Tag: featured

  • 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි

    2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි

    එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිවයිනෙන් පිටත්ව ගියේය.

    මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය.

    ලෝක රාජ්‍ය නායක සමුළුවෙහි ප්‍රධාන අරමුණ වනුයේ අනාගතවාදී ප්‍රවේශය, තාක්ෂණික නවෝත්පාදනය ආදී මාතෘකා කෙරෙහි අවධානය යොමු කරමින් ගෝලීය සංවාදයක් ගොඩනැඟීම සඳහා රාජ්‍ය නායකයින් එක් සාකච්ඡා මණ්ඩපයකට එක් රැස් කිරීමයි. මෙම සමුළුවේදී මානව වර්ගයා දැනට මුහුණ දෙන ගැටලු, අනාගත ප්‍රවණතා සහ නව අවස්ථා පිළිබඳ රාජ්‍යයන් අතර දැනුම හුවමාරු කර ගැනේ. මෙයට රටවල් 150ක් නියෝජනය කරමින් 4000කට අධික පිරිසක් සහභාගී වෙති.

    ලෝක රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගි වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩුවල ප්‍රධානීන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

    ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා අතර ද ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එමඟින් දෙරට අතර ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.

    මෙම තෙදින නිල සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් යන මහත්වරු හමුවීමටද සැලසුම් කර ඇත.

    ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, බලශක්ති, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය අංශවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල විධායක නිලධාරීන් ගණනාවක් සමඟද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

    විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙම සංචාරයට එක්ව සිටියි.

  • ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනා

    ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනා

    ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.

    වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට අප රට මුහුණ දී තිබෙන්නේ ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට නොවන බැවින් තවත් පාර්ශ්වයක සහාය ලබා ගැනීමට සිදු වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ඒ අනුව පවතින ආර්ථික ස්ථාවරත්වය තුළ ගොඩ නැගුණ අත්තිවාරම මත නැවත නැඟී සිටීමට සහාය ලබා දීමට තම රජය සූදානම් බව අවධාරණය කළේය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමිනි.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සංවිධානය කරන 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා‌ගේ ප්‍රධානත්වයෙන් අද (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.

    ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීම මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන පරමාර්ථය වේ.

    ඒ අනුව අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය ලෙස ජනාධිපති අපනයන සම්මානය පිරිනැමේ.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර 2023/24 මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම වෙනුවෙන් මෙවර සම්මාන ප්‍රදානය කෙරිණි.

    මෙහිදී සමස්ත සම්මාන 14 ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 51 ක් සහිතව ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ මෙම සම්මාන පිරිනමනු ලැබූ අතර ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය වසර 3 ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිතා කිරීමේ හැකියාව සම්මානලාභීන්ට හිමිවේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ ලෝකයේ වෙළෙඳපොළ ආර්ථිකය රඳා පවතින්නේ ස්වයං හෝ ස්වාධීනව නොවන බැවින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාවෙන් පරිබාහිර ආර්ථිකයේ කොටස්කරුවන් ශ්‍රී ලංකාව කෙරෙහි තබන විශ්වාසය ඉතා වැදගත් බවයි.

    වර්තමාන ලෝකය තුළ වෙළෙඳපොළ බෙදාගෙන අවසන් වී තිබීම හා යළි වෙළෙඳපොළ බෙදා ගැනීම සඳහා තරඟයක් ඇති වී තිබීම තුළ ප්‍රමාණවත් පංගුවක් අත්පත් කර ගැනීම අප රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    අද වෙළෙඳපොළ ලෝක දාමයක් බවට පත් වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි පාර්ශ්වකරුවකු බවට පත් වීමට රටට හිතකර වෙළෙඳ ගිවිසුම්වලට එළඹිය යුතු බවත් දඩබ්බර, හිතුවක්කාර දරුවකු ලෙස වෙළෙඳපොළ ආක්‍රමණය කළ නොහැකි බවත් අවධාරණය කළේය.

    එහිදී ගුණාත්මකභාවයෙන් වෙළෙඳපොළට පිවිසීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට තම රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ලෝකයේ ඇතිවන වෙනස්කම්වලට අනුරූප වන පරිදි නව භාණ්ඩ හා සේවා සැපයීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    විදුලිබිල අඩු වීම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වසර කිහිපයක් තුළ පිරිවැය අඩු කර ස්ථාවර මිලක් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළේය.

    රටේ ආර්ථිකය වෙනත් තලයකට ගෙන යාමට රජයක් ලෙස උපරිම මැදිහත්වීම සිදු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    කුඩා හෝ වැරදීමක් ආර්ථිකයට මරු පහරක් වනු ඇති බැවින් ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ඉතා ප්‍රවේසම් සහගත විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

    රටේ ආර්ථිකය නඟා සිටුවීමේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස අපනයනකරුවන්ගේ ඉල්ලීම්, මේ වන විට සකස් කර ගෙන ඇති අත්තිවාරම නොබිඳෙන ලෙස ඉටු කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

    මේ වන විට ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩි පිළිවෙළට ප්‍රවේසම් සහගතව යොමු වී ඇති බවත් ඒ අසීරු කඩඉම අන්‍යෝන්‍ය අවබෝධයෙන් පියමං කිරීමට එක් වන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.

    කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු,බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව යන මහත්ම මහත්මීහු ඇතුලු අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජතාන්ත්‍රිකයින්, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

  • ධනය ආකර්ෂණය කර ගැනීමට සහ ඍණාත්මක බව ඉවත් කිරීමට කහ භාවිතා කළ හැකි ආකාරය

    ධනය ආකර්ෂණය කර ගැනීමට සහ ඍණාත්මක බව ඉවත් කිරීමට කහ භාවිතා කළ හැකි ආකාරය

    මුළුතැන්ගෙයි බහුලව දක්නට ලැබෙන කුළුබඩුවක් වන කහ, එහි සූපශාස්ත්‍ර භාවිතයන්ගෙන් ඔබ්බට ගොස් ධනය ආකර්ෂණය කර ගැනීම සහ සෘණාත්මක බව දුරු කිරීම සම්බන්ධ සාම්ප්‍රදායික පිළිවෙත් සඳහා  සුවිශේෂ භූමිකාවක් ඉටු කරයි. එහි පොහොසත් සංස්කෘතික හා ඖෂධීය වැදගත්කම සඳහා ප්‍රසිද්ධ කහ, ප්‍රණීත රසය සඳහා පමණක් නොව එහි ඇති සුබ ගුණාංග සඳහා ද ගෞරවයට පාත්‍ර වේ.

    විවිධ සංස්කෘතීන්වල, කහ පාරිශුද්ධත්වයේ, සමෘද්ධියේ සහ ධනාත්මක ශක්තියේ සංකේතයක් ලෙස සැලකේ. එහි උණුසුම්, රන්වන් පැහැය ජීවිතයේ සහ බහුලත්වයේ විශ්වීය සංකේතයක් වන සූර්යයා සමඟ සම්බන්ධ වේ. එහි සූපශාස්ත්‍ර යෙදීම්වලින් ඔබ්බට, සමෘද්ධියට ආරාධනා කිරීම සහ සෘණ ශක්තීන් දුරු කිරීම අරමුණු කරගත් චාරිත්‍ර, උත්සව සහ ගෘහ පිළියම් සඳහා කහ භාවිතා වේ.

    ධනය ආකර්ෂණය කර ගැනීම සහ සෘණාත්මක බව ඉවත් කිරීම අරමුණු කරගත් පිළිවෙත් සඳහා කහ භාවිතා කරන ආකාරය පිළිබඳ අවබෝධයක් මෙම ලිපියෙන් ඔබට ලබා දෙයි.

