Tag: featured

  • මහජන උපයෝගීතා කොමිෂන් සභා සේවක සංගමයෙන් විශේෂ නිවේදනයක්

    මහජන උපයෝගීතා කොමිෂන් සභා සේවක සංගමයෙන් විශේෂ නිවේදනයක්

    විදුලි ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රමාද නොකළ බවත් විදුලි බලාගාර සැලැසුම් සහ එම බලාගාරවලට මිල කැඳවීම් සදහා අනුමැතිය ලබාදීමෙන් නොනැවති එම සැලසුම් නොපමාව ක්‍රියාත්මක කරන ලෙස කොමිෂන් සභාව අදාළ පාර්ශවයන්ට අවධාරණය කළ බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමයේ සභාපතිවරයා විසින් අද (17) දින නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක් මගින් අවධාරණය කරනවා.

    මහජනතාව විෂයෙහි ඉතා වැදගත් කරුණු රැසක් අන්තර්ගත එම ප්‍රවෘත්ති නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇතැයි ඇතැමුන් සමාජගත කර ඇති චෝදනාව පදනම් විරහිත සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයකි. ශ්‍රි ලංකා විදුලිබල පනතට අනුව විදුලි ජනන සැලසුම් අනුමත කිරීම සහ අනුමත විදුලි ජනන සැලසුමේ එන විදුලි බලාගාර සදහා මිල ගණන් කැඳවීමේ (Request For Proposal) අනුමැතිය සහ මිලදී ගැනීමේ ගිවිසුමට (Power Purchasing Agreement) අනුමැතිය ලබා දීම කොමිෂන් සභාවට පැවැරේ. ඒ අනුව කොමිෂන් සභාව විසින් අඩු වියදම් බලාගාර ඉදිකිරීම සදහා ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය පූර්ණ සහාය හා අනුමැතිය ද ලබා දී තිබේ.

    දිගුකාලීන අඩු වියදම් විදුලි ජනන සැළසුම් යටතේ 2016-2020 කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙගාවෝට් තුන් සීයක (300MW) ප්‍රධාන විදුලි බලාගාර 3ක් සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇති අතර එම කාලය තුළ අනුමැතිය සඳහා යොමුකරන ලද දීර්ඝ කාලීන විදුලි බලාගාර පිළිබඳ විස්තර සහ ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාව ගෙන ඇති පියවර පහත පරිදි වේ.   

    • මෙගාවෝට් තුන් සීයක (300MW) පළමු ද්‍රවිකෘත ස්වභාවික වායූ (LNG) බලාගාරය

    මෙම බලාගාරය ඉදිකිරීම සදහා මිල ගණන් කැඳවීමේ (Request For Proposal) අනුමැතිය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් 2016.11.15 දින ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලා සිටින ලද අතර දින දෙකක් තුළ එනම් 2016.11.17 වන දින ඒ සදහා වන අනුමැතිය කොමිෂන් සභාව විසින් ලබා දී ඇත. එහෙත් මිල ගවිදුලි ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම කොමිෂන් සභාව ප්‍රමාද කළේ නැහැණන් කැඳවීමේ කටයුතු සඳහා වසර හතරක් (04) ප්‍රමාද කිරීමෙන් අනතුරුව 2020.10.09 වන දින මිලදී ගැනීමේ ගිවිසුමට (Power Purchasing Agreement) අනුමැතිය සදහා මෙම කොමිෂමට යොමු කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2020.11.25 වන දින එනම් 2020.10.09 දිනෙන් පසුව එළඹෙන පළමු කොමිෂන් සභා රැස්වීමේදීම (දින 47ක් ඇතුළත) ඊට අනුමැතිය ලබා දී ඇත.

    • මෙගාවෝට් තුන් සීයක (300MW)  දෙවන ද්‍රවිකෘත ස්වභාවික වායූ (LNG) බලාගාරය

    දිගුකාලීන විදුලි ජනන සැලැස්ම යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කරන ලද මෙම බලාගාරය ඉදිකිරීම සදහා මිල ගණන් කැඳවීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය 2017.06.29 වන දින තීරණය ලබා ගෙන තිබුණ ද වසර තුනකට අධික කාලයක් ප්‍රමාද කිරීමෙන් අනතුරුව 2020.09.18 වන දින මෙම බලාගාරය සදහා මිල ගණන් කැඳවීමට (Request For Proposal)  කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇත. ඒ අනුව කොමිෂන් සභාව විසින් මාසයක කාලයක් තුළ එනම් 2020.10.22 වන දින ඒ සදහා වන අනුමැතිය ලබා දී ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද දක්වා මිල ගණන් කැඳවා නොමැත.

    උක්ත 01 සහ 02 යටතේ දැක්වෙන අවස්ථා දෙකෙහිදීම අදාළ අනුමැතීන් ලබා දී ඇත්තේ කොමිෂන් සභාව විසින් රටට හා ජනතාවට වඩා හිතකර වන පරිදි යෝජනා කරන ලද අවශ්‍ය සංශෝධන ලංකා විදුලිබල මණ්ඩලය පිළිගැනීමෙන් අනතුරුවය. 

    • මෙගාවෝට් තුන් සීයක 300MW ක නොරොච්චෝලේ ගල් අගුරු බලාගාර දිගුව (Extension)

    කොමිෂන් සභාව අනුමැතිය දුන් 2018-2037 දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අනුව 2022/12/31 දිනයට 300MW ක ගල් අගුරු බලාගාරයක් සාදා නිමකිරීමට නම් ඊට අදාළව කොමිෂන් සභාවේ අනුමැතිය 2018 වසර මැද භාගය වනවිටවත් ලබා ගත යුතු වේ. නමුත්, වසර දෙකහමාරක් ප්‍රමාද කොට, නිසි ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටියට පටහැනිව තරඟකාරී නොවන අයුරින් එක් පාර්ශවයක් සඳහා මෙම බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය ලබාදීමට 2020.09.04 දින ඊට අදාළ අනුමැතිය සඳහා යොමුකර ඇත. එහෙත් මිළදී ගැනීම් සම්බන්ධයෙන්; මිළදීගැනීම් සම්බන්ධ රීති සහ එම පනතේ වගන්තිවලට අනුකූලව කටයුතු කරන ලෙස සහ විදුලිබල පනතට අනුව පැහැදිලි කිරීම් ඉදිරිපත් කරන මෙන් කොමිෂන් සභාව විසින් 2020.10.15 දිනැති ලිපිය මගින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත දන්වා යැවූ අතර ඒ අනුව ඊට අදාළව පිළිතුරු පිලියක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2020.10.27 දින කොමිෂන් සභාවට යොමු කර ඇත. එහෙත් මේ වනවිට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට කොමිෂන් සභා සාමාජිකයන් පත් කර නොමැති හෙයින් එම පිළිතුරු ලිපියට අදාළව අවශ්‍ය පියවර ගැනීම සදහා එය කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත.

    විදුලි බලාගාර සැලැසුම් සහ එම බලාගාරවලට මිල කැඳවීම් සදහා අනුමැතිය ලබාදීමෙන් නොනැවති එම සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව කොමිෂන් සභාව අධීක්ෂණය ද කර ඇත. 2016 වර්ෂයේ සිට විදුලි බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදයක් ඇති බව අමාත්‍ය මණ්ඩලයටත්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයටත් ලිඛිතව කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇත. එම දැනුම් දීම් මත විදුලිබල අමාත්‍යංශ ලේකම්වරයා විසින් 2017.06.15 දින ලංකා විදුලිබල මණ්ඩයට ඉදිරිපත් කර  ඇති ඇති ලිපිය මගින් විදුලි බලාගාර ඉදිකිරීම ප්‍රමාදයට හේතුව බලාගාර අනුමත කිරීමේ ප්‍රමාදයක් නොව බලාගාර සදහා මිල කැඳවීම් සහ එම බලාගාර ඉදිකිරීම් ප්‍රමාදයක් බව සනාථ කර ඇත.

    එමෙන්ම ජනතාව වෙත බර පැටවෙන, අධික මිල ගණන් යටතේ මිලදී ගැනීමට පසුගිය කාල සීමාව තුළ කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලූ එහෙත් අනුමැතිය නොදුන් හදිසි විදුලි බලාගාර බලාගාර පිළිබඳව සහ අනවශ්‍ය හදිසි මිළදී ගැනීම් සඳහා අනුමැතිය ලබා නොදීම හේතුවෙන් කොමිෂන් සභාව විසින් ජනතාවට ඉතුරු කර දී ඇති මුදල් පිළිබඳ තොරතුරු ද ඉදිරියේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමු.

    සභාපති – ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය

  • ඩොලර් බිලියනයක් වටිනා කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුමට අත්සන් තබයි

    ඩොලර් බිලියනයක් වටිනා කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුමට අත්සන් තබයි

    කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ අමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින අරලියගහ මන්දිරයේදී සිදුවිය.

    එල්.ඕ.එල්.සී (LOLC) සමූහයේ මූලෝපායික ආයෝජන අංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් (CHEC) අතර මෙම ගිවිසුම අත්සන් තැබිණි.

    මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන (CIFC) ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ජෙන්හොං මහතා ද එක්ව සිටියේය.

    “විදේශ සෘජු ආයෝජන ආකර්ශනය කර ගැනීම අපගේ රජයේ ප්‍රමුඛතාවයක්. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව නැවත ව්‍යාපාර ලොවට පිවිස ඇති බවට ප්‍රබල නිදසුනක්” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

     “උපාය මාර්ගික පිහිටීම සමඟ මානව හැකියාවන්ද අන්තර්ගතව  ශ්‍රී ලංකාව ලබාදෙන අයෝජන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී ලොව පුරා විසිරී සිටින ආයෝජකයන්ට ආරාධනා කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2014 වසරේ දී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ මෙරට සංචාරයට සමගාමීව ආරම්භ කරන ලදී.

    අමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක මූලික අයෝජනයෙන් සහ අමෙරිකානු ඩොලර් බිලියන 15 ක අපේක්ෂිත සමස්ත ආයෝජනයකින් සම්පූර්ණවන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික, නේවාසික සහ සංචාරක ගමනාන්තය බවට පත්වනු ඇත.

    “මෙම තීරණාත්මක මොහොතේ චීනය නැවත වතාවක් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට උපකාර කිරීමට ඇති සිය කැපවීම පෙන්නුම් කරනවා” යැයි චීන තානාපති චි ජෙන්හොං මහතා පැවසීය.

     “කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ මූල්‍ය හා අනෙකුත් කර්මාන්ත ශක්තිමත් ලෙස වර්ධනය වීමට එලදායී ලෙස බලපානවා පමණක් නොව සාමාන්‍ය ජනතාවට උසස් තත්ත්වයේ රැකියා අවස්ථා නිර්මාණය කරන බවට විශ්වාස කරන්නේ යැයි” චීන තානාපති චි ජෙන්හොං මහතා පෙන්වා දුන්නේය.

