Tag: featured

  • සතුන්ට ආදරය කරන ‘බොලිවුඩ් තරු’ ගැන සුපිරි කතා

    සතුන්ට ආදරය කරන ‘බොලිවුඩ් තරු’ ගැන සුපිරි කතා

    සෑම වසරකම නිෂ්පාදනය වන සහ නිකුත් වන චිත්‍රපට සංඛ්‍යාව අනුව බොලිවුඩය ලොව විශාලතම සිනමා කර්මාන්තය වන අතර ලොව වැඩිම ප්‍රේක්ෂකයින් පිරිසක් සතු වීම ද එහි ස්ථාවරත්වයට හේතු වී ඇත.

    මේ තත්ත්වය තුළ බොලිවුඩ් තරු විලාසිතා ලෝකයේ, දේශපාලනයේ පමණක් නොව තවත් බොහෝ ක්ෂේත්‍ර රැසක බලවත් පුද්ගලයින් බවට පත්ව ඇති අතර ඔවුන් කියන – කරන දෙ, සිතන – පතන දේ දෙස බිලියන ගණනක් ජනතාව මහත් උනන්දුවෙන් සහ ආසාවෙන් බලාසිටින තත්ත්වයක් ද නිර්මාණය වී ඇත.

    මේ අතර බොලිවුඩ් තරු ද තම ජනප්‍රියත්වය සහ ප්‍රතිරූපය සදහා දෛනිකව පුවත් නිර්මාණය කරන අතර ඒවා උණුසුම් පුවත් බවට පත් වෙමින් මිලියන සංඛ්‍යාත පිරිසක් අතර මොහොතකින් හුවමරු වීමක් ද දැකිය හැකිය.

    ඉතිං බොලිවුඩ් තරු වල ආදරයට සහ සුරලතයට ලක්වන සුරතල් සතුන් ගැන ද කිවහැකි වන්නේ අපූරු කතාවකි. සතුන් කෙරෙහි තම ආදරය පෙන්වීමට සහ දැනුවත් කිරීම සඳහා සහයෝගය ප්‍රකාශ කිරීමට පසුබට නොවන බොලිවුඩ් සුපිරි තරු මෙන්න.

    ජැකලින් ෆර්නැන්ඩස් Jacqueline Fernandez
    සුරතල් සතුන්


    ජැකලින් ෆර්නැන්ඩස් බොහෝ කලක සිට ‘සත්ව අයිතිවාසිකම් පිළිබඳ“ ප්‍රබල ආධාරකරුවෙකු වන අතර ඒ පිළිබඳව තරමක් හඩ නගා ඇත. මිනිසුන්ට ප්‍රීති ප්‍රමෝදයක් ලබා දීම සඳහා අශ්වයන් බර කරත්ත රැගෙන යන මුම්බායි හි ‘වික්ටෝරියාස්’ ලෙස ජනප්‍රිය වූ අශ්ව කරත්ත තහනම් කිරීමට පවා ඇය උදව් කළාය. සත්ව හිංසාව මැඩපැවැත්වීම සඳහා වීගන් ජීවන රටාවක් (සත්ව නිෂ්පාදනවලින් තොර ආහාර – එළවළු) ස්වේච්ඡාවෙන් අනුගමනය කළ බොහෝ නිළියන්ගෙන් එක් අයෙකි ෆර්නැන්ඩස්.

    ජෙනෙලියා දේශ්මුක් Genelia Deshmukh
    සුරතල් සතුන්

    ජෙනෙලියා, රිටීෂ් සහ ඔවුන්ගේ පුතුන් හැරුණු විට, ඉන්ස්ටග්‍රෑම් හි තරමක් ජනප්‍රිය වූ තවත් දේශ්මුක් කෙනෙක් ද සිටී. ඒ ඇයගේ සුරතල් සුනඛයාය. ස්පැනියල් වර්ගයට අයත් රන්වන් පැහැ මෙම සුරලතලාට ජෙනෙලියා දරුවෙකුට මෙන් ආදරය කරන බව බොලිවුඩයේ කටකතාවකි. ඔහු දරුවන් සමඟ සෙල්ලම් කරන පින්තූරවලින් ජෙනෙලියාගේ සමාජමාධ්‍ය ගිනුම් පිරී ඉතිරී ඇත. ඇත්ත වශයෙන්ම, දේශ්මුක්වරු සත්ත්ව ආහාර වලින් තොර වී ඇති අතර මෑතකදී ඉන්දියාවේ මුල්ම සමාගමක් වන ශාක පදනම් කරගත් මස් සමාගමක් ඔවුන් විසින් ආරම්භ කර තිබේ.

    දීෂා පටානි Disha Patani
    සුරතල් සතුන්

    ගොකු, බෙලා, ජැස්මින් සහ කීටි ලෙස නම් තබා ඇති දීෂා පටානිගේ සුනඛයන් හා බළලුන් දෙදෙනාට තමන්ගේම ඉන්ස්ටග්‍රෑම් පිටුවක් තිබේ. දීෂා බළලුන් හා බල්ලන් දරුකමට හදා ගැනීම සඳහා තනතුරු දමන ආකාරය ඔබට දැක ගත හැකිය. ඇත්ත වශයෙන්ම, කුරිරු සිදුවීම් වලට නැවත නැවතත් මුහුණ දෙන සතුන්ට ඉදිරියට පැමිණ උදව් කිරීමට ඇය මිනිසුන්ව දිරිමත් කරයි.

    Alia Bhatt

    සුරතල් සතුන්

    ආලියා ද සතුන්ට බොහෝ සේ ආදරය කරන, සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සුපිරි බොලිවුඩ් තරුවකි. සුදු පර්සියානු බළලෙකු පසුගිය කාලයේ ඇයගේ සමීපම මිතුරා වූ අතර මෑතකදී, ෂහීන් සහ ආලියා තවත් පූස් පැටියෙකු රැගෙන ගියහ. කොළ පැහැති ඇස් ඇති කළු පැහැති ජුනිපර් නම් බළල් සුරතලා අද ඔවුන්ගේ සමීපතමයා බවට පත්ව ඇත. සත්ව අයිතිවාසිකම්, සහයෝගය සහ සංරක්ෂණය සඳහා භට් ක්‍රියාකාරීව සම්බන්ධ වන අතර සත්ව හා පාරිසරික සුභසාධනය පිළිබඳ ගැටළු ඉස්මතු කර දැක්වීමට සහ වැඩ කිරීමට අවධානය යොමු කරන අලියා භට් විසින් ලාභ නොලබන සංවිධානයක් පවත්වාගෙන යයි .

    ඩයනා පෙන්ටි Diana Penty
    සුරතල් සතුන්

    ඩයනා පෙන්ටි සහ ඇගේ සුරතල් සුනඛයා වන ‘විකී‘ අතර අපූරු මිත්‍රත්වයක් ඇත. ඩයනා සහ විකී යන දෙදෙනාගේම නිදාගැනීම, විවේක ගැනීම හෝ පොතක් කියවීම යන දෙකම එකට බෙදා ගනී. 

    ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • විගණකාධිපතිවරයා හෙළිකරන ‘ශ්‍රී ලංකාවේ පළිබෝධනාශක භාවිතයේ තිත්ත කතාව’

    විගණකාධිපතිවරයා හෙළිකරන ‘ශ්‍රී ලංකාවේ පළිබෝධනාශක භාවිතයේ තිත්ත කතාව’

    2013 වසරේ සිට 2017 වසර දක්වා ඩොලර් මිලියන 225ක වටිනාකමින් යුතු පළිබෝධනාශක මෙට්‍රික් ටොන් 28,640ක් ආනයනය කර ඇතැයි ද පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචිවී ලබාගත් විධිමත් සහතිකයක් යටතේ 2018 වනවිට අලෙවි කටයුතු කර ඇත්තේ අලෙවි සැල් 2294ක් අතුරින් 1079ක් පමණක් බව ද පළිබෝධනාශක ආනයනය, භාවිතය හා එහි පාරිසරික බලපෑම සම්බන්ධයෙන්වූ විගණකාධිපතිවරයාගේ පරිසර විගණන වාර්තාව සදහන් කරයි.

    එම වාර්තාවේ මෙසේද සදහන් වේ.

    පළිබෝධනාශක ආනයනය, ඇසිරීම, ලේබල් කිරීම, ගබඩා කිරීම, සංයෝග සකස් කිරීම, ප්‍රවාහනය කිරීම, විකිණීම, විකිණීම සඳහා බෙදා හැරීම සහ භාවිතය පාලනය කිරීම සඳහා අවශ්‍ය වන විධිවිධාන 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලන පනත මගින් ඇතිකර ඇති අතර එම කටයුතු නියාමනය පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය මගින් සිදු කෙරෙයි.

    2013 සිට 2017 දක්වා ආනයනය කර ඇති මුළු පළිබෝධනාශක ප්‍රමාණය මෙට්‍රික් ටොන් 28,640කි. ඒ සඳහා ඩොලර් මිලියන 225ක් වැයකර ඇත. එම මුළු ප්‍රමාණයෙන් 63%ක් වල්නාශකද, 20%ක් කෘමිනාශකද, 17%ක් දිලීර නාශකද තිබී ඇත.

    2019 ජුනි 30 වනවිට ආනයනික පළිබෝධනාශකවල අඩංගු සක්‍රිය සංඝටක ප්‍රමාණය 200ක් වී ඇති අතර ඒ සඳහා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ආනයනකරුවන් 80ක් ලියාපදිංචි වී ඇත.

    ආනයන පලිබෝධනාශකවල යෝග්‍යතාව පරික්ෂා කිරීම සඳහා එම පළිබෝධනාශක නිෂ්පාදිත රටවලින් නිකුත් කරන තත්ව සහතිකය පාදක කරගෙන ඇති අතර සියයට සියයක්ම දේශීය රසායනාගාර පරීක්ෂාවන් තුළින් පළිබෝධනාශක පරීක්ෂාවන් සිදුනොවන බව නිරීක්ෂණය වී ඇත. පවතින භෞතික සම්පත් හා මානව සම්පත් උපයෝගි කරගනිමින් පළිබෝධනාශක සංඝටක 200කින් 18කට අදාළව රසායනාගාර පරීක්ෂණ කර ඇති අතර එම ප්‍රමාණය හා ක්‍රියාවලිය ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී ඇත.

    පළිබෝධනාශක අලෙවි සහතික ලබාදීම විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව නිරීක්ෂණය වී ඇති අතර පළිබෝධනාශක අලෙවිසැල් නියාමනයද ප්‍රමාණාත්මකව හා අඛණ්ඩව සිදුනොවන බව නිරීක්ෂණය වී ඇත.

    කෘෂිකර්ම කටයුතු සඳහා භාවිත කරන පළිබෝධනාශකවල අඩංගු සක්‍රිය සංඝටක 110ක් අතුරින් 60ක් සඳහා පමණක් පෙර අස්වනු කාලය හා උපරිම අවශිෂ්ට සීමා (පළිබෝධනාශක යම් ප්‍රමාණයක් ආහාර තූළ හෝ ආහාර මත පැවතීම පළිබෝධනාශක අවශිෂ්ට ලෙස හැඳින්වේ.) 219ක් තීරණය කර තිබෙන අතර සංඝටක 50ක් සඳහා උපරිම අවශිෂ්ට සීමා ස්ථාපිත කර නැත.

    කල් ඉකුත්වූ පලිබෝධනාශක පරිසර හිතකාමී ලෙස අපහරණය කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුනොවන බව නිරීක්ෂණය වී ඇති අතර 2019 සැප්තැම්බර් 30 වන විට අපහරණය නොකරන ලද කල් ඉකුත්වූ පළිබෝධනාශක ද්‍රව ආකාරයේ ලීටර් 2057ක් හා ඝන ආකාරයේ කිලෝ ග්‍රෑම් 24,153ක් රාජ්‍ය අංශයට අයත් ස්ථාන කිහිපයක ගබඩා කර තිබී ඇත.

    ආනයන කරනු ලබන පළිබෝධනාශක නියැදි රසායනාගාර පරීක්ෂණයකට භාජනය කිරීමට අවශ්‍ය භෞතික හා මානව සම්පත් රේගුවේ ස්ථාපිත කර නොමැති අතර ආනයනකරු විසින් ඉදිරිපත් කරනු ලබන තත්ව සහතිකයට නිශ්කාෂණය සිදුකර ඇත.

    අම්පාර, කළුතර, මාතර, ගම්පහ, කුරුණෑගල, පුත්තලම හා නුවරඑළිය දිස්ත්‍රික්කවල වී, කොළ එළවළු, අන්නාසි, අඹ, ගස්ලබු, මිරිස් හා එළවළු සම්බන්ධව සිදුකරන ලද නියැදි පරීක්ෂණයේදී ගොවීන් පරිසරයට හා මානව සෞඛ්‍යයට හිතකර ආකාරයට පළිබෝධනාශක භාවිතය සිදුනොකරන බව නිරීක්ෂණය වී ඇත.

    පළිබෝධනාශක භාවිකය හා පසු භාවිතය නියාමනය හා පාලනය කිරීමට අවශ්‍ය නිලධාරීන්, පුහුණුව හා අඛණ්ඩ දැනුම යාවත්කාලීන කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වගකිව යුතු ආයතන විසින් තවදුරටත් සිදුකළ යුතු බව නිරීක්ෂණය වී ඇත.

