. එම නිසා සෞඛ්‍ය සේවයේ ඇති අතිමහත් සම්පත් මේ සඳහා භාවිතාකිරීමට හේතු වේ,” යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ පැවසීය.

    ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මේ වන විටත් එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය වැනි බොහෝ රටවල ද රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යමින් පවතින බවත් ඇය පැවසීය.

    කෙසේ වෙතත්, ඉහළ එන්නත් ආවරණය හේතුවෙන් (මුළු ජනගහනයෙන් 60% කට වැඩි ප්‍රමාණයක් පූර්ණ එන්නත ලබාගෙන ඇත), ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් සිදුවන මරණ අනුපාතය පෙර පැවති රැලි වලට වඩා බෙහෙවින් අඩු මට්ටමක එම රටවල පවතින බවට ඇය පැවසීය.

    ඇය තවදුරටත් පැවසුවේ ඉන්දුනීසියාව (සම්පූර්ණයෙන් එන්නත් කර ඇත්තේ 8.1% ක් පමණි), තායිලන්තය (6% සම්පුර්ණයෙන්ම එන්නත් කර ඇත) වැනි දුර්වල එන්නත් ආවරණයක් ඇති රටවල් ඉතා ඉහළ මරණ සංඛ්‍යාවක් අත්විඳිමින් සිටිනා බවයි.

    ශ්‍රී ලංකාවේ තත්ත්වය

    “ශ්‍රී ලාංකිකයින් සඳහා එන්නත් කිරීමේ ව්‍යාපාරය ඉතා විශිෂ්ඨයි,” යනුවෙන් පැවසූ මහාචාර්ය නීලිකා මලවිගේ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඉතා කෙටි කාලයක් තුළ ජනගහනයෙන් 50% කට එක් මාත්‍රාවක් ලැබී ඇති අතර 13% ක් පමණක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බවයි.

    “කෙසේ වෙතත්, ඩෙල්ටා වැනි ප්‍රභේද සඳහා, එක් මාත්‍රාවකට පමණක් ලබාගත් රෝගීන්ගේ රෝග ලක්ෂණ සහිතව ආසාදනය වීම හා රෝහල් ගත වීම සඳහා ඇති අඩු කාර්යක්ෂමතාව නිසා රෝගීන් අවදානමට ලක්විය හැකි අතර ඒ අය ආරක්ෂා කිරීම සඳහා ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කළ යුතුයි.”

    “සාමාන්‍යයෙන් පුද්ගලයින්ට ආරක්‍ෂාව වර්ධනය වන්නේ දෙවන මාත්‍රාවෙන් සති 2 කට පසුවයි.”

    “COVID-19 එන්නත මාත්‍රාවන් දෙකම ගැනීමෙන් පසු එන්නත් ලබා ගත් පුද්ගලයින්ට ආසාදනය විය හැකි නමුත්, එසේ වැළඳෙන රෝගය සාමාන්‍යයෙන් රෝග ලක්‍ෂණ රහිත හෝ ඉතා මෘදු නැත්නම් සංකුලතා අවම වෙයි,” යනුවෙන් ඇය පැවසීය.

    “ඒ නිසා එන්නත්කරණය වැදගත්. ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව උනත් එන්නත් ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා දරුණු සංකුලතා ඇතිවීම හා මරණය වළක්වන්න පුලුවන්.”

    “ඒ නිසා, විශේෂයෙන් වයස්ගත වූවන්ට සහ නිදන්ගත රෝගීන් (දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග) ඇති අයට එන්නත ලබා දීම වැදගත්.”

    “යම් හේතුවක් නිසා, වැරදි විශ්වාසයන් නිසා, එන්නත ලබා ගැනීමට අවස්ථාව තිබියදීත්, එන්නත ලබා නොගන්නා එවැනි අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් තවමත් ඉන්නවා.”

    කෙසේ වෙතත්, එවැනි අවදානම් සහිත පුද්ගලයින්ගෙන් විශාල ප්‍රමාණයකට පූර්ණ එන්නත ලබා දීමට ශ්‍රී ලංකාව සමත් වන තුරු, විශාල රැස්වීම් සීමා කිරීම, මුහුණු පැළඳීම සහ අත් සේදීම වැනි සනීපාරක්ෂාව තහවුරු කිරීම තුළින් හැකි තරම් සම්ප්‍රේෂණය අවම කිරීමට පියවර ගැනීම වැදගත් බවත් ඇය පෙන්වා දෙන්නීය.

    මෘත ශරීරාගාර

    එන්නත් වල සාර්ථකත්වය

    එන්නත් වල සාර්ථකතාව (Vaccine efficacy) පිළිබඳව පැහැදිලිකරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී හා එම විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රතිශක්ති විද්‍යාව සහ අණුක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මාලවිගේ පැවසුවේ දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කරන එන්නත් වලින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහි එන්නත් වල සාර්ථක භාවය පිළිබඳ සායනික අත්හදා බැලීම් හෝ නිරීක්ෂණ අත්හදා බැලීම් සිදු කර ඇත්තේ ඇස්ට්‍රා සේනිකා කොවිෂිල්ඩ් (AZ/Covishield), ෆයිසර් (Prizer) සහ මොඩර්නා (Moderna) යන එන්නත් සඳහා පමණක් බවයි.

    “මෙම එන්නත් මාත්‍රා දෙකක් ලබාදීමෙන් පසුව රෝහල් ගත වීම වැළැක්වීමේදී 90% කට වඩා සාර්ථක බව පෙන්නුම් කර තිබෙනවා. කෙසේ වෙතත්, රෝග ලක්‍ෂණ ඇති රෝගය වැළැක්වීමේ කාර්යක්ෂමතාව මූලික SARS-CoV-2 ප්‍රභේදවලට වඩා අඩු යි,” යනුවෙන් ඇය පැවසීය.

    එන්නත් කිරීම

    සයිනොෆාම් එන්නත

    ඇය තවදුරටත් පැවසුවේ වෙනත් එන්නත්වල ඩෙල්ටා ප්‍රභේදයට එරෙහි කාර්යක්ෂමතා දත්ත නොමැති බවයි.

