Tag: featured

  • ජනතා උද්ඝෝෂණ හමුවේ ‘කියුබානු ආණ්ඩුවට‘ දණ නමයි !

    ජනතා උද්ඝෝෂණ හමුවේ ‘කියුබානු ආණ්ඩුවට‘ දණ නමයි !

    ඉරිදා ආරම්භ වූ රටපුරා ඇති වූ නොසන්සුන්තාව මෑත කාලයේ පෙර නොවූ විරූ විය

    පසුගිය දිනවල කියුබාවේ අගනුවර ඇතුළු පළාත් රැසක ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ සඳහා ආනයන බදු සහ සංචාරකයින් විසින් රැගෙන එන එවැනි භාණ්ඩ සඳහා වන සීමාවන් ද කියුබානු රජය විසින් තාවකාලිකව ඉවත්කර ඇත.

    අගමැති මැනුවෙල් මාරෙරෝ කෟෟස් අද (15) රාජ්‍ය රූපවාහිනිය මගින් ජනතාව අමතා නව වෙනස නිවේදනය කළේය.

    “එය බොහෝ සංචාරකයින්ගේ ඉල්ලීමක් වූ අතර මෙම තීරණය ගැනීම අවශ්‍ය විය,” අගමැති පැවසීය. දෙසැම්බර් 31 න් පසු රජය විසින් කරුණු තක්සේරු කරනු ඇතැයි ඔහු පැවසීය.

    ආහාර හා ඖෂධ හිඟය, මිල වැඩි කිරීම සහ රජය විසින් කොවිඩ් -19 හැසිරවීම සම්බන්ධයෙන් විරෝධතා දක්වමින් දස දහස් ගණන් කියුබානු වැසියෝ පසුගිය ඉරිදා රට පුරා දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වූහ. ඒවා කොමියුනිට්ස් කියාබානු ඉතිහාසයේ මීට පෙර නොවූ තරම් ප්‍රබල ඒවා විය.

    විරෝධතාකරුවන් කළ එක් ඉල්ලීමක් වූයේ කියුබාවට පැමිණෙන සංචාරකයින්ට රේගු බදු නොගෙවා සැපයුම් ගෙන ඒමට අවස්ථාව ලබාදිය යුතු බවයි.

    පසුගිය ඉරිදා නොසන්සුන්තාව ආරම්භ වූ දා සිට රට පුරා දුසිම් ගණනක් අත්අඩංගුවට ගෙන තිබේ. එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව බලධාරීන් අඟහරුවාදා තහවුරු කළහ.

    දැඩි ඒකාධිපති පාලනයක් ඇති කියුබාව තුළ අනවසර පෙලපාලි නීති විරෝධී වන අතර රාජ්‍ය විරෝධී විරෝධතා සිදුවීම අතිෂයින් අවමය.

    ‘අවශ්‍ය’ තීරණයක්

    දැනට කියුබාවට පැමිණෙන සංචාරකයින්ට ඖෂධ කිලෝග්‍රෑම් 10ක් දක්වා බදු රහිතව රට තුළට ගෙන යා හැකිය. කෙසේ වෙතත්, ඔවුන්ට ගෙන ඒමට අවසර දී ඇති සීමිත ආහාර හා පෞද්ගලික සනීපාරක්ෂක සැපයුම් සඳහා රේගු බදු ගෙවිය යුතුය.

    එවැනි රේගු වෙනසක් ඇති කරන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. දැනට පවතින කොරෝනා වයිරස් වසංගතය මධ්‍යයේ කියුබාවට සංචාරය කරන්නේ ස්වල්ප දෙනෙකි.

    “නැහැ, අපට කෑල්ලක් අවශ්‍ය නැහැ. අපට නිදහස අවශ්‍යයි” යනුවෙන් කියුබානු කොමියුනිස්ට් රජයේ විවේචකයෙක් සහ මාධ්‍යවේදී යොවානි සැන්චෙස් අගමැතිවරයාගේ නිවේදනය නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසු ට්වීට් කළේය. 

    “අමතර සූට්කේස් කිහිපයක් ආනයනය කිරීම සඳහා කියුබානු වීදිවල රුධිරය කාන්දු නොවීය” ඔහු සදහන් කළේය.

    අන්තර්ජාල සේවා යළිත්

    දින තුනක බාධාවකින් පසු කියුබානු බලධාරීන් අද අන්තර්ජාලයට පිවිසීම යථා තත්ත්වයට පත් කළ බව ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සියේ මාධ්‍යවේදීන් වාර්තා කළහ. කෙසේ වෙතත් ෆේස්බුක්, වට්ස්ඇප් සහ ට්විටර් ඇතුළු සමහර පණිවිඩ සහ සමාජ මාධ්‍ය වේදිකා 3G සහ 4G වල අවහිර වී ඇති බව වාර්තා වේ.

    ජංගම අන්තර්ජාලය කියුබාවේදී හඳුන්වා දෙනු ලැබුවේ පසුගිය වසර කිහිපය තුළ පමණක් වන අතර මෑත කාලීන පෙලපාලි සංවිධානය කිරීමට හා ප්‍රචාරය කිරීමට මිනිසුන්ට ඉඩ ලබා දෙන ලදී.

    හවානා අගනුවර පදිංචිකරුවෙකු වන ඇන්ඩ්‍රියා ලෝපෙස් රොයිටර් පුවත් සේවයට පැවසුවේ ‘අන්තර්ජාල සේවා අවහිර කිරීම නිසා තමාට මෙක්ෂිකෝවේ සිටින තම සැමියා සමඟ කතා කිරීමට නොහැකි වූ බවයි.

    “ඔවුන් අන්තර්ජාල සේවා කපා හැරියා. රජයට අවශ්‍ය වන්නේ සියල්ල නිහඩ කිරීමටයි” ඇය පැවසුවාය.

    2021 ජූලි 14 වන දින බලධාරීන් අන්තර්ජාල ප්‍රවේශය යථා තත්වයට පත් කිරීමෙන් පසුව කියුබානුවන් ඔවුන්ගේ දුරකථන පරීක්ෂා කරති
    කියුබානු බලධාරීන් දින ගණනකට පසු බදාදා අන්තර්ජාල ප්‍රවේශය යථා තත්වයට පත් කළහ

    දැඩි ආරක්‍ෂාවක් තිබුණද හවානාහි වීදි මේ වන විට සන්සුන්ව පවතින බව වාර්තා වේ.

    මෑත දිනවල රට තුළ අත්අඩංගුවට ගැනීම් අඛණ්ඩව සිදුවන බව පෙනේ. කියුබානු යූ ටියුබ් මාධ්‍යවේදිනියක වන ඩිනා ස්ටාර්ස් ඊයේ ස්පාඤ්ඤ මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් සිටියදී ඇයව රැගෙන යාමට ආරක්ෂක අංශ පැමිණ ඇති බව නාලිකාවට පැවසුවාය. ඇය පසුව ඉන්ස්ටග්රෑම් හි ඒ ගැන පළ කළාය.

    ආර්ථික අර්බුදයක්

    ආණ්ඩු විරෝධී විරෝධතා පසුගිය ඉරිදා හවානාහි නිරිත දෙසින් සැන් ඇන්ටෝනියෝ ඩි ලොස් බැනෝස් නගරයේ උද්ඝෝෂණයත් සමඟ ආරම්භ වූ නමුත් වැඩි කල් නොගොස් රට පුරා ව්‍යාප්ත විය.

    බොහෝ දෙනෙක් මෙම විරෝධතා සමාජ ජාල ඔස්සේ සජීවීව විකාශය කරන ලදී. සමාජ මාධ්‍යවල පළ වූ පෝස්ට් වලින් පෙනී ගියේ මිනිසුන් පොලිස් කාර් පෙරළා දමා විදේශීය මුදල්වලින් භාණ්ඩ මිල කරන රජයේ සමහර වෙළඳසැල් කොල්ලකන බවයි. බොහෝ කියුබානුවන් සඳහා, මෙම සාප්පු යනු මූලික අවශ්‍යතා මිලදී ගත හැකි එකම ක්‍රමය වන නමුත් ඒවායේ මිල ගණන් ඉතා ඉහළය.

    කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත් වූ දා සිට ඇමෙරිකානු සම්බාධක හමුවේ දැඩිව පීඩාවට පත්ව ඇති කියුබාවේ ආර්ථිකය මේ වන විට බරපතළ අරගලයක යෙදී සිටී. එරට ආර්ථිකයේ වඩාත් වැදගත් අංශවලින් එකක් වන සංචාරක ව්‍යාපාරය, කෝවිඩ් වසංගතය තුළ ගමන් කිරීම සීමා කිරීම නිසා විනාශයට පත්ව ඇත.

    සංචාරක ව්‍යාපාරය මෙන්ම සීනි කර්මාන්තය ද කියුබානු ආර්ථිකයේ ප්‍රමුඛතම එකකි. එහෙත් මේ වසරේ අපේක්ෂිත ඇස්වැන්න විශාල වශයෙන් පහත වැටී ඇත. එය ද මාරාන්තික පහරකි.

    එහි ප්‍රතිඵලයක් වශයෙන්, රජයේ විදේශ මුදල් සංචිත ක්ෂය වී යයි, එයින් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් සිදු වන පරිදි, හිඟය පියවා ගැනීම සඳහා ආනයනික භාණ්ඩ මිල දී ගත නොහැකි බවයි.

    කියුබාව විරෝධතා සහ කියුබාවේ පුළුල් ගැටලු සඳහා එක්සත් ජනපදයට සහ එහි ආර්ථික සම්බාධකවලට දොස් පවරා තිබේ. මෑතදී ඇති වූ නොසන්සුන්තාව අතරතුර කියුබානු ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් නිදහස් කරන ලෙස එක්සත් ජනපදය කියුබානු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

    බී.බී.සී ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ස්ටාලින්ලා පටලවා ගනිමින් ‘රටට විහිළු සපයන්න එපා‘

    ස්ටාලින්ලා පටලවා ගනිමින් ‘රටට විහිළු සපයන්න එපා‘

    රුසියාවේ ස්ටාලින් සහ ලංකාවේ ජෝසෆ් ස්ටාලින් පටලවාගනිමින් මෙවැනි බැරූරුම් අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යවරිය රටට විහිළු සැපයීම නොකළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මාහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

    නිරෝධායන අත්අඩංගුව පිළිබඳව පොලිස් අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුකරන සෘජු හෝ චෝදනාව පිළිබඳව විමර්ශනයක් කළ යුතු බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහත තීරණ වසංගත විද්‍යාවට අදාලවම ගණු ලැබූ ඒවාද යන්න පිළිබදව බරපතල සැකයක් පවතින බැවින්, ඒවා පිළිබද නිසි විමර්ශනක් සිදු කර රටට කරුණු වාර්ථා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් බවයි එම නිවේදනයේ වැඩි දුරුටත් සදහන් වන්නේ්‍

    1. උක්ත අත්අඩංගුවට ගැනීම් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට ලියන ලද ලිපියක් පාදක කරගෙන ඇති බව වාර්තා වන අතර එම ලිපියෙහි අභිලාශය වසංගතය පාලනය කිරීමද? එසේ නොමැති නම් වසංගතය මුවාවෙන් උත්ඝෝෂණ  හා විරෝධතා පාලනය කිරීමද? යන්න පිළිබඳවත්, එම ලිපියෙහි අභිලාශය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර තිබෙන්නේද? යන වග,

    2. පාර්ලිමේන්තු වටරවුම අසල පැවැති උද්ඝෝෂණයකදී වසංගතය පැතිරීමට ඉවහල් වන අයුරින් කටයුතු සිදු වූයේද? නැද්ද? යන්න වග හා එම කණ්ඩායම් නිරෝධායනය කල යුතුද? නැද්ද? යන්න පිළිබඳව වසංගත විද්‍යානුකූලව තීන්දු ගනු ලැබිය යුත්තේ එම ප්‍රදේශයට අදාල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ප්‍රමුඛ කොට ගනිමින් වන අතර උක්ත කණ්ඩායම බලහත්කාරයෙන් කඳවුරු නිරෝධායනයට යොමු කල යුතු බවත් ඊට අදාල සුදුසුම නිරෝධායන මධ්‍යස්ථානය මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය වන බවත් නිවෙස් නිරෝධායනය වැනි විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කල නොහැකි බවත් අදාල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා විසින් නිර් දේශ  කර තිබෙන්නේද? එසේ නිර් දේශ කර ඇත්නම් එම නිර් දේශයේ අභිලාශය වසංගත පාලනයට පමණක් අදාල වන්නේද? යන වග.
    3.       අදාල “නිරෝධායන රැඳවියන්ගේ” පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සාමාන්‍ය නිරෝධායන මධ්‍යස්ථාන වල සිදුවන ක්‍රියාවලියට සමාන අයුරෙන් සිදුවූයේද? එසේ නොමැතිනම් අනෙකුත් මධ්‍යස්ථාන වල නිරෝධායනය වන පුද්ගලයන්ගේ කිසිඳු පීසීආර් පරීක්ෂණයක් සිදු නොකරන තත්ත්වයක් යටතේ මෙකී කණ්ඩායමෙහි පමණක් පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට වෙනත් අභිලාශයක් පැවතියේද? යන්න හා එලෙස සුවිශේෂී ලෙස පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා වසංගතය පාලනය කිරීමේ අභිලාශයෙන්ම පමණක් අදාල සෞඛ්‍ය නිළධාරියා කටයුතු කලේද? යන වග
    4.       අදාල කණ්ඩායමෙහි පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල 2021.07.10 දින නිකුත් වී ඇති අතර එම කණ්ඩායම අසාධිතයන් නොවන බව එම පරීක්ෂණ ප්‍රතිඵල මඟින් තහවුරුව තිබියදී තවදුරටත් ඔවුන්ව කඳවුර තුල රඳවා තබා ගන්නේ සෞඛ්‍යමය උවමනාවක් වෙනුවෙන්ද? යන වග හා අවම වශයෙන් ඔවුන්ව නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට නිර් දේශ නොවන්නේ කිනම් හේතුවක් නිසාද? යන වග.
    5.       මෙම ක්‍රියාවලියේදී අඩු වැඩි වශයෙන් පොලිස් නිළධාරීන්ද නිරෝධායන නීති කැමැත්තෙන් හෝ අකමැත්තෙන් උල්ලංඝණය කර ඇති බැවින් ඔවුන් හරහා වසංගතය පැතිරීමට ඇති ඉඩ කඩ පිළිබඳව වසංගත රෝග විද්‍යාව වෙනස් ආකාරයකට ක්‍රියාත්මක කර තිබෙන්නේ කෙසේද? යන වග

    ශ්‍රී ලංකාවේ සිට කෝවිඩ් ආසාදිතයන්, ආසාදිත නොවන වාර්තා රැගෙන පැමිණීම හේතුවෙන් පෞද්ගලික රසායනාගාරයක වාර්තා පිළි නොගන්නා බව චීනය නිවේදනය කර ඇත. ආගමනිකයන්ගේ, සංචාරකයන්ගේ හා විදේශිකයින්ගේ මුදල් ගෙවා සිදුකරන PCR පරීක්ෂණ වලින් 90%ක් පමණ සිදු කළ එම රසායනාගාරය  මගින් වැරදි වාර්තා නිකුත් වීම, ලංකාවේ ප්‍රභේද කාන්දු වීමට ප්‍රධාන හේතුවක්. PCR පරීක්ෂණය සිදු කරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ   වෘත්තිකයාගේ අත්සන නොමැතිව, වෛරස වේදියකුගේ අත්සනෙහි ඡායාරූපයක් මගින් වාර්තා නිකුත් කිරීමට ඉඩ සැලසීම හේතුවෙන් පෞද්ගලික අංශය හරහා වැරදි වාර්තා නිකුත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුබල දී ඇත.

    එක් එක් පුද්ගලයන්ගේ මුදල් හම්බකර ගැනීමේ කූඨ උපායන් සෞඛ්‍ය අමාත්‍යාංශය උගුලක හිරකර ඇත. එකී කූඨ උපායන් හඳුනා නොගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීම හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේත් අත්වැරැද්දක්ද? උවමනාවක්ද?

