Tag: featured

  • ජනපති සහ දකුණු පළාත් උසස් නිලධාරීන් අතර හමුවක්

    ජනපති සහ දකුණු පළාත් උසස් නිලධාරීන් අතර හමුවක්

    කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා දේශපාලන අධිකාරිය ලෙස පහසුකම් සැපයීමට තම රජය කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ, දකුණු පළාතේ පොලිස් ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවති සාකච්ඡාවේදීය.

    රටේ මූලික නීතියට සියලුදෙනා යටත් විය යුතු බවත් එම නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකිම පොලිස් දෙපාර්තමේන්තුවට පැවරෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධ වාර්තා පිළිබඳ දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබූ අතර, අපරාධ මර්දනයට අදාළව ගත හැකි සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස එහිදී ජනාධීපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

    බලපෑම්වලින් තොරව පුරවැසියාගේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය යන මහත්වරුද දකුණු පළාත් පොලිස් ප්‍රධානීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • දේශබන්දුගේ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ඓතිහාසික නඩු තීන්දුවක්

    දේශබන්දුගේ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ඓතිහාසික නඩු තීන්දුවක්

    මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය අද (මාර්තු 17 වැනිදා) ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළේය.

    ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල පොලිස්පතිවරයා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියම කර සිටියේ ය.

    එමෙන්ම පෙත්සම්කරුට අධිකරණය මගහැර සැඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව විමර්ශන කර නීතිමය පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල මාතර මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් නියෝග කළේය.

    දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම ඉකුත් 12 වනදා අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලිණි.

    ‘පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙකු නොවෙයි’

    තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙහි පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙකු නොව ඔහු රටේ පොලිස්පතිවරයා බවයි.

    රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ වගකීම පෙත්සම්කරු වෙත පැවරී තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා එවැනි වගකිවයුතු පුද්ගලයකු අධිකරණ නියෝග මඟ හරිමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව සඳහන් කළේය.

    මෙවැනි ක්‍රියා තුළින් නීතියේ ආධිපත්‍යයට මෙන්ම නීතිය කෙරෙහි තිබෙන මහජන විශ්වාසය බිඳ වැටීමට හේතුවන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ ය.

    පහළ අධිකරණවලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ තිබිය යුතු බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔවුන්ගේ කටයුතුවලට මැදිහත්වීමට ඉහළ අධිකරණ අපේක්ෂා නොකරන බවත් සඳහන් කළේය.

    මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ යම් ගැටලු සහගත තත්ත්වයක් තිබුණේ නම් ඔහු මුලින්ම කළ යුතුව තිබුණේ එම අධිකරණ නියෝගයට අවනත වී පසුව ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම බව සඳහන් කළ විනිසුරුවරයා එහෙත් පෙත්සම්කරු එම නීතිමය මූලධර්මය අනුගමනය කර නොමැති බවත් කියා සිටියේ ය.

    සමස්ත කරුණු විශ්ලේෂණය කර බැලීමේදී පෙත්සම්කාර පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරය තුළින් ඔහු පිරිසුදු දෑත් වලින් අධිකරණය හමුවට පැමිණි බවක් පෙනී නොයන හෙයින් ඔහුගේ පෙත්සම සහ අතුරු තහනම් ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර ඇත.

    සියලු කරුණු සලකා බැලීමේදී මාතර මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීත්‍යානුකූල බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරුන්ගෙන් අධිකරණයට මෝසමක්

    අද පෙරවරුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේදී නැගී සිටි දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ” ස්වාමීනි… මෙම නඩුකරයට අදාළ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපතක් අධිකරණය හමුවේ ගොනු කර නොමැති බවට පසුගියදා කරුණු ඉදිරිපත් කිරීම සිදුවුණා. ඒ අනුව අප සම්පූර්ණ නඩු ගොනුවේ පිටපතක් මාතර අධිකරණයෙන් අයදුම් කළා. එම සම්පූර්ණ නඩුගොනුවේ පිටපත ලැබුණේ පසුගිය සිකුරාදා සවස 4.00 පමණ. ඒ අනුව තමයි අද පෙරවරුවේ මෝසම ඉදිරිපත් කළේ. එම නිසා එම සම්පූර්ණ ලේඛනය සම්බන්ධයෙන් නැවත කරුණු සලකා බලා තීන්දුවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා අයැද සිටියේ ය.

    එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් දැඩි විරෝධය පළ කළේය.

    “ස්වාමීනී… එම ඉල්ලීමට මා තරයේ විරුද්ධ වෙනවා. මේ නඩුකරයේ පෙත්සම්කරු පසුගිය 28 වන දා සිට අධිකරණ නියෝග මගහැර සැඟවී සිටින පුද්ගලයෙක්. මේ මෝසම ඉදිරිපත් කළේ අද පෙරවරු 8.40ට පමණ. තීන්දුව කල් දමා ගැනීමේ අරමුණින් තමයි මේක ඉදිරිපත් කර තිබෙන්නේ. යටි අරමුණු සහිතව ඉදිරිපත් කරන මෙවැනි ඉල්ලීම්වලට ඉඩ නොදෙන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ” ඒ අනුව පෙත්සම්කරුගේ මෝසම ප්‍රතික්ෂේප කොට නඩු තීන්දු ප්‍රකාශයට පත්කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

    පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනය ගැන අවධානය

    මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් ඊයේ දින නිකුත් කර තිබූ නිවේදනයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබෙන බව සඳහන් කර සිටියේ ය.

    මෙම පොලිස් මාධ්‍ය නිවේදනයේ පිටපතක්ද ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

    එය පරීක්ෂාවට ලක් කළ අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු ලෆාර් කියා සිටියේ එම නිවේදනයේ හතරවන ඡේදයේ සඳහන් වන ආකාරයට තම අධිකරණය විසින් එවැනි නියෝගයක් නිකුත් කර නොමැති බවයි.

    ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් ” ස්වාමීනී… ජනවාරි මාසයේ පමණ මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිරිසක් පෙත්සමක් ඉදිරිපත් කළා තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා. එය සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී විමර්ශන අවසන් වන තෙක් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවට වග උත්තරකරුවන් විසින් අධිකරණය හමුවේ එකඟතාවයක් ඇති කරගෙන තිබුණා. එම අවස්ථාවේදී ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග නිකුත් කර තිබුණේ නැහැ. නමුත් දැන් තත්ත්වය වෙනස්. දැන් සැකකරුවන්ව අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝගයක් තිබෙනවා. මේ අවස්ථාවේ අධිකරණ නියෝගයට අවනතව කටයුතු කිරීමට අපට සිදුවෙනවා. එම නිසා එම එකඟතාවය තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නෑ. නීතිපතිවරයා විසින් එය ඉවත් කරගෙන තිබෙනවා. ඊයේ දින සිදුවුණේ සම්පූර්ණයෙන්ම මාධ්‍ය සංදර්ශනයක්. අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත නඩු තීන්දුවට බලපෑමක් සිදු කිරීමේ අරමුණින් තමයි මේ කරුණු ඊයේ දින මාධ්‍යවලින් ප්‍රකාශ වුණේ. අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත තීන්දුවට පීඩනයක් එල්ල කිරීමටයි මෙවැන්නක් සිදු වුණේ ” යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

    මෙහිදී අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ ඉකුත් 12 වනදා මෙම පෙත්සම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ නීතිඥවරුන්ගෙන් පුළුල් ලෙස අධිකරණය කරුණු විමසීමක් කළ බවයි.

    ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ මෝසම ඉවත දමමින් තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙහි පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙකු නොව ඔහු රටේ පොලිස්පතිවරයා බව සිහිපත් කළා.

    “මෙම නඩුකරයේ පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙක් නොවෙයි. ඔහු රටේ පොලිස්පතිවරයා. රටේ නීතියේ ආධිපත්‍යය සුරැකීමේ පරම වගකීම ඔහු වෙත පැවරී තිබෙනවා. එවැනි වගකිවයුතු පුද්ගලයකුට අධිකරණ නියෝග මගහරීමෙන් කටයුතු කිරීමට හැකියාවක් නැහැ. පොලිස් දෙපාර්තමේන්තුව හා අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වන ආයතන දෙකක්. එම නිසා පෙත්සම්කරුට මහජන විශ්වාසය කඩවන ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඔහු නීතියට ඉහළින් සිටින පුද්ගලයෙක් යැයි සිතා කටයුතු කර ඇති බවක් අධිකරණයට හැඟී යනවා. මේ තුළින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටීමටත් හේතු වෙනවා” යනුවෙන් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.

    වැඩිදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා ” පෙත්සම්කරු මෙම ඉල්ලීම ඉදිරිපත් කරන්නේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරමින්. ඔහු නීතිගරුක අයෙකු වශයෙන් මුලින්ම කළ යුතුව තිබුණේ මාතර මහේස්ත්‍රාත් අධිකණයේ පෙනී සිට එම නියෝගයට අවනත වීමයි. මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ යම් දෝෂ සහගත තත්ත්වයක් තිබුණේ නම් පැමිණිලි කළ යුත්තේ ඊට පසුවයි. නමුත් පෙත්සම්කරු එම නීතිමය සම්ප්‍රදාය අනුගමනය කළේ නැහැ. පෙත්සම්කරු නීතිය ආධිපත්‍ය සුරැකීමට බැඳී සිටින පුද්ගලයකු වශයෙන් ඔහු අධිකරණ නියෝග වලට අවනත විය යුතුයි. සාමාන්‍ය පුරවැසියෙකුට එරෙහිව සුළු වරදක් සිදුවන අවස්ථාවක පවා ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා කටයුතු කරනවා. එහෙත් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරන ආයතනයක ප්‍රධානියා වශයෙන් පොලිස්පතිවරයාට එරෙහිව මෙවැනි නියෝගයක් නිකුත් වී ඇති අවස්ථාවක එය බැහැර කරමින් කටයුතු කිරීමට හැකියාවක් නැහැ. එසේ කළහොත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටී “අරගලය” වැනි තත්ත්වයන් මතු වීමට හැකියාව තිබෙනවා.” යනුවෙන් තීන්දුවේ සඳහන් කළේය.

    ඒ අනුව පෙත්සම්කරු විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැරදි සහගත ලෙස මෙම මෙහෙයුම සඳහා ස්ථානගත කරවීම, මෙම මෙහෙයුම සම්බන්ධයෙන් කිසිදු සටහනක් යොදා නොතිබීම, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දකුණු පළාතේ මෙහෙයුමක් සඳහා පිටත් වීම පිළිබඳව ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් නොකිරීම, නීති විරෝධී ලෙස ටී 56 වර්ගයේ ගිනි ඇතුළු අවි ආයුධ ලබාගෙන ඒවා භාවිතා කිරීම , පෙත්සම්කරු යටතේ “පැරා මිලිටරි” කණ්ඩායමක් ක්‍රියාත්මක වී තිබීම, මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ළඟම රෝහලට ඇතුළත් නොකොට ඉමදූව අධිවේගී පිවිසුම දක්වා ප්‍රවාහනය කිරීම, මෙම මෙහෙයුම සඳහා සහභාගි වූ සියලුම නිලධාරීන්ගේ රාජකාරී ජංගම දුරකථන වසා තිබීම, මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබූ නියෝගයට අවනත නොවී කටයුතු කිරීම යනාදී සැක කටයුතු කරුණු සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරුවරයා අවධාරණය කළේය.

    වැඩිදුරටත් කරුණු දැක්වූ විනිසුරුවරයා පෙත්සම්කරු කරුණු වසන් කරමින් අධිකරණය හමුවේ මෙම ඉල්ලීම සිදුකර තිබෙන බව පෙනී යන්නේ යැයි කියා සිටියේ ය.

    “සියලු කරුණු විශ්ලේෂණය කර බැලීමේදී පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීත්‍යානුකූල බව සඳහන් කළ යුතුයි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(1)1 වගන්තිය යටතේ මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය නොමැති බව පෙත්සම්කාර පාර්ශවය ප්‍රකාශ කර තිබුණා. එය පිළිගැනීමට හැකියාවක් නෑ. අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මහේස්ත්‍රාත්වරයාට මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට බලය තිබෙන බව සඳහන් කළ යුතුයි. සියලු කරුණු විශ්ලේෂණය කිරීමේදී පෙත්සම්කරු සහන පතා මෙම අධිකරණයට පැමිණ තිබෙන්නේ පිරිසිදු දෑතින් නොවන බවයි පෙනී යන්නේ. එම නිසා ඔහු ඉල්ලා සිටින සහන ප්‍රදානය කිරීමට අධිකරණයට හැකියාවක් නැහැ” යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා අදාළ පෙත්සම රුපියල් 10525 ක ගාස්තුවකට යටත්කොට නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේය.

