Tag: featured

  • පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීමට ලැබුණු රුපියල් බිලියනය කෝ ?

    පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීමට ලැබුණු රුපියල් බිලියනය කෝ ?

    ”පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුබ සාධනය වෙනුවෙන් ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානය විසින් 2019 ජුලි 30 වෙනි දින ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලද ඩොලර් මිලියන පහක (රුපියල් මිලියන 1,000) ආධාර මුදලට කුමක් සිදුවීද යන්න සොයා බැලිය යුතු බව”ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති.

    උන්වහන්සේ මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සිහිකරනුවස් “සමිදුන් වෙතගිය මිනිසුන්” මැයෙන් ඊයේ (21) පැවති අනුස්මරණ අවස්ථාවට සහභාගී වෙමිනි.

    මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ විදෙස් තානාපති නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වී සිටියහ.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සෝහිත හිමියෝ මෙසේද පැවසූහ. පාස්කු ප්‍රහාරය මෙන්ම “ත්‍රස්තවාදයේ තවත් ස්වරූප” කිහිපයක් තිබෙනවා. ඒවා තමයි විස ආහාර කැවීමේ ත්‍රස්තවාදය. අවාසනාව SLS ලාංජනයත් විශ්වාස කළ නොහැකි තත්ත්වයට රටවැසියා අසරණ වෙලා තිබෙනවා. අනෙක් ත්‍රස්තවාදය දුරාචාරයේ ත්‍රස්තවාදය. දුරාචාරයේ ත්‍රස්තවාදය පාර්ලිමේන්තුවෙනුත් නැගෙනවා. මේ සියලු ත්‍රස්තවාදයන් ත්‍රස්තවාදමයි. ජනතාව විනාශ කරන, රටේ ප්‍රගතිය විනාශ කරන සාමය විනාශ කරන මේ සියලු ත්‍රස්තවාදයන් නැති කරලීමේ මහා වගකීම රජය සතුයි,”

    ‘‘පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුබ සාධනය වෙනුවෙන් ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානය විසින් 2019 ජුලි 30 වෙනි දින ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලද ඩොලර් මිලියන පහක ආධාර මුදලට කුමක් සිදුවීද යන්න සොයා බැලිය යුතුයි. මේ මොහොත වන තෙක් අප විමසමින් සිටියා එවන් මහා ධනස්කන්ධයක ආධාරයෙන් අපේ විපතට පත් පවුල් නැගී සිටියාද යන්න. එහෙත් ඒ සඳහා නිසි තොරතුරක් නැති නිසා අපි අද රහස් පොලිස් මූලස්ථානයට පවරනවා වගකීම මේ බිලියනයක මුදලට කුමක්ද වුනේ? මේ අනතුරට පත් වුනු ජනතාව වෙනුවෙන් මේ මුදල් වියදම් කළාද? අදත් අසරණ වුනු මිනිස්සු, තමාගේ පවුලේ වගකිවයුත්තා මිය ගිය නිසා අසරණ වුනු පවුල් වෙනුවෙන් මේ මුදල් වැය කළාද කියන ප්‍රශ්නය අපි රජයට, රහස් පොලිසියට භාර කරනවා ඒ පිළිබඳ තොරතුරු සොයන්න.”

    මෙම වැඩසටහනින් පසු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය (සීඅයිඩිය) වෙත පැමිණි උන්වහන්සේ අදාළ ආධාර මුදලට කුමක් සිදුවීදැයි යන්න පිළිබඳ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

  • Sl v Ban Test:  බංග්ලාදේශය ප්‍රබල තත්ත්වයක

    Sl v Ban Test: බංග්ලාදේශය ප්‍රබල තත්ත්වයක

    වේග පන්දු යවන්නන්ට උචිත වන පරිදි තණතීරුව සකස් කරමින් බංග්ලාදේශ පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කිරීමට සැලසුම් සැකසුවද කිසිදු කලබලයකින් තොරව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිතිකරුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී අද (21 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේ පළමු දිනට ක්‍රීඩාව නිමා කර දමනා විට ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 302 ක් වශයෙන් ප්‍රබල ස්ථාවරත්වයකට රැගෙන ඒමට සමත්වී සිටියහ.

    වේග පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් දක්වනු ලබන දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගැනීමේ අටියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සඳහා වේග පන්දු යවන්නන් තිදෙනකු සමඟින් අවතීර්ණ වුවද බලාපොරොත්තු වුණු තරම් සේවයක් ලබා දීමට ඔවුහු අසමත් වූහ. යම්තාක් දුරට සාර්ථක වූයේ නම් ඒ කඩුලු 2 ක් දවා ගත් විශ්ව ප්‍රනාන්දු පමණි.

    ඉතාමත් සුභවාදී අයුරින් පන්දුවට පහර එල්ල කළ බංග්ලාදේශ පිතිකරුවෝ දිනය අවසනදී පන්දුවාරයකට 3.5 කට ආසන්න (3.35) ක දළ ලකුණු වේගයක් රඳවා තබා ගත්තේ අපේක්ෂිත තරම් සහයෝගයක් තණතීරුවෙන් නොලැබී යෑම හේතුවෙනි.

    බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක වුණු ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් ශ්‍රී ලංකාවට එරෙහිව සිය පෞද්ගලික හොඳම ඉනිම වාර්තා කරමින් බංග්ලාදේශ ලකුණු පුවරුව පෝෂණය කරද්දී තවමත් 22 හැවිරිදි වියේ පසුවන නජ්මුල් හොසේන් දිනය අවසන් වීමට පෙර තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කර ගැනීමට සමත්වූවේය.

    මුහුණ දුන් 239 වැනි පන්දුවේදී ශතකය සපුරාගත් වමත් පිතිකරුවා දිනය අවසන් වන විට ලකුණු 126ක් රැස් කරගෙන සිටියේ පන්දු 288 කට මුහුණ දෙමිනි. කිසිම කලබලයක් නොපෙන්වූ නජ්මුල් මිනිත්තු 382 ක් පුරා ඇදී ගිය තම ඉනිම හතරේ පහර 14 කින් සහ හයේ පහරකින් සිය ඉනිම වර්ණවත් කරගත්තේය. මෙතෙක් එල්ල කරන ලද එකම හයේ පහර ධනංජය ද සිල්වාගේ පන්දුවකට එල්ල කළ නජ්මුල් ඔහුගේ පන්දුවකටම දවා ගැනීම සඳහා කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වෙත ලබා දුන්නේය. පිත්තේ දාරයේ වැදී කඩුල්ල පිටුපසට ඇදී ගිය පහසු උඩ පන්දුව දික්වැල්ල රැක ගැනීමට සමත්වූයේ නම් නජ්මුල්ගේ ඉනිම ලකුණු 28 දී නිමාවට පත් වනු ඇත.

