Tag: featured

  • X-PRESS PEARL නිලධාරීන්ට සිතාසි නිකුත්කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

    X-PRESS PEARL නිලධාරීන්ට සිතාසි නිකුත්කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

    X-PRESS PEARL නෞකාවේ ගින්න ඇතැවී තිබුණේ නයිට්‍රික් අමිලයෙන් බවට තොරතුරු අනාවරණ වුවත් එම ගින්න ප්‍රථමයෙන් ඇමෝනියා අමිලයෙන් හටගෙන ඇති බවට දැනට කරන ලද විමර්ෂණවලදී හෙළි වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව අද (07) අධිකරණය දැනුම් දුන්නේය.

    පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ X-PRESS PEARL නෞකාවේ වගකිය යුත්තන් හිතාමතාම යම් කරුණු වසන්කිරීමක් සිදුකර අප රටේ මුහුදු සීමාවට පැමිණ ඇති බව මෙතෙක් කරන ලද විමර්ෂණවලදී තහවුරු වී ඇති බවය.

    නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් ලබාගත් සියලුම ප්‍රකාශ එකිනෙකට පරස්පර බවත් ඒ හේතුවෙන් වැඩි දුරටත් විමර්ෂණ සිදුකෙරෙමින් පවතින බවත් අපරාධප පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

    X-PRESS PEARL නෞකාවේ ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අද (07) යළි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

    නොෟකාවේ මෙරට නියෝජිත ආයතනය නෞකාවේ කපිතාන්වරයා වෙත යවා තිබූ ඊමේල් කීපයක් මකාදමා ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඒ හේතුවෙන් එම ඊමේල් ලිපිනයට අයත් ‘ආරක්‍ෂිත ඊමේල් ගෙනුව’ තම දෙපාර්මේන්තුවට ලබාදෙන ලෙසට නැවේ දේශීය නියෝජිතයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේතුව අධිකරණයෙන් ඉලීමක් කළේය.

    නෞකාවේ කපිතාන්වරයා සහ මෙරට නියෝජිතයා ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ දස දෙනකුට සිතාසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

    මෙම සිද්ධියට අදාළව සමුද්‍රිය දූෂණ වැලැක්වීමේ පනත ප්‍රකාරව ඉහත නිලධාරීන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත්කිරීමේ බලයක් මෙම අධිකරණයට නොමැත බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීති මණ්ඩලය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

    විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීති මණ්ඩලය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නමුත් X-PRESS PEARL නෞකාවේ වී.ඩී.ආර්. යන්ත්‍රයේ දත්ත පිළිබඳව තව දුරටත් පරීක්‍ෂණ සිදුකරගෙන යෑමට ද මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවට අවසර ලබාදුන්නාය.

    මුහුදේ ගිලෙමින් ඇති X-PRESS PEARL නෞකාවේ ආරක්‍ෂාව තර කරන ලෙස නාවික හමුදාවට නියෝගයක් නිකුත් කිරීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය පියවර ගත්තාය.

    පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර්ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සමඟ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය අධිකරණයේ පෙනී සිටියහ.

  • බැංකු වසාදමන මහ බැංකු නියෝගයෙන් ඉවතට

    බැංකු වසාදමන මහ බැංකු නියෝගයෙන් ඉවතට

    පෞද්ගලික බැංකු රැසක් අද (07) දින සිට දින හතක් සියලුම ශාඛා වසා තබන බව නිවේදනය කළ ද සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් බැංකු සේවා දිගටම පවත්වා ගෙන යන ලෙස මහ බැංකුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට  උපදෙස් ලබාදී ඇත.

    අද (07) දින නිවේදනයක් නිකුත් කරමින් කොමර්ෂල්, සම්පත්, සෙලාන්, ඩී.එෆ්.සී.සී. නේෂන්ස් ට්‍රස්ට්, අමානා සහ යූනියන් යන පෞද්ගලික බැංකු ලබන 13 වැනිදා දක්වා වසා තබන බව නිවේදනය කර තිබුණි.‘කොවිඩ්’ වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා සංචරණ සීමා ක්‍රියාත්මක වීම නිසා සාමාන්‍ය බැංකු සේවා සඳහා බැංකු සේවා සිදු නොකරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

    බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ අවසරය ලබාගත් ඒ අනුව ‘කොවිඩ්-19’ වසංගතය පැතිර යෑම පාලනය කිරීමේ සෞඛ්‍යාරක්ෂිත පියවර සහ සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට උපදෙස් ලබා දී ඇත.

    මෙම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන ආකාරයට බලපත්‍රලාභී බැංකුවක සේවක සංඛ්‍යාව 15 නොඉක්ම විය යුතුය. වැඩ වාර සටහනකට අනුව සේවකයන් ගෙන්විය යුතු වන අතර ඒ ඒ බැංකු ශාඛාවේ බැංකු පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව නිශ්චිත දිනවලදී බැංකු විවෘත කළ යුතු වේ.

    බැංකු කළමනාකරුවන් ළඟම පොලිස් ස්ථානයෙන් පූර්ව අනුමැතිය ලබා ගත යුතු අතර බැංකුවේ සේවකයන්ට ගමනා ගමනය කිරීම සඳහා අවසර ලිපියක් ද ලබා දිය යුතු වේ.

    මූල්‍ය, භාණ්ඩාගාර මෙහෙයුම්, නිෂ්කාශන, විශ්‍රාම වැටුප් සහ වැටුප් ගෙවීම්, සහ පාරිභෝගිකයන්ගේ හදිසි අවශ්‍යතා/ඉල්ලීම් යනාදී අත්‍යවශ්‍ය බැංකුව සේවා සඳහා පමණක් බැංකු විවෘත කළ යුතු වේ.

  • ඕනෑම අභියෝගයක් භාර ගන්න සූදානම් – අගමැති මහින්ද

    ඕනෑම අභියෝගයක් භාර ගන්න සූදානම් – අගමැති මහින්ද

    වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානම් යැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

    සංචරණ සීමා පැනවීමේ දී මහජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව දන්නා නමුත් සෑම ජීවිතයකම වටිනාකම තේරුම් ගනිමින් රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මත ඉදිවෙන කිලෝමීටර් 16.4ක අධිවේගී මාර්ගයේ හා ගැටඹේ, කොහුවල, කොම්පඤ්ඤවීදියේ විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත, බාලදක්ෂ මාවතා හා චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත යන ස්ථානවල ඉදිවන නව ගුවන් පාලම් 6ක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

    අරලියගහ මන්දිරයේ සිට  අදාළ ව්‍යාපෘතිවල ආරම්භය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුවිය.

    එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    මිත්‍රවරුනි,

    අද අපි මේ මුලපුරන්නෙ කොළඹ සහ මහනුවර අධික රථවාහන තදබදයට විසඳුම් ලැබෙන ව්‍යාපෘති කිහිපයකට බව ඔබ දන්නවා.

    මේ ස්ථානවල තිබෙන රථවාහන තදබදය ගැන බොහෝ අය ඉතිහාසයේ මොනතරම් සංවාද කළා ද ? කියලා ඔබ දන්නවා. වාහන පෝලිම දිනෙන් දින දිගු වුණා මිසක් කවුරුවත් ප්‍රායෝගික විසඳුමක් මේවාට දුන්නෙ නැහැ.

    මිත්‍රවරුනි,

    කාලය කියන දේ අපි හැමෝටම වටිනවා. මහජනතාවට වගේම අවසානයේ එය රටටත්, රටේ අනාගතයටත් එක සේ වටිනව බව ඔබ දන්නවා. වාහන තදබදයෙන් මහජනතාව මහ මගට ගෙවා දමන කාලය අඩු කරලා, ඒ කාලය යම් ප්‍රයෝජනවත් කාර්යකට ඉතිරි කරලා දෙන්න පුළුවන්නම් ඒක අප ලබන ජයග්‍රහණයක් වශයෙන් මා දකිනවා. 

    අද මේ ආරම්භ කරන ව්‍යාපෘති අතරට සම්පූර්ණයෙන්ම කුලුනු මතින් ඉඳිවන මේ රටේ 8වැනි අධිවේගී මාර්ග ව්‍යාපෘතියත් ඇතුළත්.  එම අධිවේගී මාර්ගය නව කැලණි පාලමේ ඉඳන් අතුරුගිරිය දක්වා ඉදිවෙනවා.

    මන්තීරු හතරකින් ඉදිවෙන මේ අධිවේගී මාර්ගය අපේ රටේ පළමු හා දෙවැනි අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධ කිරීම විශේෂත්වයක්. ඒ වගේම දෙමටගොඩ, රාජගිරිය, කොස්වත්ත සහ හෝකන්දර අන්තර් හුවමාරු ඉදිවනවිට, කොළඹ රථවාහන තදබදයෙන් සැලකිය යුතු ප්‍රමාණයකින් එමගින් අවම කර ගන්නට අපට හැකියාව ලැබෙනවා.

    මෙම අධිවේගී මාර්ගයේ වසර 15ක මෙහෙයුම් හා නඩත්තු ඇතුළත් ඉදිකිරීම් වෙනුවෙන් සීමා සහිත චයිනා හාබර් ඉංජිනේරු සමාගම රුපියල් බිලියන 135කට ආසන්න මුදලක් වැය කරනවා. ඔවුන්ටත් මගේ ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමන්න කැමතියි.

    මිත්‍රවරුනි,

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අපි රට හදන්න ජනතාවට ප්‍රතිඥාවක් දුන්නා. කොවිඩ් වසංගතය හමුවේ වුවත් රටේ සංවර්ධන ව්‍යාපෘති නතර නොකරන්න යැයි ජනාධිපතිවරයා අපි හැමෝටම උපදෙස් දුන්නා.

    ජනතාවට මතක නම්, මේ එක වසංගතයක් වත් නැතිව තමයි අද ඉන්න විපක්ෂෙ එදා කිසිම වැඩක් නොකර හිටියෙ. අද ඒ අයම අපෙන් අහනවා, අපි මොනවද කරන්නෙ කියලා.

    මිත්‍රවරුනි,

    වගකිවයුතු රජයක් විධියට අපි ජනතාවට එන්නත් ගෙනල්ලා දෙනවා කියලා සහතිකයක් දුන්නා. එන්නත් කරලා අපේ ජනතාව ආරක්ෂා කරන වැඩපිළිවෙල අපි අදටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. යම් යම් අඩුපාඩු නිවැරදි කරගනිමින් අපි ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ ඊට සහය වන ජනතාව මේ වසංගත තත්ත්වය පාලනය කරන්න විශාල කැප කිරීමක් කරනවා කියලා ඔබ දන්නවා.

    සමහරුන්ට ඒක බලාගෙන ඉන්න බැහැ. අතන මෙහෙමයි මෙතන මෙහෙමයි කියලා ඒක කඩාකප්පල් කරන්න හදනවා. වැරදි ප්‍රචාරයන් කරනවා. එන්නත ගත්තම මැරෙනවා කියල එහෙමත් කිව්වා ජනතාව බය කරන්න හැදුවා. ඒ වගේ බොරු ප්‍රචාර කරලා ජනතාවගෙ ජීවිත බිල්ලට දාලා දේශපාලන වාසි හොයන්න එපා කියලා තමයි අපි විපක්ෂයට කියන්නේ. මේ වසංගතය අපි හැමෝම ඉදිරියේ තියෙන අභියෝගයක්. අපි එකට එක්වෙලා මේ අභියෝගය ජයගත යුතුයි.

    හොඳ දේ හොඳ විධියට දකින විපක්ෂයේ ම ඇතැම් මන්ත්‍රීවරු තමන්ගෙ සමාජ මාධ්‍යවල රජයේ එන්නත්කරණ වැඩපිළිවෙල අගය කරනවා මම දැක්කා. රටේ ජනතාවත් මේ වෙලාවේ බලාපොරොත්තුවෙන්නෙ රට හමුවේ තියෙන මේ අභියෝගයට එකට එකතුවෙලා මුහුණදෙන්න.

     සංචරණ සීමා පැනෙව්වාම මහජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව අපි දන්නවා. නමුත් ඔබ සියලු දෙනාගේ හැම ජීවිතයක්ම අපට වටිනවා. ඒ නිසා රජය ඒ ගෙන යන ඒ වැඩපිළිවෙලට ඔබේ සහය ලබාදෙන්න කියන ඉල්ලීම අපි ජනතාවට කරනවා. ඔබ ආරක්ෂාවන ගමන් ඔබේ ආදරණීයන් ආරක්ෂා කරගන්න. එවිට මුළු රටම ආරක්ෂා වෙනවා.

    වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානමින් සිටිනවා. ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබාදීමට අප කටයුතු කරන්නෙත් අදට වඩා එහි ඇති අනාගත ප්‍රතිඵලය දිහා බලලයි.

    මිත්‍රවරුනි,

    දුෂ්කරතා හමුවේ වුවත් මහා මාර්ග අමාත්‍යංශය විශාල වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මක කරනවා. අපේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ඊට නායකත්වය දෙනවා.  ඒ කටයුත්ත හොඳින් ඉටුකරනවා. නිමල් ලාන්සා රාජ්‍ය ඇමතිතුමත්, අමාත්‍යංශයේ ලේකම්තුමාත්, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමාත්, මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම දෙනාත්  ඊට හොඳ ශක්තියක් ලබාදෙන බව අපි දන්නවා. පසුගිය දා  මධ්‍යම අධිවේගී මාර්ගයේත්  රුවන්පුර අධිවේගී මාර්ගයේත් වැඩකටයුතු ආරම්භකරන්න අපට හැකියාව ලැබුණෙ ඒ නිසයි.

    ඒ විතරක් නෙමෙයි අද වැඩ ආරම්භ කළ කොම්පඤ්ඤවීදියේ ගුවන් පාලම් ත්‍රිත්වයත්, කොහුවල සහ විනිසුරු අක්බර් මාවතේ ගුවන් පාලම් දෙක සහ මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ඉතා කඩිනමින් අවසන් කරන්න බලාපොරොත්තු වෙන බව ජොන්ස්ටන් ඇමතිතුමා අපි  සමඟ කිව්වා.

    මේ සඳහා මූල්‍ය ආධාර දෙන හංගේරියානු රජයටත්, ඊට ක්‍රියාකාරීව සම්බන්ධවී ඉතා කෙටි කලෙකින් මෙම ව්‍යාපෘති අවසන් කිරීමට සැළසුම් කළ  දේශීය ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත් සමාගම්වලටත් මාගේ සුබ පැතුම් මේ අවස්ථාවේ පුද කරනවා.

    ඒ වගේම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා සහ එම අමාත්‍යංශය මේ සඳහා කැප වෙලා කරන වැඩපිළිවෙල අපි අගය කරන බව මා මේ අවස්ථාවේ නැවත වරක් මතක් කරමි යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

  • කොවිඩ් 19 එන්නත් ගැන ගැටලු 13කට වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරු

    කොවිඩ් 19 එන්නත් ගැන ගැටලු 13කට වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරු

    කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන මේ වන විට දීපව්‍යාප්තව සිදුවෙනවා. නමුත් මේ ගැන ජනතාවට ඇති ගැටලුවල නිමක් නැහැ. ඊට හේතුව සුපුරුදු පරිදි ව්‍යාජ පුවත් බහුලව සමාජමාධ්‍ය තුළ සංසරණය වීමයි. ඒ නිසා එන්නත්කරණ වැඩසටහනට බරපතළ අගතියක් වගේම ජනතාවට ද බරපතළ ගැටලු ඇතිව වෙනවා.

    මෙම ලිපිය මගින් අපි එන්නත්කරණය සම්බන්ධයෙන් ඔබට ඇති බොහෝ ගැටලුවලට නිසි විද්‍යාත්මක පිළිතුරු ලබාදීමක් කරනවා.

    දැනට එන්නත ලබා දෙන්නේ කාටද?

    • සෞඛ්‍ය සේවකයන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්
    • වයස 60ට වැඩි පුද්ගලයන්
    • වයස 30ට වැඩි පුද්ගලයන්
    • ගැබිණි මවුවරුන්ට ද එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ජූනි 2 පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළාය.

    ඔබට ලබා ගත හැකි එන්නත කුමක්ද සහ එය තෝරා ගත හැකිද?

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ ලබාදෙන එන්නත්:

    • ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා
    • රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී
    • චීනයේ නිෂ්පාදිත සයිනොෆාර්ම්

    මේ අතරින් තමන් කැමති එන්නතක් තෝරා ගැනීමේ හැකියාවක් නොමැත.

    කෙසේනමුත්, පළමු මාත්‍රාව ලබා ගත් එන්නතෙන් දෙවෙනි මාත්‍රාව ද ලබා ගැනීමට ක්‍රියා කරන ලෙස විශේෂඥයෝ පවසති.

    අතුරු ආබාධ සහ රුධිරය කැටි ගැසීමේ අවදානමක් තිබේද?

    දැනට වාර්තා වී ඇත්තේ සුළු අතුරු ආබාධ පමණක් වන අතර, දින කීපයකට පසු ඒවා සම්පූර්ණයෙන්ම නැති වී යයි.

    ශරීරය එන්නතට ප්‍රතික්‍රියා කිරීම හේතුවෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ:

    • උගුරේ රිදීමක්
    • වෙහෙසකාරී බව
    • උණ
    • හිසරදය
    • අසනීප ගතිය

    අතිශය දුර්ලභ රුධිර කැටි ගැසීමේ තත්ත්වයක් සුළු පිරිසක් අතරින් වාර්තා වීමත් සමග එක්සත් රාජධානිය ඇතුළු ලොව සමහර රටවල වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනුවට වෙනත් එන්නතක් ලබා දීමට ක්‍රියා කරයි.

    මෙම තත්ත්වයට හේතුව එන්නත දැයි පැහැදිලි නැති නමුත් ලේ කැටි ගැසීම් වැඩි ගණනක් වාර්තා වූයේ තරුණ පිරිස අතරින්ය.

    නමුත් අනෙක් සියල්ලන්ටම ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු අනෙකුත් එන්නත්වලින් ප්‍රතිලාභ ලැබෙමින් පවතී.

    Question and answers about coronavirus vaccines

    ඔබ එන්නත ලබා ගත යුතුමද?