    “සයිනොෆාම් එන්නතට සහ ඩෙල්ටා ප්‍රභේදයට ප්‍රතිදේහ ප්‍රතිචාර අපි බැලුවා, එයින් පෙන්නුම් කළේ සයිනෝෆාම් සමඟ පූර්ණ ප්‍රතිශක්තිකරණය (සම්පුර්ණ එන්නත්කරණය) ලැබූවන්ට ප්‍රතිදේහ මට්ටම අඩු වැඩි වශයෙන් ස්වාභාවික ආසාදනයෙන් පසුව දක්නට ලැබෙන මට්ටමට සමාන බවයි (සුළු අඩු වීමක් පමණක් පෙන්නුම් කළත් එය සැලකිය යුතු නොවේ).”

    “මෙයින් අදහස් කරන්නේ ස්වාභාවික ආසාදනයක් ඇති වූවන්ට මෙන් සයිනොෆාම් එන්නත ගත් අයට ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සමාන ආරක්ෂාවක් ඇති බවයි.”

    “කෙසේ වෙතත්, ප්‍රතිදේහ තිබීම එන්නත වල සාර්ථකතාවයට සම්බන්ධ කිරීම වැරදි යි. එන්නත් වල සාර්ථක භාවය සෙවීම සඳහා සායනික පරීක්‍ෂණ අවශ්‍ය වේ,” යනුවෙන් මහාචාර්ය මාලවිගේ පැවසීය.

    Text by – bbc sandesaya

  • කොවිඩ් මරණ වාර්තාව යළිත් අලුත් වෙයි !

    කොවිඩ් මරණ වාර්තාව යළිත් අලුත් වෙයි !

    ශ්‍රී ලංකාව තුළ එක් දිනකදී සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන බව රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව විසින් අද (10) දින නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.

    ඊයේ (09) දින තහවුරු කර ඇති අතර එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළ යනවා..

    මෙම මරණ අතර කාන්තාවන් 39 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 79 දෙනෙකුද සිටින අතර මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 101 දෙනෙකු සිටි බව ද සදහන්.

  • නිවාසවල ප්‍රතිකාර ලබන ‘කොවිඩ් රෝගීන් සහ උපස්ථායකයින්‘ දැන සිටිය යුතු කරුණු

    නිවාසවල ප්‍රතිකාර ලබන ‘කොවිඩ් රෝගීන් සහ උපස්ථායකයින්‘ දැන සිටිය යුතු කරුණු

    රෝග ලක්ෂණ නොපෙන්වන සහ සුළු රෝග ලක්ෂණ සහිත කොවිඩ් රෝගීන්ට නිවෙස්වලදීම ප්‍රතිකාර ලබා දීම සිදු කෙරේ. ඔවුන් ඒ සඳහා යොමු කෙරෙන්නේ රැපිඩ් ඇන්ටිජන් (RAT) හෝ PCR පරීක්ෂණයකින් COVID-19 ආසාදිත බව තහවුරු වීමෙන් පසුවය.

    එසේ නිවෙස් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සහ ඔවුන්ගේ උපස්ථායකයන් දැන සිටිය යුතු කරුණු පිළිබඳ කෙටි විමසුමකි මේ (මූලාශ්‍රය: සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය).

    නිවෙස් තුළ ප්‍රතිකාර ලැබිය යුත්තේ කවුරුන්ද?

    සංකූලතා නොපෙන්වන වයස අවුරුදු 2-65 ත් අතර ආසාදිතයන්.

    යම් පුද්ගලයකුට විවේකීව සිටියදී හෝ සුළු ව්‍යායාමයකින් පසුව හතියක්, හුස්ම ගැනීමේ අපහසුවක් දැනේ නම් ඔවුන් නිවසේ රැඳී නොසිට රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

    නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු දැයි තීරණය කරනු ලබන්නේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා (MOH) විසිනි.

    නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු නොවන රෝගීන් කවුරුන්ද?

    එහිදී ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් පහත කරුණු සලකා බලනු ඇත.

    ආසාදිත පුද්ගලයා නිසි ලෙස පාලනය නොවූ:

    • දියවැඩියාව
    • අධික රුධිර පීඩනය
    • හෘදයාබාධ
    • වකුගඩු රෝග හා
    • පෙණහලු ආශ්‍රිත රෝග ආදී කිසියම් තත්ත්වයකින් පෙලෙයි නම් හෝ
    • ප්‍රතිශක්තිය හීන වන රෝග තත්ත්වයකින් පෙළෙන / ප්‍රතිශක්තිය හීන කරවන ඖෂධයක් දීර්ඝ කාලයක් තිස්සේ ලබාගන්නා අයෙකු නම් හෝ
    • ශරීර ස්කන්ධ දර්ශකය 30ට වැඩි (ස්ථූල) අයෙකු නම්

    ඔවුන් තුළ ඇතිවිය හැකි සංකූලතා සලකා බලා නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු නොවන බවට තීරණය කෙරෙනු ඇත.

    නිවෙසේදී ප්‍රතිකාර ලබා දීමේදී සලකා බලන අනෙකුත් කරුණු මොනවාද?

    • ආසාදිත පුද්ගලයා ඉහත කී අවදානම් කාණ්ඩවලට අයත් නොවන්නේ නම් පහත කරුණු ද සලකා බැලෙයි.
    • නිවසේ සාමාජිකයන්ගෙන් වෙන්ව සිටීමට වෙනම කාමරයක් හා වැසිකිළි පහසුකම් සහිත වීම.
    • අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා උපකාර ලබා ගැනීමට හැකි පරිදි සන්නිවේදන හැකියාව සහ පහසුකම් තිබීම ද අත්‍යවශ්‍ය වේ.
    • එමෙන්ම ආසාදිතයා රැකබලා ගැනීමේ කටයුතු සඳහා නිවසේ සිටින සෙසු සාමාජිකයෙකුට හෝ තමාටම හැකියාවක් තිබේදැයි යන්න.

    රෝගියා ගැන සොයා බලන්නේ කෙසේද?

    නිවසේදී ප්‍රතිකාර ලැබීමට සුදුසු යැයි සැලකෙන, එසේ ලබා ගැනීමට කැමති පුද්ගලයන්ගේ තොරතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් “නිවෙස් ගත ප්‍රතිකාර සැපයීමේ පද්ධතියට” ඇතුළත් කරනු ලැබේ.