    දෙවැනි පන්දුවාරයේදීම ආරම්භක පිතිකරු යසීෆ් හසන් ලකුණු නොලබා දැවී යෑම නිසා අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි නජ්මුල් හොසේන්, සෙමෙන් සෙමෙන් කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමේ කාර්යයේ නිරත විය. දිවා ආහාරය සඳයා යවන ලද පන්දුවාර 26 දී ඉක්බාල් සමඟ එක්වුණු නජ්මුල් ලකුණු 94 ක සම්බන්ධතාවයක් පවත්වමින් දිවා භෝජනයේදී තරගය නිමා කරන විට ලකුණු පුවරුව කඩුල්ලකට ලකුණු 106 ක් දක්වා ඉහළ දැමූහ.

    එම සම්බන්ධතාවයේදී නජ්මුල්ට වඩා ස්ථාවරව පන්දුවට පහර දුන් ඉක්බාල් ලකුණු 65 ක් රැස් කරමින් තම ටෙස්ට් තරග දිවියේ 29 වැනි අර්ධ ශතකය රැස් කර ගත්තේය. දිවා ආරයෙන් පසුවද ඉතා හොඳින් පන්දුවට පහර දුන් මෙම පිතිකරුවන් යුගලය අතරින් විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කරමින් ලකුණු 90 සීමාවට ඉක්බාල් අවතීර්ණ වුවද ඊට පන්දු 2 කට පසු විශ්වගේ ගොදුරක් ලෙසින් දැවී ගියේ 10 වැනි ටෙස්ට් ශතකය පෙනි පෙනි තිබියදීය.

    අනතුරුව පිටියට පිවිසි නායක මොමිනුල් හක්ද සිය 10 වැනි ටෙස්ට් අර්ධය සම්පූර්ණ කර ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 80 අවසන් වත්ම නව පන්දුව ලබා ගත්තද තරගයේ අවසානය වන තෙක්ම ලකුණු ලබා ගැනීමට වඩා කඩුලු ආරක්ෂා කර ගැනීමට බංග්ලාදේශ පිතිකරුවෝ මුල් තැන දුන්හ.

    හෙට තරගයේ දෙවැනි දිනයයි.

    Text by – Sl cricket
  • ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් තිදෙනෙක් මරුට

    ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් තිදෙනෙක් මරුට

    එන්නත්කරණය තුළ කලාතුරකින් ඇතිවිය හැකි ආසාත්මිකතා තත්ත්වයන් සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමෙන් එන්නත්කරණය ගැන මහජන විශ්වාසය පළුදු විය හැකියි

    ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසුව මෙරය පුද්ගලයින් හය දෙනකු රුධිරය කැටි ගැසීමට ලක් වූ බවත් ඉන් තිදෙනකු මේ වන විට මරණයට පත්ව ඇති බවත් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (21) හෙළි කළාය.

    සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව හෙළි කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2)යටතේ මතු කළ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

    ‘‘ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් සති කිහිපයකට පසුව රුධිරය කැටි ගැසුණු රෝගීන් වෙනත් රටවලින් ද වාර්තා වී තිබෙනවා. නමුත් මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ මිලියනයකට 4ත් 6ත් අතර 4ත් 6ත් අතර ප්‍රමාණයකින් බවයි විශේෂඥයින් පවසන්නේ. ඒත් මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර සෘජු සෘජු සම්බන්ධතාවයක් හඳුනා ගෙන නැහැ. ඒ ගැන තාම පර්යේෂණ සිදුවෙනවා‘‘

    මෙහිදී අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කළේ කොරෝනා රෝගී තත්ත්වය නිසා ඇතිවිය හැකි ආබාධ සමඟ සංසන්දනය කිරීමේ කිරීමේ දී රුධිරය කැටි ගැසීමට ඇති ප්‍රවණතාව ඉතා අල්ප බවයි.

    එන්නත්කරණය තුළ කලාතුරකින් ඇතිවිය හැකි ආසාත්මිකතා තත්ත්වයන් සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමෙන් එන්නත්කරණය ගැන මහජන විශ්වාසය පළුදු විය හැකි බව ද දැනට භාවිතා වන බොහෝ එන්නත් වලින් ලක්ෂයකට එක් අයකුට උගුරේ ආසාත්මිකතා තත්ත්වයන් ඇතිවිය හැකි බවත් සෞඛ්‍ය ඇමැතිවරිය වැඩි දුරටත් සදහන් කළාය.

  • යළිත් කොවිඩ් -19 දැඩි වසංගත අවධානමක්

    යළිත් කොවිඩ් -19 දැඩි වසංගත අවධානමක්

    අලුත් අවුරුදු උත්සව කාලයේ දී ජනතාව නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් කොවිඩ් -19 වසංගතය තදින්ම පැතිරයාමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියයි. මේ තත්ත්වය තුළ දැඩි තීන්දු කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව ද අමාත්‍යවරිය පැවසුවාය.

    වත්මන් තත්ත්වය පිළිබදව වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය අමාත්‍යවරිය,

    ‘‘ජනතාව කිසිම සැලකිල්ලකින් තොරව පසුගිය අලුත් අවුරුදු දිනවල කටයුතු කළා. සෞඛ්‍ය අංශ ලබා දුන් මාර්ගෝපදේශ ගැන ඔවුන් කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ඒ නිසා මේ වන විට කොවිඩ් වසංගතය යළිත් තදින් පැතිර යාමේ අවදානමක නිර්මාණය වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ දැඩි තීන්දු කිහිපයක් ගැනීමට අපට සිදුව තිබෙනවා. ඒ ඒ අනුව,

    1. දිනකට අවම වශයෙන් පී.සී.ආර් පරීක්ෂණ 15000ක් බැගින් සිදු කිරීම,
    2. නිරෝධායන නීති දැඩිව ක්‍රියාත්මක කිරීම,
    3. නිරෝධායන නීති කඩකරන්නන්ට එරෙහිව දඬුවම් ක්‍රියාත්මක කිරීම,
    4. විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා විශේෂිත නිරෝධායන නීති අලුතින් සකස් කිරීම,
    5. රෝහල් වල දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාවය වැඩි කිරීම,
    6. රෝගීන්ට අවශ්‍ය හයිෆ්ලෝ ඔක්සිජන් ලබා දීම,
    7. දත්ත රැස් කිරීමේ ක්‍රම වේදය ශක්තිමත් කිරීම,
    8. වෛද්‍යවරුන් හෙදියන් ඇතැම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආරක්ෂිත ඇඳුම් වැඩිපුර ලබාදීමට පියවර ගන්නවා.

    කෝවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝග තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැලසුම් කිරිම ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම රට පුරා අලුතින් තවත් රෝහල් හඳුනාගැනීම හා ඒවාට අවශ්‍ය වෛද්‍ය සුදුසුකම් සැපයීමට කඩිනම් පියවර ගන්නා බවද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

  • කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ‘සංකූලතා ඇතිවුවහොත්’ දැනුම් දෙන්න දුරකථන අංකයක්

    කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ‘සංකූලතා ඇතිවුවහොත්’ දැනුම් දෙන්න දුරකථන අංකයක්

    කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු සංකූලතා ඇතිවුවහොත් ඒ පිළිබඳව 011-3415985 අංකය ඔස්සේ දැනුම් දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. එම දූරකථනයට ලැබෙන එවැනි ඇමතුම් සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා කෙළඹ ජාතික රෝහලේ විශේෂ ඒකකයක්ද ස්ථාපිත කර ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කළාය.