    එය අනිවාර්ය නොවේ. නමුත් තමන් මෙන්ම තම පවුල, මිතුරන් සහ පුළුල් සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම එන්නත් මාත්‍රා දෙක ලබා ගන්නා ලෙස සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටියි.

    එන්නත් ලබා ගැනීමෙන්;

    • වෛරසය ව්‍යාප්තිය අවම කළ හැකිය
    • වෛරසයේ නව ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීමේ හැකියාව ඇත

    එන්නත නොමැතිව ඔබට විදෙස්ගත වීමට හෝ ඇතැම් රැකියා කිරීමට ද නොහැකි වනු ඇත.

    අසාත්මිකතා ඇති පුද්ගලයින් කුමක් කළ යුතුද?

    ඔබට අසාත්මිකතා ඇත්නම් එන්නත ලබා ගැනීමට පෙර ඔබේ වෛද්‍යවරයා සමග ඒ ගැන සාකච්ඡා කළ යුතුය.

    ගැබිණි මවුවරුන්ට එන්නත ලබා ගත හැකිද?

    ගර්භණී කාන්තාවන්ට එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළ බව මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ජූනි 2 පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළාය.

    ගර්භණී කාන්තාවන්ට එන්නත් ලබාදීමේදී සංකූලතා සහ ගැටලු ඇති මවුවරුන්ට ප්‍රථම වටයේදී එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරනු ඇත.

    එන්නත ලබාගැනීමේ අපේක්ෂාවෙන් ගර්භණී කාන්තාවන් රෝහල් කරා නොඑන ලෙසත්, එන්නත ලබාගැනීමට අදාළ දිනය, ස්ථානය සහ වේලාව පණිවිඩයක් මාර්ගයෙන් මවුවරුන් වෙත ලබාදීමට කටයුතු කරන බවත් මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කළේය.

    Question and answers about coronavirus vaccines

    එන්නතෙන් වඳභාවය ඇති විය හැකිද?

    කොවිඩ් 19 එන්නත නිසා පුරුෂයන් හෝ කාන්තාවන්ගේ සරුබව සම්බන්ධයෙන් ගැටලු ඇති වූ බවට කිසිදු සාක්ෂියක් නොමැත.

    මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය වී තිබිණි.

    ඇත්තෙන්ම සිදුවන්නේ කොරෝනාවෛරසය වැළඳීමෙන් පුද්ගලයන්ගේ සරුබවට බලපෑම් ඇති වීමය.

    එන්නත ඔසප් වීමට බලපාන්නේද?

    සමහර කාන්තාවන් පවසන්නේ ඔවුන්ට අසාමාන්‍ය ලෙස අධික රුධිර වහනයක් අත්විඳීමට සිදු වූ බවය. නමුත් එන්නත එයට හේතුවදැයි තවමත් පැහැදිලි නැත.

    කෙසේනමුත්, එය බිය වීමට හේතුවක් නොවේ යැයි විශේෂඥයෝ පවසති.

    කොවිඩ් රෝග ලක්ෂණ දීර්ඝකාලීනව තිබේ නම් කුමක් කළ යුතුද?

    මෑතකදී කළ අධ්‍යයනයකින් කියැවෙන්නේ එන්නත ලබා දීමෙන් දීර්ඝකාලීන කෝවිඩ් රෝග ලක්ෂණ අවම කළ හැකි බවය. මෙම අධ්‍යයනය තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

    මෙම එන්නත් මඟින් ශරීරය යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව ඇති බව පර්යේෂකයෝ පවසති.

    Question and answers about coronavirus vaccines

    එන්නත ලබා ගැනීමෙන් පසු මත්පැන් පානය කළ හැකිද?

    ඔබට මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටීමට අවශ්‍ය නැති නමුත් එන්නතේ අතුරු ආබාධ තිබේ නම් දින කීපයක් ප්‍රමාණය ඉක්මවා මත්පැන් නොගැනීම වඩාත් සුදුසුය.

    ඉඳිකටු ශරීරයට විදින විට බියක් දැනෙන්නේ ද?

    ඔබ ඉඳිකටුවලට අකැමති බව එන්නත විදින සෞඛ්‍ය සේවකයාට පවසන්න. ඉන්පසු එන්නත විදින තෙක් ඉවත බලා සිටින්න.

    බොහෝ දෙනා පවසන්නේ එන්නත වේදනා රහිත බවත් එය විදීමට කාලයක් ගත නොවන බවත්ය.

    තරුණ පිරිසට එන්නත ලැබේද?

    එක්සත් රාජධානිය තුළ අවුරුදු 16ට වැඩි තරුණ පිරිසට ෆයිසර් එන්නත අනුමත කර ඇති අතර, ඇස්ට්‍රාසෙනෙකා සහ මොඩර්නා එන්නත්, අවුරුදු 18ට වැඩි අය සඳහා අනුමත කර තිබේ.

    වයසින් වැඩි තරුණ අයට කොවිඩ් 19 ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇත.

    ශ්‍රී ලංකාව තුළ ද වයස අවුරුදු 20ට වැඩි සියලු පුද්ගලයන්ට එන්නත් ලබා දීමට ඉදිරියේ දී ක්‍රියා කරන බව දක්වමින් රජය විටින් විට නිවේදන නිකුත් කර තිබේ.

    දරුවන්ටත් එන්නත ලැබේද?

    දරුවන් වෛරසයෙන් රෝගාතුර වීම අවම මට්ටමක පවතී. නමුත් වැඩිහිටියන් හා අවදානමට ලක්විය හැකි අයව ආරක්ෂා කිරීම සඳහා දරුවන්ට එන්නත ලබා දිය යුතු බවට තර්ක ඉදිරිපත් වී තිබේ.

    කෙසේ නමුත්, ලොව පුරා බොහෝ වැඩිහිටියන්ට තවමත් එන්නත නොලැබී ඇති නිසා මෙම තර්කය සදාචාර විරෝධී බව සමහරු පවසති.

    බොහෝ එන්නත් නිෂ්පාදකයන් මේ වන විට ද ඒවා දරුවන් මත පරීක්ෂා කරමින් සිටිති.

    මේ අතර, වයස අවුරුදු 12-15 අතර ළමුන් සඳහා ෆයිසර්-බයෝන්ටෙක් එන්නත භාවිත කිරීම එක්සත් රාජධානිය අනුමත කර ඇති බව ජුනි 4 වෙනිදා වාර්තා විය.

    බී.බී.සී සන්දේශය වාර්තාවකි.

  • රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්

    රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්

    පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම හෙට (ජූනි 08 වැනිදා) පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

    ඒ අනුව හෙට (08) වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    හෙට පෙරවරු 10.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ 2020 අංක 6 දරන විසර්ජන පනතේ  8 වැනි වගන්තිය යටතේ යෝජනා හා ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතය.

    එදින මධ්‍යහ්න 12.00 සිට පස්වරු 4.30 දක්වා  විපක්ෂය විසින් ගෙන එනු ලබන රටේ පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවද දසනායක මහතා කීවේය.

    එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් නොකෙරෙන අතර දිවා ආහාරය සඳහා සභාව කල් තැබිමක්ද සිදු නොවන බවද මහ ලේකම්වරයා පැවසීය.

  • Covid-19 Local hot: මරණ 46ක් සමග නව ආසාදිතයින් 2976ක්

    Covid-19 Local hot: මරණ 46ක් සමග නව ආසාදිතයින් 2976ක්

    ඊයේ (06) දින කොවිඩ්-19 ආසාදිතයින් 2976 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් එදින (06) පස්වරු 22.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම ආසාදිතයින් ද සමග ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 198,654ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    මේ අතර ජූනි 06 වැනි දිනට අදාළව කොවිඩ් ආසාදිත මරණවල වාර්තාව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම වාර්තාව අනුව මැයි 17 වැනි දින සිට ජූනි 05 වැනි දින දක්වා කාලය තුළ කොවිඩ්-19 ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් වන අතර කාන්තාවන් 23ක් සහ පිරිමින් 23ක් එසේ මියගොස් තිබෙනවා.

    මෙසේ මිය ගිය 46 දෙනා අතරින් 13 දෙනකු නිවසේදී මියගොස් ඇති අතර 02ක් රෝහල් ගතකරන අවස්ථාව වන විට මියගොස් තිබෙනවා. මරණකරුවන් අතරින් 15 දෙනකු වසය අවුරුදු 70-79 කාණ්ඩයේ පසුවෙනවා.

  • වසවිස නැති – ගුණත්වයෙන් ඉහළම ‘එළවළු සහ පලතුරු‘ ගොවිපොළේ සිට කෑම මේසයට ගෙන එන්නේ කෙසේද ?

    වසවිස නැති – ගුණත්වයෙන් ඉහළම ‘එළවළු සහ පලතුරු‘ ගොවිපොළේ සිට කෑම මේසයට ගෙන එන්නේ කෙසේද ?

    අද (07) දිනට යෙදෙන ලෝක ආහාර ආරක්ෂිතතා දිනය වෙනුවෙනි

    ආහාර සැපයුම් දාමය (food supply chain) ගෝලීයකරණය වීමත් සමඟ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු මඟින් නව අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබේ. නැවුම් හා සැකසූ ආහාර වෙළඳාම වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව (food safety) පිළිබඳ ගැටළු වැඩිවෙමින් පවතී. පලතුරු සහ එළවළු සඳහා අපනයන විභවය ගැන අවධානය යොමු කරන විට, ජාත්‍යන්තර වෙළඳපළ අවශ්‍යතා සපුරාලීම සඳහා ඒම ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවරු කිරීම අවශ්‍ය වේ.

    එළවළු සහ පලතුරු වගාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික කටයුත්තකි. දේශීය හා අපනයන වෙළඳපොළ සඳහා ශ්‍රී ලංකාවේ පලතුරු හා එළවළු වගා කිරීමේ හැකියාව ඉහළ ය. මෙම අංශයේ සංවර්ධනය සහ දේශීය හා අපනයන වෙළඳපොළට සපයන පලතුරු හා එළවළු වල ගුණාත්මකභාවය සහ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව වැඩි දියුණු කිරීම වැදගත් ය.

    එළවළු හා පලතුරු නිෂ්පාදනයේ දී ගොවිපොළෙහිදී  ද, අස්වනු නෙළීමෙන් පසු සුදුසු පරිදි වර්ග නොකිරීම, භාවිතයේ පවතින දුර්වලතාවයන්, නුසුදුසු ලෙස ගබඩා කිරීම හා ප්‍රවාහනය මෙන්ම යෝග්‍ය නොවන ලෙස පළිබෝධනාශක හා පොහොර භාවිතය සාම්ප්‍රදායික එළවළු සහ පලතුරු සැපයුම් දාමයන් හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව ඇති කිරීමට ඇති ප්‍රධාන බාධාවන් ලෙස සැලකේ. 

    අස්වැන්න නෙලීමෙන් පසු සිදුවන  පසුඅස්වනු හානි (postharvest losses) හා අස්වැන්න නෙළන ලද පලතුරු හා එළවළු වල රසායනික අපද්‍රව්‍ය තිබීම හේතුවෙන් ගුණාත්මකභාවයට සිදුවන බලපෑම පිළිබඳ පුළුල් මහජන අවධානයක් යොමුව ඇති ප්‍රශ්නයක් වී තිබේ. මෑත භාගයේ දී ගොවීන්, එකතු කරන්නන් සහ වෙළෙඳුන් විසින් සැපයුම්දාමයන්හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බවට හානිවන පිළිවෙත් සිදු කිරීම බහුලව දක්නට ලැබේ.

    අලෙවිකරණ ක්‍රියාවලියේදී අස්වැන්න ලබා ගත් අවස්ථාවේ සිට පරිභෝජනය දක්වා ඕනෑම අවස්ථාවක පසු අස්වනු හානි සිදුවිය හැකිය. ගොවීන් සහ ප්‍රවාහනය කරන්නන් විසින් සිදු කරන අක්‍රමිකතා හේතුවෙන් අස්වනු නෙළන ලද නිෂ්පාදනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් පාරිභෝගිකයා වෙත ළඟා නොවේ. එළවළු හා පලතුරු ඇසිරීමේදී සුදුසු ඇසුරුම් භාවිතා නොකිරීම, එම ඇසුරුම් තුළ ප්‍රමාණය ඉක්මවා අස්වනු ඇසිරීම, ප්‍රවාහනය සඳහා නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම වැනි අක්‍රමිකතා හේතුවෙන් පසු අස්වනු හානිය හා ගුණාත්මකභාවය අඩු වීමට හේතු වී ඇත. කෙසේ නමුත් සුපිරි වෙළඳසැල් මඟින් සිදුවන එළවළු පලතුරු සැපයුම් දාමයන් හි පසු අස්වනු හානිය සියයට 2 සිට 6 දක්වා ද අපනයනය සඳහා වන සැපයුම් දාමයන්හි එය සියයට 5 සිට 10 දක්වා අතර අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ අස්වනු නිසි පරිදි තේරීම, යෝග්‍ය ඇසුරුම් භාවිතය සහ ප්‍රවාහනය සඳහා නිසි පිළිවෙත් අනුගමනය කිරීම නිසයි. ‍

    පසු අස්වනු හානියට අමතරව එළවළු සහ පළතුරු වගා කිරීමේදී නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා රසායනික පොහොර හා පළිබෝධනාශක භාවිතය හේතුවෙන් ඒවායෙහි අවශේෂයන් අස්වනුවල අඩංගුව පැවතීමෙන් එය සෞඛ්‍යයට තර්ජනයක් වී ඇත. ශ්‍රී ලාංකික ගොවි ප්‍රජාව තුළ රසායනික ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් දැනුවත්භාවය හා අවශ්‍ය තාක්ෂණික දැනුම අඩු මට්ටමක පැවතීමත් ඒවා නියාමනයට අවශ්‍ය නීතිරීති නිසිපරිදි සම්පාදනය නොවී තිබීමත් හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය වඩාත් තීව්‍ර වී ඇත. පළිබෝධනාශක භාවිතය නිරීක්ෂණය සඳහා දීර්ඝකාලීනව සැලසුම් කරන ලද නිරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක නොවන අතර එළවළු හා පලතුරු වල ඒවායේ අවශේෂයන් අඩංගු වීම පිළිබඳව කරනු ලබන අධ්‍යයනයන් ද සීමිත සංඛ්‍යාවක් පවතී.

    ආහාර සැපයුම් දාමය (food supply chain) ගෝලීයකරණය වීමත් සමඟ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු මඟින් නව අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබේ. නැවුම් හා සැකසූ ආහාර වෙළඳාම වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව (food safety) පිළිබඳ ගැටළු වැඩිවෙමින් පවතී. පලතුරු සහ එළවළු සඳහා අපනයන විභවය ගැන අවධානය යොමු කරන විට, ජාත්‍යන්තර වෙළඳපළ අවශ්‍යතා සපුරාලීම සඳහා ඒම ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවරු කිරීම අවශ්‍ය වේ.

    කෘෂිකාර්මික නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සඳහා විසඳුමක් ලෙස යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (Good Agricultural Practices -GAP) වැඩසටහන 2015 දී හඳුන්වා දෙන ලදී. මෙම වැඩසටහන යටතේ පොහොර, පළිබෝධනාශක හා වල් නාශක, අස්වනු නෙලීම, සැකසීම, ප්‍රවාහනය, ශ්‍රේණිගත කිරීම, ඇසුරුම් කිරීම, අගය එකතු කිරීම, ලේබල් කිරීම, බෙදා හැරීම සහ ගබඩා කිරීමේ ක්‍රියාවලිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලැබේ.

    ශ්‍රී ලංකාවේ, ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහතික කිරීමේ කාර්යය, ඒ ඒ ආයතනවල විශේෂඥභාවය මත පදනම්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පරමාණුක බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා රේගු – නිරෝධායන දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි රජයේ ආයතන සහ දෙපාර්තමේන්තු ගණනාවකට බෙදී තිබේ. මෙසේ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහතික කිරීමේ වගකීම් විවිධ ආයතන අතර බෙදී යාම මඟින් එහි සම්බන්ධීකරණය ඵලදායී හා පරිපූර්ණ නොවනු ඇත. දේශීය ආහාර නිෂ්පාදනය තුළ ගොවිපොළේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා (Farm-to-table) වන සැපයුම්දාමයෙහි පාලනය සඳහා නිසි යාන්ත්‍රණයක් නොමැති අතර ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව මැනීම සඳහා ප්‍රමාණවත් ජාතික ප්‍රතිපත්තීන් නොමැති අතර ඒවා ක්‍රියාත්මක කිරීමට ආයතනික මට්ටමින් ක්‍රියාත්මක වන විධිමත් යාන්ත්‍රණයක් දක්නට නොලැබීම හේතුවෙන් විශේෂයෙන් කෘෂි නිෂ්පාදනවල ස්‍යෙඛ්‍යාරක්ෂිතභාවයට ගැටලු ඇති කරයි.

    1980 අංක 26 දරණ ශ්‍රී ලංකා ආහාර පනත (Sri Lanka Food Act No. 26 of 1980) ශ්‍රී ලංකාවේ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බවට අදාළ ප්‍රධාන ජාතික මට්ටමේ ව්‍යවස්ථාදායක ලේඛනයයි. ආහාර පනත මූලික වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ( Director Health Services – DHS) හරහා පළාත් පාලන ආයතන සහ කලාපයේ අදාළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ( Medical Officer of Health –MOH) හරහා ක්‍රියාත්මක කෙරේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් යනු ආහාර උපදේශන කමිටුවේ (Food Advisory Committee – FAC) සභාපතිවරයා වන අතර පනතේ විවිධ අංශ ක්‍රියාත්මක කරන විවිධ ආයතනවල නියෝජිතයින් 25 දෙනෙකුගෙන් සමන්විත වේ.