    නිවෙස් ගත කෝවිඩ් ප්‍රතිකාර සඳහා විශේෂ පුහුණුවක් ලද වෛද්‍ය කණ්ඩායමක් විසින් දිනකට එක්වරක් හෝ වැඩි වාර ගණනක් දුරකතනය හරහා රෝගියාගේ තත්ත්වය පරීක්ෂාකර බලනු ඇත.

    එම කටයුතු සිදු කරනු ලබන්නේ විශේෂඥ පවුල් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේය.

    අවශ්‍යතාවයක් වූ ඕනෑම විටෙක ප්‍රතිකාර සපයන වෛද්‍ය කණ්ඩායම හෝ 1390 හරහා උපකාර ලබා ගැනීමට හැකිවනු ඇත.

    නිවෙස් ගත ප්‍රතිකාර කාලය තුළ ආසාදිත පුද්ගලයාගේ රෝග ලක්ෂණ කල් පවතින බවක් දක්නට ලැබේ නම් හෝ තීව්‍ර වේ නම් අදාළ වෛද්‍ය කණ්ඩායම් විශේෂඥ වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කර රෝගියා රෝහල්ගත කිරීම සඳහා වහාම කටයුතු සූදානම් කෙරේ.

    නිවසේදී ප්‍රතිකාර ලබන විට රෝගියා කළ යුතු දේ මොනවාද?

    පහත සඳහන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම ඉතා වැදගත් වේ.

    • හැකි පමණ විවේක ගැනීම
    • හොඳින් ජලය හා වෙනත් දියර වර්ග පානය කිරීම මෙන්ම
    • සමබර ආහාර වේලක් ලබා ගැනීම

    හොඳින් පාලනය වී පවතින, අධි රුධිර පීඩනය හෝ දියවැඩියාව වැනි බෝ නොවන රෝගයක් සඳහා ලබාදී ඇති ඖෂධ නිසි කලට නිසි ලෙස ලබා ගෙන එම රෝග පාලනය තවදුරටත් හොඳ මට්ටමක පවත්වා ගැනීම ද අත්‍යවශ්‍ය වේ.

    ‘ලෙඩාට’ උපස්ථාන කළ යුත්තේ කොහොමද?

    • මුඛයෙන් හෝ නාසයෙන් ගලා එන දියර වැනි ස්‍රාවයන් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීමට උත්සාහ කළ යුතුය.
    • රෝගියා සමග කටයුතු කිරීමේදී අත්වැසුම් භාවිත කිරීමට උත්සාහ කළ යුතුය.
    • අත්වැසුම් දැමීමට පෙර සහ ගැලවීමෙන් පසු සබන් යොදා දෑත් පිරිසිදු කර ගත යුතුය.
    • රෝගියාගේ ආහාර ගන්නා බඳුන්, කෝප්ප, දීසි, තුවා සහ ඇඳ ඇතිරිලි වෙනම තබන්න.
    • රෝගියාගේ කාමරයේදී පමණක් ඔහුට කෑම ලබා දීමට උත්සාහ කළ යුතුය.
    • රෝගියා භාවිත කළ බඩු භාණ්ඩ සහ අනෙකුත් උපකරණ අත්වැසුම් පැළඳ සබන්/ පිරිසිදු කාරක යොදා පිරිසිදු කළ යුතුය.

    (මූලාශ්‍රය: සෞඛ්‍ය අමාත්‍යංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය උපදෙස් ඇසුරින් ඇම්.ඩී ගුණසේන පදනම ප්‍රකාශයට පත් කර ඇති කොවිඩ් මග පෙන්වීම්)

    උපස්ථායකයන්ට වෙන්නේ කුමක්ද?

    නිවෙස් ගත ප්‍රතිකාර කාලය තුළ , උපස්ථායකයන් මුව ආවරණ ආදි පුද්ගල ආරක්ෂණ උපකරණ නිසි ලෙස පැළඳිය යුතුවේ.

    ආසාදිත බවට හඳුනාගත් PCR පරීක්ෂණය සිදුකර දින 14 ක් සම්පූර්ණ වූ පසු ආසාදිත පුද්ගලයා කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන්නේ නම් නිවෙස් ගත ප්‍රතිකාර කාලය එදිනෙන් අවසන් වේ.

    නිවෙස් ගත ප්‍රතිකාර කාලය ඇතුළත නිවසෙහි වෙසෙන තවත් කෙනෙක් ආසාදිත පුද්ගලයාට සැලකිය යුතු අන්දමින් නිරාවරණය වූයේ නම් ඔහුගේ හෝ ඇයගේ නිරෝධායන කාලය (PCR positive නොවුණේ නම්) අවසන් වරට නිරාවරණය වූ දිනයේ සිට දින 14 ට පසු අවසන් වේ.

    මේ අතර නිවෙස්ගත ප්‍රතිකාර ලැබීමට එකඟව පසුව නිරෝධායන කොන්දේසි කඩ කරමින් වගකීම් විරහිතව හැසිරෙන ආසාදිත පුද්ගලයින් වෙතොත් ඔවුන්ගේ කැමැත්ත විමසීමකින් තොරවම (අවශ්‍ය නම් පොලිස් සහය ඇතිව) ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යෑමටත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටී.

    Text by – bbc sandesaya

  • සුදර්ශනී ජේ.ආර් පාරේ යයි – ‘ තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගන්න‘

    සුදර්ශනී ජේ.ආර් පාරේ යයි – ‘ තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගන්න‘

    රටේ ජනතාව ට මම කියන්නේ කවුරුත් රජය කරයි, සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බලාගෙන ඉන්න එපා. මේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඔබට. ඔබගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා කවුරු ලොක්ඩවුන් කරන කල් නීති දානකල් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැනගන්න

    හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ කුප්‍රකට කියමනක් යළි සිහි ගන්වමින් මේ ප්‍රකාශය කළේ රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි.

    අද (10) පැවැතිගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ඒ බව කීවාය.

