Tag: featured

  • ‘ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩලය‘ ඉවත් කරයි

    ‘ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩලය‘ ඉවත් කරයි

    සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ලබන 13 වැනිදා ආරම්භ වන තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ඇතුඵ කාර්ය මණ්ඩලය ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවා.

    පිතිකරු පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ශිරන්ත නිරෝෂන් යන මහත්වරු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීමත් සමඟ මෙම තීරණය ගත් බවත් එම තරගාවලිය සඳහා තාවකාලික ප්‍රධාන පුහුණකුරුවකු ඇතුඵ කාර්ය මණ්ඩලයක් ඉදිරියේදී පත්කරන බවත් මොහාන් සිල්වා මහතා වැඩි දුරටත් පැවසුවා.

  • එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් රටේ දංකුඩ ටිකත් හූරා ගෙන කනවා – චම්පික රණවක

    එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් රටේ දංකුඩ ටිකත් හූරා ගෙන කනවා – චම්පික රණවක

    ‘ආණ්ඩුවට සම්බන්ධ ජාවාරම්කරුවන් සහ විදේශීය ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් මේ රාජ්‍යයම තමන් යටතට ගෙන සිටින අතර එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් බංකොලොත් වෙමින් පවතින රටේ දංකුඩ ටිකත් හූරා ගෙන කන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    චම්පික රණවක මහතා මෙසේද පැවසුවේය, ‘බොරුවෙන් පාලන බලය ගත්තත් ආර්ථික අර්බුදය බොරුවෙන් ජයගත නොහැකි බව ආණ්ඩුව දවසින් දවස ඔප්පු කරමින් සිටිනවා. ජන දුක වෙනුවෙන් ඉදිරියට එන මහජනතාව, සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍ය ආයතන මර්දනය කිරීම සඳහා රජය නිරෝධායන නීතිත්, පොලීසියත් යොදාගෙන බරපතල වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. රජයේ අවනීතිය ක්‍රියාත්මක නොකරන්නැයි අපි යුක්තිගරුක රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා ආණ්ඩුව නිදහසින් පසු ඉතිහාසයේ පළමු වතාවට මූල්‍ය බංකොලොත්භාවයේ පළමු අඩිය තබා තිබෙනවා. වර්තමානයේදී ඩොලර් සොයාගැනීමට කළුකඩ පසුපසයාමට සිදුවීමෙන් ඉතිහාසයේ පළමු වතාවට බැංකු ක්‍රමය පරදවා ඩොලර් කළුකඩය ඉදිරිය එමින් තිබෙනවා. රටේ අරමුදල්, විදේශ මුදල් පිටරට යවන ප්‍රධාන මාධ්‍යය බවට නීති විරෝධී උණ්ඩියල් ක්‍රමය පත්වෙමින් තිබෙනවා. ආණ්ඩුව ඉන්නේ තමන් විසින්ම නිර්මාණය කරගත් බරපතල මූල්‍ය අර්බුදයක. ඩොලර් නැතිවීම හමුවේ රසායනික පොහොර, කෘමිනාශක ගෙන්වීම නැවැත්වීමෙන් ගොවි ජනතාවත්, වැටුප් වර්ධක නැවැත්වීමෙන් වැඩකරන ජනතාවත් අද අරගලයකට පිවිස සිටිනවා. ආණ්ඩුවට සම්බන්ධ ජාවාරම්කරුවන් සහ විදේශීය ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් මේ රාජ්‍යයම තමන් යටතට ගෙන සිටිනවා. එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් බංකොලොත් වෙමින් පවතින රාජ්‍යයේ දංකුඩ ටිකත් හූරා ගෙන කනවා. ‘‘

  • කෝවේ දාලා මැකුවත් ‘රනිල්ගේ උපන්ගෙයි ගති‘ අරින්න බැරි ඇයි ?

    කෝවේ දාලා මැකුවත් ‘රනිල්ගේ උපන්ගෙයි ගති‘ අරින්න බැරි ඇයි ?

    කිසි දිනෙක රනිල්ට රටේ රාජ්‍ය නායකයා වීමට නොහැකි බව ඔහු සමග සිටින්නෝ දනිති.ඊට හේතුව අවාසනාවද පවද යන්න දන්නෝ දනිති. රනිල් බුද්ධිමතෙකි. දුර දක්නා රටකට පිරිමහින මිනිසෙකි. එහෙත් ඔහුට ආවේසවී ඇති සංස්කෘතික පෙරේතයා පෙනුමෙන් අජූතය. දැක්මෙන් පිළිකුල්ය. නාස් හකුථවන ගන්ධස්තාරයකි. තවත් මොනවාද? කොළඹ ඉංගි‍්‍රසි උගත් සමාජය එය හඳුන්වන්නේ මනුෆැක්චරින් ඩිපෙක්ට් කියාය. එය මගේ ගමේ සිංහලෙන් කීවොත් ‘උපන් දෙයි දෝස‘ නම් වේ. තවත් විදියකට කීවොත් උගේ ගතිය ඌ නාරයි මැරූවත්ය.

    ගිය සතියේ මානවම්ම පිළිබඳ ලියවිල්ල කියවූ පාඨකයන් කළ ප‍්‍ර‍්‍රකාශයන් විවිධාකාරය. කෙනෙකු ඇසුවේ බුදු අම්මෝ රටට කරල තියෙන වැඩ සම්භාරය… කියාය. බලාගනෙ ගියාම මහපොළ මොන කෙහෙම්මලක් ද? එහෙමත් ඇසූ කෙනෙක් විය.

    රනිල් කළ එක වැඩක් කී පැත්තකින් විග‍්‍රහ කරන්න පුළුවන්ද කියා ඇසුවේ විශ‍්‍රාමික පරිපාලන නිලධාරියෙකි. රනිල් බැනුම් ඇහුවාට පරාද වුණාට කරලා තියෙන්නේ යෝධ නිහඬ විප්ලවයක් යනුවෙන්ද අදහස් ප‍්‍රකාශ විය. විය.

    මේ සියල්ලෙන් කියැවෙන්නේ රනිල් වික‍්‍රමසිංහ ගැන රටේ මිනිසුන් මෙන්ම, රනිල් ද කිසිවක් නොදන්නා බවය.

    මෙහෙම චරිතයකට මෙයට වඩා ගමනක් නැත. දිගු කලක් රනිල් වික‍්‍රමසිංහ සහ ටීම් එක කෝටු මස් කරමින් සිටි චන්ද්‍රසිරි සෙනෙවිරත්න මෙසේ අංශක හතළිස් පහක් ආපසු හැරුණේ ඇයිද කියා විමසූ මිත‍්‍රයෙකුද මේ අතර විය. හෙතෙම එසේ අසා මොහොතක් නිහඬ විය.

    ‘‘ඔව්නේ….. එසේ නිහඬව සිටි මිත‍්‍රයා තමාටම එසේ කියා ගත්තේය. ඒ කතාවේ තේරුම මොකක්ද කියා අසන තරමට ඒ ආත්ම භාෂණය මට තදින් දැනිණ. සමහර ආත්ම ප‍්‍රකාශන බරපතලය. ගැඹුරුය.

    ‘‘ගස් නැති රටේ එරඬු ගහත් ගහක් කියනවානේ.. ඔහු මට එසේ උත්තර දුන්නේ කිසිදු හැගිමකින් තොරවය. එය මගේ පරිකල්පනය බිංදුවට බැස්සීමකි.

    මේ සියථ කතා හරහා ඉස්මතු වන්නේ සමහර විට, ප‍්‍රබෝධයේ රාවයද ? නැත. බිඳ වැටී අසරණවූ රටක විලාපයයි. එරඬු ගහත් ගහක් කියා හිතන්නට සිද්ධවීමත් පාපයකි.

    මිනිසෙකු ගැන කියවීම මිනිසෙකු තක්සෙරු කිරිම සුවිශේෂ අභ්‍යාසයකි. ඉන්දිය ජනාධිපතිි අබ්දුල් කලාම් කීවේ ‘‘අතීත කි‍්‍රයාකාරම් වලින් මිනිසෙකු තක්සේරු නොකළ යුතු බව‘‘ය. හේතුව මිනිසුන් වෙනස් විය හැකි නිසාය. අතීත කි‍්‍රයාකාරම් යහපත් නොවුණ විට ඒ අප‍්‍රසන්න දෝංකාරය තුළින් කෙනෙකු තමන් තුළම ප‍්‍රති නිර්මාණය විය හැකිය. හේතුව වෙනස්වීම, වියපත්වීම කිසිවිටක කිසිවෙකුට පාලනය කළ නොහැකි නිසාය. වියපත් වනවිට තලැත්තෑනි වේ. එවිට බොහෝ මිනිසුන් යහපත් වේ. ඒ වියපත් වෙමින් මුහුකුරා යමින් යහපත් වෙමින් පරණ මෝ්ඩකම් අත් හරිති. ඒ කිසිවෙකු රවටන්නට නොවේ. තමන් තමාටම පහනක් වන්නටය. රනිල්ට ඒ වාසනාවද ඇත්තේම නැති හැටියකි. නැතිනම් පාර්ලිමේන්තුවේදී ශතකයක් වාර්තා කර අභයාරාමයට රිංගා බෙල්ල කපා ගන්නේ නැත.

    සමහර විට තකතිරුවෙකු එක් දවසකින් ප‍්‍රාතිහාර්ය පාන්නට බැරි නැත. විජේදාස රාජපක්‍ෂ වරාය නගර පනත් කෙටුම් පත උඩුයටිකුරු කළා වාගේය. මුරුත්තෙට්ටුවේ රාජපක්‍ෂලා පට්ට ගසනවා වාගේත් විය හැකිය. එහෙත් විජේදාස, පනත කෙටුම්පතට ඡන්ද විමසන දා හැංගිච්ච තැනක් දන්නා කෙනෙකු නැත.

    රනිල් පාර්ලිමේන්තුව හොල්ලා අභයාරාමයට ගිය පසුව, රනිල්ගේ හිස කපා වශී ගුලි එල්ලා ගෙන නැගිට ගන්න බැරිව දේශපාලනිකව ඔත්පලව සිටින මහින්ද රාජපක්‍ෂගේ බෙල්ලට බද්ධ කිරීමට මුරුත්තෙට්ටුවේ කතා කළේය. ය. එදා රනිල් අභයාරාමයට යාම ගෙන ගියේ වජිර අබේවර්ධන විසිනි. වජිර කොතරම් බලවත් වීද යත් රනිල්ට ගංගාරාමයත් අමතක විය. මේ විදියට රුවන් විජයවර්ධනත් හලන්න බැරි නැත. මේ අබ්දුල් කලාම්ටත් අකුරු වැරදුණ තැනකි.

    රනිල් වික‍්‍රමසිංහත් කළ දේ බොහෝය. ඒවා වර්ණනා නොවේ. ප‍්‍රශස්ති නොවේ. සාධාරණ තක්සේරුවකි. ඕනෑම කෙනෙකුට ඒ තක්සේරුව වැරදි යයි ඔප්පු කරන්නැයි අභියෝග කළ හැකිය. එහෙත් නැවත ගොඩ නැගෙන රනිල් වික‍්‍රමසිංහ සිය මාධ්‍ය යාන්ත‍්‍රණය, සියරට භාරදී ඇත්තේ සමන් රත්නපි‍්‍රය නම් මේල් නර්ස්ටය. සිනාසීමට මුහුණට අවශ්‍ය පස් පිඩු මේල් නර්ස්ට ඇත්තේම නැත.