    නඩු තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අධිකරණය ඇමතු අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස්මෙ ම නඩු තීන්දුව මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රකාශ වූ ඓතිහාසික නඩු තීන්දුවක් බවත් සඳහන් කළේය.

    සම්පූර්ණ උපුටා ගැනීම – bbc.com/sinhala

  • බටලන්ද කඩුවෙන් දෙපැත්ත කැපීම – 1

    බටලන්ද කඩුවෙන් දෙපැත්ත කැපීම – 1

    රජිත් කීර්ති තෙන්නකෝන්

    බටලන්ද වනාහි ‘මිටක් නැති දෙපැත්ත කැපෙන කඩුවකි.’ අල්ලන අල්ලන කෙනා තුවාල කර ගන්නේය.

    බටලන්ද වාර්තාව සභාගත කරමින් බිමල් රත්නායක පැවසූවේ ‘මනෝරාණී සරවනමුත්තු’ ඇතුළු පිරිස් දුක අසමින් අතුරුදන් වූවන් ගැන වාර්තා ගොනු කළ බවය. නැත! එය කළේ මනෝරානි නොව මනෝරි (ද සිල්වා) මුත්තෙට්ටුවේගම විසිනි. 87-89 ගැන වාර්තා තුනක් සකස් කර ඇත. එයින් අතුරුදන්වීම් පිළිබඳ සිද්ධි 7,858 ක් අතරින් සිද්ධි 4,858 ක් ම රජයේ හමුදා සහ සන්නද්ධ අංශ විසින් සිදු කර ඇත.  තවත් සිද්ධි 59 ක් පුද්ගලික එදිරිවාදිකම් මත රජයේ (හමුදා/පොලිස්)  පාර්ශව විසින් සිදු කර ඇත.  සිද්ධි 1,543 ක් ගැන නිශ්චිත හේතු නැත. එහි ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් සිදු කළ අතුරුදන් කිරීම් 779 කට නිශ්චිත තොරතුරු පවතී.

    රජයේ නිල සංඛ්‍යා ලේඛන අනුව 1987  සිට 89 දක්වා කාලය තුල ඝාතනය ලක් වූ සහ අතුරුදන් කළ සංඛ්‍යාව 41,813 කි. මානව හිමිකම් වාර්තා අනුව එම සංඛ්‍යාව 67,652 කි. මෙහි අර්ථය මරණයට හෝ අතුරුදන් හෝ වූ පුද්ගලයින් 41,813 ක් ගැන නිශ්චිත තොරතුරු පවතින බවය.

    මේ ඝාතන හා අතුරුදන් කිරීම් පිළිබඳ පරාසය අති විශාලය. උදාහරණයක් ලෙස අතුරුදන් වූවන් පිළිබඳ මනෝරානි සරවනමුත්තු, මනෝරි මුත්තෙට්ටුගම (කොල්වින් ආර් ද සිල්වා ගේ දුව) ත් වඩා රජයට වැඩිම බලපෑම් කළ පුද්ගලයා ලෙස සැලකිය හැකි අපගේ මිතුරු බ්‍රිටෝ ප්‍රනාන්දු ගනිමු.  කැරැල්ල සමයේ ඔහුට ද සැඟවී සිටීමට සිදු වූ අතර, රජයෙන් නිකුත් කළ අවියක් ඔහුට ද නව සම සමාජ පක්ෂය හරහා ලැබී තිබුණි. (එම ගිනි අවිය ජවිපෙ විසින්‍ සොරාගන්නා ලදී) දේශපාලනික අප සමඟ ගනු දෙනු කළ වාමාංශික පක්ෂවල බහුතරයකට රට පුරා තැන තැන රජයේ ආයුධ වලින් ආරක්ෂාව ලබා ජීවත්වන්නට සිදු විය. ඉබ්බාගමුව යකල්ල දේවසරණ ඇතුළු ස්ථාන රැසක මේ ගැන උදාහරණ ඇත.

    ජවිපෙ විසින් ඝාතනය කරන ලද වැලිගම නව සමසමාජ පක්ෂ සුළුතර කණ්ඩායමේ ඩග්ලස් කළුආරච්චි ගේ මිනිය රැගෙන යන මාර්ගයේ කැබ් රථයකින් අවසන් ගෞරව දක්වන්නට පැමිණි පිරිසට (පණ බේරා ගැනීමට) අවි ආයුධ බෙදා දෙනු ලැබීය.   කොමියුනිස්ට් පක්ෂයේ මාතර නායකයෙකු වූ ‘ඩැනී හිත්තැටිය මුවන්පැලැස්සේ කදිරා මෙන්’ පිටේ ශොට් ගන් එකක් ද, පාපැදියේ හැඩල්එක උඩ තවත් තුවක්කුවක් ද, ඉනේ පිස්තෝලයක් ද සහිතව (පාපැදියෙන්) ගොස් දේශපාලනය කළේය. නමුත්, අප කතා කරන්නේ එළියකන්ද, එච්.ආර්.පියසිරි, රන්ජන් විජේවර්ධන වැනි එජාපයට සම්බන්ධ අය ගැන පමණී.

    සිරිල් වෛද්‍යරත්න 87 -89 කැරැල්ල ගැන කිව්වේ ‘ලාන්ස් කෝප්ල් ලා දෙදෙනෙකු හයිඑස් වෑන් රථයකින් ගොස් යුද්ධයක්’ බවය.  87 -89 ලංකාවේ සාම්ප්‍රදායික යුද්ධයක් හෝ සාම්ප්‍රදායික සිවිල් යුද්ධයක් පැවතුනේ නැත.  එය ලෝකයේ වෙනස්ම සිවිල් යුද්ධයකි. පළමු වටයේ දී, ජනතා විමුක්ති පෙරමුණ ගමේ ඔවුන්ට තර්ජනයක් විය හැකි යැයි තීරණය කළ (උදා – එජාප පාක්ෂිකයින්, වාමාංශිකයින්) ඝාතනය කළේය. දෙවනුව ග්‍රාම නිලධාරි, වගා නිලධාරි, විදුහල්පතිවැනි පිරිසක් ඝාතනය ‍විය. පොලීසිය, හමුදාව මාස  ක් යන තෙක් සිදුවන්නේ කුමක්දැයි තේරුම්ගත නොහැකිව අන්දමන්ද වී සිටියේය.  පොලීසියේ ප්‍රේමදාස උඩුගම්පොල, ලකී අල්ගම, එඩිසන් ගුණතිලක (ගඩාෆි), නොයෙල් චන්දන කුඩාහෙට්ටි ඇතුළු පිරිසක් අඩුම උණ්ඩ ගණනකින්, පිහි, කැති, ගල්කටස් ප්‍රහාරයට ඒ ක්‍රමයටම උත්තර දුන්නේය. හමුදා, පොලීසියේ පවුල්වල සාමාජිකයින් ඝාතනයෙන් එයට ජවිපෙ ප්‍රතිචාර දැක්වීය.

    හැට දෙදහසක් ඝාතනය කරන්නට උණ්ඩවලට වඩා යොදා ගත්තේ කඩු, කිනිසි, තනි පතොරමේ තුවක්කු ය! ජවිපෙ හන්දි හන්දි ගානේ මිනිසුන් ඝාතනය කළ අතර, හමුදාව, පොලීසිය, අතුරු හමුදා ද හන්දි හන්දි ගානේ ඝාතන කළෝය. සමාජයේ පැවති ශීලාචාරත්වය ජවිපෙ – ආණ්ඩු ඝාතන ක්‍රමය විසින් බිඳවට්ටවන ලදී.

    වර්ධරාජා පෙරුමාල් විජය කුමාරතුංගට සන්නද්ධ භටයින් දෙදෙනෙකු ගේ සේවය ලබාදෙන්නට ඉදිරිපත් විය. එය නොගත් විජය මැරුණේය. වාමාංශිකයින් ආයුධ ගත්තේ ඉන් පසුවය.  එදා ‘ප්‍රා’ සහ වෙනත් නම්වලින් ආයුධ ගත් පිරිස සිවිල් ක්‍රියාකාරීන් ලෙස අදත් කටයුතු කරති.

    ඝාතන එකම පවුලක් ඇතුලත වුවත් අවුල් ජාලයක් නිර්මාණය කරන්නේය. මෑතක දී පාර්ලිමේන්තුවේ 87-89 ඇදගත්තේ මාතලේ ගමගෙදර දිසානායක (තිබ්බොටුවාවේ ඥානරතන) ය. ඔහු නොදන්නා හෝ අමතක කරන කරුණ නම් මාතලේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී දිනේෂ් හේමන්ත පෙරේරා ගේ බාප්පා වූ විමල් කුරුකුලසූරිය බවය. විමල් යනු 88 ජවිපෙ න් ඉවත්වීම නිසා ඝාතනයට සොයමින් සිටි පුද්ගලයා ය.  එතැනම ඝාතනය වූ ගමගෙදර සරත් ගේ පවුලේ අය මේ කතා නොදන්නවා ‍නොවේ. මන්ත්‍රී දිනේෂ්ට උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර ගත නොහැකිව ටියුෂන් ගුරුවරයෙකු වන්නට සිදු වූයේ මේ ඝාතනවල පීඩනය ඔවුන්ගේ පවුලට තිබූ නිසාය. දැන්, අවසානයේ ඔහුට 2024 මන්ත්‍රී ධූරය ලැබුණේ ජවිපෙ නිසාය. නැවත ‍අතීතය අවුස්සා මේ මන්ත්‍රීවරයා අලුත් අවුරුද්දට ඔහුගේ නිවසට එන පවුලේ සාමාජිකයින්ට මුහුණ දිය යුතුය!

    සරත් ඉද්දමල්ගොඩ පියතුමා බටලන්ද ගැන සටහනක් ලියා තිබුණි. එතුමන්ගේ සහෝදරයා අවිස්සාවේල්ල ‘වග’ එජාප පළාත් සභා අපේක්ෂක ඉද්දමල්ගොඩ ඝාතනය කරනු ලැබූවේ ජවිපෙ විසිනි. මීගමුව මුන්නක්කරේ පිහිටි ‘සිඳුපති’ බෝට්ටු අංගනයේ තිබී ආයුධ හමුවී විට එතුමන්ගේ ආගමික නිකායේ ප්‍රධානියෙකුට, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පවසා තිබුනේ මේ වන විට භික්ෂූන් වහන්සේ 300 ක් ඝාතනය වී ඇති බවත් පියතුමෙකුගේ ඝාතනය තවත් ඉලක්කමක් පමණක් බැවින් පණ බේරාගන්නා ලෙසය.

    87 -89 කැරැල්ලට සම්බන්ධ වූ දහස් ගණනක් සමාජ පීඩණය නිසාම, අද ජීවත්වන්නේ තමන්ගේ නම පවා වෙනස් කරගෙනය. අතීත භිෂණයේ මතක දිග හැරෙන්නේ මේ සියළු ආකාරයේ කුණු කන්දල් ද සමඟය.

    ජවිපෙ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කර ඔළුබක්කන් බවට පත්ව ජීවිතය බේරාගෙන ජවිපෙ නායකයින් බවට පත් වූ පිරිසක් ද වෙති.

    මේ රටේ බොහෝ දෙනා සංක්‍රාන්ති යුක්තිය ඉල්ලා සිටි පිරිසකි. අපි සැමටම,

    1. එවැනි තත්වයක් නැවත ඇති නොවන බවට සහතික වීම (ආයතනික, නෛතික, සමාජීය, දේශපාලනික, ආර්ථික ආදී ප්‍රතිසංස්කරණ ඇතුළත් පුළුල් ක්‍රියාදාමයක් මෙහිදී අවශ්‍යය).
    2. අපරාධමය වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීම හා නීතිමය වගවීම තහවුරු කිරීමට අවශ්‍යය.
    3. හානිපූරණය (හානිපූරණය යනු වන්දි ගෙවීම පමණක් නොවේ. පීඩාවට පත්වූවන්ට ප්‍රතිකාර කිරීම, මනෝ සමාජයීය සහාය සැපයීම, පුනරුත්ථාපනය, අනුස්මරණය වැනි දේ ද එයට අයත් වේ) අවශ්‍යය.
    4. සත්‍යය සෙවීම (විශේෂයෙන්ම අතුරුදහන් වූවන්ගේ පවුල්වලට මෙය ඉතා වැදගත්ය) අවශ්‍යය.

    නමුත් කිසිවෙකුටත් පරණ තුවාල පාරවා හදවත් දවාගන්නට අවශ්‍ය වූයේ නැත. හදවත් සුවපත් කර ගන්නට පමණක් අවශ්‍ය වූවේය. අවසනාවකට කෙටි කාලීන ජනප්‍රියත්වය පතා හෝ පෙරටුගාමී බලපෑම නිසා හෝ බටලන්දට වැරදි තැනකින් ගිණිතබා 87-89 යේ ඝාතනය වූ, වද හිංසාවට ලක් වු පවුල් සමාජිකයින්ගේ පවුල් ලක්ෂ 5 කට වැඩි ප්‍රමාණයක් එකවර කම්පනය කර ඇත. ඒ අතීතයෙන් ගැලවීමට බැරි මිනිසුන්ගේ තුවාල නැවත පාරවා ඇත.