     

    කහ යනු ඉඟුරු පවුලට අයත් කර්කුමා ලෝන්ගා Curcuma longa ශාකයේ මූලයෙන් ලබාගත් දීප්තිමත් කහ පැහැති කුළුබඩු වර්ගයකි. එහි උණුසුම් හා තරමක් කටුක රසය සඳහා ප්‍රසිද්ධ කහ, විවිධ ආහාරවල, විශේෂයෙන් ආසියානු සහ මැද පෙරදිග ආහාරවල ප්‍රධාන රස සහ වර්ණකාරකයක් වී ඇත. එහි සූපශාස්ත්‍ර භාවිතයන්ට අමතරව, කහ ඖෂධීය හා සංස්කෘතික වැදගත්කමක් ඇති දිගු ඉතිහාසයක් ඇත.

    කහ චාරිත්‍ර, උත්සව සහ සිරිත් විරිත් වල භාවිතා වන අතර, එය පාරිශුද්ධත්වය, සමෘද්ධිය සහ ධනාත්මක ශක්තිය සංකේතවත් කරයි. කහ වල දීප්තිමත් රන්වන් පැහැය ලොව පුරා බොහෝ සංස්කෘතීන්වල සුබදායකත්වයේ සංකේතයක් බවට පත් කර ඇත.

    මූල්‍ය සමෘද්ධිය සඳහා කහ

    කහ හෝ රතු පැහැති රෙද්දකින් කහ කැබැල්ලක් බැඳ සේප්පුවේ තැබීම මූල්‍ය ගැටලු විසඳන බවට විශ්වාස කරන වාස්තු පිළියමකි. මුදල් ඉතිරි කිරීමේදී හෝ අනවශ්‍ය වියදම් සමඟ කටයුතු කිරීමේදී අභියෝගවලට මුහුණ දෙන අයට මෙම පිළිවෙත විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. කහ වල දීප්තිමත් කහ පැහැය සමෘද්ධියේ සංකේතයක් වන අතර එය ධනය රැස් කිරීම සඳහා නව මංපෙත් විවෘත කිරීම අරමුණු කරයි.

    ධනාත්මක ශක්තිය සඳහා කහ ජලය:

    ප්‍රධාන දොරටුව වටා කහ වතුර ඉසීම නිවසට ධනාත්මක ශක්තියක් ආකර්ෂණය කර ගැනීම සඳහා ජනප්‍රිය වාස්තු පිළියමකි. මෙම සරල චාරිත්‍රය නිතිපතා සිදු කරන විට, මූල්‍යමය යහපැවැත්මට හිතකර පරිසරයක් නිර්මාණය කරන බව විශ්වාස කෙරේ. මෙම පිළියමේ ශක්තිය වැඩි දියුණු කිරීම සඳහා කහ වතුරට කාසියක් එකතු කර එය නිවසේ දේවමාළිගාවේ තැබීම, ධනය හා සමෘද්ධිය අඛණ්ඩව ගලා යාම සහතික කිරීමට හේතු වේ.

    ලක්ෂ්මි දේවතාවියගේ ආශිර්වාදය සඳහා කහ:

    වාස්තු පිළිවෙත් වල පූජනීය ස්වස්තික සංකේතය සමඟ කහ ඇතුළත් කිරීමෙන් ධනය හා සමෘද්ධිය සමඟ සම්බන්ධ ලක්ෂ්මි දේවතාවියගේ ආශිර්වාදය හිමිවන බව සැලකේ. කෙනෙකුගේ නිවසට ඇතුළු වන විට මෙම සුබ සංයෝජනය නිවැරදි දිශාවට තැබීමෙන් ධනාත්මක ශක්තීන් ආකර්ෂණය වන අතර ඕනෑම වාස්තු දෝෂයක් දුරු වන බව විශ්වාස කෙරේ.

    මූලාශ්‍රය – https://timesofindia.

  • අගමැතිනිය පොල් හිඟයට ‘සැබෑ හේතුව’ හෙළි කරයි

    අගමැතිනිය පොල් හිඟයට ‘සැබෑ හේතුව’ හෙළි කරයි

    පොල් වගාව දියුණු කිරීම සඳහා කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් පොල් හිඟයක් ඇති වී ඇති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

    පොල් වගාව දියුණු කිරීම සඳහා වත්මන් රජය නිසි ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බවත්, ඒ සඳහා කෙටිකාලීන වැඩසටහන් කිහිපයක් අනුගමනය කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් සඳහන් කළාය.

    මෙවර අයවැයෙන් පොල් වගාව දියුණු කිරීම සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇති බව ද ඇය පැවසුවාය.

    වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති පොල් වගාවට අදාළ ආයතන ශක්තිමත් කිරීම, ඉහළ පොල් අස්වැන්නක් සඳහා පරීක්ෂණ පැවැත්වීම, දේශීය පොල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කෘෂිකාර්මික පිළිවෙත් සහ ඉහළ අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව ඇති පොල් ප්‍රභේද හඳුනා ගැනීම, පොල් වගාවේ රෝග සහ පළිබෝධකයන් පාලනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ නිර්දේශ ලබා දීම සහ අනාගතයේදී පොල් හිඟයක් වළක්වා ගැනීම සඳහා පොල් අංශයට අවශ්‍ය ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කිරීම වැනි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

     

  • වායු දූෂණයේ බිහිසුණු සෞඛ්‍ය ගැටලු මෙන්න !

    වායු දූෂණයේ බිහිසුණු සෞඛ්‍ය ගැටලු මෙන්න !

    වායු දූෂණය , ශ්වසන පද්ධතියේ රෝග, හදවත් රෝග, මොළයේ රෝග වැනි දීර්ඝ කාලීන රෝග රැසකට හේතුවන බව විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසීය.

    විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    බෝ නොවන රෝගයකින් මියයාමට ඇති දෙවන ප්‍රධාන හේතුව වායු දූෂණය බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

    වායු දූෂණය යම් වෙලාවකට පමණක් බලපාන දෙයක් නොවන බව ද , එනම් කැස්ස, උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුව වැනි එවෙලේ හටගන්නා තත්ත්වයක් පමණක් නොවන බව ද විශේෂඥ වෛද්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

    දූෂිත වායුගෝලයේ පවතින සංඝටක අපගේ පෙනහළු පද්ධතියට පමණක් නොව අපගේ ශරීර අවයවයන් බොහෝමයකට නරක බලපෑම් එල්ල කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

    වායුගෝලයේ අවට ඇති ඇතැම් සංඝටක වලින් මිනිසුන්ගේ ආයු කාලය සෑහෙන ප්‍රමාණයකට අඩු කළ හැකි බවට සොයාගෙන ඇතැයි ද දැනට සිදුකර ඇති විද්‍යාත්මක පර්යේෂණ වාර්තා 70,000 කින් පමණ අවුරුද්දකට මිලියන 07ක් ජනතාව තමන් මියයාමට සුදුසු කාලයට පෙර වායුදූෂණය හේතුවෙන් මියයන බව තහවුරු වී ඇතැයි ද  විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසීය.  මෙය විශාල ප්‍රමාණයක් බව පැවසූ ඔහු නිවෙස් තුළ පවතින වායු දූෂණය ද විවිධ රෝගාබාධ ඇතිවීමටත් ඇතිවී ඇති රෝගාබාධ වර්ධනයටත් ඒවා පාලනය දුර්වල වීමටත් හේතුවන බව සඳහන් කළේය.

    ඇතැම් සංඝටක පෙනහළු තුළට ගියපසු පිළිකා ඇතිවීමේ සම්භාවිතාවක් පවතින බව ද ඉන්දියාවේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරු පවසන පරිදි කලින් දුම් පානය කරන්නන්ගේ පෙනහළු ආශ්‍රිත පිළිකා තත්ත්වයන් වැඩි වශයෙන් නිරීක්ෂණය වුව ද වර්තමානයේ දුම් නොබොන අය සහ ගැහැණු අයටද මෙවැනි රෝග තත්ත්වයන් වලට වායු දූෂණය හේතුවෙන් මුහුණපෑමට සිදුව ඇතැයි ද පැවසුවේ ය.