  • ජ.පුර සරසවි සිසුවෙක් ඇතුළු ඩෙල්ටා ආසාදිතයින් 19ක් අලුතින් හදුනා ගනී

    ජ.පුර සරසවි සිසුවෙක් ඇතුළු ඩෙල්ටා ආසාදිතයින් 19ක් අලුතින් හදුනා ගනී

    ඩෙල්ටා‘ නමින් හැඳින්වෙන ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 19 දෙනෙකු මෙරට ප්‍රදේශ කිහිපයකින් සොයාගෙන ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

    කොළඹ, යාපනය සහ කිලිනොච්චි වැනි ප්‍රදේශවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවත් එක් ආසාදිතයෙකු පිළියන්දල පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු බවත් වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කළා.

    අලුතින් හදුනාගත් ආසාදිතයින් 19 දෙනා සමග මෙරටින් වාර්තා වූ ඩෙල්ටා ආසාදිතයින් ආසාදිතයින් සංඛ්‍යාව 38 දෙනකු බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

    මෙම ප්‍රදේශවලින් වෛරසය පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් සිටින බව ද ඔහු තවදුරටත් පැවසීය.

    රෝගීන්ගෙන් එක් අයෙකු 22 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකි. ඔහු පිලියන්දල පදිංචිකරුවෙකි.

  • මුදල් ඇමැති බැසිල් තානාපතිවරු 07ක් හමුවෙයි

    මුදල් ඇමැති බැසිල් තානාපතිවරු 07ක් හමුවෙයි

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද (14) ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය ඇතුළු මෙරට තානාපතිවරු සහ මහ කොමසාරිස්වරුන් හත් දෙනකු හමුවී සාකච්ඡා කළා.

    ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කී ෂෙන්හොන්ග්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් ලෝතර් සෙවුබර්ට්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බී. මැටරි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස්, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චයිබි, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හූල්ටන් යන මහත්ම මහත්මීන් සමගයි මුදල් අමාත්‍යවරයාගේ මෙම විශේෂ සාකච්ඡාව පැවැත් වුණේ.

    මුදල් අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්විණි.

  • යූරියා නැව ගැන විශේෂ විමර්ෂණයකට රේගුව සූදානම් !

    යූරියා නැව ගැන විශේෂ විමර්ෂණයකට රේගුව සූදානම් !

    ඉන්දුනීසියාවේ සිට යූරියා පොහොර මෙට්‍රික්ටොන් 9795ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණිම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතා පවසයි.

    පසුගිය මැසි මස 06 වැනි දින සිට රසායනික පොහොර මෙරටට ආනයනය කිරීම තහනම්කර ඇති පසුබිමක මෙලෙස යූරියා පොහොර රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණීම දැඩි ආන්දෝලනයක් ඇතිකර තිබේ.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් රේග්‍ර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ මෙම යූරියා තොගය නැව්ගත කළ දිනය සහ අදාළ නෞකාව මෙරටට පැමිණීමට ගමන් ආරම්භකළ දිනය පිළිබඳව ද කරුණු සොයාබලන බවයි.

    ‘‘ඉන්දුනීසියාවේ සිට පැමිණ ඇති මෙම නෞකාවේ යූරියා මෙට්‍රික් ටොන් 9795ක් තිබෙන බව වාර්තා වෙනවා. මෙම යූරියා තොග නැව්ගත කර ඇත්තේ මෙරට රසායනික පොහොර තහනම පැනවීමට පෙර ද එසේත් නැතිනම් පසුව ද යන්න සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් විමර්ශන සිදුකරනවා. ඒ අනුව විමර්ශන අවසන් වන තෙක් අදාළ නෞකාව රේගු භාරයේ රඳවා තබාගන්නවා‘‘

  • බරපතළ සිදුවීමක් නොවුනොත් මාස දෙකකින් රට සම්පූර්ණයෙන්ම විවෘත කරනවා – යුද හමුදාපති

    බරපතළ සිදුවීමක් නොවුනොත් මාස දෙකකින් රට සම්පූර්ණයෙන්ම විවෘත කරනවා – යුද හමුදාපති

    කොවිඩ් වසංගත තත්ත්වයේ බරපතළ සිදුවීමක් සිදු නොවුණහොත් ලබන සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    අද (14) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා කියා සිටියේ සමස්ත ජනගහනම ආවරණය වන පරිදි ලබන සැප්තැම්බර් මාසය වනවිට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

    යුද හමුදාපතිවරයා මෙසේද පැවසුවේය, ‘‘ හැමදාම රට වසාගෙන සිටීමට හැකියාවක් නැහැ. වසංගතය පාලනය කිරීම සදහා අවශ්‍ය සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන රට විවෘත කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට නිතර උපදෙස් ලබාදෙනවා. ඒ වගේම තමයි විදේශ සංචාරකයින් වෙනුවෙන් රට විවෘත කිරීමටද සාකච්ඡා සිදුවෙනවා. ඒ ගැන සංචාරක අමාත්‍යවරයා කටයුතු කරමින් සිිනවා. ඒ අනුව කොරෝනා එන්නත් දෙකම ලබාගෙන පැමිණෙන විදේශිකයන්ට පී.සී.ආර් පරීක්ෂණයකින් පසු මෙරටට ඇතුල්වීමට අවස්ථාව ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට රටපුරා එන්නත්කරණ වැඩසටහන වේගවත් කර තිබෙනවා. ඒ අනුව අනපේක්ෂිත දෙයක් සිදු නොවුණහොත් ලබන සැප්තැම්බර් මාසය වන විට රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට හැකිවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා‘

  • මහින්දානන්ද – ශෂීන්ද්‍ර පෞද්ගලික පොහොර සමාගම්වලට කඩාපනී !

    මහින්දානන්ද – ශෂීන්ද්‍ර පෞද්ගලික පොහොර සමාගම්වලට කඩාපනී !

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු අද (14) පෙරවරුවේ පැලියගොඩ සහ කැළණිය ප්‍රදේශවල ඇති පෞද්ගලික පොහාර සමාගම්වල ප්‍රධාන ගබඩා සංකීර්ණ හදිසියේ නිරීක්ෂණය කළා.

    රටේ පෙහොර හිඟයක් පැවතියද පෞද්ගලික සමාගම් සිය ගබඩාවල පෙහොර තොග විශාල වශයෙන් තබාගෙන සිටින ආකාරය  මෙහිදි අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක් වූණා. දෛනිකව නිකුත් කළ හැකි පෙහොර ප්‍රමාණයන් නිකුත් නොකොට අඩු වශයෙන් පොහාර නිකුත් කිරීමට සමාගම් ක්‍රියා කිරීම සම්බන්ධව අමාත්‍යවරුන් මෙහිදී ප්‍රශ්න කළා.

    පොරාන්දු වු දින වකවානු වලට අවශ්‍ය පොහොර නිකුත් නොකරන්නේනම් රාජ්‍ය පොහොර සමාගම් මඟින් ඒවා බෙදා හැරීමට පියවර ගැනීමට සිදුවන බවයි. අදාළ සමාගම්වලට අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියා සිටියේ,  ඇතැම් පෞද්ගලික සමාගම් දිනකට පෙහොර මෙට්‍රික් ටොන් 600 නිකුත් කිරීමට හැකියාව තිබියදී 300ක් වැනි අඩු ප්‍රමාණයක් නිකුත් කිරීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදි අදාල නිළධාරින්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළා.

    පොහොර පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකාච්ජාවේදී පෞද්ගලික පොහාර සමාගම් දිනකට මෙට්‍රික් ටොන් 1000ක් නිකුත් කිරීමට පොරොන්දු වුවත් දින ගණනක් ගතවී ඇතත් එම පොහාර ප්‍රමාණය නිකුත් කර නැති බව අමාත්‍යවරු මෙහිදී පෙන්වා දුන්නා. පොහාර නොමැති බවට ජනතාව රට පුරා විවිධ ක්‍රියාමාර්ග ගනිද්දි ගබඩාවල මෙසේ රජයේ සනාධාර පොහොර තබාගෙන සිටින්නේ මන්දැයි අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සමාගම් නිළධාරින්ගෙන් ප්‍රශ්න කළා.

    අදාළ තීරණ අනුව දින 03ක් ඇතුළත ජනතාවට අවශ්‍ය සියලු පොහොර නිකුත් කරන ලෙස සමාගම් නිළධාරින්ට අමාත්‍යවරුන් දන්වා සිටියා. එසේ නොමැති වුව හොත් පෞද්ගලික සමාගම් හරහා සිදුවෙන පොහොර බෙදා හැරිම රාජ්‍ය පොහොර සමාගම් හරහා සිදුකරණ ලෙසයි.  පොහොර ලේකම් කාර්යාලයේ නිළධාරින්ට හා ගොවිජන සේවා නිලධාරින්ට අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා දැනුම් දුන්නේ.

    ගබඩාවල ඇති පොහොර නිකුත් කිරීමට දින ගණන් ප්‍රමාද කරන්නේ කුමන කරුණක් නිසා දැයි රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ද මෙහිදී ප්‍රශ්න කළා. ප්‍රවාහන හා කම්කරු ගැටලු පවතින බවයි අදාළ සමාගම් නිළධාරීන් මෙහිදී අමාත්‍යවරුන්ට කරුණු ඉදිරිපත් කළේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් කම්කරුවන්ගේ ශ්‍රමදායකත්වයන් ලබා දීමට රජයට හැකි බවත් දිවයින පුරා  පොහොර බෙදා හැරීම විවිධ කරුණු කියමින් ප්‍රමාද කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් අමාත්‍යවරුන් අදාළ සමගම්වල නිරීක්ෂණ චාරිකාවේදී අවධාරණය කළා.

    අදාළ පොහොර සමාගම්වල ගබඩාවන් හි පොහාර තොග විශාල වශයෙන් ගොඩ ගසා තිබෙන අයුරු දක්නට ලැබුණා.

    AGC MEDIA NEWS (2)
    AGC MEDIA NEWS (3)
    AGC MEDIA NEWS (4)
    AGC MEDIA NEWS (5)
    AGC MEDIA NEWS (6)
    AGC MEDIA NEWS (7)
    AGC MEDIA NEWS (8)
    AGC MEDIA NEWS (9)
    AGC MEDIA NEWS (11)
    AGC MEDIA NEWS (10)
    AGC MEDIA NEWS (13)
    AGC MEDIA NEWS (12)
    AGC MEDIA NEWS (14)
    AGC MEDIA NEWS (15)
    AGC MEDIA NEWS (16)
    AGC MEDIA NEWS (17)
    AGC MEDIA NEWS (18)
    AGC MEDIA NEWS (19)
    AGC MEDIA NEWS (20)
    AGC MEDIA NEWS (21)
    AGC MEDIA NEWS (22)
  • අධිවේගී මහා මංකොල්ලයක් ගැන ‘චම්පික රණවකගෙන්‘ සුපිරි හෙළිදරව්වක් !

    අධිවේගී මහා මංකොල්ලයක් ගැන ‘චම්පික රණවකගෙන්‘ සුපිරි හෙළිදරව්වක් !

    කාගේත් කතා බහට ලක්ව ඇති මහ බැංකු වංචාව ජනතාවට පෙන්වමින් පවතින රාජපක්ෂ රජය එම මහ බැංකු වංචාවටත් වඩා “විසි ගුණයක” අධිවේගී මහා මංකොල්ලයකට කෙටුම්පත් සකසා ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විශේෂ හෙළිදරව්වක් කරමින් ප්‍රකාශ කරයි.

    එහිදී රාජපක්ෂවරුන් 2005 පටන්ගත් නාඩගම යලි අරඹා ඇති බවත් ජපන් රජය මගින් සහන ණය ක්‍රමයට ලබාදුන් LRT ව්‍යාපෘතිය නවතා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් ඉදිකිරිම තුලින් අධිවේගී මහා මංකොල්ලයට අත ගසා ඇති බව ඒ මහතා පවසයි.

    එහිදී යහපාලන රජය සමයේ වසර තුනක සාකච්ජා වල ප්‍රතිඵලයක් ලෙස ජපන් ආධාර යටතේ සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ලැබුණ බවත් තවත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති තුනක් සදහා ශක්‍යතා අද්‍යනයක් සිදුකොට තිබු බවත් එම වකවානුව තුල නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කල චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

    නමුදු විදේශීය ජාවාරම් කාරයන්ට කත් අදින දේශීය ජාවාරම්කාර පවුලක් නව රජයක් ලෙස පත්වීමත් සමඟ ඩොලර් බිලියන ගණන් තම සාක්කුව පුරවා ගෙන අහිංසක ජනතාව ණයකාරයන් බවට පත් කරමින් සිටීම නොවැලැක්විය හැකි බව ඒ මහතා පවසයි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා දුෂිත රාජ්‍ය නිලධාරියෙකු ලෙස නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත බන්දු වික්‍රම මහතා “මෙම ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අධික වියදමක් යන බවත්” ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා “මෙම ව්‍යාපෘතියෙන් ලංකික ජනතාව තවත් ණයකාරයන් වන බවත්” පවසා ජනතාවට බොරු බිල්ලෙකු මවා පාමින් කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් සකසමින් තම හිත මිතුරු ජාවාරම්කාර පවුලට මහා මංකොල්ලයකට ඉඩහසර ලබාදුන් බව හෙළි කරයි.

    තවද යහපාලන රජය සමයේ ජපන් රජයේ ආධාර ඇතිව ඉදිවීමට තිබු මෙම LRT ව්‍යාපෘතිය සඳහා වැයකිරීමට තිබු මුළු වියදම ඩොලර් මිලියන 1374ක් උවද මෙම ජාවාරම්කාර පන්තිය විසින් එය නවතා දමා ඩොලර් මිලියන 1620ක් වියදම් කරමින් මෙම නව කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය ඉදිකරමින් මහා මංකොල්ලයක් සිදුකොට තිබේ.

    ඉදිවීමට පැවති LRT ව්‍යාපෘතිය නිකන්ම ගුවනින් යන දුම්රියක් පණක් නොව එම ඩොලර් මිලියන 1374ක් යටතේ මේ සඳහා අවශ්‍ය දුම්රිය කට්ටල,ඒවා ගාල් කිරීම සඳහා අවශ්‍ය ස්ථාන,අලුත්වැඩියා කටයුතු සඳහා කර්මාන්ත ශාලා සහ ස්ථාන 17ක් නියෝජනය වෙමින් ඉදිවන නැවතුම්පොළවල් වලින්ද සමන්විත වූ බව චම්පික රණවක මහතා අවදාරණය කරයි.

    තවද මෙම ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යනයට උපදේශකවරුන්ගේ හා ඉංජිනේරුවරුන්ගේ උපදෙස් ගැනීම් ඉඩම් අත්පත් කරගැනීම වැනි අතිරේක වියදම් වශයෙන් ඩොලර් මිලියන 848ක් වෙනකොට තිබු බවත් එත් සමඟ වූ සමස්ත වියදම ඩොලර් මිලියන 2222ක් උවද ඉංජිනේරුවරුන්ගේ හා උපදේශකවරුන්ගේ අධ්‍යනයෙන් අනතුරුව මෙම මුදල 15%කින් අඩු කොට ඩොලර් මිලියන 1900කට අඩු කර ගත හැකිවූ බවත් වැට් බද්ද අඩුවීමෙන් එම මුදල තවත් අඩුවීමට තිබු බවත් ඒ මහතා පවසයි.

    නමුදු මෙම ව්‍යාපෘතිය නවතාලමින් ඔරුගොඩවත්තේ සිට අතුරුගිරියට කිලෝමීටර් 19ක දුරකින් ඉදිකිරීමට කැබිනට් අනුමැතියද හිමිවීමට පවතින කණුමතින් මතින් දිවෙන අධිවේගී මාර්ගය කිලෝමීටරයක් ඩොලර් මිලියන 25ට ඉදිකරමින් සමස්ත ව්‍යාපෘතිය ඩොලර් මිලියන 475ක මුදලකින් අවසන් කිරීමට හැකියාව තිබියදී මෙම ජාවාරම්කාර පැලැන්තිය එය ඩොලර් මිලියන 1620කට ඉදිකිරීමට සැලසුම් කොට ඇති බව චම්පික රණවක මහතා හෙළිකරයි.

    එමෙන්ම ජපන් රජයේ ආධාර හා ජපන් දැනුම භාවිතා කරමින් ඉදිවීමට තිබු LRT ව්‍යාපෘතිය සඳහා වසර 15ක් යනතුරු කිසිදු මුදලක් ගෙවීමට අවශ්‍ය නොවූ බවත් එම වසර 15ක කාලය තුල උපයන සියලු මුදල් ශ්‍රී ලංකා රජය සතුවන බවත් වසර 15කින් පසුව ගෙවා දමන ණය සදහාද 0.1% පොලියක් ගෙවීමට එකඟව සිටි බවත් ඒ මහතා පවසයි.