  • රාජ්‍ය ඇමැතිවරුන්ට තවත් අභියෝගාත්මක වගකීමක්

    රාජ්‍ය ඇමැතිවරුන්ට තවත් අභියෝගාත්මක වගකීමක්

    මහජන සේවා සැපයෙන රාජ්‍ය ආයතනවලින් ජනතාව අපේක්ෂා කරන කාර්යය ඉටු කර ගැනීමට නොහැකිය” යන චෝදනාවට තිත තැබිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    කොවිඩ් වසංගතය හමුවේ වුවද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ බොහෝ දේ ඉටු කර ඇත. ජනතාව තුළ ඇති කණස්සල්ලට හේතුව ඇතැම් රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාව, දූෂණය, කල්ගතවීම බව ජනතාව පෙන්වා දෙති. කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සෘජු මැදිහත්වීමෙන් සහ තාක්ෂණය භාවිතයෙන් ගැටලුවට විසඳුම් දිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    රාජ්‍ය අමාත්‍යවරුන් සමග මාසිකව පැවැත්වෙන සමාලෝචන රැස්වීම අද (21) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

    ඇතැම් ආයතන ප්‍රධානීන්ගේ කාර්ය භාරය නිසි ලෙස ඉටු නොවීම පිළිබඳව ද වාර්තා වී ඇත. රජයේ අපේක්ෂිත ඉලක්ක වෙත ළගා වී නැති එවැනි ආයතන පිළිබඳ වාර්තාවක් දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරුන්ට පැවසූ ජනාධිපතිවරයා එම ආයතන සඳහා වෙනත් නිලධාරීන් පත් කළ යුතු නම් ඒ සඳහා ද තමා සුදානම් බව කියා සිටියේය.

    විදේශ ණය සහ දේශීය අය වැය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි ප්‍රගතිය අධීක්ෂණය කර කඩිනම් කරවීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    “ජනතාව සමගයි අපේ ශක්තිය තිබෙන්නේ, ඔවුනගේ අවශ්‍යතා කඩිනමින් ඉටු විය යුතුයි.  ගැටලුවලට ඇහුම්කන් දෙමින්, ජනතාවගෙන් දුරස් නොවී වැඩ කරන්න” යැයි ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යවරුන්ට කියා සිටියේය.

    රජයේ ප්‍රතිපත්තිය රැකියා නිෂ්පාදනයයි. එබැවින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගම තුළ ගොඩනගා රැකියා අවස්ථා උදා කිරීමේ හැකියාව ද ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

    උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහලයාම ස්වභාවයයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය නිසා ගොවි අස්වනු අළෙවි කර ගැනීමට ද නොහැකි වෙයි. එම තත්ත්වය වෙනස් කරමින් මෙවර අලුත් අවුරුදු සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ මට්ටමක පවත්වාගෙන යාමටත්, ගොවි අස්වනු මිලදී ගැනීමටත් පළමු වතාවට රජයට හැකි වු බව පෙන්වා දුන් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා රුපියල් පන්දහසේ දීමනාව බෙදා දීමට රාජ්‍ය නිලධාරීන් දැක්වූ සහාය සහ කැපවීම ද ඇගයීමට ලක් කළේය.

    රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, රාජ්‍ය පරිපාලන ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • Mrs. World: කැරොලයින්ගේ කිරුළ අයර්ලන්තයේ කේට් ස්නයිඩර්ට

    Mrs. World: කැරොලයින්ගේ කිරුළ අයර්ලන්තයේ කේට් ස්නයිඩර්ට

    පසුගිය දා පැවැති ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරගයේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ගළවා දෙවැනි තැන දිනාගත් කාන්තාවට පැළදීමට ක්‍රියාකිරීම හේතුවෙන් අර්බුදයකට ලක් වූ 2020 ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි මහත්මියගේ ඉල්ලා අස්වීම එම තරඟය සංවිධාන කළ Mrs. World Inc ආයතනය විසින් පිළිගත් බව එම ආයතනය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා.

    Caroline Jurie no longer Mrs. World; Mrs Ireland takes the crown

    ඒ අනුව 2020 ලෝක විවාහක රු රැජිණ කිරුළ අයර්ලන්තයේ, කේට් ස්නයිඩර් මහත්මියට හිමිවූ බවත් ඇය 2020 ලෝක විවාහක රූ රැජින ලෙස ලෝක විවාහක රූ රැජන සංවිධායක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. 

    පසුගියදා මෙරට පැවැති 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගය අවසානයේ මතු වූ අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන් කැරොලයින් ජූරි සිය ලෝක විවාහක රූ රැජන කිරුළ අත්හැරීමට තීරණය කළා.

  • පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන්ට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගේනවා – අගමැති

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන්ට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගේනවා – අගමැති

    අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ කුරිරු ප්‍රහාරයේ වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙනඒමට දැනටමත් කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එවන් අවාසනාවන්ත තත්ත්වයක් නැවත කිසිදිනක ඇති නොවීමට රජයක් ලෙස සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද හෙතෙම කීවේය.

    අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද (21) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය.

    ගරුකථානායකතුමනිඅදඅපිමීටවසරදෙකකටපෙරඑනම් 2019 අප්‍රේල් 21 පාස්කුදිනයේලංකාඉතිහාසයේඇතිවූඅඳුරුතමදිනයකදෙවනඅනුස්මරණයඉතාසංවේගයෙන්සමරනවාඑදාපාස්කුඉරුදිනදේවමෙහෙයන්ටසහභාගීවූඅහිංසකජනතාවඇතුළු 259 ක්මරුමුවටපත්කරමින්සහසියගණනකටතුවාලසිදුකරමින්එල්ලවූමරාගෙනමැරෙනබෝම්බමාලාවහේතුවෙන්මියගියදෙස්විදෙස්ආදරණීයජනතාවඅපිඉතාසංවේගයෙන්සිහිපත්කරනගමන්එසේමියගියකිතුණුවන්ගේආත්මයන්ටස්වර්ගීයසැනසීමත්,  අනෙකුත්ජනතාවටඔවුන්බලාපොරොත්තුවනඅයුරින්සැනසීමඅත්වේවායිත්ප්‍රාර්ථනාකරනවා.

    වගේමඑදාතුවාලවූආබාධිතවූසියගණනක්ජනතාවඅදත්ශාරීරිකවහාමානසිකවපීඩාවිඳිනවාඔවුන්ටඉක්මන්සුවයප්‍රාර්ථනාකරනවා.  එසේමමියගියසහආබාධිතවූතුවාලවූසියළුදෙනාගේපවුල්වලසාමාජිකයන්වෙතඅපගේබලවත්සංවේගයපුදකරනවා.