    මේ වනවිට මෙරට රෝගීන් වාර්තා වීම 30%කින් සහ කොවිඩ් මරණ 48.8%කින් ඉහළ ගොස් ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

    ‘‘මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී. නමුත් අවදානමක ඉන්නේ. රටේ ජනතාව ට මම කියන්නේ කවුරුත් රජය කරයි සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බලාගෙන ඉන්න එපා. මේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඔබට. ඔබගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා කවුරු ලොක්ඩවුන් කරන කල් නීති දානකල් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැනගන්න. කිව්ව විදියට සෞඛ්‍ය උපදෙස් ටික පිළිපඳින්න. අනවශ්‍ය ගමන් සියල්ල නවත්වන්න. අනවශ්‍ය සාද ටික නවත්වන්න. අනවශ්‍ය විදියට නෑදෑයෝ බලන්න යන එක නවත්වන්න. මේ කියන්නේ තමා ආරක්ෂා වෙන්න. මේක තමන්ගේ ජීවිතයත් එකක් තියෙන ප්‍රශ්නයක්. කොවිඩ් මර්දනය සඳහා ඇති එකම ප්‍රතිකර්මය රෝගය වැලඳී ම වළක්වා ගැනීම. මේ මාසය හරි අවදානම්. ගෙදරට ම වෙලා ඉන්න‘‘

  • විකල්පයක් නැති වුණොත් රට වසා දමනවා – ජනමාධ්‍ය ඇමති කෙහෙළිය

    විකල්පයක් නැති වුණොත් රට වසා දමනවා – ජනමාධ්‍ය ඇමති කෙහෙළිය

    කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරිනීතිය පැනවීමේ තීන්දුවක් ගන්නේ ඒ සඳහා අත්‍යාවශ්‍යම තත්වයක් ඇතිවුවහොත් පමණක් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    ජනමාධ්‍ය අමාත්‍යවරයා බව පැවසුවේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

    මෙහිදී වත්මන් තත්ත්වය ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශකවරයා, ‘සෞඛ්‍ය අංශවලින් සිදුකරන කොරෝනා පාලන කටයුතුවලට අවශ්‍ය සියලු සහය රජය සහ අදාළ අංශ වලින් ලබා දෙනවා. නමුත් ජනතාව ද ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ වගේම තමයි කොරෝනා පාලනයට ඇති හොඳම විසඳුම එන්නත්කරණයයි. මෙරට 18ට වැඩි සියලු දෙනාට එන්නත්දීමේ ඉලක්කයක් රජයට තිබෙනවා. වසංගතය පාලනය කිරීම සදහා රට වසා දමා ඇදිරි නීතිය පනවන ලෙස ඉල්ලීමක් තිබෙනවා. ඒත් එවැනි තීන්දුවක් ගන්නේ අත්‍යවශ්‍යම තත්ත්වයක් ඇති වුණොත් පමණයි‘

    සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ සංචරණ සීමා ආදී කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන නිර්දේශ පිළිගැනීමට රජය නිරතුරුව සූදානමින් සිටින බවයි.

    ‘‘රට වැසීම අවස්ථා කිහිපයක සිදු කළා. නමුත් ඒ අවස්ථාවලින් පසු රෝගය වර්ධනයවීම සිදු වුණා. අද ලෝකයේ ප්‍රවණතාව රටවල් වසා දැමීම නොවෙයි. රටවල් වසා දැමීමට එරෙහිව බොහෝ තැන් වල උද්ඝෝෂණ පවා ඇති වුණා‘

    මහජන ඒකරාශීවීම් වළකමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ සූදානමක් ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් රමේෂ් පතිරණ ඇමතිවරයා පැවසුවේ එසේ කරන්නේ නම් එහි අරමුණ කොරෝනා වසංගතය පාලනය කිරීම බවයි.

    ‘‘ගැසට් නිවේදන කාලීන අවශ්‍යතා මත වෙනස් වෙනවා. කොහොම වුණත් රජය එවැනි පියවරක් ගන්නේ සෞඛ්‍ය හේතු මත පමණයි‘ යනුවෙන් ද පැවසීය.

  • මංගල උත්සව හා ආගමික උත්සව පාලනයට තවත් ගැසට් එකක් එයි

    මංගල උත්සව හා ආගමික උත්සව පාලනයට තවත් ගැසට් එකක් එයි

    මංගල උත්සවයකට සහභාගී විය හැකි පිරිස සීමා කිරීම හා ආගමික උත්සව තාවකාලිකව තහනම් කිරීම ඇතුළු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (10) රාත්‍රියේ නිකුත් කරනු ලැබීමට නියමිත බව වාර්තා වේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් අතර ජනාධිපති කාර්යාලයේ අද (10) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම නව තීරණ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසය පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර සංචරණ සිමා රජය විසින් ඊයේ (10) යළි පනවනු ලැබුවේය.

  • සුපිරි හෙළිදරව්ව ! ‘කොළඹ පිහිටි වටිනා පෞරාණික ගොඩනැගිලිවලට මොකද වෙන්නේ ?‘

    සුපිරි හෙළිදරව්ව ! ‘කොළඹ පිහිටි වටිනා පෞරාණික ගොඩනැගිලිවලට මොකද වෙන්නේ ?‘

    කොළඹ නගරයේ ඇති රජය සතු ඉතා වටිනා ඉඩම් චීනය ඇතුලු විවිධ විදේශීය සමාගම් වලට විකිණීමට රජය සැරසෙන බව මේ දිනවල මහත් කතාබහකට ලක්වී ඇති මාතෘකාවකි.

    මුලින්ම වාර්තා වූයේ කොළඹ වරාය නගරය ආසන්නයේ ඇති මෙම වටිනා ඉඩම් චීනයට විකිණීමට සැරසෙන බවකි. එහෙත් මේ වන විට එයින් සමහර ඉඩම් වලට වෙනත් විදේශ ආයෝජකයන්ගේ ද අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

    මෙයින් නවතම වාර්තාවලින් පැවසෙන්නේ කොළඹ වරායේ හෙක්ටයාර පහකට අධික භුමි ප්‍රදේශයක් කොළඹ වරාය දකුණු ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය ලෙස සමාගමකට පවරා එහි කොටස්වලින් සියයට 85ක ප්‍රමාණයක් චීනයේ චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩින් නම් සමාගමට පැවරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරපත් කර ඇති බවයි.

