Tag: featured

  • Cheerleaders යුවතියන් හමුවේ සිල්බිදගත් සුපිරි තරු

    Cheerleaders යුවතියන් හමුවේ සිල්බිදගත් සුපිරි තරු

    ක්‍රීඩාව සහ ජනප්‍රියත්වය කියන්නේ ගසට පොත්ත වාගේ දෙයක්. ජනප්‍රිය පුද්ගලයින් යන යන තැන රූපරාමුවලට කොටුවෙන අතර ඒවා මොහොතකින් වෛරස් වෙනවා. ඒ නිසා ජනප්‍රිය පුද්ගලයෙකුට හොර රහසේ පුංචි සතුටක් පවා ගන්න බැහැ. මේ ඡායාරූප එකතුව මගින් කියන්නේ එවැනි විශේෂ අවස්ථා 12ක්.

    දැන් කතාවට එමු. ඔබ සිතන්නේ චියර්ලීඩර්වරුන්  cheerleaders ගැන දන්නවා. දැන් දැන් ලංකාවෙත් ක්‍රීඩා තරග පැවැත්වෙන විට මේ සුන්දර යුවතියන්ගේ සේවය ලබා ගන්නවා. ලංකාවේ තත්ත්වය ගැන අපට වැටහීමක් නැතත් යුරෝපයේ නම් ඔවුන් උසස් පාසල් ශිෂ්‍යාවන්. ඔවුන් අමතර ආදායමක් ලබා ගැනීමට වගේම සතුට වෙනුවෙන් තමයි මෙය කරන්නේ.

    ඉතිං, මාධ්‍ය වාර්තාකරන ආකාරයට මේ යුවතියන්ට පිරිමි ළමයි වශී වී සිටින අතර කාන්තාවන් නම් ඔවුන් දෙස බලන්නේ කෝපයෙන්. (හිතා ගන්න පුළුවන්නේ) ගැහැනු ළමයින් ඔවුන්ට ඊර්ෂ්‍යා කරන අතර ඔවුන් ඔවුන් හා සමාන වීමට කැමතිද යන්න තීරණය කිරීමට අරගල කරනවා. 

    වැඩිහිටි පිරිමින් පමණක් නොව තරුණයින් පවා මේ යුවතියන්ට කොතරම් කැමති ද යන්න වගේම ලෝප්‍රකට කීර්තිමත් පුද්ගලයින් තමන්ගේ බිරිද හෝ පෙම්වතිය ළග සිටින විටදී පවා ඔවුන් දෙස කෑදර දෑසින් බලන අයුරු දැන් ඔබට සාක්ෂි සහිතව ඔප්පු කිරීමට අප සූදානම්.

    1. ඩේවිඩ් බෙකම්

    ඩේවිඩ් බෙකම් ගැන නොදන්න කෙනෙක් මේ ලෝකයේ නැහැ. එංගලන්තයෙන් බිහි වූ මේ පාපන්දු සුපිරිතරුව විවාහ වෙලා ඉන්නෙත් අති සුරූපිනියක් වන වික්ටෝරියා සමග. ඒත් මේ ඡායාරූප දෙක දකින ඔබට සිතෙන්නේ කුමක්ද ?

    ඩේවිඩ් බෙකම් |  කීර්තිමත් පුද්ගලයින් ප්‍රීති at ෝෂා නඟමින් |  සෙස්ට්‍රඩාර්

    2. රොබට් පැටින්සන්

    ඔහු එඩ්වඩ් කලන් චරිතයට රඟපාන විට බෙලාගේ දෑස් පමණක් ඔහු වෙත යොමුවී තිබෙන්නට ඇති. ඒත් මේ සුරූපී  cheerleaders යුවතිය දෙස පැටින්සන් බලාසිටින විට ඔබට සිතෙන්නේ කුමක්ද ? ‘ෂා මෙයා එක්ක බලන කොට බෙලා කැලේනේ !

    රොබට් පැටින්සන් |  කීර්තිමත් පුද්ගලයින් ප්‍රීති at ෝෂා නඟමින් |  සෙස්ට්‍රඩාර්

    3. රිහානා

    ඉහතින් සදහන් කළේ පිරිමි ගැනනේ. අපි මුලින් කිව්වා වාගේ ප්‍රීතිඝෝෂා කරන යුවතියන්ගේ සුන්දරත්වයෙන් වශී නොවන කිසිවෙක් මේ මිහිපිට නැහැ. සුපිරි ගායිකා රිහානා දිරියෙන් සිටින මේ  cheerleaders යුවතිය ඊට කදිම උදාහරණයක්. බලන්න රිහානා ඇය දෙස බලා සිටින ආකාරය.

    රිහානා |  කීර්තිමත් පුද්ගලයින් ප්‍රීති at ෝෂා නඟමින් |  සෙස්ට්‍රඩාර්

    4. ඇෂ්ටන් කුචර්

    ඇෂ්ටන් කුචර් කියන්නේ සුපිරි තරුවක්. ඔහුගේ පෙම්වතියත් අති සුරූපිනියක්. ඒත් හොදින් බලන්න ඇෂ්ටන් තම පෙම්වතිය නැති විටදී පමණක් නොව ඇය සිටින විටද මේ යුවතියන්ට දක්වන ප්‍රතිචාරය.

    ඇෂ්ටන් කුචර් |  කීර්තිමත් පුද්ගලයින් ප්‍රීති at ෝෂා නඟමින් |  සෙස්ට්‍රඩාර්

    5. ඩ්‍රේක්

    ඩ්‍රේක් ඇය දෙස බලන බැල්ම ඔබට දරා ගන්න පුළුවන් ද ?

    ඩ්‍රේක් |  කීර්තිමත් පුද්ගලයින් ප්‍රීති at ෝෂා නඟමින් |  සෙස්ට්‍රඩාර්

    6. හේලී බෝල්ඩ්වින්

    සුපිරි ගායිකා රිහානා cheerleaders යුවතින් දෙස ධනාත්මක වුව ද හේලී බෝල්ඩ්වින් නම් මේ cheerleaders යුවතිය බලන්නේ එතරම් පැහැදීමකින් නොව බව සහතිකයි. බලන්න ඇයගේ ඇස් දෙස. ඒවා කෝපයෙන් පිරිලා නේද ?

    හේලී බෝල්ඩ්වින් |  කීර්තිමත් පුද්ගලයින් ප්‍රීති at ෝෂා නඟමින් |  සෙස්ට්‍රඩාර්

    7. කැනී වෙස්ට්

    ලෝ ප්‍රකට සුපිරි නිරූපිකාවක් වන කිම් කාඩේෂ්යන් වෙස්ට්ගේ සැමියා තමයි කැනී වෙස්ට්. බලන්න ඔහු සහ ඔහුගේ මිතුරා මේ  cheerleaders යුවතිය දෙස බලන අයුරු. කිසිම සිනහවක් නැති ඒ මුහුණ හරිම කැතයි නේද ? ඒත් දෙවැනි ඡායාරූපය කොහොමද ? ඔහු කිම් සමඟ සිටින විට හරිම සතුටින් නේද ?

    කැනී බටහිර |  කීර්තිමත් පුද්ගලයින් ප්‍රීති at ෝෂා නඟමින් |  සෙස්ට්‍රඩාර්

    8. ටේලර් ලොට්නර්

    තරුණ වියේ පසුවන තවත් සුපිරි තරුවක් වන ටේලර් ලොට්නර් මේ සුන්දර යුවතියන් දෙස බලන බැල්ම කෑදරයි කියල ද හිතෙන්නේ ? නැහැ නේද ?

    ටේලර් ලොට්නර් |  කීර්තිමත් පුද්ගලයින් ප්‍රීති at ෝෂා නඟමින් |  සෙස්ට්‍රඩාර්

    9. ජස්ටින් බීබර්

    මේ දිනවල ජස්ටින් බීබර් ප්‍රසිද්ධියේ දක්නට ලැබෙන්නේ නැහැ. ඒත් පැසිපන්දු තරගවලදී නම් ඔහුව නිතර නිතර දැකගත හැකියි. මේ එවැනි අවස්ථා දෙකක්. හොදයි කියන්න බලන්න බීඩර් බලන්නේ කුමක් දෙසද ?

    ජස්ටින් බීබර් |  කීර්තිමත් පුද්ගලයින් ප්‍රීති at ෝෂා නඟමින් |  සෙස්ට්‍රඩාර්

    10. ජේ-ඉසෙඩ්

    සුපිරි ගායිකාවක් වන බියොන්ස්ගේ පෙම්වතා තමයි ජේ. ඔහු ඇයත් සමග මේ ඉන්නේ ප්‍රකට පැසිපන්දු තරගයක් නරඹමින්. බලන්න ඔහු ප්‍රීතිඝෝෂා කරන යුවතිය ‘එක තඹ සතේකට ගණන් නොගෙන ඉන්න අයුරු. බය නිසා නෙමෙයි හොදද ?

    ජේ-ඉඩ් |  කීර්තිමත් පුද්ගලයින් ප්‍රීති at ෝෂා නඟමින් |  සෙස්ට්‍රඩාර්

    11. ඇන්ටෝනියෝ බන්ඩරස්

    ඇන්ටෝනියෝ බන්ඩරස් බොහෝ කාන්තාවන්ගේ සිහිනය විය හැකියි. නමුත් දැන් එය අදාළ නැති පාටයි. ඔහුගේ සිහිනය ඔහු ඉදිරියෙහි ඇති බවයි පේන්නේ. 

    ඇන්ටෝනියෝ බන්ඩරස් |  කීර්තිමත් පුද්ගලයින් ප්‍රීති at ෝෂා නඟමින් |  සෙස්ට්‍රඩාර්

    12. කෙන්ඩල් ජෙනර්

    තවත් සුපිරි තරුවක් වන කෙන්ඩල් ජෙනර් ඉදිරිපිට සිටින මේ ප්‍රීතිඝෝෂා කරන්නියන් ගැන කුමක් සිතනවා විය හැකිද ? ‘අනේ අපි නොදන්න චෙස් !‘

    කෙන්ඩල් ජෙනර් |  කීර්තිමත් පුද්ගලයින් ප්‍රීති at ෝෂා නඟමින් |  සෙස්ට්‍රඩාර්
  • ඩිජිටල් බැංකුකරණයේ සුපිරි බව ඔබ වෙත රැගෙන එන Online බැංකු සේවාව

    ඩිජිටල් බැංකුකරණයේ සුපිරි බව ඔබ වෙත රැගෙන එන Online බැංකු සේවාව

    Covid-19 ගෝලීය ආපදාවත් සමඟ සමාජ, ආර්ථික හා ව්‍යපාරික ව්‍යුහයන් දැඩි වෙනසකට භාජනය වෙමින් පවතී. විශේෂයෙන් ගෝලීය ආපදාවෙන් ආරක්ෂා වීම සඳහා වන එකම හා ප‍්‍රායෝගික ප‍්‍රවේශය වන සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම, එදිනෙදා ගමන් බිමන් හා පොදු පරිසරයේ ගැවසීම හැකිතාක් සීමා කිරීමට සිදුවීම හේතුවෙන් මේ වන විට ව්‍යපාරික ලෝකයේ ‘ඩිජිටල්කරණය’ ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

    මේ තත්ත්වය හමුවේ බැංකු සේවාවන් ද වේගයෙන් තම සාම්ප‍්‍රදායික ඩිජිටල් බැංකුකරණ සේවාවන් වෙනුවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ඩිජිටල්කරණ සේවාවන් හඳුන්වාදීමට පියවර ගනිමින් සිටී.

    ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමියා වන්නේ සම්පත් බැංකුවයි. ගෝලීය වශයෙන් බැංකු පද්ධතිය තුළ ඩිජිටල්කරණය ආරම්භ වූ වහාම සම්පත් බැංකුව ද මෙරට තුළ ඩිජිටල් බැංකුකරණ සේවා ආරම්භ කළ අතර ඒ පුරෝගාමී මෙහෙවර අඛණ්ඩත්, ශක්තිමත් ලෙසත්, පුළුල් ලෙසත් පවත්වා ගෙන යාමට සම්පත් බැංකුව සමත්වි සිටී.

    මේ පුරෝගාමී නායකත්වය මෙහෙවර තව දුරටත් ව්‍යාප්ත කරමින් සහ ඉදිරියට ගෙන යමින් සම්පත් බැංකුව සිය පාරිභෝගිකයින්ට නිවෙසේ හෝ ඕනෑම ස්ථානයක සිට තම බැංකු කටයුතු පහසුවෙන් හා ආරක්ෂාකාරීව කරගෙන යාම සඳහා හඳුන්වා දුන් ‘සම්පත් විශ්ව’ ඔන්ලයින් බැංකු සේවාව මේ වන විට පාරිභෝගිකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

    නවතම තාක්ෂණය උපයෝගී කරගෙන පාරිභෝගිකයින්ගේ රහස්‍යභාවය හා ආරක්ෂාව තහවුරු වන පරිදි ක්‍රියාත්මක කොට ඇති ‘සම්පත් විශ්ව’ (Sampath Vishwa සේවාව මඟින් ලබා ගත හැකි පහසුකම් රැසකි.

    Sampath Vishwa සේවාව මඟින් ලබා ගත හැකි පහසුකම් අතර

    1. සම්පත් ගිණුම් හිමියන්ට බැංකුවට නොගොස් නිවසේ සිටම අලුතින් ජංගම ගිණුම්, ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කිරීමට හැකි වීම.

    2. තම ගිණුමේ ශේෂය දැන ගැනීම.

    3. බැංකුවේ සිය ගිණුමේ තිබෙන තැන්පතුවලින් ක්ෂණික ණය මුදලක් ලබා ගැනීම.

    4. මොබයිල් කෑෂ් පහසුකම යටතේ ඕනෑම ගිණුමකට මුදල් යැවීම.

    5. තම ක්‍රෙඩිට් කාඩ්පතේ ගනුදෙනු විස්තර ලබා ගැනීම හා එහි බිල ගෙවීම.

    6. ජල, විදුලි, දුරකතන බිල්පත් රක්ෂණවාරික රෝහල් ගාස්තු හා පාසල් ගාස්තු ද ‘සම්පත් පහසුකම යටතේ ගෙවීමට හැකිය.

    එසේම තමන් විසින් ලබා දෙන ස්ථාවර නියෝගයක් මඟින් මාසිකව ගෙවිය යුතු බිල් නියමිත දිනට බැංකුව මගින් ගෙවීමට හැකිවීම ද මෙහි තවත් විශේෂත්වයකි.

    තවද වෙනත් ගිණුම්වලට තම ගිණුමෙන් මුදල් යැවීම, නිකුත් කරන ලදචෙක්පත් ගෙවීම් අත් හිටුවීමට හා එක් දිනක් තුළ තම ගිණුමෙන් රුපියල් 20,000,000 දක්වා වූ මුදලක් වෙනත් ගිණුම්වලට බැර කිරීමට ද ‘සම්පත් විශ්ව’ මඟින් පහසුකම් සලසා ඇත.

    ‘සම්පත් විශ්ව’ මඟින් මුදල් යැවූ පසු ඒ බව සඳහන් ක්ෂණික දැනුම් දීමක් (SMS) පාරිභෝගිකයාගේ ජංගම දුරකතනයට ලැබේ.

    මෙම සියලු පහසුකම් ලබා ගත හැක්කේ සම්පත් බැංකුවේ ගිණුම් හිමියන්ට පමණි. සම්පත් බැංකුවේ ගිණුමක් තිබෙන ඕනෑම පාරිභෝගිකයෙකුට  https://www.sampath.lk/en/ සම්පත් බැංකුවේ වෙබ් අඩවියට පිවිස එහි ඇති  https://www.sampathvishwa.com/SVRClientWeb/ActionController පිටුවට ගොස් ‘සම්පත් විශ්ව’ පහසුකම් සඳහා ලියාපදිංචි වීමට පුළුවන. තම ජංගම දුරකතනයේ කෙටි පණිවිඩ සේවාව (SMS) තිබේ නම් පාරිභෝගිකයාට සිය නිවසේ සිටම මෙහි ලියාපදිංචිය (0112303050) ලබා ගත හැකිය.

    සම්පත් බැංකුව විසින් හඳුන්වා දී ඇති මෙම ඩිජිටල් බැංකුකරණ සේවා පහසුකම් මගින් ඔබ පමණක් නොව සමස්ත සමාජයම ගෝලීය ආපදාවෙන් ආරක්ෂා කිරීමට උපකාරී වන අතර ඒ සමග ලෝකයේ වඩාත් නවීනතම ඩිජිටල් බැංකුකරණ සේවා පහසුකම් ලබා ගැනීමට ද ඔබට අවස්ථාව ලබා දී ඇත.

  • ‘7%ට නිවාස ණය ලැබෙන හැටි’ මහ බැංකුව පැහැදිලි කරයි

    ‘7%ට නිවාස ණය ලැබෙන හැටි’ මහ බැංකුව පැහැදිලි කරයි

    අඩු වී ඇති අරමුදල් පිරිවැයෙහි ප්‍රතිලාභ නව සහ පවත්නා ණය පහසුකම් සඳහා කඩිනමින් ඔවුන්ගේ ණය ලබාගන්නන් හට ලබා දෙන ලෙස ප්‍රධාන වශයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු (LCBs) ඇතුළු සියලුම මූල්‍ය ආයතනවලින් මුදල් මණ්ඩලය දැඩිව ඉල්ලා සිටී.

    2021 අයවැයෙන් රජය විසින් යෝජනා කරන ලද සහන ණය යෝජනා ක්‍රමවලට අනුපූරකව, බලපත්‍රලාභී බැංකුවලින් වැටුප් ලබන සේවකයින් (එනම් බැංකු ගිණුමක් හරහා වැටුප් ලබන සේවකයින්) ලබා ගන්නා දේපළ ඇපකර සහිත නිවාස ණය සඳහා උපරිම පොලී අනුපාතිකයක් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

    ඒ අනුව එවැනි ණය සඳහා බලපත්‍රලාභී බැංකුවලට අවම වශයෙන් ණය කාල සීමාවේ පළමු වසර පහ සඳහා අය කළ හැක්කේ වසරකට සියයට 7ක පොලී අනුපාතිකයක් පමණි. ඉතිරි ණය කාල සීමාව සඳහා මාසික බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකයට (AWPR) වඩා සියයට 1ක ආන්තික සහිත පොලී අනුපාතිකයකින් අය කළ යුතු වේ. මේ සඳහා උපදෙස් ළඟදීම බලපත්‍රලාභී බැංකුවලට නිකුත් කෙරේ.

    අඩු වී ඇති අරමුදල් පිරිවැයෙහි ප්‍රතිලාභ නව සහ පවත්නා ණය පහසුකම් සඳහා කඩිනමින් ඔවුන්ගේ ණය ලබාගන්නන් හට ලබා දෙන ලෙස ප්‍රධාන වශයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු (LCBs) ඇතුළු සියලුම මූල්‍ය ආයතනවලින් මුදල් මණ්ඩලය දැඩිව ඉල්ලා සිටී.

    ඉහළ වර්ධනයක් සහ ඉපැයීමේ හැකියාවක් ඇති ආර්ථික අංශ ප්‍රවර්ධන කිරීමේ අවශ්‍යතාවය ද මුදල් මණ්ඩලය විසින් හඳුනාගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව තෝරාගත් අංශ සඳහා ණය දීමේ ඉලක්ක හඳුන්වා දීමට තීරණය කරන ලදී.

  • කැන්ඩි ටස්කර්ස්ගෙන් දැවැන්ත ඉලක්කයක්

    කැන්ඩි ටස්කර්ස්ගෙන් දැවැන්ත ඉලක්කයක්

    අභිනව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතක ලාභියා ලෙසින් තම නම ඉතිහාස කරගත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ රහමනුල්ලා ගුර්බාස්ගේ අනුකම්පා විරහිත පිතිහරඹය හේතුවෙන් කලම්බු කිංග්ස් පිල හමුවේ ලකුණු 220 ක අභියෝගාත්මක ඉලක්කයක් තැබීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද (26 දා) හැකියාව ලැබිණ.

    ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් කරන ලද විචිත්‍රවත් සමාරම්භ උළෙලකින් පසු ඇරැඹි එල්.පී.එල්. පළමු තරගයේ  පළමු හතරේ පහර එල්ල කිරීමේ ගෞරවය නායක් කුසල් පෙරේරා සතු වුවත්, මන්ප්‍රීට් ගෝනි යවන ලද දෙවැනි පන්දුවාරයේ සිට සිය ප්‍රහාරාත්මක පිතිහරඹය දියත් කළ ඇෆ්ගනිස්තානු ජාතික දකුණත් පිතිකරුවා මුහුණ දුන් 21 වැනි පන්දුවේදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය.

    මැතිව්ස්, ගෝනි, චමීර සහ උදානගේ පන්දු යැවීම තඹයකටවත් මායිම් නොකළ ගුර්බාස් කයිස් අහමඩ්ට එරෙහිව පිට පිට හයේ පහර 2 ක් එල්ල කරමින් ලකුණු 50 සීමාව ඉක්මවා ගියද අනතුරුව යවන ලද පන්දුවේදී උඩ පන්දුවක් දැවී ගියේ තම ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සරසා ගනිමිනි.

    දැවී යන විටත් නායක කුසල් සමඟ ලකුණු 75 ක සම්බන්ධතාවයක් එක් කිරීමට ගුර්බාස් සමත්වීම නිසා පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 79 ක් රැස් කර ගැනීමට කැන්ඩි ටස්කර්ස් පිලට හැකියාව ලැබිණ. ගුර්බාස්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් තරමක් තැන්පත් වුණු කුසල් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේ.

    පිටිය සිසාරා පහර එල්ල කළ වමත් කසකරුවා අර්ධ ශතකය පන්දු 35 කදී සම්පූර්ණ කරගනිද්දී ඉතිරි ලකුණු 37 ලබා ගැනීම සඳහා පන්දු 17 ක් පමණක් වැය කළේය. දැවී යන විටත් හයේ පහර 4 කින් සහ හතරේ පහර 9 කින් සිය ඉනිම සරසාගෙන සිටි කුසල් පෙරේරා පන්දු 52 කදී කුසල් ලකුණු 87 ක් ලබා සිටියේය.

