Tag: featured

  • ‘ලංකාවේ කොවිඩ් පාලනය වී ඇතැයි’ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන කතාව විද්‍යාත්මක නෑ

    ‘ලංකාවේ කොවිඩ් පාලනය වී ඇතැයි’ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන කතාව විද්‍යාත්මක නෑ

    ශ්‍රී ලංකාවේ කොවිඩ් පලනයය වී ඇති බටත්,  විදේශිකයින් මගින් කොවිඩ් පැතිරීම ඉහල ගොස් ඇති බවටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන ප්‍රකාශ විද්‍යාත්මක  නැතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් විද්වත් සංගමය රවී කුමුදේශ් මහතා අද (18) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වෙයි,

    කොවිඩ් පිළිබඳව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පිළිබඳව සැලකීමේදී විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාතමක නොවන බව පැහැදිළි වේ.  රට තුළ රෝගය අඩු වනවා ද යන්න පිළිබඳව විද්‍යාතමක පුරෝකථන කිරීම  සඳහා විධිමත් කෝවිඩ් පරීක්ෂණ ක්‍රියාවලියක් මගින් ලබා ගන්නා නිවැරදි දත්ත ඊට පදනම් කර ගත යුතුය. 

    ඒ සදහා අහඹු පරීක්ෂණ, සක්‍රිය ලෙස හාඹා යෑමේ පරීක්ෂණ සහ රෝහල් වලට ඇතුල් වූ රෝගින්ගේ අක්‍රීය පරීක්ෂණ නිසි ව්‍යාප්තියකින් සිදු විය යුතුය. මේ වන විට අප අහඹු  පරීක්ෂණ රෝගී ප්‍රවණතාවය, සක්‍රීය සහ අක්‍රීය පරීක්ෂණ ප්‍රවණතාවයන් පිළිබඳ කිසිදු දත්තයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් නොකරන බැවින් සහ එම දත්ත ජනනය කර ගැනීම සදහා නිසි පරීක්ෂණ ක්‍රියාවලියක් නොපවතින බැවින්, අවිධිමත් දත්ත පදනම් කර ගනිමි සිදු කරණු ලබන බොහෝ ප්‍රකාශ සහ පුරෝ කථනයන් නිවැරදි නොවීමට ඇති ඉඩ වැඩිය.
    ඒ අනුව ශ්‍රී ලංකාව තුළ රෝගය අඩුවෙමින් හෝ පාළණය කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් සිදුකරන  ප්‍රකාශයට ද විද්‍යාත්මක පදනමක් නැත. 

    පසුගිය දින දහය තුළ පමණක් PCR පරීක්ෂණ 68000 ක පමණ ප්‍රමාණයක් සිදුකර ඇති අතර එමගින් 2500කට වඩා වැඩි අසාධිතයින් පරමාණයක් සොයා ගැනීමට හැකි වී ඇත. ආසාදිතයන් හමුවීමේ ප්‍රමාණය, සැබෑ ආසාධිතයින් ප්‍රමාණයට වඩා, පරීක්ෂණ සිදු කරන ප්‍රමාණය අනූව විචලනය වන බව අදාල දත්‍ත සරල අධ්‍යනයේදී පැහැදිලිවම පෙනෙන්නට තිබේ.  

    • අප්‍රේල් 10 පරීක්ෂණ 8000/412
    • අප්‍රේල් 14පරීක්ෂණ 4074/151
    • අප්‍රේල් 17පරීක්ෂණ 6000/357

    ඒ අනූව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ  විසින් පරීක්ෂණ සිදු කරන ප්‍රමාණය ඉහළ පහළ දැමීමේ විද්‍යාත්ම හේතුව පැහැදිලි නොමැති  නමුත්, පරීක්ෂණ සිදු කරනු ලබන ප්‍රමාණයට අනුව හමුවන රෝගීන් ප්‍රමාණය අඩු වැඩි වන බව ඉතා පැහැදිලිය.

    තවද, වසංගත රෝග අංශයේ ප්‍රකාශනයකට අනුව විදේශිකයින්ගේ ආසාදිතයන් හමුවීම ඉතා ඉහළ අගයක පවතින බව ප්‍රකාශ වුවද,  ඒ පිළිබඳව ද විද්‍යාත්මක දත්ත ඒකරාශී කරගත් විද්‍යාත්මක ක්‍රියාවලිය පිළිබදව ඔවුන් මෙතෙක් අනාවරණය කර නැත. එබැවින් පදනම් විරහිත දත්ත අවිධිමත්ව සලකා බලා, රටට විදේශ ආගමනිකයින් ගෙන්වා ගැනීම පිළිබඳව නිති රෙගුලාසි සංශෝධනය කිරීම නිෂ්ඵල ක්‍රියාවකි.
    පෞද්ගලික රසායනාගාර වලට මුදල් ලබා ගැනීමේ අපේක්ෂාව පෙරදැරිව සියළු විදේස් ආගමනිකයින්ගේ PCR පරීක්ෂණ හඹා ගොස් එකක් නෑර සිදු කලද, රට තුල සිදුවන PCR ප්‍රමාණය දිනපතා අඩු කෙරෙමින් පවතී. ඒ අනූව විදේශිකයින්ගේ නියැදිය 100% පරීක්ෂා කිරීමට සාපෙක්ෂව, රටතුල නියැදියෙහි පරීක්ෂණ පන්දහසක්වත් සිදු නොකරමින්, වාර්ථාවන ආසාධිතයින් ගණන පමණක් සංසන්දනය කිරීම අවිද්‍යාත්මකය. 

    දැනට රටතුල ලැබෙමින් පවතින හා ලැබෙන ප්‍රතිඵල සැලකීමේදීද, අප්‍රේල් මස දහවන දින පමණක් වැලිකඩ  බන්ධනාගාර  රැඳවියන් 131 දෙනෙකු පරික්ෂා කිරීමේදී සියයකට අධික ප්‍රමාණයක් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත. එම එක් ආසාදිතයකු ට අදාළව ආශ්‍රිතයන් දෙදෙනකු හදුනා ගත්තේ නම් අවම වශයෙන් 300ක පමණ පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කළ යුතු වුව ද, ඊයේ දින දක්වා සිදු කර ඇත්තේ පරීක්ෂණ සියයකට වඩා අඩු ප්‍රමාණයකි. 

    තවද අප්‍රේල් මස 16 වන දින කුලියාපිටිය ප්‍රදේශයේ සිදු කල PCR පරීකෂණ 50 කින් පමණ, අසාධිතයින් 40ක් පමණ හදුනාගෙන ඇත.  එසේම පසුගිය දින 10ක කාලය තුළ රට තුල සිදු කර ඇත්තේ පරීක්ෂණ 68,000ක පමණ අවම ප්‍රමාණයක් වන අතර, ඉන් 2500කට වඩා වැඩි ප්‍රමාණයක් ආසාධිතයින් ලෙස වර්ථා වී ඇත. 

    එම තත්ත්වයට අනුව ශ්‍රී ලංකාව තුළ විදේශිකයන්ට වඩා රෝගය අඩු ප්‍රමාණයකින් පවතින බව සඳහන් කිරීම විද්‍යාත්මක යථාර්ථයක් නොවේ. 

  • ඉන්දියාවේ කොවිඩ් දෙවැනි රැල්ල බිහිසුණු ලෙස පුපුරයි රෝහල් පිරී යයි – ජනයා ඖෂධ සොයා කළු කඩ පීරති

    ඉන්දියාවේ කොවිඩ් දෙවැනි රැල්ල බිහිසුණු ලෙස පුපුරයි රෝහල් පිරී යයි – ජනයා ඖෂධ සොයා කළු කඩ පීරති

    කොරෝනා වෛරස් දෙවෙනි රැල්ලෙන් පීඩා විඳිමින් සිටින අතරේ ඉන්දියානු ජනතාව ඖෂධ සහ ඔක්සිජන් සපයා ගැනීමට වෙහෙසෙමින් සිටිති. ලොව වැඩි වශයෙන්ම කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වන රටවල් අතර දෙවෙනි ස්ථානයේ සිටින ඉන්දියාවේ රෝහල් ඇඳන් හිඟයක් ද පවතී.

    එසේම දිල්ලිය ඇතුළු බොහෝ නගරයන්හි වැසියන්ට කෝවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගැනීමට පැය ගණනාවක් බලා සිටීමට සිදුව ඇත. ඔවුන් අතට ප්‍රතිඵල ලැබෙන්නේ පැය 48-72 ත් අතර කාලයකට පසුවය.

    ඖෂධ සොයා කළු කඩ දෙසට

    A patient suffering from the coronavirus disease (COVID-19) gets treatment at the casualty ward in Lok Nayak Jai Prakash (LNJP) hospital, amidst the spread of the disease in New Delhi, India April 15, 2021. REUTERS/Danish Siddiqui
    ඉන්දියාවේ රෝහල් ඇඳන් හිඟයක් ද පවතී

    ‘Remdesivir’ සහ ‘Tocilizumab’ යන ඖෂධ සොයා ගැනීමට උපකාර කරන්නැයි ඉල්ලා සමාජ ජාල ඔස්සේ බැගෑපත් වන අයුරු මේ දිනවල ඉන්දියාවේ දැකිය හැක.

    ඉහත කී ඖෂධද්වයේ ක්‍රියාකාරීත්වය කෙතරම් ඵලදායි ද යන්න ලොව පුරා විවාදයට තුඩු දී ඇතත් එම ඖෂධ හදිසි අවස්ථාවකදී භාවිත කිරීමට ඉන්දියාව ඇතුළු ඇතැම් රටවල් අනුමැතිය ලබා දී තිබේ.

    ‘Remdesivir’ නමැති වෛරස් මර්දන ඖෂධය ඉන්දියාව පුරා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන අතර ඒ සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. ඉන්දියාව එම ඖෂධය අපනයනය කිරීම තහනම් කර ඇතත් රට තුළ පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම ඖෂධ නිෂ්පාදකයන්ට දුෂ්කර කටයුත්තක් වී තිබේ. පසුගිය සති තුන තුළ ඉන්දියාවෙන් දිනකට 150,000 ඉක්මවා කොරෝනා වෛරස් රෝගීන් වාර්තා විය.

    සැපයුමේ පවතින හිඟය, දිල්ලිය සහ තවත් නගර ගණනාවක අදාළ ඖෂධ කළු කඩ අලෙවියට මග පාදා ඇති බව බීබීසි විසින් සොයා ගනු ලැබීය. දිල්ලි නගරයේ කළු කඩ වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයන් තිදෙනෙකුවත් සම්බන්ධ කර ගැනීමට බීබීසියට හැකි වූ අතර ‘Remdesivir’ මිලිග්‍රෑම් 100 ක කුප්පියක් ඉන්දීය රුපියල් 24,000 (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 62,000 පමණ) බැගින් අලෙවි කිරීමට ඔවුහු එකඟ වූහ. එය වෙළෙඳපොළේ සාමාන්‍ය මිල මෙන් පස් ගුණයකි. එක් රෝගියෙකුට මිලිග්‍රෑම් 100 මාත්‍රා 6 ක් ලබා දිය යුතු බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශයයි. එහෙත් ඇතැම් අවස්ථාවල රෝගීන්ට මාත්‍රා 8 ක් දක්වා ප්‍රමාණයක් දීමට සිදු වෙතැයි වෛද්‍යවරු පවසති.

    මධ්‍යම පාන්තික පවුලකට පවා එය විශාල මුදලකි.

    Travellers at Chhatrapati Shivaji Maharaj Terminus (CSMT) railway station being screened for Covid-19, on April 14, 2021 in Mumbai, India
    මුම්බායි නගරයේ දුම්රිය මගීන් අහඹු ලෙස පරීක්ෂාවට

    සාමාන්‍යයෙන් ‘ආතරයිටීස්’ (සන්ධි ඉදිමීම) සඳහා ප්‍රතිකාර වශයෙන් භාවිත කෙරෙන ‘Tocilizumab’ ජීවිත බේරා ගැනීමට යොදා ගත හැකි බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී ඇතත් ඉන්දියාවේ වෙළෙඳපොළවලින් ඒවා සම්පූර්ණයෙන්ම පාහේ අතුරුදහන් වී ඇත.

    සමස්ත ඉන්දීය රසායන සහ ඖෂධ සංගමයේ මහා ලේකම් රජීව් සිංගල් කියා සිටියේ ඖෂධ සොයා දෙන්නැයි ඉල්ලා තමා වෙත දිවා රෑ දුරකථන ඇමතුම් ලැබෙන බවය.

    “තත්ත්වය ඉතාම නරකයි. මට, මගේම පවුලේ අයටවත් බෙහෙත් හොයා ගන්න බැහැ,”

    “කළු කඩ ජාවාරම්කාරයින්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න අපි උත්සාහ කරනවා. ඒත් මේ ‘සිස්ටම්’ එකේ සිදුරු ඇති බව මම පිළිගන්නවා,” යනුවෙන් ඔහු පැවසීය.

    ඔක්සිජන්, එක්ස්-රේ සහ කෝවිඩ් පරීක්ෂණ

    People waiting to be screened and tested outside a government-run hospital in Noida.
    පරීක්ෂා කරගැනීමට රජයේ රෝහලක් ඉදිරිපිට පෙළ ගැසී සිටින ජනයා

    ප්‍රතිකාර වශයෙන් ලබා දෙන ඔක්සිජන්වලට ඇති ඉල්ලුම ද ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකම ඉහළ ගොස් තිබේ. සැපයුම් හිඟය හේතුවෙන් බොහෝ රෝහල්, ඒ වෙත පැමිණෙන රෝගීන් යළි හරවා යවනු ලබයි.

    කුඩා නගරවල තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබේ. රෝහල් ඇඳක් සොයා ගත නොහැකි වූ විට තම නිවෙස් තුළදීම ඔක්සිජන් සිලින්ඩර් සපයා ගන්නා ලෙස වෛද්‍යවරු රෝගීන්ට උපදෙස් ලබා දෙති.

    කොරෝනා වෛරසය ආසාදනය වූ සිය පියාට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වූ නමුත් ඔක්සිජන් සිලින්ඩරයක් සොයා ගැනීමට පැය අටක් ගත වූ බව උතුරු ඉන්දියාවේ කුඩා නගරයක පදිංචිකරුවෙකු බීබීසියට පැවසීය. ඒ සඳහා ඔහුට පැය හතරක ගමනක යෙදී වෙනත් නගරයකට යෑමට සිදු වූ බව ද ඔහු කියා සිටියේය.

    පුද්ගලික පරීක්ෂණාගාර විසින් පපුවේ එක්ස්-රේ සහ සීටී ස්කෑන් පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබීම කුඩා නගරවල වෙසෙන රෝගීන් මුහුණ පා සිටින තවත් ප්‍රධානතම ගැටලුවකි. රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රගතියක් තිබේ දැයි පරීක්ෂා කිරීමට වෛද්‍යවරු බොහෝවිට මෙවැනි පරීක්ෂණ නිර්දේශ කරති.

    සිරුරු ආදාහනය දිවා රෑ

    A woman is consoled by her children after her husband died due to the coronavirus disease (COVID-19) outside a mortuary of a COVID-19 hospital in New Delhi, India, April 15, 2021. REUTERS/Danish Siddiqui
    ඡායාරූප ශීර්ෂ වැකිය,කොරෝනා වෛරසයට ගොදුරු වී මරණයට පත් සැමියා වෙනුවෙන් හඬා වැලපෙන බිරිඳක් දරුවන් විසින් අස්වසාලනු ලබන අයුරු

    කොරෝනා වෛරසයෙන් දැඩි පීඩාවට පත් නගරවල ආදාහනාගාර දිවා රෑ විවෘතව පවතී. ඇතැම් අවස්ථාවල මළ සිරුරු ආදාහනය කිරීම සඳහා ඥාතීන්ට පැය ගණනාවක් රැඳී සිටීමට සිදු වේ. නොනැවතී, දිවා රෑ සිරුරු පිළිස්සීම නිසා බටහිර ඉන්දියාවේ සුරාත් නගරයේ ආදාහනාගාරයක උඳුන අභ්‍යන්තරයේ ලෝහමය සැකිල්ල දියවීමට පටන් ගෙන තිබුණු බව මෑත වාර්තා විය.

    මැදියම් රැයේදී ලක්නව් නගරය තුළ චිතක දැල්වෙමින් තිබෙන අයුරු දැක්වෙන කෙටි වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු විය.

    ආදාහනාගාර සේවකයින් බොහෝ දෙනෙක් විවේකයක් නොලබා වැඩ කරති. මේ වන විට ඔවුන් ද විඩාවට පත්ව සිටිති.

    මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළකාගත හැකිව තිබුණා නේදැයි යන්න ඉන්දියාවේ බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති.

    “පළමු රැල්ලෙන් අපි පාඩමක් ඉගෙන ගත්තේ නෑ. දෙවෙනි රැල්ලක් එමින් තිබෙන බව අපි දැන සිටියා. බෙහෙත්, ඇඳන් සහ ඔක්සිජන් හිඟය වගේ අවාසනාවන්ත දේවල් වළක්වා ගැනීමට අපි සැලසුම් කළේ නෑ. යනුවෙන් වසංගත රෝග පිළිබඳ වෛද්‍ය ලලිත් කාන්ට් පැවසීය.

    “ඒ තබා මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීපු අනෙක් රටවලින්වත් අපි පාඩම් ඉගෙන ගත්තේ නැහැ,”

    (බීබීසී නිවුස්හි විකාස් පාන්ඩේ දිල්ලි සිට ගෙන ආ වාර්තාවක් ඇසුරෙනි)

  • කොළඹ වරාය නගර පනත් කෙටුම්පත: විජේදාසට ජනපති පුප්පයි – අනුර කුමාරගෙන් ප්‍රශ්නාවලියක්

    කොළඹ වරාය නගර පනත් කෙටුම්පත: විජේදාසට ජනපති පුප්පයි – අනුර කුමාරගෙන් ප්‍රශ්නාවලියක්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පරුෂ වචනයෙන් ඉතාමත් පහත් ආකාරයට කෝපයෙන් වෙව්ලමින් බැනවැදුනු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ අද (16) ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ඔහු එහිදී සදහන් කළේ කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමන් ඊයේ (15) නාරාහේන්පිට අභයාරාමයේදී සිදුකළ කරුණු පැහැදිලි කිරීම නිසා ජනපතිවරයා උරණ වී සිටින බවයි.

    මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (16) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කරමින් විමසා සිටියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් තර්ජනය කරනවානම් සාමාන්‍ය පුරවැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව තත්වය කුමක්ද? යනුයි.

    ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් තර්ජනය කරනවානම් සාමාන්‍ය පුරවැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව තත්වය කුමක්ද?

    එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසුවේය.

    “වරාය නගරය සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කර තිබෙන කොමිෂන් සභාව අපේ රටේ ව්‍යවස්ථාවට, අපේ රටේ ක්‍රියාත්මක නීති ගණනාවකට පටහැනිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව මීට පෙරත් අප පෙන්වා දුන්නා. නගර සභා ආඥා පනත, ආයෝජන මණ්ඩල පනත, ක්‍රමෝපායික සංවර්ධන පනත ඇතුලු වැදගත් පනත් 07ක් වරාය නගර කොමිෂන් සභාවට ඇතුළත් වෙන්නේ නැහැ. ඊට අමතරව දේශීය ආදායම් බදු පනත, වැට් බදු පනත, ඇතුලු මුදල් පනත් ගණනාවක් සහ තවත් පනත් 14ක් මීට ඇතුළත් වෙන්නේ නැහැ. වරාය නගර ආර්ථික කොමිෂන් සභාව තුළ මෙම පනත් මුළුමනින්ම නිදහස් කිරීම හෝ අර්ධ නිදහසක් ලබාදීමට යෝජනා කර තිබෙනවා.

    ඒ වගේම කිසිදු නගර සභාවකට, පළාත් සභාවකට හෝ අවම වශයෙන් කොළඹ දිස්ත්‍රික්කටවත් ඇතුලත් නොවුණ ප්‍රදේශයක් බවට පත්කර තිබෙනවා. අපේ රටේ යම් ප්‍රදේශයක් පාලනය කිරීම ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන නියෝජිතයන් විසින් සිදුකරනවා. නමුත් වරාය නගරයට අයත් අක්කර 1115ක් ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන කිසිදු ආයතනයකට යටත් වෙන්නේ නැහැ. එය මුළුමනින්ම ජනාධිපතිවරයා විසින් පත්කරන 05 දෙනෙකුට නොඅඩු, 07 දෙනෙකුට නොවැඩි කණ්ඩායමකට බලය ලබාදෙනවා. ශ්‍රී ලාංකිකයෙකු මෙම ප්‍රදේශයට ඇතුල්වී යම් භාණ්ඩයක් රැගෙන ආපසු එනවා නම් වෙනත් රටක සිට තවත් රටකට භාන්ඩ ගෙනයාමේදී මෙන් බදු ගෙවීමේ නීතියක් යෝජනා කර තිබෙනවා. මෙම බල ප්‍රදේශයේ වැටුප් විදේශීය මුදල් ඒකකයකින් (බොහෝ දුරට යුවාන්වලින්) ගෙවිය යුතු බවට නිර්දේශයක් මෙම පනතට ඇතුළත් වී තිබෙනවා.

    ඒ වගේම කොමිෂන් සභාව සමග හෝ, ස්වාමියා සහ සේවකයා අතර හෝ යම් ආරවුලක් ඇති වුවහොත් එය විසඳීමට ජාත්‍යන්තර බේරුම්කරන මණ්ඩලයක් හමුවට යාමේ යෝජනාවක් තිබෙනවා. ඒ නිසා මේ කොමිෂන් සභාව අපේ භූමියට ඇතුළත් නොවන සුවිශේෂී ප්‍රදේශයක් හැටියට නිර්මාණය කෙරෙනවා. මෙහි භූමියෙන් 80%කට වැඩි ප්‍රමාණයක් අයිති වෙන්නේ චයිනා හාබර් නම් චීන සමාගමකට. මේ සමාගම පසුගිය කාලයේ විවිධ දේශපාලඥයන්ගේ ඡන්ද ව්‍යාපාරවලට සල්ලි ලබාදුන් බව ඇමරිකානු පුවත්පත්වල වාර්තා කර තිබුණා. මේ සල්ලි ලබාදුන්නේ කාටද, ලබා දුන්නේ කවදාද, ලබාදුන් චෙක් අංක ආදිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී දීර්ඝ විස්තරයක් මවිසින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ආර්ථික කොමිෂන් සභාව පිහිටුවන්නේ චයිනා හාබර් සමාගමේ බල කිරීම මත. ඒ මිස ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගයට අනුරූපීව නොවේ. චීනයේ ජාත්‍යන්තර දේශපාලන ආර්ථික වුවමනාවන් සමග පෙළගැසීමක් පමණයි සිදුවෙන්නේ. චීනයේ භූ දේශපාලනික උපායමාර්ගයට අදාල ව්‍යාපෘතියකට ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව මේ හරහා පණ පොවමින් සිටිනවා.

    අද ලෝකයේ බලවතුන් අතර විවිධ දේශපාලන ගැටුම් පවතිනවා. චීනය සහ ඉන්දියාව අතර දේශපාලන ගැටුමක් පවතින බව රහසක් නොවේ. කවර හෝ රටකට වඩා ඇඟෑලුම් පෑම නිසා අනික් පාර්ශවයෙන් එල්ලවන තර්ජනය අති මහත් විශාල විය හැකියි. ජනතාවගේ ඡන්දයෙන් පත්කරගන්නා ජනාධිපතිවරයාගේ ධූර කාලය සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය අවුරුදු 05යි. ඔවුන් මේ රටේ භාරකරුවන් මිස කිසිසේත්ම අයිතිකරුවන් නොවේ. එසේ තිබියදී මෙවැනි චීන ප්‍රාන්තයක් ගොඩනැගීමට කිසිසේත්ම ජනවරමක් නැති බව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව තේරුම් ගත යුතුයි. උතුරු දකුණු භේදයකින් තොරව, සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව, දුප්පත් පොහොසත් භේදයකින් තොරව අපි සියලු දෙනාටම අයිති රටක් මේක. මේ රට සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු ගන්නවා නම් ජනතාවගෙන් අනුමැතියක් ලබාගත යුතුයි. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිහින් මේ කොමිෂන් සභා පනතට පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය පමණක් නොව ජනමත විචාරණයකින් අනුමැතියක් ලබාගත යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

    මේසයක් මත තබා කේක් ගෙඩියක් කපනවා වගේ අපේ රටේ ඉඩම් කෑලි, කෑලිවලට වෙන්කිරීමේ කිසිදු අයිතියක් ජනාධිපතිවරයාට හෝ ඔහුගේ ආණ්ඩුවට නැහැ. ආණ්ඩුව හැමවිටම බලහත්කාරය යොදමින් විවිධ වර්ගයේ වංචාවන් සිදුකරමින් ක්‍රියාත්මක වෙනවා හැර ආණ්ඩුව විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැහැ. 20වැනි සංශෝධනයට අනුව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සතියක් ඇතුළත අධිකරණය හමුවට යා යුතුයි. 20වැනි සංශෝධනයට පෙර ඒ සඳහා සති දෙකක කාලයක් තිබුණා. මේ පනත ඉදිරිපත් කළේ 08වැනි බ්‍රහස්පතින්දා. වැඩ කරන දිනයක් හැටියට ඉතිරි වුණේ 09වැනි සිකුරාදා. ව්‍යවස්ථානුකූලව නඩුවක් පැවරීම සඳහා ඉතිරිවී තිබුණේ 15වැනි බ්‍රහස්පතින්දා විතරයි. සෙනසුරාදා, ඉරිදා, සඳුදා රජයේ නිවාඩු දින. අඟහරුවාදා, බදාදා සිංහල, දෙමළ අලුත් අවුරුද්ද. රට පිළිබඳව තීරණාත්මක පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ දින 05ක දීර්ඝ නිවඩුවක් තිබෙන කාලයක. මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට පුරවැසියන්ට තිබෙන අවස්ථාව පවා අහුරන්න ක්‍රියා කර තිබෙනවා.

    සිංහල, දෙමළ අලුත් අවුරුද්දට ගම්වලට ගිය නීතිඥයින් පවා අවුරුදු නිවාඩුව නොතකා නැවත කොළඹට පැමිණ නඩුව ගොනුකිරීමට සිදුවුණා. ආණ්ඩුවේ පළවැනි උපක්‍රමය බවට පත්වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ඉඩනොදී මෙය සම්මත කරගන්නයි. ඊළඟ උපක්‍රමය තර්ජනය සහ බිය ගැන්වීමයි. අභයාරාම පන්සලේදී ඊයේ (15) මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හාමුදුරුවන්ගේ මුලසුනෙන් පැවති මාධ්‍ය හමුවේදී විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයකට ජනාධිපතිතුමාගේ උරණ වීම ගැන අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ වචනවලින්ම කිව්වොත් “ද්වේශයෙන්, වෛරයෙන්, ආවේගයෙන්, වෙව්ලමින්, පහත් වචනවලින් බැන වැදුණා.” අපිට විජේදාස රාජපක්‍ෂගේ දේශපාලනය පිළිබඳව විවේචනයක් තිබෙනවා. මේ ජනාධිපතිවරයා බලයට පත්කිරීමේදී විජේදාස රාජපක්‍ෂ මහත්මයා විශාල කාර්යභාරයක් ඉටුකළා. වර්තමාන ජනාධිපතිවරයාගේ බියවැද්දීම්, තර්ජනයන් පිළිබඳව මෙය අලුත් සාකච්ඡාවක් නොවේ. ඔහුගේ ආරක්‍ෂක ලේකම් ධුරය කාලයේ වංචා-දූෂණයන් පිළිබඳව චෝදනා එල්ල වුණා. ඒ පිළිබඳව නඩුව අධිකරණයේදී විභාගවෙමින් තිබුණා. පැහැරගෙන යෑම්, සුදුවෑන්, සහ සමහර ඝාතනයන් පිළබඳව ඔහුට චෝදනාවන් තිබෙනවවා.

    විජේදාස රාජපක්‍ෂ මහත්තයලා විශාල කැපකිරීමක් කරලා ගෙනාවේ එවැනි කළු අතීතයක් තිබෙන කෙනෙක්. විජේදාස මහත්තයා මේ වනවිටත් මහින්ද රාජපක්‍ෂ මහත්මයා නායකත්වය දරන පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු 20වැනි සංශෝධනයේදී ඊට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ අයෙක්. ඔහු තමන්ගේ මතයක් ප්‍රකාශ කළාට පස්සේ ජනාධිපතිවරයාගේ හැසිරීම ද්වේශයෙන්, වෛරයෙන්, ආවේගයෙන් වෙව්ලමින් පහත් වචනයෙන් බැනවැදීමයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටත් තර්ජනය කිරීමේ තත්වයකට ජනාධිපතිවරයා පත්ව තිබෙනවා නම් සාමාන්‍ය පුරවැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව තත්වය මොකක්ද? ජනාධිපතිවරයා බලයට පත්වූ පසුව තර්ජනය එල්ල කළ පළමු පුද්ගලයා විජේදාස රාජපක්‍ෂ නොවන බව අපි දන්නවා. ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් දුරකතනයෙන් බැන වදිනවා නම් ඒ රට ගමන් කරමින් තිබෙන්නේ කවර දිශාවකටද?

    මා මේ කියන ප්‍රකාශය පිළිබඳව ඔහුට ඔහුගේ පැත්තෙන් අදහස් දැක්වීමේ අයිතිය තිබෙනවා. ජනාධිපතිවරයාගේ සතියේ මාධ්‍ය සාකච්ඡාව වන ‘ගම සමඟ’ පිළිසඳරේදී උත්තර දෙන්න තිබුණා. එහෙම නැත්නම් මහජන මුදලින් පඩි ගෙවන ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් කරුණු ඉදිරිපත් කළ හැකියි. එහෙමත් නැන්තනම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස යම් මන්ත්‍රීවරයෙක් හෝ පුරවැසියෙකු ඉදිරිපත් කරන කරුණුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා එවැනි අවස්ථා ගණනාවක් තිබෙනවා. එසේ නොකොට බිය වද්දමින් තර්ජනය කරමින් මේ යන්නේ හිට්ලර් වගේ වෙන්න කියලා අමාත්‍යවරයෙක් කළ ප්‍රකාශයෙන් උද්දාමයට පත්වෙලාද කියලා අපි දන්නේ නැහැ. මෙවැනි ගණයේ තර්ජනයෙන්, බිය වැද්දීමෙන් ගෙනයන පාලනයකට ජනාධිපතිවරයාත් ඔහුගේ ආණ්ඩුවත් දරන මෙම උත්සාහය නතර කළ යුතුයි. අප මේ මතු කරන්නේ රට පිළිබඳව ප්‍රශ්නයක්.

    මේ දේශපාලන කඳවුර දේශප්‍රේමිත්වය පිළිබඳව මහා ඝෝෂාවකින් නිර්මාණය වුණු බව ඔබට මතක ඇති. විකිණීමට එරෙහි කඳවුරක් ලෙස ඔවුන් පෙනී සිටියා. අධිරාජ්‍යවාදයට එරෙහි කඳවුරක් ලෙස පෙනී සිටියා. ජාතික ආර්ථිකයක් ගොඩනැගීමේ කඳවුරක් ලෙස පෙනී සිටියා. ඔවුන්ට ලැබුණු ජනවරම ආර්ථිකයේ ලිබරල්කරණය දෙසට යන ජනවරමක් නෙවෙයි. ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා පිටුපස දැනුවත්ව, නොදැනුවත්ව, වැරදීමෙන් හෝ රැවටීමට ලක්වීමෙන් ලැබුණු ජනවරමක් තිබෙනවා. ඔවුන්ව බලයට පත්කළ ජනවරමටත් එකඟ නොවන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා. අපි එකඟන නොවුනත් විදේශ ආයෝජන කැඳවාගැනීම සඳහා සම්මත වූ පනත් දෙකක් තිබෙනවා. ආයෝජන මණ්ඩල පනත සහ ක්‍රමෝපායික සංවර්ධන පනත. ෂැංග්‍රිලා හෝටලය ගොඩනැගීමේදී එය ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස නම් කර සමහර බදු සහන අවුරුදු 43ක් දක්වා දී තිබෙනවා. ජේම්ස් පැකර්ගේ සූදු ව්‍යාපාරය ගේන්න උත්සාහ කළ වෙලාවේදී මෙවැනි බදු සහන දෙන්න යෝජනා කළා. රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය විකිණීමෙන් පසු ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ බදු සහන දෙන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවා. අපි ඒ පනතට විරුද්ධ වුණා.

    හැබැයි ක්‍රමොපායික සංවර්ධන පනත විශාල බදු සහන ලබාදෙන්න පුළුවන් පනතක්. මෙවැනි ව්‍යාපෘති වේගවත්ව අධීක්‍ෂණය සහ මෙහෙයවීම සඳහා ආයෝජන මණ්ඩලය තිබෙනවා. පෝර්ට් සිටියට යම් ව්‍යාපෘතියක් එනවා නම් ආයෝජන මණ්ඩලය හරහා යන්න බැරි ඇයි? ඒ ව්‍යාපෘතිවලට බදු සහන දෙන්න ඕනෑ නම් ක්‍රමෝපායික සංවර්ධන පනත හරහා පොර්ලිමේන්තුවෙන් අනුමත කරගෙන දෙන්න බැරි ඇයි? එම කලාපයට පමණක් විශේෂ කොමිෂන් සභාවක් පත් කරන්නේ ඇයි? චීනයට වුවමනා වන පරිදි ඔවුන්ගේ ජාත්‍යන්තර දේශපාලන උපාය මාර්ගයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමට අදාල පනතක් මේ ගෙන එන්නේ. ඒ නිසයි අපි නැවත නැවතත් කියන්නේ මෙය ජනමත විචාරණයකට ලක්කිරීමකින් තොරව අනුමැතිය නොදිය යුතුයි කියලා. අපේ රටේ ස්වෛරීභාවය, රටේ අනාගතය සම්බන්ධයෙන් ව්‍යවස්ථාව, මූල්‍ය පනත් අධ්‍යයනය කර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිසි තීරණයක් ලබාදෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්…

    “මෙම කලාපයේ වැටුප් ගෙවීම සඳහා විදේශීය මුදල් ඒකක පාවිච්චි කළ යුතු බව කෙටුම්පතේ සඳහන් වෙනවා. මෙම කලාපයේ විදේශ ගනුදෙනුවලදී යොදා ගන්නේ ඇමරිකන් ඩොලර්. 35වැනි වගන්තිය මම ඔබට කියවන්නම් “සේවා නියුක්තිකයාට ශ්‍රී ලංකා රුපියල් නොවන, නම් කරන ලද විදේශ මුදල්වලින් පාරිශ්‍රමික ගෙවීමට ඉඩ ලැබිය යුතුය.” මෙතන විදේශ මුදල් ඒකකය නම්කරලා නැහැ. පෝට් සිටියේ වැඩිම පංගුව හිමි චීනයට නම් මේ මුදල් ඒකකය යුවාන් වෙන්න පුළුවන්.

    යම් ආයතනයකට මුදල් වෙන්කර ගැනීමේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිය යුතුයි. හැබැයි මේ කලාපයට පාර්ලිමේන්තුව අනුමැතියක් නැතිව මුදල් වෙන් කිරීම් කරගත හැකියි. ඒකාබද්ධ අරමුදලකට ගැට ගැහෙන්නේ නැහැ. ඒ වගේම විගණන බලය තියෙන්නේ විගණන දෙපාර්තමේන්තුවට. නමුත් මේ කලාපයේ ජාත්‍යන්තර විගණන සමාගමකින් විගණනය කෙරෙනවා. ඒ නිසා විගණනය කිරීමේදීත් පාර්ලිමේන්තුවට ගැට ගැහෙන්නේ නැහැ. තවත් ලෙසකින් බදු පැනවීම හෝ බදු නිදහස් කිරීම පාර්ලිමේන්තුවේ අනුමැතියකින් සිදුකළ යුතුයි කියන කොන්දේසියෙන් ගැට ගැහෙන්නෙත් නැහැ. කොමිෂන් සභාවට බදු සහන ලබාදිය හැකියි. ඕනෑම ආයතනයක් පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෝ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවිය හැකියි. හැබැයි මේ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට කැඳවන්න බැහැ. හැබැයි මෙතන අපේ පාර්ලිමේන්තුවේ සම්මත කරන නීතියකට යටත් නොවන කලාපයක් නිර්මාණය වෙනවා.

    ඒ වගේම ලාංකීය දේශීය ව්‍යාපාරිකයන්ට අවස්ථා මෙම කලාපයේ අහුරා තිබෙනවා. සමාන ව්‍යාපාරයක තිබෙන තරඟකාරිත්වය අසමාන තත්වයකට පත්කරනවා. අපි නොපිළිගන්නවා වුණත් මේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික මූලධර්මයක් වී තිබෙන්නේ සම තරඟකාරිත්වය. ලිබරල් ආර්ථික ක්‍රමයේ සම තරඟකරුවන් කියන එක සැලකිය යුතු ප්‍රමාණයකින් ආරක්‍ෂා කරනවා. හැබැයි මෙතැන නිර්මාණය වෙන්නේ සම තරඟකරුවන් නෙවෙයි. රටේ එක ප්‍රදේශයක බදු සහ විවිධ වරප්‍රසාද ලැබුණු කොටසක් ඉන්න අතර තව භූමි ප්‍රදේශයක බදු සහ විවිධ වරප්‍රසාද අඩු කොටසක් ආයෝජකයන් ලෙස ඉන්නවා. අපේ රටේ ආර්ථික ප්‍රසාරණය සම්බන්ධයෙන් තියෙන අසමාන තත්වයක් මේ තුළින් තව තවත් වර්ධනය කරන කොළඹ කේන්ද්‍රීය තත්වයක් නිර්මාණය වෙනවා. මේ අනුව විශාල අසමාන තත්වයක් ආර්ථිකයේ සම තරඟකරුවන් අතර ඇති වෙනවා.”

  • ‘ඉගෙනීමේ දුර්වලතා’ ඇති LD දරුවන් පිළිබඳව දෙමාපියන් දැනගත සුපිරි කරුණු

    ‘ඉගෙනීමේ දුර්වලතා’ ඇති LD දරුවන් පිළිබඳව දෙමාපියන් දැනගත සුපිරි කරුණු

    ඉගෙනීමේ දුර්වලතා ඇති දරුවන්ට නිසි උපකාර සහ සහාය ලැබෙන්නේ නම් ඔවුන්ට ඉගෙන ගෙන සාර්ථක විය හැකිය. ඔබ දැනගත් විගසම ඔබේ දරුවාට උපකාර ලබා ගත හැකිය. ඔබේ දරුවාගේ ඉගෙනීම පිළිබඳව ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් ඔබේ දරුවාගේ මනෝ විද්‍යාඥයා සමඟ කතා කරන්න.

    ඔබේ දරුවා සවන් දීම, කථා කිරීම, කියවීම, ලිවීම සහ ගණිතය ඇතුළු ජීවිතයේ බොහෝ දේ ඉගෙන ගනු ඇත. නමුත් සමහර දේ අනෙක් අයට වඩා ඉගෙන ගැනීම ඔහුට අපහසු විය හැකිය. 

    ඔබේ දරුවා යම්යම් දේ ඉගෙන ගැනීමට උපරිම උත්සාහයක් දරන නමුත් ඔහුගේ සම වයසේ මිතුරන් සමඟ කටයුතු කිරීමට නොහැකි නම් ඒ මන්දැයි සොයා බැලීම වැදගත්ය. ඔබේ දරුවාට ඉගෙනීමේ දුර්වලතාවයක් – Learning Disabilities තිබිය හැකිය (LD – Learning Disabilities ලෙසද හැඳින්වේ). ඔබ දන්නා තරමට (වැටහෙන පරිදි) ඔබේ දරුවාට ඉගෙනීමේ දුර්වලතවක් තිබේ නම් ඔබේ දරුවාට උපකාර ලබා ගත හැකිය. 

    මනෝ විද්‍යාඥ සීමා අගර්වාල්, ඉගෙනීමේ දුර්වලතා ඇති දරුවන්ගේ දෙමාපියන් දැනගත යුතු දේ ලැයිස්තුගත කරයි:

    ඉගෙනීමේ ආබාධිතභාවය  Learning Disability -LD යනු කුමක්ද?

    දෙමාපියන්

    ඉගෙනීමේ ආබාධිතභාවය  Learning Disability යනු ඉගෙනීමේ ගැටළු රාශියක් විස්තර කිරීමට භාවිතා කරන යෙදුමකි. මෙම ගැටළු මොළයට ලැබෙන ආකාරය, භාවිතා කිරීම, ගබඩා කිරීම සහ තොරතුරු යවන ආකාරය සමඟ සම්බන්ධ වේ. ළමුන්ගෙන් සියයට 15 ක් පමණ ඉගෙනීමේ ආබාධ / දුර්වලතාවක් සහිත දරුවන් වන අතර එවැනි දරුවන්ට කියවීම, ලිවීම, සවන්දීම, කථා කිරීම, තර්ක කිරීම සහ ගණිතය වැනි කුසලතා එකක් හෝ කිහිපයක් සමඟ ගැටලු ඇති විය හැකිය. LD හි වඩාත් සුලභ වර්ගය වන්නේ ‘කියවීමේ ආබාධයයි – ‘reading disorder’.

    අවධානය දුර්වල වීම / අධි ක්‍රියාකාරීත්වයේ ආබාධය hyperactivity disorder (ADHD), බුද්ධිමය ආබාධිතභාවය – intellectual disability (කලින් මානසික අවපාතය ලෙස හැඳින්වේ), උපදෙස් නොමැතිකම හෝ ශ්‍රවණය, ඇස් පෙනීම දුර්වල වීම වැනි වෙනත් හේතුවක් නිසා ඉගෙනීමේ ගැටළු ඇති වුවහොත් දරුවෙකුට ඉගෙනීමේ අබාධාසහිතභාවයක් ඇති බව නොසැලකේ. 

    කෙසේ වෙතත්, සමහර දරුවන්ට LD සහ ඉගෙනීමට බලපාන වෙනත් තත්වයන් එකක් හෝ කිහිපයක් ඇති බව තේරුම් ගැනීම වැදගත්ය. බොහෝ දරුවන්ට LD එකකට වඩා තිබේ.

    ඉගෙනීමේ දුර්වලතාවයට හේතුව කුමක්ද?

    දෙමාපියන්

    ඔබේ දරුවා තුළ ඉගෙනීමේ දුර්වලතා ඇති විය හැකි හේතු රාශියක් තිබිය හැකිය. හේතු සැමවිටම නොදන්නා නමුත් බොහෝ අවස්ථාවල LD සහිත දරුවන්ට එවැනි දුර්වලතා ඇති දෙමව්පියන් හෝ ඥාතියෙකු සිටින්නේ නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුය. වෙනත් අවදානම් සාධක අතර, අඩු උපත් බර සහ නොමේරූ බව හෝ ළමා කාලය තුළ ඇති වූ තුවාලයක් හෝ රෝගී තත්වයක් (නිදසුනක් ලෙස, හිස තුවාල වීම, ඊයම් විෂ වීම, ළමා රෝගාබාධ ආදිය) පැවතිය හැකිය.

    ඉගෙනීමේ දුර්වලතාවයේ සංඥා

    දෙමාපියන්

    ඉගෙනීමේ ආබාධිතභාවය  Learning Disability සෑම විටම පැහැදිලිව පෙනෙන්නට නැත. කෙසේ වෙතත්, ඔබේ දරුවාට උදව් අවශ්‍ය යැයි අදහස් කරන සලකුණු කිහිපයක් තිබේ. ළමයින් විවිධ අනුපාතයන්ගෙන් වර්ධනය වන බවත්, ඉගෙන ගන්නා බවත් මතක තබා ගන්න. 

    ඔබේ දරුවා පහත සඳහන් සංඥා කිසිවක් පෙන්වන්නේ දැයි සැලකිලිමත් වී එවැනි කිසිවක් නිරීක්ෂණය වූයේ නම් වහාම ඔහුව මනෝවිද්‍යාඥයෙකුට පෙන්වා අදාළ උපදෙස් ලබා ගන්න. 

    • භාෂා සංවර්ධනයේ ප්‍රමාදයන්. වයස අවුරුදු තුන වන විට, ඔබේ දරුවාට වාක්‍ය ඛණ්ඩවලින් හෝ කෙටි වාක්‍යයකින් කථා කිරීමට හැකි විය යුතුය.
    • කථන ගැටලු හෝ දුෂ්කරතා – දරුවාට වයස අවුරුදු තුන වන විට, ඔබේ දරුවා හොඳින් කථා කළ යුතු අතර එවිට වැඩිහිටියන්ට ඔහු / ඇය පවසන බොහෝ දේ තේරුම් ගත හැකිය.
    • වර්ණ, හැඩ, අකුරු සහ සංඛ්‍යා වටහා ගැනීමේ දුර්වලතා.
    • රිද්මයානුකූල වචන භාවිත නොකිරීම.
    • කෙටි අවධානය පරතරය. වයස අවුරුදු තුනත් පහත් අතර, ඔබේ දරුවාට නිශ්චලව වාඩි වී කෙටි කතාවකට සවන් දිය යුතුය. ඔබේ දරුවා වයසට යත්ම ඔහුට / ඇයට වැඩි කාලයක් අවධානය යොමු කළ යුතුය.

    පාසැල් වියේ පසුවන ළමයින්ට සහ LD සහිත යෞවනයන්ට මේවා දුෂ්කර විය හැකිය:

    1. උපදෙස් අනුගමනය කිරීම.
    2.  නිවසේදී සහ පාසැලේදී සංවිධානය වී සිටීම.
    3. වාචික උපදෙස් තේරුම් ගැනීම.
    4. කරුණු ඉගෙන ගෙන තොරතුරු මතක තබා ගැනීම.
    5. වචන කියවීම, අක්ෂර වින්‍යාසය කිරීම හෝ ශබ්ද කිරීම.
    6. පැහැදිලිව ලිවීම. (දුර්වල අත් අකුරු තිබිය හැක).
    7. ගණිත ගණනය කිරීම් හෝ වචන ගැටලු
    8. පාසැල් වැඩ කෙරෙහි අඩු අවධානය (බොහෝ දවල් සිහින දකින්න පුළුවන්).
    9. කථනයෙන් හෝ ලිඛිතව තොරතුරු පැහැදිලිව පැහැදිලි කර ගැනීම

    වෙනත් ඉගෙනීමේ දුෂ්කරතා

    දෙමාපියන්

    ඉගෙනීමේ ගැටළු ඇති සමහර දරුවන් කලින් සඳහන් කළ එල්ඩී වර්ග වලට හරියටම නොගැලපේ. මෙම ඉගෙනීමේ ගැටළු වලට පහත සඳහන් දෑ ඇතුළත් විය හැකිය:

    • වාචික නොවන ඉගෙනීමේ කුසලතා
    • කථන සහ භාෂා ප්‍රමාදයන්
    • ADHD

    ප්‍රතිකාරයක් තිබේද?

    මේ සඳහා තනි ප්‍රතිකාරයක් නොමැති නමුත් දරුවන්ට ඔවුන්ගේ එල්.ඩී. ජයගෙන සාර්ථක ජීවිතයක් ගත කිරීමට උපකාර කළ හැකි බොහෝ දේ ඇත. සරල පිළිතුරු හෝ විසඳුම් ඇති බව කියා සිටින පුද්ගලයින් සහ කණ්ඩායම් ගැන ප්‍රවේශම් වන්න. අක්ෂි ව්‍යායාම, ශරීර චලනයන්, විශේෂ ආහාර, විටමින් සහ පෝෂණ අතිරේක ගැන ඔබට අසන්නට ලැබේ. මේවා ක්‍රියාත්මක වන බවට පැහැදිලි සාක්ෂි නොමැත. සැකයක් ඇත්නම්, මනෝ විද්‍යාඥයෙකු සමග කතා කරන්න.

    උදව් කළ හැක්කේ කාටද?

    දෙමාපියන්

    ඔබේ දරුවාගේ ඉගෙනීමේ ගැටළු ගැන ඔබ සැලකිලිමත් වන්නේ නම් හෝ ඔබේ දරුවාට එල්.ඩී. දරුවෙක් යැයි ඔබ සිතන්නේ නම්, ඔබේ දරුවාගේ ගුරුවරයා සහ මනෝ විද්‍යාඥයා සමඟ කතා කරන්න. ගුරුවරුන්ට සහ වෙනත් අධ්‍යාපන විශේෂඥයින්ට ගැටලුවක් තිබේදැයි තීරණය කිරීම සඳහා පරීක්ෂණ හෝ ඇගයීම් පරීක්ෂණ සිදු කළ හැකිය.

    ඉගෙනීමේ ගැටළු ඇති බොහෝ දරුවන්ට විවිධ ඉගෙනුම් ක්‍රම දියුණු කිරීමෙන් ඔවුන්ගේ අරමුණු කරා ළඟා විය හැකිය. LD සහිත දරුවන්ට උපකාර කිරීම සඳහා විශේෂ අධ්‍යාපන සේවා ඔබේ ප්‍රදේශයේ තිබිය හැකිය. මේවාට විශේෂිත උපදෙස්, කාලානුරූපී නොවන පරීක්ෂණ හෝ සමහර විට ඔබේ දරුවාගේ විශේෂිත ඉගෙනුම් ශෛලිය වෙත යොමු කර ඇති පන්ති කාමරයේ වෙනස්කම් ඇතුළත් විය හැකිය.

    ඔබේ දරුවාට උපකාර කළ හැකි ක්‍රම

    දෙමාපියන්

    දරුවා තුළ ඇති ශක්තීන් කෙරෙහි අවධානය යොමු කරන්න

    සියලුම දරුවන්ට විශේෂ කුසලතා මෙන්ම දුර්වලතා ද ඇත. ඔබේ දරුවාගේ ශක්තීන් සොයාගෙන ඒවා භාවිතා කිරීමට උනන්දු කරවන්න. ඔබේ දරුවා ගණිතය, සංගීතය හෝ ක්‍රීඩාව පිළිබඳ දක්ෂ විය හැකිය. ඔහු /ඇය කලාව, මෙවලම් සමඟ වැඩ කිරීම හෝ සතුන් රැකබලා ගැනීමට ද දක්ෂ විය හැකිය. ඔබේ දරුවා හොඳින් හෝ සාර්ථක වූ විට ප්‍රශංසා කිරීමට වග බලා ගන්න.

    සමාජ හා චිත්තවේගීය කුසලතා වර්ධනය කිරීම

    LDs වැඩෙන විට ඇති වන අභියෝග සමඟ ඔබේ දරුවා දුකට, කෝපයට හෝ ඉවත්ව යා හැකිය. ඔබේ දරුවාගේ මොළය වෙනත් ආකාරයකින් ඉගෙන ගන්නා නිසා ඉගෙනීම දුෂ්කර බව පිළිගෙන ආදරය හා සහයෝගය ලබා දීමෙන් ඔබේ දරුවාට උදව් කරන්න. මිත්‍රත්වය සහ විනෝදය කෙරෙහි අවධානය යොමු කරන සමාජ ශාලා, කණ්ඩායම් සහ වෙනත් ක්‍රියාකාරකම් සොයා ගැනීමට උත්සාහ කරන්න. මෙම ක්‍රියාකාරකම් ද විශ්වාසය ගොඩනඟා ගත යුතුය. මතක තබා ගන්න, තරඟය යනු ජයග්‍රහණය සඳහා පමණක් නොවේ.

    අනාගතය සඳහා සැලසුම් කරන්න

    LD සහිත දරුවන්ගේ බොහෝ දෙමව්පියන් තම දරුවාගේ අනාගතය ගැන කරදර වේ. LD එකක් ඔහු / ඇය කෙතරම් දක්ෂද යන්නට බැඳී නැති බව ඔබේ දරුවාට මතක් කරන්න. ඇත්ත වශයෙන්ම, LD සහිත බොහෝ අය ඉතා දීප්තිමත් වන අතර ජීවිතයේ ඉතා සාර්ථක වීමට හැකියාව ඇත. අධ්‍යාපනය හා වෘත්තීය තේරීම් කිරීමේදී ඔබේ දරුවාගේ ශක්තීන් හා රුචිකත්වයන් සලකා බැලීමට ඔහුව දිරිමත් කිරීමෙන් වැඩිහිටිභාවයට පත්වීමට සැලසුම් කිරීමට ඔබට උදව් කළ හැකිය. තීරණ ගැනීමේ සහ රැකියා කුසලතා ඉගැන්වීමෙන් විශ්වාසය ගොඩනැගීමට උපකාරී වන විශේෂ වෘත්තීය හා වෘත්තීය වැඩසටහන් තිබේ. බොහෝ විද්‍යාල වල LD සහිත සිසුන් සඳහා නිර්මාණය කර ඇති වැඩසටහන් තිබේ.

    මතක තබා ගන්න

    දෙමාපියන්

    ඉගෙනීමේ දුර්වලතා ඇති දරුවන්ට නිසි උපකාර සහ සහාය ලැබෙන්නේ නම් ඔවුන්ට ඉගෙන ගෙන සාර්ථක විය හැකිය. ඔබ දැනගත් විගසම ඔබේ දරුවාට උපකාර ලබා ගත හැකිය. ඔබේ දරුවාගේ ඉගෙනීම පිළිබඳව ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් ඔබේ දරුවාගේ මනෝ විද්‍යාඥයා සමඟ කතා කරන්න.

    ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • මල්සරා විද්ද පළමු දාම ‘ලිංගික සම්බන්ධතා’ පැවැත්වීම ගැන සුපිරි හෙළිදරව්වක්

    මල්සරා විද්ද පළමු දාම ‘ලිංගික සම්බන්ධතා’ පැවැත්වීම ගැන සුපිරි හෙළිදරව්වක්

    මම මෑතකදී මගේ සමාජ මාධ්‍ය ප්‍රජාවෙන් විමසුවේ ‘ඔබ ඔබගේ සම්බන්ධතාව ආරම්භ කළ පළමු දිනයේ ලිංගිකව හැසිරෙනවාද නැද්ද ? යන්නයි. බොහෝ දෙනෙකුට, මෙම ප්‍රශ්නය මුලදී තරමක් බියජනක බවක් පෙනෙන්නට තිබුණේ ‘ලිංගික සතුට‘ යන්න කතා නොකළ යුතු අපකීර්තිමත් දෙයක් ලෙස ඔවුන් සලකන හෙයිනි.

    මගේ ඉල්ලීමට ප්‍රතිචාර දහසකට වඩා ලැබී ඇති අතර, වයස අවුරුදු 21-70 අතර පිරිමින් සහ කාන්තාවන් 50/50 අතර ගතික පිළිතුරු දී ඇති අතර ඒවා නිරීක්ෂණය කිරීම පුදුම සහගතය. පිරිමින් මගේ යෝජනාවට වඩා විවෘතව පිළිතුරු දුන් නමුත් බොහෝ කාන්තාවන් කියා සිටියේ පළමු දිනයේදී ඔවුන් ලිංගිකව හැසිරෙන්නේ නැති බවයි.

    ලිංගික දිනය

    පුද්ගලික අත්දැකීම් සහ සංස්කෘතික ගතිකතාවයන් ඔවුන්ගේ ලිංගික ජීවිතය පාලනය කිරීමට තීරණය කරන ආකාරය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට ලිංගිත්වය, ලිංගික රුචිය හා චර්යාවන් වෙනස් වේ. අප ලිංගිකත්වය තහනම් විෂයයක් ලෙස සලකන තාක් කල්, එය අපගේ සමාජයට පීඩා කරන වැරදි තොරතුරු සහ අක්‍රීයතාවයේ කළු කුහරයක් විවෘත කරනු ඇත. සත්‍යය කිවහොත්, ලිංගික සතුට අතිශයින්ම සවිබල ගැන්විය හැකිය!

    මෙම ඉඟි 3 එම සවිබල ගැන්වීමේ ගමනේ ආරම්භය විය හැකිය:

    ලිංගික දිනය

    පිරිමි ළමයින්ට ලිංගිකත්වය අවශ්‍යයි, පිරිමින්ට සමීප සම්බන්ධතාවයක් අවශ්‍යයි

    ඔබ සිතන්නේ, ‘හරි ඩෙවිනා. ඔයාට මාව වුණා. ලිංගිකත්වය හා සමීප සම්බන්ධතාවය එකම දේ නොවේද? ‘ යමෙකුට සමීපව සිටීම ඔහු ඔබ වෙනුවෙන් ගෙන එන හෝ කරන දෙයින් ඔබ්බට යන ආකාරයකින් ඔහුට සමඟ සමීප වීමට බල කරයි. අපගේ දෛනික කටයුතුවලදී සමීප සම්බන්ධතාවයක් ඇති අතර එය අනිවාර්යයෙන්ම ප්‍රේම සම්බන්ධතා සමඟ පමණක් සම්බන්ධ නොවේ. 

    සමීපතාවයේ විවිධ මට්ටම් තිබේ. සමීප සම්බන්ධතාවය ශාරීරික පමණක් නොව අධ්‍යාත්මික, බුද්ධිමය, චිත්තවේගීය යනාදිය ද විදහා දැක්විය හැකිය. අපගේ සමීපතාවය අපගේ මිතුරන් හා පවුලේ සාමාජිකයින්ට මෙන්ම අප සමඟ වැඩ කිරීමට ප්‍රිය කරන පුද්ගලයින්ට ද ව්‍යාප්ත විය හැකිය. අපගේ ජීවිතයේ සෑම හවුල් මොහොතක්ම සහ අප හමුවන අන්තර්ක්‍රියා මගින් අප දැනුවත්ව හෝ නොදැනුවත්ව දැනුවත්ව සිටිය හැකි සමීප සම්බන්ධතාවයක් ඇති කරයි. පිරිමින් අවසානයේ උත්සාහ කරන්නේ මෙයටයි. 

    ලිංගිකත්වය යනු ශාරීරික සම්බන්ධතාවයේ ප්‍රසන්න අංගයන් වේ, සමීපභාවය සැමවිටම ලිංගිකත්වයට සමාන නොවේ. කිසිම වැරැද්දක් නොකරන්න ! පිරිමින් ද සමීපත්වය, මිත්‍රත්වය, සමීප බැඳීමක් සහ තම අදහස් ප්‍රකාශ කිරීමට ආරක්ෂිත ඉඩක් සොයති.

    ලිංගික දිනය


     ඔයාට ඕන කුමක් ද?

    ලිංගිකත්වය හා සමීපභාවය දෙයාකාර මාවතක් බව වටහා ගැනීම වැදගත්ය. එය සැමවිටම ඔබේ සහකරුට අවශ්‍ය දේ ගැන නොවේ. ලිංගිකත්වයේ සහ සමීපතාවයේ ප්‍රතිලාභ සමානව කිරා මැන බැලීමට අදහස් කරන අතර මෙය සිදුවීමට යමෙකු ස්වයං දැනුවත් විය යුතුය. ස්වයං දැනුමක් තිබීම යන්නෙන් අදහස් වන්නේ යම් නිශ්චිත අවස්ථාවකදී ඔබේ අභ්‍යන්තරයට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න ඔබ දන්නා බවයි. ඔබ තුළම ප්‍රමාණවත් බලයක් දැනීමට හැකිවීම ඔබේ මනස සහ ශරීරය පාලනය කිරීමට ඔබට ඉඩ සලසයි. බල ගැන්වීම යනු වරදකාරී හෝ ලැජ්ජාවකින් තොරව ඔබ වෙනුවෙන් නිවැරදි තේරීම් කිරීමයි.

    ලිංගික දිනය


     සතුට යනු අපිරිසිදු වචනයක් නොවේ

    ලිංගිකත්වය යක්ෂාවේශ වන්නේ ඇයි ? කියා ඔබෙන්ම අසාගන්න. එය යම් ආකාරයක පාලනයක්ද? ඔබ අනියම් ලිංගික ඇසුරක් පැවැත්විය යුතු යැයි මම නොකියමි, නමුත් මම කියන්නේ ඔබ ඔබේම ශක්තිය ගැන සැලකිලිමත් විය යුතු බවයි. භූගත වන්න, එවිට ඔබ බිම් මට්ටමේ පුද්ගලයන් ආකර්ෂණය කර ගනු ඇත. ඔබ ඔබ ගැනම වැඩ කර ඇත්නම්, ස්වයං-ආදරයේ ඔබේම ගමනක් ආරම්භ කර ඇත්නම්, එවිට ඔබ ඉහළ කම්පන සහ මිනිසුන් ආකර්ෂණය කර ගනු ඇත. ඔබ සම්පුර්ණයෙන්ම එකඟ වන්නේ නම් සහ ඔබ විශ්වාස කරන කෙනෙකු සමඟ රියදුරු අසුනේ සිටී නම්, (සාමාන්‍යයෙන් පවා) බොහෝ දේ ඉගෙන ගෙන විනෝද විය හැකිය. ඔබ කවුරුන්දැයි දැනගෙන ඔබව සම්පූර්ණ කිරීමට වෙනත් අයෙකු සොයන්න එපා.

    ලිංගික දිනය


    ලිංගිකත්වය, සමීප සම්බන්ධතාවය සහ සබඳතා යන සියල්ලම අපගේ මානව අත්දැකීම්වල කොටසක් වන අතර, අප විසින්ම වෙනත් අංගයන් වැලඳ ගන්නා තරමටම මෙම කොටස අප විසින්ම වැලඳ ගැනීමට අපට හැකි විය යුතුය. ඔබේ පැවැත්ම හා කාලය සැබවින්ම සුදුසු යැයි ඔබ සිතන තැනැත්තා සමඟ ලිංගිකව හා සමීපව විනෝද වීමේ කිසිදු වරදක් නැත. ඔබේ ජීවිතය සවිබල ගැන්වීම ගැන වන අතර එමඟින් අන් අයව සවිබල ගැන්වීමට ඔබට ඉඩ සලසයි. 

    ස්වයං-සවිබල ගැන්වීමේ හැඟීමක් තිබීම ඔබට විමුක්තිය දැනීමට ඉඩ සලසයි, එබැවින් ඔබේ ලිංගිකත්වය, සමීපභාවය හෝ දෙකම යන අවශ්‍යතා සපුරාලන ඵලදායී හා වටිනා සබඳතා ඇති කර ගැනීමට බලය ඇත! පළමු දිනයේ ඔහු සමඟ නිදා ගැනීමෙන් පසුව යමෙකු ඔබව හඳුනා ගන්නේ කෙසේද යන්න ඔබට අවශ්‍ය වූ පමණින් ඔබ කෙරෙහි ඔහුගේ හැඟීම් වෙනස් නොකරනු ඇත. 

    ඇත්ත වශයෙන්ම, පළමු දින ලිංගිකත්වය මගින් ඔබේ ඊගෝව සහ ඔබේ ලිංගික විශ්වාසය බෙහෙවින් උසස් කළ හැකිය.

    ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • High Heels වලට ආදරය කරනවාද ? මෙන්න ඔබට තෝරාගත හැකි සුපිරි ප්‍රවණතා රැසක්

    High Heels වලට ආදරය කරනවාද ? මෙන්න ඔබට තෝරාගත හැකි සුපිරි ප්‍රවණතා රැසක්

    High Heels’ නැතිනම් අඩි උස පාවහන් පැළදීමට අකමැති කාන්තාවක් නම් මේ ලෝකයේම නැහැ. ඒත් මොන තරම් කැමැත්තක් තිබුණක් High Heels එක්ක එන ගැටලු සහ දුෂ්කරතා රැසක් තිබෙනවා. ඒත් මේ සියල්ලට වඩා High Heels සුන්දර නිසා High Heels තෝරා ගැනීමේදී ඔබට වටිනා ඉගි කිහිපයක් ලබාදීමට අපි තීරණය කළා.

    Stilettos

    කෙටි සාය හෝ ගවුම් වලින් සැරසිය හැකි, වැඩි වේලාවක් ගත නොවන සන්ධ්‍යා සහ රාත්‍රී සාද සදහා මේ පාවහන් සුදුසුය. Stilettos අවසානය දක්වා පටු වන අතර ඇඟිලි තුඩු දෙසට යොමු වේ. මෙම පාවහන් දිගු වේලාවක් පැළදීම එතරම් සුවපහසු නොවිය හැකි නමුත් එය ඔබව සුන්දර කරයි ! 

    විලුඹ

    Pumps

    සාමාන්‍යයෙන් Stilettosවලට වඩා උසින් අඩුය. චලනයෙහි ස්ථායිතාව සමඟ අවශ්‍ය උස Pumps මඟින් ඔබට ලබා දේ. ඔබේ මනාපය අනුව peep-toes හෝ closed-toes වලින් තෝරන්න. එය ඔබගේ පළමු යුගලය නම්,  nude හෝ black  වර්ණයක් තෝරා ගන්න.

    විලුඹ

    Block Heels

    ඔබට සැනසිල්ල අවශ්‍ය නම් Block Heels කදිම තෝරා ගැනීමකි. එහි අඩිය ස්ටයිලෙටෝස් වලට වඩා පුළුල් වන අතර ඔබේ ඉරියව්වට වැඩි ස්ථාවරත්වයක් ගෙන එයි.  සෑම අවස්ථාවකම පරිපූර්ණ පෙනුමක් ඇති Block Heels යුගලයක් අයිති කර ගන්න!

    විලුඹ

    Platform Heels

    Platform Heels ඔබේ එදිනෙදා පාවහන් යුවල නොවිය හැකි වුවත්, Platform Heels යනු වඩාත් සුව පහසු පාවහන් විලාසිතාවකි. මේවා බොහෝ දුරට දීර්ඝ කාලයක් පැළද සිටිය හැකිය. Platform Heels හි පළල ඒකාකාර බැවින් ඒවා වඩා හොඳ සමබරතාවයක් ලබා දෙයි.

    විලුඹ

    Kitten Heels

    Kitten Heels අඩි උස සපත්තු පිළිකුල් කරන අය සඳහා හොඳ විකල්පයක් විය හැකිය. නැතහොත් උස අය සදහා පැහැදිලි විකල්පයකි. ඒවා ඉතා ඉහළ හෝ පටු නොවේ. තම උස ගැන කරදර වන කාන්තාවන්ට කදිම විලාසිතාවකි.

    විලුඹ

    Espadrilles

    මේවා පැතලි හෝ සමහර විට අඩිය උස විලාසිතාවකි. සුවපහසුව සොයන අය සඳහා යෝග්‍ය වේ. 

    විලුඹ

    ෆෙමිනා ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • Covid-19: වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් දිවියෙන් සමුගත් ළදරුවෙකු ගැන සංවේදී කතාව !

    Covid-19: වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් දිවියෙන් සමුගත් ළදරුවෙකු ගැන සංවේදී කතාව !

    කොවිඩ්-19 වසංගතයට වසරකට වැඩි කාලයක් ගතවී ඇතත්, බ්‍රසීලයේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ගෝලීය වශයෙන් ඉහළම දෛනික අගය වාර්තා කරන අතර අසාමාන්‍ය ලෙස ගෝලීය වැඩිම ළදරු මරණ සංඛ්‍යාව ද බ්‍රසීලයෙන් වාර්තා වෙයි. මෙය බරපතළ මෙන්ම දැඩි අවධානයට ගත යුතු තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සලකයි.

    මන්ද ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ළදරු මරණ වාර්තා වී ඇත්තේ අතිෂය සීමිත අගයකි. එහෙත් ලෝකයේ ඕනෑම රටක් තිගැස්මට ලක්කරන තරම්, එනම් ළදරු මරණ 13000ක් බ්‍රසීලයෙන් වාර්තා වී ඇත. 

    මේ සමග තත්ත්වයත් බිහිසුණු, නැතිනම් සංකීර්ණ තත්ත්වයක් ද පවතී. ඒ ළදරුවන්ගේ රෝග ලක්ෂණ හදුනා ගත නොහැකි වීමයි. එක් වෛද්‍යවරයෙක් ජෙසිකා රිකාට් නම් තරුණ මවගේ එක් හැවිරිදි දරුවාගේ (ලූකස්) කොවිඩ් රෝග ලක්ෂණ පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඔහුගේ රෝග ලක්ෂණ වෛරසයේ පැතිකඩට නොගැලපෙන බවයි. මාස දෙකකට පසු ළදරුවා රෝගයෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් මිය ගියේය

    සෑම විටම හොඳින් ආහාර ගන්නා ලූකස්ගේ ආහාර රුචිය නැති වූ විට යමක් වැරදී ඇති බව ජෙසිකා මුලින් සැක කළාය.

    මුලදී ජෙසිකා කල්පනා කළේ ඔහුගේ දත් වැඩීම ආරම්භ වී ඇති නිසා ආහාර රුචිය අඩුවී ඇති බවයි. හෙදියක් වන ලූකස්ගේ නැන්දනිය යෝජනා කළේ ඔහුට උගුරේ අමාරුවක් ඇතිවිය හැකි බවයි. නමුත් ඔහුට උණ, පසුව තෙහෙට්ටුව සහ මදක් වෙහෙස මහන්සි වී හුස්ම ගත් පසු ජෙසිකා ඔහුව රෝහලට ගෙන ගිය අතර, ඔහුව කෝවිඩ් රෝග පරීක්ෂාවකට ලක් කරන ලෙස ඉල්ලා සිටියාය.

    “වෛද්‍යවරයා ලූකස්ගේ රෝග ලක්ෂණ පරීක්ෂා කළ අතර උණ ගැන ද විමසා බැලුවේය. නමුත් ඔහුට උණ නොතිබුණි, එබැවින් වෛද්‍යවරයා මෙසේ පැවසීය: “මගේ ආදරණීය නෝනා මහත්මිය, කරදර නොවන්න. ඔහුට කෝවිඩ් පරීක්ෂණයක් අවශ්‍ය නැහැ. එය උගුරේ සුළු තුවාලයක් විය හැකියි.”

    ඔහු ජෙසිකාට පැවසුවේ කොවිඩ් -19 ළමුන් තුළ දුර්ලභ බවත්, ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම පමණක් සෑහෙන බවත්ය. ඇය තුළ තම දරුවාගේ රෝගී තත්ත්වය ගැන සැක සංකා තිබියදීත්, ලූකස් ඒ අවස්ථාවේ පෞද්ගලිකව පරීක්‍ෂා කිරීමට විකල්පයක් නොතිබුණි.

    ජෙසිකා පවසන්නේ දින 10 ක ප්‍රතිජීවක ඖෂධ ලබාදීම අවසානයේදී ඔහුගේ සමහර රෝග ලක්ෂණ පහවගිය නමුත් ඔහු බොහෝ සෙයින් දුර්වල තත්ත්වයකට පත්වූ බවයි. එය ඇයගේ කණස්සල්ල වැඩි කිරීමට හේතු විය.

    “මම නැන්දනිය, මගේ දෙමව්පියන්, මගේ නැන්දම්මා වෙත ඔහුගේ වීඩියෝ කිහිපයක් යැව්වා. හැමෝම කිව්වේ මම අනවශ්‍ය ලෙස කලබලයට පත්ව සිටින බවයි. ඔවුන් මට කීවා වහාම රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීම නතර කරන්න කියලා. ඒ මගින් මා ව්‍යාකූලත්වයට පත්වන බවයි ඔවුන් කීවේ. නමුත් ඔහු සිටියේ අතිෂයින් දුර්වල තත්ත්වයක. මට එය පැහැදිලිව දැනුණා“

    ලූකස් තමා නොවේ
    ජෙසිකා ලූකස්ගේ වීඩියෝව ඇගේ පවුලේ අයට යැව්වේ ඇය ඒ ගැන සැලකිලිමත් වූ බැවිනි

    මේ සිදුවීම සිදුවන විට, එනම් 2020 මැයි වන අතර කොරෝනා වයිරස් වසංගතය වර්ධනය වෙමින් පැවතුනි. ඇය ජීවත් වූ ඊසානදිග බ්‍රසීලයේ සීරී හි තම්බෝරිල් නම් නගරයේ නගරයේ දෙදෙනෙකු මිය ගොස් තිබුණි. “අපි හැමෝම එකිනෙකා හඳුනනවා. නගරය කම්පනයට පත්වුණා.”

    මේ අතර ජෙසිකාගේ ස්වාමිපුරුෂයා පවසා සිටියේ ලූකස්ව තවත් රෝහල් කරා රැගෙන යාමෙන් තමා තහ දරුවා කොරෝනා ආසානයට ලක්විය හැකි බවයි.

    කිසිම අමතර ප්‍රතිකාරයකින් හෝ පරික්ෂාවකින් තොරව සති ගෙවී ගිය අතර ලූකස්ගේ තත්ත්වය ක්‍රමයෙන් අසාධ්‍ය තත්ත්වයට පත්විය. අවසානයේදී ජුනි 3 වන දින දිවා ආහාරය ගැනීමෙන් පසු ලූකස් නැවත නැවතත් වමනය කළ අතර ජෙසිකා එයින් දැඩිව කම්පනයට පත් වූවාය.

    ඔවුන් නැවත ඔවුන්ගේ ප්‍රාදේශීය රෝහලට ගිය අතර එහිදී වෛද්‍යවරයා කොවිඩ් සඳහා ලූකස්ව පරීක්ෂා කළේය. අවසාන ප්‍රතිඵලය ලැබිණි. ළදරු ලූකස් කොවිඩ් ආසාදිතයෙක් බව කියමින් වෛද්‍ය වාර්තාව ලැබුණේය.

    “ඒ වන විට රෝහලට නැවත පණ ගැන්වීමේ යන්ත්‍රයක්වත් තිබුණේ නැහැ” කියා ජෙසිකා පවසයි.

    ලූකස් පැය දෙකකට වඩා දුරින් පිහිටි සොබ්‍රල්හි ළමා දැඩි සත්කාර ඒකකයකට මාරු කරනු ලැබූ අතර එහිදී ඔහුට බහු පද්ධති ගිනි අවුලුවන සින්ඩ්‍රෝමය (MIS) නම් රෝගී තත්වයක් ඇති බව හඳුනා ගන්නා ලදී. මෙය වෛරසයට අතිශයින්ම ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් වන අතර එය අත්‍යවශ්‍ය අවයවවල දැවිල්ල ඇති කරයි.

    ප්‍රවීණයන් පවසන්නේ ළමයින්ට කොවිඩ් වෛරසය ආසාදනය වී සති හයක දක්වා බලපාන සින්ඩ්‍රෝමය දුර්වල බවයි. නමුත් සාඕ පාවුලෝ විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ෆාතිමා මරින්හෝ පවසන්නේ වසංගතය අතරතුර තමා වෙන කවරදාටත් වඩා MIS රෝගයට වඩා වැඩි සංඛ්‍යාවක් දකින බවයි. 

    ‘එය සියලු මරණ වලට හේතු නොවුණත් මම පසුගිය කාලයේ එහි විශාල වර්ධනයක් නිරීක්ෂණය කළා‘ ඇය පැවසුවාය.

    ලූකස් ඉන්ටබියුටඩ් කළ විට ජෙසිකාට තම ළදරුවා සමග එකම කාමරයේ නැවතී සිටීමට අවසර නොලැබුණි. ඇය තම නැන්දම්මාට කතා කොට අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කළාය.

    වෛද්‍යවරයා ඇයට පැවසුවේ ලූකස්ට හෘදයාබාධයක් වැළඳී ඇති නමුත් ඔවුන් ඔහුව පුනර්ජීවනය කිරීමට සමත් වූ බවයි.

    සොබ්රාල් හි දැඩි සත්කාර ඒකකයේ මාසයකට වැඩි කාලයක් ලූකස්ට ප්‍රතිකාර කළ ළමා වෛද්‍යවරිය වන වෛද්‍ය මැනුවෙලා මොන්ටේ පැවසුවේ ලූකස්ගේ අවදානම් සාධක නොමැති නිසා ඔහුගේ තත්වය මෙතරම් බරපතළ වීම ගැන තමා පුදුමයට පත්වන බවයි.

    කොවිඩ් රෝගයෙන් පීඩා විඳින බොහෝ දරුවන් දියවැඩියාව හෝ හෘද වාහිනී රෝග හෝ අධික බරින් යුක්ත බව ඇල්බට් සබින් ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ ලොහානා තවරෙස් පවසයි. නමුත් ලූකස්ගේ තත්වය එය නොවේ.

    ලූකස්

    ලූකස් දැඩි සත්කාර ඒකකයේ සිටි දින 33 තුළ ජෙසිකාට ඔහුව බැලීමට අවසර ලැබුණේ තුන් වතාවක් පමණි. ලූකස්ට ඔහුගේ හදවත පිරිහීමට ඉමියුනොග්ලොබුලින් ඖෂධ ලබාදීමට සිදුවිය. ( එය ඉතා මිල අධික ඖෂධයක් වූ නමුත් වාසනාවකට මෙන් වැඩිහිටි රෝගියෙකු විසින් තමා මිලට ගත් එම ඖෂධයේ ඉතිරි කොටස රෝහලට පරිත්‍යාග කර තිබේ) ලූකස් කොතරම් රෝගාතුර වූවාද කිවහොත් ඔහුට දෙවන මාත්‍රාව ප්‍රතිශක්තිකරණයක් ලබා ගැනීමට හැකි විය. ඔහුගේ සිරුරේ කැක්කුමක් ඇති වූ අතර ඔහු දිගටම උණ වැළඳී සිටියේය. ඔහුට හුස්ම ගැනීමට සහාය අවශ්‍ය විය.

    පසුව ලූකස්ගේ තත්ත්වය යහපත් වීමට පටන් ගත් අතර වෛද්‍යවරු ඔහුගේ ඔක්සිජන් නළය ඉවත් කිරීමට තීරණය කළහ. ඔවුන් ජෙසිකා සහ ඇයගේ සැමියා වීඩියෝ ගත කළ අතර ඔහුට සිහිය එන විට ඔහුට තනිවම දැනෙන්නේ නැත.

    “අපේ හඩ ඇසූ විට ඔහු අඩන්න පටන් ගත්තා” කියා ජෙසිකා පවසයි.

    ඔවුන්ගේ දරුවා ප්‍රතික්‍රියා කරන ආකාරය ඔවුන් දුටු අවසන් අවස්ථාව එයයි. ඊළඟ වීඩියෝ ඇමතුම අතරතුර “ඔහුට අංශභාග පෙනුමක් තිබුණි” යැයි වෛද්‍යවරු පවසා සිටි අතර ඔහුට සීටී ස්කෑන් පරීක්ෂණයක් සිදුකරන ලදි. එහිදී ලූකස්ට අඝාතය වැළදී ඇති බව සොයා ගන්නා ලදි.

    කෙසේවෙතත්, වෛද්‍යවරු ලූකස්ගේ මාපියන්ට කියා සිටියේ ඔහු සුවය ලබමින් සිටින බවත් ඉක්මනින් දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කර සාමාන්‍ය වාට්ටුවකට ගෙන යන බවත්ය.

    ජෙසිකා සහ තම සැමියා සමග ඔහුව බැලීමට ගිය විට වෛද්‍යවරයා බලාපොරොත්තු වූවා සේම ඔවුන්ගේ බලාපොරොත්තුව ද එයම විය.

    “එදින රාත්‍රියේ මම මගේ ජංගම දුරකථනය නිහඩව තැබුවෙමි. එදින රැයේදී ලූකස් මා වෙතට පැමිණ මගේ මුහුණ සිප ගත්තේය. එම සිහිනය ආදරය, කෘතඥතාව පිළිබඳ මහත් හැඟීමක් වූ අතර මම ඉතා සතුටින් අවදි වුණෙමි. වෛද්‍යවරයා මට ඇමතුම් 10ක් ගෙන තිබිණි.

    වෛද්‍යවරයා ජෙසිකාට පැවසුවේ ලූකස්ගේ හෘද ස්පන්දන වේගය හා ඔක්සිජන් මට්ටම හදිසියේ පහත වැටී ඇති බවත්, ඔහු උදේ පාන්දර මිය ගොස් ඇති බවත්ය.

    මැයි මස මුලදී ලූකස් කෝවිඩ් පරීක්ෂණයකට ලක් කළේ නම් ඔහු දිවි ගලවා ගනු ඇතැයි ඇය තවමත් විශ්වාස කරයි.

    “වෛද්‍යවරුන්, එය කොවිඩ් නොවන බව විශ්වාස කළා. ඒත් එම සැකය කිරීම සඳහා පරීක්ෂණය සිදු කිරීම වැදගත්” ඇය පවසයි.

    “ළදරුවෙකුට තමාට දැනෙන දේ කිව නොහැකියි. එබැවින් අපි පරීක්ෂණ මත රඳා සිටිමු.” ඇය කියයි.

    ලූකස්ගේ දෙමාපියන් ඊශ්‍රායලය සහ ජෙසිකා

    නිසි ප්‍රතිකාර ප්‍රමාද වීම නිසා ඔහුගේ තත්වය වඩාත් බරපතළ වූ බව ජෙසිකා විශ්වාස කරයි. “ලූකස්ට දැවිල්ල ඇති වුණා. පෙනහළු වලින් 70% ක්ම අඩපණ වුණා. හදවතේ ක්‍රියාකාරීත්වය 40% කින් වැඩි වුණත් එය වළක්වා ගත හැකි තත්වයක්”

    ලූකස්ට ප්‍රතිකාර කළ වෛද්‍ය මොන්ටේ ඊට එකඟ වෙයි. ඇය පවසන්නේ එම්.අයි.එස් වැළැක්විය නොහැකි වුවද, කලින් රෝග විනිශ්චය කර ප්‍රතිකාර කළහොත් ප්‍රතිකාර වඩාත් සාර්ථක වන බවයි.

    “මීට පෙර ඔහුට විශේෂ සැලකිල්ලක් ලැබෙනු ඇති අතර වඩා හොඳයි” ඇය පවසයි. 

    ‘‘ඔහු බරපතල ලෙස රෝගාතුරවයි රෝහලට ඇතුළත් කළේය. මීට පෙර අපට ඔහුට ප්‍රතිකාර කළ හැකිව තිබුනේ නම් ඔහුට වෙනත් ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා‘

    විවේචනාත්මක රෝග ලක්ෂණ මඟ හැරිය හැකි අනෙක් අයට උපකාර කිරීම සඳහා ජෙසිකාට දැන් ලූකස්ගේ කතාව බෙදා ගැනීමට අවශ්‍යය.

    “මගේ දරුවාට සිදු වූ දේ තවත් දරුවෙකුට සිදු නොවිය යුතුයි. මා සතුව තොරතුරු තිබුණා නම් මම ඊටත් වඩා ප්‍රවේශම් වන්නෙමි. ළදරුවන්ට තමන්ට ඇති ආබාධ හෝ අපහසුතා ගැන ප්‍රකාශ කිරීමට නොහැකියි. අපි ඒ ගැන වඩාත් සංවේදී විය යුතුයි. විශේෂයෙන් වෛද්‍යවරු මීට වඩා සංවේදී විය යුතුයි. මට ලූකස්ව අහිමි වුණේ ඇයි කියා මා දන්නවා” ඇය කියයි.

    කෙටි ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    ළමයින්ට කෝවිඩ්ට ශුන්‍ය අවදානමක් ඇති බවට වැරදි මතයක් පවතින බව වෛද්‍ය ෆාතිමා මරින්හෝ පවසයි. මාරින්හෝගේ පර්යේෂණයෙන් හෙළි වී ඇත්තේ කම්පනයට පත් ළමුන් හා ළදරුවන් විශාල සංඛ්‍යාවක් වෛරසයට ගොදුරු වී ඇති බවයි.

    බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2020 පෙබරවාරි සිට 2021 මාර්තු 15 දක්වා කාලය තුළ, කොවිඩ්-19 ආසාදනය වීමෙන් ළමුන් 852 දෙනෙක් මියගොස් ඇත.  නමුත් වෛද්‍ය මාරින්හෝ ගණන් බලා ඇති ආකාරයට මෙම දරුවන් සංඛ්‍යාවට වඩා දෙගුණයක් කොවිඩ් නිසා මිය ගොස් ඇත. 

    ‘සංඛ්‍යා ලේඛන පහත වැටුණේ පරීක්ෂණ සිදු නොවුණ නිසයි‘‘

    වසංගතය තුළ නිශ්චිත උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය මගින් සිදු වූ මරණ වෛද්‍ය මැරින්හෝ විසින් ගණනය කරන ලද අතර, පෙර වසරවලට වඩා පැහැදිලි කළ නොහැකි ශ්වසන සින්ඩ්‍රෝමය නිසා මරණ 10 ගුණයක් වැඩියෙන් සිදු වී ඇති බව ඇය විසින් සොයා ගන්නා ලදී. මෙම සංඛ්‍යා එකතු කිරීමෙන් ඇය තක්සේරු කරන්නේ වෛරසය නිසා ඇත්ත වශයෙන්ම ළදරුවන් 1,302 ක් ඇතුළුව වයස අවුරුදු නවයට අඩු ළමුන් 2,060ක් මිය ගිය බවයි.

    මෙය සිදුවන්නේ ඇයි?

    විශේෂඥයන් පවසන්නේ කොවිඩ් ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන දෙවැනි රට වන බ්‍රසීලයේ ළදරුවන්ට හා කුඩා දරුවන්ට වසංගත අවදානම ඉහළ බවයි.

    “ඇත්ත වශයෙන්ම, බ්‍රසීලයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉතා ඉහළ අතර ළමයින් ද ඇතුළුව සියලුම වයස් කාණ්ඩවල මරණ සංඛ්‍යාව ද ඉතා ඉහළයි. නමුත් වසංගතය පාලනය කළ හොත්, මෙම තත්වය අවම කර ගත හැකියි” බ්‍රසීලියානු ළමා රෝග විද්‍යා සංගමයේ ප්‍රතිශක්තිකරණ දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා පවසයි.

    එවැනි ඉහළ ආසාදන අනුපාතයක් බ්‍රසීලයේ සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියම යටපත් කර තිබේ. රට පුරා ඔක්සිජන් සැපයුම අඩුවෙමින් පවතී, මූලික ඖෂධ හිඟයක් පවතින අතර රට පුරා බොහෝ දැඩි සත්කාර ඒකකවල ඇඳන් නොමැත.

    කොවිඩ් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ළදරුවෙක්

    බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ අගුලු දැමීමට දිගින් දිගටම විරුද්ධ වන අතර ආසාදන අනුපාතය පසුගිය වසරේ උතුරු බ්‍රසීලයේ මනවුස් හි මතුවූ පී 1 නම් ප්‍රභේදයක් මගින් මෙහෙයවනු ලබන අතර එය වඩාත් බෝවන සුළු යැයි සැලකේ. වසංගතයේ වෙනත් කිසිදු මාසයකට වඩා දෙවරක් පසුගිය මාසයේ මිය ගිය අතර ඉහළ යන ප්‍රවණතාව අඛණ්ඩව පවතී.

    ළමා මරණ විශාල වශයෙන් ඉහළ යාමට තවත් හේතුවක් වන්නේ ප්‍රමාණවත් තරම් පරීක්ෂණ නොමැතිකමයි.

    මාරින්හෝ පවසන්නේ ළමුන් සඳහා බොහෝ විට කෝවිඩ් රෝග විනිශ්චය ප්‍රමාද වී ඇති බවයි. “අපට රෝග විනිශ්චය කිරීමේ බරපතල ගැටළුවක් තිබෙනවා. සාමාන්‍ය ජනගහනය සඳහා ප්‍රමාණවත් තරම් පරීක්ෂණ අප සතුව නැහැ. ළමයින් සඳහා පවා එය ඉතාම අඩුයි. රෝග විනිශ්චය ප්‍රමාද වීම නිසා දරුවා රැකබලා ගැනීමේ ප්‍රමාදයක් පවතිනවා” ඇය පවසයි.

    මෙය හුදෙක් පරීක්ෂණ ධාරිතාවක් නොමැති නිසා පමණක් නොව, කොවිඩ් -19 රෝගයෙන් පෙළෙන දරුවන්ගේ රෝග ලක්ෂණ මග හැරීම හෝ වැරදි ලෙස හඳුනා ගැනීම බොහෝ විට සිදුවේ. මෙම රෝගය තරුණ තරුණියන් අතර වෙනස් ආකාරයකින් දක්නට ලැබේ.

    දෙමව්පියන් සහ දරුවන් අතර වීඩියෝ ඇමතුම් ලබා ගැනීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය ටැබ්ලට් සහ දුරකථන මිලදී ගත්හ
    දෙමව්පියන් සහ දරුවන් අතර වීඩියෝ ඇමතුම් ලබා ගැනීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය ටැබ්ලට් සහ දුරකථන මිලදී ගෙන ඇත

    වැඩිහිටි කොවිඩ් ආසාදිතයෙකුට වඩා දරුවෙකුට පාචනය, උදර වේදනාව හා පපුවේ වේදනාව වැඩිය. රෝග විනිශ්චය ප්‍රමාදයක් ඇති හෙයින්, දරුවා රෝහලට පැමිණෙන විට ඔවුන් බරපතල තත්ත්වයේ පසුවන අතර එය කිසිසේත් යහපත් නැත. අවසානය බොහෝ විට අමිහිරි විය හැකිය.

    මේ අතර දරිද්‍රතාවය සහ සෞඛ්‍ය සේවා සදහා ප්‍ර වේශය ද බ්‍රසීලයේ ප්‍රබල ගැටලු ඇති කරයි. වයස අවුරුදු 20ට අඩු කොවිඩ්-19 ආසාදිතයින් 5857 දෙනකු පිළිබඳ නිරීක්ෂණ අධ්‍යයනයක් , සාඕ පාවුලෝ වෛද්‍ය විද්‍යාලයේ බ්‍රයන් සූසාගේ නායකත්වයෙන් යුත් බ්‍රසීලියානු ළමා රෝග විශේෂඥයින් විසින් සිදු කරන ලද අතර, කොවිඩ් -19 හි නරකම ප්‍රතිඵල සඳහා අවදානම් සාධක ලෙස කොමොරිබිඩිටි සහ සමාජ ආර්ථික අවදානම හඳුනාගෙන ඇත. මෙය වැදගත් සාධකයක් බව මරින්හෝ කියයි.

    ‘‘ කොවිඩ් වෛරසයෙන් වඩාත්ම වැඩි අවදානමක් ඇත්තේ කලු ජාතික ළමයින්ට සහ ඉතා දුප්පත් පවුල්වල දරුවන්ටයි. ඔවුන්ට උපකාර ලබා ගැනීමට වඩාත්ම දුෂ්කර වීම ඊට හේතුවයි. මරණ අවදානමට ලක්ව ඇත්තේ මෙම දරුවන්” ඇය පවසන්නේ මෙය ජනාකීර්ණ නිවාස තත්වයන් නිසා ආසාදනය වූ විට සමාජමය වශයෙන් දුරස් වීමට නොහැකි වීම සහ දුප්පත් ප්‍රජාවන්ට දේශීය දැඩි සත්කාර ඒකකයකට පිවිසීමට නොහැකි අවදානම ඉහළ දමන බවයි.

    මෙම දරුවන් අතර මන්දපෝෂණය ඉතා ඉහළ අතර එනිසාම “ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට භයානක” බව මාරින්හෝ පවසයි. 

    ‘‘කොවිඩ් වසංගතය නිසා බ්‍රසීලයේ දරිද්‍රතාව තවත් වටයකින් ඉහළ ගොස් තිබෙනවා. වසරක් තුළ දරිද්‍රතාවට පහළින් සිටින ජනගහණය මිලියන 7 සිට 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය තුළ බොහෝ දුප්පත් මිනිසුන් කුසගින්නේ පෙළනවා. මේ සියල්ල මරණ අනුපාතය කෙරෙහි බලපානවා”

    එන්නත සඳහා ප්‍රමුඛතාවය දිය යුතු ළමුන් අතර ඇතැම් අවදානම් කණ්ඩායම් තම අධ්‍යයනයෙන් හඳුනාගෙන ඇති බව සූසා පවසයි. දැනට වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා එන්නත් ලබාදීමක් සිදු නොවේ. 

    කෙටි ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    වසංගතයේ ආරම්භයේ සිටම ආසාදිතයින්ට ඇති බිය නිසා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ළමුන් බැලීම සදහා දෙමාපියන්ට සහ ඥාතීන්ට දැඩි සීමාකිරීම් පවතී.

    ඇල්බට් සබින් ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරියක වන වෛද්‍ය සිනාරා කාර්නීරෝ පවසන්නේ මෙය අතිශයින්ම අභියෝගාත්මක වී ඇත්තේ දෙමව්පියන් තම දරුවන්ට සැනසීමක් වන නිසා පමණක් නොව, සායනික අර්ථයෙන් ඔවුන්ට උපකාර කළ හැකි නිසා බවයි.

    ආචාර්ය සිනාරා කානීරෝ
    ආචාර්ය සිනාරා කානීරෝ

    තම දරුවාගේ තත්වය පිරිහී ඇති බව දැනගත් විට දෙමව්පියන් නොපැමිණීම ඔවුන්ගේ කම්පනය තීව්‍ර කරන බවත් එය දැක බලා ගැනීමට ඔවුන් එහි නොසිටි බවත් ඇය පවසයි.

    “දෙමව්පියන් නොදැක දරුවෙකු මිය යන බව දැකීම වේදනාවක්” යැයි වෛද්‍ය කානීරෝ පවසයි.

    දෙමව්පියන් සහ ඔවුන්ගේ දරුවන් අතර සන්නිවේදනය වැඩිදියුණු කිරීමේ උත්සාහයක් ලෙස, ඇල්බට් සබින් රෝහලේ කාර්ය මණ්ඩලය එක්ව වීඩියෝ ඇමතුම් සඳහා පහසුකම් සැපයීම සඳහා දුරකථන සහ ටැබ්ලට් පරිගණක මිලදී ගෙන ඇත.

    ආචාර්ය කානීරෝ පවසන්නේ මෙය ඉමහත් උපකාරයක් වී ඇති බවයි. “අපි පවුලේ සාමාජිකයන් සහ රෝගීන් අතර වීඩියෝ ඇමතුම් 100කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කර තිබෙනවා. මෙම සම්බන්ධතාවය මානසික ආතතිය බෙහෙවින් අඩු කර තිබෙනවා”

    විද්‍යාඥයින් අවධාරණය කරන්නේ මෙම වයස් කාණ්ඩයේ මරණ අවදානම තවමත් “ඉතා අඩු” බවයි. වර්තමාන සංඛ්‍යාලේඛන වලට අනුව බ්‍රසීලයේ 345,287ක් වන වයස අවුරුදු 0-9 අතර මරණ ප්‍රතිශතය 0.58%කි.

    “සංඛ්‍යා ඇත්තෙන්ම බියජනකයි” කියා වෛද්‍ය කානීරෝ පවසයි.

    දැඩි සත්කාර ඒකකයේ සිටින දරුවෙකුට වෛද්‍යවරයෙක් ටැබ්ලටයක් තබා ගනී

    උපකාර පැතිය යුත්තේ කවදාද?

    කොරෝනා වයිරසය දරුවන්ට බෝවන නමුත් එය කලාතුරකින් බරපතල ය. ඔබේ දරුවා අසනීප නම් එය කොරොන වයිරසයට වඩා කොරොන වයිරස් නොවන රෝගයක් විය හැකිය.

    ළමා රෝග හා ළමා සෞඛ්‍ය පිළිබඳ රාජකීය විද්‍යාලය දෙමාපියන්ට උපදෙස් දෙන්නේ පහත සදහන් ලක්ෂණ ඔබගේ දරුවා තුළින් නිරීක්ෂණය වන්නේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවිය යුතු බවයි.

    • සුදුමැලි වීම, කැළඹීම සහ ස්පර්ශයට අසාමාන්‍ය ලෙස සීතල දැනීම
    • ඔවුන්ගේ හුස්ම ගැනීමේ විරාමයන් (ඇප්නෝස්), අක්‍රමවත් හුස්ම ගැනීමේ රටාවක් තිබේ නම්
    • හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයක්, කලබල වීම හෝ ප්‍රතිචාර නොදැක්වීම
    • තොල් වටා නිල් පැහැති වීම.
    • අතිශයින් පීඩාවට පත්වේ (අවධානය වෙනතකට යොමු නොවී අඩමින්), ව්‍යාකූල, ඉතා උදාසීන (අවදි කිරීමට අපහසු) හෝ ප්‍රතිචාර නොදක්වයි
    • පීඩනය සමඟ අතුරුදහන් නොවන කුෂ්ඨයක් වර්ධනය වේ නම්.
    • වෘෂණ කෝෂ වේදනාව, විශේෂයෙන් නහඹර වියේ පිරිමි ළමයින් තුළ

    බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • Oxford-AstraZeneca සහ  CVSTs ලේ කැටි ගැසීම ගැන ඇත්ත කතාව කුමක් ද ?

    Oxford-AstraZeneca සහ CVSTs ලේ කැටි ගැසීම ගැන ඇත්ත කතාව කුමක් ද ?

    කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මහජනයාට දෙනු ලබන ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca) එන්නත සහ දුර්ලභ ඝනයේ රුධිර කැටිගැසීමක් තිබේද? යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකෙරෙමින් පවතී.

    එම එන්නත සහ CVSTs යනුවෙන් හඳුන්වන දුර්ලභ ලේ කැටිගැසීම අතර සම්බන්ධයක් ඇද්ද යන්න තහවුරු වී නැතත් එවැනි සම්බන්ධයක් පවතින බව ”තහවුරුවෙමින් පවතින බව” විශේෂඥයෝ පවසති.

    එම තත්ත්වය සැලකිල්ලට ගන්නා මහජනයාට එන්නත ලබාදීම සම්බන්ධයෙන් උපදෙස් දෙන එක්සත් රාජධානියේ විශේෂඥයන්ගේ කණ්ඩායම වන එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව (JCVI) වයස අවුරුදු තිහට අඩු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුක්ත පුද්ගලයන්ට ඒ වෙනුවට වෙනත් එන්නතක් ලබා දෙන ලෙස දැන් නිර්දේශ කරයි.

    CVST ලේ කැටිගැසීමක් යනු කුමක්ද?

    CVST යන යෙදුම භාවිත කරනු ලබන්නේ මොළයේ රුධිරය කැටිගැසීමේ ත්‍රොම්බෝසිස් (thrombosis) තත්ත්වය හැඳින්වීම සඳහාය. එය මොළයේ විශාල නහරයක ඇති ලේ කැටි ගැසීමකි.

    රුධිරය මොළයේ සිට යළිත් හෘදයවස්තුව කරා ගමන්ගැනීම මිනිස් ශරීරයේ සාමාන්‍ය ක්‍රියාවලියයි.

    ඒ අතර වාරයේ ලේ කැටියක් (CVST) මගින් මොළයෙහි රුධිර සංසරණය අවහිර කරන තත්ත්වයක් කෙනෙකු තුළ මතුවිය හැකිය. ඒ සමඟ සිදුවන්නේ සිරුරේ ඔක්සිජන් අඩුවීමය. එහි ප්‍රතිවිපාකයක් වශයෙන් මධ්‍යම ස්නායු පද්ධතිය විධිමත් මට්ටමින් ක්‍රියාත්මක නොවන අතර අවසානයේදී සිරුරට බලවත් හානියක් සිදුවීමට ද ඉඩකඩ ඇත.

    මොළයේ පමණක් නොව, දුර්ලභ ලේ කැටිගැසීම් මිනිස් සිරුරක වෙනත් ස්ථානයන්හි ද සොයාගෙන ඇත. නිදසුනක් වශයෙන් උදරය ප්‍රදේශයේ විශාල නහරවල එවැන්නක් ඇතිවීමේ ඉඩක් පවතී. ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් කීපදෙනකුගේ සිරුරුවල හදවතේ සිට වෙනත් අවයව කරා රුධිරය ගෙනයන නාලිකාවලද ලේ කැටි සොයාගනු ලැබ තිබේ.

    ලේ කැටිගැසීමට හේතු

    මිනිස් සිරුරේ රුධිරය කැටිගැසීමට නියත හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් කිසිවකුට තවමත් සහතිකව කිව නොහැක. එහෙත් එවැනි තත්ත්වයකට බලපාන පොදු හේතූන් කීපයක් හඳුනාගෙන ඇත.

    මොළයේ ලේ කැටි ගැසෙන (CVST) තත්ත්වයට පත්ව ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකරනු ලැබ ඇති පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ එම සියලු රෝගීන්ගේ සිරුරුවල රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවකි. රුධිර පට්ටිකා සිරුරෙහි රුධිර වහනය වීමකදී එය යථා තත්ත්වයට ගෙනඒමට උපකාරීවෙන රුධිර සෛල වෙති.

    එම රෝගීන්ගේ රුධිරයෙහි අන්තර්ගත ආසාදනයන්ට එරෙහිව ක්‍රියාකිරීමට නිතරම මහෝපකාරී වන ප්‍රතිශක්තිජනක විශේෂ ප්‍රතිදේහයක් (antibody) හමුවී ඇත. ඒවා මගින් කුඩා රුධිර පට්ටිකා සක්‍රීය කෙරෙයි.

    එම ප්‍රතිදේහ නිසා වැරදීමකින් රුධිර පට්ටිකා එකට කැටිව එය ලේ කැටියක් බවට පත්වීමට හේතුවිය හැකිය. එසේම එය සිරුරෙහි සෙසු ස්ථානයන්හි කැටිති රටාව තුළත් ක්‍රියාත්මක වීමට ඉඩකඩ පවතී.

    කැටිගැසීම් සහ රුධිර පට්ටිකාවල අඩුව අතර පවතින සංයුක්තභාවය දැනට වෛද්‍යවරුන් විසින් විපරම් කරනු ලබන විශේෂ කරුණක්ව ඇත.

    එහෙත් මෙම ක්‍රියාවලිය හඳුනාගනු ලැබීම අතින් තේරුම්ගත යුතුව ඇති තවත් බොහෝ කරුණු පවතී.

    CTA ස්කෑන් මගින් ලබාගත් මොළයේ පින්තූරයක්
    CTA ස්කෑන් මගින් ලබාගත් මොළයේ පින්තූරයක්

    මෙම ගැටලුව තමාට ඇත්දැයි හඳුනාගන්නේ කෙසේද?

    යම්කිසි තැනැත්තකු විසින් එන්නත ලබාගැනීමෙන් පසු දවස් හතරක් හෝ ඊට වැඩි දින ගණනක් පහත දැක්වෙන රෝග ලක්ෂණවලින් පෙළෙන්නේනම්, වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

    • දිගින් දිගටම පවතින දරුණු හිසරදය
    • පෙනුම බොඳවීම
    • හුස්ම ගැනීමේ දුෂ්කරතා
    • පපුවේ වේදනාව
    • කකුල් ඉදිමීම
    • නොකඩවා පවතින බඩ රිදුම සහ/හෝ උදරයේ වේදනා
    • එන්නත විදින ලද ස්ථානය අවට හාත්පස අසාමාන්‍ය ආකාරයේ සමෙහි තැල්මක ලකුණු හෝ රතු හෝ දම් පැහැති කුඩා ලප තිබේනම්
    • පාදවල දක්නට ලැබෙන දුර්වලවීමක් වැනි ස්නායු රෝගයක ලක්ෂණ.

    කැටිගැසීමක් ඇතිවිය හැක්කේ එන්නත ලබාගැනීමෙන් දවස් කීයකට පසුවද?

    පැමිණිලි වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ එන්නත ලබාගැනීමෙන් දවස් හතරත් සති කීපයක් අතර කාලය තුළය.

    එන්නත ලබාගත් පුද්ගලයකු තුළ ඉහත කී ලක්‍ෂණ මසක් ඇතුළත ප්‍රදර්ශනය වන්නේනම් රෝග විනිශ්චයක් ලෙස එම දුර්ලභ තත්ත්වය සැලකිල්ලට ගතයුතුව ඇතැයි එක්සත් රාජධානියේ වෛද්‍ය විශේෂඥයෝ සෙසු වෛද්‍යවරුන්ට උපදෙස් දෙති.

    ලේ කැටියක් ඇතිවීම කොතරම් දුර්ලභද?

    අප්‍රියෙල් මස නව වෙනිදා (09) වනවිට දහනව දෙනකු මරණයට පත්ව ඇති අතර එවැනි රෝගීන් 79 දෙනකු හඳුනාගනු ලැබ ඇතැයි එක්සත් රාජධානියේ සෞඛ්‍ය පාලන අධිකාරිය (MHRA) නිවේදනය කළේය.

    එක්සත් රාජධානිය තුළ ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca) එන්නත මිලියන විස්සකට අධික ජනකායකට මේ වනවිට ලබා දී ඇත. එම ජනතාව අතරින් දැනට වාර්තා වී ඇත්තේ ඉහත සඳහන් සිද්ධීන් සංඛ්‍යාව පමණි.

    එම තොරතුරු අඛණ්ඩව විශ්ලේෂණය කෙරෙමින් පවතින අතර කාලයත් සමඟ තවත් බොහෝ තොරතුරු ලැබෙන ආකාරයක් දක්නට ලැබෙයි.

    එන්නත ලබාගැනීමෙන් අනතුරුව ඉහත කී ආකාරයේ ලේ කැටිගැසීමක් සිදුවීමේ අනතුරුදායකභාවය පවතින්නේ දෙලක්ෂ පනස් දහසකට (250,000) එකක් යයි දැනට පවතින තොරතුරු අනුව තක්සේරු කරනු ලැබ ඇත.

    එවැනි ලේ කැටි ගැසීමක් තරමක් දුර්ලභ දෙයක් වන නමුත් තරුණ ප්‍රජාව අතර එම අනතුර වැඩිවෙමින් ඇති හැඩක් දක්නට ලැබෙයි.

    වයස අවුරුදු තිහට අඩු නිරෝගී පුද්ගලයන්ට කොවිඩ්-19 ආසාදනය වීමකින් ඔවුන් බරපතල ලෙස රෝගීවීමේ අවදානම අඩු බව පවසන එක්සත් රාජධානියේ විශේෂඥයන්ගේ කණ්ඩායම වන එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව (JCVI) පවතින ප්‍රතිලාභය සහ අනතුර යන දෙකම සැලකිල්ලට ගනිමින් ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca) එන්නත වෙනුවට හැකියාවක් තිබේනම් වෙනත් විකල්ප එන්නතක් භාවිත කරන ලෙස නිර්දේශ කරයි.

    කෙසේවුවද, එන්නත ලබාදීම මගින් අතිබහුතර ප්‍රජාවට ලැබෙන ප්‍රතිලාභය එහි අන්තරායකාරී තත්ත්වයට වඩා බොහෝ ඉහළ මට්ටමක පවතින බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරති.

    AZ vaccine being given in London

    ලේ කැටි ගැසීමකට ප්‍රතිකාර තිබේද?

    එවැනි ආපදාවක දී රෝගය ඉක්මණින් හඳුනාගනු ලැබීම රෝගියා සුවපත්කර ගැනීම අතින් ඉතා වැදගත්ය.

    එවැනි තත්ත්වයකට පත් රෝගියකු සඳහා ඖෂධ වර්ග කීපයක්ම භාවිත කෙරෙයි. ප්‍රතිශක්තිජනක ලෙස සිරුර තුළ ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිකාරක ප්‍රෝටීන සේලයින් ක්‍රමයට ශරීරගත කරනු ලැබීම අදාළ ප්‍රතිකාරයකි.

    රුධිරය තුනීකරනු ලබන නවීන ඖෂධ සමඟ ඇතැම් රෝගීන් නිවසේ සිට ප්‍රතිකාර ලබාගැනීමට යවනු ලබන අතර ඔවුන් නිරන්තරයෙන් වෛද්‍ය අධීක්ෂණයට ලක්කෙරෙයි.

    එවැනි රුධිරය කැටි ගැසීම්වලට මුහුණදෙන රෝගීන්ගෙන් 75%ක් පමණ සුවය ලබන බව දැනට ලැබී ඇති සාක්ෂි මගින් පෙන්නුම් කෙරෙන බව රුධිරය පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය ඒඩ්රියන් නිව්ලන්ඩ් (Prof Adrian Newland) පවසයි.

    එක්සත් රාජධානිය ගත්විට රුධිරය පිළිබඳ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් සෙසු වෛද්‍යවරුන්ට නිතර උපදෙස් සැපයීමක් සිදුකරනු ලබන අතර නිරන්තරයෙන් ඔවුන් යාවත්කාලීන කරනු ලැබෙයි.

    අනෙකුත් කොවිඩ් එන්නත් සහ ලේ කැටි ගැසීම් අතර සම්බන්ධයක් තිබේද?

    ෆයිසර් (Pfizer) එන්නත ලබාදුන් කීපදෙනකු සහ ජැන්සන් (Janssen) එන්නත සම්බන්ධයෙන් සිදු කෙරුණු සායනික පරීක්ෂණයේ දී එක් තැනැත්තකු රුධිර කැටිගැසීමේ තත්ත්වයට පත්වූ බවට වාර්තා ලැබී තිබිණැයි එක්සත් රාජධානියේ විශේෂඥයන්ගේ කණ්ඩායම වන එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුවේ (JCVI) නියෝජ්‍ය සභාපති මහාචාර්ය ඇන්තනි හර්න්ඩෙන් (Prof Anthony Harnden) පැවසීය.

    ”එවැනි තත්ත්වයන් අතිශයින් දුර්ලභයි. එම රුධිර කැටිගැසීම්වලට හේතුව කොවිඩ් එන්නතද නැත්නම් වෙනත් කාරණයක් ද යන්න තීරණය කිරීම දුෂ්කරයි” මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

    ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca) එන්නත රුධිරය කැටි ගැසීමට හේතුවන්නේ යයි තහවුරු වුවහොත්, ඊට සමාන ක්‍රමයක් අනුගමනය කරමින් දෙනු ලබන ‘ජැන්සන්’ (Janssen) වැනි වෙනත් එන්නතක් භාවිත කිරීම කෙරෙහි විද්‍යාඥයන්ගේ අවධානය යොමුවිය යුතුව ඇති බවත් මහාචාර්ය ඇන්තනි හර්න්ඩෙන් (Prof Anthony Harnden) සඳහන් කරයි.

    බී.බී.සී සන්දේශය වාර්තාවකි

  • Covid-19: ජනපති පුටින් ආරක්ෂා කරගන්න රැසියාව ගන්නා සුපිරි වෑයම ගැන හෙළිදරව්ව

    Covid-19: ජනපති පුටින් ආරක්ෂා කරගන්න රැසියාව ගන්නා සුපිරි වෑයම ගැන හෙළිදරව්ව

    ජනාධිපති පූටින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙතරම් අසාමාන්‍ය සහ අති විශාල මට්ටමේ ආරක්‍ෂිත ක්‍රියාදාමයන් දියත් කිරීම පිළිබඳව සහ එවැනි ක්‍රියාදාමයන් වෙනත් රටක සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ක්‍රෙම්ලින් ප්‍රකාශකගෙන් බීබීසීය විමසූ නමුත් ඊට පිළිතුරු දීමෙන් ඔහු වැළකී සිටියේය.

    වසංගතය ආරම්භ වූ සමයේ පටන්, ජනාධිපති පූටින් කොරෝනාවෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රුසියානු බලධාරීන් අසාමාන්‍ය මට්ටමින් ක්‍රියා කර තිබේ. ක්‍රෙම්ලින් මාදිලියේ නිරෝධායනය සංවිධානය කෙරුණේ කෙසේද? තම ජනාධිපතිවරයා කොරෝනා ආසාදනයෙන් රැක ගැනීමට කෙතරම් මුදල් සම්භාරයක් වැය කර තිබේද?

    පසුගිය වසර පුරාවට ම, ජනාධිපති පූටින්ට සමීපව කටයුතු කරන පුද්ගලයන් සිය ගණනක් නිරෝධායනයට ලක් කිරීමට රුසියානු බලධාරීහු ක්‍රියා කළහ.

    ජනාධිපතිවරයා ගැවසෙන තැනකට සමීප නොවන ඇතැමුන්ට ද ස්වයං නිරෝධායනය වීමට සිදු විය. ඊට හේතුව, පූටින් සමඟ මුහුණට මුහුණ හමුවන පිරිස ඉහත කී පුද්ගලයන් හා සබඳතා පවත්වන බැවිනි.

    2020 වසරේ මාර්තු 25වැනිදා ජනාධිපති පූටින් ජාතිය ඇමතුවේය. අප්‍රේල් පළමු වැනිදායින් ඇරඹෙන සතිය “වැඩ නොකරන සතියක්” ලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ වනවිට රුසියාව පුරා කොරෝනාවෛරසය වේගයෙන් පැතිර යමින් පැවතුණි.

    තවත් දින කීපයක් ගතවීමෙන් අනතුරුව රුසියාව ලොක්ඩවුන් කෙරිණ. අත්‍යවශ්‍ය නොවන කඩ සාප්පු වසා දැමුණි. ජන ඒකරාශී වීම් තහනම් කෙරුණි. ජනගහනයෙන් වැඩි පිරිසක් තම නිවෙස්වල සිට රාජකාරි කිරීමට පටන් ගත්හ.

    EPA

    මේ අතරතුර, ජනාධිපති පූටින් ට සේවය කරන ගුවන් යානා සේවක පිරිසෙන් 60 දෙනෙකු සහ තවත් රජයේ ඉහළම නිලධාරීන් පිරිසක් 2020 මාර්තු 26දා නිරෝධායනයට ලක් කෙරුණේ ප්‍රථම වතාවටය. ඔවුන් රඳවා තැබුවේ මොස්කව් අගනුවරට නුදුරින් පිහිටි හෝටලයක ය.

    එවක් පටන්, සිය ගණනක් ගුවන් යානා නියමුවන්, වෛද්‍ය සේවකයන්, රියදුරන් සහ වෙනත් සහකාර සේවකයන් රුසියාවේ හොටල් තුළ කාලය ගත කළේ නිරෝධායනය වීමටය.

    මේ සියල්ල සිදුවූයේ ජනාධිපති පූටින් ට කොවිඩ් 19 වැළඳීම වළක්වා ගැනීම සඳහාය.

    පූටින් ට දුන් එන්නත

    රුසියාවේ සංවර්ධිත කොවිඩ් එන්නතක් ජනාධිපති පූටින් ට ලබා දුන් බව මෑතකදී වාර්තා විය. නමුත් එය කුමන එන්නත ද යන්න සඳහන් කර නොතිබුණි. ඒ කෙසේ නමුත්, “නිරෝධායන” හෝටල් සමඟ පවතින ගිවිසුම් ඊළඟ වසරට ද දීර්ඝ වී ඇති බවක් නම් පෙනෙන්නට තිබේ.

    රුසියානු ජනාධිපතිවරයාගේ රාජකාරි කටයුතු නිසි පරිදි සුමටව පවත්වාගෙන යාම සඳහා පවතින අවශ්‍යතා සැපයීමේ වගකීම පැවරී ඇති අධ්‍යක්ෂ මණ්ඩලයට ඇමරිකානු ඩොලර් මිලියන 84ක් රජයේ අයවැයෙන් ලැබී ඇති බව බීබීසී රුසියානු අංශය ගණන් බලා තිබේ.

    Vladimir Putin on a screen in front of an audience

    ක්‍රෙම්ලිනයේ නිරෝධායන සඳහා පමණක් අවම වශයෙන් හෝටල් 12ක් වත් භාවිත කෙරෙන බව බීබීසී රුසියානු අංශය සොයාගෙන තිබේ.

    පූටින් ගේ විනෝදාංශය

    මෙම හෝටල් මොස්කව් නුවර සහ යාබද ක්‍රිමියා පළාතේ පිහිටි ඒවාය. එමෙන්ම දකුණු පළාතේ පිහිටි සෝචි නගරයට නුදුරින් ද හෝටල් වෙන්කර තිබේ. සෝචි යනු 2014 දී හිම ඔලිම්පික් තරඟාවලිය පැවති නගරයයි. එම නගරය හිම ක්‍රීඩා සඳහා ප්‍රසිද්ධය. හිම ක්‍රීඩාව ජනාධිපති පූටින් ගේ ප්‍රියතම විනෝදාංශයකි.

    නිරෝධායන ලැයිස්තුවේ පෞද්ගලික හෝටල් නොමැත. අමුත්තන් සහ කාර්යමණ්ඩල සේවකයන් රැඳී සිටින මෙම සියලු හෝටල් ජනාධිපති අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් වේ. 2022 වසරේ මාර්තු මාසය දක්වාම ඇතැමුන් කාමර වෙන්කර ගෙන ඇත.

    මෙම හෝටල්වල ප්‍රධාන වශයෙන් රැඳී සිටින්නේ ගුවන්යානා කාර්ය මණ්ඩලයට අයත් පිරිසයි.

    එම ගුවන් යානා කාර්යමණ්ඩලය ජනාධිපති ව්දිලැමීර් පූටින් ට පමණක් නොව, අගමැති මිඛායිල් මිශුස්ටින් ට සහ තවත් කැබිනට් ඇමතිවරු අට දෙනෙකුට සේවය සපයති.

    ජනාධිපති පූටින් පසුගිය වසරෙන් වැඩි කාලයක් රාජකාරි කටයුතු සිදු කර ඇත්තේ සෝචි හි පිහිටි තම නිවසේ සිට බව බීබීසී රුසියානු අංශයට දැනගන්නට ලැබුණි.

    ක්‍රෙම්ලිනයේ නිරෝධායන කටයුතුවලට සමීප ආරංචි මාර්ග පැවසුවේ ගුවන්යානා නියමුවන් සහ ගුවන් කාර්ය මණ්ඩලයට අයත් සැලකිය යුතු පිරිසක් සෝචි පළාතට නුදුරු හෝටල්වල නිරෝධායනය වෙමින් රැඳී සිටින බවය. ඔවුන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, විදේශ ඇමතිවරයාට සහ තවත් බොහෝ පිරිසකට ගමනාගමනය සපයන බවය.

    එහි නිරෝධායනය වන පිරිස අතර ගුවන්යානා නියමුවන්ට අමතරව හෙලිකොප්ටර් යානා නියමුවෝ ද සිටිති.

    Vladimir Putin on a stage

    පූටින් ගේ දේශප්‍රේමය

    දෙවන ලෝක සංග්‍රාමයේ ජය සමරන 75වැනි සංවත්සරය රුසියාවේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන ප්‍රධානතම උත්සවයක් වීමට නියමිතව තිබුණි. යුද්ධයේ අවසාන අදියරේ මතකයන් සිහිපත් කිරීම සහ නාසි හමුදාව පරාජය කිරීමෙහි ලා රුසියාවේ දායකත්වය සැමරීම පූටින් ගේ ආණ්ඩුවේ දේශප්‍රේමය විදහා පාන ප්‍රධාන අංගයකි.

    මෙම උත්කර්ෂවත් සැමරුම පසුගිය මැයි 9වැනිදා, රතු චතුරශ්‍රයේ දී මහ ඉහළින් පැවැත්වීමට නියමිතව තිබුණි. එය රුසියාවේ විජයග්‍රාහී දිනයයි.

    නමුත් එය පැවැත්වුණේ 2020 ජුනි 24වැනිදාය. එම සැමරීම සරලව සිදු කෙරුණු නමුදු හමුදා පෙළපාලියක් ද ඊට ඇතුළත්ව තිබුණි. එහිදී ජනාධිපතිවරයා යුද විරුවන්ට සහ ජනප්‍රිය පුද්ගලයන්ට අතට අත දුන්නේය. ජනාධිපතිවරයා ඔවුනට පදක්කම් පිරිනැමුවේය.

    මෙහිදී ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවූ 200කට අධික අමුත්තන් පිරිසක්, උත්සව දිනයට දෙසතියකට පෙර සිට නිරෝධායනයට ලක් වී ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය.

    එම අමුත්තන් අතර වයස අවුරුදු 80ට වැඩි සහ 90ට වැඩි විශ්‍රාමික යුද විරුවන් ද සිටි බව ඔවුන් වාර්තාකර තිබුණි.

    “විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් ඉතා උසස් තත්ත්වයන් යටතේ” නිරෝධායනය වෙමින් සිටින බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ්, ජුනි මාසයේ පැවති මෙම උත්සවයට පෙර සනාථ කළේය.

    නමුත් ඔහු අවධාරණය කළේ එය ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සිදු කෙරෙන්නක් බවය.

    President Putin laying flowers on a grave

    රුසියානු රාජ්‍ය පුවත් සේවාවන් වන TASS සහ RIA-Novosti ද මීට සමාන වාර්තා පළකර තිබුණි. ඒවාහි විස්තර කර තිබුණේ මාධ්‍යවේදීන් විසි දෙනෙකු නිරෝධායනය කිරීම සඳහා “මොස්කව් නුවර පිහිටි හෝටල්” සුදානම් කර තිබුණු අයුරුයි.

    මත්පැන් හෝ දුම් පානය තහනම්

    ඔවුන්ට වෙන්කර තිබුණේ තනි පුද්ගල කාමරය. ඔවුන් ඉන් පිටතට පැමිණෙන්නේ කාමරය පිරිසිදු කරන අවස්ථාවේදී පමණි. මුහුණට මුහුණ හමුවී එකිනෙකා සමඟ කතාබස් කිරීමට ඔවුනට අවසර නොමැත. ඔවුන් තොරතුරු හුවමාරු කර ගෙන ඇත්තේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික මාර්ගවලින් පමණි.

    ඔවුනට මත්පැන් හෝ දුම් පානය තහනම් ය. පිටතින් පැමිණෙන පාර්සලයක් වේනම් එය භාරගනු ලබන්නේ හෝටල් කාර්ය මණ්ඩලය විසිනි. ඒවා අදාල අමුත්තාට භාර දෙනු ලබන්නේ පරීක්ෂාවට සහ විෂබීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුවය.

    හුදෙකලා කර ඇති මෙම මාධ්‍යවේදීන්ට තුන් වේලක් ආහාර සපයා ඇත. එම ආහාර පාන කාමරයේ දොර අබියස තබනු ලැබේ. පාවිච්චියෙන් පසු ඉවත ලන හැඳි ගෑරුප්පු කට්ටලයක් ද ඒ සමඟ ලැබේ.

    මොවුන් හමුවීමට යම් කෙනෙකු පැමිණියේ නම් එම පුද්ගලයා පූර්ණ ආරක්‍ෂිත ඇඳුම් පැළඳුම් සහිතව සිටියේය.

    ජනාධිපතිවරයාගේ සංචාරයන් සිදුවන විට කලාපීය බලධාරීන් ද කල්තියා නිරෝධායනය වී සිටිය යුතු බවට පුවත් වාර්තා වී තිබුණි.

    උදාහරණයක් ලෙස, Nizhny Novgorod කලාපයේ Sarov නගරයට ජනාධිපතිවරයා පැමිණීමට පෙර පළාත් පාලන අධිකාරීන් විසින් ඩොලර් 13,000ක් වෙන්කර තිබුණේ “රුසියාවේ ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර කොරෝනාවෛරස් ආසාදනයන් ව්‍යාප්ත වීම වලක්වා ගැනීමේ අරමුණ” ඇතිවය.

    එම අවස්ථාවේ දී කලාපීය පරිපාලකයන් විසි දෙනෙකු පමණ හුදෙකලාකොට තැබුණු බව බීබීසී රුසියානු සේවයට දැනගන්නට ලැබුණි.

    ජනාධිපති පූටින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙතරම් අසාමාන්‍ය සහ අති විශාල මට්ටමේ ආරක්‍ෂිත ක්‍රියාදාමයන් දියත් කිරීම පිළිබඳව සහ එවැනි ක්‍රියාදාමයන් වෙනත් රටක සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ක්‍රෙම්ලින් ප්‍රකාශකගෙන් බීබීසීය විමසූ නමුත් ඊට පිළිතුරු දීමෙන් ඔහු වැළකී සිටියේය.

    බී.බී.සී ඇසුරිණි – ඇනා පුෂ්කාර්ස්කායියා, පවෙල් අක්සේනොෆ් සහ පිට්‍රේ කොස්ලෝෆ් – BBC රුසියානු අංශය

  • හම්බන්තොට චීනට දුන් ‘එජාපයට අත්වුණ ඉරණම’ පොහොට්ටු ආණ්ඩුවටත් ? අභයාරාමයෙන් සටන ඇරඹේ !

    හම්බන්තොට චීනට දුන් ‘එජාපයට අත්වුණ ඉරණම’ පොහොට්ටු ආණ්ඩුවටත් ? අභයාරාමයෙන් සටන ඇරඹේ !

    හම්බන්තොට වරාය ගිවිසුමක් මගින් චීනයට පවරා දුන් එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති වූ බවත් වත්මන් ආණ්ඩුව ඊටත් වඩා බිහිසුණු ගමනක් යමින් කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට පියවර ගනිමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද (15) නාරාහෙන්පිට අභයාරාමයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

    එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් බවත් කී විජේදාස රාජපක්ෂ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

    ‘ අපේ රටට සිතියමක් තිබෙනවා. අපේ රට කියන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් හා රට වටා ඇති ජල තීරයයි. වරාය නගරය හරහා අපේ ජල තීරයෙන් අක්කර 1100ක් ගොඩබිමක් වූ පසු එය අපේ රටේ ගොඩබිමේ කොටසක්. මේ පනතට අනුව එම ගොඩකල අක්කර 1,100 ශ්‍රී ලංකාවට, බස්නාහිර පළාතට හෝ කොළඹ දිස්ත්‍රික්කයට අයිති නෑ. මේ පනතෙන් එය පාලනය කරන්න කොමිසමක් හදන්න යනවා. කොමිසම කටයුතු කරන්නේ චීන සමාගමේ අවශ්‍යතා අනුවයි. රටේ ක්‍රියාත්මක පනත් ගණනාවක් වරාය නගරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.

    දේශීය ආදායම් පනත ඇතුළු බදු පනත් 14න්ම මෙම කොටස මුදා හැර තිබෙනවා. පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි අතර එහි ‍වැටුප් ගෙවන්නේත් විදේශ මුදල් ඒකකයකින්. එහි ගොස් යමක් මිලදී ගතහොත් අපි ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනත් රටක් හා සමාන වෙනවා. අපි මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්නට තිරණය කර ඇත්තේ ඒ නිසයි‘

    මෙහිදී අදහස් දැක්වූ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි‍යෝ මෙසේ සදහන් කළහ.

    ‘‘ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව තම සංවිධානය ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පෙත්සමක් ගොනු කළා. මෙම පනත මගින් වරාය නගරය ලංකාවේ කොටසක් ලෙස බස්නාහිර පළාතේ සිතියමට ඇතුළත් වන්නේ නැහැ. ඒ වගේම දැනට රට තුළ ක්‍රියාත්මක වන පනත් අටක් වරාය නගරය තුළ ක්‍රියාත්මක වීම වැළැක්විමෙන් එය චීන කොළණියක් බවට පත්වීම නිසැකවම සිදුවෙනවා. මේ වන විට කොළඹ වරාය නගරය චීනයට පවරාදීමේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 14ක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අනුව අපි ඉදිරිපත් කළ පෙත්සම 15 වැනි පෙත්සමයි‘‘

  • Zany Inzane: ලංකාවේ මජර දේශපාලනය ප්‍රශ්න කරන ‘අංධයෝ- Freestyle Video’ ගැන සුපිරි කතාව

    Zany Inzane: ලංකාවේ මජර දේශපාලනය ප්‍රශ්න කරන ‘අංධයෝ- Freestyle Video’ ගැන සුපිරි කතාව

    ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරිත්වය ඉතාමත් නිර්දය ලෙස ප්‍රශ්න කරන පදමාලාවකින් යුක්ත Zany Inzane නම් රැප් ගායන ශිල්පියා විසින් ගායනා කරන “අංධයෝ” නම් Freestyle Video මියුසික් වීඩියෝව පසුගිය මාර්තු 31දා යූටියුබ් වෙත මුදාහරින ලද අතර එය මේ වන විට යූ ටියුබ් පරිශීලකයින් අතර අතිෂය ජනප්‍රිය වෙමින් පවතී.

    Zany Inzane යනු වත්මන් තරුණ පරපුර අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන ඇති සිංහල රැප්/හිප්හොප් සංගීත ශෛලිය දේශපාලන/විරෝධාකල්ප (Political Rap) තේමාවන් අනුව යොදාගන්නා තරුණ නිර්මාණශිල්පියෙක් ලෙස සැලකේ.

    එම ගීතයේ සම්පූර්ණ පද මාලාව සහ Link එක පහත දැක්වේ.

    අපේ ඇස් වල බැදිලා
    වහල් පටලේ
    කොටවන්නෙ ජාති
    වර්ග හතරේ
    Luxury life
    ප්‍රකෝටි කාර්
    Club වල night
    හොරාට බාර්
    ඔලුවට ගනින් මේ වෙන දේ
    හරියට හරි තේරෙන දේ
    උන්ගෙම බඩු
    උන්ගෙම නඩු
    වෙනසක් පෙනුනද මේ වෙනසේ
    උන් කරලාම අවසානේ
    නම් කලා රටේ අවසානේ පස්කුවක්
    කලේ කවුරු උනත්
    උගේ ගෑවුනේ නෑ අතේ
    මාංචුවක්
    අපි ගේන්නේ අහිංසක
    මිනිස්සු මරන්නද ආන්ඩුවක්
    ආයේ නෙවෙන්න ඕනේ නෑ
    රෑ වෙද්දී ගෙදරක ලාම්පුවක්
    අර ශුගර් ඩැඩී
    රගපෑවා වැඩී
    දැන් ගැලවිලා රෙදී
    අන්දනවා ඇතී

    පඩයක් ගියත් ඉගේ මුනුපුරාට
    හෙට පත්තරේ
    අර සිංහරාජේ
    හෙට කපනවා ඊලග අක්කරේ
    රට වික්කට අපි ආදරේ කොඩියට
    අපේ අහවල් එක අරන්
    තියපං ඊලග අවුරුද්දේ පොලියට
    ඒකත් අහලම කියපං අයියගෙන්
    ඇයි මැරෙන්නෙ අහනවා අයියගෙන්
    මම ඊලග මැති වරනෙට මොනවද
    බෙදන්නේ නිකන්
    අහනවා සජියගෙන්
    කරපං දූවිලි ආශ්වාස
    කරපං දූවිලි ප්‍රාශ්වාස
    ඇයි උඹලාගේ පපු
    ආත්මාර්ථ
    නිදහසේ ජීවත් වෙන්නයි
    මාත් ආස
    මේ වෙන දේ උඹ තේරුම් ගනින්
    වහල් නොවී ඔලු බේර ගනින්
    උන් ටික යයි හෙට යුරෝපෙට
    අපිව මරණ්නේ මුන් විනෝදෙට
    බල්ලෙක්ට ගැහුවොත් රුපියලකින්
    එ බල්ලත් බුරන්නේ කින්ඩියට
    රට වෙනස් වේවි එක තීරණෙකින්
    ඒක ගන්න බයයි එක චන්දයට
    යට ගහනවා මුන්ගේ රේප් කේස්
    මුලු ටීවී එකේ අද සුට් කේස්
    අඩෝ ඌත් ෆේල්
    අඩෝ මූත් ෆේල්

    කෑලී ගලවලා බැලුවද පීසි එකේ
    කට උත්තර නෑ වීරවංස
    ක්‍රිකට් කිව්ව ගමන් සීලවංස
    සැනියා උඹ ඉන්නේ බීලවත්ද
    නෑ සිහියෙන් සමන්ත දේවදත්ත
    ලක්ෂපතියේ හරි
    පේමන්ට් එකේ හරි
    ඇත්ත තමයි කිව්වෙ
    භාග්‍යා
    කඩේ යද්දී හොරුන්ට
    කොහෙද කෙලින් වැඩ කරන මාද්‍යක්
    අපි අන්ධ වෙලා
    අපි අන්ධ වෙලා
    ඇස් දෙක ඉදිරියේ වෙන දේ
    නොපෙනෙන තරමට
    අපි දැන් අන්ධ වෙලා
    කපනවා ගස් හදනවා වැව්
    කොහොමද මොලේ
    අඩෝ අපි පව්
    ප්‍රශ්නෙට කතා කරොත් උන් ජේවීපී
    පැලසිටවන්නද ජේසීබී
    අපි වාසි හෙව්වේ ශනික
    පොඩි ගාන දැක්කේ දිනක
    සල්ලි අච්චු ගැහිල්ල
    පාන් කන්න වෙන්නෙ
    බෙන්ස් එකේ මිලට
    සීනි වැහුවා පාපිස්සට
    කැපුවා රජෙක් පොල් පිත්තක..
    හැදුවා රටක් චීනේනේ කන

  • “ඇෆ්ලටොක්සීන්”පිළිකා කාරකය: දේශීය පොල්තෙල් ගැන බලධාරීන් දෙන සහතිකය කුමක්ද ?

    “ඇෆ්ලටොක්සීන්”පිළිකා කාරකය: දේශීය පොල්තෙල් ගැන බලධාරීන් දෙන සහතිකය කුමක්ද ?

    “ඇෆ්ලටොක්සීන්” නැමැති පිළිකා කාරකය ආනයනික පොල්තෙල් වල පමණක් නොව දේශීය තෙල් මොල් මගින් සහ ගෘහ ඒකක මට්ටමින් ද නිෂ්පාදනය කරන පොල්තෙල්වල අඩංගු විය හැකි බව පොල්තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් උන්දුවක් දක්වන විශේෂඥ වෛද්‍යවරයෙක් සහ අදාළ කර්මාන්තය ගැන උනන්දුවක් දක්වන තවත් විශේෂඥයින් කිහිප දෙනකුම පවසනවා.

    ඔවුන් අවධාරණය කරන්නේ ආණ්ඩුව හෝ යම් පුද්ගලයෙන් හඹා යාම වෙනුවට ජනමාධ්‍ය සහ සමාජමාධ්‍ය වඩාත් අවදානම් අනතුර සහ සුලභ තත්ත්වය ගැන මේ දක්වා කිසිම අවධානයක් යොමු නොකිරීමට ගැන තමන් විස්මයටත් කනගාටුවටත් පත්ව සිටින බවයි.

    ‘ඇත්තටම මෙවැනි තත්ත්වයකදී සිදුවිය යුතු විද්වත් සංවාදය, නැතිනම් විද්‍යාත්මක කතාව සිදුවන්නේම නැහැ. පොල්තෙල්වලට මේ කියන පිළිකාකාරකය එකතු කිරීමක් කරන්න බැහැ. ඒක පොල්තෙල් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය වන කොප්පරා සමග ස්වභාවිකව වර්ධනය වන විෂ රසායනයක්. ඒක සිදුවන්නේ කොප්පරා නියමිත ප්‍රමාණය වේලීමට ලක් නොවීම නිසා. ඒ කියන්නේ නිසි පදමට (කොප්පරාවල අඩංගු විය යුතු ජල ප්‍රමාණය 10%ක්) වියළුණේ නැති කොප්පරාවල අපි කවුරුත් දන්න ‘පුස් බැදෙනවා‘. ඒ පුස්මගින් බිහිවන රසායනික සංයෝගයකට තමයි මේ ‘ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය‘ කියලා කියන්නේ. මේක පැහැදිලිවම අපේ දේශීය පොල්තෙල්වලත් අඩංගු විය යුතුයි. මොකද නිසි පදමට නොවියළුණු කොප්පරා අපේ පොල්තෙල් මෝල් හිමියන් සහ ගෘහණියන් පොල්තෙල් නිෂ්පාදනයට යොදා ගන්න බව අපට පැහැදිලිවම කිව හැකියි. ඒ නිසා අපි කියන්නේ සෞඛ්‍ය අවධානමක් ගැන මේ තරම් සංවේදී නම් කරුණාකාර දේශීය පොල්තෙල් වගේම ගෘහ ඒකක මගින් නිෂ්පාදනය කරන පොල්තෙල් ගැනත් අවධානය යොමු කරන්න. මොකද අනතුර අප අතරම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තිබෙනවා‘ අප සමග විස පොල්තෙල් ගැන අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයෙක් සදහන් කළා.

    ‘පොල්තෙල් පමණක් නොවෙයි, පුස්කෑ රටකජුවලින් නිෂ්පාදනය කරන රටකජු තෙල් වල වගේම රටකජු බටර්වලත් මේ පිළිකාකාරකය අන්තර්ගතයි. අපි කිසිවෙක් මේ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඒ වගේම පොල්කුඩුවලින් ඇතැම් කාන්තාවන් තෙල් හිද ගන්නවා. ඒ තුළත් මේ පිළිකාකාරකය අඩංගු විය හැකියි. ඒ නිසා අපි ඉල්ලන්නේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන ඇත්ත කැක්කුමක් තිබෙනවා නම් ආනයනික පොල්තෙල් ගැන වගේම දේශීය නිෂ්පාදන ගැනත් අවධානය යොමු කරන්න‘

    මෙහිදී ඔහු කියා සිටියේ ප්‍රමති ආයතනයෙ අධ්‍යක්ෂ ජනරාල්වරිය කී ආකාරයෙන් දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමේ අරමුණින් හෝ ‘ටිකක් වස කෑවාට කමක් නෑ‘ යන පදනමින් පිළිකාව වැනි මාරාන්තික රෝගවලට පදනම් වන හේතු ගැන අඩු අවදානයක් යොමු නොකළ යුතු බවයි.

    ‘මේ අවස්ථාවේ දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් හා මෝල් හිමියන් බොරදියේ මාළු බාන බවක් අපි දකිනවා. අපි පැහැදිලිවම කියනවා ඔවුන් ආනයනික පාම්තෙල්වලට පොල්තෙල් මිශ්‍රකර අධික ලාභයක් ලබනවා. ඒ වගේම ඔවුන් තම නිෂ්පාදනවල ප්‍රමිතිය ගැන කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. මෙතැන තියෙන්නේ දේශපාලන අවුලක් නිසා කිසිවෙකු ඒ ගැන කතා කරන්නේ නැහැ‘

  • ඇමේසන් වනයේ දින 36ක් අතරමං වූ ගුවන් නියමුවකු ගැන සුපිරි කතාවක්

    ඇමේසන් වනයේ දින 36ක් අතරමං වූ ගුවන් නියමුවකු ගැන සුපිරි කතාවක්

    ඉහළ ඡායාරූපය – අන්තෝනියෝ ඔහු බේරා ගැනීමට උදව්වූ ගොවීන් පිරිසක් සමඟ

    බ්‍රසීලයේ ඈත වැසි වනාන්තරයක දුරස්ථ වනගැබක් මැද අතරමංව හුදෙකලා වූ අන්තෝනියෝ සෙනා (Antonio Sena) අඩුතරමින් ජීවිතයේ වඩාත් බියකරුවන්නේ කුමක්ද? යන්න තේරුම් ගත්තේය.

    ”මහා ඇමසන් වනය මැද ගොදුරු ලුහුබඳිමින් සැරිසරන බියකරු සතුන්-දකුණු ඇමෙරිකානු ජගුවරයන් (jaguars) කිඹුල්ලු සහ ඇනකොන්ඩාවන්”

    එහෙත් එවැනි බියකරු වනගැබක අතරමංව සිටි තිස්හය හැවිරිදි ගුවන් නියමුවා මරණීය අනතුර ගෙනෙන වනසතකුගේ ඊළඟ ගොදුර තමා බවට පත්වීමට තිබුණ ඉඩකඩ සම්බන්ධයෙන් බියපත් නොවීය. ඒ වෙනුවට ඔහුටත් සිදුවූයේ අහරක්-ජලබිඳක් සහ සැතපීමට තැනක් සොයා ඇවිද යාමටය.

    අන්තෝනියෝ සෙනා ඇමසන් වනය මැද හුදෙකලා වූයේ ඔහු පදවමින් සිටි ගුවන්යානය අනතුරකට ලක්ව එහි කඩා වැටීමෙනි. තමා බේරාගනු ලැබීමට කලක් ගතවනු ඇතැයි ඔහු බියපත්ව සිටියේය.

    කෙසේවුවද අන්තෝනියෝ එක් දෙයක් තේරුම් නොගත්තේය. එනම් කුසගින්න නිවාගැනීම සහ ආරක්‍ෂාව සඳහා මාසයකට අධික කාලයක් සටන් වැදීමට ඔහුට සිදුවිය හැකි බවය.

    ගුවන් අනතුර

    ”මේ ඩේ,මේ ඩේ,මේ ඩේ……පපා, ටැංගෝ, ඉන්දියා, රෝමියෝ, ජුලියට් පහතට වැටෙමින් තියෙනවා…” අන්තෝනියෝගේ අවසන් රේඩියෝ පණිවුඩය ආරම්භවන්නේ එවැනි ප්‍රකාශයකිනි.

    පසුගිය ජනවාරි මාසයේ දිනක අන්තෝනියෝ තනිවම එම ගුවන්යානය පදවාගෙන යමින් සිටියේ ඈත ප්‍රදේශයක පිහිටි පතලකට අවශ්‍ය සැපයුම් තොගයක් රැගෙනය. එහෙත් ඇමසන් වනයට ඉහළින් පියාසර කරමින් තිබියදී යානය බරපතල යාන්ත්‍රික දෝෂයකට මුහුණ දුන්නේය.

    ”මගේ යානය හදිසියේම ක්‍රියාවිරහිත වුණා. මට යානය වනාන්තරය මැද ගොඩබෑමට සිදුවුණා” අන්තෝනියෝ බීබීසී ලෝක සේවයට සඳහන් කළේය.

    වන මැද තුරු මුදුන්හි ගැටුණු යානය එහි අතු රිකිලි කඩාබිඳ හෙළමින් පොළොවට පතිතවෙමින් තුබුණු අතර කෙසේවුවද සිය ‘සෙස්නා’ යානය (Cessna) ඇමසන් ගංගාවෙන් උතුරු දෙසින් පිහිටි ජනාවාසයක් නොවූ කලාපයක ස්ථානගත කර ගැනීමට අන්තෝනියෝ සමත්විය.

    Aerial view of Amazon river in Brazil
    සිය ‘සෙස්නා’ යානය (Cessna) ඇමසන් ගංගාවෙන් උතුරු දෙසින් පිහිටි ජනාවාශයක් නොවූ කලාපයක ස්ථානගත කර ගැනීමට අන්තෝනියෝ සමත්විය.

    අන්තෝනියෝ මරණින් ගැලවුණු නමුත් එය ඔහු මුහුණදුන් ප්‍රශ්නාවලියක ආරම්භය විය. කැඩී බිඳුණු යානය පුරා ඉන්ධන විසිර තිබුණි.

    ”යානයේ තත්ත්වය බිහිසුණු වුණා. ඒ නිසා පවතින අනතුර මම තේරුම්ගත්තා”

    යානය සිය නවාතැන ලෙස යොදාගැනීම අනතුරුදායක විය. එබැවින් අසල තැනක රැඳීසිටීම ඔහුගේ තීරණය විය.ඒ අතරම තම අවසන් පණිවුඩය ලැබ ඔහු බේරාගැනීම සඳහා කණ්ඩායමක් පැමිණෙමින් ඇත යන්න අන්තෝනියෝගේ බලාපොරොත්තුව විය..

    ”වනාන්තරය තුළ ජීවිතය රැකගැනීමට මට උදව්කර ගන්න පුළුවන් හැමදෙයක්ම මම පාවිච්චි කළා”

    ”මම මුලින් හිතුවේ-වැහි වනාන්තරය ඇතුළේ මට දවස් පහත්-අටත් අතර කාලයක් ඉන්න සිදුවේවි කියලයි. එය බේරාගැනීමේ කණ්ඩායමකට සෝදිසි මෙහෙයුමකට ගතවෙන කාලයක්”

    නමුත් සතියක් ගතවීත් අන්තෝනියෝගේ උදව්වට කිසිවකු පැමිණියේ නැත.

    හුදෙකලා ගමනක්

    තමා ආදරය කරන තැනැත්තන් නැවත දැකගැනීමටනම් ගුවන්යානය අත්හැර දමා සිය ආරක්‍ෂාව පතා ගමන් ආරම්භ කිරීමට උත්සාහ ගත යුතු බවට අන්තෝනියෝ තීන්දු කළේය.

    ”මම තේරුම්ගත්තා – ඔවුන් මා සොයා නොගත්බව. ඒනිසා ගුවන්යානය අත්හැරදමා එතැනින් පිටවී මගේ පවුලේ සාමාජිකයන් සොයා ගමන් ගැනීම සුදුසු බව මම තීරණය කළා”

    ගමන ආරම්භ කෙරුණේ උදෑසනකය. දවසේ පළමු හිරුරැස් දහරා වනපෙත මත පැතිරයමින් තිබියදී එම හිරු එළියෙන් පාර සොයාගත් අන්තෝනියෝ ළඟම පිහිටි ජනාවාසයක් පිළිබඳ සිහින මවමින් අධිෂ්ඨානශීලී එහෙත් දුෂ්කර ගමනකට මුල පිරුවේය.

    ”මම තීන්දු කළා-නැගෙනහිර පැත්ත බලා ගමන් ගැනීමට. නැගෙනහිර දිසාව තීන්දුකලේ හිරුඋදාව අනුව. මම හැම උදෑසනකම පැයදෙකත් -හතරත් අතර කාලයක් ඇවිද ගියා”

    ”උදේ ගමනෙන් පස්සේ මට සිද්ධවුණේ රාත්‍රිය සැලසුම්කර ගැනීම. රැඳී ඉන්න තැනක් හදාගැනීම සහ ගිනිමැලයක් ගසා ගැනීම”

    ඇමසන් යනු කිසිදු ප්‍රවාහන හෝ සන්නිවේදන පහසුකමක් නැතිව හදිසියේ හුදෙකලා වූ තැනැත්තකුට අනතුරුදායක ස්ථානයක් වන නමුත් තමා සතු සීමිත කුසලතා උපයෝගී කරගනිමින් ජීවිතය රැකගැනීමේ ඉඩකඩ සලසා ගැනීමට අන්තෝනියෝ ඉගෙන තිබුණි.

    A crocodile with its mouth open
    ,කිඹුලා -අන්තෝනියෝ වඩාත්ම බියපත් සතුන්ගෙන් එක් වර්ගයකි

    ”මගේ ගුවන් නියමු වැඩසටහනට අදාළ, එහි කොටසක් හැටියට මම වනාන්තරයක දී ආරක්ෂාව සලසාගන්න හැටි පුහුණුකෙරෙන පාඨමාලාවක් සම්පූර්ණ කරලා තියෙනවා”

    ”ඒ වගේම, මම උපන්නෙත්, ජීවත්වන්නෙත් ඇමසන් වන්නන්තරයේ”

    අන්තෝනියෝ වැසි වනාන්තරය ආසන්නයේ ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ජීවත්වෙන මිනිසුන්ගෙන් කරුණු ඉගෙණීමට කාලය වැයකර තිබූ තැනැත්තෙකි. එමගින් ලද තොරතුරු වන්නේ ජීවිතය සහ මරණය අතර වෙනස හඳුනාගනු ලැබීම විය හැකිය..

    ”මම මට ලද හැම අවස්ථාවකම කැමති වුණේ එම කලාපයේ ජීවත්වෙන මිනිසුන් සමඟ කතාබස් කිරීමට. අපට ඔවුන්ගේ බොහෝදේවල් ඉගෙනගන්න තියෙනව”

    කුසගින්නට වනපල සහ කුරුළු බිත්තර

    ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා ඇති සිය කුසලතාව මගින් අන්තෝනියෝට පළමුව අවශ්‍යකරන ලද්දේ ආහාර සොයාගැනීම සඳහා එම හැකියාවේ උදව් ලබාගැනීමය. ඔහු වනගැබ තුළට අවධානය යොමු කළේය.

    ”මම මගේ ජීවිතකාලය තුළ දැක නැති පළතුරු වර්ග මම දැක්කා. නමුත්,මම මුලින්ම නිරීක්ෂණය කළා-වඳුරන් එම පලාවැල කනවද කියල” අන්තෝනියෝ පවසයි.

    ”ඒ අනුව මම තීන්දුකළා-වඳුරන් ඒවා කනවානම් මටත් කන්න පුළුවන් කියල”

    ඔහුට අවස්ථා කීපයකම කොකෝවා කෑමට සිදුවිය. එහෙත් පළතුරු පමණක් නොව වෙනත් ආහාරයක් සොයාගැනීම අන්තොනියෝගේ ඊළඟ උවමනාව විය.

    පියාසර නොකරන ‘එමූ’ (emu) වැනි කුරුළු වර්ගයකට අයත් ”එම නිල් පැහැති විශාල බිත්තර” වරින්වර සොයාගැනීමට අන්තෝනියෝ සමත්විය.

    ”බිත්තර කියන්නේ බිත්තර. ප්‍රෝටීන් සහිතයි. ඒ අවස්ථාවේ මට ප්‍රෝටීන් අවශ්‍ය කළා. මම ඒ බිත්තර බිඳගෙන අමුවෙන්ම බිව්වා ”

    ගොදුරුසොයන බියකරු සතුන් මගහැරීම

    සිය ගමනේ දී ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය ආහාර සොයා ගැනීමට අන්තෝනියෝ සමත් වුවද, ඔහුගේ ඊළඟ අභියෝගය වූයේ ගොදුරු සොයමින් ඇමසන් වනගැබ නිවහන කරගත් එම වනගැබ සැරිසරන යෝධ බියකරු සතුන්ගේ දිවා ආහාරය බවට තමා පත්නොවී ඔවුන් මගහැර ආරක්ෂා වීමය.

    ”මම ගමන නතරකරමින් මගේ නවාතැන පිළියෙළ කර ගැනීමේ දී හැමවිටම තෝරාගත්තේ කඳු මුදුනක්” ඔහු විස්තර කළේය.

    An anaconda snake wrapped round a branch in Brazil
    ඇනකොන්ඩා ඇමසන් වනයේ ගොදුරු ලොබින් පෙළෙන යෝධ ජීවීන් වර්ග තුනෙන් එක් වර්ගයකි.

    ”ඇනකොන්ඩා, ජගුවර් සහ කිඹුලන්ට වතුරත් එක්ක තියෙන්නේ ලොකු සම්බන්ධයක්. ඒ නිසා මම වතුර රැඳුන තැන් නවාතැන හැටියට තෝරාගත්තේ නැහැ”

    එපමණක් නොව වනය ඔස්සේ ගමන් ගනිමින් සිටිද්දී නොයෙක් ශබ්ද නැගීමටත් අන්තෝනියෝ වගබලා ගත්තේය.

    තමාට අනතුරක් එල්ලවිය හැක්කේ තමා ගමන් ගන්නාවිට නැගෙන ශබ්දවලින් නොව තිගැස්සුණ වනසතකුගේ හදිසි ප්‍රහාරයකින් බවත් ඔහු තේරුම්ගෙන සිටියේය.

    බලාපොරොත්තු සපලවීම

    අන්තෝනියෝ සතු සුරක්‍ෂිතවීමේ කුසලතා ඵලලදරන ලද නමුත් ඔහුගේ සිරුරේ බර විශාල මට්ටමින් ක්ෂයවෙමින් තිබුණි.

    ඒ සමඟ සිය ගුවන්යානයේ සුන්බුන් හැරදමා ගමන් ආරම්භකොට සති කීපයක් ගෙවීයමින් පැවතුණි.

    එහෙත් සිය ගමනේ තිස්හයවෙනි දිනයේ අන්තෝනියෝට කුඩා සංඛ්‍යාවකින් යුත් මිනිසුන් කණ්ඩායමක් මුණගැසුණි.

    ”වනාන්තරය ඔස්සේ පෙරට ඇවිදයමින්, කඳු නගිමින් සහ බසිමින් ගංගා තරණය කරමින් හුදෙකලා බිම්කඩකට ළඟා වූ අවස්ථාවේ මට හදිසියේම වනයේ ඇටවර්ග එකතුකිරීමට පැමිණ සිටි බ්‍රසීල ජාතික මිනිසුන් කණ්ඩායමක් මුණ ගැසුණා.

    පළමුව එම මිනිසුන් කණ්ඩායම අන්තෝනියෝගේ ඇස නොගැටුණි. එවිට ඔහු කරන ලද්දේ එම මිනිසුන් විසින් නගනු ලබන ශබ්ද අනුව එම හඬ සොයා ඔවුන් සිටින ස්ථානය සොයා ගෙන යාමය.

    ”ඔවුන් වැඩකරන හඬ මට අසන්නට ලැබුණා”

    අන්තිමේදී අන්තෝනියෝ මුහුණ දී සිටි දීර්ඝ වූ දුෂ්කර කාල පරිච්ඡේදය නිමවීමේ මොහොත උදාවෙමින් තිබුණි.

    Text by – bbc

  • පිලිෆ් කුමරුගේ සුපිරි කුමර දිවිය ගැන කියැවෙන සුපිරි ඡායාරූප පෙළක්

    පිලිෆ් කුමරුගේ සුපිරි කුමර දිවිය ගැන කියැවෙන සුපිරි ඡායාරූප පෙළක්

    ෆිලිප් කුමරු 1921ජූනි මස 10 දින ග්‍රීසියට අයත් කොර්ෆු (Corfu) දිවයිනේ දී උපත ලද්දේය. ඔහුගේ පවුල් ගසට (family tree) ඩෙන්මාර්ක් -ජර්මන්-රුසියානු සහ බ්‍රිතාන්‍ය රාජකීය පවුල්වල සාමාජිකයෝ ඇතුළත් වෙති.

    ෆිලිප් කුමරු ග්‍රීසියේ ඇන්ඩෘ කුමරුන්ගේ සහ බැටන්බර්ග් හි ඇලිස් කුමරියගේ එකම පුතණුවන් වෙයි.
    ෆිලිප් කුමරු ග්‍රීසියේ ඇන්ඩෘ කුමරුන්ගේ සහ බැටන්බර්ග් හි ඇලිස් කුමරියගේ එකම පුතණුවන් විය.
    ග්‍රීසියෙන් ප්‍රංශයට සංක්‍රමණය වූ ෆිලිප් කුමරු ශාන්ත ක්ලෝඩ් හි මැක්ජනට් (MacJannet) ඇමෙරිකානු පාසලේ සිය පන්ති සගයන් සමග.(වමේ සිට දෙවැන්නා) වයස අවුරුදු හතේදී කුමරා එංගලන්තයේ ජීවත්වූ සිය මවුන්බැට්න් ඥාතීන්ට එකතුවිය. එම අවධියේ ඔහු 'සරේ' ප්‍රදේශයේ පිහිටි මූලික පාසලක අධ්‍යාපන ලැබීය.
    ,ග්‍රීසියෙන් ප්‍රංශයට සංක්‍රමණය වූ ෆිලිප් කුමරු ශාන්ත ක්ලෝඩ් හි මැක්ජනට් (MacJannet) ඇමෙරිකානු පාසලේ සිය පන්ති සගයන් සමග. (වමේ සිට දෙවැන්නා) වයස අවුරුදු හතේදී කුමරා එංගලන්තයේ ජීවත්වූ සිය මවුන්බැට්න් ඥාතීන්ට එකතුවිය. එම අවධියේ ඔහු ‘සරේ’ ප්‍රදේශයේ පිහිටි මූලික පාසලක අධ්‍යාපන ලැබීය.
    අනතුරුව ඔහු අධ්‍යාපන පුරෝගාමියකු වූ කර්ට් හහ්න් (Kurt Hahn) විසින් උතුරු ස්කොට්ලන්තයේ ආරම්භකරන ලද 'Gordonstoun' නේවාසික පාසලට ඇතුළත් කරනු ලැබුණි. එම පාසලේදී ෆිලිප් කුමරු ක්‍රීඩා අංශයේ දස්කම් පෑවේය.
    අනතුරුව ඔහු අධ්‍යාපන පුරෝගාමියකු වූ කර්ට් හහ්න් (Kurt Hahn) විසින් උතුරු ස්කොට්ලන්තයේ ආරම්භකරන ලද ‘Gordonstoun’ නේවාසික පාසලට ඇතුළත් කරනු ලැබුණි. එම පාසලේදී ෆිලිප් කුමරු ක්‍රීඩා අංශයේ දස්කම් පෑවේය.
    මෙය එලිසබත් කුමරිය (වමේ සිට තුන්වෙනි ස්ථානයේ) සහ එවක නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියකුව සිටි පිලිප් කුමරු ( දකුණු පස ඈත සුදුපැහැති කැප් තොප්පියක් පැළඳ) එකට පෙනීසිටින පළමු ඡායාරූපය ලෙස සැලකෙයි. ඩාර්ට්මර්ත් නාවික හමුදා පාසලේ සිදුකරන ලද රාජකීය සංචාරයේ දී ම 1939 ජූලි 23 දින මෙම ඡායාරූපය ගන්නා ලදැයි සැලකෙයි.
    මෙය එලිසබත් කුමරිය (වමේ සිට තුන්වෙනි ස්ථානයේ) සහ එවක නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියකුව සිටි පිලිප් කුමරු ( දකුණු පස ඈත සුදුපැහැති කැප් තොප්පියක් පැළඳ) එකට පෙනීසිටින පළමු ඡායාරූපය ලෙස සැලකෙයි. ඩාර්ට්මර්ත් නාවික හමුදා පාසලේ සිදුකරන ලද රාජකීය සංචාරයේ දී ම 1939 ජූලි 23 දින මෙම ඡායාරූපය ගන්නා ලදැයි සැලකෙයි.
    Duke of Edinburgh, Royal Navy, Portsmouth
    දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවධියේ ෆිලිප් කුමරු ‘HMS Valiant’ ප්‍රහාරක නෞකාවේ ක්‍රියාන්විතයේ නිරත විය.
    The engagement of Princess Elizabeth to Lieutenant Philip Mountbatten
    ෆිලිප් කුමරා එලිසබත් කුමරිය සමඟ විවාහ ගිවිසගනු ලැබීම 1947 දී නිලවශයෙන් නිවේදනය කරනු ලැබුණි
    1px transparent line
    Princess Elizabeth (latterly Queen Elizabeth II) and Prince Philip, the Duke of Edinburgh, pose for their official wedding photo at Buckingham Palace, 20 November 1947
    1947 නොවැම්බර් 20 දින ඔවුහු විවාහ වූහ
    Queen Elizabeth II, Princess Elizabeth with the Duke of Edinburgh at Treetops, Kenya 05/02/52circa
    ෆිලිප් කුමරු සහ එලිසබත් කුමරිය කෙන්යාවේ තුරු හිසක සැදි හෝටලයක ගතකළ අවස්ථාවක්. ඔවුන් දෙදෙනාට කුමරියගේ පියරජු අභාවප්‍රාත්තවීම දැනුම්දෙන ලද්දේ එහි සිටින අතරය. එම ශෝකජනක පුවත ලැබීමට දින කීපයකට පෙර ගන්නා ලද පින්තූරයකි.
    එඩින්බරා ආදිපාදවරයා 1951 දී තුර්කියේ මාර්මරිස් වෙරළ තීරයේදී. HMS Magpie නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස සිය අවසන් රාජකාරිය කළ සමයේ ගන්නා ලද ඡායාරූපයකි.
    එඩින්බරා ආදිපාදවරයා 1951 දී තුර්කියේ මාර්මරිස් වෙරළ තීරයේදී. HMS Magpie නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස සිය අවසන් රාජකාරිය කළ සමයේ ගන්නා ලද ඡායාරූපයකි.
    The Duke of Edinburgh at the Roehampton Club, where he was playing for Cowdray Park in the semi-finals of the Roehampton Cup
    ,ෆිලිප් කුමරු පෝලෝ ක්‍රීඩාවේ නිරතවෙමින්. ඔහු බ්‍රිතාන්‍යයේ මුල්පෙළේ පෝලෝ ක්‍රීඩකයකු විය
    The Duke of Edinburgh batting during the 12 a side cricket match between the Duke of Edinburgh and the Duke of Norfolk
    ෆිලිප් කුමරු ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ද උනන්දුවිය. කුමරා එංගලන්ත කණ්ඩායමේ හිටපු පළමු පෙළේ ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩාවේ නිරත වූ අවස්ථාවක්
    Queen Elizabeth II and Prince Philip, Duke of Edinburgh visiting the seventeenth century Taj Mahal during their six-week royal visit to India, 29th January 1961.
    ෆිලිප් කුමරු 1961වසරේ දී සිය බිරිඳ වූ එලිසබත් රැජිනගේ දින හයක ඉන්දීය සංචාරයට එකතු විය
    The Queen and Philip and their four children
    ආදිපාදවරයා 1961 වසරේ එලිසබත් රැජින සහ ඔවුන්ගේ දරුවන් හතරදෙනා සමඟ. වමේ සිට එඩ්වර්ඩ්, ඇන්ඩෲ, චාර්ල්ස් කුමාරවරුන් සහ ඈන් කුමරිය
    Queen Elizabeth II and the Duke of Edinburgh during a visit to a farm on their Balmoral estate, to celebrate their Silver Wedding anniversary
    රාජකීය යුවළ ඔවුන්ගේ විවාහයේ රිදී ජුබිලිය සැමරීමට ස්කොට්ලන්තයේ ‘බැල්මෝරල්’ මාළිගයේ සිටියදී ගොවිපොළක සංචාරය කළ අවස්ථාවක්
    The Queen and the Duke of Edinburgh, both wearing Maori Kahu-Kiwi (Kiwi feather cloaks) at Rugby Park in Gisborne, on the North Island of New Zealand when they attended the opening of the Royal New Zealand Polynesian Festival as their Silver Jubilee Tour continues
    සිය විවාහයේ රිදී ජුබිලිය සමරන අතරවාරයේ රාජකීය යුවළ 1977 දී නවසීලන්තයේ සංචාරයක නිරතවූහ. ඔවුන් දෙදෙනා නවසීලන්තයේ මඕරි කිවි (Maori) ඇඳුමින් සැරසී නවසීලන්තයේ උතුරු දිවයිනේ ‘ගිස්බර්න්’ රග්බි ක්‍රීඩාංගනයේ උත්සවයකට සහභාගී වෙමින්
    Queen Elizabeth II and the Duke of Edinburgh wave as Concorde flies by the Royal Yacht Britannia as the royal couple neared Barbados
    ,රැජින සහ වල්ලභ කුමරු 1977 වසර අවසාන භාගයේ ‘බාර්බේඩොස්’ දූපත අසල රාජකීය බ්‍රිටනියා’ යාත්‍රාවේ සිටියදී අසලින් පියාසර කරන කොන්කෝර්ඩ් යානයකට අත වනන ආකාරය
    The Union flag-draped coffin of Lord Mountbatten rests on a catafalque during the funeral service in Westminster Abbey. Royal mourners (l/r) Queen Elizabeth II, her husband The Duke of Edinburgh, Queen Elizabeth The Queen Mother and the Prince of Wales, 5 September 1979
    1977 අගෝස්තු මාසයේ රැජිනගේ ඥාති සහෝදරයකු වූ මවුන්බැට්න් සාමිවරයා අයි.ආර්.ඒ. බෝම්බ ප්‍රහාරයකින් අයර්ලන්තයේ ඔහුට අයත් බෝට්ටුවේ සිටියදී මරාදමනු ලැබුණි. එම මරණය සිදුවෙන අවස්ථාවේ ප්‍රංශයේ නොර්මැන්ඩි පළාතේ අස්රිය ධාවන ක්‍රීඩා තරඟාවලියකට සහභාගීවෙමින් සිටි ෆිලිප් කුමරු ආපසු එංගලන්තයට ළඟාවිය.
    Duke of Edinburgh sitting atop an elephant while visiting the Kanha Game Reserve, 1983
    සොබාදහම සහ පරිසර සංරක්ෂණය ෆිලිප් කුමරාගේ මුළුමහත් ජීවිතකාලය පුරාම කැපවූ අංගයකි. ආදිපාදවරයා ලෝක වන සත්ත්ව සංරක්ෂණ පදනමේ ජාත්‍යන්තර සභාපතිවරයා ලෙස තෝරාගෙන තිබුණි.
    The Prince of Wales with the Princess of Wales, baby Prince Harry, Prince William, the Duke of Edinburgh, Prince Edward, Queen Elizabeth II and Princess Anne on the balcony of Buckingham Palace, London to watch the fly past
    ආදිපාදවරයා 1985 වසරේ සිය පවුලේ සාමාජිකයන් පිරිවරාගෙන සිටි අවස්ථාවක්. කුඩා විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාත් මෙහි වෙති. ඔවුන් මෙලෙස රැස්ව සිටියේ බකිංහැම් මාළිගයට ඉහළින් පියාසර කරන වර්ණවත් ධූමවලාවන් සහිත ගුවන් සංදර්ශනයක් නැරඹීමටය.
    South African President Nelson Mandela, accompanied by the Duke of Edinburgh
    1996 වසරේ දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ලන්ඩන් නගරයේ සංචාරය කළේය. හමුදා ගෞරව පෙළපාලියක් අධීක්ෂණය සඳහා ෆිලිප් කුමරු දකුණු අප්‍රිකානු නායකයා සමඟ ගමන්ගත් ආකාරය
    Queen Elizabeth II (right) and the Duke of Edinburgh (centre right) visit market stalls in Kingston town centre, during the Queen's Golden Jubilee visit to West London
    2002 වසරේ දී රැජින රාජ්‍යත්වයට පත්වීමේ රජත ජයන්තිය සමරනු ලැබුණි. ෆිලිප් කුමරු වසර හැටකට අධික කාලයක් රැජින රාජ්‍යත්වය දැරීමේ දී ඇය අසලින්ම සිටි සහයෝගාත්මක සගයා විය.
    The Duke of Edinburgh attends the Presentation Receptions for The Duke of Edinburgh Gold Award holders, at the Palace of Holyroodhouse in Edinburgh, 2010
    2010 වසරේ එඩින්බරා ආදිපාද රන් සම්මාන පිරිනැමීමට එක්වූ ආදිපාදවරයා පිරිසක් සමඟ සුහද විනෝදජනක කතාබහක නිරතවෙමින්
    The Duke Edinburgh competes at the Sandringham Country show Horse Driving Trials held on the Norfolk Estate
    ෆිලිප් කුමරු සිය දිවියේ අවසන් අදියර තෙක්ම ක්‍රීඩාවන්හි නිරතවෙමින් සිටියේය. 2005 වසරේ අස්රිය පැදවීමේ නිරත අවස්ථාවක්
    Britain's Prince William kisses his wife Kate, Duchess of Cambridge, on the balcony of Buckingham Palace, after the wedding service, in London, 29 April 2011
    ෆිලිප් කුමරාගේ මුනුපුරු විලියම් කුමරාගේ විවාමඟුල වෙනුවෙන් 2011 වසරේ දහස් සංඛ්‍යාත ජනකායක් බකිංහැම් මාළිගය ඉදිරිපිට රැස්ව සිටියහ.
    Prince Philip, Duke of Edinburgh, waves as he stand onboard the Spirit of Chartwell during the Thames Diamond Jubilee Pageant
    2012 ජූනි 03 දින රැජින සහ ෆිලිප් ආදිපාදවරයා තවත් දහසක් යාත්‍රා පිරිවරා ගනිමින් තේම්ස් ගංගාව ඔස්සේ විනාඩි අසූවක නෞකා චාරිකාවක නිරතවිය. ගමනේ දුර ප්‍රමාණය සැතපුම් හතකි. එම චාරිකාව රැජින රාජ්‍යත්වයට පත්වීමේ දියමන්ති ජුබිලිය නිමිත්තෙනි
    Princess Anne attends equestrian eventing with Prince Phillip the Duke of Edinburgh,
    2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළිය අවස්ථාවේ ෆිලිප් කුමරු සිය දියණිය ඈන් කුමරිය සමඟ.
    1px transparent line
    Queen Elizabeth II and the Duke of Edinburgh as they attend a service at Westminster Abbey in central London to mark the 60th anniversary of the Queen's coronation
    රැජිනට ඔටුනු පැළඳීමේ හැටවෙනි සංවත්සරය නිමිත්තෙන් 2013 වසරේ ‘වෙස්ට්මිනිස්ටර් ඇබී’ දේවස්ථානයේ පැවති ආගමික මෙහෙයකට සහභාගීවෙමින්
    Queen Elizabeth II and the Duke of Edinburgh with an elephant at ZSL Whipsnade Zoo, where they officially opened the zoo's new Centre for Elephant Care as part of a visit to Bedfordshire
    ,පිලිප් කුමරු සිය බිරිඳ වන එලිසබත් රැජින සමඟ 2017 අප්‍රියෙල් මාසයේ බෙඩ්ෆර්ඩ්ෂයර්’ හි සත්ත්ව උයනක සංචාරයක නිරත වූ අවස්ථාවක්. අනූපස් වෙනි විය සම්පූර්ණ කළ ෆිලිප් කුමරු තමා ප්‍රසිද්ධ රාජකාරිවලින් බැහැරවෙන බව රැජිනගේත් සහයෝගය සහිතව නිවේදනය කළේය
    Queen Elizabeth II and the Duke of Edinburgh observing a minute's silence at the start of a garden party at Buckingham Palace in London, 23 May 2017
    ,ප්‍රහාරකයකු විසින් මැන්චෙස්ටර් ඇරීනා හි සංගීත සන්ධ්‍යාවේ දී මරාදමන ලද ජනතාව වෙනුවෙන් උපහාරය පුදන රැජින අසල ආදිපාදවරයා පෙනීසිටි මොහොත. බකිංහැම් මාලිගයේ උද්‍යාන සාදයකට පෙර මෙලෙස මිනිත්තුවක කාලයක් එම උපහාරය පුදනු ලැබුණි.
    The Duke of Edinburgh during a visit to the headquarters of the Royal Auxiliary Air Force's (RAuxAF) 603 Squadron in Edinburgh
    ,එඩින්බරා ආදිපාද ෆිලිප් කුමරු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මෙතෙක් දීර්ඝතම කාලයක් ගතකළ රාජකීය වල්ලභයා බවට පත්විය.
  • එඩින්බරා හි ආදිපාදවරයා (1921-2021) ගැන ඔබ මේ සුපිරි කතාව ඔබ දැන සිටියාද ?

    එඩින්බරා හි ආදිපාදවරයා (1921-2021) ගැන ඔබ මේ සුපිරි කතාව ඔබ දැන සිටියාද ?

    එඩින්බරාහි ආදිපාදවරයා වූ ෆිලිප් කුමරු, සිය බිරිඳ වන එලිසබෙත් රැජින වෙනුවෙන් අඛණ්ඩව සහ නොසැලී දෙන ලද සහයෝගය සම්බන්ධයෙන් ලොව පුරා උපහාරයට පාත්‍ර විය.

    පුළුල් විෂය දහරාවක් සම්බන්ධයෙන් ශක්තිමත් දැක්මක් සහිත, එසේම නාවික හමුදා අණදෙන නිලධාරියකු වශයෙන් කටයුතු කර ඇති පුද්ගලයකුට පමණක් නොව ඕනෑම තැනැත්තකුට එම භූමිකාව අතිශයින් දුෂ්කර වගකීමක් විය.

    බ්‍රිතාන්‍ය හමුදාවේ ෆීල්ඩ් මාෂල්වරයෙකු ලෙසින් නිල ඇඳුමෙන් සැරසී සිටින එඩින්බරා ආදිපාදවරයා The Duke of Edinburgh in his uniform as a Field Marshall in the British Army / Copyright: PA

    ඔටුන්න දරන රැජින වශයෙන් සිය බිරිඳට මුළු හදවතින් සහයෝගය දීමට සහ සිය වගකීම් සක්‍රීය ලෙස ඉටු කරනු ලැබීමට ෆිලිප් කුමරු සමත්වූයේ ද එම ශක්තිමත් චරිතය හේතුවෙනි.

    කාන්තාවක් ඔටුන්න දරන වකවානුවක ඇයගේ වල්ලභයා වන පුරුෂයකුට බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පදවියක් සහතික නොකෙරෙයි.

    එහෙත් රාජ්‍යත්වයට ඔහුට වඩා ලංවූ හෝ ,එසේත් නැත්නම් රාජ්‍යත්වයට ඔහු තරම් මහා වැදගත්කමක් සහිත වෙනත් කිසිවකු නොවුණි.

    ෆිලිප් කුමරු (ග්‍රීසියේ පිලිප් කුමරු) 1921 ජූනි මාසයේ 10 වෙනිදා ‘කෝර්ෆු’ (Corfu) නම් ග්‍රීක දිවයිනේ උපත ලැබීය.

    එවකට ග්‍රීසිය ‘ග්‍රෙගෝරියානු’ දින දර්ශනය (Gregorian Calender) අනුගමනය නොකළ හෙයින් ඔහුගේ උප්පැන්න සහතිකයේ උපන් දිනය හැටියට සටහන් කරනු ලැබ තිබෙන්නේ 1921 මැයි 21 දිනයයි.

    ග්‍රීසියේ පළමු ජෝර්ජ් රජුගේ බාල පුතෙකු වූ ඇන්ඩෘ කුමරු ඔහුගේ පියා වන අතර මව ‘බැටන්බර්ග්හි’ ඇලිස් කුමරිය වූවාය. ඇලිස් කුමරිය ‘බැටන්බර්ග්හි’ ලුවිස් කුමරාගේ වැඩිමහල් දියණිය වන අතර බුරුමයේ ‘අර්ල් මවුන්ට්බැට්න්’ ආදිපාදවරයා ඇයගේ සහෝදරයා විය.

    1922 කුමන්ත්‍රණයෙන් අනතුරුව පිහිටුවන ලද විප්ලවීය උසාවියක් විසින් ෆිලිප් කුමරුගේ පියා, ඇන්ඩෘ කුමරු, ග්‍රීසියෙන් පිටුවහල් කරන ලදි.

    ඒ සමග ඔහුගේ දෙවැනි ඥාති සහෝදරයා වූ බ්‍රිතාන්‍යයේ පස්වෙනි ජෝර්ජ් රජතුමා විසින් යවන ලද බ්‍රිතාන්‍ය යුද නැවකින් ඇන්ඩෘ කුමරාගේ දරු පවුල ප්‍රංශයට ගෙන එනු ලැබුණි.

    ළදරු ෆිලිප් කුමරා එම මුහුදු ගමනේ වැඩි හරියක් ගතකර ඇත්තේ දොඩම් ඇසිරීමට යොදා ගත් පෙට්ටියකින් තනා තිබුණ කුඩා තොටිල්ලකය.

    පිලිප් කුමරු බිලිඳු වියේදී Prince Philip as a baby / Copyright: Royal Collection - NB Syndication restricted
    ඔහුගේ මව ඇලිස් කුමරිය වික්ටෝරියා රැජිනගේ මී මිනිබිරියක වූවාය

    සහෝදරියන් කීප දෙනකු සහිත පවුලක එකම සහ බාලම පිරිමි දරුවා වූ ෆිලිප්ගේ ළමා කාලය ආදරය පිරුණ තැනකි.

    ඔහු අධ්‍යාපනය ආරම්භ කළේ ප්‍රංශයෙනි. එහෙත් වයස අවුරුදු හතේ දී සිය ‘මවුන්ට්බැටන්’ නෑදෑයන් සමඟ ජීවත් වීම සඳහා එංගලන්තයට පැමිණි ෆිලිප් කුමරු ‘සරේ’ ප්‍රදේශයේ ප්‍රාථමික පාසලකට ඇතුළත් කෙරිණ.

    එහෙත් එම අවධියේ ඔහුගේ මව, ඇලිස් කුමරිය භින්නෝන්මාදයෙන් (schizophrenia) පෙළෙන බව වෛද්‍යවරුන් විසින් නිගමනය කරනු ලැබීමෙන් ඇය මානසික රෝහලකට ඇතුළත් කරනු ලැබුණි.

    එවැනි වාතාවරණයක් යටතේ ළදරු ෆිලිප් කුමරාට සිය මෑණියන් සමග පැවැත්වීමට සිදුව ඇත්තේ අල්ප සම්බන්ධතාවයකි.

    මේ අතර 1933 වසරේ ෆිලිප් කුමරු ජර්මනියට යවනු ලැබීය.

    එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ කර්ට් හහ්න් (Kurt Hahn) නම් අධ්‍යාපන පුරෝගාමියකු විසින් පවත්වා ගෙනයන ලද දකුණු ජර්මනියේ Schule Scholss Salem පාසලට ඇතුළත් කිරීම සඳහාය.

    එහෙත් මාස කිහිපයක් ඇතුළත යුදෙව් ජාතිකයකු වූ කර්ට් හහ්න්ට (Kurt Hahn) නාසි හිංසනය නිසා ජර්මනියෙන් පළා යාමට සිදු විය.

    යුද වාර්තාවලට

    ජර්මනියෙන් පළාගොස් ස්කොට්ලන්තයට සේන්දු වූ කර්ට් හහ්න් එහි ‘Gordonstoun’ නමින් පාසලක් පිහිට වූ අතර, ෆිලිප් කුමරාටත් අධ්‍යාපන වාර දෙකකට සීමා වූ සිය ජර්මන් ජීවිතයට සමු දෙමින් එම පාසල කරා පැමිණීමට සිදු විය.

    “තමා තමන් මත රැඳිය යුතුය” යන්න තේමාව කරගත් ‘Gordonstoun’ පාසල් අධිකාරිය සහ එහි පරිසරය දෙමව්පියන්ගෙන් වෙන් වීමෙන් අනතුරුව ‘තමාට තමාමය’ යන හැඟීමේ එල්බ සිටි යොවුන් ෆිලිප් කුමරාට ඔබින කදිම පරිසරයක් විය.

    තරුණ ෆිලිප් කුමරු යුද හමුදාව දෙසට යොමු වෙන්නේ දෙවැනි ලෝක මහා සංග්‍රාමය කෙමෙන් දිග හැරීමත් සමඟය.

    ෆිලිප් කුමරුන්ගේ ආරම්භක ඉලක්කය බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව වූ නමුත්, සිය මව් පාර්ශ්වය නාවික හමුදා අංශයට සමීප සම්ප්‍රදායක් සහිත වූවන් හෙයින් ඔහුත් නාවික හමුදාව තෝරා ගැනීමට තීන්දු කළ අතර ඔහු ‘ඩාර්ට්මත්’ (Dartmouth) නාවික හමුදා පාසලේ කැඩේට් නිලධාරියකු බවට පත්විය.

    එවකට බ්‍රිතාන්‍ය අධිරාජයා වූ හයවැනි ජෝර්ජ් රජතුමා සිය බිසව සහ දියණියන් වන එලිසබෙත් සහ මාග්‍රට් සමඟ ‘ඩාර්ට්මත්’ නාවික හමුදා පාසලේ සංචාරයක නිරත වූ අතර යොවුන් කුමරියන් දෙදෙනාගේ පරිවාර නිලධාරියා හැටියට කටයුතු කිරීම කැඩේට් නිලධාරී පිලිප් කුමරා වෙත පැවරුණි.

    ‘ඩාර්ට්මත්’ නාවික හමුදා පාසලේ එදා සිටි පුද්ගලයන් පවසන ආකාරයට, ෆිලිප් කුමරුන් තුළ දැඩි බැඳීමක් ප්‍රදර්ශනය නොවුනත් එවකට දහතුන් වෙනි වියේ පසු වූ එලිසබෙත් කුමරියට එම හමුව ඉතා ගැඹුරු ආශ්වාදයක් වුණි.

    ඉතා කෙටි කාලයක් ඇතුළත සිය අනාගත අපේක්ෂාවන් තහවුරු කරමින් 1940 ජනවාරි මාසයේ Dartmouth නාවික හමුදා පාසලේ සිය පන්තියේ පළමුවෙනියා බවට පත්වෙමින් සමත් වූ පිලිප් කුමරු පළමු වරට සක්‍රීය යුද සේවයට එක්වීම සඳහා ඉන්දීය සාගරයේ යුද කටයුතු කෙරෙහි අවධානය යොමු කළේය.

    මැක්බෙත් ලෙසින් සැරසුන ෆිලිප් කුමරු Philip in costume as Macbeth / Copyright: Getty Images
    ,’Gordonstoun’ පාසලේ උපරිම දක්ෂතා දැක්වූ ෆිලිප් කුමරු ආධුනික රංග කලාවට උනන්දුවක් දැක්විය

    මධ්‍යධරණී සාගර නාවික බලකායට අයත් ‘HMS වැලියන්ට්’ ( HMS Valiant) යුද නැවෙහි සේවය සඳහා ඔහු යවනු ලැබුණි.

    1941 ‘කේප් මැටපන්’ (Battle of Cape Matapan) සටනේ දී ෆිලිප් කුමරුගෙන් ලද දායකත්වය යුද පණිවුඩවලට පවා ඇතුළත්ව ඇත.

    ‘HMS වැලියන්ට්’ (HMS Valiant) යුද නැවේ පිරික්සුම් ආලෝක දහරා අංශයේ ප්‍රධානියා හැටියට රාත්‍රි කාලයේ තීරණාත්මක යුද මෙහෙයුම්වල දී ඔහුගේ කාර්යභාරය අතිශයින් වැදගත් විය.

    “වෙනත් නැවක් මගේ දර්ශන පථයට හසු වුණා. එම නැවේ මැද කොටස ආලෝකවත් වුනා. ප්‍රහාරයක් එල්ල කළ හැකි මට්ටමේ තිබුණ එම නැවට ෂෙල් වෙඩි මුරයක් එල්ල කිරීමත් සමග හිටි හැටියේම එය තිබුණ තැනින් අතුරුදහන් වුණා.”

    1942 ඔක්තෝබර් මාසය වනවිට ෆිලිප් කුමරු බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ වයසින් අඩු පළමු ලුතිනන්වරුන් කිහිප දෙනාගෙන් එක් නිලධාරියෙකි.

    එවකට ඔහු සේවය කරන ලද්දේ ‘HMS වොලස්’ (HMS Wallace) ප්‍රහාරක නෞකාවේය.

    විවාහ ගිවිස ගැනීම

    එම කාලසීමාව තුළ යොවුන් එලිසබෙත් කුමරිය සහ ෆිලිප් කුමරා අතර ආදර හසුන් හුවමාරු වෙමින් පැවති අතර ඔහුට අවස්ථා කීපයක්ම රජ පවුල සමග ගත කිරීමට ඇරයුම් ලැබුණි.

    1943 නත්තල් සමයේ සිදු වූ එවැනි හමුවකින් අනතුරුව එලිසබෙත් කුමරිය නාවික හමුදා නිල ඇඳුමින් සැරසුණ ෆිලිප් කුමරාගේ ඡායාරූපයක් සිය කණ්ණාඩි මේසය මත තැබුවාය.

    රජ පවුලට සම්බන්ධ ඉහළ සමාජයේ ඇතැමුන් අකමැත්ත පළ කරන ලද නමුත් ඔවුන් දෙදෙනා අතර සම්බන්ධය ගැටුමකින් තොරව පෙරට යමින් තිබුණි. ඉහළ සමාජයේ එක් තැනැත්තෙක් ෆිලිප් කුමරු හඳුන්වා දී තිබුණේ “දැඩි එසේම ආචාර ධර්ම අතින් දුර්වල” චරිතයක් ලෙසය.

    එවැනි විරෝධතා පළ වෙමින් තිබුණත් යොවුන් කුමරිය මුළු හදවතින්ම සිය පෙම්වතා සමඟ ආදරයෙන් බැඳී සිටි අතර, ඔහු 1946 ගිම්හානයේ දිනක හයවැනි ජෝර්ජ් රජු හමුවේ රාජකීය දියණිය විවාහ කර ගැනීමේ අවසරය පැතුවේය.

    එඩින්බරා ආදිපාදවරයා 1953 දී පර්බ්‍රයිට්හිදී කැනේඩියානු නාවික හමුදා කණ්ඩායමක් නිරීක්ෂණය කරමින් The Duke of Edinburgh inspecting Canadian Sailors at Pirbright, 1953 / Copyright: Getty Images
    ෆිලිප් කුමරු දක්ෂ නාවික හමුදා නිලධාරියෙකු විය

    කෙසේ වෙතත්, විවාහ ගිවිස ගැනීම ප්‍රකාශයට පත් කරනු ලැබීමට පෙර ෆිලිප් කුමරා අලුත් රටක පුරවැසිභාවය මෙන්ම අලුත් වාසගමක් ද ලබා ගැනීම අත්‍යවශ්‍ය පියවරක් විය.

    ඒ අනුව ඔහු උපතින් ලද ‘ග්‍රීක්’ නිල කුමර නාමය අත්හැර බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලබා ගනිමින් මව් පාර්ශ්වයේ ඇන්ග්ලිකානු “මවුන්ට්බැට්න්” නාමය සිය වාසගම කර ගත්තේය.

    සිය දියණියගේ විවාහ දිනයට දිනක් තිබියදී හයවැනි ජෝර්ජ් රජු ‘His Royal Highness’ නම්බුනාමය ෆිලිප් කුමරා වෙත පිරිනැමීය.

    විවාහ දින උදෑසන රජතුමා සිය අනාගත බෑණනුවන්ට එඩින්බ්‍රාහි ආදිපාද පදවිය සහ මෙරියනෙත් (Merioneth) ‘අර්ල්’ පදවිය මෙන්ම ‘ග්‍රිනිච් බැරන්’ පදවියත් පිරිනමන ලදී.

    රාජකීය විවාහය 1947 නොවැම්බර් මාසයේ 20 දින වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේ දී සිදු කරනු ලැබුණි.

    වින්ස්ටන් චර්චිල් සඳහන් කළ පරිදි එම විවාහ මංගල උත්සවය මගින් පශ්චාත් යුද කාලීන බ්‍රිතාන්‍යය වර්ණවත් කෙරිණ.

    යුද සේවයට විරාමයක්

    විවාහයෙන් අනතුරුව ෆිලිප් කුමරු යළි නාවික හමුදා සේවයට වාර්තා කළ අතර කෙටි කලකට ඔහු මෝල්ටාවට යවනු ලැබුණි.

    එම කාලය තුළ වෙනත් හමුදා පවුල්වලට මෙන් නව රාජකීය යුවළටත් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි විය.

    ඔවුන්ගේ පුත් චාල්ස් කුමරු 1948 දී බකිංහැම් මාළිගයේ දී උපත ලද අතර දියණිය ‘ඈන්’ කුමරිය 1950 දී පවුලට එක් වූවාය.

    ‘HMS මැග්පී’ (MHS Magpie) නාවික සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙස ඔහු පත් කරන ලද අවස්ථාවේ ඕනෑම නාවික නිලධාරියකු තුළ රජයන සිහිනය සැබෑ කර ගැනීමට 1950 සැප්තැම්බර් මාසයේ 02 දා ෆිලිප් කුමරු සමත් විය.

    එහෙත් ඒ සමඟම ඔහුගේ නාවික හමුදා දිවියේ අවසන් අදියරත් ලඟාවෙමින් තිබුණි.

    His wedding to Princess Elizabeth was described as "a flash of colour in a grey post-war Britain" / Alt tag: එලිසබෙත් කුමරිය ෆිලිප් මවුන්ට්බැටන් සමග අතිනත ගත් අවස්ථාව Princess Elizabeth marries Philip Mountbatten / Copyright: PA
    ඔහු එලිසබෙත් කුමරිය සමග අතිනත ගැනීම “පශ්චාත් යුද කාලීන අඳුරු බ්‍රිතාන්‍යය වර්ණවත් කළ මොහොතක්” ලෙස හැඳින්විණ

    හයවැනි ජෝර්ජ් රජුගේ රෝගී තත්වය උත්සන්න වෙත්ම එලිසබෙත් කුමරියට දියණිය හැටියට සිය පිය රජුගේ කාර්යභාරයට උර දීමට සිදු වීමත් සමඟ ඇයගේ සැමියාට සිය බිරිඳ අසල ගත කිරීමට සිදු විය.

    ෆිලිප් කුමරු 1951 වසරේ නාවික හමුදා දිවියට විරාමයක් තැබුවේය. අනතුරුව ඔහු කිසිදාක නාවික හමුදා සේවයට වාර්තා නොකළේය.

    ෆිලිප්, එඩින්බරාහි ආදිපාදවරයා කණස්සල්ල සිතෙහි ගුලිකර සිටින චරිතයක් නොවන නමුත් සිය නාවික හමුදා ජීවිතය පෙරට ගෙන යාමට අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් පසු කාලයේ සිය කනගාටුව ප්‍රකාශයට පත් කර ඇත.

    ඔහුගේ දක්ෂතා අනුව ෆිලිප් කුමරාට නාවික හමුදාවේ ඉහළම පදවියට (First Sea Lord) ගමන් ගැනීමේ අවස්ථාව තිබුණ බව සමකාලීන නාවික නිලධාරීහු පවසති.

    1952 වසරේ දී හයවෙනි ජෝර්ජ් රජු සහ බිසව වෙනුවෙන් සංවිධානය කර තිබුණ පොදු රාජ්‍ය මණ්ඩලීය චාරිකාවක් සඳහා සහභාගි වීමට සිදු වුණේ නව රාජකීය යුවළටය.

    සිතුවිලි වෙනසක්

    1952 පෙබරවාරි මාසයේ හයවැනි ජෝර්ජ් රජුගේ අභාවය රාජකීය යුවළට දැන ගන්නට ලැබුනේ ඔවුන් කෙන්යාවේ වන අරණක නවාතැන්පොළක ගත කරමින් සිටින අතරය.

    මාරක ලේ කැටියක් (thrombosis) නිසා හටගත් හෘදයාබාධයක් රජුගේ අභාවයට හේතු විය.

    පිය රජුගේ අභාවයත් සමඟ බ්‍රිතාන්‍ය රැජින බවට පත්ව සිටි සිය බිරිඳට එම ශෝකජනක පණිවුඩය දැනුම් දීමට සිදුවූයේ ෆිලිප් කුමරාටය.

    “ඒ මොහොතේ ෆිලිප් තුළ දක්නට ලැබුණේ ලෝකයෙන් භාගයක්ම ඔහු මත කඩා වැටුණ වගේ ස්වභාවයක්” ඔහුගේ මිතුරෙක් පසු කාලයෙහි විස්තර කළේය.

    1953 පදවි ප්‍රාප්ති උත්සවයේදී සිය බිරිඳ, දෙවැනි එලිසබෙත් රැජිනට ගෞරවය පුද කරන එඩින්බරා ආදිපාදවරයා The Duke of Edinburgh pays homage to his wife, the newly crowned Queen Elizabeth II, during her coronation ceremony, 1953 / Copyright: Getty Images
    රැජින පදවි ප්‍රාප්ත වූ අවස්ථාවේ මුලින්ම ගෞරවය පුද කළේ ෆිලිප් කුමරුය

    නාවික හමුදාවේ කාර්යභාරයෙන් ඉවත් වුණත් ඔහුට ඔහු විසින්ම නිර්මාණය කරගත යුතු නව භූමිකාවක් විය.

    එය කුමක් විය යුතුද? යන සමස්ත ප්‍රශ්නය පෙරට ආවේ එලිසබෙත් කුමරිය බ්‍රිතාන්‍ය රැජිණිය ලෙස ඔටුනු පැළඳීමත් සමඟය.

    එම මෞලි මංගලෝත්සවය ලංවෙද්දී නිකුත් කෙරුණ රාජකීය ආඥාවක් මගින්, රැජින සහභාගි වෙන සියලු අවස්ථාවන්හි ඇය පසුපස ගමන් ගනු ලබන සෙස්සන් අතර ඉදිරි ස්ථානය ෆිලිප් කුමරාට හිමිවිය යුතු බව ප්‍රකාශයට පත් කරනු ලැබුණි.

    එහෙත් ඔහුට ව්‍යවස්ථානුකූලව කිසිදු පදවියක් හිමි නොවීය.

    රාජ්‍යත්වය නවීකරණයට සහ කාර්යක්ෂම සංවිධිත මට්ටමකට ගෙන එනු ලබන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් ෆිලිප් කුමරුන් තුළ අදහස් ගොන්නක් වූයේ නමුත් මාළිගයේ පැරණි පරිපාලකයන් ගණනාවක් කෙරෙන් එල්ල වූ වෙනස් කළ නොහැකි විරෝධය හමුවේ ඔහු එකල දිනෙන් දින කලකිරුණ තත්වයකට පත්ව සිටියේය.

    අමිහිරි ගැටුමක්

    ෆිලිප් කුමරු ඔහු සතු ශක්තිය සක්‍රීය සමාජ ජීවිතය වෙනුවෙන් ද යොමු කළ තැනැත්තෙකි.

    ඔහු සහ ඔහුගේ මිතුරු පුරුෂයන් කණ්ඩායමක් ලන්ඩන් නගර මධ්‍යයේ සුප්‍රකට ‘සෝහෝ’ (Soho) කලාපයේ පිහිටි ආපන ශාලාවක ඉහළ මහලේ කාමරවල සතිපතා හමුවූහ.

    ඒවා ප්‍රණීත දිවා ආහාර වේල් සහ රාත්‍රී සමාජ ශාලා සංචාර දක්වා විහිදුණ අතර සමාගම් ප්‍රිය සිය මිතුරු කැල සමග පින්තූරවලට පෙනී සිටීමට නිතරම මෙන් ෆිලිප් කුමරාට සිදු වුණි.

    සිය දරුවන්ට තමාට උරුම පරම්පරා නාමය තැබීමට ඔහු ගෙන ගිය අරගලයෙන් ආදිපාදවරයා පරාජය වූයේ නමුත්, තවත් අතකින් පවුල තුළ සිය බල අධිකාරිය නිදහසේ පවත්වා ගෙන යාමට ඔහුට අවකාශ ලැබී තිබුණි.

    රැජින සහ ෆිලිප් කුමරු 1953 දී මෙයිඩා වේල් ප්‍රදේශයේදී The Queen & Prince Philip in 1953 at Maida Vale / Copyright: BBC
    රාජකීය වල්ලභයා ලෙසින් නව දිවි පෙවෙතකට හද ගැසීමට ඔහුට සිදුවිය

    සිය සැමියා වන ෆිලිප් ආදිපාදවරයාගේ ‘මවුන්ට්බැට්න්’ (Mountbatten) වාසගම නොව දරුවන්ට උරුම විය යුත්තේ ‘වින්ඩ්සර්’ (Windsor) යන සිය වාසගම යයි රැජින විසින් තීන්දු කරනු ලැබීම ආදිපාදවරයාට එල්ල වූ දැඩි පහරක් විය.

    “තමාගේම දරුවන්ට තම වාසගම දායාද කළ නොහැකි වූ මේ රටේ ජීවත්වෙන එකම මිනිසා මමයි,” ආදිපාදවරයා සිය මිතුරන් සමඟ සඳහන් කළේය.

    “මම කිසිම වැදගත් කමක් නැති කාලකන්ණි ඇමීබාවෙක් විතරයි.”

    පියෙක් හැටියට ෆිලිප් කුමරු රළු සහ අසංවේදී චරිතයක් වූ බව පෙනී යයි.

    සිය පියා විසින් ප්‍රසිද්ධියේ සිදු කරන ලද තරවටු කිරීම් නිසා තමා යොවුන් වියේ දී කඳුළු සලා ඇති බව චාර්ල්ස් කුමරු ප්‍රකාශ කළ බව ඔහුගේ චරිතාපදානයේ කතුවරයා වන ජොනතන් ඩිම්බල්බි (Jonathan Dimbleby) පවසයි.

    පියා සහ වැඩිමහල් පුත්‍රයා අතර සම්බන්ධය පහසු එකක් නොවූ බව ද ජොනතන් ඩිම්බල්බි වැඩිදුරටත් සඳහන් කරයි.

    චරිත ශක්තිය

    වැඩිමහල් පුත් චාර්ල්ස් කුමරුන් ද තමා අධ්‍යාපනය ලද සිය පැරණි ගෝර්ඩන්ස්ටන් (Gordonstoun) පාසලට යා යුතු බවට ෆිලිප් කුමරු බල කළ අතර ඊට හේතු වුණේ සිය පුත්‍රයා තුළ දක්නට වූ එක්තරා ආකාරයක හුදෙකලා ගතිය වෙනස් කිරීමට පාසල් පරිපාලනය ආධාරයක් වේය යන ඔහු තුළ වූ විශ්වාසයයි.

    එහෙත් නිවස මතක් වීම සහ නිතරම වෙනත් සිසුන්ගේ ඉලක්කයක් වෙමින් හිරිහැර ආදියට ගොදුරු වීම නිසා චාල්ස් කුමරු එම පාසලට වෛර කළේය.

    ආදිපාදවරයාගේ ආකල්ප මගින් පිළිබිඹු කෙරුණේ ඇතැම්විට හුදෙකලාව ගත කිරීමට පවා සිදු වූ ළමා කාලයක් සහිත ඔහුගේම ජීවිතයේ දුෂ්කර ස්වභාවයයි.

    චාල්ස් කුමරු Gordonstoun පාසල වෙත පැමිණි අවස්ථාව Prince Charles arrives at Gordonstoun / Copyright: Getty Images
    චාල්ස් කුමරු ‘Gordonstoun’ පාසලේ අධ්‍යාපනය හැදෑරිය යුතු බවට ඔහු අවධාරණය කිරීම පියා සහ පුතා අතර ගැටුමකට තුඩු දුන්නේය

    මුල් අවධියේ පටන්ම ස්වයං පැවැත්මක් සහිතව සිය ජීවිතය ගොඩ නගා ගැනීමට ෆිලිප් කුමරුන්ට සිදු වූ අතර, ඒ සඳහා ඔහු සතුව පැවති ශක්තිය එක සමානව හැම කෙනෙකුම සතු නොවන බව වටහා ගැනීම ඔහුට දුෂ්කර කරුණක් විය.

    ආදිපාදවරයාගේ අවධානයට ලක් වූ එක් ප්‍රධාන දිශාවක් වුණේ යොවුන් දරුවන්ගේ ශුභසාධනයයි.

    ඔහුගේ එම අභිලාෂය මල්පල ගන්වමින් 1956 දී ‘එඩින්බරා ආදිපාද සම්මාන’ වැඩ පිළිවෙළ ආරම්භ කළ අතර විස්මය දනවන සුළු මට්ටමින් එය අතිසාර්ථක සමාජ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.

    සාමූහික සමාජමය ක්‍රියාකාරිත්වය නංවාලීම, මූලාශ්‍රමය දැනුම ලබා ගැනීම කෙරෙහි යොමු කිරීම සහ ස්වභාව ධර්මයට ගරු කිරීම යන ඉලක්ක මත සැලසුම් කොට ඇති ‘එඩින්බරා ආදිපාද සම්මාන’ වැඩ පිළිවෙළ යටතේ ලොව පුරා වයස අවුරුදු 15-25 අතර සාමාන්‍ය මෙන්ම ආබාධිත ළමුන් ද ඇතුළුව හැට ලක්ෂයක් පමණ යොවුන් වියේ පසු වෙන්නන් පසුගිය කාලය තුළ පාසලෙන් බැහැර ක්‍රියාකාරකම් සඳහා සහභාගී කර ගනු ලැබ ඇත.

    “යොවුන් දරු දැරියන් ඕනෑම ක්ෂේත්‍රයක ක්‍රියාකාරකම් වලට සාර්ථකව සහභාගී කර ගන්න පුළුවන් නම්, එම සාර්ථකභාවයේ සංජානනය තවත් විශාල පිරිසක් වෙත පැතිර යනවා,” ආදිපාදවරයා බීබීසිය සමඟ සාකච්ඡාවක දී සඳහන් කළේය.

    ෆිලිප් කුමරු තමාගේ නිල නාමයෙන් පෙරට යමින් ඇති ‘එඩින්බරා ආදිපාද සම්මාන’ වැඩ පිළිවෙළ සඳහා තම කාලයෙන් වැඩි කොටසක් කැප කරන අතර එම සංවිධානයේ විවිධ උත්සවවලට මෙන්ම දෛනික මට්ටමින් එහි කටයුතු වලට පෞද්ගලික මට්ටමින් තමාම සහභාගි වෙමින් එය පණ ගැන්වීමට දායක විය.

    සදාචාරමය යහපත් දැක්ම

    1961 වසරේ ඉන්දියාවේ සිදු කරන ලද සංචාරයක් අතරවාරයේ ව්‍යාඝ්‍රයකුට වෙඩි තබනු ලැබීම නිසා මහා විරෝධයකට මුහුණ දුන් නමුත්, එඩින්බරා ආදිපාදවරයා පරිසරය සහ වනසතුන් රැක ගැනීම සම්බන්ධයෙන් ද මහත් උනන්දුවෙන් උපදේශාත්මක කාර්යභාරයක් ඉටු කළේය.

    ව්‍යාඝ්‍රයා ජය සංකේතයක් හැටියට දැක්වෙන පිංතූරයක් ප්‍රචාරයට පත්වීමෙන් තත්වය ඉතා නරක අතට හැරී තිබුණි.

    කෙසේවුවද, ආදිපාදවරයා සිය ශක්තිය සහ බලපෑම සැලකිය යුතු මට්ටමින් ලෝක වන සත්ව අරමුදල (WWF) වෙනුවෙන් යෙදවීය.

    පසු කාලයෙහි ‘සොබා දහම සඳහා ජගත් අරමුදල’ යනුවෙන් නම් කෙරුණ එම සංවිධානයේ පළමු සභාපති පදවිය ඔහුට පිරිනමනු ලැබුණි.

    රැජින සමග දස දින ඉන්දීය චාරිකාවක නිරත වූ අවස්ථාවේ Kanha Game රක්ෂිතයේදී අලියෙකු පිට නැගී යන ෆිලිප් කුමරු Philip sits atop an elephant while visiting the Kanha Game Reserve today during his ten day tour of India with the Queen / Copyright: PA
    එඩින්බරා ආදිපාදවරයා ඉතා උනන්දුවෙන් වන සංරක්ෂණ කටයුතුවලට සහභාගි විය

    “අන්‍යෝන්‍ය පැවැත්මක් සහිත මෙවැනි ජෛව විවිධත්වයක් අපි වාසය කරන පෘථිවියේ පැවැත්ම ඉතාම සිත් ගන්නා සුළු දෙයක්ය කියල මම හිතනවා,” ආදිපාදවරයා බීබීසියට ප්‍රකාශ කළේය.

    “මිනිසුන් හැටියට ජීවිතය නැත්නම් මරණය – එසේත් නැත්නම් වඳ වීම හෝ පැවැත්ම සඳහා අපට බලයක් ඇත්නම් අපි එය භාවිත කළ යුතු වන්නේ එක්තරා ආකාරයක සදාචාරමය සංජානනයක් සමග යයි කියල මම හිතනවා. අපි අපේ වඳ වීමට අකැමැති තත්වයක් තුළ වෙනත් දෙයක් වඳ කරන්නේ ඇයි?”

    ඔහු එසේ පවසන අතරවාරයේ වලි කුකුළු වර්ගයක් වන ‘Grouse’ පක්ෂීන් දඩයම යුක්ති සහගත කරනු ලැබීම ඇතැම් පරිසරවාදීන් වික්‍ෂිප්ත කිරීමට හේතු විය.

    “ඔබ ක්‍රීඩාවක් කරනවා නම්, ඔබ හරියටම ගොවියෙක් කරනවා වගේ එය ඊලඟ අවුරුද්ද සඳහාත් පවත්වා ගන්න ඕන. ඔබ එය බෝ කරන්න ඕන. වඳ කරන්න නරකයි.”

    කෙලින් කතා කිරීම

    ඉහත කී ආකාරයේ මතභේදාත්මක අවස්ථා මතු වුනත්, ලෝකයේ වනාන්තර සංරක්ෂණය සඳහා කැපවීම සහ විනාශකාරී මත්ස්‍ය දඩයමට එරෙහිව ගෙන ගිය මතවාදය වෙනුවෙන් ආදිපාදවරයා ලොවෙන් බුහුමන් ලැබීය.

    දැනට ‘Work Foundation’ යනුවෙන් හැඳින්වෙන කාර්මික සමාජයේ භාරකරු හැටියට කටයුතු කිරීමෙන් සහ කර්මාන්ත ශාලාවන්හි සංචාරය කිරීම මගින් ඔහු කර්මාන්ත අංශය කෙරෙහි ඔහු තුළ පැවති උනන්දුව ප්‍රදර්ශනය කළේය.

    ආදිපාදවරයාගේ කෙළින් කතා කිරීමේ ගුණාංගය ඇතැමුන් විසින් අර්ථකථනය කරනු ලැබ තිබෙන්නේ ‘නොසැබියාවක්’ හැටියටය.

    The Duke of Edinburgh is seen trying the passenger's seat of the new 3.5 litre Jaguar XKSS sports car during his visit to the Motor Industry Research Association's headquarters near Nuneaton, Warwickshire / Copyright: PA
    ඔහු බ්‍රිතාන්‍ය කර්මාන්ත ගැන දැඩි උනන්දුවක් දැක්විය

    එවැනි ප්‍රකාශන නිසා ඇතැම් අවස්ථාවන්හි ඔහු දුෂ්කර තත්වයන්ට පවා මුහුණ දී ඇත.

    විශේෂයෙන්ම ආදිපාදවරයා තත්වය වරදවා තක්සේරු කිරීම් සම්බන්ධයෙන් ‘කීර්තියක්’ ලැබ ඇත්තේ විදේශ සංචාරයන්හි දී කරන ලද ප්‍රකාශන සමඟය.

    1986 වසරේ රැජින සමඟ චීනයේ නිරත වූ සංචාරය අතරවාරයේ ඔහු කාගේත් විනෝදයට හේතු වූ ප්‍රකාශයක් කර තිබුණි.

    “දිග හීන් ඇස්” ගැන ආදිපාදවරයා එම ප්‍රකාශය කර තිබුණේ තමාට සිතෙන දෙයක් පිළිබඳ පෞද්ගලික අදහස් පළකිරීමක් හැටියටය.

    එම ප්‍රකාශය චීනය තුළ අවුලක් නිර්මාණය නොකළත් ‘ටැබ්ලොයිඩ්’ පුවත්පත්වලට එය සමාජමය කැළඹීමක් ඇති කළහැකි විශාල මාතෘකාවක් වුණි.

    2002 වසරේ ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ එඩින්බරාහි ආදිපාදවරයා එරට මුල් පදිංචිකරුවන් වන ‘ඇබෝරිජීන්’ ව්‍යාපාරිකයන් හමු වූ අවස්ථාවක මෙවැනි විමසීමක් කළේය.

    “නුඹලා තවමත් එකිනෙකාට හෙල්ල විසි කර ගනිමින් සිටිනවා.”

    ගැටුම්කාරී තත්වයන්

    ඉහත සඳහන් කරන ලද ආකාරයේ ප්‍රකාශන නිසා ආදිපාදවරයා ඇතැම් කොටස්වල දැඩි දෝෂ දර්ශනයට ලක් වෙන අතරවාරයේ අනිත් අතින් තවත් කොටසක් දේශපාලන නිර්දෝෂීභාවය මගින් හණමිටිකාරයකු බවට පත්වීම බැහැර කරනු ලැබීමෙන් මතු වූ ඔහු තුළ වූ මිනිසා දුටුවෝය.

    සැබවින්ම, ඔහුගේ ඇතැම් ප්‍රකාශන බොහෝ දෙනකු විසින් දකින ලද්දේ, සිතට සහනයක් ලබා දීමට සහ තමා සමග ගත කරන පුද්ගලයන් අතර සතුටක් ජනනය කිරීමට කියන ලද දෙයක් මිස ඊට වඩා වැඩි දෙයක් නැති “ප්‍රමාද දෝෂයෙන්” කියවුන වචන හැටියටය.

    සිය මුළු මහත් ජීවිත කාලය පුරාම පිලිප් කුමරු ක්‍රීඩාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වීය.

    ඔහු ඔරු පැද්දේය. ක්‍රිකට් ක්‍රීඩා කළේය. පෝලෝ ක්‍රීඩාවේ නිරත වුණේය. අස් රිය පැදවීමේ ශූරයකු ද විය. අශ්වාරෝහකයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ සභාපති පදවියේ ඔහු වසර ගණනාවක්ම කටයුතු කළේය.

    ෆිලිප් කුමරු පෝලෝ ක්‍රීඩා කළ අවස්ථාවක් Prince Philip playing polo / Copyright: PA
    ඔහු විශේෂයෙන්ම පෝලෝ ක්‍රීඩාවට දැඩි උනන්දුවක් දැක්විය

    ආදිපාදවරයා සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා අතර පැවති ගැටුම ලෝකයට හෙළිදරව් වුණේ ජොනතන් ඩිම්බල්බි (Jonathan Dimbleby) විසින් රචනා කරන ලද ‘චාල්ස් කුමර චරිතාපදානය’ දොරට වැඩීමත් සමගය.

    එහි දැක්වෙන ආකාරයට ඩයනා කුමරිය විවාහ කර ගන්නා ලෙස චාල්ස් කුමරුන්ට බල කරනු ලැබ ඇත්තේ ඔහුගේ පියා වන ආදිපාදවරයා විසිනි.

    එහෙත් සිය දරුවන්ගේ විවාහ කැඩී ඉහිරී ඔවුන්ගේ පවුල් විසිර යමින් පැවති අවුරුදුවල එඩින්බරාහි ආදිපාදවරයා, බොහෝ විවේචකයන් විසින් දැක තිබුණ මට්ටමට වඩා ඔහුගේ දරුවන්ගේ පවුල් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කර ඇත.

    රජ පවුලෙන් විවාහයක් කර ගැනීම තුළින් තමා මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳ ස්වීය මතකයන් විසින් සමහර විට ඇති කෙරුණ උත්තේජනය විසින් ආදිපාදවරයා එම ප්‍රශ්න තේරුම් ගැනීමේ ප්‍රයත්නයක ගැලී සිටියේය.

    වන්දනා ගමනක්

    එඩින්බරාහි ආදිපාදවරයා තම දරුවන් හතර දෙනාගෙන් තුන් දෙනකුගේම-වැඩිමහල් චාර්ල්ස් කුමරු, දියණිය ඈන් කුමරිය සහ දෙවන පුත් ඇන්ඩෘ කුමරු- විවාහ ජීවිත අසාර්ථක භාවයෙන් කඩා වැටීම සම්බන්ධයෙන් බලවත් කනස්සල්ලට පත් විය.

    එහෙත් එවැනි පෞද්ගලික කාරණා ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම ප්‍රතික්ෂේප කළ ආදිපාදවරයා “තමා එවැනි කරුණු පිළිබඳව ඉන් පෙර කතා නොකළා සේම ඉදිරි කාලයේදීත් එම පිළිවෙතේම රැඳී සිටින,” බව 1994 වසරේ පුවත්පතකට ප්‍රකාශ කර ඇත.

    ඊළඟ අවුරුදුවල ආදිපාදවරයාගේ ජීවිතයේ මුහුණුවර තුළින් පෙන්නුම් කෙරෙන්නේ එක්තරා ආකාරයක අමිහිරි ස්වභාවයකි.

    එය ඔහු වැඩි වශයෙන් විදේශ සංචාරයන්හි නිරත වූ කාල පරිච්ඡේදයකි.

    එඩින්බරා ආදිපාදවරයා (වමේ) අශ්ව කරත්ත පැදීමේ ක්‍රීඩාවක නිරත වෙමින් The Duke of Edinburgh (left) takes part in the Pony-Four-in-Hand / Copyright: PA
    අශ්ව කරත්ත පැදීම ආදිපාදවරයා ප්‍රිය කළ ක්‍රීඩාවක් විය

    සොබා දහම සඳහා වූ ලෝක වන සත්ව අරමුදලේ කටයුතු සඳහා මෙන්ම රැජින සමග සිදු කරන ලද විදේශ සංචාර ඊට ඇතුලත් විය.

    ආදිපාදවරයා 1994 වසරේ ජෙරුසලමේ සංචාරයක නිරත විය.

    එහි අරමුණ සිය මවගේ අපේක්‍ෂාව අනුව ඇය මිහිදන් කෙරුණ සොහොන් කොත කරා යාමය.

    1995 වසරේ උදා වූ යුද විරු පනස්වැනි සංවත්සරය (VJ Day) ඔහුගේ ජීවිතයේ තවත් සංවේදී දිනයකි. දෙවන ලෝක මහා සංග්‍රාමයේ නිමාව සටහන් කරමින් ජපානය සිය යටත් භාවය ප්‍රකාශයට පත් කරන ලද මොහොතේ පිලිප් කුමරු ‘තෝකියෝ’ බොක්කේ බ්‍රිතාන්‍ය ප්‍රහාරක නෞකාවක යුද සේවයේ නිරතව සිටියේය.

    දෙවන ලෝක මහා සංග්‍රාමය ජයග්‍රහණය කිරීමේ පනස් වෙනි සංවත්සරය නිමිත්තෙන් ලන්ඩන් නගර මධ්‍යයේ (The Mall) පැවැත්වුන ආචාර පෙළපාලිය පිළිගනිමින් එලිසබෙත් රැජින බලා සිටියදී පිලිප් කුමරු ඈත පෙරදිග යුද මෙහෙයට සහභාගි වූ සිය යුද විරු සගයන් සමඟ එක්ව එහි ගමන් ගත්තේය.

    හිතෛෂී ස්වරයක්

    යටත් වූ ජපානයේ යුද සිරකරුවන් සම්බන්ධයෙන් ෆිලිප් කුමරුන්ගේ දයාව පළ විය. ඔවුන්ට සිදු කළ දේ ගැන සමාව දිය නොහැකි බව ඔහුගේ මතය විය.

    ඩයනා වේල්ස්හි කුමරියගේ අභාවයත් සමඟ රජ පවුල සම්බන්ධයෙන් මතු වෙමින් පැවති එදිරිවාදී මහජන ආකල්ප හමුවේ එඩින්බරාහි ආදිපාදවරයා තුළ පැවති රළු පුරුෂභාවය මෘදු අතට හැරුණ අවුරුදු කීපයක් පසු කාලයෙහි දක්නට ලැබෙයි.

    සිය ලේලිය සම්බන්ධයෙන් එදිරිවාදී පිළිවෙතක පිහිටා කටයුතු කළ බවට එල්ල වෙමින් පැවති විවේචන නිෂ්ක්‍රීය කිරීමේ ප්‍රයත්නයක් වශයෙන්, එඩින්බරාහි ආදිපාදවරයා සහ ඩයනා කුමාරිය අතර හුවමාරු වූ ලිපි කීපයක් 2007 වසරේ දී ප්‍රසිද්ධ කරනු ලැබුණි.

    ආදිපාදවරයා වේල්සයේ කුමරිය, ඩයනා සමග The Duke with Diana, Princess of Wales / Copyright: Rex Features - NB Syndication restricted
    ඔහු වේල්සයේ කුමරිය, ඩයනාට ප්‍රබල ශක්තියක් විය

    ආදිපාදවරයා සිය ලේලිය වූ ඩයනා කුමරියට විශාල සහයෝගයක් දී ඇති බව “ආදරණීය පියා වෙත” (Dear Pa letters) යනුවෙන් නම් කරනු ලැබ ඇති එම ලියුම් මගින් පෙන්නුම් කෙරෙයි.

    වේල්ස් කුමරිය එම ලිපි මගින් සිය මාමණ්ඩියට දැඩි හිතෛෂී ස්වරයකින් ආමන්ත්‍රණය කරන්නීය.

    ඩයනා කුමරියගේ අවසන් පෙම්වතා වූ ඩොඩී ගේ පියා වන මොහාමඩ් අල් ෆයඩ් ඩයනා කුමරියගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් එය ෆිලිප් කුමරාගේ නියෝගයක් අනුව සිදු කෙරුණ ඝාතනයක් ලෙස හඳුන්වා දුන්නත් එම අදහස මරණ පරීක්ෂකවරයා විසින් දැඩිව ප්‍රතික්ෂේප කරනු ලැබුණි.

    එඩින්බරාහි ආදිපාද ෆිලිප් කුමරු බ්‍රිතාන්‍ය සමාජ කේන්ද්‍රයේ තමා විසින්ම තමා ස්ථානගත කරන ලද ස්ථිරසාර අභිලාෂයක් සහිත නිදහස් මිනිසකු විය.

    කාර්යක්ෂම චරිතයක්

    ෆිලිප් කුමරු ඔහුට අයත් භූමිකාව නිසාම හැමවිටම දෙවැනි ස්ථානය හිමි වූ ස්වභාවික නායකයෙකි.

    “මම මට හොඳම දේය කියල හිතන දේවල් කළා පමණයි” ආදිපාදවරයා බීබීසියට වරක් ප්‍රකාශ කළේය.

    “මගේ අභිලාෂයන්, එහෙමත් නැත්නම් මම කරුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වන ආකාරය, මම කටයුතු කරන ආකාරයේ සමස්ත ස්වභාවය ක්ෂණිකව එක්වරම වෙනස් කරන්න මට බැහැ. ඒක මගේ ස්වභාවය.”

    2011 වසරේ ආදිපාදවරයාගේ අනූවෙනි උපන්දින සමරුව උදාවේ ඔහුට උපහාරය පළ කළ එවකට අගමැති ඩේවිඩ් කැමරන් විසින් ඉහත කී චරිත ස්වභාවය පිළිගනු ලැබ ඇත.

    එලිසබෙත් රැජින සහ ෆිලිප් කුමරු 2007 දී බ්‍රෝඩ්ලන්ඩ්ස ප්‍රදේශයේ සක්මන් කරමින් Queen Elizabeth and Prince Philip walk at Broadlands in Romsey, 2007 / Copyright: PA
    රැජින ඔහු විග්‍රහ කළේ සිය ශක්තිය සහ රුකුල ලෙසිනි

    “බ්‍රිතාන්‍ය ජනතාව වෙනුවෙන් ආදිපාදවරයා හැම විටම ඔහුටම ආවේණික මාවතක ප්‍රායෝගිකව කටයුතු කළා. ඔහු දක්ෂ ඍජු, නිරහංකාර, අනම්‍ය චරිතයක්. මම විශ්වාස කරනවා – ඔහුගේ කාර්යභාරය ආකර්ෂණීයයි,” හිටපු අගමැතිවරයා සඳහන් කර ඇත.

    බ්‍රිතාන්‍ය ජීවිතය කෙරෙහි මහා දායකත්වයක් සැපයීම අතින් පිලිප් කුමරු සිය පදවිය සාර්ථකව උපයෝගි කර ගත්තේය.

    එසේම වෙනස්වන සමාජ ආකල්ප සමග රාජ්‍යත්වය අනුගත කිරීමට ඔහුගේ භූමිකාව මහෝපකාරී විය.

    ඒ සියල්ලටම වඩා ආදිපාදවරයා ගේ සුවිශාල ජයග්‍රහණය වන්නේ සිය බිරිඳ වන බ්‍රිතාන්‍ය රැජිනගේ දීර්ඝ වූ පාලන කාලය පුරා ඇය වෙනුවෙන් නිසැකව ,අඛණ්ඩව සහ ශක්තිමත් ලෙස දෙන ලද සහයෝගයයි.

    ආදිපාදවරයා තම කාර්යභාරය ලෙස විශ්වාස කළ ඔහුගේ අභිප්‍රාය සිය චරිතාපදානයේ කතුවරයා සමග මෙසේ සඳහන් කළේය.

    “රැජිනගේ පාලනය සහතික කිරීම.”

    රාජකීය යුවළ විවාහප්‍රාප්ත වීමේ පනස්වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වුන උත්සවයේ දී කතා කළ එලිසබත් රැජින බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝම කාලයක් රාජකීය වල්ලභයා වෙමින් වාර්තාවක් තැබූ සිය සැමියාට මෙසේ සිය උපහාරය පළ කළාය.

    “ඔහු ප්‍රසංශා අභිනන්දන පහසුවෙන් භාර ගනු ලබන තැනැත්තෙක් නොවෙයි. එහෙත් ගත වූ අවුරුදු රාශිය පුරා මගේ ශක්තිය වී රැඳී සිටිමින් ඔහු ඉතා සරල චරිතයක් වුනා. මමත් ඔහුගේ සමස්ත පවුලත්, මේ රට සහ ලෝකයේ වෙනත් බොහෝ රටවලුත් ඔහුට සදහටම හිමි වෙන, එසේත් නැත්නම් අප සදහටම දන්නා තරමටත් වඩා ප්‍රමාණයකින් විශාල පරිමාණයෙන් ඔහුට ණයගැතියි.

  • බ්‍රිතාන්‍ය මහ රැජිණගේ වල්ලභවයා එඩින්බරා හි ආදිපාදවරයා අභාවප්‍රාප්ත වෙයි

    බ්‍රිතාන්‍ය මහ රැජිණගේ වල්ලභවයා එඩින්බරා හි ආදිපාදවරයා අභාවප්‍රාප්ත වෙයි

    එලිසබත් රැජිනගේ සැමියා වන ෆිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය අද (09) නිවේදනය කළේය. මිය යන විට ඔහු 99 වෙනි වියේ පසු විය.

    ෆිලිප් කුමරු එලිසබත් කුමරිය හා විවාහ දිවියට පිවිසුණේ 1947 වසරේදීය. ඒ ඇය බ්‍රිතාන්‍ය රැජින වීමට පස් වසරකට පෙරදීය. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රාජකීය වල්ලභයා ලෙස දීර්ඝතම කාලයක් කටයුතු කළ පුද්ගලයා ෆිලිප් කුමරුය.

    “සිය ආදරණීය ස්වාමිපුරුෂයා වන එඩින්බරා හි ආදිපාදවරයා වන ෆිලිප් කුමරුගේ මරණය ගැන මහ රැජින නිවේදනය කරන ලද්දේ දැඩි ශෝකයෙනි,” යනුවෙන් බකිංහැම් මාලිගය පැවසීය.

    “රාජකීය උතුමන් අද උදෑසන වින්ඩ්සර් කාසල්හිදී සාමකාමීව අභාවප්‍රාප්ත විය.”

    මාර්තු මාසයේදී එඩින්බරා හි ආදිපාදවරයා රෝහලින් පිටව ගියේ මසක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවය.

    ඔහු කලින් පැවති හෘද රෝගී තත්ත්වයක් සඳහා මීට පෙර ලන්ඩනයේ වෙනත් රෝහලක් වූ ශාන්ත බර්තොලමෙව් හි ප්‍රතිකාර ලබාගැනිණි.ෆිලිප් කුමරුට සහ රැජිනට දරුවන් හතර දෙනෙකි. මුනුබුරු මිනිබිරියන් අට දෙනෙක් සහ මී මුනුබුරු මිනිබිරියන් 10 දෙනෙක් වෙති.ඔවුන්ගේ පළමු පුත් වේල්ස් හි කුමරා වන චාල්ස් කුමරු 1948 වසරේදී උපත ලැබූ අතර ඉන් පසු ඔහුගේ සහෝදරිය, රාජකීය කුමරිය, ඈන් කුමරිය, 1950 වසරේ දී ත් යෝර්ක් ආදිපාදවරයා වන, ඇන්ඩෘ කුමරු 1960 වසරේදී සහ වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු 1964 වරේදීත් උපත ලැබීය.ෆිලිප් කුමරු 1921 ජුනි 10 වන දින ග්‍රීක දූපතක් වන කෝර්ෆු හි උපත ලැබීය.ඔහුගේ පියා ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු, හෙලීනස් හි පළමුවන ජෝර්ජ් රජුගේ බාල පුත්‍රයා ය.ඔහුගේ මව ඇලිස් කුමරිය ලුවීස් මවුන්ට්බැටන් සාමිවරයාගේ දියණියක වූ අතර වික්ටෝරියා රැජිනගේ මී මිණිබිරියකි.