    ගුවන් හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල
    ගුවන් හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල

    මෙයට අමතරව කොළඹ පිහිටි ගුවන් හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල පිහිටි භුමිය හා කොළඹ කොටුවේ චාමර්ස් ධාන්‍යාගාරය පිහිටි ඉඩම දිගුකාලීන බදු පදනම මත විදේශ සමාගමකට බදු දීමට අවශ්‍ය මුලික පියවර ගෙන ඇති බවටත් වාර්තා පළවිය.

    පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුනේ කොළඹ 2 හි පිහිටි ගුවන් හමුදා මූලස්ථාන දේපල සහ නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ කොටුවේ පිහිටි චාමර්ස් ධාන්‍යාගාර ඉඩම සඳහා ඕමාන රජයේ ආයෝජන අංශයක් විසින් මූලික උනන්දුවක් දක්වා ඇතැයි නිල ආරංචි මාර්ග පැවසූ බවයි.

    කොළඹ ගෆුර් ගොඩනැගිල්ල
    කොළඹ ගෆුර් ගොඩනැගිල්ල

    එහි මුලික පියවර ලෙස එම දේපල තුළ ගොඩනැගීමට අපේක්ෂා කරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූලික පියවර ඉටුකිරීම සඳහා එම ආයෝජන සමාගමෙන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමඟ බැඳීම් රහිත ගිවිසුමකට අත්සන් කර තිබේ යනුවෙන් ද එහි වැඩිදුරටත් සඳහන් විය.නාගරික සංවර්ධන අධිකාරිය ඩී ආර් විජයවර්ධන මාවතෙහි බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශ සඳහා සිය ඉඩම් වලින් බොහොමයක් අවුරුදු 30 සිට 99 දක්වා බදු දීමට ක්‍රියාශීලීව ආයෝජන කළ හැකි ආයෝඡකයින් සොයමින් සිටින්නේ යයි නිලධාරීන් පැවසූ අතර ඒ සඳහා කටාර් පාර්ශවය යම් උනන්දුවක් දක්වා ඇතැයි ඔවුන් පැවසූ බව ද පුවත්පත වැඩිදුරටත් වාර්තාකර තිබිණ.

    චාමර්ස් ධාන්‍යාගාර ඉඩම බදු දීමට නාගරික සංවර්ධන අධිකාරිය අවම වශයෙන් 2010 වසරේ සිට ආයෝජකයෙකු සොයමින් සිටියි.කොළඹ නගරය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රධාන සැලැස්මක් සකස් කර ඇති අතර එමඟින් පෞරාණික නගරය, ප්‍රවාහන කේන්ද්‍රස්ථානය, මුල්‍ය නගරය සහ වාණිජ නගරය යන ප්‍රදේශ වෙන් කිරීමට අපේක්ෂා කෙරේ.

    Colombo landmark buildings

    ආගන්තුක සත්කාරය සහ විවේකය, නේවාසික සහ කාර්යාල කුළුණු, තොරතුරු තාක්‍ෂණය පදනම් කරගත් සංවර්ධන ව්‍යපෘති, සැපයුම් මධ්‍යස්ථානය සහ ව්‍යාපාර උද්‍යාන සංවර්ධනය; සහ බහු මහල් රථ ගාල් ඇතුලු ඉහළ, මධ්‍යම ඇතුළු විවිධ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති වැනි නිශ්චිත අරමුණු සඳහා රට පුරා ඉඩම් කොටස් හතලිස් දෙකක් ද හඳුනාගෙන ඇත. මේ අතර බේරේ වැව සංවර්ධනය සඳහා බිම් කොටස් පහක් ලබා දීමේ සැලසුමක්ද සකස්කර ඇත.බස්නාහිර පළාතේ බදු දීමට ඇති දේපල වන්නේ බොරැල්ලේ වැලිකඩ බන්ධනාගාර ඉඩම; නාරාහේන්පිට පිහිටි ට්‍රැක්ටර් සංස්ථාව පිහිටි ඉඩම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මිල්කෝ ඉඩම; ඩී ආර් විජේවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය, සී ඩබ්ලිව් මැකී පී එල් සී සතු ඉඩම, සතොස දේපල දෙකක් සහ මහජන බැංකු පුහුණු මධ්‍යස්ථානය යි. යූනියන් පෙදෙසේ විසුම්පාය, ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි එයිටි ක්ලබ් සහ කොළඹ 1 ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ ඉඩමක් ද ආගන්තුක සත්කාරය සහ විවේක ව්‍යාපෘති සඳහා වෙන්කර ඇත.කොළඹ 7 නොරිස් කැනල් පාරේ සහ බත්තරමුල්ල යන ස්ථාන වල බහු මහල් රථ ගාල් සඳහා ඉඩම් පවරාගෙන ඇත.කොළඹ හිල්ටන් හෝටල් ගොඩනැගිල්ලකොළඹ හිල්ටන් හෝටල් ගොඩනැගිල්ල

    මෙයට අමතරව කොළඹ පිහිටි තවත් ඉතා වැදහත් කමක් ඇති ඉතා වටිනා ඉඩම් කිහපයක් ද විශේෂ ව්‍යාපෘතියක් සඳහා වෙන්කර ඇති අතර මෙම ඉඩම් හිස් ඉඩම් නොව ඓතිහාසික වටිනාකම් ඇති කොළඹ නගරයේ ඇති ඉතා වටිනා ඉඩම් වීමත් විශේෂයකි.

    මෙම ගොඩනැගිලි ව්‍යුහය හා නිර්මාණාත්මක භාවය අතින්, වාස්තු විද්‍යාත්මක මෙන්ම ඓතිහාසික සංරක්ෂණ වටිනාකමක් ඇති, කොළඹ නගරයෙහි ඉංග්‍රීසි පාලන සමය පිලිබඳව තතු සපයන මූලාශ්‍ර වශයෙන් හදුන්වාදිය හැකි ඉතාමත් ඓතිහාසික වටිනාකමක් ඇති ගොඩනැගිලි වීම විශේෂ කරුණකි.