    මෙම ව්‍යාපෘතිය හෙක්ටයාර් 6.8 ක මුළු භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර එය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් ඒකාබද්ධව කළමනාකරණය කරන කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘති පළමු අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 450 ක ආයෝජනයකින් යුතුව හෙක්ටයාර 3.06 ක භූමි ප්‍රමාණයක  විශේෂ කාර්ය වාහන (SPV) සමාගමක් ස්ථාපිත කෙරෙනු ඇත.

    තිරසර හා සමාජීය වශයෙන් වගකිවයුතු ආකාරයකින් ක්‍රියාත්මක කෙරෙන මෙම සමස්ත ව්‍යාපෘතිය, විවිධ අංශ ඔස්සේ සැලකිය යුතු ගුණාත්මක රැකියා අවස්ථා රැසක් ඇති කිරීමට අපේක්ෂා කර තිබේ.

  • Covid-19 පාලනය: සෞඛ්‍ය වෘත්තීය සමිති කොරෝනා ඇමැතිනියට කළ හෙළිදරව්ව !

    Covid-19 පාලනය: සෞඛ්‍ය වෘත්තීය සමිති කොරෝනා ඇමැතිනියට කළ හෙළිදරව්ව !

    කොවිඩ් 19 පාලනයේදී සෞඛ්‍ය සේවයේ සියලු දෙනා දම්වැළක පුරුක් මෙන් එකට සිටිය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීය සමිති හමුවේ රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කළාය.

    අමාත්‍යවරිය මේ බව සදහන් කලේ සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති නායකයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.

    කොවිඩ් 19 වසංගත රෝගය මැඩපැවැත්වීම සදහා සෞඛ්‍ය අංශයේ සියලු දෙනා දම්වැළක පුරුක් මෙන් එකට සිට කටයුතු කිරීම වැදගත්වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

    දරුණුතම වසංගත රෝග ගණනාවක් සාර්ථකව මැඩපැවැත්වූ රටක් ලෙස අප රට ඉතිහාසයට එක්ව ඇති අතර ඒ් සදහා සමස්ථ සෞඛ්‍ය සේවයේ සියලු දෙනා එක්ව කටයුතු කල ආකාරය සිහිපත් කල රාජ්‍ය අමාත්‍යවරිය කොවිඩ් 19 පලමු රැල්ල පාලනය කිරීමේදී සියලු දෙනා දැක්වූ කාර්යක්ෂම සේවය පිළිබදවද සිය කෘතවේදීත්වය පලකලාය.

    කොවිඩ් 19 දෙවැනි රැල්ල පාලනයේදී බිම් මට්ටමේ පවතින සම්බන්ධීකරණ ගැටළු සහගත තැන් පිළිබදවත් කොවිඩ් 19 පිළිබදව ජනතාවගේ අවධානය ගිලිහීයාම පිළිබදවත් වෘත්තීය සමිති නායකයින් විසින් රාජ්‍ය අමාත්‍යවරියගේ අවධානයට යොමුකල අතර රාජකාරී ඉටුකිරීමේදී තමන්ට මුහුණ පෑමට ඇති ගැටළු සහගත තැන් පිළිබදව රාජ්‍ය අමාත්‍යවරියගේ අවධානය යොමුකල වෘත්තීය සමිති නායකයින් මෙහිදී කියා සිටියේ දුෂ්කරතා මධ්‍යයේ වුවද සිය සංගම්වල සාමාජිකයින් සේවයට කැපවී සිටින බවයි.

    වසංගත රෝග තත්වය පාලනය කිරීමට කැපවී සිටින සෞඛ්‍ය සේවයේ සුව විරුවන්ගේ ආරක්ෂාව පිළිබදව විශේෂයෙන් අවධානය යොමුකල යුතු බව සදහන් කල රාජ්‍ය අමාත්‍යවරිය ඒ සදහා වැඩපිළිවෙළක් සැකසීම කෙරෙහි අවධානය යොමුකරන බව මෙහිදී සිහිපත් කළාය.

    මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සමස්ථ ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ, වෛද්‍ය පර්යේෂණාගාර කාර්මික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු, රජයේ සෞඛ්‍ය ගිලන්රථ ප්‍රවාහන රියදුරන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.ඩී විජේසිංහ ඇතුළු වෘත්තීය සංගම් නායකයින් පිරිසක් එක්වූහ.  

  • LPL T20 Final: තරගාවලියේ වීරයා – වනිඳු හසරංග – අවසන් තරගයේ වීරයා – ෂොයෙබ් මලික්

    LPL T20 Final: තරගාවලියේ වීරයා – වනිඳු හසරංග – අවසන් තරගයේ වීරයා – ෂොයෙබ් මලික්

    තම තමන්ට හිමි වගකීම් වටහා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට සමත්වීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැති “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම (16 දා) සමත්වූහ.  

    මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ප්‍රතිවාදී ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව ලකුණු 53 ක ජයක් ලද ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ අභිනව ශූරයින් ලෙසින් කිරුළු පැළඳූහ.

    ස්ටැලියන්ස් පිල ලබා දුන් ලකුණු 189 ක ඉලක්කය හඹා ගිය ග්ලැඩියේටර් පිලේ ආරම්භයම නොසිතූ කඩා වැටීමකට ලක්වීම මෙතරම් පරතයකින් තරග පරාජය වීමට ඉවහල් විය. ආරම්භක පන්දුවාරයේ සිට ග්‍රහණය වැඩි කරමින් පන්දු යැවූ ධනංජය ද සිල්වා සහ සුරංග ලක්මාල් දෙපළ පවර් ප්ලේ අවස්ථාවට හිමි පළමු පන්දුවාර 6 අවසන් වන විට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වූයේ ලකුණු 30 ක් පමණක් ලබාදෙමිනි.

    තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් පන්දුවට පහර දීමට පැමිණි ධනුෂ්ක ගුණතිලක දුවද්දී දැවී යෑමකට හසු වීම ග්ලැඩියේටර් පිලට දරාගත නොහැකි පාඩුවක් විය. ලකුණක් ලබා සිටි ගුණතිලක පහසු ලකුණක් කරා කඩුලු අතර දිව යෑමේදී පන්දු යැවූ සුරංග ලක්මාල්ගේ ශරීරයේ ගැටුණු අතර එහි වාසිය ලබා ගත් පන්දු රැකි තිසර පන්දුව රැගෙන දිව ගොස් කඩුල්ල බිඳ දැම්මේය. ගැටීමේදී දිව යන අන්තය පවා මාරු වුණු ධනුෂ්කගේ තීරණය තෙවැනි විනිසුරු වෙත යොමු කෙරුණු අතර එයිදී කඩුල්ල බිඳ දමන විට ඔහුගේ පිත්ත සීමාවට අඟල් කීපයක් පසුපසින් විය.

    පළමු පන්දුවාරයේදීම හස්රතුල්ලා සසායිව දවා ගනිමින් ග්ලැඩියේටර් ආරම්භය අපහසු කිරීමට ධනංජය ද සිල්වා සමත් වුවත් භානුක රාජපක්ෂ සහ ෂෙහාන් ජයසූරිය එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 55 ක් රැස් කළහ. එහෙත් ෂොයෙබ් මලික් සහ උස්මාන් ශින්වාරිගේ පන්දු හමුවේ භානුක ලකුණු 40 කටත් ෂෙහාන් ලකුණු 15 කටත් දැවී ගිය. පන්දු 17 කින් සමන්විත වුණු ග්ලැඩියේටර් නායකයාගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

    පිතිකරණ අනුපිළිවෙළ වෙනස් කරමින් මැද පෙළින් පන්දුවට පහර දීමට ආ අසාම් ඛාන් පන්දු 17 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 36 ක් රැස් කළද චරිත් අසලංකගේ සහායෙන් ඩුවේන් ඔලිවියර් ඔහුගේ කඩුල්ල දවාගත්තේය. ස්ටැලියන්ස් පිල වෙනුවෙන් ෂොයෙබ් මලික් සහ උස්මාන් ශින්වාරි කඩුලු 2 බැගින් බිඳ හෙළුවද එම ඉනිමේ පන්දුවාර 4 ම ක්‍රියාත්මක කළ එකම පන්දු යවන්නා වූ වනිඳු හසරංග ලකුණු 18 ක් ලබා දී එක් කඩුල්ලක් දවා ගත්තේය.  

    අංක 6 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි නායක තිසර පෙරේරා වේගවත් ලකුණු 39 ක ඉනිම ප්‍රධාන කොට අවසන් මහ තරගයේදී ප්‍රතිවාදී ගෝල් ග්ලැඩියේටර් පිල හමුවේ ලකුණු 189 ක අභියෝගාත්මක ඉලක්කයක් ලබා දීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.

    ස්ටැලියන්ස් ඉනිමේ අවසන් පන්දු 24 න් 14 කට මුහුණ දුන් තිසර සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් වර්ණවත් කර ගනිමින් ලකුණු වේගය වැඩි කළේය. තිසරගේ ඉනිම ප්‍රධාන කොට එම පන්දු 24 දී ලකුණු 48 ක් ග්ලැඩියේටර් පන්දු යවන්නන්ගෙන් උදුරා ගැනීමට සමත්වූහ.

    කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් පිලට සාර්ථක ආරම්භයක් ලබා දුන් අවිෂ්ක ප්‍රනාන්දු සහ ජොන්සන් චාල්ස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 44 ක් රැස් කළහ. එහිදී අවිෂ්ක පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 27 ක්ද චාල්ස් පන්දු 15 කදී  ලකුණු 26 ක්ද ලබා ගත්හ.

    ලෝන් ඕන් කළාපයේ පන්දු රැකි ධනුෂ්ක ගුණතිලකගේ සුපිරි උඩ පන්දු රැක ගැනීම මත චාල්ස්ගේ ඉනිම අවසන් වූ නමුත්, පළමු පන්දුවාරය යැවූ මොහොමඩ් අමීර්ට ලකුණු 11 ක් සහ දෙවැනි පන්දුවාරය යැවූ නුවන් තුෂාරගේ පන්දුවාරයට ලකුණු 14 ක් වශයෙන් ප්‍රහාරක ආරම්භයක් ලබාගැනීමට අවිෂ්ක සහ චාල්ස් යුගල සමත්වීම නිසා පවර් ප්ලේ පන්දුවාර 6 අවස්ථාවේදී ලකුණු 51 ක් රැස් කර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිලට හැකියාව ලැබිණ.

    මෙම තරගාවලියේ හොඳම සොයා ගැනීම බවට පත්ව සිටින ධනංජය ලක්ෂාන් අද තරගයේදී කඩුලු 3 ක් බිඳ හෙළීම කැපී පෙනුණි. එම දක්ෂතාවයත් සමඟ තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි තැන දක්වා ඉහළට පැමිණීමට ධනංජය ලක්ෂාන් සමත්වී සිටියි. ලෙග් කටර් පන්දුවක් හමුවේ ජොන්සන් චාල්ස් දවා ගත් ධනංජය ඒ ආකාරයේම පන්දු 2 ක් යවමින් ෂොයෙබ් මලික් සහ ධනංජය ද සිල්වාගේ කඩුලු දවා ගැනීම කැපී පෙනිණ.