    වගුව: ශ්‍රී ලංකාවේ පලතුරු හා එළවළු සැපයුම් දාමයන්හි ගුණාත්මකභාවය සහ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව පිළිබඳ ගැටළු සහ  හේතු සාධක

    මූලික ප්‍රශ්නහේතු සාධක
    එළවළු හා පලතුරුවල දුර්වල අස්වැන්න සහ අස්වැන්න නෙළීමට පෙර භාවිතයන් බලපායිදුර්වල ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය භාවිතය සහ පෙර අස්වනු රෝග
    නුසුදුසු අස්වනු නෙලීමේ ක්‍රමඅස්වනු පරිණත වීමේ නිවැරදි අවධියට පෙර අස්වනු නෙලීම, නුසුදුසු වේලාවන්හිදී අස්වනු නෙලීම හා අස්වනු නෙලීම සඳහා නුසුදුසු ක්‍රම භාවිතා කිරීම
    වර්ග කිරීමේ හා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේද භාවිතා නොවීමවර්ග කිරීම හා ශ්‍රේණිගත කිරීමකින් තොරව ගොවීන් තම නිෂ්පාදන විකුණනු ලැබේ.
    ප්‍රවාහනයේදී නුසුදුසු ලෙස හැසිරවීම සහ ඇසුරුම්කරණ දුර්වලතාපසු අස්වනු හානි වැඩි වශයෙන් සිදුවන්නේ ප්‍රවාහනයේදී නිසි පිළිවෙත් අනුගමනය නොකිරීමේ බලපෑම් නිසා ය. ප්‍රවාහනය සඳහා ශීතකරණය කළ වාහන නොමැතිවීම, හිරු එළිය සහ වැසි සඳහා නිරාවරණය වීම ගැටලු ඇතිකරයි
    වෙළඳපොළවල ගබඩා පහසුකම් නොමැතිකමපාර අයිනේ ඇති අනාරක්ෂිත සිල්ලර වෙළඳසැල් තුළ සහ අනෙකුත් වෙළෙඳපොළවල අතිරික්ත සැපයුම් ගබඩා කිරීමට සුදුසු ඉඩ පහසුකම් නොමැතිවීම
    වෙළඳපොලේ ඇති ඉල්ලුම පිළිබඳ දැනුමක් ගොවීන්ට නොමැතිකම
    පලතුරු ඉදවීමේදී නුසුදුසු පිළිවෙත් අනුගමනය කිරීමපලතුරු ඉදවීම සඳහා කැල්සියම් කාබයිඩ් (industrial calcium carbide) වැනි රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් භාවිතා කිරීම
    එළවළු වල පළිබෝධ නාශක  අපද්‍රව්‍ය අන්තර්ගත වීමගොවීන් නිර්දේශයන්ට වඩා පළිබෝධනාශක අධික ලෙස භාවිතා කිරීම

    එළවළු සහ පලතුරු සැපයුම් දාමයන්හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ගතයුතු පියවර කිහිපයකි.

    1. එළවළු හා පලතුරු සැපයුම් දාමයන්හි ගොවිපොළ බිම් නිෂ්පාදනයේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා සියලු පාර්ශ්වකරුවන්: නිෂ්පාදකයින්, සකස් කරන්නන්, ගබඩා කරන්නන්, බෙදාහරින්නන් සහ වෙළෙන්ඳන් යන ප්‍රවේශයන් තුළ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බවසහතික කිරීම.
    2. එළවළු සහ පලතුරුවල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා ඒවා ඇසිරීම සහ ප්‍රවාහනය සඳහා යෝග්‍ය වන ඇසුරුම් සහනදායී මිලකට අදාල පාර්ශ්වකරුවන් වෙත ලබාදීම සහ ඒවා භාවිතයේ දී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා අදාල පුහුණු වීම් සහ මඟ පෙන්වීම ලබා දීම.
    3. පවත්නා තොග හා සිල්ලර වෙළඳපොළවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම.
    4. පවත්නා එකතු කිරීමේ හා විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල ගබඩා පහසුකම් ඇති කිරීම.
    5. පලතුරු සහ එළවළු ප්‍රවාහනය සඳහා පළාත් මට්ටමින් ශීතකරණ පහසුකම් සහිත ප්‍රවාහන පද්ධතියක් සකස් කළ හැකි අතර රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සිට අස්වනු ප්‍රවාහනය සඳහා ශීත කළ වෑන් රථ ආරම්භ කළ හැකිය.
    6. ගොවීන් සහ ව්‍යාප්ති නිලධාරීන් අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම තුළින් පළිබෝධනාශක භාවිතයේ දී යෝග්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සහ පුහුණු වීම් ලබාදීම.
    7. සුදුසු පළිබෝධනාශක හා මාත්‍රාව තෝරා ගැනීම පිළිබඳව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් (කුපනිස) සඳහා පුහුණුව ලබා දීම සහ ගොවීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා ඔවුන් පුහුණු කිරීම.
    8. එළවළු හා පලතුරු සඳහා උපරිම අවශේෂ සීමා (Maximum Residue Levels/MRL) පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කර ඇති අතර මෙම ප්‍රමාණ ඉක්මවා නිෂ්පාදනවල අන්තර්ගත නොවීමට අවශ්‍ය පියවර ගැනීමට අදාළ නීතිරීති හඳුන්වා දීම සහ එවැනි  අවශේෂ විශ්ලේෂණය කිරීම සඳහා  අවශ්‍ය විද්‍යාගාර පහසුකම් වැඩි දියුණු කිරීම.
    9. පළිබෝධනාශක පනත දැඩි ලෙස බලාත්මක කිරීම සහ පළිබෝධ නාශක අපද්‍රව්‍ය විශ්ලේෂණය කිරීම සඳහා පවත්නා විද්‍යාගාර පහසුකම් වැඩිදියුණු කිරීම
    10. GAP වැඩසටහන් සඳහා දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීම. GAP නිෂ්පාදන සඳහා දේශීය වෙළඳපොළ සංවර්ධනය කිරීම.
    11. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP), යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) සහ සූක්ෂම පාලන ස්ථාන වන උපද්‍රව විශ්ලේෂණය (HACCP) යන මූලධර්ම ක්‍රියා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම.
    12. කාබනික නිෂ්පාදන, GAP නිෂ්පාදන සහ පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ පුළුල් කිරීම හා ඒවා සඳහා විධිමත් සහතික කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම.
    13. ආනයනික පලතුරු වල ගුණාත්මකභාවය පිළිබඳ වඩා හොඳ නියාමනයක් ක්‍රියාත්මක කිරීම වැදගත් ය.
    14. ශ්‍රී ලංකාව තුළ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව ඇති කිරීම සඳහා තනි නියාමන අධිකාරියක් (Food Safety and Standards Authority) පිහිටුවීම සහ ආහාර ස්‍යෙඛ්‍යාරක්ෂිතතාපනත සහ අදාළ නීතිරීති ශක්තිමත් කිරීම.

    රුවිනි විදානපතිරණ – ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, අලෙවිකරණ, ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු  කිරීමේ ආයතනය

  • කළු දිලීර: දියවැඩියාව පිටුපස තිබේද?

    කළු දිලීර: දියවැඩියාව පිටුපස තිබේද?

    ඉන්දියාවේ “කළු දිලීර Black fungus නමින් හැඳින්වෙන රෝගී තත්වයන් 12,000 ක් පමණ වාර්තා වී ඇති අතර එසේ වාර්තා වන රෝගීන්ගෙන් බහුතරය කොවිඩ්-19 ආසාදනයෙන් සුවය ලබන රෝගීන් බව ඉන්දීය සෞඛ්‍ය අංශ කියයි.

    මෙම දරුණු ආසාදනය සාමාන්‍යයෙන් ඉතා දුර්ලභ වන අතර මරණ අනුපාතය 50% ක් පමණ වේ. මේ සම්බන්ධයෙන් පර්යේෂණවල නිරත සමහර වෛද්‍ය විශේෂඥයින් යෝජනා කර ඇත්තේ දියවැඩියාව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඉන්දියාවේ රෝගීන් වර්ධනය වන බවයි.

    කළු දිලීර ඇති රටවල් මොනවාද?

    කොවිඩ් වසංගතයට පෙර, අවම වශයෙන් ලොව පුරා රටවල් 38ක්වත් කළු දිලීර ලෙස හඳුන්වන මුකෝර්මිකෝසිස් mucormycosis රෝගීන් වාර්තා කර ඇත. ප්‍රමුඛ ජාත්‍යන්තර දිලීර අධ්‍යාපනයට අනුව ඉන්දියාව සහ පාකිස්ථානයෙන් වාර්ෂිකව මිලියනයකට රෝගීන් 140 ක් පමණ වාර්තා වේ.

    වැඩිවන අවස්ථා සමඟ, මුකෝර්මිකෝසිස් රෝගීන් සඳහා විශේෂ වාට්ටු පිහිටුවා ඇත
    ගුජරාට් ප්‍රාන්තයේ රෝහලක විශේෂ මුෙකෝමිකෝසිස් mucormycosis වාට්ටුවක්

    දිලීර ආසාදන පිළිබඳ විශේෂඥයෙකු වන මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ඩේවිඩ් ඩෙනින් පවසන්නේ ඉන්දියාවේ කළු දිලීර රෝගීන් (වසංගතයට පෙර පවා ) “ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා සිටි බවයි ”

    “මුකෝර්මිකෝසිස් දුර්වල ලෙස පාලනය කරන ලද දියවැඩියාව සමඟ දැඩි ලෙස සම්බන්ධයි. ඉන්දියාවේ දියවැඩියා රෝගීන් විශාල පිරිසක් සිටිනවා. ඒ නිසා මේ අවදානම ගැන අප පුදුම විය යුතු නැහැ‘‘ වෛද්‍ය ඩේවිඩ් පවසයි.

    ගෝලීය වශයෙන් සිදුවීම් පිළිබදව සොයා බැලීමේ නවතම පර්යේෂණ පත්‍රිකාවකට අනුව කොවිඩ් -19 ආසාදනයෙන් සුවය ලබන නමුත්  දිලීර ආසාදනයට ලක් වූ රෝගීන්ගෙන් 94% ක් දියවැඩියාවෙන් පෙළෙති. කළු දිලීර රෝගීන්ගෙන් බහුතරයක් (71%) ඉන්දියාවෙන් වාර්තා වේ.

    දියවැඩියාවට සම්බන්ධයක් වෙනත් රටවල දක්නට ලැබේද?

    ඒක පුද්ගල දියවැඩියාව ඉහළම මට්ටමක පවතින රටවල් ද (ඉන්දියාව හැර) මුකෝමිකෝසිස් රෝගීන් වාර්තා කර ඇත.

    ප්‍රධාන රටවල් ඒක පුද්ගල දියවැඩියාව පෙන්වන තීරු සටහන

    ඉන්දියාවේ අසල්වැසි රටවල් වන පාකිස්තානය (ලෝකයේ දෙවැනියට ඉහළම ඒක පුද්ගල දියවැඩියා අනුපාතය ඇති රටවල් අතර දෙවැනි තැන ගන්නා) සහ බංග්ලාදේශය ඉහළම ඒක පුද්ගල දියවැඩියා අනුපාතයක් වාර්තා කළත් එම රටවලින් කළු දිලීර රෝගීන් සැලකිය යුතු පිරිසක් වාර්තා වී නැත. බංග්ලාදේශයෙන් වාර්තා වූ සැක කටයුතු එක් රෝගියෙකුගේ වාර්තාව මේ දක්වා නිකුත්ව නැති අතර එම සැක කටයුතු රෝගියා ද දියවැඩියාවෙන් පෙළෙන බව වෛද්‍යවරු බීබීසීයට පැවසූහ.

    පකිස්තානය ද මෑත සතිවල දී කළු දිලීර රෝගීන් 5 ක් වාර්තා කර ඇති අතර මැයි 12 වන විට සිව්දෙනෙකු මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

    බ්‍රසීලය මේ වන විට රෝගීන් 29 ක් වාර්තා කර ඇත, නමුත් ඔවුන් අතරින් කීදෙනකු කොවිඩ් සහ / හෝ දියවැඩියා රෝගීන්ද යන්න තවමත් පැහැදිලි නැත.

    රුසියාව විසින් මෑතකදී කොවිඩ් රෝගීන් තුළ “හුදකලා” ශ්ලේෂ්මල පටල ඇති බවට වාර්තා කර ඇත – නමුත් මේ දක්වා කොපමණ සංඛ්‍යාවක් අනාවරණය වී තිබේද යන්න පැහැදිලි නැත.

    එක්සත් ජනපදයේ දියවැඩියාව ඉතා ඉහළ මට්ටමක පවතින අතර ජනගහනයෙන් 9.3% කට දියවැඩියාව ඇති බවට ගණන් බලා ඇත. ගෝලීය වශයෙන් වැඩිම කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව ද එක්සත් ජනපදයෙන් වාර්තා වේ. නමුත් එක්සත් ජනපදයේ කළු දිලීර රෝගීන් ඉතා දුර්ලභ ය.

    දියවැඩියාව අවදානම් සාධකයක් විය හැක්කේ ඇයි?

    ගෝලීය වශයෙන් හඳුනා නොගත් දියවැඩියාවේ වයස අවුරුදු% වගුව

    ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව යන රටවල දියවැඩියාවෙන් පෙළෙන අයගෙන් 57% ක් පමණ හඳුනා නොගත් රෝගීන් බව ජාත්‍යන්තර දියවැඩියා පෙඩරේෂනය විසින් (IDF) ගණන් බලා තිබේ. පාකිස්තානයේ ද රෝග විනිශ්චය නොකළ දියවැඩියාව ඉහළ මට්ටමක පවතින බවට ගණන් බලා තිබේ.

    කිර්ගිස්තානයේ ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය හරිප්‍රසාත් ප්‍රකාශ් පවසන්නේ “ඉන්දියාවේ පාලනයකින් තොරව දියවැඩියාව ඇති බැවින් මිනිසුන් නිරන්තරයෙන් සෞඛ්‍ය පරීක්ෂාවන් සිදු නොකරන” බවයි.

    ඔහු පවසන්නේ දියවැඩියා රෝගීන්ගෙන් බහුතරයක් “වෙනත් සෞඛ්‍ය සංකූලතා මගින් සොයා ගන්නා ලද” ඒවා වන අතර ප්‍රතිකාර නොකරන බවයි.

    දුර්වල ලෙස පාලනය කරන ලද දියවැඩියාව සමහර දිලීර ඇතුළු සමහර ආසාදන ඇතිවීමේ අවදානම වැඩි කරයි.

    අප්‍රිකානු කලාපයේ ද හඳුනා නොගත් දියවැඩියාව 60% කට ආසන්න මට්ටමක පවතින නමුත් ඇස්තමේන්තු වලට අනුව කළු දිලීර ආසාදන අනුපාතය 3%කි.

    ආචාර්ය ඩෙනින් පෙන්වා දෙන්නේ “එය විය හැක්කේ රෝග විනිශ්චය නොකිරීම නිසා විය හැකිය. එය හඳුනා ගැනීම පහසුම දෙයක් නොවේ.”

    පටක නියැදි එකතු කිරීමේ දුෂ්කරතාවය සහ රෝග විනිශ්චය පරීක්ෂණවල සංවේදීතාව නොමැතිකම හේතුවෙන් කළු දිලීර රෝග විනිශ්චය නොකෙරෙන බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

    කළු දිලීර ඇතිවීමට තවත් හේතු මොනවාද?

    සමහර කෝවිඩ් ප්‍රතිකාර සඳහා ස්ටෙරොයිඩ් අවිනිශ්චිත ලෙස භාවිතා කිරීම නිසා කළු දිලීර හෝ වෙනත් දිලීර ආසාදන සමඟ සම්බන්ධ විය හැකි බවට විශේෂඥයෝ යෝජනා කරති.

    ශරීරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය නිසා ඇතිවන දැවිල්ල අඩු කිරීම සඳහා ඉන්දියාවේ කොවිඩ් රෝගීන් සඳහා පුළුල් ලෙස ස්ටෙරොයිඩ් (steroids) වර්ග දෙකක් (ඩෙක්සමෙතසෝන් dexamethasone සහ මෙතිල්ප්‍රෙඩ්නිසොලෝන් methylprednisolone ) භාවිතා කරයි.

    කළු දිලීර ග්‍රැෆික් නිරූපණය

    කෙසේ වෙතත්, රෝහල් සහ වෛද්‍යවරුන් වැඩිවෙමින් පවතින රෝගීන් සංඛ්‍යාව නිසා, මෙම ස්ටෙරොයිඩ් වෛද්‍ය අධීක්ෂණයකින් තොරව ගන්නා බවට සාක්ෂි තිබේ. එවැනි ස්වයං ඖෂධවලට එරෙහිව ඉන්දීය බලධාරීන් මෑතකදී අනතුරු අඟවා ඇති අතර එය බරපතල හානිකර ප්‍රතිවිපාක ගෙන දිය හැකි බව වෛද්‍ය ඩෙනින් පවසයි.

    එක්සත් රාජධානියේ කොවිඩ් රෝගීන් 2000ක් පමණ යොදා ගෙන කරන ලද පර්යේෂණයකින් පෙන්නුම් කළේ ඩෙක්සමෙතසොන් dexamethasone මධ්‍යස්ථ හෝ දරුණු ආසාදනයක් ඇති අයගේ මරණ සංඛ්‍යාව අඩු කිරීමට උපකාරී වන නමුත් මෘදු ආසාදනයක් ඇති අයට හානිකර විය හැකි බවයි.

    රෝහල් පසුබිමක භාවිතා කරන විට ස්ටෙරොයිඩ් වල කාර්යක්ෂමතාව එම අධ්‍යයනයෙන් පෙන්නුම් කෙරිණි. කෙසේ වෙතත්, ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල නිවාස හුදකලා කට්ටල සමග ඩෙක්සමෙතසොන් මහජනයාට බෙදා දී ඇති බව වාර්තා වේ. 

    “වැඩි ස්ටෙරොයිඩ් වඩා හොඳ නොවන බව (අධ්‍යයන හරහා) ඉතා පැහැදිලිය,” ආචාර්ය ඩෙනින් පැවසීය.