    වගේමපාස්කුකොමිසමමගින්හෙලිදරව්කරගත්තොරතුරුඅනුවසකස්කලවාර්තාවහාඅනෙකුත්ලේඛනපදනම්කරගෙනනීතිමයක්‍රියාමාර්ගගැනීමටමේවනවිටත්ගරුනීතිපතිතුමාවෙතයොමුකරතිබෙනවා.

    අධිකරණක්‍රියාමාර්ගකෙරෙහිඅපමැදිහත්වීමටකටයුතුනොකලත්එමක්‍රියාමාර්ගසාර්ථකකරගැනීමටඅවශ්‍යඕනෑමසහයක්ලබාදීමටඅපරජයක්හැටියටසූදානම්බවකියන්නකැමතියි.

    එසේමකොමිෂන්සභාවටඅමතරවක්‍රියාත්මකකරනඅපරාධපරීක්ෂණදෙපාර්තමේන්තුවේසහත්‍රස්තවිමර්ශණකොට්ඨාශයවිමර්ශණකටයුතුමේවනවිටඉතාමස්වාධීනවසිදුකරගෙනයාමටඅවශ්‍යපහසුකම්අතිගරුජනාධිපතිතුමාවිසින්සලසාදීතිබෙනවාපරීක්ෂණඅවසානයේදෙපාර්තමේන්තුවිසින්අධිකරණක්‍රියාමාර්ගගැනීමටඉදිරියේදිකටයුතුකරයිකියලඅපටවිශ්වාසයි.

    පසුගියරජයවිසින්සිදුකලසාපරාධීනොසලකාහැරීම්හාමගහැරීම්සහජාතිකආරක්ෂාවසහතමන්ගේදේශපාලනකටයුතුපටලවාගැනීමෙන්අවසානයේවන්දිගෙවීමටසිදුවනේඅහිංසකජනතාවටඅදත්එමප්‍රහාරයටවගකිවයුතුකොට්ඨාශවිවිධබොරුසමාජගතකරමින්විමර්ශණවලටබලපෑම්කරමින්සමාජඅවධානයවෙනත්දිසාවකටයොමුකිරීමටකටයුතුකරමින්සිටිනවාඅපිඑමපිරිසපිළිබදවකණගාටුවෙනවාඊටඅමතරවමියගියසියළුදෙනාමමේමොහොතේසිහිපත්කරනඅතරමඑවන්අවාසනාවන්තතත්ත්වයත්යලිකිසිදාඇතිනොවීමටත්අපරජයක්හැටියටක්‍රියාමාර්ගගනිමින්සිටිනවා.

    වගේමමෙමකුරිරුප්‍රහාරයේවගකිවයුතුසියළුදෙනාමනීතියහමුවටගෙනඑන්නත්අපකටයුතුකරනබවටඅවසානවශයෙන්කියන්නකැමතියි.” ලෙසඅග්‍රාමාත්‍යවරයාපාර්ලිමේන්තුවේදීපැවසීය.

  • Covid-19: ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය විසාලාවක් !

    Covid-19: ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය විසාලාවක් !

    මම දැක්ක මිනිස්සු ගොඩක් ගිලන් රථ තුළ මැරෙනවා. ඇඳන් නැහැ කියල රෝහල්වලින් භාර නොගෙන ඔවුන්ව හරවල යවනවා. ඖෂධ වෙළෙඳසල් තුළ අවශ්‍ය බෙහෙත් ඉවරයි. ඔක්සිජන් සිලින්ඩර් හොයා ගන්න නැහැ

    සුෂිල් කුමාර් ස්රිවාස්තාවා, මෝටර් රථයක් තුළ හිඳගෙන ඔක්සිජන් සිලින්ඩරයක ආධාරයෙන් හුස්ම ගන්නා ආකාරය ඡායාරූපයකට හසු විය
    – සුෂිල් කුමාර් ශ්‍රීවාස්තාවා, මෝටර් රථයක් තුළ හිඳගෙන ඔක්සිජන් සිලින්ඩරයක ආධාරයෙන් හුස්ම ගන්නා ආකාරය ඡායාරූපයකට හසු විය

    කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගෙන සිටී. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට මෙය දරා ගත නොහැකි තත්ත්වයක් බවට පත්වී තිබේ. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය ද දැඩිම පීඩාවකට ලක්වී ඇති ප්‍රාන්ත අතර වේ. ඒ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයයි.

    සියල්ල නිසි පාලනයේ පවතින බව ඉන්දීය බලධාරීන් අවධාරණය කරන නමුත් ජනතාව කොවිඩ් 19 දෙවැනි රැල්ලට හසුවී අතිශය දුෂ්කර තත්ත්වයකට පත්වී සිටින බව බීබීසී වර්තාකාරිනි ගීතා පාන්ඩේ පවසන්නීය.

    කන්වාල් ජීත් ගේ පියාට කොවිඩ් 19 වැළඳුනි. ඔහු 58 හැවිරිදි නිරන්ජන් පාල් සිං ය. ඔහු රෝහලකට ගෙනයාම සඳහා ගිලන් රථයක ආධාරය ලැබිණ. ළඟම ඇති රෝහලට ගෙන ගිය විට එහි එහි ඇඳන් නොමැති බව පැවසීය. එබැවින් තවත් රෝහලක් බලා ගිලන් රථය ධාවනය විය. මෙසේ රෝහල් හතරකට ගිය නමුත් ඒ එකම රෝහලකවත් ඔහුට ඉඩක් නොමැති විය. අවාසනාවක මහත; කන්වාල් ජීත් ගේ පියා ගිලන් රථය තුළම මිය ගියේය.

    ඔහු ගේ නිවස පිහිටියේ කාන්පූර් නගරයේ ය. නිවසේ සිට දුරකතනයෙන් කතා කරමින් ඔහු කියා සිටියේ එය තම “හදවත කඩා හැලුණු දිනයක්” වූ බවය.

    “වෙලාවට ප්‍රතිකාර ලැබුණානම් තාත්තා අදත් ජීවත් වෙනවා. ඒත් අපට පිහිට වන්න කවුරුවත් හිටියේ නැහැ. සෞඛ්‍ය බලධාරීන්, පොලිසිය, ආණ්ඩුව… මේ කිසි කෙනෙකුගෙන් පිහිට ලැබුණේ නැහැ.” ඔහු පැවසීය.

    SUMIT KUMAR
    ආදාහනාගාර තුළ දිවා රාත්‍රී නොකඩවා මළසිරුරු දැවෙති.