    රනිල් වික‍්‍රමසිංහත් කළ දේ බොහෝය. ඒවා වර්ණනා නොවේ. ප‍්‍රශස්ති නොවේ. සාධාරණ තක්සේරුවකි. ඕනෑම කෙනෙකුට ඒ තක්සේරුව වැරදි යයි ඔප්පු කරන්නැයි අභියෝග කළ හැකිය. එහෙත් නැවත ගොඩ නැගෙන රනිල් වික‍්‍රමසිංහ සිය මාධ්‍ය යාන්ත‍්‍රණය, සියරට භාරදී ඇත්තේ සමන් රත්නපි‍්‍රය නම් මේල් නර්ස්ටය. සිනාසීමට මුහුණට අවශ්‍ය පස් පිඩු මේල් නර්ස්ට ඇත්තේම නැත.

    යුඇන්පිය බිංදුවට බැස්ස රටේ සියරට පත්තරය පටන් ගැනීමට සිතීමෙන් වැඩ්ඩා වටහාගත හැකිය. සියරට පුවත් පත පළ කරන බව කියා රත්නපි‍්‍රය එක් මාධ්‍යවේදියෙකුගේ සහාය ඉල්ලූවේය. එය ඇසූ මාධ්‍යවේදියා ‘මේ පුවත්පතක් මුද්‍රණය කර බෙදා හැරීමට අවස්ථාව නොවන නිසා පවත්නා ජාතික මාධ්‍ය සහාය ලබා ගැනීමට‘ යෝජනා කළේය. පසුව වෙබ් පුවත්පත්වූ සියරට සඳහා කිසිවෙකු අර මාධ්‍යවේදියාගෙන් ලිපියක් ගෙන්වා ගත්තේය. එහෙත් සියරට කර්තෘ රත්නපි‍්‍රය ‘‘අපට යූඇන්පිය ගැන ලිපි ඕනැ නැහැ’’ කියා ඒ ලිපිය ප‍්‍රතික්‍ෂේප කර තිබේ. පසුගිය ජූනි 27 ජාතික පුවත්පත එත්සත් ජාතික පක්‍ෂය ගැන ලියු ඒ ලිපිය පළවිය.

    රනිල් වික‍්‍රමසිංහ කළ යහපත් දේ උස්සා පෙන්වා කිසි විටෙක රනිල්ව මාර්කට් කළ හැකිද? ප‍්‍රශ්නය ඇත්තේ එතැනය.

    ගිය සතියේ ලිපිය කියවූ හාමුදුරුනමක් කීවේ මහත්තයෝ මේ මිනිහාට තියෙන්නේ පුදුම දැක්මක් කියලා. 2005 වන විට රනිල් වික‍්‍රමසිංහ මේ ආකරයට කියවා තේරුම් ගත් බුද්ධිමතුන් අතුරෙන් මාදුථවාවේ සෝබිත හාමුදුරුවෝද වෙති. 2001 ඍණවූ ආර්ථිකය රනිල් වික‍්‍රමසිංහගේ දැක්ම හරහා යහපත් කළ ආකාරය උන්වහන්සේ නිරීක්‍ෂණය කළහ. ආර්ථිකය යහපත් වෙන තෙක් නව රැකියා හෝ රාජ්‍ය අංශයේ පුරප්පාඩු පුරවන්නේ නැති බවට අගමැති රනිල් වික‍්‍රමසිංහ ගත් අභීත තීන්දුව හාමුදුරුවන් වහන්සේ දැඩිසේ අගය කළහ. මන්ත‍්‍රී ලියුමට රස්සා ලැබුණ අය රටට වැඩ කළේ නැත. වහලූන් වුණා පමණය. ගිය පසුගිය ඉරිදා ලංකාදිපය මුල් පිටුටේ ගිය ‘අගෝස්තුවේ රස්සා දුන් බහුතරයකට රාජකාරි නෑ‘. යනුවෙන් වාර්තා කරන්නේ රාජපක්‍ෂලා රස්සා දුන් හැටිය. රාජකාරි පමණක් නොව ඉඳ ගැනීමට පුටුවක් බංකුවක් හෝ ඒ කන්තෝරුවල නැති බව රස්සා ලැබුණ උපාධිධාරිහූ දනිති. උක්ත වාර්තාව අනුව ඒ පිරිස ප‍්‍රමාණයෙන් පනස් අට දහසකි.

    ගිය ජූනි 23දින බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවට කී ආකාරයට මාසික වැටුප් ලබන රජයේ සේවක සංඛ්‍යාව දහ නව ලක්‍ෂයකි. විශ‍්‍රාමිකයන් හය ලක්‍ෂ හැට දහසකි. සමෘධිලාභි පවුල් විසි ලක්‍ෂයකි. හතළිස් පන් ලක්‍ෂ හැට පන් දහසක් අත් නොසොල්ලා කටවල් සොලවන රටක හෙට දවස.......?

    2005 ජනාධිපති මැතිවරණයෙන් රනිල් ජය ගනීවි යන්න මාදුථවාවේ හාමුදුරුවන්ගේ ප‍්‍රාර්ථනාව විය. උන්වහන්සේ රනිල්ගේ හැසිරීම් පවා අධික්‍ෂණය කළහ. පසුව මැතිවරණ සටනේ එක් අවස්තාවක වැඩිහිටියෙකුට රනිල් ආචාර කළ ඉරියව් දුටු එතුමන් කීවේ ‘මේකා හදන්න පුථවන් එකෙක් නොවෙයි‘ කියාය

    2005 ජනාධිපති මැතිවරණයෙන් රනිල් ජය ගනීවි යන්න මාදුථවාවේ හාමුදුරුවන්ගේ ප‍්‍රාර්ථනාව විය. උන්වහන්සේ රනිල්ගේ හැසිරීම් පවා අධික්‍ෂණය කළහ. පසුව මැතිවරණ සටනේ එක් අවස්තාවක වැඩිහිටියෙකුට රනිල් ආචාර කළ ඉරියව් දුටු එතුමන් කීවේ ‘මේකා හදන්න පුථවන් එකෙක් නොවෙයි‘ කියාය. එහි ප‍්‍රතිපලය 2015 උන්වහන්සේ රනිල් ළග තබාගෙන පොදු අපේක්‍ෂකයෙකු සෙවීමය. ඒ අවස්ථාවේ රනිල් පොදු අපේක්‍ෂකයා වීමට නොගත් වෙහෙසක් නැත. හාමුදුරුවෝ දැඩිව කියා සිටියේ ‘මහත්තායට දිනන්න පුථවන් නම් මම වෙන මිනිස්සු හොයනවාද ? මහත්තයෝ‘‘ කියාය.

    කිසි දිනෙක රනිල්ට රටේ රාජ්‍ය නායකයා වීමට නොහැකි බව ඔහු සමග සිටින්නෝ දනිති.ඊට හේතුව අවාසනාවද පවද යන්න දන්නෝ දනිති. රනිල් බුද්ධිමතෙකි. දුර දක්නා රටකට පිරිමහින මිනිසෙකි. එහෙත් ඔහුට ආවේසවී ඇති සංස්කෘතික පෙරේතයා පෙනුමෙන් අජූතය. දැක්මෙන් පිළිකුල්ය. නාස් හකුථවන ගන්ධස්තාරයකි. තවත් මොනවාද? කොළඹ ඉංගි‍්‍රසි උගත් සමාජය එය හඳුන්වන්නේ මනුෆැක්චරින් ඩිපෙක්ට් කියාය. එය මගේ ගමේ සිංහලෙන් කීවොත් ‘උපන් දෙයි දෝස‘ නම් වේ. තවත් විදියකට කීවොත් උගේ ගතිය ඌ නාරයි මැරූවත්ය.

    රනිල් වික‍්‍රමසිංහ 2020 අවසානයේ පක්‍ෂය තුළ සිදු කළ ප‍්‍රතිසංවිධානයෙන් තේරු නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන භික්‍ෂුන් වහන්සේලාට අනුව ඩඞ්ලිගේ පුණරාගමනයකි. මහ ලේකම් රංජගේ බණ්ඩාර වේගයෙන් සාර්ථක වෙමින් පවත්නා අත්හදා බැලීමකි. උප නායක අඛිල විරාජ් කාරියවසම් නිදහස් ලංකාවේ විශිෂ්ට අධ්‍යාපන ඇමතිවරුන් සිව් දෙනාගෙන් කෙනෙකි. සභාපති වජිරය. උප සභාපති සාගලය. හෙට අනිද්දා මංගලත් සේන්දු වනු ඇත.

    මේ කිසිවෙකුට බෝතලේ ඞී.එස්.සේනානායක සිහිවටනයට වෙත ගොස් ‘‘අපි සොරුන් වංචනිකයන් නොවෙමු – කිසිදා සොරකම් කරන්නේ නැත‘‘ යයි දිවුරුම් දිය හැකිද? මෙතනට මහාමාන්‍ය ඞී.එස්.සේනානායක ගාව ගන්නේ ඇයි ? 1951 අගමැති ලෙස එතුමා කළ විදේශ සංචාරය සඳහා අත වියදමට ආණ්ඩුවෙන් නිකුත් කළ පවුම් 150න් වැය නොවූ පවුම් 101ක් ලංකාවට පැමිණි වහා ආපසු භාණ්ඩාගාරයට භාර දුන් බව කියැවෙන ලිඛිත සාක්‍ෂිය බෝතලේ වලව්වේ සුරක්‍ෂිතව ඇති නිසාය.

    එක්සත් ජාතික පක්‍ෂය පැන නැගුණ බෝතලේට ගොස් ඒ දිවුරුම දීමට වජිරට සාගලට මතු නොව, සති තුනක් පාර්ලිමේන්තු මන්තී‍්‍රකමට පත්ව කෝටි ගණනක වාහනයක් හිමිකර ගත් රත්නපි‍්‍රයටවත් හැකිද? පසුගිය සතියක සූම් තාක්ෂණ සාකච්ඡාවකදී හිටපු මන්ති‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහගේ අදහස් පළ කිරිම නතර කිරිමට තරම් වර්තමාන එජාප මාධ්‍ය ප‍්‍රධානි සමන් රත්නපි‍්‍රය බලවත්ය.

    රුවන් විජයවර්ධනලා, රංගෙ බණ්ඩාරලා රට වටා යමින් කන කට්ට යුඇන්පී කාරයන් දනිති. රනිල් වික‍්‍රමසිංහ නොදකී. සිරස පවා 2024 ජනාධිපති රනිල් කියා පුම්බන්නේ ආදරයට නොවේ. එක ෂොට් එකකින් රනිල් අවුට් කළ හැකි බව දන්නා නිසාය. මුහුණ පොතේ හත් අට දෙනෙකු රනිල් වික‍්‍රමසිංහ දිවුරුම් දුන් ගාණට උස්සා ඇත.
    පසුගිය සතියේ දවසක නීතිඥයන් කිහිප දෙනෙක් මහනුවර අධිකරණ පරිශ‍්‍රයේදී එක්ව, ආ ගිය කතා සිහි කරමින් සිටියහ. එහිදී මා අනිද්දා පුවත්පතට ලියූ මානවම්ම පිළිබඳ ලිපියද සැලකිල්ලට ගැනිණ.