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම්වරයාට තිබිය යුතු නව සුදුසුකම් ගැන ඇමතිගෙන් සුපිරි පැහැදිලි කිරීමක්

    කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම්වරයාට තිබිය යුතු නව සුදුසුකම් ගැන ඇමතිගෙන් සුපිරි පැහැදිලි කිරීමක්

    කෘෂිකර්ම අමාත්‍යංශයට අවශ්‍යය කාබනික විෂය පිළිබද මනා දැනුමක් ඇති අය නිසා තම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. විජේසිංහ මහතා පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    නාවලපිටිය ප්‍රදේශයේ අද (06) දින පැවති මාධ්‍යය හමුවකදි කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඔහුගේ පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්විමේ ලිපිය තමන්ට භාරදුන් බවත් හිටපු ලේකම්වරයා අස්විමට වෙනත් කිසිදු හේතුවක් නොමැති බවත්ය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා පත් කළ අතර ඔහු වසරකට ආසන්න කාලයකින් පසු ඉල්ලා අස්විය. ඉන් පසු නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.බී රෝහණ පුෂ්පකුමාර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කරන ලදි.

  • ගෝඨගේ තීන්දුවෙන් ‘උඩරට අර්තාපල් වගාවත්’ අල වෙයිද ?

    ගෝඨගේ තීන්දුවෙන් ‘උඩරට අර්තාපල් වගාවත්’ අල වෙයිද ?

    ලංකාවේ පාරිභෝගිකයින්ගේ වාර්ෂික අර්තාපල් අවශ්‍යතාවය මෙ.ටොන් 228,000 කි.  එයින් ලංකාවේ නිෂ්පාදනය කරන්නේ 35%කට අඩු ප්‍රමාණයකි. 2019 වසරේ බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්ක ප්‍රමුඛව හෙක්ටාර 5600 ක අර්තාපල් වගා කළ අතර මෙ.ටොන් 101,642 ක අස්වැන්නක් ලැබුණි. 

    නුවරඒළියේ – වැලිමඩ අර්තාපල් කිලෝවක මිල ඉන්දියානු- පකිස්ථානු අල කිලෝවකට වඩා රු. 30 ක් පමණ වැඩිය. ඒ ලංකා අර්තාපල්වල ඇති සුවිශේෂ වූ මිහිරි රසය නිසාය. අල හොද්දක්, අල බැදුමක්, අල චිප්ස් නැති කෑම පිඟානක් – සාදයක් දැන් පෙනවා පේනවා වගේය.   

    පොහොර – කෘෂි රසායන නැති වානිජ්‍යමය අර්තාපල් වගාවක් පවතිය නොහැකි තරම්ය.  ආණ්ඩුවෙන් එවන පොහොර මිටි 102 බෙදා ගන්නට බැරිව වැලිමඩ ගොවීන් ඊයේ කැප්පෙටිපොල හෙවනකුඹුරේ දී විරෝධය පළ කරන්නේ ගොවියාට පොහොර නැතිව ජීවිතයක් නැති නිසාය.   

    කි.ග්. 50 බීජ ආනයනික බීජ අර්තාපල් පෙට්ටියක මිල රු. 18,500.00 කි.  පොහොර හා රසායන, මිනිස් ශ්‍රමය ඇතුළු අතිරේක වියදම් සමඟ අර්තාපල් හොන්ඩරයක් වගා කරන්නට රු. 26,000 ක් වැය වේ. අර්තාපල් වගාවේ අස්වැන්න තීරණය වන්නේ වගා සුක්ෂමතාව මතය. අර්තාපල් සිටුවා අස්වැන්න නෙලන්නට දින 75 – 90 ක් පමණ ගතවේ.  ගොවීන් මේ දින 90 තුල පොහොර යෙදීම, දිලීර නාශක යෙදීම, කෘමි නාශක යෙදීම කාලසටහනක් අනුව සිදු නොකරන්නේ නම් පාරිභෝගිකයාට ඔය ලස්සන, රසම රස අර්තාපල් ලැබෙන්නේ නැත.  ඉන්දියා අල මෙන් බඩ මිස දිව පිනවන්නේ නැති මොලෝ රහක් නැති පිටි ගුලියක් පමණක් ලැබෙනු ඇත. 

    2021 වසරේ හෙක්ටයාර 7000 ක අර්තාපල් වගා කරනු ඇතැයි අපේක්ෂා කළේය.  යුරියා මෙ.ටො. 2310 ක්, ටීඒස්පී ටොන් 1,890 ක්, එම්.ඔ්.පී. 1750 ක් වශයෙන් අර්තාපල් වගාවට පොහොර ටොන් 5950 ක් අවශ්‍ය බව පොහොර ලේකම් කාර්යාලය ඇස්තමේන්තු කර තිබුණි. ඒ බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහාය. 

    රසායනික පොහොර සහ කෘෂි රසායන නැතිව අල පෙට්ටියක් (කි.ග්. 50 ක්) හදන්නට රු. 26,000 ක් වැය කරන්නට ගොවියෙකු ඉදිරිපත් වන්නේ නම් ඔහුට මානසික ආබාධයක් තිබිය යුතුය! වැසි සමයේ දවස් දෙකක් දිලීර නාශක නැතිනම්, මීදුම හෝ මල් තුහින වැටෙන්නේ නම් අතිශයින් සංවේදී අර්තාපල් වගාව විනාශ වන්නේය. අර්තාපල් වගා වියදමෙන් 50%කට වැඩි මුදලක් බීජ අර්තාපල් මිලදී ගැනීමට වැය වන අතර පොහොර, දිලීර හා කෘෂි නාශක සඳහා 30% – 35% ක් වැය වේ. අල වගාව සුදුවක් හා සමානය. හරිගියොත් ගොවියා ගොඩය. වැරදුනොත් විනාශය.

    ලංකාවේ කෘෂි නිෂ්පාදන ගැන මෙලෝ අවබෝධයක් නොමැතිව ගහෙන් ගෙඩි එන්නා සේ පොහොර තහනම් කිරීම අමන – තකතීරු – මරිමෝඩ තීරණයකි. රු. 350 ට දෙන පොහොර නොමිලේ ලබා ගන්නට ඡන්දය දුන් ජනතාවගේ ඉරණම දුක්ඛිත වනු ඇත. 

    වැලිමඩ හින්නාරංගොල්ල පන්සලේ රාජ්‍ය සේවකයෙකු වෙනුවෙන් නෙළු ගල් පිළිමයක් තිබේ. බුදුහාමුදුරුවන්,  දුටුගැමුණු රජ, මිහිඳු හිමි, සංඝමිත්තා තෙරණිය අතර රහංගල ගොවිපලේ සිට අල වගාව රටේ ව්‍යාප්ත කළ රාජ්‍ය සේවකයා නෝමන් ගුණතිලක ‘අල මහත්තයා’ කෘත ගුණ දත් ඌවේ මිනිස්සු දේවත්වයෙන් පුදන්නේය.  රසායනික පොහොර තහනම මගින් විනාශ වන්නේ  කෘතගුණ දත් මිනිසුන් ගේ ජීවිකාවයි.  සාම්ප්‍රදායික ගොවීන් අතර රජ ගොවියා වූ ‘අල ගොවියා’ ආදායමයි.  ලංකාවේ අල වගාව හා බැදුණු සෘජු හා වක්‍ර රැකියා සංඛ්‍යාව හාර ලක්ෂ හැට දහසකට වැඩිය. මේ විනාශ කරන්නේ මිනිස්සුන්ගේ ජීවිතයි.

    ලංකාවේ අල වගාව විනාශ කළ පසුව දේශීය පාරිභෝජනයට ඉන්දියාවෙන් – පාකිස්ථානයෙන් අල ගෙන්වන්නට සිදු වේ. පොහොරවලට නැති විදේශ විනිමය අල ගෙන්වන්නට වැය කළ යුතු වන්නේය.

    මේ වන විට බීජ අර්තාපල් නිෂ්පාදනය සඳහා බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක ය. වසර තුනක් තුල ලංකාවේ අර්තාපල්  අවශ්‍යතාවය දේශීයව සපුරා ගැනීම එහි ඉලක්කය යි.  දින 130 ක වගා චක්‍රයකින් වගා ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. නිර්දේශිත පොහොර, කෘෂි රසායන හා දිලීර නාශක හෝමෝන වර්ග 11 කි.  100% ක කාබනික අර්තාපල් වගාවක් ගැන හීන දකින පොතේ ගුරාලාගෙන් අසන්නට ඇත්තේ  ලංකාවේ කෘෂි විද්‍යාවේ ඉහළම දැනුම ඇත්තන් සැලසුම් කළ මේ ව්‍යාපෘති සියල්ලට වඩා ඔබලා අල වගාව පිළිබඳ විශේෂඥයින් ද?

    වැවිලිකරුවන්ගේ දැඩි විරෝධය නිසා තේ වගාවට පොහොර ලබාදීම සඳහා පොහොර තහනම රිවස් කරන්නට රජය මේ වන විට සුදානම් වේ.   නුවරඑළිය හා බදුල්ල අර්තාපල් වගාවේ කේන්ද්‍රය, අද කිසිදු දේශපාලන හෝ කේවල් කිරීමේ බලයක් නැති අනාථයින් පිරිසක් බවට පත්ව තිබේ.  පොහොර තහනම පිළිබඳ බදුල්ලේ දේශපාලනඥයින් කට අරින්නේ නැත.  කෘෂි නිලධාරීන් කියන දේ අහන්නට කිසිවෙකුත් නැත! නුවරඑළිය – බදුල්ලේ එළවළු නැතිව කෑම මේසයට සිදු විය හැකි අහේනිය ගැන කිසිවෙකුත් කථා කරන්නේ ද නැත.

    පොහොර – කෘෂි රසායන තහනම ආපසු හරවන්නේ නැතිනම්, අල වගාව තවදුරටත් කෘෂිකර්මාන්තයේ මිණි කිරුළ ලෙස රැකෙන්නේ නැත.

    රජිත් කීර්ති තෙන්නකෝන් – දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර 

  • වෙනස් ලෙස හිතන ‘කැරලිකාර සේවකයින්‘ ආයතනයකට කොතරම් වැදගත් ද ?

    වෙනස් ලෙස හිතන ‘කැරලිකාර සේවකයින්‘ ආයතනයකට කොතරම් වැදගත් ද ?

    ආයතන කැරලිකරුවන් කරදර කාරයින් ලෙස දැකීමට නැඹුරු වෙති. නමුත් මෙම පුද්ගලයින් සහ ඔවුන්ගේ අදහස් යටපත් කිරීම මගින් ආයතන / සංවිධාන පසුබෑමකට ලක්විය හැකි බව වටහා දෙන කතා පෙළකි මේ.

    1980 දශකයේ දී හූස්ටන්හි නාසාහි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තරුණ ඉංජිනේරුවන් කණ්ඩායමක් වටහා ගත්තේ 1960 දශකයේ ඇපලෝ යුගයේ මෙහෙයුම් පාලන සැකසුම අභ්‍යවකාශ යානය පියාසර කිරීමේ වඩාත් සංකීර්ණ අභියෝගයන්ට මුහුණ දීමට නොහැකිව අරගල කරන බවයි. 

    මෙම තරුණ ඉංජිනේරුවන්ගේ කනස්සල්ල පාලකයින්ගේ බිහිරි කන් වලට ඇසුනේ නැත. නාසා පාලකයින් මිනිසුන්ව හඳට සාර්ථකව යවා ඇති ඇපලෝ යුගයේ පද්ධති ගැන මනාව දැන සිටියේය.  ඒ නිසා තරුණ ඉංජිනේරුවන්ගේ කණස්සල්ට ගැන කලබලවීමට අවශ්‍යතාවක් ඔවුන් දුටුවේ නැත.

    කැරලිකාර කණ්ඩායම (පසුව ඔවුන් ‘මුහුදු කොල්ලකරුවන්’ – The pirates ලෙස හැඳුන්වන ලදි ) නාසා සැපයුම්කරුවන්ගෙන් ණයට ගත් උපකරණ භාවිතා කරමින්, (ඔවුන්ගේ නිදහස් කාලය තුළ) මෙහෙයුම් පාලන උප පද්ධති සඳහා නව මෘදුකාංග කේත කිරීමට පටන් ගත්හ. ඔවුන්ගේ පද්ධතිය පදනම් වී ඇත්තේ යුනික්ස් ජාලයක් (Unix network) හරහා සම්බන්ධ වී ඇති වාණිජමය වශයෙන් ලබා ගත හැකි පුද්ගලික වැඩපොළවල් මත වන අතර, මුහුදු කොල්ලකරුවන්ට දැනුනේ වඩාත් ඔරොත්තු දෙන හා අනුවර්තන සැකසුමකි. මාස කිහිපයකට පසු, ඔවුන් එය පරීක්ෂා කිරීම සඳහා භෞතිකව මෙහෙයුම් පද්ධතිය වෙත ගෙන එන ලදි. නමුත් ගුවන් පාලකයන් විසින් පිටව යන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. 

    එම අවස්ථාවේදී මෙහෙයුම් පාලක අධ්‍යක්ෂක  (legendary mission control director) ජීන් ක්‍රාන්ස් පියවරක් ගත්තේය. ඔහු කැරලිකාර ඉංජිනේරුවන් කෙරෙහි විශ්වාසය තැබූ අතර, මෙම ව්‍යාපෘතිය කෙතරම් වැදගත් දැයි දැන සිටියේය. එනිසා එය පරීක්ෂා කිරීම සදහා මෙම කණ්ඩායමට අවස්ථාව දෙන ලෙස අනෙක් ගුවන් අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලා සිටියේය. 

    මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රමය වත්මන් පද්ධතිය සමඟ මාස කිහිපයක් පුරා දිව ගියේය. මේන්ෆ්‍රේම් පද්ධතිය (mainframe system) දෙවරක් කඩා වැටුණු විට, මුහුදු කොල්ලකරුවන්ගේ පද්ධතිය දිගටම පැවතුනි. බැලූ බැල්මට එහි ප්‍රතිලාභ දැකීම පහසුය; නව පද්ධතියට ග්‍රැෆික්ස් සහ වර්ණ ප්‍රදර්ශනය කළ හැකි වූ අතර පහසුවෙන් නැවත වැඩසටහන්ගත කළ හැකි අතර කෘතිම බුද්ධියේ මුල් ආකාර භාවිතා කරමින් විවිධ පරාමිතීන් මත පදනම් තත්‍ය කාලීන ගැටලු විනිශ්චය සිදු කළ හැකි විය. මෙම හැකියාවන් වත්මන් පද්ධතිය තුළ බෙහෙවින් අඩු විය. 

    කැරලිකාර ඉංජිනේරුවන් තමන් සහ තමන් විසින් නිර්මාණය කළ පද්ධතිය නිවැරදි බව ඔප්පු කළහ. මෙහෙවර පාලනය කිරීමේ සියළුම උප පද්ධති ක්‍රමයෙන් මුහුදු කොල්ලකරුවන්ගේ පද්ධතියට සංක්‍රමණය වූ අතර, රජයේ ක්‍රියාකාරිත්වයේ කැපී පෙනෙන දියුණුවක් ඇති කිරීම සඳහා එවකට උප ජනාධිපති අල් ගෝර් වෙතින් “Hammer Award” සම්මානයෙන් පිදුම් ලැබුවේය. මුහුදු කොල්ලකරුවන්ගේ පද්ධතිය ඩොලර් මිලියන 74 ක් උපයා ඇති අතර පුනරාවර්තන වාර්ෂික ධාවන පිරිවැය ඩොලර් මිලියන 22 කි. එළඹෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහා මෙහෙයුම් පාලන පද්ධතිය සැලසුම් කරන ලෙස නාසා පරිපාලනය කැරලිකාර ඉංජිනේරුවන්ගෙන් ඉල්ලා සිටියේය. 

    සංවිධානවල ස්ථායිතාව, පුරෝකථනය කිරීමේ හැකියාව, කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති නීති සහ ප්‍රතිපත්ති ඇති අතර ඒවා සමඟ සම්බන්ධ නොවන පුද්ගලයින්, නැතහොත් ඒවාට අභියෝග කරන පුද්ගලයින් කරදර කාරයින් ලෙස අපි දකිමු. එහෙත්, නාසා මුහුදු කොල්ලකරුවන් පෙන්වන පරිදි, මෙම පුද්ගලයින් මර්දනය කිරීම හෝ නොසලකා හැරීම මගින් ඔවුන්ගේ අදහස් පසුබෑමකට ලක්විය හැකි අතර, සමාගම්වලට ක්‍රියාශීලී බව, තීක්ෂ්ණ බුද්ධිය සහ නවෝත්පාදනයන් කළ හැකි බුද්ධිමතුන් අහිමි විය හැකිය.

    පාලකයින් කැරලිකරුවන් පාලනය කරන්නේ ඇයි ? 

    නිර්මාණශීලීත්වය සඳහා කැරලිකාරකම අත්‍යවශ්‍ය බවට මනෝ විද්‍යාත්මක සාක්ෂි තිබේ. හාවඩ් මනෝචිකිත්සක ඇල්බට් රොතන්බර්ග් (Harvard psychiatrist Albert Rothenberg) දශක පහකට වැඩි කාලයක් විද්‍යාව, සාහිත්‍යය සහ කලාව සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් පුද්ගලයින් පිළිබඳ පර්යේෂණ කරමින් ඔවුන්ගේ නිර්මාණශීලීත්වයට හේතු වූයේ කුමක්ද යන්න වටහා ගැනීමට උත්සාහ කළේය. ව්‍යුහාත්මක සම්මුඛ සාකච්ඡා, පර්යේෂණාත්මක අධ්‍යයන සහ ලේඛන විශ්ලේෂණයන් ඇතුළත් පුළුල් පර්යේෂණ ව්‍යාපෘතියක කොටසක් ලෙස රොතන්බර්ග් නොබෙල් ත්‍යාගලාභීන් 22 දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය

    වර්තමාන දෘෂ්ටිකෝණයන් විස්තාරණය කරනවාට වඩා නව දෙයක් නිර්මාණය කිරීමට ඔවුන් දැඩි ලෙස චිත්තවේගීයව පෙලඹී ඇති බව ඔහු සොයා ගත්තේය. ස්ථාපිත ප්‍රඥාව (established wisdom) අන්ධ ලෙස අනුගමනය කරනවාට වඩා ඔවුන් දැනුවත්ව නැවුම් මානසිකත්වයකින් යුතුව දේවල් දුටු බව ඔහු සොයා ගත්තේය. අනුකූලවාදී, පෞරුෂත්වයට වඩා කැරලිකාරයෙකු සතු ගුණාංග දෙකක් ඇති බව ද ඔහු හදුනා ගත්තේය.