    කොරෝනා පළමු රැල්ලේදී බොහෝ ප්‍රාන්ත දැඩි පීඩාවකට ලක්වෙමින් තිබියදී උත්තර් ප්‍රදේශ් හි තත්ත්වය එතරම් ම අයහපත් නොවීය. එවක ආසාදිතයන් 851,620ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වුව ද මරණයට පත්වූයේ 9830 දෙනෙකු පමණි. නමුත් දෙවැනි රැල්ල මෙම ප්‍රාන්තය යටකරගෙන ගලා ගියේය.

    බලධාරීන් පවසන්නේ තත්ත්වය පාලනයේ පවතින බවකි. නමුත් බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ හද සසල කරවන දසුන් ය. කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන ජනයාගෙන් උතුරා ගොස් ය. රෝහල් කරා පැමිණෙන රෝගීන් අතෝරක් නොමැතිව ආපසු හරවා යවති. ආදාහනාගාර තුළ දිවා රාත්‍රී නොකඩවා මළසිරුරු දැවෙති. ජාතික පුවත්වලට ශීර්ෂ පාඨ සැපයෙන්නේ මෙම ප්‍රාන්තයේ ප්‍රධාන නගර වන ලක්නව්, වරනාසි (පුරාණ බරණැස), කාන්පූර් සහ අලහබාද් යන නගරවල පවතින මෙම තත්ත්වය යි.

    උත්තර් ප්‍රදේශ්, ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සිටින ප්‍රාන්තය යි. එහි මිනිසුන් මිලියන 240ක් වසති. එය ඉන්දීය සමස්ත ජනගහනයෙන් හයෙන් පංගුවකි. මෙම ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් වූවානම්, ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත පස්වැනි රට බවට ලැයිස්තුගත වනු ඇත. මෙය දෙවැනි වන්නේ චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය සහ ඉන්දුනීසියාවට පමණි. කෙසේ නමුත් මෙය පකිස්තානයට සහ බ්‍රසීලයට වඩා විශාල ය.

    ඉන්දීය දේශපාලනය පැත්තෙන් ගත්තත් මෙම ප්‍රාන්තය ඉතා වැදගත් ය. ඉන්දීය පාර්ලිමේන්තුවට වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් යැවෙන්නේ මෙම උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙනි. එම මන්ත්‍රී සංඛ්‍යාව 80කි. අගමැති නරේන්ද්‍ර මෝදි ද තරග වැදුනේ මෙම ප්‍රාන්තයෙනි. මෙම දේශපාලන ශක්තියෙන් ප්‍රාන්තයට ලැබී ඇත්තේ අල්ප සංවර්ධනයකි.

    BBC

    මේ වන විට මෙම ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයන් 191,000ක් සිටිති. ඊට අමතරව දහස් ගණනක් අලුත් ආසාදිතයන් දිනපතා වාර්තා වෙමින් පවතී. නමුත් සත්‍ය ගණන් මිනුම් මීට වඩා ඉතා ඉහළ බව විශ්වාස කෙරේ. මෙවැනි තත්ත්වයක් යටතේ කඩා වැටීමට ආසන්න වෙමින් පවතින ප්‍රාන්තය සතු සෞඛ්‍ය සේවය කාගේත් අවධානයට ලක්වී තිබේ.

    රෝගාතුර වූවන් අතර ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ද සිටී. එපමණක් නොව, ඔහුගේ කැබිනට් ඇමතිවරුන් කීපදෙනෙකු, රජයේ නිලධාරීන් විශාල පිරිසක් මෙන්ම සිය ගණනක් වෛද්‍යවරුන් සහ හෙද සේවක සේවිකාවන් මේ වන විට රෝගාතුර ය.

    පසුගිය දින කීපය තුළ ජනතාවගෙන් අසන්නට ලැබුනේ ඉතා සංවේදී කතාන්තර ය.

    උත්තර් ප්‍රදේශ් හි මාධ්‍යවේදියෙකු හුවමාරුකරගෙන තිබූ වීඩියෝවක දැක්වෙන්නේ රජයේ රෝහලක රථගාල මත වැතිරී සිටින මිනිසෙකි. ඊට අඩි කීපයක් ඔබ්බෙන් මහළු මිනිසෙකු බැංකුවක වාඩි ලා සිටින ආකාරය දැක්වේ. මේ දෙදෙනාටම කොවිඩ් වැළඳී තිබේ. නමුත් රෝහල තුළ ඔවුනට ඉඩක් නොමැත.

    තවත් රජයේ රෝහලක් ඉදිරිපිට කාන්තාවක් වැලපෙමින් සිටින්නීය. ඇයගේ මව රෝගාතුර ය. රෝහල් දෙකකින් ඇය ප්‍රතික්ෂේප වී තිබේ.

    “ඒගොල්ලෝ කියන්නේ ඉස්පිරිතාලේ ඇඳන් නැහැ කියල. ඇඳක් නැත්නම් බිම හරි තියාගන්න බැරිද? මොකක් හරි බෙහෙතක් දෙන්න බැරිද? මගේ අම්මව විතරක් නෙවෙයි, තව ගොඩාක් අයව මේ විදියට හරවල යවනව මම දැක්ක.” ඇය හැඬු කඳුලින් පැවසුවාය.

    “මහ ඇමති කියනවා ඇති වෙන්න ඇඳන් තියෙනව කියල. කරුණාකරලා මට පෙන්වන්න ඒ ඇඳන් කොහෙද තියෙන්නේ කියල. කරුණාකරලා මගේ අම්මට ප්‍රතිකාරයක් දෙන්න.” ඇය ඉකි ගසමින් තෙපලන්නීය.

    ‘කවුරුවත් ආවෙ නැහැ’

    ලක්නව්, ප්‍රාන්තයේ අග නුවරයි. එහි තත්ත්වය ද ඉතා දරුණුය.

    සුෂිල් කුමාර් ශ්‍රීවාස්තාවා, මෝටර් රථයක් තුළ හිඳගෙන ඔක්සිජන් සිලින්ඩරයක ආධාරයෙන් හුස්ම ගන්නා ආකාරය ඡායාරූපයකට හසු විය. ඔහුගේ පවුලේ ඥාතින් රෝහලෙන් රෝහලට මෝටර් රථය ධාවනය කරමින් සිටියේ ප්‍රතිකාරයක් බලාපොරොත්තුවෙනි. රෝහලක ඉඩක් ලැබෙන විට ප්‍රමාද වී වැඩිය.

    සුෂිල් ගේ පුත්‍රයා වන අශිෂ් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හැකිවිය. ඔහු පැවසුවේ තමන් දැඩි හිතේ වේදනාවකින් පසුවන බවය.

    “ඔබ දන්නවනේ මොනවද වෙලා තියෙන්නේ කියල. මට මේ වෙලාවේ කතා කරගන්නවත් බැහැ.” ඔහුගේ හඬ බිඳෙන්නට විය.

    මේ තවත් සිද්ධියකි. රමේෂ් චන්ද්‍රා විශ්‍රාමික අධිකරණ විනිසුරුවරයෙකි. ඔහුගේ අත්අකුරින් ලියැවුණු කුඩා සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එම සටහනෙන් ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මිය ගිය තම බිරිඳගේ දේහය නිවසින් පිටතට රැගෙන යාමට තමන්ට උදව් කරන ලෙසය.