    පරිසර හිතකාමී හා මානව සෞඛ්‍යයට ගැළපෙන යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා ගුඩ් ඇගිරිකල්චරල් ප්‍රැක්ටිස් වැඩසටහන හඳුන්වාදී තිබුණද ගෝවීන් අතර එය ක්‍රියාත්මක කිරීම පහළ මට්ටමක පැවතී ඇත.

    පළිබෝධනාශක අලෙවිය මූලික වශයෙන් පුද්ගලික අලෙවිකරුවන් මගින් සිදුකෙරෙන අතර අලෙවිකරුවන් බහුතරයකට පලිබෝධනාශක පිළිබඳ විධිිමත් පුහුණුවක් ලබාදී නැත. එසේ වුවද පළිබෝධ ගැටලු හා පළිබෝධනාශක පිළිබඳ ගොවීන් උපදෙස් ලබාගෙන ඇත්තේ ඔවුන්ගෙනි.
    පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචිවී ලබාගත් විධිමත් සහතිකයක් යටතේ 2018 වනවිට අලෙවි කටයුතු කර ඇත්තේ අලෙවි සැල් 2294ක් අතුරින් 1079ක් පමණි.

    නුවරඑළිය එළවළු වගාව සම්බන්ධයෙන් පාංශු සාම්පල 162ක පවතික රසායනාගාර වාර්තා පරික්ෂාවේදී තිබිය යුතු අවම පොස්පරස් ප්‍රමාණය ඉක්මවූ නියැදි 159ක් හඳුනාගෙන ඇත. එම නියැදි 159හි පොටෑසියම් ප්‍රමාණය ඉක්මවූ නියැදි 73ක්ද හඳුනාගෙන ඇත.

    අපනයනය කරන එළවළු වර්ගවලද, තේ තුළද අනුමත සීමාව ඉක්මවූ පළිබෝධනාශක තිබී ඇත.
    ප්‍රොෆෙනොපොස් පළිබෝධනාශකය යෙදිය හැකි සියලු ආහාර බෝගවල පළිබෝධනාශක යෙදීම හා අස්වනු නෙලීම අතර අවම කාල සීමාව දින 14ක් වූවත් එම අවම සීමාවන් ගොවීන් අනුගමනය නොකරන බව කරන ලද සාකච්ඡාවලදී අනාවරණය වී ඇත.

    පළිබෝධනාශක ආනයනය, භාවිතය හා එහි පාරිසරික බලපෑම සම්බන්ධයෙන්වූ විගණකාධිපතිවරයාගේ පරිසර විගණන වාර්තාව ඇසුරිනි.

  • ගාල්ලේ ෂුක්රා පව් !

    ගාල්ලේ ෂුක්රා පව් !

    ගෝලීය මහ බලවතුන්ගේ අනුග්‍රහය ඇතිව නොබෙල් සාම ත්‍යාගය ලැබූ පාකිස්තානි යුවතිය මලාලා යූසෆ්සායි කලක් තොරම්බල් වූ අයුරු, අවසානයේ වෙළඳපල තරගයෙහි අලෙවිවන “ෂුක්රලා” ගැන ඉතිරි වන්නේ අනුකම්පාවක්ම පමණි.  

    සිරස “ලක්ෂපති” වැඩසටහනට පසුගිය සතියේ පැමිණි ගාල්ලේ මුස්ලිම් පාසල් දැරිවිය ලක්ෂ 20 ක දිනුම රැගෙන යාම විශේෂයෙන් ෆේස් බුක් ලෝලීන් අතර ඉමහත් කතා බහට ලක් විය. 

    පාසල් දැරිවියක් හෙයින් තම සමාජ ආර්ථික වටපිටාව පිළිබඳව තවම පූර්ණ අවබෝධයක් නැතත් ඇය සැබවින්ම ඉතා දක්ෂ දැරිවියකි. ඒ ගැන වාදයක් නැත.  එනිසා ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇයට හිමි ගෞරවය හා ඇගයුම කිසිදු අඩුවකින් තොරව ඇයට පිරිනමමින්, සිරස “ලක්ෂපති” වැඩසටහන ගැන ඉතා කෙටි සටහනක් මෙසේ තබමි.  

    අපේ රටේ ප්‍රධාන රූපවාහිනි නාලිකා හත අටක වැඩසටහන් රොත්ත අතරින් උනන්දුවක් ඇතිව යම් දැනුමක් අතගා ගත හැකි වැඩසටහන සිරස “ලක්ෂපති” වැඩසටහන විය යුතුය.  එයට එක් ප්‍රධාන සාධකයක් ලෙස මා සළකන්නේ රූපවාහිනි වැඩසටහන් සම්පාදනය කිරීමේ හා ඉදිරිපත් කිරීමේ අවුරුදු 30 ට වැඩි අත්දැකීම් ඇති සහ වැඩසටහන සඳහා අවශ්‍ය පූර්ව සූදානම සමගින් වැඩසටහන මෙහෙයවන්නා ලෙස අසුන් ගන්නා චන්දන සූරියබණ්ඩාරගේ ප්‍රසන්න දායකත්වයද වන්නේය. 

    එය එසේවන අතර, අපගේ වෙළඳපලෙහි ඉතා සීමිත වෙළඳ ප්‍රචාරක ආදායම බෙදා ගැනීමේ තරගය වෙනුවෙන් හැම රූපවාහිනි ආයතනයක්ම තම ආයතනික ප්‍රතිරූපය (Station Image) බහුතරයකට ගැලපෙන අයුරු ස්ථානගත කරන්නට උත්සාහ දරති.    

    බොහෝ සිංහල නාලිකා ඒ සඳහා උත්සාහ ගන්නේ සිංහල-බෞද්ධ බහුතරයේ නාලිකාව ලෙස පිළිගැනුමක් හදා ගන්නටය. ඇතැම් නාලිකා එය විවෘතව, ප්‍රචාරාත්මකව කරන්නේ එවැනි ප්‍රසිද්ධියක් සමග දේශපාලන බලය හා කේවල් කිරීමටත් ජාවාරම්කාර ගනුදෙනු සඳහා පහසු ඉඩක් හදා ගැනීමටත්ය. 

    රාජ්‍ය නාලිකා සහ තවත් කිහිපයක් පාසල් අධ්‍යාපනය සමගින් කාලාන්තරයක සිට රාජ්‍ය මතවාදය ලෙස තහවුරුව ඇති සිංහල-බෞද්ධ අධිපතිවාදයෙහි සීමා සමගින් ඉන්නාහ. එනිසා ඒවා සිංහල-බෞද්ධ මතවාදයට දායක වන බවක් බොහෝවිට එකවර පෙනෙන්නේ නැත. සූරියබණ්ඩාර මෙහෙයවන “ලක්ෂපති” දැනුම මිණුම වැඩසටහනද එවැන්නකි. එය එසේ යැයි පසුගියදා තරග වැදුණු ජයග්‍රාහි මුස්ලිම් දැරිවිය ෂුක්රා මුනව්වර් දැන් ඇගයෙන අයුරින් යළි තහවුරු වන්නේය.    

    Screen Shot 2021 01 19 at 3.53.00 PM

    ඇය ගැන කතා කෙරෙන්නේ ඇයගේ ඇත්ත ශක්තිය මත නොව, “ගුත්තිලය” හා “සිංහබාහු” පිළිබඳව ඇය දැක්වූ අදහස් අනුවය.   එයට හේතුව වැඩසටහන මෙහෙයවන සූරියබණ්ඩාර ඇයව ඔසවා තැබුවේ ඒ වෙනුවෙන් නිසා ය.

    “ඇය සිංහසීවලී වූවානම්” යැයි සූරියබණ්ඩාර ඇසුවේද “කවදාවත් තාත්තා දාලා යන්නේ නැහැ” යැයි ඇයගෙන් ලැබෙන පිළිතුර කලින් දැන සිටි හෙයින් යැයි මම සිතමි.  

    ඇයගේ ඒ පිළිතුර සිංහල-බෞද්ධයින් කර ගසා ගත්හ.    එක් සිංහල-බෞද්ධයෙකුගේ සටහන වූයේ ඇය ආදර්ශමත් “සිංහ දෝනියකි” යන්න ය. එනිසා ඇයව ඇගයෙන්නේ ඇයගේ මුස්ලිම් අනන්‍යතාවද ඇයට අහිමි කිරීමෙනි.  

    ලක්ෂපති වැඩසටහනෙහි දැනුම මැනෙන්නේ එවැනි ඉතා පටු සිංහල-බෞද්ධ දැනුම් තීරුවක තරගකරුවන් තරගකාරියන් අසුන් ගැන්වීමෙනි.  එනිසා පෘතුගීසින් ලක් බිමට ගොඩ බසින විට කෝට්ටේ රජු කවුරුන්දැයි ඇසුවාට එවක යාපනයේ රජු කවරෙක්දැයි අසන්නේ නැත.  

    නැගෙනහිර පළාතේ මුස්ලිම් ප්‍රජාව අතර “කාරියප්පාර්” යැයි අරාබි මූලයකින් තොර නමක් ඇත්තේ කෙසේදැයි අසන්නේ නැත.  කන්ද උඩරට වැවිලිකරයේ ජනතාවගේ “පුරවැසි සහ ඡන්ද අයිතිය” අහෝසි කෙරුණේ කවර අවුරුද්දේ දැයි අසන්නේ නැත.  “ඉන්දු ලංකා ගිවිසුම” අත්සන් තැබුණේ කවදා කවුරුන් විසින් දැයි අසන්නේ නැත. සාලිය කුමරුගේ මව කවුරුන්දැයි අසන්නේද නැත.  

    “ලක්ෂපති” වැඩසටහන මූලික වශයෙන් මේ ලංකාව බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික හා ද්වි භාෂාමය රටක් යන්න අමතක කරමින් දැනුම උරගා බලන වැඩසටහනකි.   එනිසා යාපනයේ දෙමළ රාජධානිය ගැන, දෙමළ සාහිත්‍ය ගැන, අතීතයේ වූ දෙමළ හා මුස්ලිම් ප්‍රජා නායකයින් ගැන, ආනන්ද කුමාරස්වාමි, එම්. සී. සිද්දි ලෙබ්බේ වැන්නවුන් ගැන “ලක්ෂපති” වැඩසටහනෙහි ප්‍රශ්න ඇසෙන්නේ නැත. ප්‍රශ්නාවලින්හි දෙතුන් පලක සාමාන්‍ය බුද්ධියට අදාල ප්‍රශ්නයක් දෙකක් ඇතුළත් වුවද ඒවාද බොහෝවිට ඉතා පටු විෂය දැනුමකට සීමා කෙරෙන්නේය.  

    පසුගියවර ෂුක්රා දැරිවියගෙන් ක්ෂුද්‍ර ජීවින් හා ආතර් සී ක්ලාක් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න එවැනි ය.  එහෙත් නූතන ලෝකය විවෘත කෙරෙන ආකාරයේ ප්‍රශ්න ඉඳහිටවත් ඇසෙන්නේ දැයි නොදනිමි.  ලතින් ඇමෙරිකාවේ ස්පාඤ්ඤ භාෂාව කතා නොකරන රටවල් මොනවාද, එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමට අත්සන් තැබූ ආරම්භක රටවල් කොපමණද,  ලංකාව එහි සාමාජිකත්වය ගත්තේ කුමන වසරේද හෝ න්‍යෂ්ටික අවි ගබඩා නිල වශයෙන් තබාගෙන ඉන්නා රටවල් කොපමණක් තිබේද වැනි ප්‍රශ්න තරගකරුවන්ට ඉදිරිපත් කරනවා අසා නැත.  

    “ජීවිත කාලය පුරා සංගීතයට කෙරුණු දායකත්වය” වෙනුවෙන් පිදෙන “ග්‍රැමි සම්මානය” ලැබූ ආසියානු සංගීතඥයා කවුරුන්දැයි යන්න හෝ කොපමණ කලු ජාතිකයින් ඔලිම්පික් රන් පදක්කම දිනා ඇතිදැයි වැනි ප්‍රශ්න තරගකරුවන්ට ඉදිරිපත් කෙරෙනවාද අසා නැත. 

    sirasa 12

     “ලක්ෂපති” වැඩසටහන සඳහා ප්‍රශ්න සකසන මඬුල්ලෙහි කොපමණ දෙමළ හා මුස්ලිම් විද්වතුන් ඉන්නේදැයි කවුරුන් හෝ කියන්නේ නම් වැදගත් ය.  කොපමණ කාන්තාවන් ඉන්නේදැයි කියන්නේ නම්, එයද ඉතා වැදගත්ය.  

    එවගේම කවර විෂය ක්ෂේත්‍ර ආවරණය වන්නේදැයි කියන්නේ නම් එයත් වැදගත් ය. ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න අනුව නම්, ප්‍රශ්න හැදෙන්නේ “ලක්ෂපති” වැඩසටහන සමාජගත කිරීමේ සිංහල-බෞද්ධ මතවාදය හා එක මග යෑමටය. එබැවින් “ෂුක්රලා” සමාජගත කරනු ඇත්තේ ප්‍රචාරක වෙළඳපල තරගයට මිස “බහු සංස්කෘතික” සමාජයක් වෙනුවෙන් නොවන බව ඉදිරියටත් දැකිය හැකි වනු ඇත.  

    ගෝලීය මහ බලවතුන්ගේ අනුග්‍රහය ඇතිව නොබෙල් සාම ත්‍යාගය ලැබූ පාකිස්තානි යුවතිය මලාලා යූසෆ්සායි කලක් තොරම්බල් වූ අයුරු, අවසානයේ වෙළඳපල තරගයෙහි අලෙවිවන “ෂුක්රලා” ගැන ඉතිරි වන්නේ අනුකම්පාවක්ම පමණි.  