    ලකුණු 26 ක් ලකුණු පුවරුවට එකතු වන අතර වාරයේ ඉදිරි පෙල පිතිකරුවන් තිදෙනා දවා ගනිමින් තරගයේ කිසියම් පාලනයක් ගෝල් ග්ලැඩියේටර් පිල ලබා ගැනීමට සමත් වුවත්,  සිව්වැනි කඩුල්ලට එක් වූ මලික් සහ ධනංජය ද සිල්වා පන්දු 44 කදී ලකුණු 69 ක් එක් කළහ. ලකුණු 188 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩ නැංවුවද ස්ටැලියන්ස් පිලවෙනුවෙන් එකම හෝ අර්ධ ශතකයක් වාර්තා නොවීම  කැපී පෙනුණ. වැඩිම ලකුණු ලාභියා වුණු ෂොයෙබ් මලික් පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමසඟින් ලකුණු 46 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. ධනංජය ද සිල්වා පන්දු 20 කදී ලුණු 33 ක් රැස් කළ අතර ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය.

    නැගී එන ක්‍රීඩකයා සම්මානය – ධනංජය ලක්ෂාන්

    අවසන් තරගයේ වීරයා – ෂොයෙබ් මලික්

    තරගාවලියේ වීරයා – වනිඳු හසරංග

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ්අඩවිය ඇසුරිණි

  • Harry Potter නළු – නිළියන්ගේ අද ජීවිතය ගැන සුපිරි කතාව !

    Harry Potter නළු – නිළියන්ගේ අද ජීවිතය ගැන සුපිරි කතාව !

    හැරී පෝටර් කියන්නේ ලොකු – පොඩි, උගත් – නූගත්, ධනවත් – දුප්පත් ආදි කිසිම භේදයකින් තොරව මුළු ලෝකයම වසග කළ පොතක්. එය චිත්‍රපයට නැගුණ විට තවත් විචිත්‍රවත් වුණා. ඒ සමග ඒ ඒ චරිත සමග ආදරයෙන් / අමනාපයෙන් බැදීමටත අපට හැකි වුණා. ඒ කියන්නේ හැරී පෝටර් අපට සදාකාලික බැදීමක්.

    ඒත් ප්‍රශ්නයක් තිබෙනවා. එදා අපි හැරී පෝටර් තුළින් දුටු චරිත, නළුවන් අද දැක්කොත් ඔබට ඔවුන්ව හදුනා ගන්න පුළුවන් වෙයිද ?

    හැරී පොටර් චිත්‍රපට 8 න් පළමුවැන්න එළිදැක්වූයේ මීට වසර 20 කට පමණ පෙරයි. ඒ කියන්නේ එදා හැරී පෝටර් චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ ළමා නළු නිළියන් සියල්ලෝම පාහේ අද ඔවුන්ගේ තුන්වැනි දශකයට පැමිණ තිබෙනවා.

    ඉතිං ! එදා අපේ සිත් වසග කළ ඒ සුරතල් නව යොවුන් දර – දැරියන් අද සිටින තත්ත්ව දැක ගැනීමට ලැබුණොත් එය සුන්දර අත්දැකීමක් විය හැකියි නේද ?  ඔන්න අපි ඔබේ ඒ ආසාවත් ඉටු කළා.

    1. හැරී පොටර් ලෙස ඩැනියෙල් රැඩ්ක්ලිෆ් / Daniel Radcliffe as Harry Potter

    ජේ. කේ. රෝව්ලිංගේ හැරී පොටර් නවකතා චිත්‍රපට බවට පත් කරන බවට නිවේදනයක් නිකුත් කළ විට, එය විස්මිත පුවතක් වුණා. මොකද මේ දැවැන්ත සිනමාපටය තුළ ළමා චරිත රැසක් තිබෙනවා. විශේෂයෙන් වීරයා ‘හැරී‘

    ඉතිං දැන් මුළු ලෝකයේම නව යොවුන් වියේ පසුවන පිරිම ළමුන් තුළ හදගැස්ම වැඩි වුණා. ඔවුන්ගේ දෙමාපියන්ගේ, පවුලේ සමීපතමයින්ගේ හදගැස්ම වේගවත් වුණා. ඒත් හැරී වෙන්න කිසිවෙකුට පහසු වුණේ නැහැ. පිරිමි ළමුන් 17,000 ක් පමණ පරීක්ෂණයට ලක් කිරීමට සිදු වුණා ! ඒක ළමා චරිතයක් සදහා එතෙක් මෙතෙක් කළ දැවැන්තම පරීක්ෂණය බවට පත් වුණා.

    ඉතිං ! අවසානයේ ජයග්‍රාහකයා… වාසනාවන්තයා හමු වුණා. ඒ බොහෝම අපූරු නව යොවුන් පිරිමි ළමයෙක් වූ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් Daniel Radcliffe.

    ඔහු හැරී පෝටර් පළමු සිනමා පටයෙන්ම ලෝකයේම අවධානය දිනාගත්තා. තමා කවුද කියා ලෝකයට පෙන්වා සිටියා. 

    නැවත කිසි දිනෙක චිත්‍රපටයක රග නොපෑමට ඔහු තීරණය කළේ නම් ඔහුට තම ජීවිතයේ ඉතිරි කාලය සම්පූර්ණ මූල්‍ය සුරක්ෂිතභාවයෙන් ගත කළ හැකිව තිබුණා. නමුත් ඔහුට අවශ්‍ය වූයේ ඊට වඩා විශාල උරුමයක් ගොඩනඟා ගැනීමටයි.

    හැරී පොටර් චිත්‍රපටයෙන් පසු, රැඩ්ක්ලිෆ් විවිධාකාර සිනමාපටවල රඟපා තිබෙනවා. ඔහු විකට, රොම්-කොම්ස් සහ ත්‍රාසජනක චිත්‍රපටවල පවා රංගනයෙන් දායක වී තිබෙනවා. ඔහු Swiss Army Man හි විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළා. ඔහු රූපවාහිනී වැඩසටහන් කිහිපයක සහ නාට්‍යමය රංගනයන්හි ද රඟපා තිබෙනවා.

    හැරී පොටර් ලෙස ඩැනියෙල් රැඩ්ක්ලිෆ් |  හැරී පොටර්ගේ නළුවා: එහෙනම් දැන් |  සෙස්ට්‍රඩාර්
    හැරී පොටර් ලෙස ඩැනියෙල් රැඩ්ක්ලිෆ්

    2. රූපට් ග්‍රින්ට් රොන් වෙස්ලි ලෙස /  Rupert Grint as Ron Weasley

    අපි කවුරුත් දන්නවා රොන් වෙස්ලි හැරීගේ හොඳම මිතුරායි. මෙය රූපට් ග්‍රින්ට්ගේ ප්‍රථම ගෞරවයට පාත්‍ර වූ චිත්‍රපට භූමිකාවයි. පොටර් චිත්‍රපටවලින් පසුව ඔහු 2015දී ප්‍රහසන චිත්‍රපටයක් වූ Moonwalkers චිත්‍රපටයෙන් පසු රිදී තිරයට නොපැමිණි නමුත් චිත්‍රපට කිහිපයකම දිගටම රඟපෑවේය.

    රූපට් ග්‍රින්ට් රොන් වෙස්ලි ලෙස |  හැරී පොටර්ගේ නළුවා: එහෙනම් දැන් |  සෙස්ට්‍රඩාර්
    රූපට් ග්‍රින්ට් දැන් පුංචි පුතෙකුගේ පියෙක්.

    3. හර්මන් ග්‍රෙන්ජර් ලෙස එමා වොට්සන් / Emma Watson as Hermione Granger

    එමා වොට්සන් හොග්වාර්ට්ස් හි වඩාත්ම දක්ෂ මායාකාරිය වූ හර්මියොන් ග්‍රෙන්ජර් ලෙස රඟපෑවාය. වොට්සන් එක් දක්ෂ නිරූපිකාවකි. ඇය 2014දී Brown සරසවියෙන් උපාධිය දිනාගත් අතර ඊට පසුව වඩාත් සාර්ථක චිත්‍රපට රැසක ප්‍රධාන චරිත නිරූපණය කළාය. ඒ අතර My Week With Marilyn (2011), The Perks of Being a Wallflower (2012), and The Bling Ring (2013) ඩිස්නි සමාගම විසින් නිෂ්පාදනය කළ සජීවීකරණය කරන ලද ක්‍රියාදාම චිත්‍රපටයක් වන Beauty and the Beast  චිත්‍රපටයේ ඇය බෙලි Belle ලෙස රඟපෑවාය . ඇගේ නවතම චිත්‍රපට ගෞරවය හිමි වූයේ Little Women (2019)සඳහා ය.

    හර්මියොන් ග්‍රෙන්ජර් ලෙස එමා වොට්සන් |  හැරී පොටර්ගේ නළුවා: එහෙනම් දැන් |  සෙස්ට්‍රඩාර්

    4. ඩ්‍රැකෝ මැල්ෆෝයි ලෙස ටොම් ෆෙල්ටන් / Tom Felton as Draco Malfoy

    ටොම් ෆෙල්ටන් පොග්ගේ සාර්ථකත්වයට ඊර්ෂ්‍යා කළ හොග්වාර්ට්ස් හිරිහැර කරන්නා ලෙස රඟපෑවේය. නමුත් සැබෑ ජීවිතයේදී ඔහු ඊර්ෂ්‍යා කරනවාද? ඇත්ත වශයෙන්ම නැත! ඔහු හොලිවුඩයේ නිරන්තර භූමිකාවන් සොයා ගනී, බොහෝ දුරට අඩු වියදම් නාට්‍යවලට ඔහු වැඩි කැමැත්තක් දක්වයි. ඔහු ටීඑන්ටී හි Murder in the First”, “The Flash” on CW,  සහ යූ ටියුබ් මුල් මාලාව වන ““Origin” ඇතුළු මාලාවන් කිහිපයකම පෙනී සිටියේය. ඔහුගේ නවතම චිත්‍රපටය වන්නේ A Babysitter’s Guide to Monster Hunting ය.

    ඩ්‍රැකෝ මැල්ෆෝයි ලෙස ටොම් ෆෙල්ටන් |  හැරී පොටර්ගේ නළුවා: එහෙනම් දැන් |  සෙස්ට්‍රඩාර්

    5. නෙවිල් ලෝන්ග්බෝටම් ලෙස මැතිව් ලුවිස් /  Matthew Lewis as Neville Longbottom

    නෙවිල් ලෝන්ග්බෝටම් ලෙස රංගනයෙන් දායක වූ 12 හැවිරිදි මැතිව් ලුවිස්ට වටකුරු මුහුණක් තිබුණි. නමුත් හැදී වැඩුණු පසු ඔහු කාන්තාවක් බවට පත් වූවාය.. ඔහු 2015 දී ඔන්ලයින් ප්‍රකාශනයක් සඳහා යට ඇඳුම්වලින් පෙනී සිටියේය. පොටර් චිත්‍රපට නිම කළ දා සිට ඔහු විකට නාට්‍ය කිහිපයක රඟපෑවේය. ඔහු බීබීසී සහ අයිටීවී හි බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලා කිහිපයකම පෙනී සිටියේය.