    ‘‘මේ මනුස්සයාට තේරෙන්නේ නැද්ද තමන්ගේ වගකීම…. එක් නීතිඥ මිතුරෙකු විමසීය.

    ‘‘මං කතාවක් කියන්නද? තවත් කෙනෙකු අවසර පැතීය. ඔහු කොහොමටත් නස්රුදීන් වාගේය. කතා පෙට්ටියකි.

    නවසිය පනස් ගණනවල, යාන්ති‍්‍රක දෝෂයක් නිසා කොළඹ වරායේ නැංගුරම් දැමූ නැවකට යාත‍්‍ර කළ නොහැකි විය. එන්ජිම පණ ගැන්වීමට දන්නා හැමදේම කළහ. තත්වය වෙනස් වුණේම නැත. බැරිම ගැන නැවේ කපිතාන් වරායෙන් පිටත දැන්වීමක් දමා පිටස්තර අයගේ සහාය ඉල්ලා සිටියේය.

    මේ අවස්තාව ප‍්‍රයෝජනයට ගෙන විශාල පිරිසක් නැව නැරඹීමට පැමිණියහ. යම් නිමේෂයක නැවේ එන්ජිම සකි‍්‍රය විය. කැප්ටන් එන්ජින් කාමරයට දිව ගොස් බැලූ විට, අතපය සීරී මජං තැවරී අසරණව වැටී සිටින තරුණයෙකු දක්නට ලැබිණ. ඔහු බදාගත් නැවේ කපිතාන් විශාල මුදලක් පිරි නමා සතුට ප‍්‍රකාශ කළේය.

    ’’ඌ මැකනිකල් ඉංජිනියර් කෙනෙකු වෙන්න ඇති‘ සගයෙක් අනුමාන කළේය.

    ‘‘කතාව ඉවර වෙන කල් ප‍්‍රශ්න අහන්න බෑ‘‘

    කතා කාරයා දිගටම කතාව කියාගෙන ගියේය. අර තරුණයා සිය ජයග‍්‍රහණය අනුස්මරණය කිරීමට සිය මිතුරු හමුවක් සංවිධානය කළේය. එහිදී මිතුරන් විමසා සිටියේ උඹ මේක කළේ කොහොමද කියාය.

    ‘‘මචං මම ඇවිදගෙන ගිහින් එන්ජින් කාමරය ළගට ගියා මම හිටියේ උඩක. පහතට එබිලා බැලූවා. දන්නෙම නැතිව ලිස්සලා පහළට වැටුණා. මම දන්නේ එච්චරයි. මගේ වෙලාවට එන්ජිම ස්ටාර්ට් වුණා. වීරයා කතාව අවසන් කළේ එහෙමය.

    ‘‘ඉතින්…. මම ඇසුවේ කතාවේ ඉතිරි ටික දැන ගැනීමේ ආසාවෙනි.

    ‘‘ඉතින් එච්චරයි‘ ඔහු එසේ කීවේ සියල්ල සිනා ගන්වමිනි.

    මේ කතාව ගැන නීතිඥ යහලූවන් පළ කළ ප‍්‍රතිචාර රාශියකි. සියථ කතා සාරාංශ කළ විට ඇසිය යුත්තේ රනිල් වික‍්‍රමසිංහ යනු අහඹුුවක්ද කියාය. එසේ සිතීමත් අපරාදයකි. රනිල් අහඹුවක් නොවේ. දස මාසයක් තුළ විපක්‍ෂය නොදුටු බොහෝ දේ ඔහු විනාඩි හයක් තුළ පාර්ලිමේන්තු ගිය මුල් දිනයේම ප‍්‍රකාශ කළේ ඔහු සතු දැක්ම නිසාය. එසේ නම් ප‍්‍රශ්නය කුමක්ද? රනිල් දේශපාලනඥයෙකි. එහෙත් නායකයෙකු නම් නොවේ. ප‍්‍රශ්නය ඇත්තේ එතැනය.

    2020 එජාපය සමග රනිල් බිංදුවට වැටිණ. සමගි ජන බලවේගය මන්තී‍්‍ර ආසන පනස් ගණනක් දිනා ගත්තේය. 1994 සිට මේ දක්වා රනිල් නිසාම, එජාපයෙන් වෙන්ව ගිය පාර්ලිමේන්තු මන්තී‍්‍රන් සංඛ්‍යාවද පනස් ගණනකි. හෙට අනිද්දා සිය පදවියෙන් නික්ම යන පේරාදෙණීය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක සජිත් පේ‍්‍රමදාසට කී කතාවක් මට මෙහිදී සිහිපත්වේ.

    ‘‘ මේ ඔබේ මුථ ශක්තියයි. එය වැඩි වන්නේ නැත. හෙට එජාපය සමග එකතු වන්න. එක් රැයකින් පනස් ලක්‍ෂයක් පෙළ ගැසෙනු ඇත.’’

    මේ සත්‍යය කාටත් වඩා හොඳින් දන්නේ බැසිල් රාජපක්‍ෂය. ඔහු පාර්ලිමේන්තු එන්නේ බඩු අඩු කර පඩි වැඩි කර සහන දෙන්න නොවේ. රනිල් 2024දී ජනාධිපති අපේක්ෂකයා කරවීම සඳහාය. තවත් කාලයක් රාජපක්‍ෂලාට රට භාර දීමට අවශ්‍ය නම් රනිල් වික‍්‍රමසිංහ ඊළග ජනාධිපති අපේක්ෂකයා කළ යුතුවේ. විශේෂයෙන් කිව යුත්තේ එජාප නායකයන් කිසිවෙකු දරුවන් වඩාගෙන නලවා ජනපි‍්‍රය වීමට තරම් දුර්වල වුණේ නැත. ඔවුන් සියල්ලෝම උපන් නායකයෝ වූහ. එජාප නායකත්වය යනු පුරාවෘතයකි.

    ජේ.ආර්.ජයවර්ධන තෙක් කිසිදු නායකයෙකු එජාපය තුළ කල්ලි හැදුවේ නැත. සිරිල් මැතිව්ලා පෝල් පෙරේරාලා ගැන කතා පැතිරිණ. අවශ්‍ය අවස්ථාවේ දෙදෙනාම හළා දමා ජේ.ආර්.ජයවර්ධන තමා එජාප නායකයා බව තහවුරු කළේය. වරක් යම් සිද්ධියක වගකීම භාරගෙන එජාප සභාපති පණ්ඩිතරත්න ඉල්ලා අස් නොවන්නට ගාමිණි දිසානායකටත් ෂොට් එක වදිනවාය. ජේ.ආර්. ඒ තහවුරුව දුන්නේ රටට නොවේ. එජාපයටය. පක්‍ෂ ඉතිහාසයටය. ආර්.පේ‍්‍රමදාස කල්ලි ගැසී ගාමිණිලා ලලිත්ලා පළවා හැර පක්‍ෂය බිඳ දමා තෙමේත් විනාස විය. පේ‍්‍රමදාස, ගාමිණිලා ලලිත්ලා පළවා හැර රනිල් ළං කර ගත්තේ රනිල්ට නායකයත්වයක් නැති බව දැනගෙනය. ජනාධිපති විජේතුංග තරග නොකළේ අවස්තානුකූල මිනිසා ගාමිණි දිසානායක බව තේරුම් ගෙනය.

    1994 සිට වසර විසි අටක් කල්ලි හදාගෙන රනිල් කරන්නේත් පේ‍්‍රමදාස කළ ටිකමය. ඔහු ඒ කාලය තුළ එජාප නියෝජ්‍ය නායකයන් දෙදෙනෙකු නැති කර ගත්තේය. 2020 ජනාධිපති මැතිවරණ පරාජයෙන් පසුව, පක්‍ෂ අර්බුදයේදී කරු ජයසුරිය විසඳුම ලෙස සමහරු දුටහ. ඒ අවස්තාවේ රනිල් කීවේ කරු ජයසුරිය වයස්ගත දුර්වල මහල්ලෙකු කියාය.

    2018 පාර්ලිමේන්තු අර්බුදයේදී කරු ජයසුරිය කතානායක ලෙස ඉටු කළ කාර්ය භාරය රටම දනිති. එහෙත් අකෘතඥ රනිල් වික‍්‍රමසිංහට ඒ අතීතය මතක නැත. සත්‍ය ලෙසම කරු රනිල්ටත් වඩා මහල්ලෙකි. එහෙත් ශක්තිමත් නායකයෙකි. විජමුලා, ජෝෂප් මයිකල්ලා, බාකිර් මාකර්ලා කතානායක පුටුවේ හිටියා නම් සිද්ධ වන දේ බලා ගන්ට තිබිණ. මේ කරු ජයසුරිය ආපසු කැඳවීමක් නොවේ. රනිල් මිනිසුන් විනාස කළ ආකාරයට එක් උදාහරණයකි. මේ රනිල් වික‍්‍රමසිංහ රත්නපි‍්‍රයලා වෙනුවෙන් විජයවර්ධනලාත් අත තබන්නට බැරි නැත.

    මහා සංඝයා වහන්සේ රට භාරදිය හැකි මිනිසෙකු සොයමින් සිටිති. බාර් වසා සම්භාහන ආයතන විවෘත කිරිමට ගෝඨාභය රාජපක්‍ෂ තීරණය කිරීම රටේ මිනිස්සු කෙසේ දකිත්ද? රාජපක්‍ෂලා රනිල් වික‍්‍රමසිංහ ඔසවා තබා තම සියථ පව් සෝදා ගැනීමට සැලසුම් කරමින් සිටිති. රනිල් රාජපක්‍ෂ ඞීලය යනු එයයි.

    වජිර අබේවර්ධන එජාපයේ සිටින රාජපක්‍ෂලාගේ නිත්‍ය නියෝජිතයාය. සේනාධිපතිගෙන් යැපෙන්නෙකි. දමයන්ති ජයරත්න බේරා හැරියේ වජිරය.

    උම්මග්ග ජාතකයේ සිරි කාලකන්නි ප‍්‍රශ්නය නැවත කියවා තමන් තේරුම් ගන්නා ලෙස රනිල් වික‍්‍රමසිංහට ආරාධනා කරමු. සිරි කාලකන්නි කතාව කවියෙන් කියවා ඇත්තෙමි. ඒ කවි කතාවේ අවසන් කවියේ අවසන් පදය ‘පින්ගුත්තරට තිබිලා නෑ පිරිමිකම‘ යනුවේ. මෙහි පිරිමකම යනු සිරිසේන කී සමනල කතාව නොවේ. නායකත්වයයි.පෞරුෂයයි.