    කුසල් පෙරේරා –  සමාජ හා දේශපාලන විශේලේෂක හා ප්‍රවීන මාධ්‍යවේදී 

  • Cabinet Decision – කැබිනට් තීන්දු

    Cabinet Decision – කැබිනට් තීන්දු

    කැබිනට් මණ්ඩලය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රැස් වුණා. කොවිඩ් අවදානම නිසා මෙවර ද කැබිනට් මණ්ඩලය රැස් වුණේ ඔන්ලයින් තාක්ෂණය මගිනුයි.

    මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා 12කට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (19) දින නිකුත් කළ නිවේදනයේ සදහන් වුණේ. ඒ අනුව කැබිනට් අනුමැතිය හිමි වූ යෝජනා කිහිපයක් පහත දැක්වෙනවා.

    කොවිඩ්-19 බලපෑමට ලක්වූවන්ට විදුලි හා ජල බිල්පත් ගෙවීමේදී සහන

    කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ හුදෙකලා කළ ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින්ට, සිනමා ශාලාවලට සහ සංචාරක නවාතැන්පොළවලට විදුලි බිල්පත් ගෙවීමේදී සහනයක් ලබාදීමට ඊයේ (18) ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
     
    සංචාරක කර්මාන්තයේ නියුතු ආයතන වෙත විදුලි බිල්පතට අමතරව ජල බිල්පත් ගෙවීම සඳහා ද සහන සලසා දීමට අනුමැතිය හිමිවීම විශේෂත්වයක්.

    විදුලිබල අමාත්‍යවරයා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගෙනයි මෙම කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙන්නේ.

    අඛණ්ඩව දින 14කට වැඩි කාලයක් හුදකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ථ, වාණිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයින්ට එම කාල සීමාවට අදාළ විදුලි බිල්පත් ගෙවීම සඳහා බිල්පත් දිනයේ සිට මාස 06ක සහන කාලයක් ලබාදීමට සහ ජාතික චිත්‍රපටි සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලාවල 2020 මාර්තු මස සිට දෙසැම්බර් මස දක්වා වන විදුලි බිල්පත්, බිල්පත් දිනයේ සිට සමාන වාරික 12කින් ගෙවීම සඳහා අවස්ථාව සලසා දීමටත් සහ එතෙක් විදුලි සැපයුම විසන්ධි නොකිරීමටත් මෙහිදී තීරණය

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන් පොළවල්වලට 2020 මාර්තු මස 01 දින සිට 2021 පෙබරවාරි මස 28 දින දක්වා එකතු වී ඇති විදුලි බිල්පත් සහ ජල බිල්පත් සමාන මාසික වාරික 12කින් නිරවුල් කිරීම සඳහා ද අවස්ථාව දී තිබෙනවා.

    පනත් කිහිපයක් සංශෝධනයට කිරීමට කැබිනට් අනුමැතිය

    මේ අතර වර්තමාන අවශ්‍යතාවන්ට අනුව ගැලපෙන අයුරින් පනත් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව,

    1. ආගාමික හා විගාමික පනත. ( දැනට ක්‍රියාත්මකව පවතින1948 අංක 20 දරණ පනත  සහ ඊට අදාළ සංශෝධන පරිච්ඡින්න කර අලුතින් පනතක් හඳුන්වා දීම),  
    2. 2006 අංක 12 දරණ මුද්දර ගාස්තු ( විශේෂ විධිවිදාන) පවක 2011 අංක 13 දරණ  පළාත් සභා ( මුද්දර ගාස්තු මාරු කිරීමේ ) පනත.
    3. 2016 අංක 3 දරණ සේවකයින්ගේ අවම වේතනය පනත.
    4. 1999 අංක 46 දරණ ප්‍රජාපාදක විශෝධන පනත.
    5. දණ්ඩනිතී සංග්‍රහයේ 53 වැනි වගන්තිය. (බාල වයස්කරුවන්ට මරණ  දණ්ඩනය ලබාදීමට අදාළ විධිවිධාන ) 

    මෙම පනත් සංශෝධනය කිරීමට අදාළව අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබු  යෝජනා , නිර්දේශ ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා කටයුතු  පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවට යොමු කිරීමෙන් අනතුරුව  එය සැළකිල්ලට ගිනිමින්  එම පනත් සංශෝධනය කිරීම සඳහා  නීති කෙටුම්පත්  සම්පාදකට උපදෙස්  ලබා දීමට අමාත්‍යමණ්ඩලය මෙසේ  අවසර ලබා දුන්නා.

    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

    දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කර තොරතුරු ලබාගැනීමේ ජනාධිපති කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

    ජනපතිවරයා විසිනුයි කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ.

    නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදා සහ පොලිස් සේවයේ සාමාජිකයන් ආදීන්ට 2015 ජනවාරි මස 8 වැනි දින සිට 2019 නොවැම්බර් 16 වැනි දින දක්වා කාලසීමාවේදී සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්‍ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කරනු ලැබිණි.

  • Covid-19 එන්නත් ධනවත් රටවලට පමණක් සීමා වෙලා – WHO ප්‍රධානී

    Covid-19 එන්නත් ධනවත් රටවලට පමණක් සීමා වෙලා – WHO ප්‍රධානී

    අවම වශයෙන් ඉහළම ආදායම් ලබන රටවල් 49ක් විසින් එන්නත් මාත්‍රාව මිලියන 39කට වඩා දැන් ලබාදී තිබෙනවා. අඩු ආදායම්ලාභී රටක තවමත් ලබාදී ඇත්තේ මාත්‍රාවන් 25ක් පමණයි ! මිලියන 25ක් නෙවෙයි. 25,000ක් ද නෙමෙයි. නිකම්ම නිකං 25ක් පමණයි !

    කොවිඩ්-19 වෛරයට එරෙහිව ගතහැකි එකම පිළිතුර වූ ‘එන්නත්‘ ගැන මුළු මහත් ලෝකයම බලාපොරොත්තු තබා ගෙන සිටිනවා. ලංකාවත් ඒ අතර සිටිනවා. ඒත් මේ වන විට එන්නත් ගැන ධනවත් ලෝකයට කෙසේ වෙතත් ලංකාව ද ඇතුළු අඩු ආදායම්ලාභී රටවලට නම් වැඩි විශ්වාසයක් තබාගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

    ඒ එන්නතේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ ගැටලු නිසා නොවෙයි. එන්නත ලබා ගැනීමට ඇති ‘නොහැකියාව‘ නිසා බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්වතුන් පවසන්නේ.

    මේ ගැන අපි අදහස් ඉදිරිපත් කරනවාට වඩා ලෝක සෞඛ්‍ය සංවිධානයම උපුටා දැක්වීම වැදගත්.

    Tedros Adhanom Ghebreyesus, Director General of the World Health Organization (WHO),

    ‘කොවිඩ්-19 එන්නත් බෙදා හැරීමේදී ලෝකය ව්‍යවසනකාරී සදාචාරාත්මක අසාර්ථකත්වයේ අද්දරට පැමිණ ඇති බව‘ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා Tedros Adhanom Ghebreyesus, Director General of the World Health Organization (WHO),පසුගිය දා කණස්සල්ල පළ කරමින් කියා සිටියා.

    ‘සාධාරණ ප්‍රවේශයක් පිළිබද පොරොන්දුව බරපතළ අවදානමකට පත්ව තිබෙනවා‘ යැයි ඔහු කියා සිටියා.

    ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇතැම් විශේෂඥයින් කොවිඩ්-19 සදහා එන්නතක් නිෂ්පාදනය කළ හොත් ඊටපසු ඇතිවිය හැකි අවදානම් ගැන පසුගිය කාලය පුරාම අනාවැකි පළ කළා පමණක් නොව එයට මුහුණ දීම සදහා විවිධාකාර සැලසුම් ද සකස් කළා.

    මෙහිදී ඔවුන් වැඩිපුරම අවධානය යොමු කළේ ලෝකයේ බරපතළ ලෙස පවතින ‘ඇති – නැති පරතරය‘ නිසා සිදුවිය හැකි ගැටලු ගැනයි.

    ‘ධනවත් රටවල් සියලු අවස්ථා හිමිකර ගනිද්දි දුප්පත් රටවලට කිසිවක්ම හිමි නොවිය හැකියි‘ මීට මාස කිහිපයකට පෙර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

    අද ඒ අනාවැකි ඒ ආකාරයෙන්ම සිදු වෙමින් තිබෙනවා. ධනවත් රටවල් අසීමිත ලෙස එන්නත් මිලදී ගැනීම සිදුකරන විට දුප්පත් රටවලට ‘අනුන්ට අතපෑමට හෝ සිගාකෑමට‘ සිදුව තිබෙනවා.

    පසුගිය දා පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇත්ත තත්ත්වය පැහැදිලි කරමින් මෙසේ ප්‍රකාශ කළා.

    ‘අවම වශයෙන් ඉහළම ආදායම් ලබන රටවල් 49ක් විසින් එන්නත් මාත්‍රාව මිලියන 39කට වඩා දැන් ලබාදී තිබෙනවා. අඩු ආදායම්ලාභී රටක තවමත් ලබාදී ඇත්තේ මාත්‍රාවන් 25ක් පමණයි ! මිලියන 25ක් නෙවෙයි. 25,000ක් ද නෙමෙයි. නිකම්ම නිකං 25ක් පමණයි !‘‘

    ඔහු ඊළගට මේ දැවැන්ත ඇති-නැති පරතරය හෝ ධනවත් රටවල ආත්මාර්ථකාමීකම විසින් ලෝකයට උරුම කරන කරුමය ගැනත් අනතුරු ඇගයීමක් කළා.

    ‘මම මේ අවස්ථාවේදී අවංකව අදහස් ප්‍රකාශ කළ යුතුයි. මේ අසාර්ථකත්වයේ මිල ලෝකයේ දුප්පත්ම රටවල ජීවිත හා ජීවනෝපායන් විසින් ගෙවනු ඇති. අවසානයේදී මෙම ක්‍රියාවන් මගින් වසංගතය එය පාලනය කිරීමට අවශ්‍ය සීමාවන් සහ මානව සහ ආර්ථික දුක්වේදනා තවදුරටත් දීර්ඝ කරාවි ‘ ඔහු කියා සිටියා.

    මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බලවතුන්ගෙන් හා ධනවතුන්ගෙන් කාරුණික ඉල්ලීමක් ද කළා.

    ‘එන්නත් සමානාත්මතාවය සදාචාරාත්මක අවශ්‍යතාවක් පමණක් නොවෙයි. එය උපායමාර්ගික හා ආර්ථික වශයෙන් අත්‍යවශ්‍ය කරුණක්. එනිසා ලොව පුරා වඩා හොද එන්නත් බෙදාහැරීමක් සදහා අවංකව සහාය දක්වන්න‘ ඔහු බලාපොරොත්තු සහගත ඉල්ලීමක් කළා.

    අපි මෙහිදී ලංකාවේ තත්ත්වය ගැන කිසිවක් කියන්න යන්නේ නැහැ. ඒත් අපි දන්නවා දැන් ලංකාව කොවිඩ්-19 ආසාදිතයින් 50,000කට ආසන්න පිරිසක් වාර්තා කර ඇති බව. දෛනිකව මරණත් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තාවන අතර දෛනිකව ආසාදිතයින් 600-700 අතර හෝ ඊට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙනවා. අහඹු ලෙස කරන පර්යේෂණවලින් ලැබෙන ප්‍රතිඵල අප තුළ භීතියක් ඇති කරවන සුළුයි.

    මේ තත්ත්වය තුළ ආණ්ඩුව කොවිඩ්-19 එන්නත් ලබා ගැනීමක් ගැන කියනවා. ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව ලබන පෙබරවාරි වන විට ලංකාවත් එන්නත්කරණය ආරම්භ කරනවාලු. ඒත් ඒ ගැන අපට විශ්වාසයක් තැබිය හැකිද ? ලංකාවටත් එන්නත් ලබා ගැනීමට තරග කිරීම කෙසේ වෙතත් සිගාකෑමට සිදුවනු ඇති බව අපේ වත්මන් ආර්ථික තත්ත්වය අනුව පැහැදිලියි.

    අපේ පාලකයින් හා බලධාරීන් ධම්මික පැණිය ආදි මිත්‍ය පිටුපස දුවන එකට හේතුව අප දැන් වටහා ගත යුතුයි. ඒ වගේම වසංගතයේ යථාර්තයත් මනාව වටහාගත යුතුයි.

    උදාහරණයක් ලෙස කොවිඩ්-19 රැල්ල ආරම්භ වූ විට ජනපතිවරයා ප්‍රමුඛ බලධාරීන් සාමාන්‍ය ජනතාවට දෙස්දෙවොල් තිබ්බ ආකාරයත, හෙදියන් ගැන වර්ණනා කළ ආකාරයත් අපට මතකයි. ඒත් දැන් ඇත්තම තත්ත්වය යටහා ගත හැකියි. මැති ඇමැතිවරුන් පමණක් නොව ඊටත් වඩා ප්‍රබලයින්, පාර්ලිමේන්තුව පවා අද මෙහි ගොදුරු බවට පත්වෙලා තිබෙනවා.