    “මටයි මගේ බිරිඳටයි කොරෝනා වැළඳුනා. ඊයේ උදේ ඉඳල මම රජයේ සහන අංකයට පනස් වතාවක් විතර කතා කරලා කිව්වත් බෙහෙත් ටිකක් දෙන්න කවුරුවත් ආවේ නැහැ. රෝහලකට ගෙනියන්න ආවෙත් නැහැ.”

    “පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් මගේ බිරිඳ අද උදේ මිය ගියාය.” ඔහුගේ අත් අකුරින් ලියවුණු කෙටි සටහනේ කුරුටු ගා තිබුණි.

    වරනාසි නුවර වෙසෙන විමල් කපූර් ගේ මව නිර්මලා රෝගාතුර වුවාය. ඇයට රෝහලක ඉඩ ලැබුණු නමුත් 70 හැවිරිදි නිර්මලා පසුගියදා රෝහලේ දී මිය ගියාය.

    රෝහලේ තත්ත්වය ගැන නිර්මලාගේ පුත් විමල් විස්තර කළේ මෙසේය.

    “මම දැක්ක මිනිස්සු ගොඩක් ගිලන් රථ තුළ මැරෙනවා. ඇඳන් නැහැ කියල රෝහල්වලින් භාර නොගෙන ඔවුන්ව හරවල යවනවා. ඖෂධ වෙළෙඳසල් තුළ අවශ්‍ය බෙහෙත් ඉවරයි. ඔක්සිජන් සිලින්ඩර් හොයා ගන්න නැහැ .”

    තමන්ගේ මවගේ දේහය ආදාහනාගාරයට රැගෙන ගිය විට එහි “මළ සිරුරු කන්දක්” තිබෙන අයුරු දුටු බව විමල් පැවසීය. සෑයට අවැසි දර මිටියක මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් ආදාහනය සඳහා පැය පහක් හයක් පමණ පෝලිමේ බලා සිටිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

    “මම මේ වගේ දෙයක් කවදාවත් දැකල නැහැ. බලන බලන අත පේන්නේ මල සිරුරු සහ ගිලන් රථ.”

    Text by – bbc

  • මිනී කදු පිටින් ගොඩගැසෙයි – දිල්ලි අගනුවර ‘ලොක්ඩවුන්’ කරයි

    මිනී කදු පිටින් ගොඩගැසෙයි – දිල්ලි අගනුවර ‘ලොක්ඩවුන්’ කරයි

    ඉන්දියාවේ දිල්ලි අගනුවර සෞඛ්‍ය සේවා පද්ධතියට දැරිය නොහැකි මට්ටමින් වාර්තාගත ලෙස කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ නැගීම හේතුවෙන් එම ප්‍රදේශය සතියක කාලයක් සඳහා අගුලු ලෑමට (lockdown) පියවර ගෙන තිබේ.

    සඳුදා සිට ඇරඹුණු ලොක්ඩවුන් කාලය තුළ රජයේ කාර්යාල මෙන්ම රෝහල්, ඖෂධ හල් සහ සිල්ලර අලෙවිසල් වැනි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ඉඩ ලැබෙනු ඇත.

    සති අගදී නගරය තුළ ඇඳිරි නීතිය පනවා තිබුණද මේ දක්වා එහි දිනක වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වූයේ ද එම කාලය තුළ ය. ඉරිදා දිනයේ එසේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 24, 462 කි.

    අප්‍රේල් මස ආරම්භයේ සිට ඇරඹුණු දෙවෙනි රැල්ලෙන් ඉන්දියාව මේ වනවිට පීඩා විඳිමින් සිටී.

    “අගුලු ලෑමට මා හැමවිට ම විරුද්ධ වුණා. ඒත් මෙවර පියවරින් රෝහල්වල ඇඳන් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට අපට සහයක් ලැබේවි” යැයි සඳුදා (අප්‍රේල් 19) ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇමතූ දිල්ලි මහ ඇමති අරවින්ද් කේජ්රිවාල් පැවසීය.

    නගරයෙන් බැහැර නොයන ලෙස, එහි සිටින සංක්‍රමණික සේවකයින්ගෙන් මහ ආම්තිවරයා ඉල්ලා සිටියේය. පසුගිය වසරේ රටපුරා බලපැවැත්වූ අගුලු ලෑම හමුවේ සිය රැකියා අහිමිවන බව මෙන්ම අතමිට හිඟවන බව වටහාගත් මිලියන ගණනක සංක්‍රමණික සේවකයින් සිය ගම්බිම් කරා ඇදෙන ආකාරය දක්නට ලැබුණි.

    “මේක අසීරු තීරණයක් වුණත් අපට වෙන විකල්පයක් නැහැ” යැයි කේජ්රිවාල් පැවසීය. “අගුලු ලෑම් නිවේදනය කළ විට, දෛනික ආදායම් උපයන සේවකයින් පීඩාවට පත්වන අතරේ ඔවුන් රැකියා අහිමිවීමටත් මුහුණ දෙනවා. නමුත් දිල්ලිය හැර නොයන ලෙස මම ඔවුන්ට ආයාචනය කරනවා. මෙය කෙටි අගුලු ලෑමක්. ඒ වගේම අප ඔබ ගැන බලාගන්නවා.” යැයි ද ඔහු සඳහන් කළේය.

    ලොක්ඩවුන් නීති:

    • ආගමික ස්ථාන විවෘතව තැබීමට ඉඩ දුන ද අමුත්තන් ට එහි පැමිණීමට ඉඩ නොදේ.
    • විවාහ සඳහා සහභාගී විය හැක්කේ 50 දෙනකුට පමණි. අවමංගල්‍යයකට සහභාගී විය හැකි ගණන 20 කි.
    • සාප්පු සංකීර්ණ, සිනමාහල්, පොදු උද්‍යාන, ශාරීරික ව්‍යායාම් මධ්‍යස්ථාන සහ සම්බාහන ස්ථාන ලොක්ඩවුන් සාමය තුළ තවදුරටත් වසා තැබේ.
    • සියලු ආකාරයේ සාමාජීය, දේශපාල සහ ආගමික එක්රැස්වීම් තහනම් කර ඇත.
    • නරඹන්නන්ගෙන් තොර ක්‍රීඩා අවස්ථා සඳහා ඉඩ සැලසේ.
    • බස් සහ මෙට්‍රෝ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කෙරෙන්නේ 50% ක ආසන ධාරිතාවකිනි.
    • වලංගු ලේඛන සහිතව විභාග සඳහා පෙනීසිටින ශිෂ්‍යයන් හට ගමනාගමනයට ඉඩ සැලසේ.
    • ආපනශාලා වෙතින් නිවසට ආහාර ගෙන්වා ගැනීම සහ ආහාර බැහැර ගෙන යාමට ඉඩ සැලසේ.
    • කොවිඩ් 19 එන්නත්කරණය සඳහා හෝ පරීක්ෂණ සඳහා යන්නන් හට එසේ යා හැකිවන්නේ වලංගු ලේඛන ඇත්නම් පමණි.