    නුහුරු ලෙස ඇදී ගිය උඩ පන්දුව හඹා ගිය අශාන් ප්‍රියන්ජනගේ සුපිරි උඩ පන්දු රැකීම හමුවේ කුසල්ගේ ඉනිම හමාර වූ නමුත් කලම්බු කිංග්ස් පන්දු යවන්නන් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාර 5 දී ලකුණු 70 ක් උදුරා ගැනීමට කැන්ඩි ටස්කර්ස් පිතිකරුවෝ සමත්වූහ. ඒ අතර තුරදී කුසල් මෙන්ඩිස් (පන්දු 24 කදී ලකුණු 30 ක්) සමඟ ලකුණු පන්දු 42 කදී ලකුණු 59 ක්ද අසේල ගුණරත්න සමඟ පන්දු 39 කදී ලකුණු 73 ක්ද රැස් කරමින් තම ඉනිම ලකුණු 200 ඔබ්බට රැගෙන යෑමට වැඩි දායකත්වයක් ලබා දුන්නේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඇසුරිණි

  • පළමු තරගයේදී කොළඹ සහ නුවර හැප්පෙති

    පළමු තරගයේදී කොළඹ සහ නුවර හැප්පෙති

    මෙතෙක් සිහිනයක්ව පැවැති පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියක අඩුව ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කරමින් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ පැය 24 කටත් වඩා අඩු කාලයකි. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු කිංග්ස් සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ටස්කර්ස් අතර නොවැම්බර් මස 26 වැනිදා ප.ව. 7.30 ට ආරම්භවීමට නියමිත තරගයෙන් මෙම අභිනව ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය සනිටුහන් වනු ඇත.

    වසර ගණනාවක් තිස්සේ පැවැත්වීමට සැලසුම් කළද එහෙත් දිගින් දිගටම කල් දැමීමට සිදුවුණු ලොව අංක 1 ලීග් ක්‍රිකට් තරගාවලි අතරට එක් වන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය මුළු ලෝකයම ව්‍යසනයකට පත්ව තිබෙන අවස්ථාවක යථාර්ථයක් බවට පත්වීම ද සැබැවින්ම සිහිනයක් සැබෑවීමකි. තරගාවලියක් සංවිධානය කිරීමේදී පැන නැගෙන සාමාන්‍ය ගැටලුවලට පරිබාහිරව වූ ගැටළු හෙවත් කොරෝනා වසංගත තත්ත්වය මුළු ලෝකයටම බලපෑමක් ඇති කර තිබෙන අවස්ථාවක ඒ සියල්ලෙන්ම සුරක්ෂිත වූ තරගාවලියක් පැවැත්වීම මෙරට ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළන්නකි.

    කලම්බු කිංග්ස්

    Let’s Rule හෙවත් රජවීමට යමු යන තේමා පාඨය කර ගනිමින් හෙට තරගයට පිවිසෙන කලම්බු කිංග්ස් කණ්ඩායමට ලොව ප්‍රබලම ලීග් තරගාවලි නියෝජනය කරන ලද සුපිරි තරු රැසක් ක්‍රීඩා කරති. එහිදී නායක ඇන්ජලෝ මැතිව්ස්, ඇන්ඩ්‍රෙ රසල්, ඉසුරු උදාන සහ මන්ප්‍රීන් ගෝනි කැපී පෙනෙති.

    මොවුන් අතරින් ඇන්ඩ්‍රෙ රසල් සහ ඉසුරු උදාන පසුගියදා නිමාවට පත් වුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී පිළිවෙළින් කල්කටා නයිට් රයිඩර්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් පිල නියෝජනය කරමින් මෑතකදී විස්සයි-20 තරග රටාවේ වැඩිම තෙම්පරාදුවට පත්ව සිටින ක්‍රීඩකයෝ වෙති.

    ශ්‍රී ලංකාව විස්සයි-20 ලෝක කුසලාන දිනා ගන්නා ලද 2014 තරගාවලියේ සහ 2009, 2011 සහ 2012 යන වසර වල අනුශූරතාවට පත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකුව සිටි ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු කලම්බු කිංග්ස් කණ්ඩායමට මුහුණ දීමට සිදුව ඇති එකම ගැටළුව වන්නේ පළමු තරගයට පෙර කණ්ඩායමක් ලෙස හරි හමන් පුහුණු සැසිවලට සහභාගිවීමේ අවස්ථාව අහිමිවීමයි. කොරෝනා වෛරස් තත්ත්වයේ බලපෑමත් සමඟ කණ්ඩායමට ආදේශ වුණු ක්‍රීඩකයින්ට නීරෝධායන කාලසීමාවට යටත්ව කාලය ගතකිරීමට සිදුවීම නිසා පළමු තරගයට පෙර කණ්ඩායමක් ලෙස පුහුණුවීම් කිරීමට අවස්ථාව හිමි වූයේ පළමු තරගයට පෙර දින රාත්‍රියේ පැවැති පුහුණු සැසියේදී පමණක් වීමයි.

    ඇන්ජලෝ මැතිව්ස්

    “හොඳම සූදානමක් කියලා කියන්න බැහැ. මොකද අපි කණ්ඩායමක් විදියට එක දවසයි ප්‍රැක්ටිස් කළේ. නමුත්  ඒක නිදහසට කරුණක් නොවෙයි. එකට ප්‍රැක්ටිස් නොකරට මෙතන ඉන්න සියළු දෙනාම ඇති තරම් ක්‍රිකට් ගහපු අය. ළාබාළ ක්‍රීඩකයොත් ඉන්නවා. නමුත් බහුතරය ක්‍රිකට් ගහලා තියෙනවා. ඒ නිසා මේ දේට හැඩ ගැහෙන්න අමාරුවෙයි කියලා හිතන්නේ නෑ. ඇත්තටම විදෙස් රටවලින් ආපු අයත් අමාරු තත්ත්වයකදී වුණත් ධනාත්මක විදියට තමයි තරගාවලිය දිහා බලන්නේ. මොකද අපි ආස කරන දේ අපිට ආයිත් ලැබිලා තියෙන හින්දා. ඉතිං අපිට මොන ගැටළුව ආවත් අපි ඒ දෙවල් නිරාකරණය කරගෙන තරග ක්‍රීඩා කිරීමට ලැබීමම ලොකු දෙයක්” යි පුහුණුවීම් අවසානයේදී සඳහන් කර සිටියේය.

    අයි.පී.එල්. තරගාවලිය අතරතුර ඇතිවූ කලවයේ ආබාධයක් හේතුවෙන පළමු තරගයේදී ඇන්ඩ්‍රෙ රසල්ට පන්දු යැවීම අවධානම් තත්ත්වයක පැවැතියත් ඉදිරි තරගවලදී පන්දු යවන්නකු ලෙසින්ද කටයුතු කිරීමට හේ බලාපොරොත්තුවෙන් පසුවේ. කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් ද පන්දු යවන්නකු ලෙස මෙම තරගයේදී කටයුතු කිරීම කලම්බු කිංග්ස් කණ්ඩායමට සුභදායී පණිවිඩයකි.

    “මගේ පන්දු යැවීම ස්ථීරයි. නමුත් රසල්ගේ ආබාධය තවමත් තියෙනවා. නමුත් ඔහු පන්දු යවන්නන් උත්සාහ කරනවා. ඒ අනුව ඔහු කියයි ඔහුගේ තත්ත්වය කොහොමද කියලා”යි පන්දු යැවීමේ වූ අවධානම පිළිබඳව අදහස් දක්වා සිටියේය.

    හිටපු දකුණු අප්‍රිකානු පිතිකරුවකු වන හර්ෂල් ගිබ්ස් ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන කලම්බු කිංග්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසින් රංගන හේරත් කටයුතු කරන නමුත් නීරෝධායන කාල සීමාවට යටත්ව සිටින හෙයින් ඔහුට තවමත් පුහුණුවීම් සඳහා සහභාගිවීමේ අවස්ථාව අහිමිව තිබේ.

    කලම්බු කිංග්ස් සංචිතය

    දේශීය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපෝන්සු, අශාන් ප්‍රියන්ජන්, දුෂ්මන්ත චමීර, ධම්මික ප්‍රසාද්, ජෙෆ්රි වැන්ඩර්සි, තික්ෂිල ද සිල්වා, තරිඳු කෞෂාල්, ළහිරු උදාර. අතිරේක – හිමේෂ් රාමනායක, කළන පෙරේරා, තරිඳු රත්නායක, නවෝද් පරණවිතාන

    විදේශීය – ඇන්ඩ්‍රෙ රසල් (බ.ඉ.කොදෙව්), මන්ප්‍රීට් ගෝනි (ඉන්දියාව), කායිස් අහමඩ් (ඇෆ්ගනිස්තානය), ඩැනියල් බෙල් (එංගලන්තය), කරීම් ඛාන් (ඇෆ්ගනිස්තානය, ලෝරි එවන්ස් (එංගලන්තය)

    කැන්ඩි ටස්කර්ස්

    ශ්‍රී ලංකාවේ ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙසින් නම් දරා සිටින කුසල් පෙරේරා නායකත්වය දරනු ලබන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට දක්ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩකයින් රැසක් ඇතුළත්ව සිටින අතර ඒ අතරින් කුසල් මෙන්ඩිස්, බ්‍රෙන්ඩන් ටේලර්, ඩේල් ස්ටේන් සහ ඩිල්රුවන් පෙරේරා කැපී පෙනෙති.

    ජාතික යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන හෂාන් තිලකරත්න මහතා මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරේ කටයුතු කරන බැවින්, යොවුන් ක්‍රීඩකයින් වැඩි පිරිසක් පිළිබඳව ඔවුහු බලාපොරොත්තු තබා තිබීම කැපී පෙනෙයි. යොවුන් කණ්ඩායමේ කළමනාකරු ලෙසින් කටයුතු කරන ෆර්වීස් මහරූෆ් ද එම කණ්ඩායමේ කලමනාකරුවා ලෙසින් කටයුතු කිරීම ඒ පිළිබඳව වූ විශ්වාසය වැඩි කිරීමට තවත් හේතුවකි. ඔවුන්ට අමතරව ලීග් ක්‍රිකට් අතර පෙරමුණේ පසුවන සික්කුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න හැරුණු විට තරුණ ක්‍රීඩකයක් වන කමිඳු මෙන්ඩිස්ද ප්‍රධාන දායකත්වයක් ලබා දීමට සූදානමින් සිටින ක්‍රීඩකයෝ වෙති.

    කැන්ඩි ටස්කර්ස් පිලටද ඇති ප්‍රධානම අඩුපාඩුව බවට පත්ව සිටින්නේ කණ්ඩායමට තේරී පත්ව සිටි විදෙස් ක්‍රීඩකයින් අතරින් සොහෙල් ටන්වීර් කොරෝනා වෛරසය වැළඳීමත් ඒ සඳහා ආදේශ කරන ලද ක්‍රීඩකයින් කීප දෙනෙක්ම තවමත් කණ්ඩායමට එකතුව නොතිබීමය. ඒ අතර බ්‍රෙන්ඩන් ටේලර් සහ ඩේල් ස්ටේන් දෙදෙනා පසුවෙති.  කෙසේ වෙතත් හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඉර්ෆාන් පතන් සහ මුනාෆ් පටෙල් කැන්ඩි ටස්කර්ස් බලගැන්වීමට ඉදිරිපත්ව සිටින ප්‍රධාන විදෙස් ක්‍රීඩකයෝ වෙති.

    කුසල් ජනිත්

    “තරගයට පෙර අපි පුහුණු සැසි 2 කට සහභාගගිවුණා. මාස 8 කටත් වඩා කාලයක් බලාගෙන හිටියා පිටියට එන්න. ඉතිං හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා සෑම ක්‍රීඩකයකුටම ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න. ඒ දක්ෂතා පෙන්වන්න ලැබිලා තියෙන්නේ ලොකු ලීග් තරගාවලියක්. නමුත් නිකන් හිටපු කාල සීමාවේදී ක්‍රීඩකයින්ගේ රිදමය ගිලිහී යෑම හැම ක්‍රීඩකයකුටම ප්‍රශ්නයක් වෙලා ඇති. පුහුණුවීම් කළාට තරග වලට ක්‍රීඩා කරනවා වගේ වෙන්නේ නෑ. මොකද තරග ක්‍රීඩා කරන්න කරන්න තමයි නැති රිද්මයක් ඇඟට ඇවිල්ලා හරි රිද්මයට එන්නේ. අපේ ගොඩක් අය පුහුණුවීම් සහ ශාරීරික ව්‍යායාම් කළා. නමුත් තරගවලට ක්‍රීඩා කළ නැති නිසා කාටවත් කියන්න බෑ දක්ෂතා වල රිද්මයක් ගොඩ නැඟිලා තියෙනවද කියලා. මොකද තරගයක් ක්‍රීඩා කරලම තමයි ඒ ගැන තක්සේරුවක් ගන්න පුලුවන් වෙන්නේ. කොහොම වුණත් අපි තරගාවලියේදී හොඳ දක්ෂතාවයක් ලබා දෙන්න උත්සාහ කරනවා” යි කලම්බු කිංග්ස් එරෙහි තරගය පිළිබඳව අදහස් දක්වා සිටියේය.

    නව පන්දුවට පහර දීමට දැඩි රුචිකත්වයක් දරනු ලබන කුසල් පෙරේරා මෙම තරගයේදී ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කිරීම අලුතින් හැඳන්විය යුතු දෙයක් නොවන්නේය. කෙසේ වෙතත් වඩාත් වැදගත් වන්නේ තණතීරුවේ හැසිරීමට අනුගත වීම බව කණ්ඩායමට එක්ව සිටින නවකයින් සිහි තබා ගත යුතුවේ. එහිදී පීඩනයකින් තොවර ක්‍රීඩා කළහොත් ඔවුන් තුළ සැඟවී තිබෙන දක්ෂතාවයන් එළියට පෙන්වීමේ හැකියාව ඔවුන්ට උදාවනවා පමණක් නොව එය මෙම තරගාවලිය පැවැත්වීමේදී බලාපොරොත්තු වන ප්‍රධානම ප්‍රතිලාභය වන නවක ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් හඳුනා ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මාවතක් විවර වන්නේය.  

    කැන්ඩි ටස්කර්ස් සංචිතය

    දේශීය – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, සික්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, ප්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න. අතිරේක – කෙවින් කොත්තිගොඩ, ළහිරු සමරකෝන්, නිශාන් මදුෂ්ක, චාමිකර එදිරිසිංහ, 

    විදෙස් – බ්‍රෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ), ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව), ඉර්ෆාන් පතන් (ඉන්දියාව), මුනාෆ් පටෙල් (ඉන්දියාව), නවීන් උල්හක් (ඇෆ්ගනිස්තානය), රහමනුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය), සොහෙල් ටන්වීර් (පාකිස්තානය)

    විනිසුරුවන්

    පිටියේ විනිසුරුවන් – රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩල් හැනිබල්.

    රූපවාහිනී විනිසුරු – රුචිර පල්ලියගුරුගේ

    සිව්වැනි විනිසුරු – ප්‍රගීත් රඹුක්වැල්ල

    තරග තීරක – ග්‍රෑම් ලැබ්‍රෝයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඇසුරිණි

  • ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී  ලාංකිකයන් 38 ක් බේරා ගැනේ

    ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 38 ක් බේරා ගැනේ

     ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. විදේශ අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉතියෝපියාවේ තානාපති කාර්යාලය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදවා ගෙන ඇත.

    ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් ටයිග්‍රේ සිට ඉතියෝපියාවේ අෆාර් ප්‍රදේශය වෙත රැගෙන ගොස්, එතැන් සිට අඩිස් අබාබා අගනුවර වෙත ප්‍රවාහනය කර තිබේ. 

    ඉතියෝපියාවේ ඇඟලුම් කර්මාන්තයේ නියුතු මෙම සියලුම ශ්‍රී ලාංකික ජාතිකයන්, නෙබො දිනකින් ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිතය.

    ටයිග්‍රේ ජනතා විමුක්ති පෙරමුණට (TPLF) අයත් ප්‍රාදේශීය හමුදා ෆෙඩරල් හමුදා කඳවුරකට පහර දීමෙන් පසුව, ඉතියෝපියාවේ රජය 2020 නොවැම්බර් 04 වැනි දින ටයිග්‍රේ කලාපයේ හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇත. 

  • ‘සාමාන්‍ය පෙළ ගැන’ කඩිනම් තීන්දුවක් ගැනීමට සූදානම් – අධ්‍යාපන ඇමැති

    ‘සාමාන්‍ය පෙළ ගැන’ කඩිනම් තීන්දුවක් ගැනීමට සූදානම් – අධ්‍යාපන ඇමැති

    අද දින (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාර්ගගත ක්‍රමයට පැවති රජයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද කරුණු

    පසුගිය දින කිහිපය තුළම සාමාන්‍ය පෙළට මුහුණ දීමට සිටින දරුවන්ගෙන් සහ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ගෙන් විෂය නිර්දේශ ආවරණය පිළිබඳව දත්ත ලබාගෙන ලබාගනිමින් පවතින අතර එම දත්ත සහ සාධක මත අවශ්‍ය තීන්දු තීරණ ගැනීම ඉදිරියේදී සිදුවන බවත් දුරස්ථ ක්‍රමයට එම ඒකක කොපමණ ප්‍රමාණයක් ආවරණය කර තිබේ ද යන්නත් සලකා බැලීමට සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

    අද දින (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී රජයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මාර්ගගත ක්‍රමයට පවත්වන ලදී. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

    මෙම මාධ්‍ය සාකච්ඡාව අමතමින් අමාත්‍යවරුන් හා නිලධාරීන් විසින් පවත්නා වාතාවරණය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය අඩපණ නොවී සෞඛ්‍යාරක්ෂිතව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව කරුණු පැහැදිළි කරන ලදී.

    මෙහිදී අදහස් දැක්වූ  ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,

    රටතුළ පවත්නා කොවිඩ් 19 වෛරසය හා සම්බන්ධ වත්මන් වාතාවරණය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතු වී ඇති යම් යම් ප්‍රශ්න විසඳීමටත් මෙම තත්වය තුළ අප රටේ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩපණ නොවී පවත්වාගෙන යාමට ගතයුතු සාමාන්‍ය ක්‍රියාමාර්ග වලින් ඔබ්බට ගොස් සුවිශේෂී ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමටත් රජයේ අමාත්‍යාංශ හැටියට කටයුතු කරන අතර, එම කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් වලට යටත්ව ප්‍රවාහන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

    මේ අවස්ථාව වන විට රටේ යම් යම් අවිනිශ්චිතතාවන් තිබෙනවා. ඒ වගේම කොවිඩ් 19 වසංගතය පිළිබඳ ඇති වී තිබෙන තත්වයන් දිනපතා වෙනස් වෙමින් තිබෙනවා. එම වෙනස් වන සුළු තත්වයන් නිසා අධ්‍යාපනයට ඇති වන බලපෑම් වලින් ඔබ්බට පැමිණ, එම අභියෝගය භාරගෙන රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි වීමට ඉඩ නොතබා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඊට සහාය දෙන සෞඛ්‍ය හා ප්‍රවාහන වැනි ක්ෂේත්‍ර වලටත් ඇති වගකීම ඉටු කිරීමට රජය ඉතා අධිෂ්ඨානශීලීව කටයුතු කරනවා. අපට මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ එම පණිවිඩය විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසු දරුවන් ඇතුලු රටේ පුරවැසියන් වෙත ලබාදීමටයි.

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා,

    පසුගිය සඳුදා (23) පාසල් ආරම්භ කළ අතර, මේ වන විට දින තුනක් ගත වී තිබෙනවා. නොවැම්බර් 23 දින 34%24 දින 44% ,25 දින  51%  වශයෙන් දිවයින පුරා  දරුවන්ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එයින් පෙනී යන්නේ දෙමාපියන් තුළ ඒ දරුවන් පාසලට එවීමේ විශ්වාසය වර්ධනය වී ඇති බවයි. එසේම දිවයින පුරා ගුරුවරුන්ගේ පැමිණීම සියයට අසූ දෙකක්.

    බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශවල පාසල් හැර දිවයිනේ අනෙක් ප්‍රදේශවල  පාසැල් විවෘත කරනු ලැබුවා. ඒ අනුව, දිවයින පුරා  පාසල් 10165ක් පවතින අතර එයින් 5100ක් විවෘත කරනු ලැබුවා.

    6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් විවෘත  කිරීමට තීරණය කළේ යම් කිසි කාලයක් ගෙන පියවර කිහිපයක් ඔස්සේ කටයුතු කරමින්. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය ක්‍රමවේද වලට යටත්ව පාසල් වලට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඇති කළ අතර, ඒ සඳහා රජය රුපියල් ලක්ෂ 370 ක් වැය කර තිබේ. එසේම, සෑම පාසලකටම ඒ සම්බන්ධයෙන් විදුහල්පති, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකග්‍රාම සේවක යන අයද ඇතුළත් කමිටු පත්කර තිබෙනවා .ඒ සම්බන්ධව අධීක්ෂණය කිරීමට පළාත් අධ්‍යක්ෂකවරුන්ට බලය පවරා තිබෙනවා.

    කොවිඩ් අභියෝගය හමුවේ දිගින් දිගටම පාසැල් වසා දැමීම රජයේ ප්‍රතිපත්තිය නො වන අතර දරුවාගේ  සෞඛ්‍ය සුරක්ෂිතතාවය හා දරුවාගේ අනාගතය යන දෙකම මත පිහිටා රජය කටයුතු කරනවා.

    5 වසර ශිෂ්‍යත්ව විභාගය  සාර්ථකව පවත්වා එහි ප්‍රතිඵල දින 33 කදී ලබා ලබාදීමට හැකිවුණා. අපොස උසස් පෙළ විභාගයෙදි සිසුන් තුන් ලක්ෂ හැට දෙදාහක්  විභාග මධ්‍යස්ථාන 2900 ක දී විභාගයට පෙනී සිටියා. එය සාර්ථකව කර ගැනීමට හැකි වුණේ සියලු දෙනාම එක්ව කටයුතු කළ නිසයි.

     ඒ නිසා මේ සම්බන්ධයෙන්  විවේචන අත හැර සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු අතර දෙමව්පියන්ට තමාගේ දරුවා ගැන විශේෂ වගකීමක් තිබෙනවා එම නිසා තමාගේ දරුවා රෝගී තත්ත්වයෙන් පසුවේ නම් කිසිසේත්ම පාසලට එවීම නොකළ යුතුයි.

    අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා,

    මෙම තත්වය තුළ, පසුගිය දින කිහිපය තුළම සාමාන්‍ය පෙළට මුහුණ දීමට සිටින දරුවන්ගෙන් සහ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ගෙන් විෂය නිර්දේශ ආවරණය පිළිබඳව දත්ත ලබාගෙන ලබාගනිමින් පවතින අතර එම දත්ත සහ සාධක මත අවශ්‍ය තීන්දු තීරණ ගැනීම ඉදිරියේදී සිදුවනවා.

    සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් පනස් හතරක් (54) පවතිනවා. එම විෂයන් 54 ටම අදාලව ඉටු කිරීමට අවශ්‍ය ඒකක ප්‍රමාණය ගැන සලකා බලා ඉදිරියේදී අවශ්‍ය තීන්දු තීරණ ලබාගන්නවා.

    මේ වසරේ දින 184න් මුහුණට මුහුණ අධ්‍යයන කටයුතු සිදු කළ හැකි වූයේ දින අසූ හතක් (87) පමණයි. දුරස්ථ ක්‍රමයට එම ඒකක කොපමණ ප්‍රමාණයක් ආවරණය කර තිබේ ද යන්නත් සලකා බැලීමට අපි පියවර ගන්නවා.

    සාමාන්‍ය පෙළ විභාගයට පලමු වරට පෙනී සිටින සිසුන් 350,000 පමණ සිටින අතර එම දරු දැරියන්ට අදාල දත්ත නිවැරදි ආකාරයෙන් සැකසීමෙන් අනතුරුව ගරු ඇමතිතුමාට ඉදිරිපත් කිරීමෙන් පසුව අවශ්‍ය තීන්දු තීරණ අප ලබාගැනීමට පියවර ගන්නවා.

    අත් සේදීමට අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් ගත් විට,  සෞඛ්‍ය නිර්ණායක මත පාසලේ සිසුන් 50ට අඩු නම් අත සේදීමට ගන්නා ජල කරාම එකක්ද, ළමුන් පනස් (51) එකේ සිට සියය(100) දක්වා සිටීනම් අත සේදීමට ගන්නා  කරාම 2ක්  ද ආදී වශයෙන් ද ළමුන් දෙදහසට (2000) වැඩිනම් කරාම විස්සත් හතළිහත් අතර ප්‍රමාණයෙන්ද තිබිය යුතුයි.

    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය,

    මේ අවස්ථාවේදී අධ්‍යාපන හා සෞඛ්‍ය යන අංශ දෙකම එක්ව මැයි මාසයටත් පෙර පටන්ම සාකච්ඡා කර මාර්ගෝපදේශ කිහිපයක්ම  ලබාදුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ සියල්ල සලකා තවත් මාර්ගෝපදේශයක් ලබා දී තිබෙනවා. මෙම වසංගතය ලංකාවට පැමිණි මුල් අවස්ථාවේ පටන්ම මේ ගැන අවධානය යොමු කරනු ලැබුවා.

    අපට කිසිසේත්ම අවශ්‍ය නැහැ පාසලක් තුළින් කොවිඩ් 19 සම්බන්ධ පොකුරක් නිර්මාණය වනවා දකින්න. එහෙම වීමට ඇති අවස්ථාවත් ඉතාම අඩුයි. මොකද, මේ වෙලාවේ අපට පැහැදිළිව පෙනෙනවා උක්ත මාර්ගෝපදේශ පිළිපදින බව. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඒ සඳහා වන සූදානම පිළිබඳව අපට සෑහීමට පත්විය හැකියි. පාසල්වල සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු තිබෙනවා. එම කමිටු පාසල් මට්මින් අධීක්ෂණය සිදු වෙනවා. මෙය එක් එක් මට්ටම්වලින් පසුවිපරමට ලක් වෙනවා.

    මෙහිදී  වාර්තා වූ යම් සිද්ධීන් සමග අවධාරණය කළ යුතුයි සෑම කෙනෙකුටම අදාළ වගකීම්  බෙදී තිබෙනවා. නිරෝධානය වන නිවෙසකින් දරුවකු පාසලට එවනවා නම් එය ඉතාම අවාසනාවන්ත තත්වයක්. දෙමාපියන්ට විශාල වගකීමක් තිබෙනවා රෝග තත්වයක් ඇති පසුබිමකින් දරුවකු පාසලට නොයැවීමට. මේ තත්වය ජය ගැනීමට මුළු ප්‍රජාවම සූදානමින් සෞඛ්‍යාරක්ෂක ක්‍රම අනුගමනය කරමින් පැවතිය යුතුයි.

    සිසුන් අතර සාමාන්‍ය සිහිසුන් වීම ඉතා සුලබ තත්වයක්. සිසුවෙකු සිහිසුන් වූ පමණින් කියැවෙන්නේ නැහැ එය කොවිඩ් නිසා වූවක් බව. එවැනි දරුවකු කොවිඩ් කියා නාමකරණය කිරීම වැරදියි. එවැනි දේ ප්‍රචාරය කිරීමෙන්ද වැළකිය යුතුයි.

    ලංකාවේම පොදු අවශ්‍යතාවක් තිබෙනවා අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යා යුතු බවට. ඒ අනුව නව තත්වයට අනුගත වෙමින් සෞඛ්‍යාරක්ෂිතව අධ්‍යාපනය ඉදිරියට ගෙන යා යුතුයි. මෙහිදී සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ දෙක අතර ඉතා ශක්තිමත් සම්බන්ධතාවක් ඒ වෙනුවෙන් පවත්වාගෙන යනවා. අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙහිදී ඉතා හොඳින් ක්‍රියාවට නංවනවා.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා,

    පසුගිය අ.පො.ස උසස් පෙළ විභාගය පැවති කාලයේ අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීමට අප කටයුතු කළා. එහිදී ඇතැම් විට එක් සිසුවකු වෙනුවෙන් පවා බස් රථ ධාවනය වූවා. මේ අවස්ථාවේදීත් බස්නාහිර පළාත හැර සෙසු පළාත් සඳහා සිසු සැරිය බස් රථ 375 ක් යොදවා තිබෙනවා.

    ඇතැම් ප්‍රදේශ වලින් ඉල්ලීම් ලැබෙනවා. සිසුන්ගේ ප්‍රවාහනයට යොදවා ඇති බස්රථ ප්‍රමාණවත් නොවන බවට. ඒ අනුව, අද දින අප තීරණයක් ගෙන ඩිපෝ කළමනාකරුවන්ට දැනුම් දුන්නා අවශ්‍යතාව මත එක් මාර්ගයකට බස් රථ කිහිපයක් හෝ යොදවන ලෙස. සුදුසු පරිදි එම තීරණ ගැනීමේ බලය අප ඩිපෝ කළමනාකරුවන්ට ලබා දුන්නා. ඒ අනුව, ඉදිරියේදී ධාවනය කෙරෙන බස්රථ ප්‍රමාණය තවදුරටත් වැඩි වනු ඇති.

  • ‘තාක්ෂණ අමාත්‍යාංශය’ ජනපති යටතට

    ‘තාක්ෂණ අමාත්‍යාංශය’ ජනපති යටතට

    කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා යන සියලු ක්ෂේත්‍ර අනාගතයේ දී තාක්ෂණය මත යැපෙන ආර්ථික අංශ බවට පත් වේ. 21 වැනි සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය අපේක්ෂා කරයි.

    නොවැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාර ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගැනීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (26) දින නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.

    21 වන සියවස දැනුම් කේන්ද්‍රීය ශත වර්ෂය ලෙස සැලකේ. එය යථාර්ථයක් කරනු වස්  “තාක්ෂණය මත පදනම් වන සමාජයක්” බිහි කිරීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අරමුණයි.

    කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා යන සියලු ක්ෂේත්‍ර අනාගතයේ දී තාක්ෂණය මත යැපෙන ආර්ථික අංශ බවට පත් වේ. 21 වැනි සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය අපේක්ෂා කරයි. එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වන පරිදි තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (culture of technology Innovation) ගොඩනැගීම ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වේ.

    රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළෙඳ පොළ ක්‍රියාවලිය සරල කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම නව අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවකි. ජාත්‍යන්තර විද්‍යුත් ගෙවීම් ක්‍රම ස්ථාපනය, රට පුරා විහිදුණු අධිවේගි දත්ත හුවමාරු පද්ධතියක් හා ආශ්‍රිත ජංගම ජාල පද්ධතියක් ස්ථාපනය නව අමාත්‍යාංශයේ විෂයය පථයට අයත්ය.

  • සරත් වීරසේකර මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යධුරය

    සරත් වීරසේකර මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යධුරය

    රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේ අද (26) දින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ  දිවුරුම් දුන්නේය.

    මේ අතර චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

  • නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක් සැකසේ

    නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක් සැකසේ

    කොවිඩ් 19 වසංගතය පාලනය පිණිස රෝගාශ්‍රිතයන් සඳහා ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුවන බව සහතික කරනු වස් නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබේ.

    නිරීක්ෂණ කාර්යය ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට පැවරේ. ආර්ථික සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීහූ, ග්‍රාම නිලධාරීවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිස් නිලධාරීහු ඊට අයත් වෙති.

    කොවිඩ් වසංගතය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත රජය හඳුන්වාදුන් ක්‍රියාමාර්ග අතර නිවෙස්ගත නිරෝධායනය ප්‍රමුඛ ස්ථානයක් ගනී. රෝගාශ්‍රිතයන් ලෙස හඳුනාගන්නා අය දින 14ක කාලයක් පුරා නිරෝධායනය විය යුතුය. නිරීක්ෂණ කමිටුවට අයත් එක් එක් නිලධාරීයා සතියේ එක් එක් දවස තුළ නිරෝධායන නිවෙස් වෙත ගොස් එකී ක්‍රියාවලිය නිරීක්ෂණය කරනු ඇත.

    සියලු නිවැසියන් නිවෙස්වල සිටින බව ඔවුන් තහවුරු කර ගත යුතුය. කිසියම් පාර්ශ්වයකින් ලැබෙන පැමිණිලි විමර්ශණය ද කණ්ඩායමේ වගකීමකි. රෝගීන්ගේ සහ ආශ්‍රිතයන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයෝ බැඳී සිටිති. නිරෝධායන නිවෙස්වල පවිත්‍රතාව සහ වෙනත්  රෝගීන්, ආබාධිත හා වැඩිහිටි පුද්ගලයන් ගැන ද ඔවුන් අවධානය යොමු කළ යුතුය.

    නිරෝධායන කාලය ඇතුළත පවුලේ සාමාජිකයෙකුට රෝගය ආසාදනය වුවහොත් සෙසු සාමාජිකයන් එතැන් සිට තවත් දින 14ක් නිරෝධායනය කරනු ලැබේ. නිවෙස්ගත නිරෝධායනය ආරම්භ වන සෑම විටම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අදාළ ග්‍රාම නිලධාරී වෙත ඒ බව නොපමාව දැනුම් දිය යුතුය.

    නිවෙස්ගත නිරෝධායන පිළිබඳ නිරීක්ෂණ යාන්ත්‍රණයේ සංයුතිය සහ වගකීම් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක්‍ර ලේඛයක් මගින් ඊයේ (25) දැනුම් දෙනු ලැබීය.

    නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදු වන බව සහතික කිරීම අදාළ නිලධාරීන්ගේ විශේෂ වගකීමක් ලෙස සලකන්නැයි ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

  • ඩියාගෝ මරඩෝනා: සුවිශේෂ ඡායාරූප එකතුව

    ඩියාගෝ මරඩෝනා: සුවිශේෂ ඡායාරූප එකතුව

    ඉහළ ඡායාරූපය – ඩියාගෝ මරඩෝනා – 1986 දී පුහුණු සැසියකදී සහ ඔහුගේ හිටපු බිරිඳ ක්ලෝඩියා සහ ඔවුන්ගේ දියණියන් වන ඩල්මා සහ ජියානා සමඟ ලෝක කුසලානය ප්‍රදර්ශනය කිරීම

    ඩියාගෝ මරඩෝනා පාපන්දු පිටියේ දක්ෂයෙක් වූ අතර ඔහු මතභේදාත්මක චරිතයකි. ඔහුගේ මව්බිම වන ආර්ජන්ටිනාවේ සිට ඉතාලිය දක්වා පාපන්දු ලෝකයේ සාර්ථකත්වය, ලෝක කුසලාන කීර්තිය සහ ඔහුගේ කීර්තිය පහත වැටීම දක්වා ඡායාරූපවලින් ඔහුගේ ජීවිතය දෙස බලන්න.

    1982 දී ඩියාගෝ මරඩෝනා
    ආරම්භය: 1982 දී ස්පාඤ්ඤයේ පැවති තරඟාවලියේදී මරඩෝනා ආර්ජන්ටිනාව වෙනුවෙන් සිය ලෝක කුසලාන අවසන් මහා තරගට ක්‍රීඩා කරයි
    1986 ලෝක කුසලානයේදී ඩීගා මරඩෝනා සහ පීටර් ෂිල්ටන් අතට අත දුන්හ
    1986 දී මෙක්සිකෝවේ පැවති ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට පෙර එංගලන්ත ගෝල රකින්නා පීටර් ෂිල්ටන්ට අතට අත දෙමින්.
    1986 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ඩියාගෝ මරඩෝනාගේ ගෝල දෙක
    එංගලන්තයට එරෙහි ‘දෙවියන්ගේ හස්තය’ ඉලක්කය, ඉන්පසු ‘සියවසේ ඉලක්කය’
    ලෝක කුසලානය සමඟ ඩියාගෝ මරඩෝනා
    1986 දී ආර්ජන්ටිනාව ජයග්‍රහණය කරා මෙහෙයවීමෙන් පසුව මැරඩෝනා තරඟාවලියේ ක්‍රීඩකයා ලෙස නම් කරන ලද අතර වසර හතරකට පසුව අවසන් තරඟයට පිවිසීමට කණ්ඩායමට උදව් විය
    ඩියාගෝ මරඩෝනා
    මාරඩෝනා ඉතාලි පාපන්දු කණ්ඩායමක් වන නැපෝලි හි ප්‍රබලයෙකු වූ අතර එහිදී ඔහුගේ සහභාගීත්වය යටතේ නැපොලි කණ්ඩායම 1989 දී යූෆා කුසලානය දිනා ගත් අතර ලීග් ශූරතා දෙකක් ද විය. ඒ මමග අංක 10 කමිසය (මාරඩෝනා ක්‍රීඩා කරන විට සිටි ස්ථානය අංක 10විය) තම ගෞරවය පිණිස විශ්‍රාම ගන්නා ලදි
    2001 දී ඩියාගෝ මරඩෝනා
    2001 දී මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා ඔහු අපකීර්තියට ලක්විය.
    ලයනල් මෙසී සහ ඩියාගෝ මරඩෝනා
    එවකට ජාතික කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ මරඩෝනා, 2010 ලෝක කුසලාන තරගාවලියේදී ලයනල් මෙසී ඉදිරියට යැවීම සඳහා පියවර ගත් නමුත් අර්ධ අවසන් පූර්ව වටයේදී ඔවුන් 4-0 ලෙස ජර්මනිය විසින් පරාජය කරන ලදී
    රුසියාවේ ඩියාගෝ මරඩෝනා
    2018 රුසියාවේ පැවති ලෝක කුසලාන තරඟාවලියේදී ආර්ජන්ටිනාව එදිරිව නයිජීරියා තරඟයේදී මරඩෝනා තමාගේම රුව ඇතුළත් බැනරයක් ප්‍රදර්ශනය කරයි.

    සැකසුම – තුෂාර වල්ගම විසිනි.

  • පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා මියයයි

    පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා මියයයි

    ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිම පාපන්දු තරුවක් වන ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා අද (25) දින මියගියා. මියයන විට 60 වැනි වියේ පසු වූ පාපන්දු තරුවගේ මරණයට හේතුව වශයෙන් සදහන් වන්නේ හෘදයාබාධයක්.

    1970 දශකයේ අග භාගයේ දී ජාත්‍යාන්තර පාපන්දු පිටියට පිවිසි මැරඩෝනා ලෝක පාපන්දු ශූරතා තරඟාවලියන්හි දී විශිෂ්ඨ දක්ෂතා දක්වා ඇති අතර 1986 වසරේ දී ආර්ජන්ටිනාවට ලෝක පාපන්දු ශූරතාවය දිනා දීමට ඔහු මුල්විය.

  • ICC Awards of the Decade සඳහා ‘ශ්‍රී ලංකාවෙන්’ නම් 04ක්

    ICC Awards of the Decade සඳහා ‘ශ්‍රී ලංකාවෙන්’ නම් 04ක්

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන “ICC Awards of the Decade” සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් සිවුදෙනකු යෝජනාවී ඇතැයි වාර්තා වෙනවා.

    ඒ අනුව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ලසිත් මාලිංග සහ රංගන හේරත් ගේ නම් විවිධ අංශ යටතේ යෝජනාවී තිබෙන බවයි එම වාර්තාවල සදහන් වන්නේ.

    දශකයක් තුළ ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් දක්වා ඇති දක්ෂතා අනුව ඡන්ද විමසීමකින් විවිධ අංශ ඔස්සේ “ICC Awards of the Decade” හි ජයග්‍රාහකයින් තෝරා ගැනීමට නියමිත අතර ඒ ඒ අංශවල හොඳම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව තෝරාගැනීම සඳහා 10%ක් ක්‍රිකට් ලෝලීන්ගේ ඡන්දය ද ඉතිරි 90% විශේෂඥ කමිටු සාමාජිකයින් විසින් ලබාදෙන ඡන්දය ද භාවිත කිරීමට නියමිත අතර “ICC Spirit of Cricket Award of the Decade” ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා 100%ක්ම භාවිත කරනුයේ ක්‍රිකට් ලෝලීන්ගේ ඡන්දයයි.

    2011 සිට තෝරා ගැනුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් එහි ජයග්‍රාහකයා තෝරා ගැනීමට නියමිතව තිබෙනවා

  • ආණ්ඩුව සමාජ මාධ්‍ය දඩයම් කරන හේතු එරාන් වික්‍රමරත්න හෙළිකරයි

    ආණ්ඩුව සමාජ මාධ්‍ය දඩයම් කරන හේතු එරාන් වික්‍රමරත්න හෙළිකරයි

    අද වන විට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යයන් බොහොමයක් ආණ්ඩුවේ නිළ නොවන හොරණෑවන් බවට පත්ව ඇති පසුබිමක සමාජ මාධ්‍ය හා අන්තර් ජාලය ප්‍රධාන විකල්ප මාධ්‍ය ලෙස වැඩි වශයෙන් භාවිත් කෙරෙනවා

    මාධ්‍යයට පාර්ලිමේන්තු දොර වැසීම පිළිගත නොහැකියි

    ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක සිවිල් පාලනයක් තිබිය යුතු අතර, නීතියේ ආධිපත්‍ය තිබෙන අප ජීවත්වන විවෘත සමාජයේ මාධ්‍යයට ප්‍රධාන තැනක් හිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ දී කථා කළ වික්‍රමරත්න මහතා තව දුරටත් කථා කරමින්  මාධ්‍ය ගැන වාද විවාද කරන විට මාධ්‍යයට පාර්ලිමේන්තුව වසා ඇති බවත් මේ වසංගතය සියලු කොටස් වලට බලපාන එකක් හෙයින් මාධ්‍යට පාර්ලිමේන්තුවේ දොර වැසීම පිළිගත නොහැකි යැයි ද සඳහන් කළේය.

    මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් එරාන් වික්‍රමරත්න මහතා මෙසේද සදහන් කළේය,

    ‘ප්‍රජාතන්ත්‍රවාදී රටක සිවිල් පාලනයක් තිබිය යුතුයි. එම පාලනය යථාර්තයක් වන්නට නම් නිදහස් මාධ්‍යයක් තිබිය යුතුයි. එහෙයින්, රජයේ බලපෑමෙන් මාධ්‍ය ආරක්ෂා කර ගත යුතුයි. එවගේම මාධ්‍යයේ බලපෑමෙන් ද ජනතාව ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතුයි.

    ජනතාවගේ පුද්ගලිකත්වයට එරෙහිව මඩ ගැසීම, චරිත ඝාතනය සිදු වන අවස්ථා තිබෙනවා. රජයේ ක්‍රියාවන් පිළිබඳව අවිශ්වාසයේ පසුබිමක් තිබෙන බැවින් වෛරී ප්‍රකාශ පාලනය වෙනුවෙන් සමාජ ජාල වෙබ් අඩවි පාලනය කිරීමේ නීති ගෙන එන්නේ නම් එයට පෙරාතුව අදාල පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පැවත්විය යුතුයි‘

    ‘රටේ සිවිල් පාලනයේ දී තම තමන්ගේ විශේෂත්වයට අදාළ කොටස අදාළ පාර්ශ්වයන් විසින් ඉටු කළ යුතුයි. හමුදාවේ වැඩ කොටස පොලිසියට ඉටු කළ නොහැකියි. ඒ වගේම පොලිසියටත් බැහැ හමුදාවේ වැඩ කරන්න. මෙහිදී පුහුණුව නොව මානසිකත්වය වැදගත් වෙනවා.

    ඒ වගේම සමාජ ප්‍රතිලාභ බලන රාජ්‍ය සේවක වැඩ, පෞද්ගලික ලාභය වැඩි කිරීමේ පරමාර්ථයෙන් කටයුතු කරන ව්‍යාපාරිකයන්ට හෝ දේශපාලකයන්ගේ වැඩ ආගමික නායකයන්ට හෝ සිදු කළ නොහැකියි. තම විශේෂත්වයට අදාළ කොටස් ඒ ඒ අංශ විසින් ම කළ යුතු වෙනවා.

    වත්මන් කොරෝනා වසංගතයේදී සෞඛ්‍ය අංශයේ විද්‍යාඥයන්, වසංගත විශේෂඥයන් වෛද්‍යවරු  නායකත්වය දිය යුතුයි. හමුදාවේ කීර්තිනාමය රැක ගත හැකිවන්නේ ඔවුන්ට අදාළ විෂය ඔවුන්ට භාරදීමෙන් පමණයි.

    හමුදා නාළිකාවක් හදලා රාජ්‍ය මාධ්‍ය සදාචාරය හදන්නට නොහැකියි. පසු ගිය කාලවල මේ රටේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කළ, අතුරුදහන් කළ, පහර දුන් සිද්දීන් ගැන ලංකාවේ ජනමාධ්‍ය සංගම් නැවත නැවත් සිහිපත් කළා.

    අපරාධකරුවන් ආරක්ෂා නොකරන, අපරාධ කිරීමට අණ දුන් අයව ආරක්ෂා නොකරන රටක් ගොඩ නැගිය යුතු යැයි මාධ්‍ය සංගම් නියෝජිතයන් අපට යළි යළිත් මතක් කරනවා. මේ ළඟදී සමාජ මාධ්‍ය වල සාවද්‍ය තොරතුරු පළ කිරීම හා  වසංගත වැඩ කටයුතුවලට සම්බන්ධ ද්වේශ සහගත විවේචනය කළා කියමින් විශ්ව විද්‍යාල සිසුන් 50 ක් පමණ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    කොතලාවල ආර්ක්ෂක විද්‍යාලයේ රෝහල ප්‍රභූවරුන්ගේ කොරෙඔනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස වෙන්කළා කියා තම මුහුණු පොතේ අසත්‍ය පුවත් පළ කළා කියමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තරිඳු අවිෂ්ක සිසුවා අත අඩංගුවට ගෙන තිබෙනවා. මේ වගේ ත්‍රිකුණාමලයේ තරුණයෙක් මෙන්ම මුස්ලිම් ජාතික තරුණයෙක් වන රම්සි රාසීක් අයි සි.සි පී.ආර් හෙවත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ අත් අඩංගුවට පත් කරලා තිබෙනවා. රාසීක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණ්ඩුව දැනුවත්ව මුස්ලිම් ජන කොටස් එල්ල කර ගනිමින් සමාජ හා ප්‍රධාන ධරාවේ මාධ්‍ය හරහා නිරන්තරයෙන් කෙරෙන වර්ගවාදී ප්‍රචාරණ හා ප්‍රකාශ පිළිබඳව කිසිවෙකුට හෝ එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයක් අරගෙන නැති පසිබිමකයි.

    වසංගතය මධ්‍යයේ සහනාධාර බෙදීම හා ආහාර නොලැබීම සිදු වූ අසාධාරණකම්වලට එරෙහිව ගම්පොල උද්ඝෝෂණයක් සංවිධානය කළ අයෙකු පොලිසිය විසින් ඇඳිරි නීතිය කඩ කළ කියන චෝදනාව මත අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අභූත චෝදනා මත පොලිස් අත් අඩංගුවට ගන්නා අය පරීක්ෂණ අවසන් වන තෙක් බන්ධනාගාර ගත කර වරදක් ඔප්පු කිරීමට පෙර දඬුවම් පැමිණවීමේ ක්‍රම වේදයක් බවට දැන් පත්වෙලා තිබෙනවා.

    මේ අත් අඩංගුවට ගැනීම් හරහා “රජය විවේචනය නොකරනු” යන පණිවිඩය ජනතාවට දෙන්නේ දැයි මම රජයෙන් ප්‍රශ්න කරනවා.

    අද වන විට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යයන් බොහොමයක් ආණ්ඩුවේ නිළ නොවන හොරණෑවන් බවට පත්ව ඇති පසුබිමක සමාජ මාධ්‍ය හා අන්තර් ජාලය ප්‍රධාන විකල්ප මාධ්‍ය ලෙස වැඩි වශයෙන් භාවිත් කෙරෙනවා. මෙවන් අවස්ථාවකදී එය ඉබේටම සිදුවන්නක්. මේ පසුබිම තුළ සමාජ ජාල වෙබ් අඩවි පාලන කරන්නට නීති ගෙන එන්නට යන්නේ නම්, අවිශ්වාසයක් තිබෙන පසුබිමක ඒ පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමඟ පෙර සාකච්ඡා කරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා.

    ප්‍රජාතන්ත්‍රවාදී විවෘත සමාජයක සමාජ මාධ්‍ය වල මඩ ගැසීම් ව්‍යාජ තොරතුරු පළ කිරීම් සිදුවනවා. අපි මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේ ද.? මෙයට නීති ගෙන එන විට අනෙක් රටවල නීති කට් ඇන්ඩ් පේස්ට් නොකර ක්‍රමවේදයකට සාකච්ඡා කර සිදුකරන මෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.

    මෙහිදී නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්වයන් සීමාවන් නොමැතිව ඔවුන්ගේ අභිමතය පරිදී ප්‍රකාශනයේ නිදහස සීම කරන්න ඉඩ නොතැබිය යුතු අතර මෙම නීතියට ප්‍රතම පුද්ගලිකත්වය හා දත්ත ආරක්ෂා කිරීමේ නීති ගෙන ආ යුතු යැයි ඉරාන් වික්‍රමරත්න අවධාරණය කළේය.

  • සනීපාරක්ෂක තුවා භාවිතය සහ ශ්‍රී ලංකාව: මිථ්‍යාව සහ තහනම් මාතෘකා

    සනීපාරක්ෂක තුවා භාවිතය සහ ශ්‍රී ලංකාව: මිථ්‍යාව සහ තහනම් මාතෘකා

    2019 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර කාන්තා සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් මතු වූ සංවාදය මේ වන විට යළි කරලියට පැමිණ තිබේ.

    එම සංවාදය සමාජ ජාල තුළ යළි උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ආණ්ඩුව විසින් ආනයනික කාන්තා සනීපාරක්ෂක තුවා මත අලුතින් බද්දක් පනවනු ලැබ ඇති බවට එල්ල වන චෝදනාවත් සමගය. ආණ්ඩුව පවසන්නේ සනීපාරක්ෂක තුවා සඳහා තිබුණු 30% වැට් බද්ද 15% දක්වා අඩු කර ඒ වෙනුවට, ඒ හා සමාන ප්‍රතිශතයකින් සෙස් බද්දක් පනවා ඇති බවය. එබැවින් ආනයනික කාන්තා සනීපාරක්ෂක තුවාවල මිලෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවන බව ඔවුන්ගේ තර්කය වී තිබේ.

    කරුණු එසේ තිබියදී සනීපාරක්ෂක තුවා සඳහා සහන මිලක් හඳුන්වා දෙනවා වෙනුවට ශ්‍රී ලංකාව ඒ මත “විශාල බද්දක්” පනවා ඇති බව ඇතැම් ක්‍රියාකාරිනියෝ පෙන්වා දෙති.

    “සනීපාරක්ෂක තුවා මත අදටත් 51% ක බද්දක් පැනවෙනවා. සනීපාරක්ෂක තුවා කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් නෙමෙයි, අත්‍යවශ්‍ය භාණ්ඩයක්. තමන් කැමති සන්නාමයකින් සනීපාරක්ෂක තුවා තෝරාගන්න කාන්තාවකට අයිතිය තිබෙනවා. ලංකාවෙ නිශ්පාදිත මිල අඩු සන්නාමයන් තිබුණත්, ආනයනික සනීපාරක්ෂක තුවා වර්ග බොහොමයක් ඊට වඩා සැපපහසුයි. උරාගැනීම වැඩි නිසා වැඩි වේලාවක් අඳින්නට හැකියි. රටේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදන දියුණු කිරීම, සනීපාරක්ෂක තුවා අඳින කාන්තාවන්ගේ වැඩක් නෙවෙයි. රටේ නිෂ්පාදන රැකීමට ගහනා බදුවලින් ඔවුන් පීඩාවට පත්විය යුතු නැහැ.” යනුවෙන් ෆේස්බුක් හි සටහනක් තබමින් අමන්දා අබේසූරිය සඳහන් කර තිබිණි.

    කාන්තාවන්ට ඔසප් දිනයන්හි නිවාඩු හෝ සහන ලබා දීමට ලොව ඇතැම් රටවල් මේ වන විටත් පියවර ගනිමින් සිටිති. මේ අතර ශ්‍රී ලංකාව තුළ සනීපාරක්ෂක තුවා භාවිතය සහ ඒවායේ මිල සම්බන්ධයෙන් සංවාදයක් මතුව ඇත්තේ එම නිෂ්පාදන භාවිතය දිරි ගැන්වීමට ලොව බොහෝ රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති පසුබිමකදීය.

    උදාහරණයක් වශයෙන් ඔසප් දිනයන්හි භාවිතයට ගැනෙන සියලූම නිෂ්පාදන නොමිලේ ලබා දීම සඳහා වූ පනත් කෙටුම්පත අඟහරුවාදා (නොවැම්බර් 24) ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය. ඒ අනුව ලොව සනීපාරක්ෂක තුවා ඇතුළු ඔසප් දිනයන්හි භාවිතයට ගැනෙන සියලුම නිෂ්පාදන නොමිලේ ලබා දෙන පළමු රට ලෙස ස්කොට්ලන්තය ඉතිහාස ගත වෙයි.

    පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ කලාපයේ රටවල ඔසප් වීම සහ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතය සම්බන්ධයෙන් කෙරුණු කෙටි විමසුමකි.

    ශ්‍රී ලංකාවේ පාසල්

    A Sri Lankan boy drinks water from a roadside tap in a slum of Colombo on March 22, 2009. As the nation commemorates UN Water Day, the government urged people to use water carefull

    ශ්‍රී ලංකාවේ පාසල්වලින්

    • 88% කට ජලයලබා දී ඇත. (මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය 2017)
    • 98% ක සනීපාරක්ෂකපහසුකම් ඇත. (මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය 2017)
    • වැසිකිලි එකකට දැරියන් (මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය 2010)1:66

    මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය, පාසල් පෝෂණ සහ සෞඛ්‍ය සමීක්ෂණය

    දකුණු ආසියාවේ පාසල් තුළ ඔසප් සනීපාරක්ෂක කළමනාකරණය සම්බන්ධයෙන් වෝටර්ඒඩ් (WaterAid) සහ යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව:

    දුගීභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දැරියන් වැඩි දෙනෙක් සනීපාරක්ෂක තුවා වෙනුවට ඒ සඳහා රෙදිකඩක් භාවිත කරති.

    ශ්‍රී ලංකාව තුළ පාසල් දැරියන් සඳහා වෙන ම වැසිකිළි පැවතියත් සනීපාරක්ෂක තුවා ඇතුළු ඒ සඳහා යොදා ගනු ලබන දේ මාරු කිරීම සඳහා වැසිකිළි භාවිත කරන්නේ 34% ක් පමණක් බව වාර්තා වේ. ඔසප් කාලය තුළ දෙමව්පියන්ගෙන් 60% ක් සිය දියණියන් පාසල් නොයවති.

    මිථ්‍යාව සහ තහනම් මාතෘකා

    Sri Lanka school girls

    යොවුන් දැරියන් 720 ක් සහ ගුරුවරියන් 282 ක් යොදා ගත් සමීක්ෂණයකින් හෙළි වූ කරුණු:

    • ගුරුවරියන්ගෙන් 60% කවිශ්වාසය වී ඇත්තේ ඔසප් රුධිරය
    • අපිරිසිදුබවය.
    • 66%ක් සිසුවියන්වැඩිවියට පත් වන තෙක් ඔසප් වීම පිළිබඳ දැන සිට නැත.

    මුලාශ්‍ර: වෝටර්ඒඩ් (WaterAid) සහ යුනිසෙෆ් සංවිධානය 2015

    සිංහල සහ හින්දු චාරිත්‍ර අනුව ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වීම පවුලේ සමීපතමයන් පමණක් නොව අසල්වැසියන්ට ද රහසක් නොවන්නේ එකී ස්වභාවික සංසිද්ධිය උත්සවාකාරයෙන් සමරනු ලබන නිසාය.

    නමුත් ඔසප් වීම, සනීපාරක්ෂාව, උපත් පාලනය වැනි ලිංගික අධ්‍යාපනයට ඇතුළත් වන බොහෝ කරුණු ශ්‍රී ලංකාව මෙන්ම අසල්වැසි රටවල ද තහනම් මාතෘකා (Taboo) බවට පත්ව ඇත.

    ඔසප් රුධිර පැල්ලමක් දැක කෝපයට පත් ගුරුවරියකගේ අපහාස කිරීම් නිසා සිත් තැවුලට පත් දැරියක් සියදිවි හානි කර ගැනීමේ පුවතක් 2017 වසරේදී දකුණු ඉන්දියාවෙන් වාර්තා විය.

    එමෙන්ම කෙදිනක හෝ කාන්තාවන්ගේ ශාරීරික පවිත්‍රතාව මැන බැලිය හැකි උපකරණයක් සොයා ගතහොත් පමණක් සිය කෝවිලට ඇතුළු වීම සඳහා කාන්තාවන්ට අවසර දෙන බවට කේරළයේ සබරිමලෙයි කෝවිලේ ප්‍රධාන පරිපාලකයා කළ ප්‍රකාශයක් 2015 වසරේදී දැඩි ආන්දෝලනයකට ලක් විය.

    ඔසප් සමයේ භාවිත කෙරෙන සනීපාරක්ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් පවතින ඉහත කී ආකාරයේ ආකල්ප ශ්‍රී ලංකාවට පමණක් නොව කලාපයේ සෙසු රටවලට ද පොදු බව වාර්තා දෙස බැලීමේදී පෙනී යයි.

    ඒ හා සබැඳි සම්මතයන් සහ මිථ්‍යා මෙන්ම එය සමාජය තුළ තහනම් මාතෘකාවක් වීම නිසා දැරියන්ගේ පාසල් පැමිණීමට බලපෑම් එල්ල වන බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සීමා වන බවත් වෝටර්ඒඩ් (WaterAid) සහ යුනිසෙෆ් සංවිධානය කළ අධ්‍යනයකින් හෙළි වී ඇත.

    ඔසප් වීම සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පවතින දැනුම, ආකල්ප සහ භාවිතය පිළිබඳ සොයා බැලීම සඳහා කළුතර දිස්ත්‍රික්කයට අයත් යොවුන් දැරියන් 720 දෙනෙකු සහ ගුරුවරියන් 282 දෙනෙකු යොදා ගනු ලැබ ඇත්තේ 2015 වසරේදීය.

    women periods
    “නෑමෙන් වැළකී සිටිය යුතු බව ගුරුවරියන් 80% කගේ විශ්වාසය වී ඇත”

    එහිදී සොයා ගත් මූලික කරුණු:

    • ඔසප් සනීපාරක්ෂක කළමනාකරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තිබී ඇත්තේ පාසල් කීපයක පමණි.
    • ගුරුවරියන්ගෙන් 60% ක විශ්වාසය වී ඇත්තේ ඔසප් රුධිරය අපිරිසිදු බවය.
    • නෑමෙන් වැළකී සිටිය යුතු බව ගුරුවරියන් 80% කගේ විශ්වාසය වී ඇත.
    • යෝනි මාර්ගය තුළට ඇතුළු කරන ටැම්පුන් (Tampon) භාවිතයෙන් අතුරු ආබාධ ඇති වෙතැයි ගුරුවරියන්ගෙන් 40% කගේ විශ්වාසය වී තිබේ.
    • රජයේ පාසල්වලින් සබන් තිබී ඇත්තේ 41% ක පමණි.
    • හදිසියකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා සනීපාරක්ෂක තුවා ඇතැයි සඳහන් කර ඇත්තේ විදුහල්පතිවරුන්ගෙන් 1% ක් සහ ගුරුවරියන්ගෙන් 6% ක් පමණි.

    පාසල් දැරියන්

    වැඩිවියට පත් වීමට පෙර ඔසප්වීම පිළිබඳ තොරතුරු නොදන්නා දැරියන්ගේ ප්‍රතිශතය . .  .

    (දත්තවලට අදාළ වසර ශ්‍රී ලංකාව 2014, පාකිස්තානය 2017, නේපාලය 2016, ඉන්දියාව 2016, බංග්ලාදේශය 2014, ඇෆ්ගනිස්තානය 2010)

    • ඔසප් කාලය තුළ ස්නානය කළ යුතු බව පාසල් සිසුවියන්ගෙන් 80% ක් දැන සිටියහ.
    • ඔසප් රෙදිකඩ සබන් යොදා සේදිය යුතු බවත් විෂබීජ නැසීම සඳහා යළි භාවිතයට පෙර වියළා ගත යුතු බවත් පාසල් සිසුවියන්ගෙන් 70% ක් දැන සිටියහ.
    • සෑම මසක ම ඔසප් සමයේ දිනක් හෝ දෙකක් පාසල මගහැරෙන බව පාසල් දැරියන්ගෙන් 37% ක් පවසා තිබේ.
    • 66%ක් පාසල් සිසුවියන් වැඩිවියට පත් වන තෙක් ඔසප් වීම පිළිබඳව දැන සිට නැත.

    කලාපයේ වෙනත් රටවල්

    Menstrual pain cartoon
    ඔසප් වීම ආරම්භයත් සමග කාන්තාවන්ට අත්විඳීමට සිදුවන වේදනාව දැක්වීම සඳහා සමාජ ජාල තුළ පළ කරනු ලැබූ ඡායාරූපයක්

    නිල වාර්තාවලට අනුව කලාපයේ වැඩි වශයෙන් ම සනීපාරක්ෂක තුවා භාවිත කරන රට භූතානයයි. එරට කාන්තාවන්ගෙන් 90% ක් සනීපාරක්ෂක තුවා භාවිත කරන බව යුනිසෙෆ් සංවිධානයේ වාර්තා පෙන්වා දෙයි.

    ඉහත කී වාර්තාවට අනුව ඉන්දියාවේ 58% ක් පිරිසිදු ආරක්ෂණ ක්‍රමවේද (සකසා ගත් රෙදිකඩ, සනීපාරක්ෂක තුවා, ටැම්පුන්) භාවිත කරති. කෙසේ නමුත් මිල අඩු සනීපාරක්ෂක තුවාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් අවධානය යොමු වේ.

    පාකිස්තානයේ දැරියන්/කාන්තාවන් 66% ක් කපු රෙදි භාවිත කරන අතර ඉන් 49% ක් ඒවා යළි භාවිත කරති. 17% ක් සනීපාරක්ෂක තුවා භාවිත කරති.

    බංග්ලාදේශයේ 10% ක් ඉවතලන සනීපාරක්ෂක තුවා භාවිත කරති.

    ඔසප් කාලය තුළ කාන්තාවන් බලහත්කාරයෙන් නිවසින් පිටත රඳවා තැබීමේ චාරිත්‍රයක් නේපාලයේ පැවතෙයි.

    එය සාපරාධී වරදක් කෙරෙන නීතියක් නේපාල පාර්ලිමේන්තුව විසින් 2017 වසරේදී සම්මත කරනු ලැබීය.

    ඔසප් වූ කාන්තාවක නිවසින් පිටත රඳවන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් හෝ පවුම් විසි තුනක (ඇමෙරිකානු ඩොලර් 30 ක) දඩයක් නියම කිරීමට එම නව නීතිය යටතේ බලය ලබා දී ඇත.

    ඔසප් නිවාඩු

    මේ අතර ඔසප් කාලය තුළ කාන්තාවන්ට යම් කිසි ආකාරයක සහනයක් ලබා දීම සඳහා ඇතැම් රටවල් සහ ආයතන පියවර ගනිමින් සිටිති.

    ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව හිමි වේ.

    සැම්බියාවේ රැකියා කරන කාන්තාවන්ට මාසයකට එක් වතාවක් තමන් කැමති දිනක නිවාඩුවක් ලබා ගැනීමේ අයිතිය නීති මගින් හිමිකර දී තිබේ.

    බී.බී.සී. ඇසුරිණි

  • නොරොච්චෝලේ අවුල් සියල්ල කෝප් එකේදී දිග ඇරෙයි

    නොරොච්චෝලේ අවුල් සියල්ල කෝප් එකේදී දිග ඇරෙයි

    නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පාරිසරික ඇගයීම් සිදුකිරීම වයඔ පළාත් සභාවේ පරිසර අධිකාරිය මගින් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් නොවන බවත්  අහසට දූවිලි එක් වීම වැනි කාරණා රටටම බලපාන බැවින් මෙවැනි වැදගත් පාරිසරික ඇගයීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරීය සම්බන්ධ වීම ඉතා වැදගත් බවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළේය.

    ලක්විජය බලාගාරයේ දීර්ඝකාලීන සැලැස්ම යටතේ ඉදිරියට විදුලි සැපයුම පුලුල් කෙරෙන බැවින් මධ්‍යම පරිසර අධිකාරිය හා පළාත් පරිසර අධිකාරිය එක්ව මෙම ඇගයීම් කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ගරු  චරිත හේරත් මහතා මෙම නිර්දේශය කළේ ලක්විජය බලාගාරය සහ එහි පාරිසරික බලපෑම පිළිබඳ සොයාබැලීමට   පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව   ඊයේ ( 24 ) පාර්ලිමේන්තුවේදී   රැස්වූ අවස්ථාවේදීය.  

    අමාත්‍ය මහින්දාන්න්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල්,   පාර්ලිමේන්තු මන්ත්‍රිවරු  වන පාඨලී චම්පික රණවක, එරාන් වික්‍රමරත්න, ජගත් පුෂ්පකුමාර, ප්‍රේම්නාත් සී. දොලවත්ත, එස්.එම්. මරික්කාර්, නලීන් බණ්ඩාර, රන්ජන් රාමනායක  යන මහත්වරු මීට සහභාගී වුහ.

    එසේම 2015 වසරේ සිට මෙරට විදුලි බලාගාර ඉදි නොවීම නිසා 2019 වර්ශයේ ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 85 ක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු කොප් කමිටුවේදී අනාවරණය කළහ.

    ලක්විජය බලාගාරයේ දීර්ඝකාලීන සැලැස්ම පිළිබඳ කොප් කමිටු සභාපතිවරයාගේ  අවධානය යොමු වූ අතර 2023 වර්ෂය වන විට නව මෙගාවොට් 300ක් සහ 2026 වර්ෂය වන විට තවත් මෙගාවොට් 300ක්  මෙම බලාගාරයට එක්වීමට නියමිතව ඇති බව එහිදී අනාවරණය විය. නමුත් මෙම ධාරිතාවය ගබඩාකිරීමට සහ බෙදා හැරීමට ලක්විජය බලාගාරය සතුව පහසුකම් පවතින්නේද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙහිදී විදුලිබල මණ්ඩලයේ නිළධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. මේ පිළිබඳ  මේ වනවිට පරීක්ෂාකිරීම් සිදුවන බවත් නිවැරදි අවශ්‍යතාවන් සපුරන්නේ නම් පමණක් මෙම පුලුල් කිරීම් සිදු කරන බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ.

    තවද ලක්විජය බලාගාරයේ පියාසර අළු කළමනාකරණය පිළිබඳ කොප් කමිටුවේදී අවධානය යොමු විය. පියාසර අළු සඳහා ජලය ඉසීමට පමණක් වසරකට රුපියල් මිලියන 26 වැයවන බව මෙහිදී කොප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අනාවරණය කළේය. ඒසේම අනු අංගනයක ගබඩා කොට ඇති පියාසර අළු ටොන් 6,580,00 ක් ප්‍රයොජනවත් ආකාරයෙන් යොදාගැනීම පිළිබඳ සභාපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය. මෙම අළු මගින් ගඩොල් නිෂ්පාදනය පිළිබඳ අවධානය යොමුවී ඇති බව මෙහිදී නිලධාරීහු පැවසූහ.

    ලක්විජය බලාගාරයේ ක්‍රියාත්මක වන ඒකක 3න් පළමු ඒකකයෙන් නියමිත කාරයක්ෂමතාව නොලැබී ඇති බවත් අවස්ථා කිහියකදීම බිඳවැටීම් සිදු වී ඇති බවත් කෝප් කමිටුවේදී අවධානය යොමු විය. එසේම මෙරට විදුලි අවශ්‍යතාවයෙන් වැඩිම ප්‍රමාණයක් සපුරන්නේ ලක් විජය බලාගාරයෙන් බැවින් එහි බිඳවැටීමක් සිදු වූ විට රටටම විදුලිය ඇනහිටීමක් සිදුවන බැවින් ඒ් සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මේහිදී සාකච්ඡා කළේය.

    එසේම සිසිලන ජලය බැහැර කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම පිළිබඳව ද, මෙම ප්‍රදේශයේ භූ ගත ජලය පිළිබඳ සොයාබැලීමේ අවශ්‍යතාවය ද, ගල් අගුරු ප්‍රමිතිය පරීක්ෂාකිරීම පිළිබඳව සහ ගල් අගුරු ගොඩබෑමේ ධාරිතාව වැඩිකිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද ඊයේ කොප් කමිටුවේදී සාකච්ඡා කෙරුණි.