    නෙවිල් ලෝන්ග්බෝටම් ලෙස මැතිව් ලුවිස් |  හැරී පොටර්ගේ නළුවා: එහෙනම් දැන් |  සෙස්ට්‍රඩාර්

    6. සෙඩ්රික් ඩිගරි ලෙස රොබට් පැටින්සන් /  Robert Pattinson as Cedric Diggory

    රොබට් පැටසන් පළමු වරට පොටර් කතා මාලාවේ 4 වන චිත්‍රපටය වන he Goblet of Fire හි ට්‍රයිවිසාර්ඩ් ශූරයා Triwizard champions ලෙස පෙනී සිටියේය. පසුව, ඔහු යොවුන්ගැහැනු ළමයින් කැමති vampire/wolf movies කිහිපයක රඟපෑවේය.

    සෙඩ්රික් ඩිගරි ලෙස රොබට් පැටින්සන් |  හැරී පොටර්ගේ නළුවා: එහෙනම් දැන් |  සෙස්ට්‍රඩාර්

    7. ලූනා ලව්ගුඩ් ලෙස එවානා ලින්ච් /  Evanna Lynch as Luna Lovegood

    ඉහත සඳහන් කළ අනෙක් නළුවන් මෙන් නොව, එවානා ලින්ච් හැරී පෝටර් කතා මාලාවේ 5වන චිත්‍රපටය වන Order of the Phoenix චිත්‍රපටයට දායක වන තෙක්ම රංගනයට පිවිසියේ නැත . අද ඇය PETA සහ Save the Asian Elephants වැනි මහජන ව්‍යාපාරවලට සහාය දක්වන ක්‍රියාකාරිනියකි. 

    ලූනා ලව්ගුඩ් ලෙස එවානා ලින්ච් |  හැරී පොටර්ගේ නළුවා: එහෙනම් දැන් |  සෙස්ට්‍රඩාර්

    8. ඩඩ්ලි ඩර්ස්ලි ලෙස හැරී මැලිං /  Harry Melling as Dudley Dursley

    ඔබට මතකද හැරී පොටර්ගේ නරක් වූ ඥාති සහෝදරයා ඩඩ්ලි ඩර්ස්ලි? හැරී පොටර් හි අවසන් වරට පෙනී සිටි පසු මෙලිංගේ බර අඩු වී ඇති අතර ඔහු Netflix’s හි නවතම ජනප්‍රියම චිත්‍රපටය වන “TheQueen’s Gambit” හි ප්‍රධාන චරිතයක් ලබා ගත්තේය.

    හැරී මැලින් ඩඩ්ලි ඩර්ස්ලි ලෙස |  හැරී පොටර්ගේ නළුවා: එහෙනම් දැන් |  සෙස්ට්‍රඩාර්

    සැකසුම – තුෂාධවි

  • ‘සේනා පාලනය’ ගැන අලුත් විදිහට සිතමුද ?

    ‘සේනා පාලනය’ ගැන අලුත් විදිහට සිතමුද ?

    අපි පසුගිය කාලය පුරා අඛණ්ඩව සේනා දළඹුවා ගැනත් ඔහුගෙන් බඩඉරිගු වගාවට සිදුවිය හැකි ව්‍යසනය ගැනත් ඔබව දැනුවත් කළා. ඒත් දැන් සිදුව ඇති සේනා දළඹු ආක්‍රමණය හමුවේ ඒ දැනුම සහ තොරතුරු යාවත්කාලීන කිරීමට සිදුව තිබෙනවා.

    මේ අතර පොඩි චෝදනාවක් ද කළ යුතුව තිබෙනවා. ඒ තමයි වැඩි දෙනෙක් කරන්නේ සේනාගේ හානිය ගැන රටට පෙන්වන එක. ඒත් වඩා වැදගත් වන්නේ මේ විනාශයෙන් ගැළවීමට අප කළ යුත්තේ කුමක්ද ? කියලයි.

    ෆෙරමෝන උගුල් මගින් පිරිමි සතුන් අල්ලගෙන සේනා බෝවීම පාලනය කරන්න දැන් නම් ප්‍රමාද වැඩියි. ඒත් ඒක අලුත් වගාවකට නම් තවමත් අදාළයි.

    ඒත් බොහොමයක් තැන්වල දැන් සලබයා බිත්තර දාලා දළමුවත් ඉපදිලා. ඒ නිසා විකල්පයක් ගැන සිතමු.

  • “අඩෝ මං කාලි; උඹේ අම්මා..!” නාටකයේ ට්‍රැක් පනී..පැණි ධම්මිකයා ගෝඨාණ්ඩුවේ රෙදි ගලවයි (වීඩියෝ)

    “අඩෝ මං කාලි; උඹේ අම්මා..!” නාටකයේ ට්‍රැක් පනී..පැණි ධම්මිකයා ගෝඨාණ්ඩුවේ රෙදි ගලවයි (වීඩියෝ)

    මෙරට ඉතිහාසය තුල රටේ උගත්, නූගත් ජනතාවට ජාතිය, ආගම, දේශප්‍රේමය සහ අන්ධ මිත්‍යාවිශ්වාස තුලින් ගොනාට අන්දවා පවුල් බලය තහවුරු කරගත් සහ ඒ බලය පවත්වාගෙන යෑමට එම ක්‍රමවේදයම නිරන්තරයෙන් යොදාගන්නා යම් පවුලක් වෙත්නම් ඒ රාජපක්ෂ පවුල් පාලනය බව අපගේ විශ්වාසයයි. කෝවිඩ්-19 වැනි අධි අවදානම් වෛරසයකට ලෝකයම විද්‍යාත්මකම තහවුරු කළ ඖෂධයක් සොයන මොහොතක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව කට්ටඩි වැඩ කරන මේසන් බාස් අයවලෙකුගේ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති, තහවුරු කිරීමක් නොමැති ඊනියා පැණියක් වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය දැක්වීම මෙතෙක් ලොව පිළිගත් රාජ්‍යයක මෙන්ම ලක් ඉතිහාසයටවත් සිදු නොවූ තරමේ ඛේදවාචකයෙකි. කෝවිඩ් 19 දෙවන රැල්ලෙන් අසාර්ථක වූ ආණ්ඩුව ඊට නිසි සැලැස්මක් වෙනුවට ඉන් බේරී ජනමනස සකසන්න විවිධ උපක්‍රම භාවිතා කළ තර ධම්මික පැණියේ, පැණි නාටකය ආණ්ඩුවේම තවත් අසාර්ථක තිර පිටපතක් බවට දැන් ඔප්පු වෙමින් පවතී.

    මෙය කෙතරම් අභ්‍යාග්‍යසම්පන්න, සෝචනීය තත්වයක්ද යත් මෙරට සියලු ගෞරවනීය ආගමික නායකයින් සහ උගත් බුද්ධිමතුන් ඇතුළු රටක අභිවෘද්ධිය සහ අභිමානය වෙනුවෙන් වැඩ කරන පිරිස්වලට මෙවැනි තුට්ටි දෙකේ, නූගත් තුප්පහි කට්ටඩින්, මේසන් බාස්ලා ඉදිරියේ කර බා ඔවුන්ට ආශිර්වාද කරමින් නිහඬව බලා සිටීමටත්, එහෙයියන් වීමටත් සිදුව තිබීමයි.

    මෙවැනි විකාර රූපී අයවලුන්ගේ මිත්‍යාවිශ්වාස පිළිගැනීම, ඒවා පසුපස යෑම සහ ප්‍රවර්ධනය කිරීම රාජපක්ෂලා සහ ඔවුන් වන්දනා කරන වහල්ලුන්ට අලුත් දෙයක් සහ දැනෙන යමක් නොවූවද, මේ වන විට වත්මන් ගෝඨාණ්ඩුව මේ කෙලෙසමින් සිටින්නේ පෞඩ්‍ර, දියුණු තාක්ෂණික ඉතිහාසයක් පැවති රටක අභිමානය සහ අනාගතයයි.

    මේ පහත දැක්වෙන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විසින් රාජ්‍ය අනුග්‍රහය යටතේ නිකුත් කරන “ධම්මික පැණිය” හිමිකරු සිංහල බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ ඇතුළු අටමස්ථානය භාර අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අමතන ආකාරයයි.

    රටක උගතුන්, වියතුන් වෙනුවට මෙවැනි තුට්ටි දෙකේ, නූගත් තුප්පහි කට්ටඩි, මේසන් බාස්ලාට සියල්ලන්ට ඉහලින් වැජබෙමින් රිසි සේ රඟන්න රාජ්‍ය අනුග්‍රහය දෙන ආණ්ඩුවක් පිළිබඳව රටක පුරවැසියන් ලෙස සිතා බැලීම ඔබට භාරයි.

    ඡායාරූප සහ දර්ශන උපුටා ගැනීමේ ස්තුතිය: Sirasa News 1st

  • LPL T20 ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට

    LPL T20 ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට

    My11circle පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර අද (16) පැවති අවසන් තරඟයෙන්  තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලකුණු 53ක ජයක් ලැබීය. ඒ අනුව, මංගල LPL තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.

    කාසියේ වාසිය දිනා තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20  දී කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කළේය. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් ෂොයිබ් මලික් ලකුණු 46ක් රැස් කළ අතර ඔහු පන්දු 35කදී ලබා ගත් එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 3ක් සහ 6 පහර එකක්  ඇතුළත් විය.  ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පන්දු 14කදී ලකුණු 39ක් රැස් කළේය.

    ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 135කි. 

  • සිංගප්පූරුවේ සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් අඩකට කෝවිඩ් හැදිලා

    සිංගප්පූරුවේ සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් අඩකට කෝවිඩ් හැදිලා

    රැකියා සඳහා සිංගප්පූරුවට සංක්‍රමණය වී සිටින පිරිසෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පසුගිය මාස නවය ඇතුළත කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව හෙළිදරව් වීම “පුදුමයට කරුණක් නොවන” බව මානව හිමිකම් සංවිධානයක් පවසයි.

    සිංගප්පූරුවේ අලුත්ම වාර්තා සඳහන් කරන්නේ එරට විදේශික සේවකයන් 152,000කට එනම් 47%කට කොවිඩ් 19 වැළඳී ඇති බවය.

    ලන්ඩන් නුවර දත්ත වාර්තා සමඟ මෙම ප්‍රතිශතය සසඳා බලන්නේ නම් එය මෙසේය;

    වසංගතය ආරම්භ වූ දා පටන් මේ දක්වා ලන්ඩනයේ කෝවිඩ් 19 රෝගයට ගොදුරු වූ පිරිස ගේ ප්‍රතිශතය 11%ට වඩා අඩු බවට ඇස්තමේන්තු කර ඇත.

    විදේශික සේවකයන් ගණනය කිරීමකින් තොරව ලබා ගත් වාර්තා සඳහන් කරන්නේ සිංගප්පූරුවේ 4,000කට වඩා අඩු පිරිසකට මෙම රෝගය වැළඳුණු බවය.