    ගරන්කෙත කවි චින්තාමණි පී.ඇම්.පී.අබේසිංහ යනු කලක් රටේ ජීවත්වූ ප‍්‍රාඥයෙකි. ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙකි. නාඩි විශේෂඥයෙකි. භාෂා වේදියෙකි. ශාස්ත‍්‍රවන්්තයෙකි. විද්යෝදය විශ්වවිද්‍යාලයේ මුල් යුගයේ කථිකාචාර්ය වරයෙකි. එතුමා රෝග විනිශ්චය කළා මිස කිසි දිනෙක කිසිම රෝගියෙකුට බෙහෙත් නියම කර නැත. හේතුව තමන්ට අත් ගුණයක් නැති බව එතුමන් දැන සිටීමය. කෙනෙකුට එතුමා සහ රනිල් අතර වෙනස කුමක්දැයි විමසිය හැකිය. තමාගේ බැරිකම් තේරුම් ගැනීම සාර්ථකත්වයේ රහස බව කිසිවෙකු රනිල්ට කියා දී නැත. කවි චින්තාමණි පී.ඇම්.පී.අබේසිංහ, රොෂාන් පිලපිටියගේ කිරි අත්තාය.

    එක්සත් ජාතික පක්‍ෂ යුග මෙහෙවර රනිල් වික‍්‍රමසිංහ විසින් නන්නත්තාර මේ ගෙවෙන්නේ විසි අටවෙනි වසරය. ගවයෙකු ඇතුථ කළ විට, ගව මස් ඇසුරූ ටින් නිකුත්වන යන්ත‍්‍රයකට ගව මස් ඇසුරූ ටින් සියයක් ඇතුථ කළද, ගවයෙකු නිර්මානය කළ නොහැකිය. හේතුව අගමුල මාරුවීමය. එය වෙනස් විය යුතුමය. සේනානායකලා බිහි කල පක්‍ෂයේ අගමුල වහා මාරු කළ යුතුවේ.

    නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි

  • මහින්දගෙන් ගළවා බැසිල්ට දුන් 03ක් යළි මහින්දට දෙයි

    මහින්දගෙන් ගළවා බැසිල්ට දුන් 03ක් යළි මහින්දට දෙයි

    මුදල් අමාත්‍යවරයා ලෙස ඊයේ (08) දිනයේ දී දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ යටතට ගැසට් නිවේදනයක් මඟින් පවරා තිබූ ආයතන තුනක් ඔහුගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා වෙත පවරා දී තිබෙනවා.

    ජනපතිවරයා විසින් ඊයේ (08) නිකුත් කළ අංක 2235/59 දරණ ගැසට් පත්‍රය මගින් මේ පවරාදීම සිදුකර තිබෙන්නේ.

    මේ අනුව  බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල හා මධ්‍යම සංස්කෘතික අරමුදල යළි  ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට පැවරෙනවා.

  • කොවිඩ් වසංගතය හමුවේ ළමුන්ගේ අනාගතය වළපල්ලට යා යුතුද ?

    කොවිඩ් වසංගතය හමුවේ ළමුන්ගේ අනාගතය වළපල්ලට යා යුතුද ?

    කෝවිඩ් වසංගතය පැතිර යෑමත් සමඟ ලොවෙහි විවිධ ක්ෂේත්‍ර වලට එය ඇති කළ බලපෑම පිළිබඳ විශාල කතිකාවතක් ඇතිවී තිබේ . එය එසේ වුවද කෝවිඩ් වසංගතය ළමුන්ට බලපා ඇති අයුරු පිළිබඳ ව එවැනි සංවාදයක් ගොඩනැගී නැත.

    මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ළමුන් පිළිබඳව කතා කිරීමට තිබෙන ආයතන හා පුද්ගලයන් ඇත්තේ ඉතාම සුළුතරයක් වන නිසාය. එසේම ළමුන්ට ඡන්ද බලයද නොමැත. මැතිවරණ හා ඡන්ද ක්‍රමය ප්‍රධාන කොට ඇති රටක ඉතා පහසුවෙන් ළමුන්ව සියලු දෙනාට අමතක වීම ස්වභාවයකි.

    2020 මාර්තු මස සිට 2021 ජුනි මාසය දක්වා අවුරුදු 1 මාස 3 ක පමණ කාලයක් තුළ මෙරට පාසල් විවෘත ව තිබුණේ මාස දෙකකටත් වඩා අඩු කාලයකි. මෙම වසර ළමුන් අධ්‍යාපනය අතින් අඳුරේ සිටි වර්ෂයක් ලෙස හැඳින්වීම නිවැරදිය.

    කෝවිඩ් වසංගතය පැතිර යාම වැළැක්වීම සඳහා පාසල් වසා තැබීමට සිදුවීම ස්වභාවිකය. මෙයට විකල්ප ඉගෙනුම් මාර්ගයක් ලෙස ඔන්ලයින් අධ්‍යාපනය හඳුන්වා දී ඇත. නමුත් මෙම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ ඇති අඩු පාඩු අද විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය වී ඇති කරුණක් වී තිබේ.

    ඔන්ලයින් අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය දුරකථන හෝ ටැබ් යන්ත්‍ර ලබා ගැනීමට මුදල් නොමැති ව ළතැවෙන දරුවනුත්, සංඥා නොලැබෙන ස්ථානවල ජීවත් වන දරුවනුත්, ඒ සඳහා වැය කළ යුතු සංඛ්‍යාතයන් ලබා ගැනීමට මුදල් නොමැති දරුවනුත් මෙම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය නිසා විශාල වශයෙන් පසුපසට යාම ස්වභාවික ය . මේ නිසා නිදහස් අධ්‍යාපනයේ මූලික සංකල්පයක් වන ” සැමට සමාන අධ්‍යාපනයක් ” ලබාදීම යන්න ඉබේම උල්ලංඝනය වී යයි .

    එසේම ඔන්ලයින් පාඩම් සඳහා ළමයාගේ අවධානය රඳවා ගැනීම අපහසු වීම ද ගැටලුවකි. මෙම ඔන්ලයින් අධ්‍යාපනය ලබාදෙන කාලය තුළ දෙමව්පියන්ට ද දරුවා අසල සිටීමට සිදුවේ. ළමයාගේ දැනුමේ ඇති අඩුපාඩු පරික්ෂා කිරීමේ ක්‍රමයක්ද නොමැත. එනිසා ඔන්ලයින් අධ්‍යාපනය කිසිසේත්ම පාසල් අධ්‍යාපනය හා සැසඳිය හැකි නොවේ.

    මෙයට විකල්පයක් ලෙස රූපවාහිනි මාධ්‍ය තුළින් අධ්‍යාපන පාඩම් ලබාදීම සිදුකළ යුතු බවට යෝජනාවක් පැමිණ ඇත. එම යෝජනාව ඔන්ලයින් අධ්‍යාපනයට වඩා කාලෝචිත වන අතර පාඩම් දිනය පුරාම බෙදී යන පරිදි විවිධ රූපවාහිනී නාලිකා ඔස්සේ සංවිධානාත්මකව සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවනු ඇත. මෙය ඉතා කෙටි කාලයක් තුළ සිදුකළ හැකි කාරණයකි. අවශ්‍ය වන්නේ පාඩම් හඳුනා ගැනීමත් , ඒ ඒ පාඩම් සඳහා අවශ්‍ය ක්‍රම හඳුනා ගැනීමත් පමණි. ඉන්පසු සෑම ළමයකුටම දැකිය හැකි වන පරිදි කාල සටහනක් සකස් කොට විවිධ දරුවන්ට මෙම අධ්‍යාපනය ලබා දිය යුතුය.

    මේ සියල්ලන් විසින් අමතක කරනු ලබන කරුණක් වන්නේ පාසල යනු දැනුම ලබා දෙන ස්ථානයක් පමණක් නොව අධ්‍යාපනයද ලබා දෙන ආයතනයක් යන්න යි. මෙම අධ්‍යාපනය ශාස්ත්‍රීය දැනුමෙන් පමණක් නොනැවතී ශාරීරික අධ්‍යාපනය, සමාජීය අධ්‍යාපනය, සෞන්දර්ය අධ්‍යාපනය හා ආධ්‍යාත්මික අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් ලෙස පාසල හඳුන්වා හඳුන්වා දිය හැකිය. ඔන්ලයින් හෝ රූපවාහිනිය මගින් ලබාදිය හැක්කේ ශාස්ත්‍රීය අධ්‍යාපනය පමණි. අන් සියලු අංශ ළමයාගෙන් ගිලිහී යාම මෙවන් ක්‍රමවලදී සිදු වනු ඇත.

    කෝවිඩ් වසංගතය ආරම්භ වූ කාලයට වඩා අද පවතින තත්වය වෙනස්ය. මේ වන විට ලොවෙ හි විවිධ එන්නත් මේ සඳහා හඳුන්වා දී තිබේ. කෝවිඩ් මර්දනය හෝ කෝවිඩ් රෝගයේ බරපතළ සංකූලතාවයන් අවම කිරීම මෙම එන්නත් මගින් සිදු වෙයි. තවමත් වයස අවුරුදු 18න් පහළ දරුවන්ට කෝවිඩ් එන්නත ලබාදෙන්නේ රටවල් කීපයක පමණි.

    පාසල් නැවත විවෘත කරන්නේ නම් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් තිබේ. පාසල් විවෘත කිරීමේ ගැටලුව වන්නේ එසේ පාසල් විවෘත වූ පසු එයට පැමිණෙන දරුවන්ට කෝවිඩ් ආසාදනය වීමට ඇති අවදානම ය. එසේ වුව ද ලෝකයේ විවිධ රටවල ඇති අත්දැකීම් මගින් සොයාගෙන තිබෙන කරුණක් වන්නේ දරුවන්ට වැළඳෙන කෝවිඩ් රෝගය ඉතා සුළු සංකූලතා සහිත තත්ත්වයක් පමණක් බව ය. බරපතළ රෝගාතුර බවට පත්වන දරුවන් ඉතා අඩු ය.

    මෙසේ බරපතළ රෝගාතුර තත්ත්වයකට පත් දරුවන් කිහිප දෙනෙකු ගේ කරුණු පැවසීම නිසා සමාජය මහත් භීතියට පත්ව ඇත. එසේ නමුත් මෙම මරණ සංඛ්‍යාව ඉතාමත්ම සුළු ය. එදිනෙදා පාසලට යන ළමුන් අතරින් රිය අනතුරුවලින් මිය යන දරුවන්ගේ සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින්ම වැඩි ය. එනිසා මෙවන් ඉතාම සුළු මරණ සංඛ්‍යාවක් සිදු වීම පාසල් විවෘත නොකර තැබීමට හේතුවක් විය යුතු නැත.

    පාසල් විවෘත කරන්නේ නම් පාසලේ පන්ති කාමර වල ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කළ යුතු ය. රෝගය පැතිරී යාම වැළැක්වීම සඳහා මේස අතර පරතරය වැඩි කළ යුතුය. දරුවන් අතර රෝගය පැතිරී පැතිරී යාම වැළැක්වීමට කළ යුතු මුඛ ආවරණ පැළඳීම, අත් සේදීම, දුරස්ථභාවය ආරක්ෂා කිරීම වැනි දේවල් දරුවන්ට පුහුණු කළ යුතුය. මෙසේ කිරීමේ දී පාසල දෙකට කඩා වරු දෙකකට පැවැත්වීම ද සිදු කළ හැකි දෙයකි. විවිධ අර්බුදකාරී අවස්ථාවල ලංකාවේ පවා මෙසේ වරු දෙකකට පාසල් පැවැත්වීම සිදු කර ඇත. එම නිසා මෙය අමුතු ක්‍රියා මාර්ගයක් නොවේ. ඇතැම් විට පැය හයක ඉගෙනුම් කාලය පැය පහකට අඩු කිරීමට සිදුවිය හැකිය . අධ්‍යාපනය නොලැබීමට වඩා එය වැදගත් වේ.