    උතුරටද, දකුණට සංක්‍රාති යුක්තිය වෙනුවෙන් සටන් කළ, කතා කළ කිසිවෙකුට දැන් මේ යුක්තියේ මාවත මඟ හැර යා නොහැකිය. උතුර ද දකුණ ද, තව ටික දවසකින් නැවත ජාත්‍යන්තර ප්‍රජාව ද ‘වගවීම, වගකීම ගැන අලුත් ජවයකින් කතා කරනු ඇත. යුක්තිය ඉල්ලා දෙවියන් යදිනට පමණක් නොව, තවත් බොහෝ දේ කරන්නට උත්සහ දරනු ද ඇත.

    ‘මිටක් නැති දෙපැත්ත කැපෙන කඩුවට’ සමා‍ජයේ යම් පිරිසක් නැවත අත තබා ඇත. ඉතින් අපි හැමෝම නැවතත් තුවාල අලුත් කර ගනිමු!

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • රිළවුන් වැඩි වුනත් එකයි

    රිළවුන් වැඩි වුනත් එකයි

    එක කතාවක වඳුරෙක් ගමනක් යනවා. ඔහොම යද්දී ගඟක් හමු වෙනවා. දැන් ප්‍රශ්නය ගඟෙන් එහාට යන්නේ කොහොමද කියන එක.

    වඳුරා ගඟෙන් එගොඩ විය හැකි ක්‍රමයක් ගැන කල්පනා කරද්දී ගඟේ කිඹුලන් සිටින බවත් පේනවා. දැන් වැඩේ තවත් සංකීර්ණයි!

    වඳුරාට පීනන්න බැහැ. ගඟෙන් එහාට පනින්නත් බැහැ. ලොකු ගඟක්. හැබැයි වඳුරා වැඩේ අතාරින්නේ නැහැ. වඳුරා කරන්නේ ගඟ අයිනේ ඉන්න කිඹුලෙක්ව කතාවට අල්ල ගන්න එක.

    “කිඹුල් හාමි, මේ ගඟේ කිඹුල් හාමි තනියමද ඉන්නේ?”

    “මොන පිස්සුද? මේ ගඟේ කිඹුල්ලු සිය ගාණක් ඉන්නවා!”

    “ඒකනම් කීයටවත් වෙන්න බැහැ. කැලේ ඉන්න වඳුරෝ තරමට ගඟේ කිඹුල්ලු ඉන්න විදිහක් නැහැ.”

    “මොකද බැරි? කැලේ වඳුරන්ට වඩා ගඟේ කිඹුල්ලු වැඩියි!”

    “මමනම් කීයටවත් පිළිගන්නේ නැහැ!”

    වඳුරා කිඹුලත් එක්ක වාදයක පැටලෙනවා.

    “හරි කැලේ වඳුරෝ කීයක් ඉන්නවද?”

    කාලෙකට හරියකට සංගණනයක් කරලා නැති නිසා වඳුරා ඔය ගණන දන්නේ නැහැ. හැබැයි මේ වඳුරාට නොදන්නා දේවල් වුනත් දන්නවා වගේ පෙන්නලා වෙනත් අයව රවට්ටන එක ගැන හොඳ පළපුරුද්දක් තියෙනවා.

    “හරියටම එකසිය හැටක්. මේ මාත් එක්ක!”

    වඳුරා ඔය වගේ කටට ආපු ගණනක් කියලා දමනවා.

    “අයියෝ එකසිය හැටද? ගඟේ කිඹුල්ලු ඊට වඩා ගොඩක් වැඩියි!”

    “ඔය කිවුවට පේන්න නැහැනේ. කොහොමද ඔප්පු කරන්නේ?”

    ඔන්න දැන් වඳුරා සහ කිඹුලා එකඟතාවයකට එනවා. කිඹුලාට තියෙන්නේ ගඟේ ඉන්න සියලුම කිඹුල්ලුන්ට කතා කරලා උන්ව ගඟ හරහට පෝලිම් ගස්සන එක. කොහෙවත් ඉන්න වඳුරෙකුට සෙකන්ඩ් වෙන්න කැමති නැති නිසා කිඹුල්ලු ටික ගඟ හරහට පෝලිමට එකතු වෙනවා. ගඟේ කිඹුල්ලු ගණන ඇත්තටම එකසිය හැටට වඩා වැඩියි. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් මැච් එකක්. කොහොම හරි දැන් ගඟ හරහට කිඹුල් පාලමක්!

    වඳුරාට තියෙන්නේ කිඹුල්ලු ටික ගණන් කරන එක. වඳුරා කිඹුල්ලුන්ගේ පිටවල් උඩින් අඩිය තියමින් කිඹුල්ලු ගණන් කරනවා. අන්තිම කිඹුලාව ගණන් කරලා ඉවර වෙද්දී වඳුරා එහා පැත්තේ!

    “දැක්කා නේද? වඳුරන්ට වඩා කිඹුලෝ වැඩියි!”

    කිඹුලා කින්ඩි හිනාවක් දාලා වඳුරාගෙන් අහනවා. කිඹුලන්ට කිට්ටු වෙන්න බැරි දුරකට ගියාට පස්සේ වඳුරාත් කින්ඩි හිනාවක් දමනවා.

    “වඳුරන් වැඩි වුනත් එකයි

    කිඹුලන් වැඩි වුනත් එකයි

    මට ඕනෑ කළේ එකයි

    එගොඩට පැන ගන්න එකයි”

    ඔය පරණ කතාව මතක් වුනේ ලංකාවේ රිලා සමීක්ෂණයත් එක්ක. සමීක්ෂණ ප්‍රතිඵල ආවාට පස්සේ වැඩිපුර ඉන්නේ රිලවුද නැත්නම් මිනිස්සුද කියලා හරියටම දැනගන්න පුළුවන් වෙයි. කොහොම වුනත් වඩා වැදගත් ගඟෙන් එගොඩට පැන ගන්න එක මිසක් රටේ රිලවු කීයක් ඉන්නවද කියන එක නෙමෙයි.

    රටේ රිලා ප්‍රශ්නයක් තිබෙන බව බොහෝ දුරට ප්‍රචලිත පොදු අදහසක්. රට පුරා විදුලිය බිඳ වැටීම පැත්තකින් තිබ්බත්, පොල් ගණන් යාම පිළිබඳව චෝදනා එල්ල වුනේ රිලවුන්ට. ඒ කතාව ඇත්තක් නොවුනත්, රිලවුන් ඇතුළු වන සතුන් අස්වනු පාලු කිරීමේ ප්‍රශ්නයක් ලංකාවේ තියෙනවා.

    හාල්, පොල් ප්‍රශ්න ගැන දැන් ඒ තරම්ම කතා කෙරෙන්නේ නැහැ. මිල ගණන් වල ලොකු වෙනසක් වී නැතත් මිනිස්සු පවතින තත්ත්වයට පුරුදු වෙලා. ආණ්ඩුවත් ප්‍රශ්නය වෙළඳපොළට බාර දීලා හිමිහිට පැත්තකට වෙලා ඉන්නවා. ඇත්තටම වෙන කරන්න දෙයකුත් නැහැ.

    හාල් ප්‍රශ්නය සැපයුම විචලනය වීමේ ප්‍රශ්නයක් මිසක් අතරමැදියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසාම, අස්වනු එක්රැස් වෙද්දී මිල ස්ථාවර වන බව පැහැදිලි කරුණක්. ආණ්ඩුව ප්‍රශ්නය විසඳීම සඳහා මැදිහත්වීම් කරන බවක් පෙන්නුවත්, ප්‍රදර්ශනාත්මක ලෙස කරපු දේවල් මිසක් වෙළඳපොළ බරපතල ලෙස විකෘති වන දේවල් කරන්න ගියේ නැහැ. මිල පාලනය තිබුණේ බොහෝ දුරට නමට පමණයි. ඒ නිසාම, ප්‍රශ්නය ඒ තරම්ම අවුල් වුනේ නැහැ.

    පොල් ප්‍රශ්නයත් ඇත්තටම රිලා ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම, සැපයුම බරපතල ලෙස අඩු වීම නිසා ඇති වූ ප්‍රශ්නයකුත් නෙමෙයි. පසුගිය දෙවසර පොල් සැපයුම විශාල ලෙස ඉහළ ගිය දෙවසරක්. පොල් සැපයුම වැඩිවීම සහ රටේ විණිමය අර්බුදයත් එක්ක පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන පසුගිය දෙවසර තුළ විශාල ලෙස ඉහළ ගියා. ඒ වගේම එම නිෂ්පාදන අපනයනද ඉහළ ගියා. නමුත් පොල් සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා ගොඩක් වැඩියෙන් තිබුණු නිසා දේශීය පොල් මිල දිගටම අඩු මට්ටමක තිබුණා.

    දැන් සැපයුමේ යම් අඩුවීමක් සිදු වී තිබෙනවා. නමුත් එය පෙර දෙවසරට සාපේක්ෂව සිදු වූ අඩුවීමක් මිසක් දිගුකාලීනව පැවති තත්ත්වයට සාපේක්ෂව සැපයුම අඩුවීමක් නෙමෙයි. දේශීය මිල ගණන් ඉහළ ගොස් තියෙන්නේ ඒ සැපයුම අගය එකතු කළ නිෂ්පාදන සඳහා අවශ්‍ය වන නිසා. මේ තත්ත්වය තුළ ආණ්ඩුව විසින් පොල් නිෂ්පාදන ආනයනය කරන්න ගත් තීරණය කරුණු කීපයක් නිසාම හොඳ තීරණයක්.

    පොල් සම්බෝල සහ කිරි හොදි හා අදාළව බොහෝ දෙනෙකුගේ සමච්චලයට ලක් වූ ප්‍රකාශය සිදු කළ විදිහේ අවුලක් තිබුණත් එය මෝඩ කතාවක්ම නෙමෙයි. දිගුකාලීනව ආහාර පිසීමේදී අමු පොල් වෙනුවට පොල් කිරි ටින් සහ ශීත කළ පොල් ආදේශ වීම සිදු විය යුතු දෙයක් වගේම සිදු වීම නොවැලැක්විය හැකි දෙයක්. ඒ නිසා, අනාගතය ගැන සැලසුම් කරද්දී පොල් සම්බෝල කිරි හොදි මානසිකත්වයේ ඉඳලා සැලසුම් හැදිය යුතු නැහැ. ඒ වගේම, පොල් සම්බෝල සහ කිරි හොදි වල සංස්කෘතික මානය බැහැර කර කටයුතු කරන්නත් බැහැ.

    ආහාර පිසීමේදී පොල් බිඳ පොල් ගෑම විශාල ශ්‍රම නාස්තියක්. නමුත් මෙය වැඩිපුරම බලපාන්නේ රැකියා කරන කාන්තාවන්ට. කාලය තිබෙන අයට පොල් ගෑම සංස්කෘතික කටයුත්තක් සහ විනෝදාංශයක්. වයස්ගත ජෝඩු තනිව ඉන්න ගොඩක් ගෙවල් වල ගැහැණිය විසින් තනිව ඉවුම් පිහුම් කටයුතු කරද්දී පිරිමියා එයට යම් දායකත්වයක් ලබා දෙන එක් ක්‍රමයක් වන්නේ පොල් ටික ගාලා දෙන එකයි. ලංකාවේ මේ වගේ පවුල් දැන් ගොඩක් තිබෙනවා වගේම, එවැනි පවුල් වැඩි වෙමින් තිබෙනවා. ඔය වගේ විශ්‍රාමිකයින්ට කාලය ගත කළ හැකි දේ සොයා ගැනීමේ ප්‍රශ්නයක් මිසක් කාලය සොයා ගැනීමේ ප්‍රශ්නයක් නැහැ. නමුත් උදෙන්ම අවදි වී වැඩට ගොස් රෑ බෝ වී ආපසු එන යුවලක් හා අදාළව තත්ත්වය වෙනස්.

    ඊළඟ ප්‍රශ්නය පොල් සම්බෝලයක හෝ කිරි හොද්දක ගුණාත්මක භාවය. හරියකට පොල් සම්බෝලයක් කිරි හොද්දක් හදන කෙනෙක් ඒ සඳහා ඕනෑම අහමු පොල් ගෙඩියක් තෝරා ගන්නේ නැහැ. කිරි හොද්දකට හෝ සම්බෝලයකට පොල් ගෙඩියක් තෝරා ගැනීමේ කලාවක් තිබෙනවා. හැබැයි කාර්ය බහුලත්වය එක්ක මේ දේවල් ක්‍රමයෙන් වෙනස් වීමත් නොවැලැක්විය හැකියි.

