Tag: featured

  • සහල් මිල ඉහළ යන්නේ ‘ජනපති නිසා බව’ ඇමති බන්දු මැතිසබේදී හෙළිකරයි

    සහල් මිල ඉහළ යන්නේ ‘ජනපති නිසා බව’ ඇමති බන්දු මැතිසබේදී හෙළිකරයි

    සහල් මිල ඉහළ යාම පිළිබඳ ප්‍රශ්නය ලබන යල කන්නය වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේෙ සහල් මිල සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    මෙහිදී වැඩි දුරටත් සහල් මිල ගැන කරුණු දැක්වූ අමාත්‍යවරයා, “ගරු කතානායකතුමනි සහල් මිල පාලනය කරන්න ඉතාම පහසු ක්‍රමවේදය පසුගිය රජය කළාක් මෙන් ජාත්‍යන්තර වෙළඳපොළෙන් අඩු මිලට සහල් ලංකාවට ගෙනල්ලා වෙළඳපළෙ පුරාම බෙදා හැරීම. මේකෙදි ඕනැම මාෆියාවක් පාලනය කරන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා මේ ප්‍රතිපත්තියට මාරුවෙන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ සහල් පිටරටින් ගෙන්නන්න ඉඩ දෙන්නේ නැහැ. ගෙන්නන්න ඉඩ දෙනවනම් ඉතා පහසුවෙන් පහසුවෙන් මේ මිල පාලනය කරන්න පුළුවන්.” 

    අමාත්‍යවරයා අද මේ ආකාරයට කරුණු පැහැදිලි කළ ද ඔහු මීට මාස කිහිපයකට පමණ පෙර ප්‍රකාශ කළේ මාස් කන්නයේ අස්වනු නෙළීම සමග සහල් මිල පාලනය කිරීමට හැකිවන බවය. වී අලෙවි මණ්ඩලය හරහා වී මෙට්‍රික්ටොන් 300,000ක් මිලදී ගන්නා බවත් ඒ අනුව සහල් මාෆියාව පාලනය කරන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා ද ප්‍රකාශ කර තිබුණි.

    කෙසේ වෙතත් මේ වන විට වෙළෙදපොළේ නාඩු සහ කීරි සම්බා සහල්වල මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර සම්බා සහල්වල විශල හිගයක් ද පවතී.

  • යල කන්නයේ සිට ‘පොහොර ගන්න පස පරීක්ෂා කිරීමේ වාර්තාව’ අනිවාර්යයි

    යල කන්නයේ සිට ‘පොහොර ගන්න පස පරීක්ෂා කිරීමේ වාර්තාව’ අනිවාර්යයි

    • 50% පොහොර ආනයනය අඩු කිරීමේ ඉලක්කයක්
    • අවුරුදු 05 ක් යහ පාලන ආණ්ඩුව ගොවියාට වස කවලා
    • ප්‍රමිතියට පොහොර ආනයනය කිරීමට වත්වන් රජයෙන් පියවර
    • ප්‍රමිතියට පොහොර ගෙන ඒමේ කිසි ටෙන්ඩරයකට ආනයනයකරුවෙක් ඉල්ලුම් කර නෑ
    • අවුරුදු 05 ක් බැර ලෝහ වැඩි පොහොර ගෙනල්ලා

    එළඹෙන යල කන්නයේ සිට පොහොර ලබා දීමට පස පරීක්ෂා කිරීමෙන් පසු වාර්තාව අනිවාර්ය බව ද ඉතිහාසයේ පළමු වතාවට දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක තුළ ඉඩම්වල පස පරීක්ෂා කිරීමෙන් පසුව පොහොර ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.

    සියලු ගොවිජන සේවා මධ්‍යස්ථානවලට පස පරීක්ෂා කිරීමේ කට්ටල ලබා දෙමින් ගොවියාට පහසුවෙන් පස පරීක්ෂා කිරීමේ වාර්තාව ලබා ගැනීමේ අවස්ථාව ලැබෙන බව ද මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

    සියලු ගොවිජන සේවා මධ්‍යස්ථානවලට පස පරීක්ෂා කිරීමේ කට්ටල ලබාජාතික වැඩසටහනේ සමාරම්භය අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී අද (20) දින මෙම වැඩසටහන පැවැත්විණි.

    මෙහිදී කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්  සහ කෘෂි උපදේශකවරුන්ට පස පරීක්ෂා කරන්නේ කෙසේද, එම කට්ටල භාවිතා කරන්නේ කෙසේද ගොවි ජනතාව ඒ සම්බන්ධයෙන් තාක්ෂණයෙන් සන්නද්ධ කරන්නේ කෙසේද  යන්න පිළිබඳව දැනුම ලබා දීම සිදුවිය. මහනුවර දිස්ත්‍රික්කයේ  ජාතික  වැඩසටහන ආරම්භ වු අතර ඉදිරියේදි දිස්ත්‍රික්ක විසිපහම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍යවරයා,

    ‘‘අපේ රටේ කෘෂිකර්මයට වසර 2500ක ඉතිහාසයක් තියනවා. එදා මෙදාතුර ඉතිහාසයේ තවත් සුවිශේෂී දවසක් අද. අපේ රටේ ගොවියා හිතුවේ වැඩියෙන් පොහොර දැම්මොත් වැඩියෙන් අස්වැන්න ලැබෙනවා කියලා මනසේ ඇදිලා තිබුණේ. එහෙම පස පරීක්ෂා කරලා පොහොර භාවිතය පිළිබඳව ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න මෙතෙක් බැරි වුණා. මේක ක්‍රියාත්මක කරන්න වෙහෙසුනත්  විශාල ධනස්කන්ධයක් මේ වෙනුවෙන් වැය වුණත් කිසි කෙනෙක්ට මෙය කරන්න බැරි වුණා. මොකද පොහොර ආනයනකරුවන් ඒ වැඩපිලිවලට වඩා ඉදිරියෙන් හිටියා. රටට පොහොර ගේන්න උවමනා වුණා මිසක් රටට වෙන හානිය,ගොවියට වෙන හානිය, පොළොවට වෙන හානිය කවුරුවත් සැළකුවේ නෑ.

    පස පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන රටපුරා මිලියන ගණන් වැය කර ඉදිකර තිබුණත් දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛන උපදෙස් දීලා තිබුණත් එය මහ පොළොවේ යථාර්තයක් වෙලා තිබුණේ නෑ, දවසින් දවස පොහොර ඉල්ලුම වැඩිවුණා මිසක්. ජනාධිපතිතුමා එතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ පැහැදිලිව කියලා තියනවා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොරවලට යොමු වන බවත් වස විසෙන් තොර ආහාර ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවත්. ඒ අනුව ඊළග කන්නයේ සිට පොහොර ලබා දෙන්නේ ගොවි හැදුනුම්පත මගින් පස පරීක්ෂා කිරීමෙනුයි. ගොවි හැදුනුම්පත වගේම සියලු විස්තර ජායාරූප සහිතව සකස් කර ඉඩමේ පස් පරීක්ෂා කිරීමේ වාර්ථාව අපි ගොවියා අතට දෙනවා. ඒ කාඩ්පත අනුවයි ඊළග සිට කන්නයේ පොහොර නිකුත් කරන්නේලබා දෙන්නේ. පස පරික්ෂාව ගොවි හැදුනුම්පත සමාන සියලු විස්තර ජායාරූප සහිතවසකස් කර ඉඩමේ පස පරීක්ෂා කිරීමේ වාර්තාව අපි ගොවියා අතට දෙනවා. අපි කවුරුත් මේ ගැන කතා කරන්නේ නෑ. අන්ධ ළමයි උපදිනවා, වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් රටේ වැඩි වෙනවා රසායනික පොහොර භාවිතය නිසා.

    මේ වැඩසටහන මීට පෙර පටන් ගත්තා නම් අද මේ රෝගීන් නෑ.මේ රෝග නිවාරණයට මිලියන ගණන් වියදම් කරනවා. නියමිත විදියට පොහොර භාවිතා කළා නම් අද අපේ රටේ තත්ත්වය ගොඩක් වෙනස්. පහුගිය අවුරුදු පහේම පොහොර නෙවෙයි ගොවියට දීලා තියෙන්නේ වස. පරික්ෂණාගාර වාර්ථා වෙනස් කරලා පොහොර සංඝටක වෙනස් කරලා ටී.එස්.පී. පොහොර ගෙන්නලා තියෙන්නේ.

    විගණන වාර්ථාව මේ පිළිබඳ සියලු විස්තර නිකුත් කරලා තියනවා. පොහොර ආනයනකරුවන් කලේ සාම්පල් ටික ප්‍රමිතියට දීලා බාල පොහොරගෙන්නුවා. රාජ්‍ය නිලධාරීන්, මැති ඇමතිවරු ඔක්කොම අල්ල ගෙන පරීක්ෂණ වාර්ථා වෙනස් කරලා,වස ගෙනල්ලා ගොවියට කවලා. 2019 විතරක් බිලියන 1.5ක පොහොර මෙට්‍රික් ටොන් අසූ එක් දාහක් ගෙන්නලා තියනවා. ඒ ටිකට විතරක් රසායනාගාර වාර්ථා 55ක් වෙනස් කරලා තියනවා. ඒ අවුරුදු පහේම මඩ පොහොර කියලා දීලා තියෙන්නේ වස.

    පසුගියදා අපි මේ ප්‍රමිතීන් වෙනස් කරලා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ටෙන්ඩර් කළා.කිසිම ආනයනකරුවෙක් ඉල්ලලා නෑ. මොකද අපේ ප්‍රමිතියට පොහොර ගෙන්වන්න එයාලට බෑ.බැර ලෝහ ප්‍රමාණය වැඩීපොහොර ඒ අය ගේන්නේ..පහුගිය රජය මේ විදියට පොහොර ගෙන්නලා තියෙන්නේ කියලා විගණන  වාර්ථාවේ පැහැදිලිව කියලා තියනවා. මේ වැඩසටහන  ප්‍රතිපාදන නොමැතිව යම් යම් තරමක් පරක්කු වුණත් ලෝක ආහර සංවිධානය හා අනෙකුත් අමාත්‍යාංශවල සහයත් ඇතිව අපට මෙම වැඩසටහන පළමු වතාවට ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. මින් ඉදිරියට පොහොර නිකුත් කරන්නේ පස පරික්ෂණ වාර්ථාවේ නිර්දේශවලට පමණයි. මොනම හේතුවක් නිසාවත් මේක වෙනස් කරන්නේ නෑ.

    පොහොර ආනයනය 50% කින් අඩුවේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.සමහර තැන්වලට පොහොර අවශ්‍ය නෑ.නිකන් දෙන නිසා පොහොර දානවා.පොහොර භාවිතයෙන් මිනිස්සුන්ට වෙච්ච හානිය කොතෙක්දැයි කියා ගණන් කරන්න බෑ. ඕස්ටේලියාවේ හෙක්ටයාරයකට කිලෝග්‍රැම් 50ක් පමණ යොදන්නේ. ඒත් ලංකාවේ කිලෝග්‍රෑම් 300ක් හෙක්ටයාරයකට යොදනවා. මෙලෙස අධික ලෙස රසායනික පොහොර භාවිතා කරනවා. පස විනාශ වෙලා තියෙන්නේ රසායනික පොහොර නිසා.අතිගරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව මේ රටේ කෘෂිකර්මයෙන් නිෂ්පාදනය කළ හැකි සියලු දේ මෙරට තුළම නිෂ්පාදනය කිරීමටයි.70% ක් රසායනික පොහොර වලටත් 30%ක් කාබනික පොහොර වලටහ් පළවෙනි අදියරේදී ගොවියන් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.