    වායු දූෂණයේ පවතින ඇතැම් අංශු පෙනහළු වලට ගිය පසු පෙනහළු ප්‍රදාහයන් ඇතිවී දීර්ඝකාලීන සංකූලතා ඇතිවන අතරම මෙම ඉතා සියුම් සංඝටක රුධිරයට යාමෙන් විශාල ගැටලු ඇතිවිය හැකි බවද ගර්භණී මවකගේ වැදැහැමහ හරහා ගොස් දරුවාගේ ජානවලට බලපෑම් කළ හැකි යැයි ද මෙලෙස වායු දූෂණය ඊළඟ පරම්පරා වලට ද බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බව ද විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක සඳහන් කළේය.

     

  • Homestay කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා ADB-SLTDA විද්‍යුත් ඉගෙනුම් වේදිකාවක් හඳුන්වා දෙයි

    Homestay කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා ADB-SLTDA විද්‍යුත් ඉගෙනුම් වේදිකාවක් හඳුන්වා දෙයි

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (Sri Lanka Tourism Development Authority – SLTDA), ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank – ADB) සමඟ සහයෝගයෙන්, ශ්‍රී ලංකාව පුරා නිවාස නවාතැන් කළමනාකරණය සහ මෙහෙයුම් ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නව්‍ය විද්‍යුත් ඉගෙනුම් වේදිකාවක් / e-learning platform aimed දියත් කර තිබේ.

    මෙම මුලපිරීම ADB හි තාක්ෂණික සහාය වැඩසටහනේ (TA 9881 SRI: සංචාරක ඔරොත්තු දීමේ හැකියාවට සහාය වීම / Supporting Tourism Resilience) කොටසක් වන අතර මෑත වසරවලදී බහුවිධ අභියෝගවලට මුහුණ දී ඇති සංචාරක අංශය තුළ ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාරභාවය ගොඩනැගීම සඳහා නිර්මාණය කර ඇත.

    සංචාරක ව්‍යාපාරයේ වර්ධනය සඳහා නිවාස නවාතැන් පහසුකම්වල / homestays තීරණාත්මක කාර්යභාරය හඳුනා ගනිමින්, ADB සහ SLTDA, නිවාස නවාතැන් ක්‍රියාකරුවන්, විශේෂයෙන් කාන්තාවන්, තරුණයින් සහ දුරස්ථ ප්‍රදේශවල පුද්ගලයින් ඇතුළු ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (micro, small, and medium-sized enterprises – MSMEs) සවිබල ගැන්වීම සඳහා මෙම විද්‍යුත් ඉගෙනුම් වේදිකාව සංවර්ධනය කර ඇත.

    මෙම වේදිකාව නිවාස නවාතැන් කළමනාකරණය, අලෙවිකරණය සහ තිරසාරභාවය පිළිබඳ ප්‍රධාන අංශ ආවරණය කරමින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ස්වයං-වේගවත්, බහුභාෂා පාඨමාලා පිරිනමයි.

    නිවාස නවාතැන් මෙහෙයුම්වල විවිධ අංශ ආමන්ත්‍රණය කිරීම සඳහා සකස් කරන ලද මොඩියුල නවයකින් විද්‍යුත් ඉගෙනුම් වේදිකාව සමන්විත වේ,

    1. ඔබේ නිවාස නවාතැන් ව්‍යාපාරය ආරම්භ කරන්න (Start Your Homestay Business – SYHB): ලියාපදිංචිය සහ ව්‍යාපාර සැකසුම ඇතුළුව අභිලාෂකාමී ක්‍රියාකරුවන් සඳහා මාර්ගෝපදේශයකි,
    2. ඔබේ නිවාස නවාතැන් ව්‍යාපාරය අලුත් කරන්න (Renew Your Homestay Business – RHB): SLTDA ලියාපදිංචි කිරීම් අලුත් කිරීම සඳහා අනිවාර්ය වේ,
    3. නිවාස නවාතැන් ව්‍යාපාරය වැඩිදියුණු කරන්න (Improve Homestay Business – IHB): මෙහෙයුම්, ඩිජිටල් අලෙවිකරණය,
    4. මූල්‍ය කළමනාකරණය, තිරසාරභාවය, ආගන්තුක සන්නිවේදනය සහ ආරක්ෂාව පිළිබඳ මොඩියුල, ඔබේ නිවාස නවාතැන් විවිධාංගීකරණය කරන්න (Diversify Your Homestay – DYH): අද්විතීය ආගන්තුක අත්දැකීම් නිර්මාණය කිරීම සහ අමතර ආදායමක් උත්පාදනය කිරීම සඳහා උපාය මාර්ග,
    5. නිවාස නවාතැන් ව්‍යාපාරය වැඩිදියුණු කරන්න (Improve Homestay Business – IHB): අපද්‍රව්‍ය කළමනාකරණය, බලශක්ති ඉතිරිකිරීම සහ ලාභදායීතාවය සඳහා තිරසාර පිළිවෙත් අනුගමනය කරන්න,
    6. නිවාස නවාතැන් ව්‍යාපාරය වැඩිදියුණු කරන්න (Improve Homestay Business – IHB): ගිණුම්කරණය සහ මූල්‍ය: අයවැයකරණය,
    7. මුදල් ප්‍රවාහය සහ වාර්තා තබා ගැනීම ඇතුළුව මූල්‍ය කළමනාකරණය, නිවාස නවාතැන් ව්‍යාපාරය වැඩිදියුණු කරන්න (Improve Homestay Business – IHB): ආරක්ෂාව, සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව: පිරිසිදුකම, ආරක්ෂාව සහ ආහාර සනීපාරක්ෂාව සඳහා ගෝලීය ප්‍රමිතීන් සහතික කරන්න,
    8. නිවාස නවාතැන් ව්‍යාපාරය වැඩිදියුණු කරන්න (Improve Homestay Business – IHB): අමුත්තන්ගේ සන්නිවේදන සහ සමාලෝචන: සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම, සමාලෝචන කළමනාකරණය කිරීම සහ ශක්තිමත් ආගන්තුක සබඳතා ගොඩනඟා ගැනීම,
    9. ඔබේ නිවාස නවාතැන් විවිධාංගීකරණය කරන්න (Diversify Your Homestay – DYH): අද්විතීය ආගන්තුක අත්දැකීම් සහ අමතර ආදායම් මාර්ග නිර්මාණය කරන්න.

    මෙම මොඩියුල, ශ්‍රී ලංකාවේ සැබෑ ජීවිත Homestay  කතා ඇතුළත් ග්‍රැෆික්ස්, හඬ කථන සහ වීඩියෝ ඇතුළු නිර්මාණාත්මක බහුමාධ්‍ය අන්තර්ගතයන්ගෙන් පොහොසත් කර ඇත.

    සංවර්ධන ක්‍රියාවලියට පුළුල් උපදේශන ඇතුළත් වූ අතර, පවතින පුහුණු වැඩසටහන් සමාලෝචනය කිරීම, ගෝලීය හොඳම භාවිතයන් පිළිබඳ සාහිත්‍ය සමාලෝචන සහ අන්තර්ගතය විවිධ පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා සපුරාලන බව සහතික කිරීම සඳහා නිර්මාණ-චින්තන ප්‍රවේශයක් ඇතුළත් විය.

    ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සහ නිවාස නවාතැන් මෙහෙයුම් විධිමත් කිරීම මගින්, සංචාරක MSME අංශයේ ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාරභාවය වැඩි දියුණු කිරීම SLTDA හි අරමුණයි.