    අප්‍රේල් 15 වෙනිදා සිට ඉන්දියාවේ රෝගීන් වාර්තාවීම දිනකට රෝගීන් ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ. එය පසුගිය වසරේ ඉහළම අගය බෙහෙවින් ම ඉක්මවා යාමකි. එවක රෝගීන් වාර්තාවීමේ දෛනික සාමාන්‍ය අගය දිනකට රෝගීන් 93,000ක් පමණ විණි.

    මරණ සංඛ්‍යාව ද ඉහළ නගිමින් පවතී. ඉරිදා (අප්‍රේල් 18) ඉන්දියාවේ තහවුරු වූ මරණ ගණන 1,620 ක් විය.

    පවතින තත්ත්වය සැලකිල්ලට ගත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිය සැලසුම්ගත ඉන්දීය සංචාරය අවලංගු කිරීමට සඳුදා පියවර ගත්තේය.

    රෝහල් අසළ රෝගීන්

    ඉන්දියාවේ වාණිජ කේන්ද්‍රස්ථානය අගනුවර කරගත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය, කෝවිඩ් 19 රෝගයෙන් බරපතල ලෙස ම බැට කන ප්‍රාන්තය ලෙස තවමත් රැදී සිටී. මිලියන 1.9 ට වැඩි ඉන්දියාවේ සක්‍රීය රෝගීන්ගෙන් තුනෙන් එකක් ම වාර්තා වන්නේ එම ප්‍රාන්තයෙනි.

    මෑත දිනවලදී මුම්බායි නගරය ඉක්මවා යමින් දෛනික වැඩි රෝගීන් ප්‍රමාණය වාර්තාවීම අතින් දිල්ලි අගනුවර වඩාත්ම බලපෑමට ලක්වූ නගරය බවට පත්ව තිබේ.

    දිල්ලි නගරය මෙන්ම මුම්බායි, ලක්නව් සහ අහ්මෙදාබාද් වැනි නගරවල කෝවිඩ් රෝගීන්ට සත්කාර කිරීම සඳහා රෝහල් බලවත් අරගලයක යෙදී සිටී. ඇතැම් ප්‍රාන්තවල රෝහල්වල කෝවිඩ් වාට්ටු හා දැඩි සත්කාර ඒකකවල ඇඳන් හිඟයෙන් නිරන්තරයෙන්ම පීඩා විදී.

    ඉහළ ගොස් ඇති ඉල්ලුම හේතුවෙන් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීම ද පමා වී ඇති අතර රෝගීන් හඳුනා ගැනීම හා ප්‍රතිකාර කිරීම නිසි වේලාවට ඉටු නොවීමට එය හේතුවී ඇති බව වෛද්‍යවරු පවසති.

    කෝවිඩ් දෙවෙනි රැල්ලක් ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීම ඉන්දීය ආණ්ඩුව විසින් නොසළකා හරින ලද අතර එය වැළක්වීමට හෝ පාලනය කිරීමට කිසිවක් නොකළ තරම් යැයි විශේෂඥයෝ පවසති. මුව ආවරණ නොපලන් ජනකායක් සහභාගී වූ ක්‍රිකට් තරග, මූලික කෝවිඩ් ආරක්‍ෂිත නීති අවඥාවට ලක් කරන තරම් වූ විශාල මැතිවරණ රැළි මෙන්ම මේ මස මුලදී ගංගා නදියේ ශුද්ධ දියේ ගිලීම සඳහා එහි ඉවුරු වෙත මිලියන ගණනක ජනයා කැඳවූ විශාල හින්දු උත්සවය වැනි අවස්ථා දෙස ඔවුහු අවධානය යොමු කළහ.

    රෝගීන් සංඛ්‍යාවේ පහළ යාමත් ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල ඇරඹීමත් හේතුවෙන් ඉන්දියාව තුළ දක්නට ලැබුණේ මෙම වසර සාමාන්‍ය තත්ත්වයෙහි ලා අරඹන සෙයකි. නමුත් එය වෙනස් කරමින් නරක අතට හැරෙන්නට වූයේ සිය නිවෙස්වලින් ජනතාව නිතර බැහැර වීම, මුව ආවරණ නොපැළඳීම හා විශාල කණ්ඩායම් වශයෙන් එක්රැස්වීමට පටන්ගත් තැන සිට ය.

    සති කිහිපයක් තුළදී ඉන්දියාව ලෝක කෝවිඩ් සටහනේ ඉහළට ම නැගුණේ අන් කවර රටකට වඩා දෛනික වැඩි රෝගීන් ප්‍රමාණ වාර්තා කරමිනි.

    Healthcare workers are worried about what experts say could be a deadlier second wave
    කෝවිඩ් දෙවෙනි රැල්ල වඩා මාරාන්තික වනු ඇති බවට විශේෂඥයින් කළ ප්‍රකාශ ගැන සෞඛ්‍ය සේවකයෝ කණස්සල්ල පළකරති

    බී.බී.සී ඇසුරිණි

  • ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකගෙන් සුපිරි වැඩක් – තත්ත්පර 30න් Covid-19 ප්‍රතිඵල දෙන නව තාක්ෂණයක්

    ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකගෙන් සුපිරි වැඩක් – තත්ත්පර 30න් Covid-19 ප්‍රතිඵල දෙන නව තාක්ෂණයක්

    ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන දුවිනි දිනූෂා රාජපක්ෂ මහත්මිය විසින් නායකත්වය දුන් ඇමෙරිකානු පර්යේෂණ කණ්ඩායමක් විසින් හුස්ම භාවිතා කර විනාඩි තුනක් වැනි කෙටි කාලයකින් කොවිඩ් ආසාදිතයකු හඳුනාගත හැකි ක්‍රමවේදයක් සොයාගෙන තිබෙනවා.

    මෙම ක්‍රමවේදය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ ද කීවාය.

    ‘‘දැන් අපිට PCR පරීක්ෂණයක් කළහොත් එහි ප්‍රතිඵල එන්න දවස් දෙකක්වත් බලාගෙන ඉන්න වෙනවා. අපේ පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගත් නව ක්‍රමවේදය අනුව අපිට තත්ත්පර 30කින් ප්‍රතිඵල දෙන්න පුළුවන්. මෙකෙදී හරිම සිම්පල් විදිහට බැලූන් එකක් පුම්බලා ඒකේ තියෙන ප‍්‍රාශ්වාස වාතය ඇනලයිස් කරන එක තමයි කරන්නේ. මේක විශිෂ්ඨ සොයා ගැනීමක් බවට සැකයක් නැහැ. ඒ වගේම මෙම නව ක්‍රමවේදය මේ වසර තුළ භාවිතයට ගැනීමට හැකිවන බව අපට විශ්වාසයි‘‘

  • කොවිඩ්-19: ‘තරුණ පරපුරට හානිකර නව ප්‍රභේදයක් ගැන සැක’

    කොවිඩ්-19: ‘තරුණ පරපුරට හානිකර නව ප්‍රභේදයක් ගැන සැක’

    තරුණ වියේ පසුවන්නන් හට දැඩි බලපෑමක් එල්ල වෙතැයි විශ්වාස කරන කොවිඞ් – 19 නව ප‍්‍රභේදයක් ශ්‍රී ලංකාව තුළ පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ද මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල වාර්තා මේ සති අන්තයේ ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (20) පැවසුවා.