    පවතින ඩොලර් හිඟයට මේ මොහොතේ මහඟු පිටුබලයක් වීමට තිබු ව්‍යාපෘතිය නවතා දමා වසර 15ක් තුල එක් වසරකට ඩොලර් මිලියන 108ක් 23%ක පොලියක් යටතේ ගෙවීමට සිදුවන ණයක් ලබා ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම මල්ඵල ගන්නවමින් ජනතාව ණයකරුවන් කොට මහා අධිවේගී මංකොල්ලයක් සිදුකර ඇති බව අමාත්‍යවරයා හෙළිකරයි.

    එමෙන්ම මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා තවත් අනාවරණයක් කරමින් පවසා සිටියේ මෙම ඉදිකිරීමට සැලසුම් කර ඇති කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයේ නිසි පරිසර අද්‍යනයක් සිදුකොට නොමැති බවත් එහි අතුරුගිරියේ සිට රාජගිරිය දක්වා කොටස දිවෙන තලංගම තෙත්බිම් වල පරිසර අධ්‍යනයක් නොකොට එම තෙත්බිම ගැසට් කොට ඇති ගැසට් පත්‍රය අහෝසි කිරීමේ සැලසුමක රජය සිටින බවත්ය.

    තවද මෙම මාර්ග ව්‍යාපෘතිය සිදුකිරීමට ලබාදී ඇති විදේශීය කොන්ත්‍රාත් සමාගමට චෛත්‍ය පාරේ සිට කොල්ලු පිටියට ගෝල්පේස් එක යටින් ඉදිකිරීමට සැලසුම් කොට තිබු මාර්ගයද ලබාදීමට සැරසෙන බවත් එය ඩොලර් මිලියන 456ක ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දී ඇති බවත් අමාත්‍යවරයා හෙළි කරයි.

    නමුදු එම මාර්ගය යහපාලන රජය සමයේ ඉදිකිරීමට සැලසුම් කොට තිබු එකක් බවත් එය ඩොලර් මිලියන 150ට ආසන්න ගණනකට ඉදිකිරීමට සැලසුම් කොට තිබු බවත් චම්පික රණවක මහතා අනාවරණය කරයි.

    මෙහිදී මෙම ජාවාරම්කාර පවුල අදාල විදේශීය සමාගමට මෙම මාර්ග දෙකම ලබාදීමෙන් ඔවුන්ට ශුද්ධ ලාබය ලෙස ඩොලර් මිලියන 1500කට අධික මුදලක් හිමිකර දී ඇති බව හෙළිවේ.

    මෙම අනාවරණය සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසා සිටියේ නිවැරදි දුරදර්ශි ඉංජිනේරුවරුන් මෙම මහා මංකොල්ලයට එරෙහිව නැගී සිටිය යතු බවත් තමන් ණයකාරයන් කරන මෙම ජාවාරම්කාර පවුලට එරෙහිව ජනතාවද නැගී සිටිය යුතු බවයි.

  • ඇමරිකාවට පවරන්න රටේ බලශක්ති ක්ෂේත්‍රය මැදමුලන බූදලයක්ද ? – අනුර කුමාර ආණ්ඩුවෙන් අසයි

    ඇමරිකාවට පවරන්න රටේ බලශක්ති ක්ෂේත්‍රය මැදමුලන බූදලයක්ද ? – අනුර කුමාර ආණ්ඩුවෙන් අසයි

    දේශප්‍රේමී සළු පොරවා ගනිමින්, දේශප්‍රේමය ගැන ගෝරනාඩුකරමින් බලයට පැමිණි ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව මෙරට බලශක්ති ක්ෂේත්‍රය ඇමෙරිකාවට පවරන්නේ මැදමුලනේ බූදලයක් ලෙස සිතාගෙන දැයි ජවිපෙ නායක අනුර දිසානායක ප්‍රශ්න කරයි.

    කෙරවලපිටිය යුගදනවි LNG බලාගාරයේ කොටස් 40%ක් ඇමෙරිකානු සමාගමකට පවරා දීමට පසුගිය කැබිනට් මණ්ඩලයේදී අනුමත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (13) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය. එම මාධ්‍ය හමුවේදී ඔහු පළකළ සම්පූර්ණ අදහස් පහතින්….

    “පසුගිය සඳුදා අපේ රටේ ආරක්ෂාවටත් ආර්ථිකයටත් අතිශය අහිතකර ලෙස බලපානු ලබන කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබෙනවා. එසේම එම කැබිනට් පත්‍රිකාවට අනුරූපී වන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහතාත් නිව් ෆෝට්ට්‍රස් ඇමරිකානු සමාගම සමග ගිවිසුමක් අත්සන් කොට තිබෙනවා. මේ ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය බවට පත් වී තිබෙන්නේ එක් එක් රාජ්‍යයන්ට, විටෙක චීනයට, තවත් අවස්ථාවක ඉන්දියවෙට, තවත් විටෙක ඇමරිකාවට රටේ ජාතික සම්පත් අලෙවි කිරීමයි. පසුගියදා පොට් සිටි පනත මගින් විශාල බලයක් චීන සමාගම වෙත පවරා දුන්නා. එසේම දැන් ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඇතුළු වරාය ඉන්දියානු වුවමනාවන් සඳහා පවරා දීම පිළිබඳව සාකච්ඡාවක් සිදුවෙමින් තිබෙනවා.

    මේ පැත්තෙන් කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයත් නල පද්ධතියත් එයට ගෑස් සැපයුමත් ගබඩා සංකීර්ණයත් මුළුමනින්ම ඇමරිකානු එක්සත් ජනපද සමාගමක් වෙත පවරා දීම සඳහා උත්සාහයක් තිබෙනවා. මුදල් අමාත්‍යවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ ඒ අනුවයි. මුදල් අමාත්‍යාංහයේ ලේකම්වරයා, මෙම ෆෝට්ට්‍රස් එනර්ජි නම් ඇමරිකානු සමාගම සමග මේ ගිවිසුම අත්සන් කොට තිබෙන්නේ ඒ අනුවයි. අප වැනි රටක විශාල බලශක්ති වෙළඳපොළක් නැති බව අපි දන්නවා. ඒ නිසා අද බලශක්තිය අත්පත් කර ගන්නා තැනැත්තා හෙට අප රට පාලනය කිරීමේ බලය ලබා ගන්නවා. එහි වැදගත් ක්ෂේත්‍රයක් වන්නේ විදුලි බලයයි. කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය මෙගා වොට් 300ක බලාගාරයක්. එය ඉදිකර තිබෙන්නේ ස්වභාවික ගෑස් සඳහා පරිවර්තනය කළ හැකි ආකාරයටයි. එහි අයිතිය තිබෙන්නේ මුළුමනින්ම රාජ්‍ය සමාගම් සතුවයි. 50%කට අධික කොටස් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරය සතු වනවා. තවත් කොටස් ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලටත් තවත් ප්‍රමාණයක් රජය සතු ලෙකෝ සමාගමට තිබෙනවා. තවත් ප්‍රමාණයක් රජය සතු එල්ටීඑල් සමාගම සතුව තිබෙනවා.

    භාණ්ඩාගාරය ඇතුළු රාජ්‍ය ආයතන 04කට අයිතිව තිබෙන මෙම යුගදනවි බලාගාරයේ භාණ්ඩාගාරය සතු කොටස්වලින් 40%ක ප්‍රමාණයක් මෙම ඇමරිකානු සමාගමට පැවරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබෙනවා. ඊට අදාළ ගිවිසුම ඇමරිකානු සමාගම සමග අත්සන් කොට තිබෙනවා. එම බලාගාරය අසන්නයේ එහිම දිගුවක් ලෙස තවත් මෙගා වොට් 300ක එල්එන්ජී බලාගාරයක් ඉදිකෙරෙමින් තිබෙනවා. එයත් යුගදනවි බලාගාරයටම අයත් කොටසක්. ඒ අනුව මුළු ධාරිතාව මෙ.වො. 600ක් වනවා. 2025 වන විට මෙම බලාගාර පද්ධතිය මෙ.වො. 1000 දක්වා වැඩි කිරීමට සැලසුමක් තිබෙනවා. ඒ අනුව කෙරවලපිටිය යුගදනවි බලාගාරය ලංකාවේ විශාලතම බලාගාරය බවට පත් වීමට නියමිතයි. ඇමරිකානු සමාගමට පවරා දීමට උත්සාහ කරනු ලබන්නේ එම බලාගාරයෙන් 40%ක්. විදුලි බල මණ්ඩලය සමග ඇති ගිවිසුම් අනුව 2035 වර්ෂය වන විට රාජ්‍ය සමාගම්වලට අයිතිව තිබෙන යුගදනවි බලාගාරය මුළුමනින්ම විදුලි බල මණ්ඩලයට අයිති විය යුතුව තිබුණා. මේ දේශප්‍රේමී සළුපිළි පටලවා ගෙන පැමිණ, දේශප්‍රේමී ගොරනාඩුවක් කළ, ඇමරිකානු පුරවැසියන්ගෙන් ගහණ මේ ආණ්ඩුව-ඇමරිකානු පුරවැසි මුදල් ඇමතිවරුන් විසින් විශාලතම බලාගාරය ඇමරිකාවට පවරා දීමට කටයුතු කරමින් සිටින්නේ මෙවැනි තත්වයක් තිබියෙදීයි.

    එමෙන්ම මේ සඳහා ගෑස් නළ පද්ධතියක් ඉදිකිරීම සඳහා විදුලි බල අමාත්‍යංශය විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකරනු ලැබ තිබුණා. මේ සඳහා වන එස්එෆ්ආර් යුනිට් එකක් – පාවෙන ගෑස් ගබඩා සංකීර්ණයක් – වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා තිබුණා. ඒ මේ වසරේ මුල් භාගයේදීයි. එම ටෙන්ඩරය අවසන් කළේ පසුගිය ජුනි 25වැනිදායි. ඒ ටෙන්ඩරය වෙනුවෙන් වෙනම කාර්ය මණ්ඩලයක් බඳවා ගනු ලැබුවා. වෙනම කාර්යාලයක් ආරම්භ කළා. මෙය ජාත්‍යන්තර ටෙන්ඩරයක් මෙන්ම අපේ රටේ වැදගත් ඉදිකිරීමක් වූවා. මෙයට කෙරවලපිටිය මෙන්ම අපේ රටේ සියලු ගෑස් බලාගාර වෙනුවෙන් ගෑස් සැපයීම භාරවනවා. ආණ්ඩුව සියලු ඩීසල් බලාගාර, එල්එන්ජී ස්වභාවික ගෑස් බලාගාර බවට පරිවර්තනය කිරීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණා. ඒ සඳහා අවශ්‍ය වන නල පද්ධතිය ඉදිකිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවා තිබුණා. නැවෙන් ගන්නා ගෑස් ගබඩා කිරීම සඳහා පාවෙන ගබඩා සංකීරණයකටද ටෙන්ඩර් කැඳවා තිබුණා. එම ටෙන්ඩරය අවසන් කර තිබියෙදී කෙරවලපිටිය ඉදිකිරීම් ලබා දෙන ඇමරිකානු ෆෝට්ට්‍රස් සමාගමටම එම ඉදිකිරීම් දෙකද ලබා දීමට මෙම කැබිනට් පත්‍රිකාව මගින් කටයුතු කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය වන ගෑස් මාසිකව හෝ වාර්ෂිකව ටෙන්ඩර් මගින් ලබා ගත යුතු තිබුණත් එම ගෑස් සැපයීමේ අයිතිය වසර 05ක කාලයකට මෙම ඇමරිකානු සමාගමට ටෙන්ඩර් කැඳවීමකින් තොරවම ලබා දී තිබෙනවා. ටෙන්ඩර් කැඳවා තිබෙන පාවෙන ගෑස් ගබඩා සංකීර්ණය ඉදිකිරීමද, නල පද්ධති ඉදිකිරීමද මෙම සමාගමට ලබා දී තිබෙනවා. කෙරවලපිටිය බලාගාරයේ 40%ක කොටස්ද ඊට ලබාදී තිබෙනවා.

    සාමාන්‍යයෙන් ඕනෑම කැබිනට් පත්‍රිකාවක් සඳුදා කැබිනට් මණ්ඩලය රැස්වන්නේ නම් අවම වශයෙන් සිකුරාදා වන විටවත් ඇමතිවරුන් අතට කැබිනට් පත්‍රිකා ලැබෙනවා. කෙසේ වුවත් මේ කැබිනට් පත්‍රිකාව එසේ ලැබුණේ නැහැ. ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයට යනවිට මේ පත්‍රිකාව අතිරේක පත්‍රිකාවක් ලෙස මේසය මත තබා තිබුණා. මෙය විදුලි බල විෂයට අයත්. මා දැනගන්න කැමතියි විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමාගෙන්, මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වන බව ඔබ දැනසිටියාද? ඔබව ඒ පිළිබඳව දැනුවත් කර තිබුණාද? මා දන්නා පරිදි නම් ඔහු පවා මේ පත්‍රිකාව දකින්නේ ඊට වාඩි වූවාට පසුවයි. ඕනෑම කැබිනට් පත්‍රිකාවකට, විශේෂයෙන් ඒ විෂයට අදාළ අමාත්‍යවරුන්ට ඊට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමේ අයිතියක් තිබෙනවා. මෙය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ කැබිනට් පත්‍රිකාවක් නිසා විදුලි බල අමාත්‍යවරයාටත්, ඛනිජ තෙල් අමාත්‍යවරයාටත් නිරීක්ෂණ ලබා දීම සඳහා කාලයක් ලබා දුන්නා. ඔවුන් කාලයක් ඉල්ලා තිබුණා. ඒ මොහොතේම ඔවුන්ට නිරීක්ෂණ ලබා දෙන ලෙස කියා තිබෙනවා. මේ කඩිමුඩිය කුමක් සඳහාද? කොළේ වසා ගැසීමේ තේරුම කුමක්ද? ඒ අනුව පැය 24ක කාලයක් ලබා දී තිබෙනවා. ඔවුන් නිරීක්ෂණ ඉදිරිපත් කරනු ලැබුවත් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවම අනුමත කරනු ලබනවා.

    ඇතැම් කැබිනට් ඇමතිවරුන් නොමඟ යවා, ඇතැමුන් රවටා මුදල් ඇමතිවරයා විසින් එය ඉදිරිපත් කර තිබෙනවා. එම පත්‍රිකාව සකස් කරන අවස්ථාවේ මුදල් ඇමති මහින්ද රාජපක්ෂයි, දැන් ඉදිරිපත් කරන අවස්ථාවේ බැසිල් රාජපක්ෂයි. ඔවුන්ට අයිති මැදමුලන දේපළක් විකුණනවා වගේ ජාතික ආර්ථිකයේ කොටස්, ජාතික ආරක්ෂාවට තීරණාත්මක ලෙස බලපානු ලබන කොටස් මෙම ඇමරිකානු සමාගමට ලබා දී තිබෙනවා.

    මේ ආණ්ඩුව ගොඩනැගීමේදී ඇමරිකාව ගලේ ගැසිය යුතු බවට වහසි බස් දෙඩූ, දේශප්‍රේමී සළු පැළඳූ පුද්ගලයින් මේ ආණ්ඩුවේ ඉන්නවා. ඇතැමුන් කැබිනට් මණ්ඩලයත් නියෝජනය කරනු ලබනවා. අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රයට ඇමරිකානු සමාගම් වෙත පවරා දීම සඳහා ගන්නා මේ උත්සාහය පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය කුමක්ද? එසේ නැත්නම් ඔවුන් රාජපක්ෂ පාලනයට හීලෑ වුණු සුවච කීකරු සත්වයින් බවට පත්වී තිබෙනවාද? දේශප්‍රේමිත්වය ගැන කථා කළ මේ ආණ්ඩුව විසින් අද අපේ රට විශාල අනතුරක හෙළා තිබෙනවා. අපේ රට ලෝක භූ දේශපාලන පොර පිටියේ ගැටුම්වලට මුහුණ දෙන මධ්‍යස්ථානයක් බවට පත් වී තිබෙනවා. එක් පසකින් චීනයට රටේ ජාතික සම්පත් අලෙවි කෙරෙමින් තිබෙනවා. අනෙක් පසින් ඉන්දියාවට ජාතික සම්පත් අලෙවි කරමින් සිටිනවා. අනෙක් පසින් අපේ රටේ අතිශය වැදගත් බලශක්ති ක්ෂේත්‍රය ඇමරිකාවට අලෙවි කරමින් සිටිනවා.

