Tag: featured

  • මහර සිරකරු ඝාතනය: වැරදිකරුවන් කවුද ?

    මහර සිරකරු ඝාතනය: වැරදිකරුවන් කවුද ?

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් සම්ප්‍රේෂණය වීමට පටන් ගත් කොරෝනා දෙවන රැල්ල ආරම්භයත් සමග බන්ධනාගාර අශ්‍රිතවද කොරෝනා රෝගීන් හමුවිය. ඒ සමඟම දිවයිනේ විවිධ ප්‍රදේශයන් හි බන්ධනාගාර රැඳවියන් වහල මත නැගී පසුගිය සතියේ උද්ඝෝෂණ දියත් කළහ.

    පවතින කොරෝනා වසංගත තත්ත්වය යටතේ උසාවි ක්‍රියාමාර්ග ඉක්මන් කිරීම, ඇප ලබාදිය හැකි අයට ඇප ලබාදීම, සිව්වස් සමාලෝචනය කිරීම යන ඉල්ලීම් හා තමන්ට අවශ්‍ය මූලික ආහාර පාන හා මූලික පහසුකම් ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

    මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ඉරිදා (නොවැම්බර් 29) දහවල් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගත් බවට පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ බීබීසී සිංහල සේවයට පැවසීය.

    ඉරිදා පස්වරුව වන විට මෙය ගැටුමක් දක්වා දුරදිග ගිය බවත් අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවම බලය පාවිච්චි කර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබෙන බවත් ඔහු පැවසීය.

    බන්ධනාගාරය ඉදිරිපස රැස්වූ ඥාතීන්

    ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ද පියවර ගත් බවත් බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට කැලණිය සහ රාගම පොලිස් ස්ථාන මගින් ද පොලිස් කණ්ඩායම් 5 ක් යෙදවීමට පොලිසිය පියවර ගත් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

    මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් අට දෙනෙකුගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් තිබෙන බවත් සිද්ධියෙන් තුවාල ලැබූ 58 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මාධ්‍ය වෙත පැවසීය.

    බන්ධනාගාර නිලධාරියෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ රාත්‍රීය වන විට සිරකරුවන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබූ බවය.

    මහර බන්ධනාගාරයේ හටගත් ගින්න
    මහර බන්ධනාගාරයේ හටගත් ගින්න

    ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 6 ක් යෙදවීමටද පියවර ගත් අතර ගින්න අද උදැසන වනතුරුත් පැවති බවට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කළේය. ඔහු සඳහන් කළේ මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බවය.

    බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව විෂය භාර රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කළාය.

    සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත්කරමින්, මහර බන්ධනාගාරයේ පාලකයින් රැඳවියන්ට අමානුෂික ආකාරයෙන් සැලකු බවට චෝදනා කර සිටියි.

    “කොරෝනා දෙවෙනි රැල්ලත් එක්කම රැඳවියන්ට ඉතාමත් අමානුෂික විදිහට තමයි ඒ නිලධාරීන් සැලකුවේ. ඔවුන්ට ආහාරපාන වත් නිසි ආකාරව ලබාදෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි ඔවුනට බෙහෙත් හේත් වත් නිසි ආකාරයෙන් ලබාදෙන්නේ නෑ. ඒ වගේම ඔවුන්ව නිතරම විශාල වද හිංසන වලට ලක් කරනවා. පහර දීම නිතර නිතර මහර බන්ධනාගාරය තුළ සිද්ද වෙනවා. මෙවැනි රැඳවියන්ට ඉතාමත් ම අමානුෂිකව සලකන, තිරිසනුන්ට වගේ සලකන බන්ධනාගාරයක් තමයි මහර බන්ධනාගාරය,” යනුවෙන් සුදේශ් නන්දිමාල් ද සිල්වා පැවසීය.

    ඔහු පැවසුවේ මහර බන්ධනාගාරයේ පාලකයින් මෙලෙස එකදිගටම ක්‍රියාත්මක කළ පීඩනය දරාගත නොහැකිව සිටි රැඳවියන් පිරිසක් ඉරිදා දිනයේ වහලක් මත නැඟ උද්ඝෝෂණයක් කර ඇති අතර එයට පිළිතුරු ලෙස ඔවුන්ට වෙඩි උණ්ඩවලින් ප්‍රතිචාර එල්ල වූ බවත් එසේ රැඳවියන් කුපිත කිරීම නිසා මහර බන්ධනාගාරයේ බරපතල අවුලක් හටගත් බවය.

    බන්ධනාගාරය ඉදිරිපස රැස්වූ ඥාතීන්

    මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව 1091 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවන අතර මෙයින් 1033 ක් රැඳවියන් වන අතර 58 දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් වේ. ඔවුන් අතරින් දෙදෙනකු මියගොස් ඇත.

    දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාර පහකින් මෙම සිද්ධීන් මේ වන විට අනාවරණය වේ.

    ශ්‍රී ලංකා බන්ධනාගාරවල අධික තදබදයක් ඇති අතර රැඳවියන් 26,000 කට වැඩි ප්‍රමාණයක් අඩු පහසුකම් සහිත මෙම බන්ධනාගාරවල පිරී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා පැවසීය.

    ඔහු පවසන්නේ මහර බන්ධනාගාරය තුළ පහසුකම පවතින්නේ සිරකරුවන් 1000 ක් පමණ රැඳවීමට පමණක් වුවත්, මේ වන විට එහි රැඳවියන් 2300 ක් පමණ සිටින බවය. ඔහු තවදුරටත් පැවසුවේ ඉරිදා උදේ රැඳවියන් 200 කට පමණ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවීමත් සමග මෙම නොසන්සුන්තාව හටගත් බවය.

    පසුගිය මාසයේ සිට ශ්‍රී ලංකාව කොරෝනා රෝගයේ නැවුම් ප්‍රභේදයක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල ආශ්‍රිතව වර්ධනය වූ අතර ඒ මගින් පොකුරු දෙකක්; එකක් ඇඟලුම් කම්හලක් කේන්ද්‍ර කර ගෙනත් අනෙක පෑලියගොඩ මාළු වෙළඳපොළේ ආශ්‍රිතයන්ගෙන් සම්ප්‍රේෂණය වීම ආරම්භ විය.

    ඒ සමගම පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර ආශ්‍රිතව මෙම රෝගය මේ වන විට පැතිරයමින් පවතී.

    පොකුරු දෙකෙන් තහවුරු වූ සිද්ධීන් නොවැම්බර් 29 වන ඉරිදා වන විට 19946 දක්වා වර්ධනය වී තිබිණ. මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 23,484 කි. ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් 19 ආසාදිතයින් 116 දෙනකු මේ වන විට මරණයට පත් වී ඇත.

    සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුවේ සභාපති නිතීඥ සේනක පෙරේරා බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ කොරෝනා අසාදිත රැදවියන් විශාල පරිසක් හමුවීමත් සමඟ ඔවුන් අනෙක් රැඳවියන්ගෙන් වෙන්කර තබන ලෙසට කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් මෙලෙස වෙඩි තබා ඇති බවය.

    “නිලධාරීන් මිනිස්සුන්ට කන් දෙන්න ඕන ඒත් මේ අවාසනාවන්ත තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ නිලධාරීන් කන්දෙන්නේ නැතිව ක්‍රියා කළ නිසයි. දැන් ඉතින් රැඳවියන් ගිනිතිබ්බා, ගැහුවා කලහකරිව හැසුරුනා කියල වැඩක් නෑ. විරෝධතාවය වෙනත් මුහුණුවරක් අරගෙන තියෙනවා,” යනුවෙන් නිතීඥ සේනක පෙරේරා පැවසීය.

    මේ විරෝධතා ඇතිවෙන්නේ නිසි කොරෝනා පාලන ක්‍රමවේදයක් බන්ධනාගාර තුළ නොමැති කම නිසා කොරෝනා වෛරසය බන්ධනාගාර තුළ ඉතා සීග්‍රයෙන් පැතිර යාම නිසා බවත් පවතින කොරෝනා වසංගත තත්වය තුළ පිටතින් අහාර පාන රැදවියන්ට නොලැබෙන තත්වයක් තුළ ඔවුන්ට බන්ධනාගාර තුළ ආහාරපාන හිඟකම නිසා බවත් ඔහු පැවසීය.

    “ඔක්කොම තුවක්කුවට වෙඩිල්ලට කරන්න පුළුවන් කියල හිතන එක වැරදියි. අද මේක බන්ධනාගාර ඇතුළේ සිද්ද වුනාට මේක එළියටත් එනවා. මේක භයානක පෙරනිමිත්තක්. මේ කසකාරයෙක් විතරයි මේක එලියට එන්න වැඩිකාලයක් ගතවෙන්නේ නෑ,” යනුවෙන් නිතීඥ සේනක පෙරේරා වැඩිදුරටත් පැවසීය.

    බී.බී.සී සන්දේශය වාර්තාවක් ඇසුරිණි

  • රනිල්ට සිදුවූයේ කුමක්ද ? – වික්ටර් අයිවන්ගේ සුපිරි විග්‍රහය

    රනිල්ට සිදුවූයේ කුමක්ද ? – වික්ටර් අයිවන්ගේ සුපිරි විග්‍රහය

    මට පෙනෙන ආකාරයට පරණ දේශපාලන නායකයන්ට හා එම පක්ෂවලට තිබෙන පිළිගැනීම අහිමි කිරීමේ ක්‍රියාදාමයද ලංකාවේ පරණ යුගය අවසන් කිරීම සඳහා ඉතිහාසය විසින් ක්‍රියාවට නගා තිබෙන ඓතිහාසික ක්‍රියාදාමයට ඇතුළත් දෙයක් ලෙස සැලකිය හැකිය. එජාප නායක රනිල් වික්‍රමසිංහට හා එම පක්ෂයට තිබූ පිළිගැනීම බිඳ වැටීමද එම ක්‍රියාදාමයේම ඵලයක් ලෙස සැලකිය හැකිය.

    එජාපයට හා එහි නායක රනිල් වික්‍රමසිංහට එම තත්ත්වය උදා කිරීමට දායක වූ සමගි ජන බලවේගය යම් තරමක පාර්ලිමේන්තු නියෝජනයක් හිමිකර ගැනීමට සමත්ව ඇතත්, බලවත් විකල්ප බලවේගයක් ලෙස ස්ථාපිතවීමට සමත් වී නැත. ඒ අර්ථයෙන් සිදුවූ බව පෙනෙන්නේ සංකේතාත්මක අර්ථයෙන් එජා පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය අවසන් වූ බවය.

    පවුල් බලය

    එජාප පරණකමින් දෙවැනි වනුයේ ලංකා සමසමාජ පක්ෂයට පමණය. නිදහසින් පසු ගෙවී ගොස් තිබෙන කාලයෙන් නැතහොත් යුගයෙන් අඩකට ආසන්න කාලයක් එම පක්ෂය රට විටින් විට පාලනය කර තිබෙන අතර මේ රට හිමිකරගෙන තිබෙන පරාජයන් හා ජයග්‍රහණයන් කෙරෙන් එම පක්ෂයද ශ්‍රීලනිප සමග හරි හරියට වගකිව යුතුය. එජාප ලංකාවේ සියලු පක්ෂ අතර තිබුණු විශාලතම පක්ෂය ලෙසද සැලකිය හැකිය.

    දේශපාලනයේ පවුල් බලය ගැන කතා කරන විට දැන් වැඩි වශයෙන් කතා කෙරෙන්නේ රාජපක්ෂ පවුල ගැනය. එහෙත් එජාපයද ඥාතිකමෙන් එකට බැඳුණු ඉතා බලවත් පවුල් කාටලයක් මත ගොඩ නගා පවත්වාගෙන ගිය පක්ෂයක් ලෙස සැලකිය හැකිය. එම පවුල් කාටලයේ ප්‍රබලයන් බි්‍රතාන්‍ය පාලන කාලයේදී අරක්කු වෙළෙඳාමද ඇතුළු විවිධ වාණිජ ව්‍යාපාර මගින් ධනවත් බවට පත්වූ හා ඒ මගින් ප්‍රභූ තත්ත්වයක් හිමි කරගත් පවුල් කණ්ඩායමක් ලෙස සැලකිය හැකිය. එජාප ආණ්ඩු කෙරුණු කාලයේදී පවා එය සැලකුණේ ‘මාමලාගේ බෑනලාගේ’ පක්ෂය වශයෙනි.

    බණ්ඩාරනායක එම පක්ෂය අතහැර ගියේ තමාට කොතරම් සුදුසුකම් තිබුණත් එම පක්ෂයේ නායකයාවීමට ඉඩක් නැතැයි කියන විශ්වාසය නිසාය. බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව බණ්ඩාරනායකගේ වැන්දඹු බිරිඳ ශ්‍රීලනිපය ගොඩ නගන ලද්දේ එම පවුලට හිමි බූදලයක් ලෙස සලකාය. 1977 මැතිවරණයේදී එජාප අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ පවුල හඳුන්වන ලද්දේ පවුල් ගසක් ලෙසය. ඒ සඳහා කාටූන් පොතක්ද පළකර තිබුණි.
    රාජපක්ෂවරුන් දේශපාලනයේදී පවුල් බලයට ලැබෙන වැදගත්කම ඉගෙන ගන්නට ඇත්තේ සේනානායකවරුන්ගෙන්, ජයවර්ධනවරුන්ගෙන් හා සිරිමා බණ්ඩාරනායකගෙනි. අවසානයේ එම විෂයෙහි කෙළ පැමිණි අය බවට පත්වූයේද රාජපක්ෂවරුන්ය.

    ජේ.ආර්. ජයවර්ධන

    තමන්ට රකින්නට කුමාර කුමාරිකාවන් නැති බව 1977 මැතිවරණ කාලයේදී ජේ.ආර්. ජයවර්ධන කීවද ඔහුද පවුලේ බලය ගැන ලොකු සංවේදීතාවක් පෙන්නුම් කළ නායකයෙකි. 1977දී අනාගත නායකයන් සඳහා පෝලිම සකස් කිරීමේදී ඒ වන විට ඉතාමත් තරුණ වියේ පසුවූ තම පවුලේ වැදගත් පුරුකක් වූ රනිල් වික්‍රමසිංහ පෝලිමේ වැදගත් තැනක තබන්නට ඔහු අමතක නොකළේය.

    ජනාධිපති ජයවර්ධන රනිල්ට විදේශ නියෝජ්‍ය ඇමතිකම දී, ඉන්පසු පළමු කැබිනට් මණ්ඩල සංශෝධනයේදීම කැබිනට් ඇමති ධුරයකට පත් කරන ලදි. පවුලේ උරුමය අනුව තමන්ගෙන් පසුව පක්ෂ නායකත්වය රනිල්ට ලැබිය යුතු යැයි ජනාධිපති ජයවර්ධනගේ අපේක්ෂාව වූවා විය හැකිය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක ඝාතනයට ලක්වීමෙන් පසුව බලවත් අභියෝගයකින් තොරව පක්ෂ නායකත්වය හිමිකර ගැනීමට රනිල් සමත් විය. ජයවර්ධන හා ප්‍රේමදාස යන නායකයන් දෙදෙනාම පක්ෂය පාලනය කළේ ගණන්කාර නායකයන් සිය කණ්ඩායම පාලනය කරන ආකාරයටය. ඒ මගින් පක්ෂ නායකයා කෙරෙහි වන උපරිම බය පක්ෂපාතීත්වයක් පක්ෂය තුළ පවත්වාගෙන යාමට එම නායකයෝ දෙපළ සමත් වූහ.

    රනිල්ගේ සීමිතකම්

    එහෙත් පූර්වගාමී නායකයන් දෙදෙනාට තිබූ ගණන්කාර උරුමය රනිල්ට තිබුණේ නැත. රනිල් වැනි නායකයකු එම තත්ත්වය ලබාගත යුතුව තිබුණේ පක්ෂයේ වැඩවසම් ස්වරූපය වෙනස් කොට ප්‍රජාතන්ත්‍රවාදී කිරීමෙනි. ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ඕනෑවටත් වඩා රනිල්ට තිබුණද, පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී කොට ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙස ස්ථාපිත වීමට රනිල් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ වෙනුවට පක්ෂය ව්‍යවස්ථාවේ ඒකාධිපති ස්වරූපය වර්ධනය කරගනිමින් පක්ෂයට ඒකාධිපති නායකයකු වෙමින් රටට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් වීමට උත්සාහ කෙළේය.

    ජනාධිපති ජයවර්ධන අතින් එජාප ශක්තිමත් කිරීමක් සිදුවූවා සේ ම පක්ෂය උපරිම මට්ටමකට දූෂිත කිරීමක්ද සිදුවිය. පක්ෂ අරමුදල් හා මැතිවරණ අරමුදල් සඳහා රටේ තිබුණු නීති අහෝසි කිරීම නිසා එජාපයද කළු සල්ලිවලින් යැපෙන පක්ෂයක් බවට පත්ව තිබුණි. මන්ත්‍රීවරුන් සඳහා පැවති රටේ නීතියටත්, ලෝකයේ පැවති පිළිගත් සදාචාරයටත් පටහැනි ලෙස මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමග ව්‍යාපාර කරන්නට ඉඩදීම නිසා පක්ෂය පමණක් නොව, පාර්ලිමේන්තුව හා මුළු දේශපාලන ක්‍රමයම දූෂණයෙන් කුණුවූ තත්ත්වයකට පත්ව තිබුණි.

    ජනාධිපති ජයවර්ධන විසින් වස්තු කොල්ලය රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත් කොට තිබුණි. දූෂණය ලංකාව විනාශය කරා යන ගමන කෙරෙහි බලපෑ ප්‍රධාන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. රනිල්ට ලංකාව මුදා ගැනීමට අවංක වුවමනාවක් වී නම් දූෂණයෙන් රට මුදා ගන්නට පෙර දූෂණයෙන් පක්ෂය මුදාගත යුතුව තිබුණි. මොන හේතුවක් නිසා හෝ ඒ සඳහා වන අභිලාෂයක් රනිල්ට නොතිබුණි. ඒ මගින් රනිල් අවශ්‍ය තරම් දැනුම තිබියදී ශ්‍රී ලංකාව සඳහා වන අව්‍යාජ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් වෙනුවෙන් පෙනී සිටීමට තිබෙන හැකියාව අහිමි කර ගත්තේය. ඔහු 2001 පාර්ලිමේන්තු බලය ලබාගන්නා විට අධිකරණය දූෂණයෙන් වෙලාගෙන තිබුණු බව හොඳටම දැන සිටියේය. එහෙත් ඒ තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය තරම් බලය තිබුණත්, ඒ තත්ත්වය ගල් ගැසෙන්නට ඉඩ හැර බලා සිටියා මිස ඵලදායී කිසිවක් නොකළේය.

    උගුලට අසුවීම

    නූතන අර්ථයෙන් ලංකාව පරිණත දේශපාලන නායකයන් බිහිකළ රටක් ලෙස සැලකිය නොහැකිය. එසේ වුවත් රනිල් සමකාලීන දේශපාලකයන් අතර සිටි වැඩිම දැනුමක් හා පළපුරුද්දක් තිබූ නායකයා ලෙස සැලකිය හැකිය.

    රනිල් සැලකෙන්නේ දේශපාලනයේදී හොඳ උගුල් අටවන්නෙකු ලෙසය. අවසානයේදී ඔහු දේශපාලන වශයෙන් නැතිභංග වූයේද ඔහුට එරෙහිව අටවන ලද උගුලකට හසුවීමෙනි. මම යහපාලන වැඩසටහන එහි ආරම්භයේ සිටම දැක්කේ මහින්ද රාජපක්ෂ පමණක් නොව රනිල් වික්‍රමසිංහද පරාජය කොට තුන්වැනි පිරිසක් තමන් වෙත අනියම් ලෙස බලය ලබා ගැනීමේ අරමුණින් සෝභිත හිමියන්ගේ නාමයද යොදාගෙන ක්‍රියාවට නගමින් තිබුණු සටකපට වැඩසටහනක් ලෙසය. මා ඒ ගැන ඒ කාලයේ ප්‍රසිද්ධියේ කතා කර තිබෙනවා සේ ම ලියාද ඇත්තෙමි.

    පොදු අපේක්ෂකයකු අවශ්‍ය යැයි කියන තර්කය යොදාගෙන තිබුණේ මහින්ද රාජපක්ෂ වැනි බලවත් නායකයකු, පරාජය කිරීමේ ශක්තිය රනිල්ට නැතැයි කියන තර්කය සනාථ කිරීම සඳහාය. එහෙත් 2005දී මහින්ද සමග තරග කොට රනිල් පරාජය වූයේ ප්‍රභාකරන්ගේ මැතිවරණ වර්ජනය නිසාය. එජාපයට සිටින සුදුසුම අපේක්ෂකයා රනිල් නොවේ නම් සුදුසු අපේක්ෂකයකු සොයා ගත යුතුව තිබුණේ එම පක්ෂයෙන් මිස පිටස්තරින් නොවේ. එම පක්ෂයේ ජන බලයෙන් පිටස්තරයකු බලයට ගෙනාවිට බරපතළ අවුල් ඇතිවීම නොවැළැක්විය හැකිය. අනෙක් අතට එය එම පක්ෂයට කරන ලොකු අසාධාරණයක්ද වන්නේය. අනෙක් අතට පිටස්තරින් බලයට ගේන පුද්ගලයා තමන්ට ලැබෙන අතිවිශාල බලය වැරදි ලෙස යොදා ගතහොත් එය පාලනය කිරීමට ක්‍රමයක් තිබිය යුතු වුවත් එවැන්නක් එම වැඩසටහනට ඇතුළත්ව තිබුණේ නැත. එම සූත්‍රය සමග ඉදිරිපත් කර තිබූ ප්‍රතිසංස්කරණ වැඩසටහනද රටට අවශ්‍ය වී තිබූ සැබෑ ප්‍රතිසංස්කරණ අවශ්‍යතා නොසලකා සකස් කරන ලද බොරු ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ලෙසද සැලකිය හැකිය.

    මා මෙම වැඩසටහනේ භයානකත්වය ගැන මා දරන අදහස් රනිල් සමග කතා කළෙමි. ඒ වනවිට පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන තෝරාගෙන නොතිබුණි. එජාප ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළ හැකිනම් එවිට පොදු අපේක්ෂකයා පිළිබඳ සිහිනය බිඳ වැටි එජාපයට තරග කිරීමේ අවස්ථාව ලැබෙනු ඇති බවත් මුලදී සුළු සුළු ප්‍රශ්න ඇතිවිය හැකි වුවත් පසුව සියලුම මහින්ද විරෝධීන් එජාප අපේක්ෂකයාට සහාය දෙනු ඇති බවත් මම කීවෙමි. රනිල් මගේ අදහස්වලට සවන් දුන්නා පමණක් නොව ඒවා පිළිගන්නා බවද කීවේය.

    ඉන්පසු මම කරු ජයසූරිය මහතාද හමුවී පොදු අපේක්ෂකයකු පිළිබඳ වැඩසටහනේ පංගුකාරයෙකු වීම ගැන ඔහුට දොස් කියමින්ම එය ඇති කළ හැකි බිහිසුණු ප්‍රතිඵල ගැන කරුණු පැහැදිලි කිරීමක්ද කළේය. ඉන්පසු මා සෝභිත හිමියන්ද හමුවී ඒ ගැන කතා කළෙමි. උන්වහන්සේ හමුවන්ට ගිය ගමනට මනෝ තිත්තවැල්ල හා සුමතිපාල කාරියවසම්ද සහභාගි වූහ. මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට අවශ්‍ය නම් එය විධිමත් ක්‍රමයකට මිස, අවිධිමත් ක්‍රමයකට කරන්නට යාමෙන් විනාශකාරී ප්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි බව මම කීවෙ.

    රනිල් අවසානයේ මෛත්‍රීපාල සිරිසේනට කැමති වූයේ ඔහු වෙනුවෙන් චන්ද්‍රිකා දෙන ලද සහතිකය නිසාය. චන්ද්‍රිකාගේ අනුග්‍රහය නිසා යහපාලන වැඩසටහන පිටුපස සිටින රනිල් විරෝධීන්ට මෛත්‍රීපාල සමග ලොකු ගනුදෙනුවකට යන්නට ඉඩ නොලැබෙනු ඇතැයි රනිල් විශ්වාස කළේය. අවසානයේ රනිල් යහපාලන උගුලේ ගැලවිය නොහැකි හිරකාරයකු බවට පත්විය.

    2015 ජනාධිපතිවරණයට රනිල් තරග කළේ නම් ළඟ ළඟ තරගයකින් රනිල් ජයගන්නට ඉඩ තිබුණි. ඒ නිසා රටට ලොකු විමුක්තියක් උදාවනු ඇතැයි මා විශ්වාස කරන්නේ නැතත්, එසේ වී නම් රට විනාශය කරා යන ගමන මේ තරම් වේගවත් නොවන්නට ඉඩ තිබුණි.

    වැරදුණේ කොතැනද

    එසේම දැන් ඇතිවී තිබෙන මහා විනාශයට වර්තමාන පාලකයින් පමණක් නොව පෙර පාලකයින් ද හරිහරියට වගකිව යුතුය. යහපාලනයට සම්බන්ධ සියලු නායකයෝ දැන හෝ නොදැන ලංකාවේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවන්ට වංචා කළෝය. එම ප්‍රතිසංස්කරණ අවශ්‍යතා සකස් වී තිබුණේ මෝඩ ලෙස වුවත් අවශ්‍ය වෙනස්කම් දිනාගැනීමට දරන උත්සහයන් නිසා ජීවිත පූජා කළ දස දහස් ගණනකගේ ලේවලින් සහ ඒ වෙනුවෙන් පීඩාවට පත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ දාඩිය සහ කඳුළුවලිනි.

    බොහොමයක් ප්‍රතිසංස්කරණ ආපසු හරවා තිබෙනුයේ පුංචි සවලකින් ගලවා වීසි කෙරෙන ආකාරයටය. ඒවා ශක්තිමත් අතිවාරමක් නැතිව දඩි බිඩියේ වැල්ලේ තනන ලද ප්‍රතිසංස්කරණ බව පැහැදිලිව පෙනේ. අධිකරණය තිබුණේ හොඳටම ජරාජීර්ණ වූ තත්ත්වයකය. එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා වන කිසිම නිවැරදි දැක්මක් එම ආණ්ඩුවට නොතිබුණු අතර ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය විසින් අධිකරණය පිරිසිදු කරදෙනු ඇතැයි මෝඩ ලෙස විශ්වාස කළේය. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් පහකිරීම වළකන අධිකරණ තීන්දුව සලකන ලද්දේ අධිකරණය හිමිකරගෙන තිබුණ ප්‍රගතිය අති විශාල ප්‍රගතිය පෙන්නුම් කරන වැදගත් මාපකයක් වශයෙනි. එවැනි තීන්දුවක් ලැබුණේ පොදුවේ අධිකරණය දියුණු තත්ත්වයක තිබුණ නිසා නොව විශ්‍රාම යාමට සිටි අගවිනිසුරුවරයාට ඊට පෙර එම විෂයෙහි යුක්තිය ඉටුකිරීමේ බලවත් අධ්‍යාශයක් තුබුණ නිසාය. ඉන් පසුත් අධිකරණය තුළ සිදු නොවිය යුතු බොහෝ දේවල් සිදුවිය. ඒවා ගැන කිසිදු සොයා බැලීමක් සිදු නොවීය. දැන් ලංකාව එම විෂයේදී සිටින්නේ අගාධයේ පතුළටම ගිය තත්ත්වයකය. ■

    2020 නොවැම්බර් 29 රාවය ඊ පුවත්පත ඇසුරිණි

  • ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම ‘වීඩියෝ තාක්ෂණයෙන්’

    ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම ‘වීඩියෝ තාක්ෂණයෙන්’

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරු සිය කාර්යාලවල සිට ඊට එක් වූහ. රැස්වීම සාර්ථකව සිදු විය.

    කොවිඩ් වසංගතය පමණක් නොව කාර්යක්ෂමතාව, පහසුව, කාලය සහ වියදම ඉතිරි කර ගැනීම සැලකිල්ලට ගනිමින් වීඩියෝ කැබිනට් මණ්ඩල රැස්වීම සංවිධාන කෙරිණ.

    නව තාක්ෂණය හඳුන්වා දීමට, භාවිත කිරීමට සහ හුරුකරවීමට ජනාධිපතිතුමා ප්‍රමුඛතාව දී තිබේ. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද එය අවධාරණය කර ඇත.

    එකී අරමුණ පෙරදැරිව තාක්ෂණ අමාත්‍යාංශය ද ජනාධිපතිවරයා පසුගියදා සිය අධීක්ෂණයට පවරා ගත්තේය.

    21 වැනි සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය අපේක්ෂා කරයි. එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වන පරිදි තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (culture of technology Innovation) ගොඩනැගීම ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වේ.

    රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළෙඳ පොළ ක්‍රියාවලිය සරල කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම නව අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවකි.

  • සුදර්ශනීගෙන් බන්ධනාගාරේ ගළවා කොවිඩ් රාජ්‍ය ඇමැතිකම දෙයි

    සුදර්ශනීගෙන් බන්ධනාගාරේ ගළවා කොවිඩ් රාජ්‍ය ඇමැතිකම දෙයි

    පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබ සිටී.

    නව රාජ්‍ය අමාත්‍යවරිය අද (30) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ සිය ධූරයේ දිවුරුම් දුන්නාය.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු නව රාජ්‍ය අමාත්‍ය පදවියකි.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළම ප්‍රමිතියට ප්‍රවර්ධනය කොට පවත්වාගෙන යාම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණකි. ජනතාව සඳහා, විශේෂයෙන් ග්‍රාමීය ජනතාව සඳහා ඉහළ සෞඛ්‍ය මට්ටමක් සහතික කිරීමට ප්‍රථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් බව ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.

    කොවිඩ් 19 රෝග ව්‍යාප්තියත් සමග සියලු වසංගත රෝග ඇතිවීමේ ඉඩ කඩ කල්තබා හඳුනාගෙන ඒවා පාලනය කරනු පිණිස ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ජනපතිවරයා තීරණය කළේය.

    නව රාජ්‍ය අමාත්‍ය ධූරය නිර්මාණය කරනු ලැබූයේ මේ පරමාර්ථය සපුරා ගනු පිණිසය.

    ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මින් පෙර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූවාය.

  • Update: මහර බන්ධනාගාරයේ යුද්ධය – මියගිය ගණන 08 දක්වා ඉහළට

    Update: මහර බන්ධනාගාරයේ යුද්ධය – මියගිය ගණන 08 දක්වා ඉහළට

    ඊයේ (29) රාත්‍රිෙය් මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුලාව ලැබූ තවත් සිරකරුවන් දෙදෙනකු මියගොස් ඇති අතර මරණ සංඛ්‍යාව ඒ අනුව 08 දක්වා ඉහළ ගොස් ඇතැයි රාගම රෝහල් ආරංචි මාර්ග පවසයි.

    මේ අතර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත්තේ මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ භාරයට ගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

    අද (30) පෙරවරුවේ දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වූ ‘දෙරණ අරුණ‘ වැඩසටහන සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කළේ මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් යම් කලබලකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති අතර, පසුව තවත් රැඳවියන් පිරිසක් එක්ව බන්ධනාගාරයෙන් පළායාමට උත්සහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ඊයේ (29) සවස මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගත් බවයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද සදහන් කළේය.

    බන්ධනාගාර නිලධාරීන් සමග බහින්බස්වීමක් ඇති කර ගෙන, ඔවුන් දෙදෙනෙක්, මට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දුන් ආකාරයට, මේ රැඳවියන්ගේ භාරයට ගෙන තිබෙනවා. බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුවට අමතරව තවත් ගේට්ටු ගණනාවක් තියෙනවා. ඒ ගේට්ටු බිඳගෙන ඉදිරියට ඇවිත් තියෙනවා පිටව යෑමට. මේ අවස්ථාවේ දී බලය පාවිච්චි කරලා තියෙනවා. ඔවුන්ගේ භාරයේ සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මුදාගෙන තිබෙනවා. දැනට ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවට වාර්තා වෙලා තියෙනවා. මුලින්ම මේක ඊයේ හවස 5ට ඇති වුණේ. අද උදෑසන වන තෙක් පැය 14ක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. ඔවුන් ඊයේ රාත්‍රිය පුරාම විවිධාකාරයේ කටයුතු සිදුකර තියෙනවා. ගිනි තැබීම්, අලාභ කිරීම්, අනර්ථය කිරීම් ආදී කටයුතු සිදුකර තිබෙනවා.“ 

    අළුතින් නිදහස් කරන ලද ශ්‍රී ලංකා සිරකරුවන් 2013 පෙබරවාරි 4 වන දින කොළඹදී පැවති 65 වන නිදහස් දිනය අතරතුර බන්ධනාගාර සංකීර්ණයකින් පිටව යති.
    කොළඹ බන්ධනාගාරයක රැඳවියෙකුගේ ඡායාරූපයක්

    මේ අතර බී.බී.සී. ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය මහර බන්ධානාගාර ගැටුම වාර්තා කළේ Sri Lanka: Six die in prison riot over Covid panic කෝවිඩ් සන්ත්‍රාසය හේතුවෙන් බන්ධනාගාර කෝලාහලයෙන් හය දෙනෙක් මිය ගියහ‘ යන ශීර්ෂපාඨය යටතේ වීම විශේෂත්වයකි.

    බී.බී.සී. වාර්තාවේ මෙසේද සදහන් විය.

    ශ්‍රී ලංකාවේ බන්ධනාගාර කැරැල්ලකින් ආරක්ෂක භටයන් රැඳවියන් සමඟ ගැටීම හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් 52 දෙනෙකු තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.

    සිරගෙවල්වල කොරෝන වෛරස් ආසාදන වැඩිවීම මධ්‍යයේ රැඳවියන් විරෝධතා දියත් කර තිබුණේ ඇප මත ඉක්මනින් නිදහස් කරන ලෙසත් වඩා හොඳ පහසුකම් ලබා දෙන ලෙසත් ය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ මහාර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්වයක් පාලනය කිරීම සඳහා ආරක්ෂකයින් බලය යෙදවූ බවයි.

    රටේ ජනාකීර්ණ බන්ධනාගාර වලින් රෝගීන් 1,000 ක් පමණ වාර්තා වී තිබේ.

    කෝලාහල මැඩපැවැත්වීම සඳහා බන්ධනාගාර නියාමකයින් වෙඩි තබා ඇති බව මාධ්‍ය වාර්තා පවසයි. පරිශ්‍රයේ “දැවැන්ත ගින්නක්” දුටු බව නිවැසියන් උපුටා දක්වමින් ප්‍රාදේශීය පුවත් වාර්තා කරයි.

  • බැසිල් නිදොස් කොට නිදහස් කරයි

    බැසිල් නිදොස් කොට නිදහස් කරයි

    හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුණසිංහ මහතා විසින් අද (30) නියෝග කළේය.

    2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි එවකට ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ නිලධාරීන් සිවු දෙනකුට චෝදනා එල්ල වී තිබුණි. 

    මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් ද මෙසේ නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණි.

  • මහර බන්ධනාගාරය යුධ බිමක් වෙයි – 06ක් මරුට – 43කට තුවාල

    මහර බන්ධනාගාරය යුධ බිමක් වෙයි – 06ක් මරුට – 43කට තුවාල

    මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 6 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් තිබෙන බව රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේය. ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේ සිද්ධියෙන් තුවාල ලත් පුද්ලයින් 43 දෙනකු ද ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බවයි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (29) රාත්‍රි යේ කියා සිටියේ මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් හේතුවෙන් මුල්කර ගනිමින් ඊයේ (29) දහවල් නොසන්සුන්කාරී තත්ත්වය හටගත් බවයි.

    ‘ මේ සිද්ධිය මුල්කරගෙන ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පස්වරුව වන විට මෙය ගැටුමක් දක්වා දුරදිග ගොස් දැනට බන්ධනාගාරය තුළ රඳවා සිටින ජීවීතාන්තය දක්වා සිරදඬුවම් හිමිවූ සිරකරුවන්ට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් විසින් පහරදීමට පටන්ගෙන තිබුණා. අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවම බලය පාවිච්චි කර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබෙනවා‘

    මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ද පියවර ගෙන තිබූ බවයි. ඒ අනුව බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුණු අතර කැලණිය සහ රාගම පොලිස් ස්ථාන මගින් ද පොලිස් කණ්ඩායම් 5 ක් යෙදවීමට පොලිසිය පියවර ගෙන ඇත.

    ‘‘එහෙත් රාත්‍රීය වන විට සිරකරුවන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබුණා. ගින්න පැතිර යාම වැඩි වීමත් සමග ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 6 ක් යෙදවීමටද පියවර ගත් බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබුණා‘ යැයි බන්ධනාගාර ප්‍රකාශකයෙක් සදහන් කළේය.

    මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇතැයි විෂය භාර අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බව සඳහන් වේ.

  • කොළඹින් මරණ 05ක් සහ  අකුරුස්සෙන් සහ හලාවතින් මරණ 02ක්

    කොළඹින් මරණ 05ක් සහ අකුරුස්සෙන් සහ හලාවතින් මරණ 02ක්

    අද (29) දින කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 07 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 21.20ට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වෙනවා.

    මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි සිවු දෙනෙක් සිටින අතර මියගිය පුද්ගලයින් අතර අකුරැස්සේ (51 හැවිරිදි කාන්තාවක්) සහ හලාවත (70 හැවිරිදි පිරිමියෙක්) පුද්ගලයින් දෙදෙනෙක් සිටිනවා. සෙසු 05 දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවයි අදාළ ප්‍රවෘත්ති නිවේදනයේ සදහන් වන්නේ.

    මේ සමග ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 116ක් දක්වා වර්ධනය වෙනවා.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 20.40ට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වුණේ අද දින (29) කොවිඩ්-19 ආසාදිතයින් 496 දෙනකු වාර්තා වූ බවයි.

  • සිඩ්නි නුවරින් වාර්තාගත උණුසුමක්

    සිඩ්නි නුවරින් වාර්තාගත උණුසුමක්

    ඊයේ (28) සිඩ්නි නුවර උණුසුම්ම නොවැම්බර් රාත්‍රිය වාර්තා කළ බව බී.බී.සී වාර්තාවක සදහන් වේ. සිඩ්නි නගරයේ අවම රාත්‍රී උෂ්ණත්වය 25.4C ලෙස සටහන් වූ අතර අද (29) දින දිවා කාලයේදී 40C දක්වා ඉහළ ගියේය.

    සිඩ්නි හි වාර්තාගත උෂ්ණත්වය මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ නිරීක්ෂණාගාරය වන ‘හීල්‘  (Hill in the Central Business District) හි වාර්තා විය. 04:30 වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දක්වා ඉහළ ගොස් ඇති බව සිඩ්නි මෝනිං හෙරල්ඩ් වාර්තා කරයි. හිල් හි මීට පෙර වාර්තාව 1967 දී සෙල්සියස් අංශක 24.8Cක් විය.

    ගිම්හානයේ නිල ආරම්භය තව දින කිහිපයක් තිබියදී ඉහළ ගිය උෂ්ණත්වය ගැන කාලගුණ විද්‍යාඥයින්ගේ දැඩි අවධානය යොමු වී ඇත.

    අඟහරුවාදා උණුසුම් කාලගුණය අනාවැකි පළ කිරීමත් සමඟ නිව් සවුත් වේල්ස් හි ස්ථාන රැසක මේ වන විටත් ලැව්ගිනි හටගෙන තිබේ.

    වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්තවල ද සති අන්තයේ තාපය ඉහළ යන බව වාර්තා විය.

    “නොවැම්බරය බොහෝ ආකාරවලින් අසාමාන්‍ය වී ඇත. අප දැක ඇත්තේ අපගේ සාමාන්‍ය වර්ෂාපතනයෙන් අඩක් පමණ වන අතර එය අපගේ වාර්තාගත උණුසුම්ම මාසවලින් එකක් විය හැකි ය” යනුවෙන් කාලගුණ විද්‍යා කාර්යාංශයේ (Bureau of Meteorology – BOM) ප්‍රකාශකයෙන් පසුගිය සිකුරාදා සඳහන් කළේය.

    සිඩ්නි නුවර ඡායාරූපවලින් දැක්වෙන්නේ විශාල ජනකායක් වෙරළට පැමිණෙන බවයි.

    කොරෝනා වෛරස් පැතිරීම වැළැක්වීම සදහා සමාජ දුරස්ථ රෙගුලාසි අනුගමනය කරන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවට මතක් කරදී තිබේ.

    මිනිසුන් සහ ඔවුන්ගේ බල්ලන් සිසිල් කිරීම සඳහා ජලයේ ගිලී යයි
    සමාජ දුරස්ථ නීති රීති පිළිපැදීමට ජනතාවගෙන් ඉල්ලා ඇත

    උතුරු නිව් සවුල් වේල්ස් සහ ගිනිකොනදිග ක්වීන්ස්ලන්තයේ සමහර ප්‍රදේශවල දින පහක් හෝ හයක තාප තරංගයක් BOM විසින් පුරෝකථනය කර ඇත.

    ග්‍රාමීය ගිනි නිවීමේ සේවය –  Rural Fire Service (RFS) නිව් සවුත් වේල්ස් හි නැගෙනහිර සහ ඊසානදිග ප්‍රදේශවල “ දැඩි ගිනි අනතුරු අනාවැකි” ගැන අනතුරු අඟවා තිබේ. 

    සිකුරාදා, RFS නියෝජ්‍ය කොමසාරිස් පීටර් මැක්චෙක්නි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ගිනි සැලසුම් සූදානම් කරන ලෙසයි.

    “පසුගිය වසරේ විනාශකාරී සමයෙන් පසු පුළුල් ලෙස ඉහළ ගිය ගිනි අනතුරක් අප දුටු පළමු අවස්ථාව මෙයයි ” ඔහු පැවසීය.

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ඇන්ඩ්‍රෙ රසල්ගේ සුපිරි පිතිහරඹයෙන් ‘කලම්බු කිංග්ස්’ දෙවැනි ජයත් ලබයි

    ඇන්ඩ්‍රෙ රසල්ගේ සුපිරි පිතිහරඹයෙන් ‘කලම්බු කිංග්ස්’ දෙවැනි ජයත් ලබයි

    පන්දුවාර විස්සයි-20 ලීග් තරග රටාවේ 5 වැනි වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කී ඇන්ඩ්‍රෙ රසල්ගේ වෙඩි වරුසාවක් බඳු වූ පිතිහරඹය හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (28 දා) රාත්‍රියේ පැවැති තරගයේදී ගෝල් ග්ලැඩියේටර් පිල පරදවා ලකුණු 34 ක  දැවැන්ත ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත්විය. අදාළ තරග ජය කලම්බු කිංග්ස් පිලේ දෙවැනි ජයග්‍රහණයද ගෝල් ග්ලැඩියේටර්හි දෙවැනි පරාජය ලෙසින්ද සටහන් විය.

    පස්වරුවේ ඇද හැළුණු වර්ෂාව දිගින් දිගටම පැවැතීම හේතුවෙන් පන්දුවාර 5 කට සීමා වෙමින් රාත්‍රී. 10.56 ට ඇරැඹි මෙම තරගයේදී රසල්ගේ ඉනිම ප්‍රධාන කොට ලකුණු 97 ක අසීරු ඉලක්කයක් ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමට හිමිවිය. එය හඹා යෑමේදී ගෝල් ග්ලැඩියේටර් පිලට රැස් කරගත හැකි වූයේ කඩුලු 2 ක් දැවී ලකුණු 62 ක් පමණි.

    එහිදී ගෝල්ග්ලැඩියේටර් පිල වෙනුවෙන් ඉසුරු උදාන යවන ලද පළවැනි පන්දුවාරයේදී හස්රතුල්ලා සසායි ලබාගත් ලකුණ හැරුණු කොට ඉතිරි ලකුණු 18ම ධනුෂ්ක ගුණතිලකගේ පිත්තෙන් වාර්තා විය. ගුණතිලක හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟ පන්දු 15 කදී ලකුණු 30 ක් ලබා ගත් අතර නායක ශහිඩ් අෆ්රිඩි පන්දු 6 කදී ලකුණු 12 ක් ලබාගත්තේය.

    කලම්බු කිංග්ස් වෙනුවෙන් ඉනිම ඇරැඹි ඇන්ඩ්‍රෙ රසල් ග්ලැඩියේටර් පිල සතු ප්‍රබලම විදෙස් පන්දු යවන්නා වන මොහොමඩ් අමීර් යැවූ පළමු පන්දුවාරයේදී ලකුණු 26 ක් ලබා ගන්නා ලද්දේ ලබා දුන් වයිඩ් පන්දු 2 කද අතිරේක ලෙස එකතු කර ගනිමිනි.

    0-වයිඩ්-6-4-6-වයිඩ්-4-4 ලෙසින් දැඩි ප්‍රහාරයකට ආමර් ඇද දැමූ රසල් කලම්බු කිංග්ස් ඉනිම නිමා වන විට පන්දු 19 කදී නොදැවී ලකුණු 65 ක් ලබා සිටියේය. හයේ පහර 4 කින් සහ හතරේ පහර 9 කින් වර්ණවත් වුණු එම ඉනිම හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද රසල් පිදුම් ලැබීය.

    එක් ඉනිමක් පන්දු 30 කින් සීමා වුණු මෙම තරගයේදී කලම්බු කිංග්ස් පිතිකරුවන් විසින් ලබාගත් ලකුණු 96 න් 76 ක්ම (6 පහර 6 යි, හතරේ පහර 10 යි) හයේ සහ හතරේ පහර 10 වලින් ලබාගත් ඒවා විය. කලම්බු කිංග්ස් කණ්ඩායමේ පිතිකරුවන් අතරින් ප්‍රහාරයට ලක් නොවුණු එකම පන්දු යවන්නා බවට පත්වූයේ මොහොමඩ් ශිරාස් වන අතර ඔහු තම පන්දුවාරය ලකුණු 11 කට යවා අවසන් කිරීමට සමත්විය.

    පැය 3 කට ආසන්න කාලයක් වර්ෂාවෙන් බාධා ඇති වුවද ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයේ උපරිම කැපවීමේ ප්‍රථිඵලයක් ලෙසින් පන්දුවාර 5 කට හෝ සීමාවෙමින් තරගය පැවැත්වූවා හැරෙන්නට වර්ෂාවේ බාධා කිරීම එතරම්ම දරුණු විය. එසේ ඇරැඹි තරගයේදී කලකට අමතක නොවන ප්‍රහාරයකට ලක් වුණු මොහොමඩ් ආමර් විසින් ක්‍රියාත්මක කරනලද පන්දු 12 තුළදී පමණක් ප්‍රතිවාදී පිතිකරුවෝ ලකුණු 46 ක් ලබාගෙන සිටියහ. ඉන් ලකුණු 30 ක්ම රසල්ගේ පිත්තෙන් වාර්තා විණ.

    විස්සයි-20 තරග පිටිය නියෝජනය කළ යුවරාජ් සිං (පන්දු 12 කදී), ක්‍රිස් ගේල් (පන්දු 12 කදී), හස්රාතුල්ලා සසායි (පන්දු 12 කදී) සහ මාකස් ට්‍රෙස්ක්‍රොතික් (පන්දු 13 කදී) වේගවත් අර්ධ ශතක ලබමින් රසල්ගේ ඉදිරියෙන් සිටිති. එමෙන්ම මෙම තරගයේදී කලම්බු කිංග්ස් පිල රැස් කරන ලද ලකුණු 96 පන්දුවාර 5 කට සීමා වෙමින් පැවැති තරගයකදී කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙසින්ද සටහන් විය.

    හෙට (30 වැනිදා ) සියළුම කණ්ඩායම්වලට විවේක දිනයකි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි

  • කොළඹ කොවිඩ් පාලන කටයුතු PHIලාගේ ගිලිහීම බරපතළ තත්ත්වයක් – GMOA

    කොළඹ කොවිඩ් පාලන කටයුතු PHIලාගේ ගිලිහීම බරපතළ තත්ත්වයක් – GMOA

    මහජන පරීක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමටකින් තොරව කොවිඩ්-19 ආවේක්ෂණ ක්‍රියාවලිය ඉදිරියට යා නොහැකි බවත් කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලන කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ගිලිහීම බරපතළ තත්ත්වයක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    රෝහල් පද්ධතිය තුළ කොවිඩ් උප පොකුරු ඇති වීමේ අවදානමක් වර්ධනය වෙමින් පවතින බව කී අලුත්ගේ මහතා ඒවා පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ද සදහන් කළේය.

    මෙහිදී හරිත අලුත්ගේ මහතා කියා සිටියේ මෙම සියලු කටයුතු මනා සම්බන්ධීකරණයකින් යුතුව සිදුවිය යුතු බවයි.

    බිම් මට්ටමේ ආසාදිතයින් ආවේක්ෂණය කිරීමේ තාක්ෂණික ක්‍රියාවලියේ ඍජු ලෙස නිරතවෙලා ඉන්න කණ්ඩායම තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට පැහැදිලිවම කියන්න සිද්ධ වුණා ලංකාවේ සමහර තැන්වල PHI මහත්වරුන්ගේ පාලනයෙන් මේ ආවේක්ෂණ ක්‍රියාවලිය ගිලිහෙමින් පවතිනවා කියලා. මේක ඉතාම බරපතළ තත්ත්වයක්. ඒ වගේම බරපතළ ප්‍රකාශයක්. විශේෂයෙන් කොළඹ මහනගර සභා සීමාව ඇතුළේ මෙහෙම තත්ත්වයක් තියෙනවා නම් බලධාරීන්ගේ වගකීම තමයි එතැනට වැඩි පිරිසක් යොමුකරලා මේ ක්‍රියාවලිය බිඳවැටීමකින් තොරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය පද්ධතියේ පාලනය තුළ මේ ක්‍රියාවලිය තබා ගන්න අවශ්‍ය කරන සම්පත් ඒ අයට ලබා දෙන්න‘‘

    මෙහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ දෛනිකව වාර්තා වන නව ආසාදිතයින් අතර 100කට අධික පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තාවන බවයි. එම ප්‍ර දේශ මොනවාද යන්න ගැන වසංගත රෝග විද්‍යා අංශ කරුණු හෙළි නොකරන බව ද වෛද්‍ය අලුත්ගේ මහතා කියා සිටියේය.

    කොළඹ වරායට අති තර්ජනය දරුණුයි – වරාය අධිකාරියේ සභාපති

    මේ අතර අද (29) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැදවිමන් වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා  කියා සිටියේ, කොළඹ වරාය අවට ප්‍රදේශය කොවිඩ් වෛරස ව්‍යාප්තිය බහුල ප්‍රදේශයක් බවත්, එය වරාය කටයුතු වලටද තර්ජනයක් වී ඇති බවත්ය.

    මෙම තර්ජනයෙන් බේරීම ගත හැකි සියලු ක්‍රමවේදය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වරයා ආරක්ෂක අංශ සියලුදෙනා එකතුවී රැගෙන ඇති බව ද සදහන් කළ සභාපතිවරයා මෙසේද සදහන් කළේය.

    ‘‘කොළඹ වරාය සහ අවට ප්‍රදේශ තමයි ලංකාවේ දරුණුම තත්ත්වයේ මේ දෙවැනි රැල්ල සමග තියෙන්නේ. ගම්පහ සහ මාළු මාකර්ට් එක, බ්ලුමැන්ඩල් ප්‍රදේශය, මෝදර ප්‍රදේශය වැඩි හරියක් සේවකයින් ඉන්නේ, අපිට අනුබද්ධ සේවා සපයන අය ඉන්නේ, මේ ප්‍රදේශවල ඉන්නේ. ඒ අය ගෙනල්ලා මේ විදියට පාලනය කරගෙන ඉන්න එක තමයි සුවිශේෂි දේ කියලා අපි හිතනවා. තර්ජනය දරුණුයි. ඒ තර්ජනයෙන් බේරෙන්න ගන්න පුළුවන් උපරිම ක්‍රමවේදය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අපේ ආරක්ෂක අංශ සියලුදෙනා එකතුවෙලා අපි ඒවා කරනවා. නිවෙස්වලින් එන අය අපි වෙනම තියලා තියන්න. එනකොටත් යනකොටත් පරීක්ෂා කරලා අරන් යන ක්‍රමවේදයක් අපි නිර්මාණය කරලා තියෙනවා. දිනපතා යන එන පිළිබඳ ක්‍රමවේදයක් අනුගමනය කරගෙන කටයුතු කරන්නේ. ඔවුන්ගේ විස්තරත් අපි දිනපතා බලනවා. ඕවා අස්සෙන් යන අයත් ඉන්නවා. ඒවා අහුවුණොත් ඒවට අවශ්‍ය පියවරත් ගන්නවා.“

    කොවිඩ් -19 ආසාදිතයින් 23,000 පනී

    මේ අතර අද දින (29)  දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 323 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. ඒ අනුව මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 23,311ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    අද දිනයේ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 346 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන ද 17,002ක් දක්වා ඉහළ ගිය බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    අද දිනයේ වාර්තා වු ආසාදිතයින් සියලු දෙනා මීට පෙර වාර්තා වු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවත්ඒ අනුව, මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 19,773ක් ලෙස වාර්තා වන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙරට රෝහල්ගත සමස්ත ආසාදිතයින් ගණන 6,200ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වෙ.

  • ලෝකයේ සුන්දරතම වනජීවී ඡායාරූප

    ලෝකයේ සුන්දරතම වනජීවී ඡායාරූප

    ලංකාවේ වෙබ් අඩවි බොහොමයක් සිතාගෙන සිටින්නේ දේශපාලනය හා දේශපාලන ඕපාදූප සන්නිවේදනය කිරීම තමන්ගේ ප්‍රධාන කාර්යභාරය බවයි. එහෙත් ලෝකයේ බලවත් සහ ජනප්‍රිය වෙබ් අඩවි ඉතා පුළුල්ව තම පාඨකයින් දැනුවත් කිරීමට ප්‍රවෘත්ති, ප්‍රවෘත්ති විශේෂාංග සහ විශේෂාංග පළ කරනවා. ඒ තුළ පරිසරය, ස්වභාවධර්මය, කෘෂිකර්මාන්තය වගේම විද්‍යාත්මක සෞඛ්‍ය ගැන ද අසීමිතව තොරතුරු තිබෙනවා.

    මේ අතර ඡායාරූප විශේෂාංග පළ කිරීම ද මේ ප්‍රකට වෙබ්අඩවි විසින් අඛණ්ඩව සිදුකරන දෙයක්. ඒ අතරට දේශපාලන ඡායාරූප මෙන්ම ස්වභාවික සෞන්දර්ය ගැන, එහි අභියෝග සහ ප්‍රවණතා ගැන පළවන ඡායාරූප සුවිශේෂයි.

    මේ ලෝ ප්‍රකට වෙබ් අඩවියක් වන ද ගාර්ඩියන් (The Guardian) පසුගිය 27 වැනි සිකුරා ද ප්‍රකාශයට පත්කළ The week in wildlife – in pictures ඡායාරූප විශේෂාංගයේ සියලුම ඡායාරූප එකතුවයි.

    මෙවැනි සුවිශේෂ ඡායාරූප එකතුවක් සතිපතා ලංකාවේ අපටත් ගොනුකළ හැකි නම් කොපමණ හොදද ?

    මේ සදහා අවස්ථාවක් ලබාදීමට අප සූදානම්. ඔබ කැමැති නම් ඔබ විසින් ඡායාරූපයට නැගූ සුවිශේෂ ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති ඡායාරූප අපවෙත යොමු කරන්න. ඒවා මේ ආකාරයේ විශේෂාංග මගින් පළ කිරීමට අප සූදානම්. එම ඡායාරූප gajabanagaha1975@gmail.com වෙත යොමු කරන්න.

    වල් පාත්තයින් ජර්මනියේ කොලෝන් නගරයට නුදුරින් පිහිටි උතුරු රයින්-වෙස්ට්ෆේලියා හි කෙත්වලට ඉහළින් පියාසර කරති

    ගිනිකොනදිග චීනයේ ෆුජියන් පළාතේ දිය ඇල්ලක් අසල silver pheasants කුරුල්ලන් දෙදෙනක් ආහාර සොයන අයුරු
    තායිවානයේ තායිපේ සත්වෝද්‍යානයේ පිහිටි ශාකයක මලකින් තැඹිලි ඕක්ලීෆ්, නිම්ෆලිඩ් සමනලයෙක් (Orange oakleaf, a nymphalid butterfly) රොන් ගන්නා අයුරු

    ස්කොට්ලන්තයේ ග්ලෙන් එටිව් හි හයිලන්ඩ්ස් හි රතු මුවන්.(Red deer graze in the Highlands in Glen Etive, Scotland) බ්‍රිතාන්‍යයේ විශාලතම වන සත්ව විශේෂය වන මොවුන් ගිම්හානයේදී විවෘත තෘණබිම්වල වල සැරිසරන අතර ස්කොට්ලන්තයේ ශීත ඍතුවේ දී නවාතැන් ගැනීම සඳහා වනාන්තර හා වනාන්තරවලට පහත් බිම් කරා ගමන් කරයි

    රෝමයේ හිරු බැස යන විට කුරැළු රංචුවලින්  (murmuration) අහස වැසී යයි. සෑම ශීත කාලයකදීම ඉතාලි නගරයට ඉහළින් මෙම කුරුල්ලන් මිලියන 5ක් පමණ පියාසර කරන බව සොයා ගෙන ඇත.

    ෆ්ලෙමින්ගෝස් Flamingos පක්ෂීන් සයිප්‍රසයේ ලාර්නාකා නගරයට ආසන්නයේ පිහිටි ලුණු විලක සැරිසරයි. සයිප්‍රසය යනු අප්‍රිකාවේ සිට සංක්‍රමණය වන ෆ්ලෙමින්ගෝ සඳහා ජනප්‍රිය නවාතැන් පොළකි.

    ඉන්දියාවේ අහමදාබාද්හි කෝවිඩ් ඇඳිරි නීතිය අතරතුර වඳුරන් හිස් වීථියක් තරණය කරන අයුරු

    තට්ට රාජාලියෙක්  bald eagle එක්සත් ජනපදයේ මේරිලන්ඩ් හි හැව්රේ ඩි ග්‍රේස්හි juvenile කුරුල්ලෙකුගෙන් මාළුවෙකු උදුරා ගැනීමට උත්සාහ කරන අයුරු

    ඌටා කාන්තාරයේ ‘ලොකු අං බැටළුවන් Bighorn sheep ගිරිශිඛරයක් තරණය කරන අයුරු. මෙම විශේෂය එක්සත් ජනපද ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශ වලට ආවේණිකය

    මියගිය නියමු තල්මසුන් 100 දෙනාගෙන් සමහරක් නවසීලන්තයේ දුර බැහැර චැතම් දූපත් වල අතරමං වී ඇත. සමුද්‍ර ක්ෂීරපායීන් සති අන්තයේ දී මුහුදු වෙරළට පැමිණියද, දකුණු දූපතට සැතපුම් 500 ක් (කි.මී. 800) නැගෙනහිරින් පිහිටි හුදකලා ස්ථානයෙන් ගලවා ගැනීමේ කටයුතුවලට බාධා එල්ල වූ බව සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන ‘ෆ්‍රිට්ලරියා ඩෙලවායි‘ ශාකයක් මිනිසුන්ට නොපෙනෙන තරමට පරිණාමය වී ඇති බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. හෙන්ග්ඩුවාන් කඳුකරයේ පාෂාණ බෑවුම්වල පමණක් දැකගත හැකි ‘ෆ්‍රිට්ලරියා ඩෙලවායි‘ අධික ලෙස අස්වැන්න නෙළන ප්‍රදේශවල එහි පසුබිමට වඩාත් සමීපව ගැලපෙන බව විද්‍යාඥයින් විසින් සොයා ගත්හ. චීන විද්‍යා ඇකඩමියේ සහ එක්සත් රාජධානියේ එක්සෙටර් විශ්ව විද්‍යාලයේ කුන්මින් උද්භිද විද්‍යා ආයතනය විසින් මෙම අධ්‍යයනය සිදු කරන ලදී.

    මාළුවෙකු ඩැහැගත් belted kingfisher පක්ෂියෙක් කැලිෆෝනියාවේ වෙන්චුරා හි ගසක අත්තක් මත වසා සිටී.

    බ්‍රසීලයේ සෙරාඩෝහි maned wolf වෘකයෙකු නිදැල්ලේ හැසිරෙන අයුරු. ඔවුන් තර්ජනයට ආසන්නව ඇති සත්ත්ව විශේෂයක් ලෙස සලකනු ලැබේ. සෙරාඩෝහි (Cerrado) ප්‍රදේශයේ ශාක විසින් වාර්ෂිකව කාබන් ඩයොක්සයිඩ් ටොන් බිලියන 13.7ක් උරා ගන්නා බව සදහන් වේ. එය චීනයේ වාර්ෂික විමෝචනයට වඩා සැලකිය යුතු ප්‍රමාණයකි. එය බොහෝ ගංගා වල මූලාරම්භය වන අතර එය ‘ජලයේ උපන් ස්ථානය – ‘the birthplace of waters’’ ලෙස හැඳින්වෙන අතර පක්ෂීන්, උරගයින් සහ ක්ෂීරපායින් විශේෂ 1,600 ක් (ජගුවර්, ආමඩිලෝස් සහ ඇන්ටීටර් ද ඇතුළුව) මෙන්ම ශාක වර්ග 10,000 ක් ද වාසය කරයි.

    නැගෙනහිර දිල්ලියේ කසළ ගොඩබෑමේ ස්ථානයක ඇති වූ ගින්නක් අතරතුර කොකුන් හා සුනඛයන් රැස් වේ. ගාසිපූර් පහසුකම පුරා පැතිරී ඇති ඝන දුමාරය පිරිසිදු වාතය සඳහා වන රටපුරා ඇති තල්ලුවට තවත් තර්ජනයකි. ජනාකීර්ණ දිල්ලි නගරය මේ මාසයේ අඛණ්ඩව දින ගණනක් තිස්සේ ‘ඉතා දුර්වල’ වායු ගුණාත්මක කාණ්ඩයේ ‘very poor’ air quality category පවතී

    යුක්රේනයේ අගනුවරදී ගත් මෙම ඡායාරූපය අතිෂයින් සංවේදීය. කපුටෙකු වවුලෙකුගේ පියාපතින් අල්ලා ගෙන සිටී. රොයිටර්ස් ඡායාරූප ශිල්පී ග්ලෙබ් ගරානිච් මෙසේ පවසයි. ‘‘මම යුක්රේන පාර්ලිමේන්තුව අසල විරෝධතාවක් ආවරණය කිරීමට යමින් සිටියදී අහඹු ලෙස මෙම අවස්ථාව දැක ගැනීමට ලැබුණ. වෙනසක් නැහැ. මෙයත් දේශපාලනඥයින් වගේම තමයි‘‘

    තුර්කියේ ඉඩාර් පළාතෙන් හමුවූ මෙම වෘක පැටපුන් පස් දෙනා දැන් වනජීවි නිවස්නක ප්‍රතිකාර ලබමින් සිටිති.

    ඕස්ට්‍රේලියාවේ කැන්බරා අසල ටිඩ්බින්බිලා සොබාදහම් රක්ෂිතයේ (Tidbinbilla nature reserve near Canberra) පොකුණක වාසය කරන නැගෙනහිර දිගු බෙල්ල කැස්බෑවාට (eastern long-neck turtle) ඉහළින් කූරෙකු පියාසර කරන අයුරු.

    නැගෙනහිර ෆින්ලන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන ඇල්වින් හාර්ඩන්බෝල් විසින් ඡායාරූපයට නැගූ මෙම අපූරු ඡායාරූපය නිසා ඔහු ‘ආර්ට් ඔෆ් ෆ්ලයිට් The Art of Flight ‘ බ්‍රිතාන්‍ය පාරිසරික සංගමයේ ඡායාරූප තරඟයේ සමස්ත ජයග්‍රාහකයා ලෙස නම් කර තිබේ. ග්‍රීසියේ කර්කිනි විල මතින් පියාසර කිරීමට සූදානම් වන ඩල්මැටියානු පෙලිකන් (dalmatian pelican) කොතරම් අපූරු දැයි සිතා බලන්න.

    එංගලන්තයේ බ්ලැකේනි පොයින්ට් (Blakeney Point) හි ඡායාරූපයට හසු වූ මෙම අළු සීල් (grey seal) මව සහ පැටවා සැබෑ ආදරයේ ප්‍රතිමූර්තියක් බදුය. නොර්ෆොක් ස්වභාව රක්ෂිතය (The National Trust’s Norfolk nature reserve) එංගලන්තයේ විශාලතම අළු සීල් ජනපදයක් බවට පත්වී ඇත්තේ 1988 දී පළමු පැටවා දුටු දා සිට ය. 2001 දී මෙහි නව උපත් 25ක් සිදු වූ අතර 2019දී එය 3,399 දක්වා වැඩි විය. ජීවිතයේ මුල් සති කිහිපය තුළ සිදුවන මරණ මෙන්ම ස්වාභාවික විලෝපිකයන් නොමැතිකම මෙම වර්ධනයට හේතුවයි.

    Goldfinch පක්ෂියෙක් තරුණ ගේ කුරුල්ලන් දෙදෙනෙකු බලා සිටී. හිටපු ගාඩියන් ඡායාරූප ශිල්පී ඩෙනිස් තෝර්ප්, කොවිඩ් වසංගතය අතරතුර නිවසේ ගත කරන අතරතුර ඔහුගේ වත්තට පැමිණෙන අමුත්තන් ඡායාරූප ගත කිරීම විනෝදාංශය කරගෙන සිටී.

    ඡායාරූප The Guardian  ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • අසභ්‍ය ලිංගික චිත්‍රපට සහ ‘අඹු සැමියන් මුහුණ දෙන’ අර්බුද

    අසභ්‍ය ලිංගික චිත්‍රපට සහ ‘අඹු සැමියන් මුහුණ දෙන’ අර්බුද

    “සෙක්ස්” (sex)”ඕනෑම ජීවියෙකුට ජීවත් වෙන්න ආහාරපාන අවශ්‍ය වෙන තරමට ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම ද අවශ්‍ය වෙනවා. ලෝකයේ පැවැත්ම සඳහා එය ස්වභාවධර්මයෙන් ලබා දුන් දෙයක්.”

    “හැබැයි අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම්වල යෙදිලා අනික් අයට හිරිහැර කරනවානම්, ඒ පුද්ගලයා සම්පූර්ණ විකෘතියක් විදියටයි මට පෙනෙන්නේ” යැයි කේ හේවාවිතාරණ පැවසුවාය.

    වසර තිහක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නියැලී විශ්‍රාම සුවයෙන් කල් ගෙවන ඇය දිවිගමනේ අත්දැකීම් බහුල තැනැත්තියකි.

    පසුගිය දශකය පුරාවට සිදු වූ තාක්ෂණයේ දියුණුවත් සමග අන්තර්ජාලය ඔස්සේ ලිංගික දර්ශන නැරඹීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බව වාර්තාවල දැක්වේ.

    “Sex (සෙක්ස්)” යන වචනය වැඩි වශයෙන් ගූගල් ඔස්සේ සොයා ඇති රටවල් අතරින් 2012 සිට 2016 දක්වා ශ්‍රී ලංකාව ඉහළින්ම සිටින බව ‘ගූගල් ට්‍රෙන්ඩ්ස්’ සෙවුම් යන්ත්‍රය ඔස්සේ ලැබෙන දත්ත අනුව පෙනී යයි.

    මේ වන විට ශ්‍රී ලංකාව තෙවෙනි ස්ථානයේ පසු වන අතර, පසුගිය වසර කිහිපය පුරා ද ලිංගිකත්වය පිළිබඳ ලෝකයේ දෙවෙනියට වැඩිම සෙවීම් සිදු කරන රට බවට පත් විය.

    ‘නුසුදුසු ඇබ්බැහිවීම්’

    සැමියා අසභ්‍ය ලිංගික දර්ශන නැරඹීමට ඇබ්බැහි වීම නිසා පවුල් ජීවිතයට බාධා එල්ල වූ අවස්ථා පිළිබඳ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අසන්නට ලැබේ. ඒ අතරින් කාන්තාවන් තිදෙනෙකුගේ ජීවන අත්දැකීම් මෙම ලිපියට ඇතුළත් කර තිබේ. කෙසේවෙතත්, මේ කිසිදු කාන්තාවක් සිය අනන්‍යතාව හෙළි කිරීමට කැමැත්ත පළ නොකළහ.

    “මම විවාහයට පෙර රැකියාවක් කරා. පසුව පූර්ණ කාලීන ගෘහණියක් වුනා. මගේ විවාහ ජීවිතය බොහෝම සුන්දර විදිහට තමයි ගත වුණේ. මම එක් දරු මවක්. දරුවා ලැබෙන්න ඉන්න කාලයේ අපි දෙන්නා අතර කායික සම්බන්ධයක් කොහෙත්ම ඇති වුණේ නැහැ. ඊට හේතුව මට ගර්භණී කාලයේ දී ඇති වුණ ගැටලු.”

    “කාලයත් සමග දරුවගේ වැඩ සහ ගෙදර දොරේ වැඩත් සමග අපේ කායික සම්බන්ධයක් නැතිම තරම් වුනා,” ඇය පැවසීය.

    “එහෙම දෙයක් ඇති වුනත් බොහෝ වෙලාවට වුණේ මගේ වුමනාවට විතරයි. ඒත් මට ලොකු විශේෂත්වයක් දැනුණේ නැහැ. දින විදිහට කිව්වොත් වසරකට දෙපාරක් වගේ තමයි කායික සම්බන්ධතාවක් ඇතිවෙන්නෙ.”

    Porn addiction of men in Sri Lanka

    “මගේ සැමියා මහ රෑටත් නිදි වරාගෙන ජංගම දුරකතනය දිහා බලාගෙන ඉන්නවා. එයා නිල් චිත්‍රපට බලනවා කියලා ඒ වෙනකොට මට දැනිලා තිබුණේ. ඒත් එය මේ තරම් විනාශයක් පවුලට කරන්න පුළුවන් ද කියලා මම දැනගෙන හිටියෙ නෑ.”

    “මට මේ සම්බන්ධව තිබුණේ අල්ප දැනුමක්. පසුව මම අන්තර්ජාලය හරහා වැඩි වැඩි වැඩියෙන් තොරතුරු හොයන්න පටන් ගත්තා. මගේ මහත්තයගෙ දුරකතනය පරික්ෂා කිරීමේදී තමයි දැනගන්න ලැබුණේ පැය ගණන් එයා එවා බලන්න පෙලඹිලා කියලා.”

    “පසුව මම එයා එක්ක සාකච්ඡා කළා. ඒ ගැන පළ වූ ලිපි සොයාගෙන එයාට ඒවා කියවන්න සැලැස්සුවා. එයා නොදැනුවත්ව සිදු වුණ ඇබ්බැහි වීම නිසා පවුලට වෙන හානිය අපේ ජීවිත වලට වෙන හානිය, දරුවන්ට වන හානිය පෙන්වලා දුන්නා. එයා තේරුම් ගත්ත නිසා මට පුළුවන් වුනා ඒ ඇබ්බැහි වීමෙන් එයාව ගලවා ගන්න.

    “බිරිඳ සහ සැමියා විදියට කායික සම්බන්ධතාවට අගයක් නොදීමෙන් ඔහු මේ ඇබ්බැහි වීමට ලක් වුණා කියලායි මට හිතෙන්නෙ,” ඇය තවදුරටත් පැවසුවාය.

    ‘ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ’

    අන්තර්ජාලයේ අසභ්‍ය ලිංගික වීඩියෝ පට නැරඹීම හේතුවෙන් පවුල් සම්බන්ධතා පළුදු වීම පමණක් නොව ලිංගික සෞඛ්‍යය ගැටලුවලට ගොදුරු වන තරුණයන්ගේ වැඩි වීමක් ද පෙන්නුම් කරන බවට ප්‍රමුඛ පෙළ මනෝ චිකිත්සකවරියක් වන බ්‍රිතාන්‍යයේ නොටින්හැම් විශ්වවිද්‍යලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක වන ඇන්ජෙලා ග්‍රෙගරි බීබීසී සේවයට පැවසීය.

    අවුරුදු 18 ත් 25 ත් අතර වයස් ඛාණ්ඩයේ පසු වන තරුණයන් විශාල වශයෙන් ලිංගික අකර්මණ්‍යතාවට ගොදුරු වී ඇති බව ඇය පැවසීය.

    මීට වසර දහයකට පෙර එවැනි බරපතළ සෞඛ්‍යය ගැටලුවලට මුහුණ දුන් ඉහත කී වයස් ඛාණ්ඩවලට අයත් පුරුෂයන් වාර්තා වීම දුර්ලභ තත්වයක් වූ බවත් වෛද්‍යවරිය කියා සිටියාය.

    සැමියාගේ අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් ගැන තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් සිය අත්දැකීම් හෙළි කළාය.

    “මගේ සැමියා මට මුණගැහෙන කොට එයා විදේශ රැකියාවක් කරමින් සිටියා. අපි ආදරය කරන කාලයේ අන්තර්ජාලය හරහා මගේ ශරීර අවයව පෙන්නන්න කියලා එයා මට කියනවා. ඒ වෙනකොට අපි විවාහ වෙන්න ගිවිසගෙන සිටි නිසා මට අමුත්තක් දැනුණේ නැහැ.”

    Porn addiction of men in Sri Lanka

    “විවාහයෙන් පසු සාමාන්‍ය විදිහට ජීවිතය ගලාගෙන ගියත් මමත් ඔහු සමග විදේශ ගත වුණාම එය තරමක් වෙනස් වුනා. විවාහ වෙන විට මගේ වයස අවුරුදු 22යි. එයා හැමවෙලාවෙම මාව මග අරිනවා කියලා මට තේරුණා.”

    “වැඩ නිසා මහන්සියි කිව්වත් නිවාඩු දවසට ඕන කමින් එළියට ගිහින් රෑ වෙලා ආපසු එන්නෙ. ටික කාලයක් යනකොට මට ඒක මානසික වදයක් වුනා. මම තනියම රෑට අඬනවා. විදේශ රටක තට්ටුගානක් උඩට වෙලා කරපු එකම දේ අඬන එක” යැයි ඇය ඉතා හැඟුම්බරව සිය කතාව පැවසුවාය.

    “බොහෝ වෙලාවට මම බලෙන් එයා ළඟට ගියත් එයා කායිකව එක්වෙන්න කැමති නෑ. එයාට වෙන සම්බන්ධයක් තියෙනවද කියලත් මට සැකයක් ආවා. දවසක් මම එයාට කිව්වා මට අම්මා කෙනෙක් වෙන්න ඕනෙ, නමුත් ඒකට මේ වගේ සම්බන්ධයක් තිබිලා බෑ. අපි සැලසුම් කරන්න ඕනෙ කියලා.”

    “මගේ කරදරයෙන් ගැලවෙන්න අවසානයේ එයා කැමති වුනා. දරුවා ලැබුණට පසුව මට තේරුණා එයාට මම ගැන හැගීමක් නෑ කියලා.. බොහෝ වෙලාවට එයා කැමති වුනේ මම දිහා බලාගෙන ඉඳලා විතරක් එයාගෙ ලිංගික අවශ්‍යතාව සපුරාගන්න.”

    “බිරිඳක් විදිහට මම ඒ දෙයට කැමති වුණේ නැහැ. පසුව එයා උපරිම උත්සහ කළා මම සමග කායිකව එකතු වෙන්න. ඒත් එයාට ඒ හැඟීම් දැනෙන්නෙ නෑ. අවසානයේ මම දරුවත් සමග ලංකාවට ආවා. එතකොට එයා මගෙන් ඉල්ලීම් කරනවා වීඩියෝ ඇමතුම් ඔස්සේ එයාට මගේ අවයව පෙන්නන්න කියලා.”

    “මම දවසක් උත්සහ කරලා බැලුවා. එතකොට එයාට හොදටම හැගීම් දැනෙනවා. එයා නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක මගේ සැකය ඔප්පු වුනා. එයා අන්තර්ජාලයේ සජීවී විකාශනය වන ලිංගික වීඩීයෝ බලන්න පෙලඹිලා.”

    “අවුරුදු ගණනක් තනියම විදේශ රටක හිටපු නිසා ඔහු ඒකට ඇබ්බැහි වෙලා. දැන් අපි අතර බැදීමක් නෑ. දරුවා නිසා අමාරුවෙන් එකට ඉන්නවා” ඇය තවදුරටත් පැවසුවාය.

    “අස්වාභාවික දේ ඔලුවේ තැන්පත් වුණාම ස්වභාවික දෙයින් සතුටක් ලබන්නේ නැහැ”

    අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම් දරුවන්ගේ මනෝ ලෝකය තුළ තැන්පත් වීමත් විවාහ දිවියට පත් වූ පසු ඒවා ස්වභාවික ලෝකය තුළින් නොලැබීමත් නිසා ඔවුන් අතරමං වන බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර බීබීසී සිංහල සේවයට පැවසීය.

    Porn addiction of men in Sri Lanka
    “සෙක්ස් (sex)” යන වචනය වැඩි වශයෙන් ගූගල් ඔස්සේ සොයා ඇති රටවල් අතරින් ඉහළින් සිටින ශ්‍රී ලංකාව

    “අස්වාභාවික දේ තමයි හරි දේ කියල ඔලුවේ තැන්පත් වුනාම නිසි වයසට පැමිණි පසු ස්වභාවික දෙයින් ඔවුන්ට සතුටක් ලබා ගන්න අපහසු වෙනවා. ඔවුන් ලෝක දෙකක අතරමං වෙනවා. ඒ නිසා ඇතැම් විට ඔවුන්ගේ ලිංගික අවයවවල අකර්මණ්‍යතා පවා ඇති වීමට ඉඩ කඩ තියෙනවා,” වෛද්‍යවරිය පැවසුවාය.

    “ලිංගික දර්ශන නැරඹීමේ දී උත්තේජනය වීමෙන් නිකුත් වන රසායන මොළයේ ව්‍යුහයට බලපානවා. ඒ අනුව මෙය ඉතා සතුට දනවන දෙයක් බවට පත් වී අසභ්‍ය ලිංගික දර්ශන නැරඹීමට ඉතා පහසුවෙන් ඇබ්බැහි වෙනවා” ඇය පැවසුවාය.

    සිය සැමියා ලිංගික දර්ශන නැරඹීමට ඇබ්බැහි වීම හේතුවෙන් දික්කසාද වීමට තීරණය කළ කාන්තාවක් සිය අත්දැකීම් මෙසේ පැවසුවාය.

    “මම ඉපදුණේ විදේශ රටක. මගේ සැමියා මට හමුවෙන්නේ ඒ රටේ අධ්‍යාපනය හදාරලා රැකියාවක් කරනකොට. එයා හරිම අහිංසක කෙනෙක්. විවාහ වෙලා කෙටිකාලයක් තුළ එයාට වෙන ප්‍රාන්තයකට මාරුවක් ලැබුණා. ඊට පස්සේ අපි දෙන්නා හිටියෙ දෙතැනක.”

    “සති අන්තයේ තමයි මුණ ගැහෙන්නෙ. ඒ ආවත් එයා දවසම නිදියනවා. රෑටත් වැටුණ ගමන් නිදියනවා. කාලයත් එක්ක සති අන්තයේ එන එකත් සීමා වුණා. විවාහ වෙලා අවුරුදු කිහිපයක් යනකොට සම්පූර්ණයෙන් එයා මගෙත් එක්ක තියෙන කායික සම්බන්ධකම් නැවැත්තුවා,” ඇය පැවසුවාය.

    “ඒකට එයා හේතුවක් කියන්නෙ නෑ. මගේ ඇඟට අතක්වත් තියන්නෙ නැති තැනට පත්වුණා. මම හිතුවා එයා සමලිංගික කෙනෙක් කියලා. ඒත් හොයලා බැලුවම එහෙම දෙයක් නැහැ. වෙන කාන්තාවන් සමග සම්බන්ධයක් තිබුණෙත් නැහැ.”

    “නමුත් තවදුරටත් සොයා බලද්දී ඔහු නිල් චිත්‍රපටි බලන්න ඇබ්බැහි වෙලා හිටියා. මේ ගැන එයා එක්ක කතා කළාම කිව්වේ එයාට හැඟීම් නැතිවුනාට හිතේ ආදරේ අඩුවෙලා නැහැ කියලා. අපි බොහොම තරුණ වයසේ ඉන්නේ. විවාහ වෙලා අවුරුදු තුනයි. ඒ නිසා තීරණය කළා දික්කසාද වෙන්න.”

    “මේ වගේ දේකට ඇබ්බැහි වුණ කෙනෙක් සමග මගේ ජීවිතය නාස්ති කරන්න මට උවමනාවක් නැහැ,” ඇය පැවසුවාය.

    “ජීවිතයම අවුල් ජාලයක් බවට පත් වෙනවා”

    “සමහර පුද්ගලයන් නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. එම චිත්‍රපටවල අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් පෙන්වනවා. මේ දේවල් අනුකරණය කරන්න උත්සාහ කිරීම බොහෝ විට ලිංගික අප්‍රාණික බවට හේතු වෙනවා,” පවුල් සෞඛ්‍ය‍ විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව බීබීසී සිංහල සේවයට පැවසුවාය.

    Porn addiction of men in Sri Lanka

    “ඒ ඇබ්බැහිවීම් නිසා ලිඟුව අප්‍රාණික වීම මානසික රෝගයක ප්‍රතිවිපාකයක් නොව පුද්ගලයකු තුළ වර්ධනය වන එක්තරා මානසික තත්වයක්. නමුත් සමහර පුද්ගලයන් මානසික රෝගීන් වශයෙන් හඳුනා ගැනෙන අතර, ඔවුන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ ද වෙනස් ආකාරයකට” යැයි වෛද්‍යවරිය පැවසුවාය.

    මේ අතර, අසභ්‍ය ‘නිල් චිත්‍රපට’ ලෝකය පුරා දරණු ලෙස පැතිරී තිබෙන විශාල ජාවාරමක් ලෙස හඳුනාගෙන ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නීතිඥ එන්.එස් ප්‍රනාන්දු පැවසුවාය.

    “අන්තර්ජාලය කාන්තාවන් වගේම පුරුෂයනුත් ප්‍රසිද්ධියේ විකිණෙන මහා අප්‍රසන්න තැනක් බවට පත් වෙලා. සමාජ, දේශපාලන සහ සංස්කෘතික ගැටලුවලට නිතර මුහුණ දෙන ශ්‍රී ලාංකිකයන් තමන්ගේ අසහනකාරී මනස පිනවන්න සිතාගෙන ලිංගික දර්ශන නරඹන්න පුරුදු වෙලා.”

    “කිසිම පාලනයක් නැතුව, ලිංගික අසහනයෙන් පෙළෙමින් ගූගල් සෙවීම්වල අදාළ වචන යොදලා රටක් වශයෙන් අපි ලැජ්ජාවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් පෞද්ගලික ජීවිත අවුල් කරගෙන.”

    “මෙයට පිළියම් සොයන කොට ශ්‍රී ලාංකීය සමාජයෙන් මත දෙකක් ඉදිරිපත් වෙනවා. එකක් තමයි, ලිංගික දර්ශන ඇතුළත් වෙබ් අඩවි සම්පූර්ණයෙන් තහනම් කිරීම, අනෙක තමයි නිසි ලිංගික අධ්‍යාපනය ලබා දෙමින් ලිංගිකත්වය ගැන විවෘතව කතා කිරීම,” නීතිඥවරිය තවදුරටත් පැවසුවාය.

    බී.බී.සී. සන්දේශය වාර්තාවකි – කාලීනභාවය සලකා යළි ප්‍රකාශයට පත්කරන ලදි – ප්‍රධාන සංස්කාරක

  • PHI සංගමයෙන් කොවිඩ් අනු පොකුරු ගැන යළි රතු එළියක්

    PHI සංගමයෙන් කොවිඩ් අනු පොකුරු ගැන යළි රතු එළියක්

    නව ආසාදිතයින් හඳුනාගන්නා ප්‍රදේශවල සංචරණ කටයුතු සීමා කිරීම් අප්‍රමාදව සිදුකළ යුතු බව  මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මේ වනවිට මතුව ඇති බවත් ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කළ ඇතැම් ප්‍රදේශවලින් ද මේ වනවිට යළිත් නව ආසාදිතයින් වාර්තා වෙමින් පවතින බවත් ඔහු සදහන් කළේය.

    විශේෂයෙන් කොළඹ මහනගර සීමාවෙන් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම හේතුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව ද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

    මේ අතර අද (28) දිනයේ නව ආසාදිතයින් 87 දෙනෙකු හඳුනාගැනීමත් සමග බන්ධනාගාර ඇසුරෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 908 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මාධ්‍ය වෙත හෙළි කළේය

    ආසාදිත පිරිස අතර බන්ධනාගාර නිලධාරින් 52 දෙනෙකු ද සිටින බවයි උපුල්දෙණිය මහතා සදහන් කළේ.

  • ලංකාවෙන් තෑගි දුන් අලියෙක් ගැන ‘පාකිස්ථානයෙන් ඇසෙන’ හද දවන කතාව

    ලංකාවෙන් තෑගි දුන් අලියෙක් ගැන ‘පාකිස්ථානයෙන් ඇසෙන’ හද දවන කතාව

    මේ තවත් අලි කතාවක් නොවේ !

    ‘මැණිකා‘ ගැන කතාව ඔබට මතක ඇති. ඒ වගේම දෛනිකව සිදුවන අලි මරණ ගැනත් ඔබට යම් අවබෝධයක් ඇති. ඒත් යුද්ධයට දැක් වූ සහායට කෘතගුණ සැලකීමක් ලෙස 1985දී පාකිස්ථානයට තෑගි දුන්න අලි පැටවා වින්ද දහදුක් ගැන ඔබ කිසිම දෙයක් නොදන්නවා විය හැකිය. මේ වසර 35ක් පුරා ‘කාවන්‘ නම් මේ අලියා පාකිස්ථානයේදී විදි අපමණ දුක් කන්දරාව පිළිබද සත්‍ය කතාවයි.

    මෙය තවත් එක් අලි කතාවක් නොවේ.

    ‘‘දශක ගණනාවක් තිස්සේ ලෝකයේ හුදකලාම අලියා පාකිස්තාන සත්වෝද්‍යානයක පිහිටි ඔහුගේ කුඩා, නිසරු බිම් කැබැල්ල තුළ වාසය කරමින් සත්වෝද්‍යානයට පැමිණෙන ජනතාව විනෝදයට පත් කර තිබේ.

    ඔහු ඔවුන්ට ආචාර කරන විට අමුත්තන් වැඩි යමක් ඉල්ලා සිටිනු ඇත. හසුරුවන්නන් විසින් ඇණ ගසන ලද ගොන්කොකු වලින් (nailed bull hooks) ඔහුට පහර දුන් අතර, අමුත්තන්ගේ සාක්කුවල පිරී ඇති මුදල් වෙනුවෙන් ඔහු රංගනය ඉදිරිපත් කළේය.

    ඔහු වටා සිටි සමහර සතුන් දිනපතා උන්හිටි ගමන් අතුරුදහන් වූ අතර, ධනවතුන්ගේ රසමසවුළු බවට ඔවුන් පත්වූ බවට විශ්වාස කළ හැකි පුවත් පැතිර ගියේය. ඔහුගේ එකම සහකාරිය මිය ගියේ ඇත්ගොව්වන්ගේ පහරදීම්වලින් සිදුවූ තුවාල ආසාදනය වීම නිසාය.

    අවුරුදු ගණනාවක් තිස්සේ කිසිවෙකු මේ ඔහුගේ හුදකලා ඉරණම ගැන තැකීමක් නොකළ බව පෙනේ. ඔහුගේ තුවාල ආසාදනය වූ අතර ඔහුගේ කකුල් වටා දම්වැල් වලින් ඇති වූ තුවාල නිසා ස්ථිර කැළැල් ඇති විය. ඔහු සෙමෙන් මනෝ ව්‍යාධිය හා තරබාරුකම කරා ගමන් කළේය.

    කවාන් මැයි මාසයේ මාගසාර් සත්ව උද්‍යානයේ මඩුවක ආවරණය යට සිටගෙන සිටියි
    කවාන් තම පරිශ්‍රයේ මඩුවක ආවරණය යට සිටගෙන සිටියි

    එහෙත් හදිසියේ සියල්ල වෙනස් විය. හෙට (29) දිනට එළිය වන විට ලෝකයේ හුදකලා අලියා මහාද්වීපයේ අනෙක් පැත්තේ නව ජීවිතයක් සඳහා ඔහුගේ පාළු කොටුව අතහැර යනු ඇත. ස්වේච්ඡා සේවකයින්ගේ සන්ධානයක් සහ ඇමරිකානු පොප් නිරූපකයෙකු වන චර්ට ස්තුති වන්න එය සිදුවන්නේය.

    ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය වෙනුවෙන් පාකිස්ථානය දැක්වූ සහයෝගයට කෘතගුණ සැලකීමක් ලෙස 1985දී ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට තෑගි දුන්න ‘කවාන්ගේ කතාව‘ මෙයයි එය යාඥාවකින් ආරම්භ වී ගීතයකින් අවසන් වීම විස්මය ජනකය.

    ඒකාධිපතියාගේ දියණියගේ යාඥාව

    Young Zain Zia with her father, General Haq
    සයින් සියා තම පියා සමග

    බොලිවුඩ් චිත්‍රපටයක්, කිසියම් සියුම් ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් සහ එක් කුඩා දැරියකගේ අභිලාෂයන් නොතිබුණි නම් කවාන් මෙවැනි ඉරණමකට මුහුණ නොදෙනු ඇත.

    පාකිස්තානයේ එවකට හමුදා පාලක ජෙනරාල් සියාඋල් හක්ගේ දියණිය වන සයින් සියා – Zain Zia ‘හති මේරේ සාති Haathi Mere Saathi – අලි ඇතුන්ගේ මිත්‍රයන්‘ නම් බොලිවුඩ් චිත්‍රපටය නැරඹීමෙන් පසු අලි පැටවුන් සමඟ ආදරයෙන් බැඳී සිටියාය. ඉතින් ඇය යාඥාවක් කළාය.

    “මම අහස දෙස බලා යාඥා කළා. අල්ලාහ් දෙවියනි ! මට හතී මේරා සාතියක් දෙන්න (ආදරණීය දෙවියනි, මගේ මිතුරෙකු වීමට අලියෙකු මට දෙන්න),” සයින් මෑතකදී බීබීසීයට පැවසුවාය.

    ඇගේ යාඥාව ඇසුණි. ඒ තම පියාටය. වැඩි වේලාවක් යන්නට මත්තෙන්, (සයින් පාසලට සූදානම් වෙමින් සිටියදී) ජෙනරාල් හක් ඇයට නවත්වන්නැයි ඉල්ලා, ඇයගේ ඇස් වසා ගෙන නිවස පිටුපස වූ උද්‍යානය වෙත කැදවා ගෙන ගියේය.

    “ඔහු කිව්වා මට පුදුමයක් තියෙනවා කියලා” ඇය සිහිපත් කළාය. 

    “ඔහු පසුව මට කීවා දැන් ඔබ ඇස් අරින්න කියලා. මම චකිතයකින් යුතුව එය කළා. මා ඉදිරිපිට සිටියේ අලි පැටියෙක් ! ඔහු හරිම ආදරණීයයි. මම තරයේ කියා සිටියේ අපි ඔහුව නිවසේ තබා ගනිමු කියලා‘

    නමුත් මගේ පියා කිව්වා ‘ඔහු අයිති රජයටයි. ඒ නිසා අපි ඔහුව සත්වෝද්‍යානයට භාරදිය යුතුයි. අපිට ඔහුව හොඳින් බලාගන්න බැහැ. විශේෂයෙන්ම ඉක්මනින් ලොකු වේවි. ලොකු අලියෙක් බලා ගන්න ඔබට බැහැ‘

    සයින් සියා
    ෂයින් සිය නිවස ඉදිරිපිට

    කුඩා අලියාට දුන් අපූරු නම ‘කවාන් Kaavan ය. ඔහු එතෙක් ශ්‍රී ලංකාවේ පින්නවල අලි අනාථාගාරයේ (පීඊඕ) රඳවාගෙන සිටි බව එක්සත් ජනපදයේ ජීවත් වන, ශ්‍රී ලංකාවේ අලි පුනරුත්ථාපන විශේෂඥ රවී කොරයා පවසයි.

    කොටි සංවිධානයට එරෙහිව කළ යුද්ධයේදී පාකිස්ථානය ශ්‍රී ලංකා හමුදාවට සහාය දැක්වීම ගැන කෘතඥවීමට අවුරුද්දක් වයසැති පැටවා ජෙනරාල් හක්ගේ රජයට තෑගි කර ඇතැයි සැලකේ.

    කවාන් සැබවින්ම අනාථ දරුවෙක් ද ? යන ප්‍රශ්නයට නිශ්චිත හේතු දැක්වීම අසීරුය. එහෙත් 1985 දී තරුණ අලියා ඉස්ලාමාබාද්හි සත්වෝද්‍යානයකට පැමිණි බව අපි දනිමු.

    රන් ආකරයක්

    මාගුසාර් සත්ව උද්‍යානය (Marghuzar Zoo) ඉදිකර ඇත්තේ මීට වසර හතකට පෙරය, නමුත් ඒ වන විටත් බල රික්තයක් මතුවී ඇති අතර, ඒ සඳහා “ව්‍යාපාරික මාෆියාවන්” හේතු වී තිබේ.

    සරලව කිවහොත්, සත්වෝද්‍යානයේ සිදු වූ දේ හෝ එහි සතුන් ගැන බලධාරීන් සැලකිලිමත් වූ බවක් නොපෙනුණි.

    එසේම, බලගතු සත්වෝද්‍යාන සේවකයින් ගණනාවක් පවුලේ සාමාජිකයින්ට කොන්ත්‍රාත් ලබා දීමට පටන් ගත් අතර, ආකර්ශනීය භූමිය තුළ මෙන්ම අවට හරිත පටි මත ආහාර වෙළඳසැල් සහ ළමා ක්‍රීඩා පිටි පවත්වාගෙන යාමට ඔවුන්ට ඉඩ ලබා දෙන ලදී.

    පිරිමි ළමයා ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයෙන් පිටත මාවතේ අලි පිළිමයක් මතට පැද්දීම
    ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයෙන් පිටත මාවතේ අලි පිළිමයක් මතට පැද්දෙමින් සිටින පිරිමි ළමයෙක්

    ඔවුන්ට මුදල් ඉපයීමේ වෙනත් ක්‍රම ද තිබුණි.

    විවිධ කාලවලදී කලාපයේ බලගතු පුද්ගලයින් විසින් පවත්වනු ලබන බාබකියු සාද සඳහා සතුන්, ප්‍රධාන වශයෙන් කළු තාරාවුන් රහසිගතව සපයා ඇති බවට සාක්ෂි තිබේ.

    2019 දී සත්වෝද්‍යානයේ වරින් වර සමීක්ෂණ පැවැත්වීමට Friends of Islamabad Zoo (FIZ) නම් ස්වේච්ඡා සේවකයින් පිරිසක් කටයුතු කළ විට සත්ව සංඛ්‍යාව උච්චාවචනය වී ඇති බව ඔවුන්ට පෙනී ගියේය. මෙම විෂමතා පෙන්වා දුන් විට හදිසියේම නව සතුන් කොටු තුළ දර්ශනය විය.

    කණ්ඩායම සොයාගත් එකම දෙය එය නොවේ.

    “සත්වෝද්‍යානයේ කිසිදු පශු වෛද්‍ය පහසුකමක් සහ ඖෂධ සැපයුම් නොමැත” යනුවෙන් FIZ ස්වේච්ඡා සේවකයෙකු වන මොහොමඩ් බින් නවීඩ් පවසයි. 

    “මෙහි සත්ව සෞඛ්‍ය පහසුකමක් නොමැත; ශල්‍යකර්මයක් කිරීමට ඉඩක් නැත. රෝගී සතෙකු හුදෙකලා කර තැබිය හැකි ඉඩක් නොමැත.”

    මේ සියල්ල මධ්‍යයේ සත්වෝද්‍යානයේ තාරකාව වන කවාන් විය.

    කවාන්ගේ රාජකාරිය වූයේ විවෘත වේලාවේදී සෙනගට විනෝදාස්වාදය ලබා දීම සඳහා වැටෙහි සිටගෙන සිටීම, ඔහුගේ කඳ, හිඟමනේ පාත්‍රයක් ලෙස ඔසවා තැබීම ය.

    මාගසාර් සත්වෝද්‍යානයට පැමිණෙන අමුත්තන් 2016 ජූලි මාසයේ ඊඩ් නිවාඩු දිනවල කවාන් වටා රැස්ව සිටිති.
    මාගසාර් සත්වෝද්‍යානයට පැමිණෙන අමුත්තන් 2016 ජූලි මාසයේ ඊඩ් නිවාඩු දිනවල කවාන් වටා රැස්ව සිටිති

    කවාන්ගේ රාත්‍රීන් ගත කළේ කුඩා අක්කර භාගයක් පමණ වන කොන්ක්‍රීට් තට්ටුවක් සහිත පැල්පතක ය.  එහි කිසිම පහසුකමක් හෝ නොවූ බව වාර්තාවල සදහන්ය.

    එහෙත් වාසනාවකට මෙන් කවාන් තනිකමක් නොවීය. වසර ගණනාවක් තිස්සේ ඔහුගේ නිරන්තර සහකාරිය වූයේ ‘සහේලි‘ ය. 1990 ගණන්වල මුල් භාගයේදී බංග්ලාදේශයේ සිට ගෙන එන ලද කෙනෙරක් වූ ඇය කවාන්ට සැබවින්ම ලෙන්ගතු වූවාය.

    එවැනි මිත්‍රත්වයේ අවශ්‍යතාවය අවතක්සේරු කළ නොහැකිය. වනජීවී විශේෂඥයන් පවසන්නේ අලි ඇතුන් සංජානනීය නවීන හා බුද්ධිමත් බවයි. ඔවුන්ට අවුරුදු 60 ත් 70ක ආයු කාලයක් ඇති අතර සමාන හැඟීම් ඇති අතර ශක්තිමත් පවුල් බැඳීමක් ඇති කරයි. ඔවුන් ඔවුන්ගේ මළවුන් ගැන ද වැලපෙති.

    සහලි 2012 දී මිය ගියාය. මරණය ගැන නිල වාර්තාවල සදහන් වන්නේ උණුසුම් කාලගුණය හේතුවෙන් ඇය හෘදයාබාධයකින් මිය ගිය බවයි. නමුත් FIZ ස්වේච්ඡා සේවිකාවක් වන මොහොමඩ් බින් නවීඩ් චෝදනා කරන්නේ ‘එය සැබවින්ම සමතුළ ඇති වූ ගැඹුරු තුවාල ආසාදනයක් මගින් සිදු වූ බව‘යි.

    “ඇයට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වූ පහරදීම් හේතු වෙන් ඇති වූ ගැඹුරු තුවාල තිබුණා. ඇය ගැන්ග්‍රීන් රෝගයට ගොදුරු වී සෙප්ටික් කම්පනයකින් මිය ගියාය. සෑම දෙනාම මෙය දන්නා නමුත් එය පිළිගන්නේ නැත,” ඇය පවසයි.

    කවාන් ඔහුගේ කඳ පෙන්වයි
    කවාන් සත්වෝද්‍යානය තුළ තම හොඩවැල පෙන්වයි

    කවාන් – ඔහුට අවශ්‍ය ස්වාභාවික පරිසරය මේ වන විටත් අහිමි වී ඇත. ඇයගේ මරණයට පෙර වසර කිහිපය තුළ වැඩි වැඩියෙන් ආක්‍රමණශීලීව ක්‍රියා කර ඇත. ඔහු 2000 සිට දම්වැල්වල දීර්ඝ කාලයක් ගත කළේය.

    ඇය මිය ගිය පසු ඔහු නරක අතට හැරුණේය. ඔහු භයානක බවට අනතුරු ඇඟවූ අතර කිසිවෙකුට හුදකලා අලියාට සමීප වීමට ඉඩ නොදුනි.

    එෆ්පීඅයි හි කණ්ඩායම 2016 දී පැමිණෙන විට, ඔවුන් සත්වෝද්යානයෙන් “ආක්‍රමණශීලී” සතෙකු සොයා ගත්හ. ඔහුට “සමහර හිඟමන හැරෙන්නට” මිනිසුන් කෙරෙහි පූර්ණ උදාසීනත්වයක් තිබුණි. ඔහුගේ ශාරීරික තත්වය ද පිරිහෙමින් පැවතුණි.

    කවාන් අසනීපයෙන් සිටි බව එතරම් පැහැදිලිය. ඔහු අධික ලෙස බරින් යුක්ත වූ අතර, ඔහුගේ පාලකයන් ඔහු ලබා දුන් අධික සීනි සහිත ආහාර එයට හේතුව විය. නමුත් සත්වෝද්‍යානයේ තරු ආකර්ෂණය නැති කර ගැනීමට කිසිවෙකුට අවශ්‍ය නොවීය.

    ගීතය

    ඔස්කා සම්මානලාබභී නිළියක් හා ගායිකාවක් වන Cher මුලින්ම කවාන්ගේ දුක්ඛිත තත්වය ගැන දැනගත්තේ 2016 දී ය. වනජීවී ආරක්ෂණ පුණ්‍යායතනයක් වන ෆ්‍රී ද වයිල්ඩ් Free the Wild සමඟ සහයෝගයෙන් කටයුතු කළ ඔස්කාර් සම්මානලාභී නිළිය සහ ගායිකාව කාවන්ගේ නිදහස උදෙසා නීතිඥ කණ්ඩායමකගේ සේවය මිලට ලබා ගත්තාය.

    ඔහුව නිදහස් කිරීමේ අධිකරණ නියෝගය මැයි මාසයේදී ප්‍රකාශයට පත් කළ විට, ගායිකාව එය ඇගේ ජීවිතයේ “ශ්‍රේෂ්ඨතම අවස්ථාව” ලෙස නම් කළාය. එතැන් සිට මාස කිහිපය තුළ ඇය සිය ට්විටර් ගිණුමේ ඔහුගේ ප්‍රගතිය විස්තර කර ඇති අතර එහිදී ඇයට මිලියන 3.8 ක් අනුගාමිකයන් සිටී.

    නමුත් කවාන් සහ සත්වෝද්‍යානයේ අනෙක් සතුන් සඳහා වූ සටන අවසන් නොවීය. ඉස්ලාමාබාද්හි මහාධිකරණයේ නඩුව අවසන් වීමට පෙර ගැටළුව එක් දෙපාර්තමේන්තුවකින් තවත් දෙපාර්තමේන්තුවකට විසි කරන ලදී. ජුනි මාසයේදී සත්වෝද්‍යානය වසා දැමීමට නියෝගයක් ලැබුණි. එහෙත් කවාන්ගේ ඉරණම අවිනිශ්චිතව පැවතුනි.

    මොහමඩ් බින් නවීඩ් පවසන්නේ කාවන්ට විදේශගත වීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කරන බවත්, “ඔහු රැකබලා ගන්නා බවත්” පවසමින් නිලධාරීන් බාධා කළ බවයි.

    එහෙත් ලෝක වනජීවී අරමුදලේ ආචාර්ය උස්මා ඛාන් World Wildlife Fund’s Dr Uzma Kha මෑත කාලීන රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වා දුන් පරිදි, කසාන් සත්වෝද්‍යානය පමණක් ගැටලු ඇති එකම ස්ථානය නොවේ. සතුන් තබා ගැනීමේදී පාකිස්තානයට ඒකාකාරී ප්‍රමිතීන් නොමැත. එහි සත්වෝද්‍යාන කිසිවක් ලෝක සත්වෝද්‍යාන හා මින්මැදුරේ සංගමයේ (WAZA) සාමාජිකයෙක් නොවේ.

    කවාන් ස්නානය කරමින්, අමීර් උදව් කරයි
    එෆ්පීඅයි කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය අමීර් කලීල්, කවාන්ට ස්නානය කිරීමට සහාය වේ

    එබැවින් ෆෝ පව්ස් ඉන්ටර්නැෂනල් වෙත දෙවන වරටත් ආරාධනා කරන ලද අතර නව සැලසුමක් දියත් කරන ලදි. කවාන් ආසියාව හරහා කාම්බෝජයට පියාසර කිරීම. එහිදී ඔහුට ඉතිරි වසරවල “ආරක්ෂිත සම්බන්ධතා” අභය භූමියක ජීවත් විය හැකිය.

    තිබුණේ එක ගැටලුවක් පමණි. කවාන් කෝපයට පත්වන අලියෙක් වූ අතර අභය භූමිය තුළ ඔහුට වඩා වයසින් අඩු අලි 30ක් පමණ වාසය කළහ. අනෙක් අතට කාබ්බෝජයට යන ගමන ද පහසු නොවීය.

    අවසානයේදී, එෆ්පීඅයි කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය අමීර් කලීල් විසඳුමකට පිවිසියේය.

    කවාන්ගේ ශාරීරික සෞඛ්‍යය ආරක්ෂිතව තක්සේරු කිරීම සඳහා කණ්ඩායමට ආරක්ෂක විධිවිධාන යෙදීමය. මේ සදහා අලියා අසල පැය ගණනක් ගත කිරීමට සිදු වූ අතර එය කම්මැලි රැකියාවක් බව ඔහු පවසයි.

    “ඒ නිසා මම ගායනා කරන්න පටන් ගත්තා. ටික කලකට පසු, අලියා මගේ කටහඩ කෙරෙහි උනන්දුවක් ඇති කර ගැනීමට පටන් ගත් බව මම දුටුවා. ඔහුට කිසිවෙකු හෝ ආදරය නොකළ නිසා මම ලැජ්ජාවට පත් වූණා. නමුත් විශාල රසිකයෙක් හමුවීම ගැන මම සතුටු වුණා. මම ඔහුට ගායනා කරන්න පටන් ගත්තා‘

    වැඩි කල් යන්නට මත්තෙන් කවාන් වෛද්‍ය කලීල්ගේ දෑතින් ආහාර ගනිමින් ඔහුව හොඩවැලෙන් බදාගෙන පොකුණ අසල ස්නානය කරමින් සිටීමට ප්‍රිය කළේය. සබදතාව තව දුරටත් තහවුරු වූ අතර ගීත ගායනය සහ ශ්‍රවණය ද අඛණ්ඩව සිදුවිය.

    වෛද්‍ය අමීර් කලීල් කවාන්ට කාම්බෝජයට යන ගමන සඳහා සූදානම් කිරීම සඳහා ප්‍රවාහන කූඩුවක පෝෂණය කරයි
    වෛද්‍ය කලීල් කාවාන් කාම්බෝජයට යන ගමන සඳහා සූදානම් කිරීම සඳහා සූදානම් කරන අයුරු

    වැඩි කලක් යන්නට මත්තෙන්, කලහකාරී මෙම අලියා වෛද්‍ය කලීල් සහ ඔහුගේ සගයන් සතුටින් පසුපස ලුහුබැඳ ගියේ ඔහුව ප්‍රවාහනය සදහා සූදානම් කර ඇති කූඩුව තුළටය. එය ටොන් පහමාරක් වන කවාන් ද රැගෙන කාම්බෝජයට පැය අටක ගුවන් ගමනක් සඳහා රැගෙන යාමට විශේෂයෙන් නිර්මාණය කර තිබුණි.

    “වැරදි කළමනාකරණය, පළපුරුදු කාර්ය මණ්ඩලයේ හිඟකම, ව්‍යාපාර හා මුදල් සමඟ මනුෂ්‍යත්වය මුසු වීම සහ සතුන්ගේ සුභසාධනය කෙරෙහි අඩු අවධානයක්” යන සංකලනයක් ලෙස වසර 35 ක් කවාන් අපමණ දුක්වින්ද බව ආචාර්යය කලීල් පවසයි.

    කවාන්ගේ නිදහස සදහා සදහා ඔහුව කාම්බෝජයට රැගෙන යා හැකි බවට මැයි මාසයේ දී නියෝග කළ දින සිට චර් ට්විටර් වෙබ් අඩවියේ ඉඟි කළාය. මේ අතර ඇය ඊයේ (සිකුරාදා) පාකිස්තානයට ගොඩ බැස්සේ ඇගේ ගමනට සූදානම්වීම සදහාය. ආරක්ෂක හේතූන් මත ඇගේ නිශ්චිත කාලසටහන රහසිගතව තබා ඇති නමුත් ඇය සිකුරාදා අගමැති ඉම්රාන් ඛාන් හමුවූ බව වාර්තා වේ.

    කාම්බෝජයේ පිහිටි අක්කර මිලියනයක කුලන්-ප්‍රොම්ටෙප් වනජීවී අභයභූමිය (Kulen-Promtep Wildlife Sanctuary) කවාන්ගේ නව නිවස වෙත ඇය පාකිස්තානයේ සිට සංචාරය කිරීමට අපේක්ෂා කරයි.

    කවාන්ට තවමත් ඔහුගේ මානසික ගැටලු මඟහරවා ස්වාභාවික පරිසරයකට හැඩගැසීමට ගැටළු ඇති විය හැකි බව ඔහුගේ මිතුරා ආචාර්ය කලීල් පවසයි, නමුත් ඔහුට “අවසානයේ අලියෙකු වීමට අවස්ථාවක් තිබේ”

    කවාන් ඔහුගේ කූඩයට ඇතුළු වේ
    කාම්බෝජයට යන දිගු ගමනට පෙර කවාන් සිය කුටියට ඇතුළු වන අයුරු

    2020 නොවැම්බර් 28 වැනි දින බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ආහාර හා සම්බන්ධ ජනප්‍රිය මිත්‍යාවන් 05ක පෝෂණ විද්‍යාත්මක පදනම

    ආහාර හා සම්බන්ධ ජනප්‍රිය මිත්‍යාවන් 05ක පෝෂණ විද්‍යාත්මක පදනම

    ආහාර සම්බන්ධ මිත්‍යාවන් ඕනෑම සමාජයක බහුල අතර උගත් – නූගත්, දුප්පත් – පොහොසත්, තරුණ – මහළු පමණක් නොව ගැහැනු පිරිමි වශයෙන් ද ඒවා බහුලව විශ්වාස කරනවා.

    මීට කලකට පෙර මේ මිත්‍යාවන් පැවත ආවේ හෝ පැතිරුණේ පාරම්පරික විශ්වාස, ජනමාධ්‍ය සහ සංස්කෘතික තත්ත්වයන් මත වුණත් දැන් ආහාර සම්බන්ධ මිත්‍යාවන්ට ගෝලීය වශයෙන් පවා පැතිරයාමට ගත වන්නේ මොහොතක් පමණයි. ඒකට අවශ්‍ය බූස්ටර් එක බවට පත්ව තිබෙන්නේ කිසිම පාලනයක් හෝ දොරටුපාලකයෙක් නැති සමාජමාධ්‍ය සහ ඇතැම් බ්ලොග් බවයි කියන්නේ.

    රසවත් කරමින්, භීතිය අවුලවමින් සිදුවන මේ වාර්තාකරණය නිසා ඒවා විශ්වාස කිරීමට අප පෙළඹවීම පුදුමයක් නොවේ. (කැරට් ඔබට අඳුරේ දැකීමට උදව් කිරීම හෝ චොකලට් යනු කාමාශාව වර්ධනය කරන්නකි) ඒ අපගේ දෛනික ආහාර වේලට වඩා විශාල බලපෑමක් ඇති කරන මිථ්‍යාවන් ගැන වන අතර බොහෝ විට ඔවුන්ට තම මතය තහවුරු කිරීමට විස්මිත සාධක සහ අත්දැකීම් තිබේ.

    ස්වාභාවික සීනි (natural sugars) සෞඛ්‍ය සම්පන්න බව, ඔබ ව්‍යායාම කරන්නේ නම් ප්‍රෝටීන් ෂේක් (protein shakes) පානය කිරීම වැදගත් බව ඔබ අවසන් වරට අසා ඇත්තේ කවදාද?

    මම ලීඩ්ස් විශ්ව විද්‍යාලයෙන් (2020) පෝෂණය පිළිබඳ උපාධියක් ලබා තිබේ. එබැවින් බොහෝ විට මට ප්‍රබන්ධයෙන් සත්‍යය වෙන් කළ හැකිය (මම විනිශ්චය නොකළත් – මිතුරන් මට කියන සෑම දෙයක්ම විශ්වාස කිරීම ගැන මම ප්‍රසිද්ධයි). මෙන්න මට බොහෝ විට ඇසෙන ආහාර පිළිබද සුලභ මිථ්‍යාවන් …

    කාබෝහයිඩ්රේට / Carbohydrate නරකයි’

    Carbs හෝ Carbohydrate කාබෝහයිඩ්රේට – පෝෂණයේදී “ කාබෝහයිඩ්රේට ” යනු සාර්ව පෝෂක තුනෙන් එකකි. අනෙක් දෙක වන්නේ ප්‍රෝටීන් සහ මේදයයි. කාබෝහයිඩ්‍රේට් යනු කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු වලින් සමන්විත ජෛව අණුවකි, සාමාන්‍යයෙන් හයිඩ්‍රජන්-ඔක්සිජන් පරමාණු අනුපාතය 2: 1 කි. ආහාර කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන කොටස් තුනකට බෙදිය හැකිය: සීනි: ආහාරවල දක්නට ලැබෙන පැණිරස, කෙටි දාම කාබෝහයිඩ්‍රේට් යනු ඒ තුනයි

    සාමාන්‍යයෙන් බර අඩු කර ගැනීමට උත්සාහ කරන මිතුරියන්ගෙන් මම මෙය වසර ගණනාවක් තිස්සේ අසා ඇත්තෙමි. නමුත් අප සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුගමනය කිරීමට අවශ්‍යය. ඇත්ත වශයෙන්ම  කාබෝහයිඩ්රේට යනු කුමන ආහාරයක් ද යන්න පිළිබදව ව්‍යාකූලත්වයක් ඇත. එක් මිතුරියක් මෑතකදී ඇයගේ දිවා ආහාරය සඳහා සුප් සමඟ පාන් ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කළාය.

    කාබෝහයිඩ්රේට පාලනයට විවිධ ස්වරූප ඇත, එය නිශ්චිත වේලාවකට පසු ඒවා අනුභව නොකිරීම විය හැකිය.

    කාබෝහයිඩ්රේට යනු අපගේ ප්‍රධාන බලශක්ති සැපයුමයි. නමුත් දුඹුරු සහල්, පාන් සහ පැස්ටා වැනි සම්පූර්ණ ධාන්‍ය වර්ග සහ සම්පූර්ණ පළතුරු සහ එළවළු ඇතුළු අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ හා තන්තු ලබා දෙන ආහාර ද තෝරා ගැනීම වැදගත්ය.

    එක්සත් රාජධානියේ මහජන සෞඛ්‍ය සේවය විසින් වැඩිහිටියන් සඳහා නිර්දේශිත දිනකට තන්තු ග්‍රෑම් 30 ක් අපගෙන් බොහෝ දෙනෙකුට නොලැබේ. 

    කෙඳි සහිත ආහාර ගැන ඇති වැදගත්කම කුමක්ද? එය ආහාර ජීර්ණයට සහ බඩවැල්වල ජීවත්වන හොඳ බැක්ටීරියා පෝෂණය කිරීමට උපකාරී වන අතර එමඟින් ඔබේ සෞඛ්‍යයට යහපත් බලපෑමක් සිදුවේ.

    ‘කැලරි සියල්ලම එක හා සමානයි’

    ආහාර ඒවායේ කැලරි අන්තර්ගතයට කොටු වී ඇති සංවාදයක් මම අසා ඇත්තෙමි. ආහාර සංඛ්‍යා දත්ත බවට පත් වූ පසු, මිනිසුන් ඒවා සංසන්දනය කිරීමට පටන් ගනී. 

    “මම කිරි චොකලට් කැබලි කිහිපයක් හෝ ඒ වෙනුවට කෙසෙල් ගෙඩියක් (එකම කැලරි ප්‍රමාණයක්) අනුභව කරන්නේ නම් එයින් කිසිදු වෙනසක් සිදු නොවේ”, මම අසා ඇත්තෙමි.

    පුද්ගලයන් දෙදෙනෙකු දිනකට එකම කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කරන්නේ නම්, එක් අයෙකු පෝෂ්‍යදායී ආහාර (කෙසෙල්) අනුභව කරන අතර, අනෙකා කුණු ආහාර (කිරි චොක්ලට්) අනුභව කරන්නේ නම්, ඔවුන්ගේ ශරීරයට ඇති බලපෑම බෙහෙවින් වෙනස් වනු ඇත.

    අපි චොකලට් සහ කෙසෙල් උදාහරණය ගනිමු. ඒවා දෙකම ආහාරයට ගැනීමෙන් කැලරි 90ක් පමණ එකතු කළ හැකි නමුත් චොකලට් වල මේදය අධික විය හැකිය. විශේෂයෙන් සංතෘප්ත මේදය කොලෙස්ටරෝල් වැඩි කිරීමට අනුබල දෙයි. ඒවා රුධිරයේ සීනි මට්ටම වැඩිවීමට හේතු වන අතර ඔබට නැවතත් බඩගිනි දැනේ. එමගින් ඔබට නැවත නැවත කිරි චොක්ලට් කෑමට සිදුවනු ඇත.

    සංසන්දනාත්මකව බලන කල, කෙසෙල් වල ඇති තන්තු එහි සීනි මුදා හැරීම මන්දගාමී කිරීමට උපකාරී වන අතර, රුධිරයේ සීනි ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යාමට ඉඩ සලසයි. කෙසෙල් වල ඇති අතිරේක විටමින් සහ ඛනිජ ලවණ ගැන සඳහන් නොකරමු.

    කැලරි වලට වඩා පෝෂ්‍ය පදාර්ථ ගැන සිතීම වැදගත් වන අතර ආහාර සමඟ ඇති ඔබේ සම්බන්ධතාවයට ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකි කැලරි ගණනය කිරීමෙන් වළකින්න.

    කතුවරයා වන ලොටි සැවේජ් මී පැණි සහ අග්ගිස් පැණි බෝතල් සමඟ.

    මිහිරි සංග්‍රහයකට අකමැති කවුද? අපි කවුරුත් දන්නවා ඕනෑවට වඩා සීනි ආහාරයට ගැනීම අපට නරක බව, එබැවින් ස්වාභාවික සීනි (Natural sugar) විකල්ප සෞඛ්‍ය සම්පන්න බව අප ඒත්තු ගැන්වීම පුදුමයක් නොවේ. 

    මම මගේ තේ වලට සුදු සීනි  (refined sugar) වෙනුවට මී පැණි දැමුවේ එය ස්වභාවික නිසයි. එය මට වඩා හොඳයි”, මිතුරෙක් මට පැවසීය. නමුත් ශරීරය තවමත් එය සීනි ලෙස දකී.

    අග්ගිස් සිරප් සහ මේපල් සිරප් ද බොහෝ විට මිතුරන්ගේ කබඩ් වල දක්නට ලැබේ. කවුරුහරි මෑතකදී මගෙන් ඇහුවා ‘ඔබ සතුව මී පැණි හෝ අග්ගිස් සිරප් තියෙනවාද ?‘ කියලා. මම ‘නැහැ‘ කිව්වම ඔවුන් දුඹුරු සීනි ඉල්ලුවා. නමුත් දුඹුරු සීනි සාදනු ලබන්නේ සුදු සීනි වලට මොලස් එකතු කිරීමෙනි.

    සමහර ස්වාභාවික සීනිවල විකල්ප වල පිරිපහදු කළ සීනි වලට වඩා ක්ෂුද්‍ර පෝෂක කිහිපයක් අඩංගු විය හැකි නමුත් ඒවා ඉතා කුඩා ප්‍රමාණවලින් යුක්ත වන අතර ඒවා අතර සුළු වෙනසක් නොමැත. ඒවා තවමත් ‘සීනි‘මය.

    උදෑසන ආහාරයට බහුල වශයෙන් එක්වන ‘ධාන්‍ය‘ වර්ග සමඟ ද ගැටළුව ආරම්භ වේ. මී පැණි බොහෝ විට ග්‍රැනෝලා සහ ධන්‍ය බාර් සඳහා අමුද්‍රව්‍ය ලැයිස්තුවේ ඉහළ මට්ටමක පවතී, ඒවා සෞඛ්‍ය සම්පන්න විකල්පයක් ලෙස විකුණනු ලැබේ.

    අප විසින් එකතු කරන ලද සීනි ප්‍රමාණය අප නිර්දේශිත බලශක්ති පරිභෝජනයෙන් 5% වඩා සීමා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි. පලතුරු යුෂ සහ සූදානම් කළ නිෂ්පාදන (Readymade products) ඇතුළුව දිනකට එකතු කළ සීනි තේ හැඳි 6-7 කි. එබැවින් එම ලේබල පිළිබඳව විමසිල්ලෙන් සිටීම වැදගත්ය.

    ‘නිර්මාංශ ආහාර වේලක් මගින් ඔබට ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් නොලැබෙනු ඇත’

    මට බොහෝ විට බීම කිහිපයකින් පසු කුකුළු මස් යොදා සකස් කළ කෙටි ආහාරයක් ලැබේ. 

    “ඔබ මස් හෝ මාළු අනුභව නොකරන්නේ නම් ඔබේ ආහාර වේලෙන් ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් නොලැබේ” යැයි මිතුරන් පවසති. මම ටික කාලයක් සත්ත්ව ආහාර වලින් තොර වූ විට, උපදෙස් වහලය හරහා ගියේය!

    නමුත් බොහෝ නිර්මාංශිකයින්ට කිරි, බිත්තර, ධාන්‍ය හා ඇට වර්ග වැනි ආහාර වලින් ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් ලැබේ. සෛල සෑදීම හා අළුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය විවිධ ප්‍රෝටීන ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම ප්‍රභවයන් රාශියක් ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීම හොඳය. 

    ප්‍රෝටීන සෑදී ඇත්තේ ඇමයිනෝ අම්ල වලින් වන අතර ශරීරයට සෑදිය නොහැකි ප්‍රෝටීන් වර්ග නවයක් ඇත, එබැවින් ඒවා අපගේ ආහාර වේලෙන් පැමිණිය යුතුය. 

    කිරි සහ බිත්තර ඇතුළු සත්ව ප්‍රෝටීන් (Animal protein sources) ප්‍රභවයන්හි මෙම ඇමයිනෝ අම්ල සියල්ලම අඩංගු වන අතර ශාක ප්‍රභවයන්හි සම්පූර්ණ ප්‍රමාණය නොමැති බැවින් ඒවා සියල්ලම සැපයීම සඳහා අපි ඒවා අනුපූරක ප්‍රෝටීන සමඟ සම්බන්ධ කරමු.

    නමුත් විටමින් බී 12 සහ යකඩ ඇතුළු ක්ෂුද්‍ර පෝෂක කිහිපයක් නිර්මාංශ ආහාර වේලක් මගින් ඔබට නොලැබීමට ඉඩ තිබේ. නමුත් මෙම පෝෂ්‍ය පදාර්ථ දෙක සොයා ගැනීමට තවත් බොහෝ ස්ථාන තිබේ. ඔබට කිරි, ධාන්‍ය වර්ග සහ තද කොළ එළවළු වලින් යකඩ සහ විටමින් බී 12 ලබා ගත හැකිය. 

    ‘සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම මිල අධිකයි’

    සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් (healthy dietගැනීම මිල අධික විය හැකි බව මිථ්‍යාවක් නොවේ. නමුත් එය එසේ විය යුතු නැත. 

    ‘සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්’ සදහා  vegan meat (සොයා වැනි ධාන්‍ය වර්ගවලින් නිෂ්පාදනය කරන – සෝයාමීට් වැනි) වැනි විශේෂ අමුද්‍රව්‍ය මත සතිපතා ආහාර අයවැය ඉදිරිපත් කරන බොහෝ පුද්ගලයින් මට හමු වේ. සමහර විට එය මූලික කරුණු වෙත ආපසු යාමට උපකාරී වේ. නිදසුනක් ලෙස (බොහෝ විට) සීනි වලින් පිරී ඇති උදෑසන ධාන්‍ය මිශ්‍ර ආහාර වේල වෙනුවට ඕට්ස් මිලදී ගැනීම (ලාභදායී හා සතුටුදායක උදෑසන කැඳකට තල්ලු කිරීම) දැක්විය හැකිය.

    පළතුරු සහ එළවළු ලාභදායී විය හැකි අතර ධාන්‍ය වර්ග ද සැමවිටම මස් සහ මාළුවලට වඩා මිලෙන් අඩුය.

    ‘Freefrom products සැමවිටම සෞඛ්‍ය සම්පන්නයි’

    “මම Freefrom products බිස්කට් මිලදී ගන්නම්, ඒවායේ කිරි හෝ තිරිඟු අඩංගු නොවන නිසා ඒවා සෞඛ්‍ය සම්පන්නයි”, මට ඇසේ. නැතහොත් “මම මේ මොහොතේ ග්ලූටන් වලින් වැළකී සිටින බැවින් ග්ලූටන් (Gluten) රහිත පැස්ටා ලබා ගනිමි”,

    ග්ලූටන් යනු තිරිඟු වල අඩංගු ප්‍රෝටීනයක් වන එමගින් යම් යම් ආසාත්මිකතා ඇතිවිය හැකිය. (එසේම ලැක්ටෝස් නොඉවසීම ඇති අය (කිරි වල ප්‍රධාන සීනි ලැක්ටෝස් වන බැවින්) කිරි වලින් වැළකීම වැදගත්ය). 

    ඔබට ආහාර නොඉවසීමක් හෝ ආසාත්මිකතාවයක් ඇතිවිය හැකි යැයි ඔබ සිතන්නේ නම්, ඔබේ විශ්වාසය සමාජමාධ්‍යවල පරීක්ෂණයකට යොමු කරනවාට වඩා ඔබේ GP (General practitioner – සාමාන්‍ය වෘත්තික පරීක්ෂණ) පරීක්‍ෂා කිරීම වඩාත් සුදුසුය. විකල්පයක් ලෙස, ග්ලූටන් හෝ ලැක්ටෝස් වළක්වා ගැනීමෙන් ඔබට හොඳක් දැනෙනවාද යන්න පරීක්ෂා කරන්න.

    මෙම ලිපියේ සම්පාදිතාව වන ලොටි සැවේජ් 2020 දී ලීඩ්ස් විශ්ව විද්‍යාලයෙන් පෝෂණය පිළිබඳ උපාධියක් ලබා තිබේ.)

    බී.බී.සී (2020 නොවැම්බර් 27) දින වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