    එසේම පාසල් විවෘත කරන්නේ නම් පාසල් ගුරුවරුන්ට රෝගය ආසාදනය විය හැකි නිසා ගුරුවරුන්ට එන්නත් ලබාදීම අතිශයින් වැදගත් වේ. ලංකාවේ අද වන විට සේවය කරන්නේ පාසල් ගුරුවරුන් දෙලක්ෂ විසිපන් දහසක් පමණි. අමතර සුළු සේවකයන් සමග සියලු පිරිස දෙලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ වන බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිර්ණය කොට තිබේ. ශ්‍රේණි වශයෙන් ගත් කල ලංකාවේ පාසල්වල 1 – 5 ශ්‍රේණිය දක්වා දාසයලක්ෂයක් ශිෂ්‍යයන්ද, 5 – 10 ශ්‍රේණිය දක්වා දහතුන් ලක්ෂයක් ශිෂ්‍යයන්ද , 10 – 11 ශ්‍රේණි වල හය ලක්ෂයක් ශිෂ්‍යයන්ද , 12 – 13 ශ්‍රේණි දක්වා හාරලක්ෂයක් ශිෂ්‍යයන්ද ඉගෙනුම ලබයි. මෙය සමස්ත ජනගහනයෙන් 30% ක පමණ ප්‍රමාණයකි.

    එසේම දරුවන් පාසල්වලට යන විට එම දරුවන්ගේ නිවෙස්වල අයට රෝගය බෝ වන්නට ඉඩ තිබේ. එම නිසා රෝගය ඉතා ඉක්මනින් හඳුනා ගැනීමේ ලක්ෂණ පිළිබඳව සමාජය පුහුණු කිරීම අතිශයින් වැදගත්ය. එමෙන් ම නිවෙස් වල වාසය කරන, දරුවන්ගේ සීයලා සහ ආච්චිලා, එනම් වයස 60ට වැඩි අය එන්නත් කිරීම වැදගත් වේ.

    එසේ වන්නේ රෝගයෙන් වැඩිපුරම සංකූලතාවයන් ඇති වීමට සහ මියයාමට ඉඩක් තිබෙන්නේ ඒ අය නිසාය.
    වසරකට ආසන්න කාලයක් දරුවන් පාසල් නොයාම නිසා ඇතිවී ඇති කායික සහ මානසික ගැටලු අතිමහත් ය. ළමයි නිවෙස් තුළ කිසිම ව්‍යායාමයක් නැතිව සිටීම නිසා ඇතැම් විට ස්ථුල භාවයට පත්ව හිඳිති. එසේම පාසල් යන දරුවකුට වඩා නිවසේ සිටින දරුවකු හට ක්‍රීඩා කිරීමේ අවස්ථා, අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් ඇති කර ගැනීමේ අවස්ථා අතිශයින්ම අඩු ය. මේ නිසා ළමයින්ගේ හැසිරීම් රටාවල විශේෂ වෙනස්කම් ඇතිවී තිබේ. ඔවුන්ගේ දඟකාර බව ද මුරණ්ඩු බව ද වැඩි වී ඇත.

    ඇතැමුන් මානසික රෝගවල ප්‍රකාශනයක් ලෙස එළි දකින කායික රෝගයන් සහිතව අපට හමුවේ. හිස කැක්කුම, බඩ රිදීම වැනි දෑ මේ අතරින් ප්‍රධාන ය. එපමණක් නොව කෝවිඩ් රෝගය නිසා අතිශය භීතියට පත්වූ දරුවන් හුස්ම ගැනීමට අපහසු වීම වැනි දේවල් සමඟ වෛද්‍යවරුන්ට හමුවෙයි. පාසැල් විවෘත කිරීම වැදගත් වන්නේ පාසලකට යන දරුවා සමාජය සමඟ ආශ්‍රය කරන නිසාය.

    ශාස්ත්‍රීය දැනුමට අමතරව ළමුන් සමඟ සෙල්ලම් කිරීම හැසිරීම තුළින් සාමූහික ක්‍රියාවන් කිරීමෙන් සමාජීය අධ්‍යාපනයත්, එසේම සෞන්දර්ය අධ්‍යාපනයත් දරුවකු පාසල තුළින් ලැබිය යුතුය. එසේ ම ආධ්‍යාත්මික ගුණ ධර්ම වර්ධනය කරගැනීමටද පාසැල ඉතා වැදගත් වේ. එම නිසා මෙහි සඳහන් අවශ්‍ය පියවර ගෙන පාසැල් විවෘත කිරීම අතිශයින්ම වැදගත්ය.

    වෛද්‍ය අජිත් අමරසිංහ

  • වසංගතය අස්සේ වර්ජන රැල්ලක් ‘සෞඛ්‍ය සේවාව‘ තුළ ඇති වූයේ ඇයි?

    වසංගතය අස්සේ වර්ජන රැල්ලක් ‘සෞඛ්‍ය සේවාව‘ තුළ ඇති වූයේ ඇයි?

    කොරෝනා පැමිණීමයි සෞඛ්‍යයට අළුත් ඇමති පැමිණීමයි සිදු වන්නේ එකම කාලයක. පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිණිය සෞඛ්‍යට පය ගහන්නේම වෛද්‍ය සංගමයේ පදයට නටනවා හැර වෙන දෙයක් නැති බව සිතේ දරාගෙනය. ඇය සෞඛ්‍යට පැමිණි අළුත කොරිඩෝවේ කෙනෙකු සමඟ සිනාසෙන්නට පෙරත් වට පිට බලන්නේ ඒ බව වෛද්‍ය සංගමයේ ඉත්තෙකු දැක ඉහලට වාර්තා කරනු ඇතැයි බියෙනි. ඒ නිසාම මුල සිටම ඇයට සමස්ථ සෞඛ්‍ය සේවාව පෙනුනේ නැත. පොදු සෞඛ්‍ය සේවාවේ වාසනාවකට ඇය කොවිඩ් රෝගියෙකු වී රෝහල් ගතවූ විට අනෙකුත් සෞඛ්‍ය සේවාවන් ගැන අවධියක් ලබා ගෙන තිබූ බව පෙනෙන්නට තිබිනි. නමුත් ඇය සෞඛ්‍ය සේවාවේ බොහෝ තීරණ වලට සෘජු දායකත්වයක් නොදක්වන, විශේෂයෙන්ම වසංගත පාලනය සෞඛ්‍ය දොරටුවෙන් එළියේ ඇති කාර්ය සාධනය බලකායට අදාල වන හා ඒ තුල තීරණය කරනු කරනු ලබන තත්ත්වයක් හමුවේ ඇයට සිදු කල හැකි කිසිවක් තිබුනේද නැත. ඇයගේ අරමුණ වූයේ දුසිමකින් 1/3ක් වූ සෞඛ්‍ය ඇමතිවරුවරුන්ගේ ලොක්කා තමන් බව ඇඟවීම සඳහා සීරුවෙන් යමක් කිරීම පමණි.

    ආණ්ඩුවේ හිතවත්කම මවා පාමින් වෘත්තීමය පලිගැනීම් සිදු කිරීම.

    වෛද්‍ය සංගමය යහපාලනයෙන් බැටකා එළියට විසිවී තිබුණු මොහොතක නැති වූ සියල්ලත්, පලි ගැනීම් සියල්ලත් බලාපොරොත්තු සියල්ල ලෙස හිසේ දරාගනිමින් අළු ගසා නැගිටින්නේ මෙම අවධියේදීමය. කාලාන්තරයක් තිස්සේ අනෙකුත් වෘත්තීමය සෞඛ්‍ය සේවාවන්ගෙන් පිරිමසා ගත නොහැකිව තිබූ වාඩුව පිරිමසා ගැනීම සඳහා සෞඛ්‍ය සේවයේ යාන්ත්‍රණය අතට ගැනීම සඳහා ඔවුන් ආණ්ඩුවේත්, ජනාධිපතිවරයාගේත් හිතවත්කම සෘජුවම භාවිතා කලේය. ඔවුන්ට අනූව 150,000 ක් පමණ වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ඡන්දය ලබා දී ඇත්තේ වෛද්‍ය සංගමයේ හිතවාදීන් කිහපදෙනෙකු පමණි. ඒ නිසාම අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් පලි ගැනීම සාධාරණය. කොන් කිරීම සාධාරණය. එය සෞඛ්‍ය ඇමතිගේ, ලේකම්ගේ හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ වගකීමකි.

    සෞඛ්‍ය ලේකම්ගේ සුපුරුදු වින්‍යාසය

    මේ අතරතුර වෛද්‍ය සංගමයේ පදයට නැටීමට හුරුවෙන්නට බැරිවූ සෞඛ්‍ය ලේකම්වරු රහසිගත අවලාද හමුවේ වරින් වර මාරු වෙන්නට පටන් ගත්තේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේම අද්දැකීම් සහිත නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ අධ්‍යක්ෂවරුන් කොන් වන්නට පටන් ගත්තේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ද වරින් වර මාරු වීම් සහ පත්කිරීම් සිදු වූයේද නොපෙනෙන බලවේග වල අනුහසින්ය. අවසානයේදී සෞඛ්‍යට කර ගැසූ වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා කාලයක් අල්ලා සිටියේය. ඊට ප්‍රධාන හේතුව ඔහු නොදැනුවත්වම හෝ දැනුවත්ව වෛද්‍ය සංගමයට අවශ්‍ය නිලයෙන් අල්ලා ගත් නිසා බව කිව හැකිය. ඔහුට අනූව සාකච්ඡා කිරීමට පවා Protocol එකක් ඇත. උපාධි ලබාගත් සෞඛ්‍ය වෘත්තිකයන් අතරින් MBBS එකක් ඇති වෛද්‍ය වෘත්තිකයෙකුට වඩා වෙනත් වෘත්තියක් ගැන ඔහුට ලොකු අවබෝධයක්ද නැත. හමුදා නිළධාරියෙකු වන ඔහු වෘත්තීය සමිති හඳුනන්නේද නැත. ඉහල, පහල සහ සමාන්තර නිළධාරීන් සමඟ එකට සාකච්ඡා කර තිරණ ගැනීමේ ක්‍රමවේදයක්ද නැත. නමුත් තමාට ඉහලින් එන අණකට අනූව ක්‍රියාකිරීම සඳහා ඔහුට විශාල වග විභාගයක් අවශ්‍ය වන්නේද නැත. ඒ නිසාම ඔහු නිතර නිතර වෘත්තීය සමිතියක් ලෙස වෛද්‍ය සංගමයේ සමඟ සාකච්ඡා කලද අනෙකුත් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීම හෝ ඔවුන්ට සවන් දීම ඔහුට පත්තියං නොවීය. අමාරුවෙන් සාකච්ඡා කලද තීරණයක් ලබා දිය යුතු බව ඔහුගේ පොතේ සඳහන් වන්නේද නැත.

    තීරණ / මාර්ගෝපදේශ කල්ලියකට සීමා වීම

    කෝවිඩ් වසංගතය සෞඛ්‍යට එනකොටම ඉහත පරිදි බරපතල වූ වෛද්‍ය පරිපාලන වසංගතයක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ක්‍රියාත්මක වූ බැවින් සියළු තීරණ සියළු මාර්ගෝපදේශ තුල බොහෝ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය නොසලකා හැර තිබුනේය. වෛද්‍ය සංගමයේ උවමනාවට ඔවුන් කොනිත්තන්නට උත්සහ කර තිබුනේය. අනෙකුත් සෞඛ්‍ය වෘත්තීන් වෛද්‍යවරුන්ගේ අතකොළු පමණක් බව හැඟවීමට බොහෝ මාර්ගෝපදේශ නිර්මාණය කර තිබුනේය. ආරම්භයේ සිටම අතෘප්තිකර, පීඩාකාරී, ලෙස “අපව ගනන් නොගන්නා බව” සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හැඟවෙන තීරණ ගැනීම මිස සියල්ලන්ගේ අභිමානය උත්ප්‍රේරණය කර සේවා තෘප්තිමත්භාවය වැඩි කිරීමට කිසිඳු වැඩ පිළිවෙලක් නොතිබුනේය.

    මෙය වනාහී ආණ්ඩුවේ උවමනාවකට හෝ සෞඛ්‍ය අමාත්‍යවරියගේ උවමනාවකට හෝ සෞඛ්‍ය ලේකම්වරයාගේ උවමනාවකට සිදු වූවාට වඩා ඔවුන්ගේ බලය අනියම් ලෙස භාවිතා කරමින් වෛද්‍ය නිළධාරී සංගමයේ උවමනාව මත සිදු වූවක් වුවද සෞඛ්‍ය සේවයේ සමස්ථ කාර්ය මණ්ඩලය දවසින් දවස උරණ වූයේ සෞඛ්‍ය පරිපාලනය සමඟය, සෞඛ්‍ය යාන්ත්‍රණය සමඟය, ආණ්ඩුවේ තීරණ ගන්නා උදවිය සමඟය.

    වෛද්‍ය පරිපාලනය වෛද්‍ය පිඟානටම බෙදා ගැනීම

    මේ අතරවාරයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාලව සිදු වූ මදි පුංචිකම් වලට අමතරව අඩු පාඩුකම්ද වැඩි වැඩියෙන් මතු වන්නට විය. නමුත් වසංගතයක් හමුවේ රට විපතට පත්ව ඇති මොහොතක කිසිසේත්ම පහසුකම් ඉල්ලා අරගල උත්ඝෝෂණ නොකල යුතු බව සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ තේරුම් ගැනීම විය. කාලාන්තරයක් තිස්සේ පසුපසට ගොස් තිබූ ඉල්ලීම් රැසක් ඉල්ලීමට පවා කෙනෙක් නොමැති තත්ත්වයක් හමුවේ වුවද මෙය අරගල කිරීමට සුදුසු පරිසරයක් නොවන බව බහුතර වෘත්තීය සමිති තේරුම් ගෙන තිබිණි. ඒ නිසාම මැසිවිලි මැද වැඩ කරමින් වසංගතය ඉවර වූ දවසක වාඩුව ගනිමි යැයි හිත හදා ගන්නට බහුතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිදු වූයේය. එසේම අඩුපාඩු කෙතෙක් තිබුනත් රජයට දෙන්නට මේ වෙලාවේ සල්ලි නැති බවද බොහෝ අයගේ පොදු පිළිගැනීම හා විශ්වාසය විය.

    නමුත් එකවරම රජය කොවිඩ් වෙනුවෙන් වැඩකලා යැයි කියමින් වෛද්‍ය නිළධාරීන් සඳහා පමණක් 78% කින් දීමනා වැඩිකලේය. ඊටත් පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය නිළධාරීන්ගේ පවුල් වලට පමණක් එන්නත් ලබා දීමේ චක්‍රලේඛයක් හොර රහසේම නිකුත් කලේය. සමස්ථ සෞඛ්‍ය සේවාවට එතෙක් සිදු කරමින් තිබූ කෙනෙහිලිකම් වල ඉවසීම සීමාව පුපුරා යන්නේ එතැනින්ය. “ආණ්ඩුවට අපිට මාස්ක් එකක් දෙන්න සල්ලි නැත්නං දොස්තරලට විතරක් මේච්චර දීමනා වැඩි කරන්න සල්ලි කොහෙන්ද? අපි කරන OT ටික ගෙවන්න සල්ලි නෑ කියල කපනව නං දොස්තරලට විතරක් තව OT දෙන්නේ කොහොමද? කොරෝනා වාට්ටුවේ ඉන්න අපේ අම්ම තාත්තට අවධානමක් නැතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකන්ම ඉන්න වෛද්‍යවරයෙක්ගේ ගෙදර ඉන්න සේවකයෙකුට අවධානම ඇති වන්නේ කොහොමද? කෝවිඩ් වෙනුවෙන් වැඩ කරන්නෙ වෛද්‍යවරුන් විතරද?” වැනි අතොරක් නැති ප්‍රශ්ණ වසංගතයේ වගකීමට උඩින් පිටාර ගලන්නට විය. තැනින් තැන සෞඛ්‍ය කාර්යය මණ්ඩල එතෙක් සඟවා ගෙන තිබූ ඉල්ලීම්, අවශ්‍යතා පොදි බැඳ ගනිමින් වීදී බසින්නට විය. ආණ්ඩුවට, සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව අරගල කරන්නට විය.

    ආණ්ඩුවට සෞඛ්‍යයේ සැබෑ ගැටළුව සන්නිවේදනය කිරීමට කෙනෙකු නොමැති වීම.

    නමුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මේ සැබෑ ගැටළුව රජය හෝ ජනාධිපතිවරයා වෙත සන්නිවේදනය කරවන්නටද සාධාරණ ක්‍රමයක් නොවීය. සෞඛ්‍ය ලේකම්වරයාට අනූව වෛද්‍යවරුන් නොවන හැම කෙනෙක්ම “බඩියෙක්ය” බොහෝ දේ කතා කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ ඉතා කලාතුරකින් වුවත් එය තේරුන් කරන්නට ඇත්තේ ඉතා අඩු හැකියාවකි. එය තේරුම් ගත්තද එය ජනාධිපතිවරයාට හෝ රජයට සන්නිවේදනය නොවන තරම්ය. මේ ඇසිල්ලෙන් නැවත ප්‍රයෝජන ගන්නේ පරණ පිරිසමය ඔවුන් දිනපතා ජනාධිපතිවරයා හමුවෙමින් මෙය ආණ්ඩු විරෝධී රැල්ලක් ලෙස පෙන්වමින් එය පොඩි පට්ටම් කරන්නට හදන්නේ ආණ්ඩුවේ යහපත සඳහා නොවීය. ආණ්ඩුවට අබමල් රේණුවක හෝ ආදරයක් ඇත්නම් එන්නත් කිරීමේදී තමන්ගේ දෙමව්පියන්ට පමණක් එන්නත් විද ගැනීමේ නීතියක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් අපයෝජනය කරන්නේ නැත. රජයට මෙතරම් ආර්ථික අහේනියක් ඇති මොහොතක අතිවිශාල දීමනා වැඩි කරගැනීමක් වෙනුවෙන් ආණ්ඩුව උගුලක හසුකරන්නේ නැත.

    GMOA එකට ඇති විරෝධතාවය ආණ්ඩුවේ පිට පටවා ගැනීම

    අවසානයේදී බහුතර සෞඛ්‍ය කාර්යය මණ්ඩල වලට එරෙහිව වෛද්‍ය සංගමය විසින් කාලාන්තරයක් තිස්සේ සිදු කරන ලද කෙනෙහිලිකම් වර්තමාන ආණ්ඩුවේ ආනුභාවයෙන් කරලිය රැගෙන ඒම හේතුවෙන් පීඩාවටත්, අපහසුතාවයටත්, නොසන්සුන්තාවයටත් පත්වූ බහුතර සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ විරෝධය රජයට ඇති විරෝධයක් ලෙස හරවා දමන්නට උත්සහ දැරුවද මේ පුපුරා ගොස් ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය වෛද්‍ය සංගමයේ පදයට නටන්නට යාම නිසා පැනනැඟි තත්ත්වයට එරෙහිව ඇතිවූ විරෝධය මිස 150,000 ක් වූ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ බහුතරයක් “පොහොට්ටුකාරයන්” නොවීම නිසා පැනනැඟි තත්වයක් නොවන බව ආණ්ඩුව වටහා ගත යුතුය.

    රවී කුමුදේශ්, සභාපති, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය

  • ලබන මාර්තු වන විට තේ කර්මාන්තය හාන්සි !

    ලබන මාර්තු වන විට තේ කර්මාන්තය හාන්සි !

    සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න

    මතභේදාත්මක රසායනික පොහොර ආනයනය තහනම් කිරීම නිසා මතුව තිබෙන දැඩි පොහොර හිඟයට නිශ්චිත විසඳුමක් නොමැති අවස්ථාවක පසුගිය වසරට සාපේක්ෂව 2021 වසර අවසන් වන විට තේ අස්වැන්න 30%කින් හා 2022 මාර්තු මස වන විට සමස්ත තේ නිෂ්පාදනය අඩකින් පමණ අඩු වනු ඇතැයි ශ්‍රී ලංකාවේ කුඩා තේ වතුහිමියන් ඇස්තමේන්තු කරයි.

    ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 70%කට වැඩි දායකත්වයක් ලබා දෙන කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රය වතුහිමියන් පන්ලක්ෂයකින් සමන්විත වන අතර හෙක්ටයාර 138,900ක්, දිස්ත‍්‍රික්ක 14ක්, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල 123ක් හා ග‍්‍රාම නිලධාරී වසම් 3692ක් පුරා පැතිර පවතී. එමෙන්ම එම ක්ෂේත‍්‍රය මෙරට ග‍්‍රාමීය ජනගහනයෙන් ආසන්න වශයෙන් 20%ක් වන ගම් පන්දහසකට වැඩි සංඛ්‍යාවක ග‍්‍රාමීය ආර්ථිකයන් සමඟ ගැඹුරින් සම්බන්ධ වී ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වන සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න මහතා ‘‘රජයේ දැක්ම සඳහා සහයෝගය ලබා දීමට අප ඉතා උනන්දුවෙන් සිටිනවා. නමුත් එය සාක්ෂාත් කරගැනීම උදෙසා සියලූ කුඩා තේ වතුහිමියන්ගේ සුබසාධනය හා ක්ෂේත‍්‍රයේ උන්නතිය සහතික කරනු ලබන ප‍්‍රායෝගික සැලසුමක් අපට අවශ්‍යයි. කුඩා තේ වතුහිමියන් බොහෝ දෙනෙක් මාස දෙකකට ආසන්න කාලයක් පොහොර අහිමි වීමෙන් පීඩා විඳිනවා. තවත් පිරිසක් මේ වන විටත් පොහොර ආනයනය කිරීමේ තහනම පැනවීමට පෙර සිටම පොහොර ලබා ගැනීමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන අතර ඒ හේතුවෙන් 2021 වසර පුරාවට තේ වගාවන් සඳහා හරියාකාරව පොහොර යොදා නෑ.’’ යනුවෙන් සඳහන් කළේය.

    ‘‘අපගේ ක්ෂේත‍්‍රයේ සිටින බොහෝ දෙනෙකුට තේ යනු ඔවුන්ගේ සැලකිය යුතු එකම ආදායම් මාර්ගයයි. කොවිඞ්-19 වසංගතයේ බලපෑමේ ප‍්‍රතිඵලයක් ලෙස ජීවන වියදම ඉතා සීඝ‍්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙම ප‍්‍රජාවන් මේ වන විට දැඩි පීඩනයට ලක් වී සිටිනවා. තම දරුවන්ගේ ආහාර, ඖෂධ හා අධ්‍යාපනය වෙනුවෙන් වියදම් දැරීම සඳහා මෙම ක්ෂේත‍්‍රය මත යැපෙන පවුල්වලට අයත් පුද්ගලයින් මිලියන 1.5ක් පමණ අපට සිටිනවා. දැනට පවතින පොහොර නොමැති වීමේ තත්වයත් සමඟ කුඩා තේ වතුහිමියන් දැඩි අර්බුදයකට ලක් වී සිටින අතර මෙයට විසඳුමක් ලබා ගැනීම සඳහා උද්ඝෝෂණ කිරීමට පවා පෙළඹී සිටිනවා. මේ සඳහා ඉක්මනින්ම විසඳුම් ලැබෙන බවට ඔවුන්ට සහතික කිරීමක් අවශ්‍යයි.’’

    තේ නිෂ්පාදනය අඩු වීමට වැඩි සම්භාවිතාවක් ඇති බැවින් කුඩා තේ වතුහිමියන්ගේ ආදායම අඩු වීම ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    ‘‘ප‍්‍රවාහනයේ සිට තේ මිලදී ගනු ලබන මුදලාලි දක්වා වූ දෙවන හා තුන්වන මට්ටමේ බොහෝ අංශ මේ ක්ෂේත‍්‍රය තුළ සිටිනවා. තේ කර්මාන්තය බිඳ වැටීම මෙම සියලූම අංශවලට බලපානු ඇත. මෙම තත්වය කළමනාකරණය කිරීමට නිසි ක‍්‍රමවේදයක් හෝ සැලසුමක් නොමැති නම් ග‍්‍රාමීය ආර්ථිකය නිසැකවම බිඳ වැටේවි.’’ යනුවෙන් ගුණරත්න මහතා පෙන්වා දුන්නේය.

    අකාබනික පොහොර ආනයනය හා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීම පිළිබඳව ප‍්‍රකාශ කිරීමෙන් පසුව පොහොර හිඟය හා දැනට තිබෙන පොහොර තොගවල මිල අධික ලෙස ඉහළ යාම් පිළිබඳව රට පුරා වාර්තා වී තිබේ. මෙරට සමස්ත කෘෂිකාර්මික හා වැවිලි ක්ෂේත‍්‍රවල ආර්ථිකය සම්පූර්ණයෙන් කාබනික වගාවෙන් යුතු ආරථිකයක් බවට වේගයෙන් පරිවර්තනය කිරීමේ තීරණයේ කොටසක් ලෙස මෙම තහනම ප‍්‍රකාශයට පත් කෙරිනි.

    එවැනි දැක්මක් සාක්ෂාත් කරගත හැකි ආකාරය පිළිබඳව කිසිඳු සිද්ධාන්තයක් නොමැති විට, ආහාර සුරක්ෂිතතාව යන කරුණ පිළිබඳව උණුසුම් කතාබහක් ඇති වී තිබෙන අතර අපනයන බෝග පරිමාව අඩු වීම මගින් දැනටමත් විශාල ආර්ථික අර්බුදයක් ඇති වීමේ ඉඩකඩක් පවතී.

    තේ පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත පදනම්ව තේ පැළය වර්ධනය වීමේ අවධිය අනුව විවිධාකාරයේ විශේෂිත පොහොර වර්ග යොදන ආකාරය ගුණරත්න මහතා පැහැදිලි කළේය. අස්වැන්න නෙළීමට පෙර මුල් පද්ධතිය ශක්තිමත් කිරීමට සහ වර්ධනය කිරීමටත්, තේ ගසේ කඳ ශක්තිමත් කිරීමටත් ඒවාට විශේෂිත වූ පොහොර වර්ග භාවිතා කරනු ලබයි. සාමාන්‍යයෙන් කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රය තුළ තේ පඳුරුවලින් මසකට 3-4 වතාවක් අස්වැන්න නෙළා ගන්නා අතර පසුව ඊළඟ අස්වැන්න වන තෙක් යථා තත්ත්වයට පත්වීමට තේ ගසට අතිරේක පෝෂක අවශ්‍ය වේ.

    ‘‘පොහොර නොමැති වීමෙන් තේ දළු කහ පැහැයට හැරෙන අතර ඒවායේ ගුණාත්මකභාවය නැති වී යනවා. එමෙන්ම දළු නෙලීමට අපහසු වන පරිදි ඒවා දැඩි බවින් ද යුක්ත වනවා. අප කාබනික පොහොර වෙත මාරු වන්නේ නම්, මෙම ක‍්‍රමෝපායන් පිළිබඳව කුඩා තේ වතුහිමියන් දැනුවත් කිරීම සඳහා විශාල වැඩ කොටසක් කළ යුතුව තිබෙනවා. තවදුරටත් තේ කර්මාන්තයේ ආදායම අඩු නොවන පරිදි කාබනික පොහොර යෙදීමේ ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කිරීමට වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමට ද අවශ්‍ය වෙනවා. තවද රසායනික පොහොර තහනමෙන් බලපෑමට ලක් වූ ගොවීන්ට වන්දි ලබා දීමට නම්, ඊට කුඩා තේ වතුහිමියන් ද ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය වනවා.

    ‘‘මීට පෙර ඔවුන් කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රයට පවා කාබනික වගාව හඳුන්වා දීමට උත්සාහයක් ගෙන ඇතත් ඔවුන්ට කිසි විටෙකත් එම අස්වැන්නම ලබා ගැනීමට නොහැකි වුනා. රජයේ විශේෂඥයින් පවසන දේ සත්‍යයක් නම්, කාබනික කෘෂිකර්මාන්තය තුළින් අපට දිගු කාලීන සෞඛ්‍යමත් ජිවිතයක් සහතික කිරීම ඇත්තෙන්ම වැදගත්ය. නමුත් නිසි අස්වැන්නක් නොමැතිව අද වන විට මෙම පවුල්වලට ආහාර ද නොමැති වී තිබෙනවා. එයින් අදහස් වන්නේ ඔවුන්ගේ සෞඛ්‍යය දැනටමත් තර්ජනයට ලක් වී ඇති බවයි.’’ යනුවෙන් ගුණරත්න මහතා පැවසුවේය.

  • ක්‍රිකට් වළපල්ලට ගියේ කොහොමද කියා ‘නාමල් ගණන් හිලව් ඇතිව කියා දෙයි‘

    ක්‍රිකට් වළපල්ලට ගියේ කොහොමද කියා ‘නාමල් ගණන් හිලව් ඇතිව කියා දෙයි‘

    2014 වසරේදී 20/20 ලෝක කුසලානය දිනාගැනීමෙන් අනතුරුව නිසියාකාර සැලැස්මක් අනුව ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවීමක් සිදුනොවීම නිසා එයට වර්තමාන තත්ත්වය උදාවී ඇති බවත් 2014 සිට 2019 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් 105 දෙනෙක් ක්‍රීඩා කර ඇති බවත් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා ඇමතිවරයා මේ බව පැවසුවේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ පා ඇති වත්මන් තත්ත්වය ගැන වැඩි දුරටත් කරුණු හෙළි කළ ක්‍රීඩා අමාත්‍යවරයා මෙසේද පැවසුවේය. “2014 ලෝක කුසලානය දිනාගැනීමේ සිට 2019 දක්වා මෙරට ක්‍රීඩා ඇමතිවරු හතර දෙනෙක් සහ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරුවන් පස් දෙනෙක් කටයුතු කරලා තියෙනවා. ඔවුන්ට සහායක කාර්ය මණ්ඩලය 20ත් 30ත් අතර හිටියා. සමහර සහයක පුහුණුකරුවෝ එක තරඟයකට පුහුණුකරලා වැඩේ අතරමග දාලා යනවා. ඒ විතරක් නොවෙයි එක අවස්ථාවක දේශීය පුහුණුකරුවන්ට දිය යුතුයි කියලා පුහුණුකරුවෝ බඳවා ගත්තා සංචාරයක් අතරමග ඒ පුහුණුකරුවා ගිවිසුම අහෝසි කළා. අවසාන ප්‍රතිඵලය තමයි ඒ පුහුණුකරුවා අද වන්දි නඩුවක් දාලා තියෙනවා ඩොලර් මිලියනයක වන්දියක් ඉල්ලලා. ඒ ඩොලර් මිලියනයේ වන්දිය Negotiate කරන්න ඩොලර් ලක්ෂ 1 1/2ක මුදල් ගෙවලා තියෙනවා. කණ්ඩායම් නායකයෝ 10ක් විතර අත්හදාබලලා තියෙනවා මේ වසර 4 1/2, 5 අතරතුර. ඊට අමතරව ක්‍රීඩකයින් 105 දෙනෙක් 20/20, එක්දින සහ ටෙස්ට් තරඟවලට අත්හදාබලලා තියෙනවා. සමහර ක්‍රීඩකයෝ එක තරඟයයි. ඔහුට ඊට පස්සේ අවස්ථාවක් නෑ . ඒ විතරක් නොවෙයි 2016/17 වසරේදී ක්‍රීඩකයෝ 40ක් අත්හදාබලලා තියෙනවා”.යැයි ද පැවසුවේය.

  • විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන ‘සරත් වීරසේකරගෙන්‘ කැකිල්ලේ පිළිතුරක්

    විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන ‘සරත් වීරසේකරගෙන්‘ කැකිල්ලේ පිළිතුරක්

    පොලීසිය විරෝධතා මැඩපවත්වන බවට විපක්ෂය කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම නිසා වරද භාර ගත යුත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මිස පොලිසිය විසින් නොවන බවයි.

    විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සෞඛ්‍ය අවශ්‍යතා මත බවත් එය දේශපාලන තීරණයක් නොවන බවත් ඔහු අද (08) පාර්ලිමේන්තුවට පැවසීය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වරින් වර නිරෝධායන නීති රීති නිකුත් කරමින් සිටින බවත්, මීට දින කිහිපයකට පෙර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ බවත්, නැවත දැනුම් දෙන තුරු විරෝධතා සහ රැස්වීම් වැනි මහජන රැස්වීම් තහනම් කරන බවත් ඔහු පැවසීය. 

    පොලිසිය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන එමගින් ජනතාවගේ අයිතිවාසිකම් යටපත් කරන බව පැවසූ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනී අමරසුරිය මහත්මිය කළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

  • Zoom පැකේජ් දෙනවා කියා ‘දැරියන්ගේ නිරුවත් ඡායාරූප‘ ගත් අලෙවි නිලධාරියා මාට්ටු

    Zoom පැකේජ් දෙනවා කියා ‘දැරියන්ගේ නිරුවත් ඡායාරූප‘ ගත් අලෙවි නිලධාරියා මාට්ටු

    පාසල් දැරියන් කිහිප දෙනෙකුගේ සයිබර් ලිංගික සූරාකෑම (cyber sexual exploitation) සම්බන්ධයෙන් රටේ ප්‍රමුඛ පෙළේ ජංගම දුරකථන සේවා සමාගමක අලෙවිකරණ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ පිටබැද්දර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු පොලීසියට පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

    28 හැවිරිදි තම්බුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු මීට වසර දෙකකට පෙර සිට ජංගම දුරකථන සේවා සමාගමේ සේවය කර ඇත.

    මාතර අංශයේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළේය.

    සැකකරු පාසල් දැරියන්ගේ දුරකථන අංක ලබාගෙන ඇති අතර ඔවුන්ට සූම් පැකේජ හා පහසුකම් ලබා දෙන බව පවසා තිබේ. පසුව, ගැහැණු ළමයින් අන්තර්ජාලය හරහා ලිංගික සූරාකෑමට ලක් කර ඇති අතර ගැහැණු ළමයින්ගේ නිරුවත් ඡායාරූප සැකකරු විසින් ලබාගෙන ඇත.

    රටේ වෙනත් ප්‍රදේශවල මෙවැනි ලිංගික අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරු සම්බන්ධ වී ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂණ පැවැත්වේ.

  • ‘Prone දැන්වීම් පළ කරන‘ වෙබ් අඩවි 05ක් හෙළිවෙයි

    ‘Prone දැන්වීම් පළ කරන‘ වෙබ් අඩවි 05ක් හෙළිවෙයි

    ලිංගික කර්තව්‍යයන් සදහා දැන්වීම් පළ කරන වෙබ් අඩවි පහක් පිළිබදව කරුණු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

    අන්තර්ජාලය ඔස්සේ අලෙවි වූ 15 දැරිය විකිණීම පිළිබදව දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක හිමිකරුවකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (08) බත්තරමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි ඔවුන් වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ.

    15 හැවිරිදි දැරිය ලිංගික කටයුතු වෙනුවෙන් අලෙවි කළ වෙබ් අඩවි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයෙන් සිදුකළ විමර්ශනයේදී මෙම සැකකරුගේ වෙබ් අඩවිය පිළිබදව අනාවරණය වී තිබෙනවා.

    මෙම සිද්ධියට අදාළ බාලවයස්කාර දැරිය ලිංගික කටයුතු සදහා විකිණීමට දැන්වීම් පළ කරන ලද  ‘ලංකා ඇඞ් ඩොට් කොම්’ නමැති වෙබ් අඩවියේ හිමිකරු වන පානදුර ප‍්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ දුමින්ද සම්පත් පෙරේරා සහ එම වෙබ් අඩවියේ මූල්‍ය කළමණාකරු වන බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි මාකේවෙලගෙදර ධනුක කෞෂල්‍යය යන අයවලූන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.

  • ලිට්‍රෝ ගෑස් ‘රජයේ විගණනයට’ යටත් කිරීමට කෝප් කමිටුවෙන් උපදෙස්

    ලිට්‍රෝ ගෑස් ‘රජයේ විගණනයට’ යටත් කිරීමට කෝප් කමිටුවෙන් උපදෙස්

    ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ( පෞද්ගලික ) සමාගම කෝප් කමිටුවට කැඳවීමට සහ රජයේ විගණනයට ලක් කිරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබා දුන්නේය.

    කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට මෙම උපදෙස් ලබා දුන්නේ මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ (කෝප් ) කමිටුව අද ( 07 ) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

    මෙම කමිටු රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, සරත් වීරසේකර, ගරු රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ඉන්දික අනුරුද්ධ,  අජිත් නිවාඩ් කබ්රාල් සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, එස්. එම්. මරික්කාර්, ජගත් පුෂ්පකුමාර, රවුෆ් හකීම් හර්ෂ ද සිල්වා ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ප්‍රේමනාත්, ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරු සහභාගි වූහ.

    විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 වන සංශෝධනයට අනුව ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ( පෞද්ගලික ) සමාගම  රජයේ විගණනයට ලක් කළ නොහැකි බව සඳහන් කරමින් ඔවුන් අධිකරණයට ගොස් තිබෙන බවත් මේ නිසා මෙම ආයතන සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමෙන් වැලකී සිටීම සුදුසු බවත් කෝප් කමිටුවේ සභාපති මෙහිදී අනාවරණය කළේය. මේ අනුව රාජ්‍ය විගණනයට ලක් නොවන නිසා මෙම ආයතන දෙක කෝප් කමිටුවට කැඳවීමට අවස්ථාව නොලැබෙන බවත් මේ නිසා මේ කාරණය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ නොහැකි බවත් එහිදී මහාචාර්ය චරිත හේරත් මහතා පැහැදිලි කළේය.

    නමුත් කෝප් කමිටුවට පැමිණි මන්ත්‍රීවරුන්ගේ අදහස වූයේ මෙම ආයතන දෙකේ කොටස් වලින් 99% ක අයිතිය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතු වන බැවින් මෙම ආයතන රජයේ විගණනයට ලක් විය යුතු බවයි. එම නිසා එම ආයතන කෝප් කමිටුවට කැඳවීමට අවස්ථාව සැලසිය යුතු බවත්ය. කෝප් කමිටුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් එකඟතාවය පළ කිරීම නිසා ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පෞද්ගලික ) සමාගම කමිටුව හමුවට කැඳවීම ඉක්මනින් සිදු කරන ලෙස එම කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබාදුන්නේය.

    99% කොටස් හිමි ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට මේ සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමට හැකි බවත් ඒ වෙනුවෙන් අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණ සහ කටයුතු ඉක්මනින් සිදු කොට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    විශේෂයෙන් මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් මෙම නීතිමය තත්ත්වයේදී ලිට්රෝ සමාගම වෙනුවෙන් කවර නීතිඥ සමාගමක් අධිකරණය වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න සහ ඒ වෙනුවෙන් කෙතරම් මුදලක් වැය වනවාද යන්න ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ගෙන් ප්‍රශ්න කළේය. නමුත් ලිට්රෝ සමාගමේ නිලධාරීන් මෙහි නොමැති බැවින් ඒ සඳහා තමන්ට පැහැදිලි උත්තරයක් ලබා දීමට නොහැකි බව සභාපති වරයා පිළිතුරු ලබාදුන්නේය.

    එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මතු කළේ මෙවැනි තත්වයක් යටතේ වුවද මෙම ලිට්රෝ සමාගම කෝප් කමිටුවට කැඳවීමට අවශ්‍ය බව පැහැදිලි වන හෙයින් මෙම කාරණය විධිමත්ව ඉක්මනින් සිදු කළ යුතු බවයි.  එම ආයතන කැඳවන්නේ නැතිව එම ආයතන වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට පිළිතුර ලබා දීමට නොහැකි ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

    එසේම මෙහිදී ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ නිලධාරීන් ලිට්රෝ සමාගමේ කොටස් සම්බන්ධයෙන් තමන් වගකීමක් දැරුව ද එහි පරිපාලනය සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවත් එම කොටස් සම්බන්ධයෙන් තමන්ට පාඩුවක් වන්නේ නම් එම කොටස් විකිණීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

  • මහ බැංකු වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය කල්යයි

    මහ බැංකු වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය කල්යයි

    ශ්‍රී ලංකා මහබැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට (09) නොපැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් අද (08) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තිරණය කළේය.

    එම විවාදය අගෝස්තු මාසයේ පළමු පාර්ලිමේන්තු සතියේ දිනක පැවැත්වීමටද එහි දී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    කෙසේ නමුත්, හෙට දිනයේ කළින් තීරණය කර තිබූ පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න නැඟීම සඳහා පාර්ලිමේන්තුව රැස් වෙනු ඇත.

  • රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක්

    රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක්

    රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදුව ඇති අතර ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරු අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේය.

    අමාත්‍යාංශ සංශෝධනයත් සමග මොහාන් ද සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබිණ.

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී.  ජයසුන්දර මහතා ද එක්ව සිටියේය.

  • ගෙදර යන්න සූදානම් – දයාසිරිගෙන් ආණ්ඩුවට රතු එළියක්

    ගෙදර යන්න සූදානම් – දයාසිරිගෙන් ආණ්ඩුවට රතු එළියක්

    අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.

    පසුගිය 6 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දයාසිරි ජයසේකර මහතා විසින් මේ ප්‍රකාශ කළ බවයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් අප සමග කියා සිටියේ.

    ‘‘ආණ්ඩුවේ අමාත්‍යධුරයක් දරමින් ආණ්ඩුව විවේචනය කිරීම සුදුසු නැහැ කියලා මේ රැස්වීමට සහභාගී වුණ රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දයාසිරිට කිව්වා. ඒකට දයාසිරි පුරුදු විදිහටම උත්තර දුන්නා. අවශ්‍ය නම් රාජ්‍ය ඇමැතිකමින් ඉල්ලා අස්වෙලා පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කරන්න සූදානම් කියලා තමයි කිව්වේ‘

    මෙහිදී වැඩි දුරටත් කරුණු හෙළි කළ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා ‘‘ඇත්තටම ඒක බරපතළ ප්‍රකාශයක්. ඒත් බොහෝ දෙනෙක් කිව්වේ ඒවාගේ තීරණයක් ගන්න අවශ්‍ය නැහැ කියලා. කොහොම හරි මේ ගැන එදාම හවස තිබුණ දේශපාලන මණ්ඩල රැස්වීමේදීත් සාකච්ඡා වුණා. ඒකට හිටපු ජනාධිපතිතුමත් සහභාගී වුණා‘‘

  • බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

    බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

    බැසිල් රෝහණ රාජපක්ෂ  මහතා 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.

    කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. 

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුව නම් ගමෙහි 1951 වසරේදී උපත ලද බැසිල් රෝහණ රාජපක්ෂ මහතා මෙයට පෙර දෙවරක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. 2007 සැප්තැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත් වූ ඔහු ඉන්පසු ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

    අනතුරුව 2010 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරඟ වඳිමින් මනාප ජන්ද 4,25,861 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය. හත්වන පාර්ලිමේන්තුවේද ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස හෙතෙම තවදුරටත් කටයුතු කළේය.

    පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර රාජපක්ෂ මහතා වසර 2005 සිට 2010 දක්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළේය.

    බැසිල් රාජපක්ෂ මහතා  කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේ ද්විතියික අධ්‍යාපනය ලැබීය.