    සිංගප්පූරුවේ විදේශික සේවකයන් විශාල ප්‍රමාණයක් වාසය කරන වාසස්ථාන පසුගිය අප්‍රේල් මාසයේ පටන් සෙසු ජනතාවගෙන් හුදෙකලා කොට තැබීමට පියවර ගෙන තිබුණි. මෙම වාසස්ථානවල එක් කාමරයක පුද්ගලයන් කීප දෙනෙකුම වසන අතර ඒවාහි පවතින පහසුකම් සඳහා තදබදයක් පවතී.

    මෑතක දී සිංගප්පූරුවේ සාමාන්‍ය ජනතාව සහ විදේශික සේවකයන් අතර ආසාදිතයන් වාර්තා වීම ශුන්‍ය වූ අතර සාමාන්‍ය ජනතාවට පනවා තිබූ සීමා ලිහිල් කිරීමට බලධාරීහු පියවර ගත්හ.

    SUPPLIED
    සිංගප්පූරුවේ විශාල නිදන ශාලාවල ජීවත් වන 323,000ක් වූ සමස්ත සංක්‍රමණික සේවක සංඛ්‍යාවෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් වන 152,000කට වෛරසය අසාදනය වී ඇති බව සඳහන් වෙයි

    නමුත් දකුණු ආසියාතික රටවලින් පැමිණි – සාමාන්‍යයෙන් අඩු වැටුපක් ලබන මෙම විදේශික සේවකයන්ට පනවා ඇති සීමා එලෙසම පවතී. මෙම සේවකයන්ගෙන් බහුතරය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සහ කර්මාන්තශාලාවල රැකියා කරන අතර ඔවුන්ගේ සංචරණයට පනවා ඇති සීමා ලබන වසර වන තෙක් ලිහිල් නොකෙරෙනු ඇත.

    “සංක්‍රමණික සේවකයන්ට සිරකරුවන් සේ සැලකීම යුක්තිසහගත නැහැ. මාස අටක් තිස්සේ බොහෝ දෙනෙක් එක තැන හිර කරලා” Transient Workers Count Too නමැති ආධාර සංවිධානයේ ඇලෙක්ස් ආවු බීබීසීයට පැවසීය.

    ආසාදිතයන් ප්‍රමාණය ඉහල ගියේ ඇයි?

    නව ගණනය කිරීම් සිදු කර ඇත්තේ, වෛරසය ශරීරගත ඇත්දැයි සොයා ගැනීමට සිදු කෙරෙන PCR පරීක්ෂණ වාර්තා සහ කලින් රෝගය වැළඳී තිබුනිදැයි සොයා බැලෙන (serology tests) වෛද්‍ය පරීක්ෂණ වාර්තා ඒකාබද්ධ කර ගනිමිනි.

    සංක්‍රමණික සේවකයන් 54,500කට කොරෝනාවෛරසය ශරීරගත වී ඇතැයි PCR පරීක්ෂණවලින් තහවුරු විය. තවත් සේවකයන් 98,000කට මීට පෙර කොවිඩ් 19 වැළඳී තිබී ඇතැයි ද වෛද්‍ය පරීක්ෂණවලින් ඔප්පු වී තිබේ. මෙම වාර්තා දෙකම ඒකාබද්ධ කොට ලබාගත් ප්‍රතිඵලය නිවේදනය කෙරුණේ පසුගිය සඳුදා ය.

    සිංගප්පූරුවේ සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ පසුගිය අගෝස්තු මාසය වන විට සෑම සංක්‍රමණික සේවකයෙකු ම අවම වශයෙන් එක් වතාවක් හෝ ඉහත කී පරීක්ෂණ දෙකින් එකකට භාජනය වූ බවය.

    වෛරසය ශරීරගත වී ඇති බවට සනාථ වූ පුද්ගලයන් සහ වෛරසය ව්‍යාප්තවීමට දායක වී ඇතැයි හඳුනාගත් පුද්ගලයන් අන් අයගෙන් වෙනකොට තැබීමටත් සේවකයන් සියලුදෙනාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ පහසුකම් ලබා දීමට පියවර ගත් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඉහත කී ඒකාබද්ධ ගණනය කිරීම් අනුව, සිංගප්පූරුවේ විශාල නිදන ශාලාවල ජීවත් වන 323,000ක් වූ සමස්ත සංක්‍රමණික සේවක සංඛ්‍යාවෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් වන 152,000කට වෛරසය අසාදනය වී ඇති බව සඳහන් වෙයි.

    PCR පරීක්ෂණ හරහා සිංගප්පුරුව තුළ හඳුනා ගත් 58,341ක්වූ ආසාදිතයන් ප්‍රමාණයෙන් 93%ක් ම වාර්තා වුයේ සංක්‍රමණික සේවක ප්‍රජාව අතරිනි
    PCR පරීක්ෂණ හරහා සිංගප්පුරුව තුළ හඳුනා ගත් 58,341ක්වූ ආසාදිතයන් ප්‍රමාණයෙන් 93%ක් ම වාර්තා වුයේ සංක්‍රමණික සේවක ප්‍රජාව අතරිනි

    නමුත් මෙම සේවකයන් අතුරින් 65,000කුට පමණ, කොවිඩ් 19 මීට පෙර වැළඳී තිබුනිදැයි සොයා බැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණ තවමත් සිදු කර නොමැත. එම නිසා ඉදිරියේ දී ඉහත කී ප්‍රතිශතය තවත් ඉහළ යා හැකිය.

    “අලුතින් නිකුත් වී ඇති අංකවලින් අප පුදුමයට පත්වන්නේ නැහැ. සේවකයෙකුට රෝගය වැළඳුනු විට ඔවුන් වෙන් නොකළ බවත් කාමරය ඇතුළට වෙලා ඉන්න කියල උපදෙස් දුන් බවත් සේවකයන් අප සමඟ පැවසුවා. ඒ ආසදිතයා ඉන්න කාමරේ තවත් කීප දෙනෙක් ම ජීවත් වෙනවා.” ඇලෙක්ස් ආවු පැවසීය.

    “කොහොම නමුත් මේක තමයි ඉතිහාසය. දැන් අපේ වැඩි සැලකිල්ලට භාජනය වෙලා තියෙන්නේ, අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව ඔක්තෝම්බර් මාසේ ඉඳල කිසිම ආසාදිතයෙක් වාර්තා වෙලා නැතිනම් මේ සංක්‍රමණික සේවකයන් තවදුරටත් සිරකරුවන් සේ තබනවාද කියන එක ගැනයි.”

    ඔහුගේ තර්කය වන්නේ, ආසාදිතයන් වාර්තා වීම නතර වී ඇත්නම් සහ සියලු දෙනා දෙසතියකට වරක් පරීක්ෂා කෙරෙන්නේ නම්, තවදුරටත් මොවුන් දැඩි සීමා යටතේ සිරකර තැබීමට හේතුවක් නොමැති බවය.

    සිංගප්පූරුවේ සාර්ථකත්වය සහ අසමත්භාවය

    සිංගප්පූරුවෙන් කොරෝනාවෛරස් ආසාදිතයෙකු මුලින් ම වාර්තා වූයේ පසුගිය ජනවාරි මාසයේ දීය. ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා දියත් කෙරුණු වැඩසටහන ඔස්සේ නව ආසාදිතයන් සොයා ගැනීම සිදු විය.

    නමුත් සංක්‍රමණික සේවකයන් අතර රෝගය ව්‍යාප්තවන්නට පටන් ගැනීමත් සමඟ සමාජය පුරා හඳුනා ගන්නා ආසාදිතයන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර ඒ සියලුදෙනා ම හුදෙකලා කිරීමටත් ආශ්‍රිතයන් හඳුනා ගැනීමටත් බලධාරීන්ට අපහසු විය.

    PCR පරීක්ෂණ හරහා සිංගප්පූරුව තුළ හඳුනා ගත් 58,341ක්වූ ආසාදිතයන් ප්‍රමාණයෙන් 93%ක් ම වාර්තා වුයේ සංක්‍රමණික සේවක ප්‍රජාව අතරිනි.

    ආසාදිතයන් ඉහළ යාමේ ශීඝ්‍රතාවයට ප්‍රතිචාර වශයෙන් මෙම සංක්‍රමණික සේවකයන් දහස් ගණනක් වසන විශාල නවාතැන් පසුගිය අප්‍රේල් මාසයේ පටන් නිරෝධායනයට ලක් කළේ එම සේවකයන් තම නවාතැනට කොටු කිරීමෙනි.

    “මේ වන විට, නිරෝගී සේවකයන්ට අවසර ඇත්තේ තම රැකියා ස්ථානයට යාමට පමණයි, ඔවුන් වෙනුවෙන් අවසරය ලබා දී ඇති වෙළඳ සැලකට පමණක් යාමට ඉඳහිට අවස්තාවක් ලැබෙනවා.” ඇලෙක්ස් ආවු පවසයි.

    “මේ සේවකයන්ට සැලකුම් ලැබෙන්නේ හිරකාරයන්ට වගේ. සංචරණය අහුරලා ශ්‍රමය ලබා ගන්නවා.”

    මෙම සේවකයන්ගේ “නවාතැන් තුළ ආසාදිතයන් ඇතිවීම පාලනය කර ඇති” හෙයින් ඒ බව සලකා බලා ඔවුන්ට දමා ඇති සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීමට පියවර ගන්නා බව පසුගිය සතියේ දී සිංගප්පුරු බලධාරීහු පැවසූහ.

    ලබන වසරේ පළමු කාර්තුව වන විට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඇතැම් සංක්‍රමණික සේවකයන්ට මසකට වතාවක් සාමාන්‍ය ජනතාව අතරට යාමට අවසරය ලැබෙනු ඇත.

    බි.බී.සී ඇසුරිණි

  • ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගැන මානව හිමිකම් කොමිසම කරන සුපිරි හෙළිදරව්ව

    ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගැන මානව හිමිකම් කොමිසම කරන සුපිරි හෙළිදරව්ව

    පිළිගත් ප්‍රමිතීන් සපුරාලීමෙහි ලා අසමත්ව ඇති, යල් පැන ගිය ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බව නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පළමු වරට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳ කරන ලද දීප ව්‍යාප්ත අධ්‍යයනයේ ඒ බව සඳහන් වේ.

    එකී විෂයට අදාළ තොරතුරු හිඟ වීම මෙන්ම බන්ධනාගාර පද්ධතිය, ඒවායේ තත්ත්වය සහ සිරකරුවන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් පවතින මහජන කතිකාව අඩු වීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කර ඉහත කී අධ්‍යයනය සිදු කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

    එමෙන්ම එකී අධ්‍යයන වාර්තාව ප්‍රකාශයට පත්ව ඇත්තේ කොරෝනා වෛරස් පැතිරීම හමුවේ මහර, වැලිකඩ සහ අනුරාධපුර වැනි බන්ධනාගාරයන්හි ප්‍රචණ්ඩ ක්‍රියා සහ විරෝධතා හටගත් පසුබිමකදීය. අදාළ අධ්‍යයනයේ අඩංගු සොයා ගැනීම්, නොවැම්බර් 29 වෙනිදා මහර බන්ධනාගාරයේ හට ගත් කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් අතුරු වාර්තාවේ නිර්දේශ හා සමපාත වීම ද විශේෂත්වයකි.

    ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව, අයිතීන් උදෙසා කාන්තාවෝ සහ අලුත් පියාපත් ඇතුළු සිවිල් සංවිධාන විසින් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී තිබුණු දෙසැම්බර් 10 වෙනිදා පවත්වන ලද විරෝධතාවක්
    ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව, අයිතීන් උදෙසා කාන්තාවෝ සහ අලුත් පියාපත් ඇතුළු සිවිල් සංවිධාන විසින් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී තිබුණු දෙසැම්බර් 10 වෙනිදා පවත්වන ලද විරෝධතාවක්

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයනය සිදු කිරීමේදී රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් පරීක්ෂාවට ලක් කර ඇත. බන්ධනාගාර, රිමාඩ් බන්ධනාගාර සහ වැඩ කඳවුරු ඊට ඇතුළත්ය. එහිදී රැඳවියන්, බන්ධනාගාර බලධාරීන් මෙන්ම රජයේ ආයතන, ස්වාධීන සහ රාජ්‍ය නොවන කණ්ඩායම් ඇතුළු වෙනත් පාර්ශව ද සම්මුඛ සාකච්ඡාවට බඳුන් කර තිබේ.

    2018 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ කරන ලද අධ්‍යයනය සඳහා බන්ධාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාර මෙන්ම ඊට ඔවුන්ගේ සහාය ද ලැබුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයන වාර්තාවේ සඳහන් කර ඇත.

    අධ්‍යයනයේ ප්‍රධාන සොයා ගැනීම් තුනකි:

    • බන්ධනාගාර තුළ නියමිත සීමාව ඉක්මවා සිරකරුවන් රඳවා සිටීම සහ සම්පත් අවම වීම
    • නිවැරදි කිරීමේ/ පුනරුත්ථාපනය කිරීමේ ආකෘතියක් වෙනුවට නිවැරදි කිරීමේ/ දඬුවම් පැමිණවීමේ ක්‍රමයකට බන්ධනාගාර තදින් අනුගතව සිටීම
    • අඩුපාඩුකම් පිළිබඳ බලධාරීන් හොඳින් දැනුවත් අතර ඔවුන් වෙනසකට සූදානම්ය
    sri lanka prison

    බන්ධනාගාර තුළ තත්ත්වය සහ සිරකරුවන්ට සලකන ආකාරය

    බන්ධනාගාර වාට්ටුවල තත්ත්වය: එක් සිරකරුවෙකු සඳහා ඇති ඉඩ, වාතාශ්‍රය, ආලෝකය සහ උෂ්ණත්වය සම්බන්ධයෙන් පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගත නොවන බව අධ්‍යයනයෙන් හඳුනා ගෙන තිබේ. එමෙන්ම බොහෝ විට වාට්ටු මනුෂ්‍ය වාසයට නුසුදුසු මට්ටමේ පවතින බව අධ්‍යයන වාර්තාවේ දැක්වේ. සෑම බන්ධනගරයකම පවතින අධික තදබදය පමණක් නොව දශක ගණනාවකට පෙර ඉදි කරන ලද බන්ධනාගාර ජරාවාස තත්ත්වයේ පැවතීම ද ඊට හේතු වී ඇති බවත් එමගින් පෙන්වා දෙයි.

    රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු පැරණි බන්ධනාගාර තුළ පමණක් නොව අලුතින් ඉදි කරන ලද බන්ධනාගාර තුළ ද දක්නට ඇති බව හඳුනාගෙන තිබේ.

    “වාට්ටුවල පවතින අධික තදබදය හමුවේ නිදා ගැනීමට ඉඩක් නොමැතිකම හේතුවෙන් අලුතින් පැමිණි රිමාන්ඩ් සිරකරුවන්ට රාත්‍රිය පුරා සිටගෙන සිටීමට සිදු වේ, නැතහොත් වැසිකිලි අසල හෝ ඒවා ඇතුළත නිදා ගැනීමට ඔවුන්ට සිදුවේ,”

    මහර ඛේදවාචකය

    මහර බන්ධනාගාරයේ හටගත් කලහකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද පංච පුද්ගල කමිටුව නිකුත් කළ අතුරු වාර්තාවේ දැක්වෙන පරිදි ඒ වන විට රැඳවිය හැකි සිරකරුවන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක් එම බන්ධනාගාරයේ රඳවා සිට ඇති බව හෙළි වේ.

    “සිද්ධිය සිදු වූ දින දහවල් කාලයේ කොවිඩ්-19 වැළඳුනු රෝගීන් විශාල සංඛ්‍යාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බවට රැඳවියන්ට දැන ගැනීමට ලැබී ඇති අතර රිමාන්ඩ් බන්ධනාගාරයේ පැවති දැඩි තදබදය නිසාත් රැඳවියන් අතර උණ රෝගය පැතිරී තිබීම නිසාත් ඒ නිසා ඇති වූ ජීවිත අවදානම මත රැඳවියන් දැඩි නොසන්සුන්තාවයට පත්ව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීම් කරමින් උද්ඝෝෂණ කරන්නට පටන් ගැනීම සාධාරණ උද්ඝෝෂණයක් ලෙස නිරීක්ෂණය වේ,” යනුවෙන් අදාළ කමිටු වාර්තාවේ සඳහන් වේ.

    “නිලධාරීන්ගෙන් කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එම උද්ඝෝෂණය දැඩි අන්දමින් පවත්වාගෙන ගිය බවට නිරීක්ෂණය වේ,” යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වේ.

    ආහාර

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ අධ්‍යයනයේදී අනුරාධපුර බන්ධනාගාරය හැර සෙසු සියලුම රිමාන්ඩ් බන්ධනාගාරවල සිටි රැඳවියෝ තමා ට ලබා දෙන ආහාර සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. එම ආහාර “රසක් නැති සහ දියාරු” බවින් යුක්ත අතර බොහෝ විට පිසුණු නැති බත් ලබා දෙන බවත් ඔවුන් පවසා තිබේ.

    සාමාන්‍යයෙන් මුළුතැන් ගෙයි කටයුතු සඳහා යොදවන ලද සිරකරුවන්ට ආහාර පිසීම සම්බන්ධයෙන් පෙර අත්දැකීම් නොමැති බව මානව හිමිකම් කොමිසමට දැන ගැනීමට ලැබී ඇති අතර ඒ හේතුවෙන් ආහාරවල ගුණාත්මකභාවයට අනිවාර්ය බලපෑමක් සිදුවන බව නිරීක්ෂණය කර ඇත. පවතින නීතියට අනුව මුළුතැන් ගෙය සෞඛ්‍ය නිලධාරීන්ගේ පරීක්ෂාවට භාජනය විය යුතු වුව ද එය එසේ නොවන බවත් එබැවින් ආහාර සැකසීමේ ප්‍රමිතිය පරීක්ෂාවට ලක් නොවන බවත් අධ්‍යයන වාර්තාවේ දැක්වේ.

    මේ අතර මහර බන්ධනාගාරයේ හටගත් කලහකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුවේ නිර්දේශ අතර: “දෙනු ලබන ආහාරවල තත්ත්වය අනුභව කිරීමට සුදුසු ආකාරයට පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව” දක්වා තිබේ.

    ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ පිරිසිදුභාවය

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම
    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයනය සිදු කිරීමේදී රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් පරීක්ෂාවන්ට ලක් කර ඇත

    බන්ධනාගාරවල පවතින දැඩි තදබදය මෙන්ම දැනට සිටින රැඳවියන් සංඛ්‍යාවට සරිලන පරිදි නිර්මාණය නොවුණු යල් පැන ගිය ගොඩනැගිලි, රැඳවියන්ට ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගැනීමට සහ සනීපාරක්ෂක පහසුකම් වෙත පිවිසීමට බාධාවක් වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යනයෙන් පෙන්වා දෙයි.

    “රාත්‍රී කාලයේ සිර මැදිරි අගුළුලන අතර ඒවා තුළ වැසිකිලි පිහිටා නොමැත. එබැවින් සිරකරුවන්ට ශරීර කෘත්‍ය සිදු කිරීමට පිටතට යෑමේ හැකියාවක් නොමැති බැවින් ඔවුහු ඒ සඳහා ප්ලාස්ටික් බකට්ටු සහ පොලිතින් මළු භාවිත කරති. එම බකට්ටු හෝ මළු රාත්‍රිය පුරා සිරමැදිරි ඇතුළත තබා ගැනීමට සිදු වේ. එක් සිර මැදිරියක වාසය කරන රැඳවියන් එක් බකට්ටුවක් හවුලේ භාවිත කරන අතර බොහෝ විට අලුතින් පැමිණෙන රැඳවියන්ට පසුදා උදෑසන ඒවා පිරිසිදු කිරීමේ කාර්යය පැවරෙනු ඇත.”

    තවද ප්‍රතිකාර සහ ඖෂධ ලබා ගැනීමේ පහසුකම්, ඥාතීන් ඇතුළු බාහිර සමාජය සමග සන්නිවේදනය, සිරකරුවන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය, රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර සම්බන්ධය, විනය සහ දඬුවම් ලබා දීම, බන්ධනාගාර තුළ සිදුවන මරණ සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සිදු කරන ලද අධ්‍යයනයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වේ.

    බී.බී.සී සන්දේශය ඇසුරිණි

  • කොවිඩ් මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවෙන් සුවිශේෂ හෙළිදරව්වක් !

    කොවිඩ් මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවෙන් සුවිශේෂ හෙළිදරව්වක් !

    දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය අනුව දිවයින පුරා සෑම දිනක් තුළම නව ආසාදියින් 500 – 600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත්, සුව වන ප්‍රමාණය 500 ක් පමණ වන බවත්, කොවිඩ් මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී හෙළිවිය.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (16 ) දින පෙරවරුවේදී මෙම ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස් විය.

    දිනකට ආසාදිතයින් 500 -600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බැවින් මෙම ආසාදිතයින් සදහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කඩිනමින් සැකසීම පිළිබදව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානයට යොමු විය. ඒ අනුව වැඩි පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට තීරණය කරන ලදී. ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන කරන ලෙසත්, අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන අරමුදල් වලින් ලබාගැනීම පිළිබදවත් මෙම කමිටුවේ දී සාකච්ඡා විය.

    පරීක්ෂණ වාර්තා පිළබඳව හෙළි වූ කරුණු අනුව මේ වන විට කොළඹ,ගම්පහ,කළුතර ඇතුළු සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිිදි දළ වශයෙන් දෛනිකව  PCR පරීක්ෂණ 14000 ක ප්‍රමාණයක් සහ ඇන්ටිජන් පරීක්ෂණ 3000 ක් පමණ සිදු කරන බවද මෙහිදී හෙළි විය.