    ලංකාවේ මිනිස්සු ගෙවල් වල පොල් පරිභෝජනය කරන එක, විශේෂයෙන්ම පොල් පොල් ලෙසම මිල දී ගැනීම, බලහත්කාරයෙන් නවත්වන්න බැහැ. ඔවුන් ආදේශක වලට ක්‍රමයෙන් පුරුදු වෙයි. නමුත් එය ඔවුන්ගේ තේරීම් පිළිබඳ ප්‍රශ්නයක්. මෙවැන්නක් දිරිමත් කළ යුතු නිවැරදි ක්‍රමය වන්නේ තේරීම් වැඩි ප්‍රමාණයක් ඔවුන්ට ලබා දීමයි.

    ලංකාවේ භාවිතා වන පිටි කළ පොල් කිරි වලින් හදන කෑම වලින් සාමාන්‍ය පොල් කිරි වල රසය ගන්න අමාරුයි. ආදේශක ප්‍රචලිත වෙන්නනම්, ඒවා හොඳ ආදේශක විය යුතුයි. පිටි කළ පොල් කිරි වලට සාපේක්ෂව බලද්දී පොල් කිරි ටින් වල ගුණාත්මක භාවය ගොඩක් ඉහළයි. පොල් කිරි ආශ්‍රිත නිෂ්පාදන හා අදාළව තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.

    ලංකාවේ පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන දිරිමත් කිරීම සඳහා කළ යුත්තේ හොඳ ආනයන ආදේශක රටට එන්න ඉඩ හැර ඒවා සමඟ තරඟයක් පවත්වා ගැනීමයි. මෙම කර්මාන්තය ලංකාවට ස්වභාවික වාසියක් තිබෙන කර්මාන්තයක් නිසා ලංකාවට මෙවැනි තරඟයකින් හානියක් සිදු වෙන්නේ නැහැ. අපනයන වෙළඳපොළ ගැන හිතනවානම් කොහොමටත් මේ තරඟයට මුහුණ දෙන්න වෙනවා.

    අඩු මිලට හොඳ ආනයන ආදේශක රටට එන තරමට, ඒ හා තරඟ කළ හැකි දේශීය නිෂ්පාදන රට ඇතුළේ හැදෙයි. ඒ වගේම, දේශීය පාරිභෝගිකයා වැඩි වැඩියෙන් මේ ආදේශක වලට පුරුදු වෙයි. වරින් වර සිදු වන සැපයුම් විචලන නිසා මිල විශාල ලෙස උච්ඡාවචනය වීමේ ප්‍රශ්නයට දිගුකාලීන විසඳුම වන්නේද පොල් සඳහා තිබෙන අගය එකතු කළ ආදේශක වලට වැඩි වැඩියෙන් පුරුදු වීමයි.

    පොල් මිල වැඩි වීමට හේතුව රිලා ප්‍රශ්නය නොවුනත් රිලා ප්‍රශ්නයක් රටේ තිබෙනවා. ඒ ගැන කිසියම් තක්සේරුවක් කිරීම සඳහා රිලා ගණනයක් කිරීම නරක දෙයක් නෙමෙයි. මේ කරන්න යන්නේ රිලා සංගණනයක් නෙමෙයි. ඒ වගේම, විද්‍යාත්මක නියැදි සමීක්ෂණයක් බවක් පෙනෙන්නෙත් නැහැ. නමුත් මේ ක්‍රමය දළ ඇස්තමේන්තුවක් සකස් කර ගැනීම සඳහා යොදා ගැනෙන ප්‍රචලිත ක්‍රමයක්.

    එකතු කරගන්නා දත්ත සහ එම දත්ත එකතු කරගන්නා ප්‍රදේශ පිළිබඳ නිශ්චිත තොරතුරු තිබේනම් මෙවැනි අහඹු නොවන දත්ත අනුසාරයෙන් වුවද හොඳ ඇස්තමේන්තුවක් සකස් කර ගත හැකියි. මැතිවරණ වලට පෙර සුදත්ත වැනි අය මත විමසුම් සමීක්ෂණ කළේ මීටත් වඩා අවිධිමත් ලෙසයි. නමුත් එම දත්ත ඇසුරෙන් වුවද හොඳ ඇස්තමේන්තුවක් සකස් කිරීමේ හැකියාවක් තිබුණා. දැන් සිදු කරන්නට යන ආකාරයේ ගණනයක් කිසියම් කාලයකට පසුව එම ස්ථාන වලදීම නැවත සිදු කිරීම මගින් ඇස්තමේන්තුවේ නිරවද්‍යතාවය විශාල ලෙස වැඩි කර ගත හැකියි. ඒ සඳහා යොදා ගන්නා සංඛ්‍යානමය ක්‍රමවේද තිබෙනවා.

    මූලාශ්‍රය -https://economatta.blogspot.com/2025/

  • 2024 ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ

    2024 ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ

    2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇත.

    අද (14) සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/#/ සබැඳිය වෙත පිවිසීමෙන්  මෙම කඩඉම් ලකුණු පරීක්ෂා කර ගත හැකිය.

    2024 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, මෙම කඩඉම් ලකුණු අනුව පාසලක් ලැබී නොමැති වෙනත් සාධාරණ හේතු මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත (Online) ක්‍රමයට පහසුකම් ඉදිරියේ දී සලසන අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව පසුව දැනුම් දෙනු ඇත.

    සියලු අභියාචනා එම මාර්ගගත වැඩසටහන හරහා පමණක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු ය

  • ජනපති සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්

    ජනපති සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (14) පැවැත්විණි.

    ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙය වීම, ඒකාබද්ධ කිරීම, සංවර්ධනය සහ ඊට අදාළ අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා රජය මූලික ආයෝජන සිදු කිරීම සහ ඒවා නිසි ලෙස නියාමනය කිරීම, ආයෝජන කලාප ආශ්‍රිත දේශීය කුඩා පරිමාණ කර්මාන්ත බිහි කිරීම සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා මුහුණ දෙන ව්‍යාපාර ණය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

    කර්මාන්ත අමාත්‍යාංශයට වෙන් කළ නමුත් මෙතෙක් නිදහස් කර නොමැති ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීම සඳහා ආනයන සීමා පවත්වාගෙන යාම හා විගණනය කිරීම, ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ප්‍රසම්පාදනයේදී දේශීය සැපයුම්කරුවන් සඳහා වැඩි අවධානයක් යොමු කිරීම, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත ගැටලු සහ එහි පූර්ණ ආදායම ජාතික ආර්ථිකයට එකතු කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

    මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය දිරි ගැන්වීම සඳහා සංචාරකයින්ට ලබා දෙන බදු නිදහස් කිරීම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

    කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීහු සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • චීනය ‘Manus AI’ දියත් කරයි: කාර්ය සාධනය අතින් Deepseek අභිබවා යන බව කියන සහකාර මෙවලමක්

    චීනය ‘Manus AI’ දියත් කරයි: කාර්ය සාධනය අතින් Deepseek අභිබවා යන බව කියන සහකාර මෙවලමක්

    පසුගිය වසර එක හෝ දෙක තුළ, කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රාශියක් දක්නට ලැබුණි. සෑම තාක්ෂණික සමාගමක්ම වර්තමානයේ තමන්ගේම AI මෙවලමක් නිර්මාණය කිරීමේ තරඟයක යෙදී සිටී. කලකට පෙර, චීනය විසින් දියත් කරන ලද Deepseek, කෘත්‍රිම බුද්ධි ලෝකයේ විශාල කතාබහක් ඇති කළේය. දැන් Deepseek ට පසුව, චීනයෙන් නව AI මෙවලමක් පැමිණ තිබේ.

    චීනය විසින් හඳුන්වා දුන් නව AI මෙවලමෙහි නම ‘Manus’ ය. Deepseek ට පසුව, එය දැන් තාක්ෂණ ලෝකයේ ඉතා ජනප්‍රියයි. චීනයේ Manus AI මෙවලම දැනට සරල chatbot එකකට වඩා පරිශීලකයින්ට වඩාත් ප්‍රයෝජනවත් බව ඔප්පු වෙමින් පවතී. Manus AI හි ඇති විශාලතම විශේෂ දෙය නම් එය ප්‍රශ්නවලට පිළිතුරු දීමට පමණක් නොව කොටස් වෙළඳපොළ විශ්ලේෂණය වැනි කාර්යයන් සඳහා ද දක්ෂ වීමයි.

    තවත් ආරම්භක සමාගමක ආශ්චර්යයක්

    චීනයේ ආරම්භක සමාගමක් වන Butterfly Effect විසින් Manus AI මෙවලම දියත් කර ඇති බව අපි ඔබට කියමු. සමාගමේ සම-නිර්මාතෘ Yichao Peak මෙය මිනිසා සහ යන්ත්‍රයේ නව යුගයක් ලෙස විස්තර කර ඇත. සමාගමට අනුව, Manus AI කෘතිම බුද්ධි ලෝකයේ විශාල බලපෑමක් ඇති කරනු ඇත.

    චීනයෙන් ලැබුණු මෙම නව මෙවලම දැනට ලබා ගත හැක්කේ ආරාධනා හරහා පමණි. එය දියත් කර කෙටි කාලයක් තුළ එය ලක්ෂ 1.7කට අධික පිරිසකට ළඟා වී තිබීමෙන් ඒ සඳහා ඇති උන්මාදය මැනිය හැකිය. මෙම AI මෙවලමෙහි නම Mens et Manus වෙතින් ලබාගෙන ඇති බව අපි ඔබට කියමු, එහි තේරුම මනස සහ අත යන්නයි.

    Manus AI වෙනස් වන්නේ කෙසේද?

    සිංගප්පූරුවේ පර්යේෂකයෙකුට අනුව, Manus Chatbot අනෙකුත් AI මෙවලම්වලට වඩා බෙහෙවින් වෙනස් ය. මෙම මෙවලම පරිශීලකයින් වෙනුවෙන් ස්වයංක්‍රීයව ක්‍රියා කරයි. අනෙක් අතට, මේ කාලයේ ජනප්‍රිය AI මෙවලම් වන Deepseek සහ ChatGPT ගැන කතා කරන්නේ නම්, ඒවා පිළිතුරු දෙන්නේ පරිශීලකයින් අසන ප්‍රශ්නවලට පමණි. Manus AI කොටස් වෙළඳපොළ විශ්ලේෂණය, ටිකට්පත් වෙන්කරවා ගැනීම, ජීව දත්ත පෙරහන් කිරීම සහ තත්පර කිහිපයකින් පුද්ගලික මාර්ගෝපදේශ පොතක් නිර්මාණය කිරීම වැනි කාර්යයන් සිදු කරයි.

  • දීපිකා පදුකෝන් සහ කරීනා කපූර් ඛාන් ෂාරුක් ඛාන්ගේ කිං සඳහා තරඟ වදිනවාද?

    දීපිකා පදුකෝන් සහ කරීනා කපූර් ඛාන් ෂාරුක් ඛාන්ගේ කිං සඳහා තරඟ වදිනවාද?

    King චිත්‍රපටයේ ෂාරුක් ඛාන් සමඟ රඟපාන ප්‍රධාන නිළිය පිළිබඳ සාකච්ඡාව සමාජ මාධ්‍ය තුළ තීව්‍ර වී තිබේ. මේ සියල්ල මධ්‍යයේ දීපිකා පදුකෝන් සහ කරීනා කපූර් ඛාන්ගේ නම් ජනප්‍රිය වෙමින් පවතී.

    බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ ඉදිරි චිත්‍රපටය වන ‘ King ‘ මේ දිනවල තිරගත වෙමින් පවතී. 2024 සහ 2025 දී ෂාරුක්ගේ කිසිදු චිත්‍රපටයක් නිකුත් වී නොමැති බැවින් රසිකයන් මෙම චිත්‍රපටය එනතුරු ඉතා උනන්දුවෙන් බලා සිටිති. ‘Dunki’ චිත්‍රපටයෙන් පසු, ෂාරුක්ගේ කිසිදු චිත්‍රපටයක් රිදී තිරයට පැමිණ නැත. මේ අතර, ඔහුගේ ‘කිං’ චිත්‍රපටයට අදාළ රසවත් තොරතුරු කිහිපයක් අනාවරණය වී ඇති අතර, එය දැන රසිකයින්ගේ උද්යෝගය තවත් වැඩි වනු ඇත.

    කිංචිත්‍රපටයේ දකින්න ලැබෙන්නේ මොන නිළියද?