    මේ තත්ත්වය තුළ ඔබ වඩාත් ප්‍ර වේශම් වෙන්න ! වාහකයෙක් හෝ ආසාදිතයෙක් නොවීමට වගබලා ගන්න. මොකද මේ වන තෙක් ලෝකය පුරා කොවිඩ්-19 එන්නත ලබා දුන්නේ වඩාත් වැඩි අවධානමක් ඇති වැඩිහිටියන්ට සහ කොවිඩ්-19 සමග ඍජුව ගනුදෙනුකරන පාර්ශ්වයන්ට පමණයි.

    රැකියාවට යන, ව්‍යාපාරික කටයුතුවලට යන, ඉගෙන ගන්න යන ඔබ ප්‍ර වේශම් විය යුත්තේ ඒ නිසයි.

    සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • හදිසි ගැබ් ගැනීමක් ‘වළක්වා ගත හැකි’ විශ්වාසනීය ක්‍රම මෙන්න !

    හදිසි ගැබ් ගැනීමක් ‘වළක්වා ගත හැකි’ විශ්වාසනීය ක්‍රම මෙන්න !

    අනපේක්ෂිත ලිංගික සංසර්ගයකට පසුව දරු පිළිසිඳ ගැනීමක් ඇති වීම වළක්වා ගැනීමට භාවිතා කරන නවීන උපත් පාලන ක්‍රම ගැන මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ.

    හදිසි උපත් පාලන ක්‍රම Emergency contraception කියන්නෙ ලිංගික එක්වීමට පසුව භාවිතා කල හැකි උපත් පාලන ක්‍රම වලට. මේවා අවශ්‍ය වෙන්නෙ හදිසි අනාරක්ෂිත සංසර්ගයකට පසුව හෝ භාවිතා කරන උපත් පාලන ක්‍රමය අසාර්ථක වූ (උදා: කොන්ඩමය පිපිරීම, උපත් පාලන පෙති ලබා ගැනීමට අමතක වීම) අවස්තා වලදී.

    මෙය කිසිසේත්ම එදිනෙදා උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිතා නො කල යුතුයි.

    මෙවැනි ක්‍රම 2 ක් දැනට ලංකාවේ ලබා ගත හැකියි.

    1. හදිසි උපත් පාලන පෙති

    POSTINOR 2 W – Bemaj Pharmacy

    දැනට ලංකාවේ postinor යන වෙළඳ නාමය යටතේ හදිසි උපත් පාලන පෙති අලෙවි කරනව. මෙය බොහෝ ඖෂධ වෙලඳ සැල් වලින් ලබා ගන්න පුළුවන්. එහි අඩංගු වෙන්නේ levenogestrel කියන ඖෂධය. පෙති දෙකක් ලෙස හෝ එක පෙත්තක් ලෙස මෙය ලබා ගත හැකියි. මෙම පෙත්තක සාමාන්‍ය උපත් පාලන පෙත්තක තිබෙන ප්‍රමාණය මෙන් දස ගුණයක් levenogestrel කියන ඖෂධය අඩංගු වෙනව.

    ලිංගික එක්වීමෙන් පැය 96 ක් දක්වා  levenogestrel 1.5mg (postinor1 පෙති 1ක් හෝ postinor 2 පෙති 2ක් එකවර)  ලබා ගැනීම හදිසි උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිතා කල හැකියි. මෙහි සාර්ථක බව 52 – 94ත් අතර වෙනව. සාමාන්‍යයෙන් 80%ක් පමණ පිළිසිඳ ගැනීම මෙමගින් වළක්වා ගත හැකියි. නමුත් මෙය හැකි ඉක්මනින් ගැනීමෙන් සාර්ථකත්වය වැඩි වෙනව.

    මෙම ඖෂධය ක්‍රියා කරන්නේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිට වීම වැළැක්වීම මගින්. ඊට අමතරව ගැබ් ගෙල හරහා ශුක්‍රාණු ගමන් කිරීම අඩපණ කිරීමත් ගර්භාෂය තුල කලලයක් තැන්පත් වීමට නුසුදුසු පරිසරයක් ඇති කිරීමත් මේ මගින් සිදු වන බවට අනුමාන කරනව. නමුත් දැනට තිබෙන අළුත්ම වෛද්‍ය විද්‍යාත්මක දත්ත අනුව, මෙම ඖෂධය සාර්තක වන්නේ ඩිම්බ පිටවීමට කලින් ලබා ගතහොත් පමනයි. ඒ නිසා ඔසප් චක්‍රයේ අවසාන දින 14 තුල මෙම පෙති ලබා ගැනීම මගින් ගැබ් ගැනීම වලක්වන්න බැහැ.

    මෙම ඖෂධය මගින් ගබ්සාවීමක් සිදු නොවන නිසා, කලලය තැන්පත් වූ පසුව මෙය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

    වමනය ඕක්කාරය, ඔසප් වීම අක්‍රමික වීම වැනි සංකූලතා මේ නිසා ඇති වෙන්න පුළුවන්. ඖෂධය ලබා ගෙන පැය දෙකක් ඇතුළත වමනය ගිය හොත් නැවත එම මාත්‍රාවෙන් ම ඖෂධය ලබා ගත යුතුයි. නියමිත දිනට දින 7කට වඩා ඔසප් වීම පමා වුව හොත් මුත්‍රා පරීක්ෂණයක් කර ගර්භණී දැයි පරීක්ෂා කල යුතු වෙනව. Levenogestrel අඩංගු හදිසි උපත් පාලන පෙති අසාර්ථක වෙන අවස්තා ගැන වෙනම ලිපියකින් විස්තර කර තිබෙනව. 

    2. අන්තර් ගර්භාෂිත ලූපය

    Mirena lasts 7 years and ParaGard lasts 12 years - Insider

    මෙය වෛද්‍ය වරයෙකු විසින් ගැබ ගෙල හරහා ගර්භාෂය තුලට ඇතුල් කල හැකි කුඩා උපකරණයක්. මෙමගින් කලලයක් ගර්භාෂය තුල තැන්පත් වීම වලක්වනව. අනාරක්ෂිත සංසර්ගයෙන් දින 5ක ඇතුළත ලූපයක් තැන්පත් කිරීම මගින් අනවශ්‍ය ගැබ් ගැනීමක් වළක්වා ගත හැකියි. මෙය හෝමෝන පෙති වලට වඩා විශ්වාසදායකයි. මෙය මගින් ගැබ් ගැනීම 99%කින්ම වළක්වා ගැනීමට පුළුවන්. අවශ්‍ය නම් ඉදිරියත් අවුරුදු 10ක් දක්වා මෙම ලූපය උපත් පාලන ක්‍රමයක් ලෙස දිගටම භාවිතා කිරීමට හැකි වීම මෙහි අමතර වාසියක්.

    3. සාමාන්‍ය උපත් පාලන පෙති අධික මාත්‍රාවකින් ගැනීම – (Yuzpe method)

    මිතුරි වැනි සාමාන්‍ය උපත් පාලන පෙති 4ක් එක වර ගෙන තවත් පැය 12කින් නැවත පෙති 4ක් එක වර ගැනීම හදියි ගැබ් ගැනීම වලක්වන ක්‍රමයක් ලෙස කලින් නිර්දේශ කලත්, දැන් මේ ක්‍රමය නිර්දේශ කරන්නෙ නැහැ. 

    හදිසි උපත් පාලන පෙති වරින් වර නිතරම ගැනීම එතරම් සුදුසු නැහැ. මේවායේ අඩංගු හෝමෝන මාත්‍රාව ඉතා අධිකයි. එම නිසා සංකූලතා ඇතිවීමේ හැකියාව වැඩියි. ඒ වගේම හදිසි උපත් පාලන පෙති මගින් ගැබ් ගැනීමක් 100%කින් වළක්වන්න බැහැ. අනික් උපත් පාලන ක්‍රම මීට වඩා විශ්වාසදායක මෙන් ම ආරක්ෂා සහිතයි. ඔබට සුදුසු උපත් පාලන ක්‍රමයක් වෛද්‍ය වරයෙකු සමග සාකච්ඡා කර තෝරා ගන්න.

    විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට – ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය

    Text by vog.lk

  • දරුඵල සිහිනය සැබෑවක් කරන ‘නළ දරු තාක්ෂණය – IVF’

    දරුඵල සිහිනය සැබෑවක් කරන ‘නළ දරු තාක්ෂණය – IVF’

    විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ වෛද්‍ය විද්‍යාව නව දිශානතියකට ගමන් කර ඇත. අද්‍යතන සමාජය තුළ අති නවීන වෛද්‍ය උපකරණ මෙන්ම නවීන වෛද්‍ය සේවාවන් සමඟ කැටි වූ සමස්ත වෛද්‍ය පද්ධතිය පිළිගැනීමට ලක්ව ඇත.

    ගැහැණියකු පිරිමියෙකු බවටත්, පිරිමියෙකු ගැහැණුයෙකු බවට පත් කිරීමට පමණක් නොව විවාහක යුවලගේ අභිමතය පරිදි දුවෙක් හෝ පුතෙක් ලබා ගැනීමට තරම් වෛද්‍ය විද්‍යාව දියුණු වී ඇත.

    මෙවැනි පසුබිමක් මත විවාහක බොහෝ දෙනෙකුට පවතින ගැටලූවක් ලෙසට දරුඵල නොමැති වීම පෙන්වා දිය හැකිය. මෙම ගැටලූවට විසඳුමක් ලෙසින් නළ දරු තාක්ෂණය සමකාලීන සමාජය තුළ ජනප‍්‍රිය වී ඇත. එබැවින් නළ දරු තාක්ෂණය පිළිබඳ වැඩිදුර කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.

    වෛද්‍යතුමනි, නළ දරු තාක්ෂණය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

    නළ දරු තාක්ෂණය යනුවෙන් අදහස් වන්නේ, කාන්තාවකගේ ඩිම්බයක් සහ පිරිමියෙකුගේ ශ‍්‍රකාණුවක් පිටතට ගෙන එය පරේෂණාගාරයක් තුළ දී කළලයක් නිපදවා එය කාන්තාවකගේ ගර්භාෂයේ තැම්පත් කිරීමේ කාර්යයි. එය අපි IVF (In Vitro Fertilization) තාක්ෂණය ලෙස හඳුන්වනවා.

    විවාහක යුවලකට දරු සම්පත් අහිමිවීමට බලපාන සාධක මොනවාද?

    විවාහක යුවලකට දරු සම්පත් අහිමිවීම කෙරෙහි බලපාන සාධක කිහිපයකි. ඒ අතරින් මද සරුභාවය (Infertility ප‍්‍රමුඛ කාරණය වේ. එමෙන්ම පහත සඳහන් සාධක ද මේ සඳහා බලපායි.

    1. ඩිම්බකෝෂවල නිසි පරිදි ඩිම්ඩ මේරීම සිදු නොවීම.
    2. පුරුෂයාගේ ශ‍්‍රකාණුවල ප‍්‍රමාණය සහ ගුණාත්මකභාවය අඩුවීම.
    3. පැලෝපීය නාළවල අවහිරතා.
    4. ගර්භාෂය ඇතුළු ස්ත‍්‍රි ප‍්‍රජනන පද්ධතියේ අසාමාන්‍යතා.
    5. මානසික පීඩනය නිසා ඇතිවන හෝර්මෝන අසමතුලිතතා.
      උක්ත හේතු සාධක වලට අමතරව කිසිදු හේතු සාධකයක් නොමැතිව විවාහක පිරිසගෙන් 30%ක් පමණ පිරිසක් දරුවන් පිළිසිඳ ගැනීමට පවතින හැකියාව නොමැති වීම යනාදි කරුණු පෙන්වාදිය හැකිය.

    නළ දරු තාක්ෂණය භාවිත කළ හැක්කේ කුමන පුද්ගලයින්ටද?

    පුරුෂයාගේ ශ‍්‍රකාණු ප‍්‍රමාණය මිලියන 05කට වඩා අඩු නම් සහ ශ‍්‍රකාණුවල සක‍්‍රීයභාවය අඩු නම් ස්භාවික ක‍්‍රමවේදයට දරුවෙකු සාදා ගැනීමට නොහැකි ය. නමුත් නළ දරු තාක්ෂණයෙන් ශ‍්‍රකාණු මිලියනයටත් අඩු අයටත් දරුවකු සාදා ගැනීමට පුළුවනි. ශ‍්‍රකාණු නිපද වූ නමුත් ශ‍්‍රක නාළවල අවහිරතා ඇති විටදීත් නළදරු ක‍්‍රමය භාවිත කළ හැකිය. ඇතැම් පුරුෂයින් තුළ උපතින් ම ශ‍්‍රකාණුවල දුර්වලතා පවතියි. ඔවුන්ටත් මෙම තාක්ෂණය යොදා ගත හැකියි.

    කාන්තාවක් විවාහ වී අවුරුද්දක් ගත වූවත් දරුවෙකු නැති නම්, වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. දරුවෙකු නැති වීමට හේතුව කාන්තාවගේ ඩිම්බකෝෂවල ඩිම්බ නොසෑදීම හෝ ඩිම්බකෝෂවල අක‍්‍රියතාව නිසා නම්, නළ දරු ක‍්‍රමය මඟින් දරුවෙකු සාදාගත හැකිය. ඒ වගේම දරුඵල අහිමි වයස්ගත කාන්තාවන්ට ද මෙම ක‍්‍රමවේදය යොදා ගත හැකිය.

    තවද එන්ඩොමෙස්ටි‍්‍රයෝසිස් (Infertility නම් රෝගය ඇතිවිට, ඔවුන්ගේ ඩිම්බකෝෂවල සහ පැලෝපීය නාළවලට හානි සිදුවීම නිසා ස්භාවික අයුරින් දරුවෙකු සාදා ගැනීමට නොහැකිය. ඒ අයට ද මෙම ක‍්‍රමය භාවිත කළ හැකිය.