    මෙසේ විකිනීමට සැරසෙන්නේ කොළඹ වරාය නගරය අවට පිහිටි රජය සතු ඉඩම් සහ ගොඩනැගිලි රැසකි. මේ සම්බන්ද සකච්චාව කරලියට එන්නේ එයට අදාළව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව පදනම මත ආයෝජන ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට මැයි 05 වන දා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කිරීමත් සමගය.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වන සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම ආයෝජන ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති රාමුව නමින් ඉදිරිපත් වූ එම කැබිනට් පත්‍රිකාවට මැයි මස 17 වනදා අනුමැතිය හිමිවී ඇත.

    කොළඹ නගරයේ දේපොළ කීපයක අයිතිය පැවරීමට යන බව කියන සෙලන්දිවා ආයතනය ගැන කරුණු කිසිවක් රටට හෙළි කර නැති හෙයින් ඒ පිළිබඳව අගමැතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකශයක් කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    විදේශ කටයුතු අමාත්‍යංශය
    විදේශ කටයුතු අමාත්‍යංශය

    මේ අතර විශේෂඥයන් පවසන්නේ බොහෝ වටිනාකමක් ඇති මෙම ගොඩනැගිලිවල අද වන විට පවතින බාහිර පෙනුම මෙන්ම අභ්‍යන්තර භාවිතාවන් සැලකීමෙහිදී, දැනට එම පරිශ්‍රයන් භාරකාරත්වය දරන ආයතන වලට ඒ සියලු වටිනාකම් රැකෙන අයුරින් ගොඩනගිලි පවත්වාගෙන යාම ප්‍රශ්නකාරී වී ඇති බව නොරහසක් බවයි.

    නඩත්තුව සඳහා යෙදිය යුතු අධික වැය, රාජ්‍ය ආයතන වශයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කර ගැනීමෙහි අපහසුතාවන්, යොදවන මුදලට සෘජු ආයතනිකමය ප්‍රතිලාභ නොලැබීම, ආයතනමය කටයුතු වලට ගොඩනැගිල්ල යොදවා ගැනීමේ ප්‍රායෝගික ගැටළු ආදී තවත් හේතූන් මෙම තත්වයන්ට තුඩු දී ඇති බව ඔවුන් පෙන්වාදෙන ප්‍රධාන කරුණුවේ.

    විපක්ෂ මතවාදී ක්‍රියාකාරී කණ්ඩායමක් වන 43 වන සේනාංකය පවසන්නේ එවැනි අවස්ථාවන්හිදී ඓතිහාසික උරුමයන් ලෙස සැළකෙන ගොඩනැගිලි රැක ගැනීම පිණිස ලොව පුරා බහුලව යොදාගන්නා සංරක්ෂණ ක්‍රම වේදයක් වන “අනුගත ප්‍රති භාවිතය” කොළඔ නගර මධ්‍යයෙහි පවතින වටිනා පැරණි ගොඩනැගිලි පවත්වාගෙන යෑම සඳහාද යොදා ගත හැකි බවයි.

    “දැනටමත් කොළඹ මෙන්ම සෙසු නගර රාශියකම මෙවන් විශිෂ්ට ප්‍රතිභාවිතයන් පිළිබඳ උදාහරණ බොහොමයෙකි. ඒ සඳහා අවශ්‍ය වන සුදුසු භාවිතයන්ද, එවන් සුදුසු භාවිතයන්ට ගොඩනැගිලි ප්‍රතිනිර්මාණය කොට යොදා ගැනීම සඳහා ආයෝජනයන් කිරීමට සූදානම් ආයෝජකයින්ද සොයා ගැනීම අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතු දෙයකි. එසේම රජයට ඒ සඳහා මූදල් යෙදවිය නොහැකි නම් සුදුසු ලෙස පෞද්ගලික අංශයේ සහයෝගය සහ සහභාගිත්වය ලබා ගැනීමෙහිද ගැටළුවක් නොපෙනේ,” යනුවන් එම සංවිධානය පැවසීය.

    එහෙත් ඔවුන් පෙන්වාදෙන්නේ ඉහත සඳහන් කළ ගොඩනැගිලි සෙලෙන්දිවා නම් රාජ්‍ය ආයතනයක් භාරයට පත් කොට ඒ හරහා පෞද්ගලික පාර්ශවයන් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය මෙතරම් විවාදයකට ලක්ව ඇත්තේ මෙවැනි ගොඩනැගිලි සංරක්ෂණය කොට ප්‍රතිභාවිතයන් සඳහා යෙදවීමෙහි හා බදු දීමෙහි මීට පෙරත් කටයුතු කොට පලපුරැදු ඇති නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉවත් කොට මෙම කටයුත්ත වෙනත් ආයතනයක් වෙත යොමුකිරීමත් සමග බවයි.

    “නාගරික සංවර්ධන අධිකාරියට තවදුරටත් මෙවන් ව්‍යාපෘති කිරීමෙහි ධාරිතාවක් නොමැතිද? නොඑසේ නම් රාජ්‍ය ව්‍යාපාරයක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය අනුගමනය කළ යුතු ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක වුවහොත් වත්මන් දේශපාලන අධිකාරියට ඇවැසි පාර්ශවයන්ට මෙම වටිනා දේපල ලබාදීමට බාධාවන් වන නිසා විය හැකි නිසාද,” යනුවෙන් 43 වන සේනාංකය ප්‍රශ්නකරයි.

    යෝර්ක් ගොඩනැගිල්ල
    යෝර්ක් ගොඩනැගිල්ල

    “එසේත් නැතිනම් කිසියම් පාර්ශවයන්ට තොගයක් වශයෙන් හෝ තනි තනි වශයෙන් මෙවා ලබා දීමට දැනටමත් එකඟ වී ඇති නිසා විය හැකිය. වත්මන් රජය කොළඹ වරාය නගර පනත ලහි ලහියේ සම්මත කොටගත් ආකාරය, කොළඹ අවට ඉඩම් කිසිදු තරඟකාරී පදනමකින් තොරව විකුණා දැමූ ආකාරය, ආපදා අවස්ථාවන් පවා තම හිතවතුනට ව්‍යපාර කොට ගැනීමට අවස්ථාවක් කර දුන් ආකාරය පිළිබඳව සළකා බැළීමෙහිදී මෙවන් සැකයන් මතුවීම නොවැළැක්විය හැක.”

    “දෙවැනුව, කොළඹ කොටුව ප්‍රදේශයෙහි ඉතා ඉහල යන ඉඩම් වටිනාකම සළකා බැලූ විට පුරාවිද්‍යා පනත අනුව බිඳ දැමිය නොහැකිවාක් මෙන්ම බාහිර ආකෘතිය වෙනස් නොකර සංරක්ෂණය කළ යුතු මෙම ගොඩනැගිලි රජය කරවන පිරිස දකින ආකාරයට නාගරික සංවර්ධනයට බාධාවක් වී ඇතිද,” යනුවෙන් ද ඔවුහු වැඩිදුරටත් ප්‍රශ්නකරති.

    මොකක්ද මේ සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම?

    සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගමේ කොටස් සියයට සියක්ම මහා භාණ්ඩාගාරයට හිමිකාරිත්වය ඇති දැනටමත් ආරම්භකර ඇති සමාගමකි.

    නාගරික සංවර්ධන අධිකාරිය සතු ඕනෑම දේපලකට අදාළව ආයෝජන ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට මෙම සමාගමට හැකියාව ලබා දී තිබේ.

    සෙලෙන්දිවා සමාගමට පැවරෙන වගකීම් මොනවාද ?

    සුදුසු ආයෝජන හඳුනාගනිමින් ඒ සදහා පහසුකම් සැලසීම. යම් රජයේ වත්කමක දිගුකාලීන බදු අයිතිය හෝ කලමනාකරණ අයිතිය පෞද්ගලික ආයෝජකයෙකුට පැවරීම, නාගරික සංවර්ධන අධිකාරිය ලබාගෙන ඇති ඕනෑම ඉඩමක් සඳහා වානිජමය කොන්දේසි මත දිගුකාලීන බදු ගිවිසුම් ඇතිකරගැනීම, පෞද්ගලික ආයෝජන සඳහා අවශ්‍ය අනුමැතීන් සහ නිශ්කාශන ලබාගැනීමේදී ආයෝජකයාගේ කාර්ය පහසු කිරීම, වෙළෙඳපොල මිල ගනන් යටතේ ගිවිසුමට පෙර හා පසුව ආයෝජකයින්ට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීම, ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අදාළ ප්‍රවර්ධන කටයුතු සඳහා පිළිගත් අලෙවිකරණ සමාගමක් යොදවා ගැනීම, සමාගමට අදාල සේවා සහ ආයෝජන ලබාගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවළියක් ගොඩ නැංවීම යන කරුණු මෙහි ප්‍රධාන වගකීම් ලෙස දැක්විය හැකියි.

    ප්‍රධාන තැපැල් කාර්යාලය කොළඹ
    ප්‍රධාන තැපැල් කාර්යාලය කොළඹ
    සෙලෙන්දිවා සමාගම මගින් ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ කෙසේද?

    කැබිනට් පත්‍රිකාවේ සදහන් වන ආකාරයට සෙලෙන්දිවා සමාගම යටතේ පරිපාලන අනුබද්ධ සමාගමක් හෙවත් විශේෂිත අවශ්‍යතා ආයතනයක් (එස්පීවී) හරහා එම ආයතන රදවාගැනීමේ සමාගමක් පිහිටුවා පවත්වාගැනීම.

    ස්පෙෂල් පර්පර්ස් වෙහිකල් එකක් (එස්පීවී), කියන්නේ ආයෝජන කටයුතුවලදී අදාල නිශ්චිත ආයෝජන කාර්යය සඳහාම ආරම්භ කරන සමාගමකි.

    නාගරික සංවර්ධන අධිකාරිය සතුව ඇති යම් දේපොලක් ආයෝජන ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කරන්නේ නම් මේ හෝල්ඩින් එස්පීවී යටතේ ඇති තවත් විශේෂිත අවශ්‍යතා ආයතනයක් බවට පත්කළ යුතුය.

    ආයෝජකයින් හඳුනාගෙන ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම සිදුවන්නේ මෙම විශේෂිත අවශ්‍යතා ආයතනය යටතේයි.

    ආයෝජන සදහා දැනට හඳුනාගෙන තිබෙන දේපල මොනවාද?

    මැයි 5 වෙනිදා අගමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාවට අනුව විශේෂිත අවශ්‍යතා ආයතනයන් තුනක් දැනට ප්‍රකාශයට පත්කර ඇත.

    කොළඹ කොටුව හෙරිටේජ් ස්ක්වෙයාර්, නිශ්චල දේපොල සංවර්ධන පහසුකම් සැලසීම සහ රජයට අයත් සත්කාරක අංශය මේ විශේෂිත අවශ්‍යතා ආයතනයන් තුනයි.

    සෙලෙන්දිවා හෝල්ඩින් එස්පීවී යටතේ ඇති විශේෂිත අවශ්‍යතා ආයතනයන් තුනක් මගින් කොළඹ නගරයේ හා ඉන් පිටත පිහිටි ඉතා වටිනා රජයට මෙතෙක් අයිතිව තිබු දේපල රැසක් පෞද්ගලික බොහෝවිට විදේශීය ආයෝජකයින්ට ලබාදීමට යෝජිතයි.

    කොළඹ කොටුව හෙරිටේජ් ස්ක්වෙයාර් ව්‍යපෘතියට අයිති දේපල:

    අක්කර 1.57 ක භූමි ප්‍රමාණයක පිහිටි ග්‍රෑන්ට් ඔරියන්ටල් හෝටලය හා යෝක් ගොඩනැගිල්ල.අක්කර 0.75 ක භූමි ප්‍රමාණයක පිහිටි ගෆූර් ගොඩනැගිල්ල.අක්කර 1.5 ක පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල.සහ අක්කර 0.81 ක් භූමි ප්‍රමාණයක පිහිටි මහ තැපැල් කාර්යාලය.