    Pinkvilla වාර්තාවකට අනුව, දීපිකා පදුකෝන් හෝ කරීනා කපූර් යන දෙදෙනාගෙන් එක් අයෙකු චිත්‍රපටයේ දැකිය හැකිය. නිශ්චිත චරිතයක් රඟපෑම සඳහා නිෂ්පාදකයින්ට මෙම දෙදෙනාගෙන් එක් අයෙකු තෝරා ගත හැකි බව වාර්තා වේ. කෙසේ වෙතත්, මේ පිළිබඳව තවමත් නිල තහවුරු කිරීමක් නොමැත. ප්‍රධාන නිළියන් දෙදෙනා SRK සමඟ චරිතය සඳහා තරඟ වදින බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. අනෙක් අතට, ‘King’ චිත්‍රපටය ෂාරුක්ගේ දියණිය සුහානාගේ රංගනයට ද දායක වනු ඇත, මන්ද ඇය OTT චිත්‍රපටයක් වන ‘The Archies’ හි මෑතකදී දැක ඇති බැවිනි.

    දීපිකා මේ චිත්‍රපටවල ෂා රුක් සමඟින් දැක්කා

    දීපිකා සහ කරීනා දෙදෙනාම මීට පෙර ෂාරුක් සමඟ වැඩ කර ඇත. දීපිකා 2007 දී ‘ඕම් ශාන්ති ඕම්’ චිත්‍රපටයෙන් හින්දි සිනමාවට පිවිසි අතර, එහි ෂාරුක් ද්විත්ව චරිතයක් රඟපෑවේය. මෙයින් පසු, ඔවුන් දෙදෙනාම Chennai Express’, ‘Happy New Year’, ‘Pathaan’, සහ ‘Jawan’.වැනි සුපිරි ජනප්‍රිය චිත්‍රපටවල එකට පෙනී සිටියහ.

    SRK සහ කරීනා අතර යුගලනය

     

    ඒ අතරම, කරීනා ෂාරුක් සමඟ ‘කභි කුෂි කභි ගම්’, අශෝක, ‘ඩොන්’ සහ ‘රාඕන්’ වැනි චිත්‍රපටවල කටයුතු කර ඇත. දෙදෙනාගේම යුගලය සැමවිටම ප්‍රේක්ෂකයින් විසින් ප්‍රිය කරන ලදී.

    ‘කිං’ චිත්‍රපටයේ ඔහුගේ දියණිය සුහානා ඛාන් ද ෂාරුක් සමඟ ප්‍රධාන චරිතයට පණ පොවනු ඇත. ‘මුන්ජ්‍යා’ කීර්තිමත් අභය වර්මා ද චිත්‍රපටයේ වැදගත් චරිතයක් රඟපානු ඇත.

    මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ‘පතාන්’ සහ ‘වෝර්’ අධ්‍යක්ෂක සිද්ධාර්ත් ආනන්ද් විසිනි. ‘කිං’ 2026 දී තිරගත වීමට නියමිත බව පැවසේ. චිත්‍රපටවල ප්‍රධාන කොටස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රූගත කෙරේ.

  • නිවසේදීම ඔබේ වකුගඩු සෞඛ්‍යය පහසුවෙන් පරීක්ෂා කර ගන්න

    නිවසේදීම ඔබේ වකුගඩු සෞඛ්‍යය පහසුවෙන් පරීක්ෂා කර ගන්න

    නරක ජීවන රටාව වකුගඩු වලට ද බලපායි. ඔබේ සමහර වැරදි පුරුදු වකුගඩු ආශ්‍රිත රෝග ඇති කළ හැකිය. ශරීරයේ රුධිරය පෙරීමට සහ හානිකර ද්‍රව්‍ය ඉවත් කිරීමට වකුගඩු ක්‍රියා කරයි. වකුගඩු වල සුළු දෝෂයක් පවා තිබේ නම්, සමහර රෝග ලක්ෂණ ශරීරයේ පැහැදිලිව පෙනෙන්නට පටන් ගනී. ඒවා හඳුනා ගැනීමෙන් ඔබට වකුගඩු සෞඛ්‍යයේ තත්වය සොයා ගත හැකිය.

    කෙසේ වෙතත්, වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝග ලක්ෂණ නොසලකා හැරීම සෞඛ්‍යයට ඉතා හානිකර විය හැකිය. වකුගඩු රෝගය නිහඬ ඝාතකයෙකු ලෙස ද හැඳින්වේ. එමනිසා, අනිවාර්යයෙන්ම වකුගඩු ආශ්‍රිත රෝග ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබේ වකුගඩු සෞඛ්‍ය සම්පන්නද නැද්ද යන්න සොයා ගන්නේ කෙසේදැයි දැන ගන්න අවශ්‍ය නම් මෙම ලිපිය කියවන්න !

    නිවසේදී ඔබේ වකුගඩු සෞඛ්‍යය පරීක්ෂා කරන්නේ කෙසේද?

    වැසිකිළියෙන් සාමාන්‍ය පිටවීම: වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ මුලින්ම දක්නට ලැබෙන්නේ වැසිකිළියේදීය. ඔබට මුත්‍රා කිරීම සම්බන්ධ කිසිදු ගැටලුවක් නොමැති නම්, වකුගඩුවේ කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔබේ වකුගඩුව නිරෝගී බවත් තේරුම් ගන්න. වකුගඩු ආබාධයක් ඇති වූ විට, මුත්‍රා වල වර්ණය වෙනස් වේ, නැතහොත් මුත්‍රා අඩු හෝ වැඩි වේ.

    ඉදිමීමක් නැත: ශරීරයේ කොතැනකවත් ඉදිමීමක් නොමැති නම්, වකුගඩුව නිරෝගී ය. මන්ද වකුගඩුවට හානි වූ විට ඉදිමීමේ ගැටලුව වේගයෙන් වැඩි වේ. වකුගඩු සෛල වලට හානි වීම සහ රුධිරය පෙරීම නොමැතිකම හේතුවෙන් ඉදිමීමේ ගැටලුව ආරම්භ වේ. වකුගඩුවේ කිසියම් ගැටලුවක් ඇත්නම්, ඇස් සහ ශරීරයේ පහළ කොටස, කකුල් සහ වළලුකර ඉදිමීමක් ඇති විය හැකිය. මෙය එසේ නොවේ නම්, වකුගඩුව නිරෝගී ය.

    හොඳ නින්දක්: වකුගඩු වල කිසියම් ගැටලුවක් ඇත්නම්, ඔබේ නින්දට ද එය බලපායි. නින්දේ රටාවන්ට බාධා ඇති වන අතර, එය වකුගඩු ආශ්‍රිත රෝග පෙන්නුම් කරයි. ඔබේ නින්ද ඉතා හොඳ නම්, ඔබේ වකුගඩු ක්‍රියාකාරිත්වය හොඳින් පවතී. මෙය නිරෝගී වකුගඩුවක ලකුණක් ලෙස සැලකේ.

    මාංශ පේශි ලිහිල් වේ: මාංශ පේශිවල කැක්කුමක් නොමැති නම් සහ කිසිදු ගැටලුවක් නොමැති නම්, ඔබේ වකුගඩු නිරෝගී ය. මන්ද වකුගඩු වලට හානි වූ වහාම මාංශ පේශි ආශ්‍රිත ගැටලු ඇති වීමට පටන් ගනී. මාංශ පේශිවල වේදනාව හා කැක්කුම ආරම්භ වේ. එවැනි රෝග ලක්ෂණ නොමැති නම්, වකුගඩු නිරෝගී ය.

    පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න සම: ඔබේ සම පිරිසිදු හා සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සම්පන්න නම්, ශරීරය සෞඛ්‍ය සම්පන්නයි. වකුගඩු සෞඛ්‍යය ද හොඳයි. මන්ද වකුගඩු රෝගයක් ඇති විට සම ආශ්‍රිත ගැටලු ඇති වීමට පටන් ගනී. රුධිරය නිසි ලෙස පෙරීම සිදු නොවන අතර ශරීරය විෂ ඉවත් නොකෙරේ, එම නිසා සමේ කැසීම, වියළි සම සහ වෙනත් ගැටලු ඇති වීමට පටන් ගනී. මේවායේ රෝග ලක්ෂණ නොමැති නම්, වකුගඩු සෞඛ්‍ය සම්පන්න බව තේරුම් ගන්න.

    වකුගඩු ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම සඳහා කරනු ලබන පරීක්ෂණය කුමක්ද?

    මුත්‍රා පරීක්ෂාව, urine culture, ශුක්‍රාණු සිස්ටූරෙත්‍රොග්‍රෑම් / voiding cystourethrogram, ඩිජිටල් ගුද මාර්ග පරීක්ෂණය / digital rectal test, blood culture, kidney ultrasound, සීනි සහ රුධිර පීඩනය වැනි රෝග ලක්ෂණ මත පදනම්ව සහ ඔබේ වෛද්‍ය ඉතිහාසය පරීක්ෂා කිරීමෙන් වෛද්‍යවරයා විසින් පරීක්ෂණ නියම කළ හැකිය.

    (මෙම ලිපිය සාමාන්‍ය තොරතුරු සඳහා ය; ඕනෑම පිළියමක් භාවිතා කිරීමට පෙර කරුණාකර වෛද්‍යවරයෙකුගෙන් විමසන්න).

  • දේශබන්දු සොයන හේතුව මෙන්න ! අධිකරණයේ දී අලුත් කතා රැසක්

    දේශබන්දු සොයන හේතුව මෙන්න ! අධිකරණයේ දී අලුත් කතා රැසක්

    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (12) නියෝග කළේය. 

    මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ” w15″ හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි.

    දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

    පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා මේ අවස්ථාව වන විටත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන බවත් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයදී ඇති නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළේය.

    “අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 (1) ආ වගන්තිය ප්‍රකාරව වැලිගම පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු වාර්තා කිරීමක් පදනම් කරගෙනයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම වැරදියි. මෙම වගන්තිය යටතේ පොලිසිය විසින් ඉදිරිපත් කරන කරුණු වාර්තා කිරීමක් පදනම් කරගෙන මෙවැනි නියෝගයක් නිකුත් කරන්න බැහැ. ඒ වගේම මෙම නියෝගය නිකුත් කිරීමට පෙර පෙත්සම්කරුගෙන් කිසිදු ආකාරයක ප්‍රකාශයක් සටහන් කරගෙන නැහැ. මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට පෙත්සම්කරු වෙත සිතාසි නිකුත් කිරීමක් සිදුකළ යුතුයි. අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසියක් නිකුත් නොකොට සෘජුවම ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීම වැරදියි.” යනුවෙන් ද සඳහන් කළේය.

    මෙහිදී අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්,

    “පෙත්සම්කරුට කෙලින්ම අධිකරණයට ගිහින් පෙනී සිට ප්‍රකාශයක් දෙන්න බැරිද?” යනුවෙන් විමසීය.

    ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා,

    “ස්වාමීනී… මගේ සේවාදායකයා ඉදිරිපත් වෙන්න කැමතියි. නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම රිමාන්ඩ් භාරයට පත්වීමේ අවදානමකුත් තිබෙනවා. මාගේ සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් ඔහු විමර්ශනවලට සහාය වෙන්න කැමතියි.” යනුවෙන් සඳහන් කර සිටියේය.

    එම අවස්ථාවේදී යළි ප්‍රශ්නයක් මතු කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා,

    “පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් වුණොත් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරාවි. ඉතින් ඔහුට අධිකරණයට ඉදිරිපත් වෙන්න හැකියාවක් තිබෙනවා නේද?” යනුවෙන් විමසුවා.

    ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥවරයා,

    “ස්වාමීනී… අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් ඔහු ඉදිරිපත් වෙන්න සූදානම්.” යනුවෙන් යලි සඳහන් කර සිටියා.

    එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ එවැනි ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවය.

    වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා,

    “මාගේ සේවාදායකයා මේ අවස්ථාවේදීත් පොලිස්පති ධුරයේ කටයුතු කරනවා. ඔහුගේ ලිපිනය සහ දුරකථන අංක කවුරුත් දන්නවා. එසේ තිබියදී ඔහුව අධිකරණයට කැඳවීම සඳහා සිතාසියක් නිකුත් කළ යුතුව තිබුණා. ඒක තමයි නීතිමය තත්ත්වය. එසේ නොකොට ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීතියට අනුකූල නැහැ. ඒ වගේම පොලිසිය ඉදිරිපත් කර තිබෙන කරුණු වාර්තාවක් පදනම් කරගෙන මෙවැනි නියෝගයක් මහේස්ත්‍රාත්වරයාට කොහෙත්ම නිකුත් කරන්න බෑ. මෙම නියෝගය නිකුත් කිරීමේදී මහේස්ත්‍රාත්වරයා නීතිමය වශයෙන් පක්ෂග්‍රාහී භාවයකින් කටයුතු කර තිබෙනවා. එසේම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන බව ඊයේ මාධ්‍යවලින් දැනගන්නට ලැබුණා. මෙවැනි නියෝගයක් නිකුත් කරන්නේ කොහොමද? මේක අධිකරණ බලය අවභාවිතාවට ලක් කිරීමක්. මෙවැනි ක්‍රියා නැවැත්විය යුතුයි.” 

    ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති අතුරු නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.

    ඉන් අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

    “පෙත්සම්කරු තවමත් පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළා. කියන්න ලැජ්ජයි ස්වාමීනී.. මේ පුද්ගලයා පසුගිය 27 සිට මේ දක්වා අධිකරණය මග හැර සැඟවිලා සිටිනවා. ඔහු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහයත් ඉල්ලා තිබෙනවා. ඔහු මේ වනවිට අධිකරණය මගහැර සැඟවී සිටින පුද්ගලයෙක්.  පොලිස්පති ධුරය තබා පොලිස් කොස්තාපල් තනතුර දැරීමටවත් ඔහු සුදුසු නෑ. පෙත්සම්කරු විසින් අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමේ ඔහුගේ නම දේශබන්දු තෙන්නකෝන් යනුවෙන් සඳහන් කර තිබෙනවා. නමුත් ඔහු විසින් ඉදිරිපත් කළ නඩු ගොනුවේ තවත් ලේඛනයක ඔහුගේ නම පී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් යනුවෙන්  සඳහන් කර තිබෙනවා. ඇත්තටම මේක කරුණු වසන් කිරීමක්. ඔහු පදිංචිව සිටින හෝකන්දර, ගංගානි මාවතේ පිහිටි නිවස  පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් 27වනදා එම ස්ථානයට ගියා. එම නිවසේ ඔහු සහ පවුලේ සාමාජිකයින් නොමැති බව අනාවරණය වුණා. එහෙත් නිවසට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදී තිබෙනවා. ස්වාමීනී…. මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගන්න සූදානම් වන්නේ උසාවි නියෝගයක් අනුවයි. මේක පොලිසිය ගත්තු තීරණයක් නෙවෙයි.” යනුවෙන් සඳහන් කළා.

    වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා,

    “2023 දෙසැම්බර් මස 31 වනදා රාත්‍රි 8.30ට පමණ මෙම නඩුවේ පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයක් මත කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්  කණ්ඩායමක් KDH වෑන් රථයකින් මාතර බලා ගමන් ආරම්භ කරනවා. මෙම කණ්ඩායමට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරු තුන් දෙනකු ඇතුළත් වුණා. මත්ද්‍රව්‍ය සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ වැටලීමක් සිදු කිරීමට ගිය බව තමයි මොවුන් සඳහන් කර තිබුණේ. මෙසේ ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිස මාතර වැලිගම පැළෑනේ පිහිටි w15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව සාක්ෂිවලින් අනාවරණය වී තිබෙනවා. එම අවස්ථාවේදී “යුක්තිය” මෙහෙයුමේ නිරත යුද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම වෑන් රථය හඹාගෙන ගොස් වෙඩි තැබීම් සිදුකරනවා. ඉන් එම රථය තුළ සිටි අපරාධ කොට්ඨාසය නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබනවා. පසුව වාහනය තුළ සිටි පොලිස් සැරයන්වරයෙකු මරණයට පත් වුණා. වාහනය තුළ තුවාලකරුවන් දෙදෙනෙකු සිටියා. මෙසේ පලා ගිය වාහනය ඉමදූව අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිසිය විසින් නතර කරනවා. ඒ අවස්ථාවේදී වාහනය තුළ තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු සිටින බව නිරීක්ෂණය වුණා. අදාළ වෑන් රථයේ මැද ආසනය ගලවා තිබූ අතර තුවාලකරුවන් බිම තමයි දමා තිබුණේ. වෑන් රථය තුළ සිටි සියලුදෙනාගේ රාජකාරී ජංගම දුරකථන වසා දමා තිබුණා. පසුව පොලිස් නිලධාරින් මැදිහත් වී තුවාලකරුවන් රෝහලට රැගෙන යනවා. මේක ඉතාම සැක කටයුතු තත්ත්වයක්. වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට ඉමදූව අධිවේගී මාර්ග පිවිසුම දක්වා ඔවුන් කිලෝමීටර් දහතුනක් ගමන් කර තිබෙනවා. එසේ පැමිණෙන විට ඔවුන් පොලිස් ස්ථාන තුනක් හා රෝහල් තුනක් පසු කරනු ලැබුවා. තුවාලකරුවන් එම රෝහල්වලට ඇතුළත් නොකළේ ඇයි දැයි සැකයක් මතුවෙනවා. මෙය නීත්‍යානකූල වැටලීමක් නම් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කරන්න තිබුණා. එහෙත් ඔවුන් එසේ කළේ නැහැ. ඒ නිසයි මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුණේ.” 

    වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා,

    “ස්වාමීනී.. මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායම ගිය බව ඔවුන් විසින් ප්‍රකාශ කළත් එය පිළිගන්න බෑ. වෙඩි තැබීමට ලක් වූ w 15 හෝටලයේ හිමිකරු වන මොහොමඩ් නිසාම් ජමාල්ඩින් සහ දේශබන්දු තෙන්නකෝන් අතර පැවති පෞද්ගලික ආරවුලක් මත මෙම සිද්ධිය හටගෙන තිබෙන බව පෙනී ගොස් තිබෙනවා. ඉඩමක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්  දේශබන්දු තෙන්නකෝන්ට මාසයකට රුපියල් ලක්ෂ එකහමාරක් මුදලක් ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීම යටතේ සිදුවී ඇති බව සාක්ෂිවලින් පෙනීගොස් තිබෙනවා. ඒ සඳහා ඔහු තමන් යටතේ සේවය කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් යොදවා ගෙන තිබෙන බවත් පැහැදිලි වී තිබෙනවා. පෙත්සන්කරු මේ රටේ පොලිස්පති නම් ඔහු යටතේ මෙවැනි “පැරා මිලිටරි” කණ්ඩායමක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? දේශබන්දු තෙන්නකෝන් මෙම සිද්ධියේ ප්‍රධාන කුමන්ත්‍රණකරු. අපරාධ කොට්ඨාසයේ නිලධාරින් මෙහිදී ක්‍රියාකර තිබෙන්නේ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ආකාරයටයි. මෙම සිද්ධියෙන් මියගිය පොලිස් සැරයන් උපුල් කුමාරගේ පවුලේ අයට පොලිස්පතිවරයාගේ මැදිහත් වීමෙන් පොලිස් අරමුදලින් රුපියල් ලක්ෂ 15ක් ලබාදී තිබුණි. පසුව එවක මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා දැනුවත් කර තවත් ලක්ෂ 25ක මුදලක් ලබාදී තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා. මෙහිදී එවක මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා පෙන්වාදී තිබෙනවා” යනුවෙන් ද සඳහන් කර සිටියේය.

    ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම පෙත්සම සත්‍ය කරුණු වසන් කරමින් අභියාචනාධිකරණ රීතීන්ට අනුකූල නොවන ආකාරයට ඉදිරිපත් කර ඇති නිසා එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම පිළිබඳ සිය තීරණය ලබන 17 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.

    source; adaderana.lk

  • 2025 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමුවන අදියර අවසන් කිරීම හා දෙවන අදියර ආරම්භ කිරීම

    2025 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමුවන අදියර අවසන් කිරීම හා දෙවන අදියර ආරම්භ කිරීම

    “2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර 2025.03.14 වන සිකුරාදා දින අවසන් වන අතර සියලු ම පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර 2025.04.01 වන අඟහරුවාදා දින ආරම්භ වේ.

  • GMOA වර්ජනයකට සැරසෙයි

    GMOA වර්ජනයකට සැරසෙයි

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක්ව දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයෙන් ඉල්ලා සිටියි.

    කෙසේ නමුත් ඔහුව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත්, උතුරුමැද පළාත තුළ වර්ජනයක් සිදුකරන බවට ද එම සංගමය අනතුරු අඟවා ඇත.

    32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන නේවාසිකාගාරයට ගොස් සිටියදී නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බව වාර්තා වුණි.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලීසිය සිදුකරයි.

    මේ අතර, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට සිදුවූ ලිංගික අතවරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ බලවත් කම්පනය හා විරෝධය දක්වන බව දැනුම්දී තිබේ.

    ඊයේ දිනයේ සිය රාජකාරි පරිශ්‍රය තුළදී හදිසි රාජකාරි කටයුතුවල නිරතවෙමින් සිටි වෛද්‍යවරියකට සිදුවූ ලිංගික අතවරය සම්බන්ධ සිදුවීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    මේ බරපතළ ලිංගික හිංසනයට සම්බන්ධ වැරදිකරුවන් හැකි ඉක්මනින් නීතියේ රැහැනට හසුකරගෙන අදාළ නෛතික ක්‍රියාමාර්ග අප්‍රමාදව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස අදාළ අංශවලට අවධාරණය කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලා සිටී.

    source; adaderana.lk

  • ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

    ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

    පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනි දින පැවැති ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් නිකුත් කර තිබේ. ඒ අනුව එම ප්‍රතිඵළ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

  • නව අභියාචනාධිකරණ විනිසුරන් තිදෙනෙක් දිවුරුම් දෙති

    නව අභියාචනාධිකරණ විනිසුරන් තිදෙනෙක් දිවුරුම් දෙති

    අභියාචනාධිකරණයට නව විනිසුරන් තිදෙනෙක් පත් කරනු ලැබ ඇති අතර, ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්‍හ.

    ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්. කේ. එස්. යූ ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ.ප්‍රේමශංකර් යන මහත්වරු අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇත.

    ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

  • දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට නියෝග

    දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට නියෝග

    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අද (මාර්තු 11 වැනිදා) විවෘත වරෙන්තු නිකුත් කළේ ය.

    මේ වන විට දේශබන්දු තෙන්නකෝන් අනිවාර්ය නිවාඩු යවා ඇත.

    මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, සැකකාර හිටපු පොලිස්පතිවරයා සැඟව ඇතැයි සැක කරන ස්ථාන 10ක් පරීක්ෂාවට ලක් කළ අතර එහෙත් ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව ය.

    ඊට අමතරව, බුද්ධි නිලධාරීන් යොදවා තවත් ස්ථාන 18ක් සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් සිටිය ද, ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ නිලධාරීන් එමනිසා ඔහු අත්අඩංගුවට ගැනිමට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

    ඒ අනුව, ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, සැඟව සිටින හිටපු පොලිස්පතිවරයා දුටු තැන අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විවෘත වරෙන්තු නිකුත් කළේ ය.

  • SMEs Guide SL:ශ්‍රී ලංකාවේ ‘ව්‍යවසාය සංවර්ධනය’ සඳහා NEDA හි නායකත්වය සහ මුලපිරීම කෙසේද ?

    SMEs Guide SL:ශ්‍රී ලංකාවේ ‘ව්‍යවසාය සංවර්ධනය’ සඳහා NEDA හි නායකත්වය සහ මුලපිරීම කෙසේද ?

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs) අංශය දළ දේශීය නිෂ්පාදිතයට (Gross Domestic Product – GDP) ආසන්න වශයෙන් 52%ක දායකත්වයක් සපයයි. තව ද, මෙම අංශය රැකියා නිර්මාණයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, රට පුරා රැකියා අවස්ථා වලින් 45%ක් පමණ සපයයි. විශේෂයෙන්, කෘෂිකාර්මික අංශයේ රැකියා වලින් 26%ක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් නිර්මාණය වේ. රබර්, තේ සහ පොල් වැනි කර්මාන්තවලට ද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අත්‍යවශ්‍ය වන අතර, ඒවායේ පුළුල් බලපෑම පෙන්නුම් කරයි. මෙම දායකත්වයන් සැලකිල්ලට ගත් විට, ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ ප්‍රධාන ධාවකයන් වේ.

    වර්තමානයේ, රටේ ලියාපදිංචි ව්‍යාපාරවලින් 90% ක් ‘ක්ෂුද්‍ර කාණ්ඩයට / micro category’ අයත් වන අතර, ඒවායින් බහුතරයක් ව්‍යවසායකයින් නියෝජනය කරයි. ශ්‍රී ලංකාව මුහුණ දෙන සැලකිය යුතු අභියෝගයක් වන්නේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 36.5 දක්වා වැඩි කිරීමයි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා රජයේ අමාත්‍යාංශ සහ පෞද්ගලික ව්‍යවසායන් දෙකම සහයෝගයෙන් කටයුතු කරයි. මෙම උත්සාහයට අනුකූලව, කර්මාන්ත අමාත්‍යාංශය කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය ලෙස ප්‍රතිව්‍යුහගත කර ඇත. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නායකත්වය යටතේ, අපනයන සංවර්ධන මණ්ඩලය / Export Development Board – EDB, කාර්මික සංවර්ධන මණ්ඩලය (Industrial Development Board – IDB), ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව (Sri Lanka Export Credit Insurance Corporation – SED) සහ ඵලදායිතා මධ්‍යස්ථානය / Productivity Center ඇතුළු ප්‍රධාන ආයතන කිහිපයක් දැන් මෙම අමාත්‍යාංශය යටතේ ඒකාබද්ධ වී ඇති අතර, ඵලදායිතාව වැඩි දියුණු කිරීමට සහ අපනයන වර්ධනයට සහාය වීමට එක්ව කටයුතු කරයි.

    ADVOCATA සමුළුවකදී, ශ්‍රී ලංකාවේ ආර්ථිකය කළමනාකරණය කිරීමේදී සමාගම් 1,000ක් පමණක් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බව ඉස්මතු කරන ලදී. මෙයින් සමාගම් 475ක් පමණ අපනයන කටයුතුවල නියැලී සිටින අතර එය සමස්ත ව්‍යාපාරික භූ දර්ශනයෙන් කුඩා කොටසක් නියෝජනය කරයි. ප්‍රධාන වශයෙන් බස්නාහිර පළාතේ පිහිටා ඇති සීමිත පුද්ගලයින් සංඛ්‍යාවක් ජාතියේ ආර්ථික ක්‍රියාකාරකම් පාලනය කරන බවත්, ස්වල්ප දෙනෙක් ඔවුන්ගේ බලපෑම අනෙකුත් කලාපවලට ව්‍යාප්ත කරන බවත් ජනාධිපතිවරයා පසුගිය දා අවධාරණය කළේය.

    මෙයට ප්‍රතිචාර වශයෙන්, රජයේ ප්‍රතිපත්තිය ආර්ථිකය විමධ්‍යගත කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර ග්‍රාමීය ප්‍රදේශවලට ආර්ථික අවස්ථා පුළුල් කිරීම සහ ප්‍රාදේශීය ප්‍රජාවන් බලගැන්වීම අරමුණු කරයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ගම්වල ආර්ථික භූ දර්ශනය පුනර්ජීවනය කිරීම, රට පුරා ආර්ථික ප්‍රතිලාභ වඩාත් පුළුල් ලෙස බෙදා හැරීම සහතික කිරීමයි. මෙයට දේශීය ආර්ථිකයන් උත්තේජනය කිරීමට සහ ග්‍රාමීය ප්‍රදේශවලින් අපනයන අවස්ථා ප්‍රවර්ධනය කිරීමට ගන්නා උත්සාහයන් ඇතුළත් වන අතර එමඟින් වඩාත් ඇතුළත් සහ සමබර ආර්ථික වර්ධනයක් සහතික කරයි.

    නව රජය විසින් ඉදිරිපත් කරන ලද දැක්ම අනුව, අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නායකත්වය සමඟින්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) ව්‍යාපාර ජීවන චක්‍රයේ සෑම අදියරකදීම ව්‍යවසායකයින්ට සහාය වීමෙන් ආර්ථික වර්ධනය පෝෂණය කිරීමට කැපවී සිටී. ඩොලර් බිලියන 36ක විභව / අනාගත වෙළඳපොළට පිවිසීමට ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාවය රජය අවධාරණය කර ඇති අතර, මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ආයතන සහයෝගීව කටයුතු කරන බව සහතික කරයි. කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය (Small Enterprise Development SED) සමඟ හවුල්කාරිත්වයෙන් NEDA, ගම් මට්ටමේ ව්‍යවසායකයින් පෝෂණය කිරීම, ඔවුන්ගේ ව්‍යාපාර කර්මාන්ත බවට පරිවර්තනය කිරීම සහ විශාල වෙළඳපොළවලට ඔවුන්ගේ ප්‍රවේශය පහසු කිරීම සඳහා උපකාරී වී ඇත. ගෝලීය වෙළඳපොළ වෙත ඔවුන්ගේ ප්‍රවේශය පුළුල් කිරීම සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) වැනි ආයතන විසින් මෙම ව්‍යවසායන් සඳහා සහාය ලබා දෙනු ලැබේ.

    මෑතකදී මාතර දී පැවති දේශනයකදී කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, සුනිල් හඳුන්නෙත්ති මහතා නිවේදනය කළේ දිස්ත්‍රික්කය තුළ නව ව්‍යවසායකයින් 15,000ක් නිර්මාණය කිරීම අරමුණු කරගත් වැඩසටහනක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (Regional Development Bank – RDB) විසින් අනුමත කර ඇති බවයි. මෙම මුලපිරීම මගින් NEDA සහ මූල්‍ය ආයතන අතර වර්ධනය වන සහයෝගීතාවය ඉස්මතු කර පෙන්වන අතර, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු (ලංකා බැංකුව (BOC), මහජන බැංකුව සහ අනෙකුත් බැංකු) ව්‍යවසායකත්වයට සහ ආර්ථික සංවර්ධනයට සහාය වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ශක්තිමත් හවුල්කාරිත්වයන් පෝෂණය කිරීමෙන් සහ ව්‍යුහගත සහාය ලබා දීමෙන්, NEDA ජාතික ව්‍යවසාය සංවර්ධනය ඉදිරියට ගෙන යන අතර, දේශීය ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර පරිමාණය කර රටේ ආර්ථික ප්‍රගතියට දායක විය හැකි බව සහතික කරයි.

    පර්යේෂණ සංවර්ධනය පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ නායකත්වය යටතේ, රජය ව්‍යවසායකත්වයට පර්යේෂණ ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. HARTI ඇතුළු සමාජ ආර්ථික පර්යේෂණ ආයතන, විශ්ව විද්‍යාල, විවිධ රාජ්‍ය නොවන සංවිධන වටිනා පර්යේෂණ සිදු කරයි, නමුත් අභියෝගය පවතින්නේ මෙම උත්සාහයන් මධ්‍යගත කිරීම, පුර්ව ලියාපදිංචි කිරීම හරහා ඒවා ඉදිරියට ගෙන යාම සහ වාණිජමය සාර්ථකත්වය සඳහා ඒවා පරිමාණය කිරීමයි.

    මෙයට මුහුණ දීම සඳහා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) පර්යේෂණ ව්‍යාපෘති ශක්‍ය ව්‍යාපාර බවට පරිවර්තනය කිරීම සඳහා විශ්ව විද්‍යාල සමඟ ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කරයි. පෞද්ගලික අංශය සමඟ හවුල්කාරිත්වයෙන් වයඹ විශ්ව විද්‍යාලය සමඟ නියමු ව්‍යාපෘතියක් දැනටමත් පොරොන්දු වූ ප්‍රතිඵල ලබා දී ඇත. මෙම මුලපිරීම කලාපීය-නිශ්චිත නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහා විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතනවලින් දේශීය සම්පත්, නිෂ්පාදන හැකියාවන් සහ තාක්ෂණික සහාය භාවිතා කරයි. NEDA දැන් මෙම ආකෘතිය රට පුරා අනෙකුත් විශ්ව විද්‍යාල වෙත ව්‍යාප්ත කිරීමට සැලසුම් කරයි. පර්යේෂණ මත පදනම් වූ ව්‍යවසායකත්වය පෝෂණය කිරීමට අමතරව, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික භූ දර්ශනය තුළ තොරතුරු තාක්ෂණ (IT) අංශයේ වර්ධනය වන භූමිකාව NEDA හඳුනා ගෙන ඇත. බොහෝ IT වෘත්තිකයන් ව්‍යවසායකත්වයට පිවිසෙන නමුත් කැපවූ වැඩබිම් සුරක්ෂිත කිරීමේදී අභියෝගවලට මුහුණ දෙයි. ඔවුන්ට සහාය වීම සඳහා, NEDA අරමුණු කරන්නේ රට පුරා පොදු සහයෝගීතා පහසුකම් ස්ථාපිත කිරීම / public co-working facilities සහ IT ආරම්භකයින්ට කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමට හැකි වන පරිදි යටිතල පහසුකම් ලබා දීමයි. තවද, බොහෝ කුඩා ව්‍යාපාර ඉඩම් සහ කර්මාන්තශාලා ඉදිකිරීම් සඳහා අරගල කරන අතර, එය ඔවුන්ගේ වර්ධනයට බාධා කරයි. මෙය අවම කිරීම සඳහා, NEDA විසින් බෙදාගත් පහසුකම් සහ පොකුරු පාදක කාර්මික කලාප / cluster-based industrial zones සංවර්ධනය කිරීමට සැලසුම් කරන අතර එමඟින් ආරම්භකයින්ට අධික මූල්‍ය බරකින් තොරව අවශ්‍ය යටිතල පහසුකම් වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි. ව්‍යාපාර පුර්ව ලියාපදිංචි තක්සේරුකරණය සමඟ පර්යේෂණ ඒකාබද්ධ කිරීමෙන් සහ අත්‍යවශ්‍ය සම්පත් සැපයීමෙන්, NEDA ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය හැඩගස්වමින් සිටින අතර, නවෝත්පාදනය තිරසාර ආර්ථික වර්ධනයක් බවට පරිවර්තනය වන බව සහතික කරයි.

    සියලුම ලියාපදිංචි සංවිධාන සහ ගම් මට්ටමේ ව්‍යාපාර පිළිබඳ තොරතුරු ඒකාබද්ධ කිරීම සඳහා ජාතික දත්ත සමුදායක් සංවර්ධනය කිරීම මගින් දත්ත රැස් කිරීම සහ ව්‍යාපාර ලියාපදිංචිය විධිමත් කිරීම සඳහා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සැලකිය යුතු පියවරක් ගනිමින් සිටී. ව්‍යවසායකයින් සඳහා ප්‍රතිපත්ති සම්පාදනය සහ සම්පත් වෙන් කිරීම වැඩි දියුණු කරන පුළුල් ජාතික දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම මෙම මුලපිරීමේ අරමුණයි. මෙම මුලපිරීමේ ප්‍රධාන අංගයක් වන්නේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) පිළිබඳ දත්ත රැස් කිරීම සඳහා නිර්මාණය කර ඇති ඩිජිටල් වේදිකාවක් වන smeconnect.lk ය. ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank – ADB) මෙම වේදිකාව සංවර්ධනය කිරීම සඳහා පහසුකම් සපයා ඇති අතර එය දැන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) රාමුවට ඒකාබද්ධ කෙරේ.

    දත්ත රැස් කිරීමට අමතරව, smeconnect.lk මූලික සේවාවන් තුනක් පිරිනමයි: ඉගෙනීම / learning, මග පෙන්වීම / mentoring සහ ජාලකරණය / networking. ව්‍යවසායකයින්ට අධ්‍යාපනික සම්පත් වෙත ප්‍රවේශ වීමට, කර්මාන්ත උපදේශකයින් සමඟ සම්බන්ධ වීමට සහ ව්‍යාපාර වර්ධනය වැඩි දියුණු කිරීම සඳහා ජාල ගොඩනගා ගැනීමට හැකිය. දිගුකාලීන දැක්ම වන්නේ මෙම වේදිකාව රට පුරා ව්‍යවසායකයින් සඳහා කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස සේවය කරමින් පූර්ණ ක්‍රියාකාරී SMEs දත්ත සමුදායක් දක්වා පුළුල් කිරීමයි. මීට අමතරව, මෙම වේදිකාව ව්‍යාපාර ලියාපදිංචි කිරීම සහ යොමු කිරීම් සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත. පුද්ගලයෙකු රජයේ ආයතනයක් සමඟ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන විට, smeconnect.lk අදාළ ආයතන වෙත යොමු කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සපයන අතර, අවශ්‍ය සහාය සේවා සඳහා සුමට ප්‍රවේශයක් සහතික කරයි. ව්‍යවසායක පරිසර පද්ධතියට ඩිජිටල් විසඳුම් ඒකාබද්ධ කිරීමෙන්, smeconnect.lk කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්‍රියාත්මක වන ආකාරය පරිවර්තනය කිරීමට සූදානම් වන අතර, තිරසාර වර්ධනය සඳහා අවශ්‍ය මෙවලම් සහ සම්බන්ධතා ඔවුන්ට ලබා දෙයි.

    ව්‍යවසායකයින්ට ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ තම ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට අරමුදල් ලබා ගැනීමයි. සාම්ප්‍රදායිකව, ණයක් ලබා ගැනීම සඳහා වත්කමක් උකස් කිරීම අවශ්‍ය වන අතර, එය බොහෝ කුඩා ව්‍යාපාර හිමියන්ට අපහසු වේ. මෙයට මුහුණ දීම සඳහා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) ප්‍රාග්ධනයට ප්‍රවේශය සරල කරන පුළුල් මූල්‍ය පරිසර පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටී. NEDA සමඟ ලියාපදිංචි වී එහි සේවාවන් භාවිතා කරන ව්‍යවසායකයින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) සහ ලංකා බැංකුව (BOC) වැනි හවුල්කාර බැංකු වෙත යොමු කළ හැකිය. වර්තමානයේ, මෙම බැංකු රුපියල් 500,000 දක්වා අප රහිත ණය ලබා දෙන අතර, මෙම මුදල රුපියල් මිලියන 1.5 සිට මිලියන 2 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇත.