    නළ දරු තාක්ෂණය හැරුණු විට දරුඵල ලබා ගැනීමට වෙනත් ක‍්‍රමවේද පවතිනවා ද?

    ඉහත සඳහන් ගැටලූ ඇති පුද්ගලයින් ප‍්‍රථමයෙන් ම IUI (Intra Uterine Insemination) තාක්ෂණය මඟින් ප‍්‍රතිකාර ලබාගත යුතුය. එහිදී ඩිම්බ මේරිමේ ගැටලූ ඇති කාන්තාවන්ට ඖෂධ මඟින් ඩිම්බ මේරීම සිදුකරන අතර ශ‍්‍රකාණුවල සක‍්‍රීය භාවය අඩු පිරිමින්, ඔවුන්ගේ ශ‍්‍රකාණු ඩිම්බයක් ආසන්නයේ තැම්පත් කිරීම සිදුකළ හැකිය. මෙම ක‍්‍රියා මගින් සාර්ථක ප‍්‍රථිඵල නොලැබුණේ නම් පමණක් නළ දරු ක‍්‍රමයට යා යුතුය. එනම් නළ දරු තාක්ෂණයට යා යුත්තේ IUI තාක්ෂණයේ ප‍්‍රථිඵල අසාර්ථක නම් පමණයි. හෝර්මෝන ආබාධ නිසා, අක‍්‍රමවත් ඔසප් චක‍්‍රයක් සහිත දරුවන් නොමැති කාන්තාවන් සඳහා ද උපතින් ම ශ‍්‍රකාණුවල දුර්වලතා පවතින අයට ද මෙම ක‍්‍රමය භාවිත කළ හැකිය.

    තවද පුරුෂයාගේ ශ‍්‍රකාණුවල සක‍්‍රීයතාව ඉතා දුර්වල නම්, එවැනි අවස්ථාවක දී ශ‍්‍රකාණුවක් ඩිම්බයකට එන්නත් කර සංසේචනය Intra Cytoplasmic Sperm Injection කිරීම නැමති තාක්ෂණය යොදා ගැනේ.

    මුලින් ම විස්තර කළ IUI තාක්ෂණය සිදු කර එය අසාර්ථක වූයේ නම් පමණක් පරීක්ෂණාගාරයක් තුළදී කළලයක් නිපදවා එය කාන්තාවකගේ ගර්භාෂයේ තැම්පත් කළ හැකිය. IUI තාක්ෂණය පස් වතාවකට වඩා සිදු නොකරයි. එම අවස්ථාවන් පහේම කළලයක් බිහි නොවන්නේ නම්, කළලයක් තැම්පත් කිරීමේ ක‍්‍රමවේදයට යොමුවිය යුතුය.

    (අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයෙකු සමඟ සිදුකළ සංවාදයක් ඇසුරිනි – සංවාදය සහ සටහන – ප‍්‍රසාදිනි ජයලාල්

  • බස්නාහිර පාසල් විවෘත කිරීමේ සැලැස්ම තව දෙසතියකින් – GL

    බස්නාහිර පාසල් විවෘත කිරීමේ සැලැස්ම තව දෙසතියකින් – GL

    බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතිය ඇතුළත සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය, ජී.එල් පීරිස් මහතා අද (18) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

    බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කිරීමේ හැකියාවක් මේ වන විට පවතින බව කී අමාත්‍යවරයා පාසල් ආරම්භ කළ හැකි දිනයන්, ආරම්භ කරන ආකාරය, අනුගමනය කළ යුතු කරුණු ආදිය ඇතුළත්ව මෙම සැලසුම සකස් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අනිද්දා (20) පැවැත්වෙන බව ද සදහන් කළේය.

    ජනාධිපතිවරයා, සෞඛ්‍ය අංශ බලධාරීන්, අමාත්‍යාංශ ලේකම්, කොවිඩ් මර්දන කාර්ය සාධක බළකා සාමාජිකයින්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිසක් අනිද්දා පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වන බව ද අධ්‍යාපන ඇමැතිවරයා පැවසීය.

    පෙබරවාරි මාසයේ දෙවන සතියේ සිට මෙරට ජනතාවට කොවිඩ් එන්නත් ලබාදීම ද ඇරඹෙන බැවින් සියලු බලධාරීන්ගේ නිර්දේශ අනුව බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කළ හැකි බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බස්නාහිර පළාත් සිසුන් වෙනුවෙන් පමණක් ලබන 25 වැනිදා පාසල් ඇරඹෙන බව ද ඇමැතිවරයා සදහන් කළේය

  • තෙල් සංස්ථාවේ නිලධාරීන් හෙට කෝප් කමිටුවට

    තෙල් සංස්ථාවේ නිලධාරීන් හෙට කෝප් කමිටුවට

    ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගබඩාකිරීම සහ බෙදාහැරීමට අදාල විශේෂ විගණන වාර්තාව හෙට (19) කෝප් කමිටුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතබව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

    මේ අනුව ලංකාවේ ඛනිජ තෙල ගබඩා කිරීම සහ බෙදාහැරීම පිළිබඳ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්  හෙට කෝප කමිටුවට පැමිණීමට නියමිත බව  ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    විශේෂයෙන කොවිඩ් 19  සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කෝප් කමිටුව මෙසේ රැස්වන බව මහාචාර්යවරයා සදහන් කළේය.

  • පාර්ලිමේන්තුව හෙට යළි රැස්වේ

    පාර්ලිමේන්තුව හෙට යළි රැස්වේ

    හෙට (19) සහ අනිද්දා (20) යන දින තුළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට අද(18) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

    කොවිඩ් – 19 සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන  යාමට එහිදී තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    හෙට පෙ.ව 10.00ට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6ක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනාවක් විවාදයට ගනු ලබන බව මහලේකම්වරයා කීවේය. පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාචික ප්‍රශ්න ඇසීම සඳහා වෙන්කෙරෙන අතර, එහිදී අසනු ලබන ප්‍රශ්න දහයකට පමණක් සීමා කෙරෙනු ඇත .

    දෙවන දිනය වන අනිද්දා (20) ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර  දිසානායක මහතා ඉදිරිපත්කර ඇති සභාව කල් තැබීමේ  යෝජනාව විවාදයට ගැනෙන බව දසනායක මහතා පැවසීය. එම විවාදය සඳහා පෙ.ව.11.00 සිට ප.ව.4.30 දක්වා කාලය වෙන් කර ඇත. පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද විවිධ නීතී රෙගුලාසි යටතේ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන අතිවිශේෂ ගැසට් පත්‍රයන් මඟින් පළකරනු ලබන නියෝග ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මෙම සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කෙරේ. එදින දිවා භෝජනය සඳහා පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවීමකින් තොරව  පැවැත්වෙනු ඇත. එදිනම පෙ.ව 10.00 සිට 11.00 දක්වා පැයක කාලයක් මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. 

    මෙම රැස්වීමට  ගරු සභානායක දිනේෂ් ගුණවර්ධන, ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, ජී. එල්. පීරිස්, ඩග්ලස් දේවානන්ද සහ ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, රිෂාඩ් බදුර්දීන්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන් සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරු සහභාගි වූහ.

    සෞඛ්‍යාරක්ෂිතව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවේදී පී.සී.ආර් (PCR) පරීක්ෂණ සිදු කළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ වෛද්‍යවරුන් කිහිපදෙනෙක්ව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට කැඳවා තිබුණි.

    ඔවුන් සමඟ මුලින්ම සාකච්ඡා කළ අවස්ථාවේදී අනතුරුදායක තත්ත්වයක් පාර්ලිමේන්තුව තුළ නොමැති බවත් එබැවින් ආරක්ෂිතව සියලු සෞඛ්‍යය රෙගුලාසි තදින්ම අනුගමනය කරමින් රැස්වීම් පැවැත්විය හැකි බවටත් උපදෙස් ලැබූ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • ‘සුන්දරතම රුසියානු නිළියන්’ ගැන ඔබ නොදැන සිටි සුපිරි කතා 09ක්

    ‘සුන්දරතම රුසියානු නිළියන්’ ගැන ඔබ නොදැන සිටි සුපිරි කතා 09ක්

    සුපිරි නිළියන් නැතහොත් රූමතියන් ගැන කතා කරන කොට අපි වැඩියෙන් අවධානය යොමු කරන්නේ හොලිඩුඩය හෝ බොලිවුඩය වෙත. ඒත් හොලිඩුව් හා බොලිවුඞ් සුරූපියන් පහසුවෙන් පරාජය කළ හැකි සුන්දර නිළියන් තවත් ඉන්නවා. ඒ අතර රුසියානු රූමතියන්ට හිමිවන්නේ ප‍්‍රමුඛ තැනක්.

    ඒ නිසාම අපි තීරණය කළ රුසියානු සිනමා තාරකාවන් අතර සුපිරිම තරු ඔබට හඳුන්වා දෙන්න. මෙය සැබැවින්ම අභියෝගාත්මක කාර්යයක් බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. ඒත් විවිධාකාර නිර්ණායක සහ අදහස් පදනම් කර ගනිමින් ඒ අසීරු උත්සාහය යම් පමණකට හෝ ජය ගන්න අපිට හැකියාව ලැබුණා.

    1. ඔල්ගා කුරලෙන්කෝ / Olga Kurylenko

    ඔල්ගා කුරලෙන්කෝ |  9 ලස්සනම රුසියානු නිළියන් |  සෙස්ට්‍රඩාර්

    ඔල්ගා Olga Kurylenko යුක්රේන තාරකාවක් බව කවුරුත් දන්නා නමුත් සාධාරණ ලෙස කිවහොත් ඇය උපත ලැබුවේ සෝවියට් දේශයේ වන අතර ඇගේ මව රුසියාවෙන් පැමිණි කාන්තාවක්. එබැවින් ඇගේ මුල් වලින් එකක් රුසියානු භූමියේ බව අපි කියමු. 

    ඔල්ගා නිරූපිකාවක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර විලාසිතා ප්‍රදර්ශන සහ සඟරා ආවරණ සඳහා පෙනී සිටියාය. 

    ඔල්ගාගේ රංගන ජීවිතය ආරම්භ වූයේ 2006 දී ය. ඇය “Paris, I love you” චිත්‍රපටයේ පෙනී සිටියාය. සිය වෘත්තීය දිවියේ ආරම්භයේ දී කුරිලෙන්කෝ දෙවරක් ගණිකාවක් ලෙස රඟපෑ නමුත් පසුව ඇයට පෙම්වතියගේ/ වීරවරියගේ චරිතය ලැබුණි. එය ඇගේ පෙර චරිත වලට බෙහෙවින් සමාන වුවත්, එය ඇගේ අනාගත ව්‍යාපෘති සඳහා විශාල අනුබලයක් විය.

    2. ඇග්නියා ඩිට්කොව්ස්කිට්/Agnia Ditkovskyte

    ඇග්නියා ඩිට්කොව්ස්කිට් |  9 ලස්සනම රුසියානු නිළියන් |  සෙස්ට්‍රඩාර්

    ඇග්නියාට සරාගී පෙනුමක් හා ආකර්ශනීය සිනහවක් ඇත. ඇයට සිනමා අධ්‍යාපනයක් නොතිබුණද, ඇග්නියා Heat චිත්‍රපටයේ සාර්ථක භූමිකාවක් රඟ දැක්වූවාය. චිත්‍රපටයේ මංගල දර්ශනයෙන් පසුව ඇය ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරුන්ගේ අවධානයට ලක් වී ඉතා කාර්යබහුල වූ අතර තවත් චිත්‍රපට 12 ක රඟපෑවාය.

    3. එක්තරීනා ක්ලිමෝවා –  Ekaterina Klimova

    එක්තරීනා ක්ලිමෝවා |  9 ලස්සනම රුසියානු නිළියන් |  සෙස්ට්‍රඩාර්

    මුදු මොළොක් සුන්දරත්වය, චමත්කාරය සහ කතාකරන සරාගී දෑසින් මෙම අපූරු නිළිය එක් රුසියානු හදවත ජයගෙන ඇත. ඒ අතරම, ඇය සැමවිටම සංවේදී හා බිඳෙන සුළුය. ඇගේ චිත්‍රපට ගණන මේ වන විට 50 ගණන්වල පසුවන නමුත් ඒ කිසිවක් ඔස්කාර් සම්මානයට පාත්‍ර නොවීය. සිනමාවට අමතරව, ක්ලිමෝවා බොහෝ විට නාට්‍ය වේදිකාවේ දැකිය හැකිය.

    4. මරීනා වොල්කෝවා / Marina Volkova

    මරීනා වොල්කෝවා |  9 ලස්සනම රුසියානු නිළියන් |  සෙස්ට්‍රඩාර්

    1992 දී උපත ලැබූ මෙම තරුණ තාරකාව ඇගේ පළමු භූමිකාව 17 වැනි වියේදී girl #1 සිනමාපටයෙන් ආරම්භ කළ නමුත් ඇයට සැබෑ කීර්තිය ලැබුණේ ජනප්‍රිය රුසියානු Interns හි පෙනී සිටීමෙන් පසුවය.