    නාසා මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රමය මිෂන් පාලනයේ නව තාක්‍ෂණයන් සාර්ථකව හඳුන්වාදීමට හේතු විය - ගුවන් පාලකයන් මුලින් අදහස් ප්‍රතික්ෂේප කළද

    ගුවන් පාලකයින් විසින් මුලින් එම අදහස් ප්‍රතික්ෂේප කළ ද නාසා මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රමය අභ්‍යවකාශ මෙහෙයුම් පාලනයේ නව තාක්‍ෂණයන් සාර්ථකව හඳුන්වාදීමට හේතු විය.

    කැරලි ගැසීමේ ප්‍රතිලාභ තවදුරටත් විමර්ශනය  කිරීම සදහා රොටර්ඩෑම්හි එරස්මුස් විශ්ව විද්‍යාලයේ පරස්කෙවාස් පෙට්‍රෝගේ (Paraskevas Petrou) නායකත්වයෙන් යුත් කණ්ඩායමක් නෙදර්ලන්තයේ විවිධ කර්මාන්තවල සේවකයින් 156 දෙනෙකු මෑතකදී සමීක්ෂණයට ලක් කළහ. ඔවුන් කැරලිකාරකම මනින ලද්දේ ප්‍රශ්නාවලියක් හරහා ය. 

    • මම නීති කඩනවා – I break rules
    • මම දන්නවා නීති කඩන්නේ කොහොමද කියලා – I know how to get around the rules
    • මම දිවුරුම් වචන භාවිතා කරමි – I use swear words (කෝපාවිෂ්ට වචනයක්, විශේෂයෙන් කෝපයේ ප්‍රකාශනයක් ලෙස භාවිතා කරයි.
    • මම අධිකාරියට විරුද්ධ වෙමි – I resist authority

    පසුගිය සතිය තුළ නිර්මාණශීලිත්වය භාවිතා කිරීම පිළිබඳව ඔවුන්ගේ සහභාගීත්වය පිළිබඳව කණ්ඩායම ප්‍රශ්න කළ අතර ඔවුන්ගේ වැඩ කටයුතු පිළිබඳ වඩාත් පොදු ආකල්ප ද ඇත. රොතන්බර්ග් පුරෝකථනය කර ඇති පරිදි, නීති කඩ කරන්නන් සැබවින්ම වඩා නිර්මාණශීලී විය, නමුත් බලපෑම් වෙනත් ගති ලක්ෂණ මත රඳා පැවතුනි. කැරලිකාරකම ඔවුන්ගේ කාර්යයන් කෙරෙහි වඩා නිරන්තරයෙන් ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා, පුද්ගලයන්ට “උසස්වීම් කේන්ද්‍රගත” ​​විය යුතුය. එනම් ඉලක්කය කරා ගමන් කිරීම සහ පුද්ගලික වර්ධනය කෙරෙහි උනන්දුවක් දැක්වීමය. (අසාර්ථක වීමේ හැකියාව දරා ගැනීම)

    සමාජ හා චර්යාත්මක විද්‍යාවන් පිළිබඳ සහකාර මහාචාර්යවරයකු වන පෙට්‍රෝ මෙසේ පවසයි. “ඔබ සැබවින්ම අවධානය යොමු කළ යුත්තේ ඔබට අත් කරගත හැකි ධනාත්මක දේ කෙරෙහි ය. මෙම ආකල්පය සමාගමක් හෝ සංවිධානයක් තුළ ඇති සමස්ත පරිසරය මත රඳා පැවතිය හැකියි‘‘ බව ඔහු පවසයි.

    බොහෝ විට මෙම ‘හේතුවක් ඇති කැරලිකරුවන්’ – ධනාත්මක හෝ  ‘ඵලදායී දේවදූතයන්‘‘ ලෙසද හැඳින්වේ. ඔවුන් සංවිධානය සහ එහි මෙහෙවර ගැන සැලකිලිමත් වන නිසාත්, වැදගත් හැකියාවන් පැහැදිලිවම වැඩිදියුණු කළ යුතු බව දකින විට මානසික අසහනය දැනෙන නිසාත් ඔවුන් සංවිධානයේ දියුණුව වෙනුවෙන් පෙළඹවිය හැකිය. 

    නිරීක්ෂණ අධ්‍යයනයන් නාසාහි මුහුදු කොල්ලකරුවන්ට අමතරව තවත් බොහෝ උදාහරණ සපයයි. සන්දර්භය සහ නළුවන් වෙනස් විය හැකි නමුත් සාරය කැපී පෙනෙන ලෙස සමාන ය. වෙනස් ආකාරයකින් සිතන සහ වලංගු උපායමාර්ගික අවබෝධයක් ඇති කැපවූ පුද්ගලයින්ගේ කුඩා කණ්ඩායමකට ව්‍යාපාරයේ සාර්ථකත්වය ප්‍රවර්ධනය කරන බිම් මට්ටමේ නවෝත්පාදනයන් පෝෂණය කළ හැකිය.

    සංවිධානය සහ එහි මෙහෙවර ගැන සැලකිලිමත් වන නිසා මෙම ‘හේතුවක් ඇති කැරලිකරුවන්’ පෙළඹවිය හැකිය

    අභ්‍යවකාශ පියාසැරිය පිළිබඳ වෙනස් ආකාරයකින් සිතීම හා අභියෝග කිරීම යනු නැවත භාවිතා කළ හැකි රොකට් වැනි තාක්‍ෂණය ගොඩනඟන ආකාරයයි. එමඟින් ආර්ථිකය රැඩිකල් ලෙස ප්‍රතිව්‍යුහගත කරනු ඇති අතර මානව ව්‍යාප්තිය හා වාණිජ්‍යය සඳහා අවකාශය විවෘත වේ. 

    කැරලිකාර ආත්මය පෝෂණය කිරීම 

    අවාසනාවකට මෙන්, කැරලිකරුවන්ට සමෘද්ධිමත් වීමට ඉඩ සලසන ආයතනික සංස්කෘතියක් පවත්වා ගැනීම දුෂ්කර විය හැකිය. කාලයාගේ ඇවෑමෙන්, ඒකාකාරී සේවා සැපයීම, කාර්යක්ෂමතාව සහ විශ්වාසදායක ක්‍රියාවලීන් සඳහා සහාය වන නීති රීති සහ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිවලට අවස්ථිති බවක් ඇති කළ හැකි අතර අනුවර්තනය වීමේ හැකියාව සහ නව්‍යකරණයට එරෙහිව ක්‍රියා කළ හැකිය. 

    ඉතිහාසය සහ සංස්කෘතිය කුමන්ත්‍රණය කරන්නේ ඒවා සෑම විටම සිදු කර ඇති ආකාරයටම සිදු කිරීමටය. නව විනිශ්චයකරුවන් විසින් නව උපමා නිර්මාණය කිරීමට ඇති හැකියාවට වඩා ස්ථාපිත පරමාදර්ශයට එකඟද ? යන්න පිළිබඳවයි. නවෝත්පාදන යෝජනා අදාළ නැත. නමුත් සංවිධානයකට, ආයතනයකට එවැනි තත්වයක් භයානක ය, මන්ද එය අවශ්‍ය වෙනස වළක්වයි.  

    නායකයින් මෙම ප්‍රවණතා පිළිබඳව දැනුවත් වී ආයතනයේ දියුණුවට, ප්‍රගමනයට හානිකරන මෙම වැඩවසම් සම්ප්‍රදායට එරෙහිව එරෙහිව සටන් කළ යුතුය. කැරලිකාර පුද්ගලයින් කරදරකාරයින් ලෙස සලකුණු කිරීම සහ ඔවුන්ගේ වෘත්තීන් පාවාදීම වෙනුවට, තත්වයට අභියෝග කිරීම සහ සීමාවන් තල්ලු කිරීම නීත්‍යානුකූල හැසිරීම් ලෙස දකින සංස්කෘතියක් ඔවුන් ප්‍රවර්ධනය කළ යුතුය. ඔවුන් නිර්මාණශීලීත්වයට කැපවී සිටින්නේ නම්, නායකයින් විසින් ප්‍රගතියක් අත් කර ගත හැකි බව සහතික කිරීම සඳහා ප්‍රායෝගික පියවර ගත යුතු අතර, “කැරලිකරුවන්ට” ඒ අවස්ථාවේ දී පිස්සු, අනවශ්‍ය හෝ නොපෙනී යන නව අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇති බවත්, අරමුදල් සහ කාලය ඇති බවත් සහතික කළ යුතුය.

    නාසා ආයතනය පෙන්නුම් කරන්නේ වෙනසක් කළ හැකි බවයි. අද, එය ජාලය පදනම් කරගත් සංවිධානයක් (a network-based organisation) වන අතර එය වාණිජ අභ්‍යවකාශ ක්‍රියාකාරීන් සමඟ හවුල් වී ඇති හොඳම තාක්‍ෂණය (ලෝකයේ කොතැන තිබුණත්) භාවිතා කිරීමට පසුබට නොවේ. වෙනස් කිරීම සඳහා වඩාත් විවෘත මනසකින් යුත් මෙම ප්‍රවේශය දශක ගණනාවකට පෙර වාණිජමය වශයෙන් ලබා ගත හැකි තාක්‍ෂණය භාවිතා කිරීමේ සංකල්පය පිළිබඳ සාක්‍ෂි සපයන සහ සාම්ප්‍රදායික දේ කිරීමේ අභියෝගයන්ට මුහුණ දුන් එහි අභ්‍යන්තර කැරලිකරුවන්ගේ කාර්යයට බොහෝ සෙයින් ණයගැතිය.

    තනි කැරලිකරුවන් සඳහා, ඔබේම අභිප්‍රේරණයන් සලකා බැලීම වටී. අප දන්නා ලෝකයේ ප්‍රධාන කැරලිකාරයා වන ස්ටීව් ජොබ්ස් 2005 දී සිය ආරම්භක දේශනයේදී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින්ට උපදෙස් දුන් පරිදි ‘අප සැබවින්ම අප ආදරය කරන දේ සොයා ගැනීමට අප ඇතුළත සොයා බැලිය යුතු අතර පසුව ඒ සඳහා යා යුතුය. අප ආදරය කරන දෙයක් කරන විට, (මෙම චිත්තවේගීය කැපවීම) අප කරන දේට අනෙක් අය විරුද්ධ වන විට හෝ අප කරන ආකාරයට දේවල් නොදකින විට පවා නිවැරදි දේ කිරීමට අපව පොළඹවනු ඇත. වෙනත් වචන වලින් කිවහොත්, ඒ වෙනුවෙන් කැරලි ගසන්න එපා – නමුත් ඔබට සැබවින්ම වැදගත් වන හේතුවක් සොයාගෙන ඔබේ කලකිරීම් පැහැදිලි ඉලක්ක වෙත යොමු කරන්න. පෙට්රෝගේ කෘතිය පෙන්වා දී ඇති පරිදි, එය “ධනාත්මක විචලනය -positive devian ” පිළිබඳ රහසයි. 

    දේවල් වැඩිදියුණු කිරීමට සහ නව හැකියාවන් ඇති කිරීමට කැපවීමක් ඇති අනෙක් අය සමඟ අපට සම්බන්ධ විය හැකි නම්, ඊටත් වඩා හොඳය; පොදු අරමුණු සඳහා ශක්තියක් ඇත.  PlayStation  පිටුපස සිටින පුද්ගලයා වන කෙන් කුටරාගි (Ken Kutaragi)  සෝනි හි ප්‍රධාන විධායක නිලධාරි නොරියෝ ඔගා (Norio Ohg) කෙරෙහි විශ්වාසය තැබිය හැකිය.

     Norio Ohga ඔපෙරා ගායකයෙකු ලෙස පුහුණුව ලැබූ අතර  සෝනි සමාගමට එහි ටේප් රෙකෝඩරවල ගුණාත්මකභාවය පිළිබඳව පැමිණිලි ලිපියක් ලියන විට සමාගමේ පාලනාධිකාරිය විසින් ඔහුව හදුනා ගත්තේය. Norio Ohga 1982 සිට 1995 දක්වා සිය ධුර කාලය තුළ විශාල සාර්ථකත්වයක් කරා සෝනි සමාගම රැගෙන ගියේය.

    සාම්ප්‍රදායික නොවන දේ අනුගමනය කරමින් ඔහුගේ ප්‍රවේශය ඔහු මෙසේ සාරාංශගත කළේය: “ අපි සැමවිටම ලුහුබඳින්නේ වෙනත් සමාගම් ස්පර්ශ නොකරන දේවල් පසුපස ය ”. 

    Norio Ohga කියන දේ අසන්න ! ඔබේ සංවිධානය තුළ සමාන අදහස් ඇති වෙනත් පුද්ගලයින් සොයා ගැනීමට උත්සාහ කරන්න, ඔවුන් සහාය ලබා දීමට සහ අවශ්‍ය අවස්ථාවන්හිදී ඇති බාධක ඉවත් කිරීමට උදව් වනු ඇත. කැරලිකරුවන්ට නරක නමක් තිබිය හැකි නමුත් නිවැරදි පරිසරය තුළ සහ නිවැරදි අභිප්‍රේරණයෙන් ඔවුන්ට පුදුමාකාර දේ අත් කර ගත හැකිය. 

    මෙම ලිපියේ කර්තෘ ලොයිසොස් හෙරක්ලියස් (Loizos Heracleous) වෝර්වික් ව්‍යාපාරික පාසලේ ( Warwick Business School) උපාය මාර්ග පිළිබඳ මහාචාර්යවරයෙක් වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සහකාර සාමාජිකයෙකි. ඔහු Janus Strategyකතුවරයා ය . මෙම ලිපිය අර්ධ වශයෙන් පදනම් වී ඇත්තේ නාසා සමඟ ආචාර්ය හෙරක්ලියස් විසින් කරන ලද පර්යේෂණ මත ය.

    බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • දේශපාලනඥයින්ට අනතුරු අගවමින් ‘මුහුණුපොතෙන්‘ ට්‍රම්ප්ව පන්නා දමයි

    දේශපාලනඥයින්ට අනතුරු අගවමින් ‘මුහුණුපොතෙන්‘ ට්‍රම්ප්ව පන්නා දමයි

    ෆේස්බුක් සමාගම එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වසර දෙකකට අත්හිටුවා තිබෙනවා.

    එක්සත් ජනපද කැපිටල් කෝලාහල සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද උසිගැන්වීම් හමුවේ පසුගිය ජනවාරි මාසයේදී ජනපති ට්‍රම්ප් ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවි දෙකම දින නියමයක් නොමැතිව තහනම් කර තිබුණා. නමුත් පසුගිය මාසයේ ෆේස්බුක් හි අධීක්ෂණ මණ්ඩලය ට්‍රම්ප්ට දුන් දඩුවම ගැන යළි විමසුමක යෙදී තිබෙනවා.

    ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාව “අපගේ නීති දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්” බව ෆේස්බුක් පවසනවා.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ හිටපු ජනපතිවරයා මෙම පියවර පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයේදී තමාට ඡන්දය දුන් මිලියන සංඛ්‍යාත ජනතාවට අපහාසයක් බව පැවසුවා.

    ෆේස්බුක් මෙම පියවර ගෙන ඇත්තේ දේශපාලනඥයන් සමහර අන්තර්ගත මධ්‍යස්ථ නීති වලින් ආරක්ෂා කරන ප්‍රතිපත්තිය අවසන් කරමින් සිටින අවස්ථාවකයි. තවදුරටත් දේශපාලනඥයින්ගේ අදහස් ප්‍රවෘත්තිමය වටිනාකමක් මත පදනම්ව රැවටිලිකාර හෝ අපයෝජන අන්තර්ගතයන් සඳහා අවස්ථාව ලබා නොදෙන බව ෆේස්බුක් සමාගම කියනවා

    ට්‍රම්ප්ගේ තහනම 2021 ජනවාරි 7 වන දින සිට (අත්හිටවූ දින සිට) බලපැවැත්වෙන බව ෆේස්බුක් සමාගම විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වුණා. 

    “ට්‍රම්ප්ගේ ගිනුම් අත්හිටුවීම ගැන අපි දැඩි අවධානයක් යොමු කළෙමු. ඔහුගේ ක්‍රියාවන් අපගේ නීති රීති දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව අපි විශ්වාස කරමු. මහජන ආරක්ෂාවට තවමත් බරපතල අවදානමක් ඇති බව අපි තීරණය කළහොත්, අපි යම් කාල සීමාවක් සඳහා සීමාව දීර්ඝ කර එම අවදානම අඩු වන තුරු නැවත ඇගයීමකට ලක් කරන්නෙමු.” එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වුණා.

    ට්‍රම්ප් මහතා ප්‍රතිචාර දක්වා ඇත්තේ කෙසේද?

    සිය සේව් ඇමරිකා දේශපාලන ක්‍රියාකාරී කමිටුවෙන් නිකුත් කළ නිවේදනයක ට්‍රම්ප් කියා සිටියේ, “ෆේස්බුක් තීන්දුව වාර්තාගත ලෙස මිලියන 75 ක ජනතාවට අපහාසයකි. මෙම වාරණයෙන් හා නිශ්ශබ්දතාවයෙන් මිදීමට ඔවුන්ට ඉඩ නොදිය යුතුය. අවසානයේදී අපි ජයග්‍රහණය කරන්නෙමු. අපේ රටට මෙම අපයෝජනය තවදුරටත් ඉවසා ගත නොහැක!”

    වසර දෙකක තහනම පිළිබඳ දෙවන ප්‍රකාශයකදී ට්‍රම්ප් ෆේස්බුක් නිර්මාතෘවරයාට පහර දුන්නේය.

    “ඊළඟ වතාවේ මම ධවල මන්දිරයේ සිටින විට (ඔහුගේ ඉල්ලීම පරිදි) මාක් සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ සමඟ තවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් නොතිබෙනු ඇත” යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය. 

    ෆේස්බුක් හි මෙම පියවර 2024 ජනාධිපතිවරණයට පෙර ට්‍රම්ප් මහතාට නැවත වේදිකාවට පැමිණීමට ඉඩ සලසයි.