    නිශ්චල දේපොල සංවර්ධනය යටතේ ඇති දේපල:

    කොළඹ නෙලුම් කුලුන ආසන්නයේ අක්කර 1.37 ක භූමියක පිහිටි සීනෝර් අවන්හල.අක්කර 5 ක භූමියක පිහිටි වෝටර්ස් එජ් මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතිය සහ යාපනය කන්කසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය.

    රජයට අයත් සත්කාරක අංශය ලෙස හදුන්වන දේපල

    හිල්ටන් කලම්බු ඇන්ඩ් ස්පෝට් සෙන්ටර්.ග්රෑන්ඩ් හයට් කලම්බු.

    මේ සියලුම දේපල සෙලෙන්දිවා හෝල්ඩින් එස්පීවී යටතේ ඇති විශේෂ කාර්ය සමාගම් තුනක් මගින් ආයෝජකයින් වෙත පවරාදීමට සැලසුම් කර ඇත.

    එහිදී ආදළ ව්‍යපෘතිවල දැනට කොටස් හිමියන් සදහා ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේදයක්ද අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර ඇති අතර කොටස් වෙළඳපොල හරහාද ව්‍යපෘතිවල ආයෝජනය කිරීමේ අවස්ථා පිළිබඳව අවධානය යොමුකර ඇත.

    මේ අතර කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල බෙල්ලන්තොට ප්‍රදේශයේ පිහිටි අක්කර 14 ක භූමි ප්‍රදේශයට රැගෙනයාම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ. පොලිස් මූලස්ථානය ඉවත් කිරීමත් සමග කොළඹ යෝර්ක් වීදිය හා චෛත්‍ය පාර සම්බන්ධ වන මාර්ගය මැදි කොට ඇති ඉපැරණි ගොඩනැගිලි හා භූමියද හිස්වනු ඇත.

    මීට අමතරව බේරේ වැවට මුහුණලා තිබූ වසර 44ක් පැරණි කොළඹ කොටුවේ පිහිටි මහජන බැංකු මූලස්ථානය කොළඹ දෙක හයිඩ් පාර්ක් ප්‍රදේශයට රැගෙනයාමේ ව්‍යාපෘතියක්ද දැන් ආරම්භවී තිබේ. රජය පවසන්නේ කොළඹ කොටුවේ පිහිටි ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල ද බත්තරමුල්ල ප්‍රදේශයට ගෙනයාමට කටයුතු කරමින් සිටින බවයි.

    මේ අනුව පෙනී යන්නේ කොළඹ වරාය නගරයට ආසන්නයේ පිහිටි රජයේ ගොඩනැගිලි බොහොමයක් මේ වන විට එම ප්‍රදේශ වලින් ඉවත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

    බී.බී.සී සන්දේශය ඇසුරිණි

  • මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව තහවුරු කරයි

    මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව තහවුරු කරයි

    අද (09) දින වාර්තා කරන ලද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) තහවුරු කරන ලද කොවිඩ් ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව 111කි. මෙසේ මියගිය අයගෙන් 90 දෙනකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 21 දෙනකු වයස අවුරුදු 30-59 අතර වේ. පිරිමි පුද්ගලයින් 56 දෙනකු සහ කාන්තාවන් 55 දෙනකු මියගිය අය අතර සිටී.

    [googlepdf url = “http://supirigossip.com/wp-content/uploads/2021/08/news-release-797.pdf”]

  • ඇමෙරිකාව සහ චීනය අධිපත්‍ය පැතිරූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අවසන් වෙයි

    ඇමෙරිකාව සහ චීනය අධිපත්‍ය පැතිරූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අවසන් වෙයි

    ගෝලීය කොවිඩ් වසංගත අවදානම හමුවේ ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත් වූ 2020 ඔලිම්පික් උළෙල අද (08) අවසන් වුණා. පෙර වසරවල මෙන් දැවැන්ත ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව උළෙල අවසන් නොවූවත් එහි අභිමානවත් බවට එයින් කිසිම බාධාවක් නොවූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

    මෙවර ටෝකියෝ ඔලිම්පික් උළලේදී ද සුපුරුදු ලෙස රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 41ක් සහ ලෝකඩ පදක්කම් 33 සමග පදක්කම් 113ක් දිනා එක්සත් ජනපදය ප්‍රථම ස්ථානය දිනා ගත්තත් චීනය ඔවුන්ට කරට කර සටනක් ලබා දුන්නා. ඒ අනුව ඇමෙරිකාවට වඩා එක් රන් පදක්කමක් පසුපසින් සිටින මහජන චීනය රන් පදක්කම් 38ක්, රිදී පදක්කම් 32ක් සහ ලෝක පදක්කම් 18ක් සමග පදක්කම් 88ක් දිනා ගෙන දෙවැනි තැනට පත් වුණා.

    සත්කාරක ජපානය පදක්කම් සටහනේ තෙවැනි ස්ථානය දිනා ගත්තේ රන් පදක්කම් 27ක් ද සමග පදක්කම් 58ක් ජයග්‍රහණය කරමින්. සිවුවැනි ස්ථානය මහා බ්‍රිතාන්‍ය විසින් දිනා ගත්තේ රන් පදක්කම් 22ක් ද සමග පදක්කම් 65ක් දිනා ගනිමින්.

    තහනම් උත්තේජක චෝදනාවලට දඩුවමක් වශයෙන් ඔලිම්පික් උළෙල තහනම් කර සිටින රුසියාව ‘රුසියානු ඔලිම්පික් කමිටුව‘ යන නම යටතේ තරග කර රන් පදක්කම් 20ක් සමග පදක්කම් 71ක් දිනා ගැනීම විශේෂත්වයක්. එය රුසියාව මෑත කාලයේ වාර්තා කළ ඉහළම පදක්කම් ගණන බවට පත් වුණා.

    සමස්තයක් ලෙස රටවල් 63ක් එක් රන් පදක්කමක් හෝ දිනා ගෙන ඇති අතර කුමන හෝ පදක්කමක් දිනාගත් රටවල් ගණන 86ක්.

    ඒ අනුව ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 100කට අධික ප්‍රමාණයක් කිසිම පදක්කමක් දිනා නොගැනීම ද විශේෂත්වයක්.