    මෙම වේදිකාව ආර්ථික ප්‍රකෘතියට සැලකිය යුතු ලෙස දායක වනු ඇතැයි අපේක්ෂා කරන අතර, සංචාරක වටිනාකම් දාමය පුරා රැළි බලපෑමක් ඇති කරයි.

    අද දින 04) කොළඹ 07, ජෙට්වින්ග් හිදී පැවති මෙම දියත් කිරීමේ උත්සවයට ADB, SLTDA සහ සංචාරක අංශයේ නියෝජිතයින් ඇතුළු ප්‍රධාන කර්මාන්ත පාර්ශ්වකරුවන් එක්විය.

    SLTDA ප්‍රමිති සහ තත්ත්ව සහතික අධ්‍යක්ෂ තරංග රූපසිංහ මහතා මෙසේ පැවසීය: “මෙම විද්‍යුත් ඉගෙනුම් වේදිකාව ශ්‍රී ලංකාවේ සංචාරක අංශය නැවත ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය පියවරක්. ආසියානු සංවර්ධන බැංකුවේ අමිල සහයෝගයට අපි අපගේ කෘතඥතාව පළ කරන අතර අනෙකුත් කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක සේවා සපයන්නන් සඳහා සමාන වේදිකා සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ සහාය කාරුණිකව ඉල්ලා සිටිමු.”

  • Grammys 2025 සම්මාන උළෙලේ රතු පලසට දුහුල් ඇඳුමින් ආ ‘බියංකා’

    Grammys 2025 සම්මාන උළෙලේ රතු පලසට දුහුල් ඇඳුමින් ආ ‘බියංකා’

    මෙවර ලොස් ඇන්ජලීස් හි පැවති  67 වන ග්‍රැමී සම්මාන උළෙල සඳහා සංගීත ක්ෂේත්‍රයේ සියලුම දැවැන්තයින් පැමිණ සිටියේය.

    සම්මාන උළෙල Crypto.com Arena හිදී පැවැත් වූ අතර උත්සවයට පැමිණි සියලුම අමුතන් රතු පලස මතට පැමිණ ඡායාරූප සඳහා පෙනී සිට තිබුණි. කෙසේවෙතත් රතු පලසට පැමිණි සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ වන බියංකා සෙන්සෝරි ට විශේෂ අවධානයක් යොමු විය. ඒ බියංකා සෙන්සෝරි හැඳ සිට ඉතාම දුහුල් විනිවිද පෙනෙන දැලැක් වැනි ඇඳුම හේතුවෙනි. එය පැමිණි සිට පිරිස මවිතයට පත්කර තිබුණි. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම යුවළට සම්මාන උළෙල සඳහා ආරාධනා කර නොතිබුණ නමුත් කන්යේ වෙස්ට් ගේ නම සම්මාන දෙකක් සඳහා යෝජනා වී තිබු බවය.

  • ඩිජිටල් ගෙවීම්වල නව යුගයක ඇරඹුම

    ඩිජිටල් ගෙවීම්වල නව යුගයක ඇරඹුම

    රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදුකෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරේ.
  • ‘පරාටේ නීතිය’ ක්‍රියාත්මක කිරීමේදී SMEs මුහුණ දෙන ගැටලු අවම කිරීමට කමිටුවක්

    ‘පරාටේ නීතිය’ ක්‍රියාත්මක කිරීමේදී SMEs මුහුණ දෙන ගැටලු අවම කිරීමට කමිටුවක්

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මාර්ගෝපදේශ සැපයීම ඉලක්ක කරගනිමින් මෙම උපදේශක කමිටුව පිහිටුවීමට අපේක්ෂා කර තිබේ.

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ සංවර්ධනය සඳහා විවිධ ආයතන යටතේ ක්‍රියාත්මක වන සියලු පාර්ශ්වකරුවන් එක් කණ්ඩායමක් ලෙස සම්බන්ධීකරණය කරමින් එකී අංශය විදිමත් ලෙස දියුණු කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වය ඇතුව මෙම උපදේශක සභාව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙම කමිටුව සඳහා විවිධ විෂය පඨයන් ඔස්සේ දායකත්වය දක්වන රාජ්‍ය ආයතවල සාමාජිකයින් හත් දෙනෙකුගෙන් ද අදාළ විශය සම්බන්ධ විශේෂඥයින් හත් දෙනෙකුගෙන්ද සමන්විත විමට වීමට නියමිතය.

    ඒ අනුව කමිටු සාමාජිකයින් පහත පරිදි වේ.

    මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් සාමාජිකයින් තුන් දෙනෙකු, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ එක් සාමාජිකයෙකු, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ එක් සාමාජිකයෙකු, ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමාජිකයින් දෙදෙනෙකු, කමිටුව සඳහා අදාළ විෂයෙහි ප්‍රවීණ විශේෂඥයින් හත් දෙනෙකුද ඇතුළත් කිරීමට නියමිතය.

    එමෙන්ම බලපත්‍රලාභී බැංකුවකින් ණය ලබාගෙන පසුගිය 2019 වසරේ අප්‍රේල් මස 01 දිනෙන් පසු අදියර 3 යටතේ ණය කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන පැකේජයක් හඳුන්වා දී ඇති අතර ඒ අනුව පහත පියවරයන් ගෙන තිබේ.

    01. පරාටේ නීතිය ක්‍රියාත්මක වීම විධිමත් ක්‍රමවේදයක් යටතේ කල් දැමීම.

    02. ණය ප්‍රතිව්‍යුහගත සැලැස්ම සඳහා ඇතුලත්වන ණය ගැනුම්කරුවන් සඳහා රු. මි.25 ට අඩු ණය සඳහා මාස 12ක්, රු.මි. 25 සහ රු.මි. 50 අතර ණය සඳහා මාස 09ක් සහ රු.මි. 50ට වැඩි ණය සඳහා මාස 06ක් වශයෙන් සහන කාලයක් ලබා දීම.

    03. රු.මි. 5ට වැඩි සහ රු.මි. 25 දක්වා ණය ගැණුම්කරුවන්ගේ නොගෙවූ පොලිය ණය පියවන කාල සීමාව සලකා බලා කපා හැරීමට පියවර ගැනීම.

    04. මුල් ණය ගිවිසුමට අනුව වසර 10කට වඩා දිගු ගෙවීම් කාලයක් ලබා දී නොමැති නම් එක් එක් ණය ගැනුම්කරු වෙන් වෙන් වශයෙන් ඇගයීම් කර ණය ආපසු ගෙවීම සඳහා උපරිම වසර 10ක කාලයක් ලබා දීම.

    05. දේපළ වෙන්දේසි කිරිමේදී එම දේපළ තක්සේරු කිරීම පිළිබඳව බැංකුව සහ ණය ගැනුම්කරු අතර පැන නඟින ආරවුලකදී දුක්ගැනවිලි හැසිරවීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ එමඟින් ණය ගැනුම්කරුගේ දේපළ හැකි ඉහළම මිලට වෙන්දේසි කිරීම සහතික කිරීම, යන කාර්යයන් ක්‍රියාවට නංවා ඇති අතර එහි ප්‍රගතිය සමාලෝචනයද මේ තුළින් අපේක්ෂා කෙරේ.

    06. සුදුසුකම් ලබන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ව්‍යාපාර පුනර්ජීවන සැලැස්මක් ඉදිරිපත් කිරීමට යටත්ව කාරක ප්‍රාග්ධන ණය මුදලක් ලබා දීම.

    07. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බැංකු පද්ධතිය හරහා සහන බැංකු ඒකකය ක්‍රියාත්මක කිරීම.