    2025 වන විට විශාලතම බලාගාරය, වසර 05ක් යන තුරු ගෑස් සැපයුම, ගබඩා සංකීර්ණය හා නල පද්ධතිය ඇමරිකානු සමාගම සතුයි. රටේ මුළු බලශක්තිය මේ ඇමරිකානුවන් විසින් ඇමරිකාවට පාවා දී තිබෙනවා. මේ බව අපි පසුගිය ජනාධිපතිවරණයේදී මේ ඇමරිකානු පුරවැසියන් ජනාධිපති පුටුවල වාඩි වූයේත් දැන් කඩිමුඩියේ පැමිණ මුදල් අමාත්‍ය ධුර භාර ගන්නේත් රටේ ජාතික සම්පත් ඇමරිකානු සමාගම් වෙත පවරා දීමට තිබූ යටි සැලසුම් අනුවයි. රටක බලශක්ති ක්ෂේත්‍රය කවර හෝ වෙනත් රටකට හිමි වනවා යන්නේ තේරුම ඒ රටේ ආර්ථිකයත් ආරක්ෂාවත් බලශක්තිය අයත් රටට හිමි වන බවයි.

    මේ එක ගිවිසුමක්වත් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. මේ ජාතික සම්පත් විකිණිම ගැන කිසිදු සාකච්ඡාවක් සිදු වූයේ නැහැ. කැබිනට් මණ්ඩලයෙන් පසුව පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මෙවැනි කැබිනට් පත්‍රිකාවක් අනුමත කරන ලද බව කිවුවේ නැහැ. එවැනි ගිවිසුමක් අත්සන් කරන ලද බව කිසිවෙකුටවත් කිවුවේ නැහැ. ඒ නිසා මේ රටේ අයිතිකරුවන් රාජපක්ෂ පවුලද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මේ රටේ ජාතික සම්පත් තමන්ගේ බූදලයක් වගේ විකුණා දැමීම සඳහා සැලසුම් කරනවා.
    මේ රටේ දේශප්‍රේමී පුරවැසියන් මේ පාලනය ගොඩනගා ගන්නා විට තිබූ බලපොරොත්තු මේ පාලකයින් විසින් සුණු විසුනු කොට තිබෙනවා. එවැනි ජනතාව මේ රටට සැබැවින්ම ආදරෙයි නම් ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය විදේශීය රාජ්‍යයන් පවරා දීමට විරුද්ධ නම් තවත් රාජපක්ෂවරුන් පසුපස යන්න එපා. ඔවුන් ඔබව පාවා දී හමාරයි. ත්‍රීකුණාමලය වරාය හා තෙල් ටැංකි සංකීර්ණය විදේශීය සමාගම් වෙත පැවරීම පිළිබඳව නැවතත් සාකච්ඡා වෙමින් තිබෙනවා. චීන පිරිපහදුවක් ඉදිකිරීම වෙනුවෙන්, තෙල් ගෙන්වීම, පිරිපහදුව, බෙදාහැරීම පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාව සතු ඒකාධිකාරය අහෝසි කිරීම සඳහා ඛනිජ තෙල් පනත සංශෝධනය කිරීමට යනවා. මුතුරාජවෙල අක්කර 109ක් ගොඩකර චීන ගෑස් විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කරමින් සිටිනවා.


    මේ තත්වය තුළ මේ කැබිනට් පත්‍රිකාව වහා හකුළා ගන්නා ලෙස අපි ආණ්ඩුවට බල කර සිටිනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමාගම සමග අත්සන් තබන ලද ගිවිසුම අවලංගු කළ යුතුයි. මේ බලශක්ති අයිතිය ඇමරිකානු සමාගමකට පැවරීම සඳහා දරන උත්සාහය නතර කරන ලෙසට අපි ආණ්ඩුවට බලකරනවා. තමන් මේ කැබිනට් පත්‍රිකාවට එකඟද නැද්ද යන්න රටට කියන ලෙස හෘදය සාක්ෂිය ඇති කැබිනට් අමාත්‍යවරුන් සිටීනම් අපි ඉල්ලා සිටිනවා.

    රසායනික පොහොර තොගයක් ආනයනය කළේ කාගේ අවසරයෙන්ද?
    ජවිපෙ මාධ්‍යමකාකර සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස

    රසායනික පොහොර මුළුමනින්ම තහනම් කළාය කියලා ජනාපධිතිවරයා විටින් විට මේ රටට ප්‍රකාශයට පත්කර තිබෙනවා. එක වෙලාවක කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් කැඳවලා ඔහු ඒ නියෝගය ලබාදුන්නා. ඒ වගේම රසායනික පොහොර ආනයන තහනම පසුගිය දිනක ජාතිය ඇමතීමේදී ප්‍රමුඛ ප්‍රකාශයක් බවට පත්වුනා. නව මුදල් ඇමතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ පත්වූ අවස්ථාවේදී රටේ යම් ප්‍රවෘත්තියක් නිර්මාණය වුනා යම් යම් වගාවන් සඳහා යම් යම් බෝගයන් සඳහා රසායනික පොහොර ගෙන්වන්නට අවසර දෙනවා කියලා. නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය ක්ෂණිකව මැදිහත් වෙලා ජනාධිපතිවරයා කලින් ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බව තහවුරු කළා.

    නමුත් අපිට දැන් තොරතුරු ලැබිලා තිබෙනවා මෙම ජූලි මස 09වෙනිදා වරායට ගෙනවිත් තිබෙනවා යූරියා මෙ.ටො. 10,000ක්. ජනාධිපතිවරයාට හිතවත් යම් යම් සමාගම්වලට රසායනික පොහොර ගෙන්වීම සඳහා අවසරය ලබාදී තිබෙනවාද? මේ අවසරය ලබාදුන්නේ කවුද? ජනාධිපතිවරයා තවමත් රසායනික පොහොර ආනයනය තහනම් කිරීමේ තීරණයේ ඉන්නවාද? යන්න ජනතාව දැනගත යුතුව තිබෙනවා. රසායනික පොහොර ගෙන්වූ බවට රේගු-ප්‍රකාශන තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා මේ පිළිබඳව රටට ප්‍රකාශයක් කළ යුතුව තිබෙනවා. එසේ නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලය මීට දින කිහිපයකට කලින් කළ ප්‍රකාශය බොරු බවට පත්වෙනවා.

    මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…
    අනුර කුමාර දිසානායක

    පසුගියදා නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂාව වෙනුවෙන් සහ අධ්‍යාපනය මිලිටරිකරණයට විරුද්දවත් අපේ රටේ පොදු ජනතාව ශිෂ්‍යයන් වෘත්තීය සමිති ව්‍යාපාර සාධාරණ උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වුනා. එතනදි සිදුවූ දෙය තමයි එය මර්දනය කරලා බලහත්කාරී ලෙස වෘත්තීය සමිති නායකයින් ඇතුළු උද්ඝෝෂකයින් පිරිසක් ආණ්ඩුව බලහත්කාරයෙන් පැහැරගෙන ගියා. මෙම පැහැරගෙන ගොස් දඩුවම් ලබාදීම නිසා වෘත්තීය සමිතිවලට සාධාරණ අයිතියක් තිබෙනවා තමන්ගේ වෘත්තීය සමිති නායකයින් වෙනුවෙන් සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සහ මිලිටරිකරණය කිරීමට එරෙහිව යම් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න. වෘත්තීය සමිති විසින් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත්වීමේ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. ඒ වෘත්තීය සමිති අතර අපේ පක්ෂය නියෝජනය කරන ප්‍රබල වෘත්තීය සමිතියක් ඉන්නවා. පක්ෂයක් ලෙස අපේ තීරණයක් නෙවෙයි. එම වෘත්තීය සමිති එකමුතුවේ තිරණයක්.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව ඊයේ (12) මාධ්‍ය හමුවක් පවත්වලා කියලා තිබුණා කණ්ඩායම් සහ අවම ප්‍රමාණයන් පිළිබඳව සංඛ්‍යාවක් දක්වා තිබෙනවා නමුත් උද්ඝෝෂණ සම්බන්ධයෙන් විශේෂ සඳහනක් දක්වා නැහැ කියලා. සෞඛ්‍ය අංශ නිකුත් කරන්නේ කොරෝනා රෝගයෙන් ජනතාව ආරක්ෂා වීමේ නිර්දේශයන් බවත් එම මාර්ගෝපදේශනයන්ට අදාලව නීතිරීති ක්‍රියාත්මක කිරීම පොලිසියේ වගකීමක් බවත් ඒ පිළිබඳව යම් අඩුපාඩුවක් වුනානම් අදාල අංශවලින් ප්‍රශ්න කළ යුතු බවත් ඔහු පවසනවා. ඔහු විශේෂයෙන් කියනවා උද්ඝෝෂණ සම්බන්ධයෙන් විශේෂ සඳහනක් කර නැහැ කියලා.
    උද්ඝෝෂණයක්ද, බැසිල් රාජපක්ෂ පිළිගැනීමේ කිරිබත් කෑමේ උත්සවයක්ද, බන්දු ගුණවර්ධන ඇමතිවරයාගේ සතොස ශාඛාවක් විවෘත කිරීමේ උත්සවයක්ද යන්න විශේෂ සඳහනක් කර නැහැ. එසේ තිබියදී අජිත රෝහණ නියෝජනය කරන පොලිස් මාධ්‍ය කොට්ඨාශය විශේෂ නිවේදනයක් නිකුත් කරලා පොදු රැස්වීම් සහ උද්ඝෝෂණ තහනම් කරනවා. එනිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ පොලිස් ඇමති රටට ඉදිරිපත් කළ යුතුයි සෞඛ්‍ය අංශ විසින් උද්ඝෝෂණ පිළිබඳ විශේෂයෙන් සඳහන් කොට සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිකුත් කළාද කියලා. නමුත් සෞඛ්‍ය බලධාරීන් කියනවා එවැනි දෙයක් නැහැ කියලා. අපි දිගින් දිගටම කිව්වා කොරෝනා තත්වය උපයෝගිකොටගෙන තිබෙන්නේ ජනතාව මර්දනය කිරීමට බව. රටේ ජනතාව පීඩාවට පත්ව තිබෙනවා ඒ පිළිබඳව ජනතාව උද්ඝෝෂණය කරන්න තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් පොලිසිය සහ ඇමතිවරයා විසින් උල්ලංඝණය කරමින් තිබෙනවා. මේ පිළිබඳව මානව අයිතිවාසිකම් නඩුවක් ගොනුකරලා තිබෙනවා. අධිකරණයේදී කරුණු කියන්න අපි සූදානම්.

    ඉස්සර තිබුණා පිළිගැනීමක් දුප්පත් දුබල අයට එක නීතියක් ධනය බලය ඇති අයට තව නීතියක් කියලා. නමුත් දැන් පේන්න තිබෙන්නේ පොත්තේ පාට අනුව සරත් වීරසේකරලාගේ නීතිය වෙනස් වෙන බවක්. ඇතැම් අවස්ථාවල සරත් වීරසේකරගේ හදවත වෙඬරු පිඩක් සේ උණුවෙනවා. තවත් අවස්ථාවල කළුගලක් සේ හදවත දැඩි වෙනවා. එය තීරණය කරන්නේ පොතේතේ පාටයි. ඒකයි දැන් නීතියේ තත්වය.

  • “පුස් ආණ්ඩු විරෝධය” ඇත්ත අර්බූදය අත හැර දැමීමක්

    “පුස් ආණ්ඩු විරෝධය” ඇත්ත අර්බූදය අත හැර දැමීමක්

    ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය” පනත් කෙටුම්පතට විරෝධය පෑමට එක් වූ ගුරු සංගම් ක්‍රියාකාරීන් ඇතුලු කණ්ඩායම් අත්අඩංගුවට ගනු ලැබ නීති විරෝධි ලෙස නිරෝධායනයට ලක් කර ඇත. 

    ඒ අත් අඩංගුවට ගැනීම් වලට විරුද්ධව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකාරණයෙහි ගොනු කළහ. ජ.වි.පෙ විසින් වෘත්තීය සමිති හවුලක් නමින් පසුගිය ජූලි 12 වන සඳුදා අත් අඩංගුවට ගැනීමට එරෙහිව ලිප්ටන් වට රවුමේ විරෝධයක් පැවැත් වූහ. ගුරු සංගම් හා විදුහල්පති සංගම් විසින් අත්අඩංගුවට ගැනීම් වලට එරෙහිව ඉකුත් සඳුදා සිට “මාර්ග ගත” (On Line) ඉගැන්වීම් හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග කෙරෙන සියලු “මාර්ග ගත” ගනුදෙනු අත්හිටුවන ලදී.

    එළෙස උණුසුම්ව ඇති පසුබිමක මේ සටහන සඳහා පළමුව තැබිය යුතු ඉතාම කෙටි පූර්විකාව වන්නේ ස්ථාවර ආරක්ෂක සේවා පවත්වා ගන්නා හැම රටකම වාගේ ඒ සඳහා අවශ්‍ය යැයි තීන්දු කරන්නාවූ විවිධ පුහුණු කිරීම් සඳහා විශේෂ ආයතන පිහිටුවා නඩත්තු කරනු ලබන බවය. ඒවා බොහෝ විට ජාතික ආරක්ෂාව සඳහා යැයි ඉතා දියුණු හා නවීන සම්පත් සමගින් නිරන්තරව වර්ධනය කරනු ලැබේ. කවර නමකින් හැඳින් වූවත් එවැනි හමුදා පුහුණු ආයතනවල ඉතා දැඩි විනයක් සහ සුපරීක්ෂාවක් පවත්වා ගැනීමද සාමාන්‍ය තත්ත්වයකි. ඒ “අවශ්‍යතාව” වෙනම සාකච්ඡා කළ යුත්තකි. එහෙත් කොතලාවල ආරක්ෂක ඇකඩෙමිය ලෙස ඇරඹි, පසුව කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය බවට පත් කෙරුණු සහ දැන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය ලෙසින් නම් කෙරෙන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති මේ පුහුණු විශ්ව විද්‍යාලය පිළිබඳ කතාව ඉන් ඔබ්බට ගොසින් තිබෙන්නකි.

    ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලු කිරීම සඳහා ගැසට් පත්‍රය නිකුත්කර ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව විසින් 2018 අප්‍රේල් 11 වන දිනය. ඔවුන්ට මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි වූයේ එයට කිසිවකු විරුද්ධවූ නිසා නොවේ. ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ අතර සීඝ්‍රයෙන් වර්ධනය වූ ගැටුම, ඒ වනවිට යහපාලන ආණ්ඩුව දෙබෑ කර තිබුණි. එනිසා වික්‍රමසිංහ ආණ්ඩුවට මෙවැනි පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමේ දැඩි අවිනිශ්චිතභවක් තිබිණ. 

    යහපාලන ආණ්ඩුවේ එවැනි දේශපාලන අර්බූද නිසා පැත්තකින් තැබුණු මේ පනත් කෙටුම්පත වත්මන් ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් අකුරක්වත් වෙනස් නොකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූයේ පසුගිය මාර්තු 26 වන දිනය. එබැවින් මේ පනත මගින් “අධ්‍යාපනය හමුදාකරණය කරනවා” යැයි සහ “නිදහස් අධ්‍යාපනය විනාශ කරනවා” යැයි අද කෑ ගසන සහ එදා යහපාලන ආණ්ඩුවේ හවුල් කරුවන් වූ රාජපක්ෂ විරොධී සියල්ලන් දැන සිටිය යුත්තේ මෙය “යහපාලන-රාජපක්ෂ” හවුල් ව්‍යාපෘතියක් වන හෙයින් ඔවුන්ද ඒ චෝදනා බාර ගත යුතු බව ය. 

    “අධ්‍යාපනය හමුදාකරණය කරනවා” යැයි සහ “නිදහස් අධ්‍යාපනය අහෝසි කරනවා” යැයි යන චෝදනා දෙකට අදාලව ආරම්භයේදීම කිව යුත්තේ 1981 දී ජයවර්ධන ජනාධිපතිගේ කාලයේ මහජන මුදලින් ඇකඩෙමියක් ලෙස ආරම්භ කළ සහ දැන් එය “ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය” ලෙස ස්ථාපිත කිරීම දක්වා එහි විකාශනය ආණ්ඩුවල හා පක්ෂවල වෙනසක් නොමැතිව 1988 සිට රැගෙන එන්නක් බවය. ඒ පනත 1988 අංක 72 දරණ පනතින් සංශෝධනය කර උපාධි හා පශ්චාත් උපාධි ලබා දෙන ආයතනයක් බවට පත් කෙරුණේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට බාහිර ආයතනයක් වශයෙනි. 
    නැවත කොතලාවල ආරක්ෂක ඇකඩෙමිය පනත සංශෝධනය කෙරුණේ රාජපක්ෂ යුගයේ 2007 අංක 50 දරණ පනතින් ය. එමගින් එය විශ්ව විද්‍යාලයක් බවට පත් කෙරිණ. එවිටද එය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පත් කරනු ලැබුවේ නැත. එහෙත් එයට උපාධි පිරිනැමිය හැකි විශ්ව විද්‍යාල තත්ත්වය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පිරිනමනු ලැබිණ. පසුව සාමාන්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මුදල් අය කරන උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා විවෘත කරනු ලැබුණේ 2012 දීය. ඒ අවස්ථාවේ “අධ්‍යාපනය හමුදාකරණය කිරීමට” සහ “නිදහස් අධ්‍යාපනය අලෙවියට” කිසිවකුගේ විරෝධයක් නොතිබුණි.
    ඒ සම්මතය මත “සයිටම්” වෛද්‍ය පීඨයට විරුද්ධ වූවන්ගේද පූර්ණ එකඟත්වය ඇතිව එහි ළමුන්ට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමට ඉඩ සළසනු ලැබූයේ මුදලට ය. ඒ සඳහා 2018 ජූනියේදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට සංශෝධනයක් ගෙනෙනු ලැබූයේ සයිටම් වෛද්‍ය පීඨය සම්බන්ධ අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු දෙකක් වූයෙනි.    
    මේ යෝජිත පනතින් ඒ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට කෙරෙන වෙනස්කම් සැළකූ කල දැකිය හැක්කේ (1) ආරක්ෂක අමාත්‍යාංශයට අයත් එය එතෙක් පැවති ආකාරයටම 05 දෙනෙකුගෙන් පාලනය වූ මණ්ඩලයක් වෙනුවට 09 දෙනෙකුගෙන් පාලනය වන සභාවක් යටතට පත්කර ඇති බවය. (2) පැහැදිලි ව්‍යුහගත වීමක් නොවුනු එය සාම්ප්‍රදායික විශ්ව විද්‍යාල ව්‍යුහයක් සමගින් නවීකරණය කිරීමය. (3) මෙතෙක් එහි ව්‍යාප්තිය සඳහා නිශ්චිත නෛතික බලයක් නොමැතිව සිදු කෙරුණු (සූරියවැව දක්ෂිණ මණ්ඩපය, පශ්චාත් උපාධි ආයතනය පිහිටුවීම වැනි) කටයුතු වෙනුවෙන් නීතිමය අවසරයක් ලබා දීමය.   
    මේ පනත් කෙටුම් පතෙහි 05(ඒ) වගන්තියට අනුව උපාධි, ඩිප්ලෝමා හා වෙනත් සහතික ලබා දිය හැක්කේ 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ 128 වන වගන්තියට යටත්ව පමණි. එහෙත් එහි විශ්ව විද්‍යාලයක තිබිය යුතු නිදහස් විසම්මුතිවාදී පරිසරයට ඉඩක් නොදෙන්නේය. තාර්කානුකූල දැනුමකට එහි ඉඩක් නැත. එහි ඇත්තේ ඉහළ විධානයන්ට යටත් කෙරෙන හමුදාමය විනයකි. එබැවින් ලබා දෙන උපාධි සහතික සහ එහි පවත්වා ගන්නා හමුදා විනය අතර ඇත්තේ බරපතල ප්‍රතිවිරෝධයකි. 
    ඒ හා රජයේ විශ්ව විද්‍යාල වල ඇති ගුණාත්මක වෙනසක්ද නැත. රජයේ විශ්ව විද්‍යාල වල දැනුම සඳහාවන නිදහසක්, විසම්මුතික අභ්‍යාසයක් දැන් නැත. ඒවායේද දැන් ඇත්තේ උපාධි සහතිකය වෙනුවෙන් කට පාඩම් කිරීමේ සංස්කෘතියකි. වෙනස ඇත්තේ කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි ඇති විධානයන් මත සැකසෙන දැඩි විනය වෙනුවට රජයේ විශ්ව විද්‍යාල වල වගා වන නිවට පාලනයක් සමග වන අරාජිකත්වයෙහිය. නාගරික මැදපංතිකයින් විනය වෙනුවෙන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය වැනි පෞද්ගලික ආයතන තෝරා ගැනීමට කැමති වන්නේ රජයේ විශ්ව විද්‍යාලවල දෝරේ ගලන අරාජිකත්වය පිළිකුල් සහගත බැවිනි. 
    ඒ කිසිවක් ගැන කතා නොවී ෆේස්බුක් විරෝධයන්හි මතු කෙරෙන්නේ පනත් කෙටුම්පතට අනුව මණ්ඩප, පීඨ, අධ්‍යන ආයතන සහ පාසල් ආදිය පිහිටුවීමෙන් නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව පිඹුරු පත් අඳින බවය. ඒවාට අලුතින් පිඹුරු පත් අවශ්‍ය නැත. දැනටත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පිටතින් විශ්ව විද්‍යාල මට්ටමින් වන උපාධි පිරිනමන ස්වාධීන රජයේ ආයතන 05 ක් ඇත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිල වශයෙන් පිළිගත් උපාධි අලෙවි කරන එවැනි පෞද්ගලික ආයතනද ඇත. එවැනි පිළිගැනීමක් නොමැති විදේශ උපාධි අලෙවි කරන පෞද්ගලික ආයතන ගණනාවක්ද ඇත. පනත් කෙටුම්පතේ 05(ච) වගන්තිය යටතේ යෝජනා කෙරෙන්නේ ඒ අයිතිය කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයට ලබා දීමය. 
    පාසල් පිහිටුවීමද එවැනිම කතාවකි. පෞද්ගලික සමාගම් විසින් ලාභ සඳහා පවත්වා ගෙන යන ජාත්‍යන්තර පාසල් රට පුරා කොපමණ ඇති දැයි අධ්‍යාපන අමාත්‍යාංශයද නොදන්නවා විය යුතුය. ඒවායේ අය කිරීම් හා තත්ත්ව ප්‍රමිතීන් පිළිබඳ කිසිදු වගකීමක් රජයට නැත. නොමිලේ තිබිය යුතු නිදහස් අධ්‍යාපනයක් ගැන කතා කරනවුන් ජාත්‍යන්තර පාසල් දෙස බලන්නේවත් නැත. 
    එවැනි අනීතික තත්ත්වයක් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් පිහිටුවිය හැකි මණ්ඩප, පීඨ, අධ්‍යන ආයතන සහ පාසල් ආදියෙහි නැත. ඒ පිළිබඳව පනතෙහි 06(4) වගන්තියේ සඳහන් වන්නේ විෂය භාර ඇමතිවරයාගේ විධානය යටතේ ඒවා ගැසට් කළ යුතු බවය. පනතෙහි 08 වන වගන්තිය යටතේ කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි විගණනය කෙරුණු පූර්ණ වාර්ෂික වාර්තාවක් ඇමතිවරයා මගින් පාර්ලිමේන්තුවට ලබා දිය යුතු වන්නේය. 
    නිදහස් අධ්‍යාපනය මුදලට අලෙවි කිරීමේ කතාවත් එවැනිමය. සියලු රජයේ විශ්ව විද්‍යාල මුදල් අය කරන ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි පාඨමාලා පවත්වා ගෙන යන්නාහ. විවෘත විශ්ව විද්‍යාලයයේ 2018 වාර්ෂික වාර්තාවට අනුව ඔවුන් ලැබූ මුළු ආදායම රුපියල් මිලියන 812.51 කි. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරට බසින කිසිවකු ඒ අය කිරීම් ගැන කතා නැත.
    පාසල් අධ්‍යාපනයත් අද පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලු කිරීමේ සිට සියල්ල මුදලට තීන්දු වන්නකි. ප්‍රධාන නගරවල “ටියුෂන් සර්ලා” වාහන හත අට තියාගෙන සුපර්මාකට් ජාල වැනි පෞද්ගලික පංති කර ගෙන යන්නේද නිදහස් අධ්‍යාපනයේ කර්මාන්ත හිමියන් ලෙසින් ය. ඉතාම කෙටියෙන් හා සරළව කිවහොත් නිදහස් අධ්‍යාපනයක් මේ රටේ නැත. පෙර පාසලේ සිට විශ්ව විධ්‍යාල උපාධිය දක්වා අධ්‍යාපනය දැන් විවිධාකාරයෙන් අලෙවි වන්නකි. එය සෘජුව හා විවෘතව මෙන්ම වක්‍රවද අලෙවි වන්නකි. එවගේම අධ්‍යාපනයෙහි ඇති සමබිමක්ද නැත. ජාතික අධ්‍යාපනය රජයේ පාසල්වලද සුළු කොටසකට පමණක් අත ගැසිය හැකි ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම් සමග කැබලිකර තිබියදී ඉන් බැහැරව ජාත්‍යන්තර පාසල් සරුව වැඩෙද්දී අධ්‍යාපනයෙහි පැවතිය හැකි සමබිමක් නැත.               එබැවින් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් එහාට ගොසින් මේ නැගෙන චෝදනා මඳක් විමසුවහොත් කතාව බෙහෙවින් වෙනස් ය. ඉදිරියේදී “අධ්‍යාපන හමුදාකරණය කිරීම” සහ “නිදහස් අධ්‍යාපනයේ සමබිම විනාශ කිරීම” ඉස්මතු කෙරෙන්නේ රටේ පළාත් 09 න් පළාත් 07 ට පමණක් අදාල කරමින් ය. හමුදා සහ පොලීසියේ ප්‍රචණ්ඩ මැදිහත්වීම් නැගෙනහිර සහ විශේෂයෙන් උතුරේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් දසකයකට වැඩි කාලයක් අත් විඳින්නක් වූවත් ඒ ගැන මේ කිසිවකු “හමුදාකරණය” යැයි කතා කරන්නේ නැත. 
    ඒ වැනි සිදුවීම් කොළඹ කේන්ද්‍රීය ප්‍රධාන මාධ්‍යයන්ගේ පමණක් නොව, විකල්ප මාධ්‍ය ලෙස පෙනී සිටින අන්තර්ජාල පුවත් අඩවි පවා වාර්තා කරන්නේ යන-එන ගමන් ය. බොහෝවිට එවැනි මර්දනයකට හසුවන සිසු සිසුවියන්ට “එල්.ටී.ටී.ඊ සම්බන්ධකම් ඇතැයි සැක කෙරෙන” වැනි විශේෂනද යොදමින් ය.
    ගුරු සංගම්, සහ දකුණේ විශ්ව විද්‍යාලයන්හි ශිෂ්‍ය හා ඇදුරු සංවිධාන උතුරේ හා නැගෙනහිර අධ්‍යාපනය හමුදාකරණය කිරීම “රටේ ප්‍රශ්නයක් ලෙස” ගෙන කතා කර නැත. එහි පෙර පාසල්වල සිට විශ්ව විද්‍යාල දක්වා ගුරුවරුන් හා සිසු සිසුවියන් ආරක්ෂක සේවා හා පොලිස් අධීක්ෂනයට යටත්ව ඇත. ඒ අතර පෙර පාසල් ගුරුවරියන් පුහුණු කිරීම, පාසල් ගොඩනැගිලි ඉදි කිරීම, ළමුන්ට විශේෂ විනෝද සංචාර සංවිධානය කරදීම, සා.පෙළ වැනි පංතිවල සිසු සිසුවියන්ට නොමිලේ අමතර සම්මන්ත්‍රණ පැවැත්වීම වැනි බොහෝ දේ නැගෙනහිර හා උතුරේ විශේෂයෙන් සිදු වන්නේය. 
    ඒ සමග ඉතා කෙටියෙන් මෙයද සටහන් කළ යුතුය. හරිනි අමරසූරිය මන්ත්‍රීනියගේ එක් තර්කයක් වන්නේ විශ්ව විද්‍යාල පරිපාලනය තිබිය යුත්තේ ප්‍රතිපාදන කොමිසම වැනි සිවිල් නියෝජනයක් සමගින් මිස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි මෙන් හමුදා පාලක සභාවක් යටතේ නොවන බවය. ඇය ඉතා පහසුවෙන් අමතක කර ඇත්තේ පූර්ණ සිවිල් නියෝජනයක් සහිත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේද උතුරු නැගෙනහිර විශ්ව විද්‍යාල හමුදාකරණයට යටත්වන බවය. 
    ඇය කියන පූර්ණ සිවිල් නියෝජනයක් සහිත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමද හමුදා අවශ්‍යතාවන් අනුව කටයුතු කරන බව දැන් අමතක වූවත් ඇය ඉතා හොඳින් දන්නා කාරණයකි. යාපනය විශ්ව විද්‍යාලයයෙහි නීති පීඨයේ ප්‍රධානී ආචාර්ය කුමාරගුරුපරන්ගේ සමාජ සේවා නීති කටයුතු තහනම් කිරීමට 2019 දෙසැම්බරයේදී පූර්ණ සිවිල් නියෝජනයක් සහිත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ලිඛිතව නියෝග කරනු ලැබූයේ හමුදා විමසීමක් අනුවය. එයට විරුද්ධ විරෝධතා ලියැවිල්ලට අත්සන් කළ දෙමළ හා යාපනය විශ්ව විද්‍යාලයෙහි නොවන විශ්ව විද්‍යාල ඇදුරන් 08 දෙනාගෙන් එක් අයකු ඇය වූ බවත් ඇයට අමතකව ඇත. දැන් කිසිවකු උතුරු නැගෙනහිර එවැනි මැදිහත්වීම් ගැන කතා නොකරන්නේ ඒවා හමුදාකරණයට අයත් නොවන නිසා නම්, දකුණේ “හමුදාකරණය” යැයි කියන්නේ කවර ආකාරයේ මැදිහත්වීම්දැයි මේ යෝජිත පනත් කෙටුම්පතට විරුද්ධ වනවුන් පැහැදිලි කළ යුතු ය.
    අපගේ දේශපාලන වුවමනාවන් කුමක් වූවත් අප පිළිගත යුතු වැදගත්ම හා ප්‍රධානම කාරණාව මේ රට මුහුණ දෙන දැවැන්තම අර්බූද වන්නේ ආර්ථිකයේ දෙකොණ ගැට ගසා ගැනීමට ආණ්ඩුවට ඇති අසීරුවත් කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමේ අසංවිධානාත්මක පිළිවෙත හමුවේ සමාජ පැවැත්ම බිඳ වැටීමත්ය. ඒ සමග සමාජය පුරා වැඩිමනත් ප්‍රදර්ශනය වන අර්බූදය වන්නේ දිගින් දිගටම පාසල් වසා තැබීමය. එය එතෙක් වර්ධනය වූ අධ්‍යාපන බිඳ වැටීම උපරිමයට රැගෙන ආවකි.
    මේ අධ්‍යාපන බිඳ වැටීම හමුවේ අපට අවශ්‍ය වන්නේ දුර දිග යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ය. පෙර පාසලේ සිට විශ්ව විද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපනය දක්වා සියල්ල අලුතින් තහවුරු කරන්නාවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ය. විෂය මාලා, පාඨමාලා, ගුරු පුහුණුව, පාසල් පරිපාලනය, විශ්ව විද්‍යාල නවීකරණය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය, වැඩිහිටි අධ්‍යාපනය වැනි සියල්ල ඇතුළත් කෙරෙන සමාජගත කතිකාවක් ඔස්සේ කෙරෙන ප්‍රතිසංස්කරණ සඳහාවන අධ්‍යාපන ධවල පත්‍රිකාවකි. එවැන්නකින් තොරව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට එරෙහි වීමෙන් පමණක් ලැබිය හැකි වැදගත් කිසිවක් නැත. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, පෞද්ගලික විශ්ව විද්‍යාල, ජාත්‍යන්තර පාසල් ආදී සියල්ල ජාතික අධ්‍යාපනයෙහි ස්ථානගත කෙරෙන්නේ කෙසේදැයි තීන්දු කළ යුත්තේ ඒ සමාජ කතිකාව ඇතුළෙහිය.           අවසන් වශයෙන් රාජපක්ෂ විරෝධීන්ට කිව යුත්තේ සමස්ථ අධ්‍යාපන අර්බූදයට විසඳුම් ඉල්ලීමෙන් මෙපිට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුළා ගැනීමට බලකර පමණින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය අහෝසි නොවන බවය. උපාධි සඳහා මුදල් අය කිරීම්ද නතර නොවන බවය. පාසල් අධ්‍යාපනය අලෙවි වීමද නතර නොවනු ඇත. ඒ සියල්ල සමග බිඳ වැටෙන සමස්ථ අධ්‍යාපනයට විසඳුම් ලැබෙන්නේද නැත. කෙටියෙන් කිව යුත්තේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධවීමෙන් සියල්ලන්ට ඔබින, රටට ප්‍රයෝජනවත් ජාතික අධ්‍යාපනයක් ස්ථාපිත කළ නොහැකි යැයි කියාය. එනිසා මේ දරණ මහන්සිය, මේ කෙරෙන කැප කිරීම හා ගන්නා අවදානම ගත යුත්තේ අධ්‍යාපන ධවල පත්‍රිකාවක් මගින් සමස්ථ අධ්‍යාපනය ගොඩ දා ගැනීමට ය. 
    කුසල් පෙරේරා

  • රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාවට නීති කෙටුම්පත් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාවට නීති කෙටුම්පත් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයන් විසින් රාජකාරි ඉටු කිරීමේ දී සද්භාවයෙන් යුතුව ගන්නා ලද ක්‍රියාමාර්ග වලට අදාළව එම සේවකයන් සඳහා සුදුසු ආරක්ෂාවක් ලබාදීම පිණිස නීති කෙටුම්පත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දුන්නේය.

    “දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් හට සහන සලසාලීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී අද (13) දින පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

    ඒ අනුව අදාළ නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට සහය දීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඇතුළු කමිටුවක් පත්කරමින් එම නිර්දේශ මසක් ඇතුළත ලබාදෙන්නැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී නියෝග කළේය.

    දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් හට සහන සලසාලීමට අදාළ අරමුණ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි  සෙනරත් මහතා විසින් මෙහි දී පැහැදිලි කරන ලදි.

    2019 නොවැම්බර් 27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර මහත්මිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය මෙහි දී කරුණු පැහැදිලි කළහ.

    නිලධරයන්ට තිබෙන නෛතික රාමුව ඉක්මවා සද්භාවයෙන් යුතුව රාජකාරි ඉටු කිරීමට ඉඩදිය හැකි සීමාවන් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැකසීමට ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට අදාළව සකස් කළ කෙටුම්පතක්ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා මෙහි දී කියා සිටියේය.

    යහපාලන ආණ්ඩුව නෛතික නොවන ක්‍රියාවලියක් ඔස්සේ ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ සේවයකයන්ට මුහුණ පෑමට සිදු වූ ගැටලු අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා  පැහැදිලි කළේය.

  • පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ප්‍රබලයින්ගේ නාම ලේඛනය ජනපතිට – සම්පූර්ණ කතාව මෙන්න !

    පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ප්‍රබලයින්ගේ නාම ලේඛනය ජනපතිට – සම්පූර්ණ කතාව මෙන්න !

    දේශපාලනඥයින් තිදෙනකුට සහ පොලිස් නිලධාරීන් 10 කට වැඩි පිරිසකට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වී තිබේ

    2019 පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ප‍්‍රතිඵලයක් ලෙස වර්තමාන තත්ත්වය පිළිබඳ ලිපියක් සහ ඒ හා සම්බන්ධ විමර්ශන අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙන බව කොළඹ අගරදගුරු අතිගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසූහ.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලනඥයන් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් 10 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගක් ගෙන නොමැති බව මෙම ලිපියෙන් අවධාරණය කෙරේ.

    පාස්කු ප්‍රහාරය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අගරදගුරු තුමා අද (13) කොළඹ රදගුරුගේ නිවසේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.

    යුක්තිය ලබාගෙන ප්‍රහාරයන්ට ගොදුරු වූවන්ට සාධාරණය ඉටු වන තුරු තමා මෙම අරගලය දිගටම කරගෙන යන බව ප්‍රකාශ කළ කාදිනල්තුමා ජනතාව රවටා නොගෙන සත්‍යය හෙළි කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

    පාස්කු ප්‍රහාරයේදී සැකකරු සාරා ජස්මින්ගේ භූමිකාව සහ ඇය සිටින ස්ථානය ගැනද කාදිනල්තුමා ප්‍රශ්න කළේය.

    යුද හමුදා බුද්ධි අංශයේ ඇතැම් නිලධාරීන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සමඟ ඇති සම්බන්ධතා පිළිබඳව කාදිනල්තුමා තවදුරටත් විමසීය.

    පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව විසින් ඊයේ (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කළ දීර්ඝ ලිපිය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

  • වරාය නගරය නගරයට සහ කොළඹට විදුලිය දෙන්න මුතුරාජවෙල ගොඩකරයි – සම්පූර්ණ හෙළිදරව්ව !

    වරාය නගරය නගරයට සහ කොළඹට විදුලිය දෙන්න මුතුරාජවෙල ගොඩකරයි – සම්පූර්ණ හෙළිදරව්ව !

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

    පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් බලාපොරොත්තු වන්නේ පාරිසරික අනුමැතිය ලබා ගැනීම පමණක් නොවේ. මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් තිරසර ව්‍යාපෘතියක් බවට පත් කර, උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේද හා ව්‍යාපෘතිය ස්ථාන ගත කළ යුතු ප්‍රදේශ හඳුනා ගැනීම ද එමගින් සිදු වේ.

    එපමණක් නොව සංවර්ධන ව්‍යාපෘතියකින් ඇති විය හැකි බලපෑම් පිළිබඳ ව පූර්ව අවධානයට ලක් කර හඳුනාගත් බලපෑම් වැළැක්වීමට හෝ පාලනය කිරීමට හෝ අවම කිරීමට වැදගත් වන උපායමාර්ග යෙදීම ද පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් සිදු කෙරේ. මේ නිසා මෙම වාර්තාව පූර්ව නිගමන මත නොව විද්‍යාත්මක පර්යේෂණ සහ ව්‍යාපෘතියට යෝග්‍ය ස්ථානය හඳුනා ගැනීමට පුලුල් විකල්ප අධ්‍යයනයන් මත පදනම් ව සැකසීම සිදු කළ යුතු ය.

    ජාත්‍යන්තරව පිළිගත් පාරිසරික මූලධර්ම දෙකක් මත පදනම් ව පාරිසරික අණ පනත් මගින් පරිසර බලපෑම් තක්සේරුකරන ක්‍රියාවලිය නියාමනය වේ. ඉන් පළමු මූලධර්මය තිරසර සංවර්ධන මූලධර්මයයි. 1987 වසරේ දී බෲඩ්ලන් කොමිසම මගින් සකස් කළ “අපේ පොදු අනාගතය” (Our Common Future) නම් වාර්තාවේ වර්තමාන හා අනාගත පරපුරට සමාන ව සම්පත් බුක්ති විදීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීම සඳහා වන තිරසර සංවර්ධන සංකල්පය හඳුන්වා දී තිබේ. 1992 වසරේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ රියෝ ප්‍රකාශනයේ 4 වන මූලධර්මය ලෙස මෙය විග්‍රහ කර ඇත.

    පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය පදනම් වන දෙවන මූලධර්මය නම් සංවර්ධන ව්‍යාපෘතියකින් ඇති විය හැකි බලපෑම් පුරෝකථනය කර ඊට පිළියම් සෙවීමට වැදගත් වන පූර්ව ආරක්ෂණ (Precautionary Principle) නැතහොත් නිවාරණ මූලධර්මයයි. 1970 දශකයේ දී ජර්මන් පරිසර නීතියට එක් වූ මෙය රියෝ ප්‍රකාශනයේ 15 වන මූලධර්මය ලෙස දීර්ඝ ව සාකච්ඡාවට ලක් කර තිබේ.

    මෙම මූලධර්ම, සංකල්ප හා නීති සියල්ල ගොඩ නංවා ඇත්තේ රටේ ජනතාවගේ පමණක් නොව සියලු ජීවීන්ගේ වර්තමාන හා අනාගත පැවැත්ම සුරක්ෂිත කිරීම උදෙසා ය. මේ සියල්ල උල්ලංඝනය කරමින් සිදු කරන සෑම සංවර්ධන ක්‍රියාවලියකින්ම සිදු වන්නේ සමාජ, ආර්ථික හා පාරිසරික යන සෑම ක්ෂේත්‍රයකම බිඳ වැටීමකි.

    මෙවන් දීර්ඝ හැදින්වීමකින් මෙම ලිපිය ආරම්භ කළේ මුතුරාජවෙල තෙත් බිමේ අක්කර 110 ක් ගොඩකර ස්ථාපිත කිරීමට යෝජිත ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන බලාගාර ව්‍යාපෘතියෙන් මේ සියල්ල උල්ලංඝනය කරමින් ආරම්භ කිරීමට උත්සාහ දරන නිසා ය.

    පසුගිය මැයි මස 21 වන දා සිට ජූලි මස 8 වන දා දක්වා රජයේ වැඩ කරන දින 30 ක කාලයක් මහජන අදහස් සඳහා විවෘත කර තැබූ “ලංවිම සඳහා මුතුරාජවෙල පිහිටි ඉඩම සංවර්ධනය කිරීම” නම් පරිසර බලපෑම් තක්සේරු වාර්තාව විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී ගියේ පාරිසරික මූලධර්ම, පාරිසරික අණ පනත් හා පාරිසරික ප්‍රතිපත්ති යන සියල්ල උල්ලංඝනය කරමින් සැකසූ වාර්තාවක් බව ය.

    ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන බලාගාරය ඉදි කිරීමට ගොඩ කිරීම සඳහා යෝජිත මුතුරාජවෙල පරිසර ආරක්ෂක කලාපය. (රතු පැහැ ඕවලාකාර සලකුණෙන් දක්වා ඇත.)

    නීතිවිරෝධීවාර්තාවකින්ව්යාපෘතියක්රියාත්මකකිරීමටසැරසෙයි

    ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක ප්‍රධාන අංගයක් ලෙස අන්තර්ගත විය යුතු ප්‍රමාණවත් විකල්ප අධ්‍යයනය මෙම වාර්තාවට ඇතුළත් කර නොමැත. විකල්ප අධ්‍යයනය මගින් බලාපොරොත්තු වන්නේ යම් ව්‍යාපෘතියකට යෝග්‍ය විකල්ප 3 ක් අතුරෙන් ඉතා ම යෝග්‍ය විකල්පය සාධාරනීකරණය කිරීමට කරුණු ගොණු කිරීමයි. එමගින් ව්‍යාපෘතියකට සුදුසු ම භූමිය හෝ ක්‍රමවේදය හඳුනා ගැනීමට හැකියාව ලැබේ. නමුත් එම ප්‍රධාන නෛතික අංගය ම මෙම වාර්තාවට ඇතුළත් කර නොමැත. ඊට හේතුව මීට වසර තුනකට ප්‍රථම මෙම ව්‍යාපෘතිය සඳහා මුතුරාජවෙල තෙත් බිමෙන් වෙන් කළ භූමිය සාධාරනීකරණය කිරීමට මෙම වාර්තාවෙන් කරුණු ගොණු කර තිබීම ය. ඒ අනුව පෙනී යන්නේ පූර්ව නිගමන මත මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇති බව ය. එපමණක් නොව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් තොර ව මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියේ සුවිශේෂී තෙත් බිම් අක්කර 110 ක් මෙලෙස වෙන් කර ඇත. එම තෙත් බිම් වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පට්ටියවෙල ග්‍රාම නිලධාරී වසමට අයත් වේ. බලාගාර සඳහා ගොඩ කිරීමට මෙලෙස සැලැසුම් කර ඇත්තේ ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළ සුවිශේෂී තෙත් බිම් ප්‍රදේශයකි.

    2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24 ඇ හා ඈ වගන්තිවලට අනුව ප්‍රකාශිත 2006.10.13 වන දින අංක 1466/26 දරන අති විශෙෂ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 206.678 ක් ලෙස ප්‍රකාශයට පත් කළ මුතුරාජවෙල පරිසර ආරක්ෂක ප්‍රදේශය 2018.09.25 වන දින අංක 2090/11 දරන ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර 162.10 ක් වන මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කර හෙක්ටයාර 44.578 ක (අක්කර 110 ක්) වන තෙත් බිම් ප්‍රමාණයක් මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශයෙන් ඉවත් කර මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් වෙන් කිරීම සිදු කර තිබේ.

    ඒ අනුව තහවුරු වන්නේ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව මත පදනම් ව ව්‍යාපෘතිය සැලැසුම් කිරීම වෙනුවට, පළමු ව වෙන් කළ භූමි ප්‍රදේශයක් මත පදනම් ව පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇති බව යි. මේ නිසා විකල්ප අධ්‍යයනයන් මත පදනම් ව යෝජිත ව්‍යාපෘතිය සඳහා යෝග්‍ය ව්‍යාපෘති ප්‍රදේශය හඳුනා ගැනීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කර නොමැත. මේ මගින් ජාතික පාරිසරික පනත හා පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාපටිපාටියේ මූලික සිද්ධාන්ත උල්ලංඝනය කර මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇති බව තහවුරු වේ. මෙවන් දැවැන්ත විදුලි බලාගාර ව්‍යාපෘතියක් අක්‍රමවත් වාර්තාවක් මත පදනම්ව ක්‍රියාත්මක කිරීමෙන් සිදු වන්නේ කෙටි කාලයකින් ම බිඳ වැටීමට ලක් වීමයි.

    පරිසරතක්සේරුවකින්තොරකැබිනට්අනුමැතීන්මතඉඩම්වෙන්කිරීම

    යෝජිත ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර ඉදි කිරීම සඳහා පළමු කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත්තේ 2017.07.12 වන දින ය. පසුගිය රජයේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් සංදේශය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එම කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ලබා ගෙන ඇත්තේ ඉන්දියානු හා ජපන් රජයන්ගේ සහයෝගයෙන් මෙගා වොට් 500 ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ය.

    දෙවන කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත්තේ 2018.02.27 වන දින ය. පසුගිය රජයේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යවරයා සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ කැබිනට් සංදේශය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එහි සඳහන් වන්නේ ද්‍රවීකෘත ස්වාභාවික වායු පර්යන්තයක් සහ පාවෙන ස්වාභාවික වායු පර්යන්තයක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා, ඉන්දියා හා ජපන් ආයතන අතර ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම ය. එහි දී ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සහ ජපාන රජය සමග ඒකාබද්ධව කොළඹ, කෙරවලපිටිය ප්‍රදේශයේ ද්‍රවීකෘත ස්වාභාවික වායු පර්යන්තයක් හා පාවෙන ද්‍රවීකෘත ස්වාභාවික වායු පර්යන්තයක් ස්ථාපිත කිරීමත්, විදුලි ජනන කටයුතු සඳහා ස්වාභාවික වායු බෙදා හැරීමේ යටිතල පහසුකම් ස්ථාපිත කිරීමටත්, අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමට අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලබන හවුල් ව්‍යාපෘතියෙහි 15% ක කොටස් හිමිකාරීත්වයක් ශ්‍රී ලංකා රජයට අයත් සීමාසහිත ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගම වෙත ද, 47.5% ක කොටස් හිමිකාරීත්වයක් ඉන්දියානු රජය විසින් නම් කරනු ලැබ ඇති පෙට්ට්‍රොනෙට් එල්. එන්. ජී. සමාගම වෙත ද, 37.5% ක කොටස් හිමිකාරීත්වයක් ජපන් රජය විසින් නම් කර ඇති සෙජිට්ස් සමාගම සහ මිට්සුබිෂී සමාගම අතර වන හවුල්කාරීත්වය වෙත ද පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අරමුණින් අදාළ පාර්ශව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටත්, යෝජිත හවුල් ව්‍යාපාරය ස්ථාපිත කිරීම සඳහා ඉන්දියානු හා ජපාන පාර්ශව සමග ගිවිසුම්වලට එළැඹීමට ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගමට බලය පැවරීමටත් කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

    පසුගිය රජයේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අනුව කෙරවලපිටිය ස්වාභාවික වායු විදුලි බලාගාර ඉදි කිරීම සඳහා ඉඩම් වෙන් කිරීමට 2018.07.10 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ඉන්දියාව හා ජපානය සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙගාවෙට් 500 බැගින් වූ ද්‍රවීකෘත ස්වාභාවික වායු විදුලි බලාගාර දෙකක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. වැඩි ම විදුලි ඉල්ලුම පවතින කොළඹ වරාය නගරය හා තදාසන්න ප්‍රදේශවලට ආසන්නව පිහිටීම, ආනයනය කරනු ලබන ද්‍රවීකෘත ස්වාභාවික වායු ගොඩබෑමේ පර්යන්ත ඉදි කිරීමට සුදුසු පිහිටීමක් සහිත වීම, සිසිලනය සඳහා ජලය ලබා ගැනීමට ඇති හැකියාව සහ බලාගාරය ඉදි කිරීමට යොදා ගත හැකි සුදුසු ම ප්‍රදේශය ලෙස කෙරවලපිටිය ප්‍රදේශය හඳුනාගෙන ලැබ ඇත. ඒ අනුව කෙරවලපිටිය ප්‍රදේශයේ රජය සතු අක්කර 110 ක භූමි භාගයක් නිසි පාරිසරික ඇගයීමක් සිදු කිරීමෙන් අනතුරුව, යෝජිත ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරය ඉදි කිරීම සඳහා මෙම කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

    මෙම කැබිනට් අනුමැතීන් විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ යෝජිත ව්‍යාපෘති භූමි ප්‍රදේශය හඳුනා ගැනීම සඳහා මූලික ශක්‍යතා ඇගයීමක් හෝ උපායමාර්ගික පරිසර බලපෑම් ඇගයීමක් හෝ මූලික ව්‍යාපෘති වාර්තාවක් හෝ සකස් කර නොමැති බව යි. එවන් තත්ත්වයක් තුළ මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාවෙන් යෝජිත ව්‍යාපෘතිය තිරසර ව්‍යාපෘතියක් ලෙස ස්ථාපිත කිරීම සඳහා වන ශක්‍යතාවය හඳුනා ගැනීමට සිදු කළ වාර්තාවක් බව පිළිගත නොහැකි ය. මෙය පූර්ව නිගමන මත සකස් කළ වාර්තාවක් බව තහවුරු කිරීමට මෙය තවත් සාධකයකි. ඒ අනුව ජාතික පාරිසරික පනතේ පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියේ මූලික සිද්ධාන්ත උල්ලංඝනය කරමින් සකස් කළ වාර්තාවක් බව නිගමනය කිරීමට මේ මගින් ද හැකියාව ඇත.

    මෙහි නීති විරෝධී තත්ත්වයන් එපමණකින් සීමා නොවේ. මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය කලාපනය කර සංරක්ෂණ උපායමාර්ග සකස් කිරීම සිදු කෙරුනේ 1991 මුතුරාජවෙල මහ සැලැස්මට අනුව ය. ඒ අනුව උප කාර්මික කලාපය, ස්වාරක්ෂක කලාපය (ප්‍රේරක කලාපය) හා අභය භූමිය ලෙස මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය කලාපනය කෙරින. ස්වාරක්ෂක කලාපය ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂක ප්‍රදේශයක් ලෙසත්, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව 1996.10.31 වන දින අංක 947/13 දරන ගැසට් නිවේදනය මගින් අභය භූමිය ලෙසත් ප්‍රකාශයට පත් කර තිබේ. නමුත් යෝජිත ව්‍යාපෘතිය සඳහා අක්කර 110 ක භූමිය නැතහොත් පරිසර ආරක්ෂණ ප්‍රදේශයට අයත් මුළු භූමි ප්‍රමාණයෙන් 22% කක ප්‍රතිශතයක් ඉවත් කිරීම කිසිදු තාක්ෂණික වාර්තාවක් පදනම් කර ගෙන සිදු කර නොමැත. 1991 මුතුරාජවෙල මහ සැලැස්මට අනුව ස්වාරක්ෂක කලාපය ප්‍රකාශයට පත් කිරීමෙන් බලාපොරොත්තු වූ අරමුණ වන උප කාර්මික කලාපයෙන් අභය භූමි කලාපයට ඇති වන බලපෑම් පාලනය කිරීම යෝජිත බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් සම්පූර්ණයෙන් බිඳ වැටෙනු ඇත.

    ව්යාපෘතියකොටස්කරඅනුමැතියලබාගැනීමේඋත්සාහය

    මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇත්තේ ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා බව මෙම වාර්තාව හා කැබිනට් සංදේශ විශ්ලේෂණය කර බැලීමේ දී පැහැදිලි වේ. එපමණක් නොව මෙම ව්‍යාපෘතිය ප්‍රධාන කොටස් 5 කින් සමන්විත වන බවත් පැහැදිලි කරුණකි. එනම්, ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන තාප බලාගාරය ඉදි කරන තෙත් බිම් භූමිය ගොඩ කිරීමට යෝජිත ප්‍රදේශය, තෙත් බිම ගොඩ කිරීම සඳහා වැලි ලබා ගන්නා සාගර ප්‍රදේශය, ගොඩ කළ භූමිය මත ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන තාප බලාගාර ස්ථාපිත කිරීම, ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන පාවෙන පර්යන්තය ස්ථාපිත කරන සාගර කලාපය හා බලාගාරය දක්වා ඉන්දන පරිවහනය කරන සාගර කලාපය සහ බලාගාරයෙන් බැහැර කරන උණුසුම් ජලය මුදාහරින සාගර කලාපය වශයෙනි.

    මේ ආකාරයෙන් ප්‍රධාන කොටස් 5 කින් යුත් ව්‍යාපෘතියේ බලාගාරය ඉදි කිරීමට යෝජිත භූමිය සකස් කිරීම සඳහා පමණක් මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇත. මේ නිසා මෙම සමස්ත ව්‍යාපෘතියෙන් සිදු වන පාරිසරික බලපෑම් තක්සේරු කිරීමට හා එම බලපෑම් පාලනය කිරීම සඳහා උපායමාර්ග යෙදීමට මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාවෙන් නොහැකි වී ඇත. එපමණක් නොව සංවර්ධන ව්‍යාපෘතියක් කොටස්වලට වෙන් කර පරිසර බලපෑම් තක්සේරු වාර්තා කිහිපයක් මගින් අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ජාතික පාරිසරික පනතේ දක්වා නොමැත. ඒ අනුව මෙය ද නීති විරෝධී ක්‍රියාවක් මෙන් ම ව්‍යාපෘතියෙන් සිදු වන සමස්ත බලපෑම් පෙන්වා දීම වෙනුවට ඇති විය හැකි බලපෑම් අවම මට්ටමින් පෙන්වා දී ජනතාව නෙමඟ යැවීමට දරන උත්සාහයක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය.

    ජාතිකප්රතිපත්තිහාජාත්යන්තරසම්මුතිඋල්ලංඝනයකිරීම

    මෙරට පිහිටි තෙත් බිම් ආණ්ඩුවකට උවමනා පරිදි භාවිතා කළ නොහැකිය. ජාත්‍යන්තර සම්මුතීන් හා ජාතික ප්‍රතිපත්ති තුළින් තෙත් බිම් ආරක්ෂා කිරීමට අප බැදී සිටී. තෙත් බිම් සංරක්ෂණය සඳහා වන රැම්සාර් සම්මුතිය 1971 පෙබරවාරි 2 වන දින එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 18 ක ගේ සහභාගීත්වයෙන් අත්සන් තැබූ අතර 1975 වසරේ සිට බලාත්මක විය. 1987 වසරේ දී ශ්‍රී ලංකාව රැම්සාර් සම්මුතියට අත්සන් තැබූ අතර 1990 ඔක්තෝම්බර් මස 15 වන දින සිට බලාත්මක විය. ඒ අනුව 2021 වසර වන විට හෙක්ටයාර 1,98,172 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු රැම්සාර් තෙත් බිම් 6 ක් ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කර තිබේ. එපමණක් නොව 2018 ඔක්තෝම්බර් 25 වන දින ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර රැම්සාර් තෙත් බිම් නගර 18 අතුරෙන් එකක් ලෙස කොළඹ නගරය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව මෙරට තෙත් බිම් පිළිබඳ ව විශේෂ අවධානයක් ජාත්‍යන්තරව ද යොමු වී ඇති බව පෙනී යයි. එපමණක් නොව 1989 වසරේ දී සකස් කළ ආසියානු තෙත් බිම් නාමාවලියේ ජාත්‍යන්තර ව වැදගත් වන ශ්‍රී ලංකාවේ තෙත් බිම් 41 ක් හඳුනාගෙන ඇති අතර මුතුරාජවෙල තෙත් බිම ද ඒ අතර වේ. ජාත්‍යන්තරව වැදගත් තෙත් බිම් හා ශ්‍රී ලංකාවේ සමස්ත තෙත් බිම් සංරක්ෂණය හා කළමනාකරණය කිරීමට ජාතික තෙත් බිම් ප්‍රතිපත්තියක් හා උපායමාර්ගික සැලැස්මක් 2006 වසරේ දී සකස් කර ඇති අතර එම සියලු තත්ත්වයන් උල්ලංඝනය කර පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත ආරක්ෂිත තෙත් බිමක් ආරක්ෂිත තත්ත්වයෙන් ඉවත් කර යෝජිත ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමෙන් රැම්සාර් සම්මුතිය හා තෙත් බිම් සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තිය උල්ලංඝනය කර තිබේ.

    තෙත් බිම් ප්‍රතිපත්තියට අනුව පමණක් නොව 2019 වසරේ ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය හා උපායමාර්ගවලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථමික බලශක්ති සැපයුම තුළ ඛණිජ ඉන්දන දායකත්වය 50% කට අඩු කිරීම සඳහා මෙන් ම වර්ෂ 2030 වන විට සියලු බලශක්ති යෙදවුම්වල විශිෂ්ඨ බලශක්ති භාවිතය 2015 පැවති මට්ටමින් 20% කින් අඩු කිරීමට ද 2050 වසර වන විට කාබන් තුලනය මෙන් ම සියලු බලශක්ති සැපයුම් ජාලයෙන් පූර්ණ සංක්‍රාන්තිය වෙත පිවිසීම මෙන් ම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 17 අතුරෙන් 7 වන ඉලක්කය වන පිරිසිදු බලශක්තිය වෙත ප්‍රවේෂ වීම සඳහා පුනර්ජනනීය බලශක්ති තාක්ෂණ දේශීය වෙළදපොලට සපයමින් ප්‍රධාන නිෂ්පාදන කර්මාන්ත පිහිටුවීම සඳහා අවශ්‍ය අවකාශය ගොඩ නැංවීමට කටයුතු කරන බව ජාතික බලශක්ති ප්‍රතිපත්තියේ දක්වා තිබේ. මෙම ප්‍රතිපත්තිමය කරුණු වෙත ලගා වීමට ඇති සියලු ඉඩකඩ ඇහිරී යාමක් යෝජිත ව්‍යාපෘතියෙන් සිදු වනු ඇත.



    මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියේ ගොඩ කිරීමට යෝජිත ප්‍රදේශය. (රතු පැහැ රවුමෙන් සලකුණු කර ඇත.)

    මුතුරාජවෙලසංරක්ෂණයකරනබවටජනතාවමුලාකිරීම

    ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන බලාගාරයේ භූමිය ගොඩ කිරීමට අදාළ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව මහජන අදහස් සඳහා විවෘත කිරීමට පෙර 2021.05.10 වන දින මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා සහ පරිසර අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. එම අනුමැතියට අනුව මුතුරාජවෙල තෙත් බිම් කලාපය සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා වර්තමානයට ගැලපෙන පරිදි ප්‍රධාන සැලැස්මක් සකස් කිරීම, එම සැලැස්මට අනුව හඳුනා ගත් ප්‍රදේශ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ජාතික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ මුතුරාජවෙල තෙත් බිම් කලාපය රැම්සාර් තෙත් බිමක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙම කැබිනට් අනුමැතියෙන් සිදු කර ඇත.

    මෙම කැබිනට් අනුමැතියට අනුව මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණය සහ තිරසර භාවිත සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා තෙත් බිම් අක්කර 110 ක් ගොඩ කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම අතර එකිනෙකට පරස්පරවිරෝධී සැලැසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වන අභිමතාර්ථ අත්පත් කර ගැනීමට නොහැකි වේ. ඒ මගින් සිදු කර ඇත්තේ ජනතාව මුලා කිරීම පමණි.

    ගංවතුරතර්ජනඋග්කිරීමතඹගලවැලිනිධියවැනසීමහාධීවරජනතාවඅවතැන්කිරීම

    මේ වසරේ මැයි හා ජුනි මාසවල ඇති වූ වර්ෂාව හේතුවෙන් මුතුරාජවෙල ප්‍රදේශයේ ගංවතුර තර්ජන වලින් පවුල් 5000 ක් පමණ සම්පූර්ණයෙන් ම අවතැන්වීම සිදු විය. ඒ අතරතුර මුතුරාජවෙල තෙත් බිමේ තවත් අක්කර 110 ක් ගොඩ කිරීම සිදු කළ හොත් මෙම ගංවතුර තත්ත්වය තවත් දරුණු මට්ටමකට පරිවර්තනය වනු ඇත.

    තෙත් බිම ගොඩ කිරීම සඳහා මුහුදු වැලි ඝන මීටර මිලියන 1.5 ක් පමණ ලබා ගැනීමට සැලැසුම් කර ඇත්තේ මීගමුව කලපුවට බටහිරින් පිහිටි තඹ ගල ප්‍රදේශයේ වැලි නිධියෙනි. මෙම වැලි නිධිය සැකසීම සිදු වනුයේ කැළණි ගඟෙන් ගලා ගෙන එන වැලි මෝදර ප්‍රදේශයෙන් සාගරයට එක් වූ පසුව දකුණු කලාපයේ සිට උතුරු කලාපය දක්වා විහිදෙන දියවැල් ඔස්සේ ගමන් කර තඹගල ප්‍රදේශයේ නිධිගත වීමෙනි. නමුත් පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් හා කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිකිරීම් හේතුවෙන් මෙම දියවැල් ගමන් කිරීමේ රටාව වෙනස් වී ඇත. මේ නිසා කැළණි ගඟෙන් මුහුදට එක් වන වැලි මෝදර මෝය ආශ්‍රිත ව නිධි ගත වන නමුත් එම වැලි තඹගල ප්‍රදේශයේ නිධිගත වීම ඉතා සුළු වශයෙන් සිදු වේ. වර්තමානය වන විට වැලි නිධිය සක්‍රිය ව ගොඩනැගීම සිදු නොවේ. මෙම වැලි නිධියෙන් පෝර්ට් සිටි ඉදිකිරීම් සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් වැලි ලබා ගැනීම හේතුවෙන් ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතී. මෙම වැලි ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බලපෑම් බොහොමයක් ඇති විය හැකි ය.

    අඛණ්ඩව වැලි ලබා ගැනීම හේතුවෙන් වැලි නිධිය ආශ්‍රිත හා ඒ අවට කලාපයේ පරිසර පද්ධතිවලට සිදු වන බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස සාගරයේ ජෛව ප්‍රජාවට සිදු වන අහිතකර බලපෑම ඒ අතුරෙන් ප්‍රධාන වේ. වැලි ලබා ගැනීමේ දී විශාල රොන්මඩ ප්‍රමාණයක් කැලතීමට ලක් වීමෙන් සාගරයේ විශාල ප්‍රදේශයක රොන්මඩ විසිරීමේ ප්‍රතිඵලයක් ලෙස සාගර ජීවී විශේෂවල පැවැත්මට බලපෑම් එල්ල වේ. මීට අමතර ව වැලි නිධිය අඛණ්ඩව ඉවත් කිරීම හා වැලි නිධිය ගොඩ නැංවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මීගමුව කලපුවේ ස්ථාවර භාවයට අවශ්‍ය සාගර භූ තෙරපුම අහිමි වීමෙන් මීගමුව කලපුවේ පැවැත්ම සම්පූර්ණයෙන් ම බිඳ වැටී යනු ඇත.

    තෙත් බිම ගොඩකර ඒ මත ඉදිකෙරෙන ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන බලාගාර ක්‍රියාත්මක කිරීමේ දී අඛණ්ඩ ව උණුසුම් ජලය සාගරයට බැහැර කිරීමට සිදු වේ. කොළඹ වරාය සංවර්ධනය කිරීම හා පෝර්ට් සිටි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී සිදු කළ ගොඩකිරීම් හේතුවෙන් විශාල වෙරළාශ්‍රිත සාගර කලාපයක් ආවරණය වීම නිසා කෙරවලපිටිය හා උස්වැටකෙයියාව ආශ්‍රිත මුහුදු තීරය, දකුණු කලාපයේ සිට උතුරු කලාපය දක්වා විහිදෙන දියවැල්වලට ආවරණය වූ කලාපයක් ලෙස පිහිටයි. මේ නිසා බලාගාරයෙන් පිට කරන උණුසුම් ජලය මෙම සාගර කලාපයට බැහැර කිරීමෙන් පසුව සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම හා සාගර ජලයේ උෂ්ණත්වය යථාතත්ත්වයට පත් වීමට ගත වන කාලය පිළිබඳ ව අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය දත්ත හා මොඩලයන් සැකසීම මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාවෙන් සිදු කර නොමැත. බලාගාරයෙන් ඉවත් කරන උණුසුම් ජලය අඛණ්ඩව සාගරයට බැහැර කිරීම හේතුවෙන් සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම එහි ජීවීන්ගේ පැවැත්මට ඉතා ම හානිකර බලපෑම් ඇති කරයි.

    මීට අමතර ව ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන ප්‍රවාහනය කරන නැව් රැඳවුම් අංගනය හා සම්බන්ධ සාගරයේ ඉදි කෙරෙන පාවෙන ද්‍රවීකෘත ස්වාභාවික වායු පර්යන්තය ඉදි කිරීම හා එම වායු ඉන්දන විදුලි බලාගාරය දක්වා ප්‍රවාහනය කරන සාගර කලාපය පිළිබඳ ව කිසිදු අධ්‍යයනයක් මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාවෙන් සිදු කර නොමැත. මේ සියල්ලේ ම ප්‍රතිඵල ලෙස සාගර ජෛව ප්‍රජාවට ඇති වන බලපෑම හා ඒ තුළින් ධීවර කර්මාන්තයට ඇති වන බලපෑම ඉතා ඉහළ මට්ටමක පවතින බව පෙනී යයි.


    මුතුරාජවෙල තෙත් බිම ගොඩ කිරීමට වැලි ලබා ගැනීමට යෝජිත සාගර කලාපය. (දුඹුරු පැහැයෙන් සලකුණු කර ඇත.)

    මෙතෙක්ඉතිහාසයේදුර්වලපරිසරබලපෑම්තක්සේරුවාර්තාව

    ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන බලාගාර ව්‍යාපෘතියේ සමස්තය ආවරණය වන පරිදි නිවැරදි පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් සකස් නොකර ව්‍යාපෘතියේ එක් කොටසක් වන තෙත් බිම ගොඩ කිරීම සඳහා පමණක් නිවැරදි හා අත්‍යවශ්‍ය දත්ත ඇතුළත් නොකර කෙටි කාලයක් තුළ සකස් කර ඇති මෙම වාර්තාව පරිසර බලපෑම් තක්සේරු වාර්තා ඉතිහාසයේ මෙතෙක් ප්‍රකාශයට පත් කළ දුර්වල ම වාර්තාව බව තහවුරු වේ. මෙම අසම්පූර්ණ වාර්තාව පදනම් කර ගෙන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ හොත් කෙටි කාලසීමාවක් තුළ මෙම සමස්ත ව්‍යාපෘතිය ම බිඳ වැටීමට ලක් වනු ඇත.

    මෙරට බලශක්ති අවශ්‍යතාවයට විසදුම් ලබා දීම බලයට පත් වන රජයක වගකීමකි. සැමට සමාන ව බලශක්ති භාවිත කිරීමට අයිතියක් ද ඇත. නමුත් ස්වාභාවික සම්පත් හා ජන ජීවිතය විනාශ කර ආපදාවන් බොහොමයකට රටත් ජනතාවත් ගොදුරු කර පෝර්ට් සිටි ව්‍යාපෘතියට හා කොළඹ නගරය ආශ්‍රිත බලශක්ති අවශ්‍යතාව සපුරා ලීමට බලාගාර ඉදි කිරීමෙන් පලක් නොමැත.

    පසුගිය කාලය පුරා ම ගල් අගුරු බලාගාර ඉදි කිරීම සඳහා බලයට පත් වූ ආණ්ඩු උත්සාහ දැරීය. එහි දී ඉතා ම ලාභදායී බලශක්ති ප්‍රභවය ලෙස ගල් අගුරු හැඳින්වීය. නමුත් අද වන විට ලෝකයේ බොහෝ දියුණු රටවල් ගල් අගුරු බලාගාර ඉවත් කරමින් තිබේ. අද වන විට ස්වාභාවික වායු ඉන්දන බලාගාර ඉදි කිරීම ඉතා ම ලාභදායී බව රජය සඳහන් කරයි. නමුත් ඒ සඳහා නිවැරදි දත්ත විශ්ලේෂණයක් ඉදිරිපත් නොකරයි.

    විකල්පක්රියාත්මකනොකිරීම

    අලුතින් බලාගාර ඉදි කිරීම වෙනුවට මෙරට ජල විදුලි බලාගාරවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරයි. මෙරට ක්‍රියාත්මක සියලු මහ පරිමාණ ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වන්නේ 1970 සිට 1990 දශකය අතර කාලයේ තාක්ෂණයන් පදනම් කර ගෙන ය. එම බලාගාර සියල්ල යාවත්කාලීන කිරීම හා කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට කිසිදු පියවරක් මේ වන තුරු ගෙන නොමැත. එපමණක් නොව විදුලි බලාගාර හා සම්බන්ධ ජලාශවල ජල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජල පෝෂක සුරක්ෂිත කිරීමට සහ ජලාශවල ජල රැඳවුම් ධාරිතාව අඩාල කරන රොන්මඩින් පිරීයාම වැළැක්වීමට හා රොන්මඩ ඉවත් කිරීමට කිසිදු වැඩපිළිවෙලක් මේ වන තුරු ක්‍රියාත්මක කර නොමැත. එපමණක් නොව විදුලිය බෙදාහැරීම් ජාලය කාර්යක්ෂම කිරීමට හෝ විදුලිය අපතේයාම වැළැක්වීමට හෝ කාර්යක්ෂම විදුලි උපකරණ භාවිතය සඳහා ජනතාව යොමු කිරීමට හා ඒ සඳහා බදු සහන ලබා දීමේ කිසිදු වැඩපිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක නොවේ.

    මෙම තත්ත්වයන්ට අමතර ව සූර්යය හා සුළං බලශක්ති ප්‍රභව මෙන් ම හඳුනාගත් යෝග්‍ය ස්ථානවල සාගර රළ තරංග භාවිත කිරීමට ප්‍රමාණවත් යොමුවක් ද ලබා ගෙන නොමැත. විශේෂයෙන් සූර්ය බලශක්ති භාවිත කිරීමේ ක්‍රියාවලිය රට තුළ වර්ධනය කිරීමට ගනු ලබන උපායමාර්ග ද වරින් වර විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් අක්‍රිය කරමින් තිබේ. ඒ වෙනුවට මහ පරිමාණ බලාගාර ඉදි කිරීමට වැඩි අවධානයක් යොමු කරයි. රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වර්ධනය කිරීමට තීන්දු තීරණ ගනු ලබන නමුත් ක්‍රියාත්මක යාන්ත්‍රණයේ දී ගල් අගුරු, ඩීසල් හා ස්වාභාවික වායු ඉන්දන බලාගාර ඉදි කිරීමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් තිබේ.

    ලෝකයේ බොහෝ රටවල් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට හුවමාරු වන විට ගලවා ඉවත් කරන ගල් අගුරු, ඩීසල් හා ස්වාභාවික වායු ඉන්දන බලාගාරවලට අප වැනි රටවල් ගොදුරු වෙමින් තිබේ. අනාගතයට ගැලපෙන බලශක්ති ප්‍රභවයන්ට නොව අතීතයේ දී භාවිත කළ බලශක්ති ප්‍රභවයන්ට අප යොමු වෙමින් සිටිමු. එපමණක් නොව අපගේ පාලනයෙන් තොර ආනයන මත පදනම් වූ බලශක්ති ප්‍රභවයන්ට වැඩි අවධානයක් යොමු කිරීමෙන් රටේ ආර්ථිකයට එල්ලවන බලපෑම ගැන සිතීම වෙනුවට නිලධාරීන්ට හා ඇමතිවරුන්ට අඛණ්ඩව කොමිස් මුදල් ලැබෙන ක්‍රමවේදයන්ට අනුව බලශක්ති නිෂ්පාදනය කිරීමට යොමු වීම හේතුවෙන් ගැටළු මතු වෙමින් තිබේ. මේ තත්ත්වයන්ට පිළිතුරු ලබා දෙන තුරු බලශක්ති අර්බුදයට විසදුම් ලබා දීමට නොහැකි ය.

  • පොහොර හා කෘෂි රසායන තහනමෙන් ‘ගුණාත්මක තේ කර්මාන්තය වළපල්ලට‘

    පොහොර හා කෘෂි රසායන තහනමෙන් ‘ගුණාත්මක තේ කර්මාන්තය වළපල්ලට‘

    ‘ලංකා තේ‘ අපනයන මිල අඛණ්ඩව පහත වැටෙනවා. තේ පොහොර දැන්වත් නිදහස් කරන්න

    තත්වයෙන් බාල තේ නිෂ්පාදනය කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ අපනයන තේ කිලෝ ග්රූමයක් සඳහා ලැබෙන මිල තුන්වන අඛණ්ඩව මාසයටත් පහත බැස ඇත.  ජූලි මාසයේ දී අපනයන තේ මිල තවත් පහත වැටෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 75% ක් නිෂ්පාදනය කරන කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය පොහොර, කෘෂි රසායන නොලැබීම නිසා ගුණාත්මක භාවයෙන් ඉහළ තේ දළු නිෂ්පාදනය කළ නොහැකිව ඇත.  අපනයන මට්ටමේ තේ නිෂ්පාදනවල පැවතිය යුතු ගුණාත්මක භාවය තත්වයෙන් බාල තේ දළු වලින් ලබා ගත නොහැකිව ඇත. තේ සඳහා ලැබෙන මිල අඛණ්ඩව පහත වැටීමට වැලැක්වීමට නම් තේ වගාව සඳහා හෝ රජය රදවාගෙන තිබෙන පොහොර වහා නිදහස් කළ යුතු ය. ‘‘අපනයන ආදායමේ හදවත බදු තේ වගාව රැක ගැනීම සඳහා පොහොර හා කෘෂි රසායන ආනයන තහනම පිළිබඳ වහා නැවත ඇගයීමක් සිදු කළ යුතුව ඇතැයි‘‘ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

    පොහොර හා කෘෂි රසානයන නොමැතිවීමෙන් මේ වන විට තේ වගාව දැඩි පරිහානියක ලක්ව තිබේ.  පහත රට තේ වගාවේ අස්වැන්න හා දළුවල ගුණාත්මක බව පහත වැටීම සුවිශේෂී වේ.  කඳුකර තේ වගාවට පොහොර නොමැතිවීමට අමතරව බ්ලයිට් රෝග ආසාදනයට ලක්වී ඇත. මේ රෝග සඳහා නිර්දේශිත කෘෂි රසායන නොමැතිවීම හේතුවෙන් දළු අඩුවීම පමණක් නොව, ගස් විනාශවීම ද ඇරඹී ඇත.

    වතු සමාගම් සතුව පොහොර හා කෘෂි රසායන තොග පවතින නමුත් කුඩා තේ වතු හිමියන්ට පොහොර  නොලැබේ.  වතු සමාගම් හා කුඩා වතු හිමියන්ට ඇත්තේ එකම වෙළෙඳපොලකි.  තත්වයෙන් බාල තේ නිෂ්පාදන වැඩි වශයෙන් වෙළෙඳපොලට පැමිණීමත් සමඟම තේ මිල පහත යාම ඇරඹී තිබේ.

    අත්තනෝමතික කෘෂි රසායන තහනම් හේතුවෙන් කෘෂි නිෂ්පාදනවල තත්වය පවත්වාගෙන යාමේ ගැටළුවකට කෘෂි නිෂ්පාදන කේෂ්ත්‍රෙයේ සෑම කණ්ඩායමක්ම මුහුණ දී සිටී.  ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයන ආදායමේන් 15% ක් ලැබෙන්නේ තේ නිෂ්පාදනයෙනි.  කෘෂිකර්ම කේෂ්ත්‍රයේ අපනයන ආදායමෙන් 62% ක් ලැබෙන්නේ තේ වගාවෙනි.

    කෘෂිකර්ම නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොහොර හා කෘෂි රසායන තහනම හේතුවෙන් මෙරට කෘෂිකර්ම කේෂ්ත්‍ර යේ සෑම අංශයක්ම කඩා වැටෙමින් තිබෙන අතර අස්වැන්න අඩුවෙමින් පවතී.  එළවළු, පළතුරු හා මල්වර්ග නිෂ්පාදනය ට එයින් දැවැන්ත බලපෑමක් එල්ලවී ඇත.  කුරුඳු ඇතුළු අපනයන බෝග රැසක නිෂ්පාදනය තත්වය මේ වන විට පහත වැටී ඇතැයි ද තෙන්නකෝන් ගේ නිවේදනයේ දැක්වේ.

    හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

  • ‘කාන්තාවන්ගේ නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කිරීමේ ප්‍රවණතාවක්

    ‘කාන්තාවන්ගේ නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කිරීමේ ප්‍රවණතාවක්

    වෙබ් අඩවි සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවල අසභ්‍ය වීඩියෝ සහ පින්තූර පළ කිරීම සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ අජිත් රෝහණ මහතා පැවසුවා.

    පොලිස් පරිගණක අපරාධ අංශය විසින් සිදුකළ විමර්ශන මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර දණ්ඩ නීති සංග්‍රහයේ සහ අසභ්‍ය ප්‍රකාශන පනතේ අදාළ විධිවිධාන යටතේ මෙවැනි සිදුවීම්වලට එරෙහිව පොලිස් පරිගණක අපරාධ අංශය දැඩි පියවර ගන්නා බව ඔහු වැඩි දුරටත් පැවසුවේ.

    ‘කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල පළ කිරීමේ ප්‍රවණතාවක් දැන් පවතිනවා. විශේෂයෙන් ඔවුන් පෙම් සබඳතාවක් පවත්වන විට පින්තූර සහ වීඩියෝ ලබාගෙන ඇති අතර එම සබඳතා බිඳ දැමීමෙන් පසු අදාළ සමාජ මාධ්‍ය වේදිකාවලට උඩුගත කරන බව අනාවරණය වී තිබෙනවා‘‘

    පසුගිය දා අත්අඩංගුවට ගත් සැකකරුවන් පිටකෝට්ටේ, රාජගිරිය, මහනුවර, පිලියන්දල සහ ගම්පහ යන ප්‍රදේශවල සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අතර වයස අවුරුදු 23 ත් 39 ත් අතර සිව් දෙනෙකු සිටිනවා. ඒ වගේම මුරපදය වෙනස් කිරීමෙන් නීතිවිරෝධී ලෙස පිවිසීමෙන් පසු පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුමක නිරුවත් රූප සහ වීඩියෝ පළ කිරීම සම්බන්ධයෙන් 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා‘‘

  • කොළඹින් අහඹු ලෙස ගත් ජෛව පටල සාම්පල 25/14ක් ‘සැක සහිතයි‘

    කොළඹින් අහඹු ලෙස ගත් ජෛව පටල සාම්පල 25/14ක් ‘සැක සහිතයි‘

    කොළඹ නාගරික සීමාවෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල  25ක  සාම්පල 14ක් සැකකටයුතු බව ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදුකරන කණ්ඩායම් දැනුම්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (13) පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළේය.

    මෙම සැක සැකකටයුතු සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බවත් මෙම  පරීක්ෂණවල අවසන් වාර්තාව  ඉදිරි සතියේදී  ලබා දෙනු ඇති බවත්  මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කළේය.