    5. මරීනා ඇලෙක්සැන්ඩ්‍රෝවා /Marina Alexandrova

    මරීනා ඇලෙක්සැන්ඩ්‍රෝවා |  9 ලස්සනම රුසියානු නිළියන් |  සෙස්ට්‍රඩාර්

    මරියා අසාමාන්‍ය ලෙස සුන්දරය. ඇගේ දෝෂ රහිත ශරීරය, පරිපූර්ණ හිසකෙස් සහ සමමිතික මුහුණේ ලක්ෂණ වලට අමතරව මරීනා කැපී පෙනෙන නිළියකි. චිත්‍රපටවල රඟපෑම හැරුණු විට ඇය සෝවර්මෙනික් රඟහල වේදිකාවට නිතර යන අතර රියැලිටි වැඩසටහනකට සහභාගී වේ.

    6. නටාලියා රුඩෝවා /  Natalia Rudova

    නටාලියා රුඩෝවා |  9 ලස්සනම රුසියානු නිළියන් |  සෙස්ට්‍රඩාර්

    මෙම සුරූපී නිළිය මීට ටික වේලාවකට පෙර රූපවාහිනී තිරවල පෙනී සිටියද අනාගත රසිකයින්ට ඇගේ සතුටු සිතින් සිනහව හා ආකර්ශනීය මුහුණ වැලඳ ගැනීමට එය ප්‍රමාණවත් නොවීය. Univer නම් රූපවාහිනී කතා මාලාවේ අපූරු භූමිකාවෙන් පසුව ඇය යෞවනයින් අතර උමතුවක් බවට පත්විය. වර්තමානයේ ඇයගේ සිනමා කෘතියේ චරිත 20 කට වඩා තිබේ.

    7. නස්ටස්යා සම්බර්ස්කයා Nastasya Samburskaya

    නස්තස්යා සම්බුස්කයා |  9 ලස්සනම රුසියානු නිළියන් |  සෙස්ට්‍රඩාර්

    මෙම හුරුබුහුටි නිළිය මේ වන විටත් චිත්‍රපට, සංගීත වීඩියෝ සහ නාට්‍ය කිහිපයකම පෙනී සිටිමින් රුසියානු රසිකයන් මිලියන ගණනකගේ හදවත් දිනා ගෙන තිබේ. “යුනිවර්” නම් රූපවාහිනී කතා මාලාවේ ඇයගේ ඉහළ චමත්කාරය, විචක්ෂණශීලී පෞරුෂය සහ දෝෂ රහිත රංගනය ඇයට ලැබිය යුතු කීර්තිය ගෙන ආවේය.

    8. ක්‍රිස්ටිනා අස්මස් /  Kristina Asmus

    ක්‍රිස්ටිනා අස්මස් |  9 ලස්සනම රුසියානු නිළියන් |  සෙස්ට්‍රඩාර්

    මෙම ආදරණීය නිළිය “ඉන්ටර්න්ස් / Interns” නම් රූපවාහිනී කතා මාලාවේ සහ පසුව “සොලුෂ්කා Zolushka” චිත්‍රපටයේ පළමු භූමිකාවෙන් පසුව පුපුරා ගියේය. 2010 දී විලාසිතා සඟරාව වන “ග්ලමූර් Glamur. ” විසින් ඇය “වසරේ හොඳම රූපවාහිනී නිළිය” ලෙස නම් කරන ලදී.

    9. යුලියා ස්නිගීර් /  Yulia Snigir

    යුලියා ස්නිගීර් |  9 ලස්සනම රුසියානු නිළියන් |  සෙස්ට්‍රඩාර්

    ඇය කුඩා කල සිටම යුලියාට භාෂා පිළිබඳ මනා දැනුමක් තිබුණත් ගුරුවරියක් වීම ඇගේ සිහිනය නොවීය. ඇයට නිළියක් වීමට අවශ්‍ය විය. ඔබට සිතාගත හැකි පරිදි, සමහර විට සිහින සැබෑ වේ! යුලියාගේ පළමු රංගනය Zveri සංගීත කණ්ඩායමේ මියුසික් වීඩියෝව තුළ වූ නමුත් ඇය එතැන් සිට බොහෝ දුර පැමිණ ඇත. යුලියා අවස්ථා කිහිපයක් අසමත් වන්නට ඇති නමුත් අවසානයේ ඇය බෘෘස්  Bruce සමග “Die Hard” හි තිරය මත පෙනී සිටියාය. රුසියානු තරුවකට එය සුළුපුටු කාරණයක් නොවේ.

    සැකසුම – තුෂාධවි

  • ලොව විශිෂ්ඨතම ස්මාර්ට් මුහුණු ආවරණය මෙන්න !

    ලොව විශිෂ්ඨතම ස්මාර්ට් මුහුණු ආවරණය මෙන්න !

    රේසර් පවසන්නේ මෙම මුහුණු ආවරණයෙන් තොල්වල චලනයන් කියවීමට ඉඩ සලසන බවය

    වීඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින් ස්මාර්ට් මුහුණු ආවරණයක් සාදා ඇත. මයික්‍රෝෆෝනයකින් සමන්විත වන එය ලොව ඇති විශිෂ්ඨතම මුහුණු ආවරණය ලෙස ඔවුහු හඳුන්වති.

    CES (Consumer Electronics Show) තාක්ෂණික සමුළුවේදී එළිදක්වන ලද මූලාකෘතිය නිමවා ඇත්තේ පරිශීලකයින්ගේ හඬ වැඩි කර පිටතට ඇසෙන ලෙසය. මෙයින් මුහුණු ආවරණ පැළඳ කතා කිරීමේ අපැහැදිලි බව මඟ හැර ගත හැකිය.

    මෙය සැලසුම් කර ඇත්තේ වාතාශ්‍රය හොඳින් ලැබෙන පරිදිය. පිටතින් සිසිල් වාතය ඇද ගන්නා අතරම උණුසුම් හුස්ම පිට කරනු ඇත.

    සමාගම පවසන්නේ මෙය N95 ශල්‍ය මුහුණු ආවරණයක් ලෙස වර්ගීකරණය කර ඇති බවය. කෙසේනමුත් බීබීසී සේවය මෙම නිෂ්පාදනය සමාලෝචනය කර නොමැත.

    Smart mask
    මෙම මුහුණු ආවරණය දැනට සංකල්පයක් වන අතර එය තවමත් විකිණීමට නොමැත

    මුහුණු ආවරණය විනිවිද පෙනෙන ප්ලාස්ටික් වලින් නිමවා ඇති අතර, මෙමඟින් මිනිසුන්ගේ තොල්වල රටා කියවීම සහ මුහුණේ ඉඟි ලබා ගැනීම පහසු කරයි.

    කෙසේනමුත් විනිවිද පෙනෙන මුහුණු ආවරණ යනු නවෝත්පාදනයක් නොවන අතර, මේ වන විට ද එවැනි නිෂ්පාදන වෙළෙඳපොලේ ඕනෑ තරම් තිබේ. කෙසේවෙතත් සමාගම පවසන්නේ මෙම මුහුණු ආවරණයේ “අඩු ආලෝකය යටතේ ක්‍රියාකරන ක්‍රමයක්” ඇති බවය.

    Smart mask
    අඳුරු ස්ථානයක දී මුහුණු ආවරණයේ අභ්‍යන්තරය ස්වයංක්‍රීයව ආලෝකමත් වේ

    එයින් අදහස් කරන්නේ අඳුරු ස්ථානයක මුහුණු ආවරණයේ අභ්‍යන්තරය ස්වයංක්‍රීයව ආලෝකමත් වන බවය. එයින් ඔබේ මුව ද ආලෝකමත් වේ.

    රේසර් සමාගම කියා සිටින්නේ මෙයින් ඔබට “ආලෝකකරණ තත්වයන් නොසලකා හැර පැහැදිලිව ප්‍රකාශ කිරීමට ඉඩ සලසන” බවය.

    ඇතුළත ඇති සියලු තාක්‍ෂණය සමඟ මෙය පැළඳ සිටීම පහසු ද?

    බීබීසී සේවයේ තාක්ෂණික කණ්ඩායම මෙය අත්හදා බලා නොමැත.

    නමුත් රේසර් සමාගම පවසන්නේ සිලිකන් රවුමක් සවි කර ඇති නිසා එය පැළඳ සිටීම පහසු වන අතර, මුහුණ ආවරණය ඔබේ මුඛයේ වැදීමෙන් වළක්වන බවය.

    කන් පෙති වටා යොදන පුඩුව පළල්ව නිමවා ඇති නිසා ඔබේ කනට දැනෙන පීඩනය ද අවම බව සමාගම පවසයි.

    පේටන්ට් බලපත්‍රයක් සහිත මුහුණු ආවරණයේ “වොයිස්ඈම්ප්” අංගය මෙහි වඩාත්ම තාක්ෂණික වශයෙන් දියුණු අංගයකි.

    සමාගම පවසන්නේ අභ්‍යන්තර මයික්‍රෆෝනය සහ විකාශන යන්ත්‍රය ඔබේ කටහඬ වඩාත් පැහැදිලි කරන බවය.

    සම්ප්‍රදායික මුහුණු ආවරණයකින් නාසය සහ මුඛය වැසීමත් සමඟ අපැහැදිලි කටහඬ විශේෂ ගැටළුවක් විය හැකිය.

    මෙය සංකල්පීය නිෂ්පාදනයක් වන අතර එය දැනට වෙළෙඳපොලේ නොමැත. බීබීසී සේවය රේසර් සමාගමෙන් මේ පිළිබඳ විමසීමක් කර ඇති නමුත් තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

    කෙසේවෙතත්, The Verge (ද වර්ජ්) තාක්‍ෂණ වෙබ් අඩවියෙන් කරුණු විමසීමේ දී කියා සිටියේ මුහුණු ආවරණයේ පෙරහන් වෙනස් කළ යුතු කාලය සහ වාතාශ්‍රය සපයන කොටසේ කල්පැවැත්ම ගැන තවමත් පරීක්‍ෂා කරමින් සිටින්නේ යයි රේසර් සමාගම පැවසූ බවය.

    මෙම වසරේ CES ප්‍රදර්ශනයේදී අනෙකුත් සමාගම්වලින් ද ඉතා ආකර්ෂණීය සංකල්ප නිෂ්පාදන එළිදැක්වීය.

    • ජෙනරල් මෝටර්ස් වෙතින් කැඩිලැක් සන්නාමය යටතේ සිරස් අතට ඉහළට නැංවිය හැකි සහ ගොඩබෑමේ විද්‍යුත් වාහනය
    • ආහාර නිර්දේශ ලබා ගැනීම සඳහා ටෝටෝ සමාගම වෙතින් ඔබේ මලපහ විශ්ලේෂණය කරන වැසිකිළියක්
    • ටීසීඑල් වෙතින් අනුචලනය වන ටැබ්ලට් තිරයක්

    එම නව නිර්මාණ අතරින් කීපයකි.

    CES 2021
    ජෙනරල් මෝටර්ස්හි ප්‍රධාන විධායක නිලධාරියා පැවසුවේ අනාගතයේ දී ගුවන් කුලී රථ නිර්මාණය කිරීමට ද සමාගම පර්යේෂණ සිදු කරමින් සිටින බවය
    CES 2021
    ටෝටෝ සමාගමේ නව වැසිකිළිය ආහාර නිර්දේශ කිරීම සඳහා පරිශීලකයාගේ සමේ උෂ්ණත්වය සහ මළපහ විශ්ලේෂණය කරනු ඇත
    CES 2021
    විශාල තිරයක් රැගෙන යාම පහසු කිරීම සඳහා අඟල් 17 OLED තිරය අනුචලනය කළ හැකි ලෙස නිර්මාණය කර ඇත

    Text by bbc sinhala

  • කමලා හැරිස් සෙනට් සභික ධුරයෙන් ඉල්ලා අස් වෙයි

    කමලා හැරිස් සෙනට් සභික ධුරයෙන් ඉල්ලා අස් වෙයි

    ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරිය ලෙස තේරී පත්වූ කමලා හැරිස්  මහත්මිය අද (18) ඇයගේ සෙනට් සභික ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව රොයිටර් පුවත් වාර්තාවක දැක්වේ.

    ඇය ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය නියෝජනය කරමින් සෙනට් සභික ධුරය හොබවයි.

    කමලා හැරිස්ගේ ධුර කාලයේ ඉතිරි කාලය සම්පූර්ණ කිරීම සඳහා මේ වනවිට කැලිෆෝනියා ජනපදයේ රාජ්‍ය ලේකම් ධුරය හොබවන ඇලෙක්ස් පැඩිලා නම් කිරීමට එම ජනපදයේ ආණ්ඩුකාර ගවින් නිව්සම් විසින් තීරණය කර තිබෙන අතර ඒ අනුව ඇලෙක්ස් පැඩිලාට වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දෝෂාභියෝග විභාගයට සම්බන්ධ වීමට අවස්ථාව උදා වන බව ද රොයිටර් වාර්තාව කියයි.

    ජෝ බයිඩන් මහතා  ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙසත්, කමලා හැරිස්  මහත්මිය ඇමෙරිකාවේ 49 වැනි උප ජනාධිපතිවරිය ලෙසත් කැපිටල් ගොඩනැගිල්ලේ දී අනිද්දා (20) දිවුරුම් දීමට නියමිත ය.

  • සුන්දර – යහපත් දරුවෙකු අවශ්‍ය නම් ‘පැන්සලත් පින්සලත්’ අතට දෙන්න

    සුන්දර – යහපත් දරුවෙකු අවශ්‍ය නම් ‘පැන්සලත් පින්සලත්’ අතට දෙන්න

    ඕනෑම දෙමාපියෙකුගේ ලොකුම ආසාව තමන්ගේ දරුවා ඉහළට ඉගෙන ගෙන වෛද්‍යවරයෙක් ඉන්ජිනේරුවෙක් වෙනවා දකින්න. ඉහළ ආදායම, ඉහළ සමාජ පිළිගැනීම වාගේ කාරණා ඒ සඳහා බලපානවා වෙන්න ඇති.