  • 2025 ජනවාරී මාසයේ ‘උද්ධමනය’ ඍණ වෙයි – සම්පූර්ණ වාර්තාව මෙන්න

    2025 ජනවාරී මාසයේ ‘උද්ධමනය’ ඍණ වෙයි – සම්පූර්ණ වාර්තාව මෙන්න

    කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.7ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී සියයට 4.0ක අවධමනයක් හෙවත් ඍණ අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සහන් වේ.

  • PCOD සහ වඳභාවය: පිළිසිඳ ගැනීමට උත්සාහ කරන කාන්තාවන් සඳහා හොඳම ප්‍රතිකර්ම විකල්ප

    PCOD සහ වඳභාවය: පිළිසිඳ ගැනීමට උත්සාහ කරන කාන්තාවන් සඳහා හොඳම ප්‍රතිකර්ම විකල්ප

    Polycystic Ovarian Disease PCOD ඇති පිළිසිඳ ගැනීමට උත්සාහ කරන කාන්තාවන්ට සාරවත් බව පිළිබඳ විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබා ගත හැකි අතර පසුව නිසි ප්‍රතිකාර ලබා ගත හැකිය. මෙම ලිපියෙන් අපි ගැබ් ගැනීමට කැමති කාන්තාවන් සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම ගැන සාකච්ඡා කරමු.

    නූතන නූතන ලෝකයේ සෑම කාන්තාවකටම පාහේ PCOD ගැටලුව වැඩි වැඩියෙන් මතුවෙමින් පවතී. ආහාර පුරුදු, නිතිපතා කුණු ආහාර / junk foods පරිභෝජනය, මානසික ආතතිය සහ බාධාකාරී නින්ද වැනි නවීන ජීවන රටා රටා හරහා මෙයට උත්තේජනයක් ලැබේ. මෙම සියලු වෙනස් වූ ජීවන රටාවන් හෝමෝන සමතුලිතතාවයට බලපාන අතර එවැනි රෝගීන් තුළ ඩිම්බ මෝචනය අක්‍රිය වීමට හේතු වන අතර එමඟින් පිළිසිඳ ගැනීම ගැටලුවක් බවට පත්වේ.

    PCOD රෝගයෙන් පෙළෙන කාන්තා ජනගහනයෙන් 75%ක් පමණ ඇනෝවුලේටරි වඳභාවයෙන් / anovulatory infertility පෙළෙන අතර එහිදී ඩිම්බ මුදා නොහරින අතර එය දිගු කාලීන ගැටල ඇති කළ හැකිය. කෙසේ වෙතත්, එයට නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති නමුත් නිසි ප්‍රතිකාර සහ ඖෂධ සමඟ කටයුතු කළ හැකිය.

    PCOD සහ වඳභාවයේ ප්‍රතිවිපාක

    අසාමාන්‍ය හෝමෝන සහ අක්‍රමිකතා PCOD සඳහා ප්‍රධාන හේතුවයි. ෆෝලික් සෛල යනු සංසේචනය සඳහා ඩිම්බ මුදා හරින ප්‍රධාන කොටසයි. මෙම ෆොලිකුලර් සෛල අක්‍රමවත් ලෙස හෝමෝන මගින් පාලනය වන විට, ඩිම්බ පිටවීම හා අක්‍රමවත් ඔසප් වීම සිදු කරයි.

    තවත් ප්‍රධාන හේතුවක් වන්නේ පිරිමි හෝමෝන ලෙස හඳුන්වන ඇන්ඩ්‍රොජන් / androgen අධික ප්‍රමාණයෙන් මුදා හැරීමයි.

    කාන්තාවක් PCOD රෝගයෙන් පෙළෙන විට, ඇගේ ශරීරය ඉන්සියුලින්-ප්‍රතිරෝධී වන අතර, එය ඉතා භයානක විය හැකි දෙවන වර්ගයේ දියවැඩියාවට සහ සීනි මට්ටම්වල උච්චාවචනයට තුඩු දිය හැකිය. අධි රුධිර පීඩනයෙන් සහ එන්ඩොමෙට්‍රියල් පිළිකාවෙන් / endometrial cancer පීඩා විඳීම, එනම් ගර්භාෂ ශ්ලේෂ්මල පටලය මත පිළිකා සෛල වර්ධනය වීම සහ හෘද රෝගවලට ගොදුරු වීම PCOD රෝගයෙන් පෙළෙන කාන්තාවන් අතර සුලභය.

    PCOD සඳහා ප්‍රතිකාර

    වෛද්‍ය නිෂි සිං සමඟ අප කතා කළ විට, ඇය පැවසුවේ PCOD නිසා ඇති විය හැකි වඩාත් පොදු සංකූලතාවයක් වන්නේ වඳභාවය සහ පිළිසිඳ ගැනීමේ අපහසුතාව බවයි. නිවැරදි වෛද්‍ය මගපෙන්වීම සහ ප්‍රතිකාර සමඟ, මෙම තත්වයෙන් පෙළෙන බොහෝ කාන්තාවන්ට ගැබ් ගත හැකිය. PCOD වලින් පෙළෙන කාන්තාවන් පිළිසිඳ ගැනීමට උපකාර වන ප්‍රතිකාර කිහිපයක් පහත දැක්වේ

    නවීන ජීවන රටාව වෙනස් කිරීම: PCOD සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ බර වැඩිවීමට සහ තරබාරුකමට හේතුව නිසා නිතිපතා ව්‍යායාම කිරීම සහ බර අඩු කර ගැනීම ගැබ් ගැනීමට අපේක්ෂා කරන කෙනෙකුට බොහෝ සෙයින් උපකාරී වේ. මීට අමතරව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් මඟින් ඉන්සියුලින් මට්ටම නියාමනය කර ඇන්ඩ්‍රොජන් නිෂ්පාදනය අඩු කළ හැකි අතර එමඟින් ඩිම්බ මුදා හැරීමෙන් ගැබ්ගැනීමේ අවදානම වැඩි කරයි.

    හෝමෝන අසමතුලිතතාවයට ප්‍රතිකාර කිරීම: PCOD රෝගයෙන් පෙළෙන කාන්තාවන්ගේ ශරීරය තුළ හෝමෝන පාලනය කිරීම සඳහා ගත හැකි හෝමෝන කිහිපයක් තිබේ. gonadotropins ලෙස හඳුන්වන බාහිරව පරිපාලනය කරන හෝමෝන ඇත. එය ෆොසිලල් / follicles වර්ධනයට සහ ගැබ් ගැනීමට උපකාරී වේ.

    ශල්‍යකර්ම විකල්ප: වෙනත් ප්‍රතිකාර ක්‍රම ක්‍රියා නොකරන විට මෙම ශල්‍යකර්ම විකල්පයන් සැලකිල්ලට ගනී. ශල්‍යාගාර තුළ සිදු කරන ලද මැදිහත්වීම් වලදී, නාරිවේද වෛද්‍යවරයා ලැපරොස්කොපික් ඩිම්බකෝෂ විදීම (Laparoscopic Ovarian Drilling – LOD) ලෙස හඳුන්වන ක්‍රියා පටිපාටියක් සිදු කරයි. එහිදී ඔවුන් සාමාන්‍ය ඩිම්බ චක්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලේසර් සමඟ තුනී ඉඳිකටුවක් භාවිතයෙන් ඩිම්බකෝෂ පටක පුළුල් කරයි.

     

    සහායක ප්‍රජනක තාක්ෂණය (Assisted Reproductive Technology ART): ART හි බොහෝ අංග ඇති අතර මේ සියල්ල වෙනස් ලෙස සිදු කෙරේ. ART යනු ගර්භණීභාවය පිළිබඳ සංකල්පයට උපකාර කිරීම සඳහා කළල නිපදවන සුදුසු තත්වයන් යටතේ පිටත වටපිටාව තුළට ඩිම්බ සහ ශුක්‍රාණු හඳුන්වා දීමයි.

     

  • 2024 දෙසැම්බර් මාසයේ අපනයන කාර්ය සාධනය

    2024 දෙසැම්බර් මාසයේ අපනයන කාර්ය සාධනය

    ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2023 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 4.06% ක වැඩිවීමක් වන අතර  2024 දෙසැම්බර් මස වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 1,042.5 ක් විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු හා සාන්ද්‍රිත නිෂ්පාදන, ආහාර සහ පාන වර්ග අපනයන ඉපැයීම් ඉහළ යාමයි.

    කෙසේ වෙතත්, 2024 දෙසැම්බර් මාසය සඳහා සේවා අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 322.92ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.  එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 29.96% ක වැඩිවීමකි.

    එහි ප්‍රතිඵලයක් වශයෙන්  වෙළඳ භාණ්ඩ සහ සේවා ඇතුළුව 2024 දෙසැම්බර් මාසය සඳහා වූ මුළු අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,365.42කි. එය 2023 එම කාල සීමාවට සාපේක්ෂව 9.21%ක වැඩිවීමකි.

    රූපය 1: මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2021- දෙසැම්බර් 2024

    (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව)

    වගුව 1: අංශය අනුව අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම ( we’ fvd’ මි )

    භාණ්ඩ සහ සේවා අපනයනය ජන-දෙසැ

    2023

    ජන- දෙසැ 2024 % වර්ධනය

    (23-24)

    දෙසැම්බර්

    2023

    දෙසැම්බර්

    2024

    % වර්ධනය

    (23-24)

    ඇඟලුම් සහ රෙදිපිළි 4,864.53 5,050.99 3.83 438.78 446.83 1.83
    තේ 1309.90 1435.87 9.62 111.12 131.60 18.43
    රබර්  ආශ්‍රිත නිෂ්පාදන 930.24 1001.54 7.66 79.62 80.74 1.41
    පොල් ආශ්‍රිත නිෂ්පාදන 708.70 856.79 20.90 55.97 74.47 33.05
    දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ 388.16 282.07 -27.33 17.88 11.03 -38.31
    ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක 486.66 421.98 -13.29 34.97 39.60 13.24
    කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන 397.78 461.85 16.11 31.42 47.16 50.10
    සැකසූ ආහාර පාන වර්ග 427.97 478.05 11.70 29.21 41.50 42.07
    මුහුදු ආහාර 262.24 232.99 -11.15 23.79 20.14 -15.34
    විසිතුරු මසුන් 26.38 24.46 -7.28 2.03 1.99 -1.97
    එළවළු 29.19 29.79 2.06 2.58 3.05 18.22
    පළතුරු 43.27 41.72 -3.58 3.42 3.79 10.82
    වෙනත් අපනයන බෝග 91.30 65.02 -28.78 3.04 5.46 79.61
    මල් සහ ශාක පත්‍ර 15.01 13.67 -8.93 1.28 1.25 -2.34
    බෝට්ටු නිෂ්පාදන 78.50 41.10 -47.64 0.76 0.45 -40.79
    ඛනිජ තෙල් නිෂ්පාදන 372.04 415.65 11.72 13.49 33.95 151.67
    වෙනත් 1,478.93 1,851.90 25.22 152.44 99.49 -34.73
    මුළු වෙළඳ භාණ්ඩ අපනයනය 11,910.80 12,705.44 6.67 1,001.80   1,042.50 4.06
    තොරතුරු තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය 1,226.87 1454.46 18.55 108.67 141.06 29.81
    ඉදිකිරීම් 354.80 207.50 -41.52 22.30 15.80 -29.15
    මූල්‍යමය සේවා 64.00 52.08 -18.63 6.70 3.78 -43.58
    ප්‍රවාහන සහ කාර්යෝපාය සේවා 1,549.69 1,753.11 13.13 110.81 162.28 46.45
    සම්පූර්ණ සේවා අපනයන 3,195.36 3,467.15 8.51 248.48 322.92 29.96
    මුළු අපනයන 15,106.16 16,172.59 7.06 1,250.28 1,365.42 9.21

     

    (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව)

     

    වගුව 2: ඉහළම අපනයන ගමනාන්ත 15 හි වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

    රට ජන-දෙසැ 2023 ජන-දෙසැ 2024 % වර්ධනය

    (23-24)

    දෙසැම්බර්

    2023

    දෙසැම්බර්

    2024

    % වර්ධනය

    (23-24)

    1 එක්සත් ජනපදය 2,758.57 2,909.97 5.49 253.74 250.02 -1.47
    2 එක්සත් රාජධානිය 846.16 903.72 6.80 72.33 69.45 -3.98
    3 ඉන්දියාව 829.70 883.65 6.50 53.70 86.77 61.58
    4 ඉතාලිය 679.05 595.43 -12.31 47.01 44.62 -5.08
    5 ජර්මනිය 587.40 628.25 6.95 57.61 59.96 4.08
    6 එක්සත් අරාබි එමීර් රාජ්‍යය 357.09 334.63 -6.29 27.95 34.14 22.15
    7 නෙදර්ලන්තය 343.47 393.60 14.60 37.01 39.55 6.86
    8 ප්‍රංශය 304.95 263.75 -13.51 19.50 21.25 8.97
    9 කැනඩාව 293.21 319.87 9.09 24.24 23.69 -2.27
    10 චීනය 257.73 251.91 -2.26 19.69 23.39 18.79
    11 ඕස්ට්‍රේලියාව 226.51 247.13 9.10 18.74 23.26 24.12
    12 බෙල්ජියම 221.45 239.09 7.97 16.21 22.10 36.34
    13 තුර්කිය 195.66 136.77 -30.10 12.62 10.01 -20.68
    14 ජපානය 188.76 179.24 -5.04 14.58 16.42 12.62
    15 ස්විට්සර්ලන්තය 185.30 160.62 -13.32 11.78 7.52 -36.16
      වෙනත් වෙළඳපොළ 3,635.79 4,257.81 17.11 315.09 310.35 -1.50
    එකතුව 11,910.80 12,705.44 6.67 1,001.80 1,042.50 4.06

    (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව)

     

    වගුව 3: කලාපය අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

    කලාපය ජන-දෙසැ

    2023

    ජන– දෙසැ     2024 % වර්ධනය

    (23-24)

    දෙසැම්බර්

    2023

    දෙසැම්බර්

    2024

    % වර්ධනය

    (23-24)

    එක්සත් ජනපදය 2,758.57 2,909.97 5.49 253.74 250.02 -1.47
    යුරෝපා සංගමය (EU) එක්සත් රාජධානිය හැර 2,711.93 2,739.95 1.03 226.05 242.56 7.30
    දකුණු ආසියාව 1,192.75 1,348.93 13.09 79.48 127.05 59.85
    අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) 995.00 969.05 -2.61 72.53 90.89 25.31
    පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 324.79 318.18 -2.04 25.98 25.29 -2.66
    අප්‍රිකානු රටවල් 327.95 341.34 4.08 23.19 23.13 -0.26
    මැද පෙරදිග රටවල් (සයිප්‍රසය සහ ඊජිප්තුව හැර) 239.87 292.74 22.04 18.24 29.58 62.17
    වෙනත් 3,359.94 3,785.28 12.66 302.59 253.98 -16.06
    මුළු වෙළඳ භාණ්ඩ අපනයනය 11,910.80 12,705.44 6.67 1,001.80 1,042.50 4.06

    (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව)

    ප්‍ර‍තිපත්ති සහ උපායමාර්ගික සැලසුම් අංශය, ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

     

  • ජොහාන් පීරිස් – ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා

    ජොහාන් පීරිස් – ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා

    ජොහාන් පීරිස් ඇන්ටාක්ටිකාවේ උසම කන්ද වන ‘වින්සන් කන්ද’ / Mount Vinson (මීටර් 4,892 ක් උස)  තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වන බව ආරංචි මාර්ග පවසයි.

    2018 දී ජොහාන් පීරිස් එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසගත වූ අතර එය මෙරට කඳු නැගීමේ උරුමය තුළ ඔහුගේ ස්ථානය තහවුරු කළ දැවැන්ත ජයග්‍රහණයකි. යුරෝපයේ එල්බ්‍රස් කන්ද, අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කන්ද සහ ඕස්ට්‍රේලියාවේ කොස්කියුස්කෝ කඳු මුදුන් ද ඔහු විසින් තරණය කර  ඇත.

  • ලෝක එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් 4 ක්

    ලෝක එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් 4 ක්

    අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩඩායම් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් සිවුදෙනෙකු ඇතුළත්ව සිටිති. චරිත් අසලංක, එම කණ්ඩායමේ නායකයා ලෙසින් පත් කර තිබේ.

    චරිත් හැරුණු කොට ආරම්භක  පිතිකරු පැතුම් නිස්සංක, අංක 4 පිතිකරු කුසල් මෙන්ඩිස් සහ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංගව නම් කර තිබේ. මෙම කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසද කුසල් මෙන්ඩිස්ව නම් කර තිබේ.

    වර්තාමන එක්දින ලෝක ශූරයින් බවට පත්ව සිටින ඔස්ට්‍රේලියාවත් එහි අනුශූරයින් වූ ඉන්දියාවෙන් එකම ක්‍රීඩකයෝ ඇතුළත්ව නොසිටීම කැපී පෙනෙන සිදුවීමක් වේ. නම් කරන ලද කණ්ඩායමට ඇෆ්ගනිස්තානයෙන් හා පාකිස්තානයෙන් ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් එක්ව සිටින අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් එක් ක්‍රීඩකයෙක් තෝරාගෙන තිබේ.

    නායකත්වය් පත් චරිත් අසලංක නිමාවූ වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 16 කදී ලකුණු 605 ක් රැස් කිරීමට සමත්ව සිටින්නේ සිම්බාබ්වේපිලට එරෙහිව රැස් කරන ලද ලකුණු 101 ක සමගිනි. එම ශතකයට අමතරව අර්ධ හතක 4 ක් ද ඔහු රැස් කරගෙන සිටිනනේ ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 50.20 ක් රදවා තබා ගනිමිනි.

    කුසල් මෙන්ඩිස් එක්දින ජාත්‍යන්තර තරග 17 කදී ලකුණු 742 ක් වාර්තා කර සිටින්නේ නවසීලන්තයට එරෙහිව රැස් කරන ලද ලකුනු 143 ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් කර ගනිමිනි. ශතකයක් හා අර්ධ ශතක 6 ක් මෙන්ඩිස් රැස් කරගෙන ඇත්තේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 53 ක් රඳවා තබා ගනිමිනි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කර ඇති එකම පිතිකරුවා වන පැතුම් නිස්සංක තරග 12 කදී ලකුණු 694 ක් රැස්කරගෙන සිටියි. ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලකුණු 210 ක් රැස් කරමින් ජාත්‍යන්තර වැඩි ආකර්ශණයක් තමන් වෙත නතු කර ගැනීමට පැතුම් නිස්සංක සමත්වූවේය. එම ද්විත්ව ශතකයට අමතරව බංග්ලාදේශයට එරෙහිව ශතකයක් සහ අර්ධ ශතක 2 ක් ලබා ගනිමින් පැතුම් සිය සාමාන්‍ය 63.1 ක් රඳවාගැනීමට සමත්ව සිටින්නේය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 10 කට සහභභාගිව ඇති වනිඳු බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 26 ක් වේ. කඩුල්ලක් දවා ගැනමේ සාමාන්‍ය 15.6 ක් රඳවා තබාගැනීමට සමත්ව සිටින දකුණත් පා දඟ පන්දු යවන්නා ඉකුත් ජනවාරි මසදී සිම්බාබ්වේ ට එරෙහිව ලකුණු 19 ක් ඇතුළත දවා ගන්නා ලද කඩුලු 7 එම වසරේ ඔහුගේ හොඳම පන්දු යැවීමේ දක්ෂතාව ලෙසින් සනිටුහන් වේ.

    මීට සමගාමීව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇතුළත්ව සිටින්නීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය ලෙසින් චමරි කටයුතු කළත් එක්දින කණ්ඩායමේ ඇයට හිමිව තිබෙන්නේ අංක 3 පිතිකරණ ස්ථානය වේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම: චරිත් අසලංක (නායක), සයිම් අයුබ් (පාකිස්තානය), රහ්මානුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය), කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව), පැතුම් නිශ්ශංක (ශ්‍රී ලංකාව), ෂර්ෆේන් රදර්ෆර්ඩ් (බටහිර ඉන්දීය කොදෙව්), අස්මතුල්ලා ඕමාර්සායි (ඇෆ්ගනිස්තානය), වනිඳු හසරංග (ශ්‍රී ලංකාව), ෂහීන් ෂා අෆ්රිඩි (පාකිස්තානය), හරිස් රවුෆ් (පාකිස්තානය), ඒ.එම්. ගසන්ෆාර් (ඇෆ්ගනිස්තානය).

  • යෞවනයන් අතර කාංසාව සහ මානසික අවපීඩනය වැඩි වන්නේ ඇයි ?

    යෞවනයන් අතර කාංසාව සහ මානසික අවපීඩනය වැඩි වන්නේ ඇයි ?

    වර්තමානයේ තරුණ තරුණියන් අතර නොසන්සුන් භාවයක් ඇති වී තිබෙනවා. මේ නිසා මනස හෝ මොළය සන්සුන්ව පවතින්නේ නැත. මෙම ගැටලුව මානසික අවපීඩනය හා කාංසාව ද ඇති කරයි.

    වර්තමානය වන විට තරුණ තරුණියන් අතර ආතතිය / stress පිළිබඳ ගැටලුව වඩාත් බරපතළ වෙමින් පවතී. මෙම ආතතිය ඔවුන් නොසන්සුන් කරයි. මේ නිසා ඔවුන් තරුණ වියේදීම මානසික අවපීඩනයට ගොදුරු වෙනවා.

    විශේෂයෙන්ම රැකියා කරන තරුණ තරුණියන්ට, එනම් රැකියාවල නියුතු අයට, ඉවසීම, කැපවීම, රැකියාව කෙරෙහි ඇති ආශාව ඉතා අල්පය. ඔවුන් කුඩා දේවලට ආතතියට පත් වීමට පටන් ගනී. මෑත අධ්‍යයනයකින් සමාන සංඛ්‍යා අනාවරණය වී ඇත. එහිදී වයස අවුරුදු 25ක තරුණ සේවකයින්ගෙන් සියයට 90ක් නොසන්සුන් බව සොයා ගන්නා ලදී. මේ නිසා බොහෝ විට තමන්ට හානි කර ගැනීමේ සිතිවිලි ඔවුන්ගේ සිතට එන්නට පටන් ගනී.

    වයස අවුරුදු 45ට වැඩි තරුණ සේවකයන්ගෙන් සියයට 67ක් කාංසාව සහ මානසික අවපීඩනයෙන් පෙළෙන බව වාර්තාව පවසයි. මෙම පුද්ගලයින්ට මානසික සෞඛ්‍යය  විසඳුම් ලෙස අභියෝගවලට එරෙහිව සටන් කිරීම සහ ඒවාට විසඳුම් සෙවීම සඳහා උපදෙස් දෙනු ලැබේ. ඔබ වාර්තා විශ්වාස කරන්නේ නම්, පසුගිය වසර කිහිපය තුළ සියදිවි නසාගැනීමේ අවදානම වැඩි වී තිබේ. ඒ අතරම, කාර්යාලවල සේවය කරන සේවකයින් අතර සෞඛ්‍ය සම්බන්ධ ගැටලු සියයට 15 කින් වැඩි වී තිබේ.

    වඩාත්ම කනස්සල්ලට කරුණ නම්, මෙම පුද්ගලයින්ගෙන් සියයට 59ක් යම් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් තමන්ට හානි කර ගැනීමට නැඹුරු වන බව දැක තිබීම ය. සමීක්ෂණයේ දී, මිනිසුන්ගෙන් සියයට 30ක් පමණ තුළ දැඩි මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ දක්නට ලැබුණි. මිනිසුන්ගෙන් 30%කට වඩා වැඩි පිරිසක් කාංසාව සහ මානසික අවපීඩනයෙන් මිදීම ගැන දැනුවත්ව සිටින බව සොයා ගන්නා ලදී. ඒ අතරම, සියදිවි නසාගැනීමේ අවදානම මිනිසුන්ගෙන් 30% ක් තුළ ඉහළ මට්ටමක පවතින බව සොයා ගන්නා ලදී.

    කාංසාව සහ මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ

    • කෝපය වැඩි වීම
    • හොඳටම තරහ යනවා
    • හැසිරීම් වෙනස්කම්
    • වැඩ ගැන උනන්දුවක් නොමැතිකම
    • මිනිසුන්ගෙන් පලා යනවා
    • පොඩි දේටත් අඬනවා
    • ආහාර ගැනීමේ අපහසුතාව

    කාංසාව සහ මානසික අවපීඩනය වළක්වා ගන්නේ කෙසේද?

    ඔබට මානසික ආතතිය හා මානසික අවපීඩනය වළක්වා ගැනීමට අවශ්‍ය නම්, පළමුව, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කරන්න. මානසික සෞඛ්‍ය ගැටලු මඟහරවා ගැනීම සඳහා හොඳ නින්දක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. රාත්‍රියේ පැය 6-8 අතර කාලයක් නිදා ගැනීමෙන් බොහෝ ආබාධ සුව කළ හැකිය.

    එසේම ඔබේ ආහාර වේලට පෝෂ්‍යදායී ආහාර සහ ඔබ කැමති දේ ඇතුළත් කළ යුතුය. මානසික ආතතිය හා මානසික අවපීඩනය වළක්වා ගැනීම සඳහා යෝග සහ භාවනා උපකාර ලබා ගන්න.

    දිනපතා ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම් කිහිපයක් කරන්න. අවශ්‍ය නම්, දින කිහිපයක් රැකියාවෙන් විවේකයක් ගෙන පවුලේ අය සහ මිතුරන් සමඟ කාලය ගත කරන්න. ඔබේ හැඟීම් යමෙකු සමඟ බෙදා ගන්න.

  • කඩදාසි කෝප්පවල තේ සහ කෝපි පානය සෞඛ්‍යයට කරන බලපෑම හෙළිවෙයි

    කඩදාසි කෝප්පවල තේ සහ කෝපි පානය සෞඛ්‍යයට කරන බලපෑම හෙළිවෙයි

    කඩදාසි කෝප්ප සෑදීම සඳහා බොහෝ රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් වර්ග භාවිතා කරන බව විශේෂඥයින් විශ්වාස කරයි.

    දැන් තේ සහ කෝපි පානය කිරීම සඳහා මිනිසුන් ඉවත දැමිය හැකි කඩදාසි කෝප්ප භාවිතා කිරීමට පටන් ගෙන තිබේ. ඉවත දැමිය හැකි කඩදාසි කෝප්ප සෞඛ්‍යයට හිතකර බව මිනිසුන් විශ්වාස කරයි. නමුත් වෛද්‍යවරුන් ඊට සපුරා ප්‍රතිවිරුද්ධ මතයක් දරයි.

    සෞඛ්‍ය ප්‍රවීණයන් විශ්වාස කරන්නේ කඩදාසි කෝප්ප සෑදීම සඳහා රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් බහුලව භාවිතා කරන අතර ඒවා අපගේ සෞඛ්‍යයට ඉතා භයානක බවයි. මේ සම්බන්ධයෙන් අපි විශේෂඥ වෛද්‍ය සහ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය අමිත් උපාධ්‍යායි සමඟ කතා කළෙමු. ඔහු අපට පවසන්නේ කඩදාසි කෝප්ප භාවිතය අපගේ සෞඛ්‍යයට ඉතා හානිකර බවයි. ඒ වෙනුවට අප භාවිතා කළ යුත්තේ කුමක්ද යන්න ගැන ද ඔහු අපට පෙන්වා දෙයි.

    කඩදාසි කෝප්ප සෞඛ්‍යයට අහිතකරයි

    අපි සාමාන්‍යයෙන් තේ කෝපි බොන්න පාවිච්චි කරන්නේ කඩදාසිවලින් හදපු කෝප්පය. නමුත් අපි ඔබට ඇත්ත හෙළිකරමු, කෝප්පය කඩදාසි වලින් සාදා ඇත්නම් ජලය හෝ කිසිදු දියරයකට එහි රැඳී සිටීමට නොහැකි වනු ඇත. එවැනි තත්වයක් තුළ ජල ආරක්ෂණය සඳහා කෝප්පයේ ඇතුළත අතිශය තුනී ප්ලාස්ටික් ස්ථරයක් ආලේප කර ඇති අතර එය ‘ක්ෂුද්‍ර ප්ලාස්ටික්’ ලෙස හැඳින්වේ.

    ක්ෂුද්‍ර ප්ලාස්ටික් අපගේ සෞඛ්‍යයට ඉතා හානිකර බව පොදුවේ විශ්වාස කෙරේ. අපි කෝපි හෝ උණු වතුර වැනි ඕනෑම උණුසුම් පානයක් මෙම කෝප්පවලට වත් කරන විට, මෙම ස්ථරයෙන් ඉතා කුඩා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු පිට වීමට පටන් ගනී. මෙම අංශු ඉතා කුඩා බැවින් ඒවා අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි නමුත් ඒවා අපගේ සෞඛ්‍යයට අතිශයින්ම හානිකර ය. මෙම අංශු ක්‍රමයෙන් පානයෙහි දිය වීමට පටන් ගන්නා අතර ඒවා ඔබේ සිරුරට එක්වේ.

    කඩදාසි කෝප්පයක ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු දහස් ගණනක් ඇති බව ගණනය කර ඇත.

    මීට වසර කිහිපයකට පෙර කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ කඩදාසි කෝප්පයක උණු පානයක් විනාඩි 15ක් තබා ඇත්නම් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු 20,000 ත් 25,000 ත් අතර ප්‍රමාණයක් අඩංගු විය හැකි බවයි. මෙම අංශු අපගේ ශරීරයට ඇතුළු වී හෝමෝන අසමතුලිතතාවය සහ පිළිකා වැනි බරපතළ රෝග ඇති කරයි.

    වඩා හොඳ විකල්පය කුමක්ද?

    එවැනි අවස්ථාවක, ඔබේ සෞඛ්‍යය ගැන සිතමින්, කඩදාසි කෝප්ප භාවිතයෙන් හැකිතාක් වැළකී සිටිය යුතුය. ඒ වෙනුවට, පෝසිලේන් හෝ මල නොබැඳෙන වානේ කෝප්ප භාවිතා කරන්න. ඔබ පිටත තේ හෝ කෝපි පානය කරන්නේ නම්, මැටියෙන් සකස් කරන ලද කෝප්ප හොඳම විකල්පයකි. නැතහොත් සෑම විටම නැවත නැවතත් භාවිතා කළ හැකි කෝප්ප ඔබ ළඟ තබා ගන්න. මෙය පරිසරයට පමණක් නොව අපගේ සෞඛ්‍යයට ද වඩාත් හිතකර වනු ඇත.