    එක පාරටම මේක වෙනස් කරන්න බෑ. ඒක නිසා අපි ක්‍රමක්‍රමයෙන් වෙනස් කරලා 100%ක් කාබනික පොහොරවලට යොමු කිරීමට කටයුතු කරනවා. එම නිසා පස පරීක්ෂා කිරීමේ කට්ටල ලබා දීලා මේ විදියට ජාතික වැඩසටහනක් ආරම්භ කරන්නේ. ගොඩක් අය අහනවා මේ ආණ්ඩුව මොකද්ද කළේ ලියලා. ඩීසල් බලාගාර වෙනුවට අද පුනර්ජනනීය බලශක්තිය භාවිතයට රජය යොමු වෙමින් සිටිනවා.අද ඉතිහාසයේ වැඩිම විදියට පරිසරයට ගැන හිතන ආණ්ඩුවක් විදියට අපි කටයුතු කරන්නේ. අපි දන්නවා ඩීසල් බලාගාර වලින් කොච්චර විස වායු ප්‍රමාණයක් නිකුත් වෙනවද කියලා.ඒ නිසා මධ්‍යම ආණ්ඩුව පළාත් සභා සියල්ල එකට එක් වෙලා අපේ රට ගොඩ නගන්න ඕන. ඒ නිසා පස පරීක්ෂා කිරීමේ වැඩසටහනක් සියලු සංවිධාන එකට එකතු වෙලා මහ පොළොවේ යතාර්තයක් කරන්න ඕනි.

    කාර්යාලයේ ඉඳලා වාර්තා පුරවලා දෙන්න බෑ. ගොවියා ළගට ගිහිල්ලා සෑම ඉඩමකම වාර්ථාව හරියට දෙන්න ඕනි. හරියට ගමේ තොරතුරු ගන්න ඕනි. කෘෂි උපදේශ මහත්වරු කෘ.ප.නි.ස. මහත්වරු පෞද්ගලිකව මේ  ගැන අධීක්ෂණය කරන්න ඕනි.

    මේ වැඩපිළිවෙල නිවැරදිව කරනවද කියලා සෘජුවම අපි අධීක්ෂණය කරනවා. පසුගිය කාලයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් කරලා තියෙන්නේ කුඹුරු පුරවපු එක. මෙම දෙපාර්තමේන්තුව තියෙන්නේ කුඹුරු වගා කරන්න මිසක් පුරවන්න නෙවෙයි. මහනුවර වටේම කඹුරු පුරවලා තියෙන්නේ. මිලියන ගානක් ඒ මතින් හොරා කලා තියෙනවා. නීතිය කැඩු සියළු දෙනාට නීතිය ක්‍රියාත්මක කරනවා .  ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධව අපි පැමිණිලි කරලත් තියෙනවා.

    අපි යැපුම් ආනයනික ආර්ථිකයක ඉන්නේ. ඒක නිෂ්පාදන ආර්ථිකයක් කරන්න අපි කටයුතු කරනවා. මේ යන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ගමනක්. කෘෂිකර්ම අමාත්‍යාංශය නැමති එන්ජීම ගඩ ගඩ ගලා දුවන්නේ. එන්ජීම බොයිල් වෙලා තියෙන්නේ. දැන් තමයි තෙල් ටික දාලා, වතුර ටික දාලා හරි විදියට ස්ටාර්ට් කරලා දුවන්න පටන් ගෙන තියෙන්නේ. පසුගිය කාලයේ නිලධාරීන්ට වැඩ පවරා තිබුණේ නෑ. පසුවිපරම් කරලා තිබුණේ නෑ.  ඒ නිසා අපි කොළඹ ඉදලා වැඩක් නෑ. කාර්යාලයේ ඉදලා වැඩක් නෑ. හෑම කෙනෙක් ම ගොවියා ළඟට යන්න ඕනේ. ගමට යන්න ඕනේ. ප්‍රශ්න හොයලා බලන්න ඕනේ. ගොවියත් එක්ක බද්ඳ වෙලා ඉන්න ඕනේ. නිකන් ඉන්න බෑ කාර්යාලවල එහෙම අයට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා.

    මඩකලපුවේ අක්කර 1200 ක මිරිස් වගාවක් පසුගිය සතියේ මං බලන්න ගියා. නිලධාරීන් කිසි කෙනෙක් ඇවිල්ලා නෑ. කිසි ම සහයෝගයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේන් හෝ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලබා දීලා නෑ. කෘෂිකර්ම අමාත්‍යාංශයට වඩා ඉදිරියෙන් පෞද්ගලික අංශය ඉන්නේ. කිසි ම උදව්වක් නැතිව තරුණ ව්‍යවසායකයෝ තනියම වවලා දියුණුම තත්ත්වයට ඇවිල්ලා ඉන්නවා. ඔවුන් තනියම මේ ගමන ගිහිල්ලා රජයට අභියෝග කරමින් ඉන්නවා වවන විදිය ගැන. මෙහෙම ගියොත් එහෙම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ. ඒ නිසා වැඩ කරන්න. නිකන් ඉන්න එපා. සියළු දෙනා ම  ක්ෂේත්‍රයට යන්න‘‘

    මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කෘෂිකර්ම පළාත් නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර. මහනුවර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්, කෘෂිකර්ම උපදේශයකවරුවන්, පොහොර රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක් වූහ.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි

  • හෙට පල්ලකැලේදී ශ්‍රී ලංකාව සමඟ ගැටෙති

    හෙට පල්ලකැලේදී ශ්‍රී ලංකාව සමඟ ගැටෙති

    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (අප්‍රේල් 21) සිට දින 5 ක් මුලුල්ලේ මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. දෙපාර්ශ්වයම ටෙස්ට් තරග අංශය යටතේ බටහිර ඉන්දීය කොදෙව් පිල අවසන් වරට මුණ ගැසී තිබෙන අතර, ශ්‍රී ලංකාව ජය පැරදුමෙන් තොර තරගාවලි අවසානයකින්ද බංග්ලාදේශ පිල 0-2 ක තරගාවලි පරාජයකින් පසුව හෙට දිනයේදී මුණ ගැසෙනු ඇත.

    ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියට ක්‍රීඩා කරන ලද්දේ සත්කාරකයින්ට හිමි වාසීන් රහිතව හෙවත් රටින් පිටතදී වන අතර බංග්ලාදේශ පිල පරාජය ලබන ලද්දේ සත්කාරකත්වයට හිමි සියළුම වාසීන් තමන් සතුව තිබියදී වීම මෙහිදී වඩාත් අවධානය යොමු කළ යුතු කරුණ බවට පත්ව තිබේ.

    හෙට තරගය ඉලක්ක කොට ගෙන දෙපිළම අද (20 වැනිදා) දිනයේදී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් වල නිරත වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම පෙරවරුවේදී සිය පුහුණුවීම් වල නිරත වද්දී බංග්ලාදේශ පිල පස්වරු කාලයේදී සිය පුහුණුවීම් වල නිරත වූහ.

    අද දිනය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින්ට පුහුණුවීම් අනිවාර්යය දිනයක් නොවූවත් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න ඇතුළු සංචිතයේ සිටි සෑම ක්‍රීඩකයෙක්ම පුහුණුවීම් වලට සහභාගිවී සිටීම කැපී පෙනුණි. පෙර දිනයේදී පිතිකරණය සහ පන්දු යැවීම පිළිබඳව අවධානය යොමු කරමින් පුහුණුවීම් වල නිරත ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී වැඩි වශයෙන් උනන්දුවක් දැක්වූයේ පන්දු රැකීම සඳහා වූ විශේෂ පුහුණු සැසි කීපයකටය. ඉක්මන් ලකුණු ලබා ගැනීමේදී පිතිකරුවකු දුවද්දී දවා ගැනීම, හතරේ සීමාව ආසන්නයේදී, ස්ලිප් ස්ථානයේ, කඩුල්ල ආසන්නයේ මෙන්ම ඇස් මට්ටම දක්වා පැමිණෙන උඩ පන්දු රැක ගැනීම පිළිබඳ වූ පුහුණුවීම් වැඩි ප්‍රමාණයක නිරත වනු දක්නට ලැබිණ.

    ඉකුත් 12 වැනිදා මෙරටට පැමිණියද බංග්ලාදේශ පිල හෙට තරගයට පෙර පල්ලකැලේ පිටියේදී පළමු වතාවට පුහුණුවීම් සිදුකරන ලද්දේ අද දිනයේදී වීම විශේෂත්වයකි. කොරෝනා වෛරස් තත්ත්වයේ බලපෑම හේතුවෙන් විදෙස් තරග සංචාරවලින් වැළකී සිටි බංග්ලාදේශ කණ්ඩායම රටින් එතෙර තරග සංචාරයකට සහභාගිවන පළමු තරගාවලිය බවට පත් වුණු මෙම තරග සංචාරය යටතේ, ඊයේ දිනයේදීත් ඔවුන්ට පුහුණුවීම් සඳහා පල්ලකැලේ ක්‍රීඩාංගණය සූදානම් ස්වරූපයෙන් තැබීමට ක්‍රීඩාංගණ බලධාරීන් පියවර ගෙන තිබූ නමුත් මීගමුවේ සිට නුවර පැමිණියේ ඊයේ දිනයේ බැවින් ඔවුහු එම පුහුණු සැසිය අවලංගු කර දැමූහ.

    ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීම ගත් කළ ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේ සිටද බංග්ලාදේශ 9 වැනි ස්ථානයේ සිටද මෙම තරගාවලියට අවතීර්ණ වන නමුත්, තරගාවසානය ශ්‍රී ලංකාවට වාසි දායක ලෙසින් නිමා වුවත් ප්‍රසාද ලකුණු ලබා ගැනීමේදී එය රැඳී සිටින ලකුණු 81 න් 84 දක්වා පමණක් ඉහළ යනු ඇත. එබැවින් 6 වැනි ස්ථානයේ රැඳී සිටින දකුණු අප්‍රිකානු පිල අභිබවා යෑමේ අවස්ථාව ‘සිංහයින්ට’ අහිමි වනු ඇත. මෙකී තත්ත්වය බංග්ලාදේශ පිලට වාසි වන අයුරින් හැසිරුණහොත් බංග්ලාදේශ පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 55 සිට 62 දක්වා ඉහළ යන අතර  ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලකුණු 77 දක්වා පහත වැටෙනු ඇත.

    දකුණු අප්‍රිකානු පිල පරාජයට පත් කිරීමෙන් පසු ගෙවී ගිය වසර කීපයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලි 6 කට සහභාගිවී තිබෙන නමුත්, ඉන් ජය ගැනීමට සමත්ව සිටින්නේ ශ්‍රී ලංකාවට පහළින් හෙවත් ප්‍රසාද ලකුණු සටහනේ 10 වැනි ස්ථානයේ රැඳී සිටින සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරගාවලිය පමණි. ඒ අනුව ඉතිරි තරගාවලි 5 න් නවසීලන්තයට එරෙහි තරගාවලිය 1-1 ක් සහ අවසන් වරට කොදෙව් පිලට එරෙහිව පැවැති තරගාවලිය 0-0 ක් ලෙස සමව අවසන් කර ගැනීම හැරුණු කොට පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය හමුවේ පැවැති තරගාවලි සියල්ල  ශ්‍රී ලංකා පිල පරාජයට පත්ව තිබේ.

    කොදෙව් තරග සංචාරයෙන් හදිසියේම ඉවත් වුණු ඇන්ජලෝ මැතිව්ස් යළි කණ්ඩායමට පැමිණ සිටීම මත හෙට තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අවසන් ක්‍රීඩකයින් 11 දෙනා තේරීම තරමක් අසීරු කරුණක් බවට පත්ව තිබේ. මැතිව්ස් වෙනුවට ක්‍රීඩා කරවූ පැතුම් නිස්සංක ශතකයක් සහ අර්ධ ශතකයක් වාර්තා කරමින් දක්ෂතා අතරට පැමිණීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. හෙට දිනයේදී තම 33 වැනි වියට පා තබනු ලබන නායක දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න ඉනිම ඇරැඹීමට නියමිත අතර ඕෂද ප්‍රනාන්දු අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරනු ඇත. ඕෂද ක්‍රීඩා කළහොත් බොහෝ විට හෙට දිනයේදී දිනේෂ් චන්දිමාල්ට සිය ස්ථානය අහිමිවනු ඇත.