    ඒත් වර්තමාන ලෝකයේ ‘රැකියාව’ කියන සාම්ප‍්‍රදායික සංකල්පය විශ්වාස කළ නොහැකි තරමට අභියෝගයට ලක්වෙලා. අද වැඩියෙන්ම උපයන්නේ, වැඩිම පිළිගැනීමක් ඇත්තේ වගේම වැඩියෙන්ම සතුටින් සිටින්නේ සාම්ප‍්‍රදායික රැකියා ක්ෂේත‍්‍රය අතික‍්‍රමණය කළ පුද්ගලයින්.

    මේ අතර පැන්සල, පින්සල අතට ගත් අයත් ප‍්‍රධානයි. ජාත්‍යන්තර අවශ්‍ය නැහැ, ලංකාව ගත්තත් සිබිල් වෙත්තසිංහ වැඩිහිටි පරම්පරාව වගේම නව පරම්පරාවේ ජානකී සූරියාරච්චි වැනි චරිතත් සාම්ප‍්‍රදායික රැකියා සිහිනවලට අභියෝග කළ අය වශයෙන් සැලකිය හැකියි. මේ තත්ත්වය ඔඩෙල් අධිපතිනී ( හිටපු) ඔටාරා ඩෙල් ගේ සිට තවත් ඉදිරියට යනවා.

    අපි මෙතැන් සිට ගිරාගම සෞන්දර්ය ගුරු අධ්‍යාපන පීඨයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ‘චාල්ස් දයානන්ද ’ මහතාට සවන් දෙමින් දරුවන් අතට පැන්සලයි පින්සලයි දුන් විට සිදුවන ඓශ්චර්යය ගැන කියවමු.

    හැම ළමයෙක් ම චිත‍්‍රවලට උනන්දු නොවන්නේ ඇයි ?

    හැම දරුවෙක් ම චිත‍්‍ර අඳිනවා. චිත‍්‍ර නොඅඳින ළමයෙක් නම් ඒ දරුවාටට යම්කිසි මානසික අඩුපාඩුවක් වගේ දෙයක් තිබිය හැකියි. මල් කැකුළු වාගේ දරු දැරියන් චිත‍්‍ර කලාව සමග එක් වූ විට ලෝකය තව තවත් ලස්සන වෙනවා. දරුවෙකු තනිවම කරන එකම ක‍්‍රියාව කුරුටු ගෑම වශයෙන් හඳුනා ගෙන තිබෙනවා. එහෙම කුරුටු ගාන දරුවා මේ මගේ අම්මා, මේ මගේ තාත්තා කියලා නම් කරනවා. සමහර විට එක ඉරිකෑල්ලක් ඇතුළේ දරුවා දකින අම්මා, තාත්තා ඉන්නවා. මෙන්න මේ සුන්දරත්වය අවුරුදු පහක් දක්වා මහ ඉහළින් පෙන්නුම් කරනවා. ජීවිතයට එකතු කර ගන්නවා. ඒ වනවිට දරුවාට තමන් හිතන වාහනයක්, ගහකොළ, ගොඩනැගිලි අඳින්න පුළුවන්. ඉන්පසු පාසල් යනවා. පහේ පන්තිය දක්වාම එම අවස්ථා ඔහුට හිමිවෙනවා. වෙනත් රටවල් හා බැලීමේදී අපේ රටේ ප‍්‍රථමික අධ්‍යාපනය ඉහළයි. එය යහපත් තත්ත්වයක්. පහේ ශිෂ්‍යත්ව විභාගය නැතිනම් තවත් ඉහළයි.

    නිර්මාණකරණය තියෙන්නේ සිරුරේමයි

    boy painting, boy, child, people, painting, brush, artist, childhood,  males, boys | Pxfuel

    උපත සමග නිර්මාණකරණය මානවයාගේ සිරුරේම තිබෙනවා. අපේ වගකීම මේ තත්ත්වය වගකීමෙන් යුතුව ඉදිරියට ගෙනයාමට දැරුවා දිරිගැන්වීමයි. තරඟකාරී අධ්‍යාපනය තුළ සිදුනොවන්නෙත් ඒ දේමයි. ඒ සඳහා විධිමත් අධ්‍යාපන වැඩපිළිවෙළක් තිබිය යුතුයි. අපූරුවට කුරුගෑ දරුවා ශිෂ්‍යත්වය සමග මර උගුලක පටළනවා. එතැන් පටන් දරුවාගේ නිර්මාණ ශක්තිය මරාදමන්න උත්සාහ ගන්නවා. ඒක දෙමාපියන්ගේ වරද නොවෙයි. අධ්‍යාපන ක‍්‍රමයේ වරදයි. අධ්‍යාපන ක‍්‍රමය මගින් පියවරෙන් පියවර දරුවා මරාගෙන යනවා කියලයි මම දකින්නේ.

    එහෙම ගෙනියන දරුවා විභාග රේස් එකෙන් පස්සේ විශ්වවිද්‍යාලයට එනවා. එතැන නවක වධය, ප‍්‍රචණ්ඩත්වය වගේ දේවල්, මිනීමරුවන් දක්වාත් ඇතැම් අය පත්වෙනවා. අහිංසක සුන්දර මල් වැනි දරුවන් මේ වින්නැහියට පත් කළේ කවුද ? අධ්‍යාපනය හා නොගැළපෙන සමාජ ක‍්‍රමය කියලයි මම කියන්නේ.

    මවු කුසින් අපරාධකරුවෝ බිහිවෙන්නේ නැහැ

    කිසිම දිනක මවු කුසින් අපරාධකරුවෝ බිහිවෙන්නේ නැහැ. බිහිවන සුන්දර මල් කැකුළ අපරාධකරුවකු බවට පත් කළේ කවුද කියන එක ගැන සමාජය හොයන්නේ නැහැනේ. පස්වැනි ශේ්‍්‍රණියට එනතුරු සුන්දර ළමයා චිත‍්‍ර කලාව හැදෑරුවත්, එතැනින් ඔබ්බට එය ළමයාට නොගැළපෙන සහ අධ්‍යාපනයට වටිනාකමක් නැති දෙයක් බවට පත්කර තිබෙනවා. ඒකත් කරන්නේ අධ්‍යාපනයෙන්මයි.

    Kids Painting On T Shirts - School Child Images Png, Transparent Png ,  Transparent Png Image - PNGitem

    යල්පැනගිය මූලධර්ම

    අදටත් අපේ රටේ සාමාන්‍ය පෙළ පන්තිය දක්වාම චිත‍්‍ර කලාව හැදෑරීමට අවස්ථාව තිබෙනවා. ඒත් තවමත් අපේ රටේ තියෙන්නේ 15-16 වැනි සියවස්වල තිබුණු යුරෝපා ඇකඩමිවල මූලධර්ම පදනම් කරගත් චිත‍්‍ර කලාවක්. අපි ඉන්නේ එතැනයි. මම කලින් සඳහන් කළ ආකාරයට නිදහස් අදහස් ගලාගෙන ඇවිත් කුරුටු ගෑ දරුවාට, චිත‍්‍ර ඇන්ද දරුවාට පාසල් අධ්‍යාපනයේ ඉහළට එනවිට ලැබෙන්නේ ඒ යල්පැනපු මූලධර්ම උපුටා හැඳු විෂය නිර්දේශයක්. එතනිදී ඒ විෂයේ ප‍්‍රධාන අංශ තුනයි. ඒ ප‍්‍රකාශනය, මොස්තර හා ද්‍රව්‍ය කියලා. එතකොට ලබාගත් නිදහස් අත්දැකීම් හා සිතුවිලි යටපත් වෙලා කෘති‍්‍රම පැරණි විෂය නිර්දේශයක සීමාට ළමයා යටත් වෙනවා. ළමයා හිතන්නේ මේක තමයි චිත‍්‍ර කලාව කියලා. මම කියන්නේ මේ කලාව වහාම වෙනස් විය යුතුයි කියන එකයි. අධ්‍යාපනය වෙනස් නොවන්නේ නම් අපි වෙනස් කළ යුතුයි.


    අපි චිත‍්‍ර රස නොවිඳින්නේ ඇයි ?

    චිත‍්‍රයක් රස විඳීමට නම් දැනුමක් තිබිය යුතුයි. ඒ කියන්නේ අපේ සමාජයට චිත‍්‍රයක් කියවා හෝ නරඹා තේරුම් ගැනීමට දැනුමක් නැහැ. මොඩර්න් ආර්ට් කියන එක තේරෙන්නෙම නැති තරම්. මොඩර්න් ආර්ට් කියන්නේ චිත‍්‍ර කලාවේ ප‍්‍රගමනය තුළ ඇති වූ දැවැන්ත යහපත්, කාලීන විපර්යාසයක ප‍්‍රතිඵලයක්. කොයි තරම් හොඳ නවකතාවක්, කෙටිකතාවක් වුණත් භාෂාව නොදැන තේරුම් ගන්න බැහැ වගේ තමයි චිත‍්‍රයක් වුණත් දැනුම නැතිව තේරුම් ගන්න බැහැ කියන එක.

    චිත‍්‍ර කලාවේ දේශීය පැත්ත

    දේශීයත්වයෙන් මිදී විශ්ව කලාවක් බවට පත්ව ඇත්තේ චිත‍්‍ර කලාව පමණයි. සින්දුවක්, නැටුමක්, පොතක් ඒ අනුව කිනම් රටක, ජාතියකට අයත්දැයි හඳුනාගන්න පුළුවන්. ඒත් චිත‍්‍රයක නිර්මාණකරුවාගේ නම, ගමක් නැතිව තිබුණොත් මේ අහවල් රටේ චිත‍්‍රයක් කියලා කියන්න බැහැ. ඒ නිසයි මම කිවුවේ දේශීය අනන්‍යතාවයෙන් මිදී අපි විශ්ව කලාවක් දක්වා අපේ චිත‍්‍ර කලාව සමග ඉදිරියට යා යුතුයි කියලා. ආධ්‍යාත්මක මානසිකත්වය කරා ළමයාගේ මනස පන්ති කාමරයේ පටන් ගොඩනැංවිය හැකියි. ඒත් අපේ රටේ පවතින අධ්‍යාපන ක‍්‍රමය තුළ ඒ ගැන හිතන්න අමාරුයි.

    Cute little boy painting in his album — Stock Photo © belchonock #19504085

    නොහැකියාවට හේතුව කුමක්ද ?

    අධ්‍යාපනයේදී චිත‍්‍ර කලාව විෂය නිර්දේශය සකස් කරන්නේ ඒ පිළිබඳ නූතන දැනුමක් හෝ ප‍්‍රයෝගික අත්දැකීම් ඇති මිනිස්සු නොවෙයි. ජීවිතේට චිත‍්‍රයක් ඇඳලා හෝ ප‍්‍රදර්ශනයක් නොකළත්, නරඹපු මිනිස්සුද කියන එකත් සැකයි. යම් භූතයින් පිරිසක් මේ මහ පුටුවල කලක සිට වාඩි කරවීමේ විපාකය මෙරට චිත‍්‍ර කලාවට සිදුවූ විශාලම හානියයි. රස වින්දනයක් නැති, සුන්දරත්වය නොහඳුනන මිනිසුන් සමාජයට බිහි වුණේ එතැනින්.

    දැඩි දඬුවම්, එල්ලූම්ගස් නීතිය ගැන සංවාද කරනවා. මට කියන්න නූතන චිත‍්‍ර කලාව සහ දේශීය චිත‍්‍ර කලාව ජාත්‍යන්තර දක්වා ගෙන යාම සම්බන්ධයෙන් සංවාද කීයක් සතියකට තියෙනවාද ? විශ්වවිද්‍යාල කීයක එහෙම සංවාද තියෙනවාද කියලා. චිත‍්‍රපට, නාට්‍ය ගැන නම් එහෙම කතා කරනවා. ඒ යහපත් සංවාදය නිසා මිනිසුන් ඒවාට යොමු වෙනවා. ඒත් චිත‍්‍ර ගැන කතා කරන්නේ නැහැ. එහෙම වෙනකොට මිනිසුන් එයින් ඈත් වෙනවා. එනිසා ළමයි පාසලෙන් බාහිරව ඒ සඳහා උනන්දු කරවීමේ ක‍්‍රියාදාමයක් ඇති කළ යුතුයි.

    නාගරික උනන්දුව හා අලෙවිය

    කොළඹ කේන්ද්‍රියව චිත‍්‍ර කලාවක් තිබෙනවා. එය හොඳ උත්සාහයක්. නමුත් එතැන ඇතමුන් කරන්නේ අනුන්ගේ සල්ල බලාගෙන විකිණීමක්. මිනිස්සු ඉල්ලන දේ ඇඳලා දෙන චිත‍්‍ර ශිල්පීන් විනා, කලාව මේකයි කියලා හඳුනාගත් මිනිසුන් වෙනුවෙන් නිර්මාණ කරදෙන කලාකරුවන් අඩුයි.

    Difficulties keeping your child motivated to do extra homework or tutoring?

    ආසාව තිබුණට හැමෝටම චිත‍්‍ර අඳින්න බැරිද ?