    වත්මන් තත්ත්වය තුළ මෙරට තරුණ ප්‍රජාවට කොවිඩ් ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව කී අමාත්‍යවරයා කොවිඞ් 19 ආසාදනය වන දෛනික රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් ඇති බවත් එම රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම ද වැඩි වී ඇති බවත් පැවසුවා.

    මෙහිදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කර සිටියේ, පළමු මාත්‍රාව ලබාදීමේ දී අනුගමනය කළ ක්‍රමවේදයන් හා කාර්යක්ෂම බව ඒ ආකාරයට ම රැක ගනිමින් දෙවන මාත්‍රාව ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

    “කාල පරතරය කුමක් ද කියන එක ගැන විවිධ අදහස් පළ වෙලා තිබුණා. ආරම්භයේ දී සති 4ක් කියලා කිව්වා. පසුව කිව්වා සති 10 -12ත් අතර කාලයක් කියලා. මේ වෙනකොට තවත් දත්ත ලැබිලා තියෙනවා සති 16ක් දක්වා යන්න පුළුවන් කියලා. දෙවැනි කාරණය තමයි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් පසු රුධිරය කැටි ගැසීම් පිළිබඳව සැක සංකා ලෝකයේ විවිධ රටවලින් මතුවුණා. අපත් මේ පිළිබඳ කරුණු කාරණා සොයාබැලුවා. ශ්‍රී ලංකාවේත් රුධිරය කැටි ගැසීම් පිළිබඳ රෝගීන් කිහිපදෙනෙක් වාර්තා වුණා. ඒ නිසා මේ පිළිබඳව සමීපව අධ්‍යයනය කළා. මේ සියල්ල සලකා බලා අපිට සුදුසු දිනයක් නිර්දේශ කරන්න කියලා ඉල්ලීමක් කරා. ඒ අනුව ඊයේ සවස අමාත්‍යාංශයේ බෝනොවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුව තීරණය කළා මැයි මාසයේ පළමු සතියේ දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු කරන්න කියලා.“

    මේ අතර අද දිනය තුළ කොවිඩ් 19 ආසාදිතයින්ගේ පැහැදිලි වර්ධනයක් වාර්තා වූ බවත් මේ දක්වා අද දිනයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 345ක් බවත් සෞඛ්‍ය අංශ පවසනවා.

  • ආර්ථික නංවා ණය ගෙවා දමන්න ගංජාවල සහ බාර්වල සරණ යමු – ඩයනාගෙන් සුපිරි යෝජනාවක්

    ආර්ථික නංවා ණය ගෙවා දමන්න ගංජාවල සහ බාර්වල සරණ යමු – ඩයනාගෙන් සුපිරි යෝජනාවක්

    සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව දැන් ආණ්ඩුව සමග කටයුතු කරන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අද (20) පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ඉල්ලීමක් කළා. ඒ මත්පැන් අලෙවි සැල් නැතහොත් බාර් පෙ.ව 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත කර තැබිය යුතු අතර කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතු බවයි.

    තම අදහසට හේතු දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ අද රටේ ජනතාවට දවස තිස්සේ හම්බ කරන මුදල් වියදම් කිරීමට අවස්ථාවක් නොමැති බවයි.

    ඇය මෙසේද පැවසුවා, “කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතුයි. රජයේ අනුග්‍රහයෙන් එය කළ යුතුයි. එයින් ලැබෙන මුදල් මේ රටේ ණය බේරීමට පාවිච්චි කළ හැකියි. රාත්‍රී ආර්ථීකය නැමැති සංකල්පය අප රටට අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ යනු සංචාරක පාරාදීසයක්. අද රෙස්ට්ටුරන්ට් එකක මත් පැන් විකුණන එක තියෙන්නේ රෑ 11 වෙනකන් විතරයි. බාර් එකක්, වයින්ස්ටෝස් ඇරල තියෙන්නේ උදේ 09 ඉඳලා රෑ 09.00 වෙනකන් විතරයි. උදේ 09.00 කවුරුත් මත්පැන් ගන්න එන්නේ නැහැ. ඒ නිසා මම යෝජනා කරනවා උදේ 10.00 සිටි රාත්‍රී 10.00 දක්වා ඇරල තියන්න ලයිසන් එක දියයුතුයි කියලා. අද රටේ ජනතාවට දවස තිස්සේ හම්බ කරන මුදල් වියදම් කිරීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා රාත්‍රී ආර්ථිකය නැමැති සංකල්පය හඳුන්වාදිය යුතුයි. මේවා රට ගොඩ දාගන්න පුලුවන් ක්‍රම බව කිව යුතුයි”

  • මැයි දින සැමරුම් නෑ

    මැයි දින සැමරුම් නෑ

    යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සවස කොවිඩ් මර්දන මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී මෙවර මැයි දින සැමරුම් නොපැවැත්වීමට තීන්දු කර ඇති බව වාර්තා වේ. අදාළ තීණයට හේතු වශයෙන් බලධාරීන් දක්වා ඇත්තේ මැදි දින පැවැත්වීමට නියමිතව තිබූ සියලු රැස්වීම් සහ පෙළපාළි නොපැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙන බවයි.

  • අන්තර්ජාලය හරහා ‘මඩ ගැසීම්වලට වැට බැදීමට නීති

    අන්තර්ජාලය හරහා ‘මඩ ගැසීම්වලට වැට බැදීමට නීති

    අන්තර්ජාලය හරහා අසත්‍ය තොරතුරු හා නොමග යවන සුළු ප්‍රකාශ පැතිරවීම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියා.

  • අගෝස්තු නිවාඩුව සතියයි

    අගෝස්තු නිවාඩුව සතියයි

    පාසල් දෙවනවාරය සඳහා අගෝස්තු මාසයේ ලබාදෙන නිවාඩුව සතියකට සීමා කරන බවත් අධ්‍යාපන ඇමති ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය. මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට තිබූ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි මස අවසන් සතියේ පැවැත්වීමට කටයුතු කරන බවයි.

    මේ වසරේ පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ගැන ද කරුණු පැහැදිලි කළ අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතයව තිබූ උපොස උසස්පෙළ විභාගය ඔක්තෝබර් 04 වෙනි දින සිට 30වෙනි දින දක්වා පැවැත්වෙන බවත් 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 03 වන දින පැවැත්වීමට නියමිත බවත්ය.