    පන්දු යවන්නන් අතර බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තරගාවලියේදී කඩුලු 11 ක් දවා ගනිමින් තරගාවලියේ වීරයා සම්මානය දිනූ සුරංග ලක්මාල්ට ප්‍රධාන තැන හිමිවනු ඇත. 2014 වසරේදී පන්දු යවන්නකු ලෙසින් නුවන් කුලසේකර තරගාවලියේ වීරයා සම්මානයෙන් දිනා කොදෙව් තරග සංචාරයට එක්ව සිටි ලසිත් ඇඹුල්දෙණියද (තුවාල ලැබීම) සහ දුෂ්මන්ත චමීර (පෞද්ගලික හේතූන් මත) කණ්ඩායමෙන් ඉවත්ව සිටීම නිසා විශ්ව ප්‍රනාන්දු, වනිඳු හසරංග, සහ ළහිරු කුමාරට එහි වැඩි වගකීමක් පැටවෙනු ඇත.

    බංග්ලාදේශ කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව ඇත්තේ 2017 වසරේදීය. තරග 2 කින් සමන්විත වූ එම තරගාවලියේ පළමුවැන්න ගාල්ලේදී පැවැති අතර එය ලකුණු 259 කින් ජය ගැනීමට සත්කාරකයින් සමත්විය. එම තරගයේදී කුසල් මෙන්ඩිස් රැස් කරන ලද ලකුණු 194 ක ඉනිම සහ රංගන හේරත්ගේ පන්දු යැවීමත් කැපී පෙනුණි.

    පී. සරා ඕවල් පිටියේ පැවැති දෙවැනි තරගයේදී ශකීබ් අල් හසන් පිත්තෙන් ශතකයක් ඇතුළු තුන් ඉරියව්වෙන් දක්වන ලද දක්ෂතා හේතුවෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ පිල සමත්විය. එය ඔවුන් එතෙරකදී ලද පළමු ටෙස්ට් ජයග්‍රහණය වශයෙන් අමරණීයත්වයට පත්වූයේ එම තරගය බංග්ලාදේශ ටෙස්ට් තරග ඉතිහාසයේ 100 වැනි තරගය බවටද පත්වීම හේතුවෙනි.

    කෙසේ වෙතත් මෙවර තරගාවලිය සඳහා ශකීබ් අල් හසන්ගේ සේවය බංග්ලාදේශ පිලට අහිමිව තිබේ. අයි. පී. එල්. තරගාවලිය සඳහා නිදහස් කිරීම මෙම තත්ත්වයට හේතු වී තිබෙන අතර එය බංග්ලාදේශ පිරිමැසිය නොහැකි අවාසියක් වන අතර කණ්ඩායමේ සමබරත්වයටද ශකීබ්ගේ අඩුව තදින්ම දැනෙනු ඇත. එබැවින් ටමීම් ඉක්බාල්, මොමිනුල් හක් සහ මුෂ්ෆිකර් රහීම් මත කණ්ඩායමේ වැඩි වගකීමක් පැවැරෙනු ඇත.

    ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, දසුන් ශානක, දිනේෂ් චන්දිමාල්, රොෂේන් සිල්වා, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම.

    බංග්ලාදේශ කණ්ඩායම – ටමීම් ඉක්බාල්, ශද්මාන් ඉස්ලාම්, නජ්මුල් හොසේන්, මොමිනුල් හක් (නායක), මුෂ්ෆිකර් රහීම්, මොහොමඩ් මිතුන්, ලිටන් දාස්, මෙහෙදි හසන්, එදාබාද් හොසේන්, ටස්කින් අහමඩ්, අබූ ජායෙඩ්, මුකිදුල් ඉස්ලාම්, නයීම් හසන්, සයිෆ් හසන්, නුරුල් හසන්, ෂුවගාටා හොම්, ෂොරිෆුල් ඉස්ලාම්, ෂොයිදුල් ඉස්ලාම්, ඛලීද් අහමද්, ටයිජුල් ඉස්ලාම්, යසීර් අලී.

    Text by sl cricket

  • වරාය නගර පනතින් රටේ ඒකීය භාවය බිඳවැටෙනවා – නීතිඥ ශිරාල් ලක්තිලක

    වරාය නගර පනතින් රටේ ඒකීය භාවය බිඳවැටෙනවා – නීතිඥ ශිරාල් ලක්තිලක

    යෝජිත වරාය නගර කොමිසම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද දිනයේදීද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනිණ. එහිදී අධිකරණය ඉදරියේ කරුනු දක්වමින් නිතීඥ ශිරාල් ලක්තිලක පවසා සිටියේ යෝජනා කරන කොළඹ වරාය නගර කොමිසමෙහි ව්‍යූහය,බලතල හා කාර්ය පටිපාටිය දෙස බලන කල එය සමාන වන්නේ ෆෙඩරල් පන්නයේ පාලන ව්‍යුහයකට වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වාදෙන ලද්දේ එය සමානවන්නේ අමරිකා එක්සත් ජනපදය හා පෝටෝරිකෝව අතර පවතින ෆෙඩරසි පන්නයේ නෛතික ව්‍යූහයකට වන බවයි.

    ඒ අනුව මෙම කොමිසමේ පැවැත්ම මගින් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යක් බවට ඇති අනුලංඝනීය පිලිගැනීම උල්ංඝනය කරන බව පෙන්වා දුන් ශිරාල් ලක්තිලක මහතා එයින් පාර්ලිමේන්තුව සතුව නීති සැදීම සඳහා වන උත්තරීතර බලය පහැර ගෙන තිබෙන බවද සඳහන් කරන ලදී.

    තවද අප ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරන අපේ පාලන ක්‍රමය නිදහස් ස්වාධීන, ස්වෛරී සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට ඇති පිලිගැනීම මෙම පනත මගින් පරාජය කොට තිබෙන බව අධිකරණය හමුවේ පෙන්වා දුන් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ලෝකයේ මෙන්ම අප රටේ ද විදේශ ආයෝජන ආරක්ෂා කරගැනීම සඳහා විවිධ නෛතික ව්‍යුහයන් අතීතයේ සිට හඳුන්වා දී තිබුනද මෙවැනි ආකාරයේ ෆෙඩරල් පන්නයේ බලතල සහිත ව්‍යුහයක් හඳුන්වාදීම පිලිබඳව කිසිදු පුර්වාදර්ශයක් අපට සොයාගත නොහැකි බවද පවසා සිටින ලදී.

    මෙම පනත මගින් සත්‍යවශයෙන්ම ක්‍රියාත්මක කිරීමට අදහස් කරන ව්‍යුහය මංකොල්ලකාරී හොර ධනවතුන් කන්ඩායමකට වඩාත් වාසි සහගත වන එකක් බවත් එමගින් සදාචාර විරෝධීව හා කිසිදු ආකරයකින් නීතියේ පාලනයකට, පාර්ලිමේන්තුවේ පාලනයකට හෝ විගණකාධිපතිවරයාගේ පාලනයකට නතු නොවී කිසිදු නෛතික වගකීමකින් හෝ පෙරලා බදු ගෙවීමෙන් ද තොරව ලාභ ලබාගෙන එම ලාභය තමන්ගේ පුද්ගලික ගිනුමකට බැර කරගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසෙන බවත් ප්‍රකාශකල ශිරාල් ලක්තිලක මහතා . රටටද පුරවැසින්ටද මෙමගින් අත්වන වාසිය සොච්චම් ප්‍රමාණයක් බවද කරුණු සහිතව පෙන්වා දෙන ලදී.

    එම නිසා නඩුකටයුතු ආරම්භයේ දී ඉදිරිපත් කල තාක්ෂනික පදනම් මත මෙම කෙටුම් පත සාකච්ඡාවට නොගෙනම අධිකරනය විසින් මුලසිටම ශුන්‍ය කෙටුම්පතක් ලෙස සලකා ප්‍රතිකෂේප කරන ලෙසද එසේ නොමැති නම් ජනමතවිචාරනයකින් රටේ ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමට යොමුකරන ලෙස ද ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

  • ගණිකාව යනු කවරෙක්ද ? අතීත – අනතීත අවලෝකනයක්

    ගණිකාව යනු කවරෙක්ද ? අතීත – අනතීත අවලෝකනයක්

    The Encyeliopdie of Britance නම් ග‍්‍රන්ථයෙහි විල්සම් බෙන්ටම් විසින් අර්ථ දක්වා ඇත්තේ ගණිකාව යනු මුදල් හෝ ආර්ථික වටිනාකමින් යුත් ද‍්‍රව්‍යයක් හිමිකර ගැනීම උදෙසා හදුනන හෝ නොහදුනන පුද්ගලයෙකු සමග භාවාත්මක හැගීමකින් තොරව ලිංගික චර්යාවේ යෙදෙන්නියක වශයෙනි. නමුත් අපාරධ විද්‍යාවෙහි සදහන් වන්නේ ගණිකාව යනු තවදුරටත් ගණිකාවක් නොවන බවයි. ඒ අනුව ගණිකාව යනු සමාජ නිෂ්පාදනයක් ලෙස අර්ථ ගැන්විය හැකිය.

    ලිංගික සාදාචාරධර්ම නොතිබුණු මුල්කාලින සමාජයේ ලිංගිකත්වය පිළිබඳව පැවැති අරාජිකත්වය මත ලිංගික නිදහස පැවතුණි. සමූහ වශයෙන් ජීවත් වූ එම සමාජයේ ගැහැනිය පිළිබඳ පූර්ණ අයිතිය පුර්ෂයා සතු බවත් තමන්ගේ සතුට වෙනුවෙන් ස්ත‍්‍රියගේ ලිංගික අවයවයන්ට ඔහුට රුචි දෙයක් කළ හැකි බවත් ඔවුන්ගේ දැඩි මතය විය. ඉන්දිය සමාජයේ එවැනි කාන්තාවන් දේව ඇඹැනියන් ලෙස හැඳින්වූ අතර ඔවුන් දාසියන් බවට පත් වූයේ දේවාල බාර කපු මහතාටය. ඔවුන්ගේ ලිංගික අවශ්‍යතාවන් දේව ඇඹැනියන් මාර්ගයෙන් සපුරා ගන්නා ලදි. නමුත් මේ කාර්යයේ යෙදෙන දේව දාසින්ට කිසියම් ශ‍්‍රද්ධාවක් ලැබිණි. ඒ අනුව ඔවුන් පාරිශුද්ධ ගණිකාවන් ලෙස හඳින්විණි.

    ඉන්දියාව, බටහිර අප‍්‍රිකාව මෙන්ම මධ්‍යධරණී රටවල්වලින්ද මෙවැනි පාරිශුද්ධ ගණිකාවන් පිළිබඳව තොරතුරු හමුවේ. මේ වර්ගයේ ගණිකාවන් ගැන මුලින්ම සඳහන් වන්නේ බැබිලෝනියානු ශිෂ්ටාචාරයෙන් ය. ග‍්‍රීසියේ ද ගණිකා ව්‍යාපාරය ආරම්භ වූයේ කි.පූ 06 වන සියවසටත් පෙර සිටය. එහි ලිංගික තෘප්තිය විවාහයෙන් පරිබාහිර දෙයක් ලෙස සැලකීම ගණිකා වෘත්තිය ව්‍යාප්ත වීමට හේතු විය. රෝමයේ ද ගණිකා වෘත්තිය එදා සිටම පැවත ඇත.

    එහෙත් ලංකාවේ ප‍්‍රබල ආගමික සමාජයීය පසුබිමක් මත හෝ රාජ්‍ය අනුග‍්‍රහය මත හෝ ගණිකා වෘත්තිය පැවැති බව ඉතිහාසය දෙස බැලූ විට හෙළි නෙවෙන අතර එය සැඟවුණු වෘත්නියක් ලෙස පැවතුණි. ඒ බව රොබට් නොක්ස් ගේ එදා හෙළදිව කෘතියේ අන්තර්ගත කතා පුවතින් හෙළි වේ. එසේම 05 වන කාශ්‍යප රජ දවස ගණිකාවන් සිට ඇති බව සිගිරි ගීවලින් හෙළි වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප‍්‍රකාශ කර ඇත. ගණිකා වෘත්තියේ ප‍්‍රභවය ඈත අතීතයේ සිටම පැවත එන්නක් බවත් ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇති බව ඒ අනුව පැහැදිලි වේ.
    ගණිකා වෘත්තිය පිළිබඳව කතා කිරීමේ දී සෘජු අවධානයක් කාන්තාවන් කෙරෙහි යොමු වුව ද පුරුෂයන් ද ගණිකා වෘත්තියේ නියැලේ. ඒ අනුව ස්ත‍්‍රී ගණිකාවන්, පුරුෂ ගණිකාවන් සහ නපුංසක ගණිකාවන් ලෙස වර්ගීකරණය කළ හැකිය.

    දිළිඳුකම, නූගත්කම, පේ‍්‍රම සබඳතාවලින් අනාථ වූ කතුන්, ලිංගික අශාව අධික වීම, විරැුකියාව, තරගකාරි ආර්ථික රටාව ගණිකා වෘත්තිය රටක පැවැතීීමට මූලික හේතූ ලෙස විග‍්‍රහ කළ හැකිය. ඒ හේතුවෙන් බොහෝ රටවල ගණිකා වෘත්තිය සමාජ ප‍්‍රශ්නයක් ලෙස සලකමින් නීතිගත කර ඇති අතර තවත් රටවල ලිංගික ශ‍්‍රමිකයන් ලෙස එම වෘත්තිය නීති ගත කර තිබෙනුයේ ගණිකාව යනු සමාජ නිෂ්පාදනයක් වන බැවිනි. නෙදර්ලන්තය, අමෙරිකාව, ඕස්ට‍්‍රේලියාව වැනි රටවල ගණිකා වෘත්තිය නීති ගත කර තිබේ. සවුදි අරාබියාව, ලංකාව, ඉන්දියාට වැනි රටවල නීතියෙන් තහනම් කොට ඇති අතර මෙය කොතරම් දුරට සාධාරණ ද යන්න විමසිය යුතු ය.

    අද්‍යතන ශ‍්‍රී ලංකාව තුළ ගණිකා වෘත්තිය ප‍්‍රධාන වශයෙන් ආකාර තුනකින් ක‍්‍රියාත්මක වේ. සම්බාහන මධ්‍යස්ථාන හරහා ගණිකා වෘත්තිය කරගෙන යාම, තැරව්කරුවන් හෝ තැරැුව්කාරියන්ගේ උදව්වෙන් ගණිකා වෘත්තියේ යෙදීම සහ ස්වධීනව රහසිගතව එම වෘත්තියේ යෙදීම ආදී වශයෙනි. ඇතැමුන් මෙය ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යන අතර ඇතැමුන්ට එය ජීවනෝපායකි.

    ශ‍්‍රී ලංකාවේ ගණිකාවන් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වන්නේ ක‍්‍රි.ව 1889 අංක 05 දරණ ගණිකා නිවාස අඥා පනතින් සහ 1841 අංක 4 දරණ අයාල අඥා පනත තුළිනි. ගණිකා වෘත්තිය යනු කුමක්දැයි පැහැදිලි කෙරෙන නිර්වචනයක් නීතිය තුළ නොමැති බැවින් යම් කෙනෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන්නේ මෙම ආඥා පනත් දෙක හරහා පමණකි. කෙසේ නමුත් ඉපැරණි නීති පනත් මත කටයුතු කිරීම තුළින් ගණිකාවන්ගේ ප‍්‍රමාණය අඩුවීමක් හෝ සමාජීය වශයෙන් කිසිදු යහපතක් සිදු වූ බවක් නොපෙනේ. ඒ අනුව වඩාත් ඵලදායි වන්නේ අදාල ස්ත‍්‍රිය එම වෘත්තියට යොමු වීමට හේතු වූ සමාජ විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක සාධකයන් සොයා බලා ඒ සදහා පිළියම් යෙදීමයි.

    ගණිකා වෘත්තිකයින් දෙස සමාජය දක්වන්නේ සෘණාත්මක ආකල්පයකි. ගණිකාව යනු සමාජ නිෂ්පාදිතයක් යන්න අප විසින් අවබෝධ කර ගත යුතු වන්නේ ඒ නිසාවෙනි. ඒ සදහා ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක සාධකයන් රැුසක් බලපානු ලබයි. විශේෂයෙන්ම බොහෝ දෙනෙකු තම පවුල් කුටුම්භය ආරක්ෂා කිරීමට අවශ්‍ය ආර්ථිකමය ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා යොමු වූවා විය හැකිය. එමෙන්ම ශරීරය තුළ සිදුවන රසායනික සංයුතීන් අසමබර වීම තුළින් නිෂ්පාදිත හෝර්මෝන වැඩි වශයෙන් ලිංගික ආශයන් සදහා යොමු වීම තුළින් ගොඩනැගෙන ජීව විද්‍යාත්මක සාධකයන් ද මේ සදහා බලපෑ හැකිය. ගණිකා වෘත්තියද ක‍්‍රියාත්මක වන්නේ ඉල්ලූම් සැපයුම් න්‍යාය ඔස්සේ වන බැවින් ඒකපාර්ශවයකට පමණක් චෝදනා එල්ල කිරීම කොතෙකුත් දුරට සාධාරණ ද යන්න ගැටලූවකි.ඒ අනුව විමසා බැලූ විට ගණිකාව යනු තව දුරටත් ගණිකාවක් නොවේ සමාජ නිෂ්පාදිතයකි.

    මදාරා ජයවර්ධන – කොළඹ විශ්වවිද්‍යාලය

  • ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම උත්තේජක හා තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව පාර්ලිමේන්තුවට

    ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම උත්තේජක හා තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව පාර්ලිමේන්තුවට

    ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හදුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ අද ( 19 ) පාර්ලිමේන්තුවේදී පැවති තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වෙමිණි.

    විශේෂයෙන් වාර්ෂිකව ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් විවිධ ක්‍රීඩාවන් සඳහා තහනම් උත්තේජක ද්‍රව්‍ය ලෙස නමිකරන ලැයිස්තුවක් නිකුත් කරන අතර නොදැනුවත්ව හෝ ක්‍රීඩකයන් මෙම ද්‍රව්‍යන් තම කුසලතා වර්ධනය සඳහා භාවිතා කිරීම ඔවුන් එම තරග ඉසවුවේ තහනමට ලක්වීමට හෝ වෙනයම් ක්‍රියාමාර්ගයකට යොමු කිරීමට හේතුවක් වේ.  

    මේ අනුව 2021 වර්ෂයේ ජනවාරි 01 දින සිට මෙම වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා වලංගු වන තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව මෙසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මීට අදාල ගැසට් නිවේදනය පසුගිය පෙබරවාරි 23 වෙනිදා නිකුත්කොට තිබූණි.

    විවිධ ක්‍රීඩා ඉසව්වන් වල නියැලෙන තරගකරුවන් තරඟ කාලසීමාව තුළදී, සියළු අවස්ථාවලදී, විශේෂයෙන් සඳහන් කරන ලද අවස්ථාවලදී භාවිතා නොකළයුතු  සහ අපහරණයට ලක්විය හැකි ද්‍රව්‍යන් ලෙස  භාවිතා නොකළයුතු ද්‍රව්‍ය ගණනාවක් මේ මගින් නම්කොට තිබේ.  

  • හෙට සිට පාර්ලිමේන්තුව දින 04ක් රැස්වේ

    හෙට සිට පාර්ලිමේන්තුව දින 04ක් රැස්වේ

    පාර්ලිමේන්තු රැස්වීම් හෙට (20) සිට ලබන අප්‍රේල් 23 වනදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබේ.

    ලබන අප්‍රේල් 22 සහ 23 යන දිනවලදී, 2015 ජනවාරි 8 වැනිදා ආරම්භ වී 2019 නොවැම්බර් 16 වැනිදා අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථා සේවකයන්, සන්නද්ධ හමුදා සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදුව ඇතැයි කියනු ලබන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරික්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගනු ඇත.

    එම දින දෙකේදී ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කිරීමකින් තොරව පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    හෙට (20) දිනයේ දී විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි 05ක්ද සුරා බදු ආඥා පනත යටතේ නියෝග 02ක් සහ ආනයන සහ අපනයන පනත යටතේ රෙගුලාසි කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව ඇත. එදින පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කෙරෙනු ඇත.

    ඊට අමතරව එදින පස්වරුවේ විපක්ෂයෙන් සභාව කල් තැබීමේ අවස්ථාවේ ප්‍රශ්න දෙකක් සඳහා පස්වරු 4:30 සිට විනාඩි 20ක කාලයක් වෙන්කර ඇති අතර, ඉන් පසු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කෝට්ටේ නගර සීමා බල ප්‍රදේශය පිළිබඳව ගෙන එනු ලබන සභාව කල් තැබීමේ අවස්ථාවේ විවාදය සඳහා පස්වරු 4.50 සිට පස්වරු 5:30 දක්වා කාලය වෙන්කර ඇති බව මහ ලේකම්වරයා සඳහන් කළේය.

    ඉන්පසු දිනය වූ අප්‍රේල් 21 වෙනිදා ලෝක උත්තේජන මර්දන නියෝජිතආයතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හඳුන්වා දෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය පිළිබඳව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය විවාදයට ගනු ලබන බව ද දසනායක මහතා පැවසීය.

    එදින පස්වරු 4:30 සිට පස්වරු 4.50 දක්වා සභාව කල් තැබීමේ අවස්ථාවේ ප්‍රශ්න 02ක් සඳහා වෙන් කර ඇති අතර, පස්වරු 4.50 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහා වෙන් කර තිබේ.

  • Online ලොතරැයියෙන් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට සුපිරි පොල්ලක් !

    Online ලොතරැයියෙන් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට සුපිරි පොල්ලක් !

    මහපොළ  භාරකාර  අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු  හරහා අළෙවි  කිරීම හේතුවෙන් එම පුද්ගලයා  එමගින් උපයා රුපියල් මිලියන 673 ක මුදල මහපොළ  භාරකාර  අරමුදල වෙත ලැබී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

    මෙය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.භද්‍රානි ජයවර්ධන මහත්මිය හට කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා දැනුම් දුන්නේය.

    ඒ මහතා මෙම දැනුම් දීම සිදු කළේ පසුගිය 08 වනදා කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්තාවේදීය.

    රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන එරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර ජයමහ මහතා, ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ එස්.එම්. මරික්කාර්, යන මහත්වරු මීට සහභාගී වුහ.

    තවද, මහපොළ  භාරකාර  අරමුදල යටතේ පවතින පාලිත සමාගම්හි  සුරැකුම්පත් ගණුදෙනු තුළින් ප්‍රමාණවත් ප්‍රාග්ධන ප්‍රතිලාභ නොලැබීම හේතුවෙන් 2015/2016 වර්ෂ වලදී රු. මිලියන 18ක් හා රු. මිලියන 102 අලාභයක්ද, 2017 වර්ෂයේ නැෂනල් වෙල්ත් සංස්ථාව හි ආයෝජන උපයෝගී කොට ගෙන කළ ප්‍රතිමිළදී ගැනීම් වල ගණුදෙනු තුළ රු. මිලියන 13ක අලාභයක් සිදුවී තිබෙන බවද  පෙන්වා දුන් කෝප් කමිටුව මෙම අක්‍රමිකතා හේතුවෙන් අරමුදලට  මහත් වූ අලාභයක් සිදුව ඇති බව අවධාරණය කරනු ලැබීය.

    මේ සම්බන්ධයෙන් කරණු  දැක්වූ නිලධාරීහු  මෙම ආයතන තවදුරත් පාඩු මත පවත්වාගෙන යාම අනවශ්‍ය බැවින් ඈවර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ලැබී තිබෙන බව පැවසුහ. ඒ සම්බන්ධයෙන් ආදහස්  දැක්වූ කෝප් කමිටු සභාපති  මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුයේ නිසි පුද්ගලයන් හට නිසි දඩුවම් ලබා දීමෙන් අනතුරුව මෙය ඈවර කිරීම ගැටළුවක් නොවන නමුදු මෙවැනි මහා පරිමාණ වංචාවක් සිදුව ඇති අවස්ථාවක නිසි පරීක්ෂණයකින් තොරව  මෙම ආයතන එලෙස ඈවර කිරීම නුසුදුසු බවය.

    ඒ අනුව මහපොළ  භාරකාර  අරමුදල  යටතේ පවතින පාලිත සමාගම් වන නැෂනල් වෙල්ත් සංස්ථාව සහ නැෂනල් වෙලත් සිකියුරිටිස් සංස්ථාව  මගින් සිදුව ඇති අක්‍රමිකතාවය පිළිබඳව නිසි අධ්‍යනයක් සිදු කිරීමෙන් අනතුරුව  එම ආයතන දෙකම හැකි ඉක්මනින් කෝප් කමිටුව හමුවට කැඳවීමටත්, මෙම අක්‍රමිකතාවය පිළිබඳව නිසි ලෙස නිරීක්ෂණය කරන තුරු  ඈවර කිරීම ප්‍රමාද කිරීම කළ යුතු බවට කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදී.

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්බන්ධව ආයතනයේ (SLIIT)  වර්තමාන තත්වය පිළිබඳවද සාක්ච්ඡාවට බඳුන් වූ අතර ආයතනයේ වර්තමාන තත්වය පිළිබඳවද සාක්ච්ඡාවට බඳුන් වූ අතර එම ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා තිබුනද එම ආයතනය එසේ පැමිණීම නෛතිකව කිරීමට එම ආයතනය බැඳී නොමැති බව ජුලියස් ක්‍රේසි (Julius & Creasy) ආයතනය මගින් කෝප් කමිටුවට දන්වා එවීම පිළිබද සිය අප්‍රසාදය පළ කළ කෝප් කමිටුව මේ තත්වය පිලිබදව කරුණු නිරාකරණය කරලීම සඳහා පළමු කොට  ජුලියස් ක්‍රේසි (Julius & Creasy) ආයතනය කැදවිය යුතු බව තීරණය කරනු ලැබීය.

    ඒ අනුව SLIITආයතනය ජාතික  වැදගත්සකමකින් යුත් ආයතනයක් වන බැවින්, එම ආයතනය  සම්බන්ධ සාකච්ඡාවේ දිගුවක් ලෙස   අභ්‍යන්තර වාර්තාවක් සකස්  කොට පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබීමෙන් අනතුරුව  මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව නිගමනයකට ඒළඹීම යෝග්‍ය බව කෝප් කමිටුව විසින් තවදුරටත්  නිර්දේශ කරනු ලැබිය.

    තවද, අභ්‍යන්තර විගණකාධිපතිවරයෙකු හා ගණකාධිවරයෙකු  ආයතනය සතුව නොමැති බවට අනාවරණය විය. හැකි ඉක්මනින්  මෙම පුරප්පාඩුව පිරවීමට කටයුතු කරන මෙන් කෝප් කමිටුව නිර්දේශ කරන ලදී

    මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ ආයෝජන කළමණාකාරය සම්බන්ධව විශේෂ විගණන වාර්තාව මත සහ එම අරමුදලේ වර්තමාන කාර්යසාදනය පරික්ෂා කිරීම සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විශේෂ වාර්තාව ඒ අනුව කෝප් කමිටුව හමුවේ සාකච්ඡාවට බදුන් කරනු ලැබිය.

  • පක්ෂ නායකයින් 10ක් අගමැතිගේ පක්ෂ නායක හමුව වර්ජනය කරලා

    පක්ෂ නායකයින් 10ක් අගමැතිගේ පක්ෂ නායක හමුව වර්ජනය කරලා

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ පක්ෂ නායක හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (19) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    එළැඹෙන මැයි පළමු වන දිනට යෙදෙන කම්කරු දිනය සැමරීම පිළිබඳව මෙහි දී  සාකච්ඡා විය. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මැයි දින පෙළපාලි නොපවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැයි දින රැලිය පමණක් පැවැත්වීම පිලිබඳව මෙහි දී පක්ෂ නායකයිගේ අවධානය යොමු වීම විශේෂත්වයකි.

    මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ජී. එල්. පීරිස්,දිනේෂ් ගුණවර්ධන මහත්වරු ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින් රැසක් සහභාගී වූහ.

    මේ අතර අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) කැදවා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක හමුවට පොහොට්ටුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 10ක නායකයින් සහභාගී නොවූ බව වාර්තා වේ.ෙ

    ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය පී.වීරසිංහ, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහා චාර්ය තිස්ස විතාරණ, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්. අබ්දුල්ලා, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් කිප දෙනකු මෙම සාකච්ඡාවට සහභාගී නොවූ බවයි වාර්තා වන්නේ.

  • කොළඹ වරාය නගර පනත යන්නෙත් පළාත් සභා ගිය පාරේ – අක්මීමණ දයාරතන හිමි

    කොළඹ වරාය නගර පනත යන්නෙත් පළාත් සභා ගිය පාරේ – අක්මීමණ දයාරතන හිමි

    ලංකාවට පළාත් සභා ක්‍රමය හදුන්වා දුන්නෙත් ජනමතයට පිටුපා බලහත්කාරයෙන් බවත් වත්මන් රජය කොළඹ වරාය නගරය ස්ථාපිත කිරීමට සූදානම් වන්නේ 69 ලක්ෂයේ ජනවරමට පිටුපා බලහත්කාරයෙන් බව සිංහල රාවය පක්ෂයේ නායකල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමණ දයාරතන හිමියෝ පැවසූහ.

    උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (19) දෙහිවල එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

    මෙහිදී දයාරතන හිමියෝ මෙසේද පැවසූහ.

    ‘‘වරාය නගරය නිසා රටට සිදුවන යහපත හා අයහපත පිළිබද ව මෙ දිනවල විවිධ මත පළ වෙනවා රටක් විදිහට මෙවැනි නගර නිර්මානය කරලා ආයෝජන ගෙනත් ආර්ථික වශයෙන් රට දියුණු වන එකට අපි සතුටු වෙනවාග මේ සදහා පූර්ණ ආශිර්වාදය පුද කර සිටින්න කැමතියි.

    නමුත් මෙය පරිපාලනය කිරීමේදී රටේ ස්වාධිපත්‍යයට හා ස්වෛරීභාවයට හානියක් වනවනම් අපි එයට දැඩි විරෝධය පලකරනවා. මේ පිළිබදව පරිපාලනය සදහා පත්කරන කමිටුව පිළිබදව නීතිමය ගැටලූ රැුසක් මතුවෙනවා. ඒ වගේම මතුවන කරුණු සැලකීමේදී මෙම පරිපාලන නගරය සදහා වෙනම නිශ්චිත භූමියක්, වෙනම මුදල් ඒකකයක්, වෙනම නීති පද්දතියක් හා වෙනම ජන කණ්ඩායමක් ආදි කරුණු සැලකිල්ලට ගත් කල මෙහි වෙනම රටක් නිර්මාණයට අවශ්‍ය වපසරිය නිර්මාණය වෙනවා. මෙය භයානක තත්වයක්

    මෙහි අපේ රටේ පුද්ගලයෙක් යම්කිසි භාණ්ඩයක් මිලදී ගත යුත්තේ වෙනත් මුදල් ඒකකයකින්, පසුව ඔහු රටට ඇතුළු වන විට ඒ සදහා බද්දක්ද ගෙවිය යුතු වෙනවා, මෙය වෙනම රටකට ගියා හා සමානයි. මෙතන පරිපාලනය වන හා සංසරණය වන මුදල් පිලිබුදව මහ බැංකුවට කිසිම බැදීමක් නෑ. එතකොට මෙතන කලූ සල්ලි ඇවිත් විවිධ ජාවාරම් කරන්න පටන් ගත්තොත් කොහෙන්ද නියාමනය වෙන්නෙ කියල පැහැදිලි නැ. මෙතන තනිකරම ජාවාරම් කාරයින්ට ඉඩදීල වගේ පේන්න තියෙන්නේ.

    මෙම කොමිසමට පත්කරන සියලූ සාමාජිකයින් පත් කිරීමේ සම්පූර්ණ බලය තියෙන්නේ ජනාධිපති තුමාට ඔහුට ඕනෑම කෙනෙක් පත්කිරීමේ බලය තියෙනවා. මේවට විදේශිකයින් වුණත් පත්කළ හැකියි. මොවුන් අයින් කළ හැක්කේ ජනාධිපතිට පමණයි. අපි හිතමු අර්ජුන් මහේන්ද්‍රන් වගේ කෙනෙක් පත්කරල මෙකේ දූෂණ වංචා කරල පැනල ගියහොත් කව්ද වගකියන්නනේ ? කව්ද ඒ වගකීම ගන්නේ ? කොතනද නියාමනය වන්නේ කියල අපි අහනවා.

    ලංකාවට පළාත් සභා ගෙනාවේත් ජනතා පරමාධිපත්‍යයට පිටුපාලා බලහත්කාරයෙන්, ඒකේ විපාක තාම අපි විදවනවා, ඒ නිසා රටේ ඒකීයභාවයට, පරමාධිපත්‍යට බලපාන අණපනත් නීතී ගේන කොට අනිවාර්යෙන් ජනතාවගේ පරමාධිපත්‍ය බලයට යටත් විය යුතුයිග ඒ නිසා මෙම පනතට අනිවාර්යෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි.

    මෙහිදී අදහස දැක්වූ සිංහල රාවය පක්ෂයේ මහ ලේකම් ශාලික පෙරේරා මහතා කියා සිටියේ කොළඹ වරාය නගරය නිසා විදුලිබලල ජල හා කසළ කළමනාකරණය සම්බන්ධ බරපතළ ගැටලු ඇති විය හැකි බවත් ඒවාට මේ දක්වා කිසිම බලධාරියෙකු විසින් පිළිතුරු ලබා දී නොමැති බවත්ය.

    ඔහු මෙසේද පැවසුවේය,

    ‘‘වරාය නගරය සම්භන්දයෙන් දෙපැත්තෙන් කරුණු දෙකක් මතු කරනවා. වෙනම රටක් වෙනම නීතියක් හා එකම රටක නීතී රාමුව වෙනස් යන්න. මේ කොහොම අර්ථ කතනය කලත් වෙනම පරිපාලන ඒකකයක් නිර්මාණය වනවා කියන්නෙම රටේ ඒකීයභාවය අහෝසි වීම තමයි, කෝ එකම රටක් එක නීතියක් කියල ගත්තු ජනවරම, වෙනම පරිපාලන කලාප, වෙනම පරිපාලන නීති කියන්නෙම මධ්‍යම රජයෙන් පරිභාහිර වීමයි. ඒක සංධීය ක‍්‍රමයක් තමයි මේ වගේ වෙනම පරිපාලන ඒකක යෝජනා අපට මීට පෙරත් පටවන්න හැදුවා, චන්ද්‍රිකාගේ කාෙළ්් සුනාමි සහන මණ්ඩලය, රනිලගේ ස්වයං පාලන කලාප, රිගේන් ශී‍්‍ර ලංකා කියන්නෙත් ඔය වගේම වෙනම පරිපාලන ඒකක කලාප තමා, ඒවා හොද නැතිනම් මේක හොද වෙන්නෙ කොහොමද ?

    මේක අනුමත කළ හොත් අනාගතයට වැරදි පූර්වාදර්ශයක් සපයනවා උතුරට, නැගෙනහිරට වෙනම දෙමළ මුස්ලීම් කලාප ඇතිවේවි, මොකද මේක නරක පූර්වාදර්ශයක්ග ඒ වගේම මෙම ව්‍යාපෘතියේ තවමත් නොවිස`දුනු අපේ රටට බලපාන බරපතල ප‍්‍රශ්න රිශියක් තියෙනවාග
    අපේ රටේ දැනටමත් මුහුණපාන විශාල බල ශක්ති අර්බුදයක් තියෙනවා. මාස 2ක් පෑව්වොත් අපිටත් විදුලිය නෑ, ඒ වගේම ජල ප‍්‍රශ්නය හා අනිත් බරපතලම ප‍්‍රශ්නය අප මුහණ දෙන කැළි කසළ හා අපද්‍රව්‍ය ප‍්‍රශ්නය. මේවාට අලූත් මූලාශ‍්‍ර තියෙනවාද ? අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න තවමත් එළිකර නෑ. අපි අදුරේ ඉදන් ඔවුන් එළියේ තියමුද ? අපි වතුර නොබී ඔවුන්ට ජලය දෙමුද ? කොලොන්නාව, බ්ලූමැන්ඩල්, කරදියාන වගේ තවත් කසළ ක¥ ගොඩ නගමුද ? එසේනම් එ්වා කළමනාකරණයට අවම වශයෙන් එම ආයතන හා ඇති සම්භන්ධයක් ඇතිකරගෙන තිබෙනවාද ? මේ ප්‍රශ්නවලට ආණ්ඩුව සහ වරාය නගර පනත වෙනුවෙන් පෙනී සිටින අය වහාම පිළිතුරු ලබාදිය යුතුයිග ඒත් අපි දකින්නේ ඔවුන් ඒ ගැන එක වචනයක් නොකියන බවයි.

  • යෝධ දුප්පත්කමක් හා කුරිරු මර්දනය සහිත ‘බලසම්පන්න චීනය’

    යෝධ දුප්පත්කමක් හා කුරිරු මර්දනය සහිත ‘බලසම්පන්න චීනය’

    දැන් බරපතලම ප්‍රශ්නය වන්නේ වාර්ගික ගැටුම් හා මර්දනය, ග්‍රාමීය බහුතර දුප්පත්කම සහ නාගරික දුප්පත්කම හා අපරාධ පිරි එවැනි චීනයක් ලොව බලසම්පන්න පොහොසත් රාජ්‍යයක් ලෙස දුප්පත් රටවල ආයෝජන කරන්නේ කෙසේද යන්න පමණක් නොව, එමගින් චීනය ඇත්තටම බලසම්පන්න යැයි අර්ථ ගැන්වෙන්නේ කාගේ බලයක් ගැනද? යන්නය.

    පොතක් ලිවිය යුත්තක් පිටුවකට දෙකකට කෙටි කරන විට එය ලිවිය හැක්කේ මෙලෙසිනි. චීනය ගැන අපේ සමාජයේ ඇත්තේ එය ඉතා දියුණු, සශ්‍රීක හා ස්වයංපෝෂිත රටක් යැයි පිළිගැනුමකි. එය ඉතාම වැරදි තේරුම් ගැනීමකි.

    නාගරික මැදපංතියෙහි මේ වැරදි පිළිගැනුම නිරුවත්ව ප්‍රදර්ශනය වන්නට වූයේ “කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපය” ස්ථාපිත කිරීමේ පනත ගැසට්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමගය. කොළඹ වරාය නගරය වෙනුවෙන් පෙනී සිටින කොළඹ මැදපංතික වියතුන් හා වෘත්තිකයින් ඉදිරිපත් කරන එක් ප්‍රධාන තර්කයක් වන්නේ චීනය එලෙස දියුණු වූයේ ඔවුන් සෘජු විදේශ ආයෝජන සඳහා ඔවුන්ගේ ආර්ථිකය විවෘත කිරීම නිසා යැයි කීම ය.

    මේ කතාවල ඇත්ත නැත්ත කුමක්ද? මහා බලසම්පන්න චීනය, දුප්පත්කමෙන් මිදුණු ඇත්තටම “දියුණු” නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත්ව තිබේද?

    චීනය විශේෂ ආර්ථික කලාපයක් හාහා කියා ආරම්භ කෙරුවේ ඩෙං සියාඕපිං බලයට පැමිණි පසු 1980 දී දකුණු වෙරළබඩ ගුආන්ඩොන් ප්‍රාන්තයෙහි ෂෙන්සෙන් නගරයෙහිය. එතැන් සිට මේ වනවිට, වර්ග සතරක (04) විවෘත ව්‍යාපාරික කලාප චීනය ආරම්භකර ක්‍රියාත්මකව පවත්වා ගන්නේය. ඉන් දහනවයක් (19 ක්) රාජ්‍ය මට්ටමේ නව කලාපයන්ය. සතක් (07) විශේෂ ආර්ථික කලාපයන් ය. තවත් දහයක් (10) නියාමක නිදහස් වෙළඳ කලාපයන් ය. තවත් පහළොවක් (15) විවෘත වෙරළබඩ නගර ය. මේ සියල්ල ඇත්තේ නැගෙනහිර සහ ගිණිකොන වෙරළබඩ ප්‍රාන්තවල ය.

    China's poverty line is not as stingy as commentators think | The Economist

    ගෝලීය ආර්ථිකය සහ චීන වර්ධනය ගැන විශේෂඥ අධ්‍යනයන්හි නියුතු සෙසිල් බැටිසෙ අන්තර්ජාලයෙහි 2008 ජූලියේ පළකර තිබූ ඇයගේ අධ්‍යන වාර්තාවක ලියා තිබුණේ “වෙළඳපල නිදහස් කිරීමේ වාසිය විශේෂයෙන් ඇත්තේ විවිධාංගීකරණය කෙරුණු කාර්මික යටිතල පහසුකම් ඇති වෙරළබඩ ප්‍රාන්ත වලටය. එමගින් වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශ අතර දැනටත් පවතින කැපී පෙනෙන විෂමතා තවදුරටත් පුළුල්වනු ඇත.” යැයි කියා ය. (චීන ඉදිරි දර්ශන : නිෂ්පාදන කර්මාන්ත ස්ථානගත කිරීම සහ අවකාශයන්හි අසමතුලිතතා) ඊට අමතරව සෘජු විදේශ ආයෝජන වලින් සියයට 90 ක් පමණ ගොනුව ඇත්තේ විශේෂයෙන් ගුආන්ඩොන්, ෆුජියාන්, ජියාංසූ සහ ෂැංහායි වැනි වෙරළබඩ ප්‍රාන්තවල යැයිද ඇය සටහන්කර තිබුණි. ඉන් තේරුම්ගත හැකි ප්‍රධානම කාරණාව නම්, චීනයේ ආර්ථික වර්ධනය වෙරළබඩ ප්‍රාන්ත කිහිපයකට පමණක් සීමාවන බවය.

    ජාතික නිෂ්පාදනයෙහි ප්‍රාන්ත සතු දායකත්වය සැළකීමෙහිදී චීනයේ දුප්පත්කම ව්‍යාප්තව ඇති ආකාරය තව දුරටත් දකින්නට හැකිය. චීනයේ දළ ජාතික නිෂ්පාදනයෙහි ජාතික ඒක පුද්ගල අගය කොරෝනාවට පෙර 2019 දී වූයේ යුආන් 70,892 කි. ඒ වසරේ බෙයිජීන්හී එය ජාතික අගය මෙන් දෙගුණයකටත් වඩා වැඩි යුආන් 1,64,220 ක් විය. ෂැංහායිහි එය එළෙසින්ම යුආන් 1,57,279 ක් විය. කාර්මීකරණය වූ අනෙක් වෙරළබඩ ප්‍රාන්තවන ජියාංසූහි 1,23,607 ක්ද, සෙජියාංහි 1,07,624 ක්ද,  ෆුජියාන්හි 1,07,139 ක්ද, ගුආන්ඩොන්හි 94,172 ක්ද, ටියාන්ජින්හි 90,371 ක්ද විය. ඒ හැම ප්‍රාන්තයකම දළ ජාතික නිෂ්පාදනයෙහි ඒක පුද්ගල අගය ජාතික අගයට වඩා සැළකිය යුතු ඉහළ අගයක් පෙන්වන්නාහ.

    එහෙත් චීනයේ මධ්‍යම හා බටහිර ඇතැම් දුප්පත් ප්‍රාන්තවල එම අගයන් ඔවුන්ගේ ජාතික අගයෙහි අඩක්වත් නොවන තරම් ය. බොහෝ අය අසාවත් නැති එවැනි ප්‍රාන්තවන ගන්සුහි එය 32,995 ක් වන අතර, හෙයිලොන්ජියාන්හි 36,183 ක්ද, ගුආන්සිහි 42,964 ක්ද, ජිලින්හි 43,475 ක්ද සහ ෂැන්සිහි යුආන් 45,724 ක්ද වන්නේය.

    එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට අනුව 2017 වන විටද ග්‍රාමීය දුප්පත් ජනතාවගෙන් සියයට 53.6 ක් සිටියේ චීනයේ බටහිර ප්‍රාන්ත කිහිපයේය. ඉන් මිලියන 03 ට ආසන්න සංඛ්‍යාවක් විසූයේ ගුයිසූ ප්‍රාන්තයෙහිය.

    මේ සම්බන්ධ සෙසිල් බැටිසෙ ගේ අදහස වන්නේ, නිෂ්පාදන යටිතල පහසුකම් නවීකරණය කෙරෙන වෙරළබඩ චීනය හා අති පරණ ව්‍යුහ නඩත්තු කෙරෙන රට අභ්‍යන්තරය අතර ආදායම් තුලනය කිරීමට, බෙදාහැරීම් හා සමාජ බැර කිරීම් සම්බන්ධ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් ප්‍රමාණවත් නොවන බවය.

    ඒ කෙසේ වෙතත් චීන දුප්පත්කම බහුලව ඇති ප්‍රාන්ත බොහෝමයක් චීන සුළුතර ජන කොටස් බහුතරව ඉන්නා ප්‍රාන්ත ය. එවැනි සුළුතර ජන කොටස් ප්‍රධාන වශයෙන් 56 කි. ඉන් බෞද්ධ තිබෙත් ජාතියද මුස්ලිම් උයිගුර් ජාතියද විශාල මර්දනයන්ට හසුව ඉන්නා ජන වාර්ගයන්ය.

    තිබෙත් ප්‍රාන්තය 1950 වන තෙක් හිමාලයානු කඳුකරයේ වූ ඔවුන්ගේම සංස්කෘතික අනන්‍යතාවක් සහිත මහායාන හා වජ්‍රයාන බෞද්ධාගමික ස්වාධීන රාජ්‍යයක් විය. 1950 සිට දසකයකට ආසන්න කාලයක් චීන ආක්‍රමණ වලට එරෙහිව කැරළි ගැසීමෙන් පසු චීන ආණ්ඩුව විසින් 1959 දී තිබෙතය පූර්ණ වශයෙන් ඔවුන්ගේ පාලනයට ඈඳා ගනු ලැබුවේය. මිලියන 06 ක් පමණ වන තිබෙත් ජනගහනයෙන් මිලියන 1.2 ක් මේ වන විට ඝාතනය කර ඇතැයි චෝදනා ඇත. තිබෙත් මානව හිමිකම් ක්‍රියාධරයින්ට අනුව චීන ආණ්ඩුව තිබෙත් කැලෑ ප්‍රමාණයෙන් සියයට 40 ට වැඩි ප්‍රමාණයක් දැව සඳහා හෙළිකර ඇත. මේ වනවිට ඩොලර බිලියන 54 ක පමණ දැව කපා ගෙන ඇත. එවගේම තිබෙත් බෞද්ධ ආශ්‍රම 6,000 ක් පමණ චීන හමුදා විසින් විනාශකර ඇතැයි වාර්තා වන්නේය. හමුදා පාලනයක් යටතේ චීන හන් ජාතික බහුතරයගෙන් තිබෙතය ජනාවාස කිරීම නිසා තිබෙත් ජාතිකයින් ඔවුන්ගේම භූමියෙහි සුළුතර ජන වර්ගයක් බවට පත්ව, දරුණු මර්දනයකට මුහුණ දෙන්නාහ.

    ආසියාවේ “හරි මැද” යැයි සැළකෙන චීනයේ සින්ජියැං ප්‍රාන්තය රටවල් 07 ට මායිම් වන්නකි. එහි බහුතර ජාතිකයින්වන මුස්ලිම් උයිගුර් ජාතිකයින් මිලියන 12.8 ක් වෙසෙති. ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාව දියකර හැරෙන අයුරු චීන “හන්” ජාතිකයින් සඳහා වැඩි වැඩියෙන් අවස්ථා ලබා දෙන්නේ යැයි ආරම්භ වූ විරෝධතා මුස්ලිම් අන්තවාදී නැගිටීම් යැයි බෙයිජිං ආණ්ඩුව 2009 දී තීන්දු කළේය. එතැන් සිට උග්‍රවූ ගැටුම් සමග මේ වනවිට මුස්ලිම් උයිගුර් ජාතිකයින් මිලියනයකට වඩා චීන ආණ්ඩුව “ප්‍රති අධ්‍යාපන කඳවුරු” යැයි හඳුන්වන වධ කඳවුරුවල රඳවා ඇතැයි එක්සත් ජාතීන්ගේ 2018 මානව හිමිකම් කොමිසම් වාර්තාවක ඇත. තවත් මානව හිමිකම් සංවිධානයක වාර්තා අනුව එවැනි කඳවුරු 380 ක් 2019 ආරම්භයේ තිබිණ. ඒවායේ උයිගුර් ජාතික කාන්තාවන් ලිංගික හිංසන හා සමූහ වශයෙන් දූෂණය කිරීමටත් බලහත්කාරයෙන් වඳ සැත්කම් වලටත් බඳුන් වන්නේ යැයි සාක්ෂි ඉදිරිපත්කර ඇත. සින්ජියැං ප්‍රාන්තය විශාල වශයෙන් කපු වගා කෙරෙන ප්‍රාන්තයක් හෙයින් එම කඳවුරු අතරින් 200 ට ආසන්න සංඛ්‍යාවක කපු කර්මාන්ත හල් පිහිටුවා උයිගුර් ජාතික රැඳවියන් වහල් සේවාවේ යොදවා ඇතැයිද වාර්තා වේ.

    චීනයේ ආගම්වාදී වාර්ගික මර්දනය සමග සීඝ්‍රයෙන් වර්ධනය වන දියුණු වෙරළබඩ නාගරික ප්‍රදේශ වලද දුප්පත්කම වර්ධනය වන්නකි. එයට හේතු ලෙස දැක්වෙන්නේ, දුප්පත් ග්‍රාමීය ප්‍රාන්තවල තරුණ පිරිස් විශාල වශයෙන් රැකියා සොයා වෙරළබඩ ප්‍රාන්ත වෙත සංක්‍රමණය වීමය. එවගේම එවැනි සංක්‍රමණයකට හේතු වූ සාධකද ඇත. තනි දරුවකුට තිබූ දැඩි සීමාව 1980 වන විට ලිහිල්වීම නිසා 2000 වන විට ග්‍රාමීය තරුණ ශ්‍රමික සංඛ්‍යා වැඩි වීමත් ඒ සමග දුප්පත් ප්‍රාන්තවල ඉඩම් හිඟයක් වර්ධනය වීමත් විය. දෙවැන්න 1950 ගණන්වල තම උපන් ප්‍රදේශයෙන් පිටව යෑමට එරෙහිව පනවා තිබූ “හුකෝඋ” නීති, 1980 දසකයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමග අත හැරීම විය. අනෙක් අතට නැගෙනහිර වෙරළබඩ ප්‍රාන්ත වෙත සෘජු විදේශ ආයෝජන පැමිණීමත් සමග නිෂ්පාදන කර්මාන්ත සඳහා විශාල ලාභ ශ්‍රමයක් අවශ්‍ය වීමය.

    ඒ සඳහා සංක්‍රමණය වූ තරුණ පරම්පරා දෙකකි. ඩෙං සියාඕපිංගේ ප්‍රතිසංස්කරණ සමග 1980 න් පසු උපත ලද පරම්පරාව එකකි. දෙවැන්න, ඒ ප්‍රතිසංස්කරණ සමාජ ආකල්ප හා ව්‍යුහයන්ට බලපාන්නට පටන් ගත් පසු 1990 න් පසු උපත ලද පරම්පරාව ය. මේ පරම්පරා හඳුන්වනු ලබන්නේ තාරුණ්‍යයේ “නව පරම්රා“ ලෙසින්ය. ‘80 න් පසු පරම්පරාවේ සංක්‍රමණික වයස අවුරුදු 21.1 ක් වූ අතර, ‘90 න් පසු පරම්පරාවේ සංක්‍රමණික වයස අවුරුදු 17.4 ක් වන බව “ජාතික සංඛ්‍යාලේඛන බියුරෝවේ” වාර්තාවක ඇත. මේ හේතු නිසා චීන වෙරළබඩ ප්‍රාන්තවල නාගරීකරණය වේගවත් වූයේ ශ්‍රම වෙළඳපලෙහි ප්‍රසාරණයත් දෛනික වැටුප පහත වැටීමත් සමගය. එවගේම වැටුප් ලබන සංඛ්‍යාවන්හි වැඩිවීමක් සහිත විධිමත් ආර්ථිකයක් මේ නැගෙනහිර වෙරළබඩ ප්‍රාන්තවල වර්ධනය වූවාට වඩා වේගයෙන් ස්ථිර ආදායම් නොමැති අවිධිමත් ආර්ථිකයක්ද හැදින. ඒ හේතුවෙන් නාගරික පාරිභෝගිකයින් එක පිම්මේ වැඩි වූ නමුත්, ඔවුන්ගෙන් බහුතරය දුප්පතුන් හා “ආසන්න” දුප්පතුන් වූහ.

    ඒ පරිවර්තන ගැන ට්සිංහුආ විශ්ව විද්‍යාලයයේ දේශපාලන විද්‍යා අංශයේ විශ්‍රාමික දේශකයෙකුවන වූ කියෑං කියන්නේ “චීනයේ දුප්පත් පොහොසත් බෙදිල්ල ඉතිහාසයේ නොවූ විරූ මට්ටමකට වෙළඳපල ආර්ථිකයෙහි වර්ධනය වෙලා තියෙන්නේ” යැයි කියා ය. මේ වර්ධනයවන නාගරික දුප්පත්කම සමග අපරාධද වැඩි වන්නේ යැයි සඳහන් වන්නේය. “සංක්‍රමණික ප්‍රතිපත්ති ආයතනයෙහි” 2012 සිදු කෙරුණු “චීනයේ ග්‍රාමීය-නාගරික සංක්‍රමණික නව පරම්පරා : පෙළඹවීම් හා සංක්‍රමණික රටා” නම් වූ පර්යේෂණයට හවුල් වූ සියාඕහූ චූ ඔහුගේ ලිපියක සටහන්කර තිබූයේ “තරුණ සංක්‍රමණිකයින් අපරාධ වලට හවුල් වීමේ වැඩි ඉඩක්, අවදානමක් ඇත. නිදසුනක් ලෙස, 2010 දී නාගරික අපරාධ වලින් තුනෙන් පංගුවකට පමණ කොයි ආකාරයෙන් හෝ තරුණ සංක්‍රමණික සම්බන්ධයක් ඇතැයි ගණන් බලා තිබුණි” යනුවෙනි.

    දැන් බරපතලම ප්‍රශ්නය වන්නේ වාර්ගික ගැටුම් හා මර්දනය, ග්‍රාමීය බහුතර දුප්පත්කම සහ නාගරික දුප්පත්කම හා අපරාධ පිරි එවැනි චීනයක් ලොව බලසම්පන්න පොහොසත් රාජ්‍යයක් ලෙස දුප්පත් රටවල ආයෝජන කරන්නේ කෙසේද යන්න පමණක් නොව, එමගින් චීනය ඇත්තටම බලසම්පන්න යැයි අර්ථ ගැන්වෙන්නේ කාගේ බලයක් ගැනද? යන්නය.

    එයට වසර 40 ක පමණ ඉතිහාසයක් ඇත. මාඕ සෙඩොංගේ රතු චීනයේ ගමන් මග වෙනස් වන්නේ ඩෙං සියාඕපිං බලය ගත් පසු 1979 න් පසුවය. ඔහු චීනයේ සිදු කළ වෙනස, ගොර්බචෙෆ් සෝවියට් දේශයේ සිදු කරන්නට අත ගැසූ ආර්ථික “පෙරෙස්ත්‍රොයිකා” (ප්‍රතිව්‍යුහගත කිරීම්) වේගවත් හා ප්‍රමාණවත් නොවන විට කොමියුනිස්ට් පක්ෂය හා ආණ්ඩු පාලනය ප්‍රජාතන්ත්‍රීය කිරීමේ “ග්ලස්නොස්ට්” වලට වඩා හාත්පසින් වෙනස් විය. ඩෙං සියාඕපිං අවුරුදු 30 ට ආසන්න වූ මාඕවාදී කොමියුනිස්ට් උරුමයන් දෙකෙන් “ආර්ථික උරුමය” ප්‍රතිපත්තිමය වශයෙන් බැහැර කෙරුවේ, ගෝලීය වෙළඳපල ආයෝජන හා නිෂ්පාදන වෙනුවෙන් ආර්ථිකය විවෘත කරන්නට ය. එහෙත් මාඕගේ අනෙක් දේශපාලන උරුමය වූ කොමියුනිස්ට් පක්ෂය ඔහු දැඩිව සියතට ගත්තේය. ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂය ඔවුන්ගේ වෙළඳපල ආර්ථිකයෙහි පැළපදියම් කෙරුණේ බටහිර යුරෝපයේ බහුජාතික සමාගම් ඉටු කළ කාර්ය, වඩා සංවිධානාත්මකව සහ සෘජු ආණ්ඩු බලය අත ඇතිව ය.

    තනි පක්ෂ පාලනයක් යටතේ චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බියුරෝව රටේ ආණ්ඩුව විය. රට පුරා පක්ෂ ශාඛා සහ පක්ෂයේ වෘත්තීය සමිති වලට, අප සාමාන්‍යයෙන් කතා කරන “සිවිල් සමාජ” වගකීම් හා ජනමතය හැසිරවීම පූර්ණ ලෙස බාර දී ඇත. චීනයේ පූර්ණ බලය සතු පක්ෂයේ දේශපාලන බියුරෝව විසින් තෝරා පත් කෙරෙන මධ්‍යම කාරක සභාවත් රටට ලෝකෙට පෙනුමට පත් කර ගන්නා නියෝජිතයින් 3,000 ක් පමණ ඉන්නා මහජන නියෝජිත මණ්ඩලයත් මගින් කෙරෙන්නේ දේශපාලන බියුරෝව ගන්නා සියලු තීන්දු යළි අනුමත කිරීම පමණි. මේ ආණ්ඩු පාලනයෙහි එබැවින් චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් වෙළඳපල ආර්ථිකයේ සියලු ප්‍රතිලාභ තීන්දු කරනවා පමණක් නොව, ඒ වෙනුවෙන් පිහිටුවා ඇති පෞද්ගලික සමාගම් සියල්ලෙහි හිමිකාරිත්වයද තබා ගෙන ඇත.

    කෙටියෙන් කිවහොත් චීන ආර්ථිකයෙහි දේශීය හා විදේශීය සියලු කොන්ත්‍රාත් සහ ව්‍යාපාර කටයුතු කෙරෙන්නේ ඒ වෙනුවෙන් පිහිටුවා ඇති පෞද්ගලික සමාගම් හරහා කොමියුනිස්ට් පක්ෂයේ නායක මඬුළු මගින්ය. කෝවිඩ් වසංගතය නොතකා ඒවාට සම්බන්ධ ඩොලර කෝටිපති පුද්ගලයින් 2,398 ක් දක්වා 2020 අගෝස්තු වනවිට ඉහළ ගොස් ඇතැයි චීන යෝධ ව්‍යාපාර නිරීක්ෂණයේ යෙදෙන “හූරු” නිරීක්ෂකයින් ඉකුත් ඔක්තෝම්බරයේදී ප්‍රකාශ කළහ. ඔවුන්ට අනුව, මේ ඩොලර කෝටිපතියන්ගේ ඒකාබද්ධ වත්කම ඩොලර ටිරලියන 04 කි. එය ජර්මනියේ දළ දේශීය වත්කමට සමාන ය.

    මෙය අවසන් කරන්නට එනිසා කිව යුත්තේ චීනයේ ආණ්ඩු පත් කිරීමට තබා ප්‍රාන්ත පාලනයක් තෝරා ගැනීමටවත් අයිතියක් නැති චීන පුරවැසියන්ට රටේ වත්කම් වලට හෝ ඒවා පාලනය කරන රාජ්‍යයට කිසිදු අයිතියක් සම්බන්ධයක් නැත කියා ය. කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ නිලධර පැලැන්තිය විසින් නඩත්තු කෙරෙන චීන රාජ්‍ය මේ ඩොලර කෝටිපතියන්ගේ රාජ්‍යයක් මිස චීන ජනතාවගේ රාජ්‍යයක් නොවන බවය. අප චීනයේ පොහොසත්කම හා බලසම්පන්නකම ගැන කතා කරන්නේ මේ ව්‍යාපාරික කොමියුනිස්ට් පක්ෂ නායක පැලැන්තියේ පොහොසත්කම හා බලය ගැන මිස චීන ජනතාවට හිමි කිසිවක් ගැන නොවේ.                 

    කුසල් පෙරේරා

  • කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට

    කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන “කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ  කොමිසම් සභා  පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට (19) සලකා බැලීමට  නියමිත අතර මෙම පෙත්සම් සලකා බලන පංච පුද්ගල විනිසුරු මඩුල්ලට අගවිනිසුරුවරයා සමග  බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන,  මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන් ඇතුළත්ව සිටිනවා.

    මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

    පෙත්සම් ගොනු කළ පාර්ශ්වයන් වන්නේ, ශ්‍රී ලංකා නීතීඥ සංගමය , එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර , ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ යන මහත්වරුන් ,  තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී කමල් රේණුක පෙරේරා,  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු , ඇන්ටන් මාකස් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසිනුයි.

    කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ  කොමිසම් සභා  පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනතාව විසින් ජනමත විචාරණයක දී සම්මත කළ යුතු බවට තීන්දු කරන ලෙස සිය පෙත්සම් මගින් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

    ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිත්වයට හානි කරමින් වරාය නගර කොමිසම පනත යටතේ කොමිසම  ස්ථාපිත කර බලය පැරීමට කටයුතු කර ඇති බවත් කොළඹ වරාය නගර කොමිසම යටතේ වරාය නගරයේ ව්‍යාපාර ආරම්භ කරන ව්‍යාපාරිකයන්ට විශාල බදු සහනදීම, බදු රහිත වැටුප් සහ අක්වෙරළ මුල්‍ය මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරිම හා මුල්‍ය විශුද්ධිකරණයට ඉඩ සැළසීම, වසර 40 ක් දක්වා බදු විරාම පැවරීම යනාදිය මෙන්ම වෙනම පරිපාලන ව්‍යුහයක් රටේ පාලනයට පරිබාහිරින් පිහිටුවීම යනාදී කරුණු තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානි කර ඇති බව ද මෙම කොමිසම පිහිටුවීම මගින් රටේ  ජාතික ආරක්ෂාව ට සහ ජාතික ආර්ථිකයට තර්ජනයක්වන බවද පෙත්සම්  මගින්  පෙන්වා දී තිබෙනවා.

  • ආණ්ඩු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්

    ආණ්ඩු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්

    ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්  අගමැති මහින්ද  රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට ( 19) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

    කොළඹ වරායේ නගර  ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත, මැයි දින රැස්වීම් පැවැත්වීම හා පළාත් සභා මැතිවරණ පනත ගැන මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි එම වාර්තාව වැඩි දුරටත් සදහන් කළේ.

  • විදේශයන්හි පැමිණෙන පිරිස් අතර Covid-19 ආසාදිතයින්ගේ වර්ධනයක්

    විදේශයන්හි පැමිණෙන පිරිස් අතර Covid-19 ආසාදිතයින්ගේ වර්ධනයක්

    විදේශයන්හි සිට පැමිණෙන  පිරිස් අතර කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙන්නට තිබෙන බවත් එසේ පැමිණෙන පිරිස් සීමා කිරීමට හෝ පාලනය කිරීමට සිදුවන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගතරෝග විද්‍යා අංශයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා අද (18) මාධ්‍ය වෙත පැවසීය.

    ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් සුදත් සමරවීර මහතා කියා සිටියේ විදේශයන්හි සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් නිරෝධායන නීතී දැඩි කිරීමට ද සිදුවිය හැකි බවයි. එසේම ලෝකයේ වෙනත් රටවල කොවිඩ් තුන්වැනි හා හතරවැනි රැලි මතුවී ඇති තත්ත්වයක ශ්‍රී ලංකාවට දැඩි  පරිස්සම් විය යුතු බව ද සමරවීර මහතා පැවසුවේය.

  • කොවිෂීල්ඩ් දෙවන මත්‍රාව: සෞඛ්‍ය අමාත්‍යාංශය දෙලොවක් අතර තනිවෙලා

    කොවිෂීල්ඩ් දෙවන මත්‍රාව: සෞඛ්‍ය අමාත්‍යාංශය දෙලොවක් අතර තනිවෙලා

    කොවිෂීල්ඩ්  එන්නත හේතුවෙන් ඇතිවන අතුරු ආබාධ පිළිබඳව ලොව පුරා තීන්දු  ගනිමින් සිටියදී, එක් මාත්‍රාවක් පමණක් අයාලේ විද, දෙවන මාත්‍රාව සොයාගත නොහැකිව සිටින ශ්‍රී ලංකාව, එන්නතෙහි සංකූලතා පිළිබඳව කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති තත්ත්වයකට පත්ව සිටින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි.

    අද (18) දින එම සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වේ.

    එහි වැඩි දුරටත් මෙසේ ද සදහන් වේ.

    ‘‘ශ්‍රී ලංකාව තුළ ද රුධිර කැටි ගැසීම පිළිබදව  සැකසහිත මරණ සිදුවී ඇති නමුත්, ඒවා එන්නත හේතුවෙන් සිදු වූයේද යන්න හෝ එසේ නොවන්නේ ද යන්න පිළිබඳව තහවුරු කිරීමට හැකියාවක් නැති බවත් පසු එන්නත් කරණය පිළිබඳව කිසිදු පර්‍යේෂණයක් හෝ  අවම තරමින් ජාතික මට්ටමේ සායනික තොරතොරු පිළිබඳව විමසිලිමත්වන කමිටුවක් පවා මෙතෙක් පත් කර නැහැ.

    ️එන්නත්වේදය පිළිබඳව විශේෂඥ හැකියාව ඇති වෘත්තිකයන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නැහැ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ එන්නත්වේදී තනතුරට ක්ෂුද්‍රජීවීවේදියෙකු පත්කර එන්නත් වේදය පිළිබඳ අඳුරේ අතපත ගෑම වෙනුවට විශේෂඥ හැකියාව ඇති වෘත්තිකයකු සෞඛ්‍ය අමාත්‍යාංශයට පිටතින් හෝ විදේශයකින් හෝ බඳවා ගනිමින්, එන්නත්කරණයේ පසු තත්ත්වයන් පිළිබඳව ජාතික මට්ටමේ පර්යේෂණ වහා ඇරඹිය යුතුයි.

    ️එන්නත මත පමණක් පදනම් නොවෙමින්, කොවිඩ් පාලනය සිදු කල රටවල් ගණනාවක්, කෝවිඩ් පාලනයේ ඉදිරි රටවල් බවට පත්ව ඇති මොහොතක, “පරීක්ෂණ කිරිම – වෙන් කිරීම” යන ක්‍රමවේදය යටතේ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සිදුකළ හැකිව තිබියදී, එය නොසලකා හැරීම, අමාත්‍යාංශයේ වැරදි තීරණයක්‘‘බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

  • Covid-19: ශ්‍රී ලංකාව ආසාධිතයින් සංඛ්‍යාව 100,000 යේ සීමාව පසු කරයි

    Covid-19: ශ්‍රී ලංකාව ආසාධිතයින් සංඛ්‍යාව 100,000 යේ සීමාව පසු කරයි

    රසායනාගාර සේවාවේ නිල දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් අසාධිතයින් සංඛ්‍යාව  103.640ක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

    වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සංඛ්‍යාලේඛණ වලට අනූව 2021.04.03 දින වන විට ලංකාවේ කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂයේ සීමාව පසු කර ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය විසින් නිකුත් කරණු ලබන නිල වාර්ථාවන්ට අනූව ශ්‍රී ලංකාව තුල කොවිඩ් අසාධිතයින් ප්‍රමාණය ලෙස දක්වා ඇත්තේ 96,000ක පමණ ප්‍රමාණයක් බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

    එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ මාස අටක පමණ කාලයක් තිස්සේ එලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශ නිල දත්ත අතර පරස්පරයක් පවතින නමුත්, ඒ පිළිබඳ නිවැරදි කිරීමක් මෙතෙක් සිදු වී නොමැති බවයි. 

    එම නිවේදනයේ මෙසේද සදහන් වේ,

    ‘‘එසේම මෙකී නිල දත්ත පරස්පරය මගින් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් වසංගතය පිළිබඳව සංඛ්‍යාත්මක දත්ත පිළිබඳව පටලැවිල්ලක සිටින බවය. ඒ හේතුව නිසාම ඒ මත පදනම්ව සිදු කරන ප්‍රකාශ විද්‍යාත්මක නොවන, හුදු ප්‍රකාශ පමණක් බවට පත් විය හැකි බැවින්, ප්‍රකාශ නිකුත් කිරීමේදී සැලකිලිමත් වන ලෙස අප සෞඛ්‍ය අමාත්‍ය වරියගෙන් ඉල්ලා සිටිමු. වසංගතය පැතිරී වසරකට අධික කාලයක් ගත වී තිබියදී පවා, වසංගතයට අදාලා දත්ත නියාමනය කිරීම සඳහා නිශ්චිත “තොරතුරු කලමනාකරණ පද්ධතියක්” ස්ථාපිත කර ගැනීමට වසංගත රෝග අංශයට නොහැකිවීම බරපතල නොසලකා හැරීමකි‘‘