    බිලියන දෙකකට අධික මාසික පරිශීලකයින් සිටින ෆේස්බුක් වෙබ් අඩවියට අමතරව, ට්විටර්, යූ ටියුබ්, ස්නැප්චැට්, ට්විච් සහ වෙනත් සමාජ මාධ්‍ය වේදිකාවලින් ද ජනවාරි කැරැල්ල සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට වාරණ පනවා තිබේ‍

    ෆේස්බුක් හි නව ප්‍රතිපත්තිය කුමක්ද?

    නොසන්සුන්තාව හෝ ප්‍රචණ්ඩත්වය අවුස්සමින් තම නීති උල්ලංඝනය කරන දේශපාලනඥයින් මාසයක් සඳහා හෝ වඩාත් බරපතල අවස්ථාවල දී වසර දෙකක් දක්වා අත්හිටුවන බව ෆේස්බුක් පවසයි.

    එය පැමිණෙන්නේ හානියක් විය හැකි විභවයක් තිබියදීත්, ප්‍රවෘත්තිමය දේශපාලන කථාවට ඉඩ දීමේ පෙර ප්‍රතිපත්තියක් අහෝසි කිරීමේ උත්සාහයක කොටසක් ලෙස ය.

    සිදුවිය හැකි උල්ලංඝනයන් නොතකා, ව්‍යතිරේකයකට සුදුසු යැයි සැලකෙන ලිපි වලට තවමත් ඉඩ දිය හැකි නමුත් ෆේස්බුක් විසින් අනතුරු ඇඟවීමේ ලේබලයක් ලබා දෙනු ඇත. සමාගම තවදුරටත් පවසන්නේ “දේශපාලනඥයින් විසින් පළ කරන ලද අන්තර්ගතයන් වෙනත් ආකාරයකින්” සලකන්නේ නැති බවයි.

    “ඒ වෙනුවට, අපි අපගේ ප්‍රවෘත්තිමය යෝග්‍යතා සමතුලිතතා පරීක්ෂණය සියලු අන්තර්ගතයන්ට එකම ආකාරයකින් අදාළ කර ගනිමු. එමඟින් අන්තර්ගතයේ පොදු යහපත වටිනාකම එය අතහැර දැමීමෙන් සිදුවිය හැකි හානියට වඩා වැඩි ද යන්න මැන බලයි.”

    ට්‍රම්ප්ගේ මුලික තහනම සුදුසු බව සමාගමේ අධීක්ෂණ මණ්ඩලය සොයා ගත් නමුත් තහනම දින නියමයක් නොමැතිව පැවතීමට කිසිදු තර්කයක් නොමැති බව පිළිගත්තේය.

    ෆේස්බුක් විසින් අරමුදල් සපයනු ලබන ස්වාධීන මණ්ඩල සාමාජිකයින් 20 දෙනාට අන්තර්ගතය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හැකියාව ඇත. සාමාජිකයින් අතර නීති විශාරදයින්, මාධ්‍යවේදීන්, කථන විශේෂඥයින් සහ ඩෙන්මාර්කයේ හිටපු අගමැතිවරයෙක් ද වෙති.

    ෆේස්බුක් පාරිභෝගික දත්ත අනිසි ලෙස භාවිතා කර ඇත්ද යන්න පිළිබඳව යුරෝපයේ සහ එක්සත් රාජධානියේ නියාමකයින් පරීක්ෂණ ආරම්භ කරන දිනයේම මෙම නිවේදනය නිකුත් වීම විශේෂත්වයකි.

    බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • Covid-19 ආසාදිත ගර්භනි මවුවරුන් ‘දැනගත යුතුම’ විශේෂඥ වෛද්‍ය උපදෙස් මෙන්න !

    Covid-19 ආසාදිත ගර්භනි මවුවරුන් ‘දැනගත යුතුම’ විශේෂඥ වෛද්‍ය උපදෙස් මෙන්න !

    ඔබ ගැබ්ගෙන සිටියදී කොවිඩ් ආසාදිතයෙකු වුවහොත් කුමක් කළ යුතු ද? COVID දරුවාට බලපාන්නේද? මෙම ප්‍රශ්නය බොහෝ ගර්භනී කාන්තාවන්ගේ මනසෙහි ඇති අතර, එය ඔවුන් තුළ නිමක් නැති අමතර ආතතියක් ඇති කරයි.

    මෙම වසංගත සමයේදී ගර්භනී ඔබ මුහුණ දී සිටින මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා අපට විශේෂඥයින් කිහිප දෙනෙකු ලැබුණි.

    කාන්තා

    වසංගතයේ තෙවැනි රැල්ල අප සියල්ලන්ම කම්පා කර තිබේ.  එය මානසික ආතතිය හා චිත්තවේගීය නැගිටීම්වල කාලයකි. සංඛ්‍යාලේඛන පෙන්වා දී ඇත්තේ, පසුගිය වසරේ කොරෝනා වයිරස් පළමු රැල්ලට වඩා මෙවර ගර්භනී කාන්තාවන් වැඩියෙන් ආසාදනයටත් මරණයටත් පත්ව ඇති බවයි.

    ඔක්ස්ෆර්ඩ් සරසවියේ නෆීල්ඩ් කාන්තා හා ප්‍රජනක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (The Nuffield Department of Women’s and Reproductive Health at the University of Oxford) මෑතකදී ලොව පුරා රටවල් 18 ක ගර්භනී කාන්තාවන් 2,100කට අධික සංඛ්‍යාවක් පිළිබඳව පර්යේෂණ සිදු කර ගෙන තිබේ. එමගින් ලබා ගත් දත්ත අනුව කොවිඩ්-19 වෛරසයෙන් මව්වරුන්ට සහ ළදරුවන්ට ඇති අවදානම කලින් පිළිගත්තාට වඩා විශාල බව ඔවුහු නිගමනය කළහ. 

    මෙම අධ්‍යයනයට සම නායකත්වය දුන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ භ්‍රෑණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අරිස් පපගෝර්ජියෝ ප්‍රකාශ කර ඇත්තේ “ගර්භණී සමයේදී COVID-19 ආසාදිත කාන්තාවන් අතර (කොවිඩ් ආසාදිත නොවන ගර්භනී කාන්තාවන්ට වඩා) ගර්භණී සංකූලතා (නොමේරූ දරු උපත්, පූර්ව එක්ලම්ප්සියාව වැනි) 50% කට වඩා ඉහළ ගොස් ඇති බවයි. එසේම COVID-19 ආසාදිත නොවූ ගර්භනී කාන්තාවන් හා සසඳන විට කොවිඩ් ආසාදිත ගර්භනී කාන්තාවන් දැඩි සත්කාර හා මරණයට ඇතුළත් වීම ද ඉහළ බව පර්යේෂණ වාර්තාව නිරීක්ෂණය කර තිබේ.

     ඔබ මේ දත්ත ගැන එක්වරම කලබල විය යුතු නැහැ. මෙම පර්යේෂණය විශාල දත්ත සමුදායක් මත පදනම් වූවක් නොවන අතර එය තවමත් සනාථ කර නොමැති බව සලකන්න. කෙසේවෙතත්, කිසියම් වෙනස්කමක් හා රෝග ලක්ෂණයක් පිළිබඳව සොයා බැලීම සහ ගර්භනී සමයේ මුල් අවධියේදී ඔබ ධනාත්මකද යන්න සොයා බැලීම හොඳ පියවරකි‘‘

    කාන්තා

    ආරක්ෂිතව සිටීම

    ගර්භනී කාන්තාවන් COVID-19 වලින් ආරක්ෂා වන්නේ කෙසේද? පූනේහි ඛරාඩි හි මාතෘ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මධුරි බුරන්දේ ලාහා මෙසේ පවසයි, “ගර්භනී කාන්තාවන් මුඛ ආවරණයක් භාවිතා කිරීම, සමාජයෙන් ඈත්වීම සහ සබන් යොදා අත් සේදීම වැනි COVID සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කළ යුතුය.” 

    “ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන ආහාර අනුභව කරන්න, වරින් වර අත් සේදීම, රෝගී පුද්ගලයින් සමඟ නොසිටීම, නිවසේ අමුත්තන් සීමා කිරීම, ජනාකීර්ණ ස්ථානවලට යාමෙන් වැළකීම, කැස්ස සහ කිවිසුම් ආචාර විධි අනුගමනය කිරීම සහ සමබර ආහාර වේලක් ලබා ගැනීම ගර්භනී කාන්තාවන්ට අතිෂය වැදගත්ය.” 

    අලුත උපන් බිළිදුන් සිටින මව්වරුන් දරුවා ස්පර්ශ කිරීමට පෙර සහ පසු අත් සේදීම, ශ්වසන සනීපාරක්ෂාව සදහා මුඛ ආවරණ භාවිතය සහ නිසි සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීමෙන් පසු දරුවාට ආරක්ෂිතව මව්කිරි දීම‘‘ සිදුකළ යුතු වේ.

    කාන්තා

    පරීක්ෂා කිරීම

    ‘‘ඔබ ගර්භණී නම් සහ කොරොන වයිරසයේ රෝග ලක්ෂණ හඳුනා ගත්තේ නම්, පළමුව, කලබල නොවන්න. දෙවනුව, “කැස්ස, උණ, ශරීර වේදනාව, ගඳ – සුවද නැතිවීම සහ රසය නැතිවීම හෝ හුස්ම ගැනීමේ අපහසුතා වැනි COVID-19 හි සම්භාව්‍ය රෝග ලක්ෂණ තිබේ නම් වහාම COVID-19 සඳහා පරීක්ෂාවට ලක් කළ යුතු‘ යැයි නාරිවේද විශේෂඥ වෛද්‍ය වීනා රන්ගාබද්වල පවසයි. 

    වමනය, ඔක්කාරය හා හුස්ම හිරවීම ගර්භනී කාන්තාවන් අත්විඳින සමහර රෝග ලක්ෂණ වන අතර එය COVID රෝග ලක්ෂණ සමඟ උග්‍ර විය හැකිය. එවැනි අවස්ථාවක් දැකගත හැකි නම් නාරිවේද විශේෂඥයකු හෝ වෛද්‍යවරයෙකුගෙන් වහාම උපදෙස් ලබාගන්න. ”වෛද්‍ය බුරන්ඩේ ලාහා පවසයි. 

    ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වෛශාලි ජෝෂි පවසන්නේ “රෝගයේ ප්‍රගතිය අවම කිරීම සඳහා මුල් රෝග විනිශ්චය සහ ක්ෂණික ප්‍රතිකාර වැදගත් වේ. ICMR මඟ පෙන්වීම අනුව, සියලුම ගර්භනී මව්වරුන් අපේක්ෂිත දින සිට දින පහක් ඇතුළත COVID සඳහා පරීක්ෂා කරනු ලැබේ. ”

    කාන්තා

    අවදානම් ගැන දැනගත් විට

    වෛද්‍ය ජෝෂි මෙසේ සඳහන් කරයි. “COVID-19 වසංගතය ආරම්භ වී ඇත්තේ අඩු ප්‍රතිශක්තීකරණයක් නිසා වන අතර එය ගර්භණී සමයේදී ස්වාභාවික වෙනස්කම් හේතුවෙන් ඇතිවේ. වර්තමාන තත්වය තුළ, ගර්භණී සති, එනම් තුන්වන ත්‍රෛමාසිකය, දියවැඩියාව, පූර්ව එක්ලම්ප්සියාව, ඇදුම සහ වියපත්ව ගැබ් ගැනීම වැනි සෞඛ්‍ය ගැටලු හේතුවෙන් දරුණු රෝගාබාධ, දැඩි සත්කාර ඒකකයේ රැකවරණය සහ නොමේරූ දරු ප්‍රසූතිය හෝ භ්‍රෑණ අහිමි වීම සිදුවිය හැකිය. ” 

    වෛද්‍ය රන්ගාබද්වල පවසන පරිදි අධික බර හා අධි රුධිර පීඩනය කොරෝනා වයිරසය වැළඳීමේ අවදානම වැඩි කරයි.

    මව්වරුන්ට ඇති තවත් කනස්සල්ලක් නම් වෛරසය දරුවාට ආසාදනය විය හැකිද ? යන ගැටලුවයි “වැදෑමහ හරහා මවගෙන් නූපන් බිළින්දාට හෝ මවුකිරි දීම මගින් අලුත උපන් බිළිඳාට වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාව අල්ප ” යැයි වෛද්‍ය ජෝෂි පවසයි. 

    වෛද්‍ය රන්ගාබද්කාර් පෙන්වා දෙන්නේ, කොවිඩ් ආසාදිත ගර්භනී කාන්තාවකගේ ගර්භාෂයේ සිටින දරුවාට හෝ අලුත උපන් බිළිදාට මවගෙන් කොවිඩ් වෛරසය ආසාදනය වන බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. ගබ්සාව පිළිබඳව ද කිසිදු තොරතුරක් නොමැති බව ද ඇය පවසයි.

    ගර්භනී කාන්තාවන් දරු ප්‍රසූතියේදී සිසේරියන් සැත්කම් පමණක් තෝරා ගත යුතු බවට සමාජ මාධ්‍යවල කටකතා පැතිර තිබේ. “දරු ප්‍රසූතියේ ආකාරය හෝ කාන්තාව තම දරුවා ඇති දැඩි කරන ආකාරය කොවිඩ් ආසාදනය සමග සම්බන්ධ නොවේ” යැයි වෛද්‍ය ජෝෂි අවධාරණය කරයි.

    “සාමාන්‍යයෙන් බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් සඳහා සිසේරියන් සැත්කම් අවශ්‍යයි. නමුත් ස්වභාවික යෝනි ප්‍රසූතිය අසමමිතික හෝ මෘදු රෝග ලක්ෂණ සහිත ගර්භනී කාන්තාවන්ට හානිකර නැහැ ” 

    වෛද්‍ය රන්ගාබද් පවසන්නේ මෙම තීරණය වෛද්‍යවරයා සහ මව විසින් තීරණය කරනු ලබන දේ මත පදනම් විය යුතු බවයි.

    කාන්තා

    සිතුවිලි සඳහා ආහාර 

    පෝෂණවේදිනියක වන අවන්ති දේශ්පාන්ඩේ කාන්තාවන්ට COVID-19 ආසාදනය වළක්වා ගැනීම සඳහා පෝෂණ උපදෙස් ලබා දෙයි.

    ගැබ් ගැනීම ත්‍රෛමාසික තුනකට බෙදා ඇත. පළමු ත්‍රෛමාසිකයේ දී, කලලරූපය ගර්භාෂය තුළ හොඳින් රෝපණය වී ඇති බව සහතික කිරීම ය. මෙම ත්‍රෛමාසිකයේ කාන්තාවකගේ කැලරි අවශ්‍යතාවය වැඩිහිටි ගර්භනී නොවන කාන්තාවකට බොහෝ දුරට සමාන ය. පළමු ත්‍රෛමාසිකයේදී ඇපල්, කොළ පැහැති එළවළු සහ ෆෝලික් අම්ලය කෙරෙහි ද අවධානය යොමු කෙරේ. දෙවන හා තෙවන ත්‍රෛමාසික වලදී කැලරි හා ප්‍රෝටීන් අවශ්‍යතා වැඩිවේ. ආහාර වේලෙහි කැලරි වැඩි විය යුතුය; එබැවින් නැවුම් කිරි, ඇට වර්ග, විශේෂයෙන් ආමන්ඩ්, walnuts, මිශ්‍ර බීජ (හණ, වට්ටක්කා, කොමඩු), ප්‍රෝටීන් බහුල ආහාර වන පරිප්පු, බිත්තර වැනි ආහාර ඇතුළත් කරන්න.

    ඔමේගා -3 මේද අම්ල, walnuts, පලතුරු හා සලාද වැනි තන්තු බහුල ආහාර ද පරිභෝජනය කළ යුතු අතර එමඟින් විටමින් සහ ඛනිජ ලවණ පෝෂණය, ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීම සහ ඔබට මලබද්ධය ඇති නොවන බවට සහතික කිරීම සඳහා තන්තු ලබා දේ. ප්‍රෝටීන්, සලාද සහ පළා වර්ග සමග ආහාර සමබරව තබා ගන්න.

    මෙනේරි සහ සහල් වැනි ස්වදේශීය ආහාර ඔබේ ආහාර වේලට ඇතුළු කර ගන්න. බඩවැල්වලට හොද බැවින්, ප්‍රතිශක්තිකරණය සහ ආසාදන වලට එරෙහිව සටන් කරන බැවින් ගිතෙල් ද ආහාරයට ඇතුළත් කළ යුතුය. කහ ද එසේමය. ඒවා වෛරස් ප්‍රහාරයකින් ආරක්ෂා වීමට ප්‍රයෝජනවත් වේ. දවස පුරාම උණුසුම් ජලය පානය කර හොඳින් විවේක ගන්න. මෙය ඔබේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වේ.

    ගර්භනී කාන්තාවකට කොවිඩ් 19 ආසාදනය වී තිබේ නම්, වෛරසයට එරෙහිව සටන් කිරීමට උපකාරී වන පෝෂණ උපදෙස් කිහිපයක් මෙන්න:

    • කහ මිශ්‍ර නැවුම් කිරි පාලනය කරන්න
    • නැවුම් පලතුරු යුෂ, ජලය සහ නැවුම්ව සාදන ලද බටර් (ඔබට සෙම්ප්‍රතිශ්‍යාවක් ඇත්නම් මෙයින් වැළකෙන්න) සහ ගෙදර හැදූ සුප් පානය කරන්න.
    • හොඳින් විවේක ගන්න.
    • උදේ ආහාරය, දිවා ආහාරය, කෑම සහ රාත්‍රී ආහාරය ඇතුළුව සෑම ආහාර වේලකම ප්‍රෝටීන් ප්‍රමාණය ඉහළ මට්ටමක තබා ගන්න.
      බැදපු හා ක්ෂණික කෑමෙන් වළකින්න.
    • අවශ්‍ය නම් විටමින් සී ඇතුළු විටමින් අතිරේක භාවිත කරන්න.
    කාන්තා

    සන්සුන්ව සිටීම

    මනෝ විද්‍යාඥ වෛද්‍ය ප්‍රර්නා කෝලි,  විසින් COVID ධනාත්මක ගර්භනී කාන්තාවකට සන්සුන්ව සිටිය හැකි ආකාරය පිළිබඳ කරුණු සපයයි. සනීපාරක්ෂාව සහ මානසික සාමය පවත්වා ගැනීම සඳහා, නිරන්තරයෙන් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුගමනය කරන්න. යෝග ද ඇතුළත් ව්‍යායාම, ධනාත්මක සිතුවිලි ඇති කර ගැනීම සහ සංගීතයට සවන්දීම ද ඉතා වැදගත්ය. සමාජ මාධ්‍ය උපදෙස් මත පදනම් වූ ස්වයං ඖෂධය නැත. 

    මානසික ආතතිය වළක්වා ගත හැකි තවත් ක්‍රම මෙන්න:

    බහු විටමින් multi-vitamins ගන්න: දරු ප්‍රසූතියට පෙර විටමින් ඔබේ දරුවාගේ වර්ධනයට උපකාරී වන අතර රෝගවලින් ඔබව ආරක්ෂා කරයි.

    සිහිය පුහුණු වන්න: සිහිකල්පනාවෙන් හුස්ම ගැනීම ඔබේ ස්නායු පද්ධතිය සන්සුන් කිරීමට ඉතා වැදගත්ය. ඔබට 4-7-8 තාක්‍ෂණය (4-7-8 technique) භාවිතා කළ හැකිය, එයින් අදහස් වන්නේ හතරේ ගණනට හුස්ම ගන්න, ඔබේ හුස්ම හත ගණන් කර තබාගෙන ඔබේ හුස්ම අටක් දක්වා මුදා හරින්න. මානසික ආතතිය දුරු කිරීමට මෙය උපකාරී වන බැවින් මෙය තුන් වරක් නැවත කරන්න.

    කාන්තා

    ව්‍යායාම: ව්‍යායාම මගින් ඔබේ කලලරූපයේ වර්ධනයට ප්‍රයෝජනවත් වන එන්ඩොර්ෆින් endorphins නිකුත් කරන අතර ඒවා ‘ප්‍රීතිමත් හෝමෝනය – happy hormone’, විශේෂයක් නිසා ඔබ සතුටින් තබයි.

    ප්‍රවෘත්ති නිරාවරණය අඩු කරන්න: ප්‍රවෘත්ති ඔබේ මානසික සෞඛ්‍යයට බලපාන්නේ නම් සහ ඔබව විහිළුවට ලක් කරයි නම්, ප්‍රවෘත්ති නැරඹීමෙන් හෝ කියවීමෙන් වළකින්න. 

    ස්වයං සූදානම් වීමට කියවන්න: දරු උපත, ළමා සංවර්ධනය පිළිබඳ පොත්පත් කියවීමට හෝ ඔබේ දරුවා පසුව රැකබලා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මානසිකව සූදානම් වීමට මෙම කාලය ආයෝජනය කරන්න. සියලු සම්පත් අත ළඟ තබා ගන්න: සියලු සම්පත් සංවිධානය කිරීම සඳහා ෆෝල්ඩරයක් හෝ අතථ්‍ය ලේඛනයක් සාදන්න, එවිට ඔබ ඔබේ දරුවාගේ උපත සඳහා සූදානම්ව සිටී. මෙය භීතිකාව අඩු කිරීමට උපකාරී වේ.

    විශේෂඥ කථාව

    වෛද්‍ය වීනා රන්ගාබද්: “හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ ශරීරයේ අසාමාන්‍ය වෙනස්කම් දුටුවහොත් වහාම වෛද්‍යවරයා වෙත යන්න. රෝග ලක්ෂණ නොසලකා හැර ඔබේ ප්‍රතිකාර ප්‍රමාද නොකරන්න. නිතරම පිළිගත් වෛද්‍යවරයෙක් වෙත යොමුවීම වැදගත්ය.

    වෛද්‍ය මධුරි බුරන්දේ ලහා: “ස්වයං ඖෂධයක් ගන්න එපා; සෑම විටම වෛද්‍යවරයෙකුගෙන් විමසන්න. ඔබේ රෝග ලක්ෂණ දිනපතා සොයා ගන්න. ඔබේ උෂ්ණත්වය හා ඔක්සිජන් මට්ටම දිනකට දෙවරක් පරීක්ෂා කරන්න. වෛද්‍යවරයා යෝජනා කළ පරිදි ඔබේ විටමින් සහ වෙනත් අතිරේක ගන්න. බියට ප.් නොවන්න.”

    වෛද්‍ය වෛශාලි ජෝෂි: “ සාමාන්‍ය රෝග ලක්ෂණ සහ මෘදු රෝග ලක්ෂණ සහිත ගර්භනී කාන්තාවන් නිවසේදී හුදෙකලා විය යුතුයි. දියර වර්ග රාශියකින් සජලනය වීම, නිතිපතා ශාරීරික හා හුස්ම ගැනීමේ ව්‍යායාම මගින් ශාරීරික යෝග්‍යතාවය සහ පවුලේ අය හා මිතුරන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමෙන් මානසික සෞඛ්‍යය පවත්වා ගන්න. ඔබ හුදෙකලා අවධියේදී දරු ප්‍රසූතියකට ගියහොත් රෝහලට හෝ මාතෘ නිවාසයට දැනුම් දෙන්න. ”

    කාන්තා

    අවන්ති දේශ්පාන්ඩේ: “සිහියෙන් යුතුව ආහාර ගැනීම කරන්න, සෑම දිනකම ආහාරයේ ගිතෙල් සහ කහ ඇති බවට වග බලා ගන්න. අවම වශයෙන් මිනිත්තු 20 සිට 30 දක්වා ඇවිදින්න. දිනපතා මිනිත්තු දෙකේ සිට පහ දක්වා භාවනා සහ ප්‍රනාමය පුහුණු වන්න. 

    කාන්තා

    වෛද්‍ය ප්‍රේර්නා කෝලි: “ඔබේ නින්ද, මානසික සහ ශාරීරික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. කුමක් වුවත්, සන්සුන්ව හා ඉවසිලිවන්තව සිටින්න, එය ඔබට දුෂ්කර කාලය ගත කිරීමට උපකාරී වනු ඇත. මානසික ආතතිය වැඩියි නම් ඔබේ වෛද්‍යවරයා සමඟ සම්බන්ධ වන්න. නැතහොත් මානසික සෞඛ්‍ය වෛද්‍යවරයකු හමුවන්න. ”

    කාන්තා

    COVID ධනාත්මක බව අනාවරණය වූ විට නිතරම අවශ්‍ය දේවල් කිහිපයක් මෙන්න:

    • ආඝාණ වාෂ්ප
    • උෂ්ණත්ව මානයක්
    • යෝග අභ්‍යාස හෝ ව්‍යායාම (මනසට හා සිරුරට)
    • පිරිසිදුකම
    • සින්ක් සහ විටමින් සී සහ ඩී අතිරේක ගැනීම
    • පලතුරු ආහාරයට ගැනීම
    • නිදන කාමරට හොඳින් වාතාශ්‍රය ලබා දීම
    • ධනාත්මකව සිටීම

    ෆෙමිනා ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • X-PRESS PEARL නෞකාවේ ව්‍යසනයේ අලුත්ම තත්ත්වය කියන සුපිරි කතා 05ක්

    X-PRESS PEARL නෞකාවේ ව්‍යසනයේ අලුත්ම තත්ත්වය කියන සුපිරි කතා 05ක්

    කොළඹ වරායට ආසන්න මුහුදේදී විනාශයට පත් වූ X-PRESS PEARL නෞකාව ගැන මහජන උනන්දුව තව දුරටත් දැල්වෙන සිදුවීම් දිනපතා වාර්තා වෙනවා. ඒ එහි පරිසර විනාශයට අමතරව වන්දි ලබා ගැනීම සහ වගකිව යුත්තන්ට නිසි දඩුවම් ලබාදීම ගැනයි. එසේම නෞකාව විනාශයෙන් වළක්වා ගැනීමට තිබූ අවස්ථාවන් පැහැර හැරීම ගැන ද වාර්තා වෙනවා.

    මේ අතර X-PRESS PEARL නෞකාවේ කන්ටේනර් බහාලුම් 1486ක් පැවැති බවත් ඒ අතර අන්තරායකාරී ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 81ක් පැවති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහාපති, නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

    මේ අතර පරිසරවේදීන්ගේ අවධානය මේ අන්තරායකාරී කන්ටේනර් ගැන මෙන්ම නෞකාවේ පැවැති බව කියන ඉන්ධන මෙට්‍රික් ටොන් 300 ගැනත් අවධානය යොමු තිබෙනවා. ඔවුන් කියන්නේ ඉදිරියේදී තෙල් විසිරීමක් සිදුවිය හැකි බවයි. ඊට ප්‍රතිචාර දක්වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ එමගින් සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

    Over Rs 50 bn saving from milk powder import drop in 2020 | Daily News

    නොසැලකිල්ල නිසායි මේක වුණේ – මාස්ටර් ඩයිවර්ස් සභාපති ආරියසීල වික්‍රමනායක

    මේ අතර ජාත්‍යන්තර පිළිගත් දේශීය සමාගමක් වන මාස්ටර් ඩයිවර්ස් සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක ‘අනින්දා‘ පුවත්පත සමග කළ ප්‍රකාශයක් ගැන බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබෙනවා. ඔහු අනිද්දා පුවත්පත සමග පවසා ඇත්තේ නෞකාව විනාශයට පත් වුණේ අදාළ සිදුවීම කළමනාකරණයට එක් වූ බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා බවයි.

    එස්ක්ප්‍රස් පර්ල් නෞකාව විශාල නෞකාවක් වීම නිසා එය ගිනිගැනීමෙන් පසු සමබරතාව පවත්වාගෙන ඇදගෙන යෑමට හැකියාවක් නොතිබුණු බවත් නැව මෙලෙස ගිලී යෑම සිදු වුණේ නොසැලකිල්ල නිසා බවත් මාස්ටර් ඩයිවර්ස් සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක පැවසීය.

    නැව ගිනිගැනීමෙන් පසු, කන්ටේනර් පෙට්ටි මුහුදට වැටීමෙන් බර අඩු වූ බව ඔහු කීය. පුංචි නැවක් ගිලීමට නොදී සමබරතාව පවත්වාගනිමින් ඇදගෙන යෑම සඳහා බාහිරින් හයිඩ්‍රොලික් ටැංකි යෙදවීමේ හැකියාව තිබෙන නමුත් මෙවැනි දැවැන්ත නැව්වලට බාහිරින් හයිඩ්‍රොලික් ටැංකි යෙදවිය නොහැකි බව ඔහු පැහැදිලි කළේය. මෙවැනි විශාල නැව්වල සමබරතාව සඳහා හයිඩ්‍රොලික් ක්‍රමවේද තිබෙන බව ඔහු කීය.

    ‘දැන ගියොත් කතරගම-නොදැන ගියොත් අතරමග’ යනුවෙන් යෙදුමක් ඇති බව සඳහන් කරමින් ඔහු පැවසුවේ ගිනිගැනීමෙන් පසු ඇදගෙන යෑම වෙනුවට නැව ගිනිගැනීමට පෙර බේරගැනීමේ හැකියාව තිබුණු බවය.

    නැව් ඇදගෙන යෑම තමන්ගේ ආයතනයේ ප්‍රධාන කටයුත්තක් බවත්, මෙවැනි අවස්ථාවල මැදිහත්වීම තමන්ගේ ආයතනය වසර ගණනාවක් තිස්සේ වෘත්තීයමය වශයෙන් සිදු කරන බවත් ඔහු කීය.

    නැව ගිනිගත් මොහොතේ සිට මෙම විෂය පිළිබඳ දැනුමක් ඇති තමන්ගේ ආයතනය වැනි පාර්ශ්වයන්ගේ සහයෝගය ලබා නොගත් බවත්, නිසි ක්‍රියාමාර්ග නොගෙන නැව ගිනිගෙන අවසන් වන තුරු නිසි ප්‍රතිචාරයක් දැක්වීමට අසමත් වූ බවත් ඔහු පැවසීය. තම ආයතනයේ සහයෝගය මුල්ම මොහොතේ ලබා ගත්තේ නම් ගින්න නිවා නැවේ බඩු භාණ්ඩ පවා බේරාගැනීමේ ඉඩක් තිබුණ බව ඔහු ප්‍රකාශ කළේය‘‘ (ජූනි 04 වැනි දින අනිද්දා පුවත්පත)

    නැවේ ගින්නෙන් වූ හානිය සම්බන්ධව වරාය වෘත්තීය සමිති ජනාධිපති කොමිෂන් සභාවක් ඉල්ලයි

    මේ අතර X-PRESS PEARL නැව ගිනිගෙන මුහුදුබත්වීම සම්බන්ධව වගකිවයුත්තන් සොයා දඬුවම් පැමිණවීම, සිදුව ඇති හානිය පිළිබඳව විධිමත් සොයා බැලීමක් සිදු කිරීම, අගතියට පත් පාර්ශවවලට වන්දි ලබා දීම ආදී කරුණු සඳහා කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

    මේ සම්බන්ධව එම සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ සිය අත්සන සහිතව ඊයේ (04) ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රය තුළ කොළඹ වරායට විශාල කීර්තියක් අත්කරගෙන ඇති බවත් එය අතීතයේ සිටි විෂය පිළිබඳව අවබෝධයක් සහිත ඇමතිවරුන්, සභාපතිවරුන්, කීර්තිමත් නිළධාරීන් හා අති දක්‍ෂ සේවකයින්ගේ සාමූහික මැදිහත් වීම්වල ප්‍රතිඵල මත සිදු වූවක් බවත් නිරෝෂන් ගොරකානගේ එම ලිපිය මගින් පෙන්වා දෙනවා.

    එක්ස් – ප්‍රේස් පර්ල් නෞකාවෙන් පරිසරයට සිදුව ඇති හානිය අධ්‍යනයට බ්‍රිතාන්‍යයේ තාක්ෂණික සහාය ඉල්ලයි

    ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය (Sarah Hulton) සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර එහිදී ජනාධිපතිවරයා නෞකාවේ ගින්න ගැන පරීක්ෂණ පැවැත්වීම බ්‍රිතාන්‍යයේ සහාය ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වුණා. (එක්ස් – ප්‍රේස් පර්ල් නෞකාවෙන් පරිසරයට සිදුව ඇති හානිය අධ්‍යනයට බ්‍රිතාන්‍යයේ තාක්ෂණික සහාය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය – මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගන්නා ලදි)

    ගිනිගැනීම සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සමක්

    මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම නිසා හටගෙන ඇති පරිසර හානිය සහ ජනතාවට එල්ලවී ඇති බලපෑම වෙනුවෙන් පරිසර හිමිකම් කණ්ඩායම් වන පාරිසරික යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානය සහ ධීවරයින් ක්‍රියාකාරීන් විසින් අද (04) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

    නෞකාවේ කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩලය රඳවා තබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, නෞකාවේ හිමිකරුවන්ට සහ එහි නියෝජිතයින්ට එරෙහිව අවශ්‍ය සාපරාධී හා සිවිල් ක්‍රියාමාර්ග ගන්නා මෙන් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

    එසේම මෙවැනි ආපදා ඉදිරියේදී වීම වැළැක්වීමට අදාළ නීති හා රෙගුලාසි සැදීමට රජයට නියෝග කරන ලෙස ද ඉල්ලා ඇත.

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා විදේශ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමින් ඇතිවූ සිද්ධිය පිළිබදව තම කණගාටුව පළ කළේය.

    ඔහු පැවසුවේ පවතින සංචාරණ සීමා හේතුවෙන්, සිදුවී ඇති හානිය අවම කරගැනීම සඳහා පිරිසිදු කිරීම වැනි කාර්යයවල යෙදීමට අවශ්‍ය පුද්ගලයින් ලබාදිය නොහැකි වූවත් අවශ්‍ය යාන්ත්‍රික පහසුකම් සැපයීමට දැනටමත් තම සමාඟම කටයුතු කර ඇති බව ඔහු කියා සිටියේය.

    පෙත්සම්කරුවන් කවුද?

    • පාරිසරික යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානය (සහතිකය) සීමිත සමාගම,
    • එහි විධායක අධ්‍යක්ෂ විතානගේ දොන් හේමන්ත රංජිත් සිසිර කුමාර
    • විජේතුංග අප්පුහාමිගේ හර්මන් කුමාර
    • අරුණ රොෂාන්ත ප්‍රනාන්දු.

    වග උත්තරකරුවන් කවුද?

    වග උත්තරකරුවන් 13 දෙනෙකි:

    • සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය
    • ශ්‍රී ලංකා වරාය අධිකාරිය
    • ජෙනරාල් (විශ්‍රාමික) ආර්. එම්. දයා රත්නායක, සභාපති – ශ්‍රී ලංකා වරාය අධිකාරිය
    • ඒ ඩබ්ලිව් සෙනෙවිරත්න, අධ්‍යක්ෂ ජනරාල් – වෙළෙඳ නැව්
    • මධ්‍යම පරිසර අධිකාරිය
    • ඒ. හේමන්ත ජයසිංහ, අධ්‍යක්ෂ ජනරාල් – මධ්‍යම පරිසර අධිකාරිය
    • ආර්.ඒ.එස්. රණවක, අධ්‍යක්ෂ ජනරාල් – වෙරළ සංරක්ෂණය සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව,
    • ආචාර්ය පාලිත කිත්සිරි, අධ්‍යක්ෂ ජනරාල් -ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ඒජන්සිය,
    • එස්.ජේ. කහවත්ත, අධ්‍යක්ෂ ජනරාල් – ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
    • රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය,
    • මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
    • ආචාර්‍ය නාලක ගොඩහේවා – රාජ්‍ය අමාත්‍ය – නාගරික සංවර්ධනය, වෙරළ සංරක්ෂණය, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පිරිසිදුකම,
    • එක්ස්ප්‍රස් ෆීඩර්ස් (X-Press Feeders)
    • සී කන්සෝර්ටියම් ලංකා (පුද්) සමාගම – (එක්ස්ප්‍රස් ෆීඩර්ස් හි දේශීය නියෝජිතයා
    • නීතිපති

    පෙත්සම්කරුවන් ඉල්ලා සිටින ප්‍රධාන කරුණු මොනවාද?

    • ධීවරයින්ට හා හානියට පත් ප්‍රදේශවල ධීවර කර්මාන්තයට සිදු වූ පාඩුව වෙනුවෙන් වන්දි ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට උපදෙස්.
    • සංචාරක කර්මාන්තයට හා හානියට පත් ප්‍රදේශවල සංචාරක කර්මාන්තයේ නියුතු අයට සිදුවූ පාඩුව සඳහා වන්දි.
    • විශේෂඥ කමිටුවක් පත් කිරීම මගින් මහජනයාට සිදුවිය හැකි හා සෞඛ්‍යමය බලපෑම් තක්සේරු කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර එම මූලික හා අවසාන වාර්තා අධිකරණයට ඉදිරිපත් කර එමගින් නිර්දේශිත අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් දෙන ලෙසත්, 2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ හෝ වෙනත් නීතිවල විධිවිධාන ප්‍රකාරව වන්දි ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් දීම.
    • එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් බැහැරවී ඇති ප්ලාස්ටික් පෙති / නර්ඩ්ස් සහ අනෙකුත් සුන්බුන් පරිසර හිතකාමී ලෙස බැහැර කරන ලෙස හෝ නැතහොත් එම අපද්‍රව්‍ය නැවත ප්‍රති අපනයනය කිරීමට 11 වන වගඋත්තරකරු වන එක්ස්-ප්‍රෙස් ෆීඩර්ස් සහ 12 වන වගඋත්තරකරු වන දේශීය නියෝජිත සී කන්සෝර්ටියම් ලංකා වෙත යොමු කිරීම.
    • සියලුම අලාභ හා වන්දි මුදල් කැපවූ ගිණුමකට බැර කරන ලෙසත්, ප්‍රදානය කරන ලද වන්දි සහ / හෝ හානි උපයෝගී කර ගෙවීම් කරන ආකාරය සහ / හෝ භාවිත කිරීමට අදහස් කරන ආකාරය ගැන අධිකරණය දැනුවත් කිරීම.
    • සමුද්‍රීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ ඕනෑම ආකාරයක සමුද්‍ර ව්‍යසනයකට සාර්ථකව හා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහ / හෝ විය හැකි දේ පිළිබඳ සැලැස්මක් සකස් කිරීමට බලධාරීන්ට උපදෙස් දීම.
    • මේ ආකාරයේ තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අදාළ ජාත්‍යන්තර සම්මුතීන් අනුමත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ සම්පාදනය කිරීමට, අදාළ ගිවිසුම්වලට එළඹීමට සහ පියවර ගැනීමට බලධාරීන්ට උපදෙස් දීම.

    මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා ඊයේ (04) මාධ්‍ය හමුවේ පවසා සිටියේ එක්ස් ප්‍රේස් පර්ල් නෞකාවේ විනාශය සමග ඇති වූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සදහා තම අධිකාරිය විසින් සිවිල් නඩුවක් ගොනු කර ඇති බවයි. අපරාධ නඩුවකින් වන්දි ලබා ගැනීම දීර්ඝ කාලයක් ගතවන නිසා මෙවැනි පියවරක් ගත් බව ද ඔවු සදහන් කළා.

    සැකසුම – තුෂාර වල්ගම

  • රසායනික පොහොර මාෆියාවට තිත තබමින් ‘ශ්‍රී ලංකාව කාබනික ගොවිතැනට පෙර ගමනක්‘

    රසායනික පොහොර මාෆියාවට තිත තබමින් ‘ශ්‍රී ලංකාව කාබනික ගොවිතැනට පෙර ගමනක්‘

    වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රසායනික පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ගත් තීරණය ඉතා කාලෝචිත සහ දූරදර්ශීය. මෙය ලොව පුරා ඇති කෘෂි ත්‍රස්තවාදයට එරෙහිව ගත් නිර්භීත තීරණයකි.

    අනුරාධා යහම්පත් – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර

    පසුගිය යල කන්නයේ දී ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කන්තලේ ගොවිමහතෙකු මා අමතා ප්‍රකාශ කර සිටියේ කුඹුරු යායක්ම කීඩෑ උවදුර නිසා විනාශ වී ඇති බැවින් ඒ වෙනුවෙන් වන්දි ලබාදීමට කටයුතු කරන ලෙසය. ඔහු පවසා සිටියේ එවකටද කොවිඩ් අර්බුදය හේතුවෙන් රට තුළ සංචරණ සීමා පනවා තිබූ බැවින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා වන්දි ලබා ගැනීම නොහැකි වූ බවයි.

    මාගේ ආරාධනාව පරිදි රසායනික විද්‍යාඥ ආචාර්ය කීර්ති වික්‍රමසිංහ මැතිතුමා කන්තලේට පැමිණියේ අඛණ්‌ඩව පැවැති මේ කීඩෑ උවදුරට පිළියමක් ලබාදීමට ය. පසුගිය වසරේ යල කන්නයේ නියමු ව්‍යාපෘතියක් ලෙස පටන් ගැනුණු කාබනික වී ගොවිතැන ක්‍රම ක්‍රමයෙන් පුළුල්ව ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කය පුරාවට වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා වූයේ මේ ආකාරයෙනි.

    මොන්සැන්ටෝ වැනි බහු ජාතික සමාගම් නිපදවන කෘෂි ආදේශ තවමත් ලොව පුරාම විකිණේ. කෙතරම්ද යත්, 2024 වන විට US ඩොලර් බිලියන 12 ක වටිනාකමින් යුතු ප්‍රමාණයක රවුන්ඩ්අප් නමැති වල්නාශකය පමණක් විකිණිය හැකි බව ට නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවැකි කියයි. මෙහි ඇති ප්‍රධාන රසායනිකය ග්ලයිෆොසේට් පිළිකාකාරක බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර පර්යේෂණ ආයතන මඟින් තහවුරු කර ඇතත් මෙය තවම මහා පරිමාණයෙන් විකිණෙමින් පවතී. ඖෂධ සමාගමක් වන බේයර් සමාගම 2018 දී ඇ. ඩො. බි. 63කට පිළිකාකාරක ග්ලයිපොසේට් නිෂ්පාදනය කරන මොන්සැන්ටෝ ආයතනය මිලදී ගන්නේ එම ආයතනයට නඩු 125,000ක් ද තිබිය දීය.

    දැන් එකම සමාගමකට පළමුව කෘෂිකාර්මික රසායනික ආදේශ විකුණා, පසුව සෞඛ්‍යය අංශයට ඖෂධ විකිණීමට හැකිය. මෙය මනුෂ්‍යත්වයට කෙරෙන ඉහළම උපහාසයි.

    ශ්‍රී ලංකාව ග්ලයිෆොසේට් තහනම් කළ රටවල් කිහිපය අතරින් එකකි. ලංකාවේ විශේෂයෙන්ම වියළි කලාපයේ ගොවීන් අතර පැතිර ඇති නිදන්ගත වකුගඩු රෝගය සම්බන්ධව කළ පර්යේෂණවල ප්‍රතිඵල වලින් පසුව රජය, ග්ලයිෆොසේට් තහනම් කිරීමට තීරණය කිරීම අප රට ලද ජයග්‍රහණයකි.

    අද වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රසායනික පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ගත් තීරණය ඉතා කාලෝචිත සහ දූරදර්ශීය. මෙය ලොව පුරා ඇති කෘෂි ත්‍රස්තවාදයට එරෙහිව ගත් නිර්භීත තීරණයකි.

    බොහෝ විශේෂඥයන්ගේ දැනුමට අනුව, ලොව පැවැත්ම රඳා පවතින්නේ ජෛව විවිධත්වය මතයි. ගැඩවිලාගේ සිට මී මැස්සා දක්වාද ඇති ජෛව විවිධත්වය රැක ගත හැක්කේ කාබනික යෙදවුම් වලට පමණක් සීමා වූ පසෙහි ජීවය රැක ගත හැකි පරිසර හිතකාමී ගොවිතැනින්මය.

    පරිසර පද්ධතියම රැකගත හැකි වන්නේ කාබනික ගොවිතැනෙනි. කාබනික යෙදවුම් සහිත පසෙහි පෝෂ්‍යපදාර්ථ වෙනත් පසක පෝෂ්‍යපදාර්ථ වලට වඩා 60 % කින් වැඩි බව අධ්‍යයන වලින් අනාවරණය වී ඇත.

    ආචාර්ය වන්දනා ශිවා පරිසර හිතකාමී කාබනික වගාව ලොව ප්‍රචලිත කිරීමට බොහෝ වෙහෙසක් ගන්නීය. භෞතික විද්‍යා ආචාර්ය උපාධිධාරිනියක් වන ඇයගේම ගොවිබිම් හරහා කරන ලද පර්යේෂණ වලට අනුව කාබනික යෙදවුම් සහිත පසෙහි නයිට්‍රජන් ප්‍රමාණය 44% සිට 147% දක්වා වැඩිවී ඇති බව ද රසායනික යෙදවුම් වලදී නයිට්‍රජන් 22%කින් අඩු වී ඇති බවද සොයාගෙන ඇත.

    ඇය ප්‍රකාශ කරන්නේ රසායනික පොහොර හරහා නයිට්‍රජන් එකතු කරන විට පසෙහි හටගන්නා ස්වභාවික නයිට්‍රජන් ප්‍රමාණය අඩුවන බවය.

    කාබනික ගොවිතැනේ දී පොස්පරස් 63%කින්ද පොටෑසියම් 34% කින් ද සින්ක් 14%කින් වැඩි වී ඇති බව ඇය පර්යේෂණවලින් පෙන්වා දෙයි.

    FAO ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කියූ ඩෙංග්යු මැතිතුමා පසුගිය මැයි 25 වන දින පැවැත්වු ලෝක නායකයන්ගේ සම්මේලනයේ දී ප්‍රකාශ කර සිටියේ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම, සොබාදහමත් සමඟ නොගැටී ජීවත් වීම, ස්වභාවධර්මය සහ මානවයා අතර සහජීවනය සියලු දෙනාගේම වගකීම බවත් ය. ඔවුන් මෙම ප්‍රතිපත්තීන් “අප විසඳුමේ කොටස්කරුවන්ය” යන තේමාව යටතේ ප්‍රචලිත කිරීමට කටයුතු කරයි.

    ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ පසුගිය මහ කන්නයේ කරන ලද පරිසර හිතකාමී ගොවිතැන හරහා අක්කරයකට අස්වැන්න වී බුසල් 73ත් 108ත් අතර ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවූ අතර පොහොර සහ කෘෂි විකර්ශක ඇතුළුව වියදම් වූ මුළු මුදලම රු.9000කට සීමාවිය. ගොවියකුට පොහොර සහනාධාරය ද ඇතුළුව රසායනික පොහොර හා අනෙකුත් ආදේශකයන් වලට යන මුදල රු.29000ක් පමණ වන අතර එම වී කිලෝවක් රජය මිලට ගත්තේ රු.50කට ය. කාබනික වී කිලෝවකට රු.100ක් වැනි අධික මුදලකට විකිණීමට හැකිවූ බවද ගොවියෝ පවසති. මෙම ක්‍රමවේදය යටතේ පාරම්පරික වී වඩාත් හොඳ ප්‍රතිඵල ලබා දුන් බවද අපි දනිමු.

    වී ගොවිතැන සම්පූර්ණ පරිසර හිතකාමී රසායනික පොහොර සහ ආදේශකවලින් තොර ගොවිතැනක් බවට පත්කිරීම අභියෝගාත්මක වුවද මෙය ජයගත හැකි අභියෝගයකි. වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනය මඟින් ඉදිරිපත් කර ඇති දත්තවලට අනුව මහ කන්නයට හෙක්ටයාර් 560,000 සහ යල කන්නයට හෙක්ටයාර් 310,000ක කුඹුරු වගා කරයි. මෙමඟින් අවුරුද්දකට කිලෝ මිලියන 2.7 ක හාල් ප්‍රමාණයක අස්වැන්න ලබා ගැනීමට හැකිවී ඇත.

    ඒකපුද්ගල හාල් පරිභෝජනය අවුරුද්දකට කිලෝ 100ක ප්‍රමාණයක් වන අතර මෙය කිසිම ආකාරයකින් අඩු නොකිරීමේ වගකීමද අප මුහුණ දෙන අභියෝග වලින් එකකි. අද වෙළදපොළේ පාරම්පරික සහල් රු.250ත් රු.500ත් අතර මිලකට දැකිය හැකිය. නමුත් අපගේ අභිප්‍රාය වනුයේ කාබනික පොහොර යොදා පරිසර හිතාකාමී ලෙස පාරම්පරික සහල් රටේ සාමාන්‍ය ජනතාවටද මිලදි ගත හැකි වන පරිදි මෙහි අස්වැන්න වැඩි දියුණු කිරීමය.

    නිවැරදි ජල කළමනාකරණය, මෙම අභියෝග ජය ගැනීමට ඇති ප්‍රධානම අංගයක් බව පරිසර හිතකාමී කෘෂි විශේෂඥයෝ පවසා සිටිති. කන්න දෙක අතරට රනිල බෝග වගාව හරහා පස සාරවත් වනවා පමණක් නොව වඩා පෝෂ්‍යදායී ආහාර ආදේශකයන් අපගේ ආහාර පද්ධතියට එකතු කර ගැනීමටද හැකිවේ.

    ජෛව විවිධත්වය පරිසර පද්ධතිය ආරක්ෂා කරනවා සේම විවිධත්වයෙන් යුතු ආහාර ලබාගැනීමේ පෝෂ්‍ය ඵලදායිතාව, සෞඛ්‍ය සුරක්ෂිත භාවය වැඩිකරගත හැකි බවද විද්‍යාඥයෝ පවසති.

    ලංකාවේ වී නිෂ්පාදනයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක වගා කරන නැගෙනහිර පළාතේ ගොවියා, රසායනික පොහොර තහනම ඔහු ලැබූ ජයග්‍රහණයක් ලෙස සිතන බව මම හොඳින් දනිමි. ඔවුන්ට අවශ්‍ය වන්නේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මුල්‍යමය ශක්තිය හා බිත්තර වී පහසුවෙන් ලබාගත හැකි ක්‍රමවේදයක්ය. ගව පට්ටි හිමි ගොවියාට පහසුවෙන්ම ඔවුන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරගත හැකිය. එබැවින් ගව සම්පතද ආරක්ෂා කර ගනිමින් එයද ගොවිතැනෙහි කොටසක් බවට පත් කර ගැනීමට හැකිවේ. ගෙවතු වගාවද තවතවත් දිරිමත් කිරීමට මෙය අවස්ථාවක් කර ගත යුතුය. මෙමගින් රටේ ආහාර සුරක්ෂිත භාවය ශක්තිමත් වන අතර, ගෙවතු වගාව ආර්ථිකයට සහ පරිසරයට වන දායකත්වය අවතක්සේරු නොකර මෙයද අපේ රටේ තිරසාර සංවර්ධනයෙහි අංගයක් බවට පත් කළ යුතුය.

    දුප්පත්කමින් පමණක් නොව වකුගඩු රෝගයෙන් ද පීඩා විඳින ගොවිජනතාවට පරිසර හිතකාමී ගොවිතැන අස්වැසිල්ලක් වනු බව නොඅනුමානය.

    රසායනික පොහොර ආනයනය නවතා ඇමෙරිකන් ඩොලර් මිලියන 400කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට රජයට හැකි වුවද කාබනික පොහොර ආනයනය කළ හොත් මෙම ඉතිරිවන මුදල රටේ නිෂ්පාදන ක්‍රියාවලියට එක් කිරීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාව මග හැරී යනු ඇත. එබැවින් හැකිතරම් කුඩා ගොවිබිම් වලට ඔවුන්ගේම කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබාදීමට ප්‍රමුඛතාව දිය යුතුය.

    ජාත්‍යන්තර කාබනික කෘෂිකාර්මික සම්මේලනයට (International Federation of Organic Agriculture Movements – IFOAM) අනුව ලෝකයේ හෙක්ටයාර් මිලියන 37.2ක් කාබනික කෘෂි වගාවහි යෙදේ.

    මෙයින් වැඩිපුර කාබනික කෘෂි වගා භූමි ඇත්තේ ඕස්ට්‍රේලියාව, ආජන්ටිනාව සහ ඇමෙරිකාවටයි. ලෝකයේ සැම රටක්ම ආහාර සුරක්ෂිතභාවය පවත්වා ගැනීමට වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට යොමුවෙමින් පවතී.

    ඔවුන් විශ්වාස කරනුයේ කුඩා ගොවිපළවල් හරහා විවිධ භෝග වර්ග වරින්වර පැළ කිරීම වඩාත් දියුණු කෘෂි තාක්ෂණයක් ලෙසයි.

    අන් සියල්ලම මෙන් කෘෂිකර්මාන්තය ද පරිණාමය වෙමින් පවතී. ලෝකයේ සෑම රටක් ම පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයට ක්‍රමක්‍රමයෙන් යොමු වෙමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව ම පරිසර හිතකාමී, තිරසාර ගොවිතැන හරහා ලොව වසවිසෙන් තොර පළමුවන රට වීමට ලැබී ඇති මෙම අනගි අවස්ථාව සියලු දෙනාම එක්වී යථාර්ථයක් බවට පත්කර ගැනීමට උත්සුක වෙමු.

  • COVID-19 Local hot: කොවිඩ් මරණ 48/16ක්ම නිවසේදී

    COVID-19 Local hot: කොවිඩ් මරණ 48/16ක්ම නිවසේදී

    පසුගිය මැයි 11 වැනිදා සිට ජූනි 03 වැනි දින දක්වා කාලය තුළ කොවිඩ්-19 මරණ 48ක් සිදු වූ සදහන් නිල වාර්තාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) ප.ව 21.30ට නිකුත් කළා. ඒ අනුව එදින කොවිඩ් ආසාදිත මරණ වාර්තා වී නැති අතර මිය ගිය 48 දෙනාගෛන් 25 දෙනකු පුරුෂයින් වන අතර 25 දෙනෙක් කාන්තාවන් බව සදහන්.

    මෙම මියගිය පුද්ගලයින්ගෙන් 18 දෙනකු මිය ගොස් ඇත්තේ නිවසේදී වීම විශේෂත්වයක්. වයස් කාණ්ඩය අනුව වැඩිම මරණ 60-69 කාණ්ඩයෙන් වාර්තා වන අතර එය 16ක්.

    මේ සම්බන්ධ නිල වාර්තාව පහත පළ වෙනවා.

    covid-death-jun-4