    ආසාව තිබුණට හැමෝටම චිත‍්‍ර අඳින්න බැහැ කියන එක බොරුවක්. හිතන්න පුළුවන් ඕනෑම කෙනෙකුට චිත‍්‍ර ඇඳීම හා නිර්මාණය කළ හැකියි. අපි හැම වැඩිහිටියෙකුගෙන්ම ඉල්ලනවා දරුවා සුන්දරත්වයට යොමු කරන්න කියලා. ඔවුන්ට පැන්සල හා පින්සල අතට දී ආතතිය වෙනුවට සුන්දර මානසිකත්වයකට අනුබල දෙන්න කියලා මම ඉල්ලනවා. එතකොට දරුවා තමන්ටත්, රටටත් සුන්දර සංවේදී මනුස්සයෙක්වෙයි. එහෙම වෙනකොට පොලීසි, උසාවි, එල්ලූම්ගස් ඒ තරම් අවශ්‍ය වෙන එකක් නැහැ.

    නොමිලේ පුහුණුව සඳහා ඉඩක්

    මෙම ක්ෂේත‍්‍රයේ විද්වතුන්ගේ දායකත්වයෙන්, මගේ සභාපතීත්වයෙන් චිත‍්‍ර කලා අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය සහ සෝලියස් මැන්දිස් චිත‍්‍රකලා පදනම නමින් සංවිධාන දෙකක් ආරම්භ කළා. ඕනෑම අයෙකුට එහි නොමිලේ පුහුණුව ලබාගත හැකියි.

    හැමෝට එකතු විය හැකියි

    දරුවන්ට පමණක් නොවෙයි. වැඩිහිටියන්ට වුණත් අප සමග එක්විය හැකියි. සුන්දරත්වයට වයස් සීමාවක් නැහැ. මම කියනවා ඔබේ දරුවාත් සුන්දරත්වයක් නැති නීීරස මිනිසුන් ගොඩට නොවැටෙන්න නම් නිසි මග පෙන්වන එක ඔබේ වගකීමක් කියලා.

    උපුටා ගැනීමකි

  • සිප වැළඳ ගැනීමෙන් හිමිවන සුපිරි ‘මානසික හා සෞඛ්‍යමය ප්‍රතිලාභ’

    සිප වැළඳ ගැනීමෙන් හිමිවන සුපිරි ‘මානසික හා සෞඛ්‍යමය ප්‍රතිලාභ’

    ‘වැළඳගැනීම – Hug‘ අතිෂය ආදරණීය සහ උණුසුම් අත්දැකීමක් බව අපි කවුරුත් දන්නවා. මේ වසංගත සමයේ සෞඛ්‍යාරක්ෂාව වඩාත්ම වැදගත් හා ප්‍රමුඛතම කරුණ වන නිසා ඊටත් අගුළු වැටී තිබෙනවා. ඒ ගැන අපි කිසිවෙකුට ගැටලුවක් නැහැ. මොකද වඩාත් ම වැදගත් කොවිඩ්-19 වසංගය පිටුදැකීමයි.

    ‘වැළඳගැනීම‘ සහ එයින් ඇතිවන සෞඛ්‍ය හා සමාජයීය ප්‍රතිලාභ ගැන ලෝකය පුරා නිරන්තරයෙන් අධ්‍යයන සිදුවෙනවා. මේ පිළිබද අධ්‍යයනය කළ විශේෂඥයින්ට අනුව එමගින් ඔබට හොඳ හැඟීමක් ඇති කරනවා. එය සෙනෙහස පෙන්වීමට හොඳ ක්‍රමයක් වන අතර කුඩා දරුවන් අතර පවා මෙය සහජ චර්යාවක් බවට පත්ව තිබෙනවා.

    එහෙත් මේ ගැන අධ්‍යයනය කළ අය සොයා ගත් ටිකක් අමුතුම දෙය නම්, අප වැඩෙන විට වැළඳගැනීම් අඩු වීමයි. සමාජ සම්මතයන්, සේවා පරිසරයන් සහ වරදවා වටහා ගනු ඇතැයි යන බිය නිසා අපට අවශ්‍ය විටෙක මිනිසුන් වැළඳ ගැනීමේ හැකියාව අපට අහිමි වන බවයි ඔවුන් කියන්නේ. 

    කෙසේ වෙතත්, ශාරීරික ස්පර්ශය ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ට ද වැදගත් බව ඔවුන් පෙන්වා දෙනවා. ඇත්ත වශයෙන්ම, විශේෂඥයින් පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි.

    1. වැළඳ ගැනීම රුධිර පීඩනය අඩුකරයිHugs Lower Blood Pressure

    මානසික ආතතිය හා ආතති සහගත තත්වයන් (stress and stressful situations) නිසා ඔබේ රුධිර පීඩනය ඉහළ යන්නේ නම්, වැළඳගැනීම් ඔබට එය සමඟ කටයුතු කිරීමට උපකාරී වේ. අධ්‍යයනවලින් පෙනී යන්නේ පීඩාකාරී කාර්යයක් කිරීමට පෙර හෝ පසුව මිනිසුන් තම ආදරණීයයන්ගෙන් වැළඳගත් විට ඔවුන්ගේ රුධිර පීඩනය අඩු වනු ඇති බවයි. ඉතින්, ඔබ අධික ආතතියෙන් පෙළෙන දවසක් තිබේ නම්, හෝ ඔබේ ආදරණීයයා වැලඳ ගැනීම ප්‍රයෝජනවත් විය හැකියි.

    # 1 |  විද්‍යාව පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි  සෙස්ට්‍රඩාර්

    2. ඔබේ මොළයේ ප්‍රීතිමත් හෝමෝන (Happy Hormones) උත්තේජනය කිරීම

    වැළඳගැනීම් ඔබේ මොළයේ ඇති ඔක්සිටොසින්, ඩොපමයින් සහ සෙරොටොනින් (oxytocin, dopamine and serotonin) මට්ටම ඉහළ නංවන අතර ඒ සියල්ල සතුට හෝමෝන / Happy Hormones ලෙස සැලකේ. ඔක්සිටොසින් මගින් ඔබට සැහැල්ලුව ලැබෙන අතර ඩොපමයින් මගින් විනෝදයත්, සෙරොටොනින් ඔබේ මනෝභාවය පාලනය කරන අතර ඔබට සතුටක් දැනේ. 

    # 2 |  විද්‍යාව පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි  සෙස්ට්‍රඩාර්

    3. වැළඳගැනීම් ඔබේ හෘද ස්පන්දන වේගය අඩු කරයි

    වැළඳගැනීම් මගින් පුද්ගලයෙකුගේ හෘද ස්පන්දන වේගය සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි බව වෛද්‍ය අධ්‍යයනවලින් පෙනී යයි. එබැවින් ඔබ කලබල වී ඔබේ හදවත වේගයෙන් ගැහෙන බවක් ඔබට දැනේ නම්, වැළඳ ගැනීම එම ගැටලුවට ප්‍රයෝජනවත් විසඳුමක් විය හැකිය. වැළඳගැනීමේදී සාමාන්‍යයෙන් මිනිසුන් වඩාත් සන්සුන්ව සිටියි.

    # 3 |  විද්‍යාව පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි  සෙස්ට්‍රඩාර්

    4. වැළඳගැනීම් මගින් ආතතිය අඩු කළ හැකිය

    ආතතිය Stress අවම කිරීම සඳහා වැළඳගැනීම් ඉතා වැදගත් වේ. එක් අතකින්, වැළඳ ගැනීම යනු පුද්ගලයෙකු සනසාලීමට, ආදරය හා සහයෝගය පෙන්වීමට හොඳ ක්‍රමයක් වන අතර එමඟින් මිනිසුන්ට සතුටක් දැනේ. අනෙක් අතට, ශරීරයේ අඩු ආතති හෝමෝන (lower stress hormones) වැළඳ ගන්නා අතර ප්‍රීතිමත් හෝමෝන වැඩි කරයි. එය ජයග්‍රාහී තත්වයකි.

    # 4 |  විද්‍යාව පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි  සෙස්ට්‍රඩාර්

    5. වැළඳගැනීම් නිසා රෝගයෙන් ආරක්ෂා විය හැකිය

    කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ සිටින සෑම කෙනෙකුම බදා ගන්න යන්න එපා ! එය මේ වසරේ සැබවින්ම ව්‍යතිරේකයකි. කෙසේ වෙතත්, ඔබ කුඩා කල සිටම වැළඳගැනීම් රාශියක් ලබා ගන්නේ නම්, එය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. මන්ද ඔබ වැඩි වැඩියෙන් බැක්ටීරියා වලට නිරාවරණය වී ඇති බැවිනි. නමුත් වැඩිහිටියෙකු ලෙස වුවද, වැඩිපුර වැළඳගැනීම් ලබා ගන්නා පුද්ගලයෙකු සාමාන්‍යයෙන් අඩු රෝගාතුර වීමක් හෝ රෝගයක් සමඟ වඩා හොඳින් කටයුතු කරනු ඇත. 

    # 5 |  විද්‍යාව පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි  සෙස්ට්‍රඩාර්

    6. ආත්ම අභිමානය ඉහළ නැංවිය හැකිය

    අධ්‍යයනවලින් පෙනී යන්නේ අඩු ආත්ම අභිමානය, ශරීර ප්‍රතිරූප ගැටළු සහ නිරන්තර සැකයන් සමඟ පොරබදින පුද්ගලයින්ට වැළඳගැනීම් ලැබෙන විට වඩා හොඳ හැඟීමක් ඇති බවයි. කාලයත් සමඟ එය ඔවුන්ගේ ආත්ම අභිමානය ඉහළ නැංවිය හැකි අතර ඔවුන්ට වැඩි විශ්වාසයක් ඇති කරයි. 

    # 6 |  විද්‍යාව පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි  සෙස්ට්‍රඩාර්

    7. වැළඳගැනීම් මගින් වේදනාව අඩු කළ හැකිය

    එය සිත් සසල කරවන නමුත් සරල ශාරීරික ස්පර්ශයකින් මිනිසුන්ට වේදනාව සමඟ හොඳින් කටයුතු කිරීමට උපකාරී වේ. වෛද්‍ය අධ්‍යයනවලින් පෙනී යන්නේ වේදනාකාරී ක්‍රියා පටිපාටියක් අතරතුරදී ආදරය කරන කෙනෙකු ස්පර්ශ කරන විට මිනිසුන්ට අඩු වේදනාවක් දැනෙන බවයි. එය භෞතික ස්පර්ශය තුළින් ඔවුන්ට ලැබෙන සදාචාරාත්මක හා ශාරීරික සහයෝගයේ ඒකාබද්ධ බලපෑමකි. වැළඳගැනීම් යනු ශාරීරික ස්පර්ශයකි, එබැවින් ඔබ වේදනාවෙන් සිටින විට අනිවාර්යයෙන්ම එම වැළඳ ගැනීම ඉල්ලා සිටිය යුතුය. 

    # 7 |  විද්‍යාව පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි  සෙස්ට්‍රඩාර්

    8. වැළඳගැනීම් ඔබේ සෞඛ්‍යයට සමස්තයක් වශයෙන් ධනාත්මක බලපෑමක් ඇති කරයි

    චිකිත්සකයින් පවසන්නේ ඔබේ මානසික සෞඛ්‍යය සරලව පවත්වා ගැනීම සඳහා දිනකට වැළඳගැනීම් 8ක් අවම විය යුතු බවයි. එය වැඩිදියුණු කිරීම සඳහා ඔබට දිනකට වැළඳගැනීම් දොළහක් අවශ්‍ය වේ.  අඩු රුධිර පීඩනය, ආතතිය අඩු කිරීම, ආත්ම අභිමානය වැඩි දියුණු කිරීම සහ වේදනා කළමනාකරණය වැනි අප ඉහත සඳහන් කළ සෑම දෙයක්ම සමඟ මෙම දැනුම ඒකාබද්ධ කරන්න. ඔබේ සමස්ත සෞඛ්‍යයට වැළඳගැනීම් විශිෂ්ට බව වටහා ගැනීමට ඔබ බුද්ධිමත් විය යුතු නැත.

    # 8 |  විද්‍යාව පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි  සෙස්ට්‍රඩාර්

    https://zestradar.com ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • එංගලන්තයට කඩුළු 07ක පහසු ජයක්

    එංගලන්තයට කඩුළු 07ක පහසු ජයක්

    ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් අද (18) එංගලන්ත කණ්ඩායම කඩුළු 07ක ජයග‍්‍රහණයක් වාර්තා කළා. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස එංගලන්තය පෙරමුණ ගෙන තිබෙනවා.

    තරගයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර පිතිකරුවන් දැක්වූ දැඩි අසාර්ථකත්වය හේතුවෙන් පළමු ඉනිම ලකුණු 135කට සීමා වුණා. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 421ක් රැස් කළ අතර ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සහ පන්දු රකින්නන්ගේ දුර්වලතා මෙහිදී කැපී පෙනුණා.

    සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලද සාර්ථක්වය සහ වසර 08කට පසු ළහිරු තිරිමාන්න වාර්තා කළ ශතකය -111 හේතුවෙන් ඉනිමක පරාජයෙන් බේරී ලකුණු 359ක් රැස් කිරීමට ශ‍්‍රී ලංකාවට හැකි වුණා.

    ජයග‍්‍රහණය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව ලබා දුන් ලකුණු 74ක පහසු ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායම අද (18) දින පෙරවරුවේදී කඩුළු 03කට ජයග‍්‍රාහී ලක්කය පසුකළා.