    මූල්‍ය සහයෝගය පුළුල් කිරීමේ වැදගත්කම හඳුනා ගනිමින්, අමාත්‍යවරයා මෑතකදී මාතර දී නිවේදනය කළේ මෙම මුලපිරීම තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 5ක සංචිතයක් වෙන් කර ඇති බවයි. කෙසේ වෙතත්, මෙහිදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන අභියෝගයක් ඉතිරිව පවතී. බැංකු සිය තැන්පත්කරුවන්ගේ අරමුදල් භාවිතා කරමින් ක්‍රියාත්මක වන බැවින් අවදානම ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතුය. ණය ඇපකර ආයතනය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන්නේ මෙහිදීය. 90%ක් රජයේ හිමිකාරිත්වය සහ 10%ක් බැංකු අතර බෙදා ගැනීමත් සමඟ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහාය ඇතිව, මෙම ආයතනය බැංකු සඳහා ණය දීමේ අවදානම් අඩු කිරීමට උපකාරී වේ. ඇපකරයක් නොමැතිව ණයක් ලබා දෙන්නේ නම්, ණය ඇපකර ආයතනය අවදානමෙන් 60%ක් දක්වා ආවරණය කරයි, එමඟින් බැංකුවලට ව්‍යවසායකයින්ට මූල්‍ය සහාය ලබා දීම පහසු කරයි. NEDA හි යොමු කිරීමේ පද්ධතිය බැංකු අරමුදල් සහ ණය ඇපකර සමඟ ඒකාබද්ධ කිරීමෙන්, මෙම මුලපිරීම ව්‍යවසායකයින්ට අඩු බාධක සහිතව මූල්‍ය සම්පත් වෙත ප්‍රවේශ විය හැකි බව සහතික කරයි, ව්‍යාපාර වර්ධනය සහ ආර්ථික සංවර්ධනය මෙහෙයවයි.

    අනෙකුත් රටවල් හා සසඳන විට, ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව අනුපාතය සාපේක්ෂව අඩු වන අතර, ව්‍යවසායකයින් මුළු ජනගහනයෙන් 2.8%ක් පමණි. ආර්ථික වර්ධනය සහ රැකියා නිර්මාණය සඳහා මෙම අගය අවම වශයෙන් 10% දක්වා වැඩි කළ යුතු බව විශේෂඥයින් අවධාරණය කරයි. මෙම උත්සාහයේ ප්‍රධාන අවධානයක් වන්නේ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමයි. අධ්‍යයනවලින් පෙනී යන්නේ කාන්තාවන් නියමිත වේලාවට ණය ආපසු ගෙවීමට වැඩි ඉඩක් ඇති බැවින් ඔවුන් ඉහළ මූල්‍ය වගකීමක් පෙන්නුම් කරන බවයි. මෙය හඳුනා ගනිමින්, NEDA, මූල්‍ය ආයතන සමඟ සහයෝගයෙන්, කාන්තාවන් සඳහා පමණක් විශේෂ ණය යෝජනා ක්‍රම දියත් කර ඇත. ලංකා බැංකුව (BOC) කාන්තා ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා කැප වූ රුපියල් මිලියන 125ක ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති අතර එමඟින් ඔවුන්ට තම ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පුළුල් කිරීමට හැකි වේ. මූල්‍ය සම්පත් වෙත ප්‍රවේශය පුළුල් කිරීමෙන් සහ ව්‍යවසායකත්වයේ නියැලීමට වැඩි කාන්තාවන්ට දිරිගැන්වීමෙන්, ශ්‍රී ලංකාව තම ආර්ථිකය ශක්තිමත් කර වඩාත් ඇතුළත් ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම මෙමඟින් අරමුණු කරයි.

    විශ්ව විද්‍යාල සිසුන් ව්‍යවසායකත්වය කෙරෙහි දක්වන ආකල්පය වේගයෙන් පුළුල් වෙමින් පවතින අතර, බොහෝ දෙනෙක් සාම්ප්‍රදායික රැකියාවට විකල්පයක් ලෙස නොව එය ශක්‍ය වෘත්තීය මාර්ගයක් ලෙස හඳුනා ගනිමින් සිටිති. සාර්ථක ව්‍යාපාර දියත් කිරීම සඳහා තම කුසලතා, නිර්මාණශීලිත්වය සහ තාක්ෂණය උපයෝගී කර ගන්නා තරුණ පුද්ගලයින් අතර මෙම මාරුව විශේෂයෙන් දැකිය හැකිය. මෙම ව්‍යවසායක ආත්මය පිළිබඳ මෑත කාලීන උදාහරණයක් BMICH හි Edex ප්‍රදර්ශනයේදී නිරීක්ෂණය විය. එහිදී කලා උපාධි හදාරන සිසුන් තම අතින් සාදන ලද කලා කෘති අලෙවි කරනු දක්නට ලැබුණි. සහභාගී වූවන් කිහිප දෙනෙකු සමඟ කළ සාකච්ඡාවකින් ආශ්වාදජනක කථා හෙළි විය. මුලින් ටී-ෂර්ට් මත අතින් පින්තාරු කරන ලද ලාංඡන භාවිතා කළ එක් සිසුවෙකු දැන් තම ව්‍යාපාරය පුළුල් කර ඇති අතර, ඔහුගේ නිෂ්පාදන අපනයනය කිරීමෙන් විදේශ ආදායමක් උපයා ඇත. තොරතුරු තාක්ෂණ අංශයේ තවත් සිසුවෙකු ඩොලර් බිලියනයක තක්සේරුවක් කරා ළඟා වීමේ ඉලක්කයක් ඇතිව ව්‍යාපාර ව්‍යාපෘතියක වැඩ කරමින් සිටී, නමුත් ඔහු දැනට එය තවදුරටත් පරිමාණය කිරීම සඳහා රුපියල් මිලියන 150ක ආයෝජනයක් සොයයි.

    සිසුන් අතර ව්‍යවසායකත්වය එක් අංශයකට පමණක් සීමා නොවේ. කාන්තාවන් සහ තරුණයින් තාක්‍ෂණය මත පදනම් වූ කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්තවල ක්‍රියාකාරීව නියැලී සිටිති. බොහෝ සිසුන් සහ වෘත්තිකයන් නවීන කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම වැළඳ ගනිමින්, තාක්ෂණය සහ නවෝත්පාදනය ගොවිතැනට ඒකාබද්ධ කරමින් සිටිති.

    ලක්ෂ්මන් අබේසේකර මහතා පැවසුවේ, “HARTI (හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය) ප්‍රකාශ කර ඇත්තේ, රුපියල් මිලියන 1.3ක ආයෝජනයකින්, තාක්‍ෂණය මත පදනම් වූ කෘෂිකර්මාන්තය එක් කන්නයක් තුළ ලාභදායී ප්‍රතිලාභයක් ලබා ගත හැකි බවයි”. මෙය උපාධිධාරීන්ට සහ සරසවි සිසුන්ට අමතර ආදායමක් උත්පාදනය කිරීමට හෝ පූර්ණ ව්‍යාපාර ස්ථාපිත කිරීමට අවස්ථා ලබා දෙයි. මෙම නැගී එන ප්‍රවණතාවය පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සිසුන් තවදුරටත් රැකියා සොයන්නන් පමණක් නොවන බවයි. මේ වන විට ඔවුන් රැකියා නිර්මාපකයින් බවට පත්වෙමින් සිටිති. ඔවුන්ගේ දක්ෂතා උපයෝගී කර ගැනීමෙන්, නව තාක්‍ෂණයන් අනුගමනය කිරීමෙන් සහ නව්‍ය ව්‍යාපාරික අදහස් අනුගමනය කිරීමෙන්, ඔවුන් රටේ ව්‍යවසායක භූ දර්ශනය නැවත සකස් කරමින් සිටී. නිවැරදි සහයෝගය, ආයෝජනය සහ පරිසර පද්ධතිය සමඟින්, ශ්‍රී ලංකාවට ආර්ථික වර්ධනය සහ නවෝත්පාදනය මෙහෙයවන සාර්ථක ව්‍යවසායකයින්ගේ නව පරම්පරාවක් බිහි කළ හැකිය.

    ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවන ලද ආයතනයක් වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සභාපතිවරයා ලෙස, ශක්තිමත් ව්‍යවසායක මානසිකත්වයක් ඇති කිරීම ජාතියේ ප්‍රගතියට ඉතා වැදගත් බව ලක්ෂ්මන් අබේසේකර මහතා විශ්වාස කරයි. කෙසේ වෙතත්, ව්‍යවසායකයින් සෘජුවම ඇමතීමට පෙර, අපි මුලින්ම සමාජයට (ගුරුවරුන්ට, දෙමාපියන්ට, ආගමික නායකයින්ට සහ සමස්තයක් වශයෙන් ප්‍රජාවට) බලවත් පණිවිඩයක් යැවිය යුතුය. දශක ගණනාවක් තිස්සේ, අපගේ අධ්‍යාපන ක්‍රමය සහ සංස්කෘතික සම්මතයන් තරුණයින්ට සාම්ප්‍රදායික වෘත්තීය මාර්ග අනුගමනය කිරීමට, වෙහෙස මහන්සි වී ඉගෙනීමට, විශ්ව විද්‍යාලයට යාමට සහ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් හෝ රජයේ සේවකයින් වීමට දිරිමත් කර ඇත. මෙම වෘත්තීන් වැදගත් වුව ද, අනාගතය වෙනස් ප්‍රවේශයක් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය වූ ආර්ථිකයක් කරා ගමන් කරන විට, සාම්ප්‍රදායික රැකියා අවස්ථා සීමිත වනු ඇත. අනාගත ශ්‍රම බලකාය පෞද්ගලික අංශයේ හෝ ගෝලීය වෙළඳපොළවල දියුණු වීමට නිවැරදි කුසලතා වර්ධනය කළ යුතුය, නැතහොත් ව්‍යවසායකයින් වීමේ නිර්භීත පියවර ගත යුතුය. රැකියා සොයන්නන්ගේ සිට රැකියා නිර්මාපකයින් බවට පත්වීම දක්වා අපගේ මානසිකත්වය වෙනස් කළ යුතුය.

    මෙම ව්‍යවසායකත්ව සංස්කෘතිය ඇති කිරීම සඳහා, NEDA, විශ්ව විද්‍යාල සහ කාර්මික විද්‍යාල සමඟ සහයෝගයෙන්, අපේක්ෂා කරන ව්‍යවසායකයින් අවශ්‍ය කුසලතා සහ දැනුමෙන් පෙළඹවීම සහ සන්නද්ධ කිරීම සඳහා නිර්මාණය කර ඇති “ව්‍යාපාරික සිතමු / Mind into Business” වැඩසටහන දියත් කර ඇත. ඊට අමතරව, තරුණ මනස මුල් අවධියේදී ව්‍යාපාර අධ්‍යාපනයට නිරාවරණය වන බව සහතික කරමින්, 9 ශ්‍රේණියේ විෂය මාලාවේ ව්‍යවසායකත්වය විෂයයක් ලෙස හඳුන්වා දීමෙන් රජය ප්‍රගතිශීලී පියවරක් ගෙන තිබේ.

    ව්‍යාපාර මෙහෙයවන සංස්කෘතියක් නිර්මාණය කිරීම සාමූහික වගකීමකි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට මඟ පෙන්වන නායකයින්, නවෝත්පාදකයින් සහ රැකියා සපයන්නන්ගේ පරම්පරාවක් හැඩගස්වමින්, ගෞරවනීය හා ශක්‍ය වෘත්තීය මාර්ගයක් ලෙස ව්‍යවසායකත්වය අප වැළඳ ගත යුතුය. අපේ ජාතියේ අනාගතය පරිවර්තනය කරන ව්‍යවසාය ව්‍යාපාරයක් නිර්මාණය කිරීමට කාලය පැමිණ තිබෙන බව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතා දැඩි අවධාරණය කළේය.

    මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය / HARTI විසින්  DevPro Guarantee Limited හි මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් අතර ධාරිතාව ගොඩනැගීම සහ ජාලකරණය හරහා ව්‍යාපාරික අවස්ථා සහ කර්මාන්ත සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම’ නම් වැඩසටහන මඟින් ‘ ලබා දෙන ලද ලිපියකි.

    සාකච්ඡාව සහ සටහන – වරුණි ජයතුංග, HARTI – DevPro කාන්තා ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතියේ විමර්ශක නිලධාරීනිහෙක්ටර් කොබ්බෑකඩුව ගොවිජන පර්යේෂණ හා පුහුණු  කිරීමේ ආයතනය