    රෝහල්වල සේවයේ නියුතු වෛද්‍ය,හෙද,පර්යේෂණාගාර ඇතුළු කාර්ය මණ්ඩල සහ ක්ෂේත්‍රයේ සේවයේ නියුතු ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ දැඩි අවධානයට ලක් වූ අතර ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ කට්ටල, ප්‍රවාහ පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත උපදෙස් දෙන ලදී.

    මෙම අවස්ථාවට රාජ්‍ය ලේකම්වරුන් වන වෛද්‍ය අමල් හර්ෂ සහ කේ.ආර්.උඩුවාවල, අතිරේක ලේකම්වරුන්වන වෛද්‍ය සුනිල් අල්විස්,‍ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග යන මහත්ම මහත්මීන් සහභාගි විය.

  • උත්සව සමයේ සෑම පවුලකටම සහන පොළියට මූල්‍ය පහසුකම්

    උත්සව සමයේ සෑම පවුලකටම සහන පොළියට මූල්‍ය පහසුකම්

    ළඟ එන නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම පිණිස සෑම පවුලකටම සහන පොළියට පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කරයි.

    ණය සම්පාදනය කාණ්ඩ 03ක් යටතේ සිදු කෙරේ. මසකට රුපියල් 50,000ට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීනට රුපියල් 50,000ක ණයක් ගැනීමට පිළිවන. මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000  සහ 50,000 අතර පිරිසට රුපියල් 25,000ක ණය සැපයේ. මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000ට අඩු නම් ණය මුදල රුපියල් 10,000කි. ණය සපයනුයේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගිනි.

    පරිපූරක සහන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැමති රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවකයන් සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම් දිය යුතුය. ආයතන ප්‍රධානියා තම සේවකයන්ගේ සහතික කළ නාම ලේඛනය සේවා ස්ථානය අසළ රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ විට එකී බැංකු ශාඛාව විසින් සේවකයන්ගේ ගිණුම්වලට නියමිත මුදල නොපමාව බැර කරනු ලැබේ.

    ණය මුදල මාස 10ක් ඇතුළත ගෙවා නිම කළ යුතුය. අය කෙරෙන මාසික පොලිය සියයට 0.625 කි.     2021 ජනවාරි සිට ඔක්තෝබර් 31 දක්වා කාලය ඇතුළත සේවකයාගේ වැටුපෙන් ණය මුදල අය කර ගැනේ.

    රජයේ විශ්‍රාමලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට ණය සම්පාදනය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ සමෘද්ධි බැංකුවට පැවරේ.

    ත්‍රීරෝද, පාසල් වෑන් සහ බස් රථ හිමියන්ට සහ පෞද්ගලික බස් රථ සේවකයන් වැනි අයට සිය බැංකු ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කොට සහන ණය මුදල ඉල්ලුම් කිරීමට පිළිවන. මේ කාණ්ඩයට අයත් නොවන එහෙත් රාජ්‍ය බැංකුවල ගිණුම් ඇති දෛනික රැකියාවන්හි නිරතවූවනටද සිය බැංකුවෙන් මූල්‍ය පහසුකම් ඉල්ලුම් කළ හැකිය.

    කොවිඩ් 19 අභියෝගය හමුවේ අඩාල වූ ආර්ථිකය සහ ජන ජීවිතය මුළුමනින්ම යථා තත්ත්වයට පත් කොට 2020දී අහිමි වූ ප්‍රගතිය ද සමගින් 2021 වසරේ රට ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ වී තිබේ.

    වසංගත සමයේ මාස 02ක පමණ සංචරණ සීමා කාලය තුළ අපනයන, සංචාරක, ඉදිකිරීම් සහ වෙනත් නිෂ්පාදන හා සේවා කෙමෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමට වැඩ කරන ජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව මහත් කැපකිරීම් කළහ. සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස් සහ රාජ්‍ය සේවා වෙතින් ඒ සඳහා ඉමහත් සහයක් ලැබිණ. ඒ නිසාම 2020 වසරේදී කෘෂිකාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුනර්ජීවනයකට පිවිසීමට හැකි විය. නාගරික ජන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය ආහාර සැපයුම ඉන් තහවුරු කෙරිණ. එසේ දායක වූ ජනතාවට පිරිනැමෙන දිරි ගැන්වීමක් ලෙස උත්සව සමයේ පරිපූරක මූල්‍ය පහසුකම් සැලසුම් කරනු ලැබීය.

  • එල්.පී.එල්. කිරුළ ග්ලැඩියේටර් ටද…? ස්ටැලියන්ස් ටද…?

    එල්.පී.එල්. කිරුළ ග්ලැඩියේටර් ටද…? ස්ටැලියන්ස් ටද…?

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන  My11circle පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමත් භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමත් හෙට (16 දා) ප.ව. 7 ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මුණ ගැසෙනු ඇත.

    අභිනව ශූරතාව එකිනෙකාගෙන් උදුරා ගැනීමේ අදිටනින් හෙට මුණ ගැසෙන කණ්ඩායම් දෙක එකිනෙකට වෙනස් මාවත් දිගේ පැමිණ අවසන් මහ තරග වරම දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයක් වේ.  එහිදී ස්ටැලියන්ස් පිල තරගාවලි ගමන් මඟ පිට පිට ජයග්‍රහණ 4 කින් ආරම්භ කරමින් අවසන් සටනට පැමිණියද ගෝල් ග්ලැඩියේටර් පිල පළමු තරග 5 ම පරාජයට පත්ව සුවිශේෂී වූ අවසන් මහ තරගයට සුදුසුකම් ලදහ.

    ලීග් තරග වටයේ අවසන් වරට සහභාගිවුණු තරග 2 න් ජැෆ්නා ස්ටැලියන්ස් පිල පරාජයට පත් වුණද එම තරග වලදී ඔවුන් සතු අතිරේක ක්‍රීඩක ශක්තිය මැන බැලීම කණ්ඩායම තුළ වෙනස්කම් සිදුකරමින් අවතීර්ණ වීමද මේ මොහොතේ අමතක කළ නොහැක. අවසන් මහ තරගයට පෙර ලීග් තරග වටයේ දෙපිළ මුණ ගැසුණු අවස්ථා 2 දීම ජය වාර්තා කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත් වුවත් අවසන් තරග වලදී ඊට හාත්පසින්ම වෙනස් ගමන් මඟක පැමිණි ගෝල් පිල අවසන් වරට සහභාගි වුණු තරග 2 ම ජය ගනිමින් අවසන් පූර්ව තරගයට යම් ජයග්‍රාහී ජීවයක් එන්නත් කර ගැනීමට සමත් විය.

    කණ්ඩායම් ශක්තිය දෙස බැලීමේදී දෙපිළේම පිතිකරන ශක්තියට වඩා පන්දු යැවීමේ ශක්තිය කැපී පෙනෙන බැවින් අවසන් මහ තරගයේදී දෙපිළේම පිතිකරුවන් වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට කුසලාන බලාපොරොත්තු රඳවා ගැනීමට බෙහෙවින් ඉවහල් වේ.

    අද දිනයේදී ජැෆ්නා ස්ටැලියන්ස් පිල කිසිදු පෙර පුහුණුවීමක් සඳහා ක්‍රීඩාංගණයට පැමිණීමෙන් වැළකී සිටි නමුත් ගෝල් ග්ලැඩියේටර් පිල සිය සුපුරුදු පුහුණුවීම් සඳහා මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සහභාගි වූයේ ආලෝක ධාරා මධ්‍යයේය.

    ගෝල් ග්ලැඩියේටර්

    ජැෆ්නා ස්ටැලියන් පිලට වනිඳු සතුවනවා වගේම ගෝල් ග්ලැඩියේටර් පිලට සිටින වටිනාම පන්දු යවන්නා වන්නේ වමත් දඟ පන්දු යවන ලක්ෂාන් සඳකැන්ය. වනිඳු මෙන් සඳකැන්ගේ දක්ෂතා කැපී නොපෙනුණු නමුත් තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභීන් අතර ඔහු තෙවැනි ස්ථානයේ පසුවෙයි. තරග 7 කට ක්‍රීඩා කර ඇති සඳකැන් කඩුලු 11 ක් දවා ගැනීමට සමත්ව සිටින්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 21.00 ක් රඳවා ගනිමිනි. සඳකැන්ට අමතරව නවක ක්‍රීඩක ධනංජය ලක්ෂාන් සහ මොහොමඩ් අමීර් එම ලැයිස්තුවේ පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි ස්ථාන වල පසුවීම ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ පන්දු යැවීමේ ශක්තිය පිළිබඳ පැහැදිළි තක්සේරුවක් ලබා ගැනීමේ හැකියාව පවතිනු ඇත. මෙහිදී අමීර් සමඟ අනෙක් අන්තයෙන් පන්දු යවන නුවන් තුෂාරද අවසන් තරග කීපයේදී කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා කැපී පෙනෙන දායකත්වයක් දැක්වීය.

    පිතිකරණ ශක්තිය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ධනුෂ්ක ගුණතිලක තරගාවලිය තුළ පිත්තෙන් සිය ආධිපත්‍ය පතුරුවාලමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. පළමු තරග කීපයේදී සෙසු පිතිකරුවන් දක්ෂතා අතරට ඒමට අසමත්වද්දී ධනුෂ්ක හුදෙකලා වී සිටි නමුත් තරගාවලියේ අවසන් භාගය වනවිට නායක භානුක රාජපක්ෂ, අසාම් ඛාන්, ෂෙහාන් ජයසූරිය සහ ධනංජය ලක්ෂාන් පිතිකරුවන් ලෙස උපරිමයට පැමිණ සිටීම ගෝල් ග්ලැඩියේටර් පිලට සැනසිල්ලකි. මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ව සිටින ගුණතිලක තරග 9 කදී ලකුණු 475 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 67.85 ක් රඳවා ගනිමිනි. අර්ධ ශත 4 ක් රැස් කර ගැනීමට සමත්ව සිටි ගුණතිලකගේ ප්‍රහාරාත්මක වේගය 145.25 ක් ලෙස සටහන් වේ.

    කෙසේ වෙතත් අද තරගයේදී ගෝල් ග්ලැඩියේටර් පිලේ එක් වෙනස්කමක් බොහෝ විට සිදුවීමට ඉඩ තිබෙන අතර අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ චානක රුවන්සිරිගේ ස්ථානය සඳහා මිලින්ද සිරිවර්ධන ක්‍රීඩා කරවීමේ වැඩි ඉඩ කඩක් පවතියි. අවසන් මහ තරගයකට ක්‍රීඩා කිරීමේදී අත්දැකීම් ඉතා වැදගත් වන බැවින් එම වාසිය හෙට තරගයේදී මිලින්දට බොහෝ දුරට හිමිවනු ඇත.

    භානුක රාජපක්ෂ

    “ඇත්තටම මම කියන්න ඕන මේ තරගාවලියේ වැඩියෙන්ම අලුත් ක්‍රීඩකයින් ඉන්නේ අපේ කණ්ඩායමේ. ගොඩක් කට්ටිය අවුරුදු 5 ක් 6 ක් එකට ක්‍රීඩා කරපු ක්‍රීඩකයින්. ඒක නිසා ගොඩක් එකමුතුයි. අපේ එකමුතු කම හොඳ හින්දා තමයි තරග 5 ක් එක දිගට පැරදිලා වුණත් ඔලුව උස්ස ගන්න හම්බ වුණේ. ඒ වගේම නුවන් තුෂාර කණ්ඩායමට ආවට පස්සේ පන්දු යැවීමේ අංශයේ ලොකු වර්ධනයක් ඇති වුණා. ඒ වගේම ධනංජය ලක්ෂාන්, මොහොමඩ් අමීර් සහ ලක්ෂාන් සඳකැන් මැදින් ඇවිල්ලා විකට් අරන් දුන්න නිසා අපි දැන් හොඳ සමබර තාවරයෙන් ඉන්නවා. ඇත්තටම නායකයෙක් විදියට මට හෙට තරගයේදී” යි හෙට තරගයේදී තමන් ප්‍රධානම ශක්තිය පිළිබඳව අදහස් දක්වමින් භානුක රාජපක්ෂ පැවැසීය.

    අපේක්ෂිත කණ්ඩායම – ධනුෂ්ක ගුණතිලක, අසාන් අලී, අසාම් ඛාන්, භානුක රාජපක්ෂ (නායක), සහන් ආරච්චිගේ, ෂෙහාන් ජයසූරිය, මිලින්ද සිරිවර්ධන, ධනංජය ලක්ෂාන්, මොහොමඩ් අමීර්, ලක්ෂාන් සඳකැන්, නුවන් තුෂාර

    ජැෆ්නා ස්ටැලියන්ස්

    තවමත් 23 හැවිරිදි වියේ පසුවන වනිඳු හසරංග ඔවුන් සතු ප්‍රධානම ශක්තිය වේ. දඹුල්ල වයිකින්ස් ට එරෙහිව කඩුලු 3 ක් දවා ගනිමින් අවසන් මහ තරග වරම උදාකර ගැනීමට මාර්ගය පහසු කළ වනිඳු තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ද වන්නේය. ඔහු මෙතෙක් තරග 9 කදී කඩුලු 16 ක් දවා ගෙන සිටින අතර පන්දුවාරයකදී ලබා දෙන ලකුණු සංඛ්‍යාවද 6 කට වඩා (5.27)  අඩුවෙන් රඳවා ගැනීමට සමත්ව සිටීම ඔහු සතු සුවිශේෂී දක්ෂාතවයක් ලෙස හැඳන්විය හැකි. ඔහුට අමතරව සුරංග ලක්මාල් සහ උස්මාන් ශින්වාරි ද වේග පන්දු යවන්නන් අතරින් කණ්ඩායමට වැඩි දායකත්වයක් දක්වනු ලබන අතර ඩුවෑනේ ඔලිවියර්ගේ සේවය පහසුවෙන් අමතක කළ නොහැක.

    පිතිකරණ අංශයෙන් අවිෂ්ක ප්‍රනාන්දු කැපී පෙනෙන අතර අවසන් පූර්ව තරගයේදී ජොන්සන් චාල්ස් ද ලකුණු අතරට පැමිණීමට සමත්වීම නිසා ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ඉක්මනින් බිඳ දැමීම ගෝල් ග්ලැඩියේඩර් ට වඩාත් යෝග්‍ය වනු ඇත. මෙතෙක් තරගාවලියේ ලකුණු 248 ක් ලබා ගැනීමට අවිෂ්ක සමත්වසිටින්නේ ඉනිම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 41.33 ක් සහ 137.1 ක ප්‍රහාරාත්මක වේගයක්ද සමඟිනි. තරගාවලියේ මෙතෙක් වැඩිම හයේ පහර සඛ්‍යාවක් එල්ල කර සිටින පිතිකරුවන් අතර ඉදිරියෙන්ම පසුවන්නේද අවිෂ්ක වන අතර ඔහු ඉනිම 7 කදී හයේ පහර 18 ක් සහ හතරේ පහර 16 ක් එල්ල කිරීමට සමත්ව සිටියි.

    මූලික තරග වලදී නායක තිසර පෙරේරා ලකුණු අතරට පැමිණීමට සමත්වීම ජැෆ්නා කණ්ඩායමේ ජයග්‍රහණයන් පහසු කරවූ නමුත් අවසන් තරග කීපයේදී ඔහු කිසියම් පසුබෑමකට මුහුණ දුන්නේය. තරගාවලියට වැඩිම පෙර සූදානමක් සහිතව අවතීර්ණ වුණු ජැෆ්නා ස්ටැලියන්ස් පිලට කුසලාන බලාපොරොත්තු රඳවා ගැනීමට නම් තිසර දක්ෂතා අතරට පැමිණීම වඩාත් යෝග්‍ය වනු ඇත.

    තිසර පෙරේරා

    “අපි කොයි වෙලාවකවත් කිසිම කණ්ඩායමක් අව තක්සේරු කරන්නේ නෑ, මම කළින්ත කිව්වා මේ ගැන. එදා දවසේ මිස්ටේක්ස් අඩුවෙන් කරන කට්ටිය තමයි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නේ. මොකද ටී-20 කියන්නේ ගොඩක් වෙලාවට ‘වන්මෑන් ෂෝ’ කියලා කියන්නත් පුලුවන්. ඒ වගේම තමයි බෝලර් කෙනෙක්ටත් ඒ දේ කරන්න පුලුවන්. ඒ නිසා එකම බලාපොරොත්තුව වෙන්න ඕන පුලුවන් තරම් කඩුලු අතැතිව ලකුණු ප්‍රමාණයක් රැස් කිරීම තමයි. සෙමි ෆයිනල් එක දිනුවට පස්සේ කණ්ඩායමක් විදියට හොඳ මානසිකත්වයක සිටිනවා” යි තරගය පිළිබඳව අදහස් දක්වමින් නායක තිසර පෙරේරා පැවැසීය.

    අපේක්ෂිත කණ්ඩායම – ජොන්සන් චාල්ස්, අවිෂ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, ෂොයෙබ් මලික්, චතුරංග ද සිල්වා, තිසර පෙරේරා (නායක), වනිඳු හසරංග, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, උස්මාන් ශින්වාරි, ඩුවේන් ඔලිවියර්

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඇසුරිණි

  • ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල ඇත්ත තත්ත්වය ගැන මානව හිමිකම් කොමිෂමේ හෙළිදරව්ව !

    ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල ඇත්ත තත්ත්වය ගැන මානව හිමිකම් කොමිෂමේ හෙළිදරව්ව !

    පිළිගත් ප්‍රමිතීන් සපුරාලීමෙහි ලා අසමත්ව ඇති, යල් පැන ගිය ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පළමු වරට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පිළිබද කරන ලද දීප ව්‍යාප්ත අධ්‍යනයක  සඳහන් වේ.

    පිටු 863කින් යුත් එම වාර්තාව පසුගිය දා නිකුත් වුණා.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයනය සිදු කිරීමේදී රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් පරීක්ෂාවට ලක් කර ඇත. බන්ධනාගාර, රිමාඩ් බන්ධනාගාර සහ වැඩ කඳවුරු ඊට ඇතුළත්ය. එහිදී රැඳවියන්, බන්ධනාගාර බලධාරීන් මෙන්ම රජයේ ආයතන, ස්වාධීන සහ රාජ්‍ය නොවන කණ්ඩායම් ඇතුළු වෙනත් පාර්ශව ද සම්මුඛ සාකච්ඡාවට බඳුන් කර තිබේ.

    එකී විෂයට අදාළ තොරතුරු හිඟ වීම මෙන්ම බන්ධනාගාර පද්ධතිය, ඒවායේ තත්ත්වය සහ සිරකරුවන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් පවතින මහජන කතිකාව අඩු වීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කර ඉහත කී අධ්‍යයනය සිදු කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

    එමෙන්ම එකී අධ්‍යයන වාර්තාව ප්‍රකාශයට පත්ව ඇත්තේ කොරෝනා වෛරස් පැතිරීම හමුවේ මහර, වැලිකඩ සහ අනුරාධපුර වැනි බන්ධනාගාරයන්හි ප්‍රචණ්ඩ ක්‍රියා සහ විරෝධතා හටගත් පසුබිමකදීය. අදාළ අධ්‍යයනයේ අඩංගු සොයා ගැනීම්, නොවැම්බර් 29 වෙනිදා මහර බන්ධනාගාරයේ හට ගත් කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් අතුරු වාර්තාවේ නිර්දේශ හා සමපාත වීම ද විශේෂත්වයකි.

    2018 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ කරන ලද අධ්‍යයනය සඳහා බන්ධාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාර මෙන්ම ඊට ඔවුන්ගේ සහාය ද ලැබුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයන වාර්තාවේ සඳහන් කර ඇත.

    මේ ගැන විශේෂාංග ලිපියක් පසුව පළ වේ.

  • ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ ගින්න පාලනය කෙරේ

    ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ ගින්න පාලනය කෙරේ

    අද (15) දින සවස කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පහත මාලයේ පිහිටි ගොඩනැගිල්ලක හටගත් ගින්න පාලනය කළ බව උපරිමාධිකරණ සංකීර්ණයේ ආරක්ෂක අංශ නිලධාරීන් පවසති.

    ගිනි නිවන රථ 9ක් මේ සදහා යොදා ගත් බවයි ඔවුන් සදහන් කළේ..

    අභ්‍යන්තර විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හදිසියේම ඇති වී ඇති අතර එය දැන ගත් වහාම  කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ ගින්න නිවීම සදහා පැමිණි තිබෙනවා.

    ගින්නෙන් කිසිවකුටවත් අනතුරක් සිදුව නොමැති අතර මේ පිළිබද පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.

  • ‘කෑගල්ලේ පැණිය’ අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ 10කටත් කොරෝනා

    ‘කෑගල්ලේ පැණිය’ අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ 10කටත් කොරෝනා

    මේ වනවිට මහත් කතාබහට ලක්ව ඇති ”කෑගල්ල පැණියේ‘ පළමු සහ දෙවැනි පරීක්ෂණ සිදුකළ බව කියන වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී තිබේ.

    කෑගල්ල පැණියේ පළමු සහ දෙවැනි පරීක්ෂණය සඳහා යොදාගෙන තිබුණේද මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ රෝගීන් පිරිසකි.

    වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු, සෞඛ්‍ය කාර්ය සහයකයින් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 10 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව පසුගිය 13 සහ 14 යන දිනවලදී හඳුනා ගත් අතර ඔවුන් එම රෝහලේ කායික හා රුධිර කාන්දු පෙරණ ඒකකය ආශ්‍රිතව රාජකාරි කළ අය බව සඳහන් වේ.

    කෙසේ වෙතත්, එම රෝහලට අනුබද්ධ වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව වාර්තා වේ. 

    කෙසේ වෙතත්, මෙම රෝහලේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටි පැරණි යොවුන් සේනාංක ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